Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

දරුවන් අත වැරැදි නැත

$
0
0
ජන 10, 2019 01:00

 "දරුවන් ලෝකයේ වඩාත්ම වටිනා සාධකය වන අතර අනාගතය සඳහා හොඳම බලාපොරොත්තුවයි". ජෝන් කෙනඩි කළ මේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ සමාජයේ දරුවා කොතරම් වටිනා වස්තුවක් ද යන්න අවබෝධ වන බවයි.

නමුත් මෑත කාලයේ රටේ අනාගතය භාර ගන්නට සිටින දරුවන් පිළිබඳ ඇසෙන දකින අනපේක්ෂිත ආරංචි ශිෂ්ට සම්පන්න සමාජයක් වශයෙන් හදවත් කම්පා කරවන තත්ත්වයකට පත්ව ඇත. මෑත දිනයක අසන්නට දකින්නට ලැබුණු මාතර සිසුවාගේ මරණය අතිශය ඛේදනීය තත්ත්වයකි. ඒ සමඟම මොනරාගල තරුණියගේ මරණය ද එවැන්නකට සමාන බවක් ගනී. එපමණක් ද නොව මෑතකාලීනව දරුවන් තුළ ඇතිවන සිය දිවි නසා ගැනීම්, විවිධ හිංසනයන්ට ගොදුරුවීම්, මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවුණු විනාශයන් සංඛ්‍යාත්මකව වර්ධනය වීමක් පෙන්නුම් කර ඇත. මෙවැනි සිදුවීමක් සමාජයේ සිදු වූ විගසම සමාජය සිසාරා විවිධ පුවත් මවමින් එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිදු කරන විවිධ විග්‍රහයන් ද අප්‍රමාණවම ලංකාවේ දැකිය හැකි සුලබ තත්ත්වයකි. මෙවැනි සංසිද්ධීන් නිසා සතියකට හෝ සති කීපයකට අවදි වන ජනතාව නැවතත් නිද්‍රාවට පත්වන්නේ තවත් එවැනිම සිදුවීමක් පිළිබඳ අපේක්ෂා සහගත බලාපොරොත්තුවකින් ද යන්න පිළිබඳ පැනයක් සමාජයේ ඉතිරි කරමිනි. ඊට හේතු වන්නේ නැවතත් එවැනි සිදුවීමක් සිදු වූ විගසම අවදි වන එම පිරිස මේ ගැන කතා කරමින් නැති දේවලුත් ඊට එකතු කරමින් ඉතා රසවත් මාතෘකාවක් සංවාදයට ලක් කරමින් කාලය ගත කිරීම සිදු කිරීමයි. මෙමගින් මා ඔබට කියන්නේ අප අවට පරිසරයේ සිදුවන සිදුවීම්වලට ඔබ සංවේදී නොවිය යුතු බව නොවේ. අප අවට පරිසරයේ සිදුවන්නා වූ දේට අප සංවේදීවීම පමණකින්ම වර්තමාන සමාජයේ සිදුවන මේ ඛේදවාචකය අවසන් කළ නොහැකි බව තේරුම් ගැනීමයි. යොවුන් පරපුර තුළ ඇතිවන මෙවැනි තත්ත්වයන් පිළිබඳව මනෝවිද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව සොයා බැලීම හා ඒවාට විසඳුම් සෙවීමට අප විසින් තනි තනිවත් පොදුවේත් කටයුතු කළ යුතු බවට තීන්දු තීරණ ගැනීමේ කාලය එළඹ ඇති බව පෙනේ.

ළමා විය පසු කළ දරුවා කායික, මානසික හා චිත්තවේගික වශයෙන් සිසු වර්ධනයකට ලක් වෙමින් යෞවනයකු බවට පත්වන විට ඔහු හඳුනා ගැනීමට ඔහු පිළිගැනීමට සමාජය විසින් අපොහොසත් වීම නිසා සමාජයේ මෙවැනි දේ සිදුවීම අපේක්ෂා කළ යුතු තත්ත්වයට පත්ව ඇත. අධ්‍යාපනඥ එච්.එෆ්. හර්ලෝ නව යොවුන් වියේ තරුණයන් යෞවනත්වයට පත්වීම තුළ මුහුණදෙන ගැටලු ශීර්ෂ 06 ක් යටතේ දක්වා ඇත.

1. ඉගෙනීම සම්බන්ධ ගැටලු

2. පෞරුෂ වර්ධනය පිළිබඳ ගැටලු

3. නිවසේ සබඳතා පිළිබඳ ගැටලු

4. යෞවනය පිළිබඳ ගැටලු

5. සමාජයට හැඩගැසීම පිළිබඳ ගැටලු

6. වෘත්තීය නැඹුරුව පිළිබඳ ගැටලු වේ.

මෙවැනි ගැටලු රාශියකට මැදිව සිටින තරුණ ජීවිත දෙස අවබෝධයෙන් බලන්නට මනෝවිද්‍යාත්මක දැනුමක් අප සතු විය යුතු වේ. නමුත් හර පද්ධතීන් බිඳවැටුණු සමාජ ක්‍රමයක ඒ පිළිබඳ ඇති දැනුම අල්ප නිසාත් එවැනි දැනුමක් ලබා ගැනීමට බහුතරයකට වුවමනාවක් නැති නිසාත් සමාජය වෙත එවැනි දැනුමක් ලබා දීමට අදාළ අංශ අපොහොසත් වීම නිසාත් යෞවනයන් තුළ ඇති ගැටලු දෙස බලන්නේ ඒ ඒ අයගේ දැනුම සහ ආකල්ප නමැති කණ්ණාඩියෙනි. උදාහරණයක් වශයෙන් මාතර සිදුවීමේ මරණයට පත් තරුණයා පිළිබඳ කෙනෙකු කම්පා වන්නේ එය අපරාධයක් බව යන හැඟීම නිසා වන අතර කෙනෙකුගේ දැනුම හා ආකල්පවලට අනුව එය එසේ සිදු වූවාට කම් නැත, ඔහු අතත් වැරදි ඇති නිසා එසේ වන්නට ඇතැයි සිතෙන්නට පුළුවන. වරදට පෙළඹුණු තරුණයන් දෙස ද එලෙසම දෙයාකාරයකින් බැලිය හැක. නමුත් මේ තරුණ දරුවන්ගේ මවුපියන්ට හෝ සමීපතමයන්ට දැනුමක් හා අවබෝධයක් තිබුණා නම් මෙවැන්නක් සිදු නොවීමට බොහෝ ඉඩකඩ තිබුණි. පවුල් සංස්ථාව සංකීර්ණ වීමත් සමඟම විස්තීර්ණ පවුල න්‍යෂ්ටික පවුලක් බවට පත්වීම හේතු කොට ගෙන මව, පියා සහ දරුවන් අතර පැවති සබැඳියාව ක්‍රමයෙන් අඩු වී යාමත් මෑතකාලීනව දක්නට ඇත. මේ තත්ත්වය තරුණ පරපුර මෙවන් ඛේදවාචක දක්වා රැගෙන යාමට බලපා ඇති බව පෙනේ. තරුණ දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස දැක්වීම ඔවුන්ව පිළිගැනීම, එදිනෙදා ජීවිතයේ යෞවනයන් තුළ මතුවන කායික, මානසික ගැටලු පිළිබඳ අනවබෝධය සහ ඒවාට පිළිතුරු සෙවීමට නොහැකි වීම, ඔවුන්ගේ සමාජ ආශ්‍රය පිළිබඳ අනවබෝධය පවුලේ සාමාජිකයන් අතර සබඳතා දුරස්වීම, යෞවනයන්ගේ අවශ්‍යතා ප්‍රමාණවත්ව ඉටු කිරීමට නොහැකිවීම, අධ්‍යාපනයේ තරගකාරී බව නිසා තරුණයන් සහ මවුපියන් වෙහෙසට පත්ව සිටීම වැනි තත්ත්වයන් තරුණ දරුවන්ගේ අනාගතය මෙවන් ඉරණමකට පත්වීමට වක්‍රව හෝ ඍජුවම බලපා ඇති බවට නිගමනය කළ හැක.

අනෙක් අතට පවතින සමාජ වටපිටාවේ පවත්නා අති ධාවනකාරී තත්ත්වය මත ඇතිවන අපේක්ෂා භංගත්වය, ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය පිළිබඳ පවත්නා අනවබෝධය, වැඩිහිටි සමාජය කෙරෙහි පවත්නා ගෞරවය, විශ්වාසය තරුණයන් තුළ බිඳීයාම නිසා නව ගැටලු වැඩිහිටියන් සමඟ කතා කොට විසඳාගත නොහැකි වීම, සම වයස් කණ්ඩායම්වලට හසුවන යෞවනයන් තුළ පවතින විවිධ පෞරුෂ ගැටලු හා විවිධ අපචාර ක්‍රියාවන්ට හුරුවුණු මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබීම, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම, තරුණයන් මෙවැනි ඛේදවාචකයකට ඇද දැමීමට හේතු වී ඇති බව පෙනේ.

අනෙක් අතට වැඩිහිටියන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් තරුණ දරුවන්ට දෙන ආදර්ශ පිළිබඳව අපට වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතන්නට අවශ්‍ය වනු ඇත. එසේ සිතීම අද ඔබට ආරම්භ කළ හැකිනම් තරුණ දරුවන්ගෙන් සිදුවන වැරදිවලට ඔබ බලන කණ්ණාඩියෙන් ඔවුන් පිළිබඳ පෙනෙන විග්‍රහ බොහෝ දුරට වෙනස් ලෙසකින් පෙනෙන්නට ඉඩ ඇත. එදිනට ඔබ තරුණ දරුවන්ට දිගු කරන ඇඟිල්ල ඔබ වෙතට දිගු කරමින් ඒ පිළිබඳ කනගාටුවට පත්වන බව මා සිතමි.

යහපත් දරුවකු සමාජයට දායාද කිරීමේ වගකීම දරුවා හැදෙන වැඩෙන පවුලටත් කොටසක් පාසලටත් තවත් කොටසක් සමාජයටත් අයිති වේ. ඉහත සඳහන් කළ ආකාරයට තරුණ දරුවන් තුළ ගැටලු ඇති වූවා යැයි ඔබ කනගාටු වනවාට වඩා තම දරුවන්ට ගැටලු ඇති කළා යැයි ඔබට සිතෙන්නට කාලය එළැඹ ඇත. සමාජ සංකීර්ණත්වය සමඟම වර්තමාන පවුල් සංස්ථාවේ සංකීර්ණ බව හේතු කොට ගෙන තම දරුවන් පිළිබඳ සොයා බැලිය නොහැකි වූ මවුපියන් තම දරුවාට උගන්වන ගුරු මවුවරුන් පියවරුන් පිළිබඳ අපමණ සෙනෙහසක් සහ බලාපොරොත්තුවක් ඇති කර ගත යුතුය. නමුත් පවුල තුළ දී දරුවා ඉගෙන නොගත් දේ නිවැරදි කිරීමට ගුරු මවුපියවරු පාසල තුළ දී කිරීමට යාම නිසා උරණ වූ මවුපියන් පාසල් ඉදිරිපිට තම දරුවන් පෙරටු කොටගෙන ගුරු පියවරු මවුවරු හංවඩු ගසමින් උද්ඝෝෂණය කරන විට ඔබ ඊට හවුල් වූවා හෝ ඒ දෙස නිහඬව බලා සිටියා හෝ සතුටු වූවා විය හැකිය. ගුරු භවතුන් පොලීසියට උසාවියට ගෙන ගොස් දඬුවම් දීමට නිරන්තර උත්සාහයක යෙදුණු සමාජයකට ලැබෙන අයහපත් ප්‍රතිඵල මෙය නොවේදැයි ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.

ගුරු මාතාවන් දණගැස්වූ දේශපාලන අද බාලයන් දෙස නිහඬව අපට නොවුණා සේ බලා සිටි සමාජයකට මෙවැනි ඛේදවාචකයන්ට වඩා දෙයක් තවත් අසන්නට ලැබේ ද? දේශපාලනමය හේතූන් මත අසරණභාවයට පත් කළ ගුරු පියවරු ගුරු මවුවරු මේ සමාජය තුළ හෙළු දුක් කඳුලැලි කොතරම් දුරට අපට ශාපයක් වී ඇත්දැයි අපට සිතන්නට සිදුව ඇත. වැඩිහිටියන් වශයෙන් අනාගත දරු පරපුරට අප කළ වැරදි, කතා කර හෝ ලියා තබා අවසන් කළ නොහැකිව තිබේ. කුඩා දරුවන් ලවා සිගරට් මත්පැන් ගෙන්වන පියවරුන් ද තම දරුවන් ලවා කුඩු විකුණන මවුවරුන් ද උත්සවයක දී තම දරුවාගේ මුවට හුරතලයට මත්පැන් වීදුරුව ළං කරන පියවරුන් ද මුහුණුපොත හරහා තමන් වැසිළි කැසිකිළි යාමේ සිට තමන්ගේ පෞරුෂත්වය සහ අන්‍යයන්ගේ පෞරුෂත්වය ප්‍රදර්ශනය කර සතුටු වන මානසික ලෙඩුන් ද සිටින තාක් සමාජයේ ඇතිවන මේ ඛේදවාචකයට පිළිතුරු සෙවීම ප්‍රමාද වනු ඇත. මුහුණුපොත ඇසුරු කරන සමහරක් මානසික රෝගීන්ගේ කතාවලින් අපට අසන්නට ලැබෙන්නේ සමාජයේ මෙවැනි ව්‍යවසන පිළිබඳ අල්ප දැනුමක් ඇති පිරිස් තම ප්‍රසිද්ධිය සඳහා වෛරය හා ක්‍රෝධය වර්ධනය කරන ප්‍රකාශ ප්‍රචාරය කරන බවයි. මානසික සෞඛය පිළිබඳ අඩු සාක්ෂරතාවක් ඇති අප ජන කොටස් තුළ මෙවැනි වෛරී ප්‍රකාශ රස කර කර බලන්නේ සහ ප්‍රචාරය කරන්නේ තවදුරටත් තරුණ සමාජය ආගාධයට ඇද දමමිනි. ඔබ මුහුණුපොතේ සාමාජිකයකු නම් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබට යහපත් මානසික සෞඛ්‍යයක් ඇති බව හඳුනා ගැනීමට ඇති හොඳම තහවුරුව වන්නේ එවැනි දේ ඔබ ප්‍රතික්ෂේප කරන්නකු වීමයි.

තරුණ පරම්පරාව ආදර්ශයට ගන්නේ වැඩිහිටි අප නිසා අප කරන වැරදිවල තරමට ඔවුන් වැරදිකාර නැතැයි අපට සිතන්නට වනු ඇත. මේ දිනවල රටේ පවත්නා සමාජ වටපිටාවේ සිදුවන දේවලින් දරුවන් අසන්නේ අපට අදාළ වන්නේ කවුරුන් කියන නීතිය ද කවුරුන් දෙසන දේශනා ද කියාය .දරුවන් එසේ අසන වාර අනන්තය. උත්තරීතර ආයතනය යැයි කවුරුත් කියන පාර්ලිමේන්තුවේ කඩා බිඳ දමන දේ පොදු දේපළ නීතියට අදාළ නොවන්නේ මන්දැයි අසන දරුවන් බඩගින්නට කොස් ගෙඩියක් කඩා ගත් මාමාත්, අසල්වැසි ගෙදරින් අඹ ගෙඩියක් කඩා ගත් නැන්දාත් උසාවි ගෙනගියේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටී. මේවාට ඔබටත් මටත් පිළිතුරු නැතිවා සේම ඉහළ නිලධාරීන් දුන් උපදෙස් නිසා හිරබත් කන රජයේ නිලධාරීන් ගැන ද දරුවන් අපෙන් ප්‍රශ්න කරනු ඇත. සමාජ පද්ධතිය තුළ පවත්නා වෘත්තීන්වල වෘත්තීයභාවය පිරිහීමකට ලක් කර ගත් වැඩිහිටි පිරිස් අතර ආගමික ශාස්තෘන් ද තම ආගමික කටයුතුවලට වඩා පක්ෂ හා පාට අනුව දේශපාලකයන්ගේ අනුගාමිකයන් බවට පත්ව ඇත. මේ තත්ත්වය නිසා තරුණ දරුවන්ට අවවාද කරන්නට ඔවුන් යහමඟට ගන්නට ඔවුනට ආදර්ශ දෙන්නට අපහසුතාවකට පත්ව ඇත.

අප සැමදාම සිතන්නේ අප තවමත් ප්‍රමාද නැති බවයි. රටත් ජාතියත් සමාජයත් වශයෙන් අප බොහෝ ප්‍රමාද වී ඇති බව අපට නොපෙනෙන්නේ අප ගැන අප තනි තනිව සිතන හෙයිනි. ඔබ ඔබේ දරුවාට ආදරය රැකවරණය සලසන ලෙසට අසල්වැසි දරුවාටත් සමස්ත දරු පරපුරටත් ආදරය රැකවරණය දීමට උත්සාහ කිරීම මේ සමාජ හර පද්ධතීන් බිඳවැටුණු සමාජයේ ඔබේ දරුවාත් අනෙක් සියලු දරුවනුත් ආරක්ෂා කර ගැනීමට දරන හොඳ උත්සාහයක් විය හැක. මා ඔබට සිතන්නට සටහනක් තබමි. එය ගැන සිතන්න වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් ඔබේ දයාබර දරුවා ගැන.

ඔබේ දරුවාට ආදරය කරන්න පසුබට නොවන්න.

ඔවුන්ව වැළඳගන්න.

ඔබ කොතරම් ඔවුන් ගැන සිතනවාද යන්න ඔවුන්ට කියන්න.

ඔවුන් කොතරම් ඔබට වුවමනා ද යන්න ඔවුන්ට කියන්න.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න.

ඔවුන්ව නිතරම සිපගන්න.

ඔවුනට ආදරය කරන්න කියා දෙන්න.

ඔවුන් කොතරම් වැදගත්ද යන්න කීමට ඔබ තවම ප්‍රමාද නැත.

සමාජය ශිෂ්ට සම්පන්න බව ගැන පරීක්ෂා වන්නේ ඔබ දරුවන් වෙනුවෙන් කුමක් කරනවාද යන්න මතයි.

ඉහත අදහස තවත් සනාථ කරන අදහසකින් ලිපිය අවසන් කරන්නට අවසර.

“දරුවන්ට ආදරය කිරීම යනු ඔහුගේ ඉල්ලීම් සියල්ල ඉටු කිරීම නොව ඔහු තුළ තිබෙන හොඳම දෙය එළියට ගැනීම හා අමාරු දේවල්වලට ආදරය කිරීමට ඉගැන්වීමයි” (නාදීෂා බොලැන්ජර්).

අනුර නාකන්දල
මනෝවිද්‍යා උපදේශක,  කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා සංගමයේ සංවිධායක,
විනයාරක්ෂක නිලධාරී කොළඹ විශ්වවිද්‍යාලය. 


අයවැයට යෝජනා

$
0
0
ජන 10, 2019 01:00

මහාචාර්ය රොහාන් සමරජීව

රජයේ ක්‍රියාකාරීත්වයට ජීවය සපයන ප්‍රධාන සාධකය අයවැයයි. දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන මෙන්ම ජනතාව වසර ආරම්භයේදී විමසිලිමත් වන්නේ පවතින රජය ඉදිරිපත් කරන අය-වැය සම්බන්ධයෙන්ය. රටේ ජනතාව අයවැයෙන් අපේක්ෂා කරන්නේ සහනයි. විපක්ෂය විමසිල්ලෙන් බලා හිඳින්නේ රජය ඉදිරිපත් කරන අයවැයේ අඩුලුහුඬුකම්ය. රජය උත්සාහයක යෙදෙන්නේ ඉදිරිපත් කරන අයවැයෙන් ශක්තිමත් වන්නටය. රජය ස්ථාවරත්වයකට පත්කර ගන්නටය.

රාජ්‍ය කේන්ද්‍රීය ආකාරයකට ආණ්ඩුව යම් යම් දේ ප්‍රදානය කරන සංකල්පයක් මෙතෙක් ක්‍රියාත්මක වන අතර බොහෝ ජනයා බලාපො‍රොත්තුව සිටින්නේ මෙවර අයවැයෙන් අපට ලැබෙන සහන මෙනවාද කියාය. රාජ්‍ය සේවකයන් වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන අතර පෞද්ගලික අංශය ද ඊට සාපේක්ෂව වැටුප් වර්ධකයකට අවසර ලැබේ යැයි ද සිතති. පොදු ජනතාව ද අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු තවත් බොහෝ දේ සඳහා සහන බලාපොරොත්තු වෙති. වාණිජ අංශය හා ව්‍යවසායකයන් බදු සංශෝධනය වී සහන අපේක්ෂාවෙන් සිටිති.

රටක අය-වැය යනු ජනතාවට සහ ව්‍යාපාර ප්‍රජාවට වසරින් වසර සහන ලබාදෙන ක්‍රමවේදයක් ද යන්න පළමුව සාකච්ඡාවට බඳුන් කළ යුතු වන්නේ එහෙයිනි. අය-වැය පිළිබඳ ඊට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු ය. අය-වැය යනු සහන ලබා දෙන්නක් පමණක් නොවන අතර මූලික වශයෙන් එය ආණ්ඩුවක අය හා වැය ශීර්ෂය පිළිබඳ නිශ්චිත තීන්දු තීරණ නිකුත් කරන ලේඛනයකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට රජයට බදු ගෙවන්නන්ගේ මුදල් පරිහරණය සඳහා ලිඛිත අවසරය ලබා දෙන ලේඛනය අය-වැය යි. අයවැයක් තුළින් සම්මත නොවී ජනතා බදු මුදල් ප්‍රයෝජනයට ගත නොහැකිය. රජයක ක්‍රියාකාරීත්වය සඳහා මුදල් ලැබෙන ක්‍රමවේදයක් හා මුදල් වියදම් කරන ක්‍රමවේදයක් තිබිය යුතුය. එය අය-වැය යනුවෙන් හඳුන්වයි. අය තත්ත්වය ඍණ අගයක හෝ ධන අගයක තිබිය හැකිය. එහෙත් අපේ රටේ දිගු ඉතිහාසයක සිට ඍණ අගයක පවතී. උපයන ආදායමට වඩා වැය ශීර්ෂය අධික බැවින් අප රට තුළ අය අගය ඍණාත්මක වන අතර වැය ශීර්ෂය ධනාත්මක පවතී.

සහනාධාර අපේක්ෂාව

දියුණු රටවල බදු මුදල් රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කෙරේ. විවිධ කර්මාන්තශාලා ප්‍රවර්ධනය කර අපනයන භාණ්ඩ නිෂ්පාදනය කෙරේ. එයින් විදේශ විනිමය රටට ගෙන්වා ගැනේ. එවැනි රටවල්වල ආනයන භාණ්ඩ ඉතා අවම වන අතර අපනයන භාණ්ඩ ශීඝ්‍ර වර්ධනයක පවතී. එය රටේ සංවර්ධන ක්‍රියාවලියට මහත් මෙහෙවරක් කරයි. එහෙත් අවාසනාවකට අප රට නිදහස ලබා වසර හැත්තෑවක් ගත වුවද තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. එයට හේතුව රජයට ලැබෙන ආදායම රටේ ජනතාවට සහන සැලසීමටම සීමාවන නිසාය.

අය-වැයක් අවසානයේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද ඇතැම් සිවිල් සංවිධාන ද සිවිල් ජනතාව ද අපේක්ෂිත සහන හා ආධාර නොලැබුණි නම් රජයට දොස් පවරමින් විවිධාකාරයේ විවේචන කිරීම සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. අයවැයක සැබෑ අරුත නොදැනීම හේතුවෙන් එසේ සිදුකළ ද එය රටක දියුණුවට විශාල බාධාවකි. අය-වැයක් තුළින් ජනතාව අපේක්ෂා කරන සහන නොලැබුණි නම් එම රජය පෙරළීමට විරුද්ධ දේශපාලන පක්ෂ ද ජනතාවගේ සහය ඉල්ලන අතර තමන් අපේක්ෂා කළ සහන ලබා නොදුන් හෙයින් එම රජය ඉවත් කර සහන ලබාදීමට පොරොන්දුවන රජයක් බලයට ගෙන ඒමට ජනතාව ද වෙහෙසෙති. මේ හේතුවෙන් පවතින රජය ද දැඩි ආර්ථික අසීරුකම් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට පෙලඹේ. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මක්නිසාදයත් රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කළ යුතු මුදල් ජනතා සහන වෙනුවෙන් වැය කිරීමට සිදුවන නිසාය.

මේ ක්‍රමවේදය නිසාම අප රටට විදේශීය ණය ලබාගැනීමෙන් වැළකී සිටීමට නොහැකි වී ඇතත් විදේශීය ණය ලබා ගන්නවාට ද ජනතාව අකමැතිය. පවතින තත්ත්වය අනුව විදෙස් ණය නොගෙන ව්‍යාපෘති ආරම්භ කර රට සංවර්ධනය කළ නොහැක. රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම් හා සහන සැලසීම වැනි මූලික කටයුතු මෙන්ම නව ආදායම් ලැබෙන ව්‍යාපෘති ආරම්භ කර රට ආර්ථික වශයෙන් ඉහළ තලයකට ගෙන යා හැකි නිවැරදි දිසානතියක් පිළිබඳ නිත්‍ය වැඩපිළිවෙළක් අය-වැය තුළින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කරන්නේ සහන සංකල්පයට එහා ගිය සංවර්ධන සැලසුම් යෝජිත අයවැයක් ය.

වර්තමානයේදී අමෙරිකන් ඩොලරය ශ්‍රී ලංකා රුපියල හා සැසඳීමේදී ඉතා ඉහළ අගයක පවතී. මෙයින් රුපියල ශීඝ්‍රයෙන් අඩු අගයක් වෙත ඇදී යයි. ශ්‍රී ලංකාව වැනි රටකට අමෙරිකන් ඩොලරය වැනි විදේශීය මුදල් ඒකකයක අගය ඉහළ යෑම දරාගත නොහැකියි. මක්නිසාදයත් අප රට තවමත් ආනයන භාණ්ඩවලින් පෝෂණය වන රටක් නිසාවෙනි. පහළ වැටී තිබෙන රුපියල ඉහළ නංවාලීම සඳහා මෙවර අයවැයෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඒ සඳහා ඇති එකම විසඳුම අපනයන භාණ්ඩ වැඩියෙන් නිෂ්පාදනයකොට විදේශීය විනිමය රටට ගෙන්වා ගැනීමය.

අමතක කළ ජලය

ලොව ඉහළින් පිළිගත් භාණ්ඩ රාශියක් අප රට තුළ නිෂ්පාදනය වේ. විශේෂයෙන් තේ, රබර්, කුරුඳු, කුළුබඩු, මැණික්, මිනිරන් වැනි දේ නිෂ්පාදනය වැඩිකර ප්‍රමිතියෙන් උසස්ව සකසා අපනයනය සඳහා ක්‍රමවත් විදේශීය වෙළෙඳපොළක් සැකසීමට රජය සෘජුව මැදිහත්විය යුතුය. අප රට තුළ නිෂ්පාදනය වන එළවළු හා පලතුරු සඳහා ද මේ වන විට හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතී. කරදිය හා මිරිදිය මසුන් සුරක්ෂිතව කල් තබා ගැනීම සඳහා අවශ්‍ය නවීන පහසුකම් සපයා අපනයනය සඳහා සූදානම් කිරීමට ද පුළුවන. ඊට අමතරව පිරිසුදු පානීය ජලය අපනයනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. ඇඟලුම් කර්මාන්තය, බතික් කර්මාන්තය, වෙස්මුහුණු, කැටයම් හා වෙනත් අත්කම් කර්මාන්ත ද විදේශීය ආදායම් මාර්ගයන්ය. කෘෂිකර්මාන්තය දියුණු කර ධාන්‍ය වර්ග අපනයනය සඳහා සකස් කිරීම ද හොඳ ආදායම් මාර්ගයක් වන්නේය.

මීට අමතරව අප රටට අවශ්‍ය වාහන අප රට තුළ නිෂ්පාදනය කිරීමෙන් දේශීය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගත හැකි වන අතර ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන හා වෙනත් තාක්ෂණික මෙවලම් නිෂ්පාදන කර්මාන්තශාලා රට තුළ ආරම්භ කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය උසස් තාක්ෂණවේදීහු රට තුළ සිටිති. එවැනි ක්ෂේත්‍රයන්හි නිරතවන ආයතන මේ වන විට ක්‍රියාත්මක වන අතර එවැනි ආයතන දිරිගැන්වීම සඳහා අවශ්‍ය ශක්තිය රජය මැදිහත්වීම තුළින් වර්ධනය කළ හැකිය. අප රටට අවශ්‍ය වාහන හා යන්ත්‍රෝපකරණ බොහෝමයක් අප රටේම නිපදවා ගැනීමටත් අපනයන භාණ්ඩ වැඩියෙන් නිපදවීම සඳහාත් මෙවර අයවැයෙන් නිසි දිසානතියක් වෙත රජය මැදිහත් වන්නේ නම් එය රට වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කරන සාර්ථක අයවැයක් වන්නේය.

පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයේදී ඉන්ධන ක්‍රියාකාරීත්වයෙන් යුත් රථවාහනවලට වඩා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථවාහන ගැන වැඩි අවධානයක් යොමුකරමින් කතිකාවක යෙදුණි. එවැනි වාහන සඳහා විශේෂ බදු සහන ද ලබා දුනි. එය පැසසිය යුතු කාරණයකි. මක්නිසාදයත් රටේ මුදල් බොහෝමයක් විදේශයන් වෙත ඇදී යන්නේ ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙනි. එහෙත් පසුගිය අයවැයෙන් විදුලි මෝටර් රථ ගැන කතා කළද, ඒවා ගෙන්වීමට වැඩපිළිවෙළක් සැකසුවද එම වාහන සඳහා විදුලි ආරෝපණ යන්ත්‍ර හා ස්ථාන රටපුරා ස්ථාපිත කිරීම දුර්වල තත්ත්වයක තිබේ. ඒ හේතුවෙන් එවැනි වාහන භාවිතය සඳහා ජනතාව පෙලඹීම අඩාල වී ඇත. ලොව වෙනත් රටවල විදුලි මෝටර් රථ බහුල වශයෙන් භාවිතා වනවා සේම ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කරවීමේ නිත්‍ය වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය. අප රටට ද එවැනි වැඩපිළිවෙළක් අවශ්‍යය. ඒ සඳහා රජය අවධානය යොමුකොට දිවයින පුරා විදුලි මෝටර් රථ ආරෝපණ යන්ත්‍ර හා ස්ථාන ඇතිකිරීමට වගබලාගත යුතුය. අයවැය ලේඛනය තුළින් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළකට යා යුතුය. එවිට විදුලි මෝටර් රථ භාවිතය ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යන අතර රටේ ඉන්ධන පරිභෝජනය අවම වනු ඇත. එය රටේ ආර්ථිකයට මෙන්ම පරිසරයට ද හිතකරය.

අයවැය ඉදිරිපත් කිරීමේදී ‍යෝජනා කරන ව්‍යාපෘති අවසන් කළ හැකි කාලය පිළිබඳ යථාර්ථවාදීව ජනතාව දැනුවත් කළ යුතුය. එම ව්‍යාපෘති මඟින් රටේ ආර්ථික වර්ධනයට ලැබෙන පිටිවහල හා ජනතාවට ලැබෙන වරප්‍රසාද පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිකිරීම තුළින් ව්‍යවසායකයන් ඇතිකරගන්නා විශ්වාසය ව්‍යාපෘති සාර්ථක කරගැනීමට ඉවහල් වනු ඇත. අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති අයවැයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඒවා පිළිබඳ පසුවිපරමක් ද කළ යුතුය. මීට පෙර ඉදිරිපත් කළ අයවැයේදී යෝජනා කළ ව්‍යාපෘතිවල ඇති අඩුපාඩු සොයා බලා ඒවා සාර්ථක කිරීම පිණිස නව සංශෝධන ගෙන ආ යුතු අතර පසුගිය අයවැයේ ඉදිරිපත් කළ යෝජනා අතරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ව්‍යාපෘති හා යෝජනා කඩිනම් කිරීමට වගබලාගත යුතුය. එසේ නැතිව ඒවා පසුගිය අයවැයට දුන් යෝජනාවක් යැයි පවසමින් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම රටේ දියුණුවට බාධාවකි.

ජනතාවගෙන් ලබාගන්නා බදු මුදලට රජය වගකිව යුතුය. එනිසා ඒවා ඵලක් නොවන කටයුතු සඳහා නොයොදා සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කිරීම ජනතාවට කරන ගෞරවයකි. යම් අයවැය යෝජනාවක් ගෙනාවේ නම් එය ඉටු නොවුණේද ඒ සඳහා හේතු වූ කරුණු ජනතාවට ඉදිරිපත් කිරීම ද වගකිවයුතු රජයක යුතුකමකි.

නොදැන කරන ගොවිතැන

දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් රටේ ව්‍යාපෘති සඳහා සම්බන්ධ කරගැනීමට වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර නිශ්චිත වෙළෙඳ පොළ ප්‍රවේශයක් පිළිබඳ ස්ථාවර හැඟීමක් අපනයනකරුවන්ට ලබාදීම ඉතා වැදගත්ය. ඒ යටතේ දේශීය හා විදේශීය අපනයනකරුවන්ට රජය මඟින් ඉඩ ලබාදිය යුතුය. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කර භාණ්ඩ අපනයනය පමණක් නොව සේවා අපනයනය ද ක්‍රියාත්මක කළ යුතුය. ආයෝජකයන්ට නෛතික ස්ථාවර ප්‍රතිපත්තිමය රාමුවක් සැකසිය යුතු අතර බදු, ඉඩම් නීති ක්‍රියාත්මක වන කාලය පිළිබඳ නිවැරදි ආකල්පයක් ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතුය. දින ගණනකින් වෙනස්වන බදු හා නීතිරීති යටතේ අප රට තුළ ව්‍යාපෘති ආරම්භ කිරීමට ආයෝජකයන් පසුබට ‍වනු ඇත. මක්නිසාදයත් ඔවුන් කාලසීමාවකට තම ව්‍යාපෘති සැලසුම් කරන බැවිනි.

රටේ ජනගහනයෙන් 25% - 30% ක් පමණ ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයට යොමු වී සිටින අතර එයින් රටේ ආර්ථික වර්ධනයට දායක වන්නේ 10% ක් පමණය. එයින් ගම්‍ය වන්නේ ඵලදායී කෘෂිකර්මාන්තයක් අප රට තුළ නොමැති බවය. එයට හේතුව වගාකරුවන් කෘෂිකර්මාන්තය පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු නොකිරීමත්, කාලයට අවශ්‍ය තාක්ෂණික දැනුම නොලැබීමත්ය. අය-වැය මඟින් පොහොර සහනාධාර දුන් පලියට කෘෂිකර්මාන්ත දියුණු නොවේ. දිය යුතු වන්නේ නිවැරදි තාක්ෂණික දැනුම හා ‍හොඳ වෙළෙඳ පොළක් ය.

කෘෂි නිෂ්පාදනය ගොවි ජනතාව වෙතම පවරා නොසිට රජය මඟින් ද කෘෂි කර්මාන්තය පවත්වා ගැනීම ද අවශ්‍ය කාරණයකි. ඇතැම් රටවල සුළු වරදකරුවන් වී දඬුවම් ලබන සිරකරුවන් එරටේ කෘෂිකර්මාන්තයට මෙන්ම රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනේ. රජය සිරකරුවන් නඩත්තුව සඳහා වියදම් කරන මුදලින් ඵලයක් ලැබෙති. අප රටට ද එම ක්‍රමවේදය හඳුන්වාදීමට හැකිය. ඒ සඳහා අයවැය මඟින් නව ගොවිබිම් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර සුළු වැරදිකරුවන් ඒ සඳහා යොමුකර ඔවුන්ගේ ශ්‍රම දායකත්වය රටේ ආර්ථික වර්ධනයට යොදාගැනීමට හැකිය.

තෙල් වෙනුවට හිරු

මේ වන විට ජනතාව තුළ සූර්ය බලශක්තිය මඟින් විදුලි උත්පාදන මෙවලම් පිළිබඳ අවධානය වැඩියෙන් යොමුව තිබේ. ඒ වෙනු‍ෙවන් ජනතාව අවදිව සිටින කාලයක සූර්ය බලශක්ති කට්ටල නිෂ්පාදනයට ව්‍යවසායකයන් පෙලඹීම තුළින් දැනට පවතින මුදලට වඩා අඩු මුදලකට ජනතාව අතරට එම උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සඳහා රජය මැදිහත්විය යුතුය. එවන් උපකරණ නිෂ්පාදනකරුවන් දිරිගැන්වීම සඳහා අයවැයෙන් යම් ක්‍රමවේදයක් සැකසිය යුතුය. එවිට සූර්ය බලයෙන් විදුලි උත්පාදන යන්ත්‍ර ජනතාව අතර ප්‍රචලිත වීමෙන් ජාතික විදුලිබලය පිරිමැසෙනු ඇත. එවිට විදුලිය නිෂ්පාදනය සඳහා වැයවන ඉන්ධන අනවශ්‍ය වන අතරම රටේ මුදල් රට තුළම සංසරණය වනු ඇත.

පානීය ජල ගැටලුවලට මුහුණදෙන රටවල් ලොව කොතෙකුත් තිබේ. අප රටේ ජලය ඕනෑවටත් වඩා ඇත. පානීය ජල නිෂ්පාදනාගාර ඇතිකොට පිරිසුදු ජලය අපනයනය සඳහා යොමුවීමෙන් විශාල ධනයක් උපයාගත හැකිය. එවන් ව්‍යාපෘති සඳහා අයවැය ලේඛනයෙන් සුවිශේෂී දැක්මක් ඇතිකරන්නේ නම් රට තුළ රැකියා අවස්ථා බිහිවෙනවා මෙන්ම විදෙස් විනිමය ගෙන්වාගත හැකි උල්පතක් ද වන්නේය.

අපේ රටේ පවතින අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ආයතන ද්විත්වය සඳහා රජය මඟින් වසරකට විශාල මුදලක් වැය කරන අතර ඒවායින් කිසිදු ආදායමක් නොලබයි. මක්නිසාදයත් ඒවා පොදු සහන සේවාවන් නිසාය. ඊට අමතරව විශ්‍රාම වැටුප්, අසරණ පුද්ගලයන්, දුගී පවුල් වෙනුවෙන් ද විශාල මුදලක් සහන ලෙස සැපයේ. මේවාට අමතරව හදිසි ආපදා සඳහා ද රජය සහන ක්‍රියාත්මක කරයි. මේ කොතෙකුත් සහන දුන්නද ජනතාව ඉන් සෑහීමකට පත්වන්නේ ද නැත. ඒ අප රටේ ජනතාව හැඩගැසී ඇති ආකාරයයි. රජයෙන් සහන ලබා ගන්නවා වෙනුවට තමන්ගේ ආර්ථික වර්ධනය වෙනුවෙන් වෙහෙස මහන්සි වීම සඳහා ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීම වැදගත්ය.

රටේ ආර්ථිකය වර්ධනය වන විට අපට විදෙස් ණය ගැනීමට අවශ්‍ය වන්නේ නැත. ආනයන ක්‍රමය අඩුකොට අපනයන ක්‍රමවේදය වැඩිකළ යුතුය. එවිට රටේ පවතින භාණ්ඩ මිලට ඔරොත්තු දෙන ඒක පුද්ගල ආදායම ධනාත්මක අගයක පවතිනු ඇත. එවිට ජීවත්වීම සඳහා රජයෙන් සහන අවශ්‍ය නොවනු ඇත. මෙරට සෑම අයවැයකදීම රජයේ රැකියා අවස්ථා ලබාදීමට යෝජනා කෙරේ. එහෙත් ලබා දෙන රැකියාවලින් රටේ ආර්ථික වර්ධනයට විසඳුමක් නැත. එමඟින් සිදුවන්නේ රාජ්‍ය සේවක අතිරික්තයක් ඇතිවීම පමණි. ඊට විසඳුමක් වශයෙන් රාජ්‍ය සේවයේ ද සම්පූර්ණ ක්‍රියාකාරීත්වය රටේ දියුණුව සඳහා යොදාගැනීමට අයවැය ලේඛනයෙන් නව රැකියා ව්‍යුහයන් ඇතිකළ යුතු වේ. දියුණුවන රටක සෑම පුරවැසියකුම කුමන ආකාරයකින් හෝ රටේ සංවර්ධනයට දායකත්වය සපයති. ජපානයේ S-5 ක්‍රමය ඊට කදිම නිදසුනකි.

ඉඳිකටුවේ සිට මෝටර් රථය දක්වා පිටරටින් ගෙන්වන අපේ රටට මේ සෑම ආනයන භාණ්ඩයක්ම අවශ්‍යතාවයෙන් අඩක් හෝ නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය කර්මාන්ත ස්ථාපිත කර රටේ මුදල් විදේශගත වීම වළක්වා විදේශ මුදල් අප රටට ගෙන්වා ගැනීමට කටයුතු කරයි නම් සැමදා ධන අගයක පවතින වැය ශීර්ෂය වෙනුවට අය ශීර්ෂය ධන අගයකට පත්කිරීමට හැකියාව ලැබෙනු ඇත.

සටහන - නිශාන් මෙන්ඩිස්

ගිහිගෙය ගිනිගෙය පන්සල

$
0
0
ජන 10, 2019 01:00

 ගිහි අප ජීවත් වන්නේ ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ඉඳුරන් පිනවන තෘෂ්ණාවෙන් භරිත ලෞකික ලෝකයක වුවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ජීවත් විය යුත්තේ ඉහත කී සය ඉඳුරන් නොපිනවන, ලෝකයෙන් එතෙරවන, ලෝකය හා නොබැඳුණු ලෝකෝත්තර ලෝකයකය.

භික්ෂූන් වහන්සේලා ගිහි අපගෙන් වෙනස්වන්නේ ද, අපගෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වන්නේ ද එහෙයිනි. බුදුදහමේ පහස හා අවබෝධය ගිහි අපට වඩා ස්පර්ශවන උන්වහන්සේලා වෙනස්වන ලොව හමුවේ ක්ලේෂයන් ප්‍රහීණ කොට උත්තරීතර නිර්වාණ මාර්ගය ගිහි අපට පෙන්වා දිය යුතුය. බොරු කියන, අනුන් කොටවන සියලු දුෂ්චරිතයන්ගෙන් පිරුණු ගිහි සමාජය හමුවේ භික්ෂූන් වහන්සේලා සිටිය යුත්තේ මඩේ පිපුණු නෙළුම් මලක් ලෙසිනි.

සිංහල බෞද්ධ භික්ෂුව

ගිහි අප උත්සාහගත යුත්තේ භික්ෂූන් වහන්සේලාට සිව් පසයෙන් සංග්‍රහකොට අප මිය ගිය පසු පාංශකූලය දීම, පන්සල් දියුණු කිරීම, දේශපාලනයට මැදිහත්වීම, ගිහි කටයුතුවලට මැදිහත්වීම, සිංහල බෞද්ධ පාර්ශ්වය නියෝජනය කිරීම, රට බේරා ගැනීම වැනි කාර්යයන්වලට කොටු කරවීමට නොව උන්වහන්සේලා නිවී සැනසී අනුන්ද නිවී සනසවන උතුම් බුද්ධ මාර්ගයේ ගමන් කරවීමටය.

නිවන් යාම පුහුදුන් මිනිසුන් මැද සසර කොටකරවන මග ගමන් ගැනීම තබා හුස්ම ගැනීමවත් පහසු නැත. බුදුන් දවස මෙන් නොව මෙකල අප බෞද්ධ වන්නේ උපතින්මය. පාරම්පරිකවය. එ නිසා ප්‍රඥාව නොව ශ්‍රද්ධාව වැඩි වැඩියෙන් ඇතිවේ. අවබෝධයෙන් දුසිරිත පිටු නොදැක බියෙන් දුසිරිත පිටුදකින බව පෙන්නුවද අවස්ථාව ලත් විට දුසිරිතේ රස බැලීමට ද යොමු වේ. දියුණුව මේයයි කියමින්, දිව යමින් වැලඳ ගන්නා නව ලොවම, හලා හල විෂ බඳුනක්වන බව පෙන්වීමට සිටින්නාවු භික්ෂූන්වහන්සේලා බහුතරයක් ද ගිහි නරාවලේම වැටී ගිහි කරපිටින්ම ගොඩයාමට තැත් දැරීම අපේම කරුමය විය යුතුය. බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ ''මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන''ආදී වශයෙන් කාලාමයන්ට දේශනා කර පෙන්වා වදාළේ, උතුම් වූ බුදු දහම පවා ප්‍රශ්න කරමින් තමන්ම අවබෝධ කරගත යුතු බවයි. අපේ නූතන පාසල් අධ්‍යාපනය පවා ශිෂ්‍ය ප්‍රශ්න කිරීම් නොඉවසන කලෙක ප්‍රශ්න ඇසීමෙන් බුදු දහම අවබෝධකොට ගැනීමට යාමට ඇති අවස්ථා බෙහෙවින් අඩු වී ඇත්තේ ධර්මධර භික්ෂූන් වහන්සේලාගේ දුර්ලභත්වය නිසාය. පිරිවෙන් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිල්ල ලැබී භික්ෂූන් වහන්සේලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පසුපස හඹා යාම නිසා උපැවිදි වන පිරිස වැඩිවී ඇත. මේ නිසා අවබෝධයෙන් බෞද්ධ වීම හෝ මහණ දිවියට ඇතුළු වීමක් දැක්නට නොලැබේ.

පින්කම් සහ මෝඩකම්

ගිහි අපට ජාතියක්, රටක්, ගෙයක් දොරක් අයත් යයි අප සිතූවද භීක්ෂූන්වහන්සේලා ජාතියකට, රටකට අයත් නොමැති ලොවටම පොදු වස්තුවක් වේ. එහෙත් බොහෝ ගිහි ප්‍රශ්නවලදී උන්වහන්සේලා මැදිහත් කරගන්නට ගිහියන් පෙළඹේ. තවමත් ගිහියන්ගේ බොදු චීවරයට පවතින භක්තිය උපයෝගී කොට ගෙන ගිහි ගැටලු විසඳවාගන්නට උන්වහන්සේලා මැදිහත් කරවා ගැනීමට ලෞකික ගිහියන් උත්සාහ දැරූවද ඉන් මිදී තමන්ගේ සහ ගිහි අපගේ සැබෑ විමුක්තිය අත්පත් කරදීමට උරදීම සැබෑ බොදු භික්ෂුවගේ පිළිවෙත විය යුතු නොවේ ද? වර්තමානයේ පෙළපාලි හා උද්ඝෝෂණවලදී ඇතැම් භික්ෂූන්වහන්සේලාගේ විසූක දස්සන නිසා චීවරයට ඇති ගෞරවයද හෑල්ලු වී යනු ඇත. අපේ හාමුදුරුවනේ, ගිහියන් වෙනුවෙන් පෙනී සිට ගිහියන් අතින්ම හෑල්ලු නොවී සැබෑ බුදු පුතුන්ගේ ගුණ සුවඳ විහිදුවන්නට පෙරමුණ ගනු මැනවි.

පන්සල් වටා අද වන විට සිංහල බෞද්ධ ජනයා ම කේන්ද්‍ර කොටගෙන, විවිධාකාර මූල්‍යමය ප්‍රතිපාදන ඉලක්කකොට ගත් විවිධාකාර පින්කම් සිදුවේ. භික්ෂූන්වහන්සේලාට හුස්මක් කටක් ගන්නට ඉඩ නොලැබෙන සේ දායක පිරිස එක්වී නොනවතින වැඩසටහන් මාලාවක් වසර පුරාම ගෙනයනු ලබයි. ක්ෂේම භූමියක් විය යුතු පන්සල පොහෝ දිනවලදී මහා කලබගෑනියකට පත්වේ. ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන පන්සිල් දීම්, බෝධි පූජා, කවි බණ, ආධාර එකතු කිරීම් වැනි මහා ශබ්ද මැද නිදහසේ තෙරුවන් වැඳ පුදා ගැනීමට ඉඩක් නැත. සිත් එකඟ කරගත නොහැකි බැවින් පන්සිල් පද පටලැවේ. බුද්ධාලම්භනය සඳහා වැඩි වැඩියෙන් ආමිස පූජා රට පුරා ව්‍යාප්ත වන අතර ප්‍රතිපත්ති පූජා රැල්ලක් ද පවතී. බුදුන් වහන්සේ දේශනා කළේ අකාලීන බණ දැයි සැකයක් මතුවන තරමටම බොහෝ තැන්වල කාලීන බණ දේශනා පැවැත්වේ. සිත් නිවන තවන පැරැණි පිරිත් සජ්ඣායනා ශෛලිය, ගාථා ශෛලිය අභාවයට යමින් ඒවාට ගිහි සිංදු ශෛලියක් අත්පත් වෙමින් සියලු ආගමික කටයුතු ප්‍රාසාංගික වෙමින් පවතී. භික්ෂූන් වහන්සේලාද ගිහි ඇලීම් බැඳීම්වලටම නතු වෙමින් නිස්සාර දෙයින් ජනතාව මුදාලීම අමතක කොට ඒවා තුළම ඇලී ගැලී සිටිනු පෙනේ. ඒ අතර උඩුගම් බලා පිහිනන භික්ෂූන් වහන්සේලා ද සිටීම මහත් වාසනාවකි.

දේශපාලන ගිහි බණ

සත්‍යයේ දහම මුල, මැද, අග නිරවුල්ව අවබෝධ කරගත හැකි ලෙස ජනතාවට දේශනා කරන්නැයි බුදුන් වහන්සේ වදාරා ඇතත් අද කාලීන බණ දේශනාවල ඇත්තේ බුද්ධ දර්ශනය නොව විහිළු, බැණීම්, උපදෙස් ය. ධර්මය පිළිබඳ මහා සංගායනාවක් සිදුවිය යුතු වූවද එසේ නොවන්නේ අපේම අභාග්‍යයකට විය යුතුය. ඇතැම් පන්සල්වල නිවන් අවබෝධවන තුරුම කෙළවරක් නොදකින නොඑක් භෞතික ඉදිකිරීම් ය. කොපමණ පින්කම් කළද දායකයන්ගේ සිත්සතන් යහපත් වී සමාජය යහපත් වන බවක් ද නොපෙනේ. බුදුන් වදාළ දහම විකෘති වෙමින් ආරාම, අසපු ආදි ලෙසින් විවිධ පාර්ශ්ව විසින් ගිහියන් බෙදා ඇත.

බුදුරජාණන් වහන්සේගේ දායක පිරිස අතර බලසම්පන්න රජවරු හා සිටුවරු සිටිය ද උන්වහන්සේගේ ධර්ම රාජ්‍යයයේ ගැටලු විසඳීමට බලවත් පිරිස් මැදිහත් කරගත් බවක් අප අසා නැත. බුදුන් වහන්සේ රටක් යහ මඟට ගැනීමට දේශනා කර ඇති මුත් ආණ්ඩු පිහිටුවීමට හෝ රජුන් තැනීමට කටයුතු කොට ඇති බවක් අසා නැත. උන්වහන්සේ සප්ත අපහරිහානි ධර්ම, දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, පංච ශීල ප්‍රතිපදාව දේශනා කළේ යහපත් පාලනයක් ඇති කරනු පිණිසය. එහෙත් අද බොහෝ භික්ෂුන් වහන්සේලා ගිහි දේශපාලනඥයන් අතින් බණ අසා නිවන් අවබෝධයට උත්සාහ දරන්නේ ඇයි දැයි නොවැටහේ.

ගිහි භික්ෂු මිත්‍ර සන්ථවය

ගිහියන් පන්සල් ගොඩනගා සිව් පසයෙන් භික්ෂූන් වහන්සේලාට සංග්‍රහකොට උන්වහන්සේලාට සසර ගමන කොට කරගැනීමට අවශ්‍ය මඟ යාමට අවැසි කටයුතු පහසු කරදිය යුතුය. අද බොහෝ ගිහියන් භික්ෂූන් වහන්සේලා ඇසුරු කරන්නේ ගිහි මිත්‍රයන් ලෙසින්ය. මේ නිසාම භික්ෂූන් වහන්සේලාට ගිහි සමාජයේ ගොදුරක් වීමට සිදුවේ. මඟ නොමග හඳුනාගත නොහැකි තරමටම ගිහි භික්ෂූ ඇවතුම් පැවතුම් පටලැවී ගොස්ය. සාමණේර හිමි නමක් වුව, උපසපන් භික්ෂුවක් වුව කතා කිරීම, නිදා ගැනීම, ආහාර අනුභව කිරීම, ඇවිදීම, ඉඳ ගැනීම, බණ දේශනා කිරීම, වටාපත අල්ලා ගැනීම, සිවුර හා අඳන ඇඳීම ආදී දේ කළ යුතු ආකාරය පැහැදිලිව බුද්ධ දේශනාවල තිබේ. ගිහිගෙවල්වල ඇති ඉඳුරන් නොසංසිඳවන කෙළවරක් නොදකින භෞතික ගිහි සැප පන්සල් තුළට රිංගා උන්වහන්සේලා අනුදැන වදාරණ අල්පේච්ඡ බවට හානි පැමිණවීම වලකන්නේ කෙසේද? රූපවාහිනිය, ස්මාර්ට් දුරකතන, අන්තර්ජාලය වැනි නූතන මාර දිව්‍ය පුත්‍ර උපාංග උන්වහන්සේලා ගිලගැනීම වලකන්නේ කෙසේද? කය මහන්සි නොවන සේ සියලු දේ සඳහාම උන්වහන්සේලාට වාහන සැපයීම, නූතන ආහාරපාන සැපයීම, කය නොවෙහෙසන සිරුරුවලට නොදිරවන දානමාන සංග්‍රහ කිරීම නිසා බොහෝ ස්වාමීන් වහන්සේලා කුඩා කල සිටම රෝගාතුර වීමේ පව ද අපට හිමි විය යුතුය. පිරිවෙන් අධ්‍යාපනය අතහැර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම, රැකියාවලට යොමුවීම, ගිහි ඇලීම් බැඳීම් ඇතිකර ගැනීම නිසා උන්වහන්සේලාට පතපොත කියවා ධර්ම මාර්ගය ශාක්ෂාත් කරගැනීම හා බහුශ්‍රැත වැඩිහිටි භික්ෂූන් ඇසුරු කොට පෙරසිරිත් හුරුවීම අඩුවීමේ පාපයද ගිහි අපටමය.

පහසු නැති වතාවත්

වර්තමාන ගිහි ආකල්ප හා ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ පෙන්වාදීම් නිසා ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජා ද ප්‍රාසාංගික වී, සිංහල වී, සම්ප්‍රදායක් බවට පත්වී ඇත. බොහෝ පින්කම් කිරීමේ ආනිසංශ බුදුන් වහන්සේ පවා අනුදැන වදාරා ඇති බව පවසමින් බුද්ධ කාලයේවත් නොතිබුණු වතාවත් සමුදායක් ගොඩනගා සමාජගත කොට ඇත. මේ සියලු දෙයෙහි අරමුණ ගිහියන්ගේ සසර ගමන කෙටි කරවීම හෝ යහපත් ගිහි සමාජයක් ගොඩනැගීම නම් කම් නැත. එහෙත් අද පින්කම් කිරීම දිළිඳු ගිහියකුට පහසු නැත. සංකීර්ණ වතාවත් හමුවේ දානයක් සඟසතු කර පිරිනැමීම, පිරිතක් කියවීම, කඨින චීවරයක් පූජා කිරීම වැනි කටයුතු ආර්ථික අපහසුකම් ඇති අයට සිතීම පවා අසීරුය. නිවෙසට වඩම්මවා දානයක් දීම මුදල් හදල් යහමින් ඇත්තකුට මිස කළ නොහැක. මේ සියල්ල ගිහි අප විසින්ම සංකීර්ණ කරවා ගත් ඒවා මිස භික්ෂූන් වහන්සේලා අනු දැන වදාළ දේ නොවන බව අප දැනගත යුතුය.

අන් අයට නොදෙවෙනි වන්නට පින්කම් ප්‍රාසාගිංක කිරීම නිසා රහත් බවට නොපිළිපන් භික්ෂූන් වහන්සේලාගේද සිත් සතන් ඒ දෙසට ඇදී යාම ගැන උන්වහන්සේලාට දොස් පැවරීමට වඩා අපේම පශ්චාත්භාගයට වේවැලක් ගෙන තලා ගැනීම යෙහෙකි. ප්‍රඥාව සමඟ එක්ව යන ශ්‍රේෂ්ඨ බුද්ධ දර්ශනය විමසා නොබලා සම්ප්‍රදාය කරේ තබාගෙන යාම බුදු වදනට නිගාවක් බව පිනැත්තෝ සිතත්වා. කෙසේ වුවද භික්ෂූන්වහන්සේලාට තම සසර ගමනවත් හැකිතාක් කොට කරගැනීමට ඉඩ සැලසෙන සේ ගිහි සමාජය උන්වහන්සේලාව ගිහි කටයුතුවලින් නිදහස් ක‍රන්නේ නම් මැනවි.

කථිකාචාර්ය දහම් බාලසූරිය
nenasilu@gmail.com

ව්‍යවස්ථාව: එජාප මතය තාම කියල නැහැ

$
0
0
ජන 11, 2019 01:00
දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සහ අධ්‍යාපන අමාත්‍ය-එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්
- දයාසිරි ජයසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීම, ඊළඟ මැතිවරණයට ඇති සූදානම ආදිය පිළිබඳ කතාබහකට අද අදහස් දෙක වෙන්වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 එකඟතාව පළ කළා. සමහරු දැන් ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අගමැතිතුමා 2016 ජනවාරි 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාව ගැන ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයට අනුවයි වැඩ කරන්න ඕන. වි‍ෙශ්ෂඥ කමිටුවේ පස්දෙනාගෙන් තුන්දෙනෙක් මේ කෙටුම්පතට විරුද්ධයි. මේ කමිටුවට කෙටුම්පත හදන්න බලයක් නැහැ. කමිටුවෙන් පිටස්තර අය තමයි කෙටුම්පත හදලා තියෙන්නේ. මෙහෙයුම් කමිටුවෙන් ව්‍යවස්ථා සභාවට මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සෙයි අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. සුමන්දිරන්ට ඕන විදියට 04 වෙනිදා පාර්ලිමේන්තුවට මේ කෙටුම්පත ගේන්න හදනවා. මෙහෙම ව්‍යවස්ථා හදන්න අපි අනුමැතියක් දීලා නැහැ. මේකට අපි විරුද්ධයි. ව්‍යවස්ථාව හරි පාරෙන් පාර්ලිමේන්තුවට එන්න ඕන.

මේ ගෙන එන ව්‍යවස්ථාවේ අන්තර්ගතය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොකක්ද?

ව්‍යවස්ථාව ගැන නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්වෙච්ච කමිටුවෙන් අපේ මතය ඉදිරිපත් කළා. ඒකීය ශ්‍රී ලංකාව, බුද්ධාගම ආරක්ෂා කිරීම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ආණ්ඩුකාර බලතල සීමාකිරීම ගැන අපේ මතය කිව්වා. අනෙක් පක්ෂත් ඒ අයගෙ මතය කිව්වා. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගෙ මතය තවම කිව්වෙ නැහැ. ඔවුන්ගෙ අදහස මොකක්ද කියල අපි අදත් අහනවා. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවම ඒක පරාදවෙන බව එක්සත් ජාතික පක්ෂය දන්නවා. අපි නම් මේකට කැමතියි ව්‍යවස්ථාව පරාද කළේ අනෙක් පක්ෂ කියල දෙමළ, මුස්ලිම් ඡන්ද ටික ඔවුන්ගෙ පැත්තට හරව ගන්නයි හදන්නේ. ඒ වගේම දකුණෙ සිංහල ජනතාවත් රවටන්නයි මේ හදන්නෙ.

රටේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් සකස් කෙරෙන නව ව්‍යවස්ථාව බිල්ලෙක් ලෙස රටට පෙන්වීම මහත් පාපයක් බව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පාර්ලිමේන්තු කථාවේදී ජනාධිපතිතුමා කිව්වා?

මේ රටේ ජනතාවට හොරෙන් ව්‍යවස්ථා ගේන්න බැහැ. ඒකීයභාවය, බුදුදහමට ලැබිය යුතු තැන, ෆෙඩරල් ව්‍යවස්ථාව, උතුරු නැගෙනහිර එකතු කිරීම ගැන මිථ්‍යා මත රැසක් පහුගිය කාලෙ ප්‍රචාරය වුණා. ව්‍යවස්ථා බිල්ලෙක් ගැන කල්පනා කරන්න එපා කියලා ජනාධිපතිතුමා කිව්වෙ ඒකයි. ඒ හින්ද තමයි අපි මේ වැඩේදි විනිවිදභාවයෙන් වැඩ කළේ. කිසිම ජාතියකට හානිකර ව්‍යවස්ථාවක් ගේන්න අපි ඉඩදෙන්නෙ නැහැ. ඒකට පාරවල් දිගේ කෑගහල හරියන්නෙ නැහැ. බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා කිව්වෙ ඒකයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන්නෙ ඒකීයභාවය ආරක්ෂා කරනවා, බුදුදහමට තියෙන තැන එහෙමම තියෙනවා කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට වෙනම මතයක් ගොඩනඟන්නෙ ඇයි?

ඒකීයභාවය, බුද්ධාගම ගැන, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ආණ්ඩුකාර බලතල අහෝසි කිරීම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයට මතයක් නැහැ. එහෙම තියෙද්දි ඔවුන් බයවෙන්න එපා කියලා කියනවා. ඔරුමිත්තනාඩු උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනා හැටි, ෆෙඩරල් බෙදනහැටි ගැන පහුගිය ටිකේම සුමන්දිරන් කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇස්කන් පියාගෙන ඉන්න කියලද කියන්නෙ. අපි ජාතිවාදී නොවනව වගේම කාටවත් ජාතිවාදී විදියට හැසිරෙන්න දෙන්නත් බැහැ. එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නෙ.

ෆෙඩරල් ක්‍රමයකින් ලංකාව දියුණු කරන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාර නායක මහත්තය කියා තිබෙනවා?

ෆෙඩරල් ක්‍රමයක් ගැන එතුමා කතා කළේ නැහැ. දෙමළ ජාතිකයන්ට යම් ප්‍රමාණයකට බලය බෙදිය යුතුයි කියන මතයෙ එතුමා හිටියා. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරල ඊට පස්සෙ දෙමළත් රාජ්‍ය භාෂාව කළ යුතුයි කියලා එතුමා කිව්වා. එතෙන්දි තමයි විශාල ප්‍රශ්න ඇතිවුණේ. රට සභා කියන්නෙ ෆෙඩරල් ක්‍රමයක් නෙවෙයි. රට සභා පනත ඉරා දමන්නත් වුණා.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමකට උතුරේ දේශපාලන පක්ෂ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නෙ. ඒ වගේම බුදුදහමට ලබාදිය යුතු තැන ගැනත් ඔවුන් ප්‍රශ්න කරන්නෙ නැහැ?

එහෙම වෙනවනම් අපිට ප්‍රශ්නයක් නැහැ. බලය බෙදීම උතුරට විතරක් නෙවෙයි දකුණටත් අවශ්‍යයි. මධ්‍යම ආණ්ඩුව තවමත් සමහර පළාත් සභාවල බලය අරගනිමින් ඉන්නවා. ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් කරන්න පුළුවන්. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ෆෙඩරල් ක්‍රමයෙ අවසන් ඉමට අපි ඇවිත් ඉන්නෙ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, 13 සංශෝධනයෙ බලය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමත් ගැන එකඟතාවකට එන්න පුළුවන්.

විධායක ජනාධිපති ක්‍රමය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මතය මොකක්ද?

ජනාධිපති බලය අඩුකිරීම තුළ දැනටමත් විශාල අර්බුදයක් ඇතිවෙලා. මේ ක්‍රමය තුළ ස්ථාවර රටක් ගෙනියන්න බැහැ. අද බොහෝ රටවල්වල ජනාධිපති ක්‍රමය ආරක්ෂා වෙලා තියෙනවා. රට බෙදීයාමේ අවධානම අඩුවෙලා තියෙන්නෙ ආණ්ඩුකාරවරුන්ගෙ බලයත් එක්ක. ඔවුන්ව පත්කරන්නෙ ජනාධිපති. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ආණ්ඩුකාරවරුන්ගෙ බලය පවත්වාගන්නෙ කොහොමද කියල කියන්න ඕන. අපි දැනට ඉන්නෙ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගත යුතුයි කියන මතයෙ.

පහුගිය කාලෙ විධායකය නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල වුණා. මේ තත්ත්වය තුළ විධායක ජනාධිපති ක්‍රමය ගැන නැවත කියවා බැලිය යුතුයි කියලා ඔබ හිතන්නෙ නැද්ද?

ජනාධිපති හැටියට පත්කරන්නෙ රටේ බහුතරය ගත්තු කෙනාව. දිස්ත්‍රික්කයක ඡන්ද ගත්තු කෙනෙක් අගමැති වෙන්නෙ. ජනතාවගේ සම්පූර්ණ පරමාධිපත්‍ය බලය තියෙන්නෙ ජනාධිපතිට. පාර්ලිමේන්තුව ගන්න තීන්දු නිසා රටේ අභ්‍යන්තර ප්‍රශ්න ඇතිවෙනවා. සිංගප්පූරු ගිවිසුම, හම්බන්තොට වරායෙ තත්ත්වයන් උදාහරණ. මේව වළක්වන්න විධායකය අවශ්‍යයයි. සුළුතර ආණ්ඩු තියෙන තාක් ජනාධිපතිවරයට බලයක් තියෙන්න ඕන. පහුගිය කාලෙ වෙච්ච සමහර කාරණා ගැන අපිටත් ප්‍රශ්න තියෙනවා. ජනාධිපතිට එහෙම තීන්දු ගන්න වුණේ සුළුතර ආණ්ඩුවකින් වැරදි වැඩ කරපු හින්දා.

පාර්ලිමේන්තු බහුතරයකින් තමයි ආණ්ඩුව වැඩ කරන්නෙ?

කොහෙද පාර්ලිමේන්තු බහුතරයක් තියෙන්නෙ. එක් පක්ෂයකට 103 ක් ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයට ආසන 14 ක් තියෙනවා. 113 ක් තියෙන ආණ්ඩුවක් අද නැහැ.

දෙමළ ජාතික සන්ධානයට ලැබෙන්නෙ මේ රටේ ජනතාවගේ ඡන්ද. ඒ මන්ත්‍රි ධුර බහුතර බලය පෙන්වන්න වලංගුයි නේද?

ඔවුන් වෙනම ඉල්ලීම් ඉල්ලල ඒ ඉල්ලීම් දිනාගන්න ආණ්ඩුවට සහායදීමක් විතරයි කරන්නෙ. ඒක ආණ්ඩුවක් නෙවෙයි. එහෙමනම් ඒ අයත් ආණ්ඩුවට ඇවිත් ඇමැති ධුර භාරගෙන වගකීමට බැ‍ඳෙන්න ඕන. දෙමළ ජනතාවගෙ සහාය ගන්න එපා කියල අපි කවදාවත් කියන්නෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිභවා ‍ෙපාදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේදී ඉදිරියට ආවා. මේ තත්ත්වය ඔබේ කඳවුරට බලපාන්නෙ කොහොමද?

අපිට එහෙම වු‍ණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක ගැට ගැහිලා හිටපු හින්දයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අතිබහුතරය වාමාංශික අදහස් තියෙන අය. මේක අවබෝධ කරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් අයින් වෙන්න ගත්තු තීරණය ලොකු දෙයක්. පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල දැන් බෙදිලා වැඩක් නැහැ. අපි දැන් එක සන්ධානයක් තුළ වැඩකරන්න ඕන. එකම අදහසක් තියෙන පිරිසක්, පක්ෂ දෙකකට බෙදිලා ඉන්නෙ. මේ ගමන ටිකක් අමාරුයි.

තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කොටසක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතුවෙන්න හදනවා මේ අය ගැන මොකද කියන්නෙ?

පක්ෂයට විනයක් තියෙන්න ඕන විනයක් නැතුව කිසිම පක්ෂයක් හදන්න බැහැ. මම මුල ඉඳලම කිව්වෙ පක්ෂයෙන් පිට වැඩ කරන අයට විනය පියවර ගන්න කියලා. එදා පොදුජන පෙරමුණේ වැඩකරපු අයට විනය පියවර ගත්තෙ නැහැ. ඒකෙ ප්‍රතිඵලය වුණේ අපිත් එක්ක හිටපු වැඩිදෙනෙක් එතෙන්ට ගිය එක. පක්ෂය දාලා ගිය හැමෝටම ආයෙත් පක්ෂයට එන්න කියල මම ආරාධනා කරනවා. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න තව අය යයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ.


ව්‍යවස්ථාව: සභාගත කළාම මතය කියනවා

- අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය-එක්සත් ජාතික පක්ෂ මහලේකම්

පාර්ල‍ිමේන්තුවට ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න ඉස්සෙල්ල චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ. පාර්ලිමේන්තුවට ගෙනාවම පාර්ලිමේන්තුවෙ 2/3 ක් අවශ්‍යයි. එහෙම නැත්නම් සම්මත වෙන්නෙ නැහැ. රටේ ඒකීයභාවය, බුද්ධාගම ගැන අපිට එකඟවෙන්න බැරි දේවල් තිබුණොත් අපි කවුරුවත් ඒකට එකඟවෙන්නෙ නැහැ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවස්ථාවාදීන් විවිධ ප්‍රචාර කරනවා. ඒ ගැන අනියත බියක් ඇතිකරගන්න එපා.

මෙහෙයුම් ‍කමිටුවෙන් ව්‍යවස්ථාදායක සභාවට කෙටුම්පත ඉදිරිපත් කළ පසුවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. මේ ව්‍යවස්ථාව ගේන්න හදන්නෙ මේ ක්‍රමවේදයට පිටින් නේද?

මොන ක්‍රමවේදයට ගෙනාවත් ඔය විවේචන කරන කට්ටිය ‍ෙමානව හරි කතා ටිකක් කියනවා. පාර්ලිමේන්තුවට ගෙනාවම මහජන නියෝජිතයො එපැයි ඕක අනුමත කරන්න. කියන්න දෙයක් නැතුව කියන කතා ඕව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ දියවෙලා කෑලි කෑලිවලට කඩාගෙන යනවා. ඊළඟ ජාතික මැතිවරණය ප්‍රකාශ කරපු ගමන් ඔය පක්ෂ දෙකේම අය තොග පිටින් අපිත් එක්ක එකතු වෙනවා. මේවට බයේ තමයි ඔය කතා තියන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පුළුවන් අපිට කියලයි මුළු ලෝකෙම පිළිගත්තෙ. අගමැතිකම් ගත්ත, ආණ්ඩු ගත්ත කට්ටිය නන්නත්තාර වුණා.

එක්සත් ජාතික පක්ෂය මේ ව්‍යවස්ථාව ගේන්නෙ දෙමළ හා මුස්ලිම් ඡන්ද ඉලක්ක කරගෙන කියලත් චෝදනා එල්ල වෙනවා?

දෙමළ මුස්ලිම් ජනතාව හැමදාම විශ්වාස කළේ අපි ගැන. අලුතෙන් විශ්වාසයක් ඇතිකරගන්න දෙයක් නැහැ. පොහොට්ටුවවත් රාජපක්ෂ මහත්තයල ගැනවත් ඒ අයට විශ්වාස නැහැ. ජාති, ආගම්, කුලබේදයක් නැතුව හැමෝටම සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ අපෙන් කියන විශ්වාසය ජනතාවට තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඕන කෙනෙකුට එකට හිටගන්න පුළුවන්. දෙමළ මුස්ලිම් ජනතාව මේ රටේ ශ්‍රී ලාංකිකයො ඒ අයගෙ සාධාරණ ඉල්ලීම් ඉටුකරන්න ඕන. අපි ඉටුකරන්නෙ ශිෂ්ට සම්පන්න ජාතියක යුතුකම.

මේ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනැල්ල පරාජයට පත්වුණොත්, සුළු ජාතික ඡන්දවල වාසිය එක්සත් ජාතික පක්ෂය ගන්න උත්සාහයක් තියෙන බවට චෝදනා එල්ල වෙනවා.

බංකොලොත් දේශපාලකයො එක එක කතා කියනවා. එහෙම එකක් නැහැ. මේ ව්‍යවස්ථාවෙ ප්‍රශ්නයක් තිබ්බොත්, එක්සත් ජාතික පක්ෂයෙ මහලේකම් හැටියට මමත් එකඟවෙන්නෙ නැහැ. අපිත් සිංහල බෞද්ධ පක්ෂයෙ ඇතුළෙ ඉඳන් අපිටත් විරුද්ධ වෙන්න පුළුවන්. නැති බිල්ලො මවාපාන්නයි මේ කට්ටිය හදන්නෙ.

එක්සත් ජාතික පක්ෂය අලුත් ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා ලබාදුන්නෙ නැහැ කියලත් චෝදනා එල්ල වෙනවා?

අපේ නියෝජිතයො හිටියා. අපේ කට්ටිය එකතුවෙලා තමයි හැදුවෙ. කමිටුවට යෝජනා ඉදිරිපත් කළා. කමිටුවේදි ඒ ගැන අදහස් ප්‍රකාශ කළා.

ඒකීය රාජ්‍යය, බුද්ධාගම ආරක්ෂා කිරීම ජනාධිපති ක්‍රමය, ආණ්ඩුකාරවරුන්ගෙ බලතල ගැන එක්සත් ජාතික පක්ෂ මතය ඉදිරිපත් කරල නැහැ නේද?

ඒකීය රාජ්‍ය, බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය දීම ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ජනාධිපති බලතල, ආණ්ඩුකාර බලතල ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. ව්‍යවස්ථාව ගේනකොට අපේ අදහස අපි කියන්නම්.

ඒ කියන්නෙ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරද්දි එක්සත් ජාතික පක්ෂයෙ යෝජනා දීල නැද්ද?

තාම වැඩේ පටන් අරගෙන විතරයි. පාර්ලිමේන්තුවට ගෙනාවෙ නැහැනෙ.

පාර්ලිමේන්තුවට අලුත් ව්‍යවස්ථාව ගේන්න නේද හදන්නෙ?

මූලික සැලැස්ම ගේනවා. ඒකෙ අදහස් අරගෙන අපේ අඩුවැඩිය දාල අපි හොඳ සෞඛ්‍ය සම්පන්න දරුවෙක් බිහිකරමු. තවම තියෙන්නෙ කළලෙනෙ. දරුවගෙ අතපය හැදිලා එන්න ඕන. එතකං ඉවසන්න.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයෙ මතය මොකක්ද?

වර්තමාන තත්ත්වයත් එක්ක ඒ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. 2015 දී නිර්පාක්ෂිකයෙක් ඉදිරිපත් කළේ විධායකය අහෝසි කරන්නනෙ. ඒක සාර්ථක වුණේ නැහැ. පාර්ලිමේන්තුවට, අගමැතිට, විධායකයට තියෙන්න ඕන බලතල ගැන නැවත සාකච්ඡාවක් අවශ්‍යයි.

පළාත් සභාවලට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලතලවත් තවම දීලා නැහැ. එහෙම තියෙද්දි අලුත් ව්‍යවස්ථාවෙන් බලය බෙදීමක් ගැන සාකච්ඡා වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන්නෙ. අපේ අදහස විතරක් වැඩක් නැහැ. හැම පක්ෂයකම එකඟතාව අවශ්‍යයි. බහුතරයෙ මතය සැලකිල්ලට අරගෙන අපේ මතය කියනවා. බලය බෙදුවම බෙදීම හැමෝම පිළිගන්න ඕන. උතුර වගේම දකුණත් පිළිගන්න වැඩපිළිවෙළකට අපි යන්න ඕන.

බරපතළ දේශපාලන අර්බුද රැසක් මැදයි ඔබ එක්සත් ජාතික පක්ෂ මහලේකම්කම ගන්නෙ. එක්සත් ජාතික පක්ෂ ඉදිරි කටයුතු කොහොමද සැකසෙන්නෙ?

මේ වගේ දැවැන්ත කඩාවැටීමක් තියෙන වෙලාවක මහලේකම්කම ගත්තු පළමුවැනියා මම. පළාත් පාලන ආයතන පැරදිලා අපි ලොකු අර්බුදයක හිටියේ. මේ තනතුර ගනිද්දි ගොඩක් අය කිව්වෙ ගන්න එපා කියලා. නමුත් මේ අභියෝගය මම භාර ගත්තා. අපි පියවරෙන් පියවර ඉදිරියට ආව.

ලොකු දේශපාලන අර්බුදයකට රට මුහුණපෑවා. ඒ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂ‍ෙය හැසිරීම ගැන මොකද කියන්නෙ?

අපි කලබල වුණේ නැහැ. ඉතාම සාමකාමීව අපේ මිනිස්සු වැඩ කළා. අපි ඔක්කොම එකට එකතුවෙලා ඒ තත්ත්වයට මුහුණ දුන්නා. ජනතාව බලගැන්වුවා කොල්ලුපිටියේ දැවැන්ත රැස්වීමක් තිබ්බා දවසෙන් දෙකෙන් අපේ මිනිස්සු කොළඹට ආවා. දිවා රෑ නොබලා අපේ පාක්ෂිකයො ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහුනා. ගෝල්ෆේස් රැස්වීමට සෙනඟ ගෙන්න ගන්න බැරිවෙයි කියලා ගොඩක් අය හිතුවා. ඒත් අපි සම්පූර්ණයෙන් ගෝල්ෆේස් පිටියත් ඒ අවටත් ජනතාවගෙන් පිරෙව්වා. රාජපක්ෂ මහත්තයලගෙ ගෝල්ෆේස් රැස්වීම වගේ නෙවෙයි. අපි පක්ෂයක් හැටියට දැන් හොඳ ශක්තියකින් ඉන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නොහිටින්න ඒ අරගලය ජයගන්න බැහැ. එතුමගෙ ඉවසීම, දූරදර්ශීබව, ජාත්‍යන්තර සබඳතා නිසා තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණේ.

රජයේ ඇමැතිවරුන්ට එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙනවා. ඇමැතිවරුන්ගෙ වැය ශීර්ෂ පවා පරද්දන බවට අනතුරු අඟවනවා?

තරුණ මන්ත්‍රීවරුන්ගෙ විවිධ මත තියෙනවා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. කිහිපදෙනෙක් චෝදනා කරනවා. අපි කතාබහ කරල ඒව හරිගස්ස ගන්නවා. කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.

ජාතික මැතිවරණයකට මුහුණදෙන්න පුළුල් සන්ධානයක් හදන බවටත් කතා පැතිරෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ ගැන මොකද කියන්නෙ?

ජාතික සංවිධානයක් හදන්න පුළුවන් අපිට විතරයි. සියලුදෙනාට එකට හිටගන්න පුළුවන් අපිත් එක්කයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවෙ අපියි. සියලුම පක්ෂ, සිවිල් සංවිධාන විවිධ කොටස් එකතු වෙලා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හැදෙන්නෙ. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතුවෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. නියත වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණය අපි දිනනවා. ඒකෙ සැකයක්, කතා දෙකක් නැහැ. දැනටම අපි විශාල බලවේගයක් හදලා ඉවරයි.

ඒ කියන්නෙ ඔ‍ෙබ් පක්ෂයෙ ඉලක්කය ජනාධිපතිවරණයක්?

2020 අගෝස්තු වෙනකන් මහ මැතිවරණයක් කොහොමත් බැහැ. ඒකට අධිකරණ තීන්දුවක් දුන්නා. පළාත් සභා මැතිවරණයත් බැහැ සීමා නීර්ණ ප්‍රශ්නය විසඳන්න ඕන. පළාත් සභා ඔක්කොම එකට තියන්න ඕන. ජනාධිපතිවරණයයි පළාත් සභා මැතිවරණයයි එකට තියන්න පුළුවන්නම් වඩාත් හොඳයි. මේ ගැන බැලුවම තව මාස 08 කින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණයක් එනවා.

වර්ගවාදයට යටවන රටේ අනාගතය

$
0
0
ජන 11, 2019 01:00

1957 චෙල්වනායගම් - බණ්ඩාරනායක, 1965 ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම්, 1987 ඉන්දු - ලංකා සාම ගිවිසුම, 1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක ඉදිරිපත් කළ යෝජනා ඉක්බිතිව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අදහස් හා යෝජනා ආදිය ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම සඳහා ඉදිරිපත් වුවද ඒ සියල්ල බිඳ වැටිණි. මෙම ඉතිහාස කතාවේ කේන්ද්‍රීය සාධකය වන්නේ පාලක පක්ෂය ඉදිරිගාමී පියවර තබන විට විපක්ෂය පසුගාමී ස්ථානයක සිට එම යෝජනාවලට විරුද්ධ වීමය. 2015 දී සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමේදී දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප හා ශ්‍රීලනිප මෙම තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ජාතික සංහිඳියාව ශක්තිමත්කොට, ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා ඉදිරිගාමී වැඩපිළිවෙළ හා සම්බන්ධ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ජාතිකවාදී, වර්ගවාදී කණ්ඩායම්වල අදහස් සඳහා මාධ්‍ය සැලකිය යුතු ඉඩක් වෙන්කර ඇත. එම අදහස් බොහොමයක් ජාතීන් අතර සාමුහිකත්වය බිඳ දමන අර්ථගැන්වීම්වලින් පිරී පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රය සකස්කර ගැනීමේ කේන්ද්‍රීය සාධකය ලෙස ඉදිරියට තබා ඇත්තේ වර්ගවාදී හා ආගම්වාදී අදහස් සමාජගත කිරීම කෙරෙහිය. ඒ සඳහා එම පක්ෂය ඇතුළු ඊට සහාය දක්වන අන්තවාදී පිරිස විසින් රට කැඩීම, රට බෙදා වෙන්කිරීම, රට පාවාදීම, බෙදුම්වාදී ව්‍යවස්ථාව ආදී වචන රාශියක් භාවිත කරනු ලබයි. මෙම මතය සූත්‍රගත කිරීම මඟින් මෙම පිරිස කල්පනා කරන්නේ, රට ආරක්ෂා කරන එකම බලවේගය තමන් බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජාතිය ගොඩනැඟීම සඳහා උත්සාහ කරන පිරිස රට පාවාදෙන්නන් බවත් ය.

අන්තවාදීන්ගේ අපේක්ෂා

මෙම වර්ගවාදී උත්ප්‍රාසය මහජනතාව වෙත ඉදිරිපත් කිරීමේ තවත් ප්‍රවේශයක් වන්නේ යුද්ධයෙන් ඉටුකර ගැනීමට නොහැකි වූ දේ ව්‍යවස්ථාවෙන් ඉටුකර ගැනීමට ඉඩ නොතැබිය යුතුයි යන්නයි. මෙමඟින් කියාපෑමට උත්සාහ කරන්නේ යුද්ධය පිළිගත හැකි වුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිගත නොහැකි ප්‍රවේශයක් බවයි.

ඔක්තෝබර් 26 සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීමේදී එජාපෙ මෙන්ම ශ්‍රී.පො.ජ. පෙ ටද වටිනා දේශපාලන පක්ෂය බවට පත්වූයේ දෙමළ ජාතික සන්ධානයයි. එම පක්ෂ නායකයින් පමණක් නොව ජනාධිපතිවරයා පවා දෙ ජා. ස. සමඟ සාකච්ඡා පැවැත්වූයේ ආණ්ඩුව පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර සංඛ්‍යාව සකස් කර ගැනීමට ය.

එහෙත් අවසන් ප්‍රතිඵලය වූයේ දෙ. ජා. සං, ශ්‍රී. පො. ජ. පෙ. ට සහාය නොදක්වා එජාපෙට සහාය දැක්වීම මඟින් එජාපෙ ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රවේශයට අවතීර්ණ වීමය. එතැන් සිට මෙම දේශපාලන සංදර්භය අර්ථගැන්වෙන්නේ දෙ. ජා. සං. එජාපෙට සහාය දැක්වීම රට කැඩීම, ‍රට වෙන්කිරීම, මාතෘ භූමිය විනාශ වීම දක්වා ගමන් කළ හැකි බවයි.

මෙය භයානක තත්ත්වයක් ලෙස ඒත්තු ගැන්වීමට වර්ගවාදී අන්තවාදී කණ්ඩායම් විසින් රනිල් වික්‍රමසිංහ හා ආර්. සම්බන්ධන් අතර පැවැති එකඟතාවන් පිළිබඳ සැකසූ ව්‍යාජ ලේඛනයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද නමුත් එජාපය හා දෙ. ජා. සං. මෙම අන්තවාදී මැදිහත්වීම ප්‍රතික්ෂේප කළහ. මෙයින් විද්‍යාමාන වන දේශපාලන යථාර්ථය වන්නේ දෙ. ජා. සං. දකුණේ දේශපාලන පක්ෂයකට ජාතිය ගොඩනැඟීම අරමුණෙන් සහාය දැක්වීම වර්ගවාදයට පෙරළා පහර ගැසීමට අන්තවාදී සූදානමක් ඇති බවයි.

උතුර සංවර්ධනය

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරීත්වය 2009 දී පරාජයට පත්කිරීමට පෙර දෙ. ජා. සං. තම කටයුතුවලදී ස්වාධීන තීන්දු තීරණ ගැනීමට මැළිකමක් දැක්වූ නමුදු පශ්චාත් යුද සමය තුළ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා සමාජයට අවශ්‍ය ප්‍රවේශය තෝරාගෙන දෙමළ ජනයාගේ සමාජ - ආර්ථික සංවර්ධනයට මෙන්ම දේශපාලන ගැටලු විසඳාගැනීමට ඔවුන් දක්වන දායකත්වය ප්‍රධාන කොටගත් උතුර - දකුණ සංවාදය බැහැර කළ නොහැකිය.

ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන බවට යුද හමුදාව තීරණයකොට ඇති මුලතිව්, කිළිනො

ච්චිය,මන්නාරම වැනි ප්‍රදේශවල රජයේ ‍හා පෞද්ගලික ඉඩම් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් උතුරේ ජනතාව වෙත නිදහස් කිරීමට කටයුතු සිදුකරන බවට පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය විය. උතුරේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ගනු ලැබූ මෙම පියවර ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීමට හේතුවනු ඇත. තවද මෙවර කැබිනට් විෂයය ‍ක්ෂේත්‍ර වෙන්කිරීමේදී උතුරු සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇත. එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විශාල වැඩකොටසක් ඉටුකිරීමට ද නියමිතව ඇත.

ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැඟීම සඳහා දෙ. ජා. සං. විසින් යහපත් චේතනාවෙන් ඉදිරිපත් කරන, අදහස් ලබාගෙන රට ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම දකුණේ සියලු දේශපාලන නායකයින්ගේ වගකීමය.

ගැටලු නිවැරදි කර ගැනීම

එජාපෙ ආණ්ඩුව පිහිටුවීම සඳහා දෙ. ජා. සං. සහාය දැක්වීම සහ දෙසැම්බර් 21 දින අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට ආණ්ඩුවට සහාය දැක්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතැම් කරුණු ඔවුනට වාසි සහගත ආකාරයෙන් ඉටුකරවා ගැනීමට පෙර සූදානමක් බවට වර්ගවාදී කණ්ඩායම් ගෙන යන මතය හුදු අවස්ථාවාදී දේශපාලන ප්‍රබන්ධයක් බව තේරුම්ගත යුතුය.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම කීප දෙනෙකුට එකතු වී කළ හැකි සරල කටයුත්තක් නොවන නිසාය. මෙම ක්‍රියාවලියේදී ව්‍යවස්ථා සභාව ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසිය විසිපස්දෙනා රැස්වී ඊට අදාළ කොටස් විවාදයට ලක්කරන අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබාගත යුතුයි. ඉක්බිතිව එය ජනමත විචාරණයකට ලක්කළ යුතුය. එමනිසා රට බෙදා වෙන්කරන කුමන හෝ කරුණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අන්තර්ගත වී ඇත්නම් මෙම ක්‍රියාවලිය තුළ සංශෝධනය කිරීමට අවස්ථාව තිබේ.

ජාතික මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව තිබෙන විටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත වර්ගවාදී දෘෂ්ඨියෙන් අර්ථගැන්වීමට මෙම කණ්ඩායම්වල මැදිහත්වීම පරාජයට පත්කිරීම සඳහා පුළුල් මහජන සංවාදයක් ගොඩනැඟීම සහ ජාතිය එක්සත් කිරීමේ යාන්ත්‍රණයක් ගොඩනැඟීම එජාප ප්‍රධාන කොටගත් දේශපාලන පක්ෂවල මෙන්ම වෘත්තීයවේදීන්ගේ ද වගකීම විය යුතුය.

නවවන වගන්තිය

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය එලෙසින්ම ආරක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මල්වත්ත - අස්ගිරිය මහානාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තියේ දැක්වෙන ඒකීය රජයක් යන්න භාෂා තුනෙන් පළකරන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළ සඳහන් වෙන බව ප්‍රකාශ වී ‍තිබේ. එකී කරුණු සාධනීය පියවරක් ලෙස දැක්විය හැකි අතර බටහිර බලවේග ඉදිරියට දමා රට කොටස් නවයකට බෙදා වෙන්කරන ව්‍යවස්ථාවක් ගෙන එන බවට කෙරෙන ප්‍රකාශ බිල්ලෙකු මැවීමක් බව මෙයින් ප්‍රත්‍යක්ෂ වේ.

නිදහස දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම අරමුණින් අවස්ථා කීපයක ධනාත්මක පියවර ඉදිරියට තැබුවද ඒ සියල්ල අසාර්ථක වූයේ බලලෝභී අන්තවාදී පිරිස වාර්ගික හා ආගමික උත්ප්‍රාසය එකතු කරමින් ඒවා කඩාකප්පල් කිරීමට කටයුතු කළ නිසාය. බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස දිනාගත් නමුදු එම කාලයේදී ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම සඳහා වූ දෘෂ්ඨිවාදයකින් කටයුතු කළ බවක් නොපෙනේ.

ගැටලුවේ ආරම්භය

ජී. ජී. පොන්නම්බලම් පනහට පනහ නමින් එදා සිදුකළ දේශපාලන ඉල්ලීම සෝල්බරි කොමිසම විසින් ඉවත දැමීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ වාර්ගික අදහස් මතුවීමට අදාළ සමාජ විභවය සකස් විය. පුළුල් ව්‍යවස්ථා සම්පාදනයකට එකල අවතීර්ණ වූයේ නම්, බොහෝ ගැටලු ආරම්භයේදීම විසඳාගැනීමට ඉඩකඩ තිබිණි. පොන්නම්බලම් මහතා විසින් සියලු මතභේද ඉවතලා අවසානයේ සෝල්බරි ව්‍යවස්ථාව සඳහා එකඟතාව දැක්වූයේ හැකි ඉක්මණින් ජාතිය ගොඩනැඟීම සඳහා සාධාරණ ප්‍රවේශයක් තුළ දේශපාලන නායකයින් කටයුතු කරනු ඇති බවට තිබූ විශ්වාසය නිසාය.

කෙසේ වෙතත් 1957 චෙල්වනායගම් - බණ්ඩාරනායක, 1965 ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම්, 1987 ඉන්දු - ලංකා සාම ගිවිසුම, 1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක ඉදිරිපත් කළ යෝජනා ඉක්බිතිව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අදහස් හා යෝජනා ආදිය ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම සඳහා ඉදිරිපත් වුවද ඒ සියල්ල බිඳ වැටිණි. මෙම ඉතිහාස කතාවේ කේන්ද්‍රීය සාධකය වන්නේ පාලක පක්ෂය ඉදිරිගාමී පියවර තබන විට විපක්ෂය පසුගාමී ස්ථානයක සිට එම යෝජනා සඳහා විරුද්ධ වීමය.

2015 දී සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමේදී දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප හා ශ්‍රීලනිප මෙම තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එම එකතුවීම ජාතික ගැටලුව විසඳීම සඳහා ධනාත්මක පියවරක් විය. එසේ වුවද සම්මුතිවාදය බිඳවැටීමත් සමඟ ශ්‍රීලනිප නව දේශපාලන ධාරාවක් වූ ශ්‍රී.පො.ජ.පෙ. සමඟ එකතුවීම ඉතිහාසයේ අසාර්ථක වූ අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දේශපාලන බලය ලබාගැනීම සඳහා වූ ප්‍රවේශයක් බවට පත්වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය. ජාතික විවිධත්වය තේරුම් ගැනීම සඳහා වූ සංවාදය ශක්තිමත් කළ යුතු අතර වාර්ගික නොඉවසිලිවන්ත බවට තල්ලු කිරීමේ ඛේදවාචකයට ශ්‍රී ලංකාව පත් නොකොට ජාතික බහුමානය ගොඩනැඟීමේ දිසාවට රැගෙන යාම අප කාගේත් වගකීම විය යුතුය.

කඩවත-රාගම පාරේ මරුවා සමඟ වාසේ

$
0
0
ජන 11, 2019 01:00
උදිත ගුණවර්ධන

මේ මාස හයට මාරාන්තික අනතුරු දහයකට වඩා මේ පාරේ වෙලා තියෙනවා ඒකට මුලික හේතුව රියැදුරන්ගෙ වැරැදි නොවේ..පාරේ තියෙන අබලන් තත්ත්වය. ඒත් ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිට.. ඇත්තෙන්ම මේ ගැන ගම්වැසියෙක් විදිහට ලොකු දුකක් තියෙන්නෙ.

කඩවත මංසංධියේ පිහිටා ඇති බෝධිය අබියසින් ඇරැඹෙන මාර්ග 222 මාර්ගය රාගම නගරයට නුවර පාර සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයයි. රාගම නගරය පසුකර මහබාගේ නගරයෙන් කොළඹ මීගමුව මාර්ගයට යාවන මෙම මාර්ගය අද වන විට අතිශය කාර්යබහුල සහ වැඩිම වාහන ප්‍රමාණයක් ධාවනය වන මාර්ගයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම මාර්ගයේ තදබදය අධික වීමට හේතු බවට පත්ව ඇත්තේ උතුරු කොළඹ මහ රෝහල හැඳල කෙරවලපිටිය ආදී ප්‍රදේශවල ඇති කාර්මාන්ත ශාලා වෙත යන බර වාහනයි. එමෙන්ම ගුවන්තොටුපොළ වෙත යන වාහනද මේ පාරේ ගමන් කරයි. මේ සියල්ල නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගයක් බවට කඩවත රාගම හරහා මහබාගේ මාර්ගය පත්ව ඇති අතර ඒ නිසාම මෙම මාර්ගයට විශාල වැදගත්කමක් ලැබි තිබේ. මෙම මාර්ගය යළි කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කළේ වසර කිහිපයකට පෙරය. එසේ කාපට් කිරීම නිසා මෙම මාර්ගයේ තිබූ තදබදය සම්පූර්ණයෙන්ම වාගේ නැති වු අතර රියැදුරන් සහ මගීන් ඒ ගැන දැඩි සතුට පළ කළහ. එහෙත් එම සතුට සහ ප්‍රසාදය පැවැතියේ වසරකටත් අඩු කාලයකි. එයට හේතු වුයේ අලුතින් ප්‍රතිසංස්කරණය කළ මෙම මාර්ගයේ ජල නළ ඇතිරීම නිසා මාර්ගයේ දීර්ග කඩතොලු වීමක් සිදුවීමය. අඩි හතරක් පමණ පළල මෙම කඩතොලු කිරීම රාගම නගරයට ආසන්න දෙල්පේ හන්දියේ සිට කඩවත කිට්ටුවට එන තෙක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාර්ගය භාවිතා කරන රියැදුරන් දැඩි අපහසුතාවට පත්ව සිටී. එසේ අපහසුතාවට පත්ව ඇති රියැදුරන් අතර ප්‍රමුඛ පිරිස බවට පත්ව සිටින්නේ ත්‍රිරෝද රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ය. ඇත්තෙන්ම ඔවුන් අද සිදු කරන්නේ වාහන ධාවනයක් නොව මරුවා සමග තරගයකි. මෙම පයිප්ප එළිමෙන් පසු මාර්ගය නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොවීම නිසා පසුගිය මාස හය තුළ යතුරු පැදි අනතුරු සහ ත්‍රිරෝද රථ අනතුරු රැසක් සිදුව ඇති අතර එයට හේතුව ලෙස රියැදුරන් සඳහන් කරන්නේ මාර්ගය පෙර පරිදි ප්‍රතිසංස්කරණය කර නිසි ප්‍රමිතියක් ඇති නොකළ නිසා සිදුවන අනතුරු බවය. ඔවුන් සඳහන් කරන ආකාරයට පැයට කිලෝ මීටර් තිහ ඉක්මවා ධාවනය කිරීමත් සමග වාහන රියැදුරු පාලනයෙන් ගිලිහී යයි. මේ ගැන පසුගිය කාලය තුළ විවිධ තැන්වලට පැමිණිලි කළද මෙතෙක් කිසිදු විසඳුමක් නොව අවධානයක් හෝ යොමු වී නැත.

කඩවත සිට රාගම දක්වා නිරීක්ෂණය කළ අපට එහිදී අපට දැක ගැනීමට ලැබුණේ මාර්ගයේ තත්ත්වය වඩාත් බැරෑරුම් බවය. එහි ප්‍රතිඵලය බවට පත්ව තිබෙන්නේ වාහන සෙමෙන් ධාවනය සහ මාර්ගය මැදට වන්නට ධාවනය කිරීම නිසා අධික තදබදයක් ඇති වීමය. විවිධ ප්‍රදේශවලින් උතුරු කොළඹ රෝහලට නිතර ගිලන් රථ ගමන් කරන මාර්ගයක් වීම නිසා මෙම තදබදය විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. එහෙත් මේ ගැන මෙතෙක් කිසිදු අවධානයක් යොමු වී නැතිවීම ප්‍රශ්නාර්තයකි.

මෙවැනි මාර්ග ප්‍රතිසංස්කරණ කිරීම් සිදු කරද්දී මහා මාර්ග දෙපාර්තමේන්තුව සහ ජලාපවාහන දෙපාර්තමේන්තුව වැනි සමගාමී ආයතන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් සුදුසු දෙයක් වුවද එවැනි තත්ත්වයක් බොහෝ විට දැක ගැනීමට නොහැකිය.

මේ තත්ත්වය පිළිබඳව කඩවත රාගම මාර්ගය නිතර පරිහරණය කරන රියැදුරන්ගෙන් අපි විමසීමක් ක‍ෙළමු. එහිදී ඔවුන් අප වෙත විවිධ ප්‍රතිචාර පළ කළ අතර එම ප්‍රතිචාර අතර ප්‍රධානම කරුණ බවට පත්ව තිබුණේ මාර්ග ආශ්‍රිතව ජල නළ එළීම වැනි ප්‍රතිසංස්කරණ හොඳ දේ වුවද ඒවා කිරීමේදි මීට වඩා සැලසුම් සහගත බවක් සහ අවබෝධයක් තිබිය යුතු බවය.

එහිදී අප සමග මුලින්ම කතා කළේ ත්‍රිරෝද රථ රියැදුරෙකු වන කේ ඩී එස් ආනන්ද මහතාය.

“ අපි තරම් මේ ප්‍රශ්නයෙන් දුක් විඳින පිරිසක් නැහැ.කතාවක් තියෙනවා අතුරේ යනව වගේ කියල අන්න ඒ කතාව අපිටත් අදාළයි අපිත් අතුරෙ යනවා වගේ ගමනක් යන්නේ. සාමාන්‍ය විදිහට ගියොත් මෙතැන ඉඳන් කඩවතට විනාඩි දහයක් යන්න යන්නේ. ඒත් පාරේ අබලන් කම නිසා අපිට වෙලාවකට පැය බාගයකට වැඩිය කාලයක් යනවා. අපි හයර් එකක් දුවල තමයි පවුලක් ජීවත් කරන්නෙ මේ තත්ත්වය නිසා අපිට විශාල මුදලක් අහිමි වෙනවා.

මම කියන්නේ නැහැ පාරවල් හදන්න එපා කියලා ඒත් හොඳ පාරක් කැඩුවට පස්සේ තිබුණ තාලෙටම හදන්න ඕනැ..ඒත් මේ පාර හදද්දි එහෙම කරල නැහැ..“

ආනන්ද මහතා මෙන්ම මහේෂ් මහතාද වෘත්තීය ත්‍රිරොද ධාවකයකි. මේ ඔහු අප සමග දැක්වූ අදහස්ය.

“ ඊයෙත් ඇක්සිඩන්ට් එකක් වුණා. තරුණ ළමයෙක්ට බරපතළ තුවාල වුණා අපි හොයල බැලුවා මොකද කියල හේතුව එතකොට තමයි ආරංචි වුණේ බයිසිකලය ලෙස්සල ගිහින් මේ අනතුර වුණේ කියලා ඇත්තෙන්ම මේක මහ අපරාධයක්..මම හිතනවා පාර හරියට තිබුණනම් මේ තත්ත්වය උදාවෙන්නේ නැහැ කියල..“

පැමිණිලි කර තියෙනවා අපි බලය තියෙන අයට ඒ අය කියන්නේ ජල නළ එළීම සම්පුර්ණ වුණාට පස්සේ තමයි කියල පාර සම්පුර්ණයන් ප්‍රතිසංස්කරණය කරන්නේ කියලා. එතකම් අපිට වෙලා තියෙන්නේ ජීවිත පරදුවට තියල පාරේ යන්න.

මෙම මාර්ගය පාවිච්චි කරන යතුරුපැදි කරුවකු වන දනුෂ්ක මහතා තමන් මුහුණ දෙන අත්දැකීම් පිළිබඳව දක්වන්නේ මෙවැනි ප්‍රතිචාරයකි.

“ත්‍රිවිල් අනෙක් වාහන වගේ නොවෙයි බයිසිකල්වලට මේ කඩතොලු තත්ත්වය වැඩියෙන් බලපානවා..ඒ තත්ත්වය නිසා මාව ඊයේ අනතුරිකින් බේරුණේ අනුනවයෙන්. මම විතරක් නොවෙයි බයිසිකල්වල යන එන අය ගොඩක් අනතුරුවලට මුහුණ දෙනවා. ඒ ගැන බලන්න කෙනෙක් නැහැ. මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපේ මේ ප්‍රශ්නය විසඳා දෙන්න කියල.“

මම දන්න විදිහට මේ මාස හයට මාරාන්තික අනතුරු දහයකට වඩා මේ පාරේ වෙලා තියෙනවා ඒකට මුලික හේතුව වෙන්නෙ රියැදුරන්ගෙ වැරැදි නොවේ..පාරේ තියෙන අබලන් තත්ත්වය. ඒත් ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිට.. ඇත්තෙන්ම මේ ගැන ගම්වැසියෙක් විදිහට ලොකු දුකක් තියෙන්නෙ.

රාගම සහ දෙල්පේ හන්දිය අතර ජංගම වෙළෙඳසලක් පවත්වා ගෙන යන ලාල් මහතා උදේ හවස සිය කුඩා ලොරිය මේ පාරේ ධාවනය කරයි.

“ මම ඉතාමත් අමාරුවෙන් මේ පාරෙ යන්නෙ ගැස්සෙනවා නැතිනම් වාහනය පාලනයෙන් ගිලිහෙනවා ඒකට හේතුව හොයද්දි මට තේරුනේ පාරේ තියෙන තත්ත්වය කියලා. මම ගැන කතා කරනවා විතරක් නෙමෙයි අනෙක් අය ගැනත් කතා කරන්න ඕනැ මේ පාරේ බබාල හම්බවෙන්න ඉන්න අම්මලා , ලෙඩ්ඩු විශාල ප්‍රමාණයක් යනවා මේ අය මොන තරම් අපහසුතාවට පත්වෙනවා ඇද්ද..ඇත්තෙන්ම මේ ගැටලුව කල් නොයවා විසඳා දෙන්න කියල මම ඉල්ලා සිටිනවා..“ එසේ අපට තම අදහස ඉදිරිපත් කළේ ලාල් මහතාය.

අපට හමුවූ නෙළුනි මහත්මියද අපෙන් ඉල්ලා සිටියේ මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙසය. ඇත්තෙන්ම කඩවත රාගම හරහා මහබාගේ වැනි ප්‍රධාන මාර්ගයක් මේ ආකාරයට දීර්ගකාලීනව පැවැතීම කනගාටුදායකය.එයට නිසි විසඳුමක් කඩිනමින් ලබා දීම බලධාරීන්ගේ යුතුකමකි.

ජායාරූප - රංජිත් අසංක

සීත වන්නියේ දලුලන ගොවිතැන

$
0
0
ජන 11, 2019 01:00

දැනට අක්කර 05 ක පමණ ආරම්භ කර ඇති පටක රෝපණ කෝලිකුට්ටු වගාව අක්කර 100 ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු කෙරේ. පිරිසිදු ස්වාභාවික මීපැණි මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසාදීම පිණිස පදියතලාව හෙළ බොජුන්හල ආසන්නයේ මීපැණි වෙ‍ෙළඳ සලක් ආරම්භ කිරීමට සුදානම් කර ඇති අතර. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරවාන සහ පල්ලේගම ගම්මාන ආශ්‍රිතව බිඟු ගම්මාන දෙකක් ආරම්භ කිරීමට මුලික පියවර ගෙන තිබේ. මි මැසි ජනපද 220 ක් ගොවීන් 60 දෙනෙකුට ලබා දී ඇත.

කන්ද උඩරට හරහා නැගෙනහිර පළාතට ගමන් ගන්නා අය මෙන්ම අම්පාර සහ නැගෙනහිර පළාත සම්බන්ධ කරන මංසන්ධිය වන්නේ මහඔය සහ පදියතලාව නගරයයි.

පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසින් නැගෙනහිර වෙරළබඩ සිට වෙළදාමට සහ උඩරට සිංහල රජවරුන් හමුවීමට ගිය මාර්ගය මෙම ප්‍රදේශ හරහා වැටි තිබුණ බව ඉතිහාසය සාක්ෂි දරයි. ආදිවාසීන්ට ආදරය කළ සුදු දොස්තර ආර්.එල්.ස්පිටල් මහතා ඔවුන් අවශය බෙහෙත් පාන් ආදිය රැගෙන මඩකලපුවේ සිට මහඔයට පැමිණි බව දන්නා පැරැණ්නෝ පවසති.

මහඔය, පදියතලාව ප්‍රදේශය වියළි කලාපයට අයත් වුවත් මෙම ප්‍රදේශ ඉතිහාස ගත වී ඇත්තේ සීත වන්නිය යනුවෙනි. ශ්‍රී ලංකාවේ විශාලම ජලාශය ඉගිණියාගල ඩී.එස්.සේනානායක සමුද්‍රය පිසගෙන එන සීත සුළග මහඔය, පදියතාලාව හරහා නැගෙනහිර දෙසට හමා යයි .

උඩරට සිංහලයන් විසින් 1818 දී කැරලි ගැසීමට උරණ වූ ඉංග්‍රීසි පාලකයින් වැව් අමුණු විනාශ කර දැමීම නිසා මහඔය පදියතලාව ප්‍රදේශ වල ජනතාව මොසම් වැස්සත් සමග හේන් ගොවිතැන් කර අවුරුද්ද වරක් ගොවිතැන් කර අවුරුද්දට අවශ්‍ය ආහාර පවසා ගැනීමට පුරුදු වී සිටියහ.

වියළි කලාපයට අයත් වුවද සම මෙම පළාත් වල සම සීතෝෂ්ණ දේශගුණයක් පැවතියේ නොවැදුල් වන ගහණය නිසාය . රඹකැන්ඔය, පළතුරු වැල්ල , පේරවැල් තලාව වැනි නම් වලින් හැදින්වුණ ගම්මාන වල රස ගුණ පිරි පළතුරු වගා කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි . කෙසෙල්, අන්නාසි, පැණි දොඩම් , දෙහි , පේර , අඹ වැනි පළතුරු මෙම ප්‍රදේශ වලදී ගොවීහු විසින් වගා කර තිබු බව පැවසේ.

සැලසුම් කළ වාරි මාර්ග ක්‍රමයන් නොමැති නිසා මෙම ප්‍රදේශ වල ජනතාව ඔක්තෝම්බර් සිට ආරම්භ වන මෝසම් වැසි කාලයේ දී වට්ටක්කා . පැණි කොමඩු , අල බතල , රටකජු , කව්පි ඇතුළු ධානය වර්ග වගා කරති.

පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් මෙම ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු මෙහෙයවනු ලබයි. පළාත් නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂක කාර්යාලය විසින් පාලනය කරනු ලබන පුහුණු මධ්‍යස්ථානය සහ පැළ තවානක් මහඔය ආරම්භ කර ඇති අතර ඒ මගින් මෙම ප්‍රදේශ වාසීන්ට ඉමහත් සේවාවක් ඉටුවේ. සැලසුම් සහගත වාරිමාර්ග ක්‍රම ක්‍රියාත්මක නොවෙතත් මහඔය , රඹකැන්ඔය ආසන්නයේ විශාල කෙසෙල් වගාවන් තිබුණ යුගය හමාර වී අද මෙම ප්‍රදේශ වලට කෙසෙල් පිට පළාත් වලින් ගෙන ඒමට පුරැද්දක් වී ඇත.

සුවපහසු දේශගුණයක් සහිත වනාන්තර වල මී මැස්සන් ජනාවාස ඉදිකර ගෙන ඇතත් එම කටයුතු තමන්ගේ අතට ගැනීමට ගම්වැසියන් තවමත් උනන්දුවක් නැති බව පෙනේ.

කාලයකට පිපෙන බිම්මල් ආහාරයට ගැනීමට ගම්වාසී කාන්තාවන් ගේ කැමැත්තක් ඇතත් වානිජ කර්මාන්තයක් ලෙස එම කටයුත්තට යොමු වී නැත.

මෙම සියලු ප්‍රශ්න වලට විසදුම් ලබා දීමට නැගෙනහිර පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක ඩී.එම්.එස්.බී.දිසානායක මහතා මූලික පියවර ගෙන ඇත.

මේ අනුව වන ප්‍රදේශයේ ගොවීන් කෙසෙල් වගාවට යොමු කිරිමට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපුරා ලීමටත් වැඩ ආරම්භ කර ඇත්තේ. දීර්ඝ කාලයක් සිදු කරන කෙසෙල් වගාව නිසා පැතිර යන ලෙඩ රෝග වලක්වා ගැනීමටත් කෙසෙල් පැළ ප්‍රවාහණයට ඇති අපහසුවත් වඩාත් අස්වනු ලබා ගත හැකි වන පටක රෝපණ කෝලිකුට්ටු වගාව ගොවීන්ට හදුන්වා දීමෙනි. දැනට කිහිප දෙනෙක් යොමු වී සිටින මෙම පටක රෝපණ කෙසෙල් වගාව අක්කර 100 ක් දක්වා වැඩි දියුණු කර ගොවීන්ගේ ආදායම වැඩි කර සෞඛ්‍ය ආරක්ෂිත කෙසෙල් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.

මී මැසි පාලනය වැඩි දියුණු කර විශ්වාසවන්ත මී පැණි සපයා ගැනීමට අවශ්‍ය කටයුතු බිගු ගම්මාන හරහා සිදු කිරීමට රුපියල් 1400 ක් වැනි මුදලකට මී පැණි පෙට්ටි ලබා දී මහා වනාන්තර වල සිටින මි මැස්සන් එම පෙට්ටි වලට යොමු කර ක්‍රමවත් ලෙස මි පැණි අස්වනු ලබා ගෙන සෞඛ්‍යාරක්ෂිත ලෙස මහජනතාවට අලෙවි කිරීමට මී මැසි පාලනේ යෙදි සිටින ගොවීන් යොමු කිරීමටත් ඔවුන්ට හොද ආදායමක් ලබා ගැනිමටත් වැඩ පිළිවෙලක් සකසා තිබේ .කර්මාන්තයක් ලෙස බිම්මල් නිෂ්පාදන කිරිමට ප්‍ර දේශවාසී තරුණ තරුණියන් යොමු කිරීම සදහා පුහුණු කිරීම් කටයුතු ද මේ දින වල සිදු කරගෙන යයි.

පදියතලාව කිරවාන කේ.එච්.බී.ප්‍රේමතිලක මහතා - උත්සහවන්ත තරුණ ගොවි මහතෙකි.

ගිය අවුරුද්දේ මාර්තුවල පටක රෝපණ කෝලිකුට්ටු වගාව ආරම්භ කරනු ලැබුවේ නැගෙනහිර පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ මෙහෙයවීමෙන් ය. අපි තුන් දෙනෙක්ම කටයුත්තට ඉදිරිපත් වුණා . මම අක්කර දෙකක් පටක රෝපණ කෙසෙල් වගාවට යොමු වුණා . පැළ 850 . පැළ ගෙනාවේ පස්යාලෙන් . පැළයක් රැපියල් 100 ක් වනවා . ප්‍රවාහන ගාස්තු පැළයකට රු.10 ක් වැය වනවා . අපි තුන් දෙනා පැළ ගෙන ඒමට වාහන තුනක් රැගෙන ගියා . පැළ විනාශ නොවන්නට එසේ කළ යුතුය.

පැළ වලට ක්‍රමාණුකූවල පොහොර යෙදිය යුතුයි. ගොම පොහොර ට්‍රැක්ටරයක් රුපියල් 6000 ක් වනවාග මේ වන විට රු . ලක්ෂ දෙක හමාරක් පමණ වැය වී තිබෙනවා. මාර්තු, අප්‍රේල් වන විට කෙසෙල් කැන් වෙළද පොළට යැවීමට හැකියාව ලැබෙනවා.

පදියතලාව කිරවාන පදිංචි එල් .ජී. සුමනදාස මහතා - මීමැසි පාලනය කරගෙන යන ගොවි මහතෙකි .

මී පැණි ඖෂධයක් . මීපැණිවලට වෙනත් පැණි වර්ග කවලම් කරන නිසා විශ්වාසවන්ත කෙනෙකුගෙන් මිලට ගැනීමට පාරිභෝගිකයන් කැමති . මම මී පැණි බෝතලයක් අලෙවි කරන්නේ රුපියල් 1000.00 ක ටයි. වඩාත් විශ්වසවන්තව මී පැණි මිල දී ගැනීමට සමහර උදවිය මී වද ඉල්ලනවා . කිලෝවක් රු.4000 කට අලෙවි කරනවා . මීමැසි පාලන ඉතා වාසි දායකයි. අප අවට වනාන්තරවල තියෙන මී මැසි ජනපද . එම මී මැසි ජනපද අල්ලා ගැනීමට මි මැසි පෙට්ටියක් රු.1400 කට මිලදී ගැනීමට පළාත් කාෂිකර්ම දෙපාර්තමේන්තුව පහසුකම් සලසා තිබෙනවා . මේ කටයුත්තට කැපවීමක් තිබිය යුතුයි. අපට සිටින ප්‍රධාන හතුරන් දෙඹරුන් කටුස්සන්ය. මි මැසි පෙට්ටි විවෘත කරන විට එම හතුරන්ට ඇතුල් වීමට ඉඩ නොලැබෙන පරිදි සෙවිල්ලෙන් සිටිය යුතුය .

පදියතාලාව කෘෂිකර්ම උපදේශක එස්.ඩබ්.එල්. රාජපක්ෂ මහතා - අස්වනු ලැබීමට සුදානම් කෙසෙල් පැළයකට තවත් පැළ දෙකක් ඉදිරි කර අනෙක් පැළ ඉවත් කරනවා. එසේ කරන්නේ පීදෙන කෙසෙල් කැනේ බර වැඩි කර ගැනිම සදහායි. ඒසේ කරන විට හොදින් පිරැණ ගෙඩි සහිත කෙසෙල් කැනක් ලබා ගැනීමට හැකියි . කෙසෙල් අක්කරයකින් අවුරුද්දකට රුපියල් ලක්ෂ 24ක ආදායමක් ලබන්න හැකියාව තිබෙනවා.

මී පැණි නිෂ්පාදනය සදහා මී මැසි පාලනය පිළිබද ගොවීන් පුහුණු කිරීම සදහා තාක්ෂණ උපදෙස් ලබා දිම අප දැනටමත් කර ගෙන යනවා . එපමණක් නොව බිම් මල් වගාව ස්වයං රැකියාවක් ලෙස සිදු කර ගෙන යාම සදහා පුහුණුවක් ලබා දෙමින් බිම් මල් නිෂ්පාදනයට යොමු කිරීමත් බිම් මල් ආහාරයට ගැනීම සදහා කැමැත්තක් දක්වන අයට ඒ සදහා අවස්ථාවක් ලබා දීමටත් අපි කැපවීමක් කරනවා .

නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂක (පළාත්) ඩි.එම්.එස්.පී.දිසානායක මහතා -

රැකියා සොයමින් නගරයට ඇදී යන ගම්මාන වල තරුණයන්ට පළතුරු වගාවන් ගෙන් ආදායම් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම සහ පළාතේ නිෂ්පාදනය කරනු ලබන පළතුරු ආහාරයට ගෙන ජනතාවගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීමට අවස්ථාව සලසා දිම අරමුණ වන අතර . පැපොල් , පටක රෝපණ කෝලිකුට්ටු, කෙසෙල් වගාවන් දැනටමත් ආරම්භ කර ඇත.

මෙම ගොවිතැනට යොමු වන අයට කෘෂි ළිං , වතුර පොම්ප , ක්ෂුද්‍ර ජල යෝජනා ක්‍රම, ජල නල , 50% සහන යටතේ ලබා දීමට සුදානමින් සිටිනවා.

කෙසෙල් වගාව 2019 වසරේ දී ව්‍යාප්ත කිරීම සදහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අම්පාර දිසාපති කාර්යාලය විසින් වෙන් කර දී ඇති අතර එම මුදල යොදවා ලබා ගන්නා පැල 4200 ක් ලබා දී ගොවීන්ට ලබා දී කෙසෙල් වගාවට යොමු කිරීමට සුදානම් කර ගෙන යනවා.

සිංහල අලුත් අවුරුද්දේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ උත්සව අවස්ථාවන් එළඹෙන මාසවල දී අස්වනු නෙළා ගැනීම සදහා කෙසෙල් වගාව සිදු කිරිමට ද සැලසුම් කර තියෙන්නේ.

දැනට අක්කර 05 ක පමණ ආරම්භ කර ඇති පටක රෝපණ කෝලිකුට්ටු වගාව අක්කර 100 ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු කෙරේ.

පිරිසිදු ස්වාභාවික මීපැණි මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසාදීම පිණිස පදියතලාව හෙළ බොජුන් හල ආසන්නයේ මීපැණි වෙළද සැලක් ආරම්භ කිරීමට සුදානම් කර ඇති අතර.

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරවාන සහ පල්ලේගම ගම්මාන ආශ්‍රිතව බිඟු ගම්මාන දෙකක් ආරම්භ කිරීමට මුලික පියවර ගෙන තිබේ. මි මැසි ජනපද 220 ක් ගොවීන් 60 ක් දෙනාට ලබා දී ඇත.

මී මැසි පාලනය සදහා කැමැත්තෙන් සිටින ගොවින් බණ්ඩාරවෙල බිදුනවැව මී මැසි පාලන ඒකකයට යවා පුහුණුවක් ලබා දී ඇති අතර වනාන්තර වලින් අල්ලාගෙන එන මී මැසි ජනපද රදවා ගැනීම සදහා මී මැසි පෙට්ටි ලබා දී ඇත.

ජුනි, අගෝස්තු මාස ඇතුළත එක් මී පැණි පෙට්ටියකින් මි පැණි බෝතල් 06 ක් ලබා ගත හැකි වෙයි. මී පැණි බෝතලයක වෙළද පොල වටිනාකම රු. 1200 කි. විශ්වාසදායී ලෙස මි පැණි මිලදී ගැනීමට

ඇතැම් අය මී වද මිලයට ගනිති. මී මැසි පෙට්ටියක තිබෙන මී වද 06 කින් එකක් රුපියල් 4000 බැගින් අලෙවි කරති. මී මැසි ජනපද පවත්වාගෙන යන ගොවීන්ට මී මැසි පෙට්ටියකින් රුපියල් 24000 ක ආදායමක් ලබා ගත හැකි වනු ඇත

පිරිසිදු මී පැණි සහතිකයක් ඇතිව මහජනයාට මීලදී ගැනීම සදහා බෝතලයට ලේබලයක් අලවා සහතික කිරීමටත් එම මී පැණි බෝතල් පදියතාව හෙල බොජුන් හල ආසන්නයේ ඉදිකෙරෙන වෙලද සැලකින් මිලදී ගැනීමටත් අවස්ථාව සලසා දීමට සුදානමින් සිටිනවා.

අම්පාර මහ දිසාපති ඩි.එම්.එල්. බණ්ඩාරනායක මහතා - සාම්ප්‍රදායික කෙසෙල් වගාව කිරීමට පැළ හෝ කෙසෙල් අල යොදා ගනිති . කෙසෙල් වගාවට ලෙඩ රොා්ග පැතිර යාමටත් ඒ නිසා ඉඩ තිබෙනවා . ඒවා ප්‍රවාහණය කිරීමටත් අපහසුයි . ඒ නිසා වැඩි වියදමක් දැරීමට සිදු වනවා . නමුත් නවීන තාක්ෂණය අනුව සිදු කරනු ලබන පටත රොපණවගාවන් මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැක වනවා .

මහඔය පදියතාලව ප්‍රදේශීය ලේකම් කොට්ටාස දෙක තුළ තිබෙන අසීමිත ඉඩම් වලින් ප්‍රයෝජන ගනිමින් ප්‍රදේශ වාසීන්ට මෙම පටක රෝපණ කෙසෙල් වගාවට යොමු වී රට වැසිනයන්ට පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත කෙසෙල් අස්වැන්නක් ලබා ගෙන හොද ආදායමක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා .

පියසේන වතුදුර
දිගාමඩුල්ල සංචාරක 

රකිමු පරිසරය

$
0
0
ජන 11, 2019 01:00

උඳුවප් පුන් පොහොයත් සමඟ මෙසේ ඇරඹුෙණ් සිරිපා කරුණා කරන සමයයි. ලක් ලෝ වාසි සියලු බෞද්ධ බැතිමතුන් වසරකට වතාවක් අප මහා ගෞතමයාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කරන්නට යන්නේ අතිමහත් භක්තියෙනි. එසේ සිරිපා වන්දනාවේ යන ඔබ අතැති ප්ලාස්ටික්, පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය අදාළ ස්ථානවලට දැමීමට කාරුණික වන්න. ශ්‍රී පාද ස්ථානයට යන මග දෙපසත් අවට ප්‍රදේශයත් අපවිත්‍ර නොකිරීමට මතක තබාගන්න. විශේෂයෙන් ඔබ ඔබගේ හැසිරීම පිළිබඳවත් සැලකිලිමත් වන්න. යහපත් ආකල්පවලින් හෙබි අයෙකු සේ හැකි සෑම විටම කටයුතු කරන්න. තවකෙකුට ආදර්ශයක් ගත හැකි වනසේ ක්‍රියා කරන්න. ඔබ නිවැරදි වූ තැන ඔබ දෙස බලා කටයුතු කරන සියල්ල ද නිවැරදි පිරිසක් බවට පත් වේවි. ඔබ ගමන් කරන්නේ කුමක් සඳහා ද යන්න නිතරම සිහිපත් කරගන්න. ඔබ නිවැරදි වූ තැන අන් සියලු දෙනාත් ශ්‍රී පාද අඩවියත් සුන්දර ස්ථානයක් බවට පත්වනවා නොඅනුමානය.

පී.එම්. දීපිකා ප්‍රියදර්ශනී
සන්නිවේදන අධ්‍යයන පීඨය
නැගෙනහිර විශ්වවිද්‍යාලය
ත්‍රීකුණාමල මණ්ඩපය

 


සරසවි නේවාසිකාගාර මදි

$
0
0
ජන 11, 2019 01:00

දරුවකුට ලබා දිය හැකි උසස්ම තෑග්ග වනුයේ නිවැරදි අධ්‍යාපනයයි. සමාජයට වැඩදායී උසස් මානව ගුණාංගවලින් පරිපූර්ණ දරුවකු සමාජගත කිරීම අතිශය ඵලදායක ය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපන කටයුතුවලට පිවිසීම සෑම දරුවකුගේම සිහිනයයි.

අපගේ අධ්‍යාපන ක්‍රමවේදයේ කේන්ද්‍රස්ථාන හැරවුම් ලක්ෂය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි. අ.පො.ස. සා.පෙළ / උසස් පෙළ සමත් වී ප්‍රතිශතයක් වශයෙන් උසස් අධ්‍යාපන වරම් ලබන්නේ අතළොස්සක් වූ සීමිත සිසුන් පිරිසක් පමණි.

මෙසේ උසස් අධ්‍යාපන වරම් ලබන දරුවන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාර ප්‍රශ්නය ප්‍රධාන වෙයි. ගමෙන් නගරයට පියනගන දරුවන් නේවාසිකාගාර හිඟකම මත විවිධ තැරැව්කාර පෞද්ගලික නේවාසිකාගාරවල අතරමං වෙයි. බොහෝ විට විශ්වවිද්‍යාල නේවාසිකාගාර දරුවන් සඳහා ලබා දෙන ක්‍රමවේදයක් ඇත. මේ තත්ත්වය තුළ දරුවන්ට වැඩිපුර මුදලක් ගෙවා හෝ පෞද්ගලික නවාතැන් සොයා ගැනීමට සිදු වේ.

මෙම තත්ත්වය තුළ වසරකට අප රටේ විශාල දරු පිරිසකට නේවාසිකාගාර පහසුකම් අහිමිවන අතර ගම්වල සිට පැමිණි දුප්පත් මාපියන්ට ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවේ. පවතින ගැටලුකාරී තත්ත්වය සමනය කර ගැනීමට රජයේ මැදිහත්වීම මත අමතර නේවාසිකාගාර ඉදිකර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අවශ්‍යය.

ඩබ්.කේ.මොහාන්
මහවැලි බී. කලාපය

සැඳෑ සමයට සහනයක් දෙන්න

$
0
0
ජන 11, 2019 01:00

මා විශ්‍රාමිකයෙකි. මගේ බිරියද විශ්‍රාමිකව සිට පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ඇගේ විශ්‍රාම වැටුප මා වෙත පවරාගත හැකියයි. එසේ විශ්‍රාම වැටුප් ලබා ගන්නා අය කී නිසා මාද බිරියගේ විශ්‍රාම වැටුප මා වෙත පවරාදෙන ලෙස ඉල්ලා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත මෙන්ම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ ලිපිවලට ලැබුණු පිළිතුරු වූයේ මෙයයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2014 අනුව වැන්දඹු පුරුෂ අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා මනාපය පළකිරීම සඳහා ලබාදුන් කාලය 2014.12.31 දිනෙන් අවසන් වී ඇති නිසා නැවත මෙම මනාපය පළ කිරීමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව බොහෝ ඉල්ලීම් ඉදිරිපත්කර ඇති බැවින් මේ සම්බන්ධව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත ඉල්ලීම සිදු කළ නමුත් ඊට පිළිතුරු වශයෙන් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය. දක්වා ඇත්තේ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයෙහි දායක නොවූ අය හට ඒ සඳහා දායක වීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධව සලකා බැලීම සඳහා මේ වනවිට කටයුතු කරමින් පවතී. ඒ සම්බන්ධව ගනු ලබන තීරණය අනුව නැවතත් මනාපය පළකිරීමේ කාලය දීර්ඝ කළහොත් සලකා බැලීම සඳහා ඔබගේ ඉල්ලීම පිළිබඳවද සලකා බලන බව පමණි.

එහෙත් අද බොහෝ විශ්‍රාමික පවුල්වලට විශ්‍රාමික වැටුප හැර වෙනත් විකල්ප ආදායම් මාර්ගයක් නොමැති හෙයින් ජීවිතය හා ජීවත් වීම යනු ඔවුන් මුහුණ දෙන විශාලතම අභියෝගය බවට පත්ව ඇත. තවද මෙම විශ්‍රාමිකයන් වැඩිදෙනෙකු ඉතා වයෝවෘද්ධ තත්ත්වයට පත්ව ශාරීරික හා මානසික වශයෙන්ද ගිල්න් වූවෝ වෙති. ඇතැම් විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප ගෙදර දොර නඩත්තුව තබා ඔවුනට මාසිකව පාවිච්චි කිරීමට සිදුව ඇති බෙහෙත් ද්‍රව්‍ය සඳහාවත් ප්‍රමාණවත් නොවන තරම්ය.

කරුණු මෙසේ හෙයින් පීඩිත ජනතාවගේ හදගැස්ම විනිවිද දැකිය හැකි ජනාධිපතිතුමනි හයලක්ෂයකට ආසන්න විශ්‍රාමික ප්‍රජාවක් ඉදහිට හෝ උදාවන මෙවැනි දුර්ලභ අවස්ථාවකින් ආර්ථික සහනයක් සහ මානසික සහනයක් සලසාගැනීම සඳහා මනාපය ලබාදීමේ කාලසීමා 2018.12.31 දිනෙන් ඔබ්බට දීර්ඝ කොට මෙම පොදු ප්‍රශ්නය විසඳා දෙන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටියි.

විශ්‍රාමික විදුහල්පති
එස්.ජී.ජයවර්ධන

පළමු පෙළ පළමු ජේලර්වරිය ආර් එම් නන්දනී

$
0
0
ජන 11, 2019 01:00
ඉන්ද්‍රාණි තෝරදෙණිය

මගේ සේවා කාලය වසර තිස් හයක්. ඇත්තටම මේක බරපතළ රාජකාරියක්. මොළය තියෙන බුද්ධිමත් උගත් නේවාසිකයින් ඉන්නවා. නූගත් අයත් ඉන්නවා. නොයෙක් ආවේගකාරී අයත් ඉන්නවා. මේ අය අතරේ තමා රාජකාරි කරන්ට තියෙන්නේ. රැඳවියන් කලකෝලහල කරගන්නා අවස්ථා තියෙනවා. ගොඩාක් ඉවසීමකින් සංයමයකින් නිලධාරින් විදිහට අපි කටයුතු කළයුතු වෙනවා. ආගමික කටයුතුවලින් ගොඩාක් දේ කරන්ට පුළුවන්.

රාජ්‍යයක පවත්නා අපරාධ සහ නීතිය කඩකිරීම හේතුවෙන් අධිකරණ විනිශ්චය අනුව එම වරදකරුවන් රඳවා තැබිම සඳහා අධිකරණ පිහිටවනු ලැබිණ. ඒ අනුව මෙරට බන්ධනාගාර ඉතිහාසය වසර දශක ගණනක් ඔබ්බට හිමිකම් කියනු ලබයි. අධිරාජ්‍යවාදී සමයේ ඇරැඹුණු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වරදට දඬුවම් දෙන සහ රැඳවියන්ට කෘරත්වයෙන් සලකන වධකාගාරයක් ලෙස නිර්මාණය විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව එදා මෙදා තුර වෙනස්කම් රැසකට භාජනය වෙමින් ආරක්ෂාව රැකවරණය සහ පුනරුත්ථාපනය යන සංකල්පය පෙරදැරි කොට වැරදිකරුවන් යහපත් පුද්ගලයින් ලෙස සමාජගත කරවීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරන මට්ටමකට අද පත්ව තිබේ. විවිධාකාර චෝදනා හේතුවෙන් ගැහැනු පිරිමි බේදයකින් තොරව සම මට්ටමකින් බන්ධනාගතවන සිරකරුවන් සහ සැකකරුවන් විසිතුන්දහසකට අධික ප්‍රමාණයක් මෙරට බන්ධනාගාර තිස් අටක සහ සිරමැදිරි විස්සක දැනට රැකවරණය ලබමින් සිටිති. තමන්ට ඇති චෝදනා හමුවේ දැඩි පීඩාකාරි මානසිකත්වයකින් පෙළෙමින් ජිවත් වන මොවුන් සමඟ කටයුතු කිරීම සඳහා බන්ධානාගාර නිලධාරින් සිදු කරනු ලබන සේවාව අතිශය බැරෑරුම් මෙන්ම එකි රාජකාරි නිති රාමුව තුළද තදබලය.

බන්ධනාගාර සේවාවේ යෙදෙන නිලධාරීන් හාරදහස් පන්සියය ඉක්මවයි. නිලධාරින් මෙන්ම කාන්තා රැඳවියන් සමඟ කටයුතු කරන නිලධාරිනියන්ද පුරුෂ පක්ෂය සමඟ කරට කර සේවයෙහි යෙදි සිටිති. 1841 වසරේ මෙරට ප්‍රථම බන්ධනාගාරය පිහිටවු දා සිට අද දක්වා කාලය තුළ බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථව කාන්තා පළමුපෙළ ජේලර්වරියක් පත්ව සිටි. බන්ධනාගාර නියාමක වරියක් ලෙස සේවයට එක්වු ඇය පියවරෙන් පියවර ඉදිරියට විත් තිස් හය වසරක සේවා කාලයෙන් පසු පසුගියදා පළමු පෙළ කාන්තා ජේලර්වරියක් ලෙස උසස් වීමක් ලැබ සිටි. මේ තනතුර හොබවන ලංකාවේ පළමු කාන්තාව ඇය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

තම ලෙයින් උපන් දරුවන් ගැන නොසිතා නොයෙක් වැරදිවලට පෙළඹුණු කාන්තාවන් , අම්මාවරුන් දහස් ගණනක් සිපිරි ගෙවල්වල දුක් විඳිද්දී ඔවුන්ට ආරක්ෂාව රැකවරණය සපයා යහමඟට ගන්නට වෙහෙසෙන කාන්තා නිලධාරිනියන් සැමට ආදර්ශයකි. එවන් නිලධාරිනියන් අතරේ මනා සේවයේ උත්තරිත්වයට පත්වු ඇය සොයා පසුගියදා ඇගේ නිවසට අපs ගියෙමු.

මහනුවර මහකන්ද ප්‍රදේශයේ පදිංචි ඇය ආර් එම් නන්දනි රාජනායකයි. අප එහි යන විටත් පසු දිනට නියමිතව තිබු සිය උසස් වීමත් සමඟ ස්ථාන මාරුවක් ලැබු නව සේවා ස්ථානයට යාමට අවශ්‍ය දේවල් සුදානම් කරමින් සිටි ඇය සුහඳශීලිව අප පිළිගත්තාය.

1961 වසරේ උපන් ඇය පස් දෙනකුගෙන් යුතු පවුලක එක් දියණියකි. මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ අම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙනි. මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබා ඇත. පාසල් අවධියේ පටන්ම අධ්‍යාපනයට මෙන්ම ක්‍රිඩාවටද උපන් හපන්කම් දැක්වු ඇය විද්‍යාලිය මෙන්ම බාහිර ක්‍රිඩා තරඟ රැසකින්ම ජය ලබා ඇති දක්ෂ ක්‍රීඩිකාවක් බව ඇය සතු සහතික සනාථ කරයි.

“මගේ පියා බන්ධනාගාර ජේලර්වරයෙක්“ඇය පටන් ගත්තේ එතනිනි. මගේ තාත්තා රස්සාවට ගොඩාක් ආදරය කළා. හරියට වැඩ කළා. මම පොඩි කාලේ ඉඳලම තාත්තගේ හැසිරිම් රටාව දැක්කා. මටත් රජයේ රැකියාවක් කරන්න ආශාව තිබුණත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන එක මගේ ඇ‍ඟේ තිබුණේ නැ. ඒක මගේ ඔළුවට දැම්මේ තාත්තා. තාත්තා මට බල කරලම කිවා මගේ හැකියාවනුත් එක්ක බන්ධානාගාර නියාමකවරියක් වෙන්ටම ඕනැ කියලා. . ඉතින් මගේ ඔළුවෙත් ටික ටික ඒ ආශාව වැඩ කළා. මම පාසලෙන් අස්වෙලා දහම් පාසල් ගුරුවරියක් විදිහට වැඩ කළා. අවුරුදු විසි දෙකේදි බන්ධනාගාර නියාමකවරියක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳුණා. ඒ 1983 වසරේ. මගේ තාත්තා ඒ දවසේ ගොඩාක් සතුටු වුණා. තාත්තා තමන්ගේ සේවා ස්ථානයට කොච්චර ආදරේද කියලා එදා මට තේරුණා. අවංකවත් නිති ගරුකවත් විනය ගරුකවත් රාජකාරිය කළ යුතු යැයි තාත්තා එදා මට උපදෙස් දුන්නා. මම ඒක ඒ විදිහටම කරනවා කියලා එදා තිරණය කළා. අම්මා රැකියාවක් කළේ නෑ ඒත් මට ආශිර්වාද කළා.

පසුව අනුරාධපුරයේ පර්යේෂණ සහ විශෝධන මධ්‍යස්ථානයේ පුහුණුව ලබලා ස්ථිර නියාමක වරියක් ලෙස 1984 වසරේ සේවයට එක් වුණා. පසුව මිගමුව, හලාවත බන්ධනාගාර සිර මැදිරි වල සේවය කළා. 1986 වසරේ මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබුණා. තවද හැටන් සහ ගම්පොළ සිර මැදිරිවලත් සේවය කළා. 2002 වසරේ බෝගම්බර බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබිලා එහි පැමිණ 2004 අවුරුද්දේ සැරයන් තනතුරේ විභාගයෙන් පාස් වුණා. එදත් විභාගය සමත් වුණු අට දෙනාගෙන් සම්මුඛ පරික්ෂණයෙන් තේරුණ එකම කෙනා මම. එදා මම ගොඩාක් සතුටු වුණා. මම කරන හැම දෙයක්ම හරියට කරලා මට හැකි උපරිමය කරනවා කියලා එදා මම තීරණය කළා. ඉන් පසු මම මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයට ආවා. ඉන්පසු 2012 වසරේ දෙවන පෙළ ජේලර් තනතුරට පත්වුණා. එදා එක තනතුරයි තිබුණේ. ඒකත් මට ලැබුණා. ඉන්පසු වැලිකඩ බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබුණා. එහි කාන්තා අංශය බාර ජේලර් වරියක් හැටියට සේවය කළා.නැවත බෝගම්බරට ස්ථාන මාරුවක් ආවා. කාන්තා අංශය බාර ජ්‍යෙෂ්ඨ ජේලර්වරිය හැටියට කටයුතු කළා.2018 වසරේ පැවති පළමු පෙළ ජේලර් විභාගයෙන් මම සමත් වුණා. ඒකටත් මම විතරයි තේරුණේ. මේ පළමු පෙළ කාන්තා ජේලර් තනතුරට මෙතෙක් පත් වුණු එකම කෙනා මම. මම ආපු ගමන දිහා බලද්දි ගොඩාක් සතුටු වෙනවා. මේ ගමන් මගේ බාධක ගොඩක් තිබුණා. සාධාරණවත් අවංකවත් කැපවීමෙනුත් කටයුතු කළ නිසා ඒ සියල්ල ජය ගන්න හැකි වුණා. එදා මගේ තාත්තා කීවා අවංකව කැපවීමෙන් වැඩ කරන්න. ඉහළට යන්ට පුළුවන් සේවය ගැන සතුටු වෙන්ට පුළුවන් කියලා. අද තාත්තා නැ. ඒත් තාත්තා බලාපොරොත්තු වු ඒ ගමන මම ආවා කියලා සතුටු වෙනවා. මෙතෙන්ට එන්ට මගේ පෞද්ගලික ජිවිතයේත් බොහෝ කැපවිම් කළා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ස්ථාන මාරු ලැබෙද්දි මම ඕනැම තැනකට ගියා. ගෙදර කළමනාකාරිත්වයත් හරියට රැකගෙන. ඒක අසිරුයි. නමුත් බිරියක් මවක් විදිහට ගෙදරට දිය යුතු තැන ගෙදරට . රාජකාරියට දිය යුතු තැන රාජකාරියටත් දුන්නා.

බන්ධනාගාරය යනු විනෝදාත්මක තැනක් නොවේ. පීඩාකාරී ආවේගකාරී මානසිකත්වයන් සමඟ සේවය කළ යුතු ස්ථානයකි. එවන් පරිසරයක වැඩ කරද්දී ඇගේ තිස් හය වසරක සේවා කාලය තුළ අනන්ත වු අත් දැකිම් ඇති. ඒ පිළිබඳ ඇගෙන් විමසුවෙමු.

“මගේ සේවා කාලය වසර තිස් හයක්. ඇත්තටම මේක බරපතළ රාජකාරියක්. මොළය තියෙන බුද්ධිමත් උගත් නේවාසිකයින් ඉන්නවා. නුගත් අයත් ඉන්නවා. නොයෙක් ආවේගකාරි අයත් ඉන්නවා. මේ අය අතරේ තමා රාජකාරි කරන්ට තියෙන්නේ. රැඳවියන් කළ කෝලහල කරගන්නා අවස්ථා තියෙනවා. ගොඩාක් ඉවසීමකින් සංයමයකින් නිලධාරින් විදිහට අපි කටයුතු කළ යුතු වෙනවා. ආගමික කටයුතුවලින් ගොඩාක් දේ කරන්ට පුළුවන්. අපි බන්ධනාගාරය තුළ නොයෙක් ආගමික වැඩ සටහන් පවත්වනවා ඒවා නැවත නැවත මතක් කර දෙමින් ආගමික නැඹුරු තාවයක් ඇති කරන්න පුළුවන්. ඒ තුළින් ඔවුන්ගේ බිඳුණු සිත්වලට ලොකු සහනයක් ලබා දිමට පුළුවන්. ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු අය ඉන්නවා. මරණ දඬුවම නියම වු අය ඉන්නවා. මේ අයගේ මානසිකත්වය එක්ක හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි.

මගේ රාජකාරි ජිවිතයේ මේ නේවාසිකයින් සමඟ කටයුතු කරද්දි අමතක නොවන සිද්ධින් බොහෝ තියෙනවා. දිනක් උදේ පාන්දර සිර මැදිරි වල දොරගුළු විවෘත කළා විතරයි. ..තම අත දරුවා සමඟ සිටි රැඳවියක් දරුවා රැගෙන කැ ගසමින් දුවගෙන ආවා. දරුවාට සන්නියක් හැදිලා. වයස අවුරුදු එක හමාරයි. මම දරුවා ඉක්මනින් අරගෙන රෝහල් ගත කරලා තමයි ඉතිරි වැඩ ටික කළේ. දරුවාට ඉක්මන් සුවය ලබා දිමට හැකිවුණා. එවැනි අවස්ථාවල ඒ සඳහා මුලිකත්වය දි කටයුතු කරනවා. තව දවසක් අත දරුවකුට කිරි හිරවෙලා. ඒ අවස්ථාවේත් මම දරුවා අතට ගෙන හැකි හැම දේම කරලා ඒ දරුව බේරගත්තා.

තව දවසක් එක් රැඳවියක් මියගිහින් බව දැනගන්නට ලැබුණා. අනෙක් කාන්තා රැඳවියන් කෑ ගහනවා. චෝදනා කරනවා. ඒ මිය ගිය කාන්තාව හදවත් රෝගය ඇතුළු රෝග ගණනාවකට ප්‍රතිකාර ගන්න කෙනෙක්. සියලු බේත් කාඩ් අනෙක් අය හංගලා. බොරුවට චෝදනා කරමින් කෑ ගහනවා. එවැනි අවස්ථාවල ගොඩාක් ඉවසිමෙන් කටයතු කළ යුතුයි. මම හංගලා තිබුණ බේත් ගන්න කාඩ් සියල්ල අනෙක් රැඳවියන් ළඟ තිබි සොයා ගෙන අවශ්‍ය කටයුතු කළා. එවැනි දේ ඒ අය සිදු කරනවා. නොයෙක් මානසික තත්ත්වයන් තුළ පසුවන පිරිස් ඉන්න තැන්. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.“

ඇගේ කරුණාව ඉවසීම කොතරම් මේ ගමනට බලපාන්න ඇත්දැයි අපට පසක් විය. ඇය රාජකාරිය දේවකාරිය මෙන් සළකා කටයුතු කරන්නීය

ඇය අප සමඟ පිළිසඳරේ යෙදෙන විට ඇය අසල ඇගේ ස්වාමි පුරුෂයා විය. බැංකු නිලධාරියෙකු වු ඔහු දරුණු පිළිකා රෝගයකට ගොදුරු වි සිටි. විටින් විට ඇගේ රාජකාරි දිවියේ ඇයට අමතක වුණු තැන් ඔහු ගෙන හැර දැක්විය. ඇය සිටියේ කඳුලු පිරි දැසිනි. එය සතුටත් දුකත් එකට මුසු වු කඳුළකි. ඒ මන්ද යත් ඇය පසු දින සැතපුම් සියයක දුරක් ගෙවා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බාරගතයුතුව තිබිණි. රාජකාරිය අනුව එසේ විය යුතුමය.

තවමත් තනිකඩව සිටින දරුවන් දෙදෙනාද රැකියාවල නියතු නිසා ස්වාමි පුරුෂයා නිවසේ තනිකර දමා ඇය යායුතුය. ඔහුගේ තනියට මෙන්ම මානසික සුවය සඳහා ඇය කැඳවා ඇත්තේ ස්වාමි පුරුෂයාගේ අසු අට හැවිරිදි මවය. ඇයගේ දෙනෙත් පෙනීම දුර්වලය. එම වයෝවෘද්ධ මව ස්වාමි පුරුෂයා ළඟ තබා යන්නේ ආදරයත් විශ්වාසයත් නිසාය. පෙම් සබදතාවයකින් යුග දිවි ඇරඹු ඇය ඒ තරමටම ඇගේ ස්වාමි පුරුෂයාට ආදරේය. කවදත් තම භාර්යාවගේ ගමනට සෙවණැල්ලක් මෙන් සිටි ස්වාමි පුරුෂයා ආයාසයෙන් තම රෝගී දුක වේදනාව දරාගෙන ඇගේ ගමනට සුභ පතන්නට තරම් හිත දැඩිකරගෙන සිටි. ස්වාමි පුරුෂයාගේත් ඔහුගේ මෑණියන්ගේත් වැඩ කටයුතු සිදු කර පාන්දර හතර හමාරේ බසයෙන් කොළඹ බලා යාමට ඇය තිරණය කර ඇත. රාජකාරි කටයුතු නිමකර ඔවුන්ගේ කැදැල්ලට ඇය රාත්‍රිෙය් පැමිණෙනු ඇත. ඇගේ ඉදිරි දින චරියාව එය වනු ඇත. පෞද්ගලිකත්වය සහ රාජකාරිය එකට පටලවා නොගෙන ඉදිරි ගමන යාමට ඇය අදිටන් කර ගෙන සිටි. මනුස්සත්වය, උත්සාහය, අවංකකම, ආදරය , කැපවීම නිසාම ඇය මේ ගමන පැමිණ තිබේ. ලංකාවේ පළමු පෙළ කාන්තා ජේලර් තනතුරට පත්වු පළමු නිලධාරිනිය ලෙස ඉතිහාස පොතේ ඇගේ නම හෙට දිනයේ සනිටුහන් වනු ඇත.

සතුටට උනන කඳුළත් දුකට උනන කඳුළත් දෑසින් එකවර වැගිරෙද්දි එය සඟවා ගත් ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය බාර නිලධාරිනිය ලෙස කාන්තා රැඳවියන්ගේ හෙට දවසේ යහපත වෙනුවෙන් තම සේවය සලසමින් සිටින්නීය. ඇයට සුභ පතමු.

ඡායාරූප රුවන් මීගම්මන

පතල් ඩීල් සහ කුණු කොන්ත්‍රාත් ඩීල්

$
0
0
ජන 11, 2019 01:00

ඇමරිකන් හස්ල් 54

“ කැම්ඩන්වල කුණු කොන්ත්‍රාත් එක කැට්ස්ට දෙන එක සිම්පල්. අපිට පුළුවන් මුලු දිස්ත්‍රික්කයකම කුණු කොන්ත්‍රාත්තු කැට්ස්ට අල්ලලා දෙන්න. මට ඒකට පොටක් පෑදීගෙනයි එන්නේ. ෆිලඩෙල්ෆියාවලට අලුතෙන් තේරිලා එන්න යන නගරාධිපති විලියම් ග්‍රීනුයි, නිව් ජර්සි නගර සභාවේ සභාපති ජෝර්ජ් ෂ්වාර්ට්සුයි මම ළඟින්ම ආශ්‍රය කරන හින්දා වැඩේ අමාරුවෙන එකක් නැහැ. ෂ්වාර්ට්ස් නම් ටිකක් අමාරුකාරයෙක්. මිනිහාට පගාව දෙන්නම වෙනවා. ඒත් වැඩේ ෂුවර්.

ඇමරිකානු ජනපති පවා තම අත පොවන මානයේ තබාගෙන සිටි සෙනේටර් විලියම්ස් වූ කලී රජයේ කොන්ත්‍රාත්තුවලට වගකියන ඉදිරිපෙළ බලවතකු විය. රජයේ කොන්ත්‍රාත්තු ලබාගැනීමේදීත්, රාජ්‍ය ආරක්ෂක සේවාවට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් හඳුනාගැනීමේදීත් අත්‍යවශ්‍ය අංක එකේ සාධකය වූයේ සෙනේටර් විලියම්ස්ය. කිසිම ආයෝජනයක් සිදුකර නොතිබුණත්සෙනේට්වරයා ටයිටේනියම් පතල් ව්‍යාපාරයේ කොටස්කරුවකු කරගෙන තිබුණේ ඒ හේතුව නිසාය. පතල් ව්‍යාපාරයේ සෙනේට්වරයාගේ භූමිකාව රහසක්ව තබාගැනීමට පෙළඹවූ ප්‍රධානම හේතුවද එයමය. සෙනේට් භූමිකාව අතකොළුවක් කරගනිමින් පතල් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යොදාගන්නේ එහි කොටස්වලට හිමිකම් කීමේ අරමුණින් බව ප්‍රසිද්ධියට පත්වුවහොත් නවතින්නට සිදුවන්නේ ෆෙඩරල් අපරාධ අධිකරණය හමුවේ බව සෙනේට්වරයා හොඳින් දැන සිටියේය.

සෙනේටර් විලියම්ස්ගේ පතල් භූමිකාවේ ගැටලුව විසඳුණේ තවත් ගැටලු දෙකක් උද්ගත කරමිනි. ඇබ්ස්කැම් කණ්ඩායම යළිත් ඔළුගෙඩි හප්පාගන්නට පටන් ගත්තේය. පළමුවැන්න ටයිටේනියම් පතල ගැන දක්වන උනන්දුව මේ යැයි ඔප්පු කරන්නේ කෙසේද යන්නය. විලියම්ස්ගේ උනන්දුවට හේතුව වසන් කරගෙන හිටියේ ඔහුගේ නියෝජිත ෆෙයින්බර්ග්ය. ෆෙයින්බර්ග්ගේ උනන්දුවට සැඟවුණ හේතුව තිබුණේද කාටත් අත පෙවිය නොහැකි මානයකය. ඊළඟ ගැටලුව සෙනේටර් විලියම්ස් පතල් ව්‍යාපාරයෙන් තම ලාභය ගන්නේ එහි හිලව්වට, පතල් ව්‍යාපාරයට වාසිවන පරිදි වැඩ කිරීමට රජයට බලපෑම් කිරීමේ පදනම පිටය යන්න ඔප්පු කිරීමට නෛතික සාක්ෂි නැතිවීමය. ජෝන් ගුඩ් කියන ආකාරයට කිසිවකු දූෂිතයකු බව දැනගැනීම එකකි. එය සාක්ෂි ඇතිව ඔප්පුකිරීමට අපරාධ නඩුවක් ගොනු කිරීම තවෙකකි. ඇබ්ස්කැම් මෙහෙයුම ඉදිරියට ගෙන යා නොහැකිව හිරවූ සෑම අවස්ථාවකදී මෙන්ම මෙතැනදීත් ගැලවුමට ආවේ වෙයින්බර්ග්ගේ උපාය ඥානයයි.

“ ටයිටේනියම් ඩීල් ටික හැන්ඩ්ල් කරන්න අපි අලුත් ගේමක් පටන්ගමු. අලුත් පතල් සංස්ථාවක් හදලා එයාලගේ ඔක්කොම ටයිටේනියම් ගනුදෙනු ටික ගාණට කරගෙන යන්න ඒකට භාරදෙමු. එරිචෙට්ටි තමයි සංස්ථාවේ වැඩවලදී අපේ ව්‍යාපාරික සගයා කියලා සෙනේටර්ටයි, ෆෙයින්බර්ග්ටයි කියමු. පතල් වැඩවලට යසීර්ගෙන් සල්ලි පන්නගන්න නම්, මටයි, ටෝනිටයි, නගරාධිපතියටයි එයාලගේ පතල් බිස්නස් එක ටිකක් එහෙන් මෙ‍ෙහන් රන් කරන්නයි, ඒකේ ලාභෙන් කොටහකුයි ඕනේ කියලත් කියමු. සංස්ථාවේ කොටස් ටිකක් සෙනේටර්ට දීලා, ඒකේ හිලව්වට ආණ්ඩුවෙන් අපිට කරලා දෙන්න එයා එකඟවන දේවල් මොනවාද කියලා දැන ගන්න අපිට පුළුවන්. එතකොට සෙනේට්කාරයා නිකම්ම දැලේ. කොටස් නිකම්ම ගන්න එයා අපිට ඒ වටිනාකමට හිලව්වෙන්න දෙන්නේ මොනවාද කියලා එයාට කියන්නම වෙනවා. ඒ වගේ දෙයක් රෙකොඩ් කරගත්ත කියන්නේ පුචියෝට ලුණු ඇඹුල් ඇතුව හොඳවැයින් කේස් එකක් හදාගන්න, ඒකම ඇතිනේ. “

බැලූ බැල්මට එය නිර්භීත සැලැස්මක් විය. නමුත් ඒ එඩිතරකම ජෝන් ගුඩ්ගේ සිත් ගත්තේය. හුදෙක් නමට පමණක් සීමාවු සංස්ථාවක් වුවත්, අනාගතයේදි ඒ සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට සිදුවනු නියතය. සැලැස්මේ ඉදිරිය සකස් කිරීමට සිදුවන්නේ සැලැස්ම ක්‍රියාත්මක වන අතරවාරයේදීමය. එය ඇබ්ස්කැම් කණ්ඩායමට තවත් අභියෝගයකි. නමුත් දැනට පවතින තත්වය අනුව එය අපූරුවට ගැලපෙන වෙයින්බර්ග්ටම කියාපු සැලැස්මකි. දැලට හසුවූ ගොදුරේ ගෙලට, ඔහුගේම කෑදරකමේ තොණ්ඩුව තවත් සිරකිරීමකි.

“අපි ඒකත් කරලා බලමු.“

ගුඩ් සිය අවසන් වචනය දුන්නේය.

සිය කාර්යාලයේ ජනේලයෙන් එපිටට දෑස් යොමුව තිබුණත් වෙයින්බර්ග් දැන් මේ කරමින් ඉන්නේ තමාගේම සැලැස්මේ ඊළඟ පියවර සංවිධානය කිරීමයි. ඊට මොහොතකට පෙර ඔහු සෙනේටර් විලියම්ස්ගේ නියෝජිතයා මෙන්ම නීතිඥයාද වන ඇලෙක්සැන්ඩර් ෆෙයින්බර්ග්ට සුබ ආරංචියක් ලබා දුන්නේය.

“ඔන්න ඇලෙක්ස් වැඩේ හරි. සැවානාවල ඇමරිකන් සිනිමිඩ් එකයි, බ්ලු රිජ්වල ෆැක්ටරි එකයි ගන්න යසීර්ගෙන් කොහොම හරි ඩොලර් මිලියන් සීයයක් පන්න ගත්තා. ඒකට හොඳ ගේමක් දෙන්න වුණා. වකාරේට සල්ලි තිබුණත් මිනිහා හොඳ හේතුවක් නැතුව ඩොලර් එකක්වත් හොලවන්නේ නැහැ. හැබැයි ඉතින් එක කොන්දේසියක් උඩ. සල්ලි ටික ඔහේට පාස්කරන්න නම් මගේයි ටෝනිගෙයි ‘ඕකේ‘ එක ඕනේ කියලයි යසීර් කියන්නේ. මිනිහාට අපි දෙන්නා ඇරෙන්න මිනිහාගේ ගෑනිවත් විශ්වාස නැහැ. ඉතින් වෙච්ච මහන්සියේ හැටියට අපි දෙන්නටත් දෙයක් තියෙන්න එපැයි. ඔයාට තියෙන්නේ පතල් සංස්ථාවේ ලාබෙන් කොටහක් අපි දෙන්නටයි එරිචෙට්ටිටයි දෙන එක. ඒක යසීර් දැනගන්න ඕනේ නැහැ. ඒක අපි දෙතුන්ගොල්ලෝ අතරේ වෙච්ච ඩීල් එකක්. මොකද කියන්නේ. මෙහෙම චාන්ස් හැමදාම වදින්නේ නැහැ.“

“හැමදාම හැමෝම එක්ක ඩීල් දාන අපිට ඕක මොකක්ද මෙල් ? ඇරත් මේ වැඩෙන් අපි හැමෝම ගොඩයනවානේ. වැඩේ තීන්දුයි කියලා හිතා ගන්න.“ ෆෙයින්බර්ග් දෙපැත්තට වැනෙන්නේ නැතිව දුන් කෙළින් උත්තරය නිසා, බලාපොරොත්තු වූ පරිදිම සිය යෝජනාවෙන් ඔහු ප්‍රීතියට පත්ව සිටින බව දැන වෙයින්බර්ග් තවත් ඇමක් දැම්මේ ඩොලර් මිලියන සියයේ ණය ලබාදීම කල් දැමීමේ අරමුණිනි. ඇට්ලන්ටා නුවර ‘ඩූන්ස්‘ කැසිනේ ජාලයේ ශාඛාවක් ඉදිකිරීමට අවශ්‍ය මුල්‍යාධාර අබ්දුල්ගෙන් ලබාදෙන ලෙස ෆෙයින්බර්ග් ඉල්ලා තිබුණේ මීට කලකට ඉහතදීය. ඊට ප්‍රමුඛත්වය දී වැඩේ අවසානයක් දකින තුරු ඩොලර් මිලියන සියයේ ණය ලබාදීම ටික කලකට පමාවනු ඇති බව වෙයින්බර්ග් දන්වා සිටියේය. ඩුන්ස් කැසිනෝ ජාලයේ අයිතිකරුද ඇබ්ස්කැම් දැලට කොටුකර ගැනීමට තරම් වටිනා සලකුණක් වූ බැවින් එක ඇමෙන් ගොදුරු දෙකක් ඩැහැගැනීමට එය කදිම උපායක්ද විය.

“ නගරාධිපතියාට පතල් සංස්ථාවේ කොටස් දෙන්න ගත්ත තීරණේ තමයි හොඳම වැඩේ. දැන් මිනිහාට කොහෙත්ම අපිව දාලා යන්න බැහැ. මිනිහා දැන් යසීර්ගෙන් හම්බවෙන්න තියෙන ඩොලර් මිලියන් දාහතේ කොක්කේ පැටලිලයි ඉන්නේ. ඒකට තියෙන උනන්දුව හින්දා දැන් සෙනේටර්වයි, සැන්ඩි විලියම්ස්වයි රන් කරන්නෙත් මිනිහා. කොටින්ම දැන් හැමෝම දුවන්නේ නගරාධිපතිගේ කීමට. කුණු අවුස්සන ජෝර්ජි කැට්ස්වත් නගරාධිපතිට අඳුන්වලා දුන්නම වැඩේ තව ටිකක් නැඟලා යයි.“

වෙයින්බර්ග් තනිවම සිතුවේය. කවදත් තමා සිතන දේවල් ඇත්ත වන බවත් හේ දැන සිටියේය.

වසන්තය කඩිනමින් ගෙවී යද්දී ඊට නොදෙවැනි වේගයකින් ඇබ්ස්කැම් මෙහෙයුමත් ප්‍රගතිය ලබමින් සිටියේය. නිව්යෝක්, ෆ්ලොරිඩා, ලෝන්ග් අයිලන්ඩ්, ඇට්ලන්ටා සිටි හා නිව් ජර්සි වැනි පාතාලයේ තදාසන්න නගරවලින් වැල නොකැඩී අලුත් මගඩි ලැබෙමින් තිබූ වකවානුවකි ඒ. එරිචෙට්ටි හා ෆෙයින්බර්ග්ද තවත් අලුත් වැඩකට අතගසා තිබිණි. ඒ නිව් ජර්සි නුවර ‘ගාර්ඩ්න් ස්ටේට්‘ නමින් අලුත් තුරඟ ධාවන පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකි. ඊට අබ්දුල්ගෙන් මුදල් ණයට ගෙන දෙන ලෙස දෙදෙනා කළ ඇවිටිලිවල කෙළවරක් නැත. ණයේ හිලව්වට තුරඟ තරඟ පිටියට විශේෂ බදු සහනයක් ලබාදෙන පණතක් රජය ලවා සම්මත කරවාදීමටද එරිචෙට්ටි ගිවිසුම් දී තිබිණි.

ඇබ්ස්කැම් ගනුදෙනු ගැන සොයාබලමින්, සලකුණු මෙල්ල කර ගන්නා අතරවාරයේ නිවෙසක් සොයා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමටත් වෙයින්බර්ග්ට සිදුව තිබිණි. ඒ අතර බිරිය මාරිගෙන් එන පැමිණිලි නොසලකා හැරීමටද ඔහුට හැකියාවක් තිබුණේ නැත. ඇබ්ස්කැම් ගනුදෙනුකරුවන්ගේන් දෛනිකව එන පනහකට හැටකට අධික දුරකතන ඇමතුම්වලට පිළිතුරුදී හෙම්බත්ව සිටි මාරිගේ ඉවසී විට රතු ඉර පැන තිබිණි.

“මෙල්, මට තවත් මේ කරදර උහුලන්න බැහැ. ඇයි දෙයියනේ මමත් මනුස්සයෙක්නේ. ඔයා ඉන්නවා කියලා ගෙදරදොර වැඩක් හොයල බලන එකක්යැ. උයන පිහන වැඩයි, ගෙදර වැඩයි, ළමයාගේ වැඩයි ඔක්කොම කරන ගමන් දවසකට කෝල් පනහකට හැටකට උත්තර බඳින්නත් වෙලා. හරිනම් මට දැන් ටෙලිෆෝන් ඔපරේටර් විදිහට පඩියක් දෙන්න වටිනවා.“

මාරිගේ කතාව අසාධාරණ නැතැයි වෙයින්බර්ග්ට සිතිණ. එරිචෙට්ටි එදින ලබාදුන් ඇමතුම අහවර කිරීමටම වෙයින්බර්ග්ට පැයකට හමාරකට වැඩි කාලයක් ගතව තිබිණි. ඒ එක ඇමතුමකින් කරගැනීමට වැඩ රාශියක් නගරාධිපතිට තිබූ නිසාය. තුරඟ ධාවන පථයට අවශ්‍ය ණය, බොබ් ගුචියෝන්ගේ කැසිනෝ අවන්හල ඉදිකිරීමට ලබාදෙන්නට පොරොන්දු වූ ණය මුදල, ටයිටේනියම් පතල, කැම්ඩන් නගරයේ ඉදිකරන්නට යන තවත් නිවාස සංකීර්ණයක් පිළිබඳ ගනුදෙනු මදිවාට ඇට්ලන්ටා නුවර කැසිනෝ අවන්හල් ඉදිකිරීමට සුදුසු යැයි තමා තෝරාගත් ස්ථානවල ලැයිස්තුව යසීර්ට පෙන්වීමටද එරිචෙට්ටිට තදින්ම වුවමනාව තිබිණි. එක දුරකතන ඇමතුමකින් ඒ සියල්ල වෙනුවෙන් කේවල්කරන නගරාධිපති ඇමතුම නිමා කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂ සභාපතිවරයා සමඟ හමුවකට දිනයක් වෙන්කර දෙන ලෙස ඉල්ලමිනි. දවසකට එවැනි දුරකතන ඇමතුම් පනහක් හැටක් සමඟ ඔට්ටුවීමට වෙයින්බර්ග් හැර අන් ජගතකු නැත.

එරිචෙට්ටිට කැට්ස් හඳුන්වාදීම සියල්ලට වඩා වැදගත් බව සිතූ වෙයින්බර්ග්, ඇට්ලන්ටා නුවර හොලිඩේ ඉන් හෝටලයේ හමුව සංවිධානය කළේය. එය කුණු කොන්ත්‍රාත්තු රජකළ හමුවක් විය. කැම්ඩන් පමණක් නොව මුලු නිව් ජර්සි නගරයේම කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තු කැට්ස්ට ලබාදීමට නගරාධිපති එකඟ විය.

“කැම්ඩන්වල කුණු කොන්ත්‍රාත් එක කැට්ස්ට දෙන එක සිම්පල්. අපිට පුළුවන් මුලු දිස්ත්‍රික්කයකම කුණු කොන්ත්‍රාත්තු කැට්ස්ට අල්ලලා දෙන්න. මට ඒකට පොටක් පෑදීගෙනයි එන්නේ. ෆිලඩෙල්ෆියාවලට අලුතෙන් තේරිලා එන්න යන නගරාධිපති විලියම් ග්‍රීනුයි, නිව් ජර්සි නගර සභාවේ සභාපති ජෝර්ජ් ෂ්වාර්ට්සුයි මම ළඟින්ම ආශ්‍රය කරන හින්දා වැඩේ අමාරුවෙන එකක් නැහැ. ෂ්වාර්ට්ස් නම් ටිකක් අමාරුකාරයෙක්. මිනිහාට පගාව දෙන්නම වෙනවා. ඒත් වැඩේ ෂුවර්. “

“නගරාධිපතිතුමා කියන දේකට මමත් ඔට්ටුයි. ඔබතුමාට ඕන විදිහට වැඩේ සිද්ධ වෙයි. මේ ජෝර්ජි වචනයක් දුන්නොත් දුන්නාම තමයි.“ කැට්ස් පැවසුවේ ස්ථිරසාරවය.

(කැට්ස් පසුව වෙයින්බර්ග්ට රහසින් හෙළි කළේ තමා නගරාධිපතිට කුණු කොන්ත්‍රාත්තුවේ හිලව්වට ඩොලර් විසිදහසක ණයක් දුන් බවයි.)

“එතකොට දිස්ත්‍රික්කයේම කුණු අයින් කරන්න ෆැක්ටරි එකක් හදන වැඩේ අබ්දුල් හරි යසීර් ලව්වා හරි කරගන්න අපිට පුළුවන්. කැට්ස්ට තියෙන්නේ කුණු එකතුකරලා තියාගන්න එකයි. නගරේ කුණු බැහැර කරන වැඩේ පුද්ගලික සමාගමකට දෙනවා නම්, නගර සභාවේ කසළ ශෝධකයෝ රස්සාවෙන් අයින් කරන්න ෆිලඩෙල්ෆියාවට සිද්ධ වෙයි. ඒත් මොකද ? කුණු ජොබ් එකේ ගතමනාව අපිට බෙදා ගන්න බැරියැ.“

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

සඳුදා: චෙක්පත් මාරු කිරීමේ මගඩියක්

පියඹා යාවී සෞදි කිරිල්ලී

$
0
0
ජන 11, 2019 01:00
ෆවුස් මොහොමඩ්

‘ඔබේ අත්තටු බිඳ දමන්න කිසිවකුට ඉඩ නොදෙන්න. සටන් කරමින් ඔබේ අයිතිය දිනාගන්න.‘

දින කිහිපයක සිට ලොව කැළඹූ පුවතක් බවට පත්වූ අන්තර්ජාලයේ වැඩිම අවධානයක් දිනාගත් සෞදි යුවතිය 18 හැවිරිදි රහාෆ් මොහොමඩ් අල් කූනුන් සිය ‘ට්ටිටර්‘ ගිණුමේ එසේ සටහන් කළේ පෙරේදා ඔස්ට්‍රේලියානු රජය ඇයට සිය රටට ඇතුල්වීමට අවසර දෙන බවට කළ ප්‍රකාශයෙන් පසුවය.

දැඩි මතධාරී ඉස්ලාම් ප්‍රජාවගේ මූලස්ථානය ලෙස සැළකෙන සෞදි අරාබියේ කාන්තාවන් මුහුණ පා සිටින හිංසනයට විරුද්ධව කැරළි ගසමින් එරට දස දහස් ගණනාවක කාන්තාවන්ගේ ජීවිතවලට අලුත් පැහැයක් ගෙන දුන් මේ දිරිය සම්පන්න යුවතිය සරණාගත ලේබලය යටතේ හෙට අනිද්දාම ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබනු ඇත. එහිදී ඇය සිය ස්වාධීන ජීවන රටාවක් වෙනුවෙන් පොදි බඳින්නට වූ සිහින සමුදාය එකින් එක සැබෑ කරගනු ඇත.

ඇගේ නිර්භීතභාවයත්, සිතට කා වදින විස්මිත ක්‍රියාකලාපයත්, සෞදියේ කාන්තාවන්ට සිදුවන හිරිහැර ගැන ලෝක ප්‍රජාවගේ ඇස් ඇරවීමත් නිසා රහාෆ් අල් කූනුන් මේ වනවිට ජාත්‍යන්තර චරිතයක් බවට පත්වී හමාරය.

මීට දින 6කට පමණ පෙර කුවේට් හී සංචාරයක නිරතව සිටියදී සිය පවුලේ සාමාජිකයන්ගෙන් මිදී පලා ගිය ඇය ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට යාමට සංචාරක විසා ලබා සිටිය ද බැංකොක් ගුවන් තොටුපල හරහා ඔස්ට්‍රේලියාව බලා යාමට පැමිණි මොහොතේ බැංකොක් නුවර සුවර්ණභූමි ගුවන් තොටුපළේදී එරට ආගමන හා විගමන නිලධාරිහු ඇය රඳවා ගත්හ.

ඇය ඒ වනවිටත් සිය ජංගම දුරකතනය මගින් ට්විටර් ගිණුම යාවත්කාලින කරමින් මේ අවදානම් ගමනෙහි තොරතුරු ලොවට මුදා හරිමින් සිටියාය.

‘මගේ නම රහාෆ් මොහොමඩ්. මගේ පවුලේ අයත්, සෞදි අරාබිය හා කුවේට් රටවලුත් මාව හඹා එන්නේ නැතිනම් මගේ සම්පූර්ණ නම සඳහන් කරන්නම්.‘ මේ පසුගිය 5 වැනිදා ඇය සිය ට්විටර් ගිණුමෙහි තැබූ සටහනය. අනතුරු එදිනම පස්වරුවේ ඇය මෙසේ සඳහන් කළාය.

‘මම කුවේට්වල සිට තායිලන්තයට පැනලා ආපු තරුණියක්. මගේ ජීවිතය දැන් අවදානම් තත්ත්වයක තියෙන්නේ. මොකද තායිලන්තයේ සෞදි තානාපති කාර්යාලය මාව ආපහු සෞදි අරාබියට යවන්නයි උත්සාහ ගන්නේ. මම දැන් ඔස්ට්‍රේලියාවට යන්න මගේ දෙවැනි ගුවන් ගමන බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.‘

ඊළඟ දිනය වනවිට ඇගේ පලා යාමේ තොරතුරු සියල්ල තායිලන්ත රජය අනාවරණය කරගත්තේය. ඔවුන් එරට සෞදි තානාපති කාර්යාලය දැනුවත් කර තිබූ අතර පසුදින නැවත ඇය සෞදි අරාබිය බලා පිටත් කිරිමට සූදානමින් සිටියේය.

‘මාව ගුවන්තොටුපලේ හෝටලයක රඳවා ගත්තා. හෙට මාව කුවේට්වලටත්, එතැනින් ආපහු සෞදි අරාබියටත් පිටත් කරන්නයි සූදානම. ගුවන් තොටුපලේ ආරක්ෂක නිලධාරීයෙක් නිතරම මා පසුපසින් සිටිනවා.

මගේ ආරක්ෂාවට කාටවත් කතා කරන්න ඉඩ දෙන්නෙ නෑ. තායි පොලීසිය මට උදව් කිරිම ප්‍රතික්ෂේප කළා.‘ මේ පසුදින උදැසන ඇය තැබූ සටහනයි. ‘වරින් වර සෞදි තානාපති කාර්යාලයේ නිලධාරින් හා කුවේට් ගුවන් සේවයේ නිලධාරින් පැමිණ මට තර්ජනය කරනවා.‘

‘මට දැන් නැතිවෙන්න දෙයක් නෑ. මම දැන් මගේ සත්‍ය නමයි, සියළු තොරතුරුයි සටහන් කරන්නම්. මගේ නම රහාෆ් මොහොමඩ් මට්ලක් අල් කුනුන්. මේ මගේ ඡායාරූපයක්.‘ ට්විටර් ගිණුමේ එසේ සඳහන් කළ ඇය සිය ඡායාරූපයක් ද මුදා හැරියාය.

ඊළඟ මොහොතේදිම ඇයට ට්විටර් වෙබ් අඩවියේ බොහෝ සාමාජිකයන්ගෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ තායිලන්ත නියෝජිත කාර්යාලයේ සහ මානව හිමිකම් කාර්යාලයේ දුරකතන අංක සහ ලිපින ගලා එන්නට විය.

තායි පොලිස් නිලධාරින් හෝටල් කාමරයේ දොරටුව අසළ මුර කරන්නට වූ අතර පිටස්තර පුද්ගලයන්ට ඇය හමුවීමට අවස්ථාවක් නොලැබිණි.

බැංකොක් නුවරින් නැවත සෞදි අරාබියට පිටුවහල් කිරීමට එරට බලධාරින් උත්සාහ කළත් එය සිය ජීවිතයට තර්ජනයක් බව කියමින් ඇය ගුවන් යානයට නැගීම ප්‍රතික්ෂේප කරමින් සිය ට්විටර් ගිණුම මගින් මේ පුවත ලොවට මුදා හැරියාය.

‘බයවෙන්න එපා රහාෆ්. මුළු ලෝකයම ඔබත් සමගයි. බලාපොරොත්තු බිඳ ගන්න එපා.‘ ඊළඟ මොහොතේ පිටස්තර ලෝකයෙන් ලැබුණු ට්විටර් පණිවුඩවලින් ඇගේ ගිණුම පිරී ඉතිරෙන්නට පටන් ගත්තේය.

තායිලන්ත බලධාරීන්ගේ නෙත නොගැටෙන්නට තව දුරටත් සිය ට්විටර් ගිණුම යාවත්කාලීන කරමින් සිටි රහාෆ් ඇගේ වීඩියෝ පට කිහිපයක් ද අන්තර්ජාලයට මුදා හැරියාය.

‘අනේ මාව බේරගන්න..‘ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියාය. ඉන් නොනැවතී තමා කුවේට් බලා යන ගුවන් යානයට පැටවීමට එරෙහිව උද්ඝෝෂණය කරන ලෙස ගුවන්තොටුපලේ සිටි මගීන් වෙත ආයාචනා කළාය. මේ අතර තායි රජය ඇය නැවත පිටුවහල් කිරිමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටියේය. අවසානයේදී ඔවුන්ට ඇගේ පිටුවහල් කිරීම සම්බන්ධව නීති උපදෙස් ලබාගැනීමට ද සිදුවී තිබිණි. ඇගේ පියා සෞදි අරාබියේ ආණ්ඩුකාරවරයකු බැවින් තායි රජය ඇය නැවත සෞදි අරාබියට පිටුවහල් කිරීමට උත්සාහ ගන්නා බවක් තවත් ට්විටර් ගිණුමක සඳහන් විය. පියාගේ ඡායාරූප කිහිපයක් ද එහි පළකර තිබිණි.

‘මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් සම්බන්ධ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ට කතා කරන්න ඕනා.‘ ඇගේ ඊළඟ පණිවුඩයේ එසේ සඳහන් විය.

ඇය කුවේට් බලා පියාසර කරන ගුවන් යානයට පැටවීමට ඒ වනවිට ඉතිරිව තිබුණේ පැයක කාලයක් පමණි. තායි පොලීසිය ඇය කාමරයෙන් පිටතට ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඇය දොර විවෘත කළේ නැත.

‘මම කාටවත් දොර අරින්නෙ නෑ. මට ඕනා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයෝ. (I want UN) එසේ සටහන් කළ ඇය ඊළඟ පණිවුඩයේ වාර සියයක් පමණ එම වැකියම ‘I want UN‘ සටහන් කරමින් සිය පීඩනය මුදා හැරියාය.

ඒ වනවිටත් මේ සිදුවීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි රැසක් ලැබී තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සිදුවීමට මැදිහත්වූයේ ඉන් පසුවය. ලොව පුරා මේ පුවත පැතිරී යාමත් සමග සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ ඇයට සහයවීමට සුවර්ණභූමි ගුවන් තොටුපලට පැමිණියහ. ඔවුන්ට රහාෆ් මුණගැසීම වැළක්වීමට තායි බලධාරින්ට නොහැකිවිය.

රහාෆ්ගේ සිදුවීම ලොවට අනාවරණය වීමෙන් පසුව තායිලන්තයේ සෞදි තානාපති කාර්යාලයේ නිලධාරීන් තායි පොලීසිය විවේචනය කළේ ‘ඔවුන් කළේ වැරැද්දක්. ඔවුන්ට තිබුණේ පාස්පෝට් එක වෙනුවට ඇගේ ජංගම දුරකතනය ගන්නයි.‘ කියමිනි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ රැකවරණය මැද තායිලන්තයේ රැඳී සිටින අල් කූනුන්ට වෙනත් රටට ඇතුල්වීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතියට අනුව ඇය සරණාගතයකු ලෙස නම් කළ යුතුව තිබිණි. ඒ අනුව පෙරේදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇය සරණාගතයකු ලෙස නම් කිරිමෙන් පසුව ඇයට සංචාරක වීසා බලපත්‍රය ලබාදීමට කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේය.

කාන්තාවන් සම්බන්ධව සෞදි රජය ගෙන යන දැඩි ප්‍රතිපත්තිය විවේචනයට ලක් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ පළමු තරුණිය රහාෆ් මොහොමඩ් අල් කුනුන් නොවූවාය. එසේම සෞදි නීතියට පිටුපාන අවසන් තරුණිය ද ඇය නොවනු ඇත. දස දහස් සංඛ්‍යාත සෞදි කාන්තාවෝ දැන් දැන් සිය රජයට සහ එරට ආගමික සභාවට එරෙහිව සටන් වැදීමට පෙළඹී සිටිති. අල් කුනූන් ඒ සියළු කාන්තාවන්ට එක්තරා අන්දමක අනුප්‍රාණයක් බවට පත්වී සිටින්නීය.

අල් කුනුන්ගේ සිදුවිම වනතුරු වැඩි අවධානයක් යොමු නොවූ තවත් එක් නීතියකින් සෞදි කාන්තාවෝ කොටුවී සිටියහ. ඒ භාරකරුවකු නොමැතිව නිවසින් පිටවිම තහනම්වී තිබීමය. ‘male guardianship system‘ නමින් හඳුන්වනු ලබන මේ ක්‍රමවේදය හේතුවෙන් සෞදි කාන්තාවන්ගේ නිදහස අසීමිතව අහිමිවී තිබිණි. ඇයට නිවසින් පිටතට යාමට සිදුවූයේ සිය පියා, සොයුරා, සැමියා හෝ පුත්‍රයා සමග පමණි. සෞදි කාන්තාවන්ට සිය ගුවන් ගමන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරිමට නම් පවුලේ පිරිමි පාර්ශ්වයේ අනුමැතිය ලැබූ සහතිකයක් ඉදිරිපත් කළ යුතුව ඇත. විදෙස් සංචාර සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා රජයේ ශිෂ්‍යත්වයක් ලැබීමේදි, විවාහ වීමේදි, සිර දඬුවමකින් නිදහස ලැබීමේදිත් ‘පිරිමි සහතිකය‘ ඇයට අත්‍යවශ්‍ය ලිපියක් බවට පත්වී ඇත.

‘සෑම සෞදි කාන්තාවකටම, සෞදි තරුණියකටම උපතේ සිට මරණය දක්වා මුහුණදීමට සිදුවන කටුක යථාර්ථය මෙයයි. ඔවුන් (සෞදි පිරිමින්) කාන්තාවන්ට සළකන්නේ සුළුතර ජන කොටසකට වගේ.‘ ඊජිප්තු සම්භවයක් සහිත අමෙරිකානු වාර්තාකාරිනියක වන මෝනා එල්ටාවි බී.බී.සී. පුවත් සේවයට එසේ කියා සිටින්නීය.

අල් කුනුන්ගේ සිදුවීමත් සමග සිය රටෙහි දැඩි මතධාරී මුස්ලිම් පිරිමින්ට එරෙහිව හඬ නගමින් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සෞදි යුවතියක වන 20 හැවිරිදි නෝරා අල් හාරී ඉතා වැදගත් පුවත් රැසක් අන්තර්ජාලයට මුදා හැරීයේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විමතිය අවුස්සා දමමිනි. ඇය කියන පරිදි නිදහස සොයා සෞදි කාන්තාවන් රටින් පලායාමට පටන් ගත්තේ අද ඊයෙක සිට නොවේ. එය වසර කිහිපයක් පුරා කිසිදු ප්‍රසිද්ධියකින් තොරව සිදුවන්නකි. එසේ පලා යන ඇතැම් කාන්තාවන් තව දුරටත් ජීවත්වීමට වාසනාව උදාකරගනිමින් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගත්හ. තවත් පිරිසකට නැවත හිස් අතින් සිය රටට යාමට සිදුවිය. එසේ පිටුවහල් කෙරෙන අසරණ කාන්තාවන්ට සිදුවන්නේ කුමක්දැයි කිසිවකු නොදනී.

නෝරා අල් හාරි මිට වසර කිහිපයකට පෙර සිය පවුලේ තාඩන පීඩනවලින් මිදී සිඩ්නි නුවරට පලා ගිය සෞදි තරුණියකි.

‘2017දී ඩීනා අලි ලාස්ලූම් කියන 24 හැවිරිදි සෞදි කාන්තාවට ආපසු තමන්ගේ රටට යාමට සිද්ධවුණා. ඇය පලා ගියේ පිලිපීනයටයි. ඒත් පිලිපීනය ඇය ප්‍රතික්ෂේප කරමින් නැවත සෞදියට පිටුවහල් කළා. අවාසනාවකට ඇයට සමාජ වෙබ් ජාලාවල හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් ලැබුණේ නෑ. එවැනි මැදිහත්වීමක් ලබාගැනීමට තරම් ඇයට දැනුමක් තිබුණෙත් නෑ. ඇය ආපසු සෞදි අරාබියට ගිහින් දැන් ටික කාලයක් වෙනවා. අදටත් ඇය ගැන කිසිම ආරංචියක් නැ. ඇය අතුරුදන් වෙලා.‘ අල් හාරි එසේ කියන්නීය.

අල් කුනුන් අන්තර්ජාලය කදිමට භාවිත කරමින් මේ සිදුවීම ලොවට මුදා හැරිමෙන් ඇගේ ජීවිතය බේරාගැනීමට වාසනාව උදාවී තිබේ.

‘මට මගේ රටේ වැඩ කරන්නවත්, ඉගෙන ගන්නවත් නිදහසක් නෑ. මට මේ නිතිරීතිවලින් නිදහස් වෙන්න ඕනා. මට වැඩිදුරට ඉගෙන ගන්න ඕනා. මට රස්සාවක් කරන්න ඕනා. මම ගෙදරදී හිංසනයට ලක්වුණා. කොණ්ඩේ කොටට කපා ගත්තා කියලා තාත්තා මාව කාමරේ දාලා හිර කළා.‘ රහාෆ් මෙවැනි ට්විටර් පණිවුඩ රැසක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි. කෙසේ වෙතත් ඇය කැටුව යාමට බැංකොක් නුවරට පැමිණි ඇගේ පියා සහ සොයුරා මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

‘අපිට තව දුරටත් පිරිමි පාර්ශවයේ භාරකාරත්වයේ සිටින්න අවශ්‍ය නෑ. අපිට නිදහස අවශ්‍යයි. අපිට රහාෆ් වගේ නිර්භිත තීරණ ගන්න තරම් ශක්තියක් නෑ ‘ සිය ගණනක සෞදි තරුණියන් දැන් දැන් මෙවැනි පණිවුඩ මගින් සමාජ වෙබ් අඩවිජාලා පුරවා දමමින් සිටිති. නමුත් සෞදි රජයට අනුව මෙවැනි ප්‍රකාශවලින් සිය රජය විවේචනයට ලක් කිරීම දේශද්‍රෝහි ක්‍රියාවක් බවය. එහෙත් දැන් රහාෆ්ගේ සිදුවීමත් සමග සෞදි කාන්තාවන් පසුබට කිරිමට රජය අසමත්ව සිටී.

‘ඔබ ඇත්තටම වීරවරියක්. ඔබ සෞදියේ කාන්තාවන්ට විප්ලවයකට දොරට විවර කළා. ඒ වගේම ලෝකයටත් හොඳ පාඩමක් කියා දුන්නා.‘

‘අපි සෞදි රජයෙන් කිසිවක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ නිදහස. ඒක අපේ මූලික අයිතියක්.‘

‘පිරිමින්ගේ භාරකාරත්වය අහෝසි කරනවා කියන්නේ අපි අපේ පවුලට ද්‍රෝහි වෙනවා කියන එක නෙවෙයි.‘

‘සෞදියේ මුළු කාන්තා පරපුරම බේරා ගන්න එක හඬක් හොඳටම ඇති.‘ සෞදි අරාබියේ බොහෝ කාන්තාවෝ රහාෆ්ගේ ට්විටර් ගිණුමට එසේ පණිවුඩ එවන්නට වූහ.

‘ඔබ විශිෂ්ට තරුණියක් රහාෆ්. අපි හැමෝම ඔබ පිළිගැනීමට බලා සිටිනවා.‘ ඔස්ට්‍රේලියාවේ බොහෝ කාන්තාවන් එසේ සඳහන් කර තිබේ.

රහාෆ් අපට කියා දෙන්නේ ජිවිත පැහැපත් කරගැනීමට අවශ්‍ය නම් ඕනෑම අවදානමක් ගන්නා ලෙසය. ඇය හෙට අනිද්දාම සිය ජීවිතයේ නැවුම් සිහින තුරුළු කරගනිමින් ඔස්ට්‍රේලියාවට ගොඩ බසිනු ඇත.

තාප්පය නිසා ආණ්ඩුව බෙදේ

$
0
0
ජන 12, 2019 01:00
ධම්මික සෙනෙවිරත්න
ට්‍රම්ප් පවුර ඉදිකිරීම පිළිබඳ නිරීක්ෂණයක

අමෙ­රිකා මෙක්සිකෝ දේශ­සී­මාව ඔස්සේ ඉදි­වන මෙම ආර­ක්ෂක පවුර “මහා ප්‍රාකා­ර­යක්” ලෙස ජනා­ධි­පති ට්‍රම්ප් විසින් හඳුන්වා ඇත. එහි බර අමෙ­රි­කා­නු­වන් මත කඩා­වැ­ටෙනු නැතැයි පව­සන ඔහු ඒ වෙනු­වෙන් මෙක්සි­කෝ­වට විය­දම් දැරී­මට සිදු­වන බවද කියා­ සිටී. මෙක්සි­කෝව එය ප්‍රති­ක්ෂේප කරයි. එහෙත් ට්‍රම්ප් කියා­සි­ටින්නේ අමෙ­රිකා - මෙක්සිකෝ නිද­හස් වෙළෙඳ ගිවි­සුම යට­‍ෙත් එම මුදල් ගෙවී­මට මෙක්සි­කෝ­වට සිදු­වන බවය.

අමෙ­රිකා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අද­හ­ස­කට අනුව අමෙ­රිකා - මෙක්සි­කානු දේශ­සී­මාව ඔස්සේ ඉදි­ක­රන ප්‍රාකා­රය ජනා­ධි­ප­ති­ව­රයා හා ඩිමො­ක්‍ර­ටික් බහු­ත­රය යටතේ ඇති කොන්ග්‍ර­සය අතර බර­ප­තළ බෙදී­මක් නිර්මා­ණය කර තිබේ. එය ඉදි­කි­රී­මට වැය­වෙ­තැයි අපේ­ක්ෂිත මුද­ලින් ඇ. ඩොලර් බිලි­යන 5.7ක් කොන්ග්‍ර­සය මඟින් අනු­මත නොකි­රීම හේතු­වෙන් උද්ගත වූ අර්බු­දය අමෙ­රිකා දේශ­පා­ලන ඉති­හා­සයේ දෙවැනි විශා­ල­තම ආණ්ඩුවේ ඇතැම් ව්‍යූහ අක­ර්මන්‍ය වීම (Shutdown) වාර්තා කළේය. එය එවැනි විශා­ල­තම අර්බු­දය වීමට එක දිනක් පම­ණක් තිබි­යදී, (ඊට දින 20ක් ගතවූ තැන) ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා වාර්තා­වූයේ එම කඩා­වැ­ටීම වළ­ක්වා­ගැ­නී­මට කොන්ග්‍ර­සය පිය­ව­ර ­ගත් බවය. එහෙත්; පවුර ඉදි­කි­රී­මට වුව­මනා මුදල් ප්‍රති­පා­දන අනු­මත නොක­රන බව ප්‍රකාශ විය. ඊට දෙදි­න­කට පෙර එනම් ඉකුත් අඟ­හ­රු­වාදා ජනා­ධි­පති ට්‍රම්ප් තමා බල­යට පත්වී­මෙන් පසු පළමු වතා­වට ජාතිය අම­ත­මින් උද්ග­තවී ඇති අර්බු­දය පිළි­බඳ කරුණු පැහැ­දිලි කළේය. මෙම කඩා­වැ­ටීම, නැත්නම් අක­ර්ම­න්‍ය ­වීම දකුණු දේශ­සී­මාවේ මානු­ෂීය අර්බු­ද­යක් දක්වා වුවද දුර­දිග යා හැකි බවට අන­තුරු ඇඟවූ ඔහු මේ තත්ත්වය යටතේ තමන්ට පැවැරී ඇති බල­තල ප්‍රකා­රව හදිසි නීති රෙගු­ලාසි ක්‍රියා­ත්මක කිරී­මට වුවද නොපැ­කි­ළෙන බව කියා­සි­ටි­යේය. එය විනාඩි 8ක දේශ­න­යකි.

හදිසි නීතියටත් සූදානම්

ජනා­ධි­පති ට්‍රම්ප් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා මෙම පවුර ඉදි­වන අමෙ­රිකා, මෙක්සිකෝ දේශ­සීමා බද ප්‍රදේ­ශයේ සංචා­ර­ය­කද යෙදිණි. එහිදී ද වාර්තා­ක­රු­වන් හමුවේ ඔහු අව­ධා­ර­ණය කළේ, මෙම අර්බු­දය අපේ­ක්ෂිත අයු­රින් නොවි­සඳේ නම් හදිසි නීතිය ප්‍රකා­ශ­යට පත්කි­රී­මට තමාට සිදු­වනු ඇති බවය. යම් හෙය­කින් කොන්ග්‍ර­සය මෙම මුදල් ප්‍රති­පා­දන සැප­යී­මෙන් වැළැකී සිටි­ය­හොත් අය - වැය අනු­මත නොකි­රී­මට ද ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­ස්ථාව තිබේ. තමා තව­මත් හදිසි නීති රෙගු­ලාසි ක්‍රියා­ත්මක කර නැතැයි පව­සන ට්‍රම්ප් එහෙත්; අවශ්‍ය වුව­හොත් එම බල­තල ක්‍රියාවේ යොද­වන බවද ස්ථිර­වම කියා­සිටී.

ආණ්ඩුවේ ඇතැම් කොටස් අක­ර්මන්‍ය වීම විවිධ ක්ෂේත්‍ර­යන්ට බලපා ඇති අයුරු පසු­ගිය දින­වල දක්නට ලැබිණි. එරට රාජ්‍ය සේව­ක­යන් 800,000 කට පමණ වැටුප් ගෙවී­මට ද නොහැකි විය. එ‍ක්කෝ ඔවුන්ට ගෙදර යාමට නැති­නම් පඩි නැතිව වැඩ කිරී­මට සිදු­වන තත්ත්ව­යක් උද්ගත විය. මේ තත්ත්වය අමෙ­රි­කාවේ ආර­ක්ෂා­වට පවා බලපෑ හැකි බවට මත පළ­විය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දේශ­සීමා සංචා­ර­යට දින­කට පෙර අලු­තෙන් පත්වූ නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ බහු­ත­රය හිමි ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නාය­ක­යන් හා ජනා­ධි­ප­ති­ව­රයා අතර සාක­ච්ඡා­වන්ද සිදු­විය. ඊට ඩිමො­ක්‍ර­ටික් පක්ෂය නියෝ­ජ­නය කර­මින් කතා­නා­යිකා නැන්සි පෙලෝසි හා සෙනෙට් මණ්ඩ­ලයේ සුළු­තර නායක එක් ෂූමර් එක්ව සිටි­යහ. මෙහිදී ද පෙලෝසි අව­ධා­ර­ණය කර ඇත්තේ පවුර ඉදි­කි­රී­මට අවශ්‍ය ප්‍රති­පා­දන අනු­මත නොකෙ­රෙනු ඇති බවය. මේ සාක­ච්ඡාව ඵල­දා­ය­කව අව­සන් වූයේ නැත. එය නිමාවූ පසු ජනා­ධි­පති ට්‍රම්ප් කියා­සි­ටියේ, ඊට වැය­කළ තමාගේ කාලය අපතේ යාම පම­ණක් සිදුවූ බවය.

ජාතිය අම­ත­මින් කළ කතා­වේදී ද ජනා­ධි­ප­ති­ව­රයා තම ස්ථාව­රය සාධා­ර­ණී­ක­ර­ණය කිරී­මට කරුණු දක්වා තිබිණි. අමෙ­රි­කාවේ අලෙ­වි­වන හෙරො­යි­න්ව­ලින් 90% ක්ම රටට ඇතු­ළු­වන්නේ මෙම දේශ­සී­මාව ඔස්සේ බවට ඔහු කරුණු ඉදි­රි­පත් කළේය. නීති­වි­රෝධී සංක්‍ර­ම­ණි­ක­ය­න්ගෙන් අමෙ­රි­කා­නු­වන්ගේ ජීවි­ත­ව­ලට ඇතිවී තිබෙන තර්ජ­නය ගැන ද පෙන්වා දුන්නේය. එවැනි පසු­බි­මක වුවද තමා ගැනී­මට සැර­සෙන ආර­ක්ෂක පිය­ව­රට බාධා කිරීම ගැන ඔහු ඩිමො­ක්‍ර­ටික් පක්ෂය අප්‍ර­සා­ද­යට ලක්ක­ළේය.

ඩිමො­ක්‍ර­ටික් පක්ෂය මෙන්ම රිප­බ්ලි­කන් පක්ෂ­යේද ඇතැම් දෙනා මෙම පවුර ඉදි­කි­රී­මට විරු­ද්ධ­විය. ඔවුන් කියා ­සි­ටින්නේ එය අමෙ­රිකා ජන­තා­වගේ බදු මුදල් නාස්ති කිරී­මක් බවය. එවැනි දැවැන්ත පවු­රක් ඉදි­කි­රීම වෙනු­වට දේශ­සීමා ආර­ක්ෂක මුර­ක­පොලු ඔස්සේ රටට ඇතු­ළු­වන වාහන පවා ස්කෑන් පරී­ක්ෂා­වට ලක්කි­රීම වැනි පිය­වර අනු­ග­ම­නය කළ හැකි බවට මත පළවේ. කෙසේ­වු­වද, මෙම දේශ­සී­මාව ඔස්සේ දැන­ට­මත් කැලි­ෆෝ­නියා, ඇරි­සෝනා, නිව් මෙක්සිකෝ, ටෙක්සාස් යන ප්‍රදේ­ශ­වල කඩි­න්කඩ සැත­පුම් 650ක පමණ දුර ප්‍රමා­ණ­ය­කට ආර­ක්ෂක තාප්ප ඉදිවී තිබේ. ට්‍රම්ප් පවුර සැත­පුම් 1954ක් දිගින් යුතුය. එහි උස අඩි 30ක් පමණ වේ.

1976 ජාතික හදිසි නීති පනත යටතේ ජනා­ධි­ප­ති­ව­ර­යාට හදිසි නීති රෙගු­ලාසි ක්‍රියා­ත්මක කිරීමේ බල­තල පවරා ඇත. මෙහිදී එම බල­තල ක්‍රියා­වට නැංවී­මත් සිදු­වු­ව­හොත් ජනා­ධි­ප­ති­ව­ර­යාට කොන්ග්‍ර­සය මඟ­හැර යමින් මෙම ප්‍රති­පා­දන සළ­සා­ගැ­නී­මට ක්‍රියා­කළ හැකිය. එහෙත් එවැනි පිය­ව­රක් වහාම අධි­ක­ර­ණය හමුවේ ප්‍රශ්න කරී­මට ද ඉඩ සැළැසී ඇත.

බහුතරය විරුද්ධයි

පවුර ඉදි­කි­රී­මට අමෙ­රි­කා­නු­ව­න්ගෙන් 51%ක් විරු­ද්ධ­වන බව ඇතැම් මත විම­සුම් උපුටා දක්ව­මින් මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ වුවද මේ තත්ත්වය හමුවේ යම් හෙය­කින් ජනා­ධි­ප­ති­ව­රයා අය - වැය සම්මත කිරී­මෙන් වැළැකී සිටි­ය­හොත් එම පිය­වර අනු­මත කරන බව රිප­බ්ලි­කන් පාක්ෂි­ක­ය­න්ගෙන් 77%ක් පමණ කියා­සි­ටිති. ජනා­ධි­ප­ති­ව­රයා කියා­සි­ටින්නේ ද ෆෙඩ­රල් සේව­ක­යන් වැඩි­දෙනා තම ස්ථාව­රය අනු­මත කරන බවය. තම ක්‍රියා­මා­ර්ග­යට විශාල ජනතා සහා­යක් ලැබෙන බව ඔහු නිකු­ත්කළ ටිවි­ටර් පණි­වි­ඩ­ය­කද සඳ­හන් විය.

රිප­බ්ලි­කන් සෙනෙට් සභි­ක­යන් ඇතැ­මෙක්ද පවසා තිබුණේ ස්වදේශ ආර­ක්ෂිත දෙපා­ර්ත­මේ­න්තුව හැර සෙසු දෙපා­ර්ත­මේන්තු 8කට අවශ්‍ය ප්‍රති­පා­දන ලබා­දී­මට තම එක­ඟ­තාව පළ­ක­රන බවය. ජනා­ධි­පති ට්‍රම්ප් නිකු­ත්කළ තවත් ට්විටර් පණි­වි­ඩ­යක සඳ­හන්ව ඇත්තේ පාර්ලි­මේ­න්තුවේ හා සෙනෙ­ටයේ රිප­බ්ලි­කන් නියෝ­ජි­ත­යන් සමඟ ශ්‍රේෂ්ඨ එක­තු­වක් නිර්මා­ණ­ය වී ඇති බව හා එම ශක්තිය මෙම ව්‍යාපෘ­තිය පෙරට ගෙන­යා­මට විශාල රුකු­ලක් වනු ඇති බවය.

මෙක්සිකෝවට පිරිවැයක්

ඩිමො­ක්‍ර­ටික් පක්ෂ ප්‍රබ­ල­යන් සමඟ පැවැති සාක­ච්ඡා­වෙන් ජනා­ධි­ප­ති­ව­රයා නැඟිට ගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ බව සනාථ කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා කියා­සි­ටියේ; තමා ඉතා සන්සුන්ව සාකච්ඡා කාම­ර­යෙන් පිට­තට පැමිණි බවයි.

ආර­ක්ෂක පවුර ඉදි­කි­රී­මට වැය­වෙ­තැයි ගණන් බලා ඇති මුදල ඇ. ඩො. බිලි­යන 25කි. තව­මත් ඉන් 1/5 ක ප්‍රමා­ණ­ය­ක­ට­වත් කොන්ග්‍ර­සයේ අනු­මැ­තිය ලැබී නැත. එවැනි පසු­බි­මක බැලූ­බැ­ල්මට පෙනෙන්නේ මේ ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කළ හැකි­වනු ඇත යන්නය. නමුත්; ජනා­ධි­ප­ති­ව­රයා දැඩි ස්ථාව­ර­යක සිටී. ඔහු අව­ධා­ර­ණය කරන්නේ අමෙ­රි­කාවේ ආර­ක්ෂාව වෙනු­වෙන් එය ඉදි­වීම ප්‍රමුඛ අව­ශ්‍ය­තා­වක් බවය. ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ මතය එය ඉදි­කි­රී­මට අමෙ­රි­කා­නු­වන් ප්‍රාණ ඇප­යට ගැනී­මක් බඳු බවය.

අමෙ­රිකා මෙක්සිකෝ දේශ­සී­මාව ඔස්සේ ඉදි­වන මෙම ආර­ක්ෂක පවුර “මහා ප්‍රාකා­ර­යක්” ලෙස ජනා­ධි­පති ට්‍රම්ප් විසින් හඳුන්වා ඇත. එහි බර අමෙ­රි­කා­නු­වන් මත කඩා­වැ­ටෙනු නැතැයි පව­සන ඔහු ඒ වෙනු­වෙන් මෙක්සි­කෝ­වට විය­දම් දැරී­මට සිදු­වන බවද කියා­සිටී. මෙක්සි­කෝව එය ප්‍රති­ක්ෂේප කරයි. එහෙත් ට්‍රම්ප් කියා­සි­ටින්නේ අමෙ­රිකා - මෙක්සිකෝ නිද­හස් වෙළෙඳ ගිවි­සුම යට‍ෙත් එම මුදල් ගෙවී­මට මෙක්සි­කෝ­වට සිදු­වන බවය. මීට වසර කිහි­ප­ය­කට ඉහ­තදී ද ඔහු ඒ බව අව­ධා­ර­ණය කර තිබිණි.

වත්මන් අර්බු­දය විසින් අමෙ­රිකා ආණ්ඩුවේ 25%ක් අක­ර්මන්‍ය කළ බව ඇතැම් විචා­ර­කයෝ පව­සති. ඊට වග­කි­ව­යුතු වන්නේ ඩිමො­ක්‍ර­ටික් පක්ෂය බව ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටී. ඩිමො­ක්‍ර­ටික් පක්ෂය චෝදනා කරන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යා­ටය. කොන්ග්‍ර­සය තම කාර්ය­භා­රය ඉටු නොක­රන තෙක් අමෙ­රි­කා­නු­වන්ගේ රුධි­රය තවත් කොප­මණ දකුණු දේශ­සී­මාවේ ගලායා යුතු දැයි ට්‍රම්ප් ප්‍රශ්න කරයි.

ට්‍රම්ප් පෙන්වා දෙන අන්ද­මට අමෙ­රිකා දකුණු දේශ­සී­මාවේ නීති­වි­රෝධී සංක්‍ර­ම­ණි­ක­යන් පිළි­බඳ ප්‍රශ්නය නිසැ­ක­වම ලොව එවැනි බිහි­සු­ණුම අර්බු­ද­යයි. අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා එම දේශ­සී­මාවේ සංචා­රය කළ බ්‍රහ­ස්ප­තින්දා දින­යේදී එම දේශ­සී­මාව ඔස්සේ 21 ‍දෙනකුගේ සිරුරු හමුවූ බව මෙක්සිකෝ බල­ධා­රීහු කියා­සි­ටිති. එම මර­ණ­ව­ලට හේතුව මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් බවද එහි සඳ­හන්ය. එම සිදු­වීම් වාර්තා වූයේ ජනා­ධි­ප­ති­ව­රයා සංචා­රය කළ ටෙක්සාස් ප්‍රාන්තයේ වැක්ලන් නග­ර­යට ආස­න්න­වය.

මත්ද්‍රව්‍ය ජාවා­රම් කල්ලි 2ක් අතර සිදුවූ වෙඩි හුව­මා­රු­වක් අව­ස­න් වූයේ මෙලෙස 21 දෙනකු මරු­මු­වට පත්වෙ­මිනි. මේ ප්‍රදේශ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ගේ ක්‍රියා දරුණු ලෙස වාර්තාවේ. මේ සිදු­වී­මද ජනා­ධි­පති ට්‍රම්ප්ගේ මතය සාධා­ර­ණී­ක­ර­ණ­යට හේතු­වකි.

2006 වස­රේදී මෙක්සිකෝ ආර­ක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට එරෙ­හිව ක්‍රියා­කි­රී­මට පට­න්ගත් තැන් සිට මේ දක්වා 200,000ක් දෙන මර­ණ­යට පත්ව ඇතැයි වාර්තාවී ඇත. එම මර­ණ­ව­ලට හේතුව ජාවා­ර­ම්ක­රු­වන් අතර ගැටුම් හෝ හමු­දාව හා ඔවුන් අතර ගැටුම්ය. 2017 වස­රේදී පම­ණක් ජීවිත හානි 28711ක් වාර්තා විය.

නැඟෙනහිර නත්තල් සැමරුම

$
0
0
ජන 14, 2019 01:00

නැගෙනහිර ජනතාවගේ සංහිඳියාව තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වූ නත්තල් උත්සවය පසුගියදා මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විණි. මඩකලපුව ක්‍රිස්තියානි ප්‍රජාව හා 231 බල සේනාව විසින් මේ උත්සවය සංවිධාන කර තිබිණි.

මේ අවස්ථාවට මඩකලපුව රදගුරු ජෝෂප් පොන්නයියා හිමිපාණන්, කතෝලික ආගමික නායකයන්, යුද හමුදා කාර්ය මණ්ඩලය, ආරාධිත අමුත්තන් ඇතුළු බැතිමත්හු විශාල පිරිසක් සහභාගි වූහ. ආරක‍්ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය.


බණ්ඩාරවත්ත දරුවෝ සුදතුම් වරම් ලබති

$
0
0
ජන 14, 2019 01:00

හලාවත පදවියට අයත් බණ්ඩාරවත්ත මීසමේ ජීවත් වන දරු දැරියන් හැට ‍අට දෙනකු වෙත අභිවෘද්ධිආලේපය ලබා දීම හලාවත මැරවල ශුද්ධවු ජුසේ මුනි දෙව් මැදුරේ දී පැවැති විශේෂ දිව්‍ය පූජා මෙහෙයකදී සිදු විය.

බණ්ඩාරවත්ත මීසම් පාලන රොහාන් ගයිස් පියතුමාගේ උපදෙස් මත කටයුතු සංවිධානය කර තිබුණි. මේ විශේෂ දේව මෙහෙය සඳහා හලාවත රදගුරු දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ පැමිණියහ.

මුන්නේශ්වරම සමූහ ඊ. සී. ප්‍රනාන්දු

ලදනි දරුවන්ගේ නත්තල් උත්සවය දා

$
0
0
ජන 14, 2019 01:00

ලදනි ආයතනයේ දරුවන්ගේ නත්තල් කැරොල් උත්සවය, කටුණේරිය අපේක්ෂා නිවෙසේදී පැවැත්විණි. එහිදී දරුවන් නර්තනයෙන් රංගනයෙන් සිය කුසලතා දැක්වූ අයුරු. ලදනි ආයතනයේ අධ්‍යක්ෂ නෙවිල් කූඤ්ඤ පියතුමා, ආරාධිත අමුත්තන්, කාර්ය මණ්ඩලය, දරුවන්ගේ මවුපියන් ඇතුළු සියලු නිවාසවල දරුවෝ මේ අවස්ථාවට සහභාගී වූහ.

චෙක්පත් මාරු කිරීමේ මගඩියක්

$
0
0
ජන 14, 2019 01:00

එරිචෙට්ටිගේ අල්ලස් ලැයිස්තුවේ හුන් සාමාජිකයන් එකා බැගින් දැලට කොටුකර ගැනීමට පිඹුරුපත් සැකසීම ඇරඹී තිබුණේ එය වෙයින්බර්ග් හරහා ඇබ්ස්කැම් නියෝජිතයින්ට ලැබුණු දා පටන්ය. එරි­‍චෙට්ටි මෙන්ම ඔහු විසින් හඳුන්වා දෙන්නට යෙදුණු කෙනත් මැක්ඩොනල්ඩ්ද අල්ලස් ලබාගැනීමට පොළඹවා ගත්තේ අබ්දුල්ට හා යසීර්ට කැසිනෝ බලපත්‍ර ලබාදෙන පොරොන්දුව මතය. නිව් ජර්සි ප්‍රාන්ත නීති රීති අනුව, මුදලට ගිජු අරාබි එමීර්වරුන් දෙදෙනකුට එවැනි බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍යතාවක් ඇතිවීම පිළිගත හැකිය. එමීර්වරුන්ට පමණක් නොව අනෙක් කාටත් අවශ්‍ය වූයේ මොනයම් ක්‍රමයකින් හෝ එවැනි බලපත්‍රයක් ලබාගැනීමටය.

වෙයින්බර්ග්ට කෙඳිරි ගෑවිණි. ඒ කසළ කොන්ත්‍රාත්තුවට අදාළ හඬපට වාදන සියල්ලේ පිටපත් අධිකරණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්නේ ෆිලඩෙල්ෆියාවල නීතිපතිවරයා විසින් බව ජෝන් ගුඩ් කියා සිටි බැවිනි. වෙයින්බර්ග්ට ෆිලඩෙල්ෆියා බලධාරින් රිස්සුවේ නැත. අවශ්‍ය දේටත්, අනවශ්‍ය දේටත් හැමදේටම හොට දමන ෆිලඩෙල්ෆියාකාරයන් ඇබ්ස්කැම් මෙහෙයුමටත් ඈඳීම ගැන වෙයින්බර්ග් මුල සිටම සිටියේ දැඩි අකමැත්තකිනි. දැන් සිද්ධ වී තිබෙන්නේ තමන් කරන කියන දේත් ෆිලඩෙල්ෆියා නරුමයන්ට කියන්නටය.

“ගුඩ් මම මේ ඇත්තටමයි කියන්නේ මේකට තවත් බොස්ලා කොහොමටවත් ඕනේ නැහැ.“

“ඕකනේ මෙල්, ඔයත් එක්ක තියෙන ප්‍රශ්නේ. ඔයාට ඕනේ තනියම වැඩ කරන්න. ඔයා දක්ෂයි, මම පිළිගන්නවා. ඔයා නැත්නම් අපිට මේ තරම් දුරක් එන්න තියා හිතන්නවත් බැහැ. ඒත් ඉහළින් එන නියෝගවලටත් අපි නැවෙන්න ඕන. ඒත් ඔයාට පැවරෙන හැම වැඩක්ම පූචියෝ හරහා හරි, මම හරහා හරි මිසක් කොහොමටවත් එයාලගෙන් ඔයාට එන්න ඉඩ තියන්නේ නැහැ කියලා මම ඔයාට පොරොන්දු වෙනවා.“ ගුඩ්ගේ අස්වැසුම හමුවේ වෙයින්බර්ග් කට වසා ගත්තේය.

වෙයින්බර්ග්ට හිසරදයක් වන තරමට නිතර නිතර දුරකතන ඇමතුම් දෙමින් වද දුන් තවත් කරදරකාරයකු වුයේ බිල් රොසෙන්බර්ග්ය. නගරාධිපති එරිචෙට්ටිව ඇබ්ස්කැම් වෙත ගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ තමාට වුවත්, මේ වන විට කාටත් තමාව අමතකවී තිබීම රොසෙන්බර්ග්ගේ කෝපයටත්, කලකිරීමටත් හේතු වී තිබුණි. නගරාධිපති සම්බන්ධ ගනුදෙනුවලදී තමාට ලැබිය යුතු කොටස ගෙවීම අබ්දුල් නියෝජිතයින් මඟහරින බවට ඔහුට තිබුණේ සාධාරණ සැකයකි. කතාව ඇත්ත වුවත්, වෙයින්බර්ග් තම සලකුණු සම්බන්ධයෙන් අනුගමනය කරන සුපුරුදු න්‍යාය රොසෙන්බර්ග්ටද ක්‍රියාත්මක කළේය. රොසෙන්බර්ග්ගේ හිත වඩාත්ම තැලී තිබුණේ තමාටත් හොරා, සෙනේටර් විලියම්ස් සමඟ වෙයින්බර්ග් ඇතුළු පිරිස පැටලී සිටි ටයිටේනියම් පතල් ගනුදෙනුව හේතුවෙනි. මේ නම් තමාට මීට පෙර සම්බන්ධවීමට අවස්ථාවක් නොලැබුණු අමුතුම තාලේ වික්‍රමයක් බවට සැකයක් නැත.

“මෙල්, ඒක නියම ඩීල් එකක්. මම කවදාවත් එහෙම දෙයක් අහලා නැහැ. ඔයා කොහොමද මේ අමාරුකාරයන් මෙල්ල කර ගත්තේ ?“

“මෙල්ල කරගත්තා කියන්නේ මොකද්ද ? “ වෙයින්බර්ග් ඇසුවේ නොදරුවකු මෙනි.

“ඔන්න, ඔයත් මට කොළ කඩා පාන්න ගත්තා. මෙල්ල කරගත්තා කියන්නේ මෙල්, එරිචෙට්ටිවයි, විලියම්ස්වයි ෂේප්කරගන්න එයාලට ගෙවීම් කළේ කොහොමද ?“

“ ආ ඒකද ? මෙහෙමයි, අපි කිව්වා එයාලට පතල් සංස්ථාවේ කොටස් දෙන්නම් කියලා.“

“ඒකත් එහෙමද ? “ රොසෙන්බර්ග් කල්පනාකාරීව පැවසුවේ නිහැඬියාවකින් අනතුරුවය.

“මෙහෙමයි ඉතින්, දෙනවා කිව්වට තාම දීලා නැහැ. අඩුම තරමේ ඒක ගැන අපි තාම හරි තීරණයකටවත් ඇවිල්ලා නැහැ. ඒත් ඉස්සරහට මොනවා හරි කරගන්න බැරියැ.“ වෙයින්බර්ග් එවර කිව්වේ අවංකවමය. කොටස් බෙදාහදා ගන්නට පතල් සංස්ථාවක් නැති බැවින් ඒ ගැන අනාගතයට භාරදීම හැර වෙන කරන්නට යමක් නැත.

එම සංවාදයෙන් දින කිහිපයකට පසු ඇලෙක්සැන්ඩර් ෆෙයින්බර්ග්ගෙන් ඇමතුමක් ආවේ වෙයින්බර්ග්ව අසහනයට පත්කරන යෝජනාවක් ද සමඟය. අබ්දුල් පාර්ශ්වය විසින් මිලදී ගන්නට සැරසෙන සැවානාහි පිහිටි ඇමරිකන් සිනිමිඩ් කම්හලේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමේ වැදගත්කම අවධාරණය කළ ෆෙයින්බර්ග් ඒ සඳහා තෝරාගෙන තිබුණේ වෙයින්බර්ග්වය. ඔහුගේ සහායට කැට්ස් හා සැන්ඩි විලියම්ස්ද ගමනට එක්වන්නට කැමත්ත පළකොට තිබිණි. නමුත් කවදත් මෙවැනි ගමන් ගැන අලස ආකල්පයක් දැක්වූ වෙයින්බර්ග් ගමනට පස්ස ගැසුවේය. හේ ඇමරොසෝ හමුවී එකහෙළාම කිව්වේ, මෙවැනි ගමන් තමාට වහකදුරු මෙන් තිත්ත බවයි.

“රසායනික කම්හල් ගැන මම මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. එහෙව් එකේ මාව මේ වගේ ඔලමොට්ටල ගමන්වලට තෝරගන්නේ ඇයි? ඔය ෆැක්ටරිවලට රිංගලා මම මොනවා කරන්නද ? “

“ගණන් ගන්න එපා මෙල්. ඔයා ඕකටත් අනික් ඒවට වගේම බොරුවක් කරන්න. ඔයා කොහොමටත් ඒ වගේ බොරු රඟපෑම් කරන්න දක්ෂයිනේ.“ ඇමරොසෝ පැවසුවේ වෙයින්බර්ගේ හිත සනසන අටියෙනි.

ඔයින් මෙයින් කෙසේ හෝ වෙයින්බර්ග් සිනිමිඩ් කම්හලේ සවාරිය ගියේය.

වෙයින්බර්ග් සිටියේ ඇමරිකන් සිනිමිඩ් සමාගමේ නෞකා අංගණයට වී හාත්පස නිරීක්ෂණය කරමිනි. හැඳ සිටි විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටලය නිසා බැලූ බැල්මට ඔහු හඳුනාගැනීම පවා අපහසු විය. රබර් මිශ්‍රිත තොප්පියකින්ද, කබායකින් හා බූට්ස් යුවළකින් සැරසුණු වෙයින්බර්ග්, ආරක්ෂක ආවරණයකින් දෑස් මුවාකරගෙන සිටියේ කම්හලේ විෂ සහිත දුමාරයෙන් ආරක්ෂා වීමටය. කම්හල නිරීක්ෂණයට පැමිණෙන කාට වුවද මෙබඳු ආරක්ෂක ඇඳුම්වලින් සැරසීම අනිවාර්ය නොවී නම් වෙයින්බර්ග් කිසිදා මෙවැනි විලංගු ඇඟේ දමා ගන්නේ නැත. දෙතොලට සිරවූ නොදැල්වූ සුරුට්ටුව තදින් විකමින් සිටි වෙයින්බර්ග්ගේ අවධානය යොමුව තිබුණේ, නැව්ගත කිරීමට සූදානම් කරන අවසන් බඩු තොගයත් අසුරා මලුවලට පටවමින් සිටි කළු ජාතික කම්කරුවා වෙතය.

කැට්ස් හා සැන්ඩි සමඟ මුලු කම්හලේම රවුම්ගසා විවිධ අංශ ගැන අධ්‍යයනය කරන බව කදිමට මවාපෑ වෙයින්බර්ග්ට ඊළඟට අවශ්‍යය වුනේ කම්හලේ ආදායම් වියදම් ගිණුම් වාර්තා පරීක්ෂා කිරිමට වුව පොත් පරික්ෂා කිරීමට ඩොලර් පනස්දහසක් ගෙවිය යුතු බව දන්වනු ලැබීම නිසා ඔහු සිටියේ නොරිස්සුමෙනි. කාට බොරු කළත් තමා ගොනාට ඇන්ඳවීමට මේ කොම්පැණිකාරයන් මැරී ඉපදිය යුතුය. හුදකලා කළු ජාතික කම්කරුවා දැකීමත් සමඟ වෙයින්බර්ග්ගේ උපාය ඥානය අවදි විය.

“ඒයි ජෝර්ජ්, මේ කම්හල ඔයාලා කියන තරම් මහා පරිමාණේ එකක් නම්, එක කල්ලෙක් විතරක් ඒකේ බඩු පැක් කරන්නේ ඇයි? හරි හමන් වැඩපළක් නම් පැකින්වලට විතරක් අඩුම ගාණේ දහයක් දොළහක්වත් ඉන්න එපායැ.“

“මම කොහොමද දන්නේ. “ කැට්ස්ගේ හඬේ තිබුණේ නොරිස්සුමකි. “මේක එයාලට වැඩ වදින්නේ නැති කාලේ වෙන්න ඇති. ගාමන්ට් ෆැක්ටරිවලටත් වැඩ නැතුව වේලෙන කාලයක් තියෙනවා. මේකත් එහෙම වෙන්න ඇති.“ කැට්ස් පැවසුවේ අඩමානයටය.

“පිස්සු යක්කු! මේ තරම් ලොකු ෆැක්ටරියකටත් වැඩ නැතුව වේලෙන සීසන් එකක් තියෙනවා නම්, එයාලගේ පොත්වල තියෙන කුණුහරුප බලන්න මම ඩොලර් පනස්දහක් ගෙවන්නේ නැහැ. අපිත් එයාලා වගේ ඔලමොට්ටලයෝ කියලා හිතාගෙන ඇති. “

වෙයින්බර්ග්ගේ වාග් ප්‍රහාරයට පිටුපා යාමට සිනිමිඩ් සේවකයන්ට හයියක් තිබුණේ නැති නිසාම වැඩි වෙලාවක් යන්නට පෙරම ගිණුම් පොත් වෙයින්බර්ග්ගේ අතට ආවේය.

නගරාධිපති එරිචෙට්ටිගෙන් වෙයින්බර්ග්ට බේරුමක් තිබුණේම නැත. දිනපතාම පාහේ දුරකතන ඇමතුම් දී, හොර පාරෙන් මුදල් ගරන ව්‍යාපෘති හා යෝජනා හඳුන්වාදීම එරිචෙට්ටි සැලකුවේ තමාගේ යුතුකමක් ගාණටය. යසීර්ගෙන් ණය ලබාගැනීම හැකිතාක් කඩිනම් කිරීමේ දැවෙන අවශ්‍යතාවයෙන් පෙළුණු එරිචෙට්ටි නිතර නිතර වෙයින්බර්ග්ට කරදර කළේ, පතල් සංස්ථාවේ වගකිව යුත්තන් සමඟ හමුවක් සූදානම් කරන ලෙසටය. ඉන් ණය ලබාදීම ඉක්මණ් වනු ඇතැයි ඔහුට දැඩි විශ්වාසයක් විය. තමා කලින් වෙයින්බර්ග් අතට පත්කළ අල්ලස් ලැයිස්තුවේ හුන් රාජ්‍ය හා නාගරික බලධාරීන් වෙයින්බර්ග්ට හඳුන්වාදීමටත් නගරාධිපතිට තිබුණේ පුදුමාකාර උනන්දුවකි. ඒ සියල්ලන්ටමත් වඩා එරිචෙට්ටි නිතර දෙවේලේ මන්තරයක් මෙන් වෙයින්බර්ග්ට ජප කළේ ජර්සි සිටි නගරාධිපති තෝමස් (ටොමී) ස්මිත්ව හමුවිය යුතුම බවයි.

එරිචෙට්ටිගේ අල්ලස් ලැයිස්තුවේ හුන් සාමාජිකයන් එකා බැගින් දැලට කොටුකර ගැනීමට පිඹුරුපත් සැකසීම ඇරඹී තිබුණේ එය වෙයින්බර්ග් හරහා ඇබ්ස්කැම් නියෝජිතයින්ට ලැබුණු දා පටන්ය. එරිචේට්ටි මෙන්ම ඔහු විසින් හඳුන්වා දෙන්නට යෙදුනු කෙනත් මැක්ඩොනල්ඩ්ද අල්ලස් ලබාගැනීමට පොළඹවා ගත්තේ අබ්දුල්ට හා යසීර්ට කැසිනෝ බලපත්‍ර ලබාදෙන පොරොන්දුව මතය. නිව් ජර්සි ප්‍රාන්ත නීති රීති අනුව, මුදලට ගිජු අරාබි එමීර්වරුන් දෙදෙනකුට එවැනි බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍යතාවක් ඇතිවීම පිළිගත හැකිය. එමීර්වරුන්ට පමණක් නොව අනෙක් කාටත් අවශ්‍ය වූයේ මොනයම් ක්‍රමයකින් හෝ එවැනි බලපත්‍රයක් ලබාගැනීමටය. නමුත් නිව් ජර්සි හැරුණු විට ජර්සි සිටි හෝ වෙනත් නගර ගැන උනන්දු වෙන්නට අරාබිකාරයන් දෙදෙනෙකු පෙළඹෙන්නේ කවර හේතුවක් නිසාද ? කෙටියෙන් කියනවා නම් වෙයින්බර්ග් ඇතුළු පිරිසට දැන් අවශ්‍යව තිබුණේ ඇබ්ස්කැම් මෙහෙයුම වඩාත් පුළුල් පරාසයකට ව්‍යාප්ත කිරීමට හොඳ හේතු ටිකක් සොයා ගන්නටය.

විසඳුමට ආවේ ‘චෙක්පත් මුදලට මාරු කිරීමේ ව්‍යාපාරක් ඇරඹීමයි. ලැයිස්තුවේ හුන් විවිධ නිලධාරින් නියෝජනය කළ ප්‍රාන්තවල චෙක්පත් මාරුකිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන්නට අදාළ පාර්ශ්වයන්ගෙන් අනුමැතිය ලබාගෙන දෙනවාට, එම නිලධාරින්ට අල්ලස් ලබාදීම සිත්ගන්නාසුළු උපක්‍රමයක් විය. කැසිනෝ බලපත් මෙන් නොව චෙක්පත් මුදල් කිරීම ඕනෑම නගරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි න්‍යායක් වීමද වාසියක් විය. කැසිනෝවලින් උපයාගත් මුදල් දියකර හැරීමට චෙක්පත් මාරුකර දෙන බව පැවසූ විට කතාව තවත් තාත්විකය.

එරිචේට්ටිට චෙක්පත් මුදල් කිරීමේ සැලැස්ම හෙළිකළ පමාවෙන් හේ නගර පීරා මතුකර ගත් තවත් අල්ලස් මරුවෝ පිරිසකගේ ලැයිස්තුවක් වෙයින්බර්ග් අතට පත්කළේය. ඒ සියල්ලෝම එමීර්වරු දෙපළට චෙක්පත් මුදල් කිරීමේ ව්‍යාපාර අරඹන්නට තම තමන්ගේ නගර පේකර දෙන්න පෙළගැසී සිටියේ පගාවේ රස දැන සිටි නිසාය. ඒ අතර අංක එකට සිටියේ ඩිමොක්‍රටික් පක්ෂ සභාපති රිඩච් කොෆීය. ඒ තවත් දුෂිතයක් රැලක් ඇබ්ස්කැම් නියෝජිතයින්ගේ පාමුලට ගෙනා වික්‍රමයක ඇරඹුම විය.

1979 මැයි මස 23දා හොලිඩේ ඉන් හෝටලයේදී සතරකන් සම්මන්ත්‍රණයක් පැවැත්විණි. ඒ වෙයින්බර්ග්, ඇමරෝසෝ, කැට්ස් හා එරිචෙට්ටි අතරය. පිරිසට කතා කරගන්නට කසළ ව්‍යාපාරය, පතල් සංස්ථාව, නිව් ජර්සි ප්‍රාන්තය ගිලගෙන තිබෙන දූෂණය වැනි සෑහෙන දේවල් තිබුණු අතර අලුතින්ම පටන්ගන්නට යන චෙක්පත් මුදල් කිරීමේ ජාවාරමට වැඩි ඉඩක් වෙන්ව තිබිණී. කෙසේ හෝ හමුවන ලෙස ඉල්ලමින් එරිචෙට්ටි නිතර දෙවේලේ වෙයින්බර්ග්ට කරදර කරන ටොමී ස්මිත්, සෙනේටර් විලියම්ස්, ඇලෙක්ස් ෆෙයින්බර්ග් වැනි පැරණි සගයන් මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඩේව් ෆ්‍රීඩ්ලන්ඩ් හා ඩිමොක්‍රටික් පක්ෂ සංවිධායකවේලි ෂීල්ඩ් වැනි අලුත් සළකුණූද සාකච්ඡාවේ මාතෘකා විය.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින්

වෙයින්බර්ග්ගේ චරිතාපදානය
‘ස්ටිං මෑන්‘ කෘතියේ
පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

හෙට - හඬපටයේ කුරුකුරුවෙන් කුරුමානම වරදී

වේදිකාවල ඇඟිලි දිගු කරන අය දෙපාරක් හිතන්න

$
0
0
ජන 14, 2019 01:00
දුමින්ද අලුත්ගෙදර

සනත් පූජිත විභාග කොමසාරිස්

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල, දේශපාලන ප්‍රශ්නයක් දක්වා වර්ධනය වූයේ, පෞද්ගලික පාසලක ශිෂ්‍යාවක් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කර තිබීම හේතුවෙනි. විභාග පැවැත්වීමේදී, රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් අතර වෙනසක් තිබේද? යන්නත්, විභාගවලට මුහුණ දීමේදී දරුවන්, ගුරුවරුන් සහ මවුපියන් සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳත්, අද එහා ඉවුරෙන් සාකච්ඡා කරන්නේ එහෙයිනි.

 උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය පෞද්ගලික පාසලකට හිමි වීම සම්බන්ධයෙන් මතබේදයක් ඇති වුණා. මේ කතාවේ ඇත්ත නැත්ත කුමක් ද?

විභාග දෙපාර්තමේන්තුව ආරම්භයේ සිටම ගෙන ගිය වැඩපිළිවෙළට අනුව, ජාතික විභාග සහ අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා රජයේ පාසල්වල අයදුම්කරුවන් වගේ ම, පෞද්ගලික අයදුම්කරුවනුත් පෙනී සිටියා. දැනට තියෙන ජාත්‍යන්තර පාසල්වල ලන්ඩන් විභාග තිබුණා. ඒත් එක්කම, ශ්‍රී ලංකාවේ විභාගවලටත් දරුවෝ ඉදිරිපත් කළා. මේ වන විට ජාත්‍යන්තර පාසල් සිසුන්, ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කර ඇති විෂය නිර්දේශය හැදෑරීමක් සිදු කරනවා. ඊට අමතරව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන පෙළපොත් මිලදී ගැනීමකුත් කරනවා.

 රජයේ පාසල්වල විෂය නිර්දේශයට අනුව, ජාත්‍යන්තර පාසල්වලත් ඉගැන්වීම් කෙරෙනවා කියන එක ද ඔබ කියන්නේ?

ඔව්, ඒ විෂය නිර්දේශවලට අදාළ ව ජාත්‍යන්තර පාසල්වල අධ්‍යයන කටයුතු කරනවා. ඊට පස්සේ, විෂය නිර්දේශයට අදාළව ඇති රජයේ විභාග සඳහා පෞද්ගලික අයදුම්කරුවන් ලෙස ඔවුන් පෙනී ඉන්නවා. මේ තත්ත්වය අද ඊයේ නෙමෙයි, සෑහෙන කාලයක් පුරා තිබුණු තත්ත්වයක්.

 මතු වී තිබෙන සිද්ධියේ ප්‍රධාන කාරණය වෙන්නේ, පෞද්ගලික අයදුම්කරුවකු වුවත්, සිසුවිය ජාත්‍යන්තර පාසලක කියන කාරණය නේද?

සිසුවිය විභාගය ඉල්ලුම් කරලා තියෙන්නේ පෞද්ගලික ලිපිනය යටතේයි. විභාග දෙපාර්තමේන්තුවේ කාර්යය පටිපාටියට අනුව පෞද්ගලික අයදුම්කරුවෙක් ඉල්ලුම් කරනවා නම්, පදිංචි ලිපිනයට අදාළ ග්‍රාම නිලධාරිවරයා විසින් පදිංචිය සනාථ කළ යුතුයි. මේ සිසුවියගේ ග්‍රාම නිලධාරි සහතිකය අපට ලැබිලා තියෙනවා. ඒ නිසා, විභාග දෙපාර්තමේන්තුවේ නීති රීති අනුව සිසුවිය විභාගයට ඉදිරිපත් වීමේ සුදුසුකම් ලබලා තියෙනවා කියලා කියන්න පුළුවන්.

 රජයේ පාසල්වල විභාග හා පෞද්ගලික පාසල්වල ප්‍රතිඵල, අතීතයේ කිසි ම දවසක සම කළේ නැහැ කියලයි හිටපු අමාත්‍යවරයා පෙන්නලා දුන්නේ?

එතුමා සඳහන් කරන කාරණය අපටත් අප­ැහැදිලියි. අතීතයේත් මේ වගේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ සිසුවියගේ ලිපිනය තිබුණට, පාසල සඳහන් වෙලා තිබුණේ නෑ. ඒක තමයි මෙතැන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ඕනෑම අයකුට පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට උසස් පෙළ විභාගය ලියන්න පුළුවන් කියන තර්කයක් අපට තියෙනවා.

 මීට පෙර විභාගයෙන් ප්‍රථමයා වී තියෙනවා නම්, මෙවර දිවයිනෙන් ප්‍රථමයා වීම ගැටලුවක් වුණේ ඇයි?

මේ විභාගය සාධන පරීක්ෂණයක්. මෙතැනදී රජයේ පාසල් ද පෞද්ගලික පාසල් ද කියන කාරණය අදාළ නෑ. විභාගයට ඉදිරිපත් වීමට සුදුසුකම් ඇති සෑම අයෙක්ම එක සමානයි. විභාග දෙපාර්තමේන්තුව ආරම්භයේ ඉඳලා තිබුණ ක්‍රමය තමයි ඒ. ඒ අනුවම මෙවරත් අපි කටයුතු කරලා තියෙනවා.

 රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ දී, පෞද්ගලික අයදුම්කරුවන් හා රජයේ පාසල් අයදුම්කරුවන් කියලා වෙන් කරනව ද?

අපේ විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නේ, උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ඉහළ ම ප්‍රතිඵල ගත් පිරිස. ඒ නිසා, විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් හිමි වෙන්නේ, විභාගයට පෙනී සිටි සියලු ම අපේක්ෂකයන්ගෙන් ඉහළ සාමාර්ථ ගත් පිරිසකටයි. එතැනදී අපේක්ෂකයා මිස, රජයේ පාසල ද පෞද්ගලික පාසල ද කියන එක බලන්නෙ නැහැ.

 නිදහස් අධ්‍යාපනය ලබන රාජ්‍ය පාසල්වල දරුවන්ට අගතියක් වූ බව, මේ ප්‍රතිඵලය ගැන ඇතැමෙක් තර්ක කළා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

අපිට එහෙම කියන්නත් පුළුවන්, හිතන්නත් පුළුවන්. ඒත්, බොහෝ වෙලාවට මාපියන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. සමහර දරුවන්ට රජයේ පාසලක් අහිමි වුණහම, ළඟම පාසලට යන්න නොහැකි වුණහම, මේ වගේ පෞද්ගලික පාසල්වලට මුදල් ගෙවලා හරි දාන්න මවුපියො යොමු වෙනවා. ඒක තමයි මෙතැන තියෙන යථාර්ථය. සමහර මවුපියෝ දරුවන්ට පෞද්ගලික අධ්‍යාපනය ලබා දෙන්නේ, පුළුවන්කාරකමට නෙවමෙයි. බොහෝ වෙලාවට මවුපියො, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉඩකඩම් පවා විකුණන අවස්ථා තියෙනවා.

 මෙතැනදී කියැවුණු තව කතාවක් තමයි, මෙය පෞද්ගලික පාසල් ජනප්‍රිය කරන්න කරපු වැඩක් කියන එක. එහෙම දෙයක් කරන්න විභාග දෙපාර්තමේන්තුවට පුළුවන් ද?

අපි ප්‍රතිඵල නිකුත් කරලා තියෙන්නේ අදාළ ග්‍රාම නිලධාරිවරයා සහතික කරපු පදිංචි සහතිකය අනුවයි. අපි ළමයාගේ නම මොකක් කියලා බලන්නෙත් අවසාන අවස්ථාවේ. ඒ වෙනතුරු අපි කටයුතු කරන්නේ විභාග අංකයත් එක්ක. අපි විභාග අපේක්ෂකයා හඳුනා ගන්නෙත්, ඉදිරියට කටයුතු කරන්නෙත් විභාග අංකය යොදාගෙන. අවසානයේ දී පුවත්පත්වලට මේ ප්‍රතිඵල නිකුත් කරනකොට තමයි නම මොකක් ද කියලා බලන්නෙ. කවුරුහරි අපට චෝදනා කරනවා නම්, ඒ චෝදනාවලට උත්තර අපට තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව කියන්නේ දේශපාලනයවත්, ව්‍යාපාරවත් කරන ආයතනයක් නෙමෙයි. මේ රටේ අනාගතයට වැදගත්ම තීන්දුව දෙන තැන ඉන්න අපේ දෙපාර්තමේන්තුවට ඇඟිලි දිගු කරන අයට කියන්න තියෙන්නෙ, වේදිකාවල කියන දේ ගැන ආයෙත් වරක් හිතන්න කියන එක විතරයි.

 අධ්‍යාපන අමාත්‍යවරයා කියලා තිබුණා ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වන ඕනෑම අයකුට, රජයේ විභාගයකට පෙනී සිටින්න පුළුවන් කියලා. මේ කාරණය ගැන ඔබතුමා දරන මතය මොකක් ද?

අමාත්‍යතුමා කියලා තියෙන කාරණය සම්පූර්ණ ඇත්ත. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන ඕනෑම කෙනකුට, ඕනෑම විෂය කාණ්ඩයක් ඉල්ලුම් කරලා විභාගයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ විෂයන් තෝරා ගැනීමේ දී, විෂය කාලසටහනේ ගැටීමක් ඇති නොවන ආකාරයට තෝරා ගන්න ඕනැ. එහෙම තෝර ගත්ත විෂයයන් මේ රටේ ඕනෑම පුරවැසියකුට, ඕනෑම වයස් කාණ්ඩයකදී, විභාගය ඉල්ලුම් කරන්න පුළුවන්.

 දැරිය විභාගය සමත් වුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට අයත් පාසලකින් බව පෙන්වා දෙමින්, විරුද්ධ මත ධාරීන් කියා සිටියේ ජනප්‍රිය පාසල් සංස්කෘතිය ව්‍යාප්ත කරන්න කරපු දෙයක් විදිහටයි?

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියන්නේ ස්වාධීන ආයතනයක්. මේ ආයතනයේ කාර්යයභාරය, ළමයින්ගේ ජාතික පරීක්ෂණ සහ තක්සේරු සේවාවක් විදිහට, ජාතික විභාගවලට පෙනී ඉන්න දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමයි. ඒ නිසා, ආයතනයට ඒ දරුවන් රජයේ අයදුම්කරුවන් ද? පෞද්ගලික අයදුම්කරුවන් ද? යන වග අදාළ නැහැ. ඕනෑම දරුවකුට විභාග සඳහා ඉල්ලුම් කිරීමට අයිතියක් තියෙනවා කියලා, විභාග ආඥාපනත යටතේ පැහැදිලිව තියෙනවා.

 ඔබ කියන්නේ කවර දේශපාලනඥයකු කුමන අදහසක් දැරුවත්, දෙපාර්තමේන්තුව ආඥාපනතේ නීති රීතිවලට යටත්ව කටයුතු කළා කියන එක ද?

අද ඊයේ ඉඳලා නෙමෙයි, මේ කාර්යය කරලා තියෙන්නේ දෙපාර්තමේන්තුව ආරම්භයේ ඉඳලමයි. මීට කලිනුත් ඔය වගේ දරුවො පළමු වැනියා විතරක් නෙමෙයි, එතැනින් එහාටත් ඉහළට ආව අවස්ථා තිබුණා.

 රජයේ පාසල්වල ගුණාත්මක බව ගැන ඔබතුමාට යමක් කියන්න පුළුවන් ද?

ඒක මගෙන් අහලා වැඩක් නෑ. අහන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. කොහොමත් රජයේ පාසල් ගැන හැමෝම දන්නවා. ඒක මගෙන් නෙමෙයි, මිනිස්සුන්ගෙන් ඇහුවා නම් ඒ අයත් දන්නවා. ඒ නිසා තමයි මම හිතන්නේ, අධ්‍යාපන අමාත්‍යවරයා ළඟම පාසල හොඳ ම පාසල කියලා වැඩසටහනක් ආරම්භ කරන්න ඇත්තෙ. ඒ වැඩසටහන හොඳට කෙරුණා. මේ තත්ත්වය ඉදිරියේ දී ප්‍රාදේශීය මට්ටමිනුත් වෙනවා නම් තමයි හොඳ. ඒ නිසා, අපට ආණ්ඩුව මොකක් වුණත් කමක් නැහැ, මේ වැඩසටහන තිබුණා නම් හොඳයි කියන එකයි මම කියන්නේ.

 විභාග කොමසාරිස්වරයා විදිහට මේ ප්‍රශ්නයේ දී ජනතාවට මොනවද කියන්න තියෙන්නේ?

මෙවර උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණයේ දී හෙළිවුණ කාරණයක් මම මතක් කරන්න ඕනැ. විෂයයන් තුනම අසමත් වූ දරුවන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. මේ කාරණය ගැන විදුහල්පතිවරු, ගුරුවරු, මාපියන් සහ දරුවනුත් හිතන්න ඕනැ. මෙතැන තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි, විෂය ධාරාව තෝරා ගැනීමේ ගැටලුව. පළමු වැනි පාර විෂයයන් තුනම අසමත් වෙලා, ඊ ළඟ පාර වෙන විෂය ධාරාවක් තෝරාගෙන විශ්වවිද්‍යාල ගිය දරුවෝ ඉන්නවා. ඒ නිසා, ඔවුන්ට තියෙන හැකියාව අනුව විෂය ධාරාව තෝරා ගත යුතුයි. වැරැදි විෂය ධාරා තෝරා ගැනීමට මවුපියන් විසින් පෙලඹවීම නොකළ යුතුයි. සාමාන්‍ය පෙළ සමත් වූ වහාම, දරුවන් නිවැරැදි විෂය මාලාව ගැන පුළුල් අවබෝධයක් ලබා දීමට ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා. මෙන්න මේ කාරණය අපි වැඩි වශයෙන් සාකච්ඡා කළ යුතුයි.

 මේ ප්‍රශ්නය ගැන මවුපියන්, ගුරුවරුන් වග කියන්න ඕනැ කියලද ඔබ කියන්නේ?

අවුරුද්දකට දරුවෝ 18,000ක් 20,000ක් අතර ප්‍රමාණයක් සියලු විෂයන් අසමත් වෙනවා. උසස් පෙළ කරන ළමයකුට එහෙම වෙන්න දෙන්න බෑ. ඒකට හේතුව තමයි දරුවෝ තමන්ට නොගැළපෙන විෂය ධාරාව තෝරා ගැනීම. ඒ නිසා, සාමාන්‍ය පෙළ සමත් වෙන දරුවන්ට නිවැරැදි විෂය මාලාව තෝරා ගැනීමට මඟ පෙන්වීම, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ යුතුකමක් සහ රාජකාරියක්. ඒ වගේම, මවුපියන්, ගුරුවන්රුන්ට තම දරුවන් මෙහෙයවීමට සහය දැක්වීම අනිවාර්යයි. එහෙම වුණාම අද චෝදනා නඟන හැමෝටම උත්තර ලැබෙයි.

 

මහගම සේකර ගුණානුස්මරණය අදට යෙදේ

$
0
0
ජන 14, 2019 01:00

සේකර මතක් වී

‘‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත වෙනින් අනික් දෙයකට අනිකෙක් සමත’’

යන සුබාශිත කතුවරයාගේ කවිය විසංවාදයට ලක් කරමින්, විවිධ කලා ක්ෂේත්‍රවල කුසලතා පූර්ණ මිනිස්සු ලොව කෙතෙකුත් බිහි වූහ. මහගම සේකර එවැනි කුසලතා පූර්ණ දුර්ලභ මනුෂ්‍යයෙකි. එමතු ද නොව, ඔහු ප්‍රතිභාපූර්ණ කවියෙකි. ගීත රචකයෙකි. නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. නාට්‍ය රචකයෙකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. චිත්‍ර ශිල්පියෙකි. ගුරුවරයෙකි. එහෙත්, මහගම සේකර ප්‍රකට වූයේ හොඳ කවියකු මෙන් ම, හොඳ ගීත රචකයකු ලෙස ය.

මහගම සේකර රචනා කළ කාව්‍ය ග්‍රන්ථ අටකි. ඒවා නම්, ‘ව්‍යංගා’ (1960), ‘සක්වාලිහිණි’ (1962), ‘හෙට ඉරක් පායයි’ (1963), ‘මක්නිසාද යත්’ (1964), ‘රාජතිලක ලයනල් හා ප්‍රියන්ත’ (1967), ‘බෝඩිම’ (1970), ‘නොමියෙමි’ (1973), සහ ප්‍රබුද්ධය. ‘ප්‍රබුද්ධ’ (1977) රචනා කිරීමෙන් පසු මහගම සේකර මිය ගියේ ය. ඔහු මිය යන්නට මොහොතකට පෙර ‘ප්‍රබුද්ධ’ කාව්‍යයෙහි අත්පිටපත, මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට සෝදුපත් බැලීම පිණිස භාර දුන්නේ ය. හවස ජෝතිය ධීරසේකර මහතාට දැනගන්නට ලැබුණේ, මහගම සේකර මහතා හදිසියේ ම ජාතියට සමුදුන් බව ය. මේ සංසාරය නිවන ගමන පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව, සේකර කවිය භාවිත කළ බව සැබැවි.

ජන සාහිත්‍යයේ ඇසුර ලබා, පුරන් වූ සිංහල කවි කෙත අස්වැද්දූ සොඳුරු ම මිනිසා මහගම සේකර වූයේ ය. සේකර, සහජයෙන් ම ලද කවිකම, ඔහුගේ පරිකල්පනයෙන් ඔපවත්ව වැඩුණේ සිංහල කවි කෙතම නියන් සායට වට කඳුළක් ව තිබූ කලෙක ය. ඔහු ගැමි ජන ජීවිතය තුළ ලද අත්දැකීම්, ප්‍රේමය වැනි මනෝභාව නිරූපණයට ද ඉවහල් කරගත් සේ ය.

රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිසෙන්නේ

රන් ගෝමර පෙති ඉහලා ළමැද බබුළුවන්නේ

රන්වන් වී කරලක් මෙන් බිමට නැමී ඉන්නේ

රන් එතනා ඉපනැල්ලේ මොනවද අහුලන්නේ

සංයමය ජන කවියේ ලක්ෂණයකි. මහගම සේකර ද ජනකවියේ හරවත් ආභාසයට නතු විය. එ නිසා, රන් එතනාට කියන කවි, භාව පූර්ණ ගුණයෙන් පොහොසත්ත්ව, අපගේ ආධ්‍යාත්මය පෝෂණය කිරීමට සමත්ව ඇත. අර්ථ රසය මෙන් ම, ශබ්ද රසය ද මනාව සංකලනය කළ පැදි පෙළ ධ්වනිථාර්ථ නංවයි.

ළා ගොයමේ නිල්ල ඇවිත් පොළොව වසා ගන්ටයි

හිනා කිරෙන් කිරි වැදිලා කරලින් බර වෙන්ටයි

ඇඟේ පාට රන් කරලින් අස්වනු පී දෙන්ටයි

හිතේ තියෙන දුක් කරදර අමතක කරලන්නයි

ව්‍යවහාර භාෂාව, කාව්‍යෝචිත මාධ්‍යයක් බවට පත් කර ගැනීම, ජන කවියාගේ සිරිතකි. තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හෙළි කිරීම සඳහා උචිත ම මාධ්‍යය එය යි. මහගම සේකර ද රන් එතනාට කියන කවි සඳහා යොදා ගත්තේ, මේ කාව්‍යෝචිත ගැමි ව්‍යවහාර බසම ය. උතුරන්න, දුරු වෙන්න, බර වෙන්න, වසා ගන්න, පී දෙන්න, කරන්ට, දෙන්ටයි, ලන්ටයි ...... ආදී වචන, ජන කවියා අනුව යමින්, සේකර ද කාව්‍යයට සංඝටනය කරනුයේ දිලිසෙන්න, බබුළුවන්නේ, නැමී ඉන්නේ, අවුලන්නේ, වසා ගන්ටයි, වෙන්නයි, දෙන්ටයි ....... ආදී ලෙසිනි.

කාලෙට මහ වැහි වැහැලා සාගත දුරු වෙන්ටයි

වේලි ලියැදි ගං ඇල දොළ පිරි ගලා යන්ටයි

වේළුණු වැලි බිම තෙත් වී නැවුම් සුවඳ එන්ටයි

සාරව මුළු පොළොව එයින් ජීවය උතුරන්ටයි

පරිකල්පනය, ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, බණ්ධන චාතුර්යය ඇති කවියකුට, සතතාභ්‍යාසයෙන් හොඳ කාව්‍ය නිර්මාණ බිහි කළ හැකි බවට හොඳ ම නිදසුනක් ලෙස, මහගම සේකරගේ 'රන් එතනාට කියන කවි'හැඳින්විය හැකි ය. මේ නිර්මාණය පිළිබඳ මහාචාර්ය සුචරිත ගම්ලත්, 'මහගම සේකර සහ සමාජ යථාර්ථය'කෘතියේ මෙවැනි සටහනක් තබා ඇත.

‘‘ ........ මේ ගීතයේ තිබෙන්නේ ස්වභාව ධර්මයේ බලවේගවලට යට වී, එම බලවේග මැඩීමට අවශ්‍ය තාක්ෂණික සම්පත් අහිමි කරනු ලැබීම නිසා ස්වභාව ධර්මයෙහි වහලකු සේ ජීවත් වන ගොවියෙක්, එම ජීවිතයේ ප්‍රේමය ප්‍රාර්ථනා කරනවාත් එක්ක ම අනාගතයේ උදාවන සේ සිතන සෞභාග්‍යය පිළිබඳව හැඟීම් ඔහුගේ සිත තුළට ගලා එන ආකාරය මේ ගීතයෙන් ගෙන හැර දක්වනවා. .........’’

පුරන් වූ කවිකෙත පුරාවට, නව කවියට අවැසි, නව බීජ, කවිකෙත පුරා යළි රෝපණය කළේ මහගම සේකර බව සත්‍යවාදීව ම සැබෑ ය. ඔහුගේ සක්වාළිහිණි කාව්‍යය සංග්‍රහය එය තහවුරු කරන සාක්ෂියකි.

ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා

සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳිනවා

දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා

වලාකුළෙන් අහස් තලෙන් බිමට වඩිනවා

මේ කාව්‍ය රචනා බසෙන්, විරිතෙන් හා රීතියෙන් ජනකවියට කෙතරම් සමීප ද? සේකරගේ සක්වාළිහිණියෙහි හා ව්‍යංගා හි එන රචනා, මේ සම්ප්‍රදායෙහි අග්‍රඵලය ම වන්නේ ය. එමතු ද නොව, ජන කාව්‍ය සම්ප්‍රදායට අනුගතව කවි ලියූවන් අතර, පුරෝගාමියා වූයේ මහගම සේකර ය. ඔහුට එසේ හරඹ පෑමට හැකි වූයේ, ඔහු සතු වූ නිර්ව්‍යාජත්වය හා පරිකල්පන ශක්තිය නිසා ම යැයි විචාරකයෝ කියති.

ගම්පහ, රදාවාන, කන්තිමහර, මහවත්තේ, මහගෙදර දී 1929 අප්‍රේල් මස 07 වැනි ඉරු දින උපත ලැබූ සේකර, ගමේ හැදුණු වැඩුණු කවියෙකි. ඒ නිසා ම ඔහුට ජන සාහිත්‍යයේ ඇසුර නො අඩු ව ලැබුණේ ය. ඒ මඟින් ලද අත්දැකීම් උපයුක්ත කරගෙන, නව කාව්‍යාකෘතියක් පිළිබඳ සේකර කළ අත්හදා බැලීමකි මේ,

‘‘අත්තන මල් සාය ඇන්ද

සාරි ඔසරි නෙරිය බැන්ද

ආල වඩන අන්ද මන්ද

රටවට කර තෙයි

අඟර දඟර අළු ගෝමර

අහල පහළ පට්ටන්දර

අතන මෙතන කින්ද මන්ද

රණ්ඩු දබර වෙයි’’

ගැමි කවියේ ආකෘතිය, භාෂාව, විරිත මඟින් රබන් පද නාද ධ්වනිය මතු කරන සේකරගේ මේ කාව්‍ය පරිකල්පනයෙහි කූඨප්‍රාප්තිය සනිටුහන් වන්නේ ද, සේකරගේ කවිය ගැඹුරු දෘෂ්ඨියකින් අවලෝකනය වන්නේ ද, මේ සාම්ප්‍රදායික ජන කාව්‍ය ලක්ෂණ ප්‍රතීයමාන කරන නිර්මාණවල දී නොව, සිරි ගුණසිංහ අනුදත් නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය තුළ දී ය. නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය තුළ දී, සේකර සිරි ගුණසිංහයන් ද අතික්‍රමණය කළ බව කිව හැකි ය.

පෘථග්ජන කලාකරුවන් තුළ නිසර්ගයෙන් ම පිහිටි මමත්වයේ වරපට ලිහා දැමූ සේකර, නිරාමිස චිත්ත සමාධිය උදෙසා පුළුල් විදර්ශනා වැඩුවෙකි. අධිමානයෙන් හෝ හීනමානයෙන් මත් නොවුණු සේකර, කිසි ම කලෙක ජනප්‍රියත්වය හඹා නොගිය අතර, ජනප්‍රියත්වය ඔහු හඹා ආවේ ය. මමත්වයේ බැමි බිඳ, උපේක්ෂාවෙන් මිනිස් වර්ගයා දෙසත්, ලෝකය දෙසත් ඔහු හෙළුවේ ගැඹුරු දෘෂ්ටියකි.

යහපත් භෞතික පරිසරයක් ගොඩනගා, ඒ මත ධර්මය වගාකොට, උත්තරීතර සමාජයක් බිහි කිරීමේ සත්‍ය ප්‍රත්‍යවේක්ෂණය තෙක් මහගම සේකර කවියා ගමන්ගත් මාර්ගය, දුර්ග ම එකක් වූයේ ය. එතෙකුදු මායාවෙන් අරඹන ලද කවියාගේ ගමන් මඟ අවසන් වූයේ, ප්‍රබුද්ධ මුණගැසෙන තැන දී ය.

 

ශාස්ත්‍රපති,
මහේෂ් ක්‍රිශාන්ත
සිංහල ආචාර්ය,
ගා/ කරන්දෙණිය ජාතික පාසල, කරන්දෙණිය.

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>