Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මහතීර් මෙතැන් සිට...

$
0
0
මැයි 19, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම ෙවනුෙවන් අගමැති මහතීර් ඉදිපිට ඇති වගකීම් කන්දකි. ඒ කඳු තරණයට අවැසි කායික ජවයට වඩා මානසික ශක්තිය හා ප්‍රවීණත්වය තමාට තිබේද යන්න සනාථ කිරීම මහතීර් මොහොමඩ් ඉදිරිපිට ඇති ප්‍රමුඛ අභියෝගයකි. තමන් වෙත පැවරූ වගකීම් ඉටුකළහැකි බව ප්‍රායෝගිකව සනාථ කළ නායකයකු ලෙස මහතීර් මොහොමඩ් ප්‍රකටය. ඔහු යළි රට බාර ගන්නේ දශක 2ක එම අත්දැකීම් සම්භාරය ද සමඟය.

අනූදෙහැවිරිදි මහතීර් මොහොමඩ් යළිත් වරක් මැලේසියාවේ අගමැති ධුරයට පත්විය. ජනතා ඡන්දයෙන් බලයට පත් ලොව දැනට සිටින වයෝවෘද්ධම පාලකයා ද ඔහු ය. දශක 6ක් බලයේ සිටි සභාගය පරාජයට පත්කරමින් දොස්තර මහතීර් නායකත්වය දුන් විපක්ෂ සන්ධානය වාර්තාගත ජයක් ලැබීම කැපීපෙනෙන කාරණයකි. තරුණ ඡන්ද ආකර්ෂණය කරගැනීමට ද මහතීර්ට හැකියාව ලැබිණි. මීට පෙර 22 වසරක් (1981 – 2003) මැලේසියාව පාලනය කළ මහතීර් නැවතත් මැලේසියාවේ අනාගතය සියතට ගෙන තිබේ.

මේ වනවිටත් ඔහු වැඩ අරඹා ඇති අයුරු පෙනෙන්නට ඇත. රටේ ආර්ථිකය ගොඩනැඟීම සිය ප්‍රමුඛ කාර්යයක් වනු ඇතැයි ඔහුට පවසා තිබිණි. නව වැඩපිළිවෙළට ප්‍රවේශවීමට පෙර ඔහු භූමිය සකස්කරන්නට පටන්ගෙන ඇති බවක් දිස්වේ. නීතිපති මොහොමඩ් අපන්දිඅල්ට අනිවාර්ය නිවාඩු ලබාදී තිබේ. එම ධුරය තාවකාලිකව සොලිසිටර් ජනරාල් වෙත පවරා ඇත. නීතිපතිවරයාගේ කාලසීමාව යළි අලුත්කර තිබුණේ මෑතදීය. ඔහුට එරෙහිව විමර්ශනයක් සිදුවනු ඇත්දැයි අසා තිබූ ප්‍රශ්නයකට අගමැති මහතීර් පිළිතුරු දී ඇත්තේ, ඔහුට එරෙහිව චෝදනා රාශියක් ඇතත් විමර්ශනයක් සිදුකිරීමට පදනමක් තිබිය යුතු බවය. එබැවින් පළමුව පොලිස් පරීක්ෂණ වාර්තා සලකා බලනු ඇතැයි පවසා තිබේ. ඔහුට රටින් පිටවීම තහනම් කිරීම, සේවය අත්හිටුවීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගනු ඇත්තේ විමර්ශනවලින් අනතුරුව බව අගමැතිවරයා පවසා තිබිණි. හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිවද ඉදිරි කාලයේදී විමර්ශන දියත්වනු ඇතැයි පෙනෙන්නට තිබේ. පැවැති රජයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන සිදු කිරීමට නියමිත බව ද සියලු ලේඛන සුරක්ෂිතව තබන ලෙස අමාත්‍යාංශවලට උපදෙස් දී ඇති බවද අගමැති මහතීර් පවසයි. දැනටමත් හිටපු අගමැතිවරයාට එරෙහිව සංචාරක තහනමක් පැනවී තිබේ.

මාධ්‍යකරුවන් හමුවීම

අගමැති ධුරයට පත්වීමෙන් පසු ඉකුත් අඟහරුවාදා පළමුවරට මාධ්‍යවේදීන් හමුවේ පෙනීසිටි මහතීර් ඔවුන්ගේ ප්‍රශ්නවලට ජවසම්පන්නව පිළිතුරු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මාධ්‍යට කැමැති දෙයක් වාර්තා කිරීමට අවකාශ ඇතිබව ද අගමැති මහතීර් සඳහන් කර තිබිණි.

සිය සන්ධානයේ සියලු පක්ෂවලට කැබිනට් මණ්ඩලයේ සාධාරණ නියෝජනයක් ලැබෙනු ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. එම ධුර සංඛ්‍යාව කොපමණදැයි තීරණය කරනු ඇත්තේ ඒ ඒ පක්ෂය ලබාගත් ආසන සංඛ්‍යාව අනුවය. පළමුව 10 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් වනු ඇතැයි ද ඔහු පවසා තිබේ. සෙසු අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර පත්කරනු ඇත්තේ ඉදිරියේදීය. නියෝජ්‍ය ඇමැති ධුරය හා ඇමැති ධුරය පක්ෂ 2 කින් නියෝජනය වනු ඇතැයි ද සඳහන් වේ.

PKR පක්ෂයේ සභාපති වැන් අසීස් වැන් ඉස්මයිල් නව නියෝජ්‍ය අගමැතිවරයා වශයෙන් නම්කර තිබේ. කැබිනට් මණ්ඩලය 30 නොඉක්මවනු ඇතැයි ද ප්‍රකාශවී තිබේ. පැවැති රජයේ ඇමැති ධුර සංඛ්‍යාව 35ක් විය. අගමැතිවරයා කරනු ඇත්තේ මගපෙන්වීම බව ද අමාත්‍ය මණ්ඩලයේ බහුතර මතය අනුව තීරණ ගනු ඇති බව ද මහතීර් පවසා තිබිණි.

මහතීර් මොහොමඩ්ගේ නව දේශපාලන සන්ධානය (PH) අපේක්ෂාවේ සන්ධානය ලෙස හැඳින්වේ. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වාදෙන අන්දමට එළැඹී ඇති සංක්‍රාන්ති අවදිය අභියෝගාත්මක එකක් වනු ඇත. එය මහතීර්ට විශාල අභියෝගයක් නොවනු ඇති බව ඇතැම් දෙනාගේ අදහසයි. අසල්වැසි සිංගප්පූරුව, චීනය මෙන්ම සෙසු රටවල් සමඟ සබඳතා ද මැලේසියාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත්ය. සිංගප්පූරු අගමැති ලී ෂියෙන්ලුංග් සහ අගමැති මහතීර් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

අගමැති මහතීර්ට මේ දින කිහිපය අතිශය කාර්යබහුල වුව ද එරට සංචාරයක යෙදෙන බව සිංගප්පූරු අගමැතිවරයා පවසා තිබේ. දෙරටටම වාසි සැලසෙන පරිදි මිත්‍ර සබඳතා පෙරට ගෙනයාම මේ සංචාරයේ ප්‍රමුඛ අපේක්ෂාවය. තම රටට සමීපතම අසල්වැසියා වන මැලේසියාව සමඟ සමීප හා මිත්‍රශීලී සබඳතා ඇති බව සිංගප්පූරු අගමැති ලී අවධාරණය කර ඇත.

චීන ආයෝජන

දැනට සිරගතකර සිටින හිටපු උප අගමැති හා PKR නායක අන්වර් ඉබ්‍රාහිම් ගැනද නව පාලනය යටතේ යම් තීරණ ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉබ්‍රාහිම්ගේ බිරිඳ මෙන්ම දියණිය ද මෙවර මැතිවරණයේදී තේරී පත්විය. PKR පක්ෂය ද කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇත. ඒ; ඉබ්‍රාහිම් වීමටත් ඉඩ තිබේ. අන්වර් ඉබ්‍රාහිම්ට රාජකීය සමාවක් හිමිවනවිට නජීබ් රසාක් සිරගත කෙරෙනු ඇත්ද යන්න දේශපාලන පරීක්ෂකයන්ගේ අවධානය යොමුව ඇති කාරණයකි.

මැලේසියාවේ චීන ව්‍යාපෘති පිළිබඳ තමාගේ අවධානය හා උනන්දුව යොමුවී ඇතිබව ද නව අගමැතිවරයා පවසා තිබිණි. එරට ඍජු විදේශ ආයෝජන (FDI) වල වැඩිම පංගුවට හිමිකම් කියන්නේද චීනයයි. කෙසේවුවද දෙරට අතර ව්‍යාපෘතිවලින් තම රටට ලැබී ඇති ප්‍රතිලාභ අවම බව මහතීර් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ප්‍රකාශ කර සිටියේය. චීනය මැලේසියාවේ මිතුරකු බැවින් මේ කාරණය ගැන අවධානය යොමුවිය යුතු බව ඔහුගේ අදහසය. මීට දශකයකට ඉහතදී අගමැති මහතීර් දැක්වූ පාලන දස්කම් ඉදිරි වසර කිහිපය තුළදී යළිත් දැකගත හැකිවනු ඇතිද යන්න ද නිරීක්ෂකයන්ගේ අවධානය යොමුව ඇති කාරණයකි.

මහතීර්ගේ දේශපාලන සන්ධානය පක්ෂ 4 කින් සැදුම්ලත් එකකි. එය, 1957දී එරට නිදහස ලබාගැනීමෙන් පසු බලය ලබාගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂයකි. UMNO පක්ෂයේ බාහිරව මෙන්ම BN සන්ධානයෙන් පිටස්තරව මැලේසියාවේ අගමැතිවරයකු බිහිවූ පළමු අවස්ථාවද මෙයයි. පළමුවතාවට වාර්ගික මාලේ ජනයාගෙන් බහුතරය විපක්ෂ සන්ධානය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව ප්‍රතිඵලයෙන් පිළිබිඹු විය. 76% තරම් ඉහළ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළහ. එය 2013ට වඩා අඩු වුවද ඡන්ද සංඛ්‍යාවෙන් අති බහුතරය ලැබුණේ මහතීර්ගේ අපේක්ෂාවේ සන්ධානයටය. 1981 දී මුල්වරට බලයට පත්වනවිට මහතීර් නියෝජනය කළේ UMNO පක්ෂයයි.

ජනතා අපේක්ෂා

තරුණ පරපුර සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් විපක්ෂයට ප්‍රබල සහයක් ලබාදීමද විශේෂ කාරණයකි. ඔවුන්ගෙන් ඇතැමෙකු ප්‍රකාශ කළේ තමන්ට මේ වෙනස සිදු කිරීමට කාලයක් බලාසිටීමට සිදුවූ බවය. ජනතාවට වීදි වැස පෙළපාලි යාම තහනම් කර තිබිණි. එසේ වුවද අපේක්ෂාවේ සන්ධානයේ මූලස්ථානය ඉදිරිපිට සහ තැන් තැන්වල ජය ඝෝෂා කරන ආධාරකරුවන් දැකගත හැකිවිය. මැලේසියාව යටත්විජිතවාදීන්ගෙන් නිදහස ලබා කලක් ගතවී ඇතත් සැබෑ නිදහස ලබාගත්තේ එදින බව ප්‍රීති ඝෝෂා නැඟූ ඇතැම් අය පවසා තිබිණි. සැබෑ ලෙසට නිදහස් රටක තම දරුවන් ජීවත්වනු ඇතැයි ඔවුහු අපේක්ෂා පළකර සිටියහ. ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම ෙවනුෙවන් අගමැති මහතීර් ඉදිපිට ඇති වගකීම් කන්දකි. ඒ කඳු තරණයට අවැසි කායික ජවයට වඩා මානසික ශක්තිය හා ප්‍රවීණත්වය තමාට තිබේද යන්න සනාථ කිරීම මහතීර් මොහොමඩ් ඉදිරිපිට ඇති ප්‍රමුඛ අභියෝගයකි. තමන් වෙත පැවරූ වගකීම් ඉටුකළහැකි බව ප්‍රායෝගිකව සනාථ කළ නායකයකු ලෙස මහතීර් මොහොමඩ් ප්‍රකටය. ඔහු යළි රට බාර ගන්නේ දශක 2ක එම අත්දැකීම් සම්භාරය ද සමඟය.

නීතියේ පාලනය ස්ථාපිත කිරීම තමන් ඉදිරිපිට ඇති ප්‍රමුඛ කාර්යයක් බව ජයග්‍රහණයෙන් පසු මහතීර් ප්‍රකාශ කළේය. ජයග්‍රහණයත් සමඟ බොහෝ නායකයන් එවැනි උදාර කල්පනා පහළ කිරීම ස්වභාවයයි. ඒවා ප්‍රායෝගික යථාර්ථය වන්නේ ද යන්න තහවුරු වන්නේ කල්ගතවන විටය. සියල්ල කිරීමට අවශ්‍ය ජනතාව රට මෙන්ම ජනතා ආශිර්වාදය ද දැන් ඇත්තේ අගමැති මහතීර් මොහොමඩ් සමඟය. කෘතහස්ත දේශපාලනඥයකු හා රාජ්‍ය නායකයකු වන ඔහු එය මඟහරිනු ඇතැයි සිතිය නොහැකිය. අනවශ්‍ය බදුබර ඉවත් කර ජීවන වියදමට සහන සලසන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජූලි මාසයේදී අගමැති මහතීර් 93 හැවිරිදි වියට පා තබනු ඇත. 95 වැනි වියට එළැඹීමත් සමඟ තමා ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ඔහු දැනටමත් ප්‍රකාශ කර තිබේ. එසේ වුවද තිරය පිටුපස භූමිකාව ඉදිරියටද රඟදක්වනු ඇති බව ද ඔහු අවධාරණය කර තිබිණි. බොහෝදුරට මහතීර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස අන්වර්, ඉබ්‍රාහිම් ඉදිරියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>