Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

පාතාලය දණගස්වන ජනපති වෑයම

$
0
0
ජුනි 11, 2020 01:00

බන්ධනාගාර ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා රටේ ප්‍රධාන ධාරාවන්ට අභියෝග කරන බාධකයක් ලෙස හැඳින්විය හැකිය. බන්ධනාගාර තුළ සිටින දරුණු ගණයේ අපරාධකරුවන් එහි සිට අපරාධ මෙහෙය වීමත්, ඊට අවශ්‍ය පහසුකම් පිටතින් ලැබීමත් රට තුළ මෙවැනි තත්වයක් නිර්මාණය වීමට තවත් හේතුවකි. මත්ද්‍රව්‍ය මාෆියාව සහ පාතාලය මර්දනය කොට ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදෙමින් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් බිහි කිරිම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය සමාජය තුළ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට පිටුවහලක් වෙතැයි විශ්වාස කළ හැකිය.

සමස්තයක් ලෙස ගත් කල ලෝකයේ ඇති ප්‍රබල ජාවාරම් ක්‍රියාත්මක කෙරෙන අතරමැදි මධ්‍යස්ථානයක් බවට බන්ධනාගාර පත් වී ඇති බව ප්‍රචලිත වී ඇත. පාතාල කණ්ඩායම් ශක්තිමත් වීම යනු රටේ නීතිය ක්‍රියාත්මක වන යන්ත්‍රණයේ දුබලභාවයේ පෙරනිමිති කියාපාන්නකි. එය සිවිල් සමාජයේ යහපැවැත්මට කොතරම් අයහපත් බලපෑම් එල්ල කළේ ද යන්න ගැන රටට ඕනෑ තරම් අත්දැකීම් තිබේ.

පාතාලය මෙල්ල කිරීම, මත්කුඩු ජාවාරම වැළැක්වීම හා අපරාධකරුවන් හිරගෙදර සිට සිදු කරන රහස් මෙහෙයුම් කෙරෙහි ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති බව පෙනෙයි. ඒවා මර්දනය සඳහා සෘජු පියවර ගැනීමට යන බවක් ද දැකගත හැකිය. එබැවින් මෙසේ හිස ඔසවන පාතාල කල්ලි මෙල්ල කිරීමේ මෙහෙයුමට රටේ පුරවැසියන් ලෙස උපරීම සහයෝගය දීම ජනතාවගේ යුතුකමකි.

ජනපතිගෙන් උපදෙස්

මීට දින කිහිපයකට ඉහත දී ජනාධිපතිවරයා හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත් වූ අතර බන්ධනාගාරවල සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ට අපරාධ මෙහෙයවීම සඳහා අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ කෙලෙස ද යන්න සොයා බැලීම මෙහි අරමුණ විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත් කර සම්පූර්ණයෙන් විධිමත් කළ යුතු බව එහිදී අවධාරණය කළ ‍අතර ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙනු ඇත. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.

නීති ක්ෂේත්‍රයට හා ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන තුළ දූෂිත නිලධාරීන් බලවත් වීම දිගු කාලයක සිට පවත්නා ගැටලුවකි. අතීත අත්දැකීම අනුව රටේ පාතාල කණ්ඩායම් ශක්තිමත් වීමට දේශපාලන රැකවරණය හේතු වන බව ද පැහැදිලිය. බන්ධනාගාරය විශාල වශයෙන් එම ජාවාරම්වල අතරමැදි කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති බවට පැහැදිලි සාක්ෂි පවා ඇත. විශේෂයෙන් මේ බව ස්ථිරවම හෙළිදරව් වන්නේ බන්ධනාගාර තුළ සිරබත් කන සහ එහි සිරබත් කන පුද්ගලයන්ගේ ඉන් පිටත සිටින ඔවුන්ගේ ගෝලබාලයන්ගෙන්ය. පසුගිය කාලය පුරාම විශේෂයෙන් පාතාලය, මත් ද්‍රව්‍ය, කුලී මිනීමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධවල සැලසුම් සකස් වී තිබුණේ බන්ධනාගාර තුළ සිටය.

තාක්ෂණයේ දියුණුවත් සමඟම ලොව පුරා බන්ධනාගාර තුළ සිදුකෙරෙන නීතිවිරෝධී කටයුතු ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති අතර දුරකතන ජාලා ඔස්සේ සිදු කෙරුණු අපරාධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බොහෝ පුද්ගලයෝ සමාජය තුළ සූදානම්ව සිටිති. රුපියල් ශත නොව අද බොහෝ නීතිවිරෝධී කටයුතු තීරණය කෙරෙන්නේ ලක්ෂ ගණනිනි. පැය කිහිපයක් තුළ විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා නම් සමාජයේ හොඳ නරක පැත්තකට දමා මුදල ගැන පමණක් සිතා එම අපරාධයට සහයෝගය දෙන පුද්ගලයන් නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අපරාධ සිදු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ.

බන්ධනාගාරය තුළ ලෝකයේ ඉහළම පණිවිඩ හුවමාරු ජාලය වූ සැටලයිට් දුරකතන පවා භාවිත වන බවට තොරතුරු වාර්තා වී තිබේ. හෙළිදරව් කරගෙන ඇති තොරතුරුවලට අනුව සෑම සිරකරුවකුටම වගේ ජංගම දුරකතනයක් ඇත. තම දුදරුවන්ට බිරියට කතා කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන විමසන පාර්ශ්වයන්ට බන්ධනාගාර තුළ ජංගම දුරකතන භාවිතය තහනම් කිරීම නිසා මුහුණ දෙන්නට වන තත්ත්වය සංවේගය ඇති කරවනසුලුය.

මත්කුඩු දුරකතන හෝ වෙනත් දේවල් අලෙවි කිරීමට පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දෙන බන්ධනාගාර නිලධාරින් සීමිත පිරිසකගේ ක්‍රියා කලාපය විසින් රටේ සමස්ත යන්ත්‍රණයට ප්‍රබල බලපෑමක් සිදු කර ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මා ගතිගුණ ඇති සිය රාජකාරිය අකුරටම ඉටු කරන බන්ධනාගාර නිලධාරිහු ද සේවයේ නිරත වී සිටිති. බන්ධනාගාරයේ සිටින සෑම බන්ධනාගාර නිලධාරියකුම අපරාධ කටයුතු වලට සම්බන්ධ නොවන බව සඳහන් කළ යුතුය.

රට ශීලාචාර කිරීමේ ව්‍යාපාර

පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමට ආරක්ෂක අංශවල පමණක් නොව සිවිල් පුරවැසියාගේත් දේශපාලන නිලය, බලය සහිත සියලු පිරිස්වලත් සහයෝගය ඉතා වැදගත්ය. රට ශීලාචාර කිරීමේ ව්‍යාපාරය පියවරෙන් පියවර සාර්ථක කර ගැනීම ජනාධිපතිවරයාගේ ඉලක්කය වී ඇති බව පෙනෙයි. නීතියේ ආධිපත්‍යය තහවුරු වූ රටක පාතාලය හා දරුණු ගණයේ අපරාධ සිදු වන්නේ නැත. රාජ්‍ය ආයතන හා එම ආයතනවල නිලධාරී මණ්ඩල පාලන තන්ත්‍රයේම කොටසක් ලෙස හැඳින්විය හැකිය. රජයකට යහපත් හා සාර්ථක පාලනයක් ගෙන යැම සඳහා අදාළ ආයතන හා නිලධාරී මණ්ඩල සහයෝගය අනිවාර්යයෙන් ලැබිය යුතුය. රාජ්‍ය නායකයන්ට එම ආයතන හා නිලධාරි මණ්ඩල කළමනාකරණය සඳහා නෛතික බලයක් ද තිබේ.

ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමඟ සන්නිවේදන උපකරණ මගින් සම්බන්ධ වී සිදු කරන මත් ද්‍රව්‍ය ජාවාරම වඩාත් භයානකය. මෙය සිදු වන්නේ ඉතාමත් සැලසුම් සහගතවය.

බන්ධනාගාරය තුළ සෑම දෙයක්ම මුදල් මතම සිදුවන බවට තොරතුරු වාර්තා වෙයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පැවති කණගාටුවකි. බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කළ යුතුය.

කුඩු ජාවාරම හා එම ජාවාරම්කරුවන් කොතරම් බලවත් ද යත්; රටක ආණ්ඩු වෙනස් කිරීමට පවා ඔව්හු උත්සාහ කරන අතර ඇතැම් පිරිස් බන්ධනාගාරයෙන් පිටත ද සිය ජාවාරම් කරගෙන යති. ඉන් නොනැවතී තමන්ට එරෙහි වන පුද්ගලයන් ඝාතනය කරති. මේ කරුණු සැලකිල්ලට ගනිමින් නීති - රීති ඉතා තදින් ක්‍රියාත්මක විය යුතුය. පොදු සමාජය ද ඊට සහයෝගය දැක්විය යුතුය.

ජනාධිපතිවරයාම මෙයට මැදිහත් වෙමින් සිය යුතුකම නොපිරිහෙළා ඉටු කරන ආකාරයක් දැකගත හැකිය. පාතාලය රටේ ප්‍රශ්නයක් වී ඇති බවත්, පාතාලය මර්දනය කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එබැවිනි. ඉන් නැඟෙන එක් අර්ථයක් වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු වීමේ සලකුණු දැනටමත් පහළ වී ඇති බවයි.

පැහැදිලි දැක්මක් සහිතව රට ගෙන යෑම රටේ විනය ගොඩනැඟීම දීර්ඝ කාලයක සිට ඇති අවශ්‍යතාවකි. කලකට පෙර රට පුරා රජ කළ පාතාලයේ බිහිසුණු අත්දැකීම් රාජපක්ෂ යුගයේ පහ වී යනු ඇතැයි මෙරට ජනතාව තදින්ම විශ්වාස කරති. දැන් නැවතත් තැන තැන වෙඩි තැබිම් පැහැරගෙන යෑම්, ඝාතන පිළිබඳ සිදුවීම් අසන්නට දකින්නට නොමැති තරම්ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රියා පිළිවෙත කෙරෙහි මහජන විශ්වාසයක් ඇති කරමින් නීතිය බලාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී ඇත. අනෙක් කරුණු අදාළ ආයතනය තුළ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ සැකයක් නැවත මතු විය නොහැකි බවය. ඉන් හැඟෙන තවත් අර්ථයක් වන්නේ අදාළ ආයතනය තුළ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමට රජය විශාල මෙහෙයක් දරන බවයි.

අධීක්ෂණ කණ්ඩායමක්

බන්ධනාගාරය හෝ පොලීසිය බිඳවැටී ඇත් නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි එය බලපාන අතර කුමන දේශපාලන මතයක් දැරුව ද නිලධාරියකු හරි දේ කරන්නේ නම් එය අනුමත කිරීමට තමා පසුබට නොවන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කර සම්පූර්ණයෙන් විධිමත් කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දී ඇත.

දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇත. බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපානු ලැබේ.

බන්ධනාගාරය තුළ සිට සිදුවෙන මේ මහා පරිමාණ අපරාධ සැලසුම් රැල්ල සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට නම් බන්ධනාගාර තුළ සැබෑ වෙනසක් ඇති කළ යුතුය. මෙවැනි දේ අතරතුර බන්ධනාගාර තුළ සිදුවන බොහෝ යහපත් දේ ද ඇත. සිරකරුවන් අතරින් වැඩි පිරිසක් ඊට සම්බන්ධ නොවන අහිංසක රැඳවූවෝය. මොවුන් බලා සිටින්නේ බන්ධනාගාරය තුළ යහපත් ජීවිතයක් ගත කර හැකි ඉක්මනින් ඉන් පිටතට යාමටය. කිසිම ආකාරයකින් දුරකතන භාවිත කිරීමට නොහැකි වන වාතාවරණයක් බන්ධනාගාර තුළ නිර්මාණය වී දුරකතන ජාල ඔස්සේ සිදු වන සියලු අපරාධවලට මින් නිමාවක් සිදුවනු ඇතැයි ඉහත කරුණු අනුව විශ්වාස කළ හැකිය. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇත. පාතාලය මර්දනය කිරීමේදී ඊට අදාළ විශේෂ පුහුණු ඒකකයක් පිහිටුවීම වැදගත් ය. යුක්තිගරුක හාවිනයගරුක ජන සමාජයක් ගොඩනැඟීමට මත්කුඩු ජාවාරමට එරෙහි ව ක්‍රියා කිරීමේ දී අන්තර්ජාතික වශයෙන් එන අභියෝගවලට පවා මුහුණ දෙන්නට සිදු විය හැකි අතර එවැනි තත්ත්වයකදී වුවද ශක්තිමත්ව මුහුණ දිය හැකි නායකයකු බලයේ සිටීම රටේ වාසනාවකි.

සටහන
පමුදිනි සමරනායක


රාජපක්ෂ භීතිකාවක් මිස රට නංවන වැඩපිළිවෙළක් විපක්ෂයට නෑ

$
0
0
ජුනි 11, 2020 01:00

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක,
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ
උප ලේකම් අසංක නවරත්න

* 1994 වූ දේශපාලන පරිවර්තනයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් වාමාංශික බලවේග සමඟ එකතුව, ශ්‍රී ලංකා මහජන පක්ෂය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඉදිරි රජයක් පිහිටුවීම සඳහා ඔබගේ පක්ෂයේ දායකත්වය කුමක්ද?

1994 සිට මේ දක්වා වමේ කඳවුර ඒකරාශි කරගැනීමට අපි විශාල කැපකිරීමක් සිදු කළා. පොදුජන පෙරමුණ ගොඩනගන කොට අපි එහි නිල පක්ෂයක්. ඒ වගේම 2004 දීත් එ.ජා.ප. රජය පෙරළා දැමීමට අප සියලුදෙනා එකතුවෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවා. එහිදීත් අපි මූලික වුණා.

ඒ වගේම 2005 මහින්ද රාජපක්ෂ මහතා පළමු වතාවට ජනාධිපතිවරණයට තරග කරන කොට එතුමා ජනාධිපති ‍අපේක්ෂකයා විය යුතුයි කියන මතය මුලින්ම ඉදිරිපත් කළේ අපේ පක්ෂය. එතැන් සිට රට පුරා අපේ සාමාජිකත්වය එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළා. 2015 තීරණාත්මක සන්ධිස්ථානයක් වුණා. එහිදී අපි තෝරාගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වුණ මහින්ද රාජපක්ෂ මහතාව. ඒ මහතාගේ පරාජයෙන් පසුවත් නුගේගොඩ පැවැත්වූ “මහින්ද සුළඟ“ නම් පළමු ජන රැස්වීමේ සිට රට පුරා පැවැත්වූ ජනහමුවලට සහභාගී වෙමින්, ප්‍රබල ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කරන්න අපේ පූර්ණ කැපවීම ලබා දුන්නා.

පසුගිය ජනාධිපතිවරණයේදී අලුත් දේශපාලන නායකත්වයක් හා වැඩපිළිවෙළක් රටම බලාපොරොත්තු වුණා. රටට වගකියන දැක්මක් සහිත ශක්තිමත් නායකයකුගේ අවශ්‍යතාවක් තිබුණා. ඒ අනුව තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කැපවුණේ. ඒ සඳහා අපේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු කැපවුණා. දැන් අපිට තියෙන්නේ එතුමා ජනාධිපති පුටුවේ වාඩිකළාට පසු ඉතිරි අභියෝග ජයග්‍රහණය කරගන්නේ කොහොමද කියන එක. එහි ප්‍රධානම වගකීම තමයි මේ මැතිවරණය. මේ මහ මැතිවරණයෙන් තමයි එතුමාගේ වැඩපිළිවෙළ මහපොළොවට දාන්න සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරාගන්නේ. එතුමාගේ දැක්ම ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න පුළුවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කරන්න අපි පෙරමුණ ගන්නවා.

* පසුගිය කාලයේදී ඇතැම් පිරිස් මැතිවරණය කල් දැමිය යුතු යැයි මතයක් පළ කළා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? ඒ වගේම මේ මැතිවරණයට බයක් එහෙම තිබෙනවාද?

මැතිවරණය සුදුසු වෙලාවට පැවැත්විය යුතුයි. පසුගිය රජය පළාත් පාලන මැතිවරණය අවුරුදු 3 ක් ප්‍රමාද කළා. පළාත් සභා විසුරුවලා අවුරුදු 2 කට වැඩියි. මැතිවරණ කල් දාලා ජනතා මතය යටපත් කරන්න ගත් ක්‍රියාමාර්ග නිසාම ඔවුන් පරාජය වුණා. දේශපාලනික හා සමාජීය වශයෙන් රටේ විශාල අර්බුදයක් ඇතිවුණා. ජනාධිපතිවරණයේදී රටේ ජනමතය පැහැදිලිව ගෝඨාභය මැතිතුමා වටා පෙළගැසුණා. 69 ලක්ෂයක් ජනතාව තම මතය හොඳින් නිරූපණය කළා. ඒ ජනතාවගේ කැමැත්තට ඉඩදෙන්න සුදුසුම අවස්ථාව පාර්ලිමේන්තුව මැතිවරණයකට යාමයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් ඔවුන්ගේ සුපුරුදු න්‍යායපත්‍රය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් උත්සාහ කළා මැතිවරණය කල්දාන්න. කොරෝනා තත්ත්වය දඩමීමා කරගෙන ඔවුන් මැතිවරණය වළක්වාගන්න හැදුවා. නමුත් මහජනතාවගේ මතයත් අධිකරණයේ මතයත් එකක් බවට පත්වීමත් සමඟ ඔවුන් කබලෙන් ළිපට වැටුණු තත්ත්වයක් උදා වුණා.

* ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්වාධීන කොමිෂන් සභාවලට ලැබෙන්නේ ඉහළම තැනක්. නමුත් පසුගිය කාලයේ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව අතර කතාබහක් ඇති වුණා. විශේෂයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙක් මැතිවරණය පවත්වන්න එපා කියමින් අධිකරණය හමුවට යනවා විතරක් නොවෙයි, එක්තරා පක්ෂයකට ඡන්දය දෙන්න එපා කියලත් කියනවා. මේ තත්ත්වය ස්වාධීන කොමිසන් සභාවල පැවැත්මට කෙසේ බලපාවිද?

දේශපාලනයේදී මහජන පක්ෂය විදිහට අපි බලාපොරොත්තු වුණ දෙයක් තමයි ස්වාධීන කොමිසන් සභා ඇති කළ යුතුයි කියන එක. පසුගිය ඉතිහාසයේ විශේෂයෙන් 1977 න් පසු බිහිවූ එ.ජා.ප. රජය යටතේ ස්වාධීන ආයතන තිබුණේ නැහැ. ඒ නිසා අධිකරණය, පොලිසිය, මැතිවරණ කොමිසම ස්වාධීන විය යුතු යැයි කියන කාරණය වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටියා.

හැබැයි මේවා ස්ථාපිත කිරීමේදී පසුගිය රජය ක්‍රියා කළ ආකාරය ඉතාමත් නින්දිතයි, කියන්නත් කැතයි. ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන උවමනාවන් සඳහා දේශපාලන හෙංචයියෝ තමයි දාගත්තේ. මැතිවරණ කොමිසමේ ඔය කියන සාමාජිකයාගේ නින්දිත හැසිරීම පිළිබඳ අපි පක්ෂ ලේකම්වරුන්ගේ කැඳවීමේදීත් කොමිසන් සභාවට දැන්වූවා. මෙවැනි ප්‍රකාශ කිරීම හා මැදිහත්වීම් නොකරන ලෙස අප පැවසුවා. එතුමා ඉතාම පක්ෂග්‍රාහීව මේ රජයට විරුද්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂවල අතකොලුවක් බවට පත් වී තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ ස්වාධීන කොමිෂන් සභාව කියන ආයතනයේ ගෞරවය ආරක්ෂා කරන ලෙසයි. ඔහුගේ හැසිරීම අපි දැඩි ලෙස විවේචනය කරනවා පමණක් නොව දැඩි ලෙස හෙලා දකිනවා.

* මැතිවරණ කොමිසම වගේම සමහර පක්ෂත් මැතිවරණය නොපවත්වන්න කීවේ මේ කොරෝනා අර්බුදය නිසා නොවේද?

කොරෝනා වසංගතයක් ලෙස මුළු ලෝකයේම ව්‍යාප්තවීමත් සමඟ බලවත් රටවල් මහා බලවතුන් යැයි කියාගන්නා රටවල් මෙන්ම ඉහළම සෞඛ්‍ය ක්‍රම තියනවා යැයි කියන ඉතාලිය වගේ රටවලුත් අසරණ වුණා. ඒ අසරණභාවයට පත්වී සිටියදී අපේ ජනාධිපතිතුමා ඉතාම කඩිනමින් එම වසංගත තත්ත්වය පාලනය කරන්න සහ විසඳුම් සොයන්න දුන් නායකත්වය ඉතාමත් ප්‍රශංසනීයයි.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ එකතු කරගෙන රජයක් විදිහට අදාළ කොටසල්වලට වගකීම පවරලා, එයාලට වැඩකරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දීලා අවශ්‍ය නායකත්වය ලබාදීම අගය කළ යුතුයි.

මේ නායකත්වය මේ කළමනාකාරිත්වය නිසාම අපට රට ඉක්මනින්ම විවෘත කරන්න පුළුවන් වුණා. අද සියලුදෙනාම සාමාන්‍ය විදිහට ජන ජීවිතය ගත කරනවා. ආණ්ඩුවක් විදිහට මිනිසුන් අමාරුවේ වැටිලා සිටියදී රු.5000/- ක මාසික දීමනාවක් හැම පවුලකටම දුන්නා. වැඩිහිටියන්ට, වකුගඩු රෝගීන්ට සියල්ලන්ට මෙය දුන්නා. අපේ ප්‍රදේශවල ‍බස් රථ තියන අයටත් දුන්නා. ඒ අයට වාරික ගෙවාගන්න විදියක් නැහැ. ආදායමක් නැහැ. ණය පහසුකම් අනුව බස් අරන් තිබුණේ. සීනි තේ කොළ ටික ගන්න හරි පන්දහසක් ගෙදරට ගෙනත්දීම ලොකු දෙයක් වුණා. මේ ආකාරයට කටයුතු කළාම රටේ ජනතාවගේ ප්‍රසාදයට ලක්වීම වළක්වන්න බැහැ ඉතින් විපක්ෂය බයවුණා.

* ඔබ කුමක් කීවත් රු.5000 දීමනාව දෙනකොට දේශපාලන අධිකාරිය මැදිහත් වුණා. එයින් පොහොට්ටුවට වාසිගත්තා කියලා චෝදනාවක් එල්ල වෙනවා?

මේ සඳහා චක්‍රලේඛ කිහිපයක්ම නිකුත් කළා. විශේෂයෙන්ම ජනාධිපති කාර්ය සාධක බළකායේ නායකත්වය ගත් බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ ස්තුතියක් හිමි විය යුතුයි. එතුමා පක්ෂ නායකයෝ, මහජන නියෝජිතයෝ, නිලධාරින් කැඳවලා කීවේ මේක දේශපාලන කෝණයෙන් බලන්න එපා කියලයි. මේ දීමනාව දෙන්න කමිටුවක් පත්කළා. එහිදී ගමේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයා පොහොට්ටුවෙන්ද, යූ.එන්.පී.ද, දුරකතනයද, ජේ.වී.පී.ද කියලා බැලුවේ නැහැ. ජයග්‍රහණය කළ එකම මහජන නියෝජිතයා ප්‍රා. සභා මන්ත්‍රීවරයා, ගමේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු සියලුදෙනා එකතු වෙලා මෙය කරන්න කීවා මිසක් මන්ත්‍රීට ලැයිස්තු හදන්න කීවේ නැහැ.

මේක ඔවුන්ගේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි මම දකින්නේ. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවා වගේ වැඩක් තමයි විපක්ෂය කරන්නේ. ඔවුන් දන්නවා නියත වශයෙන්ම අපි ජයග්‍රහණය කරනවා කියලා.

* ප්‍රාදේශීය සභාවකවත් නැති කෙනෙක් කාර්ය සාධක බළකායේ සභාපති කිරීම නොකළ යුතු දෙයක් ලෙස විපක්ෂය අර්ථ දක්වනවා. බැසිල් රාජපක්ෂ මහතා මෙයට ගැළපෙනවාද?

බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමා හොඳ කළමනාකරුවෙක් කියන එක අපට වඩා විපක්ෂය දන්නවා. ඕනෑම කටයුත්තක් ඉතාම හොඳින් කළමනාකරණය කළ හැකි බව එතුමා ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ගෝඨාභය ජනාධිපතිතුමා සුදුසුම කෙනා දැම්මා. ඔහු හිටපු ඇමැතිවරයෙක්. වත්මන් මහජන නියෝජිතයෙක් නොවෙයි. වැඩේට ගැළපෙන සුදුසු කෙනෙක් පත් කරන්න බලය ජනාධිපතිතුමාට තියෙනවා. එතුමාගේ වැඩපිළිවෙළ නිසා තමයි මේ තරම් ඉක්මනට අපිට රට විවෘත කරගන්නත් පුළුවන් වුණේ.

* කොරෝනා වසංගතයත් සමඟ අප දැක්කා අපේ ගොවීන් ඉතාමත් අසරණ වෙනවා. ඒ වගේම පාරිභෝගිකයනුත් අසරණ වුණා. මේ තත්ත්වය කළමනාකරණය කරගන්න ඔබේ යෝජනා මොනවාද?

ගොවි ජනතාව වැඩිපුර ජීවත් වන අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල වගේ ප්‍රදේශවල ගොවීන් මුල් වකවානුවේ විශාල ලෙස අසරණ වුණා. ඵලදාව විකුණගන්න බැරුව කුණුවෙලා ගියා. සමහරු නොමිලේ බෙදාහැරියා. මේකට ඉතාම ඉක්මනින් රජය මැදිහත් වෙලා ඔවුන්ට යම් සහනයක් දෙන්න අපිට හැකිවුණා. මෙය සීයට සීයක් නොවෙන්න ඇති. නමුත් සමස්තයක් ලෙස ගොවීන් සතුටට පත්වන තත්ත්වයක් ඇති කළා.

හැබැයි ඉදිරියේදී මෙය හොඳ පාඩමක් කරගෙන විශේෂයෙන්ම අපේ එදා තිබුණු සමුපකාර ක්‍රමය යොදාගෙන ගොවි සමුපකාර ඇති කරලා ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා ගලා යන ඒකාබද්ධ වැඩපිළිවෙළක් හැදුවොත් ගොවීන්ට හදිසි ආපදාවකදී ඔවුන්ගේ නිෂ්පාදනවලට උපරිම මිලක් දීමට කටයුතු කළ හැකියි. මෙය රජයෙන්ම නොවෙයි, පෞද්ගලික අංශය මැදිහත් කරගෙන ඉතාම සාර්ථකව කළ හැකි බව ම‍ගේ හැඟීමයි. ඉදිරියේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රබෝධමත් වැඩපිළිවෙළක් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ ප්‍රධාන වගකීමක් ගන්න අපි ලෑස්තියි.

* විනයගරුක රටක් මෙන්ම විධිමත් සංවර්ධනයක් ගැන අද බොහෝදෙනකු කතා කරනවා. විශේෂයෙන් තරුණ පරපුර 225 ම එපා කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහෝදර පක්ෂයක් ලෙස ඔබට මේ සඳහා වැඩපිළිවෙළක් තියනවාද?

පැහැදිලිවම ජනාධිපතිවරණයට කලින් එතුමාට සහයෝගය දෙන දේශපාලන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගත්තා. ප්‍රතිපත්ති ප්‍රකාශනයට රටේ සියලුම ක්ෂේත්‍ර ඇතුළත් කළා. දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා හදාගත්ත වැඩපිළිවෙළක් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ හදාගත්ත වැඩපිළිවෙළ පදනම් කරගෙන තමයි ඉදිරියේදී අපේ රජයක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය තුළ පත්වන ඇමැතිවරයකුට තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. අපේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති හා ඉලක්ක අනුව කටයුතු කරන්න වෙනවා. ඒ ඔස්සේ රට මෙහෙයවන වැඩපිළිවෙළක් මිසක් හු‌ෙදකලාව වැඩකරන්න නොහැකි වේවි.

උදාහරණයක් ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් එහි සේවකයින්, විශේෂඥයින් ඇතුළු සියල්ලන් සමඟ සාකච්ඡා කරගත් ජාතික වැඩපිළිවෙළක් තියෙනවා. ඒක තමයි අනාගතයේ බිහිවන ඇමැතිවරයාට කරන්න තියෙන්නේ. අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වේවි. ඒ විශ්වාසය අපේ පක්ෂයට තියෙනවා.

* ගල්ගමුව, යාපහුව, නිකවැරටිය වගේ ප්‍රදේශ ඉතාම දුෂ්කර තත්ත්වයෙන් තියෙන්නේ. අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව මේ ප්‍රදේශ නගාසිටුවීමට ඔබේ තිබෙන සැලසුම් මොනවාද?

පැහැදිලිවම මම නියෝජනය කරන ප්‍රදේශවල ප්‍රධාන අර්බුදය තමයි වනඅලි උවදුර. අනෙක් පැත්තෙන් අපට කලට වෙලාවට වතුර ටික නෑ. විවිධ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කළාට තාම ඒවා හරියාකාරව නැහැ. සමහර ප්‍රදේශවලට වතුර බිඳක් නැහැ. ගොවීන්ට අස්වැන්න අලෙවිකරගන්න විදිහක් නැහැ. දිරිදීමක් නැහැ. මාර්ග පද්ධතිය සංවර්ධනය වෙලා නැහැ. මේවා හඳුනාගෙන සියල්ල ගොනුකරගෙන අපේ රජයක් යටතේ මැදිහත්විය හැක්කේ කෙසේද? සංවර්ධන ක්‍රියාවලියට ඔවුන් හවුල්කරගන්නේ කෙසේද? යන්න තුළ ඒ වෙනුවෙන් අපේ රජයක් තුළ වුණත් සටන් කරන්න පසුබට වෙන්නෙ නැහැ.

* උසස් අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් අපේ තරුණ තරුණියන් පිටරටවලට යාම නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වැයවෙනවා. මේ මුදල් රට තුළ රඳවාගැනීමට හැකිවෙන විසඳුමක් දෙන්න බැරි වෙයිද?

මේක පසුගිය කාලය පුරාම සාකච්ඡාවකට භාජනය වන කාරණාවක්. මමත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න බැරිව විදේශ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා අමාරුවෙන් උපාධියක් ගත්ත කෙනෙක්. මගේ අම්මයි තාත්තයි කුඹුරු වතුපිටි උගස්කරලා අමාරුවෙන් මුදල් හොයලා දුන්නේ. ලංකාවේ උසස් අධ්‍යාපන වරම් ලබාගන්න බැරුව අතිවිශාල පිරිසක් උපාධියක් ගන්න පිටරට යනවා.

මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු හැමදාම හැමදේම කඩාකප්පල් කරන කඩාකප්පල්කාරී කණ්ඩායම්වල අතකොලු බවට ශිෂ්‍ය සංගම් පත්වෙලා. අධ්‍යාපනය ‍පෞද්ගලීකරණය කරනවා යැයි කියමින් කෑ ගහනවාට වඩා ලෝකයම අලුත් තැනකට ගිහින් තියන යුගයක විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති වෙලාවක අලුත් විදිහට සිතිය යුතුයි. පාරම්පරික ගතානුගතික අදහස්වල ඉඳලා රජය මඟින් පමණයි අධ්‍යාපනය දිය යුත්තේ කියන මතයෙන් මිදිලා රටේ හැමෝටම උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් දිය යුතුයි.

මේ වනවිට පෞද්ගලික විදුහල් ‍බිහිවෙලා තියනවා. ඒවා සාර්ථක වෙලා තියෙනවා. පුළුවන් කෙනාට ඒවාට අවස්ථාව දිය යුතුයි. එතකොට විදේශ විනිමය ඉතිරිවනවා වගේම සැමට අවස්ථාව ලැබෙනවා. ඒකෙදි අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය පෞද්ගලීකරණය කළ යුතුයි කියන තැන මම නැහැ. හැබැයි සිසුන් වෙනුවෙන් රජය මීට වඩා මෙයට මැදිහත් විය යුතුයි කියන තැන මම ඉන්නවා.

* වර්තමාන විපක්ෂයේ කාර්යභාරය ඔවුන් ඉටු කරනවා යැයි ඔබ විශ්වාස කරනවාද?

හොඳම විපක්ෂයේ කාර්යභාරය අපි දැක්කේ පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ. ඒකාබද්ධ විපක්ෂය කියන එකට පාර්ලිමේන්තුව තුළවත් අයිතියක් පිළිගැනීමක් ලැබුණේ නැහැ. හැබැයි ඒ තුළත් උපරිම සටනක් කරමින් ආණ්ඩුව ගෙන ගිය විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සමඟ එළියෙත්, පාර්ලිමේන්තුවෙත් විරුද්ධව හඬ නැඟුවා.

ඒත් එ.ජා.ප.ය හෝ සමගි ජනබලවේගය තේරුම් ගෙන නැත්තේත් ඒකමයි. සජිත් මහතා වටේ සිටින අය ඔහු මහින්ද රාජපක්ෂ වගේ කියලා ආරෝපණය කරලා පුම්බගෙන යන්න හදනවා. එ‍ෙහත් වැඩපිළිවෙළක් නැහැ. අපේ රජයේ වැරදි තියනවා නම් ඒවා නිවැරැදි කරන්න හෝ තමන්ගේ ප්‍රතිපත්ති කියලා ජනතාව පෙළගස්සනවා වෙනුවට තම පක්ෂයේ අර්බුද විසඳගන්න ඔවුන්ට සිදුවෙලා.

නායකත්වයක් නැහැ. කණ්ඩායම් දෙකක් ලෙස මැතිවරණයට ඇවිත් රටේ ප්‍රශ්න කතා කරනවා වෙනුවට රාජපක්ෂ භීතිකාවක් මවාගෙන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකරන්න කටයුතු කරනවා මිසක් දැක්මක්, වැඩපිළිවෙළක් ඇතුව විපක්ෂයේ කාර්යභාරය මෙහෙයවනවා පේන්නේ නැහැ. එය එක පැත්තකින් අපට වාසිදායකයි තමයි. හැබැයි රටක් විදිහට ප්‍රබල විපක්ෂයක් නොමැතිකම නිසා රටේ ජනතාවටත් ඉදිරියේදී අවාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මහජනතාවගේ පීඩනයන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. ඉදිරියේදීවත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ ජයග්‍රහණයෙන් පසුව යම් ‍හෝ වැරැද්දක් අඩුපාඩුවක් වුණොත් ප්‍රබල විපක්ෂයක් ලෙස ඔවුන්ට හඬනඟන්න ශක්තිය ලැබේවි කියලා. නමුත් ප්‍රබල විපක්ෂයක් තියා විපක්ෂයවත් ඉතිරි වේදැයි සැකයි.

ගිහාන් ඒකනායක

කෘෂි අපනයන විප්ලවයක් කරනවා

$
0
0
ජුනි 12, 2020 01:00

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති,
වෛද්‍ය රමේෂ් පතිරණ

කෝව්ඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කර ඇති බලපෑම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටලු සහ ඒවාට ලැබෙන විසඳුම්, අපනයන කෘෂිකර්මාන්තයේ ඉදිරිය ආදි කරුණු සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ‘දිනමිණට’ අදහස් දැක්වූයේ මෙසේය.

* කොවිඩ් 19 හමුවේ ලෝක ආර්ථිකය කඩාවැටීමකට ලක් වෙලා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට කොයි වගේ බලපෑමක් ඇතිකරන්නේ ද?

වග කිව යුතු රජයක් හැටියට මේ තත්ත්වය අපි කලින්ම අවබෝධ කර ගත්තා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියටම මූලිකවම පටන්ගෙනයි තිබුණෙ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තය, වැවිලි කර්මාන්තය හා කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් දියුණු කරන්න ආණ්ඩුව සහාය දෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකාවේ වගා කරන්න පුළුවන්, නිෂ්පාදනය කරන්න පුළුවන් ද්‍රව්‍ය ආනයනය සීමාකිරීම් හා තහනම් කිරීම් හරහා මේ රටේ නිෂ්පාදනය වැඩිදියුණු කරන්න පුළුවන් පසුතලය අපි හදනවා. දැන් ඇතිවෙලා තියෙන වැවිලි කෘෂි කර්මාන්ත ප්‍රබෝධයත් එක්ක තව ටික කලකින් අපට මේ ඉලක්කය ජයගන්න පුළුවන් කියන විස්වාසය අපට තියෙනවා.

* ඉදිරි කාලයෙදි රටවල් අතර භාණ්ඩ හුවමාරුවෙදි ගැටලු ඇතිවෙන්න පුළුවන්, ආනයන අපනයන සීමා ඇතිවෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකට ආණ්ඩුව මුහුණ දෙන්නෙ කොහොමද?

විශේෂයෙන් අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන අංශ ඇහිරෙන්න පුළුවන්. ඒ ගැන ආණ්ඩුවෙ අවධානය යොමු වෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය දැනට ලැබෙන ඇණවුම්වල යම්කිසි අඩුවක් තිබෙනවා. ඒ තත්ත්වය මගහරවා ගන්න අද දවසේ අත්‍යවශ්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනයට කර්මාන්තකරුවන් යොමු වෙලා තියෙනවා. ඒ එක්කම ගුවන් ගමන් ආරම්භ කළාට පස්සෙ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අවශ්‍ය පියවර ගන්නත් ආණ්ඩුවෙ අවධානය යොමු වෙලා තියෙනවා. මාස හයක පමණ කාලයක් ලෝකයම පීඩාවට පත්වෙලා තිබෙන වෙලාවකයි අපිට මේ අභියෝග ජයගන්න සිද්ධ වෙන්නෙ. ලෝකය නැවත යථාවත් වෙන්නෙ කවර කාලයකද, කවර දිනයකද ඊට පෙර අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් වෙතැයි කියන පැහැදිලි විශ්වාසය අපේ ආණ්ඩුවට තියෙනවා.

* මේ වන විට බොහෝ දෙනකුගේ ජීවනෝපාය මාර්ග ඇහිරිලා. ඒ අතරින් සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ප්‍රධානයි. ආණ්ඩුවක් හැටියට මේ තත්ත්වය කළමනාකරණය කරන්නෙ කොහොම ද?

මේ තත්ත්වය තේරුම්ගෙන රැකියා අහිමි වීම කළමනාකරණය සදහා තමයි, පහුගිය මාස දෙක සදහා අනුපවුල් ඒකක ඇතුළු පවුල් ඒකක ලක්ෂ හැටකට වඩා වැඩි ප්‍රමාණයකට ආණ්ඩුව රුපියල් පන්දහසේ දීමනාව ලබාදුන්නෙ. ඒක කළේ ආර්ථිකය ඉතාම සියුම්ව කළමනාකරණය කරමින්. ඒ එක්කම මේ තත්ත්වය වඩාත් විධිමත් කරගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අය වැයක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අපි ඉතාම අපහසු කාල පරිච්ජේදයක් පසුකරමින් හිටියෙ. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට සිදුවෙනවා. මෙය සතුටු දායක තත්ත්වයක්. ඒ එක්කම වාහන ගෙන්වීම නතර කිරීම හා අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වැනි පියවර නිසා විදේශ විනිමය ඉතිරිකර ගැනීමේ හැකියාවක් අපට ලැබෙනවා. රටේ ආර්ථිකයට ඒ විදේශ විනිමය බලපානව වගේම නිෂ්පාදන ධාරිතාව වැඩි කරගැනීම හරහා රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම තමයි ආණ්ඩුවෙ බලාපොරොත්තුව.

* සංචාරක කර්මාන්තයේ නියැළී සිටින අය යම් සහනයක් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබදව ආණ්ඩුවෙ අවධානය යොමු වෙලා තියෙනව ද?

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් 4% පොලියට මාස දෙකක කාරක ප්‍රාග්ධනය ලබාදීමට ආණ්ඩුව යෝජනා කළා. පහුගිය කාලයෙ ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් දැන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිල තියෙනවා. ඒ අනුව බැංකුවලට අවශ්‍ය මුදල් ලබාදෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මෙම පහසුකම ඉක්මණින් ගන්න පුළුවන්.

* කොවිඩ් 19 වසංගතයත් එක්ක ශ්‍රී ලංකාවෙ තේවලට ඉහළ ඉල්ලුමක් ඇති වුණ බවට වාර්තා පළ වුණා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ මොකක් ද?

වසර එකසිය තිස් හතකට පසුව ප්‍රථම වතාවට ලංකාවේ තේ වෙන්දේසිය අන්තර් ජාලය ඔස්සේ ලෝකයට අරන් ගියා. ඒ හරහා අපේ තේවලට වැඩි ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. කොවිඩ් 19 වසංගතය හමුවේත් අපේ තේ කර්මාන්ත ශාලා වහන්නෙ නැතුව පවත්වාගෙන යන්න අපි එඩිතර තීන්දුවක් ගත්තා. මේ නිසා අපේ නිෂ්පාදන අඩු වුණේ නැහැ. මේ තත්ත්වයත් අපිට සාධනීයව බලපෑවා.

ඉන්දියාව, කෙන්යාව වගේ රටවල තේ නිෂ්පාදනය අඩාළ වුණා. මේ නිසා ලෝක වෙළෙද පොළේ අපට මෙතෙක් නොතිබුණු කොටසක් ආකර්ෂණය කරගන්න පුළුවන් වුණා. අඛණ්ඩව තේ සපයපු නිසා අපි ගැන විස්වාසයකුත් ඇති වුණා. හැබැයි අප්‍රේල් සහ මැයි මාසවල දලු නිෂ්පාදනයෙ යම් අඩුවක් තිබුණා. නමුත් ජුනි , ජූලි මාස කියන්නෙ සම්ප්‍රදායිකවම තේ දලු වැඩිවෙන මාස. මේ නිසා දලුවල මිල තරමක් අඩුවෙන්න පුළුවන්. පෙර නොවූවිරූ මුදලක් මැයි මස තේ දලුවලට ලැබුණා. කොහොම වුණත් අපේ තේවල තත්ත්වය හොදින් පවත්වාගෙන යන්නත් , තේ දලුවලට ඉහළ මිලක් ලබා දෙන්නත් අවශ්‍යකරණ වැඩපිළිවෙළ ආණ්ඩුව සකසලා තියෙනවා.

* ශ්‍රී ලංකාවේ තේවල ගුණාත්මක බව අඩුවෙන්න බලපාන ප්‍රධාන හේතුවක් හැටියට වෙළෙඳපොළට කසළ තේ එකතු වීම බරපතළම කාරණය බව කියනවා. මෙවැනි ගැටලු වළක්වා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද?

ශ්‍රී ලංකාවෙ තේ කර්මාන්ත ශාලාවලින් පිටකරන තේ, නැවත වෙළෙදපොළට නිකුත් කරන නිශ්චිත ක්‍රියාවලියක් තියෙනවා. ඒකට නීත්‍යානුකූල අවසරයකුත් තියෙනවා. ඒ තේ හදුන්වන්නෙ කසළ තේ කියලයි. මේ තේ නැවත පිරිපහදු කරන ලද තේ හැටියටයි වෙළෙදපොළට යන්නෙ. එහෙම වුණත් ඊට එහා ගිහින් නියාමනය නොවුණු තේ දේශීය වෙළෙදපොළට එකතු වෙනවා. කසළ තේ කියන නම අපට ඉතාම අහිතකර ලෙස බලපානවා. මේ නියාමනය නොවුණු නීතිවිරෝධී තේ දේශීය වෙළෙද පොළේදි වගේම පිටරට යවන්න වංචාකාරීව කටයුතු කරන අය අත්අඩංගුවට ගන්න රේගුවටත් නීති අංශවලටත් අපි උපදෙස් දුන්නා.

* කුඩා තේ කර්මාන්ත හිමියන් ගැටලු රැසකට මුහුණ දෙමින් ඉන්නවා. විශේෂයෙන් කම්කරු ප්‍රශ්නය, නිෂ්පාදන වියදම ඉහළ යාම පොහොර හිඟය වැනි කාරණා බරපතළ ලෙස තේ කර්මාන්තයට බලපෑම් ඇති කරනවා. මෙවැනි ගැටලුවලට ආණ්ඩුවෙ විසදුම් මොනවා ද?

ශ්‍රී ලංකාවෙ වැවිලි කර්මාන්තය පැත්තෙන් බැලුවත් අනෙකුත් කර්මාන්ත පැත්තෙන් බැලුවත් වැඩිම ප්‍රතිලාභ ගන්න කර්මාන්තය වෙන්නෙ තේ. නැවත වගා සහනාධාරය, අලුත් වගා සහනාධාරය, යම් යම් අවස්ථාවලදි නියං සහනාධාරය වගේම පොහොර සහනාධාරයත් ලැබෙනවා. ඒ වගේම තේ මිල දිනෙන් දින වැඩවීමක් තමයි දිගින් දිගටම තිබුණෙ. ශ්‍රී ලංකාවෙ තේ නිෂ්පාදනයෙන් 75%ක් නිපදවන්නෙ කුඩා තේවතු හිමියන්. ඒ නිසා ඔවුන්ට අපි විශේෂ ස්තූතියක් පුද කරන්න ඕන. ගැටලුව තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සමහර තේ වගාවන් පරණයි. ඒ නිසා ලැබෙන නිෂ්පාදනය අඩුයි. මේ නිසා කුඩා තේවතුවල ඵලදායීතාව වැඩිකර ගන්න අවශ්‍යයි.

* ඵලදායීතාව වැඩි කරගන්න ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම්, උපදෙස් , මගපෙන්විමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනව ද?

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන මගින් දැනටත් අවශ්‍ය උපදෙස් පුහුණුවීම් දෙනවා. මේ තත්ත්වය ප්‍රමාණවත් කියල මම හිතන්නෙ නැහැ. ඉදිරියෙදි මේ පුහුණු , උපදෙස් දීම් තව වැඩි කරන්න අවශ්‍යයි.

* ශ්‍රි ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙලා නැහැ. අපනයන කෘෂි ක්ෂේත්‍රයෙ ගැටලු විසඳන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මොනවා ද?

අපනයන කෘෂි භෝග අලුතින් වගාකරන ගොවීන් දිරි ගන්වන්න රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කරන්න ආණ්ඩුව සූදානම්. එයින් රුපියල් මිලියන හාරසියයක් දැනටමත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදීලා ඉවරයි. අපනයන කෘෂි බෝග අලුතින්ම වගාකරන ගොවීන්ට හෙක්ටයාර් එකකට රුපියල් අසූ දහසක මුදලක් වගා ආයෝජනයක් ලෙස ලබාදෙනවා.

මේ හරහා අක්කර විසිපන් දහසක් මේ වසර තුළ අලුතින් වගා කරවන්න අපි බලාපොරොත්තු වෙනවා. කුරුඳු, ගම්මිරිස් , සාදික්කා, වසාවාසි, කරුංකා, එනසාල්, කරදමුංගු, කරාඹු , කෝපි ඇතුළු කෘෂි භෝග දහහතරක් දැනටමත් අපනයනය කරනවා. අපනයන කෘෂි කර්මාන්තයෙන් වසරකට රුපියල් මිලියන හැට පන්දහසකට වැඩි මුදලක් අපි ලබාගන්නවා. මේ ආදායම ඉදිරි වසර පහ ඇතුළත රුපියල් මිලියන ලක්ෂය දක්වා වර්ධනය කරගන්න අපි උත්සාහ කරනවා. දැනට අපනයන කෘෂි භෝගවලින් 60%කට වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන්නෙ කුරුඳුවලින්. කුරුඳුවලට හොඳ වෙළෙදපොළක් තියෙනවා. අපේ කුරුඳු ගනුදෙනුව සිද්ධ වෙන්නෙ මෙක්සිකෝව එක්ක විතරයි.

කුරුඳු භාවිතය වැඩි ලතින් අමෙරිකානු රටවල්වලට වගේම යුරෝපයට අපේ කුරුඳු වෙළෙඳපොළ අරගෙන යන්න ඕන.ඒ වගේම ගම්මිරිස්වලට තියෙන වෙළෙඳ පොළ තව පුළුල් කරන්න අවශ්‍යයි. දැනට අපනයන කෘෂි භෝග වගාවට යොදාගෙන තියෙන ඉඩම් හෙක්ටයාර 111120ක බිම් ප්‍රමාණය වැඩි කිරීම හරහා මේ ක්ෂේත්‍රයෙ ගොවින් ප්‍රමාණය 400%කින් වැඩිකර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය වගේම ඵලදායීතාව වැඩි කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන ප්‍රධාන දහරාවේ මාධ්‍ය හරහා කතා බහක් ඇතිවෙලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වැඩිකරණ වැඩපිළිවෙළක් ඉදිරියේදි හදනවා.

දුමින්ද සම්පත්

පක්ෂය සමඟ අප හැමදාම හිටියා

$
0
0
ජුනි 12, 2020 01:00
අසේල කුරුළුවංශ

නීතිඥ මනීෂ සෙනෙවිරත්න
එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක

*මෙවර එක්සත් ජාතික පක්ෂයේ මහනුවර කණ්ඩායම ඉතා දුර්වල එකක් බවටත් එහි සිටින බොහෝ දෙනකු පක්ෂය හා ක්‍රියාකාරීව නොසිටි අය බවටත් ඔබලාගේ පක්ෂයෙන්ම කැඩී ගොස් වෙනත් පක්ෂයකින් තරඟ කරන පිරිසක් චෝදනා කරනවා.

මම එක්සත් ජාතික පක්ෂයට අහසින් කඩා වැටුණේ නැහැ. මගේ ලොකු අත්තා, ඒ රත්නායක රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළා. එතුමා 1931 සිට 1939 දක්වා සභිකයකු ලෙස හිටියා. මහමාන්‍ය ඩී. එස් සේනානයක මහතාගේ පළමු කැබිනට් මණ්ඩලයේ හිටියා. දුම්බර ආසනය නියෝජනය කළා. එතුමා තමයි සෙනට් සභාවේ අවසානම සභාපති. මගේ පියා කිත්සිරි සෙනෙවිරත්න මහතා මහනුවර නීතිඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කළා. සමාජ සේවය හා දේශපාලනය අපේ පවුල හා බැදුණු දෙයක්. අද එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා සිටින බොහෝ දෙනෙකු පැරෂුට්කාරයන් බවට පක්ෂයෙන්ම ගිය කොටසක් චෝදනා කරනවා. ඒක වැරදියි. අපි පක්ෂය එක්ක හැමදාම හිටියා. අපි කවදාවත් පක්ෂය අමාරුවේ දාලා නැහැ. මෙවර එජාපය යටතේ මහනුවර දිස්ත්‍රික්කයට වෘත්තීයවේදීන් විශාල පිරිසක් තරග කරනවා. ඔවුන් ගම් මට්ටමින් ජනතාව සමඟ සිටි අයයි.

*එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවරින් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දෙනා අද තරඟ කරන්නේ සමඟි ජනබලවේගයෙන්. ඔවුන් කියන්නේ මෙතෙක් ඉතිහාසයේ එජාපය මහනුවරින් ඉදිරිපත් කළ දුර්වලම කණ්ඩායම මෙවර ඉදිරිපත් කර තිබෙන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිවකුත් අපේ කණ්ඩායමේ නොමැති බව මම පිළිගන්නවා. එසේ වූ පමණින් අප දුර්වල යැයි කීම වැරදියි. ආසන සංවිධායක ධූර දරමින් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඒ අයයි. පක්ෂය මඟින් ලබාදෙන සියලු වරප්‍රසාද ලබාගත්තේ ඔවුන්. හිටිහැටියේ පක්ෂය කඩාගෙන ගිහින් දැන් තරග කරන පිරිස දුර්වලයි කියන එක වැරදියි. පිටුපසින් සිට ඒ අයට ශක්තිය දුන්නේ අපියි.

*මැතිවරණය ජූනි 20 නොපැවැත්වීම හා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා නේද?

මේ පෙත්සම් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන අපට ප්‍රශ්නයක් නැහැ. පක්ෂයක් ලෙස අප මේ පෙත්සම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ වුණේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැ‍රැදි ලෙස අර්ථකථනය කරගත්තොත් පේනවා මේ වගේ අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම අවශ්‍ය නොවන බව. ජනපතිවරයා ඒ අවස්ථාවේ කටයුතු කර තිබුණේ ව්‍යවස්ථාවට අනුකූලවයි. හැබැයි මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව මඟින් මහ මැතිවරණය අගෝස්තු මාසයේ පවත්වන සූදානමක් පෙනෙන්න තිබෙනවා. ඒ කියන්නේ මාස හයක කාලයක් පාර්ලිමේන්තුවක් නොමැතිව රට දුවනවා කියන එකයි. විධායකය, ව්‍යවස්දායකය හා අධිකරණය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන බල කණු තුනෙන් එකක් අක්‍රීයයි. කොවිඩ්-19 ප්‍රශ්නයත් එක්ක රටට විශාල ලෙස ආධාර මුදල් ලැබෙමින් පවතිනවා. ඒ වගේම ජනාධිපතිතුමා අරමුදලක් ආරම්භ කළා. ඒකට රුපියල් බිලියනයක පමණ මුදලක් මේ වන විට ලැබී තිබෙනවා.

පාර්ලිමේන්තුවක් නොකැඳවා තිබියදී මේ මුදල්වලට මොකක්ද වෙන්නේ කියන ප්‍රශ්නය අපට තිබෙනවා. විනිවිදභාවයක් ඇතිව මේ මුදල් වැය කරන ස්වභාවයක් පේන්න නැහැ. මේ මුදල් ජනතාවට ගලායන ක්‍රමවේදයක් ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා අප කියන්නේ. මේ වන විට රට ක්‍රමයෙන් විවෘත වෙනවා. ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට යොමුවීමත් එක්ක ඒ අයට එදාට වඩා ආර්ථික ප්‍රශ්න දැනෙන්න පටන් ගන්නවා. බොහෝ දෙනකුගේ ආදායම් මාර්ග අවහිර වෙලා තියෙන්නේ. ආණ්ඩුව මේවා ගැන අවධානය යොමු කරන්න ඕන.

*මැතිවරණ කොමිසම ස්වාධීන නොමැති බවට චෝදනාවක් එල්ල කරන රජයේ පාර්ශ්ව එහි සාමාජිකයකු වන හූල් මහතාගේ ක්‍රියා කලාපය හා ප්‍රකාශ දැඩි විවේචනයට ලක්කරමින් සිටිනවා.

මහචාර්ය හූල් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස 2006 දී පත් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. ත්‍රස්තවාදී බලපෑම් නිසා රටහැර යන ඒ මහතා 2010 දී නැවත ලංකාවට එනවා. එතනදී ඩග්ලස් දේවානන්ද මහතා සමඟ ඇතිකරගත් ප්‍රශ්නයක් නිසා යළිත් ඔහු විදේශගත වෙනවා. මේ කොමිෂන් සභාව යටතේ තමයි පළාත් පාලන මැතිවරණය, ජනපතිවරණය පැවැත්වුණේ. ඒවා සාර්ථකව ගැටලුවක් නොමැතිව කළා. ඒ මැතිවරණ ඉතා සාධරණව පැවැත්වුණු බව අද ආණ්ඩු කරන උදවියම එදා කිව්වා. ආණ්ඩුව උත්සාහ කළේ මොන ආකාරයෙන් හරි අප්‍රේල් 25 ඡන්දය තියන්න. ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු නොකරන නිසා දැන් කොමිසම ස්වාධීන නැහැ කියලා චෝදනා කිරීම වැ‍රැදියි.

*කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයට ලක්ව තිබෙනවා. එජාප ආණ්ඩුවක් තිබුණා නම් රටම කොරෝනාවලට ගොදුරු වෙනවා කියලා තමයි ආණ්ඩු පක්ෂය චෝදනා කරන්නේ.

පසුගිය යහ පාලන ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වනවා. ඒක තනි එජාප ආණ්ඩුවක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එජාපය එක්ව ජාතික ආණ්ඩු ස්වරූපයෙන් කළ ආණ්ඩුවක්. ජනපති හා අගමැති අතර බරපතල මත ගැටීම් තිබුණා. අගමැතිවරයා ආරක්ෂක කමිටුවට පවා නොකැඳවූ කාලයක් තිබුණා. ජනපති හා අගමැති පක්ෂ දෙකක වීම නිසා යම් යම් ගැටලු මතු වුණා. යහපාලන ආණ්ඩුව නියෝජනය කළ අය අද ආණ්ඩු පක්ෂයට ගිහින් ඒ ආණ්ඩුව විවේචනය කරනවා. මේවා හරිම විහිළු කතා. යම් වරදක් වුණා නම් ඔවුන්ටත් සාමුහික වගකීමක් එතනදී දරන්න වෙනවා. යහපාලන ආණ්ඩුව ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක සිටි බව කිව්වා. එම්.සි.සී ගිවිසුම ගැන බොරු කතා කියලා මේ අය ජනතාව නොමඟ යවන්න උත්සහ කළා.

දැන් බලන්න, ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියෙක් පී.සී.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වුණා. ඕක එජාප ආණ්ඩුවක් තියෙන කාලයක වුණා නම් මොකද වෙන්නේ? අද මොන තරම් විවේචන කරයි ද? රටෙන් කොටසක් ඇමරිකාවට දෙන්න ක්‍රියාත්මක න්‍යාය පත්‍රයට අනුව තමයි අදාළ නිලධාරියා රටට මේ විදිහට ඇතුළු වුණේ කියලා විමල්, ගම්මන්පිලලා නොකියා ඉඳියිද?

*එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මැතිවරණ ගණනාවක් පරාජය වීම නිසා නායකත්වයේ වෙනසක් ඇති විය යුතුයි කියන හඬ සමඟි ජනබලවේගය විසින් නඟනවා. ඔවුන් කරන ප්‍රකාශයේ සාධාරණ බවක් ඔබ දකින්නේ නැද්ද?

රනිල් වික්‍රමසිංහ කියන්නේ ජත්‍යන්තරය පිළිගත් නායකයෙක්. එතුමා පරිණත වගේම උපයාශීලි අයෙක්. තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීම ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනප්‍රියතම නායකයා ලෙස සිටියදී තමයි 2015 ජනපතිවරණයේදී ඔහු පරාජයට පත්වූයේ. මේ සැලසුම රනිල් වික්‍රමසිංහ මහතාගේයි. ඔහුගේ උපායශීලීත්වය නිසා තමයි අද සමඟි ජනබලවේගය කියන පක්ෂය හදාගෙන එජාප නායකත්වය විවේචනය අයට යහපාලන ආණ්ඩුවේ මැති-ඇමැතිකම් දරන්න අවස්ථාව ලැබුණේ. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂක කළා. වෙනම සන්ධානයක් ගොඩනගන්න අවසර දුන්නා.

එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දුන්නා. ඊට පස්සේ ඔවුන් එජාප නායකත්වය ගන්න හැදුවා. අලියා ලකුණ ඉල්ලුවා. මෙතනදී ඇතිවුණු ප්‍රශ්න නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා යම් යම් තීන්දු ගත්තේ. සමඟි ජනබලවේගයේ අය උත්සහ කරනවා එජාපය හා සමඟි ජනබලවේගය පක්ෂ දෙකක් නොව එකක් කියලා පෙන්වන්න. පැහැදිලි ලෙසම මේ පක්ෂ දෙකක්. එක්සත් ජාතික පාක්ෂිකයන් මේක තේරුම් ගන්න ඕන.

*සමඟි ජන බලවේගයෙන් තරග කරන එජාපයේ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වරදක් ලෙස පෙන්වා දෙන අය කියන්නේ එජාපය මේවා කරන්නේ ආණ්ඩුවේ ඩීල් එකකට කියලා.

පක්ෂය කඩාගෙන ගිහින් වෙනම පක්ෂයක් හැදුවම ඒ අයට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාව අනුව තීරණ ගැනීම ආණ්ඩුවත් එක්ක ඩීල් එකක කොටසක් කියලා කියන්නේ කොහොමද? පක්ෂයකට විනයක් තිබිය යුතුයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා ලේකම්වරයා ක්‍රියාකරලා තියෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුවයි. මේ පිරිස වෙනම පක්ෂයක් ගොඩනැගුවේ ප්‍රතිපත්තිමය කාරණයක් නිසා නොවෙයි. ඒකට හේතු වුණේ පෞද්ගලික ප්‍රශ්නයක්.

*මහනුවර සමඟි ජනබලවේගය ඉදිරිපත් කළ කණ්ඩායමේ හිටපු මන්ත්‍රීවරු හය දෙනකු සිටිනවා. මෙම පසුබිම අනුව ඔබලාගේ කණ්ඩායමට අඩු තරමේ එක් මන්ත්‍රී ධූරයක් හෝ ලබා ගැනීමට නොහැකි බව ඔවුන් කියනවා.

ඒ ගැන ජනතාව නිවැරදි තීරණයක් ගනියි. දැන් සමඟි ජනබලවේගයට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පරද්දන්න නොවෙයි, අපිව පරාජය කරන්නයි. ඔය සමඟි ජනබලවේගයේ ඇත්තටම සමඟියක් නැහැ. කලක් එජාපයෙන් ඈත්ව සිටි තිස්ස අත්තනායක මහතා සමඟි ජන බලවේගයෙන් මහනුවරට නායකත්වය දෙන්න මැතිවරණ ප්‍රචාරක කාර්යාල පවා විවෘත කළා. කිරිඇල්ල ඇමැතිතුමා කිව්වා තිස්ස ඉල්ලුවොත් එයා තීන්දුවක් ගන්නවා කියලා. සජිත් මහතාට සිද්ධ වුණා තිස්සව ලිස්ට් එකට දාලා කිරිඇල්ලට මහනුවර නායකත්වය දෙන්න. මේ අයට එක වේදිකාවක ඉඳලා මැතිවරණය කරන්න බැහැ. තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියෙද්දී අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද තමයි මේ අය දකින්නේ.

 

කොරෝනා පාලනයට අප ගත් ක්‍රියාමාර්ග ලෝකයටම ආදර්ශයක්

$
0
0
ජුනි 12, 2020 01:00
අසේල කුරුළුවංශ

නීතිඥ උදයන කිරිඳිගොඩ
ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක

ඔබ හාපුරා කියලා මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ මෙවරයි. පසුගිය ජනපතිවරණයේ දී වියත්මඟ oමඟින් ඔබ මහනුවර පමණක් නොව ජාතික තලයේ සුවිශාල කාර්යභාරයක් කළා. වෘත්තියෙන් නීතීඥයකු වන ඔබ එක්වරම මහ මැතිවරණයට තරග කරන්න හිතුවේ ඇයි?

මගේ දේශපාලනය ඉතිහාසය බැලුවොත් ශිෂ්‍ය අවධියෙන් පසු මම ශ්‍රීලනිපයට අනුබද්ධව කටයුුතු කළා. ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළත් මා නියෝජනය කළේ ප්‍රගතිශීලී කඳවුරයි. ඊට පසු නීතිඥයකු ලෙස දිව්රුම් දීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමය සමඟ එකතු වී එහි කාරක සභිකයකු ලෙසත් පසුව උප ලේකම්වරයකු ලෙසත් කටයුතු කළා. ඒ සියලු කටයුතුවලින් අප දේශපාලන අත්දැකීම් ලැබුවා. 2015 මහින්ද රාජපක්ෂ මහතාට අත්වූ අනපේක්ෂිත පරාජයත් සමඟ අප නීතීඥ කණ්ඩායමක් විදිහට අලුත් දේශපාලන ගමනක් යන්න අඩිතාලම දැමුවා.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා අප ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු පටන් ගත්තා. යහ පාලන ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ගෙනගිය පා ගමන්, උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ ආදි සියල්ලට අපේ දායකත්වය උපරිමයෙන් දුන්නා. ඒ තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අලුත් දේශපාලන පක්ෂය ආරම්භ කළා. සමස්ත ලංකා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු මට හිමි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර නීතීඥ සංගමයේ ආරම්භක හා වත්මන් සභාපති ලෙස කටයුතු කරන්නේත් මමයි. 2015 ඇති වූ පරාජයෙන් පසු වෘත්තීයවේදීන් ලෙස අපි මහනුවරට රැස්වෙලා අපි අලුත් ගමනක් යන්න ආරම්භය ගන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. අපිට හැකියාව ලැබුණා වෘත්තියවේදීන් සමඟ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න, ඒවාට විසඳුම් යෝජනා කරන්න.

අලුත් දේශපාලන ගමනක්, අලුත් දේශපාලන බලවේගයක් සමඟ යන්න අවශ්‍ය පසුබිම මේ තුළින් සැකසුණා. වියත්මග උපත ලබන්නේ මෙම කටයුතු මේ විදිහට සිදුවෙමින් පවතින අතරතුරයි. රටේ අනාගත නායකත්වයට සුදුසු ගෝඨාභය රාජපක්ෂ මහතා බව තීරණය කළාට පස්සේ ඒ මහතාව ප්‍රථම වතාවට වේදිකාවක් මතට ගේන්න භාග්‍ය ලැබුණේ මහනුවර වියත්මඟේ අපටයි. මම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ කෘෂිකාර්මික කමිටුවේ සාමාජිකයකු ලෙසත් ක්‍රියා කළා. ඒ වගේම ඉතා අපහසුවෙන් ලබාගත් පළාත් පාලන මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ බලය ලත් නිලධාරියා විදිහට පළාත් පාලන ආයතන 22 ක නාම යෝජනා සම්බන්ධයෙන් සම්පූර්ණ නෛතික කටයුතු කළේ මමයි.

එක්සත් ජාතික පක්ෂය අද දෙකඩ වෙලා. රනිල් හා සජිත් කණ්ඩායම් වෙන් වෙන්ව තරග කරනවා. මෙය ආණ්ඩු පක්ෂයට විශාල වාසියක් බව පේනවා.

විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය දෙකඩ වීම කියන්නේ දේශපාලන වශයෙන් ආණ්ඩු පක්ෂයට විශාල ආශිර්වාදයක්. ලංකාවේ අපි දැකලා තියෙනවා පක්ෂ දේශපාලනය තුළ සිදුවන ප්‍රධාන බෙදීම්වලින් අනතුරුව ඒ කණ්ඩායම්වල ශක්තිය මොන විදිහට හීන වෙනවද කියලා. දහනව වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරලා එහි තිබෙන අඩුපාඩු ඉවත්කර රටට ඉදිරි ගමනක් යෑම සඳහා සුදුසු වාතාවරණයක් සකස් කර ගැනීමට මේ බෙදීම විශාල අශිර්වාදයක් වේවි.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් රතිඤ්ඤා පත්තු කරමින් සතුට ප්‍රකාශ කළා. මැතිවරණය ජූනි 20 නොපවත්වා අගෝස්තු දක්වා කල්දමා ගැනීමට හැකිවූයේ මෙම පෙත්සම් ඉදිරිපත් කිරීම නිසා කියලා පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්වයක් වන ජාතික සමඟි බලවේගය කියනවා. ඔවුන් කියන්නේ ඒක ඔවුන් ලබපු ජයග්‍රහණයක් කියලා. මේ විදිහට එක තීන්දුවකින් දෙපාර්ශ්වයටම ජයග්‍රහණය ලබන්න පුළුවන්ද?

මේ පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්වයන්ගේ එක වුවමනාවක් වුණේ මැතිවරණය කල් දමාගැනීම. මේ නඩු ඉදිරිපත් කළ අවස්ථාවේම පෙනුණා ඒවා දීර්ඝකාලීනව නඩු ගෙනයෑම සඳහා සුදුසු නඩු නිමිති නොවන බව. ඒ සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශ්වයන් හා මැදිහත්කාර පාර්ශ්වයන් ඉදිරිපත් කළ තර්ක හා මූලික විරෝධතා දැක්වීම් තුළ මෙම කරුණු පැහැදිලිව දක්නට ලැබුණා. ඒ තර්ක සියල්ලම වගේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබෙනවා. කොරෝනාවලට මුවා වෙලා මැතිවරණය කල්දමා ගැනීම පෙත්සම්කරුවන් හා ඔවුන් සහයෝගය ලබාදෙන දේශපාලන කණ්ඩායම් මේ තුළින් අපේක්ෂා කළා. තමන්ට සුදුසු පරිසරයක් එනතෙක් මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීමට ඔවුන් විශාල උත්සහයක් ගත්තා. ඒ වගේම පැ‍රැණි පාර්ලිමේන්තුවට යළි පණ දෙන්න අවස්ථාවක් මෙමඟින් උදා වේ යැයි ඒ අය අදහස් කළා. මෙවන් තත්ත්වයක දී ක්‍රියාකළ හැකි ආකාරය සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහනක් නොවීම හේතුවෙන් ඒ පිළිබඳ ගරු අධිකරණයෙන් අර්ථකතනයක් ලබා ගැනීමේ උත්සාහයක ඒ අය නිරත වුණා. පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නිෂ්ප්‍රභා කිරීමෙන් විපක්ෂයේ පිරිස් එල්බගෙන සිටි මත සියල්ල වැ‍රැදි බව රටට ඔප්පු වුණා. මැතිවරණය ජූනි 20 දින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයට දැනුම් දීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස් කරගනු ලැබුවා.

මැතිවරණය කල් දමා ගැනීමට විපක්ෂය දරා තිබෙන උත්ස­ාහය සාර්ථක වී තිබෙන බව ඔබ පිළිගන්නවාද?

මෙතනදී අපි මුලින් මැතිවරණය කොමිසමේ කාර්ය කුමක්ද කියලා කල්පනා කරලා බලන්න ඕන. මම නම් පේන්නේ නැහැ මැතිවරණය කොමිසම ස්වාධීනව ක්‍රියාත්මක වන බවක්. එහි සාමාජිකයකු වන මහාචාර්ය හූල් මහතාගේ ප්‍රකාශ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටීමට ප්‍රබලව බලපා තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියනවා. එතනින්ම පේනවා ඔහු වෙනත් දේශපාලන පක්ෂවල අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක් කියලා. කොව්ඩ්වලට පරාජය, ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණය කියන එක තමයි මැතිවරණ කොමිෂන් සභාවේ තේමාව වෙලා තියෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාව මේ ක්‍රියාකරන විදිහට ගියොත් ප්‍රජාතන්ත්‍රවාදයට පරාජය කියන එක තමයි ඉස්සරහට එන්නේ. ජනතාවගේ පරාමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කර රටේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගෙන රටේ ඉදිරි කටයුතු ප්‍රශ්නගත වීමකින් තොරව කරගෙන යෑමේ වැඩපිළිවෙළ දවසින් දවස ප්‍රමාද වීම රටක් විදිහට ගත්තම ඉතාම භයානකයි. ඒ වගේම විදේශ ගිවිසුම්වලට එළඹීම, මූල්‍ය පරිපාලනය, ව්‍යවස්ථා සංශෝධන, නීති සම්පාදනය ආදී සියල්ල පාර්ලිමේන්තුව මඟින් කළ යුතු කාර්යයන්. කොවිඩ්-19 ප්‍රශ්නය තුළ තව දුරටත් මහ මැතිවරණයට දින නියම නොකර ඉදිරියට යෑම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් කල්පනා කිරීමේදී ඉතාම භයානක තත්ත්වයක්.

පවතින පසුබිම අනුව පාර්ලිමේන්තුව මාස හයක පමණ කාලයක් රැස් නොවන තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රබල පහරක් බවට විපක්ෂය චෝදනා කරනවා.

අනිත් රටවල් සමඟ සැසඳීමේදී කොරෝනා ව්‍යාප්තිය අපි ඉතාම සාර්ථකව පාලනය කර තිබෙනවා. ඒ තත්ත්වය අනුව සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව ජනතාවගේ දෛනික ජීවන කටයුතු සඳහා බොහෝ දුරට නිරාවරණය කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළයුතු සෞඛ්‍යමය ක්‍රියාපටිපාටිය කුමක්ද කියන එක පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ මණ්ඩලයක් මැතිවරණ කොමිසමට නිර්දේශ ඉදිරිපත්කර තිබෙනවා. ඒ ක්‍රමවේදය තුළ මැතිවරණය පැවැත්විය හැකියි. දකුණු කොරියාව වැනි රටවල කොවිඩ්-19 ව්‍යාප්තිය දරුණුවට තියෙත්දීත් මැතිවරණය පැවැත්වා රට ස්ථාවරත්වයට පත් කළා. මේ මැතිවරණය තවත් කල් දැමීමෙන් සිදුවන්නේ රට ස්ථාවරත්වයට පත් කර ගැනීමට ඇති අවස්ථාව තවත් අපෙන් ඈතට යාමයි.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නොතිබුණා නම් ආණ්ඩුව බලපෑම් කරලා අප්‍රේල් මාසයේ මැතිවරණය පවත්වන බවටත් එසේ වූයේ නම් රටම කොරෝනා වසංගතයට බිලි වන බවටත් මතයත් තිබෙනවා.

මේ රටේ මැතිවරණ පනතට අනුව කොමිෂන් සභාවට නම් කළ දිනයේදී ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නැත්නම් මැතිවරණය වෙනත් දිනයක පැවැත්වීම සඳහා දින නියම කළ හැකියි. ඒක කොමිසමට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත රාජකාරියක්. මැතිවරණ කොමිෂන් සභාව නිසි ලෙස මැතිවරණය පැවැත්වීමට ක්‍රියා නොකරන බව ජනපතිට පෙනී යන්නේ නම් එතුමාට නැවත මැතිවරණය සඳහා දින නියම කිරීමටත් පනතේ ප්‍රතිපාදන තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් කොරෝනාවෙන් මුළු රටේම ජනතාව බේරා ගැනීමට මැතිවරණය කල් දැම්මා කියන ප්‍රකාශය මම පිළිගන්නේ නැහැ. මැතිවරණ පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම තමයි මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය. රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එකතුවෙලා සෞඛ්‍ය ප්‍රශ්නවලට උත්තර දේවි. දැන් මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය ප්‍රශ්නත් තමන්ගේ කරපිට දාගෙන ඉන්නේ. ඔවුන් මැතිවරණය පැත්තක දාලා සෞඛ්‍ය ගැටලු ගැන උනන්දු වන බවක් පේන්න තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව කළ යුත්තේ කඩිනමින් මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණය ලබා දීමයි. කොරෝනාවට පරාජය ලබා දීම ආණ්ඩුව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සමඟ එකතු වෙලා කරාවි. ලංකාවේ සෞඛ්‍ය අංශ මැතිවරණය පැවැත්වීමට නිර්දේශ නිකුත් කළා. ඔවුන් නිරතුරුවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා නිර්දේශ මත තමයි ක්‍රියාත්මක වුණේ. ඒ අනුව ඔවුන් මැතිවරණයකදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කොහොමද පිළිපැදිය යුත්තේ කියලා මැතිවරණ කොමිෂන් සභාවට නිර්දේශ ඉදිරිපත් කළා. මැතිවරණ කොමිසම කිව්වා සෞඛ්‍ය අංශවල නිර්දේශවලින් පසුව ඔවුන් තීරණයක් ගන්නවා කියලා. සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන නිර්දේශ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අදහසක් ලබා ගැනීමට මැතිවරණ කොමිසම යොමු වී ඇතැයි දැනගන්න තිබෙනවා. මැතිවරණය දිනෙන් දින කල්දමා ගැනීමට අවශ්‍යතාව තිබෙන පාර්ශ්වයන්ට කොමිෂන් සභාවේ මෙම තීරණවලින් යම් රුකුල් දීමක් වෙනවා කියන සාධාරණ සැකය අපට මතුවෙනවා.

පාර්ලිමේන්තුව රැස් නොකිරීම නිසා රාජ්‍ය මුදල් වැය කිරීම්වල විනිවිදභාවය සම්බන්ධව ප්‍රශ්න සහගත තත්ත්වයක් මතු වන බව විපක්ෂයේ අදහසයි.

මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන කාල සීමාවක රාජ්‍ය මුදල් වියදම් කිරීමට නෛතික බලයක් ජනාධිපතිතුමා ලබා දී තිබෙනවා. ඒ මුදල් නව පාර්ලිමේන්තුව රැස්වෙලත් මාස තුනක කාලයක් දක්වා වියදම් කිරීමට හැකියාව තිබෙනවා. මුදල් විගණනය කිරීම හෝ අවශ්‍ය මූල්‍ය පරිපාලන සම්බන්ධ ක්‍රියාත්මක වීම සඳහා අභිනව පාර්ලිමේන්තුවට හැකියාව තිබෙනවා. මෙතන කාලසීමාව සම්බන්ධව කිසිදු ගැටලුවක් නැහැ. මෙතන තිබෙන එකම ප්‍රශ්නය මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් තිබිය දී හිතාමතා යම්-යම් අසාධාරණ කරුණු ඉදිරිපත් කරමින් මැතිවරණය නොපවත්වන එකයි. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක්. අපි සෑම වෙලාවෙම පොදුජන පෙරමුණ ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මැතිවරණය පැවැත්විය යුතුයි කියන එකයි. එම නිර්දේශ ලබා දී තිබියදීත් මැතිවරණය පවත්වන්න නොහැකි නම් ඒක තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජය.

ඇමරිකානු ගැතිභාවයකින් රනිල් ඇතුළු කණ්ඩායම ක්‍රියා කරන බව පසුගිය යහපාලන ආණ්ඩුවට එවකට සිටි විපක්ෂය එල්ල කළ චෝදනා අතර ප්‍රධාන වුණා. එහෙම කියූ පිරිස බලයට පැමිණ සිටියදී ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරිනියක පී. සී. ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙනවා.

ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධ ප්‍රශ්නයේදී රජය මැදිහත් වුණේ රාජ්‍යතාන්ත්‍රික ආකාරයටයි. ඊට පසු අදාළ නිලධාරිනිය පී. සී. ආර් පරීක්ෂණයකට යොමු කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කළා. එතැන් සිට දැඩි නීතියක් පනවමින් රජය දැනුම් දුන්නේ සියලුම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පවා මෙරටට පැමිණීමට දින තුනකට පෙර පී. සී. ආර් පරීක්ෂණයකට යොමු විය යුතු බවයි. එම පරික්ෂාවට භාජනය නොවී ලංකාවට පැමිණෙන අය පැමිණි විගස ඒ සඳහා යොමු විය යුතු බවට රජය දැනුම් දී තිබෙනවා. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් අපි පාලනය කරන්නේ පළමු අවස්ථාටයි. අත්දැකීම් අරගෙන ඒවාට පැලැස්තර නොවන නිසි ප්‍රතිකර්ම යොදන්න ඕන. අපේ සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් දක්ෂ විදහට මැදිහත් වුණා. කොරෝනා ව්‍යාප්තිය පාලනයට අපි ගත් ක්‍රියා මාර්ග ලෝකයටම ආදර්ශයක් වී තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයාගේ අවමඟුල් උත්සවයේදී නිරෝධායන නීති නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ නේද?

තොණ්ඩමන් මහතා පසුගිය කාලය පුරා කටයුතු කළේ එජාපය ඇතුළු ඔවුන්ට හිතවාදී කණ්ඩායම් සමඟ නොවෙයි. මේ නිසා මේ අවමඟුල පදනම් කරගනිමින් ප්‍රශ්න ඇති කරන්න විපක්ෂයේ ඇතැම් පිරිස් සැලසුම් සහගතව ක්‍රියා කළා. ඔවුන්ට ඕනෑ වුණේ කොරෝනා ව්‍යාප්ති මර්දන වැඩසටහනට මෙමඟින් තර්ජනයක් එල්ල වන බව පවසමින් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කරන්නයි. තොණ්ඩමන් කියන්නේ සාමාන්‍ය දේශපාලන නායකයෙක් නොවෙයි. එතුමා පිළිබඳ ඔහු නියෝජනය කළ ජන කොට්ඨාසය තුළ විශාල ආදරයක්, ගෞරවයක් තිබුණා. එවැන් නායකයකුගේ මරණයක් සමඟ ජනතාව පාලනය කරනවා කියන්නේ ඉතාම අසීරු වැඩක්. මරණය එක දවසක් කොළඹ තියලා අවසන් කටයුතු කරනවා කිව්ව නම් වතුකරයේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතාගන්නත් බැහැ.

 

 

පෙරහුරු මැතිවරණයෙන් සුපුරුදු ඡන්දයට

$
0
0
ජුනි 12, 2020 01:00

කොරෝනා වෛරසය පාලනයට බෙහෙත් පෙත්තක් හෝ එන්නතක් සොයා ගත හොත් ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ කිසිදු කොරෝනා රෝගියකු නැති බවටත් කිසිවකු කොරෝනා හේතුවෙන් මිය යන්නේ නැති බවටත් සහතිකයක් දිය හැකි නම්, මැතිවරණය නියම කළ දිනයට පැවැත්විය හැකි බව ඔහු වෙනත් අවස්ථාවක යළිත් පැවසීය. ඔහු විසින් පවසන්නට යෙදුණේ, කොරෝනා තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීමට සිදු වන නිසා යම් කාලයක් ගත වන බවය. කෙසේ වුව, මේ වන විට එකී ප්‍රකාශ සියල්ල අතීතයට එක් කරමින් මැතිවරණයට දින නියම වී තිබේ.

මෙවර මැතිවරණය ඉතිහාසයේ මෙතෙක් පැවති මැතිවරණ සියල්ලටම වඩා වෙනස් ස්වභාවයක් ගනු ඇත. මන්ද ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයට භාජනය වූ රටක් වන බැවින් සහ සෞඛ්‍ය අංශයේ නීති රීති සහ උපදෙස්වලට අනුකූල වන පරිදි මැතිවරණය පැවැත්විය යුතු වන බැවිනි. එකී තත්ත්වය තුළ ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමේදී ඡන්ද මධ්‍යස්ථානයක කටයුතු සිදු විය යුතු ආකාරය සම්බන්ධව අලුතින් සකස් කරන ලද මැතිවරණ නීති රීති සහ උපදෙස් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය.

"අප මේ දිනවල ආදර්ශ මැතිවරණ පවත්වමින් මැතිවරණය පැවැත්වීමට සුදුසුම ආකාරය පිළිබඳ අත්හදා බැලීම් කරනවා. අම්බලන්ගොඩ ආදර්ශ මැතිවරණයක් පැවැත්වීමට හේතුව එම ප්‍රදේශයේ ජීවත්වන්නේ විශේෂයෙන් උගත් පිරිසක් වීම. එ් වාතාවරණය තුළ ගැටලුවක් මතුවන්නේ නැහැ. පෙරහුරු මැතිවරණය සියයට සියයක්ම සාර්ථක වුණා. මේ සති අන්තයේ දී දිස්ත්‍රික්ක 15ක පමණ මෙවැනි මැතිවරණ පවත්වනවා. නුවරඑළිය වැනි වතු ආශ්‍රිත ප්‍රදේශයක, රත්තොට වැනි වතු සහ ගම් මිශ්‍ර වුණ ප්‍රදේශයක, යාපනය වැනි දෙමළ ජනතාව පමණක් ජීවත් වෙන පරිසරයක, මුලතිව් වැනි දෙමළ ගොවි ජනතාවක් වෙසෙන තැනක වැනි ප්‍රදේශ ගණනාවක මෙවැනි ආදර්ශ මැතිවරණ පවත්වන්න අප තීරණය කර තිබෙනවා. විවිධ ජන කොටස් ජීවත්වෙන පරිසරයන්හි ආදර්ශ මැතිවරණ පවත්වා සෞඛ්‍ය අංශයේ නීති රීතිවලට අනුව මැතිවරණ පැවැත්වීමේ හැකියාව පරීක්ෂා කර බලනවා. බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක එකට එකතු කොට ආදර්ශ මැතිවරණය පවත්වනවා. ඒ ආකාරයට තවත් ආදර්ශ මැතිවරණ 15ක් 16ක් පමණ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව ඉදිරි තීරණ ගන්නවා.

අත් සේදීම

"අම්බලන්ගොඩ තෝරා ගත් ග්‍රාම නිලධාරි වසමක ඡන්ද දායකයන් 400කට පමණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස අප දැනුම් දුන්නා. පැය දෙකක කාලයක් තුළයි ආදර්ශ මැතිවරණය පැවැත්වුණේ. ඡන්ද දායකයන් 239ක පමණ පිරිසක් පැමිණ ඡන්දය ප්‍රකාශ කළා. විනාඩියකට ඡන්ද දායකයන් දෙදෙනකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වුණා. පැයකට 120 ක් ඡන්දය ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ අප අත සේදීම එතනදී නොගැළපෙන බව තීරණය කළා. එසේ කළොත් ඡන්ද පත්‍රිකා තෙමෙනවා. එම නිසා අත් සේදුම්කාරක (hand sanitizer) භාවිත කිරීම වඩාත් සුදුසු බව අප තීරණය කළා. ඇඟිල්ල පාට කිරීමේ දී කොට්න් බඩ් භාවිත කළා. එවැනි වෙනස්කම් කිහිපයක් අප අත්හදා බැලුවා.

ඉදිරි මහමැතිවරණයේ දී සෞඛ්‍ය අංශ ලබා දුන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පිළිවෙළ සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයක තිබෙන පිළිවෙළමයි. වෙනසකට තියෙන්නේ සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති නීති රීතිවලට අනුකූල වීම පමණයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , මෙම නීති රීති නිසි ආකාරව සිදුවෙනවා ද නැද්ද යන්න නිරීක්ෂණය කරනු ලබනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම අදාළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් විෂබීජ හරණය කෙරෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

ඡන්ද ගණන් කිරීම

"මෙවර ඡන්දය පවත්වන්නේ විශේෂ තත්ත්වයකයි . එනම් කොරෝනා වසංගතය පාලනය කළ තත්ත්වයක් තුළ . ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල වැඩකටයුතු පිළිබඳ අප තවම කිසිදු තීරණයකට එළැඹී නැහැ. ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ පමණයි තවමත් කටයුතු කරගෙන යන්නේ. ඉදිරියේ දී, ඡන්දය ගණන් කිරීම සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනවා.

"කොවිඩ් 19 වාතාවරණය පවතින අවස්ථාවක පවත්වන මැතිවරණයක් බැවින් ඡන්ද දායකයන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. දැනට පවතින්නේ එන්නතක් හෝ බෙහෙතක් සොයා නොගත් හඳුනාගත නොහැකි රෝගයක් සම්බන්ධ ගැටලුවක්. සාමාන්‍ය ජනතාව සෞඛ්‍ය අංශ විසින් පහදා ඇති නීති රීතිවලට අනුව සාමාන්‍ය ජීවිත ගත කළ යුතුයි. එවැනි ජීවිත ගත කරන අය ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණීම අපට ගැටලුවක් නැහැ. මුඛ ආවරණ අනිවාර්යයෙන් පැලඳිය යුතුයි. මීටරයක දුරස්ථභාවය තබා ගත යුතුයි. එමෙන්ම අත් නිතර පිරිසුදු කර ගත යුතුයි. නිවෙසේදී ම අත් පිරිසුදු කරගෙන පැමිණීමත් ඉතා වැදගත්. ඡන්ද මධ්‍යස්ථාන තුළදීත් දෙ අත් පිරිසුදු කිරීම සඳහා පහසුකම් සූදානම් කර තබනවා. මැතිවරණය මගින් කොවිඩ් 19 වසංගත තත්ත්වයේ වර්ධනය වීමක් කිසිසේත්ම සිදු වන්නේ නැහැ. අපේ අරමුණ වසංගත තත්ත්වය ව්‍යාප්ත නොවන ආකාරයෙන් ඡන්දය පැවැත්වීමයි. එමනිසා සෑම ඡන්ද දායකයකුටම කිසිදු බියක් නැතිව පැමිණ තමන්ගේ ඡන්දය දැමීම කළ හැකියි. සෑම පුද්ගලයකුම තමන්ගේ සමාජ වගකීම ඉටු කිරීම මෙහිදී වැදගත් වෙනවා. තමන්ගෙන් තවත් කෙනකුට මෙම රෝගය බෝවීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි.

"සාමාන්‍ය ජනතාවට ඇතැම් විට සමාජ වගකීමක් නැහැ. තමන්ට රෝගය වැලඳීම පමණයි පාලනය කර ගැනීමට උත්සාහ ගන්නේ. එම නිසා අනෙක් කෙනා ආරක්ෂා කර ගැනීමටත් තමන්ගේ දායකත්වය දෙන ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇඟිල්ල පාට කිරීම

"ඇඟිල්ල පාට කිරීමෙන් රෝගය ව්‍යාප්ත වීමක් සිදුවන්නේ නැහැ. මෙහිදී ඇඟිල්ල පාට නොකළහොත් කෙනකුට එය විවිධාකාරයෙන් අර්ථකථනය කරගත හැකියි. අපේ ජනතාව සම්ප්‍රදායයන් වෙනස් කිරීමට කැමති නැහැ. සම්ප්‍රදාය වෙනස් කළහොත් කාට හෝ වාසිදායක ලෙස කටයුතු කරන බව කෙනකුට සිතෙන්නට පුළුවනි. එක පක්ෂයකට වාසිදායක ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල විය හැකියි. මෙවැනි දේ එකපාරටම ඉවත් කිරීමට අප සූදානම් වන්නේ නැති හේතුව එයයි. ඡන්දය කියන්නේ මිනිසුන්ගේ විශ්වාසය. එම නිසා විශ්වාසයට හානිදායක වන කිසිවක් අප කරන්නේ නැහැ. හැඳුනුම්පතෙන් පමණක් මිනිසුන් හඳුනාගෙන මෙය කළ හැකියි.

2004 වර්ෂයේ සිට හැඳුනුම්පත අනිවාර්ය කොට තිබෙනවා. ඒ ආකාරයට මැතිවරණ ගණනාවක් පැවැත්වුණා.නමුත් ඇඟිල්ල පාට කිරීම එක වර වෙනස් කර, ජනතාව බලාපොරොත්තු වන ඡන්ද ප්‍රතිඵලය නොලැබුණ හොත් මැතිවරණ කොමිසම වක්‍රාකාරයෙන් යම් පක්ෂයකට උදවු කළ බව පැවසීමට හැකියි. ඇඟිල්ල පාට කිරීම අපට ගැටලුවක් නොවේ. කොට්න් බඩ් එකකින් හෝ ප්ලාස්ටික් ගිනි කූරක අගිස්ස තැළීමෙන් ඇඟිල්ල පාට කරනු ලබනවා. අප එය ආදර්ශ මැතිවරණයේ දී අත්හදා බැලුවා. එක් පුද්ගලයකුට එක කොට්න් බඩ් එකක් හෝ එක ගිනි කූරක් යොදා ගන්නවා. එය ලොකු ගැටලුවක් වන්නේ නැහැ.

"මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වියදම වැඩි වෙන්න පුළුවනි. සෞඛ්‍ය ආරක්ෂිත ජනතාවක් නොමැතිව ඡන්දෙන් කිසිවකු තෝරා පත් විය යුතු නැහැ. මෙම අමතර වියදම දරන්නේ මේ රටේ මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. වියදම වැඩි වීම නරක දෙයක් වුවත් අප එය අයහපත් ආකාරයෙන් දකින්නේ නැහැ. වසංගතය බෝවුව හොත් මීට වඩා වියදමක් රජයට දැරීමට සිදු වෙනවා.

අපේක්ෂකයන්ට කොන්දේසි

"මැතිවරණයක කාණ්ඩ තුනක් ඉන්නවා. ඡන්ද දායකයන්, දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් සහ මැතිවරණ කාර්ය මණ්ඩලය. මැතිවරණ කාර්ය මණ්ඩලය මැතිවරණය පැවැත්වීමට මාස දෙක තුනකට පෙර සිටම ක්‍රියාත්මකයි. ඒ අය කැමති වුවත් අක­ැමැති වුවත් රජයේ නිලධාරීන් ලෙස කොමිසම කියන දේ කළ යුතුයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම තිබෙන්නේ කොමිසමට. ඒ නිසා කීයක් වුවත් වියදම් කිරීමට අප පැකිළෙන්නේ නැහැ.

"දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ අනුගාමිකයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා නිකුත් කළ සෞඛ්‍ය නීති රීති පිළිපැදිය යුතුයි. රැස්වීම් පැවැත්වීම සම්බන්ධව සහ රැස්වෙන ආකාරය පිළිබඳ නීති නිකුත් කොට තිබෙනවා. ඒවා ඒ ආකාරයෙන් පිළිපැදීමට ඔවුන්ටත් සිදුවෙනවා. අත් පත්‍රිකා සහ කාඩ් මුද්‍රණය කොට අතින් අත යැවීම මෙම මැතිවරණයේ දී සෞඛ්‍ය නීති රීතිවලට පටහැනියි. තැපැල් ඡන්දයේදීත් අතින් අත යැවීම නතර කරන වැඩපිළිවෙළක් සකස් කොට තිබෙනවා.

"අපට වගේම මේ රටේ දේශපාලන පක්ෂවලටත් වගකීමක් තිබෙනවා. එම නිසා අපේක්ෂකයන් තම ප්‍රචාරණ කටයුතු කිරීමේ දී වසංගත තත්ත්වය ව්‍යාප්ත නොවන බවට වගබලා ගත යුතුයි. මෙය මැතිවරණ කොමිසමේ පමණක් නොව දේශපාලන පක්ෂවලද වගකීමක්. සෑම පුද්ගලයකුම තම තමන්ගේ වගකීම හරියට කළා නම් මෙය කිසිසේත්ම ගැටලුවක් ඇති වන්නේ නැහැ.

ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය

"අප 2006 දීත් ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමයකට යෑමට උත්සාහ කළ නමුත් නීතිය වෙනස් නොවී අපට එවැනි දෙයක් කළ නොහැකියි. නීතිය වෙනස් කර ගතහොත් ඕනෑම වෙලාවක ඉලෙක්ට්‍රොනික් ඡන්දයකට යාමට අප සූදානම්. ඊට අවශ්‍ය තාක්ෂණය ද අප සතුයි. කටුබැද්ද විශ්වවිද්‍යාලයේ දැනට එම තාක්ෂණය තිබෙනවා. එසේ නොමැතිනම් ඉන්දියාව, මොන්ගෝලියා , කොරියාව වැනි රටකින් අපට එය ලබා ගත හැකියි. එම රටවල ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය භාවිත වෙනවා."

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයෙහි යහ පැවැත්මෙහි මුදුන්මුල වන මහ මැතිවරණය සාධාරණව, විනිවිද භාවයෙන් යුතුව මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බවද ආරක්ෂා වන පරිදි පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවය. එකී කටයුත්තට උපරිම සහයෝගය ලබාදීම සියලු ජනතාවගේත් ඡන්ද අපේක්ෂකයනගේත් දේශපාලන පක්ෂවලත් දවසේ වගකීම වන්නේය. ප්‍රජාතන්ත්‍රවාදයේත් ජනතාවගේ‍ත් යහ පැවැත්ම තීරණය වනු ඇත්තේ එමඟින් පමණක්ම වන බැවිනි.

සටහන-චතුමී පිටිපන

තීන්දු-තීරණ නිසි වෙලාවට ගත්තා

$
0
0
ජුනි 13, 2020 01:00

ඉඩම් හා ඉඩම් සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැති,
නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්. බී. දිසානායක

වත්මන් දේශපාලන තත්ත්වය, කොවිඩ්-19 පාලනය කිරීම, මහ මැතිවරණය හා ආණ්ඩුවේ ඉදිරි අනාගතය මෙන්ම සැලසුම් පිළිබඳව ඉඩම් හා ඉඩම්  සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැති, නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්. බී දිසානායක මහතා සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

* කොරෝනා වසංගතය පාලනය කරන්න අවශ්‍ය තීන්දු තීරණ රජය විසින් නිසි වෙලාවේ ගත්තේ නැහැ කියන චෝදාවක් එල්ල වෙනවා. එම චෝදනාව ඔබ දකින්නේ කොහොමද?

රටක් එක සැරේට වහලා දානව කියන එක බරපතළ කාරණයක්. රටේ ආර්ථිකට, ආදායම, මිනිසුන්ගේ එදිනෙදා ජීවත්වීමේ රටාව, විදේශිකයන්ගේ පැමිණීම, විදේශවල ඉන්න දේශීය අයගේ පැමිණීම සියලු කාරණා ගැන බලන්න ඕනැ. මම නම් දකින්නේ අවශ්‍ය සියලු තීන්දු තීරණ නිසි වෙලාවට කලාවට ගත්තා වගේම ශක්තිමත් පාලනයකින් මෙය පාලනය කළා, කළමනාකරණය කළා කියන එකයි.

ලෝකේ බලවත් රටවල්වල පවා ව්‍යප්තිය වැඩිවෙද්දි මරණ වැඩි වෙද්දි අපිට හමුවුණ පළමුවැනි විදේශීය කාන්තාවගේ ඉදලා සියලු දේ නිසි ලෙස පාලනය කරගන්න සමත් වුණා. ඒ නිසා සියල්ල හොදින් සිදුවුණා. රට යළි යථා තත්ත්වයට පත්කරන්න හැකිවෙලා තිබෙනවා.

* ලෝකයේ මෙවැනි තත්ත්ව ඇති වුණාම එම රටවල් පාර්ලිමේන්තුව රැස්වෙලා තීන්දු තීරණ ගන්නවා. ඇයි අපේ රටට බැරි වුණේ ඒ පාර්ලිමේන්තුව යළි කැඳවලා මෙය පාලනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගන්න?

එහෙම අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ.ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයත්, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, රාජ්‍ය නිලධාරීන් නිසි වැඩපිළිවෙළක් යටතේ මෙය පාලනය කරගෙන ගියා. අනිත් කාරණය තමයි ඒ මොහොතේ වැඩි බලයක් තිබුණ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු සැසියෙදි උත්සාහ කළේ බොරදියේ මාළු බාන්නයි. අපි දැක්කා මිලියන 700-800ක් මිනිස්සුන්ට ගෙවන්න තිබෙනවා. රාජ්‍ය ආයතනවලින් පෞද්ගලික අංශවලට ගෙවන්න තිබෙනවා.

කොන්ත්‍රාත්කරුවන්ට, සැපයීම්කරුවන්ට, වැඩකරපු අයට, ව්‍යාපාරිකයන්ට, බෙදාහරින්නන්ට විශාල මුදලක් ගෙවන්න තිබෙනවා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට අවශ්‍ය වුණේ පොඩි පරිපූරක ඇස්තුමේන්තුවක් සම්මත කරගෙන මිනිස්සුන්ගේ මේ මුදල් දෙන්න. කොන්ත්‍රාත්කාරයට සල්ලි ගෙව්වම ඒ අයගෙන් යැපෙන, ඊට සම්බන්ධ රැකියාව ඉන්න අයගේ අතටත් සල්ලි යනවා. එය ගෙවන්න තමයි ඒ ඇස්තුමේන්තුව දැම්මේ. හැබැයි ඒ හසල අවබෝධය, දැනුම, බුද්ධිය, අධ්‍යපනය නැති සජිත් ප්‍රේමදාස හැසිරුණේ හිස් ටින් එකක් වගේ.

රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත් එහෙම කරාවි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතුමට දේශපාලනය ගැන හසල දැනුමක්, උගත්කමක් තිබෙන නිසා. යළි පාර්ලිමේන්තුව නොකැඳවන්න එයත් එක් හේතුව වුණේ. පාර්ලිමේන්තුව වැසී තිබුණ තරමට විධායක ජනාධිපතිවරයට තීන්දු තීරණ ගැනීමේ ශක්තිය වැඩිවෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුට ගිහින් බොරුවට කෑ ගහලා ගොන්පාට් දැම්මා කියලා පලක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව රැස් කළා කියලා රෝගයට බෙහෙත් හදන්නත් බැහැ නේ.

* මෙවැනි වසංගතයක් ව්‍යාප්ත වෙද්දි, විපක්ෂයත් මැතිවරණය තියන්න එපා කියද්දි ආණ්ඩුව මැතිවරණය තියන්න කටයුතු කරන්නේ ඇයි? ඒ කියන්නේ දවසින් දවස ආණ්ඩුව පිරිහීමකට ලක්වෙයි කියන බයටද?

අප මැතිවරණයකට යන්න බොහෝ දේ කරලා තියෙද්දි තමයි මෙම වසංගතය ලංකාවට ආවේ. ඇත්ත. මැතිවරණයකට යන්න හදිසියක් තියෙනවා තමයි. මේ දුවන්නේ අයවැයක්, ඇස්තුමේන්තුවක්, සැලැස්මක් නැතුව. එහෙම රටකට අයාලේ යන්න බැහැ. එහෙම රටක් එක්ක ජාත්‍යන්තර ආයතන, ලෝක බැංකුව, මූල්‍ය ආයතන ගනුදෙනු කරන්න සූදානම් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් ස්ථාවර රජයක් හදා ගැනීම අත්‍යවශ්‍යයි. විපක්ෂය කොහොමත් මැතිවරණවලට බයයි. ඒ අයගේ පාලන කාලයේ මැතිවරණ තිව්වේ නැහැ. නැතුව රටට ජනතාවට ආදරෙන් නෙවෙයි ඒ අය මැතිවරන තියන්න එපා කියන්නේ. මැතිවරණවලට තියෙන බිය නිසයි.

* කොරෝනා වසංගතය කාලයේ රජය කළ ලොකුම කාර්යය පරිප්පුවල, සැමන්වල මිල අඩු කරපු එක විතරයි. ජන ජීවිතය නගාසිටුවන්න හැකිය කියන බොළඳ තැනකයි ආණ්ඩුව හිටියේ කියන කාරණාව විපක්ෂය ඉස්මතු කරනවා?

මෙයින් ජන ජීවිතය නගාසිටුවන්න පුළුවන් කියන එක නෙවෙයි. ජනතාව එදිනෙදා වැඩිපුර පරිභෝජනයට ගන්න දේවල් තමයි ඒ අඩු කළේ. රුපියල් 160 විතර තිබුණ, රුපියල් 350ට විතර තිබුණ පරිප්පු, සැමන්. රුපියල් 65ට, රුපියල් 100ට දෙනවා කියන්නේ එය ලොකු සහනයක්. ඒ විතරද? ඉන් පස්සේ සෑම අංශයකටම සහන රැසක් දුන්නා. පවුල් ලක්ෂ හැත්තෑවකට වැඩි සංඛ්‍යාවකට මාසිකව රුපියල් 5000 දීමනාවක් ලබාදුන්නා. ඇතැම් තැන්වලට වියළි සලාක පවා ලබාදුන්නා. ලබාදෙන්න පුළුවන් හැම ආකාරයෙන්ස මහන ලබාදුන්නා. ඔය කියන අය සැමන්, පරිප්පු නොකෑවට ගම්වල ජනතාව වැඩිපුර කන්නේ ඒ දේවල්. විපක්ෂයට එය සහනයක් නොවුණට ජනතාවට එය සහනයක්. ඒක තමයි සමහරු බැන බැන ගිහින් හොරාට ඒ දේවල් අරගත්තේ.

* එහෙත් ලෝක වෙළෙඳපොළේ අඩු වුණ තෙල් මිලේ වාසිය ලංකාවේ ජනතාවට දෙන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ?

තෙල් මිලේ වාසියෙන් තමයි රජය බොහෝ දේ කළේ. අපට ආර්ථික ගැටළුවක් තිබෙනවා. ඒක පිළිගන්න ඕන. අනික මහින්ද මහත්තයා මෛත්‍රීපාල මහත්තයට රට බාර දෙද්දි සියයට හතක පමණ ආර්ථික වර්ධන වේගයක් පැවතුණා. බිලියන දහ අටට තිබුණ ආර්ථිකය බිලියන හැත්තෑ අටට ගෙනිච්ච ආර්ථිකයක් තිබුණා.

අප දකුණු ආසියාවේ වේගයෙන් දියුණු වෙන රටක්, එහෙත් මෛත්‍රීපාල මහතා ගෝඨාභය මහතාට රට බාරදෙද්දි දකුණු ආසියාවේ අඩුවෙන්ම සංවර්ධනය වෙන රටක් බවට ලංකාව පත්වෙලා තිබුණා. ආර්ථිකය කඩා වැටිලා, සංවර්ධනය ඇනහිටලා, සමස්ත ලෙස ගත්තම විනාශ වෙච්ච රටක්, දින 50 ආණ්ඩුව වෙලාවේ පී.බී ජයසුන්දර, මම සහ තවත් විශේෂඥයෝ කණ්ඩායමක් යම් තක්සේරුවකට ආවම දැක්කේ බිලියන පන්සියයක් විතර මේ ආර්ථිකයට ඉක්මනින් දාන්න ඕන කියන එක. ආර්ථිකය හිරවෙලා. නැවතිලා. ආර්ථික මැෂිම දුවන්නේ නැහැ. එහෙම වුණාම කාගෙවත් අත්වල සල්ලි නැහැ. දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ ජර්මනියට ඕක වුණා. ප්‍රෑන්ක්, ඩොලර්, පවුම් කඩා වැටුණා. යෙන් එක අගයක් නැති තත්ත්වයට ගියා. හැබැයි ඒ ආර්ථික විශේෂඥයෝ කළේ මිනිසුන්ගේ අතට ඉක්මනින් සල්ලි යන ක්‍රම සකස් කලා.

ජර්මනිය එක පිරිසකට ඇළවල් කපන්න සල්ලි දීලා තවත් පිරිසකට ඇළවල් වහන්න සල්ලි දුන්නා කියල තමයි ඒ ආර්ථිකය කියන්නේ. මම දින 50 ආණ්ඩුවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති. මගේ මුල්ම රැකියාව එකවුන්ටන්. ගණකාධිකරණය පිළිබඳ විශේෂ උපාධියක් තමයි කළේ. මම පොත් අරන් බැලුවම මගේ අමාත්‍යාංශයයේ මිලියන 60000ක් තියනවා ගෙවලා නැහැ. විදේශ සමාගම් වැඩ ඉවර කරලාත් ඔවුන්ට සල්ලි ගෙවලා නැහැ. මම ඒ මුදල් ගෙවන්න ගත්තා. ඒ අය නැවත වැඩ පටන් ගත්තා. යළිත් සංවර්ධන කටයුතු පටන් ගත්තා. රට සංවර්ධනය කරා යන්න පටන් ගත්තා.

* විපක්ෂය නම් කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණ ණය ගෙවලා ශක්තිමත් රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට බාරදුන්නේ කියලා?

ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. අපිටත් වඩා ජනතාව දන්නවා ඒ අයගේ ශක්තිමත්කම. එහෙම වැඩ කළානම් ඇයි නියමිත කාලේටත් කලින් යන්න වුණේ. රජපක්ෂ ආණ්ඩුව කාලේ ගත්ත ණයවලින් රට සංවර්ධනය කළා. දැවැන්ත වේගයකින් සංවර්ධිත රටක් බවට පත් කරමින් තිබුණා. යහපාලන ආණ්ඩුව ඇවිත් ණය ගත්තා. හොරකම් කළා. යාළුයෝ අතර බෙදාගත්තා. හැබැයි රටට නම් කළ කිසි සෙතක් නැහැ.

* ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තිබුණ යම් අර්බුදකාරී තත්ත්වයක් දකින්න ලැබුණා. පක්ෂ දෙකේ අය විවේචනය කරගන්නවා දැක්කා. එය දැන් සමතයකට පත් වෙලා තිබෙන්නේ?

එහෙම ලොකු අර්බුදයක් තිබුණේ නැහැ. ඔය එක එකකෙනා කියන යම් යම් කතා හින්ද තමයි එකි නෙකා අතර හිත් රිදීම් ඇති වුණේ. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්මය මෙය නිසි ලෙස කළමනාකරණය කරලා කිසිවකුට අසාධාරණයක් නොවන විදියට සියලු දේ විසදුවා. ඇමැතිවරුන් 15ක් පත්කරද්දිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසි අවාසියක් වෙන්න දුන්නේ නැහැ. පොඩි ප්‍රශ්න එකක් දෙකක් ආවට ඉතා හොඳ අවබෝධයකින් ගමනක් යනවා. අද අපි එකටයි තරග කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනාමත් අපිත් එක්ක එකටයි ඉන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ තියෙනව වගේ අර්බුද අප අතර කොහොමත් නැහැ.

* ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්ද ශක්තියක් වුණා. එහෙම ලැබුණු හයිය අද අවශ්‍ය නැද්ද?

ඔව්. යම් ප්‍රමාණයකින් එය ශක්තියක් වුණා. මම නැහැ කියන්නේ නැහැ. එහෙම කියලා මස් රාත්තලම දෙන්න බැහැ නේ. අපි ඒ අයගේ ශක්තියත් බලන්න ඕනැ. පළාත් පාලන මැතිවරණයෙදි අපි ලක්ෂ පනහක් ගන්නකොට ඒ අය ගත්තේ ලක්ෂ දාහතරක් විතරයි. ඒ දාහතරෙත් වැඩිපුරම තිබුණේ දෙමළ, මුස්ලිම ඡන්ද. ඒ ඡන්ද නම් ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මහතාට වැටුණේ නැහැ. අපි දේශපාලනය කියවන, ප්‍රායෝගිකව අත්විඳින නිසා මේ කියන්නේ ඇත්ත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණයෙදි අරන් දෙන්න පුළුවන් වුණේ ලක්ෂ පහකට අඩු ගානක්. දැන් අපි එකට ගමනක් යන්නේ. ඒ නිසා මහ මැතිවරණයත් විශිෂ්ට ලෙස තුනෙන් දෙකේ බලයක් සහිතව දිනන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා.

* ජනාධිපතිවරයා පදවි ප්‍රාප්තියේදී කළ කතාවෙදි ජාතිකවාදය ගැන කතා කරනවා. එහෙම ජනාධිපතිවරයා කතා කරද්දි සියලු ජාතීන් නියෝජනය කරන නුවරඑළියෙන් තරග කරන ඔබට එය කුමන අයුරින් බලපායිද?

මට නුවරඑළියට යන්න කිව්වේ ලොකු දෙයක් බලාපොරොත්තුවයි. අනික මම නුවරඑළියට අලුත් කෙනෙක් නෙවෙයි. මම සිංහල, දෙමළ, මුස්ලිම් වගේම අනෙක් ජාතීන් එක්ක සමගිව, සුහදව වැඩ කළ කෙනෙක්. ඉතා පැහැදිළියි ජනාධිපතිවරණයෙදි බහුතරයක් සිංහල ඡන්දවලින් තමයි එතුමා ජයග්‍රහණය කළේ. එය පළාත් පාලන ඡන්දයෙදි නුවරඑළියෙන් පේනවා. පළාත් පාලන මැතිවරණයෙදි අපි නුවරඑළිය දිනනවා. ජනාධිපති මැතිවරණයෙදි ලක්ෂයකට එකහමාරකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරදිනවා. හැබැයි ජනාධිපතිතුමා ඊළග වාක්‍යයෙන් කියනවා ඒ වුණාට මම සියලුම දෙනාගේ ම ජනාධිපති කියලා.

මට ජාති, ආගම් භේදයක් නැහැ. රටේම ජනාධිපති මම කියලා. අනිත් එක නුවරඑළිය ජනතාව මගේ දේශපාලනය දන්නවා. වතුකරයට රැකියා දුන්නේ, සමෘද්ධි නිලධාරීන් පත් කළේ, ගුරුපත්වීම් දෙන්න බැරි වුණාම සමෘද්දි රැකියාවල් දීලා පාසල්වලට දැමමේ, වතුකරයේ විශාල වෙනසක් සිදුකළේ මමයි. ඇතැම් මැතිවරණවලදි අපි හැම පැත්තක්ම පරදිද්දි හඟරන්කෙත විතරක් දිනාගත්ත අවස්ථා පවා තිබිලා තිබෙනවා. ජනාධිපවරයා අද කාටත් එක විදියට සලකන්නේ කියලා සියලුම ජනතාව අවබෝධ කරගෙනයි ඉන්නේ.

* ජනාධිපතිවරයා පත් වෙලා මාස ගණනක් ගෙවිලා. එහෙත් දැනෙන යමක් කරන්න තවමත් සමත් වෙලා නැහැ කියන චෝදනාව ඔබ දකින්නේ කොහොමද?

ජනාධිපතිවරයා පත් වුණාට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තිබුණද. වෙලාවට මහින්ද මහත්තයට අගමැතිකම ලැබුණ නිසයි මෙහෙම හරි වැඩ කරන්න පුළුවන් වුණේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂක ඇමැතිකම පවා ගලවලා. ඒ නිසා වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් ඉක්මනින් හදාගන්න ඕන. දැන් ඒකට මිනිසුන්ට අවස්ථාව ලැබී තිබෙනවා. ජනතාව ජනාධිපතිවරයා ශක්තිමත් කරන්න පුළුවන් ආණ්ඩු බලයක් අපට මේ සැරේ ලබාදෙනවා.

* ඉදිරි කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කය දියුණු කරන්න, සංවර්ධනය කරන්න ඔබ සතු සැලසුම් මොනවද?

නුවරඑළිය කියන්නේ මේ ලංකාවේ තිබෙන ලස්සනම දිස්ත්‍රික්කය. සුන්දර කඳුවැටි, දියඇලි. ස්වභාව සෞන්දර්ය වගේම සංචාරක පරාදීසයක්. මම ක්‍රීඩා ඇමැති විදියට ඉද්දි අශ්ව රේස් පථය හැදුවා. නුවරඑළියේ නගරාධිපති දොඩම්පේ මහතා හොද දැක්මක් තියෙන නායකයෙක් විදියට එය දිගටම කරගෙන ගියා. නුවරඑළියේ එක සීසන් එකක් නෙවෙයි සීසන් කිහිපයක් හදන්න පුළුවන්. අශ්ව රේස් වලින්, කාර් රේස්වලින්, ගොල්ෆ්වලින්, මල්වලින් සහ තවත් සීසන් හදන්න පුළුවන්කම තිබෙනවා. ලෝකයේම ක්‍රීඩකයේ නුවරඑළියට ගෙන්වන්න පුළුවන්. හඟුරන්කෙතත් එක්ක සන්සන්දය කරද්දි නුවරඑළියේ ප්‍රශ්න තිබෙනවා.

 මට නුවරඑළිය ගැන ලොකු සැලසුම් තියෙනවා. මොකද මෙහි ගහක් ගලක් ගානේ මම දන්නවා. නුවරඑළියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වතුර. මේ විශේෂඥයෝ කියන පිරිස අපේ වගාවන් විනාශ කරලා දාලා ෆයිනස් ,ටර්පන්ටයින් ඉන්දලා මුළු භූමියම කාන්තාර කරලා තිබෙන්නේ. මගේ ගේ වටේ ඇලක් තිබුණා දින තුන්සිය හැට පහේම ඒකේ වතුර තිබුණා. අපි පොඩි කාලේ බෝට්ටු යැව්වා. ඒත් දැන් ඒ ඇළවල් හිදිලා ගිහිල්ලා. මේ දේවල් නැවත ගොඩනගන්න ඕන. ඒකයි මම කිව්වේ ඒ සඳහා මගේ හිතේ සැලසුම් රැසක් තිබෙනවා.

* මහ මැතිවරණයෙන් විපක්ෂයට කුමන ආකාරයේ ඉරණමක් අත් වේවි කියලා ඔබ හිතනව ද?

අද විපක්ෂයක් කියල එකක් නැහැ. එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලිවලට කැඩිලා. අලියගෙන් කට්ටියක් යනවා. ටෙලිපොන් එකෙන් තව කට්ටියක් යනවා. සජිත් පිල මන්ත්‍රීධූර තිහක් හතළිහක් ගනිවී. රනිල් පිලත් දහයක් විතර ගනිවී. ජනතා විමුක්ති පෙරමුණ එකකට දෙකකට වැටේවි. මේ මැතිවරණයෙන් තමයි විපක්ෂයට අත් වෙන දැවැන්තම පරාජය හිමි වන්නේ. ඒ නිසා අපිට තුනෙන් දෙකේ බලයක් හදාගන්න කිසි අපහසුතාවක් නැහැ. මේ වෙනකොටත් අපි සාර්ථක වැඩපිළිවෙළක් යටතේ මැතිවරණ ව්‍යාපාරය ගෙනි යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගන්නවා. එය වළක්වන්න කාටවත් බැහැ.

නුවන් කොඩිකාර
ඡායාරූප විමල් කරුණාතිලක 

මංගල ඉවත් වුණේ පරාජය දැකලා

$
0
0
ජුනි 15, 2020 01:00

හිටපු රාජ්‍ය අමාත්‍ය,
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ශෙහාන් සේමසිංහ

මැතිවරණයට දින නියම වීමත් සමඟ ඉදිරි දේශපාලන කටයුතු සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආදිය සිදු වන ආකාරය, පොහොර හිඟය ඇතුළු ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීම, ආදි කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය, අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ශෙහාන් සේමසිංහ සමඟ කළ සාකච්ඡාවකි.

 තවමත් කොරෝනා ආසාදිතයන් හමු වන පසුබිමක ඇයි ආණ්ඩුව මැතිවරණයකට සූදානම් වෙන්නේ?

කොරෝනා රෝගීන් හමු නොවන පසුබිමක් හොයන්න ගියොත් වසර දෙකකට වඩා මේ රට වහන්න සිදු වෙනවා. දැනට දින හතළිහක කාලයක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වෙලා නෑ. මේ වන විට වාර්තා වෙන්නේ නාවුක හමුදාවේ හා පිට රටවල සිට මෙරටට පැමිණෙන අය. අපට අපේ රටේ ජනතාව රටට ඇතුළු කර නොගෙන ඉන්න බෑ. මේ තත්ත්වය හැර බාහිර සමාජයෙන් මේ වන විට රෝගීන් වාර්තා වීම් නෑ. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ විශේෂයෙන් වගකීමෙන් වැඩකරන පක්ෂයක්. අපි කටයුතු කරන්නේ උපරිම වගකීමෙන්, අප සියලු දේශපාලන කටයුතු කරන්නේ නිරෝධායන නීති ,රීතිවලට යටත්ව. ඒ වගේම සමාජ දුරස්ථ භාවයට හා සෞඛ්‍ය උපදෙස් අපි නිසි ලෙස පිළිපදිනවා.

මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බැරි මහජන සහයෝගය නැති අයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් දරන මත වෙනස්. අපට විශාල ශක්තියක් මෙන්ම දැඩි විශ්වාසයක් තිබෙනවා, මහජන සහය උපරිමයෙන් තිබෙන බවට. කොවිඩ් වසංගතය පැතිර නොයන ආකාරයට තමයි අපේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නන්වන්නේ.

කොරෝනා මර්දනයට රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව පැවසුවත් අ⁣මෙරිකානු තනාපති නිලධාරින්ට ඒ ක්‍රියාමාර්ග අදාළ නැහැ නේද?

එය අප අනුමත කරන්නේ නෑ. විශේෂයෙන් මෙහිදී රජය කඩිනමින් මැදිහත් වී මින් ඉදිරියට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සකස් කර තිබෙනවා.කොරෝනා අප කවුරුත් පුරුදු වී සිටි වසංගතයක් නොවෙයි. මේක ලෝකයම වෙලාගත් වසංගයක් ඇමරිකාව වගේ රටක තියෙන බරපතළ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරන්න තිබුණා.

මැතිවරණ ව්‍යාපාරය පුරා සෞඛ්‍ය අංශ උපදෙස් මත මැතිවරණ කටයුතු කිරීමට ඔබලාට හැකියාවක් තියෙනවාද?

ඔව්, අපට ඒ හැකියාව තියෙනවා. මං මුලින්ම කියු ආකාරයට අපි දැඩි වගකීමෙන් කටයුතු කරන පක්ෂයක්. ඒ වගේම ,දැඩි විනයක් අප අතර තිබෙනවා. කුඩා ළමයා පවා කොවිඩ් වසංගතය වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විමසිලිමත්වයි ඉන්නේ.

නොවැම්බර් මාසයේ 16 දා පැවැති මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නව ලක්ෂයක ජනවරමක් දුන්නා. ඒ සදහා මූලික හේතුව වුණේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි තැබූ විශ්වාසය. ඒ හැට නව ලක්ෂයට වඩා අපේ ඡන්ද පදනම අද විශාල ලෙස පුඵල් වී තිබෙනවා. විපක්ෂය තුළ ඇතිව තිබෙන බෙදීම් මෙන්ම කොවිඩ් මර්දනයට රජය ගත් පියවර නිසා ආණ්ඩුවට ජනතා ප්‍රසාදය වැඩිවී තිබෙනවා. ජනාධිපතිතුමා කෙරෙහි මෙන්ම රජය පිළිබ විශ්වාසයත් වැඩිවී තිබෙනවා. ඒ නිසා අපි මැතිවරණයට මුහුණ දෙනවා.

දහනව වන සංශෝධනයෙන් ගෙන ආ ස්වාධීන කොමිෂන් සභා මේ ආකාරයට විවේචනය කරන්නේ ඇයි ?

ස්වාධීන කොමිෂන් සභා වැඩ කළ යුත්තේ ස්වාධීනව වුණාට, මේවයේ ස්වාධීන බවක් නෑ. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයගේ සටන් පාඨ වුණෙත් ස්වාධීන කොමිෂන් සභා ඇති කරනවා කියලනේ. හැබැයි ස්වාධීන කියන කොමිසම් සභා ඇති කළේ දැඩි දේශපාලනිකව.මේ සදහා ඔවුන් මුලින්ම කළේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කිරීම. මේ ව්‍යවස්ථාදායක සභාවට එදා යහපාලන ආණ්ඩුවට ඕනෑ විදිහට තීන්දු තීරණ ගන්න පුළුවන් බහුතරයක් පත් කර ගත්තා. ආණ්ඩුවේ බහුතරය ආරක්ෂා කර දුන් ද්‍රවිඩ සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළත් කරගෙනයි ඔවුන් මෙය සකසා ගත්තේ. ඒ වගේම මේ හවුල් ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි සිටියා. ව්‍යවස්ථාදායක සභාව එක්සත් ජාතික පක්ෂයේ සභාවක් කරල තමයි මේ පත්වීම් කළේ. අදටත් ව්‍යවස්ථාදායක සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමටයි තිබෙන්නේ. එහි එකම නියෝජනය මහින්ද රාජපක්ෂ මහතා පමණයි. ඒ නිසා එතුමා පමණයි ජනතාව පැත්තේ හිටගෙන ඉන්නේ.

දහනව වන සංශෝධනයේ කොතනද ඔබතුමාලට ගැටලුව තියෙන්නේ?

දහනව වන සංශෝධනය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධාන සටන් පාඨය. ඉන් ගෙන ආ කොමිෂන් සභා ස්ථාපිත කළේ දේශපාලනීකරණය කරලයි. එදා ඒ කොමිෂන් සභා මෙහෙයවූයේ ඒ ආණ්ඩුවට ඕනෑ විදිහට. යහපාලනය නිර්මාණය කළ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් තමයි මෙහි සාමාජිකත්වය දරන්නේ. ඒවායේ නම විතරයි ස්වාධීන, බොහොම කනගාටුදායක තත්ත්වයක් මේ කොමිෂන් සභා මඟින් ඇතිව තිබෙනවා.

විශේෂයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය, ගෞරවය, පිළිගැනීම අද සම්පූර්ණයෙන්ම නැති වී තිබෙනවා. මහාචාර්ය හූල් ඉස්සරහට දමාගෙන මේ අය ජාවාරම්කාර රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් හා මේ රට ප්‍රතික්ෂේප කළ විපක්ෂය වෙනුවෙන් කටයුතු කරනවා.

අද විවේචනය කළත් දහනව වන සංශෝධනයට ඔබ ඇතුඵ එදා විපක්ෂයේ සියල්ලන්ම අත ඔසවා සහය දුන්නා නේද?

වත්මන් විපක්ෂයටත් මෛත්‍රීපාල සිරිසේන එදා සිටි ජනාධිපතිතුම­ාටත් අප සිහිපත් කර දෙන්න කැමතියි, ඔවුන් මැරිලා ඉපදිලා වගේ කතා කළාට. අප මැරිලා ඉපදිලා නෑ. එදා දහනව වන සංශෝධනය ගෙනාවේ විසි වන සංශෝධනය මඟින් මේ රටේ ඡන්ද ක්‍රමය සංශෝධනය කරනවා කියලයි. ඉදිරි මැතිවරණය පවත්වන්නේ විසිවන සංශෝධනය අනුව බව ඔවුන් කීවා. මේ ආකාරයට පොරොන්දු කඩකරල රටේ ජනතාව නොමග යවල, අමු අමුවේ රවට්ටලා අද ඔවුන් අහනවා ඇයි දහනවයට ඡන්දය දුන්නේ කියලා.

මුලදී තුනෙන් දෙකක් ගැන කතා කළත් අද වන විට ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය නොමැති නිසා බහුතරය හෝ ලබා ගත නොහැකි බව විපක්ෂය පවසනවා?

කොරෝනා වසංගතය, නිසි ලෙස පරාජය කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ජනතා ප්‍රසාදයට ලක්ව තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ බෙදීම, ඔවුන්ගේ අසමගිය ජනතාව තේරුම් ගෙන තිබෙනවා. ජනතාවගේ එකම මතය තමයි ජනාධිපතිතුමා ගෙනගිය වැඩපිළිවෙළ නිසා අප ජිවතුන් අතර ඉන්නවා කියන එක. අද ගම්වලට ගියාම ජනතාව කියන්නේ අර දෙන්නා හිටියා නම් අපි මරණවලින් ඇමරිකාවටත් එහා යනවා කියලයි. අපිට බහුතර බලය ලබා ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. ජනතාව අපිට තුනෙන් දෙකද දෙන්නේ, ඉන් එහා ගිය බලයක්ද දෙන්නේ ඒ බලයත් එක්ක අපි ජනතා අපේක්ෂා ඉටු කරනවා.

විපක්ෂයට අද මොනවාද වෙලා තියෙන්නේ? මංගල සමරවීර මේ මැතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කළා. එතනම විපක්ෂය තවත් පරාජයක් ලබා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක මේ අය එදා විශාල පරාජයක් ලැබුවා. මංගල සංමරවීර කියන්නේ මේ රටේ දේශපාලනයේ මඩ කිං, ඒ වගේම ඔහු බොරු සමාජගත කළ අයෙක්, තවත් පැත්තකින් ජාතිවාදය. ආගම්වාදය මැතිවරණවලට ගෙනාවා.බුද්ධ ශාසනයට, හාමුදුරුවරුන්ට නිගා කළා.මේ ආකාරයට සමගි ජන බල වේගයේ ප්‍රධානියෙක් ඉවත් වන්නේ ඔවුන් පරාජය ලබන නිසයි.විපක්ෂය මෙවර අන්ත පරාජයක් නියත ලෙසම ලබනවා.

ඔබ ඔය විදිහට විපක්ෂයේ බෙදීමක් ති‍ෙයනවා කීවාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළෙත් පක්ෂ මෙන්ම මනාප බෙදීම් තිබෙනවා නේද?

මේ මැතිවරණ ක්‍රමය තුළ මනාප පොරය නැත්තේ කොහෙද?. විශේෂයෙන් ශක්තිමත් තරගයක් නැති පක්ෂයක මෙය ඉහළින්ම තියෙනවා.මනාප තරගය විපක්ෂයේ බෙදීමට ලඝු කරන්න බෑ ,ඒ වගේම ජනතාව ශ්‍රී.ල.නි.පය කෙරෙහි විශ්වාසයක් තබා නෑ. මොකද ඔවුන් එදා එ.ජා.ප. ප්‍රත්පත්ති වැලඳගත් නිසා. මේ රට විනාශ කරපු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් කියා ජනතා අප්‍රසාදයට ඔවුන් ලක්ව සිටියා. දැන් තිබෙන්නේ ජනතා මතයට පිටුපෑ කණ්ඩායම හා ජනතා මතය තුළ සිටි කණ්ඩායම අතර තරගය. ඔවුන්ට පුළුවන්නම් පොහොට්ටුව එක්ක තරග කරන අතරතුර ජනතා ප්‍රසාදය දිනාගෙන ජනතාවගෙන් සමාව ගෙන නැවත ඒ වැරැදි සිදු නොවන බවට සහතිකයක් දෙන්න, එවිට ජනතාව ඒගැන සිතා බලයි. තීරණය ඇත්තේ ජනතාව අතේ.මේ මැතිවරණයේදී ජනතාව අතීතයේ අපේක්ෂකයන් ක්‍රියා කළ අකාරයත් වත්මන් ක්‍රියාකාරිත්වයත් හොදට අධ්‍යයනය කර තීන්දුවක් දෙයි. මේක ජනතාවත් එක්ක විසඳා ගන්න බැරිව පොහොට්ටුවේ අයට දොස් පවරා වැඩක් නෑ.

මේ වන විට රට තුළ පොහොර ගැටලුවක් තියෙනවා නේද? ආණ්ඩුව මොකක්ද මේ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ගය?

පොහොර ගැටලුවක් තියෙනවා. මෙය ප්‍රධාන වශයෙන් නිර්මාණය වන්නේ මෙහෙමයි, යහපාලන රජය මිලියන 29,000ක් පොහාර සමාගම්වලට ගෙව්වේ නෑ. ඒ අය පරාජය වෙන්නේ වෙන නිසා ඒක කළේ. ඒ සමාගම්වලට 50% මුදල් ගෙවලයි අපි යළි පොහොර ගෙන්වීම ආරම්භ කළේ. අපි සතුටු වෙන්න ඕනෑ මේ රටේ ජනතාව අද කෘෂි කර්මාන්තයට විශාල ලෙස යොමුව තිබෙනවා. මේ ආණ්ඩුව මෙන්ම එහි නායකයන් කෙරෙහි තබා ඇති විශ්වාසය නිසයි එහෙම වී ඇත්තේ. අද තිබෙන ලොකුම ගැටලුව පොහොර බෙදා හැරීමේදී සිදුවන අක්‍රමිකතා. පොහොරවල අඩුවකුත් තිබෙනවා. ඒ අතරතුරේ අර ගැටලුවත් ප්‍රධාන වෙනවා. එහිදි තම හිතවතුන්ට වැඩි වශයෙන් පොහොර නිකුත් කිරීමක් මෙන්ම අහිංසකම ගොවීන්ට මිටියක්වත් නිකුත් නොකරන තත්ත්වයක් තිබෙනවා. ඒ අතරතුර කූට වෙළෙඳුන්නේ වැඩපිළිවෙළවල්ද ක්‍රියාත්මකයි. අපි මේ සියල්ල හදුනාගනිමින් යනවා. ඉතා ඉක්මනින් මේවාට විසදුම් ගේනවා. කොළඹ පොහොර ලේකම් කාර්යාලයේ ඉන්න අය සැබෑම ප්‍රශ්නය හදුනාගෙන නෑ.මේකේ වැරැද්ද අපේ ආණ්ඩුවට ගන්න බෑ. මහින්ද රාජපක්ෂ මහතා අඛණ්ඩව කන්න දහ අටක් 2015 වෙනකම් ලබා දීපූ යාන්ත්‍රණය යහපාලන රජය කැඩුවා. ගොවියාට ප්‍රසිද්ධියේ පයින් ගහපු උදවිය අද පොහොර ගැන කතා කිරීම ප්‍රශ්නයක්. ඒ අයට ගොවියා ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ වගේම ලබන මාස් කන්නය වන විට තිබෙන මේ සියලු මේ අඩුපාඩු සකස් කරගෙන ගොවියා වෙනුවෙන් උපරිම ලෙස කටයුතු කරනවා.

අමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ පිරිස් පලවා හැරි ආකාරය අනූව මේ ආණ්ඩුව මර්දනය පටන් ගෙන ඇතැයි දැන් චෝදනාවක් නැඟෙනවා?

වර්තමාන ආණ්ඩුව මර්දනයක් වෙනුවෙන් කිසිසේත් කටයුතු කරන්නේ නෑ වගේම එම අත්අඩංගුවට ගැනීම ගැන අපේ කිසිදු ගැටලුවකුත් නෑ. නමුත් එහිදී ක්‍රියා කළ ආකාරය අපි අනුමත කරන්නේ නෑ. මම දන්නේ නෑ පොලිසියට ඒ ආකාරයට හැසිරීමට කවුද නියෝග දුන්නේ කියා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ගැන අවධානය යොමුකර මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට කටයුතු කරයි. ඒ වගේම මේ උද්ඝෝෂණය කළේ අධිකරණ නියෝග නොතකා. ඒ අයටත් මෙයට වඩා දැඩි වගකීමෙන් කටයුතු කරන්න තිබුණා.ඒ අය ගැටුම්කාරී තත්ත්වයකට යාමටම මේ ආකාරයෙන් පැමිණි බවයි අපිට පෙනෙන්නේ. විරෝධතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා. නමුත් අධිකරණ නියෝගයට ගරු කළ යුතුයි. ඒ වගේම රටේ ලෝකයේ තත්ත්වය අවබෝධ කර ගත යුතුයි.

 

සංවාද සටහන - ඉන්දික පොල්කොටුව


යකාවැවට යක්කු ආ දා

$
0
0
ජුනි 15, 2020 01:00

ජීවිත හැත්තෑවක් බිලි ගත් කැබිතිගොල්ලෑව යකාවැව බස් බෝම්බ ප්‍රහාරයට අදට (15) වසර 14ක් සපිරේ.

දසක තුනක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී දසකයක් පසු වුව ද යුද්ධයේ කටුක මතක තවමත් ජන හදවත් තුළ රිදුම් දෙමින් පවතී. එකී මතක අතර, ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගේ කෲරත්වය ලොවටම පෙන්වූ කැබිතිගොල්ලෑව යකාවැව ඛේදවාචකය කිසිදා සුව නොවන වේදනාවකි. යකාවැව සිට ගමන් ගත් අහිංසක ගම් වැසියන් රැගත් ලංගම බස් රථයක් ඉලක්ක කර ගනිමින් කෝන්ගොල්ලෑව ප්‍රදේශයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් අපරැක්කේ සුදස්සී හිමියන් ඇතුළු ප්‍රදේශවාසීහු හැත්තෑ දෙනකු (70) මිය ගිය අතර, අසූ තුන් දෙනකු (83) තුවාල ලැබූහ.

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අහිංසකයන්ගේ පවුල්වල, ජීවත්ව සිටින සාමාජිකයන්ගේ හදවත්හි ඇඳි සදාකාලික වේදනාවේ කැළල මකන්නට සමතකු මිහිපිට නැති සේම, සිය සමීපතමයින් අහිමි වීමේ වේදනාවෙන් ඔවුන්ගේ දෙනෙත්වලින් උතුරා යන කඳුළු ගඟ නවතන්නටද කිසිවකුට නොහැකිය.

අගහිඟකම්, නැතිබැරිකම් මැද ගතේ සවියෙන් සිතේ විරියෙන් මහ පොළොව සමඟ පොරබදා උපයා ගත් සොච්චමෙන් ජීවිතය ගැට ගසා ගත් මේ අහිංසක මිනිසුන් යුද්ධයේ හවුල්කරුවන් හෝ ඊට වගකිවයුත්තන් හෝ නොවූ නමුත් කුරිරු යුද්ධය වෙනුවෙන් ලෙයින්, මසින්, ආත්මයෙන්ම වන්දි ගෙවීමට ඔවුනට සිදු විය.

දිනය 2006 වසරේ ජූනි මස 15 වැනිදා බ්‍රහස්පතින්දාවකි. එදත් වෙනදා මෙන් යකාවැව, හල්මිල්ලවැටිය, කණුගහවැව, තල්ගහවැව ආදී ගම්මානවල ජනතාව උදෑසනම තම අවශ්‍යතා සඳහා නිවෙස්වලින් නික්ම යෑමට, ගම හරහා ධාවනය වන එකම බසය වෙත යුහුසුලුව ගමන් කරන්නට වූහ. හමුදා භට පිරිස සුපුරුදු මාර්ග සෝදිසිය නිමා කර මාර්ගය දෙපස අනතුරක් නොමැති බව නිගමනය කළේය. එහෙයින් කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් 63 - 2548 බස් රථය තල්ගහවැව, යකාවැව ඔස්සේ උදෑසන හතට පමණ කැබිතිගොල්ලෑව දක්වා ගමන් ඇරඹීය.

බසය වෙනදාට වඩා විනාඩි කිහිපයක් ප්‍රමාද වී ගමනාන්තයට ළඟා වන සෙයක් පෙනෙන්නට තිබුණි. එයට හේතුව එදින වෙනදාට වඩා වැඩි මගීන් පිරිසක් බසයේ ගමන් කිරීමට මඟ දෙපස රැස්ව සිටීමයි. ඊට දින දෙකකට පෙර වව්නියාව, මහකච්චකොඩිය ගම්මානයේ ග්‍රාමාරක්ෂක භටයකු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මිය ගිය අතර, ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට තිබුණේ ද එදිනය. එම ග්‍රාමාරක්ෂක භටයා යකාවැව ගම්මානයේ මුල් පදිංචිකරුවකු වූ අතර ඔහුගේ අවමඟුලට සහභාගී වීම සඳහා යන ඥාතීහු විශාල පිරිසක් ද මෙම බසයට ගොඩ වී සිටියහ.

එපමණක් නොව එදින කැබිතිගොල්ලෑව මූලික රෝහලේ මාතෘ හා ළමා සායනය පැවැත්වෙන දිනය ද වූ බැවින් කිරිකැටියන් තුරුලු කරගත් මවුවරුන්ද බසයට ගොඩ වූයේ තම පුංචි පැටවුන්ගේ එන්නත් හෝ ප්‍රතිකාර කර ගැනීම සඳහාය.

උදෑසන 7.30 පමණ වන විට බසය හල්මිල්ලවැටිය ගම්මානය පසු කොට කොන්ගොල්ලෑව ගම්මානයට ළඟා විය. බසයේ ගමන් කළ යුතු මගීන් සංඛ්‍යාව හැටක් පමණ වුවද ඒ වන විට බසය තුළ මගීන් එකසිය හැටකට ආසන්න ප්‍රමාණයක් ගමන් කළහ. දැඩි ප්‍රවාහන අපහසුකම් නිසා නිරන්තරයෙන් පීඩාවට පත් වන ඔවුන්ට ගමන් කිරීමට මේ බස්රිය හැර අන් මගක් නොතිබුණු බැවිනි. මෙම බසයෙන් මෙසේ තෙරපෙමින් ගමන් කිරීම ඔවුන්ට අලුත් අත්දැකීමක් වූයේ ද නැත.

වේලාව පෙරවරු 7.45 පමණ විය. බසය කෝන්ගොල්ලෑව පසු කරමින් අලුත හැදූ පාරේ වේගයෙන් ධාවනය වෙමින් තිබිණ. මාර්ගය එක පසෙක ගම්මුන්ට බත සපයන කුඹුරු යායයි. අනෙක් පස වන රොදකි. බසය තුළ විටෙක පුංචි පැටවුන්ගේ අව්‍යාජ සිනහ හඬය. විටෙක හැඬීම්ය. අල්ලාප සල්ලාප ද අඩුවක් නොවීය. ඒ සියල්ල අතර බසයේ ගමන් ගන්නා මඟීන් අතරින් හැත්තෑ දෙනකුගේ (70) ඉරණම විසඳෙන මොහොත තව තවත් ළංවන බව කිසිවකුත් දැන සිටියේ නැත.

අසල වන රොද තුළ සැඟවී, මේ අහිංසකයන්ගේ ජීවිත උදුරා ගන්නට මාන බලමින් සිටි මිලේච්ඡ කොටි ත්‍රස්තවාදියාගේ ඇඟිල්ල දුරස්ථ පාලකය මත තද වූ සැණින් අධි බලැති ගල් වෙඩි දෙකක් පුපුරා ගියා වැනි හඬකින් ප්‍රදේශයම ගිගුම් දුන්නේ ය. අසුරු සැණකටත් වඩා අඩු කාලයකින් හෙට උපදින්නට සිටි දරුවන්, හය හතර නොදන්නා කිරි සප්පයන් ඇතුළු හැටහතර දෙනෙක් එක තැන එකවර මරු වැලඳ ගත්හ. යන්තම් පණනල බේරුණු අයගේ ළය පසාරු කරවන අඳෝනාවෙන් වාතලය සසල විය. බෝම්බ ප්‍රහාරයට හසුව අසල තිබූ බෝක්කුව ද කඩාගෙන මීටර් සියයක් පමණ ඇදී ගිය බසය මියගිය අය ද, ජීවත්ව සිටියවුන් ද එක මිටට ගෙන පෙරළී ගියේය.

මිනිත්තු කීපයකින් අසල ගම්වල ජනතාව එතැනට දිව ආහ. තවත් විනාඩි කීපයකින් ආරක්ෂක අංශ සාමාජිකයෝ ද පැමිණ බසයට යට වී සිටි තුවාලකරුවන් වහාම රෝහල් කරා ගෙන යෑමටත්, මිය ගිය අයගේ සිරුරු බසයෙන් ඉවතට ගැනීමටත් කඩිනමින් කටයුතු කළහ. විනාඩි කිහිපයක් ඇතුළත මේ අවාසනාවන්ත ඛේදවාචකය පිළිබඳ පුවත ශ්‍රී ලංකාව සහ ලෝකය පුරා පැතිර ගියේය.

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශවල උපදෙස් පවා පසෙක ලා කැබිතිගොල්ලෑව රෝහලට පැමිණ සිදු වී ඇති විනාශය සියැ'සින්ම දැක, මෙරට කුරිරු ත්‍රස්තවාදය අවසන් කරන බවට සපථ කළේය. එම පොරොන්දුව වචනයට සීමා නොකර සිය පාලන සමය තුළ කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමට ද කටයුතු කළේය.

යුද්ධය නිමා කර රටට සාමය උදා වී ඇති මේ මොහොතේ, එදා ඒ සඳහා ආරක්ෂක අංශවලට යෝධ ශක්තියක් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනපති වී සිටීම යුද්ධයෙන් බැට කෑ සියලු දෙනාගේ මෙන්ම සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ ද සිත්වලට මහත් අස්වැසිල්ලක් වනු නො අනුමානය.

ගාමිණි ජයසිංහ

 
 

මහාචාර්ය හූල්, මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරලා

$
0
0
ජුනි 15, 2020 01:00

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ජේ.යෝගරාජ්

ඩෑන් ටීවී සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මහාචාර්ය හූල් කළ ප්‍රකාශය බොහෝ පාර්ශ්වවලින් විවේචනයට ලක් විය. මාධ්‍යවේදියකු ලෙස මේ සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. පළමුවෙන්ම මම සිංහල භාෂාව සම්බන්ධයෙන් මහාචාර්යවරයා කළ ප්‍රකාශය පෞද්ගලිකව හෙළාදකිමි. සිංහල භාෂාව බහුතරයක් කතා කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 (1) ව්‍යවස්ථාවට අනුව නිල හා පරිපාලන භාෂාවකි.

මහාචාර්යවරයා කියා සිටියේ තමාට සිංහල තේරෙන්නේ නැති බවත් සිංහල භාෂාවෙන් ලියා ඇති කුණු කසළ කියවිය නොහැකි බවත්ය. මෙහිදී මතභේදාත්මක කාරණය නම්, පුද්ගලයකුට නොතේරෙන යමක් “කුණු කසළ” යනුවෙන් ලේබල් කළ හැක්කේ කෙසේද යන්නයි. ඔහු සිංහල භාෂාව අපකීර්තියට පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතන සඳහා මාධ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සැලකිල්ලට ගත යුතුය. එළඹෙන මහ මැතිවරණය සඳහා මාධ්‍ය මාර්ගෝපදේශ 36 ක් අඩංගු අසාමාන්‍ය ගැසට් පත්‍රයක් ජුනි 3 වනදා ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලදී. ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ සෑම මාධ්‍ය ආයතනයක්ම සිය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී හෝ රූපවාහිනියෙන් ප්‍රකාශයට පත් කිරීමේදී සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් ඕනෑම වැඩසටහනකදී නිවැරදි, සමබර හා අපක්ෂපාතී තොරතුරු සැපයිය යුතු බවයි.

ගැසට් පත්‍රය තවදුරටත් සඳහන් කරන්නේ, කිසිදු මාධ්‍ය ආයතනයක් මහජනතාව වෙත තොරතුරු බෙදා හැරීමේදී තරග කරන ඕනෑම දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට වෙනස් ලෙස සැලකෙන ආකාරයට ක්‍රියා නොකළ යුතු බවයි.

මේ ආකාරයේ ලියවිල්ලක් යවා ඇති මහාචාර්ය හූල් (මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස) තමාගේම මාර්ගෝපදේශය අමු අමුවේ උල්ලංඝනය කර ඇත. දේශපාලන පක්ෂයකට එරෙහිව ප්‍රකාශයක් කිරීමෙන් පැහැදිලිවම පෙනී යන්නේ ඔහු නියෝජනය කරන එම ආයතනය විසින්ම යවන ලද මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවයි. මහාචාර්යවරයා දෙමළ බසින් කතා කළේ බහුතරයක් සිංහලයන් තම ප්‍රකාශය තේරුම් නොගනු ඇතැයි අපේක්ෂා කරමිනි. සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා නමුත් සිංහල බොහෝ තැන්වල පරිපාලන භාෂාවක් වී තිබේ. 22 (1) වගන්තිය මගින් රටේ භාෂාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ පැහැදිලිව සඳහන් වේ.

22. (1) සිංහල සහ දෙමළ යනු ශ්‍රී ලංකාව පුරා පරිපාලන භාෂාවන් විය යුතු අතර සිංහල පරිපාලන භාෂාව වන අතර මහජන වාර්තා නඩත්තු කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල රාජ්‍ය ආයතන විසින් සියලුම ව්‍යාපාර ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරනු ලැබේ. දෙමළ භාෂාව භාවිතා කළ යුතු උතුරු හා නැගෙනහිර පළාත් හැර:

(අ) තම නිල ධාරිතාවයෙන් යුත් ඕනෑම නිලධාරියකු දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනයන් ලබා ගැනීම සහ සන්නිවේදනය කිරීම සහ ගනුදෙනු කිරීම;

(ආ) කිසියම් නිල ලේඛනයක්, වාර්තාවක්, ප්‍රකාශනයක් හෝ වෙනත් ලේඛනයකින් පිටපත් ලබා ගැනීමට හෝ ලබා ගැනීමට ඇති අයිතිය නීතිය විසින් පිළිගන්නේ නම්, එවැනි ලේඛනයක්, වාර්තාවක්, ප්‍රකාශනයක් හෝ වෙනත් ලේඛනයකින් පිටපතක් හෝ උපුටා ගැනීමක් ලබා ගැනීමට, හෝ එහි පරිවර්තනයක් දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් විය හැකිය.

(ඇ) කිසියම් නිලධාරියෙකු විසින් ඔහුට නිකුත් කිරීම සඳහා, එවැනි ලේඛනයක් හෝ එහි පරිවර්තනයක් දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගැනීම සඳහා ලේඛනයක් ක්‍රියාත්මක කරන්නේ නම්

22 (3) පවසන පරිදි, දෙමළ භාෂාව පරිපාලන භාෂාව ලෙස භාවිතා කරන ඕනෑම ප්‍රදේශයක, ඔහුගේ නිල හැකියාවෙන් කටයුතු කරන නිලධාරියෙකු හැර වෙනත් පුද්ගලයෙකුට, අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට සහ සේවා ලබා ගැනීමට අයිතිය ඇත. මෙම ලිපියේ (2) ඡේදයේ (අ), (ආ) සහ (ඇ) ඡේද, සිංහල හෝ ඉංග්‍රිසි භාෂාවෙන්.

මෙම අන්තර්ගත කරුණු යටතේ, දෙමළ භාෂාව කතා නොකරන අයගේ ප්‍රයෝජනය සඳහා පරිවර්තනය ලබා දීමට ඔහුට සදාචාරාත්මක වගකීමක් ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු එවැනි ප්‍රකාශයක් සිදු කර ඇත. තවද, සම්පූර්ණ නිවැරදි පරිවර්තන පිටපත ලැබෙන තුරු මහාචාර්ය හූල්ට එරෙහිව පරීක්ෂණ පැවැත්විය නොහැකි බව පවසන මැතිවරණ කොමිසමේ ස්ථාවරය පිළිගත නොහැකිය. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ ආයතනයක අවම වශයෙන් 5-10 පරිවර්තකයන් සිටිය යුතු යැයි අපේක්ෂා කෙරේ. මෙම විශාල ගැටලුව විසඳීම සඳහා නොපැහැදිලි නිදහසට කරුණක් ඉදිරිපත් කිරීම කිසිසේත් පිළිගත නොහැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවේ මහාචාර්ය හූල්ට එහි ස්වාධීන සාමාජිකයකු ලෙස කටයුතු කළ හැකිද නැද්ද යන්න පිළිබඳ සැකයක් මතු කරයි. මෙම මැතිවරණයේදී මැතිවරණ කොමිසමට ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කළ හැකිදැයි රට අසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 103 වන වගන්තිය මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමට මග පාදයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 වන වගන්තිය පහත පරිදි සංශෝධනය කෙරේ: - (1) එම වගන්තියේ (1) ඡේදය අවලංගු කිරීමෙන් සහ ඒ සඳහා පහත ඡේදය ආදේශ කිරීමෙන්: - “(1) මැතිවරණ කොමිෂන් සභාවක් තිබිය යුතුය (මෙහි ආණ්ඩුකරහත ම ව්‍යවස්ථා කවුන්සිලයේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත “කොමිෂන් සභාව” ලෙස හැඳින්වෙන පරිච්ඡේදය, ඕනෑම වෘත්තියක හෝ පරිපාලන හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන පුද්ගලයන් අතර වේ. එසේ පත් කරනු ලබන සාමාජිකයන්ගෙන් එක් අයෙකු මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියකු විය යුතු අතර ඔහු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස හෝ ඊට ඉහළින් සේවය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලයේ නිර්දේශය මත ජනාධිපතිවරයා එක් සාමාජිකයකු එහි සභාපති ලෙස පත් කළ යුතුය.

ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට වැඩි බලයක් ලබා දී ඇති අතර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී බලය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට පැවරී ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්ගේ බලය කලින් පැවති ව්‍යූහයට වඩා බොහෝ වෙනස් විය. යාපනයේ ස්වදේශික පසුබිමක් ඇති සහ යාපනය පිළිබඳ චතුර කථිකයකු වන දෙමළ කතා කරන පුද්ගලයකු වශයෙන්, මෙම නිරීක්ෂණ කිරීමට මට සියලු අයිතීන් ඇතැයි මම සිතමි.

 

ඔවුන් රණවිරුවන් ත්‍රස්තවාදීන් කළා

$
0
0
ජුනි 15, 2020 01:00
අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ

යහපාලන ආණ්ඩුව තිබුණ නම්, මෛත්‍රී, රනිල්, සජිත් තුන්දෙනාම කොරෝනා හදාගෙන අපටත් හදලා තමයි මේක කෙළවර කරන්නේ. කොරෝනා ප්‍රශ්නයේදී ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ගැන විපක්ෂය මොන දේ කිව්වත් ඇත්ත තත්ත්වය ජනතාව දන්නවා.

* මහමැතිවරණයට ඔබේත් පක්ෂයේත් සූදානම කෙබඳු ද?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අප මහ මැතිවරණයට සූදානම් වුණත් මැතිවරණයට වඩා ඒ ප්‍රශ්නයෙන් රට මුදා ගැනීම වැදගත් කියලා කොරෝනා ගැටලුවත් එක්ක ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මැතිවරණ වැඩ පැත්තක දාලා සියලු ශක්තීන් අපි කොරෝනා මර්දනයට යෙදෙව්වා. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒකාබද්ධව ගෙනගිය වැඩපිළිවෙළෙන් අපට සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගන්න පුළුවන් වුණා.

දැන් මම හිතන්නේ මැතිවරණක් පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ . මැතිවරණය කියන්නේ ජනතා පරමාධිපත්‍ය බලය ඉස්මතු වන අවස්ථාවක්. ඒ නිසා ජනතාවට ඔවුන් කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමට කඩිනමින් අවස්ථාව සලසා දිය යුතුයි. මැතිවරණයක් තුළින් තමන්ට කැමැති ආණ්ඩුවක් පත් කර ගන්න අවස්ථාව ලැබෙන කල් ජනතාවත් කැමැත්තෙන් ඉන්නවා. අද විපක්ෂයක් නැහැ. ආණ්ඩු පක්ෂය ඉතා ශක්තිමත්. අපට මැතිවරණයේදී නායකත්වය දෙන්නේ දෙවරක් විධායක ජනපති ධූරයත් තෙවරක් අගමැති ධූරයත් දරපු නායකයෙක්. වසර පනහක දේශපාලන අත්දැකීම් තියෙන මහින්ද රාජපක්ෂ මහතා යටතේ අපි මේ මැතිවරණයට සාර්ථකව මුහුණදී තුනෙන් දෙකක බලයක් ලබා ගන්නවා.

*ජනාධිපතිවරණයේදී සුළු ජනකොටස්වල ඡන්ද ඔබලාට හිමි වුණේ ඉතා අඩුවෙන්. ඒ තත්ත්වය මහ මැතිවරණයේදී වෙනස් කර ගන්න හැකියාව තිබෙනවා ද?

සුළු ජන කොටස් වගේම එක්සත් ජාතික පාක්ෂිකයනුත් අප සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන්. පසුගිය ජනපතිවරණයේදී සුළු ජනකොටස් වැඩි වශයෙන් වාසය කරන හාරිස්පත්තුව හා උඩුනුවර ආසනවලින් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් අප ලබා ගත්තා. හාරිස්පත්තුව අප ජයග්‍රහණය කළා. උඩුනුවර පරාද වුණේ ඉතාම සුළු ඡන්ද සංඛ්‍යාවකින්. මේ මැතිවරණයේදී අප නියත ජයක් ලබාගන්නවා. තමන්ගේ වටිනා ඡන්දය එජාපයට හෝ සමඟ ජනබලවේගයට ලබාදී අපතේ යවන්න සුළු ජනකොටස් කිසිඳු සූදානමක් නැහැ.

*එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තිබෙන බව ආණ්ඩුව පැවසුවත් පක්ෂිකයින් 98%ක් පමණම තමන් සමඟ සිටින බවයි සමඟි ජනබලවේගය පවසන්නේ. ඇත්තටම එජාපය දෙකඩ වී නොමැති බවත් එජාපයේ සිටි පිරිස් සමඟි ජනබලවේගය වටා ගොනුවීම නිසා අද නියම එජාපය තියෙන්නේ සමඟි ජනබලවේගය තුළ බවත් ඔවුන් කියනවා?

මේවා විහිළු කතා. අද එජාපයයි සමඟි ජනබලවේගයයි කරන්නේ ඒ ඒ අයට චෝදනා කරගන්න එක. අලියගේ කට්ටිය ටෙලිෆෝන් එකටත් ටෙලිෆෝන් කට්ටිය අලියටත් බැණබැණ ඉද්දී අපි අපේ ගමන යනවා. සියයට 98% ක් අපි ළඟ කව්වට ඔය දෙකම එකතුවෙලා ඉද්දිනේ ජනාධිපතිවරණය ඡන්ද ලක්ෂ 14කින් පරාද වුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ඡන්දය දුන්නා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ එතුමාට එදා ඡන්දය නොදුන් අයත් තමන් ගත් තීරණය වැරදි බව තේරුම් ගැනීමයි. මේ නිසා ජනපතිවරණයටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මහ මැතිවරණයේදී ලබා ගන්නවා.

* විපක්ෂයේ කණ්ඩායම්වලට ආණ්ඩු පක්ෂයෙන් එල්ල වන ප්‍රබල චෝදනාවක් තමයි සුළු ජනකොටස් නියෝජනය කරන පක්ෂවල නායකයින් සමඟ එකතු වී අන්තවාදය පෝෂණය කරනවා කියන එක. ඒ අතර ඔවුන් ඔබලාට චෝදනාවක් කරනවා සිංහල බෞද්ධ අන්තවාදය පෝෂණය කරමින් සුළු ජාතීන්ට හිරිහැර කරනවා කියලා?

මේක සිංහල බෞද්ධ රටක් කියන එක කවුරුත් පිළිගන්නවා. කාදිනල් තුමා පවා ඒක ප්‍රසිද්ධියේ සඳහන් කළා. ඒ පදනම මත සෙසු ජාතීන්ට සාමයෙන් සමඟියෙන් රට තුළ ජීවත් වීමේ පසුබිම පොදුජන පෙරමුණ විසින් ඇතිකර තිබෙනවා. කඳුකරය ගත්තම පාරවල් ටික හදලා විදුලිය දීලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිනුයි. එක්සත් ජාතික පක්ෂය ඉතා සූක්ෂ්ම ලෙස ජාතිවාදය පතුරුවන්න දක්ෂයි. මමත් එජාපය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්.

ඔවුන් සිංහල බෞද්ධ ජනතාවට එරෙහි ප්‍රකාශ කරමින් සුළු ජාතික පක්ෂවල සහය ලබා ගන්නා ආකාරය මම දැක්කා . එජාපය හිතුවා ඔවුන්ගේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය ආරක්ෂාකර ගනිමින් සුළු ජාතික ඡන්දවලින් වැඩි කොටස ගත්තොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. පසුගිය ජනපතිවරණයේදීත් ඒ විශ්වාසය තබාගෙන ඔවුන් ජයග්‍රහණය කරන්න සිහින දැක්කා. පාරම්පරික සිංහල බෞද්ධ එජාප පාක්ෂිකයින් පවා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ රට බරපතළ අනතුරක බව තේරුම් අරගෙනයි.

* කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කරන්න ආණ්ඩුව පියවර ගත්තේ ප්‍රමාද වෙලා කියලා චෝදනාවක් එල්ල වෙනවා?

ඒ චෝදනාව කරන අයට මම කියනවා, යහ පාලන ආණ්ඩුව තිබුණ නම්, මෛත්‍රී, රනිල්, සජිත් තුන්දෙනාම කොරෝනා හදාගෙන අපටත් හදලා තමයි මේක කෙළවර කරන්නේ. කොරෝනා ප්‍රශ්නයේදී ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ගැන විපක්ෂය මොනදේ කිව්වත් ඇත්ත තත්ත්වය ජනතාව දන්නවා. ජාත්‍යන්තරය පවා අප ගත් පියවර අගය කර තිබෙනවා.

* යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ රණවිරුවන් සිරගත කරමින් ජත්‍යන්තරයට පාවාදුන් බව ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවා දේශපාලන වාසි ගැනීමට ඔබලා උත්සාහ කරන බව විපක්ෂය පවසනවා?

සරත් ෆොන්සේකා හමුදාපතිවරයා හැටියට දේශපාලනයට ඇවිත් අද ඉන්න තැන බැලුවම මේ චෝදනාව කරන අයට හිතාගන්න පුළුවන් වේවි ඒ අයට අනාගතයේ හිමිවන තැන මොකක්ද කියලා. සරත් ෆොන්සේකා ගැන යුද හමුදාපති ලෙස මේ රටේ ජනතාව තුළ විශාල ගෞවරයක් තිබ්බා. දේශපාලනයට ඇවිත් එතුමා ඒක වින­ාශ කර ගත්තා. එජාපයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඊළඟට මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. එතුමාගේ පක්ෂය ලංකාවෙන්ම ගත්තේ ඡන්ද 28000 යි . පළාත් සභාවකටවත් යන්න ඒක ප්‍රමාණවත් නැහැ. යහපාලන ආණ්ඩුවට ත්‍රස්තවාදීන් හා රණවිරුවන් මාරු වුණා. ඒ ගොල්ලන් ත්‍රස්තවාදීන්ට රණවිරුවන් ලෙස සැලකුවා. රණවිරුවන්ට සැළකුවේ ත්‍රස්තවාදීන් වගෙයි. රණවිරුවන් ත්‍රස්තවාදීන් ලෙස දකින පක්ෂවලින් ඡන්ද ඉල්ලන්න ගිහින් යුද හමුදාවේ කීර්තිමත් නිලධාරීන් තමන්ට තියෙන ගෞරවය නැතිකර ගන්නවා.

* මැතිවරණ පෙත්සම් පරාජයට පත් වුණත් මැතිවරණය කල්දමා ගැනීමට හැකිවීම නිසා තමන් ජයග්‍රහණයක් ලබාගත් බවයි විපක්ෂය කියන්නේ?

විපක්ෂයේ වුවමනාවට මේක ගෙනාව බව රටම දන්නවා. ඉතිහාසය පුරා මේ රටේ මැතිවරණ ඉල්ලුවේ විපක්ෂය. අද විපක්ෂය මැතිවරණ එපා කියලා උසාවි යනවා. මම හිතන්නේ මැතිවරණ එපා කියලා උසාවි යන එකම විපක්ෂය තියෙන්නේ අපේ රටේ. ඔවුන් දන්නවා මැතිවරණයකට ගියොත් අන්ත පරාජයක් ලබන බව. කොහොම කොහොම හරි මැතිවරණය කල්දාන්න තමයි මේ අය මාන බැලුවේ. කොරෝනාවලින් ජනතාව රැක ගන්න කියලා ඒ මුවාවෙන් කරගන්න ගිය වැඩේ අධිකරණ තීණ්දුවෙන් බකල් වුණා. කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුනනේ. කොරෝනාවලින් ජනතාව රැක ගන්න වැඩේ ආණ්ඩුව කළා. විපක්ෂය ඒ ගැන අනවශ්‍ය කලබලයක් විය යුතු නැහැ. මැතිවරණය කල් යන්න යන්න විපක්ෂයේ ඡන්ද පදනම තවත් අඩු වෙනවා.

* පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සිටි ශ්‍රීලනිප අපේකෂකයින්ට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි අපේක්ෂකයින් දිගින් දිගටම පහර ගැසුවා. ඔවුන්ට ඡන්දය නොදෙන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. මෙවර ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්ව සිටින අයට පොදුජන පෙරමුණේ අපේක්ෂකයිටත් ඒ හැන්දෙන්ම බෙදයි කියලා සමඟි ජනබලවේගය කියනවා. ඔබත් එජාපයේ සිට පැමිණි අයෙක් නිසා මේ ගැන බයක් තියෙනවද?

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් ලෙස කටයුතු කළා. පසුව පළාත් සභාවට ආවා. පෞද්ගලික දේශපාලන කාරණාවක් මත මම එජාපයට එක්ව නාවලපිටිය ආසන සංවිධායකවරයා ලෙස 2015 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් වුණා. එජාපය ගැන කලකිරී මම පෙහොට්ටුවට එක් වුණේ 81 වැනි සාමාජිකයා ලෙසයි. මට තේරුණා රනිල් සජිත් ගැටුම කවදාහරි පුපුරලා යනවා කියලා. ඒ අයට තිබුණේ පෞද්ගලික අවශ්‍යතා විතරයි. රටේ මිනිස්සු ගැන මේ දෙන්නටම කැක්කුමක් නැහැ. ඇතුළේ අරගල කළත් වැඩක් වුණේ නැහැ. ආණ්ඩු පක්ෂය සතුව 2/3 ක බලය තිබියදී ඒක කඩලා විරුද්ධ පක්ෂයට ගිය පළමු මන්ත්‍රීවරයා මම. පක්ෂයේ නායකයින් වගේම ජනතාව දන්නවා මට සැලකිය යුත්තේ කෙසේද කියලා.

* කලක් එජාපයේ සිටි අයකු වන ඔබෙන් වඩා හොඳ රනිල්ද සජිත්ද කියා ඇහුවොත්?

මේ දෙන්නටම ජනතාව ගැන අවංක ආදරයක් කැක්කුමක් නැහැ. රනිල් නායකත්වයේ එල්ලී ඉන්න උත්සාහ කරනවා. සජිත් නායකත්වය ඩැහැ ගන්න මාන බලනවා. එජාපයේ අද සිදුව තිබෙන විනාශයට මේ දෙන්නම වග කියන්න ඕන. දෙන්නම රටේ නායකත්වයට සුදුසු නැහැ. ගෙදරකට ගියාම තේ ටිකක් බොන්නේ නැති නායකයෝ ජනතාවගේ දුක අඳුනන්නේ කොහොමද. පාර්ලිමේන්තුවේ මම නායකයෝ එක්ක අවුරුදු හතරක් හිටියා. ජනාධිපති,අගමැති සියලු දෙනා කන්නේ එකට. සජිත් එකට වඩිවෙලා කෑම කාපු දවසක් මම දැක්කේ නැහැ.

* ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පී. සී. ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපොළින් රට තුළට එනවා. අපේ කාලයේ වුණා නම් එහෙම ඇමරිකාවේ ගැත්තෝ කියලා අපට මොනතරම් චෝදනා එල්ලකරයිද කියලා අහන විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු අද ආණ්ඩුව ඇමරිකාව ඉදිරියේ දණ නමා ඇතැයි පවසනවා.

කොවිඩ්-19 පරීක්ෂණ වාර්තාවක් නොමැතිව කිසිවකුටත් රටට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිතුමා ක්ෂණිකව තීන්දුවක් අරගෙන තිබෙනවා. ලංකාවෙන් පිටතට යන්නත් බැහැ. ජාත්‍යන්තර වශයෙන් කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට ගන්නා නීති සැලකිල්ලට අරගෙනයි ජනපතිවරයා මේ තීන්දුව අරගෙන තියෙන්නේ. මෛත්‍රී, රනිල් හා රාජිත පාලනයේ හිටියා නම් කියයි ඇමරිකාවේ මෙච්චර මැරිලා තියෙනවා අපේ ගණන ප්‍රතිශතයක් ලෙස අඩුයි කියලා. තොණ්ඩමන් ඇමැතිවරයාගේ මළ ගෙදර අල්ලගෙන විපක්ෂය බොරුවට කෑගහනවා.

* ඔබත් ඔබගේ ඥාති සහෝදර මහින්දානන්ද අලුත්ගමගේත් ඔහුගේ මස්සිනා වන අනුරාධ ජයරත්නත් මනාප තුන බෙදාගෙන ඡන්ද ව්‍යාපාරය කරන බවට චෝදනාවක් එල්ල වෙනවා?

එකට ගියා කියලා මිනිස්සු එහෙම ඡන්දය දෙන්නේ නැහැ. මනාපය හදවතින් දෙන එකක්. කවුරුවත් කිව්වට මිනිස්සු කාටවත් ඡන්දය දෙන්නේ නැහැ. මහින්දානන්දට දෙන අය මට දෙන්නේ නැහැ. මට දෙන අය එයාට දෙන්නේත් නැහැ. අපි දෙන්නටම මානාප දෙන අයත් ඇති. මම චිට් එකෙන් ප්‍රාදේශීය සභාවටවත් පළාත් සභාවටවත් පාර්ලිමේන්තුවටවත් ගිහින් නැහැ. ජනතා ඡන්දය විශ්වාස කරලා තමයි හැමදාම මැතිවරණවලට ඉදිරිපත් වුණේ. අපි සහයෝගයෙන් මැතිවරණ ව්‍යාපාරය කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහනුවරින් විශිෂ්ට ජයක් ලබා දෙනවා. මනාප ලබා ගැනීමේ ඡන්ද ව්‍යාපාරය කෙරෙන්නේ කණ්ඩායම් විදිහට නෙවෙයි පෞද්ගලික මට්ටමින්.

 

කොරෝනා ලංකාවට ගෙන්වා ගත්තා

$
0
0
ජුනි 15, 2020 01:00
අසේල කුරුළුවංශ

ජාතික සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක
විශ්‍රාමික මේජර් ජනරාල් නිශ්ශංක රණවන

අපට වඩා ප්‍රශ්න තිබෙන්නේ පොදුජන පෙරමුණ ඇතුළෙ. මැතිවරණයට දින නියම වෙලා මනාප අංක දුන්නට පස්සේ පොහොට්ටුවේ කලින් ඉඳලා හිටපු අය ශ්‍රීලනිපයේ අයට ගහන ගැහිල්ල බලන්න. 2015 මහ මැතිවරණයේදීත් ඒක වුණා.

* ඔබ යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට සම්බන්ධ වූ රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන බව පසුගිය යහ පලාන ආණ්ඩුවට එල්ල වූ ප්‍රධාන චෝදනාවක්. එසේ තිබියදී ඔබ ඇයි එම ආණ්ඩුව නියෝජනය කළ දේශපාලන කණ්ඩායමක් සමඟ එකතු වුණේ?

මේ චෝදනා සාවද්‍යයි. කිසිම රණවිරුවෙක් එහෙම හිරේ දාලා නැහැ. 2010න් පසුව සිදුවුණු යම් යම් සිදුවීම්වලට සම්බන්ධ හමුදා සාමාජිකයින්ට තමයි නීතිය ක්‍රියාත්මක කළේ. තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එත්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයර්ට පහරදීම වැනි සිදුවීම්වලට හමුදා සාමාජිකයින් සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් තමයි නීතිය ක්‍රියාත්මක වුණේ.

* යුද්ධය ජයග්‍රහණය කිරීමට දායකත්වය දුන් අපේ හමුදා සෙබළුන් ජාත්‍යන්තරය හමුවේ පාවාදෙන බවට චෝදනා එල්ල වුණා නේද?

2010-2015 කාලවලදී අපේ යුද හමුදා සාමාජිකයින්ට බටහිර රටවලට යන්න ලැබුණේ නැහැ. මගේ පාස්පෝට් එක ඇමරිකන් එබ්බසි එකේ මාස තුනක් තියා ගත්තා. මට ඒ කාලේ රට යන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ යහපාලන රජයේ ප්‍රතිපත්ති නිසා මට විදේශ රටවලට යන්න අවස්ථාව ලැබුණා. ඒ ඇරෙන්න පාවාදීමක් සිදුවුණේ නැහැ.

* ඔබ මුලින් එක්සත් ජාතික පක්ෂයට එකතු වී පසුව සමඟි ජනබලවේගය සමඟ එකතු වුණා. මේ කණ්ඩායම තෝරගන්න විශේෂ හේතුවක් තිබෙනවා ද?

මම ප්‍රතිපත්තිමය වශයෙන් ජාතිවාදයට අන්තවාදයට විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට එක මේසේ ඉඳන් තමන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් පක්ෂය. මම මගේ දේශපාලනය එතනින් ආරම්භ කළා. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සමඟ ජනබලවේගය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමත් සමඟ මම ඔවුන් සමඟ එක් වුණා. සියලු ජනතාවට සාමානව සලකන කණ්ඩායමක් සමඟ තමයි මම දේශපාලනය කරන්නේ. එජාපය කවදාවත් සිංහල බෞද්ධකම පාවාදුන්නේ නැහැ.

*ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම මේ රටේ සුළු ජාතිකයින්ට නොසලකා හරිනවා කියලද ඔබ කියන්නේ?

මම කෙළින්ම ඒක කියන්නේ නැහැ. නමුත් සිංහල බෞද්ධ අන්තවාදය පෝෂණය කරන පිරිස් එම කණ්ඩායම සමඟ ඉන්නවා . ජාති හා ආගම්වාදී ප්‍රකාශ සුළු ජාතීන්ට එරෙහිව කටයුතු කරමින් මහ ජාතිය දිනා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා.

* ඇයි එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුණේ ඇයි?

සමඟි ජනබලවේගය ගොඩනැගුණේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිව මත. සජිත් අගමැති අපේක්ෂකයා වුණෙත් ඒ අනුවයි. මේ සියල්ල හොඳින් සිදුවෙද්දී ලාංඡනයක ප්‍රශ්නයක් මතුකරගෙන සජිත් පාර්ශ්වයේ කකුලෙන් ඇද්දා. මේක තමයි පක්ෂය දෙකඩ වීමට හේතු වුණේ. රනිල් කියන්නේ ජත්‍යන්තරය පිළිගත් නායකයෙක්. නමුත් ඔහුට මේ රටේ ජනතාවගේ පාක්ෂිකයාගේ පිළිගැනීම දිනාගන්න හැකියාවක් නැහැ. මාළුවා කොච්චර වටිනා එකෙක් වුණත් වතුර නැත්නම් උගේ ආයුෂ ඉවරයි. ඒ වගේ තමයි දේශපාලනඥයකුට ජනතාවගේ ආදරය ඕනැ. නැත්නම් ඒ දේශපාලනඥයාගේ දේශපාලන ගමන ඉවරයි.

* අන්තවාදය පෝෂණය කළ බවට චෝදනා එල්ල වුණු රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වැනි අය සමඟි ජනබලවේගය සමඟ එකතුවීම නිසා අද එජාපය අන්තවාදී ලේබලයෙන් මිදී ඇති බව කියනවා

මේක හරියට නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතාවක්. රිෂාඩ් හා හකීම් දැන් සමඟි ජනබලවේගයෙන් තමයි නාම යෝජනා අත්සන් කරලා තියෙන්නේ. ඒත් මේ අය මුලින්ම එජාපයට ගියා නම් බාර නොගෙන ඉඳියි ද?

* එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහ මැතිවරණයේදී පහසු ජයක් හිමි වන ලකුණු තිබෙනවා නේද?

මේක දෙකඩ වෙන්න නම් පාක්ෂිකයෝ 50%-50% ලෙස බෙදෙන්න ඕන. එජාපයේ 98%ක් පමණම සමඟි ජනබලවේගය සමඟ එකතුවී අවසානයි. අපට වඩා ප්‍රශ්න තිබෙන්නේ පොදුජන පෙරමුණ තුළයි. මැතිවරණයට දින නියම වෙලා මනාප අංක දුන්නට පස්සේ පොහොට්ටුවේ කලින් ඉඳලා හිටපු අය ශ්‍රීලනිපයේ අයට ගහන ගැහිල්ල බලන්න. 2015 මහ මැතිවරණයේදීත් ඒක වුණා.

* මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන නැහැ කියලා ආණ්ඩුපක්ෂය කරන චෝදනාව පිළිගන්නවද?

මැතිවරණ කොමිෂන් සභාව නොතිබුණා නම් මේ ආණ්ඩුව මැතිවරණය පවත්වලා. එහෙම වුණා නම් රට පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙනවා. මැතිවරණය කල්දැමීම ගැන අපි මැතිවරණ කොමිෂන් සභාවට ස්තූතිවන්ත වෙනවා. කොමිෂන් සභාව ස්වාධීන නිසයි ආණ්ඩුවේ බලපෑමට යටත් නොවී මේ වගේ තීරණයක් ගත්තේ.

* මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහචාර්ය හූල් මහතාගේ ප්‍රකාශ තරමක් ආන්දෝලනාත්මකයි නේද?

යම් යම් අවස්ථාල හූල් මහතාගේ ප්‍රකාශ ප්‍රශ්නසහගතයි. තුන්දෙනෙක් ඉන්න තැන එක් අයෙක් කරන ප්‍රකාශ පදනම් කරගෙන ආණ්ඩුව මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන නැහැ කියනවා නම් ඒක වැරදියි. හූල් මහතා කරන ඇතැම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව කණ්ඩායමක් විදිහට ගන්නා තීරණවලට අයහපත් ලෙස බලපාන බවක් මට පේනවා.

ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවයි ආණ්ඩුව කියන්නේ. පෙත්සම් ප්‍රතික්ෂේපකර තිබියදී මැතිවරණය කල්දමා ගැනීමට හැකිවීම ජනතා ජයග්‍රහණයක් කියලා සමඟි ජන බලවේගය කියනවා.

ඇත්තටම ජූනි 20 ඡන්දය නොපවැත්වීම ජනතාව ලද ජයග්‍රහණයක්. මේ තීන්දුව සම්බන්ධව රතිඤ්ඤා පත්තුකරන්න ඕන පොදුජන පෙරමුණ නෙවෙයි ජනතාවයි. ඒ ඔවුන්ගේ ජීවිත බේරාදීම පිණිස විපක්ෂය කරන ලද කාර්යභාරය වෙනුවෙන්. දැන් අගෝස්තු මාසයේ මැතිවරණය තියන සූදානමක් තිබෙනවා. ඒක හොඳයි.

* කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් වෙනවද?

පසුගිය වසරේ දෙසැම්බර් වෙනකොට කොරෝනා ගැන දැනගෙන හිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනවාරී 24 ත් පෙබරවාරී 05 ත් මේ ගැන පාර්ලිමේන්තුවේ කිව්වා. රජය ඒකට අවධානය යොමු කළේ නැහැ. ඇත්තටම කොරෝනා ලංකාවට ගෙන්වාගත්තා කිව්වොත් නිවැරදියි. මාර්තු මාසේ 20 වෙනිදායින් පසු ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන මම සෑහිමකට පත්වෙනවා. මාර්තු මාසේ නාම යෝජනා බාර ගැනීම ගැන නොහිතා රට වසා දමන්න ආණ්ඩුව ක්‍රියා කළා නම් අපිට මෙතරම් අවධානමකට ලක්නොවී ප්‍රශ්නයෙන් ගොඩ එන්න තිබුණා. ආරක්ෂක හා සෞඛ්‍ය අංශ කළ කැපවීම ඉතා විශිෂ්ටයි. ජනතාව මේ වෙනුවෙන් විශාල කැපවීමක් කළා.

*ජනාධිපතිතුමාගේ නායකත්වය මේ කාරණයේදී විශ්ෂ්ට ලෙස මතු වූ බව ආණ්ඩුව කියනවා?

රටේ යම් ගැටලුවක් ඇතිවෙලා ඒකට විසඳුම් සොයා ගත්තම රටේ නායකයාට එහි ගෞවරයෙන් කොටසක් හිමි වෙනවා. ලෝකයේ කොහෙත් එහෙමයි. ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ මෙම ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමට බලපෑමක් කළා. පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණවත් සංඛ්‍යාවක් තාමත් නොකරන බව මේ අවස්ථාවේ කිව යුතුයි.

* ලංකා කම්කරු කොංග්‍රස් නායකයාගේ අවමඟුලේදී නිරෝධායන නීති උල්ලංඝනය වූ බවට ඔබලා චෝදනා කරන්නේ දේශපාලන වාසියක් ගන්න නේද?

මේ රටේ නිරෝධායන නීති හැමෝටම එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි. අපි දැක්කා අනෙක් අයට වඩා වෙනස් ප්‍රතිපත්තියක් තමයි තොණ්ඩමන් මහතාගේ අවමඟුලේදී ක්‍රියාත්මක වුණේ. තොණ්ඩමන් කියන්නේ විශේෂ පුද්ගලයෙක් කියන එක අපි පිළිගන්නවා. උතුරේ දෙමළ තරුණ ප්‍රජාව එල්. ටි. ටි. ඊ මතවාදය සමඟ බද්ධ නොවී තබාගන්න ඔහු විශාල උත්සාහයක් ගත්තා. ඔහු අන්තවාදී නායකයෙක් නොවේ. එතුමා වැනි ජාතික තලයේ නායකයෙකුට හොඳ අවමඟුලක් කළ යුතුයි. මම ඒක පිළිගන්නවා. නමුත් රටේ තිබුණු වාතාවරණය තුළ ඒ අවමඟුල් උත්සවය සම්බන්ධව ප්‍රශ්න සහගත තැන් තිබෙනවා.

* ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියෙක් පී.සී.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ ඔබගේ අදහස?

එක්සත් ජාතික පක්ෂය ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක සිටින බවට ආණ්ඩු පක්ෂයේ මැති අමැතිවරු හැමදාම චෝදනා කළා. එජාප ආණ්ඩු සමයක මේක වුණානම් අද විමල් වීරවංශලා, ගම්මන්පිලලා මොනතරම් දේවල් කියයිද? දැන් මොකද වෙලා තියෙන්නේ.

* මහනුවර ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?

මහනුවර එජාපයේ ප්‍රබල බලකොටුවක්. අද එජාපයේ ප්‍රබලයෝ සියලු දෙනා සමඟි ජනබලවේගය සමඟ එකතු වෙලා. මේ නිසා දැන් මේක සමඟි ජනබලවේගයේ බලකොටුවක්. මහ මැතිවරණය අපි වැඩි ඡන්ද 130000කින් දින්නා. ජනපතිවරණයේදී දිස්ත්‍රික්කය පැරදුණේ ඡන්ද 50000කින් අපි අලුත් නායකත්වයක් සමඟ අලුත් ගමනක් ආරම්භකර තිබෙන නිසා මෙවර අනිවාර්යයෙන්ම අපිට මහනුවර දිනන්න පුළුවන්.

 

ඩ්‍රැකියුලා ලීසිං

$
0
0
ජුනි 16, 2020 01:00

මුල්‍ය සමාගම් පිළිබඳ කතා බහක් මේ වන විට රට තුළ මතු ව තිබේ. ඊට එක් හේතුවක් වන්නේ ‘’ඊ.ටී.අයි, ද ෆිනෑන්ස් ‘’ වැනි මුල්‍ය ආයතන වල පසුගිය දිනවල ඇති වූ තත්ත්වයයි. මුල්‍ය ආයතනයක ගැටුමකින් පුද්ගලයකු මිය යෑම ඉහත කතා බහ තීව්‍ර කිරීමට බලපා තිබේ.

2000 අංක 56 දරන මූල්‍ය කල් බදු පනත යටතේ ලීසිං හෝ කුලී සින්නක්කර (hire purchasing) ගනුදෙනුවල නිරත වී සිටින ආයතන හෝ පුද්ගලයින් හෝ මහ බැංකුවේ ලියාපදිංචි විය යුතුය. එසේම මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනයක් සමග කෙරෙන ගනුදෙනුවලට වගකීමක් ගැනීමට නීතියට හැකියාවක් ද නොමැත. පසුගිය දා එක්තරා ගැටලුවක් ඇති වී තිබෙන්නේ මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනයක් සම්බන්ධවය.

එම පුද්ගලයන් ගෙන ගිය ව්‍යාපාර සියල්ලම නීතියට පටහැනිය. එවැනි ආයතනයකින් කිසියම් පුද්ගලයකු වාහනයක් මිල දී ගෙන ඔවුනට කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ රජය ලබා දුන් සහන ලබාදීමට පැහැර හළ බවට සලකා කෙනකු ක්‍රියා කර තිබේ නම්, ඒ සම්බන්ධව මේ අවස්ථාවේ කිසිවක් කිරීමට ද හැකියාවක් නැත. රජය විසින් මේ සහන සලසා දීම පිළිබඳ චක්‍රලේඛ නිකුත්කර තිබේ. එසේ චක්‍රලේඛ නිකුත් කර ති‌බෙන අවස්ථාවක යම් ආයතනයක් වාරික නොගෙවීම යන පදනම මත වාහනයක් රැගෙන යෑමට උත්සාහ දරන්නේ නම් ඊට විරුද්ධ වීමේ හැකියාව ති‌බේ.

සාමාන්‍ය තත්ත්වයක දී ගෙවීම මගහැර ඇති අවස්ථාවක වුව අදාළ තැනැත්තන්ට විරුද්ධව ක්‍රියා කිරීමට පෙර අදාළ ආයතනය මගින් වාහනය මිල දී ගත් අයට, අදාළ වාහනය වෙනුවෙන් ලීසිං මුදල ගෙවීම පැහැර හැරීමක් සිදු වි ඇති බවත් එය ගෙවීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දීමක් කළ යුතුය.

මංකොල්ලකෑම

ඉන් පසු ඔවුන්ගේ ගිවිසුම අවලංගු කරන බවට ලිඛිතව දැනුම් දිය යුතුය. අදාළ පුද්ගලයා නිසි පරිදි වාරික ගෙවා තිබේ නම් හෝ විරුද්ධ වීමට එහුට හේතුවක් තිබේ නම් වාහනය භාර නොදී සිටිය හැකිය. එවැනි අවස්ථාවක අදාළ ආයතනය කළ යුතු වන්නේ පොලිසිය සමඟ පැමිණ නැවත වරක් වාහනය ඉල්ලා සිටීමයි. එම අවස්ථාවේත් අදාළ පුද්ගලයා වාහනය භාර දීම ප්‍රතික්ෂේප කළා වුවද වාහනය බලහත්කාරයෙන් ගෙන යාමට කිසිසේත් නොහැකිය. එවැනි අවස්ථාවක අදාළ මූල්‍ය ආයතනය කළ යුතු වන්නේ දිසා අධිකරණයේ පෙත්සමක් හෝ දිවුරුම් ප්‍රකාශයක් මගින් නඩුවක් පැවරීමයි.

නීතියට අනුව නැවත වාහනයේ භුක්තිය ලබා ගැනීමේ අවස්ථාව එමගින් ඉල්ලා සිටිය හැකිය. එවිට වාරික ගෙවීමේ පදනම මත වාහනය භාර ගත් පුද්ගලයා වගඋත්තරකරුවකු වේ. ඒ පිළිබඳව එම පුද්ගලයාට අධිකරණයට හේතු පැහැදිලි කළ හැකිය. පෙත්සම සලකා බලා අදාළ පුද්ගලයා ඉදිරිපත් කරන හේතු පිළිගත නොහැකි නම් වාහනය භාර දෙන ලෙස නියෝගයක් නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වේ. අදාළ පනතට අනුව සියලු ආයතන විසින් කළ යුතු නීතිමය රාමුව වන්නේ මෙම ක්‍රියා පිළිවෙතයි. කිසියම් ආයතනයක් හෝ පුද්ගලයකු ඉහත ආකාරය‌ට පටහැනිව ක්‍රියා කරන්නේ නම්, වාහනයක් බලහත්කාරයෙන් පැහැර ගෙන එන්නේ නම් එය මංකොල්ලකෑමේ තත්ත්වයකි. දණ්ඩ නීති සංග්‍රහයට අනුව කිසියම් අයකු සන්තකයේ තිබෙන භාණ්ඩයක් හෝ දෙයක් බලහත්කාරයෙන් ගන්නවා නම් එය මංකොල්ලකෑමකි.

එවැනි අවස්ථාවක අදාළ පාර්ශ්වය තමන් සන්තකයේ තිබුණු වාහනය බලහත්කාරයෙන් රැගෙන ගිය බවට වහාම පොලිසියේ පැමිණිල්ලක් කළ යුතුය. එවැනි අවස්ථාවක සීසර් නමින් හඳුන්වනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහයේ මංකොල්ලකෑම යන චෝදනාව යටතේ ඔවුනට විරුද්ධව නඩු පැවරීමේ බලය පොලිසියට තිබේ. වාහනය මංකොල්ලකන අවස්ථාවේ යම් පහරදීමක් සිදු වුව හොත් හෝ බරපතළ හෝ සුළු තුවාල හෝ සිදු කළ හොත් ඒ සම්බන්ධව වෙනම ‌චෝදනා ගොනුකළ හැකිය. මරණයක් සිදු වුව හොත් මිනී මැරීමේ චෝදනාවක් වුව එල්ල කළ හැකිය. එම නීතිය දැන දැනම සීසර්වරුන් ලවා බලහත්කාරයෙන් වාහනය ගෙන ඒමට නියෝග දෙන අදාළ ආයතනයේ ප්‍රධානියා ද ඊට වගකිව යුතුය. එවැනි අවස්ථාවක එම පුද්ගලයන් විසින් කිසියම් තුවාල සිදු කිරීමක් හෝ මරණයක් සිදුකළ හොත් ඒ සඳහා ආධාර සහ අනුබල දීමේ චෝදනාවට ද ඔවුන් යටත් කළ හැකිය. ඉන් කියැවෙන්නේ ලීසිං ආයතනවලට සීසර්වරුන් ලවා වාහන ගෙන්වා ගැනීමට නීතියෙන් කිසිදු ඉඩක් නොමැති බවය.

සීසර්වරුන් අවශ්‍ය ඇයි?

සීසර්වරුන් වැනි පුද්ගලයන් කිසිසේත්ම අවශ්‍ය නොවේ. ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයාට අයත් වාහනය ගෙන ඒමට ලීසිං ආයතනයේ ප්‍රධානියා යන්නේ නැත. ඒ වෙනුවට ඔහු තම නියෝජිතයන් ලෙස සීසර්වරුන් ප්‍රයෝජනයට ගනී. නියෝජිතයකු එවන ආකාරයෙන් මෙම පුද්ගලයන්ට වාහනය භාර දෙන ලෙස පවසා ආයතන ප්‍රධානීන් ලිපියක් භාර දෙනු ලබයි. එම ලිපිය රැගෙන අදාළ වාහනය රැගෙන ඒමට යෑම සීසර්වරුන්ගේ සාමාන්‍ය ක්‍රමවේදය වේ. වාහන ලීසිං ලබා දීමේ දී වාහනයට ඇති යතුරු දෙකෙන් එක් යතුරක් ලීසිං ආයතනය සන්තකයේ තබා ගනී. එවිට ඔවුන්ට ඕනෑම වේලාවක අදාළ වාහනය රැගෙන ඒමට හැකිය. නමුත් එසේ යතුරක් තබා ගත හැක්කේ නීත්‍යානුකූල ඉල්ලීමක් කර අදාළ වාහනය ලබා ගැනීම සඳහා පමණි. වාහනය භාරදීම අදාළ පුද්ගලයා විසින් ප්‍රතික්ෂේප කළ විට, කළ යුතු වන්නේ පොලිසියට පැමිණිල්ලක් කර පොලිස් නිලධාරියකු සමඟ යාමයි. එසේ කළ විටත් අදාළ වාහනය භාර දීම අදාළ පුද්ගලයා ප්‍රතික්ෂේප කරන්නේ වුවද බලහත්කාරයෙන් වාහනය රැගෙන ඒමට නීතියෙන් කිසිදු ඉඩක් නැත.

සීසර් යන නමෙහි අර්ථය ද බලහත්කාරකම් කරන පුද්ගලයන් යන්නයි. නිසි පරිදි ගෙවීම් නොකරන පුද්ගලයන්ගෙන් වාහන බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා ෆිනෑන්ස් ආයතන විසින් මොවුන්ගේ සේවය යොදා ගනු ලැබේ. එසේ වුව ද මිනිසුන් බිය ගන්වා මිනිසුන්ට පීඩාවක් ඇති කොට වාහන හෝ යම් භාණ්ඩයක් ලබා ගැනීමට නීතියේ ප්‍රතිපාදන නැත. සීසර්ලා යනු අදාළ ආයතන තුළ සේවය කරන පිරිසක් නොවේ. මොවුන් මූල්‍ය ආයතනවල කටයුතු භාර ගනී.

මෙවැනි සීසර්වරු සිටින ආරක්ෂක (security) ආයතන වැනි ආයතන ද තිබේ. පාතාලය වැනි දරුණු අපරාධවලට සම්බන්ධ චෝදනා ඇති අය, හෝ හමුදාවට අපකීර්තියක් වන ආකාරයෙන් හමුදාව හැර ගොස් සිටින පුද්ගලයන් මේ සඳහා යොදවා ගෙන කටයුතු කරන පිරිස් ද සිටිති. ෆිනෑන්ස් ආයතනවලට වාහනය රැගෙනවිත් දෙන බවට ඔවුන් කොන්ත්‍රාත්තු ගනී. වාහනය ගෙනැවිත් දුන් පසු ඔවුන්ට අදාළ අයතතනය විසින් විශාල මුදලක් ගෙවනු ලබයි. ඒ, වාහනය සඳහා කල්බදු ගිවිසුම් අත්සන් කළ පුද්ගලයාගෙන් ලබා ගන්නා ලද මුදලිනි. ඊට පහසුව සලසාගනු පිණිස අදාළ තැනැත්තා විසින් මිල දී ගන්නා ලද වාහනය කල්බදු සමාගමේ නමට ලියාපදිංචි කරනු ලබයි. එම නිසා ලියාපදිංචි කරනු ලබන අවස්ථාවේ වාහන හිමියන් මතක තබා ගත යුතු දෙයක් වන්නේ, මේ ගිවිසුම තිබෙන තාක් කල් මෙම වාහනයේ පරම අයිතිකරු (Absolute owner) ලෙස සැලකෙන්නේ ෆිනෑන්ස් ආයතනය බවයි. ඒ නිසා නීතියේ ප්‍රතිපාදනවලට අනුව ෆිනෑන්ස් එකක් තිබෙන විට ඒ අනන්‍යතාව වාහනයේ අයිතිකරු ලෙස කටයුතු කළ හැකිය.

ජනාධිපතිතුමාගේ උපදෙස් මාලාව

මූල්‍ය ආයතනයක් ඉදිරිපිට පසුගිය දා සිදු වූ මරණය වාර්තා වීමත් සමඟම ජනාධිපතිතුමා පොලිසියට නියෝගයක් නිකුත් කරමින් පවසා සිටියේ කිසිදු මොහොතක කිසිවකුගේ වාහනයක් සීස් කිරීමට ඉඩ නොදෙන ලෙසය. 27 වැනි වගන්තිය යටතේ යම් ආයතනයකට වාහනය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් පොලිසියට පැමිණිල්ලක් කර පොලිස් නිලධාරියකු සමඟ යා යුතුය. වාහන පැහැර ගැනීමෙන් පසුව පොලිසිය දැනුවත් කිරීමේ කටයුත්තට මින් ඉදිරියට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිතුමා දන්වා තිබේ. පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට යවනු ලබන්නේ ඒ අවස්ථාවේ යම් කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ පවතින බැවිනි. දෙපාර්ශ්වයට සාමකාමී අයුරින් වාහනය සම්බන්ධ ප්‍රශ්නය විසදා ගත නොහැකි නම් බලහත්කාරයෙන් වාහනය ලබා ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බව මින් කියැවේ. එවැනි අවස්ථාවක කල්බදු සමාගම් කළ යුතු එකම දෙය වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට පෙත්සමක් හෝ දිවුරුම් ප්‍රකාශයක් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එහිදී චූදිත පුද්ගලයාට, රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් අදාළ මුදල ක්‍රමානුකූලව ‌ගෙවීමට‌ සහන කාලයක් ලබා දී ඇති බැවින් මුදල් ගෙවීම සිදු නොකළ බව පැවසිය හැකිය. එවිට වාහනය සමාගමට භාර දෙන ලෙස ඔහුට අධිකරණය විසින් නියෝග කෙරෙන්නේ නැත.

ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන

ලියාපදිංචි නොකළ මුල්‍ය ආයතනයක් වෙත් නම් ඒවා නීති විරෝධී බැවින් ඒ ආයතනවලට විරුද්ධව පොලිසියට ක්‍රියා කළ හැකිය. මූල්‍ය වංචා කිරීම සම්බන්ධව ඔවුනට එරෙහිව නීතියෙන් ක්‍රියා මාර්ග ගත හැකිය. ඊට අමතරව පොදුවේ මිනිසුන් රැවටීම සම්බන්ධව ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ හැකිය. එම ආයතනවලට සීල් තබා ක්‍රියාකාරකම් නැවැත්විය හැකි බලයක් ද තිබේ. මෙම ආයතන සම්බන්ධ ප්‍රධාන වගකීම ඇත්තේ මහ බැංකුවට බැවින් සුදුසු ආයතන මොනවාද නැති ආයතන මොනවාද යන්න නම් කිරීම මහ බැංකුවේ කාර්යභාරය වේ. එසේ නම් නොකිරීමෙන් ජනතාව අසරණ වේ. ලීසිං අවශ්‍යතාවයකදී ජනතාවට යම් ආයතනයකට ගොස් එය ලියාපදිංචි වී ඇති නැති බව සොයා බැලිය නොහැකිය. අන්තර්ජාලය ඔස්සේ හෝ පුවත් පත් මඟින් හෝ වෙබ් අඩවි හරහා හෝ මෙවැනි ආයතන පිළිබඳ දැන ගැනීමේ අයිතිය මහ බැංකුව විසින් මහජනතාවට ලබා දිය යුතු වේ. එමෙන්ම ලියාපදිංචි නොවුණු ආයතන තිබේ දැයි සුපරික්ෂාකාරීව සොයා බැලීමේ වගකීම ඇත්තේ ද මහ බැංකුවට ය.

ජනතාව අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ පහසුකම් වැඩියෙන් ලබා දෙන බව කියන ආයතනයනවල කිසියම් ගැටලුවක් ඇති බවය. ලේඛන කිසිවක් අනවශ්‍ය බව පවසා ලීසිං පහසුකම් ලබා දීම සඳහා මිනිසුන්ට නොතේරෙන භාෂාවකින් ලිපි සකසා ඒවාට අත්සන් ලබා ගැනීම මෙම ආයතනවල ස්වභාවය වේ. තමන්ට නොතේරෙන භාෂාවකින් ඇති ලිපි ලේඛනවලට අත්සන් කිරීම ජනතාව නොකළ යුතුය. තමන්ට තේරෙන සිංහල හෝ දෙමළ භාෂාවෙන් ඇත්නම් පමණක් ලේඛනවලට අත්සන් කළ යුතුය. එසේ නොකිරීමෙන් විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වනු නො අනුමානය. නීත්‍යානුකූල ආයතන විසින් කල්බදු වැනි මූල්‍ය සහන සඳහා සියලු ආරක්ෂක පියවර ඉල්ලා සිටිනු ලැබේ. අවශ්‍යතාව දැනුණු විගස මූල්‍ය ආයතනවල සහාය කඩිනමින් ලබා ගැනීමට ක්‍රියාත්මක වීමේදී ජනතාව ඉතා පරිස්සම් විය යුතුය.

ද ෆිනෑන්ස් සහ ඊ.ටී.අයි.

ද ෆිනෑන්ස් වැනි සමාගම්වලට එම තත්ත්වය උදා වූයේ මහ බැංකුවේ නොසැලකිලිමත්භාවය නිසා යැයි පැවසිය හැකිය. යම් ආයතනයක් මහ බැංකුවේ ලියාපදිංචි වී තිබුණු පමණින් ඒ ගැන නොසලකා හැරිය යුතු නොවේ. අදාළ ආයතනයේ වැඩ කටයුතු නිසි ආකාරව‌ කෙරෙන්නේ දැයි නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතුය. බලපත්‍රය අලුත් කළ යුතුය. එසේ කිරීමේ දී ඔවුන්ගේ ක්‍රියා කලාපය සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ පරීක්ෂා කළ යුතුය. යම් ආයතනයක් බලපත්‍ර අලුත් කර නොමැති නම් ඒ පිළිබඳ සොයා බලා එම ආයතනයට විරුද්ධව ක්‍රියා කළ යුතුය. එසේ නොකිරීමේ ප්‍රතිඵලය ලෙස ඇතැම් මූල්‍ය ආයතන මිනිසුන්ගෙන් ලබා ගත් මුදල් නිසි කළමනාකරණයකින් තොරව භාවිත කොට තිබිණි. නියාමනය කිරීමක් ද සිදුවී නැත. නියාමනය කිරීමේ වගකීම මහබැංකුව සතුය. නියාමනයේ දෝශ නිසා එවැනි තත්ත්වයක් ඇතිවූ බව දැක්විය හැකිය. අසරණ මිනිසුන්ට ඉක්මනින් සහනයක් සැලසීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

යම් මූල්‍ය ආයතනයක් නිසි ක්‍රියා පටිපාටි අනුගමනය නොකරන්නේ නම් පුවත්පත් මගින් හෝ විද්යුත් මාධ්‍ය මඟින් හෝ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මහබැංකුවේ වගකීම වේ. එවැනි ක්‍රියා මාර්ග ගැනීමකින් තොරව මහ බැංකුව නිශ්ශබ්දව සිටින්නේ නම් ඉදිරියේදි මෙවැනි ගැටලු උද්ගත වීම නොවැළැක්විය හැකි වනු ඇත.

චතුමී පිටිපන

ඔවුන්ගේ පරාජය ඔවුන්ගේ කඳවුරෙන්ම එළියට එනවා

$
0
0
ජුනි 16, 2020 01:00
නුවන් කොඩිකාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක
දකුණු පළාත් සභා හිටපු ඇමැති වීරසුමන වීරසිංහ

අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ අපේ රටේ පමණක් නෙවෙයි දකුණු ආසියාවේ ම ඉන්න ජ්‍යෙෂ්ඨ‍තම සහ පරිණතම දේශපාලඥයෙක්. ඔහු පොළොවේ පය ගහපු, ඇවිදපු නායකයෙක්. අප ලබාගත් බොහෝ ජයග්‍රහණවලට අගමැතිවරයාගේ අද්දැකීම් හා පරිණතභාවය බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. මේ සහෝදරයන් දෙන්නා තමයි තිස් අවුරුද්දක යුද්ධය කෙටි කලකින් අවසන් කළේ. ඒ වගේම ඔවුන් දෙන්නා එකතු වෙලා මේ රටත් ගොඩනංවන එක ගැන කිසිඳු සැකයක් නැහැ.

තරුණ දේශපාලඥයකු වන ඔබ රට තුළ ඇතිව තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය දකින්නේ කොහොමද?

නිදහසෙන් පස්සේ තීරණාත්මක කාල පරිච්ජේදයක් තමයි එළැඹිලා තියෙන්නේ. එක් පැත්තකින් කොවිඩ්-19 වසංගතයෙන් පස්සේ ජාත්‍යන්තරව බලපාන ආර්ථික, සාමාජික, දේශපාලනික හැලහැප්පීම්වලට මුහුණ දෙන්න වෙන කාල පරිච්ජේදයක් තමයි ඇවිත් තියෙනවා. ඒ නිසා ඉදිරි අවුරුදු පහ කියන්නේ රටේ ප්‍රතිපත්ති සකස් කරන ව්‍යවස්ථාදායකයට වැඩි වගකීම් පැවරෙන කාලයක්. ලෝක ආර්ථිකයේ කඩා වැටීමට බලවත් රටවලටවත් මුහුණ දෙන්න බැරි තත්ත්වයකුයි උදාවෙලා තිබෙන්නේ. ලංකාව වගේ රටවල්වලට ඊට නොවී තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රශ්නයක් ආවම ගන්න පළමුවැනි පියවර තමයි සුබ සාධනය අඩු කිරීම සහ කප්පාදු කිරීම. සුභසාධන කප්පාදුව වළක්ව ගන්න සහ ඒවා රැකගන්න, විශේෂයෙන්ම අපි දිනාගත් පොදු අයිතීන් රැකගන්න සිදුවන කාලපරිච්ජේදයක් ඉදිරියේදී උදා වෙනවා. ඒ අනුව ඉදිරි කාලය අනිවාර්යයෙන් රට ගොඩනගන කාලපරිච්ජේදයක් බවට පත්වෙනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකය දැක්මක් සහිත මිනිස්සුන්ගේ තැනක් බවට පත් වෙන්න ඕන ඒ නිසයි.

ආණ්ඩුව මුල සිටම කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ක්‍රියාදාමය වරද්ද ගත්තා කියන චෝදනාව විපක්ෂයෙන් එල්ල වෙනවා. ඇත්තටම කොරෝනා පාලනයෙදි ආණ්ඩුව අසමත්ද?

අනාගෙන තියෙන්නේ ආණ්ඩුව නෙවෙයි විපක්ෂය. ලෝකය දිහා බැලුවම රටවල් තුන හතරක් හැරුණම අනෙක් රටවල් මෙම වසංගතය නිසා ඛේදජනක තත්ත්වයකට පත්වෙලා ඉන්න බව පැහැදිලියි. තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වුණත් අපි මේ වසංගත තත්ත්වය කළමනාකරණය කරගැනීමෙන් ලෝකයේ දියුණු රටවල් පවා අබිබවා ගිහින් තිබෙනවා. කොරෝනා වසංගතය පාලනය කිරීමේදී සහ කළමනාකරණය කිරීමේදී තීන්දු තීරණ ගැනීමේ කිසිදු ප්‍රමාදයක් සිදු වුණේ නැහැ. ඒ නිසා අපි වගේ රටකට ඉන් උසස්ම ජයග්‍රහණ ලබාගෙන හැකිවෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ කොරෝනා වසංගතය මැඩලීම සඳහා අප ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධව දෙන සහතිකවලින් එය මනාව ඔප්පු වෙනවා. ඒ නිසයි මම කිව්වේ අනාගෙන තිබෙන්නේ අපි නෙවෙයි විපක්ෂය කියලා. ඔවුන්ට එල්ලෙන්න වැල් නැති වුණාම කියන දේවල්. වරෙක කියනවා ලොක්ඩවුන් කරන්න ප්‍රමාද වුණ නිසා මෙය ව්‍යාප්ත වුණා කියලා. දැන් කියනවා පිටරවල්වල ඉන්න සියලුදෙනා ගෙන්න ගන්නේ නැහැ කියලා. කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කරගන්න කට්ටියක් තමයි විපක්ෂයේ ඉන්නේ.

රුපියල් 5000 දීමනාව දෙද්දි එයට තමන්ගේ නියෝජිතයන් යොදාගෙන දේශපාලනීකරණය කරන්න කටයුතු කළා කියන චෝදනාවත් ආණ්ඩුවට එල්ල වනවා?

එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. ආධාර සම්බන්ධ තීන්දු තීරණ ගත්තේ රජයේ නිලධාරීන්. චක්‍ර ලේඛනයක් පවා නිකුත් කරමින් කිව්වේ ගමේ කමිටුවක් මගින් එය සිදු කරන්න කියන එකයි. ඒ කමිටුවල සම්බන්ධීකරණ නිලධාරීන් විදියට ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝජිතයා වන ග්‍රාම නිලධාරීන්, රජයේ නිලධාරීන් වගේම ඒ ඒ කොට්ඨාසවල දේශපාලන නියෝජිතයොත් පත් කර තියෙනවා. දේශපාලන නියෝජිතයෝ කියන්නේ එම කොට්ඨාසවල බහුතර ජනතාවගෙ ඡන්දයෙන් පත් වුණ අය. මහජන නියෝජිතයා කියන්නේ එක් පුද්ගලයෙක් පමණයි. ඔහුට තනිව තීන්දු තීරණ ගන්න බැහැ. ඔහු මහජනතාවගේ අදහස් කියන පුද්ගලයා මිසක් තීරණාත්මක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එතන ගත්ත හැම තීරණයක්ම ගත්තෙ සාමූහිකත්වයෙන්. ඒ තීරණ තමයි ක්‍රියාත්මක වුණේ. එය දේශපාලනීකරණයක් වුණා කියල කිසිම තැනකින් චෝදනා එල්ල වුණේ නැහැ.

එහෙම නම් විපක්ෂයේ අය ඒ සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි?

අදාළ චක්‍ර ලේඛනවල තියෙන්නේ අදාළ කොට්ඨාසවල ජයග්‍රහණය කළ නියෝජිතයා සම්බන්ධ කරගන්න කියලයි. ඒ අනුව ඒ ඒ කොට්ඨාසවල ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ වෙන්න පුළුවන් වෙනත් පක්ෂවල වෙන්න පුළුවන් මහජන නියෝජිතයන් සම්බන්ධ කරගෙන තිබෙනව. ප්‍රශ්නය තිබෙන්නේ ලංකාවේ අතිමහත් බහුතරයක් ජයග්‍රහණය කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වීම. ඒ නිසා ඒ අයට හිතෙනවා ඇති පන්දාහ බෙදීම දේශපාලනීකරණයක් වෙලා කියලා.

ඇත්තම කතා කළොත් කොරෝනා වසංගතය පාලනය කිරීමේ වැඩි ගෞරවය යා යුත්තේ සෞඛ්‍ය අංශයට, ආරක්ෂක අංශවලට සහ රජයේ නිලධාරීන්ට නේද?

පැහැදිලිවම මෙය සාර්ථක කරගත්තේ නිවැරැදි දේශපාලන නායකත්වයක් ලැබුණු නිසා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහිදී කටයුතු කළේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් මතයි. අවශ්‍ය තීන්දු තීරණ ගත්තේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ උපදෙස් අනුවයි. ඇඳිරී නීතිය පැණවීම, දිස්ත්‍රික්ක අතර සංචරණය නතර කිරීම වැනි බොහෝ තීන්දු ගත්තේ සෞඛ්‍ය අංශයේ බලධාරින්ගේඋපදෙස් මත. ජනාධිපතිවරයා ඊට සම්බන්ධ වුණාට කිසිම වෙලාවක දේශපාලන කාරණා මත තීන්දු තීරණ ගත්තේ නැහැ. මේ මොහොතේ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා වුණත් පාසල් පිළිබඳ තීන්දු තීරණ ගන්නෙත් සෞඛ්‍ය උපදෙස් මතයි. ඒ දේවල්වලට ඇහුම්කම් දෙන්න පුළුවන් නායකත්වයක් තිබුණ නිසයි අපිට මේ ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන් වුණේ.

ඉදිරියේ ගොඩනැගෙන අලුත් පාර්ලිමේන්තුවට යා යුත්තේ උගත්, බුද්ධිමත් පුද්ගයන් කියන මතයක් සමාජයෙන් මතුවෙමින් තිබෙනවා. ඒ මතය ගැන ඔබ මොකද කියන්නේ?

මේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ ඕනෑම රටක ප්‍රතිපත්ති, නීති සම්පාදනය කරන්නේ, මූල්‍ය අධීක්ෂණය කෙරෙන්නේ පාර්ලිමේන­්තුවෙන්. එම නිසා එවැනි උත්තරීතර තැනකට උගත්, බුද්ධිමත් මෙන්ම අද්දැකීම් සහිත පුද්ගලයන් තෝරා පත් කර යවන්න ජනතාවට වගකීමක් තිබෙනවා. එය ජනතාව නිවැරැදි ලෙස කරයි කියන විශ්වාසය අපට තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට එන්නේත් පෙර පැවැති ආණ්ඩුව වගේම හොරුන්ට, දූෂිතයන්ට දඩුවම් දෙනවා කියන සටන් පාඨයත් අරගෙන. ඒත් පරණ ආණ්ඩුව කාලෙ වගේම එය වචනෙටම සීමා වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වුණේ නොවැම්බර් 19 වැනිදා. ඊට පස්සේ තාවකාලික බාරකාර ආණ්ඩුවක් තමයි ක්‍රියාත්මක වුණේ. ඔහුට බරපතළ තීන්දු තීරණ ගන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ ව්‍යවස්ථාදායකයේ වැඩි බලය අනිත් පාර්ශ්වයේ තිබුණ නිසයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් තාවකාලිකව තීන්දු තීරණ පමණක් ක්‍රියාත්මක කරන්න සිදුවුණා. ඔබ කියනව වගේම මගේ පැත්තෙනුත් තියෙනවා, අපි බලාපොරොත්තු වුණ වේගයෙන් ඒ දේ වෙන්නේ නැහැ නේද කියන සිතුවිල්ල. හැබැයි මෙම වසංගතය ව්‍යප්ත වීමත් එක්ක අනික් සියලු කාරණාවලට වඩා වසංගත මර්දනයට ප්‍රමුඛත්වය දෙන්න සිදු වුණා. මේ වෙනකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු වේගයෙන් කෙරිගෙන යනවා. ඒ වගේම වංචා දූෂණ පිළිබඳ සොයන්න පත් කළ ජනාධිපති කොමිසමෙත් කටයුතු වේගයෙන් යනවා. මහ බැංකු වංචාව ගැන සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ නිසා ඔබ කියන ප්‍රශ්න කඩිනමින් විසඳේවි කියන විශ්වාසය අපි තුළ තිබෙනවා.

ජනාධිපතිවරයට වැඩ කරන්න ඕන වුණාට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඊට සහාය දෙන්නේ නැහැ කියලා මතයක් විපක්ෂය විසින් ගොඩනගමින් තිබෙනවා?

එයත් විපක්ෂය තමන්ගේ දේශපාලන බංකොළොත්භාවය වහගන්න කියන දෙයක්. ඔවුන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙන්නේ නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ අපේ රටේ පමණක් නෙවෙයි දකුණු ආසියාවේ ම ඉන්න ජ්‍යෙෂ්ඨ‍තම සහ පරිණතම දේශපාලඥයෙක්. ඔහු පොළොවේ පය ගහපු, ඇවිදපු නායකයෙක්. අප ලබාගත් බොහෝ ජයග්‍රහණවලට අගමැතිවරයාගේ අද්දැකීම් හා පරිණතභාවය බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. මේ සහෝදරයන් දෙන්නා තමයි තිස් අවුරුද්දක යුද්ධය කෙටි කලකින් අවසන් කළේ. ඒ වගේම ඔවුන් දෙන්නා එකතු වෙලා මේ රටත් ගොඩනංවන එක ගැන කිසිඳු සැකයක් නැහැ.

ආණ්ඩුව සජිත් පිලත් එක්ක ඩීල් දානව කියලා එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. අනෙක් පැත්තෙන් සජිත් පිල කියනවා ආණ්ඩුව රනිල් පිලත් එක්ක ඩීල් දානව කියලා. ඇත්තටම මේ දෙගොල්ලන්ගෙන් කවුරු එක්කද ආණ්ඩුව ඩීල් දාන්නේ?

මේ කිසි කෙනෙක් එක්ක ඩීල් දාන්න අපට අවශ්‍යතාවයක් නැහැ. අද ඔය පිල් දෙකම වැටිලා තිබෙන තැන පේනවා. ඔවුන්ගේ පරාජය ඔවුන්ගේ ම කඳවුරුවලින් එළියට එමින් තිබෙනවා. මංගල සමරවීර මහත්තයා ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. සිරිකොත ඇතුළේ ලොකු ලොකු ගැටුම්. ඒ දෙගොල්ල අතර අර්බුද එළියට එන නිසයි මෙවැනි දේවල් කිය කියා තමන්ගේ දේවල් යට ගහන්න උත්සාහ ගන්නේ. අපේ ආණ්ඩුවට කිසි කෙනෙක් එක්ක ඩීල් දාන්න කිසිම වුවමනාවක් ඇත්තෙත් නැහැ. එහෙම ඩීල් දාන්නෙත් නැහැ.

පාර්ලිමේන්තුවට තේරී පත් වුණොත් ඔබ ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වන වැඩකටයුතු මොනවද?

මාතර කියන්නේ ජනතා ජයග්‍රහණ රැසක් අත්කර ගත්ත දිස්ත්‍රික්කයක්. එහෙත් තවමත් ඉතිරි වුණ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම ජලය, පරිසරය, ආර්ථිකය සම්බන්ධව යම් යම් ප්‍රශ්න තිබෙනවා. දීර්ඝ කාලයක් දේශපාලනේ යෙදී සිටී පුද්ගලයකු ලෙස මම ඒ සියලු දේ අධ්‍යනය කළා. ඒ ලබපු අද්දැකීම් එකතු කරලා ‘‘සදිසා‘‘ නමින් මගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර තිබෙනවා. එහි අංශ හයක් යටතේ ජනතා ප්‍රශ්න පුළුල් ලෙස කතා කර තිබෙනවා. මම පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන සියලු කරුණු ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.

 

 

අපට අනූවයි අලියට අටයි ආණ්ඩුව අපේ

$
0
0
ජුනි 16, 2020 01:00
නුවන් කොඩිකාර

සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක
දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී චතුර ගලප්පත්ති

අපි කිව්වේ රටේ වසංගත තත්ත්වයක් තියන නිසා මුලින් එය පාලනය කරල ඉන් පසුව ඡන්දයකට යමු කියලයි. එහෙම නැතුව ජනතාව බිල්ලට දීලා මැතිවරණයකට ගිහින් බලය ලබාගත්තට පලක් වෙන්නේ නැහැ. අද ආර්ථිකය බින්දුවට වැටිලා. ජන ජීවිත කඩා වැටිලා. අපි මුලින් ම කළ යුත්තේ ඒ දේවල් නගාසිටුවන එක මිස, මැතිවරණ තියන එක නෙවෙයි. මේ ආණ්ඩුවට ඕනේ තුනෙන් දෙකේ බලයක් ලබාගන්න.

තරුණ දේශපාලඥයකු විදියට රට තුළ ඇතිව තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

මැතිවරණ දිනය සම්බන්ධයෙන් අධිකරණයට යොමු කර තිබූ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමත් සමඟ යළිත් මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබෙනවා. සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් හා මඟපෙන්වීම අනුව මැතිවරණ කොමිසම් සභාවෙන් ඉතා අපක්ෂපාති ලෙස මැතිවරණය පවත්වන් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ තරුණ නායකත්වයෙන් යුතුව සමගි ජන බලවේගය ඊට හොඳ සූදානමකයි ඉන්නේ. සජිත් මහතාගේ නායකත්වයෙන්, සහෝදර පක්ෂවල සහයෝගයෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ සඳහා දක්ෂ, පරිණත වගේ ම දේශපාලන අද්දැකීමවලින් පිරිපුන් පිරිසක් සමගි ජනබල වේගය වටා එක්රොක් වී ඉන්නවා.

කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදී සිටින ජනතාව මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පලවා හරී කියලා ඔබ හිතනවද?

කොරෝනා ප්‍රශ්නයෙදි ආණ්ඩුව හැසිරිච්ච හැටි රටම දැක්කා. ඒ තත්ත්වය ඇති වුණ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියලු දේ හොඳ අවබෝධයෙන් ඇහුම්කම් දුන්නනම් ඔවුන්ට ඒ වෙනකොට නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ කියලා තෙරේනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ගැන පාර්ලිමේන්තුවේදි ඇහුවම සෞඛ්‍ය ඇමැතිවරිය දුන්න උත්තරවලින් ව්‍යසනට මුහුණ දීම සඳහා කිසි පෙර සූදානමක් තිබුණේ නැහැ කියන එක වටහා ගත හැකියි. අපේ රටට විදේශිකයන්ට ඇතුළු වෙන්න තියෙන්නේ එක්කෝ ගුවන් තොටුපළෙන් නැත්නම් වරායකින්. මේ දේවල් කලින්ම වහන්න, මුඛ ආවරණ ගෙන්නවන්න කිව්වම බොහෝ දෙනෙක් සජිත් මහත්තයට හිනා වුණා.

ඔබ ඔය කියන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමේදී වත්මන් ආණ්ඩුව ආසාර්ථකයි කියලද ?

වසංගතය ආරම්භයේදී ආණ්ඩුව අසාර්ථක වුණා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඊට මැදිහත් කරගනිමින් වැඩ කරගෙන යද්දි යම් සාධනීය තත්ත්වයක් දැක්කා. ඊට නායකත්වය දුන්න ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි අපේ ගෞරුත්වයක් තියෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් එය කල්තියාම කළා නම් මේ වන විට සිදුව ඇති ආර්ථික, සමාජයීය හානිය අවම කරගන්න තිබුණා කියල තමයි මම නම් හිතන්නේ. දේශපාලඥයා, රටේ නායකයා කියන්නේ නිවැරැදි වෙලාවේදි නිවැරැදි තීන්දු ගන්න ඕන කෙනා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පහුවෙලා හරි නිවැරැදි තීන්දු තීරණ කිහිපයක් ගත්තා. මම නැහැ කියන්නේ නැහැ. කලින්ම ඒ දේ කළා නම් අපේ රටට මීට වඩා ඉදිරියෙන් ඉන්න තිබුණා.

ඔබ ඇතුළු ඔබේ පක්ෂයේ පිරිස් මෙම වැඩපිළිවෙළ චිවේචනය කළාට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව කොරෝනා පාලනය කළ ආකාරය සුබවාදීව දකිනවා?

බලන්න රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය දිහා. ඒවට වැඩිපුර එන්නේ කවුද? වෙන කවුරුත් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ. ප්‍රවෘත්ති අරන් බලන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ එහි නියෝජිතයන්ට. මොකද සමගි ජන බල වේගයට ආණ්ඩුව බයවෙලා ඉන්නේ. ඒ නිසා රජය එක්සත් ජාතික පක්ෂයේ පිරිස් යොදා ගෙන අපේ පක්ෂය විවේචනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. පැහැදිලිවම මේවට තමයි ඩීල් කියන්නේ.

විපක්ෂයේ අනෙකුත් පක්ෂ නිහඬව ඉද්දි සමගි ජන බලවේගය මැතිවරණය කල් දාගන්න අධිකරණයට යනවා. ඒ කියන්නේ ඔබේ පක්ෂය ජනතාවට ඉදිරියට යන්න බයයි?

අපි කිව්වේ රටේ වසංගත තත්ත්වයක් තියන නිසා මුලින් එය පාලනය කරල ඉන් පසුව ඡන්දයකට යමු කියලයි. එහෙම නැතුව ජනතාව බිල්ලට දීලා මැතිවරණයකට ගිහින් බලය ලබාගත්තට පලක් වෙන්නේ නැහැ. අද ආර්ථිකය බින්දුවට වැටිලා. ජන ජීවිත කඩා වැටිලා. අපි මුලින් ම කළ යුත්තේ ඒ දේවල් නගාසිටුවන එක මිස, මැතිවරණ තියන එක නෙවෙයි. මේ ආණ්ඩුවට ඕනේ තුනෙන් දෙකේ බලයක් ලබාගන්න. ඒ නිසා මොන අපදා තත්ත්වයක් තිබුණත් ඔවුන් සෑම මොහොතකම ඔවුන්ගේ ඉලක්කයට යන්න කටයුතු කරමින් ඉන්නවා. දැන් බලන්න ආණ්ඩුව රුපියල් 5000 දීමත් දේශපාලනීකරණය කළා.

ඒ කියන්නේ ජන ජීවිතය ගොඩගන්න රුපියල් 5000ක දීමනාවක් දීමත් වැරැදියි කියල ?

මම කියන්නේ දුන්න එක වැරදියි කියල නෙවෙයි, දුන්න ක්‍රමය වැරැදියි කියලයි. අපේ නායකයා යෝජනා කළේ රුපියල් 20000ක් දෙන්න කියලයි. අද තෙල් මිල සියයට අසූවක් අඩු වෙලා. එයින් ඉතුරු වෙන මුදල ජනතාවට සහන දෙන්න යොදා ගන්න තිබුණා. මේ අය අධිවේගී මාර්ග, ක්‍රීඩා පිටි ඉදිකිරීම්, ගල්කිස්ස මුහුදු වෙරළේ වැලි ගොඩ ගැසීම් වගේ දේවල් ගැන කතා කරනවා මිස අවශ්‍ය දේ කරන්නේ නැහැ. ඔබ හිතනවද සාමාන්‍ය පවුලකට රුපියල් 5000කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. සල්ලි දෙන්න ම කියලා මම කියන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් යොදාගෙන සෑම පවුලකටම සතියකයට සෑහෙන්න ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න ආණ්ඩුවට තිබුණා. එය අඛණ්ඩව කළා නම් මේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඕනෑම වසමක රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙක් ඉන්නවා. මේ අයට තාක්ෂණය යොදාගෙන දත්ත ගබඩාවක් සකස් කරගත්ත නම් නිසි පාලනයකින් ද්‍රව්‍ය බෙදා හැරීම කරන්න තිබුණා. සිදුවුණේ එය නෙවෙයි. මෙම දීමනාව ලබාදීම දේශපාලනීකරණය කරන්න රජය කටයුතු කරපු එකයි . ගමේ කමිටුවට පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා වාඩි කළා. මුදල් දීමෙදි ඔහු තීරණය කළා කාටද දෙන්නේ කාටද නොදෙන්නේ කියලා. මම හිතන්නේ මෙය හරියට කළමනාකරණය කළා නම් ආණ්ඩුවට ඒ වාසියත් ගන්න තිබුණා.

‘කැපුවත් කොළ’ කියන පාරම්පරික පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂය අතහැරලා සජිත් ප්‍රේමදාස මහත්තය එක්ක එකතු වෙයි කියලා ඔබ හිතනවද?

එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික, කොළ පාට ඇඳුම නොගලවපු අය තමයි අද සජිත් මහත්තය එක්ක එකතු වෙමින් ඉන්නේ. ඇත්තම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමක් තිබෙන කීයෙන් කී දෙනාද ඉතුරු වෙලා ඉන්නනේ. ඉදිරි මහ මැතිවරණයෙදි එක්සත් ජාතික පක්ෂයට අත්වෙන ඉරණම මොකක් ද කියලා. බලාගන්න පුළුවන් මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට එක මන්ත්‍රී ධූරයක්වත් ලබාගන්න බැහැ. ලංකාවෙ ම තත්ත්වය ඒ වගේ තමයි. මේ පක්ෂය විනාශ වෙන්නේ ඇතුළේ ඉන්න ඩීල් කාරයෝ ටික රජයේ අනුග්‍රහය යටතේ මාධ්‍ය සංදර්ශන තියලා සජිත් මහත්තය ඇතුළු කණ්ඩායමට මඩ ගහන එකයි එයාලා කරන්නේ.

ඉදිරි මහ මැතිවරණයෙන් ඕබේ පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් කොපමණ මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාගනීද?

අපි මන්ත්‍රීධූර 90ක් පමණ ගන්නවා. එක්සත් ජාතික පක්ෂය 07 ක් 08 ක් විතර ගනිවී. ඒ අනුව අපේ මන්ත්‍රීධූරත් අනෙක් සහෝදර පක්ෂත් එකතු කරගෙන සජිත් ප්‍රේමදාස මහත්තය අගමැති ලෙස පත් කර ආණ්ඩු බලය පිහිටුවනවා.

 


අනතුරු ඇඟවීමයි! වැස්සත් සමඟ ඩෙංගුත් එයි

$
0
0
ජුනි 16, 2020 01:00

ශ්‍රී ලංකාවේ වාහක රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා ඩෙංගු රෝගය වැලඳුණ අයකු මුලින්ම වාර්තා වන්නේ 1962 වසරේදීය. මෙය වසංගත තත්වයක් ලෙස වාර්තා වන්නේ 1965-1966 වසරවලදීය.

කොවිඩ් 19 වසංගත රෝගය මෙන්ම මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙන ඩෙංගු රෝගය ද මාරාන්තික බව අමුතුවෙන් කිය යුතු නැත. කොරෝනා රෝගය වසංගත තත්ත්වයක් වූයේ එය මිනිසාගෙන් මිනිසාට වේගයෙන් බෝවීම හේතුවෙනි. එහෙත්, ඩෙංගු රෝගය වැලඳෙන්නේ ඩෙංගු මදුරුවා දෂ්ට කිරීමෙනි. මදුරුවා මර්දනය කිරීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කළ හැකිය.

වර්ෂාවත් සමඟ ලෝකයේ තැනින් තැන කලින් කලට ඩෙංගු රෝගය හිස ඔසවයි. එවැනි කාල සීමාවන් තුළ ඩෙංගු මර්දනය සඳහා ලෝකය පුරා විවිධ ව්‍යාපෘති ද ක්‍රියාත්මක කළ ද තම නිවාස සහ ආයතන අවට මදුරුවන් බෝ නොවන ලෙස පිරිසුදුව තබා ගැනීමට මිනිසුන් ක්‍රියාත්මක නොවීම නිසා මාරාන්තික ඩෙංගු රෝගය කලින් කලට මිනිස් ජීවිත බිලි ගනී.

2018 වර්ෂය තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51659ක් වාර්තා වී ඇති අතර 2020 වර්ෂය වන විට එම සංඛ්‍යාව 20498ක් වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තාවල සටහන් වී තිබේ. මින් පැහැදිලි වන්නේ ඉදිරි වැසි සමයෙ ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා උත්සන්න වීමට ඇති හැකියාව ඉහළ බවය.

මෙතෙක් ආසන්න වශයෙන් 27.9%ක් පමණ ඩෙංගු රෝගීන් වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ඇතැම් ඉදිකිරීම් බිම් ආශ්‍රිතව මදුරු ව්‍යාප්තිය ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩිය. මේ හේතුවෙන් ඩෙංගු රෝගය පිළිබඳව නැවත නැවතත් විමසිලිමත් වීම අප සැමගේ වගකීමකි.

නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශවල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීම පිළිබඳව ද දැඩි අවධානයක් යොමු විය යුතුය. රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසරේ මැද එනම්, මැයි සහ ජූලි අතරතුර නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද, වසර අගදී එනම්, ඔක්තෝබර් සිට ජනවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතව ද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ වාහක රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා ඩෙංගු රෝගය වැලඳුණ අයකු මුලින්ම වාර්තා වන්නේ 1962 වසරේදී ය. මෙය වසංගත තත්වයක් ලෙස වාර්තා වන්නේ 1965-1966 වසරවලදී ය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් කරන ලද පර්යේෂණවලට අනුව ,1970 හා 1980 දශකවල යම් යම් කාල සීමාවලදී ඩෙංගු වසංගත තත්ත්ව මෙරට ඇති වී තිබේ. එබැවින්, 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුළත් කෙරිණ.

ඩෙංගු රෝගය වැලඳුණු මුල් අවස්ථාවේදී එය සාමාන්‍ය උණ රෝගයක් ලෙස සලකා බොහෝ දෙනා විවිධ ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් රෝගය හඳුනාගැනීමට කල් ගත වී මරණීය තත්ත්වයක් දක්වා වර්ධනය වේ. පැරසිටමෝල් හැර වෙනත් කිසිඳු ඖෂධයක් මෙවැනි අවස්ථාවක භාවිත නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාදය වේ.

ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන තද උණ, හිසරදය, ඔක්කාරය සහ ඇඟපත වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුව, පපුව රිදීම, සෙම ගතිය, මුත්‍රා පහවීම අඩුවීම, සමෙහි රතු පලු හට ගැනීම, ඇස් යට වේදනාව සහ බඩ රිදීමක් සමඟ බඩ පිපුමක් දැනෙන්නේ නම් වහාම රුධිර පරීක්ෂාවක් කරගන්නා මෙන් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.

විශේෂයෙන්ම දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් ඩෙංගු උණ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් වෙහෙසකර කටයුතුවලින් වැළකී විවේක ගැනීමත් හැකි තරම් දියර වර්ග පානය කිරීමත් මේ රෝගීන්ට ලබා දෙන වැදගත්ම උදේශයයි.

2020 වර්ෂය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා 'දිනමිණ'ට මෙසේ අදහස් පළ කළේ ය.

''මේ දිනවල ඩෙංගු රෝග තත්ත්වයේ සුළු වැඩි වීමක් තිබෙනවා. කොළඹ, ගාල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්වල රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. නමුත් තවමත් මෙය මර්දනය කළ හැකි තත්ත්වයේ පවතින නිසා ඩෙංගු රෝගීන් වාර්තා වූ ඒ ප්‍රදේශ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කරලා තිබෙනවා''

''වර්ෂාව හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන්නට තිබෙන ඉඩ ප්‍රස්තාව වැඩියි. කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙහිදී ඉදිරි වාතාවරණය සලකා බලා දිවයිනේ ඩෙංගු ව්‍යාප්තිය ඇති ප්‍රදේශ හඳුනාගනිමින් මේ වැඩසහන් ක්‍රියාත්මක කරනවා''

''කොවිඩ් 19 රෝග ලක්ෂණ සහ ඩෙංගු රෝග ලක්ෂණ අතර ඇති සමානතාවය හේතුවෙන් බොහෝ දෙනා බියෙන් පසුවෙනවා. මේ රෝග දෙකම මාරාන්තික විය හැකි නිසා දැඩි අවධානයෙන් පසුවීම අත්‍යාවශ්‍ය බව ජනතාව අවබෝධ කරගත යුතුයි. කොරෝනා රෝගය හේතුවෙන් පිළිපැදීමට සිදු වී ඇති සෞඛ්‍ය පුරුදු හා චර්යාවන් ද නීතිරීති ද අනුගමනය කරමින් අපි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එකමුතුව වැඩ කළ යුතුයි''

''එහෙත්, කොරෝනා රෝග ලක්ෂණ වන ශ්වසන රෝග ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණ ලෙස වාර්තා වෙන්නේ නෑ. උණ, හිසරදය හා ඇඟපත හා හන්දි වේදනාව යන ලක්ෂණ මේ රෝග දෙකේම පෙන්නුම් කරනවා. එවැනි අවස්ථාවක බියට පත් නොවී වෛද්‍ය උපදෙස් අරගෙන රෝගය නිවැරැදිව හඳුනාගෙන අදාළ ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු වීමෙන් මේ රෝග පාලනය කළ හැකියි. විශේෂයෙන්ම ඩෙංගු රෝගය වාර්තාව වන ප්‍රදේශ කඩිනමින් හඳුනාගන්නත් ඒ ප්‍රදේශවල මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් අපිට එමඟින් හැකියාව ලැබෙනවා''

''දැනට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ සුළු ප්‍රමාණවලින්. එය ගිය වසරේ මේ කාලය වන විට වාර්තා වූ ගණනට වඩා අඩු ප්‍රතිශතයක්. නමුත් මේ ප්‍රමාණය වෙනස් විය හැකි නිසා අපිට අවශ්‍ය වන්නේ දැඩි අවධානය පමණයි''.

''ඩෙංගු මදුරුවා හඳුනා ගැනීමේ ලක්ෂණ තිබුණත් සාමාන්‍යයෙන් මදුරුවන් කෙරෙහි එදිනෙදා ජීවිතය තුළ අවධානයක් යොමු කිරීම ප්‍රායෝගික නොවන්නට හැකියි. කළු පැහැති කුඩා මදුරුවකු වන ඩෙංගු මදුරුවා සුදු පැහැති තිත් සහිත වන අතර දක්නට ලැබෙන්නේ උදය වරුවේ 6-9 අතරත් සවස 3-6 අතර කාලයේදීයි. නමුත් බඩ පිරී නොමැති අවස්ථාවක මේ මදුරුවන් දිනයේ ඕනෑම වේලාවක දී දෂ්ට කළ හැකියි''

''ඩෙංගු වාර්තා වන ප්‍රදේශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොදවා පරීක්ෂා කටයුතු සහ උපදෙස් ලබා දීම් කරන අතර මේ මදුරුවා වර්ධනය වී ඇති බවට සාක්ෂි හමුවන නිවාස හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් අපි කටයුතු කරනවා''

ඩෙංගු මදුරුවන්, කීටයන් නිවැසියන්ගේ නොසැලකිල්ලෙන් වර්ධනය වී සිටියේ නම් ඔවුන්ට රතුපැහැති කාඩ්පතක් ලබා දී සතියක් ඇතුළත ඒවා ඉවත් කොට පිරිසුදු කිරීමට අවස්ථාව ලබා දෙන අතර විශාල වශයෙන් මදුරුවන් හා කීටයන් වර්ධනය වී ඇති ස්ථාන භාරකරුවන් වේ නම් ඔවුන්ට ක්ෂණිකව නඩු පැවරීමටත් කටයුතු කරන බව ද අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ ය.

කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්ක හත තුළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ජනතාව දැනුවත් කිරිම්, ස්ථාන පරීක්ෂා කිරීම්, දුම් ගැසීම වැනි පියවර ගනු ලැබේ. මේ සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන රජයෙන් ලබා දී ඇති අතර ඩෙංගු මදුරුවා මර්දනය කිරීම සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ ජනතාවගේ සහයෝගය බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

සටහන - චින්තා රණසිංහ

 

කොරෝනා පාලන වායුසමනය

$
0
0
ජුනි 16, 2020 01:00

නව නිර්මාණයක් යනු පර්යේෂණ ක්‍රියාවලියක අවසාන ප්‍රතිඑලයකි. යම් පුද්ගලයකුගේ මනසට නැගෙන නව සංකල්පයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සුළුපටු කාර්යයක් නොවේ. බද්දේගම පදිංචි හෙට්ටිවක්කගේ කුෂාන් චන්ද්‍රනාත් මහතා විසින් නිර්මාණය කරන ලද Microorganisum Filtering and Destroying වායු සමනය ද දූරදර්ශීව සිතා බලා සකස් කළ එවැනි අපූරු නව නිර්මාණයකි. මේ නව නිර්මාණය පිළිබදව කුෂාන් මහතා මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.

‘’2018 වර්ෂයේ කරාපිටිය රෝහලේ ළදරු අංශයට විෂබීජයක් ආසාදනය වෙලා එය වැඩිහිටි අංශයටත් පැතිරිලා ගියා. විෂබීජය ආසාදනය වීමෙන් මිනිසුන් කිහිප දෙනෙක් මරණයට පත් වුණා. විෂබීජය වායු සමනයෙන් පැතිර ඇති බව පසුව අනාවරණය වුණා. ඊට විසදුමක් වශයෙන් මම 2018 වසරේදී මුල්වරට ක්ෂූද්‍ර ජීවින් පෙරණය සහිත වායු සමන යන්ත්‍රය නිර්මාණය කළා . මම නිපදවූ ක්ෂුද්‍ර ජීවින් පෙරණය සහිත වායු සමීකරණය නව නිපැයුම් කොමිසමෙන් ඇගයීමට ලක් කරලා බ්‍රවුන්ස් මෙඩ්ල් එකක් ලබා දුන්නා’’.

‘ඊට පස්සේ ෆිල්ටර් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව සිතලා ක්ෂූද්‍ර ජීවින් විනාශ කරන ක්‍රමයක් වායු සමනයට ඇතුළත් කළා නම් හොදයි කියලා හිතුවා. ඒ ආකාරයෙන් මම නිපදවූ වායු සමනය නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් සංවිධානය කළ සහසක් නිමැයුම් - 2019 තරගයට ඉදිරිපත් කළා. මෙම තරගයට මම ක්ෂුද්‍ර ජීවින් පෙරණය සහිතව සහ ක්ෂූද්‍ර ජීවින් විනාශ කළ හැකි අකාරයට වායු සමනය නිර්මාණය කළා. අපිට අවශ්‍ය අවස්ථාවලදී මෙම වායු සමනය මගින් ක්ෂුද්‍ර ජීවීන් පෙරණයට ලක් කිරීමටත්, ක්ෂූද්‍ර ජීවින් විනාශ කරන්නත් පුළුවන්කම තියනවා. මෙම වායු සමනය කොරෝනා වෛරසය (covid - 19) විනාශ කරන්න වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.

මෙම වායු සමනයෙන් වාතය මයික්‍රෝන 03 දක්වා පෙරීමක් සිද්ධ වෙනවා. මයික්‍රෝන 03 වඩා වැඩි විශ්කම්බයක් දැනට කොරෝනා වෛරසයෙහි තිබෙන බව අනාවරණය වෙලා තිබෙනවා. මගේ වායු සමන යන්ත්‍රය තුළින් කොරෝනා වෛරසය ෆිල්ට වීමෙන් එයින් වන වාතයේ කොරෝනා වෛරසය අනිවාර්යයෙන්ම ඉවත් වෙලා යනවා.

දැනට මහ රෝහල්වල ශල්‍යාගාරවල ක්ලීන් රූම් කියලා සිස්ටම් එකක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේ සිස්ටම් එකක් මගින් ෆිල්ටර් දෙකකින් පෙරනයට ලක් වෙලා තමයි වාතය පිටවීම සිද්ධ වෙන්නේ. දැනට මධ්‍යම වායු සමන පද්ධතියකට විතරයි ඒ වගේ සිස්ටම් එක අනුයුක්ත කරලා තියෙන්නේ. වායු සමනයකට එවැනි සිස්ටම් එකක් සවි කරන්නයි , ක්‍රියාත්මක කරන්නයි කෝටි ගණනක මුදලක් යනවා. මගේ නිර්මාණය තමයි පළමු වරට ගෘහස්ථ වායු සමනයකට ඒ ක්‍රමය ඇතුළත් කළේ. මගේ වායු සමනයේ වාතය ඇතුල් කර ගන්නා පැත්තට ෆිල්ටර දෙකක් සහ වාතය පිට වන පැත්තට ෆිල්ටර් එකක් අන්තර්ගත කරලා තියනවා.

මගේ වායු සමනය ක්ලීන් රූම් කියන සිස්ටම් එක ඇතුළත් කරලා විෂබීජ විනාශ කරන ක්‍රමවේදයක් ඇතුළත් කරලා තියනවා.

මෙම ක්‍රම දෙකෙන්ම වායුව පිරිසුදු වීම සිදු වෙනවා. රෝග නිරෝධායන මධ්‍යස්ථානවලට මෙම වායු සමනය ඉතාම ප්‍රයෝජනවත්. ඒකේ වැඩ කරන අයට ආසාදනය පාලනය වීමක් සිදු වෙනවා.

දැනට මගේ වායු සමනය ජාතික තාක්ෂණ ආයතනයෙන් ( ITI) පරීක්ෂා කරලා තියනවා. ලංකාවේ තවමත් වාතයේ තියෙන වෛරස් පරීක්ෂා කරන්න පහසුකම් නෑ. ඒ වුණත් බැක්ටීරියා, ෆන්ගස් (පුස් වර්ග දෙක) මෙම වායු සමන යන්ත්‍රය මගින් අඩු වෙනවා කියලා පැයෙන් පැය පරීක්ෂා කරලා වාර්තා දීලා තියනවා. මයික්‍රෝන 03 ට වැඩි ඒවා කිසිසේත් පිට නොවී පෙරනයට ලක් වෙලා එනවා කියලා හෙපා ෆිල්ටරයේ නිෂ්පාදකයින් සනාථ කරලා තියනවා. ඒ වාගේ ෆිල්ටර ලෝකයේ ශල්‍යාගාරවල භාවිතා වෙනවා. හෙපා ෆිල්ටරය මගින් අනිවාර්යයෙන්ම කොරෝනා වෛරසය නැති වෙලා යනවා කියලා සනාථ කරලා තියනවා. මෙම වායු සමන යන්ත්‍රය තුළින් අපිරිසුදු වාතය පරිසරයට හානියක් නොවන ලෙස මුදා හැරීමටත්, කැමති නම් නැවතත් පිරිසුදු වාතය ලබා ගැනීමටත් පුළුවන්කම තියනවා.

සාමාන්‍යයෙන් ගෘහස්ථ වායු සමන භාවිතයේදී ස්වභාවික වාතය පැමිණෙන්නේ නැති නිසා ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා තෙහෙට්ටු ගතිය, නිදිමත ගතිය ඇතිවෙනවා. මෙම වායු සමනය ක්‍රියාත්මක කිරීමේදී පිරිසුදු වාතය 30% ක් පමණ නිකුත් වෙනවා. කාර්යක්ෂමතාවය යහපත් අන්දමින් තිබෙන නිසා දීර්ඝ කාලයක් පරිහරණය කරන්න පුළුවන්. තමන්ට අවශ්‍ය පරිදි වායු සමනය පරිහරණය කරන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන් පෙරණයට ලක් වීම ක්ෂුද්‍ර ජීවින් විනාශ වීම යන දෙකම හෝ එකක් අන්තර්ගත වන පිරිදි මෙම වායු සමනය භාවිතයට ගන්න පුළුවන්.

මේ වායු සමනයට Clean Room ක්‍රමය ඇතුළත් කර තිබෙන නිසා විෂබීජ විනාශ වෙනවා. විෂබීජ බහුලව ඇති සියලුම රජයේ රෝහල් ICU, ETU,PBU, මෙන් ම ශල්‍යාගාර යන ස්ථානවලත්, මහජනයා ගැවසෙන ස්ථාන, කාර්යාල, රෝගීන් පරීක්ෂා කරන ස්ථාන, යන ස්ථානවලටත් මෙම වායු සමනය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ ස්ථානවලට පිටතින් රෝගීන් පැමිණෙන නිසා එම රෝගීන් මගින් තවත් අයට වෛරස් ආසාදනය වීම පාලනය වීමක් සිද්ධ වෙනවා. කොරෝනා වෛරසය බෝහෝ වේලාවට සීතල පරිසරයකදී ව්‍යාප්ත වීම වැඩි වෙනවා කියලා සොයා ගෙන ති⁣යෙනවා. ඒ වුණත් මේ වගේ වායු සමනය මගින් වෛරසය පැතිරීම පාලනය වෙනවා.

මෙවැනි උපකරණයක් තවම ලංකාවේ නෑ. මම පේටන්ට් බලපත්‍රය ගැනීම සදහා ඉල්ලුම් කරලා තියනවා. තවමත් පේටන්ට් බලපත්‍රය ලබා ගෙන නැති වුණත් මට පේටන්ට් බලපත්‍ර අංකයක් තාවකාලිකව ලබා දීලා තියනවා. අනුග්‍රාහක සමාගමක් එක්ක එකතු වෙලා නිෂ්පාදනය කරලා මෙම වායු සමනය බෙදා හරින්න මම බලාපොරොත්තු වෙනවා ‘’

අද කාලයට වඩාත් ප්‍රයෝජනවත් වන මෙම වායු සමන යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා කුෂාන් චන්ද්‍රනාත් මහතාට තම දැනුම සහ ක්ෂේත්‍ර පළපුරුද්ද වඩාත් වැදගත් වී තිබේ. ඔහු ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “මම පළමුවෙන්ම ගියේ ගා/ගිනිමැල්ලගහ කනිෂ්ඨ විද්‍යාලයට. දෙවනුව බද්දේගම ශ්‍රී රත්නසාර විද්‍යාලයට ගියා. පස් වන පන්තියේ ඉදන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ගියා. 1986 ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය කළා. පසුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයෙන් වාහන විදුලි ශිල්පය, බල විදුලි ශිල්පිය, වායු සමනය ශිල්පය සහ ශීතකරණ ශිල්පය ඉගෙන ගත්තා.

වැඩ මූලිකයන් පුහුණු කිරීමේ ආයතනයේ බල විදුලි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා. පසුව ජිනරතන වෘත්තීය කාර්මික විද්‍යාලයේ මෝටර් රිවයින්ඩින් පාඨමාලාව හැදෑරුවා. ටෙලි කොමියුනිකේෂන් අංශයේ සිටි ඇන්ඩ් ගිල්ස් විභාගයේ කොටස් දෙකක් සමත් වුණා. වෘත්තීය පුහුණු අධිකාරියේ විදුලි සහ ශීතකරණ උපදේශක වශයෙන් අවුරුදු දෙකක් පමණ සේවය කළා . ඒකෙන් ඉවත් වෙලා දැනට මම බද්දේගම රෝහල ඉදිරිපිට මගේම ව්‍යාපායක් පවත්වාගෙන යනවා. නව නිපයුම් කරගෙන මගේ ව්‍යාපාරයක් කර ගෙන යන්න මගේ බිරිය සහ දියණියන් තුන් දෙනා ලොකු ධෛර්යක් සපයනවා.

පස් වන පන්තියේ ඉදන්ම මම නව නිර්මාණ කරන්න පෙලඹුණා. 1983 දී ධර්මාශෝක විද්‍යාලයේ නව නිර්මාණ තරගයකදී නව තාක්ෂණික නිර්මාණ අංශයෙන් ජය ගත්තා. ඊට පස්සේ මම දිගින් දිගටම නව නිර්මාණ කළා. මම තේ කර්මාන්ත අංශයෙන් පර්යේෂණ පවත්වා තියනවා. අඩු වියදමකින් කොහොමද තේ කර්මාන්තය කරන්නෙ කියලා. කසළ ගැටලුව විසදන්න පුළුවන් ක්‍රම ගැනත් පර්යේෂණ පවත්වලා තියනවා. ප්ලාස්ටික්වලින් කරන්න පුළුවන් දෙයක් ගැනත් මම පර්යේෂණ කරගෙන යනවා’’ .

සටහන - මදාරා මුදලිගේ

 

බණින අය 19ට අත ඉස්සුවා

$
0
0
ජුනි 17, 2020 01:00

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
සමඟි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත අලුවිහාරේ

අගෝස්තු මහ මැතිවරණයට සූදානම කොහොම ද?

මේ වන විට අපේ මහ ලේකම්තුමා දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර තිබෙනවා. බිම් මට්ටමින් ග්‍රාමසේවා වසම්වල කමිටු පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කළා. අපි ඉතා සැලසුම් සහගතවයි මේ මැතිවරණයට යන්නේ. අපට විශාල ජන බලවේගයක් රට පුරා ඉන්නවා. අපේ ග්‍රාමීය මට්ටමේ සියලු කණ්ඩායම් මේ වන විට සංවිධානය කරලයි තිබෙන්නේ. අලුත්ම බලවේගයක් විදිහට මේ මැතිවරණය අප ජයගන්නවා.

මැතිවරණයට එරෙහිව ඔබේ පක්ෂය අධිකරණයට ගියේ ආණ්ඩුවේ පිරිස් කියන විදිහට මැතිවරණයට බියේ ද?

මැතිවරණවලට අප කිසිම බියක් නෑ. ඒත් රටේ තිබුණු කොරෝනා තත්ත්වයත් එක්ක කොහොමද මැතිවරණ තියන්නේ? ඒක අපි කවුරුත් අවබෝධ කරගත යුතුයි. මුළු ලෝකයම මේ වසංගතයට ගොදුරු වෙද්දී අපිට පුළුවන්ද මැතිවරණවලට යන්න? මේ අවස්ථාවේ මැතිවරණවලට යාම ඉතාම භයානකයි. ඒ නිසයි අපි මේක කල් දාන්න කිව්වෙ.

දශක ගණනක් පුරා එක්සත් ජාතික පක්ෂයත් එක්ක බද්ධ වී සිටි අලුවිහාරේ පරපුර ඇයි එ.ජා.ප.ය හැර යන්නේ?

අප කිසි ලෙසකින් එ.ජා.ප.ය හැර යන්නේ නෑ. පක්ෂයේ නායකතුමන්ගේ ආශිර්වාදයෙන් තමයි සමගි ජනබල වේගය හදන්නේ. ඒ සදහා කෘත්‍යාධිකාරි අනුමැතිය ත් ලැබෙනවා. නායකතුමාගේ අනුමැතියත් මේ සඳහා ලැබුණා. අප බිම් මට්ටම බැලුවා.

එහිදී අප පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡා කරලා තීන්දු තීරණ රැසක් ගත්තා. මේ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා මෙන්ම පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආවොත් අප ඡන්දය දෙන්නේ නෑ කියලා එදා අපට බිම් මට්ටමේ අය කීවා.

සජිත් සමඟ එන්න අප ඡන්දය දෙන්නම් කියා ඔවුන් කීවා. මේක අප පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මහත්තයාට කීවා. ඒ නිසා අපට තීරණයක් ගන්න වුණා. ඒ වගේම අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා නෑ. අපව අයින් කළා කියලා ලිඛිතව ලියුම් එවලත් නෑ. අපෙන් අදටත් එක්සත් ජාතික පක්ෂයට මාසයකට රුපියල් පන්දහසක් කැපෙනවා. ඒ වගේම අපේ පළාත් පාලන නියෝජිතයන් ගේ මුදලුත් මාස්පතා තවමත් කැපෙනවා. අපේ පළාත් පාලන නියෝජිතයන් තනතුරුවලින් ඉවත් කරන බවට තර්ජනය කරනවා. ඒ අයට එහෙම කරන්න බෑ. මේ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඔක්කොම එක්වෙනවා.

එදා තනි කණ්ඩායමක් විදිහට එ.ජා.ප.යට පරාජය කරන්න බැරි වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙම දෙකට බෙදී පරාජය කරන්නේ කො‍ෙහාම ද?

එදා ජනාධිපතිවරණයේදී ලක්ෂ පනස් පහක් ගත් අපේක්ෂකයා තමයි අද සමගි ජන බලවේගයේ නායකයා. මේ මැතිවරණයේ දී ආසන 70 -75 ක් එතුමාට ගන්න පුළුවන්. එහි දී සමහර විට එ.ජා.ප. ය අපිට එක්වේවි. ඒ අනුව අපිට ඉදිරි මහා මැතිවරණයෙන් බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තියෙනවා.

පක්ෂය හැර ගිය අය නිසා එ.ජා.ප.ය ශුද්ධ වී ඇතැයි එහි නායකයන් පවසනවා?

එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉතිරිව සිටින කණ්ඩායම දෙස බැලුවොත් ඒ සියලු දෙනාට දූෂණ චෝදනා තිබෙනවා. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට, රවී කරුණානායක මහතාට බැඳුම්කර සිද්ධියේ චෝදනා තිබෙනවා.

එහෙම කණ්ඩායමක් තමයි අද එක්සත් ජාතික පක්ෂය වටා ඉන්නේ. රටේ ජනතාව දන්නවා, හොරු කණ්ඩායමක් තියාගෙන ඒ අය ඡන්දය කරන බව. අපි පිරිසිදුයි. අපිට හොද කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපි අලුත් නායකත්වයත් සමඟ මේ ගමන යනවා. දුෂණයක්, අක්‍රමිකතා නැති නායකයෙක් එක්ක තමයි අප පෙළගැසී සිටින්නේ.

මැතිවරණ කොමිසමේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ එල්ල වන විවේචන ඔබ දකින්නේ කොහාම ද?

හූල් මහතාගේ යම් ප්‍රකාශයක් සම්බන්ධවයි මේ විවේචනය. එහි සිංහල පරිවර්තනය ගෙන මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.

පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියාලා එතුමා කියා තිබෙන බවයි ආණ්ඩුවේ අය කියන්නේ. එහෙම කියලා තියෙනවාද නැද්ද යන්න ගැන මැතිවරණ කොමසාරිස්වරයාට ප්‍රකාශයක් කළ හැකියි.

පසුගිය යහපාලන ආණ්ඩුවේ දහනව වැනි සංශෝධනයෙන් ගෙන ආ කොමිසම් සභා ගැන වත්මන් ආණ්ඩුවේ ඇත­ැමුන් මේ මොහොතේ දැඩි විවේචනයක් කරනවා?

ඔය සංශෝධනය සම්මත කළේ පාර්ලිමේන්තුවේ 224ක් අත උස්සලා. ඒ අයට කොන්දක් නැතිව ප්‍රකාශ කිරීම ගැන අපි කනගාටු වෙනවා. එදා ඒ අය සංශෝධන ගැන කතා කළේ නෑ. ඇයි එහෙනම් ඒ අය එදා එය අනුමත කළේ? මැතිවරණ කොමිසම අධිකරණ කොමිසම දෙන්නේ ස්වාධීන තීන්දු. නැත්නම් ඒවාට විරුද්ධව පියවර ගන්න පුළුවන්. තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒම අපි කළ ඉතා යහපත් කාර්යයක්. දැන් ඒවායේ අඩුපාඩු කතා කර පලක් නෑ.

මාතලේ එ.ජා.ප.දේශපාලනයේ අලුවිහාරේලා අනෙක් අයට අවස්ථාවක් නොදුන් බවට චෝදනාවක් තියෙනවා නේද?

අද අලුවිහාරේලා එ.ජා.ප.යෙන් තරග කරන්නේ නෑ. ඒ නිසා පුළුවන්නම් දිනාගන්න කියලා ඕනෑ කෙනෙකුට අවස්ථාවක් දී තිබෙනවා. අපට බලහත්කාරයෙන් ඡන්දය ගන්න බෑ, ජනතාව දෙන්න ඕනෑ. ජනතාව අලුවිහාරේලා හොඳයි කියලා හිතන නිසයි හැමදාම දිනවන්නේ. ඒකට සමහර අයට ඊර්ෂ්‍යාවක් තියෙනවා. මේ මැතිවරණයෙන් අපි මාතලේ ආසන තුනක් ගන්නවා. පොහොට්ටුව දෙකක් ගන්නවා. එ.ජා.ප.යට එකක්වත් යන්නේ නෑ. අද බලන්න පොහොර ටික වෙලාවට නෑ. රැකියා ප්‍රශ්න උග්‍ර වෙලා, බඩුමිල අහස උසට නැගලා, ජනතාව තව දුරටත් ආණ්ඩුවට ඡන්දය දෙයිද? ජනතාවට අලුවිහාරේලා හොදද නැද්ද කියා මේ මැතිවරණයෙන් බලාගන්න පුළුවන්. ඇතැමුන් කොයිතරම් රාජපක්ෂලා විවේචන කළත් හැට නව ලක්ෂයක් ඡන්දය දී තිබෙනවා. ඒ වගේම අලුවිහාරේලාටත් ජනතාව ඡන්දය දෙනවා.

දේශපාලනය කුමක් වුවත් අලුවිහාරේ පවුල සහ වත්මන් අගමැතිතුමා අතර සුහදතාවක් තිබුණා. එය අදත් එහෙමද?

ඇත්තෙන්ම දේශපාලනයේ අඩ සිය වසර සපුරපු එතුමාට මං ගෞරව කරනවා. විශේෂයෙන්ම මගේ දිවංගත පියා සමඟ එතුමා බොහොම සුහදව කටයුතු කළා. ඒ වගේම එතුමා දක්ෂ දේශපාලනඥයෙක්. බුද්ධිමත් නායකයෙක්. වටේ ඉන්න අය නිසයි එතුමා විවේචනයට ලක් වුණේ. මගේ මව අසනීප වී සිටින විට එතුමා දෙවරක්ම කොළඹ රෝහලට ඇවිත් බැලුවා. මාතලේ පැමිණෙන විට අපේ නි‍ෙවසට පැමිණියා. මගේ පියාට තිබෙන ගෞරවය නිසා තමයි මේ සුහදතාවය. මට කවදාවත් මහින්ද රාජපක්ෂ කියන චරිතය විවේචනය කරන්න බෑ.

දශක ගණනක දේශපාලන පරපුරක් නියෝජනය කරන ඔබලා මොනවාද මාතලේට කර තිබෙන්නේ?

ඉතිහාසයේ මං තරම් කිසිදු දේශපාලනඥයෙක් මාතලේට වැඩ කර නෑ. මාතලේට මහාධිකරණයක් තිබුණේ නෑ. ඒ අනුව මිලියන අට සියයක වියදමින් මගේ මූලිකත්වයෙන් මාතලේ අධිකරණ සංකීර්ණය ස්ථාපිත කළා. බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය සදහා මිලියන 550ක් වැය කළා. කෘත්‍රිම ධාවන පථයක් සහිත තුන්වැනි ක්‍රීඩංගණය ලෙස එය සංවර්ධනය කළා. ගෘහස්ත ක්‍රීඩාංගණ, පිහිණුම් තටාකය, ප්‍රේක්ෂකාගාරයේ වැඩ අප ඇරඹුවා. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න පුළුවන්.

ඉන්දික පොල්කොටුව

ස්වාධීන කොමිෂන් ස්වාධීන නැහැ

$
0
0
ජුනි 17, 2020 01:00

හිටපු අමාත්‍ය, මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක
රෝහණ දිසානායක

කොරෝනා වසංගත තත්ත්වය අවසන් නැතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යපාරය මේ වන විට ආරම්භ කර තිබෙන බව පෙනෙනවා.

කොරෝනා ව්‍යසනය මේ වන විට ඉතාම යහපත් විදිහට පාලනය කර තිබෙනවා. ඒක අප රටක් විදිහට ලැබූ ජයග්‍රහණයක්. විපක්ෂය උත්සාහ කළේ කොරෝනා පිට දමා මැතිවරණ කල්දමා ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් නොකළ දෙයක් නෑ. ඔවුන්ගේ බලාපොරොත්තුව හැටියට මේ තත්ත්වය අවසන් වීමට තවත් වසර ගණනක් යයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. ඒක තමයි රටේ ජනතාවගේ පරම අයිතිය. විපක්ෂය මැතිවරණවලට බය වුණාට අප බය නෑ. මේ මැතිවරණයට අපි සූදානම් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ දිනයේ සිටයි. අප අඛණ්ඩව ජනතාවත් සමඟ සිටි පක්ෂයක්. මේ නිසා අපිට ඕනෑම වෙලාවක මැතිවරණවලට මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා. කොරෝනා ව්‍යසනය හමුවේ නිරතුරුව ජනතාව සමඟ සිටි අය කවුද කියා ජනතාව හොඳින්ම දන්නවා.

ඔබ මැතිවරණයකට සූදානම් කීවත් විපක්ෂය කියන්නේ ආණ්ඩුව මේ වන විට සෑම අතින්ම අසමත් කියායි. ඔබ එය පිළිගන්නවාද?

මේක මෑත කාලීන ආණ්ඩුවකට තියෙන ඉහළම ජනතා ප්‍රසාද අවස්ථාවක්. ඔවුන් වාදනය කරන්නේ ඔවුන්ට පළපුරුදු තැටිය. කොරෝනා ව්‍යසනය හමුවේ ජනාධිපතතුමා රටටත් ජනතාවටත් විශිෂ්ට නායකත්වයක් ලබා දීම මේ රටේ ජනතාවට කිසි ලෙසකින් අමතක කරන්න බෑ. ව්‍යසනය පාලනය කරන අතර ම ජනතාවට අවශ්‍ය සහන ලබා දීමටත් රජයට හැකි වුණා. හිටපු ජනාධිපතිවරයාත්, ඒ අගමැතිවරයාත්, ආණ්ඩුවත් තිබුණා නම් රටම මළගමක්. එසේ වුණා නම් ඒ නායකයනුත් ජනතාවත් මිය ගිහින් රට විශාලා මහනුවරක් වන්නට තිබුණා. නමුත් අද මේ රට ලෝකයටම ආදර්ශවත් රටක් වී තිබෙනවා. ඒක කොයිතරම් ජයග්‍රහණයක්ද? විපක්ෂයේ අයට එය නොපෙනීම ගැටලුවක්.

විපක්ෂය තවමත් කියන්නේ මැතිවරණයකට මෙය සුදුසු කාලයක් නෙවේ කියායි?

ඒක තමයි මම දිගින් දිගටම කීවේ. විපක්ෂය කියන්නේ මැතිවරණවලට බය ඡන්දයට බියේ පලා යන කණ්ඩායමක්. මේ වගේ විපක්ෂයක් ලෝකයේ කොහෙවත් ඉඳලා නැතිව ඇති. අස්ථාවරව තිබුණු, හැම අතින්ම කඩා වැටුණු රටක් අපේ ජනාධිපතිතුමා එදා භාර ගත්තේ. පහුගිය ආණ්ඩුව ජනතාවට එපා වෙලයි තිබුණේ. එහෙම කණ්ඩායමක් කොහොමද ඡන්දවලට මුහුණ දෙන්නේ? ඔවුන්ගේ පැත්තෙන් ඒක හරි. පහුගිය ආණ්ඩුවට විශාල වශයෙන් චෝදනා තිබුණා. ඒවා මෙගා චෝදනා. රටම හොර ගුහාවක් වෙලයි තිබුණේ. මේවා රටම දන්නවා. ගම්පෙරළිය කියා ඇත්තටම පෙරළි සිද්ධ වුණා. ඒ ජනතාවගේ මුදල් හොරා කාලා ජනතාව අගාධයට දැමිම. එවන් තත්ත්වයක් යටතේ ජනතාවට මැතිවරණයක් අවශ්‍ය වෙලාවේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන් වුණා මැතිවරණයක් ලබා දෙන්න. ලෝකයේ කොහෙවත් විපක්ෂයක් කියන්නේ නෑ මැතිවරණ එපා කියලා. එහෙම කියන්නේ අපේ රටේ විතරයි.

ලෝකයේ හැම විපක්ෂයක්ම උත්සාහ කරන්නේ තියන ආණ්ඩුව පලවා හැර තමන්ගේ ආණ්ඩුවක් ලබා ගැනීමටයි. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්. මේක ලෝකයම දන්නවා. ඔවුන්ට අවශ්‍ය ජයග්‍රහණයක් නොව පරාජයෙන් බේරීමට වංගු දැමීමටයි. මහින්ද රාජක්ෂ මහතා විපක්ෂයේ සිටියදී කළ දේවල් මේ අය ඉගෙන ගත යුතුයි. එතුමා ආණ්ඩු ලබා ගැනීමට පාද යාත්‍රා, අරගල, උද්ඝෝෂණ ඇතුඵ කොයිතරම් දේවල් කළාද? අද ඔවුන් ඉතිහාසයේ දරුණුතම බෙදීමට පත්ව අසරණ වෙලා සිටිනවා. මේ මැතිවරණයේ දී ඔවුන්ට වඩා ස්වාධීන කණ්ඩායම් ඉදිරියට එයි. දේශපාලනයේ ජනප්‍රිය චරිත පවා මේ මැතිවරණයෙන් විසි වන තත්ත්වයක් තිබෙනවා. තුනෙන් දෙකක විශිෂ්ට ජයක් අපි අනිවාර්යයෙන්ම ලබනවා. ජනතාවගේ මතයි ඒකයි.

මැතිවරණ කොමිසම ඇතුඵ ස්වාධීන ආයතන පිළිබඳ ආණ්ඩුවේ පිරිස දැඩි විවේචන කරනවා. ඒ ඇයි?

මේවායේ ඉන්න අය ස්වාධීනව සිටිනව නම්, පක්ෂග්‍රාහී නොවී කටයුතු කරනව නම් කවුරුත් විවේචන කරන්නේ නෑ. යහපාලන ආණ්ඩුව පත් කළ ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ ආකාරය පිළිබඳ අද ලෝකයම දන්නවා. අපේ අය හිරගත කරන්න, අපේ අය අත්අඩංගුවට ගන්න කටයුතු කළා. පරීක්ෂණ නොකර විපක්ෂයේ සිටි අයට චෝදනා එල්ල කළා. ඔය කියන ස්වාධීන ආයතනත් ඒවාට පත් කළ අයත් කළේ විපක්ෂය දඩයම් කිරීමයි. මැතිවරණ කොමිසමේ හූල් ගැන අද රටම දන්නවා. ඔහුගේ හැසිරීම මෙන්ම ඔහු ක්‍රියාකරන ආකාරය දැන් හොඳටම පැහැදිලියි. ස්වාධීන කොමිසම් සභාවක සිට පක්ෂයකට ඡන්දය දෙන්න එපා කියන එකම බරපතළ වරදක්. යහපාලන ආණ්ඩුවේ ස්වාධීන වචනය හරියට ඔවුන් යහපාලනය කියන වචනය දමාගත්තා වගේමයි.

එක්සත් ජාතික පක්ෂය අද පොහොට්ටුවට අභියෝගයක් නේද?

එක පක්ෂයකින් ආ කණ්ඩායම දරුණු ලෙස පරාජය කළ අපිට කණ්ඩායම් දෙකකට බෙදි වෙන් වී එන පිරිස් පරාජය කිරීම කජ්ජක්ද? හැම දිස්ත්‍රික්කයක් ම අපි මේ මැතිවරණයෙන් ජය ගන්නවා. මේ නිසා අපිට විශාල වාසියක් අද ඇතිව තිබෙනවා. දෙකට තුනට බෙදුණු ඔවුන්ගේ බලය දැන් හීන වෙලා ඉවරයි. මේ වන විට සමගි ජන බලවේගය කියා ගන්නා අය අතරත් අර්බුද පිට අර්බුද ඇතිව තිබෙනවා. මේවා නිමා නොවන අර්බුද. ඔය පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය හදන්න මුල් වුණු මංගල සමරවීර අද අපේක්ෂකත්වයෙන් පවා ඉවත්ව වෙලා. මේ මැතිවරණයෙන් ඔවුන්ට මහා ඛේදනීය ඉරණමක් නියත ලෙසම අත්වෙනවා.

දශක ගණනක් මාතලේ දේශපාලනයේ අලුවිහාරේලා අපරාජිතව සිටිනවා. මෙවර ඔවුන් පරාජය කළ හැකි ද?

මං පැහැදිලිව කියනවා පළමු වරට අලුවිහාරේලා නැති පාර්ලිමේන්තුවක් මෙවර අපිට දක්නට ලැබෙනවා. ඒක නියතයි. අද ඔවුන් ඉල්ලන පක්ෂයවත් ජනතාව දන්නේ නෑ. දේශපාලනයේ අනාථයන් බවට ඔවුන් මේ වන විට පත්ව තිබෙනවා. මාතලේ ප්‍රතිඵලය මෙවර හතරයි එකයි. අපි මන්ත්‍රී ආසන හතරක් ගන්නවා. ඒකෙනුත් අලුවිහාරේලා එන්නේ නෑ.

විපක්ෂයේ අර්බුද කිව්වාට පොහොට්ටුව අභ්‍යන්තරයේත් මනාප අර්බුද තිබෙනවා නේද?

මේ මනාප ක්‍රමය තුළ ඕනෑම මැතිවරණයකදී මනාප පොරයක් තිබෙනවා. ඒක මේ ක්‍රමය තුළ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් මේ මැතිවරණයේදී අපට වෙනත් පක්ෂවලින් තරගයක් නැති නිසා අපි අතර තරගයක් ඇති වේවි. ඒත් අපේ කණ්ඩායම අතර කිසිදු ගැටලුවක් නෑ. අපි එකට එකතුව කටයුතු කරනවා. මම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතා සේවකයකු ලෙස බෙහොම වගකීමෙන් කටයුතු කරනවා. මම මගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පෝස්ටර්, කටවුට් දාන්නේ නෑ. බොහොම විනයගරුකව නීතිගරුකව මැතිවරණය කරනවා. ජනාධිපතිතුමන් පසුගිය ජනාධිපතිවරණයෙන් ලබා දුන් දේශපාලන ආදර්ශය අප කවරුත් මේ මැතිවරණ ව්‍යාපාරයට ගත යුතුයි.

මැතිවරණ ජයග්‍රහණය ගැන ආණ්ඩුව උජාරුවෙන් කතා කළත් මේ වන විට ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්ව ඇතැයි විපක්ෂය පවසනවා?

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනපති වූ දිනයේ සිට එතුමාට තිබෙන ජන ප්‍රසාදය තව තවත් ඉහළ නැංවෙමින් තිබෙනවා. ඒ වගේම එතුමාගේ ආණ්ඩුවට තිබෙන ප්‍රසාදයත් දිනෙන් දින වැඩි වෙනවා. ජනාධිපතිතුමා බලයට පත් වූ දින සිටම මේ රටේ සෑම ආයතනයක් පිළිබඳ ම සොයා බැලුවා. ඒවායේ දූෂණ අක්‍රමිකතා ගැන තදින් සිටියා. අපි නියත ලෙසම තුනෙන් දෙකක බලයක් ලබා ගන්නවා. ඒක ඔය විපක්ෂයේ කිසිවෙකුට නවත්වන්න බෑ. අපි ඉදිරියේදි ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යන්ට අභියෝග කරන රටක් බවට පත් වෙනවා. ඒක විපක්ෂයේ අයත් දන්නවා. අද විපක්ෂයට ගමට යන්න බැරිව ඉන්නවා. මේ අය ඒ නිසා විකාර කතා කියනවා.

මාතලේට වැඩි ම වැඩ කළේ එ.ජා.ප.ය නැත්නම් අලුවිහාරේලා කියා ඔවුන් කියනවා. මේ ඇත්ත ද?

මේවා පිළිගන්න පුළුවන් දේවල් නො⁣වේ. ඒක මාතලේ ජනතාව දන්නවා. ඔවුන් දේශපාලන පරපුරු හැදුවට මාතලේට කරපු දෙයක් නෑ. මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩා පිටිය තිබුණේ කුඩාවට. අවම වශයෙන් මීටර් දෙසීයක රවුමක්වත් එහි තිබුණේ නෑ. ඒක මහා දැවැන්ත ක්‍රීඩා පිටියක් කළේ මමයි. 2006 දී එහි ජාතික ක්‍රීඩා උලෙළ පවත්වන්න හැකි වුණා. ඒ වගේම එම ක්‍රීඩා පිටියේ අනෙක් සංවර්ධනයනට මුදල් වෙන් කළේ 2014 දී. ඒක තමයි සත්‍යය. විසල් මාතලේ ජල යෝජනා ක්‍රමය මගේ යෝජනාවක් අනූව ක්‍රියාත්මක වූණා. 2013 අය-වැයෙන් ඒකට මුදල් අනුමත වුණා. එදා ග්‍රේටා මාතලේ ජල යෝජනා ක්‍රමයට මුල්ගල තියන දවසේ දී තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 දී අනෙක් පැත්තට ගියේ. ඒත් අද අපි ආවට පස්සේ තමයි යළි ක්‍රියාත්මක වන්නේ. මාතලේ නගර සැලැස්ම 2007 දී පාර්ලිමේන්තුවේ අනුමත කරගෙනයි ක්‍රියාවට නැංවූයේ. අපේ කාලයේ කරපු දේවල් නිසයි මාතලේ අද දියුණු වෙලා තියෙන්නේ. ඉදිරියේ දී අපි මාතලේට විශාල වැඩ කොටසක් කිරීමට සැලැසුම් කර තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ හොඳම මැණික් තිබෙන කළුගඟ, ඒ වගේම හොඳම ඛනිජ රැසක් තිබෙන මේ දිස්ත්‍රික්කයේ ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරනවා. එළවළු, බී ලූනු, සුළු අපනයන භෝග නිෂ්පාදනය ඉහළ නංවමින් රටෙහි ආර්ථිකය වගේම ගොවියාට යහපත් පරිසරයක් ඇති කරනවා. සංචාරක ව්‍යාපාරය නවමු දිශාවකට යොමු කිරීම වෙනුවෙන් ඵලදායී වැඩපිළිවෙළක් සකස් කරනු ලබනවා. මාතලේට යූ.එන්.පියෙන් කරපු දෙයක් නෑ. මේ ගැන කතා කරන්න මගෙත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා මං අලුවිහාරේලාට ආරාධනා කරනවා.

ඉන්දික පොල්කොටුව

සමානුපාතික ඡන්ද ක්‍රමයේ මහ මැතිවරණ

$
0
0
ජුනි 17, 2020 01:00

ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 දී ක්‍රියාත්මක කළ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එතෙක් පැවැති කේවල ඡන්ද ක්‍රමය අහෝසි වූ අතර දිස්ත්‍රික්කය පදනම් කරගත් කොට්ඨාස ක්‍රමයක් මත සමානුපාතික මැතිවරණ ක්‍රමයක් ආරම්භ විය. මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ක් වූ අතර ඉන් 196ක් දිස්ත්‍රික් පදනමින්ද, 29ක් ජාතික ලැයිස්තුවෙන්ද පත්වීම සිදුකෙරුණ අතර පෙර පැවැති ඡන්ද කොට්ඨාස 160 මැතිවරණ බල ප්‍රදේශ ලෙස තවදුරටත් නම් විය. ඒ ආකාරයට මේ වනවිට සමානුපාතික මැතිවරණ 07ක් මෙතෙක් පවත්වා ඇති අතර 2020.08.05 දින පැවැත්වෙන්නේ 08 වන මහ මැතිවරණයයි.

1. 1989 පෙබරවාරි 15 මහ මැතිවරණය

2. 1994 අගෝස්තු 16 මහ මැතිවරණය

3. 2000 ඔක්තෝබර් 10 මහ මැතිවරණය

4. 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණය

5. 2004 අප්‍රේල් 02 මහ මැතිවරණය

6. 2010 අප්‍රේල් 08 මහ මැතිවරණය

7. 2015 අගෝස්තු 17 මහ මැතිවරණය

මේ අනුව 2020 අගෝස්තු 05 දින පැවැත්වෙන්නේ 08 වැනි මහ මැතිවරණයයි. මෙවර ඡන්ද දායකයින් 16263885ක් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර පිළිගත් දේශපාලන පක්ෂ 20 කින් අපේක්ෂකයින් 3652ක් ද, ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 3800ක් ද වශයෙන් අපේක්ෂකයින් 7452ක් මෙවර මැතිවරණයට තරග කරයි.

පැවැති මැතිවරණ 07 පිළිබඳව වෙන වෙනම සලකා බැලෙන ලිපි පෙළක් මේ සමඟ ආරම්භ කෙරෙන අතර පළමු ලිපිය 1989 මහ මැතිවරණය පිළිබඳව අද දින සලකා බැලේ.

භීෂණයෙන් ඇලළී ගිය 1989 ප්‍රථම සමානුපාතික මහ මැතිවරණය

1977 දී කේවල ඡන්ද ක්‍රමය පැවැති අවසන් මැතිවරණය වූ අතර එම මැතිවරණයෙන් හයෙන් පහක බලයක් එ.ජා.පක්ෂය විසින් දිනාගන්නා ලදී. එම අති විශේෂ බලය ඒ ආකාරයෙන්ම තවත් වසර හයක් ලබාගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මහතා 1982 ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු නිල කාලය 1983 සිට තවත් වසර හයකට දීර්ඝ කර ගත්තේය. ඒ අනුව 1989 පෙබරවාරි 15 දින මහ මැතිවරණය පවත්වන ලද්දේ වසර 12කට පසුවය. ඒ අතර 1978 දී සම්මත කර ගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණ පැවැත්වීම සමානුපාතික ඡන්ද ක්‍රමය මත සිදුකිරීමේ විධිවිධාන යෙදින. ඒ ආකාරයෙන් සමානුපාතික ඡන්ද ක්‍රමය මත පැවැති පළමු මහ මැතිවරණය 1989 මහ මැතිවරණයයි.

කේවල ඡන්ද ක්‍රමය මත පැවැති ඡන්ද කොට්ඨාස 168 ඒ අයුරින්ම නාමිකව පැවතියද මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 225 දක්වා පළමු වරට වැඩි වූයේ මෙම මැතිවරණයේදීය. ඉන් 196 දෙනෙක් දිස්ත්‍රික්ක මට්ටමින් ඒ ඒ පක්ෂය ලබාගන්නා ඡන්ද අනුපාතය මත තෝරාගන්නා අතර පක්ෂ ලේකම්වරු මැතිවරණයට පෙර ඉදිරිපත් කරන ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙක් පත්කරගනු ලබයි. ඒ තෝරාගනු ලබන්නේ ජාතික වශයෙන් ඒ ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද අනුපාතය පදනම් කරගෙනය. ඡන්දය දුන් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් කිසියම් පක්ෂයක් 5% අඩුවෙන් ඡන්දය ලබාගත්තේ නම් එම පක්ෂයට මන්ත්‍රී ධුරයක් හිමි නොවේ.

1989 ප්‍රථම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මහ මැතිවරණය සඳහා 1988 දෙසැම්බර් 30 වනදා සිට 1989 ජනවාරි 06 දක්වා නාමයෝජනා භාරගත් අතර මැතිවරණය පෙබරවාරි 15 වනදා පැවැත්විය යුතු යැයි ප්‍රකාශයට පත් විය. මෙම මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 09 හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 1396 ක් මන්ත්‍රී ධුර 196 සඳහා ඉදිරිපත් විය.

1988 පැවැති පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය ආරම්භයේදී හටගත් භීෂණකාරී නොසන්සුන් වාතාවරණය පාර්ලිමේන්තු මැතිවරණ කාලය තුළද වර්ධනය වූ අතර තහනම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ ඡන්ද වර්ජන ව්‍යාපාරය වඩා උත්සන්න මට්ටමට පත්විය. දේශප්‍රේමී ජනතා සන්නද්ධ බළකායේ ඒකාබද්ධ අණදෙන මූලස්ථානය නමින් විවිධ නියෝග නිකුත් වූ අතර එම නියෝග කඩකරන්නන් මරාදමන ලදී. මැතිවරණ කාලයේදී රටේ භීෂණකාරී වාතාවරණය උත්සන්න වෙද්දි මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් ගණනාවක් ඝාතනය කරන ලදී. ඔවුහු බහුතරය ශ්‍රීලනිපයේ හෝ වාමාංශික පෙරමුණේ අපේක්ෂකයෝ වූහ.

සරත් සේපාල රත්නායක - මාතර

ඉන්ද්‍රපාල අබේධීර - කළුතර

විජයලාල් මෙන්ඩිස් - කළුතර

ඒ. එම්. හුසේන් - මාතර

රංජිත් ගාමිණී ජයසේන - පොළොන්නරුව

පී. බී. රත්නායක - බදුල්ල

හෙක්ටර් ජයසිංහ - කෑගල්ල

සෝමපාල අමරකීර්ති - ගාල්ල

නිස්සංක කරුණාතිලක - මහනුවර

ආර්. ඒ. ජයවීර - කුරුණෑගල

සෝමදාස ගංකන්ද - කළුතර

ඉහත සඳහන් අපේක්ෂකයෝ නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදහ.

මැතිවරණ ප්‍රතිඵල අනුව එ.ජා.පක්ෂය දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 110 ක් ද, ජාතික ලැයිස්තුවෙන් 15 ක් ද වශයෙන් මන්ත්‍රී ධුර 125 ක් ලබා ජයගත් අතර 1989 පෙබරවාරි 18 වනදා 22 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කර ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ආණ්ඩුවක් පිහිටුවන ලදී. අගමැති හා මුදල් ඇමැති වශයෙන් ඩී. බී. විජේතුංග මහතා පත් විය. (සම්පූර්ණ ප්‍රතිඵලය සටහනේ දැක්වේ) මීට අමතරව රාජ්‍ය ඇමැතිවරු 50 හා 1990 දී කැබිනට් මණ්ඩලයට අයත් නොවන අමාත්‍යවරු 23 ‍දෙනෙකුද පත් කළේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් එක්සත් ජාතික පක්ෂයට 15 ක් අයත් විය. ශ්‍රීලනිපයට 09 කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට, සමාජවාදී පෙරමුණට ස්වාධීන කණ්ඩායමට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි විය.

මෙම මැතිවරණයේදී යාපනය, වන්නි, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 04 හැර සියලු දිස්ත්‍රික්ක එ.ජා.ප. විසින් දිනාගන්නා ලද අතර වන්නි, මඩකලපුව දිස්ත්‍රික්ක දෙක ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණත්, යාපනය ස්වාධීන කණ්ඩායමක් හා ත්‍රිකුණාමලය ශ්‍රීලනිපය විසින්ද දිනාගන්නා ලදී.

එහෙත් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්දය පාවිච්චි කරන ලද්දේ 63.6% ක් පමණි. ජාතික මැතිවරණ වශයෙන් මෙතෙක් පැවැති මහ මැතිවරණවලදී අඩුම ඡන්ද ප්‍රතිශතය (1989 න් පසු) ප්‍රකාශ වූයේ මෙම මැතිවරණයේදීය. එදා පැවැති භීෂණකාරී තත්වය ඡන්ද ප්‍රතිශතය අඩුවීමට ප්‍රධාන සාධකය විය.

මෙම මහ මැතිවරණයෙන් පසු ද දේශපාලන ඝාතන ගණනාවක් සිදුවිය. එවක ජනාධිපති ධුරය දැරූ ආර්. ප්‍රේමදාස මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් මන්ත්‍රීවරුන් 47කගේ අත්සනින් කථානායකට ඉදිරිපත් කළ අතර කථානායක එම්. එච්. මොහොමඩ් එය පිළිනොගත් නමුත් එහි නායකත්වය ගත් ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. එච්. ප්‍රේමචන්ද්‍ර යන ඉහළ පෙළේ ඇමැතිවරු ඇතුළු 08 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරින ලදී. ඔව්හු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් පක්ෂයක් ගොඩනැගීය. 1993 අප්‍රේල් 23 වනදා කොළඹ කිරුළපන පැවැති රැලියකදී ලලිත් ඇතුලත්මුදලි මහතා වෙඩි තබා ඝාතනය කරන ලද අතර 1993 මැයි 01 දින ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා කොළඹදී පැවැති මැයි දින රැලියේදී ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ඝාතනය කරන ලදී. ඉන්පසු අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගත් අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් විය.

 

බණ්ඩාරගම
සමරසේන මුදලිගේ

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>