Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ගුවන් ගමනට මිකී මවුස්

$
0
0
මැයි 19, 2018 01:00

ඒකාකාරී ගුවන් යානාවලින් මිදී අපූර්ව තේමාවක් යටතේ නිර්මාණය කළ ගුවන් යානයක් පිළිබඳව චීනයෙන් වාර්තා වී ඇත.

චීනයේ සමාගමක් විසින් " Toy Story-themed aircraft "නමැති ලොව ප්‍රථම ළමා චිත්‍රපට කතන්දර තේමාව රැගත් ගුවන් යානය නිර්මාණය කර ඇත. චීනයේ නැගෙනහිර ගුවන් සේවයේ තිබූ සාමාන්‍ය ගුවන් යානයකි. ඒ සඳහා යොදාගෙන ඇත්තේ දරුවන්ගේ සිත්හි සිටින ජනප්‍රිය Buzz Lightyear සහ Woody යන චරිතවල ඡායාරූප මෙම ගුවන් යානයේ බාහිරින් සහ අභ්‍යන්තරින් චිත්‍රණය කර තිබේ. මෙම ළමා චිත්‍රපට චරිත ගුවන් යානයේ සෑම ආසනයකම නිරූපණය වී තිබීමද විශේෂත්වයකි. එය බැලූ බැල්මටම කුඩා දරුවන්ට පමණක් විශේෂ වූ ගුවන් යානයක් ලෙස පෙනී යන බව මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය ෂැංහයි නගරයේ සිට බීජිං දක්වා ප්‍රථම ගුවන් ගමන අරඹා තිබේ.

මෙමඟින් ඩිස්නිලන්තයේ ප්‍රකට ළමා චරිත මඟින් ආකර්ෂණීය අන්දමින් ගුවන් මගීන්ගේ විඩාව සන්සිඳුවා විනෝදය එක් කෙරෙන මෙම ගුවන් යානයේ ගුවන් සේවිකාවන් මිකී මවුස් කන් සහිත ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයකි. ප්‍රථම වරට ලෝකයේ ගුවන් සේවිකාවන්ගේ ඇඳුමෙහි සිදු වූ සුවිශේෂී පරිවර්තනයක් ලෙස සැළකේ. ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසනවල නිල් පැහැ පසුබිමක ළමා චිත්‍රපට චරිත නිරූපණය වී තිබේ. චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යානය නැවැත්වූ පසු ළමා චිත්‍රපට චරිත ( සෙල්ලම් භාණ්ඩ ) අතැතිව ඡායාරූප ගැනීමට මඟීන් අමතක නොකරති.

මෙම ගුවන් තොටුපළ අභ්‍යන්තර පරියන්ත පිවිසුම් මාර්ගයේ කාඩ්බෝඩ්වලින් නිර්මාණය කරන ලද ළමා චිත්‍රපට චරිත දැකගන්නට ලැබේ. චීනයේ මාධ්‍ය වාර්තාවලට අනුව එම කාඩ්බෝඩ් චරිත නැරඹීමට ළදරුවන් දැඩි ප්‍රියතාවයක් දක්වති.

ෂැංහයි ඩිස්නි නිවාඩු නිකේතනය සහ චීනයේ නැගෙනහිර ගුවන් සේවය ඒකාබද්ධව නිර්මාණය කරන ලද මෙම නවීන පන්නයේ ගුවන් යානය අනාගතයේ දී ලෝකයේ වැඩිම මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන ගුවන් යානයක් වනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

අන්තර්ජාලය ඇසුරිණි.

මදාරා මුදලිගේ 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>