Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

නොදැක ඉන්නත් බැරි නොලැබ ඉන්නත් බැරි ආදර හැඟුම්

$
0
0
ජන 9, 2018 01:00

පසුගිය ලිපියේ සඳහන් කළ මොළයේ මූලික ක්‍රමබද්ධතාව (Systems) විවිධ කටයුතු සඳහා සහසම්බන්ධ වන බව Fisher (ෆිෂර්) විසින් නොයෙක් අධ්‍යයනයන් මගින් හෙළිකරගනු ලැබ තිබේ. එම විවිධ කාර්යයන් අතර සංවාසයට පෙර කෙරෙන ඒ සඳහා ආරාධනාත්මක (Courtship) පෙම් ඇසුර ද, සංවාසය (Mating) ද, ප්‍රජනනය හෙවත් (Reproduction) වර්ගයා බෝවීම ද, මෙන්ම මව්පිය ක්‍රියාකාරිත්වය (Parenting) ද මූලිකව හඳුනා ගත හැකිවේ. සංවාසයේ දී දෙදෙනාගේම හැඟීම් එක්තැන් කරමින් සන්තර්පණය කර ගැනීම සඳහා පූර්ව ක්‍රියාකාරිත්වයක් ලෙස පෙම් කිරීම හෝ පෙම් ඇසුර (Courtship) හැඳින්විය හැකිය.

පුද්ගලයන්ගේ ලිංගික චර්යාව සඳහා පරිණාමනය තුළම පුළුල් පරාසයක් තුළ ගැළපෙන සහකරු හෝ සහකාරිය සිටිය ද ඒ අතරින් විශේෂිත පුද්ගලයකු කෙරෙහි ඇල්ම, රුචිය, ආකර්ෂණය දැක්වීමට පෙලඹුමක් තිබේ. මෙය පිරිපුන් ආදරයේදී විශේෂයෙන් ම දක්නට පුළුවන. එහිදී එම අදාළ පුද්ගලයා වෙත විශේෂ වූ අවධානය යොමුවීමක් සිදුවී විවාහය හෝ සංවාසය සඳහා ආරාධනාත්මක වූ පෙම් ඇසුරක් (Courtship) ඇතිවේ. එපරිදිම බන්ධනය මගින් (attachment) මේ මූලික සිද්ධාන්තය සාර්ථක කර ගැනීම සඳහා දිගුකාලීන වූ ප්‍රජනන සහකරු (Reproductive Partner) සමඟ ගත කිරීමත් එමගින් මාපිය ක්‍රියාකාරිත්වය ඉෂ්ට කර ගැනීමත් සිදුවේ.

මොළයේ මෙම මූලික ක්‍රියා පද්ධති තුන අන්තර් ක්‍රියාකාරිත්වය මගින් පුද්ගල චර්යාව (behaviour) චිත්තවේග (emotions), පෙලඹවීම් (Motivations) ප්‍රජනන ක්‍රියාවලිය දක්වා රැගෙන යයි. කේන්ද්‍රගත අවධානය හෙවත් යම් අරමුණක් වෙතම වූ අවධානය ද, පෙලඹවීම හා ඉලක්ක ගතවූ චර්යා ද ශෘංගාරාත්මක ආදරය (Romantic Love) තුළ පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන. තවද dopamine නම් වූ ස්නායු රසායනිකය මධ්‍ය ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය තුළ සිදුවන බවත් සොයාගෙන තිබේ. එසේම එම ස්නායු රසායනිකය මගින් සිදුවන්නා වූ සහසම්බන්ධ ක්‍රියාකාරකම් අතර පරමානන්දය (ecstasy), අධික ශක්තිය (intense energy), නිදි නැති බව (Sleeplessness) චිත්තවේග හෙවත් හැඟීම්වල චංචල, දෝලනය වන බව (mood Swings) හා හැඟීම් එනම් භාවයන් මත යැපීම ද, දැඩි ආශාව, ගිජුකම වැනි කාරණා සඳහා ද බලපාන බව ඉහත සඳහන් කරන ලද Fisher (ෆිෂර්) නම් මනෝවිද්‍යාඥයා විසින්ම පැහැදිලි කරනු ලැබ තිබේ.

එබැවින් මෙම ස්නායු රසායනිකය බොහෝදුරට පිරිපුන් ආදර‍යේ (Consummate Love) හඳුනාගත හැකිය. එසේම තවත් නොයෙකුත් ස්නායු රසායනිකයන්ගේ බලපෑම් ද පරිපූර්ණ ආදරය හා සම්බන්ධ අනුවේගී ස්නායු පද්ධතියේ (Sympathetic Nervous System) ක්‍රියාකාරිත්වයන් සඳහා බලපෑම් ඇති කරයි. ශෘංගාරාත්මක ආදරයේදී (Romantic Love) මූලික වශයෙන් වූ පුද්ගලයාගේ මෙහෙයවීමේ ක්‍රියාවලියේ දී බොහෝ ගති ලක්ෂණ හුවමාරු කිරීම, බෙදාහදා ගැනීම සිදුවේ.

ශෘංගාරාත්මක ආකර්ෂණය (Romantic attraction), තදින් බැ‍ඳෙන ස්වභාවය හා ඒ නිසා ම දුරාචාරයේ යෙදීමට ද හැකිවේ. ඉක්මනින් ම චිත්තවේග, හැඟීම් වෙනස්වීම සිදුවේ. එසේම මෙම ආදරය තුළ දී විශේෂිත ප්‍රතිලාභයක් නැතහොත් යම් වාසිසහගත දෙයක් මත කේන්ද්‍රගතවේ. ආදරය යනු අනෙකාට කරන උත්තරීතර පරිත්‍යාගයක් ලෙස කවියන්, කලාකරුවන් විස්තර කළ ද මෙහි දී එය එසේ නොවන බව පැහැදිලි ය. ගෘංගාරාත්මක ආදරයේ දී යම් අපේක්ෂාවන් තිබේ. එසේම අනුරාගය හෝ දැඩි ආශාවේ (Passion) දී භාවාත්මක ස්වරූපයන් සමඟ සම්බන්ධ නොවුණ ද මූලික චිත්තවේග සඳහා ආවේණික වූ මූලික භාවාත්මක ස්වරූප තිබේ. එනම් අනුරාගයේ දී විවිධ හැඟීම්වල ස්වරූප දක්නට ලැබේ. ඒ හැඟීම් දැඩි ආශාව සමඟ සම්බන්ධ නොවුණ ද මූලික වශයෙන් ඒ ඒ හැඟීම් පවතී. මේවා ද අනෙකුත් මෙහෙයවීම්, බලපෑම් මෙන් (drives) සමානව ම පාලනය කළ නොහැකි තරම් තත්ත්වයක පවතී. බඩගින්නටත් වඩා වැඩි වූ මහා පිපාසිත (thirst) එකක් ලෙස දැනේ. එසේම පිරිපුන් ආදරයේ දී ද අනෙකුත් මූලික බලපෑම්වල දී මෙන්ම මධ්‍යගත ඩොපැමීන් (Dopamine) ස්නායු රසායනිකයේ වැඩිවීමක් හඳුනාගත හැකිවේ. (Pfaff, 1999)

ඉහත සාකච්ඡා කරන ලද කරුණු අනුව ‘ආදරය’ යන්න හිතන, කියන තරම් සරල සුන්දර දෙයක් නොවන බව හැඟෙනු ඇත. මානව හැඟීම් හා සම්බන්ධ වූ යම් බැඳීමක ප්‍රතිඵලයකි. හැඟීම්වල තරම, ස්වභාවය වැනි කාරණා අනුව ආදරයේ ස්වභාවය ද වෙනස් වේ. සාමාන්‍ය සමාජයේ දක්නට ලැබෙන චරිත අතර ආදරයෙන්, ප්‍රේමයෙන් මුසපත්ව සිටින චරිත ද දක්නට ලැබේ.

“නොදැක ඉන්න බෑ... මට නම්...

“නොලැබ ඉන්න බෑ මට නම්... ඔබෙ ආදරේ...”

කෑගසා ප්‍රකාශ කරන ආදර හැඟුම් එක් පසෙකය.

“ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ...”

වැනි තරමක් සංයමයකින්, නිවුණු බවකින් ප්‍රකාශ කරන හැඟීම් තවත් අතෙක ය. මේ අතර වචනයක් ගොතගසා, මුවින් පිටකර ප්‍රකාශ කර ගන්නට බැරිව හිතේ සඟවාගෙන තෙරපාගෙන ‍මනෝලෝකවල මනසින් විඳින ආදරය තවත් අතෙකය. ආදරය නම් කෙතරම් සංකීර්ණ දෙයක් ද?

 

සැකසුම
කරුණාතිලක හඳුන්පතිරණ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>