මධුෂාන් නානායක්කාර
රංගන ශිල්පියෙක් කියන්නෙ ම ජීවිතේ මොහොතින් මොහොත විවිධ අන්දමේ අභියෝගවලට මුහුණ දෙන චරිතයක්. අවසානයේ අභියෝගවලට මුහුණ දෙන එක ඔවුන් පුරුද්දක් කරගන්නවා. මධුෂාන් නානායක්කාර කියන්නෙත් අන්න ඒ විදිහට අභියෝගවලට මුහුණ දෙන එක ජීවිතයෙ ම කොටසක් කරගත්තු දක්ෂ රංගන ශිල්පියෙක්. බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ "දෙකොන ගිනි"ටෙලිනාට්‍ය හරහා ටෙලි නාට්‍ය රංගනයටත් එතැනින් ඔබ්බට සිනමා රංගනයටත් පා තැබූ ඒ දක්ෂ රංගන ශීල්පියා සමඟ අද රසමංජරියෙන් සොඳුරු පිළිසඳරක්.
* කොහොමද ඉතිං කලා ජීවිතේ තොරතුරු එහෙම?
මේ දවස්වල සිරසෙ විකාශය වෙනවා මං රඟපාන "ඔන්න ඔහේ මෙන්න මෙහේ"කියලා කොමඩි ටෙලිනාට්‍යයක්. ඒ වගේ ම මං දායක වුණ නිර්මාණවලින් "කළු කුරුල්ලා" ITN එකේ රිපීට් වෙනවා. "ජෝඩු ගෙදර"ස්වර්ණවාහිනියෙ රිපීට් යනවා. අලුත් ෆිල්ම් දෙකකුත් ඉස්සරහට එන්න තියෙනවා. එකක් ප්‍රදීප් ධර්මදාසගේ "අයිස්ක්‍රීම්". අනිත් එක සඳරුවන් ජයවික්‍රමගේ යූත් ගොට් ටැලන්ට් එක බේස් කරලා කරපු "සිහිනාභිෂේකය". ඒ අතර ඉතින් ෂෝෂල් මීඩියාවලින් පොඩි වැඩක් කළා "බොම්බයි මොටයි"කියලා. ඒ දේවල් තමයි ඉතිං.
* මොකක්ද මේ "බොම්බයි මොටයි"කියන්නෙ?
ඒක අපි විනෝදෙට කරපු වැඩක්. යූ ටියුබ් එකට දැම්මා. වීව්ස් වැඩිවෙලා තියෙනවා. අපි ආර්ටිස්ලා විදිහට අපිට සමහර දේවල් කියන්න බෑ චැනල් එකක් ඇතුළේ. අපිට වාරණ තියෙනවා. සමහර වචන පවා පාවිච්චි කරන්න බෑ. ඒත් රියලිටියෙ ඕක එහෙම නෙවෙයි වෙන්නේ. දැන් හිතන්නකො මිනිහෙක්ට කනට ගහන්න ඕන වුණා කියලා. ඔයා මෙහෙ එන්න කියලා කනට ගහන්නෑනෙ. ගහනවා නම් තෝ මෙහෙ වරෙන් කියලා තමයි කනට ගහන්නෙ. ඉතින් සමහර වෙලාවට චැනල්ස් හරහා රියල් විදිහට දෙන්න බෑ. එතකොට අපි යූස් කරනවා, ෂෝෂල් මීඩියා. ඒකත් එක්ක තමයි "බොම්බයි මොටයි"කොමඩි එක පටන් ගත්තෙ. චමින් දිසානායක තමයි නිෂ්පාදක. "ඔරිජින්"ප්‍රඩක්ෂන් එකෙන් කරන්නෙ. දැන් හොඳ ප්‍රේක්ෂකයො පිරිසක් ඉන්නවා. වැඩේ හොඳට කරගෙන යනවා. රුවන් මදනායක තමයි මගෙත් එක්ක මේ වැඩේ එකතු වෙලා කරන්නෙ. ඔහු දක්ෂ පිටපත් රචකයෙක් වගේ ම රංගන ශිල්පියෙක්. "අපි නොදන්න ලයිව්"ප්‍රෝග්‍රෑම් එකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙත් එයා.
*ඔබ වැඩිපුර කරන්නෙ හාස්‍ය චරිතද? දුෂ්ට චරිතද?
හාස්‍යයද දුෂ්ටද කියන එක නෙවෙයි කතන්දරේ. මට ආරාධනාවක් ලැබුණොත්, මට වැඩේ හොඳයි කියලා හිතුනොත් මං ඕන එකක් භාරගන්නවා. මේ දවස්වල කොමඩි පැත්තට වැඩියෙන් චරිත ගලාගෙන එනවා. මට හිතුනොත් වැඩේ ඇතුළෙ දෙයක් කරන්න පුළුවන් කියලා මම ඒ චරිතෙ භාරගන්නවා. චරිත බෙදලා වෙන්කරගත්ත නළුවෙක් නෙවෙයි මම. නළුවෙකුට චරිත බෙදලා වෙන්කරගන්න බැහැයි කියන මතයෙ තමයි මං ඉන්නෙ. ඕන ම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒක තමයි නළුවා කියලා කියන්නෙ.
* ඔබ මේ ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වුණේ කොහොමද?
නාලක විතානගේ මගේ පාසල් සගයෙක්. කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තු අපි හොඳ යාළුවො. එයාගෙ තාත්තා තමයි බන්දුල විතානගේ කියන ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයා. නාලක ලියපු වේදිකා නාට්‍යයක් හරහා තමයි මම 2003දි රංගනයට එන්නෙ. ඊට පස්සෙ මගේ පළවෙනි ටෙලි නාට්‍යය බන්දුල විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ "දෙකොන ගිනි"කියන ටෙලි නාට්‍යය. මම රඟපෑ පළවෙනි චිත්‍රපටය "පිටසක්වල කුමාරයයි පැංචො හතයි". ඊට පස්සෙ "අබා".
ඔය විදිහට ගලාගෙන යනවා. ටීවී කමර්ෂල්ස් කරනවා. විෂුවල්ස් කරනවා. රංගනයත් එක්ක ම තමයි ජීවිතේ ගෙවෙන්නෙ. නමුත් මගේ පළවෙනි රැකියාව මම කළේ හිරු එෆ්. එම්. එකේ නිවේදකයෙක් විදිහට.
* මෙතෙක් ඔබ රඟපෑ චරිතවලින් ප්‍රේක්ෂකයා වඩාත් ම ආදරයෙන් වැළඳගත් චරිත ගැන කතා කරනවා නම්?
සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු "අඟුරු සිත්තම්"නාට්‍යයේ "මහතුන්"කියන චරිතයයි "කළු කුරුල්ලා"නාට්‍යයේ "මදනායක මන්ත්‍රී තුමා"ගේ චරිතයයි සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ චරිත දෙක මගෙ ජීවිතේ එක්තරා විදිහක හැරවුම් ලක්ෂයන් දෙකක් කියලා කියන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා මම කළා "සිහින සින්ඩරෙල්ලා"නාට්‍යයේ "ෆාරුක් නානා"කියලා මුස්ලිම් චරිතයක්. මම කොහොමත් වෙනසක් කරන්න උත්සාහ කරනවා, චරිත ඇතුළෙ. ඉතිං මං හිතනවා ඔය චරිත තුන සෑහෙන්න කතාබහට ලක් වුණා කියලා.
* නත්තලත් නව වසරත් ළඟ ළඟ ම එනවා. මොනවද ඒ වෙනුවෙන් තියෙන සැලසුම්?
මට නත්තල් නම් නැහැ. නමුත් නත්තල් තියෙන යාළුවො ඉන්නවා. ඉතින් ඒ අය ආරාධනා කරනවා. ඒ දේවල්වලටත් සහභාගි වෙනවා, ඉඩ ලැබෙන විදිහට. ඒ කොහොම කළත් 31 වෙනිදා රෑ මගේ නෝනත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
* ගෙදරදොර විස්තර ටිකක් කියනවානම්?
මට සහෝදර සහෝදරියො නෑ. අම්මා නැතිවුණා. තාත්තා ඉන්නවා. මම බැඳලා. අපිට තාම බබාලා නෑ. මගෙ වයිෆ් පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. මම ගෙදර බල්ලො පූසො ඇතිකරනවා හුරතලේට. ඉතිං හැමෝම එක්ක බොහොම සන්තෝසෙන් ජීවත් වෙනවා.
* කලා ජීවිතේ ඇතුළෙ ඔබේ ඉලක්කය?
කවදා හරි හොඳ ම නළුවා වෙන්න තමයි ඕනෙ.
* ඔබ රංගනය හදාරලා තියෙනවද?
බොහෝදුරට අත්දැකීම් තමයි මගේ රංගනයට පාදක වුණේ. සමහර වෙලාවට සමාජයේ මට මුණගැහෙන චරිත හැසිරෙන විදිහ දිහා මම බලාගෙන ඉන්නවා. ඒ සමාජ අත්දැකීම් සෑහෙන්න උපකාරී වුණා. ඊට අමතරව ඉතින් යම් කිසි ආකාරයක රංගාභ්‍යාසවල එහෙම නියැලිලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මට හම්බුණ හොඳ ගුරුවරයෙක්. ඔහු ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. සංයමය, විනය කියන දේවල් මම ඔහුගෙන් හොඳින් ඉගෙන ගත්තා. එහෙම කවුරුහරි මුණගැහුණොත් හදාරන්න දෙයක් තියෙනවා නම් මං අනිවාර්යෙන් ම හදාරනවා. කලාවත් එක්ක ජීවත් වෙනකොට ජීවිතේ ප්‍රශ්න සෑහෙන්න මගහැරෙනවා.
* ඔබේ ජීවිත ගමනට සහය දුන් විශේෂ අය ගැනත් මතක් කරමුද?
විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මගේ ආදරණීය බිරිඳට. ඒ තමයි මගේ ලොකු ම ශක්තිය. ඊට පස්සෙ මගේ යාළුවො. එයාලා තමයි හැමදේකම හොඳ නරක පෙන්නලා දෙන්නෙ. ඒ වගේ ම මට මේ ක්ෂේත්‍රයට ආරාධනා කරපු බන්දුල විතානගේ මහත්මයා කෘතඥ පූර්වකව සිහි කරනවා. නාලකවත් ආදරෙන් මතක් කරනවා. මං ගැන විශ්වාසය තියපු හැම අධ්‍යක්ෂක වරයෙක් ම හැම නිෂ්පාදකවරයෙක් ම සහ මම රංගන කටයුතුවලට යද්දි අනිත් පැත්තෙන් ඉඳන් මට සහය දුන්නු හැම කලාකරුවෙක්වම ආදරෙන් මතක් කරනවා. අද මම තැනකට ඇවිත් ඉන්නවා නම් අන්න ඒ තැනට ආවෙ ඒ හැමොගෙ සහයෝගයත් එක්කයි.
* ඔබ හිතන විදිහට අද ලංකාවෙ ප්‍රහසන කලාව කියන දේ කොතනද තියෙන්නෙ ? බොහොමයක් නිර්මාණ ඉලක්කවලට ළඟ වෙලා නෑ නේද?
ඒකට බලපාන හේතු තියෙනවා. එකක් මේ ලංකාවෙ තියෙන ආර්ථික රටාව. කවුරු හරි කලාකරුවෙක් ජීවත් වෙන්නෙ මේකෙන් නම් නිර්මාණයේ ගුණාත්මක භාවය හොයලා තෝරලා බේරලා නිර්මාණ භාරගන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා. ජීවත් වීම උදෙසා කලාකරුවන්ට හැම දේකට ම සහභාගි වෙන්න සිද්ද වෙන අවස්ථා තියෙනවා.
අවස්ථාවක් ලැබුණොත් ඒ අය ඒකට සහභාගි වෙනවා. කොහොම හරි ඉතින් නිර්මාණයේ මොකක් ම හෝ අඩුවක් තියෙනවා නම් ඒ නිර්මාණය ප්‍රේක්ෂකයාගෙන් ඈත් වෙනවා වගේ ම සාර්ථක නිර්මාණයක් තියෙනවා නම් ප්‍රේක්ෂකයෝ ඒ දේ ආදරෙන් වැළඳගන්නවා. හොඳ ම උදාහරණය තමයි මේ දවස්වල විකාශනය වෙන "කූඹියෝ"ටෙලි නාට්‍යය. අද වෙනකොට ඒ නිර්මාණයේ ගුණාත්මක භාවයත් එක්ක සෑහෙන්න ප්‍රේක්ෂක පිරිසක් ආදරෙන් වැළඳගෙන තියෙනවා.
කාංචනා සිරිවර්ධන