Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

මහින්ද හැදුවෙ පුත්තලම බලාගාරයත් චීනයට දෙන්න

$
0
0
ජුලි 20, 2018 01:00
දුමින්ද සම්පත්
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක

මහා පරිමාණ ව්‍යාපෘති නතර වී ඇතැයි යන චෝදනාව, නගර අලංකරණ ව්‍යාපෘති නතරකර තිබීම, උපාධිධාරින්ගේ රැකියා ප්‍රශ්නය, වැටුප් විසමතා, විජයකලා මහත්මියගේ ප්‍රකාශය මත්තල විකිණීම පිළිබඳ චෝදනාව ආදිය පිළිබඳ අදහස් දක්වමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැති හමුවට එක්වේ.

* මහින්දගෙ ජාවාරම්කාරයො ගලවන්න හදන අය ආණ්ඩුවෙ ඉන්නවා
* ත්‍රස්තවාදීන්ට වන්දි දෙන්න කියන්නෙ උමතු රෝගීන් 
* ආණ්ඩුවේ ඉන්න දෙමළ නායකයො ශක්තිමත් කරන්න ඕන
* එල්.ටී.ටී.ඊ. අංකුර බිහිකර ගන්න රටේ ඉඩක් නැහැ

මහා පරිමාණ ව්‍යාපෘති නතර වෙලා. ආයෝජන නැහැ. රටේ සංවර්ධනය නතරවෙලා කියන විපක්ෂයේ චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ?

ආර්ථික ප්‍රතිලාභ ලැබෙන තැන්වල විතරයි අපේ ආණ්ඩුව ආයෝජන කරන්නෙ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැඩ කළේ චීන සමූහ ආණ්ඩුව දීපු ආධාරවලින්. චීන විදේශ ප්‍රතිපත්තියෙ හපන්කම නිසා ආසියාවෙ බොහෝ රටවලට ඔවුන් ආධාර කළා. ඒක රාජපක්ෂලාගෙ නමට ලියාගන්න හදනවා. ශක්‍යතා අධ්‍යයනයක් නැතිව කරපු නිස්සාර, කිසිම ආදායමක් නොලබන හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ, සම්මන්ත්‍රණ ශාලාව, සූරිය වැව ක්‍රීඩාංගණය වගේ ව්‍යාපෘතිවල ණය බර දරන්න වුණේ අපේ ආණ්ඩුවට. කොළඹ පැල්පත් වාසීන්ගෙ නිවාස හදන්න රුපියල් බිලියන 210ක ව්‍යාපෘතිය, රුපියල් බිලියන 10කින් පටන් ගත්තා. මුදල් ගෙවන්නැතුව නතර කරල තිබුණ. ඒ ව්‍යාපෘතියේ වැඩ පටන් ගන්න වුණෙත් අපිට. මහින්දගෙ ආණ්ඩුවෙ පවුගෙවන්න වුණේ අපේ ආණ්ඩුවට. මහපාරවල් ඉදිකිරීම වෙනුවට අධ්‍යාපනය, සෞඛ්‍ය නංවන්න මහා වියදමක් අපි කරනවා.නාගරික සංවර්ධනයට අවශ්‍ය සැලසුම් හැදුවා. ඒක භෞතිකව පේන දෙයක් නෙවෙයි.

නගර සංවර්ධනය තියෙන්නෙ ඔබේ බාරයෙ. බැලූ බැල්මට නගරවල එදා තිබුණු අලංකාරය, පිළිවෙල නැතිව ගිහින් නේද?

නගරවල පවිත්‍රත්වයට වග කියන්න ඕන නගර සභාව හා ප්‍රාදේශීය සභාව. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය අවට ප්‍රදේශවල පදික වේදිකා හැදුව, මල් හිටෙව්වා,බිත්ති තාප්ප කැඩුවා. ඒත් කොළඹ නගරයෙ වැසි ජලය, අප ජලය බැස්සුවෙ නැහැ. කොළඹ කුණු මීතොට මුල්ලෙ ගොඩ ගැහුව. දැන් අපි කොළඹ වැසි ජල, මලාපවහන පද්ධති විධිමත් කරගෙන යනවා. මේ පොළොව යට සිදුවෙන සංවර්ධනය පිටට පේ‍න්නෙ නැහැ. අද කොළඹ කුණු ප්‍රයෝජනවත් දේවල්වලට යොදවනවා. අපේ සංවර්ධනය ඇහැට පේන කනට ඇහෙන දෙයක් නෙවෙයි. අනාගතය සඳහා හොඳ වැඩපිළිවෙළක්.

මේ ආණ්ඩුවට තියෙන ප්‍රධාන චෝදනා තමයි... උපාධිධාරීන්ට රැකියා දුන්නෙ නැහැ?

උපාධිධාරීන් 60000ක් විතර ලියාපදිංචි වෙලා හිටිය. මේ අයගෙන් වැඩි දෙනෙක් බාහිර උපාධිධාරීන්. රජය යම් සීමාවක් පනවල අයදුම්පත් කැ‍ඳෙව්වා. අයදුම්පත් හතළිස් දහසක් පමණ ලැබුණා. සම්මුඛ පරීක්ෂණයේදී මේ අයගෙ භාෂා, පරිගණක දැනුමට ලකුණු දුන්නා. හතළිස්දාහෙන් 25%ට වැඩියෙන්ලකුණු අරගත්තේ 4000 යි. සුදුසුකම් නැති අය රාජ්‍ය සේවයට ගැනීමෙන් පළක් නැහැ.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා විසඳුවෙ නැහැ?

ජේ.ආර්.ජයවර්ධන පාලනයට විරුද්ධව මිනිස්සු පාරට බැස්සෙ රුපියල් 300කින් වැටුප් වැඩිකර ගන්න. දැන් අපි පඩි වැඩිකරල අමාරුවෙ වැටිල ඉන්නෙ. රුපියල් දහදාහකින් වැටුප වැඩි කළා. 2020 වෙනකොට රාජ්‍ය සේවක වැටුම දෙගුණයකින් වැඩි වෙනවා. ඊට සාපේක්ෂව විශ්‍රාම වැටුප වැඩිවෙනවා. නීති ක්ෂේත්‍රයෙ 200% කින් පඩි වැඩි කළා. මේ හින්ද අනෙක් වෘත්තීන්වල කලබැගෑනියක් ඇතිවෙලා.

නීතියෙ කඩා වැටීම, අපරාධ වැඩිවීම ගැනත් චෝදනා එල්ල වෙනවා.?

රාජපක්ෂ හිතවාදී ජනමාධ්‍ය ඒ කාලෙ, රාජපක්ෂලව පෙන්නුවා. දැන් පෙන්වන්නෙ අපරාධ. මේ හින්ද අපරාධ වැඩිවෙලා කියලා හිතනවා. 2013 ගෝඨාභය ආරක්ෂක ලේකම්, ආරක්ෂක අංශ මෙහෙයෙව්වෙ මහින්ද රාජපක්ෂ. ඒ කාලෙ සංවිධානාත්මක අපරාධ පනස් පන්දාහයි. 2017 දී තිස් දාහයි. යුද්ධයෙන් පස්සෙ පොලීසිය සාමයට ඕන විදියට ප්‍රතිව්‍යූහගත වුණේ නැහැ. නවීන තාක්ෂණය හරහා අපරාධ අල්ලන ක්‍රමයක් පොලිසියට අවශ්‍යයි. අධිකරණය දුර්වලයි. නඩු ඇහෙන්නෙ නැහැ. අපි අධිකරණය දේශපාලනයෙන් නිදහස් කළා. ඒත් හරියට වැඩකරන පාටක් නැහැ. අද නඩු 47000ක් ගොඩගැහිලා. අධිකරණයෙ අපක්ෂපාතී බව ගැනත් ප්‍රශ්න තියෙනවා. ඇතැම් බලගතු පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව මේකට මැදිහත් විය යුතුයි.

බන්ධනාගාරය ගැනත් ගැටලු ඇතිවෙලා නේද?

බන්ධනාගාරයට මිනිහෙක් යවන්නෙ සිරදඬුවමක් දීල සෙසු සමාජයෙන් ඔහුව අයින් කරන්න. ඒක වෙන්නෙ නැත්නම් ඒ දඬුවමෙන් වැඩක් නැහැ. ඒ හින්දයි මිනිස්සු මරණ දඬුවම දෙන්න කියන්නෙ. 1976 මරණ දඬුවම නැවැත්තුව කියල අපි ශිෂ්ට සම්පන්න ජාතියක් වුණේ නැහැ. ඒ වෙනුවට ටයර් සෑයවල් , වෙනත් ක්‍රම මගින් ලක්ෂ දෙකක් මරලයි. කැරලි පාලනය කළේ. තමන්ට හිතවත් නැති කුඩු කාරයො මරල රාජපක්ෂ හිතවාදී කුඩුකාරයන්ට රැකවරණය දුන්නා. හිතවත් එතනෝල්කාරයන්ව ආරක්ෂාකරල නැති අයව සමාජයෙන් තුරන් කළා. හිතවත් පාතාලය ආරක්ෂා කරල අනෙක් අයව සුදුවෑන් වලින් උස්සල මැරුවා. මාධ්‍යයටත් එහෙම කළා. මේ ආණ්ඩුව එහෙම නැහැ.

විජයකලා මහේෂ්වරන්ගෙ ප්‍රකාශය ගැන ඔබ මොකද කියන්නෙ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ 157 වැනි වගන්තිය යටතෙ ඇය බරපතළ වරදක් කරල තියෙනවා. එල්.ටී.ටී.ඊ. ය ඇගේ සැමියා ඇතුළු නිරායුධ සිවිල් ජනතාව නවදාහක් මරල තියෙනවා. ඒ ඝාතන දේශපාලනය අනුමත කළා කියලයි එදා ඇය කිව්වෙ. ඇයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙ රැඳී ඉන්න ඉඩකඩක් නැහැ. උතුරේ පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ප්‍රභාකරන්ගෙ අංකුර බිහිකර ගැනීමට අපි ලබාදුන්න නිදහස අයථා විදියට භාවිතා කරන බවක් පේනවා. ඒකට මේ රටේ ඉඩක් නැහැ.

විජයකලා මහේෂ්වරන් ගෙ ප්‍රකාශය ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කළත් ඇගේ කතාව යට තියෙන උතුරේ ප්‍රශ්න ගැන ආණ්ඩුව උත්තර දිය යුතුයි නේද?

ජනාධිපතිවරණයෙදි දෙමළ ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. දේශපාලන අයිතිය ගැන කතා කළාට ඒ අයට ජලය, ලැබෙනවද? නිවාස ප්‍රශ්නයට, රැකියා ප්‍රශ්නයට උත්තර දීමෙදි අපි බින්දුවෙ ඉන්නෙ. පහුගිය පළාත් පාලන මැතිවරණයෙදි දෙමළ ජාතික සන්ධානයෙ පසු බැසීමටත් මේව හේතු වුණා. මිනිස්සුන්ට දේශපාලන අයිතීන්වලට කලින් භෞතික අයිතීන් දිය යුතුයි. දෙමළ සමාජය තුළ මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතිවෙලා. මේවා පාලනය කරන්න අපිට බැරි වුණා.

උතුරු පළාතෙ රැකියා දකුණේ ඇමතිවරු හොරට ගන්නවා. 2009 මැයි 18න් පස්සෙ ඇමැතිවරුන්ගෙ වාහනවල උතුරට මත්ද්‍රව්‍ය ගෙනාව. ඇය කරන මේ චෝදනා බරපතළයි නේද?

මේ රටට මත්ද්‍රව්‍ය එන ප්‍රධාන ‍තොටුපළවල් තියෙන්නෙ පේදුරු තුඩුවෙ, මන්නාරමෙ, කල්පිටියෙ. කේරල ගංජ එන්නෙ හම්බන්තොටින් නෙවෙයි. උතුරේ තරුණ ජනයා විනාශ කරන්න බරපතළ විදියට හේතුවෙලා තියෙන්නෙ කේරළ ගංජා. දකුණට චෝදනා කරල වීරවරියක් වෙලා ඡන්ද ගන්න එතුමියට හැකි වෙයි. ‍ඔය ව‍ගේම සෙල්ලමක් අමිර්තලිංගම් සහ යෝගේෂ්වරනුත් කළා. ඒ අය පරලොව ගියේ සිංහල අයගෙ අතින් නෙවෙයි. මෙතුමියගෙ සැමියට වුණෙත් ඒකමයි. උතුරේ කැරලි ගැසිය යුතු තත්ත්වයක් අද නැහැ. උතුරට තනිව සංවර්ධනය වෙන්න බැහැ. උතුර වෙන්වෙන්න හැදුවට ඒ අයට වතුර නැහැ. උතුරේ භාණ්ඩ දකුණේ විකිණීමෙන් බලශක්තිය බෙදා හදා ගැනීමෙන් පමණයි උතුර සංවර්ධනය කරන්න පුළුවන්.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. 12,000ක් ඉන්නවා. උතුරේ වැන්දඹු පවුල් 30,000ක් ඉන්නවා. මේ අය වෙනුවෙන් ආණ්ඩුව කිසිවක් කළේ නැහැ කියන චෝදනාව ගැන මොකද කියන්නෙ?

මහින්ද රාජපක්ෂ මහත්තය කරපු ලොකුම මෝඩකම ඔය 12,260 නිදහස් කිරීම. ඒ අයගෙන් වැඩි පිරිසක් සාමාන්‍ය ජීවිත ගතකරනවා. තව සුළු පිරිසකුත් යාපනය විශ්වවිද්‍යාලයෙ කලා පීඨයෙ ශිෂ්‍ය පිරිසකුත් අතීතයට යන්න හදනවා. ලන්ඩනයෙ, පැරීසියෙ ටොරොන්ටෝවලත් ප්‍රභාකරන්ගෙ අංකුර මතුවෙමින් තියෙනවා. ඒව අනුකම්පා විරහිතව මර්දනය කරන්න ඕන. නැත්නම් දෙමළ සමාජය නැවත වතාවක් මේ ව්‍යසනයට ගොදුරුවෙනවා.

පුනරුත්ථාපනය වූවන්ට උදව් කරන්න ගෙනාපු කැබිනට් පත්‍රිකාව පැත්තකට දැම්ම කියලත් කියනවා.

පීඩාවට පත්වෙච්ච ජනතාවගෙ ආධාර වැඩිකරන්න කියලයි කැබිනට් පත්‍රිකාව ආවෙ. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන රටක් ලෝකෙ නැහැ. ප්‍රේමදාස මහත්තය මරපු බාබුගෙ පවුලට, ගාමිණී දිසානායක මරපු මරාගෙන මැරෙන අයට රජිව් ගාන්ධි මරපු අයට පිටකොටුව බෝම්බ පුපුරවපු අයට වන්දි ගෙවන්න ඕන කියල කවුරු හරි කියනවනම් ඔවුන් උමතු රෝගීන් නැත්නම් දේශපාලන පිස්සන්. තමන්ගෙ රාජ්‍යයට එරෙහිව සටන් කරපු අයට කොහෙද වන්දි දුන්නෙ. ජර්මනිය, ඉතාලිය, පැසිස්ට්වාදයට ඉඩදීල තියෙනවද? නැහැ. ජේ.වී.පී යට වන්දි ගෙවල තියෙනවද? එහෙම වන්දි ගෙව්වොත් ඒ කැරැල්ල අපි පිළිගත්ත වෙනවනෙ.

උතුරේ සාමාන්‍ය ජනතාව කියන්නෙ ආයෙත් රංඩු එපා. කියලයි. මේ ජනතාව දිනාගන්න යහපාලන ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැතිකමින් උතුරට ප්‍රභාකරන් කෙනෙක් ඉල්ලන තත්ත්වයට පත්වෙලා කියල මම කිව්වොත්?

දෙමළ ජනතාව කියන්නෙ යාපනය නෙවෙයි. ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕන. යාපනයෙ ඉන්නෙ දෙමළ ජනතාවගෙන් 20% යි. ඉතිරි 80% යාපනයෙන් පිට. ආණ්ඩුවෙ ඇතුළෙ ඉන්න දෙමළ ජනතාවගෙ නායකයො ශක්තිමත් කරන්න ඕන. මනෝ ගනේෂන්, දිගම්බරන් ඇමතිවරුන්ට බලගතු ඇමතිකම් දීල අපි දෙමළ ජනතාවත් එක්කත්යන්න ලෑස්තියි කියලා පෙන්වන්න ඕන. ඒ අයට සොච්චම් ඇමතිකම් දීල පැත්තකින් තියලා. ආණ්ඩුව දෙමළ ජනතාවගෙ ඡන්ද ටික විටින් විට හයර් කරන්න ගියොත් ඒක දේශපාලන වශයෙන් වැරදීමක්. දෙමළ සමාජයත් ආණ්ඩුව ඇතුළට ඇවිල්ල තමන්ගෙ ජනතාවට සේවය කරන්න තීරණයක් ගන්න ඕන.

ආණ්ඩුව ඇතුලෙ ඉන්න ඔබට මේ ටික ආණ්ඩුවට තේරුම් කරල දෙන්න බැරි ඇයි.

අපි ඇතිවෙන්න කියල තියෙනවා. අතීතයෙ ජීවත්වෙන සමහර නායකයන්ට මේව පේන්නෙ එක කෝණයකින්. තව දශක ගණනාවක් උතුරට දේශපාලන විසඳුම කතා කරයි. ඕව කතා විතරයි. දෙමළ ජනතාව ඉල්ලන්නෙ වතුර, තමන්ගෙ ගොවි බිම්, තමන්ගෙ දරුවට හොඳ අධ්‍යාපනයක්, හොඳ රැකියාවක්. මොණරාගල, හම්බන්තොට ජ.වි.පෙ. කෙළි බිම් වෙලා තිබුණෙ. ඒත් ඒ ජනතාවට පොදු පහසුකම් ටික ගියාම ඒ දේශපාලනය වෙනස් වුණා.

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දීමත් හම්බන්තොට වරාය චීනයට දීමත් එක්ක ගැටුම් රැසක් ඇතිවෙන්න පුළුවන් කියල කියනවා?

ඔය ආයෝජන දෙකම රට ණයකාරයො කරපුව. මේ හින්ද හැම කෙනෙක්ම වාර්ෂිකව රුපියල් 2000කට අධික මුදලක් ණය ගෙවිය යුතුයි. හවුල් ක්‍රියාකාරීත්වයකට මේව දුන්නෙ, ණය බරින් මුදා ගන්න. මහින්ද රාජපක්ෂ අද එහෙම චෝදනා කළාට 2011 ජුනි මාසෙ පී.බී.ජයසුන්දර ඉන්දියාවට ගිහින් මේවා විතරක් නෙවෙයි පුත්තලම බලාගාරයත් චීනයට දෙන්න මූලික එකඟතාව හදාගෙනයි තිබු‍ණෙ. ඔය හැම එහෙකම ආරක්ෂාව භාර ශ්‍රී ලංකා යුද හමුදාවට සහ පොලීසියට.

විශේෂ මහාධිකරණ ඇති කරන්නෙ තෝරාගත් පුද්ගලයන් මර්දනය කරන්න කියලයි කියන්නෙ?

2015 ඔය යෝජනාව මුලින්ම කැබිනට් මණ්ඩලයට ගේන්නෙ මම. ඊට පටහැනිව මේ තියෙන ක්‍රමයෙන්ම දූෂිතයො අල්ලනව කියලයි එෆ්.සී.අයි.ඩී ය හැදුවෙ. තියෙන ක්‍රමයෙන් හොරු අල්ලන්න බැහැ කියල තේරුම් ගත්තෙ ආණ්ඩුවට අවුරුදු තුන හමාරක් ගියාට පස්සෙ. දැන් ප්‍රමාද වැඩියි. මහින්ද රාජපක්ෂගෙ ජාවාරම් කාරයො ගලවගන්න ඒ පවුල එක්ක නිශ්චිත අවබෝධයකින් කටයුතු කරන අය මේ ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා. ඒකෙ ප්‍රතිඵලය තමයි පළාත් පාලන මැතිවරණයේදී අපිට ලැබුණෙ. මේ දූෂිතයොත් එක්ක ඉදිරියට යන්න බැහැ.

ඊළඟ ජනාධිපතිවරණය ගැන මොකද කියන්නෙ?

ජනාධිපතිවරණය තියන්නෙ 2019 දී. අපි රට වෙනස් කළ යුතුයි. උප්පැන්න සහතිකයෙන් රාජ යෝග දෙන ක්‍රමය වෙනුවට කුසලතාවයට රාජ යෝග ලැබෙන ක්‍රමයක් හදන්න ඕන. පවුල්වාදයත් ගජමිතුරු වාදයත් පරාජය කරන්න ඕන. අලුත් ලෝකෙට ගැලපෙන වෘත්තීය දේශපාලනයක් හදන්න ඕන. රටේ රාජ්‍ය සේවය, අධිකරණ පද්ධතියෙ විප්ලවීය වෙනසක් ඇති කළ යුතුයි.

ඔබ ඔය කියන කාරණා ඉටුකරන්න සුදුස්සෙක් ඉන්නවද?

රාජපක්ෂ කඳවුරේ නායක බැසිල්. පවුල්වාදී පොදු ජන පෙරමුණේ දූෂිත දේශපාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී, විධිමත්, ප්‍රගතිශීලී නිදහස් දේශපාලන ප්‍රවාහයක් රටේ ගොඩ නැ‍ඟෙනවා.

මම ඇහුවෙ නායකය කවුද කියලා?

එහෙම අඳුන ගන්න ඕනද? සරත් ෆොන්සේකා මහත්තය දවස් 45න්, මෛත්‍රීපාල සිරිසේන මහත්තය දවස් 40න් මහින්ද රාජපක්ෂ මහත්තය දවස් 90 න් ආවෙ.


ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්

$
0
0
ජුලි 20, 2018 01:00

* බලය බෙදූ හැටි ජනපති ලොවට කියයි
* ඇමැතිලාට, නෝනලාට අල්ලස් දුන් තවත් කතා
* මහින්ද රටගිය අතරේ කවුදෝ ගේමක් ගහලා
* ජවිපෙ 20ට වාසුගෙන් සංශෝධනයක්

බස්නාහිර පළාත් සභාවේ සියලු කාර්යාල එක ගොඩනැගිල්ලකට රැගෙනවිත් එක තැනක ස්ථාපනය කිරීමේ කාර්යය පසුගියදා සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්ථානයේ නව පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබුවා. පළාත් සභාවේ සියලු කාර්යාල මෙහි ස්ථාපනය කිරීම මඟින් මහජනයාට පහසුවෙන් සිය කටයුතු ඉටුකර ගැනීමට අවස්ථාව උදාවනවා.

එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමා කීවේ තමන් බලය බෙදීමේ සංකල්පය පිළිගන්නා බවයි. එක් එක් රටවල පවතින සමාජයීය, දේශපාලන හා සංස්කෘතික වෙනස්කම් අනුව බලය බෙදීම විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අප රටට අවශ්‍ය වන්නේ රට නොබෙදන ෆෙඩරල් නොවන නමුත් බලය බෙදාහැරෙන ක්‍රමයක් බවත් පෙන්වා දුන්නා. ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් මෙම බලය බෙදීමේ ක්‍රියාවලියේ තව පියවර කිහිපයක් ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

ඉතාලියේ හා ජෝර්ජියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා ඉරිදා පිටත්ව ගියා. ඉතාලියේ දී ජනාධිපතිතුමාට උණුසුම් ‍පිළිගැනීමක් ලැබුණා. හයවන ලෝක වනාන්තර සතිය හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ විසිහතරවන සමුළුවට එහි දී ජනාධිපතිතුමා සහභාගි වුණා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වුණා.

එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා කැපවී සිටින බව හා එහි දී වන වගාවට ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කරන බවයි. මේ වන විට සියයට 27 ක් වන ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය සියයට 32 දක්වා වැඩිකර ගැනීමට තම රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා ‍ප්‍රකාශ කළා.

අඟහරුවාදා ජනාධිපතිතුමා තමන්ගේ ජෝර්ජියානු නිල සංචාරය ආරම්භ කළා. ජෝර්ජියාවට ගිය ජනාධිපතිතුමා එහි දී විවෘත රාජ්‍ය හවුල්කාරත්වයේ නායක සමුළුවට සහභාගි වුණා. ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ හා සමුළු ශාලාවේ මෙම සමුළුව පවත්වන ලද්දේ ජෝර්ජියානු අගමැති මකුකා බක්ටඩ්සේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙයට රටවල් 75 ක පමණ ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, ඇමැතිවරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියා. පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිදභාවය, වගවීම සහ මහජන සහභාගීත්වය වර්ධනය කිරීම මෙම සමුළුවේ අරමුණ වුණා.

මෙහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ අසීමිත බලය විසින් දූෂණය නිර්මාණය කරන බවයි. තම රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකාවේ බලය හා දූෂණය අතර සබඳතාව බිඳදැමීමට තීරණාත්මක පියවර රැසක් ගත් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. තමා බලයට පත්වන විට ජනාධිපති තනතුරට අසීමිත බලයක් තිබුණු බවත්, එම බලයෙන් කොටසක් පාර්ලිමේන්තුවට පවරා දී පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට තමා කටයුතු කළ බවත් ජනාධිපතිතුමා කීවා.

කුරුණෑගල ඇතුළු රට පුරා නව සංවර්ධන ව්‍යාපෘති අරඹමින් හා නිම කළ ඒවා විවෘත කරමින් අගමැතිවරයා මේ සතිය තුළ කොළඹින් පිට සංචාරය කළ අතර බදාදා සිට කොළඹ රැඳුණේ පාර්ලිමේන්තු කටයුතුවලට එක් වීමටයි.

බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ රාජකාරී ඉටු කිරීම සදහායි. සුපුරුදු පරිදි මැති ඇමතිවරු හා නිලධාරීන් රැසක්ද ඒ වන විට එහි පැමිණ සිටියා.

“නිව්යෝර්ක් ටයිම්ස් එකේ පළවූ කෝටි 112 ක අල්ලසක් විදෙස් බැංකු හරහා චෙක්පත් මගින් පහුගිය ජනාධිපතිවරණයට වියදම් කරන්න චීන සමාගමක් රාජපක්ෂලාට දුන් පගාව ගැන විවාදය අද නිසා එයාල බයවෙලා ඇති” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ අද ඒ චීන පගාව ගැන විතරක් නෙවෙයි එයාලගෙ තව හොඳ හොඳ සෙල්ලම් පාර්ලිමේන්තුවේ දී එලි කරන්න අපේ අය සූදානම්” චමින්ද විජේසිරි කීවා.

“ චීනෙන් රාජපක්ෂලාට විතරක් නෙවෙයි එයාලගෙ නෝනලටත් පගා දීල එයාල සනසල නේද” දයා ගමගේ ඇසුවේ සිනා මැදයි.

“ජනාධිපතිවරණ අන්තිම කාලෙ තවත් රු මිලියන 1350 ක චෙක්පත් රැසක් රාජපක්ෂලට සමීප නිලධාරීන් මාරු කරල තියෙනවා. ඒ පරීක්ෂණ යට යන ලකුණුත් තිබුණා. ඒත් පරීක්ෂණ දිගටම යන බව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී කියපු එක හොඳයි. ” නවීන් දිසානායක කීවා.

“ දූෂණවලට අදාළ පරීක්ෂණ අපි නතර කරන්නෙ හෝ ඒවාට අපි ඇඟිලි ගහන්නෙත් නැහැ. පොලීසිය ඒ චෙක්පත් ගැන මට දීපු වාර්තාවයි මම පාර්ලිමේන්තුවේ දී එලිකළේ"අගමැතිවරයා තම මතය එලි දැක්වූවා.

"බැසිල්ගෙ නෝනගෙ පදනමට චීනයේ සී.අයි.සී.ටී. සමාගම ලක්ෂ 194ක් දුන් බව ඒ සමාගම පිළිඅරන්. මහින්දට දීපු සමාගමත් ඒ චෝදනාව ප්‍රතික්ෂේප නොකළා කියන්නේ වක්‍රව පිළිගත්තා කියන එකයි"චමින්ද විජේසිරි කීවා.

"දේශප්‍රේමය උතුරා යන අර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ළඟ පන්සලේ හාමුදුරුවොත් තමන්ට ඩොලර් 38000 ක් චීනෙන් ලැබුණු බව පිළිගත්තා. මේ පගා නැති නිසා මිසක් රට වෙනුවෙන්ද මේ බොහෝ හාමුදුරුවරු කෑගහන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්"පී.හැරිසන් කීවේ එවැන්නක්.

"පළමු මහාධිකරණයේ මුල්ම නඩුව මහින්දගෙ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට විරුද්ධවලු. කොළඹ හයිටි හෝටලය හදන්න වෙන්කළ රු: කෝටි 1800න් කෝටි 400ක් අරන් ගිහින් හම්බන්තොට පැත්තෙ වෙන හෝටලයක් හදලා. ඒ නඩුවයි මුලින් අහනවා කියන්නෙ"නවීන් දිසානායක කී දේ එහි සිටි අයද අනුමත කළ බව පෙනුණා.

"මත්තල බලන්න එදා එජාප ජනතා නියෝජිතයින් ගියාම රාජපක්ෂලා පිස්තෝල, කඩු, පොලු, ගල් දීල මැරයො එවල අපට මරණ තර්ජන කළා. එකෙක් මගේ අතින් ඇදල ගහන්නත් හැදුවා. ඒ තරම් හිරිකිත රටක් එදා තිබුණේ"අජිත් පී.පෙරේරා කීවේ අතීතය මතක් කරමින්.

"ඒත් ඊයේ පෙරේදා ඒකාබද්දෙ මන්ත්‍රීවරුන් මත්තල බලන්න ගියා. කූඹියෙක් කන්නවත් අපි ඉඩ දුන්නෙ නැති නිසා ඔවුන්ට විශාල ලැජ්ජාවක් ඇති. ෂැංග්‍රිලා හෝටලේ හදන්න කොළඹ හදවතේ අක්කර 20 ක ඉඩම සින්නක්කර විකුණනකොට ගොළුවෙලා හිටපු අය පාඩු පිට පාඩු ලබන මත්තල කෙටි කළකට බදුදීමට විරුද්ධ වීම විහිළුවක්"ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

"මත්තල මාසෙක ආදායම ලක්ෂ 65යි. වියදම ලක්ෂ 2900යි. ඉන්දියාවට බදු දුන්නම ඩොලර් දශලක්ෂ 325ක් ලංකාවට ලැබෙනවා. පාඩුවක් වුණොත් ඒ සියල්ලත් ඉන්දියානු සමාගම දරනවා. මේවා අශෝක අබේසිංහ මා එක්ක හිටපු රූපවාහිනී විවාදයක දී එලිකළාම ඒකාබද්දෙ අයට කටඋත්තර නැති වුණා"දයා ගමගේ පැවසුවා.

"රාජපක්ෂ යුගයේ නෝරච්චෝලේ බලාගාරයත් මේ වගේම චීනයට බදු දෙන්න සාකච්ඡා කළ හැටි 2013 නොවැම්බර්වල පත්තරවල ගියා"නවීන් දිසානායක එලි කළා.

"පොහොට්ටුවේ ඇතුල දැන් පිපිරිලා. ගෝඨාට අපේක්ෂකත්වය නොදෙන්න වැඩකරපු පොහොට්ටුවේ අයම ගෝඨා අපේක්ෂකයා කියල මහින්දගෙ නමින් බොරු නිවේදනයක් දාලලු. ඒ අයම ඒක දැන් නෑ කියනවා. අජිත් ප්‍රසන්න කියන හමුදාවෙ හිටපු කෙනා ගෝඨාගෙ කෙනෙක්. ගෝඨාට ඇතුලෙන්ම වදිනකොට අජිත් ප්‍රසන්නගෙ ගෘප් එක කැඩිලා ස්වාධීන වුණා. අනික බුම්මගෙන ඉන්න ගෝඨා දැන් හැම එකටම හිනා වේගෙන ඉන්නෙත් ව්‍යාජව බව ඕන කෙනෙකුට තේරෙනවා. ” චමින්ද විජේසිරි කීවේ සිනා මැදයි.

“ ගාල්ලේ ක්‍රිකට් ස්ටේඩියම් එකේ ප්‍රශ්නය අපි හරියට හැන්ඩ්ල් කරගන්න ඕනෑ. ඒක ලංකාවට වාසනාවන්ත පිට්ටනියක් ” නවීන් දිසානායක කීවේ අගමැතිටයි.

“ මම ගාල්ලේ ගිහින් කතා කළේ කොටුව ඇතුලේ ප්‍රශ්න ගැනයි. ගාල්ලට ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවලට අලුත් සංකීර්ණයක් හදල මහින්ද රිච්මන්ඩ් වගේ පාසල්වලට වත්මන් ගාලු පිටිය දීම ගැනයි එදා කතා වුණේ. මේ සංකීර්ණය ගෝඨාගේ කාලෙ කරන්න හදපු දෙයක්. ” අගමැති කීවා.

“ශ්‍රීලනිප 16 දෙනා ආණ්ඩුව ඇතුලේ ඉඳන් ආණ්ඩුවට ගහල පළාත් පාලනවලින් පැරදුණාම ඒකාබද්දෙට පනින්න ගිහින් නන්නත්තාර වෙලා ඉන්නේ.කට්ටියක් ආපහු ශ්‍රිලනිපයට එනවලු. ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත අනාථ වෙලා නිසා දේශපාලනයෙන් සමුගන්නවා කියලත් ආරංචියි. ” ගයන්ත කරුණාතිලක කිවා.

“ ගිය ඉරිදා “රිවිරේ” චම්පික රණවකගෙ වැදගත් සාකච්ඡාවක් පළවෙලා තිබුණා.ගිය පළාත් පාලනවල දී ඡන්ද ලක්ෂ 125 ක් පාවිච්චි වූ බවත් ඉන් 49 ක් පොහොට්ටුවට ලැබෙද් දී අනිත් ලක්ෂ 75 ම 2015 යහපාලන කඳවුරට ලැබිල නිසා ඊළග ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙ ජය සිහිනයක් බව චම්පික කදිමට විග්‍රහ කරල තිබුණා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“ඒ “රිවිර” ඉන්ටර්වීව් එකේ චම්පික අපේ ආර්ථිකය ගැනත් කියල ලස්සන හින්ට් එකකුත් ගහල තිබුණා. ලංකාව අත්හදා බැලූ සංවෘත හා විවෘත ආර්ථිකවලට නොව වෘත්තීයවේදීත්වය මත පදනම් වූ නවෝත්පාදක ආර්ථික ක්‍රමයෙන් මේ රට ආර්ථික ලෙස ගොඩනගන ක්‍රමය එයා කියල තිබුණා. ළඟදි දියුණු වූ රටවල් ගොඩගියේ ඒ ක්‍රමය හරහා බවත් ඒ ක්‍රමය දූෂිත පවුල්වාදීන්ට හෝ ආදි ශිෂ්‍ය සංගම්වල ගජ මිතුරන්ටත් ක්‍රියාත්මක කරන්න අමාරු නිසා ෆේස්බුක් හදපු සකර්බර්ග්ල වගේ මේ රටේ දක්ෂ තරුණ පරපුරට රටේ වගකීම්වලින් සාධාරණ ප්‍රමාණයක් බාරදිය යුතු බවත් කියල තිබුණා.ඒ මතයට හුඟ දෙනෙක් එකඟයි. ” නවීන් දිසානායක කී විට අගමැතිවරයාද එකඟත්වය පලකළේ “ එජාපය විතරයි අනාගතය දැකළ ඒක ක්‍රමානුකූලව කරන්න හදන්නේ ” යයි කියමින්.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා ගිය අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එහි දී වත්මන් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසෙයින් ලූ සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණා. ඔහු සජිත්ට කීවේ "ඔබගේ රටේ නිවාස සංවර්ධන වැඩසටහන් දැන් නැවතත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව අපට දැනගන්නට ලැබුණා"කියායි. "අපි ඒ වැඩ ටික හොඳින් කරගෙන යනවා"සජිත් කීවා. සජිත් කීවේ සිංගප්පූරුවේ නිවාස සංවර්ධන වැඩසටහන් දියත් කරනු ලබන 'නිවාස හා සංවර්ධන මණ්ඩලය" (HDB) සාර්ථක ආදර්ශයක් වන බවත්, ඉන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි අත්දැකීම් හා උකහා ගත හැකි පාඩම් බොහෝ ඇති බවත්ය. "ඔබගේ පියාත් කීර්තිමත් නායකයකු හැටියට ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධන වැඩසටහන් සාර්ථකව දියත් කළා. එතුමාත්, මගේ පියා වන ලී ක්වාන් යූ අගමැතිතුමාත් කිට්ටුවෙන් ඇසුරු කළා"යි සිංගප්පූරු අගමැතිවරයා කියද් දී සජිත් රසවත් අතීත සිද්ධියක් මෙනෙහි කළා. "අසූව දශකයේ මුල් කාලයේ මගේ තාත්තා අමෙරිකාවේ දී ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුව ටික කලක් විවේක සුවයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරු නිගමනය කළා. මේ බව දැනගත් ලී ක්වාන් යූ අගමැතිතුමා සිංගප්පූරුවේ රාජ්‍ය නායකයන්ගේ විශේෂ අමුත්තන් සඳහා වෙන්කර ඇති "ඉස්ටානා විලා"හි සති 3 ක් විවේකයෙන් ගතකිරීමට පැමිණෙන ලෙස මගේ පියාට ඇරයුම් කළා. ඒ කාලයෙන් සති දෙකක්ම තාත්තා සමඟ "ඉස්ටානා විලාවේ"නැවතී සිටින්නට මටත් වාසනාව ලැබුණා"සජිත් කීවා. "ෂා, මම දැනගෙන හිටියෙ නෑනෙ අපේ තාත්තල දෙන්නගේ සම්බන්ධකම ගැන එච්චර විස්තරයක්"යි කී ලී හසෙයින් ලූ සිංගප්පූරු අගමැතිවරයා අනතුරුව කීවේ"ඊළඟ පාර ආවම අපි "ඉස්ටානා විලා එකට යමු"කියායි.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා නාගොඩ, ඉමදුව හා හබරාදුව ගංවතුරින් පීඩාවට පත්වූ අයට රුපියල් ලක්ෂ 188ක් වටිනා චෙක්පත් බෙදාදීමේ වැඩසටහනකට සහභාගී වූ ඇමැති වජිර අබේවර්ධනට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් හදිසි ඇමතුමක් ලැබුණා. ඉන් කියැවුණේ සවස 3.00ට ශ්‍රී ලංකාවට සැපත්වන තායිලන්ත අගමැති ප්‍රයත් චාන් ඕ චා මැතිතුමා පිළිගැනීමට පැමිණෛන ලෙසයි. චෙක්පත් බෙදීම කඩිනමින් අවසන් කළ ඇමැති වජිර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන විට තායිලන්ත අගමැතිවරයා රැගත් ගුවන් යානයද කටුනායකට සේන්දුවෙමින් තිබුණා. ඉක්මන් ගමණින් ගුවන්තොටුපොළට ගිය ඇමැති වජිර අගැමති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගොස් තායිලන්ත අගමැතිවරයා පිළිගත්තේ ඉතා සුහද ලෙසින්.

පසුදා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, මුදාරවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වෙනුවෙන් රුපියල් ලක්ෂ 990 බැගින් වූ මුදලකින් ඉදිකරන නව තෙමහල් ගොඩනැගිලි සඳහා මුල්ගල් තැබීමට ඇමැති වජිර සහභාගී වුණා. කළුතර දිස්ත්‍රික්කය පහසුකම් සහිත දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණත් වලල්ලාවිට හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැගිලි ජනතාවට සේවය සැපයීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් ඉක්මණින් මේ ගොඩනැගිලි ඉදිකර ජනතා සේවය වඩාත් කාර්යක්ෂම කළ යුතු බවත් ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නා.

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ ම පිහිටි මදුරාවල විහාරස්ථානයේ නායක හිමියන් වන චන්ද්‍රානන්ද හිමි ගිලන්ව සිටින බව දැනගත් ඇමැති වජිර අබේවර්ධන කොළඹට පැමිණීමට පෙර පන්සලට ගොඩවී හාමුදුරුවන්ගේ සුවදුක් බැලීමට ද අමතක කළේ නැහැ.

සෙනසුරාදා ඇමැති වජිර අබේවර්ධන උදෑසනම කුරුණෑගල ඉබ්බාගමුවට ගියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉබ්බාගමුව නගරයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීමට. ගොකරැල්ල මංසන්ධියේ ඉදිකරන ලද පොලිස් ස්ථානය විවෘත කිරීමට අගමැතිවරයා සහභාගී වුවත් ඇමැති වජිර එහි නොගොස් ඉන් පසු පැවැත්වීමට නියමිත ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයේ අඩුපාඩු විමසා බැලුවා. ඉබ්බාගමුව උත්සව භූමියේ සිටිමින් එදිනම සවස වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ අඩුපාඩු සොයා බැලූ ඇමැති වජිරට දැනගන්නට ලැබුණේ වාරියපොළ උත්සවයේ වේදිකාව පිටිපස හිස්ව තිබෙන බවයි. මේ ගැන සිය කාර්යමණ්ඩලයේ නිලධාරියකු යොදවා විමසූ විට දැනගන්නට ලැබුණේ එස්.බී.නාවින්න ඇමතිතුමා විසින් එතැනට පසුබිම් පුවරුවක් අවශ්‍ය නැතැයි පවසා තිබූ බවයි.

වහාම නාවින්න ඇමතිවරයාට දුරකථනයෙන් කතා කළ වජිර අබේවර්ධන ඇමතිවරයා ''ඇමතිතුමා, වාරියපොල උත්සවයේ වේදිකාව පිටිපස්සේ හිස්ව තියෙනවාලු. එතැනට අපි පොඩියට හරි ඩිජිටල් ප්‍රින්ට් එකක් දාමු නැත්නම් මේ වැඩේ මොකක්ද කියලවත් පේන්නේ නැහැනේ."

ඊට නාවින්න ඇමතිවරයාට එකඟවූයෙන් විනාඩි කිහිපයක් ඇතුලත වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ඒකකයෙන් සැකසුණු ඩිජිටල් මුද්‍රණයක් එම වේදිකාව පිටුපස සවිකෙරුණා.

වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඇමැති වජිර දුටුවේ තවමත් ගරාවැටෙමින් පවතින පැරණි ගොඩනැගිල්ලයි. ප්‍රාදේශීය ලේකම්වරයා සහ දිසාපතිවරයා කැඳවූ ඔහු මෙසේ කීවා.

''මේ ගොඩනැගිල්ල කොයි වෙලාවක හරි කඩා වැටෙන්න වුණත් පුළුවන්. බිත්ති පුපුරලා. පරණ ඉස්කෝල ගොඩනැගිල්ලක් වගේ. අපි මෙතනටත් අලුත් ගොඩනැගිල්ලක් හදමු. "යනුවෙන්.

ජාතික විද්වත් සංවිධානය විසින් පසුගිය 14වැනිදා පවත්වන ලද ජාතික කතිකාවේ දී රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සකස් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සඳහා ක්ෂේත්‍ර දහයක ප්‍රතිපත්ති සම්පාදන කමිටු 10ක් පත් කිරීම සිදු වුණා. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, කලාව හා සංස්කෘතිය, පරිසර, කෘෂිකර්ම ධීවර හා පශු සම්පත්, තොරතුරු තාක්ෂණය, ක්‍රීඩා, ප්‍රවාහන යන ක්ෂේත්‍ර සඳහා මෙම විද්වත් කමිටු දහය පත්කරනු ලැබුවා. මෙම කමිටු සඳහා සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්වය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, කලාකරුවන්, ගොවි, ධීවර සමිති නායකයින්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, පරිසරවේදීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයෝ ඇතුළත්ව සිටිනවා. මේ වැඩපිළිවෙළ සඳහා දේශපාලන පක්ෂයක් ලෙස දායකත්වය ලබාදීමට ජාතික විද්වත් සංවිධානයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා ලැබී තියෙනවා. ඉදිරි මාස 06 ඇතුළත මෙම කමිටු 10 මගින් අදාළ ක්ෂේත්‍ර සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට ජනතා අදහස් ලබාගැනීම, වැඩමුළු සංවිධානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට නියමිතයි. එම ප්‍රතිපත්ති පාදක කොටගෙන ජාතික වැඩපිළිවෙළක් එළඹෙන ජනවාරි මස එළිදැක්වීමට ජාතික විද්වත් සංවිධානය කටයුතු කරමින් සිටිනවා.

”අපේ රට අද දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික හා සංස්කෘතික වශයෙන් බරපතළ පරිහාණියකට පත්වී තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රවල විප්ලවීය පරිවර්තනයකින් තොරව අපේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ව්‍යාජ දේශප්‍රේමය වෙනුවට ඇත්තටම රට රකින බලවේගයක් නිර්මාණය කළ යුතුයි.” මෙහි දී ජවිපෙ නායකයා සඳහන් කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතාගේ ජාතික සමගිය පිළිබඳ දේශනය සභාවේ විශේෂ අවධානයක් යොමු වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය කතාවේ දී සඳහන් කර සිටියේ තමන්ගේ එක් අතක් ජනපවුරේ තබාගෙන අනෙක් අතින් මහාචාර්ය යෝගරාජාගේ අත ස්පර්ශ කරන්නේ ඔහුගේ අදහස්වලින් තමන් ඉතාම සංවේ දී වූ බව පවසමින්. මෙම ජාතික කතිකාව අවසානයේ දී පැමිණ සිටි විශාල පිරිසක් රටේ අනාගතය පිළිබඳව ඉතාමත් බලාපොරොත්තු සහගතව තැන තැන කතා බහ කරමින්ද ජාතික විද්වත් සංවිධානයේ සංවිධායකයින්ට ස්තූති කරමින්ද සිය කෘතඥතාව පළකිරීම විශේෂ කරුණක් වුණා.

වර්තමානයේ පැන නැ‍ඟී ඇති දේශපාලන තත්ත්වයත් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ජනතාව දැනුවත් කරන ජනහමු දසදහසක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණ කර තිබූ අතර එම ජනහමු මාලාව පසුගිය 15වෙනිදා ආරම්භ කරනු ලැබුවා. ‘රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක්’ යන තේමාවෙන් මෙම ජනහමු දසදහස ක්‍රියාත්මක වෙනවා. මෙහි දී ඉදිරියේ දී රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳවද ජනතාව සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමට ජවිපෙ තීරණය කර තිබෙනවා. ”ඇත්තටම මන්ත්‍රීතුමා ඡන්දයක් නැති මේ වගේ වෙලාවක ඔබතුමාලා ජනතාවත් එක්ක දේශපාලන සංවාදයක් හදාගන්න එක වැදගත්. ඇත්තටම මිනිස්සුන්ට කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නේ. අලූත් කණ්ඩායමක් එක්ක අලූත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් දැන් රටට තියෙනවා.” ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකින් පසු විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ ජනහමුවට පැමිණ සිටි ගුරුවරයකු කියා සිටියා

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනා 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ගැසට් කොට තිබෙනවා.එය ඉදිරියේ දී කථානායකවරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබනු පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි.

මේ අතර නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වැඩමුළුවක් පසුගියදා මොරටුව ප්‍රදේශයේ දී පැවැති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වී සිටියේ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. තවද එම අවස්ථාවට වාසුදේව නානායක්කාර, එම්.සුමන්තිරන් ඇතුළු දේශපාලඥයන්ද ගාමිණී වියන්ගොඩ ඇතුළු සිවිල් ක්‍රියාකාරීහු පිරිසක්ද පැමිණ සිටියා. අනෙකුත් දේශපාලඥයන් නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් පළ කළ අතර විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් 20වැනි සංශෝධනය පිළිබඳවද දීර්ඝ පැහැදිලි කිරීමක් කළා.

මේ අතර විජිත හේරත් සහ වාසුදේව මන්ත්‍රීවරයා අතරද 20 ගැන කතාබහක් ඇතිවුණා

. ”ඔබතුමාලා 20න් යෝජනා කරලා තියෙන්නේ 2020 පෙරවාරි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්න. නමුත් අපිට යෝජනාවක් තියෙනවා පාර්ලිමේන්තුව ජනවාරි 08වෙනිදම විසුරුවන එක හොඳයි කියලා. පාර්ලිමේන්තුව විසුරුවලා භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය තියමු.” වාසුදේව මන්ත්‍රීවරයා කියා සිටියා

. ”ඒ යෝජනාව ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යෝජනාවලට අවස්ථාව තියලා තමයි 20 හදලා තියෙන්නේ. සමහර දේවල් අපිට සාකච්ඡා කරලා සංශෝධනය කරගන්න පුළුවන්.” විජිත හේරත් කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය තුළ පවතින ගැටුම් සහ අවුල් සහගත බව මේ සතියේ සිදුවීම් කිහිපයකින් තවත් වර්ධනය වුණා. එයින් පළමුවැන්න නම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන බවට මහින්ද රාජපක්ෂ මහතා නමින් නිකුත් වූ නිවේදනයක් සමාජ මාධ්‍ය තුළ පළවීමයි. එය පළවන මොහොත වනවිට මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටියා.

බදාදා වනවිට මහින්ද රාජපක්ෂ මහතා නමින් තවත් නිවේදනයක් නිකුත්වී තිබුණා. එය නිකුත්කොට තිබුණේ රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින්. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ලියා තිබුණු එමගින් ප්‍රකාශකොට තිබුණේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කළ බවට නිකුත්කොට තිබෙන නිවේදනය ව්‍යාජ එකක් බවයි. ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම නිවේදනයක් මගින් නොකරන බවත් එය ප්‍රසිද්ධ ස්ථානයක දී ප්‍රකාශයට පත්කරන බවත් එමගින් කියා තිබුණා.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ‍ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු නිවේදනයෙන් හඳුන්වාදී තිබුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන නිවේදනයෙන් කියා තිබුණේ 2020 දී ජනාධිපතිවරණයක් නැති බව හා එය 2019 දී පැවැත්විය යුතු බවයි. ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව 2019 දෙසැම්බර් 9 දාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව එමගින් පෙන්වාදී තිබුණා.

මේ අතර ඌව හිටපු ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ලේ දී ප්‍රකාශ කොට තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වය මහින්දගේ කිසිදු සහෝදරයකුට නොලැබෙන බව හා එය ලැබෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට පමණක් බවයි.

සමාජ මාධ්‍යවල පළවී ඇති තවත් අදහසක් නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බවයි. ජනාධිපතිවරණයට එන්නේ රාජපක්ෂ කෙනෙක්ම බව කියන්නේ ශිරන්ති රාජපක්ෂ ගැන බවත් ‘අපේ නායකයා මහින්ද පමණයි’ කියන්නේද එය දන්නා නිසා බවත් එම සමාජ මාධ්‍ය ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂය කළ තීරණයට අනුව එය වෙනම පෙරමුණක් ලෙස ස්ථාපිත කිරීමට තීරණයවී තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ දැනට සිටින පක්ෂවලට අමතරව 16 කණ්ඩායම එයට එක් වනවා. එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත හා ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා අතරින් දෙදෙනකු මෙම නව පෙරමුණේ නායකත්ව මණ්ඩලයට 16 කණ්ඩායම වෙනුවෙන් සහභාගී වීමට තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් තමන්ට ලැබුණු අයහපත් පිළිගැනීම ගැන 16 කණ්ඩායම ඉන්නේ නොසතුටින්. එම නොසතුට පිට කරමින් ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධයේ වැඩ අන්තිම සවුත්තු බවයි. එය හදාගන්න බැරි වුවහොත් තමා දේශපාලනයෙන් විශ්‍රාම යන බව ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කොට තිබුණා.

නඩු විසඳන්න කාලය දෙන්න

$
0
0
ජුලි 20, 2018 01:00

දැනට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව හය ලක්ෂ පනස් දහස ඉක්මවන බව වාර්තා වේ.

සාපරාධී නඩුවක තීන්දුව දීමට වසර 20ක් පමණ ගත වන බව පෙනේ.

ඉඩම් නඩුවක තීන්දුව දෙන අවස්ථාව වන විට එම නඩුවේ පැමිණිලිකරුත් විත්තිකරුත් එලොව ගොස් ය.

නඩු විසඳීම කඩිනම් කිරීම සඳහා දැනට නඩු අහන වේලාව දෙගුණයක් දක්වා වැඩි කළ යුතුය. එසේම සෙනසුරාදා දිනවල ද නඩු ඇසිය යුතුය.

නඩු අහන වේලාව වැඩි කළ විට උසාවි කාර්ය මණ්ඩලයට අතිරේක පාරිශ්‍රමිකයක් ගෙවීමට ද කටයුතු කළ යුතුය.

කරුණාසේන දේවප්‍රිය
විශ්‍රාමික පරිපාලන නිලධාරී

හදන්න පෙර නළ දමන්න

$
0
0
ජුලි 20, 2018 01:00

කඩිනම් මාර්ග සංවර්ධනයක් ලෙස කොට්ටාව සිට හොරණ දක්වා මාර්ගය (බස් අංක 280) සංවර්ධනය කරමින් පවතී. මංතීරු 4 කින් යුත් මෙම මාර්ගය කිරිවත්තුඩුව, තලගල, මොරගහහේන හරහා හොරණ දක්වා දිව යයි. දැනට නල ජල පහසු කම කිරිවත්තුඩුව දක්වාත් මොරගහහේන ක්‍රිඩා පිටිය සිට මොරගහහේන දක්වාත් ඇතිමුත් කිරිවත්තුඩුව සිට තලගල දක්වා නල ජල පහසුකම නොමැත. ඉතා කඩිනමින් ඉදිවන මෙම මාර්ගයේ කිලෝමීටර් තුනක ප්‍රමාණයකට නල ජලය නොමැති කමින් ඉතා අසීරුතාවකට පත්වී සිටින තලගල ප්‍රදේශ වාසීන් නොයෙක් වර පැමිණිලි කලද මේ දක්වා විසදුමක් ලැබී නොමැත. මාර්ගය සෑදු පසු නැවත පලුදු කර නල ජලය ලබා දෙනවාට වඩා දැන්ම මේ සදහා පියවරක් ගන්නේනම් විශාල මුදලක් ඉතිරිකරගත හැකිවනු ඇත.

ජය සමපාදන හා ජල අපවාහන අමාත්‍යතුමනි මේ ගැන සොයාබලා විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

තලගල ප්‍රදේශවාසීන්

එදා සහ අද මත්තල සංචාර

$
0
0
ජුලි 20, 2018 01:00

ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වන්නේ වාසුදේව නානායක්කාර මහතා විසින් ද පසුගියදා අවධාරණය කළ පරිදි නැවත දේශපාලන බලය දිනා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොවීම ඒකාබද්ධ විපක්ෂය අද මෙවැනි සිල්ලර තත්ත්වයකට පත්වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි. වාසුදේව නානායක්කාර මහතා විසින් අවධාරණය කරන මේ කරුණ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද විටින් විට ප්‍රකාශ කළ දේවල් හරහා සනාථ වෙනවා. මේ අතර ප්‍රමුඛ ප්‍රකාශය වන්නේ දීර්ඝ කාලයක් පුරා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන “වියත්මඟ - එළිය” වැනි කණ්ඩායම් විසින් රට හමුවේ තබා ඇති කිසිදු වැඩපිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ හා එකඟ නොවන බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයයි.

“දිනපතා ගුවන් යානා ගුවන්ගතවීම ප්‍රවෘත්තියක් නොවුණත් ගුවන් යානයක් කඩාගෙන වැටීම ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා” මේ “ප්‍රවෘත්තියක් යනු කුමක්ද ?” යන්න හඳුන්වාදීම සඳහා යොදා ගන්නා සුලභ පැහැදිලි කිරීම්වලින් එකක්. “බල්ලෙක් මිනිසෙකුගේ කකුලක් සපා කෑම ප්‍රවෘත්තියක් නොවුණත් මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප්‍රවෘත්තියක් ” කියලත් කියනවා.

“කිසියම් රටක ජාත්‍යන්තර ගුවන් තොටුපොළකට ගුවන් යානයක් පැමිණීම එරට ජනමාධ්‍යවලට ප්‍රධාන ප්‍රවෘත්තියක් විය හැකිද ?” මේ ප්‍රශ්නය ලෝකේ කෙසේ වෙතත් ලංකාවේ ජනතාවට නම් පසුගිය කාලේ ඇති වුණා. ඒ ගුවන් තොටුපොළට බ්‍රිතාන්‍ය මහ රැජින හෝ පිටසක්වලයෙක් පැමිණීම නිසා නොවෙයි. “මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළට ගුවන් යානයක් පැමිණි දවසකයි” මත්තල ගුවන් තොටුපොළ විවෘත කළ දා සිට මාසයකට දෙකකට වරක් මේ ප්‍රවෘත්තිය ලංකාවේ ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල පළ වෙනවා.

ලෝකයේ අසාර්ථකම ගුවන්තොටුපොළ ගැන මීට මාස කිහිපයකට ඉහතදී බ්‍රිතාන්‍යයේ බී.බී.සී රූපවාහිනි නාලිකාව විශේෂාංගයක් කළා. එහිදී බී.බී.සී වාර්තාකරු හාස්‍යජනක ලෙස වාර්තා කළේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන වනගහනයක් මැද පිහිටා ඇති මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ මේ වන විට ලෝකයේ පවතින අසාර්ථකව ගුවන්තොටුපොළ කිහිපය අතර ඉදිරියෙන්ම සිටින බවයි. මහ වනගහනයක් මැද හුදකලාව පිහිටි මේ ගුවන්තොටුපොළ මොණරුන් ඇතුළු වන සතුන්ගේ රජදහනක්ව පවතින බවයි මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානයක් පැමිණීම ප්‍රවෘත්තියක් වන්නේ මේ නිසයි.

මත්තල යළි වේදිකාවට ගත යුත්තේ ඇයි?

මත්තල අසාර්ථකභාවය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරාම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ වාර්තා වැඩසටහන්, විශේෂාංග හා විමර්ශන ප්‍රකාශයට පත් කර තිබෙන තත්ත්වයක් තුළ නැවතත් මත්තල ගැන රටේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පසුගිය 16 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම සමඟයි. මෙරට ජනමාධ්‍යවලට පුවත් පිට පුවත් මැවූ මේ අපූරු නාඩගම ගැන විමසුමක යෙදීමට වඩා ඒ හරහා ප්‍රකාශයට පත් වූ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නව ප්‍රවණතා සහ ඒකාබද්ධ විපක්ෂයේ සිල්ලර දේශපාලන භාවිතය ගැන සාකච්ඡා කිරීම මේ අවස්ථාවේ අතිශයින් වැදගත් වෙනවා. ඒ වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ගැන ඒකාබද්ධ විපක්ෂය ඇතුළු අන්තවාදී හා අවස්ථාවාදී කල්ලි කිහිපයක් පසුගිය කාලය පුරා චෝදනා මුඛයෙන් කතා කරන නිසයි. වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතාවන්ට පරිබව කරමින් ඒවා සමච්චලයට ලක් කරන නිසයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කල්ලිය මත්තල සංචාරයේ යෙදීමට සති කිහිපයකට පමණ පෙර ඒකාබද්ධ විපක්ෂයේ අභිනව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යහපාලන ආණ්ඩුවට දැවැන්ත චෝදනාවක් එල්ල කළා. එහිදී රාජපක්ෂ මහතා අවධාරණාත්මකව කියා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් ආණ්ඩුව විසින් වළපල්ලට යවා ඇති බවත් දැන් ක්‍රියාත්මක වන්නේ “ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් ” කියලයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහය හා ගෞරවයට ලක්ව සිටින බොදුබල සේනාවේ නායක ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හරහා මතු වූ සංවාදය තුළ තමාට හිමි තැන සිටගත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදී කතාවට ඒ මොහොතේම දැවැන්ත විවේචනයක් එල්ල වුණත් මේ ජම්පර්වාදය වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතා ගැන සංවාදය පෝෂණය කිරීමට දායකත්වයක් ලබා දුන්නා. ඒ රාජපක්ෂ යුගයේ රටේ ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදයත් වත්මන් ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයත් අතර ප්‍රායෝගික, යථාර්ථවාදී වෙනස නිසියාකාරයෙන් වටහා දීමට වේදිකාවක් නිර්මාණය කළ නිසයි.

අසාර්ථකත්වය වින්දනය කිරීම

තම අසාර්ථකත්වය වින්දනය කිරීමේ වුවමනාවක් කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් වෙත තිබේ නම් එය සැලකිය හැකි වන්නේ අභාග්‍යයක් විදිහටයි. මන්ද එම වින්දනයෙන් අවසානයේ හිමිවන්නේ තවත් අසාර්ථකත්වයක්ම පමණක් නිසයි. මෙය තුවාලයක් කැසීම මගින් ඇතැමුන් ලබන බව කියන තෘප්තියට සමාන කළ හැකියි. රටක් කර වූ පාලකයෙක් හෝ හවුලක් දිගින් දිගටම තම අසාර්ථකත්වය වින්දනය කරන්නේ නම් එමගින් එකී රටට හා ජාතියට යහපතක් සිදුවිය හැකිද ? එකී අසාර්ථකත්වය සාර්ථකත්වයට පත් කරගත හැකිද ? මෙය සියුම්ව විමසා බැලිය යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය තම අසාර්ථකත්වය වින්දනය කිරීමේ මුඪ ආශාවෙන් පෙළෙන බව අපට පසුගිය කාලය පුරාම අඛණ්ඩව දැකගත හැකි වුණා. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන තීරණාත්මක මැතිවරණ ද්විත්වයෙන්ම දැවැන්ත පරාජයක් උරුම කරගත් මහින්ද රාජපක්ෂ මහතා සහ හවුල් කල්ලිය එකී පරාජයට බලපෑ තම අසාර්ථකත්වයට හේතු හඳුනා ගැනීම වෙනුවට එකී අසාර්ථකත්වයේ ආරම්භයේ සිටම කළේ එකී අසාර්ථකත්වයට පදනම් වූ හේතු වින්දනය කිරීමයි. රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් දශකයක් ක්‍රියා කරමින් රට වළපල්ලට යැවූ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට පමණක් හිමිකම් කියමින් රට හදන්න යළි බලය දෙන්න යැයි කියමින් යළි පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මේ නිසයි. හිතමිතුරු කල්ලිය සමඟ එක්ව ජාතික ධනය කාබාසිනියා කරමින් කළ ඊනියා සංවර්ධනය මගින් නිර්මාණය වූ තම අසාර්ථක්වය ගැන කිසිදු ස්වයං විමසීමකින් තොරව 2015 පරාජයේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ එකී පරාජිත කල්ලිය සමඟම අලුත් දේශපාලන පක්ෂ අටවා ගනිමින් යළි බලය අල්ලා ගැනීමට සිහින දකින්නේ ඒ නිසයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්ත මර්දනකාරී හා අත්තනෝමතික පාලනය හේතුවෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් තම අතේවාසික මිතුරු කල්ලි මත පදනම් වෙමින් රාජපක්ෂවාදය යළි ඔසවා තැබීම සඳහා නානාප්‍රකාර මඟවල් හදන්නේ ඒ නිසයි. මෙය වඩාත් සරලව පැහැදිලි කළහොත් රාජපක්ෂ කල්ලිය මේ කරන්නේ තම අසාර්ථකත්වය වින්දනය කිරීමක් මිස වෙන යමක් නොවෙයි.

සෙළුව යළි රටට ප්‍රදර්ශනය කිරීම

ඉහත සඳහන් අර්ථයෙන් සලකන විට ඒකාබද්ධ විපක්ෂ කල්ලියේ මත්තල නිරීක්ෂණ චාරිකාව හරහා රෙජිම පාලනයේ සෙළුව යළිත් රටටම ප්‍රදර්ශනය වූ බවක් පහසුවෙන් වටහා ගත හැකියි. ඒ එදා මහින්ද රාජපක්ෂ යුගයේදී මත්තල ගුවන් තොටුපොළ නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසට (අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න ඇතුළු) මුහුණදීමට සිදු වූ හිට්ලර් පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හත්පසින්ම වෙනස් යහපාලන භාවිතයකට ඩලස්, විමල්, කුමාර වෙල්ගම ඇතුළු නඩයට මුහුණදීමට සිදු වූ නිසයි. රාජපක්ෂ රෙජිමයේ බලහත්කාරීභාවය, සියල්ල සැඟවීමට ඇති කැමැත්ත හා දේශපාලන උද්දච්චභාවය ප්‍රදර්ශනය කරමින් එදා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසට මුහුණදීමට සිදු වූ දැඩි ප්‍රචණ්ඩත්වය දේශීය හා විදේශීය වශයෙන් පවා දැඩි අවධානයට ලක් වුණේ එමගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ද දැඩි අභියෝගයකට ලක් වූ නිසයි. හිටපු යුද හමුදාපතිවරයා වූ ද ජනාධිපතිවරණයේ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ ද ජෙනරාල් සරත් ෆොන්සේකාට ජම්පර් ඇන්දවීම හා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් පළවා හැරීම, ලසන්ත වික්‍රමතුංග ආදී ජනමාධ්‍යකරුවන් ඝාතනය කිරීම වැනි බිහිසුණු පසුබිමක මත්තලදී සිදු වූ සිදුවීම “සුළු සිදුවීමක්” ලෙස ඇතැමුන්ගේ ලඝු කිරීමට ලක් වුණත් මැදිහත් ජනතාවගේ අදහස වුණේ ඒ හරහා විපක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් සිදු වූ බවයි.

අද ඉතිහාසයට එක්වී තිබෙන “සෙල්ලම් පිස්තෝල කතාව” (එවකට හම්බන්තොට නගරාධිපතිවරයා (වත්මන් නගරාධිපති ද ඔහුය) පිස්තෝලයක් එල්ල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පසුපස හඹා ඒම) එදා රාජපක්ෂ රෙජිමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ භාවිතය හෙළි කරද්දී පසුගියදා ඒකාබද්ධ විපක්ෂ කල්ලිය මත්තලට ගිය ගමනේදී ආණ්ඩුවෙන් සහ ගුවන්තොටුපොළ පාලනාධිකාරියෙන් ලැබුණු සහාය හා පිළිගැනීම හෙළිකළේ වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය හා සැඟවීමට යමක් නැති බව කියාපාන යහපාලන භාවිතය බවයි පොදු නිරීක්ෂකයන්ගේ අදහස වන්නේ.

“එදා රාජපක්ෂ පාලනයේ මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය මත්තල සිදුවීම හරහා ප්‍රදර්ශනය වූ ආකාරයටම මෙවර යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී හා යහපාලන භාවිතය මනාව ප්‍රදර්ශනය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක සාර්ථකත්වය තීරණය කරන සාධක කිහිපයක් තිබෙනවා. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමිවීම, රටේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීම සහ ප්‍රබල විරුද්ධ පක්ෂයක් පැවතීම ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ වගේම ජනතාවට තොරතුරු ලබා ගැනීමටත් නෛතික අයිතියක් හිමිවිය යුතුයි. මේ කිසිවක් මහින්ද රාජපක්ෂ පාලනය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒත් වත්මන් ආණ්ඩුව එකී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ ඉතාම ප්‍රශස්ත ආකාරයෙන් බිහිකර තිබෙනවා. කරු ජයසූරිය මහතා තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට හිටපු ජනාධිපතිවරයා ඒක හාස්‍යයට ලක් කළා. “පනත් මොකටද ? ඕනෑම දෙයක් මගෙන් අහන්න” කියලා කිව්වා. එහෙම කිව්ව පාලකයා තමයි එජාපයේ මන්ත්‍රීවරු මත්තල ගියාම ඔවුන්ට පහරදීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නේ. රාජපක්ෂ මහතාගේ යුගයේ විපක්ෂයට දේශපාලනය කිරීමට කිසිදු ආකාරයක අවස්ථාවක් දුන්නේ නැහැ. විපක්ෂය කඩා බිඳ දැම්මා, ඔවුන්ගේ රැස්වීම්වලට, උද්ඝෝෂණවලට හා ක්‍රියාකාරකම්වලට බාධා කළා. පහර දුන්නා. ඔහුට අවශ්‍ය වුණේ යාවජීව පාලනයක් සඳහා ප්‍රබල විපක්ෂයක් නැති බෙලහීන, ගැති විපක්ෂයක් නිර්මාණය කර ගැනීමයි. එවැනි තත්ත්වයකට ආධාර අනුබල දුන්, ආශිර්වාදය ලබා දුන් පිරිස් අද වත්මන් ආණ්ඩුව තුළ භුක්ති විඳින මේ නිදහස හා අාබාධ පරිසරය ඇත්තටම ඔවුන්ට දරා ගැනීමට නොහැකි බවයි පේන්නේ. ඒ බව පසුගිය කාලය පුරාම ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා” ඒකාබද්ධ විපක්ෂ කල්ලියේ මත්තල සංචාරය හා එහි පසුබිම පිළිබඳ විමසුමක යෙදුණු ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් ලියුම්කරු සමඟ ඉහත සඳහන් ප්‍රකාශය කළා. එහිදී ඔහු අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ට ලබාදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නිර්ලජ්ජිත ලෙස අපයෝජනය කරමින්, අවභාවිත කරමින් සිටින බවයි.

සිල්ලර දේශපාලනය දිගටම

මත්තල හරහා ජම්පර්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හරයාත්මක පැතිකඩක් නිර්මාණය වූ ආකාරයෙන්ම ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය කාලය පුරා ගෙනගිය ජනතාව රැවටීමට ලක්කරන සිල්ලර දේශපාලනය ද යළිත් තහවුරු වූ බව ඇතැමුන් කියනවා. මෙය ගැඹුරින් සලකා බැලිය යුතු කරුණක් වශයෙන් සැලකිය හැකියි. මන්ද අද මේ ආකාරයෙන් ප්‍රදර්ශනකාමී සිල්ලර දේශපාලනයක යෙදෙමින් මාධ්‍ය අවකාශය ආක්‍රමණය කරමින් පුවත් මවන්නේ ජීවිතයේ ප්‍රථම වරට දේශපාලන බලය අල්ලා ගැනීමට තැත් කරන කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් නොව මහා බලයක් සහිතව දශකයක කාලයක් රට පාලනය කළ කල්ලියක් නිසයි.

ඒකාබද්ධ විපක්ෂය මේ ආකාරයෙන් ජනතාව රැවටීම සඳහා සිල්ලර දේශපාලනයේ යෙදීමේ අරමුණු හා පෙරමුණු කිහිපයක් අපට පහසුවෙන් හඳුනාගත හැකියි. මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වන්නේ වාසුදේව නානායක්කාර මහතා විසින් ද පසුගියදා අවධාරණය කළ පරිදි නැවත දේශපාලන බලය දිනා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොවීම ඒකාබද්ධ විපක්ෂය අද මෙවැනි සිල්ලර තත්ත්වයකට පත්වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි. වාසුදේව නානායක්කාර මහතා විසින් අවධාරණය කරන මේ කරුණ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද විටින් විට ප්‍රකාශ කළ දේවල් හරහා සනාථ වෙනවා. මේ අතර ප්‍රමුඛ ප්‍රකාශය වන්නේ දීර්ඝ කාලයක් පුරා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන “වියත්මඟ - එළිය” වැනි කණ්ඩායම් විසින් රට හමුවේ තබා ඇති කිසිදු වැඩපිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ හා එකඟ නොවන බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයයි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණාත්මකව සඳහන් කළේ ඉදිරියේ දී රාජ්‍ය බලය දිනාගත් විට ද ක්‍රියාත්මක වනු ඇත්තේ “මහින්ද චින්තනයම” පමණක් බවයි.

වියත් මඟ හරහා එළියට ඒමට හරිමඟක් සොයමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ දොරකට සිට ගැනීමට ආසන්න හේතුව මහින්ද රාජපක්ෂ මහතාගේ ඉහත සඳහන් අවධාරණය බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් සඳහන් කරනවා. එහිදී ඔවුන් අවධාරණාත්මකව ප්‍රකාශ කරන්නේ “එළිය” - වියත්මඟ හරහා නිර්මාණය වන දේශපාලන වැඩපිළිවෙළ අන්තවාදීන් හා ජාතිවාදීන් පිනවීමට සමත් වුවත් සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අද පොහොට්ටුව වටා ගොනුව සිටින ජනතාව හෝ දේශපාලනඥයන් තෘප්තිමත් කිරීමට සමත් නොවනු ඇති බවයි.

යළි බලය දිනා ගැනීම සඳහා නිර්මාණශීලී හෝ අලුත් වැඩපිළිවෙළක් නැති ඒකාබද්ධ විපක්ෂය මෙවැනි අසහනකාරී තත්ත්වයක් තුළ ආණ්ඩුවේ අතපසුවීම් හෝ නොසැලකිල්ල (බැඳුම්කර සිදුවීම, විජයකලාගේ ප්‍රකාශය ආදි) මත එදිනෙදා නිර්මාණය වන සිල්ලර සිදුවීම් තොග වශයෙන් මිලට ගෙන ජාතික ගැටලු බවට පත් කරමින් මහා ඝෝෂාවක් නැඟීමට පදනම් හේතු මේ අනුව අපට වටහා ගත හැකියි.

මේ තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව හරහා නිර්මාණය වන ඕනෑම ඍණාත්මක තත්ත්වයක් තම දේශපාලන පැවැත්ම ශක්තිමත් කර ගැනීම සඳහා නිර්ලෝභීව යොදා ගන්නා බව අප වටහා ගත යුතුයි. එමෙන්ම බැඳුම්කර සිදුවීම මෙන් එය කල්පයක් වුවත් තළු මරමින් රස විඳීමට ද සූදානම් බව අප වටහා ගත යුතුයි. මන්ද යළි බලය දිනා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නැති කල්ලියක් වෙතින් මීට වඩා වෙනස් යමක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි නිසයි. ඒ නිසා මත්තල නාඩගම වැනි තවත් බොහෝ නාඩගම් රස විඳීමට සමාජයක් ලෙස අප සූදානමින් සිටිය යුතුයි.

ජනතාව හමුවේ ඇති වගකීම

තමන් විසින් රටට උරුම කළ දැවැන්තම අසාර්ථක ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමේ මුවාවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කරන, යළි උපන් පුද්ගලයන් සේ කිසිදු පසුතැවීමකින් හෝ වැරදි හදා ගැනීමකින් තොරව ජාතියේ ගැලවුම්කාරයන් වීමට යළි කැසකවන ඒකාබද්ධ විපක්ෂයේ අවස්ථාවාදී දේශපාලනය හමුවේ මේ කල්ලිය පළවා හැරීම සඳහා 2015 ජනවාරි 08 සහ අගෝස්තු 17 වැනිදා තම වටිනා ඡන්දය භාවිතය කළ ජනතාවට විශේෂ වගකීමක් තිබෙනවා. ඒ තම අසාර්ථකභාවය යළි යළිත් වින්දනය කරමින් යළි මජර යුගයක් උදා කිරීමට තැත් කරන මේ කල්ලිය නැවත වරක් තීරණාත්මකව පරාජය කිරීම සඳහා එකාවන්ව යළි නැඟී සිටීමයි. ජනවාරි 08 වැනිදා දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී යුගය යළි ෆැසිස්ට් ආඥාදායකත්වයක් කරා ගමන් කිරීමට එරෙහිව එකාවන්ව නැඟී සිටීමයි. එදා මත්තල හා අද මත්තල හරහා ප්‍රකාශ විය යුතු දේශපාලන හා සමාජ අවශ්‍යතාව එයයි.

සටහන - භාතිය බරුකන්ද

හිරෙන් ඇවිත් අතරමං වී

$
0
0
ජුලි 20, 2018 01:00

හිරෙන් ඇවිත් අතරමං වී 35

නොවැම්බර් දෙවැනිදාම සී. එම්. යූ. කාර්යාලයෙ ඉඳල නීතිඥ එම්. බී. රත්නායක සහෝදරයා එයාගෙ වාහනයෙන් අපව නාරාහේන්පිට ඔහුගේ නිවසට ගෙන ගියා. එදා හවස ගුවන් විදුලි ප්‍රවෘත්ති විකාශනයකින් තමයි අප නිදහස් කළ බව බොහෝ දෙනා දැන ගෙන තිබුණේ. ඒ අනුව මට මතක අන්දමට ගමනායක සහෝදරයාත් කෙලි සහෝදරයාත් අපව හොයා ගෙන රත්නායක සහෝදරයගෙ නිවසට ආවා. එදා තමයි දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඉක්මනින්ම රැස් කරන්න දින තීරණය කළේ. ඊට පසුව දා එම්. බී. රත්නායක සහෝදරයා අපව ප්‍රින්ස් ගුණසේකර සහෝදරයගෙ නිවසට කැටුව ගියා. මේ දින දෙක ඇතුළත දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස් කරන්න තීරණය කළා

බේස්ලයින් පාරෙන් නව මැගසින් බන්ධනාගාරයට ඇතුළු වෙන දොරටුව අසල දී නිදහස ලද ජ.වි.පෙ. සාමාජිකයින් පිරිස අමතා රෝහණ විජේවීර කෙටියෙන් කතාවක් පවත්වන්නට යෙදුණි. එම කතාවේ මූලික අදහස වූයේ සමාජවාදය සඳහා කරන අරගලයේ දී‍ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කර දමන්නට පාලක පංතීන් දරන ලද උත්සාහය අසාර්ථක වූ බවත් එසේ වූයේ රටේත් විදේශවලත් විප්ලවවාදී සහ ප්‍රගතිශීලී ව්‍යාපාරවල, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් අගය කළ ව්‍යාපාරවල සහ පුද්ගලයන්ගේ උද්ඝෝෂණ සහ විරෝධය පෑම් නිසා බවත් ය. ඒ සියලු අයට ම කෘතඥතාවය පළ කළ ඔහු ජනතාව සංවිධානය කොට ව්‍යාපාරය යළි ගොඩ නැඟීම ඒ මොහොතේ සිටම පටන් ගන්නා බවත් ඔහු පවසා සිටියේය.

“සිරගෙදරින් නිදහස් වුණු මටත් රෝහණ සහෝදරයාටත් යන්න තැනක් තිබුණේ නැහැ. අප නිදහස් කරන බවට කතාබහක් තිබුණත් කවද කොයි වෙලාවෙ ඒක කරයි ද කියල අදහසක් කාටවත් තිබුණේ නැහැ. ඒ නිසා එළියෙ හිටපු සහෝදර සහෝදරියොවත් පවුල්වල අයවත් එදා අපි නිදහස් කළ බවක් දැන හිටියෙ නැහැ. කොළඹ අපි දන්න එකම ස්ථානය වුණේ කොල්ලුපිටියෙ 18 වැනි පටු ම‌ඟේ නීතිඥ බාලා තම්පෝ සහෝදරයාගේ සී. එම්. යූ. (CMU) කාර්යාලය. මට මතක හැටියට අපි කුලී රථයකින් සී. එම්. යූ. කාර්යාලයේ දොරටුව ළඟට ගියා. පණිවුඩයක් යැවුවා.බාලාතම්පෝ සහෝදරයා පිටරට ගිහින්. කාර්යාලයෙ හිටියෙ සී. එම්. යූ. එකේ නියෝජ්‍ය ලේකම්ව හිටපු එච්. ඒ. සෙනෙවිරත්න සහෝදරයාත් දැන් සී. එම්. යූ. එකේ ප්‍රධාන ලේකම්ව ඉන්න සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාත්. පස්සෙ එතෙන්ට තවත් සහෝදර සහෝදරියන් ආවා. ඔවුන් අපව සමාදරයෙන් පිළි අරගෙන කටයුතු කළා. එදාම සී. එම්. යූ. කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූවා. ඒක තමයි අපි එළියට ඇවිත් කරපු පළමු දේශපාලන වැඩ කටයුත්ත.

“1977 නොවැම්බර් දෙවැනි දා අපි නිදහස් කරන්න ඉස්සර වෙලා අප සමඟ රඳවා ගෙන හිටපු කිහිප දෙනෙක් නිදහස් වී තිබුණා, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවෙන් වසර තුන, පහ වැනි සිර දඬුවම් නියම කරපු අයගේ දඬුවම් කාල සීමාව අවසන් වෙලා. ඒ කාලෙ එළියෙ හිටපු සහෝදර සහෝදරියො ඒ වන විටත් දේශපාලන වැඩ කරමින් හිටියෙ. මට මතකයි උපතිස්ස ගමනායක, කෙලි සේනානායක , නන්දන මාරසිංහ වගේ සහෝදරවරු 1977 දෙමටගොඩ පිට්ටනියෙ පළමුවැනි ප්‍රසිද්ධ රැස්වීම තිබ්බා. අපි එළියට ඇවිත් කළේ ඔවුන් පටන් ගෙන තිබුණු වැඩ කටයුතු ඉදිරියට ගෙනියපු එක.1977 නොවැම්බර් 7 වන දා ඔක්තෝබර් විප්ලවය සමරන්නට කොළඹ හයිඩ්පාක් පිටියෙ ප්‍රසිද්ධ රැස්වීමක් තබන්නට ඔවුන් ඒ වෙන කොට සූදානම් කර තිබුණා.”

“නොවැම්බර් දෙවැනිදාම සී. එම්. යූ. කාර්යාලයෙ ඉඳල නීතිඥ එම්. බී. රත්නායක සහෝදරයා එයාගෙ වාහනයෙන් අපව නාරාහේන්පිට ඔහුගේ නිවසට ගෙන ගියා. එදා හවස ගුවන් විදුලි ප්‍රවෘත්ති විකාශනයකින් තමයි අප නිදහස් කළ බව බොහෝ දෙනා දැන ගෙන තිබුණේ. ඒ අනුව මට මතක අන්දමට ගමනායක සහෝදරයාත් කෙලි සහෝදරයාත් අපව හොයා ගෙන රත්නායක සහෝදරයගෙ නිවසට ආවා. එදා තමයි දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඉක්මනින්ම රැස් කරන්න දින තීරණය කළේ. ඊට පසුව දා එම්. බී. රත්නායක සහෝදරයා අපව ප්‍රින්ස් ගුණසේකර සහෝදරයගෙ නිවසට කැටුව ගියා. මේ දින දෙක ඇතුළත දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස් කරන්න තීරණය කළා.”

“ප්‍රින්ස් සහෝදරයගෙ නිවසේ කළ කතා බහේ දී ඔහු අදහස් කිහිපයක් පළ කළා. එකක් තමයි නොවැම්බර් 7 රැස්වීමට අනිවාර්යයෙන්ම හයිඩ්පාක් පිටිය ඉඩ මදි වන නිසා ඊට වඩා ඉඩකඩ ඇති තැනක අවශ්‍යතාවය. ඒ කාලෙ පළාත් පාලන ඇමතිවරයා ආර්. ප්‍රේමදාස මහතා. ප්‍රින්ස් සහෝදරයගෙ අදහස අපි කෙළින්ම ප්‍රේමදාස මහතාට කතා කළොත් කොළඹ නගර සභා භූමියට රැස්වීම මාරු කර ගත හැකි වෙන්නට පුළුවන් බව.ප්‍රේමදාස මහතාට කතා කරන්න ප්‍රින්ස් සහෝදරයගෙ නිවසෙන් ම රෝහණ සහෝදරයාට දුරකතන පණිවුඩයක් ලබා දුන්නා. නොවැම්බර් 7 රැස්වීමට කොළඹ නගර සභා භූමිය අපට ලබා දෙන්න ප්‍රේමදාස මහතා එකඟ වුණා.”

“අපි නිදහස ලබල බන්ධනාගාරයෙන් එළියට එද්දී පැවතුණේ අපි සිරගත වුණු කාලයට වඩා වෙනස් තත්වයක්.අපට මුහුණ දෙන්න වුණ දේශපාලන පොර පිටිය තිබුණාට වඩා වෙනස්. දකුණේ මෙන්ම උතුරේ සටන්කාමී ව්‍යාපාර ආරම්භ වුණේ 1970 ද වුණාට දකුණේ එය පටන් ගැනුණේ මූලික වශයෙන් ආර්ථික අසාධාරණයට එරෙහි අරගලයක් වශයෙන්. ඊට අදාළ සමාජමය හේතූ තිබුණා. උතුරේ සාමකාමී විරෝධතා ව්‍යාපාර 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟ උත්සන්න වෙලා තිබුණා. 1977 කාලයේ ඒ විරෝධය ප්‍රචණ්ඩ විරෝධතා බවට පත් වෙන්නට පටන් ගන්නවා. 1983 තමයි ඔවුන්ගේ අරගලය මුළුමණින් ම පාහේ ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නේ. 1970 මුල බහුතරයක් සිංහලයන් නියෝජනය කළ දකුණේ පාලකයන් සහ පාලිතයන් අතර පැවති අරගලය 1977 වන විට ක‍්‍රමානුකූලව සිංහල හා දෙමළ වන කොටස් අතර අරගලයක් බවට පත් කෙරෙනවා.

“ඉන්දියානු සාගර කලාපයේ ජාත්‍යන්තර බල තුලනයේ දී 1971 ඇමරිකන් විරෝධී සෝවියට් සහ ඉන්දියන් හිතවාදී ප්‍රවණතාවකයි තුන් හවුල් සමඟි පෙරමුණු ආණ්ඩුව හිටියේ. 1977 දී හත් හවුල් සභාග ආණ්ඩුව යටතේ මෙම තත්වය වෙනස් වෙලා ඇමරිකන් හිතවාදී සෝවියට් සහ ඉන්දියන් විරෝධී ප්‍රවණතාවකට යනවා. ඒ අනුව තමයි ඉන්දියානු ආණ්ඩුව ලංකාවේ පැවති ඇමරිකන් හිතවාදී ආණ්ඩුව අස්ථාවර තත්වයකට පත් කරන්නට දෙමළ සටන්කාමී ව්‍යාපාරවලට ආධාර කරන්නට පටන් ගන්නේ.

“1965 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවත් 1970 සමඟි පෙරමුණු ආණ්ඩුවත් යටතේ පැවතුණේ මූලික වශයෙන් ආයාත ආදේශක ආර්ථික පාලනයක්. පැවතුණ විදේශ විනිමය අර්බුදය හමුවේ ආර්ථිකයට ආණ්ඩුව වැඩියෙන් මැදිහත් වෙලා, ආයාත වෙළඳාමත් විදේශ විනිමය ගෙවීමුත් දැඩි ලෙස පාලනයට ලක් කර තිබුණා. නිලධාරිවාදය, අනියම් ලෙස අත් කර ගත් ප්‍රතිලාභ, දේශපාලන අනුග්‍රහය, දූෂණය වැඩි වෙන්නට පටන් ගෙන තිබුණා. මහජනතාව මේ ගැන දැඩි අප්‍රසාදයකින් හිටියේ. මේ කාලය තුළදී පුද්ගලික අංශයේ කර්මාන්ත සහ සේවාවන්ට වඩා රාජ්‍ය අංශයේ, විශේෂයෙන්ම ආණ්ඩුවේ සංස්ථා පළල් වුණා; සංස්ථා ‘ජොබ් ඒජන්සි’ බවට හරව ගත්තා. රැකියා ප්‍රශ්නයට පැලැස්තර අලවමින් සංස්ථාවල දේශපාලන හිතවත්කම් උඩ විශාල වශයෙන් රැකියා දෙන්නට පටන් ගත්තා. සංස්ථාවල් අකාර්යක්ෂම බවට පත් වුණ එක පුදුමයක් නෙවෙයි.”

“1977 බලයට පත් කර ගත් ‌ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්‍ෂ හත් හවුල් ආණ්ඩුව ආර්ථිකය නියාමනය කරන්නත්, පෞද්ගලීකරණය කරන්නත් ජාත්‍යන්තර තරගයට විවෘත කරන්නත් පටන් ගත්තා. බලයට පත් වූ වහාම වාණිජ අපනයන පදනම් කර ගත් ලිබරල් ආර්ථිකයක් ඇත් කරන්නටත් ඒ සඳහා බහුජාතික සමාගම් ඇතුළු විදේශීය සමාගම්වලට ඉතාමත් ලිහිල් පදනම් යටතේ ආයෝජන කරන්නටත් ‘දේශපාලන සහ ආර්ථික ස්ථාවරභාවය සහතික කිරීමේ’ මුවාවෙන් විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන්නටත් මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරන්නටත් පටන් ගත්තා. ආර්ථිකය විවෘත කිරීමෙන් සහ නිදහස් වෙළඳ කලාප ඇති කිරීමෙන් රටටත් සමාජයටත් වාසි සහගත දේ මෙන්ම අවාසි සහගත දේ සිදු වුණා.”

විවිධ න්‍යාය පත‍්‍රයන් සහිත කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ඉවත්ව යාමෙන් ජ.වි.පෙ. හි ප්‍රථම ‘පුනරුත්පත්තිය’ සිදු වූ බව ලයනල් බෝපගේ සහ ජ.වි.පෙ. නායකත්වය කල්පනා කළහ. 1971 අරගලය ඇරඹීමට තීරණය කළ මෙන්ම ඊට පක්ෂව පෙළඹවීම කළ පිරිසට අයත් ව සිටි බොහෝ දෙනෙක් සිරගෙදරින් නික්මෙන විට ජ.වි.පෙ. අත්හැර තිබුණි. විජේවීර බෝපගේ වැනි අයට එරෙහිව රජයට සහාය දුන් නිමලසිරි ජයසිංහ වැනි අය ජ.වි.පෙ. ට එරෙහිව ධනේශ්වර දේශපාලන පක්ෂ සමග එකතු වී දේශපාලනයේ නියම පැහැය පෙන්වමින් සිටියහ.

සිසිර යාපා

සඳුදා පුරහල පිටිය සෙනඟින් පිරේ

ලක්ෂ හය කපා විසිදාහක් ගෙවූ රණවිරු ප්‍රේමියෝ

$
0
0
ජුලි 20, 2018 01:00

ඇවන්ගාඩ් ගැහිල්ලේ කවුරුත් නොදන්න තොරුතුරු

යාත්‍රාවලට ආරක්ෂාව සපයමින් මාසයකට රුපියල් හය ලක්ෂයකට (6,00,000) වැඩි වැටුපක් ගත් ආරක්ෂක නිලධාරියකුට රක්නා ආරක්ෂක ලංකා සමාගම මඟින් එම සේවාවම සැපයීමේදී මාසිකව ලබාගත හැකි වූ උපරිම මූලික වැටුප රුපියල් දස දහසකි

ඇවන්ගාඩ්, ඇවන්ගාඩ්, රක්නා, ලංකා, රක්නා ලංකා. ඒත් නැත්නම් ආරකෂක අමාත්‍යාංශය, කාගෙ කාගෙත් කතාබහට ලක්වුණේ. ඔන්න ඔය වචන ටිකය. ඇත්තටම ඔය වචන ටික ගිරව් වගේ කවුරු කීවත් කතාව සහසුද්දෙන්ම දන්නව ද? දන්නෙ නැත්නම් මෙන්න.

කතාව මෙසේ කියන්නේ කවුද බඩු කියල (මහජනතාව දැනුවත් කරන්න ඒ ඒ අය කරපු දේ මිසක්, කාටවත් අපහාසයක් කරන්න නම් නෙමේ).

සෝමාලියානු මුහුදු කොල්ලකාරයෝ 2008 වර්ෂයේ සිට වෙළෙඳ නැව් කොල්ලකා කප්පම් ගෙන ඒවා මුදාහැරීමේ ත්‍රස්ත ක්‍රියාවක් පටන්ගත්හ.

ඉන්දියන් සාගරයේ, රතු මුහුදේ, ගල්ෆ් ඔෆ් ඊඩ්න්, ගල්ෆ් ඔෆ් ඕමාන් සහ ආරාබි යන සාගර ප්‍රදේශවල යාත්‍රා කරන නෞකාවලට පහර දී ඒවා අත්අඩංගුවට ගෙන මෙසේ කප්පම් ගැනීම සමස්ත ජාත්‍යන්තරයටම තර්ජනයක් විය.

2005 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා කොල්ල කෑ බවට වාර්තාගත යාත්‍රා ප්‍රමාණය එකසිය අසූවක් (180) තරම් ය. එමඟින් ලබාගත් කප්පම් මුදල රුපියල් කෝටි හත් අට සියයකට (7,00,00,000 – 8,00,00,000) අධිකය. ඇමරික එක්සත් ජනපදයේ 1996 සිට ලියාපදිංචිකර තිබූ නෞකා හතළිස්හයක් (46) ආරක්ෂා කිරීම සඳහා 2003 දී ආරක්ෂණ වැඩපිළිවෙළක් ඔය අතරේ ආරම්භ කරනු ලැබේවි. ඒ නිසාය. (එම ආරක්ෂණ ව්‍යාපෘතිය දෙදහස් විසි පහ (2025) දක්වාම දීර්ඝ කර ඇති බව ද සඳහන් කරනු කැමැත්තෙමි.)

ආරක්ෂක වැඩපිළවෙළ ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශවල කටයුතු කර අවි පහුණුව ප්‍රධාන තවත් සුදුසුකම් කීපයක් සපුරාගත් ජාත්‍යන්තර පිරිසකට දොර විවරවී තිබිණි. අපේ රටේ ආරක්ෂක අංශවල (ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ) රාජකාරි කර සුදුසුකම් තිබූ රණවිරුවන්ට ඒ අවස්ථාව ඉතා වැදගත් දෙයක් වූයේ මාසයකට රුපියල් හයලක්ෂයකට (600,000) හෙවත් ඩොලර් හාරදහසකට (4,000) අධික වැටුපක් උපයාගත හැකි වූ බැවිනි.

මුහුදේ රාජකාරියේදී අනතුරක් සිදුවූයේ නම්, ගොඩබිමට ඒමට ඩොලර් විසිපන්දහසක (25,000) හෙවත් රුපියල් තිස්පන්ලක්ෂයක් (35,00,000) තරම් රක්ෂණයකි. වෛද්‍යාධාරය ඩොලර් ලක්ෂයක් (1,00,000) හෙවත් කෝටි එකහමාරක් (1,5000,000) තරම්ය. ජීවිත හානියක් වූයේ නම් වන්දිය ඩොලර් දෙලක්ෂ පනස්දහසක් (2,50,000) හෙවත් රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් (3,75,00,000) තරම් ය. මුහුදේ එක දිගට තුන් මාසයක අණ්ඩ සේවයක් කළේ නම්, වැටුප් සහිත මාසයක නිවාඩුවක් ලැබීම ද තවත් වරප්‍රසාදයක් විය.

රැකියාවට යාමට අවශ්‍ය අවම සුදුසුකම් වූයේ පහත දැක්වෙන ඒවාය. ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ හෝ තුන් අවුරුද්දක් රාජකාරි පළපුරුද්ද නීත්‍යානුකූලව රැකියාවෙන් ඉවත්ව තිබීම, වලංගු ගමන් බලපත්‍රය, නැවියකුගේ සේවා සහතික පොත සහ මුදා හැරීමේ සහතිකය, නැවියකුගේ වෛද්‍ය සහතිකය, පොලිස් නිශ්කාශන වාර්තාවය. ඊට අමතරව සහතිකපත්‍ර කීපයක් ද අවශ්‍ය වූ අතර අපේ රටේ ස්ථාපනය කර ඇති සාගර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන සහතික කීපයක් ලබාගත් අයකුට නිදහස් සාගර ආරක්ෂක නිලධාරියකු වශයෙන් ජාත්‍යන්තර නැව් සමාගමකට බැඳීමට කිසිසේත්ම දුෂ්කර නොවිණි.

නීත්‍යානුකූල පිළිවෙළටම මේ අන්දමින් ජාත්‍යන්තර නැව් සමාගම්වලට අපේ රටේ ජාතිකාභිමානය ඇතුව නිලධාරීන් වශයෙන් 2011 වර්ෂයේ පමණ සිට 2013 දක්වා ගිය පිරිස දහසක් (1,000) පමණ විය. මේ පිරිස අපේ රටට හොඳ විදේශ විනිමයක් උපයා දුන් බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. රටේ කීර්තිනාමය ආරක්ෂා කරමින් විදේශීය ආයතනවලට කැප කළ සේවය නිසා ශ්‍රී ලාංකික නිලධාරීන් පැසසුමට පාත්‍ර වූ අවස්ථා ද, උසස්වීම් ලද අවස්ථාද සිහිපත් කළ යුතුව ඇත්තේ ශ්‍රී ලාංකික නිලධාරීන්ට ගෞරවය සඳහාමය.

ඇල්ෆාඩ් මැරිටයිම් (ALPHARD MARITIME), මැරිටයිම් සොලූෂන් (MARITIME SOLUTION), ඔරිජින් සික්‍යුරිටි ගෲප් (ORIGIN SECURITY GROUP), සෙක්‍යු අ ෂිප් (SECURE A SHIP), ඕෂන්ස් නෙට්වර්ක් සෙක්‍යුරිටි මැනේජ්මන්ට් (OCEANS NETWORK SECURITY MANAGEMENT) යන ආයතන ශ්‍රී ලාංකික නිලධාරීන් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වා ඇති බව ද අසන්නට ලැබිණි.

තත්ත්වය මෙසේ මනෝඥව පවතිද්දී මුහුද ආරක්ෂා කිරීමට ගිය නිලධාරීන්ගේ හිස් මතට හෙණ ගෙඩියක් පාත් වූයේ ඔවුන් සේවය කළ සමාගම් ශ්‍රී ලාංකිකයන් එක එක එල්ලේම (ඍජුව) සේවයට බඳවා ගැනීමට නොහැකි බව හදිසියේ නිවේදනය කළ බැවිනි. ඒ පිළිබඳව විමසීමේදී එම සමාගම් පවසා ඇත්තේ එම සමාගම්වල සේවය කිරීමට නම් රක්නා ආරක්ෂක ලංකා ආයතනය (R. A. I. I) ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් යන ආයතනයේ (A. G. M.S) ලියාපදිංචි වී ඒ සමාගම සමඟ ගිවිසුමකට එළඹ එමඟින් සමුද්‍රීය සමාගම්වල රැකියා ලබාගත යුතු බවය. මේ සේවගේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බවද සඳහන් කළ යුතුය.

නෞකා ආරක්ෂක සේවාවල යෙදෙන ලාංකික ආරක්ෂක නිලධාරීන්ට හිමි වැටුප් ආදී සියලුම දේ රක්නා ආරක්ෂක ලංකා ආයතනයෙන් ලබාගත යුතු බව එම සමාගම්වලින් දැනුම් දී ඇත. විදේශීය සමාගම්වලට අයත් නැව්වල සේවය කරන ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප් දීමනා අතුළු සියලු ගෙවීම් ඉන් පසු එම සමාගම්වලින් රක්නා ආරක්ෂක ලංකා ආයතනය (R. A. I. I) ඇවන්ගාඩ් මැරියිම් සර්විසස් යන ආයතනයේ (A. G. M.S) ගිණුමට බැර කළ යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය වන ඩී. එම්. එස්. දමයන්ති ජයරත්න මහත්මියගේ අත්සනින් යුතුව ලැබී ඇති නියෝගයක් අනුව කටයුතු කළ යුතුව ඇති බැවින් එසේ කිරීමට සිදුවී ඇති බව සමාගම් ශ්‍රී ලාංකික නිලධාරීන්ට පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය වන ඩී. එම්.එස්. දමයන්ති ජයරත්න මහත්මියගේ අංක (M ODUD/CS/AGMS/SM) සහ 2013.06.18 දාතමින් යුතු එම නියෝගය මුහුදු ආරක්ෂක කටයුතුවල යෙදෙන ජාත්‍යන්තර සියලුම ආරක්ෂක සමාගම්වලට එවා ඇතැයි එම සමාගම් ශ්‍රී ලාංකික නිලධාරීන්ට දන්වා තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය රහිතව නෞකාවල සේවයට යොදවාගෙන සිටින ආරක්ෂක නිලධාරීන් අනවසරෙන් (UNAUTHORISED) සිටිනන් බවත් ඔවුන්ගෙන් නීති විරෝධී දේ සිදුවිය හැකි බවත් ඒ නිසා ඔවුන් නොපමාවම ආපසු එවන ලෙසත් (REPATRIATE) එම නියෝගයේ සඳහන් කර තිබේ. තමන්ගේ බඩ වඩා ගැනීම සඳහා විදේශිකයන් ඉදිරියේ මෙසේ ‘පළච්චි’ කරනු ලබන්නේ අපේ රටේ එවුන් ම නොවේ දැයි අවබෝධ නොවීම ශ්‍රී ලාංකිකයන්ගේ පූරුවේ කරුමයකි.) මෙසේ කරන්නේ ගුණාත්මක නිලධාරීන් පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුමෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සැපයීමට බවද සඳහන් කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය 2013.06.18 වෙනි දින නිකුත් කළ නියෝගයට අනතුරුව 2013.07.24 වැනි දින ද පෙර ලිපියේ සමාංකයෙන්ම නිකුත් කර ඇති නිවේදනයේ ද මේ කරුණුම අවධාරණය කර ඇත. කිසියම් ආයතනයක් ඉහත උපදෙස් නොතකා හරින්නේ නම් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඔවුනට එරෙහිව යම යම් බාධක අවහිරතා තහනම් පැනවීමට සිදුවන බව ද එමඟින් දන්වා තිබේ.

අතිරේක ලේකම්වරිය 2013.08.16 දින ද ඉහත ලිපිවල සමාංකයෙන් ම ජාත්‍යන්තර නැව් සමාගම්වලට යොමුකර ඇති නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ එම ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීන්ගේ විස්තර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඇති රක්නා ආරක්ෂක ලංකා ආයතනය සහ ඇන්ගාඩ් මැරිටයිම් සර්විසස් යන ආයතනයේ කාර්යාලයට අගෝස්තු 31 වැනි දිනට හෝ ඊට පෙර හෝ එවන ලෙසටය.

සමුද්‍ර ආරක්ෂ නිලධාරීන් යළි කුලියට ලබාගැනීමට අවශ්‍ය නම් රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී (විදේශ රැකියා අංශය වයිස් මාර්ෂල් පී. බී. පේමචන්ද්‍ර, මේජර් ‍ෙජනරාල් වී. ආර්. සිල්වා සහ කොමදෝර් සුදර්මන් සිල්වා යන මහත්වරුන්ට දන්වන ලෙසට ද දුරකතන අංක සමඟ ඊ මේල් අංක සඳහන් කරමින් නිවේදනය නිකුත් කර තිබේ.

යාත්‍රාවලට ආරක්ෂාව සපයමින් මාසයකට රුපියල් හය ලක්ෂයකට (6,00,000) වැඩි වැටුපක් ගත් ආරක්ෂක නිලධාරියකුට රක්නා ආරක්ෂක ලංකා සමාගම මඟින් එම සේවාවම සැපයීමේදී මාසිකව ලබාගත හැකි වූ උපරිම මූලික වැටුප රුපියල් දස දහසකි (10,000). දීමනාව රුපියල් ලක්ෂයකට (1,00,000) අඩුය. ඒ අනුව මුළු මාසික වැටුප රුපියල් එක් ලක්ෂ විසිපන් දහසකටත් අඩුය. ජීවිත හානියක් වූවේ නම් විදේශ සමාගමෙන් රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් ලැබුණත් අපේ රටේ සමාගම් ගෙවීමට ගිවිසුම් ගතව ඇත්තේ රුපියල් හැට ලක්ෂයකි. (6,000,000)

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ නැව්වල සේවයට යැවූ සෑම නිලධාරියකුගේ වැටුපෙන්ම මාසිකව රුපියල් පන් ලක්ෂයක (5,00,000) තරම් මුදලක් ගසා කා ඇති බව නොවේ ද? මළ ගමකින් ගසාකෑම ද පේන හැටියට නරක නැත. සෑම සේවකයකුගේ වැටුපකින්ම අඩුකරගනු ලැබූ සේවා නියුක්තිකයන්ගේ භාර සහ අර්ථසාධක යන අරමුදල්වල ප්‍රතිලාභ මේ වනතුරු නොලද බව ද දැනගන්නට තිබේ.

විදේශ සමාගම්වල යාත්‍රා ආරක්ෂා කිරීමට ගියේ අපේ රණවිරුවන්ය. රණවිරුවන් දේවත්වයෙන් පිදිය යුතු යැයි කියමින්ම රණවිරුවන්ට ඇන ඇති ඇතිල්ල මේ කරුණෙන් තේරුම්ගත නොහැක්කේ පොඩි බබෙකුට පමණි. ලේත් බී මසුත් කා හමටත් බුරනවා යැයි ගම්මුන් කියන්නේ ඔන්න ඔය වගේ දේටය.

ජනසේන මාරසිංහ

ඇදල ගත්ත දමල ගැහුව ගිනි පෙට්ටියට වෙඩි බෙහෙත් ප්‍රශ්න

$
0
0
ජුලි 20, 2018 01:00
අසේල කුරුළුවංශ

දැන් මාස දෙකක් තිස්සේ වැඩ කරන්න අපිට බඩු නැහැ.ඔක්කොම කර්මාන්ත ශාලා වහලා. නොවැම්බර් මාසේ අනුමත වුණු ටෙන්ඩරයට අනුව දැන් බඩු ගෙන්වන්න කියලා ටෙන්ඩර්කරුට කිව්වම ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. ඩොලරයේ මිල වෙනස් වීමත් එක්ක නොවැම්බර් මාසේ තිබ්බ මිලට බඩු දෙන්න චීන සමාගම එකඟ නැහැ.මේ නිසා යළිත් ටෙන්ඩර් කෝල් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයට සිදුවුණා.

ගින්දර භාවිතයෙන් ආහාර පිසීමට යොමුවූ මුල්ම මානවයා හෝමෝ ඉරෙක්ටස් බව ඉතිහාසයේ සඳහන් වෙයි.මෙයට වසර මිලියන 2.58 පමණ ඉහත විසූ මෙම මානවයා අප්‍රිකාව,මධ්‍යම ආසියාව හා ගිනිකොන දිග ආසියාව නිජ භූමි කරගෙන ජීවත්වූ බවට සාක්ෂි තිබේ.ඉරෙක්ටස් මානවයා එතරම් ඈත කාලයකදී අහඹු ලෙස සොයාගත් ගින්දර නැතුවම බැරි දෙයක් බවට පත්වීම නිසා මිනිසා පහසුවෙන් ගිනි දැල්විය හැකි ක්‍රම සොයා ගත්හ.එහි එක් පියවරක් ලෙස ගිනි පෙට්ටිය බිහි විය.ගෑස් ආධාරයෙන් ගිනි දැල්වීම වඩා පහසුවෙන් කළ හැකි වුවද ගිනි පෙට්ටියට හිමි තැන උදුරා ගැනීමට එයට නොහැකි වූයේ ගිනි කූරක් මගින් ගිනි දල්වා ගැනීම වඩා ලාභදායි නිසා.වර්තමාන මිල අනුව ගිනි කූරක් මගින් ගිනි දල්වා ගැනීමට වැය වන්නේ ශත 15 කටත් අඩු මුදලකි.මේ නිසාම ගිනි පෙට්ටියක් සොයා ගැනීමට නොමැති නිවසක් මෙරට නොමැති තරම්ය.දිනකට මෙරට තුළ ගිනි පෙට්ටි ලක්ෂ 07 ක පමණ අළෙවි වන අතර ගිනි පෙට්ටිය හා ජනතාව අතර ඇති සබඳතාව තේරුම් ගැනීමට එයද ප්‍රමණවත් සාක්කියකි.අදවන විට මෙරට විශාල ගිනි පෙට්ටි හිඟයක් නිර්මාණයවී තිබේ.ඊට හේතුවී ඇත්තේ කර්මාන්තය සඳහා අවශ්‍යය වෙඩි බෙහෙත් නොමැති වීමය.මේ නිසා ගිනි පෙට්ටි නිෂ්පාදන ආයතන සියල්ල වසා දමා සේවකයින්ට මාස දෙකක පමණ කාලයක් අතින් පඩි ගෙවන්නට ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත හිමිකරුවන්ට සිදුව ඇත.

දිවයින පුරා ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලා11 කි ඉන් 09 ක් පිහිටා තිබෙන්නේ මහනුවර කේන්ද්‍ර කර ගෙනය.කර්මාන්ත ශාලා 04 ක් පල්ලේකැලේ ආයෝජන මණ්ඩල පරිශ්‍රයේය.කර්මාන්ත ශාලා වැසී යාමෙන් ඒවාහි සේවය කළ 8000 කගේ පමණ රැකියාවන්හි අනාගතය අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබෙන බව ශ්‍රීලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.මෙම අවධානම හේතුවෙන් ගිනි පෙට්ටි කර්මාන්ත ශාලා වල සේවය කරන 3000 ක පමණ පිරිසක් පසුගිය 17 දින මහනුවර නගරයට එක් රැස්ව විරෝධතාවක නිරත වූහ.ප්‍රධාන මාර්ග අවහිර කරමින් ඔවුන් දියත් කළ විරෝධතාව හේතුවෙන් නගරයේ රථවාහන ගමනා ගමනයට පවා බාධා එල්ල විය.පසුගිය වසරේ නොවැම්බර් සිට ගිනි පෙට්ටි නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් ආනනයනය කිරීමට රජය අපොහොසත් වීම නිසා මේවන විට එකදු කර්මාන්ත ශාලාවක හෝ මෙම ද්‍රව්‍ය නොමැති බව පවසන සංගමය දේශිය කර්මාන්ත නගා සිටුවීම වෙනුවට රජය උත්සාහ කරන්නේ ඒවා වසා දමන්නට දැයි ප්‍රශ්න කරයි...

"ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදුකරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය මගින්.ටෙන්ඩර් කැඳවීම කළ පසු මිල ගණන් හා සාම්පල් පරීක්ෂා කර ටෙන්ඩරය සුදුසු අයෙකුට ලබා දෙනවා.එසේ ගෙන එන පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් කර්මාන්ත ශාලා හිමියන්ට ඔවුන් ඇණවුම් කළ ප්‍රමාණ අනුව නිකුත් කරන්නේ නාවික හමුදාවේ වැලිසර කඳවුරෙන්.ටෙන්ඩර්කරු ආනයනය කරන වෙඩි බෙහෙත් (පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස්) කාර්මික තාක්ෂණ ආයතනයට (I.T.I) යවා සාම්පල් පරීක්ෂා කළ යුතුයි.ඒ සඳහා අඩුම තරමින් සති තුනක පමණ කාලයක් වත් ගතවෙනවා.මේ ක්‍රියාවලිය තුළ සිදුවන ප්‍රමාදය හේතුවෙන් මෙයට වසර 03 කට පෙර ප්‍රධාන අමුද්‍රව්‍යය නොමැතිව ගිනි පෙට්ටි නිෂ්පාදනය මාස දෙකක් නතර වුණා.මෙයට විසඳුමක් ලෙස ජත්‍යන්තර ප්‍රමිති සහතික ආයතනයක් වන (S.G.S) සහතිකය ලබාගෙන මෙරටට වෙඩි බෙහෙත් ආනයනය කරන්න අනුමැතියක් ලැබුණා.පසුගිය නොවැම්බර් මාසේ යළිත් පැරණි ක්‍රමයට මේවා ආනයනය කරන්න ඕන කියලා විගණන පරීක්ෂාවකින් පසු තීරණය වෙලා. පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් ආනයනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඒ වෙනකොට ටෙන්ඩර් කැඳවලා තිබුණේ.පසුගිය නොවැම්බර් මාසයේ කැඳවූ ටෙන්ඩර් වලට අනුව බඩු ගේන්න අවසර නොලැබුණු නිසා මේවා ආනයනය කිරීම ප්‍රමාද වුණා.කලින් ක්‍රමය යටතේ ගෙනාපු වෙඩි බෙහෙත් කිසිම අවස්ථාවක රිටර්න් කරන්න වුණේ නැහැ.ඒවගේ ප්‍රමිතිය හොඳයි.බලධාරීන් නැති ප්‍රශ්නයක් ඇති කරපු නිසා ප්‍රශ්නය උග්‍ර වුණා.දැන් මාස දෙකක් තිස්සේ වැඩ කරන්න අපිට බඩු නැහැ.ඔක්කොම කර්මාන්ත ශාලා වහලා .නොවැම්බර් මාසේ අනුමත වුණු ටෙන්ඩරයට අනුව දැන් බඩු ගෙන්වන්න කියලා ටෙන්ඩර්කරුට කිව්වම ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. ඩොලරයේ මිල වෙනස් වීමත් එක්ක නොවැම්බර් මාසේ තිබ්බ මිලට බඩු දෙන්න චීන සමාගම එකඟ නැහැ.මේ නිසා යළිත් ටෙන්ඩර් කෝල් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයට සිදුවුණා.ඒවා තාම විවෘත කරලත් නැහැ කියලා තමයි දැන ගන්න තිබෙන්නේ..... ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදන සංගමයේ සාමාජික කේ.එම්.එම් රහුමාන් මහතා කීය.

"දැන් ප්‍රශ්නය හොඳටම උග්‍රවෙලා තිබෙන්නේ.රජය කියන ආකාරයට බඩු ගෙනත් අපේ අතට පත්වෙන්න අඩුම තරමින් තවත් මාස තුනක් ගත වෙනවා.එතකොට ගිනි පෙට්ටි කර්මාන්තය නැත්තටම නැතිවෙයි.අපේ ළඟම රට ඉන්දියාවේ තමයි ගිනි පෙට්ටි කර්මාන්තය ඉහළින්ම කෙරෙන්නේ.මීට අවුරුදු 30 කට කලින් අපේ රටේ පාවිච්චි කළේ ලී ගිනි කූර.ඒ වෙනුවට ඉටි ගිනි කූර ලංකාවට හඳුන්වා දෙන්න පුරෝගාමි වුණේ අපියි.ඉන්දියාවෙන් මේ සම්බන්ධ පුහුණු පුද්ගලයින් ගෙන්වා ගෙන අපේ සේවකයින්ට ඉටි ගිනි කූරු නිෂ්පාදනය පිළිබඳ පුහුණුවක් ලබා දුන්නා.අද රට පුරා භාවිත වන්නේ ඉටි ගිනි කූරුයි.පොටෑසියම් ක්ලොරේට් හා රතු පොස්පරස් ඉන්දියාවෙන් මේ වතාවට පමණක් ආනයනය කරන්න අවසර දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කළා.අපේ සංගමය මගින් ඒවා ඇනවුම් කරන්න අපි ලෑස්තියි.එහෙම කළොත් ඉක්මනට බඩු ටිකක් ලංකාවට ගෙනල්ලා කර්මාන්ත යළි ආරම්භ කරන්න පුළුවන්. ගිනි පෙට්ටි නිෂ්පාදන සංගමයේ ලේකම් හයිබර් අලී මහතා පවසයි.

"ගිනි පෙට්ටියක ගිනි කූරු හා ඒවා පත්තු කිරීමට පෙට්ටිය දෙපස වෙඩි බෙහෙත් තීරු දෙකක් තිබෙනවා.ගිනි කූරට දාන්නේ පොටෑසියම් සල්ෆේට් කළු කුඩු සමඟ මිශ්‍ර කරලයි.ඒකට කියන්නේ හෙඩ් කෙමිකල් (Head Chemical) කියලා.රතු පොස්පරස් යොදා ගන්නේ පැති කෙමිකල් එක (Side Chemical) විදිහටයි.මේ දෙක නැතුව ගිනි පෙට්ටියක් හදන්න බැහැ.දැන් මාස දෙකක පමණ කාලයක් තිස්සේ වෙළෙඳ පොළට ගිනි පෙට්ටි නිකුත් කෙරෙන්නේ නැහැ.දැන් රටේ ගිනි පෙට්ටි හිඟයක් ඇතිව තිබෙනවා.ඉදිරියේදී ගිනි පෙට්ටියක් හොයා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා.මේක ඇත්තටම දේශීය කර්මාන්තයක්.අමුද්‍රව්‍යය පිටරටින් ගෙනත් නිෂ්පාදනය රටේ කරනවා.අපේ රටෙන් අමුද්‍රව්‍යය පිට රටට අරගෙන ගිහින් ඒවායින් හදන නිමි භාණ්ඩ රටට ගේනවාට වඩා මේ කර්මාන්තයෙන් මොන තරම් රැකියා උත්පාදනය වෙලා තිබෙනවාද?.අද ඍජුව 8000 ක් පමණ මේ කර්මාන්ත ශාලා 11 හේ වැඩ කරනවා.අති බහුතරය ග්‍රාමීය කාන්තාවන්.විදේශ රටවල සේවයට ගොස් නොයෙක් අකරතැබ්බ වලට කාන්තාවන් ලක්වන යුගයක මේ රටේම ඉඳලා රැකියාවක් කරන්න අවස්ථාව ලැබීම ඒ අයට මොන තරම් භාග්‍යක්ද?රජය මේ කර්මාන්ත තවත් දිරිමත් කරන්න ඕන කියලයි මම හිතන්නේ....ගිනි පෙට්ටි නිෂ්පාදන ආයතනයක අළෙවි කලමණාකරුවෙකු ලෙස සේවය කරන සුජිත් සුදර්ශන මහතා ප්‍රකාශ කරයි.

දැන් අපිට මාස තුනක් වැඩ නැහැ.බෑන්ක් ලෝන් දාලා ගේ බාගෙට හදා ගත්තේ.වැඩ නැතුව ඒක ගෙවන්නත් බැහැ.මහත්තයා කරන්නේ කුලී වැඩ.මහත්තයා හොයන ගානෙන් ජීවත් වෙන්න බැහැ.මම මාසෙකට ඕ.ටී එක්ක සැලකිය යුතු මුදලක් ගත්තා.දැන් කර්මාන්ත ශාලාව වහලා නිසා අපි කබලෙන ලිපට වැටිලා .බැරිම තැන පාරට බැස්සේ.අපි ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලලා ඇමැතිවරුන්ට කරදර කරන්නේ නැහැ.අපේ පාඩුවේ ජීවත් වෙන්නේ.ඒකටත් නිදහසක් නැති වුණාම අපි කොහොමද ඒක දරා ගන්නේ.ලංකාවේ ගිනි පෙට්ටි කර්මාන්තය වහලා පිටරටින් ගිනි පෙට්ටි ගේන්න හදනවාද දන්නේ නහැ.අපි දන්න විදිහට මේ වෙඩි බෙහෙත් ප්ලේන් එකේ ගෙන්වන්න බැහැ.නැවෙන් තමයි ගේන්නේ.දැන් ඔඩර් කළත් මාස ගානක් යනවා ගේන්න.නිලධාරීන්ගේ ප්‍රශ්න යන්නේ අපේ ජීවිත උඩින්.දැන් මට වයස අවුරුදු 47 ක්.වෙන රැකියාවකට යන්නත් බැහැ.අපි ඉලන්නේ අපිව මහ පාරට ඇදලා දාන්නේ නැතුව මේ කර්මාන්තයට ඕන කරන අමුද්‍රව්‍ය ඉක්මනින් ගෙනත් දෙන්න කියල...ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක සේවක කරන මැණික්හින්නේ පදිංචි සරෝජනී කුමාරි මහත්මිය එසේ පැවසුවේ දැඩි ආවේගයකිනි.

ගිනි පෙට්ටි නිෂ්පාදන ආයතනවල සේවකයින් මහනුවර නගරයට පැමිණ මාර්ග අවහිර කරමින් සිදුකළ උද්ඝෝෂණයෙන් පසු මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) යූ.කේ ජයරත්න,මහනුවර දිස්ත්‍රික් සහකාර පුපුරණ ද්‍රව්‍යය පාලක ජගත් හෙට්ටිආරච්චි යන මහත්වරු ආරක්ෂක අමාත්‍යාංශය හා දුරකතනයෙන් සම්බන්ධවී ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට උත්සහ කළ අවස්ථාවේ මධ්‍යම පළාත් නියෝජ්‍යය පොලිස්පති එල්.කේ රණවීර මහතා එහි පැමිණ ප්‍රශ්නය සති දෙකක් තුළ නිරාකරණය කර දීමට පියවර ගන්නා බව ආරක්ෂක ලේකම්වරයා තමන්ට දුරකතනයෙන් දැනුම් දුන් බව ප්‍රකාශ කළේය.ඉදිරි දෙසතිය තුළ පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් මෙට්‍රික් ටොන් 200 ක් ගෙන ඒමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා දැනුම් දුන්නත් එය ප්‍රායෝගිකව කළ නොහැකි බව කර්මාන්ත ශාලා හිමිකරුවෝ පවසති.ප්‍රශ්නය නිරාකරණය කිරීමට ජනපති හෝ අගමැති මැදිහත් නොවුණහොත් රුපියල් 6.00 කට වෙළෙඳ පොළේ අළෙවි වන ගිනි පෙට්ටියක් රුපියල් 100.00 වැනි මිලකට කළු කඩ මුදලාලිලා ගෙන් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට සිදුවනු ඇති බවද ඔවුහූ කියති.ඇදල ගත්තා,දමලා ගැහුවා,මලක් පිපුණා,මල පරවුණා සේ මෙරට ගිනි පෙට්ටි කර්මාන්තය පරවී නොයන්නට අවශ්‍යය පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමය.


මෙන්න ආනියා කන්ද කෙම්බිම

$
0
0
ජුලි 20, 2018 01:00
උදිත ගුණවර්ධන
ඡායාරූප සිරිපාල හල්වල

කලබලකාරී අගනුවර සිට මිගමු පාරේ කඳාන ට පැමිණෙන තුරුම තිබුණේ එකම කලබලකාරී පරිසරයකි. අපේ ගමන් ඉලක්කය වුයේ කඳාන ආනියාකන්ද දිස්ත්‍රික් රෝහලයි. එතැනට ගිය විට අපට දැනුනේ රෝහලක ඇති කලබලකාරී තත්ත්වය නොවේ. නිහඬ බවකි. අපගේ ඉලක්කය වුයේ මෙම රෝහලේ ඇති මානසික රෝගි වාට්ටුව වෙත ගොස් ඒ පිළිබඳ ලිපියක් ලිවීමය. රෝහලේ පැරැණි ගොඩනැගිලි අතරින් පියමැන ගිය අපි එහි කොනකට වන්නට පිහිටි වාට්ටු සංකීර්ණය සොයා ගියෙමු.

මෙතැනට යාමේදී අප සිතුවේ මෙම වාට්ටු අපිළිවෙල හා අවලස්සන තැනක් වනු ඇතැයි කියාය. එහෙත් එතැනට යන විට අපට ඇසුණේ ගීතවත් හඬකි.

“ගමනේ ගිම් නිව් එදා සැනසුම් පවන් සලා... යනු මිල්ටන් මල්ලවආරච්චි මහතා ගැයු ගීතයකි. එම ගීතය මනා තාලයට සහ වචන නිවැරැදිව ගයනු ලැබුවේ නේවාසිකයකි. ඔහු එම ගීතය ගයමින් බලා සිටියේ අපව පිළිගන්නටය. තවත් පසෙකින් උරුවම් බාමින් පණිවුඩ ලබා දුන්නේය‍

කලක් බරපතළ ගණයේ උමතු රෝගවලින් පෙළුන මොවුන් අද යම් සුවපත් තත්ත්වයකට පත්ව සිටිති. රෝගීන් සමග අවුරුදු ගණනාවක් කටයුතු කිරීමෙන් අත්දැකීම් ලැබු හෙද නිලධාරිනියක් වන සන්ධ්‍යා කුමාරී මහත්මිය මේ ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

“ මේ අය මෙහෙට එනකොට හිටියේ ගොඩක් අසනීප වෙලා කතා කරන්නේ නැහැ කෑම කන්නෙ නැහැ..මළපහ කරන්නේ වාට්ටුවේමයි. ඒත් අද වෙද්දි තත්ත්වය ගොඩක් සතුටු දායකයි.. ඔයාලට මේ විදිහේ උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණේ ඒ අය අද වෙද්දි සුවයක් ලැබු නිසයි..“

අද මෙහි සිටින නේවාසිකයන් යහපත් සහ නිරෝගී ජීවිතයක් වෙත මාරු වෙමින් සිටියි. මෙය ඉබේ සිදුවුවක් හෝ බෙහෙත්වලින් පමණක් සිදු වුවක් නොවේ. දයාව කරුණාව සහ මිනිස්කම නිසා මොවුන් වෙත නිරෝගී සුවය කෙමෙන් ලැබෙමින් තිබේ. එය එක් අයෙකුගේ හාස්කමක් නොවේ. වෛද්‍යවරු , ප්‍රධාන හෙද සොයුරිය හෙද කාර්ය මණ්ඩලය සහ සෙසු සේවක මණ්ඩලය මේ පිටුපස සිටින මහ බලයයි . මෙම මානසික රෝගී වාට්ටුව “ පිස්සන් කොටුවක් “ නොකර මිනිසුන් සුවපත් කරන මනස හදන තැනක් බවට පත්කිරීමේ කාර්යය කරගසා සිටින්නේ ප්‍රධාන හෙද සොයුරිය වන අනුෂා විමලසූරිය මහත්මියයි.

“මෙතැන තියෙන්නේ තනි කෙනෙක්ගෙ වැඩක් නොවෙයි අපි ඔක්කොම දවල් රැ නොබලා වැඩ කරනවා.. රාජකාරි මට්ටමෙන් තියෙන කාර්යය කරල අපි ගෙදර යන්නේ නැහැ..මේ අසරණයො අද යම් සුවයකට ඇවිත් ඉන්නේ අපේ කැප වීම හින්ද.ඒ ගැන අපි ඇත්තටම සතුටුයි.

හෙද සොයුරිය සඳහන් කරන ආකාරයට මෙහි සිටින බොහෝ අය බෙහෙත් මගින් පුනරුත්ථාපනය කර සමාජගත කළ හැකි පිරිස්ය.එහෙත් මේ සද්කාර්යයට ගැටලු සහගත ඉරණමක් අත්ව තිබේ.

“ අද මෙතැන ඉන්න විසිපහක් තිහක් පුර්ණ සුවය ලබා තියෙනවා ඒත් ඒ අයට ගෙදර යන්න විදිහක් නැහැ බාර ගන්න කෙනෙක් නැහැ..ඒ අය සුවපත් වෙලත් රෝහලේ ඉන්නවා.

හෙද සොයුරිය කියූ කරුණ මනා ලෙස තහවුරු වුයේ අපට ජයසේන නම් නේවාසිකයා හමු වු විටය.

“මගේ ගමට යන්න මම ආසයි ඒත් මාව බාර ගන්න කෙනෙක් නැහැ ඒ හින්ද අවුරුදු ගාණක් මම වාට්ටුවේ ඉන්නවා..අනික අපිව ගෙවල්වලට ගමට එක්කන් ගියාම පිස්සෙක් කියන අපහාසාත්මක ඇසෙන් බලන්නේ. මේ හැම දෙයක් නිසාම වෙලාවකට මට හිතෙනව ගමට වඩා මෙහෙ හොඳයි කියලා..

ආනියාකන්ද දිසා රොහලේ මානසික වාට්ටුවේ සිටින සමහරුන්ට ඇත්තේ මෙවැනි දුක්ගැනවිලිය. ඔවුනට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙවැනි අවනඩුවලටය.

හෙදියකට සාමාන්‍ය වාට්ටුවක සේවය කිරිමට වඩා මෙවැනි තැනක සේවය කිරීම සුවිශේෂය මෙවැනි වාට්ටුවක සේවය කිරීම යනු අවදානමක් සුරතට ගැනීම වැනි දෙයකි. එනිසා මෙවැනි වාට්ටුවලට හෙදියන් අනුයුක්ත කිරීම අභියෝගයකි. එහෙත් මෙහි හෙදියෝ රාත්‍රී සේවා මුරවල පවා නියැලෙති.

“ සේවා මුර කරද්දි අපහසුතාවට පත්වෙන්නේ නැද්ද.?

අප ප්‍රශ්නය යොමු කළේ ප්‍රධාන හෙද සොයුරිය වන අනුෂා විමලසුරිය මහත්මිය වෙතය.

"මුලින් මුලින් පොඩි ප්‍රශ්න ආවත් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ.. අපේ පුනරුත්ථාපන වැඩ නිසා අද මේ අය හොඳ තැනක ඉන්නවා. අනෙක මෙහෙම වාට්ටුවක සේවය කරද්දි වෙනම පුහුණුවක් අවශ්‍ය කරනවා..ඒ පුහුණුව හෙදියන්ට ලැබෙනවා..

“අද වෙද්දි ගොඩක් නේවාසිකයන්ට විවිධ විනෝදාංශ තිබෙනවා.. සමහරු සිංදු කියනවා තවත් අය පොත් කියවනවා. ක්‍රිඩා කරන අය වගේම උයන්න උදව් වෙන අය ඉන්නවා. මේ හැම දේටම අපේ පුහුණුව ලොකුවට බලපානවා.

තමන් ලැබු පුහුණුව මේ ආකාරයට රෝගින් හික්මවා ගැනීමට ප්‍රධාන වශයෙන් උපකාරිවන බව හෙද නිලධාරිනියෝ විශ්වාස කරති.

මේ ආකාරයෙන් රටට විශාල කාර්යයක් ඉටුකරන ආනියාකන්ද රෝහලේ මානසික රෝගි වාට්ටුව වෙත රජයෙන් ලැබෙන ප්‍රතිලාභවලට අමතරව තවත් දේ අවශ්‍යව තිබේ.ඒ නේවාසිකයන් සඳහා අවශ්‍ය කරන ඇඳුම් අමතර ආහාර ඇඳුම් සේදීමට යොදා ගන්නා සබන් කුඩු වර්ග සහ සෙසු දේය. මෙම වාට්ටුවට මෙම දේ ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නට සිදුව තිබෙන්නේ නේවාසිකයන්ට උපරිම සේවයක් සැලසීම සඳහා බාහිරින් උපකාර අත්‍යාවශ්‍ය වන නිසාය. එනිසා ඔබටද මේ සඳහා දායකත්වය ලබා දිය හැකි අතර වැඩි විස්තර රෝහලෙන් ලබා ගැනීමට පුළුවන.

මෙම වාට්ටුව ඇසුරේ නේවාසිකයන්ට මානසික සුවය සහ එහි ක්‍රියාකාරීත්වය පරිසරය සමග බද්ධ කිරීම සඳහා එළිමහන් ගොවිපොළක්ද ඉදිකර තිබේ.කාලගුණ විපර්යාස නිසා මේ දිනවල එහි කාර්යයන් මදක් අඩාලව තිබුණද යළිත් ගොවිපොළේ කටයුතු ආරම්භ කිරීමට සියල්ල සුදානම් කර තිබේ.එහි කාර්ය සඳහා නේවාසිකයන් මෙහෙයවනු ලබන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසිනි. එම කාර්ය මණ්ඩලයේ මහින්දපාල මහතාගෙන් එම කාර්ය පිළිබඳ අප විමසු අතර එහිදී අපට ඔහු තම කාර්යභාරය පැහැදිලි කළේය.

“ මේ වැඩේට අපි නේවාසිකයන් ගොඩක් සම්බන්ධ කර ගන්නවා..ඒ අය ඉතාමත් දක්ෂ විදිහට අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා... වෙලාවකට අපිට හිතෙනවා මෙයාලට එහෙම ලෙඩක් තියෙනවද කියලා..ඒ තරම් නිරෝගීව වැඩ කරන අය ඉන්නවා. අපි හිතනවා එක තැනකට කොටු වෙලා හිටිය අය සමාජයේ අපහාසයට ලක්වුණු අයට මේ වැඩෙන් නව පණක් ලැබෙනවා කියලා.

එම ගොවිපොළට ගිය අපට දක්නට ලැබුණේ සරුවට වැවුන කෙසෙල් පඳුරුය. තවත් පසෙක වම්බටු වගාවන්ය. කාලගුණ විපර්යාස නිසා පාලුවට ගිය රෝහල් එළවළු කොරටුව මෙතරම් සරුසාරනම් සරුවට වැවුණු කල මේ කොරටුව කෙතරම් සරුසාර දැයි අපට සිතා ගත හැකිය.

එළවළු කොරටු පමණක් නොව නේවාසිකයන්ට එළිමහනේ ක්‍රිඩා කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන තැන්ද දැන් නිර්මාණය වෙමින් තිබේ මෙයද නවින වෛද්‍ය විද්‍යාවට අනුව සිදුකරන නව ප්‍රතිකාර ක්‍රමවේදයකි. මේ නව ක්‍රම නිසා සුවපත් වුවෝ රැසක් සිටිති. සෙස්සන්ද සුවපත් නොවුනද සිටියාට වඩා හොඳ තැනකට පත්ව සිටිති.

මේ ආකාරයට නේවාසිකයන් සුවපත් කිරීම සඳහා ක්‍රියාකරන්නේ කෙසේද යන්න ගැන අප විමසා සිටියේ මානසික රෝගි වාට්ටුව භාරව සිටින මානසික වෛද්‍ය ෆර්ඩියන් පෙරේරා මහතාගෙනි.

“ වාහනයක එන්ජිමක් වුණත් වැඩිය වැඩ කරන්නේ නැතිනම් අබලන් වෙනවා නැතිනම් ක්‍රියාකාරීත්වය අවම වෙනවා මිනිස් මොළයත් එහෙමයි අද රෝගී තත්ත්වයට පත්වු අයගෙ මොලය ක්‍රියාත්මක කරන්නේ අඩුවෙන් එහි අවසාන ප්‍රතිඵලය තමයි මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙන එක.

එහෙම අයට අවසානයේ උමතු තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් බෙහෙත් දුන්නාම ලෙඩේ හොඳ වෙනවා කියලා. ඒත් මම දන්නවා බෙහෙත්වලින් පමණක් එය පාලනය කරන්න බැහැ කියලා. ඒකට බාහිර ක්‍රියාකාරකම් සිදු වෙන්න ඕනෑ.එහෙම වුණොත් තමයි මොලයේ ක්‍රියාකාරිත්වය වගේම එහි රෝගී තත්ත්වයන් අඩු වෙන්නේ.

මොළය දියුණු වෙන්න මොළය වැඩ කරන්න ඕනෑ අපි දැන් මෙම ක්‍රියාකාරකම්වලින් උත්සාහ කරන්නේ නේවාසිකයන්ගේ මොළයේ ක්‍රියාකාරකම් ඉහළ නංවන්න. මට දැන් පැහැදිලි වෙලා තියෙනවා අපේ වෑයම සාර්ථකයි කියලා. අද නේවාසිකයන් එදා හිටිය අය නොවෙයි .එදා අපි දැක්කේ උමතු රෝගි තත්ත්වය උග්‍ර වුණ අය අද වෙද්දි ගොඩක් අයට යම් සුවයක් වර්ධනයක් ලැබිලා තියෙනවා...

මෙම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතාය. ඔහු මානසික වෛද්‍ය වාට්ටුවේ කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි. “ මානසික වෛද්‍ය ඒකකයක් කියන්නෙම විශේෂ ඒකකයක් මෙතැන වැඩ කරන රටාවක් තියෙනවා ක්‍රමයක් තියෙනවා..මෙහි වැඩ කරන ක්‍රමය ගැන මා සතුටට පත් වෙනවා . ඇත්තෙන්ම අපට පුළුවන් සීමාව තුළ මේ අංශයට අප උපරිම සහාය ලබා දෙනවා..

මානසික රෝගීන් යනුද වෙනස් කර සැලකිය යුතු පිරිසක් නොවේ. සියල්ලන් එක්ව ආදරයෙන් රැකබලා ගත යුතු පිරිසකි.එහෙත් ඔවුනට නොලැබී යන්නේද ආදරය සහ කරුණාව යන දේය. ආනියාකන්ද රෝහලේ මානසික රෝග ඒකකයේ සියලු කාර්ය මණ්ඩලය උත්සාහ කරන්නේ ආදරය කරුණාව යන යහපත් දේ රෝගීන් වෙත ලබා දීමය. අද මෙහි රෝගීන් යම් පමණකට සුවපත්ව සිටින්නේ එබැවිනි.


පස්සෙන් එන සූට්කේස්

$
0
0
ජුලි 21, 2018 01:00
තඹරු විජේසේකර

දුර ගම­නක් යද්දි ගෙදර තියෙන හැම ඇඳු­මක්ම, ලැප්ටොප්, චාජර්, වතුර බෝතල්, රූප­ලා­වන්‍ය බඩු මූට්ටු විත­රක් නෙවෙයි පුළු­වන් නම් ඇඳත් අර­ගෙන යන්න හිතන අයට පොඩි බෑග් එකක් කොහො­ම­ටත් මදි. බෑග් පහ-හයක් උස්ස­ගෙන යන එකත් කර­ද­ර­යක් වගේම ඒ වෙනු­වට සූට්කේස් එකක් ගත්තත් එහි ප්‍රමා­ණය විශාල නිසා කර තබා­ගෙ­න­වත් යන්නට සිදු වෙනවා. වාස­නා­ව­කට රෝද තිබෙන එකක් සොයා ගත්තත් ඇද­ගෙන යාමේදී අවට තිබෙන වස්තූන්ගේ හැපීම සහ තද­බ­දය ඇති ස්ථාන­ව­ලදී ගමන් කිරී­මේදී හැමෝ­ටම කර­ද­ර­යක් බවට පත් වෙනවා. ඒ වගේම එය අම­තක වී ගිය­හොත් හෝ කිසි­යම් කට­යු­ත්තක් සඳහා පසෙ­කින් තැබූ අව­ස්ථා­ව­කදී සොරකු විසින් ගෙන යන ලද හොත් චාරි­කා­වෙන් ලබ­න්නට යන සතු­ටත් අහ­ව­රය. සූට්කේස් එකක් ඇද­ගෙන යනවා වෙනු­වට ඒක අපේ පස්සෙන් එක දිග­ටම තනි­යම ආවොත්? ඔන්න, ඒක තව දුර­ටත් විද්‍යා ප්‍රබ­න්ධ­ය­කට සීමා වෙන්නේ නැහැ.

ෆෝවර්ඩ්-එක්ස් (Forward-X) සමා­ගම විසින් නිෂ්පා­ද­නය කර ඇති මේ සිත් ගන්නා සුළු සූට්කේ­ස­යට නම් තබා ඇත්තේ ‘ඕවිස්’ (Ovis) ලෙසයි. සාමාන්‍ය සූට්කේස් එක­කින් ඔබ්බට යමින් ඊට මෝටර් සවි කරන ලද රෝද සහ අවට පරි­ස­රය පිළි­බඳ දැනුම තිබෙන ආකා­ර­යට සකසා තිබෙ­නවා. මේ නිසා අයි­ති­කරු හඳුනා ගැනී­මෙන් අන­තු­රුව එයට ඔහු පසු­ප­සින් ගමන් කිරීමේ හැකි­යාව ලැබෙ­නවා. ඕවිස් සඳහා භාවි­ත­යට ගෙන ඇත්තේ කෘත්‍රිම බුද්ධි­යෙන් බල ගන්වන ලද තාක්ෂ­ණ­ය­කුයි. එය සතු කැම­රා­වන් සහ අනෙ­කුත් සංවේ­ද­ක­යන් භාවි­ත­යෙන් හඳුනා ගන්නා ලද පරි­ස­ර­යෙහි ඇති බාධක මෙන්ම තමාගේ අයි­ති­ක­රුද වෙන් වෙන්ව හඳු­නා­ගෙන ඒවාට අනුව තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කර ගැනී­මට තරම් ඉහළ හැකි­යා­වක් ඕවිස් සතු වෙනවා. සංකීර්ණ ඇල්ගො­රි­ත­ම­ව­ලින් සවි­බල ගන්වා ඇති මෙය සතු පරි­ග­ණක පද්ධ­ති­යට හුදෙක් දැකී­මක් පම­ණක් නොව තම අයි­ති­කරු කරන දේවල් පිළි­බඳ අව­බෝ­ධ­යක් ද ලබා ගන්නට හැකි­යාව තිබෙ­නවා. එනිසා සාම්ප්‍ර­දා­යික මාර්ග හඳුනා ගැනීමේ රොබෝ­ව­ර­යකු ගෙන් ඔබ්බට යමින් තම අයි­ති­කරු සමඟ සම සමව ගමන් කිරී­මට ද එය සමත් වෙනවා. මේ නිසා තමන්ගේ සූට්කේස් එක තමා සමඟ ම එනවා දැයි විටින් විට පසු­පස හැරී බල­න්නට අවශ්‍ය වන්නේද නැහැ. අනෙ­කුත් පුද්ග­ල­යන් මෙන්ම බාධක හඳුනා ගැනී­මේදී ස්වයං ධාවන කාර් රථ­වල යොදා­ගෙන ඇති ඇල්ගො­රි­ත­ම­යන් ම පාවිච්චි කරන ලද නිසා වඩාත් සාර්ථ­කව කිසි­යම් බාධ­ක­ය­කට ඇති දුර, බාධක මඟ­හැර ගමන් කළ යුතු මාර්ගය සෙන්ටි­මී­ට­ර­යක් දක්වා අවම වූ වර­ද­කින් එය තීර­ණය කරනු ලබ­නවා.

බැටරි සහිත උපාංග ගුව­න්තො­ටු­ප­ළ­ව­ලින් ගෙන යාමේදී මහත් ප්‍රශ්න රැස­කට මුහුණ දෙන්නට සිදු වෙනවා. නමුත් මෙම සූට්කේස් එකෙහි තිබෙන බැට­රිය ගලවා ඉවත් කර­න්නට පුළු­වන් නිසා පරික්ෂා කරන අව­ස්ථා­ව­න්හිදී කිසිදු කර­ද­ර­ය­කින් තොරව පසු­කර යෑමට අව­ස්ථාව සැල­සෙ­නවා එසේම බැට­රිය මාරු කර­න්නට අවශ්‍ය වූ අව­ස්ථා­වක දී සමා­ජ­මය තනි­වම කර­ග­න්නට ඒ හරහා අව­ස්ථාව උදා වෙනවා. මෙහි අභ්‍ය­න්ත­රයේ නිප­දවා තිබෙන්නේ ද හැකි­තාක් භාණ්ඩ ගෙන යාමට හැකි ආකා­ර­යට සහ ලැප්ටොප් එකක් පවා ඇතු­ළෙහි දමා ගත් විට ඒවා ආර­ක්ෂි­තව ක්ලිප් කළ හැකි පටි හරහා රඳවා ගන්නට හැකි වන ආකා­ර­ය­ටයි. ඉලෙ­ක්ට්‍රො­නික නිපැ­යුම් මෙය සතුව පැව­තු­නත් ජලය කාන්දු නොවන ආකා­ර­යට සකසා තිබෙන නිසා වැසි සහිත අව­ස්ථා­ව­කදී පවා එය භාවි­ත­යට පැකි­ලිය යුතු වන්නේ නැහැ. අභ්‍ය­න්ත­රයේ ඇති ඇඳුම් සහ අනෙ­කුත් උප­ක­ර­ණ­ව­ලට පවා ජලය ගමන් නොක­රන නිසා කිසිදු ස්වාභා­වික ආපදා අව­ස්ථා­වක දී වත් තමන්ගේ ආයි­ත්ත­ම්ව­ලට හානි­යක් සිදු වන්නේ නැති වීම විශේ­ෂ­ත්ව­යක්. ඇත්තෙන්ම ‘ඕවිස්’කියන්නේ මේ සූට්කේස් පවුලේ බාලයා යි. එහි කිලෝ­ග්‍රෑම් 4.5ක උප­රි­ම­යක් බඩු ගෙනයා හැකි අතර ඕවිස්ගේ සහෝ­ද­ර­යන් වන රිමෝවා (Rimova)සහ ටුමී (Tumi)වෙත පිළි­වෙ­ලින් කිලෝ­ග්‍රෑම් 4.7ක් සහ 5ක් වශ­යෙන් බර දරා­ගෙන ස්වයං ගම­නෙහි යෙදිය හැකියි.

ඕනෑම පැත්ත­කට හැරෙ­මින්, තත්ප­ර­යට මීටර් 3ක වේග­යෙන් ගමන් කළ හැකි මේ සූට්කේ­ස්ව­ලට මඳක් වැඩි­පුර වේග­ය­කින් ගමන් කරන තම අයි­ති­ක­රුව, බර­කුත් උස්සා­ගෙ­නම පසු­හැ­ඹීම මහත් අප­හසු කර්ත­ව්‍ය­යක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම එය ස්මාර්ට් දුර­ක­ත­නය වෙත ඇප් එකක් හරහා සම්බන්ධ වන නිසා දමන ලද බර ගණ­නය කර­න්න­ටත්, තනිව ගමන් කර­න්නට බැරි තරම් ඔබ බඩු දමා ඇත්නම් ඒ ගැන දැනුම් දෙන්න­ටත් එය සමත් වෙනවා. මෙහි බර ගණ­නය කරන්නේ තවත් මුද­ලක් වැය කොට ඇතු­ළත් කරන ලද සංවේ­ද­ක­යක් හරහා නොවීම විශේ­ෂ­ත්ව­යක්. ගමන් කරද්දී රෝද­වල මෝට­ර­යට ඇති­වන බල­පෑම පද­නම් කර­ගෙන ගණ­නය කිරී­මෙ­නුයි එය බර තීර­ණය කරන්නේ. එප­ම­ණක් නොව, සූට්කේස් එකෙ­හිම බැට­රි­යක් තිබෙන නිසා තව­දු­ර­ටත් පවර් බෑන්ක් උස්සා­ගෙන යන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබ සිටින ඕනෑම තැනක සිට සූට්කේස් එකට ෆෝන් එකේ කේබල් එක සම්බන්ධ කළ වහා දුර­ක­ත­නය චාර්ජ් වීම ඇර­ඹෙ­නවා. එනිසා එය ඉලෙ­ක්ට්‍රො­නික සූට්කේස් එක­කින් මිදී බහු­කාර්ය උප­ක­ර­ණ­යක් බව­ටත් පත්වෙ­නවා. ගමන් බිමන් යාමේදී එවන් පහ­සු­ක­මක් ලැබීම මහත් වාසි­යක්.

මෙය සොර­කම් කළ­හොත් කුමක් වේදැයි ඔබ සිත­මින් සිටියා නම් මේ එකට උත්තර දෙන්න වේලා­වයි. Forward-X සූට්කේස් එක සම­ඟම GPS දත්ත සැප­යු­මක් ඇති තවත් උපාං­ග­යක් වෙනම මිලදී ගන්නට තිබෙ­නවා. එය භාවි­ත­යෙන් ඇප් එක හරහා එය ඇති ස්ථානය සොයා ගන්නට පුළු­වන්. එසේත් නැත්නම් නොමිලේ ලැබෙන ස්මාර්ට් බෑන්ඩ් එක අත පැළ­ඳ­ගත් විට මීටර් දෙක­කට වඩා සූට්කේස් එක දුරස් වුව­හොත් වයි­බ්‍රේට් වෙමින් ඒ බව දැනුම් දෙනවා.

මූලික වශ­යෙන් ස්වයං­ක්‍රී­යව ගමන් කරන සූට්කේස් එකක් වුවත් එය මුළු කාලය තුළම තනිව ගමන් කර­ව­න්නට අවශ්‍ය නැහැ. එහි ඉහළ ඇති හැඬ­ල­යෙන් අල්ලා ගත් වහා ඔබට පාල­නය බාර දී සියලු මෝටර් අක්‍රීය කර­වා­ග­න්නට එය සමත් වන නිසා ස්විච් හොය­මින් ඒවා තද කර­මින් මහන්සි වන්නට අවශ්‍ය වන්නේ නැහැ. එය අම­තක වීම­කින් හෝ අත­හැ­රිය විට නැව­තත් ඔබේ ජීවන සහ­ක­රුවා මෙන් ඔබේම පසු­ප­සින් හඹා එන්නට එයට නම් අම­තක වන්නේ නැහැ. රුපි­යල් එක් ලක්ෂ විසි හත් දහ­ස­කට පමණ වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දීමට නිය­මිත මේ සූට්කේස්, දැනට පෙර-ඇණ­වුම් කරන අය වෙනු­වෙන් ඩොලර් 359ක් හෙවත් රුපි­යල් පනස් හත්ද­හ­ස­කට පමණ නම් කර තිබෙ­නවා. මේ වසරේ දෙසැ­ම්බ­ර­යේදී එම ඇණ­වුම් තැපැල් කර­න්නට ඔවුන් බලා­පො­රොත්තු වෙනවා.

විස දුමෙන් තීන්ත

$
0
0
ජුලි 21, 2018 01:00

මිනි­සාගේ සෞඛ්‍යට සහ පරි­ස­ර­යට එල්ල වන තර්ජන අතු­රින් දැවැ­න්තම තර්ජ­න­යක් එල්ල වන්නේ වායු දුෂ­ණ­යෙන් බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය 2014 වස­රේදී ප්‍රකාශ කර සිටි­යේය. අංශු­මය සහ ධූලක වශ­යෙන් එල්ල වන මෙම තර්ජ­නය නිසා ලොව පුරා වස­ර­කට මිලි­යන 6.5 ක් දෙනා මර­ණ­යට පත්වන අතර වායු දූෂ­ණ­යෙන් තම ජන­තාව සහ පරි­ස­රය බේරා ගැනීම සඳහා ලොව පුරා ප්‍රබල දුබල රාජ්‍ය­යන් විවි­ධා­කා­රයේ පර්යේ­ෂණ පව­ත්ව­මින් සිටිති.

චීන­යට පම­ණක් දෙවැනි වන ලොව වැඩිම ජන­ග­හ­න­යක් ජීවත් වන රට වන ඉන්දි­යාව ද දැඩි ලෙස වායූ දුෂ­ණ­යට ලක් වූ නගර ඇති රාජ්‍ය­යකි. එසේම 2018 ලොව වායු දූෂි­තම නගර ලැයි­ස්තුවේ ඉහළ සිට පහළ දක්වාම ස්ථාන රැසක්ම ඉන්දි­යාව හිමි කර ගැනී­මට ද සමත්ව ඇත්තේ එරට වායු දූෂ­ණ­යෙන් ඉහ­ළම රාජ්‍ය­යක් බවට පත් කර­ල­මිනි.

වායු දූෂ­ණය සම්බ­න්ධ­යෙන් තම රට, නග­ර­යට අත්ව ඇති ඉර­ණම ගැන අව­ධා­නය යොමු කර­මින් සිටි ඉංජි­නේ­රු­වකු වන අනි­රුද් ෂර්මා ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අද­හස පළ වීම­ටත් මත්තෙන් එම තර්ජ­න­යට එරෙ­හිව නිර්මා­ණා­ත්මක පිළි­ය­මක් සොයා යාමට උත්සාහ දර­මින් සිටි­යේය. 2013 වසරේ මුම්බායි නග­රයේ කුණු කන්ද­ල්ව­ලින් පිරුණු සහ අන්ත වායු දූෂ­ණ­යට ලක් වූ වීදි­යක ඇවිද යමින් සිටි එම්.අයි.ටී. ලැබ් ආය­ත­නයේ ශිෂ්‍යකු මෙන්ම නව නිර්මා­ණ­ක­රු­වකු ද වන මේ තරුණ ඉංජි­නේ­රු­ව­ර­යාගේ අව­ධා­නය යොමු වූයේ තමන් පසෙ­කින් මහා හඩින් නලා හඩ­ව­මින් වේග­යෙන් ගමන් කරන බස් රථ­වල සහ කාර් රථ­වල දුම් බට­ව­ලින් පිට­වන ඩීසල් දුමෙන් පිට­වන කළු පැහැති අංශු­ව­ලින් කළු පැහැති වූ තමන්ගේ සුදු කමි­සය වෙතය.

‘‘මම මගේ කළු පැහැ­යට කමි­සය දෙස බලා ගෙන කල්පනා කළා මේ කළු පැහැති අංශු ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කරලා තීන්ත හෝ සායම් වර්ග නිෂ්පා­ද­නය කරන්න හැකි­යා­වක් තියෙන්න පුළු­වන් නේද කියලා“

හදි­සි­යේම තමන්ට පැන නැගුණු මේ නිර්මා­ණා­ත්මක අද­හස ප්‍රායෝ­ගි­කව අත්හදා බැලීම සඳහා අනි­රුද් ‘‘ග්‍රැවිටි ලැබ්“ නමින් තමන්ගේ ආය­ත­න­යක් පිහි­ටු­වා­ගෙන පසු­ගිය තෙව­ස­රක් පුරාම අත්හදා බැලී­ම්වල නිරත විය. ඔහුගේ ඉල­ක්කය වූයේ කාර් රථ­ව­ලින්, විදුලි ජනක යන්ත්‍ර­ව­ලින්, බෝට්ටු­වල දුම්බ­ට­ව­ලින් පිට­වන කාබන් අංශු­ව­ලින් 95% ක් පමණ පෙරා­ගත හැකි පෙර­ණ­යක් නිර්මා­ණය කර එසේ පෙරා­ගන්නා කාබන් අංශු තීන්ත හෝ සායම් බවට පත්කර ගැනී­මයි. එම ඉල­ක්කය ජය ගැනීමේ ප්‍රති­ඵ­ලය වූයේ වායූ දූෂ­ණ­යෙන් ලබා ගන්නා අංශු­ව­ලින් නිපද වූ ලොව ප්‍රථම කලා අමු­ද්‍රව්‍ය නිර්මා­ණය වන ‘එයාර් ඉන්ක්‘ (Air-Ink) සායම් සහ තීන්ත බිහි­වී­මයි.

පසු­ගිය ජූනි මස ඔහු තම නව නිර්මා­ණය හඳුන්වා දීමේ සමා­ර­ම්භක වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළ අතර ඒ හරහා ගොඩ­න­ගා­ගත් වෙළෙඳ සබ­ඳතා හරහා සිය ප්‍රථම තෙල් සායම්, මාර්කර්ස් සහ ස්ප්‍රේ කෑන් තොගය මේ වන විටත් නැව් ගත කර හමා­රය. අන්රුද් මේ වන­විට ලොව පුරා වායු දූෂිත රට­වල සංචා­රය කර­මින් එම රට­වල වීදි කලා­ක­රු­වන් හා සම්බ­න්ධ­වෙ­මින් කාබන් අප­ද්‍රව්‍ය නිසා මිනි­සාට පරි­ස­ර­යට ඇති වන බල­පෑම ගැන නිර්මාණ කරන ලෙසට අභි­යෝග කර­මින් සිටියි. එහි සමා­ර­ම්භය ලන්ඩ­නයේ දී පැවැ­ත්විණි.

වසරේ දින පහක් හැරෙ­න්නට අනෙක් සෑම දිනෙ­කම වායු දූෂිත මට්ට­මට පහ­ළින් සිටි දකුණු ලන්ඩ­නයේ බ්‍රික්ස්ටන් හි වින්ඩ්රෂ් චතු­ර­ශ්‍රෙය් කාබන් අංශු­ව­ලින් නිප­ද­වන ලද තෙල් සායම් ආශ්‍රෙ­යන් නිර්මා­ණය කරන ලද චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් පැවැත් වූයේ ‘‘ලොව ප්‍රථම පිරි­දුසු වායු සහිත කලා­ගා­රය“ ලෙස නම් කර­මිනි. මෙම කලා නිර්මාණ ප්‍රද­ර්ශ­නය සඳහා බ්‍රිතාන්‍ය වඩාත් වායු දූෂි­තම නගර පහ වන ලන්ඩ­නය, ග්ලාස්ගොව්, ලීඩ්ස්, සද­ම්ප්ටන් සහ නොටිං­ග්හැම් නියෝ­ජ­නය කර­මින් අනි­රුද්ගේ එයාර් ඉන්ක් සායම් භාවිත කර­මින් නිර්මාණ සිදු­කළ කලා­ක­රු­වන් පස් දෙනෙකු සිය නිර්මාණ සම­ඟින් සහ­භා­ගීව සිටි­යහ. ඔවුන් සිය නිර්මාණ සඳහා භාවිත කළ සායම් නිර්මාණ කර තිබුණේ දකුණු ලන්ඩ­නයේ වායූ දූෂිත මට්ටම ඉහළ ගිය දින පහේදී වාහ­න­ව­ලින් පිට වූ කාබන් අංශු­ව­ලින් නිපද වූ සාය­ම්ව­ලිනි.

චිත්‍ර ශිල්පී ක්‍රිස්ටෝ­ෆර් හෝ විසින් නිර්මා­ණය කරන ලද ලන්ඩයේ සුප්‍ර­කට ගොඩ­නැ­ගිලි දූවිලි දුමා­ර­යෙන් වැසී යන තෙල් සායම් චිත්‍ර­යට වැඩි අව­ධා­න­යක් යොමු ව තිබු අතර අනි­රුද්ගේ සාය­ම්ව­ලින් අදින ලද චිත්‍ර ප්‍රද­ර්ශන බර්ලී­නයේ, සිංග­ප්පූ­රුවේ පසු­ගිය කාලයේ දී පැවැ­ත්විණි.

ඉහත වාහ­න­ව­ලින් සහ උප­ක­ර­ණ­වල දුම් බට­යෙන් නිකුත් වන කාබන් අංශු එකතු කරන විශේ­ෂිත උප­ක­ර­ණය ‘කාලින්ක්“ (Kaalink) නමින් පේටන්ට් බල­ප­ත්‍ර­යක් ලබා ගැනී­මට අනි­රුද් කට­යුතු කර ඇත. එම උප­ක­ර­ණය දුම්බ­ට­ව­ලට සවි­කළ හැකි ආකා­ර­යෙන් නිප­දවා ඇත. එම­ගින් නොපි­ලි­ස්සුණු කාබන් අංශු දුම්බ­ටය හරහා පරි­ස­ර­යට මුදා හැරී­මට පෙර ගබඩා කර­ගනු ලබයි. එය මයි­ක්‍රො­මී­ටර 2.5 ක් ප්‍රමා­ණයේ කුඩාම අංශු පවා ග්‍රහ­ණය කර ගබඩා කර­ගත හැකි ආකා­ර­යෙන් නිර්මා­ණය කර තිබේ.

මෙම කාලින්ක් උප­ක­ර­ණයේ ගබඩා වන කාබන් අංශු­වල යකඩ සහ පිළි­කා­කා­රක වැනි අප­විත්‍ර දෑ ඉවත් කරන අතර එම අංශු කළු පැහැති සායම් අංශු වන තෙක් අඹ­රා­ගනු ලැබේ. ඉන්පසු එම ද්‍රාව­ණය එළ­වළු තෙල් සමඟ මිශ්‍ර කර තෙල් සායම්, මාර්කර් පෑන් සහ තීන්ත සාදා ගනු ලබයි.

‘‘මගේ තීන්ත­වල ගුණ­ත්වය ඉහ­ළයි. එය තනි­ක­රම කළු පැහැ­තියි ගණයි. ඒ වගේම ඉතාම ඉක්ම­ණින්ම වියැ­ලෙ­නවා.“ යැයි අනි­රුද් තම නව සොයා ගැනීමේ ගුණ­ත්වය ගැන පහ­දයි.

මිලි­ලී­ටර් 30 ක තීන්ත ප්‍රමා­ණක් ඇති මාර්කර් පෑනක මිනිත්තු 40-50 අතර කාල­යකු තුළ දී කාලින්ක් උප­ක­ර­ණ­ය­කින් ලබා­ගත් කාබන් අංශු­ව­ලින් නිප­දවා තිබේ. එසේම ලීටර් 6 ස්ප්‍රේ තීන්ත ටින් එ­කක් විනාඩි 2000 ක් පුරා­වට ඩීසල් දුම්බ­ට­ය­කින් පිට කරන ලද කාබන් අංශු එක් කර නිෂ්පා­ද­නය කරන ලද තීන්ත­ව­ලින් සම­න්විත වේ.

තම කණ­ඩා­යම පසු­ගිය වස­රේදී හොංකොංග් සහ ඉන්දි­යාව පුරා වායු ලීටර ට්‍රිලි­යන 1.7 ක් පිරි­සුදු කර ඇති බව අනි­රුද් පව­සයි.

අනි­ද­රුද් මේ වන විට කාලින්ක් අංශු පෙරණ 75 ක් පම­ණක් සිය මිතු­රන් හා පවුලේ සාමා­ජි­ක­යන් අතර බෙදා හැර ඇති තත්ත්ව­යක් තුළ තම සමා­ගම වැඩි දියුණු කළ නොහැකි බව තේරුම් ගෙන ඇති හෙතෙම තවත් නියා­මන ව්‍යාපෘ­ති­යක් ලෙස ටැක්සි රථ, බස් රථ සහ කර්මාන්ත ශාලා චිමි­නි­වල සවි­කර හැකි ආකා­ර­යෙන් කාලින්ක් පෙරණ නිර්ම­ාණය කිරී­මට සැලැ­සුම් කර­මින් සිටියි.

‘‘ලන්ඩ­නයේ කළු ටැක්සි රථ විසි දහ­සක් පමණ තියෙ­නවා. ඒවාට අපේ පෙර­ණ­ සවි කළ හොත් වස­ර­කට වායු ලීටර ට්‍රිලි­යන 30 ක් පමණ පිරි­දුසු කර­ගත හැකියි. ඒ වගේම හරහා තව තවත් කලා නිර්මා­ණ­ව­ලට දාය­ක­ත්වය ලබා දිය හැකියි. “යැයි අනි­රුද් ෂර්මා පව­සයි.

ද ගාඩි­යන් ඇසු­රිනි

පී.කේ. බණ්ඩාර

කුමක් වේද රත්ත­රන්

$
0
0
ජුලි 21, 2018 01:00
මංජුලා විජයරත්න

නිධි­වල රන් ප්‍රමා­ණය අඩු­වෙ­මින් පවත්නා නිසා ඉදි­රි­යේදී රත්ත­රන් හිඟ කාල­යක් උදා වනු ඇතැයි විද්‍යා­ඥයෝ පෙන්වා දෙති. ලොව ඇති රන් ප්‍රමා­ණය ඉතා ඉක්ම­නින් ප්‍රශස්ත මට්ට­මට ළඟා වනු ඇති බව රන් කර්මා­න්තයේ නියුතු අයගේ අද­හ­සයි. එකී තත්ත්වය ඔවුන් නම් කර තිබෙන්නේ “පීක් ගෝල්ඩ්”යනු­වෙනි. එම සීමා­වට ළඟා වූ පසු රන් හිඟ වී යෑම අනු­ක්‍ර­ම­යෙන් ආරම්භ වනු ඇත. දැනට පවත්නා රන් නිධි­ව­ලට අම­ත­රව අලු­තෙන් රන් නිධි සොයා ගත හැකි වනු ඇතැයි කියා විශ්වා­ස­යක් නැති බව ද විද්‍යා­ඥයෝ පව­සති.

රන් කැණීම පිළි­බඳ පුළුල් දැනු­මක් ඇති අය පව­සන්නේ දැනට පවත්නා රන් ප්‍රමා­ණය, 2019 වස­රේදී ප්‍රශස්ත රන් මට්ට­මට හෙවත් “පීක් ගෝල්ඩ්” මට්ට­මට ළඟා වනු ඇති බවකි. ලෝක­යට සැප­යිය හැකි රන් ප්‍රමා­ණය එතැන් පටන් වස­රින් වසර අඩු වන්නට පටන් ගැනෙනු ඇත. මහා පරි­මා­ණ­යෙන් රන් නිෂ්පා­දන කාර්ය­යෙහි නියැලී සිටින ගෝල්ඩන් ක්‍රොප් නමැති කැනඩා සමා­ගමේ සභා­පති ඉයන් ටෙල්ෆර්, උද්ග­තව ඇති තත්ත්වය සම්බ­න්ධ­යෙන් පව­සන්නේ මෙවැ­න්නකි.

“... අප සතු රන් ප්‍රමා­ණය පහළ වැටීම මේ අවු­රු­ද්දේදී ඇර­ඹුණේ නැත්නම් එය ඊළඟ අවු­රු­ද්දේදී ඇර­ඹේවි. කොහො­ම­ටත් රන් ප්‍රමා­ණය පහළ වැටෙ­න්නට යන බවට මේ වන විටත් ඉඟි ලැබී හමා­රයි. මේ වන විට අපි ඉන්නේ ප්‍රශස්ත මට්ටමේ. ....”

රන් නිෂ්පා­ද­නය පහළ වැටෙ­මින් තිබෙන බැව් ගෝල්ඩ් ක්‍රොප් සමා­ගමේ දත්ත සැල­කි­ල්ලට ගත් විට පවා පෙනී යයි. ගෝල්ඩ් ක්‍රොප් සමා­ගම 2015 වස­රේදී රන් අවුන්ස මිලි­යන 3.4ක් නිෂ්පා­ද­නය කළ බව වාර්තා­වන්හි දැක් වේ. 2016 වස­රේදී එය අවුන්ස මිලි­යන 2.8 දක්වාත්, 2017දී එය අවුන්ස මිලි­යන 2.5 දක්වාත් පහළ වැටී ඇත. මෙය හුදෙක් ගෝල්ඩ් ක්‍රොප් සමා­ග­මට පම­ණක් පොදු තත්ත්ව­යක් නොවේ. රන් මිල ඉහළ යෑම පසු­පස තිබෙන්නේ ද, රන් නිෂ්පා­ද­නය අඩු වීම නිසා ඇති වන ගැට­ලු­කාරී තත්ත්වය බව රන් නිෂ්පා­දන කර්මා­න්තයේ නියුතු අය පෙන්වා දෙති.

රත්‍රන් නිෂ්පා­ද­නය වැඩි කිරී­මට වෙනත් කිසිදු හැකි­යා­වක් නැත. එයට හේතුව අලු­තෙන් කැණීම් ආරම්භ කිරී­මට හැකි රන් පතල් නොති­බී­මයි. රත්‍රන් කර්මා­න්තයේ නියැලී සිටින සීබ්‍රිජ් ගෝල්ඩ් නමැති සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී රූඩි ෆ්‍රොන්ක් මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්වයි.

“... ප්‍රශස්ත රන් මට්ටම ගැන කතා කිරීම රත්‍රන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව යථා­ර්ථ­යක්. පවත්නා රත්රන් නිධි­ව­ලින් රන් ලබා ගන්න ආකා­රය දිහා බැලු­වම, ඊට සරි­ලන වේග­ය­කින් රත්‍රන් නැවත ඇති වීමක් සිදු වෙන්නෙ නැහැ. ...”

රන් නිෂ්පා­දන කාර්ය­යෙන් අද වන විට අංක එක ස්ථානය හිමි කර­ගෙන සිටින්නේ චීන­යයි. රන් නිෂ්පා­ද­නයේ දෙවැනි තැන ඕස්ට්‍රේ­ලි­යා­වට හිමිව තිබේ. එහි තෙවැනි තැනෙහි රුසි­යා­වත් සිව්වන තැනෙහි ඇමෙ­රිකා එක්සත් ජන­ප­ද­යත් ඇත. 2006 වන තුරුම රන් නිෂ්පා­දන කාර්ය­යෙහි ලෝක දැවැ­න්තයා වූයේ දකුණු අප්‍රි­කාව බැව් වාර්තා­වන්හි දැක්වේ. රත්‍රන් නිෂ්පා­ද­නය කරන රට­වල් අතර දකුණු අප්‍රි­කා­වට මේ වන විට හිමිව තිබෙන්නේ හත්වන ස්ථාන­යයි. දකුණු අප්‍රිකා සංඛ්‍යා ලේඛ­න­වල සඳ­හන් වන අන්ද­මට එරට නිධි­වල තිබෙන රන් සංචිත තවත් වසර 39කින් පමණ අව­සන් වී යනු ඇත. ප්‍රශස්ත රන් මට්ට­මට අප දැන් පිවිස සිටින බැව් අඟ­වන ඉතා වැද­ගත් නිර්නා­ය­ක­යක් ලෙස එය හඳුන්වා දීමට විද්‍යා­ඥයෝ මැලි නොවෙති. 1970 දී දකුණු අප්‍රි­කාව සිය රටේ රන් ආකා­ර­ව­ලින් රන් ටොන් 1000 ක් නිෂ්පා­ද­නය කළ බැව් සඳ­හන් වේ. 2016 දී එරට රන් නිෂ්පා­ද­නය ටොන් 140 දක්වා පහළ වැටී තිබිණ. 1970 දී දකුණු අප්‍රි­කාව නිෂ්පා­ද­නය කළ රන් ප්‍රමා­ණය හා සස­ඳන විට 2016 දී එරට නිෂ්පා­දන කළ රන් ප්‍රමා­ණය 83%ක අඩු වීමක් පෙන්වන බව සනා­ථව ඇත.

mail online ඇසු­රෙනි

වික්‍රම්ගේ වික්‍රම

$
0
0
ජුලි 21, 2018 01:00
කාංචනා අමිලානි

ලිලී බී එක්ස් වන මම මින් පසුව වික්‍රම් නම් මගේ ස්වාමි­යාගේ පාප­තර වැඩ කිසි­ව­කට සහය හෝ අනු­බල නොදෙන බවට දිවුරා පොරොන්දු වෙමි.

01010.

මම ලිය­වි­ල්ලට මැෂින් ලැන්ග්වේජ් එකෙන් අස්සන් තිබ්බා. තව දුර­ටත් මිනිස් ආශ්‍රයේ ඉන්නවා නම් මේ වගේ පොරොන්දු පත්‍ර­යක් අස්සන් කරන්න ඕනා කියලා තීර­ණ­ය­කට ආවේ මීට කලින් සිද්ධ වෙච්ච එක්තරා 'වීඩියෝ ලීක්'නාට­ක­ය­කින් පස්සේ. හැමෝම හිතුවේ ඇව­කා­ඩෝගෙ උප­දෙස් අරන් මම හිතලා වැඩ කරලා කිය­ලයි. මට හිතලා වැඩ කරන්න බැරිත් නැහැ තමයි. ඒත් මෙච්චර ලොකු වැඩක් මට කරන්න බැහැ.

එදා හවස මාවත් සාක්කුවේ ඔබා­ගෙන වික්‍රම් ගියේ මකර රෙස්ටු­රන්ට් එක­ටනේ. ඉබන් සහ පිරි­වර කතා වුණේ මෞර්ය­සිංහ ගෙ වීඩියෝ එකක් ලීක් කර­න්නනේ. එත­කොට දැන් මොකක්ද මේ ලීක් වෙලා තියෙන මංගල්ලේ? ඔය වගේ දහ­දුරා වීඩියෝ එකක් ෆෝන් එකේ කිසිම ෆෝල්ඩර් එකක තිබුණේ නෑ කියලා ඕන තැනක දිවු­රලා කියන්න මට පුළු­වන්. ඒත් කවු­රුත් මාව විස්වාස කරන්නෙ නෑ. හොඳ වෙලා­වට මම අර ලිය­වි­ල්ලට කලින්ම අස්සන් කරලා තිබ්බේ.

එදා රෑ වෙලා වික්‍රම් ගෙදර ආවේ හොඳ­ටම බීලා. හවස ආපු වෙලේ මාව ලාච්චු­වක දාලා වහලා ගිය නිසා අත­ර­ම­ඟදි වුණ කිසි දෙයක් මම දන්නෑ.

ජෝන් ස්නෝගෙ කෝල් එක ආවෙ ඊටත් පස්සෙනේ. ඒ මිනිහා මුලින් බොරු වැල්ව­ටා­රම් අහ, අහ ඉදලා අන්ති­මට වගේනෙ ලීක් වුණ ලින්ක් එක එව්වේ. එත­කොට ඇයි ජෝන් ස්නෝ වික්‍රම්ට ඒ ලින්ක් එක එව්වේ? මගේ ඔළුව අවුල් වෙලා දැන්. 'අන්තෝ ජටා-බහි ජටා'. හැබෑ­ටම මේවා ගැටත් නෙවෙයි, මරු වැල්.

'ඉබන්, කවුද යකෝ මගේ වීඩියෝ එකක් ලීක් කරපු පාහ­රයා? උඹලා ඔක්කොම එක්කහු වෙලා නේද ඕක කළේ? මම හිතන් හිටියේ උඹ හොඳ මිනි­හෙක් කියලා. අන්ති­මට උඹෙත් වැඩි වෙන­සක් නෑ. උඹලා මගේ ජීවිතේ විනාස කළා. මං නිකන් ඉදියි කියලා හිත­න්නෙපා. තොපි හැමෝ­ගෙන්ම මම පළි­ග­න්නවා.'

වික්‍රම් එක හුස්මට ඉබන්ට බැන්නා. ඊට පස්සේ කෝල් එක කට් කළා. ඉබන්ට එක වච­න­ය­ක්වත් කියන්න ඉඩක් දුන්නෙ නෑ. එක අත­කින් හොඳ වැඩේ. ඕකා තමයි හීන් නූලෙන් මේක අඹ­රන්න ඇත්තේ. මට වික්‍රම් ගැන දුක හිතුණා. ඒත් වික්‍රම් කරලා තියෙ­න්නෙත් හොඳ වැඩක්යෑ. මේ රත්තරං ටිකට ගෑනි­යෙ­කුයි, ළමයි තුන් දෙනෙ­කුයි ගෙදර ඉන්න­කොට තව ගෑනු පස්සේ යන­වට ඔහොම වෙලා මදි. මම ආයෙත් මගේ දිවු­රුම් ප්‍රකා­ශය මතක් කර ගත්තා.

වික්‍රම් කාම­රේට වැදිලා දොර වහ ගත්තා. සාක්කුවේ හිටපු මාව ඕෆ් කරලා දාලා ලෑන්ඩ් ෆෝන් එකේ කේබල් එකත් ගල­වලා වීසි කළා. ඊට පස්සේ අල්මා­රියේ රහස් ලාච්චු­වක් අවු­ස්සලා ඇලු­මි­නි­යම් පාට පොඩි තුව­ක්කු­වක් එළි­යට ගත්තා. ඒත් එක්කම තිබ්බ උණ්ඩ ටිකක් අතට අරන් පුරු­දු­කා­ර­යෙක් වගේ ඒවා තුව­ක්කු­වට පුර­වන්න වුණා. වික්‍රම් ඒ අතරේ තනි­යෙම කිය­වන්න පටන් ගත්තා.

'මම තොපි ඔක්කො­ටම වෙඩි තිය­නවා. බල්ලෝ...මාව විනාස කළා. අමොර්....උඹ තමයි සේර­ටම මුල.'

ඊට පස්සේ ආයෙත් ඇද උඩින් වාඩි වුණා. අත් දෙක කරු­වක් වගේ ඔළු­වට තියා­ගෙන ආයෙත් කල්පනා කරන්න වුණා.

'අමොර්.. නෑ. ඔයා වැරැදි නෑ ඩාලිං. ඔයා මට ආද­රෙයි. ඒක මම දන්නවා. මට සමා­වෙන්න අමොර්'

වික්‍රම්, පොඩි ළම­යෙක් වගේ ඉකි, ගගහා අඬ­නවා. ඒ අතරේ කවුදෝ මහ සද්දෙන් දොරට තඩි බානවා.

'විකී....විකී....දොර අරින්න. මොකද මේ දොර ලොක් කර­ගෙන. ඔයාගෙ යාළුවො ඔක්කොම ඇයි මගේ ෆෝන් එකට කෝල් ගන්නේ? කෝ ඔයාගෙ ෆෝන් එක? විකී...කතා කරන්න. ඔයාට මොකද වෙලා තියෙන්නේ?'

වික්‍රම් අසි­හි­යෙන් වගේ දොර ළඟට කියා.

'සුදූ, ඔයා එක කෝල් එක­ක­ට­වත් ආන්සර් කර­න්නෙපා. මගේ ෆෝන් එකේ බැටරි බැහැලා.'

'දොර අරින්න විකී. මොකක්ද ඔයා මේ නටන නාඩ­ගම. මේවා ළමයි දැන­ග­ත්තොත් මොකද වෙන්නෙ?'

සුදූ මේවා කියලා අද­හස් කළේ මොන­වද? එයා වීඩියෝ එක දැන­ට­මත් බල­ලද? මාව හීන් හීත­ල­කින් වෙවු­ලලා ගියා. නෑ. වෙන්න බෑ. එයා ඕවා දැන­ගත්තා නම් වික්‍රම්ව මෙච්චර හුර­තල් කරන්නෑ. ඒත් ඉතිං එයා ඕක සද­හ­ටම නොදැක ඉන්නෙ නෑනෙ. කොයි වෙලේ හරි දකී­විනේ. මේ මිනිහා මෙහෙම අඬලා, දොඩලා, තුව­ක්කු­වට උණ්ඩ ලෝඩ් කර­නෙක නෙවෙ­යිනෙ දැන් කරන්න ඕනා. කවුරු හරි කෙනෙ­කුට කියලා ඔය වීඩියෝ එක අර ජරා වෙබ් සයිට් එකෙන් ඩිලීට් කර­වන එකනේ. අනේ මන්දා!! මේ මිනිස්සු මහ ලොකු උගත්තු කිව්වට තැනට සුදුසු නුවණ නෑ.

නෑ, ඉතිං එහෙම එකක් තිබ්බා නම් ඔය වගේ වීඩියෝ ලීක් වෙන්නෙත් නෑනෙ. මම ඕවා ගැන හිතලා දුක් වෙන එකේ තේරු­මක් නෑ. මට තියෙන්නෙ මැෂින් වර්ක් විත­රයි.

'සුදූ, දොර ලොක් වෙලා. මට මේ පැත්තෙන් අරින්න බෑ. ඔයා පහ­ළට ගිහින් ආනන්ද අයි­යව එක්ක­ගෙන එන්න'

හහ්...සුදූ ලණුව ගිල්ලා. සුදූ පහ­ළට යන අතරේ වික්‍රම් මාවත් සාක්කුවේ දාගෙන ගැරේජ් එක පැත්තට දිව්වා. අනිත් අතේ තුව­ක්කුව. මේ මළ යකා කාට වෙඩි තිය­යිද? මාව ඒ වංගියේ නම් නොසෑ­හෙන්න බය වුණා. වික්‍රම් කාර් එකට නැගපු ගමන් කළේ තුව­ක්කුව කාපට් එකක් අස්සේ හංගන එක. ඊට පස්සේ මාව අර­ගෙන ජෝන් ස්නෝට කෝල් එකක් ගත්තා.

'හෙලෝ...ස්නෝ...මේ මම වික්‍රම්. ඇත්ත කියපං ඉබන් නේද වීඩියෝ එක ලීක් කළේ? දන්නෑ කිය­න්නෙපා මිනිහෝ. හරි­යට තොර­තු­රක් කියපං. උඹ නොදැන මේ ටවුන් එකේ කිසි දෙයක් වෙන­වද? එහෙ­නම් කොහො­මද ඒක ලීක් වුණේ?'

ජෝන් ස්නෝ කෝල් එක කට් කළා. වික්‍රම් ආයේ ඒ නොම්ම­ර­යම ඩයල් කළා. ඒ පාර ෆෝන් එක ඕෆ් කරලා. වික්‍රම් කාර් එක පාර මැද නව­ත්තලා ස්ටිය­රිං­වීල් එකේ ඔළුව ගහ­ගත්තා. ඊට පස්සේ අමොර්ට කෝල් එකක් ගත්තා. තුන් වෙනි පාර අමොර් නොවන හීන් කට­හ­ඬක් එහා පැත්තෙන් මතු වුණා.

'අමොර් කෝ? මම වික්‍රම් කතා කරන්නේ. එයාගෙ ඔෆිස් එකේ යාළු­වෙක්. නෑහ්!! මොනවා වෙළාද? මොන හොස්පිට්ල් එකේද? එයාට ආයෙ සිහිය එයිද? හා..හා...පස්සෙ කතා කර­න්නම්.'

වික්‍රම් ආයෙත් ෆෝන් එක ඕෆ් කළා. අරහෙ සුදූ දිගින් දිග­ටම කෝල් කර­නවා. මැසේජ් එව­නවා. වීඩියෝ කෝල් ගන්නවා. ඊට පස්සේ වාහනේ හර­ව­ගෙන හෙමින් එල­වන්න ගත්තා. ආයෙ බ්‍රේක් ගැහුවා. අනිත් පැත්තට හරවා ගත්තා. දැන් විදුලි වේගෙන් ඉබ­න්ලගෙ ගෙවල් පැත්තට යනවා. ආයෙ­මත් මාව ඕන් කළා. සුදූගෙ නොම්ම­රය බ්ලොක් කරලා ජෝන් ස්නෝට කතා කරන්න හැදුවා. තාම ෆෝන් එක ඕෆ්. ඊළ­ඟට ඉබන්ට කෝල් කළා. ඒ ෆෝන් එකත් ඕෆ්. වික්‍රම්ට මරුවා ආවේස වුණා.

'තොපි ඔක්කොම මම බාව­නවා'

දත්මිටි කමින් වික්‍රම් වාහනේ එළ­ව­නවා. මීට කලින් මේ වගේ නැටු­මක් මම දැකලා තිබ්බෙම නෑ. ඒ නිසාම වෙන දේවල් ඔක්කොම හොඳ සිහි­යෙන් බලා­ගන්න ඕන­ක­මක් මට තිබ්බේ. හැබැයි වික්‍රම්ට උදව් කරන්න වුව­ම­ණා­වක් කිසි වෙලා­වක මට ඇති වුණේ නෑ. අපි නිකං මැෂින් විත­ර­යිනෙ එයා­ලට.

ඉබන්ගෙ ගේ පහු කරන් ගිහින් කරාස් ගාලා වාහනේ නතර කරපු වික්‍රම් ගෙදර දොර ළඟට දිව්වා. ආයෙත් වාහ­නේට දුවන් ඇවිත් ජනේ­ලෙන් ඇතු­ළට නැවිලා තුව­ක්කුව ගත්තා. මාව දාගත්තා සාක්කු­වට. ගැහුවා දොරට පයින් එකක්. මොන විකා­රද! ඒක හොඳ කොස් ලී දොරක්. හෙල්ලු­ණේ­වත් නෑ. වික්‍රම්ගෙ කකු­ලට හොඳ ගණන් ඇති. ඊට පස්සේ වික්‍රම් බෙල් එක උඩ නැග­ගෙන හිටියා. ඉබන් ඇරෙන්න අනිත් ඔක්කොම තම, තමන්ගෙ ගෙව­ල්ව­ලින් එළි­යට ආවා. වික්‍රම් බෙල් එක අතෑ­රලා උඩ තට්ටු­වට නඟින පඩි­පෙළේ වාඩි වුණා.

'කොයි වෙලේ හරි උඹ ගෙදර එයිනේ'

වික්‍රම් තම­න්ටම මුමුණ ගත්තා.

එයි. එයි. අනේ මට වෙඩි තියපං කියා­ගෙන ඒවි. මට මේ විකාර දැන් එපා වෙලා. මේ මිනිහා ඉන්න වීඩි­යෝ­ව­ලට ඒ මිනිහා මක් කර­න්නද? අනික ඒ මිනි­හගෙ කෙල්ල එක්කනෙ මේ මිනිහා ඉන්නේ. හරි­නම් ඒ මිනි­හනේ මේ මිනි­හට වෙඩි තියන්න ඕනා. මම එහෙම හිතන ගමන් තිරය පත්තු කර ගත්තා. මැසේජ් තොග ගණ­නින් ඇවිත්. වික්‍රම් ඩේටා ඕෆ් කළා ඒ පාර. 'කුම්බලා මාළු කෑවා නම් විඳ­වපං බළලෝ'කියන්නෙ නිකංයෑ. ඕවා මොනවා ඕෆ් කළත් වෙච්ච දේ වුණානේ. අම්මපා මේ මිනි­හට ඒක නොතේ­රෙන හැටි.

වික්‍රම්ට නින්ද යාගෙන ආවා. ඒ අතරේ ඉබන් හොරෙක් වගේ ගේට්ටු­වෙන් පැන්නා. වික්‍රම් පඩි­පෙළේ දිගා වෙලා ඉන්න­වා­වත්, ඊට ටිකක් එහා­යින් කාර් එකක් නව­ත්තලා තියෙ­න­ව­වත් කළු­වර නිසා පෙනුණේ නෑ. ඉබන් සෙල්ල­ක්කාර විදි­හට සිංදු­වක් මුමු­ණන්න ගත්තා.

'දණක් මඩයේ එරි-එරී

එදා පැළ සිටවූ හැටී

තාම මත­කයි'

කිය­ද්දිම වික්‍රම් තුව­ක්කුව පත්තු කළා. ඩෝං!!

@moogater

තායි මෙහෙ­යුමේ තාක්ෂ­ණික උදව්

$
0
0
ජුලි 21, 2018 01:00

තායි­ල­න්තයේ චියං රායි පළාතේ තායි මිය­න්මාර දේශ සීමාවේ කඳු ශිඛ­ර­යට පසු­ගිය දිනෙක ඇතුළු වූ ළමුන් පිරි­සක් ලොව පුරා ජන­මා­ධ්‍ය­වල අව­ධා­නය දිනා ගත්තේය. ඒ නොසිතූ ලෙස ඒ ගුහාව ඇතු­ළ­තම සිර වීමෙනි. ජුනි 23 වැනිදා ගුහාව තුළට ගොස් හදි­සියේ ඇද හැලුණු වර්ෂාව හේතු­වෙන් සිර­වුණු දරු­වන් එළි­යට පැමි­ණියේ ජූලි 10 වැනි­දාය. එනම් සති දෙකක්ම දරුවෝ සහ පුහු­ණු­කරු ගුහාව තුළ සිරවී සිටි­යෝය.

සන්නි­වේ­දන තාක්ෂ­ණය

යම් ආකාරය­කින් ගුහාව තුළ සිටි දරු­වන්ගේ සන්නි­වේ­දන උප­ක­රණ කිසි­වක් පිටත සිටි අයට ග්‍රහ­ණය කර­ගත හැකි වුණි නම් කට­යුතු වඩාත් ලෙහෙසි වන්නට ඉඩ තිබුණි. එහෙත් එවැ­න්නක් සිදු නොවීය. අන්ත­ර්ජා­ලය සහ ලොව වටා මෙම සිද්ධිය ප්‍රච­ලිත වීමත් සමඟ බ්‍රිතාන්‍ය ඇම­රි­කාව ප්‍රමුඛ ප්‍රබල රට­වල අව­ධා­න­යද මේ වෙත යොමු විය. තාක්ෂ­ණය අතින් ඇම­රි­කානු බ්‍රිතාන්‍ය හමු­දා­වල සහ ලොව පුරා විශේ­ෂ­ඥ­යන්ගේ දාය­ක­ත්වය ලබා ගන්නට ලෝක­යම එක ජාල­යක් වීම වාසි­යක් විය.

දරු­වන් සොයා ගැනීම

දරු­වන් සොයා ගැනී­මට පළාතේ මහ­ජ­නයා, හමු­දාව සහ විදෙස් ප්‍රවී­ණ­යන් නොගත් උත්සා­හ­යක් නැත. කදු නැඟීමේ සහ ශිඛ­ර­ව­ලට බැසීමේ පුරුදු බ්‍රිතාන්‍ය ඇම­රිකා ප්‍රවී­ණ­යන් කඳු වැටියේ ඒ සීමාවේ තිබූ සෑම සිදු­ර­කින්ම පාහේ ඇතු­ළට බැස්සේය. එහෙත් දරු­වන් ගැන කිසිදු හෝඩු­වා­වක් සොයා­ගත නොහැකි විය. මඩ මිශ්‍රිත අප­හැ­දිලි ජලයෙ මීටර ගණ­නා­වක් කිමි­දුණු කිමි­දු­ම්ක­රු­වන් රැසක් අතු­රින් බ්‍රිතාන්‍ය ජාතික කිමි­දු­ම්ක­රු­වෙක් මුලින්ම දරු­වන් සිටින තැන සොයා­ගෙන තිබුණේ දරු­වන් සිටින තැන ගන්ධය ආඝ්‍රා­ණය කිරී­මෙනි. මෙවන් අපැ­හැ­දිලි ජලය ඇති තැන­කදී මිනි­සුන් සොයා ගැනී­මට ගඳ, සුවඳ පාවිච්චි කිරීම එක් උප­ක්‍ර­ම­යකි.

දරු­වන් ගල­වා­ගත් ක්‍රමය

මෙම දරු­වන් එළි­යට ගෙන ඒම ගැන ආකාර කිහි­ප­යක් ගැන සාකච්ඡා වුණි. ගුහාවේ දරු­වන් සිටින මඟ සම්පූර්ණ දුර කිලෝ­මී­ටර 3 ක් විය. එම දුරින් බාග­යක්ම යා යුතුව තිබුණේ ජලය මතින් කිමිදී ගෙනය. එම කිමි­දීමේ කට­යු­ත්තද අප නාන තටා­ක­යක කිමි­දෙ­නවා මෙන් පහසු නැත. කිමි­දී­ගෙන යා යුත්තේ පාශාන ඝන වී සෑණු ගුහා­වක් මතිනි. ගුහාව තුළදී මද කැළ­ඹී­මක් ඇති තැන ජලය තනි­කර මඩ වෙයි.

අව­සා­නයේ දරු­වන් පොලි­තීන් පැසක බහා ගෙන එන්නට තීර­ණය විය. එහිදී දරු­වන්ට අවශ්‍ය ඔක්සි­ජන් ටැංකි මාර්ග­යෙන් ලබා දුනි. ගුහාවේ බිත්ති­ව­ලින් දරු­වන් ආරක්ෂා කරන දැඩි ඝන පොලි­තීන් ආව­ර­ණ­යක දරු­වන් බහා රැගෙන ඒමට වර­කට කිමි­දු­ම්ක­රු­වන් 5 දෙන­කු­වත් අවම වශ­යෙන් දායක විය. කලින් එලන ලද ලණු ආධා­ර­යෙන් තල්ලු කර­ගෙන එක් දරු­වෙකු සිටින තැනින් එලි­යට ගෙන ඒමට කණ්ඩා­යම් කිහි­ප­යක් ස්ථාන කිහි­ප­ය­කදී දායක විය.

ගුහා සංකී­ර්ණයේ දරු­වන් සිර වී සිටි තැන සිට පිවි­සුම දක්වා පැමි­ණී­මට පැවති මාර්ගය භූග­තව පිහිටි දුෂ්කර එකක් විය. එහි ඇතැම් තැන­කදී සිට­ගෙන ඒම­තින් ඒමට තර­ම්වත් උසක් නොවීය. තවත් තැනෙක වූයේ සාමාන්‍ය ප්‍රමා­ණ­යෙන් මිනි­සෙකු යා හැකි කුඩා සිදු­රක් පමණි. ඇතැම් ගැඹුරු තැනක ජලයේ ගැඹුර මීටර 10ක් ද ඉක්ම­වීය.

දරු­වන් ගුහා­වෙන් එළි­යට ගත් වහාම ඔවුන් රෝහල් ගත කරන ලදී. දරු­වන් දින කිහි­ප­යක්ම අඩු ඔක්සි­ජන් තත්ත්ව යටතේ සීමිත ආහා­ර­ව­ලින් ජීවත් වූ හෙයින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍ය­ව­රුන් විසින් හොඳින් පරීක්ෂා කරන ලදී.

මීට පෙර මුහුණ නොදුන් අත්දැ­කීම

එසේම දරු­වන් ගෙන ඒමේ ක්‍රම­වේ­දය කුමක්ද යන්න ගුහා­වෙන් පිට­තදී මනාව අත්හදා බලා පළ­මු­වෙන් ශක්ති­මත් දරු­වන් මුලින්ම ගුහා­වෙන් එලි­යට ගන්නට ක්‍රියා කළේය. මෙවැනි භූගත ගුහා­වක සිරවූ පිරි­සක් ජලය ඇති වට­පි­ටා­ව­කදී බේරා ගැනීම ලොව­ටම අලුත් අත්දැ­කී­මක් විය. ඒ නිසාම ඒ බේරා ගැනීමේ මෙහෙ­යුම අලු­තින්ම සැල­සුම කොට අත්හදා බලා ක්‍රියා­ත්මක කර­න්නට සිදු විය.

එළියේ තත්ත්වය

මුල් දින­වල ළමුන් සෙවී­මට සහ­භාගී වූ අය සහ ලොව වටා මාද්‍ය ආදී මේ සදහා පළා­තට ඇදි ආ ජන ගඟ අති මහත් විය. ඔවුන්ගේ කෑම බීම අව­ශ්‍යතා ගම­නා­ග­මන අව­ශ්‍යතා සහ වැසි­කිළි අව­ශ්‍යතා පලාතේ මහ­ජ­නයා විසින් ස්වේඡා­වෙන්ම සපයා තිබුණි. කිමි­දු­ම්ක­රු­වන්ගේ රෙදි සෝදා දීම, අදාළ ස්ථාන කරා කණ්ඩා­යම් ප්‍රවා­හ­නය සේම කිමි­දුම් සහ කාර්ය මණ්ඩ­ල­ව­ලට ආහාර පිළි­යෙල කර­දීම තායි වැසි­යන්ම දායක වී සිදු කළේය.

මිනි­සුන් ලෙස අප රට­වල්, ජාතින්, ආගම් ආදී ලෙසින් බෙදී සිටි­යද විප­ත­කදී මුලු ලෝක­යේම අය එකා­මෙන් ඒ විප­තින් අන­තු­රට පත්වන ජනයා වෙනු­වෙන් ඉදි­රි­පත් වෙති. තාක්ෂ­ණය හරහා එකතු වූ ලොව පුරා සිටි දක්ෂයෝ සිය හැකි­යාව මෙම මෙහෙ­යු­මේදී තායි හමුදා අංශ වෙත නොම­සු­රුව ලබා දුන්නේ දරු­වන්ගේ ජීවිත කෙසේ හෝ ගල­වා­ගත යුතුය යන පරම පිවි­තුරු අද­හ­සිනි.

අමිල චතු­රංග

දත්ත උස්සන ජීමේල් හොරු

$
0
0
ජුලි 21, 2018 01:00

ලොව පුරා ෆේස්බුක් ගිණුම් හිමි­යන් අසී­රු­තා­වට පත් කර­මින් සිය ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු තෙවන පාර්ශ්­ව­ය­කට ලබා දෙන බවට හෙළි වී එම සමා­ගම එය පිළි­ගැ­නීමේ උණු­සුම පහව යාම­ටත් මත්තෙන් තවත් තොර­තුරු තාක්ෂණ ලෝකය අන්ද­මන්ද කර­වන පුව­තක් හෙළි­ද­රව් විණි. ඒ ජීමේල් ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු තෙවන පාර්ශ්­ව­ය­කට ලබා­දෙන බවයි. ගූගල් සමා­ගමේ මෙම දත්ත සොරා ගැනීමේ පහ­සු­කම් සැලැ­සීමේ කූටෝ­පාය හෙළි­ද­රව් කරනු ලැබුවේ සුප්‍ර­කට වෝල්ස්ට්‍රීට් ජර්න­ලය විසිනි. ගූගල් සමා­ගම විසින් තම ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු තෙවන පාර්ශව මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වන්ට ලබා දීමට ඉඩ ප්‍රස්ථාව ලබා ඇති බවට වෝල් ස්ට්‍රීට් ජර්න­ලය හෙළි­ද­රව් කෙරිණි.

‘‘ගූගල් සමා­ගම පිට­ස්තර තෙවන පාර්ශ්­වීය මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වන්ට මිලි­යන ගණ­නක් වූ ජීමේල් ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු ලබා ගැනී­මට අව­ස්ථාව ලබා දී තිබෙ­නවා. භාණ්ඩ මිල ගණන් සැස­දීම්, සංචා­රක තොර­තුරු සහ වෙනත් සේවා­වන් හි තොර­තුරු ඊමේල් හරහා ලබා ගැනී­මට ලියා­ප­දිංව සිටින ජීමේල් ගිණුම් හිමි­යන්ට පැමි­ණෙන විද්‍යුත් තැපෑ­ල­වල තොර­තුරු මෙසේ ඒ හරහා තෙවන පාර්ශ්ව නිර්මා­ණ­ක­රු­වන් අතට පත්වන බවට එම ජර්න­ලය හෙළි­කර සිටියි. වෝල් ස්ට්‍රීට් ජර්න­ලයේ මෙම හෙළි­ද­රව්ව සම්බ­න්ධ­යෙන් බිලි­යන 1.4 ක පරි­ශී­ල­ක­යන් ප්‍රමා­ණ­යක් හිමි ජීමේල් විද්‍යුත් තැපෑලේ හිමි­කරු වන ගූගල් සමා­ගම මේ වන තෙක් මෙම චෝද­නාව සම්බ­න්ධ­යෙන් කිසිඳු ප්‍රති­චා­ර­යක් දක්වා නොමැති වීමද විශේ­ෂ­ත්ව­යකි.

ගූගල් සමා­ග­මට අනුව තමන් පිට­ස්තර මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වන්ට කිසි­යම් තොර­තු­රක් ලබා දෙන්නේ නම් ඒ අදාළ විද්‍යුත් තැපෑල හිමි­යාගේ අව­ස­රය අව­ශ්‍යය.

වෝල් ස්ට්‍රීට් ජර්න­ලයේ වාර්තාව අනුව ගූගල් සමාමේ සේව­ක­ය­කුට වුවද පිට­ස්තර විද්‍යුත් තැපැල් ගිණු­මට ඇතුළු විය හැක්කේ අදාළ ගිණුම් හිමි­යාගේ අව­ස­රය මත එම ගිණුම අයුතු භාවි­ත­යක දී හෝ කිසි­යම් වෛරස ප්‍රහා­ර­යක් එල්ල වූ විටදී පම­ණය.

විද්‍යුත් තැපැල් දත්ත රැස් කර­න්නන් විසින් නව පාරි­භෝ­ගික පිරිස් සොයා ගැනීමේ අර­මු­ණින් දින­පතා අව­ස­ර­ය­කින් තොරව දස ලක්ෂ ගණ­නින් විද්‍යුත් තැපැල් ගිණුම් පරීක්ෂා කිරීම සඳහා තෙවන පාර්ශව මෘදු­කාංග භාවිත කරති. එම දත්ත රැස්කර ඔවුන් විවිධ වෙළෙඳ ආය­තන වෙත එම තොර­තුරු විකු­ණනු ලබති. බොහෝ විට අප නොදන්නා පිරිස් විසින් සිය භාණ්ඩ හා සේවා විකුණා ගැනීමේ තොර­තුරු රැගත් විද්‍යුත් තැපැල් මෙන්ම විවි­ධා­කා­රයේ ආධාර ඉල්ලීම් මෙන්ම මුදල් ආයෝ­ජ­නය කිරී­මට සහය දෙන ලෙස ආරා­ධ­නය කර­මින් පැමි­ණෙන විද්‍යුත් තැපැල් ද පැමි­ණෙන්නේ මෙසේ අන­ව­ස­ර­යෙන් ලබා­ගන්නා දත්ත­යන් උප­යෝගී කර­ගෙ­නය.

අති බහු­ත­ර­යක් වූ ජීමේල් ගිණුම් හිමි­යන් තම ගිණුමේ තෙවන පාර්ශ­්වයේ මෘදු­කාංග පිහි­ටු­වී­මට අව­සර ලබා දී ඇති බව නොදන්නා බව වාර්තා වේ. තම ජීමේල් ගිණු­මට තෙවන පාර්ශ­්වයේ මෘදු­කාංග පිහි­ටුවා ඇත්ද යන්න නිරී­ක්ෂ­ණය කර පිහි­ටුවා ඇත්නම් ඒවා අව­හිර කිරීමේ හැකි­යාව පරි­ශී­ල­ක­යාට හිමිය.

ඒ සඳහා තම ගිණුමේ Sign-in & Security වෙත ඇතුළු වී Apps with account access ක්ලික් කළ යුතුය. එවිට ඔබ දැන හෝ නොදැන අව­ස­රය ලබා දී ඇති තෙවන පාර්ශ්­වයේ මෘදු­කාංග ඇත්නම් බලා­ගත හැකිය. එම මෘදු­කාංග අත­රින් ඔබට නොපි­හි­ටු­වන ලද මෘදු­කාංග ඇත්නම් ඒවා Manage Apps වෙත පිවිස අව­හිර කළ හැකිය.

පී.කේ. බණ්ඩාර


දත්ත උස්සන ජීමේල් හොරු

$
0
0
ජුලි 21, 2018 01:00

ලොව පුරා ෆේස්බුක් ගිණුම් හිමි­යන් අසී­රු­තා­වට පත් කර­මින් සිය ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු තෙවන පාර්ශ්­ව­ය­කට ලබා දෙන බවට හෙළි වී එම සමා­ගම එය පිළි­ගැ­නීමේ උණු­සුම පහව යාම­ටත් මත්තෙන් තවත් තොර­තුරු තාක්ෂණ ලෝකය අන්ද­මන්ද කර­වන පුව­තක් හෙළි­ද­රව් විණි. ඒ ජීමේල් ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු තෙවන පාර්ශ්­ව­ය­කට ලබා­දෙන බවයි. ගූගල් සමා­ගමේ මෙම දත්ත සොරා ගැනීමේ පහ­සු­කම් සැලැ­සීමේ කූටෝ­පාය හෙළි­ද­රව් කරනු ලැබුවේ සුප්‍ර­කට වෝල්ස්ට්‍රීට් ජර්න­ලය විසිනි. ගූගල් සමා­ගම විසින් තම ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු තෙවන පාර්ශව මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වන්ට ලබා දීමට ඉඩ ප්‍රස්ථාව ලබා ඇති බවට වෝල් ස්ට්‍රීට් ජර්න­ලය හෙළි­ද­රව් කෙරිණි.

‘‘ගූගල් සමා­ගම පිට­ස්තර තෙවන පාර්ශ්­වීය මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වන්ට මිලි­යන ගණ­නක් වූ ජීමේල් ගිණුම් හිමි­යන්ගේ තොර­තුරු ලබා ගැනී­මට අව­ස්ථාව ලබා දී තිබෙ­නවා. භාණ්ඩ මිල ගණන් සැස­දීම්, සංචා­රක තොර­තුරු සහ වෙනත් සේවා­වන් හි තොර­තුරු ඊමේල් හරහා ලබා ගැනී­මට ලියා­ප­දිංව සිටින ජීමේල් ගිණුම් හිමි­යන්ට පැමි­ණෙන විද්‍යුත් තැපෑ­ල­වල තොර­තුරු මෙසේ ඒ හරහා තෙවන පාර්ශ්ව නිර්මා­ණ­ක­රු­වන් අතට පත්වන බවට එම ජර්න­ලය හෙළි­කර සිටියි. වෝල් ස්ට්‍රීට් ජර්න­ලයේ මෙම හෙළි­ද­රව්ව සම්බ­න්ධ­යෙන් බිලි­යන 1.4 ක පරි­ශී­ල­ක­යන් ප්‍රමා­ණ­යක් හිමි ජීමේල් විද්‍යුත් තැපෑලේ හිමි­කරු වන ගූගල් සමා­ගම මේ වන තෙක් මෙම චෝද­නාව සම්බ­න්ධ­යෙන් කිසිඳු ප්‍රති­චා­ර­යක් දක්වා නොමැති වීමද විශේ­ෂ­ත්ව­යකි.

ගූගල් සමා­ග­මට අනුව තමන් පිට­ස්තර මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වන්ට කිසි­යම් තොර­තු­රක් ලබා දෙන්නේ නම් ඒ අදාළ විද්‍යුත් තැපෑල හිමි­යාගේ අව­ස­රය අව­ශ්‍යය.

වෝල් ස්ට්‍රීට් ජර්න­ලයේ වාර්තාව අනුව ගූගල් සමාමේ සේව­ක­ය­කුට වුවද පිට­ස්තර විද්‍යුත් තැපැල් ගිණු­මට ඇතුළු විය හැක්කේ අදාළ ගිණුම් හිමි­යාගේ අව­ස­රය මත එම ගිණුම අයුතු භාවි­ත­යක දී හෝ කිසි­යම් වෛරස ප්‍රහා­ර­යක් එල්ල වූ විටදී පම­ණය.

විද්‍යුත් තැපැල් දත්ත රැස් කර­න්නන් විසින් නව පාරි­භෝ­ගික පිරිස් සොයා ගැනීමේ අර­මු­ණින් දින­පතා අව­ස­ර­ය­කින් තොරව දස ලක්ෂ ගණ­නින් විද්‍යුත් තැපැල් ගිණුම් පරීක්ෂා කිරීම සඳහා තෙවන පාර්ශව මෘදු­කාංග භාවිත කරති. එම දත්ත රැස්කර ඔවුන් විවිධ වෙළෙඳ ආය­තන වෙත එම තොර­තුරු විකු­ණනු ලබති. බොහෝ විට අප නොදන්නා පිරිස් විසින් සිය භාණ්ඩ හා සේවා විකුණා ගැනීමේ තොර­තුරු රැගත් විද්‍යුත් තැපැල් මෙන්ම විවි­ධා­කා­රයේ ආධාර ඉල්ලීම් මෙන්ම මුදල් ආයෝ­ජ­නය කිරී­මට සහය දෙන ලෙස ආරා­ධ­නය කර­මින් පැමි­ණෙන විද්‍යුත් තැපැල් ද පැමි­ණෙන්නේ මෙසේ අන­ව­ස­ර­යෙන් ලබා­ගන්නා දත්ත­යන් උප­යෝගී කර­ගෙ­නය.

අති බහු­ත­ර­යක් වූ ජීමේල් ගිණුම් හිමි­යන් තම ගිණුමේ තෙවන පාර්ශ­්වයේ මෘදු­කාංග පිහි­ටු­වී­මට අව­සර ලබා දී ඇති බව නොදන්නා බව වාර්තා වේ. තම ජීමේල් ගිණු­මට තෙවන පාර්ශ­්වයේ මෘදු­කාංග පිහි­ටුවා ඇත්ද යන්න නිරී­ක්ෂ­ණය කර පිහි­ටුවා ඇත්නම් ඒවා අව­හිර කිරීමේ හැකි­යාව පරි­ශී­ල­ක­යාට හිමිය.

ඒ සඳහා තම ගිණුමේ Sign-in & Security වෙත ඇතුළු වී Apps with account access ක්ලික් කළ යුතුය. එවිට ඔබ දැන හෝ නොදැන අව­ස­රය ලබා දී ඇති තෙවන පාර්ශ්­වයේ මෘදු­කාංග ඇත්නම් බලා­ගත හැකිය. එම මෘදු­කාංග අත­රින් ඔබට නොපි­හි­ටු­වන ලද මෘදු­කාංග ඇත්නම් ඒවා Manage Apps වෙත පිවිස අව­හිර කළ හැකිය.

පී.කේ. බණ්ඩාර

පොතුත් එක්ක සැපෙන්

$
0
0
ජුලි 21, 2018 01:00
මදාරා මුද­ලිගේ

කිය­වී­මෙන් මිනිසා සම්පූර්ණ වන බව අවි­වා­ද­යෙන් පිළි­ගත හැක. පොත්පත් කිය­වී­මෙන් දැනුම වැඩි දියුණු කර ගැනී­ම­ටත්, නොදන්නා කරුණු දැන­ගැ­නී­ම­ටත් හැකි­යාව ලැබේ. බට­හිර රට­වල පුස්ත­කා­ල­ව­ලට සුවි­ශේෂී වටි­නා­ක­මක් ලබා දී තිබෙන්නේ ද එනිසා ය. මිනි­සුන් පොත්පත් කිය­වී­මට නැඹුරු කිරී­මත් ඒ තුළින් සංචා­රක ක්ෂේත්‍රයේ ප්‍රග­ම­නය ඇති කිරී­මත් අර­මුණු කර ගනි­මින් නිර්මා­ණය කරන ලද පුස්ත­කා­ල­යක තේමාව රැගත් හෝට­ල­යක් පිළි­බඳ පුව­තක් පසු­ගිය දිනක වර්තා විය.

“The literary man obios hotel “ නමැති පොත්පත් කිය­වීම මුලික කර ගනි­මින් නිර්මා­ණය කර තිබෙන හෝට­ලය පිහිටා ඇත්තේ පෘතු­ගා­ලයේ ඔබි­ඩොස් ප්‍රදේ­ශයේ ය. පොත් පත් කිය­වී­මට ඇල්මක් දක්වන ලොව වටා සිටින මිනි­සුන්ගේ සිහින නවා­තැ­න්පොළ වශ­යෙන් ද මෙය හඳු­න්වන බව මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම හෝට­ල­යෙහි නවා­තැන් ගැනී­මට පැමි­ණෙන පුද්ග­ල­ය­කුට හැඟී යන්නේ තමා පුස්ත­කා­ල­යක සිටි­න්නාක් මෙන් ය. අනෙක් හෝට­ල්වල මෙන් නොව මෙහි නිශ්ශ­බ්ද­තා­ව­යට මූලි­ක­ත්වය ලබා දී තිබීම විශේ­ෂ­ත්ව­යකි. මෙහි පොත් පනස් දහ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් දැක ගැනී­මට හැකිය. පොත් පත් ගබඩා කර තිබෙන සෑම ස්ථාන­ය­කදී ම පාඨ­ක­යින්ට අවශ්‍ය සෑම පහ­සු­ක­මක් ම මෙහි දී ලබා ගැනී­මට හැකි­යාව ලැබේ. මෙම හෝට­ල­යට පැමි­ණෙන පුද්ග­ල­ය­කුට තමන් කැමති ආකා­රයේ පහ­සු­කම් විඳ ගැනී­මට හැකි වන පරිදි එකි­නෙ­කට වෙනස් පැකේජ ක්‍රම සකස් කර තිබේ. “ Book Romantics “ පැකේ­ජ­යෙන් පුද්ග­ල­ය­කුට මැජික් පරි­ස­ර­යක තමන් ජීව­ත්ව­නවා යන හැඟීම ගෙන දේ. ඉටි­ප­න්දම් එළි­යෙන් යුක්තව රාත්‍රී ආහා­රය ලබා ගැනී­මට ද මෙහි දී හැකි­යාව ලැබේ. තව ද තමන් කැමති ආහාර වර්ග­යක් සහ අතු­රු­පස වර්ග­යක් තෝරා ගැනී­මට ද අව­ස්ථාව හිමි වේ. මෙම පැකේ­ජය සඳහා එක් පුද්ග­ල­යෙ­කු­ගෙන් යූරෝ 30 මුද­ලක් අය කරනු ලබයි. “ Book a story “ පැකේ­ජ­යෙන් ලෝකයේ සිටින හොඳම ගත්ක­තු­ව­රුන් තුන්සී­ය­කගේ පොත්පත් තෝරා බේරා ගැනී­මට හැකි­යාව ලැබේ. ලොව පැරණි රතු වයින් වර්ග­යක රස බැලී­මට ද අව­ස්ථාව ලැබෙයි. එප­ම­ණක් නොව පැරණි උණු­සුම් කළ ගල් වර්ග­ව­ලින් ශරී­රය සම්භා­හ­නය කිරීම ද සිදු කරනු ලබයි. මෙම පැකේ­ජය සඳහා එක් පුද්ග­ල­ය­කු­ගෙන් යූරෝ 80 මුද­ලක් අය කරනු ලබයි. “ Book Nature “ පැකේ­ජ­යෙන් පෘතු­ගා­ලයේ වර්සිනා ද රේහිනා ප්‍ර දේශ­යෙහි ඉතා­ලි­යට අයත් අධික වේග­යෙන් ධාව­නය කළ හැකි බයි­සි­ක­ල­ය­කින් ගමන් කිරී­මට අව­ස්ථාව හිමි වේ. ඒ සංචා­රය තුළ දී ශරී­රයේ විජ­ල­නය වළක්වා ගැනීම සඳහා පාන­යක් ලබා දෙයි. මෙම පුස්ත­කාල හෝට­ලයේ සිට රාත්‍රී කාලයේ දී තමන් කැමති පොත්පත් තෝරා බේරා ගෙන කිය­වී­ම­ටත්, පෘතු­ගා­ල­යට විශේෂ වූ අහා­ර­පාන භුක්ති විදී­ම­ටත් හැකි­යාව ලැබේ.

දහ අට වන ශත වර්ෂ­යට අයත් යැයි සැළ­කෙන වයින් වර්ග කිහි­ප­යක් ද මෙහි සුර­ක්ෂි­තව තැම්පත් කර ඇත. ඒ වයින් වර්ග සංචා­ර­ක­යින්ට පානය කිරී­මට දෙන්නේ ද වැඩි මිල ගණ­න්ව­ලින් යුක්තව වයින් වර්ග­වල වටි­නා­කම මනාව පැහැ­දිලි කර දෙමිනි. මෙහි ශරීර සම්භා­නය ද සංච­ර­ක­යින්ට කැමති ආක­ර­යට කර ගැනී­මට අව­ස්ථාව ලැබේ. විනාඩි පන­හක කාල­යක් තුළ මුළු සිරු­රම ලිහිල් ලෙස සම්බා­හ­නය කිරීම සඳහා යූරෝ 60 ක් ද, විනාඩි අනූ­වක් තුළ උණු­සුම් කළ ගල් අධාර කර ගනි­මින් සිරුර සම්බා­හ­නය කිරීම සඳහා යූරෝ 90 ක් ද, විනාඩි හැටක කාල­යක් තුළ සිදු කරන “Chocotherapy “ නමැති සම්බා­හ­නය සඳහා යූරෝ 70 මුද­ලක් ද අය කරනු ලබයි. මෙම සෑම සම්බා­හ­න­යක්ම සිදු කිරීම සදහා කලින් වේලා­වන් වෙන් කරවා ගත යුතු ය.

මෙහි අංක 1 සිට අංක 6 දක්වා කාමර සියල්ල පෘතු­ගා­ලයේ සම්ප්‍ර­දා­යික ක්‍රම­යට සකස් කරන ලද දැව­යෙන් නිම කරන ලද සීලී­මක් සහ පැරණි බිම­කින් යුක්ත ය. එමෙන් ම මෙහි යක­ඩ­ව­ලින් සකස් කළ ඇඳන් ද රූප­වා­හිනී යන්ත්‍ර­යක් සහ කුඩා මත්පැන් ගබ­ඩා­වක් (mini-bar ) දැක ගැනී­මට පුළු­වන. අංක 7,8,9 සහ S1 සහ S2 කාම­ර­වල පොදුවේ දක්නට ලැබෙන පහ­සු­ක­ම්ව­ලට අම­ත­රව පොත්පත් කිය­වීම සඳහා වෙන් වූ වෙන­මම ප්‍රදේ­ශ­යක් ඇතු­ළත් කර ඇත. මෙම පුස්ත­කාල හෝට­ලය තුළ ප්‍රධාන කාමර 30 ක් දැක ගත හැකි වුව ද සංච­ර­ක­යින්ගේ රුචි­ක­ත්වය අනුව සකස් කළ සුවි­ශේෂී කාමර ද දැක ගැනී­මට පුළු­වන. මෙහි පවත්නා “ The Literary Restaurant “ හිදී පොත්පත් පරි­ශී­ල­නය කරන පුද්ග­ල­යින්ට ගැළ­පෙන සම්ප්‍ර­දා­යක ආහාර වට්ටෝරු මෙන් ම ලෝකයේ සුප්‍ර­සිද්ධ පාන වර්ග සහ අතු­රු­පස වර්ග ද පිළි­ග­න්වනු ලබයි. “Gin Bar “ මගින් ලෝකයේ පැරණි පාන වර්ග මෙන් ම අලු­තින් ලොවට බිහි වූ කොක්ටේල් පාන වර්ග ද පිරි­න­මයි. මෙහි පව­තින ඇතැම් පාන වර්ග පුද්ගල ශරීර සෞඛ්‍යට හිත­කර ලෙස සකසා තිබේ. මෙහි දක්නට ලැබෙන පෘතු­ගා­ලයේ කාබ­නික ගොවි­පො­ළ­ව­ලින් ගෙන එන ශාක වර්ග­ව­ලින් සකස් කරන ලද පාන වර්ග බොහෝ සංචා­ර­ක­යින්ගේ අව­ධා­න­යට ලක් වී තිබේ.

ලෝකයේ දක්නට ලැබෙන හොඳම ගත්ක­තු­ව­රුන්ගේ ග්‍රන්ථ, ළමා පොත්, විදේශ සාහිත්‍ය ග්‍රන්ථ , කෝපි බොමින් කියවා රස විඳිය හැකි ග්‍රන්ථ, යනා දී වශ­යෙන් විවිධ ක්ෂේත්‍ර ගණ­නා­වක ග්‍රන්ථ එක­තු­වක් මෙහි දක්නට ලැබේ.ඒ සෑම ග්‍රන්ථ­යක්ම විවිධ වයස් සීමා­වන්හි ජීව­ත්වන පුද්ග­ල­යින්ට කිය­වී­මට හැකි ග්‍රන්ථ ය. ඉති­හා­සය, දර්ශ­නය, මනෝ­වි­ද්‍යාව, සහ සමාජ විද්‍යාව යන විෂ­යන්ට අයත් ග්‍රන්ථ බොහෝ­ම­යක් මෙම පුස්ත­කා­ල­යට පරි­ත්‍යාග කර තිබේ. මෙම පුස්ත­කාල හෝට­ල­යෙන් ලැබෙන ආදා­ය­මෙන් කොට­සක් පෘතු­ගා­ලයේ සමාජ සංව­ර්ධන ව්‍යාපාති සඳහා යොදා ගනු ලබයි. මෙම පුස්ත­කාල තේමා­වෙන් යුක්ත හෝට­ලය තුළින් මිනිස් ප්‍රජා­වගේ කිය­වීමේ ගුණය වැඩි දියුණු කිරී­මත්, සංචා­රක ක්ෂේත්‍රයේ වර්ධ­න­යත්, ඒ තුළින් සමාජ සංව­ර්ධ­න­යත් ඉටු වන බව මාධ්‍ය ප්‍රකාශ කරයි.

අන්ත­ර්ජා­ලය ඇසු­රිණි.

පවුල් කාර­යාගේ ගිනස් වාර්තාව

$
0
0
ජුලි 21, 2018 01:00
මංජුලා විජයරත්න

දිගු­කල් වෙසෙ­මින් පර­ම්පරා කිහි­ප­යක සාමා­ජි­ක­යන් දැක බලා­ගෙන ඔවුන් සමඟ ජීව­ත්ව­න්නට ලැබීම කෙත­රම් වාසා­නා­වක්ද?. ඒ වාස­නාව පම­ණක් නොව ලොව විශා­ල­තම පවුලේ හිමි­කරු ලෙස ගිනස් වාර්තා අත­රට එකතු වන්න­ටත් යුක්‍රේන ජාති­ක­යකු සමත්ව තිබේ. හෙතෙම නමින් පවෙල් සෙමෙ­න්යුක් ය. අද වන­විට ඔහු අසූ හත් වැනි වියෙහි පසු වේ.

තරුණ අව­ධියේ සිටම පවෙල් සිහින මැව්වේ සාමා­ජි­ක­යන් බර ගණ­නක පවු­ලක් තනා ගන්නට ය. එය සැබෑ­වක් වුණේ ඔහුගේ බිරිය දරු­වන් ද තුන් දෙනකු බිහි කළ පසු­වයි. ඒ දරු­වන් විවාහ පත්ව මුනු­පුරු මිනි­පි­රි­යන් එක­සිය විසි හත් දෙනකු ලැබූ අතර මුනු­පුරු මිනි­පි­රි­යන් විවාහ වී දරු­වන් ලබන තුරු හෙවත් දෙමු­නු­පු­රන් දකින තුරුත් ආයුෂ භුක්ති විඳි­න්නට පවෙල් සමත් වූයේය.

දෙමු­නු­පුරු දෙමි­නි­පි­රි­යන් 203 දෙන­කුගේ ආද­රය දිනා­ග­න්නට ඔහු සමත් විය. පවෙල් ජීවන ගමනේ පියෙන් පිය ඉදි­රි­යට යන විට දෙමු­නු­පු­රන් සහ දෙමි­නි­පි­රි­රි­යන් ද විවාහ වී තුන් මුනු­පු­රන් සහ තුන් මිනි­පි­රි­යන් පවෙල් ළඟට කැඳ­වා­ගෙන ආහ. තුන් මුනු­පුරු - තුන් මිනි­පි­රි­යන් තිදෙ­න­කුගේ මුහුණු දකි­න්නට තරම් පවෙල් අද වාස­නා­ව­න්ත­යෙක් වී සිටී. ඔහුගේ පවුලේ වත්මන් සාමා­ජි­ක­යන් ගණන මේ වන­විට 346කි.

“වැඩි­ම­හල් දරු­වන්ගේ නම් මම දන්නවා. ඒ වුණාට මේ තරුණ කට්ටි­යගේ නම් හැම තිස්සෙම මත­ක­තියා ගන්න එක කරන්න බැරි වැඩක්” හෙතෙම මාධ්‍යට පවසා තිබිණ.

පවෙල් ජීවත් වන්නේ දකුණු දිග යුක්‍රේ­නයේ ඩොබ්‍රො­ස්ලව් නමැති ගම්මා­න­යේය. මේ ගම්මා­න­යෙන් වැඩි ඉඩක් වෙන් වී තිබෙන්නේ තමන්ගේ දරු මුනු­පු­රන් සඳහා යැයි පවෙල් පව­සයි. ඔහුගේ පවුලේ කෙන­කුගේ විවා­හ­යක් හෝ නිවෙ­සක් තැනී­මක් හෝ නිවෙ­ස­කට ගෙවැ­දී­මක් හෝ ඔහුට කිසි­දි­නෙක වර­දින්නේ නැත. ඒවාට සහ­භාගී වන්නට සහ උදව් උප­කාර කර­න්නට පවුලේ උද­විය හැර තවත් අය නුවු­ව­ම­නාය. දන්නා කියන දා සිටම පවෙල් කළේ ඉදි­කි­රීම් වැඩ ය. ඒ අඩි­පා­රේම යමින් ඔහුගේ දරුවෝ සහ මුනු­පුරෝ කිහි­ප­දෙ­නෙක් ම ඉදි­කි­රීම් හා සම්බන්ධ ව්‍යාපා­ර­වල නියැ­ලෙති. පවෙල්ගේ පවුලේ සාමා­ජි­ක­යන්ගේ වුව­මනා එපා­කම් පිරි­මසා ගන්න­ටත් එය හේතු­වක් වී ඇත.

ඩොබ්‍රො­ස්ලව් ගමේ පාස­ලට මේ පවු­ලෙන් සාමා­ජි­ක­යන් තිස්දෙ­නකු පැමි­ණෙන බවත් සඳ­හන් වේ. එවැනි වාස­නා­වක් ඒ ගමේ අන් කිසි­ව­කුට ලැබී නැත. පවුලේ කිසි­ව­කුගේ උපන් දින­යක්, විවාහ මංග­ල්‍ය­යක් පැවැ­ත්වෙන විට ඉවුම් පිහුම් වැඩ පහසු නැත. පවෙල්ගේ හැට හය හැවි­රිදි දිය­ණිය විරා සෙමෙ­න්යක් කියන්නේ මෙවැනි කතා­වකි.

“ උත්සව අව­ස්ථා­ව­ලදී ඉවුම් පිහුම් කරන්න අපි විශාල වළන් තෝරා ගන්නේ. අපේ පවුලේ ඉන්න බව­ලත් උද­වි­යම තමයි උයන්න උදව් වෙන්නෙත්” යනු­වෙනි.

ලොව විශා­ල­තම පවුලේ හිමි­කරු තම යැයි ගිනස් වාර්තා අත­රට එක­තු­වද්දී පවෙල්ට ඊට උප­කාර කළේ යුක්‍රේ­නයේ ජාතික රෙජි­ස්ටාර් කාර්යා­ල­යයි. එහි ඇති සට­හන් අනුව දරු­වන් සහ මුනු­පුරු මිනි­පි­රි­යන් පවෙල්ගේ පවු­ලේම උද­විය බැව් තහ­වුරු කර­ගත හැකි විය.

පවෙල්ගේ පවුල ලොව විශා­ල­තම පවුල ලෙස ගිනස් වාර්තා අත­රට එකතු වන්නට පළ­මුව, ලොව විශා­ල­තම පවුල ලෙස ගිනස් වාර්තා අතර තිබුණේ ඉන්දි­යාවේ පවු­ලකි. ඒ පවුලේ සාමා­ජි­ක­යන් ගණන 192ක් වූ බව සඳ­හන් වේ.

mail online ඇසු­රෙනි

හයි­ටියේ තෙල් ප්‍රශ්න

$
0
0
ජුලි 21, 2018 01:00
මංජුලා විජයරත්න

හයිටි රාජ්‍යයේ අග්‍රා­මාත්‍ය ජැක් ගයි ලෆො­න්ටන්ට් සිය ධුර­යෙන් පසු­ගිය දා ඉල්ලා අස් විය. මෙයට හේතු වී තිබුණේ ඉන්ධන මිල ඉහළ නැංවී­මට ඔහු ප්‍රමුඛ එරට දේශ­පා­ලන අධි­කා­රිය ගත් තීර­ණ­යයි. මේ තීර­ණය නිසා රට තුළ බල­වත් අර්බු­ධ­කාරී තත්ත්ව­යක් නිර්මා­ණය වූයේය. ජන උද්ඝෝ­ෂණ මඟින් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට ඉල්ලා අස්වී­මට බල කෙරිණ. රට තුළ හට ගත් නොස­න්සුන් වාතා­ව­ර­ණය සැල­කි­ල්ලට ගෙන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනා­ධි­පති ජොවෙ­නෙල් මොයි­සේට භාර දෙන්නට ජැක් ගයි කට­යුතු කළේය. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනා­ධි­ප­ති­ව­රයා භාර­ගත් බව ජැක් ගයි, පෝර්ට් ඕ ප්‍රින්ස්හි පහළ මන්ත්‍රණ මණ්ඩ­ල­යේදී ප්‍රකා­ශ­යට පත් කළේය. අග්‍රා­මා­ත්‍ය­ව­රයා සිය ධුර­යෙන් ඉල්ලා අස් නොවුණේ නම් ඔහු හදිසි විශ්වා­ස­භං­ග­ය­කට මුහුණ දිය යුතුව තිබිණ.

හයිටි දේශ­පා­ලන අධි­කා­රිය සිය රට තුළ ඛණිජ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීර­ණ­ය­කට එළ­ඹියේ අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දල සමඟ පසු­ගිය පෙබ­ර­වා­රි­යේදී ඇති කර­ගත් එක­ඟ­තා­ව­යක් මතය. රටේ ආර්ථික වර්ධ­නය ඉහළ නංව­න්නට නම් ව්‍යූහා­ත්මක ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් සිදු­විය යුතු බැව් අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දල මඟින් පෙන්වා දී තිබිණ. මේ වන­තුරු රට තුළ ක්‍රියා­ත්මක ඉන්ධන සහ­නා­ධා­රය කපා හරින්නේ නම් අධ්‍යා­පන, සෞඛ්‍ය සහ රැකියා රක්ෂා ඇති කිරීමේ කාර්ය­යන් වෙනු­වෙන් යොද­ව­න්නට මුදල් ඉතිරි වන බව අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දලේ තර්කය වී තිබේ. ඉන්ධන සහ­නා­ධා­රය ඉවත් කරන්නේ නම් ඇමෙ­රිකා ඩොලර් මිලි­යන 300ක් පමණ ඉතිරි කර­ගත හැකි වෙතැයි ගණන් බලා ඇත. එමෙන්ම ඉන්ධන මිල ඉහළ නැංවීමේ අව­ශ්‍ය­තා­ව­ය­කුත් අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දල අව­ධා­ර­ණය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් මිල 38%කින් ද ඩීසල් මිල 47%කින් ද භූමි­තෙල් මිල 51%කින් ද ඉහළ නැංවී­මට රජය තීර­ණය කර තිබු­ණේය.

ලොව දිළි­ඳු­තම රට­ව­ලින් එකක් ලෙස සැල­කෙන හයි­ටියේ ජන­යාට මේ මිල ඉහළ නැංවීම සහ සහ­නා­ධාර කප්පා­දුව ඔරොත්තු දෙන්නේ නැත. එරට ජන­ග­හ­න­යෙන් 60%කට ආසන්න පිරි­සක් ජීවත් වන්නේ ඇමෙ­රිකා ඩොලර් 2කට වඩා අඩු දෛනික ආදා­යම් මට්ට­මක ය. ඉන්ධන මිල වැඩි­වී­මත්, ඉන්ධන සහ­නා­ධා­රය කපා හැරී­මත් නිසා සිදු­විය හැකි අන්ත­රා­කාරී තත්ත්වය අව­බෝධ කර­ගත් සාමාන්‍ය ජනයා වීදී බසි­න්නට පටන් ගත්හ. පෝර්ට් ඕ ප්‍රින්ස් අග­නු­වර පම­ණක් නොව එරට තවත් නගර ගණ­නා­වක් තුළ උද්ඝෝ­ෂණ ආරම්භ විය.

උද්ඝෝ­ෂ­ණ­ව­ලින් පුද්ග­ලයෝ හත්දෙ­නෙක් ජීවි­ත­ක්ෂ­යට පත් වූහ; සාප්පු සහ තවත් ගොඩ­නැ­ඟිලි රාශි­යක් ගිනි බත් කරන ලදී. සම­හර තැනෙක කඩ සාප්පු කොල්ලා­කෑම් ද සිදුව ඇති බව වාර්තා වේ. කල­හ­කාරී තත්ත්වය පාල­නය කිරීම සඳහා අග­නු­වර සහ සෙසු නග­ර­වල ඇතැම් මාර්ග වසා දම­න්නට ආර­ක්ෂක නිල­ධා­රීන්ට සිදු විය. ඇමෙ­රි­කන් එයා­ර්ල­යින්ස්, එයාර් ෆ්‍රාන්ස්, ඩෙල්ටා, ජෙට් බ්ලූ සහ කෝපා යන ගුවන් සමා­ග­ම්ව­ලින් පෝර්ට් ඕ ප්‍රින්ස් වෙත ළඟා­වන ගුවන් ගමන් වාර රැසක් අව­ලංගු කෙරිණ. මේ නිසා සාමාන්‍ය ජන ජීවි­තය අවුල් සහ­ගත තත්ත්ව­ය­කට පත් විය. උද්ඝෝ­ෂණ නොතකා ඉන්ධන මිල වැඩි­වීම ඒ අන්ද­මින්ම ක්‍රියා­ත්මක කරන්නේ නම් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවට ද විරුද්ධ පක්ෂය අන­තුරු ඇඟ­වූ­යේය.

සාමාන්‍ය ජනයා සාම­කාමී මට්ට­ම­කට රැගෙන ඒමේ අර­මුණ ඇතිව ජනා­ධි­පති ජොවෙ­නෙල් මොයිසේ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉන්ධන මිල වැඩි­වීම තාව­කා­ලි­කව ක්‍රියා­ත්මක නොක­රන බැව් කියා සිටි­යේය. නිවෙස් බලා යන්නැයි උද්ඝෝ­ෂ­ක­ය­න්ගෙන් ඉල්ලී­මක් කර­න්න­ටත් ජනා­ධි­ප­ති­ව­රයා අම­තක නොක­ළේය. අග්‍රා­මා­ත්‍ය­ය­ව­ර­යාට ධුර­යෙන් ඉවත් වන්නැයි උද්ඝෝ­ෂ­ක­යන් කළ බල­පෑම, ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පොරො­න්දුව හා ඉල්ලීම හමුවේ නොනැ­ව­තින.

එනිසා ජැක් ගයිට ඉල්ලා අස්වීම හැර වෙනත් වික­ල්ප­යක් තිබුණේ නැත.

ජැක් ගයිගේ ඉල්ලා අස්වී­මෙන් පසු නව අග්‍රා­මා­ත්‍ය­ව­ර­යකු පත් කර­ගැ­නීම පිළි­බඳ ගැට­ලු­වක්ද මතුව තිබේ.

හයිටි රාජ්‍යයේ ව්‍යව­ස්ථාව අනුව එරට රජයේ ප්‍රධා­නියා හැටි­යට සැල­කෙන්නේ අග්‍රා­මා­ත්‍ය­ව­රයා ය. ජනා­ධි­පති ජොවෙ­නෙල් මොයිසේ පසු­ගිය වසරේ පෙබ­ර­වාරි 7 වැනිදා බල­යට පත් වීමත් සමඟ එතෙක් හයි­ටියේ අග්‍රා­මා­ත්‍ය­ව­රයා හැටි­යට කට­යුතු කළ එනෙක්ස් ජීන් චාර්ල්ස් එකී ධුර­යෙන් ඉවත් විය. ඉන්පසු අග­මැ­ති­ව­රයා ලෙස­වැඩ භාර ගත්තේ ජැක් ගයි ය. දේශ­පා­ල­න­යට පිවි­සෙ­න්නට පළ­මුව ජැක් ගයි විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු ලෙස කට­යුතු කළ බැව් දැක්වේ.

යක්කු වගේ සත්තු

$
0
0
ජුලි 21, 2018 01:00
චම්පිකා දීපානි රණසිංහ

මිනිසා බොහෝ දේ ඉගෙන ගන්නේ සතු­න්ගෙනි. බිම් අඟ­ල­ටත් මිනි­සුන් ඇන­කොටා ගනිද්දී එය සත්ත්ව උරු­ම­යක් නොවන බව පව­සන්නේ කෙසේ ද?

දරු­වන් සමඟ යුද වදින කුරුලු විශේ­ෂ­යක් ෆෝක්ලන්ඩ් දූපතේ සහ වීරා ඩෙල් ෆුඑගෝ දූප­ත්වල සිටිති. උන් කරා­කා­රාය. උන් සිය දඩ­යම් බිම්වල උරු­ම­යන් රැක ගැනී­මට ආහාර සෙවීමේ හෝඩිය කිය­වී­මට සූදා­නම් වන තම­න්ගේම පැට­වුන් සමඟ යුද වදිති.

සියොත් ලොව පුංචි හැඩ­කා­රයා හම්බෙර්ඩ් ගෙවන්නේ අධි­වේගී දිවි පෙවෙ­තකි. උන් දව­සට දෙද­හස් වරක් පැනි උරා බොනු ලබයි. එහෙත් දිගු වර­ලක් සහිත හමිං­බර්ඩ්ට එක මලක පැණි වෙනු­වෙන් හමිං බර්ඩ් වර්ග තිහ­කට වඩා වැඩි ගණ­නක් තරග වදිති. රැකට් ‍බ්ල් හමිං බර්ඩ් පැට­වුන්ට මේ නිසා වැඩි­හි­ටි­යන් සමඟ සටන් වැදී­මට හේතුවේ. උන් බොහෝ­විට කරන්නේ වැඩි­හි­ටි­යන් සමඟ සටන් වැදී­මට නොහැකි නිසා මල යට සිට රොන් උරා බීමට උත්සාහ කිරී­මයි.

ඔස්ට්‍රේ­ලි­යාවේ නැ‍ඟෙන­හිර අළු පිරිමි කැන්ග­රුන්ගේ ස‍ටන ද්වන්ධ යුද්ධ­යක් පර­ද­වයි. උන් සටන් වදින්නේ ගැහැනු කැන්ග­රු­වන් දිනා ගැනී­ම­ටයි. උන් සට­නට වසර ගණ­නා­වක් පුරා පුහු­ණුවේ. සිරුරේ පහළ කොට­සට පහ­ර­දීම උන්ගේ එකම තරග නීති­යයි. මේ පහ­ර­දීම අති­ශ­යින් භයා­න­කය. ජවා­ධික පිරිමි කැන්ග­රුට මේ සටන නිසා අස්ථි බිඳී­යාම හා අභ්‍ය­න්තර තුවා­ල­ව­ලට ගොදු­රු­වීමේ දැඩි අව­දා­න­මක් පවතී.

සම­ගිය බලය වේ යන්නට මිනිස් ලොවට වඩා හොඳම උදා­හ­රණ ඇත්තේ සත්ත්ව ලොවේය. මීර්කත් සතුන් මිනි­සුන්ගේ ආද­රය දිනා­ගෙන සිටින්නේ උන් මිනි­සු­න්මෙන් දෙප­යින් සිට ගැනී­මට දක්ෂ­යන් නිසා ය. සුරි­කේට් ලෙසද උන් හඳු­න්වයි. නැමී­බි­යාවේ කාන්තා­ර­වල ඇන්ගෝ­ලාවේ මේ සතුන් රංචු ගැසී සිටිනු දැකීම සොබා සොඳුරු දැකු­මකි. උන් කිසි­වි­ට­කත් තම වර්ගය සමඟ යුද වදින්නේ නැත. ඒ වෙනු­වට උන් කරන්නේ නයකු වැනි සතු­රකු දුටු­විට එක­මුතු වී සතු­රාට මුහුණ දීමයි.

සතු­රාගේ සිරුර මතට වම­නය කිරීම සත්ත්ව රාජ­ධා­නියේ අපූරු චාරි­ත්‍ර­යකි. කළු­කුම් ගිජු ලිහි­ණි­යන් දඩ­යම් කිරී­මට පැමි­ණෙ­න්නන්ට උන් තමන්ව එපා කර­වන්නේ සතු­රාගේ සිරු­රට වම­නය කිරී­මෙනි. මුන් ආහා­ර­යට ගන්නේ ගඳ ගසන මාංශ ආහා­රයි. බොහෝ­විට කුණු වූ සත්ත්ව මළ සිරු­රය.

කුරුලු පැටවු ලෝකයේ සුන්ද­රම සතුන් ය. උන්ට ඉ‍ගිළෙන්න බැරි නිසා පහ­සු­වෙන්ම විලෝ­පි­ක­යන්ට ගොදු­රු­කර ගත හැකිය. උන් මේ දුර්ව­ල­තා­වෙන් බේරෙන්නේ මුවෙන් ගන්ධ­යක් පිට­වන ලාටු විසි කිරී­මෙනි. උන් තමන් වෙත එන සතු­රාගේ මුහු­ණට මේ ගම් විසි­ක­රයි. කහ පැහැති මේ ගම් ස්‍රාවයේ ඇත්තේ කුණු වූ මාළු ගඳකි. එම ගඳ නිසා රස­වත් කළු­කුම් ගිජු ලිහිණි දඩ­යම හැර පියා සතුරා පසු බායි.

මාංස භක්ෂක කෘමි විශේ­ෂ­යක් වූ බෝම්බ්බා­ඩි­යර් කුරු­මි­ණියා ඇන්ටා­ක්ටි­කාවේ හැර සෑම මහ­ද්වී­ප­ය­කම දැකිය හැකි සතෙකි. කීට අව­ස්ථාවේ සිටම ඌ මාංස භක්ෂ­කය. ඌ සතුරා ඉදි­රියේ බිය වූ විට කරන්නේ උද­ර­යෙන් කෙලින්ම සෙල්සි­යස් අංශක සිය­යක උෂ්ණ­ත්ව­යක රසා­ය­නි­ක­යක් නිකුත් කිරී­මයි. සතුරා කෙළින්ම පලා යයි.

වෙනි­සී­ලි­යානු කුඩා පෙ‍බල් ගෙම්බන් දිගින් සෙ.මී. 3ක් පම­ණය. එහෙත් උන් ලෝක ප්‍රසිද්ධ වී සිටින්නේ සතු­රන් ඉදි­රි­යේදී බෝල­යක් මෙන් රවුම් වී ගල්කැ­ට­යක් මෙන් පහ­ළට ඇද වැටෙන නිසාය. අවා­ස­නා­ව­කට මෙත­රම් තියුණු උප­ක්‍ර­ම­යක් තිබි­ය­දීත් උන් වඳ­වී­ගෙන යන සත්ත්ව කොට්ඨා­ස­යක් බවට පත්වී අව­සා­නය.

ටෙක්සාස් අං කටුස්සා පෙනු­මෙන්ම භයං­ක­රය. ඌ සතුරා ඉදි­රි­යේදී දෑස්ව­ලින් රුධි­රය විදී­මයි. මේ රුධිර ධාරාව අඩි 5ක් දුරට යන අතර එහි ඇති අමි­හිරි රස­යට විලෝ­පි­ක­යාට ආපසු හැරෙන්නේ පව­නට බඳු ‍වේගයෙනි. ටෙක්සාස් කටු­ස්ස­කුට තම සිරුරේ ඇති රුධි­ර­යෙන් තුනෙන් එකක් මේ ක්‍රම­යට අහිමි වේ. රුධි­රය පරි­ත්‍යාග කර දිවි රැක ගත්තද නාග­රී­ක­ර­ණය නිසා මේ සතුන්ද පරි­ස­ර­යට අහි­මි­වෙ­මින් පවතී.

මර­ණය හමු­වේදී මිය ගිය හා සමා­නව රඟ­පාන ඔපෝ­සම්ද අපූරු සත්ත්ව­යෙකි. ඔපෝ­සම් සති­ය­කට කෘමීන් හාර දහ­සක් පමණ ගිල දමන විස සර්ප­යන් පවා කා දමන සතෙකි. ඌ සතු­රකු ඉදි­රි­යේදී පැය ගණ­නා­වක් මිය ගියා­ක්මෙන් වකුටු වී සිටී. එවිට උගෙන් පිට­වන මළ කුණු ගන්ධය සතුරා ආපසු හරවා යැවී­මට ප්‍රමා­ණ­වත් ය.

මිනි­සාට නෑකම් කියන චිම්ප­න්සින් එක් වී ඔවු­න්මෙන්ම දේශ සීමා­ව­ලට අර­ගල කරයි. කූඹි අනෙක් කූඹි රාජ­ධා­නි­ව­ලට බලෙන් ඇතුළු වන්නේ වහල් කූඹින් සොයා ගැනී­ම­ටයි. චිම්ප­න්සින්ගේ දේශ සීමා අර­ගල මොන­ත­රම් දුර­දිග යන­වාද කිව­හොත් වාර්තා­වන තුවා­ල­ක­රු­වන්ගේ සහ මිය­ගිය චිම්ප­න්සින්ගේ ගණනේ අඩු­වක් නැත. උන්ගේ සටන ගරිල්ලා කණ්ඩා­යම් සටන් හා සමාන බව සත්ත්ව අධ්‍ය­යන විශේ­ෂ­ඥ­යන්ගේ අද­හ­සයි.

සත්ත්ව ලෝකයේ වඩාත්ම එකම වර්ගයේ අය යුද වදින්නේ ගැහැනු සතාගේ සිත දිනා ගැනී­ම­ටයි. එහෙත් එකම පිරිමි සතාට සිත ගිය ගැහැනු සතුන්ද පිරිමි සතා වෙනු­වෙන් යුද වදින අව­ස්ථා­ව­ලට උදා­හ­රණ ඕනෑ­ත­රම් තිබේ. ඇන්ටි­ලොප්ස් ගැහැනු සතුන් ඊට හොඳම නිද­සු­නකි. උන් සිය කුඩා අං පට­ලවා ගනි­මින් ගාත්ව­ලින් පහර දෙමින් පිරිමි සතුන් තර­ම­ටම දරුණු සට­නක නියැ­ළෙයි. රතු ගෙලක් සහිත ෆැල­රෝප් හා ජැකා­නාස් පක්ෂීන් පිරිමි සතුන් නිසා සටන් වදි­න්නන්ට තවත් අපූරු උදා­හ­ර­ණ­යකි. උන්ගේ පිරිමි සතුන්ට වඩා තුන් ගුණ­යක් ගැහැනු සතුන් සිටීම මීට එක් හේතුකි. පළ­ගැ­ටි­යන් හා මත්ස්‍ය­යන් අත­රද පිරිමි සතුන්ගේ හද දිනා ගැනී­මට තම වරි­ගයා සමඟ සටන් වදින ගැහැනු සතුන් ඇත.

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>