Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

රටෙහි පළමුවැන්නා වූ පන්තියේ තුන් වැන්නා

$
0
0
සැප් 18, 2020 01:00

1815 මාර්තු 02 වැනිදා ඉංග්‍රීසින් විසින් ලක් ධජය පහතට ඇද දමා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ධජය ඉහළට ඔසවා ලක්දිව පුරා සිය අණසක පතුරාලීය. එයින් පසුව වසර 133ක්ම ලක්දිව පුරා ලෙළ දුන්නේ ඉංග්‍රීසි ධජයයි. 1815න් පසු නැවතත් ලංකා ධජය සිරිලක් දෙරණෙහි එසැවී ලෙළ දෙන්නේ 1948 පෙබරවාරි 04 වැනි දිනය. එය එසවෙන්නේ අපගේ කතාවේ නායකයා වන ඩී.එස්. සේනානායක හෙවත් නිදහස් සිරිලක ප්‍රථම අග්‍රාමාත්‍යවරයාගේ සුරතිනි. ඩී.එස්. සේනානායක මහතා වසර 133 ක් ම ලක් දෙරණ තුළ අඩකුඹුව පැවති ලක් ධජය එසවීම උදෙසා සිදු කළ කැපකිරීම සුළුපටු නොවේ. ඔහු සිය ජීවිත කාලයෙන් අඩකටත් වඩා ඒ වෙනුවෙන් කළ කැපකිරීම අතිමහත් වේ. ඩී.එස්. සේනානායක මහතා උපත ලබන්නේ 1884 වසරේ ඔක්තෝම්බර් 20 වැනිදා ය. ඔහුගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ දොන් ස්ටෙපන් සේනානායක මුදලිතුමා වූ අතර මව නමින් දෝන කැතරිනා එලිසබත් ගුණසේකර සේනානායක විය. දරුවන් සිවු දෙනකුගෙන් යුතු පවුලේ බඩ පිස්සා වූ ඩී.එස්.ට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සහ සොයුරියක් විය. ඔවුන් අතරින් වැඩිමහල් සොහොයුරා එෆ්.ආර්.සේනානායක වූ අතර අනෙක් සොහොයුරා ඩී.සී.සේනානායක නම් විය. සොහොයුරිය මාරියා ෆැන්සිස් සේනානායක වූවාය.

ඩී.එස්. ඇතුළු සොයුරන් තිදෙනාම අධ්‍යාපන කටයුතු සඳහා පිවිසෙන්නේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයටය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබන ඔවුන් සාමාන්‍යයෙන් සිය නි‍ෙවස වූ මීරිගම බෝතලේ වලව්වට පැමිණෙන්නේ වාර අවසාන පාසල් නිවාඩුවට පමණි. වාර අවසාන නිවාඩුව ලබා තුන් සොහොයුරන් වලව්වට පැමිණෙන තුරු දොන් ස්ටෙපන් මුදලිතුමා බලා සිටින්නේ ඉවසුම් රහිතව ය. එවන් එක්තරා දිනක තුන් සොහොයුරෝ පාසල් නිවාඩුව ලබා වලව්වට පැමිණ සිටියහ. සිය දරුවන් තමා අසලට කැඳවා ගත් මුදලිතුමා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය විමසන්නට විය.

එ‍‍ෆ්.ආර්. මේ පාර ඔබ පන්තියේ කී වැනියාද?

මේ වතාවෙ නම් පළවෙනියා වෙන්න බැරි වුණා. මං මේ පාර දෙවැනියා.

පුතා ඩී.සී. නුඹ කී වැනියාද? මේ වතාවේ

මම හතරවැනියා

ඩී.එස්.නු‍ඹේ තත්ත්වය කොහොමද?

තුන්වැනියා

ඉගෙනීමට අනෙක් පුතුන් තරම් හපන්කමක් නොදැක්වූ ඩී.එස්. පන්තියේ තුන්වැනියා වීම ගැන මුදලිතුමා විස්මයට පත් විය. නමුත් පසුව දැන ගන්නට ලැබු‍ෙණ් ඩී.එස්. ගේ පන්තියේ සිටින්නේ සිසුන් තිදෙනකු පමණක් බවයි. කුඩා කල සිටම දඩබ්බර ගති පෙන්වූ ඩී.එස්. ශිෂ්‍යයා පතපොත අධ්‍යාපනයේ එතරම් දක්ෂයකු නොවූවත් ක්‍රීඩාවට ශූරයෙක් විය. ක්‍රිකට්, මලල ක්‍රීඩා, පෝලෝ ආදී ක්‍රීඩාවලින් ශාන්ත තෝමසුවන් අතර කැපී පෙනෙන්නට ඩී.එස්. සේනානායක සිසුවා සමත් විය. අධ්‍යාපනයෙන් වඩාත් පරතෙරට ගමන් නොකළ ඩී.එස්.තරුණයා ලිපිකරුවකු වශයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට පිවිසෙන්නේය. හැඩි දැඩි ප්‍රතාපවත් තරුණයෙක් වූ ඩී.එස්ගේ ප්‍රතාපවත් තේජස කාර්යාලයට අඳින යුරෝපීය ඇඳුමෙන් තව තවත් ප්‍රතාපවත්ව දිස් විය. පැහැදිලි උච්චාරණය සහිත ඉංග්‍රීසි භාෂාවේ චතුර කථිකත්වය ඔහු සමග කතා බහ කරන කාගේත් සිත් ඇද බැඳ ගැනීමට හේතු විය. නමුත් ඩී.එස්. ගේ මෙම සුවිශේෂි ලක්ෂණ නොරිස්සු අයෙක් කාර්යාලය තුළ සිටියේය. සුදු ජාතිකයෙක් වූ ඔහු නිතරම ඩී.එස්. ව අවඥාවට ලක් කරන්නට විය. ඩී.එස්.කිහිපවිටක්ම ඔහු විසින් කළ නෝක්කාඩු කතා ඉවසීය. නමුත් දිනක් තමාට නිකරු‍ෙණ අපහාස කළ සුදු ජාතිකයාට පා පහරක් එල්ල කළ ඩී.එස්. තරුණයා නි‍ෙවසට පැමිණියේ කාර්යාලයට අස්විමේ ලිපිය ද බාර දෙමින් ය.

නි‍ෙවසට පැමිණි ඩී.එස්. කාර්යාලයේදී සිදු වූ දේ සිය පියාට පවසා සිටියේය. එය සාවධානව ඇසූ මුදලිතුමා මෙතැන් පටන් නි‍ෙවසේ සිට තමාගේ වතුපිටි බලා ගන්නැයි ඩී.එස්.පුතුට කියා සිටියේය. දොන් ස්ටෙපන් මුදලි සතුව වතුපිටි මෙන්ම ව්‍යාපාර කිහිපයක්ම විය. එම ව්‍යාපාර අතර මිනිරන් සහ කොප්පරා ව්‍යාපාරය ප්‍රධාන තැනක් ගත්තේය. මිනිරන් සහ කොප්පරා ව්‍යාපාර පිළිබඳව සොයා බැලුවේ පවුලේ මද්දුමයා වූ ඩී.එස්. සේනානායක විසිනි. ඒ වනවිට පවුලේ වැඩිමලා වූ ඇෆ්.ආර්. සේනානායක උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගොස් සිටියේය.

1910 වසරේදී ඩී.එස්. සේනානායක තරුණයා විවාහ දිවියට එළැඹුණේ උඩරට දුනුවිල පරම්පරාවේ මොලී දුනුවිල කුමාරිහාමි සමගය. 1911 වර්ෂයේදී ඔවුන් දෙපළට ඩඩ්ලි සේනානායක නමින් පුත්‍ර රත්නයක් උපන්නේය. පසුව ඩී.එස්. පවුලට තවත් පුත් රුවනක් එක් වන අතර ඔහුට රොබට් සේනානායක යන නම තබනු ලැබීය. මේ අතර කාලයේදී නිවසේ වතුපිටි බලා කියාගෙන සිටින ඩී.එස්. සේනානායක මහතාට අගනා තනතුරක් ලැබිණි. එවකට ලංකාවේ සිටි ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ සහ මැඩගස්කරයේ මිනිරන් පිළිබඳ සොයා බලන්නට රාජකීය කොමිසමක් පත් ක‍ෙළ්ය. එය ත්‍රිපුද්ගල කමිටුවකි. සිය පවුලේ ව්‍යාපාරයක් වූ මිනිරන් පිළිබඳව සැලකිය යුතු දැනුමක් ඩී.එස්. සේනානායක තරුණයා සතු විය. එම කොමිසමේ සාමාජික ධුරයක් ඩී.එස්. සේනානායක මහතාට හිමිවන්නට එය හේතු විය.

මේ කාලය තුළ ඉංග්‍රීසින් විසින් ලක්දිව සිදු කළ සංස්කෘතික විනාශය එන්න එන්නම උත්සන්න වෙමින් පැවතිණි. ලක්දිව සෑම නගරයක් පාසාම තැබෑරුම් විවෘත කරමින් ලක්වැසියන් සුරා සොඬුන් බවට පත් කරවන්නට ඉංග්‍රීසිහු කටයුතු කළහ. ඒ තත්ත්වය තුළ ලක්දිව නායකයන් විසින් රට පුරාම අමද්‍යප ව්‍යාපාරයක් ගොඩනැගූ අතර හාපිටිගම කෝරලයේ අමද්‍යප සභාවේ නායකත්වයට ඩී.එස්. සේනානායක මහතා තේරී පත් විය.

තමුන්නාන්සේ හොඳ ව්‍යාපාරිකයෙක්, බෞද්ධයෙක්, ඒ වගේම හුඟක් විසේ තියෙන මිනිහෙක් කියලත් ප්‍රකටයි. හැබැයි තමුන්නාන්සේ මේ තානාන්තරය බාර ගන්නවා කියන්නේ රහමෙර පානයෙන් වළකින්න ඕන කියන එකත් මතක තියා ගන්න යැයි අමද්‍යප ව්‍යාපාරයේ නායක තනතුර ඩී.එස්. සේනානායක මහතාට ලබා දෙන අවස්ථාවේ සංඝයා වහන්සේ නමක් කියා සිටියේය.

ඩී.එස්. සේනානායක එම අවවාදය තරයේම පිළිගත්තා සේම පිළිපැදීමද සිදු කළේය. අමද්‍යප උද්ඝෝෂණ ආදිය තුළින් බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කිරීමට ඩී.එස්. අමද්‍යප ව්‍යාපාරය හරහා නායකත්වය ලබා දෙන ලදි. ඩී.එස්.සේනානායක මහතා ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නට හේතු වන්නේ 1915 වසරේ සිංහල, මුස්ලිම් කෝලාහාලයේදී ඇති වූ තත්ත්වයයි. අධිරාජ්‍යවාදින් විසින්ම ඇති කළ මෙම කෝලාහලය ආණ්ඩු විරෝධී එකක් යැයි කියමින් අත්අඩංගුවට ගත් පිරිස අතර ඩී.එස්. සේනානායක මහතාද සිටියේය. එසේ අත්අඩංගුවට ගැනීමට රාජකීය පොලීසිය පැමිණෙන විටත් ඩී.එස්. සේනානායක මැතිඳුන් කුඩා ඩඩ්ලිව වඩාගෙන සිටි බව වාර්තාවල සඳහන් වෙයි. එසේ අත්අඩංගුවට පත් ව මාස හයක් පමණ සිර ගතව සිටී. ඩී.එස්. සේනානායක මහතාගේ ජනප්‍රියත්වය වර්ධනය වීමට එම සිද්ධිය හේතු විය.

1919 වර්ෂයේ නිර්මාණය වූ ලංකා ජාතික සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් අතර ඩී.එස්. සේනානායක මහතා ද ප්‍රමුඛත්වයක් ඉසිලීය. අමද්‍යප ව්‍යාපාරයේ මෙන්ම ලංකා ජාතික සංගමයේ ජාතික නායකයෙක් වූ තම සොහොයුරු එෆ්.ආර්. සේනානායකට අගනා සහයක් ඩී.එස්.සේනානායකයෝ ලබා දුන්හ.

ඩී.ඇස්. සේනානායක මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු ලෙස සිදු කළ කාර්ය භාරය සුළුපටු ‍නොවේ. එහිදී ඩී.ඇස්. සේනානායකයෝ වාරි කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය සඳහා වැඩි අවධානයක් යොමු කරන ලදී. එසේම කෘෂි කර්මාන්තය ජීවනෝපාය කරගෙන ජීවත්වන ගැමි ජනයාගේ ජීවන තත්ත්වය නගාසිටුවීම උදෙසා ව්‍යවස්ථාදායක සභාවේ ඩී. එස්. ප්‍රකාශ කළ අදහස් ද කැපී පෙනෙන්නට විය. ඒ හේතුවෙන් 1927 වර්ෂයේදී ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් විසින් ඩී.එස්. සේනානායක මහතාව ඉඩම් කොමිසමේ සාමාජිකයෙක් වශයෙන් පත් කරන ලදී. ඩී. එස්. මහතා එවකට ව්‍යවස්ථාදායක සභාවේ දැරූ සාමාජිකත්වය නිල නොලත් ධුරයක් වූ අතර, නිල නොලත් අයෙකුට කොමිසමක සාමාජිකත්වයක් හිමි වූයේ කලාතුරකින් බව ද සඳහන් කළ යුතුය.

මේ අතර, රජරට දුම්රිය මාර්ගය මඩකලපුව දක්වා දීර්ඝ කිරීම නිමිත්තෙන් සිදු වූ මංගල දුම්රිය ගමනට ඩී.එස්. සේනානායක මහතා ද එක්විය. මංගල ගමනට එක් වූ දුම්රියවල වැසිකිළි පහසුකම් නොවීම නිසා ප්‍රභූන්ට එම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා දුම්රිය හතමුණේ ප්‍ර‍ෙද්ශයේ නවත්වනු ලැබීය. එහිදී බොහෝදෙනා අසල කැලෑ රොදවල්වලට රිංගා තම බර සැහැල්ලු කර ගත් අතර, එහිදී ඩී. එස්. සේනානායක මහතාගේ නෙත ගැටුණු දර්ශනයකින් ඔහු අතිශයින්ම කම්පාවට පත් විය. මින්නේරිය වැව් කණ්ඩිය බිඳී ජලය අපතේ යන අයුරු ඩී. එස්. සේනානායක මහතාගේ නෙත ගැටිණි. අතීත රජ දරුවන්ගේ මහන්සිය අපතේ යෑමට ඉඩ නොදීම, එම සම්පත්වල ප්‍රයෝජනය අනාගත පරපුරට ද දායාද කිරීමට කටයුතු කිරීම පිළිබඳව සිතුවිල්ලක් ඩී.එස්.ගේ සිතෙහි උපන්නේ එම අහඹු දසුන නෙත ගැටීමෙන් පසුවය.

වසර ගණනාවක් සිතේ රඳවාගෙන තිබූ එම අදහස ක්‍රියාවට නැංවීමට ඩී. එස්. සේනානායකයන්ට අවස්ථාවක් ලැබෙන්නේ 1931 වසරේ එතුමා කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුවය. ඒ සඳහා 1931 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඔහු තේරී පත්වන්නේ මිනුවන්ගොඩ ආසනයෙනි. 1931 වර්ෂයේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පිහිටු වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ළාබාලතම අමාත්‍යවරයා වීමට ද ඔහුට වාසනාව උදා විය. එවකට ඩී. එස්. සේනානායකයෝ 47 වැනි වියේ පසු වූහ.

ඩී. එස්. කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ධුරයට පත් වන විට එම ක්ෂේත්‍ර තුළ ගැටලු රාශියක්ම උද්ගතව තිබුණි. නියඟය, ශ්‍රම බළකායේ අඩුව, වන සතුන්ගෙන් වගාවන්ට සහ මිනිසුන්ට ඇති වන උවදුරු, මැලේරියා වසංගතය ආදී ප්‍රශ්න රාශියකට ඩී. එස්. පිළිතුරු සෙවිය යුතු විය.

අපට ගැලවෙන්නට ඇති එකම මඟ වියළි කලාපයේ ගොවි ජනපද පිහිටුවීම පමණයි. රටේ විවිධ ප්‍රදේශවල ජනගහනය බෙදී ඇති ආකාරය කෙබඳු ද යත් අනවශ්‍ය ලෙස අධික ජනගහනයක් ඇති ප්‍රදේශවලින් අඩු ජනගහනයක් ඇති ප්‍රදේශ කරා සංක්‍රමණය වීම අප තෝරා ගන්නා විකල්පයක් නොව අප්‍රසන්න වූවත් අනිවාර්යයෙන්ම කළ යුත්තක් බවට කල් නොගොස්ම වැටහෙනු ඇත.

ඩී.එස්. සේනානායක මහතා 1932 වර්ෂයේදී එසේ තර්ක කොට තිබුණි. ඩී.එස්.ගේ යෝජනාවලට ව්‍යවස්ථාදායක සභාවේ ඇතැමුන්ගේ විරෝධතා එල්ල වූවත් වාද විවාද කොට ඒවා ජය ගැනීමට ඩී.එස්. සේනානායක මහතා සමත් විය. 1930 දශකයේ ඇති වූ ආර්ථික අවපාතය ජය ගැනීමට එකම මාර්ගය ගොවි ජනපද ඇති කිරීමය යන ඩී.එස්. ගේ අදහසට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි විය.

මඩකලපුව දුම්රිය ගමනේදී ඩී.එස්. සේනානායකයන්ගේ සිතෙහි නැඟුණු සිතිවිල්ල යථාර්ථයක් බවට පත් වන්නේ 1934 වර්ෂයේදීය. එනම් ගොවි ජනපද ව්‍යාපාර ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කිරීමට ඩී. එස්. මැතිඳුන්ට හැකියාව ලැබීමයි. එහිදී මින්නේරිය වැව් ජලය ගොවියන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට අවකාශය සැලසුණි. එතුළින් පොළොන්නරු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට කටයුතු සැලසීම ඩී. එස්.ගේ අභිප්‍රාය විය.

මුල සිටම ලක්දිව නිදහස් අරගලයේ, පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩී.එස්.සේනානායක ඇමැතිවරයා 1946 වර්ෂයේදී සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් පසු හඳුන්වා දීමට නියමිතව තිබූ සෝල්බරි ආණ්ඩුක්‍රමයේ ඇතැම් ප්‍රතිපත්තිවලට විරෝධය පළ කිරීම, අධිරාජ්‍යවාදීන්ගෙන් රටට නිදහස ලබාගැනීම යන අරමුණු පෙරදැරි කරගෙන ඩී.එස්. ගේ ඉල්ලා අස්වීම සිදු විය. ඒ සමඟ එවකට ලක්දිව ප්‍රබලව ඉස්මතුව පැවති සිංහල මහා සභාව, ලංකා ජාතික සංගමය, මුස්ලිම් සංගමය වැනි ජාතික සංවිධාන රැසක් එක් කරමින් එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කිරීමට මෙතුමා කටයුතු කළේය. ඩී.එස්. ගේ නායකත්වය ඇතිව රටේ ප්‍රධාන සංවිධාන එකමුතුවෙන් නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය තුළින් ලක්දිව නිදහස් සටනට පුරෝගාමි මෙහෙවරක් ඉටු කරන ලදී. ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූ අතර, එහි කැඳවුම්කරු වූයේ ජේ.එල්.කොතලාවල මහතාය. පක්ෂයේ සභාපති ලෙස ඩී.එස්.සේනානායක මහතා තේරී පත් වූ අතර, උප සභාපතිවරු ලෙස ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ටී.බී.ජයා, අරුණාචලම් මහාදේව, ජෝන් කොතලාවල, ජෝර්ජ් ආර්. සිල්වා යන මහත්වරු තේරී පත් වූහ. මහ ලේකම් ලෙස එච්.එම්. අමරසූරිය මහතාත් භාණ්ඩාගාරිකවරුන් ලෙස ජේ.ආර්. ජයවර්ධන සහ ඒ.ආර්.ඒ. රෂීක් යන මහත්වරු තේරී පත් වූහ.

අධිරාජ්‍යවාදීන්ගෙන් ලක්දිව ලැබූ නිදහස, ගල් ඔය ව්‍යාපාරයෙන් පල ලැබූ කෘෂි කර්මාන්තයේ රන් අස්වනු මෙන්ම සේනානායක සමුද්‍රය, කොළඹ නිදහස් චතුරස්‍රය, එතුමා විසින් බිහි කළ එක්සත් ජාතික පක්ෂය ආදිය ඩී.එස්.සේනානායක නාමයේ ජීවමාන සිහිවටන වෙයි. එතුමා නිර්මාණය කළ උක්ත සංවිධාන, ව්‍යාපාර තුළින් අදට ද ජාතියට සිදුකෙරෙන සේවාව අති මහත්ය. 1952 වර්ෂයේදී එතුමා ජාතිය හැර නික්ම ගියත් මෙලොව පවතින තුරු එතුමාගේ නාමය නොනැසී පවතිනු , කිසිදු සැකයක් නැත.

පසිඳු මිහිරාන් රැටියල


කට නිසා පැරදුණු නාත්තණ්ඩියේ අතුරු ඡන්දය

$
0
0
සැප් 18, 2020 01:00
ආර්. ඇස්. පෙරේරා මහතා

එක්දහස් නවසිය හැට සිට හැත්තෑ පහ දක්වා කාලය තුළ දේශපාලන රැස්වීම් සඳහා ජනතාව සහභාගි වූයේ අදට වඩා ‍මහත් වුවමනාවකිනි. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම රැස්වීම්වලට බස් පුරවා සෙනඟ ඇදීම දැන් පුරුද්දක් වී තිබේ. එක්සත් ජාතික පක්ෂයට හිතවත් අය ඩඩ්ලි සේනානායක මහතා බැලීමටත්, ශ්‍රීලනිපයට හිතවත් අය සිරිමා බණ්ඩාරනායක මහත්මිය බැලීමටත් දැක්වූ උනන්දුව වැඩිහිටි අයට හොඳින් මතකයේ රැඳී තිබෙනු නිසැකය.

1960 ජූලි මැතිවරණයේදී මැතිනිය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ලොව ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය.

මේ තුළින් මෙරට ජන සමාජයේ ඇති වූ පිබිදීමත් සමඟ මැතිනිය සහභාගි වන දේශපාලන රැස්වීම් බලන්නට, මැතිනිය දැකගන්නට පැමිණෙන ජනතාව අතර කාන්තා ප්‍රතිශතය ඉහළ යෑමට ද පටන් ගත්තේය.

මේ දිනවල රැස්වීම් බැලීම සඳහා ජනතා සහභාගිත්වය ඉහළ යාමට හේතු වූ ආකර්ෂණීය කථිකයෝ ද තදින් බලපෑවෝය.

මෙම කථිකයන් අතර යටිදැරියේ වජිරබුද්ධි, දැවමොට්ටාවේ අමරවංශ වැනි හිමිවරු ද, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ස්ටැන්ලි තිලකරත්න, ආර්. ඇස්. පෙරේරා, එච්. ජී. ඇස්. රත්නවීර, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල වැනි කථිකයන් මෙන්ම විවියන් ගුණවර්ධන, නන්දා ද සිල්වා වැනි කාන්තා චරිතයන් ද සිහියට නැඟෙති.

මේ අතරින් කැලණියේ මන්ත්‍රීවරයාව සිටි ආර්. ඇස්. පෙරේරා මහතාගේ කතා කෙරෙහි විවිධ පාර්ශ්වයන්ගෙන් දෝෂාරෝපණ ද එල්ල වන්නට විය. ඊට හේතු වූයේ එතුමා විසින් බෞද්ධ ජනතාව වන්දනා මානයට යොදාගන්නා ගාථා වර්තමානයට ගළපා දේශපාලන වේදිකාවේදී ව්‍යවහාරයට ගැනීම නිසාය.

වරක් කොළොන්නාව අතුරු මැතිවරණයකදී එතුමා කළ කතාවක් බලවත් තර්ක විතර්කයන්ට ලක් විය.

ශ්‍රී ලංකා - සමසමාජ - කොමියුනිස්ට් පක්ෂ වෙනුවෙන් කොළොන්නාව ආසනයට ඉදිරිපත් කර තිබුණේ ටී. බී. ඉලංගරත්න මහතාය. එජාපය ඇතුළු පක්ෂවලින් ඉදිරිපත් කළ අපේක්ෂිකාව වූයේ කුසුමා ගුණවර්ධන මහත්මියයි.

කොළොන්නාව රැස්වීම් වේදිකාවකදී ආර්. ඇස්. පෙරේරා මහතා සිය කතාව අතරමැද මිත්‍රවරුනි, මේ මැතිවරණ ජයග්‍රහණය අපට එතරම් ප්‍රශ්නයක් නොවෙයි. බුද්ධාගමේ ගාථාවකිනුත් කියල තියෙනවා කුසුමා දිනන්නේ නැත කියල. කුසුමේන නේන කියල. පූජේමි බුද්ධං කුසුමේන නේන'කියන ගාථාව කියවල බලන්න.

බුද්ධාගමේ ගාථාවක් විකෘති කළේ යැයි එජාප වේදිකාවෙන් ආර්. ඇස්. පෙරේරා මහතාට චෝදනා එල්ල වුණේය. එහෙත් ජනතාව ඔහුගේ මේ කතාවලට රිසියක් දැක්වූ බව පෙනෙන්නට තිබිණි.

මේ අතර තවත් අතුරු මැතිවරණයක් එළඹිණි. ඒ 1968 ජනවාරි 5 දින පැවැත්වූ නාත්තන්ඩිය අතුරු මැතිවරණයයි. එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කළේ හිටපු කතානායකවරයකු ද වන හියු ප්‍රනාන්දු මහතාය. ශ්‍රී ලංකා - සමසමාජ කොමියුනිස්ට් කඳවුරු වෙනුවෙන් ප්‍රෝටස් තිසේරා මහතා ඉදිරිපත් විය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වූයේ ටී. බී. සුබසිංහ මහතායි. මමත් වත්තල ආසනයේ එවකට ශ්‍රීලනිප සංවිධායකවරයාව සිටි දොස්තර ඒ. ඩී. ජේ. එල්. ලියෝ මහතාත් කිසියම් කාරණයකට සුබසිංහ මහතා හමුවීමට ගිය මොහොතක තරුණයා නාත්තන්ඩියට ගිහිල්ල ‍ප්‍රෝටස්ට උදව් කරන්න යැයි සුබසිංහ මහතා මට කීවේය. මම කැමැති වීමි. ප්‍රෝටස්ට දෙන්නැයි මාව හඳුන්වා දෙමින් ලියුමක් ද දුන්නේය.

නාත්තන්ඩියට ගිය මා මාසයක පමණ කාලයක් එහි නතර වී ඡන්ද වැඩ කළෙමි.

මාත් සමඟ රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණයන් රැසක් විය. අපි උදේ දහවල් නොබලා ගෙයින් ගෙට කැන්වසින් ගියෙමු. රැස්වීම් සංවිධානයට ගම්වල පක්ෂ සංවිධානවලට උදව් කළෙමු. සැන්දෑවේ රැස්වීම් ද ඇමතුවෙමු.

එහි මරඳ නමින් ගමක් විය. නාත්තණ්ඩිය ආසනයේ වැඩි ජනතාවක් කතෝලික වුවද ‍බෞද්ධ ගම්මාන රැසක් ද විය. මරඳ බෞද්ධ ජනයා වැඩියෙන් වාසය කළ ගමකි. ප්‍රදේශයේ ගම්වල කොටස් කොටස් වෙන් කර ගෙන නිතර නිතර ගෙවල්වලට ගොස් ජනයා සමඟ හිතවත්කම් ගොඩනංවා ගනිමින් කටයුතු කිරීම නිසා ඔවුන් සමඟ දැඩි ඇඟෑලුම්කමක් අපි ඇතිකරගෙන සිටියෙමු.

මරඳ ගමේ ද රැස්වීමක් සූදානම් විය. ආර්. ඇස්. පෙරේරා මහතා ද කතිකයෙක් විය. රැස්වීම අමතමින් සිටියදි කතාව අතරතුර ආර්. ඇස්. පෙරේරා මහතා ධම්ම පදයේ එන ගාථාවක් කියා වර්තමානයට ගැළපුවේය.

අසේව නාච බාලානං - ඒ කියන්නේ මෝඩයෝ, අනුවණයෝ ආශ්‍රය කරන්නට එපා. හාල් කපල. බඩු මිල නග්ගල මිනිස්සු විපතට දාපු යූ. ඇන්. පී. කාරයෝ වගේ අය ආශ්‍රය කරන්න එපා කියන එකයි.

පණ්ඩිතානංච සේවනා - පණ්ඩිතයො ආශ්‍රය කරන්න. කවුද පණ්ඩිතයෝ කියන්නෙ. මේ ශ්‍රී ලංකා කාරයො - මිනිස්සු වෙනුවෙන් සේවයට කැප වෙලා ඉන්න අපි වගේ අය. ප්‍රෝටස් තිසේරා වගේ අය ආශ්‍රය කරන්න.

පූජාච පූජනීයානං - අන්න බලන්න පිදිය යුත්තන් පුදන්න. ඡන්දය දෙනකොට යූ. ඇන්. පී. කාරයො ‍වගේ බාලයන්ට ඡන්දය නොදී ප්‍රෝටස් තිසේරා වගේ ශ්‍රී ලංකා කාරයන්ට ඡන්දය දෙන්න.

ඒතං මංගල මුත්තමං - යූ. ඇන්. පී. කාරයො වගේ බාලයන්ට ඡන්දය පාවිච්චි නොකර ප්‍රෝටස් තිසේරා ජයග්‍රහණය කරවන්න. ප්‍රෝටස්ට ඡන්දය දෙන්න. ඒක මංගල කාරණයක් කියලයි මේ ගාථාවෙන් කියල තියෙන්නෙ. හාල් කපල - බඩු මිල නංගල මේ අය ගෙවල්වලට ඒවි. කොස්ස, ඉදල ගන්නයි වටින්නේ

රැස්වීමේ සිටි ජනතාව ඔහුගේ කතාවට වශී වී සිටියේ. වරින්වර අත්පොළසන් නැඟීය. අපි ද අත්පොළසන් දෙමින් සිනාසෙමින් ඔහුගේ රසබර කතාවෙන් සතුටට පත්ව සිටියෙමු.

පසුදින අපි සුපුරුදු ලෙස ගෙවල්වලට කැන්වසින් ගියෙමු. වෙනදා හිතවත්කමින් කතා කළ ගම්මු අපව නුරුස්නා බවක් පෙන්වූහ.

එක් ගෙදරකට ගිය විට වෘත්තියක් ලෙස රා නිෂ්පාදනයට යාමට සූදානම් ඇඳුමින් ලැහැස්තිව විශාල පිහියක් ද ඉනේ ගසා සිටි අයෙක් අන්න මහත්තයො කොස්ස, අර තියෙන්නෙ ඉලපත. ඕව අතට අරන් එලවන්නයි වටින්නෙ. ඒත් අපි එහෙම කරන්නෙ නෑ කියා අපිව ගණන් නොගෙනම ඔහු යාමට සැරසී සිටි ගමන යන්නට ගියේය.

වී ඇති සිද්ධිය අපට විස්තර කළේ ඒ පුද්ගලයාගේ බිරිඳයි.

මහත්තයො... ඊයේ රෑම පන්සලේ හාමුදුරුවො සීනුව ගහල ගමේ මිනිස්සු කැන්දුවා. අර ආර්. ඇස්. පෙරේරා කියන කතෝලිකයා ඇවිත් ඊයේ අපේ බුද්ධාගමට නිග්‍රහ කළා. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ යූ. ඇන්. පී. කාරයො හිටියද? ශ්‍රී ලංකා කාරයො හිටියද? යූ. ඇන්. පී කාරයො හරි කවුරු හරි ආශ්‍රය කරන්න එපා කියල ඒ ගාථාවෙ කියල තියෙනවාද? නෑ. ඒ කතෝලිකයා කළේ අපේ ආගමට නිගාවක්. දැක්කනේ ගෙවල්වලට ආපුවම ඉලපත, කොස්ස ගන්න කියල මිනිස්සුන්ට උගන්වනවද? අපේ ආගමට නිග්‍රහ කරන එවුන්ට ඡන්දය දෙන්න එපා කියල හාමුදුරුවො කිව්වා.

අවසන් මොහොතේ ගමේ ජනයාගේ තීරණය වෙනස් වී ඇති බව අපට පැහැදිලි විය. මැතිවරණයේ ජයග්‍රහණයට එය විශාල බලපෑමක් වී තිබුණු බව ද මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලියි. ප්‍රෝටස් ‍තිසේරා මහතා පැරදී තිබුණේ ඡන්ද දෙසිය ගණනකිනි.

දයා සෝමසිරි

71 කැරැල්ලෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණි ජවිපෙ

$
0
0
සැප් 18, 2020 01:00

1971කැරැල්ල සමඟ තහනම් දේශපාලනය සහ අවි ආයුධ කෙරෙහි විශ්වාස කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තෝරා ගැනීමට වැඩි කලක් ගත වූයේ නැත. 1977 මහ මැතිවරණය මෙරට දේශපාලනයේ අමුතු වෙනසක් සිදු කළ වසරක් විය. එතෙක් රට පුරා පැතිරුණු බලයක් සහිතව සිටි සම සමාජ කොමියුනිස්ට් සහ මහජන එක්සත් පෙරමුණ වැනි වාම වාදී දේශපාලන කණ්ඩායම් දැඩි පසුබෑමකට ලක් වුයේ මෙම මැතිවරණයෙනි. එතෙක් පැරැණි වම ලෙස හැඳින්වුණු මෙම කණ්ඩායම් වෙනුවට සම්ප්‍රදාය බැහැර කළ නව වාමාංශික ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කෙමෙන් ස්ථාපිත වුයේ 1977 මහ මැතිවරණයෙනි.

 1977 මහ මැතිවරණයත් සමඟ මැතිවරණ ක්ෂේත්‍රයට පා තැබූවද ඔවුනට රට තුළ නිසි මැතිවරණ ව්‍යුහයක් නොතිබිණි.  භෞතික සම්පත් හා පහසුකම් ද අවම විය. ඒ අනුව රෝහණ විජේවීරගේ උපදෙස් මත උපතිස්ස ගමනායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජවිපෙ තාවකාලික මධ්‍යම කාරක සභාව තීරණය කළේ තෝරාගත් ආසන හතරකට තරග කිරීමය. ඒ අනුව තංගල්ල ආසනයට විජිත රණවීර, බටහිර අනුරාධපුරයට පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. එච්. චන්ද්‍රපාල, රොබට් ආර් ජයසේකර හක්මන ආසනයට හා හොරොව්පොතානට කේ. වයි. එම්. රණතුංග යන අය ස්වාධීන අපේක්ෂකයන් ලෙස නාම යෝජනා බාර දුන් අතර ඡන්ද ලකුණ වූයේ සීනුවය. පක්ෂය ලියාපදිංචි කර නොතිබීම නිසා ජවිපෙ නමින් තරග කිරීමට අවස්ථාව අහිමි වී ගියේය. 

 ඒ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් හිමි වූ අතර තරග කළ ආසන 168 න් 140 ක්ම ජයගත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. එහිදී ජවිපෙටද සතුටු විය හැකි ප්‍රතිඵලයක් ලැබුණි. තරග කළ ආසන හතරෙන් ඡන්ද 3371 ක් ලබා ගැනීමට ඔවුනට හැකියාව ලැබිණි. තංගල්ල හා බටහිර අනුරාධපුර ආසනවලදී වාමාංශික එක්සත් පෙරමුණ පසෙකට කරමින් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ස්වාධීන අපේක්ෂකයන්ට ලබා ගැනීමට හැකියාව ලැබිණි.

සිරගත කර ඇති රෝහණ විජේවීර ඇතුළු සෙසු ජවිපෙ ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි නව ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දිගින් දිගටම බලපෑම් එල්ල වන්නට විය. වාමාංශික සංවිධාන, බලපෑමක් සහිත දේශපාලනඥයෝ, සමාජ ක්‍රියාකාරීහු, බුද්ධිමත්හු රැසක් ඒ අතර වූහ. මේ අතර උපතිස්ස ගමනායක ප්‍රධාන තාවකාලික මධ්‍යම කාරක සභාව දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ, රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වීමට තීරණය කළේය. මුල්ම රැලිය පැවැත්වීමට තෝරා ගත්තේ කොළඹ හයිඩ්පාක් පිටියේදීය. මෙම රැලියට උපතිස්ස ගමනායක ඇතුළු ජවිපෙ නියෝජිතයෝ පිරිසක් එක් වූහ.  

එම උද්ඝෝෂණයේ ප්‍රතිඵලය වූයේ සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන සිර දඬුවම් ලැබූ ජවිපෙ නායකයා ඇතුළු පිරිස් නිදහස් කරනු ලැබුවේ 1977 නොවැම්බර් විසි දෙවනදාය. 

එහිදී‍ නායකයා සහ ඉදිරිපෙළ සාමාජිකයන් නිදහස් වීමත් සමඟ  පක්ෂ දේශපාලනය ව්‍යාප්ත කිරීම සඳහා ජවිපෙ පක්ෂ අරමුදලක් පිහිටුවනු ලැබූ අතර 1978 අවුරුද්දේ මුල් කාර්තුව වන විට අරමුදල රුපියල් 100,000කින් තරව තිබිණි. ජවිපෙ නිල පුවත්පත වූ නියමුවා හා සමාජවාදී කම්කරු සංගමයේ නිල පුවත්පත වූ රතු ලංකා පළ කිරීම ඒ වන විට ආරම්භ කර තිබූ අතර ප්‍රචාරක ලේකම්වරයා වූ උපතිස්ස ගමනායක සහෝදරයා ඉතාමත් නිර්මාණශීලී ලෙස මෙම කටයුතු ඉදිරියට පවත්වා ගෙන ගියේය. 

ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී මාවත නැවත අවතීරණය වීමෙන් පසු ඉදිරිපත් වූ පළමු පළාත් පාලන මැතිවරණය වූයේ  1978 කොළඹ මහ නගර සභා මැතිවරණයයි.  එහිදී එම පෙරමුණ උපතිස්ස ගමනායකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කරමින්  තරග වැදිණි. එහිදී නියෝජිතයන් පත් කර ගැනීමට නොහැකි වුවද සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු වමේ පක්ෂවලට වඩා ඡන්ද ලබා ගෙන කොළඹ නගරයේදීත්, ජවිපෙ වමේ ප්‍රධාන ව්‍යාපාරය බවට පත් විය. 77 මැතිවරණය නිමාවීමත් සමග අතුරු මැතිවරණ කිහිපයක් ද පැවැත්විණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දී තිබුණද 77 දී කේවල ක්‍රමයට පැවැත් වූ ඡන්දයේ ආසනවලට අතුරුමැතිවරණ පැවැත්වීමට සිදු වූ විට ඒවා පැරණි කේවල ක්‍රමයට පැවැත්වීමට නීති සකසා තිබිණි. ඒ අනුව 77 නොවැම්බර් දෙහිවල, 78 මාර්තු බටහිර කොළඹ, 79 දෙසැම්බර් ගාල්ල, 80 මැයි ආණමඩුව හා 81 ජනවාරි කලවාන යන ආසනවල අතුරු මැතිවරණ පැවැත්විණි. මෙහිදී ජවිපෙ ගාල්ල හා ආණමඩුව යන ආසන දෙකේ අතුරු මැතිවරණවලට පමණක් තරග වැදුණේය. ඒ සීනුව ලකුණින් ස්වාධීනවය. ගාල්ල සඳහා ලයනල් බෝපගේ ඉදිරිපත් කළ අතර ඔහු ඡන්ද 3366ක් ලබා ගනිමින් තුන් වැනියා බවට පත් විය. ආණමඩුව අතුරු මැතිවරණයට පක්ෂය වෙනුවෙන් උපතිස්ස ගමනායක තරග වැදුණු අතර ලබා ගත හැකි වූයේ ඡන්ද 857කි. ගාල්ලේ දී ලංකා සමසමාජ පක්ෂය අභිබවමින් ගාල්ලේ තුන්වන බලවේගය බවට ජවිපෙ ට හැකියාව ලැබිණි. එය ජවිපෙ දේශපාලනයේ සුභ නිමිත්තක් බවට පත් විය. 

අතුරු මැතිවරණය නිමාවට පත් වීමෙන් පසු ඇති වූ ජුලි වර්ජනය ජවිපෙට  හුස්මක් කටක් ගැනීමටවත් ඉඩක් නැති කාලයක් ඇති කළේය. කම්කරු සටන් හා අරගලවලදී වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය වූයේ එක් වෘත්තියකට එක් සමිතියක් කම්කරු පන්තියට එක් මූලස්ථානයක් වශයෙනි. මේ අනුව ජවිපෙ සමාජවාදී කම්කරු සංගමය ගොඩනඟා තිබූ අතර කම්කරු සංගමය යනු වෘත්තිය සමිතියක් නොව කම්කරු පංතිය තුළ පංති දේශපාලනය තහවුරු කරමින් ඊට නායකත්වය දෙන පක්ෂයේ නිල සංවිධානය විය. සමාජවාදී කම්කරු සංගමය ගොඩනගා එහි මංගල සමුළුව පැවැත් වූ පක්ෂය සමාජවාදී කම්කරු සංගමයේ ලේකම් ධුරයට උපතිස්ස ගමනායක පත් කර ගන්නා ලදී. ඒ අනුව සමාජවාදී කම්කරු සංගමය ගමනායකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය. ඒ වන විට ලංකාවේ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතිවල වැඩි බලය පවත්වාගෙන ගියේ බාලා තම්පෝගේ වෙ‍ෙළඳ සේවක සංගමය විසිනි. වෙළඳ සේවක සංගමයට අයත් ආයතන රැසක තම බලය තහවුරු කර ගැනීමට ජවිපෙ සමත් වූ අතර කොළඹ අලියා බීම සමාගමේ තිබූ වෘත්තිය සමිතිය ඊට හොඳම නිදසුන විය. 

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් විශාල පිරිසක්  ගෙදර යවා ලක්ෂ 3 කට අධික දරු පවුල් අනාථ වූ මහා වැඩ වර්ජනයක් වූයේ 1980 ජූලි මහා වැඩ වර්ජනයයි. 80 ජූලි වැඩ වර්ජනය ජවිපෙට විශාල බලපෑමක් එල්ල කළේය. එය විසින් ඉතිරි කරන ලද අතුරු ඵල බොහෝ බැවින් අවලාද, ගැරහීම්, කඩා වැටීම් වලින් යුතු සියලු දේට මුහුණ පෑමට ජවිපෙට සිදු විය. 

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් 1980 ජුනි 05 වැනිදා තම ඉල්ලීම් ලබා ගැනීම සඳහා ආයතන ඉදිරිපිට පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, රැස්වීම් පැවැත්වූ අතර ඒවා පුළුල් සහභාගීත්වයක් සහිතව සටන්කාමී ස්වරූපයක් ගනු ලැබීය. එජාප ආණ්ඩුව, හිතවාදී වෘත්තිය සමිති එදිනම එම මොහොතේදීම රජයට සහයෝගිතාව දක්වමින් පිකටින් සහ උද්ඝෝෂණ පවත්වනු දක්නට ලැබිණි. 

කොළඹ සිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තිය සමිති සමාජිකයින් වෙත කොළඹ කොටුව දෙසින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කළ අතර මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයකු වන පොදුසේවක වෘත්තිය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත් විය. ජූලි වර්ජනය ඛේදවාචකයකින් අවසන් වූ පසු පැරණි වමේ පක්ෂ හා එම පක්ෂවලට අයිති වෘත්තිය සමිති වැඩ වර්ජනය කඩා කප්පල් කිරීමේ චෝදනාව පැටවූයේ ජවිපෙ මතය. 

1977 මහ මැතිවරණයේදී ආසන 4කට අපේකෂකයින් ඉදිරිපත් කරමින් මැතිවරණ දේශපාලනයට පිවිසි ජවිපෙට 1981 වනතුරුම මහජන නියෝජිතයන් පත් කරගැනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය. 1981 ජුනි දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැමිණියේ ඒ අතරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුනම මෙම මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කරන ලදී. ජවිපෙ තීරණය කරන ලද්දේ සංවර්ධන සභාවලට තරග කිරීමටය. මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ ලියාපදිංචි කර තිබුණේ නැත. ඒ සඳහා කිහිප වරක්ම ඉල්ලුම්පත් ඉදිරිපත් කළ ද ජයවර්ධන පාලනය ජවිපෙට එම අයිතිය ලබා දීම දිගින් දිගටම ප්‍රමාද කළේය. එබැවින් 1981 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වීමට ජවිපෙට සිදු වූයේ ස්වාධීන කණ්ඩායම් ලෙසටය. 

ඒ අනුව ජවිපෙ දිස්ත්‍රික් කිහිපයකටම කණ්ඩායම් ඉදිරිපත් කරමින් තරග වැදිණි. එහිදී කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ උපතිස්ස ගමනායකය. සංවර්ධන සභා ඡන්දයෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත් කර ගැනීමට ජවිපෙට හැකි විය. තරග කළ දිස්ත්‍රික්ක අටෙන් ලක්ෂ තුනකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන උපතිස්ස ගමනායක ඇතුළු  නියෝජිතයන් 13 දෙනෙකු පමණ පත් කර ගැනීමට අවස්ථාව ලැබිණි. 

උදිත ගුණවර්ධන

රජුන් තනන්නන් තැනූ වතු­ක­රයේ කතාව දෙවන කොටස

$
0
0
සැප් 18, 2020 01:00

නාගරික කම්කරුවෝ  වතුකරයට පිටුපාති

ලංකාවට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා 1920 දශකය උදාවන විට වසර සියයකට ආසන්න වෙමින් තිබිණි. එහෙත් ඒ වන විටත් වතුකම්කරුවන් තමන් මුහුණ දී සිටි ඛේදවාචකයෙන් ගොඩ එන මාවතකට ප්‍රවිශ්ඨ වී සිටියේ නැත.  වතු ආශ්‍රිත කම්කරුවන්ගේ කේවල ශක්තිය අඩු වීම, ඔවුන් සෙසු ජනතාවගෙන් දේශපාලන වශයෙන් කොන් වී සිටීම, වතු පාලකයන් පනවා තිබූ දැඩි විනය නීති ආදිය නිසා කම්කරු හිඟය උග්‍රව පැවැති කාලවලදී පවා ඔවුන්ගේ වැටුප පැවතියේ පහත් අඩියකය. 

මෙහිදී වතු කම්කරුවන් මුහුණ දුන් තවත් සමාජ අර්බුදයක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඒ කුලය පිළිබඳ සාධකයයි. නාගරික කසළ ශෝධක පිරිස් මෙන්ම වතුකම්කරුවන් ද සැලකුණේ දකුණු ඉන්දීය කුල ධුරාවලියේ පහළම ස්තරවලින් ප්‍රභවය වූ පිරිසක් ලෙසය. මේ කම්කරුවන්ගෙන් 75%කටත් වැඩි පිරිසක් අයත්වූයේ පල්ලන්, පරයන් සහ චක්කිලියාර් වැනි දකුණු ඉන්දියාවේ පීඩිත කුලවලටය.  එහෙත් ඔවුන් අධීක්ෂණය සඳහා කංගානිවරු පත් කරගත්තේ කුඩියානවර් නමැති ඉහළ සමාජයෙනි. කුල හීනයන් ස්පර්ශ නොකළ යුතුයි යන මතය ලංකාවේ වතු සමාජයේ දක්නට නොලැබුණ ද, පන්ති භේදය, කුල භේදය, වාර්ගික භේදය ඉවත්ව නොවිණි. මේ තත්ත්වය තුළ කංගානිවරුන්ට ශ්‍රමිකයන් පීඩාවට පත් කිරීමටත් ඒ  ඔස්සේ සූරා කෑමටත් මඟ පෑදී තිබිණු බව පෙනේ.

මෙලෙස නිසි වැටුපක් නොලබමින්, සූරා කෑමට ලක්වෙමින්, අර්ධ වහලුන් ලෙස ගෙවුණු වසර 100ක සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ට මෙන්ම යටත්විජිතවාදීන්ට ද ඉන්දියාවෙන් නොයෙක් චෝදනා එල්ල වන්නට විය. 1921 ජනවාරි 20 වැනි දින ශ්‍රමිකයන් ලංකාවට ගෙන යෑම තහනම් කරන බවද ඉන්දියාවේ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලදි. මේ තත්ත්වය මත 1925 වන විට වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කෙරිණි. 

ඉන්දියානු  ආණ්ඩුවේ මෙරට නියෝජිතයා වූ ඇස්. රෙන්ගනාදන්ගේ උපදෙස්  මත කටයුතු කෙරුණු මේ කමිටුවට ජන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ධුරය දැරූ ඇල්.ජේ.බී. ටර්නර් ද ඇතුළත් විය. එහිදී රෙන්ගනාදන්ගේ උපදෙස් මත වතු කම්කරුවන් උඩරට, මැදරට, පහත රට ලෙස කලාප තුනකට බෙදා ඔවුන්ගේ දෛනික වියහියදම් පිළිබඳ වාර්තාවක් සකස් කෙරිණි. අදාළ වාර්තා පදනම් කරගෙන 1927 දී අවම වැටුප් පිළිබඳ ආඥා පනත ගෙන එනු ලැබිණි. මේ අතර වතු කම්කරුවන්ගේ ජීවන වියදම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය ආණ්ඩුවෙන් බලපෑමක් එල්ල විය. ඒ අනුව ලංකාවේ සිටි ඉන්දීය ආණ්ඩුවේ නියෝජිතයා පවුලක අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන ලදි. ඉන්දීය කම්කරුවන්ගෙන් 40%ක් ජීවන වැටුපක් උපයා ගැනිමට අසමත් බව ඔහුගේ නිගමනය විය. ඒ සමඟම අවම වැටුප් පනත ක්‍රියාත්මක කරන ලෙස ඉන්දියාවෙන් බලපෑම් එල්ල විය. වතු හාම්පුතුන්ගේ විරෝධතා මැද ඉදිරිපත් කෙරුණු එම පනත සක්‍රිය වූයේ තවත් වසර දෙකකට පසුවය. ඒ 1929 ජනවාරි පළමු වැනිදා සිටය. මින් කෙටිකලක් යන තෙක්  කම්කරුවන්ගේ වැටුප්වල යම් ප්‍රගතියක් ඇති විය. යලිත් කම්කරුවන්ගේ දුර්භාග්‍ය කාලය එළැඹියේ තේ, රබර්, පොල් කර්මාන්තය කඩා වැටිමෙනි. ඒ අනුව එතෙක් දිනකට ශත 54ක් වූ උඩරට කම්කරුවන්ගේද, දිනකට ශත 52ක් වූ මැදරට කම්කරුවන්ගේද, දිනකට ශත50ක් වූ පහතරට කම්කරුවන්ගේද අවම වැටුප අඩු කිරීමට යෝජනා විය. මේ සමයේදී ලංකාවට පැමිණ සිටි ජවහලාල් නේරු වැටුප් අඩු කිරීමේ යෝජනාවට තරයේ විරෝධය පෑවේය. නේරුගේ එම ප්‍රකාශය 1931 ජූලි 13 සිලෝන් ඩේලි නිවුස් පුවත්පත මෙසේ වාර්තා කර තිබිණි.

 “ඉකුත් අවුරුදුවලදී, සියයට 80, 90 නැතහොත් 100යේ ලාභාංශ ප්‍රකාශ කරන ලද වේලේ ඉන් කොපමණ ප්‍රමාණයක් කම්කරුවන්ට ලැබුණේද?... එහෙත් පරිහානිය එළැඹි විට, පළමුවෙන්ම පාඩු විදිය යුත්තේ කම්කරුවාය. ආර්ථික පරිහානියක් පවතින මේ වකවානුවේ දී පවා සියයට 35ක ලාභාංශයක් ප්‍රකාශකොට, ඒ සමඟම අවම වැටුප් අඩු කිරීමට යෝජනා කිරීම, මගේ කල්පනාවේ හැටියට, සමාජයට අන්තරාදායක වූ මානසික හැඩ ගැසීමක් පෙන්නුම් කරන ක්‍රියාවකි. වැටුප් අඩු කිරීමේ යෝජනාවට එකඟ නොවුණද, එවක වෘත්තීය සමිති ව්‍යාපාරයේ මෙරට ප්‍රමුඛයා වූ ඒ.ඊ. ගුණසිංහ මහතා ද වතු කම්කරුවන් වෙනුවෙන් පැහැදිලි සහයෝගයක් තිබුණේ නැත. 1928 දී ලංකා වෘත්තීය සමිති සම්මේලනය ආරම්භ කළ අවස්ථාවේ ඔහු සියලු කම්කරුවන් වෙනුවෙන් සිය සහයෝගීතාව පළ ක‍ළේය. තම ව්‍යාපාරය කුලය, ජාතිය, ආගම මත පදනම්  නොවන බව ද පැවසීය. ලංකාවේ පදිංචි ඉන්දියානුවන්ට ඡන්ද බලය ලබාදීමට ද පක්ෂ විය. කොළඹ නගරයේ ද්‍රවිඩ හා මලයාලි කම්කරුවන්ගේ සහයෝගය ද කැමැත්තෙන්  ලබා ගත්තේය. මේ සියල්ල වෙනුවෙන් ඔහු පෙනී සිටියේ අනගාරික ධර්මපාල තුමාගේ හා සිංහල බෞද්ධ සම්ප්‍රදායේ දැඩි බලපෑමට ලක්ව සිටියදී වීමද විශේෂය. එහෙත් 1928දී ඔහුට ලංකා කම්කරු සංගමයේ උප සභාපතිවරයා වූ කේ. නාතේස අයියාර්ගෙන් ප්‍රබල චෝදනාවක් එල්ල විය. එහිදී අයියාර් කියා සිටියේ ලංකාවෙන් ඉන්දියානුවන් පන්නා දැමිය යුතුයැයි ගුණසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවයි. එය ප්‍රතික්ෂේප කළ ගුණසිංහ, නාතේස අයියාර් කම්කරු සංගමයෙන්  නෙරපා දැම්මේය.

 මේ වන විට ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වය යටතේ ලංකා කම්කරු ව්‍යාපාරය හිනි පෙත්තටම පැමිණ තිබිණි. එහෙත් රටෙහි ඇතිවී තිබූ ආර්ථික පරිහානිය ඔහුගේ ව්‍යාපාරයට ද තදින් බලපෑවේය. රැකියා හිඟය නිසා ඇතිවූ තත්ත්වය මත කම්කරු ව්‍යාපාරයේ කඩා වැටීම  වළක්වා ගැනීම සඳහා ගුණසිංහ මහතා ක්‍රියා මාර්ග කිහිපයක් ගත්තේය. පළමුව ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව සටන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. එය අසාර්ථක වූ තැන ඔහුගේ ඊළඟ උත්සාහය වූයේ  වර්ජන රැල්ලක් ඇරඹීමය. එයද ලේක්හවුස් වර්ජනයේදී  ලැබූ දැවැන්ත පරාජයත් සමඟ අසාර්ථක විය. මෙහිදී දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා වර්ජනය අසාර්ථක කිරීමට ඩී.ආර්. විජයවර්ධන සමත්විය. තවද ඉන්දියානු කම්කරුවන් අඩු වැටුපට වැඩ කළ නිසා බොහෝ සේව්‍යයෝ ඔවුන් සේවයට බදවා ගත්හ. සිංහල කම්කරුවන්ට රැකියා අහිමිවීම සහ රැකියා හිඟයක් ඇති විය. මෙයට ඉන්දියානුවන්ගේ පැමිණීම බලපෑ බවට ප්‍රකාශ කළ ගුණසිංහ එය ලංකාවේ ඉන්දියානු කම්කරුවන්ට විරුද්ධ සටන් ව්‍යාපාරයක් බවට පත් කර ගත්තේය.

ගුණසිංහ මහතා “වීරයා” නමින් සිංහල පුවත්පතක් ආරම්භ කර තිබිණි. මෙහිදී ඔහු වෙනත් ජාතීන්  පිළිබඳ කතා කළේ චෝදනා මුඛයෙනි. වීරයා පුවත්පත 1930දී පළකළ ලිපියක;

“සුද්දන්, මරක්කලයන්, බෝරාකාරයන් හා මලයාලීන් සිංහලයන්ගේ පිරිහීමට වගකිව යුත්තන්“ බැව්, ඔහු ප්‍රකාශ කළේය. 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ  ගුණසිංහ මහතා ඉන්දීය කම්කරුවන්ට එරෙහිව කටයුතු කළේය. 1931 අයවැය විවාදයේදී අදහස් දැක්වූ ඔහු;

“සිය ගණනින් මෙහි පැමිණෙන මලයාලීන් අඩු පඩියට වැඩකිරීමට කැමැති වීම මගින්, ලාංකීය කම්කරුවන්ගේ රක්ෂාවල් පැහැර ගන්නා.”යැයි චෝදනා කළේය. එතැනින් නොනැවතුණු ඔහු 1933 මැයි දින පෙලපාලියේදී මලයාලීන් කෙරෙහි දබරකාමී ආකල්පයෙන් කටයුතු කළ බව පොලිස්  වාර්තාවල සඳහන් ය. මෙලෙස ඉන්දීය විරෝධයක් මගින් කම්කරු ව්‍යාපාරය යළි පණ ගැන්වීමට ගත් උත්සාහය තාවකාලික උද්යෝගයක් වුවද එය ගිලිහෙමින් තිබුණු ගුණසිංහගේ අසිපත නගා සිටුවීමට සවිමත් සටන් පාඨයක් වූයේ නැත. ඒ සමඟම 1933 වන විට ‘ගුණසිංහ යුගය‘ද අවසානය කරා ගියේය.

මෙලෙස ලාංකික නාගරික කම්කරු පන්තිය අතර ඉන්දීය විරෝධී හැඟීම උග්‍ර වන විට, ඊට සාපේක්ෂව වතුකරයේ කම්කරු ව්‍යාපාරය ස්වාධීනව සංවර්ධනය විය යුතු බව  පෙනෙන්නට තිබිණි. එවැනි ව්‍යාපාරයක් ලංකාවේ ඉන්දීය මධ්‍යම පන්තිය ඔස්සේ බිහිවී ආරම්භ විය යුතු බව ද පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එහිදී  කලක් ගුණසිංහයන් සමඟ කම්කරු ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි නාතේස අයියාර් මුල් වී ක්‍රියා කරන්නට විය.

ලබන සතියට...

මලික් චමින්ද ධර්මවර්ධන

ව්‍යවසායකයාට පොදු ජනතාවට බර නොවන බදු

$
0
0
සැප් 18, 2020 01:00
ජයසිරි මුණසිංහ

විශාල පරිමාණ බදු ගෙවන්නන්ගෙන් වැඩි ආදායමක් රජයට එකතු කර ගැනීම සඳහා දැනටත් වඩා ප්‍රබල සහ දැඩි අධීක්ෂණයක් යටතේ නව ඒකකයක් ආරම්භ කොට එහි සෘජු අධීක්ෂණය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙතම පවරා ගන්නා ලදී.

රජය හඳුන්වා දුන් බදු සංශෝධන සහ බදු සහන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරිමත් වීමට කළ යෝජනා, විශාල පරිමාණ බදු ගෙවන්නන්ගෙන් වැඩි බදු ආදායමක් උපයා ගැනීමේ ක්‍රමෝපායන් පැහැදිලි කරමින්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සකස් කෙරිණි.

දේශීය ව්‍යවසායකයා සහ බදු ගෙවන පොදු ජනතාව මුළුමනින්ම අධෛර්යයට පත් නොකොට, දුර්වල ආර්ථික කළමනාකරණයෙන් මිදී රටේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා සහ පොදු ජනතාව සවිබල ගැන්වීම ඉලක්ක කොට ගත් වසර පහකටවත් නොවෙනස් වන බදු ප්‍රතිපත්තියක් රජය හඳුන්වා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්මට'අනුව ගොඩනැගෙන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයේ සාර්ථකත්වයට නිබඳ සහාය දැක්වීමේ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබේ. දැනට පවතින බදු ක්‍රමය මඟින් දේශීය ව්‍යවසායකයා සහ බදු ගෙවන පොදු ජනතාව මුළුමනින්ම අධෛර්යයට පත් කර ඇතැයි මීට වසරකට පෙර රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වමින් වත්මන් ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ 'සෞභාග්‍යයේ දැක්මෙහි'බොහෝ පැහැදිලිව සඳහන් කොට තිබිණි. එවැනි බදු ප්‍රතිපත්තියක් වෙනුවට රටේ ආර්ථිකය නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහාත් පොදු ජනතාව සවිබල ගැන්වීම සඳහාත් අවශ්‍ය ආකාරයට අපේ රටේ බදු ක්‍රමය සංශෝධනය කරන බව ද සටහන් කොට තිබිණි. ඒ අනුව යමින් දැනට ක්‍රියාත්මක වන දේශීය ආදායම් පනත වෙනුවට නව බදු පනතක් ගෙන එන අතර නිතර නිතර වෙනස් නොවී වසර කිහිපයක් අඛණ්ඩව පවතින සරල මිත්‍රශීලි නව බදු ක්‍රමයක් ස්ථාපනය කිරීමට රජය පියවර ගනිමින් සිටී. ඒ යටතේ නිෂ්පාදන ව්‍යාපාර සඳහා අය කරන ආදායම් බද්ද 28% සිට 18% දක්වා අඩු කෙරිණි. ආර්ථික සේවා ගාස්තු (ESC) හා පොලිය රඳවා ගැනීමේ බදු (WHT) අ‍හෝසි කරන ලදී. එකතු කළ අගය මත බද්ද (VAT) 15% ක් හා ජාතිය ගොඩ නැගීමේ බද්ද (NBT) 2% වෙනුවට 8% සරල එකතු කළ අගය මත බද්දක් ක්‍රියාත්මක කෙරිණි. පොලිය මත අය කරන රඳවා ගැනීමේ බදු (WHT) අහෝසි කෙරිණි. රජයේ සහ පෞද්ගලික අංශවල රැකියා කරන්නන්ගේ වැටුපට අයකරන උපයනවිට ගෙවීමේ බද්ද (PAYE TAX) අහෝසි කරන ලදී. පෞද්ගලික ආදායම් බදුවලින් නිදහස් වන ආදායම් (Tax Free Threshold Income) ආදායම් ඉහළ දමා බදු අනුපාතය 18% ක උපරිමයකට සීමා කළ අතර ආදායම් බදු ගෙවිය යුතු සියලුදෙනාගේ බදු අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටී.

ආගමික ස්ථාන සඳහා පනවා තිබූ විවිධ බදු අහෝසි කරනු ලැබිණි. සංචාරක හෝටල් සහ සංචාරකයන් සඳහා සේවය සපයන ආයතන සඳහා යොදා ගන්නා ආහාර, අමුද්‍රව්‍ය, රෙදිපිළි සහ අනෙකුත් පරිභෝජන ද්‍රව්‍ය වැනි දේශීය නිෂ්පාදනවලින් ලබා ගන්නා යෙදවුම්වලින් 60%ක් ඉක්මවන ව්‍යාපාර අපනයන කර්මාන්ත සේ සලකා ශුන්‍ය වැට් (Zero Vat) බදු අනුපාතය ක්‍රියාත්මක කෙරිණි. දුරකතන සේවා ගාස්තු සහ අන්තර්ජාල පහසුකම් සඳහා අය කරන බදු 50% කින් අඩු කරනු ලැබීය‍.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් ලබා දිය හැකි අයුරින් බදු ප්‍රතිපත්තිය සරල කිරීම සහ සහන පිරිනැමීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගත් අතර ඒ සඳහා අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා මඟපෙන්වීම් ලබා දී ඇත. මෙම සහනයන් තවදුරටත් පුළුල් කරමින් ඉදිරියේදී කටයුතු කිරීමට තම දෙපාර්තමේන්තුවට රාජ්‍ය නායකත්වයෙන් ලැබෙනුයේ විශාල දායකත්වයකි. ඒ අනුව විශාල පරිමාණ බදු ගෙවන්නන්ගෙන් වැඩි ආදායමක් රජයට එකතු කර ගැනීම සඳහා දැනටත් වඩා ප්‍රබල සහ දැඩි අධීක්ෂණයක් යටතේ නව ඒකකයක් ආරම්භ කොට එහි සෘජු අධීක්ෂණය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙතම පවරා ගන්නා ලදී.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන නව ඒකකයේ (LTU) ඒකකයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරු දෙදෙනකු, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරු හතර දෙනකු, කොමසාරිස්වරු දහතුන්දෙනකු ඇතුළු නිලධාරීන් හැත්තෑ දෙදෙනකුගෙන් සමන්විත වේ.

ඒ අනුව විශාල බදු ගෙවන්නන්ගේ උනන්දුව සහ ඔවුන් පිළිබඳව අධීක්ෂණය වේගවත් කොට කාර්යක්ෂම බදු අය කර ගැනීමේ ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී ඇත.

වාර්ෂිකව මෙරටට මහ පරිමාණ බදු ගෙවන සමාගම් 532ක බදු ලිපි ගොනු පරීක්ෂා කිරීමේ සහ ඒවා පිළිබඳ ක්‍රියා කිරීමේදී මීට පෙර එක් නිලධාරියකුට ලිපි ගොනු තිහක් හතළිහක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදු වී තිබිණි. එනමුත් නව පහසුකම් සහිත විශේෂ ඒකකය ආරම්භ කිරීමෙන් පසු එක් නිලධාරියකුට ලිපි ගොනු පහක් දහයක් අතර ඉතා කුඩා ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉඩ කඩ ලබාදී තිබේ. මෙලෙස එක් නිලධාරියකුට කටයුතු කිරීමට ඇති බදු ලිපි ගොනු සංඛ්‍යාව අඩු කිරීම නිසා බදු ආදායම වැඩි කර ගැනීමට මග පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට වාර්ෂිකව මෙරට දේශීය බදු ආදායමෙන් 65% - 70% ප්‍රමාණයක් බදු අය වනුයේ විශාල පරිමාණ බදු ගෙවන්නන්ගෙනි. මෙම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 80% දක්වා ඉහළ නංවාගැනීම නව විශේෂ ඒකකය ආරම්භ කිරීමේ අරමුණක් වී තිබිණි. මීට අමතරව බදු ලිපිගොනු තුන්ද­ාහක පමණ ප්‍රමාණයක් පහළ සමාගම් අංශයේ එනම් සුළු හා මධ්‍ය පරිමාණ අංශයට වඩා ඉහළටත් විශාල පරිමාණ බදු ගෙවන්නන්ගේ අංශයෙන් පහළටත් ඇතුළත් වේ. මෙම පිරිසගේ ද නියමිත බදු ආදායම ලබා ගනිමින් ඔවුන් රටේ ආර්ථික දියුණුවට ලබා දෙන දායකත්වය දැනට වඩා සවිබල ගන්වා ඔවුන් ද විශාල පරිමාණ බදු ගෙවන්නන් බවට පරිවර්තනය කර ගැනීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වී ඇත.

2019වසර දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම ඉපැයූ වසර ලෙස වාර්තා ගත වී තිබිණි. එම වසරේදී රුපියල් බිලියන 800ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර ඉන් රුපියල් බිලියන 785ක ආදායමක් එක්රැස් කර ගැනීමට සමත් විය. වසර 2020 දී රුපියල් බිලියන 615ක ආදායමක් අය කර ගැනීමට හැකි වනු ඇතැයි ගණන් බලා තිබේ. මේ අන්දමට මේ වසරේ ආදායම යම් අඩු වීමක් දක්නට ලැබුණ ද වසර 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වුණු පාස්කු ප්‍රහාරය, වසර අග භාගයේ ලෝකය පුරා පැතිරී ගිය කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සිදු වූ ආර්ථික බලපෑම ආදී යහපත් නොවන හේතු මේ සඳහා මුල් වූ බවට විවාදයක් නොපවතී.

එපමණක් නොව ජනාධිපතිවරයා 'සෞභාග්‍යයේ දැක්ම'ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සිදු කළ බදු සංශෝධන නිසා දෙයාකාරයකින් බදු ආදායම අඩු වීමට මුලපිරිණි. පළමුවැන්න නම් සමහර බදු අහෝසි කිරීමයි. දෙවැන්න නම් බදු සංශෝධනය කිරීමයි. මින් පළමුවැන්න යටතේ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT), උපයන විට ගෙවීමේ බද්ද (PAYE) සහ පොලී මත රඳවා ගැනීමේ බද්ද අහෝසි කරන ලදී. 

පුද්ගල ආදායම් බද්ද, එකතු කළ අගය මත, නිශ්චිත ගාස්තු මත රඳවා ගැනීමේ බද්ද සංශෝධනය කරන ලදී. මෙලෙස වසර 2019 සාපේක්ෂව වසර 2020 දී බදු ආදායම ලැබීමේ අඩුවක් දක්නට ලැබුණ ද ඒ තුළින් ආර්ථිකයේ නිෂ්පාදනය ඉහළට ඔසවා තැබීමට, ආර්ථික වර්ධනය වේගවත් කිරීමට සැපවූයේ විශාල ශක්තියකි. බදු ආදායම රජයට අහිමි වුවත් එතෙක් බදු ගෙවන ලද ජනතාවට සහන හිමි වීම හේතුවෙන් ඔවුන් නව ජවයකින් ආර්ථික ක්‍රියාකාරකම්වලට මුදල් ආයෝජනය කරන ලදී. සරලව පැවසුව හොත් රජයට ගෙවිය යුතු බදු මුදල තමන්ගේ ලාභයක් සේ සලකා එය තම ව්‍යාපාරයේ දියුණුවට ආයෝජනය කිරීම රජය අපේක්ෂා කරන ලදී. මෙලෙස තනි තනි පුද්ගලයන්, ව්‍යාපාර දියුණුව සඳහා වැඩි වැඩියෙන් මුදල් යෙදවීම තුළ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන අංශ සියල්ලෙහිම යම් බලගැන්වීමක් සිදු විය.

සේවා නියුක්තිකයන්ට තම ආදායම් ඉපැයීම මත අය කළ බදු අඩු කිරීම නිසා ඔවුන්ට වැඩි වැඩියෙන් පරිභෝජනය සඳහා මුදල් ඉතිරි විණි. නැති නම් නව ආයෝජනයක් සිදු කිරීමට මුදල් ඉතිරි විණි. මෙලෙස මුදල් ඉතිරි වීම හෝ ආයෝජනය කිරීම තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ඉහළ යෑමක් දක්නට ලැබිණි.

භාණ්ඩ හා සේවා මත අය කළ වැට් බදු ඇතුළු අනෙකුත් බදු අනුපාත පහත දැමීම නිසා පාරිභෝගික ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව සැලසිණි. බදු ආදායම් අය කර ගැනීමේ ක්‍රියාවලියේ සිදු කළ සහන පිරිනැමීම සහ නව බදු සංශෝධන හරහා රජය බලාපොරොත්තු වූයේ හැකි තරම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නව ජවයකින් දියුණුව කරා පියමනිනු ඇතැයි යන්නය. එම බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීම සඳහා අඩුම තරමේ වසර පහකටවත් නොවෙනස් සරල සහ නොවෙනස් බදු ප්‍රතිපත්තියක් අප රටට හඳුන්වා දීම සිදු කළ යුතුමය. ඒ සඳහා එළඹ ඇති මොහොත මැනවින් භාවිතයට ගනිමින් නව බදු ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දීමට රජය ක්‍රියා කරනු ඇත.

සහල් වෙළෙඳ පොළේ කැකෑරෙන අර්බුදය

$
0
0
සැප් 18, 2020 01:00

මධ්‍යම හා කුඩා පරිමාණ මෝල් සහ වෙළෙඳුන් වෙළෙඳ පොළින් ඉවත්වීම හේතුවෙන් ඇති වූ වෙළෙඳ පොළ බලය භාවිතා කරමින් ඔවුහු ආධිපත්‍යය දරති. බහුල වශයෙන් සහල් ඇඹරුම්හල් පැවති ප්‍රදේශවල මෝල්වලින් 90%ක් පමණ වසා දමා ඇත.

අතීතයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතව තිබූ අතර දීර්ඝ කාලයක් පුරා සහල් අපනයනකරුවෙක් ද විය. එලෙසම විශිෂ්ට සෞඛ්‍යමය ප්‍රතිලාභ සහිත පාරම්පරික සහල් ප්‍රභේද දහසකට අධික ප්‍රමාණයක් සහිත රටක් ලෙස ද ප්‍රචලිතව තිබිණි. මෙම ප්‍රවණතා කණපිට හරවමින් පසු කාලයකදී ශ්‍රී ලංකාව සහල් ආනයනයට පෙළඹිණි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතකරණය මෙයට බලපෑවේය. නිදහසෙන් පසුව බලයට පත් සෑම රජයක්ම ශ්‍රී ලංකාව නැවතත් සහලින් ස්වයංපෝෂිත කිරීමටත්, වී ගොවියාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටත් බත් ප්‍රධාන ආහාරය කරගත් මිලියන ගණනක් වූ ජනතාවට සහනදායී මිලට සහල් ලබා දීමටත් විවිධ වූ සහනාධාර හා සහතික මිල යෝජනා ක්‍රම, මිල පාලනයන් සහ විවිධ වූ වෙනත් ක්‍රියාමාර්ග ආරම්භ කර උත්සාහකර බලන ලදී. මෙරට සෑම දේශපාලනික පක්ෂයක්ම පාහේ තම දේශපාලනික ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ වී ගොවියන්ටත් සහල් පාරිභෝගිකයන්ටත් වාසිදායක වන ලෙස ප්‍රතිපත්ති සකසා ඒ තුළින් තමන්ගේ ඡන්ද පොදිය වැඩි කර ගැනීම දක්වා මෙම සහල් වෙළෙඳ පොළ දේශපාලනීකරණය වී තිබේ. මේ සියල්ල නිසි ලෙස වාර්තාගතව ඇති අතර මෙය නව ප්‍රවණතාවක් නොවේ.

මෑතකදී රජය මඟින් නැවතත් සහල් සඳහා පාලන මිලක් ස්ථාපිත කිරීමත් සමඟ විවිධ ජනමාධ්‍ය ඔස්සේ මෙම කාරණය නැවතත් සාකච්ඡාවට බඳුන් වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන වියදම අවම කරලීම වස් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියමයන් 2020 අප්‍රේල් 10 දින සිට ක්‍රියාත්මක කරන ලදී. මෙයට ප්‍රතිචාර වශයෙන් මහා පරිමාණ සහල් වෙළෙන්දන් රටේ දැවැන්ත සහල් හිඟයක් නිර්මාණය කරමින් සහල් තොග නිදහස් කිරීම නතර කළ ආකාරය අපි දුටිමු. මෙම කෘත්‍රිම සහල් හිඟයට මුහුණ දීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු තවත් නිලධාරීහු 50ක් පමණ ශ්‍රී ලංකාවේ වැඩිම සහල් නිෂ්පාදනයක් හා සැපයුමක් ඇති පොලොන්නරුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණහ. පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රයත්නය ව්‍යර්ථ වූ වටපිටාවක, නැවතත් රජය විසින් පාලන මිල වෙනස් කරමින් සහල් මෝල් හිමියන්ට තමන්ට රිසි ලෙස වැඩි මිලට සහල් විකිණීමට අවස්ථාව සලසා දෙන ලදී. මෙම සිදුවීම් මඟින් වෙළෙඳ පොළ තුළ දෘශ්‍යමාන හා කෲර හස්ත ක්‍රියාත්මක වන බව සැකෙවින් පෙන්වා දෙයි. රටේ සහල් වෙළෙඳ පොළ තත්ත්වය පිළිබඳව විශ්ලේෂණය කිරීමට සහ මහජනතාව මුහුණදෙන ප්‍රශ්නයන්ට දීර්ඝ කාලීන විසඳුම් යෝජනා කිරීම වැදගත් වන්නේ එම නිසාය.

සහල් සහ වී වෙළෙඳ පොළ

සහල් වෙළෙඳ පොළ සඳහා රාජ්‍ය ආයතන, පාරිභෝගිකයන්, වී ගොවියන්, පෞද්ගලික වී සහල් වෙළෙන්දන්, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ මෝල් හිමියන් යන අය ඇතුළත්ය. විශේෂයෙන්ම සහල් සඳහා ඉල්ලුම ඇති වන්නේ සිවිල් පාරිභෝගිකයන්, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආයතන මඟිනි. රජය විසින් 6 -8%ක වී ප්‍රමාණයක් පමණක් මිල දී ගනු ලබන අතර කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර විසින් 10%ක් පමණ වී මිල දී ගනු ලබයි. ඉතිරි වී ප්‍රමාණය මහා පරිමාණ වී මෝල් හිමියන් 3 – 4 දෙනකු විසින් මිල දී ගනු ලබන අතර මෙය කතිපයාධිකාරී (Oligopolistic) වෙළෙඳ පොළ සඳහා මනා නිදසුනක් වේ. අස්වනු නෙළන අවස්ථාවේ විශාල වී ප්‍රමාණයක් මිල දී ගත හැක්කේ මහා පරිමාණ මෝල් හිමියන්ට පමණක් වන අතර මේ සඳහා මහා පරිමාණ මෝල් හිමියන් හට බිලියන ගණනක ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. සහල්වල ගුණාත්මකභාවයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ නම්, යන්ත්‍රසූත්‍ර හා උපකරණ සඳහා මහා පරිමාණ වෙළෙඳුන් විසින් විශාල වශයෙන් ආයෝජනය කිරීම සිදු වේ. වගා කළ හැකි බිම් ප්‍රමාණයෙන් 34% ක් වන හෙක්ටයාර 870,000ක පමණ බිම් ප්‍රමාණයක් පුරා මිලියන 1.8ක් ගොවීන් විසින් වී වගා කරනු ලබයි. නිෂ්පාදිත සහල් ප්‍රමාණයෙන් 98%ක පමණ ප්‍රමාණයක් දේශීයව පරිභෝජනය කරනු ලබයි. කෙසේ වෙතත් වී වගාව තවදුරටත් ලාභදායී ව්‍යාපාරයක් නොවන බැවින් වී ගොවීන් දැවැන්ත ණයගැතියන් බවට පත් වී ඇත.

රාජ්‍ය මැදිහත්වීම

ශ්‍රී ලංකාව තුළ නිදහස් වී හා සහල් වෙළෙඳ පොළක් නොමැති හෙයින් සහල් වෙළෙඳ පොළ ප්‍රතිඵල (සමතුලිත මිල හා ප්‍රමාණය) පිළිබඳව නිශ්චිතව කිව නොහැකිය. කෙසේ වෙතත් වෙළෙඳ පොළ තුළ අප අද දකින්නේ විකෘති වූ සහල් මිල හා ප්‍රමාණයන් බවත් කිවහැකිය. මම වරක් නොබෙල් සම්මානලාභී ආර්ථික විශේෂඥ, මහාචාර්ය ඒල්.ආර්. ක්ලයින් (L.R. Klein) මහතාගෙන් “දේශපාලන නායකයන් විසින් ආර්ථිකවේදීන් නිර්දේශ කරනු ලබන වඩා සුදුසු ආර්ථික ප්‍රතිපත්ති නොසලකා හරින්නේ ඇයි?”දැයි යන්න අසා සිටියෙමි. එයට පිළිතුර වූයේ දේශපාලන නායකයන් විසින් කෙටි කාලීනව තීරණ ගැනීමේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින බවත්, ඔවුන් ඊළඟ මැතිවරණය වනතෙක් ලැබෙන වාසි පිළිබඳව පමණක් සිතමින් තීරණ ගන්නා බවත්ය.

ඊට හාත්පසින්ම වෙනස්ව, ආර්ථිකවේදීන් දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය තීරණවල ආධිපත්‍යය දරන්නේ ඔවුන් කෙටි කාලීන ප්‍රතිලාභවලින් ඔබ්බට සලකා බලන බැවිනි. එම පිළිතුර ශ්‍රී ලංකාවට නිවැරදිව ගැළපෙන බව මා හට හැ‍ඟේ. රජය විසින් වී සඳහා සහතික මිලක් හා සියලු පොහොර වර්ගයන් සඳහා පොහොර සහනාධාර ලබාදීමෙන් සහල් නිෂ්පාදනය නගාසිටුවීමටත් සහලින් රට ස්වයංපෝෂිත කිරීමටත් ප්‍රයත්න දරයි. එහෙත් සහල් ඵලදායිතා ලැයිස්තුවේ රටවල් 119 අතුරින් ශ්‍රී ලංකාව 93 වන ස්ථානය ලබා ඇත්තේ නේපාලය 67 වන ස්ථානයත්, තායිලන්තය 68 වන ස්ථානයත් ලබාගන්නා පසුබිමකය. කෙසේ වෙතත් බලයට පත් රජයන් සියල්ල මෙම වැඩපිළිවෙළ නිසාම සහල් පාරිභෝගිකයන් සහ ගොවීන් විසින් ලබා දුන් ඡන්දවලින් බලයට පත් වූවා යැයි කීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

අදෘශ්‍යමාන හස්තය

වෙළෙඳ පොළ වී මිල හුදෙක් වී නිෂ්පාදන පිරිවැය හා ගොවීන්ගේ ලාභ ආන්තිකයේ එකතුව විය යුතුය. ඇතැම් රාජ්‍ය මැදිහත්වීම නිසා සහල් සහ වී මිල දෙකම විකෘති වී ඇත. තවද ඔවුන් ගොවීන්ට හා සහල් පාරිභෝගිකයන්ට සුදුසු වෙළෙඳ පොළ සංඥා ලබා නොදීමෙන්, අපට පූර්ණ වශයෙන් අවබෝධකරගත නොහැකිවූ අනපේක්ෂිත ඍණාත්මක ප්‍රතිවිපාක සමාජය තුළ ජනනය කරයි. පාලන මිලක් නොමැති විට, වී ගොවීන්ට තම නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබාගැනීමටත්, සහල් ආශ්‍රිත නිෂ්පාදන ඉහළ යෑමටත්, විදේශ විනිමය රට තුළ රඳවා ගනිමින් බීර නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන සඳහා වැඩිපුර සහල් මිලදී ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත. පාරම්පරික සහල් ප්‍රභේද සඳහා පාලන මිලක් නොමැති වීමෙන් එම ක්ෂේත්‍රයේ නව වර්ධනයන් රාශියක් දැකගත හැකිවී ඇත.

ජපානය ඇතුළු සහල් නිපදවන වෙනත් රටවල අත්දැකීම්වලින් පෙනී යන්නේ සහල් මත පදනම් වූ නිෂ්පාදන බොහොමයක් ඇති බවයි. ජපානය සහ වෙනත් ප්‍රමුඛ ගෝලීය බීර නිෂ්පාදකයන් බියර් නිෂ්පාදනයේදී සහල් භාවිතා කරයි. ශ්‍රී ලංකාව තුළ මනා වී, සහල් සංස්කෘතියක් ඇති නමුත් තවමත් මෙරට සහල් ආශ්‍රිත නිෂ්පාදන සීමිතය. උදාහරණයක් වශයෙන්, බීර නිෂ්පාදකයන් විසින් මෝල්ට් සඳහා විකල්පයක් ලෙස වසර 40ක පමණ කාලයක් පුරා දේශීය සහල්වලින් 0.25% පමණක් යොදාගනු ලබයි. එහෙත් බියර් කර්මාන්තය සඳහා ආනයනික මෝල්ට් වෙනුවට දේශීය සහල් ආදේශ කිරීම තුළින් දේශීය ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකියාවක් ඇත.

මේ වන විට ශ්‍රි ලංකාවේ මහා පරිමාණ වී මෝල් ඇත්තේ ස්වල්පයක් පමණක් වන අතර එයින් පෙන්නුම් කරන්නේ වී වෙළෙඳපොළ කතිපයාධිකාරයක් (Oligopoly) ඇති බවයි. මධ්‍යම හා කුඩා පරිමාණ මෝල් සහ වෙළෙඳුන් වෙළෙඳ පොළින් ඉවත්වීම හේතුවෙන් ඇති වූ වෙළෙඳ පොළ බලය භාවිතා කරමින් ඔවුහු ආධිපත්‍යය දරති. බහුල වශයෙන් සහල් ඇඹරුම්හල් පැවති ප්‍රදේශවල මෝල්වලින් 90%ක් පමණ වසා දමා ඇත. ප්‍රධාන වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්ක වන පොලොන්නරුව, අම්පාර, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල වැනි ප්‍රදේශයන්ගෙන් පිටත වී ගොවීන් බොහෝදෙනකු වී වගාව අතහැර දමා ඇත. පාලන මිලක් තිබියදී හිතකර ව්‍යාපාරික වාතාවරණයක් නොමැති නිසා එම ගොවීන්ට සහ මෝල් හිමියන්ට වෙළෙඳ පොළෙන් ඉවත් වීමට සිදු වී ඇති බව පැහැදිලිය.

රජයේ සහනාධාර ක්‍රම නිසා ගොවීහු ප්‍රධාන වශයෙන් ආනයනික රසායනික පොහොර භාවිතා කරති. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, රසායනික පොහොර පමණක් භාවිතයෙන් සිදු කරන වගාව මුළු වගා ප්‍රදේශයෙන් 65%ක් වන අතර, රසායනික හා කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන වගාව මඟින් 34%ක් ආවරණය වේ. බොහෝ ගොවීහු කාබනික පොහොර පමණක් භාවිතා නොකරන අතර, මෙලෙස භාවිතා කරන්නේ වපුරන ලද ප්‍රදේශයෙන් 0.2%ක් පමණ වේ. එම නිසා බදු ගෙවන්නන්ගේ මුදල් යොදා ගනිමින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කර රසායනික පොහොර ආනයනය කරන අතර, ඒවා අධිභාවිතය හේතුවෙන් මිනිසුන් රෝගාතුර වීම සිදු වෙයි. තවද රසායනික පො‍හොර අධික ලෙස භාවිතා කිරීම නිසා පසෙහි ස්වභාවික සංයුතිය ඛාදනය විය හැකි අතර, බොහෝ පාරිසරික හානි හා සෞඛ්‍ය උපද්‍රව ඇති කරයි. රජයේ මිල පාලනයකින් තොරව කාබනික භා පාරම්පරික ප්‍රභේද ඇතුළු උසස් තත්ත්වයේ සහල් ලබා දිය හැක්කේ ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශයට බව පැවසීමට තරම් අපට සාක්ෂි තිබේ.

ජපානයේ පාඩම්

ජපානයේ හොඳම සහල් නිපදවන කලාපය වන නීගාතා හි දැන් ජීවත් වන මා ගොවීන් සහල් වගාවේ නිරත වන ආකාරය සහ සහල් වෙළෙඳ පොළ ජපානයේ හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන්නේ ඉමහත් සතුටිනි. ජපන් කෘෂිකාර්මික සමූපකාරය (Nolyo හෝ JA Group ලෙසද හැඳින්වේ) ජපානය තුළ රට පුරා ව්‍යාප්ත කෘෂිකාර්මික ජාලයත් සමඟ වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ජපන් රජය විසින් JA සංවිධානය පිහිටුවන ලද අතර, එය ප්‍රබල ගොවිපළ සභාවක් දක්වා වර්ධනය විය. මිලියන සංඛ්‍යාත ගොවි සාමාජිකයන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඇසුරුම්කරණය, ප්‍රවාහනය, අලෙවිකරණය හා මූල්‍ය සේවා සැපයීම සඳහා යෙදවුම් සැපයීම සම්බන්ධයෙන් මෙය ක්‍රියාත්මක වේ. 1995 වසරට පෙර සහල්වල මිල තීරණය කරන ලද්දේ රජය විසිනි. කෙසේ වෙතත්, වර්තමානය වන විට නිදහස් වෙළෙඳපොළ තත්ත්වයන් භුක්ති විඳිමින් තම නිෂ්පාදන ඕනෑම කෙනකුට විකිණීමේ නිදහස ගොවීන්ට ලැබී ඇත.

ජපානයේ සහල් මිල පිළිබඳ කිසිඳු පාලනයක් නොමැති අතර එය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මඟිනි. අද වන විට ජපන් ජාතිකයන් 1960 ගණන්වල සහල් පරිභෝජනය කළා මෙන් අඩක් පමණක් ආහාරයට ගැනීම නිසා මිනිස් සහල් පරිභෝජනය සඳහා ඇති ඉල්ලුම අඩු වෙමින් පවතී. වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය 1962 වර්ෂයේදී ඉහළම අගය වාර්තා කළ අතර, එය කිලෝග්‍රෑම් 114ක් ලෙස සටහන් විය. එමෙන්ම අවම පරිභෝජනය කිලෝග්‍රෑම් 52.2ක් ලෙස 2011 වර්ෂයේ දී වාර්තා විය. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රැම් 107ක් පමණ වේ. සහල් පරිභෝජනය පහත වැටීමට හේතු වී ඇත්තේ ජනගහනය අඩු වීම, වයස්ගත වීම සහ එළවළු, පාන්, පැස්ටා, මස් සහ කිරි නිෂ්පාදන බහුලව ආහාරයට ගැනීමය. ජපානයේ සහල් මිල ලෝක වෙළෙඳපොළෙහි මිලට වඩා බොහෝ ගුණයකින් වැඩි ය. ප්‍රතිපත්ති සම්පාදකයන් වෙළෙඳපොළ අරමුණු කර ගත් ආර්ථික ප්‍රතිපත්ති පරිපූර්ණ යැයි සිතන්නේ නම්, ජපානය මේ වන විට සහල් ආනයනය කළ යුතුය. කෙසේ වෙතත්, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ජපාන රජය ගොවීන්ට දැවැන්ත සහනාධාර ලබා දී ඇති අතර දේශීය වෙළෙඳපොළ ඉහළ තීරු ගාස්තුවකින් ආරක්ෂා කර ඇත්තේ අර්ධ වශයෙන් ඡන්දය පදනම් කර ගැනීම සහ ආහාර සුරක්ෂිතතාවය පදනම් කර ගැනීම හේතුවෙනි.

ශ්‍රී ලංකාව ක්ෂණික බත හෝ කැඳ නිෂ්පාදනය කරන්නේ නම්, එයට ප්‍රධාන වශයෙන් නගරවල වෙසෙන ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය හැකිය. මන්ද එයට අවශ්‍ය වන්නේ කාලය ගත වන සහල් උඳුනක් (Rice cooker) වෙනුවට පරිභෝජනයට පෙර උණුසුම් කිරීම යන සරල ක්‍රියාව පමණි. ජපානයේ ක්ෂණික බත, ඒක පුද්ගල පරිභෝජනයට ප්‍රමාණවත් වන අයුරින් සැපයෙන අතර, ඒවා විකුණනු ලබන්නේ කුට්ටි ලෙස හෝ ප්ලාස්ටික් තැටිවලිනි. තවද දේශීය මත්පැන් වර්ගයක් වන සකේ නිෂ්පාදනය සඳහා නීගාතා ප්‍රාන්තයේ කර්මාන්තශාලා 100ක් පමණ ඇති අතර මෙම ප්‍රදේශය විවිධ වර්ගයේ උසස් තත්ත්වයේ සකේ නිෂ්පාදනය සඳහා ඉතා ප්‍රසිද්ධය.

පරමාදර්ශී වෙනස

ඉහත කරුණු සලකා බැලීමේදී අපට සහල් වෙළෙඳ පොළේ පරමාදර්ශී වෙනසක් අවශ්‍ය වේ. සහල් මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් නොවී වෙළෙඳ පොළ බලවේග - සැපයුම සහ ඉල්ලුම, විසින් එය තීරණය කිරීම සඳහා අවස්ථා ලබාදීම සුදුසුය. වෙළෙඳ පොළ විසින් තීරණය කරනු ලබන මිල, ස්වයං කැමැත්තක් දක්වන ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ඵලදායී ලෙස වෙළෙඳ පොළට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් ලබා දෙයි. නිදහස් වෙළෙඳ පොළ පරිසරයක් තුළ, කුඩා හා මධ්‍යම පරිමාණ මෝල්කරුවන්ට නැවත වෙළෙඳ පොළට ඇතුළු විය හැකි අතර, වී වෙළෙඳ පොළ පවත්නා කතිපයාධිකාරි (Oligopolistic) ස්වභාවය බිඳ දැමීමට මෙමඟින් මඟ පෑදේ. මිල තීරණය කිරීමේ අවස්ථාව වෙළෙඳ පොළට ලබාදුන හොත් ඉහත සඳහන් කළ බොහෝ අනපේක්ෂිත ප්‍රතිවිපාක අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් තුරන් කළ හැකිය. කෙසේ වෙතත්, කොවිඩ්-19 අපට ‍නැවත මතක් කර දී ඇත්තේ අදෘශ්‍යමාන හෝ වෙළෙඳ පොළ නැඹුරු විවෘත ආර්ථික ප්‍රතිපත්ති පමණක් රට වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවයි. පුරවැසියන්ගේ යහපත පිළිබඳ සමීකරණයේදී සලකා බැලිය යුතු තවත් බොහෝ විචල්‍ය ඇත. එබැවින්, වෙළෙඳ පොළ බලවේගවලට ක්‍රියාත්මක වීමට රජය විසින් පහසුකම් සපයන අතරතුර අවශ්‍ය වේලාවට හා අවශ්‍ය අවස්ථාවේදී නියාමනය හෝ අධික්ෂණය කළ හැක. 

රජය විසින් පොහොර සහනාධාරයේ සමස්ත පිරිවැය හා ප්‍රතිලාභ, සමස්ත සමාජයටම විමසා බැලිය යුතු අතර සමාජ පිරිවැය සමාජ ප්‍රතිලාභවලට වඩා වැඩි නම් ක්‍රමයෙන් සහනාධාරය ඉවත් කිරීම පිළිබඳව තීරණය කළ යුතුය. සමාජ පිරිවැය සඳහා රසායනික පොහොර, පළිබෝධනාශ්‍යක සහ වල් නාශක අධිභාවිතය මඟින් සෞඛ්‍යයට ඇති වන අහිතකර බැලපෑම් ඇතුළත් වේ. විශාල හා කුඩා පරිමාණ වී වෙළෙඳුන්ට තම ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය සම්පත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගත හැකි වන පරිදි සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීම ද අත්‍යවශ්‍ය වේ. දුම්රිය ප්‍රවාහනය තුළින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට සහ වී, සහල් අංශයට මාර්ගගත අලෙවිකරණ හා තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමට රජය උත්සුක විය යුතුය. ගොවීන්, පාරිභෝගිකයන්, කෘෂිකාර්මික නිෂ්පාදකයන් සහ ආහාර සැකසුම් ආයතන සඳහා මෙම තොරතුරු ප්‍රයෝජනවත් වේ.

වී අලෙවි මණ්ඩලයට කෙටි කාලීනව වෙළෙඳ පොළ ස්ථාවර කිරීමට අවශ්‍ය නම්, පාරිභෝගිකයාට සහල් බෙදා හැරීම සඳහා සුදුසු නවීන තාක්ෂණයෙන් ශක්‍ය හා සැලසුම් සහගත බෙදාහැරීම් දාමයක් මඟින් එය කළ හැකිය.

පාම් ඔයිල් එක්ක පිළිකා කාරක

$
0
0
සැප් 18, 2020 01:00

2018 වසරේ දී ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 146ක වියදමින් පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 217,000ක් ආනයනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ආහාරයට ගන්නා තෙල්වලින් 82% ප්‍රමාණයක් පාම් ඔයිල් වේ. පොල් තෙල්වලට හිමිවන්නේ 12% ප්‍රමාණයකි.

පාම් ඔයිල්, මාගරින්, ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල් වර්ග, අයිස්ක්‍රීම්, බිස්කට්, සැකසූ මස් නිෂ්පාදන, චොකලට්, ක්ෂණික නූඩ්ලස්, පීසා පිටි සහ ළදරු කිරිපිටිවල ඉහළ ප්‍රමාණයක් අඩංගු වේ. මිල නිසා මේ ඔයිල් බහුලව භාවිතා වේ. පාම් ඔයිල් සහිත සියලු ආහාර පාම් ඔයිල් ඇති බවට ලේබලයේ සඳහන් කිරීම එක්සත් ජනපදයේ ආහාර ඖෂධ පරිපාලන ආයතනය විසින් අනිවාර්ය කර ඇත. මෙයට හේතුව නම් පිරිපහදු කළ පාම් ඔයිල්වල පිළිකා හා අභ්‍යන්තර ශරීර ඉන්ද්‍රියන්ට හානි කළ හැකි රසායනික ද්‍රව්‍යයන් අඩංගු වීමය. ළදරුවන් හා ළමයින් විශේෂයෙන් මේ රෝග තත්ත්වයට ගොදුරු විය හැකි බැවිනි.

යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය (EFSA) එළවළු තෙල්වල අඩංගු ග්ලයිසයිඩ් මේද එස්ටර (GE) 3 මොනොක්ලෝරොප්‍රොපැනෙඩියෝල් (3MCPD) සහ 2 මොනොක්ලෝරොප්‍රොපැනෙඩියෝල් (2MCPD) අඩංගු ප්‍රමාණ තීරණය කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර ඇත. මෙය සිදු කරන ලද්දේ මේ රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක වන අතර ඩී.එන්.ඒ. (DNA) හා අක්මාව, වකුගඩු සහ වෘෂණ කෝෂ වැනි ඉන්ද්‍රියවලට හානි කරන බැවිනි. මේ අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව මේ රසායනික ද්‍රව්‍ය හා පිළිකා කාරකයක් වන ග්ලයිසයිඩෝල් එළවළු තෙල්වල අඩංගු බව තහවුරු කරගන්නා ලදී. මෙම සංයෝග සහ පාම් ඔයිල්වල ඇති පිළිකා කාරක ග්ලයිසයිඩෝල් සාන්ද්‍රණය ඔලිව් තෙල්වලට වඩා 264 ගුණයකින් වැඩි වන අතර රැප්සයිඩ් තෙල්වලට වඩා 24 ගුණයකින් වැඩි බව ඉහත කී අධ්‍යයනයේදී පෙන්වා දී ඇත.

පිරිපහදු කළ පාම් ඔයිල්වල තෙල් 1Kg ක 30mg ක GE සාන්ද්‍රණයක් අඩංගු වේ. පාම් ඔයිල්වල අධික ලෙස මේ විස රසායනික ද්‍රව්‍ය අඩංගු වන්නේ මේ රසායනික ද්‍රව්‍ය නිපදවෙන ඩයිග්ලිසරයිඩ්, පාම් ඔයිල්වල ඉහළ (4 – 12%) මට්ටමක පැවතීම හේතුවෙනි.

මිනිසාට අහිතකර බලපෑම් පෙන්නුම් කර නැතත්, 3MCP සහ ග්ලයිසිඩෝල් මීයන්ගේ ජානවලට හානි කරන පිළිකා කාරක ලෙස හඳුනාගෙන ඇත. මෙම රසායනික ද්‍රව්‍ය වකුගඩු පිළිකා සහ අනෙක් අවයවවල පිළිකා ඇති වීමට හේතු වේ. පිළිකා පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ ආයතනය විසින් (3PDR) ග්ලයිසයිඩෝල් මිනිසුන්ට පිළිකා කාරක වියහැකි (Group 2 B) සහ මිනිසුන්ට පිළිකා කාරක (Group 2A) කාණ්ඩ ලෙස පිළිවෙළින් වර්ග කර ඇත.

සංවර්ධිත රටවල පාම් ඔයිල් ආහාරයට ගැනීම අඩු වී ඇත. 2018 දී යුරෝපයට ආනයනය කරන ලද පාම් ඔයිල්වලින් 50% ජෛව ඩීසල් ලෙස වාහන සඳහා භාවිත කරන ලදී. ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තය ලාභ උපරිම කරගැනීම සඳහා පිරිපහදු කළ ලාභ පාම් ඔයිල් භාවිතා කරනු ඇත. මේ නිසා අනාගතයේදී පිළිකා රෝගීන්ගේ තියුණු වැඩි වීමක් හේතුවෙන් රට දැඩි අර්බුදයකට පත් විය හැකිය. පාම් ඔයිල්වලින් භාණ්ඩාගාරය ලබා ගන්නා බදු මුදල්වලට වඩා වැඩි මුදලක් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වැය විය හැකි බව අවධාරණය කරමි.

මහාචාර්ය සී. දීපාල් මැතිව් 
ජෛව රසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යා දෙපාර්තමේන්තුව 
වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය. 
හිටපු සභාපති 
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය

මැගසින් හන්දියේ කොට්ටං තළන කහටක් නැති මිනිහා

$
0
0
සැප් 18, 2020 01:00

අරුණැල්ල කොළොම්තොටට එබිකම් කරයි. ඒ ඇසිල්ලේ ඇවිස්සෙන කපුටු රෑන් එකම ඝෝෂාවක. ඔරලෝසුව නොතකන අපේ කතානායකයා දවස අරඹන්නේ ඒ හඬින්.

නවාතැන පේව්මන්ට් එක. ඉඳුම් හිටුම් කෑම් බීම් හෝටල්වලින්. නාන්නෙ කරන්නේ පොදු තැන්වලින්. ඒ තමයි විජේසේනගේ විදිය.

තමන්ගේ කියා දෙයක් ගෙන්දගම් පොළොවේ කොහේවත් නැහැ. ලෙඩට දුකට හවුහරණක් වෙන්නටත් කවුරුත්ම නෑ. කොට්ටං කහට ඉහිරිච්ච කමිසය ඉණට තදවෙච්ච කාකි පාට කොට කලිසම වළල්නක් කරලා බොරැල්ල ‘ලෙස්ලි’ පිට්ටනියේ කළු පාට යකඩ වැටේ එල්ලුව සරොං කෙටිය. මේ තමයි අපේ කතානායකයා සතු සම්පත්. මාරුවෙන් මාරුවට ඒවා ඇඟලාගෙන ගමගේ යෙදෙන බී.ඒ. විජේසේනගේ කතාව සිතුවයි මේ.

අප කරපොවද්දිත් විජේසේන යකඩ වැටට පිටදීගෙන වාසිගෙන අල්ලට හිරවෙච්ච කළු ගල් ගෙඩියට වෙර දීගෙන ලා රෝස පාට කොට්ටං අහුරට බැට දෙන්නයි මාන බලන්නේ. 

‘කොහොමද මාමා...’

අපේ ඒ ඇමතුමෙන් බිමට හරවන් හිටිය දිගටි මූණ උස්සන් ගිලුණු ඇස්වලින් ඔහු දැන් අපේ දිහා බලාගෙන.

‘මං මෙහේ නෙවෙයි. ගම ඇල්පිටියේ. අවුරුදු 6කට කලින් කොළඹ එන්න හිතුණා. ඒ වෙද්දි ගමේ මේසන් බාස්ලාට අත් වැඩ දීගෙන මං හිටියේ.

හා පුරා කියලා කොළඹ වරාය දොරකඩයි මං ඉඳගත්තේ. කොට්ටං ගස් පෙළක් දැකලා මේකෙන් වැඩක් ගන්න ඕනෑය කියලයි මං ගෝණි පඩංගුවකට කොට්ටං එක්කාසු කරන්න ගත්තේ. ඒත් එතැනින් මාව එළෙව්වානේ. ඉතින් මං 103 බස් එකේ නැඟලා ඇවිදින් බොරැල්ලෙන් බැස්සා. එදා ඉඳන් මං මෙහේ.

මුලින් කොට්ටං තැළුවේ මිටිකින්. එයින් හුඟක් කල් වැඩ ගත්තා. පස්සෙන් පසු තමයි දැන් මේ තළන ගල අතට ගත්තේ.

විජේපාල ගැමියෙක් නිසාදෝ ආගන්තුක අපේ වග තුග වැඩිදුර නොවිමසා ජීවිතකතාව දිගාරින හැඩයි.

‘මං තනිවෙච්ච කෙනෙක් නෙවෙයි. ගමේ මගේ සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ අය විවාහ වෙලා. දූ දරුවෝ හදාගෙන හොඳින් ජීවත් වෙනවා. මමත් ඒ අයගේ දුක සැප බලන්න අවුරුද්දකට දෙතුන් වතාවක් තෑගි බෝග අරන් යනවා.

එච්චරයි මගේ ගමේ ගමන. ඒ හැරෙන්නට මගේ මුළු ජීවිතේම ගෙවෙන්නේ කොළඹ...

අපි එතැනින් කතාව මැදට එනවා. ඒ විජේසේන කොට්ටං ගෙඩියක් එක්කලා ඔට්ටු වෙන ඔට්ටුවීම ගැන කනගාටුවක් වැනි හැඟීමක් හිතේ දරන්. යමක් විමසන්නයි හිත අපට බල කරන්නේ.

‘කොහොමද කොට්ටං එක්ක ගෙවෙන ජිවිතේ?’

‘අපොයි වරදක් නෑ. වැහි කාලෙට නං එච්චර වාසියක් නෑ. පායන කාලෙට වැටෙන්නේ හොඳට පැහුණු ඒවානේ. වැහිදාට ළපටි ගෙඩිත් ගස් යට වැටිලා තියෙනවා.

කොයිහැටි වෙතත් මං පෝර උරේ අරන් හැමදාම රවුමක් යනවා. කොළඹ ටවුන්හෝල්, බොරැල්ල අවට විතරක් නෙවෙයි මං කොට්ටාවේ පවා කොට්ටං අහුලන්න යනවා. කාගෙන්වත් ආරෝවක් මට නෑ. හැමෝම මා එක්ක හිතවත්.

සමහරදාට පයින් ගිහින් බෑ. කොට්ටාවේ යන්නේ බස් එකේ. මං කවදාවත් කොට්ටං මල්ලේ බර කිරා මැන බලලා නැහැ. අතේ මිම්මෙන් තමයි මං බර මැන ගන්නේ. කොහොමටත් පෝර උරෙන් බාගයකට වඩා පිරෙනකල්ම මං කොට්ටං එකතු කරන එක නවත්වන්නේ නෑ.’

දැන් අපේ කතාබහ මැදට තව අමුත්තෙක් එකතු වෙනවා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි. ඒ ටිං ටිං කියනා ලේන් පොඩිත්තෙක්. කිසිම බියක් සැකක් නැතිව ඒ සතා විජේසේනට කිට්ටු කළේ කලින් හොඳට හුරු පුරුදු කෙනකුට ළංවෙන ගානට.

තළ තළා කොට්ටං කොළයක් උඩට එක්කාසු කළ කොට්ටං මඳ දෙක තුනක් විජේපාල ලේන් පැංචා දිහෑට වීසි කළ පසුවයි අපට ආපිට ලංවෙන්නේ. ඔන්න විජේසේන නැවතත් කතා බහේ.

ලේන්නු විතරක් නෙවෙයි. මයින්නුත් මගෙ යාළුවො. කහට බැඳුණු දත් වැටිය පෙන්වා සිනාසිසී ඔහු එහෙම කියනවා.

‘ඇයි පොඩි ළමයි. ඒ අයත් මගෙ යාළුවෝ. අතේ මිටේ සල්ලි බාගෙ නැති පොඩි උන්ටත් මයින්නන්ට , ලේන්නුන්ට වගේමයි මං නිකං තමයි කොට්ටං දෙන්නේ.

පේව්මන්ට් එකේ නිදියන, එහිම වෙසෙන ඒ අවටින්ම ඉවත් වෙන්නට ඕනෑ දේවල් උපයා සපයා ගන්නා අපේ කතානායකයා පිළිබඳ අමුතුම හැඟීමක් වගේම ආඩම්බරයකින් දැන් අපේ හිත් තෙත් වෙනවා.

‘කොහොමද ආදායම එහෙම?’

ඒ අපේ පැනයයි. දෙවරක් නොසිතා විජේසේන ඊට මේ විදියට උත්තර බඳින්නේ හිතේ කිසිම කහටක් නැතිව.

‘සමහරදාට රුපියල් හය හත්දාහ කිට්ටු කරනවා. ඒත් හැමදාම නෙවෙයි. කොහොමටත් හාරපන්දාහක් නම් මට වැඩි මහන්සියක් නැතිව ලැබෙනවා.

අනෙක මං දවස තිස්සේ මහන්සි වෙන්නේ නැහැ. පෝර ගෝණියෙන් පේව්මන්ට් එකේ බිමට හළා ගන්නා කොට්ටං ගොඩ විකුණා ඉවර වෙද්දි මං පේව්මන්ට් එකෙන් යනවා.

ඒ කතාව ඔහු කියන්නේ පේව්මන්ට් එකේ ගොඩගැසූ තළා ඉවත දැමූ කොට්ටං ලෙලි දිහෑ බලාගෙන. එවිටයි අපෙන් නිකම්ම වගේ තවත් පැනයක් පැන නැගුණේ.

‘අහක නොදමා කොට්ටං ලෙල්ලෙන් වැඩක් ගන්න බැරිවෙයිද?’

ඒක මගෙන් නෙවෙයි. මේ ර‍ටේ ඉන්න ආචාර්ය මහාචාර්ය කට්ටියගෙන් තමයි අහන්න ඕනෑ. පාම් තෙල් විසයි කිය කියා අපේ කට්ටිය ගිලින්නේ අහක දාන රොඩ්ඩෙන් ගන්න පාම් තෙල් ටිකනේ. හොඳ ඒවා ලොකු ලොකු හෝටල්වලටනේ ගන්නේ. ඒ අතින් බලද්දී කොට්ටං ලෙල්ලෙන් කොයි තරම් වැඩ කන්දරාවක් ගන්ඩ පුළුවන්ද කියලා දැන්වත් හොයා බලන්න වටිනවා.කොහොම වුණත් මට එක දෙයක් කියතහැකි. ඒ කොට්ටං ලෙලිවලින් ස්ප්‍රීතු වුණත් ගන්ඩ අමාරු නෑ කියන එකයි (සිනාසෙයි)

අපේ ළෙන්ගතු මිතුරා ‍ළඟ මහ මඟ ගමන් ගන්නා ලොකු කුඩා වාහන බොහොමයක් නවතියි. ඔහු එක් කොට්ටං කොළයකට එක් කොට එතූ කොට්ටං මද අහුර තවත් කොට්ටං කොළයක ඔතා ගන්නේ හරි අපූරුවට. එකම ගැනුම්කරු කොට්ටං මුල් කිහිපයක් වුවද මිලට ගන්නේ නිර්ලෝභීව.

ඒ ඒ කොට්ටං ‘මුල’ හත අටක් එකට එක්කොට රබර් පටියකින් දවටාගෙන විජේපාල කොට්ටං බණ්ඩල් හදයි.

තවමත් අපට කුහුලක් ඉතිරියි. ඒ හැමදාමත් හොඳ ආදායමක් උපයන අපේ කතානායකයා එකම විදියට එකම තැනක එකම පේව්මන්ට් එකේ වැතිරෙන්නේ ඇයිද?

කොහොම වුණත් ඒ එයාගේ පෞද්ගලික දෙයක්. ඒත් නිකමට වගේ අපි ඇහැව්වේ. දවල් වන විට වෙළෙදාම් අවසන් කරන විජේදාස දවසේ හැන්දෑව ගෙවන විදියයි.

‘මං වැඩ ඉවර කරලා ගිහින් සරොං කෙටියයි කමිසෙයි හෝදලා වේළෙන්න දාලා මමත් නගර සභා පයිප්පයෙන් නා ගන්නවා. ඊට පස්සේ කහට කෝප්පයක් එහෙම තොල ගගා රේස් එකට දුවන මිනිස්සු වැඩ ඇරිලා අඩියට දෙකට යන එන දිහෑ ඔහේ බලා ඉන්නවා. වෙලාවකට මට ඒ අය ගැන දුකත් හිතෙනවා.

ඔයින් මෙයින් ඉර බැහැගෙන යනවා. මමත් හරි බරි ගැහිලා එතකොට හන්දිය පැත්තට යනවා. අස්සයො දුවනවා බලන්න. ලේනුන්ට මයිනුන්ට වගේමයි අස්සයන්ටත් මං ආදරෙයි. කොච්චර මාව පැරැද්දුවත් උන්ටත් මං වෙනසක් කරන්නේ නෑ....’ විජේසේන සරලව සිනාසෙයි. දවස තවම තරුණයි. ඔහු නැවත වැඩ අරඹයි.

සටහන - නුවන් ජයවික්‍රම 
ඡායාරූප - දමින්ත ගුණරත්න


නරි බියෙන් තැති ගත් මුවපට්ටිය

$
0
0
සැප් 18, 2020 01:00

මිල්ලනිය ප්‍රාද්ශිය ලේකම් බල ප්‍රදේශයේ ගල්පාත, නිව්චැටල් වත්ත, මුවපට්ටිය ගම්මානය ඉතා දිලිදු ජනතාවක් වාසය කරන ලැයිම් කාමර වලින් සමන්විත ගැමියන් බහුල දුෂ්කර ප්‍රදේශයකි. හොරණ, කළුතර ප්‍රධාන මාර්ගයේ දොඹගොඩ හන්දියේ සිට කි.මී 02 ක් පඹණ දුෂ්කර මාර්ගයේ යන අයකුට මෙම ජනතාවගේ ගරා වැටුණ අබලන් ලැයිම් කාමර පේලිය දැක ගැනීමට හැකියාව ලැබේ. අව්‍යාජ ගැමියන්ගෙන් ගහන මෙම ප්‍රදේශයේ බොහෝදෙනා බඩවියත රැකගන්නේ කුලී රැකියාවෙනි. 

අනුන් සතු වතුවල කිරිකැපීම හෝ වතු ආශ්‍රිත එදාවේල රැකියාවල යෙදෙන මෙම මිනිසුන් ජීවිකාව ගෙන යාමට දරන්නේ අසීමිත වෙහෙසකි. කිසිවකුත් කතාබහ නොකළ මේ ගම්මානය ගැන ‍රටම කතා කරන්නට හේතුව සකසන්නේ නරි රැළකි.අලින්ගෙන් කොටින්ගෙන්, රිළවුන්ගෙන් මෙන්ම වඳුරන්ගෙන් බැටකන ගම්මාන පිළිබඳ අප කොතෙකුත් කතාන්දර අසා ඇතත් නරි රංචුවකින් බැටකන ගමක් පිළිබඳ අප මෑත ඉතිහාසයේ අසන්නේ මෙන්ම දකින්නේද පළමු වරටය.

මෙම ගම්වාසීහු හවස් කාලයට එළි බසින්නේ ආරක්ෂාවට පොලු මුගුරු අත දරාගෙනය .නරි ගැටලු නිසා දරුවන්ව පාසැල් යැවීමට අපහසුය. ඇතැම්විට ඔවුන් රැකියාවට යාම පවා යන්නේ දෙගෙඩියාවෙනි.එම ගැමියන්ගේ දෛනික ජන ජිවිතය සම්පූර්ණයෙන්ම අඩාලව ඇත්තේ නරි ප්‍රහාරය කොයි මොහොතේ එල්ල වේදැයි නොදන්නා නිසාය.

මෙම වතුයාය පුරා තිබූ රබර් වගාව විනාශ කර කටුපොල් වගාව ආරම්භ කර තිබුණේ දැනට වසර හත අටකට පෙරය . කටුපොල් වගාව නිසා තම ජීවිත වලට එල්ල විය හැකි උවදුරු රාශියක් ඇති බවට එකල ජනතාව පෙන්වා දීමට කටයුතු කළත් බළධාරින් ඒවා තඹ දොයිතුවකටවත් මායිම් කළේ නැත. මේ වන විට කටුපොල් වගාව බැලු බැලූ අත සරුවට දිස් වුවත් මෙම අහිංසක ගම්වැසියන්ගේ ජීවිත එන්න එන්නම වැටුනේ අගාධයටය. දිනෙන් දින නරින්ගේ රජ දහනක් බවට මෙම වගාව පත්වූයේ කාටත් නොදැනෙන්නටය.

මීට මාස දෙකකට පමණ පෙර මේ ගමේ ජීවත් වු අවිවාහක 57 හැවිරිදි පුද්ගලයෙකු වන නම්මුනි ආරියදාස මහතා කටුපොල් වගා ප්‍රදේශයට ගියේ ගොම අහුලාගෙන ඒම සදහාය. නිවෙසේ සිට ඒ ගිය දුර මීටර් 200ක් පමණ වන්නට ඇත. නරියෙකු සපා කෑම නිසා ඔහු නිවෙසට දුව ආවේ කිසිවක් අදහාගත නොහැකිවය. නරියා එතෙකින් නොනැවතී ඔහු පසුපස හඹා එන්නට විය.එම අවස්තාවේ අවු 1 මාස 03 ක් වයසැති මල්ලිද වඩාගෙන පාරේ ළමයින් සමග සෙල්ලම් කරමින් සිටි අට හැවිරිදි කවිනි දියණිය ආරි මාමා පසු පස එළවා ආ නරියාට බය වී දුවන්නට ගොස් ඇද වැටුණේ මල්ලිද සමගය. බියෙන් තැතිගත් ඇය පසුව පැවසුවේ නරියා ඇයව සපා කෑවේ නැති බවත් ගවුමේ ගෑවුණා පමණක් බවත් ය. නමුත් දැන් ආරි මාමා මෙන්ම කවිනි දියණියද මරු තුරුලේය. ආරි මාමාට තුන්වන එන්නත ලබා ගැනීමට තිබියදී මේ විපත සිදු වුවත් කවිනි දියණියගේ මව්පියන්ගේ නොදැනුවත්කමට එන්නත් ලබා නොගැනීමේ වරදින් මිය ගියා විය හැකිය. නරියා අසල නිවසක කුකුලෙකුද සපා කා ඇති අතර ඔවුන් එකතුව නරියාට පහර දී මරා දැමීමට කටයුතු කළෝය. එමෙන්ම ඔවුන් පවසන්නේ නරියන් බලු පැටවෙකුද සපා කා බලු පැටවා මියගිය බවය.

එලෙස ඇරඹි නරි ප්‍රහාරය දිනෙන් දින වර්ධනය වූයේය.අවසානයේ එතරම් ජවසම්පන්න ගම්මුන් නරියන්ට බියවී ගෙතුළට වී කල් ගෙවන්නට තරම් බිය වූහ.පාරට තොටට බහින ගොම්මන් කළුවරේ මේ ගැමියන් අත පොල්ලක් හෝ වක පිහියක් දක්නට ලැබුණේය.අලි හඹන පාරවල යන පුද්ගලයන් අලි වෙඩිල්ලක් අතැතිව යන්නා පරිද්දෙන් මෙම ගැමියන් අත නිතට ශක්තිමත් මුගුරක් දැකගත හැකිය.තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණේය. 

මේ වන විටද මෙම ගම්මානයට මෙන්ම තවත් ප්‍රදේශ කීපයකටම උදා වි ඇත්තේ එතරම් හොද කල දසාවක් නොවන බව පැහැදිලිය .මේ වන විට මී ගවයෙකුද අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වා ඇත. දැනට දින තුනක පමණ සිට මෙම ගවයා ගම්වැසියන්ට පහර දීමට සැරසෙන බවත් තණකොල හෝ ජලය පානය නොකර පස් කන බවත් ඔවුන් පවසති . මේ නිසා කටුපොල් කෑල්ලේ කඹ හතරක් දමා ගවයා බැද දෑමීමට ඔවුන් කටයුතු කර තිබෙන්නේ අදාල අංශද දැනුම්වත් කරමිනි.

විජයකුමාරි මිය ගිය කවිනිගේ මවයි.තම ආදරණීය දියණියගේ හදිසි වියෝවෙන් ඈ සිටිනේ අදහාගත නොහැකි දුකක් පපුතුරතුළ සඟවාගනිමිනි.

මගෙ කවිනි දුව තමයි නැති වුණේ. එදා ළමයි දෙන්නම සෙල්ලම් කරමින් හිටියේ. නරියෙක් එළවන් ආව කියල දරුවා කිව්වා. ළමය කිව්වෙ නරිය කෑවෙ නෑ ගවුමෙ ගෑවුණා විතරයි කියල. අපි දැක්කෙ නැති නිසා ළමය කිපුදේ විශ්වාස කළා. එදා වැටිල ළමයි දෙන්නටම තුවාල වෙලා තිබුණා. ඒවට බෙහෙත් දාගෙන ඇවිත් දුව සාමාන්‍ය විදියට හිටිය. බයිසිකල් පැද්ද, නැටුම් නැටුවා, නෑදැ ගෙවල් වල ගියා සේරම කළා. එහෙම හිටපු ළමය තමයි හදිසියෙ අසනීප වෙලා නැති වුණේ. ඊට පස්සෙ එම්. ඕ. එච්. එකේ මහත්තුරු ඇවිල්ල ලැයිමෙ කට්ටිය 52 ක් බොරැල්ලට එක්ක ගිහින් දැනුවත් කළා. එතකං ජල භිතිකාව කියන්නෙ මෙච්චර භයානක මාරාන්තික එකක්ද කියල අපි දැනුවත් වෙලා හිටියෙ නෑ. ඊට පස්සෙ අපේ පවුලෙ කට්ටිය ගිහින් බේත් විදගත්තා.

ඈ ඒ අඳුරු අතීතය සිහි කරන්නේ කඳුළු මැදිනි.

ගෝවින්ද රාජ් මහතා ද නරි කරදරයට මැදිව අසරණ වූ ගැමියෙකි. අද මෙම නරි කරදරය නිසා ඔහුට ජීවිකාව පවා අහිමිවී තිබේ 

මම රෝද පුටුවෙන් යන ආබාධිතයෙක්. හොරණ කළුතර ප්‍රධාන පාරේ බංගලාවක් මුර කරල තමයි කීයක් හරි හොයා ගන්නේ. ගෙර ඉදල කිමි 1 1/ 2 ක් විතර ප්‍රධාන පාරට දුරයි. නරි කරදරේ හින්ද රෑට පාරේ යන්න දැන් අපිට බයයි. ඒ හින්ද මම දැන් මුර වැඩේට යන්නෙ නෑ. ඒ පැත්තෙන් කුරුඳු කැලේ මේ පැත්තෙන් කටු පොල් කැලේ. කටුපොල් කෑල්ල පැත්තෙ ඉදල තමයි නරි එලි බහින්නෙ. ආරිව කෑවට පස්සෙ අපේ අක්කවත් කාල තිබුණා. කොයි මොහොතේ අපිව කාල පනීද කියල දන්න්නෙ නෑ.

ඇතැමුන් සුළු වශයෙන් තැකුවද ඇතැමුනට අදහාගත නොහැකි විහිළුවක් සේ පෙනුනද මෙය ජන ජීවිතය අඩාල කළ දරුණු ගැටලුවකි.

ඉන්ද්‍රානි ගමගේ මහත්මියද මුවපට්ටිය ගම්මානයේ ජීවත්වන කාන්තාවකි. පළමුවරට නරි ප්‍රහාරයට ලක්වූ ආරි දුවගෙන ආවේ ඇගේ නිවෙසටය.

ආරිට මොලේ ආබාධයක් තියෙනවා. එයා එහා කන්ද පුරා ඇවිදල. එතකොට නරිය කාල තියෙනවා. එයා අපේ ගෙදරට දුවගෙන ඇවිත් හාවෙක් වගේ පූසෙක් ඇගට පැනල කෑව කිව්වා. ලේ වැක්කෙරෙනවා බලන කොට. ඇහැ ළග තමයි ලොකු තුවාලෙ තිබුණෙ කට ඇරිල වගේ. මෙයාව කාල ලේ රහට තමයි නරිය පස්සෙන් ආවෙ. නරියට බයේ ළමයි ටික ගේ ඇතුලට දිව්වා. නැති වුණ ළමයයි පොඩි ළමයයි නරියයි තුන්දෙනාම එක ගොඩේ වැටිල තමයි තුවාල වෙලා තියෙන්නෙ. මිනිසුන්ට පමණක් නොව සතුන්ටද පහර දෙන මෙම නරි රංචුව ගොම්මනේ ගම්වදින්නේ මිනිසෙකු හෝ සතකු ඉලක්ක කර ගනිමිනි. ලෝකයේ ප්‍රචලිත වන දිවි සැරිසර වැඩසටහන්වල අප නරින්ට ගොදුරුවන සතුන් ඕනෑතරම් දැක ඇති නමුත් මෙවැනි කතාන්දරයක් අප අසන්නේ ඉඳහිටය.

සිරිසේන ද සිල්වා මහතා ද මෙම ගමෙහි වැසියෙකි. ඔහු මෙම තත්ත්වය ගැන කියන්නේ මෙවැනි කතාවකි.

මගෙ මල්ලි වත්තෙ රස්සාව කරන අතර මී හරක් 06 දෙනෙකුත් හදනවා. රෑට ගෙදරට අරන් එන්නෙ නෑ මේ සත්තු කවදාවත්. දොඹගොඩ කිරි දෙන තැනකට මී කිරිත් දෙනවා. මේ හරකගෙ දෙවෙනි පැටියට දැන් අවු 02 ක් විතර වයසයි. දැන් කිරි ගන්නෙ නෑ . පොඩ්ඩි කියල කතා කලාම වෙනදට ඌ හරි හීලැයි ළගට එනවා. දැන් දවස් තුනක විතර ඉදල මිනිහෙකුට ළගට එන්න දෙන්නෙ නෑ අනින්න පනිනවා. පස් විතරයි කන්නෙ. තණකොළ කන්නෙත් නෑ. වතුර බොන්නෙත් නෑ . අපි නිලධාරින්ට කිව්වා. පශූ වෛද්‍ය මහත්තය ඇවිත් බලල අනිත් සත්තුන්ට බේත් විද්දා. මුට විදින්න බැරිවුණා. අපි දැන් කඹ හතරක් දාල හරකා බැදල තියෙන්නේ.හරකව නරියෙක් කාල අසනීප වෙලා වෙන්න ඇති.

මෙම ගම්මානය අතිශය දුෂ්කර බව අප මුලින්ම ලියා තැබුවේ මෙම ගම්මානය පිළිබඳ චිත්‍රයක් ඔබට සැපයීමට අවශ්‍ය නිසාමය.මහේන්ද්‍ර කුමාර මහතා මේ අපට කියන්නේ ඒ සැබෑ කතාවය.

ඉස්කෝලෙ යන ළමයි කි මි 03 ක් විතර දුර පයින් යන්න ඕනෑ. පාරේ පාලමක් තියෙනවා යට ගල් ගැලවිලා බුරුල් වෙලා. ත්‍රීවිල් එකක්වත් යන්න බෑ. ළමයි දැන් තනියෙන් යවන්න බයයි පාරෙ. කොහේ නරි ඉන්නවද කියල දන්නෙ නෑ. මේ පාරේ දිගටම ලයිට් කණූ තියෙනවා. ඒත් හුඟක් ඒවයෙ එළිය නෑ. අපිට කිසිම පහසුකමක් නෑ. පවුල් හතරකට පහකට තියෙන්නෙ එක ටොයිලට් එකයි. ඒවත් අබලන්. ඒකටත් පෝලිමේ ඉන්න වෙලා. හැමදාම අපි දුක් විදපු එක විතරයි වුණේ. මේවටත් විසඳුමක් දෙනව නං හොඳයි .

සැබෑවටම මෙම ගම්මානයේ ජනතාව දැන් සිටින්නේ මර බියෙනි.තමන්ගේ එදිනෙදා ජීවිතය නරින්ගෙන් ආරක්ෂා කරගැනීමට ඔවුහු වෙහෙසෙති.තමන්ගේ දරුවන් තනිපංගලමේ ගමනක් යවන්නට දැන් නොහැකිය.නරි රැළ කොයි මොහොතේ කොයි ඉසව්ව්වෙන් එළි බහිනවාදැයි කිසිවකු නොදනී. ලේ රහට කට හුරුවූ නරි රැළ දැන් විමසිල්ලෙන් සිටින්නේ ගොදුරු ගැනය .එය එතරමටම භයානක තත්ත්වයකි.

මෙම ගැටලුව නිර්මාණය වී ඇත්තේ අවට කටුපොල් වගාකිරීම නිසාය.කටුපොල් වගාව තහනම් කිරීම පිළිබඳ අධ්‍යනයක් කර ඒ පිළිබඳ වහාම කටයුතු කරන ලෙස ජනාධිතිතුමන් උපදෙස් දුන්නේ ගාල්ල උඩුගම පැවති සංවර්ධන කමිටු රැස්වීමක් අමතමිනි.කටුපොල් වගාව පරිසරයට හානි පමුණුවනවා සේම ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට වක්‍රාකාරයෙන් හානි පමුණුවන බවට මෙම සිද්ධිදාමය කදිම උදාහරණයකි.

දොඹගොඩ ශ්‍රී විවේකාරාමාධිපති මිල්ලනිය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය ඕමත්තේ හේමාරාම හිමියන් මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන්නේ මෙලෙසිනි. 

දැනට මාස දෙකක පමණ ඉඳල මේ ප්‍රදේශයේ ජන ජීවිතයට පහර එල්ල වෙලා තියෙනවා. විශාල ලෙස නරින් ගම් වල සැරි සැරීමට පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන් නිව් චැටල්වත්තෙ හොරහේන කොටසෙ ඇති කටුපොල් වගාව නරින්ගේ වාස භූමිය බවට පත් වෙලා තියෙනවා. ඒ අවට තියෙන බණ්ඩිගෙ වත්ත, දොඹගොඩ, දහපැලියහේන යන ප්‍රදේශ වල ජනතාවට මේක බලවත් හිරිහැරයක්. දරුවන් පාසැල් යැවීම පවා අනතුරුදායකයි. හවස 5 න් පස්සෙ ජනතාව ගමන් බිමන් යාමට මැලි වෙලා තියෙනවා. මෙය කොරෝනා වයිරසය වගේම භයානක තත්වයක් බවට පත් වෙලා. කටුපොල් නිසා සර්පයො, ඌරො විතරක් නෙමෙයි මොනරුත් රංචු පිටින් ගම් වලට බහුලව එනවා. ඊටත් වඩා භයානක රෑ වෙන කොට ත්‍රීවිල් වලින් ඇවිත් අභිසාරිකාවොත් ඕකට රිංගනවා. මේ නිසා බාල පරපුර නොමග යනවා. සදාචාරය පිරිහෙනවා. මේ පිළිබද කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිල්නිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී 16 දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබිණි. මෙහිදී නරි ප්‍රහාර හෝ නරින්ගෙන් සිදුවෙන යම්කිසි බලපෑමක් සම්බන්ධයෙන් දැනුම් දීමට 1992 නැමති දුරකතන අංකය හඳුන්වා දීමට වනජීවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා කටයුතු කළේය. වට්ස් ඇප් කණ්ඩායමක් හදුන්වා දී ජීපිඑස් තාක්ෂණය ඔස්සේ නරි ගැවසෙන ස්ථාන හඳුනාගැනීම හා ක්ෂණික විසදුම් ලබා ගැනීමට මේ ඔස්සේ පහසු වෙන බව මෙහිදි අවධානය යොමු කෙරිණි. එමෙන්ම සුනඛයන් හා ගවයින් වැනි සතුන් නරින්ගේ සපා කෑමට ලක්ව ජලභිතිකා රෝගය වැලඳීම පාලනය කිරීම මෙන්ම මෙම තත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදවද මෙහිදී අවධානය යොමු කෙරිණ.

කළුතර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වු අතර ඔවුන් මුවපට්ටිය ගම්මානයේ සංචාරය කර වියරුවැටී සිටි ගවයා නිර්වින්දනය කර දම්වැල් වලින් බැද දැමීමත් ජනතාව දැනුවත් කිරීමත් සිදු කළහ.

සැබෑවටම මෙය ඉතා ඉක්මනින් පිළියම් සෙවිය යුතු ගැටලුවකි. ගම්මුන් පවසන්නේ කටුපොල් වගාව තුළ සර්පයන් බෝවීම වැළැක්වීමට යෙදූ මොනරුන් ආහාරයට ගැනීමට පැමිණෙන හිවලුන් මේ ආකාරයෙන් ගම්වදින බවයි. මෙම ප්‍රශ්නයට ඉතා ඉක්මනින් පිළියම් සෙවීමට අපොහොසත්වුවහොත් මුවපට්ටිය ගම්මානයේ මිනිසුන්ගේ හෙට දවස අඳුරුවනු නියතය.එම නිසා කපටි නරියන්ගෙන් මේ මිනිසුන් ගලවාගැනීමට නුවණැති බලධාරීන් නොපමාව කටයුතු කළ යුතුමය. එවිට නරින්ගේ හූ හඬ වෙනුවට මේ ගම්මානය නිර්ව්‍යාජ මිනිසුන්ගේ සිනා හඬින් පිරෙනු ඇත.

විනීතා මානෙල් ගමගේ

ප්‍රදීපස්තම්භය නිවී ගොස් සොළොස් වසරයි

$
0
0
සැප් 19, 2020 01:00

අද සැප්තැම්බර් 19 වන සෙනසුරාදා. ‘යොවුන් ජනතා’ නිර්මාතෘ මෙන්ම චිත්‍රපට නිර්මාණ ශිල්පියකු, ගීත රචකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ධර්මසිරි ගමගේ මහතා අප අතරින් වියෝ වී අදට වසර 16කි. ලේක්හවුස් ආයතනය මගින් පළ කළ අතිශය ජනප්‍රියත්වයට පත් යොවුන් ජනතා, රසඳුන ප්‍රකාශනයන්හි ආරම්භක කතුවරයා ලෙසින් අලුත් පරපුරක් බිහි කරන්නට එතුමා කටයුතු කළේය. මෙි සිහි කැඳවුම එතුමාගේ 16 වන ගුණානුස්මරණය වෙනුවෙනි.

ඉර - හඳ අව්ව - වැස්ස අප කාටත් පොදුයි

$
0
0
සැප් 19, 2020 01:00

දේට අහසේ ලස්සනට ඉර පායලා තියෙනවා, බලන්න ආසයි. ඒත් මොහොතකට ඒ ලස්සන අහසින් ඇස් ඉවතට අරගෙන බලන්න අහසින් එහා අපේ ලෝකය දිහා. සමහර ප්‍රබලයන්ට පමණක් ඉර පායලා. මොකද මේ වෙලා තියෙන්නේ? පීඩිත පංතිය තවමත් අඳුරේ. අප හැම කෙනාම මේ ලෝකේ ඉන්න මිනිස්සු. මේ ඉර, හඳ, අව්ව, වැස්ස, සතුට, වේදනාව අපි කාටත් පොදුයි.

ඒත් ඇයි අපේ මිනිසුන් අතර ඉන්න සමහර පිරිසක් දුක් විඳින්නේ. අපේ මේ පුංචි රටේ එක එක ජාතියේ මිනිස්සු ඉන්න එක ඇත්ත ඒත් ඒ මිනිස්සුන්ව label කරලා තියෙන විදිහ ගොඩක් කැතයි.වෙන කවුරුත් නෙමෙයි එහෙම කරලා තියෙන්නෙත් අපේම මිනිස්සු. තට්ටු දෙකේ ගෙවල්වල ඉන්න මිනිස්සු විතරද posh වෙන්නේ. අඟල් දෙකක කොට සායක් ඇඳලා බෙල්ල ගාවට වෙන්න tattoo එකක් ගහලා makeup තට්ටු ගණන් ඇඟේ උලාගෙන hybrid car වල ගියාම posh වෙනවා කියලා හිතන් ඉන්න අයත් අපි අතරේ ගොඩක් ඉන්නවා.

මේ වගේ අය තමයි නැව ගිලුණත් බෑන් චූන් කියලා එයාලා ගැන විතරක් හිතලා time waste කරන්නේ. නෑ ඇත්තටම මේ කිසි දෙයක් ඕනැ වෙන් නෑ posh වෙන්න. හොඳ හිතක් එක්කම මනුස්සකම තිබ්බ නම් ඇති. මේ අපි අතරේ ඉන්න තවත් එක්තරා කොටසක් විතරයි. සුළු පිරිසක් ඉතා සැහැල්ලුවෙන් ජිවත් වෙද්දි තවත් පිරිසක් ජිවිතේ ජිවත් කරවන්න හිඟා කනවා. ලෑලි ගෙවලවල ජීවත් වෙන මිනිස්සුට කියන්නේ මුඩුක්කු මිනිස්සු කියලා. එයාලගේ ගෙවල් එක ගාව තිබ්බා කියලා, ලෑලිවලින් හදලා තියෙන්නේ කියලා, කොහොමද මුඩුක්කු වෙන්නේ. ඒ ගෙවල්වල ජීවත් වෙන ළමයි කොහොමද හිඟන කොල්ලෝ කෙල්ලෝ වෙන්නේ.මේ වචන ටික මගේ නම් නෙමෙයි මේවා මේ සමාජගත කරපු වචන set එකක්. අපේ කන්වලට මේවා නුපුරුදු වචනත් නෙමෙයිනේ. අපි හැම කෙනාම මිනිස්සු.ඉතිං එයාලා මිනිස්සු නෙමෙයිද?ලස්සනට ඇදුමක් අඳින්න සල්ලි නැති වෙන්න පුලුවන්. ඒත් ඒ මිනිස්සු ළඟ මනුස්සකම තියෙනවා. ඇත්තටම අපි ජිවත් වෙලා ඉන්නේ ටික කාලයයි. ඒ ටික කාලේ අපි මිනිස්සු එක්ක හිත හොඳින් ඉන්න ඕනා.

උදේ ඉඳන් හවස් වෙනකන් දුක් විඳලා සල්ලි හම්බුකරන්නේ අපි ජොලියට නෙමෙයි නේද? අපි අපේ ජිවිතේ ජිවත් කරවන්නනෙ එහෙම කරන්නේ. ලස්සනට කැරකෙන පුටුවක් උඩට වෙලා job නොකළට ගෙයක් ගෙයක් ගානේ ගිහින් කූලි වැඩක් කරලා හරි එයාලත් එයාලගේ පවුල් රැකගන්න උත්සාහ කරනවා.

ක්‍රම දෙකකට වුණත් මේ දෙගොල්ලොම කරන්නේ එකම දේ නෙමෙයිද? උගත්කම නැති හින්දම නෙමෙයි ඒ මිනිස්සු එහෙම කරන්නේ. සමාජේ විසින් එයාලට නිසි තැන දීලා නෑ. A/L, O/L ඉහළින්ම pass කරලා campus ගියා කියලා එයා උගතෙක් වෙන් නෑ. අද ගොඩක් මිනිස්සුන්ට වරදින තැනත් ඕකම තමයි.පොතේ දැනුම තිබුණට මදි සමාජේ පිළිබඳවත් දැනගෙන තියෙන්න ඕනෑ කියලා තමයි මම නම් හිතන්නේ. අද ගොඩක් ලොකු පුටුවල ඉඳගෙන ඉන්න අයගෙත් දියුණුව පිටිපස්සේ දුක හිතෙන කතන්දර නැත්තෙම නෑ. ඒත් සමහර අයට ලොකු තනතුරක් ලැබිලා, A/C Room එකක කැරකෙන පුටුවක ඉඳගෙන ඉන්නකොට ඇත්තටම එයාලට මුල අමතක වෙලා යනවා. ඒත් අපේ මිනිස්සු අතර එයාලා හරිම great කියලා හිතන් ඉන්න මිනිස්සු කොටසකුත් ඉන්නවනේ එයාලට නම් මේ ඇත්ත තිත්තයි. හැම අම්මෙක්ම තාත්තෙක්ම කැමති තමන්ගේ ළමයා සමාජේ හොද තැනකට එනවා දකින්න. ඉතින් මේ බලාපොරොත්තුව එදා වේල කන්න නැති හරියට අදින්න ඇඳුමක් නැති කුණු දූවිලි නාගෙන තමන්ගේ ළමයි ගැන මහමෙරක් තරම් දේවල් හිතේ තියන් උගන්වන දුප්පත් අම්මා තාත්තටත් පොදුයි කියන එක අපි අමතක කරන්න නරකයි.

තට්ටු ගණන්වල ගෙවල් හදාගෙන අතට පයට servants ලා කොච්චර තියාගෙන හිටියත්, අලුත් අලුත් car වලින් රෑට dinner out ගියාට අර අපි අප්පිරියාවෙන් බලන මුඩුක්කු ගෙවල් වල තියෙන සතුට තරම් සතුටක් ඒ දේවල් වලින් ගන්න බෑ. ඇයි අපි අපේම අයව මෙහෙම හදුන්වන්නේ? අපි අප්පිරිය වෙන්න ඕනෑ අපි ගැනමයි. අපිට බැහැ ලෝකයා හිතන විදිහ change කරන්න.. But අපට පුළුවන් අප හිතන විදිහ change කරන්න. බලන්න අපි මේ පාගලා පොඩි කරලා, විනාස කරන්න යන්නේ සමාජේ අපි වගේම තවත් කට්ටියක්. මෙයාලා සත්තු ජාතියක්වත් වෙනම ග්‍රහලෝකෙකින් ආපු අයවත් නෙමෙයි. අපි වගේම මේ ලෝකේ ජිවත් වෙන්න අයිතිය තියෙන මිනිස්සු. ඉතින් දැන්වත් අපි අපේ අයට නැගිටින්න උදව් කලොත් නරකද?? එහෙම වුණ දවසට මේ සමාජේ මුඩුක්කු මිනිස්සු posh මිනිස්සු නැති වෙලා ඔක්කොම මිනිස්සු වෙයි. එහෙම වුණොත් අර උදේට පායන ලස්සන ඉර අපි හැම කෙනාටම ලස්සනට පෙනෙයි. ඒ ලස්සන අපි හැම කෙනාටම පොදුවේ විඳගන්නත් පුළුවන් වෙයි. 

අමන්දා හංසිනී

 

අපේ වෑයම අනාගත පරපුර අස්වැද්දීමයි

$
0
0
සැප් 19, 2020 01:00

ජගත් වැල්ලවත්ත

‘පහන්ටැඹ සාමූහිකය’

‘පහන්ටැඹ සාමූහිකයේ‘ මූලික පරමාර්ථය වන්නේ දක්ෂතාවන්ගෙන් හෙබි නවක ලේඛක ලේඛිකාවන්ගේ හැකියාවන් ප්‍රවීණ සාහිත්‍යධරයන්ගේ දැනුම හා සම්බන්ධ කිරීමයි. එහි මූලික ඇරඹුම ලෙස සාහිත්‍ය මාසය මුල් කරගනිමින් මාතලේදී පවත්වනු ලබන සාහිත්‍ය වැඩසටහන නම් කළ හැකිය. මෙහිදී දින හතක් පුරා මෙම වැඩසටහන පැවැත්වෙන අතර සැප්තැම්බර් 26 වැනි දිනය මුළුල්ලේම සිදු කෙරෙන්නේ ‘පහන්ටැඹ සාමූහිකයේ‘ ක්‍රියාකාරකම්ය. මෙහිදී යොවුන් පරපුරට මෙන්ම ළමා පරපුරට ද නැවුම් අත්දැකීම් ලබාදෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, ප්‍රවීණ සාහිත්‍යධරයන් කිහිපදෙනකුට සම්මාන පිරිනැමීමක් ද සිදු කරනු ලැබේ. ‘පහන්ටැඹ සාමූහිකයේ‘ කැඳවුම්කරු ජගත් වැල්ලවත්ත මහතා සමඟ කළ සාකච්ඡාවකි.

71 කැරැල්ලත් සමඟ සාහිත්‍යමය ලෙසින් ඉහල දැනුමක් තිබූ බොහෝ දෙනෙක් ජීවිතයෙන් සමු අරන් තිබුණා. මෙන්න මේ කියන අර්බුද අතරෙ තමයි ධර්මසිරි ගමගේ මහත්තයලා ඇතුළු කණ්ඩායම කවි බස හැදෑරූ, ඒ බස භාවිත කරන ලියන කියන පිරිසකුත් ඒ බස අවබෝධ කරගත හැකි පාඨක සමාජයකුත් බිහි කිරීමට මූලික වෙන්නෙ. ධර්මසිරි ගමගේ මහත්මයගේ නායකත්වයෙන් යොවුන් ජනතා කණ්ඩායමේ මූලික කාර්යභාරය වුණේ ඒක. නමුත් වර්තමානයේ කවි ලියන පිරිස් හිටියත් කවි බස තේරෙන අය නෑ. ඒක නිසා ලොකු පරතරයක් මේ දෙගොල්ල අතර තියෙනවා. ඒ කාලයේ මේ ගැටලුව පවතින විට තමයි ගමගේ මහත්තයලා මේකට සම්බන්ධවෙලා යොවුන් ජනතා තුළින් එය වෙනස් කරන්න මුල් වුණේ. එය තමයි සාහිත්‍ය කෙතට යොවුන් ජනතා ලබාදුන් හොඳම දේ. එයට සංස්කෘතික සාහිත්‍ය පැත්තෙන් ගත්තාම යොවුන් පහන් වැට නිර්මාණ කළා. කේන්ද්‍රයක් බිහිකර ගනු ලැබුවා.

මෙහෙම කාලයක් ගිහිල්ලා යුද්ධය ආවාට පසුව වුනත් ඕනම අයෙකුට හැකියාව තිබුණා. තමන්ගෙ නිර්මාණ කාර්යයන් සිදු කරගෙන යෑමට. නමුත් අපි පුරුදුවෙලා හිටියෙ රූපවාහිනිය ඉදිරියේ වාඩිවෙලා ඒක නරඹන්නත් ජංගම දුරකථනය සමඟ හු‍ෙදකලා වන්නත් පමණයි. චිත්‍රපට බලන එක අතෑරුනා. නාට්‍ය බලන එක අතෑරුනා. පොතක් පතක් ගන්න යන එක නැති වුණා. මේ වගේ දේවල් හින්දා බොහෝ අය නිවසටම කොටු වුණා. බයත් එක්ක ජීවත් වෙන්න පටන්ගත්තා. බය විසින් අපේ නිර්මාණාත්මක හැකියාවන් සියල්ල වියළා දැමුවා. භෞතික වෙනස් වීම් සමඟම අපේ ජීවන ලීලාවේ ද වෙනස් වීම් සිදු වුණා. මෙහෙම කාලයක් යනකොට ගුවන්විදුලියේදී මට හමුවෙනවා හර්ෂ කරුණාරත්න, විමුක්ති කාරියවසම්. එහිදී ගීත සම්බන්ධයෙන් ආගිය කතාබහක් ඇති වුණා. එතැනදී මතුවෙලා ආවා දැන් තියෙන්නෙ හරි බොළඳ ගීත නේද කියන එක. ඒත් මම එතැනදී කිව්වා අලුත් පරපුර අපිට මුණ ගැහෙන්නෙ නෑ. ඔවුන් කවි, ගීත ආදිය දාන්නේ අන්තර්ජාලය මුල්කරගෙන මුහුණු පොතේ හා යූටියුබ් එකේ කියලා. මොකද ඒකට හේතුව වෙන්නේ ගීතයක් කරත් කොහේවත් දාගන්න වෙන්නෙ නෑ. තියෙන එකම මාධ්‍ය මේ දෙක විතරයි කියලා. ඔන්න එතැනදී අපි අතර යම් කිසි සංවාදයක් ගොඩ නැගුණා. ඊට පස්සෙ අපි බැලුවා කවි පොත් සම්බන්ධයෙන්. කවි පොත් මුද්‍රණයට ප්‍රකාශකයෙක් ඉදිරිපත් වෙන්නෙත් නෑ. මොකද විකිණෙන්නෙ නැති නිසා. ඒකට හේතුව මුලින් සඳහන් කරන විදියට කවි බස නොතේරීම. ඉතින් අපි එදා තීරණය කළා ධර්මසිරි ගමගේ මහතා කරපු වැඩත් මතක් කරලා මේ වැඩේ අපි යළිත් පටන්ගත යුතුයි කියලා. ඉතින් මේ වැඩේ පසුව සම්බන්ධීකරණය කළා. අපි හිතුවා එය වඩාත් පුළුල් පරාසයකින් සමාජගත කරන්න. අපි එය හැඳින්වූවේ “පහන් ටැඹ සාමූහිකය පාමුල ද එළිය කරන” කියලා. මේ සඳහා 25 දෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි මේකෙ භාරකාර මණ්ඩලය විදිහට කටයුතු කරන්නේ. සරලව කියනවා නම් නිලතල වලට වඩා නිල කටයුතුවලට තමයි සියලුම දෙනා මූලිකත්වය ලබා දෙන්නෙ. මේ තුළ විවිධ දේශපාලන පක්ෂවල අය ඉන්නවා. විවිධ සංවිධානවල අය ඉන්නවා. පහන් වැටේ සිටි අයත් ඉන්නවා. දේශපාලන පක්ෂ, ආගම, ජාතියෙන් තොරව තමයි අපි මේ කටයුත්ත සිදු කර ගෙන යන්නෙ. ඒක සාමූහිකයේ කටයුතුවල අදාළ නෑ. අපි කටයුතු කරන්නෙ පොදු අරමුණු වෙනුවෙන්.

අපි අතර තියෙන පොදු අරමුණුවලින් එකක් තමයි. නව යොවුන් ලේඛක, ලේඛිකාවන්ට අවශ්‍ය සාහිත්‍යයේ කවියේ බස උගන්වන එක. ඒ සඳහා තමයි අපි වැඩමුළු පවත්වන්නේ; නිර්මාණ තරග තියෙන්නේ සහ ඔවුන්ව දිරිගන්වනු ලබන්නේ. අනෙක් කාරණාව තමයි අපි ඔවුන්ට මුණගස්වනවා දැනට ඉන්න ප්‍රවීණයන්ව. වැඩමුළු පවත්වන අතරතුරදී මේ සමඟම අපේ නව වැඩසටහනක් තිබෙනවා ‘නැණදෑල’ කියලා. මෙයින් සිදු වන්නේ ළමුන්ගේ සහ යෞවනයේ සිටින්නන්ගේ කියවීමේ පුරුද්ද සහ නිර්මාණකරණයේ පුරුද්ද ඇති කිරීම. ඇත්තෙන්ම කියනවා නම් මෙය පුස්තකාල ව්‍යාපෘතියක්. එය සිදු කරන්නේ පාසල් හා ගම්මාන මට්ටමින්. අපේ ඉලක්කය තමයි වසර දහයක් තුළදී පුස්තකාල 1000ක් ඉදිකිරීම. මේ මොහොතේ ඒ සඳහා අපිට ප්‍රතිපාදන නැතිවුණත් එය අපේ ඉලක්කයක්.

අනෙක් කාරණාව තමයි වර්තමානයේ ඉන්න ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් සම්බන්ධයෙන් ගෙන එන වැඩසටහන. එය අපි නම් කරලා තියෙන්නේ “මහායාය” කියලා. ඒ අයටත් යම් අර්බුදයක් තියෙනවා. මෙන්න මේවාට පිළිතුරක් විදියට අපි ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා ‘පහන්ටැඹ ප්‍රකාශන’. අපේ ප්‍රකාශන මගින් අපි යෝජනා කරලා තියෙන්නේ ඔවුනට 25%ක කර්තෘ භාගයක් ගෙවන්න. මගේ අදහස නම් සාහිත්‍ය කලාව තියෙන්නෙ මුදලාලිලා බිහිකරන්න නෙවෙයි කියලා. මේ නිර්මාණකරුවන්ට නිර්මාණ කරන මහන්සියේ අයිතිය යා යුතුයි. අන්න ඒකයි වෙනත් ප්‍රකාශකවරු 5%ක කර්තෘ භාගයක් ගෙවනකොට අපි 25%ක කර්තෘ භාගයක් ගෙවන්න කටයුතු කරමින් ඉන්නෙ. ඉතිං මේවා අලෙවි විය යුතු නිසා මෙතෙක් කාලයක් පොත් විකිණීමේ ගැටලු මතුවුණු නිසාත් පෙර කී පුස්තකාල ව්‍යාපෘතිය හරහා කියවන සමාජයක් බිහි කරන්න කටයුතු කරනවා. අපේ සාමාජිකයෝ හැරුණු කොට කිසිදු සාමාජික ගාස්තුවකින් තොරව සාමාජිකත්වය ඕනෑම අයකුට ගන්නත් පුළුවන්. එතනින් අපි පාඨක සමාජයකුත් නිර්මාණය කරනවා. ඉතින් එතැනදී අපි හොඳ ගොඩනැගීමක් සහිතව ක්‍රියාත්මක වන නිසා පළමු ප්‍රකාශනයේදීම පොත් 1000ක් අලෙවිකර ගැනීමේ ගැටලුවක් ඇතිවන්නේ නෑ. වෙනත් භාෂාවකින් කියනවා නම් මේක සම්පූර්ණ ව්‍යාපෘතියක්. ඉතින් එහි මනා දිගුකල් පැවැත්මක් තියෙනවා. අන්න ඒකෙ පළමු වැඩසටහන විදියට තමයි මෙවර සාහිත්‍ය උලෙළ වෙනුවෙන් මාතලේ මේ වැඩසටහන පවත්වන්න කටයුතු කරන්නේ.

මාතලේ පැවැත්වෙනවා දින 7ක පමණ වැඩසටහනක්. එයින් එක් දවසක් අපි ‘පහන්ටැඹ සාමූහිකය’ විසින් වෙන්කොට ගෙන තිබෙනවා. ඒ සැප්තැම්බර් 26 වනදා. මේ වැඩසටහනේ මුඛ්‍ය දේශනය පවත්වන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහතා. ඒ වගේම වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ, යසනාත් ධම්මික බණ්ඩාර, කුමාර ලියනගේ‍, ෙහන්රි වර්ණකුලසූරිය, නාලිකා කරුණාතිලක, තුසිත මලිත් ගුණරත්න, පුෂ්පා රම්‍යානි වගේ විශාල පිරිසක් එදිනට සම්බන්ධ වෙනවා. මෙතැනදී මූලිකවම වෙන්නේ ප්‍රවීණයන් සමඟ අත්දැකීම් මුණගැස්වීමක්. ඒ වගේම ළමයින් වෙනුවෙන් බලා කියවීමේ රසඥතාව දියුණු කිරීමට චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නත් අපි කටයුතු කරනවා. චිත්‍ර කියන්නේ කතා නොකරන වචන නැති පින්තූරය විසින් රසදැනීම් මවන වෙනමම භාෂා ලීලාවක්. තුන්වනුව අපි කියපු ‘මහායාය’ වෙනුවෙන් කීපදෙනෙකුට සම්මාන ප්‍රදානය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි උත්සාහ කරනවා සංස්කෘතික අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික පුස්තකාල මණ්ඩලය හා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය හා සම්බන්ධව ජාතික වැඩපිළිවෙළක් බවට පත් කරන්න. ඊට අමතරව මාතර සහ අනුරාධපුර වැඩසටහන් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩමුළු දෙක අපි පවත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවාවන් හරහා. මෙහිදී තරගාවලියක් පවත්වන්න සූදානම් කරගෙනයි තියෙන්නේ. ඉන්පසු දෙසැම්බර් 17 හෝ 18 හෝ දෙදිනම කොළඹදී වැඩමුළුවක් පවත්වන්න කටයුතු කරලා සංස්කෘතික ඇමැතිවරයා විදියට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‘පහන්ටැඹම ස්වර්ණ සම්මාන ප්‍රදානෝත්සවය, පවත්වනවා. ඒ වගේම තමයි දිස්ත්‍රික් වශයෙන් පවත්වනු ලබන වැඩමුළුවලදී අපි අගයන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල සිටිනා ප්‍රවීණයන්. අපි ඒක නම් කරලා තියෙන්නේ ‘මහායාය ස්වර්ණ සම්මාන’ කියලා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙය ප්‍රධාන ජාතික වැඩපිළිවෙළක් මෙහෙයුම් කිරීමට ගොඩනැගෙන්නක්. පහන්ටැඹ පිළිබඳව තවත් ලෙසකින් සඳහන් කරනවා නම් අතීතයේ අස්වැන්න අනාගත පරපුරට භුක්තිවිඳීම සඳහා ගෙන යන තීර්ථ යාත්‍රාවක්. මේ තීර්ථ යාත්‍රාව පැදගෙන යෑමට වර්තමාන සහ මහායාය ප්‍රවීණයන් සියලුදෙනාම අප සමඟ රැඳී සිටිනවා. අපි ආරාධනා කරනවා මේ මහයායේ සිටින සියලුම කලාකරුවන්ට කිසිදු දේශපාලන භේදයකින් තොරව අප සමඟ එක්වන්න කියලා.

 

 

 රජිත බස්නායක

අපම වනු පිණිස

$
0
0
සැප් 19, 2020 01:00

“කියහන් ඉතින්. උඹෙ ඔය අමුතු හිතේ දිග පළල”

“මම තාම හොයනව සංසා.”.

ඈ ආදරය මුසු වූ වදන් පෙළකින් මට දමා ගැසුවාය.

“මට කියන්න දෙයක් නෑ දුලනි. ඒක මහ විකාර ආසාවක්. සනසලත් නැති, රිදවලත් නැති, ගහක් ගලක් වගේ මිනිහෙක්ගෙන් මම ඉල්ලන්නෙ දැවෙන්න එක පුළිඟුවක් විතරයි”.

“එක පුළිඟුවක් උඹට ඇත්ද සංසා? උඹ ඉස්සරහ මහ ලොකු කළු වලාකුළක් බිමට වැටෙන්න බලං ඉද්දි”?.

මම මගේ හොඳම මිතුරියට හැඟීම් විරහිත සිනාවක් පෑවෙමි. “සමච්චලේට හිනා වුණේ උඹ පෙට්‍රල් බව්සරයක් කියලද හිතන් ඉන්නෙ”?

“ නෑ දුලා මට ඕන නම් ළැව් ගින්නක් වෙන්නත් පුළුවන්. නැත්තං මැටි පහනක අන්තිම එළිය ටික වෙන්නත් පුළුවන්. ඒක උඹ උනත් දන්න බව මම දන්නවා.”

“ඔය හයිය හිත ලැබුණෙ කාගෙන්ද සංසා? උඹෙ අප්පච්ච්ගෙන් නේද? මෙහෙම කිව්වට තරහ ගන්න එපා. හයිය හිතක් නැත්තං උඹයි අම්මයි අරම තට්ට තනියම මහ විසාල ගේක දාල යන්නම යයිද?”

මං ඇයට ඇත්තටම ආසා මේ නිසාමය. කිසිදු සීනි තැවරුමක් නැතිවම සෘජුවම එමෙන්ම හැමවිටම ඈ පවසන්නේ ඇගේ හිත තුල ඇති නිර්ව්‍යාජ සිතිවිලිය. ඒවා සුපිරිසුදුය. නිකැලැල්ය. කුහකකමින් තොරය. මා රිදවනු පිණිස නොවේමය. දුලනි මා ලද දුර්ලභ සම්පතකි.

නෑ දුලනි. අම්මගෙන්. අම්ම අඬ අඬ හරි ඒ දාල ගියපු අපි දෙන්නගෙ ජීවිත රැක්කා. අපෙ අප්පච්චිට හයිය හිතක් නෑ. තියෙන්නෙ වැනෙන හිතක්. හරි වැරැද්ද නොතේරෙන උගත්කම උතුරන බොලඳ හිතක්.

“උඹ තරහද?”

“කා එක්කද? උඹ එක්කද?”

“මං එක්ක උඹ මොනම හේතුවකටවත් තරහ නොවෙන බව මම හොඳාකාරවම දන්නවා.”

“අප්පච්චි ගැන මට තියෙන්නෙ හිස් හැඟීමක් දුලනි. අනුකම්පාව විතරක්.

අතරින් පතර කොනිති ගහනවා. ඒ ඇරුණම එයත් එක මනුස්සයෙක් මගෙ ජීවිතේට ඇවිත් ගියපු.”

“අම්මගෙයි අප්පච්චිගෙයි ජීවිත ගැන බල්ද්දි උඹට ආදරේ කරන්න බය නැද්ද සංසා?”

“බය? බය කියන්නෙ මොකද්ද දුලා? අප්පච්චි මාව දාල යයි කියල කාලයක් මම බය උනා. ඒ බය ඇත්ත වුණා. අම්මවත් මට නැතිවෙයි කියල මම ඊට වඩා බය උනා. ඒකත් එහෙම වුණා. දැන් මම නෙමෙයි, බය තමා. මට බය.”

මම සැහැල්ලුවෙන් සිනාසුණෙමි. දුලනිද සහ මා හා එක්ව බොහෝ වේලාවක් සිනාසුණාය. හවස හන්තානට නුදුරු සංදීපනී සංගීත ආශ්‍රමයේ පුහුණුවීම් අවසන් කර මාත් දුලනිත් නුවර වැව රවුමේ ඇවිද ආවෙමු. සුදෝ සුදු වැව් බැම්මෙන් වටවූ වැව් දිය ඈතට දිස්වන්නේ කොළ පැහැයෙනි. එය නෙතට ප්‍රිය උපදවයි. ලඟට ගිය කල්හි වැව් දියෙහි රඳන කුණුරොඩු මැනවින් දර්ශනය වේ. අසල හුන් පොරි විකුණන කාන්තාවකගෙන් මිලදී ගත් පොරි මිටක් වැව් දියට මුදාහල මම දෑත් පිසදා ගතිමි. පොරි පොකුරට වහවැටුණු මත්ස්‍ය රෑනක් එකිනෙකා පරයමින් ආහාරය බුදිති.

“ආන් එනවා. දැක්කද?”

දුලනිගෙ හඬින් වැව්දියෙන් මොහොතකට දෑස් මුදවා ගත් මම හිස හරවා සංඝරාජ මාවත දෙස බැලීමි. අපූරුවට මැද ඇති ළා කහපැහැති ලිනන් කමිසයත් දුඹුරු කලිසමත් ඔහුගේ රුවටම ඔබින පරිදි සැකසී ඇත. පිටෙහි රුවා ගත් බෑගය සකසමින් දිගු අඩි තබමින් පාර හරහා මාරු වූ ඔහු වැව රවුමට පාතැබුවේ වටපිට බලමිනි.

“උඹවද දන්නෙ නෑ හොයන්නෙ”.

“මාව? මාව හොයන්න තරම් මිනිහට පිස්සුවක් නෑ. ඔය හොයන්නෙ එයාගෙ අතිජාත මිත්‍රයව."

“බලන් ගියාම උඹ නොදන්න දෙයක් නෑනෙ. උඹ කොහොමද ඕව දන්නෙ? “මම පළවෙනියට සුජාතව දැක්කෙත් මෙතනදි, හැමදාම දකින්නෙත් මෙතනදි. ඔය හෙවිල්ලෙ මට අමුත්තක් නෑ. දෙන්න ඉගෙන ගන්නෙ විෂයන් දෙකක්. ඉගෙන ගන්න වැඩ ඉවර වෙලා ඔතනදි මුණ ගැහෙනව හැම සෙනසුරාදම. ඒක වෙනස් වෙන්නෙ නෑ”

“සුජාතගෙ යාළුව මොනවද කරන්නෙ? කම්පියුටර් සයන්ස් නෙමේද?”

“නෑ. යාළුව ඇග්‍රි ෆැකල්ටියෙ. මොකෝ අහන්නෙ? නමත් හොයල කියන්නද?”

මට දුලනිට විහිළුවක් කරන්නට සිතුණි.

“අහන්නෙද? අහන්නෙ ඌටවත් හැඟීම් දැනීම් තියෙනවද කියල හොයාගන්න. නැතුව මට කරගහගන්න නෙමේ”

ඈ බොරු තරහක් මවා ගත්තීය. මම හඬ නඟා සිනාසු‍ෙණමි. අවට උන් කිහිපදෙනෙක් මා දෙස හැරී බලනු මම දුටුවෙමි.

“කරගහන්න ඌ මුට්ටයක්ද? ඔන්න ඔතනයි උඹට වැරදුණෙ. ජීවිතේට ආදරයක් හොයාගන්නව කියන්නෙ හිතාමතා හිරේ විලංගුවෙ වැටෙනව වගේ දඬුවමක් නෙවී, හිත් දෙකක රහ මිශ්‍ර කරල ජීවිතේ රසවිඳින එකට.”

“ඔව්.. ඔව්.. උඹ දැන් ඔය රහ විඳින්නෙ අපූරුවට. මාවත් ගහගෙන යන්න තරං හූල්ල හූල්ල.”

“හූල්ල හූල්ල? මේ මම? කවදාවත් නෑ දුලනි. කවදාවත් නෑ. මට හිමිදේකටවත් අයිතිවාසිකම් නොකියන මට මේ ආදරෙත් දුරින් තියන් විඳින්න පුළුවන්.” “මම විහිළුවක් කළේ බං. ඒත් මට දුකයි. උඹට වගේ හයිය හිතක් මට නෑ. මේක බිඳුණොත් ආයෙ ගොඩ එනව බොරු.”

දුලනි ඇගේ හදවත මත අත තබා හිනැහුණාය.

“හිත නෙමෙයි දුලනි බිඳෙන්නෙ. අපි අනෙක් කෙනා උඩ තියන් ඉන්න බලාපොරොත්තු. ඒව බිඳුණම හරි අමාරුයි. කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න තරං මං හිත දියුණු කරල නෑ දුලා. ඒත් මට යම් දුරකට එහෙම ඉන්න බැරි කමකුත් නෑ.”

“අන්න මේ පැත්තට එනවා දෙන්නම. කතා කළොත් කථා කරපන්. ගල් ගිලල වගේ ඉන්නෙ නැතුව.”

ඈ මගේ පිළිවෙළ දන්නීය. කෙතරම් ගැඹුරු හැඟීමක් සුජාත කෙරෙහි මට තිබුණද මම කිසිදු මොහොතක ඔහුට හිරිහැරයක් වන සේ හැසිරී නැත්තෙමි. මඟ තොටේදී මුණ ගැසී මා දෙස බලා සිනහවක් පමණක් පා යන ඔහුට පෙරළා සිනහවකින් පමණක් සංග්‍රහකර අනේක වාරයක් බලා හිඳ ඇත්තෙමි. ඒ මගේ හැටිය. ආදරයේ නාමයෙන්වත් අනෙකෙකුට මා නිසා හිරිහැරයක් වනු දැකීමට මා අකැමැතිය.

“වදයක් වෙන්න ඕනෙ නෑ දුලා. එයා කථා කළොත් කථා කරනවා. නැත්තං පුරුදු විදිහට එයා හිනාවෙලා පැණිදෙණිය බස් හෝල්ට් එක පැත්තට යාවි. උඹ මග ඵල ලබල ඉන්නව නම් හරි ලබන්න ලඟයි වගේ නම් හරි මේ ආදරේ කෙරිල්ල නවත්තපන්.”

ඈ කියන්නේ මගේම සිතැඟි පැහැරගත් පුද්ගලයා කෙරෙහි මම දක්වන මඳ ක්‍රියාශීලීත්වය නුසුදුසු බවය.

“ඒ ආදරේ මගෙ ඇස් දෙකේ නැද්ද දුලා?”

වීදුරු බෝලයක වැනි දීප්තියක් දුලනිගේ ඇස්වල ඇති වී නැතිවී යනු මම දුටිමි. ඈ මා වෙනුවෙන් හදවතින් හඬන බැව් මම දනිමි. සුජාත ඔහුගේ මිතුරාත් සමඟින් මා සිටි තැන පසු කර යන්නට ගියේ මටත් දුලනිටත් මඳ සිනහවකින් සංග්‍රහ කරමිනි. මා පසු කර ඔහුගේ පියවර එසවෙද්දී මගේම හදවත බරින් වැඩිවී යනු මට දැනිනි. එය මේ දැන් කඩාවැටෙතැයි මට සිතුණි. එහෙත් සුපුරුදු පරිදිම මගේ හදවත මගේ ජීවය රකිමින් නොසැලී ශරීර කූඩුව තුල අනලස්ව සිය මෙහෙවර ඉටු කරමින් උන්නේය. එක් මොහොතකින් මින් පෙර කිසිදු දිනයක නොවූවක්ම සිදුවිය. පියවර කිහිපයක් මා පසුකර ගිය ඔහු නැවත හැරී බලා මා අසලට පැමිණියේය. දෑස් කුඩාකර මා දෙස බැලූ ඔහු කිහිප විටක් නමන ලද කුඩා කොලයක් මා දෙසට දිගු කළේය. මම විස්මයට පත්වීමි. වචන පනහකටත් අඩුවෙන් එකිනෙකා සමඟ කථාබහ කර ඇති අප අතර මෙවන් පණිවිඩ හුවමාරුවක් කිසි කලෙකත් නොවීය. කොල කැබැල්ල ගන්නට දෑත දිගු කරනු වෙනුවට විශ්මයෙන් මුව අයා හුන් මා වෙත දැඩි බැල්මක් හෙළූ සුජාත තවත් පියවරකින් මට සමීප වූවේය.

“මේක ගන්න.”

මගේ ගැහෙන දෑත් මත කොළ කැබැල්ල තැබූ ඔහු වදනකුදු නොදොඩා සිය මිතුරා සමඟ එක් වූයේය.

“ඈ බං, මූ මාර යකෙක්නෙ”

දුලනිගේ හඬින් පියවි සිහියට එළඹියද සිත තුළ වූ විස්මය තවමත් පහව ගොස් තිබුනේ නැත.

“මොකද්ද දුලා ඒ වුණේ?”

“වුණේද? වුණේ මොකද්ද කොළයක් උඹෙ අතේ ගුළි කරල ඌ ගියා. මේක ගොළුවෙක්ද? ඔන්න ඕක බලල කැමැත්තක් කරහන්”

මේ අනපේක්ෂිත සිදුවීම හමුවේ ඈද නිරුත්තර වී හිඳින්නීය.

“කෝ උඹෙ අර සම්ච්චල් හිනාව? ඒකත් අර සුජාතය අරං ගියාද?”

සුරතෙහි ගුළි වූ කුඩා කොළය විවර කරම්දෝ නොකරම්දෝයි සිතමින් හුන් මට ඈ සියුම් පහරක් ගැසුවාය.

“ඔන්න ඕක දිගඇරල බලපන්. තව නැකැතකුත් ඕනෙද ඕකට?

මම සෙමින් කොලය ගෙන දිග හැරීමි.

“අඳුරගන්නට අහන් ඉන්නට

හිතක් ඇති බව මගේ හිත මට

කොඳුර කොඳුරා කියනවා

සනසලත් නැති රිදවලත් නැති

ඒ හිතේ දිග පළල මම තාම හොයනවා”

මගේ දෙනෙත් විස්මයෙන් ඇලලී ගියේය. මා කිව යුතු කතාවක් ඔහුගේ පෑන් තුඩින් ලියැවී ඇත. ගොළු වූ මුවින් මම කවිය දුලනි වෙත පෑවෙමි. ඈ දෑස් අයා තත්පර කිහිපයක් ඒ දෙස බලා උන්නාය.

“මොකක්? දැන් ටිකකට කලින් උඹත් ඔය වචන ටිකම කිව්ව නේද? උඹල මටත් හොරා අපබ්‍රංශ කවි හුවමාරු කරනව නේද?”

ඈ පවසන දෑ ගැන කුමක් කියම්ද? ජීවිතේ එක එක කාලවල ඉරිතැළිච්ච හිතට දාපු තාවකාලික පැලැස්තර වගේ ආදර කතා ටිකක් මටත් තිබුණා. ඒත් මෙහෙම දෙයක් දැක්කමයි.

 ඉසංකා උමාලී නුගපිටිය

සීගිරියේ සිත්තම් අඳින සිතුම්

$
0
0
සැප් 19, 2020 01:00

හු පිළිබඳ හඳුන්වා දෙන්නට එයම ප්‍රමාණවත්. ඒ තරමටම ඔහු සමාජ මාධ්‍ය හරහා ජනප්‍රියත්වයක් දිනා සිටිනවා. අනුන්ගේ සිතිවිලි පින්සලෙන් මවන්නට සිතුම් හපනෙක්. සොබාදහමේ නොපෙනෙන පැති සිත්තම් කරන්නටත් ඔහුගේ හැකියාව එසේමයි. එවන් විචිත්‍ර සිතුම්ගේ සිත කියවන්නටයි අප දැන් සූදානම් වෙන්නේ.

අපි රන්මුතුගල රන්ජිත්ප්‍රිය ළඟින් කතාව අරඹමු?

ඒ මගේ තාත්තා. පුංචි සන්දියේ දබරැඟිල්ලේ එල්ලීගෙන පස්සෙන් වැටුණු පියාගේ පාට ආසාවට ඇඟ පුරා ගාගත්තු සිතුම් විතරක් නෙවෙයි, පැටි කාලේ ඉඳන් චිත්‍රයක් ඇන්දාම දුවන් ඇවිත් හොඳද තාත්තේ කියලා අදටත් විමසන තාත්තාගේ පුංචි සිතුම්ම තමයි මං තාමත්.

අපි දැන් ඉන්නේ සීගිරියේ?

ඒ මට අමතක කරන්න බැරිම තැන. මං 10 ශ්‍රේණියේ ඉන්දැද්දි සය මාසයක් තාත්තා එක්කරන් ගිහින් සීගිරියේ නැවතුණා. ඒ වෙනින් මොනවටවත් නෙවෙයි, සීගිරිය බලන්න ඕනෑකමට. සීගිරියේ එක ගලක් දිහෑ වුණත් මං පැය ගණන් බලා ඉඳලා තියෙනවා. ඒත් මට එපා වෙන්නේ නෑ.

කාශ්‍යප රජ්ජුරුවෝ සීගිරියේ ඉඳන් ඉරගල වැටෙන අපූරුව දැක්ක විදිය මට දෑහින්ම දැකගන්න ආසාවක් තිබුණා. මං හිතුවක්කාරකමට හොර රහසේ ඒ ආසාවත් ඉෂ්ට කර ගත්තා. කැලේ ඉඳන් සීගිරිය බලන්න ආසාවෙන් වන වැදිලා අලි පන්නාගෙන ආව අවස්ථාත් නැතුවා නෙවෙයි.

සිතුම්, පැන්සලෙන් පින්සලට හෙයියම්මාරු වෙන්නේ?

ඒක අහම්බයක්. සීගිරිය ඇඳ ඇඳ හිටිය මට ප්‍රංශයේ පදිංචි චන්දි නැන්දාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. අඩුම කුඩුම ටිකකුත් අරන් එයා මාව හොයාගෙන වේයන්ගොඩට ඇවිත් ගියදා ඉඳන් මං පාට පැන්සල්වලින් වැඩිපුර වැඩ කරන්න යොමුවුණා කිව්වොත් හරි.

ආසාවල් එහෙම නැතිනම් අනාගත අපේක්ෂා එහෙම ඇති?

රුවන්වැලි සෑයේ ඉදිරිපස චිත්‍රයකට දායක වෙන්න ලැබීම ජීවිතේ භාග්‍යයක්. ඒත් එක්කම තව එක ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ සීගිරිය ළඟම ඒ තරම්ම ලොකු ඉඩක සීගිරිය නැවත පුරාණයේ පැවැති විදියට නැවත ප්‍රතිනිර්මාණය කරන්නට ලොකු ආසාවක් මට තියෙනවා.

 

රත්තරං සඳක් පායන්නයි...

$
0
0
සැප් 19, 2020 01:00

ඬ වැඩි කරපු රේඩියෝ එකෙන් ජෝතිගේ සින්දුවක් වෑහෙනවා. මං දුවගෙන ගිහින් දොර රෙද්ද අස්සෙන් සුදු පුංචි ගේකාමරයට එබෙනවා. කණ්ණාඩිය ඉස්සරහ ඉඳගෙන ඉන්න එයාගේ රූපය කණ්ණාඩියෙන් ආයෙත් සැරයක් පෙන්නනවා. කොණ්ඩෙ කඩා දාලා. පැත්තකින් මලක් ගහලා. තොල් දෙක ළා රතු පාටින් පාට කරලා. කම්මුල් රෝස පාටවෙලා. සුදුපුංචි අද වෙනදට වැඩිය ලස්සන වෙලා. මම හොර පූසෙක් වගේ හෙමි හෙමින් එයා ගාවට ළං වෙනවා. සමන් පිච්ච මල් සුවඳක් නහය පුරා පිරෙනවා. එක එක පාට ගල් අල්ලපු සාරිය දිලිසෙනවා. අල්ලලා බලන්න ආස හිතෙනවා.

“යනවා... යනවා ළමයෝ අහකට ඔය ඇඳුම කිලිටි කරන්නේ නැතුව....”

පුංචි මාව ඇදලා අරන් එයාට තුරුලු කරගන්නවා. එයාගේ හීනි ඇස් දෙක දිලිසෙනවා.. එයාගෙ මූණේ පුයරු මගේ මූෙණත් තැවරෙනවා.

කුස්සිය පැත්තෙන් කෑම සුවඳක් ගේ පුරා පැතිරෙනවා. පුටු කවර දොර රෙදි පවා අලුත් වෙලා. අන්න....අන්න මනමාලයා එනවා.හැමෝගෙම උනන්දුව එයා දැක ගන්න. මාත් දොර රෙද්ද අස්සෙන් සාලයට එබෙන්න උත්සාහයක යෙදෙනවා.

යන්න ළමයෝ අන්න අරහෙට ගිහින් සෙල්ලම් කරන්න. මං කුස්සිය පැත්තට වෙලා කෝම්පිට්ටු හදන්න පටන් ගන්නවා.

ඒ මහත්තයා ආණ්ඩුවේ හොඳ රස්සාවක් කරන්නේ..... පවුලෙත් තනි ළමයා... ඔය අලුත්ම වාහනේ ගත්තෙත් මේ ළඟදී... කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්. කපු මහත්තයා තව තව බලාපොරොත්තු දල්වනවා. දවල් හීන මවනවා අහසේ මාලිගා හදනවා. අත්තම්ලා නැන්දලා වට කරගෙන ඒ කතාවලට හූ මිටි තියනවා. අනෙක් අයට කොහොම වෙතත් දවල් කෑමෙන් පස්සේ හවස තේ එක දක්වාම වැඩේ ඇදගෙන යන්න කපු මහත්තයාගේ ට්‍රයි එක.

ඒ වැඩ කටයුතු ටික ඉවර වෙලා තව ටික දවසකින් සුභ ආරංචියක් අරගෙන එන බලාපොරොත්තුවෙන් කපු මහත්තයා පිටව යන්නේ ගානක් අතේ මිට මෙළවුවැයින් පස්සෙ.

‘මේකවත් හරිගියොත් ලොකු දෙයක්’ හැමෝම බලාපොරොත්තු පිරුණ සැනසුම් සුසුමක් හෙළනවා.

විවාහය කියන්නේ මනුෂ්‍යන්ගේ පරම්පරාව පවත්වා ගෙන යෑමේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ගොඩනගාගත් සංස්කෘතික සංස්ථාවක්. ගැහැනියෙක් පිරිමියෙක් එකිනෙකාට ආකර්ෂණය වීම බලෙන් කරන්න පුළුවන් දෙයක් නොවුණත් විවිධ සමාජ මිණුම් දඩු උපයෝගී කරගෙන ඒ පෑහීම ඇති කරන්න අපේ වැඩිහිටි පරම්පරාව උත්සාහ ගන්නවා. සල්ලි,රස්සාව,යාන වාහන වගේ භෞතික දේවල් පදනම් කරගෙන අහිංසක හිත් විවාහය නැමති හිර කූඩුවේ හිර කරලා අනෙක් හැමෝම සතුටු වෙනවා.

සුදුපුංචිම වෙනත් විදියකින් වෙනත් තැනකදී එයා ළඟදි මට ආයෙම මුණ ගැහෙනවා. ආ ගිය තොරතුරුවල සිට කතාබහ විවිධ ඉසව් කරා දිව යනවා. දූක වගේම සතුටත් කැලතුණ ඒ කතාවේ අවසානයේ තියන්නේ එපා වීම හා කළකිරිම පිළිබද නොපෙන්වන ඡායාවන් ඒ අස්සේ පෙනෙන්නට තියනවා. සාද කතා හමාර වෙලා සංග්‍රහ භුක්ති විඳලා. බලාපොරොත්තු දල්වගෙන හැමෝම එන්න පිටත් වෙනවා. විසඳුමක් නොවුණත් යුතුකමක් විදිහට මම මුදල් නෝට්ටු කිහිපයකින් යුත් ඇන්ලොප් එක බුලත් හුරුල්ලකට යට කරලා තියලා එන්නට හැරෙනවා.

වැහි අන්ධකාරේ දූවගෙන ඇවිත් ඉරත් වහ ගන්නවා. ඒ මන්දාරම් දවසේ තියෙන්නේ මහ මුස්පේන්තු පෙනුමක්. බලාපොරොත්තු වූ සුභ පණිවිඩය වෙනුවට ඒ අසුභ පණිවිඩය වැහි අඳුරත් එක්ක ගේ ඇතුළට ඇවිත් කළු වලාවක වුණත් තියෙන්නට පුළුවන් රිදී ඉරිත් මැකිලා ගිහින්. වැස්සේ ඝෝෂාව අතරේ කපු මහත්තයගේ හිත හැදීමේ උත්සාහය දියවෙලා යනවා. මුළු ගෙදරම හු‍ෙදකලා නිශ්ශබ්දතාව ක ගිලෙනවා. ඒ අතරින් නෝක්කාඩු බැලුම් හී සර වගේ ඇනුම් පද එහෙට මෙහෙට පා වෙනවා. සුදූ පුංච් ඒ හැම එකක් මැද අසරණ වෙලා බලාගෙන ඉන්නවා. තමන් නොකරපු වරදකට පසු තැවෙනවා. ගැහැනු ආත්මයක් ලබන්නේ පෙර ආත්ම වල පව් කරලා තියෙන නිසා කියලා ආත්තම්මා තමන් අහපු බන වල තියෙනවා කියලා කියනවා මං අහගෙන ඉඳලා තියෙනවා. සුදු පුංචිත් ගිය ආත්මේ පව් කරපු කෙනෙක්ද? ඒක එහෙම නොවෙන වග පසුකාලීනව ෆෙමිනිසම්වලදි මම ඉගෙන ගන්නවා.මට සුදුපුංචි ගැන අනුකම්පාවක් දැනෙනවා ඒත් එක්කම ගේ ඇතුළේ දඟලන මේ පාළුව මගේ හුස්ම හිරකරනවා. මම දූවගෙන ගිහින් සුදුපුංචිට තුරුලු වෙනවා. හිස් බැල්මෙන් පිරුන ඇගේ ඇස් දෙකේ කඳුළු බින්දුවක් නළියනවා. හෝ ගාගෙන එන සුළං රැල්ලත් අම්බොක්කෙ කන්දේ හැපිලා අඬාගෙන වැටෙනවා. එයින් බින්දු දෙකක සීතල මගේ ඔළුවටත් දැනෙනනවා.

හැමකෙනාටම ඕනෑ තමන් කොහොමහරි ගැලවෙන්න ඒකට කියන්නේ “යුතුකම් ඉටුකරනවා කියලා” අනිත් කෙනාගේ මානසිකත්වය කොහොම උනත් තමන්ගේ යුතුකම ඉටු කරන්නනයි හැමෝගෙම වුවමනාව තියෙන්නේ’. ඒ සඳහා එන බාධක ඔවුන් දකින්නේ ඒ කෙනාගේ පෞද්ගලික වරදක් විදිහට. එය විවිධාකාරයෙන් ප්‍රකාශයට පත් වෙනවා. සුදුපුංචිත් ඒ ප්‍රකාශනයන්ගේ වින්දිතයෙක්ද?

“අරෙහෙන් උත්තරයක් අහලා එවලා තියෙනවා. මොකද කියන්නේ කියලා යවන්න වෙයි” එයා හොඳයි. කියන්න තරම් වරදක් ඇත්තෙත් නෑ. ඒත් දෙන්නෙක් අතරේ විවාහයක් සඳහා ඒක පමණක් ප්‍රමාණවත්ද? අනෙක් සියලුම දේ ගැලපුනත් ඒ හිතේ ඇඳුණු රූපය නෙවෙයිනම් ඒක අපි දෙන්නගේ වරදක්ද? මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අදහස් එකිනෙකට වෙනස් ඒක ස්වාභාවිකයි. ඒ වෙනස තේරුම් ගන්න අනිත් අයට බැරි ඇයි?

අකැමැත්තෙන් වුණත් මම ඒ අවාසනාවන්ත පණිවිඩය කියලා ඉවර කරනවා. වැහි අන්ධකාරෙත් එක්ක එන ඒ අඳුරත් මන්දාරමත් මට පේනවා. වෙල් එළිය දිගේ ඇදිලා එන මූසල නිහඬකමින් ගේ පිරෙනවා. ඒ නිහඬතාවය අස්සෙන් මට ආයෙත් සුදුපුංචිගේ මූණ මැවිල පේනවා.

 සමන්ත ඒකනායක

කළමණාකරු

ලංකා බැංකුව

 

 


හිමිදිරි පෙදෙස

$
0
0
සැප් 19, 2020 01:00

පොත් වසන්තය

ගොරහැඬි ධනීය ගෝපාලලාගේ
මහා පහයවල් හැඩ කරන
විසල් පොත් වීදුරුවකින් බැමි ලන
තවත් සුර සැපට දෙස් දෙන

ඉදින් සැප්තැම්බරය පැමිණ ඇත....
දුහුනන් අතර තෙරපි තෙරපී
අතගා බලා සුවඳම ඉඹින
කහවණු නැතත් මිල දී ගන්න
දැක ගැනුම පමණින්ම සැඳහෙන

ඉදින් සැප්තැම්බරය පැමිණ ඇත.....

මඩිය තර කරගන්න එකවර
බාල කොළ වුව ද වට කර
සෝබන පිට කවර දිදුලන
පරණ ඒවා අලුත් කරවන

ඉදින් සැප්තැම්බරය පැමිණ ඇත.....

අවුරුද්දක් පුරා බඩ ගා තැනින් තැන
දෙන්නම් කාසියට අස්සන ගසා ප්‍රකාශකයාට
අච්චු ගහගත්ත පොතේ හීනය
පපුතුරේ ඔජ වඩන දිරි දෙවන

ඉදින් සැප්තැම්බරය පැමිණ ඇත.....

චම්පා කුමාරි දිසානායක
 ----------------------

දැහැන් බිඳිණී


නිමිත්ත -
දෙහිවල ලංකා බැංකුවේදී දුටු
අම්පාරේ පොඩි හාමුදුරුවෝ

කසාවත පෙරවුව ද
සිඟිති වහන්දෑ
මතක කෙළිදෙළෙන්
ලොකු හාමුදුරුවන්ගේ
ඇකයෙහි සැතපී
සුව යහනක වැනි සෙව්වේ පිය සෙනෙහස
නොවෙ ද
යතිවර දිවි සැරියෙහි

දුශානි තත්සරණි අපොන්සු
 

-------------------

නැසී ගිය බිරියට

නැතිමුත් කිරි ගරුඬ දිලිසෙන මැණික් කැට
මා හද ගැබත් සොහොනක් නුඹ නමට කැප
එනමුදු ලොව පුරා ඒ ගැන පතළ නැත
නුඹවත් දන්නෙ නෑ මගෙ ටජ් මහල ගැන

කෙරුවත් මහල් පායක් ඔහු බිරිය නමින්
මිණි කැට ඔබ්බවා කිරි ගරුඬ ගලින්
ඇයගෙම නැගණි පවාගත් බිරිඳ ලෙසින්
කෙලෙසද නොතේරේ අයදිමි කියන ලෙසින්

නුඹ ගිය දා පටන් දෙව්ලොව සුවය සොයා
මගේ ලොවට පෑයූ හිරු මැකී ගියා
නුඹ ගිය මගේ පියවර මත අඩුය තියා
එන්නද මමත් අපි යමු එකටම එකතු වෙලා


මලිත් රත්නායක
 

-----------------

දැඩි සත්කාර ඒකකයේදී

යන්නට පොරබදන
ජීවිතය අල්ලාගෙන
හිත හොඳ වයර්
සුසුම්ලයි

ජයන්ත ජෝතියරත්න
 

--------------

රටේ හැටි

පැරදුණාම
දෙගුණ තෙගුණ වන
උද්යෝගය
දිනපු ගමන්
පල්ලම් බහින
ඉක්මන

සන්තුස දිසානායක

--------------

දැකීම

සමහර හැඩ ලස්සන කළුවරට
ලොකු වැහි බින්දු පොළොවට
මොට්ටු තබන හැටි අරුම
ඇබ්බැහිකමේ හැඩ
බලන් කදිම

ශාන්ත කුමාර අපෝන්සු
රත්මලාන

---------------

සත්‍යයේ හඬ

නැඟී සිටින්නට සත්‍යයට
ඇවැසි නැත මුක්කු කිසිවිටෙක
නුමුදු මුක්කු නොමැතිව
නැඟිටීමේ ශක්තියක්, කිසි විටෙකත්
නොමැත බොරුවට.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
මස්කෙළිය

-------------------

වැදුණම රස්නය කොල්ලෙක්ගෙ ළයට

කිරි නාවෙ දෙනතින් පිරිමිකමට
සෙනෙහස අඩු හින්දයි නුඹ හිතුවද
ඇට මිදුළු කිමිදී තිබේ පිතු පෙම
සුදෝවුන් රජු කීවේ බුදු සමිඳට

ප්‍රජාපතී නොවෙතැයි භීතියට
සුළු මවක් කැන්දුවේ නෑ පැළට
මල්වර වුණොත් වෙයි ලජ්ජාවට
මුදවන්නයි තනි කෙරුවෙ රෑට

ඒක දෙක කුරුළෑ මතු වෙද්දි
මයෙ හිතෙයි ලප කැළල් ඇන්දි
සැඟවූයේ හඬතැයි රිද්දී
ගැහුණි පපුව තටු සොලවද්දි

රහසින් ගියේ මෝචරි වැඩට
අපුලක් දැනේ හිතුණා නුඹට
මිනියක් වෙලා ආවේ ළඟට
දකින්නද බුදු කෙනෙකුන් ලෙසට

බොරුවටද දූ දැන්වත් කියන් මට
බයයි තාත්තෙ කීවෙ දුම්රිය හඬට
වැදුණම රස්නය කොල්ලෙක්ගෙ ළයට
මැකුවද රස්නය තාත්තගේ තදට

තැන්නහේනේ නාගිත හිමි

----------

යහළුවන්ට

සිහ ධජයේ රන් අසිපත සිප ගමුද යහළුවේ
දඹුලු ලෙනෙන් බුදුරැස් දැක ගමුද යහළුවේ
කලා වැවේ දියරැළි මත සැනසෙමුද යහළුවේ
සීගිරියේ පිය ගැට නැඟ හිනැහෙමුද යහළුවේ

කුරුලු පාළුවේ විහඟුන් ගී අසමු යහළුවේ
සිරිපා සිඹ එන මඳනල අල්ලමුද යහළුවේ
මහ සෑයෙන් දම්සක් හඬ අසමු යහළුවේ
රන් අස්වනු නෙළනා අත් සිප ගමුද යහළුවේ

බිලිඳු තොලක හසරැල්ලට ගී ලියමු යහළුවේ
ගලා හැලෙන දිය ඇල්ලට පෙම් බඳිමු යහළුවේ
උස්මිටිකම් පා යට සඟවමුද යහළුවේ
මිනිසත්කම රජයන ලොවකට යමුද යහළුවේ

ෂෙල්ටන් හෙට්ටිආරච්චි
නුවරඑළිය

 

-------------

ත්‍රිකෝණ ආදරය


කඩඉම් ත්‍රිකෝණයෙ මුලු තුනකටම වෙලා
සිටිනා විටදි ඔවුනොවුන ගෙ මුහුණ බලා
තරමක් දුරට ජිවිතයට උරණ වෙලා
වරදට දඬුවමක් දෙයි තුන් සිතම පෙළා

සෙනෙහස ඔබට විතරයි මම සදහටම
කීවත් එලෙස දෙපසක සිටි දෙදෙනටම
තින් සිත තුළ උපන් සෙනෙහස නොවන නිම
වූවා සමච්ඡේදනයක් ඉබේටම

සිතුවද රැඳී ඉන්නේ පාදයෙ සිරස
හැම පාදයම සැකසී ඇත එක විලස
තුන් ඈඳුතුවටම අහිමියි තම නිවස
ජීවිත අම්බලම් තුනකය අද දවස

දහසක් චෝදනා එල්ලව අඩු නැතුව
අසතිය දනෝ එක එක විදිහට නඩුව
කීකරු කමක් නැති සිතකින් පෙම් වැඩුව
පාපෙට දඬුවමක් ඇත විඳවිය යුතුව

කකුළුව හැළිය තුළ දිය රත් වන තුරුම
මොහොතක වින්දනය ලබතිය දැනදැනම
සෙනෙහස වැඩුවෙ සිත ඉවසනු තැනම
දැන සිටියා නියත බව දඬුවම් විඳුම

ඇය මෙන් මැයද හැරදා යන්නට බැරිය
පෙම්වතියන් දෙදෙන නිති දෙනුවන් සරිය
කවුරුන් කියන මුත් මේ දෙය යුතු නැතිය
ඔවුන්ද මෙවන් දේ රහසින් කර ඇතිය

තුන් කෝණයේ පාදෙට වී තුන් මුල්ලේ
තනි වී විඳින විට දැවෙනා සිතිවිල්ලේ
ප්‍රේමයෙ ගීය ගයමින් දුක් ගැනවිල්ලේ
දැන දැන ඇයිද තව මෙලෙසින් ළතැවිල්ලේ


ගාමිණී ලිවේරා
මුන්දලම
 

------------------

තනි තරුව

මන්දාකිනියම පුපුරා ඇදී
හැඟුමන් අතරමං වී ඉකිගසයි
බොඳ වූ සිහිනයක පාට සේදී
තරුවක් සුසුම්ලයි අනන්තයේ
පාළුව තනි රකී හු‍ෙදකලාවට
ඇසෙයි ඉකිබිඳුමක් තරුවේ
අනන්ත විශ්වයේ දෝංකාරය දී
පලායන වලාපටින් එහා
සිතිජයට අතවනන මායිමේ
තරුව තවමත් බලාහිඳී
බොඳ වී වියැකෙන හැඟුමන් දෙස

ජනත් පෙරේරා
 

------------

ඇයයි සීතා

සත්‍යාලය මෙයයි සීතා
වත් මත් ලෞකික ආලය නොවීලා
හදින් හද බැඳිලා සසර පුරා
එකිනෙක සැනසුම පතා වෙන්වීලා

දෙනෙත් අභියස දුක් ගී ම ගයාලා
වෙන්ව ගොස් කැපකලේ ආදරේ පතාලා
අන්හිතක සුව පිණිස ගියේ වන වැදීලා
නියම පතිනිය ඔබයි සීතා....

සියලු බාධක හමුවේ හැරනොගොස්
නිදයි ඈ තම ස්වාමියා ළඟ
දුරුකර දුක ඔහුගේ
නිවා සනසයි සිතම පවනින්

සියලු ලියනි ගන්න ආදර්ශයට
ඈ....
පතිවත රකින්නී.. සොවින් හද පුරන්නී
සීතා...

දෙව්මි සූරියබණ්ඩාර

----------------

මහ මඟට ඇද වැටිච්ච

ඉන්නට හරියට ගෙයක් දොරක් නැති වේච්ච
ගිණි ගහන අවුවටත් හොද හැටි හුරැ වේච්ච
තෙමී ගෙන වැස්සටත් හොද හැටි හුරැ වේච්ච
පෙර කල ඇති පවකට මහ මඟට ඇද වැටිච්ච

මට හැකිනම් හමේන් වැහිච්ච ඇතුලේ උනුවේන
හිත් පපු ඇති මගේ බුදු මහත්තරැන්ට පිං දෙන්නම්
කියක් හරි දීලා යන්න මහ මඟටවී මැරි මැරී ඉපදෙන
නෙමැරී උහුලන මේ කුස ගිණ්දර මට නිවා ගන්න

කසුන් ලක්ප්‍රිය
ගම්පොල,කහටපිටිය

කොරෝනාවෙන් ලෝක ආර්ථිකය හෙල්ලුණේ කොහොම ද?

$
0
0
සැප් 19, 2020 01:00
ධම්මික සෙනෙවිරත්න

අවම වශයෙන් ඉදිරි වර්ෂයේදීවත් ගෝලීය ආර්ථිකය පූර්ව කොරෝනා අවධියේ තිබූ තත්ත්වය කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. නිසි ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වා දෙන තුරු මිනිසාට සිදු වනු ඇත්තේ මේ වයිරසයත් සමඟම ජීවත් වීමටයි.

කොරෝනා වයිරසය මිනිසා ව්‍යාධියට ලක් කරමින් හා ජීවිත ද ගොදුරු කර ගනිමින් මිනිස් ජීවිතවලට සෘජුව ඇති කළ බලපෑමට අමතරව ලෝක ආර්ථික දේහය කරා ද ව්‍යාප්ත වෙමින් එය විනාශය කරා රැගෙන ගියේය. ලෝක ආර්ථික බලවතා තවමත් කොවිඩ් - 19 සතුරා සමඟ සටනක යෙදී සිටියදී එරට ආර්ථිකය පසුබා ඇත්තේ රැකියා වියුක්තිකයන් මිලියන ගණනක් ඇති කරමිනි. ලොව දෙවැනි ආර්ථික බලවතා මෙන්ම මුලින්ම කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රය බවට ද පත් වූ චීනයේ ආර්ථිකය ටිකෙන් ටික හිස එසවීමට වෑයම් කරමින් සිටී.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) පුරෝකථනය කරන පරිදි, කොරෝනා වසංගතය මඟින් මේ වසරේ ගෝලීය ආර්ථිකයට එල්ල කරනු ලබන බලපෑම හා සිදු කරන හානිය කලින් අපේක්ෂා කළ තරමට වඩා අඩු මට්ටමක තිබෙනු ඇත. කෙසේ වුව ද, මේ ගැන තවමත් නිශ්චිතව කිව නොහැකිය.

ඉකුත් ජූනි මාසයේදී ගණන් බලා තිබූ පරිදි කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට වන පසුබෑම 6%කි. එහෙත් එය 4.5%ක් විය හැකි බව OECDයේ මතයයි. ගෝලීය තත්ත්වය එසේ විය හැකි වුව ද බ්‍රිතාන්‍යය ආර්ථිකයේ නම් 10.1% ක බිඳවැටීමක් තිබෙනු ඇති බව එම සංවිධානයේ ගණන් බැලීමය. ජී-20 සෙසු සාමාජික රටවල තත්ත්වය එපමණටම දරුණු වන බවක් නොපෙනේ.

බ්‍රිතාන්‍යයේ වෙනසක්

සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ලොරෙන්ස් බූන් පවසන පරිදි, මෙම යථාර්ථය මත අයිසින් තට්ටුවක් තැවරීමට නොහැකිය. ඇය පෙන්වා දෙන අන්දමට කලින් සිතා සිටි තරමටම තත්ත්වය බරපතළ නැත. එහෙත්, මෙය හොඳ තත්ත්වයක් සේ ගෙන සැනසීමට හැකියාවක් ද නැත. OECD ගණන් බැලීම් අනුව බ්‍රිතාන්‍යය කලින් සිටියේ මීටත් වඩා බරපතළ අඩියකය. අලුත්ම දත්තවලට අනුව එය ඊට වඩා ඉහළටම එසැවී ඇත. කලින් දරුණුම තත්ත්වයක සිටියේ බ්‍රිතාන්‍යය වුව ද සංශෝධිත දත්ත අනුව ඉතාලිය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවේ තත්ත්වය බ්‍රිතාන්‍යයට වඩා දරුණුය.

ලොරෙන්ස් බූන් පවසන පරිදි, කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් වසර 2021 වන විට අහිමි වී තිබෙනු ඇති ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම ප්‍රංශයේ හා ජර්මනියේ ඒකාබද්ධ වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකමට සමාන වේ. එම පසුබෑම දෙවන ලෝක සංග්‍රාමයට පසුව ලෝක ආර්ථිකයට එල්ල වූ විශාලම පසුබෑම විය හැකි බවට මත පළ වේ. කොරෝනා වැනි ගෝලීය වසංගතයක් නොපැමිණිය ද ලෝක ආර්ථිකය පහළ මට්ටමකම තිබෙන්නට ඉඩ තිබූ බවට මත පළ විය. වසංගතය එන්නට පෙර ලෝක ආර්ථිකය වර්ධනය වූයේ වාර්ෂිකව 3%කිනි. එය එම තත්ත්වයෙන්ම ඉදිරියට ගියේ නම්, ඇ. ඩොලර් ට්‍රිලියන 80ක් වන ගෝලීය ආර්ථිකය දැනට පුරෝකථනය වන මට්ටමට වඩා ඇ. ඩොලර් ට්‍රිලියන 7ක් ඉදිරියෙන් සිටින්නට ඉඩ තිබිණි. වෙනත් වචනවලින් කිව හොත් කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ ඇති වූ පසුබෑම යුරෝපයේ ජර්මානු හා ප්‍රංශ ආර්ථිකයන්ගෙන් හරි අඩකට පමණ සමානය.

අවම වශයෙන් ඉදිරි වර්ෂයේදීවත් ගෝලීය ආර්ථිකය පූර්ව කොරෝනා අවධියේ තිබූ තත්ත්වය කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. නිසි ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වා දෙන තුරු මිනිසාට සිදුවනු ඇත්තේ මේ වයිරසයත් සමඟම ජීවත් වීමටයි. ඊට මුහුණ දෙමින් ආරක්ෂිතව ජය ගැනීම ඉන් අදහස් කෙරේ.

ආර්ථික විද්‍යාඥ ලොරන්ස් බූන් අවධාරණය කරන පරිදි රටවල් සිය මූල්‍ය ප්‍රතිපත්ති ඕනෑවටත් වඩා දැඩි කිරීමේ පිළිවෙතක පිහිටා නොසිටිය යුතු තත්ත්වයක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. පසුගිය මූල්‍ය අර්බුදය හමුවේ සිදු වූයේ එයයි. ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමේ සැලසුම් මෙන්ම, අර්බුදයට එරෙහිව එය කළමනාකරණය කළ හැකි අන්දමේ සහාය ද මෙහිදී වැදගත්ය. ආණ්ඩුවල සහාය නොලැබෙන්නේ නම්, විරැකියාව ඉහළ යාම, බංකොළොත්වීම් ආදිය අපේක්ෂා කළ හැකිය. මේ තත්ත්වය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ඩිජිටල් තාක්ෂණ සහාය සහ විශේෂ අවධානයක් යොමු කිරීම මෙන්ම, හරිත යටිතල පහසුකම් නැංවීම, ප්‍රවාහන සේවා නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර හා හරිත ආර්ථිකයක් ගැන ලෝකය අවධානය යොමු කළ යුතු බව බූන් පෙන්වා දේ. ලොව පුරා සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ඇත්තේ අර්බුදයකය. වසරකට පෙර තිබූ තත්ත්වය සමඟ සසඳන විට සාමාන්‍ය ගුවන් ගමන් සංඛ්‍යාව ඉන් අඩකඩ පහත වැටී තිබේ. ගුවන් ගමන් කර්මාන්තය, සංචාරක කර්මාන්තය ගැඹුරු ලෙස අර්බුදයේ ගිලී සිටී.

ඉකුත් ජූනි මාසයේදී Global Economic Prospects හැඳින් වූ පරිදි වහාම සහ නුදුරු අනාගතයේදීම එළැඹෙනු ඇති තත්ව දෙස පළමුව අවධානය යොමුවිය යුතුය. එය සිදු වනු ඇත්තේ දිගු කාලීන හානිදායි බලපෑම්වල ප්‍රතිඵල වශයෙනි. GEPට අනුව 2020 දී ගෝලීය ආර්ථිකය දෙස යොමු වන විට දළ ජාතික නිෂ්පාදනය 5.2%කින් පමණ පසුබෑමට ලක් වන බව පෙනෙන්නට තිබේ.

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ, දශක ගණනාවකට පසු ලෝක ආර්ථිකයට දරුණුම බලපෑමක් එල්ල වී තිබේ. මේ තත්ත්වය හමුවේ ආණ්ඩුවලට අසාමාන්‍ය පියවර ගැනීමට සිදු වනු ඇත.

සංවර්ධනය වෙනුවට ධරණීය සංවර්ධනය ගැන ලෝකය කතා කරන්නේ කලෙක පටන්මය. මින් ඉදිරියට ද එය ඉදිරියටම ගෙන යෑමට සිදු වන මාතෘකාවකි. විරැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය දැනටමත් සාකච්ඡාවට ලක් වෙමින් ඇති මාතෘකාය.

නව ලිබරල් ආර්ථික දැක්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවා ආදිය බැහැර කළ ද පශ්චාත් කොවිඩ් ගෝලීය තත්ත්වය හමුවේ කතා කිරීමට සිදුව ඇත්තේ ඒවා ශක්තිමත් කිරීම ගැනය. නිදහස් සෞඛ්‍යය විවේචනය කළ අයට හා එය බැහැර කළ රටවලට නිදහස් සෞඛ්‍ය සේවා ඇති රටවලින් පාඩම් ඉගෙනීමට සිදුව ඇත.

ඒක පුද්ගල ආදායම

ඇතැම් පුරෝකථනවලට අනුව ගෝලීය වශයෙන් අවධානය යොමු කරන විට ඒක පුද්ගල ආදායම වර්ෂ 1870න් පසු වැඩිම පසුබෑම සටහන් කරන්නට ඉඩ තිබේ. එය 7%ක පමණ පසුබෑමක් විය හැකිය. ලෝකයේ රටවල් මේ වර්ෂයේ අපේක්ෂා කරන්නේ පසුබෑමකි.

ආර්ථික වර්ධනය සලකන විට නැඟෙනහිර ආසියාතික හා අත්ලන්තික් කලාපයේ රටවල පසුබෑම 0.5%ක් පමණ විය හැකි අතර, දකුණු ආසියාවේ 2.7%ක් පමණ ද, උප සහරානු අප්‍රිකානු කලාපයේ 2.8%ක් ද, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ 4.2%ක් ද, යුරෝපයේ හා මධ්‍යම ආසියාවේ 4.7%ක් ද, ලතින් අමෙරිකාවේ 7.2%ක් ද විය හැකි බව අනුමාන කෙරේ. සංවර්ධන ඉලක්ක වසර ගණනාවකින් ආපස්සට හැරවීමට මෙන්ම මිලියන ගණනාවක් මිනිසුන් වැඩියෙන් අන්ත දරිද්‍රතාවේ ගිල්වීමට මේ තත්ත්වය හේතු වනු ඇත. වෙළෙඳ සංචාරක ආදී ක්ෂේත්‍රවල පසුබෑම සෞඛ්‍ය සේවයටද බලපෑම් ඇති කරයි. මෙය සෞඛ්‍ය සේවා බලගැන්විය යුතු අවස්ථාවක් වන අතර, ඊට ප්‍රතිපාදන අවශ්‍යය. 

කෘෂිකාර්මික වෙළෙ‌ඳපොළ

කෙසේ වුවද ගෝලීය වශයෙන් කෘෂිකාර්මික වෙළෙඳපොළ තුළ සතුටුදායක වර්ධනයක් දිස් විය. කෘෂිකාර්මික රටවල් වසංගත තත්ත්වය හමුවේ වුවද මුළුමනින් එම නිෂ්පාදනය ඇනහිටීමට ඉඩ නොදෙමින් වගා කටයුතුවල නියැළීම ඊට ප්‍රබලව බලපෑ සාධකයයි. ගොවිතැන් කටයුතුවලට බාධා වීමට ඇති අවස්ථා අවම කෙරිණි. යළිත් වරක් නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දිරිගැන්වීමක් ඇති වී තිබේ. ආහාර සුරක්ෂිතතාව ගැන ද අවධානය යොමුව ඇත.

වසර 2021 දී ලෝක ආර්ථිකයේ වර්ධනය සමස්තයක් ලෙස 4.2%ක් පමණ වෙතැයි අපේක්ෂිතය. කෙසේ වුවද, එය නිශ්චය කිරීම අසීරුය. පවතින තත්ත්ව යටතේ එය ඉතා අයහපත් තත්ත්වයක් නොවන අතර, සැනසිලිදායක තත්ත්වයකි. එවැනි තත්ත්වයක් අපේක්ෂා කෙරෙනුයේ ගෙවී යන වර්ෂයේදී 8%ක පමණ හැකිළීමක් ආර්ථික වර්ධනයට අදාළව දිස් වන පසුබිමකය.

ලෝක ආර්ථිකයට ඇතිවී තිබෙන හානිය පියවා දැමීමේදී කෙටි, මධ්‍ය හා දිගු කාලීන ප්‍රවේශයක් වෙත එළැඹීම අපේක්ෂිතය. එහිදී අන්තර්ජාතික සහාය ද වැදගත් බව පෙන්වා දී ඇත. මහජන සෞඛ්‍ය ඉහළ නැංවීම වැනි අරමුණුවලට ප්‍රමුඛත්වයක් දීමට මෙම ආර්ථික වැඩපිළිවෙළවලදී සිදුව තිබේ. එය මෙතෙක් ලෝකයට නිර්දේශ කර තිබූ මෙන්ම අනුගත වීමට බල කළ නව ලිබරල් ආර්ථික රටාව ප්‍රශ්න කරන මෙන්ම එය ගමන් කර ඇති අර්බුදයේ තරම ප්‍රකට කරන අවස්ථාවකි.

ඒ ඇස්වල කිසිම වෛරයක් තිබ්බේ නෑ

$
0
0
සැප් 19, 2020 01:00

සිසීලියා නගරය මැද්දෙන් යුද ගිනි දැල් ප්‍රීතියෙන් ඉහළ නඟිමින් තිබුනා. මිනිස්සු නගරය මැද්දට එකතුවෙලා මුසොලොනීට ප්‍රීතීඝෝෂා කරන්න පටන් ගත්තා. මිනිස්සුන්ට ඕනෑ යුද්ධය. මුසොලොනී නාසීන් එක්ක එකතුවෙලා උන්ට විරුද්ධ ඔක්කොටම එරෙහිව යුද්ධය ප්‍රකාශ කරලා. මිනිස්සුන්ට ඕනී යුද්ධය . මිනිස්සු ප්‍රීතියෙන් කෑ ගහනවා.

"මුසොලොනීට ජයවේවා ! ඉතාලියට ජයවේවා! "

ඒ නපුරු රාක්ෂයෝ අරක්ගත්ත පාප අඩවියේ මුහුදට යාබදව තිබ්බ මහ මූසල පාරේ මගේ අහිංසකාවිය, මගේ ප්‍රේමයේ අයිතිකාරිය , මගේ ආදර මලීනා හිමින් සැරේ ඇවිදගන යනවා. ඉරිසියාවෙන් පුපුරු ගහන ගෑනුන්ගේ ඇස්වලින් මලීනාගේ ඇස් පුච්චලා දැම්මා. ආශාවෙන් උමතුවෙච්ච පිරිමින්ගේ ඇස් මලීනාගේ ඇඟ හැමතැනකම එල්ලුණා.

අනේ මගේ සුන්දර මලීනා... මං කොයිතරම් ආදරෙයිද ඔයාට. මං ඇත්තටම ආදරෙයි ඔයාට. ඒත් මට ඕනී ඔයාව සිපගන්න. ඔයාගේ ශරීරයේ හැම තැනක්ම උමතුවෙන් සිපගන්න. මං ඉන්නේ උමතු වෙලා. ඒත් මං ඔයාට ආදරෙයි. මං මේ නගරේ ඉන්න අනිත් පිරිමි වගේ නෙවෙයි. මං ඔයාට ඇත්තටම ආදරෙයි. යුද්ධයට ගියපු ඔයාගේ මහත්තයට පස්සේ මේ ලෝකේ ඔයාට ඉන්නේ මං විතරයි......

දවසක් පිරිමි ආශාවෙන් බලා‍ෙගන හිටපු ඒ නපුරු ආරංචිය නගරය හැමතැනකම පියාඹලා ගියා.

‘මලීනාගේ මිනිහා මැරිලා’

ගැහැනු තමන්ගේ පිරිමි දිහා සැකයෙනුත් භීතියෙනුත් බලාගන හිටියා. මේ අතර පිරිමි මලීනාගෙ සුන්දරත්වය ගැන හීන මැව්වා. සියල්ල වෙනස් වෙන්න ගියේ එකම එක හැන්දෑවක් විතරයි. ගොම්මන් වෙලාවක මලීනාගේ ගෙදරට ගියපු හමුදා නිලධරයෙක් නිසා මලීනා අල්තාරය ඉස්සරහට කැඳෙව්වා. ගැහැනු බලා‍ෙගන හිටියා මේ පව්කාරියට ගල් ගහන්න. ඒත් පිරිමි මලීනාගේ නාමය පවිත්‍ර කරන්න දිවි හිමියෙන් කැපවෙලා හිටියා. ඒ එකම එක හිලව්වකට . මලීනාගේ සුන්දර ශරීරය උන් ගාස්තුව වෙනුවෙන් ඉල්ලා හිටියා.....

සිසීලියාවට බෝම්බ වරුසාවල් වැටෙනකොට මලීනාගේ තාත්තා ස්වර්ගස්ථ වුණා. අහෝ අසරණ මලීනා. මලීනාට බඩගින්න වෙනුවෙන් තමන්ගේ ශරීරය උගස් තියන්න සිද්ද වුණා. මං ඒ හැමදෙයක් දිහාම වේදනාවෙන් බලාගන හිටියා. යුද්ධය එනකොට හිටපු නැති දෙවියෝ මලීනා වෙනුවෙන් එන්නේ නෑ කියලා මං දැනගත්තා. පාන් රාත්තලකට පිරිමි ඇවිත් මලීනාට ළං වුණා. ඒ වෙනුවෙන් මලීනා ඉල්ලුවේ එකම එක දෙයයි.

‘හෙට එනකොට කන්න මොනවා හරි ගේන්න’

යුද්ධය ඉවර වුණා. මිත්‍ර හමුදාව සිසීලියාවට ආවා. එතකොටත් මිනිස්සු ප්‍රීතිඝෝෂා කරන්න පටන් ගත්තා. ඉරිසියාවෙන් ඇස් ගෙඩි ගින්දර වෙලා තිබ්බ ගෑනු මලීනාව නගරය මැද්දට ඇදගන ආවා. ඇගෙ රන්වන් කෙස් කලඹ උගුල්ලලා දැම්මා. ගෑනුන්ගේ පා පහරවල් වැදිලා රතුම රතුපාට ලේ නගරය මැද්දට හැලුනා. ගෑනු කේන්තියෙන් පහර දෙනකොට අඳුරේ පව්කරපු පිරිමින්ගේ ඇස් ඉබාගාතේ යන්න පටන් ගත්තා. මං කිසිම දෙයක් කරකියාගන්ට බැරුව බලාගන හිටියා....

එක රෑක ශුද්ධවන්තයන්ගේ භූමිය අත්හැරලා පව්කාරිය පලා ගියා. තුවාල වෙච්ච මගේ හදවතත් එක්ක මං දිවා රෑ හඬා වැටුණා. ටික දවසකට පස්සේ නිනෝ මලීනාගේ ප්‍රියාදරයා නගරයට ආවා. අප්‍රිකාවේ මුසොලොනී වෙනුවෙන් ඉතාලිය වෙනුවෙන් ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරපු වීරයා තමන්ගේ ආදරවන්තිය හොයාගන තමා උපන් භූමියට ආවා. ඒත් යුද්ධය ඉල්ලපු කිසි මිනිහෙක්ට නිනෝගේ වටිනාකමක් තිබ්බේ නෑ. යුද්ධය ඉවරයි. දේශප්‍රේමය ඉවරයි. ඒත් මලීනා මං ඔයාට ඇත්තටම ආදරෙයි. මං නිනෝට පාර පෙන්නුවා ඔයා ඉන්න දිශාවට. ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ ඒක විතරයි. ....

ඊට හරියටම අවුරුද්දකට පස්සේ මලීනයි නිනෝයි ආපහු නගරයට ආවා. ඒ දෙන්නා හරිම ආදරයෙන් අත්වැල් අල්ලගෙන ඇවිද්ගන ආවා. මැරිලා ඉපදිච්ච මිනිස්සු ඔයත් එක්ක හිනා වුණා. මං දැක්කා ඔයාගේ ඇස් දෙක තාමත් ආදරෙන් දිලිසෙනවා. ඒත් ඒවා වේදනාවෙන් ගැහුණා.

 

එහෙත්

  

 

 

කලාකරුවන්ගේ සුහද හමුවක්

$
0
0
සැප් 19, 2020 01:00

දිවයින පුරා කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින කලාකරුවන්ට හා කලාකාරිණියන්ට කලාවේ නියැළී සිටින තාක් කල් මෙන්ම ඉන්පසුවත් ඔවුනට අතදීම සඳහා පිහිටුවා ගන්නා ලද අපේ කලා සවිය නම් වූ සංවිධානය මඟින් සංවිධාන කරනු ලැබූ කලාකරුවන්ගේ සුහද හමුවක් 16 වැනිදා පස්වරුවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාචි උත්සව ශාලාවේ දී පවත්වන ලදී. 

මෙම සුහද හමුවෙදී අපේ කලා සවිය සංවිධානයේ සභාපති හා නිර්මාතෘ ප්‍රසන්න දිසානායක මහතා කතා කරමින් මෙසේ පැවසීය .

අපි මෙ සංවිධානය පිහිටුවා ගත්තේ කලාකරුවන්ට කලාවේ නියැළී සිටින තාක් කල් හා ඉන්පසුවත් ඔවුනට අත දෙන්නටයි .ඒ අනුව අපි කලාකරුවන්ට නොමිලේ රක්ෂණයක් ලබා දෙනවා. ඔවුන් සඳහා බැංකු ගිණුම් විවෘත කර දෙනවා. කලා ගම්මානයක් නිර්මාණය කරනවා. වියපත් කලාකරුවන් රැකබලා ගෑනීමෙ මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා අරමුදලක් පිහිටුවනවා. කලාකරුවන් පුහුණු කිරී‍ෙම් ආයතනයක් පිහිටුවනවා. ඔවුන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. ඉතින් මෙ ආකාරයට කලාකරුවන් වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් ඉටු කරන්නට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා සියලුම කලාකරුවන් මේ අපේ කලා සවිය වටා ඒකරාශී වන ලෙසට අපි ආරාධනා කරනවා.

මෙම සංවිධානයේ ලේකම් බිමල් සමන්ත කොඩිකා, ප්‍රධාන සංවිධායක කසුන් විදුශංක පෙරේරා, අනුශාසක ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා, ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා බිබිලේ, කලාශූරී අසංක පෙරේරා හා 306 බී 2 සිංහ දිස්ත්‍රික් පළමුවන උප සිංහාධිපති කෞශල්‍ය රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ කීප දෙනෙක්ම කථා කළහ.

මෙම සුහද හමුවට පැමිණි සිටි කලාකරුවන්ට සාමාජික පත් සමඟ සිහිවටනයක් ලෙස පලතුරු පැළ ප්‍රදානය කෙරිණි.

සමන්ගෙ ලොජික්-අපට මැජික්!

$
0
0
සැප් 19, 2020 01:00
රන්ජන් අමරරත්න

සමන් වික්‍රමාරච්චිට බලවත් උපැස් යුවළක් තිබේ. එය මැජික් කන්නාඩියක් ලෙස හැඳින් වීම වඩා උචිතය. කන්නාඩිය පැලඳගත් කල්හි මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ ඝන වස්ත්‍ර විනිවිද ගොස් සෙලුව පෙනෙන්නට පටන් ගනී. ඒ හැර මිනිස් චර්යා රටාවල දෙබිඩි ගතියද, විකෘති ගතියද ඔල්මාද ගතියද පෙනෙන්නට පටන් ගනී. සම්මාන ලාභී ප්‍රබන්ධ කථා රචකයකු වන සමන්ගේ නිර්මාණවලින්ද නිරූපණය වන්නේ මානවයාගේ උක්ත ස්වභාවය යැයි කිව හැකිය. ඉයුජින් අයනෙස්කෝ වරක් පෙන්වා දුන්නේ ඇතැම් සන්දර්භ තුළ මිනිස් හැසිරීමට පිළිවෙළක් හෙවත් ඕඩරයක් නැති බවය. මෙය දේශපාලනික වශයෙන් විශ්ලේෂණය කළ හැකි කාරණයකි. එහෙත් අපගේ අභිප්‍රාය වන්නේ එහි ඇති කලාත්මක හැඩ - තලය මතු කිරීමය.

සමන්ගේ අභිනව කෙටිකතා සංග්‍රහය “දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්” ලෙසින් නම් කර තිබේ. එහි පළමු කතාව “සුපින” නම් වේ. ස්ත්‍රී - පුරුෂ සබඳතාවල සංකීර්ණ ස්වාභාවය එම කතාවෙන් නිරූපිතය. විශ්වවිද්‍යාල ගුරුවරයකු වන අජිත් හා ශිෂ්‍යාවක වන සසන්ති කතාවේ ප්‍රධාන චරිත වෙති. දෙදෙනාගේ වයස් පරතරය වසර විස්සකට වැඩිය. සසන්ති බාලය. අජිත් වැඩිමහල්ය. ඔවුහු පළමුව විවාහ වෙති. පසුව දික්කසාද වෙති. දික්කසාදයෙන් පසු දෙදෙනා හදිසියේම යළි සම්මුඛ වෙති. කතාව විකාශය වන්නේ එතැන් සිටය.

අපි වෙන් වුණේ ඇයි දැ’යි දෙදෙනාම විමසති. එහෙත් නිශ්චිත පිළිතුරක් දෙදෙනාටම නැත. මිනිසුන්ගේ හමුවීම්වලට හා වෙන්වීම්වලට නිශ්චිත හේතු - සාධක දැක්විය හැකි ද?

“ඇය එක පාරටම මා දිහාවට හැරුණා. ඇත්තටම අජිත් ඇයි අපි දික්කසාද වුණේ? අපට දික්කසාද වෙන්න තරම් හේතුවක් තිබුණ ද? මම ප්‍රේමත් එක්ක යාළු වුණා. ඔයා සුමනෙත් එක්ක එහෙ - මෙහෙ ගියා. සුමනෙගෙ කාරෙකේ නැගල ඔයා යනවා දැකලා කොච්චර නම් මගෙ හිත රිදුණ ද?”

(පිටුව 09)

දෙදෙනා එකිනෙකාට පිළිතුරු සපයන්නට වෑයම් කරති. මේ පිළිතුරුවලින් කියැවෙන්නේ, ‘අපි නැවත එකතු වෙමු. ජීවිතය යළිත් විඳිමු‘ යන අර්ථයකි. එය දෙදෙනාගේම යෝජනාව විය හැකි ය. එකතු වීම, වෙන් වීම, යළි එකතු වීම ජීවිතයේ ස්වභාවය නොවේ ද? එහෙත් මේ ස්වභාවය යථාරූපී ලෙස වටහා ගන්නෝ කවරහු ද? කතුවරයා යම් දාර්ශනික තලයක සිට මේ තත්ත්වය නිරූපණය කිරීමට උත්සුක වෙයි. ඔහු ජෝන් මිල්ටන්ගේ “බිරියගේ මරණය” නම් කවියෙන් කොටසක් ද උපුටා දක්වයි.

“ඇය පර්දාවකින් මුහුණ වසා සිටියාය.

එහෙත් මම ඇය මනසින් දුටිමි.

ප්‍රේමය, මිහිරියාව යහපත්කම ඇය තුළ බැබලිණි.

එහෙත් ඇය මා වැලඳගන්නට මැළි වූවාය.

මම ඇහැරුණෙමි.

ඇය පලා ගොස්ය.

දහවල යළිත් මගේ රාත්‍රිය විය.”

මිනිසුන් හා ගැහැනුන් එකිනෙකා කෙරෙහි බැඳී සිටින්නේ ලිංගික ආකර්ෂණය පාදක

කරගෙනය යන සත්‍යතාව පැහැදිලි කිරීමට කතුවරයා යම් උත්සාහයක යෙදෙයි. තමන්ගේම බිරිඳගේ නිතඹ පිළිබඳ අතුරු කතාවකින් ඔහු එය සනාථ කරයි. කතාව නිමාවට පත් වන්නේ කෙසේදැ’යි කුහුලක් පාඨකයා තුළ නැඟෙයි. බොහෝදෙනා ඔවුන්ගේ එක් වීම අපේක්ෂා කරති. එහෙත් සිදුවීම්වල නිමාවක් නැත. තවත් ප්‍රශ්නාර්ථයකින් කතාව අවසන් කර ඇත.

ඇතැම් විට මේ සිදුවීම් පෙළ විශ්වවිද්‍යාල ගුරුවරයාගේ මනෝ විකාරයක් වන්නට පුළුවන. සිහිනයක් වන්නට පුළුවන. පරිකල්පනයක් වන්නටත් පුළුවන.මිනිස්සු ස්වකීය සිහින තුළ සැරිසරති. ඒවායෙහි තමන්ට වාසි සහගත ලෙස රංගනයෙහි යෙදෙති. මිනිසාගේ ඇතුළාන්තයට එබී බලන්නට කතුවරයා දරන වෑයම වින්දනාත්මකය. වරෙක එය අපගේම කතාව බවට පත් වෙයි.

කතා සංග්‍රහයෙහි අවසන් කෙටිකතාව “දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්” යැයි නම් කර තිබේ. එය සිංහල කෙටිකතාවේ සමස්ත හැඩය වෙනස් කිරීමට ගත් උත්සාහයක් සේ හැඳින්වීම නිවැරැදිය. කතුවරයාගේ පිළිගැනීමට අනුව කෙටි කතාවක ප්‍රමුඛ ලක්ෂණය විය යුත්තේ එය ඉදිරිපත් කරන විලාසයයි. කතාවේ ප්‍රධාන චරිතයෙහි දෙබිඩි ස්වරූපය නිරූපණය සඳහා ඔහු පිටුව දෙකට බෙදා කතාව කියාගෙන යයි. කතුවරයා ස්වකීය නව විලාසය මනාව හසුරුවා ගනී. එය අසාර්ථක ශිල්පීය හරඹයක් බවට පත්වන්නේ නැත.

ප්‍රධාන චරිතය වන සඳුන්ගේ කුල පීඩනය, තරුණ කැරැල්ල, අධ්‍යාපනය, උසස් තනතුරු ලැබීම, කැරැල්ල , පාවා දීම, අත්අඩංගුවට ගැනීම, පසුව ඔහු නිදහස් කිරීම යන සංසිද්ධි ගණනාවක් කතාවට ඇතුළත්ය. ඒ සෑම සිද්ධියකින්ම විවරණය වන්නේ සඳුන්ගේ දෙබිඩි ස්වරූපයයි. එය ඔහුගේ වරදක් ද? සමාජ ක්‍රමයේ වරදක් ද? නැතහොත් මිනිස් චර්යා රටාවල ස්වභාවය ලෙස එය ගත යුතු ද? තීරණයකට එළැඹීම සඳහා පාඨකයාට අවස්ථාව ලබාදී ඇත.

කතා සංග්‍රහයෙහි පස්වන නිර්මාණය “හඹායෑම” ලෙස නම් කර තිබේ. එම කෙටිකතාව නිර්මාණය වී ඇත්තේ චිත්‍රපට තිරනාටකයක් ලෙසය. එහි එන සියලු දර්ශන ආකර්ෂණීය සිනමා කෘතියක් සඳහා ඉතා හොඳින් භාවිත කළ හැකිය. කතාව සිනමාරූපී ලෙස විකාශනය වෙයි.

“මා අපේක්ෂාවෙන් සිටි මිනිසා පාරේ ඈත කෙළවරකින් මතු වුණා. නගරයේ මිනිසුන් නොගැවසෙන පටු පාරක අයිනේ මෝටර් රිය ගාල් කරගෙන මා බලා සිටියේ ඔහු එ‍නතෙක්. ඔහු පැමිණියේ මා සිටි දෙසට අභිමුඛව පාරේ අනෙක් පැත්තෙන්. ඔහුගේ කම්මැළි ගමන් විලාසය මාව තෝන්තු කරනවා”

(කතාවේ ආරම්භය)

ඉහත විස්තරයෙන් පසු ආගන්තුක මිනිසාගේ හැඩරුව පිළිබඳ විස්තරයක් දක්වයි. ඔහුගේ ගමන් විලාසය ඉදිරිපත් කරයි. කාර්මික තිර නාටකයකට සමීප වන පිටපතක් අප ඉදි‍රියෙහි පවතී. අධ්‍යක්ෂවරයාට කැමරා කෝණ තීන්දු කිරීමෙන් සිනමා කෘතියක් නිර්මාණය කර ගත හැකිය.

මෙහි එන ප්‍රධාන චරිතයට සිය බිරිය මරා දැමීමට අවශ්‍ය වෙයි. ඒ සඳහා බලපෑ නිශ්චිත හේතුවක් නැත. එහෙත් ඇයගෙන් වෙන් වීම අත්‍යවශ්‍ය කාරණයකි. ඔහු කුලියට මිනීමරන්නකු (කුලී ඝාතකයකු) වෙත කොන්ත්‍රාත්තුව භාරදී අත්තිකාරමක් ද ලබා දෙයි. එතැන් සිට ප්‍රධාන චරිතය තුළ මතුවන බිය, සැකය, සාංකාව, අවිනිශ්චිතභාවය හා දුක නිරූපණය කිරීමට කතුවරයා උත්සුක වෙයි. කතාව හැඟුම්බරය. මිනිස් චෛතසිකයේ ඇතුළාන්තය නිරීක්ෂණය කරන ආකාරයක් දකින්නට ලැබේ.

කතාව නිමාවට පත් වන්නේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් අවසන් වන ආකාරයටය. බිරිය ජීවත් වෙයි. මිතුරියක් ඝාතනයට ලක් වෙයි. ප්‍රධාන චරිතය ඝාතකයාට මුදල් යැවීම සඳහා හදිසියේම බැංකුව වෙත යයි. වේගවත් රිද්මයක් සහිත කතාව පාඨක ආකර්ෂණය හොඳින් දිනාගෙන තිබේ.

සමන්ගේ කතා සංග්‍රහයට කෙටිකතා නිර්මාණ හතක් ඇතුළත්ය. ඉහතින් සඳහන් කළ කෙටිකතා තුන හැරෙන්නට අනෙකුත් කතා හතර හැඳින්විය හැක්කේ එල්ලයක් නැති අසම්පූර්ණ නිර්මාණ හැටියටය. “කෝම්බී” නම් කතාව ශිෂ්ටත්වය නම් කඩතුරාව ඉරා

දැමීමට ගත් උත්සාහයක් සේ පෙනෙයි. ඒ සඳහා කතුවරයා භාවිත කරන උපාය මාර්ගය නිවැරැදිය.ඒ ලිංගිකත්වයයි. එහෙත් එම කතාව සංවිධානාත්මක නැත. ඉබාගාතේ යන කතාවක් සේ එය හැඳින්විය හැකිය. සමන් සංකේතානුසාරයෙන් බොහෝ අර්ථ දැක්වීමට උත්සුක වී ඇති නමුදු, ඒවා අපැහැදිලිය. ඇතැම් විට නීරස ය.

“මුව දඩයම” දඩයක්කාරයකු හා දඩයමක් පාදක කරගෙන විකාශය වෙයි. මානවයාගේ ඉලක්ක අපේක්ෂිත අරමුණු කරා නොයන බවද, ඒවායෙහි ප්‍රතිඵලය විනාශ විය හැකි බවද, කතාවෙන් කියැවෙයි. එහිලා දඩයක්කාරයාගේ චරිතය ඉස්මතු වන්නේ වුව, සිද්ධි ගැළපීම දුර්වලය. කතුවරයා පැහැදිලි කතාන්දරයකින් තොරව අවස්ථා නිරූපණවලින් පමණක් කෙටිකතාවක් නිර්මාණය කිරීමට වෑයම් කරන බව පෙනෙයි‍. වරෙක එය විකාරයක් බවට පත් වෙයි. පාඨක ආකර්ෂණය දිනාගත නොහැකි කතාවක් ලෙස සේ ම, පැහැදිලි අර්ථයක් නැති කතාවක් ලෙස ද “මුව දඩයම” හැඳින්විය හැකිය.

නාන කාමරේ කතාව මිනිසාගේ රහස්‍ය ජීවිතය නිරූපණය කිරීමට යොදාගත් කතාවක් බව පෙනෙයි. මිනිසා තුළ පවත්නා මනෝ විකාර ඔස්සේ කතා විකාශනය සිදු වෙයි. මෙහි ප්‍රධාන චරිතය වරෙක කියා සිටින්නේ නාන කාමරේ තරම් ආරක්ෂාකාරී තැනක් වෙනත් කොතැනක හෝ නැති බවය. පුද්ගලයා තුළ පවත්නා බිය හා ගුඪ ස්වාභාවය නිරූපණය කිරීමට සමන් වෑයම් කරයි. එහෙත් කතාව හොඳින් ගැළපී පාඨකයාගේ හැඟීම් උද්දීපනය වන්නේ නැත. එය අසම්පූර්ණ අසාර්ථක කෙටි කතාවකි.

‘පිවිතුරු උරුමය’ කෙටිකතාව තවත් මනෝ විකාරයකි. එහි එන කථකයා ස්ත්‍රියක වීමට වෑයම් කරයි. ලෝකය යහපත් තැනක් කිරීම සඳහා සමාජය අලුතින් බිහි කළ යුතු බවත්, ඒ සඳහා ස්ත්‍රියක වීම සුදුසු බවත් ඔහු සිතයි. කතුවරයා අර්ථ ගන්වන දේ පාඨකයාට හැඟ වෙන්නේ නැත. සමන් දාර්ශනික ප්‍රවේශයක සිට කතාව ගොඩනඟන්නට උත්සුක වුව, එය නිසි ලෙස ගැළපී නැත.

සම්මානයට හා සංවාදයට ලක් වූ බොහෝ කෙටිකතා සංග්‍රහවල හැම කතාවක්ම සාර්ථක නැත. හැම කතාවක්ම පරිපූර්ණ නැත. එය අපේ සිංහල කෙටිකතා සංග්‍රහවල ඇති පොදු ලක්ෂණයක් සේ සැලැකිය හැකිය. ඇතැම් කතා සංග්‍රහයක පරිපූර්ණ කතා ඇත්තේ එකක් හෝ දෙකක් වන්නට පුළුවන. එහෙත් එම කතා එක හෝ දෙක හෝ අති ප්‍රබලය. මේ කෙටිකතා සංග්‍රහයෙහි එන ‘සුපින’ ‘හඹායෑම’ හා ‘දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්’ යන කෙටිකතා තුනම පුළුල් සංවාදයකට ලක් කළ හැකි පරිපූර්ණ කෙටිකතා ලෙස හඳුන්වා දිය හැකිය.

“දෙන්නක් නොවෙයි එක් කෙනෙක්” කෙටිකතා සංග්‍රහයෙන් උකහා ගත හැකි විශේෂතා කිහිපයක්ද තිබේ.

(I) ඉදිරිපත් කිරීම

(II) දාර්ශනික ප්‍රවේශය

(III) භාෂා භාවිතය

(IV) මානසික විග්‍රහය

සිංහල කෙටිකතාව තුළ එක තැන පල්වෙන ගතියක් හෙවත් මන්දනයක් ඇතැ’යි විචාර පළ වී ඇත. එකම වස්තු විෂය හා එකම හැඩය ඔස්සේ කෙටිකතා රචනා වීම ඊට හේතු සාධක ලෙස දක්වා තිබේ. සමන් වික්‍රමාරච්චි ස්වකීය ඉදිරිපත් කිරීම් ඔස්සේ කෙටිකතාවේ සමස්ත හැඩය වෙනස් කිරීමට වෑයම් කර තිබේ. චරිත දෙකක හැඟීම්, දැනීම්, විචාරීම් එකවර එකම ඡේදයක ඇතුළත් කර තිබේ. සුපින කතාවෙන් ආරම්භ වන මේ ක්‍රමය අවසන් කතා‍වේදී උපරිම තලයකට ගෙන එයි. එය අලුත් අභ්‍යාසයක් සේ සැලැකිය හැකිය.

දාර්ශනික අදහසක්, සංකල්පයක් හෝ න්‍යායක් සෑම කතාවකම ප්‍රවේශය ලෙස පවතී. පාඨකයා හුදු කතා රසයෙන් ඔබ්බට ගෙන යෑම සඳහා කතුවරයා ගෙන ඇති වෑයම අගය කළ යුතුය. කෙටිකතාව බුද්ධි විෂය සාහිත්‍යාංගයක් යන කියමන මෙහිදී සිහිපත් වෙයි.

සමන්ගේ සුපුරුදු භාෂා භාවිතය වැඩි වශයෙන් යොමු වන්නේ කටවහර දෙසටය. එහෙත් ඇතැම් කතාවක් ඉදිරිපත් කර ඇත්තේ සම්භාව්‍ය ගද්‍ය සිංහලය ආභාසයට ගනිමින්ය.

“දඩයක්කාරයා බිම ඇන බා ගත්තේ ය. උත්තුංග නුගගේ අතු - පතර මිරිකී ගත් අව් කැරැල්ලක් ඔහුගේ අත්දණ්ඩ මත වැටී කකියයි. ඔහු කන් දීගෙන සිටියේය. මුවා ඒ අසලම කොහේ හෝ දැවටෙන බව ඔහුට දැනිණි. දඩයක්කාරයා කම්මැළි ලෙස තුවක්කුව කරට ගෙන නැඟී සිටියේය.”

(මුව දඩයම ආරම්භය)

කතුවරයා අවස්ථා නිරූපණයට හා පසුබිම් නිරූපණයට උචිත භාෂා රටාවක් ගොඩනඟා ගනී. එය රසවත්ය. හැඟම්බරය.

සෑම කතාවකින්ම පාහේ පුද්ගල අභ්‍යන්තරයට එබී බැලීමක් සිදු වී ඇත. එය ජීවිතය වටහා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස පවතී. සමන්ගේ අභිනව කෙටිකතා සංග්‍රහයට සම්මානයක් ලැබුණත්, නැතත් එය සිංහල කෙටිකතාවේ සන්ධිස්ථානයක් ලෙස පවතී.

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>