ජන 21, 2019 01:00
ප්‍රත්‍යවේක්ෂා ප්‍රතිපත්ති පූජාව ජනවාරි 26 වන සෙනසුරාදා සවස 04 සිට පසුදා පහන්වනතුරු ෛඑතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කල්‍යාණ මිත්‍ර සංගමය විසින් සංවිධානය කරන මෙම පූජෝත්සවයේ දී අධිෂ්ඨාන සාමකාමී පා ගමනක්ද, බෞද්ධ දර්ශනය අනුව නිවැරදි ප්‍රතිපත්තිය මූලික කරගත් මහා ප්‍රතිපත්ති පූජාවක් ද සමඟ රාත්‍රී 09 සිට පසුදා පහන්වනතුරු කරණීය මෙත්ත සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, සප්ත අපරිහානීය ධර්ම දස රාජ ධර්ම ඇසුරෙන් කෙරෙන ලොව දිනන බොදු මඟ නම් වූ ධර්මදේශනාව පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා කල්‍යාණ මිත්‍ර සංගමයේ නිර්මාතෘ උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසිනි. පින් කැමති සියල්ලෝ පින්බිමට පැමිණෙත්වා. සමින්ද උදය කුමාර