Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

නිවෙස හැඩ කරන නෙට් බෝල

$
0
0
ඔක්‌ 1, 2018 01:00

වසරකට කිහිප වතාවක්වත් නිවෙස්වල විශේෂ සාද පැවැත්වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක නිවෙස සරසන්නත්, හැමදාටම තියන්න පුළුවන් ආකාරයේ සැරසිල්ලක් විදිහට තබන්නත් හැකි නිර්මාණයක් අපිම නිර්මාණය කර ගන්නවා නම් කෙතරම් වටිනවද? මේ, ඒ වගේ නිර්මාණයක් කරගන්නා විදිහයි.

මේ නිර්මාණය කරන්න ඕනෑ වෙන්නේ, තමන් කැමැති වර්ණයකින් ගොරෝසු නෙට් කැබැල්ලක්, කාඩ්බෝඩ් සහ නූල් විතරයි. කාඩ්බෝඩ් කැබැල්ලේ සීඩී තැටියක ප්‍රමාණයට රවුමක් කපා ගන්න. දැන් එහි මැදින් ඇති රවුමත් කපා ගන්න. එක වගේ රවුම් දෙකක් කපාගෙන, මැද පුංචි රවුමේ ප්‍රමාණයට නූලක් රවුමට තබා, නූලේ කොන් දෙක එළියට එන විදිහට තබන්න. දැන් රවුම් දෙක එකට තබා, මැද රවුමත්, ලොකු රවුම් දාරයත් අතර දිග නෙට් පටියක් යවමින්,ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඔතා ගන්න. ඔතාගෙන අවසන් වූ පසු ලොකු දාරය වටා තිබෙන නෙට් දාරය, කතුරක් යවා රවුමට කපා ගන්න. දැන් නූල් කොන් දෙක තද කරන්න. දැන්, කාඩ්බෝඩ් දෙක ඉවත් කළ පසු නෙට් එකෙන් ලස්සන වටකුරු සැරසිල්ලක් නිර්මාණය වේවි. මෙවැනි නෙට් බෝල විවිධ ප්‍රමාණ හා වර්ණවලින් නිර්මාණය කර ගන්න. මේවා එල්ලා තබන්නත්, මල් වාස් එකක බහා තබන්නත්, තැනින් තැන සරසන්නත් යොදා ගන්න පුළුවන්.

චින්තා රණසිංහ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>