Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හතර අතේ විසිරී වල්වැදුණු FACE BOOK

$
0
0
ඔක්‌ 17, 2020 01:00

FACE BOOKහෙවත් මුහුණු පොත මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය බවට පත්ව තිබේ. මෙම සමාජ ජාලය ගැන පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනා දන්නා සමාජ ජාලයකි. මෙය කාලීන මාතෘකාවක් නොවුනමුත් මෙසේ සටහන් කරනුයේ දිනෙන් දින අසන්නට ලැබෙන විවිධ කරුණු කාරණා හේතු කොට ගෙනය.

එදිනෙදා ජීවිතයේදි මඟ තොටේදි අප දකින මුහුණු බොහොමයක් ම මුහුණු පොතේහි ද දකින්නට හැකි වන තරමටම මෙය ප්‍රබල මාධ්‍යක් බවට පත් වී හමාරය.

මෙරට face book ගිණුමක් නොමැති පුද්ගලයකු සොයා ගන්නවා යනු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගන්නවා වාගේ දෙයකි. එය ඒ තරමට අසීරු කටයුත්තකි. ඒ තරමටම face book උන්මාදයෙන් බාල තරුණ මහලු කොයි කවුරුත් ගිලගෙන හමාරය.

“දැන ගියොත් කතරගම

නොදැන ගියොත් අතරමග”

පැරණි කියමනක් වන මෙය අප කොයි කවුරුත් අසා තිබෙන වදනකි. මුහුණු පොතත් ඒලෙසමය.

හරි හැටි අවබෝධයක් නොමැති ව මුහුණු පොතෙහි සෑම අස්සක් මුල්ලකට ම මුහුණු දාන්නට ගිය යම් අයගේ ජීවිත මුහුණ සමතලා කරගනිමින් සමු දුන්නේ මුහුණු පොතෙන් පමණක් නොව තම වටිනා ජීවිත තුළින් ය.

ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතියත් සමගම නිසියාකාරව ගොඩ නැගුණු ඒ ගැමි ශ්‍රී ලාංකික සිහලකම නව තාක්ෂණයේ දියුණුවත් සමගම ඈත් වුයේ සිංහල ගතිය නැතිකරමින් බව වැඩිහිටියනගේ කියමනකි. ඔවුන් තරුණ පරපුරෙහි නොමනා ක්‍රියාකාරිත්වය සංසන්දනය කරනුයේ මුහුණු පොතත් සමගය.

මුහුණු පොතට මුහුණ දමා සිටින කොයි කවුරුත් නොදැන වරදෙහි බැඳෙන අතර තවත් සමහරු හොදින් දැන හදුන ගෙනම වුවමනාවෙන්ම වරදෙහි පැටලෙති .

Face book තුළින් තම පවුල් ජිවිතය පවා අවුල් කරගනිමින් ජිවිතය අගාධයටම වැටී ගොඩ ඒමක් නැතිව දඟලන්නන් බොහෝ දෙනාගේ පියවි ඇසට පෙනනුයේ බිළීකොක්කට අසු වු ජිවිතයත් මරණයත් අතර දගලන මාළුවකු මෙන්ය.

සිඟිති පාතාලය ද මුහුණු පොතේ සැරි සැරූ බොහොමයකගේ ඇස ගැටුණු වීඩියෝ පෙළකි. කොවිඩ් 19 වසංගතයත් සමග තරුණ පරපුර පමණක් නොව පාසල් යන ළමයින් ද මුහුණු පොතේ නිතර නිතර සැරිසරන්නට විය. ඒ සමගම ඔවුන්ගේ නොදැනුවත් කම නිසා හෝ විනෝදාස්වාදය උදෙසා ගොඩ නැගෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන මෙම සිඟිති පාතාලය නමැති face book page එක බොහෝ අයගේ කතාබහට ලක් වූ වීඩීයෝවකි. මෙය කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරිත්වය මනා ලෙස පෙන්නුම්කරන්නට විය. එපමණක් නොවමේ වනවිට තාරුණ්‍යයේ පිරිසද තම මුහුණු පොතෙහි සිටි කිසි දිනෙක නොදුටු මුහුණුත් සමග හරි හරියට චැට් කරමින් දුක සැප බෙදා ගන්නට විය. ඒ සමගම බොහෝ දෙනා වරදෙහි පැටලෙන්නට විය.

කෙසේ නමුත් එකී මෙකී කරුණු කාරණා නිසා බොහෝ වැඩිහිටියන් තාක්ෂණයට දොස් පවරන්නට වූයේ ඔවුන්ගේ සංස්කෘතිය ඉහළට ඔසවමිනි. නොදියුණු සමාජ වපසරියක ජීවත් වූ අප මුතුන් මිත්තන් ගත කළ ඒ ජීවිතය ගැන ඔවුන් සතුටුවන්නට විය. ඔවුන් තාක්ෂණයතවත් පිළිකුල් කරණුයේ නව පරපුරෙහි හැසීරීම් නිසාය.

අද වන විට තාක්ෂණය දිනෙන් දින දියුණු වන්නට විය. විය යුත්තේද එයයි. තාක්ෂණය යනු අප ඉහළට ඔසවන ප්‍රපංචයකි. සන්නිවේදනයේ දියුණුවත් සමඟම නව නිපදවීම් සංස්කෘතියට එකතු වී තාක්ෂණය තවත් දියුණුවන්නට විය.

කවුරු කෙසේ තර්ක ගොඩ නැගුව ද මිනිසුන් වරදෙහි පැටලි මුහුණු පොතෙන් ජිවිතය සොයන්නට ගොස් ජිවීතයෙන් පවා සමු ගන්නේ තාක්ෂණයේ ඇති වරද නිසාවෙන් නොව ඔවුන්ගේ නොදැනුවත් කම සහ තාක්ෂණයත් සමග ඉදිරියට පාතැබීමට තරම් ඔවුන්ගේ මනස නිරවුල් නොමැති කම නිසා බව මාගේ මතයයි.

මුහුණු පොතට අබ්බැහි වී ජීවිතයේ සටහන් දත්ත ගබඩාව හිස් අවකාශයක පාවී යන්නට ඉඩ නොදි මේ මහ පොළොවෙහි පය ගසා තාක්ෂණයත් සමග

ජිවිතයේ නියම රස නියමාකාරයෙන් අත්විඳිමින් සැහැල්ලුවෙන් දැනුම් ගබඩාවක් එක්රැස් කරමින් අනෙක් අය සමගත් එය බෙදා ගනිමින් මුහුණු පොතේහි මුහුණ සටහන් කරගන්නට හැකි නම් මුහුණු පොත කොයිකාටත් ගැටලුවක් වන්නේ නැත.

එසේ කරන්නට හැකි නම් අප ආසාවෙන් මුහුණ සටහන් කරන ඒ මාධ්‍ය තවත් සුන්දර වන බව නොඅනුමානය.

 Y.M. දිනුෂා සදරේණු
සන්නිවේදනය හා කළමනාකරණය පීඨය
ත්‍රිකුණාමල මණ්ඩපය
නැඟෙනහිර ව්ශ්වවි‍යාලය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>