Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

අර්බුදය තිබෙන්නේ අපේ රටේ විතරද?

$
0
0
ජුනි 27, 2022 01:00

කොවිඩ්-19 වසංගතය හා යුක්රේන යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකය වඩාත් විශාල ලෙස මන්දගාමී වී ඇතැයි ද එය දිගුකාලීනව දුබල ආර්ථිකයක් ලෙස පවතිනු ඇතැයි ද උද්ධමනය ඉහළ යනු ඇතැයි ද යනුවෙන් ලෝක බැංකුව පෙන්වා දේ. ලෝක බැංකුව ගෝලීය ආර්ථිකය පිළිබඳ මෙලෙස විවරණය කර ඇත්තේ Global Economic Prospects මැයෙන් සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමිනි. මේ බලපෑම් මැදි හා පහළ ආදායම් රටවල ආර්ථිකයට වඩාත් බලපෑ බව ද එය පෙන්වා දී තිබේ. රටක් වශයෙන් අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය මෙන්ම ආසියාකාරයේ අනෙකුත් රාජ්‍යයන් ද අඩු වැඩි වශයෙන් බලවත් රාජ්‍යයන් ද ඇතුළු ලෝක ආර්ථික බලවතුන්ට ද දැනෙමින් ඇති බලපෑම් එහි පිළිබිඹුවක් ලෙස හැඳින්විය හැකිය.

ලෝක බැංකු වාර්තාවේ දැක්වෙන පරිදි 2021 වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය 5.7%ක් වූ නමුත් 2022දී එය 4.1%ක් වැනි අගයක් වනු ඇත. මේ තත්ත්වය 2023-2024වලදී මෙවැනිම වීමට බොහෝ ඉඩ තිබේ. සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික වර්ධනය ද 5%ට වඩා අඩුවෙන් එනම් වසංගතයට පෙර පැවැති තත්ත්වය වඩා පහළින් තිබෙනු ඇත. ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් පවසන පරිදි, යුක්රේන යුද්ධ චීනය තුළ ක්‍රියාත්මක වූ ලොක්ඩවුන් තත්ත්ව, සැපයුම් ක්‍රමයට එල්ල වූ බාධා වැනි කාරණා හේතුවෙන් ආර්ථික වර්ධනයට පහර වැදිණි. මෙවැනි පසුබිමක් ලොව බොහෝ රටවල දිස්වනු ඇත. පසුබෑම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද ලෝක බැංකු සභාපතිවරයා පවසයි. ඊට මුහුණ දීමේදී වෙළෙඳපොළ පෙරදැක්ම, ප්‍රමුඛතාවක් සේ සලකා නිෂ්පාදනය දිරිගැන්වීම, වෙළෙඳාමට ඇති බාධා ඉවත් කිරීම, මූල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්තිවල සිදු කළ යුතු වෙනස්කම් ආදිය සිදුකළ යුතුව ඇතැයි ඔහු දන්වා තිබේ. පසුගියදා නිකුත් වූ මෙම වාර්තාව 1970’ ගණන්වල ඇතිවූ ඉල්ලුමේ අනුරූපී වැඩිවීමක් නොමැති උද්ධමනකාරී තත්ත්වය හා සසඳනවිට වර්තමාන ගෝලීය ආර්ථික තත්ත්වය පිළිබඳ සිදුව ඇති පළමු විධිමත් තක්සේරුව ලෙස සැලකිය හැකිය. නැඟී එන වෙළෙඳපොළ හා සංවර්ධනය වෙමින් පවත්නා ආර්ථිකයන්ට එම බලපෑම් කෙසේ වනු ඇති දැයි එමඟින් වඩාත් අවධානය යොමු කර තිබේ.

මූල්‍ය ස්ථාවර තත්ත්වය

‘1970 ගණන්වල ඇති වූ පසුබෑමත් සමඟ මුල් පෙළේ ආර්ථික බලවතුන්ට පවා පොලී අනුපාත ඉහළ දැමීම වැනි ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සිදු විය. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රාජ්‍යයන්වල ආර්ථිකය හැසිරවීමේදී මූල්‍ය ස්ථාවර තත්ත්වය පවත්වා ගැනීම මෙන්ම එක මත එකක් වශයෙන් පැමිණෙමින් ඇති අර්බුද හමුවේ දිළිඳුම ජනකොටස්වලට එල්ල වී ඇති බලපෑම් හා පීඩනය සැහැල්ලු කිරීමට සිදුව ඇති බව ලෝක බැංකු අධ්‍යක්ෂවරයෙක් වන අයිහාන් කෝස් පැහැදිලි කර සිටී. වර්තමාන තත්ත්වය විසින් 1970’ ගණන්වල පැවති තත්ත්වයට තෙවැදෑරුම් ආකාරයකින් පිළිබිඹු කරන බව ඔහුගේ අදහසය. සැපයුමට එල්ල වී ඇති බලපෑම් හමුවේ ඉන්ධන උද්ධමනය, දියුණු ආර්ථිකයක් සම්බන්ධයෙන් පවා ඉහළ සානුබල සහිත මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු කාලසීමාව දීර්ඝ වීම හා වර්ධනය දුර්වල වීම මෙන්ම නැඟී එන වෙළෙඳපොළ හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථිකයන්ට බලපාන අන්දමින් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට සිදුවීම හා උද්ධමනය පාලනය කර ගැනීම ආදී වශයෙනි.

එසේ වුව ද, 1970’ ගණන්වල පැවැති තත්ත්වයට වඩා මේ තත්ත්වය වෙනස්වන ආකාර ද වේ. ඩොලරය ශක්තිමත් වීම, එවක දිස් වූ බරපතළ දුර්වලතා වඩාත් උද්ධීපනය වීම, පාරිභෝගික ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමේ ප්‍රතිශතය අඩු මට්ටමක තිබීම මුල් පෙළේ මූල්‍ය ආයතනවල ශේෂ පත්‍රය පොදුවේ ශක්තිමත් මට්ටමක ආදීය. 1970’ ගණන්වල මෙන් නොව දියුණු රටවල ආර්ථිකයන්ට හා බොහෝ සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථිකයන්ට ද අදාළව එම මහ බැංකුවලට මිල ස්ථාවරත්වය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවීම හා ඉකුත් දශක 3ක් පමණ තිස්සේ ස්වකීය උද්ධමන ඉලක්ක සම්බන්ධයෙන් විශ්වසනීය හා නිශ්චිත මං තීරුවකට යොමුවීමට සිදුවීම වැනි කාරණා වර්තමාන තත්ත්වය යටතේ දිස් වේ.

මෙවැනි පසුබිමක ගෝලීය හා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපාන පරිදි තීරණාත්මකව ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ ද මෙම ලෝක බැංකු වාර්තාවේ කරුණු දක්වා ඇත. එහිදී විශේෂයෙන් යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති වී ඇති බලපෑම් කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. මිල පාලනය, සහන අපනයන තහංචි විවිධ ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ගනිමින් ඇති අතර මෑත පටන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවා බලපාන අන්දමින් සිදුවූ මිල ඉහළයාම් හමුවේ ජනජීවිත මත එල්ල වී ඇති පීඩනය සමනය කිරීම පිණිස විවිධ පියවර ගැනීමට සිදුව ඇත.

ආසියාකරය කෙරෙහි අවධානය

දියුණු ආර්ථිකයක් සහිත රටවල ජනයා සම්බන්ධයෙන් වුව ද වර්තමාන ලෝක ආර්ථිකයේ හැසිරීම බලපා ඇත්තේ වේදනාකාරී අන්දමින් බව මෑතදී සිදුවූ අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ. ආසියාකරය කෙරෙහි අවධානය යොමු කරන විට පෙනෙන්නේ ලොව ආර්ථික බලවතා වන චීනයේ පටන් අඩු දියුණු ආර්ථිකයක් ඇති ඕනෑම රටක් දක්වා එකී බලපෑම් අඩු වැඩි මට්ටමින් දැනෙමින් ඇති අයුරුය. ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික වර්ධනව 2022 වර්ෂයට ගණන් බලා ඇත්තේ 4.4%ක් වශයෙනි. එය 2023දී 5.2% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය 2022ට ගණනය කර ඇත්තේ 6.8%ක් වශයෙනි. 2023දී 5.8%ක් දක්වා පහත වැටෙනු ඇතැයි අනුමාන කර තිබේ. ලතින් අමෙරිකා හා කැරිබියානු රටවල මේ තත්ත්වය 2023දී 1.9%ක් තරම් පහළ මට්ටමක දිස්වනු ඇත.

ඉකුත් සතියේ පැවැති BRICS සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජිංග් පිංග් සඳහන් කළ පරිදි යුක්රේන යුද්ධය මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් අවදි කිරීමේ සීනුවක් ලෙස සැලකිය හැකිය.

රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වත්මන් ආර්ථික අර්බුදය කෙරෙහි විශාල ලෙස බලපා තිබේ. එකී සම්බාධක කවරයන් මෙන්ම දෙපැත්ත කැපෙන අවියක් බඳු බව චීන ජනාධිපතිවරයාගේ අදහසය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අන්තර්ජාතික සැපයුම් ක්‍රමයට එල්ල වූ බලපෑම් අවම කර ගැනීම සඳහා චීනය වෙහෙසෙමින් සිටින බව ද ඔහු සඳහන් කර තිබේ. වසංගත ව්‍යාප්තිය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් මීට සති කිහිපයකට පෙර ෂැංහයි ඇතුළු නගර කිහිපයක් ආශ්‍රිතව නැඟුණු කොවිඩ් නව රැල්ල මර්දනය කිරීම පිණිස දැඩි ක්‍රියාමාර්ගවලට යොමුවීමට චීනයට සිදු විය. රටක් වශයෙන් අපට ද වසංගතය පාලනය කිරීම පිණිස යම් කාලසීමා ලොක්ඩවුන් කිරීමට සිදු වූ අතර එය ආර්ථිකයට බලපෑම් සහගත කාරණයකි.

ආර්ථික වර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් යටිතල පහසුකම් වියදම් පාලනය කිරීම, බදු කපා හැරීම් ඉහළ දෑම්ම හා සමාජ ආරක්ෂණ වියදම් කල්දැමීම වැනි පියවරට යොමු වී සිටී. ලොක්ඩවුන් තත්ත්වය හා චීනය කොවිඩ් ශූන්‍ය කිරීමේ දැඩි ප්‍රතිපත්තිය හමුවේ එරට ආර්ථීකයට ද බලපෑම් ජනජීවිතවලට ද දැනෙමින් ඇති අයුරු වාර්තා විය. චීනය සිය ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමේදී මේ පිළිබඳ සංවේදී වන බව ද දැකිය හැකිය.

වසංගතය හා යුද්ධය පමණක් නොව දැඩි නියං තත්ත්වය හේතුවෙන් ද ඉන්දියාව හා පාකිස්තානය වැනි රටවල ජන ජීවිත කෙරෙහි විශාල බලපෑමක් ඇති වූ අයුරු පසුගිය දිනවල වාර්තා විය. පාකිස්තානයේ දෛනික විදුලි කප්පාදුව පැය 12ක් වූ අතර ඇතැම් ප්‍රදේශවල එය පැය 18 දක්වා දීර්ඝ වී තිබිණි. ඉකුත් රාමසාන් සමයේදී මේ තත්ත්වය බරපතළ විය. විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන හිඟය ඊට බලපෑවේය.

පසුගිය දින ඉන්දියාව මුහුණ දුන් විදුලි කප්පාදුව සය වසරකින් පසුව එරටට බලපෑ දරුණුම විදුලි අර්බුදය බව නිරීක්ෂකයන්ගේ අදහසය. එරට ද බොහෝ විදුලි බලාගාර ඉන්ධන මඟින් ක්‍රියාත්මක වීම මේ තත්ත්වයට විශාල ලෙස හේතු විය. දීර්ඝ නියං තත්ත්වය හේතුවෙන් ජලවිදුලි උත්පාදනය විශාල ලෙස පහත වැටී තිබිණි. ඒ ඒ ප්‍රාන්තවල විවිධ කාලසීමා ඔස්සේ විදුලි කප්පාදුව ක්‍රියාත්මකය. එය පැය 2-8 අතර කාලයක් දක්වා බොහෝ විට බලපැවැත්විණි. සය මසක කාලසීමාවක් තුළ දෙවතාවකදීම ගල්අඟුරු හිඟයකට මුහුණ දීමට එරටට සිදු විය.

ගෑස් මිල ඉහළයාම හේතුවෙන් ද මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට පීඩා විඳීමට සිදුව ඇතැයි පසුගිය මාසයේදී වාර්තා විය. ඇතැම් ප්‍රදේශවල කි.ග්‍රෑම් 14.2 සිලින්ඩරයක මිල ඉන්දියානු රුපියල් 1000 පමණ දක්වා ඉහළා ගොස් තිබිණි. මේ වන විට එය රුපියල් 1000 ඉක්මවා ඇත. මිල වැඩිවීමට පෙර එය පැවැතියේ රුපියල් 800 ක් වැනි අගයකය.

මේ වසරේ ජනවාරි-මාර්තු කාලසීමාව තුළ පමණක් ඉන්දියාවේ බොරතෙල් මිල ඉහළයාම බැලරයක ඇ.ඩො. 77 සිට 102 වැනි පරාසයක තිබිණි. මාර්තු මාසයේදී එය ඇ.ඩො. 128 දක්වා ද වැඩි විය. ඊට සාපේක්ෂව පාකිස්තානයේ එම මිල පහළ අගයකි. එසේ වුව ද ඉකුත් අප්‍රේල් මාසයේදී පාකිස්තාන රුපියල් 150 ක් වැනි අගයක පැවැති ඉන්ධන ලීටරයක මිල මෙම ජුනි මාසය වනවිට රුපියල් 234 වැනි මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ. පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළ යාම එරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලම මිල වැඩිවීමය. මැයි 13 වැනිදා වන විට බ්‍රිතාන්‍යෙය් පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො.2.1 ක් වූ අතර ෆින්ලන්තයේ ඇ.ඩො.2.53කි. හොංකොන්හි එම මිල ඇ.ඩො.2.9ක් විය. පාකිස්තානයේ පෙට්‍රල් ඩීසල් මිල අනෙකුත් රටවලට වඩා තවමත් ඇත්තේ පහළ මට්ටමකය.

තෙල් නිපදවන රටවල්

යුක්රේන යුද්ධයත් සමඟ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල ගණන් ඉහළ යාමට පටන් ගත්තේය. ලොව ප්‍රමුඛ පෙළේ ඉන්ධන නිෂ්පාදකයෙක් වන රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය ඇතැම් රාජ්‍යයන් අත්හිටුවිය. රුසියාවට පැන වූ සම්බාධක හමුවේ සැපයුමට ද බාධා ඇති වූ අතර ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළයාම සිදු විය. තෙල් නිපදවන රටවල පවා එම මිල ඉහළ ගිය අතර එය සෙසු රටවලට වඩා අඩු මට්ටමක විය.

ඉන්ධන, ආහාර ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළයාම් හමුවේ ලොව දියුණු රටවල පවා ඉහළම උද්ධමන අගයක් වාර්තා වෙමින් ඇත. බ්‍රිතාන්‍යයේ මෙන්ම අමෙරිකාවේ ද දශක 4කට පමණ පසු එම ඉහළ අගය වාර්තා වන අතර එංගලන්ත බැංකුව අනතුරු අඟවා ඇති පරිදි, ඉදිරි මාස කිහිපය තුළ එරට උද්ධමනය තවත් 10% කින් වැඩි වනු ඇත. දියුණු රාජ්‍යයන් අතර දැනට වැඩිම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාමක් වාර්තා වන්නේ අමෙරිකාවේය. දෙවැනි තැන බ්‍රිතාන්‍ය ද තුන් වැනි තැන ජර්මනිය ද සිටී. සිව් වැනි තැන ප්‍රංශය වන අතර ජපානය සිටින්නේ පස් වැනි තැනය.

මෙවැනි ලෝක යථාර්ථයන් හමුවේ එම බලපෑම් මඟහැරයාමට කිසිදු රටකට හැකියාවක් ඇත්තේ නැත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළයාම ගැන රටක් වශයෙන් අපට කළ හැකි දෙයක් නැත. අපේ පරිභෝජන රටාවල හා ප්‍රවාහන සංස්කෘතියේ වෙනස්කම් කළ හැකිය. නව සාමාන්‍ය අවදියකට පිවිස ඇති ලෝකයක තවදුරටත් ඇති හැකි අයට වුව ද සිය සුඛෝපභෝගී චර්යාවන් පවත්වා ගැනීමට නොහැකිවනු ඇත. එය කළ හැකි වුව ද එළැඹ ඇත්තේ යථාර්ථයට අනුගත විය යුතු හා ආකල්පමය වෙනස්කම් පවා සිදු විය යුතු කාලයකි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් පනිමින් ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම වැනි පියවර රටක් වශයෙන් අපට සාමුහිකව ගත හැකිය. අඩුම තරමින් දැන්වත් දේශපාලන අවස්ථාවාදයෙන් හා කුහකත්වයෙන් නිදහස් වෙමු. රට ගැන හිතමු.

ධම්මික සෙනෙවිරත්න


අධ්‍යාපනයට පැලැස්තර ඇලවීම

$
0
0
ජුනි 27, 2022 01:00

අධ්‍යාපනය රටෙහි අනාගත දිශානතිය පෙන්වා දෙන ප්‍රමුඛතම ක්‍රියාවලියයි. මේ නිසා ලොව පුරා සෑම රාජ්‍යයක්ම අධ්‍යාපනය කෙරෙහි දක්වන අවධානය ඉතා ඉහළ මට්ටමකි. එලෙස ඉහළ අවධානයක් යොමු කළ ද මේ වන විටත් ලොව පුරා පාසල් වියේ දරුවන් මිලියන ගණනකට අධ්‍යාපන අවස්ථා ඇහිරී තිබේ. අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සෑම දරුවන් දස දෙනකුගෙන් එක් අයකු මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව සිටී. අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ප්‍රාථමික මට්ටමේ දරුවන්ගෙන් 21%ක් මේ ඉරණමට ගොදුරුව සිටින විට යොවුන් වියේ දරුවන්ගෙන් 36%කට වඩා අධ්‍යාපන අවස්ථා අහිමිව ඇත. ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, නයිජීරියාව, පකිස්තානය, සැමීබියාව, සුඩානය ඇතුළු රටවල් රැසක දරුවන් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව සිටී. ආර්ථික දරිද්‍රතාව මෙහි බරපතළ ගැටලුව බවට පත්ව ඇත.

ඉහළ සාක්ෂරතාවක් පෙන්නුම් කරන කලාපීය රටවල් අතරින් ඉදිරි පෙළෙහි සිටින අප ද මේ අවාසනාවන්ත තත්ත්වයට මේ වන විට මුහුණ දෙමින් සිටී. ගෝලීය කොවිඩ් ව්‍යසනය තුළ වසර දෙක හමාරකට ආසන්න කාලයක් මෙරට අධ්‍යාපන ක්‍රියාවලිය අඩපණ වී තිබිණි. මාස ගණන් එක දිගට පාසල් පද්ධතිය වසා තැබීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට කණකොකා හැඬීය. පෙර පාසල් වියේ දරුවන්ට එම අවධියේ අත්දැකීම් නොලැබිණි. තවත් දරුවන්ට එකේ දෙකේ පන්තිවල අත්දැකීම් හිමි නොවිණි. ශිෂ්‍යත්වයට, සාමාන්‍ය පෙළට, උසස් පෙළට මුහුණ දුන් දරුවන්ට මේ තුළ එල්ල වූ බාධා එමටයි. රටේ අධ්‍යාපන ක්‍රියාවලියට මෑත කාලීනව එල්ල වූ බරපතළතම අභියෝගය කොවිඩ් ව්‍යසනය වුවත් මේ වන විට ඉන් එහා යන දැඩි අභියෝගයකට අපේ දරුදැරියන්ට මුහුණ දීමට සිදුව තිබේ. රටේ අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරන ආකාරයට ගෝලීය ව්‍යසනයේ බරපතළ තත්ත්වයටත් වඩා වත්මන් ආර්ථික අභියෝගය හමුවේ මෙරට අධ්‍යාපන ක්‍රියාවලියට මුහුණ දීමට සිදුව තිබේ. හතළිස් තුන් ලක්ෂයකට අධික රටේ පාසල් දරුදැරියෝ මේ වන විට මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙමින් සිටිති. පාසල් වියේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වීමේ ප්‍රමුඛ සාධකය දරිද්‍රතාව හේතුවෙන් සෑම රටකම ආර්ථික ක්‍රියාවලිය අධ්‍යාපනයට ඉහළ බලපෑමක් එල්ල කෙරේ. අද වන විට මෙරට පැන නැඟී ඇති ආර්ථික අර්බුදය හරහා ක්ෂේත්‍ර ගණනාවක ඇතිව තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට බලපෑම් රැසක් එල්ල කෙරේ. ඉන්ධන මිල ඉහළ යෑම මෙන්ම ඉන්ධන හිඟකම මේ අතර ප්‍රමුඛ වේ. පාසල් වියේ දරුවන්ගෙන් බොහෝ පිරිසක් කුමන හෝ ප්‍රවාහන මාධ්‍යකින් පාසල් කරා පැමිණීමෙන් එම දරුවන්ගේ පාසල් ගමනට මේ බලපෑම දැඩිව එල්ල වෙමින් තිබේ. 50,000කට අධික පෞද්ගලික ප්‍රවාහන සේවාවන් රට තුළ ක්‍රියාත්මක වන පසුබිමක අද වන විට ඒ සියල්ල සඳහා ඉන්ධන ගැටලුව බලපා ඇත. එයට අමතරව අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ පාසල් කරා පැමිණෙන තවත් ලක්ෂ ගණන් දරු දැරියන්ට මේ තුළ ඇති විසඳුම පාසල් දොර වසා දැමීම පමණි. අද වන විට බලධාරීන් ක්‍රියාවට නඟා ඇත්තේ එම විසඳුමය. ඒ හරහා නගරයේ පාසල් වසා තබා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලියට පිවිස ඇත. එම විසඳුම හරහා මේ වන විට කඩින් කඩ පාසල් විවෘත කරන විකල්පයකට යොමුව තිබේ. මෙය එක් පැත්තකින් පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා සේය. අර්බුද මධ්‍යයේ බොහෝ ක්ෂේත්‍රවලට පැලැස්තර ඇලවීම බලධාරීන් හුදු විකල්පයක් කරගෙන සිටිය ද අධ්‍යාපනයට එවැනි පැලැස්තර ඇලවීම් කළ නොහැකි බව බලධාරීන් තවමත් වටහා ගෙන නැත. අභියෝග අර්බුද හමුවේ අධ්‍යාපනයට පැලැස්තර ඇලවීමට කවුරුන් හෝ ක්‍රියා කරයි නම් එය බරපතළ ඛේදවාචකයකි.

පවතින අර්බුදය තුළ පාසල් වසා දමමින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලියට පිවිසිය ද එය එතරම් සාර්ථක වැඩපිළිවෙළක් නොවේ. අන්තර්ජාල පහසුකම් රට පුරා සියලු දරු දැරියන්ට නොමැතිකම මේ තුළ ප්‍රමුඛතම බලපෑමයි. අනෙක් පැත්තට අන්තර්ජාල පහසුකම් තිබෙන නිවෙස්වල උපාංග පහසුකම් නොමැත. දරු දැරියන් දෙතුන් දෙනකු සිටින නිවෙස්වල එකම මොහොතේ ඔන්ලයින් ඉගැන්වීම් සිදු කෙරෙන විට දරුවන්ට මවුපියන්ට මෙන්ම ගුරුවරුන්ට ද ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.

රටේ අධ්‍යාපන ක්‍රියාවලියට මේ වන විට බලපෑ ඇති ප්‍රමුඛතම අභියෝගය ඉන්ධන අභියෝගයයි. ඒ වෙනුවෙන් විසඳුම් සොයනවා වෙනුවට පාසල් වසා දමා දරුවන්ගේ අධ්‍යාපනයට එක එක පැලැස්තර ඇලවීම තුළ රටේ අනාගතය දරුණු අගාධයකට තල්ලු කෙරේ. මේ මොහොතේ බලධාරීන් කළ යුත්තේ දරුවන්ගේ ප්‍රවාහනයට අවශ්‍ය විසඳුම් ගෙන ඒම මිස පාසල් වසා දමා ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට දොරගුළු ලෑම නොව.

කොවිඩ් ව්‍යසනය තුළ මාස ගණන් එක දිගට බැට කෑ දරුවන් එක එක වෘත්තීය සමිති වැඩ වර්ජන උද්ඝෝෂණ නිසාත් තව පැත්තකින් බැට කෑහ. අද රටේ ආර්ථික අර්බුදය මැද ලක්ෂ ගණනින් දරුවෝ තව විදිහකට බැට කන තත්ත්වයට පත්ව තිබේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිසා උතුරේ දකුණේ හැම තැනම දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු ගණන් කඩාකප්පල් විය. දකුණේ ත්‍රස්තවාදය නිසා 71 වගේම 88-89 රටේ දරුවන්ගේ අධ්‍යාපනය හැම පැත්තෙන්ම කඩා වැටෙන්නට විය. පාස්කු ඉරු දින ප්‍රහාරය නිසා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිණි. මේ හැම කඩා වැටීමක් තුළම සිදු වුණේ රටේ අනාගත දිශානතිය එක එක පැත්තට හැරීමයි. නිදහසින් පසු මෑත කාලීන දශක කිහිපය පුරාම රට ගිල ගත් එක එක අර්බුද නිසා රටටත්, රටේ ජනයාටත් අහිමි වූ දෑ රැසකි. ඒ තුළ බොහෝ දෙනකුට නොපෙනෙන එහෙත් කිසිවකුට දරා ගත නොහැකි අහිමි වීම රටේ අනාගතයයි. අද ද අප මුහුණ දී තිබෙන්නේ බොහෝ දෙනකුට නොපෙනෙන කිසිවකුට දරා ගත නොහැකි ඒ අභියෝගයටය. යළිත් ඒ අභියෝගය හමුවේ අනාගත දිශානතිය අපැහැදිලි වුවහොත් සිදු වනුයේ අප අපම අගාධයකට තල්ලු කර ගැනීමකි. එනිසා රටේ අනාගත දිශානතිය පෙන්වන අධ්‍යාපන ක්‍රියාවලියට පැලැස්තර ඇලවීමට උත්සාහ නොකරමු.

 ඉන්දික පොල්කොටුව

ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට පාකිස්තානය විකල්ප සොයයි

$
0
0
ජුනි 28, 2022 01:00

පාකිස්තානය එක් අර්බුදයක සිට තවත් අර්බුදයකට ගමන් කරමින් සිටී. ඉම්රාන් ඛාන් අගමැතිධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දිගුකාලීන දේශපාලන අර්බුදයක් පැවැති අතර අවසානයේ ඔහුට තනතුර හැර යෑම හැරුණු විට අන් විකල්පයක් නොවීය. එහෙත් මේ වන විට පාකිස්තානයේ උද්ගත වී ඇත්තේ ඊට වඩා බරපතළ අර්බුදයකි. ඉම්රාන් වෙනුවට අගමැතිධුරයට පත්වූ ශෙබාස් ෂරීෆ් මුහුණ පා සිටින්නේ රට ඇද වැටී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ අභියෝගයටය. රට ගොඩ ගැනීමට ලබන වසර 3ක කාලය සඳහා අමෙරිකා ඩොලර් බිලියන 6.4ක් සෙවීමට අගමැති ශෙබාස්ට සිදු වී තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂාවෙන් සිටින පාකිස්තාන රජයට ඔවුන් නියම කර ඇති ඇප කොන්දේසි සපුරාලීමට ද සිදු වී තිබේ.

මීට පෙර අවස්ථා 22කදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් සිටින පාකිස්තානයට ඔවුන් නියම කරන කොන්දේසි සපුරාලීම ද එක්තරා ආකාරයක අභියෝගයක් බවට පත්වී තිබේ. පාකිස්තානය තව තවත් ආර්ථික අර්බුදයේ ප්‍රපාතයට ඇද වැටී ඇත්තේ එම කොන්දේසි සපුරාලීමට ඇති දුෂ්කරතා හේතුවෙනි. එහෙත් මේ වන විට පාකිස්තානයේ විදේශ සංචිතය සිඳී ගොස් ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම හැර අගමැති ශෙබාස්ට අන් විකල්පයක් නැත. මේ මස ආරම්භයේදී පාකිස්තානයට ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 36ක් අවශ්‍ය වී තිබේ.

සුප්‍රකට ‘බූමරෑන්ග්‘ දත්ත විශ්ලේෂණයට අනුව රටවල් 13කින් ආසියාවේ වඩාත්ම අයහපත් රට බවට පත් වී ඇත්තේ ද පාකිස්තානයයි. පාකිස්තාන රුපියල දැන් 8% කින් පමණ පහත වැටී ඇත. රටේ ආර්ථිකය පතුලටම ඇද වැටීම වළක්වා ගැනීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයන් සඳහා සාකච්ඡා නැවත ආරම්භ කර ඇත්තේ එබැවිනි.

එහෙත් ඒ සඳහා අතීතයේදී මෙන් නොව ඔවුන්ට දැඩි කොන්දේසිවලට යටත් වීමට සිදුවී තිබේ. අයවැය හිඟය පියවා ගැනීම, බැංකු හා බදු නීති වැඩි කිරීම, රටේ දරිද්‍රතාව අවම කිරීමට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීම මෙන්ම විදුලි සහනාධාර ඉවත් කිරීම වැනි කොන්දේසි ඒ අතර වේ.

පාකිස්තානයට මෙවැනි ඉරණමකට ගොදුරු වීමට සිදුවූයේ සංවර්ධනය නොවන හා ආර්ථික වශයෙන් යෝග්‍ය නොවන දැවැන්ත ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් වියදම් කිරීම බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන් චීන ආයෝජන ව්‍යාපෘති යටතේ දිගුකාලීන ණය ගැනීම් මත විශාල වශයෙන් රඳා පවතින ග්වාඩර් වරාය ව්‍යාපෘතිය, එහි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය වැනි නිෂ්ඵල යටිතල පහසුකම් ව්‍යාපෘති හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ.

චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝව පාකිස්තානය මත අධික ණය බරක් පැටවී ඇතැයි ද, මේ වන විට පාකිස්තානය විසින් චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 64 දක්වා ඉහළ ගොස් ඇතැයි ද තවත් වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව එළැඹෙන 2022 -2023 මූල්‍ය වර්ෂය සඳහා අයවැය අනුමත කිරීමෙන් පසු පාකිස්තාන රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පාකිස්තාන මුදල් අමාත්‍යාංශයට අනුව අද එනම්, ජූනි 28 වැනිදා එම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිතය. මීට පෙර පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂා කළ ඩොලර් බිලියන 6 වෙනුවට දැන් ඩොලර් බිලියන 8ක් බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා පාකිස්තාන රජය අපේක්ෂිත මුදල ඩොලර් බිලියන දසදහසක් පමණ වන බවත්, ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා 11% ක විකුණුම් බද්දක් අය කෙරෙනු ඇති බවත් වාර්තා වන අතර, එය ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට පාකිස්තාන රජයේ බලාපොරොත්තුවය. ඒ අනුව පැට්‍රොල් ලීටරයකට රුපියල් 50 ක් බැගින් අය කිරීමට ද තීරණය වී තිබේ.

ආයතනික ඉපැයීම් මත අතිරේක බද්දක් පැනවීම සම්බන්ධවත් පාකිස්තාන රජයේ අවධානය යොමු වී ඇතැයි ද, බදු ආදායම ඉහළ නැංවීම සඳහා වසරකට පාකිස්තාන රුපියල් මිලියන 300කට වඩා ලාභ ලබන සමාගම් සඳහා 10% ක අතිරේක බද්දක් අය කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. ‘සුපිරි බද්ද‘ ලෙස නම් කර ඇති මේ අතිරේක බද්ද පිළිබඳ පාකිස්තාන රජය දැනටමත් නිවේදනය කර තිබේ. බැංකු, වානේ, ගුවන් සේවා, මෝටර් රථ, සිමෙන්ති, රසායනික පොහොර, තෙල් හා ගෑස්, රෙදිපිළි, බීම වර්ග, සීනි හා දුම්කොළ ඇතුළු අංශ 13ක සමාගම් ඊට ඇතුළත් වනු ඇතැයි ද කියැවේ.

සදෙව් රත්නායක

වංගු ගහන්නේ නැතුව ඩෙංගු මඬින්න එන්න

$
0
0
ජුනි 28, 2022 01:00

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ ගැටලු පොදු ගැටලුවක් වී ඇති බව පෙනෙන්නට තිබේ. මින් කලකට පෙර විවිධ සමාජ මට්ටම් තුළ සිටි ජනතාවගේ අවශ්‍යතා මෙන්ම සමාජය කෙරෙහි ඔවුන් දක්වන ආකල්ප ද විවිධාකාර විය. එහෙත් මෑතක සිට ඔවුන් සියලු දෙනාම පාහේ ඉන්නේ එකම රාමුවකට කොටුවය. එයට මූලිකම ගැටලුව බවට පත්ව ඇත්තේ ආර්ථික අර්බුදයයි. එමෙන්ම ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් සහ විවිධාකාර වූ ආහාර හිඟවීම් තුළ සියලු දෙනාම මුහුණ දුන්නේ දුන්නේ එකම ආකාරයේ ගැටලු සමුදායකටය. එමෙන්ම ඊට කලකට පෙර හෝ මෙරටේ ජනතාව එක සිතිවිල්ලකට යොමු වූයේ කොවිඩ් වසංගතයක් සමඟිනි. එම වසංගතය සඳහා ඖෂධ නැති වීමත්, වසංගතය හේතුවෙන් පීඩා විඳින ජනතාවට රෝහල් තුළ ඉඩකඩ අවම වීමත් යන සියලු කාරණා ඔවුන්ට පොදු විය. එහෙත් කොවිඩ් වසංගතය නිට්ටාවටම සුව අතට නොහැරීමත්, ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම ආහාර අර්බුදයක් පවතින මේ මොහොත තුළ මහජනතාවගේ අතින් මඟහැරී යන තවත් භයානක වූ කරුණක් තිබේ. ඒ ඩෙංගු උවදුරයි. එය සුළු කොට තැකිය හැකි කරුණක් නොවේ. මන්ද කාලාන්තරයක් පුරාම ඩෙංගු උවදුර ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙසින් නම් කර තිබූ බැවිනි.

රෝගයට ඖෂධයක්

මේ වන විට ඩෙංගු වසංගතය නැවත වරක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමකට පත්ව ඇතැයි ඩෙංගු මර්දන ඒකකය කරුණු ඉදිරිපත් කර තිබේ. එය වඩාත් තර්ජනයක් ලෙස සඳහන් කළ හැකි වන්නේ 2022 වර්ෂය වන විට මේ දක්වා ඩෙංගු රෝගීන් 26, 600 දෙනකුට වඩා හඳුනාගෙන ඇති බැවිනි. එය වැඩි වශයෙන් බල පා ඇත්තේ බස්නාහිර පළාත තුළය. බස්නාහිර පළාතේ 51.2%ක් පමණ රෝගීන් වාර්තා වී ඇති අතර කොළඹ මහ නගර සීමාවෙන් පමණක් වාර්තා වී රෝගීන් ප්‍රතිශතය 6.1%කි.

ඩෙංගු රෝගය වෙනත් රෝගවලට වඩා භයානකය. මන්ද එය වාහකයකු මඟින් බෝවන්නක් බැවිනි. ඩෙංගු වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට මේ වන තුරු ක්‍රමයක් කිසිදු රටක වෛද්‍ය වෘත්තිකයන් විසින් සොයාගන නැත. රෝගයට ඖෂධයක් ලෙසින් නිසි පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වුවද ඩෙංගු පාලනය කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් සොයා ගැනීමට සමත්ව ඇත.

ඩෙංගු රෝගයේ ක්‍රියාකාරිත්වය සිදු වන්නේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණය මතයි. ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම අයකුට ඩෙංගු රෝගය වැලඳීමේ හැකියාව ඇති අතර පෙර සඳහන් කළාක් මෙන් යම් අයකුගේ ප්‍රතිශක්තිකරණයට අමතරව වයස යන කරුණ ද බලපානු ලබයි. මේ වන විට හඳුනාගෙන ඇති අන්දමට ගෘහස්ථව මෙන්ම වැඩ බිම්, ඉදි කිරීම් ස්ථාන ආශ්‍රිතව, කාර්යාල සහ විශේෂයෙන් ගෘහස්ථව ඩෙංගු මදුරුවා බෝ වීම සිදු වේ. අප නොසිතන ආකාරයේ වියසනයක් සිදු කරන ඩෙංගු මදුරුවා වැඩීමට ගත වන්නේ දින හතක් වැනි සුළු කාලයක් පමණි. එහෙත් දින හතක් වැනි කාලයක් තුළ උපදින මේ මෙම මදුරුවා සිදු කරනු ලබන ව්‍යසනය සුළු පටු නොවේ. එම නිසා පළමුව සියලු දෙනා අවධානය යොමු කළ යුත්තේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය සිදු වන්නේ කවර ආකාරයට ද යන්න හඳුනා ගැනීමයි. ඩෙංගු රෝග ව්‍යාප්තිය සිදු වන්නේ මෙම මදුරුවාගේ වර්ධනයක් සමඟ වන අතර මදුරුවා නොයෙකුත් බඳුන් තුළ බිත්තර දැමීම සිදු කරයි. ඩෙංගු රෝගය වැළැක්වීමට නම් අප පළමුව කළ යුත්තේ ඩෙංගු මදුරුවන් බෝ කිරීමට බිත්තර දමන ස්ථාන හඳුනා ගැනීමයි.

දිවා කාලයේ සැරිසරන මදුරුවා

සතුන්ට ආහාර දමන බඳුන්, වර්ෂාව මඟින් ජලය එක්රැස් වන වැහිපීලි, ශාක කඳන්වල තිබෙන බෙන, ඉවත දමන දිරාපත් නොවන ද්‍රව්‍ය, ශීතකරණයේ ජලය එක්රැස් වන කුඩා බඳුන, නි‍ෙවසේ ඇති වතුර ෆිල්ටරයේ වතුර එක්රැස් වන තැටිය, ආවරණය නොකරන ලද ජලය එක්රැස් වන බඳුන්, ආදි මෙවැනි දෑ සියල්ල ඩෙංගු මදුරුවා බිහි වීමේ ආරම්භක ස්ථානයන්ය. ඒ කිසිවකුත් නොසිතන ස්ථානයි.

මෙවන් ස්ථානවල ඩෙංගු මදුරුවන් එක­්වර බිත්තර 100-200ත් අතර ප්‍රමාණයක් දැමීම සිදු කරනු ලබන අතර එම ස්ථාන පිළිබඳ විමසිලිමත්ව සිටිය යුතුය. එය ඩෙංගු රෝගය මර්දනය කළ හැකි මූලිකම අවස්ථාවයි. ඇලෙනසුලු බවක් පවතින මෙම බිත්තර ඩෙංගු මදුරුවා විසින් දැමූ පසු වසරක පමණ කාලයක් කිසිදු උපද්‍රවයකින් තොරව පවතී. බරපතළම කරුණ වන්නේ එයයි. මෙම කුඩා බිත්තරවල ජීව කාලය අන් බිත්තරවල මෙන් විනාශ නොවී වසරකටත් වඩා කාලයක් පැවතිය හැකිය. දිවා කාලයේ පමණක් සැරිසරන ඩෙංගු මදුරුවා උදෑසනත් සවස් යාමයේත් ක්‍රියාකාරිව කටයුතු කරයි.

සක්‍රීය ඩෙංගු මදුරුවා

කරුණු කාරණා කෙසේ කීව ද මේ මොහොත වන විට ඩෙංගු මදුරුවා සක්‍රීයව තමන්ගේ කාර්යය කාර්යය ඉටු කරමින් සිටී. එය වඩාත් පැහැදිලි කර ගත හැකි කාරණාව වන්නේ ඩෙංගු මර්දන ඒකකය විසින් මේ වන විටත් ඩෙංගු රෝගය පැතිරීමේ අවධානම් දිස්ත්‍රික්ක කිහිපයක්ම නම් කර ඇති බැවිනි. එම දිස්ත්‍රික්ක අතර මුලින්ම ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි. ඉන් අනතුරුව ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්කවල ඩෙංගු අවදානම් කලාප 80 වඩා වැඩි ප්‍රමාණයක් නම් කර තිබේ. එමෙන්ම ගත වූ පසු ගිය සති කිහිපය පුරා ඩෙංගු රෝගීන්ගේ විශාල වර්ධනයක් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 39ක වර්ධනය වී තිබේ. තව දුරටත් සඳහන් කරන්නේ නම් ගම්පහ දිස්ත්‍රිකයෙන් 12.7%, කළුතර දිස්ත්‍රික්කයෙන් 9.6%, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 7.7% කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 4.6%, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 4.6%, යාපනය දිස්ත්‍රික්කයෙනි 5.0% මහනුවර දිස්ත්‍රික්කයෙන් 7.4% ආදී වශයෙනි.

පසුගිය මාස කිහිපය දෙස බැලීමේදී පෙනී යන කරුණ වන්නේ ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බවයි. මැයි මාසයේ සිට ජුලි මාසය දක්වා රෝගීන් හය දහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම කරුණු නිසා ඩෙංගු මර්දන ඒකකය විසින් රෝගීන්ට විශේෂිත වූ කරුණු කාරණා කිහිපයක්ම ඉදිරිපත් ඇත. ඩෙංගු රෝගය වැලඳුණු රෝගියාට දියර වර්ග දිය යුතු වුවත් එය ජලයට පමණක් සීමා නොවිය යුතු බවත් එම පානයන් අතුරින් රතු පැහැය හෝ දුඹුරු පැහැ දියර වර්ග පානය කිරීමට නොදෙන ලෙසත් හැකි තරම් ඝන ආහාර වර්ග ආහාරයට දෙන ලෙසත් ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. එමෙන්ම උණ තිබේ නම් සාමාන්‍ය ඡලයෙන් ශරීරය තෙත මාත්තු කළ යුතු අතර රෝගියාට මූත්‍ර පිට වන වාර ගණනක් සැලකිලිමත් විය යුතුය. එමෙන්ම නියමිත මාත්‍රාවට අනුව පැරසිටමෝල් දිය යුතු අතර උණට ලබා දෙන අනෙකුත් බෙහෙත් වර්ග දිය නොදිය යුතු බව ද සඳහන් කරයි. දින දෙකකට වඩා උණ තිබේ නම් තෙවන දිනයේ දී රුධිර පරීක්ෂාවක් කර ගත යුතු බව ද ඩෙංගු මර්දන ඒකකය විසින් එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

වර්තමානය වන විට ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදු වන්නට හේතු කාරණා වී ඇත්තේ පවතින වර්ෂාපතනයයි. එම නිසා සෑම වර්ෂාපතනය පවතින කාල වකවානුවක දීම ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ඉහළ අගයක් ගන්නා බව පෙනෙන්න තිබෙන කරුණකි. මදුරුවා බිත්තර දැමූ පසු ජලය වියළී ගිය ද නැවත එම බිත්තර ජලය මත රැඳෙන තුරු බිත්තරවල ජීව කාලය පවතින නිසා එය භයානක තත්ත්වයක් බවට පත්ව තිබේ. එම නිසා මදුරුවාගේ සක්‍රීය කාලය අපට මේ තරම් යයි ගණනය කළ ද නොහැකිය.

අද වන විට ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ඩෙංගු මර්දන ඒකකය තම පූර්ණ ශක්තිය යොදමින් සිටී. එහෙත් ඒ දෙවන අදියරයි. පළමු අදියරේදී සියලු කටයුතු කළ හැක්කේ මහජනතාව වන අප හටයි. එනම් ඩෙංගු මදුරුවා බිහි වීම මෙන්ම ඩෙංගු රෝගය ව්‍යාප්තිය ද වැළකී හැක්කේ සියලුම ජනතාවගේ කැප වීම මඟින් වීමය. එම නිසා තම ගෙවත්තේ මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගෙන ඒවා විනාශ කිරීමට පොදු ස්ථානවල මදුරුවන් බෝ වන ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා විනාශ කිරීමට ද කටයුතු කිරීම මඟිනි. එම නිසා අප වෙතින් විය යුතුකම අප ඉටු කළ යුතුය. එනම් ඩෙංගු මදුරුවා මර්දනයට ගත යුතු පියවර ඇත්තේ අප ළඟය. අප විසින් එය ඉටු කළ යුතුය. ඒ අප සැමගේ සෞඛ්‍යය සුභසාධනය වෙනුවෙනි.

රජිත බස්නායක

වළක වැටුණු ගැහැනියකගේ අමුතු කතාව

$
0
0
ජුනි 28, 2022 01:00

කුඩා නගරයකදී නොව ජනයාගෙන් පිරී ඉතිරී ගිය මහා නගරයකදී පවා මිනිසුන් හුදෙකලා බවට, තනිකමට ගොදුරු වීම තරමක් පුදුම සහගත වුව සැබෑ තත්ත්වයකි. මනෝ විද්‍යාවේදී විශාදිය නමින් හැඳින්වෙන මෙය සමාජය තුළ සැරිසරන අදිසි අවතාරයක් බඳුය.

හුදෙකලාවට ගොදුරු වූවන්ගේ චරිත, ප්‍රබන්ධ සාහිත්‍ය තුළ සුලබය. ජපන් ජාතික ලේඛිකා හිරෝකෝ ඔයමදා (Hiroko Oyamada) ගේ ‘The Hole’ (වළ) නමැති නවකතාව තුළදී හමුවන්නේ ද එබඳු ස්ත්‍රී චරිතයකි.

හිරෝකෝගේ පළමු නවකතාව වූ ‘The Factory’ සඳහා ඇය නවකයින්ගේ සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ෂින්කෝ ත්‍යාගය දිනා ගත්තාය. ‘වළ‘ නවකතාව අකුතගාවා සම්මානයට ලක්වූයේ හිරෝකෝ ඔයමදාට ජපානයෙන් පිටතට විහිදුණු කීර්තියක් ලබා දෙමිනි.

පිටු 92කින් යුත් කෙටි නවකතාවක් (Novella) වූ එය ඩේවිඩ් බොයිඩ් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරිණි.

පිටු ගණනින් අඩු වුවද ‘වළ‘ බහු අර්ථවත් ප්‍රබන්ධයකි. එය නිසි අයුරින් කියවා නොගන්නා පාඨකයා ද ‘වළේ‘ වැටෙයි. පරිවර්තක බොයිඩ් ද සඳහන් කළේ හිරෝකෝගේ දිගු වැකි අතර සැඟවුණු යටිපෙළ සොයා ගැනීමට ඔහු ද වෙහෙස වූ බවයි.

මෙම නවකතාවේ ප්‍රධාන චරිතය අසාහි නමැති 29 හැවිරිදි තරුණියකි. විවාහ වූ අලුතම වාගේ ඇයට තම සැමියා (වුනෙකි වත්සුරා) සමඟ ඔහුගේ මවුපියන් හා නෑසියන් වෙසෙන ගම්බද කුඩා නගරයකට යාමට සිදු වෙයි. ඔවුන් ජීවත්වූ නගරයත්, අලුත් නගරයත් අතර විශාල දුරක් නැත. එහෙත් අලුත් පරිසරයෙහි හා අලුත් ජීවිතයෙහි විශාල වෙනසක් ඇතැයි අසාහිට දැනෙයි.

මත්සුකෝගේ දෙමවුපියන් හෝ ඥාතීන් හෝ ඇයට නිතර හමුවන්නේ නැත. ඉඳහිට හෝ මුණගැසෙන අසල්වැසියන් ඇය අමතන්නේ ‘මනමාලි‘ (bride) නමිනි. ඔවුන් තමන්ට ‘අසාහි‘ නමින් නොඇමතීම නිසා ඇයට පිටස්තර බවක් දැනෙයි.

සැමියා රැකියාවට ගිය පසු ඇය නිවසේ හුදෙකලා වෙයි. අසාහි ද විවාහයට පෙර රැකියාවක යෙදුණු කෙනෙකි. ‘ද ෆැක්ට්‍රි‘ නවකතාවේදී මෙන්ම මෙහිදී ද රැකියාව පුද්ගල අනන්‍යතාවට බලපාන සමාජ තත්ත්වයක් දෙන විශේෂ කාරණයක් ලෙස කතුවරිය යොදා ගනී. (හිරෝකෝ යමාදා ද පෞද්ගලික ජීවිතයේදී රැකියාවන් කීපයකම යෙදුණු එහෙත් විවිධ හේතුන් නිසා ඒවායින් ඉවත් වූ කාන්තාවකි.)

අසාහි ගත කරන්නේ දොම්නසින් පිරි ජීවිතයකි. ඇගේ දෛනික චර්යාවෙහි වෙනසකට ඇත්තේ ඉඳහිට අසල නගරයට යෑම පමණි.

සැමියාගේ මවුපියන්ගේ නිවස ඇත්තේ පෙනෙන දුරිනි. ඔහුගේ පියා කාලය ගතකරන්නේ ගෙඋයනේ වැඩ කරමිනි. ඔහු වැසි දිනවල පවා මල් පැළවලට වතුර දමයි. අසාහි හා ළඟ සබඳතාවක් නැත.

සවස වැඩ ඇරී එන සැමියා කාලය ගතකරන්නේ දුරකථනය සමඟිනි. අසාහි රූපවාහිනිය නරඹයි. ඉවුම් පිහුම් හැර ඇයට කරන්නට දෙයක් නැත. ‘මගේ කාලය ගෙවිල යන්නෙ වැදගැම්මකට නැති විදිහට‘ අසාහි සිය සැමියාට ද කියයි. එහෙත් ප්‍රතිචාරයක් නැත. විවාහයෙන් පසු රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවක් ඇය තුළ තිබිණි. කර්මාන්ත ශාලාවේ වැඩ කරන කාලයේ සැවොම ඇය ඇමතුවේ ‘අසාහි‘ නමිනි. දැන් ඇය ‘මනාලි‘ ය. ඇයගේ අනන්‍යතාව විවාහය විසින් මකා දමා ඇත.

අසාහිගේ ජීවිතය මෙසේ ගෙවී යද්දී එක් දිනක් ඇයට නිවස පිටුපස පිහිටි කුඩා නිවසක වෙසෙන පුද්ගලයෙක් හමු වෙයි. ඔහු තමා ඇගේ සැමියාගේ වැඩිමල් සොහොයුරා බව කියයි. එහෙත් සැමියා කිසිම විටෙක එවැන්නකු ගැන ඈ හා පවසා නැත. අවිවාහකයකු වන සොහොයුරා අසාහි සමඟ නොයෙක් දෑ කතාබස් කරයි. කතුවරිය මෙම චරිතය යොදා ගන්නේ අසාහිට අවශ්‍ය විස්තර දැන ගැනීමේ උපාය මාර්ගයක් ලෙසිනි. කතාව තුළ පසුව සිදු වන අද්භූත හා විකාර රූපී සිදුවීම් මෙන්ම මෙම සොහොයුරු චරිතය ද සැබෑ පුද්ගලයකු නොවන බව අවසානයේ හෙළිවේ. අසාහි නිවස පසුපස භූමියට ගොස් සොහොයුරාගේ නි‌ෙවස සොයයි. එබඳු තැනක් තිබූ බවට සලකුණක් හෝ දක්නට නැත. එසේ නම් ඔහු ද අසාහිගේ සිතෙහි මැවුණු චරිතයකි.

නගරය අසලින් ගංගාවක් ගලා බසී. එක් දිනක් අසාහි එහි ඉවුරට යයි. කුඩා ළමයි ගං ඉවුරෙහි සෙල්ලම් කරති. අසාහි එක්වරම වළකට ඇද වැටෙයි. එය අඩි 5ක් පමණ ගැඹුරු ඇයගේ සිරුරේ ප්‍රමාණයටම සරිලන වළකි. නාඳුනන ගැහැනියක් පැමිණ ඇයට ගොඩට එන්නට උපකාර කරයි. ඇය ද අසාහි අමතන්නේ ‘මනාලි‘ නමිනි.

තවත් අවස්ථාවක ඇයට විවිධ සතුන්ගේ ලක්ෂණ මිශ්‍ර අද්භූත සත්ත්වයෙක් දක්නට ලැබෙයි. පසුව කතුවරිය සඳහන් කළ අන්දමට එම සත්ත්වයා ඇයගේ සිහිනයකදී දැක ඇති අතර, නවකතාවට එක්කිරීමට තීරණය කරන්නේ එම මතකයෙනි. ෆැන්ටසිමය ආඛ්‍යාන රීතිය, හිරෝකෝගෙ නවකතා තුළ දක්නට ලැබෙන ලක්ෂණයකි. අතිසත්වාදී පරිකල්පනය විසින් ඇගේ ප්‍රබන්ධයන්ට දාර්ශනික ගැඹුරක් එක් කරන බව විචාරකයෝ පෙන්වා දෙති.

ලුවිස් කැරොල්ගේ ‘ඇලිස් දුටු පුදුමලන්ත‘ ළමා නවකතාවේදී ඇලිස්ට හමුවන හාවා මෙන් අසාහි ද අද්භූත සත්ත්වයාට තම අපූර්ව ලෝකයේ තැනක් ලබා දෙයි.

ජපන් ගත්කතුවරුන් වන හරුකි මුරකාමි, කෝබෝ අබේ (Woman in the Dunse), කෙන්සබුරෝ ඕයි (the Silent Cry) ආදීන්ගේ ඇතැම් නවකතා තුළ ද හිරෝකෝ ඔයමදාගේ ‘වළ‘ කතාව තුළ ඇති අද්භූත සිද්ධීන්, සත්ත්වයින්, හුදෙකලා ජීවිත දක්නට ලැබෙයි.

කෝබෝ අබේගේ ‘වුමන් ඉන් ද ඩ්‍යුන්ස්‘ (වැලිපර අතර සිටි ගැහැනිය) නවකතාවේද කියැවෙන්නේ සමාජයෙන් පිටස්තර වූ ගුරුවරයකු පිළිබඳවය. ඔහු වැලිපර අතර ගුහාවකට වැටෙයි. එහෙත් ඉන් ගොඩඒමට ඔහුට අවශ්‍යතාවක් නැත.

සියදිවි නසාගැනීම ජපන් සමාජය තුළ ඇති භයානක නැඹුරුවකි. ජී 7 සංවර්ධිත රාජ්‍යයන් අතර ජපානය, සියදිවි නසාගැනීම් දත්ත ලේඛනයේ දෙවෙනි ස්ථානයේ පසු වෙයි. මෙම දිවිනසා ගැනීම් බොහෝමයකට විශාදිය (depression) හේතු වී ඇත. ජපන් නවකතාකරුවන් ද දිවි නසාගෙන ඇති බව ප්‍රකට කරුණකි.

‘වළ‘ නවකතාව රචනා කළේ ගිම්හාන ඍතූන් දෙකක් අතර යැයි හිරෝකෝ ඔයමදා පවසයි. කතාවේ බොහෝ පරිසර වර්ණනා කියවන්නකුට ද එම ග්‍රීෂ්මය දාහය දැනෙයි. එම කාලය තුළ හිරෝකෝ සිය ජීවිතයේ ප්‍රබල ආවේගජනක සිදුවීම් දෙකකට මුහුණ පෑවාය. පළමුවැන්න ඇයගේ පියාගේ මරණයයි. (‘වළ‘ නවකතාවේදී ද අසාහිගේ සැමියාගේ පියා මිය යයි) දෙවැන්න, ඇය මුල්වරට ගැබිනියක වීමයි. (නවකතාව තුළද දරුවන් පිළිබඳ අඹුසැමි සංවාද දක්නට ලැබේ.)

හිරෝකෝගේ ‘වළ‘ නවකතාවේ බොහෝ දෑස සංකේත රූපය. එය හුදෙකලා, ජපන් ගැහැනියකගේ විඥාන ධාරාවක් වුවද ලොව ඕනෑම තැනක වෙසෙන සුනරුත් ජීවිත ගතකරන ගෘහයක සිර වූ ගැහැනුන්ට පොදුය.

කතානායිකා අසාහිගේ සිතිවිල්ලකින් මෙම ලිපිය නිමා කරමි. (එය ඇය වැටී ඇති ‘වළ‘ පිළිබඳ චිත්ත රූපයක් බඳුය.)

‘මගේ අලුත් ජීවන රටාව විසින් මා රෝගී කරවන බවට සැකයක් නැත. කාලය ගෙවා ගැනීම සඳහා මට ටී.වී. බැලීම, කොම්පියුටරය භාවිත කිරීම, පොත් කියවීම වැනි දේ කළ හැකියි. එහෙත් ඒ හැම දෙයක් පසුපසම ඇත්තේ මුදල්. කාලය ගතකිරීමටත් වියදමක් යනවා. සමහරු හිතන්නේ ගෘහිණියන්ට නිදහසේ සිටීමට ඕනෑවටත් වඩා කාලය තිබෙන බවයි. ඇත්තෙන්ම නින්ද විතරයි වියදමකින් තොරව කාලය ගෙවා දමා ගත හැකි ක්‍රමය.

පැය ගතවන්නේ සෙමෙනි. එහෙත් දවස් ගෙවෙන්නේ මහත් වේගයෙන්. ඉතා ඉක්මනින්ම කාලය පිළිබඳ හැඟීම මා තුළින් ඉවත්ව මැකී යනු ඇති.

මගේ ජීවිතය තුළ කාල නියමයන් (Appoimer) හෝ නිශ්චිත කාල නියමයන් (Deadlines) නැත. මගේ ඇඟිලි තුඩු අතරින් කාලය ගලා යනවා පමණි.

 

 

අතරමඟ

$
0
0
ජුනි 28, 2022 01:00

ගෑස් පෝලිම් පෙට්‍රල්, ඩීසල් පෝලිම්

භුමිතෙල් පෝලිම්... දිනෙන් දින පෝලිම් දිගු වෙමින් පවතී. ඒ අතර අපේ ජීවිත උඩු යටිකුරු වී ගොසිනි. ජීවිතය ඉතා දුෂ්කරය.

කෙසේ වුව මාසයකට වතාවක් අම්මා බලන්නට ගමට යන ගමන අතැර දැමිය නොහැකිය. වෙනදා මෙන් නොව මෙවර ඒ ගමන යා යුත්තේ පොදු බස් රථයකිනි. පෞද්ගලික වාහනයෙන් යනෙන ඒ ගමනට දෙමසකට පෙර වැය වූයේ රුපියල් තුන්දහසක් පමණ වුවද අද වන විට එය රුපියල් දස දහසද ඉක්මවා යනු ඇත.

ගෙදර දොරකඩ අඹ ගසත්, රඹුටන් ගසත් ඉදුණු පලින් පිරී ඇත. එහෙත් බසයෙන් යන ගමනේදී ඔසවා ගෙන යා හැක්කේ සීමිත බරක් පමණකි. වෙනදා හෝරා එකහමාරේ ගමනට දැන් හෝරා හතරහමාරක් හෝ පහක් ගත වනු නිසැකය. බස් රථ තුන හතරකට මාරුවෙමින් ද යා යුතුව ඇත.

ගමන් මල්ලට පුරවාගත් බර අඩු කරන්නට දොරකඩ ගසෙන් නෙළාගත් අඹවලින් ගෙඩි හත අටක් ඉවත් කළේ බලවත් අකැමැත්තෙනි. අනූ පස් වියැති අපේ අම්මාගේ ප්‍රියතම පලතුර අඹ ය.

මීටර් කිහිපයක් දුර ගෙවා ගොස් හිමිදිරියේ බසයට ගොඩවන විටත් එය මගීන්ගෙන් පිරී තිබුණේය.

"මහර හන්දියට..."

"රුපියල් හතළිහයි."

මෑතක් වන තුරුම රුපියල් දහසයට ගිය දුර ප්‍රමාණයට දෙගුණයකටත් වඩා ගෙවන්නට සිදු වීම සිත තුළ ජනිත කළේ මහත් ශෝකයකි. සබ්බ සකලමනාවෙහිම මිල තෙගුණයකින් වැඩිවී තිබුණද කාගේ වුව වැටුප ශත පහකින් හෝ වැඩි වූයේ නැත.

බස් කොන්දොස්තර අත තැබූ රුපියල් 50 නෝට්ටුවට අදාළ ඉතිරි රුපියල් දහය මට ලැබුණද පොදු ලංගම බසයකින් අනිවාර්යෙන්ම ලැබෙන බස් ටිකට් පත මා හට ලැබුණේ නැත. ඔහු තෙරපෙමින් සිටි සෙනඟ අතරින් බසයේ පිටුපසට ගොසිනි. ඔහුට ටිකට් පත අමතක වූවාද නැත හොත් හේ එය හිතාමතාම අමතක කළාදැයි මා දන්නේ නැත. කෙසේ හෝ තවත් මිනිත්තු දෙක තුනකින් මා බසයෙන් බැස ගියේ ටිකට්පත නොලැබ ම ය.

අනතුරුව මා නැඟුණේ කුරුණෑගල බසයකටය. සතියේ දවසක උදෑසනක් වූ නමුත් බසයේ ඒ වන විටත් සිටියේ මගීන් දහ දොළොස් දෙනකු පමණකි. රියැදුරු තැනගේ මෙන්ම කොන්දොස්තරවරයා ගේද මුහුණු මැළවී ගොසිනි. නුවර පාරේ බසයක වෙනදා දැනෙන වේගවත් බව ද නොවූයෙන් කොනෙහි අසුනක සුව පහසුව වාඩි වී උදෑසන මිහිරියාව විඳිමින් යන්නට කිසිත් බාධාවක් නොවීය.

යක්කල නගරය මැදින් බසය ඇදුණේ ඉතා සෙමෙනි. බරැති ගෝනියක් ඔසවාගෙන යමින් සිටි වියපත් මිනිසකු පාර පනිමින් සිටියේය. හිටි හැටියේ ඔහු මුහුණ පෑවේ මහත් අකරතැබ්බයකටය. ඔහුගේ උරය මත වූ ගෝණිය ඉරී එහි වූ ඉදුණු පුවක් අඩක් පමණම නිරන්තරවම වාහන දිවෙන මහා මාර්ගය පුරා විසිරී ගියේය. ගෝණිය මහ මග අයිනෙක තැබූ හේ වහ වහා ඉදුණු පුවක් අහුලන්න වූයේය. සමහර විට ඔහු නගරයට ආයේ පුවක් විකුණා ලැබෙන මුදලින් නිවෙසෙහි මුළුතැන්ගෙහි අඩුවැඩිය සපුරාලනු පිණිස වන්නට ඇත.

බොහෝ ගැහැනු සහ මිනිස්සු කඩිමුඩියේ ඔහු පසුකොට ගියහ. වහ වහා ඇදී යන ඔවුන් කවුරුන් හෝ අසරණ වූ මිනිසාට උපකාර කරන්නට ඉදිරිපත් වූයේ නැත. මගේ බසය බොහෝ දුර ඇදී යන විටත් ඔහු තනිව පුවක් අහුලනු මම දුටුවෙමි.

කරවනැල්ල බසයක් පැමිණෙන තුරු මා හට වරකාපොල බස් නැවතුම්පොළෙහි අඩ හෝරාවක් පමණම කල්මරන්නට සිදු විය.

අවුරුදු දහ අටක, විස්සක පමණ අහිංසක පෙනුමැති තරුණ දරුවකු මා කරා ආවේ හඳුන්කූරු පැකට් කිහිපයක් අත දරාගෙනය.

"අපේ ගෙදර කෑමට හයදෙනෙක් ඉන්නවා මිස්. තාත්තා අසනීපෙන්. ඇඳේ ඉන්නේ. හඳුන්කූරු විකුණලා තමයි ඒ හැමෝටම කන්න දෙන්නෙ. දැන් මම ඒ ලෙවල් කරනවා. මම කොහොම හරි විශ්වවිද්‍යාලෙට යනවා."

ඔහුගේ වචන සිත උණු කරවනසුලු විය. මා රුපියල් සියයේ නෝට්ටුවක් ඔහු අත තැබුවේ අධිෂ්ඨානශීලී, ශක්තිමත් තරුණ පුත්‍රයකු වෙනුවෙන් සිත උපන් සෙනෙහසිනි.

"මේක වෙන කෙනකුට විකුණා ගන්න."

හඳුන්කූරු පැකට්ටුව මම ඔහුට ආපසු දුනිමි.

"අනේ මිස් , ඔය ළමය බොරු කරන්නෙ. කුඩු ගහන්ඩ පුරුදු වුණු ළමයෙක් ඔය. රුපියල් දෙතුන් සීයක් එකතුවුණාම කුඩු හොයාන යනව. කන්ඩ ඕනෑ නෑ."

නුදුරේ සිට සිද්ධිය දෙස බලා හුන් වැඩිහිටි කාන්තාවක් පැවසුවේ ඔහු වෙනුවෙන් පිබිදුණු මගේ සිත පෙළා දමමිනි.

මේ රට තුළ පවත්නා සංකීර්ණ, කර්කශ අර්බුදකාරී පරිසරය විසින් මිනිස් සිත් තිබුණාටත් වඩා අධර්මිෂ්ඨ කර ඇතිවා නොවේදැයි මට සිතුණි.

මත්පැන් බෝතලය හිස් කළ යෝග ස්වාමි

$
0
0
ජුනි 28, 2022 01:00

කඩේ ස්වාමිතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කිරීමේදී යාපනයේ තවත් ප්‍රසිද්ධ යෝගීවරයකු වූ යෝග ස්වාමිතුමා පවසා ඇති දෙයක් මෙහිදී සඳහන් කිරීම වැදගත්ය: “කඩේ ස්වාමිතුමා නිරුවත් නළඟනකගෙ අත් අල්ලාගෙන නැටුවත් එතුමාගෙ සමාධිමත් හිත නම් බිඳෙන්නෙ නෑ.” කඩේ ස්වාමිතුමා වැඩිපුරම ජීවත් වුණේ යාපනය මහ වීදියෙහි ය. මෙය වෙ‍ෙළඳපොළ සහිත පොදු ස්ථානයක් විය. මෙම ප්‍රදේශයේ උතුරු සහ බටහිර වීදිවල කඩ සාප්පු ප්‍රධාන වශයෙන් චෙට්ටියාර් හෙවත් වෙළෙඳ ප්‍රජාවට අයත් විය. මෙම ප්‍රජාව ස්වභාවයෙන්ම දෙවියන් වෙනුවෙන් ඇප කැප වූ අතර බැතිමතුන්ගේ සේවයට නැඹුරු වූහ. කඩේ ස්වාමිතුමාගේ ශ්‍රේෂ්ඨත්වය මුලින්ම දැනගත්තේ ඔවුන්ය.

ස්වාමිතුමා මුලින්ම පිඬු සිඟා ගියේ දීර්ඝ කාලීන බැතිමතකු වූ වෛරමුත්තු චෙට්ටියාර්ගේ නිවෙසටය. අරුලම්පලම් ස්වාමිතුමාගේ මව වන සින්නපිල්ලේ මහත්මිය කඩේ ස්වාමිතුමාට දන් පිළිගැන්වූයේ එතුමා තම දරුවකු මෙන් සලකමිනි. අරුලම්පලම් ස්වාමිතුමා සින්නපිල්ලේ මහත්මියගේ බාල පුතාය. තමා කුඩා අවදියේ කඩේ ස්වාමිතුමා පසෙකින් වාඩි වී එතුමාගේ කෑමපතින් කන්නට පුරුදුව සිටි බව අරුලම්පලම් ස්වාමිතුමා තම බැතිමතුන් සමඟ පවසා ඇත. කඩේ ස්වාමිතුමාට යම් නිවැසියකු කෙතරම් ආදරයෙන් සංග්‍රහ සත්කාර සිතින් ආහාර වේලක් පූජා කළ ද, නැවත එම නිවෙසට යෑම එතුමාගේ පුරුද්දක් නොවීය.

ජාති, ආගම්, උස් පහත්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව එතුමා සියලු බැතිමතුන් එක හා සමානව සැලකුවේය. ඔවුන්ගේ ශාරීරික, මානසික රෝගවලට මෙන් ම දුප්පත්කමටද පිළියම් කළේය.

එවැනි ආශ්චර්යමත් සිදුවීම් බොහොමයක් අසන්නට ලැබේ. දිනක් දැඩි භක්තිමත් නමුත් දුප්පත් කාන්තාවක් කඩේ ස්වාමිතුමාට දානයට ආරාධනා කළාය. තම පවුල දුප්පත් නිසා දානයට අවශ්‍ය කළමනා මිල දී ගැනීමට ඇය තම රන් මාලය විකුණුවාය. දන් අනුභවය අවසානයේ කඩේ ස්වාමිතුමා ගෙහිමියා අමතා යකඩ කැබැල්ලක් රැගෙන එන්නැයි ඉල්ලා සිටියේය. ඔහු මළකඩ කෑ පරණ යකඩ පොල්ලක් ගෙනැවිත් දුන්නේය. කඩේ ස්වාමිතුමා යකඩ පොල්ලට කෙළ ගසා ගෙහිමියාට නැවත දුන්නේය. යකඩ පොල්ල රත්රන් පොල්ලක් බවට පත් වී තිබිණි.

එතුමා කෙරෙහි බෙහෙවින් භක්තිමත් ධීවරයකු දිනක් අධික වර්ෂාව මැද ගැඹුරු මුහුදේ කුණාටුවකට හසු වුණේය. දියේ ගිලෙන්නට පෙර තම ආධ්‍යාත්මික ගුරුවරයා වූ කඩේ ස්වාමිතුමාට කන්නලව් කිරීම හැර ඔහුට වෙනත් පිළිසරණක් ඔහුට නොවීය. කරුණා සාගර කඩේ ස්වාමිතුමා ධීවරයාගේ පැල්පත වෙත ගොස්, හබලක් ගෙන, “එල්ලෙලෝ” යි ගයමින්, අසල වූ වැලි හෑරීමට පටන් ගත් අතර, දියේ ගිලෙන්නට ගිය බැතිමතාගේ ජීවිතය බේරිණි. මෙසේ එතුමා තම බැතිමතුන් ව්‍යසනවලින් බේරාගත් ආකාරය ඒ ගැන අසන අයගේ සිත් වසඟ කළේය.

මේ බව දැනගත් බැතිමත්හු ඔහු වටා විශාල වශයෙන් රොක් වූහ. දුප්පත්තු පවා තම නිවෙස්වලට පැමිණෙන්නැයි බොහෝ නිහතමානී ලෙස එතුමාගෙන් අයැද සිටියහ. එවැනි අවස්ථාවලදී ඔවුහු සුපුරුදු නිර්මාංස ආහාර පමණක් නොව මත්පැන් පවා එතුමාට පිරිනැමූහ. එතුමා තමන්ට පිරිනමන කිසිවක් ප්‍රතික්ෂේප නොකොට පිළිගත්තේය.

තමන් බෙහෙවින් ගෞරව කරන තැනැත්තා භක්තිමතුන් පිරිනමන මත්පැන් පිළිගන්නා බව දැනගත් ඇතැම් හින්දු භක්තිකයන්ගේ අමනාපය වැඩී විය. එතුමා ඔවුන්ගේ සිත් දිනාගත් ආකාරය පුදුම සහගතය. මේ සම්බන්ධයෙන් යෝග ස්වාමිතුමා විසින් පවසා ඇති සිදුවීමක් සඳහන් කළ හැකිය.

යෝග ස්වාමිතුමාගේ ගුරුවරයා වූ චෙල්ලප්පා ස්වාමිතුමා කඩේ ස්වාමිතුමාට බෙහෙවින් ගෞරව කළ කෙනෙකි. කඩේ ස්වාමිතුමා මත්පැන් පානය කරන බව බැතිමතුන්ගෙන් අසන්නට ලැබීම චෙල්ලප්පා ස්වාමිතුමාට දරාගත නොහැකි විය. එය කිසිසේත් ඇදහිය නොහැකි දෙයක් ද විය. මේ ගැන පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ චෙල්ලප්පා ස්වාමිතුමා සිය සාළුව යට පරිස්සමින් සඟවා ගත් මත්පැන් බෝතලයක්ද රැගෙන කඩේ ස්වාමිතුමා සොයා මහා වීදිය වෙත ගියේය. එහි ගිය චෙල්ලප්පා ස්වාමිතුමා කඩේ ස්වාමිතුමා අසල වාඩි වුණේය. එවිට කඩේ ස්වාමිතුමා මෙසේ පැවසීය:

“අනේ ඉතින් ඔබ තුමාත් මට මත් පැන්වලින් සංග්‍රහ කරන්න පටන් අරන්! හොඳයි එහෙනං ඔය සාළුව අස්සෙ හංගගෙන ඉන්න බෝතලේ එළියට අරන් අරින්න. මට ඒක මෙතන ඉන්න මේ හැම බැතිමතකු සමඟම බෙදාගන්න ඕනෑ!” චෙල්ලප්පා ස්වාමිතුමා වෙව්ලමින් බෝතලය එළියට ගෙන තමා ඉදිරිපිට තබා එය විවෘත කරන්නට සැරසුණේය. බෝතලය මුළුමනින් ම හිස්ව තිබිණි.

වසර තිහක් පුරා යාපනයේ වැසියන්ට උපකාර කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරමින්, අාධ්‍යාත්මික මාවතේ ඔවුන් මෙහෙයවූ කඩේ ස්වාමිතුමා 1891 වසරේ මෙලොවින් සමු ගත්තේය.

රටට ගැළපෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා ගනිමු

$
0
0
ජුනි 29, 2022 01:00

'78 පැමිණි විවෘත ආර්ථිකය නියාමනය වීමක් සිදු නොවුණු හෙයින් බිහි වූයේ සේවා ආර්ථිකයකි. 1948ට පෙර ඉන්දීය සම්භවයක් ඇති කම්කරුවෝ දේශීය වානිජ වතුවල වැඩ කළහ. ශ්‍රී ලංකාව ශ්‍රමය ආනයනය කර වැටුප් ගෙවූ රටකි. එහෙත් 1978න් පසු සිදු වූයේ අම්මලාගේ, අක්කලාගේ ශ්‍රමය අපනයනය කිරිමටය. ඒ සඳහා මහන්සි වනුයේ; දුක් විඳින්නේ එක් කොටසකි. වරප්‍රසාද ලබන්නේ තවත් කොට්ඨාසයකි. අද ඇති වී ඇත්තේ මේ පන්ති භේදය.'

 

වර්තමානයේ රට මුහුණදී තිබෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීම අපහසුවෙන් හෝ කළ යුතුව ඇත. එහෙත් පළමුවෙන් කළ යුත්තේ වර්තමානයේ මෙතරම් දැඩි ආර්ථික අර්බුදයක් ඇති වූයේ ඇයිද? යන්න පිළිබඳය. එහිදී පැහැදිලි වන කාරණයක් වන්නේ මේ ආර්ථික අර්බුදය හා බද්ධ වුණු එකිනෙකට සම්බන්ධ ගැටලු ගණනාවක් පවත්නා බවය. මෙය හුදෙකලා වූ ප්‍රශ්නයක් හෝ කෙටි කාලීන තත්ත්වයක් යටතේ පැහැදිලි කිරිම හෝ සාධාරණ නොවේ. එහිදී, පර්යේෂකයන්, විශ්ලේෂකයන් වශයෙන් අප විමසා බලන කරුණු කිහිපයකි. මේ ගැටලුව හා බැඳුණු අතීතයක් තිබේ. මේ අතීතය අමතක කර වර්තමානයේ කටයුතු කළ නොහැකි වනවා මෙන්ම, අතීතය සහ වර්තමානයෙන් තොරව අනාගතය පුරෝකථනය කිරීම් හෝ සැලසුම් කිරීම ද අපහසුය.

ඉතිහාසයේ සිටම රටේ පැවැතියේ ස්වයංපෝෂිත ආර්ථික රටාවකි. අතීත රජවරුන් පාලනය කළ යුගවල සිටම අවශ්‍ය දේ දේශීය වශයෙන් නිෂ්පාදනය කර, පරිභෝජනය කළ සරල ආර්ථිකයක් අපට හිමි වී තිබිණි. එසේම ලාංකිකයන් යනු වැව් අමුණු, දාගැබ් බැඳ, බත බුලතින් ස්වයංපෝෂිත වූ ජාතියකි. පරාක්‍රමබාහු යුගයෙන් පසුවද අපනයනය කිරීමට තරම්, සහල් අතිරික්තයක් පැවැති ආර්ථිකයන් තිබිණි. වර්තමානයේ සියයට පණහකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන තත්ත්වයට පත් වූයේ එවැනි ස්වයංපෝෂිත රටකි. වර්තමානය වන විට දේශීය නිෂ්පාදන අපනයනය කර ලබා ගන්නා ආදායම ආනයන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන තත්ත්වයට පත් වී තිබේ. අද රට විදේශ ගෙවුම් ශේෂ හිඟයට පැමිණ ණය උගුලකට හසුවී ඇත්තේ මේ නිසාවෙනි. කවුරු කෙසේ පැවසුවද ණය ගෙන ඇත්තේ පරිභෝජන අවශ්‍යතාවලටය. ඉන් පසු ණය වාරික සහ පොලී ගෙවා තිබේ. මෙසේ ගත් ණය ඵලදායි අාකාරයට නිෂ්පාදන කර්මාන්තයට යොදවා නොමැත. කාර්යක්ෂම ව්‍යාපෘති වෙනුවෙන් යොදවා ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. සම්පූර්ණයෙන් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය වී නොමැත. වසර හැත්තෑ ගණනකට පසුව වර්තමානයේ මුහුණ දීමට සිදුවී ඇති මේ අර්බුදය එම අකාර්යක්ෂම වැඩපිළිවෙළවළ ප්‍රතිඵලයකි.

දිවයිනට නිදහස ලැබුණු යුගය පිරික්සීමේදී, එනම් 1948 සිට1955 දක්වා වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් තිබුණි. 1955 වසරේදී වෙළෙඳ ශේෂය රුපියල් මිලියන 507ක පමණ අතිරික්තයක් තිබිණි. අපට නිදහස ලැබෙන කාලයේ පැවතියේ කූපන් ක්‍රමයට සහල් දෙන, කරවල, කිරිපිටි දෙන සුබසාධන ආර්ථිකයකි. ඉන් පසුව 1977 දක්වාම විවිධ ආණ්ඩු යටතේ දේශීය ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට කටයුතු කර තිබේ. ජාතික ආර්ථික ප්‍රතිපත්තිය වූයේ අභ්‍යන්තරාවලෝක ආර්ථික ප්‍රතිපත්තිය, නැත්නම් අභ්‍යන්තරයට නැඹුරු වූ ආර්ථික ප්‍රතිපත්තියකි. ආවෘත ආර්ථික ප්‍රතිපත්තියක් වශයෙන්ද එය හැඳින්වේ. එම යුගයේ කටයුතු කළේ, ‘සිරිලක දේ සිරි සැප දේ’ වැනි සංකල්ප තුළ සිටිමිනි. හරිත විප්ලවය තිබුණේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේය. ඒත්, ආනයන ආදේශන ආර්ථික ප්‍රතිපත්තිය තිබුණේ වාමාංශික පක්ෂ යටතේය. යම් යම් වෙනස්කම් තිබුණද, ප්‍රතිපත්තියක් විදියට කටයුතු කළේ සැලැසුම් සහගත ආර්ථික ක්‍රමයක් යටතේය. නිදසුන් ලෙස දස අවුරුදු සැලැස්ම, පස් අවුරුදු සැලැස්ම, කොළඹ ක්‍රමය වැනි සැලසුම් රටේ ක්‍රියාත්මක විය. විදේශ විනිමය හිමිකම් සහතිකපත් ක්‍රමය (විවිහිස ක්‍රමය), රන් ගිණුම් ක්‍රමය, වැනි විවිධ වැඩපිළිවෙළ ඔස්සේ සිටියේ දේශීය ආර්ථිකයට හිතකර ආර්ථික ප්‍රතිපත්තියකය.

 

ආවෘත ආර්ථිකය විවෘත වීම

1977ට පෙර තිබුණේ සමාජ සුබසාධනවාදී ආර්ථිකයන්ය. මධ්‍යගත රජයක සැලැසුම්ගත ක්‍රමයක් යටතේ ආර්ථිකය කළමනාකරණය කර මෙහෙයවීම් සිදු වූයේය. ලාභ ඉපැයීමේ අභිප්‍රායක් නොතිබූ නිසා රජයේ අමාත්‍යංශ පැවතියේ සරල ක්‍රමයක් යටතේය. සාර්ව ආර්ථිකයේ පැවැතියේ සියලු දෙනාට සාධාරණත්වය, සමානාත්මතාව සහ සම්පත් බෙදී යෑමේ විසමතාවය අවම කෙරෙන ආකාරයේ සැලසුම්ය. උදාහරණයක් ලෙස කෘෂිකර්ම, වාරිමාර්ග, ඉංජිනේරු, බලශක්ති මේ සියල්ල පැවැතියේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේය. ඒ යටතේ සියල්ල කළමනාකරණය කර නියාමනයක් කෙරුණි. ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියක් තිබිණි. ගොවිපොළ, කුඹුරු, සත්ත්ව ගොවිපළ, බීජ අභිජනන මධ්‍යස්ථාන වැනි කෘෂිකර්මාන්තයට සම්බන්ධ විවිධ අංශ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවතිණි. ඒ ඒ අංශවලට සම්බන්ධ විවිධ දේ නිෂ්පාදනය කර, ඒවා ජනතාවට අලෙවි කර, කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආදායම් උපයා ගැණිනි. ධීවර අමාත්‍යාංශයද ධීවර නිෂ්පාදනවලින් ලාභ ලැබුවේය. විදුලිබල අමාත්‍යාංශයද එසේ ලාභ ලැබු අමාත්‍යාංශයකි. විමලසුරේන්ද්‍ර මහතා විදුලිබල පනත ගෙන එන්නේ ද රටට අවශ්‍ය බලශක්තිය දේශීය වශයෙන් සපයා ගැනීමේ අරමුණ ඇතිවය. මේ ආයතන, රටේ විදුලිබලය ඇතුළු බලශක්ති උත්පාදනය කර ලාභ ලබන ආයතන බවට පත් විය. මේ ආයතන ලාබ ලැබීම යනු නිෂ්පාදන අමාත්‍යාංශය යටතේ පැවැති දේ සඳහා දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට නොහැකි වුණු ඛනිජ තෙල් ගෙන ඒමට සිදු වීමය. චීනයත් සමඟ චීන රබර් ගිවිසුමත්, මැදපෙරදිග සමඟ ඛනිජ තෙල් ගිවිසුමත් යන, ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ඛනිජ තෙල් ලැබිණි. ඒ ආකාරයට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නොහැකි අත්‍යවශ්‍ය දේ පමණක් විදේශීය වශයෙන් ආනයනය කෙරිණි.

 

වෙනසට පාර කැපූ කැරලි

71 කැරැල්ලෙන් පසුව මේ ආර්ථිකය බිඳ වැටීමට පටන් ගැණිනි. 71 තරුණ අසහනයෙන් ගොඩනැඟුණු ජනතා විමුක්ති පෙරමුණෙන් ඇති කළ කැරැල්ලේදී, ඒ අය විනාශ කළේ රාජ්‍ය හා පෞද්ගලික දේපළය. එපමණක් නොව; ගොවිපොළ සහ ගබඩා, නිෂ්පාදන ප්‍රවාහනය කළ ලොරි පවා විනාශ කෙරිණි. දුම්රිය සහ පොලිසිවලට පහර දීම් සිදු කෙරිණි. රජයේ තිබුණු නිෂ්පාදන කර්මාන්තයට දායක වූ සම්පත් ගිනි තබා විනාශ කෙරිණි. පිරිසක් සූරාකෑම් කළ අතර පිරිසක් විනාශ කිරීම් කළහ. ජාතික දේපළ, මහජන දේපළ සූරා කෑමත් විනාශ කිරීමත් එක හා සමානය; ප්‍රතිඵලය එකය. මේ විනාශ කිරීම ඔස්සේ සුබසාධන ආර්ථිකයක් තිබුණු සමඟි පෙරමුණ ආණ්ඩුවට එතෙක් ලැබුණු ජාතික ආදායම නඩත්තු කර ගැනීමට අපහසු විය. මේ නිසා මහජනතාව මත බදු පැනවීමට සිදු වූයේය. මහ ජනතාවට හාල්, ඇඳුම් පැලඳුම් ගැනීමට පෝලිම්වල සිටීමට සිදු විය. මේ තත්ත්වය මත ඔවුනට මහා බරක් දැණිනි. එවක පැවැති රජයත්, ආර්ථික විශේෂඥයනුත් කල්පනා කළේ පෝලිමේ හිටියද මේවා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි දේ බවය. තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ, මත්තේගොඩ දේශීය කර්මාන්ත ඇති කර තිබිණි. වර්තමානයේ බරපතළ ආකාරයට කඩදාසි ප්‍රශ්නයක් ඇතිවී තිබෙන නමුත්, දේශිය කඩදාසි නිෂ්පාදය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කඩදාසි සංස්ථාවක් ස්ථාපිත කර තිබිණි. පොළොන්නරුවේ උකු කිරි, පරන්තන් යකඩ හා වානේ, කැලණිය ටයර්, නාත්තන්ඩියේ වීදුරු වැලි, මේ ආකාරයට රට පුරාම නිෂ්පාදන ජාලයක් ස්ථාපිත කෙරිණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ විදේශීය වශයෙන් ආනයනය කිරීමට සිදු වූයේය.

රටේ අනාගතයට අවශ්‍ය නිෂ්පාදන වෙනුවෙන් සැලසුම් සකස් කෙරුණු නමුත්, ජනතාවට කෙටි කාලයක් දුක් විඳීමට සිදු විය. මේ පෝලිම් ක්‍රමය වෙනස් කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූයේය. 77 විවෘත ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වූයේ මේ අනුවය. පෝලිම්වල සිටීම කරදරයක් යයි සිතා, වැඩිහිටියන් දේශීය ආර්ථිකයට විරුද්ධව කළ පරිවර්තනය, එනම් විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල ලෙස අද කිරි පිටි, භූමිතෙල්, පෙට්‍රල් ගැනීමට පෝලිම්වල සිටින්නේ, එදා පෝලිම් යුගය ප්‍රතික්ෂේප කළ අයගේ ඊළඟ පරම්පරාවටය. එදා ඒ ආකාරයට දේශීය නිෂ්පාදන ආර්ථිකය විනාශ නොකළේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ කැරලි නොතිබුණේ නම්, මෙවැනි අර්බුදකාරි තත්ත්වයක් ඇති නොවේ. 77 බලයට පත් වූ පාලකයන්ට හයෙන් පහක විශාල ජනවරමක් ලැබුණේද පෝලිම් ක්‍රමයෙන් මිනිසුන් දැඩි අපහසුතාවට පත්ව සිටි නිසාය. මහජන මුදලින් මේවා නඩත්තු කළ නොහැකි බව පවසමින් බලයට පැමිණි රජය, එම ආර්ථික ක්‍රමය වෙනස් කර ගැනීමට කටයුතු කළේය. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට පවරා, ලාභ චේතනාවෙන් කටයුතු කළ යුතු බව ඔවුන් කල්පනා කළේය. එතෙක් පැවැති සැලසුම්සහගත මධ්‍යගත වෙළෙඳපොළ ක්‍රමය, නිදහස් වෙළෙඳපොළ ක්‍රමයකට පරිවර්තනය වූයේය.

බටහිර සිද්ධාන්තය අනුව සිදු වනුයේ පාරිභෝගිකයා හා නිෂ්පාදකයා තමන්ගේ ඉල්ලුම්-සැපයුම් බලවේග අනුව කටයුතු කිරීමය. එම ක්‍රමයෙන්ද වැඩිදුර යෑමට නොහැකි විය. නැවත වාරයක් විශාල ලෙස ලාභ ලබන ශක්තිමත් පෞද්ගලික ව්‍යවසායක පන්තියක් බිහි වූයේය. මේ නිසා ආදායම් විසමතාව දැඩි ලෙස ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. කැරලිකාරයන් බලාපොරොත්තු වූ දේ ඉෂ්ට නොවුණි. එම වකවානුවේ පැවැතියේ රාජ්‍ය ඒකාධිකාරියකි. තරුණයන් බලාපොරොත්තු වූයේ නිදහසය. නිදහස් ආර්ථිකය පැමිණියද ඔවුන්ගේ ප්‍රශ්න නොවිසඳුණි. ඇති-නැති පරතරය මඟින් ව්‍යාපාරික පන්තියක් බිහි වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණම 80 දසකයේ අග භාගයේ නැවත වාරයක් කැරලි ගසා, ජාතික සම්පත් විනාශ කළේය. එදා, රාජ්‍ය ත්‍රස්තවාදයත්, ජේවීපී සහ එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදයත් එකතුවී රට ආපස්සට ගමන් කරවූයේය. මේ නිසා මේ ක්‍රම දෙකම ගැළපෙන්නේ නැති බව ආර්ථික විශ්ලේෂකයන් වශයෙන් අපට පැහැදිලි විය. වෙනත් රටක ආකෘතියක් රටට නොගැළපෙන බවත්, එය සාර්ථක නොවන බවත් හා අපටම ගැළපෙන ආර්ථික මොඩලයක්, මාදිලියක් ස්ථාපිත කළ යුතු බවට අපි අවධාරණය කළෙමු.

 

මොඩලය වෙනස් කිරීමේ අවශ්‍යතාව

බටහිර ආකෘති හෝ වෙනත් දියුණු වූ රටවල ආකෘති හෝ මේ රටවලට නොගැළපෙයි. මේ රාජ්‍යයන් තමන්ගේ ආර්ථික ව්‍යුහයට ගැළපෙන ආකෘතියත් තමන් විසින්ම සොයා ගෙන, එය ක්‍රියාත්මක කළ යුතු බව ඉන් අදහස් කෙරෙයි.

21 වැනි ශතවර්ෂයේ නව සහශ්‍ර සංවර්ධන අරමුණුවල තුලිත ආර්ථික සංවර්ධනය යනුවෙන් සංකල්පයක් පවතී. තුලිත ආර්ථික සංවර්ධනයේදී දේශීය වශයෙන් රටක අභ්‍යන්තරව තුලනයක් ඇති කර ගත යුතුය. එය කළ යුත්තේ අයවැය මඟිනි. රටේ ආදායම එම රටේ වියදමට ගැළපෙන හා හිඟයක් නොපවතින ආකාරයට අය වැය ලේඛනය හදා ගත යුතුය. රටේ ආදායම, රටේ වියදමට ප්‍රමාණවත් නොවේ නම්, දේශීය වශයෙන් ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවලට යා යුතුය. එනම් දේශීය නිෂ්පාදන වැඩි නොකර, දේශීය ආදායම වැඩි කර ගත නොහැකිය. තුලිත ආර්ථිකයේ අභ්‍යන්තර තුලනය තුළම ගෘහස්ථ නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීම සම්බන්ධව සඳහන් වේ. අපනයනය කළ යුත්ත දේශීය නිෂ්පාදනය. මේ නිෂ්පාදන වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍යම දෙයකි. ඒ සඳහා සැලසුම් සකස් කර නියාමනයක් යටතේ දින සහ කාල වකවානු සකසා ගත යුතුය. එහෙත් ඒවා ක්‍රියාත්මක නොවිණි.

 

වියදම් කළමනාකරණය

මෙහි සඳහන් වන දෙවැනි කාරණය නම් බාහිර තුලනය ය. රට තුළ නිෂ්පාදනය කළ හැකි හා නොහැකි දේ ඇත. උදාහරණ වශයෙන් බොරතෙල්, ඉන්ධන වැනි දේ ආනයනය කළ යුතුය. ඒවා ආනයනය කිරීමට නම් දේශීය වශයෙන් ආදායමක් උපයා තිබිය යුතුය. ආනයන වියදම් සකස් කළ යුත්තේ අපනයන ආදායමට ගැළපෙන ආකාරයටය. එසේ නම් බාහිර තුලනය වශයෙන් හැඳින්විය හැක්කේ ආනයන-අපනයන වියදම් කළමනාකරණය කර ගැනීමය. එය කළ හැක්කේ ගෙවුම් ශේෂය මඟිනි. ගෙවුම් ශේෂය තුලනයට පත් කර හිඟයකින් තොරව පවත්වාගෙන යෑමට හැකි නම්, එහිදී දේශීය තුලනයක් ඇති වේ. මේ ආකාරයට අප වැනි රටකට අවශ්‍ය වන්නේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් තුලනයක් ඇති කර ගැනීමටය. මේ සඳහා ක්‍රියාත්මක කළ යුතු සැලසුම් කිහිපයක් තිබේ. අභ්‍යන්තර තුලනයක් උදෙසා ප්‍රධාන වශයෙන් ක්‍රියාමාර්ග ගත යුත්තේ කුටුම්බයෙනි. කුටුම්බයේ ආදායම කුටුම්බයේ වියදමට සමාන කර ගැනීමට හැකි නම්, ගැටලුවක් ඇති නොවේ. සහනාධාර දීමට සිදු වනුයේ කුටුම්බයේ ආදායම, වියදමට ප්‍රමාණවත් නැති වූ විටය. ඒ සඳහා රජය ජනතා ආරක්ෂක දැලක් එළිය යුතුය. සුබසාධන ආර්ථිකයක ඇති සහනාධාර වැඩපිළිවෙළ වශයෙන් හඳුන්වන්නේ එය ය. එවැනි ක්‍රියා පිළිවෙතක් අවශ්‍ය වන්නේ මේ වෙළෙඳපොළ තරගයෙන් බිඳ නොවැටී, ඔවුන් ආරක්ෂා කිරීම සඳහාය. එහෙත් ඒ සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම අවශ්‍යය. වර්තමානයේ ඇති ගැටලුව නම්, දේශපාලන අවශ්‍යතාව මත නුසුදුසු පුද්ගලයන්ට මේ සහනාධාර හිමිවී තිබීමය.

78 පැමිණි විවෘත ආර්ථිකය නියාමනය වීමක් සිදු නොවුණු හෙයින් බිහි වූයේ සේවා ආර්ථිකයකි. 1948ට පෙර ඉන්දීය සම්භවයක් ඇති කම්කරුවෝ දේශීය වාණිජ වතුවල වැඩ කළහ. ශ්‍රී ලංකාව ශ්‍රමය ආනයනය කර වැටුප් ගෙවූ රටකි. එහෙත් 1978න් පසු සිදු වූයේ අම්මලාගේ, අක්කලාගේ ශ්‍රමය අපනයනය කිරීමටය. ඒ සඳහා මහන්සි වනුයේ; දුක් විඳින්නේ එක් කොටසකි. වරප්‍රසාද ලබන්නේ තවත් කොට්ඨාසයකි. අද ඇති වී ඇත්තේ මේ පන්ති භේදය. යම් හෙයකින් වාහන ගෙන්වීම නතර නොකළේ නම්, බැලමෙහෙවරකම් කිරීමට වැඩි පිරිසක් පිටරට යැවිය යුතුව තිබිණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නොමිලේ දෙනවා යැයි පැවසුවද, අධ්‍යාපනය නොමිලේ නොලැබේ. ඉගෙන ගන්නා දැනුමට ගෙවීමක් නොකරන නමුත්, රටේ බදු ගෙවන පිරිස් ඒ සඳහා ගෙවීමක් කරයි. වෛද්‍ය. ඉංජිනේරු කළමනාකරුවෝ ඇතුළු බොහෝ පිරිසක් ඉහළට ගොස් ඇත්තේ දක්ෂකම නිසාම පමණක් නොව, මහ ජනතාවගේ බදු මුදල්වලිනි. පාසල් අධ්‍යාපනය වසර දහතුනක් ලබා දෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අවුරුදු හතරක් පහක් තවත් දැනුම ලබා ගනී. වසර විස්සකට ආසන්න කාලයක් අප යැපෙන්නේ රටේ මහජනතාව මතය. වසර විස්සක් මහ ජනතාවගේ බදු මුදල් වෙනුවෙන් වසර 30ක සේවයකින් නැවත ඔවුන්ට දෙයක් ලබා දිය යුතුය. එහෙත් සැබෑ වශයෙන් වැඩ කිරීමට ඇත්තේ වසර 10කි.

 

පාරිසරික තුලනය

අප ඉන්දියන් සාගරයේ දූපතක් වශයෙන් ලෝකයේ සිදුවන බොහෝ විසමතාවලට මුහුණ දීමට සිදු වේ. සුනාමි ගංවතුර නායයෑම් ආදී විවිධ වෙනස්කම්වලට මුහුණ දීමට පාරිසරික තුලනයක් ඇති කර ගත යුතුය. පාරිසරික තුලනයක් ඇති නොවුණොත් අනාගත පරම්පරාව බෝවන සහ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇත.

මේ කරුණු අවබෝධයට ගනිමින් පමාවී හෝ රටට ගැළපෙන ආකෘතියක් නිර්මාණය කර ගැනිමට සිදුවී ඇත. එහෙත් මේ සඳහා තවමත් සූදානම් වී හෝ සූදානම් කර නැත. එය මහ බැංකු අධිපති ඇතුළු තීන්දු ගන්නා අයට හෝ දේශපාලන අධිකාරියට හෝ කළ හැකි දෙයක් නොවේ. ආචාර්යවරු හැටියට අපටද කිසිවක් කළ නොහැකිය. පිටරටින් ලැබෙන ණය ආධාර මත තාවකාලිකව සමනය කිරීමට හැකිය. එහෙත් මේ සඳහා අපේ මානසික පරිවර්තනයක්ද අවශ්‍යය. එසේ නොකළොත්, මහ ජනතාවට එයින් ගැලවීමට නොහැකිය. ආනයනය කරන පාන් පිටි, කිරි පිටි, පරිප්පු පරිභෝජනය නතර කර, ඒ වෙනුවට රටේ වැවෙන දෙයක් ආහාරයට ගැනීමට අපේ මනස හදා ගැනීමට අවශ්‍යය. අපහසුතා විඳ ගනිමින් හෝ අපේ රටට ගැළපෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීමට සියලු දෙනාම කැප විය යුතුය.

 


රාජකීයයන්ගේ පා පහස ලත් තහංචි කැලේ

$
0
0
ජුනි 29, 2022 01:00

හරිත වර්ණ උස් තුරු වදුලු අතරින් පෙරී එන මනරම් හිරු රැස් අප ගමන් ගන්නා මාර්ගය දෙසට එක දෙක වැටෙන්නට පටන් ගත්තේ අපගේ සිතටත් ගතටත් ප්‍රබෝධයක් ඇති කරමිනි. හාත්පසින් ඇසෙන්නේ උදෑසන කරුලු කිරිල්ලියන් නඟන මියැසි රාවයයි.

කොහේදෝ සිට හමා ආ සිහිල් මඳනළක් අප ඇඟ දැවටී ගියේ අපූර්ව සිසිලසක් දනවමිනි. ඒ සුළඟට හසුවූ සුදු වරා මල් අරුණලු අතරින් බිමට පහත් වූයේ ලතාවකටය.

හිරු මල පිබිදී හෝරා දෙකක් ගෙවී ගිය ද තුරු වදුලින් තවමත් ඉවත්ව නොගිය මීදුම අතරින් අප මේ ගමන් කරන්නේ නිරනුමානවම එදා උඩරට රාජකීයයන් පා පහස දුන් නිසසල වනපෙතකය.

අද මහනුවර නගරයේ දක්නට ලැබෙන්නේ විසල් ගොඩනැඟිලිය. ඒත් රජ සමයේ දළදා මාළිගාව සහ වලව් කිහිපයක් හැරෙන්නට නගරයේ දක්නට ලැබුණේ කිරි මුහුදත්, බෝගම්බර වැවත් පමණකි. ඒවාට සිහිල් දියවර සැපයුනේ මේ තුරු වදුල හරහා ගලා ගිය සුනිල දිය දහරකිනි. රජ සමයේ මේ වනපෙත හඳුන්වා ඇත්තේ ‘තහංචි කැලේ’ නමිනි. කිසිවකු මේ තහංචි කැලයට ඇතුළු වී දර කැපීමක් හෝ සිදු කළ හොත් ඊට දඬුවම් වූයේ රිදී පහක දඩයකි.

කන්ද උඩරට රාජධානියේ රජුට සේවා සැපයූ දුනුකාර හේවාපන්නයට වුවමනා ශක්තිමත් දුනු තනා ගැනීමට අවශ්‍ය ලී දඬු සැපයුනේ ද මේ වනපෙතිනි. ශක්තිමත් දැවයෙන් එසේ සකසා ගන්නා දුනු, මඩෙහිලා පදම් කර ගත්තේ ද මේ වනපෙතිනි. එනිසාම අද මේ රක්ෂිත වන භූමිය හැඳින්වෙන්නේ ‘දුනුමඬලාව’ නමිනි.

සාඩම්බර උඩරට රාජධානියේ අවසානයත් සමඟම මේ තහංචි කැලය පරිවර්තනය වූයේ සුද්දන්ගේ කෝපි සහ කොකෝවා වගාවටය. ඒවා වර්තමානයේ දකින්නට නැත. අද මේ වනපෙත නැවත වන වගා කිරීමකි. එමෙන්ම සෞන්දර්යයෙන් පිරි පරිසර අධ්‍යයන භූමියකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ටත්, පරිසර හිතකාමීන්ටත් වැදගත් ජෛව විශ්වවිද්‍යාලයකි.

වන ගහනයක් තුළ නිදැල්ලේ හැසිරෙන සතුන් දකින්නට නම් යාල, විල්පත්තු හෝ කුමනට යෑමට සිදුවේ. එලෙස වනෝද්‍යානයකදී වුවද අපට උන් දැක ගන්නට ලැබෙන්නේ වාහනයක් තුළ සිටය. එනමුත් දුනුමඩලාව වන රක්ෂිතය තුළදී නම් කුරුල්ලන් සහ ක්ෂීරපායින් කිහිපදෙනකුම නිදහසේ හැසිරෙන අයුරු දැක ගන්නට ලැබේ.

ගැබ්බරින් සිටින ඊරියන්ට වඩාත් පහසුවෙන් පැටවුන් බිහි කිරීමට වියළි තණකොළ අතුරමින් සුවපහසු පලස් තනන වල් ඌරන්, අහර සොයමින් ගුල් හාරන ඉත්තෑවුන්, හාවුන්, එසේත් නැතිනම් කොට්ටෝරුවන් තනා දෙන ගුල් තවදුරටත් හාරා ඒවායේ පදිංචි වන්නට තැත් කරන ගිරවුන්, මයිනන් ඇතැම් විට මෙහි යන අයකුට දැක ගන්නට පුළුවන. එහෙත් එසේ සතුන් දැක බලා ගන්නට හෝ අධ්‍යයනය කරන්නට හැකිවන්නේ ඒ පරිසරයට අනුගතව සංචාරය කළ හොත් පමණි.

දුනුමඩලාව වන රක්ෂිතයට ඇතුළු විය හැක්කේ එක් මාර්ගයක් ඔස්සේ පමණි. මහනුවර ‘වේස්පාක්’ (උද්‍යානය) අසලින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පසුකොට පළමුවෙන්ම ‘අහසින් නුවර නරඹන තැනට’ යා යුතු වේ. එතැනින් කීර්ති ශ්‍රී රාජසිංහ මාවතට පිවිස අසරණ සරණ සංඝරාජ මාහිමියන් එදා භාවනානුයෝගීව වැඩ සිටි ශ්‍රී නාගවිමාන කන්දේ විහාරය පසු කොට එම මාවතේ කෙළවර කඳු මුදුනට ළඟා විය යුතුවේ. මහනුවර නගරයේ සිට දුනුමඩලාව ද්වාරය දක්වා දුර කි. මීටර් දෙකකි. එතැනට වාහනයකින් වුවද ළඟාවීමට පුළුවන.

මේ පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන් තනා ඇත්තේ දැවයෙනි. එය දුටුවනම අප සිත් තුළට දැනෙන්නේ කිසියම් නුහුරු මුත්, චමත්කාරය දනවන හැඟුමකි. අඩි විස්සක් - තිහක් තරම් ඈතින් මාවත දෙපස පිහිටි උස් තුරු දෙකක් අතර හැදූ දැවමය පාලමක් සේ තැනුණ මෙයට අප පා තැබිය යුත්තේ ද ලී පියගැට පෙළකිනි. පියගැට පෙළින් පාලමට පිවිස එහි කෙළවරට යන විට දැක ගන්නට ලැබෙන්නේ දැවයෙන් කළ අපූර්ව ගොඩනැඟිල්ලකි. ඒ, දුනුමඩලාව වන රක්ෂිතයේ පරිසර අධ්‍යයන මධ්‍යස්ථානයයි.

දුනුමඩලාවේ ජීවත් වන (මෙතෙක් මිනිසුන් මරා නැතැයි පැවසෙන) දැවැන්ත දිවි දෙනකගේ ඡායාරූපයක් ඇතුළු මේ වන පියසේ සැලුසම්, නිමැයුම් හා අධ්‍යයන තොරතුරු මෙහිදී නැරඹීමට පුළුවන.

එතැනින් නික්මෙන පරිසර හිතකාමීන්ට, අධ්‍යයනයේ යෙදෙන්නන්ට බිමට වැටී ඇති වියළි තුරු අතු කොළ පාගමින් දුනුමඩලාවේ සොබාසිරි නැරඹීමට පිටත්ව යා හැකිය. මදටිය, යකඩමරං, හවරි නුග, සපුගස් අතරින් උදෑසන හිරු එළිය දුනුමඩලා රක්ෂිතයට වැටෙන හෝරාවේ දෙමලිච්චන්ගේ කිචිබිචිය අතරින් එහි අතුළත රොස්තීත් ජලාශයට මුලින්ම ළඟා වීමට පුළුවන. රක්ෂිතයේ ‘කොස්ගොල්ලට’ ළඟා වුවහොත් දිය උල්පත් පවා දැක ගත හැකිවේ. කටුඉඹුල්, තිගොල්, වේවැල්, බැඳිදෙල් ගස් අතරින් එහි ‘හේන කොටසට’ ළඟා වූ විට දුර්ලභ කුරු කොස්, අංකෙන්ද, නෙල්ලි ගස් ආදිය ද දැක ගන්නට පුළුවන. ‘වැලිකෑල්ල’ පසුකර ශීඝ්‍ර බෑවුමක් ඔස්සේ ගිය විට ගල්කුළු අතරින් ගලා යන දුනුමඩලා ඔයට ළඟා වී දිය පවස වුවද සංසිඳුවා ගත හැකිය.

දුනුමඩලාව යනු මහනුවර නගරයට ජලය සපයා දෙන ප්‍රධාන මූලාශ්‍රයකි. එබැවින් අධ්‍යයන කටයුතු සඳහා හෝ එහි යන අය ඒ තුළ ඇති කිසිවකට හානි කිරීමට, ගිනි දැල්වීමට, ශබ්ද නැඟීමට, දුම්වැටි හෝ මත්පාන භාවිතය හෝ ඒවා එතුළට ගෙන යෑම, ප්ලාස්ටික්, පොලිතින් වැනි දේ රැගෙන යෑම නොකළ යුතු වේ.

එහිදී හැසිරිය යුත්තේ ස්වැභාවික පරිසරයේ ජීවත් වන කුරුල්ලන් හා සිවුපාවුන් අතර ඇති සහජීවනයට ද බාධා නොවන අයුරිනි. වනපියස තුළදී ශබ්ද නඟා කතා කිරීම හේතුවෙන් සතුන් ඈතට යා හැකිය. එබැවින් වනපියසේ නිසලත්වයට බාධා කිරීමෙන් වැළකී කටයුතු කළ යුතු වේ.

මෙරටට ආවේණික කුරුල්ලන් වර්ග 26න් 14ක්ම දුනුමඩලාවේදී දැක ගත හැකිය. ඊට අමතරව උරගයන්, උභයජීවීන් හා සමනලුන් ද නැරඹීමට පුළුවන. ඇතැම් විට අඩි 12ක් පමණ දිගැති පිඹුරන් ද මෙහි ජීවත් වෙනු දකින්නට පුළුවන. දුර්ලභ බෙහෙත් පැළැටි, බිම්මල් වර්ග, මීවන හා උඩවැඩියා විශේෂ ද මේ වන පියසෙන් හමුවේ.

දුනුමඩලාව වන රක්ෂිතයට ඇතුළුවීම සඳහා මහනුවර මහ නගර සභාවේ කොමසාරිස්වරයා සහ ජල කර්මාන්ත ඉංජිනේරු වෙත ලිපියක් ඉදිරිපත් කොට ඊට ප්‍රවේශ වීම සඳහා අවසරයක් ගත යුතුවේ.

ෆැෂන් එකට පැෂන් වවමු

$
0
0
ජුනි 29, 2022 01:00

පැෂන් ෆෘට් හෙවත් වැල් දොඩම් වගාවේදී වර්ෂාව තීරණාත්මක සාධකයකි. ඒ අනුව තෙත් කලාපීය ප්‍රදේශවල ඉතා පහසුවෙන් වැල් දොඩම් වගා කළ හැකිය. එසේම වියළි සහ අතරමැදි කලාපීය ප්‍රදේශවල ද වැල් දොඩම් වගා කළ හැකිය. පී. එච්. අගය 6 –7.5ක් වන වැලි ලෝම හා මැටි ලෝම පස්වල මෙය වගා කළ හැකිය. ඒ අනුව වැල් දොඩම් බහුල වශයෙන් වගා කරනු ලබන්නේ ගම්පහ, කුරුණෑගල, රත්නපුරය හා කළුතර යන දිස්ත්‍රික්කවලය. වියළි කලාපවල ද එනම් අම්පාර, යාපනය, අනුරාධපුරය හා පොලොන්නරුව යන ප්‍රදේශවල ජල සම්පාදනය මඟින් වගාව සිදු කළ හැකිය.

වර්ෂා කාලය ආරම්භ වීමත් සමඟ වයිරස් රෝගවලින් තොර නීරෝගි පැළ සිටුවිය යුතුය. පැළ සිටුවීමෙන් පසුව අවශ්‍ය නම් සෙවණ සැපයීම යෝග්‍ය වේ. සෑම පැළ දෙකක් අතරට එක් කණුවක් බැගින් සිටින සේ පැළ

සිටුවා ඇති පේළියට සෙන්ටිමීටර් 30 ක් පමණ ඉදිරියෙන් මීටර් දෙකහමාරක් පමණ උස කොන්ක්‍රීට් කණු හෝ ලී කණු සිටුවිය යුතුය. පොළොව මට්ටමින් මීටර් එකයි කාලක හෝ දෙකක් පමණ උසින් ගේජ් 14 ප්‍රමාණයේ ගැල්වනයිස් කමිබි යොදා ගත හැකිය. පාහින ලද පොල් අතු හෝ දිග කෝටු හෝ ලණු පටක් ඇදීම කළ හැකිය.

කම්බිය දක්වා තනි කඳක් ලෙස පවත්වා ගැනීම යෝග්‍ය වේ. වැල කම්බිය දිගේ සෙන්ටිමීටර් 15 ක් දික් වූ පසුව අග්‍රස්ථ අංකුරය කඩා දැමිය යුතුය.

පාර්ශ්වික අංකුර දෙකක් ඇති වූ පසු කම්බියේ එකිනෙකට විරුද්ධ දිශාවන්ට කම්බිය වටා ඔතමින් වැවෙන ඉඩ සැලසිය යුතුය. ආධාරක කණුව දක්වා හෝ මීටර් 2 ක් පමණ දිගට වැවුණු පසු එහි අග්‍රස්ථය කපා දැමිය යුතුය. මෙවිට රිකිලි හට ගැනීම හොඳින් සිදුවේ. ද්විතියික අතු කම්බියෙන් පහළට වර්ධනය වීමට සැලසිය යුතුය. පාර්ශ්වික අතු එකිනෙක එතීම වැළැක්වීමට පහුරු කඩා දැමිය යුතුය.

ජල සම්පාදනය සහ පොහොර යෙදීම

තෙතමනය ආරක්ෂාවට පරළයට සෙන්ටිමීටර් 15 ක දුරින් කොහු බත් වියළි තෘණ වසුනක් ලෙස යෙදිය යුතුය. වගාව තුළ හෝ ආසන්නයේ ඇති රනිල ශාක ඉවත් කළ යුතුය. වතු පාලු, පොඩි සිංඥාමරන් වල් පැළෑටි

ඉඩමේ වැවීමට ඉඩ නොදිය යුතුය. වල් පැළෑටි පාලනය සඳහා වල් නාශක යෙදීම අතිශයින්ම අනතුරුදායකය. ඒ නිසා වල් නාශක යොදන්නේ නම් කොළ පැහැති කඳන්, පත්‍ර, අතු සමඟ ස්පර්ශ නොවන සේ කළ යුතුය.

තෙත් කලාපවල පැළ සිටුවන විට යූරියා, රොක් පොස්පේට් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් යෙදිය යුතුය. මෙම පොහොරවලට කීසරයිට්, එප්සම් සෝල්ට්, මැග්නීසියම් සල්ෆේට් එක් පැළයකට ග්‍රෑම් 50 ක් බැගින් යෙදිය යුතුය.

කෘමි හා රෝග පාලනය

කූඩිත්තා පත්‍රවල යුෂ උරා බොන කෘමියෙකි. එසේම වැල් කපන කුරුමිණියා වැඩුණු පැළවල කඳ කපා බිත්තර දමයි. මෙම රෝග සුව කළ නොහැකි අතර පාලනය මඟින් රෝගය පැතිරීම අඩු කර ගත හැකිය. එසේම වයිරස් රෝගය ද වැල් දොඩම් වගාව සඳහා බලපායි. පත්‍ර ස්වභාවය විරූපී වීම, පත්‍ර හැකිළී කොඩවීම හා පත්‍රවල කහ පැහැති මෘදු පුල්ලි ඇති වීම දැක ගත හැකිය. එසේම වැල්වල වර්ධනය ද බාල වන අතර ගෙඩි

කුඩා වේ. හානිය නිසා මැරී වියළී ගිය සියලුම වැල් වගාවෙන් ඉවත් කර පුළුස්සා දැමීම නිසා බිත්තර හා කීට අවස්ථා විනාශ වේ. මෙම හානිය දරුණු අවස්ථාවල අඩු සාන්ද්‍රණයක් ඇති තාර දියරවල කෘමි නාශකයක්

මිශ්‍ර කර වැල්වල කඳෙහි පහළ කොටසේ ආලේප කළ යුතුය.

අස්වැන්න නෙළීම

කහ පැහැති පැෂන් වර්ගය මල් හට ගෙන දින 70 පමණ කාලයකදී හා නිර්දේශිත දම් පැහැ වර්ගයේ පැෂන් ෆෘට් වර්ගය මල් හට ගෙන දින 90 ක පමණ කාලයේදී අස්වැන්න නෙළීම සිදු කළ හැකිය. අස්වැන්න

නෙළීමට සුදුසු අවස්ථාව ගෙඩියේ පැහැය වෙනස්වීම අනුව සිදු කළ හැකිය. වියළි කාලගුණයක් පවතින විට පමණක් අස්වැන්න නෙළීම සිදු කළ යුතුය. වසරකට එක් වැලකින් ගෙඩි 100 ක් 150 ක් අතර ප්‍රමාණයක ඵලදාවක් ගත හැකි අතර අක්කරයකින් මුරයකට කිලෝ ග්‍රෑම් 800 කට වඩා අස්වැන්නක් ගත හැකිය. ගසක ආයු කාලය අවුරුදු 6 ක් පමණ වේ. උපරිම අස්වැන්න ලැබෙන්නේ වසර 3 ක් සම්පූර්ණ වූ විටදීය.

 

 

මුහුණු පොතෙන් වගා කරන අපේ මිනිස්සු

$
0
0
ජුනි 29, 2022 01:00

ගාල්ල, ගිංතොට ග්‍රාමයේ උපන් ලසන්ත පුෂ්ප කුමාර අධ්‍යාපනය හැදෑරුවේ ගිංතොට මහා විද්‍යාලයෙන් (ජාතික පාසලෙන්). 126 වසරක එම පාසල් ඉතිහාසයේ පළමු ජනාධිපති සම්මානය ගත් බාලදක්ෂයා වීමට ද භාග්‍යය ලද ඔහු එම පාසලේම බාලදක්ෂ ආචාර්යවරයා වීම ද විශේෂත්වයක්. එසේම ගාලු දිස්ත්‍රික් බාලදක්ෂ ආචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කරන ඔහු, ඔහුගේ ගෙවත්තේ පමණක් නොව, අන්තර්ජාලය තුළින් සමූහයක් නිර්මාණය කර ගනිමින් රටේ ජනතාව ද එම සමූහයට එක් කර ගනිමින් තම නිවෙසේ ගෙවත්ත තුළම ගෙවතු වගාවක් ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය සියලුම දැනුම සපයා දෙමින් ස්වයංපෝෂිත ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් අලුත්ම ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කර වගා සංග්‍රාමයට නව අරුතක් එක්කර ගනිමින් සිටී.

ලසන්ත පුෂ්ප කුමාර මහතා තමන්ගේ වගාව පිළිබඳව අදහස් ප්‍රකාශ කළේ මේ අයුරින්.

''මම මුලින්ම වගාවට යොමු වුණේ පළමු කොරෝනා රැල්ලත් එක්ක. වස විසෙන් තොර කාබනික එළවළුවල අවශ්‍යතාවය තදින්ම දැනුණා. මම රැකියාව විදියට කරන්නේ ආනයනික හාඩ්වෙයාර් බඩු ලංකාව පුරා බෙදාහැරීම. එසේම ගාලු දිස්ත්‍රික් බාලදක්ෂ ආචාර්යවරයෙක්. එතැනදී රට පුරා සංචාරය කරද්දී කෘෂිකර්ම පළිබෝධ සහ කෘමිනාශක වර්ගවලින් පරිසරයට වන හානිය ගැන හොඳ අවභෝධයක් ලැබුණා. ඒ නිසයි කාබනික ගෙවතු වගාවට යොමු වුණේ. ඒ අතරේ අන්තර්ජාලයේ තිබුණ ගෙවතු වගා සමූහ සමඟ සම්බන්ධ වෙලා එයින් අත්දැකීම් ලබා ගත්තා. මෙතැනදී මට අවශ්‍ය වුණා තවත් පිරිසක් හවුල් කරගෙන ඒ අයත් කාබනික වගාවට නැඹුරු කරන්න.

ඒ අනුව මම 2022-මැයි 15 දින "පළමු වෙඩි මුරය අපේ ගෙවත්තෙන්''කියන කාබනික ගෙවතු වගා සමූහයක් ආරම්භ කළා. දෙවැනි සංවත්සරය සමරන මේ සමූහය තුළ දැන් 45,000 ක ජනතාවක් සිටිනවා. ඔවුන් සාර්ථකව කාබනික ගෙවතු වගාවන් පවත්වාගෙන සාමාජිකයින්. වගාවක් මුල සිට සාර්ථකව ආරම්භ කිරීමේ සිට සාර්ථකව පවත්වාගනිමින් නඩත්තු කරන සියලුම ක්‍රමවේදයන් සමුහය තුළ සිටින සියලුම සාමාජිකයින් සමඟ බෙදාහදා ගන්නවා. රසායනික පොහොරවලින් තොර සාර්ථක කාබනික ගෙවතු වගාවක් තම ගෙවත්තේ, තනිවම තමන් විසින්ම ආරම්භ කර ගැනීම, වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර හා දියර පොහොර වර්ග තනිවම සකස් කර ගැනීමත් අවශ්‍ය එළවළු බීජ වර්ග නොමිලයේ ලබා දීමත් මෙම සමූහය මඟින් කරනවා. ඒ වගේම සාර්ථක වස විසෙන් තොර කාබනික ගෙවතු වගාවකට අවශ්‍ය සියලු උපදෙස් මම ජනතාවට සපයා දෙනවා.''

''රටේ සෑම ගෙවත්තක්ම මුළුතැන්ගෙට අවශ්‍ය වස විසෙන් තොර කාබනික එළවළුවලින් ස්වයංපෝෂිත කිරීම මෙම සමූහයේ මූලික අරමුණ. ඒ වෙනුවෙන් ගත වූ දෙවර්ෂය තුළ විවිධ වැඩසටහන් රාශියක් මෙම සමූහයේ දියත් කළා. ගෙවතු වගා තරග, ගෙවතු වගා සායන, දිරිය ගෘහණිය, ඩිජිටල් සුපිරි ගෙවත්ත, ටිකිරි ගෙවත්ත, සතිපතා ආහාර වැඩසටහන්, අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟ, වෙසක් කූඩු තරග.මේ වගේ විවිධාකාර වැඩසටහන් පවත්වමින් සාමාජිකයින් දිරිමත් කරමින් ඒ සඳහා වටිනා ගුණාත්මක බීජ වර්ග සහ ගෙවතු වගා උපකරණ දෙමින් සාමාජිකයින්ට සාර්ථක ගෙවත්තක් සපයා දීමට මා ඇතුළු සමූහයේ කාර්යමණ්ඩලයට හැකියාව ලැබුණා. මෙවර දෙවැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයන් සිය දෙනෙක් සඳහා වටිනා ගුණාත්මක උඩරට සහ දේශීය බීජ කට්ටලයක් නොමිලේ දුන්නා. ඒ වගේම තමයි මේ රටේ හැමෝටම කියන්න තියෙන්නේ අපිට දිනන්න ලෝකයක් තියනවා. සාගින්නේ ඉඳලා ඒ ලෝකය කවදාවත් දිනන්න බැහැ. යකා කොච්චර දරුණු වුණත් කට්ටඩියා දක්ෂ නම් යකාව මෙල්ල කර ගන්න පුළුවන්. බාධක අවහිරතා කොතෙක් තිබුණත් අවශ්‍යතාවය හඳුනාගත්තා නම් වගා සංක්‍රාන්තිය අරුමයක් නොවෙයි. සාගින්නෙන් මිදීමේ මඟ වවා ගැනීම පමණයි. ''

 සටහන සහ 
ජායාරූප
ප්‍රියංගි ජයසිංහ

සහජීවනය වඩන කතරගම ඇසළ මහා මංගල්‍යය

$
0
0
ජුනි 29, 2022 01:00

අදින් (29) ඇරඹෙන කතරගම පුදබිම ආශ්‍රිත ඇසළ මහා මංගල්‍යය වෙනුවෙනි.

රුහුණු කතරගම මහා දේවාල පෙරහර හා එහි අනෙකුත් ආගමික වැඩ කටයුතු පැවත්වීමට කටයුතු සූදානම් කර ඇති මේ මොහොතේ සිංහල, හින්දු, ආදි වාසී වැනි ජන කොට්ඨාස එකට එකතු කරවන ජාතික, ආගමික සමඟිය, සහජීවනය වඩන ප්‍රධාන උත්සවයක් බවට කතරගම ඇසළ මහා මංගල්‍යය අද පත්ව තිබේ.

වාර්ෂිකව පැවත්වෙන කතරගම ඇසළ මංගල්‍යය මෙවරත් අද (29) සිට අගෝස්තු මස 12 වැනි දින දක්වා පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. අගෝස්තු මස 8 වැනි දින ගිනි පෑගීමේ උත්සවයද, 11 වැනි දින අවසන් මහා පෙරහරද, 12 වැනි දින දිය කැපීමේ උත්සවයද පැව­ැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මහා වංශයේ “කතරගම” හඳුන්වා ඇත්තේ “කාජරගාම” නමිනි. ධාතු වංශයේ “කදරගම” යනුවෙන්ද රත්න පඤ්හ තෙරුන් වහන්සේ රචිත ජින කාලමනී නම් කෘතියෙහි “කාචරගාම” යනුවෙන්ද, මහා බෝධි වංශයේ “කරදගමු” සහ “කදරගම” යනුවෙන්ද, පූජාවලියේ “කාචරගම” යනුවෙන්ද “කතරගම” හඳුන්වා දී ඇත.

කතරගම දෙවියන් ලෙසින් හඳුන්වන්නේ 'ස්කන්ධ'හෙවත් කන්ද කුමරුය. ඒ නිසාම කතරගම පූජා භූමියේ තිබෙන ප්‍රධාන දේවාලය කතරගම දෙවියන් නමට කැප කර ඇත. ඊට අමතරව විෂ්ණු දේවාලය, ගණදෙවි දේවාලය, සූනියම් දේවාලය, ඊශ්වර බලි ආදී දෙවාල රැසක් කතරගම පුදබිමේ ඉදිකර ඇති බව දකිය හැක.

කතරගම දෙවියන් හමුවේ බාර වීම, යම්කිසි පිහිටක්, උපකාරයක් ඉල්ලීමත්, එය ඉටු වුවහොත් දෙවියන් උදෙසා ආමිස හෝ ප්‍රතිපත්තියෙන් යම්කිසි ප්‍රති උපකාරයක් කිරීමට පොරොන්දු වීම බාරවීම යනුවෙන් අදහස් කරයි. මෙය පෞද්ගලික සුභසිද්ධිය අරමුණු කරගත් දේවවාදී සංකල්පයක් බව පොතපතේ සඳහන් වෙයි. අද කතරගම දෙවියන් හමුවේ බාර වන වැඩිදෙනා බෞද්ධයන් බව කිව යුතුය.

කාවාඩි පූජාව- කතරගම දෙවියන් පිනවීමේ අරමුණින් පැවැත්වෙන ජනප්‍රිය අංගයක් බවට පත් වී ඇති කාවාඩි පූජාව කතරගම පූජා නගරයට ඇතුළු වන ඕනෑම කෙනෙකුගේ දෙසවනට වැටෙන මිහිරි සංගීත රාවයකි. කතරගම දෙවියන් උදෙසා පැවැත්වෙන කාවාඩි පූජාවෙහි ගැබ්ව ඇත්තේ සරාගී බවයි. ඉන්දීය මෝලම් සහ බටහිර සංගීත භාණ්ඩවලින් නැඟෙන සංගීත නාදවලට අනුව කාවාඩි දරාගත් ගැහැණු, පිරිමි රංගනයෙහි යෙදෙන ආකාරය ඉතා අලංකාර දසුනකි.

ගිනි පෑගීම- දර යාර විස්සක් පමණ පිලිස්සීමෙන් ගන්නා අඟුරු ගොඩක් මහා දේවාලය ඉදිරිපස තුනී කොට ඒ මතින් ගමන් කිරීම ගිනි පෑගීම නම් වූ පූජා විදියේ ක්‍රියාවලියයි. මෙය මුළුමනින්ම හින්දු දේව පූජා කර්මයකි.

මුළුතැන් පූජාව- දින පතා දෙවියන්ට ආහාර සැපයීමේ ක්‍රියාවලිය “මුරුතැන් බෑම” යන විශේෂ පදයෙන් අදහස් කෙරේ. පුරාණයේදී රජ වාසලෙහි පැවති රජතුමන්ට ආහාර පිසීමේ සිරිත සිහිගන්වන මේ පූජාව කතරගම දේවාලයේ දිනකට තුන්වරක් නොවරදවා පැවැත් වේ. මුරුතැන් බෑම හින්දු පූජා ක්‍රමයක් වූවද කතරගම දේවාලයේ මුරුතැන් පූජාවට පෙර බුද්ධ පූජා පැවැත්වීම විශේෂත්වයක් පෙන්නුම් කරයි. එනම් දේව පූජාවට ඇබ්බැහි වූව ද බෞද්ධයා බුද්ධ පූජාවට මුල් තැනක් දුන් බවයි. එහිදී දෙවියන් උදෙසා සකස් කරන ආහාරයෙන් මුල් කොටසක කිරි විහාරයට ගෙන යන්නේ කපුරාල විසින්ය.

පොල් ගැසීම- විවිධ දෙවි දේවතාවුන් උදෙසා පැවැත්වෙන පොල් ගැසීමේ පූජා විධිය කතරගම දෙවියන් උදෙසා ද සිදු කරන ජනප්‍රිය උපහාරයකි. කතරගම දේවාලයට යන බැතිමතුන්ගෙන් වැඩි දෙනෙක් දේවාලය ඉදිරිපිට ඒ වෙනුවෙන් සකස් කර ඇති ස්ථානයෙහි පොල් ගෙඩියක් ගසා උපහාර දැක්වීමට අමතක නොකරති. පොල් ගෙඩිය ජලයේ සෝදා ඒ මත කපුරු පෙති කීපයක් දල්වා ගසන පොල් ගෙඩියෙන් කැබැල්ලක් කෑමටත් ඇතැම් විට තම හිතවතුන්ට දීම සඳහා ගෙන යෑමටත් දේවභක්තිකයෝ පුරුදු වී සිටිති. පොල් ගැසීමේ අරමුණු දෙකක් පවතින බව පෙනේ. එකක් දෙවියන්ට තම භක්තිය පෙන්වා උපහාර දැක්වීම හා අනික පොල් ගෙඩිය බිඳුණු ආකාරයට අනුව තම අභිමතාර්ථ සපල හෝ නිශ්පල වන ආකාරය ප්‍රදර්ශනය වෙතැයි සැලකීමයි. යම් අපේක්ෂාවක් සිත්හි තබාගෙන ගසන පොල් ගෙඩිය හරි මැදින් දෙකඩ වී යෑම සුබ ලකුණක් ලෙසත් නිසියාකාරව නොබිදීයෑම සුබපල අඩු බව පෙන්වන නිමිත්තක් ලෙසත් විශ්වාස කිරීම ඊට හේතුවේ.

කන්නලව්ව හෙවත් යාතිකා- පෞද්ගලික අභිමතාර්ථයක් හෝ පොදු අරමුණක් ඉටු කරවා ගැනීම පිණිස බැගෑපත් ලීලාවෙන් දෙවියන්ගෙන් උදව් ඉල්ලා සිටීම කන්නලව් කිරීම යන්නෙන් අදහස් කරයි. මෙය සෑම දෙවියකු හමුවේ කෙරෙන පොදු චාරිත්‍ර විධියකි. මෙහි දකින්න ලැබෙන විශේෂත්වය නම් දෙවියා සහ බැතිමතා සම්බන්ධ කරමින් එම කාර්යය අතරමැදියකු අතින් ඉටු කිරීමයි. එහිදී අතරමැදියා වන්නේ කපුරාළය.

මැණික් ගඟ හා එහි ජල ස්නානය- කතරගම මහා දේවාලය ආශ්‍රිත පුදපූජා සම්බන්ධයෙන් කතා කරන්නෙකුට මැණික් ගඟ අමතක කළ නොහැක්කේ දේවාලයේ පුද සිරිත් හා මිනිසුන් අතර ඇත්තේ එතරම් ම සමීප සම්බන්ධතාවක් බැවිනි. කතරගම පූජනීය පෙදෙසට ඇතුළු විය යුත්තේ මැණික් ගඟ පසු කිරීමෙනි. මැණික් ගඟ පිහිටා ඇත්තේද ඒ ආකාරයෙනි. මේ නිසාම කතරගම දේවාලයට යන සෑම බැතිමතෙක්ම මැණික් ගඟෙන් දිය නා පිරිසුදු වීමට පුරුදු වී සිටිති. අඩුම වශයෙන් ඒ දියෙන් මුහුණ කට හෝ සෝදා ගැනීමට වගබලා ගනිති. මෙය දේවාලය සීමාවට ඇතුළුවීම සඳහා පාරිශුද්ධිය ලැබීමේ අවශ්‍යතාව සපුරාලීමක් ලෙස පිළිගනී.

බිම පෙරළීම- මැණික් ගඟෙන් ජලය ස්නානය කර තෙත් වූ වස්ත්‍රයෙන් හා කයින් යුතුව එතැන් සිට කතරගම මහ දේවාලය වෙත බිම පෙරළෙමින් දේව පූජාව යෙදෙන්නත් කතරගම යන්නෙකුට කොතෙකුත් දක්නට ලැබේ. මෙය එක්තරා ආකාරයක බාර වීමේ ක්‍රමයකි.

පාද යාත්‍රා- කතරගම පැවත්වෙන ඇසළ මංගල්‍යය සඳහා උතුරු නැඟෙනහිර සිට පාද යාත්‍රා කිරීම විශේෂත්වයකි. මෙසේ විශාල බැතිමත්තු පිරිසක් කතරගම පුරවරයට පැමැණෙති. මෙම පාද වන්දනාවේ පැමිණෙන බැතිමත්තු කතරගම ඇසළ මංගල්‍යය වන විට මාස තුනකට පෙර පේවීම සිදු කරති. මස් මාංශයෙන් තොරව, මළ ගෙවල්වලට නොගොස් අනුන් අැඳි ඇඳුම් ඇඳීමෙන් තොරව සිටිති. ගැහැණු මෙන්ම පිරිමින් ද මේ වත්පිළිවෙත රකිති.

දිය කැපීම- කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවයේ අවසාන අංගය දිය කැපීමයි. මෙය කරන්නේ ගිනි පෑගීමෙන් පසු දිනය තුළය. දිය කැපීම සිදු කරන්නේ දිවා කාලයෙහි එළඹෙන ශුභ මුහුර්තයෙකිනි. ප්‍රසිද්ධ ජලාශයක් වෙත ගොස් විශේෂ කඩුවකින් ජලය දෙබෑවනසේ ගැසීමත් එසේ කැපුණු තැනින් දිය ගෙන ඊළඟ දිය කපන දිනය තෙක් සුරැකිව තැන්පත් කර තැබීමත් මෙහිදී සිදු කරයි.

 

සටහන හා ජායාරූප

හම්බන්තොට විශේෂ

රෝහණ ආරියරත්න

කෙටි කලකින් අස්වැන්න දෙන දෙමුහුන් බීජ පැළ අපි හඳුන්වා දුන්නා

$
0
0
ජුනි 29, 2022 01:00

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ.වී.කේ. මාධවී හේරත්

පොල් සංවර්ධන නිලධාරීන් සම්බන්ධ ගැටලු1928 අංකයට දැනුම් දෙන්න

ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්න ලැබුණේ 2021 වර්ෂයෙදී

තැඹිලි කර්මාන්තය විදේශීය විනිමය විශාල ලෙස උපයාගත හැකි මාර්ගයක්

 

ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂිත ආහාර හිඟයට මුහුණ දීමේදී පොල් කර්මාන්තයද බෙහෙවින් වැදගත්ය. ඒ අනුව, 2025 වසර වන විට පොල් ගෙඩි මිලියන 4000ක ඉලක්ක ගත පොල් අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙන උතුරු - නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. මේ පිළිබඳ පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ.වී. කේ. මාධවී හේරත් මහත්මිය සමඟ කළ කතාබහකි මේ.

l පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකම කාර්යහාරය කුමක් ද?

1972 මාර්තු 30 වැනි දින ස්ථාපනය කළ පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකම අරමුණු වුණේ පොල් වගා ව්‍යාප්තිය, ප්‍රවර්ධනය සහ සංවර්ධනයයි. ඒ අනුව පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකම කාර්යභාරය වෙන්නේ ලක් ජනතාවට අවශ්‍ය ගුණාත්මක බවින් යුතු පොල් පැළ නිෂ්පාදනය කර, රටේ අවශ්‍යතාව අනුව පුද්ගලයන්ට, ආයතනවලට ලබා දීමයි. මෙහිදී ජනතාවට පොල් පැළයක් ලබා දීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ව්‍යාප්ති සේවා වගේම තාක්ෂණික සේවා ලබා දීම ඇතුළු අවශ්‍ය සේවා සැපයීම පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සිදු වෙනවා.

 

l පොල් පලදාව වැඩි කර ගැනීමට වගේම, පොල් වගාව සඳහා ජනතාව වැඩි වශයෙන් නැඹුරු කර ගන්න ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් මෙනවාද?

පොල් පැළයෙන් ඉහළ ඵලදායිතාවක් ලබා ගන්නේ කොහොමද? පොල් පැළය නඩත්තු කරන්නෙ කොහොමද? මෙයාකාරයෙන් නිසි වෙලාවට, නිසි කලට පොහොර භාවිතය, තාක්ෂණික සේවා ලබා දීලා, පොල් ගස ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සියලු සේවා ලබා දීමට අප කටයුතු කරනවා.

 

l රටේ වේගවත් සංවර්ධනය, ජනාවාස ඉදිවීම, ඉඩම් කැබැලි කර විකිණීම ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් පොල් වගාවට විශාල බලපෑමත් එල්ල වී තිබෙනවා. මේ සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද?

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පොල් ගස් ලක්ෂ හැටක පමණ ප්‍රමාණයක් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. මිනිසුන්ට ආර්ථික භෝග විදියට වගා කරන්න පුළුවන් ඉඩම්වලයි පොල් වැවෙන්නේ. පොල් වගාව කරන ඉඩම්වලට වඩා තේ, රබර් ඉඩම්වල, මිනිසුන්ට වාසස්ථාන සාදා ගැනීමේ ඉඩකඩ සාපේක්ෂව අඩුයි. පොල් වගාව බොහෝ දුරට තැනිතලා භූමිවලයි වගා කෙරෙන්නේ. මිනිසුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා පොල් වගාව වේගයෙන් වෙනත් භෝගවලට වඩා විනාශ වීමේ ප්‍රවණතාවක් තියෙනවා. මේ හේතුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයට විකල්ප සොයා ගැනීම් කරන්න අවශ්‍ය වුණා. ජනාවාස වීම අපට නතර කරන්න බැහැ. ඒ වගේම නාගරීකරණය නතර කරන්නත් බැහැ. අධිවේගී මාර්ග සෑදීම ඇතුළු සංවර්ධන ක්‍රියාවලි නතර කරන්නත් බැහැ. හැබැයි මේ සියලු කරුණු කාරණා තුළ වැඩිපුරම විනාශ වෙන්නේ පොල් ගස. ඒ නිසා අප වී වගාව අත්හරින ලද ඉඩම්වල; පුරන් කුඹුරුවල වගේම ලවණ ජලය සහිත පහත් බිම්වල, තැනිතලා භූමිවල පොල් වගා කරන්න හැකියාවක් තිබෙනවාද? කියලා අප අත්හදා බැලුවා. පොල් පර්යේෂණ ආයතනයේ සහයෙන් පසේ ව්‍යුහය සම්බන්ධව පූර්ණ අධ්‍යයනයක් කර, සෝජාන් ක්‍රමය (ජලය රැඳෙන තැන්වල උසින් යුතු වැටියක් හදලා, ඒ මත පොල් හිටවන්න කටයුතු කිරීම) වැනි භූමිවල තැඹිලි වගා කිරීමට වැඩි අවධානයක් යොමු කළා. ඒකට හේතුව, සාමාන්‍යයෙන් තැඹිලි ගෙඩියක් බිමට වැටීමේදී ඒවා පිපිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මෙවැනි භූමිවල ජලය රැඳී තිබෙනවා. ඒ වගේම තෙත සහිත භූමියක් නිසා තැඹිලිවලට සිදු වන හානිය අවම කර ගැනීමට හැකි වෙනවා.

 

l විදෙස් රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. ඒ සඳහා ‍ ක්‍රියාත්මක කර තිබෙන ක්‍රියා මාර්ග මොනවා ද?

අපේ තවාන්වල තැඹිලි පැළ සිටුවා තිබුණත්, ජනතාව තැඹිලි පැළයක් සිටුවීමට වැඩි වශයෙන් නැඹුරු වෙලා නැහැ. පොල් වගේ තැඹිලි වතු පවත්වා ගෙන යෑමට කටයුතු කර නැහැ. බොහෝ දුරට තම ගෙවත්තේ හෝ විශාල පොල් වතුවල හෝ තැඹිලි සිටුවා ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයක්. සමහරවිට එකක් හෝ දෙකක්. හැබැයි ව්‍යාපාරික අරමුණින් තැඹිලි සිටුවීම ඉතාම අඩුයි. දැන් පවත්වා ගෙන යන්න වෙලා තියෙන්නෙ ගෙවල් ගානෙ ගිහින් තැඹිලි එකතු කර ගෙන සිදු කරන අපනයන කර්මාන්තයක්. හැබැයි බොහෝ අය තැඹිලි කර්මාන්තය විදේශීය විනිමය විශාල ලෙස උපයා ගත හැකි මාර්ගයක් බව අවබෝධ කර කරගෙන නැහැ. පොල් වගා කිරීමේ මණ්ඩලය තැඹිලි ව්‍යාප්ත කිරීමට විශාල උත්සාහයක් දරනවා. ඒත් පොල් වගා කිරිමේ මණ්ඩලයට පමණක් තැඹිලි ප්‍රවර්ධනය කරන්න බැහැ. ජනතාවගෙත් දැඩි දායකත්වයක්, උනන්දුවක් තිබීම අවශ්‍යයි.

 

l පසු ගිය වසර කීපය තුළ ‍හා වර්තමානයේ පොල් අස්වැන්න සංසන්දනය කළොත්, සැලකිය යුතු වැඩි වීමක් දැකිය හැකිද?

ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්නක් ලැබුණෙ 2021 වර්ෂයෙදි. එය පොල් ගෙඩි මිලියන 3382.9ක්. පසු ගිය අවුරුදු කීපය තුළ අපේ පොල් අස්වැන්න තිබුණේ පොල් ගෙඩි මිලියන 2600ත්- 2800ත් වැනි ප්‍රමාණයක් පොල් අස්වැන්න වැඩි කරීමට පොල් පර්යේෂණායතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ඉලක්කගත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වුණා. ඒ වගේම, ඉතිහාසයේ පොල් අපනයනයෙන්ඉහළම ඩොලර් ප්‍රමාණය; ඒ කියන්නේ අමෙරිකන් ඩොලර් මිලියන 834ක් උපයා දීමට අපට හැකි වුණා.

 

l මේ ඉලක්කය වැඩි කිරීමට ඉදිරියේදී ඇති සැලැසුම් මොනවා ද?

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් අප පරිභෝජනය කරන්නෙ සියයට හැත්තෑවක් පමණ ප්‍රමාණයක්. ඉතිරි සියයට තිහ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා භාවිත කරන්නෙ. අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉල්ලුම වැඩි වුණත්, ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් පොල් සැපයීම අපට ගැටලුවක් වෙලා. ඒ නිසා අප පොල් ඵලදාව වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා 2025 වසර වන විට පොල් ගෙඩි මිලියන 4000ක අභියෝගාත්මක ඉලක්කයක් කරා අප හඹා යනවා. ඒ සඳහා කඩිනම් සැලසුම් සකස් කර තිබෙනවා. පොල් පොහොර ප්‍රමාණවත් ලෙස ලබා දීමට, ජල සම්පාදනය ගැන විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. පොල් ගස වර්ධනයට පොහොර වගේම ජලය අවශ්‍යයි. ඒත් මේ සම්බන්ධව ජනතාවගේ දැනුම්වත්කම ඉතාම අඩුයි. ඒ නිසා අප ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්, සහනාධාර වැඩසටහන්, තාක්ෂණික උපදෙස් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම උතුරු - නැඟෙනහිර මෙන්ම මධ්‍යම පළාතටත් අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. යුද හමුදාව සමඟ පොල් වගා කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. නොමිලේ පොල් පැළ ලබා දීලා, යුද හමුදාවට අයිති භූමිවල විශාල වශයෙන් පොල් පැළ සිටුවලා තිබෙනවා. සහෝදරත්වයේ සංකේතයක් විදියට උතුරට පොල් පැළය අරන් යන්න අවශ්‍යයි. පොල් වගා කිරීමේ මණ්ඩලයේ උපදෙස් ඇතිව, පොල් පැළ නිෂ්පාදනයට තරුණ ව්‍යවසායකයන් යොමු කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා. මෙවැනි වැඩසටහන් රාශියක් අප ක්‍රියාත්මක කරනවා.

 

l ප්‍රාදේශීය මට්ටමේ සිටින පොල් සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු වෙන්නේ නැහැයි කියලා ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා. එහි සත්‍යතාව කුමක්ද?

පොල් සංවර්ධන නිලධාරින් එක් කොට්ඨාසයකට එක් අයෙක් සිටීම අවශ්‍යයි. ඒත් නිලධාරින්ගේ අඩුකම නිසා කොට්ඨාස දෙකකට එක් නිලධාරියෙක් සිටින ප්‍රදේශ තිබෙනවා. මේ වගේ ගැටලු තිබෙන්න පුළුවන්. අප ඒ ගැටලු සකසාගෙන ඉදිරියට යෑමට සෑම විටම උත්සාහ කරනවා. කෙසේ නමුත් නිලධාරින් සම්බන්ධව යම් ප්‍රශ්නයක් තිබුණොත්, 1928 අංකයට වහාම කතා කරලා, දැනුම්වත් කරන්න. එහෙම නැත් නම් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට කතා කරලා දැනුම්වත් කළ හැකියි.

 

l ඉදිරියේදී ඇති වෙතැයි පැවසෙන ආහාර හිගයට මුහුණ දීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් අක්කර 3000ක ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. ආදර්ශ ගොවිපළ පවත්වා ගෙන යන්නෙ ඒ ඉඩම්වල. පවතින ආහාර අර්බුදයට පිළිතුරු සෙවීමට මේ වතුවල වගා කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙටි කාලීන භෝග වන මඤ්ඤොක්කා, බතල, කවුපි, මුං වගේ දේ වගා කරලා, පොල් වගා කිරීමේ මණ්ඩලයට හැකි අයුරින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරනවා. ඒ වගේම පොල් වගා කිරීමේ මණ්ඩලයේ ඉඩම් උපරිමය අක්කර පහක් දක්වා කෙටි කාලීන භෝග වගා කිරීමට සහනදායි බදු ක්‍රමයක් යටතේ ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබෙන්නෙ. ඉන් නොනැවතී පොල් වගා කිරීමේ මණ්ඩලයේ කම්කරු සේවකයන්ට කිසිම බදු කුලියක් අය නොකර, යම්කිසි ඉඩම් ප්‍රමාණයක් ලබා දීලා, කෙටි කාලීන භෝග වගා කිරීමට යොමු කිරීමට අපේක්ෂා කරනවා. තමන්ට අවශ්‍ය ආහාර තමා විසින්ම සපයා ගැනීමට යොමු කිරීම තමයි මෙහි අරමුණ. අප 50 වැනි සංවත්සරය සැමරුවේ මේ වසරේ. ඊට සමගාමීව පොල් වගා කිරීමේ මණ්ඩලය දෙමුහුන් බීජ පැළ නිෂ්පාදනය ආරම්භ කළා. අප බලාපොරොත්තු වෙන්නේ, ඉතා කුඩා ඉඩම්වලට උස නොමැති ගස් ලබා දීලා, කෙටි කාලයකින් අස්වැන්න ලබා ගැනීමටයි.

 

l පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ජනතාව පෙළ ගැසිය යුත්තේ කොයි ආකාරයට ද?

වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව අතීතය හාරා අවුස්සමින් කල් මැරීමෙන් සිදු වෙන්නේ අප තව තවත් ආපස්සට යන එකයි. වගකීම් හා වැරැද්ද රජයට පවරන්නෙ නැතුව ජනතාවට හැකි අයුරින්, ඉදිරියේ ඇති වේ යැයි සිතන ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට උත්සාහ කරන්න ඕනැ. තමන්ට තිබෙන කුඩා බිම් කැබැල්ලෙ කෙටි කාලීන භෝග වගා කරන්න යොමු වෙන්න ඕනැ. ඉඩම් නොමැති අයට ඒ සඳහා සහනදායි ක්‍රමයට අප ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්නෙත් ඒ නිසයි. ‘උත්සාහ කළොත් කළ නොහැක්කක් නොමැත’ යන්න අපගේ හැඟීමයි.

මිහිර විජේසේකර

මාරවිල සමූහ

 

නිශ්චිත තැනක් නැති කුසුමාසන දේවියගේ සොහොන

$
0
0
ජුනි 30, 2022 01:00

සිංහල රාජ වංශයට රැජනියන් 5 දෙනෙක් එකතු වූ බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙයි. මෙරට ඔටුණු පලන් මුල්ම රැජන වූයේ අනුලා දේවියයි. ඒ ක්‍රිස්තුපූර්ව 47 වැනි සියවසේ දී ය. ඉන් පසුව ක්‍රි. වර්ෂ 35දී සීවලී බිසවත්, ක්‍රි. වර්ෂ 1197 දී ලීලාවතී රැජනත්, ක්‍රි. ව. 1202 දී කල්‍යාණවතී රැජනත්, ක්‍රි. ව. 1581 දී කුසුමාසන දේවියත් ලක්දිව ඔටුණු පැලඳුහ. දෝන කතිරිනා නමිනුත්, කුසුම් ආස්ථාන නමිනුත්, මහබිසෝ බණ්ඩාර නමිනුත් හැඳින්වූයේ ලක්දිව අවසන් රැජන වූ කුසුමාසන දේවියයි. කරල්ලියද්දේ බණ්ඩාරට දාව ගලගම දෙනවක කුසුමාසන ආර්යාවට 1578 දී උපන් ඇයගේ අනෙක් සහෝදරිය වූයේ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ මෙහෙසිය වූ දෝන මාගරිටාය.

මේ කුසුමාසන දේවියගේ අතීත කතාවෙන් බිඳක් සහ ඇගේ අවසානයෙන් පසු ඇගේ සොහොනට සිදුවූ දේ පිළිබඳ සංවාදයට තුඩුදෙන ලිපියකි.

සිංහල වංශකතාවේ එන මායාදුන්නේගේ පුත් රාජසිංහ 1582 වසර වන විට සිටියේ ප්‍රබල හමුදා ශක්තියක් ගොඩනඟා ගනිමිනි. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ කන්ද උඩරට සෙංකඩගලපුරය සිය අණසක යටතට ගැනීමටය. එවකට කන්ද උඩරට රජු වූයේ කරල්ලියද්දේ බණ්ඩාරය. (1513 – 1543)

කල්යල් බලා රාජසිංහ කළ උඩරට ආක්‍රමණයේදී කරල්ලියද්දේ බණ්ඩාර සිය දියණිය වූ කුසුමාසන දේවිත්, බෑණාත් සමඟ උඩරටින් පලා ගියේය. රාජසිංහ උඩරට අල්ලාගත් පසු එහි පාලනය බාර දුන්නේ වීර සුන්දර බණ්ඩාරටය. එනමුත් ඉන් ටික කලකට පසු ඔහු ඝාතනය කර බලය ලබා ගැනීමට නිකපිටියේ බණ්ඩාරට හැකි විය.

ඉන් අනතුරුව ඔහු වෙතින් උඩරට බලය අල්ලා ගත්තේ යමසිංහ බණ්ඩාරය. මේ සංග්‍රාම අවධියේ කරල්ලියද්දේ බණ්ඩාර ඇතුළු පිරිසට ආරක්ෂාව සැපයූවේ පෘතුගීසීන් විසින් මන්නාරම් බළකොටුව තුළය. එහිදී කරල්ලියද්දේගේ දියණිය කුසුමාසන දේවිය සහ බෑණා පෘතුගීසීන් විසින් දෝන කතිරිනා සහ දොන් පිලිප්පු ලෙසින් බෞතිස්ම කරන ලද්දේ උපක්‍රමශීලීව අනාගතයේදී උඩරට රාජධානිය අත්පත් කර ගැනීම සඳහාය.

එදා පෘතුගීසීන් ඇසුරේ සිටි කොනප්පු බණ්ඩාර සමඟ දොන් පිලිප්පු මන්නාරමේ සිට විත් උඩරට අත්පත් කර ගත්හ. දොන් පිලිප්පු රජු වශයෙන් උඩරැටියන් පිළිගත්තද ඔහුගේ ආගම පිළිබඳව වැසියන් අතර තිබුණේ අප්‍රසාදයකි. මේ හේතුවෙන් දොන් පිලිප්පු අබිරහස් ලෙස ඝාතනයට ලක් විය. උඩරට රාජධානියේ ඊළඟ පාලකයා බවට කොනප්පු බණ්ඩාර පත්වූයේ ඉන් අනතුරුවය.

ඔහු යළිත් බුද්ධාගම වැලඳගත් නිසා උඩරට රජු වශයෙන් හෙතෙම සැලකුම් ලැබීය. මේ අතර දෝන කතිරිනා විශාල පෘතුගීසි හමුදාවක් සමඟ කන්ද උඩරටට යැවූ පෘතුගීසීහු ඉන් බලාපොරොත්තු වූයේ උඩරට රාජ්‍යත්වය ඇයට ලබා දීමටය.

උඩරට සෙබළමුළුව පරාජය කළ පෘතුගීසි සේනාව උඩරට රැජන ලෙස ‘දෝන කතිරිනා’ පත් කර ගත්හ. නැවතත් කන්ද උඩරට අයකුටම රාජ්‍යත්වය පැවරීම පිළිබඳව උඩරැටියන් සතුටට පත් වූහ. එනමුත් ඇය රැජන වුවද පාලනය ගෙන ගියේ පෘතුගීසීන්ට අවශ්‍ය පරිදි වීම නිසා ක්‍රමයෙන් උඩරැටියන් සහ පෘතුගීසීන් අතර ගැටුම් ආරම්භ වූයේය.

එසේ හෙයින් පෘතුගීසීන්ගේ ඊළඟ උපක්‍රමය වූයේ දෝන කතිරිනාට පෘතුගීසි සෙනෙවියකු වූ පේදුරු ලෝපෙස් විවාහ කර දීමය. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කර, ටික කලකට පසු පෘතුගීසීන්ට රහසේ වැලිමන්නාතොටට පලා ගියාය. ඇය එසේ පලා නොයන්නට පෘතුගීසීන්ට උඩරට අයිතිවන්නේ එම වසරේදීය. මේ අවස්ථාවෙන් යළි ප්‍රයෝජනය ගත් කොනප්පු බණ්ඩාර උඩරටට පැමිණ පෘතුගීසීන් පලවා හැරියේය. අනතුරුව වැලිමන්නාතොට සිටි දෝන කතිරිනා කුමරිය යළි සෙංකඩගලපුරයට ගෙන්වා ගෙන ඇය විවාහ කර ගත්තේය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 16කි. කොනප්පු බණ්ඩාර එතැන් සිට රාජ්‍ය විචාලේ පළමුවන විමලධර්මසූරිය නමිනි. (ක්‍රි. ව. 1591 – 1604) ඔහුට නියමාකාර රාජ්‍ය උරුමය ලැබෙන්නේද කුසුමාසන දේවි (දෝන කතිරිනා) විවාහ කර ගැනීම හේතුවෙනි.

තමන්ගේ ඥාති සහෝදර සෙනරත් කුමරුට උඩරට රාජ්‍යය පැවරූ විමලධර්මසූරිය රජු 1604 දී පරලෝකප්‍රාප්ත විය. සෙනරත් රජු (1604 – 1635) කලක් සසුන් ගතව සිටි අයෙකි. ඔහු මිය ගිය රජුගේ බිසව වූ දෝන කතිරිනා අග බිසව තනතුරේ තබා රාජ්‍යය ගෙන ගියේය. පළමුවන විමලධර්මසූරිය රජුට දාව ඇය එක් දියණියක්ද රාජසූරිය ආස්ථාන, උඩුමාලේ ආස්ථාන, කුමාරසිංහ ආස්ථාන සහ විජයපාල ආස්ථාන යන පුතුන් වැදුවාය. (රාජාවලිය)

වර්ෂ 1604 සැප්තැම්බර් 05 වැනිදා පළමුවැනි විමලධර්මසූරිය රජු මිය ගිය අතර ඒ වන විට ඔහු වසර 13ක් රාජ්‍යය පාලනය කර තිබිණි.

ඔහුගේ ඇවෑමෙන් කුසුමාසන දේවිය නැවතත් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වැලිමන්නාතොට මාලිගයට ගිය නමුත් අනතුරුව උඩරට රජ වූ සෙනරත් රජුගේ ද බිරිය වූවාය.

ඒ හේතුවෙන් විමලධර්මසූරිය රජුගේ ඥාතියකු වූ සෙනරත් රජුට ද උඩරට රාජකීය උරුමය තහවුරු කර ගත හැකි විය.

සෙනරත් රජු සමඟ විවාහයෙන් කුසුමාසන දේවි තවත් දරුවන් තිදෙනකු බිහි කළාය. දෙවැනි රාජසිංහ වැඩිමහල් පුතුය. ඇගේ මුල්ම විවාහයේ වැඩිමහල් පුතු වූ රාජසූරිය ආස්ථාන, ලග්ගල රණමුරු ඔයේ දිය කෙළියේ යෙදෙමින් සිටියදී රජුගේ උපදෙස් මත දියේ ගිල්වා මරා දැමුණු බව කියැවේ. දෙවැනි පුත්‍රයා බාල වියේදීම මිය ගියේය.

ඒ හේතුවෙන් දැඩි කම්පනයකට ලක්ව සිටියදී සෙනරත් රජු ඇය ඉදිරිපිටම තම දියණියන් දෙදෙනාද අපයෝජනයට ලක්වනු දැක මහත් පීඩනයකට ද ලක්ව සිටියාය. එබැවින් ඇය 1610දී සෙංකඩගලින් පිටමංව යළි වැලිමන්නාතොට මාලිගාවට ගොස් මිය යනතුරුම එහි විසුවාය.

ඇය මිය ගියේ 1613 ජූලි 20 වැනිදාය. ඇගේ අවසන් කටයුතු සිදු වූයේ වැලිමන්නාතොටදී බව ප්‍රකට මතයකි. කෙසේ වුවද අද ඇය විසූ මාලිගයත් සොහොනත් දැක ගන්නට නැත.

සියවස් තුනකට පමණ පසු ඇගේ සොහොනත් මාලිගයත් ක්‍රමයෙන් වැනසී ගොස් ඇති අතර, එම භූමිය තුළ ඉංග්‍රීසි යටත්විජිත සමයේදී රබර් වගාවට යොදාගෙන තිබිණි. ‘රොක්හිල්වත්ත’ නමින් පසුව හැඳින්වූයේ ඇගේ මාලිගය සහ සොහොන පිහිටි බිම් පෙදෙස බැව් කියනු ලැබේ.

1981 දක්වාම ඒවායේ නටබුන් දැක ගැනීමට ලැබුණු බව සඳහන් වේ. එහි තිබූ ඇය පිළිබඳ සිහිවටන පුවරුවක් ද ගලවා ඉවත් කර මේ වන විට අක්කර 7ක් වූ එම භූමිය තුළ නිවෙස් ඉදි කර ඇත.

එනමුත් ඇගේ සොහොන මහනුවර රාජකීයයන්ගේ සොහොනේ තිබූ බව ඇතමෙකුගේ මතයයි. අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථ උඩරට රජවරුන්ගේ සොහොන් බිමේ එය තිබෙන්නට ඇතැයි ද ඉංග්‍රීසීන් එය වනසමින් නුවර - මාතලේ දුම්රිය මඟ ඉදි කළ බව ද එම මතයෙන් කියැවෙයි.

බන්ධුල ගුණරත්න

 

ගෝවේ තිබෙන්නේ සිරි රහල් හිමිගේ දේහය ද?

$
0
0
ජුනි 30, 2022 01:00

සකල කලා සර්වඥ (සියලුම කලා මැනවින් සම්පූර්ණයෙන් දත්), ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය (තෙවලා දහම පිළිබඳ අවබෝධයක් සහ එහි ආචාර්ය වූ), ෂඩ්භාෂාපරමේෂ්වර (භාෂා සයක් ප්‍රගුණ කළා වූ) තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වනාහි මෙලක වැඩ විසූ විශිෂ්ටතම සාහිත්‍යකාමී තෙර නමක් ලෙස හඳුන්වාදීම අතිශය යුක්ති සහගත වේ. පරෙවිය, කාව්‍යශේඛරය, සැළලිහිණිය, පඤ්චිකාප්‍රදීපය හා බුද්ධිප්පසාදිනිය වැනි විශිෂ්ට වූත් කාව්‍යමය හා ව්‍යාකරණමය ග්‍රන්ථ ඊට සාක්ෂි සපයයි. උත්කෘෂ්ට සාහිත්‍ය සේවයක් කරන ලද උන්වහන්සේ ක්‍රි.ව.1491දී අම්බන ඉඳුරුගිරි ලෙනේදී අපවත් වී ඇත. ඉන් අනතුරුව එහිමියන්ගේ නිසල දේහය ක්‍රි.ව.1552 දී ප්‍රැන්සිස් ෂාවියර් දේවගැතිතුමා විසින් ගෝවේ දේශයට ගෙන ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ අනුව දැනට ගෝවේහි තැන්පත් කර තිබෙන දේහය රාහුල හිමියන්ගේ බවට උක්ත ලිපිය පළ කරන ලද බන්දුල සේනානායක මහතා කරුණු ගෙන හැර දක්වනු ලබයි. මෙම කථිකාව බොහෝ කාලයක් සිට පවතින බව ඉතිහාසය පිරීක්සීමේදී පෙනී යයි. සේනානයක මහතාගේ උක්ත ලිපියේදී තම මතය තහවරු කරනු වස් ප්‍රධාන සාක්ෂි 7ක් ගෙන හැර දක්වා ඇත. ඒවා නම්,

ජනප්‍රවාදයේ එන කවි ද්විත්වයක්, දොන් ජුවන් ධර්මපාල රජු ක්‍රිස්තියානි ලබ්ධිකයකු බැවින් රාහුල හිමියන්ගේ දේහය ගෝවේ දේශයට ගෙන යෑමට අවසර දෙන්නට ඇති බව., දේහයේ තුවාල සිදු වී ඇත්තේ දේහය ගෙන යෑමට විරුද්ධව ගම්වාසීන් සටන්කරන ලද නිසා බව., ජේ. ඩී. ආර්.බ්රොක් මහතා 1856.12.05දී ඇති වාර්තාවේ දේහයේ තුවාල ඇති බව සඳහන් කිරීම, ක්‍රි.ව.1552දී ෂාවියර්තුමා මෙරටට පැමිණි බව ඔහුගේ ජීවිත කතාවේ සඳහන් වීම, ෂාවියර්තුමා 1555දී මිය ගිය බව සඳහන් වීම නිසා 1552දී ඉඳුරුගිරි ලෙනේ එතුමාගේ දේහය තිබිය නොහැකිවීම, ෂාවියර්තුමාගේ දේහය මලක්කාවේ සිට ලංකාවට ගෙන ඒමේදී නැව ගල්පරයක වැදී දේහය විනාශ වී ගිය බව සඳහන්වීම.

ගෝවේ ප්‍රදර්ශනයට තබා තිබෙන දේහය රහල් හිමියන්ගේ බවට මෙරට වන කතිකාව විවිධ අවස්ථාවන්හි මතු පිටට පැමිණ ඇත. ඒ අනුව උක්ත සාධක 7ට අමතරව තවත් කරුණු රාශියක් මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී හඳුනාගත හැකි වේ. එහිදී ආචාර්ය රියර් අද්මිරාල් සරත් පී. වීරසේකර මහතා තම දර්ශනවේදී උපාධියේ පර්යේෂණ නිබන්ධය සඳහා ඉදිරිපත් කරන ලදුව පසුව 2009 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද “තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ” කෘතියේදී මේ පිළිබඳව සවිස්තරව කරුණු දක්වා තිබේ. ඒ අනුව මෙම කෘතිය මූලික කර ගත් විවිධ මූලයන්ගේ ඇතුළත් කරුණු සාධනීය ලෙස අධ්‍යයනය කරමින් මෙම ලිපිය රචනා කරන ලදී. ගෝවේහි පවතින දේහය රහල් හිමියන්ගේ බවට සනාථ කරන මෙරට සමාජයේ කතිකාවට ලක්වන සාපේක්ෂ සාධක හා මතවාද රාශියක් පහත පරිදි සාරාංශගත කළ හැකි වේ.

01. දේහයේ හිස මුඩු කොට තිබීම - යුරෝපියානු කතෝලික පූජකවරු හිස බූගෑමේ පිළිවෙතක් අනුගමනය කර නොමැත. එකල සමාජයේ හිස බූ ගා ඇත්තේ වහල් සේවයේ යෙදුණු මිනිසුන් පමණි.

02. දේහයේ කන් සිදුරු කර තිබීම - පැරැණි යුරෝපියානු සංස්කෘතියේ පිරිමින් හෝ ගැහැනුන් කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක් නොවීය. නමුදු මෙරට පැරැණි සමාජයේ වංශවත් පුද්ගලයන් කන් සිදුරු කර ආභරණ පැලඳ ඇත. එසේම උපසම්ප්‍රදාවේදී භික්ෂූන්ගේ කන් සිදුරු කිරිමේ චාරිත්‍රයක් පැරැණි බෞද්ධ සංඝ සමාජයේ පැවැත ඇත. ඒ අනුව මෙම දේහය ෂාවියර්තුමාගේ විය නොහැකිය.

03. සමේ වර්ණය තළෙළු වීම - ෂාවියර්තුමා ස්පාඤ්ඤ ජාතිකයකු වන අතර එම ජාතිකයන්ගේ සම සුදු පැහැති වේ. නමුදු මෙම දේහයේ සමෙහි වර්ණය බොහෝ විට ආසියානු ජාතිකයන්ට සමපාත වේ.

04. දේහයේ ඇස් දුඹුරු පැහැති වීම - ස්පාඤ්ඤ ජාතිකයන්ගේ දෙනෙත්හි වර්ණය බොහෝ දුරට දුඹුරු පැහැයක් ගන්නා අතර මෙම දේහයේ දෙනෙත්හි පැහැය වෙනස්ය.

05. දේහයේ දකුණු අත නොමැති වීම - 1614.11.03 දින පෝල් පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි දේහයේ දකුණු හස්තයේ කොටස් ත්‍රිත්වයක් කපා ප්‍රදේශ ත්‍රිත්වයකට යවා තිබේ. රාහුල හිමියන් තම දකුණු අතෙහි තමන් හඳුනා ගැනීම සඳහා “සතුරු බුවනෙකබා, බලය තෙවිටක් පසුබා, රුපු යුදයට නොබා, මමය පැරකුම්රජාගේ ගජබා” ලෙස ලියා තිබූ බැවින් එය ඉවත් කරනු පිණිස අත ඉවත් කරන්නට ඇති බවට ද මතයක් වේ.

06. රෝමානු කතෝලික ටොන්සෝර සම්ප්‍රදාය නොමැති වීම - රෝමානු කතෝලික පූජකවරු ඔඩිසන් නමැති ක්‍රියාවලිය අතරතුර තම හිස වටේට කවාකාරව ටොන්සෝර් නමින් හඳුන්වන කෙස් සිඳීම කර තමන් මිය යනතුරුම එසේ තබාගෙන ඇත. නමුත් මෙම දේහයේ එම ස්වරූපය දක්නට නොමැත.

07. වයෝවෘද්ධ දේහයක් වීම - ෂාවියර්තුමා වයස අවුරුදු 46දී එනම් තරුණ අවදියේදී මියගොස් ඇති නමුදු මෙම දේහය තරුණ දේහයක් නොවේ.

08. ෂාවියර්තුමාගේ උසට සමාන නොවීම - වාර්තාවන්ට අනුව ෂාවියර්තුමාගේ උස අඟල් 66කි. වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව පුද්ගලයකු මිය ගිය පසු සිරුර අඟල් 1-2කින් පමණ දිග් වේ. ඒ අනුව ෂාවියර්තුමාගේ දේහයේ දිග අඟල් 67 ඉක්මවිය යුතුය. නමුදු දේහයේ දිග අඟල් 60ක් පමණ වේ.

09. දේහයේ මරණීය තුවාල පැවතීම - ෂාවියර්තුමා ඉතා ශාන්ත පුද්ගලයකු වන අතර එතුමාගේ දේහයේ මරණීය තුවාල පැවතීම ගැටලුවකි. නමුදු රාහුල හිමිගේ දේහය පෘතුගීසීන් පැහැරගෙන යෑමේදී දේහයට තුවාල සිදුවන්නට ඇතැයි ජනප්‍රවාදයේ පවතී.

10. වෛද්‍ය අන්තෝනියෝ මිල්ෆ්ලන්ගේ ඩි. සිල්වාගේ වාර්තාව 1922දී එළිදක්වන ලද මෙම වාර්තාව අනුව මෙම දේහය විජලනය හෝ මමීකරණය කළ එකක් නොවේ. ජනප්‍රවාදය අනුව රාහුල හිමි අපවත් වීමට පූර්වයේ තම සිරුර දින කෝටියක් පැවතීමට සිදු අළු රසය නම් ඖෂධය පානය කර තිබේ.

11. ආචාර්ය උභයසේකරයන්ගේ මතය - 1552දී මෙරටට පැමිණි ෂාවියර්තුමා දකුණු වෙරළබඩ තීරයේ කිතුණු දහම ප්‍රචලිත කරමින් සිටියදී රාහුල හිමියන්ගේ දේහය පිළිබඳව අසා එය රැගෙන මලක්කාවට ගිය බව, ෂාවියර්තුමා මලක්කාවේදී මිය ගිය බව, ෂාවියර්තුමාගේ දේහය මලක්කාවේ සිට නැව් මඟින් ගෙන එන අතරතුර නැව ගල්පරවල හැපී විනාශ වී යෑමෙන් එම දේහය ද විනාශ වී ගිය බව, අටවන අර්බන් පාප් වහන්සේ ෂාවියර් පූජකතුමා ශාන්තුවරයෙක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී එතුමාගේ දේහය ඒ වන විටත් ආරක්ෂිතව පවතින බව සඳහන් කර නොතිබීම, 1551-1554 දී පෘතුගීසීන්ගේ කාලයේ මුද්‍රණයවූ බාරොස්ගේ ඉතිහාස කෘතියේ ෂාවියර්ගේ දේහය පිළිබඳව සඳහන් නොවීම යන කරුණු එතුමා පෙන්වා දි ඇත.

එය සැබෑ ලෙසම රාහුල හිමියන්ගේ දේහය බවට දිනක සනාථ වන්නේ නම් එහි සැබෑ අයිතිය මේ ලක් පොළොවට හිමිවන්නාසේම එහි මුඛ්‍ය අතුරුඵලයක් ලෙස දේශීය වෛද්‍ය ශිල්පයේ විශිෂ්ටත්වය පිළිබඳ නව හැදෑරීම් රාශියකට මඟ පෑදෙනු ඇත.

කේ.උදේනි අරුණසිරි

 


තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි දෙන්න පුළුවන්

$
0
0
ජුනි 30, 2022 01:00

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සභාපති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමඟ එක්ව වැඩසටහනක් ලබන ජූලි 02දා, පෙ.ව. 8.00ට කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භවේ. එය පරණ කැලණි පාලම ඔස්සේ පෑලියගොඩට පැමිණේ. ‘පාපැදියට ඉඩක්’ යනුවෙන් හැඳින්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඉංජිනේරුවන් ඇතුළු පාපැදියට ඇලුම් කරන විවිධ වෘත්තිකයන් 300කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය. ‘සුව දිවියට පාපැදියක්‘ සංවිධානය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසිය ද මේ වැඩසටහනට සහාය දක්වයි. එම වැඩසටහන ගැන හා රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට පාපැදි භාවිතයේ ලැබෙන පිටිවහල පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි සංගමයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සමඟ කළ කතාබහකි.

 ඉන්ධන අර්බුදයට විසඳුමක් වීමට අතිරේකව පාපැදි භාවිතයෙන් සැලසෙන වාසි මොනවාද?

සෞඛ්‍ය සම්පන්න දිවියකට සමබරතාව ඉතා වැදගත්. සමබරතාව බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදියට වයස්ගත වන විට සමහරු පාකින්සන් වැනි රෝගයන්ට ගොදුරු වෙනවා. බයිසිකල් පැදීමේදී මාංසපේශීවල ශක්තිය වැඩි වෙනවා. කෙනෙක් වයසට යනවා කියන්නේ මාංසපේශීන් දුර්වල වීමයි. මාංසපේශී ශක්තිමත් වූ විට වයසට යෑම ප්‍රමාද වෙනවා. මාංසපේශීන් ශක්තිමත්ව තබා ගත් අයකු මහලු වියට පැමිණියත් ඔහුට කිසි දිනෙක එක්තැන් වීමට සිදු වෙන්නෙ නැහැ. මාංසපේශී ශක්තිමත්ව පවත්වා ගැනීමෙන් දියවැඩියාව, හෘදරෝග, අධික රුධිර පීඩනය වැනි බෝනොවන රෝගයන්ගෙන් ගැලවෙන්න පුළුවන්. බයිසිකලය පේශීන්ගේ ක්‍රියාකාරීත්වයට උදවුවන මෙවලමක්.

උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල කලක සිටම පාපැදි භාවිතයට උනන්දුවක් තිබෙනවා. එය සමස්ත දිවයිනටම හොඳ ආදර්ශයක්. කලාපයේ රාජ්‍යයන් සමඟ සසඳා බලන විට ශ්‍රී ලංකාව වායු දූෂණය අඩු රටක්. ඒ නිසා අප එහි වාසිය ගැනීමට කල්පනා කළ යුතුයි. එදිනෙදා කෙටි ගමන් සඳහා මෙන්ම සේවා ස්ථාන සඳහා යෑම්ඉම් සඳහාත් පාපැදිය භාවිත කිරීමට ජනතාව උනන්දු කළ යුතුයි.

පාපැදිය ජනතාවට අතර ප්‍රචලිත කිරීමට ප්‍රධාන බාධාවක් වන්නේ පාපැදිකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් අනෙකුත් වාහන පදවන්නන්ගෙන් නොලැබීමයි. අපගේ මාර්ග පද්ධතිය සකස්ව ඇත්තේ පාපැදි ධාවනය දිරිමත් කරන අාකාරයට නෙවෙයි. මේ තත්ත්වය වෙනස් කරන්න ගත හැකි පියවර මොනවාද?

කාබන් භාවිතයෙන් ඉවත් වන බවට අප කියෝතෝ සම්මුතිය මඟින් එකඟව තිබෙනවා. අපේ ක්‍රියාකාරීත්වයෙන් පරිසරයට හානි නොවිය යුතුය යන පදනම තමයි මේ සම්මුතියේ වැදගත්ම දේ. ඒ අනුව මහමඟ ධාවනය කෙරෙන අනෙකුත් වාහනවලින් පාපැදිකරුවන්ට කරදර නොවන ආකාරයට ගමන් කිරීමට උන්නදුවන්නේ නම් පාපැදි භාවිතය ප්‍රචලිත කළ හැකියි.

රෝද හතරේ වාහන පාපැදිකරුවන්ව ගණන් ගන්නේ නැහැ. ඒ නිසා පාපැදිකරුවන්ට මහමඟ ගමන බොහොම අසීරුයි. මේ ගැන අප ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමු කළා. පාපැදිකරුවන්ට වෙනම මංතීරුවක් වෙන්කළ හැකිනම් පාපැදිය මෙයට වඩා ප්‍රචලිත කළ හැකියි. සුරක්ෂිතතාව ඉහළ නංවා ගැනීමෙදි පාපැදිකරුවන් අතින් වගේම මාර්ගය භාවිත කරන අනෙකුත් අය අතින් ද ඉටු විය යුතු දේවල් තිබෙනවා. ඉදිරිපසට හා පිටුපස විදුලි පහන් භාවිතයට, ප්‍රතිදීප්ත පුවරු යෙදීමට, හිස්වැසුම් පැලඳීමට, වමෙන් ගමන් කිරීම වගේ දේවල් අනුගමනය කිරීමට පාපැදිකරුවන් විනයගරුක විය යුතුයි. හැරවීමට පෙර අතින් සංඥා කළ යුතුයි.

ඒ වගේම මහමඟ තිබෙන අනෙක් ප්‍රශ්නය තමයි දූවිලි සහ දුම. මෙයට විසඳුමක් විදියට මහමඟ ගස් සිටුවීම කළ යුතුයි.

පාසල් මට්ටමින් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත්කම කුමක්ද?

පාසල් වෑන් රථ මඟින් ළමුන් පාසල් යැවීමෙදි ඉස්සර එක් දරුවකු වෙනුවෙන් 4,000 - 5.000 අතර මුදලක් වැය වුණා. වර්තමානයේ ඒ සඳහා රුපියල් 8,000 – 10,000 අතර මුදලක් වැය කිරිමට සිදුව තිබෙනවා. ළමුන් දෙදෙනකු සිටින පවුලක් ගත්විට පාසල් ප්‍රවාහනයට දරන්න වෙන වියදම ඔරොත්තු දෙන මට්ටමක නැහැ. ඒ නිසා පාපැදි මඟින් පාසල් යෑමට හැකි සුරක්ෂිත පරිසරයක් දරුවන්ට අප නිර්මාණය කළ යුතුයි.ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අනුබද්ධ සංගමයක් විදියට පාසල් පාපැදි සංගමයක් තිබෙනවා. ඔවුන් සමඟ සාකච්ඡා කර පාසල් මට්ටමින් පාපැදි භාවිතය වැඩි කිරීමට අප උත්සාහයක් ගන්නවා. මේ පාපැදිය භාවිත නොකර බැරි අවස්ථාවක්.

අප දරුවන් වුවමනාවට වඩා ආරක්ෂා කරන්න පෙලඹී සිටිනවා. අර දේ කරන්න එපා! මේක කරන්න එපා කියලා ඔවුන්ට කිසිම දෙයක් නිදහසේ කරන්න දෙන්නේ නැහැ. දරුවන්ට ආරක්ෂාව සලසා ගන්නා ආකාරය කියා දීම වෙනුවට හැම දෙයකින්ම ආරක්ෂා කර ගන්න මවුපියන් පෙලඹෙනවා. ඒත් කවදා හෝ දවසක ඔවුන් තනියම වැඩ කළයුතු දිනයක් එනවා. මේ විදියට හැම දෙයකින්ම මවුපිය ආවරණය යටතේ වැඩෙන දරුවන් එවිට අසාර්ථක වෙනවා. ඒක දරුණු ඛේදවාචකයක්.

දරුවන්ට ක්‍රීඩාවට යොමු කිරීමේ වරදක් මා දකින්නේ නැහැ. බයිසිකලයකින් වැටුණට කිසිවක් වෙන්නේ නැහැ. පාපැදිය පදින්න පටන් ගත් කුඩා කාලේ මගේ අතපය අනන්තවත් සීරිම්වලට ලක්ව තිබෙනවා. දරුවන්ට අවදානමකට මුහුණ දෙන ආකාරය ඉගැන්විය යුතුයි. එය ඉගෙන ගන්න තිබෙන හොඳම තැන තමයි පාපැදියට යොමු කිරීම. එතනදි දරුවා මුහුණ දෙන්නෙ පාලනය කළ හැකි අවදානමකට. ඉන්පසු ඔහුට තමන්ට පාලනය කළ නොහැකි අවදානම්වලට මුහුණ දීමට හැකියාව ලැබෙනවා.

පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු මොනවාද?

පාපැදියක් කැඩුණු විට හදාගන්න තැනක් නැහැ. කාලයකට පෙර සෑම හන්දියකම පාහේ වින්කලයක් තිබුණත් මේ වන විට ඒවා බොහොමයක් වැසී ගිහින්. වර්තමානය වන විට බයිසිකලයට හොඳ ඉල්ලුමක් තිබෙන නිසා අලුත්වැඩියා කරන්නන් 1,000ක් පුහුණු කරන්න අප බලාපොරොත්තු වෙනවා. නිවෙසට පැමිණ පාපැදිය අලුත්වැඩියා කරදීමට ඔවුන් යොමු කිරීමට අප අපේක්ෂා කරනවා.

එක් ඉන්ධන නැවක් මෙරටට ගෙන්වන්න ඩොලර් මිලියන 55ක් වැය වෙනවා. ඒ මුදලින් සෑම ගෙදරකටම බයිසිකලය ගණනේ නොමිලේ දෙන්න පුළුවන්. මේ වන විට ශ්‍රී ලංකාවේ පාපැදි මිලියන 2.1ක් තිබෙනවා. එහෙත් මේවා භාවිත කරන්නෙ නැහැ. ඉන්ධන අර්බුදයට විසඳුම් නොදීම ගැන අප ආණ්ඩුව ව්වේචනය කරනවා. එහෙත් මේ නාස්තිය අනුව බැලුවිට අප සියලු දෙනාම මේ අර්බුදයේ කොටස්කරුවන්. අප සියලු දෙනා ඩොලර් වැය කරන්නන්, උපදවන්නන් නෙමෙයි. මේ විදියට වැය වෙන්නේ විදේශගත ගෘහ සේවිකාවන්, අනෙකුත් වෘත්තිකයන් අමාරුවෙන් උපයන ඩොලර්. ඒ නිසා ඩොලර් පිට රටට යැවීම නැවැත්වීමට අපට වගකීමක් තිබෙනවා. ඒ වගේම පාපැදි භාවිතය නිසා පරිසර දූෂණය වැළකෙනවා. ශරීර සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. එහෙම ගත්විට පාපැදියට හුරුවීමෙන් ප්‍රතිලාභ රාශියක් ලැබෙනවා.

ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස ආරම්භ කළ ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්්‍’ වැඩසටහන පසුව අභාවයට ගියා. පැරැණි වැඩසටහනින් වර්තමාන වැඩසටහන වෙනස් වෙන්නේ කෙසේද?

ළඟම තිබෙන දුම්රිය නැවතුම් පොළට හෝ බස් නැවතුම්පොළට බයිසිකලයෙන් ඇවිත් එතැන වාහනය නවත්වා පොදු ප්‍රවාහනය මඟින් ගමන් පහසුව සලසා ගැනිම මේ වැඩසටහනේ අරමුණයි. ඒ අනුව සෑම දුම්රිය ස්ථානයකම පාපැදි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අප ප්‍රවාහන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එයට යහපත් ප්‍රතිචාරයක් තිබෙනවා. මේ වැඩසටහන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ඇරඹීමට ඇමැතිවරයා අදහස් කරනවා.

බයිසිකල් ඉල්ලුම ඉහළ යෑමත් සමඟ කලකට ඉහත ආනයනය කළ, භාවිත කළ පාපැදිවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ නංවා තිබෙනවා. මේ ගැන සංගමයේ අවධානය යොමුව තිබේද?

එය ගැටලුවක් තමයි. ඉන්ධන මිල ඉහළ යන තත්ත්වයක් තුළ අනෙක් සියලු දේවල මිල නිරායාසයෙන්ම ඉහළ යනවා. වසරක් වැනි කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තුන් ගුණයකින් පහළ ගිහින් තිබෙනවා. පාපැදිය මෙරට නිපදවන දෙයක් නෙමෙයි, එකලස් කිරීම පමණයි කරන්නෙ. උද්ධමනය අපට පමණක් බලපාන දෙයක් නෙමෙයි. විදේශ රටවලත් භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ රටවලත් පාපැදි මිල ඉහළ යනවා. ආනයන සීමා කර තිබෙනවා. මේ හේතු දෙක, තුන මත කලින් 17,000ට තිබුණු බයිසිකලය දැන් 45,000ක් වෙලා.

මිල ගැන සලකා බයිසිකලයක් මිලදී ගැනීම කල් දැමුවහොත් අනාගතයේ එයට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වෙනවා. වෙන ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් ගත්විට එය නඩත්තු කිරීමට විශාල මුදලක් දැරිය යුතු වෙනවා. යතුරු පැදියක් ගත්තොත් මිලදී ගැනීම කළ මොහොතේ සිට ඉන්ධන සඳහා වියදම් දරන්න වෙනවා. නමුත් පාපැදියක් මිලදී ගත්තොත් එය මිලදී ගැනීම කළ මොහොතේ සිට ඉතිරියක්. කෙටි කාලයකින් ඒ සඳහා වැය කළ මිල ලැබෙනවා.

උදාහරණකින් මෙය පැහැදිලි කළ හැකියි. උදෑසන පත්තරය මිලදී ගැනිමට ආසන්න කඩයට යෑමට යම් අයකු මෝටර් රථයක් භාවිත කළොත්, ඔහුට වාහනය පණ ගන්වා ගෙන යෑමට සහ ඒමට ඩොලර් 5ක් වැය වෙනවා. පෙට්‍රල් වියදමට අමතරව ස්ටාටර් මෝටරයේ හා ටයර් ක්ෂය වීම අනුව ඒ පිරිවැය දැරිය යුතුයි. කඩයට ගිහින් බඩු ටිකක් ගත්තත් ඒ මුදල යනවා. මේ නිසා පොඩි පොඩි ගමන් සඳහා බයිසිකලය භාවිත කිරීමෙන් රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ඉතිරි කළ හැකියි. ඒ අතර තමුන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කරගන්න පුළුවන්.

බයිසිකල් මිල ඉහළ යෑම නිසා සොරා ගැනීම් වැඩි වෙලා. පාපැදියේ ආරක්ෂාව සම්බන්ධයෙන් දියුණු රාජ්‍යයන් අනුගමනය කරන ක්‍රම මෙරටට හඳුන්වා දීමේ හැකියාවක් තිබේද?

බයිසිකල් පරිස්සම් කරගන්න අලුත් ක්‍රමවේද තිබෙනවා. එක ක්‍රමයක් තමයි චිප් එකක් යෙදීම. මේක සාර්ථක ක්‍රමයක්. චිප් එකක් යෙදූ බයිසිකලයක් කාටවත් සොරා ගන්න බැහැ. සොරකම් කළ දුරකථනයක් තිබෙන තැන ඉමි අංකයෙන් හා චිප් එකේ ආධාරයෙන් සොයා ගන්න පුළුවන්. එවැනි පරිගණක පද්ධතියක් හදන්න අප උත්සාහ කරනවා. ඒ අනුව පාපැදිය තිබෙන තැනත් සොගත හැකියි.

දෙවනුව පාපැදි සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව අප රක්ෂණ සමාගම්වලට පෙන්වා දී තිබෙනවා. ඊළඟට පාපැදි මිලදී ගන්න උනන්දුවක් තිබෙන ඒ සඳහා එකවර මුදලක් යට කරන්න හැකියාවක් නැති පිරිස් වෙනුවෙන් ණය ක්‍රමයක් ඇති කරන්න අප උත්සාහ කරනවා. දැනටමත් අප ඒ ගැන බැංකු සමඟ කතාබහ අරඹා තිබෙනවා. මේ විදියට පාපැදි භාවිතය උනන්දු කිරීමට ක්‍රමවේද රැසක් අප භාවිත කරනවා.

පාපැදි භාවිත කිරීමට කැමැත්තක් දක්වන, එහෙත් පාපැදි භාවිතයට නුහුරු පිරිස් පුහුණු කිරීමට සංගමයට වැඩපිළිවෙළක් තිබේද?

අලුතින් පිරිසක් පාපැදි භාවිතයට අවධානය යොමුකර තිබෙනවා. එලෙස උනන්දුවක් දක්වන පිරිස් පුහුණු කිරීමට අපගේ පළපුරුදු පුහුණුකරුවන්ගේ සහාය දෙන්න පුළුවන්. ඉල්ලීමක් තිබේ නම් අපට පුහුණු කඳවුරු පැවැත්වීමේ හැකියාව ද තිබෙනවා. පාපැදි සම්මේලනයට අනුබද්ධ ප්‍රාදේශීය ක්‍රීඩා සංවිධාන 50ක් පවතිනවා. ඒ සෑම සංගමයකටම පුහුණුකරුවන් සිටිනවා. ඔවුන්ගේ සේවය පුහුණු වැඩසටහන්වලට සපයන්න අප සූදානම්. මේ ගැන වැඩි විස්තර ප්‍රධාන ලේකම් නලීන් අධිකාරිආරච්චිගේ 0774 – 881888 ඇමතීමෙන් දැනගත හැකියි. අපගේ පුහුණුකරුවන්ට බයිසිකල් පැදීමේදී අවශ්‍ය වන සමබරතාව පවත්වා ගන්නා ආකාරය හොඳ පුහුණුවක් දෙන්න පුළුවන්.

 

 

චන්දන ජයවීර

 

හොංකොං දේශයටත් ආර්ථික අර්බුදයක් අත වනයි

$
0
0
ජුනි 30, 2022 01:00

ආසියාවේ කොටස් වෙළෙඳපොළේ දශක ගණනාවක් පුරා ආධිපත්‍ය පතුරුවාලීමට සමත් වූ හොංකොං රාජ්‍යයේ හැං සෙං දර්ශකය 3.39%කින් පහත වැටුණේ පසුගිය සඳුඳාය. චීන පාලනය යටතේ පවතින ලොව වඩාත්ම වියදම් සහිත වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් හා සංචාරක පුරවරයක් ලෙස ප්‍රචලිත හොංකොං දේශය කොටස් වෙළෙඳපොළේ පසුබෑමක් පෙන්නුම් කිරීමත් සමඟ ආර්ථික අර්බුදයක් කරා තල්ලුවී යෑමේ අවදානමක් මතුවී ඇතැයි වාර්තා වේ. දශක ගණනාවක් ඉතා ඉහළ මට්ටමක පැවැති හොංකොං දේශයේ දළ දේශීය නිෂ්පාදන දර්ශකය ද 3%කින් පහත වැටීමෙන් පසු පෙර නොවූ විරූ ආකාරයේ උද්ධමනයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද ඇතැම් ආර්ථික විශේෂඥයන් දැනටමත් අනාවැකි පළ කර තිබේ. ඒ අනුව වසර 25කට පසු හොංකොං දේශයේ ආර්ථිකය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇත.

වසර 1997 දී එතෙක් බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේ පැවැති මේ සුන්දර දේශය නැවත අත්කර ගැනීමෙන් පසු චීනය හෙට (ජූලි 1) හොංකොං දේශයේ 25 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වී ඇත්තේ ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයක පවතින මෙවැනි පසුබිමකදීය. චීන ජනාධිපති ෂි ජින්පින් සහභාගි වීමට නියමිත මේ සංවත්සර උත්සවය වෙනුවෙන් හොංකොං රාජ්‍යයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති අතර, ඔහුගේ ගමන් මාර්ගය සැලසුම් කර ඇති මං මාවත් මුළුමනින්ම ජනතාවගෙන් හිස් කිරීමට සහ දැඩි සීමා තහංචි පැනවීමට දැනටමත් එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. එම මාර්ගවල රථවාහන ගමනාගමනය නවතා ඇති අතර, එම්ආර්ටී උමං දුම්රිය මාර්ග සියල්ල වසා දමා තිබේ. ෂි ජින්පින් හොංකොං දේශයේ රැඳී සිටින කාලය ඇතුළත ඩ්‍රෝන යානා පියාසර කරවීම තහනම් කර ඇති අතර, විශේෂ ආරක්ෂක පියවර සම්බන්ධව මාධ්‍ය හමුවක් ද ඊයේ පෙරේදා පවත්වනු ලැබීය.

හොංකොං හි මේ සංවත්සරය සමරනු ලබන්නේ එරට ජනතාවගේ කිසිදු ප්‍රසාදයක් නැති අවස්ථාවකදීය. විශේෂයෙන් පසුගිය වසර කිහිපය ඇතුළත එරට ජනතාවට චීන පාලනය යටතේ මුහුණ දීමට සිදුවූ විවිධ දුෂ්කරතා හේතුවෙන් විරෝධතා විශාල ප්‍රමාණයක් පැවති අතර, මාධ්‍ය මර්දන, උද්ඝෝෂණ මර්දන, පුද්ගලයන් ඒකරාශී වීම තහනම් කිරීම ඇතුළු සිදුවීම් මාලාවක් හේතුවෙන් එරට දැඩි උණුසුම් ස්වභාවයක් ඇති විය. මීට වසරකට පමණ පෙර හොංකොං රාජ්‍යය වෙනුවෙන් චීන පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් විශේෂ ආරක්ෂක පනතින් ලැබූ වරප්‍රසාද යටතේ ජනතාව දැඩි පීඩාවට පත්විය.

චීන ජනාධිපති සහභාගි වන මේ සංවත්සරය ආවරණය කිරීම රොයිටර් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය හතකට වැඩි ප්‍රමාණයකට තහනම් කරනු ලැබුවේ එම පනතේ වරප්‍රසාද යටතේය. දැනටමත් එරට මාධ්‍ය මර්දනයක් සිදුවෙමින් තිබෙන අතර, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

දැනටමත් එරට දේශපාලන සිරකරුවෝ දහසකට වඩා සිටිති. ඒ අතර සමාජ ක්‍රියාකාරිකයන්, සිසුන්, මාධ්‍යවේදින් සහ නීතිඥයෝ ද වෙති. මේ සියලු මර්දන හමුවේ හොංකොං දේශයේ 25 වැනි සංවත්සරයට ජනතාවගේ කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබෙනු ඇතැයිද, ආර්ථික අර්බුදයක ආසන්නයටම පැමිණ සිටින බැවින් එරට වෙළෙඳ ප්‍රජාව අතර ද දැඩි අප්‍රසාදයක් මතුවී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළේය.

මූල්‍ය අර්බුද, මහජන පෙළපාළි සහ කොවිඩ් වසංගතය හොංකොං හි ආර්ථිකයට දැඩි බලපෑමක් දැනටමත් එල්ල කර ඇති අතර, විරෝධතා මර්දනය කිරීමට ආරක්ෂක අංශ ගත් දැඩි පියවර සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් ද විශාල අප්‍රසාදයක් පළ වී තිබේ.

විශේෂයෙන් පසුගිය වසරේදී එරට මුද්‍රණය වන එකම ප්‍රජාතන්ත්‍රවාදී හිතෛෂි පුවත්පත වන ‘ඇපල් ඩේලි‘පුවත්පත සීල් තැබීමට පියවර ගැනීම එරට මර්දන ක්‍රියාදාමයේ වඩාත්ම ප්‍රචණ්ඩ සිදුවීම බවට පත් වී තිබිණි. විදෙස් රටවල අවශ්‍යතාව මත හෝ බාහිර බලපෑම් මත හොංකොං රාජ්‍ය්‍යට සහ චීනයට සම්බාධක පැනවීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා ලැබූ හොංකොංහි අංක එකේ පුවත්පත වන ‘ඇපල් ඩේලි‘ සීල් තැබීමෙන් පසු එම පුවත්පතේ කර්තෘවරුන් 5ක් සහ විධායක නිලධාරීන් පිරිසක් ද අත්අඩංගුවට පත් වී තිබිණි. පසුගිය වසර කිහිපයක සිට හොංකොංහි චීන පාලනය සම්බන්ධව පැවති උද්ඝෝෂණමාලාවට අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් ලබාදීමට කටයුතු කළ එරට මාධ්‍ය ඇතුළු රජයේ වරප්‍රසාද ලැබූ සෙසු ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීතියෙන් ඉඩක් නොතිබූ අතර, ‘ඇපල් ඩේලි‘ පුවත්පතට මේ ඉරණමට මුහුණදීමට සිදු වූයේ ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන චීන රජය හොංකොං දේශයට බලපාන නීතියක් සම්මත කර ගැනීමෙන් පසුවය.

හොංකොං දේශයේ බ්‍රිතාන්‍ය පාලනයෙන් එරට නිදහස් වීමෙන් පසු සීල් තබන තුරු ‘ඇපල් ඩේලි‘ පුවත්පත එරට පමණක් නොව චීනයේ ද ලක්ෂයකට ආසන්න පාඨකයන් පිරිසකගේ විශ්වාසය දිනා සිටියේය. එබැවින් චීනය විසින් ‘ඇපල් ඩේලි‘ පුවත්පත සීල් තබා එහි ප්‍රධාන කර්තෘ ඇතුළු මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලැබීම අන්තර්ජාතික ගිවිසුම්වල විනිවිදභාවයට එල්ල කළ අතුල් පහරක් බවත් කියැවේ. සීල් තැබීමෙන් පසු පුවත්පත් ගොඩනැගිල්ල ඇතුළු සියලු වත්කම් රාජසන්තක කළ අතර, එහි වටිනාකම ඩොලර් මිලියන ගණනාවක් බව වාර්තා වේ.

 

කැළුම් රොෂාන්ත

කිරි ගොවියා රැක ගනිමු

$
0
0
ජුලි 1, 2022 01:00

අපගේ මාතෘභූමිය අද දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇතිවාක් මෙන්මදේශපාලන අර්බුදයක් දක්වා ද වර්ධනය වී ඇති බව ඉතා පැහැදිලිව පෙනීයන කරුණකි.

දශක හතකට වැඩි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අපගේ රටේ මෙකී පාලන සමය තුළ රජයකට විරුද්ධව නිරායුධ මහජනතාව පෙළ ගැසී මහපවුරක්ව සති ගණනාවක් පුරා අඛණ්ඩ විරෝධතාවක් දක්වන මොහොතකි මේ.

මීට වසර 15කට පෙර 2007 ජූලි 23 දින ශ්‍රී ලංකාවේ කිරි ගොවියා ශක්තිමත් කිරීම තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව පවසමින් කිරි ගොවියා ශක්තිමත් කිරීමට රජයට බලපෑම් කළ අතර මේ දක්වා විටින් විට විවිධ බලපෑම් සිදුකරමින් පවතී.

මේ සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ශක්තිය දුන් අතර ආචාර්ය ලයනල් වීරකෝන්, තිලක් කන්දේගම වැනි දේශප්‍රේමී කෘෂි විද්වතුන් සහ සරත් ප්‍රනාන්දු, ලීනස් ජයතිලක වැනි සමාජ දේශපාලන ක්‍රියාකාරීන්ගේ නොමඳ පිටුබලය ද ලැබිණි.

එදා සිට මේ දක්වා මෙරට පාලන බලය හෙබවූ පාලකයන් අපගේ බසට කන්දුන්නේ නැත. එසේ වූවානම් පසුගිය වසර 15ක කාලය තුළ ලංකාවේ කිරි අවශ්‍යතාව මුළුමණින්ම සපුරාගත හැකිව තිබුණා මෙන්ම වසරකට කිරිපිටි ආනයනයට පිටරට වලට ගලායන රුපියල් බිලියන 60ක පමණ මුදලක් ලෙහෙසියෙන්ම ඉතිරි කර ගැනීමට ද ඉන් අපගේ මාතෘභූමියේ ණය වාරික ගෙවා දැමීමට ද හැකියාව තිබිණි.

එහෙත් බහුජාතික සමාගම්වල කොමිස් මුදල් හා විවිධ සුඛවිහරණවලට ගිජු වු කෑදර දේශපාලකයන් සහ නිලධාරීන් නිසා ඉහත මතු කළ තත්ත්ව මගහැරී ගිය අතර අද ආර්ථිකය සොරා කෑමේ පාපය සාපයක් වී ඔවුන්ගේ දේශපාලන මළගම අභියස මංමාවත් විවර කර ගෙන ඇත.

ඉදිරියේ මෙම රට පාලනයට යොමුවන කුමන හෝ රජයකින්, පාලන කණ්ඩායමකින් මා ඉල්ලා සිටිනුයේ අපගේ මාතෘභූමියේ සුවිශේෂී දේශගුණ හා භූගෝලීය පිහිටීමේ ශක්‍යතාව උපයෝගී කර ගනිමින් රටේ පරිසරය ද රැක ගනිමින් කිරි ගොවි ව්‍යාපාරයට, දේශීය ආර්ථිකය සුරක්ෂිත කිරීම උදෙසා බහුජාතික සමාගම්වල කොමිස් මුදලට යට නොවී කටයුතු කරන ලෙසටයි.

චම්ලි ජයරත්න - ජාතික සංවිධායක

දරුවන් විකුණන් කෑම අද වැඩි වෙලා

$
0
0
ජුලි 1, 2022 01:00

අප ජීවත් වෙන මේ මනු ලෝකය හෙවත් ලෝකය බිහි වී වසර කෝටි ගණනකි. සත්ත්ව සංහතියේ ආරම්භයටත් වසර දස ලක්ෂ ගණනකි. වානරයාගෙන් පැවත එන මිනිස් සත්ත්වයා මීට වසර ලක්ෂ ගණනකට පෙර මේ ලොවේ පහළ වූයේ ප්ලයිස්ටෝසින යුගයේදීය. මේ ලෝකයේ අද වන විට ජීවත් වන සත්ත්ව සංහතිය කෝටි ලක්ෂ ගණනකි. මේ සා විශාල සත්ත්ව සංහතිය, මනුසතාගේ හෙවත් මිනිසාගේ පාලනයට යටත්ව ඇත. එමෙන්ම මේ මහපොළව යට ඇති සම්පත් ප්‍රමාණය වචනයෙන් කියා හෝ ලියා විස්තර කළ නොහැකිය. එසේම මිනිසුන් තුළ ඇති තෘෂ්ණාව, වෛරය, පළි ගැනීම, ඊර්ෂ්‍යාව හා ආත්මාර්ථය මේ ලෝකයේ වත්මනේ ජීවත් වන වෙන කිසිදු සතෙක් සර්පයෙක් ළඟ නැත. මේ ආත්මාර්ථකාමි මිනිසා ධනය ඉපයීමේ අදහසින් කරන දහසක් අකටයුතු‍ නොසණ්ඩාල කටයුතු, ගුණ යහපත් කිසිම පුද්ගලයෙක් පිළිනොගනී. මෙසේ මුදල් ඉපයීමේ තෘෂ්ණාව හා උපයාගත් මුදල් නොපනත්කම් උදෙසා වියපැහැදම් කිරීම මීට පෙර මේ ලංකාවේ කිසිම කලක සිදු වී නැත. ඈත අතීතයේ පටන් මේ රටේ නැති බැරිකමට අන් අයගෙන් යමක් ඉල්ලගෙන කෑම තිබූ අතර ඒ ආශ්‍රිතව සිඟමන් යැදීමෙන් කුසට යමක් ලබා ගන්නට ඉල්ලා අතපෑවේ තරුණ පිරිස් නොවේ. වයසට ගිය, රැකියාව කිරීමට ශක්තියක් නැති, කාත් කවුරුගෙන්වත් පිහිටක් සැලකිල්ලක් නැති අසරණයන් ඉල්ලා සිටියේ හාල් මිටක් නැතිනම් උයපු දෙයක්. ඒ වගේම පරණ වස්ත්‍රයක්/ඇඳුමක් ‍වැනි සුළු ආධාරයක් මිස වෙන දෙයක් නොවේ. ඒ එදාය. අද වන විට මේ සිඟා කෑම නිත්‍ය රැකියාවක් වී ඇත්තේ මහන්සියක්-විඩාවක් නොලබා වැඩි පුර මුදලක් උපයා ගැනීමට හැකි බැවිනි. එමෙන්ම එදා සිඟමන් ඉල්ලුවේ වයස්ගත අසරණයන් වුවත් අද වැඩිපුර සිඟමන් යදින්නට කඩයක් කඩයක් ගානේ ගෙයක්-ගෙයක් ගානේ මගීන් පිරුණු පුද්ගලික බස් රථයක් ගානේ යන්නේ අසරණ, වැඩක් පළක් කරගත නොහැකි වයස්ගත අය නොවේ. තරුණ කාන්තාවන් හා එම වයසේ පිරිමින්ය. අනුන්ට අතපාන්නේ අපි නොදන්න අසරණකම් කියා පාමින්ය. මේ සියලු දේවල්වලට වඩා මනුෂ්‍ය හිත් දුකට පත්කරන ලෙස සිඟමන් යදින්නේ අහිංසක කිරි කැටියෙක් එහෙමත් නැතිනම් අවුරුදු 4,5 වයසැති පොඩි දුවක් හෝ පුතෙකු අරගෙනය. මෙසේ ළමයි අරගෙන හිඟමන් යැදීම මීට පෙර මේ රටේ කිසිම ගෑනියෙක් මිනිහෙක් නොකළ ඒ වගේ කිසි දිනක දැක නැති සිඟමනක්ය. ඒත් ළමයින් වඩාගෙන බැංකු ළඟ සුපිරි වෙ‍ෙළඳ සැල් ළඟ උදේ සිට හවස් වනතුරු සිඟමනක් නොවේ; කරන්නේ සංවිධානය වූ ව්‍යාපාරයෙකි. සමහර විට අසරණ දරුවා සිගමන් යදින්නාගේ නොවේය. එයත් සංවිධානය විසින් සැපයූ වෙළඳ භාණ්ඩයක් විය හැක. පාසල් යන වයසේ දරුවන් මෙසේ සිඟමනට යොදාගැනීම අහස පොළොව උසුලන්නේ නැත අපරාධයකි. එමෙන්ම මෙම සිඟාකෑමෙන් උපයන මුදල විය පැහැදම් කරන්නේ මත්ද්‍රව්‍යවලට මිස වෙනයම් දෙයකට නොවන බව දන්නෝ දනිති. රටේ නීති රීති සකස් කරන බලධාරින්, සිඟාකෑම පැත්තකට තබා නොදරුවන් මේ අසම්මත පහත් ක්‍රියාවන්ට උපයෝගි නොකරන්නට, ඉඩ සලසා ගැනීමට නීති සකස් කර දෙන්න. එය උතුම් ක්‍රියාවක් වනවා නොඅනුමානය.

චන්ද්‍රසිරි ගෝමිස් 
කළුබෝවිල

 

දුම්රිය ගමන් වාර අවලංගු කරන්න එපා

$
0
0
ජුලි 1, 2022 01:00

ඇතිව ඇති ප්‍රවාහන දුෂ්කරතා නිසා මගීහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. එයට හේතුව බවට පත්ව තිබෙන්නේ අද වන විට ඉන්ධන ගැටලුව නිසා පොදු ප්‍රවාහන සේවාද කඩා වැටීමට ලක් වීමය. එයට යම් හෝ විසඳුමක් බවට පත්ව ඇත්තේ දුම්රිය සේවය සක්‍රීයව පැවතීමය. අද රාජකාරි සඳහා පිටත්ව යන බොහෝ අය තම ගමන් පහසුව සලසා ගන්නේ මෙමඟිනි. කලින් මෝටර් රථ, බයිසිකල් මඟින් සේවා ස්ථාන වෙත ගමන් කළ අය පවා දැන් තෝරා ගෙන තිබෙන්නේ දුම්රියය. බස් සේවයද කඩා වැටී ඇති මොහොතක, දුම්රිය ලබා දෙන සේවය අපමණය. එනිසා දැන් කළ යුත්තේ දුම්රිය සේවය ශක්තිමත් කිරීමය. ඒ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුය. මැදිරි වැඩි කිරීම ඉක්මනින් කළ යුතුය. ඒ එක් ක්‍රියාමාර්ගයක් පමණි.

පසු ගිය දිනෙක දුම්රිය ගමන් වාර විසි අටක් අවලංගු වී තිබුණි. තවත් ගමන් වාර ප්‍රමාදවී තිබුණි .එයට හේතුව වි තිබුණේ සේවකයනට සේවයට වාර්තා කිරීමට තෙල් හිඟය බලපෑමය. එනිසා දුම්රිය අත්‍යාවශ්‍ය සේවකයනට සේවයට වාර්තා කිරීමට ක්‍රමයක් සකස් කළ යුතුය. ඒ සඳහා ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම වඩාත් හොඳ දෙයකි. එමඟින් දුම්රිය මගීන්ට ලොකු පහසුවක් සැපයෙනු ඇත. මේ මොහොතේ දුම්රියද අඩාළ වුවහොත් සේවා පවත්වාගෙන යෑම දුෂ්කර වේ. එනිසා මේ දුෂ්කර කාලයේ දුම්රිය සේවය බල ගැන්වීම කළ යුතුය.

ප්‍රසන්න වෙල්ගම - අවිස්සාවේල්ල.

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>