Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දෙරණ 7 වන සිනමා සම්මාන රාත්‍රිය

$
0
0
ජුලි 2, 2019 01:00

 සම්භාවනීය ආරාධිත අමුත්තන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ටී. වී. දෙරණ අඛණ්ඩව හත්වන වරටත් පවත්වනු ලැබූ දෙරණ - ලක්ස් ෆිල්ම් 2019 සම්මාන උළෙල පසුගිය 28 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

2018 වසරේ තිරගත වූ චිත්‍රපට සඳහා මෙවර සම්මාන ප්‍රදානය සිදුකළ අතර අයදුම් කර තිබූ එම චිත්‍රපට ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා පත්කරගෙන තිබිණි. විනිශ්චය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සම්මාන 18 ක් සහ ප්‍රේක්ෂක මනාපය මත සම්මාන 07 ක් වශයෙන් කාණ්ඩ 02 ක් යටතේ සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

2018 වසරේ හොඳම චිත්‍රපටය ලෙස චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ "අකෝඩින් ටු මැතිව්"සම්භාවනාවට පාත්‍රවිය. හොඳම නළුවා ලෙස"පෝරිසාදයා"චිත්‍රපටයේ රඟපෑ දර්ශන් ධර්මරාජ් දෙරණ සම්මාන රාත්‍රියේදී ඇගයීමට ලක් වූයේය. හොඳම නිළිය ලෙස "දැවෙන විහඟුන්'චිත්‍රපටයේ රඟපෑ අනෝමා ජනාදරි සම්මාන ලැබුවාය. හොඳම තිර රචනය "ඝරසර්ප"චිත්‍රපටය වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි පිදුම් ලැබූ අතර හොඳම අධ්‍යක්ෂවරයා ලෙස "දැවෙන විහඟුන්"චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර හිමිකර ගත්තේය. 2018 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ "යශෝදරා"චිත්‍රපටයට හිමිවිය. ජනප්‍රියම නිළිය ලෙස උදාරි පෙරේරා ද, ජනප්‍රියම නළුවා ලෙස ජැක්සන් ඇන්තනි මෙවර ජනප්‍රිය සම්මාන හිමිකර ගත්හ. සමනලී ෆොන්සේකා හොඳම සහය නිළිය සම්මානයෙන් ද, හොඳම සහය නළුවා සම්මානයෙන් මහේන්ද්‍ර පෙරේරා ද මේ රාත්‍රියේදී පිදුම් ලැබූහ.

හොඳම විකට නළුවා වූයේ බන්දු සමරසිංහය. ජනප්‍රිය ප්‍රතිවීර චරිතයට හිමි සම්මානය ටෙඩී විද්‍යාලංකාර විසින් හිමිකර ගනු ලැබුවේය. කුළුඳුල් චිත්‍රපටයේ දැක්වූ රංගන කුසලතාවය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මාන ත්‍රිත්වයක් පිරිනැමුණු අතර "ඝරසර්ප චිත්‍රපටයේ"රඟපෑ දේවක පෝරගේ සහ කවින්ද්‍යා අධිකාරි මෙන්ම "අකෝඩින් ටු මැතිව්"චිත්‍රපටයේ රඟපෑ කෙවින් ලුඩොවයික් එම සම්මාන දිනාගත්හ.

නැඟී එන නිළිය ලෙස නයනතාරා වික්‍රමආරච්චි ද, නැඟී එන නළුවා ග්‍රැවින් ලදෙව්කේ ද, ලක්ස් ග්ලැමරස් ස්ටාර් ලෙස ශලනි තාරකාද සම්මානයට පාත්‍ර විය. හොඳම කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ "අකෝඩින් ටු මැතිව්"වෙනුවෙන් හිමිකර ගත් අතර හොඳම ගීත ගායනය "ඝරසර්ප"සඳහා සමිතා මුදුන්කොටුව හා බාචි සුසාන් ද, හොඳම නැටුම් අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ ද එහිදී පිදුම් ලැබූහ. හොඳම කලා අධ්‍යක්ෂක "වෛෂ්නාවි"ය. උපතිස් ඉලංගකෝන් හොඳම සංස්කරණය "අකෝඩින් ටු මැතිව්"සඳහා දිනා ගත්තේය. හොඳම සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් "වෛෂ්ණාවි"සඳහාද, හොඳම අංග රචනය ප්‍රියන්ත දිසානායක "දැවෙන විහඟුන්"සඳහාද, "කොමාලි කිං"සඳහා ටෙලනි ගුණසේකර හොඳම ඇඳුම් නිර්මාණය සඳහාද දෙරණ රාත්‍රියේදී සම්මාන හිමිකර ගත්හ. තම ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පුදනු ලැබුවේ, ප්‍රවීණ රංගන ශිල්පි අමරසිරි කලංසූරිය මහතාය.

අරුණ ප්‍රියන්ත කළුආරච්චි හා ජේම්ස් රත්නම් "අකෝඩින් ටු මැතිව්"වෙනුවෙන් හොඳම ශබ්ද සැලසුම් සම්මාන හිමිකර ගත්හ. හොඳම දෘශ්‍ය ප්‍රයෝග යට හිමි සිනමාපටය වෙනුවෙන් සිද්ධාර්ථ නයනානන්ද හිමිකර ගත්තේය. හොඳම ‍කෙටි චිත්‍රපට නිර්මාණකරු ලෙසට තරිඳු ලොකුආරච්චි සම්මානයට පාත්‍ර විය . මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවා ලෙස සුබා සිවකුමාරන් මෙහිදී සම්මාන ලැබුවේය.

 

 

සටහන හා සේයා රූ - නිශ්ශංක විජේරත්න


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>