Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හොර පාරෙන් එන කට පුංචෝ

$
0
0
මාර් 16, 2018 01:00

අප රටේ අනවසර ගිණි අවි භාවිතය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බවක් පෙනෙන්නට ඇත. රටේ ආරක්ෂක අංශවලට හා විශේෂිත පුද්ගලයින් වෙත මෙම ගිනි අවි භාවිතය සඳහා අවසර ඇත. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන්ද මේ අතර වේ. කෙසේ නමුත් මෙම ගිනි අවි ඉන් බාහිරව රටේ නමගිය අපරාධකරුවන්, මංකොල්ලකරුවන්, කප්පන්කරුවන් වැනි නුසුදුසු පුද්ගලයින් අතට පත්වීමෙන් දිනෙන් දින සිදුවන අපරාධ, මිනිමැරුම් අප්‍රමාණය. රටේ මහත් ව්‍යසනයකට පත්ව ඇති මත්ද්‍රව්‍ය පරිහරණය කරන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිය ව්‍යාපාරයන් පවත්වාගෙන යාමට මෙම ගිනි අවි පරිහරණය මහත් පිටුවහලක් වනනේය.

විශේෂයෙන් සමහර ගිනි අවි විදේශීය රටවල නිෂ්පාදිත, ස්වංක්‍රීය ආරක්ෂ අංශවල පවා නොමැති අවි වීම මෙහි ඇති භයානකත්වය දෙගුණ වනනේය. මේ පිටුපස අවි ජාවාරම්කරවන්ද නැත්තේ යැයි නොසිතා සිටිය නොහැකිය. ඔවුන්ගේ බලපරාක්‍රම පෙන්නීමෙහිලා සහ ඔලමොට්ටල නිර්භීතකත්වයන් ප්‍රදර්ශනය කිරීම් අද මෙය මෝස්රයක් වන තරමටම වර්ධනය වී ඇත. ඒ අයුරින්ම රට හැඩ ගැස්විමෙහිලා අද විවිධ නාළිකා කල ප්‍රදර්ශනය කරන චිත්‍රපටි මෙන්ම සමහර සිංහල ටෙලි නාට්‍යයද සැදී පැහැදී ඇත. එම නිසා අනන්තවත් ව්‍යාපාරිකයන් මෙන්ම රටේ විවිධ අංශවල නියෝජනය කරන්නන් මොහුන්ගේ ගෝල බාලයන්ගේ පීඩනයනට කොයි මොහොතේ ලක්වේදෝයි දැඩ බියෙකින් පසුවෙන බවද පැවසිය යුතුව ඇත.

කරුණු මෙසේ දිනපතා වාර්තාවෙමින් සිටියදී අමෙරිකාව වැනි රටවලටත් අද මෙය හිසරදයක් බවට පත්වී ඇති අයුරු වාර්තා වෙමින් තිබියදීත් අප රටේ ආරක්ෂක අංශ මෙන්ම පාලනාධිකාරයන්ද මේ පිළිබඳ දක්වන නිහඬවයන් ප්‍රශ්නකාරිය. නීතියට අභියෝග කරමින්, විශේෂිත අපරාධකරුවන්ගේ ග්‍රහණයන් මෙසේ රට පුරා සීග්‍රයෙන් පැතිර යමින් තිබියදී දෑත් හකුලා නිදා සිටීමට රජයක් පත්විය යුතුව නැත. රටේ පොදු ජනතාවකගේ මූලික අයිතීන අමු අමුවේ උල්ලංඝනය වෙමින් සිටියදී අපරාධ ගණනය කර වාර්තා සැපයීම් පමණක් තවදුරටත් කටයුතු කරන්නේද යන්න විමසිලිමත් විය යුතුය. එහෙයින් අප්‍රමාදව අවි අතට ගත යුත්තේත පාලකයන්ය. ඒ අණවසර ගිණි අවි භාවිතා කරන්නන්ට එරෙහිවය. මෙම අණළුසර ගිණි අවි වහාම රජයට බාර දෙන නියෝග නිකුත් කිරීමෙන් රට පුරාම සෝදිසි මෙහෙයුම්ද සදු කළ යුතුය. එසේ අවි නියමිත දිනට පෙර භාර නොදෙන්නන් හඳුනාගෙන නීතිය හමුවේ උපරිම දඩුවම් වන දිවි ඇතිතෙක් සිරගතව හෝ මරණීය දණ්ඩනය නියම කිරීමෙහිලා ප්‍රමාද නොවිය යුතුය.

ගුණවර්ධන හල්ලොළුව
තලපත්පිටිය


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>