Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

උද්ධමනයෙන් පීඩාවට පත් ඇෆ්ගන් ජාතිකයෝ අවයව විකුණති

$
0
0
ජුලි 5, 2022 01:00

ගෝලීය ආර්ථික අර්බුදයට ඉතා බරපතළ ආකාරයෙන් මුහුණ දී සිටින ඇෆ්ගනිස්තානයේ ජනතාව සිය දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් සොයා ගැනීමට අවයව අලෙවි කිරීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරිද්‍රතාව සහ ඉහළ යන ආහාර මිල හමුවේ පීඩාවට පත්ව සිටින එරට වැසියන් මේ පියවර ගෙන ඇත්තේ තලේබාන් රජයට සිය ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට තරම් ප්‍රමාණවත් අයුරින් එරට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වී ඇති පසුබිමකදීය.

ක්‍රිස්ටියන් ඒඩ් නමැති සුබසාධන සංවිධානයක් අනතුරු අඟවා ඇත්තේ මේ තත්ත්වය ඉදිරියේදී වඩාත් උග්‍ර වනු ඇති බවය. එමෙන්ම සිය ජීවිතය ගැටගසා ගැනීම සඳහා ඇෆ්ගන් ජාතිකයන් සිය දරුවන් ද අලෙවි කරනු ඇතැයි එම සංවිධානය අනාවැකි පළ කර තිබේ.

මීට වසරකට පෙර ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමෙන් පසු මෙතෙක් එරට ජනතාවට කිසිදු ආකාරයකින් සිය ආර්ථික තත්ත්වය ඉහළ දමා ගැනීමට පසුබිමක් නිර්මාණය වී නැති අතර, යුද ගැටුම් හේතුවෙන් බිඳ වැටුණු එරට ආර්ථිකය යුක්රේන යුද අර්බුදය හමුවේ තවදුරටත් තීව්‍ර වී ඇතැයි ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමට තලේබාන් සංවිධානයට හමුදාමය හා මූල්‍යමය සහයෝගය දුන් පාකිස්තානය ද මේ වනවිට දරුණු ආර්ථික පසුබෑමකට ලක්වී සිටින බැවින් තවදුරටත් පාකිස්තාන රජයේ සහයෝගය තලේබාන් සංවිධානයට නොලැබේ. එමෙන්ම දේශ සීමා ගැටලු හේතුවෙන් මේ වන විට පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර විරසකයක් පවතින බැවින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද පළුදු වී ඇත.

ඇෆ්ගනිස්තානයේ ජීවන වියදම අහස උසට නැග ඇති බවත්, ආහාර මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් වාර්තා වේ. එරට ඉන්ධන සහ ආහාර මිල ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, තලේබාන් රජය මෙතෙක් ස්ථාවර තත්ත්වයකට පත් නොවීම නිසා ජාත්‍යන්තර වශයෙන් මූල්‍යමය සහයෝගයක් ඇෆ්ගනිස්තානයට මෙතෙක් ලැබී නැත.

පසුගිය මාසය තුළ එරට තිරිඟු පිටි මිල දෙගුණයකින් වැඩි වී ඇති අතර, පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ඉහළ යෑමත් සමග එරට ජනතාව දැඩි ආහාර අර්බුදයකට ද මැදිවී සිටී. විශාල වශයෙන් රැකියා අහිමි වීමත්, පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමත් නිසා තත්ත්වය වඩාත් බරපතළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේන යුද අර්බුදය නිසා ඇෆ්ගනිස්තානයේ තිරිඟු පිටි කිලෝ 50 ඇසුරුමක් එරට මුදලින් ඇෆ්ගානි 3500කට ඉහළ ගොස් ඇති අතර, ඉහළ යන පිරිවැය නිසා ජීවන වියදම ඉතා දරුණු මට්ටමකට ඇද වැටී තිබේ.

පසුගිය කාලයේ විවිධ ජාත්‍යන්තර සංවිධාන ඇෆ්ගනිස්තානයේ ජනතාවට ආහාර සැපයීමට ඉදිරිපත්ව සිටියද, මේ වනවිට ගෝලීය වශයෙන් ආහාර මිල ඉහල යෑම නිසා අවශ්‍ය ප්‍රමාණයට එම සැපයුම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇත. එරට මිලියන ගණනාවක ජනතාවට දෛනික ජීවිතයට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් ආර්ථිකයක් නැති බැවින් දරුවන් දහස් ගණනක් මන්දපෝෂණ තත්ත්වයකට මුහුණ පා සිටින බව ද වාර්තා වේ.

පසුගිය කාලයේ එරට උද්ගත වූ දැඩි නියඟය නිසා කෘෂිකර්මාන්තය ද බිඳ වැටී ඇති අතර, වර්ෂාව නොලැබුණු නිසා අස්වනු අතිවිශාල ප්‍රමාණයක් විනාශ වී ඇත. ජනතාවට සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට අපනයන භාණ්ඩ මත යැපීම තවදුරටත් සිදු කළ නොහැකි තත්ත්වයක් මතුවී ඇත්තේ ලොව විශාලතම තිරිඟු අපනයනකරුවන් වන රුසියාව සහ යුක්රේනය යුද අර්බුදයකට පැටලී සිටින බැවිනි. මේ හේතුව නිසා ඇෆ්ගනිස්තානයේ තිරිඟු පිටි ආනයනය කිරිම සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇති අතර, සිය අවශ්‍යතා සඳහා දැනට රටෙහි ඉතිරිව ඇති සම්පත් භාවිත කිරීමට ඇෆ්ගනිස්තාන ජනතාවට සිදු වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ බොහෝ දෙනෙකු මහමග සිඟමන් යදිමින් කිසිදු පිහිටක් සොයා ගත නොහැකිව මංමුළාවූ තත්ත්වයකට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරුවන් හදා වඩා ගැනීමට සහ දරුවන් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආර්ථිකයක් නැති ඇෆ්ගනිස්තානයේ ජනතාවට සිය ගෘහභාණ්ඩ පවා අලෙවි කිරීමට සිදුවී ඇත. එරට සෑම වීදියකම සිඟමන් යදින දරුවන් සහ කාන්තාවන් බහුලව දැකිය හැකි බවත්, මේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

සදෙව් රත්නායක


උද්ධමනයෙන් පීඩාවට පත් ඇෆ්ගන් ජාතිකයෝ අවයව විකුණති

$
0
0
ජුලි 5, 2022 01:00

ගෝලීය ආර්ථික අර්බුදයට ඉතා බරපතළ ආකාරයෙන් මුහුණ දී සිටින ඇෆ්ගනිස්තානයේ ජනතාව සිය දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් සොයා ගැනීමට අවයව අලෙවි කිරීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරිද්‍රතාව සහ ඉහළ යන ආහාර මිල හමුවේ පීඩාවට පත්ව සිටින එරට වැසියන් මේ පියවර ගෙන ඇත්තේ තලේබාන් රජයට සිය ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට තරම් ප්‍රමාණවත් අයුරින් එරට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වී ඇති පසුබිමකදීය.

ක්‍රිස්ටියන් ඒඩ් නමැති සුබසාධන සංවිධානයක් අනතුරු අඟවා ඇත්තේ මේ තත්ත්වය ඉදිරියේදී වඩාත් උග්‍ර වනු ඇති බවය. එමෙන්ම සිය ජීවිතය ගැටගසා ගැනීම සඳහා ඇෆ්ගන් ජාතිකයන් සිය දරුවන් ද අලෙවි කරනු ඇතැයි එම සංවිධානය අනාවැකි පළ කර තිබේ.

මීට වසරකට පෙර ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමෙන් පසු මෙතෙක් එරට ජනතාවට කිසිදු ආකාරයකින් සිය ආර්ථික තත්ත්වය ඉහළ දමා ගැනීමට පසුබිමක් නිර්මාණය වී නැති අතර, යුද ගැටුම් හේතුවෙන් බිඳ වැටුණු එරට ආර්ථිකය යුක්රේන යුද අර්බුදය හමුවේ තවදුරටත් තීව්‍ර වී ඇතැයි ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමට තලේබාන් සංවිධානයට හමුදාමය හා මූල්‍යමය සහයෝගය දුන් පාකිස්තානය ද මේ වනවිට දරුණු ආර්ථික පසුබෑමකට ලක්වී සිටින බැවින් තවදුරටත් පාකිස්තාන රජයේ සහයෝගය තලේබාන් සංවිධානයට නොලැබේ. එමෙන්ම දේශ සීමා ගැටලු හේතුවෙන් මේ වන විට පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර විරසකයක් පවතින බැවින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද පළුදු වී ඇත.

ඇෆ්ගනිස්තානයේ ජීවන වියදම අහස උසට නැග ඇති බවත්, ආහාර මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් වාර්තා වේ. එරට ඉන්ධන සහ ආහාර මිල ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, තලේබාන් රජය මෙතෙක් ස්ථාවර තත්ත්වයකට පත් නොවීම නිසා ජාත්‍යන්තර වශයෙන් මූල්‍යමය සහයෝගයක් ඇෆ්ගනිස්තානයට මෙතෙක් ලැබී නැත.

පසුගිය මාසය තුළ එරට තිරිඟු පිටි මිල දෙගුණයකින් වැඩි වී ඇති අතර, පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ඉහළ යෑමත් සමග එරට ජනතාව දැඩි ආහාර අර්බුදයකට ද මැදිවී සිටී. විශාල වශයෙන් රැකියා අහිමි වීමත්, පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමත් නිසා තත්ත්වය වඩාත් බරපතළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේන යුද අර්බුදය නිසා ඇෆ්ගනිස්තානයේ තිරිඟු පිටි කිලෝ 50 ඇසුරුමක් එරට මුදලින් ඇෆ්ගානි 3500කට ඉහළ ගොස් ඇති අතර, ඉහළ යන පිරිවැය නිසා ජීවන වියදම ඉතා දරුණු මට්ටමකට ඇද වැටී තිබේ.

පසුගිය කාලයේ විවිධ ජාත්‍යන්තර සංවිධාන ඇෆ්ගනිස්තානයේ ජනතාවට ආහාර සැපයීමට ඉදිරිපත්ව සිටියද, මේ වනවිට ගෝලීය වශයෙන් ආහාර මිල ඉහල යෑම නිසා අවශ්‍ය ප්‍රමාණයට එම සැපයුම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇත. එරට මිලියන ගණනාවක ජනතාවට දෛනික ජීවිතයට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් ආර්ථිකයක් නැති බැවින් දරුවන් දහස් ගණනක් මන්දපෝෂණ තත්ත්වයකට මුහුණ පා සිටින බව ද වාර්තා වේ.

පසුගිය කාලයේ එරට උද්ගත වූ දැඩි නියඟය නිසා කෘෂිකර්මාන්තය ද බිඳ වැටී ඇති අතර, වර්ෂාව නොලැබුණු නිසා අස්වනු අතිවිශාල ප්‍රමාණයක් විනාශ වී ඇත. ජනතාවට සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට අපනයන භාණ්ඩ මත යැපීම තවදුරටත් සිදු කළ නොහැකි තත්ත්වයක් මතුවී ඇත්තේ ලොව විශාලතම තිරිඟු අපනයනකරුවන් වන රුසියාව සහ යුක්රේනය යුද අර්බුදයකට පැටලී සිටින බැවිනි. මේ හේතුව නිසා ඇෆ්ගනිස්තානයේ තිරිඟු පිටි ආනයනය කිරිම සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇති අතර, සිය අවශ්‍යතා සඳහා දැනට රටෙහි ඉතිරිව ඇති සම්පත් භාවිත කිරීමට ඇෆ්ගනිස්තාන ජනතාවට සිදු වී තිබේ.

ඇෆ්ගනිස්තානයේ බොහෝ දෙනෙකු මහමග සිඟමන් යදිමින් කිසිදු පිහිටක් සොයා ගත නොහැකිව මංමුළාවූ තත්ත්වයකට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරුවන් හදා වඩා ගැනීමට සහ දරුවන් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආර්ථිකයක් නැති ඇෆ්ගනිස්තානයේ ජනතාවට සිය ගෘහභාණ්ඩ පවා අලෙවි කිරීමට සිදුවී ඇත. එරට සෑම වීදියකම සිඟමන් යදින දරුවන් සහ කාන්තාවන් බහුලව දැකිය හැකි බවත්, මේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

සදෙව් රත්නායක

අර්බුදයෙන් ගොඩ ඒමට දිගු කාලීන සැලසුම් අවශ්‍යයි

$
0
0
ජුලි 5, 2022 01:00

මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමි ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති

  • බදු ඉහළ නැංවීම, පොලී අනුපාතය ඉහළ දැමීම, මුදල් මුද්‍රණය කිරීම නැවැත්වීම කෙරෙහි අවධානය යොමු කිරීම හොඳ සාධනීය ක්‍රියාමාර්ග
  • රාජ්‍ය සේවකයින් වසර පහකට නිවාඩුවක් දී විදේශ සේවයට පිටත් කර හැරීම වරදක් නැහැ
  • විදේශ විනිමය ලැබෙන නව ක්‍රමෝපායික වැඩපිළිවෙළකට වහා යොමු විය යුතුයි

මේ වන විට අප රටේ පවතින ආර්ථික අර්බුදය විවිධ ඉසව්වලට පැතිර ගොස් තිබේ. එහිදී ඉන්ධන අර්බුදය ප්‍රමුඛ කොට ගත් නොයෙක් අර්බුද අතරට අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර, ගෑස්, ප්‍රවාහන, විදුලිය, රැකී රක්ෂා වශයෙන් විහිද ගොස් ඇත. මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද ? ඉන්ධන අර්බුදයෙන් මිදීමට යෝජනා කරන විසඳුම් මොනවාද ? යනාදිය ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමි සමඟ දිනමිණ කළ සාකච්ඡාව මෙසේ දක්වමු.

 වර්තමාන ආර්ථික අර්බුදය කුමක්දැයි පැහැදිලි කළ හැකි ද?

අප රට මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදයේ විවිධ පැතිකඩ තියෙනවා. එයින් කොටසක් රටේ අභ්‍යන්තරයට සම්බන්ධයි. තව කොටසක් රටේ බාහිර පැත්තට සම්බන්ධයි. මේක අපි වඩාත් පැහැදිලි කර ගන්න නම් එකින් එක ගැනීම වැදගත්.

එසේනම්, රට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ අභ්‍යන්තරය සම්බන්ධව පළමුව පැහැදිලි කර දෙන්න ?

ආර්ථික අර්බුදයේ රට අභ්‍යන්තරය මුහුණ දී තිබෙන හා රට අභ්‍යන්තරයට දැනෙන කොටස ගත්තොත් අය _ වැය හිඟය හෙවත් රජයේ ආදායම හා වියදම් අතර පවතින පරතරය, අධික උද්ධමනය, දරිද්‍රතාවය ඉහළ යාම, විරැකියාව ඉහළ යාම, ඉන්ධන හිඟකම නිසා ප්‍රවාහන පහසුකම් අඩාළ වීම, වෛද්‍ය හා අධ්‍යාපන සේවය දුර්වල මට්ටමක පැවතීම, ආහාර හිඟය, ජනතාවගේ අපේක්ෂා භංගත්වය, රට අතහැර යාමට ඇති උනන්දුව ඉහළ යාම, අපරාධ වැඩිවීම ආදිය පෙන්වා දෙන්න පුළුවන්.

දෙවනුව රටේ බාහිර පැත්තට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?

රටේ බාහිර පැත්තෙන් ගැටලුව ගත්තාම, විදේශ විනිමයේ හිඟකම, විදේශ ණයගැතිභාවය ඉහළ මට්ටමක පැවතීම, විදේශ ආයෝජකයින්ගේ රට පිළිබඳ විශ්වාසය බිඳවැටීම, ජාත්‍යන්තර ආයතන හා විදේශීය රටවල් පෙර පරිද්දෙන් රටට උදව් කිරීමට මැළිකමක් දැක්වීම, සංචාරක අංශය දුර්වල මට්ටමක පැවතීම, විදේශගත වූවන් මෙරටට විදේශ මුදල් නිල මාර්ගවලින් එවීමට මැළිකමක් දැක්වීම, අපනයන ප්‍රමාණවත් තරම් මට්ටමකින් වර්ධනයක් සිදු නොවීම යනාදිය පෙන්වා දෙන්න පුළුවන්. මේවා වෙන වෙනම දැක්වුවත් එකිනෙක අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා ඒවා සියල්ලම විසඳාලීමට වැඩ පිළිවෙළක් සකස් කරගත යුතුයි. මෙය අපි කවුරුත් හොඳින් තේරුම්ගත යුතු කරුණක්.

දැනට පවතින මූල්‍ය ප්‍රතිපත්තිය හා බදු වැඩිකිරීම මඟින් අර්බුදයෙන් මිදීමට හැකි ප්‍රතිඵලයක් ලැබෙයි කියා ඔබ වහස්සේ විශ්වාස කරනවාද?

බදු ඉහළ නැංවීම, පොළී අනුපාතය ඉහළ දැමීම, මුදල් මුද්‍රණය කිරීම නැවැත්වීම කෙරෙහි අවධානය යොමු කිරීම හොඳ සාධනීය ක්‍රියාමාර්ග. රජයේ වියදම් අඩු කිරීමටත්, රජය ගන්නා ණය ප්‍රමාණය පහළ දැමීමටත් කටයුතු කිරීමට ගන්නා උත්සහයන් ද හොඳයි. නමුත් මේ ප්‍රතිපත්තිවලින් පවතින ගැටලුවලට කිසියම් විසඳුමක් ලැබුණත් එය තිරසාර මට්ටමේ විසඳුමක් ද යන්න සැක සහිතයි.

එසේ වන්නේ ඇයි?

ඉහත කී ප්‍රතිපත්ති මඟින් ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නෑ. නිෂ්පාදන කටයුතු, රැකියා බිහි කිරීම, අපනයනය ආදී සෑම දෙයකටම මේ ප්‍රතිපත්ති අහිතකර විදිහට බලපානවා. ඒ නිසා සංකෝචන ආර්ථික ප්‍රතිපත්ති ලෙසින් තර්කානුකූලව මේ දෙස බැලීමට කාලය ඇවිත් කියලයි අපේ අදහස.

වර්තමානයේ රටේ පවතින උද්ධමනය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

වර්තමානයේ පවතින උද්ධමනය ඉතාම අභාග්‍ය සම්පන්න දෙයක්. ආහාර මිල උද්ධමනය ජනතාවට දරා ගත නොහැකියි. අනෙකුත් භාණ්ඩ මිල ගණන් ද එසේම ඉහළ ගිහින්. මෙවැනි පරිමාණයේ උද්ධමනයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් තිබිලා නෑ. වර්තමානයේ පවතින උද්ධමනය ඇති වීමට බාහිර වගේම අභ්‍යන්තර සාධකත් බලපානවා.

එය තවදුරටත් පැහැදිලි කළ හැකි ද?

ඔව්. එක් පැත්තකින් ලෝකයේ ඉන්ධන මිල ඉහළ යමින් පවතිනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය එක් පැත්තකින්. ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ඇතුළු අනෙකුත් ආහාර මිල ද වැඩි වෙලා. මෙවැනි තත්ත්වයක් 1970 ගණන්වල මුල සිද්ධ වෙලා තියෙනවා. ඒක, ලෝක තෙල් කම්පනය වගේම ලෝක ආහාර අර්බුදයක් විදිහටයි එදා තිබුණේ. එදා ඉන්ධන හා ආහාර සැපයුමෙහි දුර්වලතාවයක් තිබුණත්, පහළ ආදායම් ලබන්නකුට නම්, පෝලිමක ඉඳලා හරි ජීවත්වෙන්න ක්‍රමවේදයක් තිබුණා.

මේ වන විට එලෙස ජීවත්වීමටවත් ඉඩක් නොලැබී තිබෙන්නේ ඇයි?

දැන් වෙළෙඳපොළ හිතුමනාපෙට වෙළෙන්ඳන්ගේ ග්‍රහණයට ලක් වෙලා. මිල තීරණය කිරීමේ බලය ඔවුන් ඩැහැගෙන. රුපියලේ බාහිර අගය ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැති විදිහට පහළ ගිහින්. ඒ හින්දා භාණ්ඩ මිල ඉතා දැඩි ලෙසින් ඉහළ ගිහින්. ඒ වගේම පසුගියදා තවත් ගැටලුවක් ඇති වුණා. ඒ සියල්ලම ජීවත්වීමේ වියදම් බර ඉහළ යාමට බලපෑවා.

ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූයේ කෙසේ ද?

අත්දැකීම් අඩු අදුූරදර්ශී නිලධාරින්ගේ මැදිහත්වීම තමයි දේශීය කෘෂිකර්මාන්තයට පහරවැදීමට බලපෑවේ. සහලින් ස්වයංපෝෂිතව තිබූ රාජ්‍යයක්ව තිබූ අපේ රට ඉතා අවාසනාවන්ත විදිහට දුරස්වීමට මේ පිරිස කළ ක්‍රියාමාර්ග හේතු වුණා.

සහලින් ස්ව‍යංපෝෂිතව තිබූ අපේ රට සම්පූර්ණයෙන්ම ආපසු කරකවන තත්ත්වයකට පත් වුණා. ඒ හින්දාම කෘෂි නිෂ්පාදනවල අස්වැන්න අඩු වුණා. මේ නිසා ජීවන බර ජනතාවට දරාගත නොහැකි විදිහට ඉහළ ගිහින්. මේ තත්ත්වය තවදුරටත් වැඩි වෙන්න ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය සේවා පහසුකම් නැතිකමින් ප්‍රවාහන ක්ෂේත්‍රය බිඳ වැටීමත් ද බලපෑවා. මේ නිසාම ආහාර උද්ධමනයත් වේගයෙන් ඉහළ ගියා.

මෙකී අර්බුදයෙන් ගොඩ ඒමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

මේ සම්බන්ධයෙන් කෙටි කාලීන, මැදිකාලීන සහ දිගු කාලීන වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒ අනුව කටයුතු කරන්න ඕනෑ. අද ගොඩක් දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ විදේශ ණය ගැනීම, ණයට භාණ්ඩ ගැනීම, පිටරටවලින් ආධාර ඉල්ලන්න, වගේ සංකෝචනාත්මක ‍මුදල් වගේම පිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් කරන්නයි. මේවා ක්ෂණිකව ගත හැකි ක්‍රියාමාර්ග වුණාට ඊට සමගාමිව විදේශ විනිමය ඉපයීම කෙරෙහි විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුයි. කිසිදා රටකට ණය මත, ආධාර මත යැපීම කළ නොහැකි දෙයක්. එක පැත්තකින් එය රටේ අභිමානය හෑල්ලුවට ලක් කිරීමක්. අප මේ මොහොතේ කළ තියෙන්නේ ක්ෂණිකව විදේශ විනිමය උපයා ගැනීමට ක්‍රියාමාර්ග තැනීමයි.

එලෙස ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ණය ගැනීම සඳහා සාකච්ඡා කිරීම්වලට අමතරව අපේ ශක්තියෙන්ම විදේශ විනිමය සොයා ගැනීමේ මාර්ග කෙරෙහි අපි යොමු විය යුතුයි. අය - වැය හිඟයට හා භාණ්ඩාගාරයට මහත් හිසරදයක් වෙලා තියෙන පාඩු ලබන, කෙදිනකවත් රටේ ආර්ථිකයට හා ජනතාවට යහපතක් ගෙන නොදෙන රාජ්‍ය ව්‍යවසායන් විශාල ප්‍රමාණයක් තියනවා. මේවා තවදුරටත් රටට බරක් විය යුතු නැහැ.

ඊට අමතරව තවත් කළ හැකි දේ තිබේද?

නිදහසේ සිට මේ දක්වා අපේ රටේ ආර්ථික භාවිතාවකින් පවතින්නේදැයි සාකච්ඡා කරමින් ආරක්ෂා කරන විවිධ වත්කම් රට තුළ තියෙනවා. මෙයින් සමහරක් හොර රහසේම විදේශිකයින්ට ලබා දීලා. අනෙක් ඒවාද විදේශීය හා දේශීය හවුල්කාරිත්වය යටතේ ක්‍රියා කර හැකි ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන්ට ලබා දිය යුතුයි.

කොළඹ වරාය නගරය ආකර්ෂණීය මට්ටමෙන් ප්‍රගතියක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා එහි කටයුතු රාජ්‍ය යන්ත්‍රණයෙන් වහාම අහෝසිකොට එහි ආයෝජන කටයුතු කරගෙන යාම සඳහා දේශීය හා විදේශීය පෞද්ගලික අංශයේ කළමනාකාරිත්වයක් යටතේ පරිපාලනමය යන්ත්‍රණයක් ඇති කළ යුතුයි. රජයේ නිලධාරින්ට හෝ මැති ඇමැතිවරුන්ට තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට මේ ආයතනය සම්බන්ධ කර ගැනීමට තියෙන ඉඩකඩ ඇහිරිය යුතුයි. අපේ රටේ තවත් දූපත් තියෙනවා. ඒවාත් දේශීය වගේම විදේශීය පෞද්ගලික ආයතනවලට විදේශීය විනිමය රටට උපයාගත හැකි ව්‍යාපෘති සඳහා යොදා ගත හැකියි. මේ ආකාරයට විදේශ විනිමය ලැබෙන නව ක්‍රමෝපායික වැඩපිළිවෙළකට අපි වහාම යොමු විය යුතුයි.

වර්තමානයේ අප මුහුණ දෙන ඉන්ධන අර්බුදයෙන් මිදීමට ඔබවහන්සේ යෝජනා කරන විසඳුම් මොනවාද?

මේ අර්බුදය ආරම්භ වන්නේ 1962 තෙල් ජනසතු කිරීමත් සමඟ බව කියන්න ඕනෑ. එ් කාලේ මෙරට තෙල් බෙදාහැරීමේ කටයුතු සිදු කළේ ෂෙල්, කැල්ටෙක්ස් සහ ඉසෝ සමාගම් මඟින්. ඒවා ජනසතුකොට වර්තමාන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඇති කළා. ඒ යුගයට සමහරවිට එය ගැළපුණා වෙන්න පුළුවන්. එ්ත් වර්තමානයට මෙය ගැළපෙන්නේ නැහැ. ඉන්දියානු ඔයිල් සමාගම (IOC) නොතිබුණා නම්, අපි කාටවත් තෙල් ගන්න වෙන්නේ නෑ. තෙල් ජනසතු නොකළා නම්, අද තෙල් නැතිව දුක් විඳින්න වෙන්නෙත් නෑ විදුලිබලය නිෂ්පාදනය හා බෙදාහැරීම සම්බන්ධයෙන් ද සම්ප්‍රදායෙන් බැහැරව වෙනත් ක්‍රියාමාර්ග වලට යා යුතුයි. ජනතාවගේ සුබසාධනය මිසක, යල් පැන ගිය මතිමතාන්තර හෝ වරප්‍රසාද ලත් රාජ්‍ය නිලධාරින්ගේ පටු අවශ්‍යතා සපුරාලීමට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශාල රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් රටට බරක්ව පවතින බව නොරහසක්. එය එසේ සිදු නොවීමට වග බලාගත යුතුයි.

රාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක් ලබා දී විදේශගතවීමට ඉඩක් දීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

මේ කාලය තුළ රාජ්‍ය අංශයේ කටයුතු පිළිබඳව පෙරදාට වඩා කතිකාවක් ඇති වෙලා තියෙනවා. ආර්ථිකයට බරක් වී එම අංශය දුර්වල කරන තුවාලයක් විදිහටයි ඇතමුන් මෙය හඳුන්වන්නේ. එය වරින් වර බලයට පත් වූ ආණ්ඩු, ආයතනවලට ඔරොත්තු නොදෙන පරිද්දෙන් සේවකයින් බඳවාගැනීමේ භයානක ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක්. දේශපාලන සුදුසුකම් පමණක් සැලකිල්ලට ගෙන රාජ්‍ය ව්‍යවසායන්ට සහ දෙපාර්තමේන්තුවලට විශාල සේවකයින් පිරිසක් අනුයුක්ත කරලා තියෙනවා. මේ සෑම තැනකම වෘත්තිය සමිති තිබුණත් රාජ්‍ය ආයතනවලට අහිතකර ලෙස බඳවාගැනීම් සිදු නොකරන්නැයි ඔවුන් හඬ නැඟලා නෑ. ඒ නිසා අවසානයේ මුළු රටම අන්ත අසරණභාවයට පත්වුණා. මේ නිසා එ් සේවකයින් ද අද මේ ගැටලුවලට මුහුණ දීලා ඉන්නවා. මේ නිසා වසර පහකට නිවාඩුවක් දීලා හෝ විදේශ සේවයට පිටත් කර හැරීමට කටයුතු කිරීමේ වරදක් මා දකින්නේ නෑ. මෙවැනි අලුත් අදහස් හා ක්‍රියාමාර්ග ගෙන යමින් නිවැරදි ව්‍යවසායකත්වයක් පදනම් කරගත් මානසිකත්වයකින් රටේ පරිපාලනය අවංකව, විනිවිද භාවයෙන් සිදු කරන්න සියලුදෙනා පියවර ගත හොත් අපිට මේ අර්බුදවලින් ගොඩ ආ හැකියි.

ජයසිරි මුණසිංහ

ඩෙංගු කොවිඩ් වගේ නෙවෙයි

$
0
0
ජුලි 5, 2022 01:00

පසන් පැරකුම් ජයසිංහ මහනුවර දිස්ත්‍රික් හිටපු ප්‍රාදේශීය වසංගතවේදඥ,මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී

කොවිඩ් සමඟ ගත කළ වසර දෙකකට පසු ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. පාසල් සිසුන් රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක්ද දැකිය හැකිය. විදේශ සංචිත පහත වැටීම නිසා මතුව තිබෙන ඖෂධ හිඟය ඇතුළු කරුණු ගණනාවක් රෝග ව්‍යාප්තිය පාලනය හා රෝගීන්ට ප්‍රතිකාර කිරීම යන කාරණාවලදී අයහපත් ලෙස බලපා තිබෙන බව මේ වන විට සමාජයේ කතාබහට ලක්ව ඇත.

ශ්‍රී ලංකාවේ මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වැස්ස පවතී. මේ වර්ෂා කාලයේදී සමස්ත රටේම ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි. එහෙත් එම වැඩි වීමේ සම්මත අගයක් පවතී. පසු ගිය අවුරුදු ගණනාවක් පුරා ඒ ඒ මාසවල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගයක් පවතී. එම සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ලෙස රෝගීන්ගේ වාර්තා වීමක් සිදු වුණොත්, එය වසංගත තත්ත්වයක් ලෙස අපි පවසන්නෙමු. පසුගිය 2020 හා 2021 වසර දෙක පිළිබඳ සැලකීමේදී දැවැන්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ නැත. ඒ කාලයේදී කොවිඩ් නිසා රට වැඩියෙන් තිබුණේ ලොක්ඩවුන් හා සංචරණ සීමා සහිතවය. එවැනි කාලයක මිනිස්සු බාහිර පරිසරයේ ගැවසෙන ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩුය. මිනිස්සු බාහිර පරිසරයට පැමිණියද, රැඳී සිටින්නේ අඩු කාලයකි. මාස ගණනක් පාසල් වසා තිබුණි. කර්මාන්තශාලා, වෙළෙඳ සැල් වසා දමා තිබුණු නිසා, කැළි කසළ නිෂ්පාදනය වීමත් අඩු වුණි. කාර්යාලවල ගැවසුණේ ඉතා සීමිත ජන පිරිසකි. එවැනි කාලයකට පසු මේ වසරේදී අපි වර්ෂා කාලයත් සමඟ බාහිර පරිසරයට පැමිණ සිටිමු. ඒ නිසා පෙර වසර දෙකට වඩා ඩෙංගු ව්‍යාප්ත වීමට මේ වසරේ වැඩි ඉඩ කඩක් සැකසී තිබේ.

ඩෙංගු පැතිරෙන්නේ මදුරුවො නිසාම පමණක් යැයි පැවසෙන කාරණය සමාජයේ සම්මතව තිබේ. මදුරුවන් කොපමණ හිටියත් වයිරසය නැත් නම්, රෝගය පැතිරෙන්නේ නැත. ඒ නිසා රෝගය පැතිරෙන්න බලපාන එකම සාධකය ‘මදුරුවා’ යැයි කියා හිතනවා නම් එය වැරැදිය. අඩු ඉඩක වැඩි මිනිසුන් ප්‍රමාණයක් සිටී නම්, එක මදුරුවකුට වැඩි පිරිසකගේ දෂ්ඨනයට ලක් විය හැකිය. නාගරික ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම වැඩි වීමට ද මෙය ප්‍රධාන හේතුවකි. බස්නාහිර පළාතෙන් රෝගීන් වැඩිපුර වාර්තා වේ. මහනුවර නාගරික සීමාවේ තත්ත්වයද එසේමය. ඉහළ ජන ඝනත්වයක් තිබෙන අවස්ථාවක එක මදුරුවෙකුට නොනැසී දෂ්ඨනය කළ හැකි මිනිසුන් සංඛ්‍යාව වැඩිය. එවැනි පසුබිමක, ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යෑමේ වැඩි ප්‍රවණතාවක් පවතී. පාසල් ආශ්‍රිතව, පෞද්ගලික පන්ති ආශ්‍රිතව රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන්නේ මේ නිසාය.

ප්‍රජා ප්‍රතිරෝධය අඩු අවස්ථාවක මදුරුවා සක්‍රීය වුණොත්, රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වැඩි හැකියාවක් පවතී. මදුරු බිත්තරයක් ජලය තිබෙන ස්ථානයකට දැමූ පසු ජලය වියළී ගියත්, බිත්තරය ඒ ජලය පැවති පෘෂ්ඨයේ ඇලී පවතී. ආපසු ජලය ලැබෙන තෙක් මේ බිත්තරය නොනැසී පවතී. මෙය ‘කාල තරණය"ලෙස හඳුන්වයි. සෑහෙන කාලතරණයකට පසු බිහිවන මදුරුවා බොහෝ දුරට ඔරොත්තු දෙන ප්‍රබල ප්‍රභේදයක් වීමට ඉඩ තිබේ. කාලයක් පුරාවට රෝගය පැතිරි නොතිබුණු විට, රෝගය සම්බන්ධයෙන් පවතින ප්‍රජා ප්‍රතිරෝදය තරමක් අඩු වේ. කොවිඩ් සමඟ එවැනි කාල දෙකක් පමණ අපි පසු කළෙමු. එවැනි කාල හතක්, අටක් පසු කළා නම්, සමහර විට ඩෙංගු තුරන් වීමට ඉඩ තිබුණි; සමාජයෙන් වයිරසරය නොදැනීම ඉවත් වුණාම, මදුරුවා හැදුණත් වයිරසය නැති තත්ත්වයකට ඒමට ඉඩ තිබුණි. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. ප්‍රජා ප්‍රතිරෝධය අඩු අවස්ථාවක වයිරසය සහිතව මදුරුවා පැමිණිය හැකිය. මෙවර වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ප්‍රජා ප්‍රතිරෝධය අඩු අවස්ථාවක වයිරසය සහිතව මදුරුවා පැමිණීම නිසාය.

රුධිර පරීක්ෂණ මිල වැඩි වීම

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ දත්ත සැලකීමේදී, පසුගිය වසර පහක කාලයේදී රෝග ව්‍යාප්තිය පෙන්නුම් කරන්නේ පහත ආකාරයටය. වර්ෂ 2017දී අපේ රටෙන් ඩෙංගු රෝගීන් 1,86,101 දෙනෙක් වාර්තා විය. ඒ වසරේ වාර්තා වූ මරණ ගණන 334කි. 2018 වසරේදී 51,659ක් රෝගීන්ද, මරණ 64ක්ද වාර්තා වුණි. 2019 වසරේදී රෝගීන් 1,05,049ක්ද, මරණ 90ක්ද වාර්තා වුණත්, 2020 වසරේදී කොවිඩ් ව්‍යාප්තියත් සමඟ රටේ නිර්මාණය වූ පසුබිමත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම යම් ආකාරයට පාලනය වුණි. ඒ වසරේ 31,162ක් රෝගීන් වාර්තා වෙද්දී, මරණ සිදු වුණේ 35ක් පමණි. 2021 වසරේදී 25,067ක් රෝගීන් වාර්තා වෙද්දී, මරණ සිදු වුණේ 28ක් පමණි. වසර දෙකකට පසු මේ වසරේ ඩෙංගු රෝගය යම් ප්‍රමාණයකට සක්‍රීය වෙමින් තිබේ. මේ වන විට 23,121ක් රෝගීන් වාර්තා වෙද්දී, මරණ 29ක් සිදුව තිබේ.

මේ වන විට රුධිර පරීක්ෂණ වාර්තා සඳහා අය කරන මුදල තුන් ගුණයකින් පමණ ඉහළ ගොත් තිබේ. දින තුනකට පසුවත් උණ තිබෙනවා නම්, ඩෙංගු වයිරසය ශරීරගත වෙලාද? කියන කාරණය තහවුරු කර ගැනීමට වෛද්‍යවරු රුධිර පරීක්ෂණයක් කර ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් ලබා දෙති. මේ රුධිර පරීක්ෂණ වාර්තාවල මිල ඉහළ යෑම නිසා, රෝගීන් පෙරට වඩා ඒ සඳහා යොමු වීමේ අඩුවක් තිබෙන බව අපට ප්‍රජාව තුළින් නිරීක්ෂණය වෙයි.

මේ සම්පූර්ණ රුධිර පරීක්ෂණය මඟින් රුධිර පට්ටිකා ප්‍රමාණය, ශරිරයේ තිබෙන තරල ප්‍රමාණය වැනි සංරචක බොහොමයක එකතුවක් නිරීක්ෂණය කරයි. අතීතයේදී අපි රුධිර පට්ටිකා ප්‍රමාණය මඟින් රෝගය වැළඳී තිබේද? නැද්ද? යන්න තහවුරු කර ගතිමු. එහෙත් අද වන විට ඒ සඳහා පැරා මීටර ගණනාවක් තිබේ. ඒ සියල්ල සලකා බලා, අපි ඩෙංගු තිබේද? නැද්ද? යන කාරණය තහවුරු කර ගතිමු. උණ වැළඳී පළමු පැය 24 ඇතුළ NS1 කියා පරීක්ෂණයක් කරයි. එය පළමු පැය 24දී කිරීමට බැරි වුණොත්, ඊට පසු එම පරීක්ෂණය කිරීමේ පලක් නැත.

උණ වැලඳී මුල් අවස්ථාවේදීම පැරසිටමෝල් ගැනීමත් සමඟ ක්‍රමයෙන් උණ අඩු වෙමින් යයි. එවිට අපට යම් සහනයක් ලැබේ. මේ වගේ අවස්ථාවක “මට දැන් උණ අඩුයි, ප්‍රශ්නයක් නැහැ.’’ කියලා යම් කෙනකු තුළ ව්‍යාජ තහවුරු වීමක් ඇති විය හැකිය. මීට කලින් මිනිසුන්, උණ වැලඳී තුන්වැනි දිනයට පසු උණ තිබුණත් නැතත්, රුධිර පරීක්ෂණයක් කර ගත්තේය. එහෙත් මේ වන විට පවතින ආර්ථික ප්‍රශ්නත් සමඟ මිනිසුන් ඒ සඳහා දක්වන උනන්දුව අඩු වී ඇත. කලින් රුපියල් 200.00කට තිබුණු සම්පූර්ණ රුධිර පරීක්ෂණක් කර ගැනීමට මේ වන විට රුපියල් 700.00ක් ගෙවීමට සිදු වේ. ප්‍රවාහන වියදම්ද ගණන් බලන විට, මේ පරීක්ෂණ කිරීමට එදා තිබුණු උනන්දුව දැන් රෝගීන්ගෙන් තරමක් ඈතට ගොස් ඇත. වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය හඳුන්වන්නේ, ‘කැටස්ට්‍රොපි එකක්’ ලෙසටය. අපි අවශ්‍යයතා අතුරින් අත්‍යවශ්‍ය දේ පමණක් ඉටු කර ගැනීමට පෙලඹෙන්නෙමු. සෞඛ්‍ය කෙතරම් අත්‍යවශ්‍ය වුවද, මේ අවස්ථාවේ එය අත්‍යවශ්‍ය ලෙස දැනෙන්නේ නැත. මෙය ලොකු ඛේදවාචකයකි.

රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමේ අවදානම

රෝගියා රෝහල් ගත කිරීමේ තීරණයට එළඹීම ප්‍රමාද වීම නිසා, ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය පවා නැති විය හැකිය. ඩෙංගු වැනි රෝගයකට මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ආරම්භ කර, නිවැරැදි ලෙස ශරීරයේ තරල කළමනාකරණය කළොත්, පහසුවෙන් සුව කර ගත හැකිය. එසේ නොකර අවදානම් මට්ටමට එළඹෙන තෙක් රෝගය නිශ්චිතව හඳුනා නොගත් පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට තිබෙන ඉඩ හරිම අඩුය. වයස, පෝෂණ තත්ත්වය, ශරීර බර, නිධන්ගත රෝග ආදි කරුණු මත ඩෙංගු වයිරසය ශරීරගත වූ අයෙකු අසාධ්‍යය තත්ත්වයට පත් වීමට ගත වන කාලය වෙනස්ය.

මේ වන විට රෝහල්වල ඖෂධ හිඟයක් පවතී. එවැනි පසුබිමක ඩෙංගු රෝගියකු රුධිර පරීක්ෂණ වාර්තා ලබා ගැනීම ප්‍රමාද කිරීම ඔස්සේ බරපතළ තත්ත්වයකට පත්ව රෝහල් ගත කරන අවස්ථාවක, ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිත අවදානම වෙනදාට වඩා ඉහළ ගොස් තිබෙනවාද? ඩෙංගු රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී මූලික වශයෙන්ම කරන්නේ ශරීරයේ ඇති තරල ප්‍රමාණය ස්ථාවරව තබා ගැනීමය. එය සරලව කියනවා නම්, අප පානය කරන දියර ප්‍රමාණය හා මූත්‍රා ලෙස පිට කරන ප්‍රමාණය මැනීමය. අප මෙහිදී නිරීක්ෂණය කරන්නේ, ඇඟට ගත්ත දියර ප්‍රමාණයට ගැළපෙන ප්‍රමාණයක් පිට කරනවාද කියාය. බොන ප්‍රමාණය පිට වෙන්නේ නැත් නම්, ඒවා ශරීරය තුළදී රුධිර වාහිනීවලින් එළියට යනවා යැයි අපට තීරණය කිරීමට හැකිය. එසේ වන්නේ නම් එය භයානක තත්වයකි. අප ජලය, කිරි ආදි ලෙස පානය කරන දියර ප්‍රමාණය අනුව, මෙපමණ ප්‍රමාණයක් මුත්‍රා ලෙස පිට වීම අවශ්‍යයැයි ගණනය කර කිව හැකිය.

මේ තරල මැනීම නිසියාකාරව කරගෙන ගියොත් අපට කිසිදු අමතර ප්‍රතිකාරයකින් තොරව, රෝගියා සුව කර ගත හැකිය. ඒත් ඒවා සිදු නොකර, සාමාන්‍ය උණක් ලෙස හිතාගෙන වැඩ කරමින් සිටියොත්, ඇඟ ඇතුළේ ලොකු හානියක් වුණාම අපට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමට සිදු වේ.

එවැනි අවස්ථාවක දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය වේ. නිධන්ගත රෝග තිබුණොත්, ඒවා උත්සන්න විය හැකිය. බැක්ටීරියා ආසාදන වැනි දේ වැඩි විය හැකිය. එවැනි තත්ත්වයකදී, රෝහල්වල බෙහෙත් නැති අඩුව දැනේ. ඩෙංගුවලට කොහොමත් බෙහෙතක් තිබුණේ නැත. ඩෙංගු යනු, සරම්ප, පැපොල, කම්මුල්ගාය, කොවිඩ් වගේම, වයිරස් රෝගයකි. වයිරස් ලෙඩවලට බෙහෙත් නැත. පවතින ඖෂධ හිඟයේ බලපෑම, ඩෙංගු රෝගයට ඍජුව බලනොපෑවත්, රෝගය උත්සන්න වූ අවස්ථාවල මතු වන අතුරු ආබාධවලට ප්‍රතිකාර කිරීමේදී ඖෂධ හිඟය බලපායි. ඩෙංගු රෝගය වැළඳීමට ඇති ඉඩ අප හැකි තරම් අවම කර ගත යුත්තේ ඒ නිසාය. මීට අවුරුදු දෙකකට කලින් ඩෙංගු රෝගයට ගොදුරුව පුද්ගලයකු මරණයට පත් වීමට තිබූ හැකියාවට වඩා, අද එම රෝගියා මරණයට පත් වීමේ හැකියාව වැඩිය. මෙය ඩෙංගුවලට පමණක් නොවෙයි; අනෙක් රෝගවලටත් එකලෙස බලපායි.

පාසල් දරුවන්ට ඩෙංගු අවදානම

කොවිඩ් වයිරසය සැලකීමේදී සම්පූර්ණ වශයෙන් නීරෝගී දරුවෙකුට එමඟින් දැඩි සංකූලතා ඇති වුණේ නැත. විවිධ නිධන්ගත රෝග තිබෙන වැඩි වයස් කාණ්ඩවල අයට කොවිඩ්වලින් වැඩි බලපෑමක් එල්ල වුණි. කොවිඩ් නිසා කුඩා දරුවන්ට ඇති වුණේ සාමාන්‍ය උණ, හෙම්බිරිස්සාවක් වැනි තත්ත්වයකි. ළමයින් බරපතළ තත්ත්වයට පත් වුණේ, ඒ අයට යම් යම් වෙනත් නිධනගත රෝග තිබුණා නම් පමණි. එහෙත් ඩෙංගු එසේ නොවෙයි. සෑම වයස් කාණ්ඩයකටම ඩෙංගු එක විදියට බලපායි. වයස් භේදයකින් තොරව රෝගීන් වාර්තා වෙන්නේ ඒ නිසාය. මේ නිසා, කොවිඩ්වලට වඩා ඩෙංගු භයානක යැයි පැවසිය හැකිය.

පාසල් දරුවන් වැඩිපුර මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එයට හේතුව, පාසලක් ගත්විට අඩු ඉඩක වැඩි ළමයින් පිරිසක් සිටීමය. මේ වන විට නාගරික පාසල්වල වැඩිපුර රෝගීන් වාර්තා වීමක් දැකිය හැකිය. ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන්නේ දිවා කාලයේදීය. පාසල් පැවැත්වෙන්නේ දිවා කාලයේදීය. අනෙක් පැත්තෙන් පාසල් දරුවන්ගේ ඇඳුම්, පිරිමි ළමයින් කොට කලිසම් අඳියි. ගැහැනු ළමයින් ගවුම අඳින නිසා, දණහිස දක්වා පාද විවෘතව පවතී. මේ නිසා, අනෙක් අයට වඩා පාසල් දරුවන් ඩෙංගු මදුරුවන්ගේ දෂ්ඨනයට ලක් වීමට වැඩි ඉඩක් තිබේ. පාසල් පරිසරය ගත්තොත් අබලි ද්‍රව්‍ය වැඩිය. පාසල් අඛණ්ඩව ක්‍රියාත්මක වන විට මේ අබලි ද්‍රව්‍යය ඉවත් කිරීමක් සිදු වෙයි. එහෙත් මේ වන විට පාසල් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්නේ නැත. මහනුවර නගර සීමාවේ පාසල් 32ක් අපි පරීක්ෂාවට ලක් කළෙමු. ඉන් 30ක්ම ඩෙංගු කීටයන් හමු වුණි. ඇතැම් ජනප්‍රිය පාසල්වල ස්ථාන 10කින් කීටයන් සොයා ගතිමු. ජනවාරි සිට මේ දක්වා ඇති දත්ත අනුව, මහනුවර නගර සීමාවෙන් පමණක් ඩෙංගු රෝගයට ගොදුරු වූ පාසල් දරුවන් 106ක් හඳුනාගෙන තිබේ.

අසේල කුරුළුවංශ

ඡායාරූපය - රුවන් මීගම්මන

උණ්ඩියල් වළකා මෙරටට ඩොලර් ගෙන්වන මඟ

$
0
0
ජුලි 6, 2022 01:00

"විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවන විදේශ මුදල් ප්‍රමාණයට අනුපාතිකව වසර 5ක පමණ කාලයකින් ගෙවා නිම කළ හැකි වන සේ අඩු පොලී අනුපාතිකයක් යටතේ සිය බැංකුව මඟින් ණය දීමට  ක්‍රමවේදයක් හඳුන්වා දුනහොත් එය ද  බැංකු හරහා  මෙරටට සිය වැටුප එවීමට ඔවුන්  පෙලැඹවීමට හේතුවක් විය හැකිය."

වර්තමානය වන විට ශ්‍රී ලංකාව වෙත විදෙස් මුදල් ලැබීමේ ඌනතාවය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදවලට ජනතාව දැඩි ලෙස මුහුණ පා සිටී. මෙරට අපනයන වෙනුවෙන් ලැබිය යුතු විදේශ විනිමය නිසි පරිදි නොලැබීමට හේතු සහ ඒවා නිසි ලෙස මෙරටට ගෙන්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පසුගිය සතියක ලිපියක් මඟින් ඉදිරිපත් කෙරුණි. විදේශ ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබිය යුතු ප්‍රේෂණ නොලැබීම තවත් ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙම ලිපිය මඟින් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබිය යුතු ප්‍රේෂණ නිසි ලෙස නොලැබීම පිළිබඳ සාකච්ඡා කිරීමට අදහස් කෙරේ.

උපතේ සිට රැකියාවක් කරන වයස දක්වා මෙරට වැසියාගේ වියදමින් පෝෂණය කරනු ලැබූ බොහෝ පිරිසක් විදේශගතව සිය රැකියාව කර මුදල් උපයා සිය පවුල නඩත්තුවට අවශ්‍ය මුදල් බැංකු හරහා මෙරටට එවීමට පුරුදුව සිටියහ. එම ප්‍රේෂණ මෙරට ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය බවත්, එතුළින් මෙරට විදේශ සංචිත වර්ධනය වන බවත් ඔවුන් නොදන්නවා විය හැකිය. විදේශ ශ්‍රමිකයන් දක්වන මෙම දායකත්වය පිළිබඳ දන්නා රජය විසින් ඔවුන් රට විරුවන් ලෙස හඳුන්වමින් තීරු බදු සහන දීමනා, රක්ෂණ ක්‍රමවේද, මෙරටදී ව්‍යාපාර පවත්වාගෙන යෑමට අවශ්‍ය ණය පහසුකම් දීම ආදී විවිධ දිරි දීමනා ක්‍රම ඇති කර දී තිබේ.

 

විදේශ විනිමය

ලොව පුරා කොවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ සිය රැකියා අතහැර පැමිණි විදේශ ශ්‍රමිකයන් හේතුවෙන් මෙරටට ලැබෙමින් පැවති විදේශ විනිමය ප්‍රමාණයද ශීඝ්‍ර ලෙස පහත වැටුණි. ඉතිරි වූ පිරිසගේ වැටුප එ් රටවල සිටින ඇතැම් ජාවාරම්කාර උණ්ඩියල් මුදලාලිලා විසින් වැඩි මිලට ගැනීමත් සමඟ රට විරුවන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අඩු වීමක් පෙන්නුම් කර ඇත. උණ්ඩියල් ක්‍රමය නිසා තමන් උපයනු ලබන මුදල වැඩි මිලට විකුණා ගැනීමට හැකි වූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරය වෙනුවෙන් ගෙවන ශ්‍රී ලංකා රුපියල කෘත්‍රිම ලෙස පාලනය කර තිබූ නිසා මෙම ව්‍යසනය දරුණු තත්ත්වයට පත් විය. උණ්ඩියල් මුදලාලිට තමන් ඉපයූ මුදල විකිණීම නිසා ලැබූ අමතර වාසියත්, උණ්ඩියල් මුදලාලි නිවෙසටම මුදල් ගෙනැවිත් දීම හෝ තම ඥාතියාගේ ගිණුමට බැර කිරීම මඟින් ලැබූ පහසුවත් නිසා බැංකු හරහා මුදල් මෙරටට එවීම ඔවුන් විසින් අතහැර දමන ලදි. බැංකු හරහා මෙරටට එවනු ලබන මුදල් දේශපාලකයන් විසින් කොල්ලකන බවට සංවිධානාත්මක පිරිසක් විසින් යවන ලද මතය අනුව මෙම තත්ත්වය තවත් බරපතළ විය. 2019 වසරේ බලයට පත්වූ රජය සමඟ විරසක වී සංවිධානගත වූ විදේශ සංවිධාන දේශපාලන හේතු මත මෙරට රජය යම් අපහසුතාවයකට පත් කිරීම සඳහා උණ්ඩියල් ගනුදෙනු ක්‍රමවේදයට අනුගත වීමත් සමඟ ප්‍රශ්නය තවත් බරපතළ වූ බව දැක ගත හැකි විය. විදේශගත ශ්‍රමිකයන් කීප දෙනකුගේ මවුපියන් සමඟ කළ සාකච්ඡාවලදී දැන ගැනීමට ලැබුණේ තම පුතාගේ හෝ දුවගේ යහළුවකු විසින් පෙරට වඩා වැඩි මුදලක් තම බැංකු ගිණුමට බැර කරන නිසා තමන්ට වැඩි මුදලක් සහ පහසුවක් ලැබී ඇති බවයි. මෙම යහළුවා කවුරුන්දැයි ඔවුන් නොදන්නා අතර, උණ්ඩියල් මුදලාලි විසින් එය සිදු කරන බව පෙනේ. විදේශ ශ්‍රමිකයා බැංකුවෙන් දුරස් වීමත් සමඟ මෙරට රජය සතු විදේශ සංචිත ප්‍රමාණය අඩු වීමක් දක්නට ලැබුණි.

මෙම තත්ත්වය පිළිබඳ සිය අවධානය වහා යොමු කළ යුතු රජය විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල් නැවතත් බැංකු හරහා ගෙන්වා ගැනීමට විධිමත් ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු වේ.

 

දිරි ගැන්වීම

විදේශගත රැකියාවල නියුතු වූවන් විසින් මෙරටට එවන විදෙස් මුදල් සඳහා රජය විසින් දෙන දිරි ගැන්වීමක් ලෙස දෙනු ලබන තීරු බදු රහිත භාණ්ඩ ආනයනය කිරීමේ වරප්‍රසාද භාවිත කරමින් වෙනත් කාර්යයන් සඳහා විදෙස්ගත වන්නන්ද මෙම වරප්‍රසාදය භාවිතයට ගන්නා බව පෙනේ. විදේශ රටවල දුක් මහන්සි වී රැකියාවල නියුතුව බැංකු හරහා මෙරටට විදෙස් මුදල් එවා, රටේ විදෙස් මුදල් සංචිත තර කරන්නන් හට රජය මඟින් උපරිම සහන සැලසිය යුතුය. නමුත් වර්තමානයේ රජය මඟින් දෙන තීරු බදු සහන දීමනාව කුමන හේතුවක් මත විදෙස්ගත වූවකුට වුවද ලබා ගත හැකි වේ. නිදසුනක් ලෙස මෙරට තිබෙන විදේශ මුදල් වැය කර අධ්‍යාපනය ලැබීමට විදෙස්ගත වන්නන් හට සහ රටේ මුදල් වැය කර සංචාරය සඳහා විදෙස්ගත වන්නන්ටද එක සේ එම වරප්‍රසාදය හිමි වේ. මෙරටට විදෙස් මුදල් එවනු ලබන අය දිරි ගැන්වීමට තීරු බදු සහන දීමනාව හේතු කාරණා විය යුතු වුවද එය එසේ නොවන්නන් වෙත දීමෙන් අවභාවිත වෙන බවක් පෙනේ.

මෙම තත්ත්වය වෙනස් කරමින්, සුදුසු අණ පනත් මඟින් මෙරට බැංකු හරහා විදේශ ප්‍රේෂණ එවනු ලබන අයට පමණක් ගත හැකි වන සේ රජය විධිමත් නව වැඩපිළිවෙළක් හදුන්වා දිය යුතුය. ඒ සඳහා අවශ්‍ය අණ පනත් මෙන්ම ක්‍රමවේද ඇති කළ යුතුය. දැනට මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මත විදෙස්ගත පුද්ගලයන් වෙත A,B,සහ C කාණ්ඩ යටතේ තමන් එරට ගත කළ කාලය අනුව විදේශයේ සිට තීරු බදු රහිතව මෙරටට භාණ්ඩ රැගෙන ඒමට රේගුව මඟින් තීරු බදු සහන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෙම සහනය ඔවුන් වෙත දීම පිණිස මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් හිලව් වන බව සැලකිය යුතුය. මෙමඟින් විදෙස්ගත ශ්‍රමිකයන් විශාල ප්‍රතිලාභයක් ලබන අතර, ඔවුනට උපරිම සේවයක් දීමට රේගුවද කටයුතු කරනු ලැබේ. මෙම ක්‍රමවේදය වහාම වෙනස් කර B සහ C කාණ්ඩ යටතේ තීරු බදු සහනය දීමට නම් විදෙස් ගත ශ්‍රමිකයා බැංකුව හරහා මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය කොපමණදැයි නිශ්චය කර එ් අනුව තීරු බදු සහනය එවැනි අය වෙත පමණක් දීමට කටයුතු කිරීම යෝග්‍ය වේ. මෙම ක්‍රමවේද හදුන්වා දීම තුළින් තීරු බදු සහන දීමනාව අවශ්‍ය විදෙස් ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම බැංකු වෙත යොමු වනු ඇත. ඔවුන් නැවත බැංකු වෙත යොමු කර ගැනීමට මෙය හොද අවස්ථාවකි.

 

විනිමය නීති

විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවන විදේශ මුදල් ප්‍රමාණයට අනුපාතිකව වසර 5ක පමණ කාලයකින් ගෙවා නිම කළ හැකි වන සේ අඩු පොලී අනුපාතිකයක් යටතේ සිය බැංකුව මඟින් ණය දීමට ක්‍රමවේදයක් හඳුන්වා දුනහොත් එය ද බැකු හරහා මෙරටට සිය වැටුප එවීමට ඔවුන් පෙලැඹවීමට හේතුවක් විය හැකිය.

විදෙස්ගත ශ්‍රමිකයන්ට තමන් උපයන මුදලින් වාහනයක් මෙරටට ගෙන එ්මට ක්‍රමවේදයක් සකසා දීම තුළින් ඔවුන් බැංකු හරහා මුදල් එවීමට පෙලැඹවිය හැකිය. මෙහිදී තමා විසින් ආනයනය කරනු ලබන වාහනයේ සත්‍ය වටිනාකම සහ ඒ වෙනුවෙන් මෙරට රජයට ගෙවිය යුතු බදු මුදලට සමානුපාතික මුදලක් විදේශ මුදල්වලින් මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ණයවර ලිපියක් විවෘත කරවා වාහනය ආනයනය කිරීමත්, තීරු බදු සඳහා අවශ්‍ය බැංකු අණ කර දීමත් තුළින් ඔවුනගේ අවශ්‍යතාවය නොපමාව ඉටුකර දීමට පහසුකම් සලසා දිය හැකිය.

මෙම අණ පනත් සකස් කිරීමෙන් සහා ඒවා නියාමනය කිරීමෙන් අනතුරුව බැංකු හරහා මෙරටට විදේශ මුදල් එවනු ලබන අය වෙනුවෙන්, එක් ඩොලරයක් සඳහා රජය විසින් යම් ප්‍රසාද මුදලක් ඔවුන් වෙත ගෙවිය යුතු අතර, එසේ මුදල් එවීම වෙනුවෙන් බැංකු විසින් කිසිදු කොමිස් මුදලක් නොගත යුතුය.

සමහර වාණිජ බැංකු මෙලෙස විදේශ ශ්‍රමිකයන් විසින් එවන මුදල්වලින් කොමිස් ගැනීම නිසා බැංකු හරහා මුදල් එවීමට බොහෝ දෙනෙක් අකමැති වී ඇති බවද සඳහන් කළ යුතුය.

සමහර රාජ්‍ය බැංකු ඇතුළු වාණිජ බැංකුවල කළමනාකරුවන් ඇතුළු සේවකයන් බැංකුව වෙත ඍජුව මාරු කිරීමට ගෙන එනු ලබන විදේශ මුදල් පෞද්ගලික මට්ටමින් මිලට ගෙන වැඩි මිලට විකිණීම සිදු කරන බවට ද තොරතුරු ලැබී තිබේ. උපාය දූතයන් යොදා හෝ එවැන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කළ යුතුය.

එසේම පවත්නා විනිමය නීති-රීති වෙනස් කර උණ්ඩියල් ක්‍රමවේදය ඔස්සේ මෙරටට මුදල් එවනු ලබන පුද්ගලයන් සහ ඔවුනට ආධාර අනුබල දෙන්නන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින අවංක නිලධාරින් යොදවා විමර්ෂණය කර හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණ විය යුතුය. මෙය අපහසු කාර්යයක් නොවේ.

විදේශගත ශ්‍රමිකයන්ගේ සියලු කටයුතු නියාමනය කිරීම සඳහා කටයුතු කරනු ලබන විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ ශ්‍රමිකයින්ගේ වැටුප් මෙරටට එවීම පිළිබඳ සොයා නොබලයි. අවශ්‍ය නම් අණ පනත්වලින් නිසි බලය දී ඔවුන් හරහා මෙය නියාමනය කරවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව තිබේ.

 

නෙත්කළු කළුගල

$
0
0
ජුලි 6, 2022 01:00

මිනිසා ඇතුළු සමස්ත ජීව ප්‍රජාවටම ජීවය දෙන්නා වූ සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වූ වනාන්තර ශ්‍රී ලංකාවේ සෑම කලාපයක් තුළම ව්‍යාප්තව පවතී. ඒ අතුරින් පොහොසත් ජෛව විවිධත්වයකට උරුමකම් කියනු ලබන්නේ පහත රට තෙත් කලාපීය වැසි වනාන්තර පද්ධතියයි. මේ අතුරින් කළුතර දිස්ත්‍රික්කයේ හදවත බඳු වූ කළුගල රක්ෂිත වනාන්තරය සිංහරාජය, කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය, රූණකන්ද, යගිරල වැනි වනාන්තර මෙන්ම ජෛව විවිධත්වය හා සුන්දරත්වයෙන් පොහොසත් නිවර්තන වර්ෂා වනාන්තරයකි.

කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට, අගලවත්ත, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත්ව පිහිටන්නා වූ මෙම කළුගල රක්ෂිත වනාන්තරය පැලවත්ත පහළ හෙවෙස්ස හරහා බදුරලිය මාර්ගය, අගලවත්ත සිට බදුරලිය දක්වා දිවෙන මාර්ගය සහ අගලවත්ත, පොල්ගම්පල හරහා පැලවත්ත දක්වා දිවෙන ප්‍රධාන මාර්ග තුනට මැදිව හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙහි ග්‍රාම නිලධාරී වසම් 16 කට අයත්ව හෙක්ටයාර 2688ක වපසරියක් පුරා විහිදී පවතින වනාන්තරයකි. IUCN වර්ගීකරණය අනුව ඉහළ ප්‍රමුඛතාවක් දී ඇති වනාන්තරයක් වන මෙම වනාන්තරය ජාතික සංරක්ෂණ විමසුමට අනුව තෙත් සදාහරිත වනාන්තර අතර වැදගත්කමින් 166 ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකා කෘෂි දේශගුණ කලාප වර්ගීකරණයේ WL1 කොටසට අයත්ව මුහුදු මට්ටමේ සිට මීටර් 100–200 අතර උච්චත්වයක මෙම වනාන්තරය පිහිටා ඇත. මෙහි වාර්ෂික වර්ෂාපතනය මී.මී. 4450ක් පමණය. එම වර්ෂාපතනය ලැබීම 75% වඩා වැඩි සම්භාවිතාවක් පවතී. ජනවාරි මාසයේ අග භාගයේ සහ පෙබරවාරි මාසයේ වියළි කාලගුණයක් දක්නට ලැබෙන අතර වර්ෂයේ අනෙකුත් මාසවල සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ලැබේ. වැඩිම වර්ෂාපතනය මැයි සහ ඔක්තෝම්බර් මාසවල වාර්තා වේ. කළුගල රක්ෂිතය තුළ රතු සහ කහ මිශ්‍ර පොඩ්සොලික් පසක් දක්නට ලැබෙන අතර වනාන්තරය පුරා සංවෘත වන වියනක් හේතු කොට ගෙන සෑදුණු හියුමස් තට්ටුවකින් ද යුක්තය. තවද වගුරු හා අර්ධ වගුරු ස්ථානවල වගුරු පස හා දියළු පස දක්නට ලැබේ.

මෙම කළුගල රක්ෂිත වනාන්තරය එක් පසෙකින් බෙන්තර ගංඟාව සහ අනෙක් පසින් මගුරු ගඟ හරහා කළු ගඟ යන ගංගා පෝෂණය කරන නිසා එම ගංගාවන්හි ප්‍රධාන ජල පෝෂක රක්ෂිතයක් ලෙස ද හැඳින්විය හැකිය. වනාන්තරය පුරා දිවෙන කුඩා ජල දහරාවන් විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා වනාන්තරය හරහා ගලා විත් බෙන්තර ගංඟාව හා මගුරු ගඟ හා එක් වීම සිදුවේ. ප්‍රකට තඹ දොළ ඇල්ල සමඟින් දිය ඇලි කීපයක්ම පෝෂණය වන්නේ කළුගල රක්ෂිත වනාන්තරයෙනි. මෙම ජල දහරාවන්හි වෙසෙන මිරිදිය මත්ස්‍යයන්ගේ විවිධත්වය ඉහළම අගයක් ගන්නා අතර දංකොළ සාලයා, තල්කොස්සා, ගල්පාඬියා, ලේතිත්තයා, දන්ඩියා, හල්මල්දන්ඩියා, පෙතියා, වැලිගොව්වා වැනි ශ්‍රී ලංකාවේ වෙසෙන මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් බොහෝ ප්‍රමාණයක් මෙම වනාන්තරය ආශ්‍රිතව හඳුනාගෙන තිබෙන අතර ඉන් වැඩි පිරිසක් ඒක දේශික වීම සුවිශේෂි වටිනාකමකි. එමෙන්ම මෙම දිය පහරවල් ආශ්‍රිතව Lagenandra kalugalensis වැනි ස්ථානීය ආවේණිකත්වය සහිත ජලජ ශාක විශේෂ ද වාර්තා වී ඇත. එමෙන්ම කලවැද්දා, දඬුලේනා, කළුවඳුරා, මීමින්නා, ගෝනා, හඳුන්දිවියා වැනි ක්ෂීරපායින් බහුලව දැක ගැනීමට ද හැකියාවක් ඇත. වළි කුකුළා, කොට්ටෝරුවා, ඇටි කුකුළා, කැහිබෙල්ලා වැනි පක්ෂීන් ඇතුළුව ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක පක්ෂි විශේෂ බොහෝ ප්‍රමාණයක් හඳුනා ගෙන ඇත. ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 108න් බොහෝ විශේෂ ප්‍රමාණයක් මෙහි දක්නට ලැබේ. මෙහි වාසය කරන කටුසු විශේෂ අතරින් විශේෂ බොහොමයක්ම ඒකදේශීක විශේෂයන්ය.

අතීතයේදී මෙය සිංහරාජ වනාන්තරයට සම්බන්ධව පැවති වනාන්තරයක් වන අතර අධික ලෙස සිදු වූ වන හායනයත් සංවර්ධන කටයුතු සඳහා රජය මඟින් කැලෑ ඉඩම් විවිධ බලපත්‍ර මත ග්‍රාමීය ජනතාව වෙත බෙදා දීමත්, දැව සඳහා විශාල වශයෙන් ශාක කපා දැමීමත්, ආර්ථික හා වැවිලි භෝග වන තේ හා රබර් වගාවන් සඳහා ඉඩම් එළි කිරීමත් සමඟින් සිංහරාජ වනාන්තර මායිමෙන් හුදෙකලා වන්නට ඇත. එහෙත් ජෛව විවිධත්වය හා පාරිසරික වටිනාකම සිංහරාජ වනාන්තරය හා සමානව ඉහළ වටිනාකමක් ගන්නා මෙම කළුගල රක්ෂිතය බටපඳුරු, මීවන මෙන්ම රූස්ස වෘක්ෂ සහ භෞමිකව මෙන්ම අපිශාක ලෙස වැඩෙන දේශීය උඩවැඩියා විශේෂවලින් සමන්විතය. මේ වන පියස තුළ ශාක විශේෂ විශාල ප්‍රමාණයක් වාර්තා වන අතර ඒ අතරින් හොර, ඇටඹ, වල්දෙල්, කිතුල්, දියපර, වෙනිවැල්, බෙරලිය ආදී ශාක දක්නට හැකිය. ඉතා උස ශාක පිහිටීම, අඛණ්ඩ වියන් ස්ථරය වැනි තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ මේ වනාන්තරය තුළදී ද ඉතා පැහැදිලිව දැක බලා ගත හැකිය. තවමත් මෙම රක්ෂිත වනාන්තරය තුළ නිසි පාරිසරික අධ්‍යයනයන් සිදුවී නොමැති නිසාවෙන් ශාක සහ සත්ත්ව විශේෂයන්හි වටිනාකම සංඛ්‍යාත්මකව දැක්වීමට අපහසු වේ.

අතීතයේදී මෙම රක්ෂිත ප්‍රදේශ රාවණා රජු යුගයේ ආරක්ෂිත බල ප්‍රදේශයක් ලෙස භාවිතා කර ඇති බව ගැමියන් අතර විශ්වාසයක් පවතී. සිංහල රජ සමයේ පාලින්දනුවර අග නගරය කර ගනිමින් පැළෑඳ ප්‍රදේශයේ සිට රජ කළ වීදියබණ්ඩාර රජතුමන්ගේ ද ආරක්ෂිත බල ප්‍රදේශයක් ලෙස පැවති නිසා මෙහි ඓතිහාසික වටිනාමක් ද තිබේ. මෑත කාලයේදී මෙම රක්ෂිත වනාන්තර බොහෝ ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කළුගල ආරණ්‍ය සේනාසනය නිසාය. 1949 වසරේදී කළුගල රක්ෂිතයෙහි ආරම්භ කරන ලද කළුගල වන සෙනසුන අද වන විට මෙරට ප්‍රකට ප්‍රධාන ආරණ්‍ය සේනාසනයක් බවට පත්වී ඇත. ශ්‍යාමෝපාලි වංශික වනවාස මහා නිකායට අයත් මෙම වන සෙනසුනෙහි බොහෝ විහාර අංගයන් නිර්මාණය සඳහා යොදා ගෙන ඇත්තේ ස්වාභාවික කළුගල්ය. සමාධි බුද්ධ ප්‍රතිමාව, දුෂ්කරක්‍රියාව දැක්වෙන ප්‍රතිමාව, ගල් විහාරය හා එය තුළ ඇති ප්‍රතිමා, චෛත්‍ය, බෝධි ප්‍රාකාරය, පිය ගැට පෙල, සඳකඩ පහන්, කොරවක්ගල් ආදි බොහොමයක්විහාර අංග කැටයම් හා මූර්ති කළුගලින් නිර්මාණය කරන ලද අලංකාර ශෛලමය නිර්මාණවේ. මෙම ඉදිකිරීම් රක්ෂිත වනාන්තරයට හානි නොවන අන්දමින් ඉතා අංලකාරවත්ව ස්වාභාවික පරිසරයේම කොටසක් වන ලෙස ඉදිකොට තිබේ. මේ නිසා වනාන්තරයේ සුන්දරත්වය මෙන්ම රක්ෂිත වනාන්තරය හා බද්ධ වී ඇති වන සෙනසුනේ සුන්දරත්වය ද මෙහිදී නොඅඩුව විඳිය හැකිය.

මෙම වනාන්තරය කළුතර දිසාවේ මතුගම අඩවිවන කාර්යාලය යටතේ ඇති මීගහතැන්න බිට්ටුවත් අගලවත්ත අඩවිවන කාර්යාලය යටතේ ඇති අගලවත්ත බිට්ටුව සහ කළුගල බිට්ටුව ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර කොට්ඨාසයන්ට බෙදා පාලනය වේ. කෙතරම් සුන්දරත්වයක් හා ඉහළ ජෛව විවිධත්වයක් මෙහි පැවතියද මිනිසුන්ගේ අයහපත් ක්‍රියාකාරකම් මේ පරිසරයට විශාල හානි ගෙන දෙමින් පවතී. කළුගල ආරණ්‍ය සේනාසනයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන් යෙදී ඇත්තේ මෙම වනාන්තරය හරහා නිසාවෙන් මෙම මාර්ගයන් භාවිතා කරන බොහෝ දෙනා විශාල අපද්‍රව‍්‍ය ප්‍රමාණයක් වනාන්තරය තුලට එක් කරයි. එය රක්ෂිත වනාන්තරයට දැඩි තර්ජනයකි.බස්නාහිර පළාත් සීමාව තුළ පිහිටා තිබෙන නිසා ඉඩම් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම සහ මිණිරන්, මැටි, මැණික් වැනි වටිනා ඛනිජ ද්‍රව්‍ය බහුල වීමද මෙම වනාන්තර වලට එල්ල කරන්නේ දැඩි තර්ජනයකි. එමෙන්ම වනයේ පවතින වටිනා දුර්ලභ ඖෂධ ශාක, උඩවැඩියා විශේෂ වැනි ජානමය වටිනාකමකින් යුතු ශාක විශේෂ රැස් කිරීම වෙනිවැල්, වල්ලපට්ටා වැනි දැව ජාවාරම් බහුලව සිදුවේ.මෙවැනි වනාන්තරයට හානි සිදුවන ක්‍රියාවන් මර්දනය කොට තවමත් යෝජිත තත්ත්වයේ පසුවන කළුගල රක්ෂිත වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කොට මතු පරපුර වෙනුවෙන් මෙන්ම වත්මන් පරපුරට සුවදායක දිවියක් ගෙවීම සඳහා රැක ගත යුතු වටිනාම වනාන්තරයකි.

 

 

විශේෂ ස්තූතිය

අගලවත්ත අඩවි වන කාර්යාලයේ ඔෂානි තෙන්නකෝන් මෙනවියට

සටහන සහ ඡායාරූප

පේශල පසන්

කරුණාරත්න

පාරම්පරික බීජ වපුරන වෙල්ලස්සේ මොඩ් ගොවියා

$
0
0
ජුලි 6, 2022 01:00

ඌව පළාත නොඑසේනම් ඓතිහාසික වෙල්ලස්ස යනු ඈත අතීතයේ සිටම ගංගා ආශ්‍රිතව හා ජල මාර්ග හරස් කරවා වැව් අමුණු බැඳ, කුඹුරු අස්වද්දා කෘෂි කර්මාන්තය සාර්ථකව සිදු කරගෙන ගිය වගා ගම් ප්‍රදේශයකි. එහෙයින් එය විශාල වෙල් යායක් බවට පරිවර්තනය වී තිබිණ. එක් එක් වැව ආශ්‍රිතව වෙල් ලක්ෂයක් නිර්මාණය වූ බැවින් මෙම පෙදෙසට ''වෙල්ලස්ස ''යන නම ලැබුණු බව ප්‍රකට කරුණකි. සද්ධාතිස්ස කුමරු සිය සොයුරු දුටුගැමුණු රජුගේ යුද ව්‍යාපාරයට අවශ්‍ය වූ ආහාර සැපයීමට අස්වද්දන ලද්දේ මෙම වෙල්ලස්ස ඇතුළු දිගාමඩුල්ල ප්‍රදේශයයි.

එවැනි ඓතිහාසික භූමියක ජන්මලාභය ලබා, අති දුෂ්කර වූ වෙල්ලස්සේ දිවි ගෙවමින්, තම තාරුණ්‍යය වගාවට කැප කරමින්, රටේ පාරම්පරික බීජ හා දේශීය බීජවලට නැවත පණ දෙන තරුණ ගොවි ව්‍යවසායකයකු ලෙස 29 හැවිරිදි එන්.ජී. එරංග සඳරුවන් මහතා හඳුන්වා දිය හැකිය.

"අපේ රටේ මාව හඳුන්වන්නේ නොමිලේ බීජ ව්‍යාප්ත කරපු, වැඩිපුරම නොමිලේ බීජ බෙදා දීපු තරුණයා හැටියට. මේ වෙනකොට බීජ කට්ටල හයදාස් පන්සීයක් විතර පවුල්වලට, රාජ්‍ය ආයතනවලට, පෞද්ගලික ආයතනවලට නොමිලේ පරිත්‍යාග කරලා තියනවා. මේ අමාරු කාලේ බීජ පැකට් දෙදාස් දෙසීයක් විතර තැපැල් මාර්ගයෙන් එක එක තැන්වලට නොමිලේ බෙදා දෙන්න හැකි වුණා. මගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ ලංකාවටම බීජ සංරක්ෂණ මධ්‍යස්ථානයක් හදලා අපේ පාරම්පරික භෝග හා දේශීය බීජ මධ්‍යස්ථානයක් හදලා, ආදර්ශ ගොවිපොළක් හදන එක. ඒකට ලොකු ඉඩකඩක් ඕනෑ. ඒකට තමයි මම මේ තරම් මහන්සි වෙලා වැඩ කරන්නේ. අපේ රටේ මේ දේවල් සංරක්ෂණය නොවුණොත් හා ව්‍යාප්ත නොවුණොත් තව අවුරුදු 10කින් 15 කින් මේ දේවල් දකින්නවත් බැරි වෙනවා."

රටේ කෘෂි කර්මාන්තයට කරන සේවය ගැන එරංග පැවසුවේ එවන් අදහසක්. වැඩිදුරටත් අදහස් දැක්වූ එරංග සඳරුවන්,

"මගේ අම්මා, තාත්තා හේන් ගොවිතැන් කරපු දෙන්නෙක්. ඒ ආභාසය තමයි මට වැඩිපුරම තියෙන්නේ. අම්මා විශේෂයෙන්ම හේන් භෝග පිළිබඳව විශාල දැනුමක් තියන කෙනෙක්. මම වගාවට යොමු වුණේ උසස් පෙළ හදාරමින් සිටියදී. මගේ තාත්තා හදිස්සියේම අසනීප වෙලා වැඩක් කර ගන්න බැරි තත්ත්වයට පත්වුණා. ඒ නිසා මම ගොවිතැනට එකතුවෙලා වැඩ කරන්න පටන් ගත්තා. මොනරාගල ලංකාවේ ගොඩක් දුෂ්කර දිස්ත්‍රික්කයක්. වෙල්ලස්සේ අපි අතර තවමත් අපේකම කියන දේ තියනවා. ඒත්, මේවා ඉදිරියට ගෙනියන්න ගොඩක් අඩු පිරිසක් හිටියේ. අපේ රටේ පාරම්පරික බීජ, දේශීය බීජ. ඒ වගේම අපේ රටේ තිබුණ වැල් අල ටික ඔක්කොම හයිබ්‍රිඩ් වෙලා පිටරටින් ආපු දේවල් වැලඳගෙන අපේ දේවල් පැත්තකට කරලා. ඒ නිසා අපේ කියන දේ ආරක්ෂා කර ගන්න මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා. අපේ රටේ තිබුණ පරණ තම්පලා, ආලංගා, අවර වගේම අපේ තිබුණු පාරම්පරික බඩ ඉරිගු, ඉන්නල, රාජ අල, දන්දිල, කහට අල කවුද ඉදිරියට අරගෙන යන්නේ? මාත් එක්ක ශ්‍රී ලංකාව පුරා කිහිප දෙනෙක් ඉන්නවා. මේක වෙල්ලස්සෙන් ආරම්භ කරන්න ඕනෑ කියලා මම හිතුවා. මගේ ළඟ තිබුණ වර්ග ටික සහ මගේ ළඟ නැති වර්ග ටික මම හුවමාරු කර ගෙන මේ විදියට දෙයක් කරගෙන යන්නේ.

මම මේ ගොවි බිම ආරම්භ කළේ පාරම්පරික භෝග සහ දේශීය බීජ 34කින් සහ වැල් අල පහළොවකින්. මේ වෙන කොට පාරම්පරික භෝග හා දේශීය මිරිස් පැළ 132ක් හා වැල් අල වර්ග 44ක් තිබෙනවා. ඒ අතර ආලංගා, අවර වර්ග, දේශීය බණ්ඩක්කා, මුං මෑ, පොලොන් පත්තක්කා (පැරැණිම කොමඩු විශේෂයක්) , තම්පලා, තියබරා, ඒ වගේ සුවිශේෂී දුර්ලභ භෝග වර්ග කිහිපයක් සංරක්ෂණය කරගෙන ව්‍යාප්ත කර ගන්න මට පුළුවන් වුණා. ඒ වගේම තමයි වැල් අල වර්ග, කහට අල, රාජ අල, දන්දිල, සුදු කුකුළල වගේ අල වර්ග එකතුවකුත් මට හදාගන්න පුළුවන් වුණා.

මගේ හීනය තියෙන්නේ අපේ රටේ පාරම්පරික භෝග, දේශීය බීජ සහ වැල් අල එකතු කරලා, එකම වගා බිමක ආදර්ශ ගොවිපොළක් හදන්න. එහෙම දෙයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙවත් නැහැ. බහු ජාතික සමාගමක්, ව්‍යාපාරිකයෙක් හෝ සාමාන්‍ය කෙනෙක් නම් ෆාම් කරනවා. මගේ සංකල්පයට කරන ෆාම් එකක්වත් අද ශ්‍රී ලංකාවේ නැහැ. මම ඒක හදන්න උපරිම උත්සාහයෙන් වැඩකටයුතු කරනවා.

අපේ රට මේ වෙන කොට දරුණු ආහාර අර්බුදයක ලක්ෂණ සියයට සියයක්ම පෙන්නුම් කරනවා. හාල් මිල එන්න එන්නම වැඩි වෙනවා. අතුරු භෝග වගා කරන්නේ නැහැ. ගොවිබිම් පාළු වෙලා. එතකොට අපේ රටේ මිනිස්සු අන්තිම රුපියලට වැටෙනකම් ආර්ථිකය හොඳටම බිංදුවටම බැහැලා. ඉදීරියෙදි අපේ දරුවන්ට මන්දපෝෂණ තත්ත්වයක් පවා එන්න පුළුවනි. මේ ආහාර හිඟයට පොඩි විසඳුමක් විදියට වැල් අල කිලෝ විසිදාහක් ගොවිබිම්වල අස්වද්දන්න වැඩපිළිවෙලක් මම ආරම්භ කළා. මේක දැකලා තව අය වගා කරයි. මේ විදියට රැල්ලට ගිහින් තව කවුරු හෝ වගා කරයි. මම දුන්නේ ආරම්භයක්. දැනට අපට හත් දෙනෙක් උදවු කරනවා. අපට දැන් වැල් අල කිලෝ හාරදහසක් තිබෙනවා. තව අපට කිලෝ දාසය දාහක් එකතු කර ගන්න ඕනෑ. ඕනෑම කෙනකුට මේ ව්‍යාපෘතියට ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මේකට කවුරු හෝ රත්නපුරයේ කෙනෙක් ඉදිරිපත් වෙනවා මමත් මේකට දායකත්වය දෙනවා කියලා. එයාට කැමති පන්සලක් හෝ කැමති පාසලක් එහෙමත් නැත්නම් අන්‍යාගමික ස්ථානයක් හෝ පෞද්ගලික ඉඩමක් වුණත් කමක් නැහැ, මේ ආහාර හිඟයට විසඳුමක් විදියට මේවා වගා කරලා නොමිලයේ හැමෝටම දෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමන් කැමති විදියට මේ අල බීජ මිල දී අරගෙන ගොවියන්ට හෝ වගා කරන්න කැමති අයට පරිත්‍යාග කරන්න පුළුවන්."

පැරැණි අල වර්ග වගා කරන්න කැමති ඕනෑම කෙනකුට එරංග සඳරුවන් මහතාගෙන් බීජ ලබා ගෙන මෙම අල ව්‍යාපෘතියට සම්බන්ධ විය හැකිය.

 

 සටහන සහ ජායාරූප

ප්‍රියංගි ජයසිංහ

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වගා සංග්‍රාමයට එක්ව...

$
0
0
ජුලි 6, 2022 01:00

රට වටෙන්ම ඇසෙන්නේ ඉදිරියේදී රට තුළ දැඩි ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් ගැනයි. ඒ වගේම මේ වන විට අප කාටත් ඒ අවදානම දැනෙමින් පවතිනවා. රජය කියන්නේ මේ අවදානම ජය ගැනීම උදෙසා වගා කළ හැකි සියලු ඉඩම්වල වගා කරන ලෙසයි.

ඒ අනුව හැමෝම වාගේ තම තමනට හැකි අයුරින් ගෙවතු වගාවට යොමුවෙමින් සිටින ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ වගා සංග්‍රාමයට එක් වෙමින් රාජකාරී කටයුතු අතරේම සිය කාර්යාල පරිශ්‍රය තුළ ඉතා ආදර්ශවත් ගෙවත්තක් ගොඩනැඟීමට බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත්ව සිටිනවා.

කලකට පෙර ගිණිහීරැස්ස ගහන කැලෑවක් ලෙස පැවතුණු මෙම නිසරු මුඩුබිම විශාල වෙහෙසකින් සරු බිමක් බවට පත් කර ඇති අයුරු අපූරුය. අද වන විට මඤ්ඤොක්කා, බතල ඇතුළු අල වර්ග, බටු මිරිස්, මෑ, දඹල, මුරුංගා, කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න වගේම කහ, ඉඟුරු ආදියත් කෙසෙල්, ගස්ලබු, කටු අනෝදා, පේර වැනි පලතුරු වර්ගත් ඇතුළු වගා රාශියක් මෙම සරුසාර ගෙවත්තෙහි දක්නට හැකියි.

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත මේ සඳහා මූලික වී කටයුතු කරන්නේ එම කාර්යාලයීය බහුකාර්ය සහායක නිලධාරීන්, උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක්. සෙසු කාර්ය මණ්ඩලයත් හැකි සෑම විටම ඊට දායක වෙනවා. ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පරිපාලන නිලධාරීන් ද එක් පාත්තියක් බැගින් හෝ වගා කළ යුතුව තිබීම විශේෂත්වයක්. ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරියගේ උපදෙස් ද ලබාගෙන මාස කීපයකට පෙර ආරම්භ කර ඇති මෙම ගෙවත්ත මේ වන විට ඉතා සාරවත්ව පල දරන තත්ත්වයට පත්ව තිබෙන්නේ දකින කෙනකුට වුව වගාවට යොමු වීමට සිත් දෙන අයුරිනි. මේ ගෙවත්තෙහි පලදාව කාර්යාලයීය නිලධාරීන් අතර සහන මිලකට අලෙවි කර ගෙවත්තේ කටයුතුවලට වගේම වෙනත් සුබසාධන කටයුතුවලට ද එම මුදල් යොදා ගන්නා බවත් ඉදිරි වගා කටයුතු සඳහා බීජ ලබා ගැනීම සඳහා ද අස්වැන්නේ කොටසක් වෙන් කෙරෙන බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා. වෙනත් රාජකාරී කටයුතු රැසක් අතර මෙවන් ගෙවත්තක් පවත්වාගෙන යෑමට රාජ්‍ය නිලධාරීන්ට හැකි නම් එම කාර්යය සඳහා සාමාන්‍ය ජනතාවට ඊටත් වඩා හැකියාවක් ඇති බව පවසන ප්‍රදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමනට හැකි පරිදි තම ගෙවත්තේ ප්‍රයෝජනවත් භෝග කීපයක් හෝ වගා කර ගෙන ආහාර අර්බුධයට නොබියව මුහුණ දෙන අතර එතුළින් තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ද උත්සාහ ගන්නා ලෙසයි.

සටහන සහ ඡායාරූප

ආර්.එම්. විජේරත්න

 


කොළඹ නව කෝරළයේ ද්විතීයික සංඝනායක පදවියෙන් පිදුම් ලබන පල්ලෙවෙල දේවරක්ඛිත නාහිමියෝ

$
0
0
ජුලි 6, 2022 01:00

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක සානුනායක විංශද් වර්ගික කාරක මහා සංඝ සභාවෙන් දේවරක්ඛිත නා හිමියන්ට කොළඹ නව කෝරළයේ ද්විතීයික සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවය මේ මස 9 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගංගොඩවිල, නුගේගොඩ සුභද්‍රාරාම විහාරය ඇතුළු විහාර සමූහයේ ආධිපත්‍ය ඉසිලූ තබ්බෝවේ ආනන්ද රේවත නාහිමියන් අපවත් වීමෙන් අනතුරුව පැවිදි සහෝදර පල්ලෙවෙල දේවරක්ඛිත හිමියන් සුභද්‍රාරාමයට සම්බන්ධ සියලු විහාරස්ථානවල ආධිපත්‍ය ධුරයට පත් වූ අතර, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඒකමතික තීරණ අනුව කොළඹ නව කෝරළයේ ද්විතීයික සංඝනායක පදවිය දේවරක්ඛිත හිමියන්ට පිරිනමා තිබේ.

පල්ලෙවෙල පාඨශාලාචාර්ය කොඩිසිංහ වික්‍රමරත්න හා ඩී. අයි. අමරසේකර ගුරු මාතාවට තම මද්දුම පුත් ලෙස 1954 ජුනි මස 08 වන දින උපන් වික්‍රමරත්න දරුවා ශාසනයට පූජා කිරීම නිසා බෝරුග්ගමුවේ දේවමිත්ත නාහිමියන්ගේ ශිෂ්‍ය නමක් ලෙසට පල්ලෙවෙල වික්‍රමශීලා පිරිවෙන් විහාරයේදී පල්ලෙවෙල දේවරක්ඛිත නමින් පැවිදි කෙරුණි. විසි වයස් සම්පූර්ණ වූ විට මල්වතු උපෝසථාගාරයේ දී 1974 ජුනි 22 වන දින උපසම්පදා ශීලයෙහි ද පිහිටුවන ලදි.

දේවරක්ඛිත සාමණේර නම සුභද්‍රාරාම පිරිවෙනේදී සිංහල, පාලි, සංස්කෘත හා ත්‍රිපිටක ධර්මය පිළිබඳ මූලික දැනුම ගත් අතර, ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1981 වර්ෂයේදී ශාස්ත්‍ර‍ෙව්දී ගෞරව උපාධිය හිමිකර ගත්හ. පසුව නීති විද්‍යාලයට ඇතුළත්ව 1989 දී අවසාන විභාගයේදී සමත්ව නීතිවේදී අධ්‍යාපනය සම්පූර්ණ කර 1982 වර්ෂයේ සිට සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වය ලබාගෙන 2018 වර්ෂයේදී ආනන්ද රේවත නාහිමියන් අපවත් වන තුරුම ධර්මදූත සේවයෙහි නිරත වී සිටියහ. රෝගී බෞද්ධ භික්ෂුන් වහන්සේලාට නේවාසිකව ප්‍රතිකාර ගැනීම සඳහා විශාල ධන පරිත්‍යාගයකින් නුගේගොඩ උඩහමුල්ලේ සුධර්මාරාම විහාරස්ථානයට අනුබද්ධ ගිලන් මධ්‍යස්ථානයක් ඉදිකරන ලදි.

තබ්බෝවේ ආනන්ද රේවත නාහිමියන් අපවත් වීමෙන් අනතුරුව සුභද්‍රාරාම විහාරස්ථානයත් පල්ලෙවෙල වික්‍රමශිලා විදර්ශනා පිරිවෙනත් පැගිරිවත්ත ශ්‍රී විවේකාරාමය, කුරුණෑගල තිරගම ශ්‍රී සුමංගලාරාමය, කොටුවේවත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරාමය, පුත්තලම කරුවලගස්වැව ශ්‍රී විජයරාජ විහාරය ආදී විහාරස්ථානවල අභිවෘද්ධිය උදෙසා කටයුතු කරමින් ශාසනික සේවාවේ නිරත වෙමින් කටයුතු කරති.

එම අවධියේ කි‍ඳෙල්පිටියේ රතනපාල හිමියන් සුභද්‍රාරාම විහාරස්ථානයේ නේවාසිකව වැඩ සිටිය අතර, උන්වහන්සේ හා සැදැහැති පිරිසක් හික්කඩුවේ හිමියන්ගෙන් විහාරස්ථානය භාරගෙන වැඩි දියුණු කර දෙන ලෙසට ඉල්ලා සිටි හෙයින් එවකට ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ශිෂ්‍ය නමක් වූ කිඳෙල්පිටියේ රතනපාල හිමියන්ගේ පැවිදි ශිෂ්‍ය විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරමින් සිටි කොළඹ නව කෝරළයේ ද්විතීය සංඝනායක හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන්ව සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත් කරන ලදි. උන්වහන්සේ පැවිදි කළ ප්‍රධාන ශිෂ්‍යයා වූයේ බෝරුග්ගමුවේ ශ්‍රී රේවත හිමියන්ය.

කුකුල්නාපේ දේවරක්ෂිත හිමි, බෝරුග්ගමුවේ දේවමිත්ත හිමි, මඬිතියවෙල සුමංගල හිමි, අනගාරික ධර්මපාලතුමා (දේවමිත්ත ධර්මපාල හිමි) උන්වහන්සේ පැවිදි කළ ශිෂ්‍ය හිමිවරු වූහ.

කුකුල්නාපේ දේවරක්ෂිත හිමියන් පසුව විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය වූ අතර, ලංකාවේ පළමුවෙන් විදර්ශනා භාවනා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා පල්ලෙවෙල වික්‍රමශිලා විදර්ශනා පිරිවෙන ආරම්භ කළහ. ධර්මපාල හිමියන් ද අපවත් වීමට පෙර මහා බෝධි සමාගම හා සියලු වත්කම් ඔප්පුවකින් ලියා පවරා තිබුණේ සුභද්‍රාරාමයටය. බෝරුගමුවේ ශ්‍රී රේවත හිමියන් ආරම්භ කළ සුභද්‍රාරාම පිරිවෙන 1936 දී විද්‍යෝදය පිරිවෙන් ශාඛාවක් ලෙස ලියාපදිංචි කෙරුණි. දේවමිත්ත හිමියෝ 1981 අපවත් වීම නිසා ප්‍රධාන ශිෂ්‍ය ආනන්ද හිමියෝ විහාරාධිපතිත්වයට පත්වුණි.

ආනන්ද රේවත නාහිමියන් 2018 වර්ෂයේදී අපවත් වීම නිසා පල්ලෙවෙල දේවරක්ඛිත හිමියන්ව සියලු විහාරස්ථානවල ආධිපත්‍යයට පත් කරන ලදි.

විහාරාධිපති,

පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක

පන්නල සුමේධ නාහිමි

ශ්‍රී සෝනුත්තරාරාමය.

අද ඔහු අප අතර සිටියා නම්...

$
0
0
ජුලි 6, 2022 01:00

ප්‍රවීණ ලේඛක, ගත්කතුවර හා හිටපු ලේක්හවුස් සභාපති අභාවප්‍රාප්ත ජනදාස පීරිස් මහතාගේ අසූවන ජන්ම දිනය හෙටට (7) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි

අද දවසේ මුළු ලෝකයටම බලපාන ඉතාම උණුසුම් මාතෘකාව වන්නේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමයි. කුමක්ද මේ යුක්‍රේන අර්බුදයේ පසුබිම? යුක්‍රේනය යනු එදා සෝවියට් දේශයට අයත්ව පැවති රාජ්‍යයක් නොවේද? එදා සෝවියට් දේශය බිඳී යෑමට හේතු වූයේ කුමන වූ බලපෑමක් ද? පෙරෙස්ට්‍රොයිකා, ග්ලැස්නොස්ටි වැනි සංසිද්ධීන් සෝවියට් දේශය තුළ නිර්මාණය වූයේ කෙසේ ද? නිර්මාණය කළෝ කවුරුද? එය නිලධාරීවාදයේ උච්ච වූ අවස්ථාවක් ද? ඉතා හිතවත් වූ, සොඳුරු සබැඳියාවකින් යුක්ත වූ, පොදු ලෙස සැලකිය හැකි සම්භවයක් තිබූ අසල්වැසි රාජ්‍යයන් වන යුක්‍රේනය හා රුසියාව මෙසේ එකිනෙකට වෛරී වූ යුද මානසිකත්වයකට පත් වූයේ කෙසේ ද?

කළු මුහුදත්, එහි ආධිපත්‍යයත් එක් ප්‍රබල හේතුවක් ද?

ඉහත සඳහන් සියලු කරුණු මෙන්ම තවත් බොහෝ වැදගත් කරුණු ඉතා විචක්ෂණශීලීව විවරණය කරමින් පුවත්පත් පිටු පුරා සැහැල්ලු සරල බසින් පාඨක සමාජය වෙත ඉදිරිපත් කිරීමට අද ඔහු අප අතර සිටියා නම් මැනවි.

යුක්‍රේන-රුසියා අර්බුදය නිමා වන මොහොත වන විට ලෝකය යළි සීතල යුද්ධයකට එළඹේ ද? ලෝකයම යළි න්‍යෂ්ටික අවි උණුසුමෙන් ගිනියම් වේ ද?

නිරායුධකරණ ගිවිසුම්, සාම ගිවිසුම් යළි මතුවේ ද?

කොතැනකින් හෝ කුමන හෝ හේතුවක් හෝ අහේතුවක් නිසා හෝ එම ගිවිසුම් උල්ලංඝනය වේ ද?

නොබැඳි පිළිවෙත යළිත් උද්දීපනය වේ ද?

යුද්ධ‍ෙය් වන්දි ගෙවිය යුත්තන් අධිරාජ්‍යවාදීන් ද, සමාජවාදීන් ද නැතහොත් එදිනෙදා වේල පිරිමසා ගැනීමටවත් නොහැකි දුක්ඛිත ජනතාව ද? ලෝකයටම වස විසෙන් පිරී ගිය අස්වැන්නක් ලැබේවි ද? ‘දියුණු වූ’ යන වචනය ‘දියුණුව කරා යන’ වචනය හා ‘නොදියුණු’ යන වචනය පොතට පමණක් සීමා වේවි ද? දුප්පත් පිරිස් වඳ වී යාවි ද? මේවා විශ්ලේෂණය කර නිදසුන් දක්වමින්, නිරවුල්ව ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට අද අප අතර ඔහු සිටිය යුතු නොවේද?

උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය (NATO) යනු කුමක් ද? එහි ප්‍රභවය සිදු වූයේ කෙසේ ද? එහි මූලික අභිප්‍රායයන් මොනවා ද? යුරෝපයේ විවිධ රාජ්‍යයන් එයට ආකර්ෂණය වන්නේ ඇයි? රුසියාව එම සංවිධානයට එරෙහි වන්නේ ඇයි? නේටෝ (NATO) යනු යුද්ධ උත්පාදකයක් ද නැතහොත් සංවර්ධනය සඳහා අත හිත දෙන සංවිධානයක් ද? එමඟින් මුළු ලෝකයම යළි සුපිරි ධ්‍රැවීකරණයකට යොමු වේද? මේ පිළිබඳ පර්යේෂණාත්මක සාක්ෂි සහිතව ඔබ වෙත සරල බසින් පැහැදිලි කර දීමට අද ඔහු අප අතර සිටියා නම්.

නිරන්තරයෙන්ම පැන නඟින විවිධ මාතෘකා පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම එදවස ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රවෘත්ති පසුබිම වැඩසටහන තුළින් ඉටු විය. කාලීන මාතෘකාවක් තෝරාගෙන ඉතා සුළු කාල පරාසයක් තුළ දැනුම් සම්භාරයක් ලබා දීමට එයට හැකි විය. එය නොකඩවා ශ්‍රවණය කළ පිරිස් අතර උගතුන්, විද්වතුන්, විවිධ විභාග සඳහා සූදානම් වන පිරිස්, තරුණ ප්‍රජාව, පාසල් සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද විය. එය ඔවුන්ගේ දැනුම හා අවබෝධය තීව්‍ර කළේය. එම වැඩසටහන්වල පිටපත් පැතුවෝ බොහෝ දෙනෙකි. එම වැඩසටහන් හා ඔහුගේ නම ඒකාත්මික විය. අදත් ඒ සියල්ල හැකි පමණින් ඔහුගේ විසල් පුස්තකාලය තුළ රැකී තිබේ. ඉතා කෙටි කාල පරාසයක් තුළ සිත්වලට කාවදින අයුරින් දෛනිකව මතුවන මාතෘකාවක් වෙනුවෙන් පිටපතක් රචනා කිරීමට අදත් ඔහු අප අතර සිටිය යතු වේ.

ඉතා මෑතකදී අප රටේ ඇතිවූ එරොෆ්ලොට් අර්බුදය කුමක් ද? එය රුසියා‍ෙව් නිල ගුවන් යානයයි. එවකට මුළු ලෝකය පුරා දිළිඳු දක්ෂ ශිෂ්‍ය ප්‍රජාවන්ට සිය උසස් අධ්‍යාපන සිහින සාක්ෂාත් කර ගැනීමට උර දුන්නේ සෝවියට් දේශයයි. පැට්‍රිස් ලුමුම්බා විශ්වවිද්‍යාලය නම් කර ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ තුළින් ඝාතනයට ලක්වූ කොංගෝ රටේ අගමැති පැට්‍රිස් ලුමුම්බා වෙනුවෙනි. එම විශ්වවිද්‍යාලය පමණක් නොව, සෝවියට් දේශයේ සාමාජිකයන් ලෙස එකමුතුව සිටි ජෝර්ජියාව, යුක්‍රේනය ඇතුළු විවිධ රාජ්‍යයන්හි සුපතල විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා ‍ඉගෙනුම ලැබීමට, විශේෂයෙන්ම ආසියා, අප්‍රිකා, මැදපෙරදිග හා ලතින් අමෙරිකන් රටවල දක්ෂ ශිෂ්‍යයන්ට හැකි විය. ඔවුන් දැනුම ලද්දේ අතිශය විවිධ වූ ක්ෂේත්‍රවලය. අද ඉන් බොහෝ දෙනෙක් සිය මව්රටවලට වඩා බටහිර දියුණු රටවල සේවය කරති.

අභ්‍යවකාශයට දොරගුළු විවෘත කළේ සෝවියට් දේශයයි. අභ්‍යවකාශයේ පුරෝගාමියා ලෙස සැලකෙන සියල්කොව්ස්කි රුසියන් ජාතිකයෙකි. ඇත්ත පුවත්පතට අභ්‍යවකාශතරණය ගැන නිරතුරු ලිපි සැපයීමේදී එහි පළවූ ‘සඳට කැපූ පාර’ විශිෂ්ට වියමනක් විය. ‘මෙලොව සියක් අවුරුදු එහි එක් දවස’ යනුවෙන් නව කතාවක් ලියූ පසු එය කියවූ බොහෝ පිරිස්, එහි දෙවන කොටසක් නිර්මාණය කර පළ කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ. තමා විශ්‍රාම සුවයෙන් සිටින විට එය ලියන බව ඔහු කීවේය. අද එය ලිවීමට ඔහු අප අතර සිටියා නම් මැනවි.

එදා 1950 ගණන්වල මුල් වසර තුළදී පැවතුණේ යූ. එන්. පී. ආණ්ඩුවකි. එවකට ඔහුගේ පියා වන දිවංගත හෙන්රි පීරිස් මහතා පානදුර ආසනයේ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ මන්ත්‍රීවරයා විය. 1953 පැවති හර්තාලය පානදුර සිට මොරටුව දක්වා ඉතා සාර්ථක ලෙස සංවිධානය කරමින් එයට මූලිකත්වය දුන්නේ හෙන්රි පීරිස් මහතාය. ඔහු සැබෑ විප්ලවවාදියෙක් විය. වරෙක අයෙක් පැවසූ පරිදි සමසමාජ පක්ෂයට ඔහු දුප්පත් වැඩි වූ නිසා හෝ එම පක්ෂයේ මූලාශ්‍රවලදී ඔහුගේ නම නිරතුරු කැපී පෙනෙන්නේ නැත. බ්‍රිතාන්‍ය පාලකයින් විසින් සමසමාජ නායකයින් දුටු තැන ඇල්ලීමේ වරෙන්තු නිකුත් කර තිබියදී පක්ෂයේ පුවත්පත රහසේ මුද්‍රණය කිරීමේ වගකීම අකුරටම ඉටු කළේ හෙන්රි පීරිස් සහෝදරයායි. හෙන්රි පීරිස් මහතා 1950 මුල් භාගයේදී රචිත කුඩා ග්‍රන්ථ කිහිපයකි. ඒවායින් මුල් තැන හිමිවන්නේ ‘දේශපාලන අ’ යන්න, ‘ආහාර ‍අවදානම’, ‘ලංකාව කොයිබටද’, ‘ඔබේ දරුවා හා සම සමාජය’ යන පොත් කිහිපයටය. මේවා කියවීමේදී ඔහුගේ දර්ශනය අදටත් කොතරම් ගැළපෙන්නේ ද යන්න පසක් වෙයි.

එවකට සිටි සමසමාජ, කොමියුනිස්ට් නායකයෝ බොහෝ දෙනෙක් දාර්ශනික චින්තකයෝ වූහ. ඔවුහු අනාගතය කිය වූහ. රටට අත්විය හැකි ඉරණම ගැන කල් තබාම අනතුරු ඇඟවූහ. කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වැඩිපුරම කතා කළේ කෘෂිකාර්මික යෝජනා ක්‍රම ගැනය. එදා තිබූ හැන්සාඩ් වාර්තා කියවීමේදී එය කැපී පෙනෙයි.

සිය පියාගේ චරිතාපදානය ලිවීමට හෝ සවිස්තර ලිපියක් පළ කිරීමට නොහැකිවීම ගැන ඔහු සිටියේ දොම්නසිනි. අවශ්‍ය සියලුම තොරතුරු රැස්කරගෙන තිබුණ ද එය ලිවීමට කාලවේලා වෙන්කර ගැනීමට නොහැකි විය. තමා විශ්‍රාම ගත් විට එය තමා විසින්ම ලියනු ලැබීම ඔහුගේ අධ්‍යාශය විය. අද එය ලිවීමට ඔහු අප අතර නැත.

සෝවියට් දේශය නැතහොත් වර්තමානයේ රුසියාව ඔහු සලකන ලද්දේ තමාගේ දෙවන මව්බිම ලෙසිනි. ‘සෝවියට් දේශය’ සඟරාවේ කර්තෘ ධුරයට පත් වූ දින ඔහු ඉතා ප්‍රීතියට පත් විය. නොවොස්ති ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කළ එම සඟරාවට රට පුරා අතිවිශාල පාඨකයන් සංඛ්‍යාවක් දායක වූහ. එය එතරම්ම ප්‍රසන්න වූ පෙනුමක්, නිමාවක් හා සෝවියට් දේශය පිළිබඳ ඉතා වැදගත් සාරගර්භ තොරතුරු රැසක් පාඨකයන්ට දායාද කළේය. ‍‍

එම සඟරාවෙන් පන්නරය ලද ඔහු පසු කලෙක ජාත්‍යන්තර පුවත් රැගත් ‘ජගත් සඟරාව’ දශක දෙකක් පමණ කාලයක් තුළ සංස්කරණය කළේය. ‘වර්ල්ඩ් විව්’ එහි සමගාමී ඉංග්‍රීසි සංස්කරණය විය. විදෙස් විත්ති, විශේෂයෙන්ම රටේ තරුණ පරපුර වෙත ළංකරවීම ඔහුගේ නිත්‍ය අරමුණ විය. එතැනින් නොනැවතුණ ඔහු ‘Knowledge TV’ නාලිකාවේ ආරම්භය විය. අදටත් එහි වැඩසටහන් බොහෝ පිරිසකගේ නොමඳ පැසසුමට ලක්වේ. ඔහුගේ ඒකායන අරමුණ වූයේ BBC, CNN වැනි විශේෂ සාරගර්භ ප්‍රවෘත්ති නාලිකාවක් අප රට තුළ ද ස්ථාපනය කිරීමය. එම අරමුණු කරා පිය නඟන්නට අද ඔහු අප අතර සිටියා නම් හොඳය

යන්තම් හැත්තෑවිය පිරෙද්දීම ඔහු අපගෙන් සමුගත්තේ ශත වර්ෂාධික කාලයකට දැනුම ලබා ගැනීමට හැකි ලියකියවිලි රැසක්, ග්‍රන්ථ ගණනාවක් ජාතියට දායාද කරමිනි. මේ රටේ අද ඔඩු දුවන ජරාජීර්ණ දේශපාලනය පිළිබඳ යමක් ලිවීමට ඔහු නොමැති වීම ජාතියේම අවාසනාවකි. ඔහු අනිවාර්යයෙන්ම සත්‍යය ජනතාවට පැහැදිලි කරනු ඇත. අද අප රටේ පවතින විනාශකාරී තත්ත්වය පිළිබඳවත්, එවැනි වූ අවස්ථාවලට පත් වෙනත් රාජ්‍යයන් තිබුණ ද, ඒ තත්ත්වයෙන් එම රටවල් නැඟී සිටියේ කෙසේ ද, එවැනි තත්ත්වයකට පත් රටක් තුළ ඇති වූ ව්‍යසනයේ බැරෑරුම්කම, එහි නිවැසි අහිංසක ජනතාවන්ට බලපෑවේ කෙසේ ද යන්න ගැන විමර්ශනාත්මක ලිපි තමාගේ නමින්ම හෝ ඔහුට හුරු පුරුදු ‘චාමර’, ‘ජනභක්ති’ වැනි ආරූඪ නමකින් හෝ ඔහු ජනතාව වෙත පැහැදිලි කරනු නොඅනුමානය.

එපමණක්ම නොව, අහිංසක ජනතාවක් අද මෙසේ දුක් කම්කටොලු විඳින්නේ, සැතපුම් ගණන් පෝලිම්වල රැඳෙමින්, ජීවිත පවා කැප කරන්නේ කවුරුන් කළ වැරැද්දක් නිසා ද යන්න ඔහු ඉතා සරලව පැහැදිලි කරනු ඇත. එය තවමත් අපට වසං වී ඇති අප නොදන්නා කරුණකි. මේ තත්ත්වයෙන් ජනතාව ගලවා ගැනීමට විවිධ වූ උපාය මාර්ග ද, විදේශ විත්ති හා බැඳුණු සමාජවාදයට නැඹුරුවුණු සිය පරිණත බුද්ධිය තුළින් ඔහු නිසැකවම පැහැදිලි කරනු ඇත.

ඔහු නැති අඩුව තවමත් වැඩිපුරම දැනෙන්නේ ඔහුගේ පොතපතින් පිරී ගිය පුස්තකාලයටය. එය ඔහුට දෙවොලකි. පාන්දර පහට පොත්පත් අතරට යන ඔහුට වේලාව යනු නොදැනේ. ඔහුට හොරා එකම කොළ කැබැල්ලක්වත් ඉවත් කිරීමට තවමත් මගේ සිත වාවන්නේ නැත. නුදුරු අනාගතයේ මා ද නික්ම යන දිනයක එහි ඉරණම තීන්දු වනු ඇත. මම ඔහුගෙන් හිස් වූ පුස්තකාලය තුළට එබී බලමි. අදත් ඔහු එහි පොත් අතර ජීවමානව සිටින්නේ නම් මැනවි.

 

මාලිනී පීරිස්

අර්බුදයට විසඳුම ඔබ ළඟම ඇත

$
0
0
ජුලි 7, 2022 01:00

අපගේ මිනිස් මොළය අසමාන්‍ය හැකියාවන්ගෙන් යුක්ත වූවකි. එම හැකියාවන් පුදුමාකාරය. මිනිස් මොළයේ මෙම හැකියාවන් ක්‍රියාත්මක වීම කොන්දේසි දෙකක් මත රඳා පවතී. පළමු කොන්දේසිය වන්නේ, කිසිදු හේතුවක් මත බාහිර පාර්ශ්වයන්ට දොස් පැවරීම නොකළ යුතුය යන්නය. අන්‍යයන් දොස් පවරන විට අපගේ මොළය ගැටලුවට පිළිතුරු සෙවීමට උත්සාහ කරන්නේ නැත. සමාවට කරුණු දැක්වීමෙන් මිනිස් මොළයේ උපරිම හැකියාව අවදිකර ගත නොහැකිය.

ප්‍රශස්ත, සුබවාදී තීරණ ගන්නා මිනිසුන්ට වුවද සිය පාලනයෙන් තොර ආර්ථික, දේශපාලන අර්බුද හමුවේ දුක්ඛදායක අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. ආහාර, බෙහෙත් වැනි දේ සපයා ගැනීමට නොහැකි වූ විට ජනතාව මුහුණ දෙන පීඩනය බරපතළය. සමහරකුගේ රැකියා මේ වන විට අහිමිව තිබේ. සාමාන්‍ය අවස්ථාවක කෙනකුගේ රැකියාව අහිමි විය හැක්කේ එම තැනැත්තාගේ වරදක් මතය. සේවය පැහැර හැරීම, විෂමාචාරය වැනි කරුණු ඒ සඳහා හේතු වේ. අර්බුදයක් යනු කිසිවකුට පාලනය කළ හැකි තත්ත්වයක් නොවේ. එවැනි අවස්ථාවක අපගේ පාලනයෙන් බැහැර හේතු නිසා අභාග්‍යසම්පන්න අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. සැලසුම්සහගත ව්‍යාපාරයක් වුවද බාහිර හේතුව මත බිඳවැටීමට ලක්වේ.

මෙවැනි අවස්ථාවන් උදා වූ විට මිනිස්සු දෙයාකාරයකට ප්‍රතිචාර දක්වති. අයකු පවතින ක්‍රමය හෝ අන්‍යයන් විවේචනය කරමින් එයට උත්තර සෙවීමට උත්සාහ කරති. අර්බුදයට මේ ආකාරයට ප්‍රතිචාර දක්වන්නෝ ඒ ගැන පසුතැවෙමින් උදාසීනව කටයුතු කිරීමට පෙලඹේ. අපේක්ෂාභංගත්වය ඔවුන්ගේ ක්‍රමයයි. උකටලී වීම, දොස් පැවරීම පහසු දෙයකි. එබැවින්, බොහෝ දෙනකු අනුගමනය කිරීමට පෙලඹෙන්නේ මෙම පියවරය. දෙවැනි විකල්පය වන්නේ අප‍ගේ හැකියාවන් අවදිකර, මේ මොහොතේ කළ යුතු හොඳම දේ කුමක් ද යන්න විමසීමයි. එය තරමක් අසීරු කටයුත්තකි. බලාපොරොත්තු සහගත වූවන් තෝරා ගන්නේ මේ මාවතය.

අපගේ මිනිස් මොළය අසමාන්‍ය හැකියාවන්ගෙන් යුක්ත එකකි. එම හැකියාවන් පුදුමාකාරය. මිනිස් මොළයේ මෙම හැකියාවන් ක්‍රියාත්මක වීම කොන්දේසි දෙකක් මත රඳා පවතී. පළමු කොන්දේසිය වන්නේ, කිසිදු හේතුවක් මත බාහිර පාර්ශ්වයන්ට දොස් පැවරීම නොකළ යුතුය යන්නය. අන්‍යයන් දොස් පවරන විට අපගේ මොළය ගැටලුවට පිළිතුරු සෙවීමට උත්සාහ කරන්නේ නැත. සමාවට කරුණු දැක්වීමෙන් මිනිස් මොළයේ උපරිම හැකියාව අවදිකර ගත නොහැකිය.

වෙනත් අයකු නිසා මේ දෙය වූ බව පවසා වගකීමෙන් ගැලවීමට උත්සාහ කිරීම මිනිස් සිතේ ස්වභාවයයි. අප මේ ආකාරයට සිතන විට මොළය එයට විසඳුමක් සෙවීමට වෑයම් කරන්නේ නැත. මිනිස් මොළය ගැටලුවට විසඳුමක් සෙවීමට උත්සාහ කරන්නේ ගැටලුව තමන්ගේ දෙයක් ලෙස භාර ගන්නා අවස්ථාවලදී පමණි.

බොහෝ විට ටෙලි නාට්‍යවල දක්වන ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න ලෙස පිළිගැනීමට හුරුව සිටිමු. මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම වෙනුවට, එය නැවත ගොඩනඟා නාට්‍යමය ස්වරූපයෙන් දැක්වීමට උත්සාහ කරයි. ඒ නිසා ඒවා නරඹන ප්‍රේක්ෂකයාගේ මනසේ අනවශ්‍ය ප්‍රශ්න බොහොමයක් තැන්පත් වේ. අන්‍යයන්ගේ ගැටලුවලින් මනස කුරුවල් කර ගැනීමෙන් හානියක් වන්නේ තමාටමය. ඒවා වෙනුවෙන් වෙහෙසීම වෙනුවට අප මුහුණු දෙන ඇත්ත ගැටලුව ජය ගැනීමේ අභියෝගය මොළයට භාර දිය යුතුය.

අප මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දේශපාලනඥයන්ගෙන් ලැබෙන්නේ නැත. මේ ගැන ඔවුන් අවධානය යොමු නොකරන බව වුවමනාවටත් වඩා ඔප්පු කර තිබේ. එමනිසා අපගේ ජීවිත ඔවුන්ට භාර නොදී අප ඒවාට ශක්තිමත්ව මුහුණ දීමට උත්සාහ කළ යුතුය.

දිනෙන් දින බඩු මිල ඉහළ යෑම අප කවුරුත් මුහුණ දෙන අභියෝගයකි. මේ වන විට මාසික උද්ධමනය සියයට 45ක් වැනි ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව, පසුගිය මස ඉපැයූ ආදායමින් ඉදිරි මාසයේ ජීවිකාව ගෙන නොහැකිය. ආකාර දෙකකට මේ තත්ත්වයට මුහුණ දිය හැකිය. එක් විකල්පයක් නම් අනවශ්‍ය වියදම් අඩුකර ගැනීමය. දෙවැන්න ආදායම වැඩිකර ගැනීමය.

වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුව වන්නේ විදේශ විනිමය අර්බුදයයි. ඒ නිසා හැකි සෑම අයකුම රුපියල් ආදායම වෙනුවට වෙනත් විනිමය මාධ්‍යකින් ආදායම් ඉපැයීමට යොමු විය යුතුය. ජංගම දුරකථනය ආධාරයෙන් ඩ්‍රොප් ෂිපින් හා ඩිරෙක් ෂිපින් මඟින් මුදල් ඉපැයිය හැකිය. ඩ්‍රොප් ෂිපින් යනු එක රටක තිබෙන නිෂ්පාදිතයක් තවත් රටක ගැනුම්කරුවකුට අන්තර්ජාලය මඟින් අලෙවි කිරීමය. මෙය ඉහළ ආදායමක් ලැබිය හැකි ජනප්‍රිය ක්‍රමයකි.

දක්ෂ කර්මාන්තකරුවෝ රැසක් අප රටේ සිටිති. ඒවාට විදේශ වෙළෙඳපොළේ අගයක් ඇත. දූරියන්, වරකා වැනි අප රටේ සුලබව දක්නට ඇති පලතුරුවලට අමෙරිකාව, කැනඩාව, යුරෝපය ඇතුළු විදේශ රටවල ඉහළ ඉල්ලුමක් තිබේ. වරකාවල තිබෙන රසය හා පෝෂණය ඉතාම ඉහළය. එහෙත් මේ රසැති පලතුර අපේ රටේ අනන්තවත් ගස් යට වැටී තිබෙනු දැකගත හැකිය. මේ ආකාරයේ සල්ලි ගස් අපේ රටේ කොතෙකුත් තිබේ. වුවමනා වන්නේ ඒවා පිටරට යැවීමට උනන්දුවන්නන්ය.

මේ සඳහා ඔබට උදවු කිරීමට කෙනකු නැති බවට කනගාටු විය යුතු නොවේ. ඒ සඳහා ඔබට වුවමනා කරන උපකාරය මුහුණු පොත ඔස්සේ ඉදිරිපත් කරන්න. එවැනි විමසීම්වලට ඒ ගැන දන්නා මිතුරන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත. ඔබට ග්‍රැෆික් නිර්මාණ කිරීමේ හැකියාව තිබේ නම් fiverr.com වැනි අඩවියකට පිවිස එම කුසලතා ඉදිරිපත් කළ හැකිය. මේ සඳහා වීඩියෝ සංස්කරණ, ඡායාරූප වැනි දේවල් ද යොමුකර ආදායමක් ලැබිය හැකිය.

ඡායාරූප ගැනීමේ හැකියාව ඇති තරුණයකු අප කණ්ඩායම සමඟ වැඩ කරයි. වරක් මම fiverr.com ගැන ඔහු දැනුවත් කළෙමි. නිකමට මෙන් ඔහු කටුස්සකුගේ ඡායාරූපයක් එයට යොමු කළේය. එයට අලෙවි වටිනාකමක් ෆයිවර් මඟින් ලැබිණ. එම රූපය යොදා ගෙන එක් රටක් ටී ෂර්ට් නිපදවන අතර තවත් රටක් ඉන් මවුස් පෑඩ් නිපදවයි. එයින් යම් ආදායමක් ඔවුන්ට ලැබේ.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී විකල්පයක් නැති බව සිතමින් විපිලිසරව කටයුතු කිරීමට උත්සාහ කළහොත් අපගේ මොළයට ඇති හැකියාව අහිමිව යයි. කෑම අහේනි අවස්ථාවල ජපානයේ කපුටන් අහර සොයා ගන්නා ආකාරය ගැන බීබීසිය නොබෝදා වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළේය. ජපානයේ එම ප්‍රදේශයේ ජීවත් වූ කපුටන්ට ආහාරයට ගතහැකි දෙයකට ඉතිරිව තිබුණේ තද පෘෂ්ඨයක් සහිත ඇට වර්ගයක් පමණි. ඒවා ආහාරයට ගැනීම අපහසු නිසා ඔවුන් ඒ සඳහා විකල්ප ක්‍රමයක් සොයා ගත්තේය. ඒවා ඉහළ සිට මහමඟට අතහැරීම එම ක්‍රමයයි. එම ඇට වර්ග බිම වැටුණු පසු කුඩා කැබලිවලට කැඩී යයි. ඉන්පසු ඔවුන් ඒවා ආහාරයට ගනී.

මේ ආකාරයට සතුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කරන විට ඔවුන් ද අර්බුද අවස්ථාවලදී විකල්ප විසඳුම්වලට යොමුවන අයුරු දක්නට ලැබේ. මිනිසා සතකුට වඩා විශාල පරිකල්පන ශක්තියක් ඇති අයෙකි. මිනිස් මොළයකට වුවමනා තරම් විකල්ප විසඳුම් සෙවිය හැකිය. එහෙත් විවේචනවලට යොමු වන විට මිනිස් මොළය විකල්පයන් සෙවීමට වෙහෙසෙන්නේ නැත.

අර්බුදයක් යන්නට චීන භාෂාවෙන් භාවිත කෙරෙන වචනය වන්නේ ‘වේ ජී’ යන්නයි. එය ලිවීමට චීන රූපාක්ෂර දෙකක් භාවිත කෙරේ. ඒ එක් එක් රූපාක්ෂරයට වෙන වෙනම තේරුම් ඇත. ‘වේ’ යනු ගැටලුව, අභියෝගය යන්නයි. ‘ජී’ යනු අවස්ථාව යන්නයි. ඒ අනුව අර්බුදය යන්නට චීන භාෂාවෙන් භාවිත කෙරෙන වචනය තුළ ‘සෑම අවස්ථාවකදීම විකල්පයක් සොයාගත හැකිය’ යන අදහස දක්නට තිබේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානයට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු විය. හිරෝෂිමා, නාගසාකි දෙනුවරට පරමාණු බෝම්බ හෙළීමෙන් පසු ඔවුන්ගේ අපේක්ෂාවන් සියල්ල සුන්ව ගියේය. ලෝකයේ බලවත්ම රට වීමට වෑයම් කළ රට මෙම ප්‍රහාරයෙන් පසු බිමට සමතලා වූයේය.

මේ අවස්ථාවේ ජපන් රජය වැදගත් තීරණ ගණනාවත් ගත්තේය. ඒවා සමහරක් දිගුකාලීන ඒවාය. ජපන් දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා ගත් පියවර දිගුකාලීන එකකි. එයට අතිරේකව කෙටිකාලීන තීන්දු රැසක් ගත්තේය. ඔවුහු කෑම ගන්නා සහ නිදා ගන්නා රටාව වෙනස් කළහ. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වටිනාකම අවබෝධ කරගෙන එය ජනතාවට ඒත්තු ගැන් වූහ. කයිසන් වැනි කළමනාකරණ හුරුපුරුදු ජීවිතයට එක් වූයේ මේ සමයේය.

මේ මොහොතේ අපගේ වගකීම වියයුත්තේ දේශපාලනඥයන් මත බලාපොරොත්තු දල්වා ගෙන සිටීම නොව, රටට ආදරය කරන දැක්මක් ඇති විද්වතුන්ගේ මතයට කන්දීමය. ඒ සඳහා මෙරට මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික උගතුන්ගේ සහාය ගත හැකිය. මෙය අවස්ථාවක් කරගෙන ඔවුන්ගේ විශේෂඥ දැනුම භාවිත කිරීමට කල්පනා කළ යුතුය.

ශ්‍රී ලංකාව අර්බුදයට ගමන් කළ යුතු සම්පත් නොමැති රාජ්‍යයක් නොවේ. ශ්‍රී ලංකාව යැයි කියූ විට කෙනකුගේ මතකයේ රැඳෙන්නේ රමණීය පරිසරයක් ඇති, ස්වභාවික සම්පත්වලින් අනූන රටකි. ඒ වෙනුවට ඉතියෝපියාව ගැන සඳහන් කළ විට අපට එකවරම සිහිවන්නේ සාගතයෙන් පෙළෙන, ඇටකටු පෑදුණු කෙසඟ දරුවන් සිටින රටකි. වත්මන් ඉතියෝපියාව අප්‍රිකානු කලාපයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් ඇති රටවල් 5ට අයත් වේ. ආර්ථික වර්ධන වේගය සියයට 7කට ආසන්නය.

එවැනි, රටක් දියුණු කළ හැකි වූයේ නම් ඉවත දමන දණ්ඩක් වුව ද පැළවෙන අප රට දියුණු කිරීම අපහසු නොවේ. ඒ සඳහා වුවමනා සම්පත් අවශ්‍ය තරමටත් වැඩියෙන් තිබේ. ගැටලුව ඇත්තේ අයහපත් කළමනාකරණයේය. නායකත්වයෙන් එය ඉටු වන්නේ නැත්නම් ඔබට නායකයකු විය හැකිය. ඔබට ඔබේ පවුලට, ඥාති සමූහයාට, ගමට‍, රටට නායකයකු විය හැකිය. මේ අර්බුදය රට දියුණු කිරීමට අවස්ථාවක් කරගත යුතුය.

චන්දන ජයවීර

 

පුරාවිද්‍යාව කියන්නේ ගල් කණු විතරක් නෙවෙයි

$
0
0
ජුලි 7, 2022 01:00
  • පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග
  • අද (ජුලි 07) ජාතික පුරාවිද්‍යා දිනයයි.
  • මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අදට (07) යෙදෙන 132වන ජාතික පුරාවිද්‍යා දිනය වෙනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ජාතික පුරාවිද්‍යා දිනය පිළිබඳව කතා කළොත්?

ජූලි 07 දින මෙරට ජාතික පුරාවිද්‍යා දිනය වශයෙන් අප සලකනවා. මෙම දිනය මෙසේ සලකනු ලබන්නේ, 1890 අවුරුද්දෙ ජූලි 07 දින මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා අනුරාධපුරයේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කිරීමට ගිය දිනය අනුස්මරණය කිරීම සඳහායි.

මෙම දිනය අනුස්මරණ දිනය ලෙස සැලකීමට තීරණය ගත්තේ 1990 වර්ෂයේ, පුරාවිද්‍යාවට ශතවර්ෂයක් පිරුණ අවස්ථාවේ. එදා සිට මේ දක්වා ජාතික පුරාවිද්‍යා දිනය වශයෙන් ජූලි 07 දින සමරනවා. පසුගිය වර්ෂයේ මෙම උත්සවය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූවා. හැබැයි මෙම වර්ෂයේ එසේ කටයුතු කිරීමට නොහැකි වී තිබෙනවා. ඊට හේතුව රට තුළ උද්ගත වී තිබෙන ආර්ථික හා සමාජ ප්‍රශ්න.

ජාතික පුරාවිද්‍යා දිනය නම් කළ මුල් කාලයේ දී, එම දිනයට විතරක් සැමරීම් කටයුතු සිදු කළා. පසුව පුරාවිද්‍යා සතිය කියා සතියක් පුරා එම සැමරුම් කටයුතු සිදු කෙරුණා. පසුගිය වර්ෂයේ සිට පුරා දෙසතිය වුණා. ඒ කියන්නේ සති දෙකක් පුරාවට විවිධ කටයුතු සිදුකළා. මෙවර මෙම කටයුත්ත පසුගිය පළවෙනි දින ආරම්භ වුණා. එය 14 දින දක්වා පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් මෙවර ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවා ද?

අප මෙවරත් වැඩසටහන් මාලාවක් ජූලි 01 දින සිට 14 දින දක්වා ක්‍රියාත්මක කරනවා. එම කටයුතු අපේ ප්‍රධාන කාර්යාලයෙන් මෙන්ම, අපගේ ප්‍රාදේශීය කාර්යාල පහළොවත් එකතු වී, ක්‍රියාත්මක කරනවා. පසුගිය දා මෙම වැඩසටහන ආරම්භ වුණා. මෙහිදී අප දේශන මාලාවක් ආරම්භ කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මණ්ඩාවල මහාචාර්යතුමා එය ආරම්භ කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මංගල කටුගම්පල මහතාද දේශනයක් කළා. මමත් මෙහිදී දේශනයක් සිදු කරනවා. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්, රජරට විශ්වවිද්‍යාලයෙන්, ජාත්‍යන්තර උගතෙක් වන ඔස්මන්ඩ් බෝපෙආරච්චි මහතා එහිදී දේශන පවත්වනවා. මේවා ඉතාමත්ම වැදගත් දේශන වශයෙන් හඳුන්වන්න පුළුවන්. මාර්ගගත ක්‍රමයට තමයි මෙම දේශන පවත්වන්නෙ. අපගේ වෙබ් අඩවිය හරහා ඕනෑම කෙනෙකුට මෙම දේශන සඳහා සම්බන්ධ විය හැකියි.

මෙම තරගාවලියෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට එච්.සී.පී. බෙල් අනුස්මරණ ශූරතා පලිහ ලබා දෙනවා. බෙල් මහත්මයා ලංකාවේ මුල්ම ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා. ඒ වගේම මෙම දිනය සැමරීම සඳහා යාපනයේ සරුංගල් තරගයක් ද පවත්වනවා. මේ කිසිවක් සඳහා අප රජයේ මුදල් වියදම් කරන්නේ නැහැ. මෙම කටයුතු සඳහා විවිධ පාර්ශ්වයන් අනුග්‍රහය දක්වනවා.

ඒ වගේම ත්‍රිකුණාමලයේ පිහිටි අපගේ කාර්යාලය මඟින් බෞද්ධ භික්ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. හම්බන්තොට කාර්යාලයෙන් ලෙනාඩ් වුල්ෆ් පිළිබඳ වැඩසටහනක් පවත්වනවා. අනුරාධපුරය පිළිබඳ වැඩමුළුවක් ද සංවිධානය කර තිබෙනවා. මෙය ප්‍රධාන කාර්යාලයේ සිට සිදුකරනවා. ගාලු කොටුවේ කටයුතු ගාලු උරුම පදනමට භාර දීම ද සිදු කරනවා.

සඟරා දෙකක් එළිදක්වනවා නේ ද?

ඔව්, සඟරා දෙකක් ජනගත කිරීමට කටයුතු යොදා තිබෙනවා. එකක් භූපති සඟරාව. මෙහි පුරාවිද්‍යාව පිළිබදව සිංහල භාෂාවෙන් ලිපි අඩංගු වෙනවා. The past අනෙක් සඟරාවයි. මෙය අන්තර්ජාතික මට්ටමේ ප්‍රකාශනයක්. මෙම සඟරා දෙකම අද (07) දින එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. ඕනෑම කෙනෙකුට නොමිලේ මේවා බාගත හැකියි.

ජාතික පුරාවිද්‍යා සමුළුව පිළිබඳව කතා කළොත්?

අද (07) සහ හෙට (08) ජාතික පුරාවිද්‍යා සමුළුව පවත්වනවා. මේ සඳහා පර්යේෂණ පත්‍රිකා විසි ගණනක් ඉදිරිපත් වී තිබෙනවා. මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස විදුර වික්‍රමනායක ඇමතිවරයා සහභාගි වනවා. අමාත්‍යාංශ ලේකම්වරයාත් සහභාගි වනවා. ප්‍රධාන කාර්යාලයේදී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව පවත්වනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කොහොමද මෙම විෂය ජනතාව අතර ප්‍රචලිත කරන්නෙ?

පුරාවිද්‍යාව රට තුළ ප්‍රචලිත කිරීමේ කාර්යයේදී අප මහජනතාවට සමීප විය යුතුයි. පුරාවිද්‍යාව යනු දරදඬු විෂයක් නොවන බවත් එය උගතුන්ට විතරක් සීමා වූ විෂයක් නොවන බවත් ජනතාවට අවබෝධ කර දීම අපේ වගකීමක්. පුරාවිද්‍යාව කියන්නෙ මහජනතාව සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යා යුතු විෂයයක්.

ක්‍රිකට් සහ සරුංගල් තරඟ පැවැත්වීමෙන් පුරාවිද්‍යාව ජනතාව අතර ප්‍රචලිත කරන්න පුළුවන් වෙයි කියා ඔබ සිතනවා ද?

අප පවත්වන ක්‍රිකට් තරගාවලිය තුළින් මහජනතාවට වඩාත් සමීප විය හැකියි. මේවායේදී විවිධ උපක්‍රම අනුගමනය කරමින් පුරාවිද්‍යාව පිළිබඳව ජනතාවට දැනුම සපයනවා. සරුංගල් තරගයේදී පුරාවිද්‍යාව පිළිබඳව සඳහන් වන සරුංගල් අප අහසට යවනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව සඳහන් කළොත්?

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන කටයුතු අප දින 365 තුළම සිදු කරනවා. පුරාවස්තු කැණීම්, පුරාවස්තු සංරක්ෂණය සම්බන්ධයෙන් අප සොයා බලනවා.

රටේ පවතින අර්බුදකාරී වාතාවරණය ජාතික පුරාවිද්‍යා දිනය සමරන වැඩසටහන්වලට ගැටලු ඇති කරයි ද?

විවිධ අභියෝග පවතිනවා. මේ වන විට පුරා දෙසතිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන්වල දින වකවානු රටේ පවතින වාතාවරණය යටතේ වෙනස් විය හැකියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඔබ රටට සිදු කළ කාර්ය භාරය පිළිබඳ සෑහීමකට පත්වනවා ද?

ඔව්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්වීමෙන් පසු මා කරන ලද වැඩ කොටස පිළිබඳ මා සෑහීමකට පත් වෙනවා. අපට කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ රටේ පවතින ආර්ථික හා සමාජීය ගැටලු මධ්‍යයේයි. එවැනි තත්ත්වයක් යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්තමානයේ තිබෙන ආකාරයෙන් පවත්වාගෙන යෑම පිළිබඳව ද මා සතුටු වෙනවා.

දීඝවාපිය සංරක්ෂණ කටයුතු කෙරීගෙන යනවා. පසුගිය දිනවල කුරුන්දි විහාරයේ කටයුතු සිදු කළා. පුනරින්වල දේවාල දෙකක් සංරක්ෂණය කිරීම ආරම්භ කළා. ගිරිබාවේදී පබළු පිළිබඳව පර්යේෂණ සිදු කළා. මල්වතු ඔයට යටවෙන පුරාවස්තු බේරා ගැනීම සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. රටේ සිදුවන සංවර්ධන යෝජනා ක්‍රමවලට අදාළව සිදු කෙරුණු පුරාවිද්‍යා කටයුතු වේගවත් කිරීම සිදුකළා. සංවර්ධන කටයුත්තකට පෙර එම ප්‍රදේශවල පවතින පුරාවස්තු පිළිබඳව සොයා බලනවා. කොළඹ නගරයේ තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම පසුගිය දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මාණ්ඩලික නිලධාරීන් දාහතර දෙනකු ද බඳවා ගැනීමට අපට හැකි වුණා. මෙවැනි කටයුත්තක් සිදු කළේ දීර්ඝ කාලයකට පසුව.

රටේ තිබෙන ඇතැම් පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනවා මදි යැයි ඇතැමුන් චෝදනා කරනවා?

අපට තිබෙන වාහන ප්‍රමාණය, මුදල් ප්‍රමාණය සහ සම්පත් ප්‍රමාණය අනුව අපට කටයුතු කිරීමට සිදු වනවා. ඇතැම් අවස්ථාවල අපි කැමති ප්‍රමාණයෙන් සහ ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් පුරාවිද්‍යාව හා සම්බන්ධ කටයුතු සිදුකිරීමට නොහැකි වෙනවා. දිනකට පුරාවස්තු විනාශයන් පිළිබඳව වාර්තා ගණනාවක් මට ලැබෙනවා. මේවා වාර්තා වන්නේ දිවයිනේ විවිධ ස්ථානවලින්. බොහෝ විට වනගත ප්‍රදේශවලින්. එවැනි ස්ථානවලට පුද්ගලයකු ක්ෂණිකව යොමු කිරීමේදී විවිධ ගැටලු ඇති වෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා අදාළ කටයුත්ත පමා වෙන අවස්ථා තිබෙනවා. මෙවැනි තත්ත්වයන් අප ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් අඩු කර ගත යුතුයි.

පුරාවිද්‍යාව කියන්නේ එක් පැත්තකින් අත්‍යවශ්‍ය සේවයක්. පුරාවිද්‍යා කටයුතු සිදු කෙරෙන්නේ නැත්නම් එහි බලපෑම දීර්ඝකාලීනයි. පුරා වස්තුවකට වන හානිය නැවත හදන්න බැහැ.

කොහොමද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දියුණු කරන්නෙ?

අපගේ දෙපාර්තමේන්තුව දියුණු කිරීම සඳහා කරුණු ගණනාවක් මා යෝජනා කරනවා. අපට විද්‍යාත්මක හැකියාව අඩුයි. අප රසායන විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක පරීක්ෂණ වැඩි වැඩියෙන් සිදු කිරීමට අවශ්‍යයි. කෘෂි පුරාවිද්‍යාව ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය උද්භිද විද්‍යාව හා සම්බන්ධයි. රජවරුන්ට වගේම ගොවිතැනටත් ඉතිහාසයක් තිබෙනවා. අපේ රටට කොස් ගස, අල, බතල හම්බවුණේ කුමන වකවානුවේ ද කියා සොයා බැලිය යුතුයි. එවැනි භෝග පළමුව වගා කළේ කුමන ස්ථානවල ද යන්න පිළිබදව අධ්‍යයනය කිරීම වැදගත්. මෙවර පුරාවිද්‍යා සමුළුවේ ප්‍රධාන දේශනයක් වන්නෙ මෙරට කෘෂිකර්ම ඉතිහාසය සම්බන්ධවයි.

ඇත්ත වශයෙන්ම පුරාවිද්‍යාව කියන්නේ ගල් කණු වලින්, විවිධ පුරා වස්තු වලින් එහාට ගිය විෂයක්. අපගේ තාක්ෂණ හැකියාවන් ද වැඩි දියුණු කර ගත යුතුයි. තාක්ෂණය හා විද්‍යාව වගේම, පුරාවිද්‍යා කටයුතු සඳහා ශාස්ත්‍රිය පසුබිමක් තිබීම වැදගත් වෙනවා. පුරාවිද්‍යාව සම්බන්ධයෙන් අප පවත්වන සම්මන්ත්‍රණ ආදිය මඟින් එයට සම්බන්ධ වන පුද්ගලයන්ගේ ශාස්ත්‍රීය දැනුම වැඩි වෙනවා.

පුරාවිද්‍යාව කලාව සමඟ සම්බන්ධයි. ඒ නිසා ඓතිහාසික නවකතා පිළිබඳ විමර්ශනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කළමනාකරණය සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් ජනතාවට විශාල තොරතුරු සංඛ්‍යාවක් දැන ගත හැකියි. අපේ රටේ විශ්වවිද්‍යාලය තුළදී පුරාවිද්‍යාව හැදෑරිය හැකියි. ඉදිරියේදී භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට බලාපොරොත්තු වනවා.

අපගේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු දියුණු රටවල තත්වයට ගෙන ආ යුතුයි. ඔස්ට්‍රේලියාව, යුරෝපීය රටවල සහ ආර්ථික වශයෙන් දියුණු රටවල පුරාවිද්‍යා කටයුතු ගැඹුරින් සිදු කෙරෙනවා. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යාව සම්බන්ධ ජර්මනියේ ආයතන සමඟ සමීපව වැඩ කටයුතු කිරීමට අප ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

උපාලි කරුණාරත්න

මහා විහාර සඟ පරපුරේ ශාසනික මෙහෙය

$
0
0
ජුලි 7, 2022 01:00

ශ්‍රී ලංකා ධරණි තලයේ සියලු සම්පත් අතර, නිර්මල බුදුදහම ආරක්ෂා කරගෙන එන මහා සංඝරත්නය ප්‍රධාන වන්නේය. අප බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය ආරක්ෂා කළ උපාලි මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලාගෙන් අවිච්ඡින්නව පැවැතගෙන එන උතුම් මහා සංඝරත්නය ලාංකික ජනතාවට සැනසීම සඳහා ඇති සජීවී වස්තුව වන්නේය.

‘උපාලි දාසකොචේව

සෝණකොසිග්ගවොතථා

තිස්සෝ මොග්ගලී පුත්තෝච

පංචේතේ විජිතාවිනෝ’ ආදී නයින් විනයට්ඨ කථාවේ දක්වා ඇති පරිදි විනයාග්‍රධර උපාලි මහරහතන් වහන්සේ ආදිකොට ඇති දාසක, සෝණක සිග්ගව, මොග්ගලීපුත්තතිස්ස යන රහතන් වහන්සේලාගෙන් පැවතෙන ආර්ය මහා සංඝ පරම්පරානුගත මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධානව ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළහ.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විනයානුකූලව සංඝ ගණයක් වූයෙන් මිහින්තලාවේදී භණ්ඩුක උපාසක මහණ කළ අතර, ලංකා ශාසන ඉතිහාසයේ ප්‍රථම විනය කර්මය වශයෙන් සනිටුහන් වන්නේය.

මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමෙන් හතරවැනි දිනයේ සිදුවූ අසිරිමත් උත්සවය වූයේ ශුද්ධ භූමියේ සීමා ලකුණු කිරීමයි. එකී සීමාවන් ඇතුළත භික්ෂූන්ගේ පැවැත්ම උදෙසා ආරාම, උයන් පොකුණු, සක්මන් මළු, ගිනිහල් ආදී විවිධ ගොඩනැගිලි ඉදිකරවන ලදි. ආසියාවේ ප්‍රධානතම ථෙරවාදී බෞද්ධ ආයතනය වශයෙන් දියුණු වූ මහා විහාරය භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික ගුණදම් සපිරි පැවිදි උතුමන්ගෙන් ද සම්පූර්ණ විය.

අනුරාධපුර රාජධානියේ ශ්‍රී විභූතිය වසරින් වසර දියුණුවෙමින් පැවතීමට ප්‍රධාන හේතු කීපයක් විය.

1. වසර 1500ක් පමණ බෞද්ධ රාජධානියක් වශයෙන් පැවතීම.

2. මහා විහාර සඟ පරපුර

3. අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වීම.

4. ආගමික සංස්කෘතික සම්බන්ධය

මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙවනපෑතිස් රජතුමන් විසින් කරවන ලද මහා විහාරය ධර්මධර, විනයධර ගුණ නැණින් පරිපූර්ණ වූ මහා සංඝරත්නය සමකාලීන පොදු ජනතාවගේ අවශ්‍යතාවන් සලසා දීමට සමත් වූ බැවින් ජනතාවගේ සිතුම් පැතුම් මහා විහාරය කේන්ද්‍රගතව පැවතිණ. විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වශයෙන් පිළිගත් අතර, එයින් ජනතාවගේ ආගමික, ආර්ථික, සාමාජික අවශ්‍යතාවන් සඵල කිරීමට සමත් විය.

ථූපාරාමයේදී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රධානව පැවති විනය සංගායනාවෙන් ආරම්භ වූ ත්‍රිපිටක අධ්‍යාපන ක්‍රමය විකාශනය වූයේ එකල භික්ෂූන් වහන්සේලාගේ පැවති විචක්ෂණ හා විශාරද බුද්ධි මහිමය නිසාය. බුද්ධ කාලීන බෞද්ධ හා හින්දු ආගම් මිශ්‍ර අධ්‍යාපන ක්‍රම පිළිබඳ ත්‍රිපිටක ධර්මය හා වේදග්‍රන්ථවලින් සවිස්තරව දක්නට පුළුවන. ගුරු ගෙදර නේවාසිකව ශිල්ප හා ශාස්ත්‍ර හදාරා ප්‍රායෝගිකව සමාජ අත්දැකීම් මාර්ගයෙන් ශාස්ත්‍රඥයකුවීමේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් භාරතයේ පැවති අතර, එය බුදුදහම සමඟ ලංකාවේද ප්‍රචලිත විය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය ත්‍රිපිටක ධර්මය ඉගැන්වීම ප්‍රධාන කරගෙන පැවති නමුත් සමාජ අවශ්‍යතා අනුව විවිධ විෂයන් එක්වී පුළුල් විෂය මාලාවක් ක්‍රියාත්මක කළේ රාජානුග්‍රහ ලද පිරිවෙන් අධ්‍යාපනය මඟිනි.

ලෝකයේ පෙර අපර දෙදිගම ශිෂ්ටාචාර දියුණු වූයේ ආගමික විෂයන් පදනම් කරගෙනය. එයට ප්‍රධාන හේතුව චින්තනයේ මූලධර්මයන් ආගම්වල පැවතීමයි. භාරතීය අධ්‍යාපනය මිනිස් චින්තනයේ ගැඹුරට පර්යේෂණය කරන්නට එයින් ආධ්‍යාත්මික ශක්තිය විකාශනය කරන්නට උපයෝගි කරගත් අයුරු වේද වේදාන්ත ග්‍රන්ථවලින් ප්‍රත්‍යක්ෂ වන්නේය.

බුද්ධාදී උතුමන් පහළ වී එම ධර්මය අවබෝධ කරගන්නට තරම් උසස් බුද්ධියක් ඇති ජනතාවගේ ජාතික අධ්‍යාපනය කෙතරම් ප්‍රභාමත් ද යන්න ත්‍රිපිටක ධර්මයෙන් පැහැදිලි වන අතර, එහි පසුබිම සකස් වූයේ වෛදික අධ්‍යාපනයෙනි. බුදු දහම පැමිණීමට පෙර ලක්දිව බමුණු අධ්‍යාපනය පැවති බවට ඓතිහාසික සාධක ඇති අතර, බුදුදහම නිසා බෞද්ධ අධ්‍යාපනයක් බ්‍රාහ්මණ අධ්‍යාපනයක් සංයුක්ත වීමෙන් ලාංකිකයන්ගේ පරිකල්පනා අන්තයට ගිය ගැඹුරු ප්‍රඥාවක් පැවති වග සාහිත්‍යයෙන් හා සෙසු පුරාවිද්‍යාත්මක සාධකවලින් දක්නට පුළුවන.

භාරතයේ සම්භාවනීය භාෂා අතරට සංස්කෘත ප්‍රධානතම වුවද බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් ව්‍යවහාර කළේ සුගම සරල වූ පාලි භාෂාවයි. එමෙන්ම තුන්වන සංගායනාවට බුද්ධ ශ්‍රාවකයන් බුද්ධ දේශනාව ධාරණය කරගත්තේ පාලි භාෂාවෙනි. තෙවන සංගායනාව පවත්වා ධර්ම දූතයන්ගේ මාර්ගයෙන් දේශ දේශාන්තරව බුද්ධාගම ව්‍යාප්ත කළේ ද පාලි භාෂාව මාධ්‍ය කරගෙනය.

සිරිලංකාවේ බුදු සසුන තිරසරව පිහිටි බව සනාථ වූයේ ද අරිට්ඨ මහරහතන් වහන්සේ ථූපාරාමයේදී සංගායනා සිදු කිරීමෙන් පසුවය. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථමයෙන්ම දම් දෙසීමට මාතෘකා කරගත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය පරිසර සංකල්පය, භාෂා ඤාණය, ධර්ම ඤාණය, අන්‍යෝන්‍ය සම්බන්ධය ආදී සාධනීය පරමාර්ථයන් ඉෂ්ට සිද්ධ කිරීමට සමර්ථ වන්නා වූ දේශනාවකි. පුද්ගලයන් කීපදෙනෙකු අතර, හුවමාරු වූ ව්‍යක්ත භාෂා ඥානය ඉතා ඉක්මනින් සමාජගත වූයේ එකල පැවති අධ්‍යාපනයේ භාෂාමය කුසලතාවයෙනි. කාල ප්‍රාසාද පිරිවෙන, මරුගණ පිරිවෙන, දීඝචංකමන පිරිවෙන, ථලග්ග පිරිවෙන, දික්සඳ සෙනෙවියා පිරිවෙන ආදී පිරිවෙන් අධ්‍යාපනය එදවස ගිහි පැවිදි ජනතාවගේ අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ කිරීමට සමත් විය.

ක්‍රම ක්‍රමයෙන් දියුණු වූ පිරිවෙන් අධ්‍යාපනය අනුරාධපුර නගරයේ මෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල ද ව්‍යාප්ත විය. රිටිගල, නාගදීප, දඹකොළ, කැලණිය, මුතියංගණය, සිතුල්පව්ව, තිස්සමහාරාමය ආදී සිද්ධස්ථාන ආශ්‍රිත පිරිවෙන් අධ්‍යාපනය දියුණු පවුණු විය.

අධ්‍යාපනය යනු ප්‍රධාන සමාජ අවශ්‍යතාවයි. මේ නිසා අනුරාධපුර කෘෂිකර්ම සමාජයේ පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට අධ්‍යාපන විෂය ධාරාව පුළුල් විය.

 

1. ත්‍රිපිටක ධර්මය 2. පාලි ප්‍රාකෘත, සංස්කෘත සිංහල භාෂා 3. වෛද්‍ය විද්‍යාව 4. නක්ෂත්‍ර විද්‍යාව 5. කෘෂිකර්මය 6. තර්ක ශාස්ත්‍රය 7. අර්ථ ශාස්ත්‍රය 8. ගණිතය 9. භාරතීය දර්ශන 10. රාජ්‍ය පාලනය 11. කලා විෂයන්

ආදී වශයෙන් ගිහි පැවිදි සෑම දෙනාගේම ලෞකික ලෝකෝත්තර අපේක්ෂාවන් සඵල කර ගැනීමට උපකාරී වන අධ්‍යාපන විෂය මාලා හා ඉගැන්වීමේ ක්‍රම භාවිත විය.

1. ශ්‍රවණය හා ධාරණය

2. ලේඛනය කියවීම

3. වාද විවාද පැවැත්වීම

4. පරීක්ෂණ විවරණ

5. සම්මාන තනතුරු දීම

ආදී නයින් කලින් කලට වෙනස් වෙන එහෙත් විකාශනය වන උසස් අධ්‍යාපන ක්‍රමයක් පැවතුනි.

පොළොන්නරු යුගයෙන් පසුව බිහිවූ පිරිවෙන් අධ්‍යාපන ආයතන හෙවත් විද්‍යාල බවට පත් විය.

බුද්ධ ශාසනය ව්‍යාප්තවීමේ තෝතැන්න වශයෙන් බිහිවූ ආරාමීය බෞද්ධ අධ්‍යාපනය දේශ දේශාන්තර සම්බන්ධතා අනුව ජාත්‍යන්තර වශයෙන් දියුණු තියුණු වූ අයුරු මහා විහාරය, ජේතවනය, අභයගිරිය, මිහින්තලය ආදී මහා සිද්ධස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ උසස් ක්‍රියාකාරීත්වයන්ගෙන් ප්‍රත්‍යක්ෂ වන්නේය.

බුද්ධඝෝෂ, ධම්මපාල, බුද්ධදත්ත වැනි මහා බුද්ධිමතුන්ගේ තම ඤාණ කුසලතා ප්‍රකාශ කිරීමට යෝග්‍යතම තෝතැන්න වූයේ අනුරාධපුර මහා විහාරයයි. ජාත්‍යන්තර වශයෙන් පාලි හා සංස්කෘත භාෂා මාධ්‍ය කරගෙන නිර්මාණ කළ අටුවා ටීකා, අර්ථවර්ණනා, විචාර ග්‍රන්ථ, සංග්‍රහ අපමණය. කෙතරම් සම්බාධක හා ආක්‍රමණ පැමිණියත් මහා විහාර මහා සංඝරත්නය කළ සේවාවන් ශාසන ඉතිහාසයේ ලියවී ඇත. හෙළටුවා ග්‍රන්ථ සම්පාදනය කිරීමට අසිරිමත් මහා සේවාවකි. ධාරණ ශක්තිය සතිපට්ඨානයෙන් පාලනය කරගෙන අක්ෂරයක් පාසා නිරවුල්ව නිවැරදිව අසන්නට සිහියෙන් ධාරණය කරගන්නට එමෙන්ම අර්ථ විවරණ සහිතව ලේඛනගත කරන්නට මහා විහාර භික්ෂූන් වහන්සේලාට පැවති විශාරද ඤාණ ශක්තිය භාරතීය නාලන්දා, තක්ෂිලා ඕදන්තපුරී ආදී විශ්වවිද්‍යාලවල පඬිවරුන්ටත් වඩා වැඩි විය.

‍ෙථරවාදී බුදු සමය ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීම, ග්‍රන්ථකරණය, රාජ්‍ය පාලනයට අනුශාසනා කිරීමාදී පොදු ජනතාවගේ කුදුමහත් කටයුතු මෙන්ම සම්බුද්ධ ශාසනය පරිහානියට පත් වූ අවස්ථාවල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇතිව ථෙරවාදී වෙනත් රටවලින් උපසම්පදාව ගෙන්වා යළි ශාසනය පුනරුත්ථාපනය කළ අවස්ථා ද ඇත.

අනුරාධපුර රාජධානි සමයේ වසර දහසකට වැඩිය පැවති මහා විහාර සඟ පරපුර රාජධානි වෙනස්වීමත් සමඟ මහනුවර රාජධානිය දක්වා ක්‍රමයෙන් වෙනස්වෙමින් පැවති අතර, වර්තමානයේ මල්වතු-අස්ගිරි ප්‍රධාන මහා විහාර කේන්ද්‍රගතව සජීවීව පවතින්නේය.

කලින් කලට පවතින සමාජ විපර්යාස අනුව භික්ෂු පරපුර ද එයට යටත්වීම ස්වාභාවික වුවද වසර දෙදහස් ගණනකට පෙර ආරම්භ වූ මහා විහාර සංඝ පරම්පරාවේ අත්‍යවශ්‍ය සිරිත්විරිත් දැනටත් ක්‍රියාත්මක වන්නේය.

අනුරාධපුර මහා විහාරේ පටන් වර්තමාන ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර ප්‍රධාන ආයතනවලට අයත් මහා සංඝරත්නය මෙන්ම සෙසු නිකායවල මහා සංඝරත්නය ද සිදු කරන ආගමික ජාතික මෙහෙවර සිතා, කියා, ලියා නිම කළ නොහැක්කේමය. එක බණ පදයකට දහම් සොඬ රජතුමා තම රාජ්‍ය හා ජීවිතය පූජා කළේ දහමේ විද්‍යමාන වන අර්ථවත් බව නිසාය. එසේනම් වර්තමාන මහා සංඝරත්නය, ඒ උතුම් ධර්මය ඉගෙනීමෙන්, ඉගැන්වීමෙන් දෙසීමෙන්, පිළිපැදීමෙන්, ආදර්ශයෙන් කරන සේවය වර්ණනා විෂය ඉක්මවන්නේය.

අමුණුපුර පියරතන නාහිමි

 

අරගලය පිටුපස විදෙස් බලවේග ඉන්නවා

$
0
0
ජුලි 8, 2022 01:00
චන්දන ජයවීර
ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම, විධායක අධ්‍යක්ෂ - මානව හිමිකම් හා සංවර්ධන පිළිබඳ නීතිවේදී සංවිධානය

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දක්නට ලැබුණු අහිතකර වගන්ති ඒ ආකාරයටම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේද තිබීම, ජනමත විචාරණයකට හේතු වන සංශෝධන කරුණු, රට මුහුණ දී සිටින අභියෝගයට මුහුණ දීම සඳහා අවම පොදු වැඩ පිළිවෙළකට සියලු පක්ෂ එකඟ වීම ආදී කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම මහතා සමඟ කළ සාකච්ඡාවකි.

- කාරක සභා තවත් කථා සාප්පුවක් විතරයි
- මේ අර්බුදයට හැමෝම වගකියන්න ඕනෑ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ වන විට අවස්ථා 20කදි සංශෝධනය කර තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට මේ සංශෝධන ගැන ඔබේ අදහස කුමක්ද?

මේ එක සංශෝධනයක්වත් රටේ ජනතාවගේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත සඳහා ගෙනා යෝජනා නෙවෙයි. මේවා ගෙනාවේ එක්කෝ දේශපාලන ප්‍රතිවාදීන් පිටු දකින්න. එහෙම නැත්නම් තනි පුද්ගලයකු අතට බලය ගන්න. 78 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුණේ 1978 පෙබරවාරි 4දා සිටයි. පළමු සංශෝධනය 78 නොවැම්බර් 20 වැනිදා ගෙනාවා. එහි අරමුණ වුණේ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු එයට එරෙහිව අභියාචනාධිකරණයට යෑමේ අවස්ථාව නැති කිරීම. ඇයට උසාවියෙන් සහනයක් ගන්න තිබුණු ඉඩ වැළැක්වීම පළමු සංශෝධනයේ අරමුණ වුණා.

දෙවැනි සංශෝධනය අවුරුද්දකින් 79 වසරේ පෙබරවාරියේ ‍ගෙනාවා. එහි අරමුණ වුණේ ශ්‍රිලනිපයෙන් පාර්ලිමේන්තුවට පත්ව එජාපයට එක්වූ බෙන්තර-ඇල්පිටිය මන්ත්‍රී ආර්.ජී. සමරනායකගේ මන්ත්‍රී ධූරය ආරක්ෂා කර දීමයි. ව්‍යවස්ථාව අනුව ඔහුගේ අසුන නැති විය යුතුයි. දෙවැනි සංශෝධනයෙන් ඔහුගේ ආසනය ආරක්ෂා වෙන ආකාරයට පසුබිම සකස් කළා. මේ විදියට හැම සංශෝධනයක්ම කිසියම් පුද්ගලයකු ඉලක්ක කරගෙන ගෙනා ඒවා.

මේ චෝදනාව, ඒ කියන්නෙ යම් යම් අය ඉලක්ක කරගෙන නීති සම්පාදනය කළ බවට අදහසක් 19 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙනුත් තිබෙනවා නේද?

ජනාධිපතිවරණයට තෙවරක් තරග කිරීම වැලැක්වීම, අවු: 35ට අඩු අය තරග කිරීම නොහැකි වීම වගේ පුද්ගලයන් ඉලක්ක කළ දේවල් 19 වැනි සංශෝධනයේ තිබුණා. එහෙත් එහි තිබූ ද්විත්ව පුරවැසියන් සම්බන්ධ තීරණය මා එකඟයි. වෙනත් රටකට පක්ෂපාත කෙනකුට මේ රටේ තනතුරක් දැරීමට ඇති ඉඩ සම්පූර්ණයෙන්ම වැළැක්විය යුතුයි. ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීකම පමණක් නෙමෙයි කිසිම වගකිව යුතු තනතුරක් දරන්න ඉඩ දිය යුතු නැහැ. තාවකාලික උපදේශක තනතුරකට හැර ස්ථිර තනතුරුවලට පත් නොකළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන් සිද්ධියේ දි මේ තත්ත්වය හොඳින් අප දැක්කා. වෙනත් රටක පුරවැසියකුට මහ බැංකුවේ වගකීම දුන්නා. ඔහු අපේ මහ බැංකුව හොරකම් කරලා දැන් වෙනත් රටක ජීවත් වෙනවා.

සජබ ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය ජනමත විචාරණයකට හේතු වන බව අධිකරණය තීරණය කළා. ආණ්ඩුව ජනමත විචාරණයකට හේතු වන කරුණු මඟහැර යෑමට අදහස් කරන බව කියවෙනවා. ඒ අනුව මෙම කෙටුම්පත සම්මත වීමේ ඉඩක් තිබෙනවා නේද?

අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ ජනමත විචාරණයකට යා හැකි කරුණු 5ක් තිබෙනවා. එහි 44(1) වගන්තියේ ඇමැතිවරු සංඛ්‍යාව තීරණය කිරීම, පත් කිරීම අගමැති උපදෙස් අනුව කළ යුතු බව දක්වා තිබෙනවා. ඒ වගේම 44(3) වගන්තියේ ඇමැතිවරු වෙනස් කිරීම අගමැති උපදෙස් අනුව කළ යුතු බව දක්වා තිබෙනවා. නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමත් එලෙසමයි. අගමැතිවරයා ඉවත් කළ නොහැකි බව 44(2) වගන්තියට ඇතුළු කර තිබෙනවා. මේවා සියල්ලම ජනමත විචාරණයකින් තොරව කරන්න බැරි දේවල්. මේවා ක්‍රියාත්මක කළොත් ජනපතිවරයාගේ විධායක බලය අඩු කිරීමක් වෙනවා.

අගමැති ඉවත් කිරීමේ බලය 19 වැනි සංශෝධනයේ ඇතුළත්ව තිබූ දෙයක් නිසා එය ජනමත විචාරණයකට හේතු වන කරුණක් වන්නේ කෙසේද?

19 වැනි සංශෝධනයට මේ වගන්තිය ඇතුළත් කළේ සූක්ෂ්ම ආකාරයකටයි. 19ට පෙර තිබුණු තත්ත්වය යටතේ ජනපතිට අගමැතිවරයා ඉවත් කරන්න පුළුවන්. එහෙම අගමැති ඉවත් කළොත් නැත්නම් ඉල්ලා අස්වුණොත් ඇමැති මණ්ඩලයේ තනතුරු අහෝසි වන බවට 19ට පෙර ව්‍යවස්ථාවේ තිබුණා. 19 වැනි සංශෝධනයෙදි ඒ පරිච්ඡේදයම ඉවත් කළා. මේ කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වුවත් එතැනදි උසාවියේ අවධානයට යොමු වුණේ තිබෙන පරිච්ඡේදය ගැන පමණයි. ඉවත් කළ පරිච්ඡේදය ගැන අවධානය යොමු වුණේ නැහැ.

ඊළඟට 19 වැනි සංශෝධනයේදී 46 වැනි වගන්තිය සම්මත කිරීමේදී කැබිනට් ඇමැතිවරු 30ක් හා කැබිනට් නොවන ඇමැතිවරු 40ක් කියලා වෙනස් කළා. එයට 46(3) නමින් සංශෝධනයක් එක් කර එහි අගමැති ඉවත් කරන ක්‍රමය එයට ඇතුළු කළා. “කැබිනට් මණ්ඩලය පවතින තාක් අගමැතිවරයා ධුරය දරන බවත්, ඉල්ලා අස්වීමෙන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපීමෙන් ධුරය හිස්වන බව” කියන කොටස පසුව කාරක සභා අවස්ථාවේ ඇතුළු කළා. මේ කෑල්ල කෙටුම්පතේ තිබුණේ නැහැ. එහෙම කරලා අගමැති ඉවත් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කළා.

මේ කරුණ මත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කිරීමට අදහස් කරනවද?

මම කරන්න අවශ්‍ය නැහැ. කවුරුන් විසින් හෝ එය අභියෝගයට ලක් කරන්න පුළුවන්. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට්කර තිබෙනවා. එහෙත් තවම න්‍යාය පුස්තකයට ඇතුළු කර නැහැ.

19 වැනි සංශෝධනයේ විධිවිධාන බලයේ සිටින ජනපතිවරයාගේ ධුර කාලයට අදාළ වුවත් 21 වැනි සංශෝධනයේ විධි විධාන බලයේ සිටින ජනපතිවරයාගේ ධුර කාලයට අදාළ වන්නේ නැහැ නේද?

පෙර කී දේවල් වත්මන් ජනාධිපතිවරයාටත් අදාළයි. ඒවා සම්මත කළ දා සිට ක්‍රියාත්මක වෙනවා. අනෙක් දේවල් ඔහුගේ ධුර කාලයට අදාළ වෙන්නෙ නැහැ.

ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිටි, ජාතික සංවිධාන සමඟ සමීපව ගනුදෙනු කළ ඇතැම් මන්ත්‍රීන් 21 වැනි සංශෝධනයට සහාය දක්වනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කෙසේද?

ඔවුන් නොමඟ ගොස් තිබෙනවා. ඉදිරියේ දී. ඔවුන් සහාය දෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. 21ට සහාය දී ජනතාව ඉදිරියට යන්න ඔවුන්ට බැහැ. ඒ අතර එක දෙයක් කිව යුතුයි. ව්‍යවස්ථා සභාව පිහිටුවීම නම් කළ යුතු දෙයක්.

19 වැනි සංශෝධනයට අකැමති ඔබ, එමඟින් හඳුන්වාදුන් ස්වාධීන කොමිසම් පිළිගන්නෙ ඇයි?

ස්වාධීන කොමිසම් 17 වැනි සංශෝධනයේ නිර්මාණයක්. ඒවා 19 නිසා තවදුරටත් සවිමත් වුණා. ජනපති තනතුරට පත් වෙන අය හිතුවක්කාර ආකාරයට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා බහුතර මතය විමසීම ඇතුළත් කිරීම හොඳ දෙයක්. එයින් නුසුදුසු පුද්ගලයන් පත් කිරීම වළක්වන්න හැකියාව ලැබෙනවා.

21 වැනි සංශෝධනය ගෙන ඒමට හේතු වූයේ ජනපතිවරයාට බලයෙන් ඉවත් වන ලෙස අරගලකරුවන් කළ බලපෑමයි. ජනපතිවරයාගේ බලය අඩු කිරීමට ගැන ඔබේ අදහස කුමක්ද?

ජනපතිවරයා ගත් සමහර තීරණ ගැන අපටත් ගැටලු තිබෙනවා. එහෙත් ඔහු ඉවත්කර ජනපතිවරයකු පාර්ලිමේන්තුවෙන් තෝරන්න ගියොත් කවරෙක් පත්වේදැයි අපට කියන්න බැහැ. එවිට ජනාධිපතිවරයා තේරීම කෙරෙන්නෙ රහස් ඡන්දයෙන්. මේ තියෙන ක්‍රමයේ හැටියට සල්ලිකාරයෙක් ඒ තනතුරට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් රට බොහොම අවදානම් තත්ත්වයකට යනවා.

මේ යෝජනාව සම්මත කිරීමෙන් පසු ජනපතිවරයාගේ වැය ශීර්ෂ කපා හැරීමෙන්, විශ්වාසභංගයක් මඟින් ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ගෝල්ෆේස් සටනට පහසුකම් සලසන බව අගමැතිවරයා පවසා තිබෙනවා. ඒ සඳහා තැනැත්තකු පත්කර තිබෙනවා. එහෙම කර තිබෙන්නෙ කිසියම් සැලැස්මක් අනුව වෙන්න පුළුවන්.

ගාලු මුවදොර අරගලය බිමේ ජනතා සහභාගීත්වය අඩු වීම බලපෑ හේතුව කුමක්ද?

පාරේ කෙරෙන අරගලය ගෝල්ෆේස් අරගලයේම කොටසක්. මේ දෙක වෙන්කර දකින්න බැහැ.

අගමැතිවරයා පත්ව මේ වන විට ගතව තිබෙන්නෙ කෙටි කාලයක් පමණයි. ඔහුට සාධාරණ කාලයක් නොදී ඉවත් වන ලෙස බලපෑම් කිරීම සාධාරණද?

පාරේ ඉන්න මිනිස්සුන්ගෙ දුක් වේදනා නැති කරන්න ඔහු මේ දක්වා කර තිබෙන්නෙ මොකක්ද? අගමැති පත් වුණේ මැයි 11දා. මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. මිනිසුන්ගෙ කිසිම ප්‍රශ්නයක් ඔහු විසඳා නැහැ.

69 ලක්ෂයේ ජන වරමට දායක වූවෙක් හැටියට වත්මන් අගමැතිවරයාගෙ පත්වීම දකින්නෙ කොහොමද?

ජනපතිවරයාට අගමැති හැටියට පත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගන්නේ යැයි විශ්වාස කරන අයකු පමණයි. එක් ආසනයක් තිබෙන මන්ත්‍රීවරයකුට බහුතරයේ විශ්වාසය ලැබේ යැයි පිළිගැනීමට අපහසුයි. ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ යහපාලන ආණ්ඩුව ගෙන ගිය වැඩ පිළිවෙළ ප්‍රතික්ෂේප කළ නිසයි.

කාරක සභා බලවත් කිරීම ගැන අගමැතිවරයාගෙ අවධානය යොමුකර තිබෙනවා. එයින් විසඳුමක් ලැබෙනවද?

කාරක සභා තවත් කථා සාප්පුවක් විතරයි. මේ දිනවල කෝප් කමිටුව මඟින් බොහෝ හෙළිදරව් කිරීම් කෙරෙනවා. එහෙත් මේවාට පිළියමක් ලැබුණා කියලා අපට වාර්තා වෙන්නෙ නැහැ. ඒ තත්ත්වය වළක්වන්න ඔවුන්ට බලයක් නැහැ.

මේ අර්බුදය ජය ගත හැකි ක්‍රමය ලෙස ඔබ විශ්වාස කරන්නෙ කුමක්ද?

සෑම පක්ෂයක්ම වැඩ කරන්නෙ පක්ෂ දේශපාලනයට අනුවයි. කවුරුවත් රට ගැන හිතන්නෙ නැහැ. කාටත් එකඟ වෙන්න පුළුවන් පොදු අවම වැඩපිළිවෙළක් ගැන හැමෝම එකතුව කතාබහ කළ යුතුයි. බොරුවට කෑ කෝ ගහලා වැඩක් නැහැ. කවුරුවත් වගකීමකින් වැඩ කරන බවක් පෙනෙන්නේ නැහැ. බලලෝභී දේශපාලනය ඇරුනහම වෙන දෙයක් පෙනෙන්නෙ නැහැ. මේ අර්බුදයට හැමෝම මොකක් හෝ ක්‍රමයකට වගකියන්න ඕනෑ. කාටවත් ගැලවෙන්න බැහැ. ජනතාව දුක් විඳින තත්ත්වය ඔවුන්ට නවත්වන්න බැරි නම් අඩු ගණනේ සහනයක් දෙන්නවත් වගකීමක් තිබෙනවා.

පක්ෂ කිහිපයක එකතුවකින් නිර්මාණය වූ ආණ්ඩුව තවදුරටත් පුළුල් කළ යුතු බවද එහි අදහස?

ඔව්. ජනපතිවරයා සියලු පක්ෂවලට කතා කළ යුතුයි. වර්තමාන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. බහුතරය මේ තත්ත්වයට විරුද්ධයි. පොදුජන පෙරමුණේ සමහර මන්ත්‍රීවරු මේ ගැන එකඟ නැහැ. 10කට වැඩි මන්ත්‍රීන් පිරිසක් ස්වාධීන වුණේ ඒ නිසයි.

ගාලු මුවදොර අරගලය පිටුපස දේශීය ධනපතියන් සිටින බව ඔබ පැවසුවා. ඔවුන්ට විදේශ බලවේගවල සහාය ලැබෙනවද?

මේ සමස්ත අරගලයේම අධිරාජ්‍යවාදි බලවේග සිටිනවා. මේක රුසියාවට හා චීනයට විරුද්ධව කෙරෙන අරගලයේ කොටසක්. ශ්‍රී ලංකාව චීනයේ බලපෑමට ලක්වේ යැයි බටහිර ලෝකය සැකයෙන් සිටිනවා. එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට ඉන්දියාව, අමෙරිකාව, යුරෝපය ඇතුළු රාජ්‍යයන් උත්සාහ කරනවා. මේ අරගලය ස්වාධීනව ඇති වූ දෙයක් නෙමෙයි. මේ අරගල පිටුපස අධිරාජ්‍යවාදී බලවේග සිටින බවට මට නම් සැකයක් නැහැ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ඉන්ධන හා ගෑස් හිඟයට ඔවුන්ට අවශ්‍ය නම් විසඳුමක් දිය හැකිද?

ඔවුන්ට විසඳන්න බැහැ. ඔවුන්ට වුවමනා අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි, මැදිහත් වෙන්නයි බලන්නෙ. ග්‍රහණයට ගන්න උත්සාහ කරනවා. ඉරාකය, ලිබියාව වගේ ඔවුන් මැදිහත් වූ තැන්වල ජනතා ප්‍රශ්න කිසිවක් විසඳා නැහැ. මේ බලවේග මැදිහත් වූ කිසිම තැනක විනාශයක් මිසක් ඊට වඩා වැඩි දෙයක් සිදුව නැහැ. ඒ අතර ඔවුන් අපේ සම්පත් කොල්ලකනවා.

ඔවුන් මෙරටට මැදිහත් වෙන්නෙ කුමන අරමුණක් මතද?

එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරවා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාවක්. වත්මන් ජනාධිපතිවරයා එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක නොකරන බවට සහතිකයක් දුන්නා. එහෙත් මේ රාජ්‍යයන් එම අපේක්ෂාව අත්හැර නැති බව දැන් පෙනෙනවා. ඉඩම් දශ ලක්ෂයක් ජනතාවට දෙන බව අගමැතිවරයා පවසනවා. එහි අදහස ආණ්ඩුවේ ඉඩම් විකිණීමේ අයිතිය ජනතාවට දෙන බවයි. එම්සීසීයේ අරමුණ මේක තමයි.

ලලිත් මහපොළ හදපු හැටි

$
0
0
ජුලි 8, 2022 01:00

හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් මහපොළ භ ාරකාර අරමුදල ආරම්භ කරන ලද්දේ උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන ආර්ථික අපහසුතා තිබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ශිෂ්‍යත්ව දීමටය. ඒ අනුව ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ සරසවි ශිෂ්‍යත්ව ක්‍රමය, පාසල් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා බද්ධ කර අත්‍යාවශ්‍ය පහසුකම්වලින් පෝෂණය කරමින්ද සරසවි අධ්‍යාපනයේ නියුතු අනාගතය භාර දරුවන්ගේ ඉදිරි ගමනට රුකුලක් වශයෙන් ද හඳුන්වා දෙන ලදි. මෙලෙස ලලිත් ඇතුලත්මුදලි මහතා සරසවි සිසුවකු ලෙස අධ්‍යාපනයේ යෙදෙන විට තමන් විඳි ආර්ථික දුෂ්කරතා සිහියට නඟා ගෙන මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කළ බව සඳහන් කිරීම නිවැරැදිය.

1977 වසරේ බලයට පත් එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නැමැති සංකල්පය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් හඳුන්වන ලද්දේ, විවෘත ආර්ථිකය යනු නිදහස් ආර්ථිකයක් නොව රටට අවශ්‍ය දේවල් පමණක් ගැනෙන විවෘත දොරටුවක් තිබෙන තැනක් ලෙසය. මෙම දොරටුව කොතරම් විවර කරන්නේද යන්න විවෘත ආර්ථික ක්‍රමයේදී රජය තීරණය කළ යුතු බව ඔහුගේ අදහස විය. ඒ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ වෙළඳ ඇමැතිවරයාය. කෙසේ වුවද මෙරට තුළ ලලිත් ඇතුලත්මුදලි නාමය පැළපදියම් වූයේ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කිරීම නිසා බව සඳහන් කළ යුතුය. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ ආරම්භය සනිටුහන් වූයේ 1981 වර්ෂයේදීය.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේ නව ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව වෙත රැගෙන යෑමේ වගකීම පැවරුණේ වෙළෙඳ හා නාවික ඇමැතිව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාටය. මේ වන විට නව අභියෝගයක් ඔහුට පැමිණ තිබුණි. එනම් වෙළෙඳ සංකල්පය විවෘත ආර්ථිකයක් සමඟ ගමන් කරන්නේ කෙසේද යන්නය. ඊට හේතුව ඒ වන විට පැවතුණේ අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට කූපන් පත් ලබා දීමේ ක්‍රමයකි. විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ මෙම ක්‍රමය ලිහිල් කරන ලදි. අනතුරුව පාරිභෝගික භාණ්ඩ මිලට ගැනීම සඳහා පොළ සංකල්පය ක්‍රියාත්මක වූ අතර ඒවා මහපොළ යනුවෙන් හඳුන්වන ලදි. ලාභදායි ආකාරයට ග්‍රාමීය පාසල්වලට ද්‍රව්‍ය ලබා ගත හැකිවන පරිදි ප්‍රදර්ශන සහ වෙළෙඳ කුටි ආරම්භ කරන ලදී. පාසල් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ආදි අවශ්‍යතා සපුරා දීමේ වැඩපිළිවෙළක්ද එහිදී ක්‍රියාත්මක විය. එක් අවස්ථාවක දී දුෂ්කර ප්‍රදේශයක් වූ මොනරාගල බිබිල ආසනයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයක් සඳහා ලලිත් ඇතුලත්මුදලි මහතාටද ආරාධනා ලැබුණි. එම අවස්ථාවේදී ගමේ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළ යාමට, උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට යෑමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කිරීමට ඔහු තීරණය කළ අතර ඒ අනුව මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය බිහි විය.

1981 වසරේ ඔක්තෝබර් මස 6 වෙනි දින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ලලිත් ඇතුලත්මුදලි මහතා පාර්ලිමේන්තුව අමතා කතාවක් කළේය.

"1958 දී ඇතැම් කරුණු නිසා මගේ අධ්‍යාපනය ගෙන යන්නට මට මුදල් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී අගමැති වශයෙන් සිටියේ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමායි. අධ්‍යාපන ඇමැති වශයෙන් එදා සිටියේ ආචාර්ය ඩබ්. දහනායක මැතිතුමායි. ඒ අවස්ථාවේ අගමැතිතුමන්ගෙන් නව ශිෂ්‍යත්වයක් වන රෝඩ්ස් ශිෂ්‍යත්වය සඳහා තරග කරන්නට අවස්ථාව දෙන ලෙස මම ඉල්ලා සිටියා. නමුත් අගමැතිතුමා මට කෙළින්ම කිව්වා, තමුන්නාන්සේට රෝඩ්ස් ශිෂ්‍යත්වය ලබා ගන්නට ඉඩ දෙන්නේ නැහැ කියා. එතුමා සාධාරණ හේතුවක් උඩයි මට එහෙම කිව්වේ. එතුමා මට කිව්වා තමුන්නාන්සේ මේක ඉල්ලුවොත් තමුන්නාන්සේට මේක ලැබෙයි. නමුත් තමුන්නාන්සේ පිටරට ගිහින් යම් යම් අත්දැකීම් ලබා ගෙන පැමිණි කෙනෙක්. මම උත්සාහ කරන්නේ තවත් කෙනෙකුට පිටරට ගිහින් තමුන්නාන්සේ ලබා ගෙන තිබෙන ඒ පළපුරුද්ද ඒ අත්දැකීම ඒ අධ්‍යාපනය ලබා ගන්නට අවස්ථාව දීමට යැයි එතුමා කිව්වා.

එතුමා ඊළඟට මට කිව්වා, මම මේ රටේ අගමැති හැටියට සිටින තාක් තමුන්නාන්සේ අධ්‍යාපනයෙන් දැන් පෙන්වා තිබෙන දක්ෂතාව කෙටි කරන්න මම වැඩ කරන්නේ නැත. තමුන්නාන්සේගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න තමුන්නාන්සේට ශිෂ්‍යත්වයක් පිරිනමනවාය කියා. මට ඒ ශිෂ්‍යත්වය දෙන වෙලාවේදී බණ්ඩාරනායක මැතිතුමා කළ ප්‍රකාශයක් මම කියන්න ඕනෑ. එතුමා කිව්වා, තමුන්නාන්සේ ආපසු මව් රටට ඇවිත් තමුන්නාන්සේට පුළුවන් සේවයක් රටට කරන්නය කියා. එපමණයි, එතුමා මගෙන් ඉල්ලුවේ. මේ අවස්ථාවේදී මම ප්‍රසිද්ධියේ එතුමාටත්, එතුමාගේ කැබිනට් මණ්ඩලයටත්, හිටපු අධ්‍යාපන ඇමති ආචාර්ය දහනායක මැතිතුමාටත් මගේ අවංක ස්තූතිය පුද කරන්න කැමතියි.

මේ ශිෂ්‍යත්වලාභීන්ට පණිවුඩයක් දෙනවානම් ඒ පණිවුඩය මේකයි. "මේ සමාජයෙන් තමුන්නාන්සේලාට ලබාදෙන්න පුළුවන් දේ දී තිබෙනවා. තමුන්නාන්සේලා උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් කරුණාකර තමුන්නාන්සේලාගෙන් සමාජයට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න"කියන එකයි.

ඒ අනුව මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ බිහි වීම සිදුවන්නේ, 1981 වසරේ නොවැම්බර් මස 11 වන දිනය. ඒ මහපොළ ලොතරැයිය හඳුන්වා දීම මඟිනි. එහි වටිනාකම රුපියල් දෙකකි. එහිදී මූලික වශයෙන් ඉලක්කය වූයේ රුපියල් ලක්ෂ දහයක මුදලක් එකතු කර ඒ පොලියෙන් රුපියල් 300ක ශිෂ්‍යාධාර මුදලක් හා ඉහළ කුසලතා සහිත දරුවන්ට රුපියල් 350ක ශිෂ්‍යාධාර මුදලක් ලබා දීමය. මුල්ම මහපොළ ශිෂ්‍යාධාරය ලබා දී තිබෙන්නේ, ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙනි. ඒ අනුව තෝරා ගන්නා ලද ශිෂ්‍යයන් අතරින් පළමු ශිෂ්‍යත්වලාභියා වන්නේ, දෙනෙත් නොපෙනෙන කුලියාපිටිය ප්‍රදේශයේ සිසුවකු වූ යු.ඩී. ජයරත්න නම් ශිෂ්‍යයාය. මෙම ලොතරැයි ක්‍රමය මඟින් අඛණ්ඩව වසර 5ක් අරමුදල පවත්වාගෙන පැමිණියද, පස් වැනි වසරෙන් පසුව අරමුදල පවත්වා ගැනීමේ අපහසුතා පැමිණි විට ලලිත් ඇතුලත්මුදලි මහතා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට යෝජනාවක් ඉදිරිපත් කරයි. එනම්, ජනාධිපති අරමුදලෙන් සියයට 50ක් සහ තමන් විසින් සියයට 50ක් යොදවා අරමුදල පවත්වා ගැනීමය. 1981 වසරේ අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව 422ක් ප්‍රදානය කරන ලදි. වර්ග 4ක් යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුවිය. පළමුව සිසුන්ගේ දක්ෂතාව පදනම් කර ගනිමින් ද, දෙවනුව දිළිඳු සිසුන් හට ද, තෙවන ශිෂ්‍යත්ව වර්ගය ලෙස සේවක අධ්‍යාපන ව්‍යාපාරය සම්බන්ධ ශිෂ්‍යත්වය එනම් රැකියාවක් කරමින් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී සිටින සිසුන් සඳහා ද, හතරවන ශිෂ්‍යත්ව වර්ගය ලෙස විශේෂ ශිෂ්‍යත්වය එනම් ඕනෑම පුද්ගලයෙකුට විශාල මුදලක් මහපොළ අරමුදලට පරිත්‍යාග කර එමඟින් විශේෂ ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රමවේදයයි. එහිදී මුදල් ප්‍රදානය කළ පුද්ගලයන්ට ශිෂ්‍යත්වය ලැබිය යුතු අයගේ නම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

උගත්කමින් දරිද්‍රතාවය තුරන් කළ හැකි බවත්, එසේම උගතෙකු බිහි කරන විට පවුලකටම සමාජයකටම නැඟී සිටීමට අවශ්‍ය පරිසරය ගොඩනැඟෙන බවත් ලලිත් ඇතුලත්මුදලි මහතා නිතරම පැවසු වදනකි. මේ අනුව මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මඟින් එදා සිට ප්‍රතිලාභ ලබා ගත් සිසු දරු දැරියන් සංඛ්‍යාව බොහෝමයකි. 

එම්. තාරික්


අලකලංචිය වාසියට ගත් සර් ජෝන්

$
0
0
ජුලි 8, 2022 01:00

1950 වසරේ ලක් රජය ඉදිරිපත් කළ කොළඹ ක්‍රමය වැඩපිළිවෙළ තුළින් අප රටට අත් වූ ප්‍රතිලාභ බොහෝ විය. කොළඹ ක්‍රමය වැඩපිළිවෙළට සමගාමී ව 1954 වසරේ කැනේඩියානු රජය විසින් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය එන්ජින් 5ක් පරිත්‍යාග කරනු ලැබීය. එවකට ලංකාණ්ඩුවේ ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළේ සර් ජෝන් කොතලාවල මහතාය. කැනඩා රජය විසින් පරිත්‍යාග කරනු ලැබූ දුම්රිය එන්ජින් පහ කැනඩාවේ ප්‍රාන්ත පහක නම්වලින් නම් කිරීමට ලක් රජය තීරණය කර තිබුණි. කැනඩාව විසින් සිදු කරනු ලැබූ පරිත්‍යාගයට ගරුත්වයක් ලබා දීමට එම නම් කිරීම සිදු කළත් කැනඩා ජනමාධ්‍ය විසින් එම ක්‍රියාව හෙළා දකිනු ලැබූයේ ප්‍රාන්ත 10කින් සමන්විත කැනඩාවේ ප්‍රාන්ත 5ක් පමණක් විශේෂ කිරීම පිළිබඳව විවේචනාත්මක ව හුවා දක්වමිනි.

කැනඩාවේ එවන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව පවතිද්දී වුව ද පරිත්‍යාග කරන ලද දුම්රිය එන්ජින් භාර ගැනීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරන්නට ලක් රජය කටයුතු යොදා තිබුණි. කොළඹ දී පැවති එම උත්සවයේදී ප්‍රධාන කතාව සිදු කළ ප්‍රවාහන ඇමැති ජෝන් කොතලාවල මහතා දුම්රිය එන්ජින් නාමකරණය සම්බන්ධයෙන් කැනඩාවේ මතු ව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව කතා කරන්නටද අමතක නොකළේය. එම කතාව සඳහා අමාත්‍යවරයාට එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජි‍නේරුවරයෙක් ලෙස කටයුතු කළ ඩී.බී. රම්පාල මහතා විසින් උපදෙස් ලබා දී තිබුණි.

එහිදී ජෝන් කොතලාවල අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

“කැනඩා රජය විසින් අපේ රටට ලබා දී ඇති මේ උතුම් පරිත්‍යාගය මම බෙහෙවින් ම අගය කරමි. නමුත් මෙම උතුම් පරිත්‍යාගයේ මහා වටිනාකම හෑල්ලුවට ලක් කිරීමේ අරමුණින් සාවද්‍ය ජන මතයක් කැනඩාව තුළ ඇති කිරීමට කැනේඩියානු පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය කටයුතු කරන බවට අපට ආරංචි ලැබී තිබේ. ඔබතුමන්ලා අපට දුම්රිය එන්ජින් 5ක් පරිත්‍යාග කරන්නට කටයුතු කළා. අපි එම දුම්රිය එන්ජින් 5 කැනඩාවේ තිබෙන ප්‍රාන්ත 5ක නාමයන්ගෙන් නම් කරන්නට කටයුතු කළා. අප එසේ කළේ කැනේඩියානු රජය විසින් සිදු කළ පරිත්‍යාගයට ලබා දෙන ගෞරවයක් විදිහටයි. එතුළින් කැනඩාවට අගතියක් සිදු කරන්නට අප කල්පනා කළේ නැහැ. කැනඩාවේ ප්‍රාන්ත 10ක් තිබෙන බව සැබෑවක්. නමුත් අපි කොහොමද, එන්ජින් 5කට ප්‍රාන්ත 10ක නම් යොදන්නේ. නමුත් මෙම එන්ජින් 5ට අමතරව තවත් එන්ජින් 5ක් අප හට පරිත්‍යාග කරන්නට ඔබතුමන්ලා කටයුතු කරන්නේ නම් ඉතිරි ප්‍රාන්ත පහේ නම් එම එන්ජින් 5ට යොදන්න අපි කැමතියි. එවිට කැනඩාව පුරා පැතිර යන වැරදි මතවාදය ඉබේම නිවැරදි වනු ඇත.”

උත්සව සභාවේ අසුන්ගෙන සිය කැනේඩියානු මහ කොමසාරිස්වරයා වෙතට හැරෙමින් ජෝන් කොතලාවල අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය. අමාත්‍යවරයාගේ ඉල්ලීමට කැනේඩියානු රජයේ අවධානය යොමු වූ අතර වසර 12ක කාලයක් තුළ වරින් වර ලංකාවට තවත් දුම්රිය එන්ජින් 5ක් පරිත්‍යාග කරන්නට එරට රජය කටයුතු කළේය. ඒ අනුව පරිත්‍යාග කෙරුණු දුම්රිය එන්ජින් 10 කැනඩාවේ ප්‍රාන්ත දහයේ නාමයන්ගෙන් නම් කරන්නට ලක් රජය කටයුතු කළේය.

පසිඳු මිහිරාන් රැටියල

ඔරාබි පාෂා යනු කවුද?

$
0
0
ජුලි 8, 2022 01:00

ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ දේශපාලන ප්‍රබෝධයක් ඇති කළ කාල පරිච්ඡේදයක් වූයේ දහනවවන සියවස අවසාන භාගයත්, විසි වැනි සියවස මුල්භාගයත් ය. එම දේශපාලන ප්‍රබෝධයට හේතු කිහිපයක් බලපා තිබිණි. ඒ අතරින් එක් සිදුවීමක් වූයේ ඔරාබි පාෂාගේ පැමිණීමයි. ඔරාබි පාෂා සම්බන්ධයෙන් ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නැගීම කෘතියේ අදහස් දක්වන ආචාර්ය කුමාරි ජයවර්ධනට අනුව අනගාරික ධර්මපාලගේ සිංහල බෞද්ධ, ආරුමුග නවලර් සහ පොන්නම්බලම් සහෝදරයන්ගේ හින්දු පුනර්ජීවන මෙන්ම සිද්දි ලෙබ්බේ සහ ඔරාබි පාෂා විසින් නායකත්වය දෙන ලද මුස්ලිම් බුද්ධිමය ව්‍යාපාරය පසුකාලීන ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරයට සරුපස සකස් කරන ලද බව තහවුරු කරයි.

අහ්මඩ් ඔරාබි පාෂා ඊජිප්තුවේ සගාසිග් නම් නගරයට නොදුරු ගොවි පවුලක ගම්මුලාදෑනියකුගේ දරුවෙක් වශයෙන් 1839දී උපත ලබා තිබිණි. පසුව කයිරෝහි අල් අස්හර් සරසවියෙන් අධ්‍යාපනය ලැබූ බව කියන ඔහු වයස අවුරුදු දහහතරේ දී හමුදා සේවයට එක් වූ බවද කියැවේ. ඉන් පසු ඊජිප්තු හමුදාවේ කර්නල්වරයෙක් බවට ද හෙතෙම පත් විය. මේ වන විට මිසරය මෙන්ම අප්‍රිකානු රටවල් රැසක් ද , ශ්‍රී ලංකාව ප්‍රමුඛ බොහෝ ආසියානු රටවල් ද, බ්‍රිතාන්‍ය යටත් විජිත බවට පත්ව තිබිණි. ස්වදේශිකයන්ගෙන් අධික බදු මුදල් අයකිරීම, වහල් සේවය, යටත් රටවල වාණිජ සම්පත් කොල්ලකෑම හා ආර්ථිකය සුරා කෑම ඔවුන්ගේ ආගම ප්‍රචාරණය අධිරාජ්‍යවාදීන්ගේ පිළිවෙත විය. මේ අධිරාජ්‍යවාදී ක්‍රියා පිළිවෙතට එරෙහිව ඊජිප්තු වැසියන් කැරලි ගැසූහ. එලෙස 1881දී ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඊජිප්තුවේ ක්‍රියාත්මක කැරැල්ලේදී ඔරාබි පාෂා කැපී පෙනෙන දායකත්වයක් දරන ලදි. කැරැල්ල ක්‍රමයෙන් තිව්‍ර වන විට වහාම ක්‍රියාත්මක වූ ඉංග්‍රීසින් විසින් ඔරාබි පාෂා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය‍. පසුව කැරලිගැසීම සහ 'ජාතිකවාදී සංවිධානයක්'ගොඩනැගීම යන කරුණු මත හමුදා අධිකරණයේ නඩු අසා ඔරාබි පාෂාට මරණ දඬුවම නියම කෙරිණි. කෙසේ හෝ පසුව එම තීන්දුව වෙනස් වූ අතර දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විය. පසුව ඔහු ඊජිප්තුවෙන් ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව 1883 ජනවාරි මස දිනක ඔරාබි පාෂා ඇතුළු සිරකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නැව් මාර්ගයෙන් කොළඹ වරායට සේන්දු විය. කොළඹ වරායට ඔහු පැමිණි අවස්ථාවේ ඔහුව පිළිගැනීමට විශාල ජනතාවක් පැමිණ සිටි බව ඒ.ඇම්. අසීස්ගේ වාර්තාවක් උපුටා දක්වන ආචාර්ය කුමාරි ජයවර්ධන සඳහන් කරයි.

“ප්‍රීතියෙන් කුල්මත් වූ ජනයාගේ උද්යෝගය ඉහළටම නැඟි බවද ඔරාබි දැක ගැනීමට ලොල් වූ සෙනඟ වරාය ඇතුළට කඩා වැදීම නතර කළේ ඉතා අමාරුවෙනි.” යනුවෙන් එහි සඳහන් වී තිබිණි.

පසුව කොළඹින් මහනුවරට රැගෙන ගිය මේ පිරිස පේරාදෙණියට ආසන්න දොඩම්වෙල ප්‍රදේශයේ නිවෙසක රැඳවීමට කටයුතු කෙරී තිබිණි. ලංකාවට පැමිණීමෙන් පසුවද ඔහු ජනතාව අතර වඩාත් ප්‍රකට චරිතයක් ලෙස මතුව ආවේය. ඇතැම් පිරිස් තමන් මුහුණ දී සිටි ගැටලුවලට ඔහුගෙන් පිළිතුරු ඉල්ලා සිටියහ. එමෙන්ම ඔරාබි පාෂාගේ ඇඳුම් මෝස්තරය පවා මෙරට ජනයා අනුකරණය කිරීමට පෙලඹුනහ.

මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මකව තිබූ මුස්ලිම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ආභාෂය ලංකාව ලබමින් තිබිණි. විශේෂයෙන්ම ඉන්දියාවේ උසස් අධ්‍යාපනයේ තිබූ මිෂනාරි ඒකාධිකාරයට එරෙහිව මේ ව්‍යාපාරය ක්‍රියාත්මක විය. නීතිඥයකු සහ මහනුවර නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ සිද්ධි ලෙබ්බේ ඉන්දියාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපාරයේ ආභාෂය මත ලංකාව තුළ කටයුතු කරමින් සිටියේය. සමාජ ප්‍රතිසංස්කරණය, නවීන අධ්‍යාපනය, මුස්ලිම්වරුන්ගේ දේශපාලන නියෝජිතත්වයට රුකුල්දීම ඔහුගේ අරමුණ වී තිබිණි. මෙසේ ක්‍රියාත්මක වූ මුස්ලිම් නව ජීවන ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ඔරාබි පාෂාගේ ලංකා ගමන හේතු විය. ඔරාබි පාෂා, සිද්ධි ලෙබ්බේ යන දෙදෙනා එක්ව ලංකාවේ මුස්ලිම් නව ජීවන ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කටයුතු කළේය. මෙහිදී විශේෂයෙන්ම එකල ඉතාමත් පහත් තත්ත්වයක තිබූ ලාංකික මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගෙන ඒම සඳහා ඔරාබි පාෂා දැඩි කැපවීමකින් කටයුතු කළ බව ද කියවේ. මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ කොට ඇති කොළඹ සහිරා විද්‍යාලය (1892) එම දිරිගැන්වීමේ එක් ප්‍රතිඵලයක් වේ. 1897 දී සහිරා විද්‍යාලය ආරම්භ කිරීමේ උත්සවයට පවා ඔරාබි පාෂා සහභාගි වී ඇත. එහිදී ඔහු, සිද්ධිලෙබ්බේ සහ වප්චේ මරික්කාර් සමඟ එකතු වී කොළඹ සහිරා විද්‍යාලය 1892 දී ආරම්භ කොට තිබේ. මෙහිදී වප්චේ මරික්කාර් ගැන ද යමක් පැවසිය යුතුය. මරික්කාර් එකල කොළඹ නගරයේ ප්‍රසිද්ධ ගොඩනැගිලි ගණනාවක් ඉදිකළ ගොඩනැගිලි නිර්මාණකරුවා විය. ඔහු අතින් මහ තැපැල් කාර්යාලය, ගොල්පේස් හෝටලය, ඔරලෝසු කණුව සහ කොළඹ කෞතුකාගාරය ඇති කරන ලදී. බටහිර අධ්‍යාපනයක් ලබා දුන් ලංකාවේ පළමු මුස්ලිම් පාසල වූ සහිරා විද්‍යාලයේ කළමනාකාර වශයෙන් ද 1921 දක්වාම වප්චේ මරික්කාර් කටයුතු කළ බව කියැවේ.

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් තිබේ. ඒ, සිද්ධිලෙබ්බේ වප්චේ මරික්කාර් යන දෙදෙනා ඔරාබි පාෂාගේ ජාතිකවාදි දර්ශනයෙන් ආභාෂය ලබා මුස්ලිම්වරුන් නවීකරණය වීමේදී මෙරටේ සමාජ දේශපාලන ජීවිතයට සහභාගිවීමේ අවශ්‍යතාව දැකීමට සමත්ව තිබීමයි. ශ්‍රී ලංකාවේ දශක දෙකකට ආසන්න කාලයක් රැදී සිටි ඔරාබි පාෂා පෙරළා තම රටට පිටත්වීම 1901 සැප්තැම්බර් මස සිදුවිය. ඔහුගේ නික්මයාම සම්බන්ධයෙන් ලංකාවේ සිටි බොහෝ පිරිසක් ශෝකයට පත් වූ බව කියැවේ. විවිධ පිරිස් සමුදීමේ උත්සවද සංවිධානය කර තිබිණි. එම වකවානුවේ සිදුකරන ලද මෙහෙය වෙනුවෙන් ඔරාබි පාෂා නමින් කොළඹ නගරයේ මාවතක් ද නම්කරනු ලැබ ඇත. පසුකාලීන වාර්තාවලට අනුව ඔරාබි පාෂා 1911 සැප්තැම්බර් මස 21 දින ඊජිප්තුවේ කයිරෝ නුවරදී මියගොස් තිබේ.

එම්. තාරික්

ඇයට ඇයි කෙ‍ෙනහිලි

$
0
0
ජුලි 8, 2022 01:00

අද ලංකාවේ මිනිස් ජනගහනයෙන් 53%ක් කාන්තාවන්ය. පුරුෂ ජනගහනය 47%කි. ඒ වගේම රටේ ආර්ථිකය සංවර්ධනය හා දියුණුව වෙනුවෙන් වැඩි බරක් කරට ගෙන කටයුතු කරන්නේ කාන්තාවන්ය. අතීතයේ මෑතක් වන තුරුම කාන්තාව රජයේ රැකියාවක් ලෙස නියළුනේ ගුරු සේවයට හා හෙද සේවයට පමණි. අද වන විට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලුම ක්ෂේත්‍රයන්හි කාන්තාව තම බුද්ධිය, දහඩිය, ලේ, කඳුළු වගුරමින් රටේ උන්නතියට කැප වී සිටියි. වර්තමානයේ මැද පෙරදිග ගිනියම් වූ කතර තුළ තම පවුල තම රට වෙනුවෙන් දහසක් කම්කටොලු නින්දා අවමන් විඳිමින් දුක්විඳින බහුතර ශ්‍රී ලාංකිකයෝ අපේ ස්ත්‍රී පක්ෂයයි.

ඈත අතීතයේ සිටම ස්ත්‍රීන්ට වඩා පුරුෂයන් බලවත්ව සිටිමින් මුළු රටම පාලනය කළ අතර සතුරු වියවුල් කුමන්ත්‍රණ හා යුද්ධමය අවස්ථාවන් හිදී පෙරමුණ ගත් ආකාරය ලාංකීය ඉතිහාසය පුරා දකින්නට ඇත. එම කටුක බිහිසුණු අවස්ථාවන්හිදී ස්ත්‍රී පක්ෂය කළ බලවත් මෙන්ම එඩිතර ක්‍රියා ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ අල්ප වශයෙනි. අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා ඉතිහාසය නිවරදිව - මමත්වයෙන් තොරව විමසා බලන විට එදා ස්ත්‍රිය කළ අභීත ශ්‍රේෂ්ඨ ක්‍රියා සුළු කොට තැකිය නොහැක. ඒ අතරින් විහාර මහදේවිය සෝමා දේවිය ලීලාවති රැජන ඇහලේපොල කුමාරිහාමි , සුනේත්‍රා දේවිය, ඔබ අප දන්නා නම් කීපයකි. මුළු රටම ධාන්‍යාගාරයක් කළ පොලොන්නරුවෙන් පහළ වූ මහ පරාක්‍රමබාහු නිරිඳුන්ගේ අයෝම ශක්තිය හා නිවැරදි මග රැක ගත්තේ රත්නාවලි දේවිය හා ලීලාවතී බිසවයි. රට බත බුලතින් සරු කරන්න එදා මෙන්ම අදත් කාන්තාව පවුල නමැති එකමුතුව රැක ගන්නේ ජීවිත පරදුවට තබාගෙනය. අද වන විට මීට පෙර ශ්‍රී ලංකා ජන සමාජයේ නොතිබූ ලෙසට කාන්තාවට දක්වන කෙනෙහිලි කම් වධ වේදනා දුක් ගැහැට හා නින්දා පරිභව කිරීම් වර්ධනය වී ඇත. විසි වෙනි සිය වසේ අග භාගයේ සිට පැනනැගුණ කාන්තා හිංසනය බලහත්කාර කම් අයුක්ති අසාධාරණකම් මේ වන විට මුදුනටම මතුවී ඇත.

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍ර‍ෙය් ඉහළම තනතුරුවලට එනම් අග්‍ර විනිශ්චයකාර අගමැති, විපක්ෂ නායිකා, ජනාධිපති තනතුරුවලට කාන්තාවන් අපේ රටේ පත්ව ඇති එය මුළු ලෝකවාසී කාන්තා පරපුරටම ගෞරවයකි. නිවැරදි අරමුණක් කරා යෑමට අභියෝගයකි. පන්නරයකි. මේ සියලු කටයුතු එසේ වුනත් අද ලංකාවාසී කාන්තාව දැඩි අසරණ තාවයකට පත්ව ඇත.

අද මුළු ලෝකයම ආර්ථිකව කිසියම් පසුබෑමකට ලක්ව ඇත. කොරෝනා වසංගතය, මත් ද්‍රව්‍ය භාවිතය මහත් ලෙස වර්ධනය වීම සංචාරක ව්‍යාපාර අඩපණ වීම ඊට හේතු කාරකය. ඉහත සඳහන් වැදගත් කරුණු තුළින් පවා කාත්තාව අසරණ බවට පත්ව ඇත. හොඳම නිදසුන කාන්තාව අද රටේ හොඳම වෙළඳ භාණ්ඩය බවට පත්ව ඇත. කාන්තාවන් ඉත්තට තියාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ධනය හම්බ කරති. ලංකාවේ පැතිරී ඇති මත් වෙළඳාම තුළ විවිධ අන්දභූත නම්වලින් මත් වෙළඳාම් කරන ජාවාරම්කාරයන් සිය දහසක් දෙනා හඳුන්වනු ලැබේ. ඒත් එහි ද කාන්තාවන් දකින්නට නැත. පුරුෂයන්ගේ බලපෑම නිසා මෙලෙස කාන්තාව අද මත්ද්‍රව්‍යයට යොමුවී ඇත.

අද තනිපංගලමේ පාරක යන්න බැරි තත්ත්වයක් කාන්තාවට උදාවී ඇත. යතුරු පැදියෙන් පැමිණ මුදල් පසුම්බිය කරේ ඇති රන්මාලය උදුරාගෙන යන තරුණ මංකොල්ලකරුවන් නගරයේ පමණක් නොව ගමේ ගොඩේ ද ඇත. මේ වගේම කාන්තාවන්ට සිදුකරන ලිංගික අපරාධ සියයට සියයකින් ඉහළ ගොස් ඇත. විදෙස් රැකියා සඳහා යවන බව කියා මුදල් වංචා මහ පරිමාණයෙන්ම අද දිනපතා සිදුවේ. ඊට 75% හසුවී ඇත්තේ අපේ රටේ කාන්තාවන්ය. අද අපේ රටේ උසාවිවල විවිධ අපරාධ හා වංචාවන් ගැන විභාග වන නඩු අතිවිශාල ප්‍රමාණයක් ඇත. මේ නඩු අතරින් වැඩිම නඩු ප්‍රමාණය වන්නේ දික්කසාද නඩුය. ඊට පැමිණිලි පක්ෂය වන්නේ කාන්තවන්ය. අද කාන්තාවට සිදුවෙන විවිධ අවමන් දෝෂාරෝපණ ඉවරයක් නැත. හොඳම නිදසුන ලක්රූ රැජන තරගයයි.

චන්ද්‍රසිරි ගෝමිස් - කළුබෝවිල

 

ඩෙංගු මඬිමු

$
0
0
ජුලි 8, 2022 01:00

පිවිතුරු අනගි පරිසරයක් ඇති කරමු 
ලෙඩ දෙන මදුරු උවදුර නිති දුරු කරමු 
පරිසර දිනය දින දින ඔපවත් කරමු 
කව්රුත් එකමුතුව රට ජාතිය රකිමු

ඔබගේ ගෙයි පැලේ පාරේ හා වත්තේ
ලෙඩ දෙන මදුරුවන් හා මැස්සන් රොත්තේ
විස දළ නිසා දැයකට සිදුවන තත්තේ
තේරුම් අරන් නිසි පිළියම් කළ යුත්තේ

තැනකින් ඩෙංගු උණ තැනකින් කොලරාව
යන පණිවුඩය දසතේ දෙයි ප්‍රතිරාව
මේ ගැන සිතන්නට දැන් හොඳ වේලාව
සිඳලමු මදුරු බෝවන දිය සීරාව

අප සැම එකට ජීවත්වන පරිසරය
සුරැකීම තබා ගැන්මෙන් එහි මතුහරය
ඵලදායකය එමගින් රට මනහරය
පරිසර දූෂණය හඬවයි මළ බෙරය

වඳුරාමුල්ලවත්තේ ලයනල් ජයලත්

ත්‍රීවීල් මාෆියාවේ අනාගතය කොයිබටද?

$
0
0
ජුලි 8, 2022 01:00

ත්‍රීවීලරය යනු කෙටි ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම තේරීමය. එහෙත් පෙට්‍රල් හිඟයත් සමඟ ජනතාවගේ ළඟම තේරීම දුරම තේරීම බවට පත්වන දිනය වැඩි ඈතක නැතැයි අනුමාන කළ හැකිය. නිවෙසේ සිට ටවුමට හනික යන්නත්, දුම්රියට, බස් රියට යන්නත් ආධාරකයක් ලෙස භාවිත කළ ත්‍රීවීලරය කෙමෙන් දුර ගමන් සඳහා ද යොදා ගැනීමට ජනතාව හුරු විය. මන්දයත් මිල නොවැඩි, තරමක පහසුව දනවන ගමන් මාදිලියක් ලෙස එය හඳුනාගෙන තිබුණ බැවිනි.

ත්‍රීවීලර් මීටර් ක්‍රමය හඳුන්වා දෙන්නට පෙර ත්‍රීවීලර්වල ගමන් සඳහා මිල නියම කෙරුණේ අදාළ දුර සහ ගතවන කාලය, ත්‍රීවීල් නැවතුම්පොළේ සෙසු ත්‍රීවීලර්කරුවන් අය කරන පොදු මිල ආදිය සලකමිනි. ඒ අනුව නිශ්චිත දුරක් සඳහා නිශ්චිත මිලක් සෑම විටම නොවුණත් බොහෝ විට දක්නට ලැබුණි. මේ අතර මගීන් ගසාකන්නම බලා සිටින ත්‍රීවීල්කරුවන් ද හිඟ නොවීය.

ත්‍රීවීලර්වලට මීටර් සවි කෙරුණු විට මුල් කිලෝමීටරයට රු: 40ක් ද, ඉන් පසුව වැඩි වන සෑම කිලෝමීටරයකටම රු: 35 බැගින් ද අගය එකතු විය. මුල් කිලෝමීටරයේ මිල ක්‍රම ක්‍රමයෙන් 50, 60, 70, 80, 90 සහ 100 තෙක් රොකට් වේගයෙන් ඉහළ නඟින්න විය. අද වන විට ත්‍රීවීල් මීටර් පටන් ගන්නේ රු:100කිනි. ඒ අනුව කිලෝමීටරයක් හෝ ඊට අඩු දුරකට හෝ අවමයෙන් ගෙවිය යුතු ගාස්තුව රු:100කි.

පික්මී, ඌබර් ආදී ටැක්සි ඇප් පැමිණීමත් සමඟ මීටර් ත්‍රීරෝද රථවල ස්ථාවර මිල ගණන්වලට සාපේක්ෂව අය කරන මිල අඩු හෙයින් වහා ඒ කෙරෙහි ජනතාව ආකර්ෂණය විය. තවත් නොයෙක් අලුත් ටැක්සි ඇප් වර්ග මේ අතර දැකිය හැකි විය. කැන්ගරු කැබ් ආදිය ද තරගකාරී ලෙස තම සේවා සැපයීම පටන් ගති.

වර්තමානය වන විට ස්ථාවර මිල යක්ෂයාට ගොස් ඇත. ත්‍රීරෝද රථ රියැදුරන් දැන් මිල ගණන් පවසන්නේ හිතුමතේය. කොටින්ම පෙට්‍රල් මිල වැඩි වූයේ කොතෙකින් ද, ඒ ප්‍රමාණයම අදාළ ගමනාන්තයට එකතු කර මිල පවසන ආකාරයක් පවා දැකිය හැකි විය. ඔවුන්ගේ මිල ගණන් කොතරම් ඉහළ නැඟ ඇත්ද කිවහොත්, මීට දවස ගණනකට පෙර මේ මිලට මෝටර් රථයක පවා යන්නට හැකිව තිබුණි.

මිල නියාමනය පිළිබඳ ගැටලුව පැන නඟින්නේ මෙන්න මේ මොහොතේදීය. යම්කිසි නිශ්චිත දුරක් වෙනුවන් නියම කළ මිලක් දැන් අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් මී මැස්සන් මෙන් නගරය පුරා ගමන් කළ ත්‍රීරෝද රථවල අනාගතය ඉතා ඉක්මනින් අඳුරු වී යනු ඇත. විකල්ප වෙත ඉතා ඉක්මනින් මාරු වීමට පටන් ගෙන ඇති මහජනතාව බයිසිකලයටත්, එතැනින් පයින් ගමන් යෑමටත් පටන් ගෙන ඇති බවක් නිරීක්ෂණ මඟින් හෙළි කර ගත හැකිය.

බස් රථවල ගමන් කළ මහජනතාව දැන් ක්‍රමයෙන් අඩු ගාස්තු අය කරන දුම්රියට මාරු වී ඇත. දුම්රියේ දැන් ඇත්තේ කිසිදා දැක නැති මට්ටමේ තදබදයකි.

ආර්ථික අර්බුද හිසටම පහර දෙන්නට පටන්ගෙන ඇති හෙයින් සියලුම වැඩි වියදම් කපා හැරීමට සිදුව ඇත. මේ වැඩි වියදම් අතර දෛනික ප්‍රවාහන වියදම් ද තිබීම කනගාටුවට කාරණාවකි. රජයේ සේවයේ නියතු වූවන්ට සති දෙකක නිවෙසේ සිට වැඩ කිරීමේ පහසුකම සලසා ඇතත්, අර්ධ රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කිරීමට සිදුව ඇත. සමහර ආයතනවල දින 2, 3 හෝ 4 සේවයට පැමිණීමේ පහසුකම් සලසා ඇත. කෙසේ නමුත් ඔවුන්ට දෛනික ගමනාගමන ගැටලුවට මුහුණ දීමට සිදුව ඇත.

දැන් ජනතාව කබලෙන් ළිපට වැටී ඇති සැටියකි. කෙසේ හෝ රැකියාවට යෑමට සිදුව ඇත. මේ සඳහා දැන් කුමක් හෝ විසඳුමක් ජනතාව අපේක්ෂා කරයි.

ලක්ෂිත අමරසිංහ - කළුතර

Viewing all 10762 articles
Browse latest View live