Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හැටන් පැත්තෙන් රටට ප්‍රශ්න

$
0
0
ඔක්‌ 4, 2018 15:55

ආහාර ඇඳුම් නිවාස යන මුලික මිනිස් අව­ශ්‍ය­තා­ව­යන් යටතේ නාමි­කව ප්‍රකාශ නොවු­ණත් ජලය යනු මිනිස් ජීවි­තය පව­ත්වා­ගෙන යාමට අත්‍යා­වශ්‍ය සාධ­ක­යකි. ආහාර නොගෙන දින ගණ­නක් ගත කර­න්නට හැකි­යාව තිබුණ ද ජලය පානය නොකර පැයක් ගත කිරීම ද අති­ශ­යින් දුෂ්ක­රය. පානය කරන ජලය ශරී­ර­යට අහි­ත­කර නොවන පිරි­සුදු ජලය ලෙස සහ­තික වන්නට හැකි­නම් බිය­කින් තොරව පානය කිරී­මට අපට හැකි­යාව ලැබේ. ගහ කොළ ඇළ දොළ ආදි­යෙන් පරි­පූර්ණ වනා­න්ත­ර­ව­ලින් හෙබි සුන්දර පරි­ස­ර­යක් හිමි අපේ රටෙහි කඳු­කර ප්‍රදේශ පිරි­සුදු ජල මූලා­ශ්‍ර­ය­න්ගෙන් යුතු බව නිර­න්ත­ර­යෙන් ප්‍රකා­ශ­වන කරු­ණකි. එයි­නුත් නුව­ර­එ­ළිය හැටන් ආදී ප්‍රදේශ මුළු රට­ටම ජලය සප­යන ජල මූලා­ශ්‍ර­යන් සහ ජල පෝෂක සහිත ප්‍රදේ­ශ­යන්ය. එහෙ­යින් එම ප්‍රදේ­ශ­වල ජල දූෂ­ණ­යක් සිදු­වන්නේ නම් එය අදාළ ප්‍රදේ­ශ­යට පම­ණක් නොව මුළු රටට ම බල­පා­න්නකි. එහෙ­යින් ම ජාතික ගැට­ලු­වකි.

හැටන් ප්‍රදේ­ශ­යෙන් මෙවැනි ජාතික ගැට­ලු­වක් උද්ගත වන්නට කරුණු කාරණා යෙදී ඇත්තේ හැටන් ඔයට බැහැර කරන කුණු කසළ හේතු­වෙනි.

ජන­තා­වගේ ජලය මූලික කර ගත් දෛනික අව­ශ්‍යතා සේම ගොවි­තැ­නට ද මේ තත්ත්වය ගැට­ලු­වක් වී තිබේ. උද්ගත වී ඇති ගැට­ලුව පිළි­බ­ඳව ජන­තාව පව­සන්නේ මෙවැනි අද­හස්ය.

නයනි දීප්තිකා මහ­ත්මිය - "මේ කුණු ප්‍රශ්නය නිසා අපට පාරක යන්න­ට­වත් නැහැ. දරු­වන්ට පාසල් යන්න පුළු­ව­න්ක­මක් නැහැ. පාසල අසල කුණු දාලා තියෙ­නවා. ඒ නිසා දරු­වන්ට ලෙඩ රෝග හැදෙ­න්නට තියෙන ඉඩ­කඩ වැඩියි. ඒ වගේම පන්සල අස­ලත් විශාල කුණු ගොඩක් දකින්න ලැබෙ­නවා. කුණු කසළ මේ විදි­හට තැන තැන ගඳ ගැස්වීම නිසා මැස්සෝ ගහ­නය වැඩි වෙලා ලෙඩ රෝග ව්‍යාප්ත වෙනවා. මේ ප්‍රදේ­ශයේ ගංගා ඇළ දොළ හැම එක­කම පාහේ කුණු කසළ බැහැර කර­නවා. ඒක ලොකු ප්‍රශ්න­යක් ලෙඩ රෝග හැදෙන්න මුලක්."

තංග­වේලු ධනේෂ් කුමාර මහතා - "මම එළ­වළු වගා කරලා තමයි ජීවත් වෙන්නේ. ගංගා­ව­ලට කුණු කසළ දැමීම වගා කට­යු­තු­ව­ලට ලොකු ප්‍රශ්න­යක්. සෑහෙන ලොකු කුණු ගොඩක් මහ­වැලි ගඟට සහ මේ අවට ඇළ­දොළ වලට ගෙනත් දානවා. සාමාන්‍ය මිනිස්සු විත­රක් නෙමෙයි ලොකු ගොවි­ප­ළ­වල් පවත්වා ගෙන යන අයත් සතුන්ගේ අප­ද්‍රව්‍ය පවා දාන්නේ ගඟට, ඇළ­ව­ල්ව­ලට.

හැටන් නගර සභාවේ සෞඛ්‍ය කම්ක­රුව ජී. වේලු මහ­තාට කුණු කසළ එකතු කිරීම පිළි­බඳ ව අද­හ­සක් ප්‍රකාශ කිරී­මට හැකි වුවත් ඒවා බැහැර කරන ආකා­රය පිළි­බඳ පැහැ­දිලි අද­හ­සක් ප්‍රකාශ කිරී­මට හැකි­යා­වක් තිබුණේ නැත. කොම්පෝස්ට් සහ නොදි­රන අප­ද්‍රව්‍ය වෙන වෙනම එකතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

කසළ බැහැර කිරීමේ ක්‍රම­වේ­දය පිළි­බඳ ව වග­කි­ව­යුතු අදාළ බල­ධා­රීන්ගේ ද අද­හස් විම­සු­වෙමු.

හැටන් දික්ඔය නගර සභාවේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ආර් බාල­ක්‍රි­ෂ්ණන් මහතා - "2017 වසරේ සිට මම හැටන් දික්ඔය නගර සභාවේ සේවය කර­නවා. කසළ කළ­ම­නා­ක­ර­ණය තමයි මගේ ප්‍රධාන කාර්යය. මේ කට­යුත්තේ දී අපිට තියන ලොකුම ගැට­ලුව කසළ කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යක් නැති­කම. අපිට කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා කසළ බාර දෙන්නට තියෙන්නේ මස්කෙ­ළිය ප්‍රාදේ­ශීය සභා­වට අයිති රිකා­ටන් කසළ කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය. සතියේ සෑම සඳුදා, බදාදා, සිකු­රා­දා­ව­කම අපේ දිරන කුණු කොම්පෝස්ට් සකස් කිරීම සඳහා ඔවුන්ට බාර දෙනවා. ඊට අම­ත­රව සෙන­සු­රා­දාට අපි ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කළ හැකි පොලි­තින් ප්ලාස්ටික් කාඩ් බෝඩ් වැනි දේවල් එකතු කරලා පෞද්ග­ලික මධ්‍ය­ස්ථා­න­ය­කට අලෙවි කර­නවා. අපට තිබෙන ලොකු ම ගැට­ලු­වක් තමයි ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කර­න්න­ටත් හැකි­යා­වක් නැති කසළ එකතු වීම. අපි දැනට ඒ කස­ළත් රිකා­ටන් මධ්‍ය­ස්ථා­න­යට බාර දෙනවා. එහි දී ඒවා පුළුස්සා දම­නවා. නමුත් ඒක සම්පූ­ර්ණ­යෙන්ම පිරි­සුදු කිරීම අසී­රුයි. අනිත් ගැට­ලුව තමයි මහ­ජ­න­තාව අවි­ධි­මත් ලෙස කුණු කසළ බැහැර කිරීම. ශබ්ද විකා­ශන යන්ත්‍ර මගින්, අත් පත්‍රිකා මගින් කොයි තරම් දැනු­වත් කළත් නිය­මිත දින­ව­ලට අදාළ ස්ථාන­ව­ලට කුණු කසළ භාර දීමේ පුරු­ද්දක් ඔවුන්ට නැහැ. කානු­ව­ලට, පාරට, ඇළ මාර්ග­ව­ලට බැහැර කරන කුණු කසළ නිසා ඩෙංගු, මී උණ වැනි ලෙඩ රෝග හැදෙ­න්නට තියෙන ප්‍රව­ණ­තාව වැඩියි."

හැටන් දික්ඔය නගර සභාවේ සභා­පති බාල­ච­න්ද්‍රන් මහතා - "අපේ නගර සභා බල ප්‍රදේ­ශය තුළ දින­කට කසළ ටොන් හත­රක් පමණ එකතු වෙනවා. අපට කසළ කළ­ම­නා­ක­ර­ණය කර­න්නට ඉඩ­මක් නැති­ක­මයි විශාල ම ගැට­ලුව. අහල පහළ තියෙන ඉඩ­ම­කට බැහැර කර­න්න­ටත් අව­ස­ර­යක් නැහැ. මේ විශාල කසළ තොගය කිලෝ­මී­ටර් හත­ළි­හක් පමණ දුර මස්කෙ­ළිය ප්‍රාදේ­ශීය සභා­වට අයිති කසළ කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට රැගෙන යන්නට ඕනෑ. කිලෝ­මී­ටර් 80ක දුරක් එහා­ටත් මෙහා­ටත් යන්න විශාල විය­ද­මක් දරන්න වෙනවා. ඒක ජනතා මුදල් අපතේ යාමක්. නගර සභා­වක් ලෙසට අපි විශාල අප­හ­සු­තා­ව­ය­කට පත්වෙලා ඉන්නවා.

සාමාන්‍ය ජන­තා­වට කුණු කසළ බැහැර කිරීම පිළි­බඳ නිසි අව­බෝ­ධ­යක් නැහැ. ලංකාව පුරා පානීය ජලය බෙදා හරින්නේ නුව­ර­එ­ළි­යෙන්. වැඩිම වර්ෂා­ප­ත­න­යක් ලැබෙ­න්නෙත් නුව­ර­එ­ළි­යට. මේ ප්‍රදේ­ශයේ කුණු කසළ බැහැර කර­න්නට හැකි­යා­වක් නැති නිසා පොලි­තින්, ප්ලාස්ටික් වැනි දේවල් වළ­වල් කපා යට කළොත් වසර පන්සි­ය­යක් ගියත් දිරා නොයන අප­ද්‍රව්‍ය ජල මූලා­ශ්‍ර­ව­ලට එකතු වෙනවා. තව වසර විස්සක් විසි පහක් ගත­වෙද්දී මේ ජලය බීමට නුසු­දුසු තත්ත්වයේ ජලය බවට පත් වේවි. ප්‍රදේ­ශ­වා­සි­යෙක් විදි­යට මං ඒ ගැන අති­ශ­යින්ම කණ­ගාටු වෙනවා.

මේ ගැට­ලු­වට පිළි­ය­මක් විදි­හට අංශ දෙක­කින් ක්‍රියා­ත්මක වෙන්නට පුළු­වන්. එකක් මේ කුණු කසළ පහත් බිම් ප්‍රදේ­ශ­ව­ලට රැගෙන ගොස් කළ­ම­නා­ක­ර­ණය කිරීම තුළින් ජල මූලා­ශ්‍ර­ව­ලට සිදු­වෙන හානිය නැති කර­ගන්න පුළු­වන්.

පරි­ස­ර­වේදී නීතිඥ ජගත් ගුණ­ව­ර්ධන මහතා, "ලංකාවේ අභ්‍ය­න්තර ජල මූලා­ශ්‍ර­ව­ලට කසළ බැහැර කිරීම පීඩා­කාරී ආඥා­ප­නත, නග­ර­සභා ආඥා­ප­නත, ධීවර හා ජලජ සම්පත් ආඥා­ප­නත යටතේ වගේම ජාතික පාරි­ස­රික පනත යටතේ ගත්තත් බර­ප­තළ වර­දක්. මේ වගේ සිදු­වී­ම්ව­ලදී ඊට එරෙ­හිව පිය­වර ගත හැකි ආස­න්න­තම බලය තිබෙන්නේ නගර සභා­වට සහ පොලී­සි­යට. හැටන් ඔය කියන්නේ මහ­වැලි ගඟේ ආර­ම්භක ප්‍රදේ­ශය. එයට කසළ මුදා හැරීම තුළින් සමස්ත පද්ධ­ති­යම විනා­ශ­යට පත් වෙනවා. ඒ තුළින් උද්ගත වන්නේ ජාතික ගැට­ලු­වක්. "

මේ බර­ප­තළ පාරි­ස­රික ගැට­ලුවේ දී එකි­නෙ­කාට ඇඟිලි දිගු කර­මින් කල් මැරී­මේදී සිදු වන්නේ විනා­ශය තව­දු­ර­ටත් උග්‍ර අතට හැරීම සහ එය නැවත නිවැ­රදි කළ නොහැකි වර­දක් බවට පත්වීමයි. මෙහි සියලු පාර්ශ්ව­යන් තම­න්ගෙන් සිදු­වන වැරදි නිවැ­රදි කර­මින් සාමූ­හි­කව සහ එක­මු­තුව කට­යුතු කිරීමේ වාසිය හිමි­වන්නේ ප්‍රදේ­ශ­යට පම­ණක් නොව රට­ට­මයි.

දිල්රූ ජය­සේ­කර


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>