Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කේක් නැති උපන් දින

$
0
0
ජන 6, 2018 01:00
චම්පිකා දීපානි රණසිංහ

වසරක් ගෙවී වසරක් උදාවෙන්නේ සුබ අනාගතයක් ද සැමටම උදා කරමිනි. දෙපා ඇත්තන්ට නම් තමන් කැමැති දේ අරගන්න, ආසා කරන තෑගි මුව පුරා සිත පුරා ඉල්ලන්න හැකියාව ඇත. එහෙත් අපත් සමඟ අපේම සෙවණැලි මෙන් ජීවත්වන සත්ව යාළුවන්ට නම් ඒ හපන්කම කිරීමට සොබා දහම ඉඩදී නැත. මිනිස් අප සොබාදමේ ඒ අකාරුණිකකම නිසා උපන් දිනයේ සතුට උන්ගෙන් උදුරා ගැනීමට නම් අවසර නොදෙන බවට නව වසරේ චෙල් ටෙන්හැම් රේස්කෝස් අශ්වයන් සිව්දෙනා ජනවාරි පළමු වැනිදා සැමරූ උපන් දිනය ඊට කදිම සාක්ෂියකි. ඒ ඔවුන්ගේ දෙවැනි උපන් දිනයයි.

බ්‍රිතාන්‍යයේ නොදර්න් හෙම්ස්ෆියර් හි අශ්වයන්ට හාම්පුතුන් ලබා දුන්නේ අපූරු කේක් මාලිගාවකි. මෙහි පිදුරු, ඇපල්, කැරට් අඩුවක් නැතිව තිබූ නිසා උපන් දිනය කෙසේ වෙතත් ජනවාරි 1 වැනිදා උන්ට කදිමට උදර පෝෂණයක් ලැබුණු සුවබර නින්දකදී සොඳුරු සිහින පෙනුණු දිනයක් විය. අශ්වයන් උපන් දිනය නොදන්නවාය කියා කිව නොහැක්කේ උන් ගණිතයට දක්ෂ බව සොයාගෙන ඇති නිසාය. ඇතැම් සතුන් මිනිසුන් තරමටම ගණිතයට දස්කම් පාන බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ.

සිංහයන්, චිම්පන්සීන්, වඳුරන්, හයිනාවන්, ගෙම්බන්, මීමැස්සන්, ගිරව්, කුකුළු පැටවුන්, ගප්පි මසුන්, ගණිතයට දක්ෂයන්ය. පුදුමයට මෙන් අපේ සුනඛ සුරතලුන් ගණිතයට දුර්වලයන්ය.

1891 දී ජර්මානු විශ්‍රාමික ගුරුවරයකු වූ විල්හෙල්ම් වොන් ඔස්ටන් ඔහුගේ අශ්වයාට ගණිතය ඉගැන්වීමට උත්සාහ කළේය. උත්සාහය සාර්ථක විය. ඌ ඉලක්කම් වැඩි කිරීමට, බෙදීමට, අඩු කිරීමට පමණක් නොව භාග ගණනයට ද සමත්කම් පෑවේය.

උගේ හැකියාව යුරෝපය පුරා පැතිරී ගියේය. ගෙම්බන්ට ඌ බක බක ගාන වාර ගණන ගිණිය හැකිය. මී මැස්සන්ට මලක ඇති දුර මනින්නට පුළුවන. බොහෝ ක්ෂීරපායින්ට වඩා කුරුල්ලන් ගණිතයට දක්ෂයන්ය. මේ නිසා සතුන් උපන් දිනයන් යෙදෙන කී වැනි උපන් දිනය සමරනවාද යන්නත් නොදැන සිටිනවා යැයි සිතීම මිනිසාගේ ගණිතය නොදන්නාකමට සාක්ෂියක් වීමටත් ඉඩ තිබේ.

ගිය වසරේ සැමරූ සත්ත්ව උපන් දින අතර ජූලි 28 වැනිදා 37 වැනි උපන් දිනය සැමරූ ජියා ජියාගේ උපන් දිනය සුවිශේෂීය. ජියා ජියා හීලෑකරගත් පැන්ඩාවන්ගෙන් වයෝවෘද්ධම පැන්ඩාය. උගේ වයස මිනිස් වසර ගණනින් මැන්නොත් 111 කි. ජියා ජියාගේ සුවිශේෂී උපන් දිනය සැමරුවේ දෙපා ආදරවන්තයන් විසින් සාදා දෙන ලද අයිස් සහ එළවළුවලින් සෑදූ කේක් ගෙඩියකිනි. ඌ මුලින්ම අතට ගත්තේ වඩාත් ප්‍රිය කරන උණ බම්බු ආහාරයි. අවාසනාවකට 2018 වසරේ ජියා ජියාගේ උපන් දිනය සමරන්නට අවසර නැත. ඒ ඌ අපෙන් සමුගෙන ගොස් ඇති බැවිනි.

ජියා ජියාට පෙර මෙසේ උපන් දිනයකින් දීර්ඝායුෂ සැමරුවේ වසර 36 ක් ජීවත්වූ ඩුඩූ ය. සාමාන්‍යයෙන් වනාන්තරයේ ජීවත්වන යෝධ පැන්ඩාවන්ගේ ආයු කාලය වසර 18 - 20 කි. මිනිසුන් හීලෑ කළ පැන්ඩාවකු වසර 30 ක් පමණ ජීවත්වේ. ජියා ජියා උපන් දිනය සැමරුවේ ගිනස් වාර්තා පොතට ද එක්වෙමිනි.

යෝධ පැන්ඩා මිත්තනියක් එසේ උපන් දිනය සමරද්දී තවත් ජනප්‍රිය පැන්ඩා උපන් දින ගණනාවක්ම ලොවට අමතක නොවේ.

'සුරතල්'යන වචනයට පණ දෙන පැන්ඩාවන් රාජතාන්ත්‍රික මිත්‍රත්වයේ යෝධ සංකේත බවට පත් වී අවසන්ය. ෂියැං ෂියැං සහ ලියැං ලියැං 2014 මැයි මාසයේදී චීනයෙන් මැලේසියාවට ලැබුණේ දෙරටේ රාජතාන්ත්‍රික සබඳතාවේ 40 වැනි සැමරුමටය. මේ සුරතලුන් දෙදෙනා නෙගාරා සතුන් වත්තේදී උණ බම්බු රස විඳිමින් අයිස් කේක් රස බැලුවේ දසවැනි සංවත්සරයටයි.

සත්ව උපන් දින සාදයක සතුට තෙගුණ වුණේ 2017 වසරේදී උන්ගේ තෙවැනි උපන් දිනය සමරද්දීය. 2014 ජූලි 29 වැනිදා උපන් පැන්ඩා සුරතලුන් ‍තිදෙනා ලොව පළමු නීරෝගී නිවුන් පැන්ඩාවන්ය. එක් පැටවකු ඉපදී පැය 4 කට පසු අනෙක් පැන්ඩා පැටවා ඉපදී ඇත. මෙං‍ මෙං, ෂුආයි ෂුආයි, කූ කූ උන්ගේ නම් ය. 'හැඩකාරයා', 'රූප රාජයා', 'සෞම්‍යවන්තයා'එම චීන වදන්වල සිංහල අරුත්ය.

ලෝකයේ වයස්ගතම පිරිමි පැන්ඩාව සිටි පෑන් පෑන් 2016 වසරේ වයස 31 දී ජීවිතයෙන් සමු ගත්තද උගේ 31 වැනි උපන් දින සැමරුම ලොවටම අමතක නැත. ඌ උපන් දිනය සමරා නව මාසයකට පසු පිළිකා රෝගයෙන් පෙළෙන බව සොයා ගැනිණි.

උපන් දින ජයටම සැමරෙන්නේ පැන්ඩාවන්ගේ පමණක් නොවේ. තව බොහෝ සත්වයෝ ඒ අතර සිටිති. ඇම්බැම් ගෝරිල්ලා 27 වැනි උපන් දිනය සැමරුවේ හාඩ් බොයිල්ඩ් බිත්තරයක් උඩින් තැබූ විශේෂ කැරට් කේක් ගෙඩියක රස බලමිනි.

නුට් නම් ජර්මනියේ ජනප්‍රියම ධ්‍රැව වලහා අද ජීවතුන් අතර නැතත් සදා මතකයේ රැඳුණු සත්ව සුරතලෙකි. සතුන් සොබාදහමෙන් ඈත් කර මිනිසුන් විසින් කූඩු කිරීමේ පාපයට වන්දි ගෙවූ අහිංසකයන් අතර නුට් පෙරමුණේ සිටිති. ධ්‍රැව වලසුන්ට ද බොහෝ විට උපන් දිනයට රස බැලීමට ලැබෙන්නේ අයිස් කේක් ය.

සුනඛ සුරතලුන්, පූස් සුරතලුන් අපට ‍අපේ පවුලේ සාමාජිකයන් සහ සමානය. ඒ නිසා සුනඛ, බිළාල උපන් දින සැමරුම්වල අඩුවක් ද නැත. අප්‍රිකාවේ ජීවත්වන මීයෙක් කරපිටින් ගියත් උපාසකකම රකිති. ස්කාබෙන්ගා වැනි ලෝකයේම ජනප්‍රිය බළලුන්, ටීකා බඳු සුනඛයන්, නටාලියා වැනි ඔරංඔටන්ලා, සෑම් වැනි හස්තීන් උපන්දිනය සමරන්නේ ලෝකයේම ආශීර්වාද ලබමිනි.

අන්තර්ජාලයෙනි.


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>