අයිස් ක්‍රීම් කියන නම ඇසෙන විටත් ලොකු පොඩි කොයි කාටත් දැනෙන්නේ මිහිරියාවකි. දිව පිනවන විවිධ රසයන්ගෙන් සකසන ලද අයිස් ක්‍රීම් ලෝකයේ අතුරුපස අතරින් ප්‍රමුඛස්ථානය ගනී. එකිනෙකට වෙනස් අනර්ඝතම අයිස් ක්‍රීම් වර්ගවලින් සහ විනෝද අංග කිහිපයකින් පරිපූර්ණ වූ ලෝකයේ ලොකුම අයිස් ක්‍රීම් වෙළඳසල පිළිබඳ පුවතක් එංගලන්තයේ චෙස්ටර් නගරයෙන් වාර්තා වේ.
" The ice cream farm "නම් වන මේ වෙළෙඳසල ගිනස් වාර්තාවක් හිමි කර ගෙන ඇති ලොව සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයකි. මෙය අයිස් ක්‍රීම් වෙළෙඳසැළක් මෙන්ම ගොවිපොළක් ලෙස ද හඳුන්වයි. වර්ග අඩි දස දහසකට ( 10,000) කට ආසන්න ඉඩ ප්‍රමාණයක නිර්මාණයක කර ඇති මෙහි අයිස් ක්‍රීම් වර්ග 50 ක් පමණ අන්තර්ගත වේ. මෙය පාරම්පරික උරුමයෙන් තිස්වසරක් පුරා පවත්වාගෙන යන පවුලේ ව්‍යාපාරයක් ලෙස සලකනු ලබයි.
මේ අයිස් ක්‍රීම් ගොවිපළෙහි අධ්‍යක්ෂකතුමන් වන ජොනතන් ෆෙල් අවුරුදු 14 දී මෙය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. ඔහුගේ මවුපියන් වන ටොම් සහ මාග්‍රට් ෆෙල් යුවළ මෙහි පළමු හිමිකරුවන් වේ. තම මවුපියන්ගේ අභාසයෙන් ව්‍යාපාරකරණයට යොමු වූ ජොනතන් පසු කාලයේ දී ලෝකයේ ම අවධාණය දිනා ගත හැකි වන අන්දමින් මෙම ව්‍යාපාරය වෙනස් කළහ.
2007 වර්ෂයේ දී නවීන ආකාරයේ ice cream parlour, අයිස් ක්‍රීම් අවන්හල මෙන් ම අයිස් ක්‍රීම් විනෝදාගාර නිර්මාණය කරුණු අතර 2013 දී මේ අයිස් ක්‍රීම් වෙළඳපොළ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 500, 000 කට වඩා වැඩි ය. ප්‍රකට ළමා නවකතාවක් වූ චාලි සහ චොක්ලට් ෆැක්ටරියේ අන්තර්ගත පහසුකම් පරිදි මෙය නිර්මාණය කර තිබේ. ඒ අයුරින් මෙම අයිස් ක්‍රීම් කර්මාන්තශාලාවේ ඇතුළත සහ පිටත ජල තටාක , ක්‍රීඩා උද්‍යාන, ස්ට්‍රෝබෙරි ආශ්‍රිත දිය ඇලි නිර්මාණය කර ඇත. මෙය නැරඹීම සඳහා වර්ෂයකට සංචාරකයින් 800,000 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙය සතියේ සෑම දිනකම උදෑසන 9.30 සිට 5.30 දක්වා විවෘත කර ඇත. නත්තල් දිනය වැනි විශේෂ ජාතික උත්සව දිනයන්හීදී පමණක් මෙය වසා දැමේ. මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යට හිතකර ලෙස මෙන් ම උසස් ප්‍රමිතියෙන් යුක්ත අයිස් ක්‍රීම් මෙහි දී දැක ගත හැක. Peanut Choc Caramel ,Blackcurrant Cheesecake,Choc Honey Crunch,Clotted Cream , Cinnamon,White Chocolate, Raspberry & Oreos,Cointreau &Orange,Sticky Toffee Pudding, සහ Mango & Passion Fruit යනා දී අයිස් ක්‍රීම් වර්ග මෙහිදී මිල දී ගත හැකි ය.
අන්තර්ජාලය ඇසුරිණි.
මදාරා මුදලිගේ