Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඒ් ගාමිණිීගේ සෞන්දර්යයයි

$
0
0
ඔක්‌ 22, 2020 01:00

ලාංකේය සිනමාවේ මහා නළුවා කවුරුන්දැයි කෙනෙකු ඇසුවොත් එක හෙළාම කීමට ඇත්තේ ඒ ගාමිණී ෆොන්සේකා බවයි. 1966දී රේඛාව චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටීමත් සමඟින් සිනමාවට පිවිසි ගාමිණී මිය යන විට චිත්‍රපට 113 කට තම රංගන දායකත්වය සපයා තිබිණි. ඒ අතුරින් චිත්‍රපට ගණනාවකම ඔහු රංගනයෙන් සම්බන්ධ වූ චරිත ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබාගන්නට සමත් වූයේය.

එමෙන්ම වික්ටර් රත්නායක යනු ශ්‍රී ලාංකේය ගමන්මඟේ නොමැකෙන සළකුණු සනිටුහන් කළ සංගීත ශිල්පියෙකි. ඒ මන්ද යත් ලංකාවේ පළමු වතාවට ගායන ශිල්පියකු පවත්වනු ලැබූ ඒක පුද්ගල සංගීත දැහැන 1973 දී වික්ටර් ‘ස’ නමින් ඉදිරිපත් කිරීමත් සමගිනි.
කලාකරුවා යනු රාමුගත කරන ලද එක් අංශයකට කොටු නොවී තම හැකියාවන් ඒ ආශ්‍රිත සියලු මාධ්‍ය ඔස්සේ විහිදුවා හැරිය හැකි අපූරුතම චරිතයකි. එය ඒ ආකාරයෙන්ම ඉටු කරනු ලැබූ චරිතයක් ලෙස ගාමිණී ෆොන්සේකා නම් රංගධරයා හැඳින්විය හැකිය. වර්තමානයේ බොහෝවිට තමන් සම්බන්ධ අංශයෙන් එපිට අංශවලින් හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි නළුවකු හෝ නිළියක සිටිනවා දැයි සැක සහිතය. මන්ද බහුතරයකට තමන්ට අදාළ දේ සම්බන්ධයෙන් වූ දැනුමක් නොමැති කල අනෙකුත් දෑ සම්බන්ධයෙන් දක්ෂතා පෙන්නුම් කිරීම උගහට නිසාය. ඉදිරිපත් කිරීම් සිය ගණනක් වුව සිදු කළ හැකි මුත් දක්ෂතා පෙන්නුම් කළ හැක්කේ එහෙමත් අයෙකුටය. ගාමිණී ෆොන්සේකා එවන් චරිතයකි

සිංහල සිනමාවේ මහා නළුවාගේ ළගන්නා සුළු පද රචනයෙන් ද වික්ටර් රත්නායකගෙ මියුරු සංගීතයෙන් ද යුත් ඔහුගේ ආදරණීය හඬත් සමගින් මෙම ගීතය බොහෝ දෑ ඔබ සමග පවසාවි.

මේ ගාමිණී ෆොන්සේකා නම් වූ රංගධරයාගේ සෞන්දර්ය චාරිකාවේ එක් සංධිස්ථානයක් පමණි. මොහොතකට ඒ හා සම වදින්න.

අහිමි වුණත් නුඹ ලඳේ මට
අඬන්න අවසර නෑ
වෙලෙන් එහා ඉඳ
නුඹේ සුවඳ වත
එතී ආ සුළං
මගෙ මුව සිම්බා....
නොපැතූ අතකට
අතදුන් දවසේ
හෙළූ දුක් සුසුම්
මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ලඳේ...
නුඹ කැන්දන් ගිය
මංගල රිය නැඟි
දූලි වලාවෝ
මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ලඳේ...

කියාගන්න බැරි
දුකක් නිවන්නට
නෙත හෙළු කඳුළක්
මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුබ ලඳේ.

ඒ වික්ටර් රත්නායකයන් හා ගාමිණී සිතෙහි උපන් ගී සෞන්දර්ය බෙදාගත් අයුරුය. නමුත් මීට පෙර එක්දහස් නවසිය හැත්තෑ නවයේදි "සරුංගලය"චිත්‍රපටය සඳහා ගාමිණී ගීතයක් රචනා කොට තිබුණේය. වික්ටර් රත්නායක සංගීතවත් කොට තිබූ එම ගීය ගායනා කරන ලද්දේ මෙතුවක් කලකට ලංකාවට බිහිවූ අමරණීයම ගායක යුවළක් වූ පණ්ඩිත් අමරදේවයන් සහ නන්දා මාලනීයයි.

බඹරිඳු බඹරිඳු
කුමට වඩින්නේ
වන මල් කැකුළිය
සොයා වඩින්නේ
වනමල් කැකුළිය
කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම්
පවස නිවෙන්නේ...

එමෙන්ම 1979 දී ‘සරුංගලය’ චිත්‍රපටයට ගීත රචනයෙන් සම්බන්ධ වූ ගාමිණී ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයටද ගීත රචනා කළේය. ‘සුදෝ මං ආදරෙයි’, ‘මිහිපිට අඟලක් නැති මිනිසා’ යන ගීතද ඔහුගේ නිර්මාණයන්ය, පසු කාලයකදී ඔහු ගාමිණී ගී මිණී නමින් ගීත පොතක් ද ප්‍රකාශයට පත් කළේය.
ඒ ගාමිණීගේ සෞන්දර්යයි.

ලක්ෂිකා රන්සරණී


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>