නොවැම්බර් මස 07 සිට නොවැම්බර් මස 13 දක්වා
මේෂ
අධ්‍යාපනයට බාධා
ආවේගශිලී වෙයි. ආත්මාර්ථය ඉස්මතු වෙයි. ස්වෝත්සාහයෙන් සෑම දෙයක්ම කිරීමට පෙළඹේ. පරිපාලන බලය ක්‍රියාකරයි. උරුම හිමිකම් ලැබීමට නියමිතයි. පෙම්වතුන් අපහසුතාවට පත්වේ. පාසල් අධ්‍යාපනයට හිතකරය. උසස් අධ්‍යාපනයට බාධා අවහිරතා ඇත. විදෙස් ගමන් කල්යැවේ. අත්පා උරහිස් ආබාධ ඇතිවෙයි.
වෘෂභ
අපවාද ලබයි
ස්ත්‍රීන් නිසා අපවාද ලබයි. බහුවිධ ආදායම් මාර්ග ඇතිවෙයි. ලැබෙන්නට නියමිත මුදල් කොටස් වශයෙන් ලැබේ. යුගදිවියේ ගැටුම් ඇතිවෙයි. අනවශ්‍ය ආයෝජන නිසා අසීරුතාවට පත්වේ. සුඛෝපභෝගී දෑ මිලදී ගැනීම සඳහා නිකරුණේ මුදල් වැය කරයි. නිවාස කටයුතු සඳහා ද මුදල් වැය වේ. ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. රුධිර පීඩනය ඇතිවිය හැක.
මිථුන
ධන යෝග
බහුවිධ ක්‍රියාකාරකම්වල යෙදේ. වෙහෙසීම නිසා ආතතිය ඇතිවේ. හිතුවක්කාරී ප්‍රේම සබඳතා ඇතිකර ගනී. ගෞරවනීය රැකියාවල යෙදීම සඳහා අවස්ථාව පාදාගනු ඇත. සහෝදරයන්ගෙන්, මිතුරන්ගෙන් උපකාර ලබයි. හදිසි ධනයෝග ඇත. නීති ගැටලුවලට මුහුණදීමට සිදුවේ. සේවා ස්ථානයේ සටන්වලට නායකත්වය දෙයි. හදිසි අනතුරු ප්‍රවණතා ඇතිවිය හැක.
කටක
හදිසි අනතුරු
වාසස්ථාන වෙනස්කම් ඇතිවේ. ඉඩකඩම් ආරවුල් පෙන්වයි. ආගමික නායකයන්ගෙන් උපකාර ලබයි. හවුල් ව්‍යාපාරවල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැක.
හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම්කාරී වන්න. චිත්ත ඒකාග්‍රතාව ලබයි. ඉතා දුෂ්කර වෙහෙසකාරී ගමන් සිදුවේ. පෙම්වතුන් හිතුවක්කාරී වෙයි. රුමෙටික් ආබාධ, හතිය වැනි රෝග වැළඳෙයි. සෙම් රෝග ද ඇතිවේ.
සිංහ
වෘත්තීමය වෙනස්කම්
ආත්මාභිමානය රැකගනී. වාසස්ථාන, ඉඩකඩම් ගැටලු ඇතිවේ. දැඩි පිළිවෙත් අනුගමනය කරනු ලබයි. ආදායම් වර්ධනය කරගැනීම සඳහා බාධාක මධ්‍යයේ දැඩි ආයාසයක් ගනී. වෙහෙසවන තරමට ආදායම් මදි වේ. හදිසි වෘත්තීමය වෙනස්කම් ඇතිවිය හැක. පෙම්වතුන්ට, වැඩිහිටි පාර්ශ්වයෙන් විවේචනවලට භාජනය වීමට සිදුවේ. අධ්‍යාපනයට බාධා අවහිරතා එල්ල වෙයි. රජයේ කොන්ත්‍රාත් ලැබීමේ වාසියක් ඇත.
කන්‍යා
කෙටි ගමන්
සම්බන්ධීකරණ කටයුතු අඩාල වෙයි. වෙහෙසකර කෙටි ගමන් යෙදේ. කාර්යයන් ඉෂ්ට සිද්ධකර ගැනීම සඳහා දැඩි ආයාසයක් ගනී. බාධා අවහිරතා අධිකවේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකරය. සැලසුම් සහගතව වැඩ කළ හැක. පාසල් අධ්‍යාපනයේ අවහිරතා පෙන්වයි. උසස් අධ්‍යාපනයේ නිරතවූවන්ට සුබ කාලයකි. අය පක්ෂය ඉහළ යයි.
තුලා
ප්‍රභූන්ගෙන් උපකාර
ඉඩකඩම් ලාභ ලැබිය හැක. අය පක්ෂයේදී ආත්මාර්ථය ඉස්මතු වේ. අපේක්ෂා කරන විදේශීය ගමන් කල්යෑම්වලට භාජනය විය හැක. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට බාධා අවහිරතා ඇත. අසල්වැසියන් හා යහපත් සබඳතා ගොඩනඟා ගනී. ප්‍රභූන්ගෙන් උපකාර ලැබේ. ඉඩම් විකිණීමේදී වාසිදායක තත්ත්වයක් ඇතිවේ. ව්‍යාපාරවල නිරතවූවන්ට යහපත් සතියකි. රුමෙටික් ආබාධ ඉස්මතු වේ.
වෘශ්චික
ඉඩම් ගැටලු
අසල්වාසීන් හා ගැටුම් ඇතිවේ. ඉඩම් ගැටලු නිසාද ආරවුල් ඇතිවිය හැක. සුඛෝපභෝගී දෑ මිලට ගැනීමට වෙහෙසේ. එසේම අධික වියදම් දරයි. වාහන සඳහා ද අධික වියදම් දරයි. වන්දනා ගමන්, විදේශීය සංචාර යෙදේ. ලැබිය යුතු මුදලක් ඇත්නම් ඒවා ප්‍රමාද විය හැක. උසස් අධ්‍යාපන කටයුතු බාධා අවහිරතා මධ්‍යයේ කරගෙන යෑමට සිදුවේ.
ධනු
විදෙස් ගමන්
නිවාස විකිණීමේ ගනුදෙනුවලට අවතීර්ණ විය හැක. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් අධික වේ. වෘත්තීමය කටයුතුවලදී භාරකාරත්වයක් ඇතිවිය හැක. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා මේ සතියේදී වියදම් අධික වේ. පෙම්වතුන් හිතුවක්කාරීවීම නිසා වැඩිහිටි පාර්ශ්වයේ දැඩි කනස්සලු බවට පත්විය හැක. ප්‍රභූන්ගෙන් සහයෝගය ලැබේ. හවුල් ව්‍යාපාරිකයන් තම තමන්ගේ ක්ෂේත්‍ර පුළුල් කර ගනී. රුධිර දෝෂ ඇතිවේ.
මකර
ආදායමේ ප්‍රගතියක්
විදේශීය ගමන් යා හැක. විදේශීය මූලාශ්‍රවලින් ලැබෙන ආදායමේ ප්‍රගතියක් පෙන්වයි. ඉඩම් වාසි ලැබේ. ප්‍රවේගකාරී ගති ඉස්මතු විය හැක. තම රැකියා ස්ථානයේ භාරකාරත්වයක් ලබයි. මංගල කටයුතුවලදී බාධාකාරී තත්ත්වයක් ඇත. අධ්‍යාපනයට යම් යම් බාධා ඇතිවේ. එහෙත් සැලසුම් සහගතව වැඩ කළ හැක. උසස්වීම් ලැබීමට කටයුතු සැලසෙයි. මිතුරන්ගෙන් උදව් ලබයි.
කුම්භ
විවේචන එල්ල වේ
වෘත්තීමය කටයුතු දියුණු කරගත හැක. වෘත්තීමය වශයෙන් යෙදෙන විදේශීය ගමන් යෙදේ. සේවා ස්ථාන වෙනස්වීමට කටයුතු යෙදිය හැක. අධ්‍යාපනයේදී සැලසුම් සහගත වෙයි. නීති ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය හැක. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසීමට සිදුවේ. පෙම්වතුන්, වැඩිහිටියන්ගේ විවේචනවලට භාජනය වන සතියකි. රුමෙටික් ආබාධ, සෙම් රෝග ඇතිවෙයි.
මීන
ආදායම්වල ප්‍රගතියක්
වෘත්තීමය මාරුවීම් සිදුවිය හැක. එසේම ඉල්ලා අස්වීමට හෝ විශ්‍රාම යෑමට සිතෙනු ඇත. පාසල් අධ්‍යාපනයට බාධා අවහිරතා එල්ල වේ.
දැඩි කැපකිරීමෙන් අධ්‍යාපනය ලැබීමට සිදුවනු ඇත. විදේශීය මූලාශ්‍රවලින් ලැබෙන ආදායම්වල ප්‍රගතියක් පෙන්වයි. අධ්‍යාපන කටයුතු, රාජකාරි කටයුතු දැඩි කැපවීමෙන් ඉටුකරයි. ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. දුරබැහැර ගමන් යෙදේ. තම සහෝදරයන් නිසා වියදම් පෙන්වයි.
ජ්‍යොතීෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න