Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

සිරිපා කරුනාකරන ජනතාවට වදින්න නව බුද්ධ ප්‍රතිමාවක්

$
0
0
දෙසැ 23, 2019 01:00

සිරිපා වන්දනා සමය ආරම්භයත් සමග හැටන් කොළඹ මාර්ගයෙන් ගමන් කරන බැතිමතුන්ගේ වැදුම් පිදුම් සදහා වැඩම කරන ලද නව බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කිරීම නදීගමදී සිදුවිය.

යටියන්තොට තනකොලවත්ත නදීගම ස්වර්ණ හස්ති මිතුරු කැළ මේ සද්ක්‍රියාව සිදුකළ අතර රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනයක් ද එම ස්ථානයේදී සිදුකරන ලදී. ප්‍රදේශයේ මැති ඇමතිවරුන් අතුළු විශාල ජනතාවක්ද මෙම අවස්ථාවට සහභාගිවි සිටියහ.

යටියන්තොට විශේෂ - සමන් එස්. රත්නායක


කරීටාස් ජනසවිය හලාවත සෙඩෙක් සංවිධානයේ 50 වසර වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක්

$
0
0
දෙසැ 23, 2019 01:00

පුත්තලම් දිස්ත්‍රික් ආගමික ඉතිහාසයේ පළමුවරට හලාවත පදවි රදගුරුතුමා ප්‍රධාන කතෝලික පියතුමන්ලාගේ ආරාධනයෙන් දිස්ත්‍රික්කයේ බෞද්ධ භික්ෂූන්වහන්සේලා සියක්නමක් සාංඝික දානය සඳහා හලාවත ක්‍රිස්තුසේවා මධ්‍යස්ථානයට වැඩම කළහ.

කරීටාස් ජනසවිය හලාවත සෙඩෙක් සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් හා අන්තර් ආගමික සහජීවනය වඩාත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව රදගුරු අති උතුම් දේව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ හා සෙඩෙක් අධ්‍යක්ෂක ලූක් නෙල්සන් පියතුමාගේ ආරාධනයෙන් මෙම සඟරුවන ප්‍රථමයෙන් අගරදගුරු නිවසට වැඩම කරන ලදී.

එතැන් සිට පෙරහරින් හලාවත ක්‍රිස්තු සේවා මධ්‍යස්ථානයට වැඩම කර එහිදී මහා සාංඝික දානය පිරිනැමූහ. එහිදී ප්‍රථමවරට කතෝලික පියතුමන්ලා අතින් දානය පිරිනැමීම හා පිරිකර භාණ්ඩ පූජාවද සිදු කිරීම විශේෂත්වයක් වේ.

ලේ දන්දීමේ පින්කම

$
0
0
දෙසැ 23, 2019 01:00

මාදම්පේ මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාමා විහාරාධිපති පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මල්අගාරේ සිරිවිමල නාහිමිගේ අනුශාසනා පරිදි මැදගම ලේ දන්දීමේ කමිටුව සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි.

මාදම්පේ සමුහ- ඒ පී ගුණරත්න

 

නැලිගම ශ්‍රී සංඝමිත්තා මහා පෙරහර

$
0
0
දෙසැ 23, 2019 01:00

ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන ආ ශ්‍රී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සිහිපත් කරමින් පවත්වන්නා වූ ශ්‍රී සංඝමිත්තා ගුණානුස්මරණ මහා පෙරහර 57 වන වරටත් අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

මහර නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාම විහාරස්ථානය මුල්කොටගෙන පවත්වනු ලබන පෙරහර වර්ෂ 1929 ජූනි මස 14 වන දින ආරම්භ කොට තිබේ. සංඝමිත්තා කුලඟන සමිතිය විහාරස්ථාන දායක දායිකාවන් විසින් පිහිටුවා ගත් අතර කුලඟන සමිතිය විසින් 1937 වර්ෂයේදී එවකට විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන දිප්පිටියේ ශ්‍රී පියතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වය හා දායක දායිකාවන්ගේ ආධාර උපකාර ඇතිව ශ්‍රී සංඝමිත්තා ගුණානුස්මරණ පෙරහර පවත්වා ඇත. එය ප්‍රදේශයේ පවත්වන විචිත්‍රවත් පෙරහරකි. 57 වන වරටත් පවත්වන පෙරහර විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ ඇප කැපවීම සහ ප්‍රදේශවාසීන්ගේ නොමද පරිත්‍යාග, වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාවන්ගේ ආධාර උපකාර ඇතිව දෙසැම්බර් මස 28 වන දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාම පුරාණ විහාරාධිපති අමරපුර අරියවංශාලංකාර සද්ධම්මයුක්තික මහා නිකායේ කොළඹ පළාත් ප්‍රධාන සංඝනායක මාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යය මත පෙරහර සාර්ථක කරගැනීමට හැකියාව සැලසී ඇත.

දිවයිනෙන් අභාවයට යමින් පවතින සංස්කෘතිකාංගයන් මහත් පරිශ්‍රමයකින් එකලස් කොට ප්‍රදර්ශනය කරන මහා පෙරහර දිවයිනේ වසර අවසානයේ පැවැත්වෙන ආගමික හා සංස්කෘතික මංගල්‍යයකි. අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගෙන් සමන්විත මෙම මහා පෙරහර උඩරට, පහතරට නැටුම් රාශියකින් සමන්විත වේ.

සංඝමිත්තා මහරහත් තෙරණිය සිහිපත් කරමින් ගමත් පන්සලත් අතර සබැඳියාව වර්ධනය කරවීම සඳහා පවත්වන්නා වූ මේ මහා ඓතිහාසික පෙරහර තුළින් ගමේ දූ දරුවන්ගේ කුසලතා එළිදැක්වීමට අවස්ථාව උදාවේ.

වරාය නගරයට අදහස් කිහිපයක්

$
0
0
දෙසැ 24, 2019 01:00

සංචාරකයන්ගේ අවධානය දිනා ගැනීමටත්, ඔවුන්ගේ සංචාර පහසුවන ආකාරයටත්, මාර්ග පද්ධති, ආපන ශාලා අවන්හල් දියුණු බැංකු පද්ධති හා සුපිරි වෙළෙඳ සංකීර්ණ රට තුළ ස්ථාපිත කිරීම ද වරාය නගර සැලසුමට සමගාමීව සිදුවීම වැදගත් ය. එවැනි පහසුකම් රට පුරා ක්‍රියාත්මක නොවුණොත්, වරාය නගරයට පැමිණෙන සංචාරකයන් හා ව්‍යවසායකයන් රට අභ්‍යන්තරයට පැමිණීම ප්‍රතික්ෂේප කරනු ඇත.

ලෝකය ශීඝ්‍රයෙන් දියුණුවන යුගයක ආසියාව පුරාම විවිධ ආකාරයේ ව්‍යාපාරික මධ්‍යස්ථාන බිහි වී තිබේ. තවමත් එවැනි මධ්‍යස්ථාන බිහි වෙමින් තිබෙන අතර ඒවා විවිධ මට්ටමේ පවතින කේන්ද්‍රස්ථාන වශයෙන් දැක්විය හැකිය. දැනට බිහිවී තිබෙන ආර්ථික මධ්‍යස්ථාන දෙස විමසිලිමත්ව බැලුවහොත් කොළඹ වරාය නගරයේ ආරම්භවන ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයට ඉතා හොඳ ඉල්ලුමක් තිබිය හැකි ය.

ආසියාතික කලාප ගතහොත් එම කලාප තුළ සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථාන පනහක් පමණ තිබේ. වැඩිම ආර්ථික මධ්‍යස්ථාන පිහිටා තිබෙන රට චීනය යි. ඒ අතර චීනයේ තවත් ආර්ථික මධ්‍යස්ථාන ඉදිවෙමින් පවතී. චීනයේ නවතම නිදහස් ආර්ථික ව්‍යාපෘති කේන්ද්‍රය හයිනට් (Hainat) දූපතේ ක්‍රියාත්මක කරමින් පවතී. මෙම දූපත ව්‍යාපාර සඳහා නිදහස් කලාපයක් කිරීම චීනයේ අරමුණ වී ඇත. මේ වන විට චීනයට පමණක් ආර්ථික මධ්‍යස්ථාන 10ක් පමණ තිබේ. චීනය සහ හයිනට් ආර්ථික කලාප සම්පූර්ණ එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ස්ථාන දෙකකි. එවැනි විශාල ආර්ථික ව්‍යාපාර කේන්ද්‍රස්ථාන දකුණු කොරියාව, ජපානය, මැදපෙරදිග රටවල් හා අප්‍රිකාව වැනි රටවල්වල පිහිටා තිබෙන අතර එවැනි ව්‍යාපාර කේන්ද්‍ර, දකුණ ආසියානු කලාපයේ ඇත්තේ අවම වශයෙනි.

දකුණු ආසියානු කලාපයට අලුතින් එකතුවන ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය ශ්‍රි ලංකාවේ වරාය නගරයයි. කොළඹ වරාය නගරය සුවිශේෂී ජාත්‍යන්තර ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බව පත් කරන්නේ නම් එය මුළුමනින්ම නිදහස් ආර්ථික කලාපයක් බවට පත් කළ යුතුය. දැනට අප රටේ පවතින නීති රීති, රෙගුලාසි, බදු ක්‍රම, ගත් විට ව්‍යාපාරවලට හිතකර වන අන්දමට ආර්ථික පරිසරයක් ගොඩ නැගී නැත.

නිදහස් ආර්ථික කලාප

කොළඹ වරාය නගරයේ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද, නොඑසේ නම් සුවිශේෂී ආර්ථික ක්‍රමෝපායන් හරහා ආර්ථික කලාපයට අවශ්‍ය පරිදි ගොඩනගනවද කියන කාරණය එහි සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම මගින් රටට වැඩි වාසියක් අත්කරගත හැකිය. ශ්‍රී ලංකාව පිහිටි කලාපයේ දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් තවමත් ස්ථාපිත වී නොමැති වීම එයට හේතුවයි.

ඉන්දියාවේ ආර්ථික මධ්‍යස්ථාන හයක්, හතක් පිහිටා තිබෙන අතර ඒවා නැඟෙනහිර හා බටහිර වරායට සම්බන්ධව ක්‍රියාත්මක වේ. ඉන්දියාවද මේ වනවිටත් සුවිශේෂී ආර්ථික කලාප ගොඩනගමින් සිටින රටකි. එහෙත් ඒවා තවමත් නිදහස් ආර්ථික කලාප මට්ටමට දියුණු වී නැත. එසේ බලනවිට ශ්‍රී ලංකාවට නිදහස් ආර්ථික කලාපයක් ‍වෙනුවෙන් කලාපයේ විශාල ඉඩක් පවතින අතර එය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග රාශියක්ද තිබේ. කොතරම් දුරට නිදහස් ආර්ථික රටාවක් ගොඩනගනවද කියන කාරණය මත ලංකාවේ ආර්ථික සංවර්ධනයේ විශාල පෙරළියක් කිරීමට කොළඹ වරාය නගරයට හැකියාව සැලසේ.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දිශාවේ සහ බටහිර දිශාවේ සිංගප්පූරුවේ හා ඩුබායි හි ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථාන පිහිටා තිබෙන අතර සිංගප්පූරුව පුරාම නිදහස් ආර්ථික කලාපයක් වශයෙන් පවත්වාගෙන යයි. සිංගප්පූරුව යනු ආර්ථික රටාව අධ්‍යයනය කළ විට ව්‍යාපාරික පරිසරයට හිතකර නීති රීති හා බදු ක්‍රම ක්‍රියාත්මක කරන රටකි. ආයාත බදු සම්පූර්ණයෙන්ම නිදහස් වූ සිංගප්පූරුව යනු පුර්ණ නිදහස් ආර්ථික මධ්‍යස්ථානයකි.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් පිහිටා තිබෙන ඩුබායි පූර්ණ නිදහස් ආර්ථික වැඩපිළිවෙළකින් සමන්විත තවත් රටකි. ඩුබායි යනු කාන්තාරයක් මැද තිබෙන රටක් වන අතර නිදහස් ආර්ථික ප්‍රතිපත්තිවලින් සාර්ථක වූ රටකි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ එවැනි සුවිශේෂී ආර්ථික කලාප විශාල සංඛ්‍යාවක් පිහිටා තිබෙන අතර ඩුබායි එයින් එකකි. ඩුබායි යනු සිංගප්පූරුවටත් වඩා දියුණුවෙන් ඉදිරියෙන් තිබෙන රටක් වන අතර එරට සමාගම් බදු, ආදායම් බදුවලින් නිදහස් කර තිබේ. ව්‍යාපාර හා ඒ හා සම්බන්ධ ව්‍යාපෘති දියුණුව සම්බන්ධව පූර්ණ අවධානය ‍යොමුකර තිබෙන ඩුබායි, ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව බලවතා වීමට උත්සාහ ගනිමින් සිටියි.

භූගෝලීය පිහිටීම

අපේ රට සිංගප්පූරුව හා ඩුබායි අතර තිබෙන හොඳ කේන්ද්‍රස්ථානයක් වන අතරම නැගෙනහිර හා බටහිර යා කරන නැව් ගමන් මාර්ගයේත්, චීනය විසින් ආරම්භ කර තිබෙන මුහුදු සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයක පිහිටා තිබේ. ඉතා හොඳ භූගෝලීය පිහිටීමකින් යුත් රටක් වන ශ්‍රී ලංකාවෙන් ඉහළ ප්‍ර‍යෝජන ලබා ගැනීමට විධිමත් සංවර්ධන ක්‍රම ක්‍රියාත්මක කළ යුතුය. ශ්‍රී ලංකාවේ තිබෙන ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනය කර ඉදිරියට යාම විශාල අභියෝගයක් වන අතර දැනට පවතින බදු ක්‍රම වෙනස් කිරීමත්, නීති පද්ධති වෙනස් කිරීමත් ඉතා අසීරුවේ.

ලෝක බැංකුව මඟින් සිදුකළ ආර්ථික වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ සටහන් වී තිබෙන අතර එම දර්ශකයේ පළමු ස්ථානය සිංගප්පූරුව හිමි කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය දියුණු කිරීමට වසර 20ක් තරම් ඈත ඉතිහාසයක සිට උත්සාහකරන අතර තවමත් සාර්ථක ඵල ලබා ගැනීමට නොහැකි වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ කොළඹ වරාය නගරයේ ආයෝජන මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. සිංගප්පූරුව මෙන් ශ්‍රී ලංකාව ද මුළුමනින්ම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් වන තෙක් නොසිට කොළඹ වරාය නගරය එබඳු ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ක්‍රියාත්මක වීම ප්‍රායෝගික කටයුත්තකි. ඒ සඳහා ලංකාව තුළ තිබෙන ආර්ථික නීති රෙගුලාසි, බදු ප්‍රතිපත්ති හා ව්‍යාපාර ක්ෂේත්‍රයට බලපැවැත්වෙන වෙනස් අණපනත් සිංගප්පූරුවේ පරිදි ව්‍යාපාර ක්ෂේත්‍රයට උචිත ආකාරයට වැඩිදියුණු කර ව්‍යාපාර පරිසරයකට හිතකාමී අංගෝපාංගවලින් සමන්විත සුවිශේෂී නිදහස් ආර්ථික කලාපයක් ලෙස ගොඩනැගිය යුතුය.

වරාය නගර භුමි ප්‍රදේශය ලංකාවට අයත් වූවත්, ලංකාවෙන් බාහිරව ඉදිකළ භූමියක් නිසා එවැනි ආර්ථික ක්‍රමවේද එම භූමියට පමණක් විශේෂිතව ක්‍රියාත්මක කිරීමට පුළුවන. එසේ වුවහොත් ලංකාව ආර්ථික වශයෙන් දියුණු කිරීමේ කටයුත්ත වඩාත් වේගවත්ව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබේ.

ඉදිරි සැලසුම්

එවිට වරාය නගරයේ ආර්ථික කලාප දියුණුකර ඒවා භුක්ති විඳින අතරවාරයේ රටේ අනෙකුත් ප්‍රදේශවලටද එය මග පෙන්වීමක් බවට පත් කළ හැකිය. එවිට ශ්‍රී ලංකා භූමියත්, අලුතින් ඉදිකළ වරාය නගර භූමියත් පරිපාලන වශයෙන් සම්බන්ධ නොකොට ඒවාට උචිත අන්දමට පාලනය කිරීමට හැකියාව සැලසෙනු ඇත.

වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කිරීමට දේශීය ආ‍යෝජකයන්ට අවස්ථාවක් තිබෙනවාද යන කාරණය ව්‍යාපාර ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව ඇති අතර එහිදී විශේෂයෙන් තේරුම්ගතයුතු කාරණයක් වන්නේ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට සැලසුම්කොට ඇති බවය. ජාත්‍යන්තර වශයෙන් හෝ ආසියාතික වශයෙන් තිබෙන හොඳම ව්‍යාපාරික කටයුතු මෙම කලාපයට ගෙන්වා ගත යුතු ය.

ලොව ව්‍යාපාර කටයුතුවලින් ජයගත් මුල්‍ය අංශ, තොරතුරු හා පණිවුඩ ජාල, සංචාරක කර්මාන්ත අංශයන්හි ප්‍රධාන කාර්යාල හා ලොව ප්‍රධාන ව්‍යාපාරයන්හි ශාඛා කාර්යාල පිහිටුවාලීම එහිදී වැදගත් වේ. තවද ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සංකීර්ණ හා අවන්හල්, විනෝද උද්‍යාන හා තොරතුරු දැනගැනීමේ කාර්යාල වරාය නගරයේ පිහිටුවීමට සැලසුම් කිරීම මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇත. ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකය හා කරට කර තිබෙන දේශීය ව්‍යාපාරවලද කොළඹ වරාය නගරය තුළ තම ව්‍යාපාරයන්හි කේන්ද්‍රස්ථාන ස්ථාපිත කිරීමට ඉඩ සැලසෙනු ඇත.

වරාය නගරය ඉදිකිරීමෙන් පසු එහි පවත්වාගෙන යන ජාත්‍යන්තර ව්‍යාපාරවලට බදු පනවා ඒවා පාලනය කිරීම නොකළ යුතුය. ඩුබායි වැනි ආර්ථික මධ්‍යස්ථානයන්හි ආදායම් බදු පවා පනවා නැති අවදියක බදු මත ව්‍යාපාර පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් එකඟ නොවනු ඇත. තරගකාරීව පවතින ව්‍යාපාර මධ්‍යස්ථාන සාර්ථක කරගැනීමට නම් සිංගප්පූරුව, ඩුබායි වැනි දියුණු මට්ටමේ ආර්ථික පිළිවෙත් අනුගමනය කළ යුතුය. ජාත්‍යන්තර ආර්ථිකයේ ප්‍රමුඛපෙළේ ව්‍යාපාරික ආයතන ලංකාවේ පිහිටුවීමෙන් හා ඒවා සමග කටයුතු කිරීමෙන් ලබනා අත්දැකීම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට වඩා වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවන ආර්ථික කටයුතුවල සාර්ථකත්වයට වඩා වැඩි ආර්ථික වර්ධනයක්, කොළඹ වරාය නගරය වැනි ඉතා කුඩා ඊභූමි ප්‍රමාණයකින් බලාපොරොත්තු විය හැකිය. කොළඹ වරාය නගරය රටින් වෙන්ව නොතිබීම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රතිලාභ ලැබීමට හේතුවනු ඇත. එහි පැමිණෙන ආයෝජකයන්ට, වෘත්තිකයන්ට, විදේශ සංචාරකයන්ට ගනුදෙනුකරුවන්ට වරාය නගරයන් ශ්‍රී ලංකා භූමියට පැමිණිය හැකි ය. එවිට ඔවුන්ට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් ගනුදෙනු කිරීමේ අවස්ථාව උදාවේ. සංචාරකයන්ගේ අවධානය දිනා ගැනීමටත්, ඔවුන්ගේ සංචාර පහසුවන ආකාරයටත්, මාර්ග පද්ධති, ආපන ශාලා අවන්හල් දියුණු බැංකු පද්ධති හා සුපිරි වෙළෙඳ සංකීර්ණ රට තුළ ස්ථාපිත කිරීම ද වරාය නගර සැලසුමට සමගාමීව සිදුවීම වැදගත් ය. එවැනි පහසුකම් රට පුරා ක්‍රියාත්මක නොවුණොත්, වරාය නගරයට පැමිණෙන සංචාරකයන් හා ව්‍යවසායකයන් රට අභ්‍යන්තරයට පැමිණීම ප්‍රතික්ෂේප කරනු ඇත. එසේ වුවහොත් ඔවුන්ගේ මුදල් රට තුළ පරිහරණය නොවනු ඇත.

ඉන්දියාවේ ඉහළ ධනවත් පවුල් ලංකාවේ සංචාරය නොකරති. ඔවුහු යුරෝපය හා අමෙරිකාව වැනි රටවල් ඒ සඳහා තෝරා ගනිති. දෙවැනි පෙළ ධනවත් පවුල් ද ලංකාවට නොපැමිණෙන අතර ඔවුහු බැංකොක්, සිංගප්පූරුව වැනි දියුණු රටවල්හි සංචාරය කරති. මධ්‍යම හා ඊට අඩු පවුල්වල ජනතාව පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන අතර ඔවුන් වැඩි මුදලක් වැය නොකරන පිරිසකි.

රැකියා උත්පාදනය

උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත්තද ලොව දියුණු රටවල ධනවත් පවුල් ඒ ආකාරයට ලංකාවේ සංචාර කිරීමෙන් වැළකෙති. දියුණුව වෙත යා යුතු රටක් වශයෙන් ලොව ඉහළම ධනපති කොටස් ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ට උචිත පරිසරයක් හා පහසුකම් රට තුළ ගොඩනැගිය යුතුය. ඒ අනුව වරාය නගරය ලොව ජීවත්වන ඉතා ධනවත් පන්තියට හා දෙවෙනි පෙළ ධනවතුනට සංචාරය සඳහා ද , විවේකය සඳහා ද උචිත පරිසරයක් හා අවශ්‍ය පහසුකම්වලින් සමන්විත අධි සුඛෝපභෝගී නිවාඩු නිකේතන හා සංචාරක හෝටල්වලින්ද සමන්විත වීම වැදගත් වේ.

ලොව ධනවත් ව්‍යාපාරිකයන් වරාය නගරය වෙත පැමිණ ඔවුන්ගේ ව්‍යාපාර කාර්යාල එහි ස්ථාපිත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේද ඔවුන් ගේ ව්‍යාපාර ආයෝජනයට උනන්දුවක් දැක්වීමට පුළුවන. වරාය නගරය ලංකාවට අනුබද්ධව ඉදිකිරීමත්,ලංකාව මඟින් ලොව ඕනෑම රටකට ඉතා පහසුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තිබෙන පහසුව නිසාත් ඔවුන් ඒ සඳහා පෙළඹෙනු ඇත. එවැනි තත්ත්වයක් මත ශ්‍රී ලාංකිකයන්ට විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා උත්පාදනය වීමද සිදුවනු ඇත. තවද ශ්‍රී ලාංකික මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ද ලොව ධනවත් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරයන්හි කොටස්කරුවන් වීමේ අවස්ථා ද උදාවනු ඇත. වරාය නගරය වෙත පැමිණෙන සංචාරකයන් එම කලාපයෙන් බැහැර ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමෙන් රටේ සංචාරක කර්මාන්තයට ප්‍රගතියක් අත්වන අතර එය ජීවනෝපාය කරගත් ජන කොටස්වල ආර්ථිකය වර්ධනය වීම ද සිදුවනු ඇත.

කොළඹ වරාය නගරය ක්‍රමවත්ව , ඉතා උසස් අන්දමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක වීමෙන් ආර්ථික වර්ධනයේ ඉහළට පැමිණි රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ අවධානයට ලක්වීමෙන් අනාගතයේ ලැබෙන ප්‍රතිලාභ මෙතෙකැයි ගණනය කළ නොහැකිය. ඒ අනුව කොළඹ වරාය නගරය තුළ ස්ථාපිත වන ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ආශිර්වාදයකි.

 

සටහන
නිශාන් මෙන්ඩිස්

සෙක්කුව

$
0
0
දෙසැ 24, 2019 01:00

කිසිවක් වෙනස් වන්නේ නැතිනම්, කිසිවක් වෙනස් වන්නේ නැත. කිසිවකු වෙනස් වන්නේ නැත්නම් ද කිසිවක් වෙනස් වන්නේ ද නැත. අපේ රටේ ද කිසිවකු හෝ කිසිවක් වෙනස් වන්නේ නැත. ඒ නිසා ප්‍රතිඵලය එක තැන පල් වීම ය. අපට අවශ්‍ය දේ අප ම නිපදවා ගත යුතු යැයි හාහෝවක් තිබුණේ හැත්තෑව දශකයේ ය.

සෙක්කුව කැරකෙන්නේ එක තැන ය. එහෙම කිව්වහම හරියට ම හරි නැත. එය නිශ්චලව නොපවතින, නිරන්තරයෙන් කරකැවීමට භාජනය වන නිසා එසේ කීම හරියටම හරි නැත. එසේ වුව ද එය වැරැදිත් නැත. එය ගමන් කරන මුත් එයට එහෙමට ගමනක් නැත. අවසානයේ පෙනෙනු ඇත්තේ එය එක තැනම පල්වෙන එකක් බව ය. එයින් කළ හැකි එක ම කාර්යය තෙල් හිඳ ගැනීම ය.

අපේ රටේ ගමන් මඟ ද ටිකක් ඒ වගේ ය. එය ගමනේ යෙදෙන මුත්, ටික දුරක් ගොස් බැලූ විට පෙනෙන්නේ කැරකී ඇත්තේ එක ම තැන බව ය.

අපට ටී. ජි. ඩබ්ලිව් සිල්වා යන නමින් ලේඛකයකු සිටියේ ය. ඔහුගේ ලේඛන කලාවට නොමඳ උපහාසය ද, හරි හරියට එක් වී තිබුණේ ය. 1939 තරම් ඈත දී දිනමිණ පුවත්පතට සතර වරම් දෙව් රජුන් ලක්දිවට බැසීම නමින් පළ වූ කෙටි කතාවක් මඟින්, ලංකාවේ බෞද්ධ භික්ෂූන් ද, උපාසික උපාසිකාවන් ද ඔහු දක්වා තිබුණේ ධර්මය පිලි නොපදින, සැප සම්පත් ම හොයන, බොරුවෙන් ජීවත් වන අය ලෙස ය. කතාවේ හැටියට එය සතර වරම් දෙවියන් ලංකාවට බැස තමන් ම පන්සල්, භික්ෂූන් හා උපාසක උපාසිකා ඇසුරෙන් ලද අත්දැකීමෙන් ම සොයා දැන ගෙන තිබෙන්නකි.

එයින් වසර 80 ට පසු අද 2019 දී ද, අපට කියන්නට සිදු ව ඇත්තේ ද, අඩු වැඩි වශයෙන් ඒ කතාවම ය. අසරණ වූ අයට පිටුපා බලයම වන්දනා මාන කරන බහුතරයක් භික්ෂූන් වහන්සේලාගේ හා බෞද්ධයන්ගේ හැටි ස්වභාවය පිළිබඳ එම කතාව, අද කිව්වා නම් සමහර විට ඔහු ඉතිරි වන එකක් නැත. ඔහු අවලාදවලින් ද, අවමන්වලින් ද නාවනු ඇත. හිරේ විලංගුවේ දමනු ඇත. නඩු පවරනු ඇත. අදත්, එදාත් අතර වෙනසක් ඇත්නම් සිදු ව ඇති වෙනස එපමණ ය. ඒ එදාටත් වඩා අද අප පල්ලම් බැස තිබීම ය.

ධර්මය ප්‍රචාරය කරමින්, බුදුන්ගේ මඟ යන සංඝයා වහන්සේලා අද නැතුවා නොවේ. ඒ එදා හිටි තරමට ය. ඒ අය එදා සිටියේ ද, අද සිටින්නේ ද අතළොස්සකි. අප රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගන්නට එහෙම කුඩා පිරිසකට හැකි වේ දැයි යන්න ප්‍රශ්නයකි.

අප මේ බුදු පුතුන්ගේ එක තැන පල්වීම දක්වන්නේ විශේෂ කරුණක් නිසා ය. ඒ සෙසු ආගම්වල අය ඔවුන් තමන්ගේ ලොකු අයියා ලෙස හැඳින්වීමට කැමැති නිසා ය. ඔවුන් ගන්නා මඟ, සෙසු ආගම් භක්තියකන්ගේ ජීවිතවලට ද, ඒ නිසා ම රටට ද බලපාන නිසා ය. ඔවුන් එක තැන පල්වීම, රට එක තැන පල්වීමකට බල පෑ හැකි නිසා ය.

සර්වකාලීන සත්‍ය

ඊට අමතරව බුද්ධාගම ගැන පමණක් නොව, ඉන් බාහිර කරුණු අනෝරාශියක් ගැන ඔවුන්ට අදහස් තිබෙන නිසා ය. ග්ලයිපොස්පේට් පොහොර සම්බන්ධයෙන් ද, කිරිපිටි සම්බන්ධයෙන් ද, ගිලන් රථ සම්බන්ධයෙන් ද, කාන්තාවන් අඳින ඇඳුම් සම්බන්ධයෙන් ද, ගෘහ ජීවිතය ගත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද, රජය අත්සන් කරන ගිවිසුම් සම්බන්ධයෙන් ද යන විවිධ දේ සම්බන්ධයෙන්, ඒ ඒ ක්ෂේත්‍රවල කටයුතු කරන ප්‍රමාණික බුද්ධිමතුන්ට පවා නැති කරුණු කාරණා, ඔවුන් දන්නා බවක් පෙන්වන නිසා ය. ඒවා ගැන පමණ ඉක්මවා ක්‍රියාත්මක වන නිසා ය. පොඩ්ඩ බැරි වුණු ගමන් උපවාස කරන නිසා ය.

එහෙත්, ධර්ම කාරණා සම්බන්ධයෙන් සිදු වන සාකච්ඡා නැති තරම් ය. ඔවුන් විසින් කියන හා නොකියන කතා ඇසූ කෙනකුට සිතෙන්නේ, ධර්මය හැරුණු කොට සෙසු සියල්ල ඔවුන් විසින් හදාරා ඇති බව ය.

සිවුරට ඇති බලය සුළුපටු නොවේ. මිනිසුන් කියන්නේ, තමන් වඳින්නේ සිවුරට මිසක එය පොරවා ගෙන ඉන්නා සිරුරට නොවන වග ය. ඒ නිසා ම, පැරැණි පසුගාමීත්වයම මේ සිවුරේ එතී ඇත්නම්, අගාධයට යනුයේ බුදු දහම හෝ සංඝ ශාසනය පමණක් නොවේ. මුළු රටම ය.

සංඝයා වහන්සේ ද, බෞද්ධ උපාසික උපාසිකාවන් ද තේරුම් ගත යුතු කාරණය නම්, බුද්ධාගමේ ආරක්ෂාව තිබෙන්නේ බුදු බණට අනුව තමන්ගේ සිත, කය, වචනය සංවර කර ගැනීම තුළ බව ය. එහි පරිහාණිය ඇති වන්නේ පිටින් එන ආක්‍රමණයන්ගෙන් නොව, ඇතුළතින් කුණු වීම තුළ බව ය.

ඒ නිසා ඔවුන් කළ යුත්තේ තව දුරටත් මීට දශක ගණනාවකට ඉහත අනගාරික ධර්මපාලතුමන් සුදු ආණ්ඩුවක සන්දර්භය යටතේ කියූ දෑ නැවත වමාරන්නේ නැතිව, අලුතින් ලෝකය දෙස බැලීමට උගෙනීම ය. බුදු දහමේ ඉගැන්වීම් මඟින් සර්වකාලීන සත්‍යය තෝරා බේරාගෙන, ඒවා වත්මන් සන්දර්භයට යොදා ගැනීම ය.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ, බිඳුණු, තුවාල වුණු, සිත් සුවපත් කරනු පිණිස ය. අද දවසේ බහුතර භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්නේ බලය වන්දනා කිරීමටත්, ඒ හරහා වරප්‍රසාද ලබා ගැනීමටත් ය. ඔවුන් කරන්නේ ඒ උදෙසා ධර්මය විකෘති කිරීම ය. මිනිසුන්ගේ සිත් බිඳවීම ය. උන්ගේ සිත් තව දුරටත් තුවාල කිරිම ය. තිබෙන තුවාල පෑරීම ය.

හැම තැන ම සෙක්කු

කාක දූපත හා බගලවතී ස්කෝලෙ හාමිනේ ගැන ලියූ ටී. ජී. ඩබ්ලිව් සිල්වා, ලංකාවට හතර වරම් දෙවිවරුන් වැඩම කරවමින්, මීට දශක අටකට පෙර කළ හෙළිදරව්ව, අද ද එලෙසම අදාළ වනවා පමණක් නොව, එය අද වන විට වඩාත් උග්‍ර අතට ද හැරී තිබෙන බව, බෞද්ධයන්ගේ සැළකිල්ලට භාජනය විය යුතු ය.

මෙය තේරුම් ගැනීම පමා කිරීමෙන් සිදු විය හැකි එක ම දේ නම්, උගත් හා බුද්ධිමත් තරුණ-තරුණියන් ආගමෙන් ඈත් වීම ය. උන්ට ආගම තිත්ත වීම ය. ආගමට අතීතයක් මිස අනාගතයක් නැති වීම ය. සෙක්කුව එක තැන දැනට කැරකෙතත්, ඉස්සරහට මේ සෙක්කුව ම ඉතිහාසයේ කුණු බක්කියට ඉක්මණින් තල්ලු වී යෑම ය.

මෙය අදාළ වන්නේ, බුද්ධාගම සම්බන්ධයෙන් නොවේ. අප ජිවිතවලට බලපාන බොහෝ දේට ද මේ සෙක්කුවේ උපහැරණය අදාළ ය.

සිංහල - දෙමළ වාර්ගික විරසකයේ අතීතය හාරා බැලුව ද, අප දකින්නේ ඒ කතාව ම ය. දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ලබා දීමට දකුණේ කිසියම් ආණ්ඩුවක් ඉදිරිපත් වූයේ ද, විරුද්ධ පක්ෂය බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉදිරියට දමාගෙන, ජවුසම් නටා, ඒවා නවතා දැමුණේ ය. ආණ්ඩුවේ පාට එහි දී වෙනසක් පෙන්නුම් කළේ නැත. එක වරක් විරුද්ධත්වය ඉදිරිපත් වූයේ බණ්ඩාරනායකට ය. ඊළඟ වතාවේ එය ඩඩ්ලිට ය. තෙවැනි වතාවේ එය ජේ. ආර්.ට ය. සිව්වැනි වතාවේ එය චන්ද්‍රිකාට ය. පස්වැනි වතාවේ එය රනිල්ට ය. ඊළඟ වතාවේ එය රාජපක්ෂ කෙනකුට වුව විය හැකි ය.

රට තුළ හිටි හැටියේ මතුවන ආගමික ගැටුම්, ඉතිහාසය නැවත නැවතත් ඒ ආකාරයෙන් ම සිදු වන බවට තව උදාහරණයකි. සිංහල මුස්ලිම් කෝලාහල ආගමික ගැටුමක් ලෙස ආරම්භ වූ බවට වාර්තා වන්නේ 1915 දී ය. ඒ සිංහලයන් සංවිධානය කරන ලද පෙරහරක්, පල්ලියක උත්සවයක් පැවැත්වෙන අතරතුර, ඒ පල්ලිය ඉදිරියෙන් ගමන් කරවීමෙන් ඇවිල ගිය ගැටුමකි. ඒ සුද්දාගේ ආණ්ඩුව තිබුණු කාලයේ ය. පෙරහර සඳහා බලපත්‍රයක් නිකුත් කර තිබූ නමුත්, ඒ බලපත්‍රයේ කොන්දේසි අනුගමනය නොකිරිම හේතුවෙන් ආරවුල කැන්දා ගනු ලැබූ බවට කතාවක් ද පවතින්නේ ය. ගැටුම් මඟහරිනවා වෙනුවට, ගැටුම් සොයා ගෙන යෑමේ පුරුද්ද, අද පමණක් නොව, එදා ද පැවැති බව කරුණු සොයා ගෙන යන විට පෙනේ. එවැනි ම සිද්ධි අලුත්ගම ද, බේරුවල ද, පසුව දිගන හා තෙල්දෙණියේ ද ඇතිවුණු බව නොරහසකි. වසර සියයකට පසුවත් එක ම දේ සිදු වන්නේ එසේ ය.

ඒ හැම වරම ප්‍රදර්ශනය වුණේ සෙක්කුව කැරකෙන්නා සේ අප ද වටේ ට ගමන් කරන ස්වභාවයක පසු වන බව ය. ඉතිහාසයේ නැවත නැවතත් එක ම දේ එක ම විදිහට සිදු වෙමින් පැවතියේ ය. එය එක ක්ෂේත්‍රයක පමණක් නොව, ක්ෂේත්‍ර ගණනාවක විහිදුණු එකක් විය.

මේ ගැන හොඳ ම විග්‍රහය කාල් මාක්ස්ගේ ය. ඔහු කීවේ ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වන බව ය. ඔහු කීවේ, පළමු වර සිදු වන විට ඛේදවාචකයක් වන යමක්, දෙවැනි වර නැවත පැන නැගි විට, විගඩමක් වන බව ය. කාල් මාක්ස් කියූ දේ බොහෝමයකට මේ ලේඛකයා එකඟ නොවෙතත්, ඉතිහාසය සම්බන්ධයෙන් ඔහු පළ කළ මේ අදහසට ලේඛකයා ගරු කරන්නේ ය. මේ අතීතය ප්‍රතිනිර්මාණය වීම අප රටේ දෙවරක් නොව, දිගින් දිගට ම සිදු වන නිසා, එයට කිව යුත්තේ කුමක් දැයි කාල්මාක්ස්වත් දනී දැයි ලේඛකයාට සැක ය.

කිසිවක් වෙනස් වන්නේ නැතිනම්, කිසිවක් වෙනස් වන්නේ නැත. කිසිවකු වෙනස් වන්නේ නැත්නම් ද කිසිවක් වෙනස් වන්නේ ද නැත. අපේ රටේ ද කිසිවකු හෝ කිසිවක් වෙනස් වන්නේ නැත. ඒ නිසා ප්‍රතිඵලය එක තැන පල් වීම ය.

අපට අවශ්‍ය දේ අප ම නිපදවා ගත යුතු යැයි හාහෝවක් තිබුණේ හැත්තෑව දශකයේ ය. ඒ පරීක්ෂණය කරන්නට ගොස් අපි හාල් පොලු, මිරිස් පොලු ද දමාගෙන, පාන් පෝලිම්වල පැය ගණන් රස්තියාදු වුණෙමු. ඒ පරීක්ෂණය නතර වුණේ ඒ ආණ්ඩුව හයෙන් පහක ඡන්දයෙන් ද පරාජය කරමිනි. බලයට පත් වූ ආණ්ඩුව ඒ වෙනුවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ය.

අප එහි හොඳ, නරක මැද දශක හතරක් දිවි ගෙවා ඇත්තෙමු. එහෙත් අදට ද ඇහෙන හඬ වන්නේ, අපේ දේ අප ම නිපදවා ගත යුතු බව ය. ඒ, අප රට පමණක් නොව, උතුරු කොරියාව හැරුණු විට හැම රටක්ම ගෝලීයකරණය වූ ලෝකයක, එහි ආශිර්වාදය මැද ම දිවි ගෙවමින් ය. මේ ගෝලීයකරණය වූ ලෝකයේ කිසි ම වැදගත් දෙයක්, තනි රටක සම්පත් යොදා ගෙන, තනි රටක පමණක් නිපදවීම, සාර්ථක වන්නේ නැත. වෙන එකක් තබා අප නිපදවා ගන්නවා යැයි ආඩම්බරයෙන් කියන අපේ බත, එසේ අප විසින් නිපදවා ගන්නවා යැයි කීම ම, අද වනවිට විහිළුවක් වී තිබේ. ඒ සඳහා යොදා ගැනෙන දේ අතර, අපේ ය කියා කිව හැක්කේ ශ්‍රමයත්, භූමියත් පමණක් බව, අප මේ ලිපි පෙළේ වරින් වර කියා ඇති නිසා, ඒ බව මතක් කිරීම පමණක් සෑහේ යැයි සිතමු. ගෙවී ගිය හැත්තෑව දශකය පසු කර, වසර පනහක් ගෙවී යන මේ මොහොතේත් අප කියන්නේ, අපේ දේ අප හදා ගත යුතු යැයි කියන ඒ බණ ම වීම, ඒ නිසා විහිළුවක් ව තිබේ.

ජය මඟ

ලෝකය ජය ගත හැක්කේ ලෝකයෙන් වෙන් වී ජීවත් වීමෙන් නොවේ. එයට වටිනා දේ සපයන, එයින් වටිනා දේ උකහා ගන්නා, අන්තර් පැවැත්මක් ගැන විශ්වාස කිරීමෙනි. අනාගතයට යා හැක්කේ නැවත නැවතත් පැරැණි අතීතයටම යෑමට උත්සහ කිරීමෙන් නොවේ. එයින් තීරණාත්මක ලෙස වෙන් වීමෙනි. චීනය ලෝක බලවතකු බවට පත් වුණේ, එය සාර්ථකව කිරීමෙනි. ඉන්දියාව ද ගමන් කරමින් ඉන්නේ ඒ මාවතේ ම ය. එහෙත් අප රටේ සිදු වන්නේ එක ම දෙය නැවත නැවතත් කිරීම ය. ඒ සඳහා වෑයම් කිරීම ය. අපට ඒ නිසා ම සිදු වනු ඇත්තේ, තව දුරටත් ලෝකයෙන් වෙන් වී, තනියම ජීවත් වීමට කරන හඬගෑම් තුළ, වැනසී යන්නට ය.

මෙයින් පෙනෙන්නේ, සෙක්කුව කැරකෙන්නේ ආගම, ජාතිය හා දේශපාලනය වටා පමණක් නොව, සමස්ත සමාජ දේහය ම වටා බව ය.

අපට බලාපොරොත්තු ගොඩක් ඇති නමුත්, අප වෙනසට බිය ය. ඒ නිසා ඉන්නේ ගල් ගැසී ගෙන ය. එහෙම නැති අය කැමැති වැඩි ඈතකට නොගොස්, එක තැන කැරකීමට ය. ඒ නිසා සෙක්කුවේ ගමනට ඔබ්බෙන් ගමනක් අපට නැත.

අලුත් බෝතලයක දමා තිබුණ ද, ඒවා පරණ වයින් ම නම්, ඒවා බී, අලුත් රසක් අපේක්ෂා කිරීමේ තේරුමක් නැත. පරණ ආකල්පවල ම ගැලී සිටිමින්, අලුත් රටක් අපේක්ෂා කිරීමේ ද එපමණට ම තේරුමක් නැත. එක ම දෙය නැවත නැවතත් කරමින්, අලුත් ප්‍රතිඵල බලාපොරොත්තු වීමේ තේරුමක් ද නැත.

වත්මන් ජනාධිපතිතුමාට මේ සෙක්කුවෙන් වෙන්වීමේ සැබෑ වුවමනාවක් තිබේ. ඔහු ජාතික ඇඳුමට සමු දුන්නේ බහුතර ජනතාවක් අඳින පහසු ඇඳුම තෝරාගෙන ය. ඔහු පවුලේ සංකේතයක් වූ සාටකය පැලඳීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහුගේ අතේ මුදු රාශියක් නැත. කරකවන බෝල නැත. ඉන්දියාවට ගිය ද තිරුපති වන්දනාවේ යෙදුණු බවක් වාර්තා වූයේ නැත. ඔහු තමන්ගේ ඡයාරූපය ආයතනවල ප්‍රදර්ශනය නොකරන ලෙස නියෝග නිකුත් කළේ, පැරැණි සම්ප්‍රදායට පසුපස හරවමින් ය. මේ වනවිට පරිසරය වනසමින් ඉදිකර ඇති දේශපාලනඥයන්ගේ කට්අවුට් ගලවන ලෙස ද, ඔහු විසින් උපදෙස් නිකුත් කර ඇත.

අලුත් බලාපොරොත්තු

මහවිරු සමරුව තහනම් කරනු ඇතැයි බොහෝ දෙනකු අපේක්ෂා කළ ද, ඔහු එවැන්නක් පවත්වන බව නොසළකා හැරියේ ය. එතැනිනුත් නොනැවතී බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස මුස්ලිම් ජාතිකයකු පත් කළේ ය. බොදු බල සේනාව ද, රාවණා බලය ද තමන් විසින්ම විසුරුවා ගන්නට කැමැත්ත පළ කරන තරමට කටයුතු ඉදිරියට ගියේ, ඔහුගේ ආගමනයත් සමඟ ය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකරණය පැවරීමට නැවත වතාවක් ලන්සු තබන ලෙස, අන්තර්ජාතික ආයතනවලට ඔහුගේ ආණ්ඩුව විසින් ආරාධනා කර තිබෙන්නේ, පසු ගිය ආණ්ඩුව එසේ කළ විට මත්තල විකුණන්නට හදනවා යැයි චෝදනා එල්ල වූ පසුබිමක ය. ඒ, ශ්‍රී ලන්කන් නැවත රජයට පවරා ගැනීමට කලින් රාජපක්ෂ පාලනයක් විසින් ම කළ කටයුත්තට ප්‍රතිපක්ෂ අස්ථානයකට නව ආණ්ඩුව මෙහෙයවමින් ය.

මේවා මූලික වෙනසකට ප්‍රමාණවත් නොවන බව ඇත්ත ය. එහෙත් ඒවායින් දක්වන පෙර මඟ සළකුණු නරක නැත. එක තැන පල්වන සම්ප්‍රදායන්ට සමු දෙන බවට ඉඟියක් ඒ තුළ ඇත. අතීතයේ තිබූ විරසක වීම් ඒ ලෙස ම ගෙනියන්නට අපේක්ෂාවක් නැති බවට ඉඟියක් ඒ තුළ ඇත. නව ලෝකයට විවෘත වන බවට ඉඟියක් ද එහි ඇත.

ඒවායින් රටට දෙන පණිවිඩය සාධනීය ය. එහි අඩංගුව ඇත්තේ වෙනසකට සූදානම ය. අනුගාමිකයන්ට වෙනස් වීමට සූදානම් වන ලෙස කරන පණිවිඩයක් ද සමඟ ය.

සෙක්කුවේ තව වටයක් යන්නට සිටි අය මේ වෙනස් කම් දෙස කෙසේ බලනු ඇති දැයි තවම පැහැදිලි නැත. ඔවුන් මේ වෙනස්කම් ආපසු හරවන්නට කල් යල් බලන බවට නම් ඉඟි පහළ වී ඇත.

තාප්පවල යුද චිත්‍ර අඳින, ඒවායේ අතීතයම සිතුවම් කිරීමට කැමැති, අලුත් යමක් කීමට නැති, වෛරයට වෛරයෙන්ම උත්තර සොයන, සෙක්කුවේ ගමනට හුරු අය මෙයින් සලිත වෙනවාට සැක නැත. ඔවුන්ට සෙක්කුව පාට කිරීමට මිසක, සෙක්කුවෙන් ගැලවීමට වුවමනා නැති වීම එයට හේතුව ය.

නිශාන්ත කමලදාස

කාටත් අවැසි මතකය

$
0
0
දෙසැ 24, 2019 01:00

විශේෂයෙන් ම පාසල් ළමයින්ට අදාළව මතකය පිළිබඳව අප කතා කරන්නේ ඔවුනට මුහුණදීමට ඇති විභාග සඳහා පෙනී සිට සාර්ථක ලෙස පිළිතුරු ලියා විභාග ජයග්‍රහණ ලැබීමට සහාය වීමක් හැටියට ය. නමුත් වයස භේදයක් නැතිව පොදුවේ කොයිකාටත් සාමාන්‍ය ජීවිතය සාර්ථක ලෙස ගෙන යාමට “මතකය” අත්‍යවශ්‍ය දෙයකි. මතක ශක්තිය ගිලිහී ගියවිට ජීවිතය නිසි ලෙස පවත්වා ගැනීමේ ගැටලුකාරී තත්ත්ව ඇතිවේ. එබැවින් ඒ ගැන කව්රුත් දැනුවත්වීම වැදගත් ය.

යමක් මතකයේ රඳවා තබා ගැනීමේ දී සිදුවන කාර්යාවලිය පිළිබඳ මදක් විමසා බලමු. මෙහි දී ප්‍රධාන අවස්ථා තුනක් අපට හඳුනා ගතහැකි ය. (1) යම් පණිවුඩයක් සංකේතවලට හැරවීම (encode), (2) පණිවුඩයක් ගබඩා කර තැබීම හෙවත් සංචය කර තැබීම (Storage) සහ (3) පණිවුඩය යළි සිහිකැඳවීම හෙවත් ලබා ගැනීම (retrieval) ඒ අවස්ථා තුනයි.

මෙහි පළමු පියවර වන්නේ කේතනය හෙවත් සංකේතවලට මාරුකිරීමයි. (encoding) මෙහි දී තොරතුරු දෘශ්‍යමය හෝ ශ්‍රව්‍යමය නැතහොත් ශබ්දාර්ථ (Visual, acoustic or semantic) ආදී ආකාරවලින් පණිවුඩය ලබාගනී. මතකය ගැන සැලකීමේ දී ප්‍රධාන ආකාර දෙකක් හඳුනාගෙන තිබේ. එනම් දිගුකාලීන හා කෙටිකාලීන වශයෙනි.

කේතනය (encoding):

කේතනය යනු අපට ලැබෙන පණිවුඩයක් නැතහොත් සංඥාවක් සංකේත බවට පරිවර්තනය කර ගැනීමයි. මෙම පියවරේ දී මතක ගබඩාව සඳහා ලැබෙන්නා වූ අලුත් තොරතුරු සහ දත්ත තැන්පත් කළ හැකි ආකාරයට සකස්වීම සිදුවේ. උදා: ලෙස ගුරුවරු අලුත් ක්‍රීඩාවක් නිර්මාණය කරමින් ශිෂ්‍යයාට නව දැනුමක් ග්‍රහණය කරගැනීමට උපකාර කරති.

මූලික වශයෙන් කේතනය (encoding) පියවර සඳහා ආකාර හතරකින් මූලිකව ක්‍රියාත්මක වේ. එනම් දෘශ්‍යම (Visual) ශ්‍රව්‍ය ධ්වනික හෙවත් තරංගාත්මක (acoustic) විස්තාරිත හෙවත් විචිත්‍ර (elaborative) සහ ශබ්දාර්ථ හෙවත් අර්ථ විෂයක (Semantic) ඒ ආකාරයි.

මොළය තුළ කේතනය වූ නැතහොත් සංකේත බවට පත්වූ මතකයන් නොයෙක් ආකාරවලින් හඳුනා ගැනීමට පුළුවන. එනම් ස්මෘතික හෙවත් ස්මරණය කිරීම (mnemonic) එක් ආකාරයකි. මනෝ විද්‍යාත්මකව කේතනය (encoding) හඳුනා ගත හැක්කේ තොරතුරු කොටස්වලට බෙදා වෙන්කිරීමේ ක්‍රියාවලියක් ලෙස ය. බෙදා‍ වෙන් කිරීම මගින් එය තේරුම් ගැනීමට පහසුය. මෙම ක්‍රියාවලිය මතකය පිළිබඳ පද්ධතියට (System) තැන්පත්වීම සහ පසුකාලීනව නැවත මෙනෙහි කිරීමට උපයෝගී වේ.

ගබඩාකර තැබීම (Storage):

මේ යනු මතකයේ තැන්පත් කර තබා ගැනීමයි. මෙම ක්‍රියාවලිය බොහෝවිට මොළය තුළ තොරතුරු තැන්පත්වීම සඳහා සිදුවන ක්‍රියාවලියක් වන අතර, එය බොහෝවිට අක්‍රීය ක්‍රියාවලියක් (Passive Process) ලෙස ක්‍රියා කරයි. මෙම මතකය ඉන්ද්‍රීය මතක (Sensory memory) කෙටි කාලීන මතකය (Short term memory) හෝ වඩාත් ස්ථාවර ලෙස හඳුනාගත හැකි Long term memory ලෙස සඳහන් කළ හැකිය. මොළයේ විවිධ ප්‍රදේශවලදී විවිධ වර්ගයේ තොරතුරු සහ සම්බන්ධතා දැක්වීම ද ඒ හැර අන්තර් සම්බන්ධතා (Interconnections) පැවැත්වීමට ද හැකි ය.

ඊට අදාළ මොළයේ නිශ්චිත ප්‍රදේශ ද හඳුනා ගැනීමට පුළුවන. උදාහරණයක් ලෙස ප්‍රත්‍යක්ෂ මතකය (explicit memory) සැලකීමේ දී ජීවිතේ යම් යම් අවස්ථාවල සිදුවන සිදුවීම් සහ සාමාන්‍ය තොරතුරු, කරුණු, විශේෂයෙන් ම මොළයේ ප්‍රදේශ තුනක සම්බන්ධතාව හඳුනා ගැනීමට පුළුවන. එම ප්‍රදේශවලට හිපොකැම්පස් (hippocampus) නව බාහිකය (Neocortex) සහ ඇමිග්ඩේල් (amygdale) හඳුනා ගැනීමට පුළුවන. අපට තැන්පත් කර ගත හැකි තොරතුරු පිළිබඳ සලකා බැලීමේ දී ඒ සාමාන්‍ය දුරකථනයක තිබෙන ප්‍රමාණය ගැන සිතිය හැකිය.

නමුත් මොළයේ ඇති ස්නායු එකිනෙක අතර සබඳතා දැක්වීම මගින් මොළයේ පවතින තැන්පත් කිරීමේ හැකියාව අතිශයින්ම විශාලය. මොළයේ එය GB මිලියනයක්වත් වූ පරාසයකට පවතින බව දැක්වේ. දිගුකාලීන මතකය මොළය පුරා ස්නායු කාණ්ඩ වශයෙන් තැන්පත් වන අතර, යම් අවස්ථාවකදී සමාන අත්දැකීම් ලැබෙනවිට එම ස්නායු කාණ්ඩයම උත්තේජනය වීම අපට හඳුනා ගැනීමට පුළුවනි.

සිහි කැඳවීම හෙවත් මතකයේ ආරම්භවීම (Retrieval) පරිසමාප්තිය (Portection) හා සම්බන්ධවීම මගින් කේතනය (encode) සහ තැන්පත්වීම (store) ස්නායු හා සම්බන්ධවීම සිදුවේ. අලුත් අලුත් මතකයන් තැන්පත් වනවිට උපාගම (synaptic) නිර්මාණය වේ. එම මතකයන් කෙටිකාලීන හෝ දිගුකාලීන හෝ මතක ගබඩාවේ තැන්පත්වේ.

 

කරුණාතිලක හඳුන්පතිරණ

සුනාමි සහ ජීවිත තවම සුනාමි ?

$
0
0
දෙසැ 25, 2019 01:00

සුනාමි ව්‍යසනයට වසර 15ක් පිරීම නිමිත්තෙනි.

උඳුවප් බැතිබර නත්තල් අසිරියත් සමඟම මීට වසර 15කට පෙර සිදුවු අමිහිරි මතකයෙන් මිදෙන්නට කිසිවකුටවත් නොහැකිය. දෙසැම්බර් 26 දින උදෑසන 9 කණිසමේදී ශ්‍රී ලාංකික මුහුදුබඩ ජනතාවට පරිසරයේ වෙනස්කමක් සිදුවෙමින් පවතින බවට දැනෙන්නට විය. සුළු මොහොතකින් මුහුද රළු වෙමින් ඉතා තද කළු ජල ප්‍රවාහයක් වෙරළේ සිට ගොඩබිමට ගසාගෙන ආ අතර පසුව මුහුදු රළ ආපසු ගසාගෙන ගොස් මුහුද ගොඩබිමක් ලෙස දිස්වීමට පත්විය. මෙම සිදුවීම බලාගැනීමට බොහෝ පිරිසක් මුහුදු වෙරළට දිවගොස් සිටි අතර ඉන් අනතුරුව සිදුවූයේ නැවත වතාවක් පෙරටත් වඩා වේගයෙන් මුහුදු රළ ගොඩබිමට කඩා වැදීමකි.

රට පුරා වෙරළ ආශ්‍රිත ගම් නගර විශාල ප්‍රමාණයක දහස් සංඛ්‍යාවකගේ ජීවිත අහිමි කරමින් සුවිශාල දේපළ හානියක් ද සිදු වී ඇති බැව් දස දෙසින් වාර්තා විය. මෙයට පෙර මෙවන් අත්දැකීමක් ශ්‍රී ලාංකීකයන් ලෙසට අපට නොමැති වූ අතර පරිපාලන කටයුතු මෙන්ම ජන ජීවිතයේ සියලු ක්‍රියාකාරකම් ද සම්පූර්ණයෙන් ම අක්‍රීය විය.

සිදු වූ විපතේ භයානක තත්ත්වය අවබෝධ වීමට දින 02ක 03කට වඩා ගත වූ අතර රට පුරාම නිවෙස්වලින් බැහැරව සිටි බොහෝ දනන් සොයා ඥාති හිත මිතුරෝ වෙරළබඩ ප්‍රදේශවලට සැරි සැරූහ. දිනපතා මළ සිරුරු හමුවීම සුලභ සිදුවීමක් විය.

අපට සිදුවූයේ කුමක්ද?

ආපදා හා ස්වභාවික විපත් ලෙස අප හඳුනාගෙන සිටි ආපදාවලට වඩා සුනාමි ව්‍යසනය වඩාත් බිහිසුණු වු අතර සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දීර්ඝ කාලීන දුෂ්කරතාවයක ආරම්භයක් විය.

ජාති ආගම් කුල භේදයකින් තොරව මෙම විපතෙන් පොදුවේ සියලු දෙනාටම ඉතා බරපතළ හානියක් සිදුවුවද අඩු ආදායම්ලාභීන්ට සිදුවූ හානිය ඉතා දැඩි විය‍.

පාරම්පරිකව උරුම වු දේපළ ඉඩකඩම් මෙන්ම අසල්වැසියන්ද ඔවුන්ගෙන් ගිලිහී යාම ඔවුන් සැමට වඩාත් දරා ගත නොහැකි තත්ත්වයක් අත්කර දෙන ලදී.

ප්‍රාදේශීය රෝහල්වලට ආපදා තත්ත්වයට මුහුණදීමට තිබූ පහසුකම් ප්‍රමාණවත් නොවූ අතර පොදු ස්ථාන ද විනාශවීම නිසා තාවකාලික නවාතැන් සපයා ගැනීම ද බරපතළ ගැටලුවක් විය.

සමස්තයක් ලෙස ලියා සටහන් කිරීමට නොහැකි අතිශය ඛේදජනක මෙන්ම වේදනාකාරී අත්දැකීම් සමඟින් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සෙසු ප්‍රජාවගේ කාරුණිකත්වය සහ ආධාරය ව්‍යසනයට මුහුණ දී ජීවිතය බේරාගත් සැමට ඒ මොහොතේ අත්‍යාවශ්‍යම දෙය විය.

ආදරය, දයාව, කරුණාව සහ සාතිශය ළෙන්ගතුකමේ ආශ්වාදය සිදු වූ ව්‍යසනයෙන් පසු රටෙහි සෙසු ජනතාව ඔවුන්ට හැකි පමණින් විපතට පත්වූවන්ට විවිධ ආධාර සහ පහසුකම් ලබාදුන් අතර ජාත්‍යන්තර ප්‍රජාවද සංවිධාන ද හැකි උපරිමයෙන් මූලික පහසුකම් ලබා දී තිබුණි. සැමගෙන් ලද ආදරය මුසු උපකාර පශ්චාත් සුනාමි ප්‍රතිසංවිධාන කටයුතු සඳහා යහපත් ආරම්භයක් විය. උපකාර ලබාදීමේදී සෑමදෙනාම දක්වන ලද ළෙන්ගතුකම මානසික කඩාවැටීම්වලට සහනයක් විය.

ලොව පුරා ආධාර ලබාදීමේදී මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපයේ ද බොහෝ ආර්ථික අපහසුතා ඇති අයද තමන්ගේ ඇඳුම් පැලඳුම් පවා දේවස්ථාන ඉදිරිපිට තබා ඒවා අලෙවියෙන් ලත් සුළු මුදලක් හෝ ලබාදෙමින් ආධාර වැඩසටහනට දායක වූ බව පෞද්ගලිකව මා අත්දැක ඇත්තෙමි.

අපට ලැබුණ ආධාර අප කළ­ම­නා­ක­ර­ණය  කර ගත්තේද?   
 
කඩා වැටුණ සමාජය යළි ප්‍රකෘතිමත් කිරීමට අප ලද සුනාමි ආධාර නිසි අයු රින් කළමනාකරණය කර ගත්තේද යන්න වසර 15කට පසුව විමසා බැලීම ඉදිරි ආපදා තත්ත්වයකදී මඟපෙන්වීමක් ලෙස භාවිතා කළ හැකි වේ.

හානි සිදු වු නිවාස රජයේ පොදු ‍ගොඩනැඟිලි ඉදිකරදීමට රට අභ්‍යන්තර ඉඩම් සොයා ගැනීම මූලික ගැටලුව වු අතර අධීක්ෂණයක් සිදු නොවීම හේතුවෙන් සිදුවූ අපතේ යාමද තවත් සුනාමි යක් විය. එහි ප්‍රතිඵල වැඩිපුරම බලාගත හැක්කේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතවය. ජාත්‍යන්තර වශයෙන් ලද ආධාර මත ක්‍රියාත්මක වු ව්‍යාපෘති මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින් පෞද්ගලික අංශයට ලබාදුන් අතර නියමිත කාර්මික තාක්ෂණ හෝ ඉංජිනේරුමය අධීක්ෂණයක් සිදු නොවූ බැවින් එම ඉදිකිරීම්වල අසාර්ථක බව වසරක් යාමටත් පෙර ප්‍රතිලාභීන්ට අත්විඳීමට සිදුවීම තවත් ඛේදනීය තත්ත්වයක් විය.

දේශීය ව එම ඉදිකිරීම් කළ ශිල්පීන්ගේ නිපුණතාවය මෙන්ම ශිල්පීය මට්ටම ද ඔවුන් මෙහෙය වූ දේශීය නියෝජිතයන්ගේ ආකල්ප ද මෙම සුනාමි අවස්ථාව ඔවුන්ට කදිම ආදායම් උත්පාදන අවස්ථාවක් විය. පරිපාලනයේ සුළු පිරිසක් ද ඔවුන් සමඟ අත්වැල් බැඳ ගෙන සිටියහ.

ප්‍රතිලාභ සාධා‍රණ වීද?

නිවාස සහ ඉඩම් අහිමි වු විපතට පත්වූවන්ට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මඟින් වාසස්ථාන ලබාදුන් අතර සුනාමි වතුර නොපෑගූ අයට ද සුනාමි ප්‍රතිලාභ ලබාදීම බරපතළ සමාජ අසහනයක් ඇති කරන ලදී. එමෙන්ම සුපුරුදු වාසස්ථාන අහිමිවීම මෙන්ම නෑ හිතවතුන්ගෙන් ඈත්වීමට සිදු වු කනගාටුදායක සිදුවීම ආපදාවට පත්වූවනට ඉතා අසීරු කරුණක් වූ අතර ලබාදුන් නිවාස වෙනත් අයට විකුණා දමා පුරුදු ස්ථානවලට යළි පැමිණීම බොහෝ ස්ථානවල සිදුවිය. එමෙන්ම නිවාස යෝජනා ක්‍රමවලට පොදු පහසුකම් නොමැති වීම මෙන්ම ප්‍රමාණවත් නොවීමද එකී ව්‍යාපෘතිවල අරමුණ ඉටු කර ගැනීමට බාධාවක් විය.

ක්‍රියාකාරී පූර්ව අනතුරු ඇඟවීම සහ ආපදා කළමනාකරණය

සුනාමි ව්‍යසනයෙන් පසුත් සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු මෙන්ම ආරක්ෂිත මාර්ග ද සටහන් කර පුවරු වෙරළ බඩ ප්‍රදේශවල සවිකර තිබුණි. වාර්ෂිකව සුනාමි සැමරුම් වැඩසටහනක් පැවැත්වුවද එකී පූර්ව අනතුරු නිකුත් කිරීමේ සංඥා කුලුනු ක්‍රියාත්මකව පවත්නේදැයි පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කිරීමට යාන්ත්‍රණයක් ඇති කළ යුතුව ඇත.

එමෙන්ම ව්‍යසනකාරී විපත් මෙන්ම ආපදා තත්ත්වයන්හිදී සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිඵල කඩිනමින් සහ නිවැරැදිව ලබාදීමට අපහසු තත්ත්වයන්හිදී සුරක්ෂිත පොදු ප්‍රදේශ මෙන් ස්ථාන ද ආරක්ෂිත මාර්ග කල්තබා හඳුනාගෙන ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීමද හානි අවම කර ගැනීමට හේතුවේ.

එමෙන්ම ඉදිකිරීම් සිදුවන්නේ නම් වගකිවයුතු රාජ්‍ය ආයතන සියල්ලේම මනා සම්බන්ධීකරණයන් සුරක්ෂිත ලෙස සිදුකිරීමෙන් ආපදා තත්ත්වයන්ට මුහුණදීමට ජනතාව සවිබල ගැන්විය හැක.

ආපදා කළමනාකරණය පෙර පාසලේ සිට ඉගැන්විය යුතුය

ජපානය ස්වභාවික ආපාදාවලට නිරන්තරව මුහුණ දෙන රටකි. වර්ෂයේ සෑම සෘතුවකදීම සුනාමි, භූකම්පා සහ ගංවතුරවලට මුහුණ දෙති. ස්වභාවික ආපදාවකට මුහුණ පෑ නමුත් කෙටි කාල සීමාවකින් ඔවුන් යථා තත්ත්වයට පත්වීමට ප්‍රධානම හේතුව පූර්ව පාසල් අවධියේ සිටම පොදුවේ සෑම දෙනාම හදිසි ආපදාවකදි කටයුතු කළ අන්දම පිළිබඳ දැනුම නිරන්තරව යාවත්කාලීන කිරීම සහ තාක්ෂණයේ දියුණුව නිසි අන්දමින් භාවිතාව තුළින් ජනතා සන්තක කර ඇති බැවිනි. ඒ අනුව ආපදා කළමනාකරණය පාසල් අධ්‍යාපනයේදී විෂයක් ලෙස භාවිතා කිරීමට නොපමාව බලධාරින් කටයුතු කළ යුතුය. ආපදාවට පත්වූවන්ගේ මනෝ සමාජීය සංවර්ධනය මෙන්ම සමාජීය ආකල්ප සහ නිවැරැදි දැක්මක් විශ්වාසයෙන් යුතුව ජනගත කිරීමද අත්‍යාවශ්‍ය වන අතර වසර 15ක් ගත වූ පසු වුවද මේ මොහොතේ අප අත්හැර ගිය සෑම සියලු දෙනාගේම මතකයන්ගේ ගුණ සුවඳ අපට කියා දෙන්නේ අප්‍රමාදව නිවැරැදි දේ සිදු කිරීමට කටයුතු කරන ලෙසය. ඔවුන් පිළිබඳ මතකය අප සිත් තුළ සැමදා සැමවිටම පවතින අතර ඉතිහාසයේ අමිහිරි වූ අත්දැකීම්වලින් වර්තමානයේදී අනාගත සැලසුම් නිවැරැදි සහ යථාර්ථවත් ලෙස පිළියෙල කිරීම නොපමාව කළ යුතු බව වසර 15ක් ගතවන විටත් සුනාමි අපට කියාදුන් ජීවිත පාඩමේදී ලබාදෙන අගනා ඉගැන්වීම් නොවන්නේද?

පී. උදය පුෂ්ප කුමාර ද සිල්වා


සුනාමිය කළ විනාශය

ස්වභාවික ව්‍යසන මානව පරිණාමයේ මූලාරම්භයේ සිටම දක්නට ලැබුණු ක්‍රියාවලියකි. භූමිකම්පා, ගිනිකඳු පිපිරීම, කඳු කඩාවැටීම වැනි සිදුවීම් හේතුවෙන් ඇතිවන අධික කම්පනය නිසා සාගර ජලය ඉහළට එසවී විශාල තරංගයක් පැන නඟින අතර ඒ හේතුවෙන් දළ රළ පෙළ ගොඩබිමට කඩා වැදීම සිදුවේ. එය “වරහේ නැගෙන රළ” හෙවත් ජපන් භාෂාවෙන් සුනාමි ලෙස හැදින්වේ.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටියේය. පිලිපීන් දූපත් හරහා සුමාත්‍රා දූපත් දෙසින් එම භූ තැටිය යුරේසියානු භූ තැටිය හා මායිම් එකිනෙක ඝට්ටනය වීම සුනාමි ඇතිවීමට හේතු විය.

2004 දෙසැම්බර් 26 වැනි දින ඉන්දියන් සාගරයේ දකුණු සුමාත්‍රා දූපත් බටහිර වෙරළේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ. ව.‍ 6.58ට රික්ටර් මාපක නවයක් ලෙස සටහන්ව පැමිණි සුනාමි ව්‍යසනයෙන් රටවල් එකොළහක පුද්ගලයන් 281998ක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා විය. එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජීවිත 31229 ඉන්දුනීසියාවේ ජීවිත 228439ක්, නවසීලන්තයේ 5390ක්, සෝමාලියාවේ 298ක්, මාලදිවයිනේ 82ක්, මලයාසියාවේ 68ක්, මියන්මාරයේ 61ක්, ටැන්සානියාවේ 10ක්, කෙන්යාවේ 07ක් සහ බංග්ලාදේශයේ 01ක් වශයෙන් අහිමි විය.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහෙන් දිස්ත්‍රික්ක දහතුනක ජනතාව මෙම උවදුරට ලක්වූ අතර, එම සංඛ්‍යාව ජනගහනයෙන් 20%කි. දකුණු සූමාත්‍රා දූපතේ පෙ. ව. 6.58ට හටගත් සුනාමි උවදුර ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ. ව. 8.27ට අම්පාර හා කල්මුණේට පෙ. ව. 8.30ට, මඩකළපුවට පෙ. ව. 8.40ට යාල පෙ. ව. 8.55ට මුලතිව් පෙ. ව. 9.00ට ගාල්ල, මාතර හා හම්බන්තොට සහ පෙ. ව. 9.15ට කොළඹට බලපෑ අතර ඉන් රටේ ආර්ථිකයට දැඩි විනාශයක් සිදු කළේය. ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, කල්මුණේ, කලවංචිකුඩි, මුතූර්, වෙන්නප්පුව, මාරවිල, හම්බන්තොට, ගාල්ල, මාතර, තංගල්ල, වැලිගම, ‍තොඩුවාව, කටුනේරිය, උල්හිටියාව, වයික්කාල ආදී ප්‍රදේශ බොහොමයක් හානියට පත්වූ අතර, වැඩිම හානියක් සිදුවූයේ ගාල්ල දිස්ත්‍රික්කයටය.

සුනාමි ව්‍යසනයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 4216 කි. අතුරුදන් වූ සංඛ්‍යාව 554කි. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 5525ක් වන අතර අර්ධ වශයෙන් විනාශ වූ නිවෙස් සංඛ්‍යාව 5966ක් වේ. සුළු ව්‍යාපාර 3788ක්, රැකියා ස්ථාන 2092ක්, ගෘහ කර්මාන්ත හා ස්වයංරැකියා 800ක්, ධීවර රැකියා 2053ක්, කෘෂි හා පශු සම්පත් රැකියා 2647ක්, ධීවර යාත්‍රා 1253ක් සුනාමි ව්‍යසනය විසින් අහිමි කළේය.

සුනාමි ව්‍යසනය නිසා රටේ 38,000ක් වූ පිරිසක් ජීවිතක්ෂයට පත් විය. එයින් 5000කගේ සිරුරු අතුරුදහන් වූ අතර, පුද්ගලයන් 800,000ක් අවතැන් විය. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවෙස් ප්‍රමාණය 80,000කි. එම නිවෙස්වලින් 40,000ක් ධීවර නිවෙස්ය. ආරෝග්‍යශාලා 72ක් සහ පාසල් 182ක් මේ ව්‍යසනයෙන් විනාශ විය. වෙරළ තීරයෙහි වූ ධීවර වරාය දහතුනකට ද අලාභ හානි සිදුවූ අතර, මහාමාර්ග කිලෝමීටර 1615ක්, පාලම් 2ක්, දුම්රිය මාර්ගවලින් කිලෝමීටර 160ක්, දුම්රිය ස්ථාන 35ක් හා දුම්රිය පාලම් 10ක්, කිලෝමීටර 6500ක් පමණ විදුලි රැහැන් පද්ධතියට ද, නිවාස 50,000ක ජල සැපයුම් මාර්ග, සංචාරක හෝටල් 80කට ද විශාල වශයෙන් හානි සිදුවිය.

සුනාමියේ බලපෑම ලාංකේය අනන්‍යතාවය හෙළිකරන වටිනා වස්තු රැසකටම හානි සිදු කළේය. අග්නිදිග ආසියාවේ ප්‍රධානතම මුහුදු කෞතුකාගාරයේ ගාල්ල ප්‍රදේශයට ආසන්න මුහුදු පතුළ ගවේෂණය කරමින් සොයාගත් පුරාවස්තුවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් නැවත මුහුදට ගසාගෙන යාමත්, ගාල්ලට ආසන්නව මුහුදුබත්ව තිබූ ලන්දේසි වෙළෙඳ සමාගමට අයත් ඇවොන්ස්ටාර් නම් නැවෙන් සොයාගත් පුරාවස්තු රැසක්ම අතරුදන්වීමත් ඒ අතර වේ.

සුනාමි තරංගය ගැඹුරු මුහුදේදී නිර්මාණය වුවද එහි විශාලත්වය හා ‍බරපතළකම වර්ධනය වන්නේ වෙරළ තීරයට ආසන්න වනවිටය. වෙරළ තීරයට ළඟාවනවිට සාගර තීරයේ ගැඹුර අඩුවන නිසා තරංගයේ ශක්තිය ප්‍රබල බැවින් රළ පහර ඉහළට එසවේ. ඉදිරියේදී සුනාමි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ වෙරළාසන්න ජනතාව දැනුම්වත් කිරීමත්, එවැනි අවස්ථාවකදී ජනතාවගේ දිවි බේරාගැනීම සඳහා ක්‍රියාත්මක සැලැස්මක් සකස් කිරීම වඩා හොඳ තත්ත්වයකි. පෙරහුරු පවත්වා අවස්ථා ගණනාවකදීම ජනතාව දැනුම්වත් කිරීම, මෙවැනි අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කිරීම, සුනාමියෙන් අවතැන් වූ පුද්ගලයන්ට නිවාස ඇතුළු පහසුකම් සලසාදී ඇත.

නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් කාලගුණික වෙනස්වීම් පිළිබඳ දත්ත නිරන්තරව යාවත්කාලීන කිරීම ‍ෙම් තත්ත්ව‍යෙන් ආරක්ෂා වීමට භාවිතා කළ හැකිය. එහිදී GPS, GIS වැනි තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමත් සුනාමිය සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කරන සංඥා පුවරු පිහිටුවීම හා වැඩමුළු පැවැත්වීමත් වඩා හොඳ ප්‍රවණතාවයකි. ආපදා කළමනාකරණය සම්බන්ධ විෂය ක්ෂේත්‍රය පාසල් සිසුන්ගේ විෂය ක්ෂේත්‍රයට එකතු කිරීම හා ඒවා සක්‍රීයව පවත්වාගෙන යාම පූර්ව ආපදා කළමනාකරණයට සුදුසු තවත් එක් ක්‍රමවේදයකි.

පමුදිනී සමරනායක


ජනපතිවරණයෙන් ජාතික සමගියට

$
0
0
දෙසැ 25, 2019 01:00

ජාතිවාදී නියෝජනය ඇති වන්නේ පවත්නා මැතිවරණ ක්‍රමයේ වරදෙනි. මන්ද ඡන්ද දායකයන් සිතීමට පෙළඹෙන්නේ දිස්ත්‍රික්ක වශයෙන් මිස ආසනය වශයෙන් නොවන බැවිනි. දිස්ත්‍රික්ක වශයෙන් සිතන විට සමස්ත යාපන අර්ධද්වීපයේ ම ද්‍රවිඩ ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන කාරණාව සම්බන්ධයෙන් එකඟත්වයකට එළඹෙනු ඇත. නමුත් ආසන ක්‍රමය යටතේ පවතින පාර්ලිමේන්තු මැතිවරණයක් නම් එවිට සිදු වන්නේ කුමක්ද? උතුරු පළාතේ ආසන ගණනාවකි. ඒ ඒ ආසන වෙන වෙන ම මැතිවරණයට ඉදිරිපත් වන විට කුමක් සිදු වේද? ඒ අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනවාර්ගික කොටස් සම සේ පැතිර සිටින අතර ඇතැම් ආසනවල එක් ජාතියක් වැඩි වශයෙන් ද අනෙක් ජාතීන් අඩු වශයෙන් ද දැකිය හැකි ය.

ඉකුත් ජනපතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 16ක් ම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජයගනු ලැබුවේ තීරණාත්මක අන්දමිනි. ඒ අතරින් ඇතැම් දිස්ත්‍රික්ක ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 2/3කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් අතිවිශිෂ්ට ලෙස ජයගෙන ඇති බව ද කිව යුතු ය. දිස්ත්‍රික්ක හයක් පරාජය වී ඇති අතර ඉන් දිස්ත්‍රික්ක 05ක් ම අයත් වන්නේ උතුරට සහ නැගෙනහිරට ය. නමුත් මෙහිදී අප පැහැදිලි කරගත යුතු කරුණක් ඇත. එනම් පොහොට්ටුවට විරුද්ධව ඡන්දය ලබා දී ඇති සියලු ම ඡන්දදායකයින් එක ම වර්ගයක සුළු ජාතීන් නොවන වග ය. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන් පරාජයට පත්වූ දිස්ත්‍රික්ක 06හි ප්‍රතිඵල පිළිබඳ සලකා බලන විට මැනවින් පැහැදිලි වන අනෙක් කරුණ නම් ද්‍රවිඩ සහ මුස්ලිම් ඡන්ද දායකයින් අතරින් ද සුළුතරයක් එතුමාට ඡන්දය ලබාදී ඇති බව ය. නමුත් අතිමහත් බහුතරය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි. මේ අනුව ඡන්ද ප්‍රතිඵලයෙහි දැකිය හැක්කේ පැහැදිලි බෙදීමකි. මෙම බෙදීම අපට රටක් ලෙස දිගින් දිගට ම ඉදිරියට ගෙන යා නොහැකි අතර වැදගත් වන්නේ ඉන් මිදී ජාතීන් අතර සමගිය ඇති වන අන්දමින් රාජ්‍ය පාලනය සිදු කරන්නේ කෙසේ ද? යන්න ය.

වර්තමාන ඡන්ද ක්‍රමය අනුව යම් ප්‍රදේශයක ව්‍යාප්ත ව සිටින යම් ජනවර්ගයකට අයත් ඡන්දදායකයින් බාහිර බලපෑම්, දේශපාලන පක්ෂ සමඟ ඇති කරගත් බැඳීම්, තම තමන්ගේ දුර්වල ආර්ථික තත්ත්වයන් හේතුවෙන් පෞද්ගලික උදව්පදව් අපේක්ෂාවෙන් ආදී ලෙස ඡන්දය පාවිච්චි කිරීම සාමාන්‍ය තත්ත්වයකි.

ජාතිවාදී නියෝජනය

ඉකුත් ජනපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම සිංහල බෞද්ධයන් ය. එසේ නම් යාපන අර්ධද්වීපයේ ඡන්ද දායකයන් අතරින් 80%කට වැඩි ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එකා මෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට බලපෑ හේතුව කුමක්ද? ඒ, පවත්නා මැතිවරණ ක්‍රමයේ වැරැද්ද යි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඉන් ඉදිරියට පැවැත්වෙන සියලු ම මැතිවරණවලදීත් ඡන්දය ප්‍රකාශ වන්නේ මෙයාකාරයෙන් නම් එවිට ඇතිවන්නේ ජාතිවාදී නියෝජනයකි.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම සිංහල ජාතිකයන් වූ බැවින් මෙහිදී ජාතිවාදී නියෝජනයක් ජනාධිපතිවරයා කෙරෙහි ඇති නොවුණ ද මීළඟ මැතිවරණයේදී ද ඡන්ද ප්‍රකාශ වන්නේ මෙලෙසින් නම් එවිට සිදු වන්නේ ජනවාර්ගික නියෝජනය ජාතිවාදී නියෝජනයක් බවට හැරීම ය. ජාතිවාදී නියෝජනය ඇති වන්නේ පවත්නා මැතිවරණ ක්‍රමයේ වරදෙනි. මන්ද ඡන්ද දායකයන් සිතීමට පෙළඹෙන්නේ දිස්ත්‍රික්ක වශයෙන් මිස ආසනය වශයෙන් නොවන බැවිනි. දිස්ත්‍රික්ක වශයෙන් සිතන විට සමස්ත යාපන අර්ධද්වීපයේ ම ද්‍රවිඩ ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන කාරණාව සම්බන්ධයෙන් එකඟත්වයකට එළඹෙනු ඇත. නමුත් ආසන ක්‍රමය යටතේ පවතින පාර්ලිමේන්තු මැතිවරණයක් නම් එවිට සිදු වන්නේ කුමක්ද? උතුරු පළාතේ ආසන ගණනාවකි. ඒ ඒ ආසන වෙන වෙන ම මැතිවරණයට ඉදිරිපත් වන විට කුමක් සිදු වේද? ඒ අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනවාර්ගික කොටස් සම සේ පැතිර සිටින අතර ඇතැම් ආසනවල එක් ජාතියක් වැඩි වශයෙන් ද අනෙක් ජාතීන් අඩු වශයෙන් ද දැකිය හැකි ය.

ත්‍රිකුණාමලය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ජාතීන් තුනේ ම ඡන්දදායකයින් 1/3 බැගින් සිටිති. එනම් තුනෙන් පංගුවක් පමණ සිංහලයන් ය. තුනෙන් පංගුවක් පමණ ද්‍රවිඩයන් ය. ඉතිරි තුනෙන් පංගුව මුස්ලිම් ය. නමුත් සිදු ව ඇත්තේ ත්‍රිකුණාමලයේ ද්‍රවිඩ සහ මුස්ලිම් ඡන්ද දායකයන් එක් ව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදී ඇති අතර සිංහලයන් අතරින් ද එජාපයට පක්ෂ පිරිස එතුමාට ඡන්දය ලබාදීම ය.

දිගාමඩුල්ලේ සිංහලයන් බහුතරය සිටින එක ම ආසනය වූ සේරුවිල ආසනය ගෝඨාභය මහතා ජයගත්තේ සිංහලයන්ගෙන් ද සැලකිය යුතු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ප්‍රකාශ කර තිබියදීය. එසේ ම දිගාමඩුල්ල ආසනය ද විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ගෝඨාභය මහතාට දිනාගත හැකි වූයේ සිංහල බහුතරය හේතුවෙනි. නමුත් දිගාමඩුල්ලෙහි අනෙකුත් ආසනවල අතිමහත් බහුතරය වූ මුස්ලිම් සහ දෙමළ ඡන්ද දායකයන් ඡන්දය ලබාදී තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට ය.

ඉකුත් මැතිවරණයේදී ඔවුන් ප්‍රධාන අපේක්ෂකයන් වූ සිංහලයින් දෙදෙනාගෙන් මනාපය ප්‍රකාශ කරන්නේ කා හටද යන වග කතාබහ කිරීමන් අනතුරුව ඡන්දය ප්‍රකාශ කොට ඇති සෙයකි. විශේෂයෙන් ම උතුරු නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ බහුතරය සහ මුස්ලිම් බහුතරය තීරණයකට එළඹීමෙන් අනතුරු ව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදී ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය ඊට තරමක් වෙනස් වුව ද එහිදී පවා ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ අප අසවලාට ඡන්දය ලබාදෙමු යන්න බොහෝ දුරට කතාවීමෙන් අනතුරු ව ය. තොණ්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසයට අයත් පිරිස ඡන්දය ලබා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ය.

වැඩි අවධානය

මෙම ප්‍රතිඵල පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී පෙනීයන තත්ත්වය යටතේ ඉදිරියට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදු වන්නේ කුමක්ද? ද්‍රවිඩ පක්ෂ වෙන වෙන ම මැතිවරණයට ඉදිරිපත් වනු ඇත. ප්‍රධාන මුස්ලිම් පක්ෂ වෙන වෙන ම අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ඇත. එවිට ඔවුන් මේ ආකාරයෙන් එජාපයේ හෝ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ නොකරනු ඇත.

ද්‍රවිඩ ජාතිකයන් එක පිරිසකටත්, මුස්ලිම් ජාතිකයන් තවත් පිරිසකටත් සිංහල ඡන්ද දායකයන් තවත් පිරිසකටත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඇති වන්නේ ජාතිවාදී නියෝජනය යි. ජාතිවාදී නියෝජනය යනු දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දැකිය යුත්තකි. යම් ප්‍රදේශයක් පාලනය වෙනුවෙන් තෝරාගත යුත්තේ එම ප්‍රදේශය පාලනය කිරීමට සුදුසු ම පුද්ගලයා ය. එහිදී සිංහල, දෙමළ, මුස්ලිම් යන භේදය නොසැලකිය යුතු ය. ජාතිවාදී නියෝජනය ඇති වන්නේ ජාතිවාදී ලෙස සිතන විට ය. ජාතිවාදී නියෝජනය යනු සෑම අතින් ම හෙළා දැකිය යුත්තක් සහ ඉවත දැමිය යුත්තක් බව බ්‍රිතාන්‍ය පාලකයන් පවා 1931දී ඩොනමෝර් වාර්තාවේ සඳහන් කොට ඇත. එසේ වුව ද මේ දකින්නට ඇත්තේ වත්මන් දේශපාලකයින් පෞද්ගලික වාසි තකා තමාගේ සහ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතිවාදී පක්ෂ සමඟ එක් ව ගිවිසුම් ගැසීමේ ප්‍රතිඵලය යි.

මෙම තත්ත්වය මැනවින් විග්‍රහ කරගැනීමේදී පෙනී යන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ වැඩි අවාසියක් සිදුවන්නේ එජාපය ප්‍රමුඛ කණ්ඩායමට බව ය. මන්ද ඉකුත් ජනපතිවරණයේදී ඔවුන් ලබාගත් ඡන්ද ලක්ෂ 55න් ලක්ෂ 25ක් පමණ ප්‍රමාණයක් ද්‍රවිඩ සහ මුස්ලිම් ඡන්ද දායකයින්ගේ බව පෙනී යයි. එවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔවුන්ට ලබාගත හැකි වන ඡන්ද සංඛ්‍යාව ඊට සාපෙක්ෂ ව ඉතාමත් ම අඩු වන බව උපකල්පනය කළ හැකි ය. ඊට අමතර ව ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂවලින් එජාපය ප්‍රමුඛ කණ්ඩායමට සහාය දුන් පිරිස ඒ ඒ ආසන ද ලබාගනු ඇත. එය එසේ වුව ද ගෝඨාභය මහතාට එතරම් හානියක් කිසිසේත් ම සිදු වන්නේ නැත. ඒ ලබාගත් 53% එලෙස ම පවතිනු ඇත. එය එසේ වන්නේ එතුමා ලබාගත් ඡන්ද ලක්ෂ 69 ජාතිවාදී නියෝජනය අනුව ලැබුණු ඒවා නොවන බැවිනි.

වැඩි අවධානයක් යොමු විය යුත්තේ පක්ෂ පාටවලට නොව, රටේ දියුණුවට උරදෙන අන්දමින් ජාතික සමගිය ඇති කරන්කේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙනි. ජාතික සමගිය ඇති කිරීමට නම් සමානුපාත නියෝජනය ඉවත් කළ යුතු ය. දැනට පවත්නා සමානුපාත නියෝජන ක්‍රමය ශ්‍රී ලංකාවට ගෙන ආවේ කිසිදු ජනවරමකින් තොරව ය. 1978 දී ජේ.ආර්.ජයවර්ධන මහතාට ජනවරමක් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමට ය. එහෙත් එජාපය ඒ අවස්ථාවේ මැතිවරණ ප්‍රකාශයේ කිසිසේත් සඳහන් නොවුණ රටට නොගැලපෙන සමානුපාත නියෝජනයක් ජනතාවගෙන් වරමක් ඉල්ලා නොගෙන ම ගෙන ආවේය. එහි විපාක අපි අද වන තුරු ම අත්විඳිමින් සිටිමු.

ජනපතිවරණයේ ප්‍රතිඵලය දෙස බලා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් සතුටුවීමත් එජාපයේ පිරිස කනගාටුවට පත්වීමටත් දැකිය හැකි මුත් රටක් ලෙස අපට කිසිසේත් ම සතුටු විය නොහැක්කේ ජනවාර්ගික නියෝජනයක් ජාතිවාදී නියෝජනයක් බවට හැරවීමෙන් සිදුවන විපත පැහැදිලි ව පෙනෙන්නට ඇති බැවිනි. වරද ඇත්තේ පවත්නා මැතිවරණ ක්‍රමයේ ය. අපට කිසිසේත් ම නොගැලපෙන සමානුපාත නියෝජනය 100%ක් ගෙන ඒමේ ය. ඉදිරියේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය තුළත් මෙයාකාරයෙන් ජාතිවාදී නියෝජනයක් ඇති වුවහොත් එය රටේ ඉදිරි ගමනට එතරම් සුබදායක නොවනු ඇත. එබැවින් වඩාත් කාර්යක්ෂම විසඳුමකට එළැඹිය යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම තුළිනි.

19 වැනි සංශෝධනය

ජනාධිපතිවරණයේදී අප පැහැදිලිව ම දුටු බෙදීම දුරින් දුරු කරමින් සහ ජාතීන් අතර සමගිය වර්ධනය කරමින් ආණ්ඩුකරණයේ යෙදීම එහිදී වඩා උචිත වන්නේ ය. පරිපාලනයේ පළපුරුදුකම් ඇති කාර්යක්ෂම නිලධාරියකු වන ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා, ඉතාම කෘතහස්ත දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, අවංක ලොව පතළ දේශපාලනඥයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා වැනි දේශපාලන නායකයන්ගේ මැදිහත්වීම තුළ බොහෝදුරට ජාතිවාදී නියෝජනය ඇති නොවන අන්දමින් ජාතික සමගිය ඇති කිරීමේ මූලික කටයුත්තක් ලෙස පවත්නා ඡන්ද ක්‍රමය වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කරමු.

වර්තමානයේ උද්ගත වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයට බලපෑ එක ම හේතුව අපට නොගැලපෙන අන්දමින් ලහි ලහියේ 19 ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ ආකාරය යි. එයින් සිදු වූ පාඩුව සිදු වී අවසන් ය. අවධානය යොමු කළ යුත්තේ මින් ඉදිරියට හෝ ඉන් අත්මිදීම සඳහාය. තමන් ගැන නොව රට ගැන සිතා පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් ලබාගනිමින් ව්‍යවස්ථාව සංශෝධනය කොට අපට හුරු පුරුදු ආසන ක්‍රමය ඇති කළ යුතු ය. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන ඡන්ද විමසීම් ආදිය අවශ්‍ය වෙනස්කම් සහිත ව ඉදිරිපත් කළ යුතු ය. 

මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එපමණක වෙනසක් ප්‍රමාණවත් ය. ඒ හැරුණු විට ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් සෑහෙන තරම් ප්‍රතිපාදන අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි ලෙස ම සඳහන් වන්නේ මානව හිමිකම්වලට සියලුම පාලන ආයතන ගරු කළ යුතු බව ය. එසේ ම ජාති භේදයකින් තොරව ම යමකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමකදී ගත හැකි පියවර සම්බන්ධයෙන් ද ප්‍රතිපාදන අඩංගු වේ. කෙසේ වෙතත් රටක ජනතාව පුරුදු පුහුණු කළ යුත්තේ මානව හිමිකම් කඩකිරීමට හෝ ඒ සම්බන්ධයෙන් නඩු මඟට බැසීමට නොව අනෙකාගේ මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් අසාධාරණයට විරුද්ධව පෙනී සිටීමට ය.

රට තුළ බහුතරයේ පාලනයක් ඇති විය යුත්තේ ද රටක් ලෙස අපේ අනන්‍යතාව ද රැකගනිමිනි. මේ රට බෞද්ධ සංස්කෘතියෙන් සහ අපේ සභ්‍යත්වයෙන් පෝෂණය වූ රටකි. රාජ්‍ය නොවන සංවිධාන සහ ව්‍යාජ උගතුන් හුවා දක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ ස්විස්ටර්ලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. නමුත් එහි පූර්විකාවේ ම පැහැදිලි ව දක්වා ඇත්තේ දෙවියන් වහන්සේගේ නාමයෙන් යනුවෙනි. එයාකාරයෙන් මෙරට බුද්ධාගම රැකගෙන පෝෂණය කිරීම රජයේ යුතුකම බව පිළිගැනීම හෝ බුද්ධාගමට මුල්තැන ලබාදීම කිසිසේත් ම නොගැලපෙන දෙයක් නොවන බව පැහැදිලි ව කිව යුතු ය. එය එසේ ම විය යුතු ය. බුදුදහම රජයන රටක අනෙකුත් ආගම් ද පැහැදිලි ලෙස ම ආරක්ෂා වේ. මන්ද අන් ආගමකට හෝ අන්‍යාගමිකයකුට හානියක් සිදු කිරීමට බුදු දහමෙන් කියා දෙන්නේ නැත. බුදු දහමේ එම හරයන් සමඟ ඉදිරියට යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් සහ මැතිවරණ ක්‍රමයෙහි වෙනසක් ඇතිකරමින් ජාතික සමගියට මග විවර කළ යුතු ය. එසේ ම අනවශ්‍ය ලෙස පුද්ගලයා උසොවා තබන ක්‍රියාවන් අතැර, සියලු දෙනා ම රටත් රටවැසියාත් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නේ නම් පසුගිය දින කිහිපය තුළ ඇති වූ ආකල්පමය වෙනස දිගින් දිගට ම ගෙනයමින් මෙරට දියුණුවෙන් දියුණුවට පත් කළ හැකි ය. ඒ සඳහා පළමුකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ද ජාතික සමගිය ඇති වන අන්දමින් ක්‍රියා කිරීම ද වටී. මේ කිසිවක් සඳහා අලුතෙන් නීති හෝ ප්‍රතිපාදන අවශ්‍ය නොවන අතර සිදු කළ යුත්තේ පවත්නා ක්‍රමය වඩාත් යහපත් අන්දමින් වෙනසකට ලක්කිරීම පමණි.

කාංචනා සිරිවර්ධන

අපජලයට ප්‍රතිකර්මයක්

$
0
0
දෙසැ 25, 2019 01:00
ආචාර්ය දිලුෂාන් ජයසුන්දර භෞතික විද්‍යා අංශය කොළඹ විශ්වවිද්‍යාලය

ස්වභාව ධර්මය අඛණ්ඩව හා ප්‍රමාණවත් අයුරින් නොමිලයේම මිනිසාට සපයන ආරක්ෂිත, අවර්ණිත පිරිසුදු ජලයට ආදේශක නොමැත. එසේම ලෝක ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ පිරිසුදු ජලයට ඇති ඉල්ලුම අධිකවීම වැළැක්වීමට ද නොහැකිය. ජල සම්පතෙන් වැඩිම ප්‍රතිශතයක් පරිභෝජනය කරන්නේ මිනිසා වන බැවින් ජලය සමාජ, ආර්ථික ක්‍රියාදාමය තුළ වැදගත් සහ තීරණාත්මක සාධකයකි.

ශ්‍රී ලංකාව සම්බන්ධව ගත්කල පරිභෝජනය කෙරෙන ජලයෙන් විශාල ප්‍රමාණයක් අපතේ යාමක් සිදුවේ. සියල්ල හේතුවෙන් අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිභෝජනය කිරීමටත් අපතේ යන ජලය නැවත ප්‍රයෝජනයට ගැනීමට අවධානය යොමුකිරීමට දැන් කාලය එළඹී ඇත.

වර්තමාන ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික හා කාලගුණික විපර්යාසවලට ගොදුරුවීමේ බරපතළ අවදානමකට මුහුණ පා සිටියි. පරිසර විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ මිනිසාගේ අයහපත් ක්‍රියා කලාප මීට ඍජුවම හේතු වී ඇති බවයි‍. ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් අසමතුලිත කාලගුණික තත්ත්වයන් ඇතිවීමට බලපායි. කඳුකරයේ වනාන්තර විනාශය, සැලසුම් සහගත නොවන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘති ආදිය හේතුවෙන් ජල සම්පත තර්ජනයට ලක්වී ඇත.

එක්සත් ජාතීන්ගේ තුන්වන ජෛව විවිධත්ව වාර්තාවේ සඳහන් වන්නේ, වර්තමානයේ ලොව පුරා තෙත්භූමි හා නොගැඹුරු ජල තටාක විනාශය ආරම්භ වී ඇති බවයි. සෑම වසරකම ගෝලීය ජනගහනයෙන් බිලියන 3.7ක් පමණ අවම වශයෙන් මාසයකට ආසන්න කාලයක් ජල හිඟයෙන් පීඩාවිඳිති. වාර්තාවට අනුව බිලියන දෙකක ජනතාවක් පිරිසුදු පානීය ජලය නොමැතිකමින් පීඩාවට පත්වෙති. විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයක් හිමි ශ්‍රී ලංකාව ද පිරිසුදු පානීය ජලය අර්බුදයකට මුහුණපා සිටීම කනගාටුවට කරුණකි.

පොළොවේ සමස්ත ජල ප්‍රමාණය ඝන සැතපුම් මිලියන 332.5කි. මෙම ප්‍රමාණයෙන් ජලය 97%ක්ම සාගර හා මුහුදුවල පවතින අතර ජීවීන්ගේ එදිනෙදා පරිභෝජනයට එම ජලය භාවිතා කළ නොහැකි ය. එම ජලයේ ලවණ අඩංගු බැවින් ඉතිරි ප්‍රමාණයෙන් 2.7%ක් පමණ ප්‍රමාණයක් මිනිසාට ළඟාවිය නොහැකි අසීරු තැන්වලය. ඒවා ඇත්තේ අයිස් වශයෙන් ග්ලැසියරවල සහ පොළොව අභ්‍යන්තරයේ ජලාශවලය. ඇන්ටාර්ටික් මහාද්වීපයේ ලවණ නොවන පිරිසුදු ජලයෙන් 61%ක් ම පවතින්නේ අයිස් ග්ලැසියර වශයෙනි. මිනිස් පරිභෝජනයට ගත හැකි වන්නේ 0.3%ක් වූ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. මිනිස් සිරුරේ බරෙන් 55% - 65%ක් පමණ ඇත්තේ ජලයයි. අලුත උපන් දරුවකුගේ මෙය 78%ක් පමණ වේ. පුද්ගලයකුට මාසයක පමණ කාලයක් ආහාර නොමැතිව ජීවත්විය හැකි වුවත් ජලය නොමැතිව එතරම් කාලයක් ජීවත්විය ‍නොහැකි ය.

ජලය නිර්මාණය වී ඇත්තේ ඔක්සිජන් පරමාණු එකක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතුවීමෙනි. එහි රසායනික සංයුතිය H2O ලෙස හඳුන්වයි. ජලය ඝන, ද්‍රව සහ වායුමය ස්වරූපයෙන් පරිසරය තුළදී දැකගත හැකි ය. PH අගය මඟින් ජලයේ අයන ප්‍රමාණය මැනිය හැකි වන අතර භාවිතයට සුදුසු ජලය එමඟින් නිර්ණය කළ හැකි ය. මිනිස් පරිභෝජනයට සීමිත ප්‍රමාණයක් පවතින ජලය කෘෂිකර්මාන්තය සඳහා වාරි ජලය සැපයීමට, සත්ව පාලනයට, කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියට, විදුලිය නිෂ්පාදනයට, විනෝද ක්‍රීඩාවලට සහ වෙනත් ගෘහස්ථ කාර්යන්ට ද භාවිත කිරීමට සිදු වී ඇත.

කෘෂිකාර්මික ජීවන රටාවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක ජල අර්බුදය පෞද්ගලික හා සමාජීය වශයෙන් දැඩි බලපෑමක් ඇති කරන ක්‍රියාවලියකි. ජල හිඟය භෝග වගාවන්හි අසාර්ථකත්වයට බලපායි. රට තුළ පවතින ජල සම්පත් බෙදීයාමේ විසමතාවය නිසා පුද්ගලයන් උග්‍ර ගැටලු රැසකට මුහුණපායි.

කෘෂිකාර්මික හා කාර්මික රසායනික අපද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම නිසා ජලය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පැන නැඟී ඇත. එය ජල අර්බුදයේ තවත් පැතිකඩක් ලෙස පෙන්වාදිය හැකිය.

කෘෂිකාර්මික ආර්ථික රටාවක් ඇති ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 11.2%ක දායකත්වයක් කෘෂිකර්මාන්තය ලබාදෙයි. කෘෂිකර්මාන්තයට බලපාන ප්‍රධානතම සහ තීරණාත්මක සාධකය වන්නේ ජලයයි. එම ජල අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සපුරනු ලබන්නේ වර්ෂා ජලයෙන් සහ භූගත ජලයෙනි.

ජල ගැටලුව උග්‍රවීම බොහෝ සමාජ, ආර්ථික ගැටලු රාශියකට මග හෙළි කරන බව මේ අනුව පැහැදිලි වේ. ස්වාභාවික හේතූන් අභිබවා මිනිසා විසින්ම නිර්මාණය කරගන්නා ලද ජල අර්බුදය මිනිසාට ම බලපාන්නා වූ අර්බුදයක් පමණක් යන පරමාර්ථයෙන් විසැඳුම් සෙවීම අසාර්ථක ක්‍රියාවලියකි. සතුන්, ගහකොළ මෙන්ම පස හා අනෙකුත් පරිසර පද්ධතීන් ද ඊට අයත් වේ. මිනිසාට ජීවය පවත්වාගෙන යාමට මෙන් ම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ජලය ප්‍රමුඛ කාර්යයක් ඉටුකරයි.

පිරියම් නොකරන ලද කාර්මික අපද්‍රව්‍ය, කෘමි රසායනික ද්‍රව්‍ය සහ මිනිස් ජනාවාස හා ඒ ආශ්‍රිත කැළිකසළ ආදිය ජලය දූෂණය වීමට හේතුවේ. අපද්‍රව්‍ය මඟින් සිදුවන ජල දූෂණය මෙන්ම තෙල් ජලයට මුදාහැරීම නිසා ද ජලය දූෂණය සිදුවේ. සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස හමුවේ වර්ෂාපතනයේ තීව්‍රතාවය හා වර්ෂාපතන රටාවේ විචල්‍යතාවන් සිදුවීම මෙන්ම ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය සීමාවීම නිසා ද ජලය මිනිසාගේ පැවැත්මට බලපෑම් එල්ල කරන තීරණාත්මක සාධකයක් බවට පත්වී ඇත.

ජලය සම්බන්ධයෙන් බරපතළ කළමනාකරණ ගැටලුවක් පවතින බව මේ අනුව පැහැදිලි වේ. ලෝක ජනගහනයෙන් හයදෙනකුගෙන් එක් අයකුට සනීපාරක්ෂාව සඳහා ජලය නොලැබේ. මිලියන අටසීයයකට පිරිසුදු, ආරක්ෂිත පානීය ජලය නොලැබීම තවත් ගැටලුවකි. ජලය සහ සනීපාරක්ෂාව සම්බන්ධ රෝගවලින් වසරකට මිලියන 3.5ක් පමණ මියයති. සෑම තත්පර පහළොවකට වරක්ම ජලය සම්බන්ධ රෝගී තත්ත්වයක් නිසා වයස අවුරුදු පහට අඩු දරුවකු මියයයි. ලෝකයේ දිනකට ළමයින් හයදහසක් පමණ ජලය සම්බන්ධ රෝගී තත්ත්වයක් නිසා මියයන බව මේ අනුව පැහැදිලි වේ.

ජල සම්පතෙහි පැවැත්මට තර්ජනයක් වී ඇති ප්‍රධානතම සතුරා බවට මිනිසා පත්ව ඇත. ගෝලීය මට්ටමින් පවතින මෙම දරුණු තත්ත්වයට ශ්‍රී ලංකාව ද ඇදවැටීම කනගාටුදායක කරුණකි. දියුණු රටවල් සිය ජනතාවගේ ජල පරිභෝජනය ඉතාමත් ඵලදායි ලෙස කළමනාකරණය කරයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහා එම රටවල විවිධාකාර ගුණාත්මක මට්ටම්වලින් යුතු ජල සැපයුම්, සැලසුම් පවත්වාගෙන යන අතර බැහැර කරන ජලය නැවතත් පරිසරයට හානියක් නොවන ලෙස බැහැර කෙරේ.

ශ්‍රී ලංකාවේ අපජලය පිරියම් කිරීමට ඇලුමිනියම් අපද්‍රව්‍ය යොදාගනිමින් පෙහෙකම් කර්මාන්තයේ අපජලය පිරියම් කිරීමේ තිරසාර ක්‍රමවේදයක් හඳුන්වාදීම මඟින් ජල ගැටලුව තරමක් දුරට හෝ මැඬ පැවැත්වීමට පුළුවන. Twinery, Innovations by MAS සහ Colombo Science and Technology Cell මඟින් මේ සම්බන්ධ බලපත්‍ර ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම නව ක්‍රමවේදය මඟින් ඇලුමිනියම් ඇවනෝඩ්කරණයේදී නිපදවන අපද්‍රව්‍ය පෙහෙකම් කර්මාන්තයේදී නිපදවන අපජලය පිරියම් කිරීමට යොදාගනු ලබයි. අපජලය පිරියම් කිරීමෙන් පසු එක්වන අපද්‍රව්‍ය පරිසරයට හිතකර ගඩොල් (Eco – Briks) නිර්මාණය කිරීම සඳහා යොදාගැනේ.

ඇලුමිනියම් කර්මාන්තවලින් ඉවතලන ඇලුමිනියම් අපද්‍රව්‍ය පෙහෙකම් කර්මාන්තයෙන් ඉවතලන අපජලය පිරියම් කිරීමට හැකියාව ඇති පෙ‍රහන් ද්‍රව්‍යයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම ක්‍රියාවලියේදී ඇලුමිනියම් ඇවනෝඩ්කරණ කර්මාන්තශාලාවලින් නිපදවන ඝන අපද්‍රව්‍ය (ඇලුමිනියම් බොර) සරල සැකසීමකින් පසුව වර්ණක අඩංගු අපජලයෙහි වර්ණ ඉවත් කිරීමට හැකියාවක් ඇති ද්‍රව්‍යයක් බවට පත්කෙරේ.

වර්තමානයේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අපජලය පිරියම් කිරීම සඳහා පෙහෙකම්හල්වල මිල අධික විවිධ ද්‍රව්‍ය භාවිතා කරයි. මෙම නව සොයාගැනීම් මඟින් එකී මිල අධික පිරියම් ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සකසන ලද ඇලුමිනියම් බොර අපද්‍රව්‍ය මඟින් ප්‍රතිශ්ඨාපනය කළ හැකි බවට තහවුරු කර ඇත. මෙම නව ක්‍රමවේදය නිසා අපජලය පිරියම් කිරීමට ගනු ලබන ද්‍රව්‍යයන්ගේ ආනයනික පිරිවැය විශාල ලෙස අඩුවේ. අපජලය පිරියම් කිරීමට පවතින යටිතල පහසුකම් ම යොදාගැනීමට හැකිවීම තවත් සැලකිය යුතු වාසියකි. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් නිසි පාරිසරික කළමනාකරණයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ජල සම්පත් කළමනාකාරීත්වය සඳහා ඉලක්කයක් ගොඩනැංවිය යුතුය. සම්පත් සංවර්ධනය තුළින් ජල සම්පත ලබා ගැනීම සඳහා ජල සම්පාදන ජල විදුලි සහ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, සම්පත් සුරැකීම තුළින් ජල ඉල්ලුම කළමනාකරණය කර සංවර්ධිත සම්පත් කාර්යක්ෂමව පරිහරණය කිරීමත්, සම්පත් ආරක්ෂාව තුළින් ජලයෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය කාර්යන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමත්, සම්පත් ප්‍රතිශ්ඨාපනය හරහා දැනට ගුණාත්මකභාවය අඩාල වී ඇති ජල සම්පත් ප්‍රතිශ්ඨාපනය කර යථාතත්ත්වයට පත් කිරීම හා සම්පත් පාලනය තුළින් ගංවතුරෙන්, දිය බැස නොයාම හා ලවණ ජලය මුසු වීමෙන් සිදුවන හානි වැළැක්වීම තුළින් සම්පත් පාලනය කිරීම සිදුකළ හැකිය.

පමුදිනි සමරනායක

හෙට අපේ කල දවස

$
0
0
දෙසැ 26, 2019 01:00

අඟහරු අධි ශීතලෙන් යුතු කිසිවක් වගා කළ නො හැකි නිසරු බිමක් යැයි ඇතැමුන් මැසිවිලි නගති. ජාන වෙනස් කළ බීජ සහ ශාක (ඇල්ගී) විශේෂ එම බිම මත රෝපණය කිරීමට රොබෝවරුන් යොදාගැනීමේ සක්‍යතාව දැන් තාක්ෂණයට ඇත. අනාගත තාක්ෂණය මානව ස්වභාවය සම්පූර්ණයෙන් ම වෙනස්කරනු ඇත. අනාගත මානවයා අධි තාක්ෂණික යන්ත්‍ර සිරුරට ඇතුළු කළ දෙමුහුන් (ජීවවිද්‍යාත්මක - කෘත්‍රිම) cyborgs ජීවියෙකි. 

මානවයාගේ සමේ පැහැය, මුහුණේ පෙනුම පමණක් නොව සිරුරේ ප්‍රමාණය පවා වෙනස්වෙයි. ආගම, වාර්ගිකත්වය සහ භාෂාප්‍රේමය මනසින් ඉවත් වූ ග්‍රහලෝකවාසියා වෙනස් අවශ්‍යතා සහ හැඟීම් මත පරිනාමයේ ඉදිරි පිම්මක් ගනු ඇත.

මානව ඉතිහාසය යනු ක්‍රියාදාමයක් ලෙස එකින් එක බැඳූණ නො නවතින අරගලයක (සමාජ පිම්මක - social leap) කතා පුවතකි. නැතිනම් ප්‍රචණ්ඩත්වය සහ වීරචාරිකාවක (adventure) ප්‍රබන්ධයකි. නොපැවැත්මේ සිට පැවැත්ම දක්වා කළ එම අරගලය ස්වභාවික වරණයේ natural selection පලයකි. සත්ව පරිනාමයේ දිගුවකි. මෙම ක්‍රියාදාමය තුළ අනාගත මානවයාගේ ස්වරූපය කෙසේවිය හැකි දැයි දාර්ශනික, විද්‍යාත්මක සහ තාක්ෂණික ක්ෂේත්‍රවල විචාරාත්මක සංවාදයක් ඇරඹී ඇත. වත්මන් දේශගුණික වෙනස මත සයවැනි මහා සත්ව විනාශය සිදූවුව හොත් අනාගතයේ මානවයා මෙම ග්‍රහලෝකය මත පවතී ද යැයි තවත් විවාදාත්මක මතයක් ඉදිරිපත් වී ඇත. වර්තමානයේ ග්‍රහලෝක තරණය සහ අභ්‍යවකාශ විද්‍යාවේ ප්‍රගමණයත් සමග අනාගත මානවයාට අඟහරු හෝ සෞරග්‍රහමණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකයක ජනාවාස ආරම්භ කිරීමේ හැකියාව තිබේ ද? අනාගත ග්‍රහලෝකවාසී මානවයාට ජෛව තාක්ෂණය biotech සහ cyborg තාක්ෂණය මත ආගන්තුක පාරිසරයකට අනුවර්තනය වීමේ හැකියාව තිබේ ද? සත්ව පරිනාමයේ ඉදිරි පිම්මක් ගෙන නව ජීව විශේෂයක් ලෙස පරිවර්තනය වීමේ හැකියාව අත්පත්කරගැනීමට අනාගත මානවයා සමත් වේ ද? ඒ සඳහා දැන් අලුත් විෂයයක් futurology අනාගතවිද්‍යාව නමින් සැකසෙමින් පවතී.

ග්‍රහලෝක ජනාවාස

අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ පුරෝකථනයන්ට අනුව ඉදිරි දසක දෙක තුළ නූතන මානවයා අඟහරු හෝ වෙනත් ග්‍රහලෝකයක ජනාවාස ආරම්භ කරනු ඇත. දැනටමත් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 665 ක් ගතකිරීමට නාසා ආයතනයේ අජටාකාශගාමිනියක වූ පෙගී විට්සන් (Peggy Whitson) සමත්වූවාය. දින 340 අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ රැඳී සිටි නාසා ආයතනයේ අජටාකාශගාමීන් වන ස්කොට් කෙලී (Scott Kelly) සහ මිකායිල් කොර්නෙන්කෝ (Mikhail Kornienko) පෘථීවියෙන් එපිට අභ්‍යවකාශයේ මානවයාට වාසය කිරීමේ හැකියාව (අනුවර්තනය) සනාථ කිරීමට සමත්වූහ. අනාගතයේ ජුපිටර් (Jupiter - බ්‍රහස්පති ) ග්‍රහයා වටා භ්‍රමණය වන යුරෝපා (Europa) චන්ද්‍රයා සහ සැටර්න් (Saturn) ග්‍රහයා වටා සරණ ටයිටෑන් (Titan) චන්ද්‍රයා මත රොබෝවරු යොදා ජීවයේ පැවැත්මට සුදූසු පරිසරයක් වේ දැයි නිරීක්ෂණය කරනු ඇත.

යුරෝපා චන්ද්‍රයා මත ජලය පවතින හෙයින් ජීවයට හැඩගැසීමේ පාරිසරික තත්ත්වයක් එහි පවතී. ටයිටෑන් චන්ද්‍රයා මත ජීව විශේෂ පැවැතීමේ සම්භාවිතාවක් ඇත. එහි ඉතා සරුසාර කාබනික අංශූ (අනු) ඇති අතර අධික ශීතල නිසා ජල ද්‍රවශීලත්වයක් දැක ගත නො හැකිය. ඇතැම්විට ටයිටෑන් සඳ මත ජීවය පවතින්නේ නම් ඒ ජීව විශේෂ පෘථිවිය මත ජීව විශේෂයන්ට වඩා වෙනස් ස්වරූපයක් ගනු ඇතැයි කොළරාඩෝ විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ තාරකාජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය කරෝල් ඊ. ක්ලේලෑන්ඩ් පවසයි.

මානවයා යම් දිනක පෘථීවියෙන් නික්ම නො යා නම් ඔහුගේ විනාශය වළක්වාගත නො හැකි යැයි විද්‍යාඥ මිචියෝ කාකු (Michio Kaku) සිය නවතම ග්‍රන්තය වූ 'The Future Of Humanity'හි සඳහන් කරයි. මානව අපේක්ෂා සැබවින් ම ඛේදජනකය. දූෂ්කරය. අවිනිෂ්චිතය. සුබවාදී හැඟීමක නිරත නොවන්නේ නම් දේශගුණික වෙනස, ගෝලීය උණුසුම සහ මානවයා නිර්මාණය කරන ව්‍යසනයක් වූ පරමාණු යුද්ධයකින් මෙම ග්‍රහලෝකය රැකගැනීමට ඔහුට කළ හැකි දෙයක් නොමැත. අනාගතයේ දිනක සත්ව සහ ශාක විශේෂ 99.9% ක් වඳවී ගිය හොත්, ඇතිවන ස්වභාවයට අනුගතවීමට නොහැකි වීමෙන් මානවයා ද මිහිතලයෙන් සමුගනු ඇත. එය සොබාදහමේ නියාමයකි. එසේනම් අඟහරු හෝ වෙනත් ග්‍රහලෝක සිය පැවැත්මට සරිලන සේ සකසා ගැනීමට (terraform) මානවයා සමත්වේ ද?

තාක්ෂණික විප්ලවය

මානවයා දැන් විද්‍යාත්මක සොයාගැනීම් අවස්ථා හතරක් පසු කර ඇත. පළමු උදම් රළ (ඉපිලුම) ; කාර්මික විප්ලවයයි. එමගින් අපට වාෂ්ප යන්ත්‍රය, දූම්රිය සහ කර්මාන්ත ශාලා ලැබුණි. දෙවන උදම් රළ (ඉපිලුම) විදූලිය, චුම්භකත්වය ලබාදූන් අතර එමගින් රූපවාහිනිය, ඉන්ධන දහනය වන වාහන, අභ්‍යවකාශ වැඩසටහන්, සඳ තරණය කිරීමේ අවස්ථාව හිමි විය. තුන්වන උදම් රළ (ඉපිලුම) වන උසස් තාක්ෂණය මගින් කොම්පියුටරය සහ අන්තර්ජාලය ලැබුණි. හතරවන උදම් රළ (ඉපිලුම) කෘත්‍රිම බුද්ධිමත්භාවය, ජීවතාක්ෂණය (biotech), නැනෝතාක්ෂණය (nanotech) සහ ග්‍රහලෝක තරණය වෙත මානවයාට යෝධ පිම්මක් ලබා දූන්නේය. අඟහරු අධි ශීතලෙන් යුතු කිසිවක් වගා කළ නො හැකි නිසරු බිමක් යැයි ඇතැමුන් මැසිවිලි නගති. ජාන වෙනස් කළ බීජ සහ ශාක (ඇල්ගී) විශේෂ එම බිම මත රෝපණය කිරීමට රොබෝවරුන් යොදාගැනීමේ සක්‍යතාව දැන් තාක්ෂණයට ඇත. අනාගත තාක්ෂණය මානව ස්වභාවය සම්පූර්ණයෙන් ම වෙනස්කරනු ඇත. අනාගත මානවයා අධි තාක්ෂණික යන්ත්‍ර සිරුරට ඇතුළු කළ දෙමුහුන් (ජීවවිද්‍යාත්මක - කෘත්‍රිම) cyborgs ජීවියෙකි.

මානවයාගේ සමේ පැහැය, මුහුණේ පෙනුම පමණක් නොව සිරුරේ ප්‍රමාණය පවා වෙනස්වෙයි. ආගම, වාර්ගිකත්වය සහ භාෂා ප්‍රේමය මනසින් ඉවත් වූ ග්‍රහලෝකවාසියා වෙනස් අවශ්‍යතා සහ හැඟීම් මත පරිනාමයේ ඉදිරි පිම්මක් ගනු ඇත. දේශපාලන නොපෑහීම්, ආර්ථීක අසමානතා මත ඉපිලෙන විවිධ ගැටුම් මත කම්පනයට පත් වත්මන් ශිෂ්ටාචාරය අභාවයට යාම කිසිවකුට වළක්වාගත නො හැකිය. කල්ඉකුත් වූ සියලු මතවාද අභිනිශ්ක්‍රමණය කරන අනාගත මානවයා නව ග්‍රහලෝක ශිෂ්ටාචාරයක් නිර්මාණය කරනු ඇත. 15 - 16 වනි සියවස්වල පෘථීවිය මත නව භූමි, සාගර සහ දිවයින් සොයා සචාරය කළ පෘතුගීසි, ඕලන්ද, ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය දේශගවේශකයන් මෙන් නව තාක්ෂණික අභ්‍යවකාශ යානා මත නැගුණ ග්‍රහලෝක ගවේශකයෝ විශ්වය වටා සැරිසරනු ඇත. ස්වභාවික සහ කෘත්‍රිම වරණයට අනුගත නොවන ගතානුගතික මතවාද මෙන්ම අනුගාමිකයා වඳවීයාම අනිවාර්ය ලක්ෂණයකි.

අනාගත ආයු කාලය

අනාගත ආහාර විප්ලවය වත්මන් ආහාර වගාකිරීමේ ක්‍රමවේදය වගා භූමි සංකල්පය අභිභවනය කරමින් සිරස් (vertical) අතට ඉදිකළ අට්ටාල මත සිදූවේ යැයි ගූගල් සමාගමේ 'රේ කුර්ෂ්වෙල් ටයිම්'සඟරාවට ප්‍රකාශ කළේය. වර්තමානයේ පස නොමැති ව පැළ වගාකිරීමේ (hydroponic) ක්‍රියාවලිය මගින් පළතුරු සහ එළවළු, ක්ලෝනීයකරණය වූ මාංශ ආහාරයට එක් වේ. හැඟීම් ඇතිවීමට සිරුරේ අවයව තුළ ඇති ජීවරසායන සහ විද්‍යුත් චුම්භක සංඥා මැදිහත්වේ.

මානවයා දැනටමත් ආයුකාලය වර්ධනය කරන ජාන විශේෂ 60 ක් සොයාගෙන ඇත. මෙම ජාන ඇතැම් ජීව විශේෂවල වසර සිය ගණනක් ජීවත්වීමේ හැකියාව ලබා දෙයි. ග්‍රීන්ලන්තයේ මෝර (Greenland shark) විශේෂයකට වසර 400 ක ආයු කාලයක් ඇත. 21 සියවසේ ජාන තාක්ෂණය මානව ආයු සීමාවේ අභියෝගය ජයගනු නියතය. වසර 10.000 කට පෙර මානවයා එළකිරි පරිභෝජනයට පෙළඹීමෙන් ගෙවීගිය සියවස් දෙක තුළ සිරුරේ උස සෙන්ටි මිටර් 10 කින් වර්ධනය කර ගත් අතර, දෙවන ලෝක යුද්ධයෙන් පසු විද්‍යාව සහ තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව නිසා මනවයාට සිය ආයු කාලය වසර 20 කින් වර්ධනය කරගැනීමට හැකි විය. මෙම සක්‍යතා මත ඉදිරි වසර 500 -1000 ක් පිළිබඳ පුරෝකථනයක් ඉදිරිපත් කිරීමට නව දැනුම සමත්වෙයි.

කෘත්‍රීම බුද්ධිමත්භාවය (artificial intelligence) සහ කොම්පියුටර් තාක්ෂණයේ ඉදිරි පිම්මත් සමග අනාගතය පිළිබඳ සුභවාදී ව කල්පනා කිරීමට හැකියාව ලැබුණ ද තවමත් කොම්පියුටරය මානව මොළයට පසුපසින් සිටියි. ලොව වඩාත් සංවර්ධනය වූ ජපානයේ K කොම්පියුටරයට තවමත් මානව මොළය ඉක්මවා යා නො හැක. මිලියන 1.4 GB - RAM ධාරිතාවකින් යුතු K කොම්පියුටරයට මානව මොළය තත්පරයක් තුළ දත්ත සැකසීමේ ක්‍රියාවලියට විනාඩි 40 ක් ගතවෙයි. මානව මොළයේ දත්ත සැකසීමේ ක්‍රියාවලියේ වේගයට සමාන්තර වීමට හෝ අභිභවනය කිරීමට කොම්පියුටර තාක්ෂණය 21 සියවසේ මද්ධ්‍යහනයේ සමත්වනු ඇත. 

අධි තාක්ෂණ දියුණුව

කෘත්‍රීම බුද්ධිමත්භාවය මගින් මානවයා දැනටමත් කථාකිරීම, අන්තර්ක්‍රියාකාරකම්, සවන්දීම, මතකය ඉතා උසස් ලෙස සංවර්ධනය කර ඇත. අනාගතයේ කොම්පියුටර් තාක්ෂණය මානවයා අතික්‍රමණය කළ හොත් මානවයා රොබෝ තාක්ෂණය සමග සමෝධානය වනු ඇත. ඉතා කුඩා රොබෝවරු (nanobots) මානව සිරුර වටා හැසිරෙමින් ස්වභාවික ක්‍රියාකාරිත්වයන් හසුරවනු ඇත. එය වත්මන් මානව ස්වරූප (transhumanism) පරිවර්තනයට පොළඹවමින් ජීවතාක්ෂණය ලබාගන්නා ජයග්‍රහණයකි.

වර්තමානයේ බිඳූණ හෝ සිරුරේ අක්‍රීය අවයව (කොටස්) අලුතින් ඇතුළු කළ හැකි තාක්ෂණය මානවයා සතු වේ. අනාගතයේ ඉතා සරළ ව ඇතැම්විට සම්පූර්ණ මානවයෙක් ම නිර්මාණය කිරීමට විද්‍යාව සමත් වේ. ත්‍රිමාණ (3D) කැමරා සහිත කෘත්‍රිම ඇස්, කියවීම, වර්ණ සහ දිසිරූ අවබෝධ කර ගත හැකි ජාන තාක්ෂණය මගින් දරුවන් නිර්මාණය කිරීමේ හැකියාව වැඩි දියුණු වේ. දැනටමත් දරු කළලවල ජාන වෙනස් කළ හැකි තාක්ෂණය මානවයා සතු ය. අනාගතයේ මවුපියන්ට තමා කැමති දරුවකු ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. වර්තමානයේ කාත්‍රිම වරණය (artificial selection) අනුව දෙමුහුන් සුනඛ, කුකුළු සහ ගව විශේෂ බිහිකරන්නා සේ අනාගතයේ මානවයෙක් ද නිර්මාණය කළ හැකිය. 2030 වසර වන විට මානවයා සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධිමත්භාවය (artificial intelligence AI) මත සංකීර්ණ ඩිජිටල් පද්ධතියක සංජාල ගත වේ. එමගින් මානව හැකියා බලසතුකරණය සහ නියුරෝන සෛල උත්තේජනයෙන් වර්තමානයට වඩා යහපත් සමාජ ක්‍රමයක් උත්පාදනය කරනු ඇත.

වර්තමානයේ මානවයා සතු තාක්ෂණික වේගය අනුව සඳ වෙත යාමට දින තුනක් ගත වේ. අඟහරු වෙත යාමට මාස නමයක් ගතවේ. අඟහරු චාරිකාව වසර දෙකක ගමනකි. ආදි දේශගවේශකයන් පෘථීවිය මත නව භූමි ගවේශනය කළා මෙන් නොව මානව පැවැත්ම සඳහා අවශ්‍ය සියලු දෑ පෘථීවියෙන් අඟහරු වෙත ප්‍රවාහනය කළ යුතුය. එම පරිසරය ජයගත හැකි ජාන තාක්ෂණයෙන් වෙනස් කළ ධාන්‍ය, වාසස්ථාන ඉදිකිරීමට රොබෝවරුන් සහ සැහැල්ලු ශක්තිමත් දෑ නිර්මාණය කරන නැනෝතාක්ෂණය දැනටමත් විශාල ප්‍රගතියක් ලබා ඇත. පෘථීවියට ආසන්න තාරකාව වූ ප්‍රොක්ෂිමා (Proxima Centauri) වෙත යාමට ඩොලර් මිලියන 100 වැය කොට තාරකා නෞකාව (starship) ඉදි වේ. මෙගාවොට්ස් 800 ක බලයක් සහිත ලේසර් කිරණ මගින් ආලෝක වේගයට 1/5 ක අඩු වේගයෙන් ගමන් කළ හැකිය. අනාගතයේ ඉදිකිරීමට සැලසුම් කළ ramjet ආලෝක වේගයට 50% අඩු වේගයෙන් ගමන් කොට වසර 20 කින් මානවයා තාරකාව වෙත ගෙන යයි. විද්‍යාඥ ස්ටීවන් හෝකින් වරක් මෙලෙස ප්‍රකාශ කළේය. මානවයා විශ්වයේ ග්‍රහලෝක 4.000 ක් පමණ අනාවරණය කර ගෙන ඇත. පෘථීවියට දිස්වන සෑම තාරකාවක් වටා ම ග්‍රහයන් සැරිසරන වග සත්‍යයකි. මානවයාට යම් දිනක එක් තාරකාවක් වෙත වීරචාරිකාවක් යාමට හැකි වේ නම්, ලෝක ඉතිහාසය සම්පූර්ණයෙන් ම වෙනස් වේ.

විශ්වයේ වෙනත් ග්‍රහලොවක ජීවය පවතින්නේ නම් ඔවුන් නිසැකව ම පෘථීවි ජීවීන්ගේ රූපකායට වෙනස් ස්වරූපයක් ගනු ඇත. දැනුමෙන් සහ තාක්ෂණයෙන් පෘථීවි වැසියාට වඩා වසර දහස් ගණනක් ඉදිරියෙන් සිටියි. ඔවුන් කිසි දිනක අනෙකා කොල්ලකෑමෙන් පොහොසත් වූ මානවයා මෙන් පෘථීවි සම්පත් පැහැර නො ගනියි. මක්නිසාදයත් ඔවුනට අවශ්‍ය තරම් සම්පත් සපිරි වෙනත් ග්‍රහලෝක විශ්වයේ විසිරී ඇත. කිසිවිටක ඔවුන්ගේ හැසිරීම කෑදර මානවයාට සමාන නොවේ.

විනාශකාරිත්වය විනාශ කිරීමට දැනුම සතු බලය

$
0
0
දෙසැ 26, 2019 01:00

‘පශ්චාත් සත්‍ය ලෝකයක දැනුම ගොඩනැගීම’ යන තේමාව යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ පැවැති පස් වැනි වාර්ෂික ශිෂ්‍ය පර්යේෂණ සැසියේදී, නිව් එංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩී.බී. සුබේදී ප්‍රධාන දේශනය පවත්වන ලද අතර එය "Knowledge: most powerful weapon to fight destructive elements"යන ශීර්ෂය සහිතව ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබිණ. මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි.

අපේ සමාජවල, අනාගතය ගැන කතාකරන විට අතීතය, අමතක කර දැමීම හෝ වර්තමානය නොසලකා හැරීම හෝ අපට කළ නොහැකි ය. අද අප මෙහි සිටින්නේ අපේ මුතුන් මිත්තන් අතීතයේ සිදු කළ දෙයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ගෙවුණු වසර දහස් ගණනක කාලයේදී මනුෂ්‍ය වර්ගයා අතර විශාල වෙනස්කම් සහ පරිවර්තන සිදු විණ. භාෂාවන්හි දියුණුවට තුඩු දුන් සලකුණු සහ අක්ෂර නිර්මාණය කරගැනීමට මිනිසා සමත් වූයේ මෙයට වසර 6 000කට පමණ ඉහතදී ය. ඒ සමඟම මානව ශිෂ්ටාචාරය විශාල වෙනසකට ලක් විය. මිනිසුන්ට අදහස් හුවමාරු කර ගැනීමට මඟක් ඇතිවිණ.

ලිඛිත සන්නිවේදනය

මෙයට වසර 2 000කට පමණ ඉහතදී මිනිසා කඩදාසි නිෂ්පාදනය කිරීමට සමත් වූයේ ය. මානව අන්තර් ක්‍රියා සහ ලිඛිත සන්නිවේදනය, එමඟින් තවත් වේගවත් විණ. දැනුම ලේඛනගත කිරීමේ ආරම්භය එය යැයි කිව හැකි ය. මිනිසා මුද්‍රණ යන්ත්‍රය නිපදවන්නට සමත් වූයේ මෙයට වසර 600කට පමණ ඉහතදී ය. දැනුම ලේඛනගත කිරීමත්, සංසරණය වීමත් එමඟින් විප්ලවීය වෙනසකට භාජනය වී යැයි කිවහොත් වරදක් නැත. මිනිස් ශිෂ්ටාචාරයන්හි දියුණුව තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට හේතු වූයේ විදුලි බලය සහ ස්වයංක්‍රියකරණය යන නිර්මාණයන් ය. අද අප පය තබා තිබෙන්නේ අන්තර්ජාලය සහ ඩිජිටල් තාක්ෂණය මුල් කරගත් යුගයකට ය.

අන්තර්ජාලය මිනිසා අතට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉගෙනුම් ක්‍රියාවලිය ආයතනීකරණයෙන් බැහැර වීමට පටන් ගෙන තිබේ. එහි අදහස; පාසල්, විශ්වවිද්‍යාල වැනි දැනුම නිපදවන සම්ප්‍රදායික ආයතන වෙත නොපැමිණ, මිනිසුන්ට අලුත් දේවල් ඉගෙනගැනීමට හැකියාවක් ලැබී තිබෙන බවයි. දැනුම සංසරණය නියාමනය කර නැත. එසේම, දැනුම භෞමිකකරණයට ද ලක් නොකෙරේ. දැනගැනීමට අවශ්‍යව ඇත්තේ, සෞඛ්‍ය ගැටලුවකට අදාළ ඖෂධයක් සම්බන්ධයෙන් හෝ නව කාර්මික නිෂ්පාදනයක් පිළිබඳ හෝ ගුවන් යානයක ආසනයක් වෙන් කරවා ගැනීම සම්බන්ධයෙන් හෝ නව මිතුරු මිතුරියන් ඇති කරගැනීම සම්බන්ධයෙන් හෝ වේවා; ඒ සියල්ලටම අවශ්‍ය තොරතුරු අද මිනිසාගේ අතැඟිලි තුඩුවලට හසුවන දුරකින් තිබේ.

ඩිජිටල් ආධිපත්‍ය

මේ සියලු නව නිපැයුම් සහ නවීකරණයන් සිත් ඇදගන්නාසුලු ය. දැනුම පදනම් කරගත් අපේ සමාජය, විප්ලවයකට ලක්ව ඇත. ඊට විශාල පිරිවැයක් දරන බව බොහෝ දෙනෙකු දන්නේ නැතැයි කියා මම විශ්වාස කරමි. ඩිජිටල් ආධිපත්‍යයේ සමාජ පිරිවැය ගැන සැලකිලිමත් වනවිට, සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීමෙන් ඇතිවන මානසික සෞඛ්‍ය ගැටලු සහ සමාජ බිඳ වැටීම් ගැන කෙනකු කල්පනා කරන්නට පුළුවන. තවත් කෙනෙකු සයිබර් අවකාශයේ සිදුවන අපරාධ පිළිබඳව සිතනවා විය හැකි ය. ඩිජිටල් ලෝකය සහ අන්තර්ජාල තාක්ෂණය මත වැඩි වැඩියෙන් රැඳීම සහ සමාජ මාධ්‍ය භාවිතය දැනටමත් අප නව ලෝකයකට - එනම් "පශ්චාත් සත්‍ය ලෝකයකට"ගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

පශ්චාත් සත්‍ය කතිකාවලින් විදහා දක්වන කැළඹිලි සහිත ලෝකයක අද අපි ජීවත් වන්නෙමු. "පශ්චාත් සත්‍ය කතිකාව"කෙබඳු ද? මම එය ඔබට දැන් පැහැදිලි කර දෙමි.

මේ දක්වා පැවැති අපේ ශිෂ්ටාචාරයන්හිත්, එදිනෙදා ජීවියේත්, සමාජයේත් මූලික පදනම සත්‍ය හා දැනුම ය. මෙයට වසර ගණනාවකට ඉහතදී නූතන රාජ්‍ය ක්‍රමය සොයා ගන්නා විට, එය මෙහෙයවන ලද්දේ මිනිස් ජීවිත පිළිබඳ සත්‍ය සහ දැනුම සෙවීම මඟිනි. දැනු'මැති මිනිසුන් හෙවත් නිලබලධාරීන්ගෙන් ආධාර සහ අනුප්‍රාණය ලබන දක්ෂ නායකයන් අතින් මිනිසුන් පාලනය විය යුතුය යන අදහස අප තුළ ඇති වී තිබිණ. පුරාණ කාලයේ ජීවත්වුණු අපේ මුතුන් මිත්තන් පවා දැනුම පදනම් වූ සමාජයක ජීවත් වූ බව පෙනීයයි. එකල රජවරුන්ට බුද්ධිමතුන්ගේ සහය ලැබුණු බව තහවුරු වේ. පාසල් සහ විශ්වවිද්‍යාල පිහිටුවීමෙන් සිදුවූයේ දැනුම ආයතනීකරණය වීමකි. මේ ගෞරවනීය මධ්‍යස්ථානවලින් සිදුවන්නේ මහජනයාගේ පරිභෝජනයට ලබාදෙන දැනුම නිපදවීම, නැවත නිපදවීම, කරුණු පරීක්ෂා කිරීම සහ නැවත පරීක්ෂා කිරීමයි.

පශ්චාත් සත්‍ය

පශ්චාත් සත්‍ය කතිකාවත් සමඟ මේ සියල්ල වෙනස් වෙමින් තිබේ. එවැනි කතිකාවකදී විශේෂඥයන්ගේ අදහස් සහ සාක්ෂි පදනම් කරගත් දැනුම බැහැර කරනු ලැබේ; නොසලකා හරිනු ලැබේ; අප්‍රධාන සේ සලකනු ලැබේ. ඕනෑම සමාජ, ආර්ථික හා දේශපාලන කාරණයක් සම්බන්ධයෙන් සිටින විශේෂඥයන් තවදුරටත් ගෞරවයට පාත්‍ර නොවේ. අපගේ සමාජ ජීවිතය, එදිනෙදා අත්දකින්නට වන සමාජ දේශපාලන අන්තර් ක්‍රියා, සන්නිවේදනය වෙනුවට ව්‍යාජ ප්‍රවෘත්ති මඟින් බලපවත්වන දේශපාලන හැසිරීම්, උපාය මාර්ගික ආඛ්‍යාන, කටකතා, ප්‍රචාර, බොරු සහ ඉලක්කගත ව්‍යාජ තොරතුරු මුල් තැනට එයි. විකල්ප දැනුමට සහ ප්‍රති-ආඛ්‍යානයන්ට බොහෝවිට සමාජයේ තැනක් නැතිව යයි. ව්‍යාජ වූත්, සනාථ නොකළා වූත්, අසත්‍ය වූත් දැනුම පිළිගැනීම හා ඒ මත ක්‍රියාත්මක වීමට සමාජ නැඹුරු වේ. කෙටියෙන් කිවහොත්, පශ්චාත් සත්‍ය ලෝකයක දැනුම සහ සත්‍ය විකෘතියකි; නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමට හැකියාව ලද බලවත් පුද්ගලයෝ කිහිපදෙනෙක් ඒකාධිකාරිය ගෙන යති. පශ්චාත් සත්‍ය ලෝකයේ මුහුණුවර මෙයයි.

පශ්චාත් සත්‍ය ලෝකය මුලින්ම මතුවුයේ කෙසේ ද? ඉතා කෙටි කාලයකින් ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වුණු අන්තර්ජාලය සොයා නොගත්තේ නම් පශ්චාත් සත්‍ය ලෝකය ඇති නොවන්නට ඉඩ තිබිණ. දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉතිහාසය වසර 70කට වඩා වැඩි කාලයක් පුරා දිව යයි. ලෝක බැංකු වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසක් දෛනිකව ලබන්නේ ඇමෙරිකා ඩොලර් 1.9කට ආසන්න මුදලකි. පරිගණක විද්‍යාඥ ටිම් බර්නර්ස්-ලී (Tim Berners-Lee) 1990දී www - එනම් World Wide Web නිර්මාණය කළේ ය. මේ වනවිට ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් අන්තර්ජාලයට ප්‍රවේශ වෙති. මේ වසර වනවිට ආසියා ජනගහනයෙන් 52%කට ආසන්න පිරිසකට අන්තර්ජාල පහසුකම් ලැබී තිබේ. ජනගහනයෙන් බිලියන 3.4කට අධික පිරිසක් සමාජ මාධ්‍ය භාවිතයට ගනිති.

සමාජ මාධ්‍ය භාවිතය

මෙහිදී මතු කළයුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, ආර්ථික සංවර්ධනය සහ නව්‍යකරණය සඳහා අන්තර්ජාලයෙන් අතිමහත් දායකත්වයක් ලැබෙන මුත් අවාසනාවකට මෙන්, පශ්චාත් සත්‍ය කතිකාවේ මූලික මූලාශ්‍රය ද එය වී තිබේය යන්නයි. මගේ අභිප්‍රාය, අන්තර්ජාලයෙන් ලැබී ඇති විශාල වාසි හෑල්ලුවට ලක් කිරීම නොවේ. එසේ වුවත් මා මූලික වශයෙන්ම සැලකිලිමත් වන්නේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතයත් සමඟ අද ලෝකයේ ඇති වී තිබෙන සදාචාරාත්මක සහ ආචාරධර්මීය ගැටලු වෙත ය. පශ්චාත් සත්‍ය කතිකාව යනු අන්තර්ජාලයේ හා ඩිජිටල් ලෝකයේ අනපේක්ෂිත ප්‍රතිඵලයකි. පර්යේෂණ කටයුතුවල නියැලෙන ප්‍රජාවක් හැටියට අප ඒ ගැන දැනුවත් වියයුතු ය. අපට කළ හැකි දේ ගැන කතා කිරීමට පෙර පශ්චාත් සත්‍ය කතිකාවෙන් ප්‍රයෝජන ලබන්නේ කවරකු ද යන්න පිළිබඳ උදාහරණ කිහිපයක් දැක්වීමට මට අවශ්‍යව ඇත.

පශ්චාත් සත්‍ය කතිකාව කිසිවකු බේරන්නේ නැත. සමහරු ව්‍යාජ දැනුම නිපදවන්නන් ලෙස සහභාගී වෙති. තවත් සමහර අය ඒ ව්‍යාජ දැනුම භාවිත කරන්නන් බවට පත් වෙති. ඇතැම්හු ව්‍යාජ දැනුම, කටකතා, බොරු, සම්ප්‍රේෂණය කිරීමේ මැදිහත්කරුවන් බවට පත්වෙති. සෑම කෙනෙක් ම පශ්චාත් සත්‍ය කතිකාවේ අයහපත් බලපෑමට ලක් වෙති. එසේ වුවත් කිසිවෙක් ඉන් එක හා සමානව ලාබ නොලබති. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ පදනම් විරහිතව දැනුම නිපදවා, සම්ප්‍රේෂණය කිරීමෙන් ප්‍රතිලාභ ලබන්නේ දේශපාලන, ව්‍යාපාර ආදී ක්ෂේත්‍රවල සිටින ප්‍රභූන් සහ ආගමික නායකයන් අතළොස්සක් පමණි. නොයෙක් ප්‍රචාර, කටකතා සහ ව්‍යාජ ප්‍රවෘත්තිවලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපතිවරණයේදී වැඩි වාසි ලබා ගත්තේ ය. මියන්මාරයේ හමුදා නායකයන් සහ අති බෞද්ධ ජාතිවාදීන් 2016 සහ 2017 අතර කාලයේදී කටකතාවලින් වැඩි වාසි ලබා ගත් බව සඳහන් වේ. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව දැඩි චෝදනා නැඟෙන්නට එය හේතුවක් විණ. පශ්චාත් සත්‍ය කතිකාව පැමිණෙන්නේ සමාජ දේශපාලන සහ ආර්ථික සාධකවල දැවැන්ත බලපෑම් සහිතව බව මේ අනුව අවධානයට ගතයුතු ප්‍රධානම කාරණයයි.

මෙම ලිපියේ දෙවැනි කොටස ජනවාරි මස 02වැනිදා 09 වැනි පි‍ටුවේ පළ වේ.

සිංහලට පෙරළුම මංජුලා විජයරත්න

සන්නද්ධ සිව් දෙනා

$
0
0
දෙසැ 26, 2019 01:00

වැහිලිහිණි රංචු ‘ගිරිතලේ’ ගැඹුරු වැව් දිය තලයේ ගෑවී නොගෑවී මෙන් පියාසර කළහ. පුලතිසිපුර ඈත කඳුවැටි මත්තෙන් පාවී ආ රඹ පැහැ වලාපටල නේක හැඩතල මවාලීය. වැව් තලය මැද ඝන තුරුලතාදියෙන් ගෙවුණු මදක් විශාල අඳුරු , දූපත ගුප්තමය සුන්දරත්වයක ගිලී තිබිණි. අහල මායි‍ෙම් කිසිදු මිනිස් ප්‍රාණිහු පෙනෙන්නට නොසිටියද, සීත සුළඟ දරාගෙන කුඩා ඔරුවක නැඟුණු ධීවරයකු මසුන්ට දැල් එළමින් උන්නේ ය.

වෑ කණ්ඩියට පහතින් පිහිටි කරත්තපාර තියුණු තිරිවානා ගල් සහිත විය. වෑ බැම්මට යටින් දිවෙන උමං මඟකින්, කෙත් යායට දිය සපයන ඇල මාර්ගය ඇරඹිණි. එතැන නිර්මාණය කළ සොරොව්ව අසල බියකරු සුළි කැරකෙන දිය පහර දක්නට ලැබිණි. එහි වේගය කොතරම්ද කිවහොත් දිය පහස සමඟ කැළතී ආ මසුහු, කොන්ක්‍රීට් බැම්මේ හැපී, ක්ෂණිකව මරණයට ගොදුරු වූහ.

ගත හීගඩු පිපෙන වන්නි හීතල සමඟ ගොංමං අඳුර වේගයෙන් ගලා ආවේය. ඇල ඉහත්තාවේ පිහිටි ගොවි ජනපදයට එක් දහස් නවසිය අසූ අටේ මුල් භාගය වන තුරුත් විදුලි බලය ලැබී තිබුණේ නැත. ගෙයින් පිටත පහන් නොදැල්විය යුතුය යන නීතිය නිසා භූමිතෙල් පහනක් වුවද දැල්වුණේ යන්තමිනි. තියෙන දෙයක් කාබී කලින්ම නින්දට යාමට බොහෝ ගැමියෝ පුරුදුව සිටියහ. එහෙත් රෑ පුරා ඇසෙන බර අඩි ශබ්ද මෙන්ම ඉඳහිට ඇසෙන වෙඩි හඬද ගැමියන් අසලට එන නිදි දෙව්දුව පලවා හළේය.

ගොංමං අඳුර මැද්දේ මෑ කන්ද බැසගත් අඳුරු අවතාර හතරක් ඇලට සමාන්තරව වැටුණු කරත්ත පාර දිගේ විමසිල්ලෙන් ගමන් කරමින් උන්හ. තද වර්ණ කමිස, කලිසම් හැඳ සිටි ඔවුන්ගේ මුහුණුවල දෑස් පමණක් පෙනෙන පරිදි කල රෙදි කඩකින් ආවරණය කර තිබිණි. දෙදෙනකු අත පතරොම් තුවක්කු තිබූ අතර අනෙක් දෙදෙනා ළඟ කඩුවක් හා කිරිච්චියක් තිබිණි.

ඇළ මායිමට දකුණු පස තරමක් දුරින් ජනපදයේ නිවාස ඉඳිකර තිබිණි. ඒවායින් බොහොමයක් කටු මැටි ගැසූ පැල්පත් විය. අතරින් පතර ගඩොලින් බඳින ලද සුනු පිරියම් කළ නිවෙස්ද විය. පරීක්ෂාවෙන් පැමිණි සන්නද්ධ පුද්ගලයන් සිව් දෙනා ඇලෙන් එතෙර වීමට ලී පාලමක් තනා තිබූ තැනක නතර විය. එම පාලම අඩි හතරක් පමණ පළල, ඇළ මාර්ගයේ සිටුවන ශක්තිමත් ලී කණු මත, ලෑලි අතුරා සකස් කරගන්නා ලද්දකි. එම පාලම තරමක් විශාල නිවාසයට වැටුණු ප්‍රවේශ මාර්ගයක් විය. නිවස ඉදිරිපිට විශාල මාදං ගස් කීපයක්ද, කොළොං හා ‘කොස් ගසක්ද දැකිය හැකි විය. නිවස තද ‍ෙකාළ පැහැයෙන් ‍වර්ණ ගන්වා තිබිණි. ඒ තුළ චිමිනි ලාම්පුවක් දැල්විණි. නිවසට දකුණු පසින් සිල්ලර කඩයක් තිබුණද එහි කිසිදු දැන්වීම් පුවරුවක් නොතිබිණි. ඒ වන විට කඩයට පැමිණි පාරිභෝගිකයන් කිසිවකු දක්නට නොලැබිණි.

සන්නද්ධ සතර දෙනා එතැන නැවතුණහ. ඔවුහු කිසියම් නිගමනයකට එළඹුනහ. ඉන් පසුව පාලමේ ලෑලි තට්ටු මතින් නිශ්ශබ්දව නිවස දෙසට පැමිණියහ.

මේ මොහොතේ නිවසේ ප්‍රධානියා වූ ‘ධීරසේකර මුදලාලි’ ගණන් හිලව් වගයක් බලමින් කඩය තුළ සිටියේය.ඔහුගේ බිරිය වූ ‘කළුතර හාමිනේ’ රෑ බත පිළියෙල කරමින් උන්නාය. ඔවුන්ගේ දාහතර හැවිරිදි වැඩිමහල් දියණිය වූ ‘ශ්‍යාමලී’ ද, තෙවැන්නිය වූ ‘විනෝදනී’ ද ඉදිරි දොරටුව දෙසට පැමිණියේ මෑණියන්ට බුදුන් වඳින්නට ඉද්ද මල් නෙළා ගනු පිණිසය. පවුලේ අනෙක් දරු දෙදෙනා වූ එකොළොස් හැවිරිදි ‘ආනන්ද සහ හත්හැවිරිදි ‘දිලූකා’ මව අසල දැවටෙමින් උන්හ. මේ කාලය වන විට රටේ පැවති දේශපාලන තත්ත්වය නිසා සියලු සරසවි පමණක් නොව පාසල් ද විවෘතව තිබෙනවාට වඩා වසා දමා තිබුණේය.

‘ශ්‍යාමලී’ට සහ ‘විනෝදනී’ ට මිදුලට බසින්නට ඉඩ ලැබුණේ නැත. ඔවුන්ගේ පියාණන් වූ ‘ධීරසිංහ’ දොරටුව අසල බිත්තියට දෑත් තබාගෙන උන් අතර ඔහු පිටුපසින් මුහුණු ආවරණය කරගත් සන්නද්ධයෝ සිව් දෙනා අවි අමෝරා උන්හ.

‘අනේ අපේ අප්පච්චි’

‘විනෝදනී විලාප දුන්නාය. ඇගේ තියුණු කටහඬ නිහඬ වාතලය විනිවිද ගියේය. එවිටම ශ්‍යාමලී ද සිය හඬ අවදි කළාය.

‘තොපි දෙන්නම කට වහගනියව්! දැං යමව් ඔක්කොම ගේ ඇතුළට!”

ඒ අවියත් නියෝගයෙන් දියණියෝ දෙදෙනා භීතියට පත් වූහ. සිය ජීවිත කාලය තුළම කිසිවකු ඔවුන්ට ඒසා කුරිරු විලසින් ආමන්ත්‍රණය කර නැත.

‘ධීරසිංහ’ දෙපසින් වැළඳගෙන පැමිණෙන දියණියන් දෙපළද ඊට පිටුපසින් පැමිණෙන භීෂකයන් සිව් දෙනාද දුටු ‘කළුතර හාමිනේ’ බියෙන් කිළිපොලා ගියාය. ඈ ආසන්නයේ උන් ‘දිලූකා’ සහ ‘ආනන්ද’ විලාප තබන්නට සූදානම් වූහ.

“තොපි එකෙක්වත් කෑ ගැහුවොත් බලාගෙනයි. සේරටම මෙතන වෙඩි තිලා දානවා.”

ගිනි බටය උරුක් කරමින් එක අයකු තරවටු කළේය.

‘දරුවනේ! කලබල කරන්න එපා!”

බිදුණු හඬින් ‘ධීරසිංහ’ තෙපලීය. දෑසට නැඟුණු කඳුළු වලක්වා ගනිමින්, තමන් මුහුණ දී සිටින තත්ත්වය තේරුම් ගන්නට’ කළුතර හාමිනේ බුද්ධිමත් වූවාය.

“හ්ම්.. දැං මීක් කියන් නැතුව ඔක්කොම යමල්ල අර කාමරයට!”

කඩුව අතේ තිබූ එක් අයකු අණ කළේය. ඔහු ඉතා කුඩා සිරුරක් ඇති අයෙකි. එම අණ කිරීමත් සමඟ ‘කළුතර හාමිනේ’ ගේ පපුව හෝස් ගා පත්තු විය. චෞරයන් ඒ කාමරයම ඉලක්ක කරගන්නේ මන්දැයි ඇයට සැණින් වැටහිණි. සියලු දෙනාම කාමරයට ‍ෙගනගිය පසු එක් චෞරයකු අණක් නිකුත් කළේය.

“දැන් ඔය අතේ, කරේ කනේ, තියෙන සේරම ආභරණ ගලවපල්ලා! මොකක් හරි හංගන්න ගිහිල්ලා නිකම් මැරුම් කන්න එපා!”

ශ්‍යාමලී දියණිය වැඩිවියට පත්ව ගෙවී ගොස් තිබුණේ වසරකටත් අඩු කාලයකි. එම උත්සවයේදී පියා විසින් ඇගේ කරේ පවුමක රන් මාලයක් පැළැඳවීය.

“ඉක්මනට ගලවලා දියං ඔය මාලෙ!”

එක් අයකු ශ්‍යාමලීගේ ගෙල දෙසට කිරිච්චිය දිගු කරමින් පැවසීය. ‘දිලූකා’ නම් බාල දියණියට තිබුණේ ගෙල තෙක් කොට වන්නට කැපූ සරු සාර බූසි කෙස් කළඹකි. ඇගේ රන් අරුංගල් යුවළ හිසකෙස් නිසා පිටතට පෙනුණේ නැත. එක් චෞරයකු ඈ දෙස බලා ඉඟි මැරුවේ රන් අරුංගල් ගැන තමන් යමක් දන්නා බවයි. එහෙත් වාසනාවකට මෙන් කිසිවකු ඇ‍ෙග් කන පරීක්ෂා කළේ නැත. කළුතර හාමිනේගේ මඟුල් මුදුව ගලවා ගනිද්දී, ඇගේ දෑසින් නොකඩවා කඳුළු ගලා ගියේය. ඒ දුටු චෞරයෝ මෙසේ අපහාස බස් බිනූහ.

“මොකටද හාමිනේ අඬන්නේ? ඔහේලට මේ වගේ දහ ගුණයක් හම්බ කරගන්න බැරියැ.”

නොබෝ වේලාවකින් චෞරයෝ ධීරරත්න මුදලාලි’ අල්මාරියේ ලා තිබූ මුදල් නෝට්ටු හා කාසි තොගයක් සොයා ගත්හ. එතැන රුපියල් ලක්ෂයකට වඩා තිබිණ. මුදලාලි ඒවා ඉතිරි කළේ ලොරි රථයක් ගැනීම සඳහාය. එබැවින් එම මුදල් බැංකුවේ තැන්පත් කිරීමටවත් ඔවුහු උනන්දු නොවූහ.

සියල්ල පොදිගසාගත් පසුවද චෞරයන්ගේ සිතැඟි නිමා වූයේ නැත.

“ඒක නෙවෙයි ඇයි හාමිනේ සවුත්තු වැඩ කරන්නේ?” තුවක්කුව අතැති අයකු කළුතර හාමිනේට සමච්චල් කළේය.

“මොකද්ද මං කරපු සවුත්තු වැඩේ?” ඇය ඇසුවේ නොසඟවා ගත් කෝපයෙනි.

“ඇයි හාමිනේගෙ රත්තරං මාලෙ අර දිගට දිගේ දාගෙන උන්නෙ. කෝ ඒ මාලෙ?”

කළුතර හාමිනේට එවර වැටහී ගියේ තමන ගැන සියලු තොරතුරු දන්නා අයකු මේ චෞරයන්ට මඟ පෙන්වා ඇති බවයි.

“මං ළඟ එහෙම මාලයක් නෑ!” ඈ කීවේ තිරසාර හඬිනි.

“ඔන්න ඔන්න නිකං ටොම් පච අතාරින්ට එපා! හාමිනේ පෙරේදත් දාගෙන හිටිය නේද?”

එවර මෙතෙක් නිහඬව උන් ‘ධීරරත්න’ කට ඇරියේය.

“දැන් ඔයාලා අපේ සෙස්තම ගත්තනෙ. තවත් දෙන්න ‍ෙදයක් නෑ. ඔය කියන මාලෙ මම මුදල් හදිසියකට ඊයෙ බැංකුවට උකස් තිබ්බා.”

චෞරයෝ කෝපයෙන් දත්මිටි කෑහ. ඔවුහු බැණ වදිමින් ගෙය නොපිට පෙරළූහ. එහෙත් එවැන්නක් හමු නොවීය. අවසානයේ ඔවුහු ‘කළුතර හාමිනේ’ කාමරයෙන් පිටතට ගත්හ.

“හාමිනේ අපි ආවෙ මුදලාලිව මරන්ඩ. ඒක නොකරන්ඩ නම් රුපියල් ලක්ෂයක් ඕනෙ.”

“අපි ළඟ ආයෙ කීයක්වත් නැ. ඒ නිසා ඔය කඩේ තියෙන බඩු ඇරගෙන යන්ඩ.”

ඈ ලවාම වෙළෙඳ සලේ දොර විවරකරගත් ඔවුහු සහල්, පිටි, සීනි, කරවල ඇතුළු සියලු බඩු කොල්ල කෑහ. ඒ වෙලාවේ නිකමට මෙන් ඇළ දෙසට බැල්ම හෙළූ කළුතර හාමිනේට පාලමට ඔබ්බෙන් වූ කරත්ත පාරේ උන් ඡායාවන් රැසක් දක්නට ලැබිණි. ඇය යළිත් කාමරයට දමා අඟුළු ලූ ඔවුහු සිත්සේ භාණ්ඩ කොල්ල කෑහ.

භීතියෙන් මුවගුළු වැටුණු දරුපිරිස ද, අඹුසැමියන් ද කාමරයෙ සිරකළ බව නොදත් ඇල සුපුරුදු ‍ෙලස ගලා ගියේය.

Tiniwick 2705@gmail.com

වෘත්තීය සමිති තනතුරු බෙදා ගැනීම අපි නතර කළා

$
0
0
දෙසැ 27, 2019 01:00

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ

ජනාධිපතිවරණයේදී උතුරු නැ‍ඟෙනහිර ඡන්ද හැසිරීම අනාගත දේශපාලනයට බලපාන ආකාරය, නගර සංවර්ධනයේදී අනුගමනය කරන ඉදිරි පිළිවෙත, මිලේනියම් චැලේන්ජ්, ඇක්සා, සෝෆා ගිවිසුම් සම්බන්ධව සහ රජයේ බදු සහන පාරිභෝගික ජනතාවට නොලැබීම ආදී කරුණු සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ අදහස් දක්වයි.

රටක් හැටියට දියුණු වෙද්දී නාගරික සංවර්ධනයට ප්‍රධාන තැනක් ලැබෙනවා. දියුණු නගර පද්ධතියක් ඇතිකරන්න ඔබේ වැඩපිළිවෙළ මොකක්ද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අධිකාරියෙ සභාපති හැටියට හිටපු කාලෙ කොළඹ ලෝකයේ පිරිසුදුම නගරය බවට පත්කළා. එදා හොඳ සැලැස්මක් තිබුණා. දියත වැඩසටහන, බෙල්ලන්විල ව්‍යාපෘතිය ඇතුළුව පරිසර හිතකාමී නගර සංවර්ධනයක් එතුමා ආරම්භ කළා. පහුගිය ආණ්ඩුව ඒ සියල්ල විනාශ කළා. සංවර්ධනය කරපු නගර නඩත්තු කරගන්නවත් ඒ ආණ්ඩුවට බැරි වුණා. අද ප්‍රධාන නගර සියල්ල ජනාකීර්ණ වෙලා. ඒ නිසා නගර ආසන්නව කුඩා නගර හදන්න ඕනා. අමාත්‍යාංශයටත්, රාජ්‍ය අමාත්‍යංශයටත් ලේකම්වරු පත්කරද්දී පළපුරුදු ඉංජිනේරුවන් පත්කළේ මේ සැලසුම් හරියට කරන්නයි. ගෝඨාභය රාජපක්ෂ යුගයෙ දියුණු නගර සැලසුමක් තිබුණා. ඒවා නැවත ආරම්භ කරන්න ඕන.

ඔබ කියන දියුණු නගර සැලසුම පහුගිය ආණ්ඩුව අත්හැරියෙ ඇයි?

ඒ අය අත නොහැරියෙ මොනවද? කොළඹ පිරිසුදුකම ආරක්ෂා කරගන්න විතරයි තිබුණෙ. ඒකවත් කරගන්න බැරි වුණා. ඒ ආණ්ඩුව පුරා දැක්කෙ නොහැකියාව.

නාගරිකව ඇතිවෙන මඟී තදබදය ලොකු පීඩනයක් ඇතිකරනවා. මේ තත්ත්වය වළක්වාගන්න පුළුවන්ද?

ග්‍රේට කළම්බු රේල්වේ ව්‍යාපෘතිය ගෙනාවෙ ඔය තදබදය අඩුකරන්න. ඒ ව්‍යාපෘතියත් පහුගිය ආණ්ඩුව හරියට කළේ නැහැ. පහුගිය කාලෙ බත්තරමුල්ලෙ ඉඳල කොටුවට විතරක් කරන්න පටන් ගත්තා. එහෙම කොටසක් විතරක් කරල වැඩක් නැහැ. පෑලියගොඩ, මොරටුව, පිළියන්දල, කොට්ටාව, බත්තරමුල්ල, ගාලු පාර, කොළඹ සම්බන්ධ වෙන විදියට සම්පූර්ණ ව්‍යාපෘතිය කරන්න ඕන. මේ ගැන ලොකු සැලසුමක් තිබුණා. පහුගිය ආණ්ඩුව ව්‍යාපෘති කරන්න විශාල මිල ගණන් දාල තිබුණා. දැන් අපි ඒව අධ්‍යයනය කරනවා.

නගර අලංකරණයට විශාල බාධාවක් හැටියට තියෙන අනවසර ඉදිකිරීම් ගැන ඔබ මොකද කියන්නෙ?

අනවසර ඉදිකිරීම් කියල ඒව කඩල දාන්න අපිට බැහැ. කවුරුන් හෝ ඒ අයව ඒ ස්ථානවල පදිංචි කරවල තියෙනවා. ඒ අයට විකල්ප තැන් දීල සැලැස්මක් ඇතුව අනවසර ඉදිකිරීම් අයින් කරන්න ඕන. අවුරුදු පහක් හයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් එකපාර අයින් කරන්න බැහැ. පේමන්ට් කඩවලටත් කොහෙ හරි තැනක් හදල දෙන්න ඕන. කොළඹ නගරයෙ විතරක් පැල්පත් පනස්දාහක් තියෙනවා. ඒ අයට ස්ථිර නිවාස දෙන්න ඕන. ඒක දිගුකාලීන වැඩපිළිවෙළක්. පැල්පතක් කැඩුවම එතන තව පැල්පතක් හැදෙන්න බැහැ.

පැල්පත් හදන්නෙත්, ඒවට විදුලිය, ජලය දෙන්න අනුමැතිය දෙන්නෙත් දේශපාලනඥයින් කියන චෝදනාව තියෙන්නෙ. එහෙම තත්ත්වයකදී අනවසර ඉදිකිරීම් නවත්වන්න පුළුවන්ද?

හාල් සේරු දෙක දීල ඡන්දෙ ගන්න යුගයක් තිබුණා. හාල් සේරුව කැපුවත් ආණ්ඩු පෙරළන යුගයක් තිබුණා. ආණ්ඩුවෙ නිකන් ඉඩමක් තිබුණ නම් එතන බලෙන් පදිංචිකරවන යුගයක් තිබුණා. දැන් ඒ යුගය ඉවරයි. එහෙම පදිංචි කරපු අයට විකල්ප, ස්ථිර නිවාස දෙන්න ඕන. ඒ අයව ඩෝසර් කරල දාන්න බැහැ.

කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් තවමත් නිසි වැඩපිළිවෙළක් නැහැ නේද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තය අරුවක්කාලු කසළ අංගණයට කුණු බැහැර කරන්න විධිමත් වැඩපිළිවෙළක් හදල තිබුණා. කොළඹ නගරයෙත් අවට නගරවල කුණුත් වැල්ලම්පිටියට ගෙනැල්ල එතනදි කුණුවල තෙත ඉවත් කරල වේලිච්ච කුණු කුට්ටි හැටියට හදල දුම්රි‍ෙයන් අරුවක්කාලුවලට ගෙනිහින් සෞඛ්‍ය ආරක්ෂිතව වළවල්වල තැන්පත් කරන වැඩපිළිවෙළක් තිබුණා.

2015 දී අපි ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2000 ක් වෙන්කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ ව්‍යාපෘතියක් කියල ඒක පහුගිය ආණ්ඩුව වීසිකළා. කුණු කන්ද කඩාවැටුණට පස්සෙ අරුවක්කාලුවල ගම්මාන කිට්ටුවට තෙත හිදිච්ච නැති කුණු සෞඛ්‍යාරක්ෂිත නොවන විදියට ගෙනිහින් දැම්මා. ඒකට ජනතාව විරුද්ධ වුණා. කුණුවල තෙත හින්දන්න පෑලියගොඩ ස්ථානයක් වෙන්කරල තියෙනවා. දැන් අවශ්‍ය ගොඩනැගිලි ඒ ස්ථානයෙ හදනවා. ඊට පස්සෙ අරුවක්කාලුවලට කෝච්චියෙන් කුණු ගෙනියනවා. ජනතාවට හිරිහැරයක් නොවන විදියට ඒ ව්‍යාපෘතිය අපි කරනවා.

ජනාධිපතිවරයට සහාය දෙන්න දෙමළ ජාතික සන්ධානය කැමැත්ත ප්‍රකාශ කළ බවට පළවන මාධ්‍ය වාර්තා ගැන ඔබ මොකද කියෙන්න?

අපිට අවශ්‍ය ප්‍රශ්න විසඳන්න මිසක් ප්‍රශ්න ඇතිකරන්න නෙවෙයි. දෙමළ සන්ධානය හෝ ඒ පළාතෙ වෙනත් ද්‍රවිඩ සන්ධාන හෝ ඒ පළාතෙ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ඉදිරිපත් වෙනව නම් අපි ඒවට උදව් කරනවා. 2010 පටන් උතුරු නැ‍ඟෙනහිර සංවර්ධනය කළේ අපි. 2015 ට පස්සෙ කිසිම දෙයක් උතුරට ‍කළේ නැහැ. ක්‍රෝධයයි, වෛරයයි වපුරල බලය ගත්තා විතරයි.

උතුරේ ජනපතිවරණ ජන්ද ප්‍රතිඵලය එක්ක පැහැදිලි බෙදීමක් ඇතිවෙලා තියෙනවා නේද?‍

ජාතිවාදී වෛරයක් උතුරෙ ඇතිකළා. ඒ ප්‍රතිඵලය ආවෙ ඒකයි. ලෝකෙ හැම රටකම ජාතික ගීය කියන්නෙ ඒ රටේ භාෂාවෙන්. භාෂා 21 ක් තිබුණත් ඉන්දියාවෙ ජාතික ගීය කියන්නෙ හින්දි භාෂාවෙන්. අපේ රටේ ජාතිවාදයට ගිහින් දෙමළ භාෂාවෙනුත් ජාතික ගීය කියන්න පටන් ගත්තා. ඒව වැරදි ප්‍රතිපත්ති. ඒව ජාතික ප්‍රතිපත්ති නෙවෙයි. හැම ප්‍රශ්නයක්ම විසඳගන්න නම් රටේ මහ ජාතිය එක්ක මිත්‍රශීලීව ඉන්න ඕන.

අන්තවාදී නොවන දෙමළ ජනතාව දිනාගන්න ආණ්ඩුවෙ වැඩපිළිවෙළ මොකක්ද?

ඒක පැයකින් දෙකකින් කරන්න බැහැ; කාලයක් යනවා. උතුරෙ ජනතාවගෙන් 60% ක් විතර ජීවත්වෙන්නෙ විදෙස්ගත දරුවන් එවන මුදල්වලින්. විදෙස්ගත වෙලා ඉන්න අය ජාත්‍යන්තරය එක්ක එකතුවෙලා වෛරය වපුරනවා. දෙමළ ජනතාවගෙ ඊළඟ පරපුර දිනාගන්න අපි වැඩ කළ යුතුයි. ජාතිවාදය නැති රටක් අපි හදන්න ඕන. ඒකට ටික කාලයක් යයි.

සෝෆා - ඇක්සා - මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් ගැන සමාජය තුළ විශාල භීතියක් ගොඩනැඟුණා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

සෝෆා - ඇක්සා ගිවිසුම්වල වාසි අවාසි දෙකක් තියෙනවා. අපේ රටට වාසි සහගත ඒව ක්‍රියාත්මක කරනකොට අපිට ගැටලු මතුවුණා. ඒ නිසා ගිවිසුම් ක්‍රියාත්මක කරනකොට අපිට වාසි සහගත විදියට වැඩ කරන්න අපි දැනගන්න ඕන. ගිවිසුමක හොඳ නරක කියන්න පුළුවන් ක්‍රියාත්මක වෙද්දියි.

MCC ගිවිසුම එන්නත් කලින් එදා විපක්ෂයෙ ඉඳගෙන ඒ ගිවිසුමට විරුද්ධ වුණේ ඇයි?

ඒකෙ තිබුණු භයානකකම අන්තර්ජාලය හරහා අපි දැක්කා. MCC එක ගේන්න කලින් ආණ්ඩුව කාවවත් දැනුවත් කළේ නැහැ. පාර්ලිමේන්තුවට හරියට ඉදිරිපත් කළෙත් නැහැ. යූ. එන්. පී. ආණ්ඩුව ඩොලර් බිලියන 425 ක් දෙනව කිව්වම ඒ ගැන විතරයි කල්පනා ක‍ෙළ්. අපි රට ගැන බලනවා. බිලියන දාහක් දෙනව කිව්වම හම්බන්තොට වරාය විකිණුවා. ඒ අය ඒකෙ පාඩුව බැලුවෙ නැහැ. අපි කවදාවත් එහෙම කරන්නෙ නැහැ.

ආණ්ඩුව MCC ගිවිසුම ගැන නැවත අධ්‍යයනය කරන්න හදන්නෙ ඇයි?

ඒකෙ තියෙන ප්‍රධාන කොන්දේසිවලට අපි එකඟ නැහැ. අධ්‍යයනයක් කරන්නත් තවම අදහසක් නැහැ.

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනව කියල කිව්වත් ආණ්ඩුව තවමත් ඒ ගැන නිහඬ ඇයි?

ඒක බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන. රාජිතල, පාඨලීල ගැන විභාග වෙන්නෙ. රටේ නීතියත් එක්ක ඕව විභාග වෙයි. එෆ්. සී. අයි. ඩී. කියල අලුත් ආයතන පිහිටුවල විභාග කරන්නෙ නැහැ. රටේ පවතින නීතියට අනුව ඒව වෙයි. කොමිසන් සභා වාර්තා තියෙනවා. ඒ අනුව ඒව සිද්ධ වෙයි.

ප්‍රධාන කැබිනට් ඇමැති ධුරයක් දරපු ඔබට මෙවර ලැබෙන්නෙ රාජ්‍ය අමාත්‍ය ධුරයක්. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?

ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි සභාග ආණ්ඩුවක් හැදුවෙ. යම් යම් පරිත්‍යාග අපිට කරන්න සිද්ධ වෙනවා.

ඒ පරිත්‍යාගය කළේ සතුටෙන් කියලද ඔබ කියන්නෙ?

අපිට ඕන වුණේ රට ගොඩනඟන්න. අපි කළේ ඒ සටන.

වෘත්තීය සමිතිවලට නායකත්වය දුන්න කෙනෙක් හැටියට වර්තමාන ආණ්ඩුවෙ වෘත්තීය සමිති ප්‍රතිපත්තිය ගැන ඔබ මොකද කියන්නෙ?

වෘත්තීය සමිති පිළිබඳව ඉතාම සුබවාදී අදහසක මේ ආණ්ඩුව ඉන්නවා. ආණ්ඩුවක් පිහිටෙව්ව ගමන් වෘත්තීය සමිති තනතුරු ටික බෙදාගන්න ක්‍රමය අපි වෙනස් කළා. මේ සැරේ අපේ වෘත්තිය සමිති කිසිම වැරදි වැඩක් කළේ නැහැ. අපේ වෘත්තීය සමිති අපි සංවර කළා. කැබිනට් මණ්ඩලයට අවශ්‍ය දේවල් ඉදිරිපත් කරල අවශ්‍ය සහන දෙනවා. මීට ඉස්සෙල්ල ඇමැති පත්කරන්නත් ඉස්සරවෙලා වෘත්තීය සමිති තනතුරු බෙදාගෙන ඉවරයි. මේ සැරේ එහෙම වුණේ නැහැ.

අලුත් අවුරුද්ද ලබන්න තව දින 4යි. ජනතාවට දෙන පණිවුඩය මොකක්ද?

අපි ජනතාවට ලොකු පණිවිඩයක් දීල තියෙන්නෙ. බදු අඩු කිරීමෙන් ලැබෙන වාසිය මහජනතාවටත් ව්‍යාපාරිකයන්ටත් ලැබෙමින් තියෙනවා. ඒක ලොකු පණිවුඩයක්. සාමාන්‍ය ව්‍යාපාරිකයො ගොඩදෙනෙක් බදුවලින් නිදහස් වුණා. එදා ව්‍යාපාරිකයන්ට සුපර් මාර්කට් එකත් එක්ක තරඟ කරන්න බැරි වුණා. දැන් අපි ඒ තත්ත්වය නැති කළා. ජනවාරි 15 වෙනකොට දුප්පත් පවුල්වල ලක්ෂයකට රැකියා දෙනවා. රාජ්‍ය සේවයෙ ශ්‍රම බළකාය අපි ශක්තිමත් කරනවා. අප්‍රේල් මාසෙ වෙනකොට දේශපාලන පක්ෂ බේදයකින් තොරව උපාධිධාරීන් හැමදෙනාටම රැකියා දෙනවා. ඒ සංවර්ධන වැඩ වෙනුවෙන් හැම ගමකටම රුපියල් මිලියන දෙක බැගින් දෙනවා. ඒ සංවර්ධන වැඩ පෙබරවාරි 15 ට පෙර ඉවර කරන්න ඕන. මේවත් එක්ක ගම හැදෙනවා. රට හැ‍දෙනවා.

ව්‍යාපාරිකයන්ට බදු අඩුකළ බව ඔබ කිව්වා. මේ බදු අඩුවීමේ වාසිය පාරිභෝගිකයට ලැබෙන්නෙ නැත්තෙ ඇයි?

පාරිභෝගිකයාටත් ලැබෙනවා ටිකක් හිමින්.

 

දුමින්ද සම්පත්
ඡායාරූප-නිරෝෂ් බටේපොළ

පාසල ගිලගත් ටියුෂන් සැණකෙළි

$
0
0
දෙසැ 27, 2019 01:00

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලබා දීම වැනි විශේෂිත කරුණු අරභයා සිදු කරන උපකාරක පන්ති ද ඇත. ඒවා ආරම්භ වන්නේ බොහෝවිට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවලින් පසුවය. මේ ආදී ලෙස එකම විෂය තුළ විවිධ වර්ගයේ ටියුෂන් ලබා දීමේ ක්‍රමවේදයන් ද ජනප්‍රියභාවයට පත් කරනු ලැබූයේ තරගකාරී ලෙස විභාග සමත් කිරීමටය. මෙහි අවසාන ප්‍රතිඑලය විභාගය සමත්වීම පමණක් සලකා බැලීමයි. අද දවසේ පාසල් පද්ධතිය තුළත්, ඉන් පිටතත් අත් විඳිනු ලබන සංස්කෘතික, සමාජීය පරිහාණිය නිර්මාණය වන්නේ මෙම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙනි.

ටියුෂන් හෙවත් උපකාරක පන්ති යන වචනය නොදන්නා කෙනෙක් නොමැත. එසේ වුවද අදින් වසර තිහ හතළිහකට පෙර ටියුෂන් යන වචනය ලංකාවේ භාවිත නොවූ තරම්ය. එයට හේතුව අධ්‍යාපනය ලබාදීම සඳහා තිබූ ආයතනය වූයේ රජය විසින් පාලනය කළ පාසල් හා විශ්වවිද්‍යාල වීමයි. විවෘත ආර්ථීකයත් සමඟ සමාජය වේගයෙන් වානිජකරණය වූ අතර වානිජකරණයේ ප්‍රතිඑලයක් ලෙස අධ්‍යාපනය ද වානිජකරණයට ලක් විය. මේ නිසා ටියුෂන් නමින් අප අද භාවිත කරන උපකාරක පන්ති බිහි වූ අතර ඒවා මුදල් ගෙවීමෙන් අධ්‍යාපනය සහ උපදෙස් ලබාගැනීමේ ක්‍රමවේදයකි. ටියුෂන් යන වචනය පැමිණෙන්නේ 'ආරක්ෂාව, රැකවරණය, භාරකාරත්වය'යන අර්ථය ඇති 'ටුයිසියොන්'යන ඇන්ග්ලෝ-ප්‍රංශ වචනයෙනි. මේ අනුව ටියුෂන් යන වචනය තුළ අමතර ඉගැන්වීම් තුළින් ඇති කරන ආරක්ෂෘව හෝ රැකවරණය හෝ භාරකාරත්වය යන්න ඉස්මතු කළ හැකිය.

වර්තමානයේ විභාග සමත්වීම සඳහා උපකාරක පන්ති අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇති බව පෙනේ. මෙය පළමු ශ්‍රේණියේ සිට නොව සමහර විට මුල් ළමා විය සංවර්ධන අවස්ථාවේ සිටම දරුවන් මුහුණ දෙන යථාර්ථයකි. දරුවන් පමණක් නොව මවුපියන් මුහුණු දෙන කටුක හා වේදනාකාරී තත්ත්වයකි. කෙසේ වෙතත්, ගෙතීමේ පන්තියක් සඳහා වුවද උපදෙස් සඳහා කරන ඕනෑම ගෙවීමක් ටියුෂන් යන වචනය මඟින් විස්තර කළ හැකිය. එම උපකාරක පන්ති ශිෂ්‍ය ණය හෝ ශිෂ්‍යත්ව නොමැතිව ආවරණය කළ යුතුය. මේ නිසා ටියුෂන් යනු ව්‍යාපාරයක් ලෙස විස්තර කිරීමට ද හැකිය. ලාභය උදෙසා සිදු කරන අමතර ඉගැන්වීම් ක්‍රියාවලියක් ලෙස ටියුෂන් සරලව විස්තර කිරිම වරදක් නොවේ.

අධ්‍යාපන ක්‍රමය

අධ්‍යාපනය පිළිබඳ නොයෙක් නිර්වචන ඇත. අධ්‍යාපනය පිළිබඳ යම් රටක් නිර්වචනය කරගත යුත්තේ එම රටේ ඉදිරි දැක්ම හා අපේක්ෂිත දිගුකාලීන සංවර්ධන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි. අධ්‍යාපනය පිළිබඳ ඇති නිර්වචන තුළින් නිරූපණය කරනු ලබන්නේ අරමුණු හෙයින් ඕනෑම රටක් තම සංවර්ධන අපේක්ෂා සමඟ ගැළපෙන අධ්‍යාපන නිර්වචනයක් ගොඩනඟා ගත යුතු වේ. එහෙත් අප සෑම විටම සිදු කරනු ලබන්නේ විදේශීය රටකින් ආනයනය කරනු ලබන අධ්‍යාපන නිර්වචන හා අරමුණු සමඟ ලංකාවේ අධ්‍යාපනය ගලපා ගැනීම ඉංග්‍රීසීන් විසින් අප රට තුළ අධ්‍යාපනය සකස් කරනු ලැබුවේ ඔවුන්ගේ යටත් විජිතයක නිෂ්පාදනය හා බැඳුණු පරිපාලනමය කටයුතු පහසු කර ගැනීම සඳහා වූ ශ්‍රමිකයන් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් බව අමතක කර ඇත.

මේ නිසා නිදහසින් පසුව ඇති කළ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපනයත්, වෙනස් වන වෘත්තියකරණයත් අතර සබඳතාවත් ඇති කර ගැනීමට අපොහොසත් වීම නිසා සිදුවූයේ අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක ප්‍රසාරණයට සාපේක්ෂව රැකියා නොමැති වීමයි. මේ නිසා ජනප්‍රිය ගණයේ රැකියා සඳහා විශාල තරගයක් ඇති වූ අතර ඒ සඳහා සුදුසුකම් ලබාගැනීමට දරුවන්ට බල කෙරෙන අධ්‍යාපන පරිසරයක් නිර්මාණය විය. මේ පිළිබඳ 1972 වසරේ තරුණ අසහන කොමිෂන් සභා වාර්තාවේද පෙන්වා දී ඇත.

ඒ අනුව රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන ක්‍රමයට ගැළපෙන ලෙස අධ්‍යාපනය සකස් කර ගැනීමේ අභියෝගය නිදහසින් වසර 71 කට පසුවත් අපට ඇත. අධ්‍යාපනය විසින් ඇති කර ඇති සමාජ පරතරය ප්‍රබල ලෙස විද්‍යාමාන වන්නට පටන් ගන්නේ අසුව දශකයෙන් පසුවය. එය තවත් ආකාරයකට විස්තර කරනු ලැබුවහොත් සමාජ සඵලතාවය ඇති කිරීමේ ප්‍රධාන හා සෑම පුරවැසියකුටම ළඟාකර ගත හැකි බලවේගය වූයේ අධ්‍යාපනයයි. මේ නිසා අධ්‍යාපනය සඳහා එළැඹුම විභාග සමත්වීම සඳහා එළැඹුමක් ලෙස සමාජය වටහාගත් අතර විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ තරගකාරීත්වය වර්ධනය විය.

එහි අවසන් ප්‍රතිඑලය බවට පත් වන්නේ වානිජ අරමුණු පෙරදැරිව සංවිධානාත්මකව මෙම තරගයට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබාදෙන ව්‍යුහාත්මක ටියුෂන් හෙවත් උපකාරක පන්ති ලංකාව පුරා ජනප්‍රිය වීමයි. එහි ප්‍රතිඑලය අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් පාසල් ගුරුවරුන්, අධ්‍යාපනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැනි සම්ප්‍රදායික වගකීම් දරන්නන්ගේ භූමිකා අහෝසි වීමයි. ඒ වෙනුවට මවුපියන් සහ ටියුෂන් ගුරුවරුන් එම වගකීම දැරීම සිදුකරයි. මෙහි භයානක තත්ත්වය වන්නේ රටක ජාතික අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙහෙය විය යුතු අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ග්‍රහණයෙන් ඈත් වීමයි.

ටියුෂන් සංස්කෘතියට එකතුවීම

අසූව දශකයෙන් පසුව මන්දගාමීව වර්ධනය වූ ටියුෂන් අනුව දශකයෙන් පසුව වේගයෙන් වර්ධනය වූ අතර උපකාරක පන්ති පැවැත්වීම සඳහා සංවිධානාත්මකව විශාල පරිමාණයේ ආයතන බිහිවිය. මේ නිසා අනුව දශකයෙන් පසුව ටියුෂන් සංස්කෘතියක් නිර්මාණය විය. ඒ තුළ ප්‍රචාරණවාදී උපක්‍රම වර්ධනය වූ අතර ඒවා නවීන තාක්ෂණය හා නිර්මාණාත්මක උපක්‍රම භාවිතයෙන් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනු ලැබූයේ පෙළඹවීම වර්ධනය කර වැඩි පිරිසක් ගෙන්වා ගැනීම සඳහාය. ඒ වන විට ටියුෂන් කොතරම් ලාභදායක ව්‍යාපාරයක් ද යන වග පාසල් ගුරුවරුන් පමණක් නොව වෙනත් විවිධ වෘත්තිවල යෙදෙන්නන් පවා අවබෝධ කරගෙන තිබුණි.

මේ නිසා තරගකාරී මෙන්ම ආකර්ෂණීය ලෙස ටියුෂන් ලබා දීමට සිසුන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට සමහර ගුරුවරුන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සිසුන් කෙරෙහි බැගෑපත් වීම හෝ සබඳතාවයන් ලිහිල් කිරීම තුළ පැ‍රැණි පන්නයේ පරමාදර්ශී ගුරුවරයා වෙනුවට නිර්මාණය වුයේ නවීන ව්‍යාපාරික ගුරුවරයෙකි. මේ සියලුම ක්‍රමවේද නිර්මාණය වන්නේ උපකාරක පන්ති ගුරුවරයා සමඟ වැඩි වෙලාවක් සිසුන් රදවාගනිමින් කාලය වෙනුවෙන් මුදල් අයකිරීම පදනම් කරගනිමිනි. ඒ තුළ ප්‍රතිඑල ඉහළ දැමීම අවශ්‍ය වන්නේ සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නොව උපකාරක පන්ති පවත්වන ගුරුවරයාගේ සාර්ථකත්වය වෙනුවෙනි. අ.පො.ස (සා.පෙළ) හෝ උසස් පෙළ ප්‍රතිඑලවලින් පසුව තමන් විසින් ලබාදුන් සාමාර්ථ සහිත කටවුට් හා අත් පත්‍රිකා බෙදමින් සිසුන්ගේ සියලු කැපකිරීමවල අයිතිය තමන්ගේ නමට ලියා ගනිති.

අවසාන ඉලක්කය

ආකර්ෂණීය ෆයිල් කවර, පැන්සල් පෙටිටි, බෑග් පමණක් නොව අධ්‍යාපනයට අදාළ නොවන ටී ෂර්ට් වැනි දේ මුද්‍රණය කර ලබා දෙමින් තමන්ගේ කණ්ඩායම වැඩි කර ගැනීමටත්, විෂය උගන්වන අනෙක් ගුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමටත් ටියුෂන් සංස්කෘතිය තුළ සුලභ ලක්ෂණ බවට පත් ව ඇත. තම පන්තියේ ඉගෙනුම ලබන් සිසුන් ට දක්ෂතාවය අනුව අභිප්‍රේරණ චේතනාවෙන් පමණක් නොව ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා විවිධ විභාග සඳහා තෑගි පිරිනැමීම වැනි සාධනීය සංස්කෘතික ලක්ෂණ ද මෙම උපකාරක පන්ති තුළ ඇත. ඊට අමතරව සිසුන් විනෝද චාරිකා ‍රැගෙන යාම ආදිය මඟින් සිසුන් තම පන්තිය තුළ රඳවා ගැනීමට ක්‍රියාකිරීම ද වර්තමානයේ දක්නට ඇත.

තවත් සමහර ගුරුවරුන් තම සිසුන් සමඟ සීල සමාදාන වැඩසටහන් වැනි ආගමික කටයුතුවල යෙදීමත්, සිසුන් පිළිබඳ පෞද්ගලිකව සොයා බලමින් මවුපියන් සමඟ සමීප සබඳතා පවත්වමින් කටයුතු කිරීම ද උපකාරක පන්තිවල දක්නට ඇත. මේ සියල්ල තුළ උපකාරක පන්ති ගුරුවරුන්ගේ අපේක්ෂාව වන්නේ වැඩි සිසුන් පිරිසක් තමා වෙත ආකර්ෂණය කර ගැනීමය. පාසල තුළ හොඳින් උගන්වමින් ටියුෂන්වලට අවධානය ගන්නා ගුරුවරුන් මෙන්ම පාසල තුළ භාගෙට උගන්වා ඉතිරි කොටස තම පෞද්ගලික උපකාරක පන්තියේදී කියාදීමට සුදානම් ගුරුවරුන් ද උපකාරක පන්තිවල දැකිය හැකිය.

උපකාරක පන්ති වර්ග කණ්ඩායම් පන්ති, ආයතනික පන්ති, තනි පුද්ගල පන්ති, පුනරීක්ෂණ පන්ති, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන පන්ති ආකාරයෙන් ගොණු කළ හැකිය. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලබා දීම වැනි විශේෂිත කරුණු අරභයා සිදු කරනු උපකාරක පන්ති ද ඇත. ඒවා ආරම්භ වන්නේ බොහෝවිට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවලින් පසුවය. මේ ආදී ලෙස එකම විෂය තුළ විවිධ වර්ගයේ ටියුෂන් ලබා දීමේ ක්‍රමවේදයන් ද ජනප්‍රියභාවයට පත් කරනු ලැබූයේ තරගකාරී ලෙස විභාග සමත් කිරීමටය.

මෙහි අවසාන ප්‍රතිඑලය විභාගය සමත්වීම පමණක් සලකා බැලීමයි. අද දවසේ පාසල් පද්ධතිය තුළත්, ඉන් පිටතත් අත් විඳිනු ලබන සංස්කෘතික, සමාජීය පරිහාණිය නිර්මාණය වන්නේ මෙම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙනි. ටියුෂන් ක්‍රමය විසින් මෙම තත්ත්වය තවත් උග්‍ර කර පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට දැඩි ලෙස විරුද්ධ වන්නේ ටියුෂන් ගුරුවරුන් වීම තුළින්ම මෙහි ඇති බලපෑම වටහා ගත හැකි වනු ඇත.

අනෙක් වැදගත් සංස්කෘතික ගැටලුව වන්නේ ටියුෂන් ක්‍රමය විසින් දරුවන්ට ලබාදෙන අසීමිත නිදහස විසින් මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම ලිංගික ප්‍රේම සබඳතා සඳහා ඇති පෙළඹවීමයි. සමහර ගුරුවරුන් සිසුන් තම පන්තියට කැඳවා ගැනීමටත්, රඳවා ගැනීමටත් මෙම නිදහස භාවිත කරන අතර අසභ්‍ය දේ පවා දරුවන් සමඟ බෙදා ගනී. ඒ තුළින් ඇති කරන පෙළඹවිම් හා නිදහස විධිමත් ලිංගික අධ්‍යාපනයක් නැති ලංකාව වැනි රටකට ඇති කරනු ලබන්නේ නරක බලපෑමකි. පොත් බෑග් දමාගෙන මුහුදු වෙරළවලත්, තානායම්වල කාමරවලත් තනි වු දරුවන් නිර්මාණය වීමට වගකීම විරහිත ටියුෂන් ක්‍රමය බලපා ඇත.

ආර්ථීක බලපෑම

උසස් පෙළ හදාරන සිසුවකුගේ සරසවි සිහිනය යථාර්ථයක් කරවීමට මෙම ටියුෂන් සියල්ලම ලබාදීමට මවුපියන් උත්සාහ ගනී. ඒ අනුව එක් එක් පන්ති සඳහා මාසිකව ගෙවිය යුතු ගාස්තු වෙනස් වේ. කෙසේ වුවද සාමාන්‍ය මධ්‍යම පාන්තික උසස් පෙළ කරන දරුවකු අවම වශයෙන් 25000වත් උපකාරක පන්ති සඳහා වැය කිරීමට සිදුවීම තුළ ඇතිවන සමාජ, ආර්ථීක, සංස්කෘතික බලපෑම අඩුවෙන් තක්සේරු කළ නොහැක. විශේෂයෙන් ජීව විද්‍යාව, ගණිතය වැනි විෂය ධාරාවකින් උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කරන සිසුවකුට අනිවාර්යයෙන් එකම විෂය සඳහා විවිධ පන්ති කීපයකට සහභාගි වීමට සිදුවේ.

 එහි ඇති තරගකාරීත්වය හා විභාගය සමත්වීම තුළින් ජනප්‍රිය දොස්තරවරයකු හෝ ඉංජිනේරුවෙක් වීම තුළ ඇතිවන සමාජ සචලතාවය හේතුවෙන් තිබෙන දේපළ පවා කැප කරමින් දරුවන්ට ඉගැන්වීමට මවුපියන් වෙහෙසීමෙන් පවුලේ ආර්ථික තත්ත්වය බිඳ වැටීම, පාරිභෝජන හැකියාව දුර්වලවීම, පවුලේ සතුට, සමගිය නැතිවීම, අගහිඟකම් වර්ධනය වැනි හේතු නිසා ඇතිවන සමාජ, සංස්කෘතික බලපෑම පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.

ඉතුරුම් අහිමි වීම නිසා අයෝජන අවස්ථා ගිලිහී යාම ආදිය හේතුවෙන් පවුලේ ආර්ථිකයට පමණක් නොව ජාතික ආර්ථීකයට ද යම් බලපෑමක් උපකාරක පන්ති ක්‍රියාවලියෙන් සිදුවන බව අප අවබෝධ කරගත යුතුය. නිදහස් අධ්‍යාපනය ලබාදෙන රටක මවුපියන්ට විශාල මුදලක් තම දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් දැරීමට සිදුවීම අතිශයින් ඛේදජනකය. පාසල් පද්ධතියේ ගුරුවරුන් සඳහා වැටුප් ගෙවන අතරම ඒ සඳහා වූ බදු මුදල තම ආදායමෙන් ලබාදෙන දුප්පත් මවුපියන්ට අමතර වියදමක් දරමින් දරුවන්ට ඉගැන්වීමට සිදුව ඇත.

ලංකාවේ බොහෝ පාසල්වල උසස් පෙළ පන්ති පාසල් තුළ පැවැත්වීමට හැකියාව ඇත්තේ මුල් වසර තුළ පමණි. බොහෝ පාසල් ගුරුවරුන් 13 වසර සඳහා විෂය නිර්දේශය වසර ගණනාවකින් සම්පූර්ණයෙන්ම උගන්වා නැත. එයට හේතුව 13 වසර සඳහා දරුවන් පාසල් නොපැමිණීමයි. මේ නිසා විශාල පිරිවැයක් රජයට පාසල් පද්ධතිය නඩත්තු කිරීම සඳහා දැරීමට සිදු වන අතර මවුපියන්ට තම ආදායමෙන් වැඩි කොටසක් උපකාරක පන්ති සඳහා යෙදවීමට සිදුව ඇත. එහි භයානක අවසානය වන්නේ වසර කීපයක් ටියුෂන් සඳහා වියදම් කරමින් තම මුළු ආර්ථීකයම ඊට කැප කළ මවුපියන් තම දරුවන් අසමත් වීම නිසා අත්විඳින මානසික ගරාවැටීම හා අපේක්ෂා භංගත්වයයි.

ජාතික අධ්‍යාපන රටාව බෙලහින වීම

ඕනෑම රටක ජාතික අධ්‍යාපන රටාව නිර්මාණය කිරීම හා වෙනස් කිරීම තුළින් ජාතික අපේක්ෂාවන්ට අනුව අධ්‍යාපනය මෙහෙයවමින් ජාතික සංවර්ධනය අත්කර ගැනීම සඳහා අධ්‍යාපනය මෙහෙයවීම සිදු කරයි. ඒ අනුව වරින්වර පාසල් අධ්‍යාපනය තුළ විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන අතර ඒවා යථාර්ථයක් බවට පත් කර ගැනීමට උත්සාහ ගනී. මෙවැනි ප්‍රතිසංස්කරණ සාර්ථක කරගත හැක්කේ ජාතික අධ්‍යාපන ක්‍රමය ශක්තිමත්ව පවත්වා ගැනීමෙනි.

වර්තමාන රජය විසින් හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථක වන්නේ මවුපියන් විසින් දරුවන් තවදුරටත් පාසල ඇතුළ ජාතික අධ්‍යාපන ක්‍රමය විශ්්වාස නොකිරීම හේතුවෙනි. විශේෂයෙන් වෘත්තීය නැඹුරුවක් ඇති අධ්‍යාපන ක්‍රමයක් වෙත ප්‍රවේශ වීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ ජාතික අධ්‍යාපන ක්‍රමය තුළ ඇත. ඒ වෙනුවෙන් හදුන්වාදුන් 13 වසරක් අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන හෙවත් වෘත්තීය ප්‍රවේශය වැනි වැඩසටහන් පවා පාසල් පද්ධතිය තුළ අසාර්ථක වන්නේ සමාජය තවදුරටත් පාසල විස්වාස නොකරන හෙයිනි.

සමහර විට රජය පවා මෙම ටියුෂන් ක්‍රමය විසින් වර්ධනය කරනු ලැබු විභාග ප්‍රතිඵල මත අධ්‍යාපනයේ සාර්ථකත්වය මැන බැලීමේ නිර්ණායකයන් ගිලගෙන ඇත. මේ නිසා පළාත්, අතර කලාප අතර මෙන්ම පාසල් අතරත්, පාසල්වල ගුරුවරුන් අතරත් ඇති ලංකාවේ පළමුවැනියා වීමේ අවශ්‍යතාවය දිරිගැන්වීමේ වැඩසටහන් තුළින් පෙන්වා දෙන්නේ විභාග ක්‍රමය රාජ්‍ය අධ්‍යාපනයට කර ඇති විනාශයයි. සාක්ෂරතාව වැනි අරමුණු වෙනුවෙන් මෙහෙය වූ අපේ අධ්‍යාපනය නැවතත් විභාග සමත්වීම වැනි අරමුණු කරා එළැඹ තිබීම හේතුවෙන් රටක් ලෙස අප ලබා ඇත්තේ කවර ප්‍රතිඑලයක්දැයි නැවත කල්පනා කළ යුතුය. එහෙත් විභාග සමත්වීමෙන් පසු අධ්‍යාපනය තබා පත්තරයක්වත් නොබලන මිනිසුන් නිර්මාණය වන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය හේතුවෙනි.

 

වජිර කේ. උබේසිංහ


ආචාර්ය ජුනයිඩ් හෆීස් !

$
0
0
දෙසැ 27, 2019 01:00

දේව අපහාස චෝදනාව මත, 33 හැවිරිදි සරසවි ඇදුරකු වන ආචාර්ය ජුනයිඩ් හෆීස් හට පාකිස්තාන බන්ධනාගාර අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියමකොට ඇත.

දැඩි ආගමික බලපෑම් සහිත රාජ්‍යයක් වන පාකිස්තානයේ ව්‍යවස්ථා නීති අනුව ආගමික අපහාසය යන්න බරපතළ වරදක් කොට සලකයි. ආචාර්ය ජුනයිඩ් හෆීස් හට මෙවන් බරපතළ දඬුවමක් නියම වී ඇත්තේ ඒ අනුවයි.

යම්කිසිවෙක් පාකිස්තානය වැනි නිදහස් අදහස් නො-ඉවසන ‘අවදානම්’ සහගත ආගමික සමාජයක ප්‍රකෝපකාරී හා උසිගැන්වීමකට තුඩුදිය හැකි ප්‍රකාශයක් සිදුකරයි නම් ප්‍රතිඵලය භයානකය. එහෙත් ආචාර්ය ජුනයිඩ් හෆීස්ගේ වෘත්තීය මට්ටම පිළිබඳව සලකා බලනවිට ඔහු ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක කෙරෙහි ඇති නොසැලකිල්ලෙන් කළ දෙයකැයි අනුමාන කළ නොහැකිය. ආචාර්ය ජුනයිඩ් හෆීස් වැනි ශාස්ත්‍රීය විනයක් ඇතැයි අපේක්ෂා කළ හැකි අයකු පවා, ආගමික විශ්වාසයක් අරභයා හෝ පවතින අන්ධ භක්තිය අරභයා හෝ යම් අදහසක්/විග්‍රහයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙවන් විපතකට ගොදුරු වීම පාකිස්තානය වැනි සමාජවල පවතින යථාර්ථයයි; එය පාකිස්තානයේ අනාගතය පිළිබඳ අඳුරු සංඥාවකි. යම් ප්‍රගතිශීලී මාවතකට පිවිස සිටින එරට අගමැති ඉම්රාන් ඛාන්ට මුහුණ දීමට ඇති අභියෝගය එයයි.

නූතන දියුණු ලෝකය තුළ නම් සමාජය කෙරෙහි වන ආගමික බලපෑම ක්‍රමයෙන් අහෝසි වී යමින් ඇත. එහෙත් පසුගාමී සමාජවලට තවම එය විලංගුවකි.

ඉන්දියාවෙන් වෙන් වී පාකිස්තානය නිර්මාණය කළ අලි ජින්නා පවා අනාගමික ජීවන පිළිවෙතක් පවත්වාගෙන ගිය අයෙකි. කෙසේමුත් ආරම්භයේදී යම් ලිබරල් සමාජ මට්ටමක් තුළ පැවතුණු පාකිස්තානය, ආගමික රාජ්‍යයක් කරා වෙනස් කිරීමේ මාවතකට හෙලනු ලැබුවේ, හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අත්පත් කොටගෙන එවකට සිටි රාජ්‍ය නායකයා වූ අලි භූතෝ එල්ලා මරාදැමූ සියා උල්-හක් විසිනි.

මීට කලකට පෙර, මුස්ලිම්-කතෝලිකයකු වූ පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා තලේබාන් ත්‍රස්තයින් විසින් මරාදමනු ලැබුවේය. ඔවුන්ගේ ඉලක්කය එරට මුස්ලිම් ආගමිකයින්ගෙන් පමණක් යුත් රටක් බවට පත්කිරීමයි. පාකිස්තානයේ යම් පමණකට ජනවිවිධත්වයක් හා සමාජ මිශ්‍රණයක් පවතින පාකිස්තාන්-පන්ජාබ් ප්‍රාන්තය යනු සාපේක්ෂ සංවර්ධනයක් තිබුණු ප්‍රාන්තයයි. ඝාතනය කෙරුණු ආණ්ඩුකාරවරයා තලේබාන් ආගමික ත්‍රස්තවාදයට එරෙහිව සෘජුව කටයුතු කළ අයෙකි. ආගමික උන්මත්තකභාවයට එරෙහිව තදින් ක්‍රියාත්මක වීමට පසුබට එරට දේශපාලන තන්ත්‍රය එහිදීද මේ ඝාතනයට එරෙහිව බලවත් අධිෂ්ඨානයකින් යුතුව කටයුතු නොකළේය. ඒ අයුරින්ම බෙනාසීර් භූතෝද ඝාතනය කරමින් තත්ත්වය තවත් තීව්‍ර කරන ලදී.

කෙසේමුත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය යනු එරට තිබෙන අඳුරු සෙවනැලි අතර ඇති රිදී රේඛාවක් වැනි ආයතනයකි. බලවත් දේශපාලන නායකයින්ට හා ඉහළ හමුදා නිලධාරීන්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවූ කීර්තිමත් ඉතිහාසයක් ඊට ඇති නිසා එය එරට තුළ බලවත් ආයතනයක් ලෙසින් ස්ථාපිතව ඇත. ඒ අයුරින්ම එරට අන්තවාදී මුස්ලිම් මුල්ලාවරුන්ගේ වෛරයට හේතු වූ තීන්දු පවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇත.

කෙසේමුත් අධිකරණය යනු නීති පනවන ආයතනය නොවේ. රටක නීති පනවන්නේ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය විසිනි. අධිකරණයේ කාර්යභාරය එසේ පැනවූ නීති අර්ථ දක්වමින් නඩු පසිඳලීමයි. පාකිස්තානය තුළ ක්‍රියාත්මක ආගමික බලයේ ප්‍රතිඵලයක් වූ (ව්‍යවස්ථාවේ ඇති) මානව නිදහස සීමා කිරීමේ රෙගුලාසි හේතුවෙන් එරට සිටින බුද්ධිමතුන්ට හා නිවහල් චින්තකයින්ට මෙවන් විපත්වලට මුහුණ පෑමට සිදුව ඇත.

උක්ත විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි පළමු නීතිඥයා 2014 වසරේදී ත්‍රස්ත කල්ලියක් විසින් ඝාතනය කරන ලදී; එමෙන්ම ඔහු බන්ධනාගාරගතව සිටි අවස්ථාවේ වෙනත් සිරකරුවන් මේ ආචාර්යවරයාට අඩම්තේට්ටම් කරනු ලැබීම නිසා ඔහුට හුදෙකලා සිරකුටියක සිටින්නට ද සිදුවිය.

මුස්ලිම් අන්තවාදයේ ගොදුරක් බවට අද එරට දේශපාලන සමාජය පත්ව ඇත. එකී සන්දර්භය තුළ ආචාර්ය ජුනයිඩ්ගේ අවසන් ඉරණම පිළිබඳව අපේක්ෂාවක් රඳවාගත හැකි එකම කෙම්බිම එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය අරබයා බලවත් නීතිමය වටපිටාවක් නිර්මාණය වුවහොත් අධිකරණයෙන් සමාවක් ලබාගෙන රටින් බැහැරව ගොස් අඩුතරමින් ඔහුට ජීවිතය බේරාගැනීමට විදේශ රැකවරණයක් අපේක්ෂා කළ හැකිය.

පුනරුද යුගයට පෙරාතුව, එවකට දේව නිර්මාණවාදය වැනි විශ්වාසයන් හා ආගමික ඉගැන්වීම් ප්‍රශ්න කළ බුද්ධිමතුන් අරභයා යුරෝපයේ පැවතුනේද මෙවන් විපත්තිදායක පරිසරයකි. එහෙත් දැනුම වේගයෙන් අත්පත් කරගත් ශිෂ්ටාචාර වර්ධනය තුළ අන්ධ විශ්වාස බිඳවැටී කතෝලික පල්ලියේ ආගමික උසාවියේ බලය වාෂ්ප වී ගියේය; මිනිස් ශිෂ්ටාචාරය ඒ දඬු අඬුවෙන් නිදහස ලැබී සමාජ සංවර්ධනයේ මාවත කරා එළැඹුණි.

බංග්ලාදේශය අද මේ කලාපයේ වැඩිම ආර්ථික වෘද්ධියක් සහිත රට බවට පත්ව ඇත්තේ ආගමික උන්මත්තක භාවයේ විලංගුවෙන් නිදහස් වූ බැවිනි. ඊට වඩා විභවයන් ඇති රටක් වූ පාකිස්තානය, මේ පවතින අවදානම් විලක්කුවෙන් ගලවා ගැනීමට වත්මන් පාලකයා වන ඉම්රාන් ඛාන් හට බලවත් පරිශ්‍රමයක් හා අධිෂ්ඨානයක් අවශ්‍ය වෙයි; එමෙන්ම අන්තවාදයට එරෙහි මහජන බලයක් ද අවශ්‍ය වෙයි.

2019 ලෝකය

$
0
0
දෙසැ 28, 2019 01:00
ධම්මික සෙනෙවිරත්න

2019 වසර ලෝකයේ ආර්ථික, දේශ­පා­ලන ,සමා­ජීය ,ආග­මික හා පාරි­ස­රික වශ­යෙන් විවිධ වූ සිදු­වීම් රැසක් වාර්තා විය.මේ එහි සංක්ෂිප්ත ආව­ර්ජ­න­යකි

ජන­වාරි
*01. වසර 50ක් ඔපෙක් (OPEC) සාමා­ජි­ක­ත්වයේ සිටි කටාර් රාජ්‍යය ඉන් ඉවත් වීම. 
*03. චන්ද්‍ර­යාගේ පෘථි­වි­යට නොපෙ­නෙන පෙදෙ­සට සාර්ථ­කව හා ආර­ක්ෂි­තව යාන­යක් ගොඩ­බැස්වූ (Chang’e -4) පළමු රාජ්‍යය බවට චීනය පත්වීම. 
*25. බ්‍රසී­ලයේ වේල්ලක් කඩා­ගෙන යාමෙන් 237ක් ජීවි­ත­ක්ෂ­යට පත්වී 33 දෙනෙක් අතු­රු­දන් වෙති.


පෙබ­ර­වාරි 
*03. පාප්ව­හන්සේ නම­කගේ පළමු අරාබි සංචා­රය සනි­ටු­හන් කර­මින් ෆ්‍රැන්සිස් පාප්තුමෝ එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යට පැමි­ණෙති.
*12. මැසි­ඩෝ­නි­යාවේ නිල නාමය “උතුරු මැසි­ඩෝ­නියා ජන­ර­ජය” යනු­වෙන් වෙනස් වේ.
*14. ඉන්දි­යාවේ පුල­ව­මාහි සිදුවූ මරා­ගෙන මැරෙන ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යෙන් මධ්‍යම අතුරු පොලිස් බළ­කායේ (CRPF) භටයෝ 40ක් ජීවි­ත­ක්ෂ­යට පත්වෙති. ඉන්දීය රජය පාකි­ස්තා­න­යට චෝදනා කරයි.
*26. පුල­වමා ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යට ප්‍රති­චාර වශ­යෙන් ඉන්දීය ගුවන් හමු­දාව පාකි­ස්තා­නයේ ත්‍රස්ත­වාදී පුහුණු කඳ­වු­ර­කට ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කරයි.
දෙරට අතර යුද උණු­සු­මක් ඇතිවේ.

මාර්තු
*05. HIV ආසා­දි­ත­යන් සඳහා ප්‍රති­කා­ර­ පිළි­බඳ අපේක්ෂා දල්ව­මින් ලන්ඩ­නයේ රෝගි­ය­කුට සෛල බද්ධ කිරීමේ ප්‍රති­කා­ර­යක් සාර්ථ­කව අත්හ­දා­බ­ලයි.
*10. ඉති­යෝ­පි­යානු ගුවන් සේව­යට අයත් බෝයිං 737 මැක්ස් 8 යාන­යක් බිෂොප්වූ නග­ර­යට ආසන්න ගුව­නේදී අන­තු­රට පත්වී 157 දෙනෙක් ජීවි­ත­ක්ෂ­යට පත්වෙති.
*14. ‘ඉදායි’ සුළි කුණා­ටුව මොසැ­ම්‍බික් හරහා හමා­යයි. 1000 කට අධික ජීවිත හානි වාර්තා වේ. (මෙම කුණා­ටුව බලපෑ රට­ව­ලට සිදුවූ මූල්‍ය­මය අලා­භය ඇ. ඩො. බිලි­යන 2 කට වැඩි බව ලෝක බැංකුව ගණ­නය කර තිබේ.)
*15. නව­සී­ල­න්තයේ ක්‍රයි­ස්ට්චර්ච්හි ලින්වුඩ් ඉස්ලා­මීය මධ්‍ය­ස්ථා­නයේ හා අල්නූර් පල්ලිය ආශ්‍රි­තව තුව­ක්කු­ක­රු­වකු කළ වෙඩි තැබී­ම්ව­ලින් 50ක් ජීවි­ත­ක්ෂ­යට පත්වේ. මෙදින එරට ඉති­හා­සයේ අඳු­රු­තම දින­යක් බව අග­මැ­තිනි ජසින්ඩා අ.ර්ඩින් කියා­සිටී.

අප්‍රේල්
*10. පෘථි­වියේ සිට කි. මී. මිලි­යන 500ක දුරින් පිහිටි ‘කළු කුහ­රය’ පළමු වතා­වට ඡායා­රූ­ප­යට නඟයි. ඉවෙන්ට් ඔරයි­සන් දුරේ­ක්ෂය මඟින් ලබා­ගත් එම ඡායා­රූ­පය ප්‍රසි­ද්ධි­යට පත්වේ.
*11. ලන්ඩ­නයේ ඉක්ව­දෝර තානා­පති කාර්යා­ලයේ සත්ව­ස­රක් තිස්සේ රැක­ව­රණ ලැබූ විකි­ලීක්ස් සම නිර්මාතෘ ජුලි­යස් අසාන්ජ් අත්අ­ඩං­ගු­වට පත්වේ.
*15. පැරි­සියේ නොත්‍ර­දාම දේව­ස්ථා­න­යට ගින්න­කින් දැඩි හානි සිදු­වීම. මෙය වසර 850ක් පැරැණි දේව­ස්ථා­න­යකි.
*21. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේව­ස්ථාන, හෝටල හා තවත් ස්ථාන කිහි­ප­යක බෝම්බ පිපි­රීම් කිහි­ප­යක්. 250 දෙනකු පමණ ජීවි­ත­ක්ෂ­යට පත්වේ.
විකට නළු­වකු ද වන ජනතා පක්ෂයේ විල­දි­මිර් සෙලෙ­න්ස්කිට යුක්රේන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් විශිෂ්ට ජයක්.
*26. උතුරු කොරියා නායක කිම් ජොංග් උන් රුසි­යානු සංචා­ර­යක යෙදෙ­මින් ජනා­ධි­පති විල­දි­මිර් පුටින් හමුවේ.
*30. වෙනි­සි­යුලා ජනා­ධි­පති නිකො­ලස් මදු­රෝට එරෙහි කැරැ­ල්ලක්, “ජනතා කැමැත්ත” පක්ෂයේ නායක හුවාන් ගුව­යිඩෝ අන්ත­ර්කා­ලීන ජනා­ධි­පති තමන් බව ඔහු විසින්ම ප්‍රකා­ශ­යට පත්ක­රයි.
*ජපා­නයේ අකි­හිතෝ අධි­රා­ජයා ධුර­යෙන් ඉවත්වේ. වසර 200ක ඉති­හා­සයේ එලෙස එම ධුරය අත්හැරි පළ­මු­වැන්නා ඔහුය. මේ සමඟ හෙයිසි යුගයේ නිමාව සට­හන් වූ අතර පසුදා සිට අධි­රා­ජයා ලෙස පත්වූ නරු­හිතෝ කිරී­ටය බාර ගැනී­මත් සමඟ රීවා යුගය ඇරැඹේ.

මැයි
*01. තායි­ල­න්තයේ මහා වජි­ර­ලොංකොං රජු සිය පුද්ග­ලික ආර­ක්ෂක ඒක­කයේ නියෝජ්‍ය ප්‍රධානි සුතිදා විවාහ කර ගනී. එවක් පටන් ඇය ජෙන­රාල් ධුර­යට උසස් කෙරෙන බව ද රාජ­කී­ය­ය­කුට හිමි තත්ත්වය ලබා­දෙන බව ද ප්‍රකා­ශ­යට පත්වේ.
*06. බ්‍රිතා­න්‍යය කිරී­ටයේ සත්වැනි උරු­ම­කරු ආචී හැරි­සන් මවු­න්ට්බැ­ටන් වින්ඩ්සර්ගේ උපත, ආචී හැරී කුම­රුගේ මෙග­තුන් ආදි­පා­ද­ව­රි­යගේ කුළු­ඳුල් දරු­වාය.
*23. ඉන්දීය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් අග­මැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ආසන 543න් 303ක් දිනා­ග­නි­මින් විශිෂ්ට ජයක් ලබයි.‍
*30. අග­මැති මෝදි සිය දෙවැනි ධුර කාලය සඳහා දිවු­රුම් දීම.


ජුනි
*07. බ්‍රික්සිට් සාකච්ඡා අසා­ර්ථක වීමත් සමඟ පාලක කොන්ස­ර්වෙ­ටිව් පක්‍ෂයේ නාය­ක­ත්ව­යෙන් අග­මැ­තිනි තෙරේසා මේ ඉල්ලා අස්වේ.
*ජූලි මාස­යේදී පක්ෂය විසින් නව අග­මැ­ති­ව­ර­යකු පත්ක­ර­ග­න්නා­තෙක් ඇය එම ධුරයේ රැඳී­සි­ටින බව ප්‍රකා­ශ­යට පත්වේ.
*09. නව උද­ර්පණ පන­තට එරෙ­හිව හොංකොං හි මිලි­ය­න­යක පමණ ජන සහ­භා­ගි­ත්ව­යෙන් යුතුව විරෝ­ධතා දියත් වේ. ප්‍රධාන විධා­යිකා තැරී ලැට් පනත දින නිය­ම­යක් නැතිව අත්හි­ටු­වන බව ප්‍රකාශ කළ ද විරෝ­ධතා ඉදි­රි­යට.
*18. කාන්තා ලෝක පාපන්දු කුස­ලාන තර­ගා­ව­ලි­යේදී සිය 17 වැනි ගෝලය ලබා­ගත් බ්‍රසීල ක්‍රීඩිකා මාර්තා ලෝක පාපන්දු කුස­ලාන ඉති­හා­සයේ වැඩිම ගෝල සංඛ්‍යා­වට හිමි වාර්තා­වට උරු­ම­කම් කියයි.
*19. මැලේ­සි­යානු ගුවන් සේව­යට අයත් MH 17 යානය 2014 දී අන­තු­රට ලක්වීම පිළි­බඳ සිව්දෙ­න­කුට චෝදනා එල්ල වේ.

ජූලි
*03. දැඩි මෝසම් වැසි හේතු­වෙන් දශ­ක­ය­කින් මෙපිට ඇති වූ දරු­ණු­තම ගංව­තුර තත්ත්ව­ය­කින් ඉන්දි­යාවේ මුම්බායි හා මහා­රාෂ්ට්‍ර ප්‍රාන්ත පීඩා­විඳි 50ට ආසන්න පිරි­සක් මරුට.
* ඇමෙ­රි­කා­නු­වකු තනි පුද්ග­ල­යකු පරි­ස­ර­යට එක්ක­රන කසළ ප්‍රමා­ණය අනුව ලොව ඉහ­ළින්ම සිටින අතර ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කරන්නේ 38%ක් බව හෙළිවේ. ජර්ම­නිය 68%ක්ම ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කරයි.
* ඇල­ස්කා­වට සෙල්සි­යස් 32ක වාර්තා­ගත උෂ්ණ­ත්ව­යක්.
*05. කැලි­ෆෝ­නි­යා­වට රිච්ටර් මාපක 7.1%ක වාර්තා­ගත භූ කම්ප­න­යක්.
*07. අප්‍රි­කාවේ විශා­ලම ආර්ථි­කය හිමි නයි­ජී­රි­යාව අප්‍රි­කානු නිද­හස් වෙළෙඳ ප්‍රදේ­ශය (AFCFTA) සමඟ එක්වේ. ඒ සමඟ ලොව විශා­ලම නිද­හස් වෙළෙඳ ප්‍රදේ­ශය බිහි­වන ලකුණු.
*17. කොංගෝ ජන­ර­ජයේ ඉබෝලා වසං­ග­තය ජාත්‍ය­න්තර වශ­යෙන් අව­දා­න­යට ලක්විය යුතු මහ­ජන සෞඛ්‍යට බල­පාන හදිසි තත්ත්ව­යක් බවට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය අන­තුරු අඟ­වයි.
* මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු එල්ච­පෝට ජීවි­තාන්ත සිර දඬු­වම්.
*24 19 හැවි­රිදි හංගේ­රි­යානු පිහි­නුම් ශූර ක්‍රිස්ටොෆ් මිලාක් මීටර් 200 සම­නළ ආර ඉසව්වේ වසර 10ක් පැරැණි, මයි­කල් පෙල්ප්ස්ගේ වාර්තාව බිඳ­ද­මයි.
* නව බ්‍රිතාන්‍ය අග­මැති බොරිස් ජොන්සන් කැබි­නට් සංශෝ­ධ­න­යක් සිදු­ක­රයි.
*25. යුරෝ­ප­යට වාර්තා­ගත අධික උණු­සු­මක්. පැරි­සිය 42.6 C, ජර්ව­නිය 42.6 C, නෙද­ර්ල­න්තය 40.7 C
* යළි මරණ දඬු­වම ක්‍රියා­ත්මක කරන බව අමෙ­රි­කානු අධි­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුව කියා සිටී.
* එක්සත් රාජ­ධා­නි­යට වාර්තා­ගත වැඩිම උෂ්ණ­ත්ව­යක්. කේම්බ්‍රිජ් 38.7 C
*31. ඔසාමා බින්ලා­ඩන්ගේ පුත්‍රයා සහ ඔහුගේ අනු­ප්‍රා­ප්ති­කයා පාකි­ස්තා­න­යේදී ගුවන් ප්‍රහා­ර­ය­කින් මරා­දැමූ බව අමෙ­රි­කාව නිවේ­ද­නය කරයි.

අගෝස්තු
*02. කාන්තා­වන්ට පුරුෂ භාර­ක­රු­වකු නොමැ­තිව විදේශ සංචා­රයේ යෙදිය හැකි බව සවුදි අරා­බිය නිවේ­ද­නය කරයි.
*05. ජූලි මාසයේ ඉති­හා­සයේ උණු­සුම වැඩිම මාසය බව සනාථ කෙරේ.
*09. මිය­න්මා­රයේ දරුණු නාය­යා­මක්. 59ක් මරු­දකී.
*10. ඉන්දි­යාවේ දකුණු හා බට­හිර පෙදෙ­ස්වල මෝසම් වැසි හේතු­වෙන් දරුණු ගංව­තුර තත්ත්ව­යක්. 150ක් මරුට.
*12. හොංකොං ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළට විරෝ­ධ­තා­ක­රුවෝ කඩා­ව­දිති. ගුවන් ගමන් අව­ලංගු වේ.
*15. ඩිස්නි ස්ටුඩි­යෝව වස­රක් තුළ ඇ. ඩො. බිලි­ය­නය ඉක්මවා ආදා­යම් ලැබූ චිත්‍ර­පට 5ක් එළි­දක්වා වාර්තා­වක් තබයි.
*18. ග්‍රීන්ල­න්තය මිලට ගැනීමේ අමෙ­රි­කානු අභි­ලා­ෂය ජනා­ධි­පති ට්‍රම්ප් විසින් ප්‍රකා­ශ­යට පත්කි­රීම.
* අයි­ස්ල­න්තය, දේශ­ගුණ විප­ර්යාස නිසා අහි­මිවූ පළමු ග්ලැෂි­ය­රය වෙනු­වෙන් අව­ම­ඟු­ලක් පව­ත්වයි.
*22. රුසි­යාව මිනි­ස­කුගේ ප්‍රමා­ණයේ රොබෝවා, ෆෙදෝර් අභ්‍ය­ව­කා­ශ­යට පිට­ත්කර යවයි. එවැනි රොබෝ­වකු යැවූ පළමු රට බවට රුසි­යාව පත්වේ.
*23. රුසි­යාව පළමු පාවෙන න්‍යෂ්ටික බලා­ගා­රයේ වැඩ අර­ඹයි.
*31. ටෙක්සා­ස්හිදී තුව­ක්කු­ක­රු­වකු 7 දෙන­කුට වෙඩි තබා මරා දමයි. 22ක් තුවාල ලබයි.

සැප්තැ­ම්බර්
*03. එල්ප­සෝහි වෙඩි තැබී­මට ප්‍රති­චාර දක්ව­මින් වෝලමාට් සාප්පු සංකී­ර්ණය ගිනි අවි (Handguns) අලෙ­විය නවතා දමයි.
*06. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පිට පිට පන්දු 4 කදී කඩුලු 4ක් දවා­ගනී.
*10. බොලි­වී­යාවේ ලැව්ගිනි, වනා­න්තර හෙක්ට­යාර මිලි­යන 2ක් විනා­ශයි.
* ඉන්දු­නී­සි­යාවේ ලැව්ගිනි හේතු­වෙන් වනා­න්තර හෙක්ට­යාර 930,000ක් විනා­ශවී වායු දූෂ­ණ­ය­වී­මත් සමඟ සර­වත් ප්‍රාන්තයේ මුහුණු ආව­රණ ලක්ෂ 5ක් බෙදා­හැරේ.
*11. අපේ සෞර­ග්‍රහ මණ්ඩ­ලයෙන් පිට­තදී පළමු වරට ජලය තිබූ බවට හෙළි­ද­ර­ව්වක්.
*14. සෞදි අරා­බියේ අබි­ක­යික් තෙල් සංකී­ර්ණ­යට ඩ්‍රෝන ප්‍රහා­ර­යක්. එරට තෙල් නිෂ්පා­ද­න­යෙන් අඩක් හා ලෝක සැප­යු­මෙන් 5%ක් ඉන් සිදු­වන අතර එය බිඳ­වැටේ.
*16. ගුව­න්ත­නාමෝ බන්ධ­නා­ගා­රය ලොව වැඩිම විය­ද­මක් වැය­වන බන්ධ­නා­ගා­රය ලෙස වාර්තාවේ. එම මුදල ගණ­නය කළ­විට සිර­ක­රු­ව­කුට දරන වැය ඇ. ඩො. මිලි­යන 13කි.
*19. උතුරු ඇමෙ­රි­කාවේ 1970 සිට කුරු­ල්ලන් බිලි­යන 3ක් අහි­මිවී ඇති බවට විද්‍යා­ත්මක වාර්තා­වක්.
*23. ළමා පරි­සර ක්‍රියා­කා­රිනී ග්‍රේටා තන්බර්ග් නිව්යෝ­ර්ක්හිදී ලෝක නාය­කයෝ අම­තයි.

ඔක්තෝ­බර්
*01. ඉන්දි­යාව ලොකු ලූනු අප­න­ය­නය තහ­නම් කරයි.
* ඇමෙ­රි­කාවේ ‍ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගුරු­ව­රුන්ට පාස­ලට පැමි­ණී­මේදී ගිනි අවි රැගෙන ඒමට අව­සර ලැබේ.
*06. සිරි­යාවේ සිදු­කළ අමෙ­රිකා හමුදා මෙහෙ­යු­ම­කින් අයි. එස්. අයි. එස්. නායක අබු­බ­කර් අල් බග්දාදි මරා­දැමේ.
*29. කැලි­ෆෝ­නි­යාවේ ලැව්ගිනි දරුණු අතට, මිලි­යන 1.5ක් විදු­ලි­බ­ලය නැතිව පීඩා­වි­ඳිති.
*31. ජනා­ධි­පති ට්‍රම්ප්ට එරෙ­හිව නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ල­යට දෝෂා­භි­යෝග යෝජ­නා­වක්.
* අයි. එස්. නව නාය­කයා ලෙස අබු ඉබ්‍රා­හිම් අල් හෂ්මි නම්කෙරේ.
*මාධ්‍යවේදී ජමාල කෂෝගි තුර්කියේ සෞදි ‍ෙකාන්සල් කාර්යාලයේදී ඝාතනය වීම.

නොවැ­ම්බර්
*07. කුරුළු පිහා­ටු­ව­ලින් කළ ඇඳුම් ආයි­ත්ත­ම්ව­ලින් වළ­කින බව දෙවැනි එළි­ස­බෙත් රැජින කියා­සිටී.
*09. ඔස්ට්‍රේ­ලි­යාවේ දරුණු ලැව්ගිනි තත්ත්ව­යක්. නිවාස 100 ගණ­නක් විනා­ශයි. 3ක් මරු­දකී.
*10. ඉරාන ජනා­ධි­පති රොහානි, කුෂෙ­ස්තාන් පළාතේ, බැරල් මිලි­යන 53ක් නිප­ද­විය හැකි නව තෙල් ළිඳක් සොයා­ගත් බව කියා සිටී.
*11. ලැව්ගිනි හේතු­වෙන් ඔස්ට්‍රේ­ලි­යාවේ හදිසි තත්ත්ව­යක්.
*12. හිටපු බොලි­වීයා ජනා­ධි­පති ඉවෝ මොර­ලස් මෙක්සි­කෝවේ දේශ­පා­ලන රැක­ව­රණ පතයි.
*16. කියු­බාවේ හවානා නග­රයේ 500 වැනි සංව­ත්ස­රය.
*28. යුරෝපා පාර්ලි­මේ­න්තුව දේශ­ගු­ණික ආපදා හදිසි තත්ත්ව­යක් ප්‍රකාශ කරයි.
*29. ලන්ඩන් පාලම මතදී ත්‍රස්ත­වාදී පිහි­ඇ­නුම් ප්‍රහා­ර­යක්. 2ක් මරුට.

දෙසැ­ම්බර්
*01‍. ඉරාක පාර්ලි­මේ­න්තුව අග­මැති අබ්දෙල් අබ්දුල් මහ්දිගේ ඉල්ලා අස්වීම පිළි­ගනී. ගැටුම් හා විරෝ­ධතා තුළ 400ක් මිය­ගිය බව ප්‍රකාශ වේ.
*02. නේටෝවේ 70 වෙනි සංව­ත්ස­රය.
*09. නව­සී­ල­න්තයේ ධවල දූපතේ ගිනි කඳු පිපි­රීම, 16ක් මරු­දකී.
11. ඉන්දි­යාව ආන්දෝ­ල­න­යට තුඩු­දුන් නව පුර­වැසි සංශෝ­ධන පන­තක් සම්මත කරයි. විරෝ­ධතා දියත්වේ.
*12. ලෝක රූ රැජින කිරුළ පළමු වතා­වට කළු ජාතික යුව­ති­ය­කට. ඇය ජැමෙ­යි­කාවේ ටෝනි ඇන් සිං.
*17. හිටපු පාකි­ස්තාන ජනා­ධි­පති ජෙන­රාල් පර්වේස් මුෂා­රෆ්ට මරණ දඬු­වම නියම වේ.
*ඔස්ට්‍රේ­ලි­යාවේ ඉති­හා­සයේ වැඩිම උණු­සුම සහිත දිනය. සෙල්සි­යස් අංශක 40.9 උෂ්ණ­ත්ව­යක්.
*ජාත්‍යන්තර TIME සඟරාව වසරේ චරිතය ලෙස ග්‍රේටා තන්බර්ග් නම් කරයි
*ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිට

රඟපානවට පවුලේ අය කැමති වුණේ නැහැ

$
0
0
දෙසැ 30, 2019 01:00
NAYOMI THAKSHILA

 

ඇය කලා ක්ෂේත්‍රයට එක්වන්නේ අනුරාධපුරවරයෙනි. ටවර්හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංඟ කලා උපාධි පාඨමාලාව හැදෑරීමෙන් පසු වේදිකා නාට්‍ය රංගනයට යොමු වී ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ යෞවන සම්මාන තරගාවලියේ දී මෙන්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය ලෙසින් සම්මාන ලද ඇය, නමින් නයෝමි තක්ෂිලා ය. මෑතකදී පැවති 24 වෙනි සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළිය ලෙස පිදුම් ලැබුවේද ඇයයි.

 

 

ඔබේ කුඩා කාලය මතකයට නැගුවොත්?

මම ඉපදුණේ අනුරාධපුරය නෙල්ලිකුලම කියන සුන්දර ගමේ. මගේ ගමට මම ගොඩක් ආදරෙයි.

අධ්‍යාපනය ලැබුවේ?

නෙල්ලිකුලම ගමේ තියන කුඩා පාසලට තමයි මුලින්ම ගියේ. අනුරාධපුරයේ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය කළා. ඒ කලා අංශයෙන්.

කොහොමද කලාවට එක්වෙන්නේ?

පාසල් අධ්‍යාපනයෙන් පසුව මම ටවර්හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංඟ කලා ඩිප්ලෝමා පාඨමාලාවක් කරන්න යොමු වුණා. ‘කථාහක‘ කියන ඉන්දියානු කෙටි නාට්‍යයට එක් වෙන්න මට එහිදී අවස්ථාව ලැබුණා. මම රංඟන දායකත්වය ලබාදුන් මුල්ම කලා නිර්මාණය ඒකයි.

පවුලේ විස්තර කිව්වොත්...

අම්මයි, තාත්තයි, අයියයි, අක්කලා දෙන්නයි, මමයි. මම පවුලේ බාලයා. අක්කලා දෙන්නයි අයියයි විවාහ වෙලා. තාත්තා ව්‍යාපාරිකයෙක්.

කලාවට එක් වෙනවට ගෙදරින් කැමති වුණාද?

මුලින්ම පවුලේ ගොඩක් දෙනා මං රඟපාන්න යනවට කැමති වුණේ නෑ. තාත්තා ගොඩක් විරුද්ධ වුණා. පසුව එය නරක දෙයක් නෙමයි කියලා කාලයත් එක්ක හැමෝම අවබෝධ කරගත්තා. මට ලැබුණු ජයග්‍රහණ දැකලා එයාලා ගොඩක් සතුටු වුණා. රූගතකිරීම් තියන අවස්ථාවල ඒ තැන්වලට මගේ අම්මා මාත් එක්ක හිටියා. මට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා.

ඔබ දායක වූ නිර්මාණ මොනවද?

මගේ මුල්ම නාට්‍ය ‘මුහුදු ලිහිණි‘ වේදිකා නාට්‍ය ය. ඉන්පස්සේ වේදිකා නාට්‍යය නිර්මාණ රැසකටම රංඟනයෙන් දායක වුණා. ‘මුහුදු ලිහිණි‘ වේදිකා නට්‍යයේ මගේ රංඟනය දැකලා සමීර කසුන් මහත්මයා මට ‘මීදුම් අම්මා‘ කියන ඔහුගේ ටෙලිනාට්‍යයේ රංගනයට ආරාධනා කළා. මගේ මුල්ම ටෙලිනාට්‍යය රංඟනය ඒකයි. ඉන් පස්සේ ‘හිනාවෙලා මිනිත්තුවක් , ‘සිල්ගත් බිල්ලෝ‘ කියන වේදිකා නාට්‍ය, ‘ මීදුම් අම්මා‘ , ‘නිසල දියසුළි‘ , ‘හිතළඟ අත්තටු‘ , ‘නෙතූ‘ ,‘බලය ඇවිත්‘ ,‘ඔක්කොම හොඳටයි‘, ‘ඔබ ආයෙමත් ඇවිදින්‘ කියන ටෙලි නාට්‍යවල රඟපෑවා. සිරස රූපවාහිනියේ ‘නීල පබළු‘, ස්වර්ණවාහිනියේ ‘හේලංකඩ‘, ‘ඇය‘, ‘ක්ලික්‘, ‘නෝ පාර්කිං‘, ස්වාධීන රූපවාහිනියේ ‘තෝඩු‘ යන නිර්මාණවලින් මේ දවස්වල මාව දැකගන්න පුළුවන්. දැනට චිත්‍රපට දෙකක රඟපාලා තියෙනවා. ඒ, ‘නිදහසේ පියා‘, ‘කොට උඩ එක්ස්ප්‍රස්‘ කියන චිත්‍රපට. ඊට අමතරව වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලටත් රංඟනයෙන් දායක වුණා.

ඔබ ජනප්‍රියම නිළිය බවටත් පත් වුණා. එය ඔබට දැනුණෙ කොහොමද?

සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළිය ලෙස සම්මානය ලබා ගත්තා. ඒ, සිරස රූපවාහිනී සේවයෙන් මේ වන විටත් විකාශනය වන ‘නීල පබළු‘ කියන ටෙලි නාට්‍යයේ පූජාගේ චරිතයෙන්. මාව බොහෝ දෙනා දැන හදුනා ගත් ඒ චරිතය නිසා මට ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරය කළා. මම සම්මානයට පාත්‍ර වුණේ ‘නීල පබළු‘ හි පූජාගේ චරිතය නිසා කියලයි මට හිතෙන්නේ.

මින් පෙරත් ඔබ සම්මාන ලබාගෙන තිබෙනවා නේද?

අකිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්‘ වේදිකා නාට්‍යයේ රංඟනය වෙනුවෙන් 2015 වර්ෂයේ පැවැත්වූ යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානය ලැබුවා. ඉන් අනතුරුව 2016 වර්ෂයේදී ‘සිල්ගත් බිල්ලෝ‘ කියන වේදිකා නාට්‍යය වෙනුවෙන් රාජ්‍ය නාට්‍යය උළෙලේදී හොඳම නිළිය සම්මානය හිමි කරගත්තා.

මෙතෙක් ආ ගමනේදී ඔබ රංඟන ශිල්පිනියක් ලෙස තෘප්තිමත් ද?

ඔව්. අනුරාධපුරය වගේ දුෂ්කර ප්‍රදේශයක ඉදලා කොළඹට ඇවිල්ලා ගත කළේ දුෂ්කර ජීවිතයක්. ගෙදරින් දුන්නු මුදල් ඉවර වුණාම ඉල්ලගන්න කෙනෙක් නෑ. බස් එකේ පවා යන්න සල්ලි නෑ. පයින්ම ගිහිල්ලා තියනවා. හරිහැටි කෑමක් පවා නැතුව ඉඳලා තියෙනවා. ලොකු කට්ටක් කාලයි මේ තත්ත්වෙට ඇවිත් ඉන්නේ. ඒ ගැන හිතනකොට ගොඩක් සතුටුයි. ආපු ගමන්මග ගැන මං අසීමිත තෘප්තියක් ලබනවා.

ඔබ වෘත්තීය රංඟන ශිල්පිනියක්ද?

මම දැනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංග කලා උපාධිය අවසන් කරමින් ඉන්නේ. ඉදිරියේදී මම රංග කලා ගුරුවරියක් ලෙස වෘත්තීය කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාවේ වෘත්තීය රංඟන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමේ අපහසු තත්ත්වයක් තියනවා. එනිසා රංගනය වෘත්තියක් ලෙස කරන්න මම සූදානම් නෑ.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම සාමාන්‍ය විදිහට ජීවත් වන හරිම සරල කෙනෙක්. ලොකු බලාපොරොත්තු සැලසුම් මගේ ජීවිතේ නෑ. මගේ කැමැත්ත මගේ ගමටයි. අධ්‍යාපනයට කලා කටයුතුවලට කොළඹ ආවට මම තවමත් අනුරාධපුර නෙල්ලිකුලම මගේ සුන්දර ගමට වෙලා සාමාන්‍ය විදිහට ඉන්නයි අපේක්ෂාව. ඉදිරියේදී මා ඔබට වේදිකාව, ටෙලිනාට්‍යය හා සිනමාවේ විවිධ නිර්මාණවලින් දැකගන්න පුළුවන් වේවි.

මෙතෙක් ආ ගමන් මගේ ඔබට මතක් කළයුතු පිරිස් ඉන්නවද?

මගේ මාපියන්ට, සහෝදර සහෝදරියන්ට, කලා කටයුතුවලදී නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාට මෙන්ම ආදරණීය ප්‍රේක්ෂක ජනතාවටත් මම මේ අවස්ථාවේදී ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

 

 

 

සටහන - හේමන්ත බණ්ඩාර

සංස්කරණය - චින්තා රණසිංහ

 

දිවි­යත් රුවත් රකින තැඹිලි

$
0
0
දෙසැ 30, 2019 01:00

කාර්යයබහුල දිවි පෙවතක් ගෙවන අපට වෙහෙසකාරී මොහොතක විඩාව මඟහැර ගැනීම සඳහා ක්ෂණිකව භාවිතා කළ හැකි දිව්‍ය පානයක් ලෙස තැඹිලි හඳුන්වා දියහැක. ඇඟ නිවන ඔසුවක් ලෙසින් ප්‍රකට තැඹිලි, සැවොටම ප්‍රණීත පානයකි. පොල් ගසට නෑකම් කියන මේ ශාකය ලංකාවට ආවේණික ය. රන් තැඹිලි,ගොන් තැඹිලි ආදී වශයෙන් වර්ග වන තැඹිලි ගෙඩියෙහි ඇති වතුරවල පොටෑසියම්,සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් වැනි අයන වර්ග බහුලව අන්තර්ගත වේ. එමෙන්ම තැඹිලි ලොඳයේ ද අප ශරීරයට අවශ්‍ය අයන වර්ග බොහොමයක් අන්තර්ගත වේ. තැඹිලි වතුර විටමින් සීවලින් අනූන ය. එළකිරිවලට වඩා පෝෂණ තත්ත්වයෙන් හෙබි තැඹිලි වතුරවල දොඩම්වලට වඩා වැඩි විටමින් සංයුතීන් අන්තර්ගත වේ.

cocos nucifera යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තැඹිලි, ලංකාවේ පමණක් නොව ඉන්දියාව, මලයාසියාව ,ඉන්දුනීසියාව, පිලිපීනය හා මාලදිවයින වැනි රටවල් තුළ ද වැවෙයි.

ස්වාභාවික ඖෂධයක් වන තැඹිලි, පානය කිරීම ඔස්සේ රෝග රැසක් සඳහා ඉක්මන් සහනය ළඟා කරගත හැකි වේ. තැඹිලි,

රුධිර කැටි ඇතිවීම වැලැක්වීමේ ගුණයෙන් සංයුක්ත වන අතර මිනිස් ශරීරයේ ඇතිවන හෘදයාබාධ , අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයන් වළක්යි. තැඹිලි වතුරේ අන්තර්ගත මෙනෝලොරික් ඇසිඩ් නම් මේද අම්ලයෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණු කර ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි. පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත ඛන්ඩක විනාශ කිරීමට හැකි ප්‍රතිඔක්සිකාරක තැඹිලි වතුරෙහි අන්තර්ගත වේ. දියවැඩියා රෝගය පාලනයට මෙන්ම කොලෙස්ටරෝල් අවම කිරීමේ හැකියාවෙන් අනූන ඖෂධයක් තැඹිලි, වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට එක සේ ගුණ දෙන පානයකි. මෙය, කුඩා දරුවන් නිරන්තරයෙන් ගොඳුරු වන බඩ පිපුම හා අජීර්ණය වැනි රෝග තත්ත්වයන් ද සමනය කරයි. තාරුණ්‍ය රැක ගැනීමට අන්තරායක ඖෂධ හා ආලේපන වර්ග භාවිතා කිරීම වෙනුවට ස්වාභාවික තැඹිලි වතුර නිරන්තරයෙන් පානයට ගැනීමෙන් වයසට යෑම මැඩ පවත්වා තරුණ බව රැක දෙයි. සමට අවශ්‍ය තෙතමනය මෙන්ම පෝෂණය ද තැඹිලිවලින් ලැබේ. දිගු කෙස් කළඹක හිමිකාරිනියක් වීමේ සිහිනය සැබෑ කළ හැකි රූපලාවන්‍ය සත්කාරකයක් ලෙස ප්‍රකට තැඹිලි පානය, කෘතීම රසකාරක අඩංගු පැණි බීම පානය වෙනුවට යොදා ගන්නේ නම්, ශරීරයේ ඇති විඩාබර බවට ක්ෂණික සහනයක් ළඟා කර දීර්ඝායුෂ ද වඩවාලයි.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
ඉසුරි රණ­වීර

ගෝවා මල් ගුණ­පිරි කෑමක් (Broccoli sausage casserole)

$
0
0
දෙසැ 30, 2019 01:00

 

ක  ට   ට    ර   ස  ට‍   කෑ ම   හ  ද   මු

 

2020 නව අවුරුද්ද උදාවන්නට තිබෙන්නේ නොබෝ දිනක් පමණයි. නව වසර වෙනුවෙන් අලුත් ආහාරයක රස විඳින්නට බොහෝ දෙනා උනන්දු වෙනවා. නව වසරට අපි මේ ගෙනෙන ආහාර වට්ටෝරුව අන්තර්ජාලයේ ප්‍රකට ගෝවා මල් ගුණ පිරි කෑමක්.

 

අවශ්‍ය දෑ

කැලරි ප්‍රමාණය අඩු සොසේජස් ග්‍රෑම් 400

ගෝවා මල්(කොළ පැහැති) ග්‍රෑම් 250

චිකන් ග්‍රෑම් 250

බිත්තර 5 යි

ළූණු ග්‍රෑම් 100

සුදුළූනු ග්‍රෑම් 100

කරාබුනැටි

ලුණු

ගම්මිරිස්

ගාන ලද චීස් ග්‍රෑම් 100

ඔලිව් තෙල්

 

සාදන ආකාරය

ප්‍රමාණවත් තරමට ලුණු, සුදු ලුණු, ලුණූ සහ ගෝවා මල් පමණට ගෙන ඔලිව් ඔයිල් දමා මිනිත්තු 4-5 අතර කාලයක් හොඳින් තෙම්පරාදු කරන්න. දැන්, ප්‍රමාණවත් තරමට ලුණු දමා ගත් චිකන් ද ඹලිව් තෙල් යොදා පිසගන්න. පසුව පෙති ආකාරයට කපා ගත් සොසේජස් ද ඔලිව් තෙල් දමා මිනිත්තු කිහිපයක් පිස ගන්න.

ඊළඟ පියවර වන්නේ ඔලිව් තෙල් යොදා ගත් කැසරෝල් තැටියේ යටටම සුදු ලුණු, ලූණු , සහ ගෝවා මල් මිශ්‍රණයෙන් අඩක් දමා ගැනීමයි. ඊට උඩින් චිකන් මිශ්‍රණයෙන් අඩක් දමන්න. ඊටත් උඩින් නැවත සුදු ලුණු, ලූණු , සහ ගෝවා මල් මිශ්‍රණයේ ඉතුරු ප්‍රමාණය දමන්න. එයටත් උඩින් නැවත චිකන් මිශ්‍රණයේ ඉතුරු වුණු ප්‍රමාණය දමන්න. ගම්මිරිස් එක් කර ගත් බිත්තර මිශ්‍රණය ඒ මතට වත් කරගන්න. ඒ මිශ්‍රණයට උඩින් චීස් සහ කපා ගත් සොසේජස් දමා ගන්න. අවසාන පියවර ලෙස 210°C / 200°C උෂ්ණත්වය යටතේ මිනිත්තු 10 ක් රත් කර ගත් උදුනක , 210°C / 200°C උෂ්ණත්වය යටතේ මිනිත්තු 40 කාලයක් මේ මිශ්‍රණය බේක් කර ගන්න. මේ රසවත් ගෝවා මල් ආහාරය උණු උණුවේම පිළිගන්නවන්න.

 

 

 

www.hintofhealthy.comවෙබ් අඩවිය ඇසුරිණි.

 

සටහන - මදාරා මුදලිගේ

 

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>