Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සෝපානය

$
0
0
දෙසැ 30, 2017 01:00

ඉන්දීය ලේඛක සංජෙ හවනුර්

ඉතිහාසයේ අසහාය බව හෝ එය දිගටම පවත්වාගෙන යාම ගැන කිමතිලාල්ට තේරුම් ගැනීමට නොහැකි විය. 'ඔබ කියන්නෙ ඔබ දිනකාර්ට සියලු ලේඛනයි ඡායාරූපයි සැපයුවේ දින තුනක් භූතයෙක් විදියට ආපසු ගිහිල්ල කියලද?”

'ඔව් ඇත්තටම. ඉතිහාසය වාර්තා කර තැබීමට එරෙහිව ස්වභාව ධර්මයේ නීතියක් නැහැ. දින තුනකට පෙර සිදු වූ සිද්ධි ඔබ ඉදිරියේ නැවත ප්‍රදර්ශනය වුණා. ඔබට පුළුවන් ඒවා ඡායාරූපගත කරන්න. අවශ්‍ය නම් හඬ පටිගත කරන්නත් පුළුවන්. ඒක හරියට වීඩියෝවක් බලනව වගෙයි. තුන් දිනකට පෙර ත්‍රිමාන ආකාරයට ඡායාරූපගත කළ ඒවා. වැඩ අවසන් වුණහම මම ආපහු සෝපානයට ගියා. ආපසු ඒමට නියෝගය දුන්නා. ආපස්සට ගිය දින තුන අවසන් කරල යළිත් වර්තමානයට ආවා”

කිමතිලාල් තිගැස්සුණි. ඔහු තුළ පැවති සූදුවට ඇති ඇල්ම අනාගත විශාල ජයග්‍රහණයක් පෙන්නුම් කළේය. 'ඒ කියන්නෙ සෝපානයෙ බොත්තම් එබීමෙන් ඔබට පුළුවන් දින තුනක් අනාගතයට යන්න”එකපිට එකට එන සිදුවීම්, අනිත් දවස්වලට වඩා අද වෙනස්, ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය. අවසාන තරගයට ඉතිරිව ඇත්තේ පැය කීපයක් පමණි. 'මට සමාවෙන්න. මම දැන් යන්න ඕනෙ. මට හදිසි වැඩ කීපයක් තියෙනවා”

කිමතිලාල්ට තව දුරටත් කරුණු පැහැදිලි කිරීම්වලට සවන් දීමට අවශ්‍ය නොවීය. ධනයට අධිපති දේවතාවියගෙන් වරම් ලැබෙන තුරු බලා සිටිය යුතු නොවේ. 'ඔක්කොම හරි. මම දැන් යන්න ඕනෙ. අපි ආයිත් හමුවෙමු”ඔහුගේ හදවත සතුටින් ඉලිප්පෙයි. කිසිවක් කියාගත නොහැකිව එතැන බලා සිටින ගජනන්රා ඕ පිළිබඳ ඔහු තුළ වූයේ බලවත් කනගාටුවකි. දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා යැයි නොපැහැදිලි හඬින් කිමතිලාල් මිමිනුවේය. 'අද ඔබගේ ඇස් තියෙන්නෙ මගෙ හිස්වැස්ම මත. ඔබට වැටහෙන්නෙ නැහැ. එහෙම නේද? ඔබට වැටහෙන්නෙ කෙහොමද? කවද හරි ඔබ ජැක්පොට් දිනන බවට සිහිනයෙන්වත් දැකල තියෙනවද? හහ්....... ඔබ වගෙ මිනිස්සු කවදද ජීවිතය ගැන ඉගෙන ගන්නෙ”

කිමතිලාල් යන්නට ගියේ ගජනන්රා ඕ කාලය සහ ස්වභාව ධර්මයේ නීති ගැන සිතමින් දෙගිඩියාවෙන් පසු වෙද්දීය. 'ජැක්පොට්? මම ඒ ගැන අද කියෙව්ව නේද? ඒක ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක්. අන්තිම තරග තුනේ ප්‍රතිඵල. අහම්බෙන් සිදු වුණ ඒවා. ජැක්පොට් සල්ලි සේරම ගෙනිහින්. අන්තිම තරගය ගැන අනුමාන කරපු තැනැත්තා රුපියල් කෝටියකට වඩා දිනුම්. ඉන්දියානු තුරග තරග ඉතිහාසයේ කවදාවත් එකවරකට මෙපමණ මුදලක් දිනුවෙ නැහැ.”විශාල තරගයට තව ඇත්තේ පැය හතරක් පමණි.

'කිමතිලාල්”ගජනාන්රා ඕ වහාම පිටතට ගියේය. කිමතිලාල් කොහේවත් පෙනෙන්නට නැත.

ඔහුට හමුවූ පළමු වන කුලී රථයම ඔහු අල්ලා ගත්තේය. 'ඉක්මන් කරන්න. වහාම මාව ඉන්ද්‍රප්‍රසාද් පාරට එක්ක යන්න. වහාම.....මිනිහෙක් මැරෙන්න යනවා.....දිවි නසාගන්න යනවා.... ඔබට තේරුණාද? මෙය ජිවිතයත් මරණයත් අතර හදිස්සියක්. මාර්ග නීති යකාට ගියාවේ. ඉදිරියට යමු”

කිමතිලාල් ශාලාවට දිව ආවේය. සෝපනය හිස්ව තිබිණ. 'මොන තරම් වාසනාවක්ද? මේක සාමාන්‍ය සෝපානයක් නෙවෙයි. මේක රන් ආකාරයක්. අර මදුරාසිකාරයා මෝඩයෙක්. එයා සල්ලිවල වටිනාකම දන්නෙ නැහැ.”වහාම සෝපානය තුළට වැදුණ ඔහු වෙව්ලන දෑතින් බොත්තම් ඔබන්නට පටන් ගත්තේය. ප්‍රථමයෙන් දොර විවෘත කිරීමේ බොත්තම..... ඒ ඉරණම්කාරී දවසේ ඉලක්කම් අනු පිළිවෙල මතක තබා ගැනීමට තරම් මම කොතරම් කල්පනාකාරීද? 13 ... නිමක් නැති අනාගතය ගැන මෝඩයා දොඩවන ප්‍රලාප මොනවාද ? 11, අතීතය, වර්තමානය සහ අනාගතය, මේ සියල්ල තීරණය කළේ බොහෝ කලකට පෙර විදතායි (දෙවියන්) සෑම සුළු සිද්ධියක්ම සිද්ධ වෙන්නෙ දෛවය අනුව පමණයි. 7.... ඇත්තටම ලාභ ප්‍රචාර යෝගීන්ගේ බලය ගැනයි පුජ්‍ය අවාද්හුට්ගේ බලය ගැනයි කියන්න ඔහුට ඇති අයිතිය කුමක්ද? 5.... කොහොම වුණත් වාසනාව ගැන අනාගතය දන්නවා කල්වෙලා ඇති වග. ලක්‍ෂමී උපකාර කරන්නෙ ඒ වගෙ මිනිස්සුන්ට විතරයි. 3...... ජැක්පොට්වලින් කෝටියක්

ගජනන්රා ඕ පියගැට පෙළින් පැනගෙන ආවේය.

කිමතිලාල් මිය ගොසිනි. ඔහුගේ ශරීරය මස් ගොඩක් ලෙස බිම ගොඩ ගැසී තිබේ. සෝපානය අධික වේගයෙන් ඉහළට ගමන් කර ඇත. සෑම මහලකදීම වේගය වැඩි වුණ බැවින් එය ගොඩනැගිල්ලේ ඉහළ කොන්ක්‍රීට් තට්ටුවේ සිදුරක් ඇති කරමින් පිපිරී ගොසිනි. තත්පර ගණනකින් සෝපානය පෘථිවියෙන් ඉවතට විසි වී ගොස් අනන්ත විශ්වයට ඇතුළු වී තිබේ.

ගජනන්රා ඕ විසින් නිකුත් කළ ප්‍රකාශයේ අවසාන කොටස ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතේ උපුටා දක්වා තිබිණ.

'සෝපානයට දොස් නගමින් ඒ ගැන කතා කිරීමෙන් සිදුවන යහපතක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ එය දැඩි විද්‍යාත්මක පරීක්‍ෂණයක් සඳහා බාර දීමය. එහෙත් ඊට අකමැති වීමට ඇති ප්‍රථම හේතුව සෝපානයේ ඇති අරුම පුදුම ලක්‍ෂණ හෙළිදරව් වීමයි. මට විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්න පුළුවනි. ඒත් සෝපානය පාවිච්චි කිරීම මට අහිමි වෙනවා. මම එය මගේ පෞද්ගලික දේපලක් ලෙස තබා ගන්න කැමතියි. මම තීරණය කළා සෝපානය විද්‍යාත්මක පරීක්‍ෂණයක් සඳහා පරිත්‍යාග කරන්න. ඒත් එය මහජනතාව සම්පුරණයෙන්ම ප්‍රයෝජනයට ගත් පසුව”

'දෙවන කාරණය සෝපානය අතීතයටයි වර්තමානයටයි ගෙන යන මන:කල්පිත ස්වභාවයන් පිළිබඳ මට යාන්තමින්වත් අනුමාන කිරීමට නොහැකි වීම. හරියටම වානිජ්‍ය භවාන්හි මහල් දෙකක් අතර ගමන් කරනවා වැනි ඉතා මෘදු ලෙස අතීතයටයි වර්තමානයටයි ගමන් කිරීමග ඔබට තේරුම් ගත නොහැකි දෙයක් විද්‍යාමාන විට ඔබ ඒ ගැන පරීක්‍ෂා කරන්නේ කෙසේද? මම බොහොම බාල නිගමනයකට එළඹුණා විද්‍යාත්මක පර්යේෂණය නිරර්ථක දෙයක් ලෙස. එපමණක් නොව එය අනතුරුදායක විය හැකියි”

'මගේ මනසේ තියෙන ප්‍රමුඛ අනතුර නම් අනාගතයට යාමට වැරදි නියෝගයක් දීමට ඇති හැකියාව. මම දැනටමත් පැහැදිලි කරල තියෙනවා මම සොක්කෙක් විදියට අතීතයට ගියේ එහි අති විශිෂ්ටභාවය ආරක්‍ෂා කරන්න. එතකොට අනාගතය? එයත් අසහාය දෙයක්ද? සර්වඥයකු හෝ නොදන්නා මැවුම්කරුවකු කලින් කළ සැලසුමක්ද? විද්‍යාවේ තර්කාන්විත බව පසෙකට තබන්න දෛව ලෝකයේ සිදු වන දේ ගැන න්‍යායවාදීන්ටවත් සොයා ගන්න අමාරුයි. සෑම මොහොතකම කෙනෙක්ව අහඹුවෙන් තෝරා ගන්නවා. ඒ අතර විශ්වය ගමන් කරනවා.”

'දෛවය සහ මැවුම්කරු පිළිබඳ සාම්ප්‍රදායික මිථ්‍යා අදහස්වලින් පීඩා විඳි කිමතිලාල්ට අනාගතයේ පැවැත්ම පිළිබඳ වැටහීමක් තිබුණේ නැහැ. අතීතයෙ සිට වර්තමානයට ගමන් කළ සීමිත පිරිසකට පමණයි කාල සංචාරය කළ හැකිවන්නේ. තවමත් සිදු නොවූ අනාගතයකට ගමන් කිරීම අභ්‍යාවකාශයට ගැලපෙන්නෙ නැහැ. කාලය තමයි යථාර්ථය සමඟ බැඳී තියෙන්නෙ. මෝඩ සහ කෑදර කිමතිලාල් සෝපානය ගමන් කරවූ ආශ්චර්යමත් බලවේග සහ ස්වභාව ධර්මය අතර අර්බුදයට මැදි වුණා. ඔහු ඊට දඬුවම් වින්දෙ ජිවිතයෙන්. මේ නිසා කාලයේ වේගය පිළිබඳ හදාරන්න මනුෂ්‍ය වර්ගයාට තිබුණ එකම අවස්ථාවත් නැතිව ගියා”

අනුවාදය බොබී ජී. බොතේජු


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>