මේ දවස්වල පරසිඳු ගායිකාවක් ආදරය ගැන ගයන ගීත හුගක් පැතිරී යනව. ඒවා ලියන ලද අයත් ලොකු තැනකට පත් වෙලා තියෙනවා. ඒ ගීතවලින් ආදර ගීතවලට අලුත් ආලෝකයක් වැටුණ වගේ. ආදරයේ සදාකාලික බව, නැත්නම් මරණයෙන් පවා වෙන් කළ නොහැකි ආදරය ගැන තමා මේ ගීතවලින් පසුගිය සමයේ කතා වුනේ.
නිල්වන් දෑසෙන් ආදරය ගැන කතා කළ ලෝකයක් තමා එදා තිබුණේ. කාන්තාවගේ නිල්වන් දෙනෙතින් දැනවෙන ආදරය ගැන කතා කළත් දෑස දෙන දේ ගැන කතාවක් එදා තිබුණේ නෑ. ඒක කාන්තාවට නිගරු කිරීමක් කියල කියන්න පුළුවන්.
දැල්වෙන දෑසෙන් කියැවෙන ආදරය ඇත්තටම රාගික නැත්නම් අනුරාගික බැල්මක් ලෙසට තමයි විග්‍රහ කළේ. මේ අලුත් සිංදුවල වෙනසක් තියෙන්නේ අනුරාගී කතන්දරයක් වෙනුවට වෙනත් ගැඹුරක් ඇති දෙයක් කියවෙන නිසයි කියල ගීත විචාරකයෝ කියනව. ඒත් අැත්තටම මේ දකින්නේ මොකද්ද කියල හරියට දැනගෙන කතා කරනව කියල මට හිතන්න අමාරුයි.
එදා කවියො නිල්වන් දෑසට අමතරව මොණර කෙස් කළඹ, හංස ජෝඩුව වගේ ලැම පෙදෙස, රිය සක වන් උකුල, රඹ කඳන් වන් පාද ගැන කවි ලිව්ව. ඒවා ආදරයටත් සම්බන්ධ කළා. පාද නිසා ඇතිවුන ප්‍රේම කතන්දරයක් එදා තියෙන්නට ඇතත් ඇත්තටම එවැන්නක් ඇති වුණ බවක් කවියන් කලාකරුවන් පෙන්නුවේ නැහැ. මන් ඉංග්‍රීසි චිත්‍රපටියකින් දැක්ක ටෙනිස් ක්‍රීඩිකාවක් සමඟ පෙම් දැලින් බැඳුන ක්‍රීඩකයෙක්ගේ අදෝනාව ගැන එලිකරොනව. ඔහු අන්තිමට කියනව ... මන් ආදරයෙන් බැඳුනේ පාද යුගල නිසා... කියල. එය කවියකට දමන්න අමාරු දෙයක් ලෙසටයි ආසියානු සංකල්ප අනුව පැහැදිලි වෙන්නේ. රඹ කඳන් ගැන කතා කළත් එය මුල් වෙලා ගොතන ආදර කතාවකට ආසියාවේ තැනැක් නෑ වගේ.
හැබැයි මන් කියන සිංහල ගායිකාවට එවන් ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ඒ වෙනුවට ඇය මුහුණ දෙන්නේ ඇස්දෙක ගැන ගායනාවලට ඇතුල්වීම ගැන. මොකද්ද ඒ ප්‍රශ්නය? එදා ඉදල නිල් ඇස ගැන කතා කියල තියෙනවනේ. මොකද්ද මේ අලුත් ප්‍රශ්නය? ගැහැනුන්ගේ නිල් ඇසින් බැල්ම වෙන මොනවද ඕනා... ඔබ අහන්න පුළුවන්. ඒ තමා ප්‍රශ්නය. කවියා අගේ නිල්වන් දෑස බලනව. ඒ බැල්ම තුළ ඇති දේ ගැන කතාව මොකද්ද. ඒ ගැන කතා බහ කළ හැකිද? එය දැනගත හැකිද? මේ ගීතයේ දී බැල්මෙන් දැල්වෙන හීනය ගැන අපට කතා කරනවා. මාත් බැලූවා ඔහුත් බැලූවා කියන ගායිකාව ආ..ආ... ලෙසට ඈදෙන කතන්දරයක් නොකිය කියනව.
මෙන්න මේකයි නූතන ප්‍රශ්නය. ඔහු බැලූවා මාත් බැලූවා... ඒ තුළින් ගිය පණවිඩය මොකද්ද? ඇස්වල ලස්සන වෙනම කථාවක්. ඒක අපි කවදත් දකින දන්න දේ. ...ඇගේ නිල්වන් දෑස... ඇසේ ලස්සන අපි හැමදාම කතා කළත් ඇසෙන් දෙන පණිවිඩය ගැන කතා කළේ නෑ. පිරිමියාගේ බැල්මක් ගැන කියන නිසා අපට ගැහැනියගේ නිලුපුල් දෑසට එහා යන කතාන්දරයක් තියෙනව මෙතන. ඇත්තටම ඒ බලවත් කථාවක්. මොකද දැසෙන් එන්නේ කරුණාව, මෛත්‍රිය, දයාව. එහෙම නැත්නම් වෛරය, අවමානය ආදී දේ. ඒ අනුව බැලුවහම ආදරය ගැන කතාවේ දී ඇස් දෙකින් දෙන පණිවිඩය ඉතා වැදගත්. එයින් හදවත ඇතුළට පණිවිඩයක් එවා තිබෙනව. මුහුණ බැලූවත්, අගපසඟ බැලූවත් ඇතිවන රාගික සම්බන්ධයට එහා යන බලගතු පණවිඩයක් ඉන් දෙන බවයි අපට කිව හැක්කේ. ඒ නිසා කලාකරුවාට හසුවන නිල් උපුල් දෑස සමඟ, ගත්තහම අැඟපසඟ ගැන දෙන දැනුමට වඩා වෙනස් දෙයක් මේ ගීතයෙන් අපට මතක් කරනව. මිනිස් හදවත් දෙකක එක්වීමත්, දැසෙන් සිදුවන බව ගායිකාව අපට මනරම් ලෙස දක්වා සිටිනව.
මුලු ගීත ඉතිහාසයේම ගැහැනියක් තමන්ට යොමුවන පිරිමියාගේ බැල්ම ගැන කතා කරන්න මෙලෙසට යොමු වුණේ මේ ගීතයෙන් කිව්වත් ඇත්ත. මොකද, ගැහැනු පිරිමියාගේ නිහඩ බැල්ම තුළ රසවීම, නිරස වීම ගැනයි පණවිඩයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවට තමා තුළ ඇති කළ කරුණාව, ආදරය, දැඩි කලබලය ගැන ගීත ලියන්නේ නැහැ. ගැහැනියට එය අයත් නැහැ වගේ. ඒ තමා කාන්තාවට යොමු කළ දේ. ඒ වෙනුවට පිරිමියාගේ බැල්ම ගැන ගී ලියන්නට අවසර දුන්නේ කව්ද? කවදාද? යන ප්‍රශ්නය මතු කරල තියෙනව. එය ආදර කතාවේ ඇත්ත ප්‍රශ්නයයි. ගැහැනියට ලැබුණ බැල්ම කුමක් ද?
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න