Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මෙතැනින් පටන්ගනිමු

$
0
0
මැයි 31, 2019 01:00

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ උණුහුම තවමත් හරිහැටි වියැකී නොගිය සෙයකි. කතෝලික දේවස්ථාන දෙකකටත්, ක්‍රිස්තියානි දේවස්ථානයකටත් බිහිසුණු ප්‍රහාර එල්ල කළ අන්තවාදීහු සංචාරක හෝටල ඇතුළු ස්ථාන කිහිපයකටත් ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලාංකේය ජනජීවිතය අවුලෙන් අවුලට පත් කළහ. කවුරුන් විසින් සිදු කෙරුණද ඒවා “ම්ලේච්ඡ” සිද්ධීන් බව ඇසූ දුටු ලොවම කම්පාවට පත්වූහ. විදෙස් රටවල් බොහොමයක් ප්‍රබල ලෙස සිය සාතිශය ශෝකය පළකළේ, මානුෂීය මුහුණුවරකිණි.

300 කට අධික ජීවිත විනාශයට පත් කිරීමෙන් දෙස් විදෙස් කී දහසක් සැබෑ ලෙසම කම්පාවට පත්වූයේ ද? කොතරම් පවුල් සංඛ්‍යාවක් අසරණ බවට පත්වූයේ ද? ඒ දුක සංකාව දරාගත නොහැකි ස්වාමිපුරුෂයන්, බිරින්දෑවරුන්, දූ පුතුන්ට වූ හිඩැස කිසිවකුට පුරවාලිය නොහැක්කේම ය. එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමු. එය අපට අයිතිද නැත.

සිදුවිය යුතු දේ රැසකි. මේ කුරිරු ප්‍රහාරවලින් විපතට පත්වූ අයගේ නියම හිමිකරුවන් සොයා බලා වන්දි නිසි ලෙස ලබාදීමත් රෝගී වූ, ආබාධිත වූ, අසරණ වූ සැමට අදාළ වන්දි ලබාදීමත් සිදුවිය යුත්තේය. තවත් වැදගත් කාර්ය භාරයක් වෙයි. එනම් මෙම විපතින් ‘වික්ෂිප්ත’ වූ අය සඳහා නොමිලයේම සුදුසු උපදේශකයන් (Counsellors) ලවා අවැසි උපදේශන සේවා ලබාදීමය. මේ සඳහා සැබෑ ලෙසම ඒ සඳහා සුදුසුකම් ලත් උපදේශකයන්ම තෝරාගත යුතුය. රජයේ අවධානය මේ සඳහා මැදහත් ලෙස යොමු විය යුතුය.

දේශපාලන අභිමතාර්ථයන් මුදුන්පත්කර ගැනීමට මෙය කිසිසේත් සුදුසු අවස්ථාවක් නොවන බවද සාමාන්‍ය පුරවැසියන් ලෙස අපි පෙන්වා දෙමු. එසේ කිරීම නිහීන ක්‍රියාවක් ලෙස ද අපි පෙන්වා දෙමු! මේ මොහොතේ මැතිවරණ ගැන කථා නොකර, අවුල්වූ ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සෑම දේශපාලන පක්ෂයක්ම සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය බව අපට හැ‍ඟේ.

පාසල් දරුවන්ට බියක් සැකයක් නොමැතිව පාසල වෙත යාමට සුදුසු පරිසරයක් අවැසිය. රැකියා ස්ථානයට බිය සැක නොමැතිව ගොස් හොඳ මානසිකත්වයක් ඇතිව ඒ ඒ සේවාවේ නියැළීමට පසුබිමක් තිබිය යුතුය. එම තත්ත්වය ලබාදීමට වගකිව යුතු රාජ්‍ය අංශවල පූර්ණ සහාය ලැබීම ද අවැසි වෙයි.

අපි වින්දිත පවුල් ගැන කනගාටුව ශෝකය පළ කිරීම සුදුසුය. එයින් සෑහීමට පත් නොවී, ඇති හැකි සෑම දෙනා එම පවුල් යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නම් එය ඉතා කාලෝචිත පියවරකි. මූල්‍ය ආධාර, ද්‍රව්‍යමය ආධාර, උපදේශන සහය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය ආදී වශයෙන් සහාය දැක්වීම ද වැදගත් බව අපට හැ‍ඟේ.

අපි මානව දයාවෙන් යුතුව, කාරුණික හදවතින්, අව්‍යාජව මෙවැනි දේ සඳහා යොමු වෙමු! ස්වේච්ඡා සංවිධාන, සමාජ සේවා සංවිධාන මේ සඳහා ඉදිරිපත් වීමද යුක්ති යුක්තය. මේ පිළිබඳව සංවේදී හදවත් ඇත්තෝ සිතත්වා!

ඩික්සන් කොංගනීගේ
රාගම

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>