Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

මේ සතිය ඔබට කොහොමද?

$
0
0
අගෝ 8, 2018 01:00

අගෝස්තු මස 08 සිට අගෝස්තු මස 14 දක්වා කාලය

මේෂ 
වෘත්තීමය දුෂ්කරතා

අනිසි භාරකාරත්වයක් නිසා, වෘත්තීමය කරදර ඇතිවේ. ගෘහස්ථ සාමය නැතිවෙයි. පාසල් අධ්‍යාපනය විෂමකාරී ලෙස බලපායි. කාර්යාලයීය ලිපිගොනු ගොඩගැසේ. උසස් අධ්‍යාපනය දැඩි කැපවීමෙන් කිරීමට සිදුවේ. කලාවට හොඳ සතියක් නොවේ. පෙම්වතුන්ට බාධා අවහිරතා ඇතිවෙයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නට හිතකර සතියකි. උදරාබාධ ඉස්මතු විය හැක.

වෘෂභ
පියා සමඟ ගැටුම්

වාසස්ථාන වෙනස්වීම් ඇතිවිය හැක.අසල්වැසියන් හා ගැටුම් හටගනී. සම්බන්ධීකරණ කටයුතු අඩාල වේ. නිෂ්ප්‍රයෝජන කෙටි ගමන් යෙදේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට බාධා ඇතිවිය හැක. අපේක්ෂිත විදේශ ගමන් අඩාල වේ. ගුරුවරුන් සහ තම පියා සමඟ ගැටුම් ඇතිවිය හැක. සේවා ස්ථානයේ හිතකර වාතාවරණයක් ඇතිවෙයි. මුදල් භාරකාරත්වයක් ලැබිය හැක. පාසල් වෙනස් කිරීමේ කටයුතු සැලසෙයි. ආමාශ රෝගාබාධ, හදවත් රෝග ඉස්මතුවේ.

මිථුන
ව්‍යාපාරවලට සුබයි

ලැබිය යුතු ආදායම් ප්‍රමාදයට පත්විය හැකිය. පාසල් අධ්‍යාපනයට දැඩි බාධා ගෙනදේ. ගන්නා තීරණ වාසිදායක වේ. කොන්තරාත්, අඩමාන ව්‍යාපාර, ව්‍යාපාර ආදියට සුබ කාලයකි. ප්‍රතිවාදීන් හා ගැටුම් ඇතිවේ. පවුලේ සමාදානයට බාධා ගෙනදේ. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට තරමක අවාසි දායකය. ගුප්ත විද්‍යාව පුහුණු කිරීමට සුබ සතියකි. හදිසි අනතුරු ගැන සැලකිලිමත් වන්න. සෙම් රෝග ඇතිවිය හැක.

කටක
විදේශ ගමන් කල්යයි

සුබදායි සතියක් නොවේ. ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද අපලය. රෝහල් ගතවීමේ ප්‍රවනතාවක් ඇත. නිදන්ගත රෝගයක් ඉස්මතුවිය හැක. ණය වීමටද හේතුවේ. කලාවට අහිතකර කාලයකි. මඟුල් තුලා කටයුතු ද පසුබැමකට ලක්විය හැක. අධ්‍යාපනයට නරක නැත. අපේක්ෂිත විදේශ ගමන් කල් යැවේ. හවුල් ව්‍යාපාරිකයන්ට දැඩි බාධා ගෙනදේ. රුධිර දෝෂ අතිවිය හැක.

සිංහ
පසුබෑමකට ලක්වේ

වියදම අධික වේ. මුදල් හිඟවීම් ඇතිවේ. තම අපේක්ෂාවන්ඉටුකර ගැනීමට දැඩි උත්සාහයක් ගත යුතුවෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නැතිවිය හැක. රෝහල් ගතවීමකට භාජනය වේ. කෙටි ගමන් ද අවාසියට හේතු වෙයි. කලාවේ නිරතවූවන්ට සති අග වනවිට වාසිදායකය. උසස් අධ්‍යාපනයටද බාධා ගෙනදෙයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ටද යම් පසුබෑකට මුහුණදීමට සිදුවිය හැක. සෙම් රෝග ඇතිවේ.

කන්‍යා
අධ්‍යාපනයට හොඳයි

කාර්යාලයීය ලිපි ගොනු ගොඩ ගැසේ. මේ නිසා මානසික ආතතියද ඇතිවෙයි. අය විය යුතු මුදල් ප්‍රමාදයට ලක්වේ. පාසල් අධ්‍යාපන කටයුතු යම් පසුබෑමකට ලක්වේ. උසස් අධ්‍යාපනයට සුබ කාලයකි. මඟුල් තුලා කටයුතුවලට හිතකර සතියකි. කොන්තරාත්, ව්‍යාපාර හිරවීම්වලට භාජනය වේ. විවාහ මංගල යෝජනා ද අවසන් තීරණයකට පැමිණිය හැක. රුමෙටික් රෝග තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

තුලා
පෙම්වතුන්ට අසුබයි

යෙදූ ආයෝජනවල ප්‍රතිලාභ ලැබේ. ඉඩකඩම් විකිණීමේ නිරතවූවන්ට වාසිදායක කාලයකි. පාසල් අධ්‍යාපනයට අහිතකරය. උසස් අධ්‍යාපන කටයුතුද පසුබෑමකට ලක්විය හැක. පෙම්වතුන් රැවටීම්වලට භාජනය වේ. වෘත්තීය කටයුතුවලට බාධක, අභියෝග ඇතිවිය හැක. විදේශීය ගමන් ප්‍රමාද වේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට පාඩු ගෙන දෙන කාලයකි. රුධිර පීඩනය ඉස්මතුවිය හැක.

වෘශ්චික
වන්දනා ගමන් යෙදේ

වෘත්තීය කටයුතු සාර්ථකවේ. මේ සාර්ථකත්වය පරිපාලන අංශ සඳහා විශේෂිතය. පන්සල්වල පල්ලිවල දාන මාන කටයුතු සඳහා වියදම් කරයි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අමතර වියදමක් පෙන්වයි. දුර බැහැර ගමන් වන්දනා ගමන් යෙදේ. පාසල් අධ්‍යාපනයට එතරම් හිතකර නැත. උසස් අධ්‍යාපන කටයුතු දැඩි පීඩනයකට භාජනය වේ. ප්‍රතිවාදීන් හා ගැටුම් ඇතිවිය හැක. ලේ විෂවීම් ආදියට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

ධනු
අපවාදවලට ලක්වේ

මේ සති‍ය සුබඵලදායී බවක් පෙන්නුම් කරයි. මුදල් ආදායම් නිරවුල් වේ. අපේක්ෂා ඉටුකර ගැනීමට වාසනාව ද බලපායි. පාසල් අධ්‍යාපනයට සුබයි. උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි බාධා අවහිරතා බලපානු ලබයි. අපේක්ෂිත විදේශ ගමන් කල්යෑම්වලට භාවතිය විය හැක. පැවිදි පක්ෂයන්, දේශපාලඥයන්ගෙන් උදව් උපකාර ලබයි. වගකීම් වැඩිවේ. කලාවට එතරම් හිතකර තත්ත්වයක් නොවේ. පෙම්වතුන් අපවාදවලට ලක්විය හැක. සෙම් රෝග, උදර රෝග ඉස්මතුවේ.

මකර
ස්නායු ආබාධ

අපවාද ලබයි. විවේචනවලට ලක්වේ. මුදල් දුෂ්කරතා ඇතිවිය හැක. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. තම කාර්යාලයේ ලිපිගොනු ගොඩ ගැසේ. මේව අවසන් කර ගැනීමට නොහැකි බැවින් කාර්යාල වේලාවෙන් පසු රාජකාරි, කිරීමට සිදුවේ. මේ නිසා අතිකාල වාසියද ඇති විය හැක. ඉඩකඩම් ගැටලු නිසා ගැටුම් නිර්මාණය වේ. ආරවුල් ව්‍යාපාරවල නියුතු සගසන් හා මතභේද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ස්නායු ආබාධ ඇතිවේ.

කුම්භ
ආදායමේ ප්‍රගතියක්

ආයෝජන යෙදීමට පෙළඹේ. යොදා ඇති ආයෝජනවල ප්‍රතිලාභ ගෙනදේ. ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්වයි. මුදල් ලැබීමේ වාසනාව ඇත. රෝග නිසා රෝහල් ගතවීමක් සිදුවේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක කාලයකි. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. තම සේවා ස්ථානයේ අසහනකාරී තත්ත්වයක් ඇතිවෙයි. ගැටුම් ද හට ගැනේ. සෙම් රෝග ඇතිවිය හැක.

මීන
හිඟ මුදලක් ලැබේ

විශේෂයෙන්ම වෘත්තීය කටයුතුවලට හිතකරය. ලැබෙන්නට නියමිත හිඟමුදල්, පාරිතෝෂිත දීමනා ලැබිය හැක. ප්‍රභූන්, දේශපාලඥයන් සමඟ ගැටුම් ඇතිවේ. වෘත්තීමය උසස්වීම් වේතන වැඩිවීම් ආදියද ලැබේ. අපේක්ෂිත විදේශීය ගමන් යෙදේ. යෙදූ ආයෝජනවල ප්‍රතිලාභ ලැබෙන්නට නියමිතය. මඟුල් තුලා කටයුතුවලට එතරම් හිතකර සතියක් නොවේ. රුමෙටික් ආබාධ, සෙම් රෝග ආදිය ඉස්මතු වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න


මිථ්‍යාව

$
0
0
අගෝ 8, 2018 01:00

තමන් නො දන්නා දේ සහ තමන් පිළි නො ගන්නා‍ දේ මිථ්‍යාව යැයි බොහෝ දෙනා කියති. ඔවුහු විද්‍යාඥයෝ ලෙස පෙනී සිටිති. මිථ්‍යාවේ විරුද්ධ වචනය විද්‍යාව යැයි සිතන බව පෙනේ. එතැනම ඇත්තේ විශාල ගැටලුවකි. මිථ්‍යා දෘෂ්ටියේ විරුද්ධ වචනය සම්‍යක් දෘෂ්ටිය යි. විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව යි. ප්‍රාචීණ භාෂාවල විජ්ජා යනුවෙන් අදහස් කරන්නේ විද්‍යාව ය.එහෙත් පසු කලෙක බටහිර භෞතිකවාදය ඔළුවට ගත් අය විද්‍යාව ඔවුන්ට ම අයත්කර ගෙන ඊට අයත් නොවන සියල්ල මිථ්‍යාව ලෙස ඔවූහූ බැහැර කළෝ ය. පුදුමය කියන්නේ තමා පෙනී සිටින "විද්‍යාවේ"භාෂා නිරුක්තියවත් නොදැන අනෙක් දැනුම් පද්ධතීන්ට මිථ්‍යාව ලෙස ගැරහීම ය.

ඔවුන්ට අනුව ජ්‍යොතිෂය මිථ්‍යාවකි. වාස්තු ශිල්පය ද මිථ්‍යාවකි. ඔවුන් පිළිගන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය යන පසිඳුරන්ට පමණක් ගෝචරවන දේ පමණි. මේ යාන්ත්‍රික භෞතිකවාදී විශ්වාසය බිඳ වැ‍ටී දැන් සියවස් තුනක් පමණ ගත වී ඇත. එහෙත් ඒ බව නො දන්නා නිසාදෝ ඇතැම්හූ තමන් නො දන්නා සියල්ල ද බොරු යැයි විශ්වාස කරති. නියම මිථ්‍යා දෘෂ්ටිය නම් මෙයයි. ලෝකය ඇති සැටියෙන් දැකීම සම්‍යක් දෘෂ්ටිය යි. එසේ නො දැකීම මිථ්‍යා දෘෂ්ටිය යි. අන් අයට මිථ්‍යාව වපුරන්නෝ යැයි චෝදනා නගන මේ උදවිය තමන් මිථ්‍යා දෘෂ්ටියේ කර වටක් කිඳා බැස සිටින බව නොදකී.

ජ්‍යොතිෂය වුවමනා නම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් බවට පෙරළා ගත හැක. වුවමනා නම් එය අධ්‍යාත්මික භාවිතයක් බවටත් වර්ධනයකර ගත හැක . එසේ කළ හැකි වන්නේ තම තම නැණ පමණින්ය.විද්‍යාව යනු බටහිර දැනුම් පද්ධතියට පමණක් සීමා වූ යෙදුමක් ලෙස භාවිතය‍ට ගැනීම ම අවිද්‍යාවකි.අවිද්‍යාව ඉතා සරලව සමාන කළ හැක්කේ අන්ධ භාවයට ය.ලෝකයේ යථාව ඇත්ත ඇති සැටියෙන් නොදැකීම එම පුද්ගලයා‍ගේ ප්‍රශ්නයක් මිස ලෝකයේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොවේ.

විදුලි බලය පියවි ඇසි‍න් දුටු කිසිවෙක් තවම අපට හමු වී නැත.සිහින් කම්බියක් ඔස‍සේ ගලා යන විදුලි දහරාව පියවි ඇසින් දකින්නට නො ලැබේ.එහෙත්අපට එහි ඵලය පමණක් දක්නට ලැබේ. දැල්වෙන විදුලි බල්බය කරකැවෙන විදුලි පංකාව විදුලිය ඇති බවට සංඥාවකි.ජ්‍යොතිෂය ද එබඳුම විදුලි බලයකි.ප්‍රතිඵලය මිස එය ක්‍රියාකාරී වන ආකාරය නො පෙනේ.යට කී විද්‍යාඥයන් ලෙස කල්පනා කරන්නේ නම් ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රියාකරන ආකාරය නො පෙනෙන නිසා එය මිථ්‍යාවකි.තඹ කම්බියක් මිස ඒ ඔස්සේ විදුලිය ගමන් කරන ආකාරය නො පෙනේ.එසේ නම් අර විද්‍යාඥ තර්කය අනුව විදුලිය ද නො පවතී.හැබැයි මෝඩකමටවත් එම කම්බිය ස්පර්ෂ කළ හොත් තරු විසි වෙන පාඩමක් ඉගෙන ගන්නට ලැබෙනු ඇත.ජ්‍යොතිෂය ද එසේමය.බොරු පණ්ඩිතකම් පා එවැනි දෙයක් මිහිපිට නැතැයි සිතා කටයුතු කරන පුද්ගලයන්ට සිදුවන්නේ ද අත පුච්චා ගැනීමට ය.හැබැයි සැබවින් ම විද්‍යා ඥානයෙන් පොහොසත් ප්‍රාමාණික උගතුන් තමා නොදන්නා විෂයයන් සම්බන්ධයෙන් කතා කරන්නට නොයයි.

රන්දුනු බණ්ඩාර

ජ.වි.පෙ දිය සුළියට ඇතුළු වේ

$
0
0
අගෝ 8, 2018 01:00

මඟ හැරුණු මිනිසා 48

මේ මැතිවරණයෙදිත් ඊට පසුව පවත්වපු මැතිවරණවලදිත් එදා නොදැක්ක අද දකින ලොකුම අඩුපාඩුව ලෙස මම දකින්නෙ ඒ වෙන කොටත් සෑහෙන සහෝදරියන් ප්‍රමාණයක් පක්ෂය සමඟ සිටියත් ඒ අය මැතිවරණය සඳහා ඉදිරිපත් නොකිරීම. 1990න් පසුව පැවැති මැතිවරණවලදිත් සහෝදරියන් ඉතාමත් ටික දෙනෙක් තමයි තරග කරන්නට ඉදිරිපත් කරල තිබුණෙ. එපමණක් නොවෙයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ සහෝදරියන් හිටියෙත් නැහැ.

ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුරකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙත එල්ල කරන ලද හිරිහැර තිබියදීත් එය ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රධාන ධාරාවට; බෝපගේ පවසන අන්දමට දේශපාලන ‘දිය සුළියට’ ඇතුළු වූයේය. 1977 මහ මැතිවරණයේ දී ද, 1978 කොළඹ නගර සභා මැතිවරණයේ දී ද මැතිවරණ කොමසාරිස්වරයා ජ.වි.පෙ.ට එහි නමින් තරග කරන්නට ඉඩ ලබා දීම ප්‍රතික්ෂේප කළේය.එහෙත් උපතිස්ස ගමනායකගේ නායකත්වයෙන් කොළඹ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. ඉන් පසු 1979 අග ගාල්ල ආසනයට ලයනල් බෝපගේද, 1980 මැද ආනමඩුව ආසනයට උපතිස්ස ගමනායක ද ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරග කළහ. 1981 ජූනි මස පවත්වන ලද දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට තරග ජ.වි.පෙ. ලෙස තරග කරන්නට මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් ඔවුනට අවසර ලැබුණි.

“දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීමේ අරමුණ වූයේ රජයේ පරිපාලනය විමධ්‍යගත කිරීමයි. සමානුපාතික ඡන්ද ක්‍රමය පළමු වරට හඳුන්වා දුන්නේ මේ මැතිවරණයෙදීයි. නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂ වගේම ජනතා විමුක්ති පෙරමුණත් මෙයට විරුද්ධ වුණා. ශ්‍රි ලංකා, කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂ එම සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කළා. රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වුණත් මැතිවරණ ජනතාව අතරට යන්නට හොඳ අවස්ථාවක් ලබා දෙන නිසා හැකි අයුරින් ඒවාට තරග කරන්නට අපි තීරණය කළා. අපි දිස්ත්‍රික්ක අටකට තරග කළා. ඡන්ද තුන් ලක්ෂ විසි පන් දාහක් පමණ අපට ලැබුණා. සංවර්ධන සභා මන්ත්‍රීවරු 13 දෙනෙක් තේරුණා. කොළඹට උපතිස්ස ගමනායක, මහින්ද පතිරණ, ශාන්ත බණ්ඩාර සහ වින්සන්ට් සමරසේකර, ගම්පහට වාස් තිලකරත්න, නිට්ටඹුවේ ජයසිංහ සහ ගුණරත්න වනසිංහ, ගාල්ලට මම සහ ධර්මදාස ජයසිංහ, බදුල්ලට වික්‍රමපාල හේරත් සහ යසපාල, හම්බන්තොටට පියසේන රාමනායක, අනුරාධපුරේට සිසිර රන්දෙණිය යන සහෝදරවරු තේරී පත් වුණා. ගාලූ දිස්ත්‍රික්කයේ අපි ඡන්ද 44, 142 ක් ලබා ගත්තා. තේරී පත් වූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් වූ මට දිස්ත්‍රික් සංවර්ධන සභාවේ විපක්ෂ නායකයා වීමට වුණා.”

“මේ මැතිවරණයෙදිත් ඊට පසුව පවත්වපු මැතිවරණවලදිත් එදා නො දැක්ක අද දකින ලොකුම අඩුපාඩුව ලෙස මම දකින්නෙ ඒ වෙන කොටත් සෑහෙන සහෝදරියන් ප්‍රමාණයක් පක්ෂය සමඟ සිටියත් ඒ අය මැතිවරණය සඳහා ඉදිරිපත් නොකිරීම. 1990න් පසුව පැවැති මැතිවරණවලදිත් සහෝදරියන් ඉතාමත් ටික දෙනෙක් තමයි තරග කරන්නට ඉදිරිපත් කරල තිබුණෙ. එපමණක් නොවෙයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ සහෝදරියන් හිටියෙ නැහැ. 1990න් පසුත් මේ තත්ත්වය බොහෝ දුරට පැවතෙන බව පේනවා. එක්කෝ මේක පුරුෂ ආධිපත්‍යය නියෝජනය කරන සංවිධාන රටාවේ වැරැද්දක්. නැත්නම් මේ සඳහා සුදුසු ආකාරයේ සහෝදරියන් ගොඩ නඟා ගන්න පක්ෂයට හැකි වෙලා නැහැ.”

“සංවර්ධන සභා මැතිවරණයෙන් තේරී පත් වූ සහෝදරවරුන් ඉතිරි කර ගිය යහපත් ආදර්ශ කිහිපයක් තියෙනවා. එකක් තමයි සංවර්ධන සභා මන්ත්‍රීවරු සියලු දෙනාගේම මාසික දීමනාව පක්ෂයේ අරමුදලට කෙළින්ම ලබා දීම. මම දන්නා විදිහට අදත් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඒ දේ කරනවා. ඒ අතරෙම මතක් කරන්නට ඕන එදා තිබිච්ච එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සංවර්ධන සභා මන්ත්‍රීවරුන්ට දුරකතන පහසුකම් ඇතුළු වෙනත් පහසුකම් ලබා නොදීම. 1983 ජූලියේ දී මාව තවත් විසි දෙනකු පමණ සමඟ රඳවා ගෙන ඉඳල නිදහස් කළාට පස්සෙ 1984 පෙබරවාරි මස මම ජනතා විමුක්ති පෙරමුණේ සියලු වගකීම්වලින් ඉවත් වෙන විට සංවර්ධන සභාවෙන් ද ඉල්ලා අස් වුණා. ඒ සඳහා පක්ෂය පැත්තෙන් කිසිම බලපෑමක් සිදු වුණේ නැහැ. නමුත් මම තේරී පත් වී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නමින්. ඒ අනුව මගේ හදවතට එකඟ නැතිව තවදුරටත් එහි රැඳී සිටින්න මට අවශ්‍ය වුණේ නැහැ. ඉන් අනතුරුව මා වෙනුවට වෙනත් සහෝදරයෙක් සංවර්ධන සභාවට පත් කර තිබුණා. නොයෙක් හේතූන් උඩ සංවර්ධන සභාවලින් ඉවත් වෙන්නට සිදු වූ අය වෙනුවට විටින් විට බොරලැස්ගමුවේ පියසෝම මල්ලිකාරච්චි, තොටළඟ ගාමිණී ජයලත්, බුද්ධදාස විතානාරච්චි වැනි සහෝදරවරුන් පිරිසක් පත් කළ බව මට මතකයි.

“ගාල්ල සංවර්ධන සභාවෙ මම හිටි දිනවල අත්දැකීම් හැටියට අමතක නොවන කරුණු කිහිපයක් තිබෙනවා. අපි හැර සංවර්ධන සභාවලට තේරුණු අනෙක් පක්ෂවල අය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැ‍ඟීම තම භූමිකාව ලෙස සැලකූ බැවින් සභාව තුළ දේශපාලන ප්‍රශ්න සාකච්ඡාවට ගන්න දුන්නේ නැහැ.

“1980 ජුලි වැඩ වර්ජනය පොඩි පට්ටම් කර දැම්මට පස්සෙ 1981 කාලෙ අධ්‍යාපන ඇමතිව සිටි, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමයි අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කළේ. ජේ ආර් ජයවර්ධන මහතා කිව්වා මේ ධවල පත්‍රිකාවේ අදහස කෙසේ හෝ ක්‍රියාත්මක කරන බව. අනිවාර්ය අධ්‍යාපනය 9 සිට 8 වන ශ්‍රේණිය දක්වා පහත හෙළන්නත්, සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂයයන් විෂය මාලාවෙන් ඉවත් කරන්නත්, රජයේ අධ්‍යාපන වියදම් අඩු කරන්නත්, පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නත්, මුදල් අය කරන පුද්ගලික පාසල් පටන් ගන්නත්, සරසවි ප්‍රවේශ විභාගයට ඉංග්‍රීසි අනිවාර්ය කරන්නත් අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් යෝජනා කරල තිබුණා.

“ඒ වුණාට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධව තිබුණ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉතාමත් ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් රට පුරාම දියත් කරමින් හිටියා.මම මේ ධවල පත්‍රිකාවට විරුද්ධව සංවර්ධන සභාවෙ කතා කරන්න න්‍යාය පත්‍රයට අඩංගු කරල තිබුණා. සංවර්ධන සභාවෙ සභාපති, පුවත්පත් වාර්තා කරුවන් මගේ කතාවට සවන් දීම වළක්වන්න ඔවුන්ට කලින්ම එන්න කියල කතා කරන ඒ අය සභාවෙ කටයුතු පටන් ගන්න කලින්ම ආපහු යවල තිබුණා. මගේ කතාව කර ගෙන යන විට ඊට බාධා කරල වෙන මාතෘකාවක් සාකච්ඡාවට ගත්තම මමත්, ධර්මදාස ජයසිංහ සහෝදරයාත් විරෝධය දක්වලා රැස්වීමෙන් පිට වුණා. ඊ ළඟ මාසෙ රැස්වීම පටන් ගන්න ඉස්සර වෙලා, යම් විෂයයක් ගැන තමාට කතා කරන්නට බැරි නිසා ඒ ගැන කතා කරන්න කියල ගාල්ලෙ මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා මට කථා කරලා කිව්වා. මට තේරුණා මේක දිරච්ච ලණුවක් බව. ඒ ගැන කිසිවක් කථා නොකර ඉන්න, ජයසිංහ සහෝදරයත් එක්ක කතා කරල අපි දෙන්නම එකඟ වුනා.

“ගාල්ල සංවර්ධන සභාවට තරග කරන කොට අපට ආධාර කරන්නට පිටින් ගිය පක්ෂයේ බොහෝ දෙනෙක් නතර වෙලා හිටියෙ ගාල්ලෙ කලේගානෙ එම්. එල්. මහින්දසිරි කියන සහෝදරයාගේ ගෙදර. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළ ඒ සහෝදරයාත්, අර මරදානෙ සිරිපාල සහෝදරයා වගේ එක කාමරයක සිය බිරිඳත් දරු දෙදෙනාත් ජීවත් වෙන අතරෙ ගෙයි ඉතුරු හරිය පක්ෂයේ අයට පාවිච්චි කරන්නට දී තිබුණා. ගාල්ලෙ අතුරු මැතිවරණයට තරග කරන කොට බැංකු සේවකයකු ලෙස වැඩ කළ දෙවටෙ සහෝදරයෙකුගේ නිවසත් මේ වගේම පක්ෂයට ප්‍රයෝජනයට දීලා තිබුණා. මහින්ද සහෝදරයාත් ඒ වගේම රත්ගම හේමචන්ද්‍ර හබරාදුව නලීන් වැනි සහෝදරවරු 1988-89 කාලයේ රජයේ හමුදා විසින් අතුරුදහන් කර ඇති බව දැන ගන්නට ලැබුණා. ඒ වගේම රත්ගම ප්‍රනාන්දු වෛද්‍යවරයා ගාල්ල සංවර්ධන සභා මැතිවරණයේ දී ඉතා කැපවී වැඩ කරපු සහෝදරයෙක්. මා මෙන්ම ප්‍රධාන වශයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇතිවූ ගැට‍ළු මත ඒ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වුණා. පසුව ඔහු නව සමසමාජ පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු කළා. වවුනියාවේ දිසා රෝහලේ දී ඔහු මට අවසාන වරට හමු වුණේ. 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රනාන්දු සහෝදරයා ඝාතනයට ලක් කොට තිබුණා.”

“1982 පාර්ලිමේන්තුවට අධ්‍යාපන ධවල පත්‍රිකා පනත ගෙන එන කොට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව වටලලා උද්ඝෝෂණය කළා. සිසු උද්ඝෝෂණයට පොලිසිය ලවා අමානුෂික ලෙස පහර දුන්නා. නමුත් ආණ්ඩුවට පනත අකුල ගන්න සිද්ධ වුණා. 1981 පළමු වටයෙන් පස්සෙ ඡන්ද විමසීම් නොතියාම ආණ්ඩුව දිස්ත්‍රික් සංවර්ධන සභා අහෝසි කර දැම්මා.”

සිසිර යාපා

හෙට - යාපනයේ දී රෝහණ විජේවීරට ගල් ප්‍රහාරයක්...

විදුලි අනතුරු වළකමු: ජීවිත සුරකිමු: සහතික ලත් විදුලි කාර්මික සේවාවෙන් ඔබට අත්වන වාසි

$
0
0
අගෝ 8, 2018 01:00
සිතාරා සේනානි
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ-ඉංජිනේරු නිලන්ත සපුමානගේ

විදුලි මරණවලට ප්‍රධාන කරුණු 13ක් හේතු වන බව සොයා ගෙන තිබෙනවා එයින් 5ක් හෝ 6ක් නැති කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වුණොත් මරණවලින් 70%ක් පමණ අඩු කරගත හැකියි

ශ්‍රී ලංකාවේ විදුලිය නියාමනය කරන ආයතනය වන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි. මෙරට විදුලිබල කර්මාන්තයේ විවිධ අංශ නියාමනය කිරීම සඳහා එම කොමිසම වෙත වගකීම් පැවරී තිබෙන අතර, විදුලියෙන් ජනතාවට සිදුවන අනතුරු අවම කිරීමට පියවර ගනිමින් ඔවුන්ට ආරක්ෂාව සැපයීම එම අංශවලින් එකක් වේ. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසන් සභාව ගනු ලබන පියවර රැසකි. විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම, විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනිවලට (සොකට්) ජාතික ප්‍රමිතියක් හඳුන්වා දීම, නිවෙසකට විදුලිය ලබා ගත යුතු අවම පරතරය හඳුන්වා දීම සඳහා එම ආයතනය මේ වනවිට කටයුතු සිදුකරමින් සිටී.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත සපුමානගේ මහතා සමඟ දිනමිණ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසේ.

ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා භාවිත කිරීම නමැති අංශ හ‍තරේ දී මිනිසුන්ගේ සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීම ශ්‍රී ලංකා මහජන උපයේගිතා කොමිසන් සභාවේ පරීක්ෂණ අංශය වෙත පැවරී තිබෙනවා. විදුලිය ජනනය කිරීම, සම්ප්‍රේෂණය සහ විදුලිය බෙදා හැරීම සිදුකරන්නේ පුහුණු ඉංජිනේරුවන් සහ පුහුණු කාර්මික ශිල්පීන් විසිනුයි. එහෙත් මේ අංශ හතරෙන් වැඩියෙන්ම ජීවිත තර්ජන ඇතිව තිබෙන අංශය වන්නේ විදුලිය භාවිතාවයි.

මේ අතර රටේ ජනගහනයෙන් 100%කට විදුලිය ලබා දීමට රජය බලාපොරොත්තු වෙනවා. ජනගහනයෙන් 98%කට මේ වනවිට විදුලිය ලබා දී තිබෙනවා. මේ නිසා අද වනවිට විදුලිය අප සියලු දෙනාටම නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම විදුලිය ගැන දන්නා හා නොදන්නා සියලුදෙනාම වයස් භේදයකින් තොරව මේ වනවිට විදුලිය භාවිත කරනවා. ඒ නිසාම අනතුරු සිදුවීමට ඇති හැකියාවත් වැඩිවී තිබෙනවා. විදුලිය භාවිත කිරීමේ දී කෙනකු අතින් සුළු හෝ අත්වැරැද්දක් සිදුවුවහොත් බොහෝ විට එය කෙළවර වන්නේ මරණයෙන්. විදුලිය ඇසට නොපෙනෙන නිසාත්, ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කළ හැකි නිසාත් එමඟින් සිදුවන අත්වැරැද්ද නිවැරැදි කර ගැනීමට පවා කාලය ඉතිරි නොවෙන්න පුළුවන්. මෙතැන දී මහජන උපයෝගිතා කොමිසන් සභාවට බලය පැවරෙන්නේ ජනතාවට විදුලියෙන් සිදුවන අනතුරු වළක්වා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහායි. 2009 දී අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු මේ ආයතනය 2011 වසරේ සිට මේ සඳහා කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව, විදුලි අනතුරු අවම කිරීමේ වැඩපිළිවෙළ ගණනාවක් මේ වනවිට මේ ආයතනය ආරම්භ කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ සිදුවන විදුලි මරණවලට ප්‍රධාන කරුණු 13ක් හේතු වන බව සොයා ගෙන තිබෙනවා. එයින් 5ක් හෝ 6ක් නැති කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වුණොත් මරණවලින් 70%ක් පමණ අඩු කර ගන්න අපට පුළුවන්. විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ලබා දීම, විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනිවලට (සොකට්) ජාතික ප්‍රමිතියක් හඳුන්වා දීම, නිවෙසකට විදුලිය ලබා ගත යුතු අවම පරතරය හඳුන්වා දීම ආදිය අප ආයතනය මඟින් සිදුකරන්නේ ඒ සඳහායි.

දියුණු රටවල නිශ්චිත කාලසීමාවකට වරක් සෑම නිවෙසකම විදුලිය පරීක්ෂා කරනවා. නමුත් අපේ රටේ එය සිදුවන්නේ නෑ. ඒ නිසා ට්‍රිප් ස්විච් එක කැඩිල ද, එයින් ආරක්ෂාවක් ලැබෙනවා ද, අර්ත් එකක් තිබෙනවා ද ආදී කිසිවක් ගැන සොයා බැලෙන්නේ නෑ. මේ නිසා නිවෙසක විදුලි අනතුරක් සිදුවුණොත් ඒක වුණේ කොහොමද කියලා අපි දන්නේ නෑ. සමහරවිට ගෙදරක හෝ ආයතනයක හැම තැනම වයර් තිබෙන්න පුළුවන්. කැඩුණු සොකට් තිබෙන්න පුළුවන්. ඒවායේ අත වැදුණොත් කරන්ට් වැදෙනවා. මේ නිසා විදුලි අනතුරු සිදුනොවන අයුරින් පරිසරය අවට ආරක්ෂාව පවත්වා ගත යුතුයි. එයින් විදුලි අනතුරු මරණ සංඛ්‍යාව අවම කර ගත හැකියි. මහජන උපයෝගිතා කොමිසන් සභාව මේ වනවිට කරගෙන යන්නේ එම වැඩපිළිවෙළයි.

නිවෙසේ ට්‍රිප් ස්විච් එකක් නැතිනම් පැන්නුම් ස්විචයක් සවිකිරීමෙන් අපේ රටේ විදුලි මරණවලින් 54%ක් වළක්වා ගන්න පුළුවන්. නිවාස, කාර්යාල මෙන්ම ඕනෑම ආකාරයක ගොඩනැඟිල්ලක විදුලි අනතුරුවලින් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්න තිබෙන එකම උපකරණය වන්නේ මේ ට්‍රිප් ස්විචය නැතහොත් පැන්නුම් ස්විචයයි.

නිවාස සඳහා භාවිත වන පැන්නුම් ස්විචවලට අමතරව, කාර්මික අවශ්‍යතා සඳහා නිපදවා ඇති ඒවාත් තිබෙනවා. නිරෝගී පුද්ගලයකු මරණයට පත් කිරීමට මිලි ඇම්පියර් 30ක විදුලි ධාරාවක් ප්‍රමණවත්. ඒ නිසා නිවාසවල තිබිය යුත්තේ මිලි ඇම්පියර් 30ක සංවේදීතාවක් සහිත පැන්නුම් ස්විචයක්. අවාසනාවකට වගේ ඇතැම් නිවාසවල සවි කර තිබෙන්නේ කර්මාන්ත ශාලාවල භාවිත කෙරෙන මිලි ඇම්පියර් 100, 300, 500 පැන්නුම් ස්විච. මේ වගේ අවස්ථාවක විදුලි කාන්දුවක් ඇති වුණොත් ජීවිත පවා නැති වෙනවා.

සෑම නිවෙසකම පැන්නුම් ස්විච තිබෙනවා ද, එසේ නැතිනම් එයට හේතුව කුමක්ද කියා සොයා බැලීමට නිවාස මහජන උපයෝගිතා කොමිසන් සභාව රට පුරා විශ්ලේෂණයක් කළා. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බල ප්‍රදේශ 5ක් සහ ලෙකෝ ආයතනයට අයත් බල ප්‍රදේශ 3ක් මේ සඳහා යොදා ගත්තා. ඇතැම් ප්‍රදේශවල නිවාසවලින් 80%ක පැන්නුම් ස්විච නැති බව හෙළි වුණා. ඒ වගේම මේ තත්ත්වය 70%, 90% බවට පත්ව තිබූ ප්‍රදේශත් අපට හමුවුණා. ලැබී තිබූ දත්ත අනුව පොදුවේ නිවාසවලින් 50%ක පැන්නුම් ස්විච නොමැති බව මෙහි දී අනාවරණය වුණා.

සාමාන්‍යයෙන් මාසයකට විදුලිය ඒකක 180ක් පමණ පරිභෝජනය කරන, රුපියල් හයදහසක පමණ බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවන නිවාසවලින් 52%ක පැන්නුම් ස්විච නොතිබුණ නිසා එයට හේතුව මුදල් නොමැතිකම නොවන බව සොයා ගත්තා. ඒ වගේම එයට හේතුව විදුලි කාර්මිකයාගේ අඩුපාඩුවක් බවත් අපි තේරුම් ගත්තා. ඒ වගේම, මිලි ඇම්පියර් 30 පැන්නුම් ස්විච වෙනුවට මිලි ඇම්පියර් 100 ආදී වූ නොගැළපෙන පැන්නුම් ස්විච සවි කිරීමට හේතුවත් විදුලි කාර්මිකයන්ගේ දැනුමේ අඩුපාඩුවක් බව ද හෙළි වුණා.

සමහර තැන්වල නීති විරෝධී අයුරින් නිවෙසේ සිට වෙනත් ස්ථාවලට විදුලිය ඇද ඇති බව පෙනී ගියා. නිවෙසට යාබදව පිහිටි මුළුතැන්ගෙය, කුකුළු කොටු ආදිය සඳහා මේ අයුරින් නීති විරෝධී අයුරින් රැහැන් ඇද විදුලිය ලබා දී තිබෙන්නේ විදුලි කාර්මිකයන් විසිනුයි. මේවා නිසා විදුලි කාන්දුවීම් සිදුවී මරණ පවා සිදුවෙන්න පුළුවන්. විදුලි කාර්මිකයන්ට තමන් කරන රැකියාව පිළිබඳ හරි අවබෝධයක් නැති බව අපිට මෙයින් හඳුනාගන්න පුළුවන් වුණා. මේ නිසා මහජන උපයෝගිතා කොමිසන් සභාව තීරණය කළා ශ්‍රී ලංකාවේ විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ලබා දෙන්න. ඒ අනුව ඉදිරියේ දී මේ බලපත්‍රය නැති කිසිවකුට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා කරන්න බැහැ. මේ බලපත්‍ර ක්‍රමය අපි හඳුන්වා දෙන්නේ විදුලියෙන් ජනතාවට සිදුවන අනතුරු වළක්වා ගැනීමේ පියවරක් ලෙසයි.

බලපත්‍ර සහිත විදුලි කාර්මිකයන් සිටින රටවල විදුලි මරණ අපේ රටට වඩා අඩුයි. ඒ රටවල විදුලි මරණයක් සිදුවීමේ සම්භාවිතය දස ලක්ෂයකින් එකයි. ඕස්ට්‍රේලියාවේ දශම 6යි. විදුලි අනතුරුවලින් අපේ රටේ 2012 දී 180ක්, 2013 දී 76ක්, 2014 දී 74ක්, 2015 දී 95ක්, 2016 දී 98ක් සහ 2017 දී 106ක් මිය ගොස් ඇති බව පොලිස් තොරතුරුවලින් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20යි. 2012 වසරේ තත්ත්වය ගත්තොත් එම වසරේ 180ක් විදුලි අනතුරුවලින් මිය යාමෙන් පෙනී යන්නේ ලෝකයේ බලපත්‍ර සහිත විදුලි කාර්මිකයන් සිටින රටවල විදුලි මරණ සිදුවීමේ සම්භාවිතාවට වඩා 9 ගුණයක් වැඩියෙන් අපේ රටේ විදුලි මරණ සිදුවන බවයි. මේ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට නම් විදුලි මරණවලට හේතුවන ප්‍රධාන කරුණු 13 අවම කර ගැනීමට හෝ නැති කර දැමීමට කටයුතු කළ යුතුයි. දැන් අපි කටයුතු කරන්නේ ඒ වැඩපිළිවෙළ තුළයි. මේ සඳහා අපි ඉදිරියේ දී බලපත්‍රලාභී විදුලි කාර්මිකයන් බිහි කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

පිටරටක රෝහලක් නම් එහි විදුලිය අවුරුද්දකට වරක් පරීක්ෂා කර විදුලි අනතුරු නොමැති බවට සහතිකයක් ලබා ගත යුතුයි. සෑම නිවෙසක්ම වසර 5කට වරක් පරීක්ෂා කර එම සහතිකය ලබා ගත යුතුයි. කුලියට දෙන නිවෙසක් නම් කුලිය අලුත් කෙරෙන වාරයක් පාසා පරීක්ෂා කර සහතිකයක් ලබා ගත යුතුයි. ඒ වගේම, ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමකින් යුත් ස්ථාන, දුම්රියපොළ, බස් නැවතුම්පොළ වැනි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන මේ ආකාරයට වසරකට වරක් පරීක්ෂා කර සහතිකයක් ලබා ගත යුතු වුවත්, ඒ දේවල් නිසි පරිදි සිදුවන්නේ නෑ. විදුලිබල මණ්ඩලය හෝ ලෙකෝ ආයතනය අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා දෙන සෑම වතාවකදීම අනිවාර්යයෙන්ම ඒ සඳහා වරලත් ඉංජිනේරුවරයකුගේ සහතිකය ලබා ගත යුතුයි. එහෙත් අපේ රටේ එවැනි වරලත් ඉංජිනේරුවරුන් සිටින්නේ ටික දෙනෙක් නිසාත්, රට පුරා මෙවැනි කටයුතුවලට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන නිසාත් සෑම නිවෙසක්ම ඒ අය ලවාම පරීක්ෂා කරවා ගැනීම ප්‍රායෝගික නෑ. ඒ නිසා අලුතින් විදුලි සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී මේ පරීක්ෂා කිරීමේ කාර්යය යම් සීමාවක් ඇතිව විදුලි කාර්මිකයන්ට ලබා දීමට අපි යෝජනා කර තිබෙනවා. නිවෙසක් වයරින් කිරීමේ දී විදුලි කාර්මිකයා මුලින්ම ඒ සඳහා සැලසුමක් ඇදිය යුතුයි. වයරින් කළ යුත්තේ ඒ සැලසුම අනුවයි. ඒ වගේම පරීක්ෂණය සිදුකර සහතික ලබා දීමත් ඔහුම සිදුකළ යුතුයි. රට පුරා විදුලි කාර්මිකයන් 30,000ක් පමණ සිටිනවා. බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු බලපත්‍රලාභී විදුලි කාර්මිකයකුට නිවෙසක් වයරින් කිරීමේ දී අනුගමනය කළ යුතු ඉහත අවස්ථා හතරම භාර වෙනවා.

බලපත්‍ර ලබා දීමේ දී අපි විදුලි කාර්මිකයන් වර්ග කරනවා. අපේ රටේ විදුලි කාර්මිකයන් සියලුදෙනාටම එක සමාන අධ්‍යාපන සුදුසුකම් නෑ. ඒ නිසා සමහර අයට සැලසුම් ඇදීම සිදුකිරීම අපහසු වෙන්න පුළුවන්. බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසා මෙවැනි අයට ක්ෂේත්‍රයේ රැකියා අහිමි වීමට ඉඩ තිබෙන නිසා පළමුවැනි වර්ගීකරණය යටතේ අපි ඒ අයට වයර්මන් (wireman) කියලා බලපත්‍රයක් ලබා දෙනවා. මේ අයට තමන්ගේ රැකියාව විදිහට නිවාස ආදිය වයරින් කිරීම පමණක් සිදුකළ හැකි අතර, සහතිකලත් විදුලි කාර්මිකයකු යටතේ ඔහු කටයුතු කළ යුතුයි. එහෙත් ඒ අයට තමන්ගේ ක්ෂේත්‍රයේ ඉහළට යාමට බාධාවක් නෑ. ඒ අයට NVQ -3 සහතිකය ලබා ගෙන විදුලි කාර්මිකයකු බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම එම පාඨමාලාවේ ඉදිරි පියවරයන් සඳහා යාමටත් ඔවුන්ට කිසිම බාධාවක් නෑ.

ඒ වගේම, ආධුනිකයකුට එකවර විදුලි කාර්මිකයකු ලෙස සේවය කිරීමට මේ ක්‍රමය තුළ හැකියාව ලැබෙන්නේ නෑ. ඔහු මුලින්ම ආධුනිකයකු ලෙසත්, දෙවනුව කනිෂ්ඨ විදුලි කාර්මිකයකු ලෙසත් විදුලි කාර්මිකයකුගේ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතුයි. සහතිකලත් විදුලි කාර්මිකයකු ලෙස කටයුතු කළ හැක්කේ එම අවස්ථා දෙකම පසු කිරීමෙන් පසුවයි. ඒ වගේම, සහතික ලත් විදුලි කාර්මිකයන් කවුරුන්දැයි ඔවුන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් එළිදැක්වීමටත් කටයුතු කරනවා. මේ ලැයිස්තුව විදුලි බිල සමඟ වගේම විදුලි උපකරණ සමඟත් ලබා දීමට පියවර ගන්නවා. ඒ වගේම විදුලි කාර්මිකයන්ට අවශ්‍ය පුහුණුව හා අදාළ සහතිකය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) මඟින් ලබා දීමට නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්. ඒ නිසා විදුලි කාර්මිකයන් සඳහා බලපත්‍ර ලබා දීමේ ව්‍යාපෘතිය අගමැතිවරයා සහ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයාගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගෙන, පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර නීතියක් බවට පත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ලබා දීම හැම අතින්ම වාසිදායකයි. සහතිකලත් විදුලි කාර්මිකයකුගෙන් නිවැරැදි සේවාවක් ලැබීම නිසා ජනතාවගේ ජීවිතවලට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා මෙයින් පළමු වාසිය ලැබෙන්නේ ජනතාවටයි. ඒ වගේම විදුලි කාර්මිකයන්ටත් මෙයින් වරප්‍රසාද හිමි වෙනවා. ඒ අයට මේ රටේ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට බැඳී ඉහළ වැටුප් ලැබීමට එමඟින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, මේ සහතිකය මඟින් වෘත්තීමය තත්ත්වයක් හිමි වන නිසා ඒ අයට විදේශ රටවලට ගොස් විදුලි කාර්මිකයන් ලෙස රැකියාවේ නිරතවී ඉහළ වැටුප් හා විවිධ වරප්‍රසාද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනට අපේ රටේ මෙවැනි සහතික ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක නොවන නිසා විදුලි කාර්මිකයන්ට විදේශවලට ගොස් වැඩ කිරීමට සිදුවන්නේ කම්කරුවන් ලෙස මිස විදුලි කාර්මිකයන් ලෙස නොවෙයි. ඒ රටවලින් විදුලි කාර්මික සහතිකය ලබා ගැනීමට ඒ අයට බොහෝ මහන්සි වීමට සිදුවෙනවා.

විදුලියෙන් සිදුවන අනතුරු බහුල වීමට බලපාන ප්‍රධානම හේතුවක් වී තිබෙන්නේ විවිධ පේනු (plugs) සහිත විදුලි උපකරණ විවිධ කෙවෙනි (sockets) භාවිතයයි.

ඒ නිසා ජාතික ප්‍රමිතියක් ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි තෝරා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. දැනටමත් ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් භාවිතයේ පැවතීම, දැනටමත් එක්සත් රාජධානිය, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව හා මැලේසියාව ඇතුළු ලොව පුරා රටවල් 29කට වැඩි ප්‍රමාණයක එකම ප්‍රමිතිය ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි භාවිත කිරීම, දැනට බහුලව භාවිත වන රවුම් කූරු සහිත 5A, 15A පේනුවලට වඩා හතරැස් කූරු සහිත 13A පේනුව එහි කෙවෙනිය සමඟ වඩාත් හොඳින් ස්පර්ශවී සම්බන්ධ වීම සහ විදුලි රැහැන් හා උපකරණවල ආරක්ෂාව සඳහා මේ විදුලි පේනුව තුළ විලායකයක් (fuse) පැවතීම මෙසේ ජාතික ප්‍රමිතිය ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි තෝරා ගැනීමට හේතුවයි.

නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසු දැනට නිවෙසේ භාවිත කරන පේනු සහ කෙවෙනි (plugs and sockets) වෙනස් කළ යුතු වන්නේ නෑ. දැනට නිවෙස්වල ඇති 5A, 15A පේනු සහ කෙවෙනිවල ආයු කාලය අවසන් වන තෙක් ඒ අයුරින්ම භාවිත කිරීමට කිසිදු තහනමක් නෑ.

15A කෙවෙනියක ආයු කාලය අවසන් වුවහොත් එහි විදුලි පරිපථය 15A අනුව සකස් කර ඇති නිසා 13A කෙවෙනියක් එයට ඍජුව සම්බන්ධ කළ හැකියි. මේ ජාතික ප්‍රමිතිය ක්‍රියාත්මක වන විට දැනට වෙළෙඳ පොළේ ඇති බහුවිධ විදුලි කෙවෙනි වෙනුවට භාවිත කිරීම සඳහා ආරක්ෂිත සංවාරක (shutters) සහිත 13A, 5A සහ 5A, 13A තනි පරිවර්තකයන් (Adaptors) වෙළෙඳ පොළට හඳුන්වා දීමට නිෂ්පාදකයන් පියවර ගනීවි. එම නිසා මේ පරිවර්තකයන් (Adaptors) භාවිත කිරීමෙන් අපහසුතාවකින් තොරව හා ආරක්ෂිතව ඔබගේ 5A පේනු සහ කෙවෙනි ආයු කාලය නිමා වන තුරු භාවිත කළ හැකියි.

නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසු නිවෙසේ හා කාර්යාලයේ රැහැන් පද්ධතිය වෙනස් කළ යුතු ද නැත. නමුත් තම විදුලි පද්ධතිය සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකු ලවා පරීක්ෂා කර නිවැරැදිභාවය තහවුරු කර ගැනීම වැදගත් වෙනවා. මෙහි දී 5A පද්ධති සඳහා නිසි පරිපථ කඩන (MCD) සවි කර ඇති බව තහවුරු කර ගත යුතුයි. එසේම, වරින් වර සිදුකෙරෙන වෙනස් කිරීම්වල දී සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකුගේ උපදෙස් ගැනීම ද සුදුසු වෙනවා.

එසේම, 5A කෙවෙනි වෙනුවට 13A කෙවෙනි යෙදූ විට විදුලි පරිභෝජනයේ වෙනසක් සිදුවන්නේත් නෑ. කෙවෙනිය 5A වුවද 13A වුවද විදුලි පරිභෝජනය තීරණය වන්නේ භාවිත කරන විදුලි උපකරණයේ වොට් අගය අනුවයි.

දැනට 5A කෙවෙනි සඳහා රැහැන් සවි කර ඇති පද්ධතිවල 5A කෙවෙනිය අබලන් වූ පසු 13A කෙවෙනියක් සවි කිරීම සඳහා රැහැන් පද්ධතිය (wiring system) වෙනස් කළ යුතුත් නෑ. මේ සඳහා පිළියමක් ලෙස '6A MAX'ලෙස සලකුණු කළ, එහෙත් 13A මුහුණත සහිත කෙවෙනියක් වෙළෙඳ පොළට හඳුන්වා දීමට නිෂ්පාදකයන් පියවර ගනු ඇති.

දැනට වෙළෙඳ පොළේ ඇති අනාරක්ෂිත හා ප්‍රමිතියෙන් තොර විදුලි දිගුවලට (extension cords) සිදුවන්නේ කුමක් දැයි මෙහි දී ගැටලුවක් මතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනටමත් මේ විදුලි දිගු සඳහා ප්‍රමිතියක් සකස් කර ඇති අතර, දැනට ආනයනය සහ නිෂ්පාදනය කරනු ලබන සියලු විදුලි දිගු ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට (SLSI) අනුකූල විය යුතුයි. දැනට වෙළෙඳ පොළේ ඇති, නිෂ්පාදනය කර ඇති හෝ ආනයනය කර ඇති පේනු සහ කෙවෙනි අලෙවිය සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. ඒ වගේම, නව ඉදිකිරීම්වල දී 13A විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට යෝග්‍ය පරිදි රැහැන් පද්ධති සකස් කිරීම ද අනිවාර්ය වෙනවා. එම නීතිය දැනටමත් බලාත්මක වීම එයට හේතුවයි.

ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ

 

අවනීතියටම අත වනන බන්ධනාගාරය

$
0
0
අගෝ 8, 2018 01:00
විජයානි එදිරිසිංහ

කෝටිපති ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් භාවිත කරන සැටලයිට් දුරකතන සිරමැදිරි ඇතුළත භාවිත වන බව බන්ධනාගාර බුද්ධි අංශයට දැන ගැනීමට නොහැකිවීම පුදුමසහගතය

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ මේ වැලිකඩ සිර ගෙදර හෙවත් බන්ධනාගාරය ඉදිරිපිට මහා තඩි අකුරෙන් ප්‍රදර්ශනය කර ඇති වදන් පෙළකි. මේ වදන් පේළිය කිසිසේත් අපි හෑල්ලුවට ලක්නොකරමු. ඊට හේතුව වැලිකඩ බන්ධනාගාරය තුළ පමණක් නොව මෙරට පළාත් නවයකම ඇති බන්ධනාගාර තුළ සිරකරුවන් වුවත් මනුෂ්‍යයන් ලෙස ඔවුන් ජීවත්වන නිසාවෙනි. කුමක් හෝ හේතුවක් මත යම් අපරාධයකට සම්බන්ධ වී හෝ නොවී අද එම වැරැද්ද සම්බන්ධව සිතෙන් දස දහස් වාරයක් සිත සිතා මැරි මැරී උපදින සිරකාර මනුෂ්‍යයන්ද මේ සිපිරි ගෙවල් තුළ සිටිති. ඒ බව ඔප්පු කිරීමට තරම් සත්‍ය කරුණු ඇත.

මිතුරන් පිරිසක් සමඟ ඔවුන්ගේ ඉල්ලීමට වෑන් රථයක නැ‍ඟී ගොස් ඇති අතර ඔවුන් එම වෑන් රථය කොල්ල කා රියදුරා ඝාතනය කළ අවස්ථාවේ ඊට තදබල ලෙස විරුද්ධ වී පලා ආ තරුණ දෙදරු පියකු එම අපරාධයට කිසිසේත් හවුල් නොවූ බවට අපරාධය සිදුකළ පිරිස අධිකරණය ඉදිරියේ පැහැදිලිවම කියා සිටියදීත් ඒ ගැන අංශුමාත්‍රයක හෝ නොසලකා නඩු තීන්දුවෙන් එල්ලුම් ගස් නියම වූ පුද්ගලයකු සිය නඩුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට වසර 13ක් ගතවී ඇත. එහෙත් ඔහුට කවදා විසඳුමක් ලැබේදැයි පෙනෙන තැනක නොමැත.

ඒ ආකාරයෙන් කිසිදු වරදක් නොකර මරණ දණ්ඩනයට නියම වූ මේ වනවිට සිරදඬුවම් නියම වූවන් අපරාධකරුවන් අතර යහපත් ලෙස ජීවත්වන පුද්ගලයෝද වෙති.

එහෙත් බන්ධනාගාර තුළ මේ වනවිට සමස්තයක් ලෙස ගත් කළ ලෝකයේ ඇති ප්‍රබල ජාවාරම් ක්‍රියාත්මක කෙරෙන අතරමැදි මධ්‍යස්ථානයක් බවට පත්වී ඇති බව ප්‍රචලිත වී ඇත. සෙසු බන්ධනාගාර හා සංසන්ධනය කරනවිට වැලිකඩ බන්ධනාගාරය විශාල වශයෙන් එම ජාවාරම්වල අතරමැදි කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ඇති බවට පැහැදිලි සාක්ෂි පවා ඇත. විශේෂයෙන් මේ බව ස්ථිරවම හෙළිදරව් වන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරබත් කන සහ එහි සිරබත් කන පුද්ගලයන්ගේ ඉන් පිටත සිටින ඔවුන්ගේ ගෝලබාලයන්ගෙන්ය.

පසුගිය කාලය පුරාම විශේෂයෙන් පාතාලය, මත්ද්‍රව්‍ය, කුලී මිනීමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධවල සැලසුම් සකස්වී තිබුණේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිටය. එක්තරා කාලයක එනම් මීට වසර විස්සකට පමණ පෙර බන්ධනාගාරය තුළ සිටින ඇතැම් සිරකරුවන්ට හෙරෝයින් පැකට් එකක් ලැබුණේ සිරගෙදරින් පිටත තාප්පය උඩින් ඇතුළට වීසි කිරීමෙනි. එහෙත් දැන් එම කුඩු පැකට් නිරුපද්‍රිතව බන්ධනාගාර ගේට්ටුවෙන් ඇතුළු වී කුඩු බොන්නට අවශ්‍ය පුද්ගලයාගේ අතටම පත්වෙයි. ඒ සඳහා ඔහු ගෙවිය යුත්තේ මුදල් පමණි.

මීට වසර ගණනාවකට පෙර බන්ධනාගාර තුළට විත් ප්‍රබල පාතාල අපරාධකරුවන් අවුරුදු ගණන් එහි සිටියත් ඔවුන්ට පිටස්තරය හා සම්බන්ධ වී බරපතළ අපරාධ සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට තිබූ ඉඩකඩ සීමාසහිතය.

ලොව පුරා තාක්ෂණයේ දියුණුවත් සමඟම බන්ධනාගාර තුළ සිදුකෙරෙන නීතිවිරෝධී කර්තව්‍යයන් අතු ඉතිලා වැඩෙන්නට විය. දුරකතන ජාලා ඔස්සේ මීට වසර පහකට හයකට පමණ පෙර සිදුකෙරුණු අපරාධ සැලසුම් හා අද සිදුවෙන දෑ තුළ විශාල දියුණුවක් වී ඇත. මුදල් මත ඕනෑම අපරාධයක් සිදුකිරීමට බොහෝ පුද්ගලයෝ වර්තමාන සමාජය තුළ සූදානම්ව සිටිති. රුපියල් ශත නොව අද බොහෝ නීතිවිරෝධී කටයුතු තීරණය කෙරෙන්නේ ලක්ෂ ගණනින්ය. රට තුළ මත්කුඩු කිලෝවක් දෙකක් එහා මෙහා බෙදාහැරීමට සහයෝගය දෙන අයකුට එකවරකට රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ගෙවනු ලබයි. මත්ද්‍රව්‍ය ජාවාරමට පුද්ගලයන් සම්බන්ධ කර ගන්නේ එවැනි ඈවරක් මතය. අවුරුද්දක් පමණ එකතු කරන මුදලක් පැය කිහිපයක් තුළ ලැබෙනවා නම් සමාජයේ හොඳ නරක පැත්තකට දමා මුදල ගැන පමණක් සිතා එම අපරාධයට සහයෝගය දෙන ඇතැමුන් සිටින නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අපරාධ සිදුවීමේ ප්‍රවණතාවන් වැඩිය.

මීට වසර දහයකට පමණ පෙර එවකට සිටි පොලිස් අධිකාරිවරයකුට තොරතුරක් ලැබී තිබුණේ වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනයට නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නකු බන්ධනාගාර නිලධාරින්ගේ සහායෙන්. රාත්‍රියට සිය නිවසට ගොස් ආපසු පැමිණෙන බවයි. එවකට කොළඹ ප්‍රබල පොලිස් කොට්ඨාසයක් භාරව සිටි එම පොලිස් නිලධාරියා මේ සිද්ධියට සම්බන්ධ වනමුත් කොටුකර ගැනීමට ඔවුන් ලුහුබඳිමින් සිටියේය. ඔහු ඉහළ පොලිස් නිලධාරියකු වුවත් ඔහු තවත් කිහිපදෙනකු සමඟ නිරතුරුවම ඔවුන් කොටුකර ගැනීමට මාන බලමින් සිටියේය.

අදත් ඒ ආකාරයෙන්ම එවැනි සිද්ධීන් සිදුවන බවට තොරතුරු හෙළිදරව් වෙයි. ඇත්ත වශයෙන්ම සෙසු බන්ධනාගාර තුළ කුමක් සිදුවූවත් වැලිකඩ බන්ධනාගාරය තුළ තරම් සෙසු බන්ධනාගාරවල මෙවැනි ජාවාරම් සිදුනොවෙයි.

බන්ධනාගාරයක හෝ වේවා වෙනත් ඕනෑම ආරක්ෂක අංශයක පමණක් නොවේ පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනවල පවා බුද්ධි අංශයක් පවත්වාගෙන යන්නේ එම ආයතනය තුළ සිදුකෙරෙන විවිධ වූ අභිරහස් රහසිගත දේවල් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමටය. බන්ධනාගාර බුද්ධි අංශය සාමාජිකයන් 150 දෙනකුගෙන් පමණ සමන්විත විය. එම බුද්ධි අංශය පසුගියදා හිටිහැටියේ විසුරුවා හැරීමට පියවර ගත්තේය. ඊට හේතුසාධක වූයේ බුද්ධි අංශයෙන් වැඩක් නැතිනම් එම බුද්ධි අංශය බන්ධනාගාරයට කුමකටද යන්නයි.

එය ඒ ආකාරයෙන්ම කිව‍හොත් මේ වනවිට විශේෂයෙන් වැලිකඩ බන්ධනාගාරය තුළ ලෝකයේ ඉහළම පණිවුඩ හුවමාරු ජාලය වූ සැටලයිට් දුරකතන පවා ‍භාවිත වන බවට තොරතුරු හෙළිකරගත්තේ බන්ධනාගාර බුද්ධි අංශය නොව විශේෂ කාර්ය බළකා සහ පොලිස් බුද්ධි අංශ මඟින්ය. ලෝකයේ ඉහළම ප්‍රභූ පැළැන්තියට පමණක් සීමා වූ මෙරට තුළ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් විසින් පමණක් භාවිත කරන සැටලයිට් දුරකතන වැලිකඩ සිරමැදිරිය හෝ වෙනත් සිරමැදිරියක් තුළ භාවිත වන බව බන්ධනාගාර බුද්ධි අංශයට දැනගැනීමට නොහැකිවීම පුදුමසහගතය. එපමණක් නොව රාත්‍රී කාලයේ දී විදෙස් රටවලට පැනගෙන ‍ලෝක ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල සංවිධානාත්මක අපරාධකරුවන් එම සැටලයිට් දුරකතන හරහා කිසිවකුටත් කොටුකරගත නොහැකි වන පරිදි ඉතාමත් රහසිගතව බන්ධනාගාර තුළ සිටින ඔවුන්ගේ ගෝලයන් සමඟ කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය සෑමදෙයක්ම සාකච්ඡා කර ගනිති.

මෙසේ කතාකරන බව ඇතුළේ සිටින සෙසු සිරකරුවන්ට අලුත් දෙයක් නොවේ. ජාවාරම්කාර නායකයන් හා ගෝලයෝ මෙසේ දුරකතනවලින් පිටරටවල සිටින නායකයන් හා කතාබහ කරන්නේ සිරකරුවන්ට හොරෙන් නොවේ. ඔවුන් එසේ කතා කිරීම ඔවුන් සලකන්නේ වීර ක්‍රියාවක් ලෙසය. මේවා බන්ධනාගාර තුළ සිටින වැඩි පිරිසක් ඇතැම් බන්ධනාගාර නිලධාරින්ට රහසක් නොවේ. පාතාල ලොක්කෝ ඇතැම්විට බන්ධනාගාර නිලධාරින්ට පිටරට සිට කතා කර එම දුරකතනයම අදාළ ගෝලයාට දෙන බවටද තොරතුරු තිබේ. බන්ධනාගාරයේ සිටින සෑම බන්ධනාගාර නිලධාරියකුම ඊට සම්බන්ධ නොවේ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මා ගතිගුණ ඇති සිය රාජකාරිය අකුරටම ඉටුකරන බන්ධනාගාර නිලධාරින් පමණක් නොව නිලධාරිනියන්ද සිටිති. එහෙත් දූෂණ වංචාවලට සම්බන්ධ වී මත්කුඩු දුරකතන හෝ වෙනත් දේවල් අලෙවි කිරීමට පාතාල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වීමට සහාය දෙන බන්ධනාගාර නිලධාරින් සිදුකරන එම අපචාරවත් ක්‍රියාවන්ට විරුද්ධ වීමට සුළුතරයක් වූ යහපත් නිලධාරින්ට හැකියාවක් නොමැත. ඔවුන්ට සිදුවී ඇත්තේ දුටු දේ නොදුටුවා සේ සිටීමටය.

මාසයකට වැලිකඩ බන්ධනාගාරයේ සිට දුරකතන පණිවුඩ හුවමාරු හාරදහසක් පමණ සිදුවෙයි. ඒ බව ඔප්පු වී හමාරය. හෙළිදරව් කරගෙන ඇති තොරතුරුවලට අනුව සෑම සිරකරුවකුටම වාගේ ජංගම දුරකතනයක් ඇත. තම දුදරුවන්ට කතා කර බිරියට දරුවන්ට කෑමට බීමට යමක් තිබුණද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්නේ කෙසේද යන්න විමසා කතා කරන අහිංසක සිරකරුවන් අතද ජංගම දුරකතනයක් නැතුවා නොවේ. එහෙත් මෙහි ඇති බරපතළ ප්‍රශ්නය එය නොවේ. මහා භයානක ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී මෙරට තුළ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සංවිධානාත්මක අපරාධ සැලසුම් සකස් කෙරෙන පණිවුඩ හුවමාරු සිදුවීමයි. පාතාල නායක මධුෂ්, අංගොඩ ලොක්කා සුසෙයි, හිමාලි ආදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් සිදුකෙරෙන්නේ වැලිකඩ සහ තවත් බන්ධනාගාර කිහිපයක සිටය. මේ සියල්ල සිදුවෙන්නේ ඉතාමත් සැලසුම්සහගතව බව බන්ධනාගාර බුද්ධි අංශයට නොව සෙසු බුද්ධි අංශවලට හෙළිකරගැනීමට හැකිවී ඇත. ඒ අනුව මත්කුඩු ඉල්ලන පුද්ගලයා මත්කුඩු ඉල්ලා කතා කරන්නේ බන්ධනාගාරය තුළ සිටින ජාවාරම්කරුටය. ඔහුගේ මුදල ඊසිකෑෂ් ක්‍රමය ඔස්සේ අදාළ පුද්ගලයාගේ ගිණුමකට බැර වෙයි. කුඩු ඉල්ලූ පුද්ගලයාට තිබෙන්නේ මත්කුඩු තිබෙනවා යැයි කියන ස්ථානයට ගොස් ලබාගැනීම පමණි.

මේ ආකාරයෙන් බන්ධනාගාරය තුළ ඊසිකෑෂ් ක්‍රමය එකම ගනුදෙනු ක්‍රමය බවට පත්වී ඇත. බන්ධනාගාර නිලධාරින්ට සිරකරුවන්ට පමණක් නොවේ බන්ධනාගාර රෝහලේ ඇතැම් වෛද්‍යවරුන්ට ඊසිකෑෂ් ක්‍රමය හරහා මුදල් ලැබෙන බව වාර්තා වෙයි. මෙය කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් වෙයි. ඊට හේතුව වෙන්නේ ඊසිකෑෂ් ක්‍රමය හරහා මුදල් ලැබෙන බවට ලැබී ඇති තොරතුරු මත මේ වනවිට එම මුදල් ලබාගන්නා නිලධාරින් හෝ සිරකරුවන් සම්බන්ධව යම් පරීක්ෂණයක් ආරම්භ කර තිබීම නිසයි.

දිනකට වැලිකඩ බන්ධනාගාරය තුළට පමණක් විවිධ ද්‍රව්‍ය සහිත ලොරි ගණනාවක් ඇතුළු වෙයි. මස්, මාළු, එළවළු, සහල් ඉන් කොටසකි. මේ වාහනවල අහුමුළුවල සඟවාගෙන ඇතුළට එන්නේ මොනවාද යන්න සෙවීමට කිසිවකුත් නොමැත. එහෙත් බන්ධනාගාරය තුළට ගෙනයාමට නොහැකි නීතිවිරෝධී බොහෝ දේ මේ වාහනවල ගෙන යන බව රහසක් නොවේ.

ඒ අතර මෙසේ සිරකරුවන්ගේ ප්‍රයෝජනයට ගෙන එන ආහාරපාන එළවළු මස් මාළු ආදියෙන් කොටසක් වෙන්කර සිරකරුවන් ලවා ඉතාමත් සැලකිල්ලෙන් පිරිසිදු කර පාර්සල් කිහිපයක් සකස්කරයි. මේ පාර්සල් කිහිපය යැවෙන්නේ කාටද කොතනටද යන්න දන්නේ සිරකරුවන්ය. ඒ තවත් කාරණයකි.

වැලිකඩ බන්ධනාගාරයේ මීට අවුරුදු ගණනාවකට පෙර කාන්තා සිර මැදිරි පාලනය කිරීමට සිටියේ ජේලර්වරියන් දෙතුන් දෙනකු පමණි. එහෙත් දැන් ජේලර්වරියන් විශාල පිරිසක් සිටිති. පසුගිය දා කාන්තා සිර මැදිරිය තුළින් ජංගම දුරකතන විස්සක් පමණ සොයා ගැනිණි. ජංගම දුරකතන මෙතරම් ප්‍රමාණයක් භාවිත කරන බව එම ජේලර්වරියන් නොදැන සිටීමද පුදුමසහගතය.

මීට ටික කලකට පෙර දිනපතා එක් ජේලර්වරියක් විසින් බන්ධනාගාරය තුළට සකස් කළ මල් පෝච්චියක් රැගෙන එයි. එම මල් පෝච්චිය තුළ ගෙන එන්නේ සිම්කාඩ්පත්ය. ඇය ඒවා ඇතුළ සිට විකුණනු ලබයි. එම ව්‍යාපාරය කෙසේ හෝ වේවා මේ වනවිට නම් නැවතී ඇත.

බන්ධනාගාර බුද්ධි අංශය මේ තොරතුරු දන්නවාද එසේ නැතහොත් නොදන්නවාද? එසේත් නොමැතිනම් දැනගෙනත් නොදැන සිටිනවා සේ බලා සිටිනවාද යන්න දන්නේ ඔවුන් පමණි.

‍කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දුරකතනවල ඇතැම් බන්ධනාගාර නිලධාරිනියන් කතා කළ දුරකතන අංක තිබූ බවට තොරතුරු හෙළිදරව් වෙයි. දුරකතන අංකයක් ලබාදෙන්නේ සිරකරුවන්ගේ දුක සැප බැලීමටද යන්න එක් ආරක්ෂක නිලධාරියකු පසුගියදා විමසා සිටියේය. කෙසේ වෙතත් මේ කිසිදු නිලධාරියකුගේ හෝ නිලධාරිනියකගේ වත්කම් පරීක්ෂාවක් කිසිවිටෙකවත් කිසිදු ආරක්ෂක අංශයක් මඟින් පරීක්ෂාවට ලක්කර නොමැත.

අද මේ රට තුළ වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කොටුකර ගැනීමට මෙහෙයුම් දිවා රෑ නැතුව සිදුවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සියයට පනහකින් පමණ අඩුවන තෙක් මෙහෙයුම් සාර්ථකව සිදුවී ඇත. මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගත් සෑම ජාවාරම්කරුවකුගේම ජාවාරම් ජාලයේ ප්‍රබල සබඳතාවය පැවැතී තිබෙන්නේ වැලිකඩ බන්ධනාගාරය වෙයි. මේ බන්ධනාගාර සුද්ද කළහොත් රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් බිංදුවටම බැස්ස විය හැකි බවත් ඊට ඇතැම් නිලධාරින්ගෙන් ඉඩක් නොලැබෙන බවත් සාර්ථක මෙහෙයුම් ගණනාවක් භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය. එපමණක් නොව බන්ධනාගාරය තුළ සිට සිදුවෙන මේ මහා පරිමාණ අපරාධ සැලසුම් රැල්ල සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට නම් බන්ධනාගාර තුළ සැබෑ වෙනසක් ඇති කළ යුතුය. බන්ධනාගාරය තුළ සෑමදෙයක්ම මුදල් මතම සිදුවන බවට තොරතුරු එමටය. මේ අතර කාන්තා සිරමැදිරි වැනි ස්ථානවල ඇතැම් ජේලර්වරියන් දැන දැනම සිදුවන බොහෝ දේ ඇති බව ද කියවේ. ඒවා මෙහි සඳහන් කිරීම පවා අපහසු වෙයි.

මෙවැනි දේවල් සිදුවන අතරතුර බන්ධනාගාර තුළ සිදුවන බොහෝ යහපත් දේවල්ද වෙයි. සිරකරුවන් අතරින් සුළු පිරිසක් ඊට සම්බන්ධ නොවූ අහිංසක රැඳවියන්ය. මොවුන් බලා සිටින්නේ බන්ධනාගාරය තුළ යහපත් ජීවිතයක් ගත කර හැකි ඉක්මනින් ඉන් පිටතට යාමටය. බන්ධනාගාර නිලධාරින්ගෙන් ඊට බාධාවක් නොමැත. මොන තරම් ජාවාරම්වලට සහාය දෙන නිලධාරින් සිටියත් යහපත් ජීවිතයක් ගතකරන රැඳවියන්ට ඒ යහපත් ජීවිතය ගතකර ඉන් පිටව යාමට පසුබිමද ඇතිකර දෙන්නේද බන්ධනාගාර නිලධාරින් විසින්මය. එසේ නම් සිදුවන සියලු දෙයහි වරද කොතනද යන්න තීරණය කිරීම අපහසුය.

කෙසේ වෙතත් ඉදිරියේදී ඉතා කෙටි කාලයක් තුළ බන්ධනාගාර තුළ කිසිම ආකාරයකින් දුරකතන භාවිත කිරීමට නොහැකි වන ආකාරයේ නවීන තාක්ෂණික උපකරණ පද්ධතියක් වැලිකඩ සහ සෙසු බන්ධනාගාර ගණනාවක සවිකිරීමට සූදානම්ව සිටියි. වැඩි වශයෙන් දුරකතන ජාල ඔස්සේ සිදුවන සියලු අපරාධවලට මින් නිමාවක් සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.

භික්ෂු කථිකාවත; නීතියෙන් ශාසනය රැකෙයිද?

$
0
0
අගෝ 8, 2018 01:00
අසේල කුරුළුවංශ

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා වන්නේ භික්ෂුන් වහන්සේ වැඩ සිටියහොත් පමණි. බුද්ධ, ධම්ම තරමටම සංඝ රත්නයද වැදගත් වන්නේ එහෙයිනි. බෞද්ධ ජනතාව දක්නට කැමැති ධර්මධර විනයධර භික්ෂූන්ටය. එහෙත් අද ඉස්මතුව පෙනෙන අති බහුතරයක් භික්ෂූන් තුළින් ධර්මධර හෝ විනයධර බවක් පෙනෙන්නට නැත.

සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාර හැරුණු විට මෙරට තුළ රාමඤ්ඤ හා අමරපුර ලෙස නිකායන් තවත් දෙකක් තිබේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු දේවානම් පියතිස්ස රජුගේ මූලිකත්වයෙන් ලක්දිව සඝ සසුන ආරම්භ කරන්නට යෙදුණි. එතැන් පටන් රජ පැමිණි ඇතැම් රජවරු බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශාසනය පිරිහීමට ලක්වූ අවස්ථා කොතෙකුත් ඉතිහාසය තුළ අසන්නට ලැබේ. මහනුවර රාජධානි කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මෙරට උපසපන් භික්ෂූන් වහන්සේ නොමැති වීම නිසා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් මෙරටට උපසම්පදාව වැඩම කළ බව ඉතිහාසයේ දැක්වෙයි. එසේ සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒම සිහි කරමින් සියම් නිකාය ලෙස නම් ලැබ මල්වතු අස්ගිරි උභය මහ විහාර පාර්ශ්ව බිහිවිය. එම උභය මහ විහාර එක් පාර්ශ්වයක් ලෙස සැලකෙයි. රාමඤ්ඤ හා අමරපුර මහ නිකායන්ද ඊට එක්වූ කල ත්‍රෛනිකාය බිහිවන අතර ඒවාට වෙන් වෙන් වශයෙන් මහනාහිමිවරු පත්ව සිටිති. මේ නිසාම ත්‍රෛනිකාය තුළ මහනාහිවරු සිව් නමක් සිටිති. පසු කාලීනව මෙම සියලු නිකායන්හි භික්ෂූන් වහන්සේ අදාළ පාර්ශ්වවලින් කැඩී ගොස් වෙන් වෙන් වශයෙන් පාර්ශ්ව පිහිටුවා ගනු ලැබූහ.

වර්තමානය වන විට සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්ව දෙකෙන් බිඳී ගිය පාර්ශ්ව නවයක් බිහිව ඇත. අමරපුර නිකායෙන් බිඳී ගොස් නව පාර්ශ්ව 26 ක් යටතේ භික්ෂූන් වහන්සේ ගොනුව සිටිති. රාමඤ්ඤ මහ නිකායෙන් බිඳි ගොස් මෙතෙක් බිහිව ඇත්තේ එක් පාර්ශ්වයක් පමණි. මෙසේ එක් එක් නාම යටතේ ප්‍රධාන පාර්ශ්වවලින් බිඳී ගොස් සංඝ පාර්ශ්ව බිහි වුවද මූල් පාර්ශ්වයන්හි මහ නාහිමිවරුවන් උදෙසා ත්‍රෛනිකායික මහ නාහිමිවරු ලෙස කෙරෙන පිළිගැනීමේ කිසිදු අඩුවක් මෙතෙක් සිදුව නොමැත.

මෙම එක් එක් පාර්ශ්ව බුදුන් පැනවූ විනය නීතිවලට අනුකූලව මෙන්ම ඒ ඒ පාර්ශ්වයන්ට අවේණික වූ ශාසනික සම්ප්‍රදායන් අනුව පාලනය වෙයි. විශේෂයෙන් දළදා වහන්සේ උදෙසා ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කරනු ලබන තේවා කටයුතු සිදු කරනු ලබන්නේ මල්වතු අස්ගිරි උභය මහ විහාර මගින් පමණි. ඒ සඳහා වෙනත් කිසිදු පාර්ශ්ව යකට හිමිකමක් නොලැබෙන අතර එය පැරණි රජ දවස පටන් පැවත එන සම්ප්‍රදායකි. පසුගිය කාලයේදී වෙනත් පාර්ශ්ව මගින් මෙම තත්ත්වය විවේචනය කරමින් තමන්ටද දළදා තේවාව සඳහා අවස්ථාව ලබාදිය යුතු බව පැවසූ අවස්ථාද තිබේ. ප්‍රධාන පාර්ශ්වවලින් බිඳි ගිය ඇතැම් පාර්ශයන්හි භික්ෂූන් වහන්සේ තමන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය බවට කළ ප්‍රකාශත් සමඟද සංඝ සමාජයේ යම් කැළඹීමක් ඇති විය. භික්ෂූන්ට දේශපාලනය කිරීමට අවස්ථාව තිබිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන්ද මේ වන විට කතා බහක් නිර්මාණය වෙමින් තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂුවකට අකැප අයුරින් විනයට පටහැනි ක්‍රියාවල භික්ෂූන් වහන්සේ නිරත වීම, ව්‍යාපාරික කටයුතුවලට භික්ෂූන් වහන්සේ සම්බන්ධ වීම, අධ්‍යාපන, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්ෂේත්‍රයන් හැර රාජ්‍යය හෝ පෞද්ගලික අංශයේ රැකියාවන්හි භික්ෂූන් නිරත වීම, ගුප්ත විද්‍යා කටයුතුවල හෝ ඊට සමාන කටයුතුවල නිරත වීම වැනි කරුණු සම්බන්ධයෙන්ද සමාජ අවධානය යොමුව ඇත. මේවා සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව නියෝජනය කරන්නාවූ මහ සංඝරත්නය පොදු කතිකාවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ වුවත් ඒ සඳහා කටයුතු කරනු වෙනුවට ඇතැම් භික්ෂූන් කටයුතු කරමින් සිටින්නේ හඳ පෙන්වන විට ඒ දෙස නොබලා අත දෙස බලා සිටින්නාක් මෙන් වීම කනගාටුවට කරුණකි.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා වන්නේ භික්ෂුන් වහන්සේ වැඩ සිටියහොත් පමණි. බුද්ධ, ධම්ම තරමටම සංඝ රත්නයද වැදගත් වන්නේ එහෙයිනි. බෞද්ධ ජනතාව දක්නට කැමැති ධර්මධර විනයධර භික්ෂූන්ටය. එහෙත් අද ඉස්මතුව පෙනෙන අති බහුතරයක් භික්ෂූන් තුළින් ධර්මධර හෝ විනයධර බවක් පෙනෙන්නට නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවන ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම දකින විට උන්වහන්සේලා බුදු මඟ නොයන බව පැහැදිලිව දක්නට ලැබෙයි. විශ්වවිද්‍යාලවලට ඇතුළුවූ පසු භික්ෂූන් වහන්සේ වැඩි පිරිසක් අනාගත රැකියා අපේක්ෂාවෙන් විෂයන් තෝරා ගන්නා බව කවුරුත් දන්නා සත්‍යයකි. ගිහි බෞද්ධයෝ කවදත් දක්නට කැමැති බුදුන් හා සමාන ගති ලක්ෂණ පෙන්නුම් කරන සම සඝරුවන වුවත් දිනෙන් දින වෙනස් වන ලෝකය හමුවේ භික්ෂූව පමණක් වෙනස් නොවී සිටින්නේ යැයි අප සිතන්නේ නම් එය මුළාවකි. බුදුන් කල පවා විනය විරෝධී ලෙස හැසිරුණු භික්ෂූන් ශාසනය තුළ සිටි බව අතීත කතා වලින් අසන්නට ලැබේ. බුදුන් වැඩසිටි සමයේත් එවැනි භික්ෂූන් සිටියේ නම් අද එවැනි භික්ෂූන් ශාසනය තුළ නොමැති විය නොහැකිය. එසේ කියා ඇඟ බේරා ගැනීමට කිසිවකුටත් නොහැකිය. සංඝ සමාජයේ පාරිශුද්ධ බව ආරක්ෂා කිරීම පිණිස සංඝරත්නයට මෙන්ම ගිහියන්ටද වගකීමක් තිබේ. භික්ෂූ විනය යනු ශාසනයේ ආයුෂ යැයි කියමනක් සමාජගතව තිබෙන්නේද එබැවිනි. රජය මගින් පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට යෝජිත භික්ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ අතර මත ගැටුම් ඇති වෙමින් තිබෙන්නේ මෙවැනි පසුබිමක් තුළදීය. පාර්ශ්ව අතර පමණක් නොව එකම නිකායේ සංඝරත්නය අතරද මේ සම්බන්ධයෙන් පරස්පර අදහස් මතු වන්නට පටන් ගෙන ඇත. අදාළ පනත මගින් සංඝ සමාජය තුළ බෙදීමක් නිර්මාණය විය හැකි බව පනත ගෙන එනවාට එරෙහි භික්ෂූන් වහන්සේ පවසන අතර දැන් මතුව තිබෙන තත්ත්වය තුළින් පැහැදිලි වන්නේ පනත ගෙන ඒමට පෙර පනත සම්බන්ධයෙන් පවතින විවිධ අදහස් සංඝයා වහන්සේ අතර බෙදීම් නිර්මාණය වීමට හේතුවී ඇති බවකි. මෙය මෙරට සැදැහැවත් බෞද්ධයන් කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයකි.

කතිකාවත් මෙරට සඝ සසුණට අලුත් දෙයක් නොවන්නේය. පොළොන්නරුව ගල් විහාර කතිකාවත හෙවත් පරාක්‍රමබාහු කතිකාවත, දඹදෙණි කතිකාවත, කීර්ති ශ්‍රී රජසිංහ කතිකාවත, ශ්‍රී රාජධිරාජසිංහ කතිකාවත ඊට උදාහරණයය. මේවා මගින් රජවරු අපේක්ෂා කළේ සංඝයාගේ සමඟිය හා පාරිශුද්ධත්වය ආරක්ෂා කිරීමය. රජය සම්මත කිරීමට යන භික්ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත භික්ෂු මතය විමසීමකින් තොරව සකස් කළ එකක් බව අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද හිමියෝ පවසති. එක් එක් පාර්ශ්වවලට වෙන්ව ගිය භික්ෂූන් වහන්සේලා තම තමන්ට කැමැති ලෙස අදාළ පාර්ශ්වයේ අභිමතය පරිදි කතිකාවත් සකස් කිරීම මගින් අනාගතයේ බරපතළ අර්බුද මතුවිය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙති. එක් පාර්ශ්වයක් භික්ෂූන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වරදක් නොවන බවට පිළිගනිත්දී තවත් පාර්ශ්වයක් එය බැහැර කළහොත්; අර්බුදයක් මතු විය හැකි බව පෙන්වා දෙන ආනන්ද හිමියෝ භික්ෂුවට දේශපාලනය කැපද අකැපද යන කාරණයද ඒ ආකාරයෙන්ම පාර්ශ්ව අතර මතබේදයට තුඩු දිය හැකි මාතෘකාවක් විය හැකි බව පවසති. විසඳිය යුතුව තිබෙන ශාසනික අර්බුද රැසක් තිබියදී රජය මේ කරන්නට යන දෙයින් සිදු වන්නේ පෞරාණික සංඝ මූලස්ථානවලට පවත්නා පිළිගැනීමද අභියෝගයට ලක්වීම යැයි උන්වහන්සේ ප්‍රකාශ කරති. අදවන විට කිසිදු පාර්ශ්වයකට අයත් නොවන සිවුරු දරා සිටින බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචියක් නොමැති අය විශාල පිරිසක් සිටින බව පවසන ආනන්ද හිමියෝ මොවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමට පවතින නීති ප්‍රමාණවත් බව අවධාරණය කරති. පාර්ලිමේන්තුව මගින් පනවන නොයෙක් නීතිවලට භික්ෂුව යටත් කිරීම මගින් අවසානයේ නීති ඉතිරි වී ශාසනය නැතිවී යාමට ඉඩ තිබෙන බවද පරිවේණාධිපති හිමියෝ පවසති.

භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත රජයේ අවශ්‍යතාව මත ගෙන එන්නක් නොවන බවත් එවැන්නක අවශ්‍යතාව මුලින් පෙන්වා දුන්නේ මහනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය විසින්ම බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති. මෙවැනි කතිකාවතක අවශ්‍යතාව රජය කිසිදු අවස්ථාවක භික්ෂූන් වහන්සේට පෙන්වා නොදුන් බවද උන්වහන්සේ අවධාරණය කරති. සංඝ සභාව මගින් විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් යම් යම් භික්ෂූන් සඳහා ලබාදෙන දඬුවම් වලට නෛතික බලයක් නොමැති බව කලක පටන් සාකච්ඡාවට බඳුන්වූ ප්‍රශ්නයක් බවත් පාර්ශ්වයෙන් නෙරපන ලද භික්ෂූන් පවා සිවුරු දරමින් නායක පදවි දරාගෙන සිටීම නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශාසනික කතාකවතක අවශ්‍යතාව මහ සංඝරත්නය විසින්ම රජයට යෝජනා කළ බවද ධම්මදස්සි හිමියෝ ප්‍රකාශ කරති. ශාසනික කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා පමණක් රජය සහයෝගය ලබා දෙන බව පවසමින් ඒ ඒ පාර්ශ්වවලට කැමැති නිර්නායක අනුව පනත් සකස් කර ගැනීමට අවකාශ ලබාදුන් බවත් ඊට අකමැති පාර්ශ්වවලට පැරණි සම්ප්‍රදායන් අනුව පෙර ලෙසම ක්‍රියාකළ හැකි බවත් පවසන අස්ගිරි අනුනාහිමියෝ සංඝ සභා මගින් යෝජනා කරන දඬුවම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍යය තන්ත්‍රයේ සහය අවශ්‍ය බවද අවධාරණය කරති. ඒ ඒ නිකාය අතර සම්මුති හා සම්ප්‍රදායන් වෙනස් බැවින් සෑම පාර්ශ්වයකටම පොදු කතිකාවතක් ලියාපදිංචි කිරීම අසීරු වුවත් භික්ෂූන් අතින් සිදුවන රටේ පැහැදිලිව පෙනෙන්නට තිබෙන වැරදි සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට සියලු පාර්ශ්වවලට හැකි විය යුතු බවද උන්වහන්සේ කියති.

ගිහියන්ට භාවනා කරන්නට උගන්වන නමුත් හාමුදුරුවන් වහන්සේලා භාවනා නොකරන කාලයක් දැන් තිබෙන බව ආර්යයන්ගේ එකමුතුවේ මහ ලේකම් බැඳිවැවේ දියසේන හිමියෝ පවසති. මඩකළපුවට, මන්නාරමට හෝ යාපනයට වැඩම කර ධර්ම ප්‍රචාරය කරන්නට භික්ෂුන් වහන්සේ නමක් නොමැති මේ රටේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවලට වැඩම කර ධර්මය ප්‍රචලිත කරන්නට ඕනෑ තරම් භික්ෂුන් වහන්සේ සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කරති. වර්තමාන භික්ෂු සමාජයේ පිරිහීමට මෙරට ගිහි පාර්ශ්වයද වගකිව යුතු බව පවසන උන්වහන්සේ බුදුන් කළ එවැනි භික්ෂූන්ට ගිහියෝ දන් නොපිළිගැන්වූ බව ඉතිහාසයේ දැක්වෙන බව අවධාරණය කරති. අත් හැරීම වෙනුවට සියල්ල එක් රැස් කිරීම අද බොහෝ භික්ෂූන් තුළින් දක්නට ලැබෙන්නකි. විශ්වවිද්‍යාලවලට ඇතුළු වන සංඝ රත්නය තුළින් දක්නට ලැබෙන නොමනා හැසිරීම් සම්බන්ධයෙන් කිසිදු පාර්ශයක නායක හිමිවරු පියවර නොගත් බවද උන්වහන්සේ අවධාරණය කරති. සංඝයා වහන්සේ තුළ පවත්නා අඩුපාඩු මඟ හරවා ගැනීම පිණිස පෝය කිරීම ලෙස හැඳින්වු ක්‍රියාවලියක් බුදුන් දවස පටන් ක්‍රියාත්මක විය. සියලු භික්ෂූන් වහන්සේ ඒකරාශි වී අදාළ කරුණු සාකච්ඡා කර ස්වයං විවේචනයක් මගින් ශාසනය නිවැරදි දිශානතිය වෙත යොමු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග බුදුන් දේශනා කර තිබුණද ඒවා වර්තමාන භික්ෂුව අමතක කර තිබෙන බවද දියසේන හිමියෝ පවසති. පනත් මගින් භික්ෂුව පාලනය වීමට වඩා වැදගත් වන්නේ භික්ෂූව විසින් භික්ෂුව අවබෝධයෙන් යුතුව පාලනය කිරීම බව ප්‍රකාශ කරන උන්වහන්සේ බුදුන් වෙනුවට රාජපක්ෂ සරණ යන භික්ෂූන්ට මෙය නොතේරීම අරුමයක් නොවන බවද පෙන්වා දෙති.

පළමු ධර්ම සංඝයානාව සිදුවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ තැනය. සුභද්‍රගේ අභද්‍ර වචනය ඊට හේතු විය. එකළ සිටි සුභද්‍රලා අදද ශාසනයේ සිටියි. විනය විරෝධි හැසිරීමක් සිදු කරනු ලබන භික්ෂූවක් සම්බන්ධයෙන් එම හිමිනම නියෝජනය කරන පාර්ශ්වය මගින් යම් යම් තීන්දු තරණ ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. භික්ෂුවක් විසින් පසුගිය දිනක පොලිස් නිලධාරියකු ඝාතනය කළ බව කියන සිද්ධියක් වාර්තා වූ අතර එහිදී එම හිමි නම සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව අදාළ අංශ ක්‍රියාත්මක විය. නිධන් හැරීම වැනි කාරණාවලදී භික්ෂූන් වහන්සේට නඩු පවරා නීතිය ක්‍රියාත්මක කළ ආකාරය අපි සැවොම දුටුවෙමු. මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ භික්ෂුව රටේ සාමාන්‍යය නීතියට යටත් බවයි. කතිකාවත් මගින් සිදු කෙරන්නේ සඝ සසුනේ තිර පැවැත්ම උදෙසා අවශ්‍ය ධර්මධර විනයධර භික්ෂු පරපුරක් ඇති කිරීමට අවශ්‍ය මඟ සැලසීමය. දුස් ප්‍රතිපත්ති ඇති භික්ෂුන් ශාසනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නෛතික බලය මෙයට එක් කිරීම පිණිස අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලබා ගත යුතුය. පැරැණි රජ දවස පටන් එම රාජ්‍ය මැදිහත්වීම දක්නට ලැබිණි. වර්තමානයේ ශාසනය තුළ අර්බුද රැසක් තිබෙන බව අප අවංකව පිළිගත යුතු අතර ඒ සඳහා කතිකාවතක අවශ්‍යතාව පැහැදිලිව දක්නට ලැබෙන බව කඩුගන්නාව කුරුදුවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති යටිවල්දෙණියේ මේධංකර හිමියෝ පවසති.

යාපනයේදී විජේවීරට ගල් ප්‍රහාරයක්

$
0
0
අගෝ 9, 2018 01:00

 “අද සමහරු කියනවා මම ප්ලොට් සංවිධානයත් එක්ක එකතු වෙන්න යෝජනා කළ බවක්. ඇත්තටම මම යෝජනා කළේ ඒ ඒ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමු කියලා. ඒ 1978 දී. ඒ කාලෙ උතුරෙ ඉදිරියට එමින් තිබුණේ ‘ඊරොස්’ - ‘ඊලම් ශිෂ්‍ය විප්ලවකාරී සංවිධානය’. වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ ඇතිවුණ ප්‍රධාන මතභේද නිසා උමා මහේස්වරන් එල් ටී ටී ඊ සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානය පටන් ගත්තේ 1980 පමණ. 1978 මැද පමණ අපි උතුරේ වෙනම දේශපාලන කටයුතු කරන ගමන්ම ඒ පළාතේ වැඩ කටයුතු කරන වාමාංශික නැඹුරුවක් සහිත සංවිධානත් සමඟ දේශපාලන සාකච්ඡා වටයක් පටන් ගන්නට මම පක්ෂයේ මධ්‍යම කමිටුවට යෝජනා කළා.‘ඊරොස්’ වැනි සංවිධානවලට වාම නැඹුරුවක් තිබුණා. ඒ තුළින් ජ.වි.පෙ. රාජ්‍ය මර්ධනයට ගොදුරු වෙන බව කියමින් රෝහණ සහෝදරයා ඊට මුළුමණින්ම විරුද්ධ වුණා. මධ්‍යම කමිටුව මගේ යොජනාව පිළිගත්තේ නැහැ.

“මේ වනවිට මඩකලපුවේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කළ කුරුණෑගල ජයතිලක සහෝදරයා මාරුවක් රැගෙන යාපනයට ආවා. ඔහු මඟින් යාපනය නගරයේ පුද්ගලික ආයතන කිහිපයක සම්බන්ධකම් කිහිපයක් ගොඩ නඟා ගන්න පුළුවන් වුණා. 1978 පමණ වනවිට අප කරන ලද වැඩ කටයුතු මත පදනම් වී ජනතා විමුක්ති පෙරමුණේ පළමු ප්‍රසිද්ධ රැස්වීම යාපනය ප්‍රදේශයේ තබන්නට පුළුවන් වුණා.

“1981 අග පමණ වන විට වැලිගම සමන්ත සහෝදරයාත් පූර්ණ කාලීනයෙක් ලෙස උතුරු පළාතේ පක්ෂයේ වැඩවලට එක් වුණා. 1983 වනවිට විවිධාකාරයෙන් බෙ දී සිටි දෙමළ සටන්කාමී සංවිධාන අතරත් සහ ශ්‍රී ලංකා රජයේ හමුදා අතරත් සුළු පරිමාණයේ ගැටුම් තිබුණා. මේ කාලයේ තමයි අපි උතුරු නැගෙනහිර දුෂ්කර ක්‍රියා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වැඩ කටයුතු කළේ. ඒත් අපට පේදුරුතුඩුවෙ, චාවකච්චෙරි, උඩුවිල්, කයිට්ස්, වේලානෙයි, එළුවතිවු, පුන්කුඩුතිවු, නයිනතිවු, අරාලි, කොකුවිල්, කොන්ඩාවිල්, වැල්වෙටිතුරෙයි වැනි ප්‍රදේශවලත් යාපනය විශ්වවිද්‍යාලයේත් කන්කසන්තුරෙයි සිමෙන්ති සංස්ථාවෙත් සම්බන්ධකම් ජාලයක් ගොඩ නඟා ගන්න පුළුවන් වුණා.

“මට තවමත් මතකයි ඒ කාලෙ යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි වී. අයි. එස්. ජෙයපාලන් සහෝදරයා මාව ඔහුගේ පා පැදියේ තබා ගෙන සහෝදරවරුන් හමු වෙන්න තිරුනෙල්වෙලි ප්‍රදේශයේ තැනින් තැනට යනවා. ප්‍රසිද්ධ දෙමළ කිවිවරයෙක් වන ඔහු පසු කාලයක ජාතිකවාදී නැඹුරුවට එක් වුණා. අලවෙඩ්ඩි ගමේ නවරත්නම් සහ බම්බල් සහෝදරවරුත් මාව පා පැදියේ තබා ගෙන රැස්වීම්වලට ගියා. එක දවසක් වී. පොන්නම්බලම් සහෝදරයා මට ආරාධනා කළා ඔහුව හමුවන්නට ඔහුගේ ගෙදරට එන්න කියලා. යාපනයෙ ටික දවසක් නතර වෙලා හිටපු නිසා අඳින කලිසම කිළුටු වෙලා තිබුණා. බම්බල් සහෝදරයා මාව පා පැදියෙන් අරගෙන ගියා පොන්නම්බලම් සහෝදරයාගේ නිවසට. මම සරමයි, ෂර්ට් එකයි ඇඳ ගෙන හිටපු නිසා ඔහුට මාව අඳුන ගන්න බැරි වුණා. මම නම කිව්වම ඔහු බලාපොරොත්තුවෙන් හිටියෙ ජැංඩියට ඇඳපු වාහනයකින් එ‍න සහෝදරයෙක් කියල කිව්වා. පවුලේ සියලු දෙනා සමඟ කෑමට සහභාගි වුණා. එතෙන්දි අඳුනා ගත්තා ඔවුන්ගේ පුතුන් දෙදෙනා. ඔවුන් නම් කරල තිබුණේ ‘මහවැලි’ හා ‘නමුණුකුල’ යනුවෙන්.

“1978 පමණ කිලිනොච්චියේ ගනේෂපිල්ලේ සහෝදරයා මා හමුවීමට ආමර් වීදියේ අපේ කාර්යාලයට පැමිණ පක්ෂයට සම්බන්ධ වුණා. ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිළට) සම්බන්ධව සිටි සහෝදරයෙක්. රෝහණ සහෝදරයාට යාපනය හිර ගෙදර දී තුවායක් දීපු තංගතුරෙයි සහෝදරයාගේ සම්බන්ධකම් ද තිබුණා. ගනේෂපිල්ලේ සහෝදරයා බොහෝ විට දේශපාලන කටයුතු කළේ තරමක් ස්වාධීනව.ඔහු අපව ගම්වලට ගෙන ගියේ කෙටි සාකච්ඡාවලට. නමුත් අපට සම්බන්ධකම් ගොඩනඟා ගන්න පුළුවන් වෙලා තිබුණා පරන්තන් රසායන ද්‍රව්‍ය සංස්ථාවේත්, විසුවමඩු, වට්ටකච්චි, මුරිකන්ඩි, මුලතිවු, ඔට්ටුසුඩ්ඩාන් වැනි පුදේශවලත්.

“ඒ වගේම ලංකා කොමියුනිස්ට් (මොස්කව් පිළ) පක්ෂයට හිතවත්ව සිට අප සමඟ වී.පොන්නම්බලම් සහ ඉන්දික ගුණවර්ධන වැනි සහෝදරවරු සමීපව වැඩ කරන්නට සාකච්ඡා කළා. මේ දෙදෙනාම ආමර් වීදියෙ කාර්යාල‌යේ දී පුද්ගලිකව රෝහණ සහෝදරයාත් මමත් හමු වී සාකච්ඡා කළා. නමුත් පක්ෂයේ, විශේෂයෙන්ම රෝහණ සහෝදරයාගේ පැවැති බලවත් සැකය හේතුවෙන් ඔවුන්ට වෙනත් දේශපාලන මාවත්වලට යොමු වන්නට සිදු වූ බව මගේ මතයයි.

“නැගෙනහිර දිස්ත්‍රික්කයේ සම්බන්ධකම් කිහිපයක් මුලින්ම ලැබුණේ ඒ වනවිට මඩකලපුවේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කළ කුරුණෑගල ජයතිලක සහෝදරයා මඟින්. ඔහු දේශපාලන හේතූන් මත කොළඹින් මඩකලපුවට මාරු කරලා තිබුණා. මම 1977 අග මුලින්ම ගොස් හමුවුන සහෝදරවරුන් අතරෙ හිටියෙ මඩකලපුවෙ ලී මඩුවක් අයිති සහෝදරයෙක්, අක්කරෛපත්තුවේ එම්. ටී. එම්. ඊබ්‍රාලෙබ්බෙ සහෝදරයා. ජයතිලක සහෝදරයා යාපනයට මාරු වී යන තෙක් මඩකලපුවෙ පක්ෂ වැඩ කටයුතු කළා. ඔවුන් මඟින් අක්කරෛපත්තු, නින්තාවූර්, ඔත්තමාවඩි, චෙන්කලාඩි, මඩකලපුව, කාත්තන්කුඩි, කළුවාන්චිකුඩි, කල්මුනෙයි, සම්මන්තුරෙයි වගේ ප්‍රදේශවල සම්බන්ධකම් ඇති කර ගත්තා. 1978 දී මට දරන්නට තිබුණු වගකීම් ප්‍රමාණය වැඩි වීමත් සමඟ නැගෙනහිර පළාතේ වැඩ කටයුතු කිරීම දේශපාලන මණ්ඩල සභික ඒ. ඩී. පී. රත්නායක සහෝදරයාට පවරනවා. 1978 නොවැම්බර් මාසෙ වගේ නැගෙනහිර පළාතේ ලොකු සුලි සුළඟක් ඇවිත් මහා විනාශයක් සිද්ධ වුණා. අපි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් සූදානම් කර ගෙන ශ්‍රමදාන දෙකක් පවත්වලා විනාශ වුණු ගෙවල් යළි හරි ගස්සලා දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ අපි කරපු මුල්ම ශ්‍රමදාන ව්‍යාපාරය ඒකයි. ඒ ව්‍යාපාරෙ දී තමයි අපට මුබාරක්, ඉක්බාල් සහ තිස්ස වැනි සහෝදරවරු වැනි අය මුණ ගැහෙන්නේ.

“පසු කලෙක යාපනයේ සිංගාමාපානර් සහෝදරයා අංශභාග රෝගයෙන් පෙළෙන බවත්, අක්කරෛපත්තුවේ ඊබ්‍රාලෙබ්බෙ සහෝදරයා මැතිවරණයක දී විරුද්ධ පාර්ශ්වවල පහර දීමකින් අංශභාගයට ලක් වී එක්තැන් වෙලා ඉන්න බවත් අපට දැන ගන්නට ලැබුණා. ඔවුන් අප සමඟ බොහොම කිට්ටුවෙන් ඇසුරු කරපු අය. අපි මෑතක දී මේ අය බලන්නට ගියා. මේ සහෝදරවරුන් දෙදෙනාත් ඔවුන්ගේ පවුල්වල අයත් එදා තිබුණ සහෝදරත්වයෙන්ම අපිව පිළිගත්තා. අක්කරෛපත්තුවේ ඊබ්‍රාලෙබ්බෙ සහෝදරයා මෑත කාලයේ අපි මුණ ගැහුණාට ටික කාලෙකට පස්සේ මෙලොව හැර ගියා."

ජ.වි.පෙ. මෙලෙස ක්‍රියාත්මක වූ අසූව දශකය මුල භාගයේ යාපනයේ සංවිධානය කළ ක්‍රියාකාරකම් දෙකක දී ඇති වූ සිදුවීම් දෙකක් තවමත් බෝපගේ ගේ මතකයේ තිබේ.

“පක්ෂය සංවිධානය කළ යාපනයෙ වීරසිංහම් ශාලාවෙ මහජන ශ්‍රවණාගාරයේ පැවැත්වුණ ‘විමුක්ති ගී ප්‍රසංගයට’ ප්‍රේක්ෂකාගාරය දෙසින් කවුරුන් හෝ වේදිකාවට පුටුවකින් දමලා ගැහැව්වා. යාපනයේ චුන්නාකම්වල අපි සංවිධානය කරපු ප්‍රථම මහජන රැස්වීමේ කතා කරමින් හිටපු රෝහණ සහෝදරයාට ගලකින් ගැහැව්වා. ඒක බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ අනෙක් සියලු ප්‍රදේශවල රැස්වීම් හා දේශන තිබ්බාට උතුරු නැඟෙනහිර ප්‍රදේශවල එවැනි කටයුතු කරන්න රෝහණ සහෝදරයා ඇතුළු අනෙක් කථිකයන් එකඟ කරවා ගන්න ඉතාමත් අසීරු වුණා. මගේ බලකිරීම උඩ තමයි අවසානයේ චුන්නාකම් රැස්වීම අමතන්න ඔවුන් එකඟ වෙන්නේ.”

“ඒ 1978 සැප්තැම්බර් 24 වෙනිදා. එදා යාපනයේ දෙමළ ජනතාව අමතා කරුණා සහෝදරියත් කතා කළා. මමත් කතා කළා. මම කතා කරලා රැස්වීම් භූමියේ සිටි ජනතාව අතරට ආවා. වේදිකාවේ රෝහණ සහෝදරයා අසලම සිටියේ ගමනායක සහෝදරයා. ඔහු තමයි රෝහණ සහෝදරයව පිටුපසින් අල්ල ගත්තේ. රෝහණ සහෝදරයාගේ කන්නාඩි දෙක බිම වැටුණා.නළලින් ලේ ගලන්න පටන්ගත්තා. ඒත්, රෝහණ සහෝදරයා දිගටම කථාව කරගෙන ගියා.

“මට තාමත් රෝහණ සහෝදරයාගේ වචන මතකයි. ගල් පහර වදින්න කලින් රෝහණ සහෝදරයා කියනවා.

‘ලෙනින්වාදී ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. ඕනෑම ජාතියකට ස්වයං තීරණ ගැනීමේ අයිතිය තියෙනවයි කියන එක. නමුත් අපි කියනවා ධනපති ආණ්ඩු යටතේ වෙච්ච අසාධාරණය සුළු ජාතීන්ට කම්කරු පන්ති ආණ්ඩුවක් යටතේ කවදාවත් වෙන්නේ නැති නිසා ජාතික ප්‍රශ්නයට විසඳුම රට දෙකට කිරීම නෙවේය කියලා.’

එතකොට තමයි ගල් පාර වැදුණේ. මදක් නතර වුණු රෝහණ සහෝදරයා ගමනායක සහෝදරයාට හේත්තු වෙලා අයෙමත් කතාව කළා.

‘සහෝදරයා ඉතිහාසයේ පළවෙනි වතාවට සීඅයිඩී කාරයෝයි, පොලිසියයි ගැහැව්වට පස්සේ මේ අපට ගැහැව්වේ. කවුරු හරි දේශපාලන අවබෝධයක් නැති මිනිහෙක් තමයි මේ වගේ ත්‍රස්තවාදී වැඩ කරන්නේ’

ඒ ප්‍රකාශයත් සමඟ ජනතාව අත්පොළසන් දුන්නා. හැමන් හිල් හිර ගෙදර ඉන්දෙද් දී අදින්න රෙද්දක් දුන්නේ තංගතුරෙයි සහෝදරයා කියලා රෝහණ සහෝදරයා කිව්වා. ඔය අතරෙ පුංචි දියණියක් වේදිකාවට ඇවිත් රෝහණ සහෝදරයට මල් මාලයක් දැම්මා. ඒ මල් මාලය ගලවල ඒ දුවටම ඒක පළදවලා ඒ දුවව තමන්ගේ ඉස්සරහින් තුරුලු කරගෙන තමයි රෝහණ සහෝදරයා එයාගේ කථාව කරගෙන ගියේ.”

සිසිර යාපා

හෙට - ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එයි

තමන්ගේ හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි

$
0
0
අගෝ 9, 2018 01:00

දිල්හානි ඒකනායක

කෙළිලොල් වියෙන් රංගනයට පිවිසි දිල්හානි ඒකනායක අද ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනියක්. වසර ගණනාවක අත්දැකීම් සමඟ ඇගේ ජීවිතය දෙස මදක් හැරී බැලීමට පසුගිය දිනෙක මා ඇයව පෙළඹවූයෙමි. මේ එහි ප්‍රතිඵලයයි.

 පාසල් මතකයට ආපසු ගියොත් ?

ඒ කාලේ තිබුණු ලොකුම වෙනස වගකීම්වලින් තොරයි. ජීවිතේ සැහැල්ලූයි. දැන් අපි ලොකු අරගලයක, තරගයක සහ වගකීම් ගොඩක ඉන්න නිසා එහෙම සැහැල්ලූවක් නැහැ. පාසල් කාලයයි වර්තමානයයි කියන්නේ අහසයි පොළවයි වගේ.

 කලෙකදී නර්ථනය ඔබේ ජීවිතයට වඩාත් සමිපයි?

අවුරුදු නමයෙදි තමයි මම නර්තනය හදාරන්නේ. පාසල් කාලෙදිම මට සර්වෝදය නැටුම් කණ්ඩායමට යන්න ලැබෙනවා. සාම බැලේ එකට යන්න ලැබෙනවා. එහිදි ගොඩක් ගුරුවරු ළඟ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාලේ කණ්ඩායමක ඉන්න කොට හැම නර්තන විලාසයක්ම ඉගෙන ගත යුතුයි. පොඩි කාලෙම ලංකාවේ සහ පිටරට ප්‍රසංගවල ලංකාව නියෝජනය කරන්න ලැබුණා. නර්තනය තමයි මට සිනමාවට එන්න පිටිවහලක් වුණේ.

 සිනමාවට ආ පසු නර්ථනයෙන් ඉවත් වුණා?

ඔව්.කෙළින්ම අයින් වුණා. මොකද වෙලාවක් නෑනේ

 ඒ ගැන පසුතැවීමක් නැද්ද?

නැහැ. මට හිතෙනවා හොඳම දේ හොඳම වෙලාවට වෙනවා කියලා.

 ඔබ රඟපෑ චරිත අතුරෙන් වඩාත් ප්‍රිය කරන චරිතය ?

රඟපෑම අත්දැකීමක් නම්, නැවුම් නම් එය තිබෙන්නේ මගේ පළවෙනි චිත්‍රපටයේ. මම කොහොමත් රඟපාන්නේ කැමැත්තකින්.

 ඔබ කැමැතිම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය?

ජෝ අබේවික්‍රම, අයිරාංගනි සේරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි ගේ රඟපෑම් මට ප්‍රියයි.

 පළමු රංගන අත්දැකීම?

අවස්ථාව මතකයි. හැබැයි දෙබස මතක නෑ. රඟපෑවේ ප්‍රෙඩී සිල්වා මහතා සමග. ප්‍රෙඩි අයියා ගෑනූ ළමයකුට රඟපෑවා ගවුමක් ඇඳගෙන. පළවෙනි රූගත කිරීමෙදි මට හරියට හිනා ගියා ඇත්තටම පුරුදු නෑනේ පිරිමි කෙනෙක් ගවුමක් ඇඳලා ඉන්නවා දැක්කම.

 රංගනයට එන තරුණියකට අද මෙන්ම එදත් නොයෙක් අභියෝග තියෙන්න ඇති ?

මට එහෙම බලපෑම් ඇවිත් නැහැ. මම එන්නේ යසපාලිත නානායක්කාර යටතේ. ඔහුට මාවත් ඔහුගේ ළමයි වගේ. එතුමට ඒ කාලේ හොඳ හඬක් තිබුණා. හරි ඍජුයි. හැමෝම ටිකක් බයයි. ඒ නිසා මට ඒ වගේ බලපෑම් ආවෙම නෑ. අදටත් මට එහෙම ඍජුව බලපෑම් කරන්න කෙනෙක් බයයි. ක්ෂේත්‍රයෙන් පිට නොදන්න මිනිස්සු මට එහෙම කරලා තියෙනවා. නොදන්න මිනිස්සු හිතනවා රඟපාන අය ඔක්කොම ගණිකාවෝ කියලා. සමහර අය මේක පිටින් දාලා සල්ලිවලට ශරීරය විකුණනවා. මෝඩ මිනිස්සු මගෙනුත් ගණන් අහලා තියෙනවා. මම නම් හිතන්නේ ඒ අය දකින්නේ ලෝකේ හරි පොඩ්ඩයි. විශේෂයෙන් අලුතෙන් එන තරුණ අයට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ රඟපාන්න වුවමනාවට ඕන දෙයක් කරන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක් බැරි අය තමා ඔය තත්ත්වේ ඇති කරලා තියෙන්නේ. ඒ කාලේත් එහෙම දේවල් නොතිබුණා නොවෙයි.

 රංගනයට යොමු වෙන්නේ වෘත්තීමය අරමුණෙන්ද? ඊට තිබුණු ලැදියාව නිසාද?

මම දැනන් හිටියේ නර්ථනය විතරයි. ඒ කාලේ ඒකෙත් ලොකු වගකීමක් නෑ. රඟපෑම ගැන කිසිම දෙයක් දන්නේ නැතිව ආපු කෙනෙක් මම. එතකොට සල්ලි හම්බෙනවද නැද්ද කියලවත් ලොකු අවබෝධයක් නැහැ. ඊට පස්සේ තමයි මෙය මගේ වෘතීය වෙන්නේ මම ආවේ ඔය දෙකම දැනගෙන නෙමේ. මට අවස්ථාවක් ලැබෙනවා. මම එය පාවිච්චි කළාට පසුවයි මම වෘත්තිකයෙක් බවට පත්වෙන්නේ. මම හිතුවේ නෑ මෙතරම් දීර්ඝ කාලීනව රඟපායි කියලා. මගේ ජීවිත කතන්දරේ එය හරි අහම්බෙන් වුණු දෙයක්.

 රංගන දිවියේ දුක් මුසු තැන් ඇති?

රංගනයේ දී තෘප්තියක් නැති තැන් හරි අඩුයි. මම බලාපොරොත්තු වුණාට වඩා රංගනයෙන් මට දේවල් ලැබුණා. මේ ආ ගමනේ පොඩි පොඩි හිත් අමනාපකම් ඇති වෙලා ඇති. නමුත් එහෙම දුකකුත් මම ඉතුරු කරගෙන නෑ. හැබැයි අපිට හිටිය ජ්‍යෙෂ්ඨ කලාකාරයෝ ටිකක් නැති වෙද්දි මේ වගේ අය නැවත එන්නේ නෑනේ වගේ පොඩි දුකක් තියෙනවා.

 ඔබ කැමැත්තෙන් හිටපු, නමුත් ඔබට නොලැබුණු චරිතය?

ගොඩක් අය මගේ රූපේ බලලා මාව පේන විදිහෙන් හිතනවා මට සැර පරුෂ චරිත කරන්න බැහැ කියලා හිතනවා. එහෙම චරිත ලැබුණේ හරිම අඩුවෙන්. දවසක එවැනි චරිතයක් කරන්න ලැබුණොත් හොඳයි.

 රංගන දිවියේ අපහසුම චරිතය?

'චායා මායා'ටිකක් අමාරු වුණා. ද්විත්ව රංගනය නිසා. මට රඟපාන්න ගියාම ක්‍රමයට වැටෙන කල් මුල් දවස් දෙක ටිකක් අසීරුයි. හරියට වැටුණම මට තේරෙනවා. හරියට වැටුණේ නැත්නම් තමයි පොඩ්ඩක් හිත හරි නැත්තේ. රඟපෑම කියන්නේ හිතලා කරන්න බැරි දෙයක්. ළගදි දවසක රූපගත කිරීමක දී වෙනදා හිත ඇතුළෙන් එන දේ ඇයි එදා එන්නේ නැත්තේ කියලා බැලූවා. එදා තමයි තේරුම් ගත්තේ ඒ චරිතය හරියට ආරූඪ වෙන්න බාහිර දෙවල් හරියට බලපාන බව. රඟපෑම කියන්නේ මනසත් එක්ක තියෙන පොඩි ක්‍රමයක්. ඒක බලහත්කාරයෙන් කරන්න බැහැ. බලහත්කාරයෙන් කළොත් මිනිස්සුන්ට දැනෙනවා.

 රංගන ශිල්පිනියක් නොවුණ නම්?

ටික කාලයක් නර්ථනයේ යෙදිලා, කසාද බැඳලා පැත්තකට වෙලා ඉඳියි.

 ජීවිතයේ ඔබ උගත් පාඩම ?

ජීවිතේ හැම මොහොතක්ම පාඩමක්. විශේෂයෙන් ඉගෙන ගත් පාඩම් කියන්නේ අපි කියන දේ අහගෙන ඉන්නවා, පොතෙන් පාඩම් ඉගෙන ගන්නවා, එය අපි තව කෙනකුගෙන් ගන්න දෙවල් විදිහටයි මම දාලා තියෙන්නේ. පැවැත්මට ඕනෑ වෙන්නේ තමන් තුළින්ම ඉගෙන ගන්න දේවල්. මං හිතනවා තමාගේ හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි.

 ඔබට ජීවිතයේ මඟ පෙනවීමක් ලැබී තිබෙනවාද?

මගේ ජීවිතේ මගපෙන්වන්නෝ හරි අඩුයි. මම අනෙක් අයගේ ඒවා අහන්න කරන්න අමාරු කෙනෙක්. අනුකරණය මට හරි අමාරුයි. මගෙන් එන දේ තමයි මට වටින්නේ. මම තරුණ කාලේ කරපු ඔක්කොම හරි කියලා ඉන් කියවෙන්නේ නැනැ. වරද්දන තැන් ආවා, ජීවිතේට අනවශ්‍යය අය එනවා. ඒ බැටත් කාලා යද්දි තමයි තේරෙන්නේ මට මේ තැන් වැරදුණා කියලා. තමන්ම තේරුම් ගත යුතුයි තමන්ට වැරදුණු බව. එතකොට ආයිත් එකම වැරැද්දට වැටෙන්නේ නැහැ. අද මගේ ජීවිතය හරි පහසු වෙලා තියෙන්නේ ඒ වැරැදුණු සහ හරි ගිය තැන් සියල්ල මම දන්න නිසා. මගේ වැරුද්ද මම තනියෙන් පිළිගන්නවා. අපි අපිට අවංක විය යුතුයි. තමන්ට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. තමා තමන්ට ලැජ්ජ වුණොත් ජීවතේ ගොඩ නඟන්න අමාරුයි.

 ආදරය විරහව පිළිබඳ ඔබේ අර්ථකථනය?

ඒවා සාමාන්‍යය සිදුවීම්. ආදරය කිරීම ආදරයෙන් පැරදීම, ඒ විඳින වේදනාව හෝ සතුට මේ ඔක්කොම මම ගන්නේ සාමාන්‍යය සිදුවීමක් විදියට.

 මවගෙන් ලැබුණු වටිනාම අවවාදය ?

අම්මා සහ තාත්තා එහෙම කතා කරන දෙන්නෙක් නෙමෙයි. අම්මගෙන් මම අරන් තියෙන එකම දේ ඇගේ ශක්තිය. අදටත් අවුරුදු හැත්තගණනක්. ඒත් ගෙදර සියල්ලම ඇගේ අණසක යටතේ. තාම දෙයක් කරන්න ගත්තම අවසානය තෙක් කරනවා. මම හිතනවා මමත් ටිකක් ඒ වගේ කියලා.

 ජීවතේ සතුට හො දුක ඔබ දකින්නේ?

මම හැමවෙලේම උත්සාහ කරනවා සතුට යම් කිසි ප්‍රමාණයකට පවත්වගෙන යන්න. එතකොට මට දුකක් කියලා නැහැ. මෙතෙක් පොඩි පීඩනයක් කියලා එකම එක දෙයයි තියෙන්නේ. ඒ තාත්තගේ හදිසි අනතුර. මට තියෙන ප්‍රශ්නේ ඔහුගේ මරණය නෙමෙයි. ඔහුට වුණු සිදුවීම. එය හැමවෙලේම මගේ ඔලූවට එනවා. ඔහු බස් එකකින් එළියට වැටිලා නැති වුණේ. අදත් බස් එකක් දැක්කහම ටිකක් ගැස්සෙනවා.

 ඔබේ ජීවිතයේ ආදර්ශ පාඨය ?

මම මමයි. මගේ සතුට මගේ දුක මමමයි. පිට කෙනෙකුට මට කිසිම හානියක් කරන්න බැරි තරමට මාව ගොඩනගා ගත යුතු යැයි කියන තැනක ඉන්න කෙනෙක්.

 ඔබේ ජීවිතේ වටිනාම දේ?

පුතා. ඒ වගකීමෙන් මට මගහැරලා යන්න බැහැ. නැත්නම් මම කැමති සියල්ලෝ මගහරින්න. මම හරිම නිදහස් පුද්ගලයෙක්. ස්ථිරව කාවවත් අල්ලන් නැහැ.

 ඔබට ලැබුණු හොඳම ඇගැයීම ?

සම්මානවලින් ගත්තොත් ජනාධිපති සම්මානය. ලොකුම ඇගැයීම තවම මම මිනිස්සු අතරේ අඛණ්ඩව ඉන්න එක. ක්ෂේත්‍රයේ හා පිට මිනිස්සු අදටත් මට ගෞරවයෙන් සලකනවා.

 ඔබේ දුර්වලකම?

ඒ කාලේ නම් හරියට දුර්වලකම් තිබුණා. මං ගෑනු පිරිමි භේදයකින් තොරව හරියට මිනිස්සු විශ්වාස කළා. මගේ ලොකුම දුර්වලතාව වුණේ අනික් අය මං වගේ කියලා හිතපු එක. දැන් එහෙම නැහැ. දැන් කිසිම කෙනෙක් මගේ පරිපථය තුළ විශ්වාසයි කියල නැහැ.

 ජීවිතේ අතපසුවීම් තියෙනවද ?

මගහැරෙන්න ඇති. ඒ කාලේ අහස උසට ආස දේවල් තියෙන්න ඇති. ඒ සියල්ල නොලැබෙන්න ඇති. ඒවා මගහැරෙන්න ඇති. අද වෙද්දි ඒ ගැන දුකක් හෝ සතුටක් කියලා විශේෂයක් නැහැ.

 වැඩිපුර තරහා ගන්නේ?

මිනිස්සුන්ව රවට්ටනකොට. එතනදි ටිකක් තරහ යනවා. මම වෙලාවකට සාප කරනවා ඇයි මිනිස්සු රවට්ටන්නේ කියන එක ගැන. ගොඩාක් ලොකු චරිත මේ පෙනවන්නේ ඇත්ත නෙමෙයි. යටින් ලොකු සෙල්ලමක් ඒ අයගේ තියෙනවා. මිනිස්සුන්ට පෙන්වන්නේ වෙනම කතන්දරයක්. එවට රැවටෙන මිනිස්සු දැක්කම මට මහා කනගාටුවක් දැනෙනවා. ඒ වුණාට මට කරන්න දෙයක් නැහැනේ.

 ලෝකය වෙනස් කරන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ?

ඔක්කොම එක මිටට අරන් පොඩි කරලා විසි කරනවා.

 ඔබට මුණගැසුණු හොඳම පුද්ගලයා ?

සමහරවිට තාම මුණගැහිලා නැතිව ඇති. මෙතන ඉන්න කෙනා මේ දැන් හොඳයි. ඊළගට ආව කෙනා ඉතා හොඳ ඇති. එතනින් එහා තව ඉතාමත්ම හොඳ කෙනෙක් ඉන්න පුළුවන්. එයා තාම ඇවිත් නැතිව ඇතිනේ. ඒ නිසා මගේ ජීවතේ මෙයා තමයි හොඳම කියලා කවදාවත් කියන්නේ නැහැ.

 ජීවිතේ නැවත හරිගස්සගන්න අවස්ථාවක් ලැබුණොත්?

මට සිදුවුණු එක අතපසුවීමක් ගැන පොඩි කනගාටුවක් තියෙනවා. ඒ කියන්නේ මම ඉස්සර අධ්‍යාපනයට හරි දක්ෂයි. ඒ වුණාට අපේ ලෝකේ එහෙම බර නැහැ. ඒක මව්පියන්ට ලොකු දෙයක් නෙවෙයි. ඒ දෙන්නට සිතුවිල්ලක් තිබුණා නම් අධ්‍යාපනය අනාගතේ දී අපේ දරුවට වැදගත් වෙයි ඒ නිසා මෙයාව ටිකක් ඉහළට උගනවන්න ඕනා කියන දේ. අන්න ඒ උදව්ව එදා ඔවුන්ගෙන් ආවා නම් අද මං කියන කෙනා මීට එහා ඉන්නවා. සමහර වෙලාවට ඒ අඩුපාඩුත් එක්ක අපිව සමාජයේ පීඩාවට පත් කරන තැන් තියෙනවා. ඒවාට උත්තර දෙන්න මං පරක්කු වැඩියි.

 ඔබට සැලසුම් තිබුණද?

සැලසුම් නැහැ. හැබැයි මං දැන් උපයන දේ අනුව ජීවත් වීමට සැලසුම් කරනවා. අනාගතේ මේ දේවල් නැති වුණොත් කොහොමද ජීවත් වෙන්න කියන එකට සැලැස්මක් තියෙනවා. ඒ හැරුණු කොට හෙට දවස ගැන මම දන්නේ නැහැ.

 වයස කියන්න කැමති ද

අවුරුදු 48යි. ගොඩක් අය මට කියන්න එපා කියන දෙයක්.

 ගැහැනියකට රූපයේ තිබෙන වැදගත්කම ?

රූපය කියන දේ ලැබුණේ පෙර පිනකට ලු නේ. ඒත් ඒ රූපයම මිනිස් ජීවිත විනාශ කරලත් තියෙනවා. මිනිස් ශරීරයක් අඩුපාඩුවක් නැතිව පිහිටන එක හොඳයි. ඊට වඩා හොඳ මනසක් තිබිය යුතුයි.

 විනෝදාංශය?

හුදකලා පරිසරය තමයි මගේ විනෝදේ. සද්ද බද්ද අඩුයි නම් මම ආසයි. මම ගොඩක් සතුටින් නම් උයන්නත් කැමති. දුකින් නම් උයන්නේ නැහැ. සංචාරයටත් මං හරි ආසයි. ජීවිතේ ඉතුරු කාලේ සල්ලි ලැබුණොත් මං ඇති තරම් ඇවිදිනවා.

 පුතා ගැන තිබෙන ලොකුම හීනය?

පුතා ගැන මේ රට ඇතුළේ හීන දකින්න හරි අමාරුයි. අර කීව ක්‍රමවේදත් එක්ක. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ සතුටින් නෙමේ. එතකොට මට පොදු දුකක් තියෙනවා ළමයෙක් ගැන. ඒක මගේ පුතාට විතරක් අයිති දෙයක් නෙමෙයි. සතුටින් ඉන්න පුළුවන් රටක ළමයි ජීවත් වෙන්න ඕන. එහෙම ජිවත් වෙන්න පුළුවන් දවසක් රටේ අනාගතයේ තියෙයි ද? එහෙම තියෙනවා නම් ඒක ලොකු හීනයක්. ඇත්තටම මේ රටේ ජීවත් වෙන අම්මලා තාත්තලාට එය හීනයක්. සතුටින් ජීවත් වීමේ අයිතිය දෙමව්පියන්ගේ හීනයක්

 ඉදිරි පරපුරට ඔබෙන් ලැබෙන උපදෙස?

රංගන ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේක හරිම දැඩි ජීවිතයක්. මේ ලෝකේ හරි ගැඹුරුයි. කලාව කියන දේ කෙනෙක්ට ලැබුණොත් දෙපැත්තෙන් එන දේවල් සමඟ ඍජුව ගමන් කරන්න මොලේ තිබිය යුතුයි. අපිව අපි හරියට යොදවා ගත්තේ නැත්නම් තමයි සියදිවි නහගන්න වෙන්නේ. ජීවිතේට හොඳ යාළුවෝ ඉන්න ඕනේ. හැමවෙලේම ඇසුරු කළ යුත්තේ තමන්ට වඩා උගත් මිනිස්සුන්ව. ජීවිතය ගැන අවබෝධයක් තියෙන එහෙම යාළුවෝ ඉන්නම ඕනේ. නැත්නම් විනාශ වෙන තැන්වල දී බේරෙන්න හරි අමාරුයි.

ටානියා මෝසස්

ඡායාරූප - ශාන් රූපස්සර


ප්‍රශ්න නැති ගෙදරකින් මට අබ ටිකක් ගෙනත් දෙන්න

$
0
0
අගෝ 9, 2018 01:00

උපුල් ශාන්ත සන්නස්ගල

දශක ගණනක් පුරා ඔහු ගැන බොහෝ දේ ලියැවී ඇති නිසා අමුතුවෙන් හැඳින්විමක් හෝ අර්ථකථනයක යෙදීමට උත්සුක නොවෙමි. ඔබට කැමැති අයුරින් ඔහු වටහා ගන්නට ඉඩ දී උපුල් ශාන්ත සන්නස්ගලයන් හා යෙදුණු සති මැද කතා බහ මෙලෙස සටහන් කරමි.

 ඔබ ගැන අර්ථ දැක්වූවෝත් ?

මගේ නම සන්නස්ගල. ඇතැම් අය කියන්නේ ‘උපුල් සර්‘.බොහෝ යාළුවෝ කියන්නේ ‘සන්නා‘.වෙිශ්වවිද්‍යාලේ යාළුවෝ කීවේ ‘සනා‘. එච්චරයි මං ගැන හැඳින්වීම.

 මුල්ම රැකියාව ?

‘කුමරි‘ පත්තරේ විශේෂාංග ලේඛකයෙක්.

 ගුරුවරයාගේ භූමිකාවේ ඇරැඹුම?

ජේ. ඩී රංජිත් කියලා ගමේ ඉඳන් විශ්වවිද්‍යාලයට ආපූ යාළුවෙක් දෙහිවල සරණංකර පාරේ බෝඩ් වෙලා හිටියා. දවසක් ඔහු මට යෝජනා කරනවා ඔහු බෝඩිං වෙලා ඉන්න ගෙදර නංගිට ටියුෂන් කරන්න කියලා. මං කිව්වා තනියෙන් බැහැ තව කෙනෙක් හොයා ගන්න වෙයි කියලා. අද කවුරු හරි කියන්න පුළුවන් මාර බිස්නස් ටැක්ටිස් තමයි මූට ඒ කාලේ ඉඳන් තිබිලා තියෙන්නේ කියලා.මොකද දෙන්නෙක් හිටියම ලැබෙන මුදල වැඩියි නේ. ඒ ළමයි දෙන්නා තමයි මගේ ටියුෂන් ජීවිතේ පළවෙනි ශිෂ්‍යයාවෝ.

 ගුරුවරයෙක් ලෙස ඔබට ලැබුණු මුල්ම ප්‍රතිචාරය ?

ඒ දෙන්නටම බී සාමාර්ථ තිබුණා. ඊට පස්සේ මම රොට්රියේ පන්තිය කරනවා. පන්තියේ 20% කට විතර ඒ සාමාර්ථ තිබුණා.

 ගුරු ජීවිතයේ සුවිශේෂී අත්දැකීම්?

1988- 89 භීෂණ කාලේ මගේ ගම්පහ පන්තියේ ළමයි 22 ක් පැලවත්තේ රැඳවුම් කඳවුරේ හිටියා. පන්තියේ හිටපු ළමයි 133න් 100 ට වැඩිය ඒ සාමාර්ථ තිබුණා. ඒ තමයි ගුරුවරයෙක් වශයෙන් ජනප්‍රිය වෙන්න මම භාවිත කරපු මුල්ම උපක්‍රමය. මම ඉස්සෙල්ලම වික්කේ ඒ ප්‍රතිඵල.

 ගුරු දිවියේ සාර්ථකම කාලය?

මම පන්තිය නවත්තපු කාලේ.

 ජීවිතයේ වඩාත් සතුටු වූ දවස ?

මම හැම දවසකම දුක් වෙන දේට වැඩිය සතුටු වෙන දේවල් හොයන් යන්න කැමති. මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ, මිනිහෙක් ආයෝජනය කළ යුත්තේ සතුටු වෙන දේවල් සඳහා පමණයි. මේ වෙද්දි මම ඒ සඳහා ආයෝජනය කරනවා. ඉතින්, මගේ හැම දවසම සතුටින්.

 ජීවිතයේ මගහැරුණු තැන්?

ඇරියස් ගොඩාක් තියෙනවා. ඒ ඇරියස් ඔක්කොම පෞද්ගලික ජීවිතේ. ඒ නිසා පත්තරවලට කියන්න බැහැ.

 පරාජය විඳගන්නේ කොහොමද ?

පරාජයේදී අඬලා තියෙනවා. ධෛර්යය අඩුවෙලා මරාගෙන මැරෙන්න හිතිලා තියෙනවා. හිනා වෙලා තියෙනවා. කවුරු හරි මට ගහන්න හැදුවොත් මම පෙරළා බෝතලයක් හරි කඩලා ගහනවා. එවෙලේ එන ප්‍රශ්නෙත් එක්කයි මුහුණ දෙන විදිහ තීරණය කරන්නේ. එය පරාජයේදී එන අභියෝගයට සාපේක්ෂව සිද්ධ කරන දෙයක්.

 මෙතෙක් ආ ගමනේ වෙහෙසකර බවක් දැනී නැද්ද?

සාමාන්‍යයෙන් මගේ වයසේ කෙනෙක් දැන් විශ්‍රාමිකයි. ගොඩක් අයගේ විශ්‍රාම ජීවිතේ ගෙවෙන්නේ ගෙදර. මම විශ්‍රාමයේදි කළේ ගෙදරින් එළියට එන එක. බයිපාස් එකකුත් කරලා විශ්‍රාමයට පොඩි උදව්වක් දීලා තියෙන්නේ “අනේ මචං විවේක අරන් ගෙදර හිටපන් “කියලා.

 අත්හැරීම ඔබට දැනෙන්නේ ?

අත්හැරීම කියන්නෙම එක්තරා දේවල් ටිකක් එකතු කර ගැනීමයි. මගේ විශ්‍රාම සුවය අත්හැරීම කියන්නේ මම ඊළඟ පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් වෙනුවෙන් අත්පත් කර ගැනීමයි. අත්හැරීම තුළ අත්පත් කර ගැනීමකුත් තියෙනවා. බොහෝ දේ අත්හැරීමෙන් අපට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ නිර්වාණය.

 ජීවිතේ වැරැදුණු තැන් තියෙනවාද?

බඹරා වැල්ලේ ගැහුවම කැරකෙන කාලයක් තියෙනවා. කොච්චර වතුර, පොහොර දැම්මත් ගහ හැදෙන්නේ නැති කාලෙකුත් තියෙනවා. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තීරණය වෙන්නේ ස්වභාවයත් එක්ක. ජීවිතේ වැරැදුණු, ගැටුම් ඇති වූ තැන් ඕනෑ තරම්. පවුල් ජීවිතේ ප්‍රශ්න, දරුවන් ගේ ප්‍රශ්න ඕනෑ තරම්. ‘අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපි හරි සමගියෙන් ඉන්නවා, මේ ජීවිතේ හොඳම කෙනා තමයි මට ලැබුණේ‘ කියලා පත්තරවලට කියන අය ඉන්නවානේ.. අන්න එහෙම ගෙදරකින් මට අබ ටිකක් ගෙනත් දෙන්න.

 ජීවිතේ දැකපූ හීන දැන් හැබැ වෙලාද ?

ඔව්. මම හුඟක් හීන දකින්නේ සැලැස්මක් එක්ක. හීන කියන්නේ මට එක්තරා ආකාරයක සැලැස්මක්. ඒ ගොඩක් සැලැසුම් හරි ගිහින් තියෙනවා. සමහර හීන තාම තියෙනවා. මම මැරෙන කල් හීන දකියි. ඒ කියන්නේ මම මැරෙන කල් සැලැසුම් කරයි.

 ඔබට අරමුණු හෝ ඉලක්ක තියෙනවාද?

කිසිම ඉලක්කයක් ජීවිතේ තිබිලා නැහැ. මට තිබුණේ සැරි සැරීම්, රස්තියාදු ගැසීම්. මම සින්දු ලියනවා, කවි ලියනවා, චිත්‍රපට නිෂ්පාදනය කරනවා, රට රටවල යනවා, ආදරය කරනවා, දුවනවා, පනිනවා, කසාද බඳිනවා, ළමයි හදනවා, ගෙවල් හදනවා. හවුස් හදනවා, හෝම් හදනවා, ඡන්දේ ඉල්ලනවා, පරදිනවා, දිනනවා මේ වගේ සැරිසැරීම් මිසක් අරමුණු සහ බලාපොරොත්තු කියලා ජාතියක් නැහැ. ඒ සැරිසැරීම් කෙළවරේ මම ග්‍රීස් ගහේ නැගලා කොඩිය ගන්නවාමයි කියලා නැහැ. කව්ද දන්නේ තව ටිකකින් හෘද ආබාධයකින් මැරෙයි ද කියලා. බයිපාස් එක කළා කියන්නෙත් මාරයාට ඊසි කැච් එකක් දුන්නා වගේ. මාරයාගේ කාලකණ්ණිකමට ඒ කැච් එක අත්හැරියා.

 ඔබේ අධිවේගී ගමන දැන් නැවතිලාද?

නැවතිලා ද නැද්ද කියන කාරණය තීරණය කරන්නේ මං නෙවෙයි. මම ඒ වේගයේම ඉන්නවා. එය වෙන්නේ මෙන්න මෙහෙමයි, ලංකාවේ ගොඩක් මිනිස්සු රෑ 7ට ඉඳන් පස්සට ඉර එළිය වැටෙනකල් නිදා ගන්නවා. ඔවුන්ට අවුරුදු 40ක් වෙද්දි අවුරුදු 25ක්ම බුදියගෙන. ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 20ක් විතර. මට දැන් අවුරුදු 55යි. මම විශාල කාලයක් ජීවිතේ ඇහැරිලා හිටියේ. මට නයිට් ලයිෆ් එකක් තිබුණා. ඒ නිසා අනිත් අයට වඩා මම ඇහැරලා හිටපු කාලය වැඩියි. ඇහැරලා ඉන්න මනුස්සයෙකුට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මට කියන්න වෙන්නේ නිදි වදින්නේ නැතිව ඇහැරලා ඉන්න කියලයි.

 අවධානම් සහ ආන්දෝලනාත්මක දේවල් වලට මෙතරම් ප්‍රිය ඇයි?

අවධානම් දේවල් ගන්නවා නෙමෙයි. විශ්වවිද්‍යාල කාලේ දේශපාලනය කරලා තාප්පයක් පෙරළන්න ගිහින් අතපය කඩා ගත් කාලයක් තිබුණා. දැන් මං හිතන්නේ තාප්ප පෙරළන්න නෙමෙයි. ගඩොලින් ගඩොල ගලවන්න ඕනේ කියලා. මේ මොහොත විප්ලවීයයි කියලා කවුරුහරි කියනවා නම්, හොඳම දේ විප්ලවයේ ඉන්න පුළුවන් ස්වාධීනව. තනි තනි මිනිහා විප්ලවීය වෙන්න ඕනේ. එතකොට පුළුවන් තාප්පේ ගඩොලින් ගඩොල ගලවන්න.

 ‘අම්මා‘ පොතට පැසසුම් මෙන්ම ගැරහුම් ලැබුණා?

තම තම නැණ පමණ කියලා තමයි මට කියන්න වෙන්නේ. අසූචි කියන්නේ ඌරාට ඉතා රසවත් කෑමක්. ඒ නිසා ඌරට අසූචි රහ වෙන්නේ කොහොමද කියලා අහන්න ඕනේ ඌරගෙන් මිසක් මගෙන් නෙමෙයි.

 ඔබේ නව කතාවලට මුල් වුණේ ඔබේම ජීවන අත්දැකීම්ද?

මගේ අත්දැකීම් තමයි තියෙන්නේ. මිනිහෙක් ලියන්නේ අත්දැකීමෙන්. එය පෞද්ගලික අත්දැකීමක්ම විය යුතු නැහැ. අත්දැකීම් කියන්නේ අනුන්ගෙන් අහන, අනුන් මට කියන, මම හදාරන, මම කියවන සහ මට ලැබෙන සමාජ අත්දැකීම් වෙන්නත් පුළුවන්. එහෙම නැති නම් ජීවිත ගැන අහන ඕපාදූප, කේළාම්, පුවත් වෙන්නත් පුළුවන්. සාහිත්‍යය වශයෙන් ලියැවෙන්නේ මිනිසෙකුගේ ඒ අත්දැකීම් සියල්ලයි. හැබැයි අත්දැකීම ඒ විදියට ලියනවද නැද්ද යන්න වෙනම කාරණාවක්. පරිකල්පනය කියලා දෙයක් මිනිහෙක්ට තියෙනවා. ඒ පරිකල්පන ශක්තිය බුදු හාමුදුරුවන්ටවත් දෙවියන් වහන්සේටවත්, පොලිසියටවත් යටත් නැහැ. ලේඛකයකුගේ පරිකල්පනය කියන ඥාන විශේෂණ ශක්තිය හරහා ලබන අත්දැකීම ප්‍රති නිර්මාණය කිරීම ඔවුන්ගේ වැඩක්.

 ගුරු වෘත්තියට සමුදෙන්න ගත් තීරණය ගැන ආපසු බැලුවොත්?

ඒකාකාරී වෘත්තියක් මිනිහෙක්ට එපා වෙන්නට පුළුවන්. ඊට හේතු ගොඩක් තියෙනවා. ආර්ථික වශයෙන් බිඳ වැටීමෙන් පසු එපා වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් මුකුත්ම නොලැබෙන විටදී තමන්ගේ වෘත්තිය ඇතුළේ වෙන වෘත්තියකට මාරු වෙන්නත් පුළුවන්. මිනිහෙක්ගේ දොරක් වැහෙනවා කියන්නේ අනිත් පැත්තෙන් දොරක් ඇරෙනවා කියන එකයි. මම වෘත්තියක දොර වහන්නේ තව දොරක් ඇරගෙන. මම වහපු දොර තමයි ගුරු වෘත්තිය. මම ඇරපු දොර තමයි රෝයල් තැබ්‍රොපේන්.

 කලෙකදී ඔබට අධ්‍යාපන ඇමතිවරයා වීමේ හීනයක් තිබුණද ?

 

මට නම් එහෙම හීනයක් තිබුණේ නැහැ.

 ඔබ ගත් දේශපාලන තීරණ අද දකින්නේ?

අපි උපන්දා සිට දේශපාලන සත්වයෝ. ඩිම්බයයි ශුක්‍රාණුවයි එකතු වෙලා යුක්තානුවක් හැදෙනකොටම අපි දේශපාලන සත්වයෝ වෙලා ඉවරයි. ඡන්දේ ඉල්ලන්න තීරණය කිරීම දේශපාලන ජීවිතේ සංධිස්ථානයක්. දේශපාලන සත්වයෙක් කියන එක සංධිස්ථානයක් නොමෙයි. මම එදත් දේශපාලනය කළා. අදත් දේශපාලනය කරනවා. අනාගතයෙත් දේශපාලනය කරනවා.

 ඔබ පෙන්වන නිදහස් චින්තනය සැබෑවටම ඔබට තියෙනවාද ?

එය පෙන්වන්න වෙන්නේ ක්‍රියාකාරකම්වලින්. මිනිහෙක්ගේ දෘෂ්ටිවාදය හොයන්න වෙන්නේ ඒ මිනිහගේ දෘෂ්ටිවාදයෙන්. මම කරන ක්‍රියාකාරකම්, සමාජ මැදිහත් වීම්, අදහස් ප්‍රකාශ කිරීම් ඇතුළේ මම කව්ද කියලා තීරණය වෙනවා. මගේ ගැන චරිත සහතිකය වෙන කවුරු හරි ලියන්න ඕනේ මිසක් මට ලියන්න බැහැ.

 ඔබේ ජීවන රටාව කලින් කලට වෙනස් වුණා. ඔබේ වර්තමාන ස්වරූපය අනාගත වෙනසක සංධිස්ථානයක්ද?

මට අනන්‍යතා අර්බුදයක් නැහැ. අනන්‍යතා අර්බුදයක් තියෙන කෙනෙක්ට ස්වරූපය වෙනස් කරන්න බැහැ. උදාහරණයක් ලෙස, මම හිතනවා කෙහෙළිය රඹුක්වැල්ලට කවදාවත් ඩයි නොකර ඉන්න බැහැ කියලා. ඩයි නොකරපු ගමන් මිනිස්සු කියයි මේ කෙහෙළිය රඹුක්වැල්ල නෙවෙයි කියලා. මොකද එය අනන්‍යතා අර්බුදයක්. හිටපු ජනාධිපතිතුමත් උඩු රැවුල කළු කළාම දිගින් දිගටම ඒ ප්‍රශ්නේ තියෙනවා. මං එය හඳුන්වන්නේ අනන්‍යතා අර්බුදය කියලයි. තව උදාහරණයක්, ශාරුක් ඛාන්ට ඒ අර්බුදය නැහැ. ඔහු දැන් රැවුල වවනවා. ඒ සුදු රැවුල තියාගෙන රඟපානවා. වයසත් එක්ක ඔහුගේ දක්ෂතාවක් තියෙනවා. විලාසිතා වෙනස් කිරීම අනන්‍යතා අර්බුදයක් නැති මිනිහෙක් කරන දෙයක්. මම තට්ටේ ගාලා ඉන්නවා කවුරුහරි දැක්කොත් මට කරන්න දෙයක් නැහැ, මට පාරේ යන්න පුළුවන්. මොකද හුඟක් තට්ටයන්ට වැඩිය මගේ ඒ අනන්‍යතාව මට හොඳයි.

 රෝයල් තැබ්‍රෝෙපන් ඇරඹුමේ අරමුණ ?

මම දොරක් ඇරලා තියෙනවා. ඒ දොරෙන් ඕනෑම කෙනකුට ඇතුළු වෙන්න පුළුවන්. එය වාරණයක් නැති තැනක්. කව්රු හරි මේ දොරෙන් ඇතුළු වෙන්නේ නැත්නම් එය ඔවුන් දා ගත් වාරණයක්. ඒ නිසා තමන්ගේ වාරණය අතහැරලා දොරෙන් ඇතුළු වෙලා බලන්න, මොනවද මම කරලා තියෙන්නේ කියලා.

ටානියා මෝසස්
ඡායාරූප-ශෙහාන් කාවින්ද

දොස්තරලාට පිස්සුද?

$
0
0
අගෝ 9, 2018 01:00

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වීමත් එයට හේතු ලෙස එතුමා කළ හෙළිදරව්වත් තුළින් මෙරට වෛද්‍ය ‍ක්ෂේත්‍රයේ කලෙක සිට පවතින අර්බුදයේ තවත් පැතිකඩක් සංවාදය සඳහා විවර විය. එනම් මෙරට වෛද්‍ය සභාව යනු කුමක්ද යන්න හා එහි කාර්යභාරය ඉටුවන්නේද යන ප්‍රශ්නයයි.

කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධාන චෝදනාවක් නම් මේ රටේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් කරන වැරදි හා නොසැලකිල්ල නිසා සිදුවන හානි පිළිබඳ වෛද්‍ය සභාවට ලැබෙන පැමිණිලි අපක්ෂපාතීව විභාග කිරීමේ යාන්ත්‍රණයක් වෛද්‍ය සභාව තුළ නැති බවයි. එම පැමිණිලි විභාග කිරීමට ඉන්නේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් බහුතරය වූ වෛද්‍ය සභාවක් බවයි.

මහාචාර්යතුමා පෙන්වා දෙන්නේ ‍ වෛද්‍ය සභාවේ සාමාජිකයන් 25න් 16 ක් වෛද්‍ය සංගමයේ නියෝජිතයින් බවය. තවත් අටදෙනෙක් එන්නේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් වශයෙනි. ඔවුන්ටද ප්‍රබල වෘත්තීය සමිති බැඳීම් ඇති බව ගුණරත්න මහතා කියයි. කොල්වින් ගුණරත්න මහතාගේ චෝදනාව නම් මෙමඟින් රෝගීන්ට යුක්තිය ඉටු නොවන බවයි.

දැන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාට පහර එල්ල කරන්නට පටන්ගෙන ඇත්තේ එතුමා සෞඛ්‍ය ඇමැතිතුමාගේ අවශ්‍යතා ඉටුකරන බව කියමිනි. ඒ සඳහා නොයෙක් කතා ‍ වෛද්‍ය සංගමය කියනු ඇත. එසේ වුවද මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ කීර්තියට හානිකිරීමට එමඟින් හැකියාව ලැබෙයිද යන්න සැක සහිතය. අනෙක් අතට මහාචාර්යතුමා මතුකරන ප්‍රශ්නයට හා ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ ද නැත.

බඩුත්, නඩුත් දොස්තරලාගේය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලයේ මහා ලොකුවට කතා කළේ ‍ වෛද්‍ය සේවයේ ප්‍රමිතිය ගැනයි. සයිටම් ආයතනය වසා දමන තැනට කටයුතු කළේ වෛද්‍ය සභාවේ අහවල් අහවල් පිළිගැනීම් නැති බව කියමිනි. බොහෝ දෙනා හිතුවේ වෛද්‍ය සභාව මේ ප්‍රමිති සකස් කරන ස්වාධීන ආයතනික ව්‍යුහයක් බවයි. කොල්වින් ගුණරත්න මහතා හෙළිදරව් කොට ඇත්තේ එහි ඉන්නේද ‍ වෛද්‍ය සංගමය බවයි. වැඩේ කරගෙන ගිහින් ති‍ෙයන්නේ බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ ක්‍රමයටය. එමඟින් අධ්‍යාපන ආයතනයක් වසා දැමුවේ ප්‍රමිතිය හදාගන්නට හෝ කිසිදු ඉඩක් නොතබාය. ඒ තක්කඩි වැඩේ කළා මදිවාට දැන් ඒ ගැන වහසිබස් දොඩන්නට තරම් ‍ වෛද්‍ය නිලධාරී සංගමය ලජ්ජා නැති තත්ත්වයට පත්ව ඇත.

‍ වෛද්‍ය සංගමය කතා කරන්නේම ප්‍රමිතිය ගැනය. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මතුකරන්නේ ප්‍රමිතිය ගැන ප්‍රධාන ප්‍රශ්නයකි. එනම් මේ සිටින වෛද්‍යවරුන්ගෙන් රෝගීන්ට ලැබෙන ප්‍රතිකාරවල ප්‍රමිතිය සහතික කිරීම ගැනය. රෝගීන්ට යුක්තිය ඉටුවන ස්වාධීන යාන්ත්‍රණයක් නොවීම ගැනය. යල් පැනගිය නීතියක් වූ වෛද්‍ය ආඥා පන‍තින් එය කළ නොහැකි බවය.

‍ වෛද්‍ය සංගමය ප්‍රමිතිය යන්න භාවිත කරන්නේ තවත් පිරිස් වෛද්‍ය සේවයට එක්වීම නවතා දැමීමට පමණකි. විදෙස් රටවලින් උපාධි ලබා එන අයට වෛද්‍ය සභාව හරහා නොයෙක් කෙනෙහිලිකම් කළෝය. ඔවුන් සඳහා වන “ඇක්ට් 16” විභාගය වෛද්‍ය සභාවෙන් කරන කාලයේ ඉන් සමත්වීම කන කැස්බෑ විය සිදුරින් පුන්සඳ දැකීමක් බඳු වී යැයි චෝදනා එල්ල විය. පසුව එම විභාගය පැවැත්වීම ගැන මැදිහත්වීමට ප්‍රතිපාදන කොමිසමට හා විභාග දෙපාර්තමේන්තුවට සිදුවිය.

ප්‍රමිතිය, ප්‍රමිතිය, ප්‍රමිතිය කියා කෑ ගසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගීන්ට ලැබෙන සේවයේ ප්‍රමිතිය ගැන කතා කරන්නේ නැත. වෙනත් රටක වෛද්‍යවරයකු ළඟට යන රෝගියකුට රෝග පරීක්ෂාවේ තොරතුරු, රෝග විනිශ්චය, එයට කරන ප්‍රතිකාර, දෙන ‍ඖෂධ, ඒ එක් එක් ඖෂධය ලබා දෙන්නේ ඇයි යන්න පමණක් නොව එම ඖෂධවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන ද පැහැදිලි විස්තරයක් ලබාදීම සිදුවෙයි. ප්‍රමිතිය තියෙන්නේ එතනය. බොහෝ රටවල එම කරුණු නීතිගතකොට ඇත. එසේ වුවද රජයේ වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යය යටතේ තිබෙන අපගේ වෛද්‍ය සභාවට මේවා ප්‍රමිති ලෙස පෙනී ගොස් නැත.

ප්‍රමිතිය මේවාට නැද්ද?

වෛද්‍ය සභාවේ හිටපු සභාපතිතුමා කියන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවල වැරදි සම්බන්ධයෙන් සෑම මසකම පැමිණිලි කිහිපයක් ලැබෙන බවයි. ඒවා ගැන විභාග නිසි ආකාරයෙන් නොකරන බවයි. එම කරුණ ගැන කළ පර්යේෂණ ගැන ද ඒ මහතා හෙළිදරව්කොට ඇත.

බොහෝ දෙනා මේ පැමිණිලි කරනවා ඇත්තේ තමන්ට හොඳින් වැටහෙන ප්‍රශ්න පිළිබඳව විය හැකිය. එසේ වුවද ඇතැම් ප්‍රශ්න ගැන ඔවුන් ද නොදන්නවා විය හැකිය. වෛද්‍යවරයකු නියම කරන ඖෂධයකින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ ප්‍රශ්නය එවැන්නකි. එවැනි අතුරු ආබාධ ඇති ඖෂධ නියම නොකළ යුතු යැයි කිව නොහැකිය. ඇතැම් රෝගයකදී භාවිත කළ යුතුම ඖෂධයක බරපතළ අතුරු ආබාධ තිබිය හැකිය. එසේ වුවද ප්‍රශ්නය වන්නේ එවැන්නක් නියම කරන විට එම අතුරු ආබාධ ගැන රෝගියා දැනුවත් කළ යුතු නැද්ද යන කාරණයයි. එබඳු ප්‍රශ්නයකින් මෙම ලියුම්කරු ද පීඩා විඳ ඇත. මෙම ලියුම්කරුට ඇතිවූ රෝගී තත්ත්වයකට හේතුව වෙනත් රෝගයකට දිගු කලක් ලබාගත් ඖෂධයක් බව ලියුම්කරු දැනගත්තේ කිසිදු වෛද්‍යවරයකුගෙන් නොවේ. ඖෂධ පිළිබඳ ග්‍රන්ථයකිනි. ඖෂධය නියම කළ වෛද්‍යවරුන් ඒ ගැන දැනුවත්ව සිටියාද යන්න පවා සැක සහිතය.

මෙරට කාන්තාවන්ට වැළඳෙන පියයුරු පිළිකා රෝගයට ලබාදෙන ඖෂධයක් නිසා ගැබ් ගෙල පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව සඳහන්ය. වෛද්‍යවරුන් කරන්නේ ඖෂධය නියමකොට ගැබ්ගෙල පිළිකා ඇතිවුවහොත් එය ඉවත් කිරීමයි. එසේ වුවද එම අතුරු ආබාධය ඇතිවීමේ හැකියාව ගැන රෝගියා දැනුවත් කිරීමක් සිදුවන්නේ නැත. මෙය වෛද්‍ය සේවයේ ප්‍රමිතියට අදාළ ද නැද්ද යන්න ප්‍රශ්නයකි.

රටක වෛද්‍ය සේවයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රධාන කාරණයක් වන්නේ ඒ රටේ භාවිතා කරන පිළිගත් ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබීමයි. එය හඳුන්වන්නේ ඖෂධ සංග්‍රහයක් වශයෙනි. රටේ ඖෂධ ලෙස පිළිගන්නේ මොනවාද යන්න එහි ඇතුළත් විය යුතුය. වරින්වර එය යාවත්කාලීන කළ යුත්තේ අලුතින් සොයාගන්නා ඖෂධ ඇතුළු කිරීමටය. ශ්‍රී ලංකාවට එවැන්නක් නැත. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට පිළිගත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කළ ඖෂධ සංග්‍රහයයි. නිදහස ලබා වසර හැත්තෑවක් ගියත්, වෛද්‍ය සභාවට එවැන්නක අවශ්‍යතාව මතු වී නැත. ඖෂධ සමාගම් ගෙනත් දාන ඕනෑම දෙයක් ඖෂධයක් කර ගැනීමට මෙරට වෛද්‍යවරුන්ට අවසර ලැබී ඇත්තේ එහෙමය. අනෙක් අතට මේ වෛද්‍යවරුන් දෙන්නේ ඖෂධ කියා කියන්නට බැරිය. ඖෂධ මොනවාද එසේ නොවන්නේ මොනවාද කියා නිල පිළිගැනීමක් රටේ නැති නිසාය.

මෙලෙස සඳහන් කළේ මාධ්‍යවේදි‍ෙයක් ලෙස කළ හැදෑරීම්වලදී මෙම ලියුම්කරුට සොයාගත හැකි වූ කරුණු ස්වල්පයක් පමණි. කෙසේ වෙතත් එයින් පෙනී යන්නේ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කප්පරක් ප්‍රශ්න තිබෙන බවය. ඒවා විසඳන්නට හෝ සොයා බලන්නට හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ට හෝ වෛද්‍ය සභාවට හෝ වුවමනාවක් තිබී නැති බවයි. ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන් කරගසා තිබෙන්නේ වෙනත් ප්‍රශ්නවලටය. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් රට බේරාගන්නටය.

රට ගොඩදමන්න හදනවිට

ආණ්ඩුව මාස දහඅටක් තිස්සේ සාකච්ඡා කරමින් පිටු දහසකට වැඩි ගිවිසුමක් සිංගප්පූරුව සමඟ අත්සන් කළේ මේ රට ආර්ථික වශයෙන් ගොඩදමන්න එක පියවරක් වශයෙනි. රජයේ වෛද්‍ය නිලධාරීන් පිට පොට ගහගෙන රෝගීන් බිල්ලට දෙන්න හදන්නේ ‍එම ගිවිසුමෙන් රට බේරා ගන්නවා කියාය. එහිදී මේ කට්ටිය කියන ඇතැම් කරුණු අහගෙන ඉන්නකොට සිතෙන්නේ මේවා සිහි බුද්ධියෙන් කරන කතා ද යනුවෙනි.

වෛද්‍ය සංගමයේ උදවිය කියන්නේ මේ රටේ රැකියා වෙළෙඳපොළ මේ ගිවිසුම මඟින් විවෘතකොට ඇති බවයි. ඒ සිංගප්පූරු ජාතිකයන්ට හා ඒ රටේ නිත්‍ය පුරවැසිභාවය හෙවත් පී. ආර්. තත්ත්වය ලබාගත් අයටයි. දැන් කියන්නේ සිංගප්පූරුවේ පී. ආර්. අරන් ඉන්දියානුවන්ටත් මෙරටට පැමිණිය හැකි බවයි. ඉන්දියානුවකුට සිංගප්පූරුවේ පී. ආර්. ලබාගත හැකි නම් එරටෙහි රස්සාව කරනවා විනා මෙහේ එන්නේ අහවල් දෙයකට ද යන්න මේ කියන උදවියට තේරෙන්නේ නැත.

අයිති නැති වැඩ

මෙය කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්සන්කොට ඇති බව තවත් කතාවකි. ඒ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඒ කිසිවකු කැබිනට් මණ්ඩලයේ නැත. කැබිනට් මණ්ඩලයේ කිසිවකු එය තම අනුමැතියකින් තොරව අත්සන් කළ බවක් කියන්නේ නැත. කැබිනට් මණ්ඩලය වෙනුවෙන් කතා කරන්නට මේ අයට ඇති අයිතිය මොකක්ද?

ජනාධිපතිතුමා ඉදිරියේ ගිවිසුම අත්සන් ක‍ළත් එතුමා ගිවිසුම ගැන දන්නේ නැති බව කීම තවත් කතාවකි. මෙයින් ඔවුන් කරන්නේ පරිණත දේශපාලනඥයකු වන රටේ ජනාධිපතිට අවමන් කිරීමකි. එතුමාට ආර්ථික විද්‍යාව ගැන විශාල දැනුමක් නැතිවිය හැකිය. එසේ වුවද මෙබඳු කරුණක් ගැන අවශ්‍ය උපදෙස් ගැනීමට තමන්ට හිතවත් ආර්ථික විශේෂඥයෝ එතුමා ළඟ සිටිති. ජාතික ආර්ථික සභාවේ ප්‍රධානියා ලෙස පත්කොට සිටින මහාචාර්ය ලලිත් සමරකෝන් ඉන් එක් අයෙකි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තවත් එවැනි විද්වතෙකි. ජනාධිපතිතුමා කිසිවක් නොවිමසා අන්ධ ලෙස මෙයට අනුමැතිය දුන්නා යැයි වෛද්‍ය සභාව කියන්නේ නම් එය අපහාසයක් වන්නේ එහෙයිනි.

මේ ආණ්ඩුව බලයට ආවේ රැකියා දසලක්ෂයක් බිහිකරන පොරොන්දුව දෙමිනි. ඒ බිහිකරන්නේ මෙරට ජනතාවටය. එය කිරීම සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, චීනය හා වෙනත් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන බව ද එජාපය 2015 සිය මැතිවරණ ප්‍රකාශනයේම සඳහන් කළේය. ඒ වැඩේ එලෙස නොකළොත් එය ආණ්ඩුවේ දේශපාලන අනාගත‍ය පිළිබඳ ප්‍රශ්නයකි. වෛද්‍ය සංගමය විශ්වාස කරන්නේ ආණ්ඩුව ඒ වැඩේ නොකර මේ රටේ තිබෙන රැකියා ටිකත් සිංගප්පූරුකාරයන්ට දෙන්න යනවා කියාය. ඒ අනුව වෛද්‍ය සංගමය හිතන්නේ ආණ්ඩුවේ ඉන්නේ පට්ට මෝඩ රැලක් කියා විය යුතුය. යම් හෙයකින් ඔවුන් එසේ සිතන්නේ නම් සත්‍යය එහි ප්‍රත්‍යක්ෂය විය යුතුය.

වෛද්‍ය සේවය විශේෂඥතාවය මත ක්‍රියාත්මක වන්නකි. රෝහලකට ගිය විට අපට එක් එක් අංශය බලන්න එකිනෙකට වෙනස් විශේෂඥවරු සිටිති. පපුවට එක්කෙනෙකි. හදවතට තව‍ කෙනෙකි. හදවත් සැත්කමට තවත් විශේෂඥයෙකි. ස්නායුවලට, නිර්වින්දනයට ආදී වශයෙන් විශේෂඥයෝ සිටිති. ඔවුන් සමහර විට අනෙක් අංශයක් ගැනත් යමක් දන්නවා විය හැකි වුවත් අනෙකාගේ ක්ෂේත්‍රයට අත දමන්නට යන්නේ නැත. එතැනදී විශේෂඥතාවයට ගරු කරන්නේ එහෙමය.

විශේෂඥයන්ට ගරු නොකිරීම

එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙරටේ අනෙක් අංශවල විශේෂඥයන්ට ගරු කරන්නේ නැත. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාවේ විශේෂඥයන්ට කන්දීමක් ඇත්තේම නැත. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සාකච්ඡා කළේත් සකස් කළේත් එබඳු විශේෂඥ කණ්ඩායමකි. එය ද සැත්කමක් තරම් සංකීර්ණ කටයුත්තකි. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේ මෙම සාකච්ඡා කරන පිරිසට ඒ සඳහා අවශ්‍ය විශේෂඥතාව හා දැනුම තිබෙන බවයි. ආණ්ඩුවත්, මැති ඇමැතිවරුනුත් කළේ ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම පමණකි. වෛද්‍ය සංගමය හිතා ඉන්නේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා‍ නැතහොත් වෙනත් ඇමැතිවරයකු හෝ පිරිසක් සිංගප්පූරුව කියන දේකට අත්සන් කළ බව ඔවුන් කියන කතාවලින් පෙනී යයි. හැමදේම ගැන පණ්ඩිතයන් ලෙස පෙනී සිටින මෙම පිරිස අනෙක් විශේෂඥයන්ගේ දැනුමට ගරු කරන්නට දන්නේ නැත. නැතහොත් වෙනත් යටි අරමුණු නිසා එසේ කරන්නේ නැත.

වෛද්‍ය සංගමයේ නායකත්වයේ සිටින පිරිස මේ කරන කියන දේ අතිශයින් අතාර්කිකය. ඒවා මහ පොළොවේ යථාර්ථය සමඟ අහලින් යන්නේවත් නැත. එසේ කරන්නේ බොහෝවිට දේශපාලන යටි අරමුණක් නිසාය.

එසේ නැත්නම් අසන්නට වන්නේ මේ දොස්තරලාට පිස්සු ද යනුවෙනි.

සී.ජේ. අමරතුංග

උඩරට නර්තන සම්ප්‍රදාය වියැකී යයිද?

$
0
0
අගෝ 9, 2018 01:00

මානව චලනයේ රිද්මයානුකූල අවස්ථාව නර්තනයයි. මෙරට දේශීය සම්ප්‍රදායක නර්තනය උඩරට පහතරට සහ සබරගමුව යනුවෙන් ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ. මෙම නර්තන අතර වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන උඩරට නර්තනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

උත්සව, චාරිත්‍ර, සැමරුම්, යාග-හෝම මෙන්ම විනෝදාස්වාදය සදහා ද නර්තනය භාවිත කළ ජනතාව එදිනෙදා ජිවිතයේදී ගොවිතැන් කටයුතු ඇතුළු ගැමි කටයුතු රැසකදී මෙම නර්තන අවස්ථා උපයෝගී කර ගනිමින් සමගිය, සහයෝගය, එකමුතුව රජයන ජීවන රටාවකට පුරුදුව සිටියහ. ලාංකීය ඉතිහාසය තුළ සංස්කෘතියේ විවිධ පරිණාමික අවස්ථාවන්හිදී විවිධ සමාජ සංස්කෘතික ආර්ථික කටයුතු අතර මෙම නර්තනය සුවිශේෂී තැනක් හිමි කරගෙන තිබේ. දළදා පෙරහරත් සමඟ සම්බන්ධ වීමෙන්ද නර්තන ශිල්පින් අභිමානයක් එදා පටන් එක් කොටගෙන ඇත.

එසේ වුවද මෙම පාරම්පරික උඩරට නර්තනයේ උරුමය දැඩි කැපවීමකින් යුතුව එම කුල පරම්පරාවන් ඉදිරියට රැගෙන ආවද නර්තනයේ එදා පැවති බොහෝ අංග අද සමාජයෙන් නැත්තට ම නැති වන තත්ත්වයට පත්ව ඇත. ඒ හා බැදුණු සිරිත් විරිත් ගිලිහී යාම ද ඒ වෙනුවට රටේ සංස්කෘතියට නොගැලපෙන දේ ආදේශ වීම ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන අපට අතුල් පහරක් වී ඇති බව වර්තමාන සමාජයේ ජන සබදතාවය සහ ක්‍රියා කලාප තුළින් මනාව පැහැදිලි වේ.

රජ දවස දිගු ඉතිහාසයකට උරුමකම් කියූ උඩරට නර්තනය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ පරිහානියට ලක් වුවද නිදහස ලැබිමත් සමඟ නැවත පණ ගැන්විණි. මෙම නැටුම් සම්ප්‍රදායට ලාංකීය අනන්‍යතාවය ද එක් කරමින් විශේෂ කුලයක් උඩරට රාජධානිය තුළ බිහි වූ අතර දළදා වහන්සේගේ තේවා කටයුතු ද බාර කෙරිණි.

පරම්පරාවෙන් පරම්පරාවට ඉතා උනන්දුවෙන් රැකගෙන ආ උඩරට නර්තන උරුමයන් නොයෙක් හේතුන් මත අභාවයට යමින් පැවතිය ද මේවා රැක ගැනීම සදහා නර්තන ආචාර්යවරුන් විසින් තමන්ට හැකි පමණ කලායතන පිහිටුවා තව දුරටත් නර්තන කලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු යොදා තිබේ. පරපුරෙන් පරපුරට එම දායාදය රැගෙන වර්තමානය තෙක් පැමිණ තිබේ. දළදා මාළිගාව සහ සතර දේවාලයන්හි වත් පිළිවෙත් හා තේවාවන් සිදු කිරීමේ දී බෙර වාදන ඇතුළු අංග මෙම පාරම්පරික ශිල්පීන්ගේ පරිහානියත් සමඟ නැති වී යන ලකුණු පහළ වී තිබේ. බොහෝ වත් පිළිවෙත් රජමහා විහාරස්ථානවල ද අනිවාර්යයෙන් සිදු කළ යුතු වුවත් ශිල්පීන්ගේ හිඟය සහ විධිමත් පුහුණු ශිල්පීන් නොමැතිකමින් ඒ පාරම්පරික සම්ප්‍රදායන් ශීඝ්‍රයෙන් සමාජයෙන් ගිලිහී යමින් පවති. විහාර දේවාල සම්ප්‍රදායන්ද කරගෙන යනු ලබන්නේ ඉතාම අල්ප වශයෙනි.

තේවා පටිගත කර පාවිච්චි කිරිම්, හේවිසි, හොරනෑ පටිගත කිරිම් වැනි කටයුතු ශීඝ්‍ර ලෙස පහසුව සඳහා සිදු වෙද්දී උරුමය ආරක්ෂා කිරීම පසෙකට තල්ලු වී ඇත. එදා ජන සමාජයේ සුවිශේෂී තැනක් හිමි කරගත් කොහොඹා කංකාරිය, අඩුක්කු මංගල්‍යය, වලියක් මංගල්‍යය, වැදි යක්කු නැටුම වැනි ශාන්තිකර්ම සමාජයෙන් නැත්තට ම නැති වී යන තත්ත්වයට පත්ව තිබේ. ජනතාව තමන්ට පමණක් නොව බව බෝගයන්ටද ආශිර්වාද පතා සිදු කළ සොකරි, සඳකිඳුරු වැනි දේද අද දැක ගැනීමටත් නොහැකි තරම්ය. මේ ක්ෂේත්‍රයන්හි ශිල්පීන්ගේ පවතින්නේ දැඩි හිඟයකි.

බෙර, දවුල් , තම්මැට්ටම් නියමාකාරයෙන් නිෂ්පාදනය කරන අයවලුන් එදා ගම් මට්ටමින් සිය වෘත්තීන් නිසි ලෙස ඉටුකර ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ සපයා දුන්න ද අද එවැනි භාණ්ඩ සකසා ගැනීමද ගැටලුවක් වී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන විශ්වවිද්‍යාල කථිකාචාරිනි ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මිය

'උඩරට නර්තනය නර්තනයන් අතර සුවිශේෂී තැනක් ගන්නවා. අපේ සංස්කෘතියට සදාචාරයට එකමුතුවට සහයෝගයට මනා රුකුලක්. සියවස් ගණනක රාජවංශයේ ඉතිහාසයකට උරුමකම් කියන උඩරට නර්තනය එම ශිල්පීන් එම පරම්පරාවලින් පරම්පරාවට බොහෝම ගෞරව අභිමානයෙන් යුතුව රැගෙන විත් තිබෙනවා. ඒ ගමනේදී නොයෙක් හේතු මත ගිලිහී ගිය තැන්, අභාවයට ගිය තැන්වල හිඩැස් පිරිමැසිය නොහැකි තරම්ය. වර්තමානයේ දළදා මාළිගාවේ සතර මහා දේවාලවල, බෙර වාදන අභාවයට යන අතර පරපුරෙන් පරපුරට පැවත ආ මේ සේවා සඳහා ශිල්පීය හිගයක් ද පවතිනවා. උඩරට නර්තනයේ විශාල ගාම්භීරත්වයක් පවතිනවා. විදේශිකයන් මේ නර්තන නැරඹීම සදහා ලොකු උනන්දුවක් දක්වනවා. විශාල සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා. ඔවුන් මහනුවරට පැමිණීමට අමතක කරන්නෑ. ඔවුන් උඩරට නර්තන පිළිබඳ ලොකු උනන්දුවක් දක්වනවා. මුදල් ගෙවලා ප්‍රමිතියෙන් තොර නර්තන බහුලව නරඹනවා. අපිට නර්තන ශිල්පී කෟතුකාගාරයක්, දත්ත බැංකුවක් සහ පුහුණු මධ්‍යස්ථානයක් අවශ්‍යයි. ඉදිරි පරපුරට මෙම ශිල්පීන් සහ ඔවුන්ගේ විස්තර දැක ගත හැකි තැනක් තිබිය යුතුයි. අපට එහෙම තැනක් නෑ. ඒ අඩුව අපට ලොකුවට දැනෙනවා.'

නර්තන ශිල්පී ටි. වයි සුමනසේකර මහතා

'උඩරට නර්තනය අපේ පාරම්පරික ශිල්පීන් පරම්පරාවෙන් පරම්පරාවට බොහෝම ආදරෙන් රැකගෙන ආවා. ඒ ශිල්ප සමඟ ජන ජිවිත තුළ ද විශාල පිබිදීමක් තිබුණා. මෙය ඉදිරියට අරන් යන පරපුරක් ඇති කළ යුතුයි. පළාත් මට්ටමින් වාර්ෂිකව කොහොඹා කංකාරියක් වැනි දෙයක් පැවැත්වීම තුළින් ජනතාවට නව ප්‍රබෝධයක් ඇති වෙනවා. බලි ශාන්තිකර්ම දැන් පරපුරේ බොහොමයක් දැකලා නෑ. අදටත් ඒ ශිල්පීන් විසිර පැතිර සිටිනවා. සිවු සැට කලා ශිල්ප, බලි, ශාන්තිකර්ම තුළින් එළි දැක්වෙනවා. පළාත තුළ රජයේ අනුග්‍රහයෙන් වසරකට වරක්වත් මේවා එළි දක්වනවා නම් ඒ පාරම්පරික කලා ශිල්පීන්ට මෙන්ට ඔවුන්ගේ පරපුරේ අයට ද ලොකු ශක්තියක්. කලායතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එම ගුරුවරුන්ට දීමනාවක් ලබා දෙන්නේ නම් ඔවුන්ද දිරිමත් වෙනවා. එමඟින් මෙම ශිල්පීන් ආරක්ෂා කෙරෙනවා.'

නර්තන ශිල්පි උපනන්ද තල්ගහගොඩ මහතා

'පාරම්පරික ශිල්පීන් මෙම ශිල්පය රැක ගන්න දැඩි වෙහෙසක් කැපවීමක් දරනවා. ආර්ථිකයත් සමඟ එම දරුවන් එම ශිල්පයට හුරු කිරීමේ අභියෝගයක් තියෙනවා. කලායතන පිහිටුවාගෙන විශාල මෙහෙයක් කිරීමට උත්සාහ ගන්නවා. බොහෝ කලායතන තියෙන්නේ නිවසට යාබදව. මේක හරිම දුෂ්කර කටයුත්තක්. අපේ මුතුන් මිත්තෝ මේ නර්තන කලාව රැකගෙන ආවා දේවත්වයෙන් ආරක්ෂා කළා. ඒ පරම්පරාවල් සමඟ ලොකු සම්බන්ධතා පැවතුණා. සාකච්ඡා කොට අඩුපාඩු සකසාගෙන අවශ්‍ය කටයුතු කළා. අද තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස්. එම පරම්පරාවලින් පැවත ආ ශිල්පි සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවී තිබෙනවා. ඊට දක්වන උනන්දුව ඒ සදහා ලැබෙන තැන, ආර්ථිකයට ලැබෙන ශක්තිය යන බොහෝ කාරණා හේතුවෙන් එම පරපුරවල්වල දරුවන් ඒ සදහා පස්සට යනවා.'

මන්තොස බණ්ඩාර තෙන්නකෝන්

'මම අවුරුදු හැට දෙකක් පෙරහරේ නටලා තියෙනවා. මම මේ උඩරට නර්තන කලාවට ගොඩාක් ආදරය කරන ගෞරව කරන කෙනෙක්. ඒ කාලේ ඇල් වතුර බිබී, උක් දඩු, විස්කෝතු කකා පයින් හැතැප්ම ගාණක් ඇවිත් අපි පෙරහරේ නැටුවා. අපි ආවෙ-ගියේ පයින්. ඒ යන අතරේ අපේ වැඩිහිටියෝ කියන රස කතා අහ අහා යනවා. අපි අතරේ ලොකු බැඳීමක්, එකමුතුකමක්, ආදරයක් තිබුණා. එම ශිල්පීය පරම්පරාවල්වල අය අදත් ඉන්නවා. බොහෝ දෙනෙක් මිය ගිහින් දරු මුණුපුරන් මේවාට සහභාගි වෙනවා. දියුණු වන ලෝකයත් සමඟ එම දරුවන් වෙන වෙන මාර්ගවලට යොමු වෙනවා. දියුණුවත් එක්ක මේ කේෂ්ත්‍රයේ දියුණුවක් නෑ. එතනදි එම පරපුරවල්වල දරුවන් අසරණ වෙනවා. මේ සදහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි. පරපුරෙන් පරපුරට ආ දැනුමෙන්, හැකියාවෙන් ලැබෙන දේ වෙන මොන දේකින්වත් ගන්න බෑ.'

කලායතනාධිපති ඒ කරුණාරත්න

'අපේ කලා ශිල්පීන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. ඇගේ හයිය තියෙනකන් කීයක් හරි හොයා ගන්නවා. අපේ පැරැණි කලා ශිල්පීන් බොහොමයක් රෝගාතුරව ඉන්නවා. ආර්ථිකය ශක්තිමත් කොටසකුත් ඉන්නවා. ඒත් දුෂ්කර ගම්මානවල එම සේවාවන්වල නියැලුණු ශිල්පීන් බොහෝ අසරණ වෙලා. මේ සදහා විධිමත් සැලැස්මක් සැකසෙනවා නම් ඉතා වටිනවා. මේ පවුල්වල අති දක්ෂතා ඇති දරුවන් සිටිනවා. තමන්ගේ මුතුන් මිත්තන්, මවුපියන් ගෙවන ජිවිත බලා මේ ශිල්පය පිළිබද ඔවුන් තුළ ඇති වන ආකල්ප එතරම් සුබවාදී නෑ. පාරම්පරික ශිල්පීන් සහ උරුමයන් ආරක්ෂා කිරීමේදී මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.'

නර්තන ශිල්පි මුල්ගුරුගේ ජෝතිරත්න

'අපි නිත්තවෙල පරම්පරාවෙන් පැවතෙන අය. නැටුම් භාණ්ඩ නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක් අපේ ගෙදර තිබුණා. අපි නියම ප්‍රමිතින්ට අනුව පරිසරයෙන් අවශ්‍ය ආම්පන්න සොයා ගෙන ඉතා උසස් තත්ත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කළා. ලියවන පට්ටලේ අදත් අපේ ගෙදර තියෙනවා. එම උපකරණ ආරක්ෂා කරගෙන තියෙනවා. උඩරට නර්තනයට උපන් හපන්කම් පෙන්වු අපේ පරම්පරාවන් නර්තනය තුළින් විශාල සේවාවක් සිදුකර තිබෙනවා. අපි මේ ශිල්පයට ගොඩාක් ආදරෙයි. වර්තමානයේ උඩරට නර්තනයේ බොහෝ අංගයන් සමාජයෙන් ගිලිහිලා ගිහින්. මේ අපේ රටේ තිබුණ වටිනා උරුමයන්. දළදා පෙරහරේ බොහෝ අංගයන් ඉදිරිපත් කළේ අපේ පරම්පරාවවල අය. අද බොහෝ අසීරුතා පවතිනවා. අපේ පරපුරුවල නිත්තවෙල ගුනයා සීයාගේ පිංතුරය රුපියල් සියයේ නෝට්ටුවෙත් යොදා තිබුණා. ඒ තරමටම නර්තන ශිල්පියා වැදගත් තැනක සිටියා. ඒ වැදගත්කම අපි ආරක්ෂා කර ගත යුතුයි.'

උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාරය සරත් අමුණුගම මහතා

'උඩරට උරුමයට අයිති පාර්ශ්ව සියල්ල සමඟ තිබෙන අඩුපාඩු සහ සිදු කළ හැකි කාර්යයන් පිළිබදව සාකච්ඡා කරමින් යනවා. මේ පිරිස්වලින් තොරව උඩරට උරුමය පිළිබඳ කතා කරන්ට බෑ. මේ පිරිස තමා ඒ උරුමයන් රැකගෙන විත් තියෙන්නේ. උඩරට නර්තනය කියන එක බැහැර කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. අතීතයේ සිටම මෙය අභිමානවත් අයුරින් පැවතුණා. ඒ පරම්පරාවල් දිවි හිමියෙන් ඒවා රැක ගත්තා. අනාගත පරපුරට රටට දායාද කරන්න ලොකු වෙහෙස මහන්සියක් ගත්තා. නමුත් දියුණු වන ලෝකයත් සමඟ එම ශිල්ප ඉදිරියට යාමට තිබෙන බාධක පිළිබඳ අපි ගැඹුරින් සිතිය යුතු වෙනවා. ආර්ථිකයත් සමඟ මේ ගමනේ ඉදිරිය දකිද්දි එම පරම්පරාවල දරුවන් පසුගාමී ස්වරූපයක් දැක්වීම පුදුමයක් නොවෙයි. ඒ සදහා තිබෙන කරුණු සොයා බලා කටයුතු කිරීම අපේ දැඩි වගකීමක්. එහි මුලික අදියර වශයෙන් අද මහනුවර දිස්ත්‍රික්කයේ සිටින උඩරට නර්තන ශිල්පින් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. උඩරට නර්තනය පිරිහී යන විට ඒ හිඩැස්වලට වෙන වෙන නොගැලපෙන දේ ඇතුළු වෙනවා. ඒක රටකට එතරම් සුබවාදී නෑ.

අපි රාජ්‍ය උඩරට නැටුම් කණ්ඩායමක් ඇති කළ යුතුයි. ඒ තුළින් දක්ෂ නර්තන ශිල්පින්ට විදේශ රටවලට සම්බන්ධ වීමේ අවස්ථාව උදා වෙනවා. ආර්ථික මට්ටමක් සකසා ගන්ට පුළුවන් වාතාවරණයක් සැකසෙනවා. ඒ වගේම මගේ අමාත්‍යාංශය යටතේ පවතින් වෘත්තිය අමාත්‍යාංශය සමඟ කලායතන සම්බන්ධ කරන්ට පුළුවන් වාතාවරණයක් සොයා බලා එම කලායතන සියල්ල ඒ යටතට ගෙන විධිමත් පිළිවෙළක් යටතේ හොද අධ්‍යාපනයක් තුළින් විධිමත් ශිල්පින් බිහි කිරීමට කටයුතු කිරීමේ අවස්ථාවක් සලකා බලනවා. එම පරම්පරාවන්වල දු දරුවන්ට තම සහජ හැකියා ඔප් නංවාගෙන එම කේෂ්ත්‍ර තුළින් ඉදිරියට යා හැකි විධිමත් වැඩ පිළිවෙළක් සකසනවා. ඒ වගේම නර්තන ශිල්පීන් සදහා කෞතුකාගාරයක් මෙන්ම දත්ත බැංකුවක්ද ඇති කිරිමට අවශ්‍ය කටයුතු කරනවා. මේ උරුමයන් රැක ගැනීමට අපේ පාරම්පරික ශිල්පීන් දක්වන උනන්දුවට, කැපවීමට ස්තූතිය පළ කළ යුතුයි.'

ශ්‍රි ලංකාවේ මූලික සංස්කෘතික අංගයක් ලෙස කැපී පෙනෙන උඩරට නර්තනය උඩරටට පමණක් නොව ලොවටම වටිනාකමක් ඇති දෙයකි. දෙදහස් පන්සිය වසරකටත් වැඩි කාලයක් ඒ පරම්පරාවලින් පැවත රැකගෙන ආ මෙම ශිල්පීය ක්ෂේත්‍රයේ දියුණුව ලෝකයත් සමඟ මන්දගාමීව පැවතීම හේතුවෙන් උඩරට නර්තනයේ හෙට දවස පිළිබඳ ඇත්තේ අවිනිශ්චිතභාවයකි. සංස්කෘතිමය, නෛතික, දේශපාලනික, ඓතිහාසික වැදගත් සමාජිය සහ භුතලයක පිහිටි කන්ද උඩරටින් උඩරට බබලවන උඩරට නර්තනය ගිලිහී යාමේ අවධානමක් පැවතීම වසා දැමිය නොහැකි හිඩැසකි. ශිල්පියෙකුට උපතින් ලබා දෙන හැකියාව ප්‍රතිභාව, බැහැරින් උකහා ගන්නා ව්‍යුප්පත්තිය, සහ නිරන්තරවම අභ්‍යාසයේ යෙදීම යන කරුණු තුන සපුරා දක්ෂ නර්තන ශිල්පියෙකු රටට දායාද කොට උඩරට නැටුම සුරැකීමට එම පරම්පරාවල වැඩිහිටියන් මෙන්ම රාජ්‍ය තන්ත්‍රයද අත්වැල් බැදගත යුතු කාලය බොහෝ පසු වී ඇති බව උඩරට නර්තනයේ වර්තමානය දෙස බැලීමෙන් පැහැදිලි වේ.

ඉන්ද්‍රාණි තෝරදෙනිය

පොහොට්ටුව ඡන්ද ගත්තේ සමෘද්ධිලාභීන් බය කරලා

$
0
0
අගෝ 10, 2018 01:00
දුමින්ද සම්පත්
වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස

වැවිලි කර්මාන්ත හා රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු, ශ්‍රී ලංකාවේ රබර් වගාවේ ගැටලු, කුඩා කර්මාන්ත කඩා වැටීම, යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරකම්, ඉදිරි පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතා අද මැති හමුවට එක්වේ.

* රාජ්‍ය අනුග්‍රහය යටතේ රබර් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් හදනවා 
* අපේ පාක්ෂිකයෝ කලකිරිලා නෑ
* 16 ක් ගියා දැන් ආණ්ඩුව නිවැරැදි වෙලා
* කටුපොල් රබර් වගාවට ලොකු අනතුරක්
* මාධ්‍ය නිදහස දුන්න නිසා අපට ප්‍රචාරය අඩුවුණා

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැතිකමෙන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැතිකමට මාරුවීමක් ලැබෙනවා ඇයි මේ හදිසි මාරුව?

මම හිටපු අමාත්‍යාංශයෙ කාර්යභාරය ගැන අගමැතිතුමත් එක්ක කතා කළා. මට කරන්න පුළුවන් විෂයපතයක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි මේ අමාත්‍යාංශය ලැබෙන්නෙ. මට ලොකු වැඩකොටසක් මේ අමාත්‍යාංශය යටතේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන්.

මේ අමාත්‍යාංශයෙ ඔබගේ කාර්යභාරය මොන වගේද?

රබර් වගාව හා ඒ ආශ්‍රිත අනෙකුත් වැඩ කටයුතු සොයා බලන්න. තීරණ ගන්න මට සම්පූර්ණ, නිදහස ලබාදුන්නා. නවීන් දිසානායක ඇමැතිතුමා ඊට අවශ්‍ය පහසුකම්, වගකීම් කිසිම බාධාවක් නොකර ලබාදීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මට කැබිනට් පේපර් දාන්න බැහැ. ඒත් අවශ්‍ය නම් ඇමැතිතුමා හරහා ඒවා ඉදිරිපත් කරලා අනුමැතිය ගන්න පුළුවන්.

අපේ ප්‍රධාන අපනයන බෝගයක් වන රබර් වගාව අනතුරක කියලත් කියනවා.

රබර් වගාවට ලොකුම අනතුර කළේ කටුපොල් වගාවෙන්. පසුගිය ආණ්ඩුව ‍කාලෙ ගත්තු කැබිනට් තීන්දුවකට අනුව තමයි ඒ වගාව කරන්නෙ. ඒක අපිට වෙනස් කරන්න බැහැ. අක්කර විසි දහසක කටුපොල් වගා කරන්න අනුමැතිය දුන්නෙ අපි නෙවෙයි. මේ වෙනකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගාව නවත්වන්න අවශ්‍ය පියවර අරගනිමින් ඉන්නෙ. පරිසර හානියකුත් කරන මේ වගාව ප්‍රවර්ධනයට අපේ ආණ්ඩුව යටතේ ඉඩ නැහැ.

රබර් කිරි එකතු කළ සමාගම් කිරි එකතුකිරීම නවතා දමා ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා?

රබර් කිරි එකතු කිරීම තවමත් කරන්නෙ පෞද්ගලික අංශයෙන් විතරයි. රජයේ මැදිහත්වීමක් ඒකට නැහැ.

මෙවැනි තත්ත්ව යටතේ රබර් වගාකරුවන් අපහසුතාවන්ට පත්වෙනවා. රබර් කිරි එකතු කරන්න රාජ්‍ය මැදිහත්වීමක් තිබුණොත් නේද හොඳ?

රබර් වෙළෙඳ පොළේ ඉන්නෙ නගරබද දෙතුන් දෙනෙක්. මේ අය එකතුවෙලා තමයි රබර් මිල තීරණය කරන්නෙ. මේ අය රබර් ගන්නෙ අඩු මිලකට. ඒ අය රබර් විකුණන්නෙ වැඩි මිලට. මේ අතරමැදියො තමයි හම්බ කළේ. ලංකාවෙ වැඩියෙන්ම රබර් තියෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයේ. කොළඹ මහනුවර පාරේ තියෙන අපේ ගොඩනැගිල්ලක රබර් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව හදනවා. අපි රබර් අරගෙන වැඩි මිලකට විකුණනවා. අමාත්‍යාංශය‍ටත් ලාභයක් ලැබෙනවා.

රබර් ආශ්‍රිත කර්මාන්තවලට අවශ්‍ය රබර් අපේ රටේ නිෂ්පාදනය කරන්න බැරි ඇයි?

ලෝකෙ රබර් නිෂ්පාදනයෙන් 0.03 යි අපි නිෂ්පාදනය කරන්නෙ. රබර් නිෂ්පාදනය කරන රටවල් 5 ක් 6 ක් වගේ තමයි තියෙන්නෙ. අපේ රටේ රබර් ආශ්‍රිත කර්මාන්තවලට මේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රබර් කිරි පිටරටින් ගෙන්වන්න වෙනවා. අපි දැන් රබර් කිරි නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නෙ. රබර් ගහෙන් එන්නෙ පිරිසිදු රබර් කිරි. ඒත් අපි නිෂ්පාදනය කරන්නෙ අපිරිසිදු රබර්. කිරිටික පොල්කට්ටට ආපුතැන ඉඳලා මේ කිරි ටිකට අපද්‍රව්‍ය එකතුවෙනවා. ඒවා නතර වුණොත් හොඳ රබර් හදන්න පුළුවන්. රබර් දුම් ගැස්සවීමත් හරියට කෙරෙන්නෙ නැහැ. ‍ෙම් හින්ද නියම ප්‍රමිතියෙන් යුතු අංක එකේ රබර් අපේ රටේ හැදෙන්නෙ නැහැ. අංක 03, අංක 04, අංක 05 රබර්වලට හොඳ මිලක් නැහැ.

රට තුළ හොඳ රබර් කිරි නිෂ්පාදනයක් ඇති කරන්න ආණ්ඩුව මොන වගේ වැඩපිළිවෙළක්ද අරගෙන ත‍ියෙන්නෙ?

අපේ ප්‍රධාන ආයතනය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව. මේ ආයතනයෙන් දැන් ඒකට අවශ්‍ය සැලැස්ම හදනවා. හොඳ රබර් පැළ අවශ්‍යයි. දැන් වගා කරන රබර් අක්කර 2.2 කින් රබර් කිලෝ ග්‍රෑම් 800 ගන්න පුළුවන්. ඉන්දියාවේ මේ භූමියෙන් රබර් කිලෝ ග්‍රෑම් 1200 ත් 1500 ත් අතර ගන්නවා. අපි තාමත් පරණ රබර් ගස් කපනවා. ඒවයෙ ‍ෙහාඳ කිරි නිෂ්පාදනයක් නැහැ. ගොවියාට ආර්ථික අවාසියක් නොවන විදියට මේ පරණ ගස් ටික ඉවත්කරලා අලුත් රබර් වගාවකට යන්න ඕන. ඒ සැලසුම් දැන් අපි පටන් අරන් තියෙන්නේ.

තරුණ පරම්පරාව රබර් වගාවට යොමුකරලා ඒ අයගෙ ආර්ථිකය ‍ෙගාඩනගන වැඩපිළිවෙළකුත් හැම දිස්ත්‍රික්කයකම පටන් අරගෙන තියෙනවා. ලෝකයේ නව තාක්ෂණය වගාකරුවන්ට හඳුන්වා දෙන්න ඕන. ලංකාවේ රවර් වගාව දියුණු කරන්න චීනය කැමැත්ත පළ කළා. චීන ආධාර යටතේ උතුරු නැගෙනහිර රබර් වගාව ව්‍යාප්ත කරන්න වැඩසටහනක් හදනවා.

උතුරු නැගෙනහිර රබර් වගාව ව්‍යාප්ත කිරීම ඵලදායි ව්‍යාපෘතියක් වෙයි කියලා හිතනවාද?

මොනරාගල රබර්වලට හොඳ නැහැ කියලා මතයක් තිබුණා. ඒත් දැන් හොඳම රබර් වගාව තියෙන්නෙ මොනරාගල. අක්කර 6000 ක් මොණරාගල තියෙනවා. ඒකට මුදල් දුන්නෙ එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම අරමුදලෙන්. මේ අවුරුද්දෙ අපේ ඉලක්කය මොනරාගල රබර් අක්කර දස දහසෙ ඉලක්කයට යන්න. උතුරු නැගෙනහිර රබර්වලට හොඳ පරිසරයක් තියෙන බව හොයාගෙන තියෙනවා.

රබර් වගාව දියුණු කරන්න මේ කර්මාන්තය ආශ්‍රිත ප්‍රජාවට පහසුකම් ලබාදිය යුතු බව කියනවාද?

ඒක ඇත්ත. කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොට්ඨාසයට රබර් ගැන දැනුවත් කිරීමේ වැඩමුළු පටන් ගත්තා. රබර් කිරි කපන, ඒවායෙන් යැපෙන අය මේ වැඩමුළුවලට එනවා. රබර් කපන පිහි, කිරි හැලෙන්න නැති බාල්දි, රබර් තැටි, අලවංගු, උදැල්ල, මුල්ලුව වැසි ආවරණ ලබා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. පළමු අදියර හැටියට 5000 කට දෙනවා. ඒකෙ ප්‍රගතිය බලල තවත් 5000 කට මේ භාණ්ඩ කට්ටලය දෙනවා.

රබර් වගාකරුවන් කියන්නෙ රබර් පර්යේෂණායතනයෙන් ඔවුන්ට නිසි මඟපෙන්වීමක් ලැබෙන්නෙ නැහැ කියලයි?

එහෙම චෝදනා ඇවිත් තිබුණා. ඒ ගැන අපි සාකච්ඡා වට කීපයක් තිබ්බා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, තුරුසවිය අරමුදල, රබර් ලේකම් කාර්යාලය සහ රබර් පර්යේෂණ ආයතනය. සමහර ආයතනවල නිලධාරි හිඟයක් තියෙනවා. රබර් ලේකම් කාර්යාලයටම ඉන්නෙ එක නිලධාරියයි. රබර් මිල වැඩිකරලා දුන්නොත් රබර් වගාකරුවන්ටත් ඒ ආශ්‍රිත අනෙක් ජනතාවටත් ගොඩක් ප්‍රශ්න අඩුවෙයි.

කුඩා කර්මාන්ත බිඳ වැටෙන බව ඔබ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කිව්වා. ආණ්ඩුවේ හිටපු කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා හැටියට ඔබේ ඒ ප්‍රකාශය බරපතළයි නේද?

මම ඇත්තනෙ කිව්වේ.

ඒකට පදනම මොකක්ද?

බීඩි කර්මාන්තකරුවන්ගේ බීඩි සංගමයක් තියෙනවා. බීඩි කර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපාරිකයෝ 600 ක් පමණ ඉන්නවා. ඒ අයගෙන් පඩි ලබන කම්කරුවෝ ලක්ෂ 7 ක් ඉන්නවා. ලක්ෂ 7 න් යැපෙන අය ලක්ෂ 15 ක් පමණ ඉන්නවා. කර්මාන්ත ගැන කතාකරනකොට බීඩි කර්මාන්තය ගැන මගෙන් ඇහුවා. මම කිව්ව එදා පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්නය ඇත්ත කියලා. එදා රත්තරන් පවුමක ගාන අද බීඩිකොළ කිලෝවකට යනවා රුපියල් 5400 ක්. ඉන්දියාවෙන් බීඩි කොළ ගේන අය රෙදි සමඟ හොරෙන් බීඩි කොළ ගෙනාවා. අල, ලූනු, මිරිස් එක්ක බීඩි කොළ ගේනවා.

ආණ්ඩුව මේ වෙනුවෙන් මොකද කළේ?

බීඩි කොළ කිලෝ එකක බදු අඩු කළා. අපි මේ ගැන මුදල් ඇමැතිතුමා එක්ක කතා කළා. දැන් අපිට සහනයක් ලැබුණා.

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙනවා. ආණ්ඩුව තියෙද්දිත් මැතිවරණය ජයගන්න බැරිවුණේ ඇයි?

මේ රටේ බහුතර ඡන්ද දායකයන් වෙන්නෙ සමෘද්ධිලාභීන්. සමෘද්ධියේ නිලධාරින් කොළඹට ගෙන්නල මහින්ද රාජපක්ෂ මහත්තය රැස්වීමක් තිබ්බා. පොහොට්ටුවට ඡන්දෙ දුන්නැත්නම් සමෘද්ධිය කපනවා කියලා මිනිස්සු දැනුවත් කරන්න කියලා මේ නිලධාරින්ට කිව්වා. ඒ නිලධාරින් ඒ වැඩේ කළා. ජනතාව පොහොට්ටුවට ඡන්දෙ දුන්නා. ඕක තමයි ඇත්ත. හිටපු ඇමැතිලා ටිකත් ආණ්ඩුවේ ඉඳල ඒ පැත්තටම ගියා. ඕකයි තත්ත්වෙ.

සමෘද්ධි අමාත්‍යාංශය තිබුණෙ ආණ්ඩුවෙ ඇමැතිවරයෙක් යටතේ. එවැනි අවස්ථාවක විපක්ෂයට ඔබ ඔය කියපු කාර්යය කරන්න පුළුවන්ද?

ඇමැතිවරයත් ඒකට සම්බන්ධ නම්?

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කලකිරීම නෙවෙයිද ආණ්ඩුවෙ පරාජයට හේතුව?

අපි ජයග්‍රහණය කරලා තිබුණෙ. ඔය වෙනස වුණේ දවස් හතරෙන්. අපේ පාක්ෂිකයෝ කලකිරිලා නැහැ.

යහපාලන ආණ්ඩුව කරන වැඩ ගැන ජනතාව දැනුවත් වෙන්නෙ නැහැ කියලා ආණ්ඩුවෙන්ම චෝදනාවක් තියෙනවා?

රූපවාහිනිය, පත්තරවලින් අපේ සංවර්ධන වැඩ ගැන හරියට තොරතුරු දෙන්නෙ නැහැ. අපි මාධ්‍යයට වැඩියෙන් නිදහස දුන්නා. ඒ හින්ද අපිට ප්‍රචාරය අඩුවුණා.

ඉදිරියේ පළාත් සභා මැතිවරණයක් එනවා. මේ මැතිවරණය ගැන ඔබ මොකද කියන්නෙ?

අපි ඡන්දවලට බය නැහැ. පළාත් සභා අපිට ලේසියෙන් දිනන්න පුළුවන්. දැන් ආණ්ඩුව හරියට වැඩ කරන්න පටන් අරන්. ගම්පෙරළිය වැඩසටහනෙන් ජනතාවගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා. කුඩා ව්‍යාපාරිකයන්ට ඉතාම පහසු ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් දෙනවා. වැව් දහසයි ගම් දහසයි සංවර්ධනය වෙනකොට මිනිස්සු අපි එක්ක එකතු වෙයි. දැන් ආණ්ඩුවෙ ප්‍රශ්න ගොඩක් අඩුවෙලා.

යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු රැසක් දුන්නා. ඒ ‍ෙපාරොන්දු සමහරක් තවමත් ඉටුකරන්න බැරිවෙලා?

ආණ්ඩුව හදලා මැති ඇමැතිකම් දීලා ආණ්ඩුව ගෙනියනකොට ඒ ආණ්ඩුවෙම මැති ඇමැතිකම් ගත්තු අය රජයට විරුද්ධව කුමන්ත්‍රණ කරනවනම් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි රට පාලනය කරන්න බැහැ. මෙච්චරකල් වුණේ ඕක. දැන් ඒක නිවැරැදි වෙලා. 16 ක් ගියා දැන් ආණ්ඩුව නිවැරදි වෙලා. ගම්පෙරළිය වැඩසටහන එහෙම ආවෙ ඒකයි.

ඉදිරි ජනාධිපතිවරණය ගැන මොකද කියන්නේ?

අපේ පක්ෂයෙන් එන ඕන කෙනෙකුට අපි සහාය දෙනවා.

ආයෙත් පොදු අපේක්ෂකයෙක් ගැනත් කතා වෙනවා?

කතාබහ විතරයි. අපේ පක්ෂයේ නායකයෙක් ඉන්නවා නායකතුමා ගන්න තීන්දුව තමයි තීන්දුව.

ඡායාරූප-සාරංග ප්‍රභාත්

ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්

$
0
0
අගෝ 10, 2018 01:00

* ජනාධිපතිගේ පියා යුද්දෙට ගිය හැටි
* අන්තර්ජාලයට ගිය අගමැතිගේ හාදුව
* ගිය ආණ්ඩුවට කඩේ ගියාට මේ ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප්
* උද්ඝෝෂණ මගහැර බැසිල් පිටරට

පසුගිය සතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන පෙරළියක් ඇතිවූ සතියක් වුණා. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පැවරීම මෙම දින තුනේ දී සිදුවුණා. පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර, ක්‍රීඩාංගණ, රෝහල් වාට්ටු, ශල්‍යාගාර, වකුගඩු රෝගීන් සඳහා පහසුකම්, රජයේ ගොඩනැගිලි ආදී විවිධ ආකාරයේ ව්‍යාපෘති මේ අතර වනවා. ජනාධිපතිවරයා එහි දී කීවේ මෙම සංවර්ධනය රට පුරා එක ලෙස කරගෙන යාමට ක්‍රියා කරන බවයි.

පොළොන්නරුවේ ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති අතර මනම්පිටිය නගරයේ ඉදිකෙරෙන හෙළ බොජුන් හළ සුවිශේෂී ගණයේ ව්‍යාපෘතියක් වුණා. හෙළ බොජුන් ප්‍රචලිත කිරීමට ඉදිකරන මෙහි සංවර්ධන කටයුතු ද ජනාධිපතිතුමා අතින් විවෘත වුණා.

එහි දී කතාකළ ජනාධිපතිතුමා අතීත මතක ගණනාවක් ආවර්ජනය කළා. තමාගේ පියා ගොවියකු පමණක් නොව දෙවන ලෝක යුද්ධයේ සටන් කළ යුද සෙබළකු බව ද ජනාධිපතිතුමා කීවා. තම තරුණ කාලයේ ගමේ ප්‍රශ්න ගැන ලියාගෙන තරුණයන් සමඟ මින්නේරියට ගොස් සී. පී. ද සිල්වා ඇමැතිවරයා හමුවූ ආකාරයද ජනාධිපතිතුමා විස්තර කළා. කොළඹ සිට සුදුපාට බෙන්ස් රථයකින් එන ඇමැතිවරයා නිවස තුළට ගොස් පැය භාගයකින් පමණ එළියට විත් තමන් සමඟ කතාබහ කරන ආකාරයත්, පොළොන්නරුව සංවර්ධනයට එතුමා කළ සේවයත් ගැන ජනාධිපතිතුමා කීවා.

ලිප්ටන් වටරවුමේ පැවැති උද්ඝෝෂණය ගැන කතාකළ ජනාධිපතිතුමා, එහි අලුත් සටන්පාඨ නැති බවත්, රට බෙදන්න එපා, පාවාදෙන්න එපා කියා පැරණි සටන්පාඨ කියන බවත්, නමුත් විදුලි පුටුව, ජාත්‍යන්තර උසාවි, විදේශීය විනිශ්චයකාරවරුන් ආදී තර්ජනවලින් රට බේරාගත්තේ තමා හා තම රජය බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

තිරසර සංවර්ධනයකට රට යොමුකිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛතාවය දී ක්‍රියාත්මක කරන වැඩසටහනක්. එම වැඩපිළිවෙළ සැකසීම සඳහා මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලයකට භාර දී තිබෙනවා. ඔවුන් විසින් මහජන සාකච්ඡාව සඳහා සකස් කළ ජාතික තිරසර කථිකාව එළිදැක්වීමේ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්වුණා. ජාතියේ හෙට දවස වෙනුවෙන්‍ තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට තමන් හා එක්වන ලෙස ජනාධිපතිතුමා එහි දී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියා.

ආණ්ඩුව කාගේද? පක්ෂය කුමක් ද? යන්න ප්‍රශ්නයක් කර නොගෙන රටේ අනාගතය පිළිබඳ අභියෝග සියලුදෙනා විසින් භාරගත යුතු බවත්, තිරසර සංවර්ධන ඉලක්ක සාර්ථක කිරීම යනු රටේ සමෘද්ධිය ඇතිවීම බවත් ජනාධිපතිතුමා පැහැදිලි කළා.

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ද පසුගියදා පවත්වන ලද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. පසුගිය වසරේ විවිධ ‍ක්ෂේත්‍රවලින් දස්කම් දැක්වූ සිසුවියන්ට ත්‍යාග ප්‍රධානය ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

එහි දී කතාකරමින් ජනාධිපතිතුමා කීවේ සිසු පරපුරට මුහුණ දීමට බලවත් සතුරකු දැන් සිටින බවයි. එම සතුරා නම් මත් වුවදුර බවත් සිසු පරපුර මෙම සතුරා විසින් බිලිගනු ලැබීමට එරෙහිව බලවත් සටනක් කිරීමට සිදුව ඇති බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පසුගිය සති අන්තයේ විශේෂ ආගමික කටයුත්තකට ඉන්දියාවට ගිය අගමැති හා බිරිය මෛත්‍රී චෙන්නායි සිට තිරුපති කෝවිල දක්වා ගියේ ඉන්දීය රජය සූදානම් කළ විශේෂ හෙලිකොප්ටරයකින්. පූජාව නිම කළ අගමැතිවරයා වහාම යළි චෙන්නායි වෙත පැමිණ කොළඹට ළඟා වූයේ එදින රාත්‍රියේ තිබූ සරසවි සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විමටයි.

එහි දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ඉන්දීය නිළියක් වන පූජා උමාශංකර් ට සමිමානය ලබා දුන්නේ අගමැති අතින්.

“මම ආසයි ඔබතුමාට හග් එකක් දෙන්න” පූජා ඇසුවා.

“ ඔබේ ආසාවට මම බාධා කරන්නනේ නෑ. මම ඒක තවත් ධෛර්යමත් කරනවා” අගමැති කීවේ සිනාසෙමින්.

පූජාගෙන් උණ්සුම් හාද්දක් ලැබූ අගමැතිවරයා පෙරළා ඇයටද ඊටත් වඩා උණුසුම් හාද්දක් දුන්නේ කාගේත් දැවැන්ත අත්පොළසන් හඩ මධ්‍යයේයි. එම උණුසුම් හාදු හුවමාරුව පසුගිය සතියේ සමාජ ජාලාවල උණුසුම්ම පුවත බවට පත් වුණා.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා පාර්ලිමේන්තු යන විට විශාල මැති ඇමතිවරු පිරිසක් අගමැති කාර්යාලයේ රැස්ව සිටියා.

“ සාපරාධි කරුණුවල දී අන්‍යෝන්‍ය සහයෝගිතා පනතට ඡන්දය දෙන්න සියලු දෙනා උනන්දු විය යුතුයි කියල තියෙද් දී අපේ සමහරු ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නොසිටීම ලොකු වැරැද්දක්. ලක්ෂ්මන් සූක්ෂමව කල් ගත්තෙ නැත්නම් පනත පරාද වෙනවා. ආණ්ඩුව බේරා ගැනීම ගැන ස්තූතියි. ” අගමැතිවරයා කිරිඇල්ලට ස්තූති කළා.

“දින 100 ආණ්ඩුවේදිත් මුදල් පනතක් ආණ්ඩුව පරාද වෙන්න යනකොට කිරිඇල්ල ඇමතිතුමා විපක්ෂයේ වාඩි වෙලා හිටපු දෙමළ මන්ත්‍රීලා 03 කට අතින් සංඥා කරල නැගිට්ටවලා ආණ්ඩුවට ඡන්දය අරන් එදත් ආණ්ඩුව බේරාගත්තා. පෙරේදා එතුමා යළිත් ආණ්ඩුව බේරාගත්තා ” සජිත් ප්‍රේමදාසද කතා කළේද කිරිඇල්ලට ස්තූති කරමින්.

“පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ පඩි වැඩි කිරීමට විරුද්ධව එජාපය තීන්දු කිරීම වටිනවා නැත්නම් මිනිස්සු අපේ ඔළුව කාවි. ” නවීන් දිසානායක කීවේ සිනා මැදයි.

“ඔය ප්‍රශ්නය ගැඹුරින් බලන්න වෙනවා.2006 දී මහින්ද රාජපක්ෂ රජය ජෙයරාජ් හරහා පනතක් සම්මත කළා. විනිශ්චයකාරයන්ගේ පඩි වැඩිවෙන කොට මැති ඇමැති පඩිත් වැඩි විය යුතු බව පක්ෂ නායක රැස්වීමේ දී මතු වුණාම සියලු පක්ෂවල නායකයො ඊට එකග වුණා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ඒත් ජනාධිපතිතුමාගේ වැටුප 95, 000 ක් වෙද්දි මන්ත්‍රීලට ලක්ෂ හතරක් බව එතුමා කිව්වේ මොන පදනමින්ද ” චමින්ද විජේසිරි ප්‍රශ්න කළා.

“ ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීල ගැටලු ඉදිරිපත් කරන්නෙ සභානායක ලෙස මටයි.මන්ත්‍රී වැටුප රුපියල් 54, 000 යි. වරාය කම්කරුවෙකුත් ලක්ෂයක් විතර ගන්නවා. මන්ත්‍රීලගෙ වැටුප ලක්ෂ ගණන් කියල කියන්නේ ලබා දෙන වාහනය ඉන්ධන කාර්යාල හා සේවක වැටුප් ඔක්කොම එකතු කරලයි. මන්ත්‍රීලට වාහන කාල ඉන්ධන බීල කාර්යාල ඩෙසර්ට් එකට ගන්න බෑ. රුපියල් 54, 000 න් මළ ගෙවල් මගුල් ගෙවල්වලටත් දෙන්න වෙනවා. ආසියාවේ අඩුම වැටුප ලංකාවෙයි. සිංගප්පූරුවෙ මන්ත්‍රී කෙනෙකුට රු.කෝටි 10 ක් ලැබෙනවා.ඒ නිසා මන්ත්‍රීලගෙ වැටුප් ගැන යථාර්ථවාදීව හිතන්න ජනමාධ්‍ය ඇතුළු කාටත් වගකීමක් තියෙනවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් එකගත්වය පළවුණා.

“ ගිය සතියේ දොස්තරලා. මේ සතියේ දුම්රිය වර්ජනය කරනවා. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩි බවයි මිනිස්සු කියන්නේ” වජිර අබේවර්ධන කීවා.

“ගිය පාර O/L විභාගෙට මේ පාර A/L විභාගෙ ඉලක්ක කරල මේ වර්ජන එන්නේ. වර්ජන කරන අයටයි අවාසි. ජනතාව කැලඹිලා වර්ජකයන්ට ගැහුවා. බස් දාල විභාග ළමයි අදින්න පුළුවන්. දුම්රිය පඩි වැඩි කළොත් තව විශාල ආයතන ගණනක පඩි වැඩි කරන්න වෙනවා. රට ගොඩ ගන්නකම් රට ගැන හිතල ක්‍රියා කිරීමේ වගකිමක් කාටත් තියෙනවා. ” අගමැති කීවා.

“අද දුම්රියට ජනතාව එල්ල කළ පහරදීම හෙට දොස්තරලටයි. දොස්තරලා දැන් දවසක් ඇර දවසක් වර්ජන කරන්න එනවා” චමින්ද විජේසිරි කීවා..

“අර සංඝ පනත ගෙන ඒමේ අලුත් තත්ත්වය මොකද්ද ! ප්‍රශ්න ඇතිවෙන ඒවාට අත ගහන්න නරකයි ” දයා ගමගේ කීවා.

“ඒ පනතට අදාළ කෙටුම්පත දැන් මහනාහිමිවරුන් අත තියෙන්නේ. උන්වහන්සේලයි අවසන් තීන්දුව ගන්න ඕන. ” විජයදාස රාජපක්ෂ උත්තර දුන්නා.

“මල්වත්තේ සහ අස්ගිරි මහනාහිමිවරු මේකට අත්සන් කළාට ඒ සංඝ සභා මේකට කැමති නැහැ. එදා රජවරු හදපු නීති ප්‍රමාණවත්. මේ පාර්ලිමේන්තුව අලුත් නීති ගේන්න ඕනේ නෑ. භික්ෂු විනය ගැන භික්ෂුන්ම බලා ගත යුතුයි කියන තැනයි උන්වහන්සේල ඉන්නේ ” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළා.

“ සජිත්ගේ නිවාස පනත ඒකමතිකව සම්මත වුණා. ගෙවල් හදනවට විරුද්ධ වෙන්න පුළුවන් කාටද” විජයදාස රාජපක්ෂ කීවා.

“වාහන බද්ද ඉහළ දැම්මේ තාවකාලිකවයි. අපේ විදේශ විනිමය ගිය වසරවලට වඩා තුන් ගුණයක් කුඩා කාර්වලටවලට වැය වෙලා. තෙල් මිලත් වැඩිවුණාම හිර වෙනවා. ඒත් මේ කාර් බද්ද පුළුවන් ඉක්මනින් අයින් කරන්න කියල මම මංගලට කිව්වා ” අගමැති පැහැදිලි කළා.

“ ගම්පෙරළියට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමා ඉවත දැම්මා කියන්නෙ ඇත්තද” චමින්ද විජේසිරි ඇහුවා.

“ නෑ. පවතින සුළු ගැටලු නිරාකරණය කරනතෙක් කල් තිබ්බා. මේ ගැන නිර්දේශ දෙන්න අමාත්‍යංශ ලේකම්ලගෙ කමිටුවක් පත් කළා. ඒ කමිටු නිර්දේශ හා මන්ත්‍රීලගෙ අදහස් මුලින්ම ගලපගන්න කියලයි කියවුණේ. මන්ත්‍රීලට වාහන දෙනවට වඩා ඉන්ධන දෙන එක හොදයි කියලත් කියවුණා. ” නවීන් දිසානායක කීවා.

“ නුවර අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටසේ වැඩ තව ඉක්මන් කරල ලබන වසරේ විවෘත කළාම නුවර යන්න අලුත් පාරක් බිහිවෙනවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ නුවර අධිවේගයේ මැද කොටස හා මාතර බෙලි අත්ත දකුණු අධිවේගයේ දිගුවක් ලබන වසරේ විවෘත කරනවා. ” අගමැති කීවා.

“ ආණ්ඩුව නව ව්‍යවස්ථාව ගේන්නෙ රාජපක්ෂලට ආපහු රටේ තනතුරු හොබවන්න බැරි වෙන ලෙස බව ජී.එල්.කියල තිබුණා. රට බෙදන ව්‍යවස්ථා ගේන්න හැදූ බවට චෝදනා ලැබු එතුමා නොදැකපු ව්‍යවස්ථාවක් ගැන හුඹස් බියක් රට පුරා පැතිරවීම ගැන ජනතාව පුදුම වෙනවා. ” විජයදාස රාජපක්ෂ කීවේ සිනාමැදයි.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 101 වැනි උදා ගම්මානය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ කරතුරෙයිපත්තු හි “සෙල්වම්පුරම්” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛකලනාදන්, දොස්තර එස්. සිවමෝහන්, ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වුණා. විජිත ගමගේ - නිවාස අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කළමනාකාරවරයාගේ මඟපෙන්වීම මත විශේෂ අමුත්තන් පිරිස සජිත් සමඟ ගම්මානයේ නිවසින් නිවසට ඇවිද යමින් සිටිය දී එක් තැනක දී ඔහු කීවේ “මේ තමයි මයිකල් මහත්තයාගේ ගෙදර” කියායි. ඒ වන විටත් ‘මයිකල් මහත්තයා’ දෙපා ආධාරකවලින් එළියට පැමිණෙමින් සිටියා. සජිත් ඔහු වැලඳගනිමින් කීවේ “ඔන්න මම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කළා” කියායි. “මගේ තාත්තා මෙතන හදල තිබුණ ගම්මානේ බලන්න මම මීට අවුරුදු 2කට කලින් ආපු දවසේ යුද්දෙන් විනාශ වුණු මේ ගෙවල් දොරවල් නැවත හදල දෙන්න කියලා මයිකල් මහත්තයා මගෙන් ඉල්ලීමක් කළා මතකද?” සජිත් දෙටු පුරවැසියාගේ මතකය අවදි කළා. දෑස් සතුටු කඳුළින් පිරුණු මයිකල් මහත්තයා කීවේ “දුප්පත් අපට ගමක් හදල දීපු තාත්තගේ පුතාත් තමන්ගේ වචනය ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරපු එක ගැන අපට හරි සංතෝෂයි” කියායි. “මගේ තාත්තා විවෘත කරපු සමරු ඵලකය යුද්ධ කාලයේ දී විනාශ නොවෙන විදියට පොළොව යට වළලා හංගලා තියලා එදා ඔයා මට භාර දුන්නා. මම ඒකත් සිහිවටනයක් හැටියට අලුත් සමරු ඵලකය ළඟින්ම සවි කෙරෙව්වා” සජිත් කීවා. කාදර් මස්තාන් නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී සගයන්ට සජිත් කීවේ “ඔයාලගේ ප්‍රදේශවලත් මේ වගේ විනාශ වුණු ගම්මාන ඇත්නම් මාව දැනුවත් කරන්න. ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදාට කලින් හැදෙන ගම්මාන 2, 500ට මුලතිව් දිස්ත්‍රික්කයෙනුත් ගම්මාන එකතු කරමු” කියායි.

බ්‍රහස්පතින්දා කෑගල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ දී දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හමු වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයත්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා.

කෑගල්ල විවෘත කිරීම්වලින් පසු සීතාවක හා පාදුක්කේ නිල සෙවණ කාර්යාල රැසක් විවෘත කළ වජිර අබේවර්ධන අමාත්‍යවරයා ඉරිදා අනුරාධපුරයේ නිල සෙවණ කාර්යාල විවෘත කිරීම් සඳහා සහභාගී වූයේ පී. හැරිසන් අමාත්‍යවරයා ද සමගින්.

අනුරාධපුරයේ අවසන් නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ කටයුතු අවසන්වන විට රාත්‍රී 10.00 පසුවී තිබුණා. අනුරාධපුරයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංචාරක බංගලාවේ රාත්‍රී ආහාරය ගත් අමාත්‍යවරයාට ''අද රෑ අනුරාධපුරයේ නැවතිලා යමු ඇමතිතුමා "යැයි හැරිසන් අමාත්‍යවරයා ආරාධනා කළ ද වජිර අබ්වර්ධන ඊට එකඟ වූණේ නෑ.

'මම හෙට උදේම ගාල්ලේ ඉන්න ඕනෑ. දැන් කොළඹ ගිහිල්ලාවත් නිදාගන්න වෙන්නේ නෑ. ඉක්මනටම ගාලු යන්න වෙනවා."ඇමතිවජිර මහ රාත්‍රියේ කොළඹ පැමිණියේ එසේ අනුරාධපුරයෙන් සමුගනිමින්.

සඳුදා උදෑසන ගාල්ල බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවණ කාර්යාල පහක් විවෘත කිරීමට වජිර ඇමතිවරයා එක්වුණා. නිල සෙවණ කාර්යාල පහක් සඳහා වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දී තිබූ මුදල රුපියල් කෝටියක්. එහි දී ඇමතිවරයා සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳ කතා කළා

''සමෘද්ධි නිලධාරීන් කලින් ආණ්ඩුව වෙනුවෙන් වැඩ කළා. අපේ පක්ෂයට සහාය දීපු අය සමෘද්ධිය ලැබීමට සුදුසුකම් තිබිය දී සමෘද්ධිය නැතිව ඉන්නවා. සමෘද්ධි අය වැඩ කරපු විදියට ගමේ ගොඩේ කියන්නේ ආණ්ඩුවට කඩේ යනවා කියා. නමුත් එයාලට විශ්‍රාම වැටුපක්වත් නෑ. ගමේ ඉන්න අනිත් ක්ෂේත්‍ර නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ලැබෙනවා. මේ අයට නෑ. කලින් ආණ්ඩුවෙන් පත් කරලා ඒ ආණ්ඩුව වෙනුවෙන් වැඩ කරපු අයගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විස දන්නත් දැන් සිදුවෙලා තියෙන්නේ අපේ ආණ්ඩුවට. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් හැරිසන් ඇමතිතුමාත් මේ ගැන අවශ්‍ය කටයුතු කරගෙන යනවා. හැරිසන් ඇමතිතුමා සමඟ මම ඊයේ අනුරාධපුරයේ නිල සෙවණ විවෘත කිරීම් කරද් දී එතුමා මා සමඟ මේ ගැන කීවා.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තික සංගම් සංවිධානය ( ඕපීඒ) විසින් 20වැනි සංශෝධනය සම්බන්ධයෙන් සංවිධානය කළ විශේෂ සංවාදයක් එම සංගම් මූලස්ථානයේ දී පසුගිය 07වෙනිදා පැවැත්වුණා. එම සංවාදයට නීතීඥ ප්‍රතිභා මහානාම, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහභාගී වූණා. 20වැනි සංශෝධනයත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවත් එහි දී දීර්ඝ සංවාදයක් කෙරුණා. 20 වැනි සංශෝධනය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද අතර අනෙකුත් කථිකයින් විසින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු දැක්වීම් සිදු කෙරුණා. මෙම සංවාදයට සහභාගි වී සිටියේ විවිධ වෘත්තීන් නියෝජනය කරමින් පිහිටුවා ඇති විද්වත් වෘත්තික සංවිධානවල නියෝජිතයන් පිරිසක්. සංවාදය අවසානයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැති අතර පැමිණ සිටි කිහිප දෙනෙක් විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ සුහද කතාබහක නිරත වූණා. "ඇත්තටම මන්ත්‍රීතුමා 20 ගැන සමාජයේ තියෙන්නේ වැරදි මතයක්. සමහරු මේක ගැන හරියටම දන්නේ නැහැ. සමහරු ප්‍රචාරය කරපු බොරු මත ඔළුවේ දාගෙන ඉන්නේ. අපිත් අද තමයි හරියටම අඩංගුව ගැන දැනගත්තේ"වෛද්‍යවරයෙක් පැවසුවා.

"20 ගැන සමාජයේ තියෙන වැරදි මතය ඉවත් කරන්න ඔබතුමාලා වැඩිපුර මැදිහත් වුණොත් හොඳයි. හොඳ දෙයක් කරන්න ගියාම බාධා වැඩියි. ඒත් රටේ මිනිස්සු මේ ඇත්ත තත්ත්වය දැනගන්න ඕනෑ"නීතිඥයෙක් කීවා.

"20 ගැන බිල්ලෝ මවන අය අඩංගුව ගැන කතා කරන්නේ නැහැ තමයි. අඩංගුව ගැන කතා කරන්න දෙයක් ඒ අයට නැහැ. මොකද මේක විධායක ජනාධිපති ක්‍රමය ගැන මිසක් රටේ ස්වෛරීභාවයටවත්, රට බෙදීම ගැනවත් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඔය හැම නායකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වෙලා තියෙනවා.” විජිත හේරත් කියා සිටියා"

ජවිපෙ මධ්‍යමකාරක සභාවේ තීරණයක් අනුව ක්ෂෙත්‍ර කිහිපයක් සඳහා කඩිනම් මැදිහත් වීම් සිදුකිරීමට කමිටු පත්කර තිබෙනවා. මේ අනුව කෘෂිකර්ම ක්ෂෙත්‍රය, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි ක්ෂෙත්‍රවල පැන නගින එදිනෙදා ගැටලූ පිළිබඳව සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්ෂණික විසඳුම් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකරවීම සඳහාත් මෙම කමිටු මැදිහත් වනු ඇති. ඒ අනුව අධ්‍යාපනය ක්ෂෙත්‍රය සඳහා පත්කළ කමිටුව පසුගිය සතියේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී රැස්වුණා. ඒ සඳහා දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක, මධ්‍යමකාරක සභික හා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් හා ශ්‍රේණිධාරී විදුහල්පති ශාන්ත පද්මකුමාර, හිටපු පළාත් සභා මන්ත්‍රී ගමගෙදර දිසානායක යන සහභාගී වී සිටියා. ”ළමා අපචාර දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. එයින් විශාල ලෙස පීඩාවට පත්වෙන්නේ පාසල් ළමයින්. ඒ නිසා මේ පිළිබඳව කඩිනම් මැදිහත්වීමක් කරන්න ඕනෑ. පාසල් තුළ මේ ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ගුරු සංගමය මගින් කරන්න පුළුවන්” මහින්ද ජයසිංහ යෝජනා කළා. ”ඒ වගේම ඊළඟ අයවැයට අධ්‍යාපනය සම්බන්ධයෙන් මුදල් වෙන්කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරලා ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු ක්ෂෙත්‍ර හඳුනාගන්න ඕනෑ. ඒ වගේම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරලා ඒ පිළිබඳව ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි. ඒ වගේම ගුරු ගැටලූ පිළිබඳවත් විශේෂ මැදිහත්වීමක් කරන්න ඕනෑ” බිමල් රත්නායක යෝජනා කළා. ඊට අමතරව අධ්‍යාපන ක්ෂෙත්‍රයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේ දී ගැටලු පැන නගින ස්ථානවලට ගොස් මැදිහත්වීමටත් කමිටුව තීරණය කළා.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම පසුගියදා කරළියට ආවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා කුමාර වෙල්ගම මහතා එකිනෙකාට චෝදනා අපහාස උපහාස කර ගැනීමක් වශයෙන්. අලුත්ගමගේ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි කියන අතර වෙල්ගම මහතා කියන්නේ මිලිටරි පාලනයක් මෙරටට අවශ්‍ය නැති බවයි. පසුගිය සති අන්ත පුවත්පතකට අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට තිබුණේ වෙල්ගම මහතා විකටයකු බව හා එතුමා කියනදේ ගණන් ගතයුතු නැති බවයි.

කළුතර පැවැති රැලියක දී වෙල්ගම මහතා එයට පිළිතුරු දුන්නා. ඔහු කීවේ අලුත්ගමගේ මහතා කොන්දක් නැති බියගුල්ලකු බවයි. 2015 මැතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනට ගොස් සිටිය දී නුගේගොඩ පැවැති “මහින්ද සමඟ නැගිටිමු” රැස්වීමේ වේදිකාවට නගින්න ඔහුට කොන්දක් නොතිබූ බවත් ඒ දිනවල ඔහු සැඟවි සිටි බවත් වෙල්ගම මහතා කීවා. දෙදෙනාගේ කතාවලට මාධ්‍යවල විශාල ප්‍රචාරයක්ද ලැබුණා.

මෙලෙස තම කණ්ඩායමේ ප්‍රබලයින් ප්‍රසිද්ධ වේදිකාවල එකිනෙකාට අපහාස උපහාස කරගන්න තත්ත්වයට වැටීම ගැන මහින්ද රාජපක්ෂ මහතා බලවත් සේ කෝපවී සිටිනවා. ඔහු මහින්දානන්දට හා වෙල්ගමට කතාකොට දැඩි ලෙස අවවාද කළේ ප්‍රසිද්ධියේ බැණ ගැනීම නවත්වන ලෙසයි. තිබෙන ප්‍රශ්න පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී කතා කරන ලෙස රාජපක්ෂ මහතා දෙදෙනාටම දැන්වූවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය තුළින් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන ව්‍යාපාර ගැන කලකිරී සිටින බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කියමින් මේ සති අන්තයේ අමෙරිකාව බලා යාමට සූදානමින් සිටිනවා. තමන්ගේ විරුද්ධත්වය නොතකා ශ්‍රීලනිප 16 කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීමත්, ඉදිරි කාලයේ මැතිවරණ තරග කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ‍හෝ පොහොට්ටුව ලකුණින් හෝ තරග නොකර අලුතින් හදන පෙරමුණක් ලෙස තරග කිරීමටත් ගෙන තිබෙන තීරණය ගැන බැසිල් රාජපක්ෂ මහතා කලකිරී සිටිනවා. මෙම පියවර දෙකම තමන්ගේ බලය දුර්වල කිරීමට ගත් පියවර ලෙස බැසිල් රාජපක්ෂ මහතා සලකන බව දැනගන්නට තිබෙනවා.

මත්තල ජනතාවට පෙනෙන ගුවන් තොටුෙපාළ

$
0
0
අගෝ 10, 2018 01:00

මත්තල ඉදිවු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් හම්බන්තොට වැසියනට සිදුවු සේවය අල්ප වුවද එවකට සිටි බලධාරීන් නිලධාරින් සහ පාලකයන්ට විශාල සේවාවක් සිදුවිය එය ජනතාවටත් පොදුවේ රටටත් මහත් බරක් විය .එහෙත් මත්තල තව දුරටත් ජනතාවට බරක් නොවීමට වර්තමාන පාලකයන් වග බලා ගත යුතුය.

ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙකකි.ඉන් එකක් කටුනායක පිහිටි අතර අනෙක හම්බන්තොට මත්තල ප්‍රදේශයේ ඉදිවිය.ලංකාවේ ඉදි වු දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ජනසතු වුයේ 2013 මාර්තු 18 දිනය. එදා පටන් මේ දක්වාම ගෙවුණු වසර පහක පමණ කාලය තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ මගින් ලැබූ ලාභය හෝ වාසිය පිළිබදව විවිධ කතිතාවත් මේ සමාජය තුළ ඕනෑ තරම් ඇති විය.ඒ අතරට හොද හා විවේචනද එමට ගලා එන්නට වීය.ඒ අතර අප අද ලියන්නට යන්නේ මත්තල ගුවන් තොටුපොළ ආරම්භයත් සමග මත්තලට හා හම්බන්තොටට එහි බල පෑම කෙසේ වුවේද යන්නය.

හම්බන්තොට ,සුරියවැව,තණමල්විල. ලුණුගම්වෙහෙර අවට ඇවිද ගිය අප මත්තල ගම්මානයට පැමිණියේ මේ පිළිබදව සොයා බලන්නටය. හම්බන්තොට යනු කෘෂිකාර්මික ප්‍රදේශයකි.සියයට අනූවක් වු පිරිසගේ ප්‍රධාන ජිවනෝපාය ගොඩ හා මඩ ගොවිතැනයි.මෙයිනුත් වැඩි පිරිසක් හේන් ගොවිතැනින් දිවි සරුකර ගන්නෝය.

රටේ බලයට පැමිණි විවිධ රජයන් ලංකාවට දෙවැනි ගුවන් තොටුපොළක් ඉදිකිරිම පිළිබදව සිහින දැක්කේය.ඒ වෙනුවෙන් විවිධ ස්ථානද යෝජනා කෙරුණු අතර මුල්ගල් තැබූ ස්ථානද අපට මතකය.කෙසේ නමුත් මීට පෙර සිටි පාලකයින් විසින් මත්තල ප්‍රදේශය තෝරාගෙන එහි ජාත්‍යන්තර ගුවන්තොටු පොළක් ඉදිකිරිම් සිදු කළේ ජනතාවට ඒ තුළින් සහන රැසක්ද ලැබෙන බව පවසමිනි.මත්තල ඉදි වු ගුවන් තොටුපොළ සඳහා ප්‍රදේශයේ වනාන්තර අක්කර 5000කට අධික ප්‍රමාණයක් එළිපෙහෙළි කෙරුණි.මේ හේතුව නිසා වන අලි ඇතුළු වන සතුන් රැසකට සිය නිජ භූමිය අහිමි වු අතර හේන් ගොවිතැන් කරගෙන ජිවත් වු ගොවීන් රැසකටද ගොවි කමට සමු දීමට සිදු වුයේ ඇතැම් නිලධාරීන්ගේ තිබු අත්තනෝමතික ක්‍රියා කලාපයන්වල ප්‍රතිඵල ලෙසිනි.

විවිධ විරෝධතා උද්ඝෝෂණ මැද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි වි හම්බන්තොට අහසින් ගුවන් යානා එහා මෙහා ගමන් කිරීමේදී බොහෝ දෙනෙකුගේ සිත්වලට යම් සහනයක්ද ලැබුණු බව සත්‍යයකි.ඒ අන් කිසිවක් නිසා නොව දැන් ගුවන්තොටුපොළ නිසා ජන ජිවිත සරුවේය යන බලාපොරොත්තුව නිසාවෙනි.එහෙත් සිදු වුයේ වෙනත් දෙයකි.මත්තල ගුවන්තොට ඇරඹුණද එහි රැකියා හෝ බාහිර ආදායම් මාර්ග හිමි වුයේ පිටස්තරයන්ටය.ඉන් ලැබුණු යම් ලාභයක් වි නම් එයද ගියේ විවිධ අයගේ සාක්කුවලටය.මත්තල අවට පිරිසට ලැබුණු රැකියාවක් නොවිය.ජනතා සිහිනයක් බොඳ වී ගියේය.එහි ප්‍රතිඵපලය වුයේ පාලකයන් ජනතා වරම් නැවත නොලබා පරාජය වීමය.

බහුතර ජනතා මනාපයකින් පත් වු වත්මන් යහපාලන ආණ්ඩුවටද මත්තල ගුවන් තොටුපොළේ බරෙන් කර ඇරිය නොහැකි විය.දිනෙන් දින ණය බර ඉහළ යන්නට විය.සිදුවෙන පාඩුව රජයකට දැරිය නොහැකි විය.මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සදහා වැය වු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 252කි.එයින්ද අමරිකානු ඩොලර් මිලියන 190ක් චීනයේ එක්සිම් බැංකුවෙන් ලැබි තිබේ. ඒ සදහා වාර්ෂික සියයට දෙකක පොලියක් ගෙවිය යුතු අතර, එය වසරේ මාර්තු සහ සැප්තැම්බර් මසදී ගෙවිය යුතුව පවතී. මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් ආරම්භ වු 2013 වසරේදි මත්තල ලැබු ආදායම රුපියල් මිලියන 48කි.එම වසරේ වියදම රුපියල් මිලියන 2828කි. 2018 වසරේ මැයි මාසය වන විට පමණක් මත්තල ගුවන්තොටු පොළ රුපියල් මිලියන 14ක ආදායමක් ලබා ඇති නමුත් රුපියල් මිලියන 1,896ක පාඩුවක් සිදුව තිබේ.මේ තුළ මත්තල ගුවන්තොටුපොළ පවතින්නේ කුමන ස්ථානයකද යන්න ලිවිය යුතුම නැත.එසේ නම් කුමක් සිදු කළ යුතුද යන්න තීරණයක් ගැනීම සිදු කළ යුතුම කරුණකි.තව දුරටත් රටේ මහජනතාවගේ කර මතම මෙම බර පැටවිම පාලකයන්ගේද වගකීමක් නොවේ.

විපක්ෂය අද සැම තැනම කියන්නේ මත්තල ඉන්දියාවට විකුණා ඇති බවය.හම්බන්තොට ජනයාද එය එලෙසින්ම පිළිගැනුමට සුදානම් නැත.එහෙත් මෙය කිසිවකුටත් විකුණන්නේ නම් ඊටද එරෙහි වීමට ජනයා පෙළගැසෙනු ඇත.විකිණිම හා බදු දිම යනු හාත් පසින්ම වෙනස් වු ක්‍රියාවන් දෙකක් බව විපක්ෂයේ කෑ කොස්සන් ගසන අයද හොදාකාරවම දනී.එහෙත් ඔවුන්ද බලයට පැමිණීමේ මහත් වු ආශාව නිසා වචන දෙකේ වෙනස පිළිබදව ජනතාව ඉදිරියේ කට නොඅරිනු ඇත.සරළ සිංහලෙන් කිව්වොත් ගමේ පෙට්ටි කඩයක් කරගෙන යන පුද්ගලයෙකුට එම කඩයෙන් කිසිදු ලාභයක් නොමැති නම් එය වසා දමනු ඇත.හැකිනම් වෙනත් අයෙකුට කරගෙන යාම සදහා කඩය කුලී පදනම මත ලබා දෙනු ඇත.මෙය විකිණිමක් ලෙස අර්ථ දක්වන්නේ නැත.මත්තල ගැනද කියන්න තියෙන්නේ එසේය.

ගෙවුණු වසර 05 තුළ විවිධ බාධක මැද මත්තල ගුවන් තොටුපොළේ කටයුතු සිදු කෙරුණි.ගුවන් තොටුපොළකට සාමාන්‍යයෙන් පැමිණෙන්නේ ගුවන් යානා බව කවුරුත් දනී.එය පුවතකට හේතුවක්ද නොවේ.එහෙත් මත්තලට ගුවන් යානයක් පැමිණි සැම අවස්ථාවකදිම වාගේ දෙස් විදෙස් සියළු මාධ්‍ය තුළ එයට ලැබුණේ විශේෂිත තැනකි.ඒ මත්තල ගුවන්තොටුපොළ ආරම්භයේ පටන්ම ආන්දෝලනයකට ලක්ව පැවතිම විය හැකිය.

මත්තල ඇවිද ගිය අපට වියපත් වු අයෙකු මුණ ගැසුනේ මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි තේ කඩයක් තුළදීය.අපත් එක්ක ඔහු කීවේ මෙවන් කතාවකි.

“මහත්තයෝ මම පදිංචි වෙලා ඉන්නේ මේ උඩ මත්තල ගමේ.ඒ කාලේ මේ පැත්ත හරියට කොළඹ වගෙයි.නිතරම සුපිරි ගණයේ වාහන එහේ මෙහේ ආවගියා.විවිධ වර්ගයේ මිනිස්සු ආවා.කොහොමෙන් කොහොම හරි මත්තල ගුවන් තොටුපොළත් ආරම්භ උණා.ඉතින් අපිත් ගියා මේක බලන්න.ඒ කාලේ හිටිය පාලකයෝ කිව්වා මේකෙන් ගමට හා අපට ලැබෙන වාසි ගැනත්.අපිත් හරි ආසාවෙන් හිටියා අපිට නැතත් අපේ ළමයෙකුටවත් හොද රස්සාවක් කරන්න ලැබේවි කියලා.ඒ දවස්වල මත්තල අහස උඩින් එහෙන් මෙහෙන් ප්ලේන් ගියා.අපිටත් ඇත්තටම ආස හිතුණා.අපි දන්නේ නෑ මේකේ ලාභ තියේද පාඩු තියේද කියලා.

කොහොම හරි ගුවන් තොටුපොළ විවෘත වෙලා මාස දෙක තුන ගතවෙලා යනකොට අපි දැනගත්තා මේකෙන් ගමේ අපිට වැඩක් වෙන්නේ නැ කියලා.මේකේ රස්සා ටිකට ආවේ පිට පළාත්වලින්.ගමේ දෙතුන් දෙනෙකුට හැර අනිත් අයට කම්කරු රස්සාවක් වත් ලැබුණේ නෑ.අපේ දරුවෝ ගුවන් තොටුපොල දිහා බල බලා හූල්ලමින් වෙනත් රැකියා හොයාගෙන ගියා.අපි ජිවත් වුනේ කැලේ කපලා හේන් ගොවිතැන් කරලා.ගුවන්තොටුපොළ ඉදිවිමත් එක්ක අපිට ගොවිකමත් නැති වුණා.හැබැයි ඒ වෙනුවට අපිට සාධාරණයක් කරන බව තමයි එවකට මත්තල ආ ගිය විවිධ බලධාරීන් අපිට කිවුවේ.හැබැයි අදටත් අපිට වෙච්ච දෙයක් නම් නෑ.ගුවන් තොටුපොල නිසා අපිට අපේ ගොවිකම නැති වුණා.ජීවත් වෙන්න කරන්න දෙයක් නැති නිසා අපිත් ගුවන් තොටුපොළ හදනකොට ඒකේ කුළි වැඩටත් ගියා.අද අපිට මොකක්වත් වැඩක් නෑ.ගොවිතැනත් නෑ.කුළි වැඩත් නැ.වෙනවා කිව්ව සංවර්ධනයකුත් නෑ.මන් මේ කියනවට ගිහින් බලන්නකෝ පරණ මත්තල පාර කොහොමද කියලා.මේ ගුවන් තොටුපොළ හදන්න ඔක්කොම බඩු ගෙනාවේ ඒ පාරෙන්.බලන්න අද ඒ පාරේ පයින්වත් යන්න පුළුවන්ද කියලා.කෝ ඉතින් ගුවන් තොටුපොලක් හැදුනම අපිට ලැබෙනවා කිව්ව ආශ්චර්යය.අපි රැවටුණා කියලා නම් අන්තිමේ අපිට තේරුණා.

මත්තලට ගුවන් තොටු පොළක් එපා කියන එන නෙමේ මන් මේ කියන්නේ.කරන දේ හරියට පිළිවෙලට නොකරපු එකේ වන්දිය තමයි අද මේ ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ.ඒ විතරක් නෙමෙයි මත්තල කැලේ කපපු නිසා ඒකේ සිටිය වන අලි ටික දැන් ගම්මානවලට වැදිලා.අපි හැමදාම එළිවෙනක්ම් වන අලිත් එක්ක බැට කනවා.මේවා පිළිබදව පාලකයන්ට පෙනුනෙත් නෑ යැයි පැවසිය.

ලුණුගම්වෙහෙර පදිංචි එම්.කේ.රම්බණ්ඩා මහතා අපත් සමග පැවසුවේ මෙවන් අදහසකි.

“ලංකාවට ගුවන් තොටුපොළවල් දෙකක් නම් වැඩි නෑ.හැබැයි නමට විතරක් තිබිලා වැඩක් නෑ.අද මත්තල වහලා දමලා නේ තියෙන්නේ.ලංකාවේ ප්ලේන් ටික විතරයි මත්තලට එන්නේ.අනිත් රට වල අය මත්තලට එන්න කැමති නෑනේ.ඉතින් පාඩු පිට මේ විදියට ගුවන් තොටුපොලක් තියාගෙන අපේ සල්ලි වලින් ඒවායේ ඉන්න අයට පඩි ගෙවනවාට වඩා හොදයි කාට හරි කරගෙන යන්න පුළුවන් කෙනෙකුට දෙන එක.මගේ මතය නම් නමට විතරක් මේ විදියට ගුවන් තොටුපොලක් රටකට වැඩක් නැ කියන එකයි .

සුරියවැව පදිංචි අමිත් වීරසිංහ මහතා මෙසේ පැවසිය.

මේක කාටවත් විකුණනවා නම් ඒක අපරාධයක්.රාජ්‍ය සම්පත් විකුණන්න කාටවත් පුළුවන් කමක් නෑ.මේවා මහජන දේපළයි.මත්තල ගුවන්තොටුපොළ එක එක දේශපාලඥයින්ට ඕන විදිය විකුණන්න නොදීම තමයි කළ යුතු.විකුනන්නේ නැතිව කුමක් හෝ සමාගමක් එක්ක එකතුවෙලා මේක කරගෙන යනවා නම් ඒකෙන් රටට වගේම පළාතේ ඉන්න ඉනතාවටත් සෙක් සැලසෙනවා යැයි පැවසිය.

හම්බන්තොට හා මත්තල ඇවිද ගිය අපට හමු වු බොහෝ දෙනෙකුගේ මතය වුයේ මත්තල ගුවන්තොටුපොළ මෙලෙස වසා දමා තිබිම ජාතික අපරාධයක් බවත්,මෙය මෙලෙස ජාතික ආර්ථිකයට බරක් විමට නොදී කිසියම් පාර්ශවයකගේ සහාය ඇතිව මෙය නගා සිටුවිමට පියවර ගතයුතුය යන මතයය.

සුරියවැව විශේෂ
නුවන් ජයසේකර

වසර 52 ක් පෙරහරේ යන වසර 35 ක් හේවිසි ගහන පනික්කියලැගෙදර ගුරුතුමා

$
0
0
අගෝ 10, 2018 01:00
අසේල කුරුළුවංශ

කිලෝ මීටර පන්දහසකට වඩා පෙරැහරේ ගිහින් ජනාධිපතිවරු පස් දෙනකු අතින් සම්මාන 30 ක් අරන් තිබෙනවා. පෙරහර සඳහා වැඩසිටින කුටියෙන් පිටතට වැඩම කරවන පෙරහර කරඬුව යළි එහි තැන්පත් කරන තුරු මොන විදිහටවත් හේවිසි පූජාව නතර කරන්න බැහැ.අලි කුලප්පුවක් ආවත්, හේවිසිය නවතා කරඬුව හැර යන්නේ බැහැ.

හේවිසි කණ්ඩායමේ නායකයාට විතරයි දවුලේ සවරම් බඳින්න පුළුවන්.වෙන අය බැන්දොත් එයාගේ අත කපලා බෙල්ලේ බඳින්න තමයි රාජ නියෝගය. මැරෙනකල් පෙරහරේ යන්නයි බලාපොරොත්තුව.දළදා පෙරහරට සම්බන්ධ වෙන්න දක්ෂතාව වගේම, පෙර පිනත් තියෙන්න ඕන

මහනුවර ඇසළ පෙරහැර වීදි සංචාරය කිරීමට ප්‍රථම පෙරහර කරඬුව සුබ නැකතට අනුව දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පිටතට වඩමවා ගෙන එනු ලබන්නේ දියවඩන නිලමේතුමන් විසිනි.තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙරහැර කරඬුව දියවඩන නිලමේතුමන් අත තැන්පත් කිරීමෙන් පසු දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් කරඬුව පිටතට වැඩම කරනු ලබන්නේ සක් හඬ මධ්‍යයේය.ඒ සමඟ දළදා මාලිගාවේ රාජකාරී කරන හේවිසි පරම්පරා හතරේ සාමාජිකයෝ හේවිසිය පටන් ගනිති.කරඬුව වැඩමවාගෙන එද්දී බහිරව බලි නඩය නම් හේවිසි පදය වයන අතර ශබ්ද පූජාව අවසන් වන්නේ කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා මත තිබෙන රන්සිවි ගෙය තුළ කරඬුව තැන්පත් කිරීමෙන් පසුය.ඉන්පසු කරඬුව වැඩම වන ඇතා දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් පිටතට පැමිණෙද්දී පටන් ගන්න හේවිසිය අවසන් කෙරෙන්නේ කරඬුව යළි දළදා සමිඳුන් වැඩසිටින කුටියේ තැන්පත් කළාට පසුවය.

හේවිසි කණ්ඩායමකට දවුල,තම්මැට්ටම,හොරණෑව,හක්ගෙඩිය,තාලම්පට හා ගෙජ්ජි වයන ශිල්පීන් අයත්ය.රජ දවස පටන් පැවරුණු රාජකාරී අනුව දළදා මාලිගාවේ තේවා කටයුතුවලට හේවිසි පරම්පරා හතරක සාමාජිකයෝ එක්ව සිටිති.උඩුවෙල,ඉහළ වෙල,මාලගම්මන හා මොළගොඩ යන පරාම්පරා හතරට මෙම රාජකාරී පැවරී තිබේ.දළදා මාලිගා පෙරහැරේ දළ ඇතෙකු පිට මුලින්ම ගමන් ගන්නා පෙරමුණේ රාළට පසුව ගමන් ගන්නේ මේ හේවිසි පරම්පරා හතරේ ශිල්පීන්ය.හේවිසි කණ්ඩායමේ නායකත්වය දරන්නේ මේ පරම්පරා හතරට අයත් දවුල් වාදකයින්ය.පරම්පරා හතරේ නායක පනික්කියන් සිව් දෙනා හේවිසි පන්තියේ මුලින්ම ගමන් කිරීම පෞරාණික සම්ප්‍රදායයි..

මෙම පරම්පරා හතර අතරින් උඩුවෙල පරම්පරාව නියෝජනය කරන ඕතැන්නේ පනික්කියලෑ ගෙදර කරුණාදාස හේවිසි කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම සමාජිකයායි. මහනුවර ඇසළ පෙරහැරේ වසර පනස් දෙකක කාලයක් ඔහු ගමන් කර තිබේ.වසර තිස් පහක් ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි කණ්ඩායමේ උඩුවෙල පරම්පරාවට නායකත්වය දෙන ඔහු දැන් පසු වන්නේ 66 වැනි වියෙහිය...

මගේ මුත්තා තමයි රජකාලේ මේ රාජකාරිය කරලා තියෙන්නේ.රජ්ජුරුවෝ එදා දළදා තේවාව සඳහා නියම කළ රාජකාරියක් තමයි අපි මේ ඉෂ්ඨ කරන්නේ.මගේ මුත්තා කුසුඹා.එයාගේ පුතා මගේ සීයා.එයාගේ නම සරණා.මගේ තාත්තට කලින් රාජකාරිය කළේ තාත්තගේ අයියා එයා රන්කිරා,පස්සේ මගේ තාත්තා ඇබිත්තා රාජකාරී කළා.දැන් මම තමයි උඩුවෙල පරම්පරාව වෙනුවෙන් මාලිගාවේ හේවිසි රාජකාරි කණ්ඩායමේ නායකත්වය දරන්නේ.මම දැන් අවුරුදු 52 ක් පෙරහැරේ යනවා.මුලින්ම 1965 අවුරුද්දේ විෂ්ණු දේවාළ පෙරහැරට තාත්තා එක්ක පන්තේරු ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණා.එදා පෙරහැර 12 ම ගියාට මට රුපියල් 12.00 ක් හම්බ වුණා.ඒ සල්ලිවලින් රුපියල් 6.00 කට මම ඇඳුම් දාන්න ගත්ත ෂූට් කේස් එක තාමත් ගෙදර තියෙනවා.දළදා මාලිගාවේ පෙරහැරට මම සම්බන්ධ වුණේ 1970 දීයි.ඉස්සරවෙලාම ගැහුවේ තාලම්පොට...කරුණාදාස පවසයි.

තම පරම්පරාවේ උරුමයක් වූ දවුල් වැයුමට එතරම් කැමැත්තක් නොදැක් වූ කරුණාදාස මෙම ශිල්ප ඉගෙනීමට යොමුව ඇත්තේ ඔහුගේ පියා වන ඇබිත්තියාගේ බලකීරීමටය.පියාගේ වියෝවෙන් පසු දළදා මාලිගාවේ උඩුවෙල හේවිසි කණ්ඩායමේ නායකත්වයට පත්වූ කරුණාදාස එම තනතුරට පත්ව ඇත්තේද අහම්බෙනි.1988 අවුරුද්දේ ජනතා විමුක්ති පෙරමුණේ භිෂණ කාලේ.පෙරහැර කරන්න විදිහයක් තිබ්බේ නැහැ.දළදා හමුදුරුවෝ වෙනුවෙන් කරන මේ මංගල්‍යය නවත්වන්න හොඳ නැහැ.මේ හින්දා මාලිගාව ඇතුළේ චාරිත්‍ර කරලා පෙරහැර පැවැත් වූවා.1989 ජූලි 16 වෙනිදා අපේ තාත්තා පෙරහැරට ලෑස්ති වෙනකොට ලෙඩ වුණා.තාත්තා කාටවක් නොකියා ගිහින් අමාරුවට මාලිගාවේ කාමරේ හාන්සි වෙලා.මම ගිහින් කතා කළාම තාත්තා කිව්වා මට ටිකක් අමාරුයි කියලා.මම නිලමේතුමාට ගිහින් කිව්වා.එතුමා ඇවිත් තාත්තව රෝහලට යැව්වා.එදා ඇතුළේ පෙරහැර කළේ මම.ඊට හරියටම අවුරුද්දකට පස්සේ 1990 ජූලි 16 වෙනිදා තාත්තා නැතිවුණා.එදා ඉඳන් මාලිගාවේ තාත්තා කරපු පනික්කි ධූරය දරන්නේ මම.දැන් ගෙවෙන්නේ 28 වෙනි අවුරුද්ද.මාලිගාවේ පරම්පරා හතරේ ප්‍රධාන පනික්කියෝ හතර දෙනෙක් ඉන්නවා.මම ඉන් එක් කෙනෙක්.අපි හතර දෙනා එකතු වෙලා හැමදාම තේවාව කරනවා.පෙරහැරේ ඉස්සරහින් දවුල වාදනය කරමින් යන්නේ අපි හතර දෙනා.ඉස්සරහින්ම යන දවුල්කරුවන්ගේ දවුල්වලට සවරම් හා සවරම් පටි යොදලා තිබෙන්නේ ඒ අය හේවිසි කණ්ඩායමේ නායක පනික්කියන් බව හඳුනා ගන්නයි.මේ නිසා ඒ දවුල් වෙන ඒවාට වඩා කැපී පේනවා.වෙන පනික්කියෝ මේ සවරම දවුලේ බැඳගෙන ගියොත් අත කපලා බෙල්ලේ එල්ලන්න කියලා තමයි ඒ කාලේ රජ්ජුරුවෝ නියෝග කරලා තියෙන්නේ......

දළදා තේවාවේදී මෙන්ම ඇසළ පෙරහැරේදීද කරුණාදසගේ අතින් වැයෙන දවුලේ නාදය අති මනරම්ය.එහි කෙළ පැමිණි ඔහු තාලයට පාද තබමින් දවුල වයන්නේ ඊට දැහැන්ගතවය.....අපි.පෙරහැර කරන්නේ සල්ලි බලාගෙන නොවෙයි.දළදා හාමුදුරුවන් වෙනුවෙන් කරන මේ මංගල්‍යයට දායක වෙන්න අපි පෙර පින් කරලා තිබෙනවා.මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ.මම දළදා තේවාවට වගේම පෙරහැරේ යනකොට ගහන්නේ මගේ මේ අත් දෙකෙන් හදපු දවුලක්.දැන් ඒකට අවුරුදු 35 ක් විතර වෙනවා.රත්කීරිය කොටයක් කපලා අතින්ම බොක්ක හාරලා මම මේක හැදුවේ තාත්තාගේ ගුරු හරුකම් ලබාගෙනයි.මස් මාළුකාලා,කිළි ගෙවල්වල ගිහින් අපි කවදාවත් පෙරහැරට හරි තේවාවට හරි එන්නේ නැහැ.එහෙම කළොත් විපාක දෙනවා...කරුණාදසගේ කතාවෙන්ම ඔහු මෙම රාජකාරිය සඳහා දක්වන කැපවීම පැහැදිලි වෙයි. මහනුවර ඇසළ පෙරහැර අදද පැවැත්වෙන්නේ පෞරාණික චාරිත්‍ර ගරුකරමිනි.ඊට සම්බන්ධ වන ශිල්පිහුද නිරන්තරව ඒ සඳහා කැපව සිටිති.වලිනඩ සහිත ගමන් මාත්‍රය තමයි පෙරහැර වීදි සංචාරය කරද්දී ගහන්නේ.ඒක වෙනස් කර කර දිගටම ගහනවා.රජ ගෙදර ළඟින් ඇතුළු වුණාට පස්සේ ගහන්නේ හේවිසි පහේ හේවිසිය.එතන ඉඳලා මාත්‍රා ගහන්නේ නහැ.වාහල්කඩ ළඟට ආවම ඒකත් නතර කරනවා.ඊට පස්සේ ගහන්නේ ගෙවැද්දුම් හේවිසිය.පෙරැහර කරඬුව තැන්පත් කරලා ඝාන්ඨාරය නාද කරනකල් ශබ්ද පූජාව පවත්වනවා.කරඬුව පිටතට වැඩම කරලා ආපහු තැන්පත් කරන කල් මොනදේ උනත් හේවිසිය නවත්වන්න බැහැ.ඒක තමයි නියමය.අලියෙක් කුලප්පු වුණත් අපි කරඬුව තනි කරලා යන්නේ නැහැ.එක පාරක් මහ මළුව ළඟ අලියා කුලප්පු වුණා.කරඬුව වඩමවා ගෙන ආපු ඇතා තමයි කුලප්පු වුණේ.අලියා මෙල්ල කරලා කරඬුව වෙනත් ඇතෙකුගේ පිටේ තැන්පත් කරලා තමයි පෙරහැර පටන් ගත්තේ.අපි හේවිසිය නතර කළේ නැහැ....

කරුණාදාස තම රාජකාරිය දේවකාරියක්සේ ඉටු කරන්නෙකි. තමන් නිරත ක්ෂේත්‍රයේ කෙළ පැමිණියෙකු බව සාක්කි සහිතව ඔහු ඔප්පු කර තිබේ. විධායක ජනපතිවරුන් පස් දෙනෙකු අතින් හේ විශිෂ්ටතම දවුල්වාදකයාට හිමි සම්මානය ලබා ඇත.මම ආර්.ප්‍රේමදාස,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන යන ජනපතිවරුන් අතින් විශිෂ්ටතම දවුල් වාදකයාට හිමි සම්මානය ලබා ගත්තා.තාත්තාගේ මරණින් පසු 1990 දී තමයි මම පළමු ජනාධිපති සම්මානය ලබා ගත්තේ.මේ වනවිට මම ජනාධිපති සම්මාන විතරක් 30 ක් ලබා ගෙන තිබෙනවා.අපේ පරම්පාරව ඉස්සරහට ගෙනි යන්න දැන් පුතාව දළදා මාලිගාවේ රාජකාරිවලට සම්බන්ධ කර ගත්තා.එයත් හොඳට දවුල ගහනවා.මේ රාජකාරිය අපෙන් පස්සේ ගෙනියන්න කවුරු හරි නොහිටියොත් පරම්පාරවත් එතනින් නැති වෙනවා.මට ඒ බය දැන් නැහැ .....

මම නුවර පෙරහැරේ විතරක් මේ අවුරුදු 52 ට කිලෝ මීටර් 5000 ක් විතර ගිහින් ඇති.කවදාවත් පෙරහැරේදී මහන්සියක් දැනේනනේ නැහැ.දැන් මට අවුරුදු 66 ක් වෙලත් දවුල අතට අරන් පාරට බැස්සම ඇඟට පුදුම ශක්තියක් දැනෙන්නේ.දළදා වහන්සේගේ හාස්කම තමයි මහත්තයෝ මේ...කරුණාදාස කතාව නිමා කළේ එසේ පවසමිනි.


‘වස’ කවන්නන්ට දඬුවම් දෙන්න

$
0
0
අගෝ 10, 2018 01:00

ශ්‍රී ලාංකේය ජනතාවට “වස” කවා කිසිදු දඬුවමක් නොවිඳින පිරිසක් අප රටේ නිදහසේ හැසිරෙති. ඒ අපගේ ආහාරපානවලට මිනිස් සිරුරට අහිතකර “වස විස” මිශ්‍ර කර නිෂ්පාදනය කර රිසිසේ විවෘත වෙළෙඳ පොළේ කිසිදු තහංචියක් නොමැතිව අලෙවිය සඳහා බෙදාහරින කූට ව්‍යාපාරිකයන්ය. ආහාර නිෂ්පාදනය හුදුලාභ අපේක්ෂාවෙන්ම කරමින් ජනතාවට “වස විස” කවන මෙම පිරිස් “නීතියේ රැහැන”ට අසුවන්නේ කලාතුරකිනි.

ආහාරපානවලට තිබිය යුතු “ප්‍රමිතිය” ගැන වග විභාග කරන පිරිස සිටිනුයේ “ඇස් කන්” පියාගෙන දැයි අපට සිතෙන්නේ කරුණු සහිතය.

එළවළු, හාල්, ධාන්‍ය, තුනපහ ඇතුළු බොහෝ ආහාරය පිණිස වන දෑ ජනතාවට අලෙවි කරන පිරිස හා ඒවා නිෂ්පාදනය කරන පිරිස් තරම් නිදැල්ලේ සිටින පිරිසක් රටේ තවත් නැති තරම්ය. පලතුරු නිෂ්පාදනය කර අලෙවියට තබා ඇත්තේ “වස විස” මුසු කරය. අහිතකර ලෙස කල්තබා ගැනීමට යොදන දෑ මගින්ද ඉදවීම සඳහා අහිතකර ක්‍රමවේද භාවිතා කරමින්ද අපේ සෞඛ්‍යයට හිතකර නොවන අන්දමිනa කෘත්‍රිමව ඉදීම සිදුකළ පලතුරු රටේ හැම තැනම නිදැල්ලේ අලෙවි කෙරේ. ඒවායේ තිබිය යුතු රසවත් බව එසේ ඉදවීම නිසා “නීරස” වන අයුරු පාරිභෝගික ජනතාව හොඳ හැටි දනිති. මන්ද යත් ඒවායින් බොහොමයක “රසය” කුමන මට්ටමක පැවතියද ඒ ගැන කිසිදු තැකීමකින් තොරව අපට අලෙවි කරති. වෙන කළ හැකි දෙයක් නොමැති හෙයින් අපි ඒවා මිලදීගෙන අනුභව කරමු. ඛේදනීය තත්ත්වය නම් “තහංචි” නැතිව පලතුරු අලෙවි කරන්නෝ පොහොසත් වෙති. පාරිභෝගිකයෝ රෝගී වෙති.

මෙවන් “වස විස” ඇති ආහාර වර්ග රාශියක් අපේ රටේ අලෙවි කෙරේ.

ඒවා මිලදී ගෙන අනුභව කරන ජනතාව ලෙඩ වූ විට ර‍ජයේ රෝහල්වලින් බෙහෙත් කිරීමට වැය වන්නේද මහජන මුදල්ය.

ආහාරපානවල ප්‍රමිතිය සඳහා ඇති ආයතනවලින් නිරීක්ෂණය කරන්නේ කොතරම් සුළු ප්‍රතිශතයක්දැයි අපට සිතේ. ඒ තරමට ‘වස විස’ ඇති ආහාරපාන රටේ අලෙවි කෙරේ.

යහපාලන රජයේ ජනපතිඳුනි, අගමැතිදුනි මෙවන් ආහාර බහුලව අනුභව කරන්නේ අඩු ආදායම්ලාභීන්ය. සුපිරි වෙළෙඳ සැල්වලට යන පිරිසට ප්‍රමිතිය ඇති ආහාර පාන මිලදී ගත හැකි වූවත් අතමිට හිඟ පිරිසට ඒ වාසනාව නැත. මේවා රජයේ අදාළ අංශවල අවධානයට ලක්විය යුතුය. දුප්පතාගේ අගය ඡන්දවලදී තේරුම් ගියද, හැමදා දිළිඳු ජනතාව ගැන ඇස් කන් ඇර බලන නායක කාරකාදීන් අප රටේ සිටින්නේ අල්පයකි. දේශපාලන මති මතාන්තර කෙසේ වුවද වස විසෙන් කුරුවල් නොවුණු ආහාර අනුභව කිරීමට රටවැසියාට ඇති අයිතිය උදුරා ගැනීම යුක්ති සහගත නොවේද?

ඩික්සන් කොංගනීගේ
රාගම

 

නියාමනයට යෝජනාවක්

$
0
0
අගෝ 10, 2018 01:00

ඉදිරියෙහි පැවැත්වීමට නියමිත පළාත් සභාවල ස්ථාවර භාවය රැකීමට හා ජනවර්ග නියෝජනය තුලනය කිරීම සඳහා 50:50 අනුපාතයක් හා බෝනස් ආසන 5 ක් ලබාදීම වැනි අවිද්‍යාත්මක පියවර නිර්දේශ කර ඇති බව වාර්තාවේ. විටින්විට, අවිධිමත් ලෙස අනුපාත හා බෝනස් ආසන සංඛ්‍යාවන් වෙනස්කිරීමෙන් පැහැදිලි වන්නේ එම තීරණ නියැදි සාක්ෂි (Empirical Evidence) හා නිසි පර්යේෂනයනට භාජනය වී නොමැති බවය.එහි අනිසි ප්‍රථිපලය නම් 1948 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රග්ඥප්තියේ සමානාත්මකතාවයේ වගන්තිය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල සෑම චන්දයකටම ලැබිය යුතු සමාන වටිනාකම අහිමි වීමය.

තවද, ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය කුළු ගන්වමින් රටෙහි සන්හින්දියාව ඇති කිරීමට වෙර දරන මොහොතක, සර්ව ජන මැතිවරණ සඳහා මෙවැනි ජනවර්ග බෙදීම් උලුප්පා දක්වන සමීකරණ ඉදිරිපත්වීම අතිශයින් ඛෙදජනකය. ඉන් සිදු වන්නේ, අපගේ ජාතික ප්‍රශ්නය හිඟන්නාගේ තුවාලය මෙන් තවත් ඉදිරියට පවත්වාගෙන යාමය. මේ පිළිබඳව අප ගැඹුරින් කල්පනා කළ යුතුය.

ස්ථාවර භාවය හා සුළුතර නියෝජනය පිළිබඳව පුරවැසියකු වශයෙන් මාගේ ස්ථාවරය පැහැදිලි කිරීම යෝග්‍යයයි සිතමි .

ඡන්දදායකයන් වශයෙන් අප අපේක්ෂා කරන්නේ පක්ෂයක හෝ කණ්ඩායමක හුදු ජයග්‍රහණයක් නොව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මතවාදවල සුමක සංකලනයක් තුලින් රටට වඩාත් හිතකර යෝජනා අනුමත කරවා ගැනීමය.සියලුම පක්‍ෂ විසින් මෙම ආයතනවලට වුර්තීය මට්ටමේ, දේශපාලන උගතුන්ගේ නම් යෝජනා කරන්නේනම්, ඔවුන් රටෙහි දියුණුවට මුල් තැන දෙමින් කටයුතු කරනවා නොඅනුමානය. (මෙය සාක්ෂාත් කරගැනීමට නම්, මැතිවරණ කොමිසම විසින් අපේක්ෂකයන් සඳහා අනිවාර්ය සුදුසුකම් උපමානයන් පනවා නීති ගත කලයුතුය.) අනෙක් අතට, එක් පක්ෂයකට විශාල බහුතරයක් ලැබීමෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ඒකාධිපති තීරණයන්ට යොමුවිය හැක. නූතන ප්‍රජාතන්ත්‍රවාදයක එක් වෑයමක් විය යුත්තේ එවැනි ප්‍රවනතාවයන් වැලැක්වීමය . එවිට, ‘අස්ථාවර ‘ නොහොත් ‘එල්ලෙන’ යන වදන් අපගේ දේශපාලන ශබ්ද කෝෂයෙන් ඉවත් වනු ඇ

ඉහත සඳහන් කලාක් මෙන් ප්‍රජාතන්ත්‍ර වාදයේ තවත් වැදගත් අංගයක් නම් සෑම චන්දයකටම සමාන වටිනාකමක් සහතික කිරීමය. එවිට, ජාති ,ආගම් හා කුල බේද වලින් තොරව සමානාත්මකතාවය මූලික කරගත් ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවයක් ගොඩ නැගෙනු ඇත.රටෙහි කැකෑරෙමින් පවතින ජාතික ප්‍රශ්නයට මූලික විසඳුම මෙයයි. ‘සුළුතරයට එරෙහිව බහුතරය’ යන පටු ආකල්පය තුල රැඳෙමින්, ‘සුළුතරය’ ලේබලය යටතේ විශේෂ සහන හිඟා කෑමට හෝ ‘බහුතරය’ කියා හඳුන්වාගනිමින් සුලුතරයට සහන ලබා දී බාල තෘප්තියක් විදීමද මනුෂයත්වයට නොගැලපේ. එබැවින්,සැම දිස්ත්‍රික්කයකම ජනගහනයට පදනම්ව ආසන සංඛ්‍යාව පූර්ව- තීරණය කර,අදාළ පක්‍ෂ ලබා ගත් වලංගු චන්ද සංඛ්‍යාවට අනුපාතිකව ඔවුනට හිමි ආසන සංඛ්‍යාව ගණනය කිරීමෙන්, සැම චන්දයකටම සමාන වටිනාකමක් ලබා දීම තහවුරු කළ හැක.ඉන් පසුව, මැතිවරණ කොමිසම විසින් අනුමත කරන ලද ‘පක්‍ෂ දිස්ත්‍රික් කුසලතා’ නාම යෝජනා ලයිස්තුවෙන් නියෝජිතයන් ස්වයංක්‍රීයව පත්කළ හැක.මෙම සරල ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ පලදායිතාවය වැඩිවී කාලය හා ශ්‍රමයද ඉතිරිවේ. රජයටද විශාල මුදල් සම්භාරයක් එලෙසම ඉතිරිවේ.ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරුවේ.

ඉහත සඳහන් කරුණු අපක්ෂපාතීව සලකා,යෝජිත අනුපාත හා බෝනස් ආසන ක්‍රමවලින් තොරව පළාත් සභා චන්දය පැවැත්වීමට කටයුතු කරනමෙන් ජනතා පරමාධිත්වයට ගරු කරන දේශපාලන අධිකාරියෙන් හා බලධාරීන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමු.

බර්නාර්ඩ් ප්‍රනාන්දු
මොරටුව

ගසුත් විනාශයි අපිත් විනාශයි

$
0
0
අගෝ 10, 2018 01:00

පුත්තලම කියූ සැණින් කාගේත් මතකය දිව යන්නේ බූරුවන්ගේ නිජබිම යනුවෙනි. එසේත් නැතිනම් බූරුවන් පිළිබඳවය. නමුත් බූරුවන් පවා නොකරන වැඩක් පිළිබඳව අපට අනාවරණය වන්නේ මෙම දිස්ත්‍රික්කයෙනි. ප්‍රසිද්ධියටත් ජනාදරයටත් පත් තවත් සම්පතක් පුත්තලමේ පිහිටීම පුත්තලමට මහත් ආඩම්බරයක් එක්කර තිබේ. ඒ වෙන කිසිවක් නොව රමණීය වෙරළ තීරයේ අලංකාරය විදහාලන ස්වාභාවික කඩොලාන සම්පතය.

නමුත් අද වන විට මෙම ස්වාභාවික කඩොලාන සම්පතට වින කටින්නන් දිනෙන් දින පොරවට පන්නරය තියන අයුරු අප කිහිපවතාවක්ම හෙළි කළද නිලධාරීන්ගේ ගොළු මැදුම් පිළිවෙත නිසාවෙන් නුදුරේදී පුත්තලම කාන්තාරකරණයට අතවැනීමේ ප්‍රවණතාවය මේ වන විටත් උදාවී හාමාරය. මේ ඒ පිළිබඳව ගෙන එන සටහනකි.

එදා මෙදා තුර මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ ධීවර කර්මාන්තයයි. අඩු ප්‍රාග්ධනයක් හා සීමිත සම්පත් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නියැලෙන මෙම ධීවර ප්‍රජාව සුන්දර කළපුවෙන් ඵලදායි සරු අස්වැන්නක් නෙළා ගැනීමට හිමිකම් කීම නිසාවෙන් ප්‍රදේශය පුරාවට ධිවර කර්මාන්තය ප්‍රචලිත වී ඇත.

1980 වර්ෂයේ සිට 1990 දක්වා කාලය තුළ පුත්තලම කළපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවර ප්‍රජාව ස්වාභාවික කළපුවෙන් ඵලදායි අස්වැන්නක් නෙළාගෙන ඇති බවත්, ඔවුන්ගේ ආර්ථිකය ධනාත්මක මට්ටමක පවත්වාගෙන ආ බවටත් එවකට තිබූ සමීක්ෂණ වාර්තා වලින් ලද තොරතුරු වලින් මනාව හෙළිවේ.

ස්වාභාවික කඩොලාන සම්පත ස්වභාව ධර්මයාගේ අපූර්වතම නිර්මාණයකි. මෙම ස්වාභාවික කඩොලාන සම්පත පිළිබඳ කතා කිරීමේ දී නොසඟවා දැක්විය හැකි කරුණක් වනුයේ දිනෙන් දින වර්ධනය වන මත්ස්‍ය සම්පතේ ආරක්ෂාවට මෙන්ම ඔවුන්ගේ වාසස්ථානයක් වූ මෙම කඩොලාන හුදෙක් ධීවර ජනතාවගේ පරම මිතුරෙක් බවයි.

විශාල ප්‍රමාණයේ මත්ස්‍යයින්ගේ ගොදුරෙන් මිදීම සඳහා තම වර්ගයාගේ ආරක්ෂාව පතා කුඩා ප්‍රමාණයේ මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් කඩොලාන සම්පත සමීපයේ රැඳී සිටියි. මොවුන් තම ප්‍රජනන ක්‍රියාවලිය ආරම්භක අවස්ථාවේ සිට බීජ ව්‍යාප්ත කිරීම දක්වා කාලපරාසය තුළ කඩොලාන ශාකයේ මූල පද්ධතියේ ආධාරයෙන් මධ්‍යම ප්‍රමාණයේ පාත්ති තනාගෙන එහි වාසස්ථානගත වී තම වර්ගයා බෝකරයි. ඔවුන් ප්‍රධාන ආහාරය කරගෙන ඇත්තේ කඩොලාන ශාකයේ දිරාපත්වන ශාක පත්‍රයි.

එපමණක් නොව ධීවර කර්මාන්තයේ වැඩිපුර ආදායම් ලබා ගත හැකි වන්නේ ඉස්සන් හා කකුළුවන් යන සාගර සම්පත් නෙළා ගැනීමෙනි. ඉස්සන්ගේ අභිජනන ක්‍රියාවලිය සිදුවන්නේද කඩොලාන සම්පත ආශ්‍රයෙනි. මවු ඉස්සා තම වර්ගයා බෝ කිරීම සඳහා වරකට බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් බිහිකරන බව සාම්ප්‍රදායික ධීවර ප්‍රජාව පවසා සිටියි.

තවද ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලියේ දී කඩොලාන ශාකයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. මන්ද අනෙක් ශාක හා සැසඳීමේ දී 100%ම ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලියට දායකවීම හේතුවෙන් ඔක්සිජන්කාරකයක් වශයෙන් කඩොලාන ශාකය හැඳින්විය හැක.

එපමණක් නොව මෙම ප්‍රදේශය වර්ෂාපතන කාලවලදී ජලයෙන් යටවීම, ගං වතුර ගැලීම, අධික සුළඟෙන් පීඩාවට පත්වීම වැනි අවදානම් තත්වයන් ඇතිවෙන ප්‍රදේශයකි.

2012 ජාතික රතු දත්ත පොතට අනුව දැනට පුත්තලම ප්‍රදේශයේ කඩොලාන වර්ග 10ක් පමණ හඳුනාගෙන ඇති අතර වෑරිය, මණ්ඩ, මහකඩොල්, යක් කිරල, මල් කඩොල් ඉන් ප්‍රධාන තැනක් ගනී.

වර්තමානයේ මෙම ප්‍රදේශය ඉස්සන් ගොවිපළවල් හා ලුණු ලේවාහිමියන්ගේ ග්‍රහණයට ලක්ව ඇත. කොට්ටඩිතිව්, සේවන්තිව් නමැති සංරක්ෂිත අධිසංවේදී කලාපවල කඩොලාන සම්පත දම්වැල්, කියත් ආධාර කර ගනිමින් කපා ගිනි තබා විනාශ කර ලුණු ලේවා නවීකරණය කරති. අක්කර දස දහස් ගණනක කඩොලාන රක්ෂිතය වඳ කිරීමේ අමානුෂික ක්‍රියා කලාපය මේ වන විටත් ඉවක් බවක් නොමැතිව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ජනතාව පෙන්වා දෙති.

මේ නිසා ධීවර කර්මාන්තයට මහෝපකාරී වන කඩොලාන රක්ෂිතය ශීඝ්‍රයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පැවසේ. ප්‍රදේශයේ ධීවර ජනතාව මුහුණ පා ඇති අභියෝගාත්මක ගැටලුසහගත තත්ත්වය නිසා ඔවුන්ගේ ආර්ථිකය බිඳ වැටී ඇති බව මනාව හෙළිවේ.

ඒ අනුව පුත්තලම කළපු තීරය ආශ්‍රිතව පිහිටි කොට්ටඩිතිව් ජමාල් මහතාගේ ලුණු ලේවාය අසල සහ සේවන්තිව් වෙරළ තීරයේ තොටුපළ අසල පිහිටි සන්දනම් මහතාගේ ඉඩමට යාබද පිහිටි දැවැන්ත කඩොලාන වන සංහාරයක් මෙලෙස කාර්යක්ෂම දම්වැල් කියත් ආධාරයෙන් කපා විනාශ කර ඇති ආකාරය එහි ගිය අප කැමරා කාචයේ සටහන් වූයේ හදවත සසළ කරවන සංවේදී දසුනක් ලෙසිනි.

මෙවැනි වන සංහාරයක් පිළිබඳ සොයා බැලීමට අදාළ විෂය පතය භාර නිලධාරීන් මුණිවත රකිමින් රුදුරු පොරවට පන්නරය තියන කල තවත් සමහරු අල්ලසට යටවී රුපියල් ශත පිටුපස කෙළ වගුරවද්දි තවත් සමහරු මධුවිතට ලොල් වී මුණිවත රකිති. රටේ සිවිල් ප්‍රජාවටද මේ ගැන සොයා බලා කටයුතු කිරීමට වගකීමක් තිබුණද, කඩොලාන සංරක්ෂිත ප්‍රදේශය බැලීමට පවා ඔවුන්ට ඇතුළුවීමට අදාළ බලධාරීන් අවසර නොදෙන බව කියති.

මෙවැනි දැවැන්ත වන සංහාරයක් සිදු වන්නේ දේශපාලන මෙන්ම පරිපාලන අංශයේ නොමඳ සහායෙන් බව ධීවර ජනතාව පෙන්වා දෙති. මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට රජය පසුබට වෙද්දී ජනාධිපතිතුමා රටේ කඩොලාන සම්පත ගැන ඉතා ඕනෑකමින් කතා කිරීම කිසිදු පලක් නොමැති බව මෙහි වෙසෙන ජනතාව පෙන්වා දෙති.

දැනට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් දිනකට ලබන දළ ජාතික ආදායම වනුයේ රුපියල් 1000ක් වැනි සුළු මුදලකි. මෙම මුදලින් පවුලේ නඩත්තු කටයුතු මෙන්ම ධීවර යාත්‍රා සඳහා ඉන්ධන සපයා ගැනීම හා ධීවර ආම්පන්න නඩත්තු කිරීම අපහසු බැවින් ප්‍රදේශයේ ධීවරයෝ රැසක් මැසිවිලි නඟති.

ඔවුන් දේශපාලන අංශයේ සහ පරිපාලන අංශයේ ඉහළ බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටින්නේ පුත්තලම සේවන්තිව්, කොට්ටඩිතිව් ප්‍රදේශවල ඇති කඩොලාන සම්පත ලුණු ලේවා ඉදිකරන්නන්ගේ ග්‍රහණයෙන් මුදා මතු පරපුරේ අනාගතය වෙනුවෙන් රැක ගැනීමට කටයුතු කරන ලෙසයි.

නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ අප කළ විමසුකදී පුත්තලම අඩවි වන නිලධාරි රාජසිරි මහතා පවසා සිටියේ මෙවැන්නකි.

"මේ පිළිබඳව තවම මා වෙත කිසිවක් වාර්තා වෙලා නැහැ. ඔය කියන ප්‍රදේශය පිළිබඳව සොයා බලන්න මම වහාම අපේ නිලධාරියෙක් යවන්න අදාළ කටයුතු කරනවා"යනුවෙනි.

මෙවැනි දැවැන්ත වන සංහාරයක් ඇස් පනාපිටම සිදුව තිබියදීත් හානිය දැක තක්සේරු වාර්තා කැඳවූ පමණින් හානි පූරකය වැළැක්විය හැකි දැයි විමතියට කරුණක්ව තිබේ. මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය අතීතයේ කැකිල්ලේ නඩු තීන්දුවට සමාන බව මනාව පැහැදිලි වන කරුණකි.

කේ. ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ

 

මැති සබයේ මැරවරයෝ

$
0
0
අගෝ 10, 2018 01:00

විමල් වීරවංශ ඇතුළු මේ කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන්, නැති නම් මැරයන් ආකාරයෙනුයි. කතානායකවරයාට තර්ජනය කිරීම, පුද්ගලික අපහාස කිරීම සමඟ පාර්ලිමේන්තු සභාවාර කඩාකප්පල් කිරීම ඔවුන් මේ විට දෛනික පුරුද්දක්, විලාසිතාවක් කරගෙන තිබෙනවා. ඔවුන් මේ සියලු උත්සාහයන් මගින් අපේක්ෂා කරන්නේ මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට පාර්ලිමේන්තුව හා ආණ්ඩුකරණය කඩාකප්පල් කර රට ආරාජිකත්වය කරා තල්ලු කිරීමටයි. එම දේශපාලන අස්ථාවරත්වය තුළ හිට්ලර්ලාට ඔටුණු පැළඳවීමටයි.

ඒකාබද්ධ විපක්ෂයටත් විපක්ෂ නායක ධූරය පිළිබඳ ඉල්ලීම කරන්න තිබුණේ දැන් නොවෙයි. ඒ අයට කලින් මේක කරන්න තිබුණා. ඒකාබද්ධ විපක්ෂයත් පෙරහර ගියාට පස්සේ තමයි හුඟක් දේ කරන්නේ. නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා තමයි මේ අයට විපක්ෂ නායකකම අහිමි වුණේ” මේ ප්‍රකාශය කරන්නේ ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතායි. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකමට ඇති අයිතිය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් සිල්වා මහතා ඉහත සඳහන් ප්‍රකාශය කළා. මේ සමඟ විපක්ෂ නායක විවාදයට එක් වූ ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක් වන හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේ “ඒකාබද්ධ විපක්ෂයට වැඩපිළිවෙළක් නැති බවයි” ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකත්වය අවශ්‍ය නැති බව කුමාර වෙල්ගම මහතා නොකියා කිව්වා.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂ කල්ලිය (රාජපක්ෂ කල්ලිය ලෙස නිවැරදි විය යුතුය) තීරණාත්මකව සටන් නොකරන බව ඉහත සඳහන් ප්‍රකාශවලින් පැහැදිලි වන අතර ආණ්ඩුව ද ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් යොමු කරන බවක් දැකිය නොහැකියි. මෙහිදී රාජපක්ෂ කල්ලිය සුපුරුදු පරිදි කතානායකවරයාට තර්ජනය කිරීම මගින් විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමට තැත් කරද්දී ආණ්ඩුව එය කතානායකවරයාගේ වගකීමක් ලෙස සලකා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ආකාරය දැකිය හැකියි. මේ තත්ත්වය තුළ අපට පෙනී යන්නේ මෙය හුදු කතානායකවරයාගේ තීරණයක් සම්බන්ධ ගැටලුවක් බවට ඌනනය වී තිබෙන බවයි. එය රාජපක්ෂ කල්ලියේ සේම ආණ්ඩුවේ ප්‍රකාශ තුළින් ද මනාව පැහැදිලි වෙනවා. එහෙත් විපක්ෂ නායකකම සම්බන්ධ මේ අර්බුදය දේශපාලන කාලබෝම්බයක් බව මේ ගැන සියුම්ව අවධානය යොමු කරන විට පැහැදිලි වෙනවා. විශේෂයෙන් ආණ්ඩුව සහ යහපාලන බලවේග ඒ ගැන විශේෂ අවධානයක් යොමු නොකිරීම පුදුමයක් බවයි බොහෝ දෙනෙක්ගේ අදහස වන්නේ.

රාජපක්ෂ කල්ලියේ සාවද්‍ය මතය

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාට අනුව විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමට පමා වී හෝ උත්සාහ කරන රාජපක්ෂ කල්ලිය විපක්ෂ නායකත්වයට ඇති හිමිකම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ජනප්‍රිය තර්කය වන්නේ “ මීළඟ ආණ්ඩුවේ නායකයා වශයෙන් පත් වනු ඇතැයි අපේක්ෂා කරන පුද්ගලයාට විපක්ෂ නායකත්වය හිමිවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ සම්ප්‍රදාය වන නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන ලංකාවේ ද එය ඒ ආකාරයෙන්ම සිදු විය යුතු බවයි” මේ බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සේම න්‍යායාචාර්යවරුන් වශයෙන් සැලකිය හැකි සියලුම දෙනා ද අඛණ්ඩව අවධාරණය කරන කරුණක්. මේ මතයම පසුගියදා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් ද අවධාරණය කළා.

“අපි අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක කියන්නේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය හැකි පුද්ගලයායි. ඒ අනුව මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වෙන්න පුලුවන් සම්බන්ධන් මහත්තයාටද ? එහෙම නැතිනම් මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න වෙනත් නායකයෙකුට ද කියලා තීරණය කර ගන්ඩ මහා දේශපාලන විඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැනේ. එම අර්ථ නිරූපණය අනුව යම්කිසි කණ්ඩායමක් නියෝජනය කරන ඊළඟට අගමැතිවීමට වැඩි සම්භාවිතාවක් තිබෙන පුද්ගලයා කවුද ? ඔහු තමයි විපක්ෂ නායකයා විය යුත්තේ” මේ මනෝහර ද සිල්වා මහතා අවධාරණය කරන්නේ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් වන රාජපක්ෂ කල්ලියේ පොදු තර්කයයි.

එහෙත් ප්‍රශ්න වෙන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රමය තුළ රාජ්‍ය නායකයා වශයෙන් සැලකෙන්නේ විධායක ජනාධිපතිවරයා මිස අග්‍රාමාත්‍යවරයා නොවෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන තෙක් 1978 සිට අග්‍රාමාත්‍ය ධූරය හුදු රබර් මුද්‍රාවක් පමණයි. අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාට අනුව “පියන්කමක්” පමණයි. අනෙක් කාරණය වන්නේ ලංකාවේ ආණ්ඩුකරණය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය හුදු වචනයකින් ඔබ්බට ගමන් නොකරන දෙයක් බවයි. අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එල්ලී තම පැවැත්ම සහතික කර ගැනීමට තැත් කරන රාජපක්ෂ කල්ලිය තම පාලනය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ගැන කතා කිරීමටවත් විපක්ෂයට ඉඩ නොදුන්නා පමණක් නොවෙයි. එම සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝනය කළා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් පළවා හැරීමේ අවස්ථාව ඒ සඳහා ප්‍රකට එක් නිදසුනක් පමණයි. මෙවැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රාජපක්ෂ කල්ලිය අද තම පැවැත්ම වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එල්ලීම දේශපාලන ප්‍රහසනයක් මිස වෙන දෙයක් නොවෙයි.

අනෙක් කරුණ වන්නේ ඒකාබද්ධ විපක්ෂය ලෙස නාමකරණය වී සිටින රාජපක්ෂ කල්ලිය විපක්ෂ නායකත්වය ඉල්ලන්නේ අති සාවද්‍ය පදනමක් හා තර්ක මත පදනම් වෙමිනුයි. මේ බව ප්‍රකට දේශපාලන විද්‍යාඥයෙක් වන මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා මහතා පසුගියදා පැහැදිලිව පෙන්වා දුන්නා. “අගමැතිවරයා හැරුණුවිට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ඊළඟ වැදගත්ම තනතුර බවට පත් වෙන්නේ විපක්ෂ නායක ධූරයයි. කැබිනට් සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකවරයා හඳුන්වන්නේ ඊළඟ අගමැතිවරයා හැටියටයි. පාර්ලිමේන්තු පිළිගත් සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරය හිමිවන්නේ පාර්ලිමේන්තුවේ ඊළඟ බහුතර ආසන සංඛ්‍යාව දිනාගත් පක්ෂයේ නායකයාටයි. 2015 අගෝස්තු 17දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත්තා. ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාව දිනා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. නමුත් ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කළා. ඒ තත්ත්වය තුළ එජනිස අයත් වෙන්නේ ආණ්ඩු පක්ෂයට මිස විපක්ෂයට නොවෙයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවකට හිමිකම් කියන දමිළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම හිමිවුණා. මෙතැනදී ගැටලුව වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදිලා යාමයි. ඔවුන් දැන් ඒකාබද්ධ විපක්ෂය කියලා සංවිධාන වෙලා ඉන්නවා. ඉතාම පැහැදිලිව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයෙන් කැඩිලා ගිය කණ්ඩායමක් තමයි මේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ. ඔවුන් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා මන්ත්‍රීවරුන් පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දුන් එජනිස මිස වෙනත් දේශපාලන පක්ෂවලින් නොවෙයි. ශ්‍රීලනිපය ආණ්ඩුවක් ලෙස එජාපය සමඟ සන්ධාන ගත වෙලා සිටින නිසා ඔවුන් ද අයත් වෙන්නේ ඒ ගොඩටම තමයි. මොකද ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සභාපතිවරයා, එහෙම නැතිනම් නායකයා. විපක්ෂ නායකකම ඉල්ලන ශ්‍රීලනිපයේ කිසිම කෙනෙක්, අඩු තරමේ මහින්ද රාජපක්ෂ මහතා පවා ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙලා නැහැ. මෙතැන සිටින කිසිම කිසිවෙක් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වයවත් අරන් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ තිබෙන පුද්ගලික විරසකය නිසා මේ අය වෙනම ගිහින් සංවිධාන වුණාට ඒක පක්ෂයක් නොවෙයි. අඩුම තරමේ මෙතැන පක්ෂ නායකයෙක් පවා නැහැ. දිනේෂ් ගුණවර්ධන මහතා කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා පමණයි. මේ තත්ත්වය අනුව මේ අය විපක්ෂ නායකකම ඉල්ලන්නේ සංඛ්‍යාත්මක බලයක් මතයි. සංඛ්‍යාත්මක බලයක් තිබිලා හරියන්නේ නැහැ. පිළිගත්තු රීති, සම්ප්‍රදායන් තිබෙනවා. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න පිරිස පාර්ලිමේන්තුවේ කලබල කළාට ඇති වැඩක් නැහැ. කතානායකවරයා මෙතැනදී කෙළින් ඉන්න ඕනෑ. කතානායකවරයා අතේ තමයි ප්‍රශ්නය අවසාන වශයෙන් රැඳී තිබෙන්නේ. ඒත් පිළිගත්තු පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව සහ ලෝකයේ පවතින තත්ත්වය අනුව සංඛ්‍යාත්මක පදනම මත පමණක් විපක්ෂ නායකකම දෙන්න පුළුන්කමක් නැහැ. කතානායකවරයාට එහෙම අයිතියකුත් නැහැ”

විපක්ෂ නායකත්වය වැදගත් ඇයි ?

එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හා සම්බන්ධ මේ අර්බුදය ආණ්ඩුව හෝ රාජපක්ෂ කල්ලිය සිතන තරම් සරල හෝ නොවැදගත් සිදුවීමක් නොවන බව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කරනවා. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ රාජපක්ෂ කල්ලිය කතානායක පදවිය ඉල්ලා සිටින්නේ හුදු පාර්ලිමේන්තු සම්ප්‍රදාය මත පදනම් වෙමින් වුවත් යම් ආකාරයකින් ඔවුන්ට කතානායක පදවිය හිමිකර ගැනීමට අවස්ථාවක් උදා වුවහොත් අනපේක්ෂිත දේශපාලන අර්බුද රැසක් උද්ගත විය හැකි බවයි.

මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මිත නව තත්ත්වයන් යටතේ විපක්ෂ නායකවරයාට හිමිවී ඇති සුවිශේෂ බලතල සහ තත්ත්වය පිළිබඳව ආණ්ඩුව නිසි ඇගයීමක නොසිටින බවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හුදු තනතුරක් වූවා මිස එයින් එහා ගිය තීරණාත්මක දේශපාලන බලයක් එයට හිමි වුණේ නැහැ. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සමඟ විපක්ෂ නායකවරයාගේ තත්ත්වය තීරණාත්මක තත්ත්වයට පත්ව තිබෙනවා. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පසුගිය ඉරිදා පුවත්පතකට සඳහන් කර තිබූ ප්‍රකාශයක් උපුටා දැක්වීම මගින් ම වත්මන් තත්ත්වය වටහා ගත හැකියි.

“ඒ කාලේ විපක්ෂ නායක කළේ නිකං උත්සවවලට ගිහින් පීත්ත පටි කපන එකයි. ඒ හැරෙන්න වෙන බලයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඉන්න විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න ප්‍රබලම සාමාජිකයෙක්. අගමැතිවරයා සමඟ එකතු වෙලා විපක්ෂ නායකවරයාට පුළුවන් මේ රටේ තිබෙන ඉහළ ම ධූර සඳහා ඕනෑම අයෙකු පත් කරන්න. ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දය හිමි නව දෙනාගෙන් හත් දෙනෙක් අගමැති හෝ විපක්ෂ නායකගේ හෝ ඔවුන්ගේ නියෝජිතයෝ. මෙතරම් විධායක බලයක් පාවිච්චි කරන ධූරයක් බවට අද විපක්ෂ නායක ධූරය පත් වෙලා තිබෙනවා”

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සඳහන් කරන මේ කරුණ ගැන ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සහාය දෙන බලවේගවල අවධානය කොතෙක් දුරට යොමුව තිබෙනවාද ? යන්න කිසිවෙක් දන්නා බවක් දැකිය නොහැකියි. එහෙත් වත්මන් විපක්ෂ නායකවරයාට හිමිව තිබෙන මේ බලතල ගැන රාජපක්ෂ කල්ලිය අසංවේදී යැයි විශ්වාස කළ නොහැකියි. ඔවුන් බ්‍ර්තාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වැනි ඊනියා කතා මගින් මේ උත්සාහ කරන්නේ “ඔටුවා කූඩාරමට රිංගා ගත්තා වැනි ” උපක්‍රමශීලී ප්‍රවේශයක් වෙත යාමට බව කිසිසේත් නොතකා හැරිය නොහැකියි.

ඔටුවා රිංගා ගතහොත් වෙන දේ

යම්කිසි ආකාරයකින් මහින්ද රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ කල්ලියේ වෙනත් අයෙක් (දිනේෂ් ගුණවර්ධන මහතා හෝ) විපක්ෂ නායකත්වය අත්පත් කර ගතහොත් සිදුවන දේ කුමක්ද ? අගමැතිවරයා සමඟ එක්වී ව්‍යවස්ථා සභාවේ සම අසුන් ගැනීමට නෛතික බලයක් හිමිවීමයි. ව්‍යවස්ථා සභාවේ බලතල අනුව රජයේ ඉහළ තනතුරුවලට පුද්ගලයන් නම් කිරීමේ බලයට සම හවුල්කරුවෙකු වීමට අවස්ථාව උදාවීමයි. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියන ආකාරයට අගවිනිසුරු, පොලිස්පති ඇතුළු රජයේ ඉහළම තනතුරුවලට පුද්ගලයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාවේ බලයට හවුල්වීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබුණහොත් සිදුවිය නොහැක්කේ කුමක්ද ? මහින්ද රාජපක්ෂ මහතාගේ පැටිකිරිය අනුව ඒ ගැන පහසු චිත්‍රයක් මවාගත හැකියි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් නොකරමින් එම ස්වාධීන කොමිෂන් සභා කඩාකප්පල් කළ ඉතිහාසයක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා. එමෙන්ම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා සියල්ල අහෝසි කරමින් තමන්ගේ අභිමතය පරිදි රජයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ කුප්‍රකට ඉතිහාසයක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා. කොටින්ම මහින්ද රාජපක්ෂ මහතා යනු නිර්දේශපාලනීකරණය හෝ යහපාලනය ගැන කිසිඳු ආකාරයක ගරුත්වයක් නැති පාලකයෙක් බව ඔහු තම දශක පාලනය මගින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔප්පු කර තිබෙනවා.

මේ තත්ත්වය තුළ අප අවධාරණය කරන්නේ විපක්ෂ නායකත්වය සම්බන්ධ සිදුවීම හුදු කතානායකවරයාගේ ප්‍රශ්නයක්, ඔහුගේ කැමැත්ත අකමැත්ත මත සිදුවන හුදකලා සිදුවීමක් වශයෙන් ඌණනය කිරීම ආණ්ඩුව අතින් කිසිසේත් සිදු නොවිය යුතු බවයි. රාජ්‍ය හා යහපාලනය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් වන රාජපක්ෂ කල්ලියේ සැලසුම් හා න්‍යාය පත්‍ර ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මන්ද අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් සිදුවන යහපත් නැති නිසයි.

දෙකොණ පත්තු වෙන විලක්කුව

විපක්ෂ නායක පදවිය සම්බන්ධයෙන් වන ඉහත සඳහන් අවධාරණය සමඟ අප අපගේ අවධානය තවත් පැත්තක් වෙත යොමු කළ යුතුයි. ඒ අර්බුදය සමඟ ක්‍රමයෙන් මෝදු වන රාජපක්ෂ කල්ලියේ බල අරගලය සහ ඔවුන්ගේ මැර සංස්කෘතිය ගැනයි.

මෙහිදී ඉතාම පැහැදිලිව රාජපක්ෂ පවුලෙන් පිට කිසිවෙකුට විපක්ෂ නායක පදවිය ලබාදීමට රාජපක්ෂ පවුල සූදානම් වනු ඇතැයි විශ්වාස කළ නොහැකියි. විපක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාටම හිමිවිය යුතු ඔවුන් වෙතින් දැඩිව අවධාරණය වෙන්නේ රාජපක්ෂ පවුලෙන් බැහැර ආණ්ඩු බලයක් ගැන ඔවුන්ට සිතා ගැනීමටවත් නොහැකි නිසයි. මේ තත්ත්වය තුළ දිනේෂ් ගුණවර්ධන මහතා වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෝ තවදුරටත් දඩමීමුන් වෙනවා මිස, රාජපක්ෂ පෙරහරේ කොට අඳින අලින් වෙනවා මිස ඊට එහා තැනකට යනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.

ඒත් ප්‍රශ්නය වන්නේ ඒකාබද්ධ විපක්ෂ කල්ලියේ “මීළඟ ආණ්ඩුවේ නායකයා” තර්කය අනුව නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පවා නොහැකියි. ඒ නිසා “විපක්ෂ නායකයා යනු ඊළඟ ආණ්ඩුවේ නායකයා” යන්න හුදු ප්‍රවාදයක් පමණයි. අනෙක් අතට ලංකා දේශපාලනයේ පසුගිය කාලය පුරා අපට එවැනි තත්ත්වයක් දැකීමට පවා නොහැකි වුණා. ඒ නිසා රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියක් පමණක් වන ඒකාබද්ධ කල්ලියේ විපක්ෂ නායක ඝෝෂාව දේශපාලන අවස්ථාවාදයේ ප්‍රකාශනයක් මිස ඉන් එහා දෙයක් නොවෙයි. පොහොට්ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැන්නන් විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමේ අරගලයේ ප්‍රකාශකයන් වීම තුළම අපට එම අරගලයේ ව්‍යාජත්වය මනාව වටහා ගත හැකියි.

මේ සිදුවීම් ජාලය සමඟ යළි යළිත් සිදුවන රාජපක්ෂ කල්ලියේ, ඒකාබද්ධ කල්ලියේ දේශපාලන ත්‍රස්තවාදය, එසේ නැතිනම් මැර දේශපාලනය ගැන සමාජයේ වැඩි අවධානයක් යොමු විය යුතුයි. මහාචාර්ය සොයිසා මහතා ද සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුව තුළ රණ්ඩු කිරීම මගින් මේ කිසිවක් දිනා ගත නොහැකියි. ඒත් එවැනි තත්ත්වයක් තිබියදී පවා විමල් වීරවංශ ඇතුළු මේ කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන්, නැති නම් මැරයන් ආකාරයෙනුයි. කතානායකවරයාට තර්ජනය කිරීම, පුද්ගලික අපහාස කිරීම සමඟ පාර්ලිමේන්තු සභාවාර කඩාකප්පල් කිරීම ඔවුන් මේ විට දෛනික පුරුද්දක්, විලාසිතාවක් කරගෙන තිබෙනවා. ඔවුන් මේ සියලු උත්සාහයන් මගින් අපේක්ෂා කරන්නේ මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට පාර්ලිමේන්තුව හා ආණ්ඩුකරණය කඩාකප්පල් කර රට ආරාජිකත්වය කරා තල්ලු කිරීමටයි. එම දේශපාලන අස්ථාවරත්වය තුළ හිට්ලර්ලාට ඔටුණු පැළඳවීමටයි.

පාර්ලිමේන්තුවේ ගරුත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය කෙළසන රාජපක්ෂ කල්ලියේ මේ ත්‍රස්තවාදයට වහාම නැවතීමේ තිත තැබිය යුතුයි. මන්ද මේ කල්ලිය මේ අපයෝජනය කරමින් සිටින්නේ මේ රටේ ජනතාව මහත් කැපකිරීමක් කර දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මිස රාජපක්ෂ කල්ලිය විසින් දිනා දුන් අයිතියක් නොවෙයි. ඒ වගේම කුමනාකාරයේ දේශපාලන උපායකින් හෝ විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමට රාජපක්ෂ කල්ලියට කිසිඳු ආකාරයක අවස්ථාවක් ලබා නොදිය යුතුයි. ඒ වත්මන් විපක්ෂ නායකත්වය හුදු තනතුරක් පමණක් නොව යහපාලනයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සුරකින බලකණුවක් බවට පත්ව තිබෙන නිසයි. යහපාලනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිඳු ගරුත්වයක් නැති හිට්ලර් පන්නයේ කල්ලියකගේ අතට එය පත් වුවහොත් සිදුවන විනාශය සුළුපටු නොවන බව අප සියලු දෙනාම අවබෝධ කර ගත යුතුයි.

භාතිය බරුකන්ද

ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එයි

$
0
0
අගෝ 10, 2018 01:00

මඟ හැරුණු මිනිසා 50

නූතන පවුලක දෙපාර්ශ්වයට විවාහ සම්බන්ධය පවත්වාගෙන යන්නට පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. එකක් අත්තනෝමතික පීඩාකාරී, මර්දනකාරී, නිදහසක් නොමැති සම්බන්ධයක්. අනෙක, ඒ ඒ පාර්ශ්වවලට නීතිය අනුව දික්කසාද වෙන්න ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා. නමුත් අපි දන්නවා දෙපාර්ශ්වයටම ආදරය කරන බොහෝ දෙනෙක් ඒ අයත් සමඟ සුහද ලෙස සාකච්ඡා කරල පවුල තුළ පවතින පීඩාකාරී මර්දනකාරී තත්ත්වයෙන් මිදෙන්න උපදෙසුත් දීල දෙපාර්ශ්වය සමාදාන කරන්න උත්සාහ කරනවා.

ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුරකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.

“එදා රැස්වීමෙන් පස්සේ, මේ බාධා කිරීම් ජනතා විමුක්ති පෙරමුණේ ‘ජනප්‍රියත්වය’ නිසා කලබල වුණ උතුරේ මාඕ වාදී කණ්ඩායම් විසින් සිදු කරන ලද බවත්, දෙමළ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ වීම වැළැක්වීම බවත් ඒ අය බලාපොරොත්තු වුණා යැයි උතුරේ අපේ සහෝදරවරු පක්ෂයට කීහ. අපේ සහෝදරවරුන්ගේ කරුණු දැක්වීම එසේ වුණත් මට පසුව දැන ගන්නට ලැබුණු කරුණුවලට අනුව අද මම හිතන්නේ එම සිද්ධිය රජයේ අනුදැනුම ඇතිව සන්නද්ධ සේවා සම්බන්ධ කර ගෙන කරපු වැඩක් වෙන්නත් පුළුවන් කියලයි.

කිලිනොච්චි සහ විශ්වමඩු ප්‍රදේශවල පක්ෂයේ දෙමළ කේඩරයින් විසින් ජනතා විමුක්ති පෙරමුණහි සිංහල සහ දෙමළ දෙපිරිසම එකතු වී කරන අරගලය සිංහල ජනයාගේ ආර්ථික සහ සමාජීය තත්ත්වයන් සමඟ පමණක් සම්බන්ධ නොකොට, දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය සමඟ ද සම්බන්ධ කොට ක්‍රියාත්මක කරන්නට යැයි කරන ලද ඉල්ලීම ලයනල් බෝපගේට නම් පුදුමයට කරුණක් නොවීය. මේ අතරම ජනතා විමුක්ති පෙරමුණහි සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ඇතැම් කොටස්වලින් විශේෂයෙන්ම කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධව සිටි ඇතැම් සහෝදර සහෝදරියන්ගෙන් පක්ෂයට බලපෑම් එල්ල විය. ඔවුන් සමහරෙක් ජාතික ගැට‍ලුව පිළිබඳ පක්ෂ ප්‍රතිපත්තියට එකඟ නොවන ස්වරූපයක් පෙන්නුම් කළ අතර තවත් සමහරෙක් අපේ පක්ෂය දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න කිසිවක් සාකච්ඡාවට ලක් නොකොට බැහැර කරන බව කියා සිටියහ.

“මම හිතුවේ ස්ථාවරයන් දෙකම දෝෂ සහිත බවයි. ජාතික සහ භාෂාමය කරුණු මත දිවයිනේ ප්‍රභූ පැලැන්තිය රට බෙදූ කපටි ආකාරය ගැන දෙපිරිසෙන් එක් පිරිසක්වත් සැලකුවේ නැහැ. මෙම ප්‍රභූ පැලැන්තිය තම ආර්ථික අකටයුතුකම්, වරප්‍රසාද සහ ධනය යනාදිය කෙරෙන් ජනතා අවධානය වෙනත් දිශාවන්ට යොමු කළා. ප්‍රජාවන් දෙකටම අවශ්‍ය වූයේ ‘අනෙකාට’ පාඩු පමුණුවා තමන්ගේ වාර්ගිකත්වය ආරක්ෂා කර ගැනීම. මේ ප්‍රශ්නය මහජනයා ඉදිරියේ හොඳින් සාකච්ඡා කර තෝරා බේරා ගෙන පක්ෂ කේඩරයින්ට කාරණු පැහැදිලි කර දීමේ අවශ්‍යතාවක් පක්ෂයට තිබුණා. 1982 වර්ෂයේ අග භාගයේ දී අපි ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විදිහට ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රණයක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුවා. මේ සම්මන්ත්‍රණයේ දී රෝහණ විජේවීර සහෝදරයා රටේ දේශපාලන වාතාවරණය ගැනත්, උපතිස්ස ගමනායක සහෝදරයා කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙනුත්, මම ජාතික ගැටලුව පිළිබඳවත් පක්ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කරමින් කරුණු ඉදිරිපත් කළා.

ක්‍රීඩාංගණය පිරෙන්නට පොදි කමින් මේ සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් සිටි පිරිස ඇමතූ බෝපගේ ජාතික ගැට‍ලුව සම්බන්ධයෙන් පක්ෂ ස්ථාවරයේ පදනම විස්තර කළේය.

“ජාතීන්ට තනි රාජ්‍යයක් තුළ අනෙක් ජාතීන් එක්ක එකට ජීවත් වෙන්න කැමතිද, එහෙම නැත්නම් තමන්ගේම වෙන වෙනම රාජ්‍යයක් ඇති කර ගන්න කැමතිද යන එක නිදහසේ තීරණය කරන්න තියෙන අයිතිය, ඒ කියන්නෙ ස්වයං තීරණයට ජාතීන් සතු අයිතිය සමාජවාදීන් හැම වෙලාවෙ ම දැඩි ලෙස ආරක්ෂා කරන බව මම පැහැදිලි කළා. මේ අයිතිය ධනවාදය යටතේ වුණත් සමාජවාදය යටතේ වුණත් අන්සතු කළ නොහැකි මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතියක්. ඒ වුණාට එක් එක් විශේෂ අවස්ථාවක දී වැඩ කරන ජනයාගේ මූලික ඕනෑ එපා කම්වලට වඩාත්ම වාසිදායක වෙන්නේ, වෙනත් විදියකට කියනවා නම්, ධනේශ්වරයේ බලය පෙරළා දාන්න කරන අරගලය ඉදිරියට ගෙනි යන්න උදව් වෙන්නෙ මේ විකල්ප දෙකෙන් මොන විකල්පය ද කියල තෝරා ගැනීම උඩ තමයි අප ගන්නා ස්ථාවරය තීරණය වෙන්නේ.

“නිදහසේ ජාතීන්ට වෙන් වෙන්නට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්නය යම්කිසි නිශ්චිත මොහොතක ජාතියක් අත්‍යවශ්‍ය ලෙසම වෙන් වෙන්න ඕනද කියන ප්‍රශ්නයත් එක්ක අවුල් කර ගත යුතු නැහැ. එදා මම පැහැදිලි කරපු විදියට ජාතියක් අත්‍යවශ්‍යයෙන්ම වෙන් වෙන්න ඕනද කියන ප්‍රශ්නෙ වැඩ කරන ජනයාගේ පක්ෂය විසින් ස්වාධීනව විසඳා ගත යුතු එකක්, එක් එක් විශේෂිත අවස්ථාවේ පවතින තත්ත්වයන්ට අනුව සමස්තයක් විදියට සමාජ සංවර්ධන අවශ්‍යතාවයනුයි සමාජවාදය සඳහා වැඩ කරන ජනයාගේ පන්ති අරගලයේ අවශ්‍යතාවයනුයි සැලකිල්ලට අරගෙන.

ලෝකෙ කොහේවත් අලුත් ස්වාධීන ජාතික රාජ්‍ය පිහිටුවීමෙන්ම පමණක් ජාතික අසමානතාවවත් ජාතික මර්ධනයවත් අයින් කරලත් නැහැ. අයින් කරන්නත් බැහැ. මොකද රාජ්‍යවල බහුතරය නොවන ජන කොටස් පීඩාවට පත් කිරීමෙන් තොරව පුද්ගලික දේපලයි, පන්ති අසමානතාවයි මත පදනම් වෙච්ච අලුත් ජාතික රාජ්‍යයකට පවතින්න බැහැ.

“මේ කරුණ තවදුරටත් පැහැදිලි කරන්න මම ව්ලැදිමීර් ඉලිනොවිච් ලෙනින් සහෝදරයා ඉදිරිපත් කරපු හොඳම උදාහරණය විස්තර කළා. නූතන පවුලක දෙපාර්ශ්වයට විවාහ සම්බන්ධය පවත්වාගෙන යන්නට පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. එකක් අත්තනෝමතික පීඩාකාරී, මර්දනකාරී, නිදහසක් නොමැති සම්බන්ධයක්. අනෙක, ඒ ඒ පාර්ශ්වවලට නීතිය අනුව දික්කසාද වෙන්න ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා. නමුත් අපි දන්නවා දෙපාර්ශ්වයටම ආදරය කරන බොහෝ දෙනෙක් ඒ අයත් සමඟ සුහද ලෙස සාකච්ඡා කරල පවුල තුළ පවතින පීඩාකාරී මර්දනකාරී තත්ත්වයෙන් මිදෙන්න උපදෙසුත් දීල දෙපාර්ශ්වය සමාදාන කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නෙ දික්කසාද වෙන්න නීතියෙන් ඉඩකඩ ලැබිල තියෙන නිසාම දික්කසාද වෙන්නේ නැහැ.

“ඒ සම්බන්ධය පීඩාවෙන් මර්ධනයෙන් තොර නිදහස් ප්‍රජාතාන්ත්‍රික සම්බන්ධයක් බවට පත් කර ගන්න පුලුවන් නම් ඒ විවාහය කල් පවත්වා ගත හැකි වෙනවා. එහෙම නොවී දික්කසාද වෙලා පවුල වෙන් වෙන තත්ත්වයක් ඇති වුණොත් දරුවන් පිළිබඳ ප්‍රශ්න, දේපොළ පිළිබඳ ප්‍රශ්න වැනි ඒවාත් විසඳා ගත යුතු වෙනවා. මේ ප්‍රශ්න දික්කසාද වූ නිසාම විසඳෙන්නේ නැහැ. සමහරු දිගටම කෝලාහල කර ගෙන එකිනෙකා මරා ගන්නවා. ඒ නිසා අපි උත්සාහ කළ යුත්තේ ඔවුන්ගේ සම්බන්ධය පීඩාවෙන් තොර මරධනයෙන් තොර නිදහස් ප්‍රජාතාන්ත්‍රික බවට හරවන්නටයි. එහෙම නොකළොත් එකිනෙකා අතර කෝලාහල කර ගන්න එක, මරා ගන්න එක වළක්වන්න බැහැ.”

ලයනල් බෝපගේ විස්තර කළ අන්දමට ජනතා විමුක්ති පෙරමුණෙහි ස්ථාවරය වූයේ සංස්කෘතික හා භාෂාමය හේතූන් උඩ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට හානි කරන අන්දමින් කෙණහිලිකම් කිරීම නතර කළ යුතු බව පක්ෂය පිළිගන්නා බවයි.

ඒ අනුව දෙමළ ජනයාගේ ගැටලුවට විසඳුමක් ලෙස වෙන්වීම ජනතා විමුක්ති පෙරමුණ විසින් අනුමත කළේ නැත.

“අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට පෙනී හිටියේ වෙන්වීම සඳහා නොවෙයි. ආගමික, භාෂාමය සහ පංතිමය වශයෙන් එකිනෙකාට වෙනස්කම් කිරීමෙන් තොරව යුක්තිය සහ සමානත්වය සහතික කරමින් ජනතාවට සුසමගියෙන් ජීවත් විය හැකි ප්‍රාදේශීය ස්වාධිපත්‍යය සහිත එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන්.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති රස්වීම අවසානයේ සෑහෙන කාලයක් වැය වූ ප්‍රශ්නෝත්තර වටයේ දී ලයනල් බෝපගේ ප්‍රශ්න නැඟූ අයගේ අදහස්වලට සවන් දෙමින් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීය. එහි දී එක් දැඩි මතධාරී ප්‍රශ්න විචාරකයකු නැඟූ ප්‍රශ්න මෙන්ම ඔහු ප්‍රකාශ කළ අදහස් පිළිබඳව බෝපගේට අදටත් මතක තිබේ.

“ඒ කාලෙ දයාන් ජයතිලක සහෝදරයා මගෙන් අහපු ප්‍රශ්න පිළිබඳ මුඛ්‍ය අර්ථය මට තවමත් මතකයි. සම්මන්ත්‍රණයෙන් පස්සෙත් සුගතදාස ක්‍රීඩාංගණයේ ඉඳල, කේ. සිරිල් සී. පෙරේරා මාවත ලෙස පසුව නම් කරපු ආමර් වීදියෙ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථාන කාර්යාලය දක්වා ම වාගේ මාත් සමඟ විවාද කරමින් පැමිණි ඔහු දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්නවලට එකම විසඳුම වෙනම රාජ්‍යයක් පිහිටුවීම බවත් ජනතා විමුක්ති පෙරමුණ ඊලාම් රාජ්‍යය පිළිගෙන ඊට සහාය දැක්විය යුතු බවත් පුන පුනා කියා සිටියා.

“ඊට කාලෙකට පස්සේ දයාන් ජයතිලක සහෝදරයා ඊලාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ නම් වූ සංවිධානයට සම්බන්ධ වී උතුරු නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යවරයෙක් බවට ද පත් වුණා. ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට පැමිණි පසු උතුරු නැගෙනහිර පළාතේ මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් මහතා එම ප්‍රදේශයේ තම අණසක යටතේ ‘ඊලාම් රාජ්‍යයක්’ ප්‍රකාශයට පත් කළා. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අදත් මට ඇත්තේ එදා දක්වපු අදහස්වලට ඉතාමත් කිට්ටු අදහසක්. මොකද බලය විභේදනය කිරීමත් සන්ධිගත රාජ්‍යයත් සම්බන්ධයෙන් එදා හිටපු අදහස්වල අද මම නැහැ. ඒ හැරෙන්නට වෙනම රාජ්‍යය සම්බන්ධයෙන් මම දරන අදහස එදා දක්වපු අදහසට වෙනස් නැහැ. නමුත් අද දයාන් ජයතිලක මහතාගේ දැක්ම එදා ඔහු දරපු අදහස්වලට හාත්පසින් වෙනස් බව නම් පේනවා.”

සිසිර යාපා

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>