ප්‍රජාව තෘප්තිමත්ව සහ ශක්තිමත්ව සකස් කිරීමයි වැදගත්
මේ වෙන කොට අපේ රටේ කියලා නිෂ්පාදනය කරන කිසි දෙයක් නැහැ
ප්‍රශ්නවලදී ඍජුව මැදිහත් වීම සහ කතාබහ අත්‍යවශ්‍යයි
රටක ආර්ථිකය යනු එරටේ සියලු අංශවල පැවැත්මට බලපාන තිරසර සාධකයයි. ආර්ථිකයේ යම් වර්ධනයක් හෝ බිඳවැටීමක් වෙතොත් එය සමස්ත සමාජයේ සියලු ජනයාගේ ජීවිතවලට අඩු වැඩි වශයෙන් බලපායි. දැන්, දැන් මෙරටේ පැන නැඟී ඇති අර්බුදවලින් ගොඩ ඒමට අනුගමනය කළ යුත්තේ කුමන පිළිවෙත් දැයි යන්න ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහොමඩ් මහීෂ් සමඟ කළ කතාබහ මෙසේ දක්වමු.
l ආර්ථික අර්බුදය අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපාන ආකාරය පැහැදිලි කර දෙන්න?
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගත්තාම අධ්‍යාපන ආයතනය හා දරුවන්ගේ නවාතැන අතර කිට්ටුවක් නැහැ. දරුවන්ට වගේම ගුරුවරුන්ටත් මේක බලපානවා. සමහර පාසල්වලට ප්‍රමාණවත් ගුරුවරු නැහැ. පුත්තලම දිස්ත්‍රික්කය ගත්තොත් වැඩිපුරම ගුරුවරු යන්නෙ කුරුණෑගලටයි. හම්බන්තොට ගත්තාම ගාල්ල, මාතරින් එන්නේ. මොනරාගලට යන්නේ බදුල්ලෙන්. පාසල් ගත්තාම දුෂ්කර, අති දුෂ්කර, ප්‍රිය මනාප කියලා කලාප තියෙනවා. මේ කලාප බෙදලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රවාහන පහසුකම් මතයි. එතකොට, විශේෂයෙන්ම ඉන්ධන සහ ප්‍රවාහන අපහසුකම් එක්ක, මේ ප්‍රශ්නය තවදුරටත් දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බොහෝ පාසල් දරුවන් පාසලට පැමිණීම සහ ආපසු නිෙවසට යෑම සම්බන්ධයෙන් විශාල ප්‍රවාහන අපහසු තාවයකට පත් වෙලා ඉන්නවා. උදාහරණයක් විදියට පදවිය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, තෙලිජ්ජවිල හේනේගම වගේ දුෂ්කර පළාත්වල දරුවන් එන පෝෂිත ප්‍රදේශ 20ක් පමණ විහිදිලා තියෙනවා. ගුරුවරු නම් කිලෝමීටර් 20ට එහා සිට පාසල්වලට පැමිණෙනවා. කොළඹ නගරයේ පාසල් ගත්තාම එහි පෝෂිත ප්‍රදේශය භුගෝලීය වශයෙන් ඉතා විශාලයි. ඒ නිසා මේ පාසල්වල දරුවන්ට පාසල්වලට පැමිණීමට ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම, පාසල් ප්‍රවාහන පද්ධතිය බිඳ වැටීම. ශ්‍රී ලංකාවේ මෝටර්සයිකල් මිලියන 13ක් තියෙනවා. මෙයින් ගුරුවරු විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඉන්ධන මිල අධික ලෙස ඉහල යෑමත් සමඟ පෝලිම්වල සිටීමට සිදු වීම වැනි කාරණා හේතුවෙන් මේ අයට තව දුරටත් මේ පුවාහන සේවාවේ යෙදෙන්න බෑ. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ මෙය ඉතාම ඍජුවම බලපාන කරුණක්.
අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියක් නැති බව මෙයින් පැහැදිලිව පෙනෙනවා. ප්‍රවාහනය මත රඳා පවතින අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක ප්‍රවාහන පද්ධතිය කඩා වැටුණාම අධ්‍යාපන පද්ධතියත් කඩා වැටෙනවා. ඇතැම් පාසල් අතර තියෙන විෂමතාවය සමතුලිතතාවට පත් කර ගන්න දරුවෝ උපකාරක පන්තිවලට යන්න පුරුදු වෙලා. පන්ති ගාස්තුව වගේ දෙතුන් ගුණයක් යනවා ප්‍රවාහන ගාස්තුවලට. ආන්තික හා අවදානම් කණ්ඩායම්වලට තමන්ගේ ජීවන ලයිස්තුවේ පළවෙනි දේ ආහාර මිසක් අධ්‍යාපනය නෙවෙයි.
රජයේ පාසල්වලට සහ ගමේ පාසල්වලට වෙන වෙනම අධ්‍යාපන ක්‍රමයක් ගැන රජය විසින් යෝජනා කරලා තිබුණා. නගරයේ පාසල්වලට මාර්ගගත ක්‍රමයයි, ගමේ පාසල්වලට සාමාන්‍ය ක්‍රමයයි ලෙසින් දෙවිදිහක් යෝජනා කරන තිබුණා. නමුත් මොකක්ද නගරය, මොකක්ද ගම කියන එක අපට නිශ්චිතව තෝරා බේරාගන්න බැහැ. ඊට නිශ්චිත මායිමක් නැහැ. ගමේ අය ගමට විතරක් නෙවෙයි, නගරයෙ පාසල්වලටත් යනවා. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලන සිතියම හරියාකාරව වටහා නොගැනීම පිළිබඳ ගැටලුවක් ද වෙනවා.
ජනප්‍රිය පාසල් පසුපස හඹායෑමත් එක්ක තමයි මේ ගැටලුව තියෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය වන ජීවි සංරක්ෂණ, දෙපාර්තමේන්තුව, සත්වෝද්‍යානය, ආපදා කළමනාකරණ, ධීවර, වාරිමාර්ග මෙවැනි අමාත්‍යාංශ නගරයට කේන්ද්‍රගත අවශ්‍ය දෙයක් නෙවෙයි. මේවා අසාමාන්‍ය විදියට වැරදි විදිහට කේන්ද්‍රගත වී තිබීම තමයි මීට ප්‍රධාන ගැටලුව. ඒ නිසා හැම කෙනාම කොළඹට නැත්නම් නගරයට එක්රොක් වෙනවා. ඒ නිසා කොළඹට මිනිස්සු යන එකයි නවත්වන්න ඕනෑ. නැතිනම් කොළඹට යන්න පහසුකම් දීලා වැඩක් නෑ. රටේ තියෙන විවිධාකාර සේවා අයතන අදාළ නියමිත ස්ථානවල ස්ථාපිත කළ යුතු බවයි මගේ අදහස. එය ප්‍රායෝගිකයි. අද එසේ ගොඩනැගී තිබුණේ නම්, මෙවැනි ප්‍රවාහන ගැටලු වගේ ප්‍රායෝගික ගැටලු මතු වන්නේ නෑ. ශ්‍රී ලංකාව පොඩි රටක්. ඒ නිසා මේ රට තුළ හැම පැත්තෙන්ම යෑමට පහසුකම් තියෙනවා.
ශ්‍රී ලංකාවෙ ඉන්න සියලුම දොස්තරවරු ඉන්නේ කොළඹ. සියලු විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ කොළඹ. හොඳම පාසල් ටික තියෙන්නෙත් කොළඹ. සත්තු වත්ත තියෙන්නෙත් කොළඹ. රට පුරා ඉන්න මිනිස්සු කොළඹට ඇදී එනකොට නොයෙක් අපහසුතා හා අවහිරතාවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බදුල්ල, පොලොන්නරුව, මහනුවර ආදී රෝහල් ටිකක් එයින් මිදුණා. මේ ආකාරයට කලාපීය රෝහල් සැදිය යුතුයි. වාණිජ මධ්‍යස්ථාන හැදෙන්න ඕනෑ. සෑම පළාතකම නගරයක් දියුණු වෙන්න ඕනෑ. එහෙම වෙනවා මිසක් සියලු දේවල් එක නගරයක් වටා කේන්ද්‍ර වුණොත් නොයෙක් අවහිරතා හා අපහසුතාවලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
උසස් පෙළට කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නවා. අනෙක් දිස්ත්‍රික්කවලත් මේ ගාන වැඩි කරන්න ඕනෑ. කොළඹට ඇදී යෑම අධෛර්යවත් කරන්න ඕනෑ. කොළඹින් ඈත නගරවල ළමයින්ට වරප්‍රසාද හිමිවන විදිහට අවස්ථාව සලසා දිය යුතුයි. ගුරුවරුන්ට දුෂ්කර දීමනා ලබාදීම. නිල නිවාස සාදා දීම, වැනි වැඩපිළිවෙළ තවදුරටත් දියුණු කළ හැකියි.
l මෙරටේ ඇති වී තිබෙන පෝලිම් ක්‍රමය කවදා නිමාව දකී කියා ඔබ විශ්වාස කරනවාද?
අපි මෙතෙක් කල් ඕනෑවටත් වඩා අධි පරිභෝජනයක් තුළ ජීවත් වෙච්ච පිරිසක් කියලා දැන් අපට දැනෙනවා. අපට කිසිදු ගාණක් තිබ්බෙ නෑ. අපි තෙල් ගහගෙන එහෙ ගියා. මෙහෙ ගියා. අපි කළේ නාස්තිකාර දේවල් කියලා අපට දැන් හොඳට දැනිලා තියෙනවා.
අපි ජාතියක් විදියට පුළුවන් තරම් දැන් නාස්තිය අවම කළ යුතුමයි. දැන් තියෙන්නෙ තෙල් නැතිකමම නෙවෙයි. ඉස්සර රු.2000ට තෙල් ගහපු මිනිහා දැන් 10000ක තෙල් ගහනවා. ඉස්සර තෙල් ටැංකියට කාලක් ගහපු මිනිහා දැන් ෆුල් ටෑන්ක් ගහනවා. දැන් හැමෝගෙම ගෙවල්වල තෙල් තියෙනවා. ඉස්සර මෙහෙම ගෙවල්වල තෙල් තියාගෙන හිටියේ නෑ නේ. දැන් කොච්චර තෙල් දුන්නත් මදි. මේක දැන් ව්‍යාපාරයක් වෙලා. එනිසා මම හිතන දෙයක් තමයි, සරල පරිභෝජනය මිනිස්සුන්ට පුරුදු කළ යුතුයි. අපි ජාතියක් හැටියට, අවම පරිභෝජනයෙන්, අරපිරිමැස්මෙන් හා නාස්තිය අඩු කරලා ජීවත් වෙන්නේ කොහොමද කියලා පුරුදු විය යුතුයි. අපි ගොඩක් කෑම නාස්ති කරපු ජාතියක්. ඒ නිසා අපේ පැත්තෙනුත් යමක් කළ යුතුයි. ඊට පස්සේ අනිත් අයට උපදෙස් දෙන්න පුළුවන්. රජය වගේම අපේ ජීවිතත් නිසි කළමනාකරණයකට ලක් කරගත යුතුමයි. ඒ වගේම මෙසේ කරනකොට සාධාරණ විය යුතුයි. තෙල් පරිභෝජනය අවශ්‍ය දේවලට පමණක් යොදා ගැනීමට වග බලා ගත යුතුයි. ඒ වගේම මිනිසුන්ට තමන් සිදු කරන ඒ වැඩය ගැන හැඟීමක් ඇති විය යුතුයි. අපි නාස්ති නොකර ඉමු. අපි කට්ටියම එකතු වෙලා යමක් කරමු.
l මේ ආර්ථික අර්බුදය අපට විතරක් නොවෙයි. ලෝකයේ තවත් බොහෝ රටවලට ආර්ථික අර්බුදවලට මුහුණ පාන්නට සිදු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
මිනිසුන්ව සකස් කිරීමට ආණ්ඩුව පැත්තෙන් දුර්වලයි. ගෙදර දරුවන්ට තරවටු කරමින් අපි ඒ වැඩේ කරනවා නම් එහෙයින් ඇති තේරුමක් නැහැ. පාලක පංතිය හොඳට පරිභෝජනය කරලා රටේ වැසියන්ට අවම පරිභෝජනය කරන්න වුණොත්, එතැන දී මහජනතාව විරුද්ධව නැඟී සිටිනවා. ඒක වළක්වන්න බෑ. ප්‍රජාව තෘප්තිමත්ව සහ ශක්තිමත්ව සකස් කිරීම තමයි වැදගත්. ඒ නිසා ප්‍රශ්නවල දී සෘජුව මැදිහත් වීම, සහ කතාබහ කිරීම අත්‍යවශ්‍යයි.
l ආර්ථික අර්බුදය එක්කරා අවස්ථාවකදී අති උත්සන්න වී සමස්ත පද්ධතියම වෙනත් මානයකට තල්ලු වී යන බවට බොහෝ විද්වතුන් අදහස් ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
ජාතික චින්තනයකට නැඹුරු වෙන බව බොහෝ අය ප්‍රකාශ කළත් මා සිතන ආකාරයට එහෙම වටාපිටාවකුත් ගොඩනැගී තිබෙනවා. නැත්තේම නෑ. නමුත්, ඉතිහාසයේ සිට ගෙන බැලූ කල එතරම් සුවිසල් ආකාරයට ජාතික චින්තනයක් දක්වා ගොඩ නැගී නැහැ. එක මතයක් ඔස්සේ එහෙම ගොඩනැගෙන්න බෑ. අපේ අතර බැඳීම් වැඩියි. තවමත් එහෙම පාටක් පේන්න නැහැ. තමන්ට හුරු පුරුදු වූ ආකාරයට පෞද්ගලිකව විසඳුම් හොයන්න පමණයි තවමත් මිනිසුන් උත්සහ කරන්නේ. තනි තනිවම බොහෝ දෙනා විදෙස්ගත වෙන්න දැන් උත්සහා කරන බවක් පේනවා. තවමත් සාමූහික හෘදය සාක්ෂියක් ගොඩනැගිලා නෑ. බැලූබැල්මට පෙනුණත්, එහෙම ගොඩනැගිලා නෑ.
l ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඵලදායී ක්‍රම ගවේෂණය වෙනුවෙන් පසුගියදා අෙමරිකාවෙන් ලබා දුන් සහයෝගය පිළිබඳව මේ දැක්ම කුමක්ද?
දැන් අෙමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මේ වෙලාවේ බියක් දක්වනවා, ශ්‍රී ලංකාව වෙන ධනවත්, හා බලවත් රටක් හා සම්බන්ධ වේවි කියලා. අපි කෑම බීම නැතුව හිර වෙලා ඉන්න අවස්ථාවක දී කිසියම් අයෙක් ඇවිත් අපිට අපේ අවශ්‍යතා ලබාදෙනවා නම්, අපි ඒ පැත්තට නිරායාසයෙන්ම හැරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේත් ඒ වගේ දෙයක්. චීනය, ඉන්දියාව සහ අෙමරිකාව අතර තරගයක්නෙ තියෙන්නේ. මේ නිසා අෙමරිකාව අපිත් එක්ක ඉන්නවා කියන එක හඟවන්න තමයි ඔය විදිහට සහයෝගය දෙන්නේ. එහෙම නම්, ඉතින් අෙමරිකාවට කියන්න පුළුවන්, අපි අෙමරිකානු ඩොලර් බිලියන 51ක් ණයයි. අපේ විදේශ සංචිත ප්‍රමාණය ගොඩ නංවා ගෙන තෙල් ටික ගෙනල්ලා රට සාමාන්‍ය පරිදි සිදු කර ගෙන යෑමට නම් අපට තව ඩොලර් බිලියන 5ක් තිබ්බොත් ඇති. පසුගියදා යුක්රේනයට ඩොලර් බිලියන 40ක් දුන්නා. මෙයින් පේනවා ඒ අය යුද්ධයට කැමතියි. අපිට ණය දෙන්න ඒ අය කැමති නැත්තෙ අපි කෙරෙහි විශ්වාසයක් නැති කමයි. රටවල් එකතු වෙලා ගොඩනඟාගත් අරමුදලට තමයි IMF කියන්නේ. එ් රටවල් ණය දෙනකොට බලනවා, මේ රටවල්වල මිනිස්සුන්ගෙ ගතිගුණ මොනවාද කියලා. බැංකුවක් අපට ණය දෙන කොට බලන්නෙ අපිට ණය ගෙවා ගන්න පුළුවන්ද කියලා. අපට වත් කම් තියෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි, කල්ක්‍රියාව යහපත් ද කියලා. මේ වගේ රටකට ණය දෙනකොටත් බලනවා. ශ්‍රී ලංකාව හැම අතින්ම වැටිලයි තියෙන්නේ. ජාත්‍යන්තර ලැයිස්තුගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව වැඩක් නැහැ කියලත් හඳුනාගෙනයි තියෙන්නේ. එතකොට කවුද ණය දෙන්නෙ.
මේ වෙනකොට අපේ රටේ කියලා නිෂ්පාදනය කරන කිසි දෙයක් නැහැ. සියලුම දේවල් අපි පිටරටින් ගේන්නේ. එහෙම රාජ්‍යකට විදෙස් රාජ්‍යන්වල උදව් නැතුව ඉහළට ආ නොහැකියි. ඒ නිසා හරි අමාරුවක අපි ඉන්නේ. ඒක කාටවත් බැලූ බැල්මට තේරෙන්නේ නෑ. පේන්නෙත් නෑ. තෙල් නැත්නම් ඔක්කොම දේවල් නතර වෙනවා. ඒ නිසා මට හිතෙනවා ඇමෙරිකාව නිකම් ඇවිල්ලා බලනවා මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඩොලර් මිලියන ගාණක් හරි දෙනවා. ඩොලර් මිලියන ගාණකින් අපට මහ ලොකු දෙයක් කරන්න බෑ. ඉස්සර නම් සංචාරක කර්මාන්තයෙන්, ගාමන්ට් ෆැක්ට්‍රවලින්, මැදපෙරදිගින්, තවත් පොඩි පොඩි ආයෝජනවලින් විදෙස් විනිමය ආවා.
l මේ අවස්ථාවේදී බොහෝ ප්‍රශ්න රැසකින් හෙම්බත් වෙලා සිටින රටේ මහජනයා කුමක් කළ යුතුද?
ආර්ථික ප්‍රශ්නත් එක්ක සමාජයට සිදු වී තියෙන හානිය පිළිබඳ කිසිවකු තක්සේරු කරන්නේ නෑ. ඒවා බලන්නෙත් නැහැ. පේන්නෙත් නෑ. දුප්පත්කම, මන්දපෝෂණය හා දරිද්‍රතාව කියන්නේ ප්‍රශ්න රැසකම ආරම්භයක්. ආදායම අහිමි වීම, කෑම නැතිකම, මන්දපෝෂණය එක්ක දරුවන් පාසලට යෑම නවත්වනවා. අසනීප වෙනවා. බෙහෙත් හිගයක් ඇතිවෙනවා. හොස්පිට්ල්වල බෙහෙත් නැහැ. විටමින් නැහැ. මේ සියල්ලත් එක්ක සෞඛ්‍යය පිරිහී යනවා. ආදායම පිරිහී යනවා. මෙය ගණිකා වෘත්තියට, මත්පැන්වලට ඇබ්බැහි වීම සහ අපරාධ වැඩි වීමට හේතු වෙන්න පුළුවන්. අහල, පහළ ගෙවල්වලට ගහන්න පුළුවන්. ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා අපි හිතන්නෙ නැති ප්‍රශ්න රාශියක් ඇති වෙන්න මේ ටික අර්බුදය බලපානවා.
මේ කරුණු කාරණා දිහා බැලුවාම අපට තියෙන සම්පත් නිසි විදියට කළමනාකරණය කර ගත යුතුයි. නිෙවසක වුණත් එහෙමයි. මේ වෙලාවේදී අපේ ගෘහිණියට අරපරිස්සම හා ඉතිරිය ගැන අමුතුවෙන් කියා දිය යුුතු නෑ. අපේ අනවශ්‍ය ප්‍රවාහන ගමනාගමනය අඩු කරගන්න ඕනෑ. පළාතේ තියෙන ආහාර ද්‍රව්‍ය, එළවළු පරිභෝජනය කරන්නේ කොහොමද? අනෙක් පැතිවලට යවන්නේ කොහොමද? ඒ වගේම අපි අනෙක් පැත්තෙන් බලන්නත් ඕනෑ, කාටද තෙල් ඕනෑ කියලා. වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඒ වගේම තවත් වෙනත් අත්‍යවශ්‍ය සේවාවක යෙදෙන අයෙක් වෙන්න පුළුවන්. මේ අයටයි ප්‍රමුඛතාව දිය යුත්තේ. ඒ නිසා ප්‍රමුඛතා ලැයිස්තුවක් සෑදිය යුතුයි.
ශ්‍යාමා සමරසිංහ