මස්තයක් වශයෙන් මේ රටේ පොලිසිය අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යද්දී උතුරේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය පසුගිය වසරේ සියයට අසු දෙකකින් සහ පසුගිය මාස නවය තුළ පමණක් එම අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට හැත්තෑහත දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවලින් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා වනාතවිල්ලුව ප්‍රදේශයේ නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කරමින් පොලිසිය රටේ අපරාධ විසඳීම සම්බන්ධයෙන් කරන කැපවීම පිළිබඳව කතා කරමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රමඛ සමස්ත පොලිසියටම ස්තූති කරනු ලැබුවේ මේ ආකාරයෙන් රටේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය බලාපොරොත්තු වුවාටත් වඩා ඉහළ මට්ටමකට ගොස් තිබීම නිසාම වෙයි.
රටක අපරාධ සිදුවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් පොලිසිය කැපවන්නේ එම අපරාධ තවදුරටත් සිදු වීමට ඉඩ නොදි එම අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් සෙවීමටයි.
විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ ජාවාරම් මත්ද්‍රව්‍ය කොල්ලකෑම් විවිධ ආකාරයේ කුමන්ත්‍රණ හරහා පවත්නා රජයට හෝ ජනතාවට රටේ ජාතික ආරක්ෂාවට බාධාවන ආකාරයේ විවිධ දේ සිදු කිරීම ආදි වශයෙන් සහ අනතර්ජාලය හරහා සිදුවන අපරාධ සමාජ මාධ්‍ය වෙබ් අඩවි ෆේස් බුක් සයිබර් අපරාධ ඇතුළු ආදිය හරහා සිදුවන අපරාධ විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ සිදුවුණා.
පොලිසිය පොලිස් බුද්ධි අංශ ඇතුළු විවිධ අපරාධ මෙහෙයුම් අංශ මගින් මේ අපරාධ කොටු කර ගැනීම ඒවායේ සුල මුල හෙළිකර ගැනීම සහ එම අපරාධවලට සම්බන්ධවුවන් අත්අඩංගුවට ගැනීම විශාල වශයෙන් සිදුකළා.මේ හරහා විශාල ප්‍රගතියක් ලබා ගැනීමට පොලිසිය සමත් වු බවද කිව යුතුය.
මේ අතර උතුරේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ මති මතාන්තර මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත්වෙයි. ඒ අතර ආවා නැමැති කල්ලිය පුම්බා තැබීමේ මහා කර්තව්‍යයක්ද සිදු වෙයි. මේ ආවා කල්ලිය යනු සාමාජිකයන් සියයකටවත් වඩා අඩු ප්‍රමාණයකින් සමන්විත කල්ලියකි. මේ කල්ලියේ ප්‍රමාණයට එහි ක්‍රියාකාරකම්වලට වඩා වැඩි ප්‍රචාරයක් ලබාදීම සිදු කරන්නේ විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය විසින්ය.
ආවා කල්ලිය යනු මීට වසර දෙක තුනකට පෙර උතුරේ පොලිස් කොට්ඨාසයක් කේන්ද්‍ර කොට ගනිමින් පොලිසි හතරක් තුළ බිහිවු ඉතා බොළඳ ගණයේ කල්ලියකි .
මොවුන් සතුව අඩුම වශයෙන් ගිනි අවියක් හෝ නොමැත.ජාත්‍යන්තර හෝ මේ රටේ වෙනත් පළාත්වල හෝ කිසිදු සම්බන්ධතාවක් නොමැති ආවා නැමැති කල්ලිය සාමාන්‍යයෙන් කඩු කිනිසි වැනි කුඩා අවි ආයුධ ඇතිව සිටින කල්ලියකි.
පසුගිය කාලය පුරා එම සංවිධානයට සාමාජිකයන් සොයා එම පොලිසි හතරක ප්‍රදේශය පුරා සංවිධාන කටයුතු කර ගැනීමට උත්සාහ කළත් ඔවුන්ට එකතු කර ගැනීමට හැකි වී තිබුණේ සාමාජිකයන් පස් දෙනකු පමණි. මේ ආකාරයෙන් කටයුතු කරන ආවා කල්ලියට වත්කම් වශයෙන් බැංකු ගිණුමක් හෝ නොමැති ආදායම් වශයෙන් කිසිදු වත්කමක් නොමැති මොවුන්ට එම කල්ලියට ආධාර උපකාර කරන ලෙස යම් අයගෙන් මුදල් ඉල්ලා සිටියත් එම පොලිසි හතරට අයත් ප්‍රදේශවල ජනතාව සාමාන්‍යයෙන් සලකන්නේ මේ කල්ලිය කොල්ල කන කල්ලියක් ලෙසය
මේ වන විට කිසිදු මිනීමැරුමක් කර නොමැති මේ කල්ලිය විසින් විටින් විට පහරදීම් සිදු කර ඇත්තේ ඔවුනොවුන්ගේම සාමාජිකයන්ටය. විශේෂයෙන් පොලිසිය මේ කල්ලියේ සමාජිකයන් අත්අඩංගුවට ගැනීම පිණිස සිදු කළ වැටලිම්වලින් පසුගිය කාලය තුළ සාමාජිකයන් පනස් හය දෙනකු පමණ අත් අඩංගුවට ගනු ලැබිණි. ඉන්ද හතළිස් හයක් පමණ ඇප පිට නිදහස් කරනු ලැබිණි. රිමාන්ඩ් බාරයට පත්වී ඇත්තේ දාහතර දෙනකු පමණක් බව මේ කල්ලියේ
සත්‍ය තත්ත්වය හෙළිදරව් කරන උතුරු ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසයි.
තවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ කියා සිටියි. මේ ආවා කල්ලිය උතුරේ පමණක් නොව සමස්ත ජාතික ආරක්ෂාවටම බලපාන දෙයක් බවට ඇතැම් (මෙහි සත්‍ය තත්ත්වය නොදන්නා )පිරිස් විවිධ ආකාරයෙන් ප්‍රචාරය කරනවා .මෙහි සත්‍ය තත්ත්වය නම් ආවා කල්ලිය කියන්නේ ඉහත සඳහන් පරිදි උතුරේ පොලිසි හතරක් ආවාරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉතා සුළු කල්ලියක් .මේ කල්ලියට කල්ලිය කියන වචනය පවා යෙදීමට තරම් ප්‍රබල එකක් නොවේ. මේ වන විට මේ කල්ලියේ සාමාජිකයන් අත් අඩංගුවට ගෙන තවත් අත්අඩංගුවට ගැනීමට තරම් දෙයක් නැති තරම් වෙනවා .එහෙත් මේ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍යයන් පවා කියා සිටින්නේ මේ කල්ලිය මර්දනය කර උතුරේ ආරක්ෂාව තහවුරු කරන්නේ නැති බවයි.
මේ සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය නොදන්නා අයට මම මේ සත්‍ය ලෙස පෙන්වා දෙන්නේ ආවා කල්ලිය කියන්නේ උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක හෝ් ආරක්ෂාවට කිසිදු ආකාරයකින් බාධාවක් වී ඇති කල්ලියක් නොවෙයි .අපි මේ කල්ලියේ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රදේශයේ කල්ලි ගැසී ඇන කොටා ගැනීම් කොල්ලකෑම් එසේත් නොමැති නම් වෙනත් එවැනි ආකාරයේ විවිධ වැරදි සම්බන්ධයෙනුයි. උතුරේ පොලිසි පනස් තුනක් තියෙනවා. ඒ පොලිසි පනස් තුන අතරින් පොලිසි හතරක් ආවරණය වන ජරිදි ඉතා කුඩා ප්‍රදේශයක මේ ආවා කල්ලිය ක්‍රියාත්මක වෙනවා. තවද උතුරු ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියේ පමණක් පොලිස් නිලධාරීන් යොමුකර සිටිනවා. ඊට අමතරව පොලිස් බුද්ධි අංශ මෙන්ම තවත් ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක වෙනවා .මට කියන්න තියෙන්නේ ආවා කල්ලිය ඔය කියන තරමට ප්‍රබල වුණා නම් මේ පොලිසි නිකම් බලා ඉන්නවාද. නැහැනේ. මෙතරම් පොලිස් නිලධාරින් පිරිසක් යොදා මැඩ පවත්වන්න තරම් ආවා කල්ලිය හෝ වෙනත් ආරක්ෂාවට බාධාවක් වන පිරිසක් උතුරේ නැහැ. උතුර ගැන විවේචනය කරන පිරිස කියා සිටින්නේ මේ වාගේ වැඩකට නොමැති කල්ලියක් මර්දනය කරන්න කියලා. උතුරේ ඉන්න සියලුම පොලිස් නිලධාරින් යොදවල ඒ පළාතේ සිටින ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට බාධා වන පරිදි කටයුතු කරන්න කියලද එහෙම කර මිනිසුන් විසින් පොලිසිය සම්බන්ධයෙන් තියාගෙන තියෙන විශ්වාසය නැති කරන්න කියලද? මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවා. ඒ නීතියට පිටින් කටයුතු කරන්න අපට බැහැ. රටේ ආරක්ෂාවට බාධාවන ආකාරයෙන් යම් පිරිසක් කටයුතු කළොත් ඒ අය අත්අඩංගුවට ගන්නවා. එහෙමත් නොමැති නම් දේපොළ සොරකම් කිරීම් අරගල ඇති කර ගැනීම් කපා කොටා ගෙන අඩදබර ඇති කරගැනීම් ඇතුළු විවිධ ආකාරයේ අපරාධ ක්‍රියා සිදු කළහොත් ඒ අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයෙන් ආවා නැමැති කල්ලියේ සාමාජිකයනුත් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය නීතිය ක්‍රියාත්මක කරනවා. බොහෝ විට අප දකින දෙයක් තමයි. මේ ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළාට පසුව එම සාමාජිකයා එම කල්ලියෙන් ඉවත් වු පසු සෙසු පිරිස ඔහුට පහර දෙනවා .ගැටුම් ඇති කර ගන්නවා. මේ වන විට එසේ කල්ලියෙන් ඉවත් වු පිරිස සහ තවදුරටත් සිටිනවා යැයි කියන පිරිස අතර ගැටුමක් තිබෙනවා. ඔවුනොවුන් කපා කොටා ගැනීම තමයි දැනට පසුගිය දිනවල සිදු වුණේ යනුවෙන් රොෂාන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
2008-2009 කාලයේ උතුරේ පැවැතියේ දරුණු යුදමය වාතාවරණයකි. එම කාලයේදි යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ රොෂාන් ප්‍රනාන්දු මහතා ඊට පෙර කාලවලද උතුරේ විවිධ ප්‍රදේශවල විවිධ තනතුරු දරමින් කටයුතු කර ඇත. එසේ විටින් විට උතුරේ ආරක්ෂාව පිළිබඳව මනා දැනුමක් ඇති රොෂාන් ප්‍රනාන්දු මහතා මේ වන විට උතුරු ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන්නේ එම ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව මනා දැනුමක් අවබෝධයක් ඇතිවය. ඒ පිළිබඳව නොදත් විවිධ පුද්ගලයන් මේ පොලිස් නිලධාරියාගේ සේවය පවා විවේචනය කරති. මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ දශක ගණනාවක් තිස්සේ උතුරේ ජනතාව මෙන්ම ආරක්ෂක අංශත් සමස්තයක් වශයෙන් රටේ සියලුම ජනතාවත් යුද්ධයෙන් පිඩා වින්දා .යුද්ධය අවසානයත් සමඟම සමස්ත රටටම නිදහස ලැබුණා. රටේ ජනතාව අතරින් උතුරේ ජනතාව කොටි ප්‍රශ්නය නිසා පිඩා වින්දා. ඔවුන් ඒ කාලයේ සිටියේ සිරකරුවන් ලෙසයි .ඔවුන්ට නිදහසේ හුස්ම ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ. යම් පිරිසක් නිදහසේ සිටියානම් ඒ හමුදාව යටතේ තිබුණ ප්‍රදේශවල සිටි අයයි. යුද්ධය අවසානයත් සමඟ මේ වන විට උතුරේ ජනතාව දැන් පුදුම නිදහසකින් කටයුතු කරනවා ඔවුන් පොලිසිය සහ හමුදාව සම්බන්ධයෙන් තබා ඇත්තේ දැඩි විශ්වාසයක් ඒ බව දන්නේ උතුරේ සිටින පිරිස මිස එම පළාත ගැන නොදන්නා අය නොවෙයි. උතුරේ පොලිසිවල වැඩි පිරිසක් කටයුතු කරන්නේ සිංහල පොලිස් නිලධාරින්. සියයට දොළහක පමණ පිරිසක් තමයි දමිළ පොලිස් නිලධාරින් සිටින්නේ.මේ පිරිස උතුරේ ජන ජිවිතය නීතිය සාමය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි කැපවීමකින් කටයුතු කරනවා. අද උතුර දෙස හරියට හරි දැක්මකින් බලනවා නම් මේ පළාතේ යුද්ධයක් තිබුණා දැයි කියා කියන්නවත් බැහැ. යුද්ධය අවසානයත් සමඟම කොටි සංවිධානයේ සියලු ක්‍රියාකාරකම් අද වන තෙක් වත් දක්නට නැහැ. හිටපු කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය වී අද වන විට එදිනෙදා රාජකාරි ගොවිතැන් බත් ඇතුළු දේ කරගෙන බොහෝම සාමදානයෙන් සිටිනවා. ඒ වගේම ඔවුන් අදවන විට ඔවුන්ගේ අනාගතය දරුවන්ගේ අනාගතය ගැන දැඩි අවධානයක් යොමු කරගෙන සිටින බවත් ඒ අනුව කටයුතු කරන බවත් අපට පැහැදිලිවම දක්නට ලැබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියි.
යුද්ධය අවසන් වී වසර දහයක් ගියා .ඒත් තවම උතුරේ ආරක්ෂාව ඉතාමත් හොදඳතත්ත්වයක පවතින අතර එම අවුරුදු දහය පුරාම කිසිම තැනක බෝම්බ සද්දයක් හෝ වෙනත් එවැනි ක්‍රියාකාරකම් සිදු වුයේ නැහැ. සාමාන්‍ය ජනතාව උතුරටම පමණක් සිමා වී කටයුතු කරන්නේ නැහැ. ඔවුන් දැකුණ සමඟ දැඩි සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන තිබෙනවා .සාමාන්‍යයෙන් බලන්න දකුණේ විශ්ව විද්‍යාල කීයක විවිධ ආකාරයේ ප්‍රශ්න ඇති කර ගන්නවාද ඒත් කියන්න සතුටුයි. යාපනය විශ්ව විද්‍යාලය තුළ පවතින්නේ ඉතාමත් සාමකාමි වාතාවරණයක් අඩුම වශයෙන් එම විශ්ව විද්‍යාලය තුළ රැග් එක පවා දරුණුව සිදු වන්නේ නැහැ. එහි සිංහල සිසු සිසුවියන් විශාල පිරිසක් සිටිනවා . ඒ ආකාරයෙන් ව්‍යාපාරික ජනතාව විදේශීය සංචාරකයන් දේශීය සංචාරකයන් ආදි වශයෙන් විවිධ පිරිස් අද උතුර තිබෙන තත්ත්වය ගැන ඉතාමත් සතුටට පත්වෙනවා .රජයක් වශයෙන් උතුර දියුණු කරන්න බොහෝ දේ සිදු කරද්දි උතුරේ ආරක්ෂාව සියයට සියයක් තහවුරුව තිබියදී ඇතැම් පිරිස් කියන්නේ කාලයක් තිස්සේ යුද්ධයෙන් පිඩා විඳ අද වන විට පවතින මේ සාමකාමි වාතාවරණය ආවා කියන බොළඳ කල්ලියක් පුම්බා තබමින් එම සාමකාමි වතාවරණය නැති කර ගන්න කියලද?
රටේ ඕනෑම තැනක සාමාන්‍ය සිදුවීම් සිදු වෙනවා. ඒ අතර පසුගිය මාස කිහිපයකට පෙර උතුරේ තරුණ ගැබිනියක් ඝාතනය කර තිබුණා .ඇය ඇඟලුම් කම්හලක ආරක්ෂක සේවයේ නියුතුව සිටි තරුණියක්. මේ ඝාතනය වී දවස් තුනක් ගත විමටත් පෙර එම තරුණිය ඝාතනය කර තිබු එම ආරක්ෂක සේවයේ වැඩ මුර බාර නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කළා .ඔහු හිටපු කොටි සාමාජිකයෙක් බවද තහවුරු වුණා. ඒ අතර පසුගිය සතියේ උතුරේ මුල්‍ය ආයතනය ලක්ෂ ගණනාවක කොල්ලයක් සිදු වුණා. එම කොල්ලය සිදු කර තිබුණේ එම මුල්‍ය ආයතනයේ කළමනාකාරිනිය විසින් ඒ ආකාරයෙන් ඇය අත්අඩංගුවට ගෙන එම අපරාධයේ සියලු තොරතුරු හෙළි කරගෙන සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් පොලිසිය කටයුතු කරන ආකාරයක් තිබෙනවා .පොලිසිය වු පමණින් හෝ වෙනත් ආරක්ෂක අංශයක් වු පමණින් නීතියට පටහැනිව කටයුතු කළ නොහැකියි .අවශ්‍ය තැනදී අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කරනවා. කවුරු කීවත් නීතියට පිටින් ඊට පටහැනිව මා කටයුතු කිරීමට පොලිසියට උපදෙස් දෙන්නේ නැහැ. දශක ගණනාවක් අපරාධ අතින් ඉතා ඉහළම තැනක සිටි උතුරු ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද සතුටට පත්විය යුතු බවද රොෂාන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දිනමිණ කළ විමසුම් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් කියා සිටියේ උතුරේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව මෙතෙක් මේ රටේ ජනතාව නොදත් කරුණු විශාල ප්‍රමාණයක්ද හෙළි දරව් කරමිනි.
තවද උතුරු ප්‍රදේශයේ නීතිය සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසියේ හයදහසකට වැඩි පිරිසක් කටයුතු කරද්දි උතුරු පළාතට නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස තුනක් ඇත. වවුනියා කිලිනොච්චිය සහ යාපනය වශයෙන් එම කොට්ඨාස වෙයි. ඊට අමතරව පොලිස් අධිකාරිවරුන් හයක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු හයදෙනකුද වෙයි. මේ සියල්ල නිරතුරුවම උතුරේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කර ඇත.
තවද වර්තමාන රජය විසින් උතුරේ පොලිසි ගණනාවක් අලුතින් ස්ථාපිත කරනු ලැබිණි. අද වන විට රටේ සමස්ත පොලිසි ප්‍රමාණය හාරසියය ඉක්මවා ගොස් ඇත්තේ උතුරේ පොලිසි ප්‍රමාණය වැඩි කිරිම නිසාය.
උතුරේ හමුදා කඳරු ඉවත් කර ගන්නවා යැයි පවසන ඇතැම් පිරිස් විසින් උතුරේ මෙතරම් පොලිසි ප්‍රමාණයක් ඇති කර මේ ආකාරයෙන් පහසුකම් ලබාදී ජන ජිවිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ ඇයි දැයි නොවිමසා සිටිම ගැනද මෙහිදි අපට අවධානය යොමු වෙයි. උතුරේ පොලිසිවලට දමිළ තරුණයන් තරුණියන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවීමද නිරතුරුවම සිදුවෙයි.
උතුරේ ජනතාවගේ ආරක්ෂාව නීතිය සාමය ආරක්ෂා කිරිමට පොලිසිය මෙන්ම හමුදාවද කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් උතුරේ ජනතාව පොලිසියටත් ජනතාවටත් ප්‍රශංසා කළ අවස්ථා බොහෝය. පොලිස් නිලධාරියකු ගමකට ආවිට ඉතා ඈත යුගයේ උතුරේ සිංහල සහ දමිළ ජනතාව අතර තිබු බැදිම යළි සිහිපත්කරන ආකාරයේ සුහද ශිලි සිදුවිම් බොහෝ විට සිදුවෙයි. එ වගේම පසුගිය කාලයේ සිදු වු විවිධ අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුව නඩු මෙහෙයවු ආකාරය පිළිබඳවද උතුරේ ජනතාව පොලිසිය කෙරේ ඇත්තේ දැඩි විශ්වාසයකි.
අද වන විට එම විශ්වාසය කොයි තරම් දුරට වර්ධනය වි තිබේද කිවහොත් පොලිසියේ හෝ වේවා හමුදාවේ හෝ වේවා ඔවුන්ගේ ජන ජිවිතයට සම්බන්ධ වී කටයුතු කරන ඔවුන්ගේ දුක දැක ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරියකු සිය සේවා කාලය අවසන් වි එම පළාතින් පිටව යන්නේද එම දමිළ ජනතාව එම වෙන්වීම වියෝවක් ලෙස සලකා කටයුතු කරන තරමට සංවේදී සිදුවිම් නිරතුරුවම සිදු වෙයි. මේ හරහා සත්‍ය වශයෙන්ම පෙන්නුම් කරන්නේ කුමක්ද යන්න මේ රටේ ජනතාවට තේරුම් ගැනීමට අපහසු නැත.
එසේම හමුදාවත් පොලිසියත් උතුරේ ජනතාව වෙනුවෙන් විවිධ සද්කාර්යයන් සිදු කරති. ඒ අතර නිවාස නොමැති පිරිසට විවිධ ආකාරයෙන් ආධාර එකතු කර නිවාස තනාදීම සිදු කරන අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් මිට මාසයකට පමණ පෙර නිවසක් නොමැති යුද්ධයෙන් පියා අහිමිව සිටි මවකට සහ දියණියක් වෙනුවෙන් සහ තවත් සිඟිති දරුවන් දෙදෙනකු වෙනුවෙන් නිවසක් තනාදීම උතුරේ ජනතාවගේ තවත් ප්‍රශංසාවට ලක්වු සංවේදි සිද්ධියක් විය. මේ තරුණිය පොලිසිය බඳවා රැකියාවද ලබා දී අනතුරුව නිවසක්ද ලබාදි අසරණව සිටි එම පවුල ගොඩ ගත්තේ පොලිසියයි. ඒ ආකාරයෙන් මේ වන විට එවැනිම තවත් අසරණ පවුල් ගණනාවක් වෙනුවෙන් නිවාස ඉදි කරදීම සහ ඔවුන්ගේ ජිවිතවලට ඇති විවිධ ගැටලුවලට විසඳුම් ලබාදී ඔවුන්ගේ ජිවිත ගොඩගැනීමට රොෂාන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය විසින් කරගෙන යන එම සද්කාර්යයන් අගය කළ යුතු වෙයි. ඒ ආකාරයෙන් ඉතාමත් සුබදායක වාතාවරණයක් ඇති උතුරු ප්‍රදේශය මේ ආකාරයෙන් තවදුරටත් කැපවීමෙන් ආරක්ෂා කරගෙන ගියහොත් යළිත් වසර සියයකටවත් ත්‍රස්තවාදයක් ඇති නොවන බව ස්ථිරය.