Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ශාපලත් දුරකතන අංක

$
0
0
දෙසැ 2, 2017 01:00

දස වසරක් පුරා මෙම ජංගම දුරකතන අංකය භාවිත කළ පුද්ගලයන් සියල්ල අස්වාභාවික හේතූන් නිසා මිය යාස නිසා බල්ගේරියාවේ ජංගම දුරකතන සේවා සපයන මොබිටෙල් සමාගම ඉහත දුරකතන අංකය සදහටම විසන්ධි කර දැමීමට කටයුතු කළේය.

මෙම දුරකතන අංකය ප්‍රථමයෙන්ම භාවිත කළේ ඉහත කී මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වැල්ද්මීර් ග්‍රෂ්නොව් ය. ඔහු 48 වැනි වියේ දී එනම් 2001 වසරේ දී පිළිකාවක් වැළැඳී මරු වැළැද ගත්තේය. ව්ලැද්මීර්ගේ මරණයට පත් කළ ස්වභාවිකව ශරීරයේ ඇති වූ පිළිකාවක් නිසා නොව ව්‍යාපාරික තරගකාරීත්වය මත ඇති වූ ගැටුම් මත ඔහු නොදැනුවත්ව විකිරණවලට නිරාවරණය කිරීම නිසා ඇති වූවක් බවට ක්ෂේත්‍රය පුරා කතා බහට එකල ලක් විය.

ඉන්පසු මෙම දුරකතන අංකය හිමි වූයේ බල්ගේරියාවේ මාෆියා නායකයකු වු කොන්ස්ටැන්ටින් දිමිත්‍රොව්ටය. ඔහුට ද මරණය අත්වූයේ නෙදර්ලන්තයේ සිය පවුම් මිලියන 500 ක පමණ වූ මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාරය ගැන නිරීක්ෂණයකට ගොස් සිටිය දී නාදුනන තුවක්කුකරුවකුගෙනි. 2003 වසරේ දී වෙඩි පහරට ලක් වන විට ඉහත දුරකතන අංකය සහිත ජංගම දුරකතනය ඔහු සතුව තිබී ඇත. දිමිත්‍රොව්ගේ ව්‍යාපාරයට එරෙහි රුසියානු මාෆියා නායකයන් ඔහුව ඝාතනය කරන්නට ඇති බව පැතිර ගිය කතාවකි.

නැවත වරක් මෙම දුරකතන අංකය හිමි වූයේ ව්‍යාපාරිකයකු වූ කොන්ස්ටැන්ටින් දිෂ්ලිව්ට ය. ඔහුට ද කුරිරු වෙඩි පහරකට ලක් වූයේ බල්ගේරියාවේ අගනගරය වූ සොෆියා හී ඉන්දියානු ආපන ශාලාවක පිටත දී ය. ඒ 2005 වසරේ දී ය. ඔහු ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු බව පසුව සොයාගනු ලැබිණි. ඔහුට අයත් පවුම් මිලියන 130 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් එරට පොලිසිය විසින් පසුව සොයාගනු ලැබීය.

මෙම ඝාතනයත් සමගින් ජාත්‍යන්තර සංකේතය +359 888 888 888 සහිත දුරකතන අංකය විසන්ධි කර දැමීමට බල්ගේරියානු මොබිටෙල් සමාගම කටයුතු කළේය.

090-4444-4444

සදොකෝගේ අංකය ලෙස ජපානයේ හැදින්වෙන ඉහත දුරකතන අංකයෙන් ලැබෙන ඇමතුම් මරණීය ඇමතුම් ලෙස ජපානයේ සලකයි. එම ඇමතුමෙන් නැගෙන ශබ්දය අමුතු ගුප්ත ශබ්දයකි. එම ඇමතුම ගත්තවුන් සතියක් තුළ කුමන ආකාරයක හෝ හදිසි අනතුරකියන් මිය යන බවට ජපනුන් විශ්වාස කරති. ජපනයේ අංක 4 ශබ්දය වන මරණය යන වචනය ශබ්දය වන ‘ෂි‘ ශබ්දයට සමාන වෙයි. එම නිසා අංක 4 න් සමන්විත මෙම අංකය මරණීය ඇමතුමක් ලෙස ජපනුන් සැලකීමට පුරුදුව සිටිති.

1-000-000-0000

ආසියාවේ සමහර රටවල් ඉහත දුරකතන අංකය ශාපලත් අංකයක් ලෙස සළකති. එම අංකයට ඇමතුමක් ලබා දුනහොත් පිරිමි හඩක් පිළිතුරු දෙමින්, තවත් දුරකතන අංක 15 කට කතා කොට ඉහත ශාපලත් අංකය පිළිබද නොපැවසුවහොත් මරණයට පත්වන බවට පවසා සිටියි. නමුත් මෙම අංකය පිළිබද හෝ එසේ ඇමතුම් ගෙන හෝ නොගෙන මරණයට පත් වූවන් පිළිබඳ කිසිදු පිළිගත හැකි තොරතුරක් වාර්තා වී නොමැති බව ද පැවසිය යුතුය.

999-9999

තායිලන්තයේ මිථ්‍යා විශ්වාස අනුව ඉහත අංකය සාපලත් දුරකතන අංකයකි. එම දුරකතන අංකයට ඇමතුමක් දී ප්‍රාර්ථනාවක් කළහොත් එය ඉටු වන අතරම එම ප්‍රාර්ථනය ඉටුවීම ද සමඟම ඔබේ මරණය ද ඉක්මණින් ළඟා වන්නේ දරුණු අනතුරකට මුහුණ දීමෙනි.

මෙම තොරතුරු හෙළිකර සිටි වෙබ් අඩවියේ ලිපියට අදහස් පළකර සිටි බොහොමයක් වෙබ් පරිශීලකයන් මෙහි පළවුණු දුරකතන අංක කිහිපයකට කතා කර තිබුණත් කිසිදු ආකාරයක පිළිතුරක් නොලැබුණු බව පවසා තිබෙන අතර බොහොමයක් දෙනා මෙම තොරතුරු හාස්‍යයට ලක් කර ද තිබුණි.

අන්තර්ජාලය ඇසුරිනි

පී.කේ. බණ්ඩාර


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>