Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සිකියුරිටිවල නොදකින පැති

$
0
0
මාර් 16, 2018 01:00

රට තුළ රැකියා සැපයිමේදී ප්‍රධාන අංශ දෙකේ ක්‍රියාත්මක වෙයි. ඒ රාජ්‍ය සහ පෞද්ගලික අශයට වශයෙනි.‍

රටේ උගත් තරුණ පරපුරට රැකියා සැපයීමේදී සියලු දෙනාටම රජයේ රැකියා ලබාදිය නොහැක. තරගකරී ලෝකය තළ පෞද්ගලික අංශය දිරි ගන්වන්නේ රටේ ශ්‍රම බලකාය විවිධ රැකියා සඳහා යොමුකර සංවර්ධන ඉලක්කයන් ජය ගැනීමට ය.

ඔබ සති අන්ත‍ ඉරිදා ජාතික පුවත් පතක් දෙස විමසිලිලෙන් බැලුවහොත් එහි වැඩිම රැකියා ඇති ප්‍රධානම අංශයක් ලෙස පෞද්ගලික ආරක්ෂක අංශ දැකිය හැකි ය.

ඉතා අකර්ශණ වැටුප් තල සහ අනෙකත් සුභ සාධන පහසුකම් සියල්ලකම අඩුවක් නොමැතිව සපයන බව එම සේවා ආයතන බොහෝ විට හුවා දක්වයි. එනමුත් මෙම රැකියා සඳහා යොමවූ පිරිස විඳින වධ වේදනා දන්නේ ඔවුනොවුන්ම පමණි. නවාතැන් නොමිලයේ සපයන බව කියන බො‍හෝ පෞද්ගලික ආරක්ෂක ආයතනවල නවාතැනත් වැඩකරන ස්ථානයත් එකම තැනක් බව අවබෝධ වනුයේ කලක් ගතවු පසුවය.

වැටුප් පිළිබඳ ඉතා ආකර්ශණිය දැන්වීම් දමා තිබණද කිසි දිනෙක එම වැටුප් අතට නම් නොලැබෙයි. මාසික වැටුප ලැබුණු විට ගෙවීම් වලට වඩා අඩුකිරීම් එමට. අතට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදකි. පවතින ආර්ථික තත්ත්වය මත රජයේ රැකියා කල අයද පෞද්ගලික ආරක්ෂක සේවයේ යෙදෙන්නන්ට ලැබෙන විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවීම නිසා ය.

දැනට රටපුරා අති විශාල පෞද්ගලික ආරක්ෂක සේවයකයන් රාශියක් සේවය කරන අතර මෙම සියලු ආයතන රජයේ නියාමානයට ලක්කළ යුතු ය.‍

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය

 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>