Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ඕනෑම ආපදාවකට හමුදාව සූදානම්

$
0
0
ජන 31, 2020 01:00

ආපදා අවස්ථාවකදී අදාළ ස්ථානයට ඉක්මනින් ළඟා වීමත් අවම පහසුකම් මධ්‍යයේ සිදු කරනු මෙහෙයුම්වලදී තමන්ගේ ජීවිතය ද රැකගෙන අන් අයගේත් ජීවිත බේරා ගැනීම ඉතා අවදානම් කටයුත්තකි.මෙතෙක් කල් යුද හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් නියෝජනය කරන භටයින් මෙම කාර්ය සිදු කරනු ලැබුවේ හමුදා පුහුණුව ඔස්සේ ලද ජවයෙනි

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කර රටට සාමය ගෙන ඒම පිණිස කළ මානුෂික මෙහෙයුම් අතර දහස් ගණනක් රණවිරුවන් ජීවිත පූජා කළේ සාමාන්‍ය ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පසුබිම රට තුළ සකස් කිරීමටය.සටනේ උච්ඡතම අවස්ථාවේ කොටි ග්‍රහණයේ සිටි සාමන්‍ය දෙමළ ජනතාව බේරා ගැනීම පිණිස ඔවුන් කටයුතු කළේ හමුදා නිල ඇඳුම දරා සිටින පුද්ගලයා තුළ ඇති මිනිසත්කම ලොවට ප්‍රදර්ශනය කරමිනි.

දිවි දෙවැනි කොට සිවිල් වැසියනගේ ජීවිත ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා ක්‍රියාත්මක වන්නේ යුදමය අවස්ථාකදී පමණක්ම නොවේ. හදිසි ආපදා තත්ත්වයන්හිදීත් ඔවුන් එම කාර්යය එලෙසින්ම ඉටු කරන බව පෙන්වා දෙන්නට සාක්ෂි ඕනෑ තරම් තිබේ. සුනාමි අවස්ථාවේ අපි එය හොඳින් දුටුවෙමු. සාමසාර කන්ද නාය ගිය අවස්ථාවේ විපතට පත්වූවන් බේරා ගැනීමටත් පොළවේ වැළලී අතුරුදන්ව සිටි අයගේ සිරුරු සොයා ගැනීමටත් කටයුතු කළෝද රණවිරුවෝය. ගංවතුර ආපදා තත්ත්වයන්වලදී ජීවිත බේරා ගැනීමේ ක්‍රියාවලියේදී පෙරමුණ ගන්නේද මොවුන්මය.එකම පවුලේ සිව් දෙනෙකුට මරු කැඳවූ වලපනේ නාය යෑම ආසන්නතම ආපදා ඛේදවාචකය වන අතර එහිදී අඩි 30 ක් පමණ පොළවට යටව තිබූ මළ සිරුරු සොයා ගැනීමට දිවි නොතකා කටයුතු කළෝද රණවිරුවෝය.මේ අන්දමින් මෙරට කොතන ආපදාවක් සිදු වුවද එම ස්ථානයට ගොස් අනතුරට පත්වූවන් බේරා ගැනීමේත් අවතැන් වූවන් කඳවුරු කරා යොමුකර සහන සේවා ක්‍රියාත්මක කිරීමේදීත් පෙරමුණ ගන්නේ ත්‍රිවිධ හමුදාවය. 

ගොඩබිම ආශ්‍රිතව ආපදා තත්ත්වයන් බහුලව සිදුවන නිසා එහිදී වඩා වැඩි කාර්යභාරයක් සිදු කරනු ලබන්නේ යුද හමුදාවය.

ආපදා අවස්ථාවකදී අදාළ ස්ථානයට ඉක්මනින් ළඟා වීමත් අවම පහසුකම් මධ්‍යයේ සිදු කරනු මෙහෙයුම්වලදී තමන්ගේ ජීවිතය ද රැකගෙන අන් අයගේත් ජීවිත බේරා ගැනීම ඉතා අවදානම් කටයුත්තකි.මෙතෙක් කල් යුද හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් නියෝජනය කරන භටයින් මෙම කාර්ය සිදු කරනු ලැබුවේ හමුදා පුහුණුව ඔස්සේ ලද ජවයෙනි.මෙම තත්ත්වය වෙනස් කර හමුදා සාමාජිකයින්ට ආපදා අවස්ථාවක ක්‍රියාත්මක වීමේදී අනුගමනය කළ යුතු විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පිළිබඳ මනා අවබෝධයක් සහ ලබාදීමත් ඒ සම්බන්ධ මනා පුහුණුවක් ලබා දීමත් අරමුණු කර ගනිමින් ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය නමින් ඒකකයක් ඇති කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබේ. ගම්පොළ අටබාගේ ස්ථාපිත කර තිබෙන මෙය ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණු මධ්‍යස්ථාන අතරට අලුතින්ම එකතු වූවකි.

අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ මුලින් ආරම්භ කළ මෙය ආපදා කළමනාකරණ විෂයට අදාළ පුහුණු කටයුතුවලට සුදුසු පුහුණු ප්‍රදේශයක් වීම නිසා එය මධ්‍යම කඳුකරයට රැගෙන ඒමට තීරණය කර ඇත. ජලාශ්‍ර ආශ්‍රිත පුහුණු වීම්වලටත් නාය යෑමේ අවදානමක් ඇති ස්ථාන හා අධික බැවූම් සහිත ප්‍රදේශ බහුල වීමත් නිසා කොත්මලේ ජලාශය ආසන්නයේ අටබාගේ ප්‍රදේශයේ මෙය ස්ථාපිත කර තිබෙන්නේ පසුගිය පෙබරවාරි මස 02 දිනය. එළඹෙන පෙබරවාරි මස 02 දිනට වසරක් සපුරන යුද හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයෙන් මේවන විට දහසක පමණ පිරිසක් පුහුණුව ලැබ පිටව ගොස් තිබේ.

‘‘ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළා.ඉන් නොනැවතී රටේ ඇතිවන නොයෙකුත් ආපදා තත්ත්වයන්වලදී යුද හමුදාව සහ අනිකුත් සහෝදර හමුදාවන් ක්ෂණිකව ක්‍රියාත්මක වී පීඩාවට පත් ජනතාව මුදා ගැනීම,තුවාලකරුවන් රෝහල්ගත කිරීම,මළ සිරුරු සෙවීම වගේ කටයුතු කරනවා.මෙහිදී යුද හමුදාවට පැවරෙන වගකීම වැඩියි. ශ්‍රී ලංකා යුද හමුදාව සතුව පුහුණු මධ්‍යස්ථාන ගණනාවක් තිබෙනවා.ඒවාහි මූලිකත්වය ලබාදී පුහුණු වීම් කරනු ලබන්නේ යුද ක්ෂේත්‍රයට අදාළවයි. පසුගිය දශක කිහිපය තුළ නොයෙකුත් ආපදා තත්ත්වයන් රටේ ඇති වෙනවා අපි දැක්කා. සුනාමිය ඇති වූ අවස්ථාවේ තමයි වැඩිම ජීවිත ගණනක් අපට අහිමි වුණේ. එහිදී දහස් ගණනක් මිය ගියා. දේපොළ විනාශ වුණා. යුද හමුදාව එම අවස්ථාවේ කළ කැපවීම මේ රටේ ජනතාව දැක්කා. ඒ වගේමයි ගංවතුර, නාය යෑම් වගේ අවස්ථාවලදී අප කරන වැඩ කොටස. මේ පුහුණු පාසල යුද හමුදාපතිවරයාගේ අණ හා නියමය පරිදි ස්ථාපිත කෙරුණේ ජාතික අවශ්‍යතාවක් ඉෂ්ඨ කිරීම සඳහායි. නාය ගිය ස්ථානය වැළලී ගිය පිරිස් සෙවීමේ මෙහෙයුම් කරන අතරතුර යළි එම ස්ථානයේ නාය යන්න පුළුවන්. මේ වගේ වෙලාවක ආපදාවට පත්ව සිටින අය බේරා ගන්න යන අයත් ආපදාවට ලක්වෙන්න පුළුවන්.මේක පුළුල් විෂයක්. මෙතෙක් කල් හදිසි ආපදා තත්ත්වවලදී යුද හමුදාව ක්‍රියාත්මක වුණේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පිරිසක් සමඟයි. අපට අවශ්‍ය එම තත්ත්වය වෙනස් කර ආපදා අවස්ථාවකදී නියමාකාරව ක්‍රියාත්මක වීමට සුදුසු විද්‍යාත්මක මෙන්ම තාක්ෂණික දැනුමද ඇති පිරිසක් යුද හමුදාව තුළින් බිහි කිරීමයි. බල ඇණියක් හෝ දෙකක් පුහුණු කිරීමෙන් පසු අපට ඔවුන්ව මුළු දිවයිනම ආවරණය වන ලෙස ඇති හමුදා කඳවුරුවලට අනුයුක්ත කළ හැකියි. ලංකාවේ කොහේ ආපදා තත්ත්වයක් ඇති වුණත් පුහුණුව ඇති පිරිසක් එම ස්ථානයට යොමු කිරීම තමයි යුද හමුදාපතිවරයාගේ ඉලක්කය...’’ යුද හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක කර්නල් සුසන්ත අමරකෝන් මහතා පවසයි.

ගං වතුර, නාය යාම් වැනි නිතර සිදුවන ආපදා තත්ත්වයන් සම්බන්ධව මෙන්ම විෂ රසායනික කාන්දුවීම්, උස් ගොඩනැගිලි කඩා වැටීම්, උමං මාර්ගවල සිරවූවන් මුදා ගැනීම ඇතුළු හදිසි ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි සියලු ක්ෂේත්‍ර මෙහි පාඨමාලා මගින් ආවරණය කෙරෙයි. මෙයට අමතරව සිවිල් නීතිය, ජීවිත ආරක්ෂක පුහුණුව, ගිනි නිවීම, ප්‍රථමාධාර, ආපදා අවදානම් තක්සේරු කිරීම, ගංවතුර ව්‍යසන කළමනාකරණය කිරීම ඇතුළු ක්ෂේත්‍ර 16 ක් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලාවට අයත්ය.

‘‘කෙටි කාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක අපට තිබෙනවා. මෙම වසර අවසන් වනවිට ආපදා ක්ෂේත්‍රය සම්බන්ධව විශේෂ දැනුමක් ඇති බලසේනා එකක් හෝ දෙකක් පුහුණු කිරීම අපේ කෙටි කාලීන ඉලක්කයක්. මෙරට ඇති අනෙකුත් ආයතනවලටත් මෙහි පුහුණුව ලැබීමේ අවස්ථාව ලබා දීම අපේ තවත් අරමුණක්. කලාපීය හා ජත්‍යන්තර මට්ටමින් පුහුණු පාඨමාලා මෙහි පැවැත්වීම දක්වා මෙය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවක් තිබෙනවා. මේ පාඨමාලා පැවැත් වීමට සුදුසුම ප්‍රදේශයක් අපට ලැබී තිබෙනවා. කොත්මලේ ජලාශය ආශ්‍රිතව පුහුණු වීම් කරන්න අපට මහවැලි අධිකාරිය අවසර ලබාදී තිබෙනවා. ජාතික කටයුත්තක් ලෙස සලකා ඔවුන් යුද හමුදාවට මේ අවස්ථාව ලබාදීම ගැන අප ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

ජීවිත ආරක්ෂක පාඨමාලාවට මූලික පිහිනුම් ක්‍රම, දිය අනතුරු, දියෙහි අනතුරට පත් පුද්ගලයකු බේරා ගැනීම ඇතුළු අංශ ගණනාවක් ආවරණය කෙරෙයි. එම පුහුණු අංශ උපදේශක මේජර් අයි.ඩී.එස් ධර්මරත්න මහතා අප එහි යන විටත් පුහුණු කිරීමේ කටයුතුවල නිරතව සිටියේය. කොත්මලේ ජලාශයේදී අනතුරට පත් බෝට්ටුවක සිටි අයකු දියේ ගිලෙන්නට යද්දී ඔහු බේරා ගොඩට රැගෙන විත් ප්‍රථමාධාර ලබාදී රෝහල්ගත කිරීම දක්වා සියල්ල සජීවි ලෙස නිරූපණය කරමින් පුහුණුව ක්‍රියාත්මක විය. ‘‘අපි වසරකට කනිෂ්ඨ ජීවිත ආරක්ෂක පාඨමාලා 05ක් සහ උසස් ජීවිත ආරක්ෂක පාඨමාලා දෙකක් පවත්වනවා. කනිෂ්ඨ පාඨමාලාව හොඳින් සමත් වන අය තමයි උසස් පාඨමාලාවට තෝරා ගන්නේ. කනිෂ්ඨ පාඨමාලා කාලය දින 21 පුරා ක්‍රියාත්මක කරනවා. උසස් පාඨමාලාවේ කාලය දින 12 යි. මහවැලි ගංඟා ජලයේත් ගල්කිස්සේ හා තිරියායේදී මුහුදු ජලයේත් පුහුණුව ලබා දෙනවා. යුද්ධය අවස්ථාවේ මේ රටේ ජනතාව යුද හමුදාව ගැන විශාල විශ්වාසයක් තැබුවා. ඒ විශ්වාසය අපි වගේම සහෝදර හමුදාවන් විසින් තහවුරු කළා. ආපදා අවස්ථාකදීත් ජනතාව යුද හමුදාව ඒකට මැදිහත් වෙනතුරු බලා සිටිනවා. ඒ හමුදාව ගැන තියෙන විශ්වාසය නිසයි. ඒ විශ්වාසය වඩා හොඳින් තහවුරු කරන්න නම් අපි එම ආපදා ක්ෂේත්‍රය ගැනත් පුළුල් අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුමයි. ඒ අවබෝධය හමුදා සාමාජිකයින්ට ලබාදීම තමයි මෙහිදී සිදු වන්නේ.’’ මේජර් අයි.ඩී.එස් ධර්මරත්න මහතා පවසයි.

ආපදා ප්‍රතික්‍රියා පාඨමාලාව භාර ප්‍රධාන උපදේශක මේජර් මේනක ගුණරත්න මහතා. ‘‘සියලුම ආකාරයේ ආපදා තත්ත්වයන්වලදී විපතට පත්වූවන් මුදා ගැනීම සම්බන්ධ ක්‍රම පිළිබඳව අපි ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා. ආපදාවක් ඇතිවූ ස්ථානයක සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම ඉතා බැරෑරුම් කාර්යයක්. අදාළ ස්ථානයට ළඟා වීමේ අපහසුව, පවතින සීමිත ඉඩකඩ වගේ කරුණු මේකට බලපානවා. විපතට පත්ව සිටින ඕනෑම කෙනෙක් තමන් ළඟට පැමිණෙන කෙනාව තදින් අල්ලා ගන්නවා. සමහර විට ඒ පිළිබඳ අවබෝධයක් නොමැතිව ගියොත් දෙදෙනාම අනතුරට ලක් වෙන්න පුළුවන්. තවත් අය ඉන්නවා සිහිසුන්ව හෝ අස්ථි බිඳීම්වලට ලක්වෙලා. එවැනි කෙනකු කොහොමද අපි බේරා ගන්නේ. රෝගියකු ඔසවන නිවැරදි තාක්ෂණික කරුණු නොදැන හිටියොත් ඔහුගේ ශරීර අවයවවලට සිදුවිය හැකි හානි ඉහළ යා හැකියි. ගොඩනැගිලි කඩා වැටුණු ස්ථානවලට යන්න වෙන්නේ යකඩ හා කොන්ක්‍රීට් කපාගෙන වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක උපකරණ භාවිතය ගැනත් අවබෝධයකින් සිටීම වැදගත්. ඒ පුහුණුවත් අපි මෙහිදී ලබා දෙනවා.’’

ස්වභාවික ආපදා සිදුවීමේ ප්‍රවණතාව ලොව පුරා ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. මෑතක ඔස්ට්‍රේලියාවේ සිදුවූ ලැව් ගින්නත් ඇමේසන් වනයේ ඇතිවූ ගින්නත් ඊට උදාහරණ. ලැව් ගිනි, භූමි කම්පා, ගිනි කඳු පිපිරීම් නොමැති වුවත් මෙරට තුළද නාය යෑම්, ගං වතුර වැනි ත්ත්ත්වයන් දැන් දැන් නිතර අසන්නට දකින්නට ලැබෙයි. අනවශ්‍ය මිනිස් ක්‍රියාකාරකම් මේ ආපදා තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වී තිබේ. මිනිසා විසින්ම සිදු කරනු ලබන ව්‍යසන නිසා කුපිත වන ස්වභාව ධර්මය පෙරළා ඔවුන්ට පහර දෙන්නේ මේ ආකාර ආපදා ඇති කරමිනි. ඒවායින් පීඩාවට පත්වන ජනතාව මුදා ගැනීම සඳහා ඉදිරියේදී යුද හමුදාවට විශාල කාර්යයක් පැවරෙනු ඇත. ඒ මිනිසා විසින් පරිසරයට සිදු කරනු ලබන අකටයුතුකම් දිනෙන් දින වැඩි වෙමින් තිබෙන නිසාය.

අසේල කුරුළුවංශ


යුරෝපය හඬවා බ්‍රිතාන්‍යය වෙන්වේ

$
0
0
පෙබ 1, 2020 01:00
ධම්මික සෙනෙවිරත්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සාමාජිකත්වය හැර ගියද තවත් මාස කිහිපයක් ගතවන තුරු බ්‍රිතාන්‍යයට සංක්‍රාන්තික අවධියක් ගත කිරීමට සිදුවේ. මේ කාලය තුළ ඔවුන්ට සාමාජික මුදල් ද ගෙවිය යුතුය. දෙපාර්ශ්වයම එක්ව තමන් පවත්වාගත යුතු අනාගත සබඳතාව කෙබඳු දැයි මේ කාලයේදී තීරණය කිරීමට නියමිතය.

“යුරෝපයේ විමුක්තිය වෙනුවෙන් දෙවරක් රුධිරය හැළූ රාජ්‍යයක් සමුගැනීම වේදනාවකි.” බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී එම ප්‍රකාශය කළේ බ්‍රෙක්සිට් ප්‍රකාශක ගයි වර්හොෆ්ස්ටැඩ්ට් ය.

හැඟුම්බර විවාදයකින් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය තීරණය අනුමත කරමින් ඡන්ද 621 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 49 ක් පමණි.

යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසොලි කියා සිටියේ, ‘‘යුරෝපා සංගමය හැර ගියද බ්‍රිතාන්‍ය හැමදාමත් යුරෝපයේ කොටසක් ලෙස පවතිනු ඇත’’ යනුවෙනි. බෙදා වෙන්කර තැබීමට වඩා ළංව එක්කර තැබීමට කාරණා දෙපාර්ශ්වය අතර වැඩි බව ඔහුගේ අදහස විය.

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලෙයන් බ්‍රිතාන්‍යයේ ඉවත්වයාම සඳහා අපරානුමතිය ලබාදීම, සංගමය හා බ්‍රිතාන්‍ය අතර නව සහයෝගිතාවක පළමු පියවර පමණක් බවය. “අප දුරස් නොවනු ඇත...” යනුවෙන්ද ඇය පැවසුවේ හැඟුම්බරවය. විවාදය අතරතුර ගීත ද ඇසුණු අතර ඇතැම් දෙනා ‘සැමවිටම එක්සත්ව!’ යනුවෙන් සඳහන් ස්කාෆ් පැළැඳ සිටිනු දැකිය හැකිවිය. ඇතැම් මන්ත්‍රීවරු සිය කතා අවසන් කළේ හැඬූ කඳුළිනි.

නොනගත කාලය

වසර කිහිපයක් ගත වූ ක්‍රියාදාමයක තීරණාත්මක අවසානයක් සටහන් කරමින් බ්‍රිතාන්‍ය ඊයේ, එනම් ජනවාරි 31 වැනිදා සිට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් (EU) ඉවත් විය. බ්‍රෙක්සිට් (Brexit) යනුවෙන් ප්‍රචලිත වූ එම ක්‍රියාදාමය අතරතුර අගමැතිවරු දෙදෙනකුටම ගෙදර යාමට සිදුවිය. 2016 වසරේදී පැවැති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ බහුතර ඡන්දයකින් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතු බව කියා සිටීමත් සමඟ, අගමැති ඩේවිඩ් කැමරන් ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා පත්වූයේ තෙරේසා මේය. බ්‍රෙක්සිට් ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම ඇය වෙත පැවැරිණි. කෙසේ වුවද එය සම්පූර්ණ කිරීමට අගමැතිනි තෙරේසා මේ ට ද නොහැකිවන පසුබිමක, ඇය ද ඉවත්වූවාය. එතැන් සිට එම වගකීම පැවරුණේ බොරිස් ජොන්සන්ටය. ඔහු එම තීරණයට අත්සන් තබමින් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සටහන් වූයේ ජනවාරි 31 වැනිදා බ්‍රිතාන්‍යයන්ට ඓතිහාසික දිනයක් වනු ඇති බවය. ඒ සමඟ ග්‍රිනිච් වේලාවෙන් ඊ‍යේ රාත්‍රී 11.00 සිට බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස නොසැලකේ. 2016 ජුනි මස පැවැති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ මිලියන 17.4 ක් යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව පැවසූහ. ප්‍රතිශතයක් ලෙස එම පිරිස සියයට 52 කි. තවදුරටත් එහි රැඳී සිටිය යුතු යැයි කීවේ සියයට 48 කි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සාමාජිකත්වය හැර ගියද තවත් මාස කිහිපයක් ගතවන තුරු බ්‍රිතාන්‍යයට සංක්‍රාන්තික අවධියක් ගත කිරීමට සිදුවේ. මේ කාලය තුළ ඔවුන්ට සාමාජික මුදල් ද ගෙවිය යුතුය. දෙපාර්ශ්වයම එක්ව තමන් පවත්වාගත යුතු අනාගත සබඳතාව කෙබඳු දැයි මේ කාලයේදී තීරණය කිරීමට නියමිතය. එම කාලසීමාව 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ. එතෙක් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ නීති පිළිපැදීමටද බැඳී සිටී. මෙම මාස 11ක කාලසීමාව තුළ දෙපාර්ශ්වය එක්ව නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට එළැඹේ. මෙතැන් සිට බ්‍රිතාන්‍ය තනි වෙළෙඳ පොළක් බවට පත්වන අතර යුරෝපා සංගමයට අයත් රටවලට භාණ්ඩ අපනයනයේදී ඒවා පරීක්ෂාවකින් හා අමතර ගාස්තුවකින් තොරව යැවීමට හැකිවන්නේ එවිටය.

නීති ක්‍රියාත්මක කිරීම, දත්ත බෙදාගැනීම හා ආරක්ෂාව, ගුවන් සේවා ප්‍රමිතීන් හා ආරක්ෂාව, ධීවර කටයුතු සඳහා පහසුකම්, විදුලිය හා ගෑස් සැපයීම, ඖෂධ නිෂ්පාදනය හා බලපත්‍ර නිකුත් කිරීම වැනි තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ එකඟතාවන්ට එළැඹීමද ඉදිරි මාස කිහිපය තුළ සිදුවේ. අගමැති බොරිස් ජොන්සන් කියා සිටින්නේ මේ කාල සීමාව තවදුරටත් දීර්ඝ නොකරන බවය.

කල්ගිය තීරණය

යුරෝපා කොමිෂමේ මතය වන්නේ කාලසටහනට කටයුතු කිරීම අතිශයින් අභියෝගාත්මක බවය. උතුරු අයර්ලන්තය හා බ්‍රිතාන්‍ය අතර භාණ්ඩ හුවමාරුව වැනි අතුරු කාරණා ගැන ද නව තත්ත්වය යටතේ අවධානය යොමු කිරීමට සිදුවේ.

බ්‍රෙක්සිට් තීරණය ක්‍රියාත්මක විය යුතුව තිබුණේ 2019 මාර්තු 29 වැනිදා පටන්ය. එහෙත් එය දෙවතාවකදීම කල් තැබීමට සිදුවිණි. ඒ, එවක අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ යෝජනා, මන්ත්‍රිවරුන් විසින් එම දෙවතාවේදීම ප්‍රතික්ෂේප කළ බැවිනි. තුන්වැනි වරටද එය ප්‍රතික්ෂේප වූ තැන අගමැතිනිය ඉල්ලා අස්වූවාය.

යුරෝපා සංගමය යනු යුරෝපියානු රටවල් 28 ක සාමාජිකත්වයෙන් සැදුම්ලත් එකතුවකි. අද පටන් එම සාමාජිකත්වය 27බවට පත්වේ. එය ආර්ථිකමය හා දේශපාලනික කාරණා මත ඇතිකරගත් සංගමයකි. සාමාජික රටවල් අතර නිදහස් වෙළෙඳාම පිළිගන්නා බැවින් ඒ ඒ රටවල භාණ්ඩවලට පරීක්ෂා කිරීම්වලින් හා අමතර ගාස්තුවලින් තොරව වෙළෙඳ පොළ අතර සංසරණය වීමට හැකිවේ. සාමාජික රටවල ජනතාවගේ නිදහස් සංචරණයට ද ඉඩ සැළැසී තිබේ. තමන්ට අභිමත ඕනෑම රටක ජීවත් වීමට මෙන් ම රැකියාවක යෙදීමට ද එම රටවැසියන්ට හැකියාව ඇත.

අනාගත තත්ත්වය

යුරෝපා සංගමයට බ්‍රිතාන්‍ය එක්වූයේ 1973 දීය. එවක එය හැඳින්වුණේ යුරෝපා ආර්ථික ප්‍රජාව (EEU) යනුවෙනි. සංගමය හැරගිය පළමු සාමාජිකයා ලෙස ඉතිහාසයට එක්වන්නේද බ්‍රිතාන්‍යයයි. සංගමයෙන් ඉවත්වීමත් සමඟ යුරෝපා පාර්ලිමේන්තුවේ බ්‍රිතාන්‍ය නියෝජිතයන්ට හිමිව තිබූ අසුන් 73 අහිමි වේ. මින් ඉදිරියට පැවැත්වෙන යුරෝපා සංගම් සමුළු සඳහා බ්‍රිතාන්‍ය සහභාගිවීමක්ද සිදු නොවේ. යම් හෙයකින් ඊට සහභාගි විය යුතු නම් අගමැතිවරයාට විශේෂ ඇරියුමක් ලැබිය යුතුය. වරින්වර පැවැත්වෙන රැස්වීම් හා සාකච්ඡා සඳහා ද බ්‍රිතාන්‍ය නියෝජනයක් නොතිබෙනු ඇත. කෙසේ වුවද සංක්‍රාන්ති කාල සීමාව නිමා වන තුරු නීති කෘත්‍ය පිළිබඳ අවසන් බලාධිකාරය ඇත්තේ යුරෝපා අධිකරණය සතුව ය.

යුරෝපා සංගමයේ රැඳී සිටින සෙසු රටවල් සමඟ වෙළෙඳාමේ යෙදීමේදී නව නීති රෙගුලාසි යටතේ කටයුතු කිරීමටද දෙපාර්ශ්වයට සිදුවේ. 

ජර්මනියේ මතය

මින් ඉදිරියට බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයේ වර්ණයද වෙනස් වේ. කලින් එය නිල් පැහැ කවරයකින් යුතු වූ අතර, යුරෝපා සංගම් සාමාජිකයකු ලෙස 1988 සිට එය මෙරූන් පැහැ කවරයකින් යුතුවිය. දැන් නැවතත් භාවිතයට එනු ඇත‍්තේ නිල්පැහැ කවරයයි. නිල්පැහැ පසුබිමේ රන්පැහැ අකුරින් මුද්‍රිත විදෙස් ගමන් බලපත් කවර භාවිතය ඇරැඹුණේ 1921 පටන්ය.

බ්‍රිතාන්‍යයේ ඊයේ නව සමරු කාසියක් ද නිකුත් කෙරිණි. ‘සියලු ජාතීන් සමඟ සාමය, සමෘද්ධිය හා මිත්‍රත්වය, යනුවෙන් එහි එක් පසෙක සටහන්ව තිබේ. ඇතැම්හු මේ කාසිය ගැන විරෝධය ද පළ කළහ.

මෙතැන් සිට බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව වසා දැමීම ද සිදුවේ. ඩවුනින් වීදියේ සිට ක්‍රියාත්මක වූ එය බ්‍රෙක්සිට් ක්‍රියාදාමය මෙහෙයවීම යුරෝපා සංගමය සමඟ සාකච්ඡා ආදී සියලු කටයුතු ඉටු කළේය. දැන් ඔවුන්ගේ මෙහෙවර සම්පූර්ණය.

ජර්මනිය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ මින් ඉදිරියට තම පුරවැසියන් බ්‍රිතාන්‍යයට උදර්පනය නොකරන බවය. එබැවින්, යම් අපරාධයක් සඳහා අවශ්‍ය පුද්ගලයකු ජර්මනියේ සිටියහොත් ඔහු ගෙන්වා ගැනීමේ බලයක් බ්‍රිතාන්‍යයට නොලැබේ. සෙසු සාමාජික රටවල් කවර පියවරක් ගනු ඇති දැයි තවමත් පැහැදිළි නැත.

වෙනස්කම් සිදුවන අතර නොවෙනස්ව පවතින දෑ කිහිපයක් ද තිබේ. ගුවන් සේවා, බෝට්ටු සේවා හා දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත. යුරෝපයෙන් පැමිණෙන මගීන් සඳහා වෙන්කර ඇති පිවිසුම ඔස්සේ පැමිණීමට ගුවන් තොටුපොළ වලදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තවදුරටත් ඉඩ සැලසේ.

දැනට නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර හා සුරතල් සතුන් සඳහා වන ගමන් බලපත්‍රද එම වලංගු කාලසීමාව අවසන්වන තෙක් ඉදිරියට ද වලංගුය. යුරෝපා සංගම් සාමාජිකයන් සඳහා වූ යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත සංක්‍රාන්ති කාල සීමාව තුළදී ද භාවිත කිරීමට බ්‍රිතාන්‍ය වැසියන්ට අවස්ථාව තිබේ.

ඕනෑම සාමාජික රටක ජීවත්වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතියද ඉදිරි මාස 11 සඳහා ද බ්‍රිතාන්‍යන්ට හිමිවේ. සෙසු සාමාජික රටවලටද එලෙසම බ්‍රිතාන්‍යයේ එම අවස්ථා හිමිවේ. එවැනි රටවල ජීවත්වන බ්‍රිතාන්‍ය වැසියන්ට හිමි විශ්‍රාම වැටුප් ඉදිරියටත් හිමිවේ. වාර්ෂික වැඩිවීම්වලටද ඔවුන් හිමිකම් ලබයි.

බ්‍රිතාන්‍ය යනු යුරෝපා සංගමයේ සිටි ධනවත් හා බලවත් සාමාජිකයෙකි. එරට අහිමිවීම ප්‍රමාණාත්මකව දක්වන්නේ නම් අමෙරිකාවට ටෙක්සාස් ප්‍රාන්තය අහිමිවීම බඳුය. එබැවින් යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයට සමුදෙන්නේ සිතකින් නොවන බව පෙනෙන්නට තිබේ. ගුඩ් බායි කියන්නේ යළි නැවත හමුවන අපේක්ෂාවෙන් යැයි යුරෝපා පාර්ලිමේන්තුවේ ඇතැම් නියෝජිතයන් කියා ඇත්තේ එබැවිනි. යම් හෙයකින් බ්‍රිතාන්‍ය, බ්‍රෙක්සිට් කියා එළියට ගිය පරිදිම ප්‍රංශය, ඉතාලිය වැනි රටවල්ද ‘ෆ්‍රෙක්සිට්’, ‘ඉටැලික්ස්ට්’ කියමින් ඉන් නික්ම ගියහොත් යුරෝපා සංගමයේ අනාගතයට කුමක් වනු ඇති දැයි කිවහැක්කේ අනාගතයටමයි.

කේක් පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය

$
0
0
පෙබ 3, 2020 01:00
 
ප්‍රවීණ සුප­වේ­දීනී, කේක් නිර්මාණ ශිල්පිණී දුෂාන්ති මද­නා­යක 

 

 

උරුමයෙන් රැගෙන එන සූපවේදී කලාවත් උගත් දැනුමත් තුළින් සමාජයට දැනුම් සම්භාරයක් තිළිණ කරන ප්‍රවීණ සූපවේදිනී හෙලන් මදනායක මහත්මියගේ දියණිය වන දුෂාන්ති මදනායක විසිපස් වසරක් පුරා සූප ශාස්ත්‍ර කටයුතුවල නියැළෙන්නී ය.

ප්‍රවීණ සූපවේදීනී, කේක් නිර්මාණ ශිල්පිනී දුෂාන්ති මදනායක විසින් මෙහෙයවනු ලැබූ, කේක් නිර්මාණකරණය පිළිබඳ වැඩමුළුවක් සහ දුෂාන්ති මහත්මියගේ ‘academy of cake artistry‘ කේක් නිර්මාණ පාසලේ උපාධි ප්‍රදානෝත්සවය ද පසුගිය 19 වනදා බත්තරමුල්ල, ‘වෝටර්ස් එජ්‘ හි දී පැවැත්විණි. ඇමරිකානු එක්සත් ජනපදයේ ජනප්‍රිය කේක් සූපවේදී විකී ප්‍රෙචර්ගේ ප්‍රධාවත්වයෙන් පැවැති මේ අවස්ථාවට සහභාගී වූ සිසු සිසුවියන්ට, කේක් සෑදීම, අයිසිං සකස් කිරීම හා අයිසිං කිරීම සහ කේක් නිර්මාණය පිළිබඳ ඇති සියලුම ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා දී තිබුණි.

ඒ පිළිබඳ අප හා අදහස් දැක් වූ දුෂාන්ති මහත්මිය,

“මගේ පළමු කෑම වට්ටෝරු කෘතිය ‘Anyone can cook‘ එදා ජනගත කළා. කේක් වර්ග, කෑම වර්ග, අතුරුපස වර්ග, පැණි රස වර්ග, බීම වර්ග ආදී කෑම වට්ටෝරු 100ක් අන්තර්ගත කෙරුණු මේ කෘතිය (මිල රු.725) එම්. ඩී. ගුණසේන සමාග‍මේ ප්‍රකාශනයක්. නිවෙස්වල ඉන්න ගෘහණියන්ට, ස්වං ව්‍යාපාර කරන පුද්ගලයින්ට යන ඕනෑම කෙනෙකුට මේ කෘතිය ප්‍රයෝජනවත් වෙනවා. ලේසි පහසු විදිහට කෑම වට්ටෝරු හදන ආකාරය මම මේ කෘතියේ සඳහන් කරලා තියනවා“

"කාන්තාවක් කේක් නිර්මාණය විතරක් නෙමෙයි ඕනෑම ආහාර වට්ටෝරුවක් හොඳින් ඉගෙනගෙන හදන්න ඕන. ආහාර පීසීමේ කලාව වෘත්තීමය ලෙස කරන්න ඕන. හොඳ වගකීමක් තියන ස්ථානයකට ගිහින් ආහාර සකස් කිරීම ගැන ඉගෙන ගත්තොත් ඒක මුළු ජීවිත කාලයටම වටිනවා. අපි ආහාර වට්ටෝරු සැකසීමේ කලාව ජයගෙන ජාත්‍යන්තර මට්ටමට යන්න ඕන. ඒ ගැන අවබෝධ කරගෙන ආහාර පාන කලාවට සම්බන්ධ වුණොත් ‍හොඳ අනාගතයක් තියෙයි"

ප්‍රවීණ සහ දක්ෂ සූපවේදිනියක ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින දුෂාන්ති මහත්මියගේ ආහාර වට්ටෝරු පෙළක් ලබන සතියේ සිට ආලින්දය විශේෂාංගයේ මේ පිටුවේ පළවන ආහාර වට්ටෝරු ලිපි පෙළ ඔස්සේ ගෙන ඒමට අප කටයුතු යොදා ඇත්තෙමු.

 

සට­හන- 
මදාරා මුද­ලිගේ

පුළුන් බෝල අතු­ර­ණය

$
0
0
පෙබ 3, 2020 01:00

 

කෘතිම පුළුන් නැතිනම් ටෙඩි බෙයාර්ලා හදන්න ඇතුලේ පුරවන පැඩින්වලින් මග් පෑඩ් එකක් (අතුරණයක්) හදාගන්න ආකාරය තමයි මේ. උණු බඳුන් යටින් තබන්න සුදුසු මේ ආරක්ෂිත වූල් බෝල අතුරණය පහසුවෙන් හදාගන්න පුළුවන්. පාට පාට කෘතිම පුළුන් ටිකක් අරගෙන උණු ජලයේ පොඟවමින් වටකුරු වන තුරු අත්ලෙන් බෝල හදාගන්න. එකම ප්‍රමාණයට පුළුන් බෝල හදාගෙන එකිනෙක පැතිලි වෘත්තයක් නිර්මාණය වන ආකාරයට අළවා ගන්න. දැන් මේ අලංකාරවත් පුළුන් අතුරණය ඔබේ උණු බඳුන් යටින් බය නැතිව තබන්න පුළුවන්.

 

චින්තා රණසිංහ

නිවැරැදිව පල­ඳින්න මාස්ක්

$
0
0
පෙබ 3, 2020 01:00

 

 

මුහුණු ආවරණ හෙවත් මාස්ක් යනු රෝග පැතිරීම වැළැක්වීම සඳහා භාවිතා කරන එක් මෙවලමකි. ඒවා වෛද්‍යවරයෙකුගේ හෝ සෞඛ්‍ය නිලධාරියෙකුගේ අනුදැනුම මත විවිධ බෝවන රෝග පැතිර යන අවස්ථාවලදී භාවිතා කරනු ලබයි. විවිධ වෙළඳ නාමවලින් හා විවිධ වර්ණවලින් වෙළෙඳපොළෙහි දැක ගත හැකි මේවා, රටක FDA (Food and Drug Administration) මඟින් අනුමත කරන ලද විය යුතුය.

පැළඳිය යුත්තේ ඇයි?

මුහුණු ආවරණ විෂබීජ පැතිරීම සීමා කරයි. යමෙකු කතා කරන විට, කැස්ස හෝ කිවිසුම් යන විට එහි තිබෙන විෂබීජ වාතයට ඇතුළු වේ. යමකු අසනීප වුවහොත් වාතයට මුසුවන විෂබීජ ප්‍රමාණය මුහුණු ආවරණ භාවිතය මඟින් අඩු කර ගත හැකි අතර අනෙක් පුද්ගලයින්ට එම රෝගී තත්ත්වය ඇති වීම වළක්වා ගත හැකි ය.

මුහුණු ආවරණයක් පැළඳීමේ පිළිවෙළ

මුහුණු ආවරණය පැළදීමට පෙර පිරිසිදුකාරක ද්‍රව්‍යක් යොදා අත් හොඳින් සෝදා ගත යුතු ය. මුහුණු ආවරණයෙහි කිසියම් සිදුරක්තිබේ ද යන්න හොඳින් පරීක්ෂා කරන්න. මුහුණු ආවරණයේ වර්ණයක් සහිත පැත්ත එළියට සිටින ලෙසත් සුදු පැහැති පැත්ත ඇතුළට සිටින ලෙස හොඳින් පළදන්න. නිසි අන්දමට මුහුණු ආවරණය පැළදීමට නොහැකි නම් ඒවා පැළඳීමේ අරමුණු ඉටු නොවන අතර එය සම්පත් අපතේ යාමකි. ඒ සඳහා සෞඛ්‍ය පිළිබඳ දැනුවත් අයකුගේ උපදෙස් ලබා ගන්න.

ඉවත් කරන ආකාරය

මුහුණු ආවරණය ඉවත් කිරීමට පෙර පිරිසිදු කාරක ද්‍රව්‍යකින් දෑත් හොඳින් සෝදන්න. අනතුරුව, සෙමින් එම ආවරණය ඉවත් කර කුණු කූඩයකට දමන්න. නැති නම් පුළුස්සා දමන්න. කිසිඳු විටක එම මුහුණු ආවරණය තවත් කෙනකුට පරිහරණය කිරීමට හෝ ස්පර්ශ කිරීමට ඉඩ නොතබන්න. අවසානයේ දී නැවත වරක් පිරිසිදුකාරක ද්‍රව්‍යකින් අත් සෝදන්න. නැවතත් ඊළඟ දිනයේ අලුත් මුහුණු ආවරණයක් පළඳන්න.

පැළඳිය යුතු අවස්ථාව

මුහුණු ආවරණයක් පැළඳිය යුත්තේ බෝවන රෝග පැතිරී යාම වැළැක්වීම, අධික දුර්ගන්ධය දැනීම වළක්වා ගැනීම සහ සංවේදී රෝගීන්ට වෛරස ඇතුළත් වීම වැළැක්වීම වැනි අවශතාවලදී ය. නමුත්, අනවශ්‍ය ලෙස මුහුණු ආවරණ පැළඳීමෙන් ලෙඩ රෝග පැතිර යාමේ අවධානම වැළකී යාම හෝ යම් ආරක්ෂණයක් සපයා ගැනීම යන කාර්යයන් ඉටු නොවිය හැකිය. නිදසුනක් ලෙස මේ දිනවල චීන වැසියන් මුහුණ දී ඇති ‘කොරෝනා වෛරසය‘ සම්බන්ධයෙන් ලෝකයේ ඇතැම් රටවල පැතිර යන දූෂමාන ආරංචි සහ අනිසි බිය දැක්විය හැකිය. චීනයේ සිට පැමිණෙන්නන්ගෙන් මේ රෝගය වාතය, අහාර පාන මඟින් සීඝ්‍රයෙන් පැතිර යා හැකි යැයි යන මතය නිසා ද රෝගීන් කිහිප දෙනකු වාර්තා වූ සැනින් ද මුහුණු ආවරණ පැළඳීමට යාම නුවණට හුරු නොවන බව විද්වත් මතය වී තිබේ. මුහුණු ආවරණවල මිල ගණන් මෙවැනි අවස්ථාවල ඉහළ යන බැවින්, රට තුළ වෛරසය පැතිරී ගොස් ජීවිත අවධානමක් පැමිණෙන අවස්ථාවක් අනාගතයේ උදා වුවහොත් ඒ වන විට මුහුණු ආවරණවල උඝ්‍ර හිඟයක් ඇති වනු ඇතැයි විද්වතුන් පෙන්වා දෙයි. ඒ අනුව, සිය අවශ්‍යතාවය සලකා බලා මුහුණු ආවරණ පැළඳීමට වග බලාගත යුතුය.

 

 

සට­හන- 
මදාරා මුද­ලිගේ
ඇසු­රිනි

කිරි පිටි අත්‍ය­වශ්‍ය නැත

$
0
0
පෙබ 3, 2020 01:00

කිරිපිටි නිෂ්පාදනය කෙරෙන්නනේ ගව බිඳිති වියැලීම (spray dry) මඟිනි. නිවැරදි ක්‍රමවේදයකට සෞඛ්‍යසම්පන්නව කිරිපිටි නිෂ්පාදනය කළහොත් එය මන්දපෝෂණය වැළැක්වීම හා බොහෝ රෝගවලින් පෙලෙන්නන්ට කදිම ප්‍රෝටීන, ලිපිඩ අඩංගු ආහාරයකි. නමුත්, අද ලොව පුරා කිරිපිටි නිෂ්පාදයක සමාගම් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්නේ න්‍යෂ්ටික බලශක්තියයි. න්‍යෂ්ටික අංශු කිරිපිටිවල අඩංගුවී මිනිස් වර්ගයාට භයානක හා හානිකර ප්‍රතිඵල ලබා දේ. කිරිපිටිවල අඩංගු විය හැකි ප්‍රමිතියට අනුකූලව න්‍යෂ්ඨික බලශක්තිය ප්‍රමාණය 240 බෙකරල්ස් සාමාන්‍ය අගයයි. නමුත්, මෙතෙක් පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ ආනයනික කිරිපිටිවල න්‍යෂ්ටික ශක්තිය බෙකරල්ස් 240ට වැඩි බවයි. මෙරට නිෂ්පාදිත කිරිපිටිවල න්‍යෂ්ටික ශක්ති අණු නොමැති අතර ආනයනික කිරිපිටිවලට වඩා මිනිස් සිරුරට හිතකර ය.

 

කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය

කිරිපිටි, HACAPS ආරක්ෂිත හා සනීපාරක්ෂක ක්‍රමවේදයන් අනුව යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන බැවින් ඉතා ඉහළ උෂ්ණත්වයකට රත්වන වේ. ඉහළ උෂ්ණත්වයකට රත්වන බැවින් එහි අඩංගු ලිපිඩ, ප්‍රෝටීන, අස්වාභාවිකරණයට භාජනය වී සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් ‘Oxidize වී tronsfat‘ සාදයි. පිළිකා සෑදීමට ද මෙය මඟකි. නිෂ්පාදන ක්‍රියාවලියේ දී ‘Autoimmune diseases‘ හටගන්නා නිසා හෘද සහ තවත් ලෙඩ රෝගවලටද බලපායි.

කිරි ගවයන් අනුභව කරන තණකොළ හා බීමට ගන්නා ජලය මත කිරිවල ප්‍රමිතිය හා ගුණාත්මක බව රඳා පවතී. කිරිවල අඩංගු වසවිස කිරිපිටිවලද මිශ්‍ර වේ. වාතයට, පසට හා ජලයට මුදා හැරෙන ‘Yass emissions‘ දූෂිත ප්ලාස්ටික් දහනය නිසාද, DDT වැනි කෘෂි රසායනික ද්‍රව්‍ය නිසාද, කාබනික ද්‍රව්‍ය දහනය නිසාද Dioxios නිපද වේ. Dioxios ප‍සෙහි, ජලයෙහි, තණකොළවල සංඝටක වේ. කිරි ගවයින් ගේ ක්ෂීරයටද මෙම දූෂිත ද්‍රව්‍ය යාම නිසා අප බොන කිරිපිටිවලද ඒවා අඩංගු වේ.මේ නිසා හෘදරෝග Autoimmune රෝග, පිළිකා, ගලගණ්ඩය සෑදේ. මේ පිළිබඳ පර්යේෂණ පවත්වා ඇති අතර Selie.et.all පර්යේෂණ නිබන්ධන ගණනාවක් පළකර ඇත. එමනිසා කිරිපිටි නිතර පානය හානිකර ය.

කිරිපිටි භාවිතයේ අතුරු ඵල

සමහර ළමුන්ට ආසාත්මිකතාව ඇතිවේ. තවත් සමහර ළමුන්ට නිතරම සෙම්ප්‍රතිෂ්‍යාව හා ඇදුම රෝගය ඇතිවේ. තවත් සමහර ළමුන්ට වර්ධන දුර්වලතා ඇතිවේ. තවද කිරිපිටිවල Salmonella, shigella විෂ බීජ ඇතිවිය හැකි බැවින් පාචනය, අතීසාරය වැනි රෝගද ඇතිවිය හැක. තවද නිතර ඇතිවන බඩයාමද ඇතිවිය හැක. තවත් අයට කිරිපිටි පානය නිසා සමේ රෝග ඇතිවිය හැක. (coalasma) මේ නිසාම කිරිපිටි පානය කිරී‍මෙන් වැළකී සිටීම ඇගට ගුණ ය. ලෙඩ රෝග අඩුය. සනීපාරක්ෂාව වැඩි ය.

 

 

උපදෙස්-ආහාර හා පෝෂණය

පිළිබඳ විශේෂඥ වෛද්‍ය

සෙලී ප්‍රනාන්දු

යශෝදා ඉන්දීවරී

කොරෝනා ගැන බොරු බිය එපා

$
0
0
පෙබ 3, 2020 01:00

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර

කොරෝනා පරී­ක්ෂණ ලංකාවේ පුළු­වනි

අයි.ඩී.එච්. රෝහලේ සේවක විරෝ­ධය බොරු කතා­වක්

 චීනයේ රෝගය  පැති­රෙ­න­කො­ටම ලංකාවේ අපි සූදා­නම් වුණා

ලංකාවේ වෛර­සය පැති­රෙන බවට සාධක නැහැ

 

රෝහල් කාර්ය මණ්ඩල කිසිම කෙනෙක් පසු­බට වෙලා නැහැ

මෙරටින් හමු වූ කොරෝනා ආසාධිත පළමු රෝගියා වන චීන ජාතික කත සම්පූර්ණයෙන් සුවය ලැබ අයි.ඩී.එච්. රෝහලෙන් නික්ම ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පෙබරවාරි 01 දා නිවේදනය කළේය. සැබෑ තත්ත්වය එය වුව, කොරෝනා වෛරසය පිළිබඳ සාවද්‍ය තොරතුරු ද නිරන්තරයෙන් සමාජගත වෙමින් පවතී. වෛරසය හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලේ සුළු සේවකයන් සේවයට නොපැමිණි බවට පළවූ වාර්තාව එවැන්නකි.

මේ සියල්ල අතර වෛරසයෙන් දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක් ද පවතින බව පෙනේ. වෛරසය පිළිබඳ කරුණු දැන ගැනීම පිණිස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර එහා ඉවුරට කැඳවූයේ එහෙයිනි.

 

කොරෝනා වෛරසය චීනය පමණක් නෙවෙයි ලෝකය ම භීතියට පත් කළා. ශ්‍රී ලංකාවේ ජනතාවත් ඊට දක්වන්නේ විවිධ ප්‍රතිචාර. විවිධ පුද්ගලයින් විවිධ මත අදහස් පළ කරනවා. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

වෛරසයේ ආරම්භය දිහා බැලුවොත් පසුගිය දෙසැම්බර් මාසයේ මැද කාලයේදී චීනයෙන් වාර්තා වෙනවා. දෙසැම්බර් මාසය අගවන විට චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කළේ, කලින් හඳුනා නොගත් වෛරසයකින් නියුමෝනියා රෝගය පැතිරෙනවා, චීනයේ වුහාන් නගරයෙන් මේ රෝගීන් වාර්තා වුණා කියලයි. වුහාන් නගරයේ තියෙන සී ෆුඩ් මාර්කට් එකෙන් වෛරසය පැතිරෙනවා කියලා අනුමාන කළා. මුලින් ම කළේ මාර්කට් එක වහලා දාන එක. ජනවාරි 6 වැනිදා වගේ වන විට මේ පැතිරෙන්නේ කොරෝනා කියන කාණ්ඩයට අයත් එකක් කියලා ඒ අය හඳුනා ගන්නවා. කොරෝනා වෛරසය සතුන් අතර පැතිර යන වෛරසයක්. සතුන්ගෙනුත් වවුලා මේ වෛරසය තැන්පත් කරගෙන ඉන්නවා. අනෙක් සතුන්ටත් වවුලන්ගෙන් වෛරසය පැතිරෙන්න පුළුවන්. කොරොනා වෛරසය කියන්නේ එකක් නෙවෙයි, වෛරස් ගණනාවක් තියෙනවා. චීනයේ පැතිර ගිය වෛරසයත් කොරෝනා කාණ්ඩයකට අයත් එකක් කියලා හඳුනාගෙන තියෙනවා. ඒකට 2019 නව කොරෝනා වෛරසය කියලත් නම දෙනවා.

 

චීනයේ පැතිර ගිය මේ වෛරසය අසල්වාසී රටවලත් වාර්තා වුණා. ඉතා ඉක්මනින් පැතිර යන බවක් තමයි පේන්න තියෙන්නේ?

චීනයේ වේගයෙන් පැතිරුණු වෛරසය රටවල් කිහිපයකටත් පැතිරුණා. මුලින්ම තායිලන්තය, කොරියාව, ජපානයටත් පැතිරිලා තියෙන බව රෝගීන් වාර්තා වීමෙන් පැහැදිලි වුණා. ඒ රටවල් විතරක් නෙවෙයි මේ වෙන විට තවත් රටවල් බොහොමයක රෝගීන් හමුවුණා. ඒ රෝගීන්ගේ කිහිප දෙනෙක් ඇරුණුකොට අතිබහුතරය වුහාන් නගරයේ ඉදලා ආපු අය කියලයි වාර්තා වෙලා තියෙන්නේ. සෞඛ්‍ය සේවයේ හිටපු අයටත් පැතිරෙනකොට සතුන්ගෙන් මිනිසුන්ට පැතිරිලා මිනිස්සු අතරත් පැතිරිලා යනවා කියලා තේරුම් ගත්තා.

 

ලෝකය පුරා වෛරස් බිය පැතිරෙද්දී ශ්‍රී ලංකාවෙනුත් රෝගියෙක් වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඊට සූදානම් වුණේ කොහොම ද?

චීනයේ ඇති වෙමින් තිබෙන තත්ත්වය ගැන අපි අවධානයෙන් හිටියා. චීනයේ විතරක් නෙවෙයි අසල්වැසි රටවලින් රෝගීන් එක්කෙනා දෙන්නා වාර්තා වෙනකොට අපි අපේ සෞඛ්‍ය අංශ දැනුවත් කරලා තිබුණා. ඒ නිසාම පළමු රෝගියා හමුවුණාට පස්සේ අපේ සෞඛ්‍ය අංශවලට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අංගොඩ ජාතික උණ රෝහලට ජනවාරි 26 වැනිදා ඒ රෝගියා ඇතුළත් කළා. 27 වැනිදා අපි පරීක්ෂණ ආරම්භ කළා. මේ රෝගය අලුත් එකක්. රෝගියාගේ ශරීරයේ තියෙන වෛරස් එක හඳුනාගැනීමේ පරීක්ෂණත් අලුත්. ඒ පරීක්ෂණ ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් වුණේ, සාර්ස් (Sars) වෛරසය සොයාගත්තු මහාචාර්ය මලිත් පීරිස් මහතා ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් නිසයි. එතුමා හොංකොං විශ්වවිද්‍යාලයේ ඉන්නෙ. එතුමා තමයි මේ වෛරසය සොයා ගන්නත් වැඩ කරන්නෙ. මේ වෛරසය සොයා ගන්න රසායනික ද්‍රව්‍ය නිපදවලා තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකාවෙත් මේ පරීක්ෂණය කරන්න පහසු වුණා. එහෙම නොවුණා නම් මේ පරීක්ෂණ කරන්න විදෙස් රටකට යවන්න වෙනවා. එක පැත්තකින් කල්ගතවෙනවා වගේ ම වියදමත් ඉහළ යනවා. අද වෙනකොට අපිට රෝගීන් ඉක්මනින් හඳුනාගන්න පුළුවන්. මුලින් ම හඳුනාගත්තු රෝගියාට ප්‍රතිකාර කළා. දැන් රෝගියා සුව අතට හැරිලා තියෙනවා.

 

ශ්‍රී ලංකාවෙන් හමුවුණෙත් චීන ජාතිකයෙක්. රෝගය හඳුනාගන්නට පෙර ඇය ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වල සංචාරය කර තිබුණා?

ඒ රෝගියා ලංකාවට ඇවිත් තියෙන්නේ ජනවාරි 19 වැනිදා. වෛරසය අසාදිතවෙලා කියලා හඳුනාගන්නේ ජනවාරි 25 වැනිදා. මේ කාලය තුළ රෝගියා ශ්‍රී ලංකාවේ කිහිප තැනක සංචාරය කරලා තියෙනවා. එහෙම බැලුවා ම රෝගියා කිට්ටුවෙන් හිටපු අයට වෛරසය ආසාදනය වීමේ අවදානමක් තියෙනවා. ඒක නිසා අපි කළේ අපේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක කරලා, රෝගියා ගියපු තැන්වලට ගිහින් ඒ අය මුණගැහිලා රෝගියා ළඟින් ම ආශ්‍රය කළ අය හඳුනා ගත්තා. ඒ හඳුනාගත්තු පිරිස ගැන සුමාන දෙකක් යනතුරු අපි පසුවිපරමක යෙදෙනවා. ඒ කාලය ඇතුළත රෝග ලක්ෂණ මතුවුණොත් ඒ අය රෝහලට ඇතුළත් කරලා පරීක්ෂණ සිදුකරනවා. ලංකාවෙන් හමුවුණ ප්‍රථම චීන ආසාදිත කාන්තාවගේ ස්වාමිපුරුෂයත් ඉන්නවා. ඔහු මේ වෛරසයට ගොදුරුවෙලා නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ වෛරසය පැතිරීම සිදුවෙලා නැහැ කියලයි. අද වෙනකොට වෙනත් රෝගියෙක් ලංකාවට ඇතුළු වීමේ අවදානම අඩු කරන්න ගුවන්තොටුපළ සීරුවෙන් තියලා තියෙනවා.

 

චීනයේ ඉදලා එන සිසුන් දියතලා යුද හමුදා කඳවුරට රැගෙන යනවා. දියතලාවේ සිදු කරන්නේ මොකක් ද?

චීනය පුරාම ඉගෙන ගන්න ගිය ළමයි ඉන්නවා. ඒ අතර කොරෝනා වෛරසය පැතිරුණු වුහාන් නගරයේ ඉන්න ළමයි පිරිසකුත් ඉන්නවා. ජනවාරි 23 වැනිදා වුහාන් නගරය වහලා දැම්මා. ඊට පස්සේ ඒ නගරයෙන් කාටවත් එළියට යන්න එන්න බැහැ. එතකොට වුහාන්වල ඉන්න ළමයි 33 දෙනාට දියතලා යුද හමුදා කඳවුරේ පහසුකම් හදලා තියෙනවා ඒ ළමයි සති දෙකක් යනතුරු රඳවාගෙන විමසිලිමත් වෙනවා. එහෙම නැතිව චීනයේ වෙනත් ප්‍රදේශවලින් එන ළමයින් රඳවා ගැනීමක් කරන්නේ නැහැ. වුහාන් නගරයේ ඉදලා එන ළමයින්ට මේ වෛරසය ඇතුළු වෙලා තියෙන්නෙ පුළුවන්. ඒ නිසයි දියතලාව යුද හමුදා කඳවුර භාවිතා කරන්නෙ. පහුගිය දින කිහිපයේ ම චීනයේ ඉදලා ළමයි ආවා. ඒ ආපු හැම කෙනෙක්ගෙම තොරතුරු අපි ගත්තා. ඒ අය ගෙවල්වලට යවලා තියෙනවා. ගෙවල්වලට ගියපු අයගැනත් විමසිලිමත් වෙන්න කියලා අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සුමාන දෙකක් ඒ අයගේ නිවෙස්වලට යවනවා.

 

IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් 23 දෙනෙක් නිසා ඒ රෝහලේ සේවකයින් සේවයට වාර්තා කළේ නැහැ කියලා මාධ්‍ය වාර්තා කළා. ඇත්ත තත්ත්වය මොකක් ද?

මම වගකීමෙන් කියනවා ඒ රෝහලේ එහෙම දෙයක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් සුළු සේවකයන් කියන අය සේවයට නොපැමිණීම කියන කාරණය අනෙකුත් සේවකයන්ට වඩා ප්‍රතිශතයක් විදිහට බැලුවොත් වැඩියි. විශේෂයෙන්ම ඒ කාර්යය මණ්ඩලයේ ආදේශක සේවකයන් ඉන්නවා. ඒ අයට රෝහලත් එක්ක ලොකු බැඳීමක් නැහැ. ඕනෑම වෙලාවක සේවය අතහැර වුවත් ඒ අය යන්න පුළුවන්. ඕනෑම රෝහලක මේ තත්ත්වය දකින්න පුළුවන්. ඒ ඇරුණුකොට IDH රෝහල් කාර්යය මණ්ඩලය ගැන මම වගකීමෙන් කියන්න කැමැතියි කිසිම නිලධාරියෙක් පසුබට වෙලා නැහැ. ඉතාමත් සාර්ථකව දෛනික කටයුතු කරගෙන යනවා.

 

මහනුවර මහ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු කියලා තිබුණා, වෛරසය පැතිරීම වළක්වා ගැනීමට සමූහයන් රැස්වීම වළක්වා ගත යුතුයි කියලා. පාසල් ක්‍රීඩා උත්සව පවා නවතා දැමිය යුතුයි කියන අදහස මතුවුණා?

නව කොරෝනා වෛරසය වැළඳුණ පළමු රෝගියා අපට හමුවුණා. ඒ ඇරෙන්න වෛරසය පැතිර යනවා කියලා සොයා ගන්න කිසිම සාධකයක් හමුවෙලා නැහැ. එහෙම නැති අවස්ථාවක අපි පරිස්සම් වීම තේරුමක් නැහැ. ලංකාව පුරා මේ වෛරසය පැතිර ගිහින් තියෙනවා නම් අපි යම් යම් පියවර අනුගමනය කරන්න ඕනෑ. උදාහරණයක් විදිහට චීනයේ වුහාන් නගරයේ එහා සිට මෙහා කොනට ගමන් බිමන් සියල්ල නවතා දමලා තියෙනවා. ඒ වගේ කරන්න වෙන්නේ වෛරසය ඉතා ඉක්මනින් පැතිර යනවා නම් විතරයි. අපේ රටේ පසුගිය දිනවල ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් තිබුණා. හැම අවුරුද්දක ම එක කාලයක වැඩි වෙන ඉන්ෆ්ලුවෙන්සාවක් තියෙනවා. එතකොට ස්වසන ආබාධ ඇති වෙනවා. කුඩා දරුවන්, ගැබිනි මාතාවන් වගේ අය මිය යන අවස්ථාත් තියෙනවා. ඒ වගේ වසංගත තත්ත්වයේ තියෙනවා නම් විතරක් ඒ අවස්ථාවලදී ආරක්ෂාවීමට අවධානය යොමුකිරීම වැදගත්.

 

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා කියලා තිබුණා රජය දක්වන ප්‍රතිචාරයට වඩා වැඩි භයානක තත්ත්වයක් මේ වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් තියෙනවා කියලා?

අපි වසංගත රෝග විද්‍යා අංශය විදිහට හැම දෙයක්ම කරන්නේ පූර්ණ වගකීමක් ඇතිව. අපි වැඩ කරන්නේ රටේ මහජනතාව වෙනුවෙන්. අපි මේ රෝගය පිළිබඳ හැංගුවොත් ඒක හරියට තමන්ගේ ඇගේ පිළිකාවක් තියාගෙන ප්‍රතිකාර නොගෙන ඉන්නවා වගේ තත්ත්වයක්. හංගලා අපිටවත් බේරෙන්න බැහැ. අපිටත් මැරෙන්න වෙනවා. ඒ නිසා වසංගත තත්ත්වයක් හංගගෙන ඉන්න බැහැ. දැනට එක රෝගියෙක් හමුවුණා කියලා අපි කිව්වා. ඊට පස්සේ වෛරස් ආසාදිතයින් යැයි සැක කළ රෝගීන් විසි ගණනක් ඉන්නවා කිව්වා. ඒ අය ගැන පරීක්ෂණ ආරම්භ කරනවා කියලත් කිව්වා. අපට හමුවුණේ මුල් රෝගියා විතරයි. අනෙක් හැමෝ ම වෛරසය ආසාදනය නොවූ අය. ඒ නිසා මේ වෛරස් ආසාදනය හා පැතිර යාම පාලනය කිරීමටත් වළක්වා ගැනීමටත් අවශ්‍ය පියවරයන් ඉතා ඉක්මනින් අරන් තියෙනවා. කිසිම තොරතුරක් සාවද්‍ය විදිහට ජනතාව අතරට යවන්න කටයුතු කරලා නැහැ. එහෙම කරන්න අපිට අයිතියකුත් නැහැ. අපි දෙන තොරතුරුවල සත්‍ය භාවය පිළිබඳ මම පූර්ණ වගකීම ගන්නවා. ඒ නිසා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලනවා අපි දෙන තොරතුරුවල කිසිම අසත්‍යභාවයක් නැහැ. ඒ තොරතුරු ඉතාමත් නිවැරැදියි. මේ තොරතුරුවලට අමතරව නිකුත් වෙන විවිධ ප්‍රකාශ, නිවේදන ගැන බිය වියයුතු නැහැ.

 

චීනයෙන් රෝගය වාර්තා වෙනවිටම ආරක්ෂිත ක්‍රමවේදයක් විදිහට මුඛ ආවරණ පලඳින්න කියලා ශ්‍රී ලංකාවේ මහජනතාවට ඔබතුමන්ලා නිවේදනය කළා. ඒ අනුව ජනතාව මුඛ ආවරණ පැලඳ ස්වයං ආරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කළා. මේ අවස්ථාව දේශපාලන වුවමනාවන්ට භාවිත වෙන බවක් පේනවා?

මේ වගේ අවස්ථාවලදී අපි තොරතුරු ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ. ඉස්සර ගුවන්විදුලි සංස්ථාවෙන්, පත්තරෙන් තොරතුරු ජනතාවට රැගෙන ගියාට, අද වෙනකොට තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතා කරනවා. ඒ නිසා මේ වගේ තත්ත්වයකදී නිවැරැදි හා වැරැදි විවිධ තොරතුරු සම්ප්‍රේෂණය වෙනවා. එහෙම වුණා ම රටම භීතියට පත් වෙන්න පුළුවන්. කලටුවාවේ ජලාශයට වස මිශ්‍ර වෙලා කියලා පැතිරිණු පණිවිඩයක් හින්දා එදා බොහෝ දෙනෙක් රෝහල් ගතවුණා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. වැරැදි තොරතුරු සමාජගත වීම සමාජ කැලඹීමට හේතුවක්. ඒ නිසා මේ වගේ තොරතුරු එන තැන් ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින් ඒ තොරතුරු නියාමනය කරලා වැරැදි තොරතුරු මුදාහරින අයගෙන් ඒ තොරතුරු මුදාහරින්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙම නොවුණොත් සමාජයට සිදුවන්නේ විශාල හානියක් කියන එකත් අපි පෙන්නලා දෙනවා.

 

කොරෝනා වෛරසයට වඩා වේගයෙන් සමාජ මාධ්‍ය වෛරසය පැතිරුණා කියලා බොහෝ දෙනෙක් පෙන්නලා දුන්නා?

එකක් තමයි, රජය පැත්තෙන් මේ වගේ හානිකර තොරතුරු වළක්වා ගැනීම සඳහා නියාමනයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි ඒ තොරතුරුවලට ප්‍රතිඋත්තර දෙනවා. ඊට අමතරව ජනමාධ්‍යවලට මේ වගේ තත්ත්වයකදී වැඩි වගකීමක් තියෙනවා. ආචාර ධර්මවලට අනුව යම් සමාජ වගකීමක් සහිතව තොරතුරු භාවිතය හා බෙදාහැරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ජනතාව තුළ යම්කිසි ආකාරයක චර්යාවක් ඇති කරන්නත් ජනමාධ්‍යයට පුළුවන්. වැරැදි තොරතුරු දෙන කෙනෙක් ඉන්නවා නම් ඔවුන් සමාජයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි. එහෙම නැතුව මුහුණු පොත වහලා මේ දේවල් කරන්න බැහැ. ඒ නිසා සියලු මාධ්‍යයත්, සමාජමාධ්‍ය පරිශීලිකයනුත් මේ වගේ දේවල්වලදී සත්‍ය තොරතුරුවලට වැඩි ඉඩක් දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

 

 

දුමින්ද අලුත්ගෙදර

ඡායාරූප

විමල් කරුණාතිලක

 

“ජනපතිතුමනි ඔබට ස්තුතියි !” කොරෝනා වෛරසයෙන් බේරී ආ ළමයි

$
0
0
පෙබ 3, 2020 01:00
ෆවුස් මොහොමඩ්

‘අපි එනකොට මගේ එහා කාමරේ ඉන්න නේපාල යාළුවා අහපු දේ මම සිංහලෙන් කියන්නම්.. ‘ඔයාලා යනවද....? අපේ රටින් නම් තාම අපිව ගන්නේ නෑ. ඔයාලා නම් වාසනාවන්තයි. පරිස්සමින් යන්න...පුළුවන් වුණොත් අපි ආයෙ දවසක හමුවෙමු...මම මොනව කියන්නද ඒ අවිනිශ්චිත මුහුණ බලාගෙන...? ‘අපේ අනිත් අය කියනවා පාකිස්තාන ළමයි අඬනවලු...එයාලගේ රටෙන් එයාලව ගන්න කැමති නැ කියලා...කොච්චර අසරණද ...අම්මා දරුවන්ට එන්න එපා කියනවා වගේ...ඒ අය අම්මා ළඟට එන්න අහද්දි එපා කියනවා... ‘අපේ රටේ වර්තමාන නායකත්වය ගැන නිහතමානි ආඩම්බරයක් එනවා...බලවත් රටවල් වුණු අමෙරිකාවට, රුසියාවට පස්සේ අපේ ළමයි අපිට දෙන්න කියලා...අපේ පුංචි ලංකාව චීනයෙන් ඉල්ලනවා අපි කොයිතරම් වාසනාවන්තද..? අපේ රට වාසනාවන්තම රට නෙමෙයිද..?

ලොවම භීතියට පත් කළ කොරෝනා මාරක වෛරසය චීනයේ වුහෑන් නුවර සීල් තබන තරමට පැතිරී යද්දී චීනය තරමටම ශ්‍රී ලංකාවත් උණුසුම් වූයේ එහි ඇති ලොව ඉහළම මට්ටමේ විශ්වවිද්‍යාල දෙකක ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනකු අධ්‍යාපනය ලබමින් සිටි බැවිනි.

වුහැන් නුවර වාසීන් මෙන්ම එම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් විදෙස් සිසු සිසුවියෝ ද නගරයේ සිරවූහ. මෙරට සිටින ඔවුන්ගේ මාපියෝ කලබලයට පත්වූහ. සිය ආදරණීය දරු දැරියන් සැතපුම් දහස් ගණනක් දුර නාඳුනන රටක මාරක වෛරසයේ භීතියට හසුවී සිටිති. එහෙත් ආරක්ෂාකාරී ක්‍රමවේද හේතුවෙන් ඔවුන් මුදවා ගැනීමට තබා වුහැන් නුවරට කිට්ටු වීමටවත් කිසිවකුට චීන රජයෙන් අවසර නොලැබිණි. තත්ත්වය ඉතා දරුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

වුහෑන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි විදෙස් සිසුසිසුවියන්ගේ සංඛ්‍යාව 3600කි. හුවාසොන්ග් විශ්වවිද්‍යාලයේ තවත් විදෙස් සිසුසිසුවියෝ 2000ක් ඉගෙනුම ලබමින් සිටියහ. ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අවධානයක් කොරෝනා වෛරසයට යොමුවීමට ප්‍රධානතම හේතුව එය විය.

ජනපතිගේ අවධානය

අමෙරිකාව, ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් වුහෑන් නුවර කොටුවී සිටින සිය දරු දැරියන් වහා ගෙන්වා ගැනීමට විශේෂිත ගුවන් යානා සූදානම් කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානයත් ඊට යොමුවී තිබිණි.

මානුෂික මෙහෙයුම් පිළිබඳ ලොව සෙසු රාජ්‍ය නායකයන්ට වඩා පළපුරුද්දක් සහ අත්දැකීම් කන්දරාවක් ඇති ජනාධිපතිවරයා නිශ්චිත වැඩපිළිවෙළක් සැලසුම් කරමින් සිය නිලධාරීන් මෙහෙයවිය. උපදෙස් ලබා දුන්නේය.

පළමුව මාරක වෛරසය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම වළකාලීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු අවබෝධ කරගත්තේය. වහාම ගුවන් තොටුපළ පරිශ්‍රය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගත්තේය. හදිසි තත්ත්වයකදි අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකි ආකාරයෙන් රෝහල් සූදානමන් තැබීමට උපදෙස් ලබා දුන්නේය.

කොරෝනා වෛරසය චීනයෙන් ඔබ්බට පැතිරීයාමට පටන් ගනිද්දි, වෛරසයේ දරුණු බව ලෝකයා හඳුනා ගනිද්දි චීනයේ වුහැන් නුවර පමණක් නොව එරට සෙසු පළාත්වල ද ඉගෙනුම ලබන ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වහා ගෙන්වා ගැනීමට ජනපති උපදෙස් නිකුත් වූයේ එහි උණුසුම ලොව පුරා පැතිරී යාමත් සමගිනි.

ජනපති නියමයෙන් ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය වහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. එය ඉතා දුෂ්කර මෙන්ම අසීරු මෙහෙයුමක ආරම්භය විය.

පළමුව චීනයේ අවදානම් කලාපයේ සිටින ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් පිළිබඳ තොරතුරු එක් රැස් කර ගත යුතුව තිබිණ. ඒ අතරතුර සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය මගින් ඔවුන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක් සූදානම් කෙරිණි.

ඒ වනවිට චීනයේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබිණි. කොරෝනා වෛරසයට බිලිවූවන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යන්නට පටන් ගෙන තිබිණි. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වූ අතර තවත් රටවල් ගණනාවකින් රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තේය.

ජනාධිපතිවරයාගේ සැලසුමට අනුව මුලින්ම චීනයේ සෙසු නගරවල අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි සිසුන් ඇතුළු 300කට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබුණු අතර ජනවාරි 28 වැනිදා සිට වරින් වරට එම පිරිස් මෙරටට පැමිණියහ. සැලසුම් සහගත මෙහෙයුමක පළමු අදියර අති සාර්ථක විය.

ගැටලුව වූයේ වුහැන් නුවර කොටුවී සිටි සිසුන් 33 දෙනා මුදා ගැනීමය. එම ගැටලුව මතුවූයේ වෛරසය ශීඝ්‍රයෙන් චීනයේ සෙසු පළාත් ආක්‍රමණය කරමින් තිබුණු අතර වුහැන් නුවරින් කිසිවකුට පිටවීමට හෝ ඊට ඇතුළුවීමට එරට රජය තහනම් කිරීමෙනි. නමුත් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා තීරණය කළේය.

සිසුන්ගේ ඉරණම

තහනම තිබියදීම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් චීනය බලා පියාසර කෙරිණි. එය වුහැන් නුවරට ආසන්නයේ පිහිටි ටිහාන් ගුවන්තොටුපළට ගොඩබැස්වීමට ජනපති උපදෙස් මත විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය. ඒ සඳහා චීන රජයේ අවසරය ද ලබාගත්තේය.

වුහැන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන්ගේ ඉරණම ඒ වනවිට රැඳී තිබුණේ ජනපතිවරයා ඇතුළු රජය ගන්නා ක්‍රියාමාර්ග මතය. ඔවුහු ගුවන් යානයක් පැමිණෙන තුරු කොරෝනා වෛසරයේ අවදානමින් ජීවිත බේරා ගැනීමට දින 9ක් පුරා බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටියහ. නොපෙනෙන දෙවියන්ට කන්නලව් කරමින් සිටියහ. මොහොතින් මොහොත යාවත්කාලීන වන කොරෝනා වෛරසයේ අලුත්ම තත්ත්වය ඔවුන් තව තවත් මානසිකව ඇද දමන්නට විය.

විදෙස් රටවල් රැසක් චීනය සමග ඇති ගුවන් සම්බන්ධතා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරමින් සිටියදී විශේෂිත ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇඟිලි ගනිමින් සිටියේ තම දූපුතුන්ගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමට අවසරය ලැබෙනතුරුය. ඒ සඳහා ඔවුන් දින 4ක් පුරා බලා සිටියේය.

හරියටම ජනවාරි 31 වැනිදා ඒ අවස්ථාව උදාවිය. එදින පස්වරු 3.45ට අංක UL 1422 ශ්‍රීලන්කන් ගුවන්යානය මුළු රටම බලා සිටියදි එම මානුෂික මෙහෙයුම ආරම්භ කරමින් අහසට නැංවිණි. එය ටිහාන් ගුවන්තොටුපළට ළඟා වනවිට කොරෝනා වෛරසයට බිලිවූ ජීවිත සංඛ්‍යාව 240 ඉක්මවා තිබිණි. එහෙත් මේ කිසිදු අවදානමක් තඹයකට මායිම් නොකළ ගුවන් කාර්ය මණ්ඩලය අරමුණ කරා වේගයෙන් ළඟා වෙමින් සිටියේය.

එදිනම රාත්‍රී 11.23 වනවිට එය ඉලක්ක වෙත ළඟා විය. ශ්‍රී ලාංකික තරුණ ජීවිත 33ක් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටියදී මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වුහැන් නුවර කොටුවී සිටි සිසුන්ට මේ සුභාරංචිය ලැබිණි.

‘බඩු ලෑස්ති කරගන්න...හෙට වෙද්දි ඔයාලා ආපහු ලංකාවේ...‘

සුබ ආරංචියක්

එය දුෂ්කර දින 9කට පසුව ඒ දූපුතුන්ගේ සවන් වැකුණු වඩාත්ම ප්‍රීතිමත් සහ මිහිරිතම වදන් කිහිපය බව අමුතුවෙන් කිව යුතු නැත. සිසුන්ගේ මුහුණු ප්‍රීතියෙන් පිරීයන්නට ඇත.

ඊළඟ දිනයේ උදෑසන නැවත තානාපති කාර්යාලයෙන් සිසුන්ට ඇමතුමකි.

‘ලෑස්ති වෙන්න.....එයාර්පෝට් යන්න බස් එකක් එවනවා දැන්...‘

‘මොනව ලෑස්ති වෙන්නද..යන එකම මදිද...‘ ඔවුන්ට එසේ සිතෙන්නට ඇත. එය තිබුණේ නැවත පැමිණීමෙන් පසුව එක්තරා සිසුවකු තැබූ සටහනකය.

කොරෝනා වෛරසය තව තවත් ජීවිත හඹා යමින් සිටියදී ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ඉන් පලා යාමේ මෙහෙයුම අරඹා තිබිණි.

පහත පළවන්නේ ඉහත කී සිසුවාගෙන් සොරාගත් සටහනය.

‘අපි එනකොට මගේ එහා කාමරේ ඉන්න නේපාල යාළුවා අහපු දේ මම සිංහලෙන් කියන්නම්..

‘ඔයාලා යනවද....? අපේ රටින් නම් තාම අපිව ගන්නේ නෑ. ඔයාලා නම් වාසනාවන්තයි. පරිස්සමින් යන්න...පුළුවන් වුණොත් අපි ආයෙ දවසක හමුවෙමු...මම මොනව කියන්නද ඒ අවිනිශ්චිත මුහුණ බලාගෙන...?

 

ශ්‍රී ලංකාවේ සුවඳ

‘අපේ අනිත් අය කියනවා පාකිස්තාන ළමයි අඬනවලු...එයාලගේ රටෙන් එයාලව ගන්න කැමති නැ කියලා...කොච්චර අසරණද ...අම්මා දරුවන්ට එන්න එපා කියනවා වගේ...ඒ අය අම්මා ළඟට එන්න අහද්දි එපා කියනවා...

‘අපේ රටේ වර්තමාන නායකත්වය ගැන නිහතමානි ආඩම්බරයක් එනවා...බලවත් රටවල් වුණු අමෙරිකාවට, රුසියාවට පස්සේ අපේ පුංචි ලංකාව ඉල්ලනවා චීනයෙන් අපේ ළමයි අපිට දෙන්න කියලා...අපි කොයිතරම් වාසනාවන්තද..? අපේ රට වාසනාවන්තම රට නෙමෙයිද..?

ඒ සටහන කෙතරම් සංවේදිද..?

බලාපොරොත්තු නංවාගෙන ශ්‍රී ලාංකික සිසුන් ටිහාන් ගුවන්තොටුපලට යද්දී ඔවුන් දකින්නේ මුළු වුහැන් නුවරම පාලුවී හුදෙකලා වී ඇති බවය. ගුවන් යානයේදි ඉහළ පිළිගැනීමකි. ශ්‍රී ලාංකේය සුවඳ....උණුසුම.....ලෙංගතු බව...දයාබරත්වය..

පැය 6කට ආසන්න ගුවන් කාලය තුළ කාර්ය මණ්ඩලයෙන් සියළු සත්කාරය...ආරක්ෂිත බව...

ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පැය 16ක නිදිවර්ජිත එහෙත් ඉතා ප්‍රීතිමත් මෙහෙයුමක නිමාව එසේ සටහන් කරමින් නැවත මවුබිම කරා පැමිණීමට ගුවන් ගත වූයේ වුහැන් නුවරින් සිසුන් මුදාගත් ලොව තෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත් කරමිනි.

මේ අතරතුර සිසුන් නිරෝධායනය කිරීමේ සිට ඔවුන් නැවත මවුපියන් වෙත භාරදීම දක්වා කටයුතු සම්බන්ධීකරණය පැවරුණේ ආරක්ෂක අංශ වෙතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දියතලාව යුද හමුදා කඳවුර කඩිනමින් ඒ සඳහා සූදානම් කෙරිණි. දියතලාව යුද හමුදා කඳවුර තෝරාගැනීමේ මේ දිනවල වුහාන් නගරයේ පවතින ශීත කාලගුණයට සමාන වූ කාලගුණයක් දියතලාව අවට පැවැතීමත් සලකා බැලිණි. වුහාන් හි සිට පැමිණෙන සිසුන් 33 දෙනා නිරෝධායන කටයුතුවලින් අනතුරුව වෛද්‍ය පරීක්ෂණවලට යොදා ගන්නා තුරු රඳවා තබාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පැය 48 කාලයක් තුළ නේවාසිකාගාරයක් ඉදිකළේය.

මෙම නේවාසිකාගාර තුළ එක් සිසුවකුට එක් කාමරයක් බැගින් ඉදි කෙරුණු අතර එය උණුසුම් ජලය, අන්තර්ජාල සහ අනෙකුත් සියලු පහසුකම්වලින් සමන්විත විය. සිසුන්ට අවශ්‍ය නම් රෙදි සෝදා වේලා ගැනීමට රෙදි සෝදන යන්ත්‍ර පවා සවි කිරීමට යුද හමුදා සාමාජිකයන් පියවර ගෙන තිබුණි. සිසුන් මෙරට කැඳවා ගැනීමෙන් පසුව හැකි ඉක්මණින් ඔවුන් නැවත මවුපියන් වෙත භාරදීමේ අරමුණ ඇතිව යුද හමුදා සාමාජිකයෝ ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටියහ.

මත්තල ගුවන් තොටුපලෙන් ගොඩ බැස්වූ පසුව සියලු සිසුන් දියතලාව හමුදා කඳවුරේ විශේෂිත නේවාසිකාගාරයට යොමු කෙරිණි. එය දින 14ක නිරෝධායන ක්‍රියාවලියකි. ‍මෙය ද සටහන් කළ යුතුය. සියලු අවදානම් සහිත මෙහෙයුමට එක්වෙමින් සිසුන් මුදාගැනීමට චීනය බලා පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ද දින 14ක කාලයක් එම සිසුන් සමගම නවාතැන් ගනිමින් ඔවුන් ද කොරෝනා වෛරසයේ ගොදුරක් වූවාදැයි සොයා බැලීමේ පරීක්ෂණයට මුහුණ දෙමින් සිටී.

ශ්‍රී ලාංකේය පුරවැසියන්ටම උරුම වූ සහ ආවේනික වූ ‘මනුස්සකම‘ කිසිදු අවදානමකින් යටපත් කළ නොහැකි බවට මෙය කදිම නිදසුනක් නොවේද..? එය නොයෙකුත් ගැටලු හා ගැටුම් මැද තාවකාලිකව යටපත් වූවද විපතකදී සියලු විරසක ඉවතලමින් ඉස්මතු වන්නේ මහා පුදුමාකාර අන්දමටය.

 

 


ලස්සන වෙන්නට !

$
0
0
පෙබ 3, 2020 01:00

පිරිමින්ද කාන්තාවන්ද ලස්සන වන්නට හා අන් අයගේ අවධානය, ආකර්ෂණය දිනා ගන්නට දරන උත්සාහය කිසිදිනෙක අඩු නොවේ. පිරිමින්ට හා කාන්තාවන්ට අනන්‍ය වූ ශරීර හැඩතල යනු ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක සාධක නිසා උරුම වූ ඒවා වෙයි. එසේ නොමැතිව හුදෙක් එය කාන්තාවන්ගෙන් පිරිමි අපේක්ෂා කරන ශරීර හැඩතල නිසා කාන්තාවන් ලබාගත් ශරීර ලාලිත්‍යයක් නොවේ. තම වර්ගයා පවත්වාගෙන යාමට හෙවත් දරුවන් වැදීමට හා දරුවන් පෝෂණය කිරීමට අවශ්‍ය පරිදි සකස් වූ ශරීර අවයව හා ඉන්ද්‍රියයන්වලින් සමන්විත වූ කාන්තා ශරීරය පරිණාමයේ ප්‍රතිඵලයකි. දරුවන් බිහිකිරීමට අවශ්‍ය ශරීර හැඩයක් හේතුවෙන් කාන්තාවන්ට පුළුල් උකුලක් වුවමණා විය. ඒ වෙනස් අනන්‍යතාවය, පිරිමින් හට ආකර්ශනීය හැඩයක් වීම පරිනාමීය කාරණයකි. මනෝ-ලිංගික කාරණයකි.

අනාදිමත් කාලයක් පුරා දඩයම් කිරීමටත්, අවශ්‍ය විටෙක ප්‍රතිවාදී ගෝත්‍ර සමඟ සටන් කිරීමටත් ආදී වශයෙන් ඊට යෝග්‍ය පරිදි සකස් වූ දේහධාරී හා ශක්තිමත් ශරීර ව්‍යුහය/හැඩතල යනු පිරිමි පාර්ශ්වයට පරිණාමීයව වර්ධනය වී උරුම වූ ආකාරයයි. තම ස්වරූපයට වඩා වෙනස් ඒ හැඩතල කෙරේ කාන්තා ආකර්ෂණය යනු පරිණාමීය අවශ්‍යතාවයකි. මනෝ-ලිංගික කාරණයකි. ඒ අනුව මේ දෙපාර්ශ්වය එකිනෙකා කෙරෙහි ඇතිවන ආකර්ෂණය යනු ජෛව විද්‍යාත්මක වුවමනාව මත නිර්මාණය වූ ශරීර හැඩතල කෙරෙහි වන කැමැත්තකි. (ලිංගික ආකර්ෂණය යන කාරණය අරබයා වන LGBT ව්‍යතිරේක මෙහිදී සාකච්ජා නොකරමු.)

අතීතයේ මිනිසාට තමන්ගේ පැවැත්ම හා ආරක්ෂාවට අදාළව බරපතළ අභියෝගවලට මුහුණපෑමට සිදුවූ හෙයින් තමන්ගේ ලස්සන කෙරෙහි අවධානයක් නොවීම ස්වභාවිකය. එවකට පිරිමි-කාන්තා සම්භෝගය හුදෙක් ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක් පමණි. මිනිසා කෙමෙන් කෙමෙන් ‘සංස්කෘතික’ වන්නට වූ විට, ජීවිතයේ හා ස්වභාවික ලෝකයේ දේවල්වල සෞන්දර්යය පිළිබඳ උනන්දුවද කෙමෙන් කෙමෙන් වර්ධනය විය. එලෙසින්ම තම ලිංගික ජීවිතයට ද සෞන්දර්යය එකතු කරගත්තේය. අද එය, වර්ගයා බෝකිරීමේ කාර්යයෙන් විතැන් වී සෞන්දර්යාත්මක, ශෘංගාරාත්මක, මනෝ-කායික වින්දනයක්, විනෝදයක් බවට ‘සංවර්ධනය’ වී ඇත.

කෙසේ'මුත් මගේ එළඹුම වන්නේ මෙලෙස ලස්සන වීමට අපේ රටේ පිරිමින් හා ගැහැනුන් තෝරාගෙන ඇති ක්‍රමෝපායන් පිළිබඳව අදහසක් මතුකොට දැක්වීමයි.

මගේ තේරුම් ගැනීම අනුව නම් ලස්සන වීමට මහන්සි විය යුතුය.

ලස්සන ශරීරයක් උපයා ගැනීමේ මූලික සාධකය වන්නේ ජානමය උරුමයයි. ජනිතයාට (offspring) තම මවුපිය ලක්ෂණ බොහොමයක් උරුම වන බැවින් ඒ උරුමය, කෙනකුගේ ලස්සන කෙරෙහි හේතුවන ප්‍රධාන සාධකයයි. එසේ උරුම වූ ලස්සන පවත්වා ගැනීම හෝ තිබෙන ලස්සන වර්ධනය කරගැනීම (නැත්නම් ‘කැත’ අඩුකර ගැනීම) වනාහි එක් එක් පුද්ගලයා සතු කාර්යයකි.

ලෝකයේ ඕනෑම සමාජයක පිරිමින් හෝ කාන්තාවන් ලස්සන වීමට හෝ ලස්සන පවත්වා ගැනීමට බලපාන දෙවන ප්‍රධාන සාධකය වන්නේ එක්කෝ නිරෝගීභාවයයි; නැත්නම් පිරිසුදුභාවයයි. මේ විෂයට අදාළව කරන ලද අධ්‍යයනයන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව, කෙනකුගේ ප්‍රසන්න බව (Pleasant look) කෙරෙහි සෘජුව උපස්තම්භක වන්නේ නිරෝගීභාවය හා පිරිසුදුකමයි. ඒවා සාර්වත්‍ර හා සර්වකාලීන සාධක වෙයි. ඒ දේවල්, අප අප කෙරෙහිම දක්වන සැලකිල්ල හා කැපවීම මත උපයාගත යුතු දේවල්ය. බරපතළ සෞඛ්‍යමය උපද්‍රවයක් නොවන්නේනම් අපේ ජීවිතයේ සක්‍රීය සමය තුළ ප්‍රසන්න ශරීරයක් නඩත්තු කරගැනීම වනාහි අපේ සමහර ආශාවන් හා කරන අරගලයකි. අපේ ප්‍රාථමික ආශාව වන්නේ ප්‍රනීත රස ආශාව කෑදර ලෙස පිනවීමයි. එහෙත් මිනිසා කෙමෙන් කෙමෙන් ‘සංස්කෘතික’ වන විට ඔහු තෘප්තිය ලබාගන්නා පරාසය විශාල විය. කලාව, සාමුහික මිනිස් සම්බන්ධතා, නිර්මානාත්මක අභ්‍යාස, ස්වභාවික ලෝකය අත්විඳීම ආදී දේවල්වලින් ජීවිතය වින්දන පරාසය විශාල කරගත්තේය. එවිට පෙර කී ප්‍රාථමික ආශාව සපුරාගැනීම වෙනුවෙන් වන පංගුව අඩුවෙයි. එහෙත් එසේ ජීවිත-පර්යාය විශාල කර නොගත් අය ප්‍රාථමික ආශාව තම ජීවිතයේ විශාලම පංගුව ලෙස සලකති. ඒ තුළින් ඒ අය තමන්ගේ සෞඛ්‍යමය ජීවිතයත්, ශරීරයේ ප්‍රසන්නතාවයත් පිරිහෙලා ගනිති.

ලස්සනවීම යනු ‘කැත වහං කරගැනීම’ නොවේ.

බොහෝදෙනා, ලස්සනවීම යනු, මහන්සිවී අත්පත් කර ගත යුතු ෙදයක් වෙනුවට ‘කැත වහං කරගැනීම’ ලෙස සලකා ඊට පහසු උපක්‍රම උරගා බලති. ශරීරයේ ස්ථුලභාවය හෝ ශරීර හැඩතල අව-ලස්සන වීම හෝ වසන් කිරීමට උපක්‍රමික මෝස්‌තර අනුගමනය කරති;

විභාග සමත්වීමට බෝධිපූජා පවත්වන්නා සේ, නඩුහබවලින් පහසුවෙන් ජයගන්නට කට්ටඩින්ගේ/මලයාලම් ගුරුන්ගේ ගුරුකම්වල පිහිට පතන්නා සේ, සියලු දේ පහසුවෙන් අත්පත් කරගන්නටත්, ලස්සන වීමටත් පහසු මාවතක් සොයති;

ක්ෂණිකව හා පහසුවෙන් පොහොසත් වීමට නොකඩවා ලොතරැයි වාසනාව උරගා බලන පරිද්දෙන්ම, මෙතෙක් ලෝකයේ සුව ඔසුවක් සොයාගෙන නොමැති රෝග නිට්ටාවටම සුව කරගැනීමට, (මානසික රෝග වලින් පෙලෙන) කට්ටඩින්ගේ පිහිට යදින පරිද්දෙන්ම ලස්සන වීමටත් පහසු ක්‍රම ඇතැයි විශ්වාස කරති.

බටහිර සමාජවල තරුණ තරුණියන් ස්මාට් වීමට සමබල ආහාර, ව්‍යායාම, නිරෝගීබව හා පිරිසුදුකම, ප්‍රසන්න මානසික තත්ත්වයක් පවත්වා ගැනීම ආදී තමන්ගේ චර්යාවන් පිළිබඳව වඩා සැලකිලිමත් වෙති. එහෙත් අපි ලස්සන වීමටත් පහසු මාවත් තුළින් ආශ්චර්යවත් ප්‍රතිඵල අපේක්ෂා කරමු.

කලාතුරකින් එළඹෙන පූර්ණ සූර්යග්‍රහණයක් වැනි විශේෂ මොහොතකදී හෙවත් අමුතු නැකතකදී වදකහ බීමෙන් ලස්සන විය නොහැකි බව සක් සුදක් සේ දනිමු.

ලස්සන වෙන්නට නම් මහන්සි විය යුතුය ! තමන්ගේ චර්යාවන් සමඟ අරගලයක් කළ යුතුයි !

මවුපියන්ට නොසලකන දරුවන් සමාජයේ ඉහළ තැනක හිටියට වටිනාකමක් නෑ

$
0
0
පෙබ 3, 2020 01:00

දෙනගම පඤ්ඤාලෝක හිමි

බුදු දහමට අනුව මාපිය දූ දරු සබඳතා කෙසේ විය යුතු ද යන්න සාකච්ඡා කරමින් අද ධර්ම සාකච්ඡාව එක් වන්නේ මාතර ශාන්ත තෝමස් විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, හක්මන, දෙනගම ඇතිනිමලාර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති, දෙනගම පඤ්ඤාලෝක හිමිය.

ගුණධර්මවලින් උසස් ලෙස මනස පෝෂණය කරගත් දරුවන් තම මව්පියන්ගේ වටිනාකම හරිහැටි අවබෝධ කරගෙන දරුවකු සතු යුතුකම් හරිහැටි ඉටුකරමින් මව්පියන් සමඟ සතුටින් ජීවත්වෙනවා. ගුණ දහමින් ඈත්ව මනස දූෂිත කරගත් දරුවන් මව්පියන් ගේ වටිනාකම තේරුම් නොගෙන පහත් ක්‍රියාවන්හි යෙදෙමින් තම යුතුකම් පැහැර හරිනවා. ඒ වගේම මව්පියන් වැඩිහිටි නිවාසයක රඳවනවා. එසේත් නැත්නම් මහමඟට ඇද දමනවා. මෙම ක්‍රියාවන් සියල්ලම සිදුවන්නේ දරුවන් නිසා.

 ස්වාමීන්වහන්ස, මව සහ පියා චරිත දෙක බුදු රජාණන් වහන්සේ පිළිගන්නේ කොහොමද?

මනුෂ්‍යයකුට මෙලොව තිබෙන වටිනාම වස්තුව මව්පිය දෙපළ බව බුදුරජාණන් වහන්සේ වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් පෙන්වා දුන්නා. බෝධි සත්ත්වයන් වහන්සේට බුද්ධත්වයට පළමු විවරණ ලබා දුන්නේ මවයි. ‘මාතු පෝෂක’ කතා පුවතේ එය සඳහන් වෙනවා. බුද්ධත්වයට පෙරුම් පිරූ ආත්ම ගණනාවකම උන්වහන්සේ මව සහ පියාට සැලකූ බව ජාතක කතාවලින් පැහැදිලි වෙනවා. බුද්ධත්වයට පත්වූ පසු උන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමකොට මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනාකොට වදාළා. තම පියාණන්ට ජීවිත යථාර්ථය අවබෝධකර දීමට කිඹුල්වත් පුරයට වැඩම කළා. තමන් වහන්සේට පසු වන්දනීයත්වයට සුදුසුකම් ලබන ගෙදර බුදුන් මව්පියන් බව උන්වහන්සේ වදාළා. මව්පිය දෙපළට හිමිවිය යුතු උසස්ම තැන ලබා දී ඔවුන් පූජනීයත්වයෙන් සැලකිය යුතු දෙපළක් බව පෙන්වා දුන්නා. බුදුරජාණන්වහන්සේ තරම් කෘත ගුණ සැලකූ පුද්ගලයකු මෙලොව නැහැ. බුද්ධත්වයට පත්වූ පසුවත් උන්වහන්සේ මව්පියන්ට කෘතගුණ සැලකුවා.

 

මව්පිය දෙපළ කෙසේ අර්ථදැක්විය හැකිද?

මෙලොව බිහිවන ඕනෑම පුද්ගලයකුගේ නිර්මාතෘවරයා මව සහ පියා බව පිළිගත යුතුයි. පිළිසිඳ ගැනීමෙන් පසු දස මසක් කුස හොවා තම දරුවා රැක ගනිමින් පෝෂණය කරන මව ඒ කාලය තුළ අනේක පීඩාවන්ට මුහුණ දෙනවා. තමන්ටත් වඩා තම කුසෙහි සිටින දරුවා ගැන සිතමින් ඇය විශාල කැප කිරීම් කරනවා. ගැහැනියක් විසින් උසුලනු ලබන දරුණුම වේදනාව ඉවසමින් දරුවා බිහිකරන අම්මා, දරුවාගේ හඬින් ලෝකයම දිනුවා සේ සතුටින් පිරී යනවා. එතැන් පටන් ඇගේ ලෝකය දරුවන් වෙනවා. මවක් තම දරුවාට කොතරම් ආදරය කරනවාද කිවහොත් ඇගේ රුධිරය දරුවා වෙනුවෙන් කිරට හැරෙනවා. එම විපර්යාසය තවමත් නවීන විද්‍යාවටවත් සොයාගත නොහැකි දෙයක් වන තරමට ආශ්චර්යයක් වී තිබෙනවා. බිහිකළ මො‍හොතේ සිටම මවගේ ප්‍රාණය තම දරුවන් වන තරමට ඇය ඔවුන්ට ආදරය කරනවා. දරුවකු අසනීප වූ විටක එහි වේදනාව වඩාත්ම දැනෙන්නේ මවටයි. ඇතැම් විට ඇය කුස ගින්නේ හිඳිමින් දරුවාගේ කුස පුරවනවා. ඇය අපහසුතා විඳිමින් දරුවාට පහසුව සලසනවා. මේ සියලුදේම පිටුපස මහමෙරක් මෙන් නොසැලී පියා ඔවුන්ට ආරක්ෂාව දෙනවා. ඇති දැඩි කරනවා. පියා හෙළන සෑම දහදිය බිඳක්ම දරුවාගේ පෝෂණය වෙනුවෙන් හෙළන්නක් බව මතක තබාගත යුතුයි. තම දරුවන්ගේ සෑම අවශ්‍යතාවක් වෙනුවෙන්ම පියා වෙහෙසෙනවා. දරුවකුගේ අනාගතය යහපත් කරන්න මව්පිය දෙපළ නොගන්නා උත්සාහයක් නැහැ. ඔවුන් නිරතුරුවම බලාපොරොත්තුවන්නේ දරුවන්ගේ සතුටයි. දියුණුවයි. දරුවන්ගේ දුකේදීත්, සැපේදීත් එක සේ ළඟින් හිඳින්නේ මව්පිය දෙපළයි. ඒ ඔවුන්ට තිබෙන වටිනාම වස්තුව තම දරුවන් නිසායි. මව සහ පියා ගේ සිත් තුළ දරුවන් කෙරෙහි තිබෙන ළෙන්ගතුකම වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ තරමට ඔවුන් තම දරුවන්ට ආදරෙයි.

 

එසේ දුක් විඳ ආදරෙන් ඇති දැඩි කළ දරුවන් මව සහ පියාගේ වටිනාකම හඳුනාගෙන තිබෙනවාද?

දරුවන් අතරින් බහුතරය තම මව්පියන්ගේ වටිනාකම හඳුනාගෙන තිබෙනවා. සුළු පිරිසක් කළගුණ නොදත් අය මෙන් කටයුතු කරනවා. ඇතැම් දරුවන් තම මව්පියන්ට දේවත්වයෙන් සලකනවා. ඔවුන්ගේ ආරක්ෂාව, පෝෂණය, සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි නිරතුරුව අවධානයෙන් සිටිනවා. තම මව්පියන් නිතර සතුටින් තබන්න උත්සාහ ගන්නවා. එවැනි දරුවන් සමාජයට වාසනාවක් වගේම ආදර්ශයක්. එහෙම නොවන දරුවන් ද සමාජයේ සිටිනවා. ඔවුන් මව්පියන්ට දැඩි දුක්, වේදනා දෙනවා. එවැනි දරුවන් නිසා අසරණ වූ මව්පියන් සමාජයේ විවිධ තැන්වල දකින්න ලැබෙනවා. ඇතැමෙක් වැඩිහිටි නිවාසවල පිහිට පතනවා මෙන්ම සිඟමන් යදිමින් වීථි සංචාරය කරනවා. එවන් අවස්ථාවකට මුහුණ දී සිටින්නේ දරුවන් මෙලොවට බිහිකළ මව්පියන් වීම සෝචනීය තත්ත්වයක්.

 

එක් පිරිසක් තම දරුවන් සමඟ සතුටින් සිටීමටත්, තවත් පිරිසක් දරුවන්ගෙන් ඈත්ව දුකින් සිටීමටත් හේතු වූ කරුණු කාරණා මොනවාද?

දරුවන් තුළ හටගන්නා ආකල්පයන්හි උස් - පහත් භේදය ඊට බලපානවා. ගුණධර්මයන්ගෙන් උසස් ලෙස මනස පෝෂණය කරගත් දරුවන් තම මව්පියන්ගේ වටිනාකම හරිහැටි අවබෝධ කරගෙන දරුවකු සතු යුතුකම් හරිහැටි ඉටුකරමින් මව්පියන් සමඟ සතුටින් ජීවත්වෙනවා. ගුණ දහමින් ඈත්ව මනස දූෂිත කරගත් දරුවන් මව්පියන් ගේ වටිනාකම තේරුම් නොගෙන පහත් ක්‍රියාවන්හි යෙදෙමින් තම යුතුකම් පැහැර හරිනවා. ඒ වගේම මව්පියන් වැඩිහිටි නිවාසයක රඳවනවා. එසේත් නැත්නම් මහමඟට ඇද දමනවා. මෙම ක්‍රියාවන් සියල්ලම සිදුවන්නේ දරුවන් නිසා. එයට හේතුව තමයි ගුණ දහම්වලින් පෝෂණය වීම හා නොවීම, හැට, හැත්තෑව, අසූව වැනි දශකවල සෑම දරුවකුම දහම් පාසල් අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයේ මව්පියන්ට සැලකීම ඉතා උසස් මට්ටමක තිබුණා. අනුව දශකය වන විට ඒ තත්ත්වය මදක් පසුපසට ඇදී ගියා. දෙදහස දශකයේ සිට දරුවන් පාසල් අධ්‍යාපනයට හා උපකාරක පන්තිවලටම පමණක් කොටු වූවා මිස දහම්පාසල වෙත ගියේ නැහැ.

 

දූදරු සබඳතාව හොඳින් පවත්වාගෙන යන සමාජයක් ගොඩනඟන්නේ කොහොමද?

දරුවන්ගේ මනසට අධ්‍යාපනය වගේම ආධ්‍යාත්මිකයත් ලබා දිය යුතුයි. ආර්ථිකයෙන් පොහොසත් වනවා මෙන්ම ගුණ දහමින් පොහොසත් කිරීමද අවශ්‍ය වෙනවා. පාසලට මෙන්ම පන්සලට ද දරුවා සමීප වීම මගින් මේ කාර්යන් දෙකම සිදු වෙනවා. මව්පියන්ට නොසළකන දරුවා සමාජයේ කොතරම් උසස් තලයක සිටියත් වටිනාකමක් නැහැ. කවදා හෝ ඔවුන්ට අත්වන ඉරණමත් ඒකමයි. වේලක් හැර වේලක් කා බී හෝ තමන්ගේ මව්පියන්ට සළකන තැනැත්තා සමාජයේ කිනම් තලයක සිටියත් ඔවුන් ඉතා උසස් ගණයේ පුද්ගලයන් වෙනවා. යමෙක් තම මව්පියන්ට සළකන ආකාරයටම ඔවුන්ගේ දරුවන්ගෙන්ද සැලකුම් ලැබීම සිදුවෙනවා. එය ‍ලෝක ධර්මතාවයයි. දරුවකු බිහිකර ඇති දැඩි කිරීමට කොතරම් උත්සාහයක්, කැපකිරීමක් කළ යුතුදැයි ඒ දරුවාද මව්පිය පදවියට පත්වූ පසු වැටහේවි. එසේ නොවැටහෙන දරුවන්ද සිටිනවා. ඔවුන් කොතරම් අවාසනාවන්ත, පව්කාරයන්ද කියල කෙදිනක හෝ ඔවුන්ට ම වැටහේවි.

 

සටහන - නිශාන් මෙන්ඩිස්

නිවනට යන මඟ

$
0
0
පෙබ 3, 2020 01:00

භාග්‍යවතුන් වහන්සේ අපට නිතර නිතර සිහිය උපද්දවලා දෙනවා, වීරිය උපද්දවනවා, උනන්දු කරවනවා, වහ වහා කළයුතු දේවල් ගැන මතක් කරලා දෙනවා. ප්‍රමාද වෙන්ට නුසුදුසු දේවල් ගැන අපට අවධාරණය කරනවා. කොයිතරම් අපට ඒ කරුණු ගැන උනන්දුව ඇති කරනවාද කිව්වොත් වෙනත් කිසියම් කටයුත්තක් වැදගත් සේ නොසළකා කළයුතු දේවල් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්වහන්සේලාගෙන් අසා සිටිනවා, “මහණෙනි, යම් පුද්ගලයෙක් ඉන්නවා එයාගේ හිස ගිනි ගන්නවා. හිසට ගිනිගත්තා ම ඒ පුද්ගලයා කළ යුත්තේ කුමක් ද? කියලා.

භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙනවා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, යම් පුද්ගලයෙකුගේ හිසට ගිනිගත්තොත් ඒ පුද්ගලයා වහාම ඒ ගින්න නිවාගැනීම පිණිස කටයුතු කරන්ට ඕන. ඒ ගින්න නිවා ගැනීම පිණිස දැන් ඇති කියලා හිතෙන්නේ නැති කැමැත්තක්, වීරියක්, ඉතා දැඩි උත්සාහයක් ඇති කරගන්ට ඕන” කියලා. ඒ ගින්න නිවාගත්තාට පස්සේ ඒ වීරිය, කැමැත්ත ඉවරයි නේද? ගින්න නිවාගත්තා ම, ප්‍රධාන අර්බුදය, භයානක අර්බුදය විසඳිලා. ගින්න නිවාගන්නා තෙක්, “දැන් ඇති, අනේ දැන් බෑ. පස්සේ කරන්නම්” එහෙම හිතලා පුළුවන් ද? බෑ. එහෙම නොසිතා ඉතාම බලවත් කැමැත්තක් උපදවාගන්ට ඕන, වෑයම් කරන්ට ඕන, වීරිය කරන්ට ඕන, බලවත් වීරියක් කරන්ට ඕන කියලා ඒ භික්ෂූන් පිළිතුරු දෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, යම් පුද්ගලයෙක්ගේ හිසට ගිනිගත්තොත් ඒ ගින්න නිවාගන්ට ඒ පුද්ගලයා කටයුතු කරන්නේ යම් සේ ද, ඒ වගේ ඔබ බලවත් කැමැත්තක් ඇති කරගත යුතුයි, බලවත් වෑයමක් ඇති කරගත යුතුයි, ‘දැන් ඇති’ කියලා නවත්වන්නේ නැතිව වීරිය කළ යුතුයි, අධිමාත්‍ර වීරියක් කළ යුතුයි. සක්කාය දිට්ඨිය දුරු කරගැනීමට” කියලා භාග්‍යවතුන් වහන්සේ අවවාද කරනවා. නුවණ තියෙන කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මේ කරුණ සංශෝධනය කරලා, කරුණු දක්වලා, එහි වැදගත්කම අඩුකරන්ට හෝ තව යමක් එකතු කරලා සංශෝධනය කරන්ට බෑ කාටවත්. ඒ කරුණ එතරම් ම පරිපූර්ණයි. අර්ථ සහිතයි.

‘එයමයි කළ යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයින් මෙපිට කළයුතු දෙයක් නෑ. කළයුතු දේ මෙයම යි’ කියලා නුවණැති, ප්‍රඥාවන්ත, නිහතමානී පුද්ගලයා, තමාට හිත පිණිස අනුන්ට හිත පිණිස කටයුතු කරන කෙනා, භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව දැකපු හඳුනගත්තු කෙනා ඒක පිළිගන්නවා. සාදුකාර දීලා පිළිගන්නවා. ‘භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් නේද මේ ප්‍රකාශය කරන්නේ’ කියලා භාග්‍යවතුන් වහන්සේ ගැන මහා සෙනෙහසක්, ආදරයක්, ගෞරවයක් එයාගේ හිතේ උපදිනවා. ඒ විදිහේ අදහසක් ඇති කරගත්ත කෙනා තථාගතයන් වහන්සේ කෙරෙහි නැමුණු සිතක් උපදවාගත්ත කෙනෙක්. ඔහු භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කිරීමට ප්‍රමාද කරගනියි ද? කවදාවත් ප්‍රමාද වෙන්නේ නෑ.

එයාට කරන්ට තියෙන අනෙකුත් දේවල් දෙවැනි, තුන්වැනි, නොවැදගත්, අවශේෂ දේවල් බවට පත්වෙනවා. එයාට සැබෑම අනතුර ඉස්මතු වෙලා පේනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි ‍මම මේ ධර්මය බෙද ‍බෙදා පෙන්වා තිබෙනවා. ඉස්මතු කරලා පෙන්වා තිබෙනවා. විවෘත කරලා පෙන්වා තිබෙනවා. එලෙස ධර්මය කියා දීම ප්‍රමාණවත් කියලා වීරිය ඇතිකරගන්න. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධ වචනය අපට වීරිය ඇති කරගන්ට ප්‍රමාණවත් නේද? ඒ විදිහට ධර්මය අහලත් අපි වීරිය උපදවා නොගත්තොත්? භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා, “මහණෙනි මං මේ විදිහට පෙන්වා දෙද්දීත් යමෙක් වීරිය උපදවා ගන්නේ නැත්නම් මම මොකද කරන්නේ” කියලා. බලන්න භාග්‍යවතුන් වහන්සේ කොතරම් උනන්දුවක් ගන්නවාද දෙවි මිනිසුන් භයානක අනතුරෙන් නිදහස් කරගැනීමට.

භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දෙන මේ භයානක අනතුර මොකක් ද? ස්වල්ප කලකින් අපි කලුරිය කරනවා. කලුරිය කරනකොට නිදහස්වෙලා නොසිටියොත් සතර අපායට වැටෙන ඉඩකඩ බහුලයි. කලුරිය කරද්දී අපායෙන් නිදහස් වෙලා නම් අපට අනතුරක් නෑ. එහෙනම් තේරුම්ගන්න සසරේ සැරිසරන සත්ත්වයාට තිබෙන භයානක බිහිසුණු ඉතාම දුක් සහිත අතිශයින් සංවේගජනක අනතුර මොකක් ද? සතර අපායට වැටෙ එක. අපට ඒ අනතුර ගැන හිතලා, කතා කරලා, සීමා කරන්ට බැ. ඒ අනතුර ගැන විස්තරකරලා ඉවර කරන්ට බෑ.

ඒ වගේම තමයි ඒ අනතුර කිසි කලෙකත් ප්‍රත්‍යක්ෂ නුවණින් හඳුනාගත ‍නොහැකියි. ප්‍රත්‍යක්ෂ කරලා ඒක අවබෝධ කරන්ට බෑ. ඒ උත්සාහය හිස් දෙයක්. එහෙමනම් නිරයෙන් නිදහස් වීම පිණිස ප්‍රත්‍යක්ෂ ඤාණය නෙමෙයි උපයෝගී කරගන්නේ. අපි කෑමක් අනුභව කරනවා. දිවෙන් ‘රසයි’ කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක අනුභව කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ නුවණ. භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දෙනවා දන්දීම පින උපදින දෙයක්. දන් දීමේ ආනිශංස මේවා කියලා පෙන්වා දෙනවා. දන් දෙන කෙනා, පිරිස අතර ජනාදරයට පාත්‍ර වෙනවා. එයා ගැන කීර්තියක් පැතිරෙනවා. භවභෝග සම්පත් ඉපදෙනවා. සතුට ඇතිවෙනවා. ඒ දන් දීමේ මෙලොව ආනිශංස. ඒවා ප්‍රත්‍යක්ෂ නුවණින් දකින්ට පුළුවන්. නමුත් දන් දෙන කෙනා දිව්‍යලෝකයේ උපදිනවා කියන කරුණ ප්‍රත්‍යක්ෂයෙන් නෙමෙයි අවබෝධ කරන්නේ. මොකක්ද ඒකට උවමනා කරන්නේ? ශ්‍රද්ධාවයි.

එහෙනම් නිරයෙන් නිදහස් නොවුන කෙනා, මර‍ණයෙන් මත්තේ නිරයේ ඉපදෙන ඉඩකඩ වැඩියි කියන දේ අපි ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරගන්න එකක් ද? නෑ. ඒ සඳහා තියෙන්ට ඕන ශ්‍රද්ධාවමයි. ශ්‍රද්ධාව කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, යම් කෙනෙක් සතර අපායෙන් නිදහස් ව‍ුණොත්, එයා නිදහස් වෙච්ච දුක් ගොඩ හිමාල පර්වතය වගේ කියලා. එයාට නිදහස් වෙන්ට තියෙන්නේ පුංචි වෙරළු ගෙඩියක ප්‍රමාණයේ ගල් කැට හතක් වගේ දුක් ටිකක් කියලා. හිමාල පර්වතය වගේ දුක් ගොඩකින් නිදහස් වෙලා.

ඒ නිසා ශ්‍රද්ධාව මුල් කරගෙන සතර අපායේ අනතුර හඳුනාගන්න. ඒ වගේම ශ්‍රද්ධාව මුල්කරගෙනම ප්‍රත්‍යක්ෂ නුවණින් දකින්ට පුළුවන් ධර්මයන් තියෙනවා. ඒ ධර්මයන් දකිමින් තමයි සතර අපායෙන් නිදහස් වීම පිණිස ධර්මය පුරුදු කරගන්ට තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් අපි පිළිගන්ට ඕන ‘අපාය නම් වූ භයානක, බිහිසුණු, දුක් සහිත අනතුර මේ සත්වයාට තියෙනවා. අපට තියෙනවා. ඉන් නිදහස් නොවුණ කෙනා මරණින් මත්තේ එහි ඉපදෙන්ට තියෙන ඉඩකඩ වැඩියි’ කියලා. එසේ පිළිඅරගෙන, එයින් නිදහස් වීම පිණිස ප්‍රත්‍යක්ෂ නුවණින් දැක දැක පුරුදු කළයුතු ධර්මයන් තියෙනවා. ඒවා පුරුදු කරන්න. එතකොට සතර අපායෙන් නිදහස් වෙනවා. එබඳු ධර්මයන් අප්‍රමාදීව පුරුදු කරගෙන සතර අපායෙන් සදහටම නිදහස් වෙන්ට සියලු දෙනාට ම දුර්ලභ භාග්‍යය උදාවේවා!

පූජ්‍ය නාවලපිටියේ ආරියවංශ ස්වාමීන් වහන්සේ

ලීලා පංචාංග ලිත මල්වතු මහ නා හිමිට පිළිගැන්වේ

$
0
0
පෙබ 3, 2020 01:00

කොළඹ 13, ලීලා මුද්‍රණ පෞද්ගලික සමාගම මුද්‍රණයකළ 2020 නව පංචාංග චිත්‍ර සහිත දින දසුන එම මුද්‍රණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. දේශබන්ධු මහතා විසින් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන්ට පිළිගැන්වීය.

 

 

කොරයාවත්ත වැඩිහිටි සමිතියේ ධර්ම දේශනය

$
0
0
පෙබ 3, 2020 01:00

හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිතිය සංවිධානය කළ ධර්ම දේශනයක් කොරයාවත්ත දිවිසරණ සමිති ශාලාවේදී පැවැත්විණි. හලාවත ශ්‍රී විජයාරාමවාසී ආචාර්ය හල්මිල්ලගොල්ලේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනය පවත්වන ලදී. එහිදී සමිතියේ භාණ්ඩාගාරික කුසුමා අබේසිංහ මහත්මිය උන්වහන්සේට ගිලන්පස පිළිගැන්වූ අවස්ථාව.

අතුකෝරළ යූ. ගුණපාල

කලාශිල්පි සෝමසිරි දෙහිපිටිය සමරා පින්කමක්

$
0
0
පෙබ 3, 2020 01:00

මෙයට වසර 38කට පෙර අභාවප්‍රාප්ත වූ සම්මානනීය ප්‍රවීණ සිනමා රංගන ශිල්පි සෝමසිරි දෙහිපිටිය කලාකරුවාණන්ගේ 87 වන ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් ගරුතර මහා සංඝරත්නය වෙත අෂ්ඨ පරිෂ්කාර සහිත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ පින්කමක් ඔහුගේ බිරිඳ රූපා දෙහිපිටිය මහත්මියගේ මූලිකත්වයෙන් 26 වන දින සිදු කෙරිණි. දෙහිපිටිය පවුලේ ඥාතීන් හිතවතුන් ප්‍රවීණ කලාකරුවන් කලාකාරිණියන් පුවත්පත් කලාවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

වීරකැලේ යූ.එස්. සී. යොවුන් සමාජයේ ලේ දන්දීමේ පින්කම

$
0
0
පෙබ 3, 2020 01:00

හලාවත - කරවිටාගාර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති බටවල ලක්ඛණ හිමිගේ අනුශාසනා පරිදි වීරකැලේ යූ.එස්. සී. යෞවන සමාජයේ සාමාජික, සාමාජිකාවන් එක්ව සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා වීරකැලේවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්විණි. (2020.01.14) එම ලේ දන්දීමේ වැඩසටහනේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

මාදම්පේ සමූහ ඒ.පී. ගුණරත්න

 


දිනාගත යුතු සැබෑ නිදහස

$
0
0
පෙබ 4, 2020 01:00

ශ්‍රී ලංකාව  සම්බන්ධයෙන් නව යටත්විජිතවාදී  බලවතුන්ට ඇති අවධානය හා උනන්දුව සළකන විටද වඩාත් වැදගත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ  භූගෝලීය පිහිටීමයි. මෙම කලාපය තුළ ස්වකීය ආධිපත්‍ය පවත්වා ගැනීමේදී එම පිහිටීම ක්‍රමෝපායිකව කොපමණ වැදගත්ද යන්න ඔවුහු මනාව දනිති.

නිදහසේ සැබෑ අරුත,මනුෂ්‍යයාට නිසර්ගයෙන්ම උරුම අභිමානය රැකගනිමින් ඔහු හෝ ඇය සතු කුසල හා විභවතා විකසිත කොට වර්ධනය කර ගනිමින් සතුට අත්කර ගැනීමට ඉවහල්වන දේශපාලන, ආර්ථික, සමාජයීය හා සංස්කෘතික කොන්දේසි සමුදායක එකතුවක් යනුවෙන් කිව හැකිය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතුට යනු පරම ධනය බවය. ඇරිස්ටෝටල් කීවේ මනුෂ්‍යයන්ගේ ඒකායන අරමුණ සතුට අත්කර ගැනීම බවය. වර්ෂ 1776 දී නිකුත් වූ අමෙරිකානු නිදහස් ප්‍රකාශනයේ ආරම්භක වාක්‍යයෙන් කියැවෙන්නේ ද මිනිසාට වැටුම්කරුවාණන් දායාද කරදුන් සතුට හා නිදහස අතර ඇති සබැඳියාව ගැනයි. ජීවත්වීමට තරම් ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර සෞඛ්‍ය, ඇඳුම් පැලඳුම්, නිවාස මෙන්ම යහපත් පරිසරයක් ඒ සඳහා අවශ්‍යය. සතුට හැරුණු විට තවත් අතුරු කාරණා ද තිබේ. කෙසේ වුවද සතුට අත්කර ගැනීමට වඩාත් අවශ්‍ය කරන්නේ නිදහසයි. 15 වැනි සියවසේදී පමණ අලුත් සමාජ ක්‍රමයක් බිහිවිය. එහි මුඛ්‍ය පරමාර්ථය අසීමිත ධනෝත්පාදනයයි. එය ඊට පෙරද සිදුවුවද ප්‍රබලව මතුවූයේ මේ අවදියේදීය. 15, 16 සියවස්වලදී ධනවාදය සමාජයේ කිඳාබැස්සේ ධනේශ්වර ක්‍රමය යනුවෙනි.

අධිරාජ්‍යයේ අර්බුදය

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, ආදී ඉහළ ආර්ථික වර්ධනයක් ගොඩනඟාගත් රාජ්‍ය ඊට සමගාමීව ඒ වෙනුවෙන් ප්‍රභවය වූ මූලාශ්‍ර පාලනයට කුමන්ත්‍රණ යෙදීය. මේ රටවල් අතළොස්ස ස්වකීය ආර්ථික වර්ධනය පවත්වා ගැනීම පිණිස දැවැන්ත මිලිටරි බලයක් යොදාගනිමින් සෙසු රටවල් ආක්‍රමණය කළ අතර යටත්විජිත වශයෙන් ඒවා පාලනය කරන්නට පටන්ගත්තේය. එකී අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීමට සෙසු රටවලට සිදුවිය. අධිරාජ්‍යවාදී බලවතුන් අතළොස්සක් විසින් රටවල් සියගණනක ජනයාගේ සතුට අත්කරගැනීමට ඉවහල්වන කොන්දේසි ඔවුන්ට අහිමි කෙරිණි. ඒ රටවල් ජනයාගේ ජීවිත පාලනය කළේ මේ බලවත් රටවල් අතළොස්ස විසිනි.

ඉතිහාසයේ එකී අමිහිරි සත්‍ය යටපත්කර දැමීම වෙනුවෙන් ඔවුන් මත යැපුණු නොයෙක් පැලැන්තිවල පුද්ගලයන් කලාකරුවන්, පූජක පක්ෂය, මාධ්‍යකරුවන් ආදී විවිධ පිරිස් කටයුතු කළහ.

යටත්විජිත පාලනය කරමින් අධිරාජ්‍යවාදීන් ලෙස පෙනීසිටි රටවල ආර්ථික පරිහානිය ඇරඹෙන්නට පටන්ගැනීමත් සමඟ 18 වැනි සියවස අගභාගයේ පමණ සිට ලෝකය බෙදාගැනීම සඳහා එකිනෙකා අතර සටන් ඇතිවිය. යටත්විජිත රටවල ජනයාද ස්වකීය නිදහස වෙනුවෙන් අරගල කිරීමට පටන් ගත්හ. මෙවැනි ප්‍රතිරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස, දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වෙමින් තිබියදී අධිරාජ්‍යවාදී ක්‍රමයේ පරිහානිය හා කඩාවැටීම ආරම්භවී තිබිණි. යටත්විජිත රටවල් නිදහස ලැබීමද ඒ සමඟ ආරම්භවිය. ස්වකීය ලෝක ආධිපත්‍ය ගිලිහීයාමට ඉඩ නොදී තවදුරටත් පවත්වාගැනීම පිණිස මේ බලවත් රටවල් කළේ අමෙරිකාවත් සමඟ හවුල්වෙමින් සමස්ත ලෝකයටම තමන්ට රිසිලෙස හැසිරවීමට සැලසුම් යෙදීමය.

දෙවැනි ලෝක සංග්‍රාමය නිමාවෙද්දී ලොව අංක එකේ ආර්ථික බලවතා බවට පත්ව සිටියේ, අමෙරිකාවය. යටත්විජිත ලෙස පැවැති රටවල් නිදහස ලැබූවද යටත්විජිත හාම්පුතුන් කළේ තම ආධිපත්‍ය තවදුරටත් පවත්වාගැනීම වෙනුවෙන් නව උපකරණ භාවිත කිරීමය. ඒමඟින් ඒවා තවදුරටත් තම අණසකට නතුව තබාගැනීම අරමුණු කෙරිණි.

බටහිර නූල් සූත්තර

නිදහස ලැබූ රටවලට තමන්ට අභිමත පරිදි දේශපාලන, ආර්ථික බලයක් බිහිකරගැනීමට ඉඩ නොලැබෙන බවට ඔව්හු වගබලාගත්හ. එක් උදාහරණයක් නම් 1952 දී ඉරාන තෙල්සම්පත ජනසතු කිරීමට කටයුතුකළ මොසැඩන්ට අත්වූ ඉරණමය. 1953 දී CIA සැලසුම් මඟින් ඔහු බලයෙන් පහකළ අතර ෂා රේෂා පාලන බලයට රැගෙන ආවේය. ඉරාන විප්ලවය මඟින් බලයෙන් පහ කෙරුණේ මේ කුප්‍රකට ෂා රජුය. රටවල් පමණක් නොව ජාත්‍යන්තර සංවිධාන පවා සිය අණසක යටතේ මෙහෙයවීමට මේ බලවත් රටවල් අතළොස්ස වගබලාගත් අයුරු පැහැදිළි වේ. ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදිය පමණක් නොව ආචාර ධර්මපවා සෙසු රටවල් මත පැට‍වීමට ඔවුහු වගබලාගත්හ. අලුත නිදහස ලැබූ රාජ්‍යවල බලයට පත්වූ අධිරාජ්‍ය ගැති පාලක පංතිය හා එකී පැලැන්තියට අයත් නියෝජිතයන් කළේ මේ පැරැණික්‍රමය ඉදිරියට ගෙනයාමය.

ලෝකය ස්වකීය ග්‍රහණයට මුළුමනින් නතුව පවත්වාගැනීම පරිපූර්ණත්වයට පත්කරගැනීමට ඔවුන්ට නොහැකිවූයේ, සෝවියට් දේශය වැනි විකල්ප බලවේගවල ක්‍රියාකාරිත්වය නිසාය. සෝවියට් දේශයේ නැඟීම විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ රටවලට ආශිර්වාදයක් වුවා මෙන්ම විශ්වාසයක්ද ඇතිකළේය.

1980 දශකය අගදී බර්ලින් තාප්පය බිඳ වැටීමත් සමඟ සෝවියට් සංගමයේ බිඳවැටීමද සිදුවූයේ පැරැණි යටත්විජිත බලවතුන්ට යළිත් තමන්ට අභිමත පරිදි ලෝකය ග්‍රහණය කර ගැනීමට ඉඩ සළසමිනි. අමෙරිකාව සුපිරි බලවතා බවට පත්විය. නව ලිබරල් ආකෘතියට ගැලපෙන අයුරින් ලෝක ආර්ථිකය හැසිරවීමට පටන් ගත්තේය. එම මාවතෙන් පිටපැනීමට වෑයම්කළ රටවලට මෙන්ම ස්වාධීන මාවතක් පාදාගැනීමට උත්සාහ කළ රටවලට ඊට ඉඩ නොතැබිණි. සිරියාව, ලෙබනනය, ඉරාකය වැනි රටවලට එරෙහිව මිලිටරිබලය යෙදවුණේ නග්න අයුරිනි. අනෙක් අතට රටවල මැතිවරණ ක්‍රියාවලීන්ට පවා මැදිහත්වෙමින් තමන්ට අවනතව පවත්වා ගත හැකි ආණ්ඩු නිර්මාණය කිරීමට මුල්විය. අවනත භාවයේ තබා ගැනීමට නොහැකි ආණ්ඩු බලයෙන් පහකිරීම සඳහා බුද්ධිමතුන්, මාධ්‍යවේදීන්, වෘත්තිකයන් වැනි නොයෙක් පිරිස් යොදාගත්හ. වර්ණ හා ගැටුම් ඇති කළේය. 2015 දී මෙරට සිදුවූ දේශපාලන විපර්යාසයද එවැන්නක් වූ අතර මංගල සමරවීර හිටපු ඇමැතිවරයා එය හැඳින්වූයේ ‘දේදුනු විප්ලවය’ යනුවෙනි.

කාරණා තුනක්

වෙනිසියුලාවේ ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයා සිටියදී තමන් විසින්ම ජනාධිපති වශයෙන් ප්‍රකාශයට පත්කළ හුවාන් ගුවයිඩෝ නමැත්තා ජනාධිපති වශයෙන් පිළිගන්නා බව අමෙරිකාව කියා සිටියේ පැය 24ක් ගතවීමටත් කලිනි. අමෙරිකාවත් සමඟ තවත් රටවල් කිහිපයක් ඊට එක්විය. මතුපිටින් ඔවුන් පෙන්නුම් කරන්නේ තම මැදිහත්වීම ඒ රටවල ජනයා වෙනුවෙන් සිදු කෙරෙන්නක් වශයෙනි. එහෙත්, යථාර්ථය ඊට වෙනස්ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යටත්විජිතවාදී බලවතුන්ට ඇති අවධානය හා උනන්දුව සළකන විටද වඩාත් වැදගත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමයි. මෙම කලාපය තුළ ස්වකීය ආධිපත්‍ය පවත්වා ගැනීමේදී එම පිහිටීම ක්‍රමෝපායිකව කොපමණ වැදගත්ද යන්න ඔවුහු මනාව දනිති. අමෙරිකානු හමුදා ප්‍රධානියකු වන අද්මිරාල් හැරී හැරිස් මේ බව පැහැදිලි කළේ තමන්ට මේ රට වැදගත් වීමට ප්‍රධාන කාරණා තුනක් බලපාන බව දක්වමිනි. පළමු කාරණය පිහිටීමය. දෙවැනි කාරණයද පිහිටීම වන අතර තුන්වැනි කාරණයද පිහිටීමය.

චීනයේ බලපෑම්

ලෝකයේ මීළඟ ආර්ථික බලවතා වශයෙන් නැඟී එන චීනය ඉන්දු - පැසිෆික් කලාපයේ සිදුකරන ක්‍රියාකාරකම් අමෙරිකාව හා බටහිර බලවතුන්ට නොරිසිවීමද මේ අනුව පැහැදිලි කරගත හැකිවේ. චින ජනාධිපති ෂී ජිංග් පිංග්ගේ සමුදුරු සේද මාවත, එක්තීරයක් එක් මාවතක් සංකල්පය පිළිබඳ ඔවුන්ට ඇති උනන්දුව හා අවධානය ද ඒ ඔස්සේ පැහැදිලිය. ශ්‍රීලංකාවේ යහපාලන ආණ්ඩුව සිය පාලනයේ අවසන් භාගයේදී රැගෙන ඒමට වෑයම් කළ ඇක්සා, සෝෆා, එම්.සී.සී. වැනි ගිවිසුම් හා සම්මුතිවල හරය හා අභිප්‍රායද එලෙසම තේරුම්ගත හැකිවේ.

අමෙරිකාව හා චිනය අතර ඇතිවන වෙළෙඳ යුද්ධයක් (Trade War) සැබෑ යුද්ධයක් වනු ඇතැයි කීවේ හෙන්රි කිෂ්න්ජර්ය. මෑතකදීද දෙරට අතර එවැනි වෙළෙඳ යුද්ධයක අවදානමක් ඇතිවිය . මෙබඳු පසුබිමක අප සිටින තැන, එනම් අපේ භූගෝලීය පිහිටීම පැහැදිළි කරගැනීම අසීරු නොවේ.

ශ්‍රී ලංකාව 72 වෙනි නිදහස සමරද්දී නිදහසේ සැබෑ අරුත අපි යළි සිහිපත් කළ යුතුවෙමු. සැබෑ නිදහස දිනාගැනීම යනු ආර්ථික ස්වාධීනත්වය ඇති කරගැනීමය. එය කළ හැක්කේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙනි. ආර්ථික සංග්‍රාමය ජයගැනීමට නම් ජනකොටස් අතර සමඟියද තහවුරුවිය යුතුය. මේ අරමුණු දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගත යුත්තේ රජයයි. ජනතාව විසින් තෝරා පත්කරගන්නා ලද අභිනව ජනාධිපතිවරයා එකී අභියෝග ජයගන්නා මාවතට රට යොමුකරමින් ඇති බව පෙනෙන්නට තිබේ. කෙටි කාලසීමාවක් තුළ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රජය දියත්කළ වැඩපිළිවෙළ වඩා ශක්තිමත්ව හා අධිෂ්ඨානශීලීව පෙරට ගෙනයාමට ක්‍රියා කිරීම මඟින් අර්ථපූර්ණ නිදහසක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට හැකිවනවා ඇත.

 

පුරන් නොකළ යුතු සංකල්පයක්

$
0
0
පෙබ 4, 2020 01:00

නව පර්යේෂණ ඔස්සේ වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග හඳුන්වා දීම තුළින් අදාළ ඉලක්ක වෙත ළඟා වීමට හැකියාව ලැබුණද වගා නොකරන කුඹුරු ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ ගියේය.අද වන විට කුඹුරු හෙක්ටයාර් එක් ලක්ෂ අටදහසක් පමණ පුරන් තත්ත්වයට පත්ව තිබේ. මේවායින් වී වගා කළ හැකි තත්ත්වයෙන් පවතින්නේ හෙක්ටයාර් 40,000 ක් පමණක් බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි. අතහැර දමා තිබෙන කුඹුරු නැවැත වගා කිරීමටත් වී වගා කළ නොහැකි පුරන් කුඹුරු වල ස්ථිර බෝග වගා නොකර තාවකාලික බෝග වගා කීරීමටත් රජය අවසර ලබාදී තිබෙන්නේ මෙම පසුබිම තුළය.

කෘෂිකාර්මික රටක් වන ශ්‍රීලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් තවමත් නරතව සිටින්නේ යැපුම් කෘෂිකර්මාන්තයේය.වැසි වාරි ජලය භාවිත කොට අනාදිමත් කාලයක පටන් අපි වී වගා කළෙමු.මෙරට පාලන බලය අල්ලා ගත් විදේශීය සුදු ජාතිකයින් ශ්‍රීලාංකකයින් මාස හයක් වෙහෙස වී වැඩකර මාස හයක් කිසිවක් නොකර සිටින බව ප්‍රකාශ කළත් එය වැරදි නිගමනයකි.අපගේ ජීවන ක්‍රමය දාර්ශනික මෙන්ම වැදගත් එකකි.කෘෂි රාසායන භාවිත නොකොට වගා කළ අපට කෘෂිකාර්මික වැඩකටයුතු වලට යොදා ගත හැකි මහා සත්ත්ව බලයක් තිබිණි.මාස හයක කාලයක් කුඹුරු වගා කළ දේශිය ගොවියන් ඉතිරි මාස හයේ කළේ ගොඩ වගාවයි.ඒ හේන් වගාවද සමඟය.මේ නිසා අපට අංග සම්පූර්ණ පෝෂණ ගුණයක් ලබා ගැනීමට හැකියාව ලැබිණි.වකුගඩු,පිළිකා රෝග වැනි බරපතළ රෝගවලින් තොරව අපට ජීවත් වීමට පසුබිම නිර්මාණය වූයේ මේ වගා ක්‍රම හේතුවෙනි.වෙහෙස මහන්සි වී වැඩ කිරීමත් පෝෂණ ගුණයෙන් යුතු ආහාර ගැනීමත් නිසා එදා අප රටේ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගද අද මෙන් දක්නට නොලැබිණි.

මෙරට කෘෂිකර්මාන්තය එක් එක් කාල වකවානුවලදී වර්ධනය වීමටත් කඩා වැටීමටත් ලක්විය. එයට හේතු වූයේ ඒ ඒ කාලවල බලයේ සිට ආණ්ඩු විසින් ගන්නා ලද තීන්දු තීරණ ය. හතළිහේ දශකය තුළ අපට නිෂ්පාදනය කර ගැනීමට හැකිවූයේ මෙරට සහල් අවශ්‍යතාවයෙන් 40 % ක පමණ ප්‍රමාණයකි. නිදහස ලැබීමෙන් පසු මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා ගොවි ජනපද ව්‍යාපාරය ඔස්සේ මෙරට කෘෂිකර්මාන්තයේ විශාල නවෝදයක් ඇති කළේය. එහි ප්‍රතිපලයක් ලෙස දේශීය සහල් අවශ්‍යතාවෙන් 60% ක පමණ ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට අපට හැකිවිය.

වසර 2010 පමණ වනවිට අපට සහලින් ස්වයංපෝෂිත වන්නට හැකියාව ලැබිණි.

 

වී වෙනුවට වෙනත් භෝග

 

නව පර්යේෂණ ඔස්සේ වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග හඳුන්වා දීම තුළින් අදාළ ඉලක්ක වෙක ළඟා වීමට හැකියාව ලැබුණද වගා නොකරන කුඹුරු ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ ගියේය.අද වන විට කුඹුරු හෙක්ටයාර් එක් ලක්ෂ අටදහසක් පමණ පුරන් තත්ත්වයට පත්ව තිබේ. මේවායින් වී වගා කළ හැකි තත්ත්වයෙන් පවතින්නේ හෙක්ටයාර් 40,000 ක් පමණක් බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි. අතහැර දමා තිබෙන කුඹුරු නැවැත වගා කිරීමටත් වී වගා කළ නොහැකි පුරන් කුඹුරු වල ස්ථිර බෝග වගා නොකර තාවකාලික බෝග වගා කීරීමටත් රජය අවසර ලබාදී තිබෙන්නේ මෙම පසුබිම තුළය.

මෙරට වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 750000 කි.2018 වසරේදී යල හා මහ කන්නවලදී මෙට්‍රික් ටොන් තිස්නව ලක්ෂ විසිනව දහස් අටසිය තිස් එකක අස්වැන්නක් ලැබුණු අතර 2017 එම අගය මෙට්‍රික් ටොන් විසිතුන් ලක්ෂ අසූතුන් දහස් එකසිය පනස් තුනකි.

මේ අනුව වසර 2017 ට සාපේක්ෂව 2018 දී අස්වැන්න මෙට්‍රික් ටොන් පහළොස් ලක්ෂ හතළිස් හය දහස් හයසිය හැත්තෑ අටකින් ඉහළ ගොස් තිබේ. නව රජය බලයට පත්වීමත් සමඟ නගර හා ගම්මානවල පාලුවට ගොස් තිබූ තාප්පවල සිතුවම් ඇඳීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ තරුණ ප්‍රජාවගේ දායකත්වයෙනි. ඒ සමඟ පුරන් කුඹුරු අස් වැද්දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට තරුණ ප්‍රජාව සමාජ මාධ්‍යය ඔස්සේ කටයුතු කරමින් සිටිති. වී වගාකර අත්හැර දැමූ කුඹුරුවල වෙනත් භෝග වගා කිරීමට අවසරයක් නොතිබීම නිසා බොහෝ දෙනෙකු කළේ ඒවා වල් වැදීමට ඉඩ හැරීමය. වී වගාව ප්‍රායෝගිකව ඉතා අසීරු වීම මෙයට බෙහෙවින් බලපෑවේය. රජය ගත් නව පියවරත් සමඟ වී වගාව වෙනුවට වෙනත් බෝග එම ඉඩම්වල වගා කිරීමට අවස්ථාව හිමිවන අතර ගොවිකම් අතහැර සිටින පිරිස් යළි ගොවිතැනට පිවිසීමට මෙය හේතුවනු ඇත.

දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට නම් දේශපාලන නායකයින් ඍජු තීන්දු ගත යුතුය. පාලකයින් ව්‍යාපාරිකයාගේ පැත්තට වඩා ගත යුත්තේ ගොවියාගේ පැත්තය. එහෙත් අවාසනාවකට මෙරට පාලකයින් බොහෝ විට ගෙන තිබෙන්නේ ව්‍යාපාරිකයින්ගේ පැත්තය.

මේ නිසා දේශීය කෘෂිකර්මාන්තය යම් ආකාරයකින් පසු බැසීමට ලක්විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ දේශීය නිෂ්පාදන දිරි ගැන්වීම පිණිස අපනයන ආදේශන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහි විනාශය ආරම්භ වූයේ ජේ.ආර් ජයවර්ධන ජනපතිවරයා නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමඟය. විවෘත ආර්ථික වැඩපිළිවෙළත් සමඟ එදා ගිලිහී ගිය දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන අද යළි පණ ලබමින් තිබේ.

යළි පණ දියයුතු උපදේශනය

 

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථිකය දියුණු කිරීමට නම් දේශිය සම්පත් වලින්උපරිම ප්‍රයෝජන ලබාගත යුතුය යන ස්ථාවරයේ පිහිටා කටයුතු කරනු ලබයි. පුරන් කඹුරු වීවලින් හෝ වෙනත් භෝග මගින් අස්වැද්දීමට අවසර ලබාදීම තුළින් ජනපතිවරයාගේ වුවමනාව මොනවට පැහැදිලිය. මෙමඟින් අපේක්ෂා කරන දේ මුදුන් පමුණුවා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. චක්‍රලේඛ නිකුත් කළ පමණින් පුරන් කුඹුරු ඉබේ අස්වැදෙන්නේ නැත. පසුපසින් සිට එය මෙහෙයවීමක් කළ යුතුය. තරුණ ප්‍රජාව මේවන විට ගොවිතැනට යම් ආකර්ෂණයක් පෙන්නුම් කරයි. එය සුබවාදී ලක්ෂණයකි. මේ පිරිස කෘෂිකර්මාන්තය තුළ රඳවා ගැනීම අභියෝගයකි. පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළට සමගාමීව ගොවිතැනට යොමුවන තරුණයින්ට ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමේ ගැටලු අවම කිරීම පිණිස ප්‍රාග්ධන සම්පාදන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

 

අතිරේක නිපැයුම් මිලට ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතුව තිබේ.එමෙන්ම මෙම කර්මාන්තයට ගෞරවනීය පිළිගැනීමක් ද ලබාදිය යුතුව ඇත. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මඟින් වාර්ෂිකව පර්යේෂණ සඳහා අති විශාල මුදලක් වැය කරනු ලැබේ. මේවාහි ප්‍රතිඵල ජනතාව අතරට යන්නේ ගොලු බෙලි ගමනිනි. කෘෂි ව්‍යාප්ති සේවය බරපතළ ලෙස බිඳ වැටී තිබේ. මේවා හුදෙක් රැකියා නොව සමාජ මෙහෙවරයන් ලෙස සැලකිය හැකිය. එසේ වුවත් මේ බොහෝ දෙනකු නොකරන්නේ ගොවීන්ට උපදෙස් දීමය. ව්‍යාප්ති සේවය තුළ කෘෂිකර්ම උපදේශක හා කෘෂිකර්ම ව්‍යාප්ති සේවය යනුවෙන් තනතුරු ක්‍රියාත්මක විය. කෘෂිකර්ම ව්‍යාප්ති සේවක යන වෘත්තිය මේවන විට අහෝසි කර තිබේ. ඉන්දියාව වැනි රටවල් අද කෘෂිකර්මාන්තයෙන් ඉහළට ගමන් කරන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කරන නිසාය. කෙහෙල් පදුරු යට සිට ඔවුන් ගොවි ජනතාවට උපදෙස් ලබා දෙත්දී අපේ අය කරන්නේ ශිත කාමරවලට වී සැප ගැනීම හෝ සේවා කාලය තමන්ගේ පෞද්ගලික කටයුතුවලට යොදා ගැනීමය. ඉඳහිට එක් අයකු හෝ දෙන්නකු හෝ අවංකව සේවය කළත් බහුතරය රාජකාරියට කැප නොවීම නිසා යහපත් ප්‍රතිපල සමාජ ගත වීමට අවකාශයක් නොමැත.

නිලධාරීන්ගේ හැසිරීම

කුඹුරක් යනු පාරිසරික සාධකයකි. ගොඩවූ කුඹුරක් තවත් ගොඩකර නිවසක් තැනීමට වඩා වැදගත් වන්නේ කුඹුරු ඉඩම රැකගෙන එය ගොවිතැනටම යෙදවීමය. ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව තුළ අවනීතිය රජ කරන අතර මේ පාරිසරික සාධක පිළිබඳව ඔවුනට හැඟීමක් නැත. ගොවීන්ට උදව් කරනවාට වඩා ඔවුන් කරන්නේ කුඩා අමුණු, වාරිමාර්ග දැඩි ලෙස පාලනය කිරීමය. ග්‍රාම සංවර්ධනය මුවාවෙන් එම සමිති බද්ධ කොට කාර්මික නිලධාරීන්ට මූලීකත්වය ලබාදී ක්‍රියා කිරීම නිසා ගොවීන්ගේ අවශ්‍යතා යටපත්ව වෙනත් අයගේ අවශ්‍යතා ඉස්මතුව තිබේ. මෙයද පුරන් කුඹුරු ප්‍රමාණය ඉහළ යෑමට ප්‍රබල ලෙස බලපෑවේය. පෝෂණ ගුණයෙන් අනූන ඖෂධීය වටිනා කමින් යුත් සහල් වර්ග රැසක් අපට තිබේ. මේවායින් ලැබෙන අස්වනු අඩු නිසා ඒවා වගා කිරීමට ගොවීන් තුළ වැඩි කැමැත්තක් නැත. එමෙන්ම මෙම සහල් කිලෝවක මිල ද සාමාන්‍ය සහල් මිලට වඩා දෙතුන් ගුණයක් ඉහළය. තරුණ පරපුර රසායනික ද්‍රව්‍යයවලින් තොරව දුර්ලභ වී වර්ග වගා කිරීමට කැමත්තක් දක්වති. එම කැමැත්ත ප්‍රයෝජනයට ගෙන ඔවුන් වගා කටයුතුවලට යොමු කිරීම රජයේ වගකීමය. දේශපාලනඥයින් කුමන ආකාරයේ තීන්දු ගත්තද ඒවා ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් විසිනි.

ලෝකයේ මුල්ම රැකියාවත් ඉතා උතුම්ම රැකියාවත් ගොවිතැන බව රොබට් නොක්ස් පවසා තිබේ. තමන්ගේ කෙත් වතුවල වැඩ කිරීම කොතරම් උසස් පුද්ගලයකුට වුවත් අවනම්බුවක් නොවන බවද ඔහු පවසා ඇත. මෙය එදාට මෙන්ම අදටද එලෙසින්ම ගැලපෙයි. පුරන් කුඹුරු වගා කිරීමේ වැඩපිළිවෙළ යථාර්තයක් බවට පත් කිරීමට නම් මේ සඳහා නව තාක්ෂණය බද්ධ කළ යුතුය. තරුණ ප්‍රජාව තාක්ෂණය සමඟ වැඩ කරන්නට කැමතිය. ව්‍යාපාරිකයින් විසින් ගොවීන් ගසා කෑම අද ඊයේක සිදු වන්නක් නොවේ. ගොවි බිම්වලින් තුට්ටු දෙකට මිලට ගන්නා නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත්වන්නේ ඉහළ මිලකටය. අතරමැදියන්ගේ ග්‍රහණයෙන් ගොවි ජනතාව මුදා ගැනීමද කාලීන අවශ්‍යතාවකි. ජනතාව අද ජනපති කෙරෙහි දැඩි විශ්වාසයක් තබා කටයුතු කරති. එතුමා බලයට පත්ව ගතවූ දෙමසක කාලය තුළ රටේ අනාගතයට සුබාදායි තීන්දු රැසක් ගෙන තිබේ. සෞභාග්‍යයේ දැක්ම ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර තිබේ. මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළද ඊට අනුගතය.

පසුගිය කාලය තුළ බොහෝ පුරන් කුඹුරු ගොඩකර ගොඩනැගිලි ඉදි කර තිබෙන අයුරු අපි දුටුවෙමු. පුරන්වූ කුඹුරක් සහිත ඉඩමක් විකුණාගත නොහැකිව සිටින ගොවීන් ගෙන් ඇතැම් පිරිස් ඒවා මිලට ගනු ලැබුවේ ඉතා අඩු මිලටය. එහි ඉදි කිරීමක් කරන්නට ගොවියාට අවසරයක් නොදුන් නිලධාරීහු ව්‍යාපාරිකායාට ඒ සඳහා අවසර ලබා දෙති. අපේ රටේ නීති ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටය. කවුරුන් කළත් කුඹුරු ඉඩමක් ගොඩ කිරීම අනුමත කළ හැකි දෙයක් නොවේ. නව වැඩපිළිවෙළ ඔස්සේ දැනට වල් බිහිවී තිබෙන කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් අස්වැද්දෙනු ඇත්තේය. එය හෙට දින මෙරට ආර්ථිකයට ශක්තියක්ද වන නොඅනුමානය.පමාවී හෝ මේ ආකාර තීන්දුවක් ගැනීම අගය කළ යුතුය.

 

 

? මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන

නිදහස කුමක්දැයි නොදන්නා නිදහස

$
0
0
පෙබ 4, 2020 01:00

පාමං­කඩ ශ්‍රී මහ­වි­හා­රය හා ලොස් ඇන්ජ­ලීස් ධර්ම විජය බෞද්ධ විහා­රයේ විහා­රා­ධි­පති, ඇම­රි­කාවේ ප්‍රධාන සංඝ­නා­යක, අග්ග­මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පිය­නන්‍ද නා හිමි

බ්‍රිතාන්‍යයන්ගෙන් අපට නිදහස ලැබී අවුරුදු හැත්තෑ දෙකක් පිරුණි. අධිරාජ්‍යවාදීන් අපට රට බාරදෙද් දී ජාතිවාදය ඇතිකරන, මහා ජාතිය හා කුඩා ජාතීන් අතර අසමඟිය ඇති කරන වාතාවරණයක් සාදන ලදි. එය යටත්විජිතයට ලක්ව තිබූ සියලූ රටකටම පාහේ උරුම වන ලද්දකි. අධිරාජ්‍යයවාදීනට යට වීමට පෙර ඇතැම් රටවල තිබුණු යහ ගුණ, නිදහස ලැබුණු පසු අමතක වී ඇත. සාර ධර්මයන් වන වැදීමට ඉඩ දී ඇත. ශ්‍රී ලංකාවත් එයින් එකක් වීම කණගාටුවට කාරණාවකි. ශ්‍රී ලංකාවේ තරම් බණ කියන, බණ අසන තවත් රටක් ලෝකයේම නැතැයි කීවොත් එය නිවැරදිය. එහෙත් ඒ ධර්මය පිළිපදින්නේ කෙතරම් අඩු ප්‍රමාණයක් ද?

පුරා අවුරුදු තිහක පමණ කාලයක් දරුණු ත්‍රස්තවාදය විසින් ශ්‍රී ලංකාව බිලිගෙන තිබුණේ අපේ ඇතැම් අය ගේ ආත්මාර්ථකාමීත්වය නිසා බව රහසක් නොවේ. රටට ආදරය ඇති ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇතුළු පිරිසගේ නායකත්ත්වය යටතේ 2009 මැයි මස 19 වන දින ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම නිදහස් කර ගැනීමට හැකි විය. එහෙත් ඒ නිදහස හරියාකාරව අපි භුක්ති විඳිනවාද?

දේශපාලනඥයන්ට යහපත් දැකීමක් තිබෙනවා නම් මවුරට පාවාදීම් කරන්නේ නෑ. පිටරට ගොස් තම රටට හානිවන ප්‍රකාශ කරන්නේ නැත. ගෙදර ගිනි පිට දෙන්නේ නැත. එහෙත් අපේ ඇතැම් නායකයන් තවමත් කරන්නේ ඒ කාර්යයි. නිදහස කියන්නේ එයද ?

යහපත් කල්පනාවක් තිබෙනවා නම් අපේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිහියට නඟාගත යුත්තේ ලෝකයේ නිදහස් අධ්‍යාපනය ඇති එකම රට ශ්‍රී ලංකාව බවයි. අනිකුත් හැම රටකම විශ්වවිද්‍යාලවලට මුදල් අයකෙරේ. එහෙත් නිදහස් උසස් අධ්‍යාපනය හිමි අපේ දරුවෝ එය පසකට දමා දුවන්නන් වාලේ දුවති. පන්ති වර්ජන කරති. උසස් අධ්‍යාපනයට සුදුසු අයගෙන් සීයයට හයකටවත් සරසවි වරම් ලැබෙන්නේ නැත. ඒ සරසවිවල ඉඩ මදිකම නිසාය. ලෝකයේ හැම රටකම ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවුරුදු පතා ශ්‍රී ලංකාවෙන් කෝටිගණන් මුදල් ඇදෙනවා.

ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවදයේ ප්‍රතිමූර්තියයි. එහෙත් ඕන ඕන විදිහට පෙළපාලි යාමට නොහැකිය. අඩු වශයෙන් සතියකට කලින් වත් පොලීසියෙන් ඒ සඳහා අවසර ගත යුතුය. හිතුණු හිතුණු වෙලාවට වර්ජනය කරමින් පෙළපාලි යෑම නිදහසේ ස්වරූපයද?

2

නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමටම ඇත. එහෙත් ආචාරධර්ම පද්ධතියක් අපට තිබිය යුතුය. මාධ්‍යවේදියාට හෝ මාධ්‍යායතනවලට අකමැති අයට සාහසික ලෙස මඩ ගැසීම මාධ්‍ය නිදහසද?

යහපත් ජීවන පැවැත්මක් ගැන අප කථා කරතත් පගාව, දූෂණය, කප්පම් ගැනීම ගැන නිතර නිතර මාධ්‍ය ආයතනවලින් හෙලිදරව් කෙරේ. මත්කුඩු ජාවාරම්කාරයන්ට, හොරුන්ට, පරිසරය විනාශ කරන්නන්ට ඒවා කරගෙන යෑමට ඉඩදීම නිදහස ද?

නිදහස භුක්තිවිඳිමින් ශ්‍රී ලංකාවේ ”ජාත්‍යන්තර පාසල්” පද්ධතියක් අරඹා ඇත. ඇතැම් පාසල් හොඳින් පවත්වාගෙන යනු ලැබේ. එහෙත් ඇතැම් පාසල්වලින් බිහිවන දරුවන් රටට ජාතියට නො ගැලපෙන ආගමික පරිසරයක් නැති යුරෝපීය රූකඩයන් බවට පත්වී ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ නිරීක්‍ෂණයක් ඒ පිළිබඳව නැත්තේ නිදහසට බාධාවන නිසාද?”

මාපියන් තම කුඩා සිඟිත්තා ප්‍රදේශයේ හොඳ යැයි සම්මත පාසලකට ඇතුළත් කර ගැනීමට බොරු ලියාපදිංචි තොරතුරු ඉදිරිපත් කිරීම රහසක් නොවේ. කුඩා දරුවාට තමන් ලියාපදිංචි කළ, එහෙත් තමන් වාසය නො කරන ගෙදර සිටින බව කියන්නැයි බොරු ඉගැන්වීමට සිදුව තිබේ. විද්‍යාලවලට දැමීමට ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ අත යටින් මුදල් දීමට සිදුව ඇත. අවංක ජාතියක් සෑදීමට පසුතලය මෙයද? නිදහස් අධ්‍යාපනය යනු මෙයද?

ලංකාව ගැන සිහිවන විට මා කියවා ඇති ජන කථාවක් මතකයට නැඟේ. හිඟන්නෙක් පාර අයිනේ පෙට්ටියක් මත කාලයක් තිස්සේ හිඳිමින් සිඟමන් ඉල්ලයි. දිනක් ඔහු පසුකර යන පුද්ගලයකුගෙන් ඔහු මුදල් ඉල්ලුවේය. ඔහු තමාට දෙන්න දෙයක් නැතැයි පවසා

”ඔබ ඔය ඉඳගෙන ඉන්න පෙට්ටියේ තියෙන්නේ මොනවාද”යි ඇසීය.

”ඒකෙ මොනවා තියෙනවාදැයි මම දන්නේ නෑ”යි සිඟන්නාගේ පිළිතුර විය.

”ඉතින් ඔබ පෙට්ටිය ඇර බැලුවෙ නැද්ද”

තමා අවුරුදු තිහක් මෙහි හිඳගෙන සිටියා මිස මෙය ඇර බැලුවේ නැති බව මතක් විය.

” ඕක ඇරල බලන්න”යි හිඟන්නාට දැන්වීය.

හිඟන්නා ඉතා අසීරුවෙන් පෙට්ටිය ඇර බැලුවේය. පුදුමයක මහත. පෙට්ටිය තුළ තිබුණේ රත්‍රන් ගොඩකි.

බොහෝ ශ්‍රී ලාංකිකයෝ ද ඉහත කී සිඟන්නා මෙනි. කලක් මෙහි වාසය කළ ද අප රටේ ඇති වටිනාකම දන්නේ නැත. අපේ පැරණි සංස්කෘතිය අඳුනන්නේ ද නැත.

3

මනුස්සකම් පිළිබඳ හැඟීමක් අපේ නැත. අප හැම දෙයක් ම වපර ඇසින් බලන්නට පුරුදු වී ඇත. අල්ලපු වත්තේ ඇති එළවළු පාත්තියේ ඇති සරු බව දකිමින් ඒ ගැන ආශාවෙන් ඉන්නවට වඩා තමන් සතු එළවළු පාත්තියේ සරු බව දකින්නට අපේ අය නො පෙළඹේ. නො වටිනා දේ නො වටිනා බව කීමට පෙළපාලි යන අය, අගය කළ යුතු දේ අගය කිරීමට ඉදිරිපත් නො වන්නේ ඇයි?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමෙන් පසු නැවතත් කොළඹ සුන්දර නගරයක් වෙමින් පවතී. වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වන විට දියුණු ව කරා ගමන්කරමින් සිටී. සංචාරකන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ සුන්දරත්වය නැරඹීමටය. මුහුදු තීරයේ පහස විඳින්නටය. අපට සොබාදහම විසින් දායාද කර දී ඇති ගහකොළ සතා සිවුපාවා දැක ගැනීමටය. අපරට තුළ ඇති ඓතිහාසික බෞද්ධ නටබුන් හා වෙහෙර විහාර දැකගැනීමටය. අපේ දේ පිළිබඳ විදේශිකයාට ඇති කැක්කුම අපට නැත්තේ ඇයි? ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි සිකීම් ජාතිකයෙකි. එහෙත් උන්වහන්සේ ශ්‍රී ලාංකිකයෙක් තරමටම ශ්‍රී ලංකාවට ප්‍රිය කළහ. බ්‍රිතාන්‍ය ජාතික ආතර් සී ක්ලාක් මහතා ශ්‍රී ලංකාවට කෙතරම් ආදරේ කළා ද යත් සම්මාන පුරවැසිකමකින් පවා පිදුම් ලැබුවේය. වර්ෂ දහස් ගණන් පැරැණි වෙහෙර විහාර අපට ඇත. ඒ පෞඪත්වය අපට ආඩම්බරයකි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති අන්දමට අතීතයේ සිදු වූ වැරදි අමතක කොට නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කටයුතු කරමු.

 

ඇම්බැක්කේ කැටයම් පන්නිපිටියට ගෙනාවා

$
0
0
පෙබ 4, 2020 01:00

 

 

 

 

ධනුක බාලා­රච්චි

ධනුක බාලාරච්චි දක්ෂ කැටයම් ශිල්පියෙකි. මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන් සිප්සතර හැදෑරූ ඔහු බොහෝ සෙයින් ඇලුම් කළේ කලාවට ය.

කැටයම් කලාව ඔහුට පිය උරුමයෙන් ලැබුණු දායාදයකි. නොයෙක මාධ්‍ය ඔස්සේ කලක් තිස්සේ පුරුදු පුහුණු කළ කැටයම් කලාවට ඔහු මේ වන විට අලුත් හැඩයක් එකතු කරමින් සිටී.

 

ඔබ ඇයි කැටයම් කලාව තෝරාගත්තේ?

කැටයම් කලාවට පොඩි කාලේ ඉඳන් මගේ හිතේ ලොකු උනන්දුවක් තිබුණා. ඒකට හේතුව වුණේ මගේ තාත්තා ධර්මසේන බාලාරච්චි ලී කැටයම් ශිල්පියෙක් වීම. තාත්තගේ හැකියාව මටත් නොඅඩුව ම පිහිටලා තිබුණා. තාත්තා කැටයම් කලාව ඉගෙනගෙන තියෙන්නේ දෙව්න්දර කුමාර ගුරුවරයා යටතේ. පුංචි කාලෙදි මං තාත්තා ලී කැටයම් කපන විදිහට බලාගෙන ඉන්නවා. ඒ විදිහට කපන්න ගිහින් වරද්ද ගන්නකොට තාත්තා මට වෙන ම ඇඳලා දීලා, කපන්නත් කියලා දෙනවා. මමත් ඉතිං මට පුළුවන් විදිහට වරද්ද වරද්ද කපනවා. ඒවායේ අඩුපාඩු ළඟ ඉඳන් හැදුවෙ තාත්තා. මගෙ අතට නියන හුරු වුණේ අවුරුදු 10දි වගේ පුංචි වයසකදි. කොහොම වුණත් මගේ කැටයමක් දැකලා තාත්තා ලේසියෙන් හොඳක් නම් කිව්වෙ නෑ. දවසින් දවස මගේ හැකියාව වැඩිදියුණු කරන්න තිබුණ ඕනකම නිසා තාත්තා කළේ ම මොකක් හරි අඩුවක් කියපු එක. ඒ නිසා මමත් පුරුදු වුණා අදට වඩා හොඳ නිර්මාණයක් හෙට කරන්න. රටේ තියෙන තාක්ෂණික වෙනස්කම් එක්ක එක එක කාලවලදී ලී කැටයම්වලට තියෙන තැන අඩු වැඩි වෙන්න ගන්නකොට මමත් වෙන වෙන ක්ෂේත්‍රයන්වලට යොමු වුණත් ලී කැටයම් කලාව කවදාවත් අතහරින්නෙ නම් නෑ. කැටයම් කලාව හරහා විවිධ විසිතුරු භාණ්ඩ නිර්මාණයටත් යොමු වෙලා ඉන්නේ ඒ අංශයෙනුත් යම් ප්‍රගතියක් ලැබීමේ අරමුණෙන්.

මේ දිනවල දැවැන්ත නිර්මාණ කාර්යයකට දායක වෙන බව දැනගන්න ලැබුණා?

පන්නිපිටියේ මොරකැටිය පරමානන්ද විහාරයේ අලුතින් හැදුව ධර්ම ශාලාවේ කුඹුක් ලී කණුවල ලී කැටයම් කළා. ඒ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වන ප්‍රේමරතන හිමියන්ට අවශ්‍ය වුණේ ඒ ලී කණු ඇම්බැක්ක දේවාලයේ කැටයම් ආභාෂයෙන්ම සිදු කරන්න. ඉතිං ඒ වෙනුවෙන් මම වෙනම ම කැපවෙලා, ඇම්බැක්කෙ දේවාලෙ ගිහින් ඒ තියෙන කැටයම්වල අධ්‍යයනය කරලා ඒ ආශ්‍රිත නිර්මාණ 40ක් විතර පරමානන්ද විහාරයේ ලී කනුවල කැටයම් කළා. මම හිතනවා ඒ කටයුත්ත මම මගේ උපරිමයෙන් කළා කියලා. ඒ වැඩේට මට උදව්වට හිටියේ තාත්තයි තව මල්ලි කෙනෙකුයි. දැනට මම දන්නා තරමට ලංකාවේ ඇම්බැක්කෙ දේවාලේ තියෙන ඒ කැටයම් සම්ප්‍රදායට සමානම නිර්මාණ ඊළඟට බලාගන්න පුළුවන් පන්නිපිටියේ පරමානන්ද විහාරයෙන් විතරයි. අප්‍රේල් මාසය වෙන විට ඒ ධර්මශාලාවේ වැඩ සම්පූර්ණ වුණාම ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන් ඒ ඇම්බැක්කේ සාම්ප්‍රදායික කැටයම්වලට මම කොයිතරම් සාධාරණයක් ඉටුකර තිබෙනවාද කියලා.

කැටයම් කලාව වෘත්තිය කරගෙන අපේ රටේ ජීවත් වෙන්න පුළුවන්ද?

ඇත්තෙන් ම අපහසුයි. ඒ නිසා ම තමයි මම චිත්‍රපට ක්ෂේත්‍රයටත් යොමු වෙලා ඉන්නෙ. මේ රටේදි කොහෙන්වත් හොඳ ලී කැටයමකට සාධාරණ මිලක් ලැබෙන්නෙ නෑ. වටිනාකමක් දෙන්න පුළුවන් අය ඉන්නේ සුළුතරයක්. අනිත් හැමෝම බලන්නෙ සුළු මුදලකට ලොකු නිර්මාණයක් කරගන්න. ඒ වගේ ම අපි මහන්සියෙන් ලී කැටයම් කරලා හදපු පුටුවක් අරන් ගිහින් ගෙදර තියනවාට වැඩිය ගොඩක් දෙනෙක් කැමතියි කොහෙන්හරි ආයතනයකින් ගන්න ප්ලාස්ටික් පුටුවක් ගෙදර ගිහින් තියාගන්න. ඒ විදිහට මේ කර්මාන්තය ලක් වෙලා තියෙන්නේ විශාල අර්බුදයකට.

ළඟදී ප්‍රදර්ශනයක් එහෙම තියන්න අදහසක් නැද්ද?

මේ රටේ මිනිස්සුන්ට නිතර දකින්න නොලැබෙන විදිහේ වෙනස් හැඩතල යොදාගනිමින් කැඩපත් රාමු (Mirror Frame) හඳුන්වා දෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. පිටරට අය නම් ගොඩක් සල්ලි වියදම් කරලා ඒවගේ දේවල් කරවනවා. මමත් අවුරුදු එකහාමාරක් විතර කටාර්වල කම්පැනි එකක ලී කැටයම් වැඩ කළා. එහෙදි දැකපු දේවල්වලට දේශීය පැරණි ලී කැටයම් කලාවත් එකතු කරලා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දවසක ප්‍රදර්ශනයක් පවත්වන්නයි හිතාගෙන ඉන්නෙ.

 කාංචනා සිරිවර්ධන

සම්මාන පිනට දුන්නා

$
0
0
පෙබ 4, 2020 01:00

සුජාතා අත්තනායක

ඕ වයස අවුරුදු අටහැවිරිදි දැරියකව සිටියදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත පියමනිමින් වසර 70 කට ආසන්න කාලයක් සංගීත ක්ෂේත්‍රයේ අඛණ්ඩව රැදී සිටී. ඇය මෙරට ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරියයි. විටෙක කථක් නර්තන ශිල්පිනියක් ද භාෂා 08කින් ගීත ගයන්නියක වෙයි. ඇය මේ වනවිට ගීත 5000කට අධික ප්‍රමාණයක් ගයා ඇත. චිත්‍රපට පසුබිම් ගීත 350කට අධිකව ද දමිළ සිනමාව වෙනුවෙන් දමිළ ගීත 20ක් ද කැසට් පට 81ක ද ගීත ගයා ඇත. 1972 වසරේ දී විලියම් ඔලම්ඩ් අධ්‍යක්ෂණය කළ "හරියට හරි"සිනමාපටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසි ඕ "සඳකිඳුරු"චිත්‍රපට‍යේ ද සංගීත අධ්‍යක්ෂණය කළාය. විවිධ හැකියා පූර්ණ සුජාතා අත්තනායක සැබවින්ම සංගීත විශ්වවිද්‍යාලයක් බඳු කාන්තාවකි.

 

මුලින්ම ඔබට මෑතකදී හිමිවුණු ගෞරව සම්මාන ආචාර්ය උපාධිය ගැන කතා කරමු?

ඔව්, ඒ ගැන අහන එකත් මට සතුටුයි. මේ වෙද්දි කිසිම මුද්‍රිත මාධ්‍යකින් ඒ ගැන කතා කරන්නත් අමතක වෙලා තිබුණේ. සරසවිය ගැන බලාපොරොත්තුවෙන් හිටියේ. බොහෝ දෙනකු සුදුසුකම් නොමැතිව ආචාර්ය උපාධි ලබාගන්නා යුගයක සුදුස්සාට සුදුසු තැන පමා වී හෝ ලබාදීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙය පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වෙනිදා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් තමා ලබා දුන්නේ. ඒ සඳහා කැපවුණු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

අද දක්ෂවලින් පිරි හොඳ කටහඬවල් බිහි වුණත්, එහෙත් තවමත් ඇසෙන්නේ පැරණි සුභාවිත ගීත?

මේකට හේතුව තමා අංක එක, හොඳ තනු නිර්මාණ බිහි නොවීම. අංක දෙක හොඳ පද රචනා බිහි නොවීම. නැත්නම් අදත් දක්ෂ හොඳ කටහඬවල් බිහි වෙනවා. එයාලට ඉදිරියට ඇවිත් දක්ෂතා පෙන්වන්න අවස්ථා නැහැ. ඒකයි අදටත් ඉදිරියට එන තරුණ පරම්පරාවේ අය අපේ ගීත ගායනා කරන්නේ. ඒකාලේ හොඳ පද රචනා වගේම හොඳ තනු බිහිවුණා. මේ තුනම එකට යායුතු දෙයක්. මට වුණත් මේ කතාව හොඳටම තේරුම් ගියේ දවසක් කෝලිත භානු දිසානායක මම ගැන තැනකදී කියලා තිබුණ කතාවකින් මගේ අමාරු ගීත තෝරාගෙන ඒ අය තරගවලින් දිනන හැටි ගැන. ඇයි එයාලා පැරණි ගීතම තෝරගන්නෙ කියලා. ඒක එයාලගෙ හැකියාව පෙන්නන්න හොඳ අවස්ථාවක්.

ඔබ නියෝජනය කළ යුගයෙන් පසු චිත්‍රපට පසුබිම් ගායනයට නව පරපුරක අඩුවක් තියනවා නේද?

ඒකට හේතුව දක්ෂ අය නැතුව නෙමෙයි. ඒ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න හොඳ අධ්‍යක්ෂවරු බිහිවෙලා නැහැ. අපි කැමතියි අපිව පසුකරගෙන යන අය බිහිවෙනවට. ඒත් තවමත් මම ගැයූ ගීත ප්‍රමාණය ආසන්නයටවත් එන්න හැකියාව තිබෙන ඊළඟ පරම්පරාවක් බිහිවෙලා නැහැ. අපේ හැකියාවෙනුත් වැඩ අරන් ඒ අයට ප්‍රයෝජනයක් වෙන්න මම කැමතියි. ඒත් තවමත් අපෙන් වැඩ ගන්නවා අඩුයි. මම බොහෝ දේ පසුපස හඹාගෙන ගොස් බලෙන් ලබාගන්න කෙනෙක් නෙමේ. ලැබෙන දේ විතරයි බාර ගන්නේ.

මෙරට ප්‍රථම කාන්තා සිනමා සංගීත අධ්‍යක්ෂවරිය ඔබ. ඒත් අදටත් එවැන්නියක් බිහි නොවීම ගැන ඔබේ අදහස?

ඒකටත් හේතුව එයාලගෙ හැකියාවන් ඉදිරියට නොගැනීම. අද ‍එහෙම ඉදිරියට එන්න ඉස්සර වගේ තෝතැන්නක් නැහැ. ඉස්සර තිබුණා ගුවන්විදුලියේ ‘සංගීත මණ්ඩපය”. “ගීත නාටක” වගේ වැඩසටහන්. ඒකෙදී දක්ෂයන්ට තැනක් තිබුණා. ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවුණා. හින්දි තනු හා වෙනත් තනු නැතුව තමන්ගෙම තනු ඉදිරිපත් කළ යුතුව තිබුණා. ගුවන්විදුලිය කියන්නෙ ‍අපේ දෙවෙනි අම්මා වගේ.

අපට එහිදී හොඳ විද්වත් ගීත රචනා මඬුල්ලක් හා තනු නිර්මාණ ශිල්පීන්ගේ සමීප ඇසුර ලැබුණා. එතනම විශ්වවිද්‍යාලයකින් තරම් දැනුම ලැබුණා. මහගමසේකර, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, චන්ද්‍රරත්න මානවසිංහ, කරුණාරත්න අබේසේකර, නිමල් අබේසුන්දර වැනි ගීත රචකයෝ සමඟම ඩබ්ලිව්. ඩී. අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, බී. වික්ටර් පෙරේරා, ලයනල් අල්ගම, පී. වී. නන්දසිරි, ඩබ්ලිව්. එස්. විමලසිරි, සෝමදාස ඇල්විටිගල වගේම නවරත්න අත්තනායක කියන මගෙ සැමියගෙත් සංගීත දැනුම තනු නිර්මාණ හැකියාව අපි උකහා ගත්තා. 1950 වසරේ සිට ඉතාම වටිනා ගීත ලැබුණා. මම දන්නෙ නැහැ අද ඒවා ඇහෙන්නෙ නැති නිසා ගුවන්විදුලිය තුළ ඒවා අද කෙතරම් සුරක්ෂිත ද කියලා. එදා තිබුණ ඒ යුගය අද නවක පරපුරටත් කුමන හෝ ක්‍රමයකින් ලැබෙනවා නම් ඉදිරියේ ප්‍රවීණයෝ බිහිවෙයි කියලා මම විශ්වාස කරනවා.

රියැලිටි ෂෝ ගැන ඔබේ අදහස කුමක් ද?

ඒවා ඉතා හොඳයි. නරක නැහැ. නව පරපුරට ඉදිරියට එන්න තිබෙන හොඳ අවස්ථාවක්. ඉස්සර "ගීත නාටක", "සංගීත මණ්ඩප"වගේ වැඩසටහන් තිබුණ නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. ඒ නිසා නව පරපුරටත් ඉදිරියට එන්න අවස්ථාවක් තිබෙන්න ඕන. නමුත් මම මේ රියැලිටි ෂෝ කලාවේ අකමැතිම තැන් ටිකක් තිබෙනවා. එස්. එම්. එස්. මගින් ගායක ගායිකාවන් තෝරනවට මම තදින්ම විරුද්ධයි. ඒ‍කෙන් නියම දක්ෂයා බිහිවීම නොවෙයි සිද්ධ වන්නෙ. හිතවත්කම්වලට ඕනතරම් එස්.එම්.එස්. යවලා කෙනෙක් ජයග්‍රහකයා කරවන්න පුළුවන්. එය නිවැරදි නැහැ. සමහරවිට නියම දක්ෂයාගෙ පිරිසට එස්.එම්.එස් එවාගන්න බැරිවීම නිසා ඔහු හෝ ඇය නොතේරෙන්න පුළුවන්. දුෂ්කර ගමකින් එන කෙනෙකුට මෙය ඉතා අසාධාරණයි. ඒ වගේම මෙහි තිබෙන අනෙක් ශෝචනීය තත්වය තමා ගම්වල ඉන්න ගමේකමට හැදුන ශීලාචාරව ඇඳුම් ඇදගෙන පළවෙනි වටයට එන කෙනා අවසාන වටයෙදි දකින්න ලැබෙන්නෙ කොටට ඇඳලා ඇඟපත පෙන්නගෙන සංකර වුණ චරිත විදිහට. එයාලට අන්තිමට දක්ෂතා නෙමේ ඉතිරි වෙන්නෙ ගමෙන් ආපු අහිංසක ළමයින්ගෙ ජීවිතත් විනාශ වෙලා නවතින්නේ.

මවගේ හෝ පියාගේ ගායන දිවියේ හිස් තැන් පිරවීමට එතැනට පුතා හෝ දුව පැමිණෙනවා. සුජාතා අත්තනායකගෙන් පසු ඒ තැන ගන්නේ කවුද?

මට පුතාලා තුන් දෙනෙක් හිටියා. එක්කෙ‍නෙක් යුද්දෙන් නැතිවුණා. ලොකුපුතා සජීව අත්තනායක. දෙවෙනි පුතා චානක සංජීව අත්තනායක (ගුවන් නියමු කැප්ටන් කෙනෙක්) තුන් වෙනියා සමිත් අත්තනායක. මුනුබුරෝ තුන් දෙනෙක් හා එක මිනිබිරියක් සිටිනවා. පුතාලා හැමෝටම හොඳට ගයන්න පුළුවන් වුණාට එයාලා ක්ෂේත්‍රයට එන්නෙ නෑ. මගෙ එකම මිනිබිරිය වන සංදේශාට හොඳට ගීත ගයන්න පුළුවන්. එයා දැනට වෛද්‍ය සිසුවියක්.

ඔබට භාෂා කීපයකින් ගීත ගායනා කිරීමේ හැකියාව තියනවා.

මෙරට නිෂ්පාදනය වී තිබෙන දමිළ චිත්‍රපට චිත්‍රපට හතළිහෙන් විස්සකම මගේ පසුබිම් ගායනා තිබෙනවා. ඒවා ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙලා තිබෙනවා. එහෙදී ඒවට විශාල ප්‍රතිචාරයක්ද ලැබුණ. මට භාෂා අටක් පුළුවන්. භාෂා අටකින් ගීත ගායනා කරන්නත් පුළුවන්. සිංහල, දෙමළ, ඉංග්‍රිසි, උර්දු, බෙංගාල, නේපාල, හින්දි හැම භාෂාවක්ම පුළුවන්. ඉන්දියාවේ වෙනත් රටකින් පැමිණ හින්දි භාෂාවෙන් හින්දි ගීත ප්‍රසංගයක් පවත්වපු එකම කෙනා මම. ඉන්දියාව අමුතු රටක්. හරියට වැඩේ නොකළොත් වේදිකාවට එන්නේ බංකු . ඒත් මට හොඳ ප්‍රතිචාරයක් ඒ රටේදී තිබුණා.

ඔබ ඔබට ලැබුණු වටිනා සම්මාන වෙන්දේසි කිරීමට අදහස් කරගෙන සිටිනවා?

මම මේ මාධ්‍යයකටට ප්‍රථම වතාවයිට හෙළි කරන්නේ. මම මගෙ සම්මාන වෙන්දේසියට දාන්න යනවා. එවා සති දෙකකට කලින් ගායන ශිල්පි දයාන් විතාරණට භාර දුන්නා. දිනයක් යොදාගෙන ඒ බව මම රසිකයන්ට දැනුම් දෙනවා. මේ සම්බන්ධයෙන් දරුවෝ මුකුත් කිව්වේ නෑ. මම ගන්න තීරණවලට ඔවුන් විරුද්ධ වන්නේ නැහැ. අම්මා කැමති දෙයක් කරන්න කියනවා.

 

 

 සුරංජා සරෝජිනී පතිරණ

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>