Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඇත්ත නැසීම මීසම නැසීමක්

$
0
0
ඔක්‌ 15, 2020 01:00

(ලෝරන්ස් ආනන්ද පියතුමා විසින් රචිත, ‘අද මීසම හෙට’ නම් වූ කෘතිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයේ තුන්වැනි ලිපියයි මේ.)

පූජකභාවයට ගිහි පැවිදි භේදයක් නැත. එසේ නම් මේ දෙපිරිස ශුද්ධ පූජක පිරිසක් බවට පත් වන්නේ කෙසේද? නූතනයේ අප හමුවේ ඇති ප්‍රශ්නය එයයි. දැඩි නීති රීති ව්‍යවස්ථාවලින් හිස පුරවාගත් ඒකාධිපති පාලක ස්වරූප ආරූඪ කරගත් ඇතැම් අය අප අතර සිටිත් නම් අප ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. තවද එමඟින් අප, යහපත් අය බලාපොරොත්තු විය යුතුය. අපගේ අපේක‍ෂාව විය යුත්තේ එයයි. එසේ අපේ අපේක‍්ෂාව හා බලාපොරොත්තුව ඵලදායී කර ගැනීමට නම් අප විසින් කුමක් කළ යුතුද? එවැනි ඒකාධිපති ක්‍රියා හමුවේ අප සියලුදෙනා ධෛර්යයෙන් ක්‍රියා කළ යුතු අතරම, දැඩි සේ කෝප විය යුතුය. මන්දයත් බලාපොරොත්තුව හා අපේක‍ෂාව වඩා ඵලදායී වන්නේ කෝපය හා ධෛර්යය යන ගුණාංගය ජනිත කිරීමෙන්ය. ඒ ශු. අගුස්තීනුතුමාගේ වදන්ය. එය තවදුරටත් විග්‍රහ කළහොත්, “අපේක‍ෂාතුමියට දාව දියණියෝ දෙදෙනෙක් වෙති. එක්කෙනෙක් කෝපවතීය. අනෙකා දිරියවතීය.”

දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්ම රාජ්‍යයේ උරුමක්කාරයන් වන පීඩිතයන් වෙනුවෙන් කතා කරන දිවැසිවරයාට ආවේණික ලක‍ෂණයක්ය, “කෝපය”.

එම දිවැසිවරීය කෝපය අප තුළ ද සැඟවී ඇත. අප විසින් එය අවුස්සා ගත යුතුය. එම දිවැසිවරීය කෝපය අප තුළ ඇති වීම ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ ලක්ෂණයකි. එවැනි කෝපයක ක්‍රියාකාරීත්වය කිසිවිටෙක ක්‍රෝධයේ හෝ වෛරයේ ස්වරූපය නොගනී. එය වනාහි පීඩීතයාගේ විමුක්තිය පමණක් නොව, පීඩකයාගේ සිත් පෙරළියද ජනිත කරලීමට අප යොදා ගන්නා වු කියුම් කෙරුම් මාලාවයි. මෙයින් පැතිය නොයුතු එහෙත් වැළකිය නොහැකි ඉරණමකටද එම දිවැසිවරයා හෙවත් සැබෑ කෝපකාරී තැනැත්තා හසු වේ. එනම් පීඩකයාගේ වෛරයට ගොදුරු වීමය. එවැනි අවස්ථාවක දී දරිද්‍රයන් මධ්‍යයේම ස්ථිරව හා නොසැලී සිටීම, විශ්වාසයේ හා බලාපොරොත්තුවේ සලකුණකි.

“විශ්වාසය” යනු දෙවියන් වහන්සේ කෙරෙහි ඇති අන්ධ භක්තියක් හෝ ශුද්ධ වූ සභාව උගන්වන දේවල් අපැහැදිලි වුවත් අවිවාදයෙන් පිළිගැනීමක් හෝ නොවේ. විශ්වාසය යනු, අසීමිත ප්‍රේමය වන අප දෙවි ස්වාමින් වහන්සේගේ විමුක්තිජනක වදන ඇසෙන විට අප ගන්නා ස්ථාවරය වේ. හීබෘෘ බසින් “විශ්වාස කරනවා” යන්න ප්‍රකාශ වී ඇත්තේ “ස්ථීරව සිටිනවා” යන අරුත ගෙන හැර පාන “අමන්” යන ක්‍රියා පදය හරහාය. ඒ අනුව නීතිරීතිවලට යටත්ව විශ්වාසය ජනිත කළ හැකි නොවේ. (රෝම 3:9-20 කියවන්න.)

‘ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසිම මනුෂ්‍යයෙක් දේව සබඳතාවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් සිදු වන්නේ, පාපය පිළිබඳ හැඟීම ඇති කිරීමය.’ (රෝම 3:19-20)

එසේ නම් අප ගිහි- පූජකයන් වශයෙන් අන්‍යෝන්‍ය ලෙස විශ්වාසවන්තව, ඇදහිල්ලෙන් සිටින විට ව්‍යවස්ථාව ඉබේම වඩවඩාත් තහවුරු නොවන්නේ ද? (රෝම 3: 21-31 කියවන්න)

පහත උද්ධෘතයන් දෙස බැලීමෙන් ගිහියන් වශයෙන් අප කළ යුතු දෑ මොනවාදැයි වටහා ගැනීමට උත්සාහ කරමු.

“මනුෂ්‍ය පුත්‍රයාණන් වැඩියේ සේවය ලැබීමට නොව සේවය කරන්නටය, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා පිදීමටත් ය.”(මතෙව් 20:28)

“ඇත්ත ප්‍රකාශ නොකිරීම තරම් සභා එකමුතු ව්‍යාපාරයට හානිකර අන් දෙයක් නැත. එය හේතු කොටගෙන කතෝලික ධර්මයේ නිර්මලතාවයට හානි වන අතර, සත්‍යය හා ධර්මය යටපත් වන්නේය.”

දෙවැනි වතිකාන මන්ත්‍රණ සභා නිර්දේශ 16 න් 11 වැනි ප්‍රකාශයේ 10 වැනි ඡේදයෙන් උපුටා ගත් ප්‍රකාශයන් පහත දැක්වේ.

“ගිහියන් සභාව තුළ ඉටු කළ යුතු ක්‍රියාකාරකම් රැසකි. ගිහියන් නැතිව සභා පාලක සේවා සම්පූර්ණයෙන්ම ඵලදායක කර ගත නොහැකිය. ධර්මදූතික චින්තනයක් ඇති ගිහියන් තම සහෝදරයන්ගේ අඩුපාඩු පිරිමැසීමට සභා පාලකයන්ටද, අනෙකුත් විශ්වාසිකයන්ටද, ධෛර්යය දිය යුතුය.” (1 කොරින්ති 16:17-18)

ලබන සතියට...

රොමේෂ් නෝනිස්

සහකාර කථීකාචාර්ය

කැලණිය විශ්වවිද්‍යාලය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles