Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ප්‍රාණ 6දා පණ ගැන්වේ

$
0
0
සැප් 20, 2022 01:00

සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ තෙබසින්ම හඬකැවුණු චිත්‍රපටයක් වන ප්‍රාණ ඔක්තෝබර් 6දා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කෙරේ. එය සමාරා, රෝස කැලේ, ජූලි හතයි ආදී නිර්මාණ එළිදැක්වූ සංජය නිර්මාල්ගේ අලුත්ම චිත්‍රපටයයි.

මන්නාරමේදී ක්‍රි.ව 1544දී කළ ජන සංහාරයක් හා එහි පසුබිම කියාපාන ප්‍රාණ සත්‍ය කිසිදා වළ දැමිය නොහැකි වග කියාපානු ඇත.

ට්‍රේ හික්ස්, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නීටා ප්‍රනාන්දු, නිරංජනී ෂන්මුගරාජා, කින්ස් රත්නම්, ස්ටීවන් මාර්ක්, රොබට් සිසේරා, දිනේෂ් ද සිල්වා, සෙනේෂ් බණ්ඩාර දිසානායක, කල්ප මුණසිංහ ඇතුළු රංගන ශිල්පීහු රැසක් මේ සදහා රංගන දායකත්වය සපයති.

කැමරාවෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස් ද සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සමරකෝන් ද කලා අධ්‍යක්ෂණයෙන් හා ඇඳුම් නිර්මාණයෙන් ධම්මික හේවාදුවත්ත ද අංග රචනයෙන් බුවනෙක රණවක ද සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ ද සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් ද නිෂ්පාදන කළමනාකරණයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා ආදීහු ද එක්වන ප්‍රාණ විධායක නිෂ්පාදනය ගරු ප්‍රසාද් හර්ශන් පියතුමා ය. එහි නිෂ්පාදක ජානක පෙරේරාය.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>