Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සිනේමා දැන් රිදී තිරයේ

$
0
0
සැප් 20, 2022 01:00

වෛද්‍ය කපිල සූරියආරච්චිගේ දෙවැනි සිනමා නිර්මාණය වන සිනේමා චිත්‍රපටය දැන් රිද්මා ඇතුළු චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල ගණනාවක සිනමාහල් රැසකදී තිරගත කෙරේ. සිනමාවට හා සිනමාකරුවන්ට එදිරිවාදිකම් කරන එම කලාවේ නිරත කිහිප දෙනකු හා දිරියෙන් සිනමාව හදාරා එහි පෙරට එන තරුණ සිනමාකරුවකු වටා සිනේමා කතාව දිවේ. ශ්‍යාම් ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මේඝ සූරියාරච්චි, නයනතාරා වික්‍රමාරච්චි, ඩග්ලස් රණසිංහ, රොබින් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, විජේරත්න වරකාගොඩ, කලණ දොඩම්තැන්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගාමිණි හෙට්ටි ආරච්චි, ජගත් බෙනරගම ඇතුළු ප්‍රවීණ හා අතිදක්ෂ රංගන ශිල්පීහු රැසක්ම මෙහි රඟති.

කැමරා අධ්‍යක්ෂණයෙන් නිශාන්ත ප්‍රදීප් ද අංග රචනයෙන් සුසන්ත රාමසිංහ ද කලා අධ්‍යක්ෂණයෙන් දිනේෂ් ඉන්දික විජේසිරි ද ශබ්ද පරිපාලනයෙන් සශින් ගිම්හාන් පෙරේරා ද සංස්කරණයෙන් හා වර්ණ සංයෝජනයෙන් ප්‍රසංග නාපාවල ආදීහු ද මේ සමඟ එක්ව සිටිති. සිනේමා චම්පික ජයනන්දනගේ නිෂ්පාදනයකි.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>