Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වය­සට යෑම පාල­නය කරන ආහාර

$
0
0
ඔක්‌ 1, 2018 01:00

තෙල් සහිත මාළු

මාළුවල ඔමේගා-3 මේද අම්ලය අඩංගු ය. සැමන්, මැකරල්, හෙරින්ග්, සාඩින් වැනි මාළු ආහාරයට ගැනීමෙන්, ඔබට නිරෝගී දිදුලන සමක් හිමි කර ගත හැකි ය. ඔමේගා-3 අම්ලය සමේ තෙත් බව ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. මේ මාළු වර්ග තුළ විටමින් E හා සින්ක් වැනි තුවාල සුව කරන ඛනිජ වර්ග අඩංගු වේ.

ඇට වර්ග

ඇට වර්ගවල, ඔමේගා-3 මේද අම්ලය, සින්ක් හා විටමින් ඊ අන්තර්ගත වේ. ඊට අමතරව, ඒවායේ ඛනිජ ප්‍රභේධ බොහොමයක් සහ විටමින් වර්ග අඩංගු ය. මේවා ඔබේ සමෙහි ඇති පැල්ලම් ඉවත් කරමින්, යොවුන් පෙනුමැති සමක් හිමි කර දේ.

මේවායේ අඩංගු විටමින් B, සමේ ආසාදන සුව කිරීමටත්, සෙලීනියම් (සම සඳහා ප්‍රතිඔක්සිකාරකයකි) සහ විටමින් C වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීමටත් උපකාරී වේ. කජු, වොල්නට්, ආමන්ඩ් වැනි ඇට වර්ගවල මේ ගුණ අන්තර්ගතව ඇත.

අලිගැටපේර

අලිගැටපේර යනු, සමේ ඇදෙන සුලු ගතිය හා තෙතමනය වැඩි දියුණු කිරීමට උදවු වන පෝෂණීය පලතුරකි. මේවා, කැරොටෙනොයිඩ්වලින් පොහොසත් වන අතර, හිරුගේ හානිවලින් සම ආරක්ෂා කිරීමට උපකාර කරයි.

එමෙන් ම, අලිගැටපේරවල කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන විශේෂිත දියරමය රසායනයක් වන ඩී-මැනහෙප්ටුලෝස් අඩංගු වේ.

තේ

හරිත තේ, සමේ සෞඛ්‍ය රැක දීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් සමට විය හැකි හානිවලින් සම ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයන් වන පොල්පෙනොල්ස් සහ කැටෙචින්ස්වලින් පොහොසත් ය.

යෝගට්

තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. යෝගට් තුළ හිතකර බැක්ටීරියා අඩංගු ය. ඒවා ඔබේ සම රත් පැහැ ගැන්වීම්, ආසාදන සහ කුරුලෑ වැනි සමේ ගැටලු රැසක් පාලනය කර ගැනීමට උපකාර කරයි. සමට පෝෂණය ලබා දීම සඳහා යෝගට් මාස්ක් යෙදීම ද කළ හැකි ය. යෝගට්වල අඩංගු ලැක්ටෝස් අම්ලය, මුහුණේ ඇති වන වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීමටත්, මැරුණු සෛල ඉවත් කිරීමටත් උපකාරී වේ.

මී පැණි

මී පැණිවල ස්වභාවිකවම ප්‍රතිබැක්ටීරීයා, ප්‍රතිඔක්සිකාරක සහ Humectant නමැති මොයිස්චරයිස් වර්ගය අඩංගු ය. මේවා, සමේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් මුහුණට දමන මාස්ක් වර්ගවලට මී පැණි යොදා ගන්නා අවස්ථා ඕනෑ තරම් දැකිය හැකි ය. සමේ ආසාදන සුව කිරීමටත්, වියළි සම තෙත් කිරීමටත් මී පැණි උපකාරී වේ.

දොඩම්

සමේ සුන්දරත්වය රැක දීමෙහිලා දොඩම් ඉතා හොඳින් ක්‍රියා කරයි. දොඩම්වල විටමින් C සහ ජලය අඩංගු වේ. දොඩම්වල අඩංගු ජලය, සම ඇතුළතින්ම වියළි බව ඉවත් කරයි. එහි අඩංගු විටමින් C, කොලජන් නිෂ්පාදනයෙහි විශාල භූමිකාවක් ඉටු කරයි. කොලජන් මඟින් සම සුමට කර, සම එල්ලා වැටීම් හා රැලි වැටීම් වැළැක්වීමට ක්‍රියා කරනවා.

උප­දෙස් - ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී  ප්‍රනාන්දු
යශෝදා ඉන්දී­වරී

Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>