Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

පුරා විද්‍යාව මුක්කු ගැහුවා ගඩ­ලා­දෙ­ණිය ගරා වැටුණා

$
0
0
ජුනි 8, 2018 01:00
විනාශ වෙමින් ඇති විහාරය.
 

වසර දෙකක් තිස්සේ බිතු සිතුවම් තෙමිලා

 

තාවකාලික වහලයට වසර 17යි

හදලා මාස දෙකෙන් තෙමෙන්න පටන් ගෙන

 

බෝධි ප්‍රාකාරය පිළිසකර කළාට අසූදාහක් දඩ

 

පිළිසකරය කඩිනම් කිරීමට ඇමැති අමුණුගම පියවර ගනී

 

මෙරට විශාලතම ගල් විහාරය වන ගඩලාදෙණිය රජමහා විහාරය එදා මෙදා තුර දෙස් විදෙස් ජනතාවගේ නෙත් සිත් ඇද බැද ගත් අද්විතිය කලා නිර්මානයකි. කොළඹ නුවර පාරේ පිළිමතලාව සිට දවුලගල දෙසට සැතපුම් බාගයක් ගිය විට විශාල ගල් පර්වතයක් මත මෙම විහාරස්ථානය පිහිටා ඇත.

ඉතිහාසඥයන්ගේ , පුරා විද්‍යාඥයන්ගේ , කලාකරුවන්ගේ මෙන්ම සියලු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු මෙම විහාරය මෙරට රාජවංශයේ ගම්පොළ යුගයේ ඉදිකොට ඇති අතර වසර හත්සියයක ඉතිහාසයකට උරුමකම් කියායි

විහාරස්ථානයේ කලු ගලෙන් නිමකරන ලද කැටයම් දකින ඕනැම කෙනෙකුට විශ්මය උපදවනු ලබයි. ප්‍රධාන විහාර මන්දිරය,චෛත්‍යයන්, බෝධි ප්‍රාකාරය, සංඝාවාසය, සිමා මාලකය, ධර්ම ශාලාව, විශ්ණු දේවාලය, අලුත් නුවර දේවාලය, දිග ගෙය, මුලුතැන් ගෙය, යන සියලු විහාර දේවාලයන්ගෙන් යුක්තය.

විනෝද ගමන් යාමට මහනුවරට පැමිණෙන දෙස් විදෙස් ජනතාව මෙන්ම වන්දනාකරුවන්ද ගඩලාදෙණිය රජමහා විහාරයට පැමිණ වන්දනාමාන කිරීමටත් එහි කලා රසය විදිමටත් අමතක නොකරති. දෛනිකව දෙතුන් සියයක් ඇදෙන මෙම විහාරස්ථානය අද වැටි ඇත්තේ අතිශය ශෝචනිය තැනකටය. මෙහි ඇදෙන ජනතාවට විශ්මය ජනක නිර්මාණ අතරේ තවත් විශ්මය ගෙන දෙන්නේ වසර හත්සියයකට පසු විසි එක්වන සියවසේ මේ රජමහා විහාරය පත්ව ඇති ශෝචනීය තත්ත්වයයි.

තෙමෙන පැල්පතක වෙසෙන පවුලක් වැසි වෙලාවට තම දරුවන් ආරක්ෂා කරන්ට වහලයට කොලපත් රුකුල්ලන්නාක් මෙන් මෙම විහාරස්ථානයේ වැඩ වසන භික්ෂුන් වහන්සේලාට වැස්සෙන් පිළිම සහ සිතුවම් ආරක්ෂා කිරිමට වතුර වැටෙන තැන් වලට ආවරණ තැබිමට සිදුව තිබේ. ප්‍රධාන විහාර ගෙයට ගල්පර අතරින් ජලය කාන්දු විමට පටන් ගෙන වසර විස්සකටත් වැඩි බව ප්‍ර දේශ වාසිහු පවසති.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම විහාරස්ථානයේ අවසරයකින් තොරව කිසිවක් කිරිමට නිතියෙන් අවසර ලැබි නැත. ප්‍රධාන විහාරස්ථානයේ වතුර කාන්දු විම පිළිබදව වැඩ වසන ස්වාමින් වහන්සේලාගේ දැනුවත් කිරිම මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තෙමෙන වහලට ඉහළින් ටකරන් වහලක් ඉදිකොට දැනට වසර දහ හතක් ගෙවි ගොස් ඇත. මේ වන විට එම සෙවිලි තහඩුද දැඩිලෙස දිරා පත්ව ඇති බව දක්නට ලැබේ. මෙම විහාර ගෙයි පිළිම සහ සිතුවම්ද තෙමෙමින් වසර ගණනාවක් පුරා විනාශ වි තිබේ. දිර්ඝ කාලයක් සංරක්ෂණය නොකළ විනාශ මුඛයට ඇදි යන විශිෂ්ට නිර්මාණ දකින ඕනැම කෙනෙකුගේ හද සසල වනු ඇත.

මෙහි පවතින විහාර කුටි හතරකින් සමන්විත විහාරයේ චෛත්‍යය මෙරට දැකිය හැකි එවැනි එකම චෛත්‍යයි. වතුර කාන්දු විම නිසා මෙම විහාරවල පවතින පිළිම සහ බිතු සිතුවම් සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වි ඇත. මෙහි වහලය දිරාපත්ව කඩාවැටෙන තත්ත්වයට පත්ව ඇති අතර බලධරයින් ඊට පිළියම් ලෙස ලි මුක්කු තබා ඇතත් ඒවාද දැන් අබලන්ව ඇත.

ආවාසගෙයි වහලය සෙවිලි කොට වසර තුනක් ගත වී ඇත. සෙවිලි කර මසක් යන විට නව වහලය තුළින් වතුර ගැලිමට පටන් ගැන්ම නිසා මේ වන විට එහි ජනෙල් උලුවහු දිරා පත්ව ඇත. වැසි දිනවලට පන්සලේ තිබෙන පඩික්කම් ඇතුළු භාජන තෙමෙන තැන් වලට තබා විහාරස්ථානයේ වැඩ වසන භික්ෂුන් වහන්සේලා පෝය ගෙට වැඩම කොට වැස්ස පායන තුරු එහි වෙසිම වසර ගණනාවක සිට සිදුවන්නකි.

තින්ත ගැමට පමණක් නීති අවසරය ඇති මෙම විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය බිදි ගිය පසු ඒ පිළිබදව දැනුවත් කර ඇතත් පිළිතුරක් නොමැති කළ තව දුරටත් බලා සිටිමට නොහැකිව තමනට හැකි පමණ පිළිසකර කිරිම නිසා මෙහි වැඩ වසන හිමිවරුන්ට රුපියල් අසු දහසක දඩයක් ගෙවීමටද පසුගිය කාලයේ සිදුව තිබේ.

අද ගොලු බිහිරි පිළිවෙත නිසා විනාශ මුඛයට ඇදෙමින් දශක ගණනක් ගෙවෙන මෙම විහාරස්ථානයේ වටිනාකම වැසි වතුරට සොදාගෙන යමින් පවති.

මේ පිළිබදව අදහස් දක්වන ගඩලාදෙණිය රජමහා විහාරයේ විහාරාධිපති වැලිවිට ශ්‍රි සරණංකර හිමි.

"මේක ලෝක ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර වු රජමහා විහාරස්ථානයක්. දෛනිකව විශාල පිරිසක් මෙහි පැමිණෙනවා. ඒ අතර විදේශිකයින්ද වෙනවා. ඉතා වටිනා බිතු සිතුවම් විශාල ප්‍රමාණයක් මෙහි තිබෙනවා. ඒවා බොහෝමයක් විනාශ වෙලා. නුවරට එන බැතිමතුන් දළදා මාලිගාව වැද පුදා ගෙන මෙම විහාරස්ථානයටත් එන්ට අමතක කරන් නැහැ. ළමුයිගේ අධ්‍යාපන කටයුතු සදහාත් ඉතා වැදගත්. වසරකට විදේශිකයින් පන්දහසකට වැඩි ප්‍රමාණයක් පැමිණෙනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිම පිළිසකර කිරිමක් කරන්ට අපිට අයිතියක් නැ. මේවා පෙනි පෙනි විනාශ වෙනවා දැක්කම හරිම වේදනාවක්. මෙහි වැඩ වසන භික්ෂුන් වහන්සේලා මෙහි වාසය කරන්නෙත් දැඩි අපහසුතා මධ්‍යයයේ.

විහාරාධිකාරි ඇකිරියේ අරිය කිත්ති හිමි

මෙම විහාරස්ථානයේ වසර තිහකට වැඩි කාලයක් මම වැඩ වසනවා. මෙය ජනාදරයට පත් විහාරස්ථානයක්. දැන් කාලයක සිට මෙහි වතුර කාන්දු වෙන්ට පටන් ගත්තා. ප්‍රධාන විහාර ගෙට ඉහලින් වතුර කාන්දු විම වැලැක්විමට ටකරන් වහලක් යෙදුවා. ඒ වහලයටත් දැන් වසර දා හතක් වෙනවා. ස්ථිර පිළියමකට පරික්ෂණ කරනවලු. දැන් මෙම ජල කාන්දු ජල පහරක් බවට පත්ව තිබෙන්නේ. නිර්මාණ වලට දැඩි හානි සිදුවෙනවා. මෙහි අනෙක් සියලුම ස්ථානත් මේ තත්ත්වයමයි. මෙරට නටඹුන් නොවි පවතින විශාලම ගල් විහාරය මේක. කඩිනම් ප්‍රතිකාර නොලැබුනොත් ගඩලාදෙණිය රජමහා විහාරයද නටඹුන් විම වැඩි ඇතක නැ. "මෙම විහාරය පිළිබදව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්ගේද දැඩි අවධානයක් යොමුව තිබේ. උන් වහන්සේ බැහැ දැකිමට පැමිණෙන අදාළ පාර්ශවයන් මේ පිළිබදව දැනුවත් කිරිමට නා හිමියන් අමතක නොකරති.

කඩිනමින් පිළියම් යොදන්න ඕනැ

උඩරට උරුමය පිළිබද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා.

"මට මෙම අමාත්‍යාංශය ලැබුණේ ගිය මාසයේ. මම මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ උන් වහන්සේ ප්‍රමුඛතම කාරණාවක් විදිහට ගඩලාදෙණිය රජමහා විහාරයේ වර්තමාන තත්ත්වය පිළිබදව මා දැනුවත් කරනු ලැබුවා. එදිනම හවස මම අදාළ බලධාරින් සමග මේ පිළිබදව සාකච්ඡා කළා. මා ගඩලාදෙණිය විහාරස්ථානයේ නිරික්ෂණ චාරිකාවක යෙදුනා. සිදුවි ඇති සියල්ල මා සියැසින් දැක ගත්තා. ගඩලාදෙණිය ඇම්බැක්කේ කියන්නේ අපේ ඇස් දෙක වගේ. එය ආරක්ෂා කර ගත යුතුයි. අතිතය කතා කරලා වැඩක් නැ. කඩිනමින් මේ සදහා පිළියම් යෙදිය යුතුයි. මම එදිනම මෙහි කටයුතු සදහා රුපියල් ලක්ෂ දහයක් මගේ අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් වෙන් කළා. මාසයක් තුළ මෙහි වැඩ කටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු කිරිමට මා නිලධාරින්ට උපදෙස් දුන්නා. කඩිනමින් වැඩ ආරම්භ කර අනාගත පරපුරට මේ වටිනා සම්පත ආරක්ෂා කර දෙනවා. ඒක අපේ යුතුකම සහ වගකිම.

මිට වසර හත්සියයකට පෙර විශ්මිත කලා කරුවා කලු ගලකට පන පොවා මේ විශ්මිත නිර්මාණය බිහිකළේ ලොව නොදියුණු යුගයකදිය. මෙම අද්විතිය නිර්මාණය වැස්සෙන් ආරක්ෂා කිරිමට දශක ගණනාවක් පිඹුරු පත් සකසමින් සිටි. පිඹුරුපත් සකසන අතරේ නිර්මාණ සියල්ල විනාශ මුඛයට ඇද වැටි හමාරය. උඩරට උපන් උඩරටට උරුමයන් කියන උඩරට උරුමය පිළිබද අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමයන් අතින් පිඹුරු පතට තිත වැටි කඩිනමින් වැඩ නිම වෙතැයි ජනතාව තුළ ඇත්තේ ලොකු විශ්වාසයකි.

 

ඉන්ද්‍රාණි තෝරදෙනිය

 

 


මහින්ද හැදුව ක්‍රීඩාංගණයේ දැන් වෙඩින් ගන්නවා

$
0
0
ජුනි 8, 2018 01:00

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

අලුත් ධීවර අමාත්‍යවරයා සමඟ ගනුදෙනුව කෙසේද? අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් තෘප්තිමත්ද? එජාප ප්‍රතිසංවිධානය ගැන අදහස කුමක්ද? යන කරුණුද ඇතුළත්ව දකුණේ පාතාලය, හම්බන්තොට සංවර්ධනය ආදී කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැති හමුවට එක්වේ.

* ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා හැටියට පසුගිය කාලෙ ඔබ නොසතුටින් සිටින බවක් තමයි කියවුණේ. අලුත් ඇමැති මාරුවත් එක්ක දැන් තත්ත්වය කොහොමද?

අලුත් ඇමැතිතුමා මට කිව්වෙ දිලිප් ඔයාට ඕන විදියකට මේ අමාත්‍යාංශයේ වැඩ කරන්න කියලා. එතුමා මගේ හිතවතෙක් ඒ වගේම ඥාතිවරයෙක්. අමාත්‍යාංශයේ වැඩ කරන්න, ඕන සියලු බලතල මට දීලා තියෙන්නේ.

* අමාත්‍යාංශයේ ඔබට පැවරිලා තියෙන කාර්යභාරය කොයි වගේද?

මහින්ද අමරවීර ඇමැතිතුමා ඉන්නකොටත් ගැසට් එකකින් මට පොඩි පොඩි වැඩ වගයක් දුන්නා. ඒත් ඒව මට කරන්න ලැබුණෙ නැහැ. ඇමැතිවරයෙක් තමන්ගෙ අමාත්‍යාංශයේ ආයතනයක් නියෝජ්‍ය ඇමැතිවරයෙකුට දීලා නැහැ. අලුත් ඇමැතිතුමා ජලජීවි ආයතනය මට දුන්නා. ඒකෙ සභාපතිවරයා පත් කළෙත් මම. මම ගැන එතුමා තියපු විශ්වාසය මම රකිනවා.

* ධීවරයන්ට භූමිතෙල් සහනාධාරය තවමත් ලැබී නැහැ කියන චෝදනාව ගැන මොකද කියන්නේ?

ලංකාවෙ හැම පළාතකම ධීවර සංවිධාන එක්ක මමත් ඇමැතිතුමාත් මේ ගැන කතා කළා. මුදල් ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාල භූමිතෙල් සහනාධාරය දෙන්න රුපියල් බිලියන 4 ක් අනුමත කරගත්තා. කුඩා බෝට්ටු හිමියෙක්ට මාසෙකට රුපියල් 21,000 ක් දෙන්න පුළුවන්.

* මේ භූමිතෙල් සහනාධාරය දෙන්න ධීවරයෝ පාරට බැහැලා කෑගහනකම්ම හිටියෙ ඇයි?

ලංකාවෙ කවදාවත්ම අඩු නොකරපු විදියට යහපාලන ආණ්ඩුව තෙල් මිල අඩු කළා. භූමිතෙල් මිල රුපියල් 40 කින් අඩු කළා. අවුරුදු තුනක් අඩු මිලට තෙල් දුන්නා. ධීවරයෝ මේ ආකාරයට වි‍රෝධයක් දක්වයි කියලා අපි හිතුවෙ නැහැ. බස්, ලොරි, ටිපර් මේ සියලු දෙනා භූමිතෙල් පාවිච්චි කළා. ලෝක වෙළෙඳ පොළේ මිල අඩු වැඩි වෙන විදිය ගැන බලලා තෙල් මිල අඩු වැඩි කරන්න අපි වැඩ පිළිවෙළක් හැදුවා. ධීවරයෝ මාළු අල්ලන්න යන දුර ප්‍රමාණය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්. තෙල් සහනාධාරය දෙද්දි මේ ගැනත් හිතන්න වෙනවා. විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයෝ මාළු අල්ලන්න මුහුදෙ වැඩි දුරක් යන්න ඕන.

* තහනම් ආම්පන්න යොදාගෙන මාළු අල්ලන එක බරපතළ ගැටලුවක්. මේවට විසඳුම් දෙන්නෙ කවදද?

කරදියෙද? මිරිදියෙද?

* දෙකේම මේ තත්ත්වය තියෙනවා?

මිරිදියෙ, තහනම් ආම්පන්න අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම කරනවා. අත්අඩංගුවට ගන්න තංගුස් දැල් වෙනුවට අමාත්‍යාංශයෙන් සුදුසු දැල් ලබාදෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාර්ථකව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. කරදියෙ ඩයිනමයිට් ගහන කට්ටිය අත්අඩංගුවට ගන්නවා. ඒ අයගෙ දඩ මුදල් වැඩි කළා. පුත්තලම් දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුර ඩයිනමයිට් යොදලා මාළු අල්ලන්නෙ. දකුණු පළාතේ අඩුයි.

* යහපාලන ආණ්ඩුව යටතේ පාතාලය හිස ඔසවමින් සිටින බව කියනවා. විශේෂයෙන් දකුණු පළාතේ මේ තත්ත්වයේ වර්ධනයක් තියෙන බව තමයි කියන්නේ?

හම්බන්තොට නම් පාතාලෙ නැහැ. ඔක්කොම මර්දනය කළා. ඔය කියන්නෙ ගාල්ල දිස්ත්‍රික්කය ගැන. ගිය ආණ්ඩුවේ කට්ටියගේ පාතාලෙ අය තැනින් තැන හොල්මන් කරනවා. ඒවත් තව ටික දවසයි. පළාත් පාලන ඡන්දෙදි පාතාලෙ එක කණ්ඩායමක නායකයා සන්ධානෙන් ඡන්දෙ ඉල්ලුව අනෙක් නායකයා පොහොට්ටුවෙන් ඉල්ලුවා. මේ දෙන්න මිනී මරා ගත්තා. රත්ගම ඇඳිරිනීතියත් දැම්මා. එක්සත් ජාතික පක්ෂයෙ පාතාලෙ නැහැ.

* ඔබ එහෙම කිව්වත් සමහරු කියන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අය ළඟත් පාතාලය ඉන්නවා කියලයි?

අපි ඒ අය කිට්ටුකර ගත්තෙත් නැහැ. අපි ඕව අහලත් නැහැ. අපිට වැඩකුත් නැහැ.

* මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ පාතාලය මර්දනය කළා. මොන පක්ෂයේ හිටියත් යහපාලනය යටතේ තමයි පාතාලය අලුත්වෙලා තියෙන්නෙ කියලයි කියන්නේ?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙ පාතාලය මර්දනය කළා කියලා කවුද කියන්නේ? හමුදාවෙ පාතාලය තිබුණෙ කොයි කාලේද? සුදු වෑන් ආවා, උස්සන් ගිහින් මරලා දැම්මා. මාධ්‍යවේදීන් කීදෙනෙක් මැරුවද? කීදෙනෙක් ගුටිකෑවද කීදෙනෙක් අතුරුදහන් වුණාද? අරලියගහ මන්දිරයේ ඉඳගෙන බැසිල් රාජපක්ෂ මහත්තයා කියන දේ තමයි එදා මාධ්‍ය කිව්වෙ. අද එහෙම නැහැ. නිදහස දෝරෙ ගලාගෙන ගිහින්. මාධ්‍යයට අද අග මුල අමතක වෙලා.

* නම ගිය පාතාල කල්ලි කිහිපයක්ම දකුණේ ක්‍රියාත්මකයි. මේ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් පවා සිද්ධවෙන බව තමයි කියන්නේ. පිට රට ඉඳන් පාතාල කල්ලි මෙහෙයවන බවටත් වාර්තා පළවුණා. මේවා මර්දනය කරන්න ආණ්ඩුව තවමත් අපොහොසත් බවයි කියන්නේ?

කලින් ආණ්ඩුව යටතෙත් ඔය දේවල් සිද්ධ වුණා. රහසිගතව පාතාලය මර්දනයට අවශ්‍ය කටයුතු වෙනවා. හම්බන්තොට නම් ඕව වෙන්නෙ නැහැ.‍

* පාතාලය එක්ක දේශපාලනඥයන්ගෙ කිට්ටු සම්බන්ධතා තියෙනවා. ඒකයි පොලිසියට පාතාල මර්දනය අපහසුවෙලා තියෙන්නෙ කියලත් කියනවා.

ඉස්සෙල්ල පොලිසිය හදන්න ඕන. ඔය පොලිසියේ සමහර අය තමයි මත්ද්‍රව්‍ය වැඩවලට අනුබල දෙන්නේ.

* මම ඇහුවෙ දේශපාලනඥයින්ගේ සබඳතා ගැන.

අපේ දිස්ත්‍රික්කයෙවත් අපේ පළාතෙවත් ඕව නැහැ. ඒ අය වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ගිය ආණ්ඩුව කාලෙ කෙරිච්ච දේවල්. කලින් ආණ්ඩුවේ හිටපු අය තවමත් ඉන්නවනෙ. ඒ අයත් එක්ක පාතාලෙ සම්බන්ධතා තියෙනවද කියලා අපි දන්නෙ නැහැ.

* මහින්ද රාජපක්ෂ යුගයෙන් පස්සෙ දකුණට දැනෙන සංවර්ධනයක් වුණේ නැහැ කියලා කියනවා?

වරායක් හැදුව නැව් නැහැ. ගුවන්තොටුපොළක් හැදුවා ගුවන් යානා නැහැ. ක්‍රීඩාංගණයක් හැදුවා ක්‍රීඩකයෝ නැහැ. දැන් මේව හදන්න වෙලා තියෙන්නෙ අපිට. අපේ නායකතුමා හම්බන්තොට වරාය ගොඩ ගත්තා. ඒ වයේ ණය ටික ගෙව්වා. දකුණේ රැකී රක්ෂා ටික දැන් හැදෙනවා. ගුවන්තොටුපළත් දැන් හොඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තියෙන්නෙ. ක්‍රීඩාංගණයට කෝටි ගාණක් වියදම් කළා දැන් ඒකෙ ගන්නෙ මංගල උත්සව. මේවට වෙච්ච ණය ගෙවන්න වුණේ අපිට.

* මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන වැඩ නිවැරැදිව ඉදිරියට ගෙනියන්න මේ ආණ්ඩුව අසමත් බවයි කියන්නේ?

හම්බන්තොට අධිවේගී මාර්ගෙ වැඩ නතරවෙලා තිබුණේ. දැන් අපි ඒක පටන් ගත්තා. දුම්රිය පාරවල් ටික හැදෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයගෙ නායකත්වයෙන් අපෙත් සහය ඇතුව හම්බන්තොට සංවර්ධනය හොඳටම වෙනවා. අඟුනකොලපැලැස්ස කලාපෙට ජල යෝජනා ක්‍රමයක් හදන්න රුපියල් ලක්ෂ 509 ක් ලබාගත්තා. දැන් මුල්ගල් තියලත් ඉවරයි. මාස අටකින් පවුල් එක්දහස් හයසිය ගාණකට පිරිසුදු පානීය ජලය දෙනවා.

* ඔය කියන සංවර්ධනය ජනතාවට දැනුනු පාටක් නැහැ නේද? පළාත් පාලන ඡන්දෙදි හම්බන්තොට පරාද වුණේ ඒ නිසාද?

ඒකෙදි කිව්වෙ මහින්ද මහත්තයා රටේ අගමැති වෙනවා කියලා. හැම ගමකටම මේ පණිවුඩය දුන්නා. මිනිස්සු ඡන්දෙ දුන්නෙ ඒකට. අපි පරාද නැහැ. අපි තරග ‍කළේ ජනාධිපති කෙනෙක් එක්ක.

* එක්සත් ජාතික පක්ෂයෙ අලුත්වීම ගැන ඔබ මොකද කියන්නේ?

ප්‍රති සංවිධානය වේගෙන යනවනෙ.

* ඒ කටයුතු ගැන ඔබ සතුටුවෙනවාද?

තවම ආරම්භයක් විතරයි. ජනාධිපතිවරණයට තව කල් තියෙනවා. ඒ කාලෙ වෙනකොට සියල්ල හරියයි.

* එක්සත් ජාතික පක්ෂයෙ පසු පෙළ මන්ත්‍රීවරු කියන්නෙ ඒ අය ඉල්ලපු ප්‍රති සංවිධානය වුණේ නැහැ කියලයි?

එකපාරටම ඉන්න නායකයො අයින් කරලා ප්‍රතිසංවිධාන කටයුතු කරන්න බැහැ. අවුරුදු ගණනාවක් විපක්ෂයේ ඉඳගෙන පක්ෂය ඇදගෙන ආවෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා. නායකතුමාවත් තේරුම් අරගෙන ජනාධිපතිවරණය වෙනකොට හොඳ වැඩපිළිවෙළක් කරන්න ඕන.

* පක්ෂ ප්‍රතිසංවිධානයේදී ඔබ මුලින් හිටියෙ දැඩි ප්‍රතිසංවිධානයක් විය යුතුයි කියන ස්ථාවරයේ. දැන් ඒක වෙනස් වෙලා ‍ව‍ෙග්?

නැහැ. අපි කොහොමත් කියන්නෙ ඊළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් අපි ඊළඟට හදන්නේ

* ඊළඟ ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කවුරු වෙයිද?

ඒකට තව කාලෙ තියෙනවනෙ. නායකතුමා තරුණ කණ්ඩායම් කීපයක්ම නායකත්වයට සූදානම් කරනවනෙ. ඒ කවුරු හරි ඊළඟ නායකයා වෙයි.

* එක්සත් ජාතික පක්ෂයේ කැරැල්ලත් එක්ක අධීක්ෂණ මන්ත්‍රී ධුර දීලා කට්ටිය නිහඬ කරන්නයි හදන්නෙ කියලා චෝදනාවක් තියෙනවා?

එහෙම කැරැල්ලක් නැහැ. කොයි ආණ්ඩුව යටතෙත් අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අසරණ වෙන අවස්ථා තියෙනවා. මිනි හෙක්ට උදව්වක් කරන්න බැරිවෙන අවස්ථා තියෙනවා. අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරන්නෙ ඇමැතිවරුන්ගෙ සහයට.

* මේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට විශාල විසඳුමක් ආණ්ඩුව දරන බවයි කියන්නෙ?

අනවශ්‍ය මුදලක් වියදම් කිරීමක් තවම සිදුවෙලා නැහැ.

* ජනතාව මත මේ තරම් බදු බරක් තියෙද්දි රජයේ වියදම තවත් වැඩි කිරීම ගැන විවේචන එල්ල වෙනවා?

මන්ත්‍රීවරු වැඩ කරන්න පුට්සයිකලෙන් යන්නද? අමාත්‍යාංශයක් කියන්නෙ රටේම වැඩ තියෙන තැනක්. ඒ අයට කාර්යාලයක් වාහනයක් තෙල් ටිකක් දෙන්න ඕන. ඒකාබද්දෙ කියන දේවල් වෙන්නෙ නැහැ. අපේ ආණ්ඩුවෙන් තමයි නාස්තිය අඩු කළේ. හම්බන්තොට වරාය විවෘත කිරීමට විතරක් රුපියල් කෝටි 8 ක් වියදම් කළා. නැටුම් කණ්ඩායම්වලට කොච්චර වියදම් කළාද? පහුගිය කාලෙ අපිට චෝදනා කළේ රණවිරු උත්සවය ගෝල්ෆේස් තිබ්බේ නැහැ කියලා. මුළු ලංකාවෙම හමුදා වාහන කොළඹට ගෙනැල්ලා තෙල් ගහල රෙපයාර් කරලා කෝටි ගාණක් වියදම් කරන එක අපි නැවැත්තුවා. අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි පාර්ලිමේන්තුව අසල රණවිරුවන් සැමරුවා.

* ඔබ ඔය කියන ඉතිරිය ජනතාවට ලැබිලා නැහැ නේද?

ඒව අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ගෙදර ‍ගෙනිච්චද? අපි ගෙදර ගෙනිච්චද? මේ රටේ ණය බර පියවන්න තමයි මේ සල්ලි යොදවන්නෙ. රාජපක්ෂ ආණ්ඩුව ගත්තු ණය කොච්චර තියෙනවද?

* ඡන්ද ව්‍යාපාර කරගෙන යන්න දේශපාලනඥයින්ට මුදලාලිලා සල්ලි දීම හරහා ඔවුන්ට අල්ලස් දෙන්න වීම ගැන ඔබ මොකද කියන්නේ?

ගමේ රටේ මිනිහෙක් ඡන්දෙට වියදම් කළාම ඒ මිනිහට උදව්වක් කරන එක අල්ලසක් නෙවෙයි. නීතිවිරෝධී නොවෙන විදියට මහජන නියෝජිතයෙක් හැටියට කාටත් උදව් කරන්න ඕන.

 

දුමින්ද සම්පත්
ඡායාරූප - සිරිපාල හල්වල 

මහින්දගේ ඩබල් ගේම් ගැන ඒකාබද්ධයේ මැසිවිලි

$
0
0
ජුනි 8, 2018 01:00

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරි මණ්ඩලයක් පත්කිරීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම අනුව සිදුවුණා. එහි දී ජනාධිපතිවරයා නැවත වතාවක් පක්ෂයේ සභාපති ලෙස පත්වුණා. එහි දී නව මහලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පිළිබඳව කා‍ගේත් අවධානය යොමුවුණා.

රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයකු ද වනවා. කැලණිය සරසවියේ සේවය කළ ඒ මහතා විද්‍යාලංකාර පිරිවෙනට ගොස් සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත්තා. පසුව මල්වතු අස්ගිරි නාහිමිවරුන් ද හමුවී ආශීර්වාද ලබාගෙන මහාචාර්යවරයා නව තනතුරේ වැඩ ආරම්භ කළා.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යතුමා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිකත්වය හා දේශීයත්වය පදනම් කරගත් පක්ෂයක් බවයි. එම පදනමින් පක්ෂය යළි ගොඩනඟා ජයග්‍රහණය කරා මෙහෙයැවීම තම අරමුණ බව ඒ මහතා ප්‍රකාශ ක‍ළා.

මහවැලි ගොවීන් 12, 083 දෙනෙකුට රන්දියවර ඉඩම් ඔප්පු ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා අරලගංවිල දී සිදුවුණා. සියලුම මහවැලි ගොවීන්ට මේ වසර අවසන් වීමට පෙර ඉඩම් ඔප්පු ලබාදෙන බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

උත්සවයේ නිවේදන කටයුතු කළ උදවිය කළ වරදක් නිවැරදි කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළේ අතීත නායකයන්ට සාධාරණය ඉටුකරමිනුයි. නිවේදකයන් කීවේ මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් බවයි. ඒ ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා කීවේ එතුමිය තමාගේ නායිකාව වුණත් මහවැලිය ආරම්භ කළේ එම රජයෙන් නොවන බවයි. පොල්ගොල්ල වේල්ලට මුල්ගල තබා ඩඩ්ලි සේනානායක අගමැතිතුමා 1969 දී මහවැලි ව්‍යාපාරය ආරම්භ කළ බවත් මැතිනියගේ රජය එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිය ආකාරයත් ජනාධිපතිතුමා කීවා. පොල්ගොල්ලෙන් උතුරට ජලය නිකුත් කළේ 1976 ජනවාරි 8දා බවත් ඒ මෛත්‍රීපාල සේනානායක ඇමැතිවරයා විසින් බවත් ජනාධිපතිතුමා මතක් කළා.

ගාමිණී දිසානායක මහතා කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කළ ආකාරයත්, එකල විපක්ෂ මන්ත්‍රීවරයකු වූ තමන් සමඟ දිසානායක මහතා පැවැත්වූ සුහද සබඳතාවය ගැනත් මතක් කරන්නට ජනාධිපතිතුමා අමතක කළේ නෑ.

ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංවත්සරය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මෙම සේවය ක්ෂය වී යන සේවාවක් වුවත් එයට නිසි ගෞරවය දෙන්න රජය කටයුතු කරන බවයි.

තමා කුඩා කාලයේ බෙහෙත් ගන්නට රෝහලට පැමිණි ආකාරය ජනාධිපතිතුමා මෙලෙස සිහිපත් කළා. "අපේ තාත්තා අර කබල් ෆුට් සයිකලයේ මාවත් තබාගෙන ඇඟට තුවායකුත් දමාගෙන කිලෝමීටර් පහක් පමණ දුර ගෙවා පොළොන්නරුව නගරයට පැමිණ ඒ කාලයේ සිටි දොස්තර සිරිල් මහත්තයා වන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් මට බෙහෙත් අරගෙන දුන්නා"ජනාධිපතිතුමා මේ කතාව කීවේ මෙම වෛද්‍යවරුන්ගේ සේවය තමන් දන්නේ අත්දැකීමෙන් පමණක් නොව කුඩා කල සිට බෙහෙත් ගන්න අයකු වශයෙන් බව කියමින්. සෞඛ්‍ය සේවය සඳහා ඉහළ සම්මාන රටට හිමිවන්නේ එම සේවයේ සිටින සේවක පිරිසගේ උසස් සේවය නිසා බව ද ජනාධිපතිතුමා කීවා.

අගමැතිවරයා සතිය ආරම්භ කළේ මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් උත්සවයට අදාළ නිල භෝජනය අරලියගහ මැදුරේ දී සංවිධානය කරමින් ඊට එක්වෙමින්. ඒ සඳහා පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් සියලුදෙනා සහ මෙරට මෙන්ම විදෙස් මුස්ලිම් ආගමික නායකයන් හා මුස්ලිම් ප්‍රජා නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

"ඔබතුමා ආණ්ඩුවේද විපක්ෂයේද කියල නෑ හැමදාම අපට ආරාධනා කරලා ඉෆ්තාර් උත්සවය පැවැත්වූවා. සමහර දේශපාලකයො වගේ ඡන්ද බලාගෙන සුළු ජාතීන් රවටාගන්න ඔබතුමා උත්සාහ නොකරන බව මුස්ලිමවරු දන්නවා"මුස්ලිම් ප්‍රජාවේ බොහෝ දෙනකු අගමැතිට කීවේ එවැන්නක්.

"සමහරු ඡන්දෙ කාලෙට මුස්ලිම්වරුන්ට හා දෙමළ ජනතාවට ආදරෙයි. ඊට පස්සෙ ඒකෙ අනිත් පැත්ත. මමත් එජාපයත් හැමදාම සිංහල වගේම මේ රටේ සියලු සුළු ජාතීන්ට නිසි ගෞරවය දෙනවා. අපි ජාතීන් ලෙස ‍බෙදිලා නොව ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව රට ගොඩනගන්නට කැපවෙමු"අගමැතිවරයා එහි දී කිව්වා.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවීමට යුද හමුදාපති මහේෂ් සේනානායක අරලියගහ මැදුරට පැමිණියේ අගෝස්තු මස පැවැත්වෙන ජාත්‍යන්තර හමුදා දිනයට අදාළ උත්සවයේ ප්‍රධාන දේශනයට අගමැතිවරයාට ආරාධනා කිරීමටයි.

"මෙතෙක් මේ උත්සවයට ප්‍රධාන දේශනය කරල තියෙන්නෙ පිටරට කෙනෙක්. මෙවර උත්සවයට අපි ඔබතුමාට ආරාධනා කරන්නේ ජාතීන් අතර සංහිදියාවටත් එය වටිනා නිසයි"හමුදාපති මහේෂ් සේනානායක කී විට අගමැතිවරයා අදාළ ආරාධනාව භාරගත්තා. අනතුරුව දෙදෙනා අතර උතුරු නැගෙනහිර ඉඩම් යටිතල පහසුකම් ඇතුළු සංවර්ධනයට අදාළවද අදහස් රැසක් හුවමාරු වුණා. අගමැති හමුවීමට පැමිණ සිටි මැති ඇමතිවරු සමඟ ඔහු කතාබහ කළේ ඉන් අනතුරුවයි.

"විදුලි සංදේශ නියාමන කොමිසම දැන් ආණ්ඩුවේ නිදහස් ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අභියෝග කිරීම විශාල කැළලක්. මුලින් “ඊ නිවුස්” වගේ වෙබ් අඩවි බ්ලොක් කළා. දැන් ඔබගේ සහෝදරයගේ ටී.එන්.එල් එකට පොලීසියත් එක්ක බලෙන් ඇතුල් වෙලා පොල්ගහවෙල ටවර් එකේ බඩු ටික ගලවගෙන ගිහින්.ජනාධිපතිතුමාට මේ ගැන කතා කළේ නැද්ද” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවා.

“නෑ. පවුලේ දේවල්වලට මම මැදිහත් වෙන්නේ නෑ”යි අගමැතිවරයා කිව්වා. “ශාන් වික්‍රමසිංහ මෙකට මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කළෙත් නැද්ද” දයා ගමගේ විමසුවා.

“මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ශාන් මට කතා කරලා විස්තරේ කිවුවා. මැදිහත් වෙන්න කියලා කිවුවේ නෑ.මම මැදිහත් වෙන්නෙත් නෑ කියලා එයා දන්නවා. ප්‍රශ්නය අපිම විසදගන්න නම් කියලා එයා මට කිවුවා” අගමැතිවරයා කිව්වා.

“පොල්ගහවෙල කුළුණේ සංඛ්‍යාත 03න් දෙකකට මුදල් ගෙවල තිබිල තියෙන්නේ. ඉතිරි එකේ ප්‍රශ්නය ටී.එන්.එල් එකට කලින් දන්වලා කොමිසමට ප්‍රශ්නය විසදගන්න තිබූණාලු. ඒත් එහෙම නොකර පොලීසියත් එක්ක ඇවිත් බඩු ගලවාගෙන ගිහින් තියෙන්නේ” නවීන් දිසානායක කීවා.

“ජනමාධ්‍ය ඇමතිටත් නොදන්වා මේක කරලා තියෙන්නේ.පනත අනුව එහෙම කරන්නත් බෑ. ඇමතිතුමාත් දැනගෙන තියෙන්නේ බඩු ගලවගෙන ගියාට පස්සෙයි” විජයදාස රාජපක්ෂ කීවේ එවැන්නක්.

"ආණ්ඩුවේ සංවර්ධන වැඩ වේගවත් කරන්න අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කිරීම ගැන ඒකාබද්ධය හා 16 කල්ලිය කැමති නෑ. එතන තියෙන්නෙ පටු දේශපාලනයයි. ඒ වගේම ශ්‍රීලනිපය තුළත් ඒ ගැන මත දෙකක් තිබෙන බව පේනවා. දුමින්ද කැමතියි අමරවීරගෙ ස්ථාවරය ඊට වෙනස්"විජේදාස රාජපක්ෂ කිව්වා.

"සංවර්ධනය වේගවත් කරන්න මන්ත්‍රීවරු එකතුකර ගැනීමයි මෙතන දී කරන්නෙ. අයවැයෙන් එවැනි කටයුතුවලට මුදල් වෙන්කරල තියනවා. ඔවුන්ට කාර්යාල පහසුකම් විතරයි දෙන්නේ. අමාත්‍යාංශ වැඩවලට යන විට ඒකෙ වාහනයක් පාවිච්චි කරන්න ඉඩ ලැබෙනවා. මුදල් දීමක් කරන්නෙ නෑ. ඒවා බොරු. ඒත් කරන වැඩවලට යම් දීමනාවක් දීම සාධාරණයි. ඒ ගැන සලකා බලන්න වෙනවා."අගමැතිවරයා පැහැදිලි කළා.

“මහින්දගේ කාලේ මේ වගේ අධීක්ෂණ මන්ත්‍රීල දුසිම් කීයක් හිටියද? හොඳම නිදසුන ඒ කාලේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී වෙලා හිටියේ දුම්න්ද සිල්වා” රන්ජන් රාමනායක මතක් කළා.

“ඒකාබද්දයේ ඇතුලේ බෙදීම එයාලා කොච්චර වහන්න හැදුවත් නියෝජ්‍ය කථානයක තෝරන ඡන්දයට එයාලගෙන් කට්ටියක් මග ඇරීම තුළ ඒ රණ්ඩුව එලියට ආවා. 16 දෙනාගෙ කල්ලියත් සම්පූර්ණයෙන්ම දෙකට බෙදිල ඉන්න බවත් එතන දී පැහැදිලි වුණා."විජේදාස රාජපක්ෂ කළ විග්‍රහය සියලුදෙනා පිළිගත්තා..

"රු.මිලියන 07ක් පොලු තිබ්බා කියල ඕස්ට්‍රේලියානු යුවලක් ගම්මන්පිලට විරුද්ධව නඩු කියනවා විතරක් නෙවෙයි ප්‍රවෘත්ති සාකච්ඡා තියල රෙදිත් ගැලෙව්වා. ඒත් ගම්මන්පිලලා කතාකරන්න ගියාම බුදු වෙලා ඉන්නේ."චමින්ද විජේසිරි කිව්වා.

"සිංගප්පූරු ගිවිසුම ගැන ප්‍රශ්න අහල බන්ධුල ගුණවර්ධනත් අගමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේ දී හොඳට අහගත්තා. අපරාදෙ කියන්න බෑ හැම ටීවී චැනල් එකක්ම ඒවා ඔක්කොම ප්‍රචාරය කළා"චමින්ද විජේසිරි කිව්වා.

නියෝජ්‍ය කථානායක තෝරා පත් කර ගැනීමේ ඡන්දය පසුගිය අඟහරුවාදා දින සවස පාර්ලි‌‌මේන්තුවේ දී පැවැත්වුණා. මේ ඡන්දය පැවැත්වීම අඟහරුවාදා දින සිදු වෙයි ද, නැතිනම් බදාදා දින සිදුවෙයි ද කියා මන්ත්‍රීවරු අතර පැවතියේ දෙගිඩියාවක්. කොහොම වුණත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කවදා ඡන්දය පැවැත්වුවත් ඒ ඡන්දයෙන් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා නිහඬ මෙහෙයුමක් දියත් කර තිබුණා.එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්‌ ඡන්දය ලබා දීමට සභාගැබට පැමිණ සිටියා. ඡන්දයට නො පැමිණියේ විදේශ ගත වී සිටින මන්ත්‍රීවරුන්‌ සහ අසනීපව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පමණයි.

ඡන්ද විමසීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ නම් අඬගැසීමේ දී පැවතියේ නිහඬතාවයක්. මේ තිදෙනාම එම අවස්ථාවේ සභාගැබේ සිටියේ නෑ. ඒ දුටු සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂය දෙසට අත දිගු කර, මොකද සුදර්ශනීට රාජපක්ෂවරුන් කැමති නැතිදැයි විමසුවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙද් දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෑ ගසා ‌ කියා සිටියේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අගමැතිවරයා අනිවාර්යෙන්ම කාන්තාවකට ඡන්දය පාවිච්චි කරන බවයි. ඊට ප්‍රතිචාර ලෙස අගමැතිවරයා සිනා සි ඡන්දය ප්‍රකාශ කළා.

සරත් ෆොන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන විට විපක්ෂය දෙසින් “ලේප් රයිට් - ලේප් රයිට්” යනුවෙන් හඬ නැඟුවා. සරත් ෆොන්සේකා මහතා “දැන් ඒවා මතක නෑ” යැයි ඊට ප්‍රතිචාර දැක්වුවා.

අවසානයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ මොණරාගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97 ක් ලබා ගෙන නියෝජ්‍ය කථානායක ධුරයට පත් වුණා.

උදාගම්මාන වැඩපිළිවෙළේ 75 වැන්න ලෙස ජනතා අයිතියට පත්වූයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කෝරලෙයිපත්තු, කන්නගිපුරම් හි “මුල්ලෛයිනගර්” උදා ගම්මානයයි. සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරයා 04 වැනිදා හම්බන්තොට සිට එහි ගියේ එම ගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙන්නයි. දමිළ ජනයා බහුලව විසූ ඒ පෙදෙසේ දී ඇමැතිවරයා පිළිගැනීමට සාම්ප්‍රදායික දමිළ නැටුම්වලින් සමන්විත විශේෂ සංස්කෘතිකාංග රැසක්ම සමන්විත කර තිබුණා. උත්සව සභාව අරඹමින් සජිත් ඇතුළු පිරිස පිළිගත්තේ නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වූ ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගේ ටී. එම්. වී. පී. පක්ෂයේ සභාපතිනිය මෙන්ම කෝරලෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපතිනියද වන සෝභා ජෙයරන්ජිත් මහත්මියයි. සජිත් සමඟ වේදිකාවේ එකට අසුන්ගෙන සිටියේ දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. යෝගේෂ්වරන් සහ ජී. ශ්‍රීනේෂන් දෙදෙනායි. පටු පක්ෂ භේද නොතකා ජාතික වැදගත්කමකින් යුතු මෙවැනි උත්සවයට එක්වීම පිළිබඳව සජිත් මොවුන් සියලුදෙනාට ස්තුතිය පළ කළා.

සිකුරාදා ස්වදේශ කටයුතු අමාත්‍යාශයෙන් ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඉදිරි මාස 18 දී ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු කරන්නේ සංවර්ධන කටයුතු සඳහා බව මෙහි දී අගමැතිවරයා කියා සිටියා. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා

අවුරුදු දෙකක් රට හදලා ඉදිරි මාස 18 දී ශීඝ්‍ර සංවර්ධනයක් අපි ඇති කරනවා. මෙතෙක් නොතිබූ සංවර්ධන ව්‍යාපාරයක් අපි ගමේ ඇතිකරනවා. රටක් හදන එක ලේසි වැඩක් නොවෙයි. ගම්මානවල දියුණුව සඳහා පමණක් රුපියල් මිලියන 80, 000ක් වෙන්කරලා තියෙනවා. මේ සංවර්ධනය තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපිට ඡන්දය දුන්නේ. ඒ සඳහා අපි ක්‍රියාකරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිහ මහතා එහි දී වැඩිදුරටත් කීවා.

එහි දී වජිර අබේවර්ධන අමාත්‍යවරයා ග්‍රාම නිලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටියේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ නායකත්වයෙන් සිදුකෙරෙන ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා පූර්ණ සහයෝගය දෙන ලෙසයි.

එහි දී ඇමැති වජිර මෙතෙක් නොකී කතාවක් ද කීවා.

'' 1997 දී ග්‍රාම නිලධාරී තනතුර අහෝසි කරන්න එවකට පැවැති රජය උත්සාහ ගත්තා. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විපක්ෂයේ සිටිමින් ඒ වෙනුවෙන් වහාම මැදිහත්වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි අද මේ ග්‍රාම නිලධාරී තනතුර ආරක්ෂා වෙලා තියෙන්නේ. ග්‍රාම නිලධාරීවරු එදා නඩු ගාස්තු සඳහා වැයවුන මුදල් එකතු කර චෙක්පතකින් රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේ එතුමා ඒ මුදල භාර නෙගෙන මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා මගින් එම මුදල් චෙක්පත වෘත්තීය සමිති සුබ සාධන කටයුතු සඳහා ලබා දුන්නා. "

අඟහරුවාදා සවස වජිර ඇමැතිවරයා අරලියගහ මන්දිරයට ගියේ ඉස්ලාම් ආගමික බැතිමතුන්ගේ උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයට සහභාගීවීමට. එහි දී අගමැතිවරයාත්, කථානායකවරායත් ඇතුළු මැති ඇමැතිවරු රැසක් සමඟ වජිර අබේවර්ධන අමාත්‍යවරයා මේ උත්සවයට සහභාගී වී සිටියා. එහි දී මුස්ලිම් ආගමික නායකයන් රැසක් පැමිණ පසුගිය දා ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධිය මැඩපැවැත්වීමට ඇමැති වජිර ගත් උත්සාහය පිළිබඳ මහත්සේ ප්‍රශංසා කළා. ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ

"වජිර ගිංතොට සිද්ධියේ දී ලොකු දෙයක් කරලා සිද්ධිය සමථයකට පත්කළා. ඒ නිසා මහනුවර සිද්ධයේ දීත් වජිර ඒ වැඩ ටික මම භාර දුන්නා යනුවෙන්. "

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 06වැනිදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී රැස්වුණා. මෙහි දී විශේෂ අවධානයක් යොමු වූයේ 20වැනි සංශෝධනය සම්බන්ධයෙන්. ”අපි විස්ස ගේන්නත් කලින් සමහරු මේක ගැන බොරු බිල්ලෝ හැදුවා. රට බෙදනවා කිවුවා. බටහිර කුමන්ත්‍රණයක් කිවුවා. විස්ස එළියට දැම්මට පස්සේ දැන් ඒ පිරිසට කියාගන්න දෙයක් නැහැ.

විස්ස ගේන්න කලින් සඟ සමුළු තියපු නායක හාමුදුරුවන් වහන්සේලා විස්සේ කරුණු ගැන තවම මොකුත් ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ.” විජිත හේරත් කීවා. ”විස්ස එළියට දාලා නැති තත්ත්වයක් ඇතුලේ බංකොලොත් කණ්ඩායම්වලට ඕනෑම බිල්ලෙන් හදන්න පුළුවන්. නමුත් විස්ස එළියට දැම්මාම ඒකේ කරුණු එක්ක තමයි විවාදයක් තියෙන්නේ. ඒ අයගෙ කිසිදු තර්කයක් සාධාරණීකරණය කරන්න විස්සෙන් මොකුත් හොයාගන්න බැරිවෙලා ඉන්නේ. දැන් වෙන වෙන සම්පප්‍රලාප කියවනවා.

වාගාලංකාර කියවනවා.” අනුර දිසානායක කියා සිටියා. ”මුලින්ම කිවුවා රට බෙදන්න තමයි මේ සංශෝධනය ගේන්නේ කියලා. නමුත් අපි 13වෙනි සංශෝධනයට අදාළ ජනපති බලතල කිසිවකට අත තියලා නැහැ. අපි ඒ අයට අභියෝග කරනවා පුළුවන්නම් විස්සේ තියෙන කරුණුවලින් රට බෙදෙන්නේ කොහොමද කියලා ඔප්පු කරන්න කියලා. ඊට පස්සේ කිවුවා මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා. දේශපාලනය නොදන්නකම එකෙන්ම තේරෙනවා. අධිරාජ්‍යවාදීන්ට ඕනෑ රටේ තනි පුද්ගලයෙක් අතේ බලය තියෙන එක. මොකද තනි පුද්ගලයෙක් නම්මගන්න එක තමයි අධිරාජ්‍යවාදීන්ට පහසු. ඒ අනුව අධිරාජ්‍යවාදී බලවේග විස්සට විරුද්ධ වෙන්න ඕනෑ. මේ කණ්ඩායම් කොයිතරම් කලබල වෙලාද කියනවනම් හැමදේම පටලවාගෙන ඉන්නේ.” ටිල්වින් සිල්වා කීවේ එහෙමයි.

කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු සතියේ දී මේ සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් වාර්තා වුණා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය පස්වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. එහි දී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යෝජනාවක් සිදුකර තිබෙනවා. ”විස්ස ගැන අපේ මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් නැහැ. විස්සේ කරුණු හරියටම දන්නේ නැතුව විවිධ අසත්‍ය කරුණු කියන්න ගිහින් අපි හෑල්ලූ වෙනවා. ඒක නිසා විස්ස ගැන අපේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරන්න අනුර දිසානායක ගෙන්වන්න ඕනෑ.” වෙල්ගම කියා සිටියා.ඒක හොඳයි.

මොකද විස්ස හදපු අයම ඒ ගැන පැහැදිලි කරන එක හොඳයි.” තවත් මන්ත්‍රීවරයෙක් අනුමත කළා.මෙහි දී කලබලයට පත්වූ 20ට මුල සිටම විරෝධය දක්වන සියලූ දේවල් කුමන්ත්‍රණ ලෙස දකින මන්ත්‍රීවරක් කියා සිටියේ ”අනුර දිසානායක මොකටද අපිට පැහැදිලි කිරීම් කරන්නේ. විස්ස ගැන මම පැහැදිලි කරන්නම්” කියායි. ”මොකෙක් පැහැදිලි කරත් මට කමක් නැහැ. හැබැයි මම අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනෑ” වෙල්ගම මන්ත්‍රීවරයා මදක් කෝපයෙන් කීවා.

ආණ්ඩුවේ ඇමැතිධුර දරමින් සිට විපක්ෂයට එකතුවන්න හදන ශ්‍රීලනිප කණ්ඩායමට එරෙහිව පොහොට්ටු පක්ෂයේ පිරිසක් ආරම්භ කොට තිබූ සීතල යුද්ධය මේ සතියේ ප්‍රබල ගැටුමක් ලෙස ප්‍රදර්ශනය වුණා. ඒ නියෝජ්‍ය කථානායක තේරීම සඳහා පැවැති ඡන්ද‍යත් සමඟයි. එම තනතුරට එජාපයෙන් තරග කළ ආනන්ද කුමාරසිරි මහතා සමඟ තරගයට ශ්‍රීලනිපයෙන් සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරිපත්කොට තිබුණා. ඒකාබද්ධ විපක්ෂ රැස්වීමේ දී යෝජනා වූයේ සුදර්ශනිට සහය දිය යුතු බවයි. එසේ වුවත් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ උදවිය එයට කැමැති වුණේ නැහැ.

මෑතක් වනතුරු ආණ්ඩුවේ ඇමැතිධුර දරමින් සිටි පිරිස බාර ගැනීම ගැන පොහොට්ටු පක්ෂය තුළ තිබෙන්නේ දැඩි විරෝධයක්. මේ පිරිස අවසානය දක්වාත් ආණ්ඩුවේ සිටීමට උත්සාහ දැරූ බවත් ඇමැතිකම් අහිමි වූයේ එජාපයේ දැඩි විරෝධය නිසා බවත් ඔවුන් කියනවා. එමෙන්ම මෙම පිරිසට දැන් ඡන්ද පදනමක් නැති බවත් ගමේ ශ්‍රීලනිප ඡන්ද දැන් පොහොට්ටුවට හරවාගෙන අවසන් බවත් කියන ඔවුන් මේ පිරිස බාර ගැනීම නිසා ගමේ පොහොට්ටුවේ සංවිධායකයන්ට අසාධාරණයක් වන බවත් පෙන්වා දෙනවා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට ඡන්දය ලබාදීමටද මෙම මන්ත්‍රීවරුන් කැමැති වූයේ නැහැ.

නියෝජ්‍ය කථානායක ඡන්දය පවත්වන මොහොත වනවිට පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු දහ අට දෙනකු සභාවේ හිටියේ නැත. ඡන්දයේ දී එජාපයේ අපේක්ෂකයා වැඩි ඡන්ද 44ක් ලබමින් ඉහළ ජයග්‍රහණයක් ලැබුවා.

පොහොට්ටුවේ මෙම හැසිරීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් දැඩි කෝපයට පත්වී සිටිනවා. ඔවුන් තම විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙස එදින හවස මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ නායක සාකච්ඡාව වර්ජනය කළා. මෙලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩාම තුළ පැහැදිලි බෙදීමක් හටගෙන තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩබල් ගේමක නිරත වී සිටින බවටද ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයන් මැසිවිලි නගනවා. නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී එජාප අපේක්ෂකයා පරාජය කරන්නට ඡන්දය දෙන්නැයි කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රසිද්ධියේ කීවද ඒ මහතා ඡන්දය විමසන අවස්ථාවට නොසිට පිටව යාමත් ඡන්දය දීමට අන් අයට බල නොකිරීමත් මෙම සැකයට හේතුවී තිබෙනවා. මහින්ද සමඟ බැසිල්, නාමල් ආදී රාජපක්ෂවරුන් මෙන්ම මහින්දට හිතවත්ම මන්ත්‍රීවරුන්ද ඡන්දය දීම මග හැරියා. මෙය රාජපක්ෂ මහතා නොනිල වශයෙන් දුන් උපදෙස් මත සිදුවූ බව කියනවා. ඉක්මනින් ආණ්ඩුබලය ගැනීමේ වුවමනාවක් රාජපක්ෂ මහතාට නැති බවත්, එම නිසා බලය ගැනීමේ වැඩ පිළිවෙළ අඩපණ කරන බවටත් තැන තැන චෝදනා නැගෙනවා.

විද්‍යාවේ, සියවසක පිම්ම !

$
0
0
ජුනි 8, 2018 01:00

පසුගිය සියවසේ මිනිස් ශිෂ්ටාචාරය මුහුණ පෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාම යි. ඒ සියවස තුළ ඒවායින් මියැදුණ සංඛ්‍යාව මිලියන දෙතුන් සියයක් නොව ඇතැම්විට මිලියන දහස ඉක්මවන්නට ඇත.

පසුගිය සියවස යනු මිනිස් ඉතිහාසයේ නූතනත්වයට එළඹී එනම් පුනරුද යුගය පසුකොට සියවස් 4-5 කට පසු එළැඹුණු යුගයකි. එනම් ඉතා මෑත අතීතයයි. එහෙත් ඒ යුගය පවා කෙතරම් ව්‍යසනකාරී අවදියක් වීද යන්න සසඳා බැලීම වටින්නේ, විද්‍යාවේ ජයග්‍රහණයන් කෙතරම් ද යන්න තේරුම් ගැනීම පහසු කරවනු පිණිසය.

පසුගිය සියවසට සාපේක්ෂව අද ලෝකය බරපතළ වසංගත රෝග හෝ බෝවන රෝග නිසා මිනිසුන් සිය දහස් ගණනින් මිය යන්නේ නැත. සාගත තත්වයන් නිසා මිනිසුන් ලක්ෂ ගණනින් මියයන්නේ නැත. මහා යුද්ධ නිසා මිනිසුන් මිලියන ගණනින් මිය යන්නේ ද නැත. පසුගිය සියවසේ සිදු වූ වසංගත හා සාගත තත්වයන් කෙටි කලක් තුළදී මැඩලීමට,ගත් තැත වෛද්‍ය විද්‍යාවේ සෞඛ්‍ය සේවාවන්ගේ දියුණුව හා කෘෂිකාර්මික පලදායිතාවය නිසා බොහෝදුරට සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇත. තාක්ෂණික හා ඉංජිනේරුමය මෙවලම් හේතුවෙන් මේ දේවල් පිමි ලෙසින් වර්ධනය වුණි.

සිවිල් යුද්ධ හා රටවල් අතර යුද්ධ තවමත් මුළුමනින්ම නිමාවී නැතත් නූතන ගෝලීය සන්දර්භය තුළ යුද්ධ යනු තවදුරටත් එහි නියැලෙන පාර්ශ්වවලට පමණක් විනාශය ගෙනදෙන එකක් නොවන බැවින් එනම් ලෝකයම එහි ප්‍රතිවිපාකවලට ගොදුරුවන බැවින් එවන් යුද්ධවලට ඇති විභවය බෙහෙවින් හීන වෙමින් පවතී. දේශපාලන අරමුණු වෙනුවෙන් සන්නද්ධ අරගලවල නියැලෙන ව්‍යාපාර වේගයෙන් හැකිලෙමින් ඇත. අද අවි දරන්නේ ආගමික උන්මත්තකයින් පිරිසක් පමණි. ආගමික උමතුව නිසා Delusion හෙවත් මායාව නම් තත්වයට ගොදුරුවූ පිරිසක් හා ඔවුනට එකතු වූ පරපීඩන කාමී වියරු, මානසික ආබාධ තත්ත්වයන් සහිත පිරිසක් හැරුණුවිට අනාගත ලෝකය සංග්‍රාමික අවදානම අඩු ලෝකයක් වනු ඇත.

ලෝකයේ දුප්පතුන් සංඛ්‍යාව වේගයෙන් අඩුවෙමින් ඇත. ජීවිත සුරක්ෂිතතාව පසුගිය සියවසට වඩා යහපත් කොට ඇත්තේ විද්‍යාවේ ජයග්‍රහණ විසිනි.

ඉහත කී ප්‍රධාන ව්‍යසන තුනට අමතරව ස්වභාවික විපත්වලින් පවා පසුගිය සියවසේ මිනිසුන් ලක්ෂ ගණනින් මියගොස් ඇත. පසුගිය සියවස මුලදී චීනයේ ඇතිවූ බරපතළ ගංවතුර තත්වයකින් පවා එසේ දස-දහස් ගණනින් මිනිස්සු මියගියහ. මේ සියවසේ ලක්ෂ 3 කට ආසන්න ජීවිත ගොදුරු කරගත් එවන් බරපතළ ස්වභාවික ව්‍යසනයක් ලෙස තවම අප මුහුණ දී ඇත්තේ 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයටය. ඉදිරියේදී සුනාමි ව්‍යසනයකින් වියහැකි ජීවිත හානිය අවම කරගැනීමට විද්‍යාව විසින් අනතුරු ඇඟවීමේ මෙවලම් අපට තනා දී ඇත. අපට බරපතළ, දුර අනාගත ව්‍යසනයක් ලෙස ඇති අවදානම වන්නේ, හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් ධ්‍රැව ප්‍රදේශවල අයිස් කඳු දියවීමේ ගැටලුවයි. මීට අදාළ ගෝලීය ඒකාබද්ධ ආරක්ෂණ ක්‍රියා මාර්ග පමා වී ඇත්තේ අමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුග්ධ අදහස් හේතුවෙනි.

නූතන දියුණුවේ එක් ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ ආයු කාලය වැඩිවෙමින් ඇති අතර ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද වනවිට මීට වසර 10 කට පෙර තිබු සංඛ්‍යාව මෙන් සිවු ගුණයකින් වර්ධනය වී ඇත. චීනයේ අද දවසේ තත්ත්වය ගත්විට අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10,000 පමණ වන බවට වාර්තා වන අතර වසර 2050 වනවිට එම සංඛ්‍යාව 4,50,000 තරම් විශාල අගයක් වේ යැයි ඇස්තමේන්තු කොට ඇත. ලෝකය ඉදිරියට යන්නේ එපරිද්දෙනි.

ඇත්තෙන්ම විද්‍යාවේ ජයග්‍රහණ නිසා සමාජ යුක්තිය විෂයයේ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර සමාජ සාධාරණත්වය උදෙසා ලේ හලන විප්ලව අවශ්‍ය නොවන සන්දර්භයක නිර්මාණය වී ඇත. නුදුරු කාලයේදීම කෘෂිකාර්මික විප්ලව, කාර්මික,තාක්ෂණික විප්ලව, හරිත විප්ලව හා නැනෝ විප්ලව විසින් ඉදිරි සියවස විශ්මය ජනක ලෙස වෙනස් කරනු ඇත. මෙයට බාධා පමුණුවන ජාතිවාදී හා ආගම්වාදී පසුගාමිත්වයන් පරාජය කිරීම පමණක් දේශපාලන ලෝකයෙන් අපි අපේක්ෂා කරමු.

ණය ගත්තෝ සහ ගෙවන්නෝ

$
0
0
ජුනි 8, 2018 01:00

 

මේ ආණ්ඩුව විදේශ රටවලින් ණය අරගෙන කළ එක වැඩක් පෙන්වන්න” කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ආණ්ඩුවට අභියෝග කළා. හිටපු ජනාධිපතිවරයාගේ මේ අභියෝගයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්දේ සැබෑ තතු හෙළි කළා පමණක් නොව ඒ ගැන තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස රාජපක්ෂ මහතාට අාරාධනා කළා. ඒත් මුදල් ඇමැතිවරයාගේ මේ අභියෝගයට මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ ප්‍රතිචාරය දැන මේ දක්වා කිසිඳු ආකාරයක සඳහනක් නැහැ.

මේ තත්ත්වය තුළ පවා පාළුගෙයි වළං බිඳින්නා සේ හිටපු පාලකයන් රට පුරා තැන තැන යමින් මහා ණය අර්බුදයක් රට හමුවේ ඇති බව හා වත්මන් ආණ්ඩුව විදේශ රටවලින් ණය අරන් කළ දෙයක් නැති බව කියමින් ජනතාව මුලා කරමින් සිටිනවා. මෙහිදී ඉතාම පැහැදිලිව හිටපු පාලකයන් උත්සාහ කරන්නේ වත්මන් ආණ්ඩුව විසින් ලබා ගන්නා විදේශ ණය දූෂණයට (සොරා කෑමට) ලක් වන බව සහ තමන් විසින් ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති (හම්බන්තොට වරාය- මත්තල ගුවන්තොටුපොළ ආදි) විකුණා දමමින් මුදල් සොයා ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නා බව ජනතාව හමුවේ අවධාරණය කිරීමටයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ හිටපු පාලක හවුල කියන කතාවට සම්පූර්ණයෙන්ම පටහැනි කතාවක් භූමිය තුළ සිදුවීමයි. මේ සඳහා අපට ආසන්න උදාහරණයක් වෙත ප්‍රවේශ විය හැකියි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා රජයේ පොහොර සහනාධාරය සම්බන්ධයෙන් සුවිශේෂ හෙළිදරව්වක් කළා. ඒ පසුගිය ආණ්ඩුව විිසින් පොහොර සමාගම්වලට ණය වී ගෙවීම පැහැර හැර තිබූ රුපියල් මිලියන 48,000ක මුදලින් රුපියල් මිලියන 36,000ක් පසුගිය තෙවසර තුළ ගෙවා දැමීමට වත්මන් ආණ්ඩුවට සිදු වූ බවයි. ඒ අතර මේ වසරේ පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 33,000ක් රජය විසින් වෙන්කර තිබෙන බව ද කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කළා.

නොගෙවූ පො‍ෙහාර බිල

මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ණය පමණක් නොව දේශීය ණය පවා වත්මන් ආණ්ඩුව විිසින් නිර්ලෝභීව ගෙවා දමමින් සිටින බව පැහැදිලි කරන කදිම උදාහරණයක්. මෙහිදී අපි තවත් කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ මෙරට ගොවි ජනතාව දිනා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කළ දැවැන්තම වැඩපිළිවෙළ වන්නේ ද පොහොර සහනාධාර වැඩසටහනයි. 2005 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ මේ වැඩපිළිවෙළ මගින් මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුණේ රුපියල් 350ක් වැනි මිලකට වී ගොවීන්ට පොහොර ලබාදීමටයි. මේ ඡන්ද පොරොන්දුව 2006 වසරේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් මහින්ද රාජපක්ෂ මහතාට ගොවි ජනතාව අතර දැවැන්ත ප්‍රතිරූපයක් හා ඡන්ද පදනමක් ගොඩනගා ගැනීමට පහසු අවස්ථාවක් ලැබුණා. ඒ බව පසුගිය සෑම මැතිවරණයකදීම මනාව පැහැදිලි වුණේ ගොවි ජනපද, මහවැලිය හා උදාගම් බිහිකළ එජාපයට රජරට ඇතුළු කෘෂිකාර්මික ප්‍රදේශවලින් පසුගිය කාලය පුරාම දැවැන්ත පරාජයක් උරුම කර දෙමිනුයි.

එහෙත් මේ වන විට අප හමුවේ නිරාවරණය වෙමින් පවතින කටුක සත්‍යය වන්නේ පොහොර සහනාධාරයට මුවා වී ගොවි ජනතාවගේ ඡන්දය ලබාගත් හිටපු පාලකයන් තමන්ට ඡන්ද ඉල්ලමක් වූ පොහොර සහනාධාරය සඳහා පොහොර සමාගම්වලින් ලබාගත් පොහොර සඳහා ද මුදල් ගෙවා ගත නොහැකිව සිටි බවයි. අද ඒ ණය කන්දත් ගෙවා දැමීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවටයි.

මේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්ද වත්මන් ආණ්ඩුව විසින් ගෙවා දමන එක් උදාහරණයක් පමණයි. තවත් මෙවැනි උදාහරණ සිය දහස් ගණනක් අපට ලබාදිය හැකියි.

විදේශ ණය කන්ද ගෙවන හැටි

තමන් විසින් විවිධාකාර දේශීය සමාගම්වලට හා බැංකුවලට ණය වී ඇති ණය කන්ද වත්මන් ආණ්ඩුව විසින් නිර්ලෝභීව ගෙවමින් සිටින ආකාරය ගැන එකඳු වචනයක් කතා නොකරන හිටපු පාලකයන් ජනතාව මුලා කරන්නේ වත්මන් ආණ්ඩුව දැවැන්ත ලෙස විදේශ ණය ලබා ගනිමින් රට ආගාධය කරා තල්ලු කරමින් සිටින බවටයි. ඒ ණයවලින් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන බවටයි. එහෙත් මේ කතා කොතරම් සාවද්‍ය ඒවා ද යන්න ගැන ඉතාම පැහැදිලි හෙළි කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව පරිශීලනය මගින් අපට කළ හැකියි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව අනුව 2017 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය එ.ජ. ඩොලර් මිලියන 51,824ක් වෙනවා. එය 2016 වසරට සාපේක්ෂව (46,418) ඩොලර් බිලියන 5.4ක ඉහළ යාමක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මිළඟට මතුවන ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව මේ තරම් ණය ලබාගෙන සිදුකළේ කුමක්ද ? යන්නයි. ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා පිළිතුරු දී තිබුණා. එහිදී ඇමැතිවරයා ඉතාම පැහැදිලි මූලාශ්‍ර මගින් හෙළි කළේ 2017 වසරේදී විදේශ රටවලට ගෙවීමට තිබූ ණයවලින් සියයට 75ක්ම මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදු වූ ඒවා බවයි.

මේ සමඟ මුදල් ඇමැතිවරයා තවත් කරුණක් හෙළි කළා. ඒ ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දැවැන්තම විදේශ ණය ප්‍රමාණය ගෙවීමට නියමිතව සිටින්නේ මේ 2018 වසරේදී බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 2845ක් විදේශ ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ මුදලින් ඩොලර් මිලියන 1789ක්ම මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් ණය සඳහා සිදුකළ යුතු ගෙවීම් වශයෙන් සැලකෙනවා. ඒ අනුව 2018දී ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙවීමට නියමිත විදේශ ණයවලින් සියයට 63කට හිමිකම් කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි.

“මේ ආණ්ඩුව විදේශ ණය අරගෙන මොකක්ද කරන්නේ ?” “අපි හදපු දේවල් විකුණාගෙන කනවා” ආදි සාවද්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවන හිටපු පාලක හවුල විසින් ගොඩගැසූ මේ ණය කන්දේ කූඨප්‍රාප්තිය සිදුවන්නේ 2019දී බවයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. ඒ 2019දී ශ්‍රී ලංකාව විසින් වාර්තා ගත විදේශ ණය මුදලක් ගෙවීමට නියමිත නිසයි. එය අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ඩොලර් බිලියන 4.2න් ඩොලර් මිලියන 3315ක්ම (සියයට 77ක්) මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් ණය සඳහා වන ගෙවීම්වීමයි.

යහපාලනයේ ණය බර

මේ සමඟ අපි යහපාලන ආණ්ඩුව විසින් පසුගිය තෙවසර තුළ ලබාගත් ණය ගැන අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2015-17 තෙවසර තුළ ආණ්ඩුව විසින් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1200ක්. මේ ඩොලර් මිලියන 1200න් ඩොලර් මිලියන 600ක් ලබාගෙන තිබෙන්නේ ව්‍යාපෘති සඳහා ණය දෙන සංවිධාන මා ද්විපාර්ශ්වික පදනම මත සහනදායී ව්‍යාපෘති ණය වශයෙනුයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ණයවලින් සියයට 48ක් වැයකර ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ ලබා ගෙන තිබූ ණය ආපසු ගෙවීම සඳහා වීමයි.

ණය අරගෙන කළ දේවල්

“මේ ආණ්ඩුව අලුතින් ආරම්භ කළ එක සංවර්ධන ව්‍යාපෘතියක් පෙන්වන්න” යැයි අභියෝග කරන පසුගිය පාලකයන්ට මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරය, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම පළාත් අධිවේගී මාර්ගය නොපෙනී යාමට හැකියාවක් නැහැ. එහෙත් දේශපාලන කුහකත්වය හා අවස්ථාවාදීකම මත මෙවැනි අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටේ සිදුවන බව කටක් ඇර ජනතාව හමුවේ පිළිගැනීමට තරම් අවංකභාවයක් සහ හෘද සාක්ෂියක් හිටපු පාලකයන්ට නැහැ. මේ තත්ත්වය දේශපාලන අවස්ථාවාදය ඉක්මවා ගිය දේශපලන කුහකත්වයක් ලෙස හැඳින්විය හැකියි.

ඒත් අවස්ථාවාදී දේශපාලනඥයන් නොව ඔවුන් කියන දේ අන්ධභක්තියෙන් විශ්වාස කරන පොදු ජනතාවගේ හිතසුව පිණිස 2017 වසර තුළ විදේශ ණය මගින් මූල්‍යනය කළ ප්‍රධාන ව්‍යාපෘති සහ ඊට වැය වූ මුදල් ගැන හෙළි කිරීමක් කළ යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව (පිටුව 174, සංඛ්‍යා සටහන 5:10) අනුව 2017දී විදේශ ණය වශයෙන් (ව්‍යාපෘති) ඩොලර් මිලියන 1535ක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. එයින් ඩොලර් මිලියන 491ක් ප්‍රදානය කර තිබෙන්නේ චීන අපනයන - ආනයන සංවර්ධන බැංකුව විසින්. මේ මුදලින් ඩොලර් මිලියන 316ක් වැය කර තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 1,2 හා 4 වැනි කොටස් දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සඳහායි. ඒ අතර පිටතට වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වැනි අදියර සඳහා ඩොලර් මිලියන 79ක් ද, හම්බන්තොට කේන්ද්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 59ක් ද, මහ කුරුණෑගල ජල සම්පාදන හා මළාපවාහන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 18ක් ද වැය කර තිබෙනවා.

චීන අපනයන- ආනයන බැංකුවෙන් ලබාගත් ඉහත සඳහන් ඩොලර් මිලියන 491කම වැය කර තිබෙන්නේ අදත් මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම ගරුත්වය ලබා ගන්නා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හම්බන්තොට කේන්ද්‍ර නගර සංවර්ධනය වෙනුවෙනුයි. මේ තත්ත්වය මහාමාර්ග සංවර්ධන අධිකාරිය විසින් ද පසුගියදා යළිත් තහවුරු කළා. එම අධිකාරියට අනුව මහින්ද රාජපක්ෂ යුගයේ දැවැන්තම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසේ ඉදිකිරීම් සිදුවන්නේ වත්මන් ආණ්ඩුව යටතේ. මහින්ද රාජපක්ෂ යුගයේදී මෙන් එක් එක් කොටස් වශයෙන් නොව එකවර අදියර හතරක් යටතේ එකවර ඉදිකිරීම් සිදුවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්යේ ඉදිකිරීම් ද එකවර අදියර දෙකක් යටතේ සිදුවෙනවා. කෙරවළපිටිය දක්වා දිගු කරමින් පවතින පිටත වටරවුම් මාර්ගය ද ඇතුළුව අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල මුළු දුර ප්‍රමාණය මහින්ද රාජපක්ෂ යුගය ඉක්මවා යන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල අයිතිය සින්නක්කරවම මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන විට ලංකාවේ සෙසු මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාට දැවැන්ත වටිනාකමක් ලබාදීමට ඇතැමුන් නොමසුරු වෙනවා. ඒ අතර වත්මන් ආණ්ඩුව විසින් තැනූ බෝක්කුවක් හෝ පෙන්වන ලෙස අභියෝග ද කරනවා. මේ ඊනියා අභියෝගයන්ට නිසි පිළිතුරු මහ බැංකු වාර්ෂික වාර්තාව සංඛ්‍යා ලේඛන සමඟම දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුව 2017 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 360ක් විදේශ ණයවලින් වැඩි ප්‍රමාණයක් වැයකර තිබෙන්නේ මාර්ග සංවර්ධනය සඳහායි. ඒ අනුව ඒකාබද්ධ මහාමාර්ග ආයෝජන වැඩසටහන, පිවිතුරු බලශක්ති සහ ප්‍රවේශය වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා වූ ණය පෙළ, අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන ආදි ව්‍යාපෘති සඳහා පසුගිය වසරේ මේ විදේශ ණය මුදල් ලබාදී තිබෙනවා.

මෙහිදී යළිත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත අප අපගේ අවධානය යොමු කළ යුතුයි. මාර්ග සංවර්ධන අධිකාරිය පසුගිය 06 වැනිදා නිකුත් කළ මාධ්‍ය වාර්තාවක දැක්වුණේ මහාමාර්ග සංවර්ධනය සඳහා 2018 වසරට පමණක් රුපියල් මිලියන 169,000ක් වෙන් කර ඇති බවයි. එයින් රුපියල් මිලියන 84,000ක් මහා භාණ්ඩාගාරයෙන් ද රුපියල් මිලියන 85,000ක් විදේශ ආධාර වශයෙන් ද ලැබී ඇති බව හා ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති 32ක් මේ වන විට රටපුරා ක්‍රියාත්මක වන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පසුගිය 2017 වසරේදී ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ලබාගත් ව්‍යාපෘති ණයවල වටිනාකම ඩොලර් මිලියන 207ක් වෙනවා. එමගින් දෙවන සෞඛ්‍ය අංශය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, ජල සම්පාදන සහ සනීපාරක්ෂාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, වේලි ආරක්ෂාව සහ ජල සම්පත් සැලසුම් කිරීමේ ව්‍යාපෘතිය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, කළමනාකරණ හැකියා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය (01 කොටස) සඳහා මුදල් ලබාදී තිබෙනවා.

ජපානයෙන්-ඉන්දියාවෙන් ආධාර

ජපාන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලිය 156 වැය කර තිබෙන්නේ මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් අලාභ අඩු කිරීමේ ව්‍යාපෘතිය, කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ ජාතික මාර්ග පද්ධතියේ ප්‍රධාන පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහායි. “මේ ආණ්ඩුව ණයට ගත් මුදල්වලින් ගමක බෝක්කුවක්වත් ඉදිකර නැතැයි” වහසි බස් දොඩවන හිටපු පාලකයන්ට මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය ඇස් දෙකෙන්ම දැකබලා ගත හැකියි.

ඉන්දීය රජය විසින් ලබාදුන් ඩොලර් මිලියන 62ක ව්‍යාපෘති ණයවලින් ආණ්ඩුව උතුරු පළාත් දුම්රිය සේවය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සහ මුහුදු තීරය ආරක්ෂා කිරීම සඳහා නැව් දෙකක් ප්‍රසම්පාදනය කිරීම කළා. ඒ අතර ඩොයිෂ් බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 35ක ව්‍යාපෘති ණය මුදල වෙන් කර තිබෙන්නේ වානේ පාලම් 537ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙනුයි. හම්බන්තොට නගරය තුළ ගුවන් පාලම් 12ක් ඉදිකළත් පෑලියගොඩ, නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාලම්වල ඉතිරි අඩ නිම කිරීමට නොහැකි වූ රාජපක්ෂ ආණ්ඩුවට රට පුරා වානේ පාලම් 537ක් ඉදිවන ආකාරය දැන් දැකබලා ගත හැකියි.

මේ අතර කැල්යොන් ක්‍රෙඩිට් අග්රිකොල් විසින් ලබාදුන් ඩොලර් මිලියන 28 වැය කරමින් මහ මාතලේ ජල සැපයුම් ව්‍යාපෘතිය ද ස්පාඤ්ඤය විසින් ලබාදුන් ඩොලර් මිලිය 25න් ගුවන් පාලම් තුනක් සම්පාදනය කිරීමට ද ආණ්ඩුව පසුගිය 2017දී පියවර ගත්තා.

ඉහතින් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විසින් පසුගිය 2017දී විදේශ ණය මගින් රටපුරා ක්‍රියාත්මක කළ සංවර්ධන කාර්යයන්හි ශේෂ පත්‍රය පමණයි. මේ සංවර්ධන ව්‍යාපෘති දෙස බැලූ විට අපට පහසුවෙන් අවබෝධ වන්නේ අදත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ජීවිත බුක්තියට ලියාගෙන තිබෙන බොහෝ සංවර්ධන ව්‍යාපෘති අදත් ක්‍රියාත්මක වන්නේ වත්මන් ආණ්ඩුව විසින් ලබාගත් ණයවලින්ම බවයි.

මේ තත්ත්වය තුළ “මේ ආණ්ඩුව ණයට ගත් සල්ලිවලින් කළේ මොනවද ?” ප්‍රශ්න කරන හිටපු පාලක හවුලට ලබාදිය හැකි සරල පිළිතුර වන්නේ “ඔබ විසින් කාබාසිනියා කළ ජාතික ආර්ථිකය යළි නගාසිටුවමින් ද ඔබ විසින් ගිල දැමූ කෑමවල බිල ද අප විසින් නිර්ලෝභීව ගෙවමින් සිටින අතර රටට, ජනතාවට දැනෙන ප්‍රදර්ශනකාමයෙන් තොර තිරසර සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

සටහන- භාතිය බරුකන්ද 

පොත්, සබන් සහ ගෙදර උදවිය

$
0
0
ජුනි 8, 2018 01:00

ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර. සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.

“ආණ්ඩුවත් ‘පැරණි වමත්’ බියපත් වීමෙන් වැළැක්වීම සඳහා මේ අධ්‍යාපන කඳවුරු පැවැත්වුණේ අප්‍රකට විදියට. ඒ කාලයේ ගෙදරක සාකච්ඡාවක් හෝ අධ්‍යාපන පංති පවත්වන්න පොලීසියෙන් අවසර ගන්න අවශ්‍ය වුණේ නැහැ. කඳවුරු පවත්වද් දී ආරක්ෂක පියවර ගන්න අපිට සිද්ධ වුණා. ආර්ථික සම්පත් හිඟකම අපිට තදින්ම දැනුණා. කඳවුරට සහභාගි වුණු 25-30 අතර පිරිසට උදේ ආහාර වේල ගන්න වුණේ පුංචි කාමරේක හිර වෙලා. උදේ ආහාරයට සාමාන්‍යයෙන් ලැබුණේ තේ කෝප්පයක් විතරයි. බොහෝ විට බර ආහාර ලැබුණෙ දවසකට දෙසැරයයි. කඳවුරු දේශන හැම එකක්ම කළේ විජේවීර සහෝදරයා. කෑම වෙලාවල් ඇරුණාම මේ දේශන බොහෝ විට දවසකට පැය17-18 ක් දික් වුණා. කඳවුරේ අයගේ නින්ද පැය පහකට සීමා වුණා. අධ්‍යාපන කඳවුර පැවැත්වුණ දවස් හතේම කාටවත් නාන්න පුළුවන් වුණේ නැහැ.”

එකී දුෂ්කර අත්දැකීම් ඇතැම් විටෙක ජ.වි.පෙ. සාමාජිකයන්ට මැගසින් බන්ධනාගාර ජීවිතයේ දුෂ්කරතා අමතක කරන්නට හෝ ඉවසා සිටීමට හෝ උපකාරී විය.

අත්අඩංගුවට මස දෙකක් පමණ ඉක්මවී තිබිණි.

බෝපගේ ගේ මෙන්ම බොහෝ දෙනෙකුගේ මාපියන් ඇතුළු සමීපතමයන් සිතා සිටියේ අතුරුදහන්ව ඇති සිය දරුවන්, මාපියන්, හිතවතුන් මරාදමා ඇති බවයි.

එසේ සිතීමට තරම් සාධාරණ හේතු බොහෝ විය. මහ මඟ මරා පුළුස්සා තිබූ තරුණ මළ සිරුරු අහිමි වූ සිය සමීපතමයන්ගේ බව ඔවූහු සිතුහ. ගංගා දිගේ ගසාගෙන ගිය වධ බන්ධනයට ලක් කළ තරුණ මළ සිරුරු පිළිබඳ තොරතුරු ලද විට ඒ තමන්ගේ අය බව සිතුහ.

“අත්අඩංගුවට අරගෙන මාස දෙකක් විතර යනතුරු මං ගැන මගේ මාපියන්ට කිසිම හෝඩුවාක් තිබිලා නැහැ. ඒ අය හිතල තියෙන්නේ මං මැරිලා කියලා. මාස දෙකකට විතර පස්සේ මට ගෙදරට ලියුමක් යවන්න පුළුවන් වුණා. ඒ ලියුම බලලා මං ජිවතුන් අතර කියලා දැනගත්තා. දවසක් තාත්තයි, ලොකු නංගියි මාව බලන්න මැගසින් බන්ධනාගාරයට ආවා.”

එය දිගු කලකට පසු ලයනල් බෝපගේ ට සිය පියාත් ලොකු නංගිත් මුණ ගැසුණු දිනය විය. ඒ හමුව මිනිත්තු පහළොවකටත් වඩා අඩු එකකි.

ඉන් පසුව ක්‍රමයෙන් බොහෝ දෙනෙකුගේ මවුපියන් සහෝදර සහෝදරියන් මැගසින් බන්ධනාගාරයට පැමිණී අතර ඒ අය රැගෙන ආ ආහාර, ඇදුම් පැළදුම් දේශපාලන සිරකරුවන් අතර බෙදා ගැනීම සම්ප්‍රධායක් බවට පත් විය.

ලයනල් බෝපගේ ගේ ලොකු නංගි ඒ වන විට උප තැපැල් ස්ථානාධිපතිනියක ලෙස සේවය කිරීමට රැකියා අපේක්ෂකව සිටියාය. නමුත් ඇගේ සොයුරා‘ජේවිපී කාරයෙකු’බව අදාළ නිලධාරින් දැන සිටි නිසා ඇයට රැකියාවක් ලබා ගැනීම දුෂ්කර විය.ජේවිපී කාරයෙකු’අල්ලා ගැනීමට නොහැකි වූ විට සන්නද්ධ අංශ, ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ව මරා දමූ හෝ අත් අඩංගුවට ගත් බවට තොරතුරු ද බෝපගේලාට අසන්නට ලැබුණි.

මේ අතර මැගසින් බන්ධනාගාරය තුළ පිහිටුවාගත් නව කමිටු මඟින් බන්ධනාගාරයේ පරිසරය සුබවාදී ලෙස වෙනස් කර ගැනීමට බෝපගේලා ට හැකිවිය. මේ කමිටු ජ.වි.පෙ. ක්‍රියාධරයන්ගෙන් පමණක් නොව සෙසු සැකකාර රැදවියන්ගෙන්ද සමන්විත වීමද විශේෂත්වයකි. තිබුණු නීරස තත්ත්වයට වඩා වෙනස්ව ආහාර, ජලය, වැසිකිළි භාවිතය විධිමත් විය.

බන්ධනාගාර ජිවිතයේ තුන්වන හෝ හතර වන මාසය වන විට බෝපගේලාගේ ඉල්ලීම වුයේ පොත් පත්ය. එකී ඉල්ලීම ද පල දැරිණි. බන්ධනාගාර නිලධාරීන් විසින් ඇණවුම් කර සමහර අධ්‍යාපන පොත් පත් බන්ධනාගාර පුස්තකාලයට ගෙනෙන ලදී. තවත් සමහර පොත් පත් තමන් බලන්නට එන ඥාතීන් හරහා ගෙන්වා ගැනීමට අවසර ලැබිණි.

මේ සියල්ල අතර වඩා හොද සබන් පාවිච්චියට ඉඩ ලැබීම රැදවියන්ට මහත් සතුටක් විය.

“අපිට මුලින්ම ලැබුණේ සිරකරුවන් බන්ධනාගාරයේදීම හදපු සබන්. දවස් හතරක් විතර ඒ සබන් ගාපුවම ඇගේ කුෂ්ඨ හැදෙනවා. ඒ හින්ද අපි හොඳ සබන් ඉල්ලලා උද්ඝෝෂණය කළා. ගෙවල්වල අය එන්න පටන් ගත්තාම හොද සබන් ආවා.”

මැගසින් බන්ධනාගාරය අංශ 5 කට බෙදා තිබුණි. එහි තට්ටු දෙකේ ගොඩනැගිලි 3 ක් ද තනි තට්ටුවේ ගොඩනැගිලි 2 ක් ද බන්ධනාගාර කාර්යාලය ද එක් අංශයක බාබර් සාප්පුවක් ද විය. ඊට අමතරව එක් අංශයක P වාට්ටුව නමින් තනි තට්ටුවේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ලක් ද, ඊට අල්ලා වෙනත් අංශයක තනි තට්ටුවේ අධි ආරක්ෂිත ගොඩනැගිලි 2 ක් ද, තවත් අංශයක අධි ආරක්ෂිත ගොඩනැගිලි 2 ක් ද තිබුණේය.මුළුතැන්ගෙය සහ බෙහෙත් ශාලාව වෙනම අංශයකය. සැකකරුවන් රදවා සිටි සෑම ගොඩනැගිල්ලක්ම බෙහෙවින් තදබද විය. බෝපගේ සිට ගොඩනැගිල්ලේ සිරකුටි 20කි. ඒ සෑම කුටියකම හය හත්දෙනා බැගින් රදවා තිබිණි.

මෙකී තදබදය ද සමහර අවස්ථාවල ගැටුම් ඇතිකිරීමට හේතු විය.

සමහර ගැටුම් දේශපාලන ගැටුම්ය. සමහර ප්‍රශ්න ඇතිවුයේ සිදුවීම් සම්බන්ධයෙනි.

ජනතා විමුක්ති පෙරමුණ 1970 මහා මැතිවරණයේ දී එ.ජා.ප. විරෝධී ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණට සහය දුන් කතාව එලෙස මතු වූ අද පවා ඉද හිට මතුවන ගැටලුවකි.

“නැහැ, එහෙම ගැටලුවක් නැහැ.1970 මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි රැස්වීම් පැවැත්වූයේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ පළමුවැනි ප්‍රසිද්ධ ‌දේශනය විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ තිබ්බේ 1970 ජූලිවල විතර. පළමුවැනි ප්‍රසිද්ධ ‌රැස්වීම ‌කොළඹ හයිඩ් පිටියේ තිබ්බේ 1970 අගෝස්තු වේ.1970 මහ මැතිවරණයේ දී සමගි පෙරමුණට සහාය දෙන්න මහින්ද විජේසේකර, ඩී. ඒ. ගුණසේකර වැනි සහෝදරවරු සමගි ‌පෙරමුණේ රැස්වීම්වල කථා කළා.”

ශ්‍රී ල නි ප යට සහයෝගය දීමට ජ.වි.පෙ. ට හේතු තිබිණි.

1969 අවසානයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද ඒකමතික තීරණයකට අනුව ලයනල් බෝපගේ මධ්‍යම කාරක සභා සාමාජිකයකු ලෙස තෝරා ගෙන තිබිණි. ඒ නිසාම 1970 මහා මැතිවරණයේ දී සමගි පෙරමුණට සහයදීම පිළිබදව හොද මතකයක් මෙන්ම වගකීමක්ද ඔහු සතුව ඇත.

"1970 දී මහ මැතිවරණයක් පවත්වන බව රජය නිවේදනය කළාම අපි ඒ ගැන දිර්ඝව සාකච්ඡා කළා.ඒ සාකච්ඡාවල එකගතාවයක් අනුව සමගි පෙරමුණු රැස්වීම්වල අපේ අය කතා කළා. ඒක ඇත්ත.අපි අත් පත්‍රිකා පවා බෙදමින් කොළඹ නගරයේත් ඡන්ද සටන කළා.”

ජනතා විමුක්ති පෙරමුණ 1970 සමගි පෙරමුණට සහය දුන් අරමුණු කිහිපයක් විය.

ජනතා විමුක්ති පෙරමුණ දුටු ආකාරයට ඒ වන විට ලොව පුරා පැතිර යමින් තිබුණේ, නව-යටත් විජිතවාදය යි. එය එතෙක් පැවැති පැරණි යටත් විජිතවාදයට වඩා බෙහෙවින් වෙනස් වූ තත්ත්වයකි.නව-යටත් විජිතවාදීහු ආර්ථික පරාධීනත්වය පමණක් නොව දේශපාලනික, ආගමික, දෘෂ්ටිමය සහ සංස්කෘතික පරාධීනත්වය ද ඇති කළ බව ජ.වි.පෙ. විශ්වාස කළේය.ලංකාව තුළ ඔවුනගේ භූමිකාව සහ උපාය මාර්ග අවබෝධ කර ගන්නටත් ඒවා එළිදරව් කරන්නටත් ඊට එරෙහිව සටන් කරන්නටත් හැකි වන පරිදි එම භූමිකාව සහ උපාය මාර්ග අධ්‍යයනය කිරීමෙන් බලපෑම් කිරීමට ජ.වි.පෙ. ට අවශ්‍ය විය.

විශේෂයෙන්ම ඇමරිකාව මෙම උපාය මාර්ගයෙහි දක්ෂ විය. අධිරාජ්‍යවාදයේ බලවතා ලෙස ඇමරිකාව ඒ වන විටත් බ්‍රිතාන්‍යයෙන් බලය පවරාගෙන තිබුණි. තමන්ට සෘජු ලෙස මැදිහත්වීම් කළ නොහැකි රටවල ආණ්ඩු, ඒත්තු ගැන්වීම මගින් හෝ විවෘත ලෙස හෝ අප්‍රකට ලෙස හමුදා බලය යෙදවීමෙන් හෝ අස්ථාවර බවට පත් කළ බව ජ.වි.පෙ. දැක තිබිණි.50-60 ගණන්වල දී ගෝතමාලාව, ඉරාකය, ඉරානය, ඊජිප්තුව, ප්‍රජාතන්ත්‍රවාදී ජර්මානු සමූහාණ්ඩුව, කොරියාව, බුරුමය, තායිවානය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය, කොන්ගෝව, ගැබොන්, කියුබාව, තුර්කිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ ඉන්දුනීසියාව අස්ථාවර කිරීමට ඇමරිකාව සහාය දුන් බව බෝපගේලාට වැටහිණි.

ඒ සමගම ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ වර්ධනය වන යටත්විජිත විරෝධී ව්‍යාපාරයේ සටන්කාමිත්වය ජ.වි.පෙ. ආශ්වාදයට හේතුවිය.එම යටත් විජිත් විරෝධී ව්‍යාපාරයන්ට ප්‍රතිචාර දක්වමින් අධිරාජ්‍යවාදීන් තමන්ගේම මඟ අනුව යමින් ඒ ඒ රටවල දී දේශීය කණ්ඩායම් පුහුණු කළ අයුරු ද ජ.වි.පෙ. හැදෑරීය. අධිරාජ්‍යවාදීන්ගේ සාර්ථකත්වය රදා පැවතුණේ දේශීයව ඒ ඒ රටවල ප්‍රභූ පැළැන්තියේ සහාය ඇතිව නිර්මාණය කරන ලද මායාවන් මත ආර්ථික පරාධීනත්වය, සූරාකෑම සහ ආදායම් විෂමතාව සඟවාලමිනි. මෙම උපාය මාර්ගය ජ.වි.පෙ. විසින් හැඳින්වූයේ නව-යටත් විජිතවාදය යනුවෙනි.

“ අපේ කදවුරු පංතිවල දෙවැනි පාඩම.‘නිදහස නව-යටත් විජිතවාදී උපාය මාර්ගය’කියන එක. නිදහසට පෙර සහ පසු රටේ පැවැති තත්ත්වයන් සංසන්දනය කිරීම මත එය පදනම් වුණා. යූනියන් ජැක් කොඩිය පහත දාලා සිංහ කොඩිය එසවුවත් ජනතාවට තමන්ගේ දේශපාලන හෝ ආර්ථික නිදහස භුක්ති විඳීමට අයිතියක් නොතිබුණ බව අපි දැක්කා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ යටත් විජිතවාදයට එරෙහිව පැවැති ජාත්‍යන්තර බල තුලනයේ වෙනස්වීම ද මෙම යටත්විජිත තුළ සිදුවෙමින් පැවැති අධිරාජ්‍ය විරෝධී අරගල මාලාව ද මේ සාකච්ඡාවේ දී විස්තර කළා.බ්‍රිතාන්‍ය යටත්විජිත ආයෝජන හා ඵල ප්‍රයෝජන රැක ගැනීම සඳහා උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමෙන් මෙම වර්ධනයන්ට ප්‍රතිචාර දැක්වූ අයුරු ද මෙම පංතියේ දී කතා කළා.”

පැරණි යටත් විජිතයන්හි කාර්මීකරණය සාක්ෂාත්කර ගැනීම උදෙසා සමාජවාදී කඳවුර විසින් අඩු පොලී මත ණය ලබා දුන් අයුරු ද බෝපගේලා මෙම පාඩම්වල දී පෙන්වා දුන්හ.

“ලෝකේ කොහෙදීවත් ධනවාදී බටහිර ජාතීන් නව නිෂ්පාදන කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා කිසිදු ආධාරයක් ඒ කාලයේ ලබා දුන්නේ නෑ. සමාජවාදී රටවලින් ලබාදුන් ණය ආධාර, අධිරාජ්‍යවාදී කඳවුරේ රටවලින් කෘෂි කර්මාන්තය වැනි අනෙක් ක්ෂේත්‍ර සඳහා පිරිනැමූ ණය ආධාර තරම් විශාල නොවුණත් ඒවා ලැබුණේ අඩු පොලියක් යටතේ. ඒ ආධාර ඉතා ඉක්මනින් සැපයුණු නම්‍යශීලී ද වුණා. එම නිසා කම්කරු විරෝධී ප්‍රතිපත්ති සහ ඉහළ පොලී අනුපාත සහිත ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට රටට ණය ලබා ගැනීම සඳහා‘සමාජවාදී’ කඳවුර තෝරාගත යුතු බව අපි විශ්වාස කළා.”

“අනෙක් අතට ඒ වන විටත් ලෝක වෙළඳපල පාලනය කළ ජාත්‍යන්තර ප්‍රාග්ධනය, වෙළඳ භාණ්ඩ මිල ගණන් මෙන්ම නැව් ගාස්තු ද නියම කළා. අධිරාජ්‍යවාදී කඳවුරෙන් ආනයනය කරන වෙළඳ භාණ්ඩවල මිල සහ නැව් ගාස්තු නොකඩවා ඉහළ ගියා. ඊට සමානව සංවර්ධනය වන රටවලින් අපනයනය කෙරුණු වෙළඳ භාණ්ඩවල මිල නොකඩවා පහත වැටුණා. ඔය කාලේ අපි තේ, පොල් සහ රබර් වෙළඳාමෙන් යැපෙන ආර්ථිකයක් සහිත රටක් නිසා රටක් විදිහට අත්වන ඉරණම අපි දැක්කා.”

වතු ජනසතු කිරීම, සැබෑ ලෙස වතු ප්‍රතිසංස්කරණය කිරීම, එතෙක් රට තුළ සිටි සියලුම අධිරාජ්‍යවාදී දේශපාලනික සහ සංස්කෘතික නියෝජිතයින් රටින් නෙරපා දැමීම, බැංකු සහ ඒවායේ නියෝජිත ආයතන ජනසතු කිරීම සමගි පෙරමු‌ණේ මැතිවරණ පොරොන්දු අතර ප්‍රධාන විය.

“සමගි පෙරමුණ බලයට පත්වූ පසුව සත්‍ය ලෙසම සමාජවාදී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට අපි ඉල්ලීම් කළා.ඊට සමාන්තරව මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන සමයේ දී ව්‍යාපාරය විසින් එම ඉල්ලීම්වලට සහාය පළ කෙරෙන පෝස්ටර් සහ සටන් පාඨ හඳුන්වා දුන්නා. ඒවාට රට තුළ විශාල ප්‍රසාදයක් ඇති වුණා. ඒ නිසාම ක්‍රමයෙන් එතෙක් පැවැති සම්ප්‍රදායික වම අපිට එරෙහි වුණා. ඒ අය අපිව දැක්කේ තර්ජනක් විදිහට.”

 

සිසිර යාපා

සඳුදා තාත්තාගේ කොඩියේ දේශපාලන පාඩම...

මොකක්ද මේ HTTPS?

$
0
0
ජුනි 9, 2018 01:00
තඹරු විජේසේකර

ගූග්ල්, ෆේස්බුක් වගේ වෙබ් අඩවිවලට පිවිසුණාම බ්‍රවුසර් එකේ ඉහළ කෙළවරේ වෙබ් ලිපිනය ඉදිරියෙන් https://ලෙස කොළ පැහැති කොටසක් තිබෙනු ඔබ දැක ඇති. සාමාන්‍ය වෙනත් වෙබ් අඩවියකට ගියාම එම කොටස කළු පැහැයෙන් http://ලෙස හෝ එවැන්නක් නොමැතිව හුදෙක් වෙබ් ලිපිනය පමණක් තිබෙනු ඔබ දැක ඇති. මෙම වෙබ් ලිපිනයක ඉදිරිපස කොටස හඳුන්වන්නේ ප්‍රොටෝකෝලය කියායි. එමඟින් අදහස් වන්නේ වෙබ් ලිපිනයකට හෝ ගොනුවකට පිවිසෙන්නට භාවිත කරන ක්‍රියා පිළිවෙතයි. file://,ftp://ආදී ලෙස වෙබ් ප්‍රොටෝකෝල් ගණනාවක් තිබෙන අතර නිතර දකින්නට ලැබෙන http සහ httpsහි ඇති මේ කුඩා “s” අකුරේ බලය කොතෙක්දැයි මේ කියැවුම අවසානයේ ඔබට වැටහේවි.

HTTP ලෙස හඳුන්වන්නේ හයිපර් ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆ(ර්) ප්‍රොටෝකෝල් (HyperText Transfer Protocol) හෙවත් අධිලේඛ හුවමාරු මූලලේඛය යන්නයි. අධි ලේඛයක් කියන්නේ අපි සාමාන්‍ය Word වැනි මෘදුකාංගයක ටයිප් කරන අකුරුයි. ඒවා ක්ලික් කළ විට තවත් වෙබ් පිටුවක් විවෘත වන ආකාරයට හයිපර්ලින්ක් (hyperlink) ආදිය යොදා සවිබල ගැන් වූ විට සහ එය රචනා කරන්නට HTML නමැති කේත භාෂාව යොදා ගත් විට එය අධි ලේඛයක් බවට පත් වෙනවා. එවන් ආකාරයේ අධි ලේඛ හුවමාරු කිරීමයි වෙබ් බ්‍රවුසරයෙන් සිදු වන්නේ. සර්වරයක තිබෙන අධිලේඛ ගොනු අපේ පරිගණකයේ පෙන්වීමයි එහි රාජකාරිය. නමුත් එලෙස ගොනුවක් පෙන්වීම ගැටලුවක් නොවුණත් අපේ පෞද්ගලික දත්ත; යූසර්නේම්, පාස්වර්ඩ් වගේ දේවල් එහෙම ආපු අධි ලේඛයකට දීලා ආයෙ පිටත් කරද්දි ඒවා එලෙසම සර්වර් එකට යවද්දි තෙවන පාර්ශවයකට හෙවත් හැකර් කෙනෙක්ට අපේ දත්ත සොරගන්න අවස්ථාව ලැබෙනවා. තවත් විධියකට ඒක කිව්වොත් මෙහෙමයි. අපි යුද්ධ රහසක් ගමේ තැපැල් මාමා අතේ යහළුවෙක්ට යවනවා. ඒ යවන්නෙ, ඇති සැටියෙන් සුද්ධ සිංහලෙන්. අතරමඟදී අපේ සතුරෙක් තැපැල් මාමාගෙන් ලියුම උදුරාගෙන බලනවා. දැන් ඉතින් අපිට වෙන්නේ යුද්ධෙට ගෙනා කඩුවෙන් කොස් කොටන්නටයි.

ස්ථාන දෙකක් අතර සන්නිවේදනය අන්තර්ජාලය නමැති මහේක්ෂය තුළ ඉතා ආරක්ෂාකාරීව කරන්නට අවශ්‍ය වෙනවා. මේ නිසා ආකේතනය (encryption) නමැති ක්‍රමවේදයක් භාවිත කරනවා. එහිදී පණිවුඩය සමඟ යතුරක් පාවිච්චි කරනවා. මෙහිදී, අපි සහ මිතුරා පමණක් ‘2’ කියන අංකය යතුරක් ලෙස මුණ ගැහුණු අවස්ථාවකදී කතා වෙනවා. ඊට පස්සේ අපි ලිපි හුවමාරු කරද්දි අපි ලියන සෑම අකුරක්ම තවත් අකුරු දෙකකින් ඉදිරියට අරගෙන තමයි යවන්නේ. උදාහරණයක් විධියට අපි “දිනමිණ” කියන වචනය මිතුරාට යවන්න අවශ්‍ය නම් එය යවන්නේ සිංහල හෝඩියේ අකුරු අනුපිළිවෙලින් ඉදිරියට යවමින් “නිඵරිථ” කියායි. ‘දි’ යන්නට පසු ධ අතහැර අපි ‘න’ යොදනවා. ‘න’ යන්නට පසු අකුරු දෙකක් ඉදිරියෙන් ඇති ප, අතහැර ‘ඵ’ යොදා ගන්නවා. මෙලෙස අපිට සම්පූර්ණ ලියුමම ආකේතනය කරන්න පුළුවන්. නමුත් යතුර දන්නේ නැති නිසා හොරෙන් කියවන කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. ජුලියස් සීසර් රජු සමයේ යුද්ධ පණිවුඩ යැවුණේ මේ ආකාරයටයි. නමුත් පරිගණක ආකේතනය ඊටත් වඩා සංකීර්ණ ආකාරයටයි සිදු වන්නේ. මේ නිසා හුදෙක් ඇති සැටියෙන් දත්තයක් සංසරණය කරනවා වෙනුවට ආකේතනය කොට ලබන්නාට සහ කියවන්නාට පමණක් බැලිය හැකි සේ දත්ත යැවීම සිදුවෙනවා. වයිබර් සහ වට්ස්ඇප්වල මේ ක්‍රමවේදය භාවිත වන අතර අපේ මැසේජ් අඩු තරමේ වයිබර් සහ වට්ස්ඇප් නිෂ්පාදනය කළ සමාගමට පවා කියවන්නට බැහැ. එය තේරුමක් ඇති අකුරු ලෙස දිස්වන්නේ අපේ දුරකතනයේත්, මිතුරාගේ දුරකතනයේත් පමණයි.

HTTPS හෙවත් හයිපර්ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆ(ර්) ප්‍රොටෝකෝල් සිකියෝ (HyperText Transfer Protocol Secure) යන ආරක්ෂිත දත්ත හුවමාරුව ඉන් අරුත් ගැන්වෙනවා. මේ සඳහා SSL සහ එය වැඩි දියුණු කොට සකසන ලද TLS යන තාක්ෂණයන් දැන් භාවිත වෙනවා. ඒවායෙන් සිදු වන්නේත් ඉහත කී යතුර ජනනය කිරීම, දත්ත ආකේතනය කරන දියුණු ඇල්ගොරිතම ආදී දේවල් සමඟ ආරක්ෂාව තහවුරු කිරීමයි. මෙලෙස ආරක්ෂණය කරන ලද වෙබ් අඩවිවල ලිපිනය ඉදිරියෙන් කොළ පැහැයෙන් https යන්නත්, ඊටත් ඉදිරියෙන් Secure යන වදනත් වෙබ් බ්‍රවුසරයෙන් අපට පෙන්වා මෙම වෙබ් අඩවිය වෙත යැවෙන ඔබේ දත්ත ආරක්ෂිත බවට තහවුරු කර දෙනවා. අතීතයේදී බොහෝ වෙබ් අඩවි සංවර්ධකයන් තමන්ගේ වෙබ් අඩවියේ යූසර්නේම්, පාස්වර්ඩ් ආදිය යොදද්දී https තාක්ෂණය තම වෙබ් අඩවියට ලබා නොදුන්නේ ඒ සඳහා වියදම් කොට සහතිකයක් මිලදී ගැනීමට සිදුවන නිසායි. නමුත් අන්තර්ජාලය තුළ සුලබ වූ සයිබර් ප්‍රහාර හමුවේ 2015දී ගූගල්, ෆේස්බුක් ඇතුළු සමාගම් රැසක් එක්ව ලෙට්ස් එන්ක්‍රිප්ට් (Let’s Encrypt) නමැති සේවාව ආරම්භ කරමින් ඕනෑම කෙනෙක්ට නොමිලේ SSL සහතිකපතක් ලබාගන්නට අවස්ථාව සලසා දුන්නා. ඒ හරහා තම වෙබ් අඩවිය තුළින් ගොඩනගන සබඳතා ආකේතනය කොට ඒවා සහතික කරන ලද අනන්‍යතාවයක් වෙබ් බ්‍රවුසරය වෙත යවා එය සත්‍යාපනය කරවා ගන්නට හැමටම අවස්ථාව ලැබුණා.

ඒ අනුව වෙබ් අඩවියකට පිවිසීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම සාධකයක් බවට එය සතුව https:// ලෙස ඇතිදැයි බැලීම අත්‍යාවශ්‍ය වෙනවා. එසේම වෙබ් බ්‍රවුසරය විසින් එය කොළ පාටින් පෙන්වන අවස්ථාවන් මිස රතු පැහැයෙන් හෝ මැදි කපන ලද ඉරක් සහිතව දක්වනවා නම් https තිබුණත් එය විශ්වාසදායී සබඳතාවක් බවට පත්වන්නේ නැහැ. එවන් අනාරක්ෂිත වෙබ් අඩවියකට ඊමේල් ලිපිනය, මුරපද, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ඇතුළු අනෙකුත් සංවේදී පෞද්ගලික තොරතුරු ලබා දීම භයානකයි. එපමණක් නොව, https මාදිලි කිහිපයකින් දකින්නට ලැබෙනවා. ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයෙන් ඔබ google.lk වෙත පිවිසුණහොත් එහි පෙන්වන්නේ හුදෙක් Secure යන වදන පමණයි. නමුත් ඔබ ලංකාවේ ප්‍රමුඛ පෙළ බැංකුවක වෙබ් අඩවියකට (හෝ එහි ඔන්ලයින් බෑන්කිං වෙත) පිවිසුණහොත් එහි ඒ වෙනුවට බැංකුවේ නම තිබෙනු දකින්නට පුළුවන්. මින් අදහස් වන්නේ එම වෙබ් අඩවියට SSL සහතිකපත නිකුත් කිරීමේදී ආයතනයේ භෞතික තැපැල් ලිපිනය ද තහවුරු කොට වඩාත් ආරක්ෂණය, විශ්වාසදායී බව තහවුරු කොට ඇති බවයි. එවන් වෙබ් අඩවියකට ක්‍රෙඩිට් කාඩ් දත්ත ලබා දීමට කිසිසේත් බියවිය යුතු වන්නේ නැහැ. මින්පසු ඔබ වෙබ් අඩවියකට පිවිසීමේදී මුලින්ම එහි වසම් නාමය (domain) ඉදිරියෙන් ඇති https ප්‍රොටෝකෝලය කොළ පැහැතිදැයි බලාවි. එහෙම නේද?

බදු හබ මැද ජී හත

$
0
0
ජුනි 9, 2018 01:00

ජී.7 හෙවත් හත්දෙනාගේ කණ්ඩායමේ වාර්ෂික සමුළුව කැනඩාවේ, ක්විබෙක් ප්‍රාන්තයේදී ඊයේ ආරම්භ විය. එය අද ද පැවැත්වේ. ජී.8 යනුවෙන් කලින් හැඳින්වුණු ලෝක කාර්මික බලවතුන්ගේ මෙම එකතුව 2014 මාර්තු මාසයේදී රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවීමත් සමඟ ජී.7 බවට පත්විය.

ජී. 8ට වසර 40ක ඉතිහාසයක් තිබේ. මෙවර පැවැත්වෙන්නේ 44 වෙනි සමුළු වාරයයි. 1981න් පසු කැනඩාවේදී එය පැවැත්වෙන 6 වැනි වතාව මෙයය. අමෙරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය සහ කැනඩාව යන රටවල් එහි සාමාජිකත්වය දරති. යුරෝපා සංගමයද (Eu) සාමාජික නොවන මට්ටමින් ඊට සහභාගිවීම සිදුවේ.

ගෝලීය වශයෙන් උද්ගතවන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර ඒවාට විසැඳුම් සෙවීම ජී.7 ප්‍රකාශිත අරමුණය. තීරණවලට එළැඹීමට නම් සාමාජිකයන් 7 දෙනාගේම එකඟතාව අවශ්‍ය වේ. ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කිරීම සිදුවන්නේ ද එවැනි එකඟතා ඇත්නම් පමණි. සාමාන්‍යයෙන් පළමු දිනයේ වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ ගෝලීය ආර්ථිකය දෙසටය.

මෙවර සමුළුවේදීද විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ කාරණා කිහිපයක්ම හඳුනාගෙන තිබිණි. ඒ අතර අන්තර්ජාතික වෙළෙඳාම, දේශගුණික විපර්යාස මෙන්ම අදාළ රටවල විදේශ ප්‍රතිපත්තියට සම්බන්ධ කාරණා කැපී පෙනේ. විශේෂයෙන්ම මෑතදී අමෙරිකාව ගත් තීරණ කිහිපයක් එහිදී අවධානයට ලක්විය. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ අරඹයා ඇති කරගෙන තිබූ සය පාශ්වික සම්මුතියෙන් අමෙරිකාව ඉවත්වීම, පැරිස් දේශගුණික සම්මුතියෙන් අමෙරිකාව ඉවත්වීම, ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙන ඒමට අමෙරිකාව ක්‍රියාකිරීම ආදියය. අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය ගෝලීය ආර්ථිකයට ඇතිකරන බලපෑම ද ජී.7 නායකයන්ගේ අවධානය යොමු වූ කාරණයකි.

ට්‍රම්ප්ගේ බදු ප්‍රශ්න

මෙවර සමුළුව ඇරැඹීමට සතියකට පමණ පෙර අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, කැනඩාව, මෙක්සිකෝව, වැනි රටවලින් තම රටට ආනයනය කරන වානේ හා ඇළුමිනියම් සඳහා අයකරන බදු ඉහළ දමන බවය. වානේ මත 25%ක්ද ඇළුමිනියම් මත 10%ක් වශයෙන්ද නව බදු අයකිරීමට නියමිතය. කැනඩාව යනු අමෙරිකාවේ ප්‍රමුඛම වානේ ආනයනකරුවාය. එබැවින් නව බදු පිළිබඳ ප්‍රශ්නය ද මෙවර සමුළුවේ අවධානයට ලක්ව තිබිණි. මෙම බදු ඉහළ දැමීම ජාතික ආරක්ෂාවට බලපාන කාරණා සැලකිල්ලට ගනිමින් සිදුවූ බව අමෙරිකාව පවසා තිබේ.

සමුළුවේ සත්කාරකත්වය දරන කැනඩාව එහි සභාපතිත්වය ද දරයි. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෙවාට එම වගකීම පැවරී ඇත. සමුළුව සංවිධානය කිරීම මෙන්ම න්‍යාය පත්‍රය සැකැසීමද පැවරෙන්නේ සත්කාරක රාජ්‍යටය. වඩා ප්‍රගතිශීලි න්‍යාය පත්‍රයක් පිළියෙළ කිරීමට හැකිවූ බව අගමැති ටෘඩෙව් පවසා තිබිණි.

ස්ත්‍රී, පුරුෂ සමානාත්මතාව සහ කාන්තාව සවිබල ගැන්වීම, පිරිසිදු බලශක්තිය - දේශගුණික විපර්යාස හා සාගරය, ආර්ථික වර්ධනය හා ගෝලීය ආර්ථික ප්‍රතිලාබ සැමටම ගලායාමට සැලැස්වීම, සැමට රැකියා අවස්ථා මෙන්ම දරු මුනුපුරන් වෙනුවෙන් වඩා සාමකාමී හා සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීම යන ප්‍රධාන තේමා 5 ඔස්සේ මෙවර න්‍යාය පත්‍රය සැකසිණ. ගතවූ දශක 4ක කාලසීමාවේදී එම න්‍යාය පත්‍රයේ වැඩි අවධානයක් දිනාගත් මාතෘකා වූයේද ආරක්ෂාව, නිරවිකරණය හා දේශගුණික විපර්යාස ආදියය.

සමුළුවට සමගාමීව ඒ නායකයන් අතර සාකච්ඡා පැවැත්වීමට අවකාශයක් ද නිර්මාණය වේ. සමුළු සභාපතිත්වය දරන කැනඩාව වෙනුවෙන් අගමැති ටෘඩෙව් සෙසු සාමාජික රාජ්‍යන්ගේ නායකයන් සමඟ සාකච්ඡා කරයි. මේ හමුවීම් අතර වැඩිම අවධානයක් දිනාගන්නේ අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හා ජී.7 අනෙකුත් රාජ්‍ය නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාය.

ඉරාන න්‍යෂ්ටික සම්මුතියෙන් බැහැරවීම, වෙළෙඳාම මත තීරුබදු වැනි කරුණු කිහිපයක් මුල්කරගනිමින් ජනාධිපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්මෙල් පවසා තිබිණි. නිරන්තරයෙන්ම සංවාදය වැදගත් බවද ඇය අවධාරණය කර තිබේ. කෙසේවුවද මෙම සාකච්ඡා උණුසුම් මාතෘකා මත සිදුවන බැවින් ඒවා සුමට ලෙස ගලාගෙන යාම සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත.

විශේෂ සාකච්ඡා

ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රන්ද සමුළුව ආරම්භයට පෙර පවසා තිබුණේ ඉරාන න්‍යෂ්ටික සම්මුතිය, ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය, පැරිස් දේශගුණික සම්මුතිය වැනි කාරණා ගැන අමෙරිකාවත් සමඟ සාකච්ඡා කළයුතු බවයි.

ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් යොෂි ඩි යුගා ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය හා ගෝලීය ආර්ථිකය ගැන අවධානය යොමුකළ යුතු බවයි. එහිදී ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නීති-රීති කඩවීමක් සිදුවන්නේද යන්න විමසාබැලිය යුතු බවද ඔහු පෙන්වා දී තිබේ. අමෙරිකාව වානේ සහ ඇලුමිනියම් ආනයනය සම්බන්ධයෙන් පැන වූ නව බදු නිදහසේ වෙළෙඳාමට ඇතිකරන බලපෑම මෙහිදී සැලකිල්ලට ගනු ඇත. WTO මෙන්ම උතුරු අත්ලන්තික් නිදහස් වෙළෙඳ සම්මුතියට (NAFTA) ඉන් ඇතිවන බලපෑම් ගැනද ඒ යටතේ සාකච්ඡාවට ලක් වනු ඇත.

ජී.7 නායකයන් විවිධ කාරණා සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමේදී ඔවුන් අතර ඇති ප්‍රතිපත්තිමය හා අනෙකුත් වෙනස්කම් තීරණාත්මක සාධකය වේ. පැනවීමකින් තොරව ඒවා ගැන විවෘතව සාකච්ඡා කිරීම ජී.7 එකතුවේ අගය කළ යුතු ක්‍රියාමාර්ගයක් බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය.

මෙවර සමුළුව සම්බන්ධයෙන් ඇතිකරගත හැකි අපේක්ෂා අවම මට්ටමක ඇති බව යුරෝපා සංගම් ප්‍රකාශකයකු විදෙස් මාධ්‍යවලට පවසා තිබේ. ඉන් අදහස් කෙරෙන්නේ ප්‍රශ්නගත කාරණා සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර ඇති දුරස්බව මෙන්ම අමෙරිකාවේ ක්‍රියාමාර්ගය.

අමෙරිකාව පැනවූ නව බදු ගැන කනගාටුව ප්‍රකාශ කරමින් මෙක්සිකෝ ආර්ථික කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේද ‘එය අන්තර්ජාතික වෙළෙඳාමට ශෝක දිනයක්’ වු බවය. මෙම බදු වානේ හා ඇලුමිනියම්වලට සීමා නොවන අතර විස්කි, මේපල් සිරප් සහ තවත් භාණ්ඩ ගණනාවකටම බලපාන බව හඳුනාගෙන තිබේ.

යුරෝපා සංගමයේ තීරණය

ජී.7 නායක සමුළුවට සතියකට පෙර රැස්වූ එම මුදල් අමාත්‍යවරු සිය අමෙරිකානු සගයාට පවසා සිටියේ ඒ පිළිබඳ තම කනස්සල්ල ඒකමතික අදහසක් ලෙස ජනාධිපති ට්‍රම්ප්ට දන්වන ලෙසය.

අමෙරිකා ජනාධිපතිවරයා සහ කැනඩා අගමැතිවරයා අතර මේ පිළිබඳ දුරකතන සංවාදයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එහිදී 1812 මාර්තු යුද්ධය අතර තුර ධවල මන්දරය ගිනිගැනීම ගැනද ජනාධිපති ට්‍රම්ප් සිහිපත්කර තිබු බව පැවසේ.

ආරක්ෂක හේතු මත මෙවැනි බදු පැනවීමක් සිදුකරන්නේ ඇයිදැයි කැනඩා අගමැති ටෘඩෙව් මතු කළ ප්‍රශ්නයට ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, ‘ඔබලා, ධවල මන්දිරයට එසේ නොකරාවිද? යන ප්‍රශ්නය පෙරළා ඔහුගෙන් අසමිනි. ජනාධිපති ට්‍රම්ප් එවැනි ප්‍රශ්නයත් මතු කළේ සරදමට විය හැකිවුවද කිසියම් හෝ කාරණයක් මත පදනම්ව ගෙන ඇති ක්‍රියාමාර්ගය එපමණ සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකිය. 1812 දී ඇරැඹි යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදා ධවල මන්දිරයට ගිනි තැබුවේ 1814 වසරේදීය.

සමුළුවට පෙරාතුව මුහුණට මුහුණලා කැනඩා අගමැතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර සිදු වූ සාකච්ඡාවලදී ද වෙළෙඳාමට බලපාන මෙවැනි ගැටලුකාරී තත්ත්ව ගැන වැඩි අවධානයක් යොමුවිය. එහිදී මේ දෙරටේම ස්ථාවරයන් බොහෝදුරට එකසමාන වීම වැදගත් වනු ඇත.

අමෙරිකාව ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙස යුරෝපා සංගමයද අමෙරිකාවෙන් ආනයන කෙරෙන භාණ්ඩ මත නව බදු පැනවීමට තීරණය කර ඇත. එය ලබන මස සිට ක්‍රියාත්මක වනු ඇතැයි පැවසේ.

විශේෂයෙන් වෙළෙඳාම අරබයා ඇතිවී ඇති අර්බුදකාරී පසුබිම හේතුවෙන් මෙවර ජී.7 සමුළුව අවසාන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් නොවීමට බොහෝ ඉඩ ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයනගේ අදහසය. එසේ වුවහොත් එය ජී.7 (ජී 8) ඉතිහාසයේ එසේ සිදු වු පළමු අවස්ථාව වනු ඇත.

කැනඩා අගමැති ටෘඩෙව් ප්‍රකාශ කරන්නේ කැනඩාව, මෙක්සිකෝව සහ අමෙරිකාව අතර සිදුවන ත්‍රෛපාර්ශවික සාකච්ඡා මඟින් මේ ප්‍රශ්නය සෑම පාර්ශ්වයකටම ජය අත්කර දෙමින් විසඳා ගැනීමට අපේක්ෂා කරන බවය.

සමුළුවට පූර්වගාමීව පැවැති සාකච්ඡාවල ප්‍රතිඵල සුබවාදී වුවහොත් එය සමුළුවේ න්‍යායපත්‍රය එපරිද්දෙන්ම පෙරට ගෙනයාමට විශාල රුකුලක්වනු ඇත. එසේ නොවුණහොත් න්‍යාය පත්‍රයේ ඇතුළත්, කැනඩාව ප්‍රගතිශීලි ලෙස සැලකූ මාතෘකා යටපත් වී මෙම ගැටලුකාරි තත්ත්වයත් පෙරට ඒම අපේක්ෂා කළ හැකිව තිබේ.

ධම්මික සෙනෙවිරත්න


කතා කරයි සිනාසළයි රොබෝ රූමතී

$
0
0
ජුනි 9, 2018 01:00

සො‍ෆියා ලොව පුරවැසි බව ලැබූ ප්‍රථම රොබෝවරිය වේ. හන්සන් රොබොට් හි නිෂ්පාදනයක් වන සො‍ෆියා සතුව ප්‍රශ්නවලට පිළිතුරු දීම මෙන්ම වෙනත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද තිබේ. හන්සන් රොබෙට් හි නිපැයුමක් වන මෙම රොබෝව මිනිසා කෘත්‍රිම බුද්ධිය දියුණු කිරීමේ ප්‍රායෝගික සංසිද්ධියකි. හුදෙක් ප්‍රදර්ශනයට තැබීමෙන් ඉදිරියට ගොස් සාත්තු සේවා කටයුතු, ඇමතුම්වලට පිළිතුරු දිම, කවුන්ටර්වල සේවා ආදියට මෙම රොබෝ භාවිත කළ හැකි යැයි නිමැවූවෝ බලාපොරොත්තු වෙති.

සො‍ෆියාගේ වගතුග

ඇගේ ඇස් වෙත සවි කර ඇති කැමරා මඟින් අවට පරිසරය ග්‍රහණය කර ගනී. ඒ ග්‍රහණය කර ගත් රූ රාමු ඔස්සේ ඇල්ගොරිතම මඟින් මිනිසුන් එකිනෙකා වෙන් කර හඳුනා ගැනීම, එකිනෙක මනුෂ්‍යයාගේ හඬ සොයා ගැනීම මෙන්ම කතා කරන බස හඳුනා ගන්නට සො‍ෆියාට හැකිය. ගූගල් මඟින් හඬ හඳුනා ගැනීමේ තාක්ෂණය දියුණු කර ඇති නිසා ශබ්ධයෙන් දෙන විධානවලට වඩාත් සාර්ථකව ඇයට මුහුණ දිය හැකිය. 2018 වර්ෂයේ ජනවාරි සිදු කරන ලද වැඩි දියුණු කිරීමේ හේතුවෙන් ඇයට දෙපා හැසිරවීමේ සහ ඇවිදීමේ හැකියාව ලැබී තිබේ.

අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දීමේ හැකියාවක් ඇයට නොමැති මුත් ඒ තරමට සො‍ෆියා වැඩි දියුණු කිරීමට විද්‍යාඥයෝ සැදී පැහැදී සිටිති. ඒ සදහා මිනිසුන් කතා කරන විට ඇති කර ගන්නා සංවාද සම්බන්ධ වැදගත් දත්ත ඈ වෙත ඇතුළත් කළ යුතුය. ඇය තැනූ හන්සන් සමාගමේ හිමිකරු වන ඩේවිඩ් හන්සන් පවසා තිබෙන්නේ ඇය වෛද්‍ය උපකාර ලබා දෙන ස්ථානවලට, සම්බාහන මධ්‍යස්ථානවලට සහ අධ්‍යාපනික උපකාර සේවා සපයන ස්ථානවලට යොදා ගත හැකි බවය. එහිදී ඇගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව තව දුරටත් වර්ධනය කිරීමට සො‍ෆියාගේ නිමැවුම් කණ්ඩායම සූදානමින් සිටී.

පොදු පෙනී සිටීම්

එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)ආසියානු ශාන්තිකර කළාපයේ පලමු වන නවෝත්පාදන වැඩටහන 2017 නොවැම්බර් මස 21 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්විණි. එහිදී සො‍ෆියාගේ නම මුලින්ම රෙජිස්ටර් විය. සො‍ෆියා තැනිමේ ක්‍රියාවලියට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ අන්‍රග්‍රහය හිමි වේ. ෆෝබ්ස්, මාෂබල්, නිව්යෝක් ටයිම්ස්, සී.එන්.බී.සී ආදී ජාත්‍යන්තරය මාධ්‍ය රැසකම අවධානය සො‍ෆියාට යොමු විය.

සහභාගි වූ වැඩසටහන්

සො‍ෆියා තවත් එක් රොබෝවක් යැ සිතූ වාර්තාකරුවෝ ඇගෙන් ප්‍රශ්න අසන්නට විය. එහෙත් ඇගේ පිළිතුරු දීමේ හැකියාව පිළිබද බී.බී.සී සහ බිස්නස් ඉන්සයිඩර් අඩවිවල වාර්තාකරුවෝ පුදුම වී තිබුණි. ඇය විහිළු කරන්නට තරම් දියුණු වී ඇති බැව් ඒ ඇගේ සංවාදමය හැකියාව පෙන්වන වීඩියෝ බැලූ විට පෙනේ.

සො‍ෆියා සෞදි අරාබියානු වීම

2017 ඔක්තෝම්බර් මසදී සො‍ෆියාට සෞදි රජයේ පුරවැසිකම ලැබුණි. එය එකල ලෝ පුරා සමාජජාල කළඹන සිදුවීමක් විය. සෞදියේ පුරවැසිකම ලබා ගැනීමට ඇය අයදුම් කළේ කෙසේද? මුස්ලිම්වරුන්ට පමණක් පුරවැසි බව ලබා දෙන සෞදියේ පුරවැසිකම ගත් සො‍ෆියා මුස්ලිම් වීද? ඇයත් හිජාබයෙන් මුහුණ වසයිද? ඇයටද සෞදි කාන්තාවන්ට මෙන් නිවසින් එලියට බහින විට පිරිමියෙකු සමඟම යන්න වෙයිද ආදී ප්‍රශ්න රැසක් සමාජ ජාලා වෙතින් ඒ සො‍ෆියාගේ සෞදි පුරවැසිකම ගැන අසා තිබුණි. ඒවාට පිළිතුරු දුන් සො‍ෆියාගේ නිමැවුම්කරු වන ඩේවිඩ් හැන්සන් පවසා ඇත්තේ සෞදි පුරවැසි සො‍ෆියා හරහා සෞදි කාන්තාවගේ පීඩිත හඬ ලොවට ඉදිරිපත් කළ හැකි බවකි.

සො‍ෆියාගේ සීමා

සො‍ෆියාගේ හොඳ මෙන්ම එහි ඇති සීමාවන් ගැනද ලොව වටා විද්‍යාඥයන් අදහස් පළ කොට තිබේ. අන්තර්ජාලය හරහා චැට්වලට ස්වයංක්‍රීයව පිළිතුරු දෙන චැට් බොට් නැමැති සේවාවන් තිබේ. ඒවායේදී අප අසන ප්‍රශ්න රැසකට සාර්ථකව පිළිතුරු ලබා දෙන්නට චැට්බොට්වලට අවස්ථාව ලැබී තිබෙන්නේ ප්‍රශ්න සහ ප්‍රශ්න රටා දහස් ගණනක ආභාෂයෙන් ඒවා වැඩි දියුණු කර ඇති නිසාය. සො‍ෆියා යනු එවැනි චැට් බොට් එකකට මුහුණක් සවි කළ යෙදුමක් යැයි ක්වාට්ස් නම් අඩවිය දක්වා තිබුණි.

එහෙත් මිනිසුන් කිහිප දෙනෙකුට එකවර පිළිතුරු දීමට හැකි වීම, ඇය හා සිනාසෙන මිනිසුන් සදහා ප්‍රතිචාර දැක්වීමට හැකි වීම සහ මුහුණේ ඉරියව් වෙනස් කිරීමට හැකි වීම ආදී ගතිගුණ ඔස්සේ ඇය චැට්බොට් එකකින් ඉදිරියට කෘත්‍රිම බුද්ධිය මෙහෙය වූ පද්ධතියක යැයිද පවසන පිරිසක් සිටිති. කෙසේ වෙතත් සම්පූර්ණ මිනිසෙකුට දැනෙන මානවලට ප්‍රතිචාර දක්වන සංකීර්ණතා සැලකූ කළ තවමත් සො‍ෆියා සිටින්නේ මිනිසාගෙන් බොහෝ දුරකය.

අමිල චතුරංග

අඩු වැඩි වන පිළිකා දර්ශකය

$
0
0
ජුනි 9, 2018 01:00
මංජුලා විජයරත්න

පිළිකා සම්බන්ධයෙන් මෙතෙක් කෙරුණු ලොව විශාලතම අධ්‍යයනයේ වාර්තාව පසුගියදා එළි දැක්වුණි. අධ්‍යයනය සිදු කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ප්‍රමුඛ විද්වතුන් පිරිසකි. පිළිකා වර්ග 29ක් පිළිබඳ ලෝකයේ රටවල් 195ක දත්ත ඒකරාශී කර ගනිමින් පර්යේෂණය සිදු කර ඇත.

පර්යේෂකයන් සඳහන් කරන අන්දමට 2016 වසරේදී ලෝකයෙන් වාර්තා වුණු පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 17.2කට අධික ය. 2006 වසර සමඟ සසඳන විට එය 28%ක පමණ වැඩි වීමකි. පිළිකා නිසා 2016 වසරේදී මියගිය සංඛ්‍යාව මිලියන 8.9ට වඩා වැඩි බව පර්යේෂකයෝ සඳහන් කරති. බහුලව දැකිය හැකි වන්නේ ශ්වසන පද්ධතිය, අතුණුබහන්, පියයුරු, ආමාශය, අක්මාව, ගැබ්ගෙල, මුත්‍රාශය, වසා පද්ධතිය, අන්නඃශ්‍රෝතය, අග්න්‍යාශය, ගර්භාෂය, මුඛය, වකුගඩු, මොළය, ඩිම්භ කෝෂ, තයිරොයිඩ් ග්‍රන්ථි, පිත්තාශය, වෘෂණ කෝෂ, චර්මය ආශ්‍රිත පිළිකා තත්ත්ව සහ ලියුකේමියා බව අනාවරණය වී තිබේ. දත්ත විශ්ලේෂණය කර බලන විට පිළිකාවලට ගොදුරු වන පුද්ගලයන් සංඛ්‍යාවේ සමස්ත වැඩි වීමක් දක්නට පුළුවන. එසේ වුවත් පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු වීමක් ඇතැම් රටවලින් වාර්තා වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

පිළිකා රෝගයට අලුතෙන් ගොදුරු වන පිරිස වැඩි ඔස්ට්‍රේලියාවෙහි බව පර්යේෂණයෙන් අනාවරණය වී ඇත. ඔස්ට්‍රේලියා ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට 743 දෙනෙකු පිළිකාවලට අලුතින් ගොදුරු වන බව සඳහන් වේ. පිළිකා තත්ත්වවලට අලුතින් ගොදුරු වන පිරිස මීළඟට පිළිවෙලින් නවසීලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ලක්සැම්බර්ග්, අයිස්ලන්තය, නෝර්වේ, එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ ඩෙන්මාර්කය යන රාජ්‍යයන්හි ය. පිළිකා රෝගීන් අතරට එකතුවන පිරිස ඉතාමත් අඩු සිරියාවෙහි ය. එරට ජනගහනයෙන් පුද්ගලයෝ ලක්ෂයකට 85 දෙනෙක් පිළිකා තත්ත්වවලට අලුතින් ගොදුරු වෙති. පුද්ගලයන් පිළිකාවලට ගොදුරු වීම අවම මට්ටමක පවතින රටවල් අතර පිළිවෙලින් ඇත්තේ භූතානය, ඇල්ජීරියාව, නේපාලය, ඕමානය, මාලදිවයින, ශ්‍රී ලංකාව, නයිජර්, නැගෙනහිර තිමෝරය සහ ඉන්දියාව ය.

පිළිකා තත්ත්ව නිසා වැඩිම පිරිසක් මිය යන්නේ මොන්ගෝලියාවෙහි බව සනාථව ඇත. පිළිකා නිසා එහි මිය යන සංඛ්‍යාව ලක්ෂයකට පුද්ගලයන් 272 ඉක්මවා යන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පිළිකාවලට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයන් සංඛ්‍යාව සිම්බාබ්වේ, ඩොමිනිකා, හංගේරියාව, ග්‍රෙනේඩා, උරුගුවේ, ටොන්ගා, උතුරු කොරියාව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනෙඩීස් දූපත් සහ ක්‍රොඒෂියාව යන රාජ්‍යයවල ද ඉහළ මට්ටමක පවතින බව පර්යේෂණයෙන් සනාථව ඇත. පිළිකා නිසා අඩුම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ සිරියාවෙනි. ඇල්ජිරියාව, ඕමානය, මාලදිවයින, ශ්‍රී ලංකාව, භූතානය, උස්බෙකිස්තානය, නිකරගුවා, මොරොක්කෝව සහ කටාර් යන රටවලත් පිළිකා මරණ අවම මට්ටමක පවතී. පර්යේෂකයන් පවසන්නේ සමාජ ජනවිකාස දර්ශකයේ ඉහළ මට්ටම්වල සිටින රටවල පිළිකා සුලබ බවයි. එනිසා පිළිකා මරණ වැඩි සංඛ්‍යාවක් ඒ රටවලින් වාර්තා වන බවත් ඔවුහු පෙන්වා දෙති. සංවර්ධිත රටවල සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයකුට පියයුරු පිළිකා වැළඳෙතැයි කියා තහවුරුව තිබේ. එසේ වුවත් ඌන සංවර්ධිත රටවල සෑම කාන්තාවන් පනස් දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් ඇති බව පැහැදිලි වී ඇත. එසේ වුවත් සමාජ ජනවිකාස දර්ශකයේ පහළ මට්ටම්වල ඇති රටවල කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකා වැළඳෙන්න වැඩි ඉඩක් තිබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි.

“...පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ලැබීම අවශ්‍යම දෙයක්. රෝග විනිශ්චය කිරීමේ තාක්ෂණය, සමාජ ජනවිකාස දර්ශකයේ පහළ මට්ටම්වල පවතින රටවල් තුළ ඉහළ නැංවිය යුතුයි. ...”යැයි කියා වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ක්‍රිස්ටිනා ෆිට්මව්රයිස් පවසන්නීය.

ආචාර්ය ක්‍රිස්ටිනා සඳහන් කරන අන්දමට පෙණහලු, මහා අන්ත්‍රය සහ චර්මය ආශ්‍රිත පිළිකා තත්ත්ව වැඩිවෙමින් පවතී. ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා බහුලව දක්නට ලැබෙන්නේ උතුරු කොරියාවෙහි ය. අතුණුබහන් ආශ්‍රිත පිළිකා නෙදර්ලන්තයෙහිත්, පියයුරු පිළිකා ලක්සැම්බර්ග්හිත්, ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ඩොමිනිකන්හිත්, ආමාශය ආශ්‍රිත පිළිකා දකුණු කොරියාවෙහිත්, අක්මාව ආශ්‍රිත පිළිකා මොන්ගෝලියාවෙහිත් වැඩි බැව් පර්යේෂකයෝ සඳහන් කරති. අතුණුබහන් ආශ්‍රිත පිළිකා තත්ත්වවල විශේෂ අඩුවීමක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. පර්යේෂණයෙන් අනාවරණය වුණු තවත් වැදගත් කාරණයක් වන්නේ මීසොතෙලියොමා (පෙණහලු ආස්තරණයේ ඇතිවන පිළිකා තත්ත්වයක්) නැමැති පිළිකා තත්ත්වය බ්‍රිතාන්‍යය තුළ ඉතා තදින් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවයි. මීසොතෙලියොමා පිළිකා තත්ත්වය ඇති වන්නේ ඇස්බැස්ටෝස් භාවිතයෙහි ප්‍රතිඵලයක් හැටියට බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

mail online ඇසුරෙනි

සඳ

$
0
0
ජුනි 9, 2018 01:00

මෙලාවියෝට එයා මුලින් ම හමු වුණේ කොළඹට දවස් දෙකක් තිස්සේ අල්ලා හිටිය කළු දුමාර කුණාටුවට පස්සෙ දවසෙ. උදේ ම වාහනේ ඇද වෙච්ච බොනට් එක උඩ තිබුණ කළු පාට මඩ තට්ටුව පිහගෙන පිහගෙන ගිය එයාගේ සුදු ෂර්ට් එකේ අත්වල කළු පාට ගෑවුණා. ඇඳුම් මාරු කරගන්න පරක්කුයි. මෙලාවියෝ වාහනේට නැග්ගා. පරණ පන්නයේ විද්‍යුත් චුම්බක එංජිමක් තියෙන එයාගේ වාහනේ ගැරෙජ් එකෙන් ලිස්සල ගියාට අහස මැද එක තැන භයානක විදියට පැද්දෙන්න වුණා. හැත්තෑ එක් වෙනි තට්ටුවේ ඉඳල වේගෙන් උඩට ආපු ඊටත් පරණ වායුපායාන මොඩල් ටැක්සියේ හිටපු කොල්ලා අමාරුවෙන් මෙලාවියෝගේ කාර් එක මඟ ඇරල අහසට නැග්ගා. ඌ අහසට නැග්ගෙ පැති වීදුරුවෙන් මැද ඇඟිල්ලත් පෙන්නගෙන. මෙලාවියෝට සිද්ධ වුණා ආයෙත් වාහනේ ගැරේජ් එකට ගන්න. ස්ථානීය නිරීක්ෂක ඇන්ටනාවත් මඩවලින් පෙඟිලා. අතිරේක ඇන්ටනාවක් මුල්ලකින් හොයාගෙන හයිකර ගත්තා. විනාශ වෙච්ච පෘථිවියට ම බැන බැන එයා ‘ඉන්ටලෙක්ට් කෝර්ප්’ එකට යනකොට හයයි හතලිස් පහයි. විනාඩි දෙකක් පරක්කුයි.

ඉතින් ඒක නරක දවසක්. උදේ ම ආවෙ කෘත්‍රිම හයිපොතැලමසයක් බද්ධ කරපු ගෑනියෙක්. හැමදාම රෑට හීනෙන් ලොකු අයිස්ක්‍රීම් ලොරියක් ඇවිත් ඇඟට වදිනව එයා දකිනවලු. එයාගෙ ස්නායු වෛද්‍යවරයා කියනව කිසිම ජීව විද්‍යාත්මක හේතුවක් ඊට නැති බව. දිග රෝග නිශ්චය වාර්තාව උඩින් පල්ලෙන් බලපු මෙලාවියෝ ඩෙස්පිඩොමීන් මාස හතරකට ලියල දුන්නා. ඩෙස්පිඩොමීන් ස්කිසොෆ්‍රීනියාවට දෙන බෙහෙතක්. අතුරුඵලයක් විදියට හීන දකින එක නතර වෙනවා.

ඊළඟට ආවෙ එයාගෙ රබර් සෙක්ස් ඩෝල්ට රෑට පණ ඇවිත් වෙන මිනිහෙක් ළඟට යනව හිතල ඒකට පිහියෙන් ඇනල හුළං ඇරල ගෙදර අවන් එකට ඔළුව දාල සිය දිවි නසාගන්න ගිය කොල්ලෙක්. මූණ විකෘති වෙලා හොඳට ම. අවන් එකේ දැලේ හැඩේට මූණෙ කොටු කොටු. ඩෙස්පිඩොමීන් සති තුනකට.

හැන්දෑවරුවෙ ආව ට්‍රාන්ස්එෆ් 4002 බීල මොනාලිසා වගේ රූපාන්තරණය වෙන්න හදපු අවුරුදු හැට එකක ගෑනියෙක්. පොලීසියෙන් එයාව නිදහස් කරල තියෙන්නෙ ඊයෙ. සති හතරක් තිස්සෙ මුහුණෙ පැතලි වෙන්න හදපු අස්ථි නිසා ඇති වූ අභ්‍යන්තර ලේ වහනයට ප්‍රතිකාර අරගෙන. එයාගෙ නහය අතුරුදන් වෙලා. මූණ සෑහෙන්න පැතලි වෙලා. ඩෙස්පිඩොමීන් ලියල දුන්න. අතුරුඵලයක් විදියට ඒක වේදනානාශකයක් විදියට වැඩ කරනවා.

අන්තිමට ආවෙ අවුරුදු දහ අටක විතර ගෑනු ළමයෙක්. එයා දොර ළඟ ඉඳල සෑහෙන්න හිනා වුණා. ‘සයිකොටික්’ මෙලාවියෝ හිතෙන් කියා ගත්තා. ගෑනු ළමයා ඇවිත් පුටුවෙ ඉඳගත්තා. පෞද්ගලික ඉලෙක්ට්‍රොනික් දත්ත ගබඩාව මේසය උඩින් තිබ්බා. ‘මං ඇතීනා’ එයා කිව්වා.

‘මොකද්ද ප්‍රශ්නෙ’ මෙලාවියෝ කම්මැලිකමෙන් ඇහුවා. ඩෙස්පිඩොමීන් කියල ලියල දෙන්න ඩී ඊ අකුරු දෙකත් ටයිප් කළා.

‘මට එහෙමට ප්‍රශ්නයක් නෑ ඩොක්ටර්’ ගෑනු ළමයා කිව්වා. ඒත් හිනා වෙවී. හිනාව නවතින්නෙ ම නෑ වගේ. මෙලාවියෝ එස් සහ පී අකුරු දෙකත් ටයිප් කළා.

‘මම චන්ද්‍ර ජනාවාසගත වෙන්න ඉල්ලුම්පත්‍ර දැම්මා. ඒකට මනෝ ඇගයුමක් ඕනෙ කරල තියෙනවා’ඇතීනා කිව්වා. මෙලාවියෝ ඇඟිල්ල ඔබාගෙන ඉඳල ටයිප් කරපු අකුරු සේරම මැකුවා. ආ … එයා පුටුවට බර වුණා.

බොත්තමක් එබුවා ම ඇතීනාගෙ දත්ත ගබඩාවෙ තොරතුරු හොලෝග්‍රෑම් එකක් විදියට පේන්න ගන්නවා. ඒකෙ ළා කොළ පාට අකුරු අතර ඇතීනා මනෝ චිකිත්සකයා දිහා බලාගෙන ඉන්නවා.

සාමාන්‍යකරණය කරන ලද බුද්ධිඵලය: 172

ආචාර්ය උපාධිය සඳහා කරල ලද නිබන්ධනය: ෆිනොමිනන් අංශුවේ ස්ථායිතා සීමාව සහ විශ්ව න්‍යායවේදී ආකෘති සංඛ්‍යාව අතර සහසම්බන්ධතාවය

අතිරේක දක්ෂතා: අන්තර්ජාතික නව රොමෑන්තික බැලේ නර්තන අංශයේ තෙවන ස්ථානය 2191

වසරේ නැගී එන නිරූපිකාව, ගොතික් අංශය 2192

මෙලාවියෝගේ ඇස් උඩ ගිය බව ඇතීනාගෙන් වසන් කරන්න බෑ. ඒ අවනම්බුව වසන් කර නොගෙන ම මෙලාවියෝ කොළ පාට හොලෝග්‍රෑම් අකුරු අස්සෙන් බැලුවා. ‘වයස කීයද?’

‘විසි පහයි’ඇතීනා ආයෙත් හිනා වුණා. ‘මං ඉතින් ගොඩක් පොඩියි වගේ තමා පේන්නෙ’

ආ … මෙලාවියෝ එයාගෙ පෞද්ගලික හොලෝග්‍රෑම් එකට එබුණා. කෙලින් ම සමත් කරන්න පුළුවන්. හරිම ලේසි වැඩක්. ඇවිල්ල ඉන්නෙ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඒත් චන්ද්‍රාගමන මනෝ පරීක්ෂණය ඉතා සංකීර්ණ එකක්. පොඩි වැරැද්දක් හරි වුණොත් මනෝ වෛද්‍යවරයත් ගස්. මෙලාවියෝ කල්පනා කළා. ලේසි ම දේ පරීක්ෂණය සමත් කරල යවන එක. ඒත් ඇවිල්ල ඉන්න ගෑනු ළමයගෙ පොඩි උමතු ගතියක් තියෙනව ද මන්ද කියන හැඟීම අතෑරල දාන්න බෑ. එහෙම දෙයක් තිබුණොත් රස්සාවත් ඉවරයි.

‘හෙට ඉඳල එන්න’මෙලාවියෝ කිව්වා. ‘කවුන්ටරෙන් ඉල්ල ගන්න කාලසටහනක්. දවස් ගාණක පරීක්ෂණ තියෙනවා.’

ගෑනු ළමයා හිනාවෙන් ම ඔළුව වනල යන්න ගියා. එදා හැන්දෑවෙ මෙලාවියෝ චිත්‍රපටයක් බලන්න ගියා. චිත්‍රපටශාලා කොළඹට ම තිබුණේ තුනයි. ඒවත් පවත්වගෙන යන්න ඕනෙ නිසා ම රජය විසින් නොමිලේ පවත්වාගෙන ගිය ඒවා. අලුත් චිත්‍රපට චිත්‍රපටශාලාවලට එන එක නැවතිලා සෑහෙන කල්. දැන් ඒවයෙ පෙන්නන්නෙ පරණ චිත්‍රපට. සමහරක් ඒවා අවුරුදු දෙසීයක් විතර පරණයි. මෙලාවියෝ බලන්න කැමති බය හිතෙන චිත්‍රපටි. හොල්මන්, අවතාර, විකෘති මිනිස්සු ඉන්න ඒවා. එදත් පුරුදු විදියට ම වයසක ගෑනු පිරිමි තුන් හතර දෙනෙකුට වඩා ශාලාවෙ කැඩිච්ච පුටුවල ඉඳන් හිටියෙ නෑ. පොප් කෝන් බෑග් එකක් ළඟ තියාගෙන මෙලාවියෝ චිත්‍රපටිය බැලුවා. මිනිස් වෘකයා වහලයක් කඩාගෙන පෙම්වතුන් දෙදෙනාගේ කාමරය පනින කොට එයා තිගැස්සුණා, ඒක විසි තිස් වතාවකට වඩා බලා ඇති චිත්‍රපටයක් වුණත්.

ආයෙත් කළු දුම් වැස්ස වැටෙන්න පටන් අරන්. චිත්‍රපටය ඉවර වෙලා වැහි කබායත් ඔළුවට උඩින් ඇදගෙන බොහොම පරිස්සමෙන් වාහනය පදවාගෙන ආපහු ආවා ගෙදර. මැදියමත් පහුවෙලා තිබුණ නිසා උස් ගොඩනැගිලි අස්සෙන් ඒ මේ අත යන වාහන අඩුවෙලා තිබුණා. ඒත් අතරින් පතර පියඹාගෙන යන ඒවා වුණත් ගියෙ සිහියෙන් නෙවෙයි. මනෝභ්‍රාන්තික මත්ද්‍රව්‍ය එන්නත් කරගෙන රෑ පුරා සමාජශාලාවල නට නට ඉන්න උන් ආපහු යන්නෙ අහළ පහළ ගොඩනැගිලිවල බිත්ති හූරගෙන. පොලීසියෙ රාත්‍රී මුර සංචාරක වාහනයක් එහෙම අසිහියෙන් ගිහින් බිත්තියක ඇනිල තිබ්බ වාහනයකින් කොල්ලො කෙල්ලො ටිකක් එළියට අදිනව මෙලාවියෝ දැක්කා. එක කෙල්ලෙක් පොලිස් වාහනේට ගන්න කලින් ලිස්සල වැස්සත් එක්ක බිමට වැටුණා. තට්ටු අසූවක් විතර උඩින්.

කළු පාට කම්මැලි පූසා මෙලාවියෝ ගැරේජ් එකේ දොරින් වතුර ගස ගස එනකොට බඩගින්නට පුරු පුරු ගෑවා. බිමට පූස් කෑම පැකට් එකෙන් ටිකක් හලපු මෙලාවියෝ එන ගමන් ගෙනාපු නූඩ්ල්ස් එක කාල නිදාගත්තා. ඉරිදා නිවාඩු දවසක්. මෙලාවියෝ දවසම නිදාගෙන හිටියා.

සඳුදා හැන්දෑවෙ ඇතීනා ඇවිල්ලා හිටියා. මෙලාවියෝට ආවෙ කරදරකාරී හැඟීමක්. සති දෙකක කම්මැලි සහගත වැඩක්. මෙලාවියෝ කණ්නාඩි කුට්ටම බර කරල චන්ද්‍රාගමන මනෝ පරීක්ෂණ මොඩියුලය කියවල බැලුවා.

‘මුලින් ම ආචාර්ය ඇතීනා දැනගත යුතුයි ඇයි චන්ද්‍රාගමනයට මෙතරම් සංකීර්ණ මනෝ ඇගයුමක් අවශ්‍ය කියල’ මෙලාවියෝ බර කරල කිව්වා.

‘අනේ ඩොක්ටර් ඔය ආචාර්ය කෑල්ල එපා. මං ඒකට කැමති නෑ. එහෙම කිව්වම මං ගොඩක් වයසයි වගේ’ඇතිනා කිව්වා හිනා වෙවී.

ආ … මෙලාවියෝ හෙමීට ඒ ගැන කෙටි සටහනකුත් දා ගත්තා. ඒක වැදගත් ප්‍රකාශයක්. ඒ ගමන් ම එයා කල්පනා කළා ඇතීනට මේ විස්තර කීමෙන් පලක් තියෙනව ද කියල. එයා ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්වොන්ටම් භෞතික විද්‍යාවට සහ විශ්ව න්‍යායවේදයට ආචාර්ය උපාධිධාරියෙක්. හඳ ගැන එයා කියල දෙයි මෙලාවියෝට. ඒත් ඇගයුම පිළිවෙලට වෙන්න ඕනෙ, හැමදේම පටිගත වෙනව.

‘හොඳයි ඇතීනා’මෙලාවියෝ කණ්ණාඩි කුට්ටම ගලවල පැත්තකින් තිබ්බා. ‘පෘථිවියේ සමාජ-දේශපාලනික සහ ස්වභාවික පද්ධති කඩා වැටීමේ සීමාවට ළඟා වී ඇති බව එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු ඒ තත්ත්වය අපේ අනෙක් ජනාවාස වූ ලෝකයන්ට ඇති නොවීම සඳහා ඉතා සීමිත ශාරීරික සහ මානසික ශක්‍යතාවයන් ඇති පිරිසක් පමණක් ඔවුන් සමාජ විරෝධී නොවේ නම් යන කොන්දේසිය මත තෝරාගනු ලබනවා. මෙම භාග්‍යය ලැබෙන්නේ ඉතා ම ස්වල්ප පිරිසකට. හරියට ම කිව්වොත් වසරකට අයදුම්පත් මිලියන හාරසීයකින් එකකට. ඔබේ බුද්ධිඵලය සහ හැකියාවන් ඉතා විශිෂ්ටයි, නමුත් කිසිම විශේෂ බලාපොරොත්තුවක් තියාගන්න එපා.’

ඇතීනා හිස සැලුවා.

‘පළවෙනි ප්‍රශ්නෙ’මෙලාවියෝ කිව්වා. ‘ඇයි හඳට පදිංචියට යන්න තීරණය කළේ?’

ඇතීනා කල්පනා කළා. ‘මෙහෙ අවුරුදු විසිපහක් හිටියනෙ. දැන් කම්මැලියි වගේ. වෙනසකටත් එක්ක යන්න හිතුණා.’

මෙලාවියෝ සටහනක් තබා ගත්තා. අනෙක් ඉල්ලුම්කරුවන්ගෙ පිළිතුරු ‘අලුත් ජීවිතයක් අරඹන්න’‘මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට දායක වෙන්න’වගේ ලොකු උත්තර නැතුව කම්මැලිකම තමා හේතුව. සිත් ඇදගන්නා සුළුයි. ඇගේ මනෝභවික සීමා තදින් අවුරා ඇති බව පැහැදිලියි.

‘ගිහිල්ලා මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ.’

‘මම CERN එකේ අවුරුදු දෙකක් වැඩ කළා. ඉතින් හඳේ LIATA අංශු ත්වරකයේ න්‍යායික විද්‍යාඥයෙකු විදියට මට පත් වීමක් දෙන්න ඒ අය සූදානම්. මම එහෙ වැඩ කරනවා.’

‘ඔබ මෙතෙක් මුහුණ දුන් අනෙක් ශාරිරික ශක්‍යතාවන් පිළිබඳ ඇගයුම් ගැන මොකද හිතන්නෙ. ඔබ සමත් ඇති ද?’

‘ඔව්. මම දන්න තරමට’ ඇතීනා හිනා වුණා.

‘තනියම ද යන්නෙ ?’

‘ආ … තනියම යන්නෙ.’ඇගේ කෙටි පිළිතුර දිගු වන තුරු මෙලාවියෝ බලාගෙන හිටියා. ඇතීනා හිනාවෙවී හිටියා. එයා උත්තර දීල ඉවරයි. මෙලාවියෝ ඒ ගැනත් සටහනක් තියා ගත්තා.

‘එතකොට ඔබට කිසිම කෙනෙක් අත හැරෙයි කියල බයක් නෑ’මෙලාවියෝ ඇහුවා.

‘නෑ එහෙම නැතිවෙයි’ඇතීනා කල්පනා කරල කිව්වා, ටිකක් පුදුමයෙන් වගේ.

මෙලාවියෝ ඒ ගැනත් සටහනක් තියා ගන්නා ගමන් ආයෙත් කල්පනා කළා. එයා කුමක් හෝ හංඟනවා. එයාගෙ නොසැලකිලිමත් සරලකමත් ඇතුළෙ හැංඟිච්ච දෙයක් තියෙනවා. එහෙත් මෙලාවියෝට ඒ ගැන අහන්න බෑ. අහන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත රෝගියා ඇගයීමට ලක් කළ යුතුයි. එච්චරයි, ඊට වඩා දෙයක් හාරා අවුස්සන්න බෑ. සමහර විට ඉස්සරහට දැනගන්න ලැබේවි. මෙලාවියෝ සටහන වැහුවා. ‘අපි අනිද්දා හම්බෙමු.’එයා කිව්වා.

ඊළඟ දවස් දෙකේ තිබුණේ බුද්ධි ඵලය සහ හැඟීම් ඵලය පිළිබඳ පර්යේෂණ දෙකක්. ඇතීනාගෙ බුද්ධි ඵලයට වඩා ඒකක එකක් වැඩි බුද්ධිඵලයක් ඇති මනුස්සයෙක් මෙලාවියෝට ළඟට අරගෙන ඇවිත් තියෙනව අවුරුදු පහළොවකට විතර කලින්. ඒ තුර්කි ජාතික දාම මිනීමරුවෙක්, ඒ මනුස්සය කළේ ගෑනු මරල ඉළ ඇට එකතු කරපු එක, එයා හිතුවා ඒ ඉළ ඇට අයිති ආදම්ට කියල. වෙන කිසිම කෙනෙක් මේ අගය ළඟටවත් ඇවිත් නෑ. ඇතීනගෙ භාෂාව සම්බන්ධ බුද්ධිය සහ ත්‍රිමාණ අවකාශ සංජානනය කිරීම පිළිබඳ බුද්ධිය අනෙක් සියල්ල ම අබිබවා යනවා. එයාගෙ හැඟීම් ඵලය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙද්දි මෙලාවියෝට ඇත්තට ම බය හිතුණා. මොකද ප්‍රතිඵල ඉතා ඉහළයි. මනෝ චිකිත්සකයා මෙලාවියෝ, ඇතීනා නෙවෙයි. ඒත් එයාට මේ තරම් හොඳ හැඟීම් ඵලයක් තියෙනවනම් ඒක මෙලාවියෝගේ හැඟීම් ඵලයට වඩා ඉතා ඉහළ නම් මම එයා විශ්ලේෂණය කරනවට වඩා එයා මාව විශ්ලේෂණය කරනව ද කියන අනාරක්ෂිත හැඟීමක් එනවා. මෙලාවියෝ එයාගේ පෞද්ගලික හොලොග්‍රෑම් තිරයෙන් ඔළුව උස්සල බැලුවා. ඇතීනා බලාගෙන ඉන්නවා. හිනාවත් යාන්තමට තියෙනවා. ඇසුත් හිනාවෙනව වගේ. මෙලාවියෝ ඉක්මනට උගුර පාදල එයාගෙ ඇස් මඟ හැරියා.

‘ලබන සතියෙ අහඹු අවස්ථා පරීක්ෂණ. එතනින් ඉවරයි’

මතු සම්බන්ධයි.

තාරක කල්දේරා

පපායා දැල්වූ ගිනි

$
0
0
ජුනි 9, 2018 01:00

පාන්දර 5.16 ට අමොර් පණිවුඩයක් එවලා. මම නිදිමරගාතෙම ඒක කියවලා තිරය නිවා ගත්තා. ඒත් නිකමට වාගෙ ආයෙ තිරය පත්තු කර ගත්තා.

'අපි මේ සම්බන්ධය නවත්තමු'

අමොර් කවදාවත් නැතිව හරි සිංහලෙන් පණිවුඩයක් එවලා. වෙනදට එයාගෙ පණිවුඩ එක්කො සිංග්ලිෂ්, නැත්නම් බරසාර ඉංග්‍රීසි. කෙටි පණිවුඩයක් ඇවිත් කියන්න කීප පාරක්ම සද්ද කරන්න මට සිද්ධ වුණා. රෑ ජාමෙ හතර වටේ පාටිවලට ගිහිල්ලා බීලා ඇවිල්ලා ඉබන් හොඳටම නිදි. එයා ඇඳේ ඉදන්ම මාව අල්ලලා බලලා ආයෙ නිදා ගත්තා.

මේ මිනිහට ගාණක්වත් නැති හැටි අම්මපා!! අරහෙ රත්තරං වටින ගෑනියෙක් කියනවා සම්බන්ධෙ නවත්තමු කියලා. මූ ගොරොද්දෙ ඇද, ඇද නිදි. ඒ මදිවට වෙන කාගෙදෝ ගෑනු කෙනෙකුගේ නමකුත් කියලා ඊයෙ රෑ ජාමෙ කෑ ගැහුවා.

මොකක්ද ඒ නම...... හරි... 'ලියෝන්'කියලා තමයි කෑ ගැහුවේ. ඒත් ඒක පිරිමි නමකුත් වගේනේ. එයා පිරිමි නමක් කියලා කෑ ගහාවිද? ඉබන්ගෙ ලැප්ටොප් එකේ මොනවද වීඩියෝ වගයක් ඔය නමින් තිබ්බා මට මතකයි. ඒවා තිබ්බේ එස්. ලියෝන් කියලා. සැන්ඩ්‍රා ලියෝන් වෙන්න ඇති. ඒ ගෑනු කෙනා ටිකක් සැර කෙනෙක් මම හිතන්නේ. හැම වෙලේම කාට හරි හයියෙන් කෑ ගහනවමයි ඇහෙන්නේ.

ඒ පාර කෝල් එකක්. අමොර් කතා කරනවා. මම පපුව පුම්බලා වාදනය හයියෙන් ඇහෙන්න සැලැස්සුවා. ඉබන් ඊගහක් වගේ නැගිට්ටා.

'හායි...ඩාලිං'

'නෑ. නෑ. නිදාගෙන නෙවෙයි හිටියේ. ඔව්. ඔව්. මේ දැන් නැගිට්ටේ. එස්. එම්. එස්... නෑ.නෑ. බැලුවේ නෑ ලව්.'

'ඉන්න. ඉන්න. මම එන්නම්. ඔයා ගෙදරම ඉන්න. මොනවා!! බෑ!! හා..හා..'

ඉබන්ගෙ නළලෙන් දාඩිය වැක්කෙරෙන්න පටන් ගත්තා. ඇදේම වාඩි වුණ ඉබන් ෆෝන් එක දිහා අරමුණක් නැතිව බලාගෙන හිටියා. කලින් ආපු කෝල්ස් කීපයක් මකලා දැම්මා. ගැලරි එකේ තිබ්බ පින්තූර වගයක් තෝරලා ඇවකාඩෝ 0.3 ට යවන්න කියලා මට අණ කළා. ඇවකාඩෝ 0.3 කිව්වා 'මැජික්ඩ්‍රොප්'කරන්න කියලා. මම මැජික්ඩ්‍රොප් කරන්න එයාගෙන් අවසර ඉල්ලුවා. ඊට පස්සෙ පින්තූර ටික දුන්නා. 0.3 ඒ අතරේ මගෙන් ඇහුවා එයාගෙ ළඟ තියන තව සමහර දේවල් බලන්න ඕනද කියලා. මම ඔළුව වනලා හා කිව්වා.

එයා මට ඉබ්බො දාපු ෆෝල්ඩර් එකක් ඇරලා පෙන්නුවා. ඒකෙ තිබ්බෙ බියංකා ඉබන් එක්ක ගත්තු පින්තූර. එයාලා මීමුරේ ගිය වෙලාවෙ දිය ඇල්ලක් උඩ තුරුල් වෙලා අරන් තිබ්බ පින්තූර, වතුරක ගිලිලා ඉන්න පින්තූර, කඹයක එල්ලිලා දිය ඇල්ලකින් පනින පින්තූර. අන්තිමට තිබ්බෙ ඉබන් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න පින්තූරයක්. ආ...අර ඉන්නෙ මමත් සාක්කුවෙන් බිමට වැටිලා.

 

* * *

 

ඉබන් නාන කාමරේ දොර කඩාගෙන වගේ ඇතුළට ගිහින් නාන්න පටන් ගත්තා. මැජික්ඩ්‍රොප් තාම ඕෆ් කරලා නැති නිසා ඇවකාඩෝ 0.3 මට තව ඊමේල් කීපයකුයි, වෙබ් ලින්ක් සහ ඉබ්බො දාපු නෝට් හය, හතක් එව්වා. හනික ඒවා සේව් කරගන්න මට පුළුවන් වුණා.

ඉබන් නාන කාමරෙන් එළියට ආවෙ ඇඳුම් ඇඳගෙන. තෙත කොණ්ඩෙ අතින් ගසමින්. ඒත් එක්කම ඉස්සරහා දොර ඇරගෙන අමොර් ආවා. එයාගෙ මූණ තඩිස්සි වෙලා. ඇස් ගිනි රතු වෙලා. ඇඳුම් හොඳටම පොඩි වෙලා. මූණත් සුදුමැලි වෙලා.

'ඉබන්..ඔයා මහ වංචාකාර, තක්කඩි මිනිහෙක්. අදින් පස්සෙ අපේ සම්බන්ධෙ ඉවරයි. මෙන්න ඔයාගෙ ගෙදර යතුර. කරුණාකරලා මට මගේ ගෙදර යතුරත් දෙන්න.'

ඉබන් ගරු රඟපෑමක. එයා පිස්සෙක් වගේ අඬන්න පටන් ගත්තා. අමොර්ගෙ කකුල් දෙක ළඟ බිම වැටුණා. වැටිලා එයාගෙ ඔළුව ටයිල් පොළොවෙ හප්පන්න වුණා. කෙස් ඇදගන්න වුණා.

'අනේ අමොර්...මාව දාලා යන්නෙපා. මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ. මම කවදාවත් ඔයාට වංචාවක් කරලා නෑ. මම දිවුරන්නම්.

'අමොර්ගෙ මූණ තව රතු වෙලා කේන්තියෙන් වෙව්ලන්න පටන් ගත්තා. එයා ඉබන්ව පැත්තකට තල්ලු කරලා දාලා ඉස්සරහා දොර ගාවට ගිහින් හිටගත්තා. හයියෙන් හුස්ම ගන්න වුණා. ආයෙමත් හැරිලා ඉබන් ගාවට ආවා.

'මම ඔක්කොම දන්නවා. ඔහේ මහ වනචරයෙක්. එක පාර ගෑනු හතර, පස් දෙනෙක් එක්ක යාළු වෙන එක වංචාවක් නෙවෙයි කියලා කියනවා නම් හෙට උදේ වෙද්දි ඔහේගෙ දිව හැලෙන්න ඕනා. මගේ ළඟ සාක්කි ඕන තරම් තියෙනවා. ඔහේව මට දැන් අප්පිරියයි.'

'ඔයාට කවුරු හරි කේලමක් කියලද කොහෙද අමොර්. මම ඔයාට වංචා කළේ නෑ. අනේ.. අමොර්...මාව දාලා යන්නෙපා'

අමොර් තමන්ගෙ හෑන්ඩ් බෑග් එක අවුස්සන්න වුණා. සුදු ලියුම් කවරෙක දාපු පින්තූර වගයක් එයා ඉබන්ගෙ මූණ ඉස්සරහට විසි කළා. ඉබන් හනික ඒවා අහුලා ගත්තා.

මුලින්ම බියංකා එක්ක මීමුරේ ගිහින් ගත්ත පින්තූර හතරක්. ඊළඟට මිකී මවුස් එක්ක ඇල්ල-වැල්ලවායෙ ගිහිල්ලා නටපු ජවුසමක පින්තූර. අන්තිමට ලීනා එක්ක 'ආර් ඇන්ඩ් බී'ගිහින් තුරුළු වෙලා නටන පින්තූර.

ඉබන් ආයෙමත් පුදුම වෙලා වගේ ගරු රංගනයක. ඒ මදිවට දැන් හරකෙක් වගේ අඬා වැළැපෙනවා. ටාසන් වගේ පපුවට තඩිබා ගන්නවා.

අමොර් වේගයෙන් දොර දිහාවට ඇවිදගෙන ගියා. ඊළඟට සාලෙ පොඩ්ඩක් නැවතිලා මැටි පිළිරුවක් අතට අරගෙන ඉබන්ගෙ විසාල ටීවී ස්ක්‍රීන් එක කුඩු වෙලා යන්න බවුන්සර් එකක් දැම්මා. එළියට බැහැලා ගේට්ටුවටත් 'දඩෝං'ගහලා ලොකු ගඩොලකින් ගහලා කොට්ටම්බා ගහ යට නවත්තලා තිබුණ තමන්ගෙ කාරයට ගොඩ වුණා. දැන් අමොර් වාහනය පණ ගන්වන එක පැත්තක තියලා ඉකි ගහමින් අඬනවා. සුක්කානමේ ඔළුව තියාගෙන තනියෙම කියවනවා.

'සක්කරවට්‍ටම්, මායම්කාරියෝ, ලැජ්ජා නැති ගෑනු, වනචරයා, ගල් මූසලයා...මම පළි ගන්නවා'

ඊට පස්සෙ'චරාස්...බරාස්... සද්දෙන් වාහනේ රේස් කළා. දැන් වාහනේ පාර පුරාම.

ඒ අතරේ මම නිකමට වටපිට බලද්දි අලුත්ම පපායා 1.69 ක් බිම වැටිලා තියෙනවා දැක්කා. එයා හොඳටම බය වෙලා. පපුව ගැහෙනවත් එක්ක. මම සම්පූර්ණ ශක්තියම යොදලා බිමට පැන්නා. පපායා ෆෝන් එකක් එච්චර බය වෙලා ඉන්නවා මම දැක්කමයි. මොකද එයාලා මහ චණ්ඩි වගේනෙ හැසිරෙන්න පුරුදු වෙලා ඉන්නේ.

'යමු මේසෙ උඩට'

මම කියපු ගමන් පපායා මගේ අතින් අල්ලගෙන මේස තරණයට ලෑස්ති වුණා.

'ඇයි අමොර් මාව දාලා ගියේ?'

එයා සිහින් කටහඬින් මගෙන් ඇහුවා.

'එයා හෑන්ඩ් බෑග් එක අදිනකොට නොදැනීම ඔයාව බිම වැටෙන්න ඇති.'

පපායා එයාගෙ නළල රැළි ගැන්නුවා.

'නැහැ. ඕනකමින්ම මාව දාලා ගියා.'

හදිස්සියේම පපායා ඇතුළෙන් සුළු ගින්දරක් දැල්වෙන්න පටන් ගත්තා. ඒ ගින්න ටිකකින් පොළොවෙ තිබ්බ කාපට් එකකට බෝ වුණා. මම කටින් පිඹලා ගින්න නිවන්න උත්සාහ කළා. ඒත් එන්න, එන්න ගින්න වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. දුම් හැම තැනම. පුංචි වලාකුළු වගේ. ඒ මැද්දෙන් ගින්දර. මට හොඳටම බය හිතුණා. 'පපායා 1.69 ඔයා කොහේද?'කැස්ස නොතකමින් මම කෑ ගහලා ඇහුවා. හීනෙන් වගේ මම දැක්කා පපායා 1.69 කුස්සිය පැත්තෙ දොරෙන් එළියට දුවනවා.

'ඇවකාඩෝ ගේ ගිනි තිබ්බෝ. මෙහෙ වරෝ....එයාව අල්ලගනියෝ. ගහපියෝ. මරපියෝ. කොටපියෝ....මෙන්න ගිනි ගන්නවෝ'.

කාංචනා අමිලානි

@moogater

චීන ගමේ ලෝකල් ඩා වින්සිලා

$
0
0
ජුනි 9, 2018 01:00
මංජුලා විජයරත්න

ලෝකයට අවශ්‍ය තෙල් සායම් සිතුවම් වැඩිම ප්‍රමාණයක් වසර ගණනක් තිස්සේ නිෂ්පාදනය කෙරුණේ දකුණු දිග චීනයේ ඩාෆෙන් නමැති පුංචි ගම්මානයේ සිත්තරුන් අතිනි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් ලෝකයට වුවමනා සිතුවම්වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් ගම්මානය තුළ නිෂ්පාදනය කෙරිණ. සිතුවමක් නිමැවුම කෙතරම් සොඳුරු සහ සියුම් කාර්යයකි. සිතුවම් දහස් ගණනක් නිමැවෙන කල ඩාෆෙන් ගම්මානය එකම එක වෙළඳ ගම්මානයක් බවට පත් වූයේය. මේ නිසා එය හැඳින්වුණේ “තෙල් සායම් කර්මාන්ත ශාලාව” වශයෙනි. තෙල් සායම් කර්මන්ත ශාලාවේ සිත්තරුන්ගේ සායම් තැවරුණු තෙලිතුඩ කඳුළකින් තෙත්ව ඇතැයි කියන ප්‍රවෘත්තියක් අල්ජසීරා ප්‍රවෘත්ති සේවය පසුගිය දා පළ කර තිබිණ. එය සිදුවී ඇත්තේ ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් බව එම පුවතෙන් පෙන්වා දෙයි.

සිතුවම් සමඟ කෙරෙන සුන්දර හැලහැප්පීම් ඇරඹෙන්නට පළමුව ඩාෆෙන් ගම්මානය නිහඬ, නිශ්චල තැනක් විය. එක්දහස් නවසිය අසූ ගණන් අග භාගයේදී හුවැන්ග් ජියෑන්ග්, හොං කොං සිට එහි පදිංචියට පැමිණියේ ගම්මානයේ පැවැති ඒ සාමකාමී සුන්දර පරිසරය නිසාම විය යුතුය. හුවැන්ග් සිත්තරෙක් මෙන්ම හොඳ ව්‍යාපාරියෙකි. හුවැන්ග් ඩාෆෙන්හි පදිංචියට පැමිණියේ හිස් දෑතින් නොව සහෘදයන්ගේ සිතුවම් පවස නිවන්නට සරිලන තරමේ ආම්පන්න පොදියක්ද රැගෙන ය. ඔහු එහි රැගෙන ආ මාහැඟි අගනාම සම්පත වූයේ චිත්‍ර කලාව පිළිබඳ සියුම් සිහි බුද්ධියයි. ඒ හැරුණු විට චිත්‍ර කලාවට පෙම් බැඳි සිසු පිරිසක් ද ඔහු සමඟ පැමිණ සිටියහ. සායම් වර්ග, කැන්වස්, රාමු ආදිය පසෙක ලූ විට ඔහු අත පැවැති ඥානය සහ ඔහු අසල ගැවසුණු සිසුන් පිරිස ඩාෆෙන් පොළොවට හරියටම හරි ගියේය. වින්සන්ට් වැන් ගෝ, ලියනාර්ඩෝ ඩා වින්සි වැනි බටහිර ප්‍රකට සිත්තරුන්ගේ නිර්මාණ මේ පිරිස අතින් පළමුවෙන්ම සිතුවමට නැඟුණි. ඒ සිතුවම්වලට එකල විශාල ඉල්ලුමක් ඇතිවුණේ නිරායාසයෙනි. ඒ හරහා ක්‍රියාත්මක වුණු හුවැන්ග්, සිය ව්‍යාපාර බුද්ධිය පාවිච්චියට ගෙන ඩාෆෙන් ගම්මානය ලෝකයට සිතුවම් සපයන අපූරු තැනක් බවට පත් කළේය.

ඩාෆෙන් ගම්මානය “ලෝක තෙල් සායම් කර්මාන්ත ශාලාව” බවට පත්වන විට, සිතුවම් නිමැවුම පාදක කරගෙන තවත් ව්‍යාපාර රාශියක් ඇති විය. ඩාෆෙන්හි මානව ශ්‍රමය චිත්‍ර ඇඳීමටම කොටු විය. එකී අතුරු ව්‍යාපාර ඩාෆෙන්හි බිහි වුණේත්, එහි මිනිසුන් සිත්තරුන් බවට පත් වුණේත් එක රැයෙන් නොව දශක දෙක තුනක අවශ්‍යතා මුල් කරගෙන ය. වාර්තාවන්හි දැක්වෙන අන්දමට ගම්මානයෙහි දැනට කලාගාර 1200ක් ඇත. එහි ඇති තෙල් සායම් ව්‍යාපාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 60කට අධිකය. සිතුවම් ඇඳීම ජීවිකාව කරගත් පිරිස 8000 ඉක්මවා යයි. චිත්‍රාගාර තැනීම, කැන්වස් ආදී දේ විකිණීම, චිත්‍රවලට අවශ්‍යය රාමු සැකසුම ආදී අවශේෂ කර්මාන්ත ගම්මානයෙහි ස්ථාපනය වුණේ ද මේ පුබුදුවත් සමඟය. ඩාෆෙන් ගම්මානයෙන් නිමැවෙන දහස් ගණන් සිතුවම් නැව් සහ ගුවන් මඟින් ලෝක වෙළඳපොළට රැගෙන යන තෙක් වර්ධනය වන්නේ එසේය.

නව සහශ්‍රය ආරම්භ වනවිට ඩාෆෙන්හි පැවැතියේ ස්වර්ණමය වසන්තයකි. සිත්තරුන්ගේ සොඳුරු නිර්මාණවලින් පිරුණු චිත්‍රාගාර ඩාෆෙන්හි සෑම අඩියක් අඩියක් පාසා දක්නට ලැබිණ. සායම් තැවරුණු දෑත්වල වෙහෙස නිවමින් ඉසුඹු ලන සිත්තරුන් ගම්මානයට ආගන්තුක දසුනක් නොවීය. අම්මලා තාත්තලා සමඟ චිත්‍රාගාර තුළට වදින පොඩි පැටවු ද තමන්ගේ අනාගතය මේ නිස්කලංකය තුළ සිත්තම් කරන්නට පටන් ගත්හ. කෙටියෙන් කිවහොත් ඩාෆෙන් ලෝක තෙල් සායම් කර්මාන්ත ශාලාව බවට පත්ව වැඩි කලක් යන්නට පළමුව සිතුවම් කලාව පරම්පරාගත විය.

එහෙත් සිතුවම් කලාව හරහා ගොඩනැඟුණු ඒ සිත්තරුන්ගේ ලෝකය තුළ අඳුර තැවරෙන්නට පටන් ගන්නේ 2008 දීය‍. ඒ එම වසරේ මතු වුණු ලෝක ආර්ථික අර්බුදත් සමඟ. ඩාෆෙන්හි චිත්‍ර කෙතරම් චමත්කාර ජනක වුවත් ලෝක වෙළඳපොළට ඒවායෙහි මිල උහුලන්නට බැරිව ගියේය. මේ නිසා වෙළඳපොළට යවනු ලැබූ සමහර සිතුවම් සිත්තරුන් සොයා ආපසු පැමිණියේය. ඇතැම් චිත්‍ර ඉතාමත් අඩුවට මිල කෙරිණ. මේ අතර අතරමැදියන්ගේ ගැටවලට හසු වී පීඩා විඳින සිත්තරුන් ගණන එන්න එන්නම වැඩි විය. එකී වාතාවරණය මාධ්‍යයේ සිත්තරුන්ගේ ජීවිත, දරීද්‍රතාවයේ පතුලට ඇදෙන්නට පටන් ගැනිණ. චිත්‍රාගාර කුලිය ගෙවා ගන්නට බැරිවත්, සායම් ආදී අඩු වැඩිය මිලදී ගන්නට බැරිවත් ළතැවෙන සිත්තරුන් මඟ තොටේදී හමුවන තරමට ඩාෆෙන් ලෝක තෙල් සායම් කර්මාන්ත ශාලාවේ තත්ත්වය අයසට වැටිණ.

හුවැන්ග් ජියෑන්ග්, ඩාෆෙන්හි ඇති කළ උප සංස්කෘතිය රැකගන්නට එහි බලධාරීන්ට දැන් අවශ්‍යව ඇත. මේ නිසා ඩාෆෙන් ගම්මානය සිතුවම් උද්‍යානයක් බවට පත් කර සංචාරකයන් සඳහා විවෘත කරන්නට බලධාරීන් දැන් පිඹුරු පත් සදා තිබේ. බලධාරීන්ගේ ඒ සැලසුම් ඩාෆෙන් සිත්තරුන්ගේ නිදහසට සහ හැකියාවලට ඔරොත්තු නොදන්නට ඉඩ තිබෙන බව අල්ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

අල්ජසීරා ඇසුරෙනි

අයිස් ක්‍රීම් පාරාදීසය

$
0
0
ජුනි 9, 2018 01:00

අයිස් ක්‍රීම් කියන නම ඇසෙන විටත් ලොකු පොඩි කොයි කාටත් දැනෙන්නේ මිහිරියාවකි. දිව පිනවන විවිධ රසයන්ගෙන් සකසන ලද අයිස් ක්‍රීම් ලෝකයේ අතුරුපස අතරින් ප්‍රමුඛස්ථානය ගනී. එකිනෙකට වෙනස් අනර්ඝතම අයිස් ක්‍රීම් වර්ගවලින් සහ විනෝද අංග කිහිපයකින් පරිපූර්ණ වූ ‍ ලෝකයේ ලොකුම අයිස් ක්‍රීම් වෙළඳසල පිළිබඳ පුවතක් එංගලන්තයේ චෙස්ටර් නගරයෙන් වාර්තා වේ.

" The ice cream farm "නම් වන මේ වෙළෙඳසල ගිනස් වාර්තාවක් හිමි කර ගෙන ඇති ලොව සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයකි. මෙය අයිස් ක්‍රීම් වෙළෙඳසැළක් මෙන්ම ගොවිපොළක් ලෙස ද හඳුන්වයි. වර්ග අඩි දස දහසකට ( 10,000) කට ආසන්න ඉඩ ප්‍රමාණයක නිර්මාණයක කර ඇති මෙහි අයිස් ක්‍රීම් වර්ග 50 ක් පමණ අන්තර්ගත වේ. මෙය පාරම්පරික උරුමයෙන් තිස්වසරක් පුරා පවත්වාගෙන යන පවුලේ ව්‍යාපාරයක් ලෙස සලකනු ලබයි.

මේ අයිස් ක්‍රීම් ගොවිපළෙහි අධ්‍යක්ෂකතුමන් වන ජොනතන් ෆෙල් අවුරුදු 14 දී මෙය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. ඔහුගේ මවුපියන් වන ටොම් සහ මාග්‍රට් ෆෙල් යුවළ මෙහි පළමු හිමිකරුවන් වේ. තම මවුපියන්ගේ අභාසයෙන් ව්‍යාපාරකරණයට යොමු වූ ජොනතන් පසු කාලයේ දී ලෝකයේ ම අවධාණය දිනා ගත හැකි වන අන්දමින් මෙම ව්‍යාපාරය වෙනස් කළහ.

2007 වර්ෂයේ දී නවීන ආකාරයේ ice cream parlour, අයිස් ක්‍රීම් අවන්හල මෙන් ම අයිස් ක්‍රීම් විනෝදාගාර නිර්මාණය කරුණු අතර 2013 දී මේ අයිස් ක්‍රීම් වෙළඳපොළ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 500, 000 කට වඩා වැඩි ය. ප්‍රකට ළමා නවකතාවක් වූ චාලි සහ චොක්ලට් ෆැක්ටරියේ අන්තර්ගත පහසුකම් පරිදි මෙය නිර්මාණය කර තිබේ. ඒ අයුරින් මෙම අයිස් ක්‍රීම් කර්මාන්තශාලාවේ ඇතුළත සහ පිටත ජල තටාක , ක්‍රීඩා උද්‍යාන, ස්ට්‍රෝබෙරි ආශ්‍රිත දිය ඇලි නිර්මාණය කර ඇත. මෙය නැරඹීම සඳහා වර්ෂයකට සංචාරකයින් 800,000 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙය සතියේ සෑම දිනකම උදෑසන 9.30 සිට 5.30 දක්වා විවෘත කර ඇත‍. නත්තල් දිනය වැනි විශේෂ ජාතික උත්සව දිනයන්හීදී පමණක් මෙය වසා දැමේ. මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යට හිතකර ලෙස මෙන් ම උසස් ප්‍රමිතියෙන් යුක්ත අයිස් ක්‍රීම් මෙහි දී දැක ගත හැක. Peanut Choc Caramel ,Blackcurrant Cheesecake,Choc Honey Crunch,Clotted Cream , Cinnamon,White Chocolate, Raspberry & Oreos,Cointreau &Orange,Sticky Toffee Pudding, සහ Mango & Passion Fruit යනා දී අයිස් ක්‍රීම් වර්ග මෙහිදී මිල දී ගත හැකි ය.

අන්තර්ජාලය ඇසුරිණි.

මදාරා මුදලිගේ

ඝාතකයාට ලියුම් මල්ලක්

$
0
0
ජුනි 9, 2018 01:00

දාහත් දෙනකුට මරු කැඳවමින් ෆ්ලෝරිඩා උසස් පාඨශාලාවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය පසුගිය දා සියලුම මාධ්‍ය වාර්තා කළා. ඒ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත් නිකොලොස් කෘස් අමුතුම තාලයේ ප්‍රකට චරිතයක් බවට පත්වෙමින් තිබීම නවතම පුවතයි.

මේ වනවිටත් නිකොලොස් ගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් ඔහුට සුබපතා ලිපි රැසක් එවා තිබෙනඅතර එක් මහලු කාන්තාවක් නිකොලොස්ට අධිකරණ සහය ලබාගන්නට අරමුදලක්ද ආරම්භ කොට තිබෙනවා.

ළාබාල තරුණියන්, කාන්තාවන් හා පිරිමින් ලිපි එවමින් ඇති අතර මුහුණුපොතේ සාමාජික කණ්ඩායමක් නිකොලොස්ගේ අනාගතයට උදව් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. මේ වනවිට Broward බන්ධනාගාරයේ රඳවා සිටින නිකොලොස්ට එරෙහිව තිබෙන මිනීමැරුම් චෝදනා ඔප්පු වුවහොත් ඔහුට මරණීය දණ්ඩනය නියම වීම නිශ්චිත බවත් සමාජයේ මෙතරම් කම්පනයට ලක්වූ සාහසික ඝාතකයකුට මෙතරම් යහපත් සමාජමය ප්‍රතිචාර ලෙසට ලැබෙන්නේ මන්ද යන්න ගැටලුවක්ව පවතින බව ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. South Florida Sun Sentinel පුවත්පත නිකොලොස්ට එබඳු ලිපි එවූ අයගේ තොරතුරු හෙළිදරව් කරනවා. නිකොලොස්ගේ රුව මාධ්‍ය මඟින් දුටු මැදිවියේ කාන්තාවක් නිකොලොස් බොහෝ රූමත් තරුණයෙකු බව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කොට තිබෙනවා.

ඉකුත් මාර්තු 15 වන දින එක් යුවතියක් ඔහු වෙසෙන බන්ධනාගාරයට කවරයක බහා සතුටු මුහුණු සහ හදවතක් ඇඳ එවා තිබිණි. ඇය ලියා තිබූ කෙටි ලිපියක මෙසේ සඳහන් විය. “මම දහ අට හැවිරිදි යුවතියක්. මම ඉගෙන ගන්නේ ජ්‍යෙෂ්ඨ පංතියක මම දැක්කා ඔයාගේ රූපය ටෙලිවිෂන් එකෙන්. ඔයා ගැන එදා ඉඳල ගොඩක් දුක හිතුණා. මේ ලිපිය ආරම්භ කරල තිබුණේ මේ විදියට “ඔයාගේ ඇස් ගොඩාක් ලස්සනයි. ඒ වගේ ඔයාගේ මුහුණත් ගොඩක් ලස්සනයි.

නිකොලොස් වෙනුවෙන් පෙනී සිටින හොවාර්ඩ් ෆීන්ක්ලෙස්ටීන් නීතීඥයා Howard Finkelstein මාධ්‍යයට ප්‍රකාශ කළේ නිකොලොස්ට සහායට ලිපි කන්දක් ලැබී තිබෙන බවයි.” මීටත් අමතරව නිකොලොස්ගේ අනාගත අධිකරණ කටයුතු වෙනුවෙන් ඔහුට සහාය පළකරන කණ්ඩායම් ඩොලර් 8000 ක අරමුදලක් ආරම්භකොට තිබෙනවා. මේ මුදල් සොයාගෙන තිබෙන්නේ ඔහුට සහාය දෙන පිරිස් නොයෙක් නොයෙක් සමාජමය සේවා වලට දායක වෙමින්. මේක මහා පුදුම කතාවක්. සිය නීතීඥ ජීවිතය තුළ කෙදිනක හෝ උග්‍ර චෝදනාවකට ලක්වූවකුට මෙවැනි සහයෝගයක් ලැබී නොමැති බව නීතීඥ හොවාර්ඩ් පවසනවා. මේ ලිපි බොහෝමයක් ඔහු කියවා තිබුණ ද මේ එක ලිපියක්වත් නිකොලොස් කියවා නැත. නිකොලොස් ගේ රසික රසකාවියන් ලියන ලිපි ප්‍රමාණය වැඩි වර්ධනය වෙනවා. නිකොලොස්ට ලියුම් එවන්නේ ළාබාල ගැටවර යුවතියන්.

මේ කතාව බරපතළ ලෙස අපරාධ විද්‍යාඥයන් අතර සංවාදයට පාත්‍ර වුණා. නිකොලොස් කළ දැවැන්ත ඝාතනය වෙනුවට ඔහුට දයාවෙන් සෙනෙහස පාන්නට මෙතරම් පිරිසක් එකතුවීම පිටුපස ඇති සමාජමය කාරණාව වන්නේ නිකොලොස්ගේ බාහිර පෙනුම සහ ඔහු කෙරෙහි ඇතිවන මානසික අනුකම්පාව බවත් සමහර උදවිය ප්‍රකාශ කරනවා.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර


කුමාරයා මම තනිකඩයා

$
0
0
ජුනි 9, 2018 01:00

මෙතෙක් කලක් විවාහයට වඩාත්ම සුදුසුම තනිකඩ රාජකීයයන්ගේ ලැයිස්තුවේ අංක එක හෙබවූ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ඉකුත් මැයි 19දා නිල වශයෙන් එකී ලැයිස්තුවෙන් ඉවත් විය. ඒ, බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ සම්ප්‍රදායන් රාශියක් බිඳ හෙළමින්, ඇමරිකාවත් බ්‍රිතාන්‍යය රජ පවුලත් යාකළ විවාහයක කොටස්කරුවකු වීමෙනි. වසර ගණනාවක් ලොව පුරා තරුණියන් උන්මාද කරමින්, පෙම් පළහිලව්වල පැටලෙමින්, සෙල්ලක්කාර දිවි පෙවෙතක් ගතකළ හැරී කුමරුගේ අතගත් ඇමරිකානු සුරූපිණිය වූයේ මේගන් මාර්කෙල්ය. නමුත් තනිකඩයන්ගේ ලැයිස්තුවේ පුරප්පාඩු පිරවීමට, ප්‍රේමයේ උණුසුම පතන තවත් රාජකීයයන් ඕනෑතරම්ය. මේ එවැන්නන් පිළිබඳවය.

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රත් රැජිණගේ මුනුපුරු දහඅට හැවිරිදි ‘නිකොලායි‘ කුමරු එවැනි කඩවසම් තනිකඩයෙකි. ඔහු දැනටමත් විලාසිතා නිරූපණ ක්ෂේත්‍රයේ දුර ගමනක් යාමේ පෙර නිමිති පළ කරමින් සිටින්නෙකි. පසුගිය පෙබරවාරියේදී ඔහු සුප්‍රකට බර්බෙරි මෝස්තර නිර්මාණ ශිල්පී ‘ක්‍රිස්ටොෆර් බේලිගේ‘ විලාසිතා දැක්මකදී වේදිකාව මත ඇවිද ගියේ සුප්‍රකට නිරූපණ ශිලිපිණි ‘කාරා ඩෙල්විග්නේ‘ සමඟය. එය බොහෝ නවක නිරූපණ ශිල්පීන්ට සිහිනයක් වන්වූ සුවිශේෂී අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. දැනටමත් මෝස්තර නිර්මාණ ආයතන ගණනාවක් සමඟ ගිවිසුම්වලට අත්සන් තබා සිටින නිකොලායි කුමරුට රජ පවුලෙන්ද ඊට බාධාවක් නැත. ඩෙන්මාර්ක් රජ කිරුළට උරුමකම් කියන්නන්ගේ ලැයිස්තුවේ සත්වැනි තැන පසුවන ඔහුට කිසිඳු රාජකීය වගකීමක් පැවරි නැති නිසාය. නිකොලායි කුමරුගේ බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු බැවින් ඔහු බ්‍රිතාන්‍ය රජ පවුලටද සබඳකම් ඇත්තෙකි.

රාජකීය තනිකඩයන්ගේ ලැයිස්තුවේ සිටින වයසින් වැඩිම කුමරකු වන්නේ ඩුබායිහි ‘ෂීක් හම්ඩන් බින් මොහොමඩ් බින් රාෂිඩ් අල් මාක්ටුම්‘ කුමරුය. තිස්පස් හැවිරිදි ඔහු මිලියන හයක්වූ සිය ඉන්ස්ටර්ග්‍රෑම් රසිකයින් අතර ප්‍රකටව සිටින්නේ ‘ෆාසා‘ යන නමිනි. සත්ත්ව ලෝලියකු ද වන ෆාසා මුහුදේ කිමිදීම හා කවි පබැඳීම විනෝදාංශ කර ගත්තෙකි. සිය පියාගේ බිලියන හතරක් ඉක්මවූ මහා ධනස්කන්ධයට උරුමකම් කියන්නේද ඔහු ය.

ග්‍රීසියේ ඔටුන්න හිමි පැව්ලොව් කුමරු හා මාරි චැන්තල් කුමරියගේ පුතුන් තිදෙනා අතරින් වැඩිමලා වන කොන්ස්ටන්ටින් කුමරු ප්‍රකටව සිටින්නේ ‘ටිනෝ‘ යන සුරතල් නමිනි. වයස අවුරුදු දහනවයක් වන ටිනෝගේ රාජකීයත්වය කෙසේවුවද හුදෙක් නාමික වූවකි. ඒ 1974 සිට ග්‍රීසිය ජනරජයක් ලෙස පාලනය වන බැවිනි. නමුත් එය ඔහුගේ ජනප්‍රියත්වය අඩුවීමට හේතුවක් වී නැත. බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ පුතකු වන ටිනෝ වොෂින්ටනයේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකි. ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සිටින රසික පිරිස පනස්තුන්දහස ඉක්මවා තිබිමම ඔහුගේ ජනප්‍රියත්වයට එක් සාක්ෂියකි.

ජෝර්දානයේ සිහසුනට උරුමකම් කියන්නන්ගේ ලැයිස්තුවේ පළමුතැන සිටින විසිතුන් හැවිරිදි ‘හුසේන්‘ කුමරු කිරුළ හිමි කුමරු ලෙස තෝරා ගැනුණේ වයස අවුරුදු පහළොවේදීය. එවක් පටන් ඔහු සිය පියා සමඟ එක්ව ක්‍රියාකාරී සේවයේ යෙදේ. රාජකීය වගකීම් සඳහා ප්‍රමුඛත්වය දෙද්දීම සමාජශීලී ජීවිතයත් ක්‍රියාශීලිව පවත්වා ගැනීමට උනන්දුවන හුසේන් කුමරුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම පිරි තිබෙන්නේ බොක්සිං, කඳවුරුලෑම්, ගිටාර් වාදනය, හා යතුරුපැදි සවාරිවල ඡායාරූපවලිනි. එහි ඇති ලෝක නායකයන් සමඟ මෙන්ම ජෝර්දාන් සනීපාරක්ෂක සේවා කම්කරුවන් සමඟද අතට අත දෙන ඡායාරූපද ඔහුගේ චරිතය විදහාපාන කැටපතකි.

බෘනායි රාජ්‍යයේ වත්මන් සුල්තාන්වරයාගේ පුතුන් දොළොස්දෙනා අතරින් දහවැන්නා වන ‘අබ්දුල් මැටින්‘ කුමරුගේ වයස අවුරුදු විසිහයකි. පාපන්දු, පෝලෝ හා ආත්මාරක්ෂක සටන්ක්‍රම ප්‍රගුණ කළ ක්‍රීඩාකාමීයකු වන කුමරුගේ පෞරුෂත්වය හුදෙක් එවැනි විනෝදාත්මක ක්‍රියාකාරකම්වලින් ඔබ්බට යන සාධකවලින් හැඩ ගැසුණකි. ජාත්‍යන්තර දේශපාලනය හා රාජතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරියකු වන කුමරු බෘනායි හමුදාවේ කපිතන්වරයෙකු ලෙසද සේවය කරයි. ඇමරිකානු ඩොලර් බිලියන විස්සකට අධික වත්කම් හිමි ධන කුවේරයකු ලෙස සැලකෙන බෘනායි සුල්තාන්වරයාගේ පුතකු වුව, මැටින් තමා ප්‍රියකරන්නේ සරළ දිවිපෙවෙතකට බව ප්‍රසිද්ධියේ කියයි. සිය අනාගත සහකාරිය අවංක, සරල ගති පැවතුම්වලින් හෙබි විය යුතු බව හේ දැනටමත් තීරණය කොට අවසන්ය.

ජර්මනියේ ‘ඇල්බට් වොන් තුර්න් අන්ඩ් ටැක්සිස්‘ කුමරුගේ විනෝදාංශය වී මෝටර්ථ ධාවන තරගවලට සහභාගී වීමයි. 2012 වසරේදී කුමරු ධාවනය කළ ලැම්බෝගිනි රථයක් අනතුරට ලක්ව දිවි ගලවා ගත්තේ අනුනවයෙනි. ඔහුගේ මව ‘ග්ලෝරියා වොන් තුර්න් අන්ඩ් ටැක්සිස්‘ යනු අසූව දශකයේදී යුරෝපයේ සුඛෝපභෝගී සාද පැවැත්වීම සම්බන්ධයෙන් නම ගිය තැනැත්තියකි. අද ඇය ප්‍රකටව සිටින්නේ මිල අධික කලාකෘති රැස් කරන්නියක් හා ආලේඛ්‍ය සිතුවම් ශිල්පිණියක් ලෙසිණි.

වරක් විවාහව සිටියද ලක්ෂම්බර්ග් රාජ්‍යයේ ලුවී කුමරුද තනිකඩ රාජකීයන්ගේ ලැයිස්තුවෙන් බැහැර කළ නොහැක්කෙකි. ලක්ෂම්බර්ග්හි මහා ආදිපාද හෙන්රිගේ තුන්වන පුතුවන ලුවී කුමරුගේ හා ටෙසි කුමරියගේ දික්කසාදය පසුගිය වසරේදී ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවතක් බවට පත්ව තිබුණි. නඩත්තු වන්දි ලෙස ලුවි කුමරුගෙන් විශාල ධනස්කන්ධයක් කඩාවඩා ගැනීමට උත්සාහ කළ බවට ටෙසි කුමරිය අපවාදයට ලක්කළ මෙම දික්කසාදයෙන් පසු ලුවි කුමරු දැන් ගෙවන්නේ තනිකඩ ජීවිතයකි. දැනට ලන්ඩනයේ ජිවත්වන ඔහුට දරුවන් තිදෙනෙකි. මින් වැඩිමලා ඉපදෙන කාලයේ ලුවී කුමරුගේ වයස අවුරුදු දහනවයක් විය. එසේම ඔහු ඒ වන විට ටෙසි හා විවාහව සිටියේද නැති බව කියැවේ.

රුක්ලන්ති පෙරේරා

ගවයන් නැති නම් මරණය

$
0
0
ජුනි 9, 2018 01:00
චම්පිකා දීපානි රණසිංහ

ගෝත්‍රිකයන් දඩයම්කරුවන්සේ සිතා සිටියත් සැබෑ දඩයම්කරුවන් සිටින්නේ ශිෂ්ටයැයි සම්මත සමාජයේ ය. හොඳින් ඇඳුම් හැඳ පැළඳගත් සංවර්ධිත හෝ සංවර්ධනයවීමට වෙර දරන රටවල ප්‍රජාව වන සතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙද්දී ඊට එරෙහිව නැඟී සිටින්නේ ගෝත්‍රිකයන්ය.

දකුණු සුඩානය ලොව ළාබාලතම දේශයයි. 2011 දී සුඩානය නිදහස ලැබූ පසු ශීඝ්‍ර දියුණුවක් ලබමින් සිටියි. කලක් සිවිල් යුද්ධයෙන් බැටකෑ මුන්ඩාරි ‍ගෝත්‍රිකයන් මිලියන දෙකකට වඩා අවතැන් වූහ. දස දහස් ගණනක් මිය ගියහ. දැන් ගෝත්‍රිකයන්ගේ ලොකුම බලාපොරොත්තුව ගවයන් රැක ගැනීමයි. නයිල් ඉවුරේ, උතුරු නගරය ජුබාවල ගෝත්‍රික ජනයාගේ ජීවන රටාව මුළුමනින්ම හැඩගැසී ඇත්තේ ගව සම්පත මූලාශ්‍ර කරගෙනය. ඔවුන්ගේ දිගු අං ඇති ගවයන් හඳුන්වන්නේ ගවයන්ගේ රජවරුන් ලෙසය. ‘අන්කෝලේ වතුසි’ නමින් හඳුන්වන මේ ගවයන් අඩි 8ක් උසය. එක් ගවයකු ඩොලර් 500ක් වේ. ඒ නිසා මැෂින් තුවක්කු කරේලාගෙන මුන්ඩාරි ගෝත්‍රිකයන් ගවයන් රැකීම පුදුමයක් නොවේ.

ඔවුන්ට ජීවිතයම ‘අන්කෝලේ වතුසි’ හෙවත් දිගු අං ඇති ගවයන්ය. මේ ගවයකු ගෝත්‍රිකයකු අතින් නොමැරෙන තරම්ය. ඒ මුන්ඩාරි ගෝත්‍රිකයන්ගේ ඔසු සල, ඇවිදින ආහාර ගබඩාව, දෑවැද්ද, මිතුරා දිගු අං ඇති ගවයා බැවිනි.

මාංශප්පේශීන්වලින් පිරි උස මුන්ඩාරි ගෝත්‍රිකයන් කායවර්ධකයන් බඳුය. ඔවුන් තම සංකේතය වශයෙන් සලකන්නේ දිගු අං ඇති මේ ගවයන්ය. කිරි සහ යෝගට් ප්‍රධාන ආහාරය කර ගනිමින් මේ ජවාධික ගෝත්‍රිකයෝ ජීවත් වෙති. මුන්ඩාරි මිනිසුන් ගව මුත්‍රා පහරට ඇන තබාගෙන සිටින්නේ එය විෂබීජ නාශකයක් සේ සලකා ය. එලෙසම ගව මුත්‍රාවල ඇමෝනියාවලින් කොණ්ඩා තැඹිලි පැහැ කරගැනීම ගෝත්‍රිකයන් දකින රූපලාවණ්‍ය සිහිනයකි.

ගොම බෙටි ගම්මානයේ ගොඩ ගසා ඇත්තේ වියළෙන්නටය. පීච් පැහැයට ගොම වේළුණු පසු ඒවා පුළුස්සා සමේ ගැල්වීමෙන් අංශක 115ක දැඩි උෂ්ණත්වයෙන් සම ආරක්ෂාකර ගත හැකිය. ලෝකයේ මෙතරම් ආදරණීය සම්බාහනයක් ලබන වෙනත් ගව වර්ගයක් නැති බව බොහෝ සංචාරකයන් පවසන දෙයකි. ගොම වේලා ටැල්කම් පුයර මෙන් සිහින්ව කුඩුකර ගවයන්ගේ සමේ අතුල්ලයි. මේ සියල්ලම කරන්නේ මහත් ගෞරවයෙනි.

ඔවුන් නිදා ගන්නේද ගවයන් අතරය. ගවයන් හැර අඩි දෙකකට වැඩි දුරක් ඔවුන් නොයන්නේ ගවයන්ගේ ආරක්ෂාවටය. අඩි දෙකකට වැඩි දුරක් යාම ගෝත්‍රික නීතියට පටහැනිය. ගවයන්ගේ ප්‍රධාන සතුරා සතුන් සොරකම්කරගෙන යන්නන්ය. ගවයන් ඔවුන්ට මුදලකි. පවුලේ විශ්‍රාම මුදලයි. එලෙසින්ම දෑවැද්ද ද වේ.

සිවිල් යුද්ධයෙන් පසු දහස් ගණනින් සූඩාන පිරිමින් නැවත ගම්බිම් බලා පැමිණි අතර බිරියන් සෙවීම ඔවුනගේ ප්‍රධාන රාජකාරිය විය. බිරියන්ට ඇති ඉල්ලුම නිසා දෑවැද්දේ වටිනාකම ඉහළ ගියේ ය. සුඩාන පිරිමියකු තරුණියක ආවාහ කර ගැනීමේදී දෑවැද්ද වශයෙන් දෙන ගවයන් ගණන වැඩි වූ තරමට ඔහුට ඇති ඉල්ලුමද වැඩිවේ. ඒ නිසා සත්ත්වයින්ගේ වටිනාකම තවත් වැඩි වී තිබේ. ඊට සමගාමීව ගව සොරකමද උග්‍ර විණි. මූන්ඩාරි ගෝත්‍රිකයන් ගිනි අවි දරන්නේ මිනිසුන් මරා දැමීමේ පිපාසයෙන් නොවේ. ඔවුනට අවශ්‍ය ප්‍රාණසම තම ගවයන් රැක ගැනීමය.

අප්‍රිකාව ගව සම්පතට වාගේම සිංහ සම්පතට නිජ බිමකි. ලෝක සිංහ ජනගහනයෙන් අඩක්ම එනම් සියයට පනහක්ම ජීවත් වන්නේ නැ‍ඟෙනහිර අප්‍රිකාවේ ය. සිංහයන් කැමැතිම ගොදුර ගවයන්, එළුවන් වැනි ගොවිපළ සතුන් නිසා කලක් සිංහයන් ටැන්සානියාවේ මාසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන සතුරා විය. ඒ නිසා ඔවුන් ගව පට්ටි රැක ගැනීම සඳහා සිංහයන් මරා දැමීමට නොගත් තැතක් නැත. සිංහයකු මරා දැමීම ගෝත්‍රික බසින් ‘ආලා - මායෝ’ කියා හැඳින් වූ අතර එය ශක්තියේත් බලයේත් සංකේතය විය. ඔවුන්ට ගෝත්‍රික සමාජයේ විශේෂ පිළිගැනීමක් ද තිබිණි. ටැන්සානියානු රජය හැත්තෑව දශකයේදී සිංහයන් මරා දැමීම තහනම් කරන ලදී. 1959 සිට ටැන්සානියාවේ තරන්ගයර් ජාතික උද්‍යානය, හා රක්ෂිතය එරට රජයෙන් සුරක්ෂිත කෙරිණි. එම පෙදෙසට මිනිසුන් යන්නේ අඩුවෙනි. සිංහ ඝනත්වයද වැඩිය.

හැටේ දශකයේ ගෝත්‍රිකයන් සිංහයන් වසරකට දහයකට වඩා මරා දැමුවේ නැත. එහෙත් මාසායි ජනගහනය වැඩිවීමත් සමඟ හතළිහක් හෝ ඊට වැඩි ගණනක් සිංහයන් මරා දැමිණි. සිංහ ගහනය අඩුවීමත් සමඟ රක්ෂිතයේ සිංහයන් දඩයම ද බරපතළ ලෙසින් සිදුවිය. සොබා දහමත් සමඟ හැදුණු වැඩුණු මාසායි ගෝත්‍රිකයන්ගේ සංවේදී හදවත්වලට සිංහයන් වඳවීගෙන යාමේ වේදනාව තදින්ම දැනිණි. ඔවුහු සිංහයන් නැසීමට නොව රැකීමට අවි ගත්හ. පාන්දර පහට කුරුලු කූජනයෙන් අවධිවන මේ සොබාදම් වීරයෝ කැඳ කෝප්පයක රස බලා පරණ ටයරවලින් සෑදූ පාවහන් පයලා ගනිති. ඒ කැලෑ රජුන් සුරැකීම සඳහා ගමනාරම්භ කිරීමටය.

මේ වන විටත් අප්‍රිකාවේ සිංහ ගහනයෙන් 80% ක්ම අතුරුදන් වී අවසන්ය. පසුගිය දශක දෙකේදී එරට සිංහ ගහනයෙන් සියයට පනහක්ම විනාශ වී තිබිණි. රටේ කොපමණ සිංහයන් ගණනක් සිටිනවාද කියා කිසිවෙක් නොදනිති. මෑතකදී කළ ඇස්තමේන්තු ගත කිරීම්වලට අනුව දැනට ඉතිරි වී සිටින්නේ සිංහයන් 35,000ක් පමණය.

මාසාරි ගෝත්‍රිකයන් සක්‍රීයව සිංහයන් රැක ගැනීමට සටන් කරන අතර ඔවුන් වර්ග කිලෝමීටර් 5,500ක (අක්කර මිලියන 1.3 ක) භූමි භාගයක ටැන්සානියාවේ හා කෙන්යාවේ සිංහයන් රැකගනු ලබයි.

තරන්ගයර්, අම්බොසෙලි, න්ගොරොන්ගෝරෝ, සෙරෙන්ගෙති, සෙලස් ජාතික උද්‍යානවල සිංහයන් ඔවුනගේ විශේෂ අවධානයට යොමුවී ඇත. අකුරු සාස්තරය නොදන්නා නමුත් පරිසරයේ සමබරතාව රැකීමට සිංහයන් අත්‍යාවශ්‍ය බව ගෝත්‍රිකයන් අවබෝධ කරගෙන තිබේ. සිංහයන් වඳවීම සෙසු වනජීවීන්ටද තර්ජනයක් බව හා හයිනාවන් වැනි විලෝපීයන්ගේ ගහනය පාලනය කිරීමට සිංහයන් අවශ්‍ය බව ඔවුහු දනිති. සිංහයන්ගෙන් පිරි වනය දැන් ඔවුනට ආඩම්බරයකි. සිංහයන් සංචාරකයන් කැන්දන කාන්දමක් ද වේ. කෙන්යාවේ අභිමානය සිංහයන්ය. ඔවුහු දැන් අනාගත පරපුරට ද මේ අභිමානවත් සත්ත්වයාගේ අගය කියා දෙති.

සිංහයන් වඩාත් අලංකාර, සිත් මවිත කරන, ජීවිතයේ කොටසක් බව ගෝත්‍රිකයෝ පවසති. එය ලොවටම බලපාන සත්‍යයකි.

අන්තර්ජාලයෙනි

ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න ගසක තිබෙන තල් කොළ මදි ලියාල දෙන්න

$
0
0
ජුනි 12, 2018 01:00

පෘතුගීසීන් යුද පිටියට යද්දී තුවක්කු මෙන්ම ගිටාර් ද රැගෙන ගියා යැයි කියැවේ. 1578 මොරොක්කෝවේ යුද බිමක මියගිය පෘතුගීසි සෙබළුන් අසල ගිටාර් දහසක් තැන්පත් කොට තිබුණු පුවත ඇසී ඇත. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බයිලා ගීතය සමඟ පෘතුගීසීන්ගේ ආගමනයෙහි වන සම්බන්ධයට කුමන සාක්ෂි අවශ්‍ය වේ ද? බැලර්ඩ් Ballard යනු ගායනාවට සුදුසු කෙටි කවියකි. එය නැටුම හා සම්බන්ධය. සංගීතය, ගීතය හා නැටුම එකිනෙකට බැඳුණු කලාවන්ය.

ශ්‍රී ලංකාවේ බයිලාව ගීතය, සංගීතය හා නැටුම හා අවියෝජනීයව බැඳුණකි. බයිලා සමඟ අපට එක් වර ඇසෙන අනෙක් ගායන ප්‍රභේදය කපිරිඤ්ඤාය. ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දුගේ පුත් සී.එම්. ප්‍රනාන්දු විසින් 1894 දී ශ්‍රී ලංකාවේ පෘතුගීසි සංගීතය පිළිබඳව ඉදිරිපත් කළ සම්මන්ත්‍රණ ලිපියක් අවසානයේ පියානෝව, මැන්ඩලීනය, වයලීනය හා රබාන ප්‍රධාන කොට ගත් ලංකා පෘතුගීසි වාද්‍ය මණ්ඩල ප්‍රසංගයක් ද වීය. ශ්‍රී ලංකාවේ බයිලා කපිරිඤ්ඤා සම්ප්‍රාප්තිය හා ව්‍යාප්තිය පිළිබඳව විස්තරාත්මක තොරතුරු මහාචාර්ය සුනිල් ආරියරත්න විරචිත බයිලා කපිරිඤ්ඤා විමර්ශන කෘතියෙහි වේ. වර්තමාන ශ්‍රී ලංකාවේ බයිලා සංගීතයක්, ගීතයක්, නොඇසෙන සංගීත ප්‍රසංගයක්, පෞද්ගලික සම්භාෂණයක්, සාදයක්, සමාජ එක්වීමක්, විවාහ මංගල උත්සවයක්, විනෝද චාරිකාවක් හෝ ක්‍රීඩා තරගයක් පැවැත්වුණා යැයි කිව හොත් එය ඇදහිය නොහැකි මුසාවක් බව අපි දනිමු.

වාද බයිලාවට හිමිව තිබූ තැන කෙමෙන් කෝරස් බයිලාව හිමිකර ගන්නේ ගජනායක මුදියන්සේලාගේ ඔල්ලියන්ටන් මර්වින් බැස්ටියන් හෙවත් ජනප්‍රිය නාමයෙන් අප හඳුනන පොලීසියේ රැකියාව කරමින් ගී ගැයූ වොලී බැස්ටියන්ගේ ගායනා විසිනි. ඔහුගේම බයිලාවක ඔහු මෙසේ ගයනු අපට මතකය.

ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්

බයිලවලින් රට හොල්ලපු බයිල චැම්පියන්

එය සැබෑවකි.වොලී බැස්ටියන් ඔහු විසින්ම රචනා කළ සිංහල ඉංග්‍රීසි භාෂා සම්මිශ්‍රණයෙන් යුත් ගීත අද දක්වාම මෙරට ඉහළ මධ්‍යම පාංතිකයන්ගේ සාදයක පවා නොඇසෙන්නේ කලාතුරකිනි.

කුස්සි අම්ම සේරා මට ගමට යන්න ඕනෑ

Home people don't know what to do

අනේ මගේ නෝනා මගෙ මාසෙ පඩිය ඕනෑ

ශ්‍රී ලංකාවේ බයිලාව කෙතරම් ජනප්‍රිය වී ප්‍රචලිත වී ද යත් දකුණේ පන්සලක විහාර චිත්‍රයක පවා කටු සටහන් ලෙස හමුවීමෙන් සනාථ වේ. මංජුශ්‍රී විසින් කතළුව පූර්වාරාම විහාරයේ ප්‍රතිචිත්‍ර ගත කළ විහාර සිතුවමක යුරෝපීය හා දේශීය ලක්ෂණ සහිත හිස්වැසුම්, රංග වස්ත්‍ර හා සංගීත භාණ්ඩ කටු සටහන් තිබී හමු වී ඇත. 1978 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධය ඉදිරිපත් කරන අමෙරිකානු සංගීතවිද්‍යාඥ රොනල්ඩ් වොල්කොට් පවසන්නේ , ශ්‍රී ලාංකීය ගතිය රැඳී ඇත්තේ ගීතවත් වචන, රිද්ම, උචිත තනු මත බවයි. ආගමික සංගීතයේ මතු නොව, දෙමුහුන් බයිලා සංගීතයෙහි ද, උත්කෘෂ්ට වැදගත්බවක් වචන විසින් හිමි කරගන්නා බවයි ඔහුගේ අදහස.

බයිලා සංගීතයෙහි උත්කෘෂ්ට වැදගත්කම රැඳී ඇත්තේ වචන, රිද්මය, උචිත තනු මත නම් ඊට විවාදයෙන් තොර පිළිතුර සපයන්නේ බයිලා චක්‍රවර්ති ලෙස ශ්‍රී ලංකා සංගීතයෙහි කිරුළු පැළඳි එම්.එස්. ප්‍රනාන්දුය. ඔහු විසින් ගායනා කරන ලද ගීතාවලියෙහි වචන, ගී තනු, සංගීතය, අනුභූතීන් පිළිබඳ මෙරට සංගීත විෂයයෙහි පර්යේෂකයන්ගේ අවධානයට නොහසුවීම විමතියට කරුණක් ලෙස දකිමි. බයිලා චැම්පියන් ධුරය වොලී බැස්ටියන්ට හිමිවන කල්හි එහි චක්‍රවර්ති කිරුළ එම්.එස්. ප්‍රනාන්දු හිමිකර ගන්නේ ඔහු විසින් ගායනා කොට ඇති ගීත බහුතරයකින් ප්‍රතීයමාන වන අරුත්, 6/8 තාලරූපයෙන් රචිත පාද, සංගීතය හා එම්.එස්ටම අනන්‍ය වූ අතුල්‍ය හඬ පෞරුෂය නිසාමය. මෙරට කුමන තරාතිරමක සංගීත රසිකයකුගේ වුව මන දල්වන, සවන් පිනවන ගායන ශෛලියක් සතු වූ එම්.එස්. විශේෂයෙන්ම බයිලා ගී ගායනයෙහි දී චක්‍රවර්ති වන්නේමය. ඔහු කුමන වර්ගයේ ගායකයෙක් ද? ඔහු විසින් ගායනා කොට ඇත්තේ කෙබඳු බයිලා ගීත ද? ඒවායේ ගේය පද සංකල්පනා අරුතින් තොර, ග්‍රාම්‍ය, බොළඳ වචන පිරි නිසරු රචනා ද?

1936 මාර්තු හතරවන දාවක ඉපදී 1994 අප්‍රේල් නවවනදාවක දිවියෙන් සමුගත් මහගමගේ සැම්සන් ප්‍රනාන්දු හෙවත් ආදරණීය නමින් හැඳින්වෙන එම්.එස්. ගේ ජීවිත කාලය පණස් අට වසරක් වැනි කෙටි කාලයකට සීමාවීම දුකට කරුණකි. ඔහු ගායනයෙහි, රංගනයෙහි, ගේය පද රචනයෙහි, සංගීත නිර්මාණයෙහි දැනුමකින් හා කෞශල්‍යයකින් හෙබි, බහුවිධ නිපුණතා සතු වූ දුලබ ගණයේ කලාකරුවකු වූයේය. භාෂා පහකින් ගී ගැයීමට සමත් වූ එම්.එස්. චිත්‍රපට 150ක පමණ පසුබිම් ගායනයෙන් දායක වී ඇත. චිත්‍රපට 25කට වඩා සංඛ්‍යාවක නළුවකු ලෙස රඟපාමින් තම රංගන කුසලතා ප්‍රකට කොට සිටින චරිතයකි. ඔහු විසින් ගායනා කොට ඇති ගීතාවලිය පන්සියයක් ඉක්මවා ඇතැයි හඟිමි. එකී ගී සියල්ල ගායන ශෛලිය, ගීත සඳහා පාදක වූ අත්දැකීම, සංගීත නිර්මාණය, තනුව හා රිද්මය අතින් එකිනෙකට වෙනස් ගීතාවලියක මිහිර අප හදට ළං කරන්නකි.

ප්‍රසිද්ධ වේදිකාවක සංගීත ප්‍රසංග ගායනාවේදී හෝ රඟහලක් තුළ වේදිකාවක ගායනාවක දී හෝ ගීතයට අවශ්‍ය රිද්මයානුකූලව තම අභිනය මනාව භාවිත කරමින් ප්‍රාසාංගික නිරූපණ ශිල්පියකු සතු ගති සොබා ප්‍රකට කිරීමෙහි ලා ඔහුට ළං විය හැකි අන් කිසිදු ගායකයකු පිළිබඳ අපට මතක්වන්නේ නැත. මම එන්නෙ ඩුබායි රටේ ඉඳල හෝ මම ටැක්සිකාරයා ගයද්දී අප දකින අභිනය හා අංගචලන ඊට හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක් රැගත් ඔබට තියෙන ආදරෙ මම කියාල දෙන්න හෝ ලස්සන අඹ ගසක් සොයාලා, ලස්සන කූඩුවක් තනාලා වැනි ගීතයක් ගායනයෙහි දී වෙනස් කර ගනිමින් ගායනයට රංගනය මුසු කරගන්නේ කෘතහස්ත නළුවකුගේ රංගන ප්‍රතිභාව විදහා දක්වමිනි.

එම්.එස්ගේ ගීතාවලියෙහි දී හමුවන චරිත අතර අපගේ ජනජීවිතයට සෘජුවම සම්බන්ධවන, චරිත, ඔහු තම ගායනාවෙන් රසිකයන් හමුවේ නිරූපණය කරනු ලබන ඇතැම් සංසිද්ධීන්, ජීවිතානුභූතීන් තුළින් හමන මානව භක්තිය කැටිවුණු සුවඳ, අප සිත් පුබුදු කරවන්නේ ජනකවියෙක් තම නිර්ව්‍යාජ කවියකින් අප සිත් පුබුදු කරවන අයුරිනි. ඔහු විසින් ඔහුගේ ගේය පද සංකල්පනා සඳහා රචනා කරන ලද හෝ, තෝරාගත් නිර්මාණ රැසකින්ම විශද වන්නේ ජනකවියාගේ කවියෙහි වූ සරල බව හා අව්‍යාජත්වයයි. භාවිත වචන තුළ සැඟවුණු ව්‍යංගය, වදන්හි වූ ගීතවත් බව, ඖචිත්‍යයයෙන් යුත් උපමා රූපක, මෙන්ම අනුභූතීන් කෙතරම් දුරට අපගේ ජීවිත හා බැඳුණේද යන කාරණාවයි. වරෙක ඔහු ටැක්සිකාරයා වෙයි. තවත් ගීයක දී මව්බිමෙහි සොබා සිරියෙන් මත් වී එහි සුන්දරත්වය දකියි. ආදරය පිළිබඳ ගී තුළින් අම්මා හා පෙම්වතිය පිළිබඳ තරුණ ආකල්ප ප්‍රශ්න කරයි. ඒ පිළිබඳ විචාරශීලී වෙයි.

වර්තමානයේ අපට ඇසෙන බොහෝ දුක් අඳෝනා ගී මෙන් නොව ගීතවත් බසකින් අපූරු අත්දැකීමක් පිළිබඳ අප අමතයි. චිත්‍රපට ගීතයෙහි දී තිරයේ දිස්වන රූපාවලිය අර්ථ ගන්වන හඬින්, ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයන්ට ළං වන්නට සමත් වෙයි. ළසඳා චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාල හා එම්.එස්. ගයන ආචාර්ය කේමදාස සංගීතවත් කළ ගෙදර හිටිය රෝස කැකුල රෝසා ගීතය, අපූර්ව චිත්‍රපට ගීයක් වන්නේ එම්.එස්. ජෝති ගැයුමින්, කේමදාස මාස්ටර්ගේ සංගීතය හා ගී තනුවෙන්, ඩොමී ජයවර්ධන, ඩී.ආර්.නානායක්කර පියදාස ගුනසේකර ආදීන්ගේ විශිෂ්ට රංගන හා මිශ්‍රවීමෙන් නොවන්නේද?

ගෙදර හිටිය රෝස කැකුල රෝසා

ඔමරි පොමරි මුකුළු දාපු රෝසා

අපිත් එක්ක හරි යාළුයි රෝසා

රෝසා නැතුව ගේ පාළුයි රෝසා..

ආචාර්ය කේමදාසගේ සංගීතයට එම්.එස්. ගැයූ චිත්‍රපට ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වන්නේ එම්.එස්. ගේ හඬට වඩාත්ම ගැළපෙන සංගීත නිර්මාණය හා තනුව එක්වීමෙනි. නෑදෑයෝ චිත්‍රපටයට, ජෝර්ජ් ලෙස්ලි රචනා කළ ගී පද ලතා සමඟ ගායනාවේදී එම්.එස්.ගේ යුග ගායනය මවන මිහිරියාව සුන්දර අත්දැකීමක් බවට පත්ව ඇත.

එ රන්කඳ පෙම් හඬ ගුම් දි දී

එ රන්කඳ පෙම් හඬ රැව් දි දී

එ රන් රන් රන් රන්

රන් කඳ...........

එම්.එස්.ගේ ගායන හඬ පරාසය සොයා ගැනීමට සමත් වූ තවත් සංගීතඥයන් දෙදෙනකු මතකයට එයි. ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවත් කළ සිකුරු ලියා හි, එම්.එස්. ගැයූ දිලි දිලි දිලිසෙන එළියක් හා ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීතයට හිතක පිපුණු මල් චිත්‍රපටයට එම්.එස්. ගැයු පුංචි පුංචි පුංචි පැංචි කාලේ ගීතයත් ඔහුගේ චිත්‍රපට ගීත අතර මතකයේ රැඳුණු ගී අතරින් කිහිපයක් පමණි.

සරල ගීත ගායනයෙහි දී එම්.එස්. ගායනා කොට ඇති ගී බහුතරයකට අත්දැකීම් වන්නේ ගැමි ජීවිතයෙන් හෝ නාගරික ජීවිතයෙන් උකහා ගත් චරිතයි. නැතහොත් ජීවන පුවත්ය. නාගරික ජීවිතයේ අත්‍යවශ්‍ය චරිතයක් වන ටැක්සිකාරයා පිළිබඳ ඔහු ගයන්නේ මෙසේය.

මම ටැක්සිකාරයා මම ඇරල යන්න හරිම සූරයා

කවුද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා

ලෙඩා අරන් රෝහලට යන්නට

දොස්තර මහතා කැඳවන් එන්නට

මෙන්න මේ වගේ වැඩක් කරවා ගන්නට

සිද්ද වෙන්නෙ මගේ පිහිට පතන්න...

ඔහු ටැක්සි රියදුරකුගේ සිත් අභ්‍යන්තරයට පිවිසෙයි. ඔහුගෙන් වන සේවය අපට කියා දෙයි. මානුෂීයව බලයි.

ජනකවියේ භාෂාවෙන් ලද ආභාසය පැහැදිලිව පෙනෙන මේ ගීතයේ පද විමසීම වටී.

ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න

ගසක තියෙන තල් කොල මදි ලියාල දෙන්න

ඔබෙ ලස්සන හිනාව මොහොතකට දකින්න

කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලී එන්න..

ජනකවියාගේ මුවින් ගිලිහුණු අව්‍යාජ සිතුවිලි ධාරාව නොවේද එම්.එස්.ගේ ගීතයෙන් ප්‍රතිනිර්මාණය වී ඇත්තේ? ගහක තියෙන තල් කොළ මදි, කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලී එන්න වැනි යෙදුම් නගන ව්‍යංගාර්ථ අපූරුය.

අප අසා පුරුදු නරියා සහ කේජු කෑල්ල ජන කතාව සොරා ගත්ත කේජු කෑල්ලක් කටේ තියන් ලෙස ගීයක් බවට එම්.එස්. පත්කොට ගායනා කරන්නේ ඊට නව අර්ථකථනයක් ද දෙමිනි. මාල ගිරවියක සංකේත කොට ගෙන ගිරවියකගෙන් ආදරය පිළිබඳ ප්‍රශ්න කරනු ලබන රස ආහර කවලා රන් කූඩුවෙ දමලා ගීතය එම්.එස්.ගේ හඬින් ගැයුණු ළයාර්ද ඇමතුමකි. ජනකවියේ බස, උපමා රූපක ඔහුගේ බොහෝ ගී සංකල්පනා තුළ පෙනෙන විශේෂත්වයකි.මේ ඊට අපූරු නිදසුනකි.

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා

වළාකුලෙන් රුවල් දමාලා

බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා

පෙම් ගඟුලේ රැල්ල නගාලා

දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා

සුරංගනා ලෝකෙ සොයාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා

සුරංගනා ලෝකෙ සොයාලා

සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා

ඔබ නළවමි පවන් සල සලා

පොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා

සුවඳ එවමි සුළඟෙ ඔතාලා

එවිට මල සොයා පියඹා එමි රුං ගාලා

මම සමණලයෙකු වාගෙ සැරසිලා

සොඳුරු සමනලා එන කල මලට පියඹලා

පිළිගන්නෙමි පෙති විදහාලා

මරියසෙල් ගුණතිලක සමඟ මුල් කාලයේ දී එම්.එස්. ගැයූ මේ යුග ගායනය ඔහුගේ ගීත අතර පරිසමාප්ත ගීයකි. ගීතයෙහි අත්දැකීම, එහි දී ගී සංකල්පනාව විචිත්‍රවත් කරන උපමා රූපක, ගීතවත් බස, දෙදෙනාගේ ගායනය දශක ගනනාවක් පුරා රස විඳීමට සමත් ගීතමය අත්දැකීමක් බවට පත් කොට ඇති අපූරු නිර්මාණයකි. මේ ගීයෙහි ගී සංකල්පනාවෙහි අපූර්වත්වය අපට ආනන්ද සමරකෝන් එදා ගැයූ ගීයක රමණීය පදවැල් සිහිපත් කරන බව හැඟේ. ආනන්ද සමරකෝන් පෙර දා ගැයූ එන්නද මැණිකේ මමත් දියඹටා නෙළන්න කෙකටිය මල් ජනප්‍රිය ගිතයේ අත්දැකීම මතු නොව භාෂා භාවිතය ද එම්.එස්. මරියසෙල් යුග ගායනාව අපට සිහිපත් කරන බව පැහැදිලිවම පෙනේ.

මලක් වෙලා මම ඉපදී

සිටිනා සඳ විල මත සුපිපී

ඔබ ඇවිත් නෙළයි බෝ දයාවෙනී

නොම පවති ද අප ප්‍රේමේ..

සාලිය අසෝකමාලා ඉතිහාසගත පෙම් පුවත එම්.එස්. ගයන්නේ අසෝකමාලාගෙන් අසන ප්‍රශ්නාවලියක් ලෙසය. එය රිද්මය, සංගීත නිර්මාණය, ගායනය යන සියලු අංශයන්ගේ මනා සම්මිශ්‍රණයකින් යුතු අපූරු සංගීතමය අත්දැකීමක් ලෙස ප්‍රතිනිර්මාණය වූ ගීයකි.

බලන්න ලස්සනයි වනයෙ පිපුණු මලක් දෙවනි නෑ වගේ

සුරංගනාවියක් ද මේ

කියන්න ආදරී කවුද ඔබ තනිව වනයෙ ගී ගයා ප්‍රීතිවෙලා ප්‍රීති වෙලා

අසෝකමල් මාල ගොතාලා අසෝක මල් උයනට වැදිලා

සෝක නිවන ගීත ගයාලා කියන්න ඔබ කවුරුද මාලා

ලස්සන අඹ ගසක් සොයාලා, කැකිරි පැලෙන ටිකිරි සිනාවයි, මැනිකෙ මම ආයෙ ගෙදර එනවා, සීත සුළං අවට හමන්නේ, ඔබගෙ අම්මද නැත්නම් බිරිඳද, මුතු මැණික් ආදරේ නොවේ, ඔබගේ රුව මාගේමයි, සමහර තරුණො තරුණියන්ට රැවටිලා, හා තවත් බොහෝ ගීත මගින් එම්.එස්. අප අමතන්නේ ආදරයේ අප නොදුටු ඉසව්වක් පිළිබඳවයි. අප ජීවත්වන සමාජයේ අපට හමුවන චරිතයක් පිළිබඳවයි. මව් ගුණය පිළිබඳ පෙර නොදුටු දෘෂ්ටියකින් ඔහු බලයි. ඔහුගේ ගායනා තුළ අපට පෙනෙන විවිධත්වය, ගායන ශෛලියෙන් මෙන්ම අත්දැකීම් මගින් ද ප්‍රකට කෙරෙන්නකි. එම්.එස්.ගේ ගීත පෙර දා මෙන්ම මෙදා ද, මතු දා ද පරම්පරා ගනනාවක හදවත් සොරා ගත්, වසඟයට පත් කළ ගීත ලෙස සටහන්ව තිබෙනු නිසැකය. එම්.එස්. ඔබගේ හඬ අමරණීයයි.

බුද්ධ­දාස ගල­ප්පත්ති

මල් කැකුළු

$
0
0
ජුනි 12, 2018 01:00

අතු පතර විහිද වැඩි මදටියා ගස නිරන්තරයෙන් මදටියා ඇට බිම හෙළයි. අදෘශ්‍යමාන හස්තයක් විසින් තැබූ රතුම රතු තිලක පරිද්දෙන් මදටියා ඇට මිදුල පුරා විසිරී තිබේ. අතු ඉති එක්ක කොයි වෙලේත් හුරතල් වන හුළඟ ඇතැම් විට මදටියා කරල් පොකුරු පිටින් කඩා දමයි.

මදටියා ගසේ තනි නොතනියට වාගේ වේගයෙන් ඉහළ නඟින ඔළිඳ වැලද දම් පැහැති ඔළිඳවලින් ගැවසී නුදුරු දිනෙක ඔළිඳ ඇටයක රත්පැහැය අපේ ඇසට ගෙනහැරපාන බවට ප්‍රතිඥා දෙයි.

ළදරු පාසල් යන දරුවන් වෙනුවෙන් හතරවටේ ඇවිද සොයා ගෙනා මදටියා හා ඔළිඳ ඇට හේතුකොටගෙන අපට රූස්ස මදටිය ගසක් ද සදාහරිත ඔළිඳ වැල් ගෝටාවක් ද හිමිය.

“අපේ පොඩි දූගෙ දරුවන්ට ඇට ජාති ගේන්ඩ කියලා මොන්ටිසෝරියෙං. සියඹලා ඇටයි, ඉපිල් ඇටයි, කැකිරි ඇටයි හොයාගත්තා. මදටියා ඔළිඳ ඇට ටිකක් ඇහිඳගන්ඩ ඉතිං මෙහේටම එන්ඩ එපායැ...“

බණ්ඩාර මැණිකා නැන්දා මුනුපුරු මිනිබිරියන් වෙනුවෙන්ද වෙහෙසෙන්නේ සෙනෙහස උතුරා හැලෙන හදිනි. ඇයට උපකාර කරන්නට මමද මිදුලට දුවමි. ඇගේ කෙළවරක් නැති කතාබතා අසමින් මදටිය ඇට ඇහිඳීම මහා ප්‍රීතියකි.

ළදරු පාසල් යන දරු දැරියන්ගේ මව්වරු මදටිය සහ ඔළිඳ ඇට සොයා එන හැම වරෙකම මමද ඔවුන්ට සහය වෙමි. ළදරු පාසල්වල වගවිස්තර ද දැනකියාගන්නට ලැබෙන නිසා පමණක් නොවේ, දරුවකුට අධ්‍යාපනය තරම් අගනා වෙනත් යමක් නොවන බැවිනි. ඥානාලෝකයෙන් දිවි අඳුර දුරුකර ගන්නට දරුවාට අයිතියක් ඇතුවාක් මෙන්ම අපි කවුරුත් ඒ සඳහා උපකාර කළ යුතුය. මෙහිදී රජයට විශාල වගකීමක් පැවරේ. මෙරට තැන තැන හතු පිපෙන්නාක් මෙන් බිහිවන ළදරු පාසල් නියාමනයට රජය කොතෙක් දුරට කටයුතු කරන්නේදැයි පැහැදිලි නැත. ළදරු පාසල් පාලිකාවන් උදෙසා විවිධ පාඨමාලා හදාරන්නට ඉඩ ප්‍රස්ථා ලබා දී ඇතත් බොහෝ ළදරු පාසල්වල කටයුතු සිදුවන්නේ පාලිකාවන්ගේ අභිමතය පරිද්දෙන් බව පෙනී යයි. මුල් ළමාවිය තුළ අකුරු ඉගැන්විය යුතු නැති වුවද සිංහල පමණක් නොව දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් ද උගන්වන ඉඟි භාෂා ළදරු පාසල යනුවෙන් දැවැන්ත පුවරු එල්ලාගත් ළදරු පාසල් ද කොතෙක් ඇතත් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ මුල් ළමාවිය අධිකාරිය නුදුටු විරූ ලෙස පසුවෙයි. එයින් ගම්‍ය වන්නේ ළදරු පාසල් හෝ මුල් ළමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති බවය. මුල් ළමාවිය, ප්‍රාථමික හා උසස් අධ්‍යාපනය යනාදී සියලු අංශ දැවැන්ත අර්බුදයකට ලක්ව තිබෙන බව රජය හා අධ්‍යාපන ඇමැති ප්‍රමුඛ බලධාරීන් හැරුණුකොට මෙරට සියලු පුරවැසියන් හට පෙනී යයි.

මෙකී සියලු අඳුරු වළා අතරේ රිදී රේඛාවන් ද ඉඳහිට දිස්වන බව පසක්කර ගන්නටද අපි භාග්‍යවන්ත වෙමු.

එප්පාවල විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් පාලනය වන EP - CO සමගි පෙර පාසල සැබැවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපූරු හා ඵලදායී පෙර පාසලකි. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ මුල් ළමාවිය අධිකාරියේ අධීක්ෂණයෙන් යුක්ත සමගි පෙර පාසලේ දරුවන්ට අකුරු ලියන්නට නොඋගන්වන බව වෙසෙසින් සඳහන් කළ යුතුය.

පෙර පාසලේදී නිවැරදිව අකුරු ලියන්නට නොඋගන්නා දරුවා පාසලේදී ප්‍රාථමික ගුරුවරයාට මහත් හිසරදයක් වෙයි. බොහෝවිට සිදුවන්නේ පෙර පාසලේදී දරුවාට නිවැරදිව අකුරු ලියන්නට ඉගැන්වීමට තරම් භාෂා ඥානයක් පාලිකාවන් හට නොමැති වීමය. මන්දයත් පෙර පාසල අකුරු උගන්වන ආයතනයක් නොවන බැවිනි. එබැවින් සමගි පෙර පාසලේ දරුවන් ඒ අකුරු හිරිහැරයෙන් මිදී නිදහසේ හා ස්වාධීනව ළමාවියේ සුන්දරත්වය අත්විඳිති.

සතියට දෙවරක් සුභාවිත ගීත ශ්‍රවණය කරන්නට දරුවන්ට ඉඩ හසර ලබා දෙන්නට සමගි පෙර පාසලේ ප්‍රධාන පාලිකා ෂන්දිකා පෙරේරා හා සෙසු පාලිකාවන් වන නිලූෂා දේශානි, ජීවන්ති අචිනි, සංජීවනී මධුමාලි කටයුතු කර තිබීම පැසසිය යුතුය. ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරුවකු නිර්මාණය කරන්නට ගීතය බොහෝදුරට ඉවහල් කර ගත හැකි බව වටහා ගැනීම සම්බන්ධයෙන් සමගි පෙර පාසල් ප්‍රධාන පාලිකා ෂන්දිකා පෙරේරා මහත්මියට මවුපිය ගෞරවාදරය හිමිවිය යුතුය.

වැලි හා මැටි සමඟ රිසි සේ කෙළිදෙලෙන් පසුවන්නට ද දරුවන් හට ඉඩ ප්‍රස්ථා ලබා දී තිබේ. බොහෝ මාපියන් දරුවන් හට වැලි හා මැටි විෂබීජ ආකර මෙන් හඳුන්වා ‍තහනම් කර තිබෙන පසුබිමක එකී අවසරය ද අගනේය. පරිසරය සමඟ බද්ධ වන්නට ඉඩ නොලබන දරුවා අනාගතයේ පරිසරයට ආදරය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ද? අනෙක් අතට ස්වාභාවික පරිසරයෙන් දරුවා ඈත්කළ තරමට ප්‍රතිශක්තිය හීනවන බව වෛද්‍යවරු පවසන බව ද අමතක කළ නොහැක.

සමගි පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන් එකසිය විසිඑක්දෙනා වෙනුවෙන් ම බැංකු ගිණුම් විවෘතකොට තිබෙන අතර දෙමාපියන් ළදරු පාසලට ලබාදෙන මුදලින් රු. දහසක්ම එකී ගිණුමට බැර කරන බව ද දැනගන්නට ලැබිණ. එය ද අතිශය අගනා වැඩපිළිවෙළකි.

දරුවකු අකුරු ලියන්නට පමණක් ඉගෙනගත යුතු යැයි තරයේ හඟින, ඇතැම් විට පෙර පාසල් පාලිකාවන් සමඟ ඒ වෙනුවෙන් ගැටුම් ඇතිකරගන්නා දෙමාපියන් අපමණය. එහෙයින් සමගි පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් ද අපගේ බුහුමනට ලක්විය යුතුය. දරුවකු හට ඉගැන්විය යුත්තේ අකුරු ඉලක්කම් පමණක් නොව ජීවිතය, ආදරය හා පරිත්‍යාගය බවට හඟින එවන් දෙමාපියන්ට සමගි පෙර පාසල් පාලිකාවන් ආශීර්වාදයකි.

කුඩා වියේ පටන් ආගම වෙත තල්ලු කර දමමින් කලාවෙන් වියුක්ත දරුවකු බිහිකරන්නට වෙහෙසෙන රටක එප්පාවල EP - CO සමගි පෙර පාසල කදිම ආදර්ශයකි. මානව දයාවෙන් පිරිපුන් සංවේදී මිනිසකු නිර්මාණය කරන්නට කලාව ඉවහල් වන බව අමතක කර දමමින් අපි විභාග සමත්වීම එකම අරමුණ බවට පත්කර ගනිමින් අපේ දරු පැටවුන් ද ඇදගෙන හැල්මේ දුවන්නෙමු. මඳකට නැවතී වටපිට බලන්නේ නම් රොබෝ යන්ත්‍ර සදිසි හැඟීම් දැනීම් රහිත දරුවන් වෙනුවට අනෙකා ගැන සිතන තැවෙන සැබෑ මිනිස් දරුවන් තනන මෙබඳු අගනා ස්ථාන ද දැකබලා ගත හැක.

“මේ මදැ.... තියෙන පළියට සේරෝම ඇහිඳගෙන යන්ඩත් බෑනේ...“

බණ්ඩාර මැණිකා නැන්දා කොන්ද කෙළින් කරන්නේ තෘප්තිමත් හසරැල්ලකුත් එක්කය.

“ඉස්කෝලෙත් එකේ දෙකේ ඉන්න ළමයින්ටත් ඕන වෙනවනේ ඇට ජාති...“ මම හිස සලමි.

“ඇඳුම් මහ ගොඩක් මස්සගන්ඩත් තියෙනවා මොන්ටිසෝරි යන ළමයට. ඔය මොන මොනවද නැටුං වගේකට ඉන්නවනේ...“

පාසල් දරුවා පමණක් නොව ළදරු පාසල් දරුවා ද මාපියන් හට මහත් බරකි. එහෙත් කෙසේ හෝ එකී කුදුමහත් සියලු අවශ්‍යතා ඉටුකරන්නට මහා සංග්‍රාමයක නිරතවන දහසක් මාපියන් වෙනුවෙන් ළදරු පාසල් පිළිබඳව ආණ්ඩුව සැබෑ ලෙස හා අවංකව සොයා බැලිය යුතුය.

ශාන්ති දිසා­නා­යක

 

පොර ටෝක් නිවේ­දන

$
0
0
ජුනි 12, 2018 01:00

‘‘හොක් හොක් හොක්.. මෙහෙමනේ... වැටිච්චි එකා කොහොම හරි නැගිටින්න ඕනෑ. බඩ ගාන එකා නැගිටින්න ඕනෑ.... දුවන එකා තව හයියෙන් දුවන්න ඕනෑ.... නැද්ද මං අහන්නේ... හොක් හොක් හොක්.. කොහොමද මගෙ පොර ටෝක්?“

ගුවන් විදුලි නාලිකාවකට සවන් දෙමින් සිටි ටොම්සන් මහත්තයා කරකරවලා අත ඇරියා වාගේ ඇඹරී ගියේය.

‘‘ මොකක්ද ටොම්සන් මහත්තයා ඒ ඇහුණේ පොර ටෝක්...?“ කියා අසමින් උන්නැහේද එතැනට දුව ගෙන ආවේය.

‘‘ උන්නැහේ මොනවා අහනවාද මන්දා... මං තාම උන් හිටි තැන් අමතක වෙච්චි ගානයි... මේක මේ නවීන ගුවන් විදුලි නාලිකාවක පොර ටෝක් නිවේදිකාවක් කතා කරනවා නේ අසන්නන්ට...“

‘‘ ඇත්තට ටොම්සන් මහත්තයා... ඔහොමත් කතා කරනවාද මේ ගුවන් විදුලි නාලිකාවලින්...“

‘‘ නැතුව... එහෙම කතා කරන්නේ නැතිනම් අපට මෙහෙම ඇහෙනවාද?“

ඒ කතාවල් අසා ඇම්බන් මහත්තයාද එතැනට පැමිණියේය.

‘‘ අර විස්ස විද්‍යාලවල උගන්නන්නේ ලොකු ඔස්තාද්ලා ජනමාධ්‍ය කියන්නේ හතරවැනි ආණ්ඩුව කියලා.. එතකොට හතරවැනි ආණ්ඩුවේ ඉන්නේ පොරටෝක් නිවේදක නිවේදිකාවෝද?“

‘‘නැතිව ඇම්බන් මහත්තයා... දැන් ඔය තුන්වැනි ආණ්ඩුවේ කතා කරන හැටි අපි ඔය දියවන්නාව පැත්තෙන් අහනවා නේ.. එහෙම බැලුවම මේ පොර ටෝක් නිවේදක නිවේදිකාවෝ ඉන්න ගුවන් විදුලි රූපවාහිනී නාලිකා හතරවැනි ආණ්ඩුවම තමයි... ඒකේ ආයේ ඇරපු අතක් නෑ...“

‘‘ අනේ ඉතින් ඔය කරුණාරත්න අබේසේකර, ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, එච්.එම්. ගුණසේකර, සරත් විමලවීර වගේ ලංකාවේ නිවේදන කලාවේ මුල් පුරුක් ගොඩ නගාපු මාධ්‍ය සංස්කෘතිය නේද මේ අමු අමුවේම කන්නේ...?“ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ මොනවාද කනවා විතරක් නෙවෙයි.. නානවා.. හත් අතේ ගා ගන්නවා... ඕක මොකට පුදුම වෙනවද ඇම්බන් මහත්තයා.. දැන් ඔය ආණ්ඩුවේම අර ස්වාධීන කියලා එකක් තියෙනවා නේ.. ඒකත් දැන් බලු මස් විකුණන ගානට වැටුණු කොට ඔය පෞද්ගලික නාලිකා ගැන කියනුම කවර කතාද? කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ මට තේරෙන්නේ නෑ.. ඒ කතාව.. දැන් ඔය ස්වාධීන කාරයෝ බලු මසුත් විකුණනවාද?“ කියා උන්නැහේ පුදුමයෙන් ඇසුවේය.

‘‘නැතුව.. නැතුව.. නැත්නම් ඕවා ජනප්‍රිය කර ගන්න කියලා ඔය මාධ්‍ය බාප්පලාට දාස් ගාන් දීලා ගන්නවාද? අඩු ගණනේ ලජ්ජාවක් තියෙනවා නම්.. සල්ලි හම්බු වෙනවා නම් බලු මසුත් විකුණයි...“ කියා ටොම්සන් මහත්තයා බොහොම සන්තාපයෙන් කීවේය.

‘‘ ඒ වුණාට ටොම්සන් මහත්තයා ඔය ඉස්කෝලවල මාධ්‍ය උත්සවවලටත් ඔය බාප්පලා ගෙන්නනවා නේ. ළමයින්ට මාධ්‍ය කියලා දෙන්න. ආරාධිත අමුත්තන් හැටියට. ඉතින් මං දැකලා තියෙනවා... අවර ගණයේ භාෂාව යොදා ගෙන ‍ඉස්කෝලේ ළමයින්ට අර වාගේම පොර ජෝක් දානවා. ඉතින් නිකම් නෙවෙයි.. ඔය විදුල්පතිතුමන්ලා, තුමියන්ලා අප්පුඩි ගහ ගහ හිනා වෙනවා. ඉතින් පොර ටෝක් මොකද? පොර ජෝක් මොකද?“

‘‘ ඔව්.. ඒක නම් එහෙම තමයි.. අපි අහලා බලමුද සන්නිවේදන ඔස්තාද් කෙනෙක්ගෙන්... ඒ ගොල්ලෝ නේ දැන් මේ රටේ මාධ්‍ය කලාවේ අයිතිකාරයෝ...“ කියා ඇම්බන් මහත්තයා යෝජනා කළේය.

‘‘ අනේ වැඩක් නෑ ඇම්බන් මහත්තයා.. ඒ ගොල්ලොත් දැන් ඔය මාධ්‍යයට මොනවා හරි ලියලා කියලා නේ කීයක් හරි හොයා ගෙන ජීවත් වෙන්නේ... ඔය මාධ්‍ය ඉගෙන ගන්නා ළමයින්ට ඒ ගොල්ලොත් කියා දෙන්නේ අර නිවේදක නිවේදිකාවෝ වගේ පොර ටෝක් තමයි.. අන්තිමට රටේම මාධ්‍ය ඉවරයි... ඒත් මාධ්‍ය සමීක්ෂණ පවත්තනවා... වාර්තා ලියනවා...“

‘‘ ඔන්න ටොම්සන් මහත්තයා.. ඔය කියන කොට තමයි මට මේ මතක් වුණේ, ඊයේ පෙරේද මං ඔය මණ්ඩලේකට කතා කළා. මාධ්‍ය සමීක්ෂණයක් පවත්තනවා කියලා ඒ මණ්ඩලෙන් ලක්ෂ දහයක් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවාලු. තාමත් වාර්තාව නැල්ලු. ඔඩිට් එකෙන් අවුරුදු ගානක් ප්‍රශ්න කරනවාලු... උන්නැහේට මේ ළඟදි ලොකු තනතුරකුත් ලැබුණා මයෙ හිතේ... කියා උන්නැහේ කීවේය.

‘‘ එහෙම තමයි... ගැහිල්ල වැඩි නම් තනතුරත් ලොකුයි.. ඒ වුණාට අපි මේ පටන් ගත්ත කතාව පැත්තකට ඇදිලා ගියානේ... ඉතින් මං මේ කල්පනා කළේ මේ වගේ පොර ටෝක් දාන නිවේදක නිවේදිකාවේ තියා ගෙන මේ පච ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා මේ රටට මොනවාද දෙන්නේ කියලා... කියා ටොම්සන් මහත්තයා බොහොම බරසාර විදිහට ඇසුවේය.

‘‘මට නම් පේන්නේ ටොම්සන් මහත්තයා... ඔය පොර ටෝක් දාන නිවේදක නිවේදිකාවෝ ඉන්න පුද්ගලික ගුවන් විදුලි නාලිකා රූපවාහිනී නාලිකා විතරක් නෙවෙයි.. බාප්පලා වඩම්මවගේන එන ස්වාධීන කාරයොත් දැන් මේ රටේ පොදු ජනතාවට දෙන්නේ පුන්නක්කු...“

‘‘ එහෙම වෙන්නේ කොහොමද? පුන්නක්කු දෙන්නේ හරකුන්ට නේ...“ කියා උන්නැහේ හරස් කැපුවේය.

‘‘ ඔව්.. ඉතින් මේ රටේ ශ්‍රාවක ග්‍රාහක ජනතාව හරක් කියලා නේ මේ පොර ටෝක් මාධ්‍යකාරයෝ හිතන්නේ... හැබැයි ඒකේ වරදකුත් නෑ.. බොහොමයක් දෙනා බොහොම රස කර කර පුන්නක්කු අනුභව කරනවා නේ.. නිකම් නෙවෙයි හැඳි ගෑරුප්පුවලින්... කියා ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනාසුණේය.

බන්දුල පී දයා­රත්න

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>