Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

අනාගතයට පාර පෙන්වන ජාතික විද්‍යා පදනම

$
0
0
දෙසැ 10, 2018 01:00

ජාතික විද්‍යා පදනම, රට තුළ විද්‍යා පර්යේෂණ සහ නව්‍යකරණය සවිබල ගන්වමින් ඉදිරියට පවත්වාගෙන යාම සමාජ වගකිමක් ලෙස සලකමින් ජාතික විද්‍යා පදනම ඊට අවශ්‍ය ආධාර සහ ව්‍යවහාරික පර්යේෂණ තාක්ෂණ සහ අනෙකුත් අවශ්‍යතා ලෙස සැලකෙන මූල්‍ය, භෞතික සහ පිරිස් යන සම්පත්වලින් පිරි පහසුකම් සැපයීමේ නිරතව සිටී. එහි ප්‍රතිඵලය වී ඇත්තේ වහාම අවධානය යොමුකළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරමින් රටේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා ශක්තිමත් හා කැපීපෙනෙන ප්‍රතිලාභ ලබාදෙන ජාතික මට්ටමේ පර්යේෂණ වැඩසටහනක් (NTRP) එමඟින් ආරම්භ කිරීමයි.

අනාගත ඉල්ලුමට සරිලන සැපයුම් ලබාදෙන සහ ආරම්භක ව්‍යාපාර සඳහා තාක්ෂණික ප්‍රදාන ලබාදීම එමඟින් සිදුකෙරේ. බුද්ධිමය දේපළ (IP) නිර්මාණය සහ තාක්ෂණ හුවමාරුව සඳහා පෙරමුණ ගනු ලබන අතර එය තවදුරටත් කරමින් IP සුරක්ෂා කිරීම සහ කළමනාකරණය දක්වා පුළුල් කර තිබේ. එවැනි ආරම්භයක් හා වෙනත් ප්‍රවේශ සහිතව ජාතික විද්‍යා පදනම සමඟ අත්වැල් බැඳගත් තරුණ ශ්‍රී ලාංකික විද්‍යාඥයින් ඔවුන්ගේ පර්යේෂණ වඩාත් විධිමත් කරගනිමින් වෘත්තිමය ඉහළට පැමිණ සිටීම ද විශේෂත්වයකි. ජාත්‍යන්තර සහයෝගිතාවයන් සහ සබඳතා සමඟ එම නව ප්‍රවේශ වෙනුවෙන් උපරිම ප්‍රතිලාභ අත්කරදීමට ද ජාතික විද්‍යා පදනම සෑමවිටම කටයුතු කරමින් සිටියි. ප්‍රතිපත්ති සම්පාදනය සෑම අංශයකම වැදගත් සාධකයක් වන බැවින්, තීරණ ගැනීම සඳහා පහසුකම් සැලසීම ජාතික විද්‍යා පදනම විසින් සිදු කරනු ලබයි.

1968 වසරේදී පළමුව ස්ථාපිත කෙරුණු ජාතික විද්‍යා කවුන්සිලය (NSC) 1981 වසරේදී ස්වභාවික සම්පත් බලශක්ති සහ විද්‍යා අධිකාරිය බවට පරිවර්ථනය වූ අතර 1994 අංක 11 දරන ජාතික විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධන පනත යටතේ ව්‍යවස්ථාපිත කර 1998 වසරේදී එය ජාතික විද්‍යා පදනම ලෙස යළි ප්‍රතිස්ථාපනය කෙරිණි. මෙය ප්‍රධාන වශයෙන් අංශ හයක් ඔස්සේ සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ලබයි.

පර්යේෂණ අංශය, තාක්ෂණික අංශය, ජාත්‍යන්තර සබඳතා අංශය, විද්‍යාව ප්‍රචලිත කිරීමේ අංශය, විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය, ජාතික විද්‍යා පුස්තකාල හා සම්පත් තොරතුරු මධ්‍යස්ථානය ඊට අයත් අතර එමඟින් අසමසම තොරතුරු දැනුම් සම්භාරයක් රට පුරා විහිදී සිටින විද්‍යා ප්‍රජාව අතරේ බෙදා හැරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. රාජ්‍ය, පෞද්ගලික, කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ දැනුම බෙදා හරිමින් ඉතා සුවිශේෂී සේවාවක් ඉටුකරන ජාතික විද්‍යා පදනම විද්‍යාඥයින්, අධ්‍යාපනවේදීන්, උපාධිධාරීන් සහ පාසල් සිසුන් අතර ද දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විද්‍යාත්මක පර්යේෂණ හා සොයාගැනීම් පිළිබඳ දැනුම බෙදා හැරීමේ සාර්ථක පෙරගමන්කරුවකු ‍ලෙස කටයුතු කරමින් සිටියි.

අඛණ්ඩ ඉගෙනුමෙහි ඇති වැදගත්කම පිළිබඳ පණිවුඩය රැගෙන යමින් ජාතික විද්‍යා පදනම දිවයින පුරා පාසල් 900ක විද්‍යා සංගම් පිහිටුවීමට මේ වන විට සමත්ව සිටියි. එම සංගම් සහ ඒවායෙහි ක්‍රියාකාරිත්වය විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන අනුගමනය කරනු ලබයි. ජාතික විද්‍යා පදනමේ “විදුරුව” මාසික සඟරාව සහ තවත් එවැනි විද්‍යාත්මක සඟරා මඟින් බෙදාදෙන දැනුම එම සංගම් හරහා සමාජගත කිරීම අපේක්ෂාවයි. ඊට අමතරව “ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනමෙහි ජර්නලය” සහ “ශ්‍රී ලංකා සමාජ විද්‍යාව පිළිබඳ ජර්නලය” ද රටේ විද්‍යාත්මක දැනුම ව්‍යාප්තිය සඳහා තවත් අත්වැල සපයනු ලබයි.

ජාතික විද්‍යා පදනම මඟින් ක්‍රියාත්මක කරනු ලබන කලාපයේ වඩාත් දියුණු හා විශිෂ්ට තොරතුරු රැස්කිරීමේ ව්‍යාපෘතියක් වන 2013 වර්ෂයේදී ස්ථාපිත කරන ලද පස් අවුරුදු වැඩසටහනක් වන “ජාතික ඩිජිටල්කරණ ව්‍යාපෘතිය” හරහා මිලියන 3කට අධික විද්‍යා හා තාක්ෂණයට සම්බන්ධිත දත්ත, අත්පිටපත් සහ පොත්පත් හා තොරතුරු වාර්තා දත්ත ගබඩාව අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ඉතා වටිනා සම්පතකැයි.

ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ.

සමින්ද උදය කුමාර


අපරාධ අඩු කරමු

$
0
0
දෙසැ 10, 2018 01:00

මේ යුගයේ ලෝකයේ හැම රටකම දකින්නට ලැබෙන ප්‍රබලතම සමාජ ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ අපරාධ වැඩිවීමයි. බොහෝ අපරාධ විද්‍යාඥයින් (Criminologists) ලෝකයේ මේසා අපරාධ වර්ධනයට හේතු සහ මිනිසුන් අපරාධවලට යොමුවීමට හේතු අවබෝධ කර ගැනීමට උත්සාහ දරමින් සිටියි.

ඔවුන්ගේ අවධානයට ලක්වූ ප්‍රධාන කාරණාත් දැකගතහැකියි. ලෝකයේ අපරාධ ප්‍රවීණතාව වැඩි රටවල් ගැන ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙන අතර මේ අපරාධ ප්‍රවණතාව අවමකර ගැනීමට එම රටවල්වලින් කිසියම් ආදර්ශයක් ලබාගත හැකි වෙතැයි ද ඔවුන් අපේක්ෂා කරයි.

එක්සත්ජාතීන්ගේ සංවිධානය මගින් දියත් කළ ලෝකයේ අපරාධ සංරක්ෂණය (World Crime Survey) මේ සඳහා කදිම උත්තේජනයක් වී තිබේ. මෙම අපරාධ සංරක්ෂණ වාර්තාවට අනුව ලෝකයේ අපරාධ අවම සංඛ්‍යා දත්තයන් වාර්තාකරන රටවල් කාණ්ඩ පහකට වර්ගීකරණයකට ලක්කොට ඇත.

බටහිර යුරෝපීය රටවල් - සිට්සර්ලන්තය, අයර්ලන්තය, නැ‍ඟෙනහිර යුරෝපීය - (කලින්) නැ‍ඟෙනහිර ජර්මනිය සහ බල්ගේරියාව, අරාධි රටවල් - සවුදිඅරාබිය සහ ඇල්ජීරියාව, ආසියානු රටවල් - ජපානය සහ නේපාලය, ලතින් අමෙරිකානු රටවල් - කොස්ටාරිකා සහ පේරු.

මෙම රටවල් පිළිබඳව වි‍ශ්ලේෂණ කිරීමේදී පෙනෙන සමානකම් අවමය. මෙහි සමහර රටවල් ප්‍රජාතන්ත්‍රවාදීය. ඇතැම් රටවල් බලඒකාධිකාරීත්ව මත ගොඩනැගී තිබේ. ඇතැම් රටවල් ඒකාධිපතිත්වයේ පවතින අතර ඇතැම් රටවල සුබසාධන ක්‍රමවේදය ද දැකගත හැකිය.

ඇතැම් රටවල ඇත්තේ ග්‍රාමීය පදනමකි. ඇතැම් රටවල් සුවිශේෂී ලෙසට නාගරීකරණය වී තිබේ. ඇතැම් රටවල් හුදකලාව සිටින අතර ඇතැම් රටවල ප්‍රධාන දේශපාලන දහරාවන්ට යටත්ව පවතී. එමෙන්ම ඇතැම් රටවල් අතිශයින්ම ආගමික පදනමක පිහිටා ඇති අතර තවත් ඇතැම් රටවල ඉහළ ජීවන මට්ටමක් උරුම කරගෙන පවතී. එහෙත්, දුගීකමේ පීඩාව විඳින රටවල් ද තිබේ. එහෙත් ඔවුන් අතර ඇති මේ අසමානතා එසේ වුවද ඔවුන් අතර අපරාධ අවම කිරීමේ ක්‍රමවේදයේ සමානතාවන් ද මේ විශ්ලේෂණයේදී හෙළිදරව් වෙයි. මේ එම සමානතාවන්ය.

බටහිර යුරෝපය - ස්විට්සර්ලන්තයේ ප්‍රජාව අතර වඩාත් සමීප හැඟීම් බැඳීම් තිබේ. එසේම අයර්ලන්තයේ පවුල් අතර බැඳීම අතිශයින්ම ඉහළ මට්ටමක පවතී. එම පවුල් අතර වඩාත් යහපත්වූ ආගමික සහජීවනයක් දැකගත හැකිය.

නැ‍ඟෙනහිර යුරෝපය - ජර්මනියේ තරුණ ප්‍රජාව අතර යහපත්වූ ප්‍රජා සේවාවන්වලට යොමුවීමක් දැකගත හැකිය. තරුණ කණ්ඩායම් තමන්ගේ මවු රටට ආදරයෙන් බොහෝ සමාජ සේවාවන්වල නියැළී සිටිති. බල්ගේරියාව වඩාත් කාර්මිකකරණයට ලක්වුව ද ප්‍රධාන නගරාශ්‍රිතව වුවද වඩාත් යහපත් සමාජයීය මධ්‍යස්ථාන ඇති බැවින් පවුල් සබැඳියාවෙන් අත්මිඳීමට ඔවුන්ට අවැසි නැත.

අරාබි රටවල් - දිනපතා නමස්කාරයන් තුළ මනා ඒකාත්මිකතාවක් සමාජය තුළ ස්ථාපිත වෙයි. විශේෂයෙන්ම සෞදිඅරාබිය සහ ඇල්ජීරියාව ආශ්‍රිතව මේ ඒකාත්මිකතාව තුළ සමාජවිරෝධිත්වයන් අවමව තිබේ. විශේෂයෙන්ම සමාජ සංවර්ධන ක්‍රියාදාමයන්වලදී එකඟතාවයක් දැකගත හැකිවේ.

ආසියානු රටවල් - නේපාලය තුළ වඩාත් සවිමත් පවුල් සබඳතා පැහැදැලිවම දැඩිව තිබේ. වියපත් වුවත් තරුණයන්ට හා ළාබාල පරපුරට සදුපදේශ ලබාදෙන අතර මාර්ග උපදේශයන්ද ලබාදෙයි. ජපානය අතිශයින්ම කාර්මිකරණයට ලක්වුවත් ඔවුන්ගේ සමාජ පාලන කාර්යයන්හි පවුල් සබඳතා සහ ඥාති සබඳතා වඩාත් තීව්‍ර මට්ටමක පවතී. ළාබාලයකුගේ සෑම කටයුත්තකදීම පවුලේ උපදේශනය ඔහු පසුපසම සිටී.

ලතින් ඇමෙරිකාව - කොස්ටාරිකාවේ පාලන ක්‍රමවේදය තුළ තමුන්ට ලැබෙන ආදායම් සමාජ සත්කාරක සේවාවන්ට සහ සමාජ සංවර්ධන කාර්යන්වලට යෙදවීමට ප්‍රමුඛතාව ලබාදේ. මෙයින් ඔවුන් අපේක්ෂා කරනුයේ පවුල් සවිබල ගැන්වීමය.

මේ සියල්ලෙන්ම පෙනීයන්නේ කවරක්ද යන්න විමසා බැලීම ඉතා වැදගත්ය. ඉහත රාජ්‍යයන් සියල්ල තුළම පාහේ ඔවුන්ගේ පවුල් සබඳතාවන් ද සමාජයීය සබඳතාවන් ද තහවුරු කර ගැනීම සඳහා වඩාත් පුළුල් වෑයමක් දරා තිබේ. මේ සබඳතාව සවිමත් වනවිට අපරාධ ප්‍රවණතාව අවමවී තිබේ. සාරධර්ම සිරිත්විරිත් සහ තමන් අනුදත් සංස්කෘතිය තුළ සවිමත්වීම මෙහි රහස්‍ය බව එක්සත් ජාතීන්ගේ “අපරාධ පිළිබඳ මෙම වාර්තාව” තහවුරු කරයි.

ඔවුන් මේ රටවල අපරාධ අවම වීමේ රහස එක් වචනයකින් විග්‍රහ කරන්නටත් සමත්ව සිටී. ඒ වදන Synnomie යන්නයි. එහි අරුථ වන්නේ සාරධර්ම සහ සබැඳියාව සමගින්ම ජීවත් වීමය.

අපරාධවලින් තොර දේශයක් නොමැති බව ප්‍රකට සමාජවිද්‍යාඥයකු වූ එමිල් ධර්කයිම් ප්‍රකාශ කරයි. ඔහුම ප්‍රකාශ කරන්නේ සාරධර්ම විරහිත පත්වීම හෙවත් සාරධර්ම විරහිතතාව, අනෝමීයතාව (Anomie) අපරාධවලට සමාජ විරෝධිතාවන්වලට පුද්ගලයා යොමුකරවයි. අද අප අත්විඳින්නේද මේ යථාර්ථයයි. එකිනෙකා පරයා මුදල් පසුපසම හඹායනු දැවැන්ත තරගයේදී අනෙකාගේ දුක, සන්තාපය, .......... සුසුම දැනගන්නට හඳුනාගන්නට හෝ පිහිටක් වන්නට වේලාවක් නිදහසක් නොමැතිය.

තමන්ගේ හදේ වේදනාවක් දුකක් කියන්නට හෝ අසන්නට කෙනෙක් නැත. පීඩාව දුක ප්‍රශ්නය තමන් විසඳාගන්නට සිදුව තිබේ. පවුල් සබඳතා විසිරී ගොස්ය. මවුවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් මුදල් සොයන්නට විදේශ රටවලට ගොස්ය. පියවරුන් මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ද සමාජ පිළිලයක් ලෙසට ඔඩුදුවා තිබේ.

කොතරම් සදහම් ආලෝකයක් අප අතර තිබුණද ආලෝකයෙන් ආලෝකයට යන ඇත්තන්ට වඩා අඳුරෙන් අඳුරට යන ඇත්තන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතී. වැරදි ඇත්තේ කො‍තැනද? යන්න වටහා ගැනීමට අප තවමත් ප්‍රමාද නැත. කළ යුත්තේ අපේ සමාජ සබඳතාව පවුල් සබඳතාව (Family Bond) තව තවත් ශක්තිමත් කර ගැනීමය. වඩාත් හිතකාමී සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් අපේ ගම්දනව් සිසාරා ඇතිකර ගැනීමය. ඒ සඳහා පෙරමුණ ගතයුතු වන්නේ ද පුරවැසියන්මය. අනෙකාගේ ගැටලු ප්‍රශ්න හිත්වේදනා ගැන සහකම්පනයෙන් (Empathy) නොඑසේනම් තමන්ට දැනෙන දුකක් වේදනාවක් සේ සලකා ක්‍රියාකරන්නට යොමුවීමයි. ස්විට්සර්ලන්තය ඇතුළු ඉහත පෙන්වූ රටවල් මේ අභියෝගය ජයගෙන ඇත්නම් බුදුදහම අභිෂේක කරගත් අපට මේ අභියෝගය ජයගැනීමට අසීරුතාවක් ඇත්තේද නැත. මේ යුගය ‍ඒ සඳහා සුදුසුම කාලයයි.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
සමාජ විද්‍යාව හා අපරාධ විද්‍යාව පිළිබඳ
හිටපු කථිකාචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ජීවන ගීතයට අසිරි පැන් ඉසින ගීතාවලිය

$
0
0
දෙසැ 10, 2018 01:00

මහිමෝත්තම එකම දෙවියන් වහන්සේ අදහන සමස්ත ලෝකවාසී කිතුනුවෝ මුළුමනින්ම දේව සංරක්ෂණයට බාර වූ ජනතාවක්ය. ඒ බව තහවුරු කරන්නේ දේව වචනය අඩංගු ශුද්ධ වූ බයිබලයයි.

දේව සංරක්ෂණයට අප බාර විය යුතු බව, අපට වඩාත්ම පැහැදිලි සෘජුව පෙන්වා දෙන ග්‍රන්ථය වන්නේ එහි පැරණි ගිවිසුමට ඇතුළත් ගීතාවලිය බව ද බයිබලය පරිශීලනය කිරීමේ දී මොනවට පැහැදිලි වෙයි. ගීතාවලිය පරිච්ඡේද 150 කින් සමන්විත, අපගේ දේව ඇදහිල්ල ශක්තිමත් කරන එදිනෙදා ජීවිතයේ දී ගායනා කරන ඉතා අනර්ඝ ගීත රාශියකින් සමන්විත වන අතර, කියැවී‍මේ රුචිකත්වය වඩවාලන අයුරින් සරල බසින් ලියා ඇත. අප ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ඉගැන්වීම්වලදී ගීතාවලියේ සඳහන් කියුම් සඳහන් කිරීමෙන්ම එහි උතුම් බව අපට සිතාගත හැකිය.

දෙවියන් වහන්සේගේ සංරක්ෂණය මිනිසාට සිය ආරම්භයේ පටන් ලැබුණු ආකාරය මුල්ම ග්‍රන්ථය වන උත්පත්ති පොතේ සිට ග්‍රන්ථ රැසකම සඳහන් බව අපට පිළිගත හැකි සාක්ෂි ඕනෑ තරම් වෙයි. යළිත් අප ගීතාවලියේ සඳහන් දේව සංරක්ෂණය පිළිබඳ කරුණු වෙත අවධානය යොමු කරමු. එහි 31 වන පරිච්ඡේදය ඒ සඳහා අනර්ඝ සාක්ෂි අපට පෙන්වා දෙයි.

“සමිඳුනි ඔබ කෙරෙහි මාගේ විශ්වාසය තබමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මිදුව මැනව. මා දෙස ඔබේ දෙසවන යොමා නොපමාව මා මිදුව මැනව. මට බලගතු විමුක්ති පර්වතයක් ද, ආරක්ෂිත බලකොටුවක් ද වුව මැනව. ඔබ මාගේ පර්වතය හා බලකොටුවය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වුව මැනව. මා සමඟ ගිය මැනව. මට ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානයයි. ඔබ අතට මාගේ ජීවිතය බාර කරමි. ඔභ මා මිදූ සේක.” (31:1-5)

දේව ආරක්ෂාවට බාරවීම යන මැයින් හඳුන්වා ඇති 31 වැනි පරිච්ඡේදයේ මුල් වගන්ති 05න් අපට ලැබෙන්නේ දේව සංරක්ෂණය පිළිබඳ ඉඟි නොව ප්‍රබල සාක්ෂි බව අපට පෙනෙන්නට ඇත.

දේව සංරක්ෂණය පිළිබඳ ඉතාම සුළු දෙයින් සැලී ඒ ගැන කුකුසක්, සැකයක්, සාංකාවක් ඇතිකරගන්නා අපි අප ගැනම ලැජ්ජා විය යුතු නොවේද? දෙවියන් වහන්සේ අපගේ රක්ෂස්ථානය වන බව මෙහි සඳහන් වදන අපට උන්වහන්සේ ගැන විශ්වාසය සාක්ෂාත් කර ගැනීමට කොතරම් ප්‍රබල මාර්ගෝපදේශයක්ද?

දෙවියන් වහන්සේගේ ආරක්ෂාව අනුහස නිරතුරු අප පතන්නේ නම් අපි කිසිදා, කිසිවකුත් අතරමං නොවන්නෝ වෙමු. එහෙයින් සුළු දෙයින් නොව, මහත් දෙයකින්වත් අප සැලෙන්නේ ඇයි ද? යන පැනය අපි අපෙන්ම ඇසිය යුත්තකි. අප එසේ සැලෙන්නේ නම් ඒ සැබවින්ම අප තුළ දේව සංරක්ෂණය පිළිබඳ තිබිය යුතු තිරසාර විශ්වාසය නොමැතිකම නිසාමය. 31 වැනි පරිච්ඡේදයේ ඉදිරියට යන විට මේ පිළිබඳ පැහැදිලි වනු නොඅනුමානය. “බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේශ කරමි. එහෙත් මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි. ඔබේ කරුණාව ගැන සතුටු වී උදම් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක.”

“ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක. සතුරා අතේ මා සිරකොට නොතබා නිදහසේ යන්ට එන්ට ඔබ මට ඉඩ දුන් සේක. සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගත සිත ද සෝදුකින් වෑරී ඇත. මාගේ ජීවිතය දුකින් ගත වෙයි. මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි. මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි. මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි. මාගේ අසල්වාසීන් අතර නව නින්දාවක් වී සිටිමි. මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි. වීදියේ මා දන්නා අය මා වෙතින් පලා යන්නෝය. මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත. බිඳුනු බඳුනක් මෙන් ඉවත දමා ඇත. බොහෝ දෙනෙකුගේ කෙළෙසුම් බස් මට ඇසේ. මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති. එහෙත් සමිඳුනි, මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිමය. මාගේ දෙවි‍යෝ ඔබ යයි කියමි.”

විශ්වාසයේ ස්ථිරසාරව නොසිට සැලෙන විශ්වාසයෙන් යුතු බොරු දෙවිවරු සරණ යාම දෙවිපියාණන් හෙළාදකින බව ද ස්ථිර විශ්වාසයෙන් නොසැලී සිටින අයට දෙවි පියාණන්ගේ නිරතුරු ආරක්ෂාව හා ප්‍රේමය හිමිවන බවත්, එම ඡේදයෙන් අපට මනාව පැහැදිලි වන්නේය. එහෙයින් කොතරම් දුෂ්කරතා, බාධක, දුක්කම්කටොළු, දුර්පරීක්ෂා පැමිණිය ද එකම දෙවි සමිඳාණන් අදහන අපි විශ්වාසයේ තිරසාරව සිටීමට, අධිෂ්ඨානශිලීව සිටීමට උන්වහන්සේගේ උදව්ව ආධාරය පතමු.

තවදුරටත් ගීතාවලිය අපට මෙසේ සඳහන් කරයි.

“සමිඳුන්ගේ සියලු පින්වතුනි, එතුමන්ට ප්‍රේම කරන්න. හිමිතුමාණෝ සැදැහැවතුන් රක්නා සේක. උඩඟුකම් කරන්නාවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක. සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න, සිතින් ධෛර්යමත් වන්න.” (31:33-34)

දේව ආරක්ෂාවට බාර වීම යන මැයින් යුතු එම ගීතාවලියේ දාවිත්ගේ ගීතය අවසන් වන්නේ එම වගන්ති ද්වයෙනි.

සමිඳුන්ගේ සියලු පින්වතුනි යැයි එම වගන්තියේ සඳහන් වන්නේ විශ්වාසිකයන් වන අප සියලු දෙනාට බව සිතාගත හැකිය. එහෙයින් අපි සමිඳුන්ට ප්‍රේම කරමු. උන්වහන්සේ අප රක්නා සේක. උඩඟුකමෙන් සහමුලින් මිදෙමු. උන්වහන්සේ පිලිකුල් කරන බරපතළම පාපය උඩඟුව බව අපි තරයේ විශ්වාස කරමු. දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබා ශක්තිමත් වෙමු. ධෛර්යමත් වෙමු. එවිට දේව සංරක්ෂණය තුළ යැපෙන්නට අපිට හැකිවනු නොඅනුමානය. දේව සංරක්ෂණය කෙරේ තිරසාරව විශ්වාස නොකර අපට සැබෑ කිතුනුවකු විය නොහැකිය යි යනු අපේ විශ්වාසයයි.

දේව සංරක්ෂණය තුළ යැපෙමින් සැබෑ කිතුනුවකු වීමේ වාසනාව හිමිකර ගැනීමට අපි සැබෑ ප්‍රයත්නයක් දරමු. මන්දයත් අපට අපගේ දිවිය අවසානයේ ස්වර්ග සම්පත්තිය හිමිකර ගැනීමට හැකි වන්නේ සැබෑ කිතුනුවකු වීමෙන් පමණක් බව ශුද්ධවූ බයිබල‍යත්, ශු. සභා මාතාවත් අපට උගන්වන බැවිනි.

“සැබෑ කිතුනුවා සැබෑම වාසනාවන්තයෙකි....!”

ඩික්සන් කොංගනීගේ
රාගම විශේෂ

ජෙරුසලමේ අනන්‍යතාව ආරක්ෂා කරගන්න

$
0
0
දෙසැ 10, 2018 01:00

‍අපගේ ජිවිත ගොඩ නගන පර්වතය දෙවියන් වහන්සේ බව ෆ්රැන්සිස් පාප් වහන්සේ පවසති. වැලි සහ පර්වත අතරත් ඉහළ සහ පහළ අතරත් වෙනස පැහැදිලි කළ එතුමා කතා කිරීම හා ක්‍රියා කිරීම පිළිබඳ කතා කළහ. "කීමට"සහ "කිරීමට"යන වචන දෙකෙහි බොහෝ වෙනසක් හා අර්ථයක් ඇති බව පාප් වහන්සේ ප්‍රකාශ කළහ.

ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාම් ආගම් තුනේ මූලාරම්භය සනිටුවහන් වී තිබෙන ශුද්ධ නගරය වන ජෙරුසලෙම විශ්වීය වටිනාකමක් සහිත නගරයක් බවත් එහි අනන්‍යතාව හඳුනාගැනීම සහ ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවත් පාප් වහන්සේ සහ පලස්තීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේදී අවධාරණය කෙරුණ බව වතිකානය නිවේදනය කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යෑමෙන් පසු

පළමුවරට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් හමුවී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

එහිදි ජෙරුසලෙමේ තත්ත්වය පිළිබඳ පාප්වහන්සේ සහ වතිකානය අවධානය යොමු කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ පිහිට තම තානාපති කාර්යාලය ජෙරුසලෙමට රැගෙන යෑමත් සමඟ ජාත්‍යන්තරය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වූ අතර මිත්‍ර රටවලින් ද ඇමෙරිකාවට තරමක විවේචනයක් එල්ල විය.

පාප් වහන්සේ සහ පලස්තීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාව විනාඩි 20කට ආසන්න කාලයක් පාප්වහන්සේ රැඳි සිටින මන්දිරයේ පුස්තකාලයේදී පැවැත්විණි.

ෆ්රැන්සිස් පාප් වහන්සේ එළැඹෙන පෙරවාරියේ දී එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය එතුමාගේ මුස්ලිම් රාජ්‍යයක සිදු කරන හත් වැනි සංචාරය වේ. මෙය හුදෙක්ම ආගම් අතර සාමය වෙනුවෙන් සිදු කරන සංචාරයක් බව ෆ්රැන්සිස් පාප් වහන්සේ පවසති‍‍. ‍පාප් වහන්සේ ගේ අබුඩාබි සංචාරය පිළිබඳ ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරන මෙහොමඩ් කුමරු පවසන්නේ පාප් වහන්සේ සාමයේ සංකේතයක් බවයි. එසේම කරුණා දයාවේ ප්‍රතිමූර්තියක් බවත් සහෝදරත්වයේ සළකුණ බවත් එම පණිවුඩයේ දැක්වේ. මෙම ඓතිහාසික සංචාරය පිළිබඳ ඉතා කැමැත්තෙන් පසුවන බව පවසන පාප් වහන්සේ විවිධ ජන වර්ග අතර සාමකාමී සංවාද ඇති කරලීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරති.

මර්සිඩේරියානු පියතුමන්ගේ පදනමේ 800 වැනි සංවත්සර සැමරුමට ෆ්රැන්සිස් පාප් වහන්සේ ඔවුන් හමු වූහ. එහිදී පියතුමන්ලා වෙත සිය කෘතඥතාව පළ කරමින් එතුමා කියා සිටියේ නිදහසේ මෙවලම වීම කිසි සේත්ම නොනවත්වන ලෙසය.

දෙසැම්බර් 17 වැනි දින ෆ්රැන්සිස් පාප් වහන්සේ සිය 82 වැනි උපන් දිනය සමරති‍. පසුගිය වසරේ එතුමා සිය උපන් දිනය සැමරුමට රෝගී දරුවන් රැස් කර තිබුණි. ඔවුන් වෙනුවෙන් පීසා සාදයක් පවත්වනු ලැබූ අතර එම දරුවන්ට කරුණා දයාවේ මතක සටහනක් එක් කිරීමට හැකි වූ බව පාප් වහන්සේ සිහිපත් කරති.

 

ක්‍රිසන්ති විතාරණ

දිළින්දන්ගේ විශේෂත්වය

$
0
0
දෙසැ 10, 2018 01:00

දෙවිඳුන්ගේ දිළින්දන් සතු දෙව්රජය ඔවුන්ගේම ය යැයි ජේසුතුමා පැවසූහ. එය අරුත්බර කියමනකි. එක්තරා ස්ථාවරයක සිට කියන ලද ප්‍රකාශයකි. දෙව් රජයට අයත් උරුමක්කරුවන් වන දිළින්දන්ගේ විශේෂත්වය කුමක් ද? යන්න සලකා බැලීම ඉතාමත් කාලෝචිත ය.

දිළිඳුකම හා දේව රාජ්‍යය අතර ඇති සබැඳියාව මැනෙවින් දැකගත හැකි වනුයේ ශුද්ධ බයිබලයට අයත් පැරණි ගිවිසුමෙනි. එක් දෙයක් අප විසින් තරයේ ම සිතට ගත යුතු ය. පැරණි ගිවිසුම නව ගිවිසුම තුළ මෙන් ම නව ගිවිසුම පැරණි ගිවිසුම තුළ රඳා පවතී. පැරණි ගිවිසුම යනු එක්තරා සලකුණකි. නව ගිවිසුම යනු පැරණි ගිවිසුමේ යථාර්ථය මෙන්ම පූර්ණත්වය හැටියට සැලකීමට පුළුවන.

ඒ අනුව, දිළිඳුකම හා දේව රාජ්‍යය අතර සබැඳියාව මුළු ශුද්ධ බයිබලීය දෘෂ්ටිය හා ජීවය බව කිව යුතුය. නව ගිවිසුමේ සඳහන් සිතින් දිළින්දෝ පැරණි ගිවිසුමේ “යහ්වේ” දෙවිඳුන්ගේ දිළින්දෝ ම ය. දේව රාජ්‍යය පැතූ අය ඉදිරියට ම යති. මේ අනුව ඔව්හු භාග්‍යවන්තයෝ ය. මෙම සංකල්පය ඊශ්‍රායෙල් ආගමික පසුතලයට ඇතුළත් වූයේ සුවිශේෂි ලෙසිනි. එනම් “විප්‍රවාසයෙහි” (සිය රටින් නෙරපා දැමීම) අත්දැකීම් තුළය.

දිළිඳුකම, දුප්පත්කම හා පීඩිතකම යනාදිය සමාජ යථාර්ථයන්ය. මෙම ස්වභාවය ලොවේ යථාර්ථයයි. ලොවේ සුළු පිරිසක් සම්පත් බහුතරයක් අයිතිකරගෙන සුඛෝපභෝගී ජීවිත ගතකරන අතර බහුතරයක් ජනතාව ස්වල්ප වශයෙන් සම්පත් බෙදා ගනිමින් දුක්ඛිත ජීවිත ගත කරති. ඔව්හු හැම විටම විවිධ පීඩාවලට මෙන් ම අන්ත අසරණ ලෙස අතිමහත් ව්‍යසනයන්වලට මුහුණ දෙමින් සිටිති.

අයිතිවාසිකම් ලබා ගැනීම, මිරිඟුව පසුපස දුව යාමකි. මිනිස් ගරුත්වය වැළලී ගොස් ය. පවුල් සංස්ථාවේ සිට රාජ්‍ය සංස්ථාව දක්වා සෑම මට්ටමකම මිනිස්කමේ යථාර්ථය එය වේ. ශුද්ධ බයිබලය තරම් දිළිඳුන් ගැන කතා කරන කෘතියක් ඉතිහාසය තුළ තවත් නැති තරම් ය.

එදා මෙන්ම අදත් ජුදා සමාජය මෙන් ම ලොවේ බොහෝමයක් රටවල මිනිසුන්ගේ ගති - ස්වභාවය එයාකාරය. දිළින්දෝ සමාජ රටාව තුළ කොන්ව සිටිති. දිළිඳුකම කර්ම ඵලයක් හා දේව දඬුවමක් හැටියට සමහරු සලකති. අශුභවාදී දැක්මක් හා අවමානයක් හැටියට අදත් දිළිඳුකම බොහෝමයක් දෙනාගේ හදවත් තුළ මුල්ඇද හමාරය. එහෙත් ඔවුන් එයාකාරයෙන් ම ජීවත්වන්නේ මන්ද? යන්න ප්‍රශ්නයකි. බලවත් අය මෙන්ම ධනවත් අය එවැනි දිළින්දන්ට අතහිත නොදෙන නිසා යයි සිතිය හැකිය.

ඇතැම් විට දිළිඳුකම ඇතිවන්නේ තම වරදිනි. අලසකම හා නොපිළිවෙළට වැඩ කටයුතු කිරීම දිළිඳුකමට හේතුකාරකයන් බව එදා මෙන්ම අදත් සමාජ රටාව තුළ සාමාන්‍ය පිළිගැනීම විය.

“අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදී” (හිතෝපදේශ 10:4)

යහපත් ජීවිත ගතකරන දිළිඳු අය ද ජන සමාජය තුළ ජීවත් වෙති. මුළුමහත් සමාජය වෙළා ඇති දිළිඳුකමට අද මෙන් එදත් මූලික සාධකයක් වනුයේ සමාජයේ බලගතු අය තුළ ක්‍රියාවට නැංවී තිබෙන දූෂණ, අසාධාරණකම්, මූල්‍ය අපයෝජන, අල්ලස හා වංචාවන් ය.

“ඔබ දුප්පතුන් පාගා දමා ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහුය. ඔබේ පව් කොපමණ බරපතළ ද කියාත් ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහුය. අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටුකර ගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය. කාලය නපුරු බැවින් නැණැතියෝ වුව ද නිහඬව සිටිති.” (ආමොස් 15:10-11)

සිරිමල් ජයලත් ද සිල්වා පියනම

අත්තිඩිය මෙතෝදිස්ත දේවස්ථානයේ 25 වන සංවත්සරය දා

$
0
0
දෙසැ 10, 2018 01:00

අත්තිඩිය මෙතෝදිස්ත ක්‍රිස්තියානි පල්ලියේ 25 වන සංවත්සරය පසුගියදා පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මෙතෝදිස්ත පල්ලියේ සභාපති ආසිරි පී. පෙරේරා පියතුමා සහභාගි වූ අතර රෝහිත ද සිල්වා පියතුමා ඇතුළු ප්‍රදේශවාසී කිතුනු බැතිමතුන් විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වූහ.

මැදකොළඹ විශේෂ-මොහොමඩ් ඉම්තියාස්

ආණමඩුව දෙවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දා

$
0
0
දෙසැ 10, 2018 01:00

ආණමඩුව ශුද්ධවූ ජූඩ් මුනිඳුන්ගේ දෙවස්ථානයේ 49 වැනිවාර්ෂික මංගල්‍යය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මංගල්‍ය මහා දේව මෙහෙයයෙන් පසු ශුද්ධවූ ජූඩ් මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර වීථි සංචාරය කළ අයුරු සහ ඉන් අනතුරුව ආණමඩුව මීසම පාලක නලීන් ගීත් පියතුමා ප්‍රතිමාවෙන් බැතිමතුන් ආශීර්වාද කළ අයුරු.

පුත්තලම සමූහ වාර්තාකරු- ඩබ්ලිව්. සී. බී. ප්‍රනාන්දු

ෆවුසුල් හමීඩ් ගේ ‘Concept 2019’ විලාසිතා දැක්ම

$
0
0
දෙසැ 10, 2018 01:00

ඉමහත් උනන්දුවකින් බලාසිටි මෝස්තර නිර්මාණයේ විශිෂ්ඨයෙකු වන ෆවුසුල් හමීඩ් ගේ ‘Concept 2019’ මෝස්තර දැක්ම පසුගියදා එන්වෝයි මෙන්ෂන් හිදී පැවැත්විණි. කළු (Black) තේමාවෙන් ඉදිරිපත් කළ මෙම සුවිශේෂී මෝස්තර දැක්ම නැරඹීමට කොළඹ ඉහලම පෙළේ මෝස්තර කරුවන්, ප්‍රභූන් සහ ව්‍යාපාරික සහ කර්මාන්ත අංශයේ කැපීපෙනෙන පුද්ගලයන් සහ උසස් සමාජයේ සාමාජිකයන් ඉමහත් උනන්දුවකින් රැස්ව සිටියහ.

මෙහිදී නිරූපණ ශිල්පීන් ෆවුසුල් හමීඩ්ගේ 2019 මෝස්තර එකතුවෙහි මනරම් ඇඳුම් මෝස්තර ඉදිරිපත් කරමින් එකිනෙකා පරයමින් හැඩ පෝරු පලස දිගේ ගමන් කරන ආකාරය නරඹන්නන් මන්මත්කරවන දර්ශණයක් විය. ජේත්තුකාර ලෙස නිර්මාණය කර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිරූපන ශිල්පීන් විසින් ඉදිරිපත් කරන ලද පිරිමි ඇඳුම් මෝසතර දැක්ම හැඩ පෝරු පලස එකළු කළ, නෙත් වසඟකළ දර්ශනයක් විය.

ෆවුසුල් හමීඩ්, සෑම වසරක් පාසාම පිරිමි අැඳුම් මෝස්තර ඉහල නංවන අතර ඔහුගේ මෝස්තර දැක්ම ප්‍රේක්‍ෂකයින් පුදුමයට පත් කරවන ආකර්ෂණයක් වී ඇත. මෝස්තර දැක්මට ඉදිරිපත් කළ ජේත්තුකාර පිරිමි ඇඳුම් මෝස්තර බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය. හයවෙනි වරට පැවැත්වූ මෙම ඇඳුම් මෝස්තර දැක්ම සඳහා මනාලයන් වීමට අපේක්‍ෂාකරන තරුණයන්ට සමාජ ජාලයන් හරහා තරඟයකට ආරාධනා කෙරුනු අතර තෝරාගන්නා ලද වාසනාවන්ත ජගග්‍රාහකයින්ට ‘කළු 2019 සංකල්පය’ සඳහා සහභාගී වීමේ වරම් හිමිවිය.

'නව මෝස්තර එකතුවක් එලිදැක්වීම හැම විටම ඉතා බැරෑරුම් සහ විඩා ගෙනදෙන කාර්යයකි. එනමුත් ප්‍රේක්‍ෂකයින් පෙන්වන සතුට, වින්දනය සහ අගයකිරීම මෝස්තර දැක්ම සඳහා දරණ ලද වෙහෙස ආශ්වාදයක් බවට පත්කරයි.

මේ වසරේ 2019 සංකල්පය පිළිබඳව ප්‍රේක්‍ෂකයන් පෙන්වන ලද ප්‍රසාදය සහ අගයකිරීම නිසා මා ඉතා නිහතමානී සතුටක් විඳිමි. ඒකාකාරී නොවී තියුණු වෙනස්කම් පෙන්වන මොස්තර සහ විලාසිතා කළු සහ තද පැහැයන්ගෙන් පමණක් සැලසුම් කිරීමට සිදුවූ නිසා, වසරේ තේමාව වූ කළු පැහැය අභියෝගාත්මක විය. සිය විවාහ දිනයේදී මනාලයන්ට සුවිශේෂී කැපී පෙනීමක් පෙන්විය හැකි පිරිමින් සඳහා වූ විවාහ ඇඳුම් මෝසතර එකතුවක් ද මා මෙවර එලි දක්වා ඇත. මෙහිදී අදහස් දක්වමින් ෆවුසුල් හමීඩ් මහතා සඳහන් කළේය.


අකැප ක්‍රියා නිසා භික්ෂු විනය පිරිහෙනවා

$
0
0
දෙසැ 10, 2018 01:00

දෙනගම පඤ්ඤාලෝක හිමි

කාගේත් වන්දනාමානයට ලක්වන භික්ෂූන් වහන්සේ සමාජයේ ගෞරවනීය චරිතයකි. භික්ෂුවක් යනු කවරෙක්ද? භික්ෂුවගේ කාර්යභාරය කුමක්ද යන්න අද ධර්ම සභාව තුළින් පැහැදිලි කරන්නේ හක්මන, දෙනගම, ඇතිණිමළාර, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරාධිපති, දෙනගම පඤ්ඤාලෝක හිමියන්ය.

ස්වාමින් වහන්ස, බුදුන් වහන්සේ අනුදැන වදාළ බෞද්ධ භික්ෂුව කෙසේ අර්ථ දැක්විය හැකිද?

බුදුරජාණන් වහන්සේ අව‍බෝධ කරගත් සත්‍යවාදී යථාර්ථය සමාජ ගත‍කොට සියලු සත්ත්වයන්වෙත සෙත සැලසීමට ඇප කැප වී කටයුතු කරන යතිවරයාණන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා වශයෙන් පිළිගනු ලබනවා. ලෞකික ජීවිතයෙන් ඈත්ව ලෝකෝත්තර ජීවිතයේ ගමන් ගනිමින් බවුන් වඩනා භික්ෂුව ආරාමවාසීව විසීම සිදුකරනවා. උතුම් බුදු සසුන ආරක්ෂා කරමින් ඒ නිර්මල බුද්ධ දර්ශනය අනාගත පරපුර වෙත සුරක්ෂිතව රැගෙන යාමේ කටයුතු ඉටු කරන්නේ භික්ෂූන් වහන්සේලායි. උන්වහන්සේලා වෙත සමාජයෙන් එල්ලවෙන චෝදනාවන්ගෙන් ආරක්ෂා වීම සඳහාත්, සමාජයෙන් ලැබෙන ගෞරවාභිමානවලට හානි සිදු නොවීම උදෙසාත් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද භික්ෂු විනය ආරක්ෂා කිරීම භික්ෂූන් වහන්සේලාට අනිවාර්ය කර තිබෙනවා. භික්ෂු විනයට පටහැනිව ක්‍රියාකරන භික්ෂුව බ්‍රහ්ම දණ්ඩනයට යොමු කිරීමට තරම් හේතුවන බව බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. ඒ හැරුණු විට ආරණ්‍යගතව, රුක්මූලගතව වාසය කළයුතු භික්ෂුව පිණ්ඩපාතිකව යැපිය යුතු පිරිසක් වෙනවා. ඒ අනුව බලන විට භික්ෂුත්වය ආරක්ෂා කිරීම හා භික්ෂුත්වයේ රැඳී සිටීම එතරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි වෙනවා.

භික්ෂුවක් යනු ආගමික හා සමාජයීය වශයෙන් සුවිශාල කටයුත්තක් සිදුකරන අයෙක්. බුදුරජාණන් වහන්සේ විසින් නියම කරන ලද භික්ෂුවකගේ සමාජ මෙහෙවර මොන වගේ විය යුතුද?

භික්ෂූන් වහන්සේ සතු සමාජ මෙහෙවර අපමණයි. බුදුරජාණන් වහන්සේ තරම් සමාජ මෙහෙවරක යෙදුන පුරුෂයකු තවත් මිහිපිට නැහැ. උන්වහන්සේ මුළු ජීවිත කාලයම යොමු කළේ සමාජ සුබසිද්ධිය සඳහායි. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන භික්ෂූන් වහන්සේලාගේ කාර්ය භාරයද සමාජ මෙහෙවරේ යෙදීමයි. තණ්හාව, ආශාව, මෝහය නමැති දැලෙහි පැටලීම වෙළී අකුසල් රැස් කරන මානව සත්ත්වයාට සත්‍ය අව‍බෝධ කරදී ඔවුන් සුචරිතයේ පිහිටුවීම භික්ෂුවගේ ප්‍රධාන භූමිකාවයි. ජාති, කුල, ආගම් බේදයෙන් තොරව සියලු දෙනා සම සිතින් පිළිගෙන අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම භික්ෂූන් වහන්සේ සතු තවත් වගකීමක්. දුගී පැලෙන් ලැබෙන දානයත් රජ මැදුරෙන් ලැබෙන දානයත් එක සේ පිළිගෙන පුණ්‍යානුමෝදනා කිරීම භික්ෂුවගේ යුතුකමක්.

එය එසේ වුවද වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා තම භූමිකාව කුමක්ද යන බව අමතක කර තිබෙන බවක් පේනවා නේද?

වර්තමාන සමාජයේ භික්ෂු භූමිකාව දෙස විමසිලිමත්ව බලනකොට එහෙම තත්ත්වයක් නැත්තෙම නැහැ. භික්ෂුවට හොඳ විනයක් තිබෙන්න ඕන. එහෙත් අද සමාජයේ ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම භික්ෂුත්වයට අවමානයක්. උන්වහන්සේලා බුදු සසුනට අගෞරවයක්.

සමහර භික්ෂූන් වහන්සේලා මිල මුදල් පසුපස හඹා යනවා. තමන්ගේ දායකයන් දුප්පත්, පොහොසත් වශයෙන් හා උගත් නූගත් වශයෙන් වර්ග කරනවා. ආගමික කටයුතුවලට සහභාගී වන්නේ ඒ ඒ අයගේ ආර්ථික හා සමාජ තත්ත්වය අනුවයි. එවැනි දේ බුදු රජුන් අනුදැන වදාළ භික්ෂූත්වයට පටහැනියි. ඇතැම් භික්ෂූන් වහන්සේලා ගිහියන් සමඟ කටයුතු කරන්නේ තමන් භික්ෂුවක් බව අමතක කරලයි. සිවුර පොරවා ගෙන ලෞකික සුවය සොයන භික්ෂුන් වහන්සේලාත් වර්තමාන සමාජයේ සුලභයි. අල්පේච්ඡ ජීවිතයක් ගතකළ යුතු උන්වහන්සේලා ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරන අන්දම දකින්න පුළුවන්. ඇතැම් භික්ෂූන් වහන්සේලාට ගිහි දායකයකුගේ කටයුත්තකට වැඩම කිරීමත් කරදරයක්සේ දකිනවා.

බුද්ධ කාලීන සමාජයේ භික්ෂූන් වහන්සේලා ගමන් කළේ තැන්පත්වයි. කතාකළේ ඉතා පැහැදිලිව තැන්පත්වයි. විනීත භික්ෂුවක් කිසි මොහොතක ආවේගශීලීව කටයුතු කරන්නේ නැහැ. ශාන්ත වූ ගති පැවැතුම් භික්ෂුවක් තුළ තිබිය යුතු ගුණාංගයක්. අද වැඩ වාසය කරන සමහර භික්ෂූන් වහන්සේලාට නිසි පරිදි ධර්ම දේශනයක්, සෙත් පිරිතක් දේශනා කරන්න බැහැ. බෞද්ධ චාරිත්‍ර - වාරිත්‍ර දන්නෙ නැහැ. ඇවැතුම් - පැවැතුම් ගැන වැටහීමක් නැහැ. කෙටියෙන් කියනවානම් චීවරයවත් හරිහැටි පොරවාගන්න දන්නේ නැහැ. බුද්ධ නියමය අනුව භික්ෂුවක් අත මිටට හසු නොවන පරිදි කෙස් කපා තිබිය යුතුයි. එහෙත් අද සමාජයේ ගිහියන්ගේ හිසකෙස් ගානටම කෙස් වවාගත් තරුණ භික්ෂූන් වහන්සේලා කොතෙකුත් අප දැක තිබෙනවා. භික්ෂුවක් ප්‍රසන්නවිය යුතුයි. පිරිසුදු විය යුතුයි. පිළිවෙළකට චීවරය පොරවා සිටිය යුතුයි. අපේ සමහර භික්ෂූන් වහන්සේලා එවැනි පිළිවෙතක නැහැ. උන්වහන්සේලාගේ රස්තියාදුකාර පෙනුමක් තියෙන්නෙ. ඒක භික්ෂුත්වයට ඔබින්නෙ නැහැ.

ස්වාමින් වහන්ස, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේලා ක්‍රියාකරන ආකාරය ඔබවහන්සේ අනුමත කරනවාද?

භික්ෂුවක් හෝ ගිහියෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ අධ්‍යාපනය ලබන්න මිස රට පාලනය කරන්න නොවෙයි. උද්ඝෝෂණවලට, උපවාසවලට යොදවන කාලය තමන්ගෙ අධ්‍යාපන කටයුතුවලට යොදවන එකයි කෙරෙන්න ඕන. දැන් බලන්න සමහර තරුණ භික්ෂූන් වහන්සේලා මහ මඟ වැතිරෙනවා. නිදාගන්නවා. ඒ විතරක් නොවෙයි සිවුරු ගලවගෙන, ඉරාගෙන නීතියත් සමඟ හරි හරියට පොරබදමින් කලහකාරී ලෙස හැසිරෙනවා. අන්තිමේදී නොයෙක් කරදරවලට, අනතුරුවලට ලක්වෙනවා. ‘අපට ගහපියව්’ කියාගෙන ප්‍රකෝපකාරීව හැසිරෙනවා.

ඕනම රටක විනයක් තියෙනවා. නීතියක් තියනවා. සීමාව ඉක්මවා කලහකාරීව හැසිරුණාම අවශ්‍ය බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. විශ්වවිද්‍යාල සිසු උද්ඝෝෂණවල ඉදිරියෙන්ම ඉන්නෙ භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා එවැනි අවස්ථාවල හැසිරෙන ආකාරය දැක්කම භික්ෂූන් වන අපටම ලැජ්ජයි. එවැනි භික්ෂූන් භික්ෂුත්වයෙන් ඉවත් කරන්න ඕන. නැත්නම් භික්ෂු විනය ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයක් උදාවෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා පමණක් නොවෙයි කලහකාරී ලෙස භික්ෂු විනයට අපකීර්ති අත්කරන ඕනම හැසිරීමක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන්න බැහැ. ඒවා අනුමත කරන්නත් බැහැ.

ධර්ම දේශනාව බුදුන් අනුදැන වදාළා වුවත් අද ඇතැම් භික්ෂූන් වහන්සේලා එය සිදුකරන ආකාරය ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

තම උගත් ධර්මය ගිහි දායකයන්ට දේශනා කර ඔවුන් සුමගට යොමු කිරීම බුදුන් වහන්සේ අනුදැන වදාළා. එය භික්ෂූන් වන අපට පැවරී තිබෙන කටයුත්තක්, වගකීමක්. එහෙත් වර්තමානයේ අලුත්ම ආකාරයේ ධර්ම දේශනා රැල්ලක් පවතිනවා. මෙහි ස්වභාවය හරිම කනගාටුදායකයි. බුදුරජාණන් වහන්සේ ආරාමයේදී වගේම මහ මඟදීත් ධ්මය දේශනා කළා. උන්වහන්සේගේ ධර්මය අසන්න සිය ගණන් රැස්විය යුතුයි. දහස් ගණන් රැස්වියයුතුයි කියා නියමයක් තිබුණෙ නැහැ. තනි පුද්ගලයාටත් උන්වහන්සේ ධර්මය දේශනා කළා. ඒ කිසිම දේශනාවකට මුදල් අය කළේත් නැහැ. උන්වහන්සේ වඩින ස්ථානයට අපමණක් සැරසිලි තිබිය යුතුයි කියා පැවසුවෙත් නැහැ. වටිනා ආසන පනවන්න කියා නියම කළෙත් නැහැ.

ඒත් අද අපේ සමාජයේ ඒ තත්ත්වය වෙනස් වෙලා. වෙනස් වෙලා නොවෙයි වෙනස් කරගෙන. සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවකට වඩිනවනම් දහසක් කොන්දේසි පමුණුවනවා. මෙතරම් සෙනඟ ඉන්න ඕන. අසවල් අන්දමේ ශබ්ද විකාශන යන්ත්‍ර තිබෙන්න ඕන. අසවල් විදියට සැරසිලි කරල ප්‍රචාරය දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි නියම කළ මුදලකුත් දෙන්න ඕන. අපි ඇත්ත කතා කරන්න ඕන. ඕක තමයි සැබෑ තත්ත්වය. එවැනි දේවල් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ඔවැනි දේවල් නිසා ඇතැම් පිරිස් ආගම දහමෙන් ඈත් වෙනවා. භික්ෂූන් කෙරෙහි කළකිරෙනවා. භික්ෂූන් ට තිබෙන ගරු සත්කාර නැති වෙනවා.

මෙවැනි තත්ත්වයට පත් භික්ෂූන්ට ඔබ වහන්සේ දෙන අවවාදය කුමක්ද?

කරුණාකරල භික්ෂු විනය ඉගෙන ගන්න. භික්ෂු විනයට ගරු කරන්න. එහෙම වුණාම තමයි සැබෑ භික්ෂුවක් වෙන්නෙ. නැත්නම් භික්ෂු විනයට පටහැනිව ක්‍රියා කරනවානම්, වැරදි ආකල්ප ඇතිකරගන්නවා නම් චීවරය දැරුවා කියල භික්ෂුවක් වෙන්නෙ නැහැ. සැබෑ භික්ෂුවක් ලෙස වාසය කරන්න බැරිනම් චීවරයට නිගරු නොදී තීරණයක්ගත්තට කමක් නැහැ.

මොකද භික්ෂු විනයට පටහැනිව ක්‍රියාකරන එක් භික්ෂුව නිසා විනයගරුක භික්ෂුන්වහන්සේලා දහස් ගණනකට නිගරු වෙනවා.

සටහන - නිශාන් මෙන්ඩිස්

අර්ථයෙන් ධර්මයෙන් ආදර්ශවත් වූ උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමි

$
0
0
දෙසැ 10, 2018 01:00

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ උඩස්ගිරිය පල්ලේසියපත්තුවේ අඹන්පොල ග්‍රාමයේ 1947 අප්‍රේල් මස 09 වන දින යාපා බණ්ඩාර මුදියන්සේලාගේ ගෙදර හීන් අම්මා මෑණියන්ටත්, රත්නායක මුදියන්සේලාගේගෙදර මුතුබණ්ඩා රත්නායක පියාණන්ට දාව මෙලොව එළිය දුටු රත්නායක මුදියන්සේලාගේගෙදර ආනන්ද විජේසිරි රත්නායක කුලදරුවා සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැනි දරුවා විය. උඩුපිහිල්ලේ සරණංකර විදුහලට ඇතුළත් කරවා පස්වන වසර දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු මහලකොටුවේ රතනසාර පණ්ඩිත හාමුදුරුවන්ගේ ආචාර්යත්වයෙන් මාතලේ ධර්මරාජ මහ පිරිවෙන් විහාරාධිපති ගම්මුල්ලේ ශ්‍රී චන්දජෝති නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1957 ජුනි 10 වන දින හේනේපොල වෙහෙගොඩ පුරාණ විහාරස්ථාන‍යේදී ප්‍රව්‍රජ්‍යාභූමියට ඇතුළත් වූයේ “උඩුපිහිල්ලේ විමලබුද්ධි” යන නමිනි.

ගුරුදේවයාණන් වහන්සේ වූ මාතලේ වෙහෙරගොඩ ශ්‍රී විද්‍යාරත්න පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත මහකොටුවේ එතනසාර නායක මාහිමිපාණන් වහන්සේගෙන් බණ දහම් ප්‍රගුණ කළ විමලබුද්ධි පොඩි හාමුදුරුවෝ විසි වයස් සපිරෙද්දී 1967 මැයි 31 වන දින ඓතිහාසික මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයෙහිදී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා භූමියට ඇතුළත් වූහ. ඒ වනවිට ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අනුනායක ධූරය දැරූ මල්වතු මහා විහාරාධිවාසී අතිගෞරවනීය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන ලේඛකාධිකාරී මාහිමිපාණ් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා මල්වතු මහා විහාරාධිවාසී මැණික්දිවෙල ශ්‍රී සිද්ධාර්ථ පේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කර්මාචාර්යයත්වයෙනි.

1970 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී ගෞරව උපාධියත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් 1992 ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්හ. තවද භාෂා ‍ඥානය වර්ධනය කරගැනීම උදෙසා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වෘත්තිය ඉංග්‍රිසි පාඨමාලාව, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි පාඨමාලාවද හැදෑරුවේ හුදෙක් කාලීන අවශ්‍යතාවයක් සපුරාගැනීමේ අදහසිනි.

විමලබුද්ධි ස්වාමීන් වහන්සේට 1975 ප්‍රථම ගුරු පත්වීම ලැබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වූ දියබෙදුම ඉරහඳ කොටුවැව මහා විද්‍යාලයටයි. එහි වසර තුනක් දුෂ්කර සේවයේ යෙදී පසුව මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ මහා විද්‍යාලයේ වසර 11ක් (1978 – 1989) සේවය කළහ. ඉන්පසුව ‍කොළඹ නාලන්දා විද්‍යාලයේ වසර 12ක් පමණ (1989 – 2002) සේවය කොට වසර 27ක ගුරු සේවාවෙන් විශ්‍රාම ලැබුවේ 2002 වර්ෂයේ නාලන්දා විද්‍යාල‍ෙයනි. ගුරු වෘත්තියේ යෙදෙන ගමන්ම සිසු දූ දරුවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කරමින් සුවිශාල ආගමික සේවා රැසක්ද සිදු කළහ. මේවා අතර මාසික ආගමික වැඩසටහන්, සීල භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, දැනුම මිනුම වැඩසටහන් සුවිශේෂී වේ.

මාතලේ කොටුවේගෙදර සුධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වූයේ උඩුපිහිල්ලේ විමලබුද්ධි හාමුදුරුවන්ගේ නොමසුරු දායකත්වයෙනි. විහාරස්ථ විද්‍යාරත්න පිරිවෙනේ ඉගෙනුම ලබන කුඩා ස්වාමින්වහන්සේලා සඳහා ප්‍රථමයෙන් ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකළ උන්වහන්සේ තමන් වහන්සේගේ ගුරුදේවෝත්තම අතිපූජ්‍ය මහලකොටුවේ රතනසාරාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් මහලකොටුවේ රතනසාර ගුණානුස්මරණ මන්දිරය නමින් සංඝාවාසයකින් සහ පුස්තකාලයකින් සමන්විත තෙමහල් ‍ගොඩනැගිල්ලක්ද නිමකිරීමට දායක්තවය ලබාදුන්හ.

උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමින් වහන්සේ තරුණ වියේ සිටම ධර්මදේශනා කිරීමට දක්ෂ හිමි නමකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධම්මචින්තා, ධර්ම සාකච්ඡා, ධර්මදේශනා අවුරුදු ගණනාවක්ම පවත්වමින් දේශීය ධර්මදූතයකු ලෙස දහම් මෙහෙවරේ යෙදුනහ.

උන්වහන්සේ ලේඛන කලාවට පිවිසුනේ ප්‍රථම වතාවට මිහිර ළමා පුවත්පතට “බොරු නොකියන අයට මල්මාලා” යන මැයෙන් ලිපියක් සපයමිනි. උන්වහන්සේ බුදුසරණ, දිවයින, දිනමිණ, ලංකාදීප ආදී පුවත්පත්වලට ශාස්ත්‍රීය ලිපි ලියා නමක් දිනාගත් යතිවරයාණන්වහන්සේ නමකි. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ආගමික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පූජ්‍ය තිස්සමහාරාමයේ පුණ්ණ ස්වාමින් වහන්සේගේ ආරාධනාවෙන් 9, 10, 11 වසර සඳහා බුද්ධ ධර්මය විෂයයට පාඨමාලා සකස් කිරීමේ මණ්ඩල‍යේ සාමාජිකයකු ලෙසද කටයුතුකළ විමලබුද්ධි හිමිපාණෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂය නිර්දේශයට අදාළව වාර්ෂික ප්‍රශ්නෝත්තර සංග්‍රහයක්ද සකස් කළහ.

ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වූ “ශාන්ති” ළමා හඬත්,සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සඟ සරණියන්, දිගුකලක් මෙහෙයවූ උන්වහන්සේ “ශාන්ති” පුවත්පතේ සංස්කාරක ලෙසද කටයුතු කළහ. උස්ස පෙළ “බෞද්ධ සංස්කෘතිය” විෂය හදාරන දරුවන් සඳහා සතිපතා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් උපකාරක දේශන මාලාවක්ද පැවැත්වූ විමලබුද්ධි හාමුදුරුවෝ උදෑසන “ධම්ම චින්තා” මගින් ‍ බොදු හදවත් සනසාලූහ.

2002 වසරේදී උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේ කැනඩාවට වැඩම කළ අතර ටොරොන්ටෝ මහාවිහාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමින් වහ්නසේ ලෙස කටයුතු කරති.

විමලබුද්ධි හිමියන් ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ජපානය, ප්‍රංශය, ජර්මනිය, දකුණුකොරියාව,ස්විට්සර්ලන්තය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, බුරුමය, නවසීලන්තය සහ ඉන්දියාව යන රටවල ධර්මදූත චාරිකාවෙහි යෙදෙමින් ලබාගත් අගනා අත්දැකීම් උන්වහන්සේගේ සේවා ඵලදායිතාවය තවත් පුළුල් කළහ.

සමස්තයක් ලෙස සලකා බැලුවහොත් ගෞරවාර්භ උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමින්ද්‍රයන් වහන්සේ ථෙරවාදී භික්ෂූ සම්ප්‍රදාය සරසන, සංඝ ශෝභන ගුණයන්ගෙන් පිරිපුන් භික්ෂූ රත්නයක් බව සඳහන් කළ යුතුය. අත්තුක්කංසන, පරවම්භන නුගුණයෙන් තොරව දයා දක්ෂිණ්‍ය ගුණයෙන් ශෝභාවත්ව, , පරෝපකාරයෙහි තත්පරව, අත්තහිත පරිහිත සාධනීය ධර්ම චර්යාවෙහි නියැළී වැඩ වසන ආදර්ශවත් උතුම් භික්ෂූ චරිතයකි. සමාජයේ සදාචාරාත්මක ප්‍රවර්ධනයටද සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනයටද සංඝ සමාජයේ උද්දීපනයටද කීර්ති - ප්‍රශංසා - ලාභාපේක්ෂාවලින් තොර වූ නායක පදවි නැතත් සැබෑ සංඝ නේතෘත්වය හිමි කැරගෙන සිටින මෙබඳු මාහිමිවරුන්ගේ ආදර්ශ රූප අත්‍යන්තයෙන්ම උපකාර වේ.

උපතින් 71වන වියද පැවිද්දෙන් 61 වන වසරද, උපසම්පදාවෙන් 51 වසරද සපුරන උඩුපිහිලිලේ විමලබුද්ධි මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට උතුම් තෙරුවනේ න් නිදුක් නීරෝගි සුවත් දිගාසිරිත් පිණිපා පෙරටුව පතමු.

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත
මහා නිකායේ මහනායක
තිරිකුණාමලේ ආනන්ද හිමි

 

නිවනට තවත් නම් දුර නැත

$
0
0
දෙසැ 10, 2018 01:00

අපවත් වී වදාළ අලුත්ගම කන්දේවිහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අදට යෙදේ

සති යෙන් ලොවැ වෙසෙන දස පෙරුමන් පුරන
නිති දන සුමඟ යොමු කරවන සිත් නිවන
බැතියෙන් දෙපා නැමැදිය හැකි නැමු දෙදණ
යතිවරයින් බොහෝ දුලභය හෙළ දෙරණ

බටු වන්හේනේ නාහිමි රක්ඛිත බුද්ධ
දුටු වෝ සිත් නිවු උතුමෙකි මන නන්ද
කොටුවී නොවැඩ සිටි බැසැ මෝහා ඡන්ද
ඉටු කළ මෙහෙය අපමණි දනසිත් බැන්ද

දෙති සක් මහා පුරෂැති ගුණ පිඩු කෙරුවා
සිය යක් රියන් වැඩි උස බුදුරුව නෙළුවා
සහ සක් දෙනෙත් නව ගුණ සිසිලෙන් තෙමුවා
අතො රක් නැතිව කළ පින් හදවත නිවුවා

කළු තර දිසාවම බැබළුව සමිඳ රුවන්
සුළු තර මහා දන සමසේ දුටුව නුවන්
මුළු ලොව නිවූ සදහම් සිසිලසින් පවන්
කලු ණික වගේ දුලභයි හිමිවරුන් මෙවන්

දෙරණට සමිඳු පෑ පෙරඹර දිනිඳු වගේ
සවනට අමිල සුවයකි බණ දෙසුව අගේ
සසුනට පුර සඳක් සේ වැඩ සිටිය යුගේ
නිවනට තවත් නම් දුර නැත සසර මගේ

කලාභූෂණ කිවිපති කවිධජ
ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි

කුලදරුවකු සසුන්ගතවේ

$
0
0
දෙසැ 10, 2018 01:00

වැල්ලවාය, කුඹුක්කන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිසානායක මුදියන්සේලාගේ විජිත කුමාර නමැති 12 වියැති කුළදරුවා කළුතර , වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේදී, එහි විහාරාධිකාරී අති පූජ්‍ය කිතලගම නන්දසාර හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා වැල්ලවායේ සුමංගල හිමියන්ගේ භාරකාරත්වයෙන් කුඹුක්කන සුභෝධිවංශ යන නමින් සසුන්ගත විය.

එච්.එල්. සුනිල්ශාන්ත- කළුතර මධ්‍යම විශේෂ

ගැබිනි මව්වරුනට පෝෂ්‍ය ආහාරදීමේ පින්කම

$
0
0
දෙසැ 10, 2018 01:00

හලාවත - කරවිටාගාර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන් විහාරස්ථ “පැහැ සරණිය” බෞද්ධ කාන්තා සමිතිය මගින් ක්‍රියාත්මක කරන මාතෘ දාරක පිලිසරණි වැඩසටහන යටතේ ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් පනස් ‍දෙනෙකුට වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාර මලු ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්විණි.

මාදම්පේ සමූහ ඒ.පී.ගුණරත්න

***********************

කරවිටාගාර සංඝමිත්තා පෙරහර 22 දා

හලාවත - කරවිටාගාර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය නාගොල්ලාගොඩ රාහුල නාහිමිගේ අනුශාසනා පරිදි විහාරස්ථ ‘පැහැසරණිය’ බෞද්ධ කාන්තා සමිතිය සංවිධානය කරන දේශීය සංස්කෘතික අංගවලින් සමන්විත සංඝමිත්තා මහ පෙරහර 2018 /12/22 වෙනි දින පස්වරු 5.00ට කොක්කාවිල යෝධඇල හන්දියෙන් ආරම්භ කර විහාරස්ථානය කරා ළඟාවීමට නියමිතය.

මාදම්පේ සමූහ ඒ.පී. ගුණරත්න

පාර්ලිමේන්තුවට අලුත් මුහුණක්

$
0
0
දෙසැ 11, 2018 01:00

වසර හැත්තෑවක් පමණ ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යුහය තුළ එදා මෙදා තුර විවිධ හැල හැප්පීම් හා වෙනස්කම් රාශියක් සිදු වුණි. 1960 වර්ෂය වනවිට මෙරට ජනාධිපතිවරයෙකු වෙනුවට එම බලතල ක්‍රියාවට නඟන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයකු විසිනි.

1948 වසරේ සිට 1972 වසර දක්වා සෝල්බරි ආණ්ඩු ක්‍රමය මෙරට ක්‍රියාත්මක වුණි. එම ආණ්ඩු ක්‍රමය යටතේ බ්‍රිතාන්‍ය රැජින නාමිකව මෙරට රාජ්‍ය නායකයා වීමත්, නීති පැනවීමේදී පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු යම් යම් සීමාවන් දක්වා තිබීමත් වැනි හේතු නිසා අප ලැබූ නිදහස පූර්ණ වී නොතිබිණි. ඒ හේතුවෙන් සෝල්බරි ආණ්ඩු ක්‍රමය වෙනස්කොට අප රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු යැයි අදහස් මතුවෙමින් තිබුණ ද ඒ පිළිබඳ ඵලදායී ක්‍රියාමාර්ගයක් ආරම්භ වූයේ 1970 මැතිවරණයත් සමඟය.

1970 වසරේදී රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනවරමක් ඉල්ලා බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අගමැති ධුරයෙන් 1972 මැයි 22 දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදී. ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ එයින් එතෙක් අප රට හැඳින්වූ ‘ලංකාව’ වෙනුවට ‘ශ්‍රී ලංකාව’ යන නාමයෙන් හඳුන්වන්නට කටයුතු කළහ.

එතෙක් සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවැති අග්‍රාණ්ඩුකාර තනතුර වෙනුවට නව ව්‍යවස්ථාවෙන් නාමමාත්‍ර ජනාධිපති තනතුර හඳුන්වා දුන්නේය. එහිදී ජනාධිපතිවරයා පත් කිරීමේ බලය අගමැතිවරයාට හිමි වූ අතර එතෙක් අග්‍රාණ්ඩුකාරවරයාට හිමිව තිබූ බලතල නව ව්‍යවස්ථාව යටතේ නාමමාත්‍ර ජනාධිපතිවරයාට හිමිවුණි. ඒ අනුව ආචාර්ය විලියම් ගොපල්ලව මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම නාමමාත්‍ර ජනාධිපති ධුරයට පත්වුණි.

ජනතා අපේක්ෂා

1977 ජූලි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ධුරය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අතර 1978 වසරේ සිට ශ්‍රී ලංකාවේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණි. එම ව්‍යවස්ථාවට අනුව ‘ශ්‍රී ලංකාව’ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හැඳින්වුණි. එම ව්‍යවස්ථවේ 30 වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වේ. ඒ අනුව ජනාධිපති ධුරය පූර්ණ විධායක බලතල සහිතව රජයේ ඉහළම විධායක තනතුර බවට පත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු විධයාක ජනාධිපතිවරයා වශයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා පත්විය. ඉන්පසු විධායක ජනාධිපතිවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාව් රාජ්‍ය නායකයා වූ අතර වත්මන් ජනාධිපති සත්වන විධායක ජනාධිපතිවරයා ය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මහා කැළඹීමක් ඇතිකළ අවස්ථාවක් වශයෙන් 2018 ඔක්තෝබර් 26 වන දා හැඳින්විය හැකිය. එක්සත් ජාතික පෙරමුණත්, එක්සත් ජනතා නිදහස් සංධානයත් සුසංයෝගීව පවත්වාගෙන ආ ජාතික ආණ්ඩුව අවසන් වීම ඊට හේතුවිය. එම සිදුවීමත් සමඟ හා රටේ දේශපාලන භූමිකාව මෙන්ම සමස්ත රාජ්‍ය පාලන භූමිකාව ද අවුල් සහගත තත්ත්වයකට පත් වූ අතර ජනාධිපතිතුමා විසින් හිටපු අගමැතිවරයා වෙනුවට නව අගමැතිවරයකු පත් කිරීමත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එම පත්කිරීම භාර නොගන්නා බව ට ප්‍රකාශ කිරීමත් එයට හේතු විය.

කෙසේ නමුත් මේ වන විට ආණ්ඩුව විසුරුවා හැර ඇති අතර හිටපු අගමැතිවරයා ඉවත් කිරීමත් නව අගමැතිවරයකු පත් කිරීමත්නියමිත දින ඉකුත්වීමට පෙර ආණ්ඩුව විසුරුවා හැරීම හා මැතිවරණයක් කැඳවීමත් යන කරුනු රටේ විවිධ පුද්ගලයන් අතර කතිකාවට භාජනය වී ඇත. එකී ක්‍රියාවන් නීත්‍යානුකූලද, නැද්ද යන් තීන්දු කිරීම සඳහා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබෙන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්දැයි කවුරුත් විමසිලිමත්ව බලා හිඳිති.

දේශපාලන වශයෙන් රට පත්ව තිබෙන තත්ත්වය එසේ වුවද ඒ හේතුවෙන් රට අරාජිකත්වයකට පත්ව තිබෙනබව ඇතැම් විද්වතුන්ගේ අදහස වී තිබේ. 2019 වසර වෙනුවෙන් නව අයවැයක් සම්මත විය යුතු අතර සාමාන්‍ය පරිසරයක් තුළ නම් මේ වනවිට එය විවාදයට ගෙන තිබිය යුතුය. එහෙත් මේ වනවිට අයවැය විවාදය සිදු නොවන බව පැහැදිලිය. ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ දේශපාලන ක්ෂේත්‍රයේ නියැලෙන එකිනෙකාට අවලාද අපහාස කර ගැනීම ය.

වත්මන් විපක්ෂය, මහින්ද රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක වූ පසුගිය ආණ්ඩුවේත් එහි හිටපු අමාත්‍යවරුන්ගේත් වැරදි ආවර්ජනය කරති. මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයාගේ පාර්ශ්වය මීට පෙර ආණ්ඩු කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ සහ හිටපු අමාත්‍යවරුන‍්ගේ වැරදි පෙන්වා දෙති. කුමන පක්ෂයකට අයත් දේශපාලනඥයකු වුවද වැරදි කළේ නම් ඔහු ජනතා මුදල් හා දේපොල විනාශ කළේ නම් තවදුරටත් ජනතා නියෝජනයට නුසුදුස්සකු බව විද්වතුන්ගේ මතය වන අතර රට පාලනය කරන ස්ථානය වන උත්තරිතර පාර්ලිමේන්තුවට උගත්, බුද්ධිමත් දේශපාලනය ගැන අවබෝධයක් තිබෙන පිරිසක් පත්කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙති.

ජනතාව තුළ දහසක් බලාපොරොත්තු රඳවා ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන ජනතා නි‍යෝජිතයන් අද ක්‍රියා කරන්නේ ජනතා අපේක්ෂාව ඉෂ්ට කිරීමද, නැතහොත් තමන්ගේ ආර්ථික හා භෞතික සංවර්ධනය වෙනුවෙන්ද යන ගැටලුව අද ජනතාවට මතුවී ඇත. මේ වන විට ලංකාවේ ලොකුම වටිනාකම තිබෙන අලෙවි භාණ්ඩය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව ඇතැමුන්ගේ මතයයි. මෙසේ අලෙවි වන මන්ත්‍රීවරුන්ට තමන් පාර්ලිමේන්තුවට පැමිණි කාරණය අමතක වී ඇත. ඔවුනට එය යළි මතක්වන්නේ මැතිවරණයකට මුහුණදීමට සිදුවුවහොත් පමණි.

බලයට පත්වීමට කවුරුත් කැමතිය. බලය අත්හැරීමට කවුරුත් අකමැතිය. ජනාධිපතිතුමා විසින් නව අ ගමැතිවරයෙකු පත්කර ඇති අතර හිටපු අගමැතිතුමාද තවමත් අගමැති වශයෙන් පෙනී සිටී. මෙම අගමැතිවරුන් දෙදෙනාගෙන් නිලලත් අගමැති කවුරුන්දැයි සියලු දෙනාට පැනයකි. කෙසේ නමුදු මේ වනවිට ඒ හේතුව නිසා රටේ පරිපාලනමය වශයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතිබව පිළිගතයුතු කරුණකි. මහානායක හිමිවරුන් ඇතුළු සියලු ආගමික නායක තුමන් ඒ බව ප්‍රකාශ කර තිබේ.

2015 ජනවාරි 08 වෙනිදා ජනතාව තීන්දුවක් දී රාජපක්ෂ ආණ්ඩුව වෙනුවට යහපාලන ආණ්ඩුව තෝරා පත්කර ගැනුණි. 2015 ජනවාරි 09 වැනිදා සිට ආරම්භ කළදින සියයේ ආණ්ඩුව ආරම්භයේදීම විශාල ජනතා මුදල් වංචාව සිදු වුණි. ඒ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙනි. ඒ සඳහා වගකිවයුත්තන් නීතිය හමුවේ ගෙන ආ යුතු වුවද කුමන හේතුවෙක් නිසා හෝ පැවැති රජයෙන් ඔවුන් ආරක්ෂා කෙරුණි. එපමණක් නොව රටේ වටිනා සම්පත් මෙන්ම ආර්ථික උල්පත් ද ප්‍රතිව්‍යුහගතකිරීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ අතර අනාගතේ මිනිපහන බඳු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොයෙක් විකෘතිතා ඇති කළහ. රටේ ආර්ථිකය මෙන්ම සංස්කෘතිය ද සදාචාරය ද පරිහානියට පත්වෙමින් තිබෙනු විමර්ශකයන්ගේ අවධානයට ලක්වී තිබුණි.

මත් උවදුර ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවමින් අනාගත පරපුර ගිල දැමූ ආකාරයද කාටත් නොරහසකි. අපරාධ කරුවන් නිදැල්ලේ සැරි සැරූ අතර ඔවුන් ආරක්ෂා කිරීමට ප්‍රබල දේශපාලනඥයන් කටයුතු කළහ. මේ සියල්ල හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොපෙනුනද 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් ජනතාව එතුමා පත් කළේ ඒ සියලු දේ සිදු වීමට නොවේ. ඊට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ වැරදිකරුවන්ට දඬුවම් දීමටය.

ඔවුන්ට දඬුවම් දීම වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ ද අපරාධකරුවන් ආරක්ෂා කිරීම මධ්‍යස්ථ දේශපාලන මත දරන්නන් මවිතයට පත් කරන්නකි. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා තමන්ගේම ආණ්ඩුවේ බහුතරයගේ අදහස් වලට ප්‍රතිචාර නොදක්වමින් තමන් වටා සිටි සුළු පිරිසකගේ අවශ්‍යතා මත කටයුතු කිරීමට යෑමේ ප්‍රතිපලයක් වශයෙන් නිසි කලට පෙර ඔහුට තම ධුරයෙන් ද ඉවත් වීමට සිදු වූ බව ඇතැම් විචාරකයන්ගේ අදහසය.

කෙසේ නමුදු සිදු වූ සිදුවීම් හේතුවෙන් පැවැති රජය අ‍හෝසි වී ගිය අතර දේශපාලන වශයෙන් රට අස්ථාවර වී ඇති බවත් පෙනී යයි. හෙට කුමක් භේද යන්න ජනතාව තුළ ඇති පැනයයි. විවිධ ප්‍රශ්නවලින් පෙළෙන ජනතාවට රටේ පරිපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන ප්‍රශ්නද උසුලන්නට නොහැකිය.

ජනතාව තම ඡන්දය ලබාදී තම නියෝජිතයන් රට කරවන තැනට පත් කරන්නේ ඔවුන් රටේ ප්‍රශ්න මෙන්ම ජනතාවගේ ප්‍රශ්නද නිරාකරණය කරාවි යැයි යන දැඩි විශ්වාසයෙනි. එහෙත් ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරන්නේ අතළොස්සකි. තමන් මන්ත්‍රීවරයෙකු හෝ ඇමැතිවරයකු වූයේ කවුරුන් නිසාදැයි මතකයේ තිබෙන්නේ කීයෙන් කී දෙනාටද?

මන්ත්‍රීවරුන් මැතිවරණයට පෙර ඡන්ද දායකයන් හමුවට යන අතර ජයග්‍රහණයෙන් පසු ඔවුන්ගේ විශාලම කරදරය ඡන්ද දායකයන්ය. ඇතැමුන් කුමන අකාරයට හෝ මන්ත්‍රී ධුරයක් ලබා ගන්නේ රටට සේවය කෙසේ වෙතත් තමන්ට සේවයක් කරගැනීමටය.

බුද්ධියේ අඩුව

වත්මන් පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය කිසිසේත් සතුටු විය නොහැකි තත්ත්වයකි. ඇතැමුන් අශෝබන ලෙස හැසිරෙන අතර තවත් අය මැරයන් සේ ක්‍රියාකරති. මීට වසර ගණනකට ඉහත දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ට සමාජයේ තිබුණේ ඉහළ පිළිගැනීමකි. නමුත් වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වී ගොසිනි. බුද්ධිමතුන් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන තැනට අද පත්වී තිබේ. එහෙත් වියයුත්තේ එය නොවේ. හැකිතාක් බුද්ධිමතුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුය. ජනතා පරමාධිපත්‍යට සාධාණය වනුයේ එවිටය. මක් නිසාද යත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම තේරී පත්ව ඇත්තේ සුදුස්සන් නොවන නිසාය.

ඇතැම් දේශාපලනඥයන් ජනාධිපතිවරණයක් අපේක්ෂා කරන අතර තවත් අයෙක් පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරති. මේ සියලුදෙනාම උත්සාහ කරන්නේ ජනතාවට සේවය කරන්නද? ප්‍රධාන පක්ෂ දෙකේ ජනතා නියෝජිතයන් මෙතෙක් හැසිරුන ආකාරය ජනතාවටඅමතක නැත. දෙපිලම සැබෑ ජනතා නියෝජිතයනගේ දායකත්වය ලබා ගන්නේ නම් අපේ රටේ දේශපාලනය යළිත් ගෞරවණීය තත්ත්වයට පත්වනු නිසැකය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව තිබෙන්නේ සුළුකොට තැකියහැකි බලයක් නොවේ. විධායක බලයකි. විධායක බලයට කළ නොහැක්කේ ගැහැනියකු පිරිමියකු කිරීමටත් පිරිමියකු ගැහැනියක කිරීමත් බව මෙරට විධායක ජනාධිපති ධුරයේ නිර්මාර්තෘ ජේ. ආර්. ජයවර්ධන මහතා වරක් ප්‍රකාශ කොට ඇත. එසේනම් එවැනි බලයක් සහිත ධුරයෙන් වැඩගැනීමට වත්මන් ජනපතිතුමාට අවස්ථාව උදාවී තිබේ. දේශපාලන පක්ෂය කුමක්වුවද, තරාතිරම කුමක් වුවද 2015 ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව ඉටු කිරීමය. රටේ ජනතා මුදල් වංචා කළ දූෂණ, අපරාධකළ සියලු දෙනාට නිසි දඬුවම් ලබා දීමත්, ස්ථාවර රජයක් පත් කොට අස්ථාවර වී තිබෙන පරිපාලන ක්ෂේත්‍රය යළි ගොඩනඟා රටේ ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමය. එවිට බුද්ධිමතුන් දේශපාලන ප්‍රවාහයට එක්වනු නිසැකය.

ලොව දියුණු බොහෝ රටවල තරුණ බුද්ධිමත් පිරිස දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරන අතර ඔවුන්ගේ තරුණ ජවය ජනතා අපේක්ෂා පසුපස හඹා යනු දක්නට ලැබේ. එය ජනතා ජයග්‍රහණයකි. අප රට තුළ ද කෙදිනක මැතිවරණයක් පැවැත්වුවද වැඩි වශයෙන් තරුණ නියෝජනයට අවස්ථාව සළසන්නේ නම් එය රටේ ඉදිරි දේශපාලන ප්‍රවාහයේ ධනාත්මක බව ඇතිවීමට හේතුවනවාට සැකයක් නැත.

ජනතාව අතර පිළුණුවී ගිය දේශපාලන මුහුණු වෙනුවට නව මුහුණු දැකීමට ඔවුන් කැමැතිය. පසෙකට වී දේශපාලනය විවේචනය කරමින් සිටින කාලය නිමාකොට බුද්ධිමත් තරුණ දේශපාලඥයන්ගේ ආගමනය අවැසි කාලය එළඹ ඇත. ජනතාව අපේක්ෂා කරන සැබෑ වෙනස එය වනු නොඅනුමානය.

රටේ වත්මන් තත්ත්වය හා ඉදිරි දැක්ම පිළිබඳව.” අලුත් පියාපත් “ තරුණ සංසදය විසින් සංවිධානය කළ විද්වත් සම්මන්ත්‍රණයක් නීතීඥ ශානිකා ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පැවැත්විණි. එරංග වීරසේකර, චතුර දිසානායක , ශක්ති වීරසිංහ,සහ නිර්මාණ වීරසිංහ ඇතුළු වෘත්තිකයන් රැසක් සහභාගී වූ මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ජා කෙරුණු කරුණු ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

සටහන
නිශාන් මෙන්ඩිස්

 

‘කපුටා සහ කේජු’

$
0
0
දෙසැ 11, 2018 01:00

ප්‍රවීණ චිත්‍ර­පට අධ්‍යක්ෂ හා වේදිකා නාට්‍ය රංගන ශිල්පී කීර්ති බණ්ඩා­ර­යන්ගේ නව­තම වේදිකා නාට්‍ය වන ‘කපුටා සහ කේජු’ නාට්‍යයේ මුහු­රත් උළෙල පසු­ගි­යදා කිරි­බ­ත්ගොඩ තරුණ බෞද්ධ සංගම් ශාලා­වේදී පැවැ­ත්විණ.

මෙහි රංගන දාය­ක­ත්ව­යෙන් රොහානී වීර‍සිංහ, මිලින්ද පෙරේරා, දයා­නන්ද හේවගේ, ජය­ති­ලක හේරත්, චාන්දනී මල්ලිකා, නෙළුම් වන්නි­ආ­රච්චි, ඉෂාරා මධු­ෂානි, මංගලා සෙනෙ­වි­රත්න, චින්තක පති­රණ, ධනුෂ්ක අබේ­කෝන්, ජය­නාත් චාමිනී, තිලංකා කුමාරි, සඳළි වීර­සිංහ, නීතිඥ පංචාල පති­රගේ, හිරුණි ලිය­නගේ යන ශිල්පීන් දාය­ක­ත්වය දක්වති.

වේදිකා පරි­පා­ල­නය තිල­ක­රත්න ලිය­නගේ, ඩී. එම්. සී. දිසා­නා­යක වන අතර මෙහි සංගී­තය රංජිත් නව­රත්න විසිනි. පිට­පත, අධ්‍ය­ක්ෂ­ණය, නිෂ්පා­ද­නය දේශ­බන්ධු කීර්ති බණ්ඩා­ර­යන්ය.

සම නිෂ්පා­ද­නය ඩබ්. එම්. ඩබ්. කරු­ණා­රත්න විසිනි.

 

සටහන සහ ඡායා­රූපය ලය­නල් පී. පෙරේරා


“සිංහ­බාහු”

$
0
0
දෙසැ 11, 2018 01:00

හා­චාර්ය එදි­රි­වීර සර­ච්ච­න්ද්‍ර­යන්ගේ “සිංහ­බාහු” වේදිකා නාට්‍යය දෙසැ­ම්බර් මස 16 වන දා සවස 3.30ට සහ 7.00ට ලය­නල් වෙන්ඩ්ට් රඟ­හ­ලේදී වේදි­කා­ගත වීමට නිය­මිත ය.

“මනමේ”

$
0
0
දෙසැ 11, 2018 01:00

හා­චාර්ය එදි­රි­වීර සර­ච්ච­න්ද්‍ර­යන්ගේ විශි­ෂ්ට­තම නාට්‍ය නිර්මා­ණ­යක් වන "මනමේ” වේදිකා නාට්‍යය දෙසැ­ම්බර් මස 15 වන දින සවස 3.30ට සහ 7.00ට ලය­නල් වෙන්ඩ්ට් හිදී රඟ දැක්වේ.

සනත් විම­ල­සිරි, නාමල් වීර­බාහු, ජානක මුණ­සිංහ, රජිත හේවා­ත­න්ත්‍රිගේ, කසුන් ජය­කොඩි, තරංගා කුමාරි, ලක්ෂානි අම­ර­තුංග, ගංගා පර­ණ­වි­තාන, හිරාන් නිශා ඩී. කොස්තා, චමින්ද මිරි­හා­ගල්ල, උප­මාලි රණ­තුංග ඇතුළු ශිල්පී ශිල්පි­නි­යන් මේ සඳහා රංගන දාය­ක­ත්වය ලබා දේ.

“මනමේ”

$
0
0
දෙසැ 11, 2018 01:00

හා­චාර්ය එදි­රි­වීර සර­ච්ච­න්ද්‍ර­යන්ගේ විශි­ෂ්ට­තම නාට්‍ය නිර්මා­ණ­යක් වන "මනමේ” වේදිකා නාට්‍යය දෙසැ­ම්බර් මස 15 වන දින සවස 3.30ට සහ 7.00ට ලය­නල් වෙන්ඩ්ට් හිදී රඟ දැක්වේ.

සනත් විම­ල­සිරි, නාමල් වීර­බාහු, ජානක මුණ­සිංහ, රජිත හේවා­ත­න්ත්‍රිගේ, කසුන් ජය­කොඩි, තරංගා කුමාරි, ලක්ෂානි අම­ර­තුංග, ගංගා පර­ණ­වි­තාන, හිරාන් නිශා ඩී. කොස්තා, චමින්ද මිරි­හා­ගල්ල, උප­මාලි රණ­තුංග ඇතුළු ශිල්පී ශිල්පි­නි­යන් මේ සඳහා රංගන දාය­ක­ත්වය ලබා දේ.

“සුදු සහ කලු”

$
0
0
දෙසැ 11, 2018 01:00

යි­මන් නව­ග­ත්තේ­ගම ලියූ “සුදු සහ කලු” ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ නාට්‍ය නිර්මා­ණ­යක් ලෙසින් දෙසැ­ම්බර් මස 14 වන දා සවස 7.00ට ලය­නල් වෙන්ඩ්ට් හිදී රඟ­දැක්වේ.

“මනමේ”

$
0
0
දෙසැ 11, 2018 01:00

හා­චාර්ය එදි­රි­වීර සර­ච්ච­න්ද්‍ර­යන්ගේ විශි­ෂ්ට­තම නාට්‍ය නිර්මා­ණ­යක් වන "මනමේ” වේදිකා නාට්‍යය දෙසැ­ම්බර් මස 15 වන දින සවස 3.30ට සහ 7.00ට ලය­නල් වෙන්ඩ්ට් හිදී රඟ දැක්වේ.

සනත් විම­ල­සිරි, නාමල් වීර­බාහු, ජානක මුණ­සිංහ, රජිත හේවා­ත­න්ත්‍රිගේ, කසුන් ජය­කොඩි, තරංගා කුමාරි, ලක්ෂානි අම­ර­තුංග, ගංගා පර­ණ­වි­තාන, හිරාන් නිශා ඩී. කොස්තා, චමින්ද මිරි­හා­ගල්ල, උප­මාලි රණ­තුංග ඇතුළු ශිල්පී ශිල්පි­නි­යන් මේ සඳහා රංගන දාය­ක­ත්වය ලබා දේ.

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>