දාහත් දෙනකුට මරු කැඳවමින් ෆ්ලෝරිඩා උසස් පාඨශාලාවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය පසුගිය දා සියලුම මාධ්‍ය වාර්තා කළා. ඒ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත් නිකොලොස් කෘස් අමුතුම තාලයේ ප්‍රකට චරිතයක් බවට පත්වෙමින් තිබීම නවතම පුවතයි.
මේ වනවිටත් නිකොලොස් ගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් ඔහුට සුබපතා ලිපි රැසක් එවා තිබෙනඅතර එක් මහලු කාන්තාවක් නිකොලොස්ට අධිකරණ සහය ලබාගන්නට අරමුදලක්ද ආරම්භ කොට තිබෙනවා.
ළාබාල තරුණියන්, කාන්තාවන් හා පිරිමින් ලිපි එවමින් ඇති අතර මුහුණුපොතේ සාමාජික කණ්ඩායමක් නිකොලොස්ගේ අනාගතයට උදව් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. මේ වනවිට Broward බන්ධනාගාරයේ රඳවා සිටින නිකොලොස්ට එරෙහිව තිබෙන මිනීමැරුම් චෝදනා ඔප්පු වුවහොත් ඔහුට මරණීය දණ්ඩනය නියම වීම නිශ්චිත බවත් සමාජයේ මෙතරම් කම්පනයට ලක්වූ සාහසික ඝාතකයකුට මෙතරම් යහපත් සමාජමය ප්‍රතිචාර ලෙසට ලැබෙන්නේ මන්ද යන්න ගැටලුවක්ව පවතින බව ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. South Florida Sun Sentinel පුවත්පත නිකොලොස්ට එබඳු ලිපි එවූ අයගේ තොරතුරු හෙළිදරව් කරනවා. නිකොලොස්ගේ රුව මාධ්‍ය මඟින් දුටු මැදිවියේ කාන්තාවක් නිකොලොස් බොහෝ රූමත් තරුණයෙකු බව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කොට තිබෙනවා.
ඉකුත් මාර්තු 15 වන දින එක් යුවතියක් ඔහු වෙසෙන බන්ධනාගාරයට කවරයක බහා සතුටු මුහුණු සහ හදවතක් ඇඳ එවා තිබිණි. ඇය ලියා තිබූ කෙටි ලිපියක මෙසේ සඳහන් විය. “මම දහ අට හැවිරිදි යුවතියක්. මම ඉගෙන ගන්නේ ජ්‍යෙෂ්ඨ පංතියක මම දැක්කා ඔයාගේ රූපය ටෙලිවිෂන් එකෙන්. ඔයා ගැන එදා ඉඳල ගොඩක් දුක හිතුණා. මේ ලිපිය ආරම්භ කරල තිබුණේ මේ විදියට “ඔයාගේ ඇස් ගොඩාක් ලස්සනයි. ඒ වගේ ඔයාගේ මුහුණත් ගොඩක් ලස්සනයි.
නිකොලොස් වෙනුවෙන් පෙනී සිටින හොවාර්ඩ් ෆීන්ක්ලෙස්ටීන් නීතීඥයා Howard Finkelstein මාධ්‍යයට ප්‍රකාශ කළේ නිකොලොස්ට සහායට ලිපි කන්දක් ලැබී තිබෙන බවයි.” මීටත් අමතරව නිකොලොස්ගේ අනාගත අධිකරණ කටයුතු වෙනුවෙන් ඔහුට සහාය පළකරන කණ්ඩායම් ඩොලර් 8000 ක අරමුදලක් ආරම්භකොට තිබෙනවා. මේ මුදල් සොයාගෙන තිබෙන්නේ ඔහුට සහාය දෙන පිරිස් නොයෙක් නොයෙක් සමාජමය සේවා වලට දායක වෙමින්. මේක මහා පුදුම කතාවක්. සිය නීතීඥ ජීවිතය තුළ කෙදිනක හෝ උග්‍ර චෝදනාවකට ලක්වූවකුට මෙවැනි සහයෝගයක් ලැබී නොමැති බව නීතීඥ හොවාර්ඩ් පවසනවා. මේ ලිපි බොහෝමයක් ඔහු කියවා තිබුණ ද මේ එක ලිපියක්වත් නිකොලොස් කියවා නැත. නිකොලොස් ගේ රසික රසකාවියන් ලියන ලිපි ප්‍රමාණය වැඩි වර්ධනය වෙනවා. නිකොලොස්ට ලියුම් එවන්නේ ළාබාල ගැටවර යුවතියන්.
මේ කතාව බරපතළ ලෙස අපරාධ විද්‍යාඥයන් අතර සංවාදයට පාත්‍ර වුණා. නිකොලොස් කළ දැවැන්ත ඝාතනය වෙනුවට ඔහුට දයාවෙන් සෙනෙහස පාන්නට මෙතරම් පිරිසක් එකතුවීම පිටුපස ඇති සමාජමය කාරණාව වන්නේ නිකොලොස්ගේ බාහිර පෙනුම සහ ඔහු කෙරෙහි ඇතිවන මානසික අනුකම්පාව බවත් සමහර උදවිය ප්‍රකාශ කරනවා.
ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර