Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පුරා සති දෙකක් උතුරු අමෙරිකාවේදී

$
0
0
ජුනි 25, 2019 01:00

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය නියෝජනය කරමින් 214ක කණ්ඩායමක්

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය මේ වසරේ ජූලි 21 වන දින සිට පුරා සති දෙකක් උතුරු අමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් 214ක කණ්ඩායමක් සහභාගිවීමට නියමිතය. සමස්ථයක් වශයෙන් ගත්කල මෙය සෑම අංශයක් කෙරෙහිම ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන්නක්.

කරපටියක් සහ කඳවුරු හිස් වැසුමකින් සමන්විත බාලදක්ෂ නිල ඇඳුමේ අභිප්‍රාය වනුයේ රටවල්වල පවත්නා සාමාජීය විෂමතා බැහැර කර සමානාත්මතාව වර්ධනය කරලීමයි. බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයෙකු වූ රොබට් බේඩින් පවෙල් විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේදී පළමු බාලදක්ෂ කඳවුර පැවැත්වීමත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. විසිවන සියවසේ මුල් භාගයේදී මේ ව්‍යාපාරය පිරිමි ළමයින් සඳහා වයස් කාණ්ඩ තුනක් යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත විය. ඒ පෝතක බාලදක්ෂ, බාලදක්ෂ හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ වශයෙනි. 1910 වසරේදී බාලදක්ෂිකා සංගමය ලෙසින් නව සංගමයක් ගැහැනු ළමයින් උදෙසා ආරම්භ විය. ඒ කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා වශයෙනි.

1880 – 1890 වකවානුවේදී බේඩින් පවෙල් ඉන්දියාවේ සහ අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල හමුදා නිලධාරියෙකු ලෙස රාජකාරි කටයුතු කළා. ඔහු තම තරුණ කාලයේ සිටම වන විද්‍යාව සහ හමුදාමය ඔත්තු බැලීම් කටයුතු සඳහා වැඩි කැමැත්තක් දක්වනු ලැබුවා. ඔහු තම සොල්දාදුවන්ට හමුදා පුහුණුවේ කොටසක් ලෙස ජන ශූන්‍ය පෙදෙසක ජීවත්වීමට හුරු කරවීම විශේෂත්වයක්. එමගින් තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝග අන්ධව අනුගමනය කිරීම වෙනුවට තම ස්වාධීනත්වය වැඩිදියුණු කරගනිමින් කටයුතු කිරීමට උපකාරී වන බව ඔහු අවබෝධ කරගනු ලැබුවා.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමාරම්භය එසේ සනිටුහන්වීම ආරම්භ වූ අතර 1912 දී ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. දැන් මේ ගෙවෙන්නේ එහි 107 වන වසරයි.

මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරිය පවත්වනුයේ 24 වන වරටයි. එය උතුරු අමෙරිකාවේ බටහිර වර්ජනියා ප්‍රාන්තය කේන්ද්‍රව පැවැත්වේ. මෙවර තේමාව ලෙස යොදාගෙන ඇත්තේ “Unlock New World” යන්නයි.

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට ශ්‍රී ලංකාවේ සමස්ත සහභාගිත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ගෙන ඇති ධෛර්යවන්ත කැපවීම ඉතා අගය කළ යුත්තකි.

ලෝක බාලදක්ෂ ජම්බෝරිය ගැන අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ජූලි 21 සිට පුරා සති දෙකක් උතුරු අමෙරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ පැවැත්වෙන 24 වන ලෝක බාලදක්‍ෂ ජම්බෝරිය මෙවර ශ්‍රී ලාංකික බාලදක්ෂ ව්‍යාපාරයේ සුවිශේෂී වූ සටහනක් ලෙස දැක්විය හැකි බව පැවසීය. රටවල් 170ක බාලදක්ෂයන් හතළිස් පන්දහසක පිරිසක් මීට සහභාගි වෙනවා. එසේම ශ්‍රී ලාංකික සහභාගිත්වය 214කි.

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ නායකත්වය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ මහතාගේ නායකත්වය යටතේ සිදු වේ. මේ ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වන සියලු දෙනා වෙනුවෙන් පුහුණු සැසියක් පසුගියදා වේයන්ගොඩ නයිවල උසස් ජාතික තාක්ෂණික පුහුණු ආයතනයේදී පැවැත්විණි. මෙහිදී 24 වන බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳ සමස්ත දැනුවත් කිරීම සහ සහභාගි වන්නන්ට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලදී.

මෙවර සහභාගි වන 214 දෙනා ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ඇතුළු සියලුම ජාතීන් නියෝජනය වීම අතිශය වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ප්‍රයෝජන රැසකි. විශේෂයෙන් සංචාරක ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ තානාපතිවරු ලෙස මේ බාලදක්ෂ සමූහයට කටයුතු කිරීමට ඇති හැකියාව ද ඉතා ඉහළ තලයක පවතී. මේ සියල්ල ගත් කල 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිඵල ඉතා ඉහළය.

තිලකරත්න ලියනපටබැදි
සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>