Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

සිරියාවට අලුත් පාටක්

$
0
0
අගෝ 6, 2018 01:00

යුනිසෙෆ් වාර්තාවට අනුව සිරියාවේ යුද ගැටුම් නිසා වැඩිම දරුවන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය වසරේදිය. දරුවන් 910කට පසුගිය වසරේදි ජිවිත අහිමිවූ අතර එය 2016 වසරට වඩා 50% ක වැඩිවීමකි. සිරියාවේ යුද්ධයට මැදිවී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 13කට වැඩිය. ඉන් වැඩිදෙනෙක් කුඩා දරුවන්ය.

‘අපි සිරියාවෙන් පැනලා යන්න කළින් රාත්‍රියේ ඒ පැත්තට ගුවන් ප්‍රහාරයක් එල්ලවුණා. එදා හරි අඳුරු දවසක්. අපි හැමෝම හැංගිලයි හිටියේ. ඒවායේ විශාල ශබ්දය නිසා මුළු රෑම මං හිටියේ ඇහැරිලා.’

එසේ කියන්නේ මරණය අත වනන සිරියාවේ දරුවන් අතරින් ජිවිතය බේරාගෙන මාපියන් සමග ලෙබනනයට පලා ගිය 14 හැවිරිදි අබ්දුල් මජීඩ්ය. ඔවුන් සමග තවත් දරුවන් 9 දෙනෙකු ලෙබනනයට පලා ගොස් ජීවිත බේරාගත්තේය.

‘අපි කිසිම දෙයක් අරන් ආවේ නෑ. එහෙම ගන්න වෙලාවක් තිබ්බෙත් නැ. අපි එද්දි මං දැක්කා ගුවන් ප්‍රහාරයට අහුවුණු ගෙවල්, කාර් පිච්චෙනවා. මිනිස්සු, ළමයි පිච්චෙනවා.’

ඔහු මොහොතකට නිහඬ විය. ඒ ඇස්වල කඳුළුය.

‘මහ පාරේ පොඩිම පොඩි ළමයෙක්ගේ මළ සිරුරක් දැක්කා. ඒකේ ඔළුව තිබ්බේ නෑ. මට මගේ ඇස් දෙක වහගන්න සිද්ධවුණා.’

ඔවුන් ලෙබනනයට සේන්දුවීමෙන් පසුව මජීඩ්ගේ පියා ලෑලිවලින් සහ ප්ලාස්ටික්වලින් කූඩාරමක් ඉදිකළේය.

‘මෙහේ මට හොඳයි. සිරියාවේදී අඩුම තරමින් පහුගිය මාස දෙකේදිම මං හැමදාම වගේ මහ රෑ ජාමේ ඇහැරුණා බෝම්බ සද්දේ නිසා. අපිවත් මරා දමාවි කියලා මම නිතරම බයෙන් හිටියේ. මෙහේ මට හොඳින් නින්ද යනවා. ඒත් සමහර දවස්වල රෑට මම නින්දෙන් බයවෙලා නැගිටිනවා. කාර් එකක් ඇතුලේ මැරුණු මිනිස්සු එක්ක මම ඉන්න හැටි හීනෙන් පෙනෙනවා.’

මජීඩ්ට හැඬුම නතර කරගැනීමට අපහසු විය.

‘ඒ වගේ වෙලාවට මං අඬාගෙන නැගිටිද්දී අම්මා ඇවිත් මාව තුරුළු කරගන්නවා. එයා කියනවා අපි මේවා කොහොමහරි අමතක කරන්න ඕනය කියලා.’

අබ්දුල් මජීඩ් දැන් ලෙබනනයේ පාසලකට ඇතුළත්වී අධ්‍යපනය ලබන අතර සතියකට තුන්වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානසිකත්වය නිරවුල් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙයි. එහි අරමුණ වී ඇත්තේ සිරියාවේ යුද්ධයට මැදිවූ අසරණ දරුවන්ගේ මානසිකත්වය නැවත පිළිසකර කිරීමය. ‘මම ඇත්තටම ඒවා අමතක කරන්නයි උත්සාහ කරන්නේ. අපි මෙහේ විනෝදවෙනවා. ක්‍රීඩා කරනවා. මට දැන් අලුත් යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඒත් සිරියාවේදී ලබපු අත්දැකීම් අමතක කරන්න අමාරුයි.’

අබ්දුල් මජීඩ් වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ චිත්‍ර ඇඳීමටය.

‘මම චිත්‍ර අඳින හැම වෙලාවෙම සතුටින් ඉන්න පවුලක් තමයි අඳින්නේ. පාසලෙන් ගෙදර ආවම මං ඒවා අම්මට බලන්න දෙනවා. එයාට ඒක ලොකු සතුටක්.’ මජිඩ් කීවේය.

සිරියාවේ අනාගතය බාරගැනීමට සිටින එරට දරුවන්ට යුද්ධය නිසා රටක් අහිමිවී තිබේ.

‘මට මගේ ගෙදර, මගේ පාසල, මගේ ලස්සන ලස්සන ඇඳුම් මේ සේරම නැතිවුණා. වැඩියෙන්ම දුක හිතෙන්නේ මගේ හොඳම යාළුවා බාසිල් නැතිවුණු එකයි. මම දන්නවා අපි මෙහේට ආවේ ආරක්ෂාවටයි. නමුත් මට මගේ රට නැතිවුණා. මම අයිති සිරියාවටයි. ඉක්මනටම ආපහු මගේ රටට යන්නයි මට දැන් ඕනා. මම ලොකුවුණාම සිරියාව ආපහු ගොඩ නගන්න උදව් කිරිමයි මගේ ආසාව.’ මේ අහිංසක දරුවාගේ ප්‍රාර්ථනය එයයි. යුද්ධයෙන් කුඩු පට්ටම් වී ගිය සිරියාවට අලුත් පාටක් සොයා දීමට මජීඩ්ලාගේ පරම්පරාවට හැකිවේවිද..?

‘එහේ මට කරන්න ගොඩාක් වැඩ තියෙන බව මට සහතිකයි.’ මජීඩ් එසේ කියන්නේ බලාපොරොත්තු කන්දරාවක් සිතෙහි ගුලිකරගෙනය.


සිපිරි ගේ පාමුල දී ඔවුන්ගේ දුක් ගායනා ඇසිණි

$
0
0
අගෝ 7, 2018 01:00

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය යනුවෙන් බිත්තියක ලියැවුණු පාඨයක් අප දකින්නේ කොළඹ බේස්ලයින් පාරේ වැලිකඩ බන්ධනාගාර තාප්පයෙහිය. මහා උස තාප්පයකින් වට වූ වැලිකඩ බන්ධනාගාර දොරටුවෙහි රැස් වී සිටින ගැහැනුන්ගේ, මිනිසුන්ගේ රුව ඇතැම් දිනෙක, දවල් කාලයේ මා නෙත ගැටේ. රෝහලක රෝගීන් බලන්නට නියමිත කාලයේ දී රෝහල් පිවිසුමක රැස් වී සිටින ඥාති හිත මිතුරන් සේ බන්ධනාගාර පිවිසුම් දොරටුව රැඳී සිටින්නේ ද එතුළ සිටිනා රැඳවියකු බලන්නට පැමිණි ඔහුගේ සමීපතම ඥාතියකු හෝ හිත මිත්‍රයකු විය යුතුයයි සිතමි. සිරකරුවෝ ද මනුෂ්‍යයෝය කියා විසාල අකුරින් ලියා ඇත්තේ ඔවුන් පිළිබඳ අවට ලෝකය දක්වන වැරදි ආකල්පය නිසා විය යුතුය. එහෙත් අපට නොපෙනෙන, අප නොදකින මේ සිරකරුවන් සියලු දෙනා හෝ බහුතරය මනුෂ්‍යයන්ම මිස තිරිසනුන් නොවන බව වටහා ගන්නට නම් ඔවුන් හමු වී කතා බහ කළ යුතුය. ඔවුන්ගේ හඬට කන් දිය යුතුය. එහෙත් පිටස්තර කිසිවකුට ඔවුන් හමුවන්නට හෝ හමු වී කතාබහ කරන්නට ඉඩක් නොලැබෙන මුත්, එසේ ඉඩක් ලද අවස්ථා දෙකක් තුළ දී ඔවුන් පිළිබඳ පිටත සිට බලන්නන්ගේ ආකල්පය බොහෝ දුරට වැරදි ආකල්පයක් ය යන්න වටහා ගැනීමට එතරම් කාලයක් අවශ්‍ය නොවන බවයි මගේ අත් දැකීම. 2016 ජනවාරි මාසයේ නවවැනි සෙනසුරාදා ජීවිතයේ පළමු වරට බොරැල්ල වැලිකඩ මහ උළු ගෙදරට යන්නට මගක් පෑදුණේ මුහුණු පොත මිතුරු කණ්ඩායමක සද්ක්‍රියාවකට සම්බන්ධ වීමේ ප්‍රථිඵලයක් ලෙසය. මුහුණු පොත ක්‍රියාකාරී සමාජිකාවක වන ලලිතා ද සොයිසා ජයවර්ධන මහත්මිය ( ලලිතා ආන්ටි ) මූලිකත්වය ගෙන රැඳවියන්ට විදුලි ගිටාරයක් පරිත්‍යාග කිරීමට ගිය සිදුවීමයි පළමු අවස්ථාව. පීටර් ජෙරොම් තිසරණ පෙරේරා, රජීව් සෙබෙස්තියන් ගායකයා හා මා ගිටාරය රැඳවියන්ට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ දුක් ගායනාවක මතකය ද අප'තර ඉතිරි වූ බවයි මහ උළු ගෙදරින් එළියට එන මොහොතේ හැඟුණේ. නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු මෙන්ම, මේ නොනිමෙන දිවි ගමනේ ගීතයත් ඔවුන්ගේ හඬින් අප අසා සිටියා පමණක් නොව, අදද ඒ අතීත මතකයට යන්නට හැකි අපූරු අත්දැකීමක් ලෙස ද එදවස සොඳුරු දවස් අතර රැඳී තිබේ. ඊට නොදෙවැනි දෙවන අත්දැකීම අප ලබන්නේ ජූලි 26 පෙරවරුවේ දීය. වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රය විවෘත කිරීම හා සිපිරි ගේ පාමුල , රැඳවියන්ගේ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමයි එදින සිදු වූයේ. පෙරදා මෙන්ම මෙදිනද, මුහුණු පොත මිත්‍ර පීටර් ජෙරොම් සිටි අතර, මේ ආසන්න අත්දැකීම පුළුල් ජන සහභාගීත්වයක් හමුවේ සිදුවීම විශේෂත්වයක් විය.මේ සිර ගෙදර තුළ සිර වී සිටින්නන් මනුෂ්‍යයන්ය යන්න යළි ඒත්තු ගන්වමින්, ඔවුන් විසින් අකුරු කළ ඔවුන්ගේ දුක් ගායනා ඇතුළත් සිපිරි ගේ පාමුල කවි එකතුව අප‘තට පත් වූයේ කවියකට එකතු වූ ඔවුන්ගේ ආත්ම ප්‍රකාශනයේ තොරතුරු ලොවට ද පවසන්න යැයි කළ ඉල්ලීම ද සමඟිනි.

ජනකවි අතර පැල් කවි, ඔරු පාරු කවි, ගැල් කවි, පතල් කවි, නෙළුම් කවි , කමත් කවි, නැළවිලි ගී තේරවිලි කවි ආදී කාව්‍ය ප්‍රභේද හමුවෙතත් සිපිරි ගෙදරක් හා ආශ්‍රිත කවියක් දකින්නට නොලැබේ. එහෙත් සිපිරි ගෙදර සිට ලියූ කවි ගීත, හෝ සිපිරි ගෙදරකට යන්නට සිදු වූ පුද්ගලයකුගේ හැඟීම් නිරූපණය වන නිර්මාණ පිළිබඳ අපගේ මතකය ඈත අතීත චිත්‍රපට ගීතයක්, සැබැවින්ම කවි ගායනයක් කරා දිව යයි. 1956 දී තිරගත වූ ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ පියදාස සිරිසේන විසින් රචනා කළ කවි පන්තියක් ගීතයක් ලෙස අපට ඇසේ. යුග ගායනාවක් වූ ඒ කවි ගායනා කළෝ ලතා සහ ධර්මදාස වල්පොලයි. රන් බණ්ඩාර හා ඩිංගිරි මැණිකා අතර වන කාව්‍යමය සංවාදය අවසන සිපිරි ගෙදර සිටින රන් බණ්ඩාර මැණිකේට මෙසේ කියයි.

සිහිලැල් දිය සෙ තෙපලන බස රසා වන

ගුණදුල් මගේ මැණිකේ දිගු ඇසා වන

කළුගල් දැවෙන ගිනි හද තුළ වසා ගෙන

කළුගල් තළමි දැන් මම නුඹ නිසා වෙන

සිරගෙදර සිටින රන් බණඩාර අත් විඳින සිර දඬුවම ද කවියා අපට පවසයි. මෑත කාලයේ අප ඇසූ ගීත කිහිපයකින්ම සිපිරි ගෙදර යන්නට සිදු වූවන්ගේ ආත්ම ප්‍රකාශන නිර්මාණ සේ ඉදිරිපත් වී තිබෙනු පෙනේ. සිපිරි මාලයේ ගීතය ලෙස හැඳින්වෙන සුනිල් ආරියරත්න ලියූ සුනිල් එදිරිසිංහ ඔවා දෙන ලෙස ගැයුණු මේ ගේය කාව්‍යය, සිව් පද ආකෘතියෙන් රචනා කළ කවියක් වැන්න.

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා

නංගියෙ නොහොබිනා කම් හුරුවෙන්න එපා

බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා

හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා

මේ රැඳවියා කවි ලියන්නේ බෝගම්බර සිරගෙදර සිට බව ශ්‍රාවකයා දැන ගනී. සුනිල් එදිරිසිංහගේ වැලපිලි ශෝකී ස්වරය සුනිල් ආරියරත්න විසින් පරිකල්පනය කරන ලද, කවියේ අරුත හදට සමීප කරන්නකි. සුනිල් ආරියරත්න විසින්ම රචනා කරන ලද තවත් සිපිරි මාලයේ ගීයකින් විජය කුමාරතුංග ඉල්ලා සිටින්නේ කුමක්ද, අමතන්නේ කවුරුන් ද යන්න බලන්න.

දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩි නම්

අලුගෝසුවනේ එල්ලාපන්

අලුගෝසුවනේ එල්ලාපන්

කටු ඉඹුලේ අප එල්ලාපන්

සනත් නන්දසිරි ගායකයා විසින්ම රචනා කොට මල්කාන්ති නන්දසිරි සමඟ ගැයූ මේ යුග ගීතය පෙර කී ගී අත්දැකීමට වඩා වෙනස් එකකි. පෝරකයට යන්නට නියමිතවී ඇති රැඳවියකු ස්වාමීන් වහන්සේ නමක් අමතා අවසන් මොහොතේ මෙසේ අසයි.

අනේ ස්වාමිනී මා ගෙලලන්නට ඉඩ නම් දෙන්න එපා

ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්වන්න එපා

ඇති දා ළඟවුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා

නැති දා ළඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා

පුතු මරණීය දණ්ඩනයට නියම වූ දින පැමිණ සිටි මවගේ පිළිතුර හද කම්පාවට පත් කරයි.

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ

දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ

දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ

මතු උපදින දා මගෙම පුතුවෙයන් හොඳ මිනිසකු ලෙසිනේ

මිනීමරුවකු වූවත් පුත්‍ර ස්නේහය මවකගේ හදවතින් මිය නොයන බව ගේය කාව්‍ය රචක සනත් නන්දසිරි පවසන්නේ අසන්නා තුළ කරුණ රසය උපදවමිනි.

සරසවියේ සිසු මාණවක මාණවිකාවන්ගේ ආත්ම ප්‍රකාශන කුරුටු ගී ලෙස ලියවෙන බව අපි දනිමු. කර්තෘ අඥාත එකී නිර්මාණ ලියවී මැකී ගොස් යළි යළිත් නව කුරුටු ගී ලෙස ලියවෙන බව ද පෙනේ. සරසවි උප සංස්කෘතිය තුළ කුරුටු ගී ලියවෙන ලෙසම, සිපිරි ගෙදර රැඳවියන්ගේ ජීවිතය තුළ වෙනස්ම ආකාරයේ උප සංස්කෘතියක් ගොඩ නැගී ඇති බව එහි නිලධාරීහු දනිති. කුමන හෝ වරදකට නීතිය ඉදිරියේ වරදකරුවන් වූ මේ පිරිස වයස 30-70 අතර සිටින්නෝය. අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ද සමත් පිරිස් අතර සරසවි අධ්‍යාපනය ලද්දන් ද උපාධිධාරීන් කිහිප දෙනෙක් ද සිටින බව කියැවේ. එහෙත් බහුතරය වැඩිදුර අධ්‍යාපනය ලැබූවන් නොවේ. පිරිසක් පාසල් ගොස් නැති අතර, ඇතැමුන් ලියන්නට කියන්නට නොදනී. වසර 200ක් තරම් ඉතිහාසයක් ඇති බන්ධනාගාර උප සංස්කෘතිය තුළ ඔවුන් විසින් තම වේදනාවන් කවියක් ලෙසින් ප්‍රකාශ කළ අවස්ථා ඕනෑ තරම් තිබී ඇත. අඟුරු කැබලිවලින් සිරගෙදර බිත්ති මත, වැසිකිළි බැමි මත, සිමෙන්ති පොළොවේ පඩි මත, ඔවුන්ගේ දුක ලියැවෙන්නට අැත. එහෙත් මෙලෙස සිරගත රැඳවියන් තුළ කිසියම් හෝ නිර්මාණශීලීත්වයක් වේ නම් එය මතුකොට ගැනීමට අවස්ථාවක් ඔවුනට ලබා දුනි නම්, ඔවුන්ගේ දුක, වේදනාව, කලකිරීම, පසුතැවීම කෙබඳු ද කියා දක බලා ගැනීමට මගක් පෑදෙන බව දත් බන්ධනාගාර නිලධාරියකු සිටීම සිපිරි ගේ පාමුල හමුවන කවීන්ගේ වාසනාවකැයි සිතමි. ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක නම් වූ මානව හිතවාදී නිලධාරියාගේ දෑස් කුරුටු කවි ලෙස තැන තැන ලියැවුණු සිර කවියට යොමුවීමේ මහරු ප්‍රතිඵලයක් ලෙස සිපිරි ගේ පාමුල කවි එකතුව දකිමි. රැඳවියන් විසින් ලියූ කාව්‍ය නිර්මාණ 500ක් පමණ අතරින් තෝරාගත් කවි 100 න් යුත් සංග්‍රහයක් තුළ අපට සමාජය විසින් ,ඇතැම් විටෙක, ගෙදර දොර විසින් පවා අත්හැර දමන ලද, මිනිස් ජීවිත තුළ නිරන්තරයෙන් නැගෙන දුක් වේදනාවේ දෝංකාරය මේ කවිය තුළින් අපට ඇසෙන බව මට දැනිණ. අවුරුදු, 10,15, 20,30 නොව 100 ආදීවශයෙන් දඬුවම් ලබා සිටින ඔවුන් දින, සති, මාස, අවුරුදු පමණක් නොව තත්පර පවා ගනිමින් සිටින බව කියැවේ. සිරගත වූ සිතක හුදකලාවේ සිටින කල නැගෙන සංවේදනා දෙස දයාර්ද සිතින් බලන්නට කෙරුණු ඇරැයුමක් වැන්න මේ කවි එකතුව. කොළඹ වැලිකඩ සිරකරු සාහිත්‍ය කලා සංසදය විසින් සම්පාදනය කරන ලද, මේ කවි එකතුව සංස්කරණය කොට ඇත්තේ චන්දන ගරුසිංහ විසිනි. ඔහු අපූරු කවි ලියන්නෙක් ද වන බව මෙහි එන නිර්මාණ රැසකින්ම ඔප්පුවේ. සාහිත්‍ය කලා සංසදයේ ලේකම්, හේමන්ත ජයසිංහ ද කවියකු ලෙස අපට හමු වේ. නිර්ණාමික රැඳවියන්ගේ කවි අතර, නමින් කවි ලියූ ආනන්ද දසනායක, යූ. ආරියපාල, ජානක විජේසිංහ, චාමර පෙරේරා, වසන්ත බණ්ඩාර, ප්‍රදීප් ප්‍රියන්ත, අශෝක ශාක්‍ය, ජනක විජේසිංහ, වසන්ත වික්‍රමසිංහ, වෙරෝනිකා බොට්නි, ජයලත් බණ්ඩාර, ටියුරින් සිල්වා, එස්.කේ.ජයතිලක, දමිත නිලන්ත, ප්‍රදීප් ප්‍රියන්ත, තිලක් චමීර, එරංග ප්‍රදීප්, චන්දන ගරුසිංහ, අනුර වීරවංශ, ජනක බණ්ඩාර, මනෝජ් ජයසිංහ හා පළමු නම පමණක් සඳහන් විසාල පිරිසකගේ නිර්මාණ මෙම කවි සියය අතර වේ. රැඳවියන් අතර, කිවිඳියන් ද හමුවේ. සිපිරි ගෙදර ජීවිතයේ ඔවුන් අත්විඳින සුඛ, දුක්ඛ, සංවේදනා මෙන්ම, මව් ගුණය, බිරිඳ , දූ දරුවන් සිහි වී නැගෙන සංතාපය, වරද පිළිබඳ පසුතැවිල්ල, කලකිරීම වැනි දහසකුත් එකක්, වේදයිත සිපිරිගේ පාමුල කවියෙන් පෙනේ. සමස්තයක් සේ ගත් කල, බොහෝ අවස්ථාවන්හි දී සෑම කවියකින්ම තම පෞද්ගලික අත්දැකීම් ම කියැවෙන බවයි අපගේ හැඟීම.

සිපිරි ගේ පාමුල කවි අතර බහුතර නිර්මාණ සඳහා විෂය වී ඇත්තේ මව් ගුණය පිළිබඳ රචිත නිර්මාණයි. නිදහස් හෝ නිසඳැස් ආකෘතියෙන් ලියැවුණු කවි තිබුණ ද බොහෝ දෙනා විසින් සම්මත සිව්පද ආකෘතියම තෝරාගෙන ඇති බව පෙනේ. වාර්තාමය ලක්ෂණය, කාව්‍යාත්මක බවින් තොර භාෂාව, අත්දැකීම්හි නව්‍ය බවක් නොවීම මෙහි එන බොහෝ කවි තුළ පෙනේ. සිපිරි ගෙදරක සිරවී මනසින් දුක් විඳින, එතරම් උගත්කමක් හෝ සාහිත්‍යය පිළිබඳ මූලික දැනුමක් පවා නොමති පිරිසකගෙන් උසස් මට්ටමේ නිර්මාණ අපෙක්ෂා කළ යුතු නොවේ. එසේ වූවත් අපූරු අත්දැකීම් කවියට නගන්නට ගත් උත්සාහයන් වන බවට නිදසුන් සොයා ගත හැකිය. ඇත්ත කතාවක් රචකයා සොයිසාය. ඔහු දෙවසරක දඬුවමක් ලැබ වැලිකඩට එන්නේ ජනවාරි 11 වන දාය. ඔහුගේ බිරිඳ සඳුනිය. ඇගේ කර පාළු මකන්නට සොරකමක් කොට දෙවසරක සිර දඬුවමක් ලැබූවෙකි.

දිනය: ජනවාරි 11: ස්ථානය : අලුත්කඩේ උසාවිය

සඳුනි මගේ ආදරය - මගේ මුල් ආත්මය

කර පාළු නිසා ඇගේ - හොරකමක් කළා මම

දෙවසරක දඬුවමක් - රැගෙන වැලිකඩ යමි

සඳුනි:

මගේ හද මගේ ගත - ඉඳුල් කළ ප්‍රථම පෙම

යළිත් එනතුරා ඔබ - බලා ඉන්නවා මම

දෙවසරක් නම් මොකද - සසර වුව බලා ඉමි.

දිනය: ජනවාරි 12 ස්ථානය: වැලිකඩ විසිට් කාමරය

මම:

අනෙ සර් මගේ බිරිඳ - අපි බැඳලා මාසයයි

ගමේ කෙල්ලක් නිසා - ඇයට මෙය නුපුරුදුයි

තව ටිකක් දොඩමළුවෙන්න - අපිට අවසර දෙන්න

සඳුනී :

මේ සබන් දත් බෙහෙත් - මම කඩෙන් ණයට අරගත්තෙ

ගේ හරියෙ මොකුත් නෑ - උයන්නට හාල් වත්

මගෙ කඳුලුකැටවලට - නෑ කිසිම ලංසුවක්

හදවතේ කිසිවෙකුට - නෑ ඉඩක් ඉතිරි වී

හද පුරා නෙත පුරා - මැවෙන්නේ ඔබ රුවයි

සසර සැරිසරන තෙක් - ඔබ මගේ ! ඔබ මගේ !

නිලධාරිතුමා :

අඬවන්න එපා බං - අහිංසක ගෑනියෙක්

වෙච්ච දේ වුණා බං - දැන් ගෙදර යවාපං

උදව්වක් ඕන නම් - මෙන්න මගෙ නොම්මරේ

මටත් ඉන්නවා නංගිලා

ජනවාරි 13 ස්ථානය - චැපල් අංශය

කම්බිලිය බකට් එක - කාමරේටම එවලා

හරිම හොඳ මහත්තයා - කඳුළු දැක උණුවෙලා

අනේ වාසනාවන් - මේ වගේ මහත්වරු

දිනය :- පෙබරවාරි 12 - වැලිකඩ විසිට් කාමරය

අම්මා නම් ආවා ඇතුළට - සඳුනි පිටුපසින් නැත

ඉස්සිලාත් බැලුව මම - දකින්නට ආස මට

සඳුනිගේ සුදු මූණ - ඈ තමයි මගේ පණ

අම්මා :

“කවුද ඒ මහත්තයා - කීප දොහ ආ ගියා

හිරගෙදර උඹ ණයලු - හිලව්වට ඈ ගියා

ගිය එකම හොඳයි බොල - තවම එක මාසෙ නොවැ ?“

තේරුණා දැන් මෙමට - උණු කඳුළු ලංසුවට

කම්බිලිය බකට් එක - ගැළපුවා කදිමටම

හරිම හොඳ මහත්තුරු - හරි ෂෝක් මහත්තුරු

නොපතන් වාසනාවන් - මේ වගේ මහත්තුරු

මේ රැඳවියා ඇත්ත කතාවක් යනුවෙන් නම් කොට රචනා කොට ඇති මේ නිර්මාණය සඳහා නාටකීය අවස්ථාවක් ගොඩ නැගීමට උචිත ආකෘතියක් තෝරා ගනී. එක් මසක් ඇතුළත ඔහුට අත්විඳින්නට , මුහුණ පාන්නට ලැබෙන ශෝකජනක අත්දැකීම යටින් කියැවෙන කතාන්දරය පාඨක සිත සසල කරවයි. කුලසේන ෆොන්සේකගේ පාලම යට නවකතාවේ ජවනිකාවක් ද සිහියට නංවන මේ කවියේ අත්දැකීම තුළින් කවියා සතු නිර්මාණශීලී ගුණය කැපී පෙනේ. විවාහක රැඳවියන් බොහෝ දෙනාගේ නිර්මාණ තුළින් කියැවෙන්නේ ගෙදර සිටින බිරිඳ, දරුවන් සිහිවීම, නොවේ නම් බිරිඳ විසින් එවූ ලිපියකින් ඔහු විඳින වේදනාව වැනි සියුම් වේදනාවන්ය. හිමියකු සිරගත වූ පසු එවන් බිරිඳක් දෙස උකුසු ඇසින් බලා වසඟයට ගැනීමට තැත් කරන්නෝ එමටය. යූ ආරියපාල කවියාට බිරිඳගෙන් ලැබෙන ලිපියක එවැනි දේ ගැන සඳහන් කරන අතරේම, ඈ සිතෙහි ඔහු පිළිබඳ මතු වන සැක සාංකා ද කවියට නගයි.

වැඩ පොළෙ යහළුවන් නම් හරි කරුණාවයි

ඒ කරුණාව ටික දෙනෙකුගෙ හරි අමුතුයි

අමුතුම කරුණාව කොහොමත් භයානකයි

ඉන් ගැළවෙන්නෙ දාගෙන හොඳ හිනාවකුයි

හිමියනි ඔබට ඒ කරදර නැහැ නේද

සිරකාරියන් ළඟ පාතක පේනවද

පෙනුණත් ඔබගෙ සිත යන්නේ නෑ නේද

ඉන්දුගෙ මුහුණ එතකොට සිහි වෙනවාද

සිපිරි ගේ පාමුල කවි එකතුව තුළින් සිපිරි ගෙදරක් තුළ ජීවත්වන සංවේදී ගහැනුන් මිනිසුන් දකිමි. ඔවුන්ගේ ජීවන තතු මේ ලෙසින් ලොව හමුවේ තැබීමට තරම් සංවේදී මනසක් සතු වූ නිලධාරී නිල ඇඳුමින් තම ගත වසා නොගත් සුන්දර මිනිසුන් හිඟ මෙවන් අවදියක, චන්දන ඒකනායක වැනි සොඳුරු මිනිසුන් දකින්නට ලැබීම බන්ධනාගාරයේ රැඳවියන්ගේ මෙන්ම රාජ්‍ය සේවයේ ද, විශේෂයෙන් බන්ධනාගාරය වැනි සේවාස්ථානයක ද වාසනාවක් ලෙස සලකමි. ජනතාවගේ ආදරයෙන් ඈත්ව ඇති, පොලීසිය, සෞඛ්‍ය සේවාව, වැනි මහජනතාව හා සෘජුව ගනුදෙනු කරනු ලබන ආයතන තුළ වඩ වඩාත් චන්දන ඒකනායකලා බිහිවේවායි පතමි. සරසවි ප්‍රකාශනයක් වන සිපිරි ගේ පාමුල කියවා එහි හමුවන රැඳවියන්ගේ දුක් සුසුම , කඳුළ, වේදනාව, හඳුනාගනිමු.

බුද්ධදාස ගලප්පත්ති

ශිෂ්‍යත්ව උණ

$
0
0
අගෝ 7, 2018 01:00

‘‘දැන් නම් හැමෝගෙම උණ සනීපයි නේද ඇම්බන් මහත්තයා...? “ කියා උන්නැහේ ඇසුවේ උදේ තේ බොන ගමන්ය.

‘‘ ඩෙංගු ගැනද උන්නැහේ කියන්නේ? එහෙමම සනීපයක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ නෑ... තාමත් ඔය තැන් තැන්වල ඩෙංගු රෝගීන් හමු වෙනවා නේ...“ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ නෑ... මං කිව්වේ ඩෙංගු උණ ගැන නෙවෙයි ඇම්බන් මහත්තයා... මං කිව්වේ මේ ශිෂ්‍යත්ව උණ ගැන...“ කියා උන්නැහේ කීවේ කොචොක් පාරක් දාමිනි.

‘‘ ඇත්තට එහෙමත් උණක් තියනවාද උන්නැහේ... ශිෂ්‍යත්වේ කියන්නේ උණක්ද? දැන් ඉතින් උණ සනීපයිද? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ උන්නැහේගේ කතාවේ නොපිට තේරුම ගැන අවුස්සමිනි.

‘‘ සනීපයි තමයි... ඇයි ඉරිදා ශිෂ්‍යත්ව විභාගේ තිබ්බානේ... අනේ ඉතින් අපේ අහිංසක දරුවෝ... අර කතාවක් තියෙනවා නේ මරාගෙන කනවා කියලා... මේ අහිංසක ළමයි ටික මරා ගෙන කෑවේ නැති තරමයි... පුළුවන් නම් මුං ඒ ටිකත් කරනවා...“ කියා උන්නැහේ කීවේ තරමක කෝපයෙනි.

‘‘ මුං කීවේ කාටද උන්නැහේ....? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ඒක නම් තේරුණේ නැති හින්දාය.

‘‘ ඇයි ටොම්සන් මහත්තයා... මේක මේ අහිංසක ළමයින්ගේ ඉගෙනුමේ තියෙන එක විභාගයක් නේ... ඒ වුණාට මුං ඔක්කොම වට වෙලා ළමයි ටික කෑවේ නැතිවා විතරයි නේ... මුං කියන්නේ මුං ඇට නෙවෙයි ටොම්සන් මහත්තයා... මාර විදිහේ ගුරුතුමාලා ගුරුතුමීලා ටිකක් නේ පහු ගිය දවස්වල නාට්‍ය රඟපෑවේ... ඒවා ඉස්සරහට අරන් ගියේ අර ගුවන් විදුලි නාලිකා... තව පත්තර... හැම සති අන්තෙම කොහේ හරි පන්සලක් අල්ලා ගෙන ළමයින්ට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ... මොන විකාරද ටොම්සන් මහත්තයා මේ අහිංසක ළමයි ලොකු ශාලාවකට දාලා සම්මන්ත්‍රණ තියන්නේ... ළමයින් නිකම් අර සෙක්කුවේ දාලා කරකවනවා වාගේ... පොල් දාලා කැරකෙව්වාම තෙල් එනවානේ.. ඒ වාගේ තමයි. ඉතින් ගුවන් විදුලි නාලිකාවලින් පත්තරවලින් ඔන්න කියනවා අහවල් දවසේ අහවල් පන්සලේ අහවල් ඉස්කෝලේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්... ඉතින් අම්මලා තමන්ගෙ දරුවෝ දක්කා ගෙන යනවා එතෙන්ට... අනුග්‍රහය අර තේවලින් මේ බිස්කට්වලින්. මේක එහෙම පිටින්ම බිස්නස් එකක් නේ ටොම්සන් මහත්තයා... ටොම්සන් මහත්තයා දන්නවද මේ සැරේ ශිෂ්‍යත්වෙට පෙනී හිටිය සංඛ්‍යාව...? “

‘‘ හැබෑට කොච්චරක්ද? ‘ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘ සිංහල මාධ්‍යයෙන් දෙලක්ෂ හැට හත් දාහයි. දෙමළ මාධ්‍යයෙන් අසූ හත් දහස් පන්සීයයි. නිකම් හිතන්නකෝ මේ බිස්නස් එකේ තරම කොච්චරද කියලා...“

‘‘ ඉතින් අපි මොකද කරන්නේ උන්නැහේ... මේක මේ අම්මලාගේ විභාගයක් නේ... ‘‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ මොන පිස්සුද ඇම්බන් මහත්තයා... මේක අම්මලාගේ විභාගයක් කෙරුවේ ඔය බිස්නස්කාරයෝ ටික තමයි. නැතිනම් අම්මලා ඔය තරම් මැරෙන්නේ නෑ... නිකම් හිතන්නකෝ ඔය ශිෂ්‍යත්ව ටියුෂන් කෙරුවාව කොහොමද කියලා.. හැම නගරෙම.. හැම ගහක් ගලක් ගානෙම පහුගිය කාලේ ශිෂ්‍යත්ව පන්ති... ආයේ මොනවද ඒ පන්තියකට ගියොත් පාස්ම තමයි... නිකම් දැක්කද පෝස්ටර් විතරක්... ඉතින් අම්මලා පිස්සු වැටෙන එක අහන්න දෙයක්ද? මේක මේ ඉස්කෝලෙන් කරන ඉගෙන ගැනිල්ලක් නම් මේ වගේ පිස්සුවක් ඇති වෙන්නේ නෑ නේ... ‘‘ කියා උන්නැහේ කීවේය.

‘‘ අනේ මන්දා උන්නැහේ... ඕවා කියන්නේ නැතිව ඔය නැකැත් ටිකක් හදලා... එය ශිෂ්‍යත්වෙ පාස් වෙන්න කියා බෝධි පූජා ටිකක්. එහෙම නැතිනම් විශේෂ දේවාශිර්වාදය ලැබෙන වැඩ සටහනක් කෙරුවා නම් හොඳ ගානක් හොයා ගන්න තිබුණා. ‘‘ කියා ටොම්සන් මහත්තයා කීවේ කොචොක් පාරක් දාමිනි.

‘‘ මටද කියන්නේ ටොම්සන් මහත්තයා... අහිංසක ළමයි බිල්ලට අරන් සල්ලි හොයන්නේ මොකටද ටොම්සන් මහත්තයා...? අනික දැක්කද පහුගිය දවස්වල පත්තරවල තිබුණු නැකැත්... උදේට පිටත් වෙන්න... ලියන්න පටන් ගන්න. පෑන්වලට ආශිර්වාද කරන ඒවා... ගුවන් විදුලි නාලිකාවලින් වෙනම නැකැත්... කිසි එකෙක් නෑ නේ... මේක ගැන කතා කරන... අවුරුද්දක් තිස්සේ ළමයි මරා ගෙන කන්න දීලා... විභාගේ කිට්ටු වෙන කොට සතියක් විතර ඔය පන්ති තහනම් කරනවා. ඇයි අත දරුවා කාලේ ඉඳන් ශිෂ්‍යත්ව පන්ති තිබුණා කියලා දන්නේ නෑ නේ.. “ කියා උන්නැහේ බොහොම හිතේ අමාරුවෙන් කීවේය.

‘‘ ඕකේ තේරුම මේකයි උන්නැහේ... මේවා මේ එක පැත්තකට අවිද්‍යාව ජනසතු කරන්න මාධ්‍ය එකතු වෙච්චි, දරුවන්ගේ අහිංසකකම බිල්ලට ගත්තු බිස්නස්කාරයින්ගේ වැඩ... පහේ ශිෂ්‍යත්වෙ ලියන ළමයින්ට ඡන්ද අයිතිය දුන්නා නම් ඔන්න මොකක් හරි වෙන්න තිබුණා... කරුමෙට ඡන්ද අයිතිය ලැබෙන්නේ පහේ පන්තියේදි නෙවෙයිනේ... නැද්ද මං අහන්නේ... “ කියා ටොම්සන් මහත්තයා සිනහසුණේය.

බන්දුල පී දයාරත්න

අන­තුර

$
0
0
අගෝ 7, 2018 01:00

කඩතොළුවී ගිය පාරට පවා සිරියාවක් එක්කරන්නේ දෙගොඩතලා ගලා යන ඇළය. ඇළ අද්දර මාර ගස් පමණක් නොව ඉන් ඔබ්බෙහි අඩි පාර හා වෙල් යායද මේ පුළුල් අවකාශයේ සැරිසරන අනේක අපා දෙපා සිව්පා සතුන්ද ප්‍රමෝදයෙන් මන්මත් කරවන්නේද ඒ සුනිල දිය දහරයි. සියල්ල සන්සුන් හා සාමකාමී බව හැඟී ගියෙන් සිත වෙළාගත් සහනය බිඳ දමමින් එක්වරම නැඟි උස් හඬින් තැති ගතිමි. වේදනාත්මක විලාසයෙන් සැඟවගත් ‍ඒ හඬ වටහාගන්නට වෑයම් කරමින් මම පාරට දිව්වෙමි. ඒ අන්තරාදායක හඬ ඇසුණු හැම අයෙක්ම අතනින් මෙතනින් පාරට දිව ගියහ.

“ළමයෙක්ද කොහෙද හැප්පෙන්ඩ ඇති මෝටර් සයිකලේක” යි වේදනාවෙන්ද කෝපයෙන්ද කියා සිටියේ දරුවන්ගේ පියාය. සැණින් මට සිහිපත්වූයේ කෙළිදෙලෙන් පසුවූ නිවුන් පුතුන්ය. ඔවුන්ගෙන් එකෙකු අනතුරට ලක්වී දැයි සැකයෙන් මගේ සියොළඟ ගිනිගෙන ඇවිලිණි.

“දෙයියනේ... අපේ එක්කෙනෙක්ද දන්නෙ නෑ...” යි මට කියවිණ.

“අපේ උං වුණත් කරන්න දෙයක් නෑ. ඉවක් බවක් නැතුව පාරෙ යනකොට ඔහොම දේවල් වෙනවා තමා.”

දෙපා අප්‍රාණිකව ගියද මම පාරට දිව්වෙමි. අනතුර සිදු වූ ස්ථානයට වැඩි දුරක් නැත. පේනමානයේය. දැනටමත් වටව හිඳින පිරිස හේතුකොටගෙන කිසිවක් නොපෙනේ. මගේ දරුවා නොව කවර දරු‍වකු වුවද අනතුරකට ලක්ව සිටින අන්දම දකින්නට තරම් ධෛර්යයක් එක්රැස් කරගත නුහුනුව පමා වීමි. පිම්මේ දිව යා යුතු මොහොතක මෙලෙස තැවි තැවී හිඳීම කුමන අනුවණකමක්දැයි දොස් පවරාගනිමින් මම පාරේ පහළට ගමන් කළෙමි.

කිසිවකු යතුරුපැදියේ ගැටී නැත. යතුරුපැදිකරු පාරේ වළක් මගහරින්නට යාමෙන් බිම ඇදවැටී ඇතුවා මිසක හිස් ආවරණයක් පැළඳ නොසිටි බැවින් හිස තදින් පාරේ වැදීමෙන් සිහිසුන්ව ලේ ගලන තුවාලකරු වටා එක් රොක්වූ පිරිස හැඟීම් දැනීම් නොමැති හුදු රොබෝයන්ත්‍ර මෙන් බලා සිටිති. වහා රෝහල්ගත කරන්නට සිතන්නට හගින්නට අනලස්ව ක්‍රියා කරන්නට මේ මිනිසුන් උත්සුක නොවන්නේ මන්දැයි මම විමතියෙන් කල්පනා කළෙමි.

“අහක යන කරදර ඇ‍ඟේ දාගන්නෙ මොන එකකටද?”

“පොලිසි උසාවි ගානෙ බඩගාන්ඩ බෑ අප්පා...”

“අන්තිමට උදව් කරන මිනිහා තමා වැරදිකාරයා වෙන්නෙ.”

“කරුමෙ. එක එක්කෙනාගේ කරුමවලට අපි කර ගහන්නෙ මොකටද?”

පාරේ ඇදවැටී ලේ ගලන මිනිසාට උපකාර නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළහොත් එබඳු පිළිතුරු ලැබෙනවා නිසැකය.

නිර්වින්දනය වූ සමාජයක් තරම් බිහිසුණු හා අනතුරුදායක තවත් යමක් මෙලොව ඇත්දැයි සැක සහිතය. එවන් සමාජයක කිසිවකුට තවත් අයකු වෙතින් සුළු හෝ උපකාරයක් අපේක්ෂා කළ නොහැක. අනෙක් අතට පොදුවේ සමාජයට දෝෂාරෝපණය කිරීමද අයුක්තිසහගතය. උදව්වට ඉදිරිපත් වූ මිනිසා පීඩාවට පත්වන යාන්ත්‍රණයක් තුළ තම තමාගේ වැඩකටයුතු බලා කියා ගනිමින් කටුව තුළට වැදුණු ඉදිබුවන් මෙන් හැසිරීම පිළිබඳව පොදු ජනතාවට දොස් පැවරිය නොහැක.

ත්‍රිවිලරයක් වේගයෙන් ආවේය. තුවාලකරු එයට නංවාගත් ඉලන්දාරියා වෙනකකු නොවේ මගේ දෙවැන්නාය. ඔහුගේ මිතුරකුද ඔහුට සහාය වීය. දෑසට නැගි කඳුලින් සියල්ල බොඳව ගියේය.

“අම්මේ පොඩි අයියගෙ ටීෂර්ට් එක ගන්න දෙයක් නෑ.“ බඩපිස්සා කේලම් කියන්නට පටන්ගත්තේ දවස නිමා වෙන්නාහාමය.

ලේ ගෑවිලා අම්මේ සේදුවට නම් යන එකක් නෑ. විසිකරන්ඩ තමා වෙන්නෙ. පුංචි පුතාද සිය නිවුන් සහෝදරයාට උල්පන්දම් දෙයි.

ඒ එක්කෙනාගෙ ඔළුවෙ තුවාලෙට තියාගෙන ගිය ලේන්සුවක් ලෙසට තෙමුණ නිසා විසිකරල දැම්මලු පොඩි අයියා.”

මද්දු තවත් තොරතුරක් අනාවරණය කළේය.

ටීෂර්ට් එකකටයි ලේන්සුවකටයි වඩා කොච්චර වටිනවද ළමයිනේ මනුස්ස ජීවිත‍යක්”යි මා කීවේ සැනසුම් සුසුමක් හෙලමිනි.

“වටවෙලා හිටියනෙ අම්මෙ ලොකු ලොකු මාමලා. ඒත් ඉතිං අර බයික් එකෙන් වැටිච්ච කෙනාව උස්සගෙන ඉස්පිරිතාලෙ එක්කාගෙන ගියේ පොඩි අයියලනේ.

නිවුන් පුත්තු විමතිය පළ කරති.

“ඔක්කමලා එකතුවෙලා පොඩි අයියලාට අප්පුඩියක් ගහන්න ඕන. දෙයක් වුණාට පස්සෙ වටවෙලා බලා ඉන්න එකවත් ෆොටෝ ගන්න, වීඩියෝ කරන එකවත් නෙමේ මනුස්සකම. මනුස්සයෙක් මනුස්සයෙකුට උදව් නොකරනවානම් විපතකදී ඒක උතුම් මනුස්සත්වයට කරන නිගාවක්.”

කොල්ලෝ සිය සොහොයුරා වෙනුවෙන් අත්පුඩි ගැසූ අතර මම ඔහු වැළඳගතිමි.

“මගෙ හොඳ පුතා. මාරක තුවාලයක් නැතත් පැය ගාණක් පාරෙ වැටිල හිටිය නම් ලේ ගිහිල්ලම ජීවිතේට අනතුරක් වෙන්න තිබ්බනේ. පුළුවන් හැම වෙලාවෙම තව කෙනකුට උදව්වක් කරන එකෙන් තමා ඕනම කෙනෙක්ගෙ ජීවිතයට වටිනාකමක් හා සැබෑ ලස්සනක් එකතු වෙන්නෙ.

මගේ ඉලන්දාරියා පෑ සිනාවේ විළිබර බව සමඟ දැවටී තිබූ සොම්නස කොපමණ සොඳුරු වී ද.

ශාන්ති දිසා­නා­යක

මචාදෝ සමඟ ස්පාඤ්ඤ කවි ලොවට

$
0
0
අගෝ 7, 2018 01:00

මෙලොව වෙසෙන කාව්‍ය ප්‍රේමී ජනයා අතර ස්පාඤ්ඤ කිවිවර හා නාට්‍ය රචක ෆෙදෙරිකො ගර්සියා ලෝර්කා ගැන නොදන්නා අයෙකු නැති තරම්ය. යෙර්මා, හවුස් ඔෆ් බර්නාදු ඇල්බා, බ්ලඩ් වෙඩින් ආදී ලෝර්කාගේ දෘෂ්‍ය කාව්‍යයන් සිංහලට ද නැඟී වේදිකාගතව ඇත. ස්පාඤ්ඤ සිවිල් යුද සමයේදී 1936 අගෝස්තු 19 හෝ 20 වෙනි දින රාත්‍රියෙහි ලෝර්කාගේ නිවසට කඩාවැදුණු, ආඥාදායක ෆ්‍රැන්කෝගේ සෙබළු ඔහු සොහොන් බිමකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළහ. (මෙහිදී මට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මරණය සිහියට නැ‍ඟෙනුයේ නිරායාසයෙනි.)

එවකට ලෝර්කාගේ වයස අවුරුදු 38 කි. ඒ කෙටි ජීවිත කාලය තුළදී ඔහු කළ නිර්මාණ - ගැදි, පැදි, නාට්‍ය අදත් ලෝකයා රසවිඳිති. අගයති. ලෝර්කාගේ සමකාලීන කවියෙකු වූ අන්තෝනියෝ මචාදෝ, ඔහු ඝාතනය පිළිබඳව දැඩි ලෙස කම්පා විය. ‘ප්‍රෙදරීකෝ‘ මැයින් ඔහු ලියූ මෙකව තුළ, ඔහුගේ සෝ සුසුම් ‍තවමත් නිනද වෙයි.

තුවක්කු බයිනෙත්තු

එල්ල කර ගත් සොල්දාදුවන් මැද,

පාළු වීදියක් දිගේ

ප්‍රෙදරීකෝ

පා නඟන හැටි

දුටුවා මම.

හිමිදිරි පාන්දර

අහසේ තරු එළි නිවෙද්දී

අමු සොහොනක් වැනි පාලු බිමක් වෙත

ප්‍රෙදරීකෝ ගෙන ගියා

 

අඳුර පහ වී

හිරු අහසේ නැ‍ඟෙද්දී

ප්‍රෙදරීකෝ

ඔවුන් ඔබ මරා දැමුවා

 

ඔබගේ අහිංසක මුහුණ දැකලා

මිනීමරු බල ඇනිය

වෙව්ලන දෑතින්

ඇස් වසා ගත්තා

‘දෙවියන්ටත් බෑ ඔබ බේරා ගන්නට‘

උන් දෙවියන් යැදුවා

උන්ගේ තුවක්කු වැරෙන් අල්ලා

වෙඩි තිබ්බා

 

ප්‍රෙදරීකෝ

මැරී වැටුණා

ලේ විලක් මැද

 

සිහින් නළලින් ලේ ගලනවා

මොලොක් මස්, ලේ, නහර තුළ

ඊයම් බරු පාවෙනවා

 

ඔහු මරා දැමුවේ, ග්‍රානදාවේ

ඔහු උපන් ග්‍රානදාවේ

ඔහු ආදරය කළ ග්‍රානදාවේ

අසරණ මව් වැනි ග්‍රානදාවේ

මේ කව මා උපුටා ගත්තේ 1975 දී රංජිත් ගුණවර්ධනයන් විසින් පළකළ ‘බුද්ධිමතුන්ට උපහාරය‘ නමැති මචාදෝ කවි එකතුවෙනි. ඔහු එකලම පැබ්ලෝ නෙරූදාගේ කව් එකතුවක් ද සිංහලට පෙරළා ‘ඊයේ පිපුණු ලයිලැක් මල්‘ නමින් ප්‍රකාශයට පත් කළේය. මචාදෝ සහ නෙරුදා ගැන යම් තරමක අවබෝධයක් ලබන්නට එකල අපට ඒ පරිවර්තනයන් ප්‍රයෝජනවත් විය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ ඉංග්‍රීසි අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකුව සිටි රංජිත් ගුණවර්ධන ස්පාඤ්ඤ හා ප්‍රංශ භාෂා පිළිබඳව ද ප්‍රමාණාත්මක දැනුමකින් යුතුව සිටි හෙයින්, ඔහු ඒ කව් පරිවර්තනය කළේ මුල් බසින්මය. ප්‍රංශ භාෂා ගුරුවරියක වූ ඔහු බිරිය ද, ප්‍රංශ පරිවර්තනවලදී උපකාර කළාය.

එහෙත් ‘බුද්ධිමතුන්ට උපහාරයක්‘ පද්‍ය සංග්‍රහයේ එන කව් බොහෝමයක්, රෙජී සිරිවර්ධනයන් විසින් ඉංග්‍රීසියෙන් පළ කළ ‘Many Voices‘ නම් ග්‍රන්ථයේ එන පරිවර්තන ඇසුරින් සිංහලට නැඟූ බව, ගුණවර්ධනයන් සිය හැඳින්වීමෙහිලා පවසයි. එසේම මෙම කෘතිය සඳහා ම මචාදෝගේ කව් තුනක්, සිරිවර්ධනයන් විසින් ඉංග්‍රීසියට නඟන ලද බව සඳහන් කරයි. රෙජී සිරිවර්ධන ද ඉංග්‍රීසි, රුසියන් හා ස්පාඤ්ඤ භාෂා දැන සිටි වියතෙකි.

70 දශකය තුළදී, රංජිත් ගුණවර්ධනයන් පළකළ නෙරූදාගේ සහ මචාදෝගේ කාව්‍ය සංග්‍රහය දෙකම නැවත මුද්‍රණය වූයේ නැත. (මම ඒ පිළිබඳව ඔහුගේ පුත්‍රයා වන ප්‍රතිභාපූර්ණ, තරුණ සංගීතවේදී ඉන්දික ගුණවර්ධනයන්ගේ අවධානයට යොමු කළෙමි.)

1936 දී ෆ්‍රැන්සිස්කෝ ප්‍රන්කෝ නමැති සෙන්පතියාගේ නායකත්වය යටතේ ස්පාඤ්ඤයේ පැසිස්ට්වාදී කණ්ඩායම එකල බලයෙහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් ඇරඹීය. ප්‍රන්කෝට ස්පාඤ්ඤයේ විශාල ඉඩම් හිමියන්ගේද, කර්මාන්ත හිමියන්ගේද සහාය ලැබිණි. මෙහිදී සමූහාණ්ඩුවාදී ස්පාඤ්ඤ ජනකොටස් කතා කිරීමේ හා ජීවත්වීමේ නිදහස වෙනුවෙන් ප්‍රන්කෝ හමුදාවට එරෙහිව සටන් වැදුණහ. මෙහිදී යුරෝපයේ වෙනත් රටවලින් ද බුද්ධිමතුන්, කලාකරුවන් හා මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින තරුණ පිරිස්, ඔවුන්ගේ සහායට පැමිණියහ. වසර තුනක් දිග්ගැස්සුණු මේ සිවිල් යුද්ධයේදී තම නිදහස ජීවිතයටත් වඩා අගය කළ ස්පාඤ්ඤ ජාතිකයන් බොහෝ දෙනෙක් පැසිස්ට්වාදීන් අතින් කෲර ලෙස ඝාතනය කෙරුණි. ඉන් කෙනෙකු වූ ගර්සියා ලෝර්කාගේ මරණය පිළිබඳව මචාදෝ මෙන්ම ලොව පුරා වෙසෙන තවත් කවීහු නිර්මාණ කළහ. අපගේ එරික් ඉලයප්ආරච්චි කවියා ද ‘කිසිවෙක් කවියන් නොමරති‘ යැයි පළකළ අගනා කව් එකතුවෙන් ගාර්ෂියා ලෝකා ද ඇමතුවේය.

කිසිවෙකු වෙඩි නොතබන බව කවියන්ට

කියූ බස ඔබ, බොරු විය ඔබට ම

 

බොරු කී ඔබට උන් දුන් දඬුවම

වෙඩි තැබීමයි ඔබේ මිදිවැල යටම

 

උන් වෙඩි තැබී කවියට

බර වැඩි බැවින් දිවියට

ගල් ගසන විලස දරුවන්

නිම් නැති විසල් සයුරට

 

කිසිවෙකු වෙඩි නොතබන බව කවියන්ට

කියූ බස බොරු විය ඔබටම

 

උන් වෙඩි තැබී ඔබ හට

තව තවත් උණ්ඩ වැය කර

සිටියේ ඔබත් ඔබ තුළ

කවියක් මැවෙන සෙවණක

ඝාතක මනස රස බොන තිබ්බා ඔබේ කවියට

මිය යන විටය වෙඩි වැද ලීවේ පදය අන්තිම

ස්පාඤ්ඤ කවිය යනු නිම්වළල්ලකින් තොර විසල් සයුරක් බඳුය. එය තරණය කරන්නට තැත් කරන්නෙකුට හමුවන මහ පහන් ටැඹකි අන්තෝනියෝ මචාදෝ. දර්ශනය හා ප්‍රංශ භාෂාව හැදෑරු ඔහු, ජරාවාස වෙමින් තිබූ ගම්මානයක පිහිටි පාසලක ප්‍රංශ ගුරුවරයා විය. වියළි වැලි කතරක් බඳු වූ, සෝරියාව නම් වූ ඒ පෙදෙසෙහි පාලු, නිසල, මලානික පරිසරය ඔහුගේ කවි කෙරෙහි තදින් බලපෑවේය. ‘සෝරියාව‘ මැයින් මචාදෝ ලියූ කව, ගුණවර්ධනයන් මෙසේ සිංහලට නඟයි.

සෝරියාවේ වෙල්යායකි

ඔබ මා යන හැම ගමනකදී ම

මා සමඟින් යනවා

ඔබේ නිසසල හවස් යාමයන්

දම්පාට කඳු යායයත්

ගංගාව අද්දර පොප්ලා ගොන්න

නිරතුරුව මා ළඟින් ඉන්නවා

 

මතක සිහිනයක පිරුණු මුදු පහස

ගලා එනවා

ඔබේ අළු පෑ පසෙන්

දුඹුරුවන් පොළෝ තලයෙන්

 

ජරාවට ගිය ඔබේ කුඩා නගරය

ගෙනෙනවා

හද පසා කරන සෝකයක්

මා හද තුළට ඔබ පිවිසුණෙ දැන් ද?

නැත්නම්

මා හද පතුලේ

ඔබ සදහටම ලැගුම්ගෙන සිටියාවත් ද?

මචාදෝගේ ජීවිතයේ ඉතාම දුක්බර සිදුවීම වූයේ ඔහුගේ ආදරණීය බිරිය වූ ලියනෝර්ගේ අකල් වියෝවයි. ඒ වන විට ඔවුන් විවාහ වී වසර තුනකි. මචාදෝගෙ කවි බොහොමයක එම විරහ වේදනාව පිළිබිඹු වෙයි. ‘අද උදෑසන සුළඟ ඔබේ නම ගෙන ආවා‘ මැයින් ඔහු ලියූ කවෙන් කොටසකි මේ.

හුළඟ අද උදෑසන

ගෙනාවා ඔබේ නම

ඔබේ පා හඬ

කඳු අතරේ රැව් දෙයි

පල්ලිවල මලානික කුලුනුවල

සීනු නාද වෙයි

නුදුටුවත් ඔබේ රුව

ඔබ එනතුරු මහද බලා සිටී

සීනු හඬ සිහි නංවයි

කළු මිනී පෙට්ටිය

වළ කණින උදළු හඬ

මළ සීනු රාවය

පැසිස්ට්වාදීන්ගේ ජයග්‍රහණයත් සමඟම මචාදෝ තම මව්බිම අතැරදා ප්‍රංශයට පලා ගියේය. එහෙත් දින කීපයකට පසු ඔහු හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු තම සොහොයුරාත් සමඟ ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර වූ කඳුවැටියක් හරහා පාගමනින් ගිය බවත්, ඉන්පසුව මරණය සිදු වූ බවත් ඇතැම් වාර්තාවන්හි සඳහන්ව ඇත.

ස්පාඤ්ඤ භාෂාව හදාරා ඇති ඉන්ද්‍රානි රත්නසේකර, ස්පාඤ්ඤ කවිය ශ්‍රී ලාංකික කව් ලොවට හඳුන්වාදීම සඳහා විශාල මෙහෙවරක් කළාය. ඇගේ පරිවර්තන කෘතීන් අතර මහා කවි අන්තෝනියෝ මචාඩෝ (2004), මහා කවි ෆෙඩ්රිකෝ ගර්සියා ලෝර්කා (2006), මහා කවි ගස්තාවෝ ඇඩොල්ෆො බෙකෙර් (2008), විශ්ව සාහිත්‍යයේ ස්පාඤ්ඤ පිළිබිඹුව (2010), අවිය හා කවිය (2012), සුසුම් සුළං මේ සුළඟටම මුසුවෙනා (2014) වැනි කාව්‍ය පරිවර්තන හා පුවත්පත් ලිපි එකතු ද වෙයි.

ගර්සියා ලෝර්කා, ‘මචාඩෝගෙ කවි පොතට උපහාරයක්‘ මැයින් ලියූ කවක් ඉන්ද්‍රානි රත්නසේකර මෙසේ සිංහලට නැඟුවාය.

කවිය යනු

තිත්ත රසයෙන් පිරුණු

දිව්‍යමය පැණියක් ය

පුවරුවක් මත ගලන

අදෘශ්‍යමාන වූ

ආත්ම නිපදවන

 

සත්‍ය වූ කාව්‍යය

පෙරළයි නොහැකි දෑ

හැකි දේවල් බවට

වීණාවක්ය එය

හද නමැති ‍තත් තිබෙන

 

විටෙක ගිනිදැල් නඟන

දිවි නැව නොකළඹා

පදවනු ඇතැයි සිතමින්

කාන්සාවෙන් ගෙවන

ජීවිතය වෙයි කවිය

 

යන්නෙමි ඉතිරිකොට මගේ මුළු ආත්මය

සබඳ ඔබෙ කවි පොතේ

පිටු පුරා හමුවෙනා දසුන් හැම

අප එක්ව දුටු දේය

 

මිහිරි කෙත් යායක් ය

සරත් කල මිළිණ වූ

එහි ලියූ ගී වදන්

කාලවන් පත්‍ර වේ

ශ්වේතවත් භූමියක

කාන්සාවෙන් ගෙවන

ජීවිතය වෙයි කවිය

ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ, නූතන යුගයේ කවිය පශ්චාත් යුද කවියෙන් මිදී, විවිධ ශෛලීන් ගත්තේය. ‘සමාජ කවිය‘ (Social Poetry) නමින් හැඳින්වුණු කවි පරපුර වෙනුවට සිනමාව, පොප් සංගීතය වැනි දේ ඇසුරු කළ නව කවි පරපුරක් බිහිවුණි. උපස්ථිතික හා සාංදෘෂ්ටික කවීන් ලෙස හැඳින්වුණු රෆායෙල් එස්පොජෝ (Rafael Espejo), ජෝසප් එම්. රොඩ්රිගුවෙස් (Josep M. Rodriguez) සහ මැනුවෙල් රොමේරෝ (Manuel Romaro) මෙන්ම අතිසත්වාදී (Surrealism) කිවිඳියක වූ බ්ලන්කා අන්ද්‍රියු (Blanca Andreu) ආදීහු පශ්චාත් නූතනවාදී කවියක හැඩතල මතු කළහ.

ජුවාන් බෙනට් නමැති නවකතාකරුවා හා විවාහව සිටි බ්ලන්කා කාව්‍ය ග්‍රන්ථ පහක් පළකර ඇති අතර, සාහිත්‍ය සම්මානයන් ද පහක් දිනා ඇත. වාග් විද්‍යාව (Philology) හැදෑරූ බ්ලන්කා, තම කවි බස හැසිරවීමේදී ද, බහුඅරුත් නඟයි. එනිසා ඇගේ කවි පරිවර්තනය ද අසීරුය. ඉතා තුරුණු වියේදීම ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර වාසයට යන බ්ලන්කා, එහි සිටි ෆ්‍රැන්සිස්කෝ උම්බ්රාල් නමැති ලේඛකයා මඟින් එනුවර සාහිත්‍ය සමාජය දැන හඳුනා ගැනීමට ලැබෙයි. 80 දශකයේ ස්පාඤ්ඤ කවිය තුළ බ්ලන්කා අන්ද්‍රියු, ඇනා රොසෙට්ටි (Ana Rossetti), අම්පාරෝ අමොරොස් (Amparo Amoros) වැනි කිවිඳියන් ‘නොරිසිඔම්‘ (Norisiom) නමින් හැඳින්වුණු නව කවි කුලයට අයත් විණි. ඇම්රොස් ප්‍රංශ සංකේතවාදයටත්, රොසෙට්ටි බැරොක් (Baroque) සම්ප්‍රදායටත් නැඹුරු කිවිඳියන්ය.

80 දශකය වන විට ස්පාඤ්ඤය හැර ගොස් සිටි කවීහු ද පෙරළා සිය රට එන්නට වූහ. ඔව්හු සිය අත්දැකීම් නව කවියට තිළිණ කරන්නට වූහ.

ඉන්ද්‍රානි රත්නසේකර වැනි ස්පාඤ්ඤ කවි පරිවර්තිකාවකගේ අවධානය මෙම නව කවි පරපුර දෙස ද යොමුවන්නේ නම් මැනවයි සිතමි.

 

කපිල කුමාර කාලිංග

මචාදෝ සමඟ ස්පාඤ්ඤ කවි ලොවට

$
0
0
අගෝ 7, 2018 01:00

මෙලොව වෙසෙන කාව්‍ය ප්‍රේමී ජනයා අතර ස්පාඤ්ඤ කිවිවර හා නාට්‍ය රචක ෆෙදෙරිකො ගර්සියා ලෝර්කා ගැන නොදන්නා අයෙකු නැති තරම්ය. යෙර්මා, හවුස් ඔෆ් බර්නාදු ඇල්බා, බ්ලඩ් වෙඩින් ආදී ලෝර්කාගේ දෘෂ්‍ය කාව්‍යයන් සිංහලට ද නැඟී වේදිකාගතව ඇත. ස්පාඤ්ඤ සිවිල් යුද සමයේදී 1936 අගෝස්තු 19 හෝ 20 වෙනි දින රාත්‍රියෙහි ලෝර්කාගේ නිවසට කඩාවැදුණු, ආඥාදායක ෆ්‍රැන්කෝගේ සෙබළු ඔහු සොහොන් බිමකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළහ. (මෙහිදී මට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මරණය සිහියට නැ‍ඟෙනුයේ නිරායාසයෙනි.)

එවකට ලෝර්කාගේ වයස අවුරුදු 38 කි. ඒ කෙටි ජීවිත කාලය තුළදී ඔහු කළ නිර්මාණ - ගැදි, පැදි, නාට්‍ය අදත් ලෝකයා රසවිඳිති. අගයති. ලෝර්කාගේ සමකාලීන කවියෙකු වූ අන්තෝනියෝ මචාදෝ, ඔහු ඝාතනය පිළිබඳව දැඩි ලෙස කම්පා විය. ‘ප්‍රෙදරීකෝ‘ මැයින් ඔහු ලියූ මෙකව තුළ, ඔහුගේ සෝ සුසුම් ‍තවමත් නිනද වෙයි.

තුවක්කු බයිනෙත්තු

එල්ල කර ගත් සොල්දාදුවන් මැද,

පාළු වීදියක් දිගේ

ප්‍රෙදරීකෝ

පා නඟන හැටි

දුටුවා මම.

හිමිදිරි පාන්දර

අහසේ තරු එළි නිවෙද්දී

අමු සොහොනක් වැනි පාලු බිමක් වෙත

ප්‍රෙදරීකෝ ගෙන ගියා

 

අඳුර පහ වී

හිරු අහසේ නැ‍ඟෙද්දී

ප්‍රෙදරීකෝ

ඔවුන් ඔබ මරා දැමුවා

 

ඔබගේ අහිංසක මුහුණ දැකලා

මිනීමරු බල ඇනිය

වෙව්ලන දෑතින්

ඇස් වසා ගත්තා

‘දෙවියන්ටත් බෑ ඔබ බේරා ගන්නට‘

උන් දෙවියන් යැදුවා

උන්ගේ තුවක්කු වැරෙන් අල්ලා

වෙඩි තිබ්බා

 

ප්‍රෙදරීකෝ

මැරී වැටුණා

ලේ විලක් මැද

 

සිහින් නළලින් ලේ ගලනවා

මොලොක් මස්, ලේ, නහර තුළ

ඊයම් බරු පාවෙනවා

 

ඔහු මරා දැමුවේ, ග්‍රානදාවේ

ඔහු උපන් ග්‍රානදාවේ

ඔහු ආදරය කළ ග්‍රානදාවේ

අසරණ මව් වැනි ග්‍රානදාවේ

මේ කව මා උපුටා ගත්තේ 1975 දී රංජිත් ගුණවර්ධනයන් විසින් පළකළ ‘බුද්ධිමතුන්ට උපහාරය‘ නමැති මචාදෝ කවි එකතුවෙනි. ඔහු එකලම පැබ්ලෝ නෙරූදාගේ කව් එකතුවක් ද සිංහලට පෙරළා ‘ඊයේ පිපුණු ලයිලැක් මල්‘ නමින් ප්‍රකාශයට පත් කළේය. මචාදෝ සහ නෙරුදා ගැන යම් තරමක අවබෝධයක් ලබන්නට එකල අපට ඒ පරිවර්තනයන් ප්‍රයෝජනවත් විය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ ඉංග්‍රීසි අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකුව සිටි රංජිත් ගුණවර්ධන ස්පාඤ්ඤ හා ප්‍රංශ භාෂා පිළිබඳව ද ප්‍රමාණාත්මක දැනුමකින් යුතුව සිටි හෙයින්, ඔහු ඒ කව් පරිවර්තනය කළේ මුල් බසින්මය. ප්‍රංශ භාෂා ගුරුවරියක වූ ඔහු බිරිය ද, ප්‍රංශ පරිවර්තනවලදී උපකාර කළාය.

එහෙත් ‘බුද්ධිමතුන්ට උපහාරයක්‘ පද්‍ය සංග්‍රහයේ එන කව් බොහෝමයක්, රෙජී සිරිවර්ධනයන් විසින් ඉංග්‍රීසියෙන් පළ කළ ‘Many Voices‘ නම් ග්‍රන්ථයේ එන පරිවර්තන ඇසුරින් සිංහලට නැඟූ බව, ගුණවර්ධනයන් සිය හැඳින්වීමෙහිලා පවසයි. එසේම මෙම කෘතිය සඳහා ම මචාදෝගේ කව් තුනක්, සිරිවර්ධනයන් විසින් ඉංග්‍රීසියට නඟන ලද බව සඳහන් කරයි. රෙජී සිරිවර්ධන ද ඉංග්‍රීසි, රුසියන් හා ස්පාඤ්ඤ භාෂා දැන සිටි වියතෙකි.

70 දශකය තුළදී, රංජිත් ගුණවර්ධනයන් පළකළ නෙරූදාගේ සහ මචාදෝගේ කාව්‍ය සංග්‍රහය දෙකම නැවත මුද්‍රණය වූයේ නැත. (මම ඒ පිළිබඳව ඔහුගේ පුත්‍රයා වන ප්‍රතිභාපූර්ණ, තරුණ සංගීතවේදී ඉන්දික ගුණවර්ධනයන්ගේ අවධානයට යොමු කළෙමි.)

1936 දී ෆ්‍රැන්සිස්කෝ ප්‍රන්කෝ නමැති සෙන්පතියාගේ නායකත්වය යටතේ ස්පාඤ්ඤයේ පැසිස්ට්වාදී කණ්ඩායම එකල බලයෙහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් ඇරඹීය. ප්‍රන්කෝට ස්පාඤ්ඤයේ විශාල ඉඩම් හිමියන්ගේද, කර්මාන්ත හිමියන්ගේද සහාය ලැබිණි. මෙහිදී සමූහාණ්ඩුවාදී ස්පාඤ්ඤ ජනකොටස් කතා කිරීමේ හා ජීවත්වීමේ නිදහස වෙනුවෙන් ප්‍රන්කෝ හමුදාවට එරෙහිව සටන් වැදුණහ. මෙහිදී යුරෝපයේ වෙනත් රටවලින් ද බුද්ධිමතුන්, කලාකරුවන් හා මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින තරුණ පිරිස්, ඔවුන්ගේ සහායට පැමිණියහ. වසර තුනක් දිග්ගැස්සුණු මේ සිවිල් යුද්ධයේදී තම නිදහස ජීවිතයටත් වඩා අගය කළ ස්පාඤ්ඤ ජාතිකයන් බොහෝ දෙනෙක් පැසිස්ට්වාදීන් අතින් කෲර ලෙස ඝාතනය කෙරුණි. ඉන් කෙනෙකු වූ ගර්සියා ලෝර්කාගේ මරණය පිළිබඳව මචාදෝ මෙන්ම ලොව පුරා වෙසෙන තවත් කවීහු නිර්මාණ කළහ. අපගේ එරික් ඉලයප්ආරච්චි කවියා ද ‘කිසිවෙක් කවියන් නොමරති‘ යැයි පළකළ අගනා කව් එකතුවෙන් ගාර්ෂියා ලෝකා ද ඇමතුවේය.

කිසිවෙකු වෙඩි නොතබන බව කවියන්ට

කියූ බස ඔබ, බොරු විය ඔබට ම

 

බොරු කී ඔබට උන් දුන් දඬුවම

වෙඩි තැබීමයි ඔබේ මිදිවැල යටම

 

උන් වෙඩි තැබී කවියට

බර වැඩි බැවින් දිවියට

ගල් ගසන විලස දරුවන්

නිම් නැති විසල් සයුරට

 

කිසිවෙකු වෙඩි නොතබන බව කවියන්ට

කියූ බස බොරු විය ඔබටම

 

උන් වෙඩි තැබී ඔබ හට

තව තවත් උණ්ඩ වැය කර

සිටියේ ඔබත් ඔබ තුළ

කවියක් මැවෙන සෙවණක

ඝාතක මනස රස බොන තිබ්බා ඔබේ කවියට

මිය යන විටය වෙඩි වැද ලීවේ පදය අන්තිම

ස්පාඤ්ඤ කවිය යනු නිම්වළල්ලකින් තොර විසල් සයුරක් බඳුය. එය තරණය කරන්නට තැත් කරන්නෙකුට හමුවන මහ පහන් ටැඹකි අන්තෝනියෝ මචාදෝ. දර්ශනය හා ප්‍රංශ භාෂාව හැදෑරු ඔහු, ජරාවාස වෙමින් තිබූ ගම්මානයක පිහිටි පාසලක ප්‍රංශ ගුරුවරයා විය. වියළි වැලි කතරක් බඳු වූ, සෝරියාව නම් වූ ඒ පෙදෙසෙහි පාලු, නිසල, මලානික පරිසරය ඔහුගේ කවි කෙරෙහි තදින් බලපෑවේය. ‘සෝරියාව‘ මැයින් මචාදෝ ලියූ කව, ගුණවර්ධනයන් මෙසේ සිංහලට නඟයි.

සෝරියාවේ වෙල්යායකි

ඔබ මා යන හැම ගමනකදී ම

මා සමඟින් යනවා

ඔබේ නිසසල හවස් යාමයන්

දම්පාට කඳු යායයත්

ගංගාව අද්දර පොප්ලා ගොන්න

නිරතුරුව මා ළඟින් ඉන්නවා

 

මතක සිහිනයක පිරුණු මුදු පහස

ගලා එනවා

ඔබේ අළු පෑ පසෙන්

දුඹුරුවන් පොළෝ තලයෙන්

 

ජරාවට ගිය ඔබේ කුඩා නගරය

ගෙනෙනවා

හද පසා කරන සෝකයක්

මා හද තුළට ඔබ පිවිසුණෙ දැන් ද?

නැත්නම්

මා හද පතුලේ

ඔබ සදහටම ලැගුම්ගෙන සිටියාවත් ද?

මචාදෝගේ ජීවිතයේ ඉතාම දුක්බර සිදුවීම වූයේ ඔහුගේ ආදරණීය බිරිය වූ ලියනෝර්ගේ අකල් වියෝවයි. ඒ වන විට ඔවුන් විවාහ වී වසර තුනකි. මචාදෝගෙ කවි බොහොමයක එම විරහ වේදනාව පිළිබිඹු වෙයි. ‘අද උදෑසන සුළඟ ඔබේ නම ගෙන ආවා‘ මැයින් ඔහු ලියූ කවෙන් කොටසකි මේ.

හුළඟ අද උදෑසන

ගෙනාවා ඔබේ නම

ඔබේ පා හඬ

කඳු අතරේ රැව් දෙයි

පල්ලිවල මලානික කුලුනුවල

සීනු නාද වෙයි

නුදුටුවත් ඔබේ රුව

ඔබ එනතුරු මහද බලා සිටී

සීනු හඬ සිහි නංවයි

කළු මිනී පෙට්ටිය

වළ කණින උදළු හඬ

මළ සීනු රාවය

පැසිස්ට්වාදීන්ගේ ජයග්‍රහණයත් සමඟම මචාදෝ තම මව්බිම අතැරදා ප්‍රංශයට පලා ගියේය. එහෙත් දින කීපයකට පසු ඔහු හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු තම සොහොයුරාත් සමඟ ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර වූ කඳුවැටියක් හරහා පාගමනින් ගිය බවත්, ඉන්පසුව මරණය සිදු වූ බවත් ඇතැම් වාර්තාවන්හි සඳහන්ව ඇත.

ස්පාඤ්ඤ භාෂාව හදාරා ඇති ඉන්ද්‍රානි රත්නසේකර, ස්පාඤ්ඤ කවිය ශ්‍රී ලාංකික කව් ලොවට හඳුන්වාදීම සඳහා විශාල මෙහෙවරක් කළාය. ඇගේ පරිවර්තන කෘතීන් අතර මහා කවි අන්තෝනියෝ මචාඩෝ (2004), මහා කවි ෆෙඩ්රිකෝ ගර්සියා ලෝර්කා (2006), මහා කවි ගස්තාවෝ ඇඩොල්ෆො බෙකෙර් (2008), විශ්ව සාහිත්‍යයේ ස්පාඤ්ඤ පිළිබිඹුව (2010), අවිය හා කවිය (2012), සුසුම් සුළං මේ සුළඟටම මුසුවෙනා (2014) වැනි කාව්‍ය පරිවර්තන හා පුවත්පත් ලිපි එකතු ද වෙයි.

ගර්සියා ලෝර්කා, ‘මචාඩෝගෙ කවි පොතට උපහාරයක්‘ මැයින් ලියූ කවක් ඉන්ද්‍රානි රත්නසේකර මෙසේ සිංහලට නැඟුවාය.

කවිය යනු

තිත්ත රසයෙන් පිරුණු

දිව්‍යමය පැණියක් ය

පුවරුවක් මත ගලන

අදෘශ්‍යමාන වූ

ආත්ම නිපදවන

 

සත්‍ය වූ කාව්‍යය

පෙරළයි නොහැකි දෑ

හැකි දේවල් බවට

වීණාවක්ය එය

හද නමැති ‍තත් තිබෙන

 

විටෙක ගිනිදැල් නඟන

දිවි නැව නොකළඹා

පදවනු ඇතැයි සිතමින්

කාන්සාවෙන් ගෙවන

ජීවිතය වෙයි කවිය

 

යන්නෙමි ඉතිරිකොට මගේ මුළු ආත්මය

සබඳ ඔබෙ කවි පොතේ

පිටු පුරා හමුවෙනා දසුන් හැම

අප එක්ව දුටු දේය

 

මිහිරි කෙත් යායක් ය

සරත් කල මිළිණ වූ

එහි ලියූ ගී වදන්

කාලවන් පත්‍ර වේ

ශ්වේතවත් භූමියක

කාන්සාවෙන් ගෙවන

ජීවිතය වෙයි කවිය

ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ, නූතන යුගයේ කවිය පශ්චාත් යුද කවියෙන් මිදී, විවිධ ශෛලීන් ගත්තේය. ‘සමාජ කවිය‘ (Social Poetry) නමින් හැඳින්වුණු කවි පරපුර වෙනුවට සිනමාව, පොප් සංගීතය වැනි දේ ඇසුරු කළ නව කවි පරපුරක් බිහිවුණි. උපස්ථිතික හා සාංදෘෂ්ටික කවීන් ලෙස හැඳින්වුණු රෆායෙල් එස්පොජෝ (Rafael Espejo), ජෝසප් එම්. රොඩ්රිගුවෙස් (Josep M. Rodriguez) සහ මැනුවෙල් රොමේරෝ (Manuel Romaro) මෙන්ම අතිසත්වාදී (Surrealism) කිවිඳියක වූ බ්ලන්කා අන්ද්‍රියු (Blanca Andreu) ආදීහු පශ්චාත් නූතනවාදී කවියක හැඩතල මතු කළහ.

ජුවාන් බෙනට් නමැති නවකතාකරුවා හා විවාහව සිටි බ්ලන්කා කාව්‍ය ග්‍රන්ථ පහක් පළකර ඇති අතර, සාහිත්‍ය සම්මානයන් ද පහක් දිනා ඇත. වාග් විද්‍යාව (Philology) හැදෑරූ බ්ලන්කා, තම කවි බස හැසිරවීමේදී ද, බහුඅරුත් නඟයි. එනිසා ඇගේ කවි පරිවර්තනය ද අසීරුය. ඉතා තුරුණු වියේදීම ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර වාසයට යන බ්ලන්කා, එහි සිටි ෆ්‍රැන්සිස්කෝ උම්බ්රාල් නමැති ලේඛකයා මඟින් එනුවර සාහිත්‍ය සමාජය දැන හඳුනා ගැනීමට ලැබෙයි. 80 දශකයේ ස්පාඤ්ඤ කවිය තුළ බ්ලන්කා අන්ද්‍රියු, ඇනා රොසෙට්ටි (Ana Rossetti), අම්පාරෝ අමොරොස් (Amparo Amoros) වැනි කිවිඳියන් ‘නොරිසිඔම්‘ (Norisiom) නමින් හැඳින්වුණු නව කවි කුලයට අයත් විණි. ඇම්රොස් ප්‍රංශ සංකේතවාදයටත්, රොසෙට්ටි බැරොක් (Baroque) සම්ප්‍රදායටත් නැඹුරු කිවිඳියන්ය.

80 දශකය වන විට ස්පාඤ්ඤය හැර ගොස් සිටි කවීහු ද පෙරළා සිය රට එන්නට වූහ. ඔව්හු සිය අත්දැකීම් නව කවියට තිළිණ කරන්නට වූහ.

ඉන්ද්‍රානි රත්නසේකර වැනි ස්පාඤ්ඤ කවි පරිවර්තිකාවකගේ අවධානය මෙම නව කවි පරපුර දෙස ද යොමුවන්නේ නම් මැනවයි සිතමි.

 

කපිල කුමාර කාලිංග

තරු බැබලුණු රාත්‍රීය කාගිල්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ

$
0
0
අගෝ 7, 2018 01:00

ලේක්හවුස් ආයතනයේ පූර්ණ දායකත්වය ඇතිව, කාර්ගිල්ස් ආයතනයේ අනුග්‍රහයෙන් සරසවිය සිනමා පුවත්පත මඟින් පවත්වනු ලැබූ 34 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල ඉකුත් අගෝස්තු 03 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උළෙල පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජනප්‍රිය තරු රැසක් සහභාගි වී සිටි අතර, පසුගියදා සිය ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් විශේෂ සම්මානයක් පිරිනැමීම ද මෙම සරසවිය සම්මාන උළෙලේදී සිදුවිය.

2016 සහ 2017 වසරවල විකාශය වූ සිනමා නිර්මාණයන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඒ අනුව 2016 වසරේ හොඳම සිනමාපටය ලෙස "මෝටර් බයිසිකල්"සම්මානයට පාත්‍ර විය. 2017 වසරේ හොඳම චිත්‍රපටය ලෙස "28"සිනමා පටය සම්මානයට පාත්‍ර වූ අතර එහි අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය දිනා ගත්තේය. 2016 වසරේ හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය දිනා ගත්තේ අශෝක හඳගමයි.

2016 වසරේ හොඳම නළුවා ලෙස දසුන් පතිරණ ද හොඳම නිළිය ලෙස පූජා උමාශංකර් ද සම්මානයට පාත්‍ර විය. 2017 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය සෞම්‍ය ලියනගේට හිමි වූ අතර හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ සමනලී ෆොන්සේකාය.

සටහන - කාංචනා
ඡායාරූප - තිලක් පෙරේරා, චින්තක කුමාරසිංහ, විපුල අමරසිංහ, මාලන් කරුණාරත්න, සාලිය රූපසිංහ, රුක්මාල් ගමගේ, සමන්ත වීරසිරි, නිශ්ශංක විජේරත්න, ශාන් රූපස්සර, ශාන් රඹුක්වැල්ල

 

PDF File: 

ළමා නාට්‍ය කලාවක් බිහිකරන්න සෝමලතා සුබසිංහ බොහෝ දේ කැපකළා

$
0
0
අගෝ 7, 2018 01:00

චන්දන අලුත්ගේ

සෝමලතා සුබසිංහ "ළමා හා යොවුන් නාට්‍ය උළෙල"මේ මස 09 සිට 12 වැනිදා දක්වා සවස 3.30 සහ 6.45 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ. Play House මෙය සංවිධානය කරයි. මේ සම්බන්ධයෙන් ළමා හා යොවුන් රඟහල පදනමේ නිර්මාණ අධ්‍යක්ෂ චන්දන අලුත්ගේ සමඟ පවත්වන ලද සංලාපය පහතින් පළවේ.

l ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ, ශ්‍රී ලංකාවට ගැළපෙන ළමා නාට්‍ය කලාවක් ස්ථාපිත කරමින් නව ක්‍රමවේදයකට එය හඳුන්වාදීමට ඇපකැප වුණා. ඇය ළමා නාට්‍ය කලාවක් මෙරට ස්ථාපිත කරන්නේ කුමන පසුබිමක් තුළද?

ශ්‍රී ලාංකේය නූතන නාට්‍ය කලාවට තියෙන්නේ කෙටි ඉතිහාසයක්. ළමා හා යොවුන් නාට්‍ය ඉතිහාසය ඉතාමත් කෙටියි. ළමා නාට්‍ය කියලා වෙනම සම්ප්‍රදායක් තිබ්නේ නෑ. ළමයින්, වැඩිහිටියන් සමඟ ගිහින් වැඩිහිටි සඳහා නිර්මාණය වූ නාට්‍ය බැලුවා.

ලෝකයේ ළමයින් සඳහා නාට්‍ය කලාවක් දියුණුවෙමින් පැවතියත් එය උත්කර්ෂයට නැ‍ඟෙන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ. සෝවියට් දේශය හා අත්වැල් බැඳගත් නැ‍ඟෙනහිර යුරෝපීය රටවල ළමා නාට්‍ය කලාව විශාල දියුණුවක් ඇතිකර ගත්තා, ඉතාම කෙටි කාලයකින්. එහි ප්‍රතිඵල ලෝකයේ වෙනත් රටවලටත් විහිදී ගියා. ඒ බලපෑම ලංකාවටත් දැනුණා. මා හිතන්නේ හැත්තෑවේ දශකයේ ඉඳලා ළමයින් සඳහා නාට්‍ය කිහිපයක් නිර්මාණය වෙන්නේ ඒ ප්‍රතිඵලවලට අනුවයි.

1970 මුල් භාගයේදී සෝමලතා සුබසිංහ මහත්මියට යුනෙස්කෝ සංවිධානයේ ශිෂ්‍යත්වයක් මත ඕස්ට්‍රියාවේ "Carl Orff"ආයතනයේ අවුරුද්දක වැඩසටහනකට සහභාගි වුණා. විශේෂයෙන්ම මේ ආයතනයේදී කෙරෙන්නේ ළමයාට සංගීතය, නර්තනය, චිත්‍ර කලාව උගන්වන ක්‍රමවේදය දියුණු කිරීම. සෝමලතා මහත්මිය මේ දේ ඉගෙනගෙන ඇවිත් සෞන්දර්යය විෂයයන් නාට්‍ය කලාවට යොදාගෙන ළමයින්ට ඉගැන්වීම් කළා. මේ ක්‍රමවේදය තුළින් ඇය වඩාත් උත්සාහ කළේ, ළමයාගේ ශාරීරික, මානසික වර්ධනය හදන ගමන් ළමයාට කොහොමද? ඉතා රසවත් විදිහට සෞන්දර්යය විෂය ඉදිරිපත් කරන්නේ යන්න නාට්‍ය කලාව මාර්ගයෙන් ඉගන්වන්න. සෝමලතා සුබසිංහගේ මේ උත්සාහය තුළින් ශ්‍රී ලාංකේය නූතන නාට්‍ය කලාව ආරම්භ වුණා.

l සෝමලතා සුබසිංහගේ ළමා නාට්‍ය කලාව මෙරට නාට්‍ය කලාවට වැදගත් වෙන්නේ කුමන අයුරකින්ද?

ළමයා පිළිබඳව හොඳ අවබෝධයකින් නාට්‍ය නිර්මාණය කිරීමෙන් ළමයාට තුලනාත්මක සමබර ශාරීරික සහ මානසික වර්ධනයට උදව් වෙනවා. එය තමයි සෝමලතා සුබසිංහ මහත්මියගේ ලොකුම දායාදාය. ඇයගේ අරමුණ වූයේ ළමයින් සඳහා නිර්මාණය කිරීම සහ එයට සුදුසු ශිල්පීන් පිරිසක් බිහිකිරීම.

ඇය චෙකොස්ලෝවැකියාව, හංගේරියාව, බල්ගේරියාව, රුසියාව, නැඟෙනහිර ජර්මනිය, එංගලන්තය වැනි ළමා නාට්‍ය කලාව උසස් මට්ටමක පැවැති රටවල ලද දැනුම, අත්දැකීම ඇතිව 1980 අවුරුද්දේ "ළමා හා යොවුන් රංග පීඨය"ආරම්භ කරන්නේ ඒ නිසයි. මේ සඳහා ළමා මනස වඩාත් හොඳින් අවබෝධ කරගෙන ළමා මනෝ විද්‍යාවට අනුකූලව සැබෑ ළමා නාට්‍ය කලාවක් බිහිකිරීමට සෝමලතා මහත්මියගේ රංගන ජීවිතයත්, පෞද්ගලික ජීවිතයේ බොහෝ දේත් කැප කළා.

ළමා නාට්‍යයක් අවබෝධයකින්, පුහුණුවකින් පසු කළ යුතුයි කියන ඒ අදහස ඇය ස්ථාපිත කරන්න උත්සාහ කළා. ළමා නාට්‍ය කියන්නේ මේ වගේ දෙයක් කියලා ඇය නාට්‍ය නිර්මාණය කරමින්ම පෙන්නුවා. ඒ තුළින් ඇය නාට්‍ය නිර්මාණ දිගටම කරගෙන ගියා. ඇයට අවශ්‍ය වුණේ ළමයින් සඳහා නිර්මාණය කරන නාට්‍ය කලාවක ඇති වැදගත්කම මව්පියන්ට ඒත්තු ගන්වන්න. ඒ වගේම ළමා නාට්‍ය සඳහා දක්ෂතා ඇති පූර්ණ රංගන ශිල්පීන්, රචකයන්, අධ්‍යක්ෂකවරුන්, ශිල්පීන් ඇය සහාය කරගත්තා. ඒ සඳහා ශිල්පීන් සහ රංගන ශිල්පීන් පුහුණු කළා.

ලංකාවේ ළමයින් සඳහා කරන නිර්මාණවලදී වෘත්තීය රංගන ශිල්පීන් යොදාගෙන නිර්මාණ කිරීම ඉතාම අවම මට්ටමක තියෙන්නේ. කිහිපදෙනෙක් ඉන්නවා. ළමයින් සඳහා වෙනම ම නාට්‍ය නිර්මාණයවීම අඩුයි. සෝමලතා සුබසිංහ මහත්මියගේ "Play House"ආයතනය ළමා නිර්මාණ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

අපේ ආයතනයට විශාල කාර්යභාරයක්, වගකීමක් තියෙනවා. ඒ වගේම අපි යම්කිසි ඓතිහාසික කාර්යභාරයක් කරගෙන යනවා.

l සෝමලතා සුබසිංහ, ළමා නාට්‍ය කලාවේදී හොඳින් සෞන්දර්යය මුසුකරන්නියක්. ඇගේ භාවිතාව වෙනම එකක් ද?

අප ඉදිරියට ගෙන යන්නේ, සෝමලතා සුබසිංහ මහත්මිය විසින් ආරම්භ කරන ලද නාට්‍ය කලාව තුළින් ළමයාට අප මොකක්ද දෙන්නේ? යන්නයි. මූලික කලා ශිල්පය පිළිබඳ අධ්‍යාපනය, සංගීතය, නර්තනය, චිත්‍ර කලාව, නාට්‍ය වගේ දේවල්. ළමයා නාට්‍ය දිහා බලලා, එහි චරිත දිහා බලලා, තමා අවට පරිසරය පිළිබඳ අවබෝධයක් ලබාගන්නවා. උදාහරණයක් විදිහට "තොප්පි වෙළෙන්ඳා"කතාව කවුරුත් දන්න ජනකතාවක්. එහෙත් ඇයගේ නිර්මාණයේ තියෙන්නේ බුද්ධිය භාවිතා කරලා කොහොමද? කාටවත් හිංසාවක් කරදරයක් නොකර තමන්ගේ ගැටලු නිරාකරණය කරගන්න ආකාරය. එය ළමයාට ලැබෙන විශාල ලෝකාවබෝධයක්.

ඊට අමතරව ළමයා ඉගෙන ගන්නවා පවුල් සංස්ථාව ගැන. එය ළමයාට ගෝචර වෙන විදිහට පෙන්වනවා. අනෙක් අධ්‍යාපනය තමයි, අපේ වටිනාකම්, පුරුෂාර්ථ, අපගේ සභ්‍යත්වය, සංස්කෘතිය, භාෂාවේ තියෙන නිර්මාණශීලීත්වය, එහි ගැඹුරු බව. ළමයා ස්වභාවයෙන්ම සංගීතය, නර්තනය, චිත්‍ර කලාව, ගායනය කියන සෞන්දර්යාත්මක විෂයන්ට ප්‍රියයි. මේවා ළමයා තම අදහස් ප්‍රකාශ කිරීමේදී උද්දීපනය වන මාධ්‍ය.

සෝමලතා මහත්මිය හැකියාව තිබුණා, මේ මාධ්‍ය භාවිතා කරමින් අපේ රටේ ළමයාට ගෝචර වෙන විදිහට ඔපමට්ටම් කරලා, ළමයාට ඉදිරිපත් කිරීමට. ළමයා ඒ නිර්මාණ ආසාවෙන් රසවින්දා. ළමයාගේ දඟකාරකම්වලට ගැළපෙන විදිහට දඟකාරකම් වේදිකාවේ නිර්මාණය කර ඉදිරිපත් කළා. මේවා දකින ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ළමයා ඒ චරිතත් එක්ක බද්ධ වෙනවා. ඔහුට පේනවා තමන් වගේම චරිතයක් වේදිකාවේ ඉන්නවා. ළමයා ඒවා ආසාවෙන්, කැමැත්තෙන් නරඹනවා.

l "විකෘති"නාට්‍යය හරහා ‍සෝමලතා සුබසිංහ මෙරටට යොවුන් නාට්‍ය කලාවක් හඳුන්වා දෙනවා?

ළමා වයසට වඩා තව ටිකක් වැඩි වයස් කාණ්ඩයට යොවුන් නාට්‍ය කරන්නේ. යොවුන් නාට්‍ය උළෙල පැවතියත් ඒ හරහා බිහිවෙන නිර්මාණවල තරුණ ගැටලු ගැන බහුලව කතා කළේ නෑ. සෝමලතා සුබසිංහ මහත්මිය "විකෘති"නාට්‍ය නිර්මාණය කර ඒත්තු ගැන්නුවා යෞවන නාට්‍ය කියන්නේ මොකක්ද? එය නිර්මාණය කළ හැක්කේ කෙසේද? කියලා. ඇය ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවා. ශ්‍රී ලංකාවේ යෞවනයන්ට අදාළ ප්‍රශ්න, යෞවනයන්ගේ දෘෂ්ඨිකෝණයෙන්, ඔවුන් ආකර්ෂණය වෙන විදිහට නිර්මාණය කළා. මේ නිර්මාණ හරහා ඇය බලාපො‍රොත්තු වුණා, යෞවනයන් තම ප්‍රශ්න ගැන අවබෝධ කරගෙන ඒ පිළිබඳ ඔවුන් දැනීමකින් කටයුතු කරයි කියලා.

විකෘතිවලට පස්සේ හෙන්රික් ඉබ්සන්ගේ "ජනහතුරා"කළා. ඒ ඔස්සේ යමින් අප ආයතනයෙන් කෞෂල්‍යා ප්‍රනාන්දු "සඳ ළඟ මරණය", "ග්ලැඩියේටර් ප්‍රේමය"කළා. තරුණයන්ට ගැළපෙන විදිහට ඒ නිර්මාණ යොවුන් ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කළ සුන්දර නිර්මාණ.

l සෝමලතා සුබසිංහ නාට්‍ය ධර්මී ශෛලියත්, ලෝක ධර්මී ශෛලියත් රංගනයේදී හොඳ හැටි වටහාගත් ශිල්පිනියක්. අපි ඇගේ රංග කෞශල්‍ය ගැන කතා කරමු?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍යවල නාට්‍ය ධර්මී ශෛලියෙන් රංගනය ආරම්භ කළ සෝමලතා සුබසිංහ මහත්මිය, ස්වභාවිකත්වයට ළංවුණ යථාර්ථවාදී ශෛලියෙන් නිර්මාණය වුණ නාට්‍යවල ලෝක ධර්මී ශෛලියෙනුත් එක සේ සාර්ථකව රංගනයේ යෙදුණා. ඇය සිංහල නාට්‍ය කලාවට අමරණීය චරිත රැසක් එක්කළා.

1956 අවුරුද්දේ සිද්ධවුණු දේශපාලන පෙරළිය හේතුවෙන් මෙරට ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික වැනි සෑම ක්ෂේත්‍රයකම ප්‍රබල පරිවර්තනයක් සිදුවෙමින් තිබූ මේ යුගයේ සෝමලතා මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

1956 අවුරුද්දේ "මනමේ"නාට්‍යය බිහිවීමත් සමඟ නාට්‍ය කලාවේ නූතන යුගය ඇරඹීමේ පුරෝගාමියා වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ වූ "එළොව ගිහින් මෙලොව ආවා"නාට්‍යයේ කළුහාමි විදිහටත්, "රත්තරන්"නාට්‍යයේ මැහැල්ල විදිහටත් රංගනය දායකවෙමින් ඇය ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වෙනවා. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලින් ආරම්භ කළ සෝමලතා මහත්මියගේ රංගනයෙන් ඔප වූ නාට්‍ය සියල්ලම සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ කඩඉම් විදිහට ඉතිහාසගත වෙලා.

දයානන්ද ගුණවර්ධනගේ "නරි බෑනා", සිදත් ශ්‍රී නන්දලෝචනගේ "අත්තක මල් පරව ගියා", සරච්චන්ද්‍රගේ "පබාවතී"සහ "කදාවළලු", ගුණසේන ගලප්පත්තිගේ "මුහුදු පුත්තු"සහ "ලිය තඹරා", ධම්ම ජාගොඩගේ "වෙස් මුහුණු", හෙන්රි ජයසේනගේ "දිරිය මව", රංජිත් ධර්මකීර්තිගේ "හිරු නැති ලොව", "චෙරි උයන"සහ "අංගාරා ගඟ ගලා බසී", චූලා කාරියවසම්ගේ "සිරිත් විරිත්", රංජනී ඔබේසේකරගේ "බර්නාඩාගේ සිපිරිගෙය", ‍‍ෆ්‍රිට්ස් බෙනවිටස්ගේ "ආඬි රැළේ නාඩගම"නාට්‍යවලට ඇයගේ රංගනය මුසුකළා.

මේ අතරින් "මූදු පුත්තු"නාට්‍යයේ සරාගේ භූමිකාව සහ "දිරිය මව"නාට්‍යයේ දිරිය මවගේ භූමිකාව ඇගේ වේදිකා නාට්‍ය රංගන ජීවිතයේ සදානුස්මරණීය සිහිවටන වගේ. එතෙක් වේදිකාවේ දැක නොතිබුණු අපූර්වතම චරිතයක් වූ සරාගේ චරිතය රඟපාමින් එතෙක් නාට්‍ය ධර්මී ශෛලියෙන් නිර්මාණය වූ නාට්‍යවල නර්තනය සහ ගායනය බහුලව භාවිතා කරමින් රංගනයේ යෙදුණු සෝමලතා මහත්මිය ලෝක ධර්මී ශෛලියේ යථාර්ථවාදී රංගනයට ද එක සේ දක්ෂතා දක්වන්නියක බව සනාථ කළා.

වේදිකා නාට්‍යවල රංගනයට පමණක් කොටු නොවූ ඇය සරච්චන්ද්‍රයන්ගේ "මහාසාර", "කදා වළලු", "වෙස්සන්තර"වැනි නාට්‍යවල රංග වින්‍යාසයට ද දායක වුණා. සෝමලතා මහත්මිය විවිධ නර්තන සම්ප්‍රදායන් ගැන වසන්ත කුමාර, කේ. එස්. ප්‍රනාන්දු වැනි ගුරුවරු යටතේ හැදෑරීම් කළා. ආනන්ද සමරකෝන්, ඩබ්ලිව්. ඩී. අමරදේව, රොම්ලස් මාස්ටර් වැනි ගුරුවරු යටතේ සංගීතය ඉගෙන ගැනීමත් කළා. මෙයින් ඇය සතුකරගත් ප්‍රායෝගික දැනුම ඵලදායී විදිහට යොදා ගත්තා. එහෙත් සෝමලතා සුබසිංහගේ අරමුණ වූයේ වෙන එකක්. ඒ ළමයින් සඳහා නාට්‍ය කලාවක් බිහිකිරීමත්, එයට සුදුසු ශිල්පීන් පිරිසක් බිහිකිරීමත්.

l අද ළමයා සහ එදා ළමයාට වඩා ඉතා වේගයෙන් වෙනස්වෙමින් සිටිනවා. ළමයාගේ වෙනස්වීම ඇතුළේ ඔබ සහ ඔබගේ "ළමා හා යොවුන් රංග පීඨය"මේ වෙනස්වීම් ගැන අවදියෙන් සිටිනවාද? නැතහොත් සෝමලතා සුබසිංහගේ නාට්‍ය කලාව ම ඉදිරියටත් පවත්වාගෙන යනවාද?

කාලීන වෙනස්කම් ගැන සැළකිලිමත්වෙමින් අලුත් නිර්මාණ ඉදිරිපත් කරගෙන යනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල අලුත් නිර්මාණයක් නිෂ්පාදනය කළා, "වලස් පවුල"නමින්. එය සෝමලතා මහත්මියගේ සෙසු නිර්මාණවලට වඩා වෙනස්. ඒ වෙනසට හේතුව, වර්තමාන ළමයා බොහෝ දේ දකිනවා, අසනවා. විවිධ මාධ්‍ය භාවිතා කරනවා. රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, මුහුණු පොත, ජංගම දුරකථනය වැනි දේවලින් ළමයා බොහෝ දේ දකිනවා. අසනවා. ළමයා ඒ දේත් එක්ක ඉදිරියට යනවා. සිතිවිලි, අවබෝධයකින් හැසිරීමත්, දැනුම සමඟ ළමයා ඉතා වේගයෙන් වෙනස් වෙනවා.

මේ නිසා අපට සිද්ධ වෙනවා, මේ දේවල් ගැඹුරින් සැලකිල්ලට ගන්න. ඒ නිසා ළමයින් සඳහා නිර්මාණය වන අලුත් නාට්‍ය කලින් නාට්‍යවලට වඩා වෙනස් වෙනවා. නාට්‍ය ආකෘතිය, ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහ වෙනස්. එහෙම නැත්නම් අද ඉන්න ළමයා ආකර්ශනය කරගන්න නොහැකි වෙනවා. ඔහුගේ රුචිකත්වය අවබෝධ කරගෙන තමයි, අලුතින් නාට්‍ය නිර්මාණය කළ යුත්තේ.

සෝමලතා සුබසිංහ මහත්මියගේ නිර්මාණ කිසිසේත්ම ඉවත් කරන්න බෑ. ඒ නාට්‍ය ළමා නාට්‍ය කලාවක ආරම්භය සනිටුහන් කරන නිර්මාණ. ඒවා සාම්ප්‍රදායක අග්‍රගණ්‍යයේ නිර්මාණ බවට පත්වෙලා තියනවා. පරණ නාට්‍ය සහ අලුත් නාට්‍ය නිෂ්පාදන දෙකම එකට පෙන්වනවා. අලුතින් නාට්‍ය නිර්මාණය නොකළොත් ප්‍රේක්ෂකයාගේ ආකර්ශනය දිනාගන්න බැරි වෙනවා. ඔවුන් කැමති නෑ වරක් බැලූ නාට්‍ය නැවත නැවත නරඹන්න.

"ළමා හා යොවුන් රංග පීඨය"මා සහ ‍කෞෂල්‍යා ප්‍රනාන්දු කර උඩ තියාගෙන ගෙනියනවා. අපට උදව් උපකාර කරන්න අප සමඟ එකට එකතුවෙලා වැඩ කරන්න මේ ආයතනයේම සහෝදර ශිල්පීන්. ඔවුන් මුදල් ගැන නොසිතා විශාල කැපවීමකින් මේ කාර්යය ඉදිරියට කරගෙන යන්න අපට සහයෝගය දක්වනවා. හිතමිත්‍රාදීන් මූල්‍ය සම්පාදනයෙන් අපට උපකාර කරනවා. මාධ්‍ය ආයතනත් අපට උදව් කරනවා. ඒ වගේම, සෝමලතා සුබසිංහ මහත්මිය අනුස්මරණය කරමින් අප ආයතනය මඟින් සංවිධානය කරන "ළමා හා යොවුන් නාට්‍ය උළෙල"සඳහා මහ බැංකුවේ සභාපතිතුමන් වන හේමසිරි ප්‍රනාන්දු මහතා මූල්‍යමය අනුග්‍රහය දක්වනවා.

ළමා නාට්‍ය ප්‍රදර්ශනයේදී ප්‍රවේශපත්‍රවල මිල ගණන්වලට පිළිගත් මිලක් නෑ. අප සහනදායී මිලකට තමයි ප්‍රවේශපත් අළෙවි කරන්නේ. එහෙත් ළමා නාට්‍යයක් නිෂ්පාදනයේදී දරන්න වන නිෂ්පාදන වියදම සහ ළමා නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායම අතර දරාගන්න බැරි හිඩැසක් තියනවා. මේ හිඩැස පියවගන්න තියෙන අභියෝගය තමයි අපට තියෙන ගැටලුව. අපට වගේම ළමා නාට්‍ය නිර්මාණයේ නිරතවෙලා ඉන්න නිර්මාණකරුවන් මුහුණදෙන අභියෝගය.

ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීමෙන් මේ ළමා නාට්‍ය කලාව එක්තරා සමාජ පන්තියකට පමණක් සීමා වෙනවා. මේ ගැන හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න, ඉදිරිපත් කරන්න අපි සමාජයක් විදිහට උනන්දු විය යුතුයි කියන විශ්වාසයේ මා ඉන්නවා.

අනුසාර මාහිංගොඩ
ඡායාරූපය - සරත් පීරිස්


ගොළුවෙකු නොවන ඕනෑම කෙනෙකුට අද ගායකයෙක් වෙන්න පුළුවන්

$
0
0
අගෝ 7, 2018 01:00

වික්ටර් රත්නායක

වික්ටර් රත්නායක සූරින්ගේ දෙවෙනි ඒක පුද්ගල ගී ප්‍රසංගය 'සරස-රත්නමය ගී අමානන්දය', අගෝස්තු මස 11 වන දින මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී සවස 6.30ට ආරම්භවෙයි. 'වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පර්ෂදය'විසින් සංවිධානය කරන මෙම ප්‍රසංගයේ කථනය වසන්ත රෝහණගෙන් වන අතර සංගීතය මෙහෙයවීම සුසිල් අමරසිංහගෙනි. මීළඟ ප්‍රසංගය සැප්තැම්බර් මස 16 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

l. ඒක පුද්ගල ගී ප්‍රසංග වේදිකාවේ ‍නොමැකෙන සලකුණක් තබන්නට ඔබේ පළමු වෑයම වූ 'ස'ප්‍රසංගයට හැකිවුණා. එහි ආරම්භය සිද්ධ වුණේ කොහොමද?

ඇත්තටම ඒක මගේ වුවමනාවක් නෙවෙයි, සහෘද ඉල්ලීමක්. ප්‍රේමකීර්ති ද අල්විල්, කේ.ඩී.කේ ධර්මවර්ධන, බණ්ඩාර කේ විජේතුංග, ආර්.ආර් සමරකෝන් වැනි ගී පද රචකයින්, ලේඛකයින් හැටියට නමක් දිනා සිටි සහෘදයින්ගේ යෝජනාවක්. ඒත් ඒ යෝජනාවට පසුබිම සැකසුණේ ඒ කාලයේ අමරදේව සූරින් හා නන්දා මාලිනී එක්ව 'ශ්‍රවණ ආරාධනා'නමින් ද්විත්ව ශිල්පීය ප්‍රසංගයක් කරමින් සිටීමයි. ඒ 1973 වැනි කාලයක, ඒක අතිසාර්ථකව පැවත්වුණා. ඒ වෙද්දි මං ගැයූ ගීත ගණනාවක් ජනප්‍රියවී තිබීම නිසාම තනිවම ප්‍රසංගයක් කරන්න කියන යෝජනාව ආවා. මුලදීම ඒ යෝජනාවට මගේ ඒ තරම් කැමැත්තක් තිබුණෙත් නෑ. පසුව සංගීත විද්‍යාලයේ එකට ශිල්ප හැදෑරූ මර්වින් පෙරේරා, විජේරත්න රණතුංග, පුණ්‍ය සිරිමහවත්ත, වගේ අයගෙනුත් එවැනි ප්‍රසංගයක් සඳහා බලකිරීමක්, දැඩි උනන්දු කිරීමක් සිද්ධවුණා. චින්තන ජයසේනත් මේ කාලෙ මමත් සමග බොහොම සුහදව හිටිය මිත්‍රයෙක්. ප්‍රසංගය සැලසුම් කරද්දී ඒ සඳහා බොහෝ නම් ගණනාවක් යෝජනා වුණා. අපි අතර සිදුවුණු කතා බහකදී සංගීත සප්ත ස්වරයේ ඕනෑම තැනක 'ස'සවර ශබ්දය පිහිටුවන්න පුළුවන් බවත්, එතැන් සිට ඕනෑම ස්වර පරාසයකට ගමන් කළ හැකි බවත් මගේ කටින් කියැවුණා. ඒ වෙලාවෙ ''

එහෙම නම් වෙන නම් මොකටද අපි 'ස'කියමු"කියලා චින්තන යෝජනා කළා. ඒ අනුව 1973 ජූනි 20 වන දා හැව්ලොක්හි ලුම්බිණී රඟහලෙන් 'ස ප්‍රසංගය"ආරම්භ කළා.

l. එහෙම ආරම්භ කළ ගමන 2012 දක්වා සාර්ථකව පැමිණියා?

ඔව්. ඇත්තටම මේක එදා ආරම්භ කරද්දි වාර සිය ගණනක් හෝ දහස් ගණනක් කරන අඛණ්ඩව කරන්නට සැලසුමක් තිබුණේ නෑ. නමුත් පළවෙනි ප්‍රසංගයට දොරවල්, ජනෙල්, වීදුරු කඩාගෙන ප්‍රේක්ෂකයින් ඇදී ආවා. ඒ මට තියෙන ආදරය, ඇල්ම වගේම මගේ ගීතයට තියෙන බැඳීම තමයි. කොහොම වුණත් එහෙම කඩාවැදුණු ප්‍රේක්ෂකයින් පාලනය කරන්නට 'හෙටත් ප්‍රසංගයක් පැවැත්වනෙ බවට පළවනි දවසේම නිවේදනය කරන්න නිවේදකයට සිද්ධවුණා. ඒ නිසා බහුතර ඉල්ලීම් ඉටු කිරිමේ පරමාර්ථයෙන් තමා මෙය, දිගින් දිගටම ගෙනියන්න වුණේ. 'ස'ප්‍රසංගය තරම් රසික ආකර්ෂණය ඇති කළ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ලංකාවෙ නෑ. ඒක අතිශයෝක්තියක් නෙවෙයි. හැමෝම පිළිගන්න කාරණයක්.

l. ලාංකේය සංගීතයට පදනම වැටෙන්නෙ ඉන්දියාවෙන්. ඒක සාධනීය හා නිෂේධනීය ලෙසත් ඇතැම් අය කරුණු දක්වනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අපේ භාෂාව, සාහිත්‍ය, කලාව ආදී සියලුම සංස්කෘතිකාගම දෙස බැලුවම අපට භාරතයෙන්, එහෙමත් නැත්නම් ඉන්දියානු ආභාසයෙන් ඉවත්වෙන්නට බෑ. ඉන්දියාවෙන් තොරව අපට සංස්කෘතියක් නෑ. හැම තැනම තියෙන්නෙ ඉන්දියානු ප්‍රභවක් එක්ක ලැබුණු දේවල්. අවුකන බුදු පිළිම වහන්සේ පවා සිංහලයෙකු අතින් සිදුවූ නිර්මාණයක් නොව ඉන්දියානුවෙකු අතින් නිමැවුණු විශිෂ්ට කලා කෘතියක්. වංග භාෂාවෙන්, මාගධී, පාලි, සංස්කෘත භාෂායෙන් තමා අපට සාහිත්‍ය එන්නෙ.

චිත්‍ර හෝ මූර්ති වගේ දේවල් එන්නෙ. ඇඳුම පැළඳුම චාරිත්‍ර වාරිත්‍ර පවා එහෙමයි. කල්යාමේදී මේ සියල්ලට ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් හැදුණා. දේශීය නාඩගම් කලාවක් ගැන කතා කළාට 'නාටකම්'කියන ඉන්දියානු කලා-සංස්කෘතික ප්‍රවණතාව තමා, 'නාඩගම්'හැටියට එන්නෙ. ඉන්දීය, එහෙමත් නැත්නම් මහා භාරත සංස්කෘතිය , පසුකාලීනව අපටම ආවේණික වූ භාෂාවක් හා කලාවක් හැටියට ස්ථාපිත වුණා. සිනමාව ගත්තත් ඉන්දියාවෙ තමා පටිගත කිරීම් තිබුණේ. චරිත පවා එහෙන් ගත්තෙ. ගීතයත් එහෙමයි. ඒත් අපේ හුරුවට, හෙළ ගතියට පොදු ලක්ෂණ ඇතිව කලින් කලට වර්ධනය වුණා. අද අපටම කියලා හොඳ තනු රචකයෝ, ගී පද රචකයෝ ඉන්නවා.

l. ඒත් තාමත් අපට ඉන්දියාවෙන් මිදෙන්න නොහැකි බවට චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන්ම භාත් ඛණ්ඩේ හෝ ශාන්ති නිකේතනය ට ගොස් 'දේශීය සංගීතයක් ගොඩනැඟීමේ වුවමනාවෙන්'සංගීතය හැදෑරූ අය පවා ලංකාවට ඇවිත් ගීත ගායනා කිරීමෙන් ඔබ්බට 'දේශීය සංගීතයක් ගොඩනැඟීම වෙනුවෙන්'ක්‍රියා නොකළ බව ඇතැමුන් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඒ චෝදනාවෙ ඇත්තක් නැතිවා නෙවෙයි. සුනිල් ශාන්ත , ආනන්ද සමරකෝන් වැනි අය එහේ සංගීතය හදාරලා ලංකාවට ආවා. නිර්මාණ කළා. ඒ අයගේ නිර්මාණ තුළ දකින්නට ලැබුණේත් ඉන්දියානු ආභාසය තමයි. උදාහරණයක් විදිහට කීවොත් සුනිල් ශාන්තයන් උපතින් කතෝලිකයෙක්. කතෝලික පල්ලියේ තියෙන ගීතිකා, කන්තාරු ගී වල ඇදහීම් ශෛලිය තමා එයාගෙ ගීතවල තිබුණේ. අමරදේව සූරින්ගේ මුල් කාලීන බොහෝ ගීත තුළ පවා ඒක තියනෙවා. මං ඒක කියන්නේ අයගේ කුසලතාවන්ට නිග්‍රහ කිරීමට හෝ අවතක්සේරු කිරීමට නෙවෙයි. ඒ අය සැබෑ දක්ෂයෝ. ඒත් අමරදේව සූරින්ගේ පවා ගේ බහුතර ගීතවල තියෙන්නෙ රාගධාරී සංගීතයේ ඇසුර. එහි ශෛලියේම එහිම දිගුවක්. මං 1964දී මගේ පළවෙනි ගුවන්විදුලි වැඩසටහන කරද්දිත් මං ඒ ගැන කියලා තියෙනවා. ඇත්තටම මං එදා, ඉන්දියානු රාගධාරී සංගීතය මතම යැපීම වෙනුවට ඒ අභාසයෙන් මිදී අපට ආවෙිණික කිසියම් නාද රටාවක ට යායුතු වීමේ වැදගත්කම පෙන්වා දුන්නා. ඉන්දීය මූලාශ්‍රවලින් මිදීමේ වාසිය ගැය කතා කළා. අපටම ආවේණික නාද රටාවක් සොයාගැනීමට මං තුළ තිබූ එවක විශාල උනන්දුවක් තිබුණා. ඇත්තමට මං සංගීත ක්ෂේත්‍රයට ආවේ ඒ ගැනත් කල්පනා කරමින්.

l. ඔබේ නිර්මාණවලත් එකී ඉන්දීය රාගධාරී ශාස්ත්‍රීය සංගීතයේ ආභාසය තියෙනවා නේද?

ඔව්. මට වුණත් මුළුමනින්ම ඒවායින් ගැලවීමට හැකිවුණේ නෑ.

හිංදුස්ථාන රාගධාරී සංගීතයේ එන ඇතැම් ලක්ෂණ, අලංකාර, ඒ ස්වර කර්ණ රසායන බව, ඒ යෙදුම් මගේ ගීතවලත් එනවා. ඒත් මං හිතාමතාම මගේ නිර්මාණවලට ඒවා ඇතුළත් කරගත්තා නෙවෙයි. අප ඉගෙන ගත්තේ ඒ සංගීතය නිසා සිදුවුණු බලපෑම. උත්තර භාරතීය රාගධාරී සංගීතම මගේ හැදෑරීමේ ආරම්භය නිසා ඒ සංගීත සංගති නිරායාසයෙන්ම යෙදෙනවා. ඒකට කාටවත් දොස් කියන්න බෑ. අපේ කලාවේ සංස්කෘතියේ කුමන අංගය ගත්තත් ඒවායේ ඒ ලක්ෂණ, බලපෑම්, ආභාසය තියනෙවා. සුපිරිසිදු තත්ත්වයක් නෑ. ඒත් මට හැකි සෑම අවස්ථාවකම අපේකම ඒ ස්වර පරාස ඇතුළේ, නාද රටාවන් ඇතුළේ හොයන්න හා ස්ථානගත කරන්න මං උත්සාහ කළා.

l. 90 දශකයෙන් පසු නව සංගීත ක්ෂේත්‍රයේ තාක්ෂණික මෙවලම්, සංස්කෘතික වෙනස්කම් බොහෝ අත් දකින්න පුළුවන්. ඒක සුභාවිත ගීත කලාව වෙනුවෙන් පෙනී සිටි ඔබ වැන්නන්ද අභියෝගයක් වුණාද?

ඒක අභියෝගයක් කියලම කියන්න බෑ. ඒ නැඟී ආව රැල්ලේ ශාස්ත්‍රීය බවක් හෝ ගැඹුරක් තියෙන බවට සම්මතයට එන්න බෑ. බටහිර ශෛලියේ එන ඇතැම් තැන් ස්පර්ශ කරමින් ගීත ගායනයක් හෝ ගීත නිර්මාණය කර ගැනීමක් දකින්න පුළුවන් වුණු බව ඇත්තක්. ඒකෙ අපේකම නෑ. අපේ පාරු කවි, කරත්ත කවි, පතල් කවි, නෙළුම් කවි ආදියේ තිබුණු දේශීය උරුව ඒකෙ ගෑවිලාවත් නෑ. ඒත් අපේ පරම්පරාව දේශීය සංගීතය තුළ ඒ දේශීයත්වය රැකගන්න යම්තාක් දුරට හෝ උත්සාහ කළා. ඒත් 90 දශකයේ වෙනස තුළ 'අපේ කම'‍ට කිට්ටු අපේ සංස්කෘතියට සමීප නිර්මාණ දකින්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්. සංගීතය විශ්වීය වෙද්දි අපි ලෝකයට විවෘත විය යුතු වුණත්, එතනදී 'අපේ ලකුණ'නැතිනම් අනන්‍යතාව තියන්න ඕන. අපි ක්ෂේත්‍රයට පිවිසෙන කාලෙ කොළඹ සිට මහනුවරට සෘජුව දුරකථන ඇමතුමක්වත් ගන්නවත් බෑ. අතරමැදි මධ්‍යස්ථානයක් හරහා බුක් කරලා තමා ගන්න ඕන. මං අලුත් පරපුරට දොස් කියනවා නෙවෙයි. ගීත ශ්‍රවණය දියුණු වුණා. එෆ් නාලිකා හරහා අහන්න වගේම , රූපවාහිනි මාධ්‍යයත් එක්ක දකින්න පුළුවන් වුණා. ඒත් ඒ වෙනස තුළ විදේශ ගත දේවල් තමා වැඩිවශයෙන්ම අත්දකින්න ලැබුණේ. ඒත් ළඟම රටක දේවල් නෙවෙයි. යුරෝපීය හෝ අමෙරිකානු ලක්ෂණ. ඒවා අනුකරණවාදීව ඇසුරු කිරීමක් තමයි සිද්ධවුණේ. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව වගේ අය ඉන්දියානු ආභාසය අපට යුරෝපීය අභාෂය තරම් දුරස්ථ බවක් ඇති කළේ නෑ. උදාහරණයක් විදිහට කීවොත් ඒ සංගීතයේ දරාගැනීමේ, විඳගැනීමේ ශක්තියක් තිබ්බා. සමහරවිට බුද්ධාගම ගත්තත් ඉන්දියාවෙ නිසා වෙන්න ඇති.

l. සුභාවිත සංගීතය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක් 90 දශකයේ සන්ෆ්ලවර්සා සමග ගීත ගායනා කරමින් කැසට් නිර්මාණයට දායකවීම මෙහි එක් සංකේතාත්මක කඩඉමක් බව පෙනෙන්න තියෙනවා. ඔබ ඒ අදහසට එකඟද?

'සන්ෆලවර්ස්කරණය'වුණා කීවට ඒකට පැවැත්මක් තිබුණේ නෑ. වාදක කණ්ඩායමක් හැටියට ඒ අය ප්‍රසිද්ධයි. දක්ෂයි. ඒත් ඒ සංගීතය තුළ අපට සිතාරයක හැඬීමක් අහන්න ලැබුණේ නෑ. වයලීනයක්, බලනලාවක් නෑ. බෙරයක්, උඩැක්කියක්, රබානක්, ඇහුණේ නෑ. ඒ වෙනුවට ඔක්ටපෑඩයක්, ගිටාර් තුන හතරක්, ඩ්‍රම්ස් එකක් වගේ බටහිර වාද්‍ය භාණ්ඩ කීපයක් විතරයි තිබුණේ. ඒවායින් විතරක් අපේ කම ඉස්මතු කරගන්න බෑ. ඒවායින් නැඟෙන්නේ මතුවුණේ 'අපර දිග ශබ්ද මාධූර්යයක්'විතරයි. ඒත් ඒකෙන් සිද්ධවුණේ බොහෝ ගායක/ගායිකාවන් අවපාතයට යෑමක් විතරයි. මහාචාර්ය සනත් නන්දසිරි විසින් 'මගේ රටට දළඳා හිමි සරණයි'කියන ගීතය , සන්ෆ්ලවර්ස් එක්ක ගයලා ඒ ගීතයේ උත්තම ගතිය නැතිකර ගත්තා. කපුගේලා වුණත් එහෙමයි. ඒක තනිකරම ව්‍යාපාරික ලෝකයක්. ඒත් ඒකට ඒ තරම් දුරක් යන්න බැරිවුණා. ඒ කැසට් නිෂ්පාදනය කළ නිල්වලා අධිපති ප්‍රසිද්ධියේ පවසා තිබුණේ 'මේක නවත්වන්නේ අමරදේවත් එක්ක කැසට් එකත් කරලා"කියලයි. ඒත් ඒක කරන්න බැරිවුණා. අමරදේව සූරින් තියා ඊට මෙහා අපිව වත් ගන්න බැරිවුණා. නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වගේ අය මෙන්ම අපට පසු පම්පරාවේ දිවුල්ගනේවත් සන්ෆ්ලවර්ස් එක්ක ගියේ නෑ. ඒක කෙටිකාලින ව්‍යාපාරික ව්‍යාපෘතියක්. එයින් සංගීතයට දැඩි බලපෑමක් ඇතිවී යයි කියන්න බෑ. එහෙම වුණා නම් අදත් ඉල්ලුම තියෙන්න ඕන. ඒත් අද එහෙව් ඉල්ලුමක් නෑ.

l. 2000 දශකය වෙද්දි 90 දශකයෙනුත් එහාට ගිහින් අන්තර්ජාලය හරහා ගීත රසවිඳින රසික පරම්පරාවක් බිහිවෙලා. පැරණි පරපුරේ කෙනෙකු හැටියට ඔබ මේ තත්ත්වය දකින්නෙ කොහොමද?

ඉතාමත් කෙටියෙන්, සිංහලෙන් කියනවා නම් ගොළුවෙකු නොවන ඕනෑම කෙනෙකුට අද ගායකයෙක් වෙන්න පුළුවන්. ඒ තරමට තාක්ෂණයෙන් ඕනෑම හඬක් නිර්මාණය කරන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ඇවිත්. අපි මේ මොහොතේ කතා කරන දේත් මේ තාක්ෂණික මෙවලම් හරහා ගීතයක් කරන්න පුළුවන්. පරිගණකයට මේ සංවාදය ඇතුළත් කරලා, යම්නාද මාලාවක් මිශ්‍ර කරලා, එක්තරා රිදම් එකකට මේ කතා බහ එළියට ගන්න පුළුවන්.

එතකොට නිවේදකයත් මොහොතකින් ගායකයෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට හෙට මොකද වෙන්නෙ කියලා අද කියන්න අමාරුයි. මේ ප්‍රවණතාව අපේ පොදු සංස්කෘතියටත් බලපාලා තියෙනවා. ඒත් සංස්කෘතිය කියන්නෙත් හැමදාම එක විදිහට තියෙන දෙයෙක් නෙවෙයි. ඒක අවපාතයකට යනවද, උසස් වෙනවද කියන එක කියන්න බැරිවුනත් වෙනස සිද්ධවෙනවා. එක් කෙනෙකුට හෝ දෙන්නෙකුට මේකට විරුද්ධව උඩුගං බලා පිහිනන්න බෑ. විවේචනය කර කර ඉන්නත් පුළුවන්. ඒත් ඒකෙන් විතරක් මොකුත් වෙන්නෙ නෑ.

l. කළ හැක්කේ මොකක්ද?

අපි ගීත ගායනයට ප්‍රවිෂ්ඨ වූ 60 දශකයේ මූලාරම්භයේ බහුතර ගීත සංඛ්‍යාවක් තිබුණේ හින්දි හෝ ද්‍රවිඩ ගීතවල අනුකරණයන්. ඒ තනු වලට සිංහල වචන රිංගවපු ගීත කලාවක්. බෙග් මාස්ටර්, රුක්මනී දේවි, ලතා වල්පොල, ධර්මදාස වල්පොල, ජෝතිපාල, මිල්ටන් පෙරේරා වගේ අය ගායනා කළේ ඒ වගේ ගීත. ඒත් ඒ අයට ඒකෙම රැඳිලා ඉන්න බැරිවුණා. හොඳ ගී තනු නිර්මාපකයෝ බිහිවුණාම ජෝතිට පවා පසු කාලය වනවිට ස්වතන්ත්‍ර ගී ගයන්න සිද්ධවුණා. ඒකෙන් එයා තව තවත් ජනප්‍රිය වුණා. ජනාදරයට පත්වුණා. රටක කලාවේ සංවර්ධනය සහ දියුණුව තියෙන්නෙ රටට ආවේණික දෙයක් බි‍හිවෙන තෙක් පමණයි. අලුත් වෙනසට දොස් නඟලා වැඩක් නෑ. ඒ අලුත් වපසරිය තුළ පවා තමන්ගෙ අනන්‍යතාව තියන්නට හැකිවිය යුතුයි. 'අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී"කියනවානෙ. අලුත් දෙයක් කරලා, ඒ ජනතාවත් එක්ක අලුත් වින්දන කලාපයකට ඇතුළු වෙන්න ඕන. මං කනගාටුවෙන්නේ ඒ වෙනස ගැන නෙවෙයි. අද ක්ෂේත්‍රයට එන, ඒකෙ බඩපිණුම් ගහන අයට විෂය පිළිබඳ හැදෑරීමක් නැතිකම ගැනයි. උත්තර භාරතීයද, බටහිරද, කර්ණාටකද, මොන සංගීතය වුණත් හැදෑරීම වැදගත්. කොයි සංගීතය වුනත් කමක් නෑ. ඒත් බහුතරයක් හදාරන්නෙ නෑ.

l. ඔබ වැනි අය ක්ෂේත්‍රයට පිවිසෙන කාලයට වැඩිය වත්මන් පරපරට නවීන තාක්ෂණය, අන්තර්ජාල පහසුකම්, සමාජ ජාල වෙබ් හරහා පවා හැදෑරීමට පවත්නා අවකාශය වැඩියි?

ඒ ගැන මට තියෙන්නෙ වෙනස් අදහසක්. ශිල්ප හා ශාස්ත්‍ර කියලා දෙකක් තියෙනවා. සිප් සතර කියන්නෙ ඒකයි. ශිල්පය කියන එක ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් ඇහුවා හෝ බැලුවා කියන එක ඔහුගේ පරිණතභායට රුකුලක් වන දෙයක් නෙවෙයි. සිංදු අහන්න පුළුවන්. එ්ක විඳින්න පුළුවන්. ඒත් එච්චරයි. පරිගණකය හරහා රටවල් ගැන, පුද්ගලයින් ගැන, විස්තර දැනගන්න පුළුවන්. සාහිත්‍ය හොයන්න පුළුවන්. ඒත් ශිල්පය ප්‍රගුණ කරන්න බෑ. . ඒක අභ්‍යාස කරන්නයි ඕන. කෙනෙකුට ඕන නම් හුදෙක් ගීතයක් ගායනා කරන්න පුළුවන් වෙයි. ඒත් ශාස්ත්‍රීය හැටියට ශිල්පයක් හදාරන්නෙ නැතිව ඒකෙ ප්‍රාමාණිකයෙක් වෙන්න බෑ. ස්ථාවර නෑ. අද ඇහෙන නම හෙට නැත්තෙ ඒකයි. ජාතියේ හෝ ස්වදේශීයත්වයේ සංස්කෘතික ගති ලක්ෂණ සමග මුහුවචේචි නිර්මාණයක් නොවෙන්න ඒකට ස්ථාවරයක් නෑ. සියලුම නිර්මාණ සදාතනික විය යුතු යයි කියන්න බෑ. ඒත් ගීයක රසය හෝ ස්වතන්ත්‍ර බව අපේකම සමග බැඳී තියෙනවා.

l. ඔබගේ 'සරස-රත්නමය ගී අමානන්දය'ප්‍රසංගය හැරුණු විට මෑත කාලීන නිර්මාණ දිවිය ‍කොහොමද?

පහුගිය අවුරුද්ද දිහා බැලුවම ඒ අවුරුද්ද තුළ මං අලුත් ගීත 40ක් විතර ගායනා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රමණායක් තනු නිර්මාණ හැටියටත් කරල තියෙනවා. ප්‍රවීණයින්ගේ සිට ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණු අලුත් පරපුරේ රවීන් කණිෂ්ක දක්වාම නවකයින්ට සංගීත තනු නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒත් ඉතාම කනගාටුදායක, ශෝචනීය තත්ත්වයක් තියෙනවා. එෆ් එම් නාලිකා බොහෝමයක් සල්ලි අරන් මිසක් අලුත් ගීත ප්‍රචාරය කරන්න පෙළඹෙන්නෙ නෑ. මේ තත්ත්වය අද ක්ෂේත්‍රය වසාගත්තු මාෆියාවක්. අද හැමදේම මුදලට යටවෙලා.

මුදලින් තොරව කරන්නට හැක්කේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම පමණයි. මේ සිද්ධවෙන පරිසර දූෂණයේ හැටියට ඉදිරියේදී ඒකත් සල්ලිවලට තමා කරන්න වෙන්නෙ. මොකද, සුපිරිසිදු වාතය හොයාගන්න බැරිවෙනවා. මුදල් වෙනුවෙන් ජාතිය, අම්ම, තාත්ත වුනත් විකුණගෙන කන තත්ත්වයකට රට පත්වෙලා. අත දිගෑරලා සල්ලි වියදම් කරන්න බැරි නම් ප්‍රයිවට් බස් එකකවත් ගීතයක් ප්‍රචාරය වෙන්නෙ නෑ. මේ වගේ තත්ත්වයකදී අලුත් නිර්මාණ කළාට ජනතාව අතරට යාමේ ගැටළුවක් තියෙනවා.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

මිහිර ළමා ලෝකයේ සදාකාලිකයි

$
0
0
අගෝ 7, 2018 01:00

 බෘහස්පති සරසවිය සහ රන්පත් ආයතනය අපේකම රකින්නට නිරන්තරයෙන් ඇප කැප වී ක්‍රියාකරන සංවිධාන දෙකකි. ඒ දෙකෙහි සම්මිශ්‍රණයෙන් සහ ලේක්හවුස් 'මිහිර'පුවත්පතෙහි අනුග්‍රහයෙන් පසුගිය දිනවල දරුවන් වෙනුවෙන් චිත්‍ර තරගයක් පැවැත්විණි.

අපරාජිත බවෙහි සහ කැපවීමෙහි ප්‍රතිමූර්තියක් බඳු ලෝක පූජිත චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ මෙම චිත්‍ර තරඟයෙහි පරමාදර්ශී චරිතය ලෙස යොදාගෙන තිබේ. වින්සන්ට්‌ වැන්ගෝ තම කෙටි ජීවිත කාලය තුළ (අවු. 37) කලා කෘති 2100 කට වැඩි සංඛ්‍යාවක්‌ නිර්මාණය කර ඇති බව ප්‍රකටය. ඒ අතර තෙල් සායම් චිත්‍ර 860 ක්‌ ද, 1300 කට වැඩි දිය සායම් චිත්‍ර ද වේ. අර්තාපල් බුදින්නෝ, තරු පෑයූ රාත්‍රීන්, සූරිය කාන්ත මල්, වැන්ගෝ ගේ නිදන කාමරය, සයිප්‍රස්‌ වෘක්‍ෂ නැතහොත් විශාල සංඛ්‍යාවක්‌ ස්‌ව ආලේඛ්‍ය ඇසුරින් වැන්ගෝ ගේ ජීවිතයට එබී එහි විස්‌මය වින්දනය කළ රසිකයා හට ඒ ජීවිතයේ ඇතුළාත්න ශෝකය ද උද්වේගය ද ගැඹුරින් හා හෘදයාංගමව ස්‌පර්ශ කිරීමේ හැකියාව ලැබේ. සිය කෙටි ජීවිත කාලය පුරා මානසික රෝගියකු ලෙස සමාජය විසින් සලකන ලද ඔහුට සිටි එකම මිතුරා වන්නේ ඔහුගේ එකම සොහොයුරාය. වින්සන්ට් වැන්ගෝ විසින් සිය එකම සොහොයුරා වෙත ලියන ලද ලිපි තුළින් ඔහුගේ ඇතුළාන්තය චිත්‍රණය වේ.

මෙම චිත්‍ර තරගය පිළිබඳව අදහස් දක්වමින් රන්පත් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධසිරි මහතා,

"රටක අනන්‍යතාවය රැකිලා තියෙන්නේ මුළුමනින්ම කලාව සහ සාහිත්‍යය නිසා. අපේ ජන කවි, සිතුවම් වැනි කලා සහ සාහිත්‍යය මාධ්‍ය නිසා තමයි තවදුරටත් අපේකම රැකිලා තියෙන්නේ. අපේ රට තුළ තවමත් සුරක්ෂිත වෙලා තියෙන අපට ආවේණික වුණු මෙම සම්ප්‍රදායික කලා සහ සාහිත්‍ය අංග විදේශ සංචාරකයින් අපේ රටට ආකර්ෂණය වෙන්නට සහ අපේ රට නැරඹීමට පැමිණෙන්නට හේතුවක් . මේ දේවල් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම රජයට පවරන්නට හැකියාවක් නැහැ. අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා, රජය මගින් සංවර්ධනය කරපු රටක් අපට ලබා දෙයි කියලා. නමුත් පුළුල් පරාසයක විහිදිලා තියෙන පෞද්ගලික අංශයට අපි හිතනවට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒ ඔස්සේ මේ අපේ කම රැක ගැනීම පෞද්ගලික අංශයට පවරා ගත හැකි වගකීමක් විදිහට මම දකිනවා. මේ චිත්‍ර තරඟය ඒ වගකීමෙන් කොටසක් අපි සතු කර ගනිමින් අනාගත පරම්පරාව මිනිසත්කමින් පිරිපුන් අපේකම රකින්නට හැකි ජාතියක් බවට පත්කරන්නට දරපු උත්සාහයක තවත් අවස්ථාවක්.

"වර්තමානයේ දරුවන්ට ළමා විය අහිමි වෙලා ගිහින්. යන්ත්‍රසූත්‍ර වගේ විභාග පසුපස ඇදගෙන යන ළමා වයසේ දරුවකුට අත්විඳින්නට ඇති සුන්දරත්වය අහිමි වුණු පිරිසක් බවට ඔවුන් පත්වෙලා. ඒ හේතුව නිසාම දරුවන් අපේකම හඳුනන්නේ නැහැ. විභාග පසුපස දුවමින් දොස්තරවරු ඉංජිනේරුවන් බිහිවෙද්දී ඔවුන් තුළ ජීවත් විය යුතු රස වින්දනයක් සහිත සංවේදී මිනිසුන් අහිමි වෙලා යනවා. මිනිස් හැඟීම් පොතට පතට සහ තාක්ෂණයට සීමා කරමින් ඇතිදැඩි කරන දරුවන් දවසක මිනිසුන් බවට පත් වුණාම ඔවුන් තමන්ගේ දෙමාපියන්ගේ රැකවරණය සලසයි, ඔවුන් දෙස සංවේදී ඇසකින් බලයි කියලා හිතන්න බැහැ. මොකද ඔවුන්ගේ හැඟීම් සංවර්ධනය වෙලා තියෙන්නේ යාන්ත්‍රික ක්‍රමයකට ඒ තුළ මානුෂීය සංවේදීතාවය නැහැ. මේ ඛේදවාචකයට යම්තාක් දුරට හෝ පිළියමක් යොදන්නට හැකි නම් ඒක තමයි අපේ අරමුණ. එයට අමතරව කලා හැකියාව විශේෂයෙන්ම චිත්‍ර ශිල්පය අනාගතය සුරක්ෂිත කරන්නට ජාත්‍යන්තරයට යන්නට සහ ඉහළ ආර්ථික වටිනාකමක් ඇතිකරගන්නට හැකි ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රය තුළ දස්කම් දක්වන දරුවන්ට ඉහළටම යන්නට මඟ පෙන්වන්නට සහ අතහිත දෙන්නටත් අපි සූදානමින් ඉන්නවා."

රන්පත් ආයතනය සමඟ මෙම චිත්‍ර තරඟය සංවිධානය කරන්නට හරිස් වල්පොල මහතා ප්‍රමුඛ බෘහස්පති සරසවිය අධාපන ආයතනය පරිශ්‍රමයක් සහ වගකීමක් දරා ඇත. දහස් ගණනක් චිත්‍ර අතරින් විශිෂ්ටතම චිත්‍ර තිහක් තෝරා ගනිමින් ඒ සෑම දරුවෙකුට ම රුපියල් 25000ක මුදල් ත්‍යාගයක්, වින්සන්ට් වැන්ගෝ සම්මානය සහ සහතිකයක් ප්‍රදානය කරන අතර සහභාගිත්වය වෙනුවෙන් සෑම දරුවකුටම සහතිකයක් ලබා දෙන්නට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී. අනාගත චිත්‍ර ශිල්පීන් බිහිකරන්නට මෙවැනි කටයුත්තක නිරත වූ රන්පත් ආයතනය ශ්‍රී ලංකාවේ මුද්‍රණ ක්ෂේත්‍රයට ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්තව දායකත්වය දක්වන දහසකට අධික පිරිසකට රැකියා අවස්ථා උදාකර දුන් සාර්ථක ව්‍යාපාරයකි. නාමයෙන්ම අපේකම සංකේතවත් කරන රන්පත් ආයතනයට නම ලබා දී ඇත්තේ රත්න ශ්‍රී විජේසිංහයන් විසිනි.

තවදුරටත් අදහස් දැක් වූ බුද්ධසිරි මහතා,

"මේ තරගයට චිත්‍ර යොමු කරපු දරුවන්ගේ දෙමව්පියන්ට අපේ ගෞරවය නිරන්තරයෙන්ම පිරිනමනවා. චිත්‍ර අඳින්නට දරුවාගේ කාලය මිඩංගු කරන්නට ඉඩ දීලා, චිත්‍රය දරුවා වෙනුවෙන් තරගයට යොමු කරලා ඒවගේම අවුරුදු ගණනාවක් දරුවන්ට යහපත් දේ ලබා දුන්න මිහිර පත්තරය දරුවන්ට අරගෙන දීලා ඔවුන් ක්‍රියා කරන ආකාරයට ප්‍රශංසා කරන්න අවශ්‍යයි. ඒ වගේම ලේක්හවුස් ආයතනය මේ වැඩසටහන සංවිධානය කර ගන්නට ලොකු පිටුවහලක් බවට පත්වුණා. රසවින්දනය සහ අපේකම රැක ගැනීමේ හැඟීම ආයතනයක් විදිහට ඔවුන් තුළ තිබීම අගය කළ යුතුමයි. අපේ කටයුතු සාර්ථක කර ගන්නට එය ඉවහල් වුණා."

මේ පිළිබඳව මිහිර ප්‍රධාන කර්තෘ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් හේවාපන්න මහතාද අදහස් දැක්වීය.

"ලංකාවේ පැරණිම ළමා පුවත්පත වශයෙන් 'මිහිර'නිරන්තරයෙන්ම දරුවන් වෙනුවෙන් ගුණාත්මක දෙයක් ලබා දෙන්න උත්සාහ දරනවා. පහුගිය කාලයේ අපි දැකපු ලොකුම හිස්තැනක් තමයි දරුවන් චිත්‍ර කලාවෙන් ඈත් වෙන බව. ඒ පිළිබඳව ලොකු කණගාටුවක් දැනෙන වෙලාවක තමයි රන්පත් ආයතනය සහ බෘහස්පති සරසවිය මේ වැඩසටහන සංවිධානය කරලා ඒකට අපිවත් සම්බන්ධ කර ගත්තේ. මෙහි අරමුණ ලංකාව පුරා විහිදුන දක්ෂ චිත්‍ර ශිල්පීන් පිරිසක් බිහි කිරීම. මේ කටයුත්ත මෙතනින් නවතින්නේ නෑ අපි අදහස් කරනවා ලංකාව පුරා දිස්ත්‍රික් මට්ටමින් චිත්‍ර වැඩමුළු පවත්වලා රට වටා සිටින දරුවන්ගේ චිත්‍ර හැකියාව වැඩි දියුණු කරන අතරේ ඔවුන්ගේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි දියුණු කරන්න."

එළැඹෙන එකොළොස් වැනි දින උදෑසන නමයේ සිට කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන්නට නියමිත මෙම චිත්‍ර තරගයේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය සමගාමීව ව ළමා ගීත කිහිපයක් එළි දක්වන්නට ද නියමිතය. එසේම යම්කිසි හේතුවක් මත එදිනට සහභාගී වන්නට නොහැකි වන චිත්‍ර ශිල්පීන්ට සිය සහතිකය ලේක්හවුස් ආයතනයට පැමිණ ලබාගන්නට හැකියාව පවතින බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

සටහන
දිල්රූ ජයසේකර
ඡායාරූප-රංජිත් අසංක

පක්ෂය කැළඹූ අනියම් සබඳතා

$
0
0
අගෝ 7, 2018 01:00

“මගේ ජීවිත කථාව අත්‍යන්තයෙන් ම බැ දී තිබෙන්නේ දේශපාලනය සමගයි. ජනතා විමුක්ති පෙරමුණ සමඟත් ඉන් ඉවත් වූ පසුත් මගේ ජීවිතය ගෙවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හා සෘජු ලෙස හෝ වක්‍ර ලෙස හෝ සම්බන්ධ වෙමින්. ඒ නිසාම අතීතයේ සිද්ධීන් පිළිබඳව යළිත් සාකච්ඡා කිරීමේ දී සඳහන් කරන්නට සිදු වී තිබෙන සමහර කරුණු හේතුවෙන් ඇතැම් සහෝදර සහෝදරියන්ට යම් ආකාරයක සිත් වේදනා ඇති විය හැකි බව මම දන්නවා. මම ඒ පිළිබඳව මගේ කණගාටුව පළ කරමින් ඒ කරුණු පිළිබඳව සටහන් කළ යුතුව තිබෙන බව ‍මම කල්පනා කරනවා. පහත සඳහන් කරන කාරණය ගැන මම මගේ ඉල්ලා අස්වීමේ ලිපියේ ද සඳහන් කර ඇති නිසා මේ සිද්ධිය ගැන මා පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා.

“මොරීන් සහෝදරිය පක්‍ෂයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අර්ධ කාලීනව දේශපාලන කටයුතු කළ කෙනෙක්. ඇයගේ ස්වාමි පුරුෂයාත් පක්‍ෂයේ දේශපාලන කටයුතු කළා. මොරීන් සහෝදරියත්, ඇයගේ ස්වාමි පුරුෂයාත් පදිංචිව සිටි නිවස පරිත්‍යාගශීලී ලෙස පක්‍ෂයේ වැඩට යොදා ගන්නට ඉඩ දී තිබුණා. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් එම දිස්ත්‍රික් ආසනවල කටයුතු කරන සහෝදර සහෝදරියන් දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා පවත්වන්නටත්, හමු වන්නටත් ඒ නිවස බොහෝ සේ ප්‍රයෝජනයට ගත්තා. කාර්යාලයක් වශයෙනුත් පාවිච්චි කළා. ජනතා විමුක්ති පෙරමුණේ එක දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි පැවැත්වූවා. ආරක්ෂක හේතූන් නිසා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ රැස්වීම් පුද්ගලික ස්ථානයක් වැනි තැනක දෙවරක් පැවැත්වූයේ ඉතාමත්ම විරල අවස්ථාවක පමණයි.

“1982 අග භාගයේ පමණ රෝහණ සහෝදරයාත් මොරීන් සහෝදරියත් අතර පවතින්නේ යයි කියන ‘අනියම් සම්බන්ධයක්’ ගැන මුලින් හලාවත දිස්ත්‍රික්කයේත්, පසුව කොළඹ දිස්ත්‍රික්කයේත් කට කථා, දූෂමාන ආරංචි පැතිර යන්නට පටන් ගත්තා. මෙවැනි සම්බන්ධයක් ස්ථිර ලෙසම පවත්වා ගෙන ගිය බව දේශපාලන මණ්ඩලයට දැන ගන්නට ලැබුණේ රෝහණ සහෝදරයා විසින්ම දේශපාලන මණ්ඩලයේ උපතිස්ස ගමනායක සහ වාස් තිලකරත්න යන සහෝදරවරුන් හමුවේ සහ පක්ෂයේ ඇතැම් ප්‍රසිද්ධ ස්ථානවල දී මෙම සම්බන්ධතාවය ගැන කරන ලද සඳහන් කිරීම්වලින්.

“මේ කරුණ නොයෙක් දේශපාලන විරුද්ධවාදීන් පක්ෂයට එරෙහිව චෝදනා කරන්නට යොදා ගන්න තත්ත්වයට පත් වුණා. පක්ෂය ඇතුළේ සමහර සහෝදර සහෝදරියන්ටත් මේ පිළිබඳව කරුණු දැන ගන්නට නොයෙක් ආකාරයෙන් විමසීම් කරන්නට පටන් ගත්තා. මට මතකයි සමහර සහෝදරවරු ආමර් වීදියේ පක්ෂ කාර්යාලයට ඇවිත් මේ කරුණු ගැන විමසා උත්තර නොලැබුණාම හිත් අමාරුවෙන් යුතුව පිටවී යනවා. මේ කාලයේ ම වියවුල් සහගත තත්ත්වයක් ඇති කරන්නට සමත් තවත් කරුණු කිහිපයක්ම සිද්ධ වුණා. ඒ දිනවල පක්ෂයේ පූර්ණ කාලීනව කටයුතු කළ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සහෝදරයෙකුගේ නංගි කෙනෙක් පක්ෂයේ පූර්ණ කාලීනව ගම්බද දිස්ත්‍රික්කයක කටයුතු කළා. ඒ සහෝදරියත් සමඟ මහින්ද පතිරණ සහෝදරයා සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඈ ගැබ් ගෙන හිටියා. මේ පිළිබඳව ඒ දිස්ත්‍රික්කයේ පක්ෂයේ සහෝදර සහෝදරියනුත් දේශපාලන මණ්ඩලයේ ඇතැම් සහෝදරවරුත් මහත් කැළඹීමට පත්ව සිටියා.

“දිස්ත්‍රික්කයේ කැළඹීම් නතර කරන්නට ඒ සහෝදරිය ගෙනැවිත් කොළඹ දිස්ත්‍රික්කයක නතර කර ගන්නට පක්ෂයට සිදු වුණා. ඒ ප්‍රදේශයේත් ප්‍රශ්න ඇති වනවිට පක්ෂයට ඒ කාලයේ සම්බන්ධව සිටි වෛද්‍ය සහෝදරයකුගේ උපදෙස් මත ඒ සහෝදරියගේ කැමැත්ත මත ගබ්සාවක් කර ගන්නට සිදු වුණා. මේ අතරේ වාස් තිලකරත්න සහ අම්පාරේ පීරිස් යන සහෝදරවරු, පෙනුණු අන්දමට ඔවුන්ට ඇතිව තිබුණ මූල්‍ය අමාරුකම් නිසා, ඇතැම් අක්‍රමිකතාවල යෙදී සිටි බව අනාවරණය වුණා. මෙයට කලින් මෙවැනිම හේතූන් මත දයා වන්නිආරච්චි සහෝදරයා රෝහණ සහෝදරයාගේ අනුදැනුම මත පක්ෂයේ වැඩ කටයුතුවලින් ඉවත්ව ගිය බව පෙනුණා. මේ කාලයේ දකින්නට තිබුණු තවත් කරුණක් වුණේ රෝහණ සහෝදරයාගේ මූලිකත්වයෙන් ගමනායක, වාස්, මහින්ද පතිරණ අම්පාරේ පීරිස් වැනි අය පුද්ගලික ගොනුවක් ලෙස කටයුතු කිරීම.

“මෙහි දී මම වැදගත් කරුණක් අවධාරණය කරන්නට අවශ්‍යයි. යම් දේශපාලන ව්‍යාපාරයක් රහසිගතව දේශපාලනයේ යෙදෙන විට හෝ සිරගත ව සිටින අතරතුර දේශපාලන කටයුතුවල නිරත වනවිට සමහර කරුණු ප්‍රසිද්ධියට එනවා අඩු වගේම ඒ ප්‍රශ්න පිළිබඳව හරි හෝ වැරදි තීරණ අර ගෙන කටයුතු කරන එක දුෂ්කර කාරණයක් නෙවෙයි. නමුත් ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදෙන විට ඒ ව්‍යාපාරය තුළ මෙන්ම සමාජය තුළ ඒ ව්‍යාපාරය සහ එහි පුද්ගලයන් ගැන, විශේෂයෙන්ම පක්ෂ නායකයා ගැන, පැන නැඟී ඇති ප්‍රශ්නවලට ප්‍රසිද්ධියේ මුහුණ දෙන්න වෙනවා. ඒක හැංගිලා රහසිගතව කරන දේශපාලනයට වඩා දුෂ්කර දෙයක් බව මම අදත් කල්පනා කරනවා.

“මේ අනුව රෝහණ සහෝදරයා සම්බන්ධයෙන් පැන නැඟී තිබුණ ප්‍රශ්නය ගැන අපි දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ දී මෙම සම්බන්ධතාවය දෙදෙනාගේ ම කැමැත්තෙන් පවත්වා ගෙන යන්නක් බව රෝහණ සහෝදරයා පිළිගත්තා. එවැනි සම්බන්ධතා වැරදි සහගත නොවේ යයි තර්ක කිරීමට රෝහණ සහෝදරයා කාල් මාක්ස් ගේත්, මාඕ සේතුං ගේත් පෞද්ගලික ජීවිත කථා ඉදිරිපත් කළා. ඒත් දේශපාලන මණ්ඩලයේ වැඩි දෙනකු ඉදිරිපත් කොට සිටි අදහස වූයේ රෝහණ සහෝදරයා විවාහකයෙක්ව සිටිය දී මෙවැනි සම්බන්ධතාවයක් පවත්වා ගෙන යෑම ඉතාමත් වැරදි සහගත බවයි. දේශපාලන මණ්ඩලය විසින් ඇතැම් සහෝදරවරු අවිවාහකව සිටිය දී පවා එවැනි සම්බන්ධතා පවත්වා ගෙන යෑම වැරදි සහගත යයි මීට පෙර තීන්දු කොට තිබෙන බවත් දේශපාලන මණ්ඩල සභිකයන් පෙන්වා දුන්නා.

“පක්ෂයේ සාමාජිකත්වය විසින් රෝහණ සහෝදරයාත් මොරින් සහෝදරියත් අතර පැවතුණ මෙම සම්බන්ධතාවය ගැන මතු කර තිබෙන කරුණු සැලකිල්ලට ගෙන පරීක්‍ෂණයක් පවත්වා තීන්දුවක් ඉදිරිපත් කිරීමේ කටයුත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් මා වෙත පැවරුවා. එසේ තීරණය කරන්නට කරුණු දෙකක් බල පා තිබුණු බව පෙනුණා. පළමු වැනි කරුණ වුයේ මෙම තීරණය ගන්නට පෙර මොරීන් සහෝදරිය කලින් දන්වා ආමර් වීදියේ පක්ෂ කාර්යාලයට ඇගේ ස්වාමි පුරුෂයා ද සමඟ පැමිණ, මේ කරුණ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස පක්‍ෂයෙන් ඉල්ලා සිටීම. මම ඒ වන විට ඒ ඉල්ලීම දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. දෙවැනි කරුණ මගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන පරීක්‍ෂණයකින් පසුව ගන්නා තීරණයකට රෝහණ සහෝදරයා අවනත වනු ඇතැයි දේශපාලන මණ්ඩලය තුළ පැවතුණ විශ්වාසය. පරීක්‍ෂණයකින් පසුව ගනු ලබන තීරණ පිළිගැනීම රෝහණ සහෝදරයා ප්‍රතික්‍ෂේප කළේ නම් ඉන් පක්‍ෂයට ඇති විය හැකිව තිබූ හානි කර දේශපාලන බලපෑම ගැනත් දේශපාලන මණ්ඩලයේ අවධානය යොමුව තිබුණා.”

“මේ කාලය වන විට මොරීන් සහෝදරියටත් ඇයගේ ස්වාමි පුරුෂයාව සිටි පක්ෂයේ සහෝදරයාටත් විරුද්ධව බරපතළ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබුණා. මොරීන් සහෝදරිය යනු ‘පක්ෂයේ රහස් දැන ගන්නට, පක්ෂයේ නායකයන් බිලී බා ගන්නට, රෝහණ සහෝදරයාට වස දී ඝාතනය කරන්නට දේශපාලන හතුරන් විසින් යොදවන ලද ඔත්තු කාරියක්’ ය යන කථාවත්, රෝහණ සහෝදරයාට මුහුණ සෝදා ගන්නට තබන ලද බේසමක වතුර බිව් පොල් කිච්චෙක් එතැනම මැරී වැටුණේය යන කථාවත් ඒ දිස්ත්‍රික්කය තුළ පමණක් නොව සෙසු ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය තුළත් වේගයෙන් පැතිරී යන්නට පටන් ගත්තේ මෙවැනි වාතාවරණයක් පවතිද් දී යි.

“පරීක්‍ෂණය සඳහා කරුණු ඉදිරිපත් කළ අය අතර රෝහණ විජේවීර සහෝදරයාත්, මොරීන් සහෝදරියත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ ලේකම් සහ හලාවත ආසනයේ ලේකම් සහෝදරවරුත් සිටියා. පරීක්‍ෂණය වෙත ඉදිරිපත් කරන ලද කරුණු අනුව මෙම සම්බන්ධතාවය රෝහණ සහෝදරයාත් මොරීන් සහෝදරියත් යන දෙදෙනාගේ ම අවශ්‍යතාවය මත ආරම්භ කොට පවත්වා ගෙන ගොස් තිබුණු බව සනාථ වුණා. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස රෝහණ සහෝදරයා මෙම සම්බන්ධතාවය ආරම්භ කිරීමේ දී සහ පවත්වා ගෙන යෑමේ දී වඩා වැරදි සහගත ලෙස ක්‍රියා කර තිබුණ බවත් ඔහු මේ සම්බන්ධයෙන් වැඩි වගකීමක් දැරිය යුතු බවත් මගේ නිගමනය වුණා. පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මම සම්බන්ධතාවය වහාම නතර කිරීමට කටයුතු කිරීම සුදුසු බව දේශපාලන මණ්ඩලය වෙත නිර්දේශ කළා. මොරීන් සහෝදරියට එරෙහිව කර තිබුණ ප්‍රචාරවලට, නඟා තිබුණ චෝදනාවලට කිසිදු පදනමක් නොතිබුණ බවත් මා දේශපාලන මණ්ඩලයට වාර්තා කළා. එසේම මොරීන් සහෝදරියගේ සහ ඇගේ සැමියාගේ තීරණය අනුව ඔවුන්ට නැවත පක්‍ෂයේ දේශපාලන වැඩ කටයුතු කරන්නට හෝ නො කරන්නට ඉඩ හරින ලෙසද, මේ සිද්ධිය පිළිබඳව අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් තොරව මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙස ද නිර්දේශ කෙරුණා. කොන්දේසි විරහිතව රෝහණ සහෝදරයාත් දේශපාලන මණ්ඩලයත් මෙම නිර්දේශ පිළිගත්තා.”

“ඒත් මොරීන් සහෝදරියට සහ ඇගේ සැමියාට පුත්තලම් දිස්ත්‍රික්කය තුළ දේශපාලන වැඩ කටයුතු කරන්නට තරම් සුදුසු පරිසරයක් පැවතුණේ නැහැ. මොරීන් සහෝදරිය යනු ‘පක්ෂයේ රහස් දැන ගැනීමට, පක්ෂයේ නායකයන් බිලී බා ගැනීමට, රෝහණ සහෝදරයාට වස දී ඝාතනය කරන්නට හතුරන් විසින් යොදවන ලද ඔත්තු කාරියක්’ය යන කථාවත් ‘රෝහණ සහෝදරයාට මුහුණ සෝදා ගැනීමට තබන ලද වතුර බේසමෙන් දිය බිව් පොල් කිච්චෙක් එතැනම මැරී වැටුණු කථාවත්’සාමාජිකත්වය අතර පතුරවා හැර තිබූ වාතාවරණයත් තුළ එම දිස්ත්‍රික්කයේ පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු කරන්නට ඒ සහෝදරියටවත් ඇගේ සැමියාටවත් ඉඩ නොලැබීම පුදුමයට කාරණයක් නෙමෙයි. මට මතක අන්දමට වෙනත් දිස්ත්‍රික්කයකවත් දේශපාලන වැඩ කරන්නට තරම් තත්ත්වයක් ද ඔවුන්ට තිබුණේ නැහැ. ඒ දෙදෙනාම පක්ෂයේ දේශපාලන වැඩවලින් ඉවත් වුණ බව තමයි මා පක්ෂයෙන් ඉල්ලා අස්වනවිට දැන ගෙන හිටියෙ. ඉන් පසු ඇති වූ තත්ත්වය ගැන මා කිසිවක් දන්නේ නැහැ.

“මම මේ කථා මතක් කරන්නේ අපේ පක්‍ෂ ඉතිහාසයේ ඇත්ත සිදුවීම් කියන්නයි. අපි මොන දේශපාලනය කළත් අපිත් මේ සමාජයේම කොටසක් කියන්න මේ සිදුවීම් කිහිපය හොද උදාහරණයක්. අපිත් මිනිස්සු. අපිටත් පොදු මානව හැගීම් වගේම උවමනා තිබුණා. දැනුත් තියෙනවා. ඒත් අපි පක්ෂයේ විනයක් යටතේ ඒ උවමනාවන් පාලනය කරගත්තා. එතන දී අපි සමාජයේ අනෙක් අයට වඩා වෙනස් මිනිසුන් වුණා. එහෙම කළා කියල අනෙක් අයගේ මිනිස් රුචිකත්වයන් අවමානයට ලක්කරන්න, ඒ අවශ්‍යතාවයන් අවතක්සේරු කරන්න අපිට අයිතියක් නැහැ. අපි එහෙම කරන එක දේශපලනිකවම වැරදි යි. ඒ නිසා මම හිතන්නේ අපේ සහෝදර සහෝදරියන්ගේ ඔය ආකාරයේ ප්‍රශ්න දිහා අපි බලන්න ඕන මානුෂිකව. ඒක රෝහණ සහෝදරයාටත් පොදුයි. ඉතිහාසයේ මේ ප්‍රශ්න අපි යළිත් සාකච්ඡා කරන්න ඕන ඒ අර්ථයෙන් කියලයි අද මට හිතෙන්නේ.”

සිසිර යාපා

හෙට - ජවිපේ දිය සුළියට ඇතුළු වේ

රට යන ඇත්තෝ

$
0
0
අගෝ 7, 2018 01:00

“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට හේතු වාසනා වේවා“

 

මේ ගීතය අසා නැති කෙනෙක් මේ ශ්‍රී ලංකාවේ සිංහල ගීත අසන අය අතර නැත. එය ඒ තරමට ජනප්‍රිය ය. එහෙත් යළි උපදින්නට බලාපොරොත්තු එහෙම ම තියාගෙන ම ඒ ගීය ඇසූ සහ එය උජාරුවෙන් ගැයූ බොහෝ දෙනකු මේ වන විට රට හැර ගොස් ය.

එක්තරා විශ්වවිද්‍යාලයකින් පවත්වන ලද සමීක්ෂණයක දී පෙනී ගොස් තිබුණේ වයස 18ත් 25ත් අතර තරුණයන්ගෙන් 60% ක් ම හොඳින් හෝ නරකින් රට යෑමේ අපේක්ෂාවෙන් පෙළෙන බව ය. අප අමතක නොකළ යුත්තේ මේ වයස් කාණ්ඩයේ අය වරින් වර ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ බව ය.

දුෂ්කර අභියෝගයන් ඉදිරියේ ගත හැකි උපාය මාර්ග දෙකක් තිබේ. එකක් සටන් කිරීම ය. අනික පලා යෑම ය. fight හෝ flight ය. තව විකල්ප ඇතත් සරල ප්‍රතික්‍රියා දක්වන මිනිසුන්ගේ තෝරා ගැනීම ඒ දෙකින් එකකි. ඒ අනුව අද පලා යන්නට හදන්නේ එදා සටන් කළ අයම වීම එක් අතකට පුදුමයක් ද නොවේ.

දැනටමත් වයස 25ත් 60ත් අතර (වැඩකරන වයසේ) ජනගහණයෙන් 22% ඉක්මවන ප්‍රමාණයක් රැකියා කරන්නේ ද පිටරට ය. මේ නිසා ම ශ්‍රී ලංකාවේ අංක එකේ විදේශ විනිමය උපයන්නා බවට පත්ව ඇත්තේ විදෙස් ශ්‍රමිකයන් ගෙනෙන ආදායම ය.

නගරයේ වෙසෙන බොහෝ පවුල්වල දරුවන් එක් කෙනකු හෝ රට ගොස් ඇති අය දැන් බහුල ය. දෙමළ ඩයස්පෝරාවට හරි හරියට සිංහල ඩයස්පෝරාවක් ද බිහිකරමින් සංක්‍රමණය සිදු වෙමින් තිබෙන්නේ ය. එසේ ගිය අය ඒ රටවල ඉහළ තනතුරු දැරීමෙන් නොනැවතී දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත් වීම දක්වා ම ගොස් තිබේ. හේතුව ඒ තරමට ලාංකීය ජන පදනමක් ඇතැම් රටවල ඇති නිසා ය. දෙමළ ජනතාවගේ ජන්ද ලබා ගැනීම සඳහා ඇතැම් රටවල දේශපාලන නායකයින් උතුරේ ප්‍රශ්න ගැන සංවේදී වීම දක්වා මේ සංක්‍රමණය තව පැත්තකින් සිදු ව ඇත්තේ ය.

මේ කටයුතු මෙසේ සිදු වෙද්දී රට යන ඇත්තන් උපහාසයට ලක් කරන ප්‍රවණතාවයක් ද රට තුළ පැවතියේ ය. එයට ජන මාධ්‍යවලින් ද කලා කෘතිවලින් ද නොමඳ සහයක් ලැබුණේ ය. රට ගිය ඇත්තෝ ටෙලි වෘත්තාන්තය ඊට එක් නිදසුනකි. ඒ උපහාසය කළ වුන් ද එයින් නොමඳ ආස්වාදයක් ලබා ගත් උන් ද අවස්ථාව ඇතොත් ඒ සියල්ල අමතක කර රටින් පැනීමට සූදානම් ව සිටිය හ. ඒ අතර බටහිර රටවල්වල ජීවන ශෛලිය විවේචනය කළ අය ද බටහිරට විරුද්ධව ඝෝෂා කළ වුන් ද වූහ. වෙන එකක් තබා දේශප්‍රේමය ගැන වඩාත් උනන්දුවෙන් කතා කරන බොහෝ අයගේ දරුවන් හිටියේ ද අදටත් ඉන්නේ ද විදේශ ගත ව ය. මේ අයගේ වැඩි කැමැත්ත අප ගිල ගන්නට වෙර දරනවා යැයි ඔවුන්ම කියූ බටහිර රටවලට ය. මෙයින් පෙන්නුම් කළේ එක් පැත්තකින් විවේචනය කරන ගෝලීයකරණයේ අවස්ථා තව පැත්තකින් තුරුළු කර ගැනීමට සිදු ව තිබීමේ ඛේදවාචකය ය. සසර වසන තුරු නිවන් දකින තුරු උපදින්නට පැතූ ඒ භූමිය පැත්තකින් තබා යථාර්ථයට මුහුණ දීමට සිදුව තිබිමේ අවාසනාව ය. කටින් කුමක් කීවත් සංක්‍රමණයට හිත යටින් ඇති කැමැත්ත ය. ඒ වෙනුවෙන් හිත හදා ගැනීමට ඇති සූදානම ය.

නගරයේ සිට විදේශ රටවලට මෙන්ම ගමේ සිට නගරයට ද සංක්‍රමණය සිදු වන්නේ ය. දැනටමත් බොහෝ ග්‍රාමීය පාසල් ද ආරෝග්‍යශාලා ද වැසී යන බවට තිබෙන මැසිවිලිවලින් ප්‍රකට වන්නේ ද මේ සංක්‍රමණයේම අතුරු කතාන්දරයකි.

වර්ණනා කරමින්

අතහරින ගම

මේ පිරිස අතර වැඩි දෙනා ගම ගැන වර්ණනා කරමින් ම ගම අත් හැරීමට තීන්දු කළ අය ය. නගරයේ ජීවත් වුව ද ගමට ඇති ලැදියාව ගැන ලස්සන කතන්දර කියන, එසේ වුව ද ගමට හදිසියේ ගියත් නැවත නගරයට එන්නට ගිය වෙලේ සිට සිතන, අය ය.

මේ සංක්‍රමණයට හේතු දෙකකි. එකක් ආකර්ෂණය ය. ගෝලීය ආර්ථිකය විසින් විවෘත කර ඇති අනේකවිද අවස්ථා සම්බන්ධයෙන් ආකර්ෂණය ය. අනෙක විකර්ෂණය ය. ඒ එක තැන පල්වෙන ග්‍රාමිය හා දේශීය ආර්ථිකයේ සිමාවන් විසින්, ඒ නිසා ම ගම තුළ, මේ රට තුළ, කෙනකුට යා හැකි දුරේ බිහිව ඇති සීමාවන් විසින් ඇති කරන විකර්ෂණය ය.

ගමින් නගරයට යෑම ද නගරයෙන් විදේශ කරා යෑම ද මේ කේන්ද්‍රයට ඇති ආකර්ෂණය හා පරිධියෙන් වන විකර්ෂණය යන බලවේග දෙකේ සංයුක්ත ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි. ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රයට ඇද ගන්නා තරමට ම, ගැමි පසුගාමී ආර්ථිකයෙන් තල්ලු කරනු ලැබිම ද, එක සේ මේ කෙරේ බලපාන්නේ ය.

මේ නිසා ඇතිව තිබෙන සමාජ ප්‍රශ්න අපමණ ය. පවුල් බිඳ වැටීම් එමට ය. වැඩිහිටියන් අනාථ වීම ද දරුවන් අනාථ වීම ද බහුල ය. ඒ නිසා ම මේ සංක්‍රමණය අනුමත නොකරන, එයට අවමන් කරන, එය නතර කිරීමට විවිධ මැදිහත් වීම් කරන අය ද එමට ය. ඒ අභිමතාර්ථය ඇති ව ලියවුණු නිර්මාණය කෙරුණු කලා කෘතීන් ද එමට ය. එහෙත් ඒවාට මේ සංක්‍රමණයට එරෙහිව කිසිවක් කරන්නට නොහැකි ව තිබේ.

යම් හේතුවකින් මෙය නතර වුවහොත් ඇති විය හැකි ව්‍යාසනය ඊට එහා ය. එයින් මතු විය හැකි එක් ප්‍රධාන අභාග්‍යයක් නම් තවත් කැරැල්ලකි. තරුණ ජීවිත විනාශ කරන, රට නැවතත් අමනුස්ස කරන, දේපළ සම්පත් නැති භංගස්ථාන කරන, තව කැරැල්ලකි. මේ අනතුර ගැන, මේ අවදානම ගැන, ලියවෙන ලිපි අඩු ය. කෙරෙන නිර්මාණයන් අල්ප ය. ඒ නිසා ම මේ සංක්‍රමණය විධිමත් කර පවත්වා ගෙන යා යුතු යැයි සිතා මැදිහත් වන අය අඩු ය. සිදු ව තිබෙන්නේ එය ඉබේ වීම ය. ඒ නිසා කැරැල්ලක අනතුරකින් වාසනාවට අප තවමත් රැකී තිබීම ය.

මේ සංක්‍රමණය නිසා සිදු වන අතුරු වාසි රැසක් ද තිබේ. එකක් තවදුරටත් කැලෑ කැපීම නතර වීම ය. ගමේ රැඳෙන මිනිසුන්ට ඉතිරි ව තිබුණේ, තමන්ට ජීවත් වීමට අවශ්‍ය අවම ආහාර ටික සරි කර ගැනීම සඳහා, හේනක් කොටා ගනු පිණිස කැලෑවකට ඇතුළු වීමට ය. මේ කැලෑ කැපීම නිසා සතුන්ට වාස භූමි අහිමි වූ අතර, උන් මිනිස් ජනපද වරින් වර ආක්‍රමණය කිරීම, මේ වනවිටත් අර්බුදයක් තරමට වැඩී ඇත්තේ ය. වඳුරෝ භෝග විනාශ කළ අතර, වල් අලි ගම් දොරවල් විනාශ කළ හ. ගමෙන් නගරයට සිදුවන සංක්‍රමණය මෙම තත්වය තවදුරටත් තීව්‍ර වීම අඩාල කරනු ඇත. සතුන්ට ද මිනිසුන්ට ද ඒ හේතුවෙන් එක් අයුරක සාමයක් උදාවනු ඇත.

නැවත කැලෑ ඇති කිරිම දක්වා මේ තත්වය වර්ධනය වුව හොත් වන ජීවින්ට පමණක් නොව මිනිසාට ද වඩා යහපත් පරිසරයක් උදාවනු ඇත. ඒ කැළෑ කැපීම නිසා, වැසි වතුර ඉක්මණින් ගඟට ගලා ගොස් පිටාර ගැලීමත්, එය ඉක්මණින් මුහුදට ගලා ගොස් අතුරුදහන් වීමත්, නිසා වතුර ප්‍රශ්නයක් වීම, එමගින් නතර වනු ඇති නිසාත් ය. ගංවතුරෙන් හා නියඟයෙන් වන පීඩා ඒ අනුව අවම වනු ඇත.

නාගරිකකරණයේ

වාසි

ඈත ගම් දියුණු කිරීම සඳහා, ඒවාට මහාමාර්ග, පාලම්, විදුලිය වැනි සේවා සැපයීම උදෙසා, රජයට දැරීමට සිදු වන අධික වියදම අහෝසි වී යෑම නිසා ජනතාවට දරන්නට සිදු වන බදු බර ද අඩු වනු ඇත. ඈත විසුරුණු ගම්වලට සේවා සැපයීමට වඩා, ඉතා අඩු මිලකට, ජනතාව සංකේන්ද්‍රණය වුණු නගරවලට සේවා සැපයීමට පුළුවන් විම එයට හේතුව ය.

දැනට යම්තම් දිවි ගැට ගහ ගන්නා, විවිධ පීඩනයන්වලට යටත් ව ජීවත් වන, ගම්මානවල සිටින, ජනයාට, නගරය හා ලෝකය විවෘත වීම නිසා, විද්‍යාව විසින් ද මිනිස් ශිෂ්ටාරය විසින් ද නිමවා ඇති බොහෝ දේ විඳ ගැනීමේ ඉඩකඩ ද ඒ හරහා ඇති වනු ඇත.

මේ සියලු කරුණු සලකා බැලූ විට පෙනෙන්නේ සංක්‍රමණය ඇති කර ඇති අයහපතට වඩා යහපත විශාල බව ය. එසේ නොවන්නට අප වඩාත් අගාධයක සිර වන්නට ඉඩකඩ තිබූ බව ය.

එසේ වුව ද අපට සංක්‍රමණය නිසා ඇති කර තිබෙන ප්‍රශ්න මුළුමණින් අමතක කර දැමිය නොහැකි ය. මානව සබඳතා විශේෂයෙන් පවුල් සබඳතා විෂයෙහි එය විසින් ඇති කර තිබෙන අවුල් දෙස ඇස් කන් පියා සිටිය නොහැකි ය. මේ සම්බන්ධයෙන් වැඩි මනත් ගැටලු ඇත්තේ නුපුහුණු කම්කරුවන් ලෙසින් විදේශගත වන ගෘහ සේවිකාවන් හා රියැදුරන් වැනි වෘත්තීන් හි නියැළීම සඳහා විදෙස් ගත වන පිරිසට ය. ඒ ඔවුන්ට සංක්‍රමණය වීමේ දී පවුල් ගෙන යෑමට අවසර නැති නිසා ය.

සමාජයීය ප්‍රශ්න

ඒ සඳහා කළ හැකි එක් දෙයක් නම් ගෘහ සේවිකාවන් වෙනුවට හෙදියන් ලෙස පුහුණු කර විදේශ ගත වන්නට ඔවුන්ට අවස්ථාව සැලසිය හැකි ද යන්න සෙවීම ය. රියැදුරන් වෙනුවට මැෂින් ඔපරේටර්වරුන් හැටියට ඔවුන්ට විදේශ ගත වන්නට අවස්ථාව සැලසිය හැකි ද යන්න විමසිම ය. ඒ සඳහා වැඩ පිළිවෙළක් සංවිධානය කිරීම ය.

ඒ සඳහා කළ හැකි අනිත් දෙය නම් එවැනි වෘත්තීන්වල යෙදිය හැකි අවස්ථා අපේ රට තුළ ජනනය කිරිම ය. ඒ සඳහා විදේශ ආයෝජකයන් සමග අත්වැල් බැඳ ගැනීම ය. විදෙස් රටවල කරන රැකියා රට තුළ ජනනය කර ගැනීමට මග පාදා ගැනීම ය. ඒ කටයුතු පහසු කරනු වස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම ය.

අපේ අවාසනාවට මෙවැනි පියවර ගැනීම උදෙසා ඉදිරිපත් විය යුතු වෘත්තිකයන් සිටින්නේ ඒවාට හරහට ය. මෑතක් වන තුරු ම හෙදියන් පුහුණු කිරීමට ගත් උත්සහයන් ව්‍යාර්ථ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ය. අදටත් වෙළඳ ගිවිසුම් වලට එරෙහි ව අවි මෝරා ගෙන සිටින්නේ ද ඔවුන් ඇතුළු වෘත්තිකයන් ය.

මේ පිරිසට මතවාදී ගැම්ම සපයන්නේ සංක්‍රමණයේ ඍජු ප්‍රතිඵල භුක්ති විඳි අය වීම එක් අතකට පුදුම සහගත ය. ඒ අය එක්කෝ දැනටමත් ඉන්නේ පිටරට ය. නැත්නම් යන්න බලා ගෙන ය. රට බටහිර අධිරාජ්‍යවාදයෙන් වඩාත් දැඩිව රැක ගන්නට හදන්නේ බටහිර රටවලට තම ශ්‍රමය පුද කරන ලාංකිකයන් ය. ගම නගරයේ තරගයෙන් හා වාණීජත්වයෙන් රැක ගන්නට හදන්නේ ද ගම දමා නගරයට ආ මිනිසුන් ය. මේ අයගේ සහාය ද ලැබ වෘත්තිකයන් කරන්නේ රටත් ගමත් එක තැන පල් කිරීම ය. ඒ තුළ කාලය ගල් කර තැබීමට ය.

තමන්ගේම

වළ කපා ගැනීම

අවසානයේ මේ හැම දෙයකින් ම බැට කන්නේ ඒ අවස්ථා අහිමි මිනිසුන් ය. ඒ සඳහා සූදානම් වීමට ඉඩ නැති මිනිසුන් ය. එහෙත් මේ දේශප්‍රේමී කතාවලින් මත්ව වැඩිමනත් අත්පුඩි ගසන්නේ ද ඔවුන් ම ය. ඒ සඳහා දර දිය අදින්නේ ද ඔවුන් ම ය. ඔවුන් කරන්නේ තමන්ගේ වළ තමන්ම කපා ගැනීම ය. ඒ ඒ බව නොදැන ය. තමන්ට ප්‍රයෝජන ලැබිය හැකි මැණික් පතළක් කපනවා යැයි සිතාගෙන ය.

අන්තිමේ දි තමන් අතරමං වී ඇති බව දකින විට කැරලි ගැසීම හැර ඔවුන්ට අන් විකල්පයක් නැත. 1971 සිදු වූයේ ද 1989 සිදු වූයේ ද එක්තරා දුරකට උතුරේ සිදු වූයේ ද මේ සන්තෑසිය ය.

එක්තරා දුරකට යැයි කීවේ උතුරේ කතාව තරමක් වෙනස් නිසා ය. උතුරේ ජනයා කල්පනා කළේ (ඒ කල්පනාව එක්තරා දුරකට නිවැරදි ය) තමන්ගේ ප්‍රශ්නවලට හේතුව දකුණේ පාලනය බව ය. එහෙත් එහි කුමන කොටස ද යන්න ගැන ඔවුන්ට නිවැරදි තක්සේරුවක් නොවී ය. දකුණේ පාලනයේ වඩාත් අඩුව තිබුණේ දේශප්‍රේමය තුළ හිර වී ගෝලිය ආර්ථිකයට බද්ධ වීම මග හැරීම තුළ ය. නගරය දියුණු කරනු වෙනුවට ගම ප්‍රසාරණය කරවීම තුළ ය. ඒ නිසා දකුණේ පමණක් නොව උතුරේ ද ව්‍යාපාරික අවස්ථා රැකියා අවස්ථා උගැන්මට අවස්ථා සීමා වීම තුළ ය. වගාවට සුදුසු ඉඩම් නොමැතිකම තුළ ය. ඒවා සොයමින් යන ගමනේ කැලෑ අහිමිවීම තුළ ය. කැළැවෙන් පිටමං කළ සත්තුන්ගෙන් බැට කෑමට සිදු වීම තුළ ය. නියඟය ගංවතුරට ආරාධනා කිරීම තුළ ය. ආයෝජන අපතේ යෑම තුළ ය. දකුණේ පාලකයන් වෙනුවට උතුරේ වෙනම පාලනයක් ඇති කරනු ලැබූව ද ඒ මාවතින් වෙනස් නොවුණේ නම් සැබෑ ප්‍රශ්නය ඔවුන්ට දැනෙන්නට ඉඩ තිබුණේ ය. දැන් ඒ සියල්ල, දකුණ විසින් පාලනය කරනු ලබන නිසා යැයි සැලකීම තුළ, ඔවුන් හඳුනාගෙන තිබුණේ ගැටලුවෙන් භාගයක් පමණ ය. උතුරේ ම අය විසින් පාලනය කළේ වුව ද කරන්නට යන්නේ දකුණ විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නම් එයින් උතුරට වුව වැඩක් වන්නේ නැත (එය පසු කලෙක උගැන්මට නියමිතව තිබූ පාඩමකි).

එය හරියට කැරලි ගහන දකුණේ තරුණ තරුණියන් නොමග ගිය විදිහම ය. දකුණේ තරුණ තරුණියන් සිතුවේ ප්‍රශ්නය තියෙන්නේ පාලකයන් දේශද්‍රෝහී වීමේ බව ය. ගැටලුව විදේශ ආයෝජකයන් ගෙන්වීමේ බව ය. ඔවුන් දේශප්‍රේමී සටන් පාඨ ගෙන සටනට බැස්සේ ද ඒ නිසා ය. එහෙත් සැබෑ ව තිබුණේ ඕනෑවට වඩා දේශප්‍රේමි විම තුළ ය. අඩුවශයෙන් එසේ පෙන්නීමට යෑම හේතු කොටගෙන අවශ්‍ය ප්‍රතිස්සංකරණ නිසි පරිදි නො කිරිම තුළ ය. විදේශ ආයෝජකයන්ට ඒ නිසාවෙන් වැට බැඳීම තුළ ය.

කැරැල්ල නිසා උතුරේ ජනතාවට බොහෝ දේ අහිමි වුණු නමුත් එක් වැදගත් අවස්ථාවක් ලැබුණේ ය. ඒ දේශපාලන රැකවරණ පතා බටහිරට සංක්‍රමණය වීමට ය. ඒ තුළ සිදු වුණේ එතෙක් අහිමිව තිබූ රැකියා හා ව්‍යාපාරික අවස්ථා විවෘත වීම ය.

අමතර වශයෙන් මේ කැරලි හැම එකක් තුළ ම දෙදිසාවේ ම තරුණයන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය වුණේ ය. ව්‍යාපාරික අවස්ථා ද ලැබුණේ ය. ඒ අවදානම් සහිත යුද්ධය ඇසුරේ ය. මරණය තුරුළේ ය. යුද භටයන් හා කැරලිකරුවන් හැටියට ය. ආයුධ හා මිනී පෙට්ටි වෙළඳාම ඇසුරේ ය.

දේශප්‍රේමය මාකට් කිරීම

දැන් යුද්ධය අවසන් ය. කැරලිවලට ද නැවතත් තාවකාලික විරාමයක් ලැබී ඇත. එහෙත් මේ ඇති වූ ඉස්පාසුවෙන් වැඩක් නොගන්නේ නම් තවත් කැරලිවලට යුද්ධවලට සූදානම් විය යුතු ය. මේ ඉස්පාසුවෙන් වැඩක් ගන්නේ කෙසේ ද? ගෝලිය ආර්ථිකය හා බැඳුණු වඩා දියුණු ආර්ථිකයට මග පාදා ගැනීමෙනි. සංක්‍රමණය වඩා ඉහළ මට්ටමකට පත් කිරිමෙනි. ඒ සඳහා වැඩ පිළිවෙළක් දියත් කිරිමෙනි. අවශ්‍ය පුහුණු කිරිම්වල යෙදිමෙනි. රට තුළ ආයෝජන පුළුල් කිරිමට පමණක් නොව ලෝක වෙළඳ පොළ හා සම්බන්ධ විය හැකි ලෙස ආයෝජන අවස්ථා පුළුල් කිරීමෙනි.

එහෙත් අදටත් වැඩි දෙනකුගේ සිත ඇඳ බැඳ ගන්නේ සහ ලංකාව තුළ මාකට් වන්නේ අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමීත්වය යි. කිසිදු වටිනාකමක් නැති, ඒ වෙනුවෙන් එලිපිට පෙනි සිටින අය පවා සැබෑ යැයි විශ්වාස නොකරන, එහෙත් මාකට් කළ හැකි නිසා ම කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන් විසින් භාවිතයට ගනු ලබන්නේ, අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමය යි.

අවාසානාවට එය රැකියා අවස්ථා උත්පාදනය කරන්නේ නැත. ව්‍යාපාරික අවස්ථා උත්පාදනය කරන්නේ ද නැත. ඉගෙනුම් අවස්ථා උත්පාදනය කරන්නේ ද නැත. ඒ වෙනුවට එය කරන්නේ ඒවාට වැට බැඳිම ය. ඒ නිසා ම මේ යන විදිහට නම් රට තව කැරලි කිපයකට මුහුණ දෙන්නට නියමිත ය. ඒවායින් ද ඉගෙන ගනිතැයි සිතන්නට අමාරු ය. ඒ මක්නිසා ද යත් ඉගෙන ගන්නවා නම් උගැන්මට අවශ්‍ය ප්‍රමාණයේ අත් දැකීම් අප සතු ව මේවන විටත් තිබෙන නිසා ය. සිදු විය හැක්කේ අප දේශප්‍රේමය කබල් ගාමින් ඉන්නා අතරේ වෙනත් රටවල් අප පසුකර ඉදිරියට යෑම ය. ඊට පසු අපට සිදුවන්නේ උන් පිටුපස ගොස් උන්ගේ රටවලට ඇතුළු වීම සඳහා පන එපා කියා බෝට්ටු පැදීමට මහ මුහුදට පිවිසීමට ය. ඒ ඉතින්, ශ්‍රී ලංකාව හැම අතින් ම කොදෙව්වක් නිසා ය.

නිශාන්ත කමලදාස්

වාද්දුවේ සාජ්ජය

$
0
0
අගෝ 7, 2018 01:00

ජීවිතය පවත්වාගෙන යා හැක්කේ වින්දනයත් සමඟ ය. වින්දනයක් නොහොත් තෘප්තියක් නැති ජිවිතය රඳා පවතින්නේ නැත. මේ සඳහා ඕනෑතරම් උදාහරණ දැක්විය හැකි ය. අප කියන කාරණය යථාර්ථයක් වන නිසා ම වින්දනය හා තෘප්තිය සඳහා ඕනෑ ම බිලක් ගෙවීමට සාමාන්‍ය පෘතග්ජන මිනිසා පෙලඹී සිටී. ඒ අනුව සමහරු තම අත මුදලින් දාදු කෙළිති. තව සමහරු ගණිකා ආශ්‍රයට විය පැහැදම් කරති. තවත් සමහරු බේබදු සමාගම් උදෙසා සිය ධනය නාස්ති කරති. මේවා වැරැදි යැයි තර්ක ඉදිරිපත් කිරීම නිරර්ථක ය. මිනිසාට විනෝදය අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔහු ඉහළ මිලක් ද ගෙවයි.

වාද්දුවේ සංචාරක හෝටලයක සිදුවූ සිද්ධියක් පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති ඊයේ පුවත්පත්වල පළවිය. එම ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ අදාළ සංචාරක හෝටලයේ පැවැති සංගීත සාජ්ජයක් සඳහා සහභාගි වූ පිරිසගෙන් කිහිපදෙනකු අසනීප තත්ත්ව මත මිය ගිය බව ය. එහෙත් මේ මරණ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් තව ම සිදුවී නැත. එබැවින් ඇත්ත සොයා ගැනීම සඳහා එම වාර්තා එනතුරු බලා සිටින්නට සිදුවේ.

පොදු සමාජය මෙබඳු සංගීත සාජ්ජ අනුමත කරන්නේ නැත. තොරතුරුවලට අනුව තිදෙනකු මරුමුවට පත්ව ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කියූ තැනැත්තාද මෙය ලියන මොහොත වනවිට මියගොස් තිබුණි.

වාද්දුව සංචාරක හෝටලය තම සංගීත ප්‍රසංගය සඳහා බොහෝ ගනුදෙනු සිදුකර ඇත්තේ මුහුණු පොත ඔස්සේ ය. එයින් ලැබෙන ප්‍රචාරය හා මහජනයා උලුප්පා දැක්වීම හොඳින් වැඩකර ඇති බව පෙනෙයි. මේ සංගීත සාජ්ජය සඳහා අවශ්‍ය නෛතික අවසරය පොලිසිය වෙතින් ලබාගෙන ඇත. ඒ අනුව නිශ්චිත කාලපරාසයක් තුළ නිදහස් හැසිරීමට අවශ්‍ය පරිසරය ගොඩනඟා ඇත. ඉහත කී ප්‍රසංගය සඳහා විශේෂ ආරාධිත අමුත්තකු ගෙන්වා ඇති අතර ප්‍රවේශ පත්‍ර රුපියල් දෙදහසේ සිට ක්‍රමයෙන් පහත හෙළා ඇත. ප්‍රසංගයකදී ගායන ක්ෂේත්‍රය මෙන්ම සංගීත ක්ෂේත්‍රයටද බලවත් පෙනුමක් තිබිය යුතු ය. එම පෙනුම ලැබෙන්නේ නායකයාගේ පෞරුෂය හා තවත් දේවල් අනුව යැයි සිතන්නට පුළුවන.

වාද්දුව හෝටලයේ සිද්ධිය දෙස බලනවිට කරුණු දෙකක් පැහැදිලි වෙයි. පළමු කාරණය වන්නේ මේ හෝටලය විශාල පිරිසක් රඳවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව ය. දෙවන කාරණය වන්නේ ඉහත ප්‍රසංගයට අයත් මුදල් එකිනෙකා හා එකිනෙක ආයතන සතුව පවතින අතර ඒවා ආපසු ගෙවීම සඳහා කිසිවකු සංවාදයක් ඇති නොකරන බව ය. චාරයක් නොමැති අය ශ්‍රී ලංකාවේ පමණක් නොව, විදේශ රටවලදී ද වෙළෙඳ පොළට කඩාවදින බවක් එයින් පෙනී යයි. මේ ප්‍රසංගය සඳහා රුපියල් තුන්දහසේ ප්‍රවේශ පත්‍රද රුපියල් පන්දහසේ ප්‍රවේශ පත්‍ර ද අලෙවි කර තිබේ. ඒ සියල්ල සිදුකර ඇත්තේ මුහුණු පොත ඔස්සේ ය. හෝටලයට ඇතුළුවන කිසිවකුට බැහැරින් කිසිවක් ගෙන ආ නොහැකි ය. එහි යටි අරුත වන්නේ සංවිධායකයන් අධික මිලකට අලෙවි කරන සියල්ල පාරිභෝගිකයා මිලට ගත යුතු බව ය. එම තීන්දුව නරක නැත.

මුහුණු පොත හරහා මෙලෙස සංවිධානගත වූ මෙබඳු ප්‍රසංග හා සාජ්ජ ගණනාවක් ම පසුගිය කාලය තුළ අර්බුදයට ගියේය. ගාල්ල පළාතේ පැවැති මෙබඳු සාජ්ජයක් අවසන් වූයේ සැලැකිය යුතු පිරිසක පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් ය. තව සංගීත සාජ්ජයක් වේයන්ගොඩ ප්‍රදේශයේදී නිමාවට පත්වූයේ සියලු දෙනා පුදුමයට පත්කරමින් ය. එහිදී තරුණ ගැහැනු දරුවන් කිහිපදෙනකු තමන්ගේ ජීවිතය විනාශ වූ බව ප්‍රකාශ කර තිබිණි. මේවා ඕනෑම කෙනෙකුට හොඳ පාඩම් වන්නේ වුව කිසිවකු ඒවායින් ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නට නැත.

මේ සාජ්ජය පැවැති හෝටලයේ ප්‍රේක්ෂකාගාරය නිසි අයුරින් සකස් කර නොතිබූ බවට චෝදනා එල්ල වෙයි. එලෙස ම අතිශය භයානක මත්ද්‍රව්‍ය හා මත්පැන් එහිදී පාවිච්චි කර ඇති බවට ද චෝදනා එල්ල වෙයි. මිය ගිය පුද්ගලයන් වෙතින් දැනගන්නට ලැබී ඇත්තේ එකවර ම තමන්ට හුස්මගැනීමේ අපහසුවක් ඇති වූ බව ය. තව කෙනෙක් ප්‍රේක්ෂකාගාරයෙන් දුමක් මතු වූ බව කියති. තවත් බොහෝ දේවල් සිදුවන්නට ඇත. අවසානයේ ඔවුන් කියා ඇත්තේ හෝටලය තුළ අධික උෂ්ණත්වයක්ද විෂ වායුවක් ද පැතිර ගිය බවද තමනට සිහිපත් වන බවය.මේවායෙහි ඇත්ත නැත්ත සොයා බැලිය යුතු ය. ඒ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු ය.

පුවත්පත් වාර්තාවලින්, ඡායාරූපවලින් හා වෙනත් විග්‍රහවලින්ද පැහැදිලි වන්නේ සාදය පැවැති භූමිය තුළ මත්ද්‍රව්‍ය, මත්පැන් හා සිගරට් ආදියෙහි පිටකවර, දවටන, හිස් බෝතල් හා තවත් දේවල් ජීවමාන සාධක ලෙස පැවැති බවය. මෙය සංවිධාන කළ ව්‍යාපාරිකයාගේ ඉලක්කය වන්නට ඇත්තේ; දුප්පත් ජනී-ජනයා හැකිතාක් දුරට සූරාකෑම විය හැකි ය. ටිකට් පතේ ගාස්තුවට අදාළ පහසුකම් ඉහත පරිශ්‍රය තුළ තිබී නැත. එයින් පෙනී යන්නේ එය ජාවාරමක් බවය. මෙබඳු ජාවාරම්වලට තිත තැබිය යුතු කාලය පැමිණ තිබේ.

විනෝදය නරක නැත. එය ජීවිතයට ආලෝකයක් සපයයි. එහෙත් විනෝදය පවත්වාගත යුත්තේ විනාශයකින් තොරව ය. බල්ලන් මරා හෝ සල්ලි හොයන අයට වාද්දුව සිද්ධිය කදිම පාඩමකි.

 

 


ආර්ථිකය පණගන්වන මන්නාරම් සංචාරක කලාපය

$
0
0
අගෝ 7, 2018 01:00

ශ්‍රී ලංකාවේ විදේශීය ආදායම් ඉපැයීම අතින් තෙවන ස්ථානය හිමිවන්නේ සංචාරක කර්මාන්තයටය. ගතවූ පස් අවුරුද්ද ඇතුළත සියයට 22ක වාර්ෂික වර්ධනයක් සංචාරක පැමිණීමේදී දක්නට ලැබේ. එයින් සියයට 80 - 90 අතර ප්‍රමාණයක්ම හුදෙක් සංචාර සඳහාම පැමිණියාහු වෙති. සෙසු පිරිස වෙනත් කාර්යයන් සඳහා පැමිණි පිරිසයි.

2015 වසරේදී ජාත්‍යන්තර සංචාරකයෝ දසලක්ෂ 1.8 ක් ශ්‍රී ලංකාවට පැමිණ දින 1 සිට 10 දක්වා කාලපරාසයක් මෙහි ගතකොට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8 ක් වූ දැවැන්ත ආදායමක් මෙරටට හිමිකර දුන්හ.

සංචාරයට සුදුසුම රටවල් 10 අතරින් ශ්‍රී ලංකාව එක රටකැයි සුප්‍රසිද්ධ පෝබස් සඟරාව 2015 දී වාර්තා කළාය. එසේම CONDENAST TRAVELER, ROUGH GUIDES, LONELY PLANET, THE GUARDIAN සහ NEW YORK TIMES යන මාධ්‍ය 2016 දී සංචාරය සඳහා ඉතාම සුදුසු රටක් හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දුන්හ.

2016 දී සංචාරකයෝ 2050832 ක් ද, 2017 දී 2116407 ක් ද, ශ්‍රී ලංකාවට පැමිණියහ. 2017 සංචාරක ආදායම ඇ. ඩොලර් බිලියන 3.6 ක් දක්වා ඉහළ ගියේය. 2016 දී ඉපැයීම ඇ. ඩොලර් බිලියන 3.5 කි.

2018 ජනවාරි - ජූනි මාස 6 ඇතුළත සංචාරක පැමිණීම 1164647 කි. එම සංඛ්‍යාව 2016 වසරට සාපේක්ෂව සියයට 15.3 ක වැඩිවීමකි. මෙම අඩවසර එනම් ජනවාරි - ජූනි (2018) කාලය තුළ සංචාරක ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 2159.9 කි. ශ්‍රී ලංකා රුපියල් බිලියන 336.7 කි. එම වර්ධනය 2016 මුල් මාස 6 ට සාපේක්ෂව සියයට 18.7 ක වැඩිවීමකි.

සංචාරක උපක්‍රමික සැලැස්මට 2017 - 2020 අනුව යමින් එම කර්මාන්තයෙන් උපරිම පල ප්‍රයෝජන ගැනීමට දැන් පියවර ගනිමින් තිබේ.

රැකියා අවස්ථා

මේ වන විට සංචාරක ක්ෂේත්‍ර‍යේ සෘජු රැකියා ප්‍රමාණය 156369 කි. වක්‍ර රැකියා ප්‍රමාණය 202846 කි. හෝටල් කාමර සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවන අතර පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය දැන් මේ ක්ෂේත්‍රය තුළද දක්නට ලැබේ. සංචාරකයන් දිවයිනේ නැවතී සිටින කාලය දීර්ඝ කිරීම ද වියදම් කිරීමේ ශක්තිය සහිත සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම ද යොච් සංචාරකයන් සඳහා යාත්‍රා නවතන නැව් තොටු පහසුකම් පුළුල් කිරීම ද ඉදිරි කටයුතු ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රමික පුහුණුවට ද ක්‍රියා කරනු ඇත.

අභ්‍යන්තර ගුවන් තොටුපොළ දියුණු කර අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරීම් සඳහා ප්‍රමුඛත්වය දෙන වැඩපිළිවෙළක් ද, ආගමික සංචාරක අංශය වැඩිදියුණු කිරීම ද ජාත්‍යන්තර ප්‍රචාරය මඟින් සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීම ද පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම ද නව පියවර ‍අතර වේ.

සම්ප්‍රදායික සංචාරක ගමන් මාර්ග වෙනුවට වැල්ලවාය, ඇල්ල, බණ්ඩාරවෙල ඔස්සේ නුවරඑළිය දක්වා නව සංචාරක ගමන් මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට දැන් යෝජනාවී තිබේ. ඇල්ල දැන් නව සංචාරක මධ්‍යස්ථානයකි.

එසේම නව සංචාරක ස්ථාන හඳුන්වාදීමට ද දැන් පියවර ගනිමින් තිබේ. කල්පිටිය සහ මන්නාරම එසේ හඳුනාගත් ස්ථාන දෙකකි. විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, එම දිස්ත්‍රික්කයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනයටත් ඉදිරියේදී සිදුවනු ඇත.

මන්නාරම ආශ්‍රිත සංචාරක ස්ථාන 15 ක් දැනටම හඳුනාගෙන තිබේ. ආදම්ගේ පාලම මන්නාරම සිට කිලෝමීටර් 15 ක දුරකින් පිහිටි ස්ථානයකි. මේ අසලම පිහිටි දකුණු ඉන්දියාවේ ගොඩබිම් තීරය දියුණු කිරීමේ සැලසුමකට ඉන්දියාව ද අතගසා තිබේ. එසේම නාගපට්ටනම්, කොන්චි, කොලඩිචි සහ කන්‍යකුමාරි ඇතුළු තවත් කුඩා වරායයන් 12 ක් සංවර්ධනය කිරීමට තමිල්නාඩුව වැඩ කටයතු අරඹා තිබේ. ශ්‍රී ලංකාව විසින් සංචාරක ඉලක්කයක් ලෙස තෝරාගැනීමට නියමිතව තිබෙන්නේ ආදම්ගේ පාලම නම් වැලිපර ප්‍රදේශයයි. තවත් ස්ථානයක් නම් තලේමන්නාරම ප්‍රදීපාගාරයයි. විල්පත්තුව තවත් ඉලක්කයකි.

මන්නාරම සිට කිලෝමීටර් 27 කට එපිට අරිප්පුවට නුදුරුව පිහිටි ඩෝරිස් බංගලාව තවත් ස්ථානයකි. මන්නාරමේ මුතු කිමිදීම බැලීම සඳහා පැමිණි ප්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයාගේ තාවකාලික නවාතැන වූ මේ ගොඩනැගිල්ල දැන් බෙහෙවින් නටබුන්ව තිබේ. මන්නාරමට යන දේශීය සංචාරකයන් අතර දැනටත් මේ ස්ථානය ජනප්‍රියය. මල්වතු ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ඇරැඹී ඇති අතර එම ජල ප්‍රවාහය මුහුදට වැටෙන්නේ ද අරිප්පුව අසලිනි. මේ ප්‍රදේශයේදී මල්වතු ඔය හැඳින්වෙන්නේ අරවිආරු නමිනි.

මන්නාරම සිට කිලෝමීටර් 9 ක් දුරින් පිහිටි තිරුකේස්වරම් කෝවිල මෙන්ම කතෝලික දේවස්ථානයක් ලෙස ප්‍රකට මඩු පල්ලිය ද ආගමික සංචාරය සඳහා වෙන්වන පූජ්‍ය ස්ථාන දෙකකි. මේ ස්ථාන දෙකම පසුගිය ත්‍රස්තවාදී යුද සමයේ ත්‍රස්තවාදී ග්‍රහණයට යටත් වූ ස්ථානයෝය. දැන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණව තිබේ.

එසේම මන්නාරම බලකොටුව ද තවත් හඳුනාගත් සංචාරක ඉලක්කයකි. පෘතුගීසීන් විසින් 1560 දී ඉදිකළ මෙය පසුව ලන්දේසින් සතුවිය. අනතුරුව ඉංග්‍රීසීන් යටතට පත්විය. මන්නාරම් නගරයේම කොණක පිහිටි බාඕබාබ් ගස ද තවත් සංචාරක ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. අප්‍රිකාවට අයත් මේ ශාකය අරාබි වෙළෙඳුන් විසින් ලංකාවට රැගෙන ආ බවට විශ්වාසයකි. මෙම ගසෙන් හටගත් එවැනි ගස් 30 ක් පමණ මන්නාරම අවට පැළවී ඇති බව වාර්තාවේ.

ගමනාගමන පහසුකම්

සංචාරකයන් සඳහා උචිත මුහුදු වෙරළ, කඩොලාන පද්ධති, කුරුළු උයන් සහ තල්රුප්පා රාශියක් දැනටමත් හඳුනාගෙන තිබේ. මන්නාරමට සම්බන්ධ වන මාර්ග පද්ධති ඇතුළු ගමනාගමන පහසුකම් ද දියුණු කිරීමට නියමිතය. රාම සීතා කතාවේ එන සිදුවීම් අළලා රාමායන සංචාර දියුණු කිරීමට ඉන්දියාවේ සංචාරක ආයතන උනන්දු වෙයි.

අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කරන ගමන්ම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා උතුරු නැ‍ඟෙනහිර ගුවන් තොටුපොළවල් කීපයක් ප්‍රතිසංස්කරණය කිරීම ද සැලැස්මේ තවත් අංශයකි. මේ සඳහා හිඟුරක්ගොඩ ගුවන් තොට දියුණු කිරීමට දැනටම තීරණය කර ඇත. පාලාලි ගුවන් තොටුපොළ සංවර්ධනයට ඉන්දියාවේ සහාය ලබාගැනීමට යෝජනාව තිබේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ අවධානය ද දැන් මන්නාරම් කලාපයට යොමුව ති‍බේ. කේරළ ප්‍රාන්තයේ කොචි සිට රාමේෂ්වරම දක්වා කිලෝමීටර් 440 ක් දිග NH 49 නම් මහාමාර්ගයක් ඉදිකිරීමට ඉන්දියාව කටයුතු කරයි. 2015 ජූලි 17 වන දින මේ මහාමාර්ගය සඳහා මුල්ගල් තබන ලදී. කේරළ ධනුෂ්කොඩි මාර්ගය සඳහා මහආණ්ඩුවේ මහමාර්ග ඇමැති නිතින් ගඩ්කාර් දැඩි වෙහෙසක් දැරුවෙකි.

මන්නාරමට දුම්රි‍ෙයන් ගොස් රාමේෂ්වරම ඔස්සේ ඉන්දියාවට ගමන් කිරීමට පහසුකම් තිබූ යුගයක් ද විය. ශ්‍රී ලංකා ඉන්දියා ගොඩබිම් වෙන්වූ මුහුදු තීරය තරණයට පාලම් පාරු යාත්‍රා සේවයක් එදා භාවිතා විය. ඉන්දියා ශ්‍රී ලංකා යා කරන පාලමක් ඉදිවීමේ යෝජනා ද ඉදිරිපත් විය. එවැනි යෝජනා ක්‍රියාත්මකව දෙරට සම්බන්ධ වේනම් එය සංචාරක කර්මාන්තයේ දියුණුවට හේතු වේ. කේරළ ශ්‍රී ලංකා මාලදිවයින් ඒකාබද්ධ සංචාරක වැඩසටහන් කේරළයේ සංචාරක අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මන්නාරම සංචාරක කලාපය ව්‍යාපෘතිය පිළිබඳ මූලික දැනුවත් කිරීම් පසුගිය සතියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ දී ආරම්භ විය. ජාතික වාණිජ මණ්ඩලය, මන්නාරම වාණිජ මණ්ඩලය, හෝටල් හිමියන්ගේ සංවිධානය සහ සංචාරක ප්‍රවර්ධනයට සම්බන්ධ රාජ්‍ය ආයතන නියෝජිතයෝ එයට සහභාගි වූහ.

කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවා WUSC ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත එස්ටර් මැණික්ටොප් මහතා එහිදී ප්‍රකාශ කෙළේ උතුරු නැ‍ඟෙනහිර සංචාරක ප්‍රවර්ධනයට අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීමට සිය සංවිධානය අවශ්‍ය සහාය දෙන බවයි. උතුරු නැ‍ඟෙනහිර යුද්ධයෙන් විනාශ වූ යටිතල පහසුකම් නැවත සංවර්ධනය කරන අතරතුර මන්නාරමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම එම දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවර්ධනයේදී මුල්තැන දිය යුතු කටයුත්තකැයි ද එම සාකච්ඡාවේ දී කියැවිණි.

ඕස්ට්‍රේලියාවේ සංචාරක ප්‍රවර්ධන අංශයේ හිටපු ප්‍රධානියකු වූ ඇන්ඩෲ ෆෙයාර්ලි පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව කොළඹ දී අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ ඕස්ට්‍රේලියා මාකට් ඩිවලොප්මන්ට් ෆැසිලිටි ආයතනය සංවිධානය කළ සාකච්ඡාවකදී දේශනයක් කළ ඇන්ඩෲ ෆෙයාර්ලි සීගිරිය සහ යාල සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අධිප්‍රමාණ ස්වරූපයක් පෙන්නුම් කරන නිසා මෙයට පිළියම් නොයො‍දන්නේ නම් නරක ප්‍රතිඵල අත්විය හැකි බවට අනතුරු ඇඟවීය.

අලුත් තරගකරුවෙක්

සංචාරක කර්මාන්තයේදී දැන් ශ්‍රී ලංකාවට අලුත් තරගකරුවෙක් සමඟ සටන් කිරීමට සිදුව තිබේ. මේ තරගකරුවා මියන්මාරයයි. මිලිටරි ජුන්ටාවේ බලය සිවිල් ආයතන වෙත පවරාදීමක් සමඟ එරට ආර්ථිකයේ ද නව ප්‍රතිසංස්කරණ ඇරැඹිණ. මේ ප්‍රතිසංස්කරණ නිසා මියන්මාරයේ සංචාරක කර්මාන්තය දැන් හිස ඔසවමින් තිබේ.

2016 දී මියන්මාරයට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 290707 කි. 2017 දී සංචාරකයෝ 3443133 ක් මියන්මාරයට පැමිණියහ. ශ්‍රී ලංකාව 2016 දී ආකර්ෂණය කර ගත් සංචාරකයන්ගේ සංඛ්‍යාව 2050832 කි. 2017 දී 2116407 කි. 2020 වර්ෂයේදී සංචාරකයන් දසලක්ෂ 7.5 ක් ආකර්ෂණය කර ගැනීමට දැන් මියන්මාරය සැලැස්මක් ‍සකස් කර තිබේ.

තායිලන්ත, චීන සහ ජපාන සංචාරකයෝ දැනට අනුපිළිවෙළින් ස්ථානගතව සිටිති. අමෙරිකාව සිංගප්පූරුව සහ වියට්නාමය ස්ථානගතව සිටින්නේ ඉන් අනතුරුවය. සුළු ජාතික සහ ගෝත්‍රික මෙන්ම ආගමික ගැටුම් ද සමනය කර ගනිමින් රට සංහිඳියාව කරා මෙහෙයවන මියන්මාරය සංචාරක හෝටල් කර්මාන්තය දියුණු කිරීම කෙරෙහි දැන් අවධානය යොමුකර විදේශ ආයෝජනය ඇදගැනීම සඳහා දැන් පියවර ගනිමින් සිටී. ඒ සඳහා අවශ්‍ය නීති රීති 2012 සම්පාදනය කරන ලදී.

මියන්මාරය කාම්බෝජය සමඟ ඒකාබද්ධව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි. එසේම වියට්නාම හෝටල් සහ සංචාරක කර්මාන්ත අමාත්‍යාංශය සංචාරක කලාප රාශියක් පිහිටුවා ඇත. සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා කර්මාන්ත කලාප 10 ක් පිහිටුවා ඇත. 2017 - 2018 ආදායම් වර්ෂය තුළ ඇ. ඩොලර් බිලියන 6 ක විදේශ ආයෝජන ඉලක්කයක් කරා ගමන් කරන මියන්මාරය ආයෝජන කොමිසම නමින් ස්ථාපිත කර ඇති ආයතනයකට මේ අංශයේ සියලු පරිපාලන හා කළමනාකරණ කටයුතු භාර කර තිබේ.

කරුණාරත්න අමරතුංග

මරි­යාගේ පාඩම

$
0
0
අගෝ 7, 2018 01:00

මරියා මොන්ටිසෝරි ලෝකය වඩා යහපත් කරන්නට 1870දි ඉතාලියේ උපන් කෙනෙකි. ඈ ඉපදුණු, වැඩුණ කාලයේ යුරෝපයේ, විශේෂයෙන්ම ඉතාලියේ කාන්තාවගේ භූමිකාව කුමක්දැයි විමසීමට ඔබට ආරාධනය කරමින් ඈ ගැන සහ ‘මොන්ටිසෝරි‘ යන හුරු පුරුදු භාෂිතය ගැන යමක් කියන්නට මේ සතියේ කොලමේ ඉඩ වෙන් වී ඇත.

1907 වර්ෂයේදී මරියා මොන්ටිසෝරි විසින් ප්‍රථම මොන්ටිසෝරි පාසල ආරම්භ කරනු ලැබූව ද එතෙක් ඇගේ ගමන මෙන්ම ඉන්පසු ඇගේ ගමන මා දකින හැටියට එකවර ප්‍රාතිහාර්යයක් සහ යථාර්ථයක් ලෙස දිස් වේ. ගැහැනිය විසින් රඟපෑ යුතු භූමිකාව කෲර ආධිපත්‍යයක් විසින් තීරණය වූ කාලයක තමන් සතු බුද්ධියේ, දක්ෂකමේ, කරුණාවේ ත්‍යාගය ලෝකය සමඟ බෙදා ගැනීමට ඉඩක් ඇති කර ගැනීමට තරම් දක්ෂ වූ මරියා මොන්ටිසෝරි ලෝකයේ බොහෝ රටවල මහත් තූති පූජාවකට බඳුන් වෙන කෙනෙකි. නමුත් ඉංජිනේරුවරියක වීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය ලද මරියා මොන්ටොසෝරි උපාධිය හිමිකරගත් පසුව ඈට ගුරුපත්වීමක් ලබා ගන්නැයි ඇගේ දෙමාපියන් පවා ඉල්ලන්නට ඇත්තේ තමන්ගේ දියණියගේ ශක්තිය හරි හැටි වටහා නොගැනීමෙන්ද නො එසේ නම් ගැහැනිය යටපත් කරන්නට සැදී ලෝකයේ බල පුළුවන්කාරකම වටහා ගැනීමෙන්දැයි පැහැදිලි නැත. එවකට ගුරුවෘත්තිය යනු ගැහැනු වෙනුවෙන් වෙන් වූ අතලොස්සක් වෘත්තින්ගෙන් එකක් වී මුත් මරියා මොන්ටිසෝරි වෛද්‍යවරියක වීමට ඈ වෙත තිබු ඕනෑකම වෙනුවෙන් කටයුතු කිරීමට නොනැවත මහන්සි වී කටයුතු කරන්නට විය.

මොන්ටිසෝරි යාම ළදරුවන් පිණිස වන ක්‍රියාකාරකමක් යැයි ශ්‍රී ලංකාවේ ඇතැම් අය විශ්වාස කළත් ඇත්තටම මොන්ටිසෝරි යනු එක්තරා උගැන්වීමේ හෝ නියාමක ක්‍රමයකි. ඉපදුණ දා සිට ආදරය, කරුණාව, ආරක්ෂාව පිරුණු පරිසරයක වැඩෙන කෙනකුට නිදහස් කෙනකු වීමෙන් තමන් තුළ ඇති හොඳම, විශිෂ්ට පුද්ගලයා පිටතට නිදහස් කිරීමට හැකියාවක් ලැබෙන බවට මරියා මොන්ටිසෝරි තුළ තිබූ විශ්වාසය නිසා ඈ විසින් මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නීය. ඒ තනිකරම ළදරුවන්ට පමණක් වෙන් වූ එකක් නොවේ. උසස් පෙළ පන්ති පවා මොන්ටිසෝරි ක්‍රමයට පවත්වාගෙන යන පාඨශාලා අමෙරිකාවේ ඇත.

වෛද්‍යවරියක වීමට ඉගෙන ගැනීමට ඈ විසින් මුලින්ම ඉදිරිපත් කළ අයදුම් පත ප්‍රතික්ෂේප වූ සම්මුඛ පරීක්ෂණය අවසන ඈ ඔවුන්ට කිව්වේ ඔවුන් විසින් අසන්නට කැමැති වූ දෙයක් නොවේ. “ මම වෛද්‍යවරියක් වෙනවා. ඒ බව මම සහතික කරනවා.“ මරියා මොන්ටෙසෝරි ඔවුන්ට කීවාය. වෛද්‍ය වෘත්තියේ නියැළීමට මුලින්ම සුදුසුකම් ලද සාර්ථකව ඒ තත්ත්වයට පත් වූ මුල්ම ඉතාලි ගැහැනු අතර මරියා මොන්ටිසෝරි යනු නොමැකෙන සටහනක් තබන කෙනෙක් වේ. ඈ කැපී පෙනෙන්නේ ගැහැනියක වීම නිසා පමණක් නොවේ. කැපැවීමෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත වී තමන්ගේ වෘත්තියේ අවශ්‍යතාවන්ට සැබෑ අවංකකමකින් බැඳීම නිසා මරියා මොන්ටිසෝරි ක්‍රමයෙන් ජනප්‍රිය චරිතයක් බවට පත් විණි. තමන්ගේ රාජකාරියේ කොටසක් ලෙස රෝමයේ උන්මත්තකාගාරයක් බැහැදැකීමට යද්දී එහි වූ කුඩා දරුවන්ගේ ජීවන තත්ත්වය දැකීමෙන්, එම තුච්ජ තත්ත්වය දරුවන්ට හානි කිරීමට තව තවත් බලපාන හැටි අවබෝධ කරගැනීමෙන් මරියා මොන්ටිසෝරි දරුවන් වෙනුවෙන් යමක් කිරීමට තීරණයකට එළඹිණි. වෙනස් දරුවන් තුළ ඇති වෙනස් ස්වභාවය ඔවුන්ටම විශේෂ වූ මනස් ප්‍රකෘතිය තේරුම් ගනිමින් ඔවුන්ගේ පුද්ගල විශේෂතාව යහපත් වූ එකක් බවට ඔවුන් විසින්ම මූර්තිමත් කිරීමට අවස්ථාවක් දෙන ක්‍රමයක් ඇතිකිරීමට ඈ සමත් විය. නමුත් මරියා මොන්ටෙසෝරි කියා ඇත්තේ ඈ විසින් කිසිදු ක්‍රමයක් නිර්මාණය නොකළ බවත් ඈ විසින් සිදු වූයේ දරුවන්ට දරුවන් වීමට අවස්ථාවක් ලබා දුන් බවත් පමණක් කියායි. “I did not invent a method of education, I simply gave some children a chance to live.“ ඈ විසින් දරුවන්ට මේ ලබා දුන් අවස්ථාව ගැන කීර්තිමත් වචනයක් පැතිරෙද්දී එසේ කිරීමට ඉගෙන ගැනීමට කැමැති ඇගේ ක්‍රමය අනුගමනය කිරීමට කැමැති පිරිසක් ඈ සොයා ඇදෙන්නට විය. මොන්ටිසෝරි ක්‍රමය පුහුණු කිරීමට උනන්දු වූ පිරිස වැඩි විය. මරියා මොන්ටෙසෝරි විසින් ලියැවුණ පොත පත ලෝකයේ අනෙක් රටවල ඔවුන්ගේ භාෂා වලට පරිවර්තනය විය.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ රටවල වූ මොන්ටිසෝරි පාසල, පර්යේෂණ මධ්‍යස්ථාන, ඈ විසින් සකස් වූ පොත පත විනාස වෙද්දී, ඉතාලියේ ආධිපත්‍ය පැතිරූ මුසලිනිගේ ඒකාධිපතිවාදී අදහස් මොන්ටිසෝරි ආයතනයට අනුකලනය වීමට ඉඩදීම මරියා මොන්ටිසෝරි විසින් ප්‍රතික්ෂේප විය. සියලුම මොන්ටිසෝරි ආයතන වසා දැමිණි.

මරියා මොන්ටිසෝරි ඉන්දියාවට පැමිණ වඩා කැක්කුමකින් තමන්ගේ වටහාගැනීම ඉන්දියාවේ දරුවන්ට සහ දරුවන්ගේ සාර්ථකත්වය අපේක්ෂා කරන අයට ලබා දෙන්නට විය. නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ඈගේ නම තෙවරක් යෝජනා විය.

1952 නෙදර්ලන්තයේදි මරියා මොන්ටිසෝරි යන අය මියගිය මුත් ඈ විසින් ලෝකයට කියාදුන් වටිනාම පාඩම අදටත් නොනැසී ඉදිරියට ඉගැන්වේ. “මෙලොව සියලුම දරුවන් ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් කිරීමට අපට හැකියාවක් නැත. නමුත් දරුවන්ට ඔවුන්ගේ හැකියාවේ උපරිමයට පැමිණිමේ අවස්ථාව අප විසින් හිමිකර දිය යුතුය.“

හිමාලි එන්. ලියනගේ


රටේ සංවර්ධනය නිවැරැදි පීල්ලට

$
0
0
අගෝ 8, 2018 01:00
වසන්ත ප්‍රිය රාමනායක

අපේ රටේ 2015 – 2030 තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ වැඩසටහනට අදාළ සැලැස්ම සැකසෙන්නේ ඊට අදාළ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මඟිනි. අදාළ අනුකමිටු 8කින් සැදුම්ලත් තිරසර සංවර්ධන කෙටුම්පත සැකසීමට මේ රටේ සිටින වාමාංශික, වාමාංශික නොවන, මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදී පමණක් නොව යම් ධනේශ්වර නැඹුරුවක් සහිත බුද්ධිමතුන් මේ වනවිට සම්බන්ධව සිටී.

ගෝලීය ආර්ථිකයේ සුබ අසුබ ඵල ප්‍රයෝජන සමඟ ලෝකයේ සංවර්ධනය පිළිබඳ නව මානයකින් කල්පනා කිරීමට එක්සත් ජාතීන් පෙළඹී සිටී. ලංකාවේ ඒකපුද්ගල වාර්ෂික ආදායම ඩොලර් 4000ක් ලෙසින් සඳහන් වුව ද ජනගහනයෙන් 50%කගේ මාසික ආදායම රු. 35000කට අඩුය. ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4000ක් නම් සාමාන්‍යයෙන් එක් අයෙකුගේ මාසික ආදායම රු. 65,000ක්වත් විය යුතුය. එසේම රටේ දුප්පත්කම 4.7%ක් බව සඳහන් වුවද රටේ ජනගහනයෙන් 53%ක් සාපේක්ෂ දුප්පතුන් බවට පත්ව ඇත. මේ සුළු උදාහරණයෙන් වුවද පසක් වන්නේ අපේ රට වශයෙන් වුවද තිරසර ආර්ථික දැක්මක අවශ්‍යතාවයි. මෙය අපට පමණක් නොව සංවර්ධිත හා සංවර්ධනය වන්නා වූ රටවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් මෙන්ම ගෝලීය ආර්ථිකයේ විෂමතාවක් ලෙසින් ද සැලකේ.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව මේවා සම්බන්ධයෙන් කතාබහ කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පොදු පිළිවෙත් හෝ ඊට අදාළ කතිකාවත නිර්මාණය වන්නේ වසරකට දෙකකට නොවේ. අඩුතරමින් වසර 15ක් ඉදිරියට ගෙන සැකසෙන වැඩපිළිවෙළකට අනුවය.

සංවර්ධන සැලසුම් එකඟතාව

2016 ජනවාරි පළමුවැනිදා පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ලෝක නායකයන් එක්වී සෑම රටකම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඇවැසි සැලසුම් සකස් කර ගැනීම පිළිබඳ එකඟතාවක් ඇතිකරගන්නා ලදී. මෙය හැඳින්වෙන්නේ ‘‘සහස්‍ර සංවර්ධන ඉලක්ක” නැතිනම් අරමුණු ලෙසිනි. මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කරන්නේ රටක් ලෙසින් මේවායේ සමහර අරමුණු අප විසින් මේ වනවිටත් ඉටුකරගෙන ඇති බවයි.

පසුගිය සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීට අදාළ සාකච්ඡාවලට සහභාගිවෙමින් අපේ රටේ දායකත්වය ද මේ සඳහා ලබාදුනි. එසේම එතුමා එක්සත් ජාතීන් ඉදිරියේ සඳහන් කළේ සහස්‍ර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කිරීමට අවැසි වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන බවයි. මේ අනුව තිරසර සංවර්ධන අරමුණු 17ක් අප විසින් නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ එකඟතාවක් එක්සත් ජාතීන් හා ඇතිකරගෙන තිබේ.

අරමුණු 17ක්

දුප්පත්කම අවසන් කිරීම, ආහාර හිඟය හා ආහාර සුරක්ෂිතතාවය, පෝෂණය ඉහළ නැංවීම හා තිරසර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත සුරක්ෂිත කිරීම සහ සියලුම වයස්වල යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම හා ජීවිතාන්තය දක්වාම ඇති අධ්‍යාපන අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සහ කාන්තාවන් බලගැන්වීම, ජලය හා සනීපාරක්ෂාව පවත්වාගෙන යෑම හා ඒවා තිරසර ලෙස කළමනාකරණය කිරීම, විශ්වාසනීය පැවැත්මට යෝග්‍ය තිරසර හා නවීන බලශක්ති නිපදවීමට කටයුතු කිරීම, තිරසර ආර්ථික වර්ධනයක් ඇතිකර ගනිමින් පූර්ණ හා ඵලදායී ලෙස සියල්ලන් සඳහාම රැකියා අවස්ථා ඇති කිරීමට කටයුතු කිරීම, පුළුල් ශක්තිමත් යටිතල පහසුකම් ගොඩනගාගැනීමෙන් නව්‍යකරණ ක්‍රියාමාර්ග ගනිමින් පුළුල් හා තිරසර කර්මාන්තකරණය ප්‍රවර්ධනය කිරීම, රටවල් හා රටවල් අතර අසමානතාවය අඩු කිරීම ආදී කාරණා අරමුණු 17ක් ලෙසින් හඳුන්වා දී තිබේ.

ගැටලු හඳුනා ගැනීම

මෙම අරමුණු දෙස බැලීමේ දී මින් සමහර කාරණා මේ වනවිටත් ශ්‍රී ලංකාව ඉටුකරමින් සිටින හා ඉටුකරගෙන තිබෙන බව පැහැදිලි වේ. මෙම අරමුණු 17ට අමතරව ඒ යටතේ ඉලක්කගත කාරණා නැතිනම් උප අරමුණු 169ක් හඳුනාගෙන තිබේ. මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අධීක්ෂණය හා පසුවිපරම් කිරීමේ වැඩසටහනක් ද මීට අයත්ය. එසේ නොවන්නේ නම් මේ සියල්ල හුදු යෝජනා පමණක් වනු ඇත. මෙහිදී උප අරමුණු 169 රටක් වශයෙන් අපට අතිශයින්ම වැදගත්ය. අපේ රටේ දේශපාලන, සමාජ, ආර්ථික, මානව හා ස්වාභාවික සම්පත් හා සංස්කෘතික ක්ෂේත්‍රයන්ට බලපාන සියලුම අංශ මෙම 169න් ආවරණය වන බව පෙනේ.

2030 වනවිට ඉලක්කගත තිරසර සංවර්ධන අරමුණු ජයගැනීමේ මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කෙටුම්පත් වන්නේ දේශපාලනඥයන්ගේ හෝ ආණ්ඩුවල මැදිහත්වීමෙන් තොරවය.

මේ වන විට අප නිදහස ලබා වසර 70ක් සපිරේ. ඒ වන විට අපට පහළින් සිටි සමහර රටවල් මේ වනවිට අප පසුකර ගමන් කර ඇත. ඉන් අදහස් වන්නේ සමාජ, ආර්ථික හා සංවර්ධනය පැත්තෙන් අපට වඩා ඉදිරියෙන් සිටින බවයි. ශක්තිමත් රාජ්‍ය සේවයක් සමඟ දුම්රිය සේවය වැනි යටිතල පහසුකම් ඒ යුගයට සාපේක්ෂව දියුණු මට්ටමක පවතිද්දී ශ්‍රී ලංකාවේ එදා මට්ටම ආදර්ශයට ගෙන දියුණු වීමට සූදානම්ව සිටි රටවල් මෙසේ අප පසුපස ගියේ මන්ද යන කාරණය දැන්වත් සාකච්ඡාවට බඳුන් කිරීම වැදගත්ය. ආකල්ප, අධ්‍යාපනය, වැඩවර්ජන, පුහු වාමාංශික සටන් පාඨ, සෑම කාරණයකටම දේශපාලන මැදිහත්වීම්, නවීනත්වයට බියවීම හා දේශාලන අරමුණු මත සැකසුණු සුබසාධනය මීට හේතුවී තිබෙන බව පෙනේ. මෙතෙක් රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක හා සමාජ සුබසාධනය සැකසුණේ විටින් විට බලයට පත්වන ආණ්ඩුවල දේශපාලන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදිය. මේ වනවිට ලෝකයෙන් ප්‍රතික්ෂේප වී ඇති දේශපාලන මූලධර්ම ද ඊට හේතු විය. අදාළ සැලසුම් සැකසුණේ එක්කෝ දේශපාලනඥයන්ගේ සිතැඟි පරිදිය. නැතිනම් ඔවුන් විසින් පත්කරනු ලැබූ තමන්ට පක්ෂපාතී දේශපාලන අරමුණු ඔස්සේ ගමන්ගත් බුද්ධිමතුන් විසින් සකස් කරනු ලැබූ කෙටුම්පත් හා යෝජනා ඔස්සේය.

අපේ රටේ 2015 – 2030 තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ වැඩසටහනට අදාළ සැලැස්ම සැකසෙන්නේ ඊට අදාළ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මඟිනි. අදාළ අනුකමිටු 8කින් සැදුම්ලත් තිරසර සංවර්ධන කෙටුම්පත සැකසීමට මේ රටේ සිටින වාමාංශික, වාමාංශික නොවන, මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදී පමණක් නොව යම් ධනේශ්වර නැඹුරුවක් සහිත බුද්ධිමතුන් මේ වනවිට සම්බන්ධව සිටී. මහාචාර්ය මොහාන් මුණසිංහ වැනි ජාත්‍යන්තරව කීර්තියක් හා නමක් දිනා ඇති විද්වතුන් සමඟ මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය ලලිත සිරි ගුණරුවන් ආදී විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන බුද්ධිමතුන් මීට දායක වී ඇත.

ස්වාධීන ලියැවිල්ලක්

මේ වනවිට අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද විද්වතුන් 18 දෙනෙක් මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටී. මෙහිදී 2020 දී අප කළ යුත්තේ කුමක්ද? 2025 දී කළ යුත්තේ කුමක්ද? 2030 වන විට කළ යුත්තේ කුමක්ද? ආදී වශයෙන් යෝජනා නිර්දේශ සහිත පිටු 1000කින් පමණ සමන්විත ලියවිල්ලක් මේ වනවිට සකස් කර ඇත. මෙහි ඇති විශේෂත්වය කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව ඔවුනට නිදහසේ කටයුතු කිරීමට ඇවැසි පරිසරය ජනාධිපතිවරයා විසින්ම සකසා දීමය. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ කෙටුම්පත් කෙරෙන එකම ස්වාධීන සංවර්ධන ලියවිල්ල බවට මෙම තිරසර සංවර්ධන අරමුණු රැගත් කෙටුම්පත පත්ව ඇත.

එහෙත් මෙය අවසන් ලියවිල්ල නොවනු ඇත. කෙටුම්පතක් පමණි. මහජන සංවාදයට ලක්විය යුතුය. පසුගිය 6 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන අදහස් විමසීම උදෙසා ජනගත කෙරුණේ එම කෙටුම්පතයි. ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ මෙවන් කෙටුම්පතකට ජනතාවගේ අදහස් ලබාගෙන ඊට අදාළව නව යෝජනා ඇත්නම් ඒවා ද, සංශෝධනය වියයුතු කරුණු ඇත්නම් ඒවා ද සමඟින් අප රටට ගැළපෙන අයුරින් 2030 දක්වා දිවයන තිරසර සංවර්ධන අරමුණු අඩංගු ජනතාවගේ අනුමැතිය සහිත සංවර්ධන සැලැස්මක් සැකසීමටය. නිදහස් ශ්‍රී ලංකාවේ මෙවැන්නකට අවස්ථාව සැලසෙන්නේ ප්‍රථමවරටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී සඳහන් කළ ආකාරයටම අපට ගැළපෙන දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව සැකසෙන සංවර්ධන සැලැස්මක් ලෙසින් වත්මන් තිරසර සංවර්ධන කෙටුම්පත සැලකේ.

අනාගත ආණ්ඩුවකට වුවද මින් බැහැර විය නොහැකිය. එහෙත් ක්‍රියාත්මක කිරීමේ දී විවිධ නම් ඉදිරිපත් විය හැකිය. මෙවන් සමාජ කතිකාවතකට යොමු කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතීන්ටද අනුව අපේ රටේ ස්වාධීන විද්වතුන් විසින් සකසන ලද සංවර්ධන සැලැස්මක් දේශපාලනඥයන්ට රිසිසේ බැහැර කිරීම විහිළුවක්ම මිස පහසු කාර්යයක් නොවනු ඇත. ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබෙන්නේ හෙට දවසේ මේ රටේ කවුරු ආණ්ඩු කළත් හෙටට ගැළපෙන ස්ථිරසාර වැඩපිළිවෙළ අද සකසා මේ රට නිවැරදි පීල්ලේ ගමන් කරවීමට බව පැහැදිලිය.

කවුරු රස වින්දත් නැතත් මම යමක් කළා

$
0
0
අගෝ 8, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න
චාල්ස් දයානන්ද

දැන් එක නවකතාවක් ලිව්වා. ඊළඟට තව එකක් ලියන්න ඕන වගේ අදහසක් නම් මට නෑ. ඒත් සත්‍ය අත්දැකීම් ඔස්සේ ලියැවුණු කෙටිකතා කිහිපයක් තිබෙනවා. සමහරවිට ඒවා ඉදිරියේදී එළිදකීවි. චිත්‍රයක් අඳිද්දි වුණත් දැන් අඳිනවා කියල අඳින්න බෑ. මගේ හිතේ අදහසක් ඇතිවෙලා වර්ණ සමුදායක් ගොඩනැගුණාම පසුව මං අඳින්න පටන් ගන්නවා. මහ රෑ වුණත් කමක් නෑ. මම අඳිනවා.

ඔබ නවකතාකරුවෙක් නෙමෙයි, චිත්‍ර ශිල්පියෙක්. ඒත් ඔබ අතින් නවකතාවක් ලියැවෙනවා. “පිටස්තරයෝ” ලියැවෙන්නේ කොහොමද?

මේ නවකතාව අහම්බයක් නෙවෙයි. මං පොත පත ලියලා තියෙන්නේ චිත්‍ර කලාවට අදාළව වුණත්, යම් සාහිත්‍යමය ලේඛනයක් මා ළඟ තියෙනවා. චිත්‍ර කලාව ගැන ලියපු ඒ පොත පත මං රසවත්ව ලියා ඇති බව දැනගත්තෙ, පාඨකයා දක්වපු ප්‍රතිචාරවලින්. “මං චිත්‍ර අඳින්න දන්නේ නෑ. ඒත්, මේ පොත මං ආසාවෙන් කියෙව්වා” කියලා ඒ සමහරු මට කිව්වා. මේ හැරුණහම, 71 කැරැල්ලට සම්බන්ධ වෙලා සිරගතව ලැබූ අත්දැකීම් ඇසුරින් ලියපු “සිපිරිගෙයක වසර හයක්” කෘතිය ලියැවුණේ, සාහිත්‍ය කෘතියක් විදිහටයි. ඒක කියවපු ඇතැම් ප්‍රවීණයන් පවා, මේ කෘතිය බොහොම ලස්සනට ලියලා තියෙනවා කියලා කිව්වා. ප්‍රබන්ධයක් නොවුණත්, ඒ විදිහට රසවිඳින්න පුළුවන් කියලා ඔවුන් පැවසුවා. පොතක් කියැවීමට සතියක් - දෙකක් විතර සාමාන්‍යයෙන් ගන්න එක්තරා ලේඛකයෙක්, මම පොත දීලා දවසකින් මට කතා කළා. මං මේ පොත කියවලා ඉවරයිනෙ කියලා ඔහු මට කිව්වා.

සාහිත්‍ය ගැන විශාල ලෙස පොත පත කියැවීමෙන් ලැබූ දැනුමකුත් මට තිබුණා. මේ සියල්ල සමඟ පිටස්තරයෝ නවකතාවේ වස්තුබීජය මා තුළ කාලයක් තිස්සේ රැව්පිළිරැව් දෙමින් පැවැතියා. එය මා කම්පනයට පත් කළ සිදුවීමක්.

අපි ඒ වස්තුබීජය ගැන කතා කරමු?

මගේ මිත්‍රයෙක් වුණු දමිළ පුද්ගලයෙක් හිටියා. ඔහු හරි ම සුන්දර මනුෂ්‍යයෙක්. විවාහ වුණේ සිංහල කාන්තාවක් එක්ක. දරුවෙක් සිටියා. කුමක් හෝ හේතුවකින් මේ විවාහය බිඳ වැටුණා. කාන්තාව දරුවාත් සමඟ මගේ මිත්‍රයාගෙන් වෙන් වෙලා යන්න ගියා. ඔහු තනි වුණා. මේ මිනිසා, රැකියාවෙනුත් අස් වුණා. පස්සෙ එයාට පිස්සු හැදුණා. බීමත්ව තැන තැන ඇවිදින චරිතයක් වුණා. ඔහු කාණුවක වැටිලා මැරිලා හිටියා. මේ මිනිසාට වුණු දේ මා කම්පනයට පත් කළා. මොකක්ද වුණේ කියලා මට වරින් වර සිතෙන්න ගත්තා. සාමාන්‍යයෙන් ඔහු නිහඬ චරිතයක්. දවසක් මමත් එක්ක කතාබහ කරමින් සිටිද්දි, 'මම ඉතිං දෙමළනෙ’ කියලා ඔහු කිව්වා. මෙතැන හරි ම ඛේදවාචකයක් තියෙනවා. සිංහල - දෙමළ විවාහයකින් උපදින දරුවන්ගෙ ජාතිය ලියන්නෙ කොහොමද? ඔවුන් සිංහලද? දෙමළ ද? දවසක් මට එක ළමයෙක් කියනවා මගේ උප්පැන්න සහතිකයෙ තියෙන්නෙ දෙමළ කියලා. හැබැයි මම දෙමළ වෙන්න කැමැති නෑ කියලා. හරි ප්‍රශ්නයක්. උප්පැන්නයේ වාසගමෙන් කියන්නෙ කුලය. කුලය ඒක ඇතුළෙ සැඟැවී තියෙනවා. ජාතිය කිව්වට ලියන්නෙ ශ්‍රී ලාංකික කියලා නෙමෙයි. ජාතිය කියන එකෙන් අහන්නෙ සිංහලද? දෙමළද? මුස්ලිම්ද? කියන එකයි. මේ ප්‍රශ්නය කාලයක් තිස්සේ මගේ සිතේ රැව් දෙමින් තිබුණා. ඒක තමයි සාහිත්‍ය කෘතියක් විදිහට මේ අන්දමින් ප්‍රකාශයට පත් වුණේ.

අනෙකකුගේ අත්දැකීමක් ලිවීමට වඩා, තමන්ගේම අත්දැකීමක් ලිවීම හා නිර්මාණයක සාර්ථකභාවය ඔබ කොහොමද දකින්නේ?

ප්‍රබන්ධකරණයේදී බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ඉතාම වටිනවා. එය අවශ්‍යතාවක් ලෙසත් දක්වන්න පුළුවන්. මා තුළ ජීවත්ව සිටි සාහිත්‍යකාමියා, හදාරන්නා මේ කෘතියත් සමඟ පිටතට ඇවිත් තියෙනවා. මෙය ප්‍රබන්ධයක් වුණොත් මං ග්‍රහණය කර ගත්තෙ සැබෑ සමාජ වටපිටාව.

ඒ කියන්නෙ මෙය තනිකරම කල්පිතයක් නෙමෙයි. 83 ජූලි කලබල මං මෙයට ඈඳා ගත්තා. කතාව ගොඩනැගීමේදී මං අලුත් කලබලයක් මැව්වේ නෑ. තිබුණු එක ම ගත්තා. ඒ වගේ විවිධ අතීත සිද්ධි කතාවට අවශ්‍ය ආකාරයට ඒ ඒ තැන්වලට ගැළපුවා. සැබෑවක්ද? ප්‍රබන්ධයක්ද? කියලා නොසිතෙන තරමට මේ දෙක මිශ්‍ර කරන්න මට හැකි වුණාය කියලා මම සිතනවා.

ඉතිහාසය මත පදනම්ව නිර්මාණයක් කිරීමේදී, එය හුදු වාර්තා ශෛලියක් ගැනීම ගැන ඇතැම් විට විචාරක අවධානයට ලක් වෙනවා. ඔබ මේ කාරණය ගැන සැලකිලිමත් වුණාද?

මගේ සිපිරිගෙයක වසර හයක් පොත තනිකර වාර්තාවක්නෙ. මට දැනුණු, අත්විඳපු සිදුවීම් ගැන මම ලිව්වා. හැබැයි, ඒක සාහිත්‍ය රසයෙන් පිරුණු වාර්තාවක් වුණා. ඒ හැකියාව මට බො‍හොම පහසුවෙන් පිටස්තරයෝ ලිවීමේදී ගළපා ගන්න පුළුවන් වුණා ය කියලා හිතනවා. ඒ සාර්ථක, අසාර්ථක බව විචාරකයො කොහොම දකීවිද කියලා මම දන්නේ නෑ.

තමන් අසන, දකින ඉතිහාස සිදුවීම් මඟහැර නොයාමේ යම් වගකීමකුත් නිර්මාණකරුවකුට තිබෙනවා නේද?

වාර්තාකරණය සහ නිර්මාණකරණය දෙකම මිශ්‍ර කරලා කළත් , කොහොම හරි වෙන්නෙ වාර්තා කිරීමක්. මේ කෘතියෙන් අපේ රටේ සිදුවුණු දේශපාලන සිද්ධි බො‍හොමයක් තියෙනවා. ඒ කියන්නෙ, වාර්තාමය සාහිත්‍ය කෘතියක්. මං පෞද්ගලිකව ජාතිවාදයට විරුද්ධයි. 1970, 1980 දශකවල අපේ තරුණ කාලය ගතවෙද්දි, මේ රටේ දේශපාලනඥයෝ අවුළවපු ජාතිවාදය කළ විනාශය අපි දුටුවා.

මේ කතාව ලිවීමේදී මට සිද්ධි මවන්න ඕන වුණේ නෑ. ඉතිහාසයට එකතු වෙලා තියෙන සිදුවීම් තිබුණා. සත්‍ය තොරතුරක් සිද්ධියක් නොවන දෙයක් මම හැදුවා නම්, නැති දෙයක් ඇති කළා කියන්න පුළුවන්. එහෙම දෙයක් කළේ නැහැ. සත්‍ය සිද්ධි ඇසුරු කර ගත්තා මම දන්නෙ නෑ මම සාර්ථකයිද කියලා. මොකද මේක මගේ පළමු නවකතාව. මෙය ලිවීමේදී මං අලුත් ආකෘතියක් භාවිත කළා. එය සාර්ථකයිද වගේ කාරණා ඉදිරියේදී සාකච්ඡාවට ලක් කළ හැකියි.

මේ කතාව කීමේදී මං මුලින් යම් දර්ශනයක් දක්වලා, දෙවනුව කතාවට අවතීර්ණ වුණා. එය සාර්ථකයිද? නැතිනම් මුලින් කතාව කියලා, දෙවනුව දර්ශනය ඉදිරිපත් කරන්න තිබුණාද? ආදී වශයෙන් මේ කාරණා මතුවේවි.

ඔබම කියන විදිහට , ඔබ කවියෙක් නෙමෙයි. ඒත්, ඔබ අතින් කවි ලියැවෙනවා. අපි ඉබේ ලියැවුණු කවි ගැන කතා කරමු?

‍මං මේ කෘතිය කළේ කවියකු වීමේ අදහසින් නෙමෙයි. කවි පොතක් ලියලා, මුදල් ඉපැයීමේ අදහසකින්වත් නෙවෙයි. මේ කවි මගෙ ලිපි ගොනු ඇතුළෙ කාලයක් තිබුණා. මං ඉස්කෝලෙ යන කාලේ ලියපු කවි රැකියාව කරන කාලෙ ලියැවුණ කවි, මේ විදිහට මා ළඟ තියෙනවා. සමහර විට මම මධුවිත බිඳක් තොලගා සිටි අවස්ථාවක ඇති වුණු හැඟීම් ඒ අතර තියෙනවා. එතකොට ඒවා අමු නිර්මාණ. මට ඒවා වෙනස් කරන්න ඕන වුණේ නෑ. මට අවශ්‍ය කළේ , මේවා වාර්තා කරලා තියන්න. ලේඛනය කියන්නෙ පුදුම දෙයක්නෙ. යමක් මුද්‍රණය කරලා තිබුණත්, ලියපු කෙනා මිය ගිහින් අවුරුදු දහසකට පසුව වුණත්, ඒවා කියවන්න පුළුවන්. අපේ කලාවන් අතර ඇති ඉතා ප්‍රබල කලා මාධ්‍ය දෙකක් තමයි චිත්‍ර කලාව හා ලේඛන කලාව. ඩාවින්චි මිය ගිහින්. ඒත්, මොනාලිසා තවමත් ජීවතුන් අතර .

මේ කවි ලේඛනාරූඪ කරලා, මුද්‍රණය කරලා තියන්න මට ඕන කළා. යළි යළිත් මුද්‍රණය කරන අදහසක් එහෙම මට නෑ. අලෙවිය ගැන සිතන්නෙත් නෑ. කවුරුන් හෝ රසවින්දත් නැතත්, මම යමක් කළා. එපමණයි. එයින්ම මම ආත්ම තෘප්තියක් ලැබුවා. ‘කවිය’ ගැන

අපේ සමාජයේ දැනට ඇති හැඟීම ඔබට දැනෙන්නේ කොහොමද?

‘කවිය’ අද ඉතාම හොඳට තියෙනවා. අපි කවිය ආශ්වාදනය කළේ මහගම සේකර කවි ලියන කාලයේ මට මතකයි ගුවන්විදුලියේ ‘මධුවන්ති’ වගේ වැඩසටහන් ඊයේ සේකර ලියපු කවියක් අද අමරදේව ගායනා කළා. මේ වැඩසටහන්වල අපි මේවා ඉතා හොඳින් රසවින්දා. ඒ යුගයේ කවිය ගැන හොඳ ප්‍රබෝධයක් තිබුණා. ඊළඟට එය මියැදුණා. ආයෙමත් පුවත්පත්වලින් එහෙම නවක කවීන්, තරුණ කවීන් මතුවෙන්න පටන් ගත්තා. කවි පොත් එළි දැක්වුණා. මේක හොඳ ප්‍රවණතාවක්.

මට කවි ලිවීමට උත්තේජනයක් ලැබෙන්නෙ ඔය විදිහට ලබපු රසවින්දනය, ආශ්වාදය වගේම ‘හයිකු’ කවිය ගැන තිබුණු කැමැත්ත. අනෙක් කවිවලට වඩා හයිකු ගැන මට ලොකු කැමැත්තක් තිබුණා. හයිකු ලංකාවට අලුත් දේකුත් නෙවෙයි. සේකර ඒත් තැනක ලියනවා. කතා කරන්නෝ නොදනිති . දන්නෝ කතා නොකරති. කියලා මේ හයිකු. කවිය ගැන තියෙන අලුත් පිබිදීම හරි වටිනවා. හරි ලස්සනයි. ඒ ගැන මගේ ලොකු සතුටක් තියෙනවා.

ඔබ චිත්‍රශිල්පියකු වීම කවිය හැදෑරීමට ආශ්වාදය කිරීමට අමතරව කාව්‍යකරණයේදී ඔබට රුකුලක් වුණාද?

ඔය සෑම දෙයක්ට බලපෑවා. පුංචි කාලයේත් මම ‘කවිමඩු” බලන්න යනවා. හිටිවන කවිය රසවින්දා කුමාරගම,කේයස් වගේ කවීන්ගෙන් අපි පෝෂණය වුණා. පාසලේදී බුදුගුණාලංකාරය, ගුත්තිලය වගේ කාව්‍ය හැදෑරුවා. රසවින්දා . පසුව ඒ ගමන් මාර්ගයේම අපට සේකරලා, සිරි ගුණසිංහලා හමු වෙනවා.

මගේ ජීවිත කාලයෙන් අවුරුදු 50ක එක් රැස්වුණු දේ කියද්දි, මේ හැම දෙයක්ම මට බලපෑවා. හදවත ඇතුළෙ රසගුලාවක්ව නිධන්වී ඇති ඒ දේවල්, දැන් වයසට යද්දි පෑදෙන්න පටන් ගන්නවා. ඒවා නිසා තමයි අපි ජීවත් වෙන්නේ. මේ කාලයේ අපි සේකරගේ කවි පොත් එහෙම යළි යළි කියවමින් රස විඳිනවා.

ඔබ තුළ නිධන්ව තිබූ අත්දැකීම් හා අදහස් සමුදායත් ඔබ නවකතාවත් හා කාව්‍ය සංග්‍රහයක් ලෙස එළිදක්වනවා. මේ ඔස්සේ ලබන උත්තේජනය මෙතැනින් එහාට ඔබ රැගෙන යනවා ඇත්තේ කොතනට ද?

දැන් එක නවකතාවක් ලිව්වා. ඊළඟට තව එකක් ලියන්න ඕන වගේ අදහසක් නම් මට නෑ. ඒත් සත්‍ය අත්දැකීම් ඔස්සේ ලියැවුණු කෙටිකතා කිහිපයක් තිබෙනවා. සමහරවිට ඒවා ඉදිරියේදී එළිදකීවි. චිත්‍රයක් අඳිද්දි වුණත් දැන් අඳිනවා කියල අඳින්න බෑ. මගේ හිතේ අදහසක් ඇතිවෙලා වර්ණ සමුදායක් ගොඩනැගුණාම පසුව මං අඳින්න පටන් ගන්නවා. මහ රෑ වුණත් කමක් නෑ. මම අඳිනවා. සාහිත්‍ය නිර්මාණයක් වුණත් එළිදකිනවා ඇත්තේ ඒ විදිහට. කල්තබා කියන්න අමාරුයි.

ඡායාරූප-හිරන්ත ගුණතිලක

එදා අත්දැකීම් මෙදාට හරි වටිනවා

$
0
0
අගෝ 8, 2018 01:00
කමාස් ඩාවිස්

මෑතකදී බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ "Killing It"කෘතියේ කතුවරිය වූ කමාස් ඩාවිස්, Saveur සහ National Geographic Adventure යන සඟරාවල හිටපු ප්‍රධාන කතුවරියකි. 2009 වසරේදී ඇය ප්‍රංශයේ සංචාරයක නිරත වෙමින්, සත්ව ඝාතකයන් සහ සත්ව චිකිත්සාව පිළිබඳ දීර්ඝ පර්යේෂණයක නිරත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය ‘පෝලන්තයේ මාංශ සාමූහිකය’ නමින් පාසලක් ද ආරම්භ කළා ය. මේ ඇගේ කෘති සහ වෙනත් තොරතුරු පිළිබඳ , www.powells.comවෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

ඔබේ පොත ගැන කෙටි විස්තරයක් කරන්න පුළුවන්ද ?

Killing It කෘතිය මඟින් කියැවෙන්නේ, ජීවිතය, මරණය, ආදරය සහ එකිනෙකා අතර ඇති සංකීර්ණත්වය ගැනයි. ඒ වගේම, සදාචාරය, සාර්ථකත්වය හා අසාර්ථකත්වය, කුතුහලය පිළිබඳත් මෙහිදී කතා කරනවා. හොඳ පුද්ගලයෙක් වීමට නම්, ප්‍රශ්න ඇසීමට හා සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේ කළ යුතුයි. ඒ වගේම, අප කළ යුතු අසීරු තේරීම්, අප යහපත් මිනිසුන් බවට පත් කරනවා.

මේ පොත තරමක් සංකීර්ණ කෘතියක් කියා ඇතැමකු ප්‍රකාශ කළොත්?

ඒක හරියටම හරි. මිනිස් ජීවිතය කියන්නේ හරි පුදුමාකාර, තේරුම් ගැනීමට අපහසු, සංකීර්ණ දෙයක්. මේ කෘතිය තුළත් ඒ සංකීර්ණත්වය නිසැකයෙන්ම දක්නට ලැබෙනවා.

කුඩා අවධියේදී ඔබ කියැවීමට කැමැතිම වූ කෘතිය ‍ මොකක්ද?

Scott O’Del ගේ Island of the Blue Dolphins පොත. ඒ කෘතිය පිළිබඳ මම මගේ කෘතියේ මුලින් ම සඳහන් කර තිබෙනවා. මේ කෘතිය කියෙව්වට පස්සේ, මම කුඩා අවධියේ දූපතක තනිව ජිවත් වීමට කැමැති වුණා. මට සිතුණා තනියෙන් දඩයම් කරන්න, මසුන් අල්ලන්න, කැටයම් කපන්න, ඒ වගේම මගේ අස්වැන්නෙන් කෑම හදා ගෙන දුපතේ ජීවත් වෙන්න. මම කුඩා කාලේ තාත්තා එක්ක මාළු අල්ලන්න යන්න කැමැත්තක් දැක්වුවේ, මේ හේතු නිසාමයි.

ඔබ ලේඛකයකු බව ඔබ දැනගත්තේ කුමන කාලයේදීද ?

මම පළමුවැනි ශ්‍රේණියේදී මගේ මාපියන් මට දම් පැහැති දින පොතක් ගෙනත් දුන්නා මට මතකයි. එදා ඉඳන් මම මගේ අවට ලෝකය ගැන ලියන්න පටන් ගත්තා .මම හිතන්නේ ඒක තමා ආරම්භය. මුල් අවධියේදී මම සතුටු හිතෙන දේ තමයි ලිව්වේ. කෙසේ හෝ මම තුන වසරේදී පමණ හොල්මන් ගැන එක එක කතා ලියලා තියෙනවා. පසු කාලෙක මම මගේ තරුණ අවධියේදී මගේ එදිනෙදා අත්දැකීම් ගැන ලිව්වා. ලිපි සහ කවි ලියන්න මේ අතරේ මම බොහොම කැමැති වුණා . ඒවා බොහොමයක් ම ලියැවුණේ ආදරේ ගැන තමයි. කෙසේ හෝ මම මගේ උපාධිය අවසන් වන තුරුත් වෘත්තීය කතුවරියක් වෙන්න ඕනේ කියලා තීරණය කරලා තිබුණේ නැහැ . මගේ පළමු පෙම්වතා පුවත්පත් සඟරාවක සේවය කළ අයෙක්. ඒ කාලේ මම ඔහු සමඟ එම සඟරාවට වැඩ කිරීමට නිව්යෝර්ක් වලට ආවා. එහිදී මට සංස්කාරකවරයෙක් , රචකයෙක් සහ පර්යේෂකයෙක් වශයෙන් අංශ කිහිපයකම සේවය කිරීමට අවස්ථාව ලැබුණා. එතැනින් පසුව, මම වෘත්තීය කතුවරියකු විය යුතු බව තීරණය කළා. එයින් පස්සේ මම පොත් ලියන්න පටන් ගත්තා.

ඔබ වැඩ කරන වටපිටාව පිළිබඳ කතා කළොත් ?

පොත් ලියන අතරේ, මම මගේ නිවෙසේ එක් කාමරයක් මගේ කාර්යාලය බවට පත් කර ගත්තා. එය මගේ මනස පැහැදිලි කර ගැනීමට උදවු වෙනවා . මම මගේ පරිගණකය සමඟ තමා ලිවීමේ කටයුතු කරන්නේ. ඒත් මට දැනෙන්නේ, වනාන්තරයක් දිහා කවුළුවකින් බලා ඉන්නවා වගෙයි. මම නිරන්තරයෙන් පොත් වටකරගෙන තමා ඉන්නේ . ඒ වගේම, මම මගේ මනස නිරවුල් කර ගන්න, මිතුරන් සමඟ මුහුදු වෙරළට යනවා.

සාමාන්‍යයෙන් සති දෙකකට වතාවක් අපි මුහුදු වෙරළේ ගත කරනවා . ඊට අමතරව ඔළුව නිදහස් කර ගන්න ඕන නිසා, කෝපිහලට ගිහින්, උණුසුම් කෝපි එකක් බොන එක තමා බොහෝ වෙලාවට කරන්නේ.

සාමාන්‍යයෙන් කෙනෙක් කියැවිය යුතු යැයි ඔබ සිතන, වෙනත් කතුවරයකු හඳුන්වා දෙන්න සහ කියැවීම ආරම්භ කිරීමට සුදුසු පොතක් යෝජනා කළොත්, ඒ මොන පොතද?

මම John Berger ලියා ඇති සෑම දෙයකටම කැමැතියි . ඔහු හොඳ කතුවරයෙක් කියලා මම හිතනවා . ඒ වගේම, Pig Earth පොත ගැනත් සඳහන් නොකරම බෑ . ඒක කියැවීම ආරම්භ කිරීමට සුදුසු හොඳ පොතක් කියලා මම හිතනවා .

ඔබ මීට පෙර කර තිබෙන, අමතක නොවනම රැකියාව මොකක්ද?

මට වයස අවුරුදු 16 දී මම වැඩිහිටි විශ්‍රාම ශාලාවක හෙදියක් විදියට සේවය කළා. මම බොහෝ වෙලාවට කළේ, කෑම උයන්න උදවු කරන එකයි . ඒ අතරේ අම්මලා, තාත්තලාට ඇවිදින්න උදවු කරන එකත් මට පැවරිලා තිබුණා . ඒක මට මගේ ජීවිතේ අමතක නොවනම අත්දැකීමක් . මට එහිදී, බොහෝ අයත් එක්ක කතා කරන්න, ඔවුන්ගේ අත්දැකීම් අහන්න අවස්ථාව ලැබුණා. එම සිදුවීම් පසු කලෙක මගේ ලේඛන කටයුතුවලට උපකාරී වෙන්න ඇති කියලා මං හිතනවා. ඒ වගේ ම ඒ අත්දැකීම් ඉදිරියටත් උපකාරී වෙයි කියලා මට හැඟෙනවා.

ලේඛකයකු විදිහට ඔබ වඩාත්ම බය වෙන්නේ මොන දේටද ?

වරදවා තේරුම් ගැනීමට. එය සාමාන්‍යයෙන් පාලනය කර ගැනීමට අපහසුයි. එය මට මගේ පැරැණි ජීවිතයේදී නිරන්තරයෙන් සිදු වුණා. මං එයට බෙහෙවින් බයයි. ඒ විදිහට වරදවා වටහා ගැනීම නිසා, මට බොහෝ සිදුවීම්වලට මුහුණ දීමට සිදු වුණා.

ඔබට කවදා හෝ ලැබුණු හොඳ ම උපදෙස මොකක්ද?

මට වටිනා අදහස් බොහොමයක් මගේ ජීවිත කාලය පුරාවටම ලැබිලා තිබෙනවා. එයින් එකක් ගැන කිව්වොත්, මම අනුකම්පා විරහිත කෙනෙක්. ඒ වගේම මම මගේම වැරැදිවලටත්, බොහෝ වෙලාවට මම මට ම දඬුවම් කර ගන්නවා. එක දවසක් මගේ යාළුවෙක්,

"සෑම දිනකම අවසානයේ, දවස පුරාම ඔබට කළ හැකි දේ ඔබ ඉටු කර ඇත. ඒත්, සමහර වැරැදි හෝ අත්වැරැදි නිසා , නිසැකවම කම්පනයට පත් වේවි. ඔබට හැකි ඉක්මනින් ඒවා අමතක කරන්න. හෙට අලුත් දවසක්”. ලෙස ලියා, මට කුඩා කොළ කැබැල්ලක් එව්වා. මේ කොළ කැබැල්ල අදටත් මං ළඟ ඉතාමත් සුරක්ෂිතව තිබෙනවා. එදා මට මේ කොළ කෑල්ල ලැබුණු දවසේ, මං මේ කියමන කියවපු වාර ගණන කොච්චරද කියලා මට මතක නෑ. අදටත් දවසට එක වතාවක් හෝ මම ඒ අදහස කියවනවා.

ඔබ සමාජ මාධ්‍ය භාවිත කරන්නෙක්ද?

ඔව්. මං භාවිත කරනවා. ඒත්, ඇබ්බැහි වීමක් නම් නෑ. මගේ ලේඛන වැඩ කටයුතුවලදී මං ඒවා යොදා ගන්නවා. ඒ වගේම, මගේ පාඨකයන් සමඟ ඒ හරහා මම සම්බන්ධ වෙනවා.

යශෝදා ඉන්දීවරී

හදවතට දැනෙන්න ලියන අය අඩුයි!

$
0
0
අගෝ 8, 2018 01:00
රන්ජන් අමරරත්න
ගාමිණී බස්නායක

අමෙරිකාවේ ජනප්‍රිය ලේඛකයෙක් ප්‍රකට - ප්‍රකාශන සමාගමක් වෙත ගොස්; ගිවිසුමක් අස්සන් කළේ ය. ඒ ඔහුගේ ඊළඟ පොත සඳහා ය. සමාගම් ප්‍රධානයා ලේඛකයාට අතට-අත දී සිය අවසන් උපදේශනය ලබා දුන්නේ ය. ඊට ඇතුළත් වූයේ වචන තුනක් පමණි. එනම්; “හදවතට දැනෙන්න ලියන්න!” යන්නය. අපේ රටේ ප්‍රකාශන සමාගම් මෙබඳු උපදේශන ලබා දෙන්නේ නැත. ලබා දුන්නත්; ලේඛකයන් පිළි ගන්නේ නැත.

තරුණ ලේඛකයකු වන ගාමිණී බස්නායක මහතාගේ අභිනව කෘතිය “බෝදිලිමානය” ලෙසින් හඳුන්වා ඇත. එය නවකතාවකි. මේ කතාව ගෝත්‍රික සමාජ සම්බන්ධයෙන් පවතින අධ්‍යයන, පර්යේෂණ හා ප්‍රබන්ධ කථා කෙරෙහි අපගේ අවධානය යොමු කරයි. අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ පිළිබඳ ලියැවුණු පර්යේෂණ ග්‍රන්ථ, ඉතිහාස කෘති, චාරිකා සටහන් හා ප්‍රබන්ධ කථා විශාල ප්‍රමාණයක් පවතී. මේ පොත්වලට විශාල ආකර්ෂණයක් ද පවතී. එබඳු ප්‍රබන්ධ කථා දෙකක් අප සිහියට නැ‍ඟේ. එකක් නම්; චිනුවා අචෙබෙගේ “තින්ග්ස් ෆෝල් එපාට් යන්න ය. (අචෙබෙ මීට අදාළ තවත් කෘති ගණනාවක් රචනා කර ඇත) අනෙක නම්; අයානා මෙතිස් ලේඛිකාවගේ ‘ද ටුවෙල් ට්‍රයිබ්ස් ඔ‍ෆ් හැට්’ යන්න ය. මේ දෙක ම ප්‍රබන්ධ කථා ය.

ගෝත්‍රික සමාජ කේන්ද්‍ර කර රචනා වූ ප්‍රබන්ධ කථා ඔස්සේ බොහෝ දේ උගත හැකි ය. ජීවිතය පිළිබඳ අධ්‍යයනය, සමාජ පරිවර්තනය, අලුත් අභියෝගවලට මුහුණ දෙන ආකාරය, මිථ්‍යා විශ්වාස, ආක්‍රමණ, සංක්‍රමණ ඒ අතර ප්‍රධාන වෙයි. අප්‍රිකාවට බලපෑ යටත්විජිතවාදය ද මේ කෘති ඔස්සේ විවරණය කර තිබේ.

බෝදිලිමානය නවකතාවට ද මේ සියල්ල ඇතුළත් යැයි කිව හැකි ය. ඉංග්‍රීසි පාලනය යටතේ වෙල්ලස්සේ ජනතාවට මුහුණ දෙන්නට සිදු වූ ඛේදජනක සිදුවීම් මාලාවක් මේ කතාවට පාදකවී ඇත. සංක්‍රමණය හා නව ජීවිත ආරම්භ කිරීම කෘතියට ඇතුළත් එක් වැදගත් මාතෘකාවකි. වෙල්ලස්සේ කැරැල්ල නිසා ඉංග්‍රීසිකාරයා එම ප්‍රදේශයට හා එහි සාම්ප්‍රදායික ජනතාවට වෛර කරන්නට හා දඬුවම් කරන්නට පටන් ගත්තේ ය. එම පළාතේ ඉඩම් කොල්ලකා ගත්තේ ය. වැව්, අමුණු විනාශ කළේ ය. ගම්මානවලට ගිනි තැබුවේ ය. මේ තත්ත්වය මත වෙල්ලස්සේ ජනතාව තම සාම්ප්‍රදායික භූමිභාග අතහැර කැලෑ ප්‍රදේශවලට පලා ගියහ. මෙහි සඳහන් වන්නේ එලෙස පලාගිය පිරිසක ගැන ය.

බෝදිලිමානය නවකතාව තුළ ඉතා පැහැදිලි වියමන් හතරක් තිබේ. ඒ, පහත සඳහන් ලෙස ය.

(I) සාංස්කෘතික වියමන

(II) ජීවිත වියමන

(III) දේශපාලන වියමන

(IV) භූගෝලීය හා පාරිසරික වියමන

සාංස්කෘතික වියමන යන්නෙන් අදහස් කරනුයේ වෙල්ලස්සේ ජනතාවට සම්බන්ධ සිරිත් - විරිත්, ඇදහීම්, විශ්වාස, උපායමාර්ග ආදියයි. නවකතාව ආරම්භ වන්නේ බෙරගල කන්ද හා ඒ ආශ්‍රිතව පවතින ගුප්ත ආරාමය පිළිබඳ විවරණයකින් ය. විදානේ මේ කන්ද හා ආරාමය සම්බන්ධයෙන් සිදු කරන සංවාද, පරිකල්පන හා ක්‍රියාකාරකම් අපට පැහැදිලි කරන්නේ ‍වෙල්ලස්සේ සාම්ප්‍රදායික මිනිසාගේ චින්තනය හා ආධ්‍යාත්මයයි. ඔව්හු මේ කන්ද සමඟ ද, ගුප්ත ආරාමය සමඟද ගනුදෙනු කරති. විදානේගේ ජීවිතය ඒ කන්ද හා ආරාමය යැයි කියන්නට පුළුවන.

“නැවත විදානේ ආරාමයට ළංවත්ම - ළංවත්ම ආරාමය තුළින් ඕංකාරය ඇසෙන්න විය. කනට මිහිරි සංගීත නාදයක් ඈතින් මතුවන්නට විය. විදානේ හිස බැඳි තලප්පාව ගැලවීය. පෙරසේම ඇතුළුවන තැනම දහස් ගණනක සෙනඟ බද්ධ පර්යංකයෙන් දෙනෙත් පියාගෙන භාවනාවක ය.”

(පිටුව < 57)

සංස්කෘතිය යනු මිනිසාගේ ජීවිතයම වන්නේ ය. ඒ ඒ ගෝත්‍ර, ඒ ඒ සමාජ සිය හුරු - පුරුදු සංස්කෘතියෙන් ගලවා ඉවත් කළ හැකි නොවේ. ඔහු පරිණාමයට පත් වන්නේ වුව, සංස්කෘතිය වෙනස් වන්නේ ඉතා හෙමින් ය. කතුවරයා මේ සත්‍යය අපට පහදා දෙයි.

මෙහි එන ජීවිත වියමන මිනිසා වටහා ගැනීම සඳහා උපයෝගී කරගත හැකි ය. මිනිසාගේ ස්වාභාවය, හැසිරීම, ක්‍රියාකාරකම් හා සිතුම්-පැතුම් අපූරු ලෙස කියන්නට කතුවරයා සමත්වී ඇත. මෙහි එන චරිතවල ලිංගිකත්වය ගත්කළ එය නිදහස් ය. පරිපූර්ණ ය. ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා කිහිපයකින් ඒ බව සනාථ වෙයි.

(I) ගෝබරී + පනික්කියා + විදානේ + කළුබණ්ඩේ අතර සම්බන්ධය‍

(II) යසෝමැණිකේ + හවඩියා + කන්දයියා අතර සම්බන්ධය

(III) කිරා + රතී + කන්දයියා අතර සම්බන්ධය

මෙහි එන කිසිදු චරිතයකට ලිංගිකත්වය රහසක් හෝ ගුප්ත දෙයක් හෝ වී නැත. එකිනෙකා සිය අවශ්‍යතා අනුව සිය ශරීර විවෘත කර ගනිති. ඔව්හු ලිංගිකත්වය ඉදිරිපිට කුහක නො වෙති. එහෙත් ඔවුන්ගේ මානුෂීය බැඳීම් බෙහෙවින් ගැඹුරු ය. විදානේ මිය පරලොව යන්නේ රතීනම් තරුණ ස්ත්‍රියගේ ඇ‍ඟේ එල්ලීගෙන ය. වයස්ගත විදානේ අවසන් මොහොතේ පවා තරුණියකගේ මෘදු ස්පර්ශය අපේක්ෂා කරයි. ඔහු ජීවමාන චරිතයකි. සක්‍රීය - පරිපූර්ණ මිනිසෙකි.

විදානේ හා ශ්‍රමණ තැනැත්තා අතරේ මතුවන සංවාදය ජීවිතය හා ආත්මය සම්බන්ධයෙන් එන ගැඹුරු විවරණයක් ලෙස සැලැකිය හැකි ය.

“හාමුදුරුවනේ මට නිවං යන්ඩ ඕනෑ!”

“නිවං කියල එකක් මං දන්නෙ නෑ විදානෙ”

“මට... මට... මට... නිවං...”

“මට මගේය කියල දෙයක් නෑ විදානෙ”

“එහෙනං මේ තියෙන්නේ...”

ඔව් තියෙනවා, පඨවි, ආපෝ, තේජෝ, වායෝ එච්චරයි.”

“ඇයි ‍ආත්මෙ?”

(පිටුව < 148/149)

ගුප්ත ආරාමය, මහාකන්ද, වනාන්තරය හා වන සතුන් සමඟ මෙහි එන චරිත ගෙනයන සම්බන්ධ‍ය සේ ම, ඔවුන්ගේ විශ්වාස ඇදහීම් ආදිය ද කියාපාන්නේ අපේ සාම්ප්‍රදායක මිනිසාගේ දිග - පළල යැයි සිතන්නට පුළුවන.

මෙහි එන දේශපාලන වියමන මෑත කාලීන සිංහල ස්වතන්ත්‍ර නවකතා කිහිපයක් ඔස්සේ ද, ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේ ද විවරණය විය. නවකතාකරුවා දේශපාලන සිද්ධි උපයෝගී කරගෙන ඇත්තේ අඩුවෙන් ය. කතාවේ මුඛ්‍ය අදහස වෙල්ලස්සේ පීඩිත ජීවිතවල ස්වභාවය නිරූපණය කිරීම මිස; දේශපාලන සංසිද්ධි නිරීක්ෂණය කිරීම නොවන බව පෙනෙයි. ඔහු සුද්දාගේ බලපෑම - පාලනය හා තවත් දේ උපයෝගී කර ගන්නේ කතා - විකාශයේ පාදමක් හැටියට ය. එහෙත් පීඩිතයා කෙරෙන් නැ‍ඟෙන යටත්විජිත විරෝධය එහි එන සංවාද ඔස්සේ උකහා ගත හැකි ය.

“ඔන්න දැං හුන්නස්ගිරියේ හිටං මයියංගනේට පාරක් හදනවයි කියන්නේ සුද්දා, ඕකුන් ඕවා කොරන්නේ මේකේ තියෙන එව්වා පටවාගෙන යන්ඩ”

(පිටුව < 46)

“පර සුද්දා යනකල් හිටියොත් අපට ඇඳි වස්ත්‍රයත් නැති වෙනවා. කැරැල්ල ගැහුවෙ අපිය කියලා සුද්දා අපෙන් පළිගන්නවා.”

(පිටුව < 61)

නයිජීරියාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ අප්‍රිකානු ගෝත්‍රික සමාජය යට‍ත්විජිතවාදයට එරෙහිව ගෙන ගිය අරගලය මනාව නිරූපණය කරයි. එය කුතුහලයෙන් යුතුව කියැවිය හැකි විවරණවලින් සමන්විත ය. ගාමිණී බස්නායකගේ ඉදිරිපත් කිරීම් ද ආකර්ෂණීය වෙයි.

මේ කතාවේ එන භූගෝලීය හා පාරිසරික වියමන අප කාගේත් සිත්ගනී. එය පාඨකයා මේ කෘතිය වෙත නැඹුරුකරන උපායමාර්ගයක් ලෙස ද පවතී. නවකතාව ආරම්භ වන්නේ ද එබඳු ආඛ්‍යානයකින් ය.

“බෙරගල මුදුනින් ගලන රත්පැහැ හිරු කිරණ කඳු පාමුල සීතලට කිටිකිටියේ ගැහෙන තුරු ගොමු අතරින් රූටා බිමට ඇදෙන්නේ ලේ මාපිලුන් රංචුවක් ගොදුරු සොයන්නට පිටත්වූ විලාසයෙනි.”

(පිටුව < 09)

මිනිසා හා ගහකොළ අතර පවත්නා සම්බන්ධය මානුෂික සබඳතා ලෙස ම සංකීර්ණ ය. කතුවරයා ඒ බව හොඳින් නිරීක්ෂණය කර ඇති බවක් පෙනෙයි.

කතාවේ එන සියලු චරිත නිදහස් ලෙස හැසිරෙයි. ඔවුන්ගේ දුක - වේදනාව - රාගය මෙන් ම දුර්වලතා ද නිරීක්ෂණයට ලක්වී ඇත. එකම හේන් යායක දුක - සැප බෙදාගන්නා අය අතරින් පවා කුලභේදය මතුවන බව කතාව අපට පැහැදිලි කරයි. සුදුබණ්ඩා වෙල්ලස්සේ මාමා සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය ඊට එක් නිදසුනකි.

“ගෝබරී මේ පොල්කට්ට වෙන්කරල තියපං උන්දැටම”

එහෙනං ඉතින් මටත් පොල්කට්ටක් වෙන් කොරන එකයි ඇත්තේ”

(පිටුව < 46)

උඩරට සමාජය තුළ අදටත් දකින්නට ලැබෙන දරුණු කුලවාදය කතුවරයා යම් පමණක හාස්‍යයකට ලක් කරයි. සුදුබණ්ඩේගේ බිරිය හා වෙල්ලස්සේ එක කුලයක ය. පොල්කට්ටේ කතාව ඒ බව සිහිපත් කරයි. වෙල්ලස්සේ සාම්ප්‍රදායක මිනිසා කුලයට පමණක් නොව ප්‍රදේශයට ද ඇද්දේ ය. ඔහු දකුණේ මිනිසා හැඳින්වූයේ “පාතයා” යන අවඥාසහගත යෙදුමෙන් ය.

කතාවේ සිද්ධි හා අවස්ථා නිරූපණය සඳහා ඉන්ද්‍රජාලික යාථාර්ථවාදයේ උපායමාර්ග භාවිත කර තිබේ. මේ ක්‍රමය අපට අලුත් දෙයක් නොවේ. අපේ මිථ්‍යා කථා, ගැමි කතා, ජාතක කතා ආදී වෘත්තාන්ත තුළ ද අඩු වැඩි වශයෙන් මේ ක්‍රමය තිබේ. ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ පුරෝගාමී ලේඛකයා ලෙස සලකන ගාර්ෂියා මාකේස් පවා තම කතා රටාව උකහා ගන්නේ ලතින් අමෙරිකාවේ භාවිත පුරාණ කතාවලින් ය. ඔහු ඒ බව සඳහන් කර ඇත.

ගාමිණී බස්නායක නම් තරුණ ලේඛකයා ඉන්ද්‍රජාලික යථාර්ථය අවබෝධයකින් ‍යුතුව භාවිත කරන බවක් පෙනෙන්නට නැත. කතාවේ විශ්වසනීයභාවයට, කථා විකාශයට හා අනුසන්ධානයට බාධා ඇති වන ලෙස ඔහු මේ ක්‍රමය යොදාගෙන තිබේ. ඇතැම් අවස්ථා නිරූපණයක් අති-නිරූපණයෙන් යුතුය. මේ ක්‍රමය භාවිත කළ යුත්තේ එහි සීමා-මායිම් දැන; සූක්ෂ්ම ලෙස ය. නූතන මෝස්තරයක් ලෙස එය අනවශ්‍ය ලෙස භාවිත කිරීම ප්‍රබන්ධ කථාවට බලවත් හානියකි.

කතුවරයා ප්‍ර‍ාදේශීය භාෂාව එහි කටවහර ආදිය කෙරෙහි උනන්දුවී ඇති බවක් පෙනුණ ද ආඛ්‍යානයේ දී සාම්ප්‍රදායික උක්ත-ආඛ්‍යාත සම්බන්ධය විකෘති කර ඇත්තේ අතිශය භයානක ලෙස ය.

“ආරාමයට ඇතුළුවුවත් පෙර සිට භාවනායෝගී පිරිස් එහි නොවීය.”

(පිටුව < 56)

“රජුට වැඳ වැටුණු එකෙකු කීය.”

(පිටුව < 57)

“හංසයින් ජලතලය කපා පීරාගෙන ඉහළ - පහළ පීනයි”

(පිටුව < 57)

“ඔවුන් දෙදෙනාම පැමිණ සිටියහ.”

(පිටුව < 96)

සාර්ථක සංස්කරණයක් නොවීම ද මීට එක් හේතුවකි. කෙසේ වුව ගාමිණී බස්නායක යනු බලාපොරොත්තු තැබිය හැකි තරුණ ලේඛකයෙකි.

සිකුරා මාරුවෙයි

$
0
0
අගෝ 8, 2018 01:00

2018.08.02 වෙනිදා සිකුරු කන්‍යා රාශියට මාරුවීමත් සමඟ නීච තත්ත්වයට පත්වේ. සිකුරු නීචවීම එතරම් සුබදායක තත්ත්වයක් නොවන අතර මෙම තත්ත්වය 2018.09.02 දක්වා පුරා මාසයක කාලයක් පවතී. විටෙක රටේ ජනගහනයෙන් විශාල පිරිසකට බලපෑමට ඉඩ ඇති වකවානුවකි. 27 වෙනි දින ඇතිවූ දීර්ඝ චන්ද්‍රග්‍රහණයද ආසන්නයේම මෙසේ සිකුරු නීචවීම නිසා දැඩි ආත්මශක්තියකින් කටයුතු කරන අයගේ පවා හිත් දුර්වල ස්වභාවයකට පත්වන ලකුණු යෙදේ. මේ නිසා වෙනස් නොවන තීරණ වෙනස් වන නිශ්චල සිත් චංචල කරවන කාලසීමාවක් ලැබීම නිසා බොහෝ දෙනෙක් ප්‍රවේශම් විය යුතුය.

මෙසේ සිකුරු නීච වීම නිසා ඉදිරි මාසය තුළ රටේ ප්‍රතිශතයක් ලෙසින් අපචාර වැඩිවීමක් දක්නට ලැබේ. ප්‍රේම සබඳතා ඇතිවීම නැතිවීම නිසා ආරවුල් මෙන්ම කලහකාරි සිදුවීම් සියදිවි නසාගැනීම් මිනීමැරුම් පවා ඇතිවීමේ ප්‍රවනතාවයක් පෙනෙන්නට තිබේ. මානසික බිඳවැටීම් නිසා බුද්ධිමතුන්ගෙන් පවා සමාජයට ඉටුවිය යුතු නියම සේවය නොලැබී යාමට ඉඩ ඇත.

ලග්න 12ට සිකුරු නීච වීම ගෙන බැලීමේදී මේෂ ලග්නයේ 06 වැන්නේ නීච වී තැන්පත් වෙයි. ඔබේ 02 හා 07 අධිපති වන සිකුරු 06හි නීච වීම නිසා එතරම් සුබදායක නැත. රහස් සතුරු කරදර ඇතිවන අතර සෙම් අමාරු පෙනහළු ආශ්‍රිත රෝගාබාධ, කාන්තා රෝග ආදිය උත්සන්නවීමට ඉඩ ඇත. මේෂ ලග්නයේ වයස්ගත කලාකරුවන්ට ද අසුබය. තරුණ තරුණියන් අතර අනවශ්‍ය සබඳතා ඇතිවේ.

වෘෂභ ලග්නයට සිකුරු 05හි පිහිටීම නිසා සිකුරු නීච වුවද ලග්නයට ත්‍රිකෝණ දෘෂ්ටි වැටීම නිසා තමා තරමක් අන් අයට වඩා කැපීපෙනීමක් ඇතිවේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග මෙන්ම විවාහක අයට අනියම් සබඳතා ද ඇතිවන කාලයකි. 08 සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකයද ඇති නිසා ඔබ ගන්නා තීරණ පිළිබඳ දෙවරක් සිතා කටයුතු කළ යුතුය.

මිථුන ලග්නයට 04හි නීච වන සිකුරු ද හිතට ආදරණීය සිතිවිලි වැඩිපුර ඇති කරන කාලයක් බව පෙන්වයි. මෙහිදී ඔබ හදවතට මුල්තැන දෙන නිසා රැවටීම්වලට ලක්විය හැකි බැවින් බුද්ධියට ද පළමු තැනදී කටයුතු කරන්න. ඔබේ ලග්නයට අනුව කුජ කේතු ද 08හි ගෝචරයෙන් ගමන්කර 07හි ශනිද 02හි රාහුද ගමන් කරන නිසා විවාහය පිළිබඳ බුද්ධිමත් තීරණ ගතයුතුය. නැතහොත් ඇතිවන අවුල් සහගත තත්ත්වය වසර කීපයකටම බලපානු ලබයි.

සිකුරු නීචය 03හි යෙදීම නිසා කටක ලග්න හිමියන්ට සිතුම් පැතුම්වල වෙනස්කම් ඇති වන්නට පිළිවන. විටෙක ප්‍රතිපත්ති පවා කඩා බිඳ දමන්නට සිදුවන අවස්ථා යෙදිය හැක. කලාත්මක අංශවල නිරත අයට තරමක සහනයක් ලැබේ. රාහු ග්‍රහයාද ඔළුවේ ගමන් කිරීම නිසා ඔළුව අවුල් ගති පෙන්වන අතර ක්ෂණික කෝපයක් ද ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කළයුතු අවදියකි.

සිංහ ලග්න හිමියන්ට 02හි නීච වන සිකුරුගෙන් ආදායමට මෙන්ම ශරීර සෞඛ්‍යයටද හානි සිදුවේ. මේ නිසා බොහෝ ප්‍රවේශම් වියයුතු මාසයකි. කතාව නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවේ. එනිසා කතා කරනවිට කියන දේ පිළිබඳව දෙවරක් සිතා කටයුතු කරන්න. සතුරු කරදර බහුල වන මාසයකි. තමාට හිතවත් අය හැරෙන්නට වෙනත් අය ආශ්‍රයට පවා යාමේදී ප්‍රවේශම් වන්න. තරග විභාග ජය ලැබීමට හැකිවේ.

කන්‍යා ලග්න හිමියන්ට සිකුරු තම ලග්නයේ ගමන් කිරීම නිසා හිතට අමුතු ආකාරයේ අදහස් ඇතිවේ. උපතින් සිකුරු නීච වුවත් තරමක් ප්‍රවේශම් විය යුතුය. ප්‍රේම සබඳතා නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවේ. විවාහ ජීවිත ගතකරන අයට නොසිතූ කරදර බාධක රැසකට මුහුණදීමට සිදුවේ. ඒ හැම දෙයක්ම බුද්ධියෙන් විමසා බලා ඉවසා වදාරා කටයුතු කළ යුතුය. සිතෙහි ඇතිවන සමහර පාලනයකර ගැනීමට නොහැකි ආවේග නිසාම ප්‍රචණ්ඩත්වයට පවා ඉඩහසර ලැබිය හැක.

තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ සිකුරු 12 වැන්නේ නීච වීම නිසා ඔබට මෙම මාසය ඇතුළත වියදම් පාර්ශ්වය අත්‍යාවශ්‍ය නොවන දේවල් සඳහා වැඩිපුර වියදම් වේ. මේ නිසා ඔබ පළමුවෙන්ම මුදල් කළමනාකරණය කර ගැනීම පිළිබඳ සැලසුමක් ඇති කරගතහොත් එයින් මිදීමට හැකියාව ලැබේ. එසේම අනියම් සබඳතා පිළිබඳ හිත යොමුවූ අය එවැනි කටයුතු නිසා දුරදිග ගිය ප්‍රශ්න ඇතිකර ගැනීමේ ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

සිකුරු 11 වැන්නේ නීච වුවද වෘශ්චික ලග්න හිමියන්ගෙන් තරමක් වාසියක් අනෙක් ලග්න හිමියන්ට වඩා ලැබෙන්නේ ඔබටය. 11හි වන සිකුරු ඔබට වෙනත් අයට වඩා මුදල් ලබාදීමට පෙළෙඹෙයි. මේ නිසා සිකුරු 11හි ගෝචරයෙන් ගමන් කරන මෙම කාලය ඔබට ඉතා යහපත් කාලයක් ආර්ථික අතින් ලැබෙයි. එමෙන්ම වෙනදාට වඩා යහළු මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට වැඩිපුර හැකිවන මාසයකි. නව ව්‍යාපාර ඇරඹීමට හැකියාව ලැබේ.

ධනු ලග්න හිමියන්ට සිකුරු 10 වැන්නේ නීච වීම නිසා ඔබේ හදවතේ 06 හා 11 අධිපති වන සිකුරු 10 නීච වීම නිසා ආර්ථීකයට ව්‍යාපාරවලට තරමක බාධක ඇතිවන මාසයකි. කුජ කේතු 02 ද නිසා ඔබ හැකි තරම් කතාබහේදී පවා ප්‍රවේශම් වෙමින් තම ආදායම් මාර්ගවල යෙදෙන්න. රාහු 08 නිසා සිකුරු නීචයද ඔබේ විවාහ ජීවිතයට තවත් බාධක ඇති කිරීමට සමත් විය හැක. මේ නිසා තම සහකරු සහකාරිය සමඟ ඉතාම ඉවසීමෙන් කටයුතු කළයුතු මාසයකි. ඔබේ ලග්නාධිපති 09 වැන්නේ ගමන් කිරීම නිසා ඔබට බාධක මැද හිස ඔසවා ගෙන සිටීමේ හැකියාව ඇතිවේ. ඉගෙනීමේ කටයුතු කරන අයට වරදක් නැත.

සිකුරු නීචය 09 වැන්නේ යෙදීම නිසා මකර ලග්න හිමියන් වන ඔබටද 05 හා 10 අධිපති 09 වීම එතරම් වරදක් නැත. ලග්නයේ උච්ච කුජද ගමන් කිරීම නිසා කෙසේ හෝ තමන් පහතට නොවැටී නැගී සිටීමට හැකි ශක්තියක් ධෛර්යයක් ලැබේ. තම රැකියා ව්‍යාපාරවල හා දරුවන්ගේ කටයුතුවලට ධනාත්මක වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබේ. ඉගෙන ගන්නා දරුවන්ට තම කටයුතුවලින් ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවෙයි. ව්‍යාපාර කටයුතු ඇරඹීමට යහපත් වෙයි.

සිකුරු නීචය 08 වැන්නේ යෙදීම කුම්භ ලග්න හිමියන්ට එතරම් යහපත් නොවනු ඇත. ඔබේ ලග්නයේ 04 හා 09 අධිපති වූ සිකුරු 08 හි නීචවීම නිසා ඔබ විවාහ ජීවිතයක් ගත කරන අයකු නම් ඔබට නොසිතූ කරදරවලට මුහුණපාන්නට සිදුවන මාසයකි. ඔබේ සහකරු සහකාරිය සම්බන්ධයෙන් හැරුණත් වැරදි දකින මාසයක් නිසා ඉතාම ඉවසීමෙන් කටයුතු කළයුතු මාසයකි. ඉවසීමෙන් කටයුතු කරන තරමට ඔබේ විවාහ ජීවිතය ආරක්ෂා වනු ඇත. සිතුම්පැතුම්වල පවා මුදු සිනිදු ගතිය නොව රළු පරළු ගති වැඩිවන මාසයක් නිසා අන් අය සමඟ හිත් අමනාපකම් ඇතිකර ගැනීමෙන් වළකින්න. ඉගෙන ගන්නා දරුවන්ට අධ්‍යාපනයට අයහපත් නැත.

මීන ලග්න හිමියන්ට සිකුරු නීචය 07හි යෙදීම නිසා 03 හා 08 අධිපති වූ සිකුරු 07හි යෙදීම නිසා ‍එයද ඔබට විවාහයට ඉතා අහිතකර තත්ත්වයක් යෙදී ඇත. මේ නිසා ඔබද විවාහ ජීවිතයේදී ඉතා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. තවද මෙම මාසය ඇතුළත ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන්නේ නම් එයින් ඔබට අවාසිසහගත දේ සිදුවිය හැකිය. එනිසා හැකි තරම් එම කටයුතුවලින් ඈත්ව සිටීම වඩාත් යහපත්ය.

ජ්‍යොතීෂ විද්‍යා දර්ශනපති
සුරංජා සරෝජිනී පතිරණ

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>