Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හිතින් වෙන් වී යන්නෙ නැහැ ඔබ

$
0
0
දෙසැ 14, 2018 01:00

නොපසුබට වීර්‍යය සහ අධිශ්ඨානය මුසු ශක්තිමත් සිතක් තිබේ නම් ඉලක්ක ජය ගනිමින් ඉහළට යන්නට ස්ත්‍රීත්වය බිධාවක් නොවේ. ජීවිතය ජය ගෙන සතුටින් තෘප්තිමත් විශ්‍රාම ජීවිතයකට පා තබන ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශයේ සේවයේ නියුතු අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව්.එස්.පී. අතුකෝරල මහත්මිය එයට උදාහරණ සපයයි.

1958 වසරේ දෙසැම්බර් 16 වන දින වාද්දුව ‍ප්‍රදේශයේදී උපන් වසන්ති ශ්‍රීයාදරි නම් ඇය ‍පවුලේ දෙවන දියණියයි. මව ගුරුවරියක් වූ අතර, පියා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරියෙකි. කුඩා කල සිටම මව්පියන්ට ළැදි සුවච කීකරු ගතිගුණවලින් පිරිපුන් දැරියක වූ ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ, ගුඩ්ෂෙපර්ඩ් කොන්වන්ට් හා සෙන්ට් ඇන්තනීස් බාලිකා විද්‍යාලවලිනි. 1977 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලබා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් දිනාගත්තාය.

1984 වසරේදී සැලසුම් නිලධාරිනියක් ලෙස යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවය අරඹා රාජ්‍ය ආයතන ගණනාවක සේවය කළ ඇගේ රාජ්‍ය සේවයේ පළමු නායකයා වූයේ හිටපු ජනාධිපති ලේකම්, ලලිත් වීරතුංග මහතාය. නිවැරදි නායකත්වය තුළින් ලත් ආභාසය අත්දැකීම සහිතව 1987 වසරේදී ඇය එම අමාත්‍යාංශයේම සහකාර අධ්‍යක්ෂ ධූරයට පත් වූවාය. ඉන් වසර 06කට පසු සමෘද්ධි කොමසාරිස් දෙපාර්මේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙස (1994- 1996) සේවය කරන ලදී. රාජ්‍ය සැලසුම් සේවයේ ඉහළම ආයතනය වන ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට 1996 වසරේදී පත්වන ඇය එහි වසර 09කට වැඩි කාලයක් විවිධ ජාතික කාර්යයන්වල නිරත වූවාය. ජාතික සැලසුම් සකස් කිරීම, ආංශික ප්‍රතිපත්ති හා උපායමාර්ග සැකසීම, ජාතික මට්ටමේ ව්‍යාපෘති වාර්තා ඇගයීම හා අමාත්‍ය මණ්ඩල නිර්දේශ සඳහා නිර්දේශ සැකසීම ආදී ප්‍රධාන කාර්යයන් නිවැරදිව කලට වේලාවට සිදුකරමින් රාජ්‍ය සේවය වෙනුවෙන් අසීමිත කැපවීමක් සිදුකරමින් පෞද්ගලික ජීවිතය පසෙකලා රාජ්‍ය සේවය වෙනුවෙන් සෑමවිටම උරදී කටයුතු කළාය.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ( The Australian National University) පශ්චාත් උපාධිය දිනාගත් ඇය රාජ්‍ය සේවා කාලය තුළදී ප්‍රංශය, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය වැනි රට රටවල් ගණනාවක විවිධ විදේශීය පාඨමාලා හදාරා ඇත.

2015 අගෝස්තු මාසයේ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා යටතේ ක්‍රියාත්මක වු සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශයේ වැඩ භාරගෙන එම අංශය යටතේ ආහාර නිෂ්පාදන, පරිසර සංරක්ෂණ, මත්ද්‍රව්‍ය නිවාරණ, වකුගඩු රෝග නිවාරණ හා දරුවන් සුරකිමු ජාතික වැඩසටහන් ආරම්භ කිරීමේ ජාතික සැලසුම් සැකසීම, අමාත්‍ය මණ්ඩල සංදේශ සැකසීම වැනි සියලුම කාර්යන් ඉතාම කැපවීමෙන් යුතුව ඇය ඉටු කළාය. එසේම එම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන හා අධීක්ෂණ කටයුතු කාර්ය මණ්ඩලය සමඟ එක්ව මනාව ඉටුකරමින් "දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන යටතේ ජාතික මට්ටමේ සමුළු ඇතුළු ව්‍යපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට ද දායකත්වය සැපයුවාය.

වසර 34කට වැඩි කාලයක් රාජ්‍ය සේවය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කර 2018.12.16 වන දින විශ්‍රාම දිවියට පා තබන කේ.ඩබ්ලිව්.එස්.පී. අතුකෝරල මහත්මිය වෙනුවෙන් සුබ පැතුම් සටහනකි.

ජනාධිපති කාර්යාලයී්‍ය කාර්ය මඩුල්ල


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>