Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 600ක් දිනපතා මුලතිව් අවට මුහුදේ

$
0
0
ජුලි 1, 2022 01:00

මෙතෙක් කාලයක් යාපනය මුහුදු සීමාවට පමණක් ඇතුළු වූ ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු සීමාවටද පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීමේ කටයුතු සිදු කර ගෙන යන්නට පටන් ගෙන ඇතැයි මුලතිව් ධීවර සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ උප සභාපති එස්. චන්ද්‍රසේකරන් ප්‍රකාශ කලේ මේ දිනවල දිනකට ඉන්දිය ට්‍රෝලර් යාත්‍රා 600ක් පමණ මුලතිව් මුහුදු තීරයට පැමිණ මසුන් මරණ බවයි.

ඉන්ධන හිගය නිසා මුලතිව් ධීවරයෝ මේ දිනවල මුහුදු යෑමෙන් වැලැකී සිටින නිසා ඉන්දීය ධීවරයන්ට කිසිදු බාධාවකින් තොරව මුලතිව් මූහුදු කලාපයට පැමිණීමට අවස්ථාව උදා වී ඇති බවද සභාපති වරයා සදහන් කළේය.

මේ තත්ත්වය මත මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර පවුල් 9000 කට වඩා වැඩි සංඛ්‍යාවක පිරිස දැඩි පීඩාවකට පත්ව සිටින බව ප්‍රකාශ කළ ධීවර සමීති නායකයා මේ සම්බන්ධයෙන් මුලතිව් නාවික හමුදා කඳවුරට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබේ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ


රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකශ්‍රමිකයන්ගේ ගැටලු ගැන ඇමැති මනූෂ සූම්වලින් කතා කරයි

$
0
0
ජුලි 1, 2022 (All day)
අනුර ප්‍රේමලාල්

රුමේනියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අතර ඊයේ (30) පැවති අතර ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලුවලට ක්ෂණික විසඳුම් දීමටද පියවර ගත්තේය.

රුමේනියාවේ රැකියා සඳහා පිටත්ව යන පිරිස්වලට වෙනම පුහුණුවක් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ශ්‍රමිකයන් ඉල්ලා සිටි අතර ඔවුන්ට විශේෂිත පුහුණුවක් ලබාදීම සඳහා වන ක්‍රමවේදය වහාම ආරම්භ කරන ලෙස ඇමැතිවරයා උපදෙස් දුන්නේය.

රුමේනියාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගේ සේවා ගිවිසුම්වල ඇති ඇතැම් ගැටලු පිළිබඳවත් රියදුරු බලපත්‍ර ලබාගැනීම සම්බන්ධවත් ශ්‍රමිකයෝ මෙහිදී කරුණු දැක්වූහ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත එම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවටද ඇමැතිවරයා සහතිකයක් දුන්නේය.

විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් මාසිකව ඩොලර් මිලියන 500ක මුදලක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ එවන්නේ නම්, ඩොලර් අර්බුදය නිසා රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් දිය හැකි බව මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන් අතර දැනටමත් බැංකු ක්‍රමය හරහා මුදල් එවන බව ශ්‍රමිකයන් පැවසූ අතර පහසුවෙන් රටට මුදල් එවීම සඳහා ලංකාවේ බැංකු ශාඛාවක් එරට විවෘත කරන ලෙසද ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටද ඇමැතිවරයා සහතික විය.

පසුගිය සතියේදී මනුෂ නානායක්කාර ඇමැතිවරයා රුමේනියානු තානාපති සමඟ සාකච්ඡා කළ අතර එහිදී මතුවූ කරුණු පිළිබඳවත් ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමට කටයුතු කළේය. රැකියා මාරු කිරිමේදී ජාවාරම්කරුවන්ට හසු නොවිය යුතු බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. රුමේනියාවේ නීතියට අනුගතව ක්‍රියා කරමින් ලංකාවට වැඩියෙන් රැකියා අවස්ථා ලබාගත හැකි අයුරින් කටයුතු කරන ලෙසද ඇමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වගාවට ගත හැකි ඉඩම් ගැන ඒකාබද්ධ පොදු විමර්ශනයක්

$
0
0
ජුලි 1, 2022 01:00
බුද්ධිකා ඉඹුලාන

ඇමැති අමරවීරගෙන් නිලධාරීන්ට උපදෙස්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වගාවට යොදා ගත හැකි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පිළිබඳ විශේෂ ඒකාබද්ධ පොදූ විමර්ශනයක් කිරීමට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

මේ විමර්ශනයට කෘෂිකර්ම, වනජීවි, වනසංරක්ෂණ අමාත්‍යාංශයේ නියෝජිතයකු, ප්‍රදේශයේ ජනතාවගෙන් නියෝජිතයකු ඇතුළු කීප දෙනකු අදාළ කමිටුව සඳහා නම් කෙරෙනු ඇත. එම කමිටුවේ සභාපතිත්වයට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා පත් කිරීමට නියමිතය.

පසුගියදා වනසංරක්ෂණ හා වනජීවි අමාත්‍යාංශයේ නිලධාරින් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සූම් යෙදවුම ඔස්සේ සම්බන්ධ වෙමින් පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ උපදෙස් දුන්නේය.

වගා කිරීමට සුදුසු ඉඩම් නැතිකමින් පෙළෙන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින මහජනතාවගේ ඉල්ලීම පරිදි මේ සාකච්ඡාව පැවැත්වීය. එම අවස්ථාවේ දී ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රකාශ කළේ තම බල ප්‍රදේශයේ ඇති සමස්ත භූමියෙන් හතරෙන් තුනකට වඩා වන සංරක්ෂණ ඉඩම් ලෙස සළකුණු කර තිබීම නිසා ගොවි ජනතාවට වගාවට ඉඩම් නැති නිසා විශාල ගැටළුවකට මුහුණ පා ඇති බවයි. මේ ඉල්ලීමට අවධානය යොමු කළ ඇමැතිවරයා පෙන්වා දුන්නේ, වගා කළ හැකි සියලු ඉඩම් වගාව සඳහා යොදා ගැනීමට රජය ගෙන ඇති තීරණය අනුව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති එවැනි ඉඩම් දිය හැක්කේ එම ඉඩම් සම්බන්ධයෙන් පවත්වන විශේෂ ඒකාබද්ධ පොදු විමර්ශනයකින් අනතුරුව බවයි. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, රජය විසින් ඉඩම් දෙනු ලබන්නේ පුද්ගලයකු සතු ඉඩම් ප්‍රමාණය පුළුල් කිරීමට නොව වගාව පුළුල් කිරීම සඳහා බව අවධාරණය කළාය.

යුද ඇති දා නැති කග කොස් කොටන්න ද?

$
0
0
ජුලි 1, 2022 (All day)

මේ වනාහි රට තුළ පවතින දේශපාලන - ආර්ථික හා සමාජගත අර්බුද - අවුල් වියවුල් නිසා පීඩනයට - අසහනයට හා දුක් වේදනාවට පත් මහ ජනයා තුළ වර්තමාන රාජ්‍ය නායකත්වයට හා ආණ්ඩුවට එරෙහිව විවිධ උද්ඝෝෂණ - පෙළපාළි හා ආණ්ඩු විරෝධී ප්‍රකාශ ආදිය සුලභව අසන්නට දකින්නට ලැබෙන යුගයකි. එසේම එම විරෝධතා ව්‍යාපාර දිනෙන් දින උග්‍ර වෙමින් රට පුරා ව්‍යාප්ත වන අවිනිශ්චිත අවදියක් ලෙස ද පෙනෙන්නට ඇත. දිනපතා සිදුවන නොයෙක් ආකාර වූ පෝලිම්ගත ජීවිත - උප‍භෝග - පරිභෝග ද්‍රව්‍ය හිඟය හේතුවෙන් උද්ගතව ඇති ජනතා අසහනය හා ක්‍රියාකාරකම් අනුව බලන විට බාහිරව සාමකාමී ප්‍රායෝගික පැවැත්මක් පෙන්නුම් කළ ද ජනතාවගේ අභ්‍යන්තර උද්වේගිකර - අසහනකාරී තත්ත්වයන්ගේ නම් සාමකාමි බවක් ඇති නොවිය හැකිය.

ඒ අතර එවන් අවුල් සහගත සමාජ පරිසරයන් තුළ ඉහත කී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ - පෙළපාළි ආදියට එරෙහිව හා රාජ්‍ය නායකත්වයට හා ආණ්ඩුවට පක්ෂපාතීව ගිහි/පැවිදි උභය පක්ෂයේ සමහර අයගේ සහභාගිත්වයෙන් වෙනත් උද්ඝෝෂණ හා පෙළපාළි ව්‍යාපාරයක් ඇතැම් ප්‍රදේශවල පැතිර යමින් ඇති බවට ද වාර්තා පළ වෙයි. එය විවිධ මත දරන හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ජනයා ලත් අයිතිවාසිකමක් බැවින් එහි දොසක් ද නොවිය හැකිය. එහෙත් ඒ තුළින් යම් ආකාරයක ප්‍රශ්නගත ගැටලුකාරී තත්ත්වයක් ද නිර්මාණය වන සලකුණු ද දක්නට ලැබෙයි. ඒ කුමක්ද යත්?

එම රාජපාක්ෂික පෙළපාළි හා උද්ඝෝෂණ ආදිය මේ පීඩාකාරී සමාජ වාතාවරණයක් තුළ හුදෙක් මහජන කණ්ඩායමක මූලිකත්වයෙන්ම ස්වාධීනව සිදු වන්නක් ලෙස විශ්වාස කිරීමද අසීරුය. ආණ්ඩුවේ මැති-ඇමැති ආදී බලධරයන්ගේම අනුශාසනා සහ සංවිධායකත්වය තුළින්ම එකී උද්ඝෝෂණ පෙළපාළි ආදිය සිදු වන බවට ද සැකයක් නොවනු ඇත. ඒ තුළින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර ආදිය පරාජය කිරීම එහි අරමුණ වෙනවා ද ඇත.

එහෙයින් අද පවතින පීඩාකාරී ප්‍රශ්න දුෂ්කරතා සහිත සමාජ වාතාවරණයක් තුළ සහන ඉල්ලමින් ආණ්ඩු විරෝධීව කෙරෙන උද්ඝෝෂණවලට එරෙහිව එකී දුෂ්කරතා භුක්ති විඳින්නා වූ සමාජ කාණ්ඩයක්ම එලෙස සහන ඉල්ලන වුන්ට එරෙහිව හඬක් නැංවීම කොතරම් දුරට ‘ප්‍රායෝගිකද’? ‘සාධාරණද?’ ‘යුක්තිගරුක ද?’ ‘යථාර්ථවාදීද?’ ‘සදාචාරාත්මක වන්නේද?’ ‘මානව භක්තියෙන් යුක්ත වන්නේද?’ ආදී වශයෙන් ප්‍රශ්න සමූහයක්ම පුරවාසීන් අතර දෝලනය වෙමින් ඇත්තේය.

එනිසා ඒ පිළිබඳව මැදහත්ව හා ඉවසීමෙන් බුද්ධි ගෝචරව විමසා බැලීම මධ්‍යස්ථ පුර වැසියන්ගේ ද යුතුකමක් හා වගකීමක් ද වනු ඇත. එබැවින් මේ ඒ පිළිබඳ කෙටි විමර්ශනයෙකි.

පීඩකයන් නියෝජනය කෙරෙමින් සිදු වන උද්ඝෝෂණ ව්‍යාපාරවලට ප්‍රතිපක්ෂව ආණ්ඩු පාර්ශ්වයට හා පීඩාකාරී තත්ත්වයන්ට පක්ෂපාතී බවක් පෙන්වන කණ්ඩායම් උද්ඝෝෂණ හා පෙළපාළි සංවිධානයේදීම දෙගොල්ල හමු වූ කළ කුමක් සිදු වේ දැයි නිශ්චය කිරීම ද අසීරුය. එවන් විටෙකදී උණුසුම්කාරී හා ගැටුම්කාරී තත්ත්වයන් උත්සන්න වනු විනා වෙනත් ප්‍රතිඵලයක් නම් අපේක්ෂා නොකළ හැකිය.

ඒ අනුව ආණ්ඩු පාර්ශ්වය විසින් උද්ගතව ඇති ආර්ථික-දේශපාලන හා සමාජගත අර්බුදවලට නිසි විසඳුම් ලබාදී ප්‍රශ්න නිරාකරණය කරනු වෙනුවට ගැටුම් උත්සන්න කිරීමට පියවර ගන්නේ දැයි? අදාළ රාජපාක්ෂික උද්ඝෝෂණ ව්‍යාපාර තුළින් පෙන්නුම් කරන්නේය. නැතහොත් මහජනයාම ‘බළල් අතක්’ ලෙස භාවිතයට ගනිමින් අනපේක්ෂිත දේශපාලන විපර්යාසයක් රජය විසින්ම සිදු කිරීමට පිඹුරුපත් සාදා ගැනීමක්දෝයි කුකුසක් ද පුරවාසීන් අතර කතාබහට විෂයක්කොට ඇති සේය.

කරුණු එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කොයි කවුරුන් විසිනුත් කාලීනව, මැදහත්ව සිහිනුවණින් ක්‍රියා කළ යුතුවා පමණක් නොව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පෙළපාළි ආදිය වුවත් දුරදර්ශීව සිදු කළ යුතුව ඇති යුගයක් උදා වී ඇති ආකාරයක් නම් පෙන්නුම් කෙරේමැයි ‘අත දීලා දත නියැවීම’අපේ ජාතික උරුමයක් සේය.

රමණීය වේදිකාවට නැඟ ජීවිතයෙන් බැස ගිය රමණි

$
0
0
ජුලි 1, 2022 01:00

(රමණි බර්තෝලමියුස් දිවි ගමනින් සමුගෙන ඊයේට (30) වසර 35ක් ගත වෙයි. මේ ඒ වෙනුවෙන් තබන සටහනකි.)

මෙරට කලාලොවට එළිය දෙමින්, තවත් දීර්ඝ කාලයක් එසේ සිටීමට හැකියාවක් තිබියදී, දිවි ගමනට සමු දුන් දියණියක් මීට වසර තිස්පහකට ඉහත දී වාර්තා විය. ඒ රමණි බර්තෝලමියුස්ය. යොවුන් වියේ පසු වන දියණියකට තම මව්පියන් තරම් වටිනා, විශ්වාසනීය මෙන්ම ආදරණීය කෙනෙකු නැත. ඒ නිසා කලා ක්ෂේත්‍රයේ පමණක් නොව, වෙනත් කවර ක්ෂේත්‍රයක නියැළුණද, තම මවුපියන්ගේ රැකවරණය සහ ගුරුහරුකම් මධ්‍යෙය් තම අරමුණු වෙත ගමන් කරන දියණියකට සෑම අතින්ම ගෙන දෙන්නේ, සතුට සහ සැනසුමය. ඒ නිසා රමණි බර්තෝලමියුස්ගේ ඛේදනීය වියෝ වීම තිස්පස් වසරකට ඉහත දී සිදු වූවත්, එම සිදුවීමෙන්, විශේෂයෙන් කලාලොවට ප්‍රවේශවීමට අපේක්ෂාවෙන් සිටින සහ ප්‍රවේශ වූ සැමට උගත හැකි බොහෝ දේ එමටය.

රමණි එලිසබෙත් බර්තෝලමියුස් දිවියෙන් සමු ගන්නා විට වයස අවුරුදු 21ක ජනහද දිනූ නැගී එන යොවුන් නිළියකි. ඉතාම කෙටි කාලයකින් වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන කලා මාධ්‍ය තුනේම ඇයගේ හැකියාව ප්‍රකට වී තිබිණි. එලෙසින්ම එවක ජ්‍යෙෂ්ඨ කලාකරුවන් බොහෝ පිරිසකගේ අවධානයටත්, ආදරටත් පාත්‍ර වූයේ, ඇයගේ හැකියාව නිසාමය. රමණි පිළිබඳව වරක් ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකර පවසා තිබුණේ යුගයේ අවශ්‍යතාවට බිහි වූ නිළියක් ලෙසය.

රමණිගේ උපත සිදු වන්නේ 1966 සැප්තැම්බර් මස පළමු දිනයේය. එලෙසින්ම අදත් ඇයගේ සුන්දර ඡායාරූපවලින් පිරුණු නිවෙස පිහිටා තිබුණේ ගම්පහ, අස්ගිරියේ සුන්දර වෙල්යායකට සමීපවය. රමණිගේ පියා ලෙස්ලි මාර්ක් බර්තෝලමියුස්ය. හෙතෙම වෘත්තියෙන් වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකි. එසේම ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයේ නිවේදකයෙක් ලෙසත්, කර්තෘවරයකු ලෙසත් කටයුතු කර තිබේ. ඇයගේ මව කමලා බර්තෝලමියුස්ය. එක් සොහොයුරෙක් සහ සොහොයුරියන් තිදෙනක් යුත් පවුලේ වැඩිමලා වූයේ රමණිය. රමණිගේ පියාට සැම්බියා රාජ්‍යයේ නතර වී වාර්තා චිත්‍රපටි නිර්මාණය කිරීමට අවස්ථාව උදා වේ. ඒ එවක සැම්බියාවේ රාජ්‍ය නායකයා වූ කෙනත් කවුන්ඩාගේ ආරාධනයෙනි. එම වකවානුවේ රමණි පසුවී ඇත්තේ තරමක් කුඩා අවදියකය. මේ පසුබිම මත ඇයට ද කලක් එරට වාසය කිරීමටත් සිදු වී තිබේ. වයස අවුරුදු දහසයක් පමණ වන විට මව් භාෂාවට අමතරව ඇයට ඉංග්‍රීසි, සැම්බියන් මෙන්ම ප්‍රංස භාෂාවත් චතුර ලෙස කතා කිරීමට හැකි වී තිබුණි. ඒ වගේම ඇය නර්තනයටත්, රංගනයටත්, වාදනයටත් එකසේ (පියානෝව) දක්ෂතා දැක් වූ බව සැළයි.

රමණීගේ පාසල් අධ්‍යාපනය ගෙවී ඇත්තේ, ගම්පහ කීර්තිමත් බාලිකා පාසලකය. ඒ සිරිකුරුස විද්‍යාලයේ ය.

ඇයට වර්ෂ 1985 දී “මිස් ශ්‍රී ලංකා” තරගයට ඉදිරිපත් වීමටත් අවස්ථාව උදා වී තිබුණි. ඒ වන විට ඇයට වයස අවුරුදු 19කි. එම තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත් රමණි, එවක අමෙරිකාවේ පැවති විශ්ව රූ රැජින තරගයටත්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වී තිබේ.

මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමෙන් අනතුරුව දිනෙන් දින ජනප්‍රියත්වයට පත් වූ රමණිට, එවක කලා ක්ෂේත්‍රයේ බොහෝ නිර්මාණකරුවන්ගෙන් ආරාධනා ලැබී තිබේ. ඒ ඇය සම්බන්ධ කර ගැනීමෙන් තම නිර්මාණ සාර්ථක කර ගැනීමේ අරමුණිනි. එහෙත් ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා, යුගාන්තය සිනමා නිර්මාණයට රමණිව දායක කරගෙන තිබී ඇත්තේ, ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමටත් පෙරය. ඒ වර්ෂ 1983 දීය. රමණි යුගාන්තය සිනමා නිර්මාණයේ රංගනයේ යෙදෙන විට වයස අවුරුදු 16ක යුවතියකි. මහා සිනමාවේදියකුගේ නිර්මාණයකින් ස්වකීය කලා දිවිය ආරම්භ කිරීමට හැකිවීම සැබවින්ම ඇය ලද භාග්‍යයකි. යුගාන්තය චිත්‍රපටයේ ඇය “චමරි” නැමති චරිතයට පණ පෙවූ අතර, ඇය තම මුල්ම චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ, ආචාර්ය ගාමිණි ෆොන්සේකා සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ශ්‍රීයානි අමරසේන සමඟය. පසුව ආචාර්ය පීරිස් මහතාගේ තවත් නිර්මාණයක් වූ “සැලළිහිණි ගම්මානයටත්” රමණිව සම්බන්ධ කරගෙන තිබේ. එවක බොහෝ සිනමාකරුවන්ගේ මතය වූයේ ප්‍රවීණ නිළියක වූ වසන්ති චතුරාණි මහත්මියගෙන් පසුව සිනමාවේ නැගී එන නිළිය වූයේ රමණි බවයි.

රමණි රූපවාහිනී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ වූයේ, එවක ප්‍රවීණ කලාකරුවකු වූ විජය ධර්ම ශ්‍රී මහතාගේ නිර්මාණයක් වූ “භාග්‍යා” ඒකාංගික ටෙලි නාට්‍යෙයනි. එම ටෙලි නාට්‍යයේ “භාග්‍යා ” ලෙස රංගනයේ යෙදෙමින් පුංචි තිරයටත් පැමිණි රමණී බෙහෙවින් රසික රසිකාවන් බහුතරයකගේ හදවත්වල බැබලුණු තාරකාවක් බවට පත් විය. ඇය අදටත් මතකයෙන් ඈත් නොවන නිළියක වන ප්‍රධාන හේතුවක් වන්නේ, භාග්‍යා ටෙලි නාට්‍යයේ “ආජු තපර ලාහිලා ... බීජි තපර ලාහිලා ....” යන කපිරිඤ්ඤා ගීතයට මනරම් නර්තනයකින් දායක වීම හේතුවෙනි.

රමණි කලාලොව ඉහළටම පැමිණිය ද, දිවි ගමන කෙටි වූ බැවින්, කලා ලොව පැමිණි ගමන් මඟ ද නතර විය. එනමුදු දායක වූ සෑම නිර්මාණයකම රමණිගේ කුසලතාවලින් අඩුවක් නොපැවතිණි.

අනුෂාද් වෙදගේ

ආහාර අර්බුදයට ප්‍රජා ගෙවතු වගාව හොඳ පිළිතුරක්

$
0
0
ජුලි 1, 2022 01:00
කාංචනා අමිලානි
ආචාර්ය ශෂිකා රත්නායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව විද්‍යා සහ අපනයන කෘෂිකර්ම පීඨය, ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

ලෝකයම දරුණු ආහාර අර්බුදයකට ඉදිරියේදී මුහුණ දීමට නියමිත බවට පුරෝකථන මතුව ඇත. අභ්‍යන්තර ආර්ථික ගැටලු හේතුවෙන් අපට ඊට වේලාසනම මුහුණ දීමට සිදුව ඇත. ආහාර අර්බුදය ජය ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග, ජාතික පොහොර ප්‍රතිපත්තිය, කොළොම්තොට වගා සංග්‍රාමය සහ පෝෂණ අවශ්‍යතා පිළිබඳ ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, සත්ත්ව විද්‍යා සහ අපනයන කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශෂිකා රත්නායක සමඟ කළ සංවාදයකි.

- අපේ ආහාර නිෂ්පාදනයේ වගේම පරිභෝජනයේත් ගැටලු තිබෙනවා
- අනෙකුත් රටවලට වඩා අපේ ප්‍රශ්නය සංකීර්ණයි
- අපට ඕනෑ කඩිනම් විසඳුම්

ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රටකට ආහාර අර්බුදයකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. එහෙම වෙන්න බලපෑ හේතු මොනවාද? එමඟින් ගොඩ ඒමට අපට වැඩපිළිවෙළක් තිබෙනවාද?

ආහාර අර්බුදයට හේතු විදියට අපේ රටේ තිබුණ දුර්වල සාර්ව ආර්ථික කළමනාකරණය, දුර්වල ප්‍රතිපත්ති ආදිය මූලිකව දක්වන්න පුළුවන්. මෙතැනදි අපේ මුදල් ප්‍රතිපත්තිය විශේෂයි. ඒ වගේම, විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් අප ගත් ක්‍රියාමාර්ග, දරපු ප්‍රතිපත්ති සහ රටක් විදියට අප පනවපු ආනයන සීමා සහ පාලනය, කෘෂි රසායන සහ පොහොර තහනම වැනි දේත් මීට හේතු විදියට දක්වන්න පුළුවන්. මේ හැම දේම නිසා අපේ කෘෂි නිෂ්පාදන සඳහා අධික පිරිවැයක් දරන්න වුණා. විද්වතුන් පෙන්වා දී තිබෙන්නනේ, පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනමත් එක්ක, ඒ යෙදවුම්වල හිඟකම නිසා අස්වැන්නෙන් 40%-50%ක වගේ අඩු වීමක් දකින්න තිබෙන බවයි. මේ හේතු නිසා ආහාර හිඟයක් වගේම ආහාරවල මිල ඉහළ යෑමක් වුණා. ආහාරවල මිල විතරක් නොවෙයි; අපේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රශ්න නිසා අනෙක් සියලු භාණ්ඩ හා සේවාවල මිලත් ඉහළ ගියා. මේ හේතු නිසා අප ඉතා දරුණු උද්ධමනයකට මුහුණ දීලා සිටිනවා.

අභ්‍යන්තර සාධකවලට අමතරව බාහිර සාධකවල බලපෑම නිසාත් මේ ආහාර අර්බුදය තීව්‍ර වුණා. ලෝක වෙළෙඳපොළේ ආහාර උද්ධමනයත් මීට බලපෑවා. අපනයනය කරන රටවල් දැන් ඒ අයගෙ අපනයන සීමා කර තිබෙනවා. ඉන්දියාව තිරිඟු අපනයනය සීමා කරන්න හදනවා. ඊළඟට ඔවුන් අපනයනය සම්පූර්ණයෙන් තහනම් කරන්න හදනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගිය මාසෙ වෙනකොට ආහාර සහ මධ්‍යසාර නොවන පානවල උද්ධමනය 57.4%ක්.

දැන් අපට ඕනෑ කරන්නේ මීට වඩා කඩිනම් විසඳුම්. කෙටි කාලීන විසඳුම් ගත්තත් මෙය විසඳන්න බැහැ. විවිධ පාර්ශ්ව එකතු වෙලා මේ කටයුත්ත කළ යුතුයි. සුළු පරිමාණ කෘෂිකර්මාන්තය, මහා පරිමාණ කෘෂිකර්මාන්තය, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය යන සියල්ල එකතු වෙලා වගා සංග්‍රාමය කරන්න වෙන්නේ. අපට ආහාර ආනයනයට මුදල් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම විකල්පවලට යෑමට සිදුව තිබෙනවා.

මේ නිසා, ආහාර බෙදා හැරීම නිසි විදියට කිරීම අවශ්‍යයි. ආහාර අපතේ යන එක විශේෂයෙන් නවත්වන්න ඕනෑ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දවසකට ටොන් 350ක් පමණ ආහාර නාස්ති වෙනවා. අඩු භාවිත, අඩු උපයෝගිතා එළවළු, පලතුරු වගාව වැඩි කරන්න ඕනෑ. ඒවට අවශ්‍ය වෙන්නෙ අඩු යෙදවුම් ප්‍රමාණයක්.

ලෝක ආහාර අර්බුදයක් අත ළඟ එන බවට පළ වුණ පුරෝකථන සමඟ, ඒ සඳහා වේලාසනින්ම සූදානම් වීමෙන් යම්කිසි වක්‍ර හෝ ප්‍රතිලාභයක් ලැබේවිද?

මේ වන විට බොහෝ රටවල් වගේම අන්තර්ජාතික සංවිධාන, ලෝක බැංකුව, ලෝක ආහාර වැඩසටහන, ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානය මේ වෙන විටත් ලෝක ආහාර හිඟයක් එනවා කියලා පුරෝකථනය කර, විසඳුම් සෙවීමට කටයුතු කර අවසන්. උදාහරණයක් විදියට ලෝක බැංකුව දැනට තියෙන සහ අලුත් ව්‍යාපෘතිවලට ඩොලර් බිලියන30ක් යොදවන්න තීරණය කර තිබෙනවා. පැමිණෙන අර්බුදයත් සමඟ බොහෝ රටවල් තමන්ගේ අපනයන සීමා කරමින් සිටිනවා. එසේ නොකර, අන්තර්ජාතික වෙළෙඳාමේ තිබෙන සීමා ඉවත් කරලා පහසු කරන්න අන්තර්ජාතික සංවිධාන කටයුතු කරමින් සිටිනවා. නැත් නම් සමහර රටවලට කුසගින්නෙ සිටීමට සිදු වෙනවා. ලෝකයේ තිබෙන රටවල් ගත්තාම, අපේ රට වගේම අවදානයට ලක් වන අය හඳුනගෙන මුදල් වවුචර් දෙන්න, විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඉන්දියාව වගේ රටවල් අපනයනය සීමා කර තියෙනවා. ඒ ලෝක ආහාර අර්බුදයට අමතරවයි. ලෝක ආහාර අර්බුදය හමුවේ අනිවාර්යෙන්ම ලෝක වෙළෙඳපොළේ ආහාර මිල වැඩි වෙනවා. එතකොට ඒ ආහාර මිල වැඩි වීමත්, අපේ විනිමය අනුපාත ප්‍රශ්නත් එක්ක අපිට තවත් වැඩි මිලක් දීලා තමයි භාණ්ඩ ගේන්න වෙන්නේ. එහෙම බලද්දි අනිත් රටවලට වඩා අපේ ප්‍රශ්නය සංකීර්ණයි. ඒ නිසා අනෙක් හැම රටකටම වඩා අප මහන්සි වෙලා මෙතැනදි වැඩ කරන්න වෙනවා.

ශ්‍රී ලංකාවෙ පවුලක් ගත්තාම තමන්ගේ ආදායමෙන් 1/3ක් පමණ ආහාර සඳහා වැය කරනවා. ඒ ප්‍රධාන පෝෂක සම්බන්ධයෙන් ගත්තාම මුළු ධාන්‍ය වර්ගවලින් 42%ක් අප ආනයනය කරනවා. ප්‍රෝටීන් ආහාරවලින් 34%ක් ආනයනය කරනවා. මේදය අඩංගු ආහාර ගත්තොත් 43%ක් ආනයනය කරනවා. අපේ කෑම පිඟාන ගත්තාම, ඒකෙ වැඩිපුරම තියෙන්නෙ ආනයනය කරපු ආහාර. ලෝක ආහාර අර්බුදයක් එන බවට ඉඟි පළව ඇති නිසා, අපට අනිවාර්යයෙන්ම ආදේශකවලට යන්න වෙනවා.

කඩිනමින්ම ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා මතුව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ශ්‍රී ලංකාවේ එක එක කාලෙට විවිධ පොහොර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙලා තියෙනවා. 1972දී පොහොර සහනාධාරය ආරම්භ කෙරුණා. 1975දි වීවලට අමතරව අනෙකුත් භෝග සඳහා පොහොර සහනාධාරය දීම ඇරඹුවා. 1990-94 වෙද්දි පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. 1995 වගේ කාලෙදි පොහොර සහනාධාරය නැවත හඳුන්වලා දුන්නා. ඒ යූරියාවලට පමණක් සීමා කරලයි. 2005 සිට අවුරුදු 10ක් විතර යන තෙක් ඉදිරියට නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් මිල සමාන කරලා සහනාධාරය දුන්නා. මාස් කන්නයේ සිට 2018 යල කන්නය වෙනතෙක් පොහොර සහනාධාරයට මුදල් ආධාර ලබා දෙනවා. 2018 මහ කන්නයේදී අපි ආයෙත් පුරුදු විදියට පොහොර සහනාධාරය දීම ආරම්භ කළා. 2020දී වී වගාව සඳහා නොමිලයේම පොහොර දෙනවා කියලා රජය තීරණය කළා. 2021 අප්‍රේල්වලදී රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළා. 2021 නොවැම්බර් වෙද්දි ඒ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණා. පොහොර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ තරම් අත්හදා බැලීම් කරපු රටක් ලෝකයේ තවත් නැතිව ඇති. විවිධ ප්‍රතිපත්ති සමඟ කෘෂිකර්මයේ ඵලදායිතාවට මොන වගේ බලපෑමක්ද වුණේ කියලා කෘෂි ආර්ථික විද්‍යාඥයෝ විද්‍යාත්මකව අධ්‍යයනය කරලා තිබෙනවා.

ශ්‍රී ලංකාවෙ ඕනෑ තරම් කරලා තියෙනවා. රසායනික පොහොර වී වගාවේ පලදායිතාවට බලපාන්නෙ කොහොමද කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවිකා වීරහේවා සහ තවත් පර්යේෂකයෙක්, ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ආචාර්ය ඩේවිෂ් එක්ක පර්යේෂණයක් කළා. එතනදි අපි පෙන්නලා දෙනවා අධ්‍යයනයට අනුව වී වගාවේ පලදායිතාවට රසායනික පොහොර ඉතාම වැදගත් මෙහෙයක් කරනවා කියලා. ජාතික පොහොර ප්‍රතිපත්තියක් හදන්න යනකොට කාලයක් තිස්සෙ කරලා තියෙන ඒ පර්යේෂණ, විද්‍යාත්මක අධ්‍යයන හැම එකක්ම අධ්‍යයනය කරන්න ඕනෑ. එහෙම බලලා තමයි ජාතික පොහොර ප්‍රතිපත්තියකට යන්න ඕනෑ.

වගා නොකළ ඉඩම් තරුණ වගාකරුවන්ට දෙන්නත්, වගා ප්‍රවර්ධන සතියක් දියත් කරන්නත් කටයුතු කෙරෙනවා. මෙවැනි දේ මඟින් ඉක්මන් ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්ද?

වගා නොකළ ඉඩම් තරුණ වගාකරුවන්ට දෙන්න තීරණය කිරීම හොඳයි. ඒකෙන් අපට කෙටි කාලීන විසඳුම් හොයන්න පුළුවන්. මේ වෙලාවෙ අර්බුදය නිසා තමන්ගෙ ‍රැකියා අහිමි වුණු තරුණයො සිටිනවා. කෙටි කාලීන භෝග වගා කරන්න ඒ අය යොමු කරන්න අපට පුළුවන්. මේ මඟින් දිගු කාලීන යහපත් ප්‍රතිඵල වුණත් අත් කර ගන්න පුළුවන්. උදාහරණයක් විදියට තරුණයො එකතු වෙලා වැඩ කරද්දි අපට කෘෂි ව්‍යවසායකත්වය දැකගන්න අවස්ථාව ලැබෙනවා. සමාජ ව්‍යවසායකත්වය කියා සංකල්පයක් තිබෙනවා. තරුණ අය මෙහෙම වගාවට නැඹුරු වුණොත්, කෘෂි ව්‍යවසායකත්වය, සමාජ ව්‍යවසායකත්වය වැනි දේ ඉදිරියට දියුණු කරන්න පුළුවන් වෙයි.

කෘෂි විද්‍යාඥයෝ ‘ප්‍රජා ගෙවතු වගාව’ නමැති සංකල්පයත් යෝජනා කරනවා. මෙය ඈත අතීතයේ ඉඳන්ම ලෝකයේ විවිධ රටවල ඉතා හොඳට කරගෙන යන කටයුත්තක්. උදාහරණයක් විදියට අමෙරිකා එක්සත් ජනපදය පළමු වැනි ලෝක යුද්ධයට පස්සේ ප්‍රජා ගොවිපොළවල් පටන් ගත්තා. 1970දි ආයෙත් ආහාර මිල වැඩි වුණාම, මේ කටයුත්ත ආරම්භ කර තිබෙනවා. හොඳම දේ 2007-2009 ආර්ථික අවපාතයත් එක්ක ඒ අය නැවතත් මෙය ආරම්භ කර තිබෙනවා. ඔවුන් තමන්ගේ ඒ ගොවිපොළවල් හඳුන්වලා තියෙන්නේ 'අවපාත උද්‍යාන'කියලයි. ඒ මඟින් ඒ අය සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. පාසල්, රෝහල්, අසල්වැසියන්ට එකතු වෙලා මේ වගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ‘ප්‍රජා ගොවිපොළ’ සංකල්පය, ආහාර අර්බුදයට හොඳ විසඳුමක් වෙයි.

'කොළොම්තොට වගා සංග්‍රාමය'වැඩසටහන පසුගියදා ආරම්භ වුණා. ඒ වගේම රජයේ නිලධාරීන්ට නිවාඩු දීලා ඔවුන්ව වගා කිරීමට උනන්දු කිරීමේ වැඩසටහනකුත් ආරම්භ වුණා. උපදෙස් දීමටත්, වගා කටයුතු නිරීක්ෂණය කිරීමටත් කෘෂිකර්ම නිලධාරීන් මේ වැඩසටහන්වලට සම්බන්ධ වෙනවාද?

නගර සභාවට අයිති අක්කර නවයක වගේම පාවිච්චි නොකළ ඉඩම්වල එළවළු සහ අල වර්ග වවන්න කියා තිබුණා. ඔවුන්ට බීජ ගැටලුවකුත් තිබෙනවා. ඒ ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ කතා කරමින් වැඩ කරගෙන යන බවත් මම දැක්කා. ඒක හොඳ වැඩසටහනක්. අප කුමක් හෝ තීරණයක් ගන්නාවිට, ආවස්ථික පිරිවැය ගැන කතා කරනවා. කොළඹ නගරයේ ඉඩම් කියන්නෙ මේ දේ කෙටි කාලීනව පෙනෙන හොඳ විසඳුමක්. ඒත් දීර්ඝ කාලීනව බැලුවොත්, ඒ ඉඩම්වල වටිනාකම ගමක පාවිච්චි නොකරන ඉඩමකට වඩා බොහොම වැඩියි. අප ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ. කොළඹ විශේෂයෙන් ආහාර ප්‍රශ්නයක් තිබෙනවනේ. දැන් තියෙන්නේ ඉන්ධන ප්‍රශ්නයත් සමඟ සැපයුම් ජාල අවහිර වීමක්. එවිට කෙටි කාලීනව මේ දේ කරන්න වෙනවා. රජයේ සේවකයන් මිලියන 1.5ක් පමණ ශ්‍රී ලංකාවෙ සිටිනවා. මේ මිලියන 1.5ම ගෙවතු වගාවට යොමු වෙයි කියලා මම හිතන්නෙ නෑ. හැබැයි යම් ප්‍රමාණයක් යොමු වෙයි. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. දින හතරක සතිය කියන එක අපේ රටේ විතරක් නොවෙයි, වෙන රටවලත් අත්හදා බලනවා. අපේ රටේ නම් තෙල් අර්බුදයට විසඳුමක් විදියටයි මේ දේ කරන්නේ. ලෝකයේ වෙන රටවල වැඩ කරන අයගෙ ඵලදායිතාව වැඩි කරන්න මෙය හොඳ ක්‍රමයක් කියලා පරීක්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා. දවස් හතරක් වැඩ කළාට පස්සෙ නිවාඩු දවස් තුනයි. ඊට පස්සේ ඵලදායිතාව වැඩි වෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංවර්ධන නිලධාරීන් කියන්නේ අප වැඩිය භාවිත නොකළ මානව සම්පතක්. කෘෂි පර්යේෂක නිලධාරීන්, කෘෂි පර්යේෂක නිෂ්පාදන සහයක නිලධාරීන්, මේ සඳහා අපට යොදා ගන්න පුළුවන්. නිකන්ම නිවාඩුවක් දීලා වවන්න කියනවට වඩා, අවශ්‍ය සහාය, උපදෙස් දෙන එක වැදගත්. මේ කාර්යයේ බලපෑමක් තිබෙනවද කියලා නිරීක්ෂණය කරන එකත් වැදගත්.

පෝෂණ අවශ්‍යතා ගැන ජනතාව මීට වඩා දැනුම්වත් විය යුතුයි නේද? ළමා මන්දපෝෂණය පිළිබඳ අහන්න ලැබෙන වටපිටාවක, අප එයට මුහුණ දිය යුත්තේ කෙසේදැයි දැන සිටීම වැදගත් නේද?

ආහාර අර්බුදයට කලින් වුණත් අපේ පෙර පාසල් දරුවන්ගෙන් 1/3කට වගේ මන්දපෝෂණ තත්ත්වයක් තිබුණා. ගර්භිණී සහ කිරි දෙන මවුවරුන් රක්තහීනතාවයෙන් පීඩා විඳිනවා කියලත් සොයාගෙන තියෙනවා. මේ අර්බුදයත් එක්ක ප්‍රෝටීන් ප්‍රභවවලින් මිල ඉහළ ගිහින් තියෙනවා. හැමෝටම අනෙක් ශුද්ධ පෝෂක අවශ්‍යතා ළඟා කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. මේ නිසා අපේ රටේ මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙනවා. මෙයින් ගැලවීමට විසඳුම් සෙවිය යුතුයි. මේ වෙලාවේ මීට පෙර පැවසුවා වගේ අවදානම් කණ්ඩායම්වලට උදවු කරන්න වෙනවා. අපේ ආදායම හොඳයි. ඒත් අපට පෝෂණය ගැන දැනුම්වත්කමක් නැහැ. ආහාර නිෂ්පාදනය වගේම අපේ පරිභෝජනයෙත් විශාල ගැටලු තිබෙනවා. උදාහරණයක් විදියට දිනකට එළවළු, පලතුරු පරිභෝජනය නියමිත ප්‍රමාණය බැලුවොත්, දවසකට එළවළු ග්‍රෑම් 200ක් කෑමට අවශ්‍යයි. පලතුරු ග්‍රෑම් 200ක්, රනිල භෝග ග්‍රෑම් 100ක් ආහාරයට ගත යුතුයි. ආහාර අර්බුදයට කලින් වුණත් අප මේ විදියට ආහාර අරගෙන නැහැ. සමහර විට අප හොඳ ආදායම් තත්ත්වයක සිටිනවා. ඒත් අපේ පරිභෝජනය අඩු වෙලා තියෙනවා.

රයිගම්පුර ගොවිජන අරගලයට වසර අසූවයි

$
0
0
ජුලි 1, 2022 01:00

ඒ 1942 දෙවැනි ලෝක සංග්‍රාම අවධියයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණු ශ්‍රී ලංකාවේ වගා ව්‍යාපාරය විනාශ කරමින් සුදු පාලකයෝ තේ, රබර් වගාවට මුළු රටම නතු කර ගත්හ. රැකියා ප්‍රශ්නයෙන් බැට කෑ තරුණයෝ, යුද පුහුණුව පිණිස මව්බිම අතහැර පලා ගියේ, තමන් සතු ඉඩකඩම් තුට්ටු දෙකට විකුණමිනි. මව්බිමේ උරුමක්කාරයෝ සදා අසරණ වූහ. දෙවැනි ලෝක සංග්‍රාමය උදා වීමත් සමඟ, මුළු රට පුරා ආහාර දුර්භික්ෂයක්ද මතු වූයේය. ගමේ සම්පත් අඩු මුදලට විකුණා, නග‍රයේ ජීවත් වන්නට පිවිසි සමූහයට උන් හිටි තැන් පවා අහිමි වෙමින් තිබුණි.

ඉංග්‍රීසි පාලකයන්ගේ උපදෙස් සහිතව යටත්විජිත ආණ්ඩුවේ නිලධාරිහු වහාම වගා ව්‍යාපාරයක් ආරම්භ කරන්න යැයි රට පුරා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ.

1935 දෙසැම්බර් 18 වැනිදා ආරම්භ කළ ලංකා සමසමාජ පක්ෂය තුළ මතවාදී අරගලය මේ වන විට උග්‍ර බෙදීමකට තුඩුදී තිබුණි. අනතුරුව පක්ෂ සම්මේලනයක් කැඳවිණි. සෝවියට් දේශයට පක්ෂපාත පිරිස සමසමාජ පක්ෂයෙන් නෙරපීම කෙතරම් දුර දිග ගියේද යත්, කොළඹ බුහාරි හෝටලයේ උඩ තට්ටුවේ තිබුණු සමසමාජ කාර්යාලයේ තිබුණු ජෝෂෆ් ස්ටාලින්ගේ පිළිරුව ගලවා දැමූ සමසමාජ ක්‍රියාකාරිහු, එහි ලියෝ ට්‍රොට්ස්කිගේ රූපය ප්‍රදර්ශනය කළහ.

දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ, එම්.ජී.මෙන්ඩිස්, ආරියවංශ ගුණසේකර, ඩී.වෛත්‍යලිංගම්, ඩබ්ලිව් ආරියරත්න, ධර්මප්‍රිය ජයකොඩි නැත් නම් අනගාරික ධර්මප්‍රිය ප්‍රධාන පිරිස 1942දී එක්සත් සෝෂලිස්ට් පක්ෂය ගොඩනගා ගත්හ. මේ දෙපිරිස න්‍යායාත්මකව බෙදී ගියද, දෙවැනි ලෝක යුද්ධ කාලසීමා නිසා බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව දේශපාලන ක්‍රියාකාරකම් තහනම්ය. රට පුරා ආහාර හිඟයක් පවතින අතර, කොළඹ සිට සමසමාජ හෝ කොමියුනිස්ට් දේශපාලනයේ ක්‍රියාත්මක වීම ඉතා අන්තරාදායකය. මේ අතර සමාජවාදියා සිංහලෙන්ද, සෝෂලිස්ට් ඉංග්‍රීසියෙන්ද වශයෙන් පුවත්පත් දෙකක් ආරම්භ කෙරිණි. යූනියන් පෙදෙසේ බෲක් බොන්ඩ් කොම්පැණිය ඉදිරිපිට පාළු හෝටලයක නතර වූ ක්‍රියාකාරිහු අවශ්‍ය කාර්යයන්හි නිරත වූහ. කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජික බෙනට් සිල්වා සිය කබල් යතුරු පැදියෙන් ගෙනෙන පුවත්පත්, ධර්මප්‍රිය ජයකොඩි ප්‍රධාන ක්‍රියාකාරින් බෙදාහැරිණි. මාස කීපයකට පසු රහස් පොලිසිය ස්ථානය ආක්‍රමණය කළේය. සෝෂලිස්ට් පක්ෂය ද තහනම් වූයේය.

ධර්මප්‍රිය ඊ.එස්.රත්නවීර කල්ලියේ ඊළඟ නවාතැන වූයේ අලුත්කඩේ කුඩා කාමරයකි. ධර්මප්‍රිය ජයකොඩි කළුතරට ගොස් කළුතර විද්‍යාලය ආරම්භ කළේය. ඉංග්‍රීසි භාෂා පන්තියක් ආරම්භ කළේය. සති අන්තයේ කොළඹට පැමිණි ඔහු, රහසිගත දේශපාලනයේ යෙදුණේය. කා ළඟවත් මුදල් නැත. වේල පිරිමහ ගන්නේද ඉතා අපහසුවෙනි. යුද්ධ උණුසුම මැද දේශපාලන ක්‍රියාකාරකම් කිරීම ඉතා අපහසුය. සමසමාජ නායකයෝද සැඟවී සිටිති. වෘත්තීය සමිති සේවාද ඉතා අපහසුය.

ඉදිරියට පැමිණ ඇති ආහාර අර්බුදයටද විසඳුමක් වශයෙන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයක් ගොඩනගා ගත්හ.

අනගාරික ජීවිතයට පිවිසි ධර්මප්‍රිය ජයකොඩි, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් සමඟ තිහේ දශකයේ මුලදී අරකාවිලට පැමිණීම ඔහුගේ ජීවිතයේ සංධිස්ථානයක් විය. කසාවන් සළුවක් පොරවාගෙන, කසාවන් අත්දිග කමිසයකින් හැඳ, ගෙල සමීපයට වැටෙන ලෙස කොණ්ඩය කපා සිටි රූමත් පුද්ගලයකු වූ ධර්මප්‍රිය ජයකොඩි, ශූර කථිකයෙකි. ප්‍රදේශය පුරා ගොවි ජනතාවට අවශ්‍යව තිබුණේ ප්‍රදේශයේ සංවර්ධනය කර ගැනීමය. වගාව ගැන හුදු ප්‍රචාර විනා එතැනින් ඉදිරි පියවරක් නැත. ‘අල්ලක් වවා මල්ලක් කපමු’ පෝස්ටර් රට පුරා අලවා ඇත. ර‍ජයේ නිලධාරිහුද ඉංග්‍රීසි ආණ්ඩුවට සෙත් පිරිත් දෙසන මහ නාහිමිවරුද ක්‍රියාකාරි නැත. ප්‍රදේශයේ සියලුම ඉඩම් තේ හා රබර් වගාවට අයත්ය. ඒ ඉඩම් බ්‍රිතාන්‍ය කොම්පැණි සතුය.

මේ අතර රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රි ඒ.පී.ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙනේරිගමදී ගොවි රැස්වීමක් පැවැත්විණි. ධර්මප්‍රිය ජයකොඩි වගාව සම්බන්ධ සාරගර්භ කතාවක් පැවැත්විය. ආණ්ඩුවට අයත් කැළෑ කපා, ගිනි තබා, ධාන්‍ය වැපිරීමට ඉඩ දීම ආහාර අහේනියට සුදුසුම විසඳුම බව ජයකොඩි ජනතාවට අවබෝධ කර දුන්නේය. ප්‍රදේශවාසිහු කැලෑ කපා වගා කරන්න පෙරමුණ ගත්හ. තැනක පසු දින උදේ දහයටත් පෙර කැලෑ කපා, ගිනි තබා, අල, බතල පැළ සිටුවා අවසන්ය. රජයේ නිලධාරිහු කලබල වූහ. වතුකරයේ අයිතිකාරයෝ අවි අතට ගත්හ. රට පුරා ගොවි පෙරමුණු සංවිධාන ගත වූහ.

තරුණ භික්ෂූන් වහන්සේ කීප දෙනකුගේ ප්‍රධානත්වයෙන් මෙනේරිගමදී උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට ධර්මප්‍රිය රහසිගතව පියවර ගත්තේය. ඉංගිරියේ දොඹගස්කන්දෙන් පටන්ගත් කළු දුමාරය, මහ ඉංගිරිය, හඳපාන්ගොඩ, මෙනේරිගම, කුරණ, කොටිගල, ගුරුගොඩ මහඋඩුව දක්වා පැතිරී ගියේය. කළු ගඟ ඉවුර දිගේ උඩට නැඟුණු දූමය පළන්නොරුව, බටුවිට, දිග්බැද්ද, හේ‍න්ගොඩ ඔස්සේ පැතිර ගියේය.

එකල ඉංගිරිය ප්‍රදේශයට පොලිස් ස්ථානයක් නැත. පාණදුර, හොරණ, පාදුක්ක පොලිස් නිලධාරිහු කළුතර ඒජන්ත උන්නාන්සේගේ නියෝගය පරිදි පිස්සු බල්ලන්‍ මෙන් ප්‍රදේශය පුරා සැරිසැරූහ. සවස් කාලයට ප්‍රදේශය පුරා සීපද රාවය ගිඟුම් දුන්නේය. කැළෑ කැපීම ඉතා සාර්ථකව සිදු විය. දින දෙක තුනකට පසු ධර්මප්‍රිය ජයකොඩි ප්‍රධාන ගොවි නියමුවන්ට පාණදුර උසාවියෙන් සිතාසි නිකුත් කෙරිණි. ඉංගිරිය ඇදුරගල වත්තේ මාස දෙකක් පුරා වැඩ වර්ජනයකි. වතු පාලකයෝ කම්කරුවන්ගේ සහල් සලාක, කූපන් පොත් කැපූහ. අරකාවිල, මෙනේරිගම ගොවි තරුණයෝ බත්, කොස්, අල, බතල තම්බා ගෙනවිත් කම්කරුවන්ට කෑම සැපයූහ. වතු අධිකාරිවරුද, පොලිස් නිලධාරිහුද ගමන් බිමන් ආවේ, ගියේ සැකමුසු අයුරිනි.

පාණදුර උසාවියට යන සැකකරුවන්ගේ විරෝධතා පෙරහර, නියමිත දිනයට පෙර දින උදේ පාන්දරම ඉංගිරියේ බෝධි වෘක්ෂය අසලින් ආරම්භ විණි. සාධු සාධු හඬ මුළු පෙදෙසෙම ගිගුම් දෙයි. මඤ්ඤොක්කා, ගහල, හුළංකීරිය පැළ ඔසොවා ගත් ගැහැනු, පිරිමි පෙරහරේ ගමන් කරති. රබන්, විරිදු ගයන පිරිසක් කරත්තවල ගමන් කරති. සාධු සාධු හඬ විනා වෙන කිසිදු ඝෝෂාවක් නැත. ඉතා සාමකාමි ගොවි පෙරහර සවස හිරු බැස යද්දී පොකුණුවිට රජ මහා විහාරයට සේන්දු වූහ. විහාරාධිපති හිමියෝ ගල්තලාව මත සිටම ධර්ම දේශනාවක් පැවැත්වූහ.

ඊළඟට අනගාරික ධර්මප්‍රිය ජයකොඩි ගොවි නියමුවාගේ හරබර දෙසුමකි. රාත්‍රි කාලය පුරා ‘සාධු’ හඬින් පෙදෙසම ගිගුම් දුනි. අලුයම යළිත් පෙරහර පිටත් විණි. මඟ දිගට දන්සල්ය. එදින රාත්‍රි නවාතැන බොල්ගොඩ මහ පන්සලේය. පසු දින පහන්වත්ම පිරිස පිටත් වූහ. මඟ දිගේ සිටින ජනතාව පෙරහර පිළිගත්තේ ‘සාධු සාධු’ හඬ නඟමිනි. පාණදුර උසාවිය අවට ජන සන්නිපාතයකි. ගොවි සංගමයේ නිලධාරිහු මල් මාලා දමා ගොවියන් පිරිස පිළිගත්හ. ඇල්.ආරියවංශ (ගුරු සංගම් නායක) අධිකරණයට අවශ්‍ය ‍තොරතුරු සකස් කර තිබුණි. ගොවින් වෙනුවෙන් එස්.නඩේසන්, ආචාර්ය ඒ.පී. ද සොයිසා නීතිඥවරු පෙනී සිටියහ. දිසා විනිසුරු ක්‍රිෂ්ණදාසන් පැමිණිල්ල විභාග කළේය.

1947 මහා මැතිවරණයේදී ධර්මප්‍රිය ජයකොඩි කොමියුනිස්ට් පක්ෂයෙන් හොරණ ඡන්ද කොට්ඨාසයට තරග කළේය. රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රි ඒ.පී.ජයසූරිය (එ.ජා.ප.) 1947 නැවත මන්ත්‍රි ධුරයට පත් වූයේය. ධර්මප්‍රිය ජයකොඩි ඡන්ද 3187ක් ලබා තෙවැනි තැනට පත් විය. 1949දී වතු කම්කරු හටනකදී ධර්මප්‍රිය වතු අධිකාරි පැමිණිල්ලක් ගොනු කළේ, වගා විනාශයට නඩුවක් පැවරුවේය. ඔහු 15 වැනි සැකකරු වූයේය. මාස දෙකක් බන්ධනාගාර ගත විය. 1952 - 55 වකවානුවේ හොරණ නගර සභාව ඉදිරිපිට සාලිය පොටෝ සාප්පුවේ උඩු මහලේ කාමරයක කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන ගියේය. විවිධ විෂයයන්ට අදාළ පොත්පත් රාශියක් ලේඛනගත කළ ජනතාවාදි ලේඛකයකු වූ ඔහු, 1956න් පසු මිනුවන්ගොඩ උපන් බිමට පිවිසියේය. මිනුවන්ගොඩ හල්ලොලුවේදී ඔහු අභාවප්‍රාප්ත විය. ‍

වමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු, සටන්කාමී ගොවි නායකයකු වූ ධර්මප්‍රිය ජයකොඩි, අනගාරික ධර්මපාලතුමාගේ ඇසුර ලබමින් මහාබෝධි සමාගමේ උප ලේකම්වරයකු ලෙසද කලක් සේවය කළේය. 1943 සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ආරම්භක ප්‍රධාන ලේකම් වශයෙන් පුළුල් මෙහෙවරක නියුක්ත වූයේය. 99 වැනි වියේදී 2005 අගෝස්තු 02 වැනි දින අභාවප්‍රාප්ත වූයේය.

බන්ධුල ආර්.ගුලවත්ත

වරප්‍රසාද අත්හළ විල්මට් පෙරේරා

$
0
0
ජුලි 1, 2022 01:00

බ්‍රිතාන්‍ය පාලනයට මෙරට යටත්ව තිබූ යුගයේ බහුතරයක් ලාංකිකයන් අධිරාජ්‍යවාදි පාලනයට එරෙහිව නැගී සිටියහ. දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට ලාංකිකයන් බ්‍රිතාන්‍යයන් සමඟ සටන් කළ අතර ව්‍යාපාරික අරමුණු මුදුන්පමුණුවා ගැනීමටද බ්‍රිතාන්‍යයන් සමඟ සටන් කළ ලාංකිකයන් පිරිසක් ද සිටියහ. එම සුළු පිරිස අතර පානදුර වෑකඩ ප්‍රදේශයේ විසු මානව හිතවාදියෙකු ද විය. ඔහු නමින් විල්මට් ඒ. පෙරේරා ය. ඔහු තම පියාගේ උරුමයෙන් ලැබු මහා ධනස්කන්ධය මෙරට පොදු ජනතාවගේ සුබසෙත හා නැණස පෑදීම උදෙසා කැප කළ සත්පුරුෂයෙකි. එපමණක් නොව පීඩිතයන්ගේ සමාජ විමුක්තිය වෙනුවෙන් මානවහිතවාදි දේශපාලනයෙහි නියැළුණු පුරවැසියෙකි.

පානදුර වෑකඩ ප්‍රදේශයේ ශ්‍රී නගර් නම් නිවහනේ විසු රබර් රජ්ජුරුවන් ලෙස ගම්මුන් අතර ප්‍රකට ඒබ්‍රහම් පෙරේරා ගේ හා කොස්මාමා යන විරුදාවලිය ලත් ආතර් වි දියෙස් මහතාගේ සහෝදරියක වන ලිලියන් පිලීෂියා දියෙස් මැතිනියගේ තෙවන දරුවා ලෙස විල්මට් ඒබ්‍රහම් පෙරේරා දරුවා 1905 ජූනි මස 16 වන දින මෙලොව එළිය දුටුවේය. පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් සිය මූලික අධ්‍යාපනය ලැබු විල්මට් ඒබ්‍රහම් පෙරේරා දරුවා, ද්විතියික අධ්‍යාපනය කොළඹ රාජකීය විදුහලෙන් ලැබුවේය. පාසල් සමයේදීම පුරාවිද්‍යාව විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මහත් ඇල්මක් දැක්වූ විල්මට් ඒ. පෙරේරා පසුව තම උසස් අධ්‍යාපනය ලැබීමට ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත්වීමට උත්සාහ දැරීය. මෙම අවධියේදී තම පියාණන් ගේ අභාවය සිදුවු අතර, ඉන් පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල සිහිනය බොඳ වී ගියේය. තම පියාණන්ගේ අභාවයෙන් පසුව, තම පියාණන්ට හොරණ ප්‍රදේශයේ අයත් රබර් වතු සම්බන්ධයෙන් වූ වගකීම විල්මට් ඒ. පෙරේරා මහතාට පැවරුණි.

හොරණ ප්‍රදේශයට පැමිණි විල්මට් ඒ. පෙරේරා මහතා එම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ බිඳ වැටීමට හේතු වූ කරුණු ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කර අවබෝධ කර ගත්තේය. අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතු වූ ශ්‍රී ලංකාව තුළ ස්වදේශිකයන්ගේ කැමැත්තට ඉඩක් නොවීය. කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජය සමඟ වාද විවාද සිදු කොට කෘෂිකර්මාන්තයේ නිරතවන්නන්ට ඇති අඩුපාඩු හා බාධාවන් මඟහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදි. ඒ අනූව 1932 වසරේදී ලංකාවේ මුල්ම ග්‍රාම සංරක්ෂණ සමිතිය වූ රයිගම් කෝර‍ල ග්‍රාම ජීවිත සංරක්ෂණ සමිතිය පිහිටුවීමට කටයුතු කළේය. එසේම අධ්‍යාපනය, සෞඛ්‍ය සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට එහි දියුණුව උදෙසාද කටයුතු කළේය. එහි පළමු පියවර ලෙස ඉන්දියාවේ ශාන්ති නිකේතණයේ රබීන්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ලංකාගමනය සිදුවූ 1934 වසරේදී ශාන්ති නිකේතනය වැනි අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමේ සිහිනය සැබෑ කර ගනිමින් හොරණ වෑවල කපුතුල කන්ද පාමුල රමණීය බිම්කඩක තාගෝර් තුමන්ගේ දෑතින් ශ්‍රීපාලි මණ්ඩපය ගොඩනැඟීමේ ආරම්භක පියවර සනිටුහන් විය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට දිවා ආහාර වේලක් රජය මඟින් නොමිලේ ලබා දිය යුතු බව මුලින්ම පැවසූ පුද්ගලයා වන්නේ විල්මට් ඒ. පෙරේරා මහතාය. එතුමා නිදහස් අධ්‍යාපනය මෙන්ම මධ්‍යම පාඨශාලාවල අවශ්‍යතාව පිළිබඳවද පෙන්වා දුන් අතර, සුළු ගොවි ජනයා පිළිබඳව ද සිත යොමු කළේය. ඒ අනූව ලෝක යුද්ධ සමයේ මෙරට තුළ ඇතිවූ ආහාර හිඟයට පිළියමක් ලෙස සමූපකාරයේ ඇති වැදගත්කම පහදා දුන්නේය. එසේම 1934 – 1935 වසරවලදී ලංකාව පුරා පැතිර ගිය මැලේරියා වසංගතයෙන් පීඩා විඳි මිනිසුන්ට අවැසි උපකාර කිරීමටද, සහනාධාර ලබා දීමටද පියවර ගත්තේය.

මානව හිතවාදි දේශපාලඥයකු ලෙස ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පැමිණි විල්මට් ඒ. පෙරේරා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස 1947 මැතිවරණයටද තරග කළේය. ඒ අනූව මතුගම ආසනයට තරග කළ එවකට අධ්‍යාපන ඇමතිව සිටි සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතාව පරාජය කිරිමට විල්මට් ඒ. පෙරේරා මහතා සමත් විය. ඒ වැඩි ඡන්ද 3614 ක් ලබා ගනිමිනි. 1947 වසරේ සිට 1956 වසර දක්වා ලංකා සමසමාජ පක්ෂයේ මතුගම මන්ත්‍රීවරයා වූයේ විල්මට් ඒ. පෙරේරා මහතාය. 1956 වසරේදී භාෂා ගැටලුව මූලික කරගනිමින් දේශපාලන භූමියෙන් ඉවත් වීමට විල්මට් ඒ. පෙරේරා මහතා තීරණය කළේය. පටු ජාතිවාදී අදහස් සෑමවිටම එතුමා ප්‍රතික්ෂේප කළේය. 56 මැතිවරණයෙන් බලයට පත් බණ්ඩාරනායක මහතාගේ රජයේ, චීනයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යවන ලද්දේ විල්මට් ඒ. පෙරේරා මහතාවය. තානාපතිවරයා ලෙස චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය නංවාලීමට මහත් වූ සේවාවක් එතුමා ඉටු කළේය. පසු කාලීනව වැටුප් කොමිසම හා අධ්‍යාපන කොමිසමේ ප්‍රධානියා ලෙසින් ද කටයුතු කළේය.

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී ජනතා මුදල් ගසා කෑමට යොමු නොවූ විල්මට් ඒ. පෙරේරා මහතා, සිය මන්ත්‍රී ධුරයේ වැටුප ද ලබා නොගෙන මහජන අවශ්‍යතා සඳහා යොමු කළ බව පැවසෙන කරුණකි. මතුගම ආසනය නොකඩවාම දෙවරක්ම ජයග්‍රහණය කිරිමට හැකි වූයේ දේශපාලකයකු ලෙස පක්ෂ විපක්ෂ කා අතරත් තිබූ සුහද මානුෂීය ගුණාංග නිසා බව සඳහන් කළ යුතුය. පිය උරුමයෙන් ලැබූ කෝටි ගණනක ධනයක් මහජන සුබසෙත පතා කැප කළ ඒ මහතා, මහජන මුදල් තම පැවැත්ම වෙනුවෙන් අනිසි ලෙස යොදා ගන්නා දේශපාලකයන්ට පරමාදර්ශයකි.

ජාති ආගම් කුල භේද කිසිත් නොතැකූ විල්මට් ඒ. පෙරේරා නම් වූ ජනතාවාදි හිතමිතුරා උස්මිටිකම් නොබලා සැමට සාධාරණ මට්ටමෙන් සැලකීමට කටයුතු කළේය. 1973 වසරේ සැප්තැම්බර් මස 22 දින එතුමන් දැයෙන් සමුගත්තේය. විල්මට් ඒ.පෙරේරා මහතාගේ ජනතා සේවය අගයනු පිණිස 1993 වසරේ මැයි මස 22 වන දින රුපියලක වටිනාකම සහිත සමරු මුද්දරයක් එළි දක්වන ලදි.

එම්. තාරික්

කොඩියක් ගන්න අයට කොස් මාමාගෙන් කොස් ඇටයක්

$
0
0
ජුලි 1, 2022 01:00

ආතර්. වී. දියෙස් යනු ලංකාවේ විසූ ප්‍රකට දානපතියෙකි. හෙතෙම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලක්දිව නිදහස් කර ගැනීමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ ජාතික වීරවරයෙක්ද වෙයි. අමද්‍යප සංගමය, ජාතික නිදහස් ව්‍යාපාරය ආදි ජාතික සංවිධානවල ප්‍රබල තනතුරු දරමින් ක්‍රියාකාරී සේවාවක් ඉටු කළ ආතර් වී. දියෙස් මහතා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටට, දැයට අවංකවම සේවය කළ ආදර්ශවත් මිනිසෙකි. ආතර්.වී දියෙස් මහතා ලක්දිවට සිදු කළ සේවාව නිසාම 1957 වසරේදී ලක්දිව අග්‍රාමාත්‍ය ධුරය දැරූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එතුමාට සෙනෙට් සභාවේ මන්ත්‍රී ධුරයක් පිරිනැමීමටද කටයුතු කළේය. එහෙත් මිනිසාට සේවය කිරීම පිණිස මැති ඇමැති ධුර අවශ්‍ය නැති බව පසක් කරමින් එතුමා එම මන්ත්‍රී ධුරය ප්‍රතික්ෂේප කළේය.

ආතර් වී. දියෙස් මහතා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ‘කොස් මාමා’ යන අනවර්ථ නාමයෙනි. එතුමා විසින් ලක්දිව පුරා කොස් ගස් මිලියනයක් සිටු වීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ ‍වෙනුවෙන් රටේ ජනතාව අතර කොස් ඇට සහ කොස් පැළ බෙදා දීම සිදු විය. මේ හේතුව නිසා, ආතර් වී. දියෙස් මහතා ‘කොස් මාමා’ නමින් ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත් විය.

මේ අතර කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලය මඟින් ගොඩනැඟිලි අරමුදල නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. එම අරමුදල් කමිටුවේ සාමාජිකයෙක් ලෙස ආතර් . වී. දියෙස් මහතාද කටයුතු කළේය. අරමුදලට අවශ්‍ය මුදල් එක්රැස් කිරීම සඳහා කොඩි සතියක්ද ක්‍රියාත්මක කෙරුණි. එහිදී මුද්‍රණය කළ කොඩි අලෙවි කිරීම සිදු විය. කොඩියක මිල සත 10ක් විය. අරමුදල් කමිටුව එක්ව මේ කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය අලෙවි කිරීමට සුබ වේලාවක් කලින් කතිකා කර ගෙන තිබුණි. ඒ සඳහා ප්‍රකට දානපතියකුට ආරාධනා කිරීමට ආතර් . වී. දියෙස් මහතා සැලසුම් කර තිබුණේය. දානපතියා කොඩියක් මිලට ගෙන අරමුදල් කැටයට මුදල් නෝට්ටුවක් දමද්දී, ආතර් වී. දියෙස් මහතා කොඩියක් සමඟ කඩදාසියක එතූ යමක් පිළිගැන්වීමට කටයුතු කළේය.

“මේ ‍මොනවද මේ?” කඩදාසිය දිගහැර එහි ඔතා ඇත්තේ මොනවාදැයි සොයා බලමින් දානපතියා අසා සිටියේය.

“ආ. මේ කොස් ඇටයක්නේ. මේක මොකටද?” යනුවෙන් දානපතියා දියෙස් මහතාගෙන් විමසුවේය.

“ඔව්, මේක කොස් ඇටයක්. මේ අරමුදල එක්රැස් කරන්නේ ජාතියේ සුබ කටයුත්තකට. ඒක සිහි වෙන්න ඔය මහත්මයා ‍ගෙදර ගිහින් මේ කොස් ඇටය ඔබගේ වත්තේ සිටුවන්න.” දියෙස් මහතා පිළිතුරු දුන්නේය.

අරමුදල් කොඩි අලෙවියට සමගාමීව නොමිලයේ බෙදා දීමට ආතර්. වී. දියෙස් මහතා කොස් ඇට බොහෝ ප්‍රමාණයක් වෙන් කර තිබුණි. කොඩි සතියේ තවත් දිනක කොඩියක් මිලදී ගැනීමට එක්තරා යාචකයෙක් ආතර්. වී. දියෙස් මහතා ඉදිරියට පැමිණියේය.

“මහත්මයා, මටත් කොඩියක් ඕනෑ. උදේ රැයින්ම මට ලැබුණු සත දහයත් අරගෙන මම ආවේ මේ කටයුත්තට සම්මාදන් වෙන්න.”

යාචකයාටද කොඩියක් අලෙවි කළ දියෙස් මහතා, ඔහුගේ අතේද කඩදාසියක එතූ කොස් ඇටයක් තැබීය. එහෙත් යාචක තෙමේ එම කොස් ඇටය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියා සිටියේය.

“අනේ මහත්තයෝ, මම හිඟන්නෙක්. පාර අයිනේ කොහේ හරි මුල්ලක නිදා ගන්න මං ඔය කොස් ඇටේ කොහේ හිටවන්නද? මහත්තයා අකමැති නැත් නම් මං මේ කොස් ඇටය ආනන්ද විද්‍යාලයේ හිටවන්නම්.” යනුවෙන් යාචක තෙමේ පවසා සිටියේය.

ආතර් . වී. දියෙස් මහතා ඇතුළු අරමුදල් කමිටුවේ කැමැත්ත ඇතිව යාචකයා විසින් එම කොස් ඇටය ආනන්ද විද්‍යාල බිමේ සිටවූයේය.

මීට වසර අසූවකට පමණ පෙරාතුව ආතර් . වී. දියෙස් මහතා ආරම්භ කළ කොස් පැළ සිටුවීමේ සංග්‍රාමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක විය. කොස්වලට අමතරව ගස්ලබු, අඹ, දූරියන් ආදි ලෙස පැළ වර්ග රාශියක් මිනිසුන් අතරේ නොමිලයේ බෙදා දීමට එතුමා කටයුතු කළේය. එතුමා සිදු කළ මේ උත්තුංග කාර්යය එකල ඇතැම් අනුවණ මිනිසුන්ගේ හාස්‍යයටද ලක් වූ බවට අතීත වාර්තා සාක්ෂ්‍ය දරයි. එහෙත් එම වගා සංග්‍රාමයේ වටිනා ආදර්ශය එදාටත් වඩා අදට වඩාත් ඔබින බව ඉඳුරාම කිව හැකිය.

පසිඳු මිහිරාන් රැටියල

විසඳීමට අසීරු නව ලිබරල් ආර්ථික ගැටලු

$
0
0
ජුලි 2, 2022 01:00
ධම්මික සෙනෙවිරත්න

ආර්ථිකයට බලපෑමක් ඇති නොවන අයුරින් උද්ධමනය ඉහළ යෑම ඇතුළු ගැටලුකාරී තත්ත්ව පාලනය කළ හැකි ද යන්න පිළිබඳ ආණ්ඩු නොයෙක් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තවමත් වසංගතය අවසන්ව නොමැති හා යුක්රේන යුද්ධයට ද විසැඳුමක් නොමැති පසුබිමක එය අසීරු අභියෝගයක්ව ඇති අයුරු පැහැදිලිය. නිෂ්පාදනයට පමණක් නොව සැපයුමට ද මේ තත්ත්ව යටතේ දැඩි බලපෑමක් එල්ල වී ඇත. ජනතාව වෙනුවෙන් යම් යම් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මඟින් පවතින අර්බුදකාරි තත්ත්වයට කෙටිකාලීන පිළියම් යෙදීමට ඇතැම් ආණ්ඩු පියවර ගනිමින් සිටියි.

කොවිඩ් - 19 වසංගතය සහ යුක්රේන යුද්ධය හේතුවෙන් ද ඇති වූ බලපෑම් හමුවේ ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක්වෙමින් තිබේද යන්න පිළිබඳ ඉකුත් මාර්තුවේදී රැස් වූ ලෝක ආර්ථික සංසදයේ (WEF) අවධානයට ලක්වූ කාරණයකි. ගෝලීය ආර්ථිකය අර්බුදයකට ලක්ව ඇති බව පසුගියදා ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකින් ද පැහැදිලි විය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර ඇති පරිදි මේ වසරේ ගෝලීය ආර්ථිකයේ වර්ධනය 4.4%කි. එය ඊටත් අඩු විය හැකිය. ද වෝස්හිදී පැවැති WEF සමුළුවේදී ද ගෝලීය ආර්ථිකය මුහුණ දෙමින් ඇති ප්‍රධාන ගැටලු පිළිබඳ ගැඹුරින් අවධානයට ලක්වූ බව වාර්තා විය. මේ වන විට යුරෝපය ද ඇතුළුව ලෝකයේම ආහාර, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද ඇතුළුව භාණ්ඩ මිල ශීඝ්‍ර‍යෙන් ඉහළ යමින් තිබීම හමුවේ ජීවන වියදම වැඩි වීමේ අභියෝගයට ජනයා මුහුණ දී සිටින අයුරු දැකිය හැකිය.

යුරෝපයේ රාජ්‍යයන් ගණනාවක වැඩි වන ජීවන වියදමට එරෙහිව හා ඊට සරිලන අයුරින් සිය වැටුප් හා දීමනා වැඩි නොවීමට එරෙහිව විරෝධතා හා වැඩවර්ජන ආදිය දියත්ව ඇති අයුරු වාර්තා වේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට රැස් වූ අසූ දහසක පමණ විරෝධතාකරුවන් වැඩි වන ජීවන වියදමට එරෙහිව විරෝධය පළ කළ අයුරු ඉකුත් සතියේදී දිස් විය. ජාතික මට්ටමේ වැඩවර්ජනයක් ද ප්‍රකාශයට පත් කර තිබිණි. ඉහළ යන ජීවන වියදම හමුවේ තම වැටුප් හෝ දීමනා වැඩි නොවීම ගැන විරෝධතාකරුවෝ හඬ නැඟූහ. ඊට පෙර ස්පාඤ්ඤයේ ද මෙවැනි විරෝධතා ව්‍යාපාරයක් දියත් විය.

යුක්රේන යුද්ධය

බ්‍රිතාන්‍යයේ වසර 40කින් මෙපිට ඉහළම උද්ධමනය වාර්තා වන පසුබිමක අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට රැස්වූ ජනතාව ද විරෝධතාවක් පැවැත්වීය. යුරෝපයේ උද්ධමනය ඉහළ යෑමේ සාමාන්‍ය අගය 8.1%ක් වන අතර, අයර්ලන්තයේ එය 8.3%ක් ලෙස සටහන් වේ. ඉන්ධන හා ගෑස් මිල ද පැවැති මිලට වඩා විශාල ලෙස ඉහළ ගොස් ඇත. මෙය අයර්ලන්තයට බලපාන ප්‍රශ්නයක් නොව ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති අයුරු මේ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් පෙන්වා දී තිබේ.

ඉතාලිය හා ජර්මනිය යන රටවල ද ආහාර, ඉන්ධන හා විදුලි බිල් විශාල ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක මෙවැනිම විරෝධතා පැවැත්වුණු පසුගිය දිනවල දැකිය හැකි විය.

යුක්රේන යුද්ධය ඇරැඹීමටත් පෙර සිටම ජීවන වියදමට පීඩාකාරී ලෙස බලපාන අයුරින් මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමේ ප්‍රවණතාව වාර්තා විය. මේ තත්ත්වය යටතේ පුද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහන සේවා සඳහා ජනතාව වැඩි වශයෙන් නැඹුරු වන බවක් පෙනෙන්නට තිබේ. එය තවදුරටත් දිරිගැන්වීම වෙනුවෙන් ඇතැම් යුරෝපා රටවල බස් ගාස්තු අඩු කිරීමට පවා පියවර ගෙන ඇත. අයර්ලන්තය එවැනි ගාස්තු පහළ දැමීමක් සිදු කළේ වසර 25කින් පසු පළමු වතාවටය.

ලන්ඩන් නගර මධ්‍යයේ ද වැඩි වන ජීවන වියදමට හා උද්ධමනය ඉහළ යෑමට එරෙහිව විරෝධතා පැවැත්විණි.

WEF, IMF වැනි ආයතන හා සංසදවලට අමතරව ලෝප්‍රකට ආර්ථික විශ්ලේෂකයන් ද පෙන්වා දෙන පරිදි ලෝක ආර්ථික අර්බුදය පසුබැස්මක් දක්වා වර්ධනය වන අයුරු පෙනෙන්නට ඇත. ඒ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුව තිබේ. උද්ගත වන තත්ත්ව පිළිබඳ පුරෝකථනය කළ නොහැකි වන තරමටම ඇතැම් කාරණා බරපතළය. ආහාර මිල විශාල ලෙස ඉහළ යෑම දැවැන්ත ගැටලුවක් බවට පත්ව ඇති අතර, ඉන්ධන මිල ඉහළ යෑම ඇතුළු සෙසු බලපෑම් හමුවේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂාව වැනි ක්ෂේත්‍ර අර්බුදයට ලක්වී ඇත.

මේ තත්ත්වය යටතේ ලෝක බැංකුව ද පෙන්වා දී ඇත්තේ ගෝලීය ආර්ථික පසුබෑම වළක්වා ගැනීම සඳහා යමක් කළ හැකි ද යන්නය. ජීවන වියදම ඉහළ යෑම, පොලී අනුපාත ඉහළ දැමීමට සිදුව තිබීම වැනි තත්ත්ව හමුවේ ඉදිරි මාස කිහිපය අඳුරු විය හැකි බව පෙන්වා දී තිබේ.

සහනාධාර පැකේජ

ආර්ථිකයට බලපෑමක් ඇති නොවන අයුරින් උද්ධමනය ඉහළ යෑම ඇතුළු ගැටලුකාරී තත්ත්ව පාලනය කළ හැකි ද යන්න පිළිබඳ ආණ්ඩු නොයෙක් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තවමත් වසංගතය අවසන්ව නොමැති හා යුක්රේන යුද්ධයට ද විසැඳුමක් නොමැති පසුබිමක එය අසීරු අභියෝගයක්ව ඇති අයුරු පැහැදිලිය. නිෂ්පාදනයට පමණක් නොව සැපයුමට ද මේ තත්ත්ව යටතේ දැඩි බලපෑමක් එල්ල වී ඇත. ජනතාව වෙනුවෙන් යම් යම් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මඟින් පවතින අර්බුදකාරි තත්ත්වයට කෙටි කාලීන පිළියම් යෙදීමට ඇතැම් ආණ්ඩු පියවර ගනිමින් සිටියි. විදුලිය ඇතුළු බලශක්තිය වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුව ඇති පසුබිමක විදුලි බිලට සහන දීම වැනි ක්‍රියාමාර්ග ඒ අතර ඇත. බ්‍රිතාන්‍ය රජය ඇ.ඩො. බිලියන 19ක සහනාධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වන විට ලෝක ආර්ථිකයේ කඩා වැටීමක් සිදුව නැති වුවද එවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇත. එසේම එවැනි තත්ත්වයක් ඇති නොවුණ ද ආර්ථික වර්ධනය මන්දගාමී වීම, විශාල ලෙස මිල ඉහළ යෑම වාර්තා වීම ආදිය දැනටමත් සිදු වේ. මේ තත්ත්වය අවම වශයෙන් තවත් වසරකට ආසන්න කාලයක් පවතිනු ඇතැයි ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන සිමොන් බැප්ටිස් ද මේ පිළිබඳ අනතුරු අඟවා ඇත. කෙසේ වුවද ඊළඟ කාර්තුව ආරම්භයේ පටන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පහළ යෑමක් සිදුවනු ඇතැයි ඔහු පවසයි.

අමෙරිකා මහ බැංකුව

ආර්ථිකයේ ඇති වී ඇති මෙම පසුබෑම හා විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ යමින් තිබීම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සම්බන්ධයෙන් වඩාත් අභියෝගාත්මක වී ඇති අයුරු දැකිය හැකිය. එම රාජ්‍යයන් වසංගතය හේතුවෙන් ද විශාල ලෙස බලපෑමට ලක්ව ඇති පසුබිමක මෙම ආර්ථික අර්බුදය දරා ගැනීම බලවත් අසීරු වී ඇත. ජන ජීවිත මත එල්ල වී ඇති පීඩනය සමනය කිරීම ආණ්ඩුවලට පහසු අභියෝගයක්ව නැති බව පැහැදිලි කාරණයකි. ආසියානු රටවලට ද මෙම බලපෑම් දරුණුය. පසුගියදා අමෙරිකා මහ බැංකුව සිය පොලී අනුපාත ඉහළ දැමීම ප්‍රකාශයට පත් කළේ වසර 22කට පසුව ඉහළම පොලී අනුපාත සටහන් කරමිනි. ඉකුත් සතියේදී නවසීලන්ත මහ බැංකුව ද එලෙස පොලී අනුපාත ඉහළ දැමූ අතර, රාජ්‍යයන් රාශියක් මේ වන විට සිය පොලී අනුපාත ඉහළ දමා ඇත.

ආර්ථිකය කළමනාකරණය කිරීමට එමඟින් අපේක්ෂා කළ ද ජනතාව මත ඉන් පීඩනයක් ද එල්ල වී තිබේ. උද්ධමනය පාලනය කිරීම මෙවැනි පියවර මඟින් විශේෂයෙන් අරමුණු කර ඇත.

මීට පෙර මෙවැනි පොලී අනුපාත ඉහළ දැමීමක් වාර්තා වූයේ 1980 ගණන්වලදීය. මෙවර එය ඊටත් වඩා ඉහළ අගයක් ගෙන තිබේ. එසේ බලන විට වර්තමාන ඉහළ දැමීම් ඉතිහාසයේ ඉහළම පොලී අනුපාත වනු ඇත.

වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය විසින් කේන්සියානු ආර්ථික විද්‍යා මූලධර්ම හා කේන්සියානු චින්තනය පිළිබඳ විවරණයක යෙදෙන්නට ඇතැම් ලෝ ප්‍රකට ආර්ථික විද්‍යාඥයෝ පෙලඹී සිටිති. පෝල් ඩේවිඩ්සන් වැනි ආර්ථික විද්‍යාඥයන් ඒ අතර ප්‍රධානය. මෙය නව ලිබරල් ආර්ථිකය පිළිබඳ ගැඹුරු සංවාදයක යෙදීමට ද අවකාශ සලසා ඇති තත්ත්වයක් බව සැලකිය හැකිය.

මිනිසා සත්ව නිෂ්පාදන භාවිතයෙන් වැළකුණොත්?

$
0
0
ජුලි 4, 2022 01:00

මාංස භාවිතයෙන් තොරව වීම හා සත්ව නිෂ්පාදන භාවිතයෙන් තොර වීම යනු එකිනෙකට සමීප වුවද, යම්තාක් දුරකට එකිනෙකින් වෙනස් සංකල්ප දෙකකි. නිර්මාංසහාරික අයකු සත්ව මස් මාංස අනුභවයෙන් වැළකුණද, සත්ව නිෂ්පාදන වර්ජනය කරන්නා සත්වයන්ගෙන් ගන්නා කිරි, බිත්තර, මී පැණි වැනි ආහාරමය ද්‍රව්‍ය පමණක් නොව, සත්ව සමින් නිෂ්පාදිත භාණ්ඩ, ඇඳුම් පැලඳුම්, සත්වයන් යොදා ගනිමින් පර්යේෂණ සිදු කළ ඖෂධ පවා පිළිකෙව් කරන්නේය. ආදි මානවයාගේ යුගයේ සිටම මාංස අනුභවයට පුරුදුව සිටින මිනිසා යම් හෙයකින් නිර්මාංසහාරි පුද්ගලයකු වුව හොත් ඉන් ලෝකයට කිනම් බලපෑමක් ඇතිවනු ඇතිද? ඇතැම් විට එලෙස මිනිසා යම් දිනෙක නිර්මාංසහාරියකු වන්නේ සිය පෞද්ගලික සුවතාවය ගැන සිතා විය හැකිය. නැත හොත් සත්ව හිංසනය පිටුදැකීමේ අරමුණින් විය හැකිය. නිදසුනක් ලෙස 2015 වසරේදි අමෙරිකාවේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ 32%ක ජනතා ප්‍රතිශතයක්, සත්වයන්ටද මිනිසා හා සමාන අයිතීන් තිබිය යුතු බවක් පිළිගන්නා බවයි. එම ප්‍රතිශතය 2008 වසරට වඩා 7%ක වැඩි වීමකි. එසේත් නැති නම් දැවැන්ත පාරිසරික අර්බුදයක්ව තිබෙන ගෝලීය උණුසුම ඉහළ යෑම වැළැක්වීමේ අරමුණින් යමකු නිර්මාංසහාරි වූවා විය හැකිය. යම් හෙයකින් ඒ කවර හේතුවක් නිසා හෝ සමස්ත ලෝක ප්‍රජව නිර්මාංසහාරි වුවහොත් මසට ඇති කළ සතුන්ට කුමක් සිදු වනු ඇතිද? කාලගුණික විපර්යාසයට තිත තැබීමට හැකි වනු ඇතිද?

ගෝලීය උණුසුම

සෑම පැයකදීම අමෙරිකාවේ පමණක් සත්තුන් පන් ලක්ෂයක් මස් පිණිස ඝාතනයට ලක් වෙති. සත්ව නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම කෙතරම් දුෂ්කර වුවද, 2018 වසරේදි අ‍ෙමරිකාවේ පමණක් එවැනි පුද්ගලයන් මිලියන විස්සක් සිටින බව හෙළි වී තිබිණි. එය 2015 වසරට වඩා සය ගුණයක වැඩි වීමකි. නිර්මාංසහාරිකයන්ගේ ප්‍රතිශතය එලෙස ඉහළ යෑමත් සමඟ ඔවුන්ගේ ප්‍රධානම ආහාරයක් වන සෝයා ආශ්‍රිත නිෂ්පාදනයක් වන ටෝෆු හා සෝයා කිරි අලෙවියේ කැපී පෙනෙන වර්ධනයක්ද 2012–2017 අතර කාලයේදී සිදුව තිබිණි. පසුගිය තෙවසර තුළදී පමණක් අමෙරිකානු නිර්මාංසහාරි ප්‍රතිශතයේ 600% ක වර්ධනයක් සිදුව ඇති බවට සමීක්ෂණ වාර්තා සාක්ෂි දරන්නේය. මිනිස් ක්‍රියාකාරකම් ගෝලීය උණුසුම ඉහළ යෑමට ප්‍රධානම සාධකයක් වුවද, සමස්ත ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් හතරෙන් එකකටම වඟ කිව යුතු වන්නේ සත්වමය ආහාර නිෂ්පාදනයයි. ඒ අතරිනුත් ගව පට්ටි පාලනයට ප්‍රධානම තැනක් හිමි වන්නේය. දැනට ලොව ගවයන් බිලියන 1.5ක් පමණ සිටින අතර වසරකදී ඒ සෑම ගවයකුම හරිතාගාර ආචරණයට හේතු වන මීතේන් වායු කිලෝග්‍රෑම් එකසිය විස්සක් පිට කරන්නෝය. මීතේන් වායුවේ ප්‍රබලත්වය කාබන්ඩයොක්සයිඩ්හි ප්‍රබලත්වයටත් වඩා විසි තුන් ගුණයකින් වැඩිය. කෘෂිකාර්මිත වශයෙන් සිදු වන හරිතාගාර වායු විමෝචනයෙන් පහෙන් හතරකටම වගකිව යුතු වන්නේ පශු පාලනයයි.

ලෝක ජල අර්බුදය

එසේම මිහිපිට වන වගා කළ හැකි බිම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම මේ වන විට වෙන්ව තිබෙන්නේ පශු පාලනයටයි. යම් හෙයකින් සමස්ත ගෝලීය ප්‍රජාව නිර්මාංශිකයන් වුවහොත් එම බිම් ප්‍රමාණයද වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වනු ඇත්තේ වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කිරීමට හේතුවෙනි. පශු පාලනය හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය එමඟින් 70%කින් පමණ අඩු කර ගැනීමට හැකි වනු ඇත. එසේම ජල සංරක්ෂණයට ඉන් ලැබෙනු ඇත්තේ මහඟු දායකත්වයකි. ගව මස් රාත්තලක් නිෂ්පාදනය කිරීමට ජලය ගැලුම් දෙදහස් පන්සියයක් වැය වන තත්ත්වයකදී, සමස්ත ගෝලීය ප්‍රජාව නිර්මාංශිකයන් වීමෙන් ඉතිරි කර ගත හැකි ජල සම්පතේ ප්‍රමාණය ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය ලෝක ජල අර්බුදයටද පිළියමක් වනවා ඇත. නමුත් මස් පිණිස ඇති කළ සතුන් වෙනුවෙන් යම් පිළියමක් යෙදීමට සිදුවනවා ඇත. ඇතැම් විට ඔවුන් සමූල ඝාතනය කිරීමට සිදු වීමට වුවද බැරි නැත. ඌරන්, බැටළුවන් වැනි ඇතැම් සතුන්ව වන බිම්වලට මුදා හැරීමට හැකි වුවද බ්‍රොයිලර් කුකුළන් වැනි සතුන්ට එවැනි ස්වාභාවික තත්ත්ව යටතේ ජීවත් වීමේ හැකියාවක් නැති වනු ඇත. පශු සම්පත් පාලනයේ යෙදුණු පිරිස් විරැකියාවට පත්වීමේ අවදානමක්ද මතු වනු ඇත.

කෙසේවුවද මිනිසා නිර්මාංසහාරි වීම මඟින් ඔවුන්ගේ සෞඛ්‍යයට එල්ල වන බලපෑම සුළුපටු නොවේ. නිර්මාංශික වීම නිසා කැල්සියම්, සින්ක්, යකඩ, විටමින් ඩී හා බී12 වැනි ඇතැම් ක්ෂුද්‍ර පෝෂක ගැනීම අපහසු වුවද එකී විටමින අවශ්‍යතාව සපුරාගත හැකි ශාකමය ප්‍රෝටීන් ප්‍රභව නැතුවා නොවේ. දැනට සිදු කර ඇති අධ්‍යයනවලින් පවා පෙනී ගොස් ඇත්තේ නිර්මාංසහාරි ආහාර රටාවකට හුරු වීම මඟින් කිරීටක ධමනි රෝග, ආඝාත, දියවැඩියාව පමණක් නොව පිළිකා පවා වළක්වා ගත හැකි බවයි. වසරකදී සෞඛ්‍ය සේවා සඳහා වැය වන මුදල් සම්භාරයෙන් ට්‍රිලියනයක් පමණ ඉතිරි කර ගැනීමට පවා නිර්මාංසහාරි ආහාර රටාව හේතුකාරක වනවා ඇත. ඒ අනුව ගෝලීය මරණ අනුපාතය 10%කින් පමණ පහත බසිනු ඇත්තේ වසරකට සිදු වන මරණ මිලියන අටකින් පමණ අඩු කරමිනි. එසේම පශු පාලනය සඳහා යොදාගත් ආහාරවලින් ගෝලීය ජනගහනයෙන් බිලියන 3.5 කගේ කුසගිනි නිවීමට පවා හැකි වනු ඇත.

මේ අනුව බලන කළ නිර්මාංසහාරි ආහාර රටාවක් පවත්වා ගැනීමෙන් කාබන් විමෝචනය අවම කරමින් පරිසරය රැක ගැනීමට පමණක් නොව එය පෞද්ගලික සුඛ විහරණය තකාද කෙරෙන ධනාත්මක ආයෝජනයක් වනවා නියතය.

රුක්ලන්ති පෙරේරා

 

කාල

$
0
0
ජුලි 4, 2022 01:00

පවර් ජෙනරේටර්ස් දෙක අතර මධ්‍යයේ සිටගත් ලෝටස් නිල් පැහැති විදුලි ගුලියක් බවට පත් වනු බලා සිටීමට තරම් මහරන්කඩුවගේ සිත ශක්තිමත් නොවීය. හේ වෙව්ලන දෑතින් නාරදගේ පරිගණකය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කළේය. පසෙකින් වූ විශාල ලෝහ තහඩු වෙත ‘චිරි-චිරි’ ගා විදුලිය ඇදී යන්නට පටන් ගෙනය. පිටත සම්පූර්ණ ගාලගෝට්ටියක් වුව ද කුටිය තුළ වූයේ දාගැබක් අභ්‍යන්තරයෙහි ඇති නිශ්ශබ්දතාවකි.

“අත් උස්සලා දණ ගහපං!” ඒ අමර්ජිත්ගේ වියරු කටහඬය. මහරන්කඩුව අත් ඔසවා දණ ගැසුවේය. නමුත් ඔහු ඩ්‍රීම් කැචර් යන්ත්‍රය වෙතින් මොහොතකට හෝ දෑස් ඉවතට ගත්තේ නැත.

අමර්ජිත්ගේ රිවෝල්වරයේ ශීතල බටය මහරන්කඩුවගේ නළලට තදින් සිර විය. “කියපං, උඹට මම තත්පර තිහක් දෙනවා. මොකද්ද උඹලගෙ සැලැස්ම?”

“එකයි... දෙකයි...තුනයි...හතරයි.” මහරන්කඩුව ගණන් කළේය. තවමත් ඩ්‍රීම් කැචර් යන්ත්‍රය ක්‍රියාත්මක වේදැයි සොයා ගැනීමට මහරන්කඩුවට නොහැකි විය.

“උඹ පිස්සෙක්! ත්‍රස්තවාදියෙක්. මට උත්තර දීපන් මිනිහෝ!”

“එකොළහයි... දොළහයි... දහතුනයි.. දාහතරයි... පහළොවයි...”

“අර පවර් සෝර්ස් එක අයින් කරන්න ඉක්මනට! සිස්ටම් එක වහල දාන්න වෙයි! ඒ අර කාලකණ්ණි රොබෝ ගෑනි නේද!” එන්න එන්නම අමර්ජිත්ගේ තුවක්කු බටය මහරන්කඩුවගේ නළලට කිඳා බසින්නට විය. “මගෙන් මැරුම් නොකා කියපං!”

“විසි පහයි... විසි හයයි!.”

“ඕක කොහොමහරි ඩී ඇක්ටිවේට් කරන්න. ශූට් ඩෑම් ඉට්! ශූට් ඉට්!.” අමර්ජිත්ගේ හඬින් කුටිය දෙදරා යයි.

“විසි අටයි... විසි නවයයි!.”

අමර්ජිත්ගේ මොරදීමත් ලෝටස් හාත්පස බිත්ති දෙදරවමින් පිපිරී යාමත් අතරින් ඩ්‍රීම් කැචර් යන්ත්‍රයෙන් පැන නැගුණේ කුඩා දිලිසුම් පොදියකි. මහරන්කඩුව දෑස් කුඩා කර එම දිලිසුම් පොදිය වඩාත් හොඳින් දැක ගැනීමට උත්සාහ කළේය.

“ගෙට් රෙඩි ටු ශූට්!”

“අන්න!"මහරන්කඩුව කෑගැසුවේය.

“හෝල්ඩ් ෆයර්! මොකද්ද? තමුසෙ මොනවද හොයන්නෙ? බෝම්බයක්!”

“නෑ, නෑ, අයිසෙ අමර්ජිත්! අර බලනවා!” මහරන්කඩුව සිය ඇඟිල්ල දිගු කොට ඩ්‍රීම් කැචර් මැෂින් එක දැක්වූයේය.

“මොකද්ද?”

“බත්කූරෝ! ඒ බත්කූරෝ!” බොහෝ වේලාවක් තිස්සේ හදවතෙහි සිර වී තිබූ සාංකාව ඉවතට පියඹා ගියෙන් සැහැල්ලු සිත් ඇතිව මහරන්කඩුව උස් හඬින් සිනාසුණේය. ඔහුගේ පෙණහලු නැවුම් වාතයෙන් පිරී ගියේය. “හං! හං! හං! බලනවා අයිසෙ අමර්ජිත්! තමුසෙ කවදාවත් ඒ තරම් ලස්සන බත්කූරෝ දැකලා තියෙනවද?”

“ඇරෙස්ට් කරනව මේ පිස්සව!” අමර්ජිත් අඩි පොළොවේ හප්පමින් කෑගැසුවේය. ඒ වන විටත් අමර්ජිත්ගේ සෙබළු මහරන්කඩුව බෙල්ලෙන් අල්ලා ගෙන බිම දිගේ පිටතට ඇදගෙන යමින් සිටියහ.

“අමර්ජිත්. තමුසෙට විනාඩි දෙකක් වගේ ඉතිරි වෙලා තියෙනව මේ ටවර් එකෙන් එළියට පැනගන්න."මහරන්කඩුව අමර්ජිත්ගේ විලංගු වෙත දෑත් පාමින් සිනාසුණේය. අමර්ජිත් පිස්සකු මෙන් ඔහු වටා බඹන ආපදා රොබොට්ටන් පන්නා දැමීම නතර කළේ ඒ මොහොතේදීය. හේ කෙස්ස අදිමින් දත්මිටි කෑවේය.

“මං මොන අපායට ගියත් උඹව අරගෙන තමයි යන්නෙ ජෙනරාල්! තමුසෙට මගෙන් ගැලවීමක් නෑ!”

**************************

“ත්‍රස්තවාදීන් හට උදව් දුන් හමුදා නිලධාරියාව එල්ලා මරනු! ජනතාව ඉල්ලයි....” ගඩ්ඩාගේ උස් හඬින් මහරන්කඩුව තිගැස්සී පියවි සිහි එළැඹියේය. ගඩ්ඩා සිටියේ එදින පුවත්පතේ ප්‍රධාන කතාවේ සිරස්තලය කියවමිනි. සැප පහසු සෝපා සහ හාන්සිපුටුවල දිගැදී උන් අනෙක් සිරකරුවන් එකකු, දෙදෙනකු පමණක් ඒ බෙරිහන්දීමට උදාසීනව හිස ඔසවා බැලූවෙන් ගඩ්ඩාගේ ගර්වයට වූයේ හානියකි.

“අනේ යකෝ හමුදාවෙ මහත්තැන්ලත් රට පාවල දෙනකොට අපි හොරකං කරන වකුගඩ්ඩ පංඥං ද කිව්වලු... තූ විතරක් කාලකණ්ණියා, මුංව එල්ලනම තමා ඕනෙ!” ගඩ්ඩා දිලිසෙන බන්ධනාගාර බිම මත ‘ක්‍රෑහ් තුහ්!’ කියා කෙළ ගසා ටැබ්ලටය ද කිහිලි ගන්නාගෙන යන්නට යනතෙක් දත් කූරු සැපීමෙන් මහරන්කඩුවගේ හකුපාඩා රිදුම් දුණි.

ගඩ්ඩා මහරන්කඩුව හා වෛර බැන්දේ ඔහු එම සුපිරි සිපිරි ගෙට ආ දෙවැනි දවසේය. සිය කෝපය සහ වේදනාව තුරන් වී යන තෙක් ක්‍රීඩාගාරයේ ව්‍යායාම කළ මහරන්කඩුව සිය කුටිය දක්වා යමින් සිටියේය. සිය කුටිය දක්වා යන කොරිඩෝව හරස් කරගෙන හුන් ගඩ්ඩා බිම වැටී වකුටු වී හුන් කිසිවකුට පයින් ගසමින් සිටියේය.

“මෙහෙ දීපිය!” ගඩ්ඩා ගිගිරීය. දුර්වලව ඉකි ගසමින් සිටියේ මහරන්කඩුවගේ අලුත් කාමර සගයාය. කෙතරම් පහර දුන්න ද, කෙතරම් කෑගැසුව ද, කෙතරම් පිපුරුණු සමෙන් ලේ පිටතට වෑස්සුණ ද මහරන්කඩුවගේ කාමර සගයා වකුටු වූ ශරීරය තුර සඟවාගෙන හුන් ඒ යම් දෙය ගඩ්ඩාට දුන්නේ නැත.

“බෑ.. බෑ... මට යන්න දීපන්... මේක උබට වටිනකමක් තියෙන දෙයක් නෙමේ. ඒක නිකම්ම වීදුරු පෙට්ටියක්!” පහර කන අස්සේ පීඩිතයා කෑගැසීය.

“මට වැඩක් නෑ තමයි බූරුවො බොගෙ රෙද්දෙ වීදුරු පෙට්ටිය. ඒක වටින්නෙ බොට. බොට වටින නිසා තමයි මං ඒක බොගෙන් ගන්න හදන්නෙ!” ගඩ්ඩා කුරිරු ලෙස සිනාසුණේය. සිපිරිගෙයි ජේලර්වරයකු හෝ සිරකරුවකු හෝ මේ හිංසාව නතර කිරීමට මැදිහත් වේ යැයි බලාපොරොත්තුව සිටි මහරන්කඩුව එවැන්නක් සිදු නොවන වග ඉක්මනින්ම වටහා ගත්තේය. කෙතරම් සිපිරි ගෙය පාලකයින් සිටිය ද සිපිරි ගෙය අභ්‍යන්තරය පාලනය වූයේ සිරකරුවන්ට වුවමනා පරිද්දෙනි.

“තමුසෙ දැන්වත් ඔය අහිංසක මිනිහට ඉන්න දෙනවා...” මහරන්කඩුව වචන මුදාහැරියේ අකමැත්තෙනි. කිසිවකුගේ අවධානයට නතු නොවී හුදෙකලාව සිපිරි ගෙයට වී සිටීමට තමාට දීගෙන හුන් පොරොන්දුව දෙවන දවසේම කඩා ගැනීමට සිදුවීම මහරන්කඩුවගේ සතුටට හේතු නොවීය.

එතෙක් වේලා බිම වැටී හුන් මිනිසා වෙත අවධානය යොමු කර හුන් ගඩ්ඩා නියම විලෝපිකයකුගේ ස්වරූපය දක්වමින් වේගයෙන් මහරන්කඩුව වෙත හැරුණේය.

“මූ කවුද?” ගඩ්ඩා විමසූයේ ඔහුගේ කමිසය තුර සඟවාගෙන හුන් කෙටි පිහිය එළියට අදිමිනි. සුපිරි සිපිරි ගෙය තුළ වූ සීසීටීවී කැමරාවලට ඇත්තේ බිත්තිවල එල්ලා තැබෙන හුදු අරුමෝසම් සැරසිලිවලට ලැබෙන වැදගත්කම පමණක්ම වග තේරුම් ගත් මහරන්කඩුව තමා වෙත පැනීමට සූදානමින් හුන් කැළෑ බළලාගේ සටන් සෛයාව මැන බැලීය. රැස්කමින් ගඩ්ඩාගේ වික්‍රම නරඹමින් හුන් ගඩ්ඩාගේ සහචරයින්ගෙන් එකෙක් ඉක්මනින් පැන ඔහු නවතා කිසිවක් කනට කොඳුරනු මහරන්කඩුව බලා සිටියේ තෘප්තියෙනි.

“දැන් වර තෝ පාහර බල්ලා....” මහරන්කඩුව මිමිණීය.

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

Gadget පිටුව

$
0
0
ජුලි 4, 2022 01:00

බයිසිකලයට සවි කළ පරිගණකය

අප රට තුළ ද පාපැදිය වර්තමානයේදී බොහෝ දෙනකුගේ අවධානයට ලක්වෙමින් පවතින ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව තිබේ. මේ කියන්නට යන්නේ පාපැදියට ලොව ප්‍රථම වතාවට එක් වූ නවීන අංගයක් ගැනය. corecap යනු ඔබගේ පාපැදිය පරිගණකගත කිරීමට උපකාරී වන පුංචි උපකරණයකි. මෙය පාපැදියේ හැඬලයේ මැද බාහුවට පහසුවෙන් සම්බන්ධ කළ හැකි අතර, ඉන් ඔබගේ ගමනාන්තය දක්වාම ප්‍රයෝජන රැසක් සලසා ගැනීමේ හැකිය.

corecap ඔබගේ ස්මාට් දුරකතනයේ මෘදුකාංගය සමඟ සම්බන්ධ කර ගත හැකි අතර, පාපැදිය පදවන වේගය, GPS Map එක භාවිතය මෙන්ම ඔබ ගමන් කරන සම්පූර්ණ මාර්ගය පහසුවෙන් පටිගත වීමක් ද සිදු වෙයි. පුංචි ළමුන් සඳහා මේ මාර්ගය පටිගත වීම වැදගත් වන අතර, මව්පියන්ට තම දරුවන් සිටිනා තැන මෙන්ම ඔවුන් ගමන් කරන්නේ කොහේදැයි පහසුවෙන් දැන ගැනීමට ද හැකියාව ඇත.

තවද ඔබ ගමන් කරන වේගය, ඔබ සිටින ස්ථානය පහසුවෙන් හඳුනා ගැනීමට ඉඟි දීම මෙන්ම ඔබ ස්මාට් දුරකතනයට දුන් මාර්ග සිතියමට අනුව ගමන් නොකරන්නේ නම් එය නිවැරදි කර දීමට ද corecapය හැකියාවක් ඇත. මෙහිදී ස්මාට් දුරකතනය අතැතිව පාපැදිය පැදීමට අවශ්‍ය නැති අතර, ඉන් අනතුරක් සිදු නොවී ආරක්ෂිතව ගමන් කිරීමේ හැකියාව ද පවතී. corecap ඩොලර් 253ක් වැනි මුදලකට ඔබට පහසුවෙන් මිල දී ගැනීමට හැකිය.

ජීවිතය පහසු කරන ස්මාට් කීබෝඩය

ස්මාට් දුරකතන, ටැබ් ආදියෙහි එක් අතකින් හෝ අත් දෙකේම ඇඟිලි කිහිපයකින් යතුරුලියනය තරමක් අපහසු වන අතර, ඔබට අධ්‍යයන කටයුතුවලදී එය වේගවත්ව කිරීමට නොහැකිය. TREWGrip යනු ඔබගේ ස්මාට් දුරකතනය, ටැබ් එක ආදියෙහි යතුරුලියනය පහසු කරලීමට නිපදවා ඇති පුංචි උපකරණයකි.

TREWGrip අත් දෙකෙන්ම පහසුවෙන් යතුරුලියනය කළ හැකි අතර, එය යමක් අල්ලන අයුරින් භාවිත කිරීමට හැකි වීම තවත් පහසුවකි. මෙහි ඉදිරිපස කොටසෙහි ස්මාට් දුරකතනය හෝ ටැබ් එක තබා ඔබට එය පොතක් මෙන් අතට ගෙන භාවිත කළ හැකිය.

 

වර්චුවල් ක්‍රීඩාවේ උපරිමය ‘kat walk’

පරිගණක ක්‍රීඩා වර්තමානයේ බොහෝ දෙනකුගේ ජීවිතවල කොටසක් බවට පත්ව අවසන්ය. එසේම ඒ පිළිබඳ මානසික රෝගීන් ද වැඩි වී ඇතැයි මනෝ වෛද්‍යවරුන් බොහෝ අවස්ථාවල පවසා ඇත. පරිගණකයක් ඉදිරිපිට සිට ක්‍රියාකාරී පරිගණක ක්‍රීඩාවල යෙදීම සාමාන්‍ය දෙයක් වුවද kat walk c2 මඟින් වෙනස්ම වූ අත්දැකීමක් සපයා දීමට මව් සමාගම සමත් වී තිබේ.

kat walk c2 යනු තමා ඉදිරිපිට තිබෙන පරිගණක තිරයේ දිස්වන අයුරින් සැබෑ අත්දැකීමක් ලැබෙන පරිදි ක්‍රීඩා කිරීමේදී මුළු ශරීරයෙන්ම ඊට සම්බන්ධ විය හැකි අයුරින් නිර්මාණය කළ උපකරණයකි. මෙහිදී දිවීම, ඇවිදීම, පැනීම, පියෑඹීම මෙන්ම ක්‍රීඩාවේදී අනෙක් පුද්ගලයන් සමඟ එකිනෙකට විවිධ ක්‍රියාකාරකම් කිරීමේ සැබෑ අත්දැකීමක් සලසා දීමට හැකියාව ලැබී තිබේ.

kat walk c2 වෙළෙඳපොළට පැමිණීමත් සමඟ පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයන්ට නවමු අත්දැකීමක් මෙන්ම ඒ පිළිබඳ දැඩි උනන්දුවක් ද ඇති වී ඇතැයි මව් සමාගම වැඩි දුරටත් පවසයි.

අඛණ්ඩව විදුලිය දෙන්න මිල වැඩි කළ යුතුමයි

$
0
0
ජුලි 4, 2022 01:00

ජනක රත්නායක, සභාපති - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

  • ඉදිරි මාස 2-3 තුළ අප තව බලපත්‍ර 4ක් නිකුත් කරනවා
  • අපට ගල් අඟුරු තිබෙන්නෙත් සැප්තැම්බර් මාසය දක්වා පමණයි
  • ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු සහ බොර තෙල් මිල වැඩියි

ඉදිරියේදී සිදු වීමට නියමිත විදුලි බිල වැඩි වීම සිදු කෙරෙන්නේ කෙසේද යන්නත්, විදුලි කප්පාදුව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් පාරිභෝගික ජනතාවට සිදු වන සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සමඟ දිනමිණ කරන ලද සාකච්ඡාවකි මේ.

l ඉදිරියේදී විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවාද ? කොහොමද එය සිදු වන්නේ ?

මිල සංශෝධනයේ යෝජනාව අපට දැනුම් දුන්නේ මීට මාස තුනකට පමණ කලින්. ඒ කාලයේ දිනකට පැය 12-13 ක වගේ විදුලි කප්පාදුවක් රට තුළ පැවතුණා. දවසකින් භාගයක්වත් ජනතාවට විදුලිය දෙන්නේ නැතිව විදුලි බිල වැඩි කිරීම සාධාරණ නැති බව අප කියා සිටියා. දැන් එම තත්ත්වය යම් තාක් දුරකට සමනය වී ඇති නිසා අප කල්පනා කළා, විදුලි බිල සංශෝධනයකට යා යුතු බව. හේතුව, විදුලිය නිපදවීමට යන පිරිවැය මේ වෙන කොට ලබන ආදායමට වඩා ගොඩක් වැඩියි. දැනට යුනිට් එකකට සාමාන්‍යයෙන් රුපියල් 15-16 වගේ තමයි අය කරන්නේ. දැනට තිබෙන විදුලි බිල සංශෝධන යෝජනාවේ හැටියට එය රුපියල් 32.50 ක් වගේ වෙනවා.

ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරුවල මිල වැඩියි දැන්. ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක ඩොලර් 90 ට තිබුණේ. එහෙත්, දැන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350ක් පමණ වෙනවා. ඒ වගේම පහුගිය කාලයේ බොර තෙල් මිල තිබුණේ ඩොලර් 35-40ක් වගේ තත්ත්වයක. නමුත්, දැන් එය සියයට 110-115ක් වගේ වෙනවා.

ශ්‍රී ලංකාවේ විදුලිය නිපදවන ක්‍රම තුනක් තිබෙනවා. ජල විදුලිය, තෙල් සහ ගල් අඟුරු මඟින්. වැසි නැති කාලවලදී ජල සංචිතය අඩු වන නිසා අපට විදුලිය වැඩි ප්‍රමාණයක් නිපදවීමට තෙල් යොදා ගන්න සිදු වෙනවා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු අවශ්‍ය වෙනවා. මේ නිසා ගල් අඟුරු සහ තෙල් ගෙන්වන්න ඕනෑ නිසයි මේ විදුලි බිල සංශෝධනය ගෙන එන්නේ. 2014ට පසුව විදුලි බිල වැඩි වුණේ නැහැ. මෙය සාධාරණ බිල වැඩි කිරීමක්. මෙය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා ගෙවිය යුතුයි. ඒත් අප රජයට කියා තිබෙනවා විශේෂයෙන් අඩු ආදායම් ලබන පවුල් ගැන. යුනිට් 60ට වඩා පාවිච්චි කරන අඩු ආදායම්ලාභී පවුල් සියයට 50ට වඩා වැඩිපුර සිටිනවා. යුනිට් 30ට වඩා අඩු අයගෙන් සියයට 835ක් වැනි වැඩි කිරීමක් ඉල්ලා තිබුණත් අප රජයට කියා සිටියේ රජයෙන් වැඩි සහනාධාරයක් හිමි විය යුත්තේ ඒ අයට බව. ඒ නිසා අප බිලියන 65ක සහනාධාරයක් දිය යුතු බව රජයට යෝජනා කළා. එවිට සිදු වන්නේ විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි ආදායම ඔවුන්ට ලැබෙනවා වගේම රජයෙන් ලැබෙන සහනාධාරයත් අනිවාර්යයෙන්ම ජනතාවට ලැබෙනවා.

l ඉන්ධන මිල, බස් ගාස්තු, බඩු මිල හැම දෙයක්ම මේ වෙනකොට විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින්. මේ අතරේ විදුලි බිලත් වැඩි වුණොත් ජනතාවට මෙය දරා ගැනීමට අපහසුයි. මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැද්ද?

ප්‍රශ්නෙ තියෙන්නේ ඔතැන නෙමෙයි. උදාහරණයක් විදියට ත්‍රිරෝද රථයක කිලෝමීටර් දෙකක් ගියොත් රුපියල් දෙසීයක් ගෙවිය යුතුයි. නමුත්, විදුලිය මාසයක්ම පරිභෝජනය කරලා ගෙවන්නේ රුපියල් දෙසිය පනහයි. මෙය සංසන්දනාත්මකව අඩු වියදමක්. මෙහි සම්පූර්ණ වැඩි කිරීම සියයට 57ක් පමණ. එය අඩු ආදායම් ලබන අයට අඩුවෙනුත් වැඩි ආදායම් ලබන අයට වැඩියෙනුත් තමයි සකස් කර තිබෙන්නේ. තෙල්, ගල් අඟුරු හැම දේම මිල වැඩි වුණාම ඒ පිරිවැය අප කෙසේ හෝ ගත යුතුයි. මේ දිනවල පැය 21ක් විදුලිය තිබෙනවා. ඒ පිරිවැය ජනතාව ගෙවිය යුතුයි. එය රජයට දරන්න බැහැ. තෙල් සහ ගල් අඟුරු ගන්න විදුලි බල මණ්ඩලයට මුදල් අවශ්‍යයි. ඉන්ධන සහ බඩු මිල ගණන් වැඩි වුණා කියා විදුලි බිල ගණන් වැඩි විය යුතු නැතැයි කීම සාධාරණ නැහැ. ජනතාවට පැය විසි හතරටම අවශ්‍ය දෙයක් තමයි විදුලි බලය. අලුතින් ඉපදුන දරුවාගේ සිට වයසට ගොස් ඇඳටම සීමා වූ කෙනා දක්වා විදුලිය ඕනෑ කරනවා. විදුලිය කියන්නේ ජනතාවට අත්‍යවශ්‍ය දෙයක්. විදුලිය නොමැතිව කිසි දෙයක් කරන්න බැහැ. ඒත්, මේ සඳහා පිරිවැයක් ගෙවිය යුතුයි කියා මිනිස්සුන්ට අමතක වෙලා. විදුලි පාරිභෝගිකයන් මිලියන 7ක් සිටිනවා. ජනතාව මිලියන 21ක් සිටිනවා. මේ මිලියන 21ටම විදුලිබලය අත්‍යවශ්‍යයි. මේ අයට අනිවාර්යයෙන් විදුලිය සැපයිය යුතුයි.

අපේ රටේ කළමනාකරණය පිළිබඳ කිසිවක් නොදන්නා දේශපාලනඥයන් පිරිසක් විසින් රටේ ආර්ථිකය නැත්තටම නැති කරලා තියෙන්නෙ. ඒ වගකීමෙන් ඒ අයට නිදහස් වෙන්න බැහැ. 200ට තිබුණ ඩොලර් එක 365 ගියේත්, රුපියල් 200ට තිබුණ පෙට්‍රල් ලීටරය 550ට ඉහළ ගියේත් ඒකයි. මේ වැරැදි කළමනාකරණය නිසා තමයි රටේ ජනතාවට ආර්ථික අපහසුතා ඇති වී තිබෙන්නේ. මිනිසුන්ගේ කාලය වැඩිපුරම ගතවෙන්නේ පෝලිම්වල. මේ ආකාරයට ගොස් විදුලි බිල වැඩි නොකළොත් පැය 12ක් විදුලිය කපන්න සිදු වුණොත් මොකද වෙන්නේ ? පහුගිය මාස දෙක තුළ ජනතාව පාරට බැහැලා අරගල කළේ විශේෂයෙන් විදුලිය කැපීමට එරෙහිව.

විදුලි බිල වැඩි කිරීම ලාභ ලැබීමක් නොවෙයි. වැය යන පිරිවැය අය කර ගැනීමක් පමණයි සිදු වන්නේ. එයිනුත් කිසියම් සහනාධාරයක් රජයෙනුත් අරගෙන මෙය කර ගෙන යෑමටයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව උත්සාහ ගන්නේ.

l ඉන්ධන හිඟ වීම නිසා දිනකට විදුලි කප්පාදුව තව දුරටත් වැඩි වීමක් කරන්න යනවා ද?

අගමැතිතුමා වරක් කිවුවා පැය 15ක් විදුලිය කපනවා කියලා. ඇමැතිතුමා කිවුවා ජුනි 01දා සිට කපන්නේ නැති බව. යූනියන්වලින් කිවුවා පැය 15ක් කපන්න ඕනෑ කියලා. අපට තේරෙන විදියට විදුලිය කැපීම තව වසර එකහමාරක් පමණ ඉදිරියට යනවා. එයට හේතුව තමයි පෙබරවාරි-අප්‍රේල් කාලය තුළ ජලය නැහැ. දැන් තිබෙන ගැටලුව තෙල් නොමැති වීම. තෙල් නැති වුණත් මේ සතියේ විදුලිය කපන්නේ පැය තුනයි. නොරොච්චෝලේ බලාගාරය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා වසා තිබෙනවා. මෙය තව දින 60කින් පමණ විදුලි පද්ධතියට එකතු වෙනවා. දැවි තෙල් නැවක් ආපු නිසා ඊළඟ සුමානෙටම අපට තෙල් අවශ්‍ය පමණ තිබෙනවා. IOC එකත් සමඟත් කතා කරලා ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක් පමණ ගන්න අප උත්සාහ කරනවා. මහජන උපයෝගිතා කොමිසම විදියට අපට අදාළ වුණත් නැති වුණත් අප ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. අපේ බලාපොරොත්තුව අඩුවෙන් විදුලිය කපලා කෙසේ හෝ මහජනතාවට සහනයක් සැපයීම. ඒත්, තෙල් නැතිම තත්ත්වයක් ආවොත් විදුලිය කප්පාදුව පැය 15කට නොවෙයි අවම වශයෙන් 3-4කට වත් සීමා වෙයි.

l බලශක්ති ඇමැතිවරයා එක දෙයක් කියන්නෙත්, මහජන උපයෝගිකා කොමිසමේ සභාපති ලෙස ඔබ තවත් දෙයක් කියන්නෙත් ඔබ දෙදෙනා අතර මේ සම්බන්ධව කිසියම් එකඟතාවක් සිදු වන්නේ නැද්ද?

පසුගිය මාස හය තුළ බලශක්ති ඇමැතිවරු හතර දෙනෙක් සිටියා. නමුත්, එක කොමිසමයි තිබුණේ. රජයට උපදෙස් දෙන්නේ කොමිසම. ඇමැතිතුමා කොමිසමෙන් සහ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් හැම දේම විමසන්න ඕනෑ. ඒත්, දැන් ඉන්න ඇමැතිතුමා කිසිවකුගෙන් කිසි දෙයක් විමසන්නේ නැතුව අදහස් ප්‍රකාශ කරනවා. එවිට ජනතාව ව්‍යාකූල වෙනවා. ඒ නිසා අප කොමිසමක් හැටියට හැම වෙලාවෙම දත්ත පරිශීලනය කරලා සාධාරණ විදියට ඉදිරිය ගැන කතා කරනවා.

l මේ රටේ විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය විදියට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ගන්නා සාධනීය ක්‍රියාමාර්ග මොනවා ද?

මේ විදුලි කප්පාදුව අවස්ථාවේදීත් අප හැම වෙලාවෙම උත්සාහ කළේ අඩුම පැය ගණනක විදුලිය කප්පාදුවක් කරලා මහජනතාවට සහනයක් දෙන්න. මේ අවස්ථාවෙදිත් අප විශාල පරිශ්‍රමයක් දරනවා, හැම ආයතනයකටම කතා කරලා අවශ්‍ය ඉන්ධන ලබා ගන්න. නමුත්, මේ ආයතනයට හැම වෙලාවෙම තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න බැරි ගැටලු තිබෙනවා. ශ්‍රී ලංකාවට තෙල් ගේන්න මුදල් නැතිනම් ඒ සඳහා හැකියාවක් නොමැති නම්, එවිට අපට තාක්ෂණික ගැටලුවක් මතු වෙනවා. ඒ වගේම අපට ගල් අඟුරු තිබෙන්නෙත් සැප්තැම්බර් මාසය දක්වා පමණයි. ඔක්තෝබර් මාසයෙන් පසු අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ආනයනය කිරීමේ කටයුතු දැන් ආරම්භ කරන්න ඕනෑ. ඒ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 600ක් පමණ අවශ්‍ය වෙනවා. මේ ගල් අඟුරු ප්‍රමාණය මිල දී නොගත්තොත් ලබන වසරේ අනිවාර්යයෙන් පැය 12ක් වත් විදුලිය කපන්න සිදු වෙනවා.

දැන් තිබෙන විදුලි කප්පාදුව ගැන අප ආණ්ඩුවට කිවුවේ 2016දී. අප කල් ඇතිව ආණ්ඩුවට දැනුම් දෙනවා, ආණ්ඩුව ඒ සඳහා ඉක්මනින් පියවර ගත යුතුයි.

l විදුලිය බෙදා හැරීමට තවත් ආයතන හතරකට බලපත්‍ර දීමට බලාපොරොත්තුක් තිබෙනවා ද?

ඔව්. අප මේ ක්‍රියාදාමය ආරම්භ කළේ මාස 6ට කලින්. LECO හොඳින් වැඩ කර ගෙන යනවා. විදුලිය ක්‍රියාත්මක කෙරෙන ක්‍රම තුනක් තිබෙනවා. විදුලිය නිපදවීම, විදුලිය සම්ප්‍රේෂණය කිරීම සහ විදුලිය බෙදාහැරීම වශයෙන්. විදුලිය නිපදවීම වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ පෞද්ගලික ආයතන මඟින්. ඒවගේම රජයේ මහවැලි වැනි ආයතන මඟින් සහ විදුලිබල මණ්ඩලයේ ආයතන මඟින්. සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන්ම කරන්නේ විදුලිබල මණ්ඩලයෙන්. විදුලිය බෙදා හැරීම දැනට කරන්නේ විදුල මණ්ඩලය සහ LECO ආයතනය මඟින්. විදුලිබල මණ්ඩලයේ ඵලදායිතාව තව වැඩි කර ගන්න LECO එකට දුන්නා වගේ අප තව බලපත්‍ර 4ක් නිකුත් කරනවා. මෙය පෞද්ගලීකරණය කිරීමක් නොවෙයි. මෙහිදී සිදු වන්නේ සම්ප්‍රේෂණය වෙන් කරලා බෙදා හැරීම විමධ්‍යගත කිරීමක්. එය අප ඉදිරි මාස දෙක-තුන ඇතුළත කරනවා.

l මේ දිනවල පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය හදාරන්නේ ඔන්ලයින් ක්‍රමයට. මේ නිසා දිවා කාලයේදී සිදු කරන විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කරන්නේ නැද්ද?

පාසල් පද්ධතිය සහ අත්‍යවශ්‍ය තෙල් ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට රජයට නොහැකි නම්, අප කොහොම ද ඔන්ලයින් එකයි, තෙලුයි කළමනාකරණය කරලා මේවාට පිළිතුරු සොයන්නේ ? පාසල් පද්ධතිය ගෙන යෑම රජයේ ක්‍රියාමාර්ගයක්. දිවා කාලයේ විදුලි කප්පාදුවක් නොකර සිටීමට නම්, තෙල් විශාල ප්‍රමාණයක් ඕනෑ.

චතුමී පිටිපන

 

රටට දැනෙන මිනිසෙකුගේ නික්ම යෑම

$
0
0
ජුලි 4, 2022 01:00

(මෙම ලිපිය ඡ්‍යෙෂ්ඨ නීතිිඥ ගෝමින් දයාසිරි මහතාගේ අභාවය නිමිත්තෙනි)

මේ සටහන තබනුයේ, ඊයේ අවසන් ගමන් ගිය ගෝමින් දයාසිරි වෙනුවෙනි. ගෝමින්ගේ පියා, සිංහල බෞද්ධ ජාතිකවාදියකු වූ එන්. ක්‍යු ඩයස් හෙවත් නීල් ක්වින්ටස් ඩයස් මහතාය. පාණදුරේ උපත ලැබූ ඔහු එන්. ක්‍යු අධ්‍යාපනය ලබා ඇත්තේ ත්‍රිත්ව විද්‍යාලයෙනි. එකල තිබූ ලංකා සිවිල් සේවයට (CCS) බැඳුණු ඔහු ආනන්දයේ මෙත්තානන්ද මහතා සමඟ සමීපව වැඩ කටයුතු කළේය. සිවිල් සේවකයකු වූ එන්. ක්‍යු ඩයස් ජාතික ඇඳුමින් සැරසී සිටියේය. අබෞද්ධයන්ගේ පාරාදීසයක් වූ ලංකා යුද්ධ හමුදාවට සිංහල බෞද්ධයන් බඳවා ගැනීමට කටයුතු කරන ලද්දේ එන්. ක්‍යු හා මෙත්තානන්ද විසිනි. එන්. ක්‍යු ඩයස් ආරක්‍ෂක ලේකම්ව සිටියදී ආනන්ද නාලන්ද ආදී පාසල්වලින් හමුදාවට බඳවා ගන්නා ලදී. මා හිතන්නේ එසේ නොවන්නට හමුදාව අබෞද්ධ නායකත්වයක් යටතේ දිගින් දිගටම තිබිණි නම් අපට නන්දිකඩාල් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට නොහැකි වීමට තිබුණු බවයි. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට විරුද්ධව 1962 හමුදා පොලිස් කුමන්ත්‍රණය මෙහෙය වූයේ අබෞද්ධයන් බව අමතක නොකළ යුතුයි.

ගෝමින් දයාසිරි සම්ප්‍රදායානුකූලව නම්, ගෝමින් ඩයස් විය යුතුව තිබුණි. එහෙත්, සිංහල බෞද්ධ ජාතිකවාදියකු වූ ඔහුගේ පියා ඩයස් නම අතහැර දයාසිරි නාමය තම පුතාට යොදා ඇත. එමෙන්ම ත්‍රිත්ව විද්‍යාලයේ උගත් ඔහු තම පුතා, ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් නොකර ආනන්ද විදුහලට ඇතුළත් කර තිබේ. එය ගෝමින්ගේ මවට හිත් වේදනා ගෙන දුන්නක් බව කියැවේ. ඇය ශාන්ත තෝමස් විදුහලට සම්බන්ධ ඥාතීන් සිටි අයෙකි. එකල ආනන්ද විදුහල සැලකුණේ ට්‍රෑම් රථයෙන් පාසල් ගිය සිසුන් සිටි දෙවැනි පන්තියේ පාසලක් ලෙසටය. ගෝමින්ගේ මවත් ඇගේ ඥාතීනුත් ගෝමින් ආනන්දයට ඇතුළත් කිරීම මෝඩ වැඩක් ලෙස සලකා තිබේ. ගෝමින් ඒ බව පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කර ඇත. ත්‍රිත්ව විදුහලට ගිය ගෝමින්ගේ පියා ගෝමින් ආනන්දයට ඇතුළත් කළත් ආනන්දයේ ඉගෙන ගත් ඇතමුන් තම පුතුන් රාජකීය විදුහලට ඇතුළත් කළ බව අමතක නොකළ යුතුයි.

මා ගෝමින් හඳුනා ගත්තේ ජාතික ව්‍යාපාරයෙහි යෙදීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඔහු වෘත්තියෙන් නීතිවේදියෙක් විය. නීතිඥයෝ බොහෝ විට ඒ ඒ උසාවිවල කටයුතු කරති. ඇතැම් නීතිඥයන් කටයුතු කරන්නේ ඉහළ උසාවිවල පමණකි. එහෙත් ගෝමින් කම්කරු උසාවියේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වූ සෑම උසාවියකම කටයුතු කර තිබේ. මා කොළඹ විශ්වවිද්‍යාලයට විරුද්ධව කම්කරු උසාවියේ නඩු කී දිනවල මට ගෝමින් එහිදී හමු වී තිබේ. එහිදී ඔහු සුපුරුදු පරිදි මුවඟට සිනහවක් නංවා මාගෙන් විමසා සිටියේ කොහොමද නඩුව කියාය. කම්කරු උසාවියේ මා වෙනුවෙන් පෙනී සිටියේ තවත් සිංහල ජාතිකවාදියකු වූ එස්. එල් ගුණසේකර මහතාය. ඔහුගේ සහායට සිංහල ජාතිකවාදීන් වූ තිස්ස යාපා හා කණිෂ්ක විතාරණ සිටියහ. ඔවුහු සියල්ලෝම පෙනී සිටියේ නොමිලයේය. එස්. එල් ද ගෝමින් මෙන්ම සෑම උසාවියකම පෙනී සිටියේය.

ගෝමින්, උසාවිවල සිංහල ජාතිකත්වය වෙනුවෙන් නඩු රාශියකම පෙනී සිටියේය. ඔහු පෙනී සිටි වැදගත්ම නඩුව වූයේ උතුරු හා නැඟෙනහිර පළාත් වෙන් කිරීම සඳහා වූ නඩුවයි. ඒ පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජ භූමි ලෙස සලකමින් ඉන්දියාවේ අවශ්‍යතාවට එක් කර තිබුණි. මේ නිජ භූමි කතාව පට්ටපල් බොරුවකි. ශ්‍රී ලංකාව පළාත් නවයකට අවසාන වශයෙන් බෙදා වෙන් කෙරුණේ 1889 දීය. එනම්, ආනන්ද විදුහල ද ඇති කර අවුරුදු තුනකට පසුවය. මට මතක හැටියට මා ආනන්ද විදුහලේදී පැවැත්වූ කතාවකදී ඒ බව සඳහන් කළෙමි. එසේ ඇති කරන ලද උතුරු හා නැඟෙනහිර පළාත්වල පදංචි කෙරුණේ දෙමළ කතා කළත් වෙනම ජන කොටසකි. උතුරු පළාතේ හරියට ම කියනවා නම්, අලිමංකඩින් එහා දෙමළ කතා කරන වෙල්ලාලයන් ප්‍රධාන වශයෙන් ම පදිංචි කරනු ලැබුයේ ලන්දේසීන් විසිනි. පහුගිය කාලයේ නෙදර්ලන්ත ව්‍යාපෘතියක් මඟින් මේ සම්බන්ධ තොරතුරු වෙනස් කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. වාසනාවකට එයට මුල් වූ තැනැත්තිය අද වන විට රාජ්‍ය ලේඛනාගාරයෙන් මාරු කර ඇත.

අතීතයේ අලිමංකඩ හරහා සිංහලයන් අලි ඇතුන් පිටරට යවන්න කටයුතු කර ඇත. 1956 තරම් මෑත කාලයකත් දෙමළ කතා කරන ජනයා අලිමංකඩෙන් දකණට පැමිණීමට කැමති වී නැත. ඉරණමඩු ව්‍යාපෘතියේ ඉඩම් බෙදා දීමට ඉල්ලුම් පත් කැඳ වූ අවස්ථාවේ දෙමළ කතා කරන ජනයා ඉල්ලුම් කර නැත. තම ඊනියා නිජ භූමියට ඒමට ඔවුන් අකමැති වෙලා! නිජ භූමි කතාව පසුව ඇති කර ගත් කෙප්පයකි. ඔවුන් කොළඹ පැමිණීම වෙන ම කතාවකි. ඒ ඉංග්‍රීසින් යටතේ රැකියා කිරීමටය. අනෙක් අතට වත්මන් නැඟෙනහිර පළාතේ දෙමළ කතා කරන ජන කොටසක් පදිංචි කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. දෙමළ කතා කළත් ඔවුන් වෙනස්ම ජන කොටසකි. යාපනයේ වෙල්ලාලයන් නැඟෙනහිර දෙමළ කතා කරන ජනයා කුල හීනයන් ලෙස සලකා ඇත. එසේ තිබිය දී එම පළාත් දෙක එකතු කර දෙමළ ජන වර්ගයක ඊනියා නිජ භූමියක් ලෙස සැලකීම යාපන විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ පළමු මහාචාර්යවරයා කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ මතයටත් විරුද්ධය.

උතුරු හා නැඟෙනහිර පළාත් එක් කිරීමට විරුදධව පවරා තිබූ නඩුවේ නීතිිඥයන් වූයේ එච්. එල් ද සිල්වා, එස්. එල් ගුණසේකර හා ගෝමින් දයාසිරියි. අධිකරණ තීන්දුව පළාත් දෙක වෙන් කිරීමට පක්‍ෂව ලබා දුන්නේය. එය ඓතිහාසික නඩු තීන්දුවකි. ගෝමින් හැරුණු විට අනෙක් නීතිඥයන් දෙදෙනා බෞද්ධයන් නොවූ බවත් මෙහි සඳහන් කළ යුතුයි. අද ඒ තිදෙනා ම ජීවතුන් අතර නැත. එහෙත්, ඒ තිදෙනා නොවන්නට රටේ ඉතිහාසය වෙනස් වෙන්නට ඉඩ තිබුණි.

කෙසේ වෙතත් උතුරු පළාත හා නැඟෙනහිර පළාත අද වෙන් වී ඇත්තේ නඩු තීන්දුවකිනි. එච්. එල්. එස්. එල් හා ගෝමින්ට අපට කළ හැකි හොඳම උපහාරය ඒ නඩු තීන්දුව පනතක් මඟින් තහවුරු කිරීමයි.

ගෝමින්ගේ පවුලේ අයට මාගේ සාතිශය සංවේගය පළ කරන අතරම ගෝමින්ගේ සසර ගමන කෙටි වේවායි ! කියා ප්‍රාර්ථනය කරමි.

 

ආචාර්ය නලින් ද සිල්වා


දිගාමඩුල්ල අවදි කළ මහ කළු සිංහලයා සෝමරත්න සෙනරත්

$
0
0
ජුලි 4, 2022 01:00

මෙම ලිපිය මීට වසර 30කට පෙර අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයකු මෙන්ම දිගාමඩුල්ලේ අම්පාර මන්ත්‍රීවරයකු මෙන්ම එවකට නැඟෙනහිර පළාත භාරව කටයුතු කළ දේශපාලන අධිකාරිවරයා ද වූ සෝමරත්න සෙනරත් මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙනි.

හැටේ දශකයේදී මේ රටේ බිහි වූ ඇතැම් දේශපාලන චරිත නිරායාසයෙන්ම රටේ දේශපාලන ඉතිහාසය වර්ණවත් කිරීමට සමත් වූ බව නොරහසකි. ලෝකයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන් එක් චරිතයකි. එතුමියගේ අමාත්‍ය මණ්ඩලයේ බොහෝ චරිත ද එසේමය.

සෝමරත්න සෙනරත් මහතා දකුණු පළාතේ හම්බන්තොට බෙලිඅත්ත පලපොත ග්‍රාමයෙහි උපත ලැබීය. උසස් අධ්‍යාපනයෙන් පසුව එතුමන්ට ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ රැකියාවක් ලැබිණි. එවකට ගල්ඔය සංවර්ධන මණ්ඩලය පිහිටා තිබුණේ අම්පාරේය. ගල්ඔය ජනපද පිහිටුවීමේ කටයුතු භාර සංවර්ධන නිලධාරීවරයකු වශයෙන් පනහ දශකයේ මුල් භාගයේදී ඔහු අම්පාරට ගියේය. තරුණ කඩවසම් ක්‍රියාශීලි තරුණයකු වූ සෝමරත්න සෙනරත් බිහිවන නව ජනපද ව්‍යාපාරයේ ජනපදිකයන් අතර ද ජනප්‍රිය චරිතයක් බවට පත් විය.

56 පෙරළියෙන් පසුව සෝමරත්න සෙනරත් දේශපාලන චරිතයක් බවට පත්විය. ගල්ඔය ව්‍යාපාරය තුළ පදිංචි කෙරුණු මුල් පරම්පරාවෝ නොසෑහෙන අභියෝගවලට මුහුණ දුන්හ. එම පිරිසට සෝමරත්න සෙනරත් නැමැති ගල්ඔ‍ය සංවර්ධන මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි සංවර්ධන නිලධාරිවරයා වෙතින් ලැබුණේ නොමද සහායකි. කල් යත්ම සෝමරත්න සෙනරත් දේශපාලන චරිතයක් බවට පත් විය.

ජනතාවගේ බලවත් ඉල්ලීම මත වසර 1970දී ඔහු එවකට පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. එවකට අග්‍රාමාත්‍ය ධුරයේ දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෝමරත්න සෙනරත් මහතා වෙත ප්‍රබල නියෝජ්‍ය අමාත්‍ය ධුරයක වගකීම පැවරුවාය. එනම් ඉඩම් සංවර්ධන සහ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය තනතුරට හෙතෙම පත් කෙරිණි. එවකට ඉඩම් සංවර්ධන හා විදුලිබල අමාත්‍යවරයා වූයේ මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූ මෛත්‍රීපාල සේනානයක මහතාය.

එවක නියෝජ්‍ය අමාත්‍ය ධුරය හැඳින් වූයේ උප ඇමැති කියායි.

මට සිතෙන ආකාරයට අදට වඩා එදා උප ඇමැතිවරයා ප්‍රබලයෙකි. ඔහු සතුවූ බලතල සංවිධානාත්මකය. පසු කාලීනව රජය ඔහු නැඟෙනහිර දේශපාලන අධිකාරි යන තනතුරුවලටද පත් කෙරිණි.

සෝමරත්න සෙනරත් යනු ඉතා දක්ෂ දේශපාලකයෙකි. උතුම් මිනිසෙකි. කාර්යශූර නායකයෙකි. ඔහුගේ සේවා කාලය තුළදී ගල්ඔය ගොවිජනපදවල තිබුණු ඉඩම් වාරිමාර්ග මෙන්ම විදුලිය වැනි ප්‍රශ්න නිරාකරණය කෙරිණි. නැඟෙනහිර පළාතේ පදිරිප්පුව, කල්මුණේ, එරාවුර්, වාලච්චේන, මඩකලපුව, අක්කරපත්තුව, පොතුවිල් වැනි ඡන්ද කොට්ඨාසවල සංවර්ධන කටයුතු කෙරෙහි සිය අවධානය යොමු කර අදටත් පවතින මහඟු සේවාවන් රැසක් ඉටුකරලීමට සමත් වූ සෝමරත්න සෙනරත් යනු සැබෑ ජනතා පුත්‍රයෙකි.

එකල ගුරු විද්‍යාලවලින් පුහුණුව ලබා පිහිටවන විට අනිවාර්යෙන්ම දුෂ්කර පළාතක සේවයට යා යුතුය. මාද එසේ මහනුවර ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෙවසර පුහුණු කාලය නිමවා දුෂ්කර සේවය සඳහා 1972 දී අම්පාර දිස්ත්‍රික්කයට පත් කෙරිණි. ඒ උහන කුමාරිගම විද්‍යාලයටය. වසරක සේවා කාලයකින් පසුව මධ්‍යම කඳවුර සියඹලාවැව විද්‍යාලය වෙත මට ස්ථාන මාරුවීමක් ලැබිණි. 1974 වන විට මට එම විද්‍යාලයේ විදුහල්පතිකම ද ලැබිණි. නව විදුහල්පතිවරයකු වශයෙන් මට එම විද්‍යාලය මෙන්ම ගම ද දියුණු කිරීමට සිතිණි. මේ සඳහා දේශපාලන හයියක් ගැනීමට සිදු විය. එවකට පළාතේ මන්ත්‍රීවරයා වූයේ ඉඩම්, ඉඩම් සංවර්ධන සහ විදුලිබල සංවර්ධන උප අමාත්‍ය සෝමරත්න සෙනරත් මහතායි. මා විදුහල්පතිවරයා වශයෙන් ඔහු වෙත ලිපියක් යොමු කෙළෙමි. මා ලිපියෙන් ඉල්ලා සිටියේ මගේ පාසලට විදුලිය ලබා දෙන ලෙසය. ළමයින් තුන් හාරසීයක් ඉගෙන ගන්නා සිසුදරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වේදිකාවක් තනා දෙන ලෙස ද, සියඹලාවැව ජනපදවාසීන්ගේ ඉඩම් ගැටලු විසඳා දෙන ලෙසටත්, ගමට විදුලිය දෙන ලෙසටත් මගේ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

අද මෙන් සන්නිවේදන පහසුකම් නොදියුණු එකල මට සෝමරත්න සෙනරත් ඇමැතිවරයා වෙතින් ලිපියක් ලැබිණි. එහි කෙටියෙන් සඳහන් වූයේ ලිපිය ලද බවත් වහාම පැමිණ එතුමන්ව මුණගැහෙන ලෙසත්ය. කිසියම් චකිතයක් මා තුළ ඇති වුවද මා අම්පාරට ගොස් ඔහුගේ කාර්යාලයේදී ඔහු මුණගැසුනේය. "ආ.. සහෝදරයා බොහොම සන්තෝසයි අඳුන ගන්න ලැබීම"මා සෝමරත්න සෙනරත් ඔබ සීලරත්න සෙනරත් (සිනා) නමත් ගැළපෙනවා විදිහත් එකවගේනේ සහෝදරයා අපි එකතු වෙලා වැඩ කරමු. සහෝදරයාගේ ඉල්ලීම් සියල්ල වහාම ඉටු කරන්න කියා මා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. තව මොනවහරි තිබ්බොත් කියන්න."යනුවෙන් ඔහු කියා සිටියේය.

මා ඔහුගෙන් සමුගෙන පාසල වෙත පිය නැඟුවේ ඉමහත් ජයග්‍රාහී විලාසයෙනි. මා ගුරු දෙගුරු රැස්වීමක් කැඳවා මේ සුබ ආරංචිය ඔවුන් වෙත ලබා දුන්නේය. දින සති මාස ගත විය. මා ලිපියෙන් ඉල්ලූ කරුණු සියල්ල එකින් එක පල දැරීය. සියඹලාවැව විද්‍යාලයට පමණක් නොව ගමට ද පන්සලට ද විදුලිය ලැබිණි. විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති වේදිකාවක් ද තැනිණි.

එවකට සිරිමාවෝ බණ්ඩාරනායක රජය ආරම්භ කළ දේශීය ආර්ථිකය නංවාලීම පිණිස පිටරටින් ආනයනය කළ දුරු, මිරිස්, පරිප්පු, සහල්, ආදිය ආනයනය කිරීම නවතා ඒවා රට තුළම වගා කිරීමේ වගා සංග්‍රාමයක් ආරම්භ කෙරිණි. මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් අම්පාර පුරා පැවැත්වීමට සංවිධාන කෙරිණි. එහි වගකීම ඇමැතිවරයා මා වෙත පැවරුවේය. එහිදී මා සොමරත්න සෙනරත් මහතා වෙත හඳුන්වා දුන් එක් චරිතයක් ගැන කිව යුතුය. ඔහු පසුකාලීනව අම්පාරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ කරුණාරත්න තෙවරප්පෙරුම මහතාය.

1976දී නවක ගුරුපත්වීම් දුන්නේ මාගේ නිර්දේශය මත බව මට මතකය. නියමිත සුදුසුකම් මත ගුරුපත්වීම් ලද සියඹලාවැව ප්‍රදේශයේ දරුවන් අද විදුහල්පති තනතුරු ගැනීමට වාසනාවන්ත වී සිටිති.

එවකට සාමාන්‍ය දෙමළ දැනීමක් තිබූ මාව සෝමරත්න සෙනරත් මහතා නැඟෙනහිර පදිරිප්පුව, කල්මුණේ, අක්කරෙයිපත්තුව, පොතුවිල් සහ මඩකලපුව වැනි මැතිවරණ කොට්ඨාසවල දේශපාලන රැස්වීම් සඳහා කැඳවාගෙන ගියේය. ඔහුගේ කතා දෙමළ බසට පරිවර්තනය කළේ මා විසින්ය.

සෝමරත්න සෙනරත් මැතිනිය ගැනද වචනයක් කිව යුතුය. ඇය නියම ගෘහනියක් පමණක් වූවාය. කිසිවිටකත් තම ස්වාමියාගේ රාජකාරියෙන් කොටසක් ඉටු කිරීමට නොගියාය. එකම දියණිය නෙලුමටද තම පියාගේ දේශපාලන උණුසුම වැදී නැතැයි මට සිතේ. ඇය පසුව ගුවන්සේවිකාවක් වූවාය. සෝමරත්න මැතිනිය එම නිවෙසට පැමිණෙන සියලුම දෙනාට තේ පැන් ආහාරපානවලින් සංග්‍රහ කළාය. මෙවන් චරිත අද විරලය. දිවංගත සෝමරත්න සෙනරත් මැතිඳුන්ට මා නිවන් සුව පතමි.

අම්පාර ප්‍රදේශයේ ගල්ඔය මිටියාවතට නොමැකෙන සේවයක් ඉටු කළ‍ ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයා 1977 මහ මැතිවරණයේදී “ කෘතවේදී අම්පාරේ ජනතාව” සිය කෘතවේදිත්වය පළ කරමින් අන්ත පරාජයට පත් කළේය.

මාධ්‍යවේදී - සීලරත්න සෙනරත්

යෝධ ශක්තියක්වන් ආත්ම ශක්තිය

$
0
0
ජුලි 4, 2022 01:00

ගෝලීය කොවිඩ් ව්‍යසනය සාර්ථකව පාලනය වීමත් සමඟ මේ වන විට එම ව්‍යසනයේ භීතිය පහව ගොස් ඇත. එහෙත් එය පරයා මේ වන විට රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක භීතියක් හටගෙන තිබේ. රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එය කොවිඩ් ව්‍යසන සමයටත් වඩා රටේ ජනතාවගේ ජන ජීවිතය අඩාළ කිරීමට සමත්ව තිබේ. අද වන විට මහමග ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව හැරෙන්නට පාරවල් පාළුවට ගොසිනි. තෙල් පෝලිම්වලට ගාල් කර තිබෙන වාහන හැරෙන්නට මහමග ධාවනය කෙරෙනුයේ සුළු ප්‍රමාණයකි. බොහෝ කඩසාප්පු ද වසා දමා තිබෙන අතර විවෘත කර තිබෙන වෙළඳසැල්වල ජනතාව පෙනෙන්නට නැත. ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වූ රටේ ආර්ථික අර්බුදය මේ වන විට දරුණු තැනකට පැමිණ තිබේ. මේ තුළ ඉන්ධන අර්බුදය අද වන විට රටේ ගැටලු රැසක ප්‍රමුඛ අර්බුදය බවට පත්ව ඇත. මෙනිසා ජනතා පීඩනය අද පුපුරා ගොසිනි. ඒ පීඩනය පිටකරන්නට තරම්වත් ජනතාවට ශක්තියක් නැත. බොහෝ ජනයා තම බලාපොරොත්තු

අතහැර දමා ඇති බවක් පෙනේ. කොවිඩ් ව්‍යසන සමයට වඩා මලානික බවක් ඒ මුහුණුවල පෙනේ.

දෛනික කොවිඩ් මරණ දෙසිය ඉක්මවා ගිය වකවානුවක් අපට තිබිණි. 3000-4000 ඉක්මවූ දෛනික කොවිඩ් රෝගීන් පිරිසක් එදා රට තුළ වාර්තා විය. ඔක්සිජන් අවශ්‍යතාව සියයට හාර පන්සියකින් ඉහළ ගියේය. රෝහල් ධාරිතාව ඉක්මවා ගියේය. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන දහස් ගණනින් ආරම්භ කෙරිණි. බරපතළ කොවිඩ් ව්‍යසනය තුළ රට විශාලාවක් වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළහ. එහෙත් අද වන විට තත්ත්වය බොහෝ වෙනස්ය. ව්‍යසනය සාර්ථකව පාලනය වී තිබේ. ගෙවුණු මාසය තුළ දින හතරක පහක හැරෙන්නට කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවිණි. එසේ වාර්තා වූ දින කිහිපයේද දෛනිකව වාර්තා වූයේ එකම මරණයකි. දෛනික ආසාදිතයන් ප්‍රමාණය ද 10-15 ට අඩු පිරිසකි. මෙවැනි පාලනයකට වසර දෙක හමාරකට වඩා ගත විණි. ගෝලීය ව්‍යසනයෙන් දැඩිව බැට කෑ රටේ ජනයා ඉන් හිස එසවීමටත් මත්තෙන් මේ වන විට ආර්ථික, සමාජ, දේශපාලනික අර්බුද රැසකට මැදිව තිබේ. ආර්ථික අර්බුදය හරහා නිර්මාණය වූ මෙම ගැටලු ගොන්න මේ වන විට කොවිඩ් නිසා අසරණ වූ ජනයාට "ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනිය."

මේ අර්බුදය මත්තේ කිසිවකුට ජීවිත බිලි දිය නොහැකිය. කිසිවකුට අර්බුදයෙන් පළා යාමට ද නොහැකිය. ගෝලීය ව්‍යසනයට අසීරුවෙන් මුහුණ දුන් අයුරින් මේ අර්බුදයටද සීරුවට මුහුණ දිය යුතුය. ඒ හැර කළ හැකි දෙයක් නොමැත. අර්බුදයට පශ්චාත් පරීක්ෂණ පැවැත්විය හැකිය. දිගින් දිගටම අර්බුදයට හේතු සොයා ඒ මත්තේ දිව යා හැකිය. ඒ තුළ තව තවත් සිදුවනුයේ වගුරු හෙළකට වැටුණු අයෙකු තව තවත් ගැඹුරට කඩාගෙන යාමය. එහෙත් අප කළ යුත්තේ ඉන් ගොඩ ඒමය. මේ වන විට රට මුහුණ පා ඇත්තේ අසීරුම සති කිහිපයටය. එහෙමත් නැත්නම් අමාරුම කාලවකවානුවටය. දිගින් දිගටම ජනතාව මුහුණ දුන් අසීරු පසුබිම තුළ තව තවත් එයට මුහුණ දිය නොහැකි ලෙස අපේ මිනිස්සු හැම අතින්ම කඩාවැටී ඇති බව පෙනේ. ඒත්, ඉතිහාසය පුරා හැම ජාතික ව්‍යසනයකදීම අපේ මිනිස්සු පුදුමාකාර ආත්ම ශක්තියකින් අභියෝග හමුවේ අභියෝගාත්මකව එයට මුහුණ දුන්නේ ලෝකය මවිත කරමිනි. කිසිවකුට පරාජය කළ නොහැකි යැයි කියූ දශක තුනක ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි විය. රටේ ජනතාව ඒ වෙනුවෙන් අසීමාන්තික කැපකිරීම් කළහ. සුනාමියෙන් දරුණු ලෙස බැට කෑ ජනතාව වැඩි කලක් නොයන්නට පෙර ඉන් ගොඩ ආහ. ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් ව්‍යසනය හමුවේ දරුණු කඩාවැටීමකට ලක් වන විට අපට එය සාර්ථකව පාලනය කර ගැනීමට හැකි විණි. ගංවතුර, නියං හමුවේ අනෙක් රටවලට වඩා ඉක්මනින් නැගී සිටීමේ හැකියාව අපට තිබිණි. චීන මානුෂීය ආධාර වැඩසටහන යටතේ ඖෂධ තොගයක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තාවකාලික තත්ත්වයක් බවත් එවැනි අර්බුද හමුවේ මුහුණ දීමේ දැවැන්ත ආත්ම ශක්තියක් ශ්‍රී ලාංකීය ජනතාවට පවතින බවයි. දිගුකාලීන චීන ශ්‍රී ලංකා සබඳතාවයේ අත්දැකීම් තුළ කලාපීය රාජ්‍යයක් සතු ඒ ආත්ම ශක්තිය හොඳින්ම වැටහෙන බව චීන තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ඉතිහාසය පුරා රට මුහුණ දුන් හැම අභියෝගයකටම සාර්ථකව මුහුණදීමට හැකිවුණේ මේ ආත්ම ශක්තිය නිසාවෙනි. අද ද බොහෝ දෙනෙක් දරාගත නොහැකි පීඩනය හමුවේ දැවැන්ත ආත්ම ශක්තියකින් ක්‍රියා කරනු පෙනේ.

ලොව පුරා රටවල් රැසක් මේ වනවිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබේ. ආර්ථික අර්බුදය හරහා නිර්මාණය වූ ආහාර, ඉන්ධන, විදුලිය ඇතුළු අනෙකුත් අර්බුද හමුවේ එම රටවල් ද දැඩි පීඩනයකට ලක්ව තිබේ.

අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ගෝලීය වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල යළිත් ඉහළ ගොස් තිබේ.මේ තුළ ආර්ථික වර්ධනය මන්දගාමී තත්වයට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ. වසර 14 කට පසු පළමු වරට තායිලන්තයේ උද්ධමනය ඉහළ ගොස් තිබේ. මේ තුළ එරට පොලී අනුපාත ඉහළ නැංවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස තායිලන්ත ආර්ථිකය හැඳින්වෙන අතර මේ කඩාවැටීම තායිලන්තයට පමණක් නොවේ කලාපීය ආර්ථිකයටම බරපතළ තර්ජනයක් බව පෙන්නුම් කෙරේ. ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව බ්‍රිතාන්‍ය මේ වනවිට දරුණු උද්ධමනයට මුහුණ දෙමින් සිටී. එරට පෙට්රල් මිල ඉහළ යෑමත් සමග මෙම උද්ධමන තත්ත්වය වැඩි කලක් පවතිනු ඇති බැව් පෙනේ. වසරක් තුළ එරට ගෑස් මිල 95% කින්, ගෘහස්ථ විදුලි බිල 54%;කින්, ඉන්ධන මිල 40% කින් වැඩි වී තිබේ.

මේ වන විට ලෙබනනයද දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අතර ඔවුන් ද බරපතළ ණය බරකට මුහුණ දෙමින් සිටිති. තවත් පැත්තකින් ඔවුහු විදුලි අර්බුදයකට මුහුණ පාමින් සිටිති. ලිබියාව ද මේ වන විට බරපතළ විදුලි අර්බුදයකට මුහුණ පා තිබේ. පාකිස්තානය ඉන්දියාව වැනි කලාපීය රටවල්හි විදුලි අර්බුද සේම පකිස්ථානයේ ආර්ථික අර්බුදය ද බරපතළ මට්ටමක පවතී. සමස්ත ගෝලීය ආර්ථිකයම මේ වනවිට බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති අතර 2021 දී 5.5.%ක් වූ ගෝලීය ආර්ථික වර්ධන වේගය මේ වසරේදී 4.1 % ක් දක්වා අඩුව තිබේ. කොවිඩ් ව්‍යසනය රාජ්‍යයන් අතර දරුණු යුද ගැටුම් මෙන්ම දිගුකාලීන ආර්ථික කඩාවැටීම් ගෝලීය ආර්ථික කඩාවැටීම් නිර්මාණය වීමට බල පා තිබේ.

එක් පැත්තකින් ගෝලීය ආර්ථික අර්බුදයත් ඒ තුළ මැදිවූ අපේ පුංචි ආර්ථිකයේ බරපතළ කඩා වැටීමත් හරහා නිර්මාණය වූ අර්බුද ගොන්න තුළ රට දැවැන්ත අර්බුදයකට මුහුණ පා තිබෙන මේ අභියෝගාත්මක වකවානුව කෙසේ හෝ අපට ජය ගත යුතුව තිබේ. බොහෝ විට අප මේ ගෙවනුයේ අසීරුම වකවානුව වනු ඇත. ඒක හරියට යුද්ධයේ උච්චතම මොහොතට මුහුණ දුන්නා වැනිය. කොවිඩ් ව්‍යසනයේ එක දවසට දෙසීය තුන්සීය මිය ගොස් හාර පන්දාහ රෝගීන් වාර්තා වුණු වකවානුව සේය. අද අප ඒ අභියෝග පසුකර අවසන්ය. මේ මුහුණ දෙන ආර්ථික අර්බුදය ද අනෙක් අර්බුද සේ ජය ගැනීමට අපට බැරි නැත. අන් සියල්ලන්ට වඩා අප සතු ආත්ම ශක්තිය මේ අර්බුදය ජය ගැනීමට අපට යෝධ ශක්තියක් වනු ඇත.

ඉන්දික පොල්කොටුව

පීලි පමණයි - කෝච්චි නෑ කරවනැල්ලේ පුංචි ආදර කතාව

$
0
0
ජුලි 5, 2022 01:00

කරවනැල්ල සිට අවිස්සාවේල්ල දක්වා පාරේ ගමන් කරන විට මඟ දෙපස නටබුන් පාලම්, පැරණි බෝක්කු, පැරණි දුම්රිය පොළ ආදී අවශේෂ දැකිය හැකිය. මේවා මහමඟ යනෙන විමසිලිමත් ජනතාව තුළ කුතුහලයක් ජනිත කරයි. විමසන්නාට ඒ පැරණි දුම්රිය මඟක නටබුන් බව දැන ගන්නට ලැබෙයි. දුම්රිය මගේ අතීතය ඔබ හමුවේ දිග හරින්නට පෙර එමඟ අතීතයට එක් කරමින් වසා දැමූ 1941 දෙසැම්බර් 31 වනදා දක්වා අතීතයට ගමන් කිරීම මැනවැයි මට සිතේ.

ඔව්, ඒ විශේෂිත දවස හරියට ම 1941 දෙසැම්බර් 31 වනදා ය. යටියන්තොටින් ගමන් ඇරඹි දුම්රිය කරවනැල්ලට ළඟා වෙමින් තිබිණි. දුම්රිය පොළට මෙපිටින් වූ සිග්නල් කණුවේ සිග්නල් වැටුණේ ද ඕනෑවට එපාවට මෙනි. දුම්රිය පදවන නියාමකයා සහ සහායකයා කතා බස් කළේ ඉතා අඩුවෙනි. වෙනදා තෙපළන කෙළිකවට වදන් හුවමාරු වූයේ නැති තරම් ය. කරවනැල්ලෙන් අවිස්සාවේල්ලට යන්නට මගීන් සිටියේ ටික දෙනකු වුවද අන්තිම දුම්රිය දකින්නට සෑහෙන පිරිසක් දුම්රිය පොළට පැමිණ සිටියහ. සිරිත් පරිදි කරවනැල්ලෙන් දුම්රියට ගල් අඟුරු දමන විට ද වෙනදා කඩිසරකම දෙදෙන තුළ නොතිබිණි.

ලොකු සවල්වලින් ගල් අඟුරු ගෙන ගිනි සැර දමන ඇන්ජිමට යොදන විට වෙනදා මෙන් කෙළි කවට වදන් හුවමාරු නොවූ තරම් ය. කරවනැල්ලෙන් පිටත් වන්නට හූ හඬින් නලා පිඹින විට රියැදුරු සිය සහායකයා දෙස බැලී ය. සහායක තැනගේ නෙතඟ කඳුළු බිඳුවක් තිබිණි. මේ අන්තිම දුම්රියයි. ඉතින් යළි කිසිදා යටියන්තොට සිට අවිස්සාවේල්ලට අඟුරු කකා වතුර බිබී පුංචි කෝච්චිය නොදුවනු ඇත. දුම්රිය පදවන්නා සුසුමක් හෙළී ය.

1942 ජනවාරි පළමුවනදා සිට ආණ්ඩුවට පාඩු ලබා දෙන කැලණිවැලි පටු දුම්රිය මගේ අවිස්සාවේල්ලේ සිට යටියන්තොට දක්වා කොටස ඉවත් කරන්නට එය තැනූ සුදු ආණ්ඩුව තීරණය කොට තිබිණි. 1941 දෙසැම්බර් 31 වනදාවේ අන්තිම දුම්රිය ධාවනය වූයේ එහෙයිනි. වහාම දුම්රිය මගේ රේල්පීලි ඉවත් කරන්නට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ. හිල්ස් තීරණය කළේ ය. එසැණින් රේල්පීලි ගලවා දැමීම ඇරඹිණි.

දුම්රිය පාරේ තතු මතක තිබූ දෙදෙනකු මට 2014 වසරේ දී මුණ ගැසිණි. එක් අයකු මාගම්මන පැරණි දුම්රිය පොළ අසල සිල්ලර කඩේ හිමිකරු ‘සෝමපාල විතානගේ මාමා’ ය. අනෙක් තැනැත්තා ඒ අසල පදිංචි රියැදුරු ‘ටී. එල්. පියසේන මාමා’ ය. මේ දෙදෙන ම මට මුණගැස්වූයේ ඒ අසල පදිංචි ලංකා බැංකුවේ සේවයෙන් විශ්‍රාමිකව සිටි මා හිතවත් වීරෙ අයියා ය. (අද වන විට සෝමපාල මාමා මෙන් ම පියසේන මාමා දිවිගමන හැර ගොස් ඇති බව දැනගන්නට ලැබිණි.) දුම්රිය පාර වසා දමන වකවානුවේ සෝමපාල මාමා අවුරුදු දහහතරක පමණ කොලු ගැටයෙකි. පියසේන මාමාට අවුරුදු හය හතකට වැඩි නැත.

“ඉස්ටේසම තිබුණෙ කරවනැල්ලෙ නෙමෙයි. මාගම්මන ගමේ. ඒත් කරවනැල්ල ස්ටේසන් කියලයි ඒකට කිව්වෙ. ඉස්ටේසමට එපිටින් කරත්ත ගාලක් තිබුණ. බර කරත්ත, බක්කි කරත්ත තියාගෙන කරත්තකාරයෝ ගාලෙ ඉන්නවා. කෝච්චිය එන වෙලාවට කරත්තකාරයෝ කමන්ගෙ කරත්ත ඉස්ටේසම ඉස්සරහට ගන්නවා. කෝච්චියෙන් එන අය, ඒ අයගෙ බඩු බාහිරාදිය ගෙනියන්නෙ මේ කරත්තවලින්. අවට වතුවල සුදු මහත්වරු කෝච්චියෙන් ඇවිත් වතුවලට ගියෙත් මේ කරත්තවලින්. අපේ තාත්තටත් කරත්ත හතරක් තිබුණා.” සෝමපාල මාමා එදා මා හා කීවේ ය.

කැලණි මිටියාවතට දුම්රිය මාර්ගයක් සඳහා අඩිතාලම දැමෙන්නේ වැවිලිකරුවන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන ය. කැලණි මිටියාවතේ හා තුන්කෝරළයේ උපදින තේ, පුවක් හා බෝගල මිනිරන් කොළඹට ප්‍රවාහනය කළේ කරත්ත මඟින් නැත්නම් පාරු මඟිනි. මිනිරන් ගෙන යෑම සඳහා බෝට්ටු ද උපයෝගී කර ගැනිණි. වැවිලිකරුවන්ට වඩා ඉක්මන් ප්‍රවාහන සේවා අවශ්‍යය විය. හැව්ලොක් ආණ්ඩුකාරයා කැලණි මිටියාවතට දුම්රිය සේවය දීර්ඝ කිරීම පිළිබඳ සොයා බලන්නට කොමිසමක් 1894 මාර්තු 1 වැනිදා පත් කළේ ය. මෙම කොමිසමට ඇලෙක්සන් බේලි, සී. කිංස්ෆර්ඩ්, එච්.වී. ලසින්ටන් හා ඩබ්ලිව්.ඊ. ඩේවිඩ්සන් (කෑගලු දිසාවේ සහකාර ඒජන්ත) යන මහත්වරු අයත් වූහ.

කොමිසම හමුවේ විකල්ප දෙකක් තිබිණි. එකක් නම් වේයන්ගොඩ දුම්රිය පොළේ සිට අත්තනගල්ල, රුවන්වැල්ල, හරහා අවිස්සාවේල්ලට දුම්රිය මග තනන්නට ය. අනෙක වැල්ලවත්තේ සිට කරවනැල්ල දක්වා දුම්රිය ගෙනෙන්නට ය. කොමිසම හමුවේ මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක සියනෑ කෝරළය නියෝජනය කරමින් ද, අදිකාරම් ජේ.එච්. මීදෙණිය හා එම්. බී. එක්නැලිගොඩ රටේ මහත්තයා තුන් කෝරළය නියෝජනය කරමින් ද සාක්ෂි දුන්හ.

ප්‍රදේශයේ ඇති කඳු සහිත ස්වභාවය, යාර 330 ක උමගක් කණින්නට සිදුවීම හේතුවෙන් වියදම් අධික වීම සලකා වේයන්ගොඩ පාර මිනුම් කටයුතු නොකරම අත්හැර දමන ලදී. තීරණය වූයේ දුම්රිය මග වැල්ලවත්තේ සිට තනන්නට ය. පසුව එය ද වෙනස් වී මරදානෙන් දුම්රිය පාර ආරම්භ කරන්නටත්, කරවනැල්ලේ සිට යටියන්තොට දක්වා දීර්ඝ කරන්නටත් තීරණය විය. මෙම තීරණ ආතර් මැකින්ටොෂ් ප්‍රධාන නේවාසික ඉංජිනේරුවරයා යටත් විජිත ලේකම්ට දැන්වී ය. කරවානැල්ල සිට රුවන්වැල්ල දක්වා අතුරු මගක් යෝජනා වුව ද එය හුදෙක් යෝජනාවකට සීමා විය.

(1993 පෙරමග සඟරාවේ යූ.ඩී. දිසාරත්න මහතාගේ නමින් පළවූ කැලණිවැලි දුම්රියේ ඉතිහාසය නම් වූ ලිපිපෙළකින් දුම්රිය මඟ ආරම්භ වීමේ තොරතුරු ගතිමි.)

නව සියවසක උදාවත් සමඟ 1900 දී කැලණිවැලි දුම්රිය මාර්ගයේ වැඩ ඇරඹිණි. 1902 දී අවිස්සාවේල්ල දක්වා වූ මුල් කොටස ද, 1903 දී යටියන්තොට දක්වා වූ ඉතිරි කොටස ද විවෘත විය. එය අනතුරුව කුරුවිට (1911), රත්නපුර (1912), දෑල (1916), ඕපනායක (1919) දක්වා දිගු විය. මරදාන සිට යටියන්තොට දක්වා මුල් කොටස සඳහා වියදම රුපියල් 54,27,582 ශත 13 ක් වැයවූ බව 1903 ආණ්ඩුවේ පාලන වාර්තාව දක්වයි. මෙම දුම්රිය පාරේ දුම්රිය පොළ තනා ඇත්තේ එකම හැඩයකට ය. කැලණිවැලි දුම්රිය මඟ තැනුවේ ද පටු දුම්රිය මඟක් සේ ය. ඒ පාරේ දිවෙන දුම්රිය ‘පුංචි කෝච්චිය’ වූයේ එහෙයිනි.

“ඒ කාලෙ ආවෙ ගල් අඟුරු කෝච්චි. ලොකු කෝච්චියට පෙට්ටි 14 ක් තිබ්බා. දවල්ට කෝච්චියක් එනවා. රෑටත් කෝච්චියක් එනවා. මම පුංචි එකා. මම බත් කන්නෙ කෝච්චිය එන වෙලාවට. ලොකු සවල්වලින් කෝච්චියෙ ඇන්ජිමට අඟුරු දමන හැටි මට තවම මතකයි. අපේ තාත්තයි මාමයි දෙන්නම සී.ජී.ආර්. එකේ වැඩ කළා. මම දවසක් කෝච්චියෙන් දෙහිඕවිට ගියා. ටිකට් එක ශත පහයි. කෝච්චිය එන්න කලින් ඩක්කුවක් එනවා. ඒ එන්නෙ ලයින් එක බලන මහත්තයා. මිනිස්සු කිව්වෙ ‘කම්බියෙ මහත්තයා’ කියල. ඒ කාලෙ වැඩිපුර ආවේ රේල් බස්.”රේල්පාර පිළිබඳ සුන්දර මතකය අවදි කළේ මාගම්මන පියසේන මාමා ය. “මමත් රේල්බස් එකේ ගියා. ඒ තල්දූවෙ තිබුණු අශ්ව රේස් බලන්න.”

(1927 දී කැලණිවැලි දුම්රිය මාර්ගයට රේල් කාර් එක් කරන ලද බවත්, ඉන් 2931 දරන වාෂ්ප රේල් කාරය දැනටත් ලංකා දුම්රිය සේවය සතු බවත්, එය ලෝකයේ ඇති පැරණිතම රේල් කාරය බවත් යූ. ඩී. දිසාරත්න සඳහන් කරයි. පෙරමග - 1993)

“ස්ටේෂන් මාස්ටර් හිටියෙ ස්ටේසමේ උඩ තට්ටුවේ. අපේ කඩේ ළඟට පෙනෙන ඒ උඩ තට්ටුවේ ජනේලෙන් පහළට ගෑනු ළමයෙක් පැනලා මැරුණ ලු. ස්ටේෂන් මාස්ටර්ගෙ දුව. ඒ ළමයගෙ සොහොන මෑතක් වෙනකල් තිබුණා. දැන් නම් කඩාදාල.” සෝමපාල මහතා අතීතයේ ශෝචනීය කතාවක් මා ඉදිරියේ කියාපායි. ඈ ජනේලෙන් පැන දිවි හානි කරගත්තේ ඇයි? මසිත කුතුහලයක් මතු වෙයි. එහෙත් කුඩා කල ඇසූ කතාවේ වැඩි විස්තර ඔහු නොදනී.

අවිස්සාවේල්ල - යටියන්තොට දුම්රිය මාර්ගය වසා දැමීමෙන් පසු එහි දුම්රිය විවිධ කටයුතු සඳහා භාවිත විය. යටියන්තොට දුම්රිය ස්ථානය අද යටියන්තොට පොලිසියයි. දුම්රිය පොළේ සිට නගරයට යෑමට කැලණි ගඟ හරහා ඉදිකළ පාලම අද මාර්ග ප්‍රවාහන පද්ධතියට එක්වී තිබේ. දෙහිඕවිට දුම්රිය පොළ අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි. කරවනැල්ල දුම්රිය ස්ථානය පැවති තැන අද මාගම්මන කනිිෂ්ඨ විද්‍යාලයයි. විදුහල්පති කාර්යාලය පිහිටියේ ද දුම්රිය පොළ පිහිටි ඉහළ මාලයේ ය. දුම්රිය ස්ථානාධිපතිවරයාගේ නිල නිවෙස පිහිටි ඉහළ මාලය අද විදුහල්පති නිල නිවාසයයි. ප්‍රධාන භාෂා තුනෙන් ම ලියා දැක්වෙන දුම්රිය ස්ථානයේ නම තවමත් නොවෙනස්ව දක්නට ලැබේ. එහි සිංහල බසින් දුම්රිය ස්ථානයේ නම සඳහන්ව ඇත්තේ ‘කරවානැල්ල’ යනුවෙනි. ඊට යටින් මුහුදු මට්ටමේ සිට උස අඩි 102 යනුවෙන් දැක්වෙයි. එදවස දුම්රිය පාරේ ඇතැම් කොටස් අද මෝටර් රථ ප්‍රවාහනයට සරිලන සේ සැකසී තිබේ. වර්තමාන විදුහල්පති කපිල කරුණාරත්න මහතා පැරණි දුම්රිය ස්ථානය ඊළඟ පරපුරට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කර තැබීමේ යහපත් අභිලාෂයෙන් පසුවෙයි. ඊට විවිධාකාරයෙන් උපකාර කරන්නට ඔබට එකතු විය හැකිය.

එදවස පැවති කරවනැල්ල දුම්රිය පොළ ජනශ්‍රැතියට ද එක්වී ඇත්තේ ය. මතු දැක්වෙන පතල් කවිය විමසනු මැනවි.

“කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන

රුවන්වැල්ලෙ කන්තෝරුව ලියුම් දෙන

කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන

මා බෝගල පතලයි මම වැඩ කරන”

 

අපි අපි

$
0
0
ජුලි 5, 2022 01:00

හදින් හද අවිනිශ්චිත බව සහ ව්‍යාකූලත්වය මුව වැස්මෙන් ආවරණය වී ඇතුවාක් මෙනි. එහෙත් දීප්තියෙන් තොර දෙනෙත් මග හසර නොම දැන ඉබාගාතේ යන බවක් පළ කළේය. යෞවන මගීන් අතර පවා සිනා කතා නෑසෙයි. හෙට, අදට වඩා අඳුරු වන බව පමණක් නිසැක වීම ඛේදවාචකයක්මය.

අතරමඟ නතර කළ බසයට ගොඩ වූ මගියා අපහසුතාවයෙන් පෙළෙන බව දුටුවෙමි.

“එයාට ටිකක් අමාරුයි වගේ, මම නැඟිටලා එයාට වාඩිවෙන්න දෙනවා...” යි නොකියා සැණින් නැඟී සිටියේ නම් කොතරම් හොඳදැයි මට සිතිණ...

“පිස්සුද?” යි මගේ යටි සිත මා දෙස රවා බැලුවේ ය.

“ක්ලිනික් යන කෙනෙක්ද කොහෙද? අනේ අමාරුවෙන් ඉන්නෙ එයා” යි මම කන්කෙඳිරි ගෑවෙමි.

“නැඟිටින‍්නෙ එහෙම නෑ. තව කොච්චර දුර යන්න ඕනද?”

මා අවනත වූයේ මහත් ළතැවුලිනි. ගමනේ ආරම්භයේදීම ගැටුමක් ඇති කර ගැනීමෙන් ගමන කොතරම් දුෂ්කර හා අමිහිරි එකක් වනු ඇත්දැයි මට සිතිණ. එහෙත් පවතින ක්‍රමයේ ජරාජීර්ණත්වය හෙළා දකින අප අපේ ආකල්ප හා මතිමතාන්තර වෙනස් කර නොගන්නේ නම්, සහෝදර මිනිසාට සංවේදී නොවන්නේ නම් සියලු සටන් පාඨ හා අරගල අවලංගුව නොයන්නේ ද?

බල ලෝභීත්වය පිළිබඳ පාලකයාට දොස් පවරන අපි පොදු ප්‍රවාහන සේවය ලබා ගැනීමේදී අපේ අසුන අත හැර දමන්නට කොතෙක් නම් පසුබාන්නේද? සහෝදර මගියාගේ අබල දුබලකම නෙත නොගැටෙන්නට අපි භාවිතා කරන උපායයන් කීපයක්ම තිබේ. එක්කෝ අපි හොර නින්දේය. නැත්නම් දුරකතනයට එබීගෙනය. එහෙත් ඒ වෙනුවට යමකුට උපකාර විය හැකි අවස්ථාවක් පැහැර නොහරින්නට වගබලා ගන්නේ නම් එ‍යම මනුෂ්‍යත්වයේ මහිමය විදහා පානවා නේද?

“අනේ අර බලන්න එයා ඉන්නෙ හුඟක් අමාරුවෙන්. මං කොහොමද දැක දැක මෙහෙම වාඩිවෙලා යන්නෙ?” යි ඇසූ මම නැඟී සිටින්නට තැත් කළෙමි. එහෙත් ඒ සැණින් අපහසුතාව දරා ගත නුහුණු අපේ රෝගී මගියා සමීපයෙහි අසුන් ගෙන සිටි යුවතියගෙන් අසුන ඉල්ලා සිටියේය. ඇය වහා නැඟිට ඔහුට සිය අසුන පිරිනැමුවාය.

“දෙයියනේ... මොන තරම් හොඳ දරුවෙක්ද? යි මා සිතුවේ මහත් සොම්නසිනි. බසය තවත් නැවතුමක නතර කළ අතර මගීන් කීප දෙනකු ගොඩ වූහ. ඔවුන් අතරින් එක් කාන්තාවකට පසුපස ආසනය ආසන්නයෙහිම නවතින්නට සිදු වූයේ ඉදිරියට යා නොහැකි තරමට තදබදය දැඩි වූ බැවිනි. ඇය එක් අතකින් නොවැටී සිටින්නට වෙර දරමින් අනෙක් අතින් මුදල් පසුම්බිය තුළින් මුදල් නෝට්ටුවක් පිටතට ගන්නට යත්න දැරුවාය. සර්කස් සංදර්ශනයක සර්කස් ශූරියක සිහි ගන්වමින් ඇය ටිකට් පතක් ලබා ගන්නට වෙහෙසෙනි.

“හුළගෙ යයි කියලා බයයි. දොර ළඟමනේ...” යි කියමින් ඇය මුදල් පසුම්බිය මගේ ඇකය මත තැබුවාය. ඉන්පසු මුදල් නෝට්ටුවක් පිටතට ගැනීම ඇයට පහසු විය.

මා හිරිහැරයට පත් වී දැයි විමසන නිසාවෙන් ඇය මදෙස බැලුවාය. මුව ආවරණය සිනාව සඟවා ගන්නා බැවින් මම හිස සලා ඇය තුළ කුකුසක් සැක සංකාවක් වේ නම් දුරලන්නට තැත් කළෙමි. ඇගේ අත් බෑගය ද ගතිමි. ඇයට යම් ඉස්පාසුවක් ලැබුණේ ඉනික්බිතිවය.

පොදු මගී ප්‍රවාහනයේදී මගියා කොතෙක් නම් දුෂ්කරතාවන්ට ලක් වන්නේද?

එහෙත් සුඛෝපභෝගී වාහනවල ගමන් ගන්නා උදවිය. ඒ පිළිබඳ මෙලෝ හසරක් නොදනිති. පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය කිරීමෙන් අපට ඉන්ධන සඳහා වැයවන ඉසිලිය නොහැකි මුදල් සම්භාරයන් ද යම් තරමක් අවම කරගත හැකි වනවා නොඅනුමානය.

ටිකට්පත ගත් කාන්තාව පසුම්බිය බෑගය තුළට දැම්මාය. මගේ ඇකය මොහොතකට මේසයක කාර්යභාරය ඉටු ක‍ෙළ්ය. තවත් සහෝදර මනුෂ්‍යයකු හරි ඉතා සුළු උපකාරයක් හෝ කරන්නට ඉඩ ලැබීම කරදරයක් නොව භාග්‍යයක් සිතන්නට අපට හැකි නම්.

ලෝඋතුරේ කුරුළු හදවත්

$
0
0
ජුලි 5, 2022 01:00

දම් දිනිතියගේ සොඳුරු තිළිණයකි, කුරුල්ලන්. කුරුල්ලන් සැරිසරන මල් වැනි ය. මාළුවන් දියතලයන් විචිත්‍රවත් කරන්නා සේ නන් පැහැ කුරුල්ලෝ අහස්ගැබ සරසති. හිරු උදාවන බව මිහිරි හඬින් නිවේදනය කර අප පුබුදන කුරුල්ලන්ගේ ගීතයට තිත තැබෙන්නේ ඉරගල වැටීමෙන් අනතුරුව ය. කුරුලු හඬ ඇසීම මෙන්ම උන්ගේ රුව දැකීම ද මිනිස් සිතට මිහිර ත් සහනය ත් ගෙන දෙයි.

අප අවට පරිසරයේ බොහෝ කුරුල්ලෝ සිටිති. හිමිදිරියේ පිබිදුණු මොහොතේ සිට මුළු දවස පුරා කුරුලු දින චරියාව සැරිසැරුම් ගොන්නකින් පිරී තිබෙයි. විටෙක උන් පියාපත් සලමින් රුකෙන් රුකට පියාඹති. තවත් විටෙක පියා විහිදා, නමුත් ඒවා නොසොල්වා වා තලය මත පා වෙමින් යති. සියලු ගමන් අතර ගොදුරින් කුස පුරවා ගනිති. තණපත්හි ලඹ දෙන පිණි බිඳු බොති. කුරුලු දිවියේ මෙවන් විවිධ චලන, චර්යා වඩා විමසිල්ලෙන් බලා සිටින පිරිසක් ද අප අතර සිටිති. ඔවුන් හැඳින්වෙනුයේ පක්ෂීන් නරඹන්නන් (Bird Watchers) නැතහොත් පක්ෂි ගවේෂකයන් නමිනි.

ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල දක්නට ලැබෙන සෑම කුරුල්ලකු ම පාහේ යාපන අර්ධද්වීපය තුළදී ද දැකගත හැකිය. මයිනා, ගිරවා, පරෙවියා, සැළලිහිණියා, කොවුලා, කපුටා, වටුවා, කහ කුරුල්ලා, දෙමලිච්චා, ගේ කුරුල්ලා, වී කුරුල්ලා, පැණි කුරුල්ලා, පිළිහුඩුවා, කොට්ටෝරුවා, කොකා, බ්‍රාහ්මිනි උකුස්සා ඉන් සමහරෙකි. නමුත් එම සුපුරුදු පක්ෂීන්ට අමතරව අවුරුද්දේ එක්තරා කාල සීමාවක දී පමණක් දැකගත හැකි ආගන්තුකයන් පිරිසක් ද හමු වෙයි. තාවකාලික නවාතැන්කරුවන් වැනි උන් සංක්‍රමණික කුරුල්ලන් (Migrant Birds) ය. යාපන අර්ධද්වීපය පක්ෂි නරඹන්නන්ට තෝතැන්නක් බවට පත් වනුයේ සැප්තැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා වන කාලය තුළදී ය.

ඒ කාලයේ දී පැමිණෙන සංක්‍රමණික කුරුල්ලෝ යාපනයේ පරිසරය විසිතුරු වර්ණවලින් බබලවති. ඒ අතර අවිච්චියා, ඔලෙයියා, මුහුදු ලිහිණියා, රුසියානු තාරාවා, දුඹුරු ඇස්පටියා සහ සියක්කාරයා ද සිටිති. මොවුන්ගෙන් වඩාත් ම ආකර්ෂණීය පක්ෂියා වන්නේ ෆ්ලැමින්ගෝ (Flamingo) නමින් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන සියක්කාරයා හෙවත් රණහංසයා ය. උස මහතින් ද වර්ණයෙන් ද අන් පක්ෂීන්ට වඩා සියක්කාරයා දකින්නන්ගේ නෙත් සිත් බඳියි.

මෙම සංක්‍රමණික කුරුල්ලන්ගෙන් බොහොමයක් විශාල රංචු වශයෙන් ද ඇතැමෙක් තනි තනිව ද දක්නට ලැබෙයි. මෙම සංක්‍රමණිකයින් වැඩි වශයෙන් දැක ගන්නට ලැබෙන්නේ යාපනයේ සිට කුරිකාට්ටුවාන් ජැටිය දක්වා දිවෙන මාර්ගය දෙපස, මණ්ඩතිවු දූපත, කයිට්ස්සහ චාවාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩා කැලෑ පෙදෙසක් වන සරසාලෙයි හිදී ය. මෙම පෙදෙස කුරුවික්කාඩු (ගේකුරුළු කැලෑව) නමින් හැඳින්වෙයි.

කුරුළු නරඹන්නන් ද නිරීක්ෂණ කටයුතුවල නිරත වනුයේ තනි තනිව මෙන් ම කණ්ඩායම් වශයෙනි. එබඳු කණ්ඩායම් රැසක් මා මුල් වතාවක හඳුන්වා දුන් ළමා සතුටු මධ්‍යස්ථානය මගින් ගොඩ නඟා තිබේ. යාපනයේ හින්දු කාන්තා විද්‍යාලය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, ස්ටැන්ලි විද්‍යාලය, මහජන විද්‍යාලය, වික්ටෝරියා විද්‍යාලය සහ හින්දු විද්‍යාලයේ ක්‍රියාත්මක වන මෙම කණ්ඩායම් සොබා වින්දන සංගම් (Nature Appreciation Clubs) වශයෙන් නම් කොට තිබෙයි. දිගු කාලයක් යුද්ධයට මැදි වී අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටි යාපනයේ ජනතාවට සොබා සිරි විඳින්නට ඉස්පාසුවක් නොලැබුණි. මෙම සංගම් නිසා ඔවුනට දැන් එම වින්දන වරම හිමි වී තිබෙයි. මේ සඳහා දායක වූ ප්‍රමුඛතමයා වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් කොටගම මහතා ය. පක්ෂි විද්‍යාඥයකු මෙන් ම පරිසරවේදියකු ද වන එතුමා යාපනයේ සිසු දරු දැරියන්ට සොබා දහම සමීපව ඇසුරු කරමින් පරිසර හිතකාමී දිවියක් ගත කිරීම සඳහා මෙම කණ්ඩායම් පිහිටුවීමට දායක වී ඇත. ඒ අනුව එම කණ්ඩායම් සියල්ල කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය හා සම්බන්ධ කොට තිබෙයි.

එම කවයෙහි සාමාජිකත්වය දරන දිවයින පුරා විසිරී සිටින පක්ෂි ලෝලියෝ විශේෂයෙන් සංක්‍රමණික කුරුල්ලන් පැමිණෙන කාලයට යාපනය බලා එති. මෙහි පාසල් දරු දැරියන් ද ඉතා සමීපව පක්ෂීන් නැරඹීමට කැඳවාගෙන යති. පක්ෂීන්ගේ චර්යාවන් සහ ශරීරාංග ඉතා සියුම්ව නිරීක්ෂණය කිරීමට අවශ්‍ය දුරදක්න ආදී ආම්පන්න ද කවය මගින් සපයනු ලැබෙයි.

යාපනය ප්‍රදේශයේ දක්නට ලැබෙන පක්ෂීන් සියල්ලන්ගේ ම පාහේ රූප ඇතුළත් විස්තර පොතක් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය අනුග්‍රහයෙන් මුද්‍රණය කොට සෑම සාමාජිකයෙකුට ම පිටපත බැගින් ලබා දී තිබීම බෙහෙවින් වටියි. මෙම පොත ද අනෙකුත් ආම්පන්න ද රැගෙන පරිසරයට හානි නොකරමින් සතුන්ගේ හැසිරීමට බාධා නොවන ලෙස, නිහඬව ගොස් නිරීක්ෂණ කටයුතු සිදු කරති. ඔවුන් එසේ ගමන් කරන්නේ සංක්‍රමණික කුරුල්ලන් බහුල වශයෙන් ගැවසෙන මණ්ඩතිවු, කයිට්ස්, ඩෙල්ෆ්වැනි දූපත්වලට සහ චාවාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සරසාලෙයි නමින් හැඳින්වෙන කුඩා කැලෑ ප්‍රදේශයට ය.

ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය යාපනයේ දරු දැරියන්ට ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල සිටින කුරුල්ලන් සහ සතුන් නැරඹීමේ අවස්ථාව ද උදා කර දීම පැසසුම් සහගත කටයුත්තකි. එසේ වරෙක ඔවුහු එම සිසු පිරිස සිංහරාජ වනාන්තරයේ සංචාරයක් සඳහා කැඳවාගෙන ගියහ. මෙම සංචාරයන්හි දී හමුවන පක්ෂීන්ගේ හැසිරීම් නරඹන අතරවාරයේ එබඳු අවස්ථාවක් උදා නොවන අයට ද එම අත්දැකීම යම් පමණකට හෝ ළඟා කරවීම සඳහා නිශ්චල ඡායාරූප මෙන් ම වීඩියෝ පටිගත කිරීම් ද සිදු කරති. එබඳු කාර්යයන්හි නියැළෙන දෙදෙනකු වන්නේ ළමා සතුටු මධ්‍යස්ථානයෙහි සහ ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවයෙහි සාමාජිකත්වය දරන සිරිසරවනබවන් ගජේන්ද්‍රන් සහ එස්. කේ. ගිරිදරන් යන තරුණ මහත්වරුන් ය.

 

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>