Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

පාවෙන කසළ දූපතේ මුව ආවරණ මරණ තොණ්ඩු

$
0
0
සැප් 28, 2020 00:24

 

මිනිසා ආත්මාර්ථකාමීය. මිනිසා සිතා සිටින්නේ මේ මිහිතලය මිනිසාට පමණක්ම අයිති බවය. මිනිසා සිය අවශ්‍යතා සඳහා මිහිතලය අසීමිතව අපයෝජනයට ලක් කරයි. කෘත්‍රීම රෙදි, ප්ලාස්ටික් වැනි නොදිරන දෑ නිෂ්පාදනය කළ කාලයේ පටන් ඒවා නිසි පරිදි බැහැර නොකළ මිනිසා දැන් දැන් ලොව පුරා නොදිරන කුණු කඳු ගොඩ ගසමින් සිටිති. සමහර රටවල, ඒවා තමන්ගේ භූමියේ බැහැර නොකර, තුන්වැනි ලෝකයේ රටවලට අපනයනය කර සිය දෑත් සෝදා ගනිති. තවත් සමහරුන්, කිසිදු වග විභාගයක් නොමැතිව පරිසරයට මුදා හැර, ඉන්පසු ඒවා ජල මාර්ග ඔස්සේ සමුද්‍රය කරා ගසාගෙන ගොස්, මුහුදු වෙරළ අපවිත්‍ර වීමට, සමුද්‍රය අපවිත්‍ර වීමට ඉඩ සලසති. මේ සියල්ල, ජලයෙන්, හිරු එළියෙන් සහ වෙනත් ස්වභාවික ආකාරවලින් කුඩා කැබිලිතිවලට කැඩෙමින් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් හෝ ක්‍ෂුද්‍ර තන්තු බවට පත් වී, ආහාර ජාලයටම එකතු වී අපට ආහාරයට ගැනීමට සැලැස්වෙමින් පවතී. එසේ අප සිරුරු තුළ තැන්පත් වන මේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්, අප නොදන්නා පිළිකා සහ වෙනත් භයානක රෝග ඇති කරමින් ජීවිත කෙටි කරමින් පවතී. නමුත්, මිනිසා මේ ගැන කිසිදු බිය වීමක් හෝ වග විභාගයක් නොමැතිව නිතිපතා පරිසරය විනාශ කරමින් පවතී.

 

 කසළ දූපත

මේ විනාශය කෙතරම් භයානක ලෙස පැතිර ඇතිද යත්, ලොව වටා ප්‍රධාන සමුද්‍ර හතෙහිම දැනට පාවෙන කසළ දූපත් හතක් තැනී තිබේ. විශාලතම කසළ දූපත වූ පැසිෆික් කසළ දූපත (Pacific Garbage Patch) වර්ග කිලෝමීටර ලක්ෂ හතක (ටෙක්සාස් ප්‍රාන්තයේ වර්ග ප්‍රමාණය) සිට වර්ග කිලෝමීටර මිලියන 5.6 ක (රුසියාව තරම්) වපසරියක් පුරා පැතිර ඇති සුවිසල් කසළ කන්දකි. මේ සියල්ලෙන් නිරන්තරයෙන් පිටවන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සහ ක්‍ෂුද්‍ර තන්තු ලොව පුරා සමුද්‍රයන්ට එකතු වේ. ගණන් බලා ඇති පරිදි ලොව පුරා ඇති ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය විශ්වයේ තාරකා ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නා බව හෙළි වී තිබේ. පැසිෆික් කසළ කන්දේ පමණක් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 1.8 කට අධික ප්‍රමාණයක් ඇති බව ගණන් බලා තිබේ. සාමාන්‍යයෙන් වසරකට මිනිසුන් ප්ලාස්ටික් ටොන් මිලියන 100ක් බැහැර කරයි. එයින් 10%ක් නතර වන්නේ සමුද්‍රයෙහිය. මේ සියල්ල සතුන් භාවිත කර බැහැර කළ දූෂක නොවන අතර ඒවා බිලියන 7.8ක මිනිසුන් විසින් බැහැර කරන ලද අපද්‍රව්‍ය බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

 

 ජල මූලාශ්‍ර

මේ දූෂක අතරට එක් වූ අලුත්ම දූෂක වර්ගය වන්නේ මුව ආවරණයි. කොරෝනා වසංගතය සමඟම මිනිසාගේ භාවිතයට එක් වූ මුව ආවරණ වැඩි ප්‍රමාණයක් දිරා නොයන කෘත්‍රිම රෙදිවලින් සැකසූ ඒවාය. මෙම මුව ආවරණ බොහොමයක් එක් වරක් භාවිත කර ඉවත දමන නිසා දිනකට ලොව පුරා මුව ආවරණ බිලියන ගණනක් පරිසරයට මුදා හැරේ. ඔබ තනි පුද්ගලයකු ලෙස ඉවතලන්නේ එක් මුව ආවරණයක් වුවත්, ඔබ වැනි අය බිලියනයක් එසේ කිරීමේදී මුව ආවරණ බිලියනයක් ඉතා සුළු කාලයකින් පරිසරයට එකතු වේ. මේ මුව ආවරණ පහසුවෙන් දිරා නොයන නිසා ඔබේ ජීවිත කාලයටත් වඩා වැඩි කාලයක් ලොව පුරා කොතැනක හෝ මේ මුව ආවරණ ඉඩකඩ ලබා ගනිමින් සහ පරිසරයට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු විවිධාකාර රසායන ද්‍රව්‍ය නිකුත් කරමින් පවතිනු ඇත.

එක් ස්ථානයක නිසලව පස් යට තැන්පත්ව පවතින මුව ආවරණවලට වඩා සතුන් හෝ ජලය මඟින් විවිධ ස්ථානවලට රැගෙන යන මුව ආවරණ විශාල පරිසර හානියක් සිදු කරයි. මේ මුව ආවරණ බොහොමයක් කනෙහි රඳවන කොක්කකින් සමන්විත වන නිසා ඒවාට පැටලෙන සතුන් නොදැනුවත්වම මුව ආවරණ පලඳින සැටියකි. එසේම කසළ ගොඩවල එකතු වන මුව ආවරණ බල්ලන් සහ කපුටන් වැනි සතුන් විවිධ ස්ථානවලට ගෙන යාම නිසා ද, එසේ ගෙන යන මුව ආවරණ නිරාවරණය වූ ළිං සහ ජල මූලාශ්‍රවලට එකතු වීම නිසා ඒවායේ වූ විෂබීජ නොදැනුවත්වම ශරීරගත වේ.

 

 පරිසර දූෂණය

මේ වන විට භාවිතයෙන් ඉවතලන මුව ආවරණ නිසි ලෙස බැහැර නොකිරීම නිසා ලොව පුරා බොහෝ රටවල මුහුදු වෙරළවල එක්රැස් වීම, සතුන්ගේ සිරුරුවල දැවටීම සහ විශාල මසුන් සහ සතුන් ඒවා ආහාරයට ගැනීම නිසා සිදුවන අනතුරු ආදිය අසන්නට දකින්නට ලැබේ. අසරණ සතුන්ගේ සිරුරු වටා එතෙන මේ මුව ආවරණ ඉවත් කර ගැනීමට බුද්ධියක් හෝ හැකියාවක් ඔවුනට නොමැත. නමුත් ඒවා නිසි ක්‍රමවේදයකට බැහැර කරන්නේ නම්, මෙසේ පරිසරයට එකතු වන මුව ආවරණ නිසා සිදුවන පරිසර දූෂණය වලක්වා ගත හැක.

කපු රෙදිවලින් මැසූ මුව ආවරණ භාවිත කිරීම, එක් වරක් භාවිත කර ඉවතලන මුව ආවරණ භාවිතයෙන් වැලකී සිටීම, රෙදිවලින් සැකසූ මුව ආවරණ දිනක/වරක් භාවිතයෙන් පසු සබන් යොදා සෝදා වේලා ගැනීම, භාවිතයෙන් ඉවත ලන මුව ආවරණ ගිනි තබා විනාශ කිරීම ආදිය මුව ආවරණ නිසා සිදුවන පරිසර දූෂණයෙන් ඔබේ හෘද සාක්ෂිය ගලවා ගැනීමට ඇති පහසුම මඟ වේ.

යම්තාක් කාලයක් අපට මුව ආවරණ පැලඳීමට සිදුවන නිසා, මේ ක්‍රමවේද පිළිපැදීම මඟින් ඔබේ මුව ආවරණය තවත් අහිංසක සතකුගේ ගෙල පලඳන මරණය ගෙන එන තොණ්ඩුවක් වීම වලකාගත හැකිය. ඔබ දැනටමත් පරිසරයට කර ඇති හානිය අතිමහත්ය. තවදුරටත් එයට දායක නොවන්න. ඔබට අනාගත ලෝකය වෙනුවෙන් කළ හැකි හොඳම උපකාරය එයයි.

 

ආචාර්ය පියල් ආරියනන්ද


යක්ෂ පිලවාගේ අමුතු කෑම

$
0
0
සැප් 28, 2020 00:29

 

ප්ලාස්ටික් සහ පොලිතීන් මුළු මහත් ලෝකයටම ලෝක කරදරයක් වී තිබෙන්නේ ඒවා අවසානයේදී නොදිරන බැවිනි. මේ ගැටලුවට කිසියම් ආකාරයේ පිළිතුරක් සොයා ගන්නට ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් සමත්ව තිබේ. අන්ජා මලාවි බ්‍රන්ඩන් නැමැති මේ පර්යේෂිකාව පවසන්නේ "මීල්වර්ම්" (mealworm) නමින් හඳුන්වන පිළවුන් විශේෂය ප්ලාස්ටික් සහ පොලිතීන් ආහාරයට ගන්නා බවයි.

මේ අන්දමට පොලිතීන් සහ ප්ලාස්ටි ආහාරයට ගන්නා "මීල්වර්ම්"පිළවුන් යනු "මීල්වර්ම්"කුරුමිණියාගේ (mealworm beetle) පිළවු අවධියයි. මීල්වර්ම් කුරුමිණියන් විද්‍යාත්මකව හැඳින්වෙන්නේ "ටෙනෙබ්‍රියෝ මොලිටර්" ( Tenebrio molitor) යනුවෙනි.

 

 සායනික සංයුති

"මීල්වර්ම්"පිළවුන් සියලුම ආකාරවල ප්ලාස්ටික් සහ පොලිතීන් ආහාරයට ගන්නා බවක් පර්යේෂණ මඟින් තහවුරු කෙරී නැත. එහෙත් ඇතැම් වර්ගවල ප්ලාස්ටික් සහ පොලිතීන් ඔවුහූ ආහාරයට ගනිති. සමහර රසායනික සංයුතීන් සහිත ප්ලාස්ටික් සහ පොතින් ආහාරයට ගැනීමට මේ පිළවුන්ට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ දේහ අභ්‍යන්තරයේ ඇති කවර ආකාරයේ වෙනස්කමක් නිසා ද යන්න අනාවරණය ගැනීම ඉතා වැදගත් වන බව පර්යේෂිකාව පවසන්නී ය. එම වෙනස්කම ඇති කරන්නට තුඩු දී තිබෙන කිසියම් ප්‍රතික්‍රියාවක් හෝ ක්‍රියාවලියක් වෙතොත් එය "මීල්වර්ම්"පිළවුන්ගේ ශරීරයෙන් බැහැර ස්ථාපනය කරන්නට සමහර විට ඉඩ ලැබෙනු ඇත. එය ප්ලාස්ටික් සහ පොලිතීන් දිරාපත් වීමට විසඳුමක් වනු ඇති බව අන්ජා බ්‍රන්ඩන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

කෝපි පානය සඳහා යොදාගන්නා ප්ලාස්ටික් කෝප්ප සකස් කර තිබෙන්නේ පොලීස්ටරීන්වලින් නැමැති ප්ලස්ටික් වර්ගය භාවිතයට ගනිමිනි. එම ප්ලාස්ටික් වර්ගය ආහාරයට ගැනීමට "මීල්වර්ම්"පිළවුන් සමත් බව පර්යේෂණවලින් තහවුරුව ඇත. එකී වර්ගයේ ප්ලාස්ටික් කෝප්පයක් කා දැමීමට පිළවුන් 3000ත් - 4000ත් අතර සංඛ්‍යාවකට සතියක පමණ කාලයක් සෑහෙයි. එසේ ආහාරයට ගන්නා ප්ලාස්ටික් කොටස් මෙම පිළවුන්ගේ ආහාර මාර්ගය අභ්‍යන්තරයේදී බිඳ වැටීමකට ලක් වේ. එනම් ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අභ්‍යන්තරයේදී ප්ලාස්ටික් ජීර්ණය වන බවයි. එම ජීර්ණ ක්‍රියාවලිය සිදුවන්නේ පිළවුන්ගේ ආහාර මාර්ගය අභ්‍යන්තරයේ වසන බැක්ටීරියා විශේෂයක් හේතුවෙන් බව අනාවරණය කරගෙන තිබේ.

 

 පිළවුන්ගේ මළපහ

මීල්වර්ම් පිළවුන් ආහාරයට ගන්නා ප්ලාස්ටික්වලට අවසානයේදී සිදු වන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට පිළවුන්ගේ මළපහ ද අධ්‍යයනය කර ඇත. ආහාරයට ගන්නා ප්ලාස්ටික්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් පිළවුන්ගේ ආහාර මාර්ගයේදී කාබන්ඩයොක්සයිඩ් බවට පත්වන්නේ යැයි සනාථව තිබේ. ඉතිරි කොටස් අර්ධ ලෙස බිඳ වැටෙන බව සඳහන් වේ.

ප්ලාස්ටික් සකස් කිරීමේදී හෙක්සාබ්‍රෝමෝසයික්ලෝඩොඩෙකේන් (hexabromocyclododecane) නැමැති රසායනිකය එකතු කරනු ලැබේ. එය යොදන්නේ පොලිතීන් සහ ප්ලාස්ටික්වල ගුණාත්මක බව ඉහළ නංවා ගැනීම සඳහායි. හෙක්සාබ්‍රෝමෝසයික්ලෝඩොඩෙකේන් රසායනිකය හේතුවෙන් ප්ලාස්ටික් සහ පොලිතීන් දහනය වීම පමා කෙරේ. 2015 වසරේදී පමණක් පළමුව කී රසායනිකයෙන් මෙට්‍රික් ටොන් මිලියන 25කට ආසන්න ප්‍රමාණයක් පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තයේදී භාවිතයට ගෙන ඇත. එම රසායනිකය මනුෂ්‍ය ශරීරයටත් පරිසරයටත් අහිතකර බලපෑම් ඇති කරන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය සහ ස්නායු පද්ධතිවල සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට එම රසායනිකය හේතුවන බව විද්‍යාඥයෝ පවසති.

 

 එ්කාකාර ආහාර ජීර්ණ

හෙක්සාබ්‍රෝමෝසයික්ලෝඩොඩෙකේන් රසායනිකය පවා මීල්වර්ම් පිළවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේදී ජීර්ණය වන බව සනාථ වී ඇත. මීල්වර්ම් පිලවු ප්ලාස්ටික් හැරුණු විට කූණිස්සන්, කුකුළු මස් ආදිය ද ආහාරයට ගනිති. පර්යේෂකයන් පළමුව කී රසායනිකය පිළවුන්ගේ ආහාර මාර්ගය අභ්‍යන්තරයේදී බිඳ වැටෙන අන්දම අධ්‍යයනය කර තිබේ. ඒ අන්දමටම කුනිස්සන් සහිත ආහාර වේලක් ලබා දී පිළවුන්ගේ ආහාර මාර්ගය අභ්‍යන්තරයේ ඒවා බිඳ වැටෙන අන්දමත් අධ්‍යයනය කර ඇත. මේ අවස්ථා දෙකේදීම එ්්කාකාර ආහාර ජීර්ණයක් පිළවුන්ගේ ආහාර ජීර්ණ පද්ධති අභ්‍යන්තයෙන් දැක ගත හැකි වූ බව පර්යේෂකයෝ සඳහන් කරති. පිළවුන්ගේ දේහ අභ්‍යන්තරයේ හෙක්සාබ්‍රෝමෝසයික්ලෝඩොඩෙකේන් රසායනිකය එකතු වීමක් ද සිදු නොවන බව තහවුරු වී තිබේ. එනිසා එම රසායනිකය ආහාර දාමවලට එකතුවීමේ අවදානමක් මතු නොවන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

*බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය

පර්යේෂකයන්ගේ මීළඟ ව්‍යායාමය, පිළවුන්ගේ දේහ අභ්‍යන්තරයේ සිදුවන ප්‍රතික්‍රියාවලට හේතු වන බැක්ටීරියා විශේෂය, පිළවුන්ගේ දේහයෙන් බැහැර තැනෙක වර්ධනය කර ගැනීමයි.

"... ඒක හරිම රසවත් කාරණයක්. මේ අන්දමට අප හඳුනාගත් බැක්ටීරියා විශේෂය අලුත් එකක් නොවෙයි. මිට පෙර පරිසර දූෂක බිඳ දැමීම සඳහා යොදා ගත් විශේෂයක්. ..."යනුවෙන් අන්ජා බ්‍රන්ඩන් පවසන්නී ය. කෙසේ වුවත් එම බැක්ටීරියා විශේෂයේ නම කුමක්ද යන්න ඈ සඳහන් කරන්නට ඈ කැමැත්ත පළ කර නැත.

හඳුනාගත් බැක්ටීරියා විශේෂය යොදා පිළවුන්ගේ දේහවලින් බැහැරව ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය පර්යේෂණ ද මේ වනවිට සිදු කෙරෙමින් තිබේ. එම ක්‍රියාවලිය සිදුවන්නේ, පිළවුන්ගේ දේහ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියට වඩා සෙමෙන් බව පර්යේෂිකාව පවසයි. එනිසා බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට අවශ්‍ය නිවැ‍රැදි තත්ත්ව හඳුනා ගැනීමට සිදුව තිබේ.

 

මංජුලා විජයරත්න 

මඩුවන්ගේ පියාසැරිය

$
0
0
සැප් 28, 2020 00:34

විද්‍යා ප්‍රබන්ධය

හු බිම හාරන්න පටන් ගත්තේ අවුරුදු දහයකට විතර කලින්. එතකොට රැවුලේ කළු පාට සැලකිය යුතු තරම් තිබුණා කියල මතකයි. ඒත් දැන් කණ්ණාඩිය පුරාම තිබුණේ සුදු පාට විතරයි. බිම හාරන ගමන් පුරුද්දට වගේ රවුල අතගාන නිසා හැමදාම උදේට රැවුල මඩ පාට ගැහිල තිබුණා.

ඔහු කළේ අලුත් උදලු දෙකකුයි යකඩ ඉන්නකුයි අරගෙන ආපු එක. මුලින්ම තිබුණේ සද්ද බද්ද වැඩි වැඩේ. ඒ නිසා අකුණු ගහන ධාරාණිපාත වැස්සක් වැටෙන දවසක් එනකන් බලාගෙන හිටියා. අවුරුදු උත්සවේට ගිය මිනිස්සු කුඩ ඉහළන් ගෙවල්වලට යන හැටි උඩ තට්ටුවෙ ජනේලයක් අස්සෙන් බලා හිටපු ඔහු කළුවර වැටුණට පස්සේ පහළ තට්ටුවෙ මැද කාමරේට ගියා. යකඩ ඉන්නෙන් ඇන ඇන බිම කඩන්න වුණා. ඒක කොහොමත් කැඩී බිඳුණු පරණ ගෙදරක්. දවස් දෙකක් තිස්සේ රෑ පුරා මහන්සි වුණාට පස්සේ පස් තට්ටුව පාදගන්න පුළුවන් වුණා.

බොහොම තෘප්තිමත් විදියට දවසක් තිස්සේ නිදාගෙන හිටිය ඔහු ඊළඟ දවසේ ගොවිජන සේවා කාර්යාලේ ළඟ තියෙන බීජ අලෙවිහලට ගිහින් ගත්තා සූරියකාන්ත බීජ පැකට් දෙකයි පොහොර බෑග් එකකුයි.

දැන් තියෙන්නේ වැඩි සද්දයක් එන වැඩක් නෙවෙයි. රෑ වුණාම ගෙදර රූපවාහිනිය ටිකක් සද්දෙන් දාගෙන ඔහු කළේ කාමරේ මැද වර්ග අඩි දාසයක සමචතුරස්‍රාකාර වළක් හාරපු එක. උදේට පස් බාල්දියට අරගෙන ගිහින් ගේ පිටිපස්සේ තීරු තීරු ගොඩැලි හැදුවා. ඒවගේ ඉන්දපු සූරියකාන්ත බීජ ඔළුව උස්සගෙන පොළොවෙන් මතු වෙන්න ගත්තා ඉක්මනටම.

ඔහුට තවත් දේවල් ඕන වුණා. සිමෙන්ති, ගඩොල්, කම්බි වගේ දේවල්. ඒ නිසා ඔහු මිදුලෙ පැත්තක ලොකු බුදු මැදුරක් හදන්න ගත්තා. ටිකෙන් ටික බොහොම හෙමීට බුදු මැදුර හැදුණා. ගමේ මිනිස්සු අවුරුදු හතක් අටක් තිස්සේ යන එන ගමන් දැක්කා වයසක මනුස්සයා සිමෙන්ති ගඩොල් එහෙම අරගෙන ඇවිත් බුදු මැදුර හදනවා. හැබැයි එයාගේ ගෙදර කාමරේ ඇතුළේ අඩි පහළොවක් ගැඹුර සිමෙන්තියෙන් බිත්ති බැඳපු වළක් තියෙනවා කියල කවුරුත් දැනන් හිටියේ නෑ.

සූරියකාන්ත පාත්තිය දැන් ඉඩමේ මායිම ගාවටම ඇවිත්. ඒ හින්දා ඔහුට ළිඳක් ඕනෙ වුණා. ගෙදරට වතුර ලයින් එකක් තියෙනව නේද කියල කවුරුහරි ඇහුවොත් ඔහු කිව්වේ, ළිං වතුර ඇඟට ගුණයි කියල. ඒ විදියට කොන්ත්‍රාත්කාරයෙක් ඇවිත් බොහොම ඉක්මනට ගේ පිටිපස්සේ ළිඳක් හාරල දුන්නා. ගමේ මනුස්සයෙක් ඇහුවොත් කිරිමැට්ට නිසා වතුර නිතර මඩ වෙයි කියල බලාපොරොත්තු කඩවුණා වගේ කියාගෙන ගියා.

කාමරේ ඇතුළේ වළ දැන් පැත්තකින් ලොකු උමගකට හෑරෙනවා. ඒ පස් රෑට වැටෙන්නේ ළිඳට. ලොකු උමග අවුරුදු දෙකකින් කොන්ක්‍රීට් බිත්ති සහිත ශාලාවක් බවට පත් වුණා.

වෙළෙඳ භාණ්ඩ තොග බෙදා හරින නියෝජිතයෙක් වෙන්න කාලේ හරි කියල ඔහු තීරණය කළා. ලොරියකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි සේල්ස් රෙප් කරන්න ගමේ කොල්ලෙකුයි හොයාගත්ත ඔහු පාර අයිනට වෙන්න ගබඩාවක් හැදුවා. ගමේ මිනිස්සු ඉඳල හිටල දැක්කා ඔහු ඩ්‍රයිවර්වත් රෙප්වත් නැතුව තනියම ගිහින් බඩු අරන් එනවා. ඒවා ගියේ ගබඩාව ඇතුළට නෙවෙයි. එයාගේ පොළෝ ගැබේ කුටියට. ඒවා අතර තිබුණේ බොහෝ වෙලාවට කල් තබා ගත හැකි ආහාර. බොහෝ කල් තබා ගත හැකි ආහාර.

දවල්ට අතරින් පතර ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගත්තා. සර්කිට් පොතක් බලාගෙන අධිබල රේඩියෝ ට්‍රාන්ස්මීටරයක් හදන්න පටන් ගත්තා. ඒක ලේසි වැඩක්. ඊළඟට තිබුණේ අමාරු වැඩේ. ඒකට ජෙනරේටර් තුනක් ඕන වුණා. ඒ අතරම වාහනේ අරගෙන දවල් වරුවෙ එහෙ මෙහෙ රවුම් ගහන්න පටන් ගත්තා. එක දවසට එක ඉන්ධන පිරවුම්හලක් තෝරගෙන හැමදාම ටැංකිය පිරෙන්න ඉන්ධන මිලදී ගත්තා. ඒ ටිකත් ගියේ එයාගේ රහස් කුටියට. කාටවත් සැක හිතුණේ නෑ. එකම ඉන්ධන පිරවුම්හලට නැවත ඔහු ගියේ සතියක් කල් අරගෙන.

මේ කාලය ඇතුළත ඔහුගේ කාමරේ බිත්තියේ දැවැන්ත රුක් සටහනක් දිගෑරෙන්න පටන් ගත්තා. මෙහෙම වුණොත් කොහොමද? සටහනේ සෑම ලක්ෂයකදිම ඔහු කල්පනා කළා. සිදුවීමට ඉඩ ඇති දේවල්වලින් රුක් සටහනේ අතු ලියලා ගියා. ඒ ලියලූ අතු ආයේ ආයෙත් ලියලා ගියා. සටහන විශාල වෙන්න වෙන්න ඔහුගේ ආත්ම විශ්වාසය වැඩෙන්න වුණා.

'මං දැන් එහෙනම් සූදානම්,'දවසක් වැස්සට බර හැන්දෑවක ජනේලෙන් ගමත් කුඹුරු යායත් ඈත කඳුත් දිහා බලාගෙන ඔහු කල්පනා කළා. නොදැනීම සුසුමක් පිටවුණා. ඒ දුකකට ද සැනසීමකට ද කියල හිතාගන්න බෑ. කළු වලාකුළු හෙමීට කඩා වැටෙන හැටි ටිකක් වෙලා බලාගෙන හිටපු ඔහු නැඟිටලා යන්න ගියා. කාමරේට ගියා. දොර වැහුවා. බිම් කුටියට බහින කම්බි ඉනිමගේ අඩි තුන හතරක් බැහැපු ඔහු උමං දොර වැහුවා. ටකස් හඬින් අගුල වැටුණා.

තව තත්පර කිහිපයක් පමා වුණා නම් ඔහුට නිවස දිහාට හරවන වාහනේ බොරළු බිඳින හඬ අහන්න පුළුවන් වෙන්න ඉඩ තිබුණා. ඒත් දැන් තියෙන්නේ නිහඬතාවය විතරයි.

රූපට් ජයසිංහ සිද්ධ වෙන්න නියමිත දේ දැනගෙන හිටියා. ඒ නිසා සූදානම් වෙලත් හිටියා.

 

මතු සම්බන්ධයි

 

තාරක කල්දේරා

බෙහෙත් පෙති සහ පොඩි ළමයි

$
0
0
සැප් 29, 2020 01:00

තාත්තා මොනවද හොයන්නේ ? ඇඳ ළඟ දණ ගහගෙන ඇඳ යට මොනවදෝ හොයන තාත්තාගෙන් සමන්මලී ඇහුවේ ගිය මාසෙ වයස අවුරුද්ද පිරුණු පුංචි දුවවත් වඩාගෙන ඉන්න ගමන්.

"මගේ සීනිවලට ගන්න පෙත්ත බිම වැටුණා. මම මේ ඒක හොයනවා."තාත්තා උත්තර දුන්නේ පෙත්ත හොයන ගමන්මයි .

"අයියෝ ඔය පෙත්ත අමතක කරලා වෙන එකක් බොන්න."සමන්මලී කිවුවා.

දියවැඩියාව කියන්නේ අපි අතර බහුල රෝගයක්. සරලව කියනවා නම් දියවැඩියාවෙදි වෙන්නේ අපේ ලේවල තියෙන සීනි මට්ටම තියෙන්න ඕන ප්‍රමාණයට වඩා වැඩි වෙන එක.

සාමාන්‍ය නිරෝගී කෙනෙක් සීනි තියෙන කෑමක් කෑවම, ඒ සීනි ටික ලේවලට ආවත්, ඉක්මනින්ම ඒ වැඩි සීනි ටික ලේවලින් අයින් කරලා, ලේවල සීනි මට්ටම තිබිය යුතු ප්‍රමාණයට අඩු කරගන්න ඒ පුද්ගලයා ගේ ශරීරයට පුළුවන්. හැබැයි දියවැඩියාව තියෙනකොට එහෙම වෙන්නෙ නෑ.

අපි දියවැඩියාවට ගන්න බෙහෙත්වලින් වෙන්නෙ අර වැඩිපුර තියෙන සීනි ලේවලින් ඉවත් කරන එක.

මෙතැනදී අපි දැනගත යුතු වැදගත්ම දෙයක් තමයි, අපේ ලේවල සීනි මට්ටම වැඩිවෙන එක වගේම අඩුවෙන එකත් අපේ ඇඟට හොඳ නැති බව. බැරි වීමකින් හෝ ලේවල සීනි මට්ටම ගොඩක් අඩු වුණොත් ක්ලාන්තය , සිහිය නැති වීම විතරක් නෙවෙයි මරණයට පත් වෙන්න වුණත් පුළුවන්.

එවැනි ලෙඩකට හරියටම කියා තිබෙන වේලාවට, කියා තිබෙන ප්‍රමාණයට බෙහෙත් බොන්නට වගබලාගත යුතු අන්න ඒ නිසායි.

දෙවනි එක, දියවැඩියාව වැනි ලෙඩවලට දෙන බෙහෙතක් බිවුවොත් දියවැඩියාව තිබෙන කෙනකුගේ විතරක් නොවෙයි දියවැඩියාව නැති කෙනෙක් ගෙ වුණත් ලේවල සීනි මට්ටම අඩු වනවා.

පොඩ්ඩක් හිතල බලන්න. සීනි මට්ටම ගොඩක් ඉහළ කෙනෙක් ගේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට ගේන්න දුන්න පෙත්තක් සීනි මට්ටම නියමිත ප්‍රමාණයට තිබෙන කෙනෙක් බිවුවොත් මොනවා වෙයි ද? අනිවාර්යෙන්ම එයාගෙ සීනි මට්ටම තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩු වෙලා. අපි අර කලින් කියපු කරදරවලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්.

අන්න ඒ නිසයි මේ බෙහෙත් වර්ග වෙනම තැනක තියාගන්න කියලා කියන්නේ.

බැරි වෙලාවත් මේ වැඩේ වෙන්නෙ කෙනෙක් තනියම ඉන්න වෙලාවක නම් එයාට මේක කාටවත් කියන්න ලැබෙන්නෙත් නෑ.

දියවැඩියාව විතරක් නෙවෙයි රුධිර පීඩනය සම්බන්ධ රෝගවලට දෙන බෙහෙතුත් ඔය වගේ ම තමයි. රුධිර පීඩනය වැඩි කෙනකුගේ පීඩනය අඩු කරගන්න දෙන පෙත්තක් සාමාන්‍ය කෙනෙක් බිවුවොත් එයාගෙ රුධිර පීඩනය ගොඩක් අඩු වෙලා ජීවිතේ අවදානමේ වැටෙන්න පුළුවන්.

මේක හරියටම නුවරඑළිය වගේ සීතල පැත්තක කාමරයක් උණුසුම් කරන්න තිබෙන හීටරයක් තද උණුසුමක් සහිත පැත්තක කාමරයකට ගිහින් දැම්මා වගේ. එතකොට කාමරේ උණුසුම එහි සිටින අයට දරාගන්න බැරි තරමට වැඩි වෙනවා.

දැන් තමයි වැදගත්ම කාරණාව.

බැරි වෙලාවත් පොඩි දරුවෙක් මේ බෙහෙත් පෙත්තක් කටේ දාගත්තොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් පොඩි දරුවෙකුගේ බර වැඩිහිටියකුට වඩා ගොඩක් අඩු නිසා එයාට ඕනෙ වැඩිහිටියකුට දෙන බෙහෙත් ප්‍රමාණයට වඩා හරිම පොඩ්ඩයි. ඒ කියන්නේ වැඩිහිටියකුට දුන්න බෙහෙත් පෙත්තක් පොඩි දරුවෙක් කටේ දාගත්තොත් ලොකුම ලොකු කරදරයක් වෙන්න පුළුවන්

මොකද්ද වෙන්නෙ කියල කියන්න තේරෙන්නෙ නෑ වගේම සිහිය නැතිවෙන නිසා දරුවට අඬන්නත් බැරි වෙනවා.

ඇඳ යටට බඩගාගෙන යන දරුවෙක් ඇඳ යට තිබෙන බෙහෙත් පෙත්තක් කටේ දමාගත්තොත් සමහර විට එයාට නැවත පණ ඇති දරුවකු ලෙස ඇඳ යටින් එළියට එන්න නොලැබෙන්නත් පුලුවන්.

අන්න ඒ නිසා කිසිම දවසක වැඩිහිටියන් ගේ බෙහෙත් පොඩි දරුවන්ට අහු වෙන්න තියන්න එපා. ඒ ඒ ලෙඩට බොන බෙහෙත් වෙන වෙනම හොයාගන්න පුළුවන් විදිහට අසුරලා පුළුවන් නම් අගුළු දමන්නට හැකි තැනක තියන්න.

ඒ වගේම දණගාන දරුවකු සිටින නිවෙසක බෙහෙත් පෙත්තක් බිම වැටුණොත් ඒක හොයාගෙන මිසක් දරුවව බිමින් තියන්න නම් එපා.

කොල්ලුපිටිය ප්‍රදේශබදව ජීවත් වූවෝ

$
0
0
සැප් 29, 2020 01:00

කොළඹ කොල්ලුපිටිය 19 වන ශත වර්ෂය වන විට ඉහළ පැලැන්තියේ මෙන්ම ප්‍රභූ පංතියේ ද වාස භූමිය බවට පත්විය. එය කුරුඳුවත්තට නොදෙවෙනි විය. අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය, එදවස කතානායක නිල නිවස වූ මුම්ටාස් මහල් පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේය.

අනගාරික ධර්මපාල තුමන්ගේ මෑණියෝ වාසය කළ ඇලොයි මන්දිරය පිහිටියේ ඇලොයි ඇවනිව් නමැති මාවතේය.(මල්ලිකා ධර්මගුණවර්ධන මැතිණිය) ලංකා ජාතික සභාවේ සභාපති වූ සර් ජේම්ස් පීරිස් මහතා පදිංචිව සිටියේ ද මෙම ප්‍රදේශයේය.

දෙස් විදෙස්හි ප්‍රකට සංගීතඥයකු මෙන්ම ශ්‍රී ලංකාවේ නියැලුන දේවාර්සූර්යසේන මහතා සහ ඔහුගේ බිරිඳ නෙළුම්දේවි වාසය කළ නිවහන කොල්ලුපිටිය අල්විස් පෙදෙසේ පිහිටා තිබුණි.

 

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා පදිංචිව සිටියේ පෙන්ඩනීස් මාවතේ නිවසකය. සුදු කොට කලිසමෙන් හා අත්කොට සුදු කමිසයෙන් සැරසුණු කොල්වින් ආර් ද සිල්වා මහතා පාන්දර ව්‍යායාමය සඳහා ලිබර්ටි වටරවුමෙන් හැරී ඩුප්ලිකේෂන් පාර දිගේ ඇවිදයනු මට මුණගැසී ඇත. තවද, එතුමෝ මා හා කතා බහේ යෙදුනහ. එදවස මා සේවය කළේ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප්‍රධාන කාර්යාලයේය.

කොළඹ යුගයේ කවියකු වූ පී. බී. අල්විස් පෙරේරා ප්‍රසිද්ධව සිටියේ කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා නමිනි. අල්විස් පෙරේරා කවියා කලක් ගෝල්ෆේස් හෝටලයේ ද සේවය කර ඇත.

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශබදව ජීවත් වූ පෙරෙයිරා පෙළපත මෙරට මෙන්ම ලොව පුරා පතල වියත් නීතිඥ පෙළපතකි. මේ පෙළපතේ බොහෝ දෙනා අගවිනිසුරු, රාජ්‍ය නීතිඥ, අධි නීතිඥ ආදී නීතිඥවරුන්ය. එච්. ටී. සී. පෙරෙයිරා, ඇල්ෆ්‍රඞ් පෙරෙයිරා, ආර්. එල්. පෙරෙයිරා, මරිල් පෙරෙයිරා මෙම පෙළපතට අයත් වූවෝ වෙති. මෙම පෙළපතට අයත් එකම තැනැත්තෙක් ඉංග්‍රීසි වෙදකම හදාලේය. ඔහු දොස්තර කැෂියස් පෙරෙයිරාය. පෙරෙයිරා පෙළපතේ මුල් අය කිතුණුවෝ වූහ. දොස්තර කැෂියස් පෙරෙයිරා 1947 මාර්තු 29 පැලෑනේ ශ්‍රී විජිරඥාන මහා නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි වූහ. එදින සිට වජිරාරාමවාසී කස්සප හිමි නමින් සුපතල වූ උන්වහන්සේ ඉංග්‍රීසි බසින් බදු දහම ලොවටම වදාළහ.

දික්වැල්ලේ මහින්ද හිමිගෙන් වජිරාරාමයේ මා උගත් කාලයේ කස්සප හිමියන්ගේ හමුවීම ද මට අමතක නොවන මතකයකි.

අතුරු පාර

$
0
0
සැප් 29, 2020 01:00

ජීවිතේ කියන්නේ ගමනක්. ගමනාන්තයක් දන්නෙ නැති. කෙළින් පාරවල්, හරස් පාරවල්, අතුරු පාරවල්, වටරවුම් පිරිච්ච. කෙළින් පාරෙ මාර්ග සලකුණු තියෙනවා, මග පැහැදිලිව පේනවා. අලුත් ක්‍රමේ හැටියට මං තීරුත් තියෙනවා. ඉතින් අතරමග වාහන තදබදයක් තිබුනත් කරදරයක් නැතුව ගමන යන්න පුළුවන් බව අපි හැමෝම දන්නවා.

ඔය අතරෙ තියෙනවා අතුරු පාරවල්. වල ගොඩැලි පිරිච්ච, කාපට් දාපු නැති,වැස්ස දවසට මඩවළවල්වලින් හැඩවෙන අතුරු පාරවල්. අපි හැමෝම කෙළින් පාරෙ යන්න කැමතියි. කාපට් කරපු පාරක පහසුවෙන් යන්න තියෙන ගමනක් වලගොඩැලි තියෙන, තාර නොදාපු පාරක ගිහින් දුක්විඳින්නෙ මොකටද? හැමෝම නැතත් හුඟ දෙනෙක් හිතන්නෙ එහෙමයි.

ඒ හුඟ දෙනා අතර ටික දෙනෙක් වෙච්ච, වළ ගොඩැලි පිරිච්ච අතුරු පාර තෝරගත්ත මිනිස්සු හින්දා ලෝකේ පැතලි නොවී රවුමක් විදිහට දිගටම තියෙනවා.

අද කතාව අතුරු පාරක ගිහින් ලෝකෙ වෙනස් කරපු මාක් සකර්බර්ග් ගැනවත්, බිල්ගේට්ස් ගැනවත් නෙමෙයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඇතුලෙ ඉපදිලා අතුරු පාර තෝරගෙන තමන්ගෙ ජීවිතේ වෙනස්කරගත්ත මිනිස්සු ගැන. අතුරු පාර තෝරගත්ත හින්දා ජීවිතේ සන්තෝසෙන් ඉන්න මිනිස්සු ගැන. එහෙම මිනිස්සු හුඟාක් ඉන්නවා ඒත් අපි හඳුනන්නෙ ටික දෙනයි.

නම් ගම් මන:කල්පිත වුණාට අද නෙල්ලි කතාවෙ චරිත මන:කල්පිත නෑ.

සඳුන් සාමාන්‍ය නමක් වුණාට අසාමාන්‍ය මනුස්සයෙක්. එයා උසස්පෙළට වානිජ විෂයයන් හදාරලා ඉහළ සාමාර්ථ අරන් රජයේ විශ්ව විද්‍යාලයක කළමණාකරණ පීඨයට ඇතුල් වෙනවා.අතේ පොත තිබුනට හිත වෙන අතක මුල් අදිනවා, ඊට පස්සෙ ඇටිකිති ගහක් වෙලා දලු දාන්න පටන් ගන්නවා.

එයා පුංචි සන්දියේ ඉඳලම කැමැත්තෙන් හිටියෙ පින්තූර ගන්න. අමුතු හැඩේට, විවිධ තාලෙට ගත්ත පින්තූර. හුඟක් අයගෙ ඇස් හැම වෙලේම ඒ පින්තූර දිහාට අලෝගන්නවා.

වැඩිදුර ඉගෙනගන්න ඕන ව්‍යාපාර විශ්ලේෂණය නෙමෙයිය, පින්තූරගන්න හැටි ගැනය කියලා සඳුන්ගේ ඇතුල් හිත සඳුන්ට බල කරන්න පටන් ගන්නවා.විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙම ගෙදරින් වියදමට දෙන සල්ලිවලින් සඳුන් පින්තූර පන්තියකට බැඳෙනවා.

ගෙදරට නොකියා හොරාට පන්ති ගිහින් පින්තූර ඇල්ලීමේ කලාව හරියටම ඉගෙන ගන්න කොට තමන් පතාගෙන ආපු රස්සාව මේක මිසක් වෙන දෙයක් වෙන්න බැරිය කියලා සඳුන්ට තේරෙනවා.

ඇල්මෙන් අකුරු ඉගෙනීම පැත්තකින් තියලා සඳුන් ඇල්මෙන් පින්තූර ගන්න පටන් ගන්නවා.මුලින් මගුල් ගෙවල්වල පින්තූරවලට ලයිට් අල්ලන්න ගියපු සඳුන්ට ටික කාලෙකින් පින්තූරගන්න තත්වෙට උසස් වෙන්න පුළුවන් වෙනවා.

අනිත් හැම කලාවක් වගේම පින්තූර ගැනීමේ කලාවත් උගන්වන්න බැරි බවත් ඒක උපතින්ම ලැබිය යුතු බවත් ප්‍රත්‍යක්ෂ කරමින් සඳුන්ගේ මඟුල් පින්තූරවලට වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් තිබුණා. මේ අතර සඳුන් විශ්වවිද්‍යාලයේ විභාග එක දෙක අසමත් වෙන්න පටන් ගත්තා. හිත වෙන අතක තිබුන හින්දා සඳුන්ට ඒ තරම් දුකක් නොදැනුනත් වෙර වීරියෙන් හරි හම්බ කරලා සඳුන්ට විශ්වවිද්‍යාල වියහියදම් එවපු සඳුන්ගෙ අම්මගෙ හිත නම් හොඳටෝම රිදුනා.

ඒ හින්දාම අම්මා සඳුන්ට දොස් කීවා. සඳුන්ගෙ හිත ගෙදර උදවිය එක්ක නොහොද වුණා. හිත් බිඳුනා. ගෙදර උදවියගෙ ආදරේ ඉහිරිලා ගියා.

අවුරුද්දෙන් අවුරුද්ද ගතවෙලා විශ්වවිද්‍යාලෙ අවුරුදු හතරම අහවර වුණා. අන්තිම අවුරුද්දෙ විභාගෙ ප්‍රතිඵල අනුව තමන්ට උපාධිය නොලැබෙන බව දැනගත්තු දවසෙ සඳුන් තීරණය කරනවා ගෙදර නොයා ඉන්න. ගෙදර ගිහින් ආඩපාලි අහනවට වැඩිය තමන් තෝරාගත්තු පාරෙ තනියම යන්න එයා තීරණය කරනවා. හිතේ තනියට තමන් හරි හම්බ කරපු කැමරාව අරගෙන සඳුන් වල ගොඩැලි පිරිච්ච සාර්ථකත්වයේ පාර දිගේ තනියම යන්න පටන් ගන්නවා.

මුල් දවස්වල අලුත බැඳපු ජෝඩුවල මදුසමයේ පින්තූර ගන්න ගිහින් ජෝඩුවගෙ කාමරේට එපිට ඉස්තෝප්පුවේ නිදාගන්න සඳුන්ට සිද්දවෙනවා. සමහරු පින්තූර අරගෙන සල්ලි නොගෙවා නිකම් ඉන්නවා. තවත් සමහරු පින්තූර ඇල්බම් නොගෙනම ඉන්නවා.

සඳුන් අතින් පාඩු විඳගෙන දිගටම පින්තූර ගන්නවා.

විශ්වවිද්‍යාලයේ ඉගෙන නොගත්ත, තමන්ගෙම ව්‍යාපාරයක් කලමනාකරණය කරන හැටි ගැන සඳුන් ප්‍රායෝගිකවම ඉගෙන ගන්නවා.

කාලෙත් එක්ක සඳුන් තව තවත් ප්‍රසිද්ද වෙනවා. දුර ඈත උදවියත් සඳුන්ගෙ පින්තූර ගැනීමේ සේවාව ලබාගන්න පෙලඹෙනවා. කාලෙකට පස්සෙ සඳුන් ගෙදර යනවා. අම්මගෙ හිතේ නෝක්කාඩු තාම තිබුණත් දැන් පුතා ඉන්න තැන ගැන අම්මා සන්තෝස වෙනවා.

මට සඳුන්ව හේතුවක් නැතුවම මගහැරෙනවා. අවුරුදු කීපයකින් ආයෙ මුණගැහෙන කොට සඳුන් ලංකාවෙ හොඳම විවාහ ජායාරූප ශිල්පීන් පස් දෙනා අතරෙ ඉන්නවා. උපාධිය මගහැරුනට එයාට ජීවිතේ මග නොහැරුන එක ගැන එයා සන්තෝස වෙනවා.

ඔර්නෙලාට රාජ්‍ය විශ්වවිද්‍යාලයක මෝස්තර නිර්මාන ශිල්පය ගැන උපාධියක් තියෙනවා. උපාධියෙන් පස්සෙ චිත්‍රපටියක මෝස්තර නිර්මාණය කරන්න යනවා කියලා දැනගත්ත එයාගෙ තාත්තා එයාට චිත්‍රපටිය හෝ දෙමව්පියන්ව තෝරාගන්න කියනවා. චිත්‍රපටිය තෝරාගන්නවා නම් එයාට බෝඩිමක් හොයාගෙන ගෙදරින් යන්න කියනවා.

ඔර්නෙලා චිත්‍රපටිය තෝරාගන්නවා.

චිත්‍රපටියෙන් එයාට හරියට ගෙවීමක් නොලැබුණාට, එයා මෝස්තර නිර්මාණයට සම්බන්ද බොහොමයක් උදවිය හඳුනාගන්නවා. ඒ හරහා එයාට මෝස්තර නිර්මාණ කටයුතුවලට සහභාගීවෙන්න ලැබෙනවා. බෝඩිමට ගෙවන්න සල්ලි මදිවෙන හන්දා එයා තමන්ගෙම විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකුගේ ගෙදර මුලුතැන්ගෙට අත් උදව් දීලා. විශ්වවිද්‍යාලෙ ළමයින්ට අමතර පන්ති පවත්වලා සල්ලි හොයාගන්නවා.

ඔර්නෙලා අද ඇඟලුම් සඳහා මෝස්තර නිර්මාණය කරන්න ලංකාවෙ වැඩිම මුදලක් අය කරනවා.

ලංකාවෙ ජීව විද්‍යා උපාධිය සාමාන්‍ය විදිහට සමත්වෙච්ච ජීවිතේ තුන්වෙනි දශකය ගත කරන අවන්ත ඕස්ට්‍රේලියාවෙ ගිණුම් සමාගමක අයිතිකාරයෙක් වෙලා ඉන්නවා. ලංකාවෙ ඒ ගිණුම් සමාගමේ ශාඛාවක් තියෙනවා.

ලංකාවෙ ගණකාධිකාරිවරු ඒ ශාඛාවෙ වැඩ කරනවා. තමන්ට ගැලපෙන අතුරු පාර පස්සෙ කාලෙක හරි හොයාගත්ත හන්දා අවන්ත සාර්ථකයි කියලා නෙල්ලි කතන්දර ලියන මං හිතනවා.

කෙළින් පාරෙ ගිහින් මාර්ග සලකුණු අනුව ගමන්කරලා ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සු අටෝරාසියක් ඉන්නවා. ඒත් කෙළින් පාරෙ ගමනාන්තයට කැමති නොවිච්ච හන්දා හරි, කෙළින් පාර තමන්ට නොගැලපෙන හන්දා හරි අතුරු පාරක ගිහින් සාර්ථක වෙච්ච ජීවිතවල නෙල්ලි රස වගේ විවිධ පන්නෙ රහ පිරිලා ඉතිරෙනවා.

 

 

 

මගෙ දෝණි රැක ගන්න එන තුරා මං ගෙදර

$
0
0
සැප් 29, 2020 01:00

සිටුමැදුරු පටපිළි ද නොමැති වග දිව බොජුන්

නොදැන උන්නා නොවේ හිත දෙද්දි නුඹට මං
තැවීමක් නොවුණෙ මට ඒක ගැන බිඳුවකින්
අන්ධ වී හිටි නිසා වෙන්න ඇති ආදරෙන්

අම්මගේ ආදරේ අඩු නොවුණි කිසි දාක
තාත්තගෙ හදවතෙත් හීන තිබුණා නේක
කැදැල්ලෙන් ඉගිලෙද්දි නුඹ එක්ක මහ රෑක
අඳුර මට පෙනුනෙ නෑ පහන නිවුනම ගේක

ටිකෙන් ටික නිවෙනකොට ප්‍රේම අනුරා ගින්න
අග හිඟය ගෙට ආවෙ කුස ගින්දරත් ඇන්න
හිතුණ එක පැටියෙකුට මගේ බඩටම එන්න
ගහෙන් වට මිනිහාට ගොනා ඇන්නා වැන්න

නෙරවාන රතු දෑස පොරවාන හිස් දෑත
උදේ හිට රැය තෙක්ම බලා හිටියම ඈත
හතර මහ නිධානය මැවෙනවද උඩ දෝත
දුක පිරුණු ජීවිතේ වස්තුවක් විය පේත

මොර දෙද්දි ඉකි ගගහ හාමතට පොඩි එකී
පපු කැවුතු ඇවිලුනා ඇගේ ගින්දර වැකී
තව කොතෙක් කරදරද මං කාටවත් නොකී
නොරටකට එද්දි හිතුවේම දුක යයි මැකී

ගොමස්කඩ වැරහැල්ල නැතිලු දැන් නුඹෙ ඇඟේ
කොණ්ඩෙ රැවුලත් ටිකක් අලුත් පන්නෙට වගේ
පලාතම පුසුඹයිලු යනෙන විට මග දිගේ
ආරංචි වෙනව මට මෙහාටත් නුඹෙ රඟේ

මගේ දාඩිය වලින් සෝදගෙන නුඹේ අළු
හිරු අවරගිර ගිලී වූ පසුව දවස කළු
ළඟදි හිට නුඹ තෙවැනි සිල්පදය කඩනවලු
නොදැනුණා නෙවෙයි මගෙ හදවතට දුකක් සුළු

නුඹේ ළඟ තියනවා මගෙ පණට සම දෙයක්
ඒකමයි දුක් විඳින්නේ නැතුව දිව රැයක්
දෝණි ගැන මට දැනෙන්නේ නොකිව හැකි බයක්
අනේ ඈ ගෙවන්නෙත් වෙන ආත්මෙක ණයක්

කැණි මඬල බිඳුනු පසු පලක් නැත ඒ මැදුර
වහන්නට බෑ හිතේ වේදනාවේ සිදුර
එකම එළියයි ඇත්තෙ නිවන මගෙ හද අඳුර
මගෙ දෝණි රැක ගන්න එන තුරා මං ගෙදර

අභියෝග හමුවේ නොවැටෙන රටක ආර්ථික දිශානතිය

$
0
0
සැප් 29, 2020 01:00

මුළු ලෝකයටම වසංගතයක් වී, ආර්ථික, සමාජීය කටයුතු මුළුමනින්ම බිඳ වැටෙද්දී, අප රටට ද මේ වසංගතයෙන් පීඩා එල්ල විය. එය, ලෝකයේ සංවර්ධිත හා දියුණුම රටවලට එල්ල වූ පීඩනයට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් පාලනය කර ගැනීමට, වර්තමාන ශක්තිමත් රාජ්‍ය නායකත්වය සමත්වී තිබේ. එය අප ලැබූ විශාල ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතය හමුවේ අප රටේ ද ආර්ථික කටයුතු මුළුමනින්ම නතර කර, මාස තුනක කාලයක් ගත විය.

2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදයේදී රටේ ආර්ථික තත්ත්වය සෑම අංශයකින්ම පිරිහීමට ලක් විය. ඊට ප්‍රථම වාර්ෂිකව 6% ඉක්මවූ ආර්ථීක වර්ධන වේගයක් වාර්තා කළ පාලන කාලයේ, අප රට ‘මුඩුබිමක්’ නොව ‘එකම වැඩ බිමක්’ බවට පත්ව තිබිණි. එදවස මෙරට පාලනය ගෙන ගිය වර්තමාන අගමැති හා මුදල් ඇමැති ධුරය දරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු විය. පළමුවැන්න නම්, තිස් වසරක් පුරා පැවැති මහා බියකරු ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයයි. දෙවැන්න වසර 2008 නැඟෙගෙනහිර ආසියාවේ ඇරැඹි මූල්‍ය අර්බුදයයි. තෙවැන්න ලෝක වෙළෙඳ පොළේ විශාල ලෙස බොරතෙල් මිල ඉහළ යෑම නිසා ඇති වූ විදේශ වෙ‍ෙලඳාමේ හිඟයයි. සිව්වැන්න ස්වාභාවික විපත් මුල් කර ගත්, කිසිවකුට නවතාලිය නොහැකි ආපදායි.

මෙවන් ඉතා අභියෝගාත්මක තත්ත්ව හමුවේ පවා රටේ ත්‍රස්තවාදය රණ බිමේදී සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරමින්, ‍එමෙන්ම රට පුරා විහිදුණු ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළක් ද එවකට ක්‍රියාවට නැංවිණි. ජනතාවගේ සුබසාධනය පෙර කවරදාටවත් වඩා ශක්තිමත් කළේය. එලෙස පැවැති රජයක් බිඳ දමා බලයට පත් යහපාලන රජය, රට ආපසු අප වෙත බාර දෙන විට ආර්ථිකය මුළුමනින්ම කඩා බිඳ දමා විනාශයට පත්කර තිබිණි.

 

ආර්ථික වර්ධනය

මේ විනාශය මෙතරම් වේගවත් වීමට පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු විය. එවකට පැවැති පාලනයේ මූල්‍ය කළමනාකරණය ප්‍රධාන, ආණ්ඩු කිරීමේ දුර්වලතා මූලිකවම බලපා තිබිණි. ජනතාව අත ගැවසෙන මුදල් හිඟව පැවතිණි. රටට විදේශ ආයෝජන තබා, දේශීය ආයෝජකයන් හෝ අලුත් යමක් කිරීමට උනන්දු නොවන තත්ත්වයක් මතුව තිබිණි. මේ සියල්ල හරහා 6% ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පැවැති අප රට, 4.1%ක හෝ ඊටත් පහළ ආර්ථික වර්ධනයක් වාර්තා කරන තත්ත්වයක් කරා ඉතා කනගාටුදායක ලෙස ගෙනැවිත් තිබිණි. එලෙස ඉතා කනගාටුදායක තත්ත්වයකට අප රටේ ආර්ථිකය බිම හෙළූ අවස්ථාවක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරට පත් වීමෙන් පසු, නැවත එම වැඩසටහන බලගැන්වීමට වැඩපිළිවෙළ සැකසිණි. ඉතා දැඩි බදු බරකින් පීඩා විඳි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවට සහ පාරිභෝගික ජනතාවට විශාල අස්වැසිල්ලක් ලබා දෙමින්, පළමුව බදු සහන සහ බදු අහෝසි කිරීම් ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නියමයෙන් ලබාදුනි. එහිදී වර්තමාන අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස අප සමඟ ප්‍රකාශ කළේ, කෙතරම් අභියෝගාත්මක කටයුත්තක් වුවත්, රජයේ ආදායම් කෙතරම් අහිමි වුවත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට, පාරිභෝගිකයාට සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට බදු ක්‍රමය හරහා ලබා දෙන සහන ලිහිල් කළ යුතු බවය.

ඒ අනුව, නව බදු සංශෝධන ගණනාවක් සිදු කර, බදු බර පහත හෙළීය. ඊට අමතරව සමහර බදු මුළුමනින්ම අහෝසි කළේය. සමහර බදු ගෙවීමට ලබාදී තිබූ සහන කාලය දීර්ඝ කළේය. එපමණක් නොව, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට තම වැටුප් මත ගෙවීමට සිදුවූ ආදායම් බදු සීමා ඉහළ නංවා, සුවිසල් සහනයක් එක්කෙරිනි. මෙලෙස බලයට පත් සැණින් රජය ක්‍රියාත්මක කළ බදු සහන යටතේ ආර්ථිකයේ යම් පිබිදීමක් ඇති කිරීමට ජවය සැපයිනි. එලෙස ජවය සැපයීමේදී එතෙක් බදු ගෙවූ පිරිස අත බදු සහන නිසා මුදල් ඉතිරි විණි. මේ මුදල් නව ආයෝජන ලෙස හෝ ඉතිරි කිරීම් ලෙස හෝ ක්‍රියාවට නංවා, ඒ මඟින් අකර්මණ්‍ය වූ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත බලගැන්වීම රජයේ අපේක්ෂාව විය. මේ අන්දමට ඉතා කුඩාවට බලගැන්වීම ආරම්භවූ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවත වතාවක් මහත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. එය ඔබ අප කවුරුත් දන්නා කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයයි.

මුළු ලෝකයටම වසංගතයක් වී, ආර්ථික, සමාජීය කටයුතු මුළුමනින්ම බිඳ වැටෙද්දී, අප රටට ද මේ වසංගතයෙන් පීඩා එල්ල විය. එය, ලෝකයේ සංවර්ධිත හා දියුණුම රටවලට එල්ල වූ පීඩනයට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් පාලනය කර ගැනීමට, වර්තමාන ශක්තිමත් රාජ්‍ය නායකත්වය සමත්වී තිබේ. එය අප ලැබූ විශාල ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතය හමුවේ අප රටේ ද ආර්ථික කටයුතු මුළුමනින්ම නතර කර, මාස තුනක කාලයක් ගත විය. අනතුරුව , සෞඛ්‍යාරක්ෂිත ක්‍රම යටතේ රට විවෘත කළ ද, තවමත් සියයට සියයක් තත්ත්වය පහව ගොස් නොමැත. එනමුත් අප රටේ මේ වන විට ආර්ථිකයේ යම් පිබිදීමක් ඇතිව තිබේ. ඒ පිළිබඳ කතිකා කිරීමට ප්‍රථම අප කොවිඩ් 19 වසංගතය හමුවේ රට වසා තැබූ මාස කිහිපයේ ආර්ථිකයේ සහ මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග, ඒවායින් අත් වූ ප්‍රතිලාභ පිළිබඳ සිහිපත් කර බලමු.

පළමුව රට වසා තැබූ ‍මොහොතේ මේ ‍රටේ ජනතාවට තම ජීවනෝපාය අහිමිව, කිසිවක් කර කියා ගත නොහැකිව සිටි මොහොතේ, ජීවිතය පවත්වාගෙන යෑමට අතදීමක් ලෙස රජය අවශ්‍යම පිරිස් තෝරා, මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පියවර ගත්තේය. මෙලෙස ලබා ගත්, ආපසු නොගෙවන දීමනාව නිසා, ජනතාවට යම් ආකාරයක සහනයක් ලැබුණු බව නොරහසකි. ඊට අමතරව, කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු ව්‍යාපාර යළි ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීම මත, සෞභාග්‍යා පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිනි. එහිදී, 4%ක් තරම් වූ අඩු පොලියක් යටතේ ව්‍යාපාර යළි ඇරැඹීමට කාරක ප්‍රාග්ධනය බැංකු පද්ධතිය හරහා ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දුන්නේය. මේ සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවට සෘජු උපදෙස් ලබා දෙමින්, එම වැඩපිළිවෙළ වේගවත් කිරීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා මහ බැංකුව මේ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහන යටතේ රුපියල් කෝටි 15000ක මුදලක් ලබා දීමට ඇස්තමේන්තු කළේය. ඒ අනුව දැනටමත් එම මුදල අබිබවා බැංකු මඟින් ණය ලබාදීමට මහ බැංකුව අනුමැතිය දී ඇත.

මෙවන් මූල්‍යාධාර යටතේ යළිත් ශක්තිමත් ව්‍යාපාර ආරම්භ කළ පරිසරයක, අප රටේ අපනයන ආදායම වැඩි වීමට පටන්ගෙන තිබේ. සියයට දෙකක, තුනක ප්‍රතිශතයකින් අපනයන ආදායම වැඩි වී තිබෙන අතර, එය තව දුරටත් ඉදිරියේදී වර්ධනය වනු ඇත. මීට අමතරව ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වීමේ වාසිය, සංචාරක ව්‍යාපාරයෙන් අහිමි වූ මුදලින් කොටසක් වක්‍රාකාරයෙන් පාලනය කර ගැනීමට අපට පහසු වී තිබේ.

මෙරට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නැවත විදේශ ආයෝජන ගලා ඒමක් දක්නට ලැබේ. වසර 2014දී අමෙරිකානු ඩොලර් මිලියන 3400ක් වූ එම ආයෝජන ප්‍රමාණය, වසර 2018 නිමා වන විට ඩොලර් මිලියන 500 දක්වා අඩුවී තිබිණි. එය වසර 2019 නිමා වනවිට ඊටත් පහළට ඇද දමා තිබිණි. එනමුත් අප නැවත වතාවක් රුපියලේ අගය අඩු නොවන ආකාරයට විදේශ ආයෝජකයන්ට ඔවුන් රැගෙන එන ඩොලර් සඳහා මුදල් ලබා දීමට එකඟතාවක් ඇති කරගෙන, නව ක්‍රමෝපාය හඳුන්වා දීමට ගත් පියවර නිසා, නැවත මූල්‍ය හා ආයෝජන වෙළෙඳ පොළ පිබිදීමක් ඇති විය. ආයෝජන මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට දරාගත හැකි ‍පොලී ප්‍රතිශත මත, විදේශීය මුදල් වැඩි වශයෙන් රටට ගලා ඒම නිසා, ඉදිරියේදී ජාතික අයවැයට විශාල බාධාවක් වන රුපියලේ අගය පිරිහීම නමැති නරක සාධකය පවා යහපත් අතට පත් කරගැනීමට අපට හැකි වනු ඇත.

සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු විදේශීය මුදල් ලැබීම් මේ වන විට පහළ මට්ටමකට වැටී තිබේ. එලෙස බිඳ වැටුණු මේ දෙඅංශයේ ආදායම් ඉපැයීම්, නැවත වතාවක් සක්‍රීය මට්ටමකට රැගෙන ඒමට, රජය විශාල සහන සහ දිරිගැන්වීම් ගණනාවක් සලසා ඇත. ඒවායේද සහාය සහිතව ඉදිරියේදී නැවත වතාවක් සංචාරක ව්‍යාපාරය මුලින්ම දේශීය සංචරණය මුල් කරගෙන ද, පසුව විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් කැන්දාගෙන එන අයුරින් වර්ධනය වනු දැකීම ද අපගේ බලාපොරොත්තුවයි. ඒ හරහා සංචාරක ක්ෂේත්‍රයේ කුඩා ආදායම්ලාභියාගේ සිට මහා පරිමාණ ආදායම්ලාභියා දක්වා පුබුදුවාලීම සිදු වනු ඇත. සංචාරක ව්‍යාපාර‍යේ නියැළෙන්නන්ට බදු සහන ගණනාවක් ලබාදී ඇත. එපමණක් නොව, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට ද දිරිදීම් බොහෝ ප්‍රමාණයක් අප ලබාදී තිබේ. මේවා සියල්ල සඳහා රජය විශාල කැප කිරීමක් සිදු කර ඇත. රජයේ ආදායම් අහිමි කරගෙන ඇත. එලෙස රජය අහිමි කරගත් ආදායම, අනෙක් පැත්තෙන් ජනතාවට සැපයූ සහනාධාර මුදලක් ලෙස, නැතිනම් ඔවුන්ට නැගී සිටීමට ලබා දෙන්නා වූ දිරිදීම් දීමනාවක් ලෙස සැලකිය යුතුය.

 

සැලසුම් සම්පාදනය

මේ අතරම, ඉතා විද්‍යාත්මක පදනමක් මත කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ විෂයපථය සහ කාර්යය බෙදා වෙන් කර, කාර්ය සාධනය පදනම් කරගත් ප්‍රතිඵල මැන බැලෙන කළමනාකාරිත්වයක් ඔස්සේ අමාත්‍යාංශ මෙහෙයවීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. එපමණක් නොව, රජයේ සෑම සංවර්ධන කාර්යයකදීම ජනතා කේන්ද්‍රීය, ජනතා සහභාගිත්වය සහිත කාර්යයක් කිරීමට උපදෙස් ලබාදී ඇත. මේ සියල්ල හරහා ද හැකිළුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත පුබුදුවාලීම ඉලක්ක කර ඇත. මෙතෙක් කලක් කිසිදු විධිමත් ‍සොයා බැලීමකින් සහ නිසි අවදානයකින් තොරව ගමන් කළ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ශක්තිමත්ව එහි දිශානතිය තේරුම් ගත් ආකාරයට ඉදිරියට ගෙන යාමට ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාව හරහා කටයුතු කරමින් සිටියි. ස්වදේශිකත්වය මුල්කරගත් අපේකමට නැවත පණගැන්වෙන ජාතික ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්ක කර, මේ වන විට රජය සියලු සැලසුම් සම්පාදනය කර තිබේ. ඒ හරහාද ජනතාවගේ අවශ්‍යතා සහ වුවමනා ඉටුවන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමට මුල් පියවර තබා, ඒ ඇරැඹි ප්‍රතිඵල ද සාර්ථක ලෙස අත්කර ගනිමින් සිටියි. මේ සාර්ථක ප්‍රතිඵල තුළ වඩාත් සෑහීමකට පත් නොවී, ඊටත් එහා ගිය සාර්ථකත්වයක් උදෙසා පෙර කවරදාටවත් වඩා රටවැසියනුත්, පාලකයනුත් කටයුතු කළ යුතු කාලය එළැඹ තිබේ. මෙහිදී සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්, සියලු වාද බේද අමතක කර, ආර්ථීකය ගොඩනැඟීම මුල්කොට, තම දු දරුවන්ට යහපත් අනාගතයක් උදා කර දීමට උපරිම කැපවීමෙන් සහ උනන්දුවෙන්, අවංකව වැඩ කළ යුතු මො‍හොත උදා වී ඇත.

 

ජයසිරි මුණසිංහ


තොරතුරු දැනගැනීමේ අයිතිය

$
0
0
සැප් 29, 2020 01:00

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කතා කිරීමේදී එහි ඉතිහාසය මීට වසර සිය ගණනක් එපිටට දිවයයි. ලංකාව තුළ පනතක් මඟින් මෙය ස්ථාපිත කර ගතව ගොස් ඇත්තේ වසර 5 ක් පමණ වන කෙටි කාලයක් වුවද එය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 1766 වසරේදී ස්වීඩනයේය. 1766 වසරේ නීතිගත කරන ලද එම පනත හඳුන්වා දෙනු ලැබුවේ “Freedom of Press Act” යනුවෙනි. වසර 250 කටත් වඩා ඉතිහාසයක් ඇති තොරතුරු දැන ගැනීමේ පනත මේ වන විට රටවල් සියයකටත් වඩා ප්‍රමාණයක ක්‍රියාත්මක වන අතර, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය. ස්කැන්ඩිනේවියානු රටවල ද දකුණු අප්‍රිකානු රටවල මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය වැනි රටවල ද ක්‍රියාත්මක වේ. මෙය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය පෙන්නුම් කිරීමේ එක් සාධකයක් වුවද ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව පනත් කෙටුම්පත පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 2016 වර්ෂයේදීය. එතෙක් වසර දෙසිය ගණනකටත් වඩා ශ්‍රී ලංකාව තුළ පැවතියේ මහජනතාවට තොරතුරු ඉදිරිපත් කිරීමකින් තොරව සිදුවන රාජ්‍ය සේවයකි.

කෙසේ වෙතත් මෙම තොරතුරු දැන ගැනීමේ අයිතිය මහජනතාව වෙත ලබාදීමෙන් සිදු වූයේ රාජ්‍ය ආයතන හා සංස්ථාපිත ආයතනවල මෙන්ම ඒ හා අනුබද්ධ අංශයන්හිදි සැළසුම්, ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් සම්බන්ධව තොරතුරු ලබා ගැනීමේ මාර්ගයක් විවෘත වීමය. 2016 වසරේදී තො‍රතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කරමින් ශ්‍රී ලාංකිකයන්ට මෙම නව මාර්ගය විවෘත කළ අතර, මෙය මහජනතාවගේ අවශ්‍යතාවයක් මෙන්ම අයිතියක් ද වන බව 2016 අංක 12 දරන පනතට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ‍නෛතික බලයක් ලබාදීම තුළින්ම පැහැදිලි වේ. එම පනතේ පූර්විකාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මඟින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මඟින් පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බැවින් ද එමඟින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පනවනු ලැබේ” යනුවෙනි.

නමුත් පනතක් මඟින් වුව මහජනතාවට මෙම අවස්ථාව ලබා දුන්න ද එයින් නිසි ආකාරයෙන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට මහජනතාවගේ පසුබටවීම් වර්තමානය තුළ පවා දක්නට ලැබේ. එයට හේතු සාධක වශයෙන් දැක්විය හැකි කරුණු වන්නේ වසර 200 කටත් අධික කාලයක් ‍තොරතුරු දැන ගැනීමේ ක්‍රමයක් ලංකාව තුළ නොපැවති නිසා එය ක්‍රමවේදයක් ලෙසම පවත්වාගෙන යෑමට ඔවු න් හුරුවීම, මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම, භාෂාවන් පිළිබඳ ගැටලු, තොරතුරු තමන් සතු හිමිකාරත්වයක් බව ඔවුන් නොදැන සිටීම හා ජනතාවගේ ආකල්ප යනාදිය දැක්විය හැක. මේ ආකාරයට තොරතුරු දැන ගැනීමේ පනතක් ක්‍රියාත්මක වුවද එය කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එනම් පළාත් පාලන ආයතන විසින් ජනතාවට ලබාදිය යුතු, ප්‍රකාශයට පත් කළ යුතු තොරතුරු සහ ප්‍රකාශයට පත් නොකළ යුතු තොරතුරු වශයෙනි.

ප්‍රකාශයට පත් කළ යුතු තොරතුරු අතර ආයතනික තොරතුරු, තීරණ හා ක්‍රියාකාරකම්, මහජනතාව වෙත ලබාදෙන සේවාවන්, අයවැය, සහනාධාර, ප්‍රසම්පාදන රැස්වීම්, මෙහෙයුම්, සංවිධාන, සභාවක් මඟින් ගනු ලබන තීරණ, තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ විස්තර දැක්විය හැකිය. ඕනෑම පුද්ගලයකු අදාළ නිලධාරියාගෙන් මෙම තොරතුරු ලබා ගැනීමේදී සාධාරණ හේතුවකින් තොරව ප්‍රතික්ෂේපිත කිරීමක් සිදු වූයේ නම් ඉහළ නිලධාරියකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී. නමුත් මේ අතර තොරතුරු ඉල්ලීමේදී ආයතනයන්ට ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු පවතී. මේ අතර ලබා නොදිය යුතු තොරතුරු පිළිබඳ උප වගන්ති 14 ක දක්වා තිබේ. ඒ අනුවම යම් අයකුගේ පුද්ගලික වූ තොරතුරු, ජාත්‍යන්තර බැඳීම් හා රහසිගත ගිවිසුම්, බැංකු කටයුතු හෝ ණය, විදේශයන් සමඟ කරන ලද වෙළෙඳ ගිවිසුම් දැක්විය හැක. තවද යම් අයකුගේ වෛද්‍ය වාර්තා, රාජ්‍ය ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩතාවයට හානිකර තොරතුරු, විදේශ විනිමය හුවමාරු ගනුදෙනු හෝ විදේශ විනිමය අනුපාත, භාණ්ඩ හා සේවා මිල පාලන තොරතුරු, බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂිත හා වාණිජ්‍යමය රහස්, නීතිපති හා පොදු අධිකාරීන් අතර සන්නිවේදන ආදිය දැක්විය හැක.

ශ්‍රී ලංකාවට අසල්වාසී රට වන ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ වඩාත් ඵලදායී ලෙසින් එහි කටයුතු ක්‍රියාත්මක වූ බව සඳහන් වේ. මෙම නීතිය තමිල්නාඩුවේ 1996 දීත්, ගෝව 1997, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ, කාශ්මීර, කර්ණාටක යන ප්‍රාන්තයන්හි 2000 වසරේදී ක්‍රියාත්මක වූ අතර, 2001 වසරේ දිල්ලිහිත්, 2002 වසරේදී මධ්‍ය ආණ්ඩුව තුළත් ක්‍රියාත්මක වන්නට විය. ඉන්දියාව තුළ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමට මූලික වූ හේතුව ලෙසින් සඳහන් වන්නේ විවෘත භාවය සහ වගවීමක් විය යුතුය යන ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවයයි. මෙම නිසා මූලික අවස්ථාවේ මහජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැසුණු අතර, එහි ප්‍රතිඵලය වූයේ ක්‍රමයෙන් ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වීමයි.

කවර ආකාරයෙන් හෝ මේ මොහොත වන විට ක්‍රමයෙන් ශ්‍රී ලංකාව තුළ මහජනතාව ඒ හා සම්බන්ධව තම තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය උදෙසා තම අයිතිවාසිකම් භාවිත කිරීමට පෙලඹ ඇති අතර, එය ඔවුනගේ මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රීය භාවය රැක ගැනීම උදෙසා ඉවහල් වන බව ද කිව යුතුය.

 

රජිත බස්නායක

මිනිසුන් මරා දමන රා ඇල්ලූ සති තුනක මෙහෙයුම

$
0
0
සැප් 29, 2020 01:00

රා ලීටර 35,000ක් අත්අඩංගුවට / පෙරන්නේ ඇමෝනියා දාලා / භූගත බටයකින් ලොරියකට

ලීටර 5000 වතුර ටැංකි 7ක කෘත්‍රිමව නිපදවූ රා මිලිලීටර 35,000,000කි. රා නිෂ්පාදනයට කලින් දින ලොරි රථයකින් ගෙනා සීනි මිටි 47ක්, ඊස්ට් පැකට් 100ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 25ක ගෝණි 3ක් ද විය. තනි පුද්ගලයකු විසින් මෙලෙස කෘත්‍රිමව රා නිෂ්පාදනය කර ඇත්තේ ජලය, සීනි, ඇමෝනියා හා ඊස්ට් යොදාගෙනය. සීනි සහ ජලය මඟින් මිශ්‍රණය සාදා පැසවීම වේගවත් කිරීමට මෙම ජාවාරමේ යෙදී සිටින්නෝ ඊස්ට් හා ඇමෝනියා යොදා ගනිති.

රා නිපදවනුයේ තාල වර්ගයේ ගස්වල මල කැපූ කල උනන පැණි රස ද්‍රාවණය පැසවීමෙනි. දුර අතීතයේ පටන් පැවත එන රා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අතර සහ කම්කරු ජනතාව අතර වැඩි ඉල්ලුමක් පවතින මද්‍ය පානයකි. එලෙසම අද වන විටද රාවලට ඇති ඉල්ලුම නම් අඩු නැත. වර්තමානයේ ඉල්ලුමට සරිලන පරිදි රා නිෂ්පාදනය කිරීමට ද බලපත්‍ර හිමියෝ අපොහොසත් වෙති.

අතීතයේ පටන් රා මුට්ටිය ගහෙන් බාන තැනට මිනිසුන් යන්නේ හොඳ රා ටිකක් බීමටය. රා තැබෑරුමට වඩා හොඳ පදමට රා ටිකකින් සප්පායම් වීමට නම් රා මදින්නා ගහෙන් බිමට බහින වෙලාවටම යෑම උචිතය. ඇතැම් රා තැබෑරුම්වලදී රාවලට ජලය ද මිශ්‍ර වන්නේ කාටත් හොරාය. දීර්ඝ ඉතිහාසයක් ඇති රා කර්මාන්තය අද වන විට බෝතල් කරන ලද රා ලෙස බාර්වලින් ද මිල දී ගත හැකිය.

ඉල්ලුමට සරිලන පරිදි රා අප රටේ නිෂ්පාදනය නොවුණ ද රාවල අඩුවක් නම් නැත. අරක්කු ස්කාගාරවලට මෙන්ම බෝතල් රා වශයෙන් ද අඩුවක් නැතුවම වෙළෙඳපොළට රා සැපයීමට බලපත්‍ර හිමියෝ කෙසේ හෝ කටයුතු කරති. ඇතැම් පොල් වතුවල තිබෙනා ගස් ප්‍රමාණයට වඩා වැඩියෙන් ස්කාගාරවලට රා ලැබෙනා අතර ස්කාගාරවලින් ද ඒ පිළිබඳ විමසීමක් නොකරන්නේ තමන්ට වැඩි අරක්කු ප්‍රමාණයක් ඉන් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති නිසාය.

බෝතල් කළ රා බීමට බොහෝ මිනිසුන් පෙලඹෙන්නේ ඒවා ඉතා අඩු මුදලකට මිල දී ගැනීමට හැකියාව ඇති හෙයිනි. වතු කම්කරුවෝ වැඩි වශයෙන්ම මෙම බෝතල් කළ රා බීමට ඇබ්බැහි වී තිබෙන්නේ දවසම වෙහෙස මහන්සි වී ගන්නා සුළු මුදලින් වෙහෙස නිවා ගැනීමට අරක්කු සඳහා වියදම් කළ නොහැකි බැවිනි.

මේ ඔබට කියන්නට යන්නේ රා නිෂ්පාදනයේ වෙනම පැතිකඩකි. කළුතර වෙරළ තීරයේ සිට හලාවත, පුත්තලම දක්වා තිබෙනා පොල් ගස්වලින් ගන්නා රා ප්‍රමාණයට වඩා වැඩියෙන් ස්කාගාරවලට රා නිෂ්පාදනය වන්නා වූ වෙනස්ම කතාවකි.

දින කිහිපයක සිට පොලිස් නිලධාරීන් කිහිපදෙනකු හොඳ විමසිල්ලෙන්ය. තම ඉලක්කය සරිලන තුරා නිදි වරා අවු වැසි ද නොතකමින් හරි වේලාව පැමිණෙන තෙක් ඔවුහු බලා සිටියහ. එක් දිනෙක අඳුර වැටෙත්ම ලොරි රථයක් මෙම පාළු පොල් වත්තට පැමිණෙන්නේ රහසිගතවය. පෙනෙන මානයක නිවෙසක් හෝ නැති වීමෙන් පැමිණෙන ලොරි රථය ගැන කාගේ හෝ නෙත ගැටීමක් ද නැත. ලොරි රථය ආ සැණින් සුළු වේලාවකදී නැවත පිටත්ව යන්නේ කාටත් සැකයක් මතු නොවනා අයුරින්ය. සතියක දෙකක පමණ කාලයක සිට කළ නිරීක්ෂණ දැන් තහවුරු වී අවසන්ය. ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව පසුදින උදෑසන පොලිස් නිලධාරීන් තම ඉලක්කය වෙත ළං වූයේ සූක්ෂ්මවය. අක්කර ගණනක පොල් වත්තක් මැද තිබෙනා ගොඩනැඟිල්ලක් පොලිස් නිලධාරීන්ගේ ඉලක්කය විය.

ගොඩනැඟිල්ල වැටලූ පොලිස් නිලධාරීන් එහි සේවය කළ එක් පුද්ගලයකු අල්ලාගෙන ගොඩනැඟිල්ලේ දොර විවෘත කර ගන්නේ ඇතුළ පරීක්ෂා කිරීමටය. කුඩා දොරක් විවෘත කර ඇතුළු වත්ම පෙනෙන්නේ කුඩා කාමරයකි. පිටතින් විශාල ගොඩනැඟිල්ලක් සේ පෙනුණද දොර විවෘත වීමෙන් දැකගත හැකි වන්නේ කුඩා කාමරයක් පමණි. පොලිස් නිලධාරීන් මෙම කාමරය පරීක්ෂා කිරීමේදී රහසිගතව ගොඩනැඟිල්ලට ඇතුළු විය හැකි දොරක් සොයා ගැනිණි. පළමුව ගොඩනැඟිල්ලේ දොර විවෘත කරනා කෙනකුට දෙවැනි දොර නොපෙනෙන්නේ පළමු දොරෙන් දෙවැනි දොර වැසී යෑම හේතුවෙනි. දෙවැනි දොර දැකීමට නම් පළමු දොර වැසිය යුතුමය.

දෙවැනි දොරෙන් ද ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වූයේ විශාල ප්ලාස්ටික් වතුර ටැංකි කිහිපයකි. ඉන් වහනය වූ සැර ගන්ධයක් හේතුවෙන් නිලධාරීන් විසින් ඒවා පරීක්ෂා කෙරිණි. පොලිස් නිලධාරීන්ගේ සැකය තහවුරු වී අවසන්ය. හොර රහසේ මෙම ගොඩනැඟිල්ලේ නිෂ්පාදනය කර ඇත්තේ කෘත්‍රිම රා ය.

ලීටර 5000 වතුර ටැංකි 7ක කෘත්‍රිමව නිපදවූ රා මිලිලීටර 35,000,000කි. රා නිෂ්පාදනයට කලින් දින ලොරි රථයකින් ගෙනා සීනි මිටි 47ක්, ඊස්ට් පැකට් 100ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 25ක ගෝණි 3ක් ද විය. තනි පුද්ගලයකු විසින් මෙලෙස කෘත්‍රිමව රා නිෂ්පාදනය කර ඇත්තේ ජලය, සීනි, ඇමෝනියා හා ඊස්ට් යොදාගෙනය. සීනි සහ ජලය මඟින් මිශ්‍රණය සාදා පැසවීම වේගවත් කිරීමට මෙම ජාවාරමේ යෙදී සිටින්නෝ ඊස්ට් හා ඇමෝනියා යොදා ගනිති. එමඟින් කෙටි කාලයකදී කෘත්‍රිමව රා නිෂ්පාදනය කර ගැනීමට හැකි වන අතර ඒවා රජයේ ස්කාගාර වෙත හෝ බෝතල් කළ රා ලෙස ද ජාවාරම්කරුවෝ විකුණති; මුදල් උපයති.

පොලිස් නිලධාරීන්ට ඊළඟට තිබූ ගැටලුව වූයේ මෙම රා පිටතට ගෙනයන්නේ කෙසේද යන්නයි. අල්ලා ගන්නා ලද සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුවද්දී සූක්ෂ්මව රා පිටතට ගෙන ගිය අයුරු සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. ඒ මෙම ගොඩනැඟිල්ලේ සිට වතුර මෝටරයක ආධාරයෙන් භූගතව මීටර 300ක පමණ දුරකට එළා තිබූ නළයක් මඟින් ගෙන ගොස් ලොරි රථයක් උපයෝගි කර ගනිමිනි. භූගතව දමා ඇති නළය ‍කෙළවර හොඳින් තණපිඩලි ඇල්ලූ ලෑල්ලකින් වසා ඇත. බැලූ බැල්මට එතැන පෙනෙන්නේ තණපිඩලි ඇල්ලූ ස්ථානයක් මෙනි. එහෙත් එම ලෑල්ල තණපිඩලි ද සමඟ ඉවත් කළ පසු නළයෙහි කෙළවර දැක ගැනීමට හැකිය. වතුර ටැංකි සහිත ලොරි රථයක් මඟින් මෙලෙස නිෂ්පාදනය කරන ලද කෘත්‍රිම රා ප්‍රවාහනය කර ඇත්තේ රා ප්‍රවාහනයට දෙන ලද බලපත්‍රයක් ද උපයෝගි කර ගනිමිනි. මෙම ස්ථානයේ පොල් රා එකතු කරනා මඩුවක් ද පැවතීම හේතුවෙන් කිසිවකුට සැක නොසිතෙනා පරිදි කලක් තිස්සේ මෙය පවත්වාගෙන ගොස් ඇති අතර පොල් රා එකතු කිරීම, ප්‍රවාහනය කිරීම සහ ස්කාගාරවලට සැපයීමට සැකකරුවන් සතුව තිබූ බලපත්‍රය අනිසි ලෙස යොදාගෙන තිබූ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස හොර රහසේ කෘත්‍රිම රා නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණේ දුම්මලසූරිය පොලිස් වසමේ රන්තැටියාව වත්තේය. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු සහ උපකරණ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් දුම්මලසූරිය පොලීසියට වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දී ඇත. දුම්මලසූරිය පොලීසිය සැකකරු හා උපකරණ කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කාලයක් තිස්සේ මෙම කෘත්‍රිම රා නිෂ්පාදනාගාර පිළිබඳ සිටින්නේ හොඳ සෙවිල්ලෙන්ය. 2020 අගෝස්තු 24 වැනි දින මාදම්පෙ පොලිස් වසමේදී මෙවැනිම රා නිෂ්පාදනාගාරයක් වටලා කෘත්‍රිමව නිපද වූ රා මිලිලීටර 26,200,000ක්, සැකරින් කිලෝ 10ක් සහ ඊස්ට් පැකට් 8ක් අත්අඩංගුවට ගෙන ඇත. මාරවිල පොලිස් වසමේ කලිමුල්ලවත්ත, මුට්ටිබැඳිවිල, නාත්තණ්ඩිය ප්‍රදේශයේදී ද හොර රහසේ පවත්වාගෙන ගිය කෘත්‍රිම රා නිෂ්පාදනාගාරයක් වටලා කෘත්‍රිම රා මිලිලීටර 24,000,000ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පොලීසියේ දැලට හසු වී ඇත්තේ සීමිත හොර රා නිෂ්පාදනාගාර ප්‍රමාණයකි. ඇතැම් පුද්ගලයෝ රජයෙන් රා එකතු කිරීමට නිකුත් කර ඇති බලපත්‍රය උපයෝගි කර ගනිමින් මෙම ජාවාරම ජයටම කරගෙන යති. සමහරුන් මෙලෙස නිෂ්පාදනය කරන කෘත්‍රිම රාවලට පොල් රා ද කලවම් කරන්නේ ස්කාගාරවල රා පරීක්ෂක නිලධාරීන් රැවැට්ටීමටය.

බාර්වල විකිණීමට ඇති බෝතල් කළ රා ද මෙලෙස ඇමෝනියා හා ඊස්ට් යොදා ගනිමින් නිෂ්පාදනය කළ අවස්ථා ද නැතුවාම නොවේ. ඇමෝනියා මිනිස් සිරුරට අහිතකර වන අතර ඇමෝනියා දමා පැස්සවූ රා පානය කිරීමෙන් වකුගඩුවලට සිදුවන හානිය හේතුවෙන් පසුකාලීනව පානය කරන්නන් රෝගීන් බවට පත්වීම නවතාලිය නොහැකිය. වෛද්‍යවරුන් පවසන්නේ රා නිෂ්පාදනයට ජාවාරම්කරුවන් යොදා ගන්නා ඇමෝනියා සහ යූරියා මනුෂ්‍ය ශරීරයට අහිතකර වන අතර පිළිකාකාරක ලෙස ද ක්‍රියා කරනා බවයි. එලෙසම වකුගඩු රෝගීන් වෙනුවෙන් දැනටත් රෝහල්වල විශාල මුදලක් වෙන් කරනා අතර මෙවැනි කූට ව්‍යාපාරිකයන් හේතුවෙන් අනාගතයේදී වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ යා හැකිය. මුදල් තණ්හාව හේතුවෙන් ඇතැම් රා ව්‍යාපාරිකයන් සිදු කරනා මෙම වංචනික ක්‍රියාවන් බලධාරීන්ගේ ද මැදිහත් වීමෙන් නවතාලිය හැකි වුව හොත් අනාගතයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් දැරීමට සිදු විය හැකි විශාල මුදල වෙනත් ඵලදායී වැඩකට යෙදවිය හැකිය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී. රංජිත් රාජපක්ෂ, ප්‍ර.පො.ප. මහේන්ද්‍ර පෙරේරා, උප පොලිස් පරීක්ෂක, උ.පො.ප වරුන් වන බණ්ඩාරනායක, ජයලත්, සඳරුවන්, පො.සැ. වරුන් වන (6655) වර්ණසූරිය, (42520) ජයරත්න, (52297) රණවීර, (61655) සුනිල්, පො.කො. වරුන් වන (90205) දිසානායක, (79548) මධුසංක, (39850) අශේන්, (91111) ජයමහ, (76829) රත්නායක (75453) ජයසිංහ, (77228) එරන්ද, (90226) බුද්ධික, (92908) මධුසංක, (29640) රත්නායක, (91305) රශ්මික, (39867) ප්‍රියංකර, (92891) පෙරේරා, (92909) කසුන්, පො.කො.රි. වරුන් වන (16227) උදාර, (11919) අජිත් යන මහත්වරු මෙම වැටලීම්වලට එක් වූහ.

 

ගයාන් සංජය

තිස්සේ දුවන ගල්කිස්සේ ත්‍රීවීලර්

$
0
0
සැප් 29, 2020 01:00

ත්‍රිරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපට වගේම  පාරිභෝගිකයාටත් හොඳයි. සියලුම ත්‍රිරෝද රථ රියැදුරන්ට එකම මිලකට හයර් දුවන්න පුළුවන්. කලින් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලෙ නම් ත්‍රීවිල් මීටර් ලබා දුන්නා. එහෙත් පස්සේ ආපු ආණ්ඩු ජනතාවට සහන  සලසන එක නවත්තලා ඒගොල්ලො තර වුණා. වත්මන් රජය මැදිහත් වෙලා ත්‍රීවිල් මීටර්  ලබාදෙනවා නම් ගොඩක් වටිනවා.

වර්ෂ 1806හිදී තෝමස් මෙට්ලන්ට් නමැති අග්‍රාණ්ඩුකාරවරයා එවකට සමාජයේ පැවැති සිරිත් විරිත්වලට පටහැණිව යමින් ලොවීනා අපොන්සු නමැති රූමත් තරුණියක සමඟ පෙමින් බැඳුණු අතර එවකට මෙම අග්‍රාණ්ඩුකාරවරයා තැනූ ගල්කිස්ස මහ හෝටලය ඔහුගේ විශිෂ්ට ප්‍රේමයට විශාල තෝතැන්නක් වී ඇත. ගල්කිස්ස මහ හෝටලය මේ වන විට අප රටේ පවතින ඉතා ප්‍රසිද්ධ ඓතිහාසික ගොඩනැඟිල්ලක් ලෙසත් අග්‍රාණ්ඩුකාරවරයාගේ ප්‍රේමයේ මහා සලකුණ ලෙසත් හැඳින්විය හැකිය.

ශත වර්ෂයක් ඉක්ම යත්ම මේ පුරාණය පුරාවෘත්තාන්තයක් බවට පත් විය. එය එසේ තිබියදී අග්‍රාණ්ඩුකාරවරයාගේ මේ මාලිගය විදේශිකයන් හට නවාතැන් පොළක් ලෙසත් පසුව මහා ලෝක සංග්‍රාමයන් හමුවේ යුද්ධයෙන් පීඩිත වූවන් සුව කළ රෝහලක් ලෙසත් ඉක්බිතිව වර්තමානයේ ලංකාවේ අග්‍රගණ්‍ය හෝටලයක් බවටත් පත් වූ ආකාරය විස්මයජනකය.

එම ප්‍රසිද්ධ හෝටලය පිහිටි ගල්කිස්ස නගරය දේශීය ජනයා සහ විදේශීය සංචාරකයන් ගැවසෙන ලංකාවේ ප්‍රමුඛතම නගරයකි. එහි ප්‍රවාහන මාධ්‍යයන් කිහිපයක් තිබුණත් ඉන් ත්‍රිරෝද රථ ප්‍රමුඛ ස්ථානයක් ගනී. නගරාසන්නව ත්‍රිරෝද රථ ගාල් කිහිපයක් පිහිටා ඇති අතර එමඟින් ජනතාවට ලැබෙන සහයෝගය කියා නිම කළ නොහැකිය. එසේ වූවත් ත්‍රිරෝද රථ රියැදුරන් සමඟ දොඩමළු වීමෙන් ඔවුන්ගේ ජීවිත තුළ වූ කටුක අද්දැකීම්, මුහුණ පෑමට සිදු වන දුෂ්කරතා මෙන්ම දුක්බර අවස්ථාවන් සම්බන්ධයෙන් වූ ඇතැම් කාරණා ප්‍රකාශ කළ හැකි වූවත් ඇතැම් කාරණා පැවසිය නොහැකි තරමට හැඟුම්බරය.

ප්‍රධාන වශයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ අබේසේකර පාර, දෙවන අදියර බුදු පිළිමය අසල පිහිටි ත්‍රීරෝද රථ ගාලේ ත්‍රිරෝද රථ රියැදුරු මහත්මයින් සමඟ දොඩමලු වූ අවස්ථාවේ දී ඔවුන් ප්‍රකාශ කොට සිටියේ මේ වන විට රැකියාවේ පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ කොරෝනා සමය පසු වුවත් තවමත් තමන් බලාපොරොත්තු වන මට්ටමේ හයර් ප්‍රමාණයක් නොලැබීම නිසා ආදායම් අඩු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පවතින රජයේ වත්මන් ජනාධිපතිතුමන් යම් සහනයක් සලසා දේ යැයි ඔවුන් බලාපොරොත්තු වන අතර එතුමන්ගේ අවධානයට රියැදුරෝ කීප දෙනෙක්ම අදහස් දැක්වූහ.

 

තෙල් මිලවත් අඩු කරන්න

මුලින්ම අප සමඟ අදහස් දක්වන්නේ බන්දු මහතායි,

"මම දරු තුන්දෙනෙක්ගේ පියෙක්. දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක ත්‍රීරෝද රථ හයර් කරලා ජීවත් වෙන්න අමාරුයි. කොරෝනා කාලෙන් පස්සේ හයර් අඩුයි. අනිත් එක මිනිස්සු ත්‍රිරෝද රථයට ගොඩවෙන්නේ දෙගිඩියාවෙන්. ආදායම අඩු නිසා උදේ වරුවට මම තැඹිලි විකුණන්න පටන් ගත්තා. ඒකත් නිසි අයුරින් කරගෙන යෑමට අපහසුයි. තැඹිලි හොයන්න ගියාම ගොඩක් මහන්සි වෙන්න වෙනවා. දවසේම ත්‍රීවිල් දිවුවොත් වියදම වැඩියි. රජයෙන් තෙල් මිල සහ අනෙක් අමතර කොටස්වල මිල අඩු කරලා හරි සනහයක් ලබා දෙනවා නම් ඒක අපට පමණක් නොවෙයි මුළු ලංකාවේම ත්‍රිරෝද රථ රියැදුරන්ට සහනදායී තත්ත්වයක් වේවි."

 

ෆිනෑන්ස් සහනය ඕනෑ 

මීළඟට අදහස් දැක්වීමට අප හා එක් වූයේ මෙම ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් ලියනගේ ජයසිංහ මහතායි.

"මා වසර දහතුනක පමණ කාලයක් තිස්සේ ත්‍රීරෝද රථ හයර් කරනවා. ඇත්තටම මම ත්‍රීවිල් හයර් කරන්න ඕන කෙනෙක් නෙමෙයි. මම හොඳට අධ්‍යාපන සුදුසුකම් තියෙන අයෙක්. රජයේ රැකියාවක් සොයාගන්න එක එක්කෙනා පස්සේ දුවලා ඇති වෙච්ච නිසා ෆිනෑන්ස් දාලා ත්‍රීවිල් එකක් අරන් දුවන්න පටන් ගත්තා. මේ වෙන කොට ෆිනෑන්ස් එක ගෙවාගන්නත් බැරි තත්ත්වයක් උදා වෙලා. තව විශේෂ දෙයක් කියන්න ඕනෑ. කොරෝනා කාලෙ දී ෆිනෑන්ස් සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ත්‍රීරෝද රථ හිමියන්ට සහ වෙනත් වාහන සම්බන්ධ රැකියා කරන පිරිසට මාස හයක සහන කාලයක් ලබා දුන්නත් බොහෝ ෆිනෑන්ස් ආයතන එම ප්‍රකාශය නොතකා වැඩ කරලා තියෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට සහන කාලය ක්‍රියාත්මක කරන ලෙස දන්වා සිටියත් එම මාසයේ ෆිනෑන්ස් වාරිකය ගෙවා ගැනීමට නොහැකි වූ බොහොමයක්ම ත්‍රීරෝද රථ හිමියන් ක්‍රිබ් එකේ. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා.

 

රස්සාව හොඳයි 

ඉන්පසු අප හා එක් වූ ත්‍රිරෝද රථ රියැදුරකු වන සඳුන් ගුණතිලක මහතා,

"මම පාසල් අධ්‍යාපනය අවසන් කරපු ගමන් ත්‍රිරෝද රථ රස්සාවට ආවා. මගේ පියත් ත්‍රීරෝද රථ රස්සාව තමයි කරන්නේ. මම තනිකඩ නිසා වැඩි කාලයක් රැකියාවට යොදවනවා. මේ රස්සාවෙන් තමයි ගෙදර අය ජීවත් වෙන්නේ. සුළු සුළු අපහසුතා තිබුණත් කොහොම හරි මහන්සි වෙලා කීයක් හරි හොයා ගන්නවා. මොකද අපට වෙන රස්සාවක් දෙන්න කවුරුත් නෑනේ. පෙට්‍රල් මිලවත් අඩු කරලා රජයෙන් සහනයක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

 

මීටර් අනිවාර්ය කරන්න

එච්.පී. ජනක දිලිප් කුමාර මහතා මෙම ත්‍රිරෝද රථ සංගමයේ භාණ්ඩාගාරික. ඔහු ප්‍රකාශ කර සිටියේ, "ත්‍රිරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට වගේම පාරිභෝගිකයාටත් හොඳයි. සියලුම ත්‍රිරෝද රථ රියැදුරන්ට එකම මිලකට හයර් දුවන්න පුළුවන්. කලින් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලෙ නම් ත්‍රීවිල් මීටර් ලබා දුන්නා. නමුත් පස්සේ ආපු ආණ්ඩු ජනතාවට සහන සලසන එක නවත්තලා ඒගොල්ලො තර වුණා. වත්මන් රජය මැදිහත් වෙලා ත්‍රීවිල් මීටර් ලබාදෙනවා නම් ගොඩක් වටිනවා. දැන් රටට හොඳ කාලයක් උදා වෙලා තියෙන්නේ. මේ රජය ජනතාවට වටිනා මෙහෙයක් කරයි කියලා හිතෙනවා."

 

දුවන අයට සහන නෑ 

ඉන් පසු අප හා අදහස් දැක්වූයේ ජේ.කේ.එස්. චතුරංග මහතායි.

"මෙතන හයර් දුවන ගොඩක් දෙනා මේ රස්සාව කරන්නේ බොහොම අමාරුවෙන්. කලින් දිපූ සහනාධාර සියල්ලම ලැබුණේ හයර් දුවන අයට නොවෙයි. මේ වාහන ගොඩක් අනුන්ගේ ඒවා. ලබාදෙන සහනාධාර ගොඩක් ලැබෙන්නේ ත්‍රීවිල් එකේ අයිතිකරුට. එහෙම නැතිව හොඳට හොයලා බලලා, මේ රස්සාවේ නිරත වන අයට සහනාධාර ලබා දෙනවා නම් වටිනවා.

අපිට අත හෙල්ලූවොත් කට හොල්ලන් පුළුවන්. මෙතන ගොඩක් අයට එහෙමයි. අපිට තියෙන ලොකුම ගැටලුව මේ වෙනකොට හයර් අඩුවීම. මේ ආසන්නයේ ත්‍රීරෝද රථ ගාල් කීපයක්ම තියෙනවා. ඒ ගොඩක් ඒවාට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඊට අමතරව වේග සීමාව. අපිට 40 ගිහිල්ලා දිනකට අවශ්‍ය ප්‍රමාණයට හයර් දුවන්න බෑ.

 

අමතර කොටස් මිලයි 

දෙද්දුවගේ රුවන් චාමර මහතා වසර පහක් තිස්සේ ගල්කිස්ස නගරයේ හයර් දුවන ත්‍රීවීලර් රියැදුරෙකි. මේ ඔහුගේ අදහස්,

"ඉස්සර තරම්ම දැන් හයර් ලැබෙන්නේ නෑ. ඒ වාගේම අමතර කොටස්වල සහ ටයර් මිල වැඩියි. වාහන නඩත්තු කරන්නත් අමාරුයි. අපි වගේ කාටත් අත නොපා රැකියාවේ නිරත අයට රජයෙන් යම් සහනයක් ලබා දෙනවා නම් හොඳයි.

 

අපි කන හැටි ළිපා දනී

ඉන් පසු අප සමඟ අදහස් දැක්වීමට එක්වූයේ පී.ඒ.ආර්.සී. ජයතිලක මහතායි.

මගේ පවුලේ සෑම වියදමක්ම දරන්නේ ත්‍රීවිල් රස්සාවෙන් හම්බ වෙන මුදලින්. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා තවම ඉගෙන ගන්නවා. හයරුත් අඩුයි. ඒ වගේම ෆිනෑන්ස් ගෙවන්නත් තියෙනවා. ජනාධිපතිතුමා සහන දෙන්න කියලා ෆිනෑන්ස් කම්පැනිවලට කිව්වත් ඒ අය ජනතාව තවත් අමාරුවේ දැම්මා. අපි ජනාධිපතිතුමාට කියනවා මේවා ගැන හොයලා බලන්න කියලා. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි කන හැටි ලිපා දනී.

ඩී.ඩී. සිල්වා මහතා වෙනත් ව්‍යාපාරයක යෙදෙන අතරතුර ත්‍රිරෝද රථය හයර් කරන්නෙකි.

"වාහනේ ෆිනෑන්ස් ගෙවන්න කීයක් හරි හොයාගෙන මම අනිත් සහෝදරයන්ට අවස්ථාව දීලා ගෙදර යනවා."

රටට බරක් නොවී ජීවත් වෙනවා

ත්‍රිරෝද රැකියාවේ හොඳ නරක පිළිබඳව අදහස් දැක්වීමට එක් වූ චන්දික ගුණතිලක මහතායි.

"හොඳට ඉගෙන ගත්තා. ඒත් සුදුසු රස්සාවක් හොයාගන්න බැරි වුණා. මිකැනික් රස්සාවක් කළා. නමුත් ඒකට අතදෙන්න කවුරුත් නැති වුණා. සමහරු අපෙන් හම්බ කරගෙන කෑවා. දැන් ත්‍රීවීල් රස්සාව කරනවා. කොහොම හරි මහන්සි වෙලා කීයක් හරි හොයාගෙන පවුල ජීවත් කරනවා. පාක් එකේ සහෝදරයන්ට උදවු කරගෙන රටටත් බරක් නොවී ඉන්න තමයි බලාපොරොත්තුව."

 

අපි දුකෙන්

ජේ.කේ.එන්.මධුෂ්ක මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

"කොච්චර මහන්සි වෙලා හම්බ කර ගත්තත් හදිසියකට ගන්න කීයක්වත් ඉතුරු කරගන්න අමාරුයි. ඒ තරමට බඩු මිල අහස උසට නැඟලා. ත්‍රීවිල් රස්සාවෙන් වැඩි කල් කරන්න බැරි වන තත්ත්වයක් තියෙන්නේ. මේ රටේ පාලනයට කවුරු ආවත් අපි දුක් විඳින එක නවත්වන්න එයාලා උනන්දු වෙන්නේ නෑ."

 

ජනපතිතුමා සහන දේවි

ඉන් පසු අදහස් දැකුවූ උදාර සම්පත් මහතා,

"සෞභාගයේ දැක්මට අනුව වත්මන් ජනාධිපතිතුමා ත්‍රීවීල් රියැදුරන්ගේ ගැටලුවලට ඉදිරියේ දී විසඳුම් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

 

අපි සහයෝගෙන් ඉන්නේ

ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වී. ගාමිණි මහතාට ඇත්තේ සංගමයේ සාමාජිකයන් සම්බන්ධ වගකීම් රැසකි.

"මම අබේසේකර දෙවන අදියර බුදු පිළිමය අසල ත්‍රිරෝද රථ සංගමයේ සභාපති. ඇත්තටම මෙතන ත්‍රීවිල් දුවන සහෝදරවරු අමාරුවෙන් තමයි රස්සාව කරන්නේ. නමුත් රටේ තත්ත්වය තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕනෑ. ලෝකයම කොවිඩ් වසංගතය පිළිලයක් වෙලා තියෙන වෙලාවක වත්මන් ආණ්ඩුව සාර්ථකව එම වසංගතය මැඩ පවත්වලා රට යථා තත්ත්වයට පත් වෙන මොහොත. ඉදිරියට ටික ටික මේ අපහසු තත්ත්වය මඟ හැරී යාවි. එතකං අපිට කැප කිරීම් කරන්න සිදු වෙනවා. රජය ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් සෑම අවස්ථාවලදීම නිසි අයුරින් ලබා දේවි. ඒ ගැන තර්කයක් නෑ. විශේෂයෙන් සියලුම ජාතීන්වල ජනතාව ප්‍රදේශයේ අවට ජීවත් වෙනවා. ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. පාක් එක ආසන්නයේ බුදු පිළිමය තියෙනවා. ඒකේ සියලුම කාර්යයන් සඳහා වියදම් දරන්නේ රස්සාව කරන සහෝදරවරු. ඒ වගේම පාක් එක ළඟින් පිහිටි ක්‍රිස්තියානි පල්ලිය, මුස්ලිම් පල්ලියේ කටයුතුවලටත් අපේ සහෝදරවරු සහයෝගය දෙනවා. ඒ තරම් සහයෝගයෙන් තමයි අපි මේ රස්සාව කරගෙන යන්නේ."

 

හොරුන්ට ඉඩ නෑ

අවසාන වශයෙන් අප මහඟ කතාබහට එක් වූ කේ.එස්. රවීන්ද්‍ර මහතා,

"නාගරික පරිසරයක තමයි අපි ඉන්නේ. ඒත් අපි පොදු හා සමාජ සේවා කටයුතු කරනවා. එක පොකට් කාරයකුටවත් අපේ ඇස් වහන් යන්න බෑ. බස්වලින් මිනිස්සුන්ට අසාධාරණකම් වෙනවා. අපි ඒවා අතඅරින්නේත් නෑ."

රෝද තුනක් උඩ ජීවිත රැසකට සහන සලසන ඔවුන්ගේ ජීවිත ගෙවෙන හැටි හරි අපූරුය. සැබෑවටම ඔවුන්ගේ ජීවිත ද රැඳෙන්නේ තැන තැනය. ඒ ජීවිතයේ හැටිය.

සටහන සහ ඡායාරූප

මොහොමඞ් ඉමිතියාස්

මැද කොළඹ විශේෂ

 

සිනහවක නිමාව

$
0
0
සැප් 29, 2020 01:00

සිංහල සිනමා වංශ කතාවේ මෑත කාලීනව බිහි වූ අතිශය ජනකාන්ත විකට රංගන ශිල්පියකු වූ ටෙනිසන් කුරේ රංගනවේදියා ඊයේ (28) අප අතරින් සදහටම නික්ම ගියේය. මේ සටහන ඔහුගේ වියෝව නිමිත්තෙනි.

අධ්‍යක්ෂකවරයකු ලෙස විත්ති චිත්‍රපට නිර්මාණය කිරීම ටෙනිසන් සිනමා ක්ෂේත්‍රයේ තැබූ පළමු පියවර විය. 1986 වසරේදී දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ ‘පෙරළිකාරයෝ’ ඔහු රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය විය. එහි තිර පිටපත් රචකයාද ටෙනිසන් වීම විශේෂත්වයයි. ඉන් පසු ඔහුම තිරපිටපත් ලියූ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ ‘නොම්මර එකයි’ චිත්‍රපටය ටෙනිසන් ප්‍රධාන චරිතයෙන් දායක වූ පළමු චිත්‍රපටය වීය. එම චිත්‍රපටය සඳහා නිෂ්පාදකවරයා වෙනත් නලුවෙකු යෝජනා කළත්, අධ්‍යක්ෂක දිනේශ් ප්‍රියසාද්ගේ බලවත් පෙරැත්තය මත ටෙනිසන්ට එහි ප්‍රධාන චරිතය හිමි වීය. ‘නොම්මර එකයි’ චිත්‍රපටය ලැබූ අති සාර්ථකත්වය නිසාම ටෙනිසන් කුරේ මෙරට වානිජ සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පියෙකු බවට පත්වීය. එහි ඔහුත් සමග ප්‍රධාන චරිත හෙබවූයේ තවත් ජනකාන්ත විකට රංගන ශිල්පියකු වූ බන්දු සමරසිංහයි. ඒ හරහා බන්දු ටෙනී යුගයක්ද නිර්මාණය විය. පසුව චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ට ටෙනිසන් නැතිවම බැරි රංගන ශිල්පියෙක් විය. ‘ඔබටයි ප්‍රිෙය් ආදරේ, චණ්ඩින්ගෙත් චන්ඩියා, හොඳින් නැත්නම් නරකින්, ඇසළ සඳ, හොඳ හොඳ සෙල්ලම්, චෙරියෝ ඩොක්ටර්, දවල් මිගෙල් රෑ දනියෙල්, අපේ යාලු පංචි භූතයා වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියක තම රංගන හැකියාවෙන් රසිකයා සිනා සාගරයක ගිල්වීමට සමත්විය. සාර්ථක තිර පිටපත් රචකයෙකු වූ ටෙනිසන් හාස්‍ය වේදිකා නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක විය. ‘සිවම්මා ධනපාල’, ‘රැළිය’ වැනි වේදිකා නාට්‍ය ඉන් කිහිපයකි.ඔහුම නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ ‘කැප්ටන් කූල්’ වැනි වේදිකා නාට්‍ය මෙරට මෙන්ම විදේශයන්හීද අති සාර්ථක ලෙස වේදිකා ගත විය. මීට වසර කිහිපයකට පෙර පැවති ‘දෙරණ’ සම්මාන උලෙළේදී හොඳම විකට නළුවාට හිමි සම්මායෙන් ඔහු පිදුම් ලද අතර ටෙනිසන් කුරේ තම රංගන දිවිය තුළ ලද ප්‍රථම සහ එකම සම්මානය එය විය. සිනමා අධ­්‍යක්ෂකවරයෙකුද ලෙස ඔහු අධ්‍යක්ෂනය කළ එකම චිත්‍රපටය වූයේ 2011 වසරේදී තිරගත වූ ‘තෑන්ක් යූ බර්ටි’ චිත්‍රපටයයි. සිනමාව පමණක් නොව වේදිකාවද සිනා සාගරයක් බවට පත් කිරීමට සමත්වූ ඔහු මිය යන විට 68 වන වියේ පසු විය. සිනමා ලොව සහ ඉන් එහා සාමාන්‍ය දිවිය තුළද ‘ටෙනි අයියා’ නමින් කා අතරත් ප්‍රියමනාප චරිතයක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාට ඔහුගේ ආගම අනුව මොක් සුව පතමු.

දර්ශ කපුගේ

 

මන්දා මරණයේ දොරටුව ඉබේ ඇරේ

බන්දා සිනහ සොම්නස හැම මුවක් කෙරේ

රන්දා මතක වැහුණයි නළුවෙකුගෙ තිරේ

කැන්දා කඳුළු නික්මිණි, ටෙනිසන් ද කුරේ

මනෝරි කෞෂි දිසානායක

 

 

සංගීතයට තාක්ෂණය මුසු කළා

$
0
0
සැප් 29, 2020 01:00

ආචාර්ය රෝහණ වීරසිංහ

අපේ ගීත නීත්‍යානුකූල නොවන අන්දමින් වෙනත් පුද්ගලයින් මේ වන විටත් යොදාගෙන. ඒ  අවභාවිතාව තුළ බොහෝ දෙනා අපේ ගීත මේ වන විටත් ඔවුන්ට මුදල් ගෙවා  ලබාගෙන.

ආචාර්ය රෝහණ වීරසිංහ සුභාවිත ගීතය මෙන්ම සිංහල සිනමා ගීතය හා ටෙලි නාට්‍ය ගීතය තුළ රූපක මැවූ නූතන ප්‍රතිභාන්විත සංගීතවේදියායි. ඔහු නව මාධ්‍ය සම්ප්‍රදායට ප්‍රවිෂ්ටව අන්තර්ජාල මාධ්‍ය තුළ කෙටි කලකින් වඩාත් ජනප්‍රිය සංගීතමය යූ ටියුබ් නාලිකාව බවට පත්වීම ලාංකේය සංගීත කලාවට මහත් වූ අස්වැසිල්ලකි. මේ පිළිබඳව ඔහු හා කළ පිළිසඳරකි.

 ඔබේ නමින්ම අන්තර්ජාල යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරන්නට අදහස ආපු තැනින් කතාව ආරම්භ කරමු?

සංගීත ක්ෂේත්‍රය කාලානුරූපව තාක්ෂණයත් සමඟ මුසුවන මාධ්‍යයක්.

කාලානුරූපව සන්නිවේදන මාධ්‍ය පුළුල් වීමත් සමඟ ශ්‍රාවකයන්, ප්‍රේක්ෂකයන් කළින් කලට ඒ වෙනස් මාධ්‍යයන් සමඟ එකතු වෙනවා. කාලෙකදි ග්‍රැමෆෝන් තැටිය ජනප්‍රිය වුණා. පසුව කැසට් පටය ජනතාව අතරට ආවා. ඉන් අනතුරුව සංයුක්ත තැටි ජනප්‍රිය වුණා. අද නව මාධ්‍ය පැමිණීමත් සමඟ අන්තජාල සමාජ මාධ්‍ය බොහෝ සේ ප්‍රචලිතයි .

වර්තමාන පරපුර තමන්ගේ ජංගම දුරකතනය හරහා සංගීතය ඇතුළු අනෙකුත් කලාවන් එක්ක ගොඩනගාගෙන තියෙන ගනුදෙනුව බිඳින්න බැරි තරම්.

යූ ටියුබ් නාලිකාවක වැදගත්කම මුලින්ම කතාබහ කළේ නව පරපුරේ සංගීතඥයන් වන භාතිය හා සන්තුෂ්, සංගීත් වික්‍රමසිංහ, සහ සනුක වික්‍රමසිංහ වගේ තරුණයන්.ඔහුන්ගේ පෙළඹවීමත් සමඟ මගේ පරිගණක තාක්ෂණවේදයා මේ කටයුත්ත ආරම්භ කළා.

කෙටි කාලයක් තුළ යූ ටියුබ් නාලිකාව ඉදිරියට ගෙන එන්නට අපට හැකි වෙනවා.

අන්තර්ජාල භාවිතය පිළිබඳව උනන්දුවක් ඇති වෙන්න අනෙක් හේතුව මගේ ලොකු පුතා පරිගණක තාක්ෂණවේදය ලෙස කටයුතු කිරීම. මේ වන විට ඔහු ඔස්ට්‍රේලියානු රජයේ පරිගණක අංශයේ රැකියාව කරනවා. පුතා ඔහුගේම මිතුරකු වන පරිගණක තාක්ෂණ ශිල්පියෙක් අපට මේ වැඩේට හඳුන්වලා දෙනවා.

මේ කර්තව්‍යයේ ආරම්භය තුළම ඔබ සාර්ථකත්වයක් බලාපොරොත්තු වුණාද ?

ඒ තරුණ සංගීතවේදීන් නිතරම මාව දිරිමත් කළා.

"සර් ළඟ හොඳ නිර්මාණ එකතුවක් තියෙනවා.ඒ අතරින් ජනප්‍රිය නිර්මාණ තෝරාගෙන මේ නාලිකාවට එකතු කරන්න"කියලා. ආරම්භයේදී යු ටියුබ් ආයතනය අපිට ලබා දුන්නේ පරිවාස කාලයක්.

ඔවුන් විමසිල්ලෙන් සිටිනවා මේ නාලිකාවට ප්‍රතිචාර දක්වන්නන් ගැන. ඒ වගේම ඔවුන්ගේ කොන්දේසි කීපයක්ම තියනවා.

ඒ සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපේ චැනලය ඔවුන් පිළිගන්නේ.

මුල් අදියරේ අපට මුදල් වියදම් කරන්නට සිදුවෙනවා.

ගීත නිර්මාණය කරගන්න, රූප රචනා හදාගන්න, නිර්මාණ අප්ලෝඩ් කරන්න.

ඒ සියල්ල අපි කළා.

මාස හතකට පසුව කිසියම් ආදායමක් ලබන්න අපට ඉඩක් ලැබුණා. මෙම නාලිකාවෙි ගීතයක් නරඹපු පමණින් අපිට මුදල් ගෙවීමක් සිදු වන්නේ නැහැ. ඒ සඳහා කිසිවකු විසින් ගීතය බාගත යුතුයි.

මේ කටයුත්ත සාර්ථක කරගන්න පරිගණක තාක්ෂණ ශිල්පියෙකුගේ සේවය අනිවාර්යෙන් අපට යොදන්න වෙනවා.රනුර

මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනා ඔහු තමයි මේ ක්‍රියාවලිය පිටුපස හිටියේ. විදෙස් රටවල ඉන්න අපේ රසිකයන් අපේ ගීත වලට වඩාත් ප්‍රිය කරනවා.

ඇතැම් අපේ ගීත නීත්‍යානුකූල නොවන අන්දමින් වෙනත් පුද්ගලයින් මේ වන විටත් යොදාගෙන .ඒ අවභාවිතාව තුළ බොහෝ දෙනා අපේ ගීත මේ වන විටත් ඔවුන්ට මුදල් ගෙවා ලබාගෙන.මේ තත්ත්වයන් මග හැර ගන්නත් අපිටම කියලා අනන්‍ය යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගැනීම වැදගත් කියන එකයි මම කල්පනා කලේ.

මොන වගේ ගීත ද මේ වන විට එකතු කරන්නට කටයුතු කළේ ?

යූ ටියුබ් මාධ්‍ය ගීත අහන වගේම බලන්නත් පුරුදු වුණ මාධ්‍යයක්. ඒ නිසා ශ්‍රව්‍ය දෘශ්‍ය ගීත එකතු කිරීම අංගයක් ."සුදු මුදු රළ පෙළ"ප්‍රසංගයේ අලුතින් නිර්මාණය කරපු වීඩියෝ එකතු කරන්න අවස්ථාව ලැබුණා .

ඒ වගේම ගායනවේදී ලක්ෂ්මන් විජයසේකරගේ ගේ "සඳ කිනිති නැමී"ප්‍රසංගයේ ගීත කීපයක්ම ඔහු මට ලබා දුන්නා.ඇතැම් ගීත සදහා අපි අලුතින් රූප රචනා නිර්මාණය කළා.

ඒ අතර නන්දා මාලිනී ගයන ගීත නිර්මාණය කළා. "වලා තීරයෙන් එහා"ගීතය යොවුන් දැරියක් ලවා ගයනා කරවීම අාදිය මෙහි ජනප්‍රිය වුණා.මේ වගේ බොහෝ ගීත එකතු කරලා තියෙනවා.

මේ සියල්ලටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම තමයි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ජනප්‍රියම නාළිකාව බවට පත්වන්නේ. විශේෂත්වය වන්නේ මාස දහයක් වැනි කෙටි කලකදී මෙවැනි ජයග්‍රහණයක් ලැබීම. එය සතුටට කාරණයක්.

සංගීත නිර්මාණකරුවකු විදිහට ඔබ ආ ගමන් මගේ මෙය එක්තරා සන්ධිස්ථානයක් නේද?

කිසියම් ආකාරයකට විශාල පිරිසක් වෙත එක මොහොතකින් ප්‍රවේශ වෙන්න පුළුවන් සන්නිවේදන මාධ්‍යයක්.

සංගීත නිර්මාණකරුවා විදිහට. එතැනදි මාත් එක්ක එකතු වෙන පද රචකයා ගායකයා අමතක කරන්නට මට බැහැ. එනිසා මෙහිදී කිසියම් ආදායමක් ඒ නිර්මාණකරුවන් සියලු දෙනාට සාධාරණ ලෙස බෙදී යන ආකාරයේ වැඩ පිළිවෙළක් ආරම්භ කළා. එය විනිවිද භාවයෙන් යුතුව කරන්නයි මට අවශ්‍ය.

මුලික අදියරේ වැඩ කොටස වෙනුවෙන් යෙදවු මුදල් වෙන්කර අනාගතයේ ලැබෙන ප්‍රතිලාභ සාධාරණත්වයකින් යුතුව බෙදී යන්නට කටයුතු කරන්නයි මට අවශ්‍ය නිර්මාණකරුවෙක් ලෙස ඒ මගේ හෘදය සාක්ෂියට එකඟව ගත්ත තීරණයක්.

අන්තර්ජාලයේ ලැබෙන ඉඩකඩ වෙන් වන්නේ ඔබට අනන්‍ය ගිණුමක් ලෙසයි?

එය තමයි මෙහි තියෙන විශේෂත්වය.

නිර්මාණ එයට එකතු කළාට පසුව.

ඔවුන් පිළිගනු ලබනවා මේ නිර්මාණය හිමිකාරිත්වය අප සතු බව. ඒ හරහා අපේ නිර්මාණ වෙනත් අයකු මංකොල්ල කෑමකට ලක් කරන්න කටයුතු කළොත් අන්තර්ජාලයෙන් එය ඉවත් කරන්නට හැකියාව තියෙනවා.වර්තමානයේ සාම්ප්‍රදායික ජනමාධ්‍යවල පවා අපේ නිර්මාණ එලෙසින්ම සංරක්ෂණය වීම සිදුවෙනවා යයි අපට සහතිකයක් නෑ.

ඒත් මේ නාලිකාව හරහා අනාගතයේ ඕනෑම අයකුට අපේ නිර්මාණය අහන්න දකින්න පහසුවෙන් හැකි වේවි.

 

 

ගාමිණී ෆොන්සේකා ගුණ සමරුව

$
0
0
සැප් 29, 2020 01:00

හෙළ සිනමාවේ සක්විති ඔහුය. මෙරට සිනමාවෙන් බිහිවූ විශිෂ්ඨතම රංගවේදියා ඔහුය. ගාමිණී ෆොන්සේකා නමින් රිදී තීරය මත පෙළහර පාමින් සදාතනිකව අප හදවතේ ලැගුම් ගත් හේ 1936 වසරේ මාර්තු මස 20 උපත ලැබීය. වාණිජ සේම කලාත්මක සිනමාව තුළ චරිතාංග රංග නිරූපණයේ යෙදුණු ගාමිණී ෆොන්සේකා සරසවි, ජනාධිපති වැනි සම්මාන ගණනාවකින් පිදුම් ලැබ 2004 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින දිවියෙන් සමු ගත්තේය. ඔහු සිනමා රසිකයන්ගෙන් සමුගෙන මේ මස 30 වැනිදාට වසර දහසයකි. මෙය නිමිති කරගෙන ජාතික චිත්‍රපට සංස්ථාවේදී ගාමිණී ෆොන්සේකා ගුණානුස්මරණ උත්සවයක් පවත්වනු ලැබේ. එදින වැඩසටහන අවසානයේදී ඔහු රඟපෑ ‘පරසතුමල්’ සිනමාපටය තිරගත වේ. එය චිත්‍රා බාලසූරි‍යගේ නිෂ්පාදනයකි.

 

‘නෑනාලා’ ජාතික රූපවාහිනියට

$
0
0
සැප් 29, 2020 01:00

නාලන් මෙන්දිස්ගේ නවතම ටෙලි නිර්මාණය ‘නෑනාලා’ ඔක්තෝබර් 05 දින සිට රාත්‍රී 8.30ට සතියේ දිනවල ජාතික රූපවාහිනියෙන් ප්‍රේක්ෂක ඔබ වෙත තිළිණ කිරීමට නියමිතව ඇත. යශෝධා විමලධර්ම, ජනක කුඹුකගේ, රම්‍යා වනිගසේකර, ගීතා කාන්ති ජයකොඩි, පූජානි භාග්‍යා, ලයනල් වික්‍රම, වසන්ත කුමාරසිරි, වසන්ති රංවල, රොෂාන් පිලපිටිය, රුවන්ගි රත්නායක, බුද්ධික ලොකුකැටිය, හිරුණි රණසිංහ, අසංග පෙරේරා, දමයන්ති ෆොන්සේකා, නිර්ධා උයන්හේවා, දිලුම් විජේසිංහ, ජගත් ඇපලදෙණිය, කුමාර වදුරුස්ස, ඇන්ටන් කුරේ ආදී රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වේ. මෙහි රූපවාහිනී රචනය සුනන්ද සිල්වාගෙනි. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. කැමරාකරණයෙන් ඉන්දික ලක්මාල් ද, සංස්කරණයෙන් තිලංක නිරංජන බණ්ඩාර ද දායක වෙයි. සුරංග ප්‍රදීප් කලා අධ්‍යක්ෂණයෙන්ද, ෂනිල් වැලිවිටවිතානගේ අංග රචනයෙන් ද, උදය ප්‍රසන්න සහය අධ්‍යක්ෂණයෙන් ද, සම්පත් නිශාන්ත ප්‍රදීප් නිෂ්පාදන කළමනාකරණයෙන් ද දායක වෙයි. ‘නෑනාලා’ බුද්ධික ලොකුකැටිය සහ හිරුණි රණසිංහගේ නිෂ්පාදනයකි.

 


‘Nice to meet you’

$
0
0
සැප් 29, 2020 01:00

බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ 2019 අන්තර් රාජ්‍ය සේවා කෙටි නාට්‍ය උලෙළේ විශිෂ්ටතම කෙටි නාට්‍යය ඇතුළු සම්මාන 8ක්, Nice to meet you නාට්‍යය සඳහා හිමි විය. එහිදී විශිෂ්ටතම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, හොඳම නළුවා සහ නිළිය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම රංග වින්‍යාසය, හොඳම පසුතල නිර්මාණය යන අංශ සම්මානයට පාත්‍ර විය. මෙහි හොඳම නළුවා ලෙස තිළිණ හෙයියන්තුඩුවත් හොඳම නිළිය ලෙස නයනතාරා සඳමාලි සිල්වාත් සම්මාන ලදහ. නාට්‍යය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ආචාරිනි උපනන්දනි කත්‍රිආරච්චි විසිනි.

පසිඳු මිහිරාන් රැටියල

කුකුළේ ග‍‍ඟේ සිනා හඬ

$
0
0
සැප් 30, 2020 01:00

සීතල පිනි කැට, හෙමි හෙමි­හිට මිහි­කත සිප ගනී. ගත දැව­ටෙන සීතල සුළං, හී ගඩු පුබු­ද­මින් ඇත. විටින් විට ඇසෙන කුරුලු කෙවි­ල්ලන්ගේ නාදය, සිතට අමු­තුම මිහි­රි­යා­වක් එක් ක­රයි. ගස් අත­රින් හීන් සීරුවේ ඇදී එන සුළං දහරා, තුරු පත් මත දැව­ටෙ­මින් නං වන මුදු ස්වරය, සවන් පත් මත විටින් විට තැව­රෙයි. පරි­ස­රයේ මිහි­රි­යාව අත් විඳි­මින් අපි මේ වන විට කොළො­ම්තො­ටින් නික් මී බොහෝ දුරක් ගොස් ඇත. කළු­තොට සර­සන දිය ඇලි කොම­ලි­යන් අත­රින් සුන්ද­රම දිය ඇල්ලක් වන අහ­ස්බෝක්කු ඇල්ල සොයා යාම අපගේ වෑයම වෙයි. 

මතු­ගම - බදු­ර­ලිය සිට කල­වාන පාරේ අත්වැ­ල්තොට පසු කර මඳ දුරක් ගිය අපි, මඟ­තොට විසූ­ව­න්ගෙන් දිය ඇල්ල පිළි­බඳ තතු විම­සු­වෙමු. අහ­ස්බෝක්කු ඇල්ලට යන මාවත සොය­මින් ඉදි­රි­ය­ටම ඇදුණු අපි, එතැන් සිට කිලෝ­මී­ටර් පහක් පමණ දුර ගෙවා ගොස්, අඹ­තැන්න පාලම වෙත ප්‍රවිශ්ට වීමු.  එය පුංචි පාල­මකි. ඒ අස­ලින් වමට ඇති කුඹු­ර­හේන නමැති පාරේ කිලෝ­මී­ටර එක­හ­මා­රක් පමණ ගමන් ගත්තේ, ගම්වැ­සි­ය­න්ගෙන් මඟ­තොට විම­සා­ල­මිනි. ඒ යන අත­ර­තු­රේදී, ඈතින් ඇසෙන දිය ඇල්ලේ ජල පහර නඟන හෝ නාද­යත් සමඟ අපි  විම­සි­ලි­මත් වූයෙමු. ඒ, ඇල්ල ඇති ඉසව්ව නිශ්චි­තව සොයා ගැනීමේ අර­මුණ ඇති­වය. දැවැන්ත ගස් අත­රින් පහ­ළට ඇදී යන දිය ඇල්ල, ගමන් ගන්නා මාර්ග­යට නොපෙනේ. ඒ වෙත සමීප වීම සඳහා, බෑවුම් සහිත කැලෑ­වක් මැදින්, රූස්ස ගස් අත­රින් පහ­ළට බැස යා යුතුය. ගල් වැටි දමා සකසා ඇති බෑවුම් ඉඩ­මක් මැඳින්, ගස් අතු­වල, වැල්වල එල්ලෙ­මින්, ගල් මුල්වල පය පැටලි පැටලී, දිය සෙවල බැඳුණු ගල් මත පා තබ­මින්, පය ලිස්ස­මින් ඒ වෙත පැමිණි අප හට දක්නට ලැබුණේ, නෙතු සර­සන, අති­ශ­යින්ම මන­ස්කාන්ත දිය ඇල්ලකි. හෝ හඬ නංව­මින්, මහා ජල කඳක් ලෙසින් සීතල දිය දහරා ගලා හැලෙනා ඇල්ල දුටු විට, ගමන් විඩාව ද, දිය ­ඇල්ල වෙත පැමි­ණීමේදී ලද සියලු කටුක අත්දැ­කීම් ද දුරු වන්නට විය.

අහ­ස්බෝක්කු ඇල්ල , අඹේ­ගොඩ දිය ඇලි දාම­යට අයත්ය. මෙහි දිය දහරා, ඉත්තක් සේ තනි කෙළින් පහ­ළට කඩා හැලේ. උසින් මීටර් 30ක් පමණ වන මෙය, කුකුළේ ග‍‍ඟේ අතු ගංගා­ව­කින් පෝෂ­ණය වේ.

මෙය, කුඩා වන ලැහ­බක සැඟ වී ඇති අප්‍ර­සිද්ධ දිය ඇල්ලක් ලෙස ද හැඳි­න්විය හැකි ය. අත්වැ­ල්තොට අහස්බෝක්කුව අසල, මඳක් ඇතු­ළට වන්නට පිහිටා ඇති නිසා, මේ ඇල්ලට අහ­ස්බෝක්කු ඇල්ල ලෙසින් නම යෙදී ඇත. ප්‍රධාන මාර්ග­යෙන් ඈතට වන්නට පිහි­ටිය ද, කළු­තර දිස්ත්‍රි­ක්කය සර­සන අපූරු මෙන්ම සුන්ද­ර­ත්ව­යෙන් පිරි­පුන් දිය ඇලි කොමලියක් ලෙස අහ­ස්බෝක්කු ඇල්ල හැඳි­න්විය හැකිය.

අඹ,කොස්, පුවක්, නා, කැන්ද, බට, උණ, කරු­වල, මැහෝ­ගනී, වල්දෙල්, බක්මී, සපු, තේක්ක, රත්මල් වැනි විවිධ ශාක­ව­ලින් බහුල අපූරු වන ගොමු­වක් මැද පිහිටි අහ­ස්බෝක්කු ඇල්ල, අප්‍ර­මාණ සිසි­ල­සක් බෙද­මින්, වන මැදට සුන්ද­ර­ත්වය එක් කර­මින්, ගම්පි­ය­සට අමුතු ජීව­යක් එක් කර­ලයි. මේ බිම්පෙත, කෑදැත්තා, මයිනා, ගිරවා, ගිරා­ම­ලිත්තා, දෙමළිච්චා, ඇටි­කු­කුළා, වඳුරා, හාවා ඈ නෙක් වන සතුන්ගේ රජ දහ­නකි. පෙන බුබුළු නඟ­මින්, සිසිල් දිය බිඳිති විසු­රු­ව­මින් ගලා යන මෙහි දිය කඳ, අමු­තුම සුන්ද­ර­ත්ව­යක් විදහා පාන්නේ, අහ­ස්බෝක්කු ඇල්ල­ටම ආවේ­ණික හැඩ­යක් මව­මිනි.

වන මලින් ගැව­සී­ගත්, වැල, වරකා සුව­ඳින් නැහැය පුබු­දන අමු­තුම වන පිය­සක ඇති මේ දිය ඇල්ල, සොබා­දම් මෑණි­යන් අප වෙත තිළිණ කර දුන් අපූ­ර්ව­තම දායා­ද­යකි. අමිල සම්ප­තකි. වන පියස සිසාරා යමින් කුරුලු, කෙවි­ල්ලන්ගේ නාදය විටින් විට ඇසෙන මුත්, ඒ හඬ දිය දහ­රාවේ හඬ සමඟ යට­පත්ව යන්නේ නිමේ­ෂ­ය­කිනි. ගතට සිසි­ල­සක් ලැබ­ දෙන මේ අපූරු දිය ඇල්ල, කළු­තර දිස්ත්‍රි­ක්කයේ ඇති දිය ඇලි අත­රින් උසම දිය ඇල්ලකි. 

අනෙ­කුත් දිය ඇලි අත­රට යන විට, එහි සුන්ද­ර­ත්වය විඳ­ ගැ­නී­මට බොහෝ­විට හැකි­යා­වක් නැත්තේ, සුන්ද­ර­ත්වය විඳී­මට ගොස් පරි­ස­රය අප­විත්‍ර කර පැමි­ණෙන මිනි­සුන් නිසාය. එහෙත්, මේ දිය ඇල්ල වෙත යාම අති­ශ­යින්ම දුෂ්කර බැවින්, ඇල්ල අසල පරි­ස­රය අප­විත්‍ර වී නැත. මිහි­ලි­යට, ඒ ගැන දුක් වන්නට නම් කාරණා නැත. 

පැය ගණ­නක් ඇල්ල අස­ලට වී සිත් සේ එහි සුන්ද­ර­ත්වය නැරැඹූ අපි, හිරු රැස් ගිනි­යම් වන යාමයේදී ඉන් නික­මුණේ, ඉහ වහා ගිය සතු­ටක් හිතේ රඳවා ගනි­මිනි.

 ඉරෝ­ෂිණී දීපිකා

ඡායා­රූප - ආකාශ් 

ඉරිඳු ප්‍රභාත්

 

වලවේ කුමරියගේ මධුසමය

$
0
0
සැප් 30, 2020 01:00

කෝමල හස­රැලි පාමින් ඈ තව­මත් ලැසි ගම­නේය. අති පාරි­ශුද්ධ සම­නොළ ගිරි සිර­සින් ගමන ඇරඹු ඇයට තව­මත් විඩා­වක් නැති ගානය. විවිධ තරා­ති­ර­ම්වල මිනි­සුන්ට සතා සීපා­වුන්ට සිසි­ලස බෙද­මින් අනේක විධ මල්වල සුවය සුවඳ විඳිමින් ආ මේ ගමන ඇය මෙනෙහි කර­මි­න් ස­තුටු වන්නීය. මේ මොහො­ත­ ව­න­විට අපේ කතා නායි­කාව කිලෝ­මී­ටර එක­සිය තිස් අටක් සියලු දන වෙත සිහිල බෙද­මින් පැමිණි ගමනේ අව­සන් කිලෝ­මී­ටර එක­හ­මාර ගෙව­මින් හිඳින්නීය. සෞම්‍ය නිල් දිය රැළිති ඒ මේ අත වපු­රු­ව­මින් ඈ ඉදි­රි­ය­ටම ඇදෙන්නේ සතුටු සිතිනි. උපතින්ම ඇයට වලව ලෙස නම් ලැබී ඇත. තව විනාඩි කිහි­ප­ය­කින් වලවේ ගං කොමලී සයුරු කුමරු අත ගැනී­මට නිය­මි­තය. එනිසා වලවේ කුමාරී හිත පිරි සතු­ටිනි. ගිරි දුර්ග , සානු ,බඩ­වැටි, නිම්න, තැනි­තලා පසු­ක­ර­මින් සයුරු කුමරු සොයා වලවේ ගං කොම­ලිය බොහෝ දුර ගෙව්වාය. තවත් නොබෝ වේලා­ව­කින් ඒ උත්ත­රී­තර පවිත්‍ර ප්‍රේමය ජය­ගන්නේ ගොඩ­වාය නම් සුන්දර වෙරළේදී වලවේ ගං කොම­ලි­යත්, සයුරු කුම­රුත් එකි­නෙකා එක්වෙ­මින් සිප වැලඳ ගැනී­මෙනි. අප අද පැමිණ සිටින්නේ ඒ මංගල සිරිය විඳිනු පිණි­සය.

කොළ­ඹින් අධි­වේගී මාර්ග­යෙන් මාත­ර­ටත් එතැ­නින් අලං­කාර සමු­ද්‍ර­ා­සන්න මාර්ග­යෙන් තංගල්ල හරහා අම්බ­ල­න්තො­ට­ටත් පැමි­ණිය යුතුය. අම්බ­ල­න්තොට මං සන්ධි­යෙන් වාදු­රු­ප්පුව මාර්ග­යේ මේ විස්මිත , සුන්දර හරිත බිමට පැමි­ණිය හැකිය.

එතැන් පටන් ඔබ සූදා­නම් විය යුත්තේ අසි­රි­මත් ආර­ක්ෂිත  බෝට්ටු සවා­රි­ය­ක­ටය.ඒ වලව ගං කොම­ලිය සමු­දුරු කුමරු අත ගැනී­මට මොහො­ත­කට පෙර මවන සැණ­කෙළි සිරි විඳිනු පිණි­සය.

පරි­සර භාව­නා­නු­යෝගී අය­කුට හිත නිවා සන­සා­ලන අර­ණක් බඳු මේ හරිත පින් බිම කුරු­ල්ලන් පිළි­බඳ අධ්‍ය­යනය කර­න්න­කුට කදිම තෝතැන්නකි. ඕනෑම තරා­ති­ර­මක පරි­ස­රය විඳි­න්නන් වෙනු­වෙන් මිහි­ලිය මැවූ සුන්දර බිම ඔබෙන් බලා­පො­රොත්තු වන්නේ නිහඬ බව පම­ණ­ක්මය. ස්වයං වාර­ණ­ය­කින් අප මේ ගමන ඇර­ඹිය යුතුය. පළ­මුව ඔබ ආර­ක්ෂිත කබාය පළ­ඳා­ගත යුතු­මය. ගමනේ මඟ පෙන්වන්නා දැන් මේ පරි­සර පද්ධ­තිය ගැන අප දැනු­ම්වත් කරන්නේ ගම­නෙහි සුන්ද­ර­ත්වය ගැන කුහුල දැඩි කර­මිනි.මේ ගමන පැය 4ක් හෝ ඊට වැඩි­වන බැවින් අප සංවි­ධාන ගත­වීම වැද­ගත්ය. උදෑ­ස­නම ගමන ඇරැඹූ බැවින් අප ආහාර පාන ආදිය බෝට්ටු­වට පටවා ගැනී­මට වග­බලා ගත්තෙමු.

දැන් ගම­නට සියල්ල සූදා­නම් බව අපට සන් කරන්නේ මඟ පෙන්වන සිරි­සෝම විසිනි. ළහිරු කිර­ණින් අත්‍යා­ලං­කාර වූ  ඒ ගඟ මඟෙහි අප සුව­දා­යක ගමන අරඹමු.

මීට පෙර කිසිදු සංචා­ර­යක අප නොදුටු අපුරු පරි­සර පද්ධ­තිය පෙනෙ­න්නට පටන් ගන්නේ පට්ටිය වරාය තොටු­ප­ළෙන් බෝට්ටුව දියත් වීමත් සම­ඟය. එතෙක් මෙය සාමාන්‍ය බෝට්ටු සංචා­ර­යකැයි සිතා සිටි ඕනෑම අය­කුගේ සිතට බෝට්ටුව දියත් වී විනාඩි කිහි­ප­යක් ගත වන්නට දැනෙන්නේ වෙනස්ම වු පහන් හැඟීමකි. ආන­න්ද­නීය වින්ද­න­යකි. අප මේ මොහොතේ ඒ ඉමි­හිරි සුවය විඳි­මින් සිටි­න්නෙමු.

ඉතා­මත් ඉහළ පාරි­ස­රික වටි­නා­ක­මක් ඇති මේ පරි­සර පද්ධ­තිය තුළ ජලය ආශ්‍රිත පක්‍ෂීන් බොහෝ ප්‍රමා­ණ­යක් නිරී­ක්‍ෂ­ණය කිරී­මට පරි­ස­රය අපට ඉඩ හිමි­කොට දී තිබේ. අහි­කාවා, සුදු­මැදි කොකා, මහ­කොකා, ඇලි කොකා, අළු කොකා, පලා­කොකා, රෑකොකා, කහ­බොර මැදි කොකා මෙන්ම කණ කොකුන්ද මේ ගම­නේදී ඔබට මට හමු­වෙයි. එමෙන්ම හිස කළු කෑඳැත්තා, ආසියා විවර තුඩුවා, දිය­කාවා, කුස ඇලි සයු­රු­පියා උකුස්සා, රජ අළු හිස් මසුරු පියා උකුස්සා, සර්ප පියා උකුස්සා මෙන්ම බමු­ණු­පියා උකුස්සා ද අඩු වැඩි වශ­යෙන් මේ ගම­නේදී නිරී­ක්‍ෂ­ණය කිරී­මට වරම් ලැබේ. ඇතැම් විටදී කැම­රාව මාන ගැනී­මට පෙර හී තුඩක වේග­යෙන් තුරු සිර­සක සිට ඈත  වදු­ලක් වෙත පියා­ස­රන මේ පක්‍ෂීන්  අපේ නිහැ­ඬි­යාව බලා­පො­රොත්තු වන්නේ ඔවු­නගේ සාමාන්‍ය ජීවි­තය නිජ බිම තුළ ගෙවා දැමී­ම­ටය. මදක් නිහ­ඬව සිටින්න පරි­ස­රය මවන අපූරු ගී අපට ඇසේවි.

ඔවුන්ගේ රාජ­ධා­නි­යට ඇතුළු වී ඔවුන්ගේ අලං­කා­ර­ත්වය තුළ වින්ද­නය ලබ­මින් ඔවු­නට බාධා කිරීම වෙනු­වට අපි යට­හත්ව පහත්ව ඉදි­රි­ය­ටම ඇදෙමු. පක්‍ෂීන්ගේ රජ දහ­නක් ලෙස පරි­ස­රය පිළි­බඳ උනන්දුවක් දක්වන කාගේත් අව­ධා­නය දිනා­ගත් මේ වලවේ මිටි­යා­වත කඩො­ලාන ශාඛා පිළි­බඳ අධ්‍ය­යනය කර­න්නෙ­කුට හොඳ විශ්ව විද්‍යා­ල­යකි. කිරල, තිල්ලන්, කටු ඉකි­රිය, වල් සුරිය, කුඹුරු, ලුණු මිදෙල්ල මෙන්ම වල්දෙල් වැනි දුලබ ශාඛ මේ ගම­නේදී නියත වශ­යෙන්ම හමු­වනු ඒකා­න්තය.

අපේ මව්බිම කොත­රම් පින්බර ද හිතෙන තර­ම­ටම මෙම සංචා­රය අපට සොඳුරු දසුන් එක් කර­ලයි. වලව ගඟ මුහුද සමඟ එක් වන මෙම සොඳුරු බිම් කඩ ඓති­හා­සික අතින්ද ඉතා වැද­ගත් ස්ථාන­යකි. පෙර­ රජ දවස ඉතා­මත් සශ්‍රීක වරා­යක් බවට ඉති­හා­සයේ ප්‍රකට ගොඩ­වා­යට ගොඩ­වී­මට ද මෙම ගම­නේදී අපට අව­ස්ථාව ලැබේ.ගොඩ­වා­යට යාබද ගෝඨ­ප­බ්බ­ථා­රා­මය ඒ ඉති­හා­සය පිළි­බඳ සාක්ෂි අපට පෙන්වා දෙයි.

ගෝඨ­යි­ම්බර යෝධයා විසින් ඉදි­ක­ර­වන ලද බව ජන­ව­හරේ කියැ­වෙන මෙම විහා­රයේ සෙල්ලි­පි­ය­කට අනුව 'වරා­යට සේන්දු­වන සෑම රුවල් නැව­කින්ම ලැබෙන මුද­ලින් කොට­සක් විහා­රයේ දියු­ණුව වෙනු­වෙන් පුජා කළ යුතු බවට ගජබා රජ­තුමා අණ කොට තිබු බව සොයා­ගෙන තිබේ. මේ සාක්‍ෂි අනුව මෙම ස්ථානයේ පෙර රජ දවස ඉතා­මත් සශ්‍රීක ගනු­දෙනු සිදු වු වරා­යක් තිබු බවට නිග­ම­නය කිරී­මට හැකි­වෙයි.

ගොඩ­වාය සංචා­ර­යේදී පරි­ස­රය,ඉති­හා­සය මෙන්ම භූගෝ­ලීය අතින්ද වැද­ගත්  බොහෝදේ දැක­බලා ගැනී­මට අපට අව­ස්ථාව උදාවේ.

බෝට්ටු සංචා­රයේ අව­සන අප ගොඩ­වන ගොඩ­වාය අභය භූමි­යට අයත් සමු­දුරු තීරය ඉල්ම­න­යිට්,රූට­යිල් මෙන්ම සර්කෝ­න් ව­ලින් අනුන  ලෝකයේ අති දුර්ලභ ඛණිජ එක­තු­ව­කින් සැදු­ම්ලත් වැලි­ ත­ලා­වකි. මේ සුන්දර වැලි තලාවේ නිද­හසේ සුසුම් හෙල­මින් මුහුදු දිය­වර සමඟ ක්‍රීඩා­වක යෙදී­ම­ටත් මෙම ගම­නේදී ඔබට මට වරම් හිමිවේ. එමෙන්ම මෙම සුදු වැලි­තලා මත ඔබ මොබ සැරි­ස­රන දුලබ කකු­ළු­වන් දැක­ගැ­නී­මට මේ සොඳුරු බිම තෝතැ­න්නකි. ඔබේ මව්බිමේ සමු­දුරු තීර අතර කැස්බෑ­වන් බහු­ලව ගැව­සෙන මේ අභ­ය­භූ­මි­යේදී කැස්බෑ­වකු දැක­ගැ­නීම ඔබ ගත­ක­රන කාලය අනුව තීර­ණ­ය වේ.

දුලබ පරි­සර පද්ධ­ති­යක මිහි­රි­යා­වත් ඉති­හා­සයේ සැඟ­වුණු බොහෝ තොර­තු­රුත් කඩො­ලාන පරි­ස­ර­යක චම­ත්කා­ර­යත් නොඅ­ඩුව විඳ­ගත හැකි ගොඩ­වාය ධීවර කර්මා­න්තය පිළි­බඳ දැන හඳුනා ගැනී­ම­ට ද කදිම තැනකි. මා දැල් ධීවර කර්මා­න්තය පිළි­බඳ දිගු ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන පට්ටිය වරායේ ගිමන් නිවා­ගැ­නී­ම­ට ද මඟ පෙන්වන්නා අපේ අව­ස­රය පතනු නිය­තය. අපගේ කැමැත්ත අනුව සංවි­ධා­නය වන මෙම ගං කොමළියේ ගමන මව්බිමේ අසි­රිය මෙන්ම ප්‍රෞඪ­ත්වය විඳි­න්න­ටත් ගැමි ජන ජීවි­තය දැක­බලා ගැනී­ම­ටත් කදිම සංචා­ර­යකි.

මේ සොඳුරු පරි­ස­රයේ දිනක් ගත කිරීමට කැමැති පරිසර ලෝලීන්ට වෙරළ සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් බංග­ලාව වෙන් කරවා ගත හැකියි.

එන්න! මේ සොඳුරු නොකි­ළිටි බිමට අපි විඩා­බර ජීවි­ත­යට මොහො­ත­කට සමු­දෙමු. මව්බිමේ අසි­රි­යට තව තවත් ළං වෙමු...

 චතුර ගීත­නාත් බණ්ඩාර

පුංචි ලෝකා­න්තයට දිගු ගමනක්

$
0
0
සැප් 30, 2020 01:00

දුංහිඳ, දිය­ලුම ඇල්ල, රාව­ණා­ඇල්ල, සොර­බොර, දඹාන  ආදී වූ  ස්ථාන ඌව පළා­තට පැමි­ණෙන දෙස් විදෙස් සංචා­ර­ක­යින්ගේ නෙත් සිත් වසඟ කර­වන ස්ථාන­යන්ය. එහෙත්  තව­මත් දෙස්, විදෙස් සංචා­ර­ක­යින්ගේ නෙත නොගැ­ටුණූ ස්ථාන රැසක්ම ඌව පළාතේ දක්නට ලැබෙයි.

පස්සර හා මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාශ මායිමේ පිහිටි මඩො­ල්සිම හා රෝබේරි වතු­යා­යන් අතර පිහිටි කුඩා ලෝකා­න්තය ද  ඌව පළා­තට පැමි­ණෙ­න්නන්ගේ නෙත­ඟට හසු විය යුතු එවැනි අප්‍ර­කට ස්ථාන­යකි.

මෙහි පැමි­ණෙ­න්න­කුට මාර්ග කීප­යක්ම භාවිතා කළ හැකියි. ප්‍රධාන මාර්ගය වන්නේ බදුල්ල නග­රයේ සිට පස්ස­රට පැමිණ එතැ­නින් පස්සර පිට­මා­රුව මාර්ගය ඔස්සේ මෙම ස්ථාන­යට කිලෝ­මී­ටර් 60 ක් පමණ දුර පැමි­ණී­මයි. 

එසේ නොමැ­තිව මහ­නු­වර සිට පැමි­ණෙන්නේ නම්, බදුල්ල රන්දෙ­ණි­ගල මාර්ගයේ  මීග­හ­කි­වුල නග­ර­යට පැමිණ එතැ­නින් පිට­මා­රු­වට ගොස් මෙම ස්ථානය වෙත යා හැකියි. මීග­හ­කි­වුල නග­රයේ සිට කිලෝ­මී­ටර් 35 ක් පමණ ගමන් කළ යුතු අතර එම මාර්ගයේ යා හැක්කේ යතුරු පැදි ජීප් රථ ආදී වාහ­න­ව­ලට පම­ණක් බව ද සිහි තබා ගත යුතුය.

මෙම කුමන මාර්ග­යක් ඔස්සේ ගමන් කළ ද ගමන් ගන්නා මඟ දෙපස පිහිටි තේ වතු දිය කඩිති, පිටි­සර ගම්මාන, කුඩා දිය ඇලි නිසා කිසිදු වෙහෙ­ස­කින් තොරව ගම­නා­න්තය කරා ළඟා විය හැකි බව ද සිහි­පත් කළ යුතුය .

ගමන අත­ර­තු­රදී මෙරට ප්‍රථම අග­මැ­ති­ව­ර­යාගේ නමින් නම් කොට ඇති, එතු­මන්ගේ රුවට සමාන දැවැන්ත ගල් ශිඛ­ර­යක් වන ඩී. එස් ගල හෙවත් කොකා­ගල නැර­ඹිමේ අව­ස්ථා­වද ඔබට හිමි වනු ඇත.

කුඩා ලෝකා­න්තය නර­ඹිම සඳහා එත­රම් දුරක් පා ගම­නින් යා යුතු නොවන  අතර  ප්‍රධාන මාර්ගයේ සිට එයට ඇති දුර මීටර් 50 කටත් අඩුය.

එක්ව­රම පහ­ළට විහිද ගිය එහි බෑවුම අඩි 1250 ක් පමණ වන අතර දර්ශන පථය  සැත­පුම් සිය ගණ­නක් දක්වා විහිද යයි.මෙම ස්ථානයේ සිට බැලූ විට බිබිල - මහි­යං­ගණ මාර්ගය ඇතුළු මාර්ග ගණ­නා­වක් මෙන්ම වැව් හා ජලාශ රැසක් ද නිරී­ක්ෂ­ණ­යට හසු වෙයි.

මෙහි එක් පසෙ­කින් දර්ශණ පථය අම්පාර මඩ­ක­ල­පුව නැගෙ­න­හිර වෙරළ තීරය දක්වා විහිද යන අතර, අනෙක් පස මහි­යං­ගන පොලො­න්න­රුව තෙක් විහිද යයි. මිහි­දු­මින් ඉඳ හිට එල්ල­වන බාධා­වන් හැරුණු විට ඔබේ  රස වින්ද­න­යට මේ පාරා­දි­ස­යේදී යම් බාධා­වක් එල්ල­වන්නේ නම් ඒ ඉඳ­හිට වතු කම්ක­රු­වෙ­කුගේ මුවින් නික්මෙන හු හඬ­කින් පමණි. 

නුව­ර­එ­ළියේ පිහිටි මහා ලෝකා­න්ත­යට යද්දී දැනෙන තරමේ දැඩි ශීත­ලක් නොවූ­වද මෙහි ඇති සෞම්‍ය දේශ­ගු­ණය සැබැ­වින්ම ආශ්වා­ද­ජ­න­කය.

පුංචි ලෝකා­න්තයේ තුන් පසෙ­කින්ම ඇත්තේ බැලූ තෙක් මානයේ විහිද යන සුන්දර තේ වගා­වන්ය. ඉහළට වැඩී ගිය ගස් සහිත බිම්තී­රු­වද, නෙල්ලි කහට ඇඹු­ල්පේර ආදී වූ ගස් සහිත පතන් බිම ද මෙම බිම්තී­රු­වට ගෙන එන්නේ මනා සුන්ද­ර­ත්ව­යකි.

 මෙම ස්ථානයේ සිට මීටර් සිය­යක් පමණ ඈතට වන්නට මෙවැ­නිම තවත් ලෝකා­න්ත­යක් පිහිටා තිබුණ ද බොහෝ දෙනකු මෙහි රැදී සිටී­මට වඩාත් ප්‍රිය කරති. කල­කට පෙර මෙහි කොට­ස්වල කුළු හර­කුන් සිටි බව අවට ගම්මා­න­වල පිරිස් පැවැ­සුව ද අද වන විට මේ සත්ත්ව විශේ­ෂය වද වී ගොසිනි. එහෙත් මෙහි පැමි­ණෙ­න්න­කුට වලි කුකු­ළන්, ඌරන්, මුවන්, ගෝනුන්, හාවුන් වැනි සතුන් දැක බලා ගැනීමට එත­රම් අප­හ­සු­වක් නොවනු ඇත.

එසේම මෙහි ඇති ගහ කොළ මත නිද­හසේ සැරි සරන කුරු­ල්ලන් විශේෂ රැසක් ද නැර­ඹී­මට ඔබ වාස­නා­ව­න්තය.එසේම විවිධ වර්ගයේ ශාඛ, ඔසු පැළෑටි ආදිය පිළි­බඳ හදා­ර­න්නන්ට ද මෙය කදිම තෝතැ­න්නකි.

ඔබ මෙහි පැමි­ණෙන්නේ නම් අනි­වා­ර්ය­යෙන්ම අව­ශ්‍ය ආහාර රැගෙන ආ යුත්තේය. එසේම නැවැතී සුන්ද­ර­ත්වය අත්වි­ඳි­න්නට ඇවැසි අය කුඩා­රම් රැගෙන ඒමට ද කූඩැ­ල්ල­න්ගෙන් හා දෙබ­රු­න්ගෙන්  ප්‍රවේ­ශම්  වීමට ද සිහි තබා ගත යුතුයි. 

සංචා­ර­ක­යින් දහස් ගණ­නින් ගැව­සෙන සංචා­රක පුර­ව­ර­යක් නොවූ­වත් මෙහි පැමි­ණෙන ඔබ වස­ඟ­යට පත් කර­වන සුන්දර දසුන් පෙළක් පුංචි ලෝකා­න්තය  සඟවා ගෙන ඇත. එය ඌව පළා­තට පැමි­ණෙන ඔබ අනි­වා­ර්ය­යෙන්ම නැර­ඹිය යුතු ස්ථාන­යකි.    

මේ ස්ථානය මේ වන විට මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය සභා­වට පව­ර­ගෙන ආර­ක්ෂිත උපා­ය­මාර්ග ඇතුලු යම් තර­මක යටි තල පහ­සු­කම් කීප­යක් සංව­ර්ධ­නය කර ඇතත් පැමි­ණෙන සංචා­ර­ක­යින්ගේ නොසැ­ල­කිල්ල නිසා විවිධ අන­තුරු සිදු­වීමේ අව­දා­න­මක් නැතැයි කියා ද කිව නොහැක. එසේම මෙහි පැමි­ණී­මට ඇති ප්‍රධාන මාර්ග දෙක ද මේ වන විටත් දැඩි සේ අබ­ල­න්වීම සංචා­ර­ක­යින් අධෛ­ර්ය­යට පත් කිරී­මට හේතු­වක්ව ඇත.

කෙසේ වෙතත් මෙම තත්වය වට­හා­ගෙන ඇති රජය මෙන්ම මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය සභාව මෙම  ස්ථානයේ යටි­තල පහ­සු­ක­ම්වල කඩි­නම් සංව­ර්ධ­න­යක් සිදු කර මෙය සංචා­රක ආක­ර්ෂ­ණය දිනා ගත් ස්ථාන­යක් බවට පත් කිරී­මට ඉක්ම­නින්ම කට­යුතු ආරම්භ කරන බව  මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය සභා සභා­පති ලලිත් ජය­ව­ර්ධන මහතා පැව­සයි.

‘‘පිට­මා­රුව පුංචි ලෝකා­න්තය කියන්නේ විය­ලුවේ තියෙන සුන්දර ඉස­ව්වක්. මෙහි ඇති සුන්ද­ර­ත්වය, සෞම්‍ය දේශ­ගු­ණය, පරි­ස­රය ගැන කිසි­වෙ­කුත් අව­ධා­නය යොමු­කර නැහැ. නමුත්, මීග­හ­කි­වුල සභාවේ වත්ක­මක් ලෙස මෙම ප්‍රදේ­ශය ආශ්‍රි­තව අපි සංචා­රක කලා­ප­යක් ඇති කිරී­මට අව­ශ්‍ය මූලික සැල­සුම් මේ වන විටත් ආරම්භ කර තිබෙ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­තු­මාගේ හා අග­මැ­ති­තු­මා­ගේත් අව­ධා­නය යොමු වී තිබීම සතු­ටට කරු­ණක්.

 අපි මේක වෙනස්ම ආරක සංචා­රක ආක­ර්ශ­ණය දිනා ගන්නා තැනක් විදි­හට සංව­ර්ධ­නය කර­න්නට බලා­පො­රොත්තු වෙනවා.

මෙතැ­නට එන අයට ප්‍රවා­හන පහ­සු­කම්,මඟ පෙන්වීම්, ගැමි ආහාර වේලක්, දේශීය ඖෂ­ධීය ප්‍රති­කාර, අවශ්‍ය නම් තේ වතු­ව­ලට ගිහින් දලු නෙළීම වගේ අලුත් අත්දැ­කී­ම්ව­ල­ටත් අව­ස්ථාව ලබා දෙන්න­ටත්  අපි සැල­සුම් කර තියෙ­නවා. මෙහි පළමු පිය­වර වශ­යෙන් මේ ස්ථාන­යට අවශ්‍ය මූලික පහ­සු­කම් සකස් කිරීම ආරම්භ කර ඇති අතර පිවි­සුම් මාර්ගය, වැසි­කිළි පද්ධ­තිය හා පානීය ජල සැප­යුම් කඩි­න­මින් ලබා­දී­ම­ටත්, නැර­ඹුම් ස්ථානය සඳහා ආර­ක්ෂිත වැටක් ඉදි කිරී­ම­ටත් පිය­වර ගන්නවා. ඉතා ඉක්ම­නින් මෙහි නැරැ­ඹුම් කුටි­යක් ඉදි­කි­රී­ම­ටත්, අස­ළින් වෙළ­ඳ­සැල් කිහි­ප­යක් ඉදි කිරී­ම­ටත් කට­යුතු කර­නවා.” 

 සටහන සහ ඡායාරූප

 මීග­හ­කි­වුල සමූහ

එන් නව­රත්න 

 

රඟ දෙති මොනර රැළ පෙර සේම අදත් මොන­රු­න්ගල

$
0
0
සැප් 30, 2020 01:00

උතු­රින් නමු­නු­කුළ, ලුණු­ගල, මඩො­ල්සිම හා බණ්ඩි කඳු පන්තීන්ය. බට­හි­රින් තවත් කඳු වළ­ල්ලකි. හිරු නැඟෙන දෙසින් මොන­රා­ගල - කත­ර­ගම මාර්ග­යත්, බිබිල - බදුල්ල ප්‍රධාන මාර්ග­යත් දිස් වේ. මේ ඒ සිය­ල්ල­ටම මැදි වූ ඉති­හා­ස­යක් සඟ­වා­ගත් මොන­රු­න්ග­ලයි.

පස්සර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ, දඹේ­වෙල ග්‍රාම නිල­ධාරී වසමේ මේ මොන­රු­න්ගල නැමැති ස්ථානය පිහිටා ඇත.

පස්සර නග­රයේ සිට ඩැමේ­රියා මාර්ගයේ(මීරි­ය­බැද්ද) කිලෝ­මී­ටර් 2ක් පමණ යා යුතුය. එවිට ඩැමේ­රියා වත්තට යන පාර හමුවේ. එහි මීටර් 100ක් පමණ ගොස් දකු­ණට හැරිය යුතුය. ඉන්පසු දඹේ­වෙල වසමේ පිහිටා ඇති මොන­රු­න්ග­ලට ළඟා විය හැක.

මොන­රු­න්ගල කතා­බ­හට ලක්වී­මට තරම් වූ ප්‍රධාන හේතු සාධක කිහි­ප­යකි. එනම්, මෙම ගල් තලාව තුළින් දිවෙන උමං මඟයි. ගල් තලාව යම් දුර­කට ඉස්සුණු ස්වභා­ව­ය­කින් දිස් වේ. හරි­යට කොඳු නාර­ටි­යක් ඉලිප්පී ඇතු­වාක් වැන්න. ඒ මත පා තබන විට නැ‍ඟෙන්නේ බොල් හඬකි. ඉන් මනාව පැහැ­දිලි වන කාර­ණා­වක් ඇත. එනම්, ගල් තලාව පහ­ළින් කිසි­යම් හිඩැ­සක් තිබෙ­න්නට ඇති බවයි.

මේ උමං මඟ ගල් තලාව තුළින් යන්නේ කොයි­බ­ට­දැයි නිශ්චය කළ නොහැ­කිය. මේ හා බැඳි පුරා වෘත්ත­යන් ද වේ. අතී­තයේ මෙහි ආයුධ ගබ­ඩා­වක් තිබූ බවට විශ්වාස කෙරේ. එමෙන්ම මෙහි රහ­තන් වහන්සේ වැඩ සිටි භූමි­යක් ලෙසට ද කියැවේ. ජන­ප්‍ර­වා­ද­යට අනුව මේ භූමිය දුටු­ගැ­මුණු, වළ­ගම්බා යුග­යන් දක්වා දිවෙනු ඇතැයි යන්න තවත් මත­යකි. එහෙත් උමං මං පෙත් සසැ­ඳීමේ දී මෙය රාවණ යුගය තෙක් වුව විහිදී යා හැකි යැයි අපට විශ්වාස කළ හැකිය. අතී­තයේ මොන­රුන් බහු­ලව සිටි නිසා ‘මොන­රු­න්ගල’ වූ බවට ද විශ්වා­ස­යක් මෙහි පවතී. ගල් තලාව මත කිසිදා නොසි‍ඳෙන දිය පොකු­ණකි. විශේ­ෂ­ත්වය නම් ඒ අසල වැවී ඇති වී ගසයි. එය ‘මා’ වී ගසකි. ගැමි­යන්ගේ දැඩි විශ්වා­ස­යක් මේ වී ගස හා සබැ‍ඳේ. එනම්, ඔවුන් පව­සන්නේ මේ වී ගස කිසිදා නොමි­යෙන බවයි.

මේ භූමි ප්‍රදෙ­ශය තුළ ඖෂධ වර්ග බොහෝ­ම­යකි. ඒවා අතර අරළු,බුළු, නෙල්ලි, රස­කිඳ, කහට,කට­කෑල්ල, නික, හීරැස්ස, පාවට්ටා වැනි ඖෂධ විශේ­ෂ­යන්ය. ජෛව විවි­ධ­ත්වය අතින් අඟ තැන්පත් බිමකි. මෙහි ආවේ­ණික පක්ෂීන් රාශි­යක් ද වේ. වන වියනේ ඔබ මොබ දුවන ගෝනා, මුවා, මී මින්නා, හඳුන් දිවියා සිවු­පා­වුන් අතර ප්‍රධා­නය.

ඔබ­ටත් මෙහි පැමි­ණිය හැකියි. මෙහි ඇති ජෛව සුන්ද­ර­ත්වය ඔබ­ටත් විඳ ගත හැකියි. මොන­රු­න්ගල පිළි­බඳ ඔබට ද කුකු­සක් ඇති විය හැකියි. එබැ­වින් කිසිදා නොමි­යන අපූරු වී ගස ද මෙහිදී දැක­ග­න්නට නම් ඔබට ද මෙහි පැමි­ණී­මට කිසිදු තහං­චි­යක් නැත.

 දිනුක සම්පත් වීර­සේ­කර

ඡායා­රූප - නිශ්ශංක විජේ­රත්න

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>