ජුලි 26, 2019 01:00
මේ දිනවල පාලන මිල ගැන කතාබහක් ඇතිව තිබේ. ඕනෑම භාණ්ඩයක් නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් මෙවැනි වැරදි අපට බහුලව දැකිය හැකිව තිබේ. එහෙත් එම වැරදිවලට දඬුවම් හෝ වැටලීම් නැත.
දත්ත කාඩ් හෙවත් ඩේටා කාඩ්පතක සාමාන්‍ය මිල වන්නේ රු.49ක් හෝ රු.99කි. එහෙත් බොහෝ විට වෙළෙඳපොළේ මෙම නියමිත මිලට ඩේටා කාඩ්පත් අලෙවි වන්නේ නැත. රු. 49 කාඩ්පතට රු.50ක් අය කරගනු ලබයි. රු. 99 කාඩ්පතට රු.100ක් අය කරගනු ලබයි. එහෙත් වෙළෙඳ මහතා මේ ගැන සඳහනක් හෝ කරන්නේ නැත.එය සැබෑ ලෙසම වෙළෙඳ ආචාර ධර්ම උල්ලංඝණය කිරීමකි. එහෙත් මේ ගැන කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමුව නැත. පාරිභෝගිකයන් ලෙස අප ඉල්ලා සිටින්නේ මෙසේ සුළුවෙන් හෝ මුදල් ගසා කෑම නවතාලන ලෙසය.
ප්‍රසන්න වෙල්ගම, ගම්පහ