Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පිරිවෙන් ගැන වැඩි දුරටත්

$
0
0
ජුලි 23, 2018 01:00

යල් පැනගිය යන වචනය පිරිවෙන් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් යොදනවාට මම පෞද්ගලිකව විරුද්ධ වෙමි. මන්ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වැනි සිල්වත් උගත් තෙරවරුන් රටට බිහි වූයේ ඒ පැරණි අධ්‍යාපන ක්‍රමයෙන්ම වීම නිසයි. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි වැනි උත්තුංග පඬිවරුන් බිහි වූයේ ද කුඩහපොළ නාහිමි, චාරියපොළ සුමංගල නාහිමි වැනි සටන්කාමී දේශප්‍රේමි භික්ෂූන් බිහිවූයේද එවැනි පොතපත තුළිනි. මා දන්නා තරමින් වර්තමානය රෝහිණී වැනි ග්‍රන්ථ සකස්කඩය වැනි ග්‍රන්ථ පිරිවෙන තුළ නැත.

ඒ වෙනුවට වැඩි කාලයක් පරිගණක හැසිරවීම සඳහා ශිෂ්‍යයා යොමුකරන බවක් අසන්නට ලැබේ. පරිගණක පමණක් නොව මානව සම්පත් කළමනාකරණය වැනි සමාජ නායකයින් දැනගත යුතු ශිල්පීය, ශාස්ත්‍රීය ඥානය පිරිවෙන් විෂය මාලාවට ඇතුළත් කිරීම වරදක් නොවේ. එහෙත් ප්‍රාථමික අධ්‍යාපනයේදී පාසලේ දරුවාගේ සංකල්ප සාධනය සිදුකරන්නාක් මෙන් භික්ෂුවට ආකල්ප සංවර්ධනය සිදුකළ යුත්තේ ඒ පැරණි අධ්‍යාපනය යළි කරළියට ගෙන ඒමෙනි.

මෙරට අධ්‍යාපන විකාශය දෙස බලන කෙනෙකුට පෙනෙන ප්‍රධාන කරුණක් නම් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වූයේ හුදෙක්ම භින්ෂූන් වහන්සේට අවශ්‍ය මූලික ධර්ම ශාස්ත්‍රීය ඥානය මෙන්ම භික්ෂූත්වයට ආවේණික විනයානුකූල චර්යාධර්ම, ආකල්ප සම්පත්තීන් ඇති කිරීම සඳහා බවයි. එහි අතුරු ඵලයක් ලෙස අතීතයේ පාසල් අධ්‍යාපනයක් නොවූ නිසා ගිහි පිරිමි පාර්ශ්වය සඳහා භාෂා ශාස්ත්‍රීය ඥානය මූලික කරගත් හස්ත කර්මාන්ත පුහුණුව දක්වා විහිද ගියා. ප්‍රායෝගික අධ්‍යාපනද ඉන් පිරිමැසුනා.

නමුන් පිරිවෙන් අපහසුවෙන් මෙම ලියුම්කරු දක්වන ආකාරයට පිරිවෙනට ඇතුළත් කර ගනු ලැබුවේ සමාජයට පිළිලයක් වූ සහ පාසලෙන් ගිලිහුණු දරුවන්ද පමණක් යන්න ප්‍රකාශ කිරීම පිරිවෙන් තුළින් බිහිවූ මෙරට උගත් පරපුරට කරන ලද නිග්‍රහයක් සේ හැඟී යයි. එවැනි තත්ත්වයක් කිසිසේත් නැත. ඇතැම් තැනක යම්යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා විධිමත් පාසලට ඇතුළත් නොවුණු හා විධිමත් පාසලේ විපතිතයන් ඇතුළත් කර ගනිමින් ඔවුන් සුභග දරුවන් බවට පත්කාට භික්ෂූත්වය පවා ලබාදී සමාජ සේවාවක් සිදුකරන්නන් බවට පත් කිරීමම පිරිවෙන් වලින් සිදුවූ අදටත් සිදුවන සුවිශේෂී සමාජ සත්කාරයකි.

තවද මෙම ලිපියේ තව තැනක ලියුම්කරු පිරිවෙන් ගුරුවරයාගේ දඬුවම් තර්ජන, ගර්ජන, බරපතළ වැඩ සහිත ඉතාමත් වෙහෙසකාරී අධ්‍යාපන ක්‍රමය නිසා ශිෂ්‍යයා දැඩි පීඩාවකට පත්වන ස්ථානයක් ලෙසද හඳුන්වාදී ඇත.

ඉතාමත් කලාතුරකින්, කොපමණ ගුණාත්මක පාඨමාලා හදාරා ඇතත් පාසල් ගුරුවරුන්ගේ ද මෙවැනි චර්යා ඉස්මතුවන අවස්ථා දක්නට ලැබෙන මුත් සමස්තය එම දෘෂ්ටිකෝණයට නතු කිරීම ජ්‍යෙෂ්ඨ පිරිවෙන් ගුරුවරයාට කරන බලවත් අසාධාරණයකි. ඇතැම් දුෂ්කර ප්‍රදේශවල මාපියන් පවා අතහැර දමන ලද කිසිදා පාසලක් දැක නැති දරුවන් පිරිවෙනට කැඳවා පළමුශේණියේ සිට අකුරු කරවා රටට වැඩදායක උගතුන් බවට පත්කරවන පිරිවෙන් අදටත් දැක්නට ලැබේ.

එම ලිපියේම උපුටා දැක්වීමක් කරමින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ප්‍රකාශකර ඇති පරිදි විද්‍යාව හා තාක්ෂණය නිසා වර්තමාන සමාජයේම සිදුවී ඇති ආධ්‍යාත්මික පරිහානියේ පැතිකඩක් භික්ෂු සමාජයේද දක්නට ලැබීම කෙරෙහි උගත් ප්‍රජාවගේ අවධානය යොමුවිය යුතුය. උන්වහන්සේ ප්‍රකාශ කරන අදහස් පිළිබඳව වර්තමානයේ පිරිවෙන් පිළිබඳ බලය හොබවන අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් ස්වාමින් වහන්සේ ඇතුළු විද්වත් සභාවේ අවධානය යොමු කිරීම වැදගත්ය. එම ලිපියට පිළිතුරු ලිපියක් ලියන මා පෙන්වා දෙන්නට උත්සාහ දරන්නේද මෙකී සංලක්ෂ්‍යයයි.

විශේෂයෙන් වෙනත් රටවල මෙන් නොව අප රට අතීතයේ සිටම කවර ව්‍යසනයකට මුහුණ දුන්නද එකී ව්‍යසන ආපදා ජය ගත්තේ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙනි. එවැනි නායකත්වයක් සපයන්නට එදා ඒ භික්ෂුවට හැකියාව ලැබුණේ උන්වහන්සේ ලද අධ්‍යාපනය විනය තුළින්ම ගොඩ නැගුණු දේශමාමක හැඟීම් නිසාය. මල්වතු අනු නාහිමි ව්‍යංගයෙන් වදාරන්නේද එවැනි හැඟීම් සහිත දේශහිතෛශීන් වර්තමාන පිරිවෙන් ක්‍රමය තුළින් බිහිවීම සැක සහිත බව නොවේද?

මෙම ලිපියේ ලියුම්කරු දක්වන ආකාරයට පිරිවෙන තුළ විෂය මාලාව නවීකරණය විය යුතු බවත්, පිරිවෙන් ගුරු පුහුණුව විධිමත්විය යුතු බවත් ඇඟවේ. එම අදහසට අපද විරුද්ධ නැත. නමුත් එය සිදුවිය යුත්තේ තුන්කල් දැකිය හැකි නුවණකින්ම ය. විශේෂයෙන් හෙට උදාවන ගමට නායකත්වය දෙන්නෙක් ලෙස ස්වාමීන් වහන්සේ විශේෂයෙන් පිරිවෙන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ බලය කෘත්‍යාධිකාරී හිමියන්ට පැවරී ඇත්තේ තමාගේ ආයතනික දැක්ම අනුව සුදුස්සකු තෝරා ගැනීමට ඇති අයිතිය ඉඳුරාම පිළිගැනීමක් ලෙසය. පාසල් සඳහා පොදු ප්‍රතිපත්ති අනුව කලින් කලට ගුරුවරුන් බඳවා ගැනීම සිදු කළත් පිරිවෙන්වලට එසේ නොවේ.

නමුත් පිරිවෙන්වල ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයන් සඳහා ගිහි ගුරුවරුන් බො‍හෝ විට බඳවා ගන්නා බවක් දක්නට ලැබේ. එහිදී රැකියාවක අවශ්‍යතාව ඇති අයකු පමණක්ම තෝරා ගතහොත් පිරිවෙනේ අරමුණු ඉටුකර ගැනීම දුෂ්කරය. ශිෂ්‍යයා ගිහි වුවද පැවිදි වුවද ගුරුවරයා අනුකරණය කරන බව ප්‍රසිද්ධ කරුණකි. එම නිසා ඔහු ද සේවයේ යෙදවීමට ප්‍රථම පාසල්වල පිළිගත් ක්‍රමයටම පූර්ව පුහුණුවක්ලබාදිය යුතුය. විශේෂයෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඉදිරිපිට ඒ භික්ෂූත්වයේ ගෞරවය රැකෙන කථා බහ, ඇවතුම් පැවතුම් උන්වහන්සේලාගේ චර්යා ධර්ම දෝෂ දර්ශනයට අවඥාවට ලක් නොකරන මුහුකුරාගිය බුද්ධියක් ඇති ඇඳුම පවා යුරෝපීය නොවන අපේම අන්‍යතාව රකින ඇඳුම වීම ඉතා වැදගත් ය.

රටේ පිළිගත් වැදගත් ප්‍රසිද්ධ පිරිවෙන් කීපයකම මෙවැනි ගුණාත්මක ගුරුවරුන් සිටීම විශේෂයෙන් අගය කළ යුතුය.

ඊ ළඟ වැදගත් කරුණ පිරිවෙන් විෂය මාලාව යි. යල් පැනගිය යන වචනය පිරිවෙන් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් යොදනවාට මම පෞද්ගලිකව විරුද්ධ වෙමි. මන්ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වැනි සිල්වත් උගත් තෙරවරුන් රටට බිහි වූයේ ඒ පැරණි අධ්‍යාපන ක්‍රමයෙන්ම වීම නිසයි. රේරුකානේ චන්දවිමල අතිපූජ්‍ය මහා නාහිමි වැනි උත්තුංග පඬිවරුන් බිහි වූයේ ද කුඩහ පොළ නාහිමි, චාරියපොළ සුමංගල නාහිමි වැනි සටන්කාමී දේශප්‍රේමි භික්ෂූන් බිහිවූයේද එවැනි පොතපත තුළිනි. මා දන්නා තරමින් වර්තමානය රෝහිණී වැනි ග්‍රන්ථ සකස්කඩය වැනි ග්‍රන්ථ පිරිවෙන තුළ නැත. ඒ වෙනුවට වැඩි කාලයක් පරිගණක හැසිරවීම සඳහා ශිෂ්‍යයා යොමුකරන බවක් අසන්නට ලැබේ.

පරිගණක පමණක් නොව මානව සම්පත් කළමනාකරණය වැනි සමාජ නායකයින් දැනගත යුතු ශිල්පීය, ශාස්ත්‍රීය ඥානය පිරිවෙන් විෂය මාලාවට ඇතුළත් කිරීම වරදක් නොවේ. එහෙත් ප්‍රාථමික අධ්‍යාපනයේදී පාසලේ දරුවාගේ සංකල්ප සාධනය සිදුකරන්නාක් මෙන් භික්ෂුවට ආකල්ප සංවර්ධනය සිදුකළ යුත්තේ ඒ පැරණි අධ්‍යාපනය යළි කරළියට ගෙන ඒමෙනි.

එදා බුද්ධ චරිතය රචනාකළ ගත් කතුවරු අතිශයෝක්ති වර්ණනා යොදා ඇති බව ත්‍රිපිටක ධර්මය හැදෑරීමෙන් අදටත් පැහැදිලි වේ. එයට හේතු වූයේ එවක ජන සමාජයේ තත්ත්වයයි. අදට එවැනි වර්ණනාත්මක විස්තර වෙනුවට විද්‍යාත්මක තර්කයන් ඉස්මතු කළ හැකි ඥානයද අනාගත දේශක ස්වාමින් වහන්සේට අවශ්‍ය වනු ඇත. ධර්ම දේශනා සිදු කිරීමේදී අනුගමනය කළ යුතු විනය ප්‍රතිපත්තින්ට බාධාවක් නොවන පරිදි ශ්‍රාවක පරිකල්පනය තව දුරටත් පුළුල් වනසේ පරිගණක තාක්ෂණය භාවිතයෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය හරහා සිදුකිරීමේ හැකියාව සොයා බැලිය යුතුය.

පිරිවෙන් අධ්‍යාපනය තුළින් ත්‍රිපිටක ධර්මය ඉගෙන අවසානයේ රාජකීය පණ්ඩිත වැනි උපාධි මට්ටමේදී ධර්ම ශාස්ත්‍රීය පර්යේෂණ දක්වා යොමුවන ආරාචිත ප්‍රායෝගික තලයට එම අධ්‍යාපනය යොමුකළ යුතුය. ඒ සඳහා ඕනෑතරම් ආයතනයන් අපේ විහාරස්ථානවල ඇතිකළ හැකිය.

පිරිවෙන තුළ දැනට ක්‍රියාත්මක විද්‍යාව විෂය සමෝධානික සාමාන්‍ය දැනුම ලබාදෙන විෂයයක් පමණි. ඉන් නොනැවතී විද්‍යාවේ ගැඹුරු සංකල්පයන් බුදු දහම සමග සසඳා ඉගෙන‍ගනු ලබන විෂයමාලා වෙනසකට කාලයයි මේ. උදාහරණයක් ලෙස අයින්ස්ටයින් සමීකරණය (ශක්තිය පිළිබඳ) ධර්මානුකූලව විග්‍රහකරන තර්කයන්, කාලය අවකාශය පිළිබඳ සිද්ධාන්ත අභිධර්මාන්තරගත සිද්ධාන්ත ඇසුරෙන් පැහැදිලි කිරීම, ජීවයේ පැවැත්ම, පිළිසිඳගැනීම, අංග විකලතා ඇතිවීම විද්‍යාත්මකවත් කර්මානුකූලවත් දැකිය හැකි ආකාරය, ශූනයතා සංකල්පය ත්‍රිලක්ෂණය අනුව පැහැදිලි කරන ආකාරය ඇතුළු ධර්මයේ හරය විද්‍යාත්මකව ගළපා ගන්නා ඥානය භික්ෂු අධ්‍යාපනයට ඇතුළත් කළයුතු කාලය මෙයයි.

ථෙරවාදී බෞද්ධ රටවල් අතර ශ්‍රී ලංකාව තාමත් ඉදිරියෙන් ඇති රටකි. එම වාදයට හානිවෙමින් පළුදු වෙමින් බුදු දහම වෙනුවට පුද්ගලික මතවාද වැපිරීම එන්න එන්නම වැඩිවන බැවින් මේ පිළිබදව වගකිවයුතු පාර්ශ්ව තම වගකීම පැහැර නොහැර ඉක්මන් වියයුතු කාලය මෙය බවයි ශාසනාලයෙන් යුතුව පෙන්වා දෙනු ලබන්නේ.

මේ පිළිබඳව විද්වත් කථිකාවක් ගොඩ නැගීමට පාදක කරමින් ඔබගේ පුවත්පත ගන්නා උත්සාහය බෙහෙවින් පසසමි.

 

කථිකාචාර්ය
ආර්.එම්. වසන්ත කුමාර
නිල්වලා ජාතික අධ්‍යාපන පීඨය , විල්පිට , අකුරැස්ස


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>