Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පරිස්සම තමයි හොඳ

$
0
0
ජන 5, 2018 01:00

ඔබ අප සැවොම ජීවත් වන්නේ ස්මාර්ට් ලෝකයක් තුළ ය. ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැති තරුණයෙක් තරුණියක් අද සමාජයේ විරල ය. සැබවින්ම අද වනවිට ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැතිව පැවැත්මක් නැති තත්ත්වයක් උද්ගතව ඇත. ස්මාර්ට් ජංගම දුරකථනය ලෝකයම ඇඟිලි තුඩින් හැසිරවිය හැකි උපාංගයක් බවට පත්වී හමාර ය. ඇතැම් අවස්ථාවක අධ්‍යාපන කටයුතුවලට පවා උපකාරි වන මෙය, වත්මන් තරුණ පරපුරේ සිතීමේ ශක්තිය හීනකරන්නක් යැයි කිවහොත් නිවැරදි ය. එනම් මෙම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ද අපට ලැබේ.

දෛනික වැඩකටයුතු කඩිනමින් කරගැනීමට අතිශයින් වැදගත් මෙම උපාංගය අද විවිධ මාදිලිවලින්, විවිධ මිල ගණන්වලින් අප අතරට පැමිණේ. බැංකු කටයුතු, බිල්පත් ගෙවීමේ කටයුතු පවා කිසිදු ශ්‍රමයකින් තොරව කාර්යක්ෂමව කරගැනීමේ හැකියාව මෙම උපාංගය සතුය. නමුත් මෙහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ අතපය සොලවා වැඩක් පලක් කිරීමට නොහැකි පරපුරක් බිහිවීම විය හැකිය. ස්මාර්ට් ජංගම දුරකථනය හරහා සමාජ ජාල වෙබ්අඩවි භාවිතා කර, ලෝකය පුරා සැරිසරමින් නව සබඳතා ගොඩනඟා ගැනීමට හැකිවුව ද, තම සමීපතමයන් සමඟ ගත කිරීමට ඇති කාලය සීමාකරමින් මිනිසා හුදකලා ජීවියෙක් බවට පත්කිරීමේ හැකියාව මෙයට ඇත. අද තරුණ පරපුර දුක, සතුට, ආදරය වැනි හැඟීම් පවා ප්‍රකාශ කරනුයේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහාය. කොටින්ම කියතොත් ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ ස්මාර්ට් ජංගම දුරකථනය තුළ ය.

තවද, සෙල්ෆි ඡායාරූප ගැනීම අද තරුණ පරම්පරාව අතර උමතුවක් බවට පත්ව ඇත. අනාරක්ෂිත ස්ථානවල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිකරගත් තරුණ තරුණියන් පිළිබඳ තොරතුරු ද අප අසා ඇත. මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මොළයේ ස්නායුවලට හානි පැමිණවීමට මූලික හේතුවක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. තාක්ෂණයේ පෙරළිකාර උපාංගයක් වන මෙය බුද්ධිමත් ලෙස භාවිතා කිරීමට උත්සහ ගතහොත් එහි අනිසි ප්‍රතිඵල බොහෝදුරට අවමකරගත හැකි වේ.

එම්. එම්. තිළිණි නවෝදා කුලරත්න
නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>