Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සැළාට කියමු

$
0
0
ජුනි 7, 2019 01:00

මෙවර 2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය හා වේල්සය මුල්කරගෙන තරඟ පැවැත්වේ. මෙවර ලෝක කුසලානයේ නිල රූපවාහිනී අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත හිමි වී ඇති බව පසුගිය දිනවල හෙළි විණි. ඒ අනුව අයි නාලිකාවේ ‍එම තරග විකාශනය වේ.

ශ්‍රී ලංකාවේ පැහැදිලිව රූපවාහිනී නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් විසින් සැටලයිට් සහ කේබල් නාලිකා සමාගම් විසින් පහසුකම් ලබා දේ. මේ අතරින් ලංකාවේ ඩිෂ් ටී.වී ආයතනය මඟින් පාරිභෝගික සේවා ලබාගන්නා බොහෝ පිරිසක් ඇත. ඒ සියලුදෙනා වෙනු‍ෙවන්ම කරනු ලබන බොහෝ කාරුණික ඉල්ලීමකි මෙය.

ඩිෂ් ටී.වී සේවාව මඟින් තරග විකාශය සිදුකරන්නේ නැත. එම තරග විකාශනය වන අයි චැනලයේ සේවය ද තරග විකාශනය වන අවස්ථාවේදී අත්හිටවනු ලබයි. මේ නිසා දහස් ගණනක් ප්‍රේක්ෂක ජනතාව නැරඹීමට බලාපොරොත්තු වන එම තරග විකාශනය නැරඹීමේ අවස්ථාව අහිමි වේ. මේ නිසා අඩුම තරමින් ඩිෂ් ටී.වී ආයතනයට තරග විකාශනය කිරීමට නොහැකි නම් අයි චැනලයේ සේවාවට බාධාවක් නොකර ඩිෂ් ටී.වී පාරිභෝගිකයන්ට ද එම තරඟ නැරඹීමට අවස්ථාව ලබාදීමට මැදිහත් වන ලෙස ක්‍රීඩා ඇමැතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ආර්. ඒ. ඩී. ජයතිස්ස 
සමනල ක්‍රීඩා සමාජය 
දොඩන්ගොඩ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>